කොමදෝරු ඩීකේපී දසනායක ඇතුළු රණවිරුවන් ගණනාවක් පදනම් විරහිතව අත්අඩංගුවේ තබාගෙන සිටින නඩුව සම්බන්ධයෙන් අද නව නැම්මක් ඇතිකරන්න අපිට පුළුවන් උනා. පොලීසිය විසින් බී විජයකාන්තන් කියන පුද්ගලයා මේ අතුරුදහන් කලායැයි කියන එකලොස් දෙනාව රදවා සිටිනවා දැක්කා, කනුවල ගැට ගසා වෙඩිතබා මරලා රැගෙන ගියා දැක්කාය කියලා සාක්ෂියක් ලබාදුන්නා කියන එක බී වාර්ථාවක් හරහා ගරු අධිකරණයට වාර්ථාකර තිබුනා. නමුත් අද අපි අධිකරණය ඉදිරියේ කරුණු දක්වා පෙන්වා දුන්නා එම විජයකාන්තන් ප්‍රකාශකරනවා තමන් කල ප්‍රකාශය නොවේ ලියාගෙන තිබෙන්නේ කියලා. පොලීසිය විසින් ඔහු කලායැයි කියා ගරු අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ වැරදි ප්‍රකාශයක් ඒ නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 එක වගන්තිය යටතේ මහේස්ත්‍රාත් තුමිය ඉදිරියේ ගරු අධිකරණයට විශේෂ ප්‍රකාශයක් කිරීමේ අවසරය විජයකාන්තන් වෙනුවෙන් මම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ සදහා පොලීසියෙන් හා අගතියට පත් පාර්ශවය යම් විරෝධතා දැක්වුවත් දෙපාර්ශවයටම සවන්දීලා බී විජය කාන්තන්ට ස්වේච්ඡාවෙන් මහේස්ත්‍රාත් තුමිය ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට ජනවාරි 2 දා ට දින දීලා දුන්නා.

එහිදී අපි ගරු අධිකරනයට පෙන්වා දුන්නා මේ පුද්ගලයා පොලීසියට එරෙහිව මේ ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් බියෙන් පසුවෙන්නේ.  ඔහු හිටපු කොටි සැක කරුවෙක්. ඉන්පස්සේ නාවික හමුදාව සමග කටයුතු කළ පුද්ගලයෙක්. මොහු මේ අවස්ථාවෙ තමන් සිදුකරන ලදැයි කියන ප්‍රකාශය පදනම් කරගෙන නාවික නිලධාරීන්ට කරන මේ අගතිය පිළිබදව කම්පනයට පත්වී සිටින්නේ.  ඔහු ප්‍රකාශ කරනවා මම මීට කලින් ඉදිරියට ඇවිත් මගේ නමින් මේ කියන්නේ බොරු යැයි සදහන් නොකලේ මගේ ජීවිතයට ඇති භය නිසා.  නමුත් ජීවිත අවදානම අරගෙන අද දින මේ ප්‍රකාශය කිරීමට පැමිනි බව ඔහු සදහන් කලා. අවාසනාවකට භාෂා පරිවර්තකයෙකුගේ සහය ලබාගැනීමට අවශ්‍ය නිසා ප්‍රකාශය ලබාගැනීම ජනවාරි මස දෙවෙනිදා දක්වා කල් තැබුවා.

ඒ නිසා මම ගරු අධිකරණයට විශේෂයෙන්ම සිහිපත්කලා මේ පුද්ගලයාගේ ජීවිතයට පොලීසියෙන් අනතුරක් වේයැයි ඒ පුද්ගලයා බියෙන් ඉන්නේ. ඒ නිසා ඔහුගේ ජීවිතය රැකදීම පොලීසියේ වගකීමක් කියන කාරණය  අපි ගරු අධිකරණය ඉදිරිපිට පොලීසියට සිහිපත් කලා.

කොමදෝරු දහනායක මහතා ඇතුළු රණවිරුවන් සිරගත කිරීම අසාධාරණ බව පෙන්වමින් අධිකරණය ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අද දින (2017.12.22)  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිපිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අධිකරණ කටයුතු වලින් අනතුරුව මාධ්‍ය වෙත දැක්වු අදහස්.

Published on: Dec 23, 2017 – මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව දෙසැම්බර් 30 වැනිදා ජනාධිපතිවරයාට භාරදීමත් සමගම යම් දේශපාලන විපර්යාසයක් සිදුවිය හැකි බවට එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ ප්‍රබලයන් අගමැති රනිල් වික්‍රමසිංහට අනතුරු අගවා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. ඒ අනුව ඉතා ඉක්මනින් වෙනම ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කරන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කලේ.

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ මස 31 දාට පෙර ලබාදීමට කටයුතු කරන බව එහි ‍ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා මේ වනවිට අනාවරණය කර තිබේ.

බැඳුම්කර කොමිසමේදී හෙළි දරව් වූ කරුණු හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එහි චූදිතයින් බවට පත්වී ඇති නිසා තවදුරටත් ආණ්ඩුවේ සිටීම සුදුසු නොවන බව වත්මන් ආණ්ඩුවේ ඇමැති ධූර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබිණි. ඔවුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට උත්සාහ ගත් අවස්ථාවේදී දෙසැම්බර් 31 වනදා තෙක් ඉවසීමෙන් සිටින්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනූව බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට ලබා දීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් ආණ්ඩු කරන්නේද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයෙකු අනාවරණය කර තිබේ.

කෙසේවෙතත් වාර්තාව පිළිබඳව අධ්‍යයන කිරිමත් ඊට අදාළව අධිකරණ ක්‍රියාවලිය අවසන් වනතෙක් ජාතික ආණ්ඩුව වෙනස් කිරිමට අවශ්‍යතාවයක් නොමැති බව මෛත්‍රී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුලු එජාප ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දි ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

Published on: Dec 22, 2017  – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදුකර ඇති තිරණාත්මක සාකච්ඡාවකට අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එක්සත් ජාතික පක්ෂය සමග එක් විමේ තිරණයක් ගෙන ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග තවත් ඒකාබද්ද මන්ත‍්‍රීවරයෙක් ආණ්ඩුවට එක් විමට සුදානමින් ඇති අතර ඊට අමතරව මහනුවර පළාත් සභා මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුද එජාපයට එකතු විමට නියමිත බවයි වාර්තා වන්නේ.

එජාප ගමනෙන් පසුව කෙහෙළිය සදහා කැබිනට් අමාත්‍යධුරයක් ලබාදිමටද මෙ වනවිට කටයුතු සුදානම් කර තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදිද කෙහෙළිය මන්ත්‍රීවරයා සිය මහගෙදර වු එක්සත් ජාතික පක්ෂයට එක්විමට සුදානමින් සිටියද අවසන් මොහොතේ නුවර දිස්ත්‍රික්කයේ එජාප ප්‍රබලයා වු ලක්ෂම් කිරිඇල්ලගේ ඡන්ද පදනමට සිදුවන හානිය සම්බන්ධයෙන් වු විරෝධය හේතුවෙන් කෙහෙළියගේ ආණ්ඩු ගමන එතනම නතර වුනා.

කෙසේවෙතත් මේ වනවිට ලක්ෂම්න් සහ කෙහෙළිය අතර ගැටුම සම්පූර්ණයෙන්ම විසදිමට අග්‍රාමාත්‍යවරයා සමත්ව ඇති අතර ලබන සතියේ අගමැති රනිල් මහනුවර සංචාරයක නියැලිමට සුදානමින් සිටින අතර එම සංචාරය අතරතුර කෙහෙළියගේ එජාප මාරුව සිදුවිමටද නියමිත බවයි වාර්තා වන්නේ.

රුසියානු සමූහාණ්‌ඩුව ශ්‍රී ලංකාවට අලුත් මිතුරෙක්‌ නොවෙයි. අපේ තානාපති සම්බන්ධතාවන්ට මේ වසරේදී හැට වසරක්‌ පිරි තිබෙනවා. සෝවියට්‌ දේශය සමයෙහි සිට ලංකාව ඉතාමිත්‍රශීලීව සම්බන්ධතාවයක්දෙරට අතර පැවැත්වූවා. 1960 වසරේ සිට අද දක්‌වා විශාල ලාංකික උපාධිධාරීන් ප්‍රමාණයක්‌ සෝවියට්රුසියාවෙන් උපාධි ලබා අපේ රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙමින් පවතිනවා. අදටත් දාහකට අධික ආසන්න ලාංකික ශිෂ්‍ය පිරිසක්‌ රුසියාවේ විශ්වවිද්‍යල වල උසස්‌ අධ්‍යාපනය ලබනවා. ඒ අනුව බලන කල රුසියාව ඇත්තටම අපට අලුත් මිතුරෙක්‌ නොවෙයි. මම හිතන හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතුමාට පුළුවන් වුණා එදා මේ මිත්‍රත්වය අලුත් කළ යුතුය කියන අවශ්‍යතාව හඳුනාගන්න. ඒ නිසා එදා අපේ මිත්‍රත්වය නැවත අලුත්වීමක්‌ වගේම උද්යෝගය ඇතිවුණා.

2005 වසරේ පමණ සිට රුසියානු සමූහාණ්‌ඩුව විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ වැඩ කටයුතු වලට නැවත වරක්‌ දායක වන්නට පටන් ගත්තා.මේ අපේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ගයන් වල විශේෂ ජයග්‍රහණයක්‌. ත්‍රස්‌තවාදයට එරෙහිව යුද්ධයේදී අපට සවිමත් අවියක්‌ හැටියට හිටිය ප්‍රධාන රටක්‌ වශයෙන් රුසියානු සමූහාණ්‌ඩුව හඳුන්වන්න පුළුවන්. අපගේ ත්‍රිවිධ හමුදාවන් රට තුළ ගෙන ගිය යුද්ධයට මෙන්ම ශ්‍රී ලංකාව රටින් පිටත ජාත්‍යන්තරව ගෙන ගිය අරගලයේදී ද රුසියානු සමූහාණ්‌ඩුව සෑම අවස්‌ථාවකදීම අපිට සහයෝගය ලබා දුන්නා. විශේෂයෙන්ම එදාඑක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‌ෂක මඬුල්ලේ රැස්‌වීම් වලදී ශ්‍රී ලංකාවට එරෙහිව සමහර රටවල් වලින් නැගුනු යෝජනා රුසියානු සමූහාණ්‌ඩුව නිසා වැළකී ගියා. ඇත්තෙන්ම ඊළාම් යුද්ධය අපට අපේ නියම මිතුරන් කවුද කියාත් හඳුනාගන්නට සැලැස්‌වුවා. රුසියානු සමූහාණ්‌ඩුව අපිට නියම අවංක මිතුරෙක්‌ බවට තහවුරු වී අවසානයි.

2006 නොවැම්බර් 16 වෙනිදාජනාධිපතිපුටින් හමුවීමට හැකි වූ පළමුඅවස්ථාවේදීතමයි මම අපේ ජනධිපතිගේ ඉල්ලීම ඉදිරිපත් කලේ. එවිටශ්‍රී ලංකාවට තම ජාතික ආරක්ෂාව දියුණු කරගැනීම සඳහා රුසියාවෙන් රාජ්‍යය ණයක් ලබා දීමට ජනධිපති පුටින් මුලින්ම අපට යෝජනා කළේය.එය පළමු රාජ්‍යය ණය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් රුසියානු යුධමය නිෂ්පාදන මිලදී ගැනීමට දීර්ඝකාලීන ණය පහසුකම ලෙසපළමු වරට ලබා දීමටත් තීරණය කළා. දෙරටේරාජ්‍යය ආයතනය අතර සිදුකල සකච්ඡා හා එකගතාවයන්ට පසුව 2010 පෙබරවාරි 8 වෙනිදා මා විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව වෙන්කරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක රාජ්‍යය ණය මුදලෙන් කොටසක් පාවිච්චිකර ශ්‍රීලංකා ගුවන් හමුදාව එම්.අයි-171 හෙලිකොප්ටර් 14 මිලදීගන්නා ලදී. ඉතිරි දෙවන කොටසවත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ රුසියානු සංචාරය අතරතුලදී එක්තරා පෞද්ගලික සමාගමක මැදිහත් වීමෙන්රුසියානු නෞකාවක් මිළදීගැනීමේ මුලික එකගතාවය මත එම ගිවිසම අලුත් කිරීමට රුසියානු රජය තීරණය කරන ලදී.ඒ අනුව, 2017 අගෝස්තු මාසයේ මොස්කව් හීදී මෙරට වත්මන් ආරක්ෂක ලේකම්වරයා එම ගනුදෙනු වලට අදාළ කොන්ත්‍රාත්තු සහ ඊට සම්බන්ධ අනෙකුත් කටයුතු මෙම වසර අවසන් වීමට පෙර අවසන් කරන බවට රුසියානු පාර්ශවයට පොරොන්දු විය. ඒ අනුවරුසියාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාගේ සේවයද දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර දැන් එය“තේ කුරුමිණියා” නිසා නැවත පෙබරවාරි දක්වා දීර්ඝ කර ඇත.

අපි වගේම රුසියාවත් බරපතල ත්‍රස්‌තවාදී ප්‍රශ්න වලට මුහුණු දුන් රටක්‌. එදා ජනාධිපති පුටින්ගේ නායකත්වය යටතේ රුසියාවට පුළුවන් වුණා චෙච්නියාවේ ත්‍රස්‌තවාදයට විරුද්ධව හමුදාව මෙහෙයවලා එයින් ජයග්‍රහණය කරලා ඒ ප්‍රදේශය සංවර්ධිත ප්‍රදේශයක්‌ බවට පත් කරන්නට. අද චෙච්නියානු ප්‍රදේශය ලබා ඇති ආර්ථික ජයග්‍රහණ මෙයට හොඳම සාධක. ඇත්තටම මේ චෙච්නියානු ප්‍රශ්නයේදී රුසියාව ගත් සමහර ක්‍රියා මාර්ගයන් එදා ජනාධිපති රාජපක්ෂද සිදුකල බව මගේ හැඟීම. අද පැහැදිලිව පේනවා ඒ හා සමාන ක්‍රියා දාමයන්ද අපේ නැගෙනහිර පළාතේ සිදුවුණු බව. අද චෙච්නියාවේ ජනාධිපති ධුරය දරන්නේ හිටපු ගරිල්ලා නායකයෙක්‌. තුවක්‌කුව අත්හැරදා ප්‍රජාතන්ත්‍රවාදී මගකට යොමු චෙච්ච මේ නායකයා වටා අද සියලුම මතවාදීන් එක්‌ වෙලා තිබෙනවා. මේ නායකයාට අද පුළුවන් වෙලා තියෙනවා චෙච්නියානු ජාතිකයන්ගේ සිතුම් පැතුම් වලට අනුකූලව ක්‍රියා කරමිනුත්, ඔවුන්ගේ සංස්‌කෘතික හා සම්ප්‍රදායයන් ආරක්‌ෂා කරගනිමින් රුසියානු ජාතිකයන් හා රජයත් සමග විශාල සමීප සම්බන්ධතාවක්‌ පවත්වා ගැනීමට. මේ සියලුම දේවල් වල ප්‍රතිඵලය අද ඔබට චෙච්නියාව දිහා බලන කොට දකින්නට ලැබෙනවා.රුසියාවේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී චෙච්නියානුවත් 91% ක ප්‍රතිශතයක්‌ පුටින්ගේ මතයටඡන්දය දීමෙන් චෙව්නියාවේ අනාගතය සහ ඇති ජනතා කැමැත්ත ප්‍රකාශ වෙනවා. එසේම ප්‍රජාතන්ත්‍රවාදී සමාජ රාමුවකට ඔවුන්ගේ ඇති කැමැත්ත ද මෙයින් නිරීක්‌ෂණය වෙනවා. ශ්‍රී ලංකාවේ නැගෙනහිර දිස්‌ත්‍රික්‌කයේ පළාත් සභා ඡන්ද පැවැත්වීම යුද්ධයෙන් පසු මහින්ද ජනධිපතිගේ රජය ගත් තීරණය එදා ලබා ගත් විශිෂ්ටම ජයග්‍රහණයක්‌ ලෙස හඳුන්වන්නට පුළුවන්.

අද ශ්‍රීලංකා රජයක්‍රියාකරන ආකාරයටම1996 වසරේදී රුසියානු හමුදා සම්පූර්ණයෙන්ම චෙව්නියාවෙන් අයින් කර ගත්තා. එවකට හිටපු රජය සිතුවා මෙයින් වත් චෙව්නියාවේ ගැටුම් සමතයකට පත් වේවි කියලා. නමුත් සිදු වූයේ එය නොවේ. නිදහස්‌ ප්‍රදේශයක්‌ හැටියට චෙව්නියාවට එදා බැරිවුණා ඉදිරියට යන්නට. සිදුවූයේ චෙව්නියාව අන්තවාදී මූලධර්මවාදීන්ගේ තෝතැන්නක්‌ වුණා. මේ සියලු දේවල් අපේ උතුර නැගෙනහිර ප්‍රදේශවල පසුගිය සමය තුළ සිදුවුවා. සංඛ්‍යාලේඛන වලට අනුව වැඩිපුරම චෙච්නියානු ජාතිකයන් ජීවත් වුයේ වෙව්නියාවේ නොව අනිකුත් ප්‍රදේශ වලයි. අපේත් දෙමළ ජනතාව වැඩිවශයෙන් ජීවත් වන්නේ උතුර නැගෙනහිර ප්‍රදේශවල නොව අනිකුත් ප්‍රදේශවලයි.

ජනධිපතිපුටින් වටා සැමවිටමසිටින්නේ දක්ෂ උපදේශකයන්, විශේෂයෙන්සෙර්ගේයි ලාව්රොව් රුසියානු සමූහාණ්‌ඩුවේ විදේශ කටයුතු පිළිබඳ ඇමැතිවරයා. අපේ රටේ යුද්ධය අවසානයේ දී,2009ඔක්තෝබර්මස 26 වෙනිදා ඔහු ශ්‍රී ලංකාවට පැමිණියා. එයවසර 52 ක්‌ ඇතුළත රුසියානු හෝ සෝවියට්‌ විදේශ අමාත්‍යවරයෙක්‌ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්‌ථාව වුනා. රුසියානු විදේශ ඇමතිවරයා එදාපැමිණියේරුසියානුරජයේ විශේෂ ආරාධනාවක්රැගෙන.ඒ අනුව තමයි 2010 පෙබරවාරි 6– 8 අතර කාලයේදී ජනධිපති මහින්ද රාජපක්ෂගේ රුසියානු රාජකාරි සංචාරය සිදුවන්නේ.නමුත්‍ යහපාලනය තානාපති පම්පෝරි ගැසුවේ වසර 44 පසුව රටෙහි නායකයන් 2016 හමුවූ බවටය.ලාව්රොව් මහතා ශ්‍රී ලංකාවට සමග සමීප සම්බන්ධතා පවත් වූ තම විදේශ සේවය ආරම්භ කළ සමයේ ඔහුට පළමු පත්වීම ලැබුණේ දශ්‍රී ලංකාවටය. ඒ 1972 වර්ෂයේදී. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සේවය කර ඇති ලාව්රොව් මහතා මොස්‌කව් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාවද ප්‍රගුණ කර ඇත.අදත් මා සමග සිංහල භාෂාවෙන්ටිකක් හෝ කතා කිරීමට අමතක නොකරන රාජ්‍ය නායකයෙකි.

එසේම තානාපති කාර්යාලයක්‌ හැටියට එදාඅපිට පුළුවන් වුණා රුසියානු විදේශ අමාත්‍යාංශය සමග ඉතා සමීප සම්බන්ධතාවක්‌ පවත්වා ගන්නට. අපි හැම විටම ලංකාවේ තත්ත්වය අවංකව නිවැරදිව නියම වේලාවට රුසියානු රජයට පැහැදිලි කර සිටියා. හැකි සෑම විටකම අපිට ඔවුන්ගේ අදහස්‌ විමසා බලන්නටත් උපදෙස්‌ ලබා ගන්නටත් හැකි වුණා. ඒ නිසාම රුසියානු රජය දැනගෙන හිටියා අපට තිබුණු දූරදර්ශී පාලනයට අමතර ශක්‌තියක්‌ හැටියට තාක්‌ෂණික ඥානයද ලබා දිය යුතුය යන්න. අපේ ත්‍රිවිධ හමුදාවන්ගේ තාක්‌ෂණික ඥානය හා ශක්‌තිය වර්ධනය කිරීම සඳහා රුසියාව විශාල වශයෙන් ආධාර ලබා දී තිබෙනවා. ඇත්තටම එදා අප සතුටු වුණා රජයක්‌ හැටියට මේ මිත්‍ර සම්බන්ධතා වල ප්‍රතිඵලයක්‌ දෑස්‌ ඉදිරිපිටම දකින්නට ලැබෙන කොට.එදා රුසියානු රජය කොලඹ තානාපති කාර්යාලය සැදීමට තීරණය කල කාලයේදී ඔහුන්ගේ අදහසක්ද තිබුණා ආරම්භ කරන මොහොතේ රුසියානු ජනධිපති හෝ අගමැතිවරයාගේ සංචාරයක්සැලසුම් කරන්න. නමුත් අවාසනාවකට අපේ රජය එහි වටිනාකම හරියටතේරුම් නොගෙන එම වසරේදීම නැවතත් ශ්‍රී ලංකාවේ ජනධිපති රුසියාවේ සංචාරය කිරීමට ගත් තීරණය නිසා රුසියානු නායකයාගේසංචාරය සිදුනොවුනු බව කිව යුතුය. එපමණක් නොව යහපාලනය රජයේ මුල් කාලයේදීමකොලඹඉදිකරමින් තිබුණු නව රුසියානු තානාපති කාර්යාලයේ ඉඩමට හදිස්සියේ කඩාකප්පල්කාරී පිරිසක් පැමිණි කල උද්ගෝෂණ නිසා, 2016 තානාපති කාර්යාලය වැඩ අවසානයේඅවම වශයෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා හෝලංකාවට නොපැමිණියේ එදාකල මදිපුංචිකමට බව අදවත් තේරුම් ගත යුතුය.

මේවා පිළිබඳරටේ නායකත්වය දැණුවත් කිරීම හෝ නොකිරීම එම දේශපාලකයින්ගේ හැසිරීම මත නිලධාරීන් තීරණය ගන්නා බවට එක් උදාහරණයක් මතක්කර සිටිමු.2015 වර්ෂයේ යහපාලන රජය බලයට පත් වූ විගසම සමරවීර විදේශ අමාත්‍ය විසින් රුසියානු රජය යුක්රේනියානු කැරලිකරුවන් සඳහාශ්‍රී ලංකා තානාපති හරහා ආයුධ ලබා දී ඇති බවට චෝදනා කරමින් ජාත්‍යන්තරය වශයෙන් රුසියාවට සිදුකල කෙනෙහිලිකම් වලට එදා රුසියාව පිළිතුරු නොදී අද එයටපිළිතුරු දී ඇති බව අපේ තානාපති තවමත්තේරුම්ගෙන නැත. එසේ නැතිනම් ඔහුගේ නායකයා රුසියාවේජනාධිපති පුටින්ට දුරකථනයෙන් කතා කරන බවට හෝ පුද්ගලික ඉල්ලීම් ලිපියක්යොමුකරන බවට ප්‍රසිද්ධයේප්‍රකාශකිරීමට පෙර, දෙරටේ තානාපති සම්බන්ධතාවන්ට හැට වසරක්‌ පිරි සැමරීමටරුසියානු රජය නිකුත් කරන මුද්දර හා තේ තහනම එකම දිනයේදී සිදු වුයේ කෙසේද යන්න සොයා නොබැලිමරුසියානුවන් තවමත් තේරුම් නොගැනීමයි.

එදා ජේ ආර් ජයවර්ධන රජය කල සමච්චලයට වසර 37 පුරාම අපේ රටේ නායකයකුට රුසියාවට ආරාධනා නොකිරීම තවත් එක් පාඩමක් බව අපේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්අදවත් තේරුම් ගන්නේ නැත. නමුත්ඔහුන්ගේඅවබෝධයට මෙම කාරනාව කිව යුතුය.සමරවීර අමාත්‍ය විසින් රුසියානු රජය යුක්රේනියානු කැරලිකරුවන් සඳහාශ්‍රී ලංකා තානාපති හරහා ආයුධ ලබා දුන් බවට කල චෝදනාවට මෙසේ පිළිතුරු දී ඇත. රුසියානු – යුක්රේනියාව අතර විපරමට එක් ප්‍රධාන හේතුව යුක්රේනියාව පාලනය කල ක්‍රිමියා ප්‍රාන්තය රුසියාවට එකතු කර ගැනීමයි.ක්‍රිමියාවට අමතරව රුසියාවේ වෙනත් ප්‍රදේශ අතර අපට ඓතිහාසික වශයෙන් සම්බන්ධයක් ඇති ස්ථාන බොහොමයක් ඇති බවට කිසිදු තර්කයක් නොමැත. අද සමරවීර ඇමතිවරයාට මෙසේ පිළිතුරු ලැබී ඇත.සෝවියට් සමූහාණ්ඩුව සමයේ ඇරඹි දෙරට අතර තානාපති සබඳතා වලට වසර 60 ක් සපිරීම නිමිත්තෙන් මෙම සමරු මුද්දර නිකුත්කිරීම.එනම්රුසියාවට අයත් ක්‍රිමියාවේ දී ඓතිහාසික වශයෙන් ශ්‍රී ලාංකිකවට වැදගත් මුල් දින කවරයක් සහිත මුද්දර දෙකක් 2017 දෙසැම්බර් 18 දින නිකුත් කෙරිණි. රූබල් 35 බැගින් වූ වටිනාකමින් යුතු එම මුද්දර දෙකින් එකක අපගේ ඓතිහාසික දඹුලු රාජමහා විහාරය ද, දෙවන මුද්දරයෙහි ක්‍රිමියාවෙහි පිහිටි ඓතිහාසික දේවස්ථානයක් විදහා දැක්වෙයි.රුසියානුවන් මේ සියලු දේ සුදානම් කර, එදිනමඑනම්2017 දෙසැම්බර් 18 දා සිට ශ්‍රී ලංකාවේ තේආනයනය කිරීමටතහංචි රුසියානු සමුහාණ්ඩුවට ඇතුළුව කසාක්ස්තානය, බෙලොරුසියාව,කිර්ගිස්තානය, ටජිකිස්තානය යන රටවල් හතරේම ක්‍රියාත්මක කරන ලදී.එවැනිඅවස්ථාවකතේ වලට වාණිජමය වශයෙන් සිදූවන අපකීර්තියට තුඩුදෙන ප්‍රචාරයන් නැවැත්වීමට වහාම කටයුතු කිරීම හෝඅවම වශයෙන් මාධ්‍ය නිවේදන නිකුත් නොකිරීම කිරීම හෝරුසියානු ශ්‍රී ලංකාසමරු මුද්දර නිකුත්කිරීමේ උත්සවට හෝ සහභාගී නොවීමතානාපතිගේදක්ෂ හෝඅදක්ෂතාවයි.ජනපති මෛත්‍රීපාලගේ 2020 ශ්‍රී ලංකා රජයේ දැක්මට රුසියානු පිළිතුරු 2017 අවසාන වීමටත් පෙර මෙසේලබා ගැනීම යහපාලනයේ තවත් ජයග්‍රහණයකි.

රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමට පොලිස් වාර්තාව පවා සහතික නොකළ තානාපති කෙනෙක් සහ ගමන් බලපත්‍රය අවලංගු නොකළ බවට අසත්‍ය චෝදනාවක් මතඅත්අඩංගුවේ ඇති කන්ටේනරයනිදහස් කිරීමට ශක්තියක් නැති ජනාධිපති කෙනෙකුට එදා නිවසට ආරාධනා කිරීම ගැන අදඅප කනගාටු වන්නේය.නමුත් ඒ දෙදෙනාමමෙසේරුසියාව හා මිත්‍රරජයන් සමග හොද හිත පලුදු කර ගැනීම කොතරම් අඥාණ ක්‍රීයාවක්දැයි වටහා ගැනීමට අපේතනාපති ට හෝ ජනාධිපති ට අත්දැකීම් නැති වීම අපේරටේ අවාසනාවකි.

උදයාංග වීරතුංග – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.

රුසියානු සමරු මුද්දරය නිකුත්කල දිනයේ රුසියානු මාධ්‍ය වාර්තාව මෙතනින් බලන්න ….

 

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන දැන් ගමන් බිමන් යන්නේ හෙලිකොප්ටර දෙකකින් බවත් එකක් ලක්‍ෂ තුන්දාහක් වන කාර් දෙකක් අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් ගෙන්වා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක අනාවරණය කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ

“මහින්ද රනිල් මෛත‍්‍රී කියන්නෙ පක්‍ෂ තුනක් නොවෙයි. ඒගොල්ල එකට ඉන්නෙ.දැන් මෛත‍්‍රිපාල මහත්තයත් හෙලිකොප්ටර් දෙකක යන්නේ උඩින්.රනිල් වික‍්‍රමසිංහ මහත්තය මේ ලගදි කාර් දෙකක් ගෙනාව. ලක්‍ෂ පන්දාස් නවසිය අනූ තුනයි. සාමාන්‍යයෙන් පන්දහෙ කොලවලින් බැලුවොත් පන්දාහෙ කොල ලක්‍ෂයයි.එක බන්ඩලේකට ගැහුව කියල හිතමු පන්දහෙ කොල සීයක්. බණ්ඩල දාහක්.”

“ගම්වල තියෙනව නෙද මෝඩ ගඩොල් පෝරණු. ආං ඒ පෝරණුවක් සයිස් පන්දහෙ කොල.ගෙනාවෙ මොනවද කාර් දෙකක්. ලක්‍ෂ තුන්දහයි එක කාර් එකක්”

Published on: Dec 22, 2017 – පළාත් පාලන මැතිවරණය අවසන් වු විගසම යහපාලන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදිමට ජනාධිපතිවරයා තමන්ට පොරොන්දු වු බව ලංකා කමිකරු කොංග‍්‍රසය(Ceylon Workers’ Congress)නායක ආරුමුගන් තොඩන්මන් මහතා අනාවරණය කර තිබේ.

මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ඒකාබද්ධ වි පළාත් පාලන ආයතන කිහිපයකට සහ තවත් ආයතන කිහිපයකට ලංකා කමිකරු කොංග‍්‍රසය(Ceylon Workers’ Congress) සමග එක්වි කුකුළා ලාංජනය යටතේ තරග කිරිම සදහා කටයුතු කර තිබේන අතර ඒ හරහා කදුකරයේ ඡන්දය රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත ලබා දෙන බවට තොණ්ඩමාන් පොරොන්දුවක්ද දි තිබේ.

කදුකරයේ ඡන්දය වැඩි සංඛ්‍යාව කට හිමිකම් කියනු ලබන්නේ එජාපය නියෝජනය කරන පී දිගම්බරන් අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම වන අතර මෙම මැතිවරණයේදි එම තත්ත්වය වෙනස් කර පෙන්වන බවට තොණ්ඩමාන් ජනපතිට පොරොන්දුවක්ද ලබාදි තිබේන බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයකදී අමාත්‍ය ධුරයක් ලබා ගැනීම සදහා ලංකා කම්කරු කොංග්‍රශයේ නායක අරුමුගම් තොන්ඩමන් මන්ත්‍රීවරයා පසුගියදා ඉන්දියාවේ සබරිමලේ දේවාලයේ විශේෂ දේව පුජාවකට සහභාගී බාරහාර වි තිබේ.

එම දේවාලයේ පුජාවන් සදහා සහභාගී වන බැතිමතුන් මෙන්ම අරුමුගම් තොන්ඩමන් මන්ත්‍රීවරයාද කළු ඇදුමකින් සැරසී පුද සත්කාරවලට අවශ්‍ය පුජ භාණ්ඩද රැගෙන කදු මුදුනේ පිහිටි දේවාලයට යෑමට සූදානම් වි ඇතත් දේවාල පරිශ්‍රයට පයින් ගමන් කිරීමට අපහසු නිසා පහළ සිටි හැඩිදැඩි තරුණයන් දෙදෙනෙකුගේ කර මතින් ගමන් කොට විශාල මුදලක් ගෙවා පුද පුජා සිදු කොට ඇති බවද වාර්තා වේ.

පසුගිය මාසයක පමණ කාලය තුළ අගමැති ඇතුළු ඉහළම දේශපාලකයන් රැසක් ඉන්දීය දෙවියන් වැඳපුදා භාරහාර වීමට ඉන්දියාවට ගොස් ඇති අතර අගමැතිවරයා ඉන්දියා මයිසූර් ප්‍රාන්තයේ මූකම්බිකා දේවතාවිය වන්දනාවේ ගිය අතර, කතානායකවරයා ද නාභූර් පුදබිමට සහ සායි බාබා ආශ්‍රමයට ගිය බවද අනාවරණය වේ. මිට අමතරව ප්‍රසන්න රණතුංග තිරුපති කෝවිලට ගොස් තිබේ.

Published on: Dec 21, 2017 – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තීරණය කොට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා 2015 ජනාධිපතිවරණ සමයේදී සිදුවූ ඝාතනයකට අදාළව සැකපිට මාස ගණනාවක් බන්ධනගාරගතව සිටි අතර ඇප මත නිදහස ලබා ගැනීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරකම්වලට ඍජුවම සහභාගී නොවී පසුගිය කාලය පුර නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටි අයෙකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවීම සදහා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා කම්කරු අමාත්‍ය ඩබ් . ඩි .ජේ . සෙනවිරත්න මහතා සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසීමට කිහිපවරක්ම ගොස් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී නාම යෝජනා භාරදීමේ අවසන් දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට නියමිත බවද වාර්තා වේ.

අද අප මැතිවරණ දේශපාලන මඩ ගොහොරුවේ එරිලා. මෙය අද ඊයේ ඇති වූ දෙයක් නො වෙයි. 1833 සිට ඉංගිරිසින් ක්‍රියාත්මක කළ දෙයක්. අපේ බොහෝ ප්‍රශ්නවලට හේතුව ඉංගිරිසින් අපට හඳුන්වා දුන් නියෝජිත ක්‍රමය. අපට දැන්  මැතිවරණ කොමිසමේ සභාපති ම කියලා දෙනවා ඡන්දෙට බඩු බෙදා දෙන ක්‍රමයක්. මැතිවරණ කොමිසම ස්වාධීන කියලා කියනවා.  එය ස්වාදීන නම් වෙන්න පුළුවන්. එය සිංහලට හරි නැත්නම් සියදීන කියලා කියන්න පුළුවන්.

අර රුසියාවට යවපු තේවලට කුරුමිණියෙකු දැම්මෙ කවුද කියලා තාම දන්නෙ නැහැ. රුසියාව එක පයින් ම අපේ තේ ගන්න එක නවත්තලා. එය තේ අපනයන කරන වෙනත් රටක් කළා වෙන්න බැරි ද? ඒත් දැන් ආණ්ඩුව කියන්නෙ තමන් සමස්ත ජාත්‍යන්තරය ම දිනා ගෙන කියලා. එහෙනම් කුරුමිණියා දැම්මෙ අපේ රටේ ම කවුරුවත් ද? මා දිනකට නාට්‍ය හතරක් එක දිගට බලනවා. පළමු ටෙලිනාට්‍යයට කියන්නෙ ප්‍රවෘත්ති කියලා. ප්‍රවෘත්ති නාට්‍යයෙන් තමයි රුසියන් තේ කතාව දැනගත්තෙ. ඒක ගැන අදහස් පහළවෙන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනස් කරන්න හදන දෙවෙනි ඉනිම කියන අවසාන නාට්‍යයෙන්.

ඒ නාට්‍යයෙත් මෙහෙම දෙයක් වෙනවා. උදේනිගෙ ජූස්බාර් එක නැති කරන්න අමීෂාගෙ නිලූ කියලා යෙහෙළියක් ජූස් වීදුරුවකට කැරපොත්තක් දානවා. රුසියන් තේ කතාවෙ  අමිෂා කවුද? නිලූ කවුද? ඒකෙ අවන්තල, අනුහස්ලා එහෙමත් ඉන්නවා ද? මෙහෙම කියනවට ඒ නාළිකාවෙ අය කැමති නැති බව මා දන්නවා. ඒකට කමක් නැහැ. කිසිම නාළිකාවකින් රටට වැඩක් වෙන්නෙ නැහැ. දේශපාලනඥයා, නළුවා (රංගන ශිල්පියා), වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන්නා, දේශපාලන විශ්ලේෂක නිවේදකයා අතර විශාල වෙනසක් නැහැ. ඒත් වාසනාවකට ජනමාධ්‍යයට මැතිවරණ ප්‍රතිඵල වෙනස් කරන්න බැහැ.

1833 පටන් ගත්ත ක්‍රමය 1912 දි වෙනසකට භාජනය කෙරුණා. එතෙක් සිංහල ජාතිකයන්, දෙමළ, බර්ගර් හා මුස්ලිම් ජනවාර්ගිකයන්  වෙනුවෙන් නියෝජිතයන් පත් කෙළෙ ඉංගිරිසි ආණ්ඩුකාරයා. 1912 දී පළමු වරට සීමිත ඡන්දයක් ලැබුණා. ඡන්ද බලය හිමිවුණෙ ඊනියා උගත් ලාංකිකයන්ට පමණයි.  ඊනියා උගතුන්ට හා ඉංගිරිසින්ගෙන් වරප්‍රසාද ලත් අයට ඡන්ද බලය හිමිවුණා. ඊනියා උගතුන් කියන්නෙ බටහිර උගත් කමක් ලැබූ අයට. එදා ඒ අය හිටියෙ සීමිත පිරිසක්. අද අතිවිශාල බහුතරයකට බටහිර අධ්‍යාපනය ලැබෙනවා. ඔවුන් මුළුමනින් ම මෙන්  මෙහෙයවෙන්නෙ බටහිර දැනුම් ආධිපත්‍යයෙන්. එදාට වඩා අද මැතිවරණ දූෂණ වැඩියි. බටහිර දැනුමෙන් අපේ දූෂණ විභවය (ඒ සඳහා ඇති ඉඩකඩ) වැඩි වෙනවා.

1912 දි සීමිත ඡන්දයට දෙදෙනකු ඉදිරිපත් වුණා. ඒ දෙමළ වෙල්ලාල ඇංග්ලිකන් ක්‍රිස්තියානි සම්භවයක් තිබූ පොන්නම්බලම් රාමනාදන් හා සිංහල කරාවෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි මාකස් ප්‍රනාන්දු. ජේ අර් ජයවර්ධනගෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි පරපුරේ හා වෙනත් එවැනි ගොයිගම කී සමහරුන් කරාවෙ අපේක්‍ෂකයාට විරුද්ධව රාමනාදන්ට මැතිවරණයෙ දි සහාය දුන්න. ඔවුන්ට වැදගත් වුණෙ කුල සාධකය. රාමනාදන් මැතිවරණයෙන් දිනුව. මෙහි දී කරුණු කිහිපයක් නොකියා ම බැහැ. ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙත් ගොයිගම කියලා කුලයක් තිබුණ ද? නිශ්සංකමලල රජුගෙ සෙල්ලිපියෙ ගොවි වංශිකයකුට රජකම දෙන්න එපා කියලා තියෙන්නෙ ඇයි? එහි ගොවි කියන එකෙන් හැඳින්වුණෙ ගොයිගම කියන එක නෙවෙයි කියන එකයි මගේ මතය. ඒ කාලෙත් ගොයිගමක් තිබුණෙ නැහැ. උම්මග්ග ජාතකයෙ ගොවියා පුත් මහෞෂධ කියලා කියන්නෙ මහෞෂධ පඬිතුමා ගොයිගම කියන එක ද? දඹදෙණි යුගයෙත් ගොයිගම කියලා කුලයක් තිබුණෙ නැහැ. ඒ කාලෙ බත්ගම කියලා කුලයක් තිබුණෙත් නැහැ.

ජේ ආර් ජයවර්ධනලා ගොයිගම වුණෙ කොහොම ද? ඔවුන්ගෙ මුල් ගම් හලාවත පැත්තෙ. හලාවතින් ඔවුන්ට ඉඩම් ලැබුණෙ ඉංගිරිසින්ට සේවය කරලා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ල ගන්න ගිය ඉංගිරිසි හමුදාව එක්ක ජයවර්ධනලාගෙ සීයා කෙනකුත් ගිහිල්ල තියෙනවා තෝල්ක මුදලි හැටියට. බණ්ඩාරනායකලා ගොයිගම වුණෙ කොහොම ද? යමකු ජනවර්ගයක සංස්කෘතිය වැළඳ ගන්න කොට ඒ ජනවර්ගයෙ සාමාජිකයකු වෙනවා. ඒත් යම් කුලයක සාමාජිකයකු වන්නෙ කොහොම ද? චන්ද්‍රිකාගෙ නවගමුවෙ දේවාලයෙ  ඉන්දියාවෙන් ආපු මුත්තා වූ කපු මහතා සිංහල වෙන කොට ම වගේ ගොයිගම වෙන්නෙ කොහොම ද? එය විවාහයෙන් සිද්ධ වුණු දෙයක් ද? එහෙම නැත්නම් ඉංගිරිසින්ගෙ අනුහසින් සිද්ධ වුණු දෙයක් ද? වත්මන් කුල ක්‍රමය නුවර යුගයෙ ඇති වුණු එකක් ද? එහෙමත් නැත්නම් දහහතර වැනි සියවසෙ පමණ ඇතිවුණු එකක් ද?

වෙල්ලාලයන් අද දෙමළ කතාකරන්නන් අතර ගොයිගම සමකුලය ලෙස සැලකෙනවා. වෙල්ලාලයන් ලංකාවට ගෙනෙනු ලැබුයෙ1650න් පස්සෙ ලන්දේසීන් විසින්. ඔවුන් වෛදික කුල ක්‍රමය අනුව නම් ශුද්‍රයන්. ඉංගිරිසින් ඔවුන්ගෙ “කුල තත්වය” ඉහළට දැම්මා. ඔවුන් ගොයිගම සම බවට පත් කෙරුණා. ජයවර්ධනලා මාකස් ප්‍රනාන්දු පරදවා රාමනාදන් දිනෙව්වා. රාමනාදන් ඊනියා ලාංකිකයන්ගෙ ප්‍රධානියා බවට පත් වුණා. මෙරට ඉතිහාසය පාසලින් අතුගා දමන්න හදන චන්ද්‍රිකා කල්ලියේ සිරිවීරලාට වැදගත් චන්ද්‍රිකාගෙ ව්‍යාජ රෝසපාට සමාජවාදය. ඔවුන් ඊනියා ඉතිහාසයක් හෙව්වෙ ඊනියා පර්යේෂණ පත්‍රිකා පළ කරන්න පමණයි.

මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයෙදිත් කුලය යම් තැනක් ගන්න ඉඩ තියෙනවා. ජාතික හා දේශපාලන ප්‍රශ්න පස්සට යන කොට කුලය ඉදිරියට එන්න පුළුවන්. අප ප්‍රවේසම් විය යුතුයි. මැතිවරණ කොමිසමේ සභාපතිගෙ කුලය මතක් කරලාත් සමහරු කතා කරනවා. ඔහු සියදීනයකු වුණත් කුලය වැදගත් නැහැ. මේ මැතිවරණය දැනටමත් අන්ත දූෂිත එකක් වෙලා. කාන්තා නියෝජනත්වය සඳහා කාන්තාවන් නම් කරද්දී වෙන ම ආකාරයක දූෂණ සිදු වෙනවා.

මේ මැතිවරණය කිසිම ආකාරයකින් ජනමත විචාරණයක් වන්නේ නැහැ. එය ජනමත විචාරණයක් කර ගන්න කියා කරන ඉල්ලීම ම වැරදියි. මේ මැතිවරණයෙන් සිංහලයන් පරදිනවා. දේශපාලන පක්‍ෂ දිනන්නෙත් නැහැ. රනිල් ඉවත්කර වෙනත් අයකු අගමැති කරන්න කියන එක හා මෛත්‍රිපාල කල්ලිය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියන්නෙ එක එකක් නොව දෙකක්. එක් ප්‍රවෘත්තියකට අනුව ප්‍රසන්න රණතුංග යෝජනා කරලා තියෙනවා රනිල් ඉවත් කර වෙනත් අගමැතිවරයකු හා අමාත්‍ය මණ්ඩලයක් පත් කරගන්න. එසේ කර ඇත්නම් එය හොඳයි. ඒකාබද්ධ විපක්‍ෂෙ වැඩි දෙනා එයට එකඟ ද? ඉංගිරිසින් ඇති කළ මැතිවරණ මඩ ගොහොරුවෙන් ගොඩ එන ක්‍රමයක් ගැන කල්පනා කරමු.

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-19

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යහපාලන රජයේ පොරොන්දු ලෙස ප්‍රකාශයට පත් කළ මත්පැන් සහ දුම්වැටි භාවිතයට අදාල පොරොන්දු දිගින් දිගටම කඩ කරමින් සහ මත්පැන් සහ දුම්වැඩි සදහා බදු සහන පෙරටත්වඩා ලබාදිම ආදී කරුණු මුල්කරගනිමින් ජනතාව දැනුම්වත් කිරිම සදහා පසුගියිදා “සිංහලේ ජාතික පෙරමුණ ” විසින් දියත් කල පෝස්ටර් ව්‍යාපාරය පසුපස යහපාලන පොලිසියේ නිළ නොවන සුනඛයන් හබා යමින් සිටින් බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ලැජ්ජයි හිටං
කොලේ ඉරාගත්තා නේද හිටං
සිගරට් ගේන්න බලපත්‍ර දුන්නනේද නිකං
බියර් සහන දුන්නා හිටං
ළමයි අනාතයි නේද හිටං…

ඉහත වැකි සහිත පෝස්ටරය පසුගියදා ඔවුන් විසින් රටපුරා ප්‍රදර්ශනයට සලස්වා තිබු අතර එම පෝස්ටර් ව්‍යාපාරය දියත් කිරිමේ වගකිම සම්පූර්ණයෙන් “සිංහලේ ජාතික පෙරමුණ” විසින් ගෙන් තිබියදි එම පෝස්ටර් ඇලවිම සදහා මුදල් ගෙවා ගත් කණ්ඩායම පසුපස යහපාලන පොලිසියේ නිළ නොවන සුනඛයන් හබා යමින් ඔහුන් බිය වැද්දිමට කටයුතු කරමින් සිටිම ලැජාවට කරුණකි.

සුපුන් මධුසංඛ

අදාළ පෝස්ටර් ඇලවිම සදහා රාජගිරිය ප්‍රදේශයේ එම ව්‍යාපාරය කරන සුපුන් නැමැත්තෙකුට පවරා ඇති ඇති අතර පසුව සුපුන් නැමැත්තාව් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු විසින් මහ මගදි අත් අඩංගුවට ගෙන රැගෙන ගොස් පසුව අතරමගදි යලි නිදහස් කර ඇත්තේ මුදළට පෝස්ටර් ඇළවිම සම්බන්ධයෙන් පොලිසියට නීතිය ක්‍රියාත්මක කල නොහැකි බව පවසමින් ය.

පසුව පොලිසියේ නිළ නොවන සුනඛයන් දිගින් දිගටම සුපුන්ගේ නිවස අහ ඔහුගේ ඥාතීන් ගේ නිවස වෙත ගොස් අනියමින් විවිධ බොරු කතා කියමින් තර්ජනය කරමින් සිටින් අතර ඒ සම්බන්ධයෙන් අද වැලිකඩ පොලිසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාල පොලිසියේ නිළ නොවන සුනඛයන් ගම්පහ පිහිටි සුපුන්ගේ බිරිදගේ මහගෙදර ගොස් සුපුන්ගේ ත්‍රී රෝද රථය මාරක රිය අනතුරක් කර ඇති බව පවසමින් ඔහුව අත් අඩංගුවට ගැනිමට අවශ්‍ය බව පවසා ඔහුන්වද බිය වද්දා ඇති අතර පසුව ඊයේ (19) දහවල් සුපුන්ගේ නිවසට WP BDV -9152 දරණ ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ අවුරුදු 62 වයසගත මවද බිය වද්දා ඇති එම නිළධාරීන්යා මවගේ දුරකතනයේ තිබු දුරකත අංක සියල්ලමද සටහන්කරගෙන ගොස් තිබේ.

අවස්ථා ගණනාවකදි සාජන් ජයන්ත ලෙස පෙනී සිටින මෙම නිළධාරියා සුපුන්ව බිය වැද්දිමට කටයුතු කලද කිසිදු අවස්ථාවක අත් අඩංගුවට ගැනිමට කටයුතු කර නොමැති අතර 0718005508 නමැති සාජන් ජයන්ත ගේ අංකයට පොලිසිය සහ වෙනත් පුද්ගලයන් ඇමතුම් ගන්නා අවස්ථාවලදි එම දුරකතනය පිළිතුරු නොදෙන බවද අනාවරණය වි තිබේ.

මේ වනවිට සුපුන්ගේ ජිවිතයට දැඩි ලෙස අනතුරුදායක තත්ත්වය ක් උදාවි ඇති අතර සුපුන් සිය බිරිද සහ දරුවාද රැගෙන මේ වනවිට නිවසද අතහැර ගොස් සිටි.

ජනවාරි 8 වැනිද මේ රටේ කැළෑ නීතිය අවසන් කලබවට මහා උජාරුවට කෑ ගසන ඇතැම් මහත්වරුන්ගේ කත කතාවටම පමණක් සීමාවි ඇති බවත් රටේ පොලිසියට අමතරව බුද්ධි අංශ ක්‍රියාත්මක වන්නේ නම් ඔහුන්ගේ කාර්යය විය යුත්තේ නීතිය ක්‍රියාත්ම කරන ආයතන වෙත අවශ්‍ය තොරතුරු සැපයිම මිස එක එකා සතුටු කිරිම සදහා ජනතාව බිය වැද්දිම නොවන් බව අප තරයේම අවධාරණය කරන අතර නීතිය නවන්න දන්න පොලිස්පතිවරයාට දැන් කරන්නෙ කුමක්ද යන්න අප ද බලා සිටිමු.

පලමුව අත්  අඩංගුවට ගෙන නිදහස් කල පොලිස් නිළධාරින් දෙදෙනා කී කතාව

ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක තෑග්ගක් ලබාදෙන බව එෆ්.බී.අයි. නිවේදනය කොට ඇති ප්‍රකට සයිබර්අපරාධකරු එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් නැමති රුසියානුවා ෆරින් මනොකින් නමින් පෙනී සිටියේද?

ඇපපිට නිදහස් වී මාස ගණනකට පසු බෝට්ටුවක් ගෙන මුහුදෙන් පැනගියේද ?

රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් ආයතන ප්‍රධානියාගේ පෞද්ගලික ගුවන්යානයෙන් පැනගියේද?

කටුනායක ගුවන්තොටුපළට ප්‍රභල ආරක්ෂාවක් සහිතව රැගෙන ගොස් ආරක්ෂාකාරීව මෙරටින් පිටත් කරවීමට අවශ්‍යය කටයුතු සම්පාදනය කළේ කවුද?

ඇමරිකානු තානාපති කාර්යාලය පුද්ගලයාගේ සැබෑ චරිතය වසන් කරමින් ඔහු තමන්ට ලබාදෙන ලෙස උදර්පණ පණත ප්‍රකාරව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේද?

Published on: Dec 20, 2017 – මෙය ඉතාම බරපතළ කාරණයකි. එසේම මෙරට ජාතික ආරක්‍ෂාව මෙන්ම රාජධූත සේවයේ සැබෑ සාන්ද්‍රණය හෙවත් හයිය කිරා මැන බැලෙන ප්‍රධාන කාරණා වලින් එකකි. එබැවින් මෙම මූලික කාරණයේ ඇති කාරණා ගැන විමසා බැලීම මෙන්ම ඒ සම්බන්ධයෙන් මතු වී ඇති කාරණා ඔස්සේ ඊට සම්බන්ධ විය හැකි යැයි සිතෙන මූලික කාරණා ගැන අනුමාන කරමින් විමසා බැලීම ඉතාම වැදගත් වේ. මෙය කිසිවකුගේ වාසියක් හෝ අවාසියක් උදෙසා ප්‍රසිද්ධ කරන කාරණයක් නොව, රටේ සාමන්‍යය ජනතාවගේ දැනගැනීම උදෙසා හෙළිදරව් කරන කාරණයකි. මන්ද; වත්මන් තත්වය තුළ අප රටක් ලෙස මුහුණ දෙමින් සිටින්නේ වෙනස්ම මාදිලියක අභියෝග වලටය.

මේ වසරේ මුල් භාගයේදී පුවත්පත් වාර්තා එක්තරා කාරණයක් ඉදිරිපත් කරමින් සඳහන් කරනු ලැබුවේ, වැලිගම පොලිසිය විසින් රුසියානු ජාතික කළු සල්ලි ජාවාරම් කරුවෙකු අත්අඩංගුවට ගත් බවයි. ඉන් පසු ඔහු ඇපමත නිදහස් කරනු ලැබූ බව වාර්තා විය. ඔහුගේ නම ෆරින් මනොකින් ලෙස සඳහන් කරනු ලැබූ පුවත් වාර්තා ඔහු රටින් පැනගොස් ඇති බව සඳහන් කරනු ලැබුවේ, මීට දින කිහිපයකට පෙරය. අදාළ අපරාධකරුගේ නම මෙන්ම පුවතේ මූලික කාරණා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර ප්‍රයෝජනයට ගනිමින් ප්‍රසිද්ධ වූ දෑ ලෙස අනුමාන කළ හැකිවේ.

සමස්ථ සිදුවීමට අදාළ අතුරු සිදුවීම් වල කාලරාමුව වෙනස් වීමේ ඉඩක් තිබේ. මාර්තු මාසයේ අත්අඩංගුවට ගැනීමක් ගැන වාර්තා වුවද එය ඉන් මාස කිහිපයකට පසු සිදු වූවා විය හැකිය. නමුත් මෙම රුසියානු ජාතිකයා අත්අඩංගුවට ගැනීම තානාපති කාර්යාල අතර ගින්නක් මෙන් පැතිර ගියා පමණක් නොව, ඇතැම් තානාපති කාර්යාල මොහු තමන්ගේ රටට ලබා දෙන ලෙස වත්මන් ආණ්ඩුවට බල කරනු ලැබූ පුවත්පත් වාර්තා පවා ප්‍රසිද්ධ විය.

එනම්, අදාළ අත්අඩංගුවට ගැනීමේදී රුසියානු තානාපති කාර්යාලය පමණක් නොව අනෙකුත් තානාපති කාර්යාල ඉතාම කලබලයට පත්විය. ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුව යටතේ පාලනය වන ඩේලි නිව්ස් පුවත්පත පසුගිය සෙනසුරාදා දිනයේ වාර්තාවක් ප්‍රසිද්ධ කරමින් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ අදහස හෙළිදරව් කරනු ලැබීය.

එබැවින් මෙම කාරණය සම්බන්ධයෙන්, ඉදිරිපත් වන තොරතුරු එකිනෙකට ගැලපීම සහ ඒවා අතර තිබිය හැකි යැයි විශ්වාස කළ හැකි හෝ අනුමාන කළ හැකි සහ-සම්බන්ධය තේරුම් ගැනීම මෙන්ම ඒ ඔස්සේ රටේ වත්මන් තත්වය ගැන විමර්ශණය කිරීම අත්‍යවශ්‍යය කාරණයකි.

වැලිගමදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා එක්තරා සිකුරාදා දිනයක අත්අඩංගුවට ගැනීමෙන් පසු සඳුදා දිනයේ ඇපමත නිදහස් කරනු ලැබීය. ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති උපුල් ජයසූරිය මහතා සහ තවත් එක්තරා ජෙයිෂ්ඨ නීතීඥවරයෙකු පෙනී සිටියෝය.

මේ සම්බන්ධයෙන් නීතිඥ උපුල් ජයසූරිය මහතා සම්බන්ධ කරගෙන ඔහුගේ අදහස විමසීමට අප දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත.

කෙසේ නමුත්, මහාධිකරණයේදී ඇප ලබා ගැනීමෙන් පසු අධිකරණය මෙන්ම අනෙකුත් ආයතන ක්‍රමානුකූලව මඟ හැරීමට සමත්වන අදාළ පුද්ගලයා සති කිහිපයක් මෙරට පෞද්ගලික රෝහලක මෙන්ම ඉන් පසු එතරම් පිරිසක් නොගැවසෙන හෝටලයක නවාතැන් ගෙන ඇත. රටින් පනිනතුරු සැඟවී සිටින ලෙසට ලබා දුන් උපදෙස් එලෙසම අනුගමනය කළ හෙතම අදාළ මොහොත පැමිණෙන තෙක් බලා සිටඇත.

මේ අතර අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු දැනගත් මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය අදාළ පුද්ගලයා තමන්ට භාරදෙන මෙන් ඉල්ලා තිබේ. ඒ දෙරට අතර අත්සන් තබා ඇති උදර්පණ පනතේ කරුණු ප්‍රකාරවය. විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට, ඇමෙරිකානු තානාපති කාර්යාලය අවස්ථා ගණනාවකදී අදාළ රුසියානු ජාතිකයා තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ඇත්තේ, ඔහු ඇමෙරිකානු භූමියේදී අපරාධ රාශියකට සම්බන්ධ වී ඇතිබව සඳහන් කරමිනි.

රුසියානු ඔත්තු සේවය වන GRU හී ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගොර් කොරෝබෝව්, රුසියානු සයිබර් අපරාධකරුවන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව පැවසේ.

අදාළ අපරාධකරු ෆෙඩරල් පර්යේෂණ කාර්යාංශයේ ( එෆ්.බී.අයි.) අවශ්‍යතා ලැයිස්තුවේ ( මොස්ට් වොන්ටඩ් ලිස්ට්) සිටින ප්‍රධාන පුද්ගලයෙකු බව, ඇමෙරිකානු තානාපති කාර්යලය මෙරට ඇතැම් බලධාරීන්ට දැනුම් දී ඇතිබව සඳහන් වේ. නමුත්, පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ මූලාශ්‍ර සඳහන් කරන පරිදි එවැනි කාරණයක් ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට ආරක්ෂක බලධාරීන්ට ඉදිරිපත් කොට නැති නමුත්, ඔහු එරට සිදු වූ මිනී මැරීම් කිහිපයකට සම්බන්ධ බව පමණක් සඳහන් කොට ඇත.

නමුත්, ඊට අමතරව විශේෂයෙන් වැදගත් වන කාරණයක් ඇමරිකානු තානාපති කාර්යාලයේ බලධාරීන් සඳහන් කොට ඇත්තේ අදාළ පුද්ගලයාගේ සැබෑ ස්වභාවය සහ ඔහුගේ කුසලතාවය සම්බන්ධයෙන් යම්කිසි ඉඟියක් ලබාගැනීමට ඉඩ ප්‍රස්ථා නිර්මාණය කරමිනි. එනම්, මෙම පුද්ගලයා 2016 නොවැම්බර් මාසයේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කළ ප්‍රධාන පුද්ගලයින්ගෙන් අයෙකු බවයි.

මෙම මූලික කාරණයට මෙරට අපරාධ පර්යේෂණ අංශවලින් සේම දේශපාලන බලධාරීන් විසින් එතරම් සැලකිල්ලක් දක්වා ඇති බවක් නොපෙනේ. එසේම, ඇමෙරිකානු තානාපති කාර්යාලය එක්කෝ මෙම පුද්ගලයාගේ සැබෑ තොරතුරු ගැන සර්ව සම්පූර්ණයෙන් දැනුවත් කොට නැත. එක්කෝ, ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔහුගේ සැබෑ තොරතුරු ශ්‍රී ලංකා ආණ්ඩුවට වසන් කරමින්, ඔහු විසින් සිදුකළේ යැයි කියන අපරාධ කිහිපයක් පමණක් උපුටා දක්වා ඇත.

එක්සත් ජනපදය වැනි රටක මිනීමැරීම් කිහිපයකට නොව එකකට හෝ සම්බන්ධ සැකකරුවකු වෙතොත් ඔහු සම්බන්ධයෙන් තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලෝකය පුරාම පැතිරී යෑමට එතරම් කාලයක් අවශ්‍යය වන්නේ නැත. මෙම පුද්ගලයාද එවැනි අපරාධ වලට සමබන්ධ අයෙක් වන්නේ නම්, ඔහු ගැන තොරතුරු රාශියක් අන්තර්ජාලයේ තිබිය යුතුය.

නමුත්, ඔහුගේ ගමන් බලපත්‍රයේ ඇති නාමය වන ෆරින් මනොකින් ගැන තොරතුරු විමසීමේදී අන්තර්ජාල පිටු අතර මතු වන්නේ, ඔහු ලංකාවේදී අත්අඩංගුවට පත් වූ බව සහ ඔහුගේ පැනයෑම පමණි. එනම්, ඩේලි නිව්ස් වාර්තාවේ ඉදිරිපත් කොට ඇති තොරතුරු හා සමාන තොරතුරු පමණි.

මේ නිසා එක්කෝ මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය, නැතහොත් එෆ්.බී.අයි. සංවිධානය මෙම පුද්ගලයාට සම්බන්ධ තොරතුරු කුමන හේතුවක් නිසා වසන් කොට ඇත.

ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කරනු ලැබූ රුසියානු ජාතික පරිඝණක විශේෂඥයින් අතර ප්‍රධානියෙකු වන්නේ නම් ඔහු එසේ මෙසේ පුද්ගලයෙකු විය නොහැකිය යන්න සාමන්‍යය දැනුම පිළිබඳ කාරණයකි. එසේම, ඇමෙරිකානු තානාපති කාර්යාලය අදාළ පුද්ගලයා තමන්ට භාරදෙන ලෙස කළ ඉල්ලීමෙන් පෙනී යන්නේ හෙතම සාමන්‍යය පුද්ගලයෙකු නොවන බවයි. එපමණක් නොව, රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් අදාල පුද්ගලයා බේරා ගැනීම වෙනුවෙන් ඍජුව පෙනී සිටීම සහ ඔහුට ආරක්ෂාකාරී පරිසරයක් නිර්මාණය කිරීමෙන් පෙනී යන්නේද, අදාළ පුද්ගලයා ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍යය පුද්ගලයෙකු බවයි.

මේ වනවිට හෙළිදරව් වී ඇති තොරතුරු වලින් පෙනී යන්නේ, මෙම පුද්ගලයා ගැන නිවැරදි තොරතුරු සම්බන්ධයෙන් මෙරට වගකිව යුතු පාර්ශවයන් දැනුවත් වී නොමැති බවයි. එසේම, ඔහු ඉදිරිපත් කරනු ලැබූ, ගමන් බලපත්‍රයේ ඇති තොරතුරු පමණක් මූලික කරගනිමින් පරීක්‍ෂණ මෙහෙයවා ඇති අතර, අදාළ තොරතුරු ඔහුගේ සැබෑ තොරතුරු බව දැඩිව විශ්වාසකොට ඇත.

ඊට අමතරව ඉදිරියේදී ( හොරා පැනගියද) වැදගත් වන්නේ යැයි සිතා ඔහුගේ ඇඟිලි සලකුණු සහ වෙනත් ජෛවවිද්‍යාත්මක සාක්‍ෂි එකතු කර ගැනීමට මෙරට අපරාධ පරීක්‍ෂණ භාර නිළධාරීන් කටයුතු කොට ඇත්තේ නම් එය අගය කළ යුතු කාරණයකි.

ඉහත සඳහන් කළ පරිදි, මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය මැදිහත් වී ඉල්ලා සිටීමට තරම්, අදාළ පුද්ගලයා ඇමරිකාවට ඉතාම වැදගත් පුද්ගලයෙකු විය යුත්තේය. එසේම එෆ්.බී.අයි. අවශ්‍යතා ලයිස්තුවේ සයිබර්අපරාධ කරුවන්ගේ ගොන්නට එකතු කිරීමට තරම් හෙතම ඉතාම ප්‍රභල අපාරධකරුවෙකු විය යුතුය. එපමණක් නොව, ඔහු 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියානුවන් කළේ යැයි කියන මැදිහවීමේ සිටි පුද්ගලයෙකු ලෙස හඳුන්වා දී තිබේ නම්, මෙම පුද්ගලයාගේ බරපතළකම ඊටත් වඩා විශාල වේ. එෆ්.බී.අයි. සොයමින් සිටින්නේ මොහුය.

තානාපති කාර්යාල ආරංචිමාර්ග පමණක් නොව රජයේ අමාත්‍යංශ වලට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම පුද්ගලයාට එරෙහිව නිවැරදි අධිකරණ ක්‍රියා =මාර්ගයක් ගැනීම වැළක්වීම සහ හෙතමට රුසියාවට පැනයාමට ඉඩදීම බරපතළ ප්‍රශ්නකාරී තත්වයක් මතුකරනු ලබයි.

එය, කුමන හේතුවක් මත සිදුවූයේද? මෙහිදී මැදිහත් වූ පාර්ශවන් කවරේද? එසේ මැදිහත්වීම සඳහා මූලික වූ හේතුව කුමක්ද? යන කාරණා සම්බන්ධයෙන් උඩු දුවමින් පවතින අදහස් රාශියකි.

එක්තරා ආරංචි මාර්ගයකට අනුව, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් දින කිහිපයකට පසු ඇති වූ තත්වය කුමන හෝ හේතුවක් නිසා පාලනය කිරීමට මෙරට ඉහළ දේශපාලන බලවේගයක් කටයුතු කොට ඇත.

එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්

විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට, අදාළ සිදුවීම ගැන විමසා බැලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ එකළ කටයුතුකළ ලේකම්වරයා සහ අපරාධ පර්යේෂණ දෙපර්තම්න්තුවේ ප්‍රධාන නියෝජ්‍යය පොලිස්පතිවරයෙකු කැඳවා තොරතුරු විමසීමෙන් පසු රුසියානුවන් අසතුටු කිරීමෙන් වළකින ලෙස ඉල්ලා ඇත.

එම ඉල්ලීමෙන් පසු බොහෝ දෑ වෙනස් විය.

ඉන් පසු, අදාළ පුද්ගලයාට රාජ්‍යය අනුග්‍රය යටතේ පැනයාමට අවශ්‍යය වටපිටාව සකස් වීම සිදුවේ. එය කෙසේ හෝ වැළක්වීම සඳහා කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය කටයුතු කරනු ලැබීය. නමුත් එය අසාර්ථක විය.

එහි ප්‍රතිඵලය ලෙස හෙතම මෙරටින් පැන යන්නේය. ඔහුගේ පැනයෑම සම්බන්ධයෙන් ඉදිරිපත්වන ප්‍රධාන අදහස් දෙකකි.

එක් පාර්ශවයකට අනුව, අදාළ අපරාධකරුවා බෝට්ටුවකින් පලා යන්නේ මෙම මාසයේ පළමු සතියේදීය.

අනෙක් පාර්ශවයට අනුව, ඔහු මෙරට ගුවන්තොටුපලෙන් පැනයන්නේ රාජ්‍යය ආරක්ෂාව යටතේය. එනම්, මෙරටට පැමිණෙන රුසියානු රාජ්‍යය ආරක්ෂක වෙළඳාම් ඇතුළු කටයුතු සම්බන්ධ එකම නියෝජිත ආයතනය වන රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ ප්‍රධානියාගේ පෞද්ගලික ගුවන් යානයෙන් ඔහු මෙරටින් පලා යන බව සඳහන් වේ.

බෝට්ටුවකින් පලා ගියේ නම්, හෙතම මෙරට නාවික හමුදාවේ ඇස්වලට වැලිගසා යා යුත්තේය. එසේම, රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ ප්‍රධානියාගේ පෞද්ගලික ගුවන් යානයෙන් මෙරටින් පලා ගියේ නම් ඒ සඳහා මෙරට ඉහළ පෙළේ දේශපාලන බලාධිකාරියක ආශීර්වාදය තිබිය යුත්තේය.

මෙහිදී පැනනගින මූලික කාරණයක් වන්නේ, රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් වැනි අති ප්‍රභල අවිආයුධ සමාගමක ප්‍රධානියෙකුගේ පෞද්ගලික ගුවන්යානයෙන් ඔහු පැනගියේ නම්, ඔහුට රුසියානු රාජ්‍යය සමඟ ඇති ප්‍රභල සම්බන්ධයය. එය අමතක නොකළ යුතු කාරණයකි.

මේවන විට පැතිරී පවතින තහවුරුකරගත් තොරතුරු මෙන්ම දූෂමාන ආරංචි මාර්ග ප්‍රකාරව, අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් අනුමාන කළ හැකි කාරණා කිහිපයක් තිබේ.

එෆ්.බී.අයි. සංවිධානයේ අවශ්‍යතා ලයිස්තුවේ සිටින සයිබර්අපරාධකරුවන්ගේ පළමු දසදෙනාගේ ගොන්නට අයත් අපරාධකරුවන් අතර රුසියානු ජාතික අපරාධකරුවන් සිව්දෙනෙකි. ඔවුහු නම්, ඇලෙක්ෂි බෙලන්, දිමිත්‍රි ඇලෙක්සැන්ද්‍රෝවිච් ඩොකුචීව්, ඉගොර් අනටෝලිවිච් සුච්චින් සහ එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් වෙති. මෙම අපරාධකරුවන් සිව්දෙනා ගැනම ඉතා දීර්ඝ විස්තර එෆ්.බී.අයි. සංවිධානය විසින් නඩත්තු කරනු ලබන, ලිපිගොනු වල තිබේ.

වැලිගමදී අල්ලා පොලිසිය විසින් අල්ලාගත් පුද්ගලයා කළු සල්ලි වංචාකරන ජාවාරම්කරුවෙකු බවත් හෙතම ඇමෙරිකානු මැතිවරණයේදී මැදිහත් වූයේ යැයි කියන රුසියානු ජාතික පරිඝණක හැකරුන්ගෙන් අයෙකු බවත් ඇතැම් ආරංචිමාර්ග සඳහන් කරන කාරණයකි. එම තොරතුරු වලට අනුව අනුමාන කිරීමේදී එළඹිය හැකි නිරීක්ෂණය වන්නේ, අදාළ පුද්ගලයා එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්ගේ තොරතුරු වලට වඩාත්ම සමීප සම්බන්ධයක් ඇති බවයි.

එසේ අත්අඩංගුවට පත් වූයේ එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් නම්, එය අතිශය ප්‍රභල කාරණයකි. එය එසේනම්, පොලීසය අල්ලාගෙන ඇත්තේ ලෝකයටම අවශ්‍යය වී සිටින පුද්ගලයෙකි.

එසේම, කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය අදාළ පුද්ගලයා තමන්ට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් නම් එය පුදුමයක් නොවේ. මන්ද හෙතමගේ තොරතුරු වලට අනුව, එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් යනු ඇමෙරිකාවට අත්‍යවශ්‍යය පුද්ගලයින් අතර කෙනෙකි. ඔහු ගැන තොරතුරු ලබා දෙන්නෙකුට ලබා දීමට නියමිත ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන තුනකි. මෙම ත්‍යාග මුදල හේතුවෙන් අදාළ කාරණය තමන්ට අවශ්‍යය ආකාරයෙන් සිදුකර ගැනීමට ඇමෙරිකානු බලධාරීන්ට නොහැකි වූයේද යන්න මේ ගැන දන්නා අයවලුන් දනිති.

තිස්හතර වියැති එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඔහු රුසියානු ආණ්ඩුව සමඟ නොනිලව කටයුතු කරන පරිඝණක විශේෂඥයෙකි. එසේම, ඉතාම දරුණු හැකර් කරුවෙකු ලෙස නම්දරා ඇති ඔහු නිර්මාණය කළේ යැයි කියන පරිඝණක වෛරසයකින් ලොව පුරා පරිඝනක මිලියන ගණනක පාලනය තමන් අතට ගත් පුදගලයෙකි.

අදාළ පුවත සමඟ පලකොට ඇති ව්‍යාජ සේයාරුව. මෙම සේයාරුව ලබාගෙන ඇති වෙබ් අඩවියට පිවිසීම සඳහා පිවිසෙන්න මෙතනින්

2011 දී එෆ්.බී.අයි. FBI සංවිධානය පරීක්‍ෂණ ආරම්භ කළ එක් ප්‍රධාන කාරණයක් වූයේ සීයුස් ට්‍රෝජන් හෙවත් ගේම් ඕවර් සේයුස් නමැති වෛරසය විසින් කරනු ලැබූ බලපෑමයි. එය මිලියනකට වඩා වැඩි පරිඝණක සංඛ්‍යාවකට බලපෑම් කළ අතර එමඟින් සිදු වූ මූල්‍යය හානිය ඇමෙරිකානු ඩොලර් මිලියන සීයකට අධිකය. ඊට අමතරව ඔහු සිදුකළේ යැයි කියන සම්පූර්ණ මූල්‍යමය හානිය අතිවිශාල බව සඳහන් වේ.

බෝගචෙව් නිර්මාණය කරනු ලැබූ සීයුස් ට්‍රෝජන් වෛරසය ලොව පුරා පැතිරී ගිය රටවල් ලැයිස්තුව අතර ශ්‍රී ලංකාවද තිබේ. මෙරට බස්නාහිර පළාත තුළ තිබූ පරිඝණක කිහිපයක අදාළ වෛරසය පැතිරී තිබූ බව වාර්තා වී තිබේ.

අනෙක් පසින්, මෙම සිදුවීමට අදාළ පුද්ගලයා එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් වන්නේ ඔහු නම්, හෙතම කෙසේ හෝ බේරාගෙන තම රටට රැගෙන යෑම රුසියාවේ අරමුණ වීමට ප්‍රධාන හේතූ ගණනාවක් තිබේ. ඒ අතර ප්‍රධාන කාරණය වන්නේ එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්ට රුසියානු ආණ්ඩුව සලකනු ලබන්නේ අවධානමකට වඩා ප්‍රයෝජනවත් අයෙකු ලෙසය.

රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ ප්‍රධානියා ඇලෙක්සැන්ඩර් මිකීව්

මේ අතර අදාළ පුද්ගලයාගේ යැයි අනියමින් අඟවමින්, මෙරට ප්‍රසිද්ධ වන එක්තරා බ්ලොග් අඩවියක අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගේ සේයාරුවක් පලකොට තිබේ. එය ව්‍යාජ සේයාරුවක් බවත් එම සේයාරුවේ නියම මූලාශ්‍රය 123rf.com නමැති ප්‍රකට සෙයාරූ විකුණනු ලබන වෙබ් අඩවිය බවත් අප කළ නිරීක්ෂණයකදී හෙළිදරව් විය.

මේ නිසා අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරනු ලබන කිසිම සේයාරුවක් මෙරට නොමැති අතර ඔහු සම්බන්ධව පැවති සේයාරූ කුමන හෝ හේතුවක් නිසා අතුරුදන් වී ඇතිබව නොනිල ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි.

එසේම, අදාළ පුද්ගලයා මුහුදු මාර්ගයෙන් පැනයෑම සම්බන්ධව විමසීමේදී පෙනී යන්නේ, ප්‍රායෝගිකව එසේ විය හැකිද යන්නයි. මෙරට පිහිටි ඉතාම මිළ අධික පෞද්ගලික රෝහලක නැවතී සිටි අයෙකු බෝට්ටුවකින් පැනයෑමට තීරණය කරන්නේද යන්න වෙනම විමසා බැලිය යුතු තාක්ෂණික කාරණයකි.

ඔහුගේ පැනයාමට අදාළව සඳහන් වන අනෙක් කාරණය වන්නේ, රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් නමැති සමාගමේ ප්‍රධානියා මෙරටට පැමිණි පෞද්ගලික ගුවන් යානයෙන් ඔහු මෙරටින් පැනගිය බවයි. එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් වැනි අයෙකුගේ තොරතුරු සමඟ සිතීමේදී එවැනි මැදිහත්වීමක් සිදුවූයේනම් ඒගැන පුදුම විය යුතු නොවේ.

රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ කටයුතු ගැන සහ ඔවුහු මාර්ගයෙන් රුසියානු රාජ්‍යය මෙරටට ලබා දී ඇති රාජ්‍යය ණය මුදල ගැන කාලාන්තරයක් තිස්සේ මෙරට දේශපාලන ප්‍රජාව තුළ කතාබහට ලක්වෙමින් තිබේ. එසේම අදාළ සමාගම සමඟ කටයුතු කරන එක්තරා පෞද්ගලික මාධ්‍යය ආයතනයක් පරිපාලනය කරන පෞද්ගලික සමාගම සම්බන්ධයෙන්ද තොරතුරු විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රසිද්ධ වී තිබේ.

මේ අතර රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගම වෙනුවෙන් කාලයක් කටයුතු කළ මෙරට නියෝජිතයාගේ හදිසි අභාවයෙන් පසු ඔහුගේ සමාගමට අදාළ නීතිමය ගිවිසුම්වලින් වහාම ඉවත්වන රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් නව පෞද්ගලික සමාගමක් සමඟ ගිවිසුම් ඇතිකර ගෙන ඇතිබව සඳහන් වේ. එම සමාගම මෙරට ඉහළ දේශපාලන බලවේගයකට ඕනෑම බලපෑමක් කිරීමට හැකි බලයක් ඇත්තේ යැයි පතුරුවා ඇති අදහස හේතුවෙන්, අදාළ මව් සමාගම එම තීරණය ගත්බව පසුව වාර්තා වූ මූලික කාරණයකි.

අදාළ සමාගම සමඟ කටයුතු කරන ලෙස රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමට දැනුම් දී ඇත්තේ ව්ලැඩිමීර් කොෂින් විසිනි. කොෂින් යනු වෙනම විමසා බැලිය යුතු මාතෘකාවකි. ඔහුගේ කතාව ඉතාම වැදගත් සහ විශාල එකකි. එබැවින් මෙහිදී ඔහු ගැන විමසා බැලීම එතරම් යෝග්‍යය නොවේ යැයි සිතේ.

මේ අතර රුසියානු හැකරුන් සහ කළු සල්ලි සුදු කරන වංචාකාරයින් මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍යය ආයතන දෙකක් සමඟ ඉතාම කිට්ටු සම්බන්ධයක් පවත්වාගෙන යන බව මීට මාස කිහිපයකට පෙර වාර්තා වූයේ සාමය සහ ආරක්ෂාව භාර ආමත්‍යය සාගල රත්නායක මහතාටය. ඔහු එය ආරක්ෂක අංශ බලධාරීන්ට දැනුම් දෙනු ලැබීය. ඒ සම්බන්ධයෙන් මේවන විටත් පරීක්‍ෂණ පැවැත්වේ. කොච්චිය ( ගුවන් යානය) ගිය පසු හෝ පරීක්‍ෂණ පැවැත්වීම අනාගත අනතුරු වැලැක්වීම සඳහා ඉතාම වැදගත් වේ.

මේ අතර වාරයේ රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ පිරිසක් පළමුවද, එහි ප්‍රධානියා පසුවද මෙරටට පැමිණ ඉතාම රහසිගත මට්ටමේ සංවාද පත්වනු ලැබූහ. එය ඉතාම සූක්ෂමව ඉදිරිපත් කිරීමට මෙවැනි ලෝක ප්‍රකට සමාගමක් තීන්දු කිරීම සැබවින්ම පුදුම සහගතය.

එසේම, ඩොලර් මිලයන හාරසීයක පමණ ගනුදෙනුවක් පිළිබඳ තීන්දු ගැනීම සඳහා එහි ප්‍රධානියා පැමිණීම කුතුහලය දනවන කාරණයකි. මන්ද, රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගම විසින් ඉන්දියාවට විකුණනු ලැබූ අතිවිශාල වටිනාකමක් ඇති ගනුදෙනු වලදීවත් හෙතම එරටට පැමිණියේ නැත.

සාමන්‍යයෙන් රුසියානු ජනාධිපතිවරයා හා සමාන වටිනාකමක් ඇති මෙම ප්‍රධානියා මෙරටට පැමිණීම එක් ගනුදෙනුවක් පිරිමසා ගැනීම සඳහා පමණක් සිදුවූයේ යැයි සිතීම උගහටය.

එම අනුමාන කිරීම් ඔස්සේ එළඹිය හැකි නිගමනය වන්නේ, ඉතාම වැදගත් කාරණා කිහිපයක් විසඳා ගැනීම සඳහා හෙතම මෙරටට පැමිණි බවය. ඉන් ප්‍රධාන කාරණයක් විය හැක්කේ අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර සිටි රුසියානු ජාතික අපරාධකරුවා කිසිඳු අවහිරතාවයකින් තොරව මෙරටින් රැගෙන යෑම විය හැකිය.

විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන තවත් අතිශය බරපතළ කාරණයක් වන්නේ, එම පුද්ගලයා විශාල ආරක්ෂාවක් යටතේ කටුනායක ගුවන්තොටුපළට රැගෙන ගොස් සියල්ලගේම දෑස් වලින් වසා ඔහුගේ ආරක්ෂාකාරී පිටවීම මෙරට බලධාරීන් විසින් තහවුරු කළ බවයි. නමුත්, ඒ ගැන විමසා බැලීම සඳහා ඉහළපෙළේ ආරක්ෂක අංශ සම්බන්ධ කරගැනීමේදී සඳහන් වූයේ එවැන්නක් සම්බන්ධයෙන් තහවුරුකරගත් සාක්ෂි නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමේදී සඳහන් කරනු ලබූ තවත් ප්‍රධාන කාරණා කිහිපයකි. එනම්, උදර්පණ පනතේ කොන්දේසී ප්‍රකාරව ඇමරිකා එක්සත් ජනපදය අදාළ පුද්ගලයා තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ඇත. නමුත්, එය ප්‍රතික්‍ෂේප කරමින් එම පනතේ කාරණා අනුව සහ ඔහුගේ රුසියානු සම්භවය මූලික කරගෙන අදාළ පුගලයා රුසියාවට භාරදීමට මෙරට බලධාරීන් කටයුතු කොට ඇත. ඉන් පසු ඔහු පැනගොස් ඇතිබව සඳහන් කරමින් ව්‍යාජ පුවතක් නිර්මාණය කොට තිබේන බව ඇතැම් මූලාශ්‍ර මේ සම්බන්ධයෙන් දරණ මතයකි.

ඇමෙරිකා එක්සත් ජනපදය තම රටේ පරිඝණක පද්ධති වලට හානී කළ හැකර්කරුවන් දඩයම් කිරීම ආරම්භ කරනු ලැබුවේ අද ඊයෙක නොවේ. එසේම නිකිටා කුස්මින්, දිමිත්‍රි ස්මිලියනෙට්, ව්ලැඩිමීර් ද්රින්ක්මන්, රෝමන් සෙලෙස්නීව් ආදී රුසියානු ජාතික හැකර්කරුවන් ජාත්‍යන්තර පොලිසිය, එෆ්.,බී. අයි. සහ අදාළ පුද්ගලයින් රැඳී සිටි මුල් රටවල ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව අල්ලාගෙන ගොස් එක්සත් ජනපදයේදී නඩු අසා දඬුවම් පමුණුවනු ලැබූහ. ඉන් සෙලෙස්නීව් වසර 27ක සිරදඬුවමකට යටත් කරනු ලැබුවේ මේ වසරේ මුල්භාගයේදීය.

සෙලෙස්නීව්ගේ ජීවිත කතාව ඉතා දීර්ඝ සහ ආකර්ෂණීය අත්දැකීම් වලින් පිරුණු එකකි. හෙතම තම දික්කසාදයෙන් පසු හැකර්වරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ අතර විවිධාකාර වෛරස් නිර්මාණය කරනු ලැබුවේ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය ගනුදෙනු වල තොරතුරු දැනගෙන ඒවා තමන්ගේ ග්‍රහණයට ගැනීම සඳහාය.

ඔහු සම්බන්ධයෙන් ලියවී ඇති එක්තරා සටහනකට අනුව, වරකදී, 2පැක් (2Pac) නමින් හැකර් නාමයක් යොදා ගෙන නව වෙබ්අඩවියක් ආරම්භ කළේය. එම වෙබ්අඩවියේ ඉහලින්ම ඔහු මෙසේ සටහන් කළේය.

“මම මෙහිදී පැහැදිලි කරන්නම් සල්ලි හොයන්නේ කොහොමද කියලා. $500 සිට $50,000 දක්වා වගේම $500,000 දක්වා. පටන් ගත්ත තැන ඉඳන්ම මේ සම්පූර්ණ ක්‍රියාවලීයම නීති විරෝධී බව මතක තියාගන්න”

ඔහු එහිදී ඩොලර් මිලියන විශාල ප්‍රමාණයක් ඉපැයූ බව සඳහන් වේ. ඔහුගේ ක්‍රියාවලී ගැන සැක සිතු එෆ්.බී. අයි. ඔහුගේ ක්‍රියාකාරකම් ලුහුබඳිනු ලබන්නේ 2005 සිටය.

කෙසේ වෙතත් තමන් පිටුපස එෆ්.බී.අයි. ලුහුබඳින බව හෙතම වඩාත් හොඳින් දැන සිටියා පමණක් නොව සෑම විටම, පිටරට සංචාර වලදී එක්සත් ජනපදය සමඟ උදර්පණ පනත් අත්සන් නොකළ රටවල් තෝරා ගැනීම, අවසාන මොහොතේ ගුවන ටිකට් පත මිළදී ගැනීම, සහ රුසියාව සමඟ මිත්‍ර සම්බන්ධතා ඇති රටවල් තම සංචාරයන් සඳහා තෝරා ගැනීම ආදී ප්‍රවේශම් සහගත පියවර අනුගමනය කොට ඇත.

මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවේදී වසර 27 ක සිරදඬුවමකට යටත් කරනු ලැබූ, අන්තර්ජාල බින්ලාඩන් නමින් හඳුන්වනු ලැබූ, රෝමන් සෙලෙස්නීව්

එහි එක් පියවරක් ලෙස හෙතම 2014 මාලදිවයිනේ සංචාරයකට ගියේය. විශාල නිවසක් ( විලා) කුලියට ගත් හෙතම දින කිහිපයක් ගත කළේය. එය එෆ්.බී.අයි. වඩාත් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ අතර, ඔහු අල්ලා ගැනීමේ අවශ්‍යතාවය බලධාරීන් මාර්ගයෙන් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔස්සේ මාලදිවයිනේ බලධාරීන්ට දැනුම්දෙනු ලැබීය.

උදර්පණ පණතට ඇමරිකාව සමඟ අත්සන් නොකළ රාජ්‍යක් වුවද මාලදිවයින එහිදී අදාළ සිදුවීම සඳහා ඇමෙරිකාවට සහයෝගය පළකළේය. කුලියට ගත් නිවසෙන් පිටත්වී මොස්කව් පිහිටි තම නිවස බලා යෑමට ගුවන් තොටුපලට පැමිණෙමින් සිටි සෙලෙස්නීව් අත්අඩංගුවට ගෙන පළමුව හවායි හී පිහිටි ඇමෙරිකානු හමුදා මූලස්ථානයට රැගෙන ආවේය. ඉන් පසු ගුවාම් දූපතටද එනයින් සීට්ල් ප්‍රදේශයට රැගෙනවිත් අධිකරණය ඉදිරියට පමුණුවනු ලැබීය.

එෆ්.බී. අයි. මූලාශ්‍ර වලට අනුව සෙලෙස්නීව් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතු වූ ලැප්ටොප් පරිඝණකයේ මිලියන 1.7 පමණ ක්‍රෙඩිට්කාර්ඩ් වලට අදාළ තොරතුරු, ඊමේල් ව්ලාට ඇතුළත් වීමේ තොරතුරු සහ දත්ත ගබඩා වලට ( සර්වර්ස්) ඇතුළුවීමට අවශ්‍යය ඛේත නාමයන් එහි ගබඩාකොට තිබුණි. ඔහුගේ ක්‍රියාකාරම් හේතුවෙන් අහිමි වූ මුදල, ඩොලර් මිලියන 170 කට අධික බව ඇමරිකානු විමර්ශකයින්ගේ මතයයි.

අදාළ සිදුවීම, පැහැරගැනීමක් ලෙස හඳුන්වනු ලැබූ රුසියානු බලධාරීන් ඒ සම්බන්ධයෙන් සහයෝගීව කටයුතු කළ මාලදිවයින් ආණ්ඩුවට තම අප්‍රසාදය පල කළේය.

මේ හා සමාන සිදුවීම් රාශියක් පසුගිය කාලය පුරාම ප්‍රසිද්ධ විය. එසේම මෙම කාරණා වල ඇති බරපතළ තත්වය ගැන රුසියානු ආණ්ඩුව ඉතාම සැලකිල්ලෙන් පසුවේ.

මෙවැනි තත්වයක් යටතේ, ඇමෙරිකානු බලධාරීන් තමන්ට භාරදෙන ලෙස ඉල්ලා සිටි මෙරටදී අත්අඩංගුවට පත් වූ රුසියානු ජාතිකයා කෙසේ හෝ තම රටට රැගෙන යෑමට කටයුතු කිරීම සඳහා ප්‍රභල දේශපාලන මැදිහත්වීමක් සිදුවූ බව ප්‍රතික්ෂේප කළ හැකිද? එය ඉතාම බරපතළ කාරණයකි.

එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් වැනි පුද්ගලයින් ඇමරිකාව විශාල කැපවීමක් කරමින් සොයන අපරාධකරුවන් වෙති. එසේම, රුසියාව තමන්ට ප්‍රයෝජනයට ගත හැකි එවැනි පුද්ගලයින් කෙසේ හෝ රැක ගැනීම තම මූලික වගකීම ලෙස තකන්නේය.

එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් භාවිතා කරන ව්‍යාජ නම් රාශියකි, එසේම හැකර් කරුවෙකු ලෙස ලකී 12345 සහ ස්ලැවික් යන ඛේතනම් වලින් පෙනී සිටින බව සඳහන් වේ. ඔහු විසින් සිදුකොට ඇති සයිබර්අපරාධ සංඛ්‍යාව ඉතාම විශාලය. මේ නිසා ඔහු ඇමෙරිකානු බලාධාරීන්ට අත්‍යවශ්‍යය පුද්ගලයෙකු වේ.

වැලිගමදී අල්ලාගනු ලැබුවේ සාමන්‍යය අපරාධකරුවෙකු නම් ඇමෙරිකානු බලධාරීන් තම රටට රැගෙන යෑම සඳහා එතරම් උනන්දුවක් ගන්නේ නැත. එසේම, එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් සම්බන්ධ එෆ්.බි.අයි. වාර්තාවට අනුව හෙතම ඇමෙරිකානු අධිකරණ ක්‍රමවේදය තුළ ඇපනොදෙන අපරාධකරුවන්ගේ ගොන්නට හෙවත් “ෆ්ලයිට් රිස්ක්” ඛාණ්ඩයට ඇතුළත් කොට තිබේ.

අවසාන වශයෙන් කිව හැක්කේ කුමක්ද?

මේ ප්‍රභල රාජධූත ගැටීම තුළ ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන බලය දැඩිව සිරවී තිබෙන බව නීරීක්ෂණය කළ හැකිය. මෙවැනි කාරණා වලදී අදාළ රාජ්‍යයන් වල හැසිරීම මෙන්ම ශ්‍රී ලංකාව රටක් ලෙස කටයුතු කළ යුත්තේ කෙසේද යන්න, ඉතාම වැදගත් කාරණයකි.

නමුත් අවාසනාවට මෙන්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් විවිධ ඕපාදූප සහ වෙනත් මාදිලියේ අදහස් හුවමාරු වීම පමණක් දැකිය හැකිය. තාක්‍ෂණික වශයෙන් විශාල පෙරළියක් සිදු වී ඇති වටපිටාවක, මුහුණු පොත වැනි සමාජ ජාලා අඩවි ඔස්සේ තම පෞද්ගලික ජීවිතය නොමිලේ වෙළදාම් කිරීමෙන් ඔබ්බට ගිය ආකල්ප වර්ධනය වීම මෙන්ම තාක්ෂණික මෙවලම් ඔස්සේ මෙරට ජනජීවිතයට එල්ලවිය හැකි ප්‍රභල බලපෑම තක්සේරු කිරීම පමණක් නොව රටේ වත්මන් සහ අනාගත ආරක්‍ෂාව උදෙසා නිවැරදි තීන්දු තීරණ ගැනීම ඉතාම වැදගත් වේ.

ඒ සඳහා අවශ්‍යය වන්නේ ලෝකය ගැන දන්නා රට සහ එහි අනාගතය මෙන්ම මෙහි ජීවත්වන මිනිසුන් ගැන සැබෑ දැක්මක් ඇති පිරිසක් ඒකරාශී වීමය. විවිධ ව්‍යාජ කාරණා මවමින් දියරෙද්දෙන් බෙල්ල කපා තම පෞද්ගලික ආශාවන් සපුරා ගන්නා අඥාන වලත්තයින්ට කළ හැකි යහපත් දෙයක් නැත.

රටේ වත්මන් දේශපාලන බලය මෙන්ම මිනිසුන්ගේ සැබෑ අවශ්‍යතාවයන් සිර වී ඇත්තේ එතැනය.

ආරක්ෂක සහ විදෙස් කටයුතු පිළිබඳ විශේෂ විශ්ලේෂකයෙකු විසිනි

ගාල්ලේගේ පුන්යවර්ධන
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්‍යාලය,
කොළඹ 1.

ජනාධිපතිතුමනි,

එදා මෙදා මහජන මුදල් හොරකම් කළ පාර්ලිමේන්තු හොරුන්ට දඬුවම් කර, හොරකම් කළ මුදල් අයකරගන්නා තුරු මැතිවරණය පැවැත්වීම නතර කරන්න.

පාර්ලිමේන්තුකාරයන්ගේ ඉල්ලීම් උද්ඝෝෂණ, නඩු කටයුතු ආදී වු විවිධාකාරයේ බලපෑම්වල එල්ලී ඉක්මණින් පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සියලු කටයුතු සූදානම් කරමින් සිටී. ඒ අතර ඔවුන්ද ඔවුන්ගේ ඇම්බැට්ටයන්ද මහත් උද්යෝගයෙන් යුතුව මැතිවරණ ප්‍රචාරක කටයුතු කරමින් මුළු රටේම අවධානය මැතිවරණය දෙසට යොමු කරනු දක්නට ඇත.

ඒ සමඟ පසුගිය මාස කීපය පුරාවට රටේ හැම දෙනාගේම කතා බහට ලක්වූ මහා බැංකු මකොල්ලය ඇතුලු එදා මෙදා පාර්ලිමේන්තුකාරයන් විසින් කරන ලද මහා පරිමාණ ජාතික මංකොල්ලකෑම් සියල්ල යටගොස් ඇත. පාර්ලිමේන්තුකාරයන් කුමන විදියට හිතුවත් සමාන්‍ය ජනතාව හිතන විදියට නම් එය එසේ සිදුවිය නොහැක්කකි. මන්ද ඒවා ඒ තරම් අති විශාල, දැවැන්ත මහා මංකොල්ලකෑම් නිසාය. නමුත් එය එසේ සිදුවී ඇත. ඇත්ත වශයෙන් පාර්ලිමේන්තුකාරයන්ට වුවමනා වී තිබුනේ එයයි. පළාත් පාලන මැතිවරණයකට කෑ ගැහුව්වේ ඒ සදහාය. දන්නා කියන පාර්ලිමේන්තුකාරයන්ගෙන් පෞද්ගලිකව ඒ පිළිබඳ විමසූ විට ඔවුන් කියන්නේ ඒ පිළිබඳ ජනතාව කළබල විය යුතු නැති බවයි.

පාර්ලිමේන්තුකාරයන්ගේ හැටි එහෙම තමයි. පාර්ලිමේන්තුව කියන්නේත්, පාර්ලිමේන්තු ක්‍රමය කියන්නේත් ඒක බවයි. අවුරුදු හැත්තෑවක් වෙලත් ඒක තවම තේරුම් ගෙන නොතිබීම ගැන ඇත්ත වශයෙන් ඔවුන් සතුටු වන බවයි. ඇත්ත තමයි, දැන් කරන්නේ මැතිවරණ කටයුතු නිසා ඒ හොරකම් ගැන සෙවීම කල් දැමූ බව ජනතාවට හඟවා ඉන් පසුව වෙනත් මොනවා හරි දේශපාලන උද්ඝෝෂණ කිරීම් මගින් ඒවා තවදුරටත් යටපත් කොට දමා අන්තිමේදී ඒවා ජනතාවට මුලුමනින්ම අමතක කර දැමීමයි. මේ පළාත් පාලන මැතිවරණයේදී ජනතාව සැළකිල්ලට ගත යුත්තේ යූඇන්පී, ශ්‍රී ලංකා ආණ්ඩුවට පක්‍ෂව ඡන්දය දෙනවාද නැත්නම් ඊට විරුද්ධව ඡන්දය දෙනවාද යන කාරණය පමණක් බව, තවත් එක් ප්‍රධාන පාර්ලිමේන්තුකාරයෙකු විසින් කියා සිටීමෙන්ද තහවුරු වන්නේ පාර්ලිමේන්තුකාරයන්ගේ සැබෑ බලාපොරොත්තුව මැතිවරණ ඝෝෂාව මගින් හොරකම් යටපත් කිරීම බවයි.

ආණ්ඩුව පක්‍ෂව ඡන්දය දුන්නත්, ඊට විරුද්ධව ජනතාව ඡන්දය දුන්නත්, කවුරුන් දිනුවත් පැරදුනත් මැතිවරණය මගින් ජනතාව තුල ඇති කරනු ලබන ආණ්ඩු විරෝධී ජනමතය විශාල පිම්මකින් ඉදිරියට පනිනු ඇතැයි පාර්ලිමේන්තුකාරයන් බලාපොරොත්තු වේ, එමගින් පාර්ලිමේන්තුකාරයන් විසින් කරන ලද සියලු මංකොල්ලකෑම් ජනතාවට අමතක වී ගොස් ආණ්ඩුව පරාජය කිරීම ජනතාවගේ එකම අධිෂ්ඨානය බව ජනගත කිරීමට ඔවුන්ට හැකි වනු ඇත. ඒ අතර ආණ්ඩුව පරාජය කර දැමීමෙන්, පාර්ලිමේන්තුකාරයන් විසින් කරන ලද සියලු හොරකම්, මංකොල්ලකෑම් වලට නිසි දඩුවම දුන්නා යැයි ජනතාව අන්තිමේදී සතුටුවනු ඇත. පාර්ලිමේන්තුකාරයන්ද ඉමහත් සතුටට පත්වනු ඇත.

මේ ආකාරයට කල්පනා කර බලන විට පසුගිය අවුරුදු හැත්තෑව තුල පවත්වන ලද සියලු මැතිවරණවලින් සිදුවී ඇත්තේ, ජාතික ධනය හොරකම් කළ, මංකොල්ල කෑ පිරිස වෙනුවට වෙනත් පිසකට ඒ සඳහා අවස්ථාව ලබාදීමයි, එසේ නැත්නම් ඒ පිරිසටම නැවතත් ඒ සඳහාම අවස්ථාව දීමයි, ඇත්ත වශයෙන්ම එය එසේම බව දැනට පවත්වන්න සූදානම් කර ඇති පළාත් පාලන මැතිවරණයෙන් සක් සුදක් සේ පැහැදිලි වී ඇත.මේක තමයි පාර්ලිමේන්තුකාරයන්ගේ සෙල්ලම.ජනතාව ඒ බව තේරුම් ගෙන ඇත. ඒ සෙල්ලමට තවදුරටත් ඉඩදීමට ජනතාව සූදානම් නැත.

පවත්වන්නට යන මේ පළාත් පාලන මැතිවරණයට රුපියල් කෝටි 400 ක් වියදම් වන බව ජන මාධ්‍යයෙන් පැවසින. ඒ මහජන මුදල්ය. ඒ මහජන මුදල් වැය කරන්නේ, රටේ මහජන ධනය කොල්ලකෑම් සඳහා පිරිසක් පත් කරගැනීමටයි. ඒ බව දැන් හොඳටම පැහැදිලි වී ඇත. මැතිවරණවලින් කෙරෙන්නේ ඒ බව පසුගිය අඩසිය වසක කාලය තුල පාර්ලිමේන්තුකාරයන් විසින් ඔවුන්ගේ ක්‍රියා කලාපයෙන් නැවත නැවතත් පෙන්නා දී ඇත. එකල ඒවා ජනතාවට එතරම් දැනුනේ නැත්නම්, පසුගියදා ක්‍රියාත්මක වූ බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසමෙන් එය ජනතාවගේ ඇහේ උලා ඇඟේ ගසා පෙන්නා දී ඇත. ජනාධිපතිතුමා විසින් ප්‍රසිද්ධියේ මහත් උද්වේගයෙන් යුතුව ප්‍රකාශ කළේ මැතිවරණයෙන් මාස තුනක් යන්නටත් ඉස්ස්සරවෙලා මේ වැඩේ කළානේ, යනුවෙනි. බැඳුම්කර කොමිසමෙන් ජනතාවගේ ඇඟේ උලා පෙන්නුම් කර දුන් තවත් කාරණයක් වන්නේ කිසිම ලැජ්ජාවක් බියක් හිරිකිතයක් නැතිව මේ මහා බැංකු මංකොල්ලයට පාර්ලිමේන්තුකාරයන් විශාල පිරිසක් කෙළින්ම හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධ වී ඇති බවයි. ඊටත් වඩා බරපතළ ජනතා කෝපය පුපුරා යන කාරණය වන්නේ මහා දවල් කරන ලද මේ මහා මහජන මුදල් මංකොල්ලයට කෙලින්ම හවුල්වී ඇති අගමැති ඇතුලු පාර්ලිමේන්තුකාරයන්, ඉන් පීඩාවට පත් වූ මහජනයාගේම මුදල්වලින් පොලිස් ආරක්‍ෂාව ලබා ගනිමින්, මහජන මුදලින් අධි සුඛෝපභෝගී වෙඩි නොවදින යාන වාහන වලින් පැමිණ මහජන මුලින්ම නඩත්තු කරන වට භටයන්ගෙන් වටවී ජනතාවට ජනතාවගේ මලපනින කතා කීමයි.

පසුගිය කාලයේ රාජපක්‍ෂ රෙජීමය විසින්, පාර්ලිමේන්තුකාරයන් විසින් මහජන මුදල් විශාල වශයෙන් හොරකම් කර ඇති නිසා, සංවර්ධන කටයුතු කිසිවක් කරන්නට බැරි බවත්, ඒ සඳහා මුදල් මහජනයාගෙන් ගතයුතු බවත් කියා සිටීමයි. බදු මුදල් මගින් මහින්ද රෙජීමය හොරකම් කල මුදල් ලබා ගතයුතු යැයි හරියට ජනතාව වැරදිකරුවන් ලෙස සළකා කරන මේ සාහසික කතා ජනතාව තවදුරටත් ඉවසා සිටීද? මෙවැනි ප්‍රකෝපකාරී කතා කියා සිටීමට නොපැකිලිම තරම් තවත් සාහසික තක්කඩිකමක් තවත් ඇද්ද? පාර්ලිමේන්තුකාර මොවුන්ගේ මෙම ජනතා ද්‍රෝහී තක්කඩිකම්වල තරම කෙතරම් දැයි පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසුරිය මහතා විසින්ද අපුරුවට කියා ඇත්තේ මෙසේය. අද ඇතැම් පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ ළමයින් තමන්ගේ පියා මංත්‍රීවරයෙක් බව කියන්න කැමති නැහැ, ලැජ්ජයි. මොවුන් මහ තක්කඩි රැළක්” යනුවෙනි. ඒ අතර තවත් මංත්‍රීවරයෙක් මංත්‍රීවරුන්ගේ මේ නින්දිත තත්වය පිළිබඳ කොතරම් කළකිරීමට පත්ව ඇත්දැයි පෙනුනේ, ඔහු විසින් මංත්‍රීවරුන්ගේ නමට ඉදිරියෙන් භාවිතා කරන ගරු” යන්නට, ඔවුන් නුසුදුසු බව කියා, තවදුරටත් ඔවුන් විසින් ගරු පදවී පද භාවිතා කිරීම වළකාලීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීම නිසාය.

පසුගිය දිනක මා මගේ හිතවත් තරුණ මංත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේ ඔහු මා සමඟ කී දේද, පාර්ලිමේන්තුකාරයන්ගේ ජාතික මංකොල්ලකෑම් පිළිබඳ ඉදිරිපත් කළ හැකි තවත් එක් ප්‍රබල සාක්‍ෂියකි. ඔහු මා පාර්ලිමේන්තුවේ මහජන ගැලරියට ඇරලීමට පෙර මගේ සාක්කුවේ තිබූ පෑන දැක ඔහු කීවේ ඔය පෑනත් ආරක්‍ෂක කුටියට ලබා දිය යුතු බවයි, මේකෙ ඉන්නෙ මහා මංකොල්ලකාරයො, උන් ඔය පෑනටත් බයයි, යනුවෙනි.

පාර්ලිමේන්තුවත් පාර්ලිමේන්තුකාරයනුත් පිළිබඳ අලුත්ම විග්‍රහය වන්නේ, ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය නිමිත්තෙන් වොෂින්ටන් නුවරදී දියත් කළ වංචා කළ දේපළ ආපසු ලබා ගැනීම සඳහා වූ ගෝලීය සංසදයේ රැස්වීමට සමගාමීව ඇමැරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ප්‍රකාශයයි. එම ප්‍රකාශනයේ කියා ඇති දේ අපේ රටේ අපට තේරෙන භාෂාවෙන් කියන්නේ නම්, ඇමැරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා ඇත්තේ මේ රටේ ඇත්තේ, අන්ත දූෂිත කුජීත පාලනයක් බවයි.

එම ප්‍රකාශය පිළිබඳ මේ රටේ විගණකාධිපති මනා විග්‍රහයක් කර ඇත. හැත්තෑ අවුරුදු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන ශ්‍රී ලංකාව, පාලනයක් නැති දූෂිත රටක් ලෙස හඳුන්වනු ලැබීම ගැන මේ රටේ පාර්ලිමේන්තුව ලැජ්ජා විය යුතු බවයි. ඇත්ත වශයෙන් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මේ ප්‍රකාශය පාර්ලිමේන්තුව තිගැස්සී වෙවුලා යාමට හේතුවන දෙයකි. නමුත් මේ රටේ පාර්ලිමේන්තුවට එය ඒ හැටි

දෙයක් නොවේ. මේ රටේ කතාවක් තියනවානේ අසුචි කප්පරක් කාපු එකාට පඩයක් ගඳක්ද කියා. උගත් මැදහත් සමාජ දේශපාලන විචාරකයෙක් පසුගියදාක කීයා සිටියේ, රජයේ ඉහළම තැන් සම්බන්ධ වී කරන ලද ලෝකයේ ලොකුම හොරකම වන මේ රටේ මහ බැංකු හොරකම වන අතර, ඊට සම්බන්ද ඒ මහ තැන කිසිදු ගානක් නැතිව මේ රට නියෝජනය කරමින් ජාත්‍යන්තර රාජ්‍ය සම්මේලනවලට සහභාගී වී කතාත් පවත්වනකොට, ලෝකයා ඉදිරියේ ලැජ්ජාවට පත්වන්නේ ඒ මහතැන් නොව ඒ මහතැන් නියෝජනය කරන රට බවයි. රටේ පාර්ලිමේන්තුව බවයි.

ඒ අතර අද මේ රටේ තවත් ප්‍රබල ඇමැතිවරයෙක් කියා ඇත්තේ පසුගිය ආණ්ඩුවේ, පාර්ලිමේන්තුකාරයන්ගේ, දුෂණ හා නාස්තිය නිසා ඉහළ බදු අය කරන්න සිදුවී ඇති බවයි. එය ජනතාවගේ සල්ලිවලින් වට බටයන් වට කරගෙන තවත් හාරපන්සිය ගනනක් සාක්කු පිස්තෝලකාරයන් පිරිවරාගෙන බත්ගොටු යූඇන්පී කාරයන් පණහකට හැටකට අගමැතිවරයා කරන කථාවට නොදෙවෙනි කථාවකි.

දුෂණත් නාස්තියත් රාජ්‍ය දේපළ, මංකොල්ලකෑමත් කළේ පාර්ලිමේන්තුකාරයන් නම්, ඒවා ඔවුන්ගේ අයකර ගතයුතුය. ඒ දේපලවල වටිනාකම් මුදලින් භාණ්ඩාගාරයට ලබාගත යුතුය. එසේ නැතිව මහජනයාගෙත් ඒ මුදල් බදු වශයෙන් අය කර ගැනීම කියන්නේ පාර්ලිමේන්තුකාරයන් කළ මහා සාවද්‍ය මහා ජාතික අපරාධවලට ජනතාවට දඬුවම් කිරීමකි.

ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තුකාරයන්ගේ මේ සෙල්ලමට තවදුරටත් කිසිසේත් ඉඩ දිය නොහැක. ඊට ජනතාව සූදානම් නැත.ඊට වහා තිත තැබිය යුතුය. ඒ සඳහා තවත් හේතු අවශ්‍ය නොවේ.පළාත් පාලන මැතිවරණය නියත වශයෙන්ම පාර්ලිමේන්තුකාරයන්ගේ මේ මහා ජාතික හොරකම් හා අපරාධ වසා දැමීමට දරණ උත්සාහයකික් බව නැවත නැවත කියමි.

උදේට කැඳ ටිකක්වත් බොන්න හාල්පතක් නැති පවුල් කී දාහක් අවුරුදු දහස් ගනනක් තිස්සේ රටට බත සැපයූ පොළොන්නරු දිස්ත්‍රික්කයේ සිටීද? මීට කාලයකට ඉහත වගා ණය පියවාගන්න බැරිව බුරුතු පිටින් ගොවීන් වස බී මැරෙද්දී ඒ තත්වය ඇති කළ පාර්ලිමේන්තුවට විරුද්ධව, උන්ට ශාප කරමින් ඔබතුමා සමඟ පොල් ගහන්න ගිය පින්තූරයක් මීට ඉහත මා ඔබතුමාට එවා ඇත. ගොවිගම් දස දහස් ගනනකින් යුක්ත වූ ගොවි රජරට, පොළොන්නරුවේ ගොවින් අමතා පසුගියදා ඔබතුමා කීවේ, ඔබලා බඩගින්නේ තියන්න මං ඉඩ තියන්නේ නැහැ, මං කීයට හරි රටවල් පහකින් හාල් ගෙනැත් දෙනවා, යනුවෙනි. කෙතරම් ලැජ්ජා නැති කතාවක්ද?

මේ හාල් ගෙන්වීමෙන් හා බෙදාහැරීමෙන් පාර්ලිමේන්තුකාරයන් කොපමණ ගසා කනවද? කොපමණ මංකොල්ල කනවද? ඒ විදියට මංකොල්ල කන ගමන් නේද එදා

මෙදා පාර්ලිමේන්තුකාරයන් කොල්ල කෑ මහජන මුදල්, එවුන්ගෙන් අය කරගන්නේ නැතිව මහජනයාගෙන් බදු වැඩි කිරීමෙන් අය කරගන්න හදන්නේ. ඒ අතරේ මහජන මුදල් කෝටි 400ක් වැයකොට පළාත් පාලන මැතිවරණ පවත්වන්නේ එදා මෙදා උන් මුන් විසින් කරන ලද මහා මංකොල්ලකෑම් වසා ගන්නටත්, ඒ ගමන්ම තවත් ගම් මට්ටමේ හොරුන් මංකොල්ලකාරයන් පිරිසක් ඇති කරගන්නටත් නොවේ නම් වෙන මොනවටද?

එබැවින් ජනාධිපතිතුමනි, මේ පිළිබඳව සාවධානව හිතා බලන්න, වරක් මා ඔබතුමා කෘෂිකර්ම ඇමැති කාලයේ, ජාත්‍යන්තර ජාවාරම් කරුවන්ගේ ගසාකෑම් ගැන ඔබතුමාට කියා සිටි විට ඒ සඳහා ඔබතුමා දැක්වූ ප්‍රතිචාරය මට තවමත් මතකය. පොල්ගැසීමට යද්දී කී දේත් හොඳට මතකය. ඒ අනුව කල්පනා කිරීමේදී මා දැඩි ලෙස විශ්වාස කරන්නේ, ලෝක නින්දාවට පත්වී ඇති, ධර්මද්වීපයක් වූ මේ සිංහල අපේ රටට මහා හෙණපතයක් වී අති මේ දුෂ්ඨ දුර්දාන්ත පාලන ක්‍රමයට තිත තියන්න ඔබතුමාට ආත්ම ශක්තිය, ධෛර්ය හා දේශපාලනික විශ්වාසය ඇති බවයි.

එබැවින් ඒ සඳහා ගන්නා ප්‍රථම නිවැරදි, නිර්භීත පියවර විය යුත්තේ, රටවැසියන් දුකින් දුකටත්, පීඩාවෙන් පීඩාවටත් පත් කරන මේ ජනතා වංචා මැතිවරණය, වහාම නැවැත් වීමයි. පීඩාවට පත් වී ඇති ජනතාවගේත් මුදල් ගෙන ඒ මුදලින් තවත් හොරුන් පිරිසක් පත් කරන්නට තියන මේ මැතිවරණය වහාම අත් හිටු වීමයි.ඒ නිසා අඩුම වශයෙන් මහජනයාගෙන් මංකොල්ල කෑ ගසා කෑ මහා මුදල් කන්දරාව ආපසු මහා භාණ්ඩාගාරයට ගන්නා තුරුවත් මැතිවරණය කල් තැබීම ජනතා විරෝධී දූෂිත පාර්ලිමේන්තු පාලන ක්‍රමයට විරුද්ධව, කැකෑරෙමින් තිබෙන ජනතා කෝපාග්නිය සංසිඳවාලිම උදෙසා මේ අවස්ථාවේ දී ගතයුතු, ගත හැකි අතිශය ප්‍රඥාගෝචර නිර්භීත ක්‍රියාව වේ. පාර්ලිමේන්තුකාරයන් ඒ ගැන විරෝධය පාන්නේ නම්, ඔවුන් සියලුදෙනා විසින් කරන ලද ජාතික දේපල මංකොල්ල කෑම පිළිබඳව මේ රටේ සාමාන්‍ය නීතිය පරිදි ඔවුන් සියලු දෙනාම අත් අඩංගුවට ගෙන ඔවුන් පිළිබඳ නඩු විභාගය අවසන් වන තෙක් මේ රටේ ජනාධිපති පාලනයක් ස්ථාපිත කිරීම ජාතියේ ඉමහත් සතුටට හේතුවනු ඇත. එය ජනතාවගේ අවංක අව්‍යාජ අපේක්ෂාව වේ. ඒ සදහා එඩිතරව අභිතව, අදීනව, අව්‍යාජව ක්‍රියා කළ හොත් පොළොන්නරුවේ ගොවියා පිත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා, පොළොන්නරුව අගනුවර වන මේ සිංහල දේශයේ දෙවෙනි මහා පැරකුම්බා වශයෙන් විරුදාවලිය ලත් ජනේශ්වර ජනාධිපති වශයෙන් ඉතිහාස ගතවනු ඇත.

ගාල්ලේගේ පුන්යවර්ධන

දැන් රටේ ජනතාව සිටිනුයේ මැතිවරණය දෙස බලාගෙනය. එහෙත් ඔවුන් එසේ සිටියදී පසුගිය දිනවල සිදුවූ වැදගත් සිදුවීම් රැසක්‌ද විය. ඒ අතරින් බරපතළම කරුණක්‌ වූයේ එක්‌සත් ජාතීන්ගේ ඊනියා නියෝජිත පිරිසක්‌ යළිත් වරක්‌ ශ්‍රී ලංකාව අරබයා ප්‍රබල අතපෙවීමක්‌ සිදු කිරීමය.

මේ නියෝජිත පිරිස වූයේ දින එකොළහක නිල සංචාරයක්‌ සඳහා මෙරටට පැමිණි අත්තනෝමතික රඳවා ගැනීම් පිළබඳ එක්‌සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවය. මේ පිරිස ඊනියා නියෝජිත පිරිසක්‌ යෑයි අප හඳුන්වන්නේ ඇයි?

එසේ කීමට සිදුව තිබෙන්නේ ඓතිහාසික වෛරයකින් මෙන් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රියාත්මක වූ ඔවුන් මනීමරු ත්‍රස්‌තවාදී රැළක්‌ වෙනුවෙන් කඳුළු සලමින් පක්‍ෂග්‍රාහී ලෙස කටයුතු කරන අතරේ මෙරට සිංහල, දෙමළ ජාතික අසමගියක්‌ මතුවන පරිදි ප්‍රසිද්ධියේම පෙනි සිටි නිසාය.

පැහැදිලිවම කිවහොත් අත්තනෝමතික රඳවා ගැනීම් පිළිබඳ සොයන්නට ආ මොවුන් “එක්‌සත් ජාතීන්” කියන වදනටද නිගා දෙමින් මෙරට ගත කළ දින එකොළහ තුළම සිදු කළේ අත්තනෝමතික වැඩය. හිතුවක්‌කාරකම්ය. බලහත්කාරකම්ය. එහෙත් සියල්ල සිදු කෙරුණේ වත්මන් ආණ්‌ඩුවේ නිවටකමට ආවරණය වීමෙනි.

මේ පිරිස එක්‌සත් ජාතීන් නියෝජනය කළේ නම් සර්ව සාධාරණ විය යුතුය. පක්‍ෂග්‍රාහි නොවිය යුතුය. ඔවුන් අපට කියන අත්තනොමතිකභාවය ඔවුන් තුළ නොතිබිය යුතුය. එහෙත් මේ නියෝජිතයේ එසේ කටයුතු නොකළහ.

ඔවුන් මෙරටට පැමිණි දිනයේ සිට සිදු කළේ රටේ ඇති යුද හමුදා බුද්ධි බළකා කඳවුරුවලට මෙන්ම වෙනත් ආරක්‍ෂ අංශ කඳවුරුවලට කඩා පනිමින් එම කඳවුරුවල අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඇවිද ගොස්‌ මහා විමර්ශන සිදු කර ලූනු බිකක තරම් දෙයක්‌වත් සොයාගත නොහැකිව ආපසු යැමය.

එසේ කිසිවක්‌ සොයාගත නොහැකි වුවද ඉදිරියේදී මොවුන් ඉදිරිපත් කරන වාර්තා තුළින් ශ්‍රී ලංකාවට එරෙහිව සුපුරුදු ලෙස නොයෙකුත් චෝදනා නැගෙන්නට නම් බැරි නැත. එක්‌ අතකට බලන කල අද එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පක්‍ෂග්‍රාහී එකක්‌ බවට එක්‌සත් ජාතීන් තුළින්ම චෝදනා නැගෙද්දීත් ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය දෙස බලන විට මේ පිරිස මෙසේ කටයුතු කිරීමේ අරුමයක්‌ද නැත.

ලෝක සිතියමේ බලවත් මර්මස්‌ථානයක පිහිටි ශ්‍රී ලංකාව තම තමන්ගේ ජාත්‍යන්තර දේශපාලන දැක්‌මේදී ඔවුන්ට ඉතා වැදගත්ය. එනිසා මේ රට ශක්‌තිමත් වීම ඔවුන් රුස්‌සන්නේ නැත. ජාතික අසමගිය, දුප්පත්කම, අභ්‍යන්තර ගැටුම් ආදිය තුළ ශ්‍රී ලංකාව අරාජිකව තිබෙනු දැකීම ඔවුන්ගේ එකම අරමුණය.

එසේ නොවේ නම් යුද්ධය අවසන්ව අප ත්‍රස්‌තවාදය පරාජය කර වසර දහයකට ආසන්න කාලයක්‌ ගතවී තිබියදීත් අදටත් මොවුන් එක්‌සත් ජාතීන්ට මුවා වී අපට කෙනහිලිකම් කරමින් කොටින්ට හා බෙදුම්වාදයට පණදෙන්නට වෙහෙසෙන්නේ වෙන මොන අහවල් කෙංගෙඩියකටද?

මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ අත්තනෝමතික ලෙස හමුදා කඳවුරුවලට කඩා වැදුණු එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ඒ අතරතුර අත්අඩංගුවට ගත් දරුණු කොටි ත්‍රස්‌තවාදීන් රඳවා සිටින බන්ධනාගාර වෙතද ගියහ.

එසේ ගියේ බන්ධනාගාරවල රඳවා කොටින්ගේ සුවදුක්‌ විමසා කඳුළු පිසින්නටය. අත්නෝමතික රරඳවා ගැනීම් සොයන්නට පැමිණි ඔවුන් එසේ කොටි ත්‍රස්‌තවාදීන් සිටි සිරකුටි වෙත ගියද යහපාලනය පැමිණීමෙන් පසුව විවිධ කතා කියමින් අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින හමුදා සාමාජිකයන් බැලීමට නම් නිකමටවත් නොගියේය.

ඔවුන්ගේ එකම අරමුණ වී තිබුණේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ තත්ත්වය කුමක්‌දැයි සොයා බලමින් මේ කොටි ත්‍රස්‌තයන්ට නිදහස හිමි කර දීම සඳහා රජයට බලපෑම් කිරීමය. රට පුරා බෝම්බ අටවමින් අමු අමුවේ මිනිස්‌ ඝාතන සිදු කළ ඔවුන්ට අනුව ලෝකයේ තිබූ දරුණුම ත්‍රස්‌තවාදී සංවිධානයේ සිටි ත්‍රස්‌වාදීන්ට අද එක්‌සත් ජාතීන් මෙසේ කරුණාව දක්‌වන්නේ කුමක්‌ නිසාද?

එසේ සිදු කරන්නේ මෙහි ඉහතින් සඳහන් කළ කුහක අරමුණ නිසා නොවන්නේද? අවසානයේ මෙසේ රට වටේ ගිය එක්‌සත් ජාතින්ගේ නියෝජිත පිරිස ඉකුත් සිකුරාදා තමන් කළ සොයා බැලීම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක්‌ කැඳවූහ.

එක්‌සත් ජාතීන්ගේ පමණක්‌ නොව, අත්තනෝමතික රඳවා ගැනීම් පිළිබඳ සොයන්නට මෙරටට පැමිණ කොටින්ට කඩේ ගිය මේ යූඑන් නඩයේ කෙරුවාවේ තරම ලොක්‌යටම හෙළි වූයේ මේ මාධ්‍ය හමුව අතරතුරදීය.

මේ පිරිස විමර්ශනයක්‌ සඳහා ශ්‍රී ලංකාවට එන බව ප්‍රකාශ වූ දින පටන් ඔවුන් හමුවී විශේෂිත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමට සූදානම් වූ පිරිසක්‌ ද රටේ වූහ. ඒ වැල්ලවත්තේ තරුණයන් පස්‌ දෙනකු ඇතුළු පුද්ගලයක්‌ එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගිය බව පවසමින් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින නාවික හමුදා බුද්ධි අංශයේ රාජකාරි කළ කමාණ්‌ඩර් ඩීකේපී දසානයකගේ බිරිඳ ඇතුළු දරුවන් සහ කමාණ්‌ඩර් සුමිත් රණසිංහගේ දරුවන් දෙදෙනාය.

මේ නාවික විරුවන් පිරිස අත්අඩංගුවට ගෙන මේ වන විට මාස ගණනාවක්‌ ඉක්‌ම ගොස්‌ ඇත. එහෙත් මේ දක්‌වා ඔවුන්ට එරෙහිව සැකය මිස පැහැදිලි චෝදනා එල්ල වී නොතිබීම නිසාම කමාණ්‌ඩර් දසනායකගේ බිරිඳ ඇතුළු දරුවෝ මෙසේ තමන්ට සිදුව ඇති අසාධාරණය එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට ලිතව ඉදිරිපත් කරන්නට සූදානම් වූහ.

ඒ අනුව මේ නියොජිත පිරිස මෙරටට පැමිණි දිනයේ සිට කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයට අදාළ ඊමේල් ලිපිනය ඔස්‌සේ එහි නිලධාරීන් සමඟ සම්බන්ධ වු ඔවුන් තමන්ට අදාළ නියෝජිත පිරිස හමුවීමට අවස්‌ථාවක්‌ ලබා දෙන ලෙස ඉල්ලිම් කළේය. එහෙත් එහිදී ඔවුන්ට එක්‌සත් ජාතින්ගේ කොළඹ කාර්යාලයෙන් පවසා තිබුණේ එම නියෝජිතයන් හමුවීමට ඉඩක්‌ ලබා දිය නොහැකි නිසා අවශ්‍ය නම් ඉදිරිපත් කිරීමට ඇති පැමිණිල්ල ඊමේල් මගින් යොමු කරන ලෙසය. ඔවුන් කී ලෙසම, මේ රණවිරු බිරිඳ හා දරුවන් පැමිණිල්ල ඊමේල් කළේය. එය සිදු වන්නේ අදාළ නියොsජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණි විගසමය.

එහෙත් එසේ පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබියදීත් එම නියෝජිතයන් නිකමටවත් මේ නාවික විරුවන් පිරිසට සිදුව ඇති අවනඩුව බලන්නට ඔවුන් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයට නොගියේය. එක්‌සත් ජාතීන්ගේ හා අදාළ නියෝජිත පිරිසේ නිරුවත ලොවට හෙළිවීමේ කතාව ඇරඹෙන්නේ එතැනිනි.

“ඔව්. අපි පැමිණිල්ල කොළඹ යූ. එන්. කාර්යාලයට යෑව්වට ඔවුන් නිකමටවත් ඩීකේපී දසනායක, සුමිත් රණිසංහ ඇතුළු නාවික හමුදා නිලධාරීන් පිරිස බලන්න ගියේ නැහැ. පස්‌සේ අපිට ආරංචි වුණා මේ නියෝජිත පිරිස මාධ්‍ය හමුවක්‌ කැඳවල කියලා.

“අපි ගියා අපේ පැමිණිල්ලත් අරගෙන එතනට. ඒක තිබුණේ බීඑම්අයිසීඑච් එකේ. අපි යනකොට එතන දෙමළ තරුණියක්‌ හිටියා. අපි එයාට අපේ වුවමනාව කිව්වහම ඕක මට දෙන්න මම නියෝජිතයන්ට පැමිණිල්ල භාර දෙන්නම් කියලා ඇය කිව්වා.

“ඒකට අපි කැමති වුණේ නැහැ. පස්‌සේ මාධ්‍ය සාක්‌ච්චඡාවට පෙර නියෝජිත පිරිස රැඳී සිටිය කාමරයෙන් එළියට ආපු තවත් දෙමළ තරුණියක්‌ අපේ පැමිණිල්ල තමන්ට දෙන්න කියල කිව්වා. අප ඒකත් ප්‍රතික්‍ෂෙප කළා.

මේ අතරෙදී අප හිටපු තැනට ආව දෙමළ මාධ්‍යවේදිනියක්‌ අපේ පැමිණිල්ල ඇයට දෙන්න කියලා ඉල්ලා සිටිය. එවෙලේ මා ඇයට කිව්වා අප ආවේ නියෝජිත පිරිස හමුවන්න කියලා. මම එහෙම කිව්ව විතරයි මේ මාධ්‍යවේදිනිය ඉතාම පහත් විදිහට අපට කතාකරන්න පටන් ගත්තා. ඇය විවිධ කතා කිව්වා.

මේ අතරේ එතන හිටපු ආරක්‍ෂක නිලධාරීන් පිරිසක්‌ ඇවිත් මාවයි, දරුවෝ දෙන්නයි, කමාණ්‌ඩර් සුමිත් රණසිංහගේ දරුවන්වයි නියෝජිත පිරිස රැඳී සිටි ශාලාවෙන් එළියට දැම්මා. සුමිත්ගේ බිරිඳ රෝගීව රෝහල්ගතව සිටින නිසා ඇයට මේ අවස්‌ථථාවට එන්න බැරි වුණා.

එහෙම එළියට දැම්මට පස්‌සේ මාධ්‍ය සාකච්ඡාව අවසන් වෙලා නියෝජිත පිරිස එළියට එනකොට අපේ පැමිණිල්ල ඉදිරිපත් කරන අදහසින් මායි දරුවොයි එම ස්‌ථානයේ රැඳී සිටියා. ඒත් ඔවුන් අවේ නැහැ. කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයෙක්‌ ඇවිත් අපට කිව්වා අපේ පැමිණිල්ල භාර ගන්න බැහැ කියලා.

මුලින්ම අපෙන් ඇහුව ප්‍රශ්නය තමයි අපි ඉදිරිපත් කරන්නේ එලිටීටීඊ එක ගැන පැමිණිල්ලක්‌ද කියන එක. එහෙම එකක්‌ නෙවේ කිව්ව තැන ඉඳන් තමයි මේ සියල්ල සිද්ධ වුණේ. ඔවුන් පැමිණිල්ල භාර ගැනීමට බැහැ කිව්ව නිසා පස්‌සේ මගේ දුව එය මාධ්‍ය හමුව පැවත්වෙන කාමරයට රැගෙන ගොස්‌ ඔවුන්ට ලබා දෙන්න උත්සාහ කළා. එවිට ආරක්‍ෂක අංශයේ පිරිස ඇතුළට යන්න දෙන්න බැහැ කියලා දුවව ඉවත් කළා. ඔන්න ඔය ටික තමයි එදා එතනදී සිදු වුණේ.

මේ මාධ්‍ය හමුවේදී එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස සහ අනෙකුත් නිලධාරීන් හැසිරුණු ආකාරය එසේ අපට හෙළි කළේ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩීකේපී දසනායක මහතාගේ බිරිඳය. දසනායක මහතාගේ දියණිය මාධ්‍ය අමතමින් තමන්ට සිදුවූ අසාධාරණය ලොවට කියන්නේ මේ අවස්‌ථාවේදීය. එහිදී එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් තමන්ගේ පියා සිරගත වීම පිළිබඳ සතුට ප්‍රකාශ කළ බවක්‌ද මේ දියණිය පැවසුවාය.

ඒ හමුවේ බෙන් එමර්සන්ගෙන් අහන්නට අපටද ප්‍රශන්යක්‌ ඇත. ඒ අනේ මහත්යෝ ලෝකයට අමූලික බොරු කියා ඉරාකයටයි ලිබියාවටයි ගහලා සදාම් හුසේන්වයි, ගඩාබිවයි අමු අමුවේ මරපු උන්ව සිරගත කරනු දැකීම තමන්ගේ ආශාව කියන්නට ඔය ඇට නැති නොසෙල්වෙන්නේ ඇයිද කියාය.

එසේම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් අල් හුසේන් මහත්තයෝ, මෙවර ලංකාවට පැමිණි එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිසේ කෙරුවාව තිබුණේ මෙතැන නම් අපට ඔබෙන් අසන්නට ඇත්තේ මානව හිමිකම් කඩතුරාවට මුවා වී කෝටි දෙකක්‌ ඉක්‌මවූ සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ට නුඹලා යළිත් ලේ කඳුළු උරුම කර දෙන්නේ කවදාද?

රණවිරුවන් පසෙක තබා පක්‍ෂග්‍රාහිව කොටි සිරකරුවන් බලන්නට ගිය මේ නියෝජිත පිරිස අවසානයට කීවේ ඔවුන්ගේ පුද්ගලික නිදහසට බලධාරීන් ගරු කර නැති බවකි. අනේ මහත්වරුනි, නුඹලා මේ අපට කියන්නේ ජාතියට බෝම්බ ගහපු එවුන් ඉදිරියට ගොස්‌ කරේ ලේන්සුව අතට ගෙන කාණුවට බැහැපන් කියාද?

සමන් ගමගේ

Top