Published on: Jan 13, 2018 – මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධුරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතියසහ තත්ත්වය………..?

(ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධව පමණක් 2015 ජනවාරි 09 දින වන විට පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන අදාල වන්නේ නම් ජනතා පරමාධිපත්‍යය යටතේ කිව හැක්කේ වැටත් නියරත් ගොයම් කානම් කාට කියනුද ඒ අමාරු යන්නද?.)

  1. ධුරකාලය

“ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගත යුත්තේ ය. ජනාධිපතිවරයා සාවුරුදු කාලයක් ධුරය දරන්නේ ය.”

ඒ මෙසේ ය…

“ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගත යුතු අතර පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේ ය.”

පැහැදිලි කිරීම

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතියසහ තත්ත්වය වන්නේ සාවුරුද්දක කාලයකට ධුරය දරන බවට වන 2015 ජනවාරි 09 දින පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 ව්‍යවස්ථාවේ විධිවිධානය.

  1. දෙවරකටවැඩිවාරයක්ජනතාවවිසින්තෝරාපත්කරගනුලැබීමටසුදුස්සෙක්ද? යන්න

 

ඒ මෙසේ ය…

“ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරාපත් කර ගනු ලැබූ තැනැත්තකු ජනතාව විසින් නැවතඑකී ධූරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සකුනොවන්නේ ය”

පැහැදිලි කිරීම

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතියසහ තත්ත්වය වන්නේ ඒ අවස්ථාවේ නීතිමය සීමාවකින් තොරව ඕනෑම වාර ගණනක් ජනාධිපති ධූරයට පත් වීමට 2015 ජනවාරි 09 දින පැවති සීමාවකින් තොර නිදහස් තත්ත්වයයි…

  1. ජනාධිපතිවරයාගේබලතල, කාර්යසහකර්තව්‍ය

 

ඒ මෙසේ ය.

  1. (1) ජනාධිපතිවරයාගේ කාර්යය විය යුත්තේ :-

 

(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලා ගැනීම,

 

(ආ) ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම.

 

(ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ VIIඅ ව්‍යවස්ථාවේ සඳහන් ආයතනවල නිසි ක්‍රියාකාරීත්වය පහසුකරලීම සහ

 

(ඈ) මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීමතහවුරු කිරීම, වන්නේ ය.

 

(2) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට –

 

(අ) පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේ, පාර්ලිමේන්තුවේ දීආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීමට බලය ඇත්තේ ය.

 

(ආ) පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමට බලය ඇත්තේ ය.

 

(ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරස්මට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ ය.

 

(ඈ) තානාපතිවරයන්, මහකොමසාරිස්වරයන්, පූර්ණාධිකාරී රාජ්‍ය දූතයන් හා වෙනත් තානාපති නියෝජිතයන් පත් කිරීමට හා ඔවුන්ට බලතලපැවරීමට ද, ඔවුන් පිළිගැනීමට ද බලය ඇත්තේ ය.

 

(ඉ) නීතීඥ වෘත්තියෙහි විශිෂ්ඨත්වයට පත්ව ඇත්තා වූ ද, පැවැත්මෙහි හා වෘත්තිය කටයුතු පිළිබඳ අවංකභාවයෙහි උත්කෘෂ්ඨ තත්වයක් පවත්වාගෙනඇත්තාවූ ද නීතිඥවරයන්, ජනාධිපති නීතීඥවරයන් වශයෙන් පත් කිරස්මට බලය ඇත්තේ ය. මේ ඡේදය යටතේ පත් කරනු ලබන සෑම ජනාධිපති නීතීඥවරයකුටම ඒ දක්වා රාජ නීතීඥවරයන් විසින් භුක්ති වි¢න ලද සියලු වරප්‍රසාදවලට හිමිකම ඇත්තේ ය.

 

(ඊ) ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමට ද අග්‍රාමාත්‍යවරයා ද අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරවර‍යා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද පත් කිරීමේ අධිකාර පත්‍රවල සහ ජනරජයට අයත් වූ ද ප්‍රදානය කිරීමට හා පවරා දීමට ජනාධිපතිවරයාට නීතියෙන් නියමව ඇත්තා වූ නැතහොත් බලය පැවරීඇත්තා වූ ද ඉඩකඩම් හා අනෙකුත් නිශ්චල දේපළ ප්‍රදානය කිරීමේ දීහෝ පවරා දීමේ දී, ඒ සම්බන්ධ ප්‍රදාන ප්‍රත්‍රවල හා පැවරුම් පත්‍රවල රාජ්‍ය මුද්‍රාවතබා, අත්සන් කිරීමට ද රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමට ද බලය ඇත්තේ ය.

 

(උ) යුද්ධය ප්‍රකාශ කිරීමට හා සාමය ප්‍රකාශ කිරීමට බලය ඇත්තේ යත සහ

 

(ඌ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක හෝ විධිවිධානවලට පටහැනි නොවන්නා වූ ද ජාත්‍යන්තර නීතිය, චාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතයඅනුව ඉටු කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇත්තා වූ හෝ නියමිතව ඇත්තා වූ ද සියලු ක්‍රියා හා දේ කිරීමට බලය ඇත්තේ ය.

 

පැහැදිලි කිරීම

 

එනම් 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 5 වැනිවගන්තියමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවට ආදේශකර ඇති ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය අනුව ක්‍රියා කිරීම 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නොහැකි වේ. මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දෙන අවස්ථාවේ එකී විධිවිධාන සිය බලතල, කාර්යසහකර්තව්‍ය යටතේ දක්වා නොතිබුණි.

 

එකී නොහැකියාවන් පහත දැක්වේ…

 

 

 

 

එකී 33අ. ව්‍යවස්ථාව මෙසේ ය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතිය ඇතුඵ යම් ලිඛිත නීතියක් යටතේ ද ස්වකීයබලතල, කාර්ය සහ  කර්තව්‍යයථා පරිදික්‍රියාත්මක කිරීම සහ යථා පරිදිඉටුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේ ය.

 

පැහැදිලි කිරීම

 

 

 

ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපතිධුරයේ දිව්රුම් දෙන අවස්ථාවේ ඔහු සම්බන්ධව නඩු පැවරීමට අදාලව පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව මෙසේ ය.

එකී ආදේශ කරන ලද 35 වන ව්‍යවස්ථාව මෙසේ ය.

(1) යම් තැනැත්තකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවක දී, ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලාහෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක්පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුත්තේ ය :

එසේ වුව ද, ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනුව්‍යවස්ථාවේ කිසිවක්, කියවා තේරුම් නොගතයුත්තේ ය :

එසේම තවදුරටත්, ජනාධිපතිවරයා විසින් 33(2)(උ) ව්‍යවස්ථාව යටතේ බලතල ක්‍රියාත්මක කිරීම මත ප්‍රඥාපනය කිරීමට, ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණබලය නොතිබිය යුත්තේ ය.

(2) කවර වූ හෝ තැනැත්තකුට විරුද්ධව, කවර හෝ විස්තරයක නඩුවක් පැවරිය හැකි කාලය සීමා කරමින් නීතියෙන් විධිවිධාන සකසා ඇති විට, ඒතැනැත්තා යම් කිසි කාලයක් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ධූරය දරා ඇත්නම් එකී නඩුව පැවරිය හැකි කාලසීමාව ලෙස නීතියෙන් නියමව ඇති කාලයනිශ්චය කිරීමේ දීඒ තැනැත්තා ජනාධිපති ධූරය දැරූ කාලය නොගැනිය යුත්තේ ය.

 

(3) මේ ව්‍යස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ විධිවිධානවලින් පැවරී ඇති මුක්තිය, 129 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යඅවස්ථාව යටතේ හෝජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හා සම්බන්ධව හෝ ජනමත විචාරණයක වලංගුභාවය හා සම්බන්ධව 130 වන ව්‍යවස්ථාවේ (අ) ඡේදයයටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතුවලට හෝ අදාළ නොවන්නේ ය.

 

පැහැදිලි කිරීම

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම්  2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතිකකරනලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ 7 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව ඉවත් කරමින් ආදේශකර ඇති ව්‍යවස්ථාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති “ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනුව්‍යවස්ථාවේ කිසිවක්, කියවා තේරුම් නොගතයුත්තේ ය”යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානය වලංගු නොවේ.

මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති නීතිමය තත්ත්වය නම් එවැනි ආකාරයේ ජනාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව යටතේ නඩු පැවරීමක් (මූලික අයිතිවාසිකම් නඩු) සදහා ජනතාවට අයිතිය පිරිනමා නොතිබූ හෙයින් ඔහුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ නොහැකියාවක් හටගෙන ඇත.

 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතියසහ තත්ත්වයද? යන්න විමසීමේදී 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ සැක දුරුකිරීම සදහා දක්වා ඇති 49.1.ආ වගන්තිය දක්වනු නොලැබුවහොත් මෙම ලිපිය කියවන පාඨකයාට බලවත් අසාධාරණයක් සිදු වෙයි.

සැක දුරුකිරීම සදහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ දක්වා ඇති 49.1.ආ වගන්තිය මෙසේ ය.

“2015 අප්‍රේල් මස 22 වන දිනට පෙර පිළිවෙලින් ජනාධිපති ධුරය සහ අග්‍රාමාත්‍ය ධුරය දරන තැනැත්තන් එම දිනෙන් පසු, මෙම පනත මගින් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එම ධුර දැරිය යුතු වන්නේ ය

සමාප්තිය….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටුවා ඇති බවයි. එකී ජනතාව සතු පරමාධිපත්‍යය අංග වන ජනතාවගේ විධායක බලය, ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය සහ ජනතාවගේ අධිකරණ බලය භාරයක් විලස පිළිවෙලින් ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවත්, ශ්‍රේෂ්ඨාධිකරණයඇතුළු අධිකරණ විසිනුත් ක්‍රියාත්මක කරන බව එකී අධිකාරීන් නිරන්තරයෙන් සිහි කිරීම වටී.

(මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම්  2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනපනතේ දැක්වෙන විධිවිධාන සමග සැළකීමේදී ඉහත දැක්වෙන ආකාරයට අමතර  තවත් බොහෝ වෙනස් කම් දැක්විය හැකි වුවත් මෙම ලිපිය දිගුවන හෙයින් ඒවා මෙහි දක්වා නැත.)

 

මේ සම්බන්ධව වැඩි දුර අධ්‍යයනය සදහා කතෘ විසින් ලියන ලද “ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අසීමිත වාර ගණනක් ජනාධිපති වීමටත් අවස්ථාව ලැබෙයිද?” ලිපිය කියවන්න.

http://198.211.112.164/archives/17138

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

B.Sc(Col), PGDC(Col)

2018.01.12

Published on: Jan 12, 2018 – ඉන්දියාවේ ශ්‍රී සත්‍ය සායි ආශ්‍රමයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී සත්‍ය සායි බාබාගේ ප්‍රබලතම අනුගාමිකයකු වූ සුප්‍රසිද්ධ හින්දු පූජකයකු පසුගිය සඳුදා (08) දහවල් රටේ ප්‍රබල දේශපාලන නායකයකුගේ නිවසේදී ඔහු වෙනුවෙන් විශේෂ පූජාවක් සහ ශාන්ති කර්මයක් ඇතුළු වත් පිළිවෙත් රැසක් සිදු කර තිබේන බව වාර්තා වේ.

රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදු විය හැකි බල පෙරළියෙදී අදාළ දේශපාලන නායකයාගේ බලය තහවුරු වී පාර්ලිමේන්තුවේ බහුතරයේ සහයෝගය ලැබී අගමැති ධූරයට පත් වේවා යන ප්‍රාර්ථනය ඇතිව මේ විශේෂ පූජාව සහ ශාන්ති කර්මය ඇතුළු වත් පිළිවෙත් සිදු කර තිබේ.

මේ අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණ යටතේ බස්නාහිර පළාතෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනාධිපතිවරයාට ඉතාම සමීප ප්‍රබල ඇමැතිවරයකු ද සහභාගී වී ඇත.

මෙහිදී අදාළ හින්දු පූජකවරයා අතිප්‍රබල හින්දු මන්ත්‍ර සහ ස්තෝත්‍ර කියමින් මැණික් ගල් කිහිපයක් ජීවම් කර අදාළ දේශපාලන නායකයට සහ ප්‍රබල ඇමතිවරයාට ලබා දී විශේෂ මැණික් ප්‍රතිකාරයක් කර ඇත.

මේ පුද පුජා,ශාන්ති කර්ම සහ මැණික් ප්‍රතිකාර ඇතුළු වත් පිළිවෙත් අවසන් කිරීමෙන් පසුව අදාළ හින්දු පුජකවරයා එදිනම යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

හේමන්ත තුසිත කුමාර

Published on: Jan 12, 2018 – කුප්‍රකට වාහන ගෙන්විමේ මාෆියාකරුවන් ශ්‍රි ලංකා රාජ්‍යයට බිලියන ගණනින් බදු මුදල් අහිමි කරමින් සුඛෝපභෝගි කාර් තීරු බදු රහිතව රටට ගෙන්වීම සදහා කටයුතු කරන අකාරය අප පසුගියදා අනාවරණය කළා.මෙම කුමන්ත්‍රණය පසුපස වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවිර ප්‍රමුඛ කුප්‍රකට බදු වංචා කරුවන් පිරිසක් සිටින බව මේ වනවිට අනාවරණය වි ඇති අතර වහාම මෙම ජාවාරම නතර කිරිමට කටයුතු නොකලහොත් මේ වසරේ මැද භාගය වනවිට රටේ ආර්ථිකය දරුණු හිගන තත්ත්වයකට පත්විය හැකි බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.

පසුගිය දින කිහිපය තුල ලංකාවට නැවතත් කසන සල්ලි ඇති ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින කුප්‍රකට කලු සල්ලි සුදු කිරිමේ හෙවත් මනී ලොන්ඩරින් කිරිම සදහා වාහන ගෙන්විමේ ව්‍යාපාරය යොදවා ගන්නා බව අප මිට පෙර අවස්ථා ගණනාවකදි අනාවරණය කර තිබේ.

කියවන්න- කළු සල්ලි සුදු කරන ” මනී ලොන්ඩරින්” අති සුඛෝපභෝගි වාහන මාෆියාව ……

2018 අයවැය ලේඛනය මගින් වාහන මත පනවනු ලබන තීරුබදු ගණනය කිරීමේ Advolerum ගණනය කිරීමේ ක්‍රමය ඉවත් කිරීම සහ අති සුඛෝපභෝගි කාර් මත පනවනු ලැබූ Scenario Subsidings බදු ක්‍රමය එක් වාහනයකින් රුපියල් මිලියන 20 -40 අතර ප්‍රමාණයක් අහිම කිරීමට හේතු වි තිබේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස නුදුරේදී ම ferrari, Lamborghini, Porsche, Bentley, Range Rover, Mercedes,BMW සහ Audi වැනි අති සුඛෝපභෝගි වාහන රටතුලට ආනයනය කරනු ඇති අතර එ හරහා රටේ ආර්ථිකයට දරුණු පහරක් එල්ල වනු ඇත.

වාහනයේ එන්ජින් ධාරිතාව මත තීරු බදු ගණනය කිරීම ඉවත් කිරීම සහ තීරු බදු ක්‍රමවේදයෙන් advolerum ගණනය කිරීම අයවැය මගින් හදුන්වා දීම මගින් සාමාන්‍ය ජනතාවට කාරයක් මිලදි ගැනීමට ඇති අවස්ථාව අධෛර්‍යමත් කිරීමට සමත් වේ. කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය නිසා අතිසුඛෝපභෝගි වාහන වල මිල පහල ගොස් ඇති අතර ඒ අනුව එය මේ රටෙ කුප්‍රකට වාහන ජාවාරම් කරුවන්ගේ කුමන්ත්‍රණයක් බව තහවුරු වි තිබේ.

වාර්තා වන පරිදි මෙම බදු සහනය ඉවත් කළ වහාම ක්ෂණිකව අති සුඛෝපභෝගි වාහන ප්‍රමාණයක් මෙරටට ආනයනය කිරීමට වාහන ආනයනකරුවන් ක්‍රියා කොට ඇති අතර එම වානහ මේ වන විටත් රේගුවෙන් නිදහස් කර ගෙන ඇති අතර තවත් වාහන ප්‍රමාණයක් ලංකාවට පැමිණෙමින් සිටින අතරම තවත් වාහන ප්‍රමාණයක් ගුවන මගින්ද ලංකාවට පැමිණීම සිදු වන බව අප පසුගියදා අනාවරණය කලා.

ඒ අනුව මෙම පාඩු ලබන ව්‍යාපෘතිය හරහා ලබන මාස 12 ඇතුලත දී වාහන 5000ක ප්‍රමාණයකින් එක් වාහනයකින් මිලියන 20ක් පමණ පාඩුවක් සිදු වනු ඇති අතර සමස්ථයක් වශයෙන් එම ගණුදෙණුවේ පාඩුව බිලියන 10 ඉක්මවා යනු ඇත.

වාහන ආනයනය කරන ව්‍යාපාරිකයන් පවසා සිටින්නේ මෙම තත්ත්වය ලැජ්ජාවකින් තොරව නිවැරැදි කිරීමේ කාලය මෙය බවත් ජේෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම ප්‍රතිපත්තිය පිළිබදව සිය විමතිය පළ කර තිබෙනවා. එසේම සමහරු පවසා සිටියේ මෙම ගණුදෙණුව මගින් සිදුවෙන පාඩුව බැදුම්කර ගනුදෙනුව මගින් සිදු වූ පාඩුවත් ඉක්මවා යන බවය.

මේ වන විටත් අති සුඛෝපභෝගි කාර් 10 ක් වරායෙන් නිදහස් කරගෙන අවසන් බවත් එම හේතුවෙන් බිලියන ගණනක පාඩුවක් රජයට සිදු වූ බවත් මෙවැනි ම බහලුම 400ක් පමණ ඉදිරි සති දෙකක කාලය තුළ ලංකාවට පැමිණීමට නියමිත බවත් ය.

පහත වගුව අධ්‍යයන කරන්න …..

http://198.211.112.164/archives/17133

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ නිලධාරියෙකු ලෙස මැදපෙරදිග ඇතුළු රටවල් කීපයකට පත් කරනු ලබන නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් කිසිවක් නොබලා ජාතික සේවක සංගමයේ සාමාජිකයන් සහ දූෂිතයන් පත් කිරීමේ සූදානමක් පිළිබඳව තොරතුරු අනාවරණය වේ.

පවතින පුරප්පාඩු පිළිබඳව විදේශ රැකියා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියේ දැන්වීම් පළ කර 60කට ආසන්න පිරිසක් හොර පාරෙන් බඳවා ගැනීමට සූදානම් වේ. ජාතික සේවක සංගමය, ඇමතිවරිය සහ ඉහළ නිලධාරීන් යන අය ලබාදෙන නාමලේඛන අනුව මේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරමින් සිටියි.

විදේශ රැකියා සඳහා ගොස් සිටින ශ්‍රමිකයන්ගේ ගැටලු සොයා බලා විසඳීම සඳහා පළමු ලේකම්, දෙවන ලේකම් සහ තෙවන ලේකම් වශයෙන් නම් කරන නිලධාරීන් පත් කර ඇත. ඉහත හෙළි කළ ලෙස පුරප්පාඩු පිරවීමට සූදානම් වන්නේ මෙම තනතුරු සඳහාය.

කවුද හොරා යනුවෙන් අසන ප්‍රශ්නය වැදගත් නැහැ. අහන්න ඕන කවුද හොරා නොවන්නේ කියා. අප බොහෝ දෙනා සුදනන් ලෙස පෙනී සිටින්නන් පමණයි. අප කරන්නේ අනෙක් අයගේ වැරදි පෙන්වීම පමණයි. මා නරක මිනිසකු බව මා දන්නවා. මගේ ද්වේෂය ගැන නොදන්නා අයකු නැහැ. ඒ ගැන බොහෝ දෙනා දන්නවා. ඒත් මා පන්සිල් රකිනවා. මෙරට පන්සිල් රකින බෞද්ධයන් කී දෙනකු සිටිනවා ද කියා මා දන්නවා.

මුහුණු පොතේ පඬියන්ට අනුව මා දේශපාලනය දන්නේ නැහැ. ඒත් එකල නම් ඒ අය කීවේ මා දේශපාලනය දන්නා බවයි. චම්පකගේ අවස්ථාවාදය ගැන මා කියා ඇත්තේ අසුගණන්වල සිට. ඒ බවට එකල ජනතා මිතුරෝ සංවිධානයේ අය සාක්‍ෂි දරාවි. අවශ්‍ය නම් මට ඒ අයගේ නම් කියන්න පුළුවන්. අද මා දේශපාලනය දන්නේ නැහැ කියන බොහෝ දෙනා ජනතා මිතුරෝ ගැන අසාවත් නැතිව ඇති. මා ජ වි පෙරමුණට විරුද්ධ වූයේ අද නො වේ. ඒ අතීතය පේරාදෙණිය කාලයට (1967-75) යනවා. දෙමළ ජාතිවාදය ගැන මා කතා කරන්නේ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නො වෙයි. මේ පඬි පෝතකයන් අඩු තරමෙන් ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොත කියවා තියෙනවා ද? මුස්ලිමුන් ගැන රාමනාදන් ඔවුන් නියෝජනය කළ බව අබ්දුල් රසික් එයට විරුද්ධ වූ බව හුදු දත්ත ලෙස නොව සංගත කතාවක් ලෙස එහි ඇති බව පඬියන් හා පඬි පෝතකයන් දන්නේ නැහැ. 2015 මැතිවරණයේ දී අද මෛත්‍රිපාලට විරුද්ධ සියලු දෙනා ම පාහේ අපට විරුද්ධව කිව්වේ එකල මෛත්‍රිපාලගේ නායකත්වයෙන් තිබූ සංධානයෙන් තරග කළ යුතු බවයි. අද ඒ අයගෙන් වැඩි දෙනකු පිළිගන්නවා තමන් එදා ගත් තීරණය වැරදි කියා.

අද ඇතැමුන් මා දේශපාලනය දන්නේ නැහැ කියන්නේ රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ආධාර කළ යුතු යැයි මා කියන නිසා. ඔවුන් ජනතා දේශපාලනයෙන් රනිල් පන්නමු ආදී බොරු පුරාජේරු කතා කියනවා. 2020 දී පන්නමු කියනවා. 2018 දී පන්නන්න බැරි නම් මා කියනවා 2020 දී පන්නන්න බැහැ කියා. ඒ වන විට රනිල් තවත් බලවත් වේවි. ඒ බලවත් වීම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට වෙන එකක් නැහැ. මා දන්නා දේශපාලනය මොකක් ද කියා මේ සියල්ල ප්‍රතික්‍ෂෙප කිරීමට පඬි පෝතකයන් සෑදී පැදී සිටිනවා.

මෙරට දේශපාලනඥයන් ගැන මගේ විශ්වාසයක් නැහැ. ඒත් මා දන්නා එක් කරුණක් තියෙනවා. රනිල් සිංහල බෞද්ධයනට විරුද්ධ සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට උපන් අයකු බව. 2015 දීත් අපට අවශ්‍ය වූයේ ඔහු බලයට පත්වීම වැළැක්වීමට. අද අපට අවශ්‍ය වන්නේ ඔහු බලයෙන් ඉවත් කිරීම. අද එය කළ හැක්කේ ඊනියා ජනතා නැගිටීම්වලට නොවෙයි. ජනතා නැගිටීමක් වුණත් එය මර්දනය කරන්නේ කෙසේ ද කියා රනිල් දන්නවා. අද රනිල් ඉවත් කළ හැක්කේ මෛත්‍රිපාලට පමණයි. දැන් ඒ සඳහා කදිම අවස්ථාවක් පැන නැග තියෙනවා. මෙහි දී මෛත්‍රිපාලගේ ද්‍රෝහිකම් ගැන කතා කිරීමෙන් සිදු වන්නේ රනිල් බලය තහවුරු කර ගැනීම පමණයි. මහින්ද දූරදර්ශි පරමාදර්ශී දේශපාලනඥයකු ලෙස සිතන්නත් එපා.

පාර්ලිමේන්තුවේ සිදු වූ ගාලගෝට්ටියට ඒකාබද්ධ විපක්‍ෂය ද වග කිව යුතුයි. එයට මූලික වරදකරුවා කරූ ජයසූරියයි. ඔහු රනිල්ගේ පදයට නටනවා. මෙතෙක් සිටි දුර්වල ම කතානායක ඔහු. සමහර විට ලෝකයේ ම එතෙක් මෙතෙක් සිටි දුර්වල ම කතානායක ඔහු විය හැකියි. ඔහු ඊයේ කිසිසේත් ම රනිල්ට ප්‍රකාශයක් කිරීමට ඉඩ දිය යුතු ව තිබුණේ නැහැ. රනිල් ඊයේ ප්‍රකාශය කෙළේ ඒකාධිපති බලතල යොදා ගෙන, කරු ජයසූරිය යට කර ගෙන. තව ටික කලක් බලයේ සිටියොත් රනිල් කෙසේ වැඩ කරාවි ද? ඔහු දිනෙන් දින පාර්ලිමේන්තුව විහිළුවක් බවට පත් කරනවා.  ඔහු සටන් පාඨ කිව්වේ අනෙක් මන්ත්‍රීවරුන්ට තමන් අනුව කෑ ගසන මෙන් කියමින්.

අපට බටහිර කිසිම දෙයක් හරියට කරන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂය බැඳුම්කර වාර්තාව ගැන විවාදයක් ඉල්ලුවේ වාර්තාව නොදැක. ඔවුන්ට අවශ්‍ය ම නම් කළ යුතුව තිබුණේ ජනාධිපතිගේ ප්‍රකාශය ගැන විවාදයක් ඉල්ලීමට. එහෙත් ඔවුන් තමන් නොදුටු වාර්තාවක් ගැන විවාදයක් ඉල්ලුවා. විවාදය ඉල්ලීමෙන් පසුවයි මතක් වුණේ වාර්තාව දැක නැති බව! රනිල් ඒකාබද්ධ විපක්‍ෂය වැඩ වරද්දා ගෙන ඇති බව දැන ඔහු ම විවාදයක් ඉල්ලුවා. ඔහුට අවශ්‍ය වූයේ වාර්තාව හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවා ගැනීමට. එයට හේතුවක් තියෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එය කතානායක යටතට පත් වෙනවා. කතානායක ඉන්නේ රනිල් යටතේයි.

පක්‍ෂ නායකයන් රැස් වී වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිට කියලා. එහෙත් ජනාධිපතිගෙන් අසා නැහැ එය එසේ ඉදිරිපත් කිරීමට පුළුවන් ද කියා. ජනාධිපති කතානායකට දන්වා ඇත්තේ සතියක් ඇතුළත වාර්තාව ඉදිරිපත් කරන්නම් කියා. ඊයේ මෛත්‍රිපාලගේ එක් ඇමතිවරයකු කියා සිටියා එයට සතියක් පමණ කල් ගත වන්නේ ඇයි ද කියා. ඔහු කියා සිටියේ වාර්තාව පළමුව මහා බැංකුවටත් දූෂණ හා අල්ලස් පිළිබඳ කොමිසමටත් යැවිය යුතු ය කියා. රනිල් එයට විරුද්ධ ව පක්‍ෂ නායක රැස්වීමේ දී කතා කරලා. ඔහු කියා ඇත්තේ එය ක්‍රම විරෝධි බවයි. මහා බැංකුව තමා යටතේ ඇති බව ඔහුට නැවත මතක් වෙලා. ඔහු කියන විධියට, එහෙම නම්, බැඳුම්කරය පිළිබඳ ප්‍රශ්නයේ දී ඔහු ප්‍රධාන වගඋත්තරකරු. ඔහු තවත් කියා ඇත්තේ අල්ලස් කොමිසම පාර්ලිමේන්තුව යටතේ තිබෙන බැවින් වාර්තාව පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. එහෙත් මෛත්‍රිපාලගේ ඇමති නොකියා කියන කතාව නම් එසේ පාර්ලිමේන්තුවට පළමුව ඉදිරිපත් කළොත් රනිල් චෝදනාවලින් ගැලවීමට මගක් යොදා ගන්නා බවයි. එය සවිස්තර ව කියන්නේ නම් අපට වැදගත් වේවි.

අද කළ යුත්තේ රනිල්ට ගැල වී යෑමට ඇති සිදුරු වසා දැමීමයි. මා හිතන්නේ නැහැ ජී එල් පීරිස්ට කෙසේ වෙතත් දිනේෂ් වාසුදේව වැන්නන්ට එය ප්‍රශ්නයක් කියා. ඔවුන් ඒ ගැන පැහැදිලි මතයක ඉන්න බවක් පේන්න තියෙනවා. ඔවුන් ප්‍රශ්නය කතානායක හා පාර්ලිමේන්තුව අතර ප්‍රශ්නයක් ලෙස දැක්කා. කොමිසම් වාර්තාව ඉක්මණින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ව ඇත්තේ රනිල්ට හා අනුර කුමාරට. ඔවුන්ට අර අනෙක් වාර්තා තිස්හතරත් අවශ්‍යයයි. අනුර රනිල්ට විරුද්ධ බව පෙන්වමින් රනිල් කියන දේ වෙනත් ආකාරයකට කියනවා. සමහර විට එය ඊනියා අපෝහකය (දයලෙක්තිකය) වෙන්න පුළුවන්. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිට කියන අතර රනිල්ට ගැලවී යෑමට ඇති අවස්ථා නැති කළ යුතුයි.

ඊයේ ගාලගෝට්ටිය සම්පූර්ණයෙන් ම රනිල් තම ඒකාධිපති බලතල යොද ගෙන ඊනියා ප්‍රකාශයක් කිරීම නිසා හටගත්තක්. ඒකාබද්ධ විපක්‍ෂය නිසියාකාරව කටයුතු කළ යුතුයි. නොඑසේ නම් ඔවුන් ද නොදැනුවත් ව රනිල් බලය තහවුරු කර ගන්නවා.

______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-11

අර්ජුන ඇලෝසියස්ගේ බැඳුම්කර මුදලින් යැපෙන ආණ්ඩුවේ හොර කල්ලිය සිය හොරකම් හෙළි දරවු වීම වැළැක්වීමට ඊයේ පාර්ලිමේන්තුවේදී කලහකාරී ලෙස හැසිරුණු බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

කථානායකවරයා ආණ්ඩුව හා අගමැතිවරයා රැක ගැනීමේ නිර්ලැජ්ජිත උත්සාහයක නිරතව සිටින බව ඊයේ පාර්ලිමේන්තුවේදී නැවත තහවුරු වූ බව පෙන්වා දෙන රණතුංග මහතා කථානායකවරයා දිගින් දිගටම මෙලෙස පක්‍ෂග‍්‍රාහී ලෙස හැසිරෙන්නේ නම් පාර්ලිමේන්තුව තුල ඔහුගේ නියෝග නොසලකා හැර කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවද අවධාරණය කළේය.

ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් උඩුගම්පලදී අද (11) කල විමසුමකදී රණතුංග මහතා මේ බව සඳහන් කළේය.මහින්ද මහත්තයාට හොරා හොරා කිය කිය රටම රවටලා බලය ගත්ත ආණ්ඩුවේ මැති ඇමතිවරු ගජරාමෙට මහජන මුදල් හොරා කන බව දැන් රටටම ඔප්පු වෙලා ඉවරයි. මහ දවල් කරපු බැඳුම්කර මංකොල්ලෙට රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාත්, යහපාලන ආණ්ඩුවේ ෆ‍්‍රට් නෝට් කල්ලියත් වගකියන්න ඕනෑ බව මේ වන විට තහවුරු වෙලා තියෙනවා. අගමැති ඇතුලූ හොර කඩය ආරක්‍ෂා කරන්න ජනාධිපතිවරයා ලැජ්ජා නැතිව කටයුතු කරමින් ඉන්න බව දැන් රටම දන්නවා.

බැඳුම්කර වාර්තාව ගැන විවාදයක් ඉල්ලපුවාම පාර්ලිමේන්තුව කැඳවලා අගමැතිවරයා විශේෂ ප‍්‍රකාශයක් කරලා ලිස්සලා යන්නයි ආණ්ඩුව හැදුවේ. ඒ වෙලාවේ කථානායකවරයා කළෙත් ආණ්ඩුවට පක්‍ෂපාතීවයි. ඒකට අපි විරෝධය පල කරනකොට බැඳුම්කර මුදල් වලින් යැපෙන එක්සත් ජාතික පක්‍ෂයේ ෆ‍්‍රට් නෝට් කල්ලිය මැරයෙක් වගේ අපිට ගහන්න පැන්නා. අපි කලේ මේ හොරු අපිට ගහන එක වළක්වා ගන්න ක‍්‍රියාමාර්ග ගත්ත එකයි.ආණ්ඩුව අද මේ රටම කෝලම් මඩුවක් බවට පත් කරලා ඉවරයි.

කථානායකවරයාගේ හැසිරීම ඒකපාර්ශවිකයි. තවදුරටත් කථානායකවරයා මේ විදියට කටයුතු කරනවා නම් පාර්ලිමේන්තුව තුල ඔහුගේ නියෝග පිළිපදිනවා දැයි අපිටත් නැවත සිතා බලන්න වෙනවා.

Published on: Jan 10, 2018 – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව යටතේ සම්මත කරන ලද 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිගේ ධුර කාලය වසර හයක්දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

19 වන සංශෝධනය සිදු කරන අවස්ථාවේදී එනම් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ධූරය දරමින් සිටි ජනාධිපතිවරයාටත් එම තීරණය වලංගුදැයිඑම යොමු කිරීම මගින් විසදා ගැනීමට ජනාධිපතිවරයා ක්‍රියාකර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙම මස 14 වැනි දිනට පෙර ලබා දෙන්නැයිද ජනාධිපතිවරයා ඉල්ලා ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් නීතීඥ සංගමයට ලිඛිතව දන්වා ඇත්තේ මෙම සම්බන්ධයෙන් ජනවාරි 11 දා සලකා බැලීමට තීරණය කර ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් නීතීඥ සංගමයට යවා ඇති ලිපිය සිංහල භාෂාවෙන් මෙසේ ය.

 

[ 2018ජනවාරි 08

සභාපති/ ලේකම්

ශ්‍රී ලංකා නීතීඥ සංගමය,

කොළඹ 12.

 

ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම 01/2018

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1)ව්‍යවස්ථාව යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම අධිකරණයට පහත ප්‍රශ්නය සළකාබලා මතය 2018 ජනවාරි 14 දිනටහෝ එදිනට පෙරවාර්තාකරන ලෙස යොමු කර ඇති බව ඔබ වෙත දැනුම් දෙන ලෙස ගරු අගවිනිසුරුතුමා විසින් මා වෙත නියෝග කර තිබේ.

ජනාධිපති ධූරයට තෝරාපත් කරගත් තැනැත්තා සහ අනුප්‍රාප්ත වූ තැනැත්තා වශයෙන් සහ 2015 ජනවාරි 09 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32.1ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරය භාරගැනීමේ දී 2015 ජනවාරි 09 දින සිට එනම් ඡන්දයෙන් ජනාධිපති ධූරයට ප්‍රතිඵල ප්‍රකාශකළ දිනයේ සිට ජනාධිපති ධූරයේ වසර 06ක දිගට ධූරකාලය දැරීමට යම් බාධාවක් තිබේද?

ඉහත දක්වන ලද යොමු කිරීම 2018.01.11 දින පෙ.ව. 11.00ට ශ්‍රේෂ්ඨාධිකරණයේ සළකාබැලීම සදහා ලැයිස්තු ගතකර ඇති බව ඔබගේ සාමාජිකයන් වෙත දැනුම් දෙන්නේ නම් කෘතඥ වෙමි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්]

ජනාධිපතිවරයා විසින් ඉහත යොමු කිරීම සමග වැදගත් නීතිමය කාරණා රාශියක් විසදා ගැනීමට අවස්ථාව ලැබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ප්‍රශ්නය යොමු කර ඇත්තේ 2015 ජනවාරි 09 දින ජනාධිපති ලෙස පත්වූ හෙයින් එවකට බලපාන ලද 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථා සංශෝධනය ප්‍රකාරවතමන්ට වසර 06ක කාලයක් ජනාධිපති ධූරය දැරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමටය.

එනම් 2015 ජනවාරි 09 දින වන විට වලංගුව පැවති නීතිය වත්මන් ජනාධිපතිවරයාට වලංගු වන්නේ නම් ඔහුට වසර 06ක් ධූරය දැරීමට හැකියාව ඇති බව ඉතා මැනවින් පැහැදිලිය. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 ව්‍යවස්ථාව අනුව ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයා පස් වසරක් (05) ධූරය දරයි. ධූරයට පත් වූ අවස්ථාවේ නීතිය වලංගුවන්නේ නම් වසර 06ක් ජනාධිපති ධූරයේ දැරීමටත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ධූරද දරන කාලය වසර 05කටත් අඩු වනු ඇත.

එමෙන්ම 2015 ජනවාරි 09 දින ජනාධිපති ධූරයට පත්වන විට සීමා රහිත වාරගණනක් ජනාධිපති වීමටත්, ඒ සදහා අසීමිතව ජනාධිපතිවරණවලට තරග කිරීමටත් අවස්ථාව හිමි වන ලෙස නීතිය පැනවී තිබුණි.(18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්) එම නීතිය 2015 ජනවාරි මස 09 දින වන විටත් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වලංගුව තිබුණි. ඒ අනුව 2015 ජනවාරි 09 දින ධූරයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අසීමිත වාරගණනක් ජනාධිපති ධූරයට පත් වීමට අවස්ථාව තිබූ පැරණි නීතිය වලංගුතාවයක්ද පැන නගින්නේද යන්නත් විසදාගත යුතු වැදගත් නීතිමය ප්‍රශ්නයකි.

එමෙන්ම 2015 ජනවාරි මස 09 දින වන විට පැවති නීතිය අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් තිබුණේ නැත. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාවේ 35.1 ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ අයිතිය ජනතාවට ලබා දෙනු ලැබීය. ඒ අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ අයිතිය ලබා දුන්නද 2015 ජනවාරි 09 දින බලයට පත් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට අයිතිය පසුව පැනවූ නීතියකින් නොලැබෙන්නේද යන්න මෙහිදී විසදාගත යුතුවේ.

කාර්ය පටිපාටිමය නීති ,හර්යාත්මක නීති අතීතයට බලපාන ආකාරයත් මෙහිදී නීති සාහිත්‍යයට මනා පැහැදිලි කිරීමක් කරනු ඇත.

2015 ජනවාරි 09 දින ධූරයට පත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අදාල වන්නේ පාර්ලිමේන්තුවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ චේතනාව නොව ඔහු ධූරයට පත්වන විට පැවති පාර්ලිමේන්තු චේතනාවද? යන්නත් මේ මත විමසීම සමග නීතිය පැහැදිලි වනු ඇති අතර මෙවැනි සංකීරණ නීතිමය ගැටළු විසදා ගැනීමට ජනතාව සක්‍රීයව නීතිමය යාන්ත්‍රණය සමග බැදී සිටීමද වැදගත් වේ…

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

B.Sc(Col), PGDC(Col)

2018.01.09

Published on: Jan 10, 2018 – බැදුම්කර මුල්‍ය වංචාව හරහ බිලියන් ගණනින් රටේ ජනතාවගේ මුදල් කොල කෑ එජපයේ මහා ආර්ථික ඔස්තාර්ලා ලෙස පෙනී සිටින කූප්‍රකට හොරුන් සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථ ගෙන්විම මුවාවෙන් රටේ ජනතාවගේ බිලියන් ගණනක් බදු මුදල් වලට කෙලවිමේ උත්සහයක් මේ වනවිට අනාවරණය වි තිබේ.

එජාපයේ කුප්‍රකට ආර්ථික ඔස්තාර්ලා සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගියදා ඉදිරිපත් කල අයවැය වාර්තාව හරහා මෝටර් රථ ගෙන්විමේ බදු අයකිරිමේ ක්‍රියාවලිය සකස් කර ඇත්තේ මේ රටේ අතලොස්සක් වු වාහන මාෆියාකරුවන්ගේ උවමනාවන් ඉටුකිරිමට බව එම බදු අයකිරිමේ ක්‍රියාවලිය හරහා මනාව තහවුරු වි තිබේ.

නිෂ්පාදන වටිනාකමට අඩුවෙන් මිල සඳහන් කරමින් සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථ 1500කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමෙන් රුපියල් බිලියන ගණනක තීරු බදු වංචාවක් 2017 වසරේ අනාවරණය වු අතර 2014 වසරේද රුපියල් කෝටි 300කට අධික බදු මුදලක්‌ රජයට අහිමි කරමින් වාහන ආනයන සමාගම් කීපයක්‌ විසින් ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කර මෙරටට ගෙන්වූ අධිසුඛෝපභෝගී වාහන 400ක්‌ රේගු අත්අඩංගවට ගැනිමටද මෙම වංචාව නොදැවැනි වේ.

මර්සිඩීස්‌ බෙන්ස් C,E Class‌, බී. එම්. ඩබ්ලිව්. 3,5 හා අවුඩි A3,A5 යන වර්ගවලට අයත් සුඛෝපභෝගී වාහන සදහා වංචනික ආකාරයෙන් බදු සහන ලබා ගනිමින් එම රටේ ධනය විශාල වශයෙන් රටෙන් පිට කර සුඛෝපභෝගී වාහන 4000ක් පමණ වහාම ගෙන්විමට කුප්‍රකට වාහන ගෙන්විමේ මාෆියා කරුවන් කිහිප දෙන කටයුතු කරමින් සිටින බවයි අනාවරණය වි ඇත්තේ.

පහත දැක්වෙන නිදර්ශනයන් වගුව සමග සංසන්දනාත්මකව පිරික්සන්න…

නිදර්ශණ අංක 01

මර්සිඩීස්‌ බෙන්ස් E (Mercedes-Benz E-Class) සදහාවු CIF JPY නොහොත් ජපන් යෙන් මිල 5,295,857,BMW 5 වන කාණ්ඩය සදහා වන 4,500,667 CIF JPY අගය වෙනුවෙන් සන්සන්දනය කරන්න.තිරුබදු ගණනය කරනු ලබන්නේ CIF(Cost, Insurance and Freight ) මත හා සැමවිටම සමාන වන එන්ජින් ධාරිතාව ,සහ අවසන් ගණනය කිරිම සිදුවන්නෙ වටිනාකම පදනම් කරගෙනය.

නිදර්ශණ අංක 02

තීරුබදු තිරණය වන්නේ 100%වන එන්ජින් ධාරිතාවට වඩා CIF වටිනාකම මත සිදුවන ගණනය තුලය එය JPY 1,890,000 සමග සන්සන්දනය කරන්න….

JPY 2,075,000 තීරුබදු 300%වන අතර එය CIF ගණනය මත පනවන ලබන අගයට වඩා වැඩිය.

නිගමනය…

පාරිභෝගිකයාට සහනයක් ලෙස ලැබිය යුතු මැස්ධා සදහා තිරු බදු ගෙවිම සම්පූර්ණයෙන්ම් CIF වලට අතිරික්තයක් ලෙස පවති.

මේ ක්‍රමවේදය හරහා ජපානයෙන් අපනයනය කරන මෝටර් රථ සදහා අධික බද්දක් පැනවි ඇති අතර කුප්‍රකට සමාගම් විසින් ඔනෑකමින්ම ජපන් වාහන ගෙන්විමට කෙලවා ඇති අතර මේ වනවිටත් ජපන් රජය මේ සම්බන්ධයෙන් රාජතාන්ත්‍රීක මට්ටමෙන් ශ්‍රි ලංකා ආණ්ඩුව සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමටද කටයුතු කරමින් සිටින බවයි තානාපති ආරංචි මාර්ග සදහන් කළේ.

උදාහරණ….අංක 03

TATA Sumo(ඩිසල් ) CIF JPY රථයක සිලින්ඩර ධාරිතාව 3000ක් වන අතර land Rover Discovery (ඩිසල් ) රථයක ලින්ඩර ධාරිතාවද 3000ක් වේ.ඒ අනුව එම වාහාන දෙකටම ලින්ඩර ධාරිතාව මත පදනම්ව අයකරනු ලබන බදු මුදල 7500*3000=22,500,000 කි.

වාහනයේ මුල් වටිනාකම් දෙක සන්සන්දනය කරන්න TATA Sumo CIF JPY(1,960,857) ක් වන අතර land Rover Discovery CIF JPY(5,259,214) කී.වාහනයේ සුඛෝපභෝගි තත්ත්වයන් හෝ එහි ශක්තිමත් භාවය මත පදනම් නොවි සිලින්ඩර ධාරිතාව නැමති කුප්‍රකට ජාවාරමේ තරම මේ හරහා තෙරුම් ගැනිම ඉතාම පහසුය.

කුලියාපිටිය ප්‍රදේශයේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ඉදිකරන මුවාවෙන් රජයේ ඉඩම් කොල්ලකරි ලෙස අත්පත් කර ගැනිමට කටයුතු කල වොක්ස්වැගන් සහ අවුඩි ලංකාවට ගෙන්වන සෙනොක් ඔටෝමොබයිල් සමාගමේ සභාපති නොයෙල් සේල්වනායගම්,ව්‍යාපාරිකයකු මෙන්ම ලංකාවට ලෑන්ඩ් රෝවර්,ජගුවර් ගෙන්වන සුමල් පෙරේරා,Volvo,Porsche මෝටර් රථ ගෙන්වන ආතර් සේනානායක, සහ බෙන්ස් රථ ගෙන්වන පණ්ඩිතරත්න යන කණ්ඩායමේ බලපෑම මත මෙම බදු ක්‍රමයන් සියල්ලම අක්‍රමවත් ලෙස සකස් කරගෙන ඇති අතර මිට අමතරව සමාගමක මැදිහත් විමකින් තොරව ෆෙරරාරි (Ferrari) මෝටර් රථ ගණනාවක් 8ක් සහ ලංකාවේ පාවිච්චියට නොගන්නා මෝටර් රථ කිහිපයක්මද මෙරටට ගෙන්විමට මෙම කුප්‍රකට ව්‍යාපාරිකයන් කටයුතු කරමින් සිටින බව අනාවරණය වි තිබේ.

අදාළ බදු සහන වංචාව මේ වනවිට අනාවරණය විමත් සමග කලබලයට පත්ව සිටින මෙම කුප්‍රකට ව්‍යාපාරිකයන් සහ ඔහුන්ගෙන් සන්තොෂම් ගෙන ජනතාවගේ බඩට පයින් ගසන කාලකන්නි දේශපාලන නියෝජිතයන් එක්ව එම මෝටර් රථ මේ සති අන්තය වනවිට ලංකාවට ගෙන්ව ගැනිම සදහා සමාන්‍ය ක්‍රමයෙන් පරිබාහිරව ගුවන් මගින් එම වාහන ගෙන්විම සදහා කටයුතු කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.

මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න…

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙඳුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගැනීම වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක ජාත්‍යන්තරය නිරතව සිටින බවට ප පසුගිය නොවැම්බර් මාසයේදී කල අනාවරණය තහවුරු කරමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද අද(09) අනාවරණය කර සිටියා.(එම අනාවරණය පහත දක්වා තිබේ.)

අද(09) කොළඹ පැවති එළිය සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සදහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ වැනි දූෂිත නායකයෙක් ආරක්ෂා කර ගැනීමට කෙසේ හෝ බැඳුම්කර වාර්තාවට හැකි වු බවත්, ඔහුව ආරක්ෂා කර ගැනීම තුළින් බෙඳුම්වාදී ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට උත්සහ ගන්නා බවයි.

ෆෙඩරල් ව්‍යවස්ථාමය යෝජනාවලිය දිනවන්න…බැදුම්කර චෝදනාවෙන් ගලවා දෙනන්න…රනිල් මෝදිගෙන් ඉල්ලලා…

http://198.211.112.164/archives/16636

අද යමපාලන ආණ්ඩුව බලයට පත්වීමේ තුන්වැනි සංවත්සරය බව බොහෝ දෙනා දන්නවා. අද බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 119 වැනි ජන්ම සංවත්සරය බවත් 1965 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවෙන් දඹරාවේ රතනසාර හිමි වෙඩි තබා අපවත් කිරීමේ පනස්වැනි සංවත්සරය බවත් කී දෙනකුට මතක ද? පඬි පෝතකයන් ඒ ගැන නොදැන සිටීවි. ඔවුන් දන්නේ යමපාලන කතා පමණයි.

ඇතැම් කරුණක් තේරෙන්නේ තමන්ට පමණක් දැයි අසන පඬි පෝතකයන්ට මහින්දගෙන් ද ඒ ප්‍රශ්නය ඇසීමට සිදු වීම තරමක සරදමක්. මේ පඬි පෝතකයන්ට අනුව මෛත්‍රිපාල හා රනිල් අතර විරසයක් නැහැ. ඔවුන්ට අනුව ඒ දෙදෙනා කරන්නේ රඟපෑමක්. ඔවුන් අසන්නේ ඒ බව තේරෙන්නේ තමන්ට පමණක් ද කියා. එහෙත් දැන් මහින්ද ම පවසන්නේ මෛත්‍රිපාල හා රනිල් අතර විරසකයක් සීතල යුද්ධයක් ඇති බවයි. පඬි පෝතකයන්ට තේරෙන දේ මහින්දට නොතේරෙන්නේ ඇයි? මහින්ද අපෙන් නම් කිසිමදාක කිසිම උපදේශයක් ගෙන නැහැ. 2009ට පෙර අප කී දේ සමහරක් ඔහු අතින් සිදු වුණා. ඒ අපේ උපදෙස් පිළිගෙන නො වෙයි. ඔහු කිසි දිනෙක සිංහල වෙදකමට හා සිංහල දැනුමට නිසි තැන ලබා දුන්නේ නැහැ.

අප රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න කියන්නේ අද ඊයේ නො වෙයි. අවුරුදු තුනකට ආසන්න කාලයක සිට අප ඒ බව කියනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී ඇති බව අප අදාළ ව්‍යවස්ථාවල (වගන්තිවල) අංක සහිත ව ලිපි රාශියක ම පෙන්වා දී තිබෙනවා. මෛත්‍රිපාල 2015 ජනවාරි නවවැනි දා දි මු ජයරත්න සිටිය දී ම රනිල් අගමැති පදවියට පත් කෙළේ එලෙස නීතියට එකඟ ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උපයෝගී කරගනිමින්. මේ පිළිබඳ නැවත නැවත ලිවීමට අවශ්‍ය නැහැ. මේ වගන්ති මොනවා දැයි මා දේශපාලනය ගැන තදබල උනන්දුවක් දක්වන එක්තරා ජනමාධ්‍ය ප්‍රධානියකුට ද පැවසුවා. කෙසේ වෙතත් ජනාධිපතිට අගමැති ඉවත් කිරීමට බලතල ඇති බව දැන් ඇතැමුන්ට වැටහෙනවා. එහෙත් පඬි පෝතකයන් අසන්නේ නීතියෙන් එවැනි බලයක් ජනාධිපතිට තිබේ ද කියායි. එවැනි බලයක් නැති බව තමන්ට පමණක් ද තේරෙන්නේ කියා පඬි පෝතකයන් අහනවා. ඔවුන් සමහරවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනෙක් අයට වඩා හොඳින් කියවා ඇති..

අප රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන ලෙස කියන්නේ පළාත් පාලන ආයතන මැතිවරණයක් දිහා බලාගෙන නො වෙයි. මේ පළාත් පාලන මැතිවරණය ජාතික වශයෙන් වැදගත් නොවන බව මා කිහිප වතාවක් ම පවසා ඇති. මෙය ජනමත විචාරණයක් ලෙස කිසිසේත් නොසැලකිය යුතුයි. රනිල් ඉවත් කිරීම යනු තිබෙන ඊනියා ජාතික ආණ්ඩුව වෙනස් කිරීමක්. රනිල් ඉවත් කර වෙනත් අගමැතිවරයකු යටතේ වෙනත් ඇමති මණ්ඩලයක් සහිත ව වෙනත් ආණ්ඩුවක් පිහිටුවීමයි එහි අරමුණ. ඒ පිහිටුවන ආණ්ඩුවේ මේ ඇමති මණ්ඩලයේ සමහර ඇමතිවරු ඉන්න පුළුවන්. වෙනත් ආණ්ඩුවක් පිහිටුවීමට 2020 වන තුරු බලන් ඉන්න ඕන නැහැ.

රනිල් ඉවත් කිරීම සඳහා යම් පක්‍ෂ අතර යම් සංධානයක් ඇති විය යුතුයි. එය මැතිවරණ සංධානයක් නොවෙයි. එය පළාත් පාලන මැතිවරණය සඳහා බලපාන සංධානයක් නො වෙයි. පළාත් පාලන මැතිවරණයට කලින් මේ අදහස ඉදිරිපත් නොකළේ ඇයි දැයි අසන පඬියන්ට හා පඬි පෝතකයන්ට කිව යුත්තේ රනිල් ඉවත් කිරීමේ අදහස පළාත් පාලන මැතිවරණයට බොහෝ කලකට පෙර ඉදිරිපත් කළ එකක් බවත් එය පළාත් පාලන මැතිවරණයට අදාළ නැති බවත්. අද ඊනියා ජාතික ආණ්ඩුවේ ම විවිධ පක්‍ෂ පළාත් පාලන මැතිවරණයේ දී තනියම, විවිධ සංධානවලින් තරග කරනවා. ඒ බව බොහෝ පඬි පෝතකයන්ට අමතක වී අපෙන් අහනවා පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාරගෙන අවසාන වී ඇති බැවින් දැන් සංධාන හදන්න පුළුවන් ද කියා. මා නැවතත් අවධාරණය කරනවා අප පළාත් පාලන මැතිවරණය සඳහා නොව රනිල් ඉවත් කර වෙනත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සංධානයක් ඇති කළ යුතු බව. පළාත් පාලන මැතිවරණය හා ආණ්ඩුවක් පිහිටුවීම යනු එකක් නොව දෙකක්. අද මෛත්‍රිපාල හා රනිල් පළාත් පාලන මැතිවරණයේ තරග කරන්නෙ වන වෙන ම. පඬි පෝතකයන් නම් අසාවි ඒ රඟපෑමක් බව තේරෙන්නේ තමන්ට පමණක් ද කියා. ඒත් මහින්දටත් ඒ බව තේරෙන්නෙ නැතිව සීතල යුද්ධයක් ගැන කියනවා.

පොහොට්ටුව හා මෛත්‍රි කණ්ඩායම අතර සාකච්ඡා තිබුණෙ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මිස රනිල් ඉවත් කිරීම සම්බන්ධයෙන් නො වෙයි. එහි දී පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස මෛත්‍රිපාල කණ්ඩායමට යෝජනා කළ එක වැරදියි. එයින් වන්නේ ආණ්ඩුවේ රනිල් හා එ ජා ප තවත් බලවත් වීම පමණයි. ආණ්ඩුවෙන් ඉවත්විය යුතු යැයි කීවේ මෛත්‍රිපාලටත් එක්ක ද? මේ කතාවත් මා කලින් කතා කර තියෙනවා. පොහොට්ටුවට රනිල් ඉවත් කිරීම ගැන හැඟීමක් ඒ අවස්ථාවේ තිබුණේ නැහැ. අද නම් එහි ඇතැමුනට ඒ අදහස ඇවිල්ලා. එයට බැඳුම්කර කොමිසමේ වාර්තාවත් බලපාලා. වියුක්ත ව හිතන්න බැරි අයට බැඳුම්කර වාර්තාවෙන් සංයුක්ත ව පැහැදිලි වෙනවා රනිල් ඉවත් කළ යුතු බව.

අද එ ජා ප මැති ඇමතිවරුන් කතා කරන්නේ තනි එ ජා ප ආණ්ඩුවක් හදන්න. එය එ ජා පෙරමුණේ ජ වි පෙරමුණේ හා දෙමළ ජාතික සංධානයේ ආණ්ඩුවක් වේවි. ඒ ආණ්ඩුව පත් කරන්නේ කවු ද? ආණ්ඩු පත් කළ හැක්කේ ජනාධිපති ලෙස මෛත්‍රිපාලට පමණයි. මෛත්‍රිපාල තනි එ ජා ප ආණ්ඩුවක් පත් කිරීමට පියවර ගනියි ද? නොගත්තොත් කුමක් වේවි ද? රනිල් ඉවත් නොකළොත් රනිල් හා එ ජා ප මෛත්‍රිපාල ඉවත් කරාවි ද? එසේ ඉවත් කළහොත් රනිල් තාවකාලික ව වැඩ බලන ජනාධිපති වීමත් ඉන්පසු 2020 ජනවාරි 8 වැනි දා වන තෙක් ජනාධිපති වීමත් වැළැක්විය හැක්කේ කාට ද? අද වන විට රටේ ආරක්‍ෂාව සඳහා පමණක් නොව මෛත්‍රිපාලගේ ආරක්‍ෂාව සඳහාත් රනිල් ඉවත් කළ යුතුයි. මෙරට අන් කවරදාකටවත් වඩා අද බටහිර රටවල් හා ඉන්දියාව ක්‍රියාත්මක වනවා.

මෙහි සඳහන් කරන දෙයින් මා තව තවත් සමාජයේ ප්‍රතික්‍ෂෙප වන බව මා දන්නවා. මාක්ස්වාදියකු ව සිටින කාලයේ හා ඊනියා විද්‍යාඥයකු ව සිටින කාලයේ මට සමාජයේ යම් පිළිගැනීමක් තිබුණි නම් එය ජාතිකවාදියකු වීමෙන් පසු අඩු වුණා. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ඉදිරිපත් කර අපේ සංස්කෘතියේ ප්‍රවාද ගොඩ නැගිය යුතු බව කී විට පිළිගැනීම තවත් අඩු වුණා. බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව කියා ආධ්‍යාත්මික ව අද්‍යශ්‍යමාන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීම ගැන කී විට පිළිගැනීම ශූන්‍යයට ආසන්න වුණා. දැන් මෛත්‍රිපාල සමග එකතු වී රනිල් ඉවත් කළ යුතු යැයි කියන විට පිළිගැනීම ශූන්‍ය වෙලා. එය මට ප්‍රශ්නයක් නො වෙයි. සෑම අර්ථයකින් ම මා භවයෙන් නික්ම යන්නේ තනිව ම.

______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-08

අන්ත දූෂිත,වැඩබැරි ආණ්ඩුවරටේ මූල්‍ය කළමණාකරනයට කළ මේ විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10 වෙනිදා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා මෙන්  සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරය සමරන බැඩි බැරි ආණ්ඩුවේ පැටිකිරිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන  ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටි.

ලංකා ඉතිහාසයේ දරුණුම ණය අර්බුදය ඇතිකළ වැඩබැරි  ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරය

2018 ජනවාරි 9 වෙනිදා, ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් සම්පූර්ණ වේ. මේ කෙටි කාලය තුළ මොවුන් ලංකාවේ සෑම ක්‍ෂේත්‍රයක් පුරාම දිවයන දැවැන්ත අර්බුද ගණනාවක්ම නිර්මාණය කර ඇත. මේ මොහොතේ සාකච්ඡා වෙන ප්‍රධානම මාතෘකාව වන්නේ මහ බැංකු මංකොල්ලයහා එය යට ගැසීමට ආණ්ඩුවේ නායකයන් ගන්නා උත්සාහයයි. බැඳුම්කර කොමිසමේ සම්පූර්ණවාර්තාව එළි දක්වන තුරු අපි බලා සිටිමු. මහ බැංකු මංකොල්ලය මේ ආණ්ඩුව විසින් කරන ලද එක් විනාශයක් පමණි. යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරය නිමිත්තෙන් ඔවුන් මේ රටට කර ඇති තවත් භයානක වින්නැහියක් ගැන ජනතාවගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

මේ ආණ්ඩුව බලය හොබවා ඇති මාස 36 ක කෙටි කාලය ඇතුළත ඔවුන් ඇමරිකානු ඩොලර් බිලියන 14.6 ක් විදෙස් විනිමය ණය වලින් පමණක් ලබාගෙන ඇත. මෙය,ගත වූඅවුරුදු තුන පුරාම නිකුත් කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වලින් ලබාගත් ඇ.ඩො.බිලියන 7.2ක මුදල, 2015 හා 2017 නිකුත් කරන ලද සවරින් බොන්ඩ් වලින් ලබාගත් ඇ.ඩො.බිලියන 3.6 ක මුදල, 2016 හා 2017 ජාත්‍යන්තර බැංකු ගණනාවක මැදිහත් වීමෙන් ලබාගත් ඇ.ඩො.බිලියන1.7 කසින්ඩිකේටඩ් ලෝන්මුදල, 2015 හා 2016 ඉන්දියාවෙන් ලබාගත් ඇ.ඩො.බිලියන 2.2 ක කරන්සි ස්වප් ණය, හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 2016 දීලබාගත්ඇ.ඩො.බිලියන1.5 කණය වශයෙන් වෙන්කොට පෙන්විය හැක. මෙවැනි කෙටි කාලයක් තුළ වෙනත් කිසිම ආණ්ඩුවක් මේ තරම් විශාල විදෙස් විනිමයණය ප්‍රමාණයක් ලබාගෙන නැත.

ඇමරිකානු ඩොලර් බිලියන 14.6 ක් වැනි මුදල් කණ්දරාවකින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර පහක් හා හම්බන්තොට වරායවල් පහක් ඉදිකොට තවත් දක්‍ෂිණ අධිවේගී මාර්ග දෙකක් ඉදි කිරීමට මුදල් ඉතුරු කරගත හැකි වුවත්, යහපාලකයන් එම මුදලෙන් බෝක්කුවක්වත් ඉදිකර නැත. මා ඉහත සඳහන් කලේ, විදෙස් විනිමයෙන් ලබාගත් ණය පමණි. 2015 ජනවාරියේ සිට මේ දක්වා ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් රුපියල් ණය බිලියන 5,706 ක්ද ලබාගෙන ඇත.

මහා පරිමානයෙන් විදෙස් ණය ලබාගත්තද එයින් බෝක්කුවක්වත් ඉදිකර නැතැයි යන චෝදනාවෙන් බේරීමට, යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරයට සමගාමීව  මොරගහකන්ද ජලාශයත්, රාජගිරියේ ගුවන් පාලමත් විවෘත කිරීමට යොදාගත්තද, 2005 මහින්ද චින්තනවැඩ පිළිවෙලට අනුව යමින් මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට පටන්ගත්තේ මගේ ආණ්ඩුව සමයේය. එහි සැලසුම්, මුදල් වෙන් කිරීම, යනාදියනිමකොට ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ 2007 වසර සිටය. රාජගිරියේ ගුවන් පාලම සඳහාද සැලසුම් හා මුදල් වෙන් කිරීම සිදුකරනු ලැබුවේ මගේ ආණ්ඩුව කාලයේය. රාජගිරියේ ගුවන් පාලමත්, පොල්ගහවෙල හා ගනේමුල්ල ගුවන් පාලම් දෙකත්,ඉඳිකිරීමට ලන්සු කැඳවා කොන්ත්‍රාත්කරුවන් තේරීම ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 දෙසැම්බර් 4 වෙනිදා කැබිනට් රැස්වීමේදීය. මේ ආණ්ඩුව තම තුන්වෙනි සංවත්සරය සමරන්නේද අනුන්ගේ ව්‍යාපෘති වලට තමන්ගේ නම දාගැනීමෙන් බව මෙහිදී කිව යුතුය.

යහපාලකයන් බලයට පැමිණියේ, මගේ ආණ්ඩුව විසින් ඉඳි කරන ලද විදුලි බලාගාර, වරායවල්, ගුවන් තොටුපොලවල්, අධිවේගී මාර්ග යනාදිය සඳහා ගන්නා ලද ණය නිසා රටේ ණය අර්බුදයක් පවතින බව කියමිනි. නමුත් මේ විශාල ව්‍යාපෘති සඳහා සැබවින්ම වැය වූ මුලු මුදල වූයේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සියලුම අදියර සඳහා – ඇමරිකානු ඩොලර් මිලියන 1,350; කොට්ටාව සිට මාතර දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගය සඳහා -ඇ.ඩො. මිලියන 740; හම්බන්තොට වරායේ අදියර දෙක හා තෙල් ටැංකි සංකීර්ණයද සඳහා – ඇ.ඩො. මිලියන 1,300; කොළඹ – කටුණායක අධිවේගී මාර්ගය සඳහා- ඇ.ඩො.මිලියන 292;හා මත්තල ගුවන් තොටුපොල සඳහා- ඇ.ඩො මිලියන 209 වශයෙනි.

ඉහත සඳහන් සියලුම මහාපරිමාන ව්‍යාපෘති සදහා වැයවූ සමස්ත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 3,900 කටත් අඩුය. මගේ ආණ්ඩුව විසින් ලබාගත් ව්‍යාපෘති ණය ගෙවීම සඳහා යහපාලන ආණ්ඩුව ණය ගනිමින් සිටින බව කීම අමූලික බොරුවකි. යහපාලන ආණ්ඩුව මෙතෙක් ලබාගෙන ඇති ඩොලර් බිලියන 14.6න්, මම ඉහත නම් කරන ලද සියලුමව්‍යාපෘති සඳහා ගිය මුලු වියදම සිවු වතාවක් ගෙවා නිම කල හැක. යහපාලන ආණ්ඩුවගන්නා ණය වලින් කරන්නේ මගේ ආණ්ඩුවේ ව්‍යාපෘති ණය ගෙවීම නොව ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීමයි. 2015 ජනවාරියේසිට, රජයේ මුදල් දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට පාවිච්චි කිරීම නිසා කිසිඳු සැලසුම් කිරීමකින් තොරව එක්වරම රජයේ වියදම් විශාල වශයෙන් වැඩිවිය.මේ අමතර වියදම පියවා ගැනීම සඳහා යහපාලන ආණ්ඩුව රුපියල් වලින් මෙන්ම විදෙස් විනිමයෙන්ද දිගට හරහට වානිජ ණය ලබාගැනීම නිසා වර්තමාන ණය අර්බුදය නිර්මාණය විය.

විදෙස් ණය ලබාගත යුත්තේ ඉතාමත්ම ප්‍රවේසමෙනි. මේ ණය ගෙවීම සඳහා විදෙස් විනිමය මිලදී ගැනීමට සිදුවන නිසා විනිමය අනුපාතයේ සුලුවෙනසකින්වුවද ණය බර විශාල වශයෙන් වෙනස් විය හැක. 2015 හා 2016 මහබැංකු වාර්තාවලට අනුව යහපාලන ආණ්ඩුව බලය ගැනීමෙන් පසු ඇති වූ ආර්ථික බිඳවැටීම නිසා රුපියල බාල්දු වීම හේතුවෙන් පමණක් ලංකාවේ ණය බරට තවත් රුපියල් බිලියන 478 ක් එකතු  වී ඇත.බැඳුම්කර මඟඩිය හේතුවෙන් 2015 මුල සිට ලංකාවේ පොළී අනුපාතය 50%කින් පමණ වැඩිවීම නිසාදආණ්ඩුවේ ණයබර තවත් වැඩි වූ බවද මෙහිදී අප මතක තබාගත යුතුය. මගේ ආණ්ඩුව විදෙස්  ණය ලබා ගත්තේ ඉතාමත්ම ප්‍රවේසමෙනි. මුදල් අමාත්‍යංශයේ වාර්ථා වලට අනුව 2008 සිට 2014 දක්වා විදෙස් ණය වාරික හා පොලී ආපසු ගෙවීම් පහත සඳහන් ආකාරයට විය.

2008 – ඇ.ඩො. මිලියන  881

2009 – ඇ.ඩො. මිලියන 1,041

2010 – ඇ.ඩො. මිලියන 826

2011 – ඇ.ඩො. මිලියන 971

2012 – ඇ.ඩො. මිලියන 1,620

2013 – ඇ.ඩො. මිලියන 1,160

2014 – ඇ.ඩො. මිලියන 1,306

මේවා ගෙවා ගැනීමට නොහැකි තරම් විශාල ගණන් නොවන නිසා ආපසු ගෙවීම් පිළිබඳ කිසිඳු ප්‍රශ්ණයක් මගේ ආණ්ඩුවට තිබුණේ නැත. වර්ථමාන ණය අර්බුදය සහමුලින්ම යහපාලන ආණ්ඩුවේ නිර්මාණයකි.2015 සිට ඉදිරියට අපට ගෙවීමට සිදුවන විදෙස් ණය හා පොළිය පහත දැක්වෙන ආකාරයට වෙයි.

2015 –  ඇ.ඩො. මිලියන 1,828

2016 – ඇ.ඩො.මිලියන 1,604

2017 –  ඇ.ඩො.මිලියන 2,132

2018 –  ඇ.ඩො.මිලියන 2,891

2019 –  ඇ.ඩො.මිලියන 4,217

2020 –  ඇ.ඩො.මිලියන 3,699

2021 –  ඇ.ඩො.මිලියන 3,344

2022 –  ඇ.ඩො.මිලියන 3,743

2023 –  ඇ.ඩො.මිලියන 2,120

2024 –  ඇ.ඩො.මිලියන 2,067

2025 – ඇ.ඩො.මිලියන4,155

2026 – ඇ.ඩො.මිලියන 2,758

2027 – ඇ.ඩො.මිලියන 3,448

ආණ්ඩු වෙනසට පෙර තිබූ තත්වයත් ඊට පසුව ඇති වූ තත්වයත් ඉහත දක්වන ලද සංඛ්‍යා දත්ත වලින් පැහැදිලි වනු ඇත. 2015 සිටම ණය ගෙවීම් වැඩිවන්නේ මාස කිහිපයකින් මෙන්ම අවුරුද්දකින් දෙකකින් ආපසු ගෙවීමට සිදුවෙන කෙටි කාලීන විදෙස් විනිමය වානිජණය විශාල වශයෙන් ලබාගැනීම නිසාය.

2015 දී ශ්‍රී ලංකාව අත්දුටුවේ ණය ගැනීමේ වියරුවකි.මහ බැංකුවේ නිල වාර්තා වලින් පෙන්වා දෙන පිරිදි යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ වසරකට දෙවතාවක් පමණි. එලෙස සිදුකරන ලද නිකුත් කිරීම් වලින්ද 2010 – 2014 යන කාලපරිච්ඡේදය ඇතුලත වසරකට ඩොලර් මිලියන 350 ක් වත් මගේ ආණ්ඩුව ලබාගෙන නැත. ඒ මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සිදුකරන ලද දැවැන්තම ඉදිකිරීම් වැඩසටහනක් ක්‍රියාත්මකව  තිබියදී බවත් මතක තබා ගත යුතුය.

නමුත් 2015 වසරේදී කිසිඳු නව ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ නොකර වුවද යහපාලන ආණ්ඩුව අවස්ථා 9 කදී ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොට ඇත. 2016 දී 6 වතාවකදීද 2017 දී සිව් වතාවකදී ද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොටඇත.   තත්වය මෙසේ තිබියදී 2018 වසර සඳහාද වත්මන් ආණ්ඩුව තවත් ඩොලර් මිලියන 5,000 ක විදෙස් විනිමය වානිජ ණය ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන  ඇත. පරිභෝජනයට පමණක් ලබාගෙන තිබෙන මේ ණය ගෙවීමට ආණ්ඩුව  ජනතාවට දරාගත නොහැකි ආකාරයට වැට් බදු,වාහන බදු, භාණ්ඩ ආනයන බදු,දඩ මුදල්, රජයේමුද්දර ගාස්තු යනාදිය වැඩි කර තිබෙන අතර, 2018 අප්‍රේල් මාසයේ සිට, මුලු ජනගහනයම ආදායම් බදුදැළ තුළට ගැනීමටද සැලසුම් කර ඇත.

රටේ ජනතාව මත බදු අය කිරීමෙන් පමණක් යහපාලන ආණ්ඩුව ලබාගෙන තිබෙන ණය කන්දරාව ගෙවීමට නොහැකි නිසා ඔවුන් රජයට අයත් හෝටල් ව්‍යාපෘති වල සිට, වරායවල්, අධිවේගී මාර්ග, විදුලි බලාගාර ඇතුලු සියලුම ජාතික සම්පත් විකුණා දැමීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත. හම්බන්තොට වරාය විකුණා දැමුවේ එය තැනීමට ගත් ණය ගෙවීමට නොහැකි නිසා යැයි ආණ්ඩුව කීවද, වරාය විකිණීමෙන් ලැබුණු මුදල් අදාල ණය ගෙවීමට නොව පරිභෝජනය සඳහා වැය කිරීමට මහා භාණ්ඩාගාරයට යොමු කර තිබීමෙන් ආණ්ඩුවේ සැබෑ අරමුණ පැහැදිලි වේ. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගනු ලැබුවේ සහනදායි පොළියට දිගුකාලීන ණය නිසා එය ගෙවා දැමීමට ආණ්ඩුවට කිසිදුහදිස්සියක් නැත.

නමුත් වත්මන් ආණ්ඩුව ගිනි පොළියට ගත් කෙටිකාලීන වානිජ  ණය ජනතා දේපොල විකුණා ලබාගන්නා මුදල් වලින් හෝගෙවීමට පැහැදිලි හදිසියක් ඇත. ඒවා නොගෙව්වොත් සිදුවන්නේ ලංකාවට ලෝක මූල්‍ය වෙළඳපොලේ දොර වැසී යාමයි. අන්ත දූෂිත,වැඩබැරි ආණ්ඩුවරටේ මූල්‍ය කළමණාකරනයට කළ මේ විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10 වෙනිදා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා මෙන් මම සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

ඇමෙරිකාව හා රුසියාව අතර ඇති රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවට ශ්‍රී ලංකාව ඈඳා ගැනීමේ සිද්ධිය තවදුරටත් ඔඩුදුවමින් ඇති බව මෙම සතියේද තහවුරු විය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 135ක් වටිනා නැවක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජය හා රුසියාව අතර ගිවිසුම් අත්සන් තබා තිබියදී එම නැවේ අතරමැදි සමාගමට සම්බාධක පැනවීමට ඇමෙරිකාව මෙම සතියේ පියවර ගෙන තිබුණි.

එම සමාගම සමග කරන සියලු මූල්‍ය කටයුතු ඇමෙරිකාවේ නිව්යෝක් මුල්කරගෙන සිදුවූ බැවින් සමාගම සමග ණයවර ලිපි විවෘත කිරීමත් මුදල් හුවමාරු කිරීමත් මේ සමග ඇනහිටින වග ජාත්‍යණ්තර වාර්තා සනාථ කරන්නට විය.

මෙම සමාගමේ ක්‍රියාකාරිත්වය ගැන අධ්‍යයනය කිරීමෙන් පසුව ඇමෙරිකාවෙන් සම්බාධක පැනවූ වගද දැන ගැනීමට ලැබේ.

ඇමෙරිකාව හදිසියේම ශ්‍රී ලංකාවට නැවක් මිලදි ගැනීමට යන නැව් සමාගමට සම්බාධක පනවන්නට කටයුතු යෙදීමත් රුසියාව ශ්‍රී ලංකාවේ තේ තහනම් කිරීමත් ඇතුළු කාරණා සියල්ල පසුපස ඇත්තේ ඇමෙරිකාව හා රුසියාව අතර ඇති රාජ්‍ය තාන්ත්‍රික ගැටලුව බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සනාථ කරයි.

ජිපාර්ඩ් – 5-1 (ට්ඥනචපඤ ජ්පඪඨඥචබ 5.1) නම් වූ මිටර් 105කින් දිග රුසියානු නැව සෙලෙන්ඩොල්ස්ක් නැව් සමාගමේ නිර්මාණයකි. මෙම නැව ගැනීමට කටයුතු යෙදෙන්නේ 2010 පෙබරවාරි 08 දා රුසියාවෙන් ඩොලර් මිලියන 300කට මිලදි ගැනීමට ගිය ගුවන් යානා හා නෞකාලවලට අදාළ ගනුදෙනුවකි.

ඩොලර් මිලියන 165ක් වැය කර එවකට ගුවන් හමුදාවට හෙලිකොප්ටර් 14ක් මිලදී ගත් අතර ඉතිරි වූ මුදල වූ ඩොලර් මිලියන 135 හිලව් කිරීම සඳහා නැව මිලදී ගැනීමට නියමිත විය. මෙම ගනුදෙනුවට අදාළ අතරමැදි සමාගම වූ රොසොබොෙජෙන් එක්ස්‍පෝර්ට් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් ඇලෙක්සැන්ඩර් මයික්නිව් දින හතරක සංචාරයක් සඳහා පසුගිය මස 3දා ලංකාවට ආවේද මේ පිළිබඳ ගිවිසුම් අත්සන් තැබිමටය.

මේ සියලු කාරණා අතරේ රුසියානු තානාපති කාර්යාලය හා අනෙකුත් තානාපති කාර්යාල දැඩි කලබලයට ලක් වන්නේ වැලිගමදී අත්අඩංගුවට පත්වූ රුසියානුවකු නිසාය.

ඇමෙරිකානු ෆෙඩරල් පර්යේෂණ කාර්යාංශයේ (එෆ්.බි.අයි.) අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ (ර්ධඵබ ඹචදබඥඤ තඪඵබ) සිටි රුසියානුවකු මෙසේ කොටු වූ බව මෙරට බලධාරීන් දැන ගත්තේද මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ඊට මැදිහත්වීම නිසාය.

වැලිගමදි අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ෆරින් මනොකින් නමින් පෙනී සිටියේය. රුසියානු ජාතිකයා කළු සල්ලි ජාවාරම්කරුවකු බව හුවා දක්වමින් වැලිගම ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණ අතර මොහුව තම රටට ලබාදෙන ලෙස තානාපති කාර්යාලවලින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ බව ඒ සමග වාර්තා වුවද මෙකී සියලු තොරතුරු රහසිගත වූයේය.

වැලිගමදී අත්අඩංගුවට පත් ෆරින් මනොකින් යැයි කියූ රුසියානුවාට ඇප ලබාදීමට ඉදිරිපත් වන්නේද මෙරට නීතිඥ ක්ෂේත්‍රයේ ප්‍රබල භූමිකාවක් හෙබවූ නිලධාරියෙකි.මහාධිකරණයෙන් ඇප ලබා දුන් පසුව මෙකී රුසියානුවා අතුරුදන් වන්නේ රාජ්‍ය තාන්ත්‍රික සැලසුමක් ප්‍රකාරවය.

රටින් පනින තුරු මෙකී රුසියානුවාට ආරක්ෂිත නිවස්න ලෙස () යොදාගෙන තිබුණේ පුද්ගලික රෝහල් සහ තෝරාගත් හෝටල් කිහිපයකි.

මෙකී රුසියානුවා උදර්පණ නීතිය යටතේ තම රටට ගෙන යාමට ඇමෙරිකානු තානාපති කාර්යාලය උත්සාහ ගැනීමත් සමග රුසියානු ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික අවුල මෙරට තුළදී දිගහැරෙන්නට වූයේය.

ඇමෙරිකානු රජය හා ශ්‍රී ලංකා රජය අතර අත්සන් තබා ඇති උදර්පණ පනතේ කරුණු ප්‍රකාරව මෙම රුසියානුවා ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින්නේ මොහු ගැන ඇති අවශ්‍යතාව සඟවමින්ය. මෙකී සැකකරු ඇමෙරිකාවේ සිදුවූ මිනීමැරුම් කිහිපයකට අවශ්‍ය බව ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු දක්වා තිබුණේය.

ඉන්පසුව මොහු 2016 නොවැම්බරයේ ඇමෙරිකාවේ පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණය කඩාකප්පල් කරන්නට මුල්වූ අයකු බවට තොරතුරු කරළියට එවන්නට ඇමෙරිකානු තානාපති කාර්යාලය කටයුතු කරන්නේ රුසියාව මොහු බේරාගැනීමට වෙර දරද්දීය.

ඇමෙරිකාව හා රුසියාව මෙකී ෆරින් මනොකින් නමින් වැලිගමින් මතුවූ රුසියානුවා වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සටනකට මුල පුරන්නේ දෙරටටම මොහු අවශ්‍ය වූ නිසාය.

ඇමෙරිකානු ජනාධිපතිවරණය බලපෑම් කරන්නට නම් මෙකී ෆරින් මනොකින් ලෙසින් පෙනී සිටි රුසියානුවා එසේ මෙසේ පුද්ගලයකු නොව රුසියානු ජාතික පරිගණක විශේෂඥයකු විය හැකිය. ඇමෙරිකාවේ එෆ්.බි.අයි. ආයතනය සොයමින් සිටි මෙකී සයිබර් අපරාධකරු රකින්නට මේ වන විටත් රුසියාව මැදිහත් වී තිබුණේය.

රුසියාවේ බලපෑම නිසා ‍පොලිස් විමර්ශන මන්දගාමි තත්ත්වයට පත් වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයද මෙයට මැදිහත් වනනිසාය. මෙවන් අපරාධකරුවකු ඇප ලබා මුදාගැනෙන්නේද මෙම බලපෑම් මධ්‍යයේය.

මෙකී රුසියානුවා ඇමෙරිකාව වෙත උදර්පණ නීතිය යටතේ භාර නොදී මුදාහැරීමට සූදානම් වෙද්දී මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අතපෙවීමක් කළද එය අවසානයේ අසාර්ථක මෙහෙයුමක් වන්නේ හොඳ හිත පළුදු වූ කාරණා සමගය.

එක්වරම මෙරටින් පැනගත් රුසියානුවා රටින් පිටමං කළේ කෙසේදයන්න මේ සමග පැනනැගුණු ගැටලුව විය.

මෙරටට රුසියානු යුද නැව මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් තැබිමට රෝසොබෝරෝන් එක්ස්‍පෝර්ට් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් ඇලෙක්සැන්ඩර් මයිච්වි එන්නේ තම පෞද්ගලික ගුවන් යානයෙනි. රුසියාවේ ප්‍රබල අවි ආයුධ සපයන සමාගමක් වන මෙම සමාගම ඉන්දියාව සමග මීටත් වඩා අවි ගනුදෙනු කර ඇතත් කිසිදු දිනක මෙකී ප්‍රධානියා ඉන්දියාවට නොයාමත් වැලිගමදී රුසියානුවකු කොටුවීමත් සමග හදිසියේම මෙකී ප්‍රධානියාම පැමිණීමත් සැකසංකා පහළ කළේය.

ආරක්ෂක විශ්‍ලේෂකයන්ට අනුව රුසියානු ජනාධිපතිවරයා මෙන් බලපෑමක් කළ හැකි මෙකී ආයතන ප්‍රධානියා හදිසියේම මෙරටට පැමිණියේ එක් ගනුදෙනුවක් සඳහා පමණක් නොවන බව පැහැදිලිය. එයින් පැහැදිලි වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 135ක ගනුදෙනුවක් සඳහා මෙකී බලධාරියාගේ පැමිණීම සැකසංකා මතුවන වගය.

කටුනායක ගුවන්තොටුපළට තම පෞද්ගලික ගුවන් යානයකින් සුවිශේෂ ආරක්ෂාවක් මැද පැමිණෙන රොසොබොරෝන් එක්ස්‍පෝට් ආයතන ප්‍රධානියා පැමිණි ගුවන් යානයෙන්ම ඇමෙරිකාව සෙවූ රුසියානුවා පැනගත් බව යුද විශ්‍ලේෂකයෝ අනුමාන කරති. කටුනායක ගුවන් තොටුපළින් මොහුට පැන ගැනීමට වෙනත් මගක් නැතිවීමත් මෙවන් සුවිශේෂ අපරාධකරුවකු බෝට්ටු මගින් යාම සිදුවීමට නොහැකි නිසාත් අනිවාර්යයෙන්ම මෙකී ජාවාරම්කරු සුවිශේෂ ආරක්ෂාවක් මැද පැනගත යුතුය. එසේ වී නම් රුසියානු අවි සමාගමේ අවි ප්‍රධානියා පැමිණියේ මෙකී රුසියානුවා රැගෙන යාමට විය හැකිය.

ඇමෙරිකාව සඳහන් කළ ආකාරයට එස්.බි.අයි. ආයතනයේ දැඩි අවශ්‍යතා ලැයිස්තුවේ සිටින සයිබර් අපරාධකරුවන් ලැයිස්තුවේ රුසියානු අපරාධකරුවන් සිටින්නේ සිව් දෙනෙකි. එච්පෙනි මිබයිලොවිච් බෝගචෙව්, ඇලෙක්ෂි බෙලන්, ඉනෝර් අනටෝලිච්චි සුච්චින් හා ඇලෙක්සැන්දිරෝවි ඩොකුච්චි ඒ හතර දෙනාය.

මේ අතුරින් ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරටට දැක්වූ ආකාරයට වඩාත්ම තහවුරු කළ හැක්කේ මිබයිලොවිච් බෝගවෙච් ගැනය.

ඇමෙරිකානු ඡන්දයට බලපෑම් කළ රුසියානු පරිගණක හැකරකු ගැනත්, කළු සල්ලි ජාවාරම්කරුවකු ගැනත් තොරතුරු හෙළි වූයේ වැලිගමදී කොටු වූ ෆරින් මනොකින් නමින් පෙනී සිටි පුද්ගලයාය නිසාය.

මෙම තොරතුරුවලට අනුව වැලිගමදී කොටුවූ ෆරින් මනොකින් නමින් පෙනී සිටි පුද්ගලයා මිචයිලොවිච් බෝගවෙච් ලෙසට යුද විශ්‍ලේෂකයෝ අනුමාන කරති. එසේ වී නම් ඔහු එසේ මෙසේ පුද්ගලයකු නොවන වගද පැහැදිලිය.

මේ කියන බෝගචෙව් ගැන ඇමෙරිකාවට තොරතුරු දෙන්නකුට ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක ත්‍යාගයක් දෙන්නට ඇමෙරිකානු රජය ඉදිරිපත් වූයේද ඔහු අත්‍යවශ්‍ය වූවෙකු නිසාය.

ඉතාම දරුණු ගණයේ හැකර්වරයකු මෙන්ම රුසියානු රජය සමග ගනුදෙනු කරන පරිගණක විශේෂඥයකු ලෙස මිඛයිලොවිච් බෝගචෙව් ප්‍රසිද්ධය. බෝගචෙව් විසින් නිපදවන ලැබූ සීයුස් ටේ‍රාජන් වෛරසය ලොව පුරා රටවල්වල මිලියනයකට වඩා පරිගණක සංඛ්‍යාවකට හානි පැමිණ වූයේය. එයින් සිදුවූ පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන සියයකට අධික බව ගණන් බලා නැත. මෙම වෛරසය නිසා ලංකාවේ පරිගණකවලටද බලපෑම් කළේය. මෙම පරිගණක වෛරසයෙන් ලොව පුරා රටවලට කළ බලපෑමෙන් පසුව එෆ්.බි.අයි. සංවිධානය යොමු පසුපස යන්නට වූහ.

ලොව පුරා මිලියන ගණනක පරිගණවල පාලනය තමන්ගේ අතට ගන්නට පවා කටයුතු කළ දරුණු අපරාධකරුවකු වූ මෙකී තිස්හතර හැවිරිදි බෝගචෙව් රුසියානු රජයට ඉතාමත් අවශ්‍ය වූවකු බවද පැහැදිලිය.

ඇමෙරිකාවේ පරිගණක පද්ධතියට හානි කළ රුසියානු හැකරුන් වන රෝමන් සෙලෙස්නිච්, නිකිටා කුස්මින්, වැලදිමීර්, දිමිත්‍රි වැනි හැකරුන්ව ජාත්‍යන්තර ‍පොලිසියේ සහාය ඇතිව කොටු කරනු ලබන්නේද එෆ්.බි.අයි. සංවිධානය මගිනි.

ෙරෙමන් සෙලස්නිව් මාලදිවයිනේදී කොටු කරන විට ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ වූ දත්තවලට අනුව මිලියනකට අධික කේ‍රඩිට්කාඩ් තොරතුරු විය. ඩොලර් මිලියන එකසිය පනහකට වඩා ඔහු වංචා කර තිබුණේය. මොක්කව්හි තම නිවසට යාමට මාලදිවයිනේ සංචාරයක් නිම කර එන අතරේ රෝමන් කොටු කර ඇමෙරිකානු හවායි මූලස්ථානයට ගෙන යන මෙහෙයුමට රුසියානු රජය මාලදිවයින් රජයට විරෝධය පෑවේය.

ඒ හා සමාන මෙහෙයුමක් මෙරටදීත් සිදුවූයේය. ඇමෙරිකානු රජය උදර්පණ පනතට අත්සන් නොකළ මාලදිවයින සමග සාකච්ඡා කර අන්තර්ජාල බින්ලාඩන් නමින් හැඳින්වූ රෝමන් සෙලෙසේනිව් ගුවාම් දූපතට රැගෙන ගිය ආකාරයටම වැලිගමදී කොටුවූ රුසියානු හැකරා ගෙන යන්නට ඉල්ලන්නේ උදර්පණ පනතට අත්සන් තබා තිබියදිය.

නමුත් රුසියාවේ මැදිහත්වීම හමුවේ එම සියලු කාරණා ව්‍යර්ථ වන අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුද මධ්‍යයේ වැලිගමින් හමුවූ රුසියානුවා නිල වශයෙන් අතුරුදන් විය. නමුත් සිදුවූ දෙය ඇමෙරිකාවටද වසන් කළ නොහැකිය.

රුසියාව ශ්‍රී ලංකාවට කුරුමිණියකු පිට පටවා තේ තහනමක් පනවන්නේද ඇමෙරිකාව මෙරටට යුද නැව් සමාගමට සම්බාධක පනවන්නේද මෙකී අර්බුදයේ පිටතට නොපෙනෙන සැඟවුණු කාරණා නිසාය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

http://198.211.112.164/archives/16946

Top