බැඳුම්කර වාර්තාව ජනාධිපතිට භාර දීලා. ඒක ලොකු පොත් තුනක්. ඒ වාර්තාවෙ වැඩියෙ තියෙන්නෙ සාක්‍ෂි හා වෙනත් සටහන් කියලා හිතෙනවා. නිර්දේශ මොනව ද කියලා දන්නෙ නැහැ. මොනව වුණත් දීර්ඝ නිර්දේශයක් ඇතැයි කියලා හිතන්න අමාරුයි. හෙට ජනාධිපතිත් වැඩි විස්තරයක් කියයි කියලා හිතන්න බැහැ. මේ රට පවතින්නෙ බොරු බලාපොරොත්තු දීමෙන් හා ඇති කිරීමෙන්. බලාපොරොත්තු ඉටු වෙන්න අවශ්‍ය නැහැ. මිනිසුන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් රැවටෙන්න උපන් පිරිසක් වගේ. බලාපොරොත්තුවකින් තවත් බලාපොරොත්තුවකට පනිනවා.

බැඳුම්කරය තවත් නාට්‍යයක් පමණක් වෙයි ද? කොහොමටත් මෛත්‍රිපාල මහින්ද ආදීන් මොනව හිතුවත් පළාත් පාලන ආයතන මැතිවරණයට බැඳුම්කරයෙ බලපෑම එතරම් නැහැ. එය ඇතැම් ජාතිකවාදීන්ට නම් කළකිරීමක් ඇති කරන්න පුළුවන්. බැඳුම්කරය තියෙන්නෙ ජනමාධ්‍යයෙ හා ඇතැම් මධ්‍යම පාංතිකයන්ගෙ හිත්වල. මේ පළාත් පාලන මැතිවරණයට ජාතික යැයි කියන ප්‍රශ්න බලපාන්නෙ නැහැ. ඒ නිසා මේ මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සලකන එක වැරදියි. කාගේ දෝ පංඩිත කතාවක් අහලා ඒකාබද්ධ විපක්‍ෂය දැන් ජනමත විචාරණ කතාව කරට අරන්. මැතිවරණයෙන් පස්සෙ ඒක කොහොමත් බිම තියන්න වෙනවා. ඊට කලින් බිම තියන එක හොඳයි.

රනිල් බැඳුම්කර කොමිසමට සාක්‍ෂි දෙන්න ගියෙ අපේ හොඳකට වෙන්න බැහැ. ඔහු බැඳුම්කර කොමිසමට යන්න ඉස්සෙල්ල අගමැති කමෙන් ඉවත් කරන්න තිබුණා. ඒක අදවත් කෙරෙන්නෙ නැහැ. මෙතැනදි මෛත්‍රිපාලගෙ කොන්ද ගැන කතා කරන්න බොහෝ දෙනා ඉදිරිපත් වේවි. ඒත් එහි දී බැසිල්ගෙ ක්‍රියාකාරීත්වයත් අමතක කරන්න එපා. පළාත් පාලන ආයතනවලට තරග කරන හුඟ දෙනෙක් ඉන්නෙ බැසිල් එක්ක. අද ඔවුන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයෙ දි ප්‍රතිඥාවක් දෙනවා. ඒ අය හැමදාමත් බැසිල් එක්ක ඉඳීය කියලා හිතන්න එපා.

මෛත්‍රිපාල හා රනිල් අතර විරසකයක් තියෙනවා. එහෙත් මෛත්‍රිපාල හා බැසිල් අතර එයට වැඩි විරසකයක් තියෙනවා. බැසිල් හා රනිල් අතර විරසකයක් ඇත්තේ නැති තරම්. මෛත්‍රිපාල රාජපක්‍ෂලා සමග එකතු වෙනවාට වඩා රනිල් එක්ක තව දුරටත් ඉන්න කැමැත්තක් දක්වන බව පේනවා. 1817 -18 නිදහස් සටන දිනා සිටිය දී අප පරාජය වුණෙ දැන් ක්‍රිකට් තරග පරදිනවා වගේ. එයටත් හේතුව වුණෙ අපට ශක්තිමත් නායකයකු නො සිටීම. විල්බාවේ රජු හැටියට පිළිගන්න සෙංකඩගල නිළමෙලා කැමති වුණෙ නැහැ. ඔවුන් මොනරවිල හෙවත් කැප්පෙටිපොළට අවනත වුණෙත් නැහැ. ඒ ඉතිහාසය දන්නෙ නැත්නම් අඩු තරමෙන් මුතුකුඩ නාට්‍යය නරඹන්න.

අවුරුදු දෙසියකට පස්සෙ තවත් මුතුකුඩ නාට්‍යයක් රඟ දැක්වෙනවා. එහෙත් එදා හිටිය මුතුකුඩ මැණිකෙලා දැන් නැහැ. දැන් ඉන්න මැණිකෙලා ගැන මා කියන්න යන්නෙ නැහැ. කොහොමටත් අදත් අපට නායකයෙක් නැහැ. මහින්දට නන්දිකඩාල් ජයග්‍රහණය තහවුරු කරන්න බැරි වුණා. නන්දිකඩාල් ජාතිකවාදීන් ඔහු වටකර ගත්තා. ඒ අතර ස්මාට්ජාතිකවාදීන් ද හිටියා. මහින්ද ජාතිකවාදීන්ට සවන් දෙන තාක් ඔහු ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට ගියා. එහෙත් ඉන් පසු? 13+ ගැන ඔහු ලවා කතා කෙරෙව්වෙ කවුද?

එදා සිංහලයන්ට, සෙංකඩගල සිංහල නායකයන්ට ඩොයිලි තේරුම් ගන්න බැරි වුණා. ගණනාථගෙ ඊනියා මූලාශ්‍ර අර්ථකථන කුමක් වුවත් ශ්‍රී වික්‍රම රාජසිංහ අවසානයෙ කෲර රජෙක් වුණා. ඔහු කෲරයකු කරන්න මනු නීතියත් (සිංහල නීතියනොවෙයි) ඩොයිලිලාත් සමත් වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංගිරිසින් හංවැල්ලට පන්නා දැමූ බවත් අප අමතක කළ යුතු නැහැ. ඔහුගේ වැටීම ඇරඹුණෙ ඊට පස්සෙ. ඉංගිරිසින් සෙංකඩගල නායකයන් ශ්‍රී වික්‍රම රාජසිංහට විරුද්ධව යොදා ගත්තා. මේ ඉතිහාසය අද වෙනත් ආකාරයකින් රඟ දැක්වෙනවා.

භගවද්ගීතයෙහි අර්ජුනට කඩුව ගන්න කියන්නෙ නෑයන් වුවත් කපා දැමීමට. අද මෛත්‍රිපාල භගවද්ගීතය ගැන මතක් කරමින් කඩුව අතට අරගෙන. ඔහුට ධම්මපදය මතක් වෙලා නැහැ. කැප්පටිපොළට නම් මරා දමන මොහෙතෙදිත් ධම්මපදය මතක් වුණා. මෛත්‍රිපාලගෙ කඩුව නෑදෑයන් කෙටීමට ද? ඔහුගේ නෑදෑයන් ඇත්තේ එ ජා පක්‍ෂයේ ද ඒකාබද්ධ විපක්‍ෂයේ ද? සිංහල රජවරුන් භගවද්ගීතය අනුව වැඩ කළ බවක් ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ. මෛත්‍රිපාලට කඩුව නොව භගවද්ගීතය දුන්නේ කවු ද?ඩොයිලි ද රාම ද? මොන ඔත්තු සේවය ද?

රනිල් බැඳුම්කර කොමිසමට යන බව කී විට ඔහුට යම් ශක්තියක් තිබූ බව වැටහුණා. රවි කරුණානායක ඇමති කමෙන් අස්වුණාට ඔහුගේ වරප්‍රසාද අඩු වූ බවක් පෙනෙන්නෙ නැහැ. මෛත්‍රි ගුණරත්නවත් සජිත් ප්‍රේමදාසවත් කියන දේට වටිනාකමක් නැහැ. ඔවුන් සිහින දකින්නන් පමණයි. මෛත්‍රිපාල පළාත් පාලන මැතිවරණයෙහි දී යම් ජයග්‍රහණයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔහුට යම් පිරිසකට කතා කිරීමට බැඳුම්කරය වැදගත් වේවි. එහි එයට වඩා වටිනාකමක් ඇතැයි හිතන්න බැහැ.

අප කල්පනා කළ යුත්තේ මැතිවරණයට වඩා මැතිවරණයෙන් පසු ඇති විය හැකි තත්වය ගැනයි. මැතිවරණය කෙරෙහි  ඇතැමුන්ගේ ඇත්තේ උදාසීන බවක්. එ ජා ප විරෝධය යනු අන් කිසිවක් නොව ජාත්‍යන්තර සුපිරිව්‍යුහ සංස්ථාපන විරෝධයක්. එය පසු බිමේ ඇත්තේ ජාතිකත්වය. එහෙත් මාක්ස්වාදීන්ට පින්සිදු වන්නට ඇතැම් ජාතිකවාදීන් සේනානායකලාට ආධාර කළා. ඔවුන්ගේ දරු මුණුබුරන් රනිල්ට ආධාර කරනවා. ජාතිකවාදීන්ට අද නායකයකු නැහැ. ඔවුන්ගෙන් ඇතැමකුගේ උදාසීනත්වය තේරුම් ගන්න පුළුවන්. බැඳුම්කර කතාවෙන් පසු ඔවුන් තවත් උදාසීන වන්න ඉඩක් තියෙනවා. බැඳුම්කරයට අවසානයේ දී කොමිසම වැරදිකරු වුවෙත් මා පුදුම වන්නේ නැහැ. දේශපාලනඥයන් මැතිවරණ ගැන මිස ජාතිය ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ.

______________________

වෙබ් අඩවියේ සංස්කාරකවරු

2018-01-02

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින යහපාලන ආණ්ඩුවේ අවබෝධතා ගිවිසුම දිර්ඝ කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම කඹ ඇදිල්ලක නිරත වන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වු අතර ගිවිසුම දිර්ඝ කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවයේම නායකයන් එකඟතාව දැක්වුවද එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් සහ ශ්‍රිලනිපයේ මහින්දවාදින් ගිවිසුම තවදුරටත් දිර්ඝ කිරිමට දැඩි ලෙස විරෝධය දක්වා තිබේ.

මේ දිනවල නුවරඑළියේ සංචාරයක නිරත වි සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවු ඩිජිටල් අමාත්‍ය හරින් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂය තනියම ආණ්ඩුවක් සෑදිම සදහා කටයුතු කලයුතු බව පෙන්වා දි තිබේ.

එහිදි අගමැතිවරයා පෙන්වා දි ඇත්තේ තනිවම ආණ්ඩුවක් සෑදිමට උත්සහ කිරිම හරහා පක්ෂයේ පිළ් බෙදිම දරුණු අතට හැරිය හැකි බවත් ඒ හරහා පක්ෂය කඩාගෙන යන් පිරිස් එක් කරගනිමින් මහින්ද පිළ සමග එකතුව ජනාධිපතිවරයා තනි ආණ්ඩුවක් සැදිමට ඉඩ ඇති බවයි.

මේ අතර වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව සම්බන්ධයෙන් වන අවසන් තීරණය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර අනාවරණය කර තිබේ.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම අවසන් වීමත් සමඟ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන ස්ථාවරයේ සිටින අතර සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බවට ඇතැම් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් මෙන්ම නවක මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින බවයි ඔහු සදහන් කර ඇත්තේ.

Published on: Jan 01, 2018 – මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව පරීක්‍ෂණය කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදිමත් සමගම එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය උග්‍ර වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

බැදුම්කර කොමිසමේ ඉදිරි නීතිමය කටයුතු ගැන සාකච්චා පැවැත්වීම සදහා ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට හදිසි කැදවිමක් කිරිමත් සමග මෙම තත්ත්වය උග්‍ර වි තිබේ.

අමතරව අතර අදාළ වාර්තාව හරහා හොරකම සදහා සම්බන්ධ වු පුද්ගලයන් පිළිබඳව වාර්තාව් බාරදුන් අවස්ථාවේදි කොමිසමේ සභාපති විනිසුරුවන් සමග පැය ගණනක් සාකච්ඡා කර ජනාධිපතිවරයා විසින් වෙනම එම කරුණු සටහන් කරගෙන ඇති අතර එම කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පෞද්ගලිකවම සිය අවධානය යොමු කරන බවද සදහන් කර තිබේ.

මේ අතර අප 2017 නොවැම්බර් 18 වැනිදා අනාවරණය කල පරිදි මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශන වාර්තාව භාරදිමත් සමගම ඇතිව තිබේන දේශපාලන ව්‍යාකූල තාව සහ ජනතා අප්‍රසාදය මගහැරිම සදහා අර්ජුන් ඇලෝසියස් අත්තඩංගුවට ගැනිමට සුදානමක් ඇති අතර ඊට අමතරව අගමැතිවරයාගේ ගජයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ද අත්තඩංගුවට ගැනිමට සුදානමක් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පෙබරවාරි 10 වැනිද පැවැත්විමට නියමිත පළාත් පාළන මැතිවරණයට පෙර මේ දෙදෙනා අත්තඩංගුවට ගැනිමට කටයුතු කරනු ඇති බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.

නීතිපතිවරයාගේ නිර්දේශ මත බැදුම්කර කොමිසම හමුවේ අනාවරණය වු දුරකතන සංවාද සහ අනිකුත් මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විශ්ලේෂණ වාර්තාවක් මගින් බැඳුම්කර කොමිසමට වාර්තා කර අවසන් කර ඇති අතර මේ සියළු කරුණු පරික්ෂා කිරීමෙන් අන්තුරුව අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන් මහේන්ද්‍ර අත්තඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.

ගණනාථ ද නාථ ද ලිපිය ලිවීම දිනෙන් දින කල් යනවා. ඒ අතර ගණනාථලා අනුව යන එච් එල් සෙනෙවිරත්න වැනි සමාජ විද්‍යාඥයන් යැයි කියා ගන්නා අනුකාරක ශාස්ත්‍රීය දුගියන් මේ සියලු ප්‍රශ්නවලට වග කිව යුත්තේ පනස්හයේ පෙරළිය කියා කියනවා. ඔහු දිනක් මා හමුවීමට පැමිණියා. ඔහු මොන තරම් අනුකාරක ශාස්ත්‍රීය දුගියකු ද යන්න මා එදා මොනවට අවබෝධ කර ගත්තා. ඔහු ලංකාවට පැමිණි දිනෙක නැවත හමුවීමට හැකි නම් හොඳයි. මා හමුවීමට පැමිණෙන බොහෝ දෙනා නැවත මා හමුවීමට එන්නේ නැහැ. ඔවුන් අතර අනුකාරක ශාස්ත්‍රීය දුගියන් ද කසිකබල් දේශපාලනඥයන් ද සිටිනවා. වරක් එක් පූජකවරයකු මා හමුවීමට ඉබ්බාගමුවෙන් පැමිණියා. ඔහුටත් මහා විශ්ලේෂකයකු ලෙස පෙනී සිටින යුග පෙරළිකාර වත්මන් මන්ත්‍රීවරයකුටත් පමණක් නැවත නොපැමිණෙන ලෙස අණ කරන්න මට සිදු වුණා.

මේ ලිපි මුහුණු පොතේත් පළ කෙරෙනවා. ඒ වෙනත් අය විසින්. ඒ ලිපි කියවන අයගෙන් වැඩි දෙනා මහින්දවාදීන්. මහින්ද ගැන සුළු විවේචනයක් කරනවාටවත් මහින්දවාදීන් කැමති නැති බව පැහැදිලියි. ඔවුන් මේ ලිපියටත් අකමැති වේවි. සමහර විට ලිපි කියවන එකත් නවත්තාවි. මේ රට ජාතිකත්වයට ගැනීමට මහින්දට 2009 දී නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ලැබුණු අවස්ථාව ඔහු නැති කර ගත්තා. ඒ නන්දිකඩාල් ජාතිකවාදීන් ළං කර ගෙන ඔවුන්ගේ අවවාද අනුශාසනා අනුව වැඩ කිරීමෙන්. 2010 දී ජනතාව ඔහුට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන්නා. එහෙත් බටහිරයන් සූක්‍ෂම ව නන්දිකඩාල් ජාතිකවාදීන් යොදා ගෙන ඔහු පරාජය කළා. නන්දිකඩාල් ජාතිකවාදීන් අතර ඊනියා ස්මාට් ජාතිකවාදීන් ද කොළපාට සමාජකාරයන් ද සිටියා. ඇතැම් රාජපක්‍ෂවරුන් ද ඔහුට පරාජය හිමි කර දුන්නා. මෛත්‍රිපාලලා නැති කර ගනු ලැබුයේ මේ රාජපක්‍ෂලා විසින්.

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැති බවට කතාවක් තියෙනවා. එහෙත් මෙරට දේශපාලනයෙහි මෛත්‍රිපාල – රාජපක්‍ෂ වෛරය ජන්මාන්තර එකක් බවට පත් වී තිබෙන බවක් පෙනෙනවා. මෛත්‍රිපාල යහපත් අයකු නො වෙයි. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයට ද්‍රෝහි වුණා. ශ්‍රී ල නි ප මරා දැම්මා. එහෙත් ඔහු වර්තමානයේ ප්‍රධාන (පොදු) සතුරා නො වෙයි. ප්‍රධාන සතුරා රනිල්. ඊළඟට අනුර කුමාර දෙමළ ජාතිවාදීන් කසිකබල් වාමාංශීකයන් ආදීන් ඉන්නවා. මෛත්‍රිපාල සමග එකතු වීමට බාධාවක් නැහැ. කළ යුතුව ඇත්තේ මෛත්‍රිපාල සමග එකතු වී රනිල් පන්නා දැමීම මිස මෛත්‍රිපාල පැන්නීමට රනිල්ට වක්‍රවවත් උපකාර කිරීම නො වෙයි. අද ඇතැම් රාජපක්‍ෂලා කරන්නේ රනිල්ට වක්‍රව උපකාර කිරීමක්. ඔවුන්ට අවශ්‍ය 2020 දී මහින්ද විපක්‍ෂ නායක කරන්න. 2025 දී රාජපක්‍ෂ කෙනකු ජනාධිපති කරන්න. අද නොව එදා 2015 දී සංධානයෙන් අයින් වී වෙන ම තරග කළා නම් ඒ මැතිවරණයෙන් සමහර විට මහින්ද අගමැති කරන්න තිබුණා. අඩුම තරමින් විපක්‍ෂ නායක කරන්න තිබුණා.

ඕනෑම දෙයක් කළ යුත්තේ යම් සංදර්භයක. අවශ්‍ය විට නොකර වෙනත් අවස්ථාවක කරන දේ පාරාවළලල්ලක් වෙනවා. 2015 නොකළ දේ 2018 කරලා දිනන්න බැහැ. 2020 වන තුරු බලා නොසිට 2018 දී ම මහින්ද විපක්‍ෂ නායක නොව අගමැති කරන්න පුළුවන්. ඒ රනිල් පන්නා දැමීමට මෛත්‍රිපාල සමග එකතු වීමෙන්. මෛත්‍රිපාල විශ්වාස කරන්න බැරි යැයි කියන්න පුළුවන්. එහෙත් මෛත්‍රිපාලත් ඇතැම් රාජපක්‍ෂලාට බයයි. ඔහුටත් ඇතැම් රාජපක්‍ෂලා අවිශ්වාසයි. රනිල් පන්නා දැමීමට මේ රාජපක්‍ෂලා විරුද්ධ බව පේනවා. අද මෛත්‍රිපාල කඩුව අතට ගැනීමක් ගැන කියනවා. මේ කඩුව කඩ්ඩක් වුණොත් ඔහුත් කැපී රනිල් ශක්තිමත් වෙනවා. කඩුව මුවහත් කළ හැක්කේ මහින්දට.

මෛත්‍රිපාලට රනිල් ඉවත් කරන්න යැයි කී විට මේ ලිපි කියවන ඇතැම් මහින්දවාදීන් අසා තිබුණේ මෛත්‍රිපාලට එසේ කිරීමට පණක් කොන්දක් තියෙනවා ද කියා. ඔහු කිසිසේත් ම ශක්තිමත් පුද්ගලයෙක් නො වෙයි. ඔහු අත්වැසුම් නොමැතිව එලිසබෙත්ට අතට අත දීම, පුටින්ට ලිපියක් යැවීම, පකිස්තාන් ජනාධිපතිට දුරකතනයෙන් කතා කිරීම ආදිය ගැන කියවන්නේ ඔහුගේ දුර්වලකම වසා ගැනීමට. ඔහුට බැරි ද ට්‍රම්ප්ටත් දුරකතනයෙන් කතා කර ජී එස් පී ලබා ගැනීමට. යුරෝපයේ ජී එස් පී + ගැන මහත් උද්‍යොගයෙන් කතා කළ එ ජා ප පඬියන් දැන් ජී එස් පී එතරම් වැදගත් නැති බවට සංඛ්‍යාන ඉදිරිපත් කරනවා. මේ සිද්ධිය ජෙරුසලම සමග සම්බන්ධයක් නැහැ. ට්‍රම්ප්ට ඊනියා ජාත්‍යන්තරය වැදගත් නැහැ. ඔහු තමාගේ ම වූ දඩබ්බර ක්‍රමයකට තම රට ගැන පළමුවෙන් සිතනවා. රනිල්ලා කවදාවත් තම රට ගැන පළමුවෙන් සිතුවේ නැහැ. සිංහල භාෂාව මළ බසක් යැයි කියන අය මා සමග එකට ඉගෙන ගත්තවුන් අතරත් ඉන්නවා.

කෙසේ නමුත් මෛත්‍රිපාලට රනිල් ඉවත් කළ හැක්කේ ඔහුට මහින්ද ශක්තිය දෙන්නේ නම් පමණයි. ඒ ශක්තිය දුන්නොත් පළාත් පාලන ආයතන මැතිවරණය ඉතාමත් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙත් ශක්තිය ලබා දිය යුත්තේ මැතිවරණය ඉලක්ක කරගෙන නො වෙයි. කොහොමටත් මේ මැතිවරණය ජාතික මැතිවරණයක් නො වෙයි. එය ජාත්‍යන්තර හා ඉතා පටු ප්‍රාදේශීය මැතිවරණයක්. ජාතික ප්‍රශ්න වැදගත් වන්නේ මහින්ද මෛත්‍රිපාල එකතු වුණොත් පමණයි. නැත්නම් මැතිවරණය කුල ප්‍රශ්නවලට පවා පටු වෙන්න පුළුවන්. එය සිංහල සමාජය ආපසු ගෙන යෑමක්.

ඊනියා ජාත්‍යන්තරය අද වන විටත් මැතිවරණයට මැදිහත් වෙලා. ඔවුන් අද විනාශ වීමට තිබූ ජ වි පෙරමුණට නව පණක් දීමට කටයුතු කරනවා. ජ වි පෙ සිංහල සමාජයට අත් කර දී ඇත්තේ විපත් පමණයි. එය පවත්වා ගෙන යෑමට ඊනියා ජාත්‍යන්තරයට අවශ්‍යයයි. අද ඒ පක්‍ෂය ඉස්සීමට පෞද්ගලික ජනමාධ්‍ය, ඊනියා විකල්ප පුවත්පත් හා සංවිධාන, අනුකාරක ශාස්ත්‍රීය දුගියන් ඉදිරිපත් වී ඇත්තේ තනි තනිව නො වෙයි. එහි සංවිධානාත්මක බවක් තියෙනවා. ජ වි පෙරමුණ ද දේශපාලන වශයෙන් අතුගා දැමීමට මහින්ද මෛත්‍රිපාල එකතු වී රනිල් පන්නා දැමිය යුතුයි. එසේ නොකළහොත් එහි විපාක විඳින්නට සිදුවන්නේ පිටරට රටවැසිකම ඇති රාජපක්‍ෂලාට නොව මෙරට ජනතාවටයි.

__________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-30

Published on: Dec 31, 2017 – බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් විසින් කලක් මුදල් වීසී කරමින් පවත්වාගෙන ගිය සියත මාධ්‍ය ජාලයේ සේවකයින්ට මාස දෙකක සිට වැටුප් ගෙවා නොමැති බව වාර්තා වේ.

බැදුම්කර වංචාව වසා ගැනිම සදහා ප්‍රකෝටි ගණනින් මුදල් යොදව මේ වසරේ මැද භාගයේදි සියත ඇතුලු නාලික රැසක් ඇලෝසියස් විසින් මිලදි ගත් අතර එම සියලුම නාලිකා මෙන්ම ජනයුගය පච මුවත් පතද මේ වනවිට වැසි යාමේ තත්ත්වයක් උදා වි තිබේ.

සියත එෆ් එම් හා සියත ටී වී යන මාධ්‍ය ආයතනවල සේවය කරන සේවකයින්ට වර්ෂ අවසානයේ ප්‍රසාද දිමනා බලාපොරොත්තුවෙන් සිට ඇති නමුත් මාසික වැටුපද දැනට මාස දෙකක සිට ගෙවා නොමැති බවයි වාර්තා වන්නේ.

බැදුම්කර හොරුන්ගේ පවු සේදිම මිලට ගත් සියත TV සහ සියත ගුවන් විදුලිය (FM) නාලිකාවන් හි ගුවන් විදුලි නාලිකාවේ ප්‍රධානියා ලෙස හිරු ගුවන් විදුලි නාළිකාවේ ජනප්‍රිය උදෑසන ගුවන් විදුලි වැඩසටහනක් වූ “DJ අරා” නමැති වැඩසටහන ඉදිරිපත් කල ගුවන් විදුලි ශිල්පී අරවින්ද ලොකුගේ සහ පැස්බරා ද  විශාල දිමනාවන් ලබාදි ආයතනයේ සේවයට ගත් අතර මේ වන විට ඔහුන්ටද එම පඩිපත් නොලැබී යැම නිසා ආයතනයෙන් ඉවත් විමට තින්දු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර සියත නාලික හිමිකරු රෝෂාන්ත කාරියප්පෙරුමගේ බිරිද වන සංගිතා වීරරත්න සිනමා පුවත්පතකට පවසා ඇත්තේ තමන්ගේ පවලේ සියලු දෙනා සෑම වසරකම අවුරුදු සමරන්නේ විදේශ රටක බවත් මෙවර එය තායිලන්තයේ බැංකොක්හි සමරන බවයි. ඒසදහා පවුලේ විසි දෙනෙකු පමණ සහභාගිවන බවද සදහන් කර තිබේ.

සාමන්‍යායෙන් බැංකොක්හි සතියක පමණ සංචාරයකට එක් අයෙකුට රුපියල් ලක්ෂ 4ක් පමණ වැය වන අතර මෙම කණ්ඩායමට රුපිල් ලක්ෂ 80ක පමණ වියදමක් දැරිමට සිද්දවන අතර එම මුදලලෙන් සියත මාධ්‍ය ජාලයේ මාසික වැටුපක් සේවකයින්ට ගෙවා දැමිය හැකි බවයි ආයතනයෙ සේවකයන් පවසන්නේ.

http://lankanewsnetwork.org/archives/14825

http://lankanewsnetwork.org/archives/15420

http://lankanewsnetwork.org/archives/14999

 

 

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සෙවීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දෙන බව එම කොමිසමේ ‍ලේකම් සුමතිපාල උඩුගමසූරිය අනවරණය කර අදාළ වාර්තාව දෙසැම්බර් 31 වනවිට බාර දෙන බවට කලින් සදහන් කලද පසුව එය දින නියමයක් නොමැතිව කල් දැමිමේ උත්සහයක් ඇති බවට වෙබ් අඩවි හරහා වාර්තා පලවිමත් සමග අද හෝ හෙට අදාළ වාර්තාව මාධ්‍ය සංදර්ශණයක් පවත්වමින් භාර විමට නියමිත බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

ඒ අනුව හදිසියේම කොමිසමේ ‍ලේකම් සුමතිපාල උඩුගමසූරිය සදහන් කර ඇත්තේ සියලු සාක්ෂි කැඳවා සටහන් කිරීමෙන් අනතුරුව එහි වාර්තාව සකස් කිරීම ආරම්භ කළ බවත් මුද්‍රණ දෝෂ පැවැතිය ද වාර්තාව ලබන (31) භාර දෙන බවයි.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේ වසරේ ජනවාරි 27 වෙනි දින මෙම කොමිසම පත් කරනු ලැබිය. එම කොමිසම මාස තුනක් සඳහා පත් කළ අතර එහි කාලය අප්‍රේල් 27දා අවසන් විය. නමුත් තවදුරටත් සාක්ෂි විමසීම සඳහා එම කොමිසමේ කාලය තවත් මාස 03කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. එය ද ඉකුත් 08දා අවසන් වීමට තිබූ අතර එහි කාලය නැවත දෙසැම්බර් 31වෙනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කටයුතු කළේය.

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ අදාළ වාර්තාව හරහා බැදුම්කර විකිණීම සදහා කෙලින්ම වගකිවයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට චොදන එල්ල වි නැති බවත් අදාළ වාර්තාව හරහා බැඳුම්කර අලෙවියෙන් රජයට පාඩුවක් වුනා යැයි නිගමනයක්ද කර නොමැති කර නොමැති බවයි.

මුල්‍ය වංචාව සිදුවන සමයේ සිටි මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගෙ බැණා හෙවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් ට මෙන්ම එජාපයේ සජිත් පිළේ දැඩි දෝෂදර්ශනයට ලක්වන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අතර පැවැති සබඳතාව අනාවරණය කර ඇති අතර ඒ සදහා නෛතික ක්‍රියාමාර්ග ගැනිම සදහා පමණක් බ්ලපැම් කර තිබේන බවයි අනාවරණය වි ඇත්තේ.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංක නිදහස් පක්ෂයේ පොදු හතුරා ලෙස මෛත්‍රී පිළෙ බහුතරයක් හදුන්වන එක්සත් ජාතික පක්ෂය බිම්මට්ටමේදි අපහසුතාවයට පත්කිරිම සදහා උපක්‍රමශීලීව ජනාධිපතිගේ බැඳුම්කර කොමිසමේ වාර්තාව යොදවා ගැනිමේ උත්සහයක් ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ. ඊට අමතරව එම වාර්තාව පෙන්වවමින් පසුගිය රාජපක්ෂ සමයේ සිදුවු බැදුම්කර වංචා වන පිළිබඳව ගම්මට්ටමේ ජනතාව අතර විවිධ කතා පතුරු විමට ශ්‍රිලනිප මෛත්‍රී පිළ මෙහෙයුමක් දැනටම ක්‍රියාත්ම කරමින් සිටින බවටද තොරතුරු අනාවරණය වි තිබේ.

මා අද ලියන්න සිටියේ ගණනාථ ද නාථ ද කියා. ගණනාථ කියන්නේ අනුකාරකයන්ගේ සේකරට, ඔබේසේකරට මිස මගේසේකරට නො වේ. මගේ සේකර බුදුහාමුදුරුවන්. නාථ කියන්නේ මතු බුදු වන නාථ දෙවියන්. මාතෘකාවෙන් අදහස් කෙරෙන්නේ ගණනාථ නාථ සමග කිසිසේත් ම සම කිරීමක් නො වෙයි. ගණනාථ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයක් දැරූ ව්‍යාජ බටහිර බුද්ධිමතෙක්. බටහිර බුද්ධිමතකු වීමට නම් වියුක්ත සංකල්ප, ප්‍රවාද නිර්මාණය කරන්න ඕන. අපි පසුව ඒ ගැන කතා කරමු. ගණනාථත් යෙදී ඉන්නේ වක්‍ර ව වුවත් සිංහල බෞද්ධ විරෝධී දේශපාලනයක නමුත් සෘජු දේශපාලනයට ඉඩ දී ඔහුට මේ ලිපියෙන් ඉවත් වෙන්න වෙනවා. ඒ වෙනත් දෙදෙනකු ඉවත් කිරීම වඩා වැදගත් නිසා.

අදවත් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න ඕන. ඒ එක්කම චන්ද්‍රිකා ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් කරන්නත් ඕන. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න කියලා මා කියන්නෙ ඔහු අගමැති වෙච්ච අලුත ඉඳන්. එහෙත් එදා කිසිවකු ඒ ගණනකට ගත්තේ නැහැ. එය කළ නොහැකි වැඩක් ලෙස සියල්ලන් ම වගේ හිතුව. එය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇති බව මා පෙන්වා දුන්නත් නීතිඥයකු නොවූ මගේ මතය කිසිවකු පිළිගත්තේ නැහැ. එහෙත් අද වන විට බොහෝ දෙනාට රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම ගැන හිතන්න වෙලා.

අනූවේ දශකයේ මුල එංගලන්තයට පැන ගොස් සිටි චන්ද්‍රිකා ගෙන්වා ගැනීමට සමහරකුට අවශ්‍ය වුණා. ඒ අය ශ්‍රී ල නි පක්‍ෂයේ සිටි හෝ පක්‍ෂයට හිතවත් යැයි කී හෝ ව්‍යාජ සමාජවාදීන්. ඔවුන් අතර වික්ටර් අයිවන්, රාජිත සේනාරත්න, රෙජිනෝල්ඩ් කුරේ ආදීන් සිටියා. ඔවුන්ගෙන් සමහරු අද මෛත්‍රිපාල කල්ලියේ නැහැ. ප්‍රමිතිකරණය යනු කුමක් දැයි නොදැන ප්‍රමිතිකරණය ගැන අයිවන් වරක් කතා කෙළේ බොහෝ අනුකාරක පුස්සන් මෙන්. තමන් කතාකරන වචනවල තේරුම් ඔවුන් දන්නේ නැහැ. මා හිතන්නේ නැහැ මහින්දට නම් චන්ද්‍රිකා ගෙන්වා ගැනීමේ වුවමනාවක් තිබුණා කියා. ඒ බව හොඳින්ම දන්නේ චන්ද්‍රිකා. ආනයනය කරනු ලැබූ චන්ද්‍රිකා සිංහල බෞද්ධ විරෝධී දේශපාලනයක නිරත වුණා. ඇයටත් ඇගේ අනුග්‍රහකයන්ටත් එ ජා පක්‍ෂයේ දුර්දාන්ත පාලනය වාසියක් වුණා. ජනතාවට අවශ්‍ය වී තිබුණේ එ ජා ප ආණ්ඩුව පරාජය කිරීම.

එහෙත් අප දැන සිටියා චන්ද්‍රිකාගේ හා ඇගේ අනුග්‍රාහකයන්ගේ අවශ්‍යතාව එ ජා පක්‍ෂය පරාජය කිරීම පමණක් නොවන බව. ඔවුන්ට අවශ්‍ය වූයේ දෙමළ ජාතිවාදයට සන්ධීය රාජ්‍යයක් ලබා දීමයි. ඒ බව දැන චින්තන පර්ෂදයේ අප ඇයට විරුද්ධ වුණා. ඒ වන විට සෝභිත හාමුදුරුවන් චින්තන පර්ෂදයේ සභාපති හාමුදුරුවන් නො වෙයි. සභාපති හාමුදුරුවන් වූයේ බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ . චන්ද්‍රිකා ජනාධිපති වුවොත් දෙමළ ජාතිවාදය ජයග්‍රහණය කරන බව අප දැන සිටියා. මාත් ඇගේ ආගමනයට විරුද්ධව 1994 මැතිවරණයේ දී ම එ පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළේ දිස්ත්‍රික්ක නායකත්වය දරමින්. එහෙත් ජනතාව අප ප්‍රතික්‍ෂෙප කළා. මට දිස්ත්‍රික්කයෙන් ම මනාප පන්දාහක්වත් ලැබණේ නැහැ. ම එ පෙරමුණෙන් තරග කළ අන් සියල්ලන්ට ම ලැබුණේ එයට අඩු මනාප.

අප කී දේ සනාථ කරමින් චන්ද්‍රිකා පැකේජය ගෙනාවා. ජී එල් පීරිස්, චම්පක හා රතන හිමියන්ගේ ආධාරය ලැබූ මංගල සමරවිර ආදීන් සුදු නෙළුම් අරගෙන ගියා. අද නෙළුම් පොහොට්ටුව අරගෙන යන බොහෝ දෙනා එදා සුදු නෙළුම් අරන් ගියා. මා හිතන්නේ දේශපාලනයේ දී මූලික වශයෙන් එකම දේ හැමදාම කියන අයට තැනක් නැහැ. ජනමාධ්‍යවේදීන් තැන ලබා දෙන්නේත් එක් එක් කාලයට විවිධ දේ කියන අයට. අවුරුදු තිහක් තිස්සේ මූලික වශයෙන් දේශපාලනයේ දී එකම දේ කීම කාගේවත් අවධානයට යොමු වන දෙයක් නො වෙයි. කෙසේ නමුත් දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණ, රුහුණු රට භික්‍ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය එක් වී පැකේජයට විරුද්ධව කතරගමට පා ගමන් රිය ගමන් පමණක් නොව මුහුදු ගමන් ද ගියා. පැකේජය පැරදුණා. එය පරාජය කෙළේ අප යැයි කීමට තරම් මා උද්ධච්ඡ නැහැ.

චන්ද්‍රිකා අදත් සිංහල බෞද්ධ විරෝධී. එහෙත් ඇය එය විවිධ ආකාරයෙන් කියනවා, කරනවා. අපත් ඇයත් අතර වෙනස එයයි. එදා ඇය රනිල් විරෝධියෙක්. අද ඇය රනිල් වෙනුවෙන් පෙනී සිටිනවා. කුඩා කළ ඇය රනිල් සමග එකම නැටුම් පන්තියේ ඉගෙන තියෙනවා. ඇය නටන නැටුම කුමක් දැයි රනිල් දන්නවා. ඔවුන් දෙදෙනා ම නටන්නේ එක ම නැටුම. ඒ් සිංහල බෞද්ධ විරෝධී නැටුමක්. ඇයට කිසිම ජන බලයක් නැහැ. ඇය බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට විරුද්ධයි. ඇය තම දෙමව්පියන්ට බණිනවා. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට ඇය විරුද්ධයි. එහෙත් අවුරුද්දකට වතාවක් හොරගොල්ලට ගොස් මල්වඩමක් තියෙනවා. ඇය ශ්‍රි ල නි පක්‍ෂයේ අනුශාසිකාවක් වන්නේ කෙසේ ද?

ඇය අද කියන්නේ ශ්‍රී ල නි ප හා එ ජා පෙරමුණ අතර ඇති නීති විරෝධි ගිවිසුම තවත් අවුරුද්දකින් දීර්ඝ කරන්න කියා. ඒ ගිවිසුම නීති විරෝධී වන්නේ අද පාර්ලිමේන්තුවේ ශ්‍රී ල නි පක්‍ෂයක් නැති නිසා. ඇය මේ කියන්නේ තව අවුරුද්දක් කල් දාගෙන තම පැකේජය ක්‍රියත්මක කරන්න කියා. ඒ පැකේජය අද එන්නේ රනිල් සුමන්තිරන් ජයම්පති ලාල් විජේනායක ව්‍යවස්ථාව ලෙස. මේ ව්‍යවස්ථාව මහා සඟ රුවන විසින් ප්‍රතික්‍ෂෙප කෙරී තිබෙනවා. පිලිපීනයෙන් මැග්සේසේ ත්‍යාගය ලැබූ අමරදේව වරක් ඇසුවේ මහ සඟ ගණ කර තිබෙන්නේ කුමක් ද කියා. අමරදේවගේ ගී මුළුමනින් ම මෙන් ඇසුවේ සිංහලයන්. එහෙත් ඔහු සේවය කෙළේ වෙනත් අයට. බොහෝ දෙනා කරන්නේ සිංහලකම, සිංහල බෞද්ධකම තම පැවැත්ම සඳහා අළෙවි කිරීම පමණයි. කොහොමටත් චන්ද්‍රිකාට අවශ්‍ය ඇගේ නැටුම් පන්තියේ සිටි රනිල් ව දුරටත් බලයේ තබා ගෙන සිංහල විරෝධී ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට.

අද කළ යුත්තේ රනිල් බලයේ තබා ගැනීම නොව ඔහු අගමැති ධුරයෙන් ඉවත් කිරීමයි. එය කළ හැක්කේ මෛත්‍රිපාලට පමණයි. මෛත්‍රිපාලට හා ඔහුගේ කණාඩායමට ආණ්ඩුවෙන් කැඩෙන ලෙසට මහින්ද කරන ඉල්ලීම වැරදියි. මේ මහින්ද කරන පළමු වැරුද්ද නො වෙයි. මේ පළාත් පාලන ආයතන මැතිවූරණය ජනමත විචාරණයකුත් නො වෙයි. මෛත්‍රිපාල කණ්ඩායම එදා රනිල් අගමැති කර ඔහුගේ ආණ්ඩුවට එකතු වීම වැරදි වගේ ම අද ආණ්ඩුවෙන් කැඩීමත් වැරදියි. අද ඔවුන් ආණ්ඩුවෙන් කැඩුණොත් රනිල් වැඩබලන ජනාධිපති වෙනවා. මහින්දට අවශ්‍ය රනිල් වැඩ බලන ජනාධිපති කරන්න ද? අප එදා කීවේත් අද කියන්නේත් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න කියා. ඒ සඳහා අප කොන්දේසි කිහිපයක් මේ ලිපිවලින් ඉදිරිපත් කර ඇති. එහෙත් ඒ ලිපිවලට ජනමාධ්‍ය පඬියන් ප්‍රචාරයක් ලබා දෙන්නේ නැහැ. ඒ කොන්දේසි මත මෛත්‍රිපාල රනිල් අගමැති ධුරයෙන් ඉවත් කර ඒකාබද්ධ විපක්‍ෂයේ ඔහුට විශ්වාස අයකු අගමැති කර ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. ඒ හැරෙන්නට අද ක්‍ෂණික ව විකල්පයක් නැහැ. එය නොකළහොත් රට අවුරුදු විසිපහකට පස්සට යනවා. නන්දිකඩාල් ජයග්‍රහණය ආපස්සට යනවා.

______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-28

ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ ආණ්ඩුකාර බිරිඳ වන දීප්ති බෝගොල්ලාගම මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කුනිතීවූ ග්‍රාම නිලධාරි වසමේ, සූඩෙයිකුඩා ගමේ මද්දලමලෙයි කන්දේ පවත්වාගෙන යන ස්කන්ධකුමාර කෝවිල් භූමියට බලහත්කාරයෙන් ඇතුල් වි හින්දු බැතිමතුන් පිරිසකට බැනවැදී තර්ජනය කර පොළොවේ ඇඳ තිබූ “කෝලම්” නමින් හැඳින්වෙන හාල්පිටියෙන් අඳින ලද දෙමළ සාම්ප්‍රදායානුකූල බිම් සැරසිල්ලක් පාවහන් සහිත පයින් පාගා දමා තිබේ.

කෝලම් චිත්‍රය වටකොට සිටි කාන්තාවන් “මුරුගා, කාලි අම්මා” යි හඬ නගද්දී, එතනට පැමිණි ආණ්ඩුකාර බිරිය “තමුසෙලා ඔක්කොමල්ලාට දෙනවා වැඩේ” යයි ඇඟිල්ල දිගු කරමින් බහුතරයක් කාන්තාවන්ගෙන් සැදුම්ලත් බැතිමතුන්ට තරජනය කරන ආකාරය ගගන වාර්තාකරු විඩියෝ කිරිමට සමත්ව තිබේ.

ඇය සමග ආ පොලිස් නිලධාරිනියන් ද පාවහන් ගලවා සිටිනු එම රූප රාමුවල දැක ගත හැකි අතර දීප්ති බෝගොල්ලාගමගේ උද්දච්ච කම හේතුවෙන් ඇය ඒ අකාරයට හැසිරි ඇති අතර දීප්ති බෝගොල්ලාගම එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස කෝපයට පත් කාන්තාවන් කෑගැසීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් ඇය කැඳවාගෙන ගොස් තිබේ.

ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම එහි ගොස් සිටියේ අලුතින් කණිනු ලැබූ ළිඳක් පිහිටි භූමිය පෞරාණික චෛත්‍යයක් ඉදිකර තිබූ ස්ථානයක් බව පවසමින් එම වැඩ කටයුතු නවතා ලන ලෙස සේරුවිල සිට පැමිණි භික්ෂුන් වහන්සේ දෙනමක් පසුගිය සතියේ කෝවිල් පාලනාධිකාරියට බල කිරීම නිසා දායකයන් අතර හටගත් නොසන්සුන්තාවය පිළිබඳව විමසා බැලීමටය.ජලය ලබා ගැනීම කෝවිලට මීටර සියයක් පමණ දුරින් ළිඳ කණින ලද්දේ මුතූර් ප්‍රාදේශීය සභාවේ ආධාරයද ඇතිව බව කෝවිල් පාලනාධිකාරිය පවසයි.

අදාළ ස්ථානය මිනුම් කටයුතු කර මායිම් සලකුණු කිරීමටත් සිව් වසරකට පෙර ඉදිකරන ලද මෙම හින්දු කෝවිලේ ලියාපදිංචිය පිළිබඳව විභාග කරන ලෙස ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම තමන් සමග ගොස් සිටි ත්‍රිකුණාමලය දිසාපති එන් ඒ ඒ පුෂ්පකුමාරට උපදෙස් දී තිබේ.

ස්කන්ධ, කාලි සහ බහිරව හින්දු දෙවි දේවතාවියන් වෙනුවෙන් මද්දලමලෙයි කන්දේ කලක් තිස්සේ පුද පූජා පවත්වන ලද බව පවසන රාසයියා පද්මනාදන් පූජකතුමා කියා සිටින්නේ තමන් ඒ වෙනුවෙන් කැපවුනු හත් වැනි පරම්පරාවට අයත් අයකු බවයි.

ඊට පස්සේ තවත් සිදු වීමක් වුණා. මනෝකින් රවුෆොවිච් නමැති රුසියානු ජාතික හැකරුවෙක් නැතිනම් පරිගණක වලට රහසේ ඇතුළු වන්නෙකු ඇමෙරිකානු රහස් දත්ත සොරකම් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට අවශ්‍ය වී තිබුණා. මොහු සිය බිරිද සහ දියණිය සමග ලංකාවේ සංචාරයක යෙදී සිටිය දී අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළා. ඇප පිට ඔහු නිදහස් උනා. ඉන් පසු මේ පුද්ගලයා අතුරුදහන් වුණා. ලංකාවෙන් ගිය බවට ආගමන විගමන වාර්තා නෑ. මේ පුද්ගලයාව ඇමෙරිකානු බුද්ධි අංශ විසින් ලංකා ආණ්ඩුවේ උදව් ඇතිව රහසිගතව ඇමෙරිකාවට ගෙන ගිය බවට සැක පහළ කරනවා. ඇමෙරිකාව මෙසේ පැහැර ගෙන යෑමටත් ලංකාව ඒවාට උදව් කිරීමටත් දක්ෂ බව අතීත වාර්තා පෙන්නුම් කරනවා.

හිටපු ඉන්දියානු අගමැති මන්මෝහන් සිංගේ දියණිය නීතිඥ අම්රිත් සිං අපූරු පොතක් ලිව්වා. ඒ පොතේ නම Globalizing Torture : CIA Secret Detention and Extraordinary Rendition. මේ පොතේ කියන විධියට CIA සංවිධානය තමන්ට ඕනෑ කරන පුද්ගලයින් පිටරටක සංචාරයක යෙදෙන විට පැහැර ගන්නවා. ඊට පස්සේ පෞද්ගලික ගුවන් යානයක් හමුදා කඳවුරක ගොඩ බස්සලා මේ පුද්ගලයාව ගෙන යනවා. එවිට මේ පුද්ගලයා රටින් ගිය බවට කිසිම ආගමන විගමන වාර්තාවක් නෑ. මේ පුද්ගලයාව ගෙනි යන්නේ ඇමෙරිකාවට නොවේ. වද හිංසා පිළිබඳ නීති ලිහිල්ව තිබෙන රටක තිබෙන තමන්ගේ වධකාගාරයකට. ඇමෙරිකාවේ මෙවැනි ක්‍රියා වලට සහය දක්වන රටවල ලැයිස්තුවක් මේ පොතේ තිබෙනවා. ලංකාවත් ඊට අයත්.

CIA සංවිධානයේ මේ නීති විරෝධි පැහැර ගැනීම් වලට ලංකාණ්ඩුව සහය දුන් බවට මේ පොතේ 109 පිටුවේ සඳහන් වෙනවා. 2003 අගෝස්තු මාසයේ දී රිදුවාන් ඉසමුදීන් නමැති පුද්ගලයාව පැහැර ගෙන රහසේ ගෙන යෑමට ලංකාවත් සී අයි ඒ සංවිධානයට සහය වී තිබෙන බවයි මේ පොතේ සඳහන් වෙන්නේ. ඒ දිනවල ලංකාවේ අගමැති ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි අදත් මේ රටේ අගමැති කියන එක අමතක කරන්න එපා. ඇමරිකාවට බැදුනු ප්‍රේමයකින් එතුමන් කටයුතු කරන බව මුළු ලෝකයටම රහසක් නෙමේ.

ඒ නිසා යුධ සමයේ ශ්‍රී ලංකාව අමාරුවේ වැටුනු සෑම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි එමෙන්ම ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනයට දැවැන්ත දායකත්වයක් ලබාදුන් අපේ ඓතිහිසික මිතුරු රුසියාවේ පුරවැසියාට ශ්‍රී ලංකාව තුල කුමක් සිදුවුනිදැයි උත්තර බැදීමේ වගකීම මේ ආණ්ඩුවට තිබෙනවා. රිදුවාන් ඉසමුදීන්ට අත්වු ඉරනම මේ රුසියානු හැකරුවාටත් අත්වුනාද කියන එක ලෝකයට හෙළි කිරීමේ වගකීම ඇත්තේ මේ රජයටයි.

2017. 12 .27 දින පිවිතුරු හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

http://198.211.112.164/archives/16946

මා නම් ජනමාධ්‍යවේදියෙකු නො වෙයි. කලක් කාලය සඟරාව සංස්කරණය කළත් පසු කලෙක ලක්මිණ පුවත්පතේ කතුකම නිල නොවන අයුරින් කළත් මා ජනමාධ්‍යයකු වන්නේ නැහැ. කාලය සඟරාව 1987 සිට හතරවරක් විටින් විට පවත්වාගෙන යෑමට උත්සාහ කළත් එය කළ නොහැකි වූවා. ජනතාව ආකර්ෂණය වන අයුරකින් ලියන්න කියන්න මට බැහැ. අනූවේ දශකයේ මුල ලක්මිණ පූවත්පත ඇරඹූ විට නිල නොවන වශයෙන් එහි කතෘ වූයේ මා. එහි විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම මෙන් ම චම්පක රණවකත් ලේඛකයන් අතර වුණා. (අද රාවය කතෘ ජනරංජන කාලයටත් ලක්මිණටත් කාටුන් ඇන්දා.) නිල වශයෙන් කතෘ වූයේ සුනිල් මාධවයි. එහෙත් කතුවැකි ලිව්වේත් පුවත්පත සංස්කරණය කෙළේත් මා. ගෙවිඳු ආධාර කළා. එකලත් මා කොටි පරාජය කළ යුතුය කළ හැකි ය යන මතයේ සිට පුවත්පත සංස්කරණය කළා. එයට ව්‍යාජ සමාජවාදීන් විරුද්ධ වුණා. ඔවුන් පුවත්පතේ අයිතිකරු තිලක් කරුණාරත්නට මගේ ප්‍රතිපත්තියට විරුද්ධව කරුණු කියා මා පුවත්පතේ කටයුතුවලින් අයින් කළා. එසේ වුවත් පුවත්පත ගෙන යන්න බැරි වුණා. මේ විස්තර බෙංගමුවේ නාලක හිමියන්ගෙන් ද දැනගත හැකියි. එකල විමල් මෙන් ම චම්පක ද ඊනියා යුද්ධයට විරුද්ධව සිටියා. ඩලස් ගැන කියන්න ඕන නැහැ. විමල් ජ වි පෙ සාමාජීකයෙක්. චම්පක යුද්ධයට විරුද්ධව පෝස්ටර ගැසුවා. ඉන් අවුරුදු කිහිපයකට පසු 1994 දී මංගල සමරවීරට මැතිවරණයේ දී ආධාර කළා. චම්පක එදත් කොටි පරාජය කළ යුතුය කියන මතයේ හිටි බව ඔහුගේ අනුගාමිකයන් කියන විට කරන්නේ කුමක් ද කියා කල්පනා වෙනවා. ඔහු ඉල්ලුමක් ඇතැයි කියමින් ජාතිකත්වයට පැමිණියේ කොටි ඩී එස් සේනානායක විදුහලේ සිසුන් ඝාතනය කිරීමෙන් පසුවයි. කාලය සඟරාව මෙන් ම ලක්මිණ පුවත්පත පවත්වාගෙන යෑමේ දී ද ගෙවිඳු කුමාරතුංගගේ කැප වීම කිසි දිනෙක අමතක කරන්න බැහැ.

මැතිවරණ කොමිසමේ සභාපති කියන්නාක් මෙන් ජනමාධ්‍ය අයිතිකරුවන්, ජනමාධ්‍යවේදීන් තමන් කිනම් පක්‍ෂයකට ආධාර කරන්නේ දැයි කියන්නේ නම් හොඳයි. එසේ නොකිරීම ආණ්ඩුවේ ජනමාධ්‍යවලට කරන අසාධාරණයක්. ආණ්ඩුවේ ජනමාධ්‍ය ආණ්ඩුවට පක්‍ෂපාත බව කවුරුත් දන්නවා. පෞද්ගලික ජනමාධ්‍ය ගැන දන්නේ ඉතා ටික දෙනයි. මා ජනමාධ්‍යවේදියකු නොවූවත් මේ ලිපි කියවන දෙසීයයක පමණ පිරිසේ දැන ගැනීම පිණිස මගේ පක්‍ෂපාතීත්වය ගැන කිව යුතුයි. මා මේ කසිකබල් දේශපාලන පක්‍ෂ අතරින් කසිකබල්කමින් අඩු වූ පොදුජන පෙරමුණට පක්‍ෂයි. ඒ ඔවුන් කරන කියන සියල්ල අනුමත කරන නිසා නො වෙයි. වෙන කරන්න දෙයක් නැති නිසා.

පෙබරවාරියේ පැවැත්වීමට නියමිත මැතිවරණය ඉතා උණුසුම්. ඒ හතරවැනි තැනට පැමිණෙන්නේ මෛත්‍රිපාල කල්ලිය ද නැත්නම් අනුර කුමාර කල්ලිය ද යන්න තීරණය කිරීමට. අද ඇතැම් ඊනියා අපක්‍ෂපාත විචාරශීලී පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන යන ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය ගැන කියවන, බටහිර යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වයට යට වී භූතයන් ගැන විශ්වාස නොකරන, එහෙත් භූතයන්ට පින් අනුමෝදනා කරන නූතන විද්‍යාත්මක බෞද්ධ ජහමාධ්‍යවේදීන් ජ වි පෙට පක්‍ෂපාත බව පෙනෙන්නට තියෙනවා.

සමහරු කියන විධියට බටහිර ගණිතය ඉගෙන ගැනීමෙන් විචාරශීලී බව, තර්ක බුද්ධිය ආදිය වැඩි වෙනවා. එය බොරුවක් බව මෙරට ගණිතය ඉගෙනීමෙන් මෙන් ම ඉගැන්වීමෙන් ද මා දන්නවා. එයට හොඳම උදාහරණය මා කියා ඊනියා විචාරශීලී ජනමාධ්‍යවේදීන් කියන්න පුළුවන්. එහෙත් ජ වි පෙ නායකත්වය ඒ සඳහා උදාහරණ. අද මැතිවරණයේ හතරවැනි තැනට පත්වීමට තියුණු තරගයක් ලබා දෙන ජ වි පෙ තම තැන හොඳට අවබෝධ කර ගනිමින් බණ්ඩාරවෙල දී උමා ඔයේ පිහිට පතනවා. විද්‍යාරතන කියන තැනැත්තා ජ වි පෙරමුණෙන් අස් වෙලා ද? නැත්නම් ඔහු ඒ බව කිව යුතුයි. ඡන්දදායකයන් මුළා වීමට ඉඩ තියෙනවා.

අනුර කුමාර හොඳ කතා කියනවා. ඒවා ප්‍රබුද්ධ යැයි කියා ගන්නා ජනමාධ්‍යවේදීන්ට නම් වටිනවා. ඔහු මෑතක දී කියා තිබෙනවා අද ඇත්තේ එක් එක් දිනට එක් එක් පැතිවලට බෙදිලා ක්‍රීඩාකරන ළමයින්ගෙ වැනි දේශපාලනයක් කියලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ළමයින්වත් තෝරන පිරිසක් ඉන්නවා. ඒ පිරිස ජ වි පෙ ළමයින් වැඩි පිරිසක් තෝරන්නෙ නැහැ. ඒ නිසා ජ වි පෙ ළමයින් බොහෝ විට ඉන්නෙ බංකුවේ. ඒත් ඔවුනුත් හොරා පොලිස් සෙල්ලමේ යෙදෙනවා. ඔවුන් චන්ද්‍රිකාගේ පරිවාස ආණ්ඩුවට සෙල්ලම් කළා. එහෙත් ලකුණු රැස් කළේ නැහැ. අර වැව් දාහේ වැඩ පටන් ගත්ත ද? අනුරටත් විජිතටත් මතක ද?

2015 දී ජ වි පෙ රනිල්-මෛත්‍රිපාල කණ්ඩායමට වැඩ කළා. එයින් කියන්නෙ ඔවුන් මේ ඊනියා ජාතික ආණ්ඩුව බලයට පත් කළ බව නො වෙයි. ඔවුන්ට එවැන්නක් කරන්න බැහැ. ආණ්ඩුව බලයට පත් කෙරුණෙ බටහිර හා ඉන්දීය ආණ්ඩු හා ඔත්තු සේවා විසින්. ඒ වුණත් ජ වි පෙට තමන් කළ උපකාරයට තැගි ලැබුණා. බංකුවේ හිටපු අය අතිරේක ක්‍රීඩක තත්වයට පත් කෙරුණා. අනුර ව්‍යාජ විරුද්ධ පක්‍ෂයෙ සංවිධායක වුණා. හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති වුණා. බැඳුම්කරය පිළිබඳ ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔන්න මෙන්න තිබිය දී මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ජ වි පෙ විරුද්ධ වුණේ නැහැ. ජ වි පෙ කරන්නෙත් හොරා පොලිස් සෙල්ලමක්. ඔවුන් අදත් ඉන්නෙ රනිල් එක්ක. ජ වි පෙට කිසිදාක එ ජා ප ඡන්ද ලැබෙන්නෙ නැහැ. ඔවුන් කරන්නෙ එ ජා ප විරෝධී ඡන්ද කැඩීම. එමගින් එ ජා පක්‍ෂයට ආධාර කිරීම. මේ හොරා පොලිස් සෙල්ලම අමුතුම එකක්. මේක පොලිස් පැත්තෙ ඉන්න බව පෙන්වමින් හොරාට ආධාර කිරීම. පොලිස්පති පූජිතට එවැනි අත්දැකීම් තියෙනවා ද?

______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-27

විල්පත්තු සංහාරය ගැන නැවතත් කතා කරනවා. ඒ සංහාරය ගැන කතා කරන්නන් ඉතා වැඩි පිරිස සිංහල බෞද්ධයන්. සිංහල කතොාලික/ක්‍රිස්තියානි අය ද කිහිප දෙනෙක් ඉන්නවා. එහෙත් දෙමළ මුස්ලිම් අය ඒ ගැන සාමාන්‍යයෙන් කතා කරනු දකින්නට නැහැ. ඒ බවක් ජනමාධ්‍යයෙහි වාර්තා වන්නේ නැති නිසයි මා එහෙම කියන්නේ. විල්පත්තු සංහාරය ගැන පරිසරය පැත්තෙන් මෙන් ම දේශපාලනය පැත්තෙන් ද කතා කරන්න පුළුවන්.

අද පරිසරවේදයත් වෙළෙඳ භාණ්ඩයක්. එය මුළුමනින් ම මෙන් මෙහෙයවෙන්නේ බටහිරින්. එහි සංකල්ප, ප්‍රවාද සියල්ල ම මෙන් අපට ලැබෙන්නේ බටහිරින්. අප ඇමරිකාවේ මුල් පදිංචිකරුවකු වූ සියැටල් පරිසරයක් ගැන කී දේ දන්නේ ද බටහිර පරිසරවේදීන්ගෙන්. සියැටල් ඊනියා පරිසරවේදියෙක් නො වෙයි. ඔහු පරිසරවේදයක් ගැන කතා කෙළේ නැහැ. පරිසරය යනුවෙන් දෙයක් වෙන් කර ගෙන සියැටල්ලා ජීවත් වුණේ නැහැ. ඔවුන්ට ජීවිතය හා පරිසරය දෙකක් වුණේ නැහැ. සියැටල් නමින් අද වොෂිංටන් ප්‍රාන්තයේ නගරයක් තියෙනවා. මයික්‍රොසොෆ්ට් ඇමසොන් ආදී ආයතන පවත්වා ගෙන යන්නේ ඒ නගරය ආශ්‍රයෙන්. එය අද දෙවැනි සිලිකන් මිටියාවතක් (වැලි) ලෙසත් හැඳින්වෙනවා.

පරිසරවේදීන් ලංකාවේත් සිටිනවා. පරිසරවේදය ඇතැම් විශ්වවිද්‍යාලවලත් ඉගැන්වෙනවා. ඒ උගන්වන්නේ බටහිර සංකල්ප හා ප්‍රවාද. ඉඳහිට බුදුහාමුදුරුවන් ගැනත් කියනවා. අපේ පැරැන්නන් පරිසරය රැකි ආකාරයත් ඉඳහිට මතක් කරනවා. බුදුහාමුදුරුවන් පරිසරවේදියෙක් නො වෙයි. අපේ පැරැන්නන් පරිසරය රැක්කේ නැහැ. ඔවුන්ට රකින්න පරිසරයක් තිබුණෙත් නැහැ. අද පරිසරය රකින එක ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල වැඩක් වෙලා. අද පරිසරය රැක ගෙන ජීවත් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පරිසරය රැකීමත් ජීවිකාවක් වෙලා. මොන තරම් පරිසරය රැක්කත් පරසරය දිනෙන් දින විනාශ වෙනවා. විනාශ වෙන්න විනාශ වෙන්න පරිසරය රකින්නන්ටත් වැඩ තියෙනවා. වැඩමුළු පැවැත්වෙනවා.

විල්පත්තු සංහාරය නවත්තන්න පරිසරවේදීන්ට බැහැ. එහි දේශපාලනයක් තියෙනවා. සිංහල දේශපාලනඥයන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පසුපස බොරුවට යනතාක් විල්පත්තු සංහාරය නවත්තන්න බැහැ. සිංහලයන් විනාශ කිරීමට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තරම් යොදා ගත් තවත් දෙයක් ඇත්නම් ඒ පෞද්ගලික විද්‍යුත් ජනමාධ්‍ය පමණයි. ක්‍රිස්තියානි අධ්‍යාපනයටවත් ඒ කරන්න බැරි වුණා. ඊනියා පරිසරවේදය ක්‍රිස්තියානි දැනුමක් බවත් අමතක කරන්න එපා. ඊයේ රෑ අපේ දේ රැක ගන්නා නාළිකාවෙන් කියා දුන්නේ නත්තල් දින බෞද්ධ දරුවන්ගේත් කොට්ට යට යම් තෑග්ගක් තබන ලෙසටයි. අප නොදැන සිටියාට දෙබරවැවවටත් නත්තල් තියෙනවා. යටාලතිස්ස රජුගෙ කාලයෙ ඉඳලා වෙන්නැති. අද උදේ හාමුදුරුවන් වෙනුවට පූජකතුමකු (බණ) කිව්වා. බෞද්ධයන් දැන් හාමුදුරුවරුන් කියන බණ අහන්නෙ නැතිව වෙන්න පුළුවන්. නත්තල සිංහල අවුරුද්ද සමග සමාන කිරීමේ තැතක් තියෙනවා. මෙසේ ලිවීම නිසා මා ජාතිවාදියකු, ආගම්වාදියකු, අන්තවාදියකු, අප්‍රබුද්ධයකු, අඥානයකු, හණමිටි අදහස් ඇත්තකු, කෙටියෙන් කිව්වොත් මැන්ටලයකු ලෙස නම් කෙරෙන්න පුළුවන්.

විල්පත්තු සංහාරය ඡන්ද මගඩියක්. එහි මුස්ලිම් ජනපද ඇති කෙරෙනවා. ඒ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමටත් මුස්ලිම් ජනගහණ ව්‍යාප්තියකුත් සඳහායි. තව ටිකක් කල් යන විට ඒ පළාතේ ජීවත් වූ කුවේණිය මුස්ලිම් කියන්නත් බැරි නැහැ. මුස්ලිම් අය මෙරටට ආවෙ අටවැනි සියවසේ පමණ කියනවා. එයට ඊනියා මූලාශ්‍රත් තියෙනවා. ඒ සඳහා ලෝනා දේවරාජාගේ පොත ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මුලාශ්‍ර පිළිබඳ ප්‍රශ්න රාශියක් තියෙනවා. මූලාශ්‍ර ඉදිරිපත් කිරීමත් බයිබල් සම්ප්‍රදායක්. දැන් ලෝනා දේවරාජාගෙ මූලාශ්‍රය කුමක් ද? ඒ මූලාශ්‍රයෙහි මුලාශ්‍රය කුමක් ද? ලෝනා දේවරාජාගෙ මූලාශ්‍රය හුදෙක් මුස්ලිම් ජනප්‍රවාදයක් නො වේ ද? මේ මුස්ලිම් ජනප්‍රවාදයට අනුව මුස්ලිමුන් අරාබි තාත්තලාගෙන් හා සිංහල අම්මලාගෙන් පැවත එන්නෙන්. මා නගන ප්‍රශ්නයක් තියෙනවා. මේ දරුවන් අරාබි හෝ සිංහල හෝ කතා නොකර දෙමළ කතා කරන්නේ ඇයි ද කියා. අර ඊනියා මූලාශ්‍රවලට ඒ ප්‍රශ්නයට පිළිතුරක් නැහැ. අපි පසුව ඉඩ ලැබෙන පරිදි මූලාශ්‍ර ගැන තවදුරටත් කතා කරමු. මා වඩාත් ප්‍රිය කරන්නේ ඊනියා මූලාශ්‍රවලට නොව සංගත කතා ගෙතීමට.

විල්පත්තුව මුස්ලිම් දේශපාලනඥයන්ට කොල්ල කෑමට (එය කොල්ල කෑමක්) ඉඩ දී ඇත්තේ කවු ද? ඒ සිංහල දේශපාලනඥයන් නො වේ ද? මෙහි වැල ගිය තැන් මුල් ගිය තැන් සොයා ගෙන ගියොත් මතුවන්නේ කවුරුන් වුවත් එහි පදනමේ ඇත්තේ දේශපාලන බලය සඳහා මුස්ලිම් පක්‍ෂ එකතු කර ගැනීම. මෙරට දෙමළ මුස්ලිම් දේශපාලන පක්‍ෂ (ඔවුන්ට තම ජනවර්ගය නමින් දේශපාලන පක්‍ෂ පිහිටුවා ගැනීමට කිසිම බාධාවක් නැහැ) කටයුතු කරන්නේ තම ඡන්ද වෙන්දේසි කිරීමෙන්. ඔවුන් තමන්ට වැඩියෙන් ම ගෙවන පක්‍ෂයට තම ඡන්ද විකුණනවා.

අද ආණ්ඩු පිහිටුවීමට දෙමළ මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවල සහාය නැතිව බැරි තත්වයක් උදාවෙලා. ඒ සහාය ලබා ගැනීමට සිංහල අයිතීන්, සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන ආදිය නැති කරගන්න වෙලා. සිංහලයන් සියයට හැත්තෑපහක් පමණ පමණ ඉන්නවා. සිංහල බෞද්ධයන් සියයට හැත්තෑවක් පමණ ඉන්නවා. එහෙත් බෙදුණාම එක් ප්‍රධාන පක්‍ෂයකට සිංහල බෞද්ධයන් දළ වශයෙන් සියයට තිස්පහක් පමණ වෙනවා. සිංහල නොවන සියයට විසිපහ එවිට තම ලංසුව වැඩි කරනවා.

සිංහල බෞද්ධයන් විල්පත්තු සංහාරය ගැන කතා කරනවා. අපත් ලියනවා. ඒත් අපට එය නත්වන්න බැහැ. ඒ මුස්ලිම් දේශපාලනඥයන් නිසා නො වෙයි. සිංහල බෞද්ධයන් බෙදී සිටින නිසා. මේ බෙදීම ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙත් තිබුණා. තිස්ස ගැමුණුට විරුද්ධ වුණා. වාසනාවකට ගැමුණු මහා පුරුෂයකු වුණා. ඊනියා යුග පුරුෂයා යන්න අද යුග පෙරළිකාරයන්ටත් යොදනවා. ඒ නිසා යුග පුරුෂයා කියන යෙදුම යොදන්නේ නැහැ. කොහොමටත් අද සිංහල බෙදීමට උඩින් කටයුතු කළ හැකි මහා පුරුෂයකු නැහැ. මහින්දට ඒ අවස්ථාව තිබුණා. එහෙත් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඔහු ඒ අවස්ථාව නැති කර ගත්තා.

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-24

ජනවාරි 2 දා ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්විමට කටයුතු කළා.

ඉදිරි පලාත් පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මෙම ප්‍රකාශය කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට තිබේ.

ඒ අනුව මේ වනවිටත් පොදුජන එක්සත් පෙරමුණේ දැනට සිටින සියලු ලොකු කුඩා පක්‍ෂ සහ කොටස්ද සහභාගී කර ගනිමින් වඩාත් පුළුල් ජනතාවාදී දේශපාලන පෙරමුණක් ලෙස මෙම පෙරමුණ දියත් කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සකස් කර අවසන් බව පොදුජන එක්සත් පෙරමුණේ ඉහළ පෙලේ ආරංචිමාර්ග සදහන් කරයි.

මෙයට සමගාමීව රටපුරා ඉදිරි පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන රැස්වීම් මාලාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.

පළාත් පාලන මැතිවරණය සදහා මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු කර ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ලෙස තරග වැදිම සදහා යම් එකඟතාවක් ඇති වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු පසුගිය Nov 27,අනාවරණය කළා.

http://198.211.112.164/archives/16629

 

 

Top