ඒකාබද්ධ විපක්‍ෂය (පොහොට්ටුව) හා මෛත්‍රිපාල කල්ලිය අතර සාකච්ඡා අවසන් වී ඇති බවක් පෙනෙනවා. මේ සාකච්ඡා කෙරුණේ රට ජාතිය ආගම ගැන හිතාගෙන නොව බලය හා හුදෙක් බලය  පමණක් ගැන සිතාගෙන. සාකච්ඡා  ජාතිකත්වයක් මත කළ යුතු යැයි අප කිහිප දෙනකු කියා සිටි නමුත් එය සාර්ථක වූයේ නැහැ. මා එසේ කියා ඇත්තේ කොහේ ද කියා ජනමාධ්‍ය පරිහරණය කරන පඬියකු අහන්න පුළුවන්. මේ ලිපි කියවන කිහිප දෙනා නම් එසේ කියා ඇත්තේ කොතැන ද කියා දන්නවා ඇති. අප මුල සිට ම, රනිල් අගමැති වූ කාලයේ සිට ම, කීවේ රනිල් අගමැති කමෙන් ඉවත් කර මහින්ද අගමැති ලෙස පත්කරන ලෙස. ඒ මේ පළාත් පාලන ආයතන මැතිවරණවලට බොහෝ කලින්.

අද මෙරට ජාතික ව්‍යාපාරයේ ප්‍රශ්නයක් වී ඇත්තේ එහි අති විශාල බහුතරය 2009න් පසු, නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු, ජාතික ව්‍යාපාරයට එක් වූ අය වීම. එය තරුණයන්ට මෙන් ම හැට පිරුණු බොහෝ දෙනාටත් පොදුයි. හැට පිරුණු අයත් දැන් ක්‍රියා කරන්නේ රූපවාහිනී මාධ්‍යයට අනුව. ළඟදී ම ඩ්‍රීම් ස්ටාර් මෙන් ම ඕවර් සික්ස්ටි වැඩ සටහනකුත් ප්‍රචාරය වෙන්න නියමිතයි. මේ වැඩ සටහන්වලට දෙන්නෙත් ඉංගිරිසි නම්. ඒ අපේ දේ රැක ගැනීමට වෙන්න ඕන. මේ එක් අයකුවත් අර දෙසැම්බර් හතර හා අට ඇති වන්නේ යැයි කී කුණාටුව නාවෙ මොක ද කියලා ප්‍රශ්න කළේ නැහැ. බටහිර විද්‍යාව කට ගා ගැනීමටවත් නොහැකි වූ අය අපට කාලගුණ විද්‍යාව උගන්වන්න එනවා. අඩු තරමෙන් ඉතාමත් මූලික කොරියෝලිස් බලය හා බර්නූලි සමීකරණය ගැනවත් ඔවුන් දන්නවා ද? ඔවුන් දන්නේ ජාත්‍යන්තර නිවේදන අනාවැකි කියවන්න කියා කීමට පමණයි. ජාත්‍යන්තර ප්‍රමිතියට ප්‍රවෘත්ති කියන අය වෙන මොනවා කරන්න ද? මා නම් ඊනියා ජාත්‍යන්තර ප්‍රමිතීන් තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. පැහැදිලි ව ම චන්ද්‍රිකා ඡායාරූප අනුව කුණාටුවක් ලංකාව හා ඉන්දියාව පැත්තට එමින් තිබුණා. එහෙත් ඇයි නාවෙ කියා ඇහුවෙ නැහැ. මා නම් විද්‍යාඥයකු නො වෙයි. නිව්ටන්වත් දැක නැති අදෘශ්‍යමාන ගුරුත්වාකර්ෂණය නොව බුදුහාමුදුරුවන් දේශනා කර ඇති දෙවියන් (දෙවියන් වහන්සේ නො වෙයි) මට විශ්වාසයි.

කොහොමටත් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ජාතික ව්‍යාපාරයට එකතු වූ බහුතරය ඉන් පෙර සිදු වූ බොහෝ දේ ගැන දන්නේ නැහැ. ඔවුන්ට ඒ දැනගන්න වුවමනාවකුත් නැහැ. ඔවුන් සියල්ල දත් අය. නන්දිකඩාල් ජයග්‍රහණය තමයි මහින්දගේ වැටීමේ ආරම්භය. ඉන්පසු ඔහු වටා එකතු වූයේ ජාතිකත්වයක් නැති ඊනියා ජාතිකවාදීන්. බටහිරයන් ද ඔහු වැට්ටවීමට නොයෙකුත් දේ කළා. එහෙත් 2010 ජනාධිපතිවරණයෙන් ඔහු විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඉන්පසු ඔහු ජාතිකවාදීන්ගෙන් ඈත් වුණා. මේ ක්‍රියා දාමය ගැන ඉඩක් තිබුණොත් පසුව විස්තරාත්මක ව කියන්නම්. රාජපක්‍ෂ රෙජිමය ඉවත් කිරීමට බටහිරයන් කටයුතු කළා. එවකට එක්සත් රාජ්‍යවල රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ලිපියකින් හෙළිදරවු වුණා ඔවුන් රාජපක්‍ෂ රෙජිමය ඉවත් කිරීමට මුදල් වියදම් කළ බව. ජෝන් කෙරී 2015 සිංහල අවුරුද්දට, මෛත්‍රිපාල ජනාධිපති වීමෙන් පසු සුබ පැතුමක් ද එව්වා. ඒ ගැන මා ඒ දිනවල ලිව්ව බව මතකයි. මහින්ද තම අතින් ම වළ කපා ගත්ත අයකු ලෙස ඉතිහාසයට එක්වේවි. ඔහු දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමට තම මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නා. එයට විරුද්ධ වූයේ සරත් වීරසේකර පමණයි. ජානක බණ්ඩාර ඡන්දය දීමෙන් වැළකුණා. ජානක අද එතරම් දේශපාලනයක් කරන්නේ නැහැ. සරත් අම්පාරෙන් පැරදුණා. සරත් පරාජය කළ ම එ පෙරමුණේ ශ්‍රියානි විජේවික්‍රම දැන් මෛත්‍රිපාලට සහාය දෙනවා.

මහින්දට නැවත ජනාධිපති වීමට නීතියෙන් නොහැකි යැයි සිතූ පිරිසක් ගෝඨාභය එතැනට තල්ලු කිරීමට උත්සාහ කළා. ඒ පසුපස ජනමාධ්‍ය ප්‍රධානීන් ද සිටියා. ඒ අතර පළාත් පාලන ආයතන මැතිවරණ කලබලය ආවා. ඊනියා මැතිවරණ ගිවිසුම් පක්‍ෂ දෙදරීම් වාර්තා වුණා, දෙමළ පක්‍ෂ ද තාවකාලිකව නමුත් කැඩිලා. ඒකාබද්ධ විපක්‍ෂය හා මෛත්‍රිපාල කල්ලිය සමගි කිරීමේ වෑයමක් ද දැක්කා. එයට කලින් ගෝඨාභයට හිතවත් අය මෛත්‍රිපාල එක්ක එකතු වීමට කුටු කුටු ගෑවා. ඒ අතර බැසිල් විරෝධීන් ද සිටියා. විමල්ගේ පක්‍ෂය කැඩුණා. විමල්ට යන එන මං නැහැ. බැසිල්ට ජාතිකත්වයක් නැහැ. එහෙත් ඔහු පක්‍ෂයක් සංවිධානය කළා. ගම්මන්පිළ ලෙන් දොර වහගෙන ද කොහෙ ද. මැතිවරණයට සහභාගි වුවන් මරා දැමූ ජ වි පෙරමුණට මැතිවරණවලට ඉදිරිපත් වීමට සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔවුන්ගේ කසිකබල් මාක්ස්වාදය නම් කිසි දිනෙක වලංගු වී නැහැ.  එය කල් ඉකුත් වූවක් නො වෙයි. වලංගු සහතිකයක් නැති මාක්ස්ගේ පට්ටම පට්ට පල් බොරුවක් පමණයි.

ඒකාබද්ධ විපක්‍ෂය ( පොහොටටුව) හා මෛත්‍රිපාල කල්ලිය එකතු වීම ගැන මත තුනක් තිබුණා. එක් කොටසක් සම්පූර්ණයෙන් ම විරුද්ධ වුණා. ඔවුන් කීවේ රැ වැටුණු වළේ දවල් වැටෙන්න බැහැ කියා. තවත් කොටසක් කියා හිටියේ මැතිවරණ ගිවිසුමක් මත එකඟත්වයකට පැමිණිය යුතු බව. තවත් ඉතා කුඩා පිරිසක් ජාතිකත්ව න්‍යාය පත්‍රයකට එකඟ ව සමගි විය යුතු ය යන අදහස දැරුවා. ඒ සඳහා යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කෙරුණා. ඒ යෝජනා ඉදිරිපත් වුණේ කෙසේ ද කියා බොහෝ දෙනා දන්නේ නැහැ. එහෙත් අවසානයේ දී ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ගෙ කියා යෝජනා තුනක් ඉදිරිපත් වුණා. මේ යෝජනාවලට ගෝඨාභයගේ පමණක් නොව බැසිල්ගේ ද එකඟත්වයක් තිබුණා. එහෙත් කොළපාට සමාජය ලියූ චන්ද්‍රප්‍රේම වැන්නන් සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ තම දේශපාලන තීරුව මගින් කියා සිටියේ ජාතිකත්ව න්‍යාය පත්‍ර මැතිවරණයකට හරි නොයන බව. එහෙත් ඒ යෝජනා තුන වටා ආසන බෙදා ගැනීම පිළිබඳ ගිවිසුමක් ඇති කර ගැනීමට ඉඩ තිබුණා.

ඒ අතර යුග පෙරළි කාරයන් ද කඩා පැන්නා. දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති මේ අය සමගි සාකච්ඡා මෙහෙයවීම තම අතට ගත්තා. ඒ සමගි කිරීම සඳහා ද? ජාතික න්‍යාය පත්‍රයක් වටා කෙරෙන සමගියකට චන්ද්‍රප්‍රේම වැන්නන් මෙන් ම මෛත්‍රිපාල ද කැමති නැහැ. එයට රෝ ඔත්තු සේවයත් කැමති නැහැ. මෛත්‍රිපාල ඒ ජාතික න්‍යාය පත්‍රයට එකඟ වුණා නම් සමගියක් ඇති වන්න තිබුණා. එහෙත් ඔහුට එසේ කිරීමට ශක්තියක් නැහැ. නව  ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ප්‍රතික්‍ෂෙප කිරීමට ඔහුට විදේශීය බලවේග ඉඩ දෙන්නේ නැහැ. ඔහු අද ඒ බලවේගවල හිරකරුවෙක්. ඔහුට තිබුණා ජාතික න්‍යාය පත්‍රයක් මත එකඟ වී රනිල් අගමැති ධුරයෙන් ඉවත් කර වෙනත් ආණ්ඩුවක් පිහිටුවන්න. එහෙත් ඔහුට ඒ සඳහා ශක්තියක් නැහැ.

මේ අතර ශ්‍රියානි විජේවික්‍රම මෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ තවත් කිහිප දෙනකු මෛත්‍රිපාලට සහාය දේවි. එහෙත් එයින් මැතිවරණයට විශාල බලපෑමක් ඇති වන්නේ නැහැ. මැතිවරණයෙන් පසුව තේරේවි සිංහලයන්ට නායකත්වයක් නැති බවත් නන්දිකඩාල් ජයග්‍රහණය දැන් අපේ අවාසියට හැරී තිබෙන බවත්.

පිටුවේ සංස්කාරකවරු
2017 දෙසැම්බර් 11

___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-11

Published on: Dec 11, 2017 – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්7 දෙනෙකු ඉදිරි දින කිහිපය තුලදි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්විමට මේ වනවිට කැමැත්ත පලකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මේ අතර මහින්ද පිළේ ප්‍රබලම මෙන්ම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුද එම කණ්ඩායමේ සිටින අතර ඔහුන් දෙදෙනාම බලවත් කැබිනට් අමාත්‍යධුර දෙකක් මේ වනවිට ඉල්ලා ඇති අතර එම කැබිනට් අමාත්‍යධුර ලබාදිමට ජනාධිපතිවරයා එකග වන්නේ නම් තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද මෛත්‍රී පිළට එකතු කිරිම සදහා පොරොන්දුවක්ද ලබාදි තිබේ.

අදාළ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනාම මහින්ද් රාජපක්ෂ ආණ්ඩුව සමයේද ප්‍රබල අමාත්‍යධුරයන් දැරු අය වන අතර මේ වනවිට ඉල්ලා ඇති අමාත්‍යධුර දෙකම දරණ්නේ එජාපයේ ප්‍රබලයන් දෙදෙනෙකු විසිනි.

අදාළ ආමාත්‍යධුර දෙක ලබාදිමට හැකිවක් ඇද්ද යන්න ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් සමග මෙන්ම ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂය සමගද සාකච්ඡා කිරිමට මේ වනවිට කටයුතු සිදුවෙමින් පවතින බවද අප වාර්තාකරු අනාවරණය කලා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිගාමඬුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රනි ශි‍්‍රයානී විජේවික‍්‍රම මහත්මිය ඊයේ (10) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්වු අතර තමන් සමග එකතු වන්නන්ට ආණ්ඩුවේ බලතල ලබාදිමට තමන් සුදානම් වුවත් කිසිම අවස්ථාවක මුදල් ලබාදිමට තමන් සුදානම් නොමැති බවයි එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විජේවික‍්‍රම මහත්මියට පවසා ඇත්තේ.

Published on: Dec 11, 2017 – පළාත් පාලන මැතිවරණයට පෙර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පවරා ගන්නා ලෙසට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාට යෝජනා කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

රාජපක්ෂ පාලනයේ දී සිදු වූ බවට චෝදනා එල්ලව පැමිණිළි ලැබී ඇති පරීක්ෂණ කඩිනමින් සිදු නොවීම සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සාගල රත්නායක මහතාට දිගින් දිගටම එල්ලවු චෝදනා එම අමාත්‍යාංශය පවරා ගන්නා ලෙසට දෙපාර්ශවයේම ඉල්ලා සිටිමට මුලික හෙතුව වි තිබේ.

මැතිවරණ සමයේ පොලිසිය මෙහෙයවිම නිවැරදිම සිදුකිරිමට වත්මන් අමාත්‍යවරයා අසමත් වනු ඇති බවත් ඊට ප්‍රධානම හේතුව සාගල අමාත්‍යවරයා සමග විවිධ කණ්ඩායම් පවත්වාගෙන සමීප සබඳතාවයන් බවද ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි තිබේ.

මිට අමතරව පොලිස්සියේ සහ FCID වැනි ආයතන ප්‍රධානින්ගේන්ද ජනපතිට මෙම යෝජනාවම යොමුවි තිබේන බවද අප මීට පෙර අනාවරණය කලා.

මේ අතර පසුගියදා මෛත්‍රී පාලනයට එක්වු වීරකුමාර දිසානායක මහතාට නීතිය හා සාමය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟත්වය පළකර තිබුනද දිසානායක මහතා තමන්ට එම අමාත්‍යධුරයේ වගකිම් දැරිමට හැකියාවක් නොමැති බව පවසා තිබේ.ඒ අනුව ඉදිරි දින කිහිපය තුලදි වීරකුමාර දිසානායක මහතා බොහෝවිට පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දිමට නියමිතයි.

http://198.211.112.164/archives/16476

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර පැවැති සියලුම සාකච්ඡා අසාර්ථක අඩියකට පැමිණ් ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.දේපාර්ශවයෙම මන්ත්‍රීවරුන් අතර විවිධ සාකච්ඡා පැවැතියද ප්‍රධාන පාර්ශ්වයන් දෙක වෙන වෙනම තරග කිරිම සදහා තින්දුවක් මේ වනවිට ගෙන අවසන් බවයි දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සිය නාම යෝජනා පත්‍ර සකස් කිරිම අවසන් කිරිමට තින්දු කර ඇති අතර ඒකාබද්ධයේ නාමයෝජනා සකස් කිරිමද මේ වනවිට අවසන් වටයට පැමිණ ඇති බවයි එහි ප්‍රකාශයෙකු සදහන් කළේ.

මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අතර ඇතිකරගත් සම්මුතිවාදී ආණ්‌ඩු ගිවිසුම ලබන 31 වැනිදායින් පසුව තවත් වසර දෙකකින් දීර්ඝ කර ගැනීමට දේපාර්ශවයම සූදානම් වන බව වාර්තා වේ. කෙසේ වෙතත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා සාමාජිකයන් බහුතරයකගේ මතය වී ඇත්තේ සම්මුතිවාදී ආණ්‌ඩුව ලබන 31 වැනිදායින් නිමා කළ යුතු බවයි.

කෙසේවෙතත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂක ලෙස ජයග්‍රහණය කරවීම සඳහා පසුගිය ආණ්‌ඩුවෙන් ඉවත්ව පැමිණි වත්මන් ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක්‌ මෙම ගිවිසුම දීර්ඝ කිරීම සඳහා මැදිහත්ව සිටින බව ද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන මැති ඇමැතිවරු පිරිසක් අතරේ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

වත්මන් ජාතික ආණ්ඩුවට වසර දෙකක් ගතවීමෙන් අනතුරුව ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් මීට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දුන් බවත් මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වනතුරු ආණ්ඩුවේ සිටින ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් එම අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම නිසා දෙසැම්බර් 31 වැනිදායින් පසුව මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ යළි සාකච්ඡා කරන බවත් ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවත් එම අමාත්‍යවරයා සඳහන් කෙළේය. පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මාසයේ පැවැත්වෙන නිසා ඊට පෙර හෝ පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජේ‍යෂ්ඨ කැබිනට් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කලක් මුළුල්ලේ අයථා ලෙස මාසික වැටුප් සහ දීමනා ඇතුළු වරප්‍රසාද ලබා ගනිමින් රටවෙනුන් කැපවිම් කල හමුදා සෙබළුන්ගේ පඩිපත හුරාකමින් රටෙ ජනතාවගේ මුදල් රුපියල් ලක්ෂ 19400කට අධික මුදලක් කාබාසීනියා කල කලාකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් FCIDයේ පරික්ෂණ ආරම්භ විමත් සමග ඇතැම් කලාකරුවන් සිය නිරුවත රට හමුවේ ප්‍රදර්ශනය කිරිම ආරම්භ කර තිබේ.

සේනක විජේසිංහ,අර්ජුන කමලනාත් සහ ක්‍රිෂාන් එරන්ද ,අර්ජුන කමලනාත්ගේ බිරිය වන අමීෂා පෙරේරා,සේනානායක වේරලියද්ද,රොජර් සෙනෙවිරත්න,ඕෂදී හේවාමද්දුම,රජිත හිරාන්(පිං පොං),ප්‍රියංකර පෙරේරා සහ ගයේෂා පෙරේරා ඇතුලු පීරිසක් මෙම කල්ලියේ සිටින අතර අර්ජුන කමලනාත් සිය Facebook හරහා විඩියෝවක් එකතු කරමින් තමන් පඩිගත් බවත් අහිංසක රණවිරුවන්ගේ පඩිය හොරා කෑම පිළිබඳව සාධාරණය කිරිමක්ද කිරිමට උත්සහ දරා තිබේ.

එම විඩියෝව හරහා කමලනාත් යමක් කීමට උත්සහ කරන අතර පසුගිය රජය සමයේ කලාකරුවන් කඩේ යවමින් ඔහුන්ට හමුදාවේ පඩි අහ වරප්‍රසාද ලබාදිම් පසුපස මේ වනවිට කූජිත වි සිටින හෙළ උරුමයට පවා කරුමයක් වු අතුරලියේ රතන හිමියන් සිටින බවයි.

මාසයක් තිස්සේ මහන්සි වෙමින් ලබන තමන්ගේ පඩිපතෙන් පවා ආණ්ඩුවට බදු ගෙවමින් ඇතැම් විට ආයත පිටින් සිය පඩිපත එවකට යුද සමයේ රටවෙනුන් සිය ජිවිත පුජාවෙන් කටයුතු කල රණවිරුවාට පුජා කරද්දී දැන දැනම් හමුදාවේම පඩියක් ගත් කලාකරුවන් කොටි ත්‍රස්තවාදීටද අන්ත නොවන්නේද?

අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය අදට ( දෙසැ 09 ) යෙදී තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ( TISL ) ආයතනයද මහජනතාව සමග අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය සැමරීමට සූදානමින් සිටිති.ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් වැඩසටහන් පිළිබද මාධ්‍ය ප්‍රකාශිකාව බවට පත්ව සිටින්නේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය තුළ මිලියනයක දූෂණයක යෙදුන බවට පසුගියදා බරපතල ලෙස චෝදනාවට ලක්වූ කළමනාකාරිනියක වන ශෂී ද මැල්ය.

යුරෝපා සංගම් ( EU )මූල්‍යාධාර යටතේ PAFERAL හා CAFFE සංවිධාන සමග එක්ව මහජනතාව වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ( TISL )වෙත ලබාදීතිබූ විදේශ ආධාරවලින් රු. ලක්ෂ 11 ක මුදලක් අවභාවිත කරඇති බවට එල්ලවී තිබූ චෝදනාව විශේෂ විගණනයකදී සනාථවී ඇතැයි දැනගන්නට තිබේ.

යුරෝපා සංගමය මීට මාස කිහිපයකට පෙර මෙම විශේෂ විගණනය සිදුකර ඇත්තේ KPMG නමැති අන්තර්ජාතිත විගණන සමාගමේ විශේෂ නියෝජිතයෙකු සම්බන්ධ කරගනිමිනි. අධ්‍යක්ෂ මණ්ඩලයක් එවැනි අක්‍රමිකතාවයක් ගැන ක්‍රියාත්මක නොවී එය වසන් කිරීම ගැන යුරෝපා සංගම් නියෝජිතයින්ගේ මවිතය පළවී ඇති බවක්ද අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.ඒ අනුව තවදුරටත් යුරෝපා සංගම් ආධාර ලබා නොදීමේ තීරණයක ඔවුන් පසුවන බවද දැනගන්නට තිබේ.

මෙම දූෂණය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වසන් කිරීම MFA නොර්වේ ආධාර කණ්ඩායමටද මීට පෙර බරපතල ගැටලුවක් වී තිබිණි. ඉදිරි වසර සදහා MFA නොර්වේ අරමුදල් ලබාදීමටනම් මෙම චෝදනා පිළිබද විමසීමට ට්‍රාන්ස්පේරන්සි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වහාම හමුවීමට අවශ්‍ය බව නෝර්වේ ආධාර කණ්ඩායම් ප්‍රධානියා විසින් විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකරට දැනුම්දී තිබූ බවක්ද වාර්තාවිණි.TISL විධායක අධ්‍යක්ෂකට එරෙහිව චෝදනා එල්ලවීමෙන් පසු එම දූෂණ වසන්කර ගැනීමට හැකිවන ආකාරයට ආයතනයේ එතෙක් පැවැති මෙහෙයුම් මාර්ගෝපදේශ සංග්‍රහය( TISL Operation Manual- 2012 ) වෙනස්කර නව Operation Manual ක් සම්පාදනය කර ඇති බවට එල්ලවී තිබෙන චෝදනාව ගැනද නෝර්වේ ආධාර කණ්ඩායමේ විශේෂ අවධානයට යොමුවී තිබූබව පැවසේ.දූෂණ නීත්‍යානුකූල කෙරෙන මෙම නව Operation Manual ය ලක්ෂාන් ඩයස් මහතාගේ සභාපතිත්වයෙන්යුත් TISL අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇත්තේ 2016 නොවැම්බර් මාසයේය. ආධාර කණ්ඩායම් ප්‍රධානියා TISL වෙත පැමිණ සිදුකළ සාකච්ඡාවට අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිවෙකු සහභාගී නොවීමද එම ආධාර කණ්ඩායමේ නොසතුටට හේතුවී ඇත.

Image: Vasula Dharmasena owner of the Market Guru Production House with his linkage to the TISL

මෙම අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූයේ ශෂි ද මැල් නැමැති නිලධාරිනියකටය. ඒ ගැන විමර්ශන සිදුකරන ලෙස ඉල්ලමින් සංවිධානයේ සාමාජිකයින් සහ විවිධ මට්ටමේ දූෂණ විරෝධීන් TISL හි එවකට සභාපතිවරයාවූ ලක්ෂාන් ඩයස් වෙත ඉදිරිපත් කළ ලිපි සහ පැමිණිළි රැසක් තවමත් ” ට්‍රාන්ස්පේරන්සි දූෂණ ” පිළිබද සෙවූ සැනින් අන්තර්ජාලයේ මතුවෙමින් තිබේ. එම දූෂණය ගැන වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඉදිරිපත්කළ තොරතුරු අයදුම්පත් (RTI) කිසිවකට TISL ආයතනය පිළිතුරු නොදුන්බව එම ක්‍රියාකාරීන්ගේ දැඩි චෝදනාවක් වී තිබේ.

රුපියල් ලක්ෂයකින් නිමකළහැකි ඇනිමේෂනයක් වෙනුවෙන් , ආයතනයේ මිලදී ගැනිම් හා ටෙන්ඩර් පටිපාටි සියල්ල උල්ලංඝනය කරමින් සිය පෙම්වතාට ලක්ෂ 11 ක් ගෙවමින් විදේශ ආධාරවලින් රුපියල් මිලියනයක් අවභාවිත කිරීම ඇයට එල්ලවී තිබූ චෝදනාවයි. පෙම්වතා අධ්‍යක්ෂිකා අනූෂිකා අමරසිංහ මහත්මියගේ ද හිතවත් මිත්‍රයෙකු සහ ව්‍යාපාරික හිතවතෙකුවීම නිසා එම දූෂණය ගැන කිසිදු විමර්ශනයක් සිදු නොකර ප්‍රශ්නය යටපත් කිරීමට ට අධ්‍යක්ෂ මණ්ඩලයට සිදුවූ බවට ද ඒ පිළිබද පළවු පුවත් වලින් කියැවිණි.

KPMG අන්තර්ජාතිත විගණන සමාගම විගණන කටයුතු ආරම්භ කිරීමත් සමග දීර්ඝ කාලයක් TISL අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ වැලිඅමුණ මහතාත් සභාපති ලක්ෂාන් ඩයස් මහතාත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වීය .දූෂණ වසන්කිරීමේ හා යටපත්කිරීමේ තත්වයත් සමග ට්‍රාන්ස්පේරන්සි සාමාජිකයින්ද කළකිරී සිටින බවත් අවසාන වාර්ෂික සම්මේලනය සදහා සාමාජිකයින් 34 දෙනෙකුගෙන් පැමිණ ඇත්තේ 6 දෙනෙකු පමණත් බවත් දැනගන්නට තිබේ.

දූෂණ අක්‍රමිකතා ගැන KPMG අන්තර්ජාතිත විගණන සමාගම සිදුකළ විමර්ශනයේ වාර්තාව තවමත් සාමාජිකයින්ටපවා ලබා නොදෙන රහස්‍ය ලියැවිල්ලක් බව සාමාජිකයෝ පවසති.

http://198.211.112.164/archives/15158

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර් සාකච්ඡා දිගින් දිගටම ඇදි ඇදි යැම සම්බන්ධයෙන් දේපාර්ශවයෙන්ම එකෙනෙකාට චොදන එල්ල වෙමින් තිබේනවා.

දෙපාර්ශ්වය සමගි කිරීම සඳහා ඉකුත් සතියේදී දිනක ඉහළ මට්ටමේ දේශපාලනඥයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඉන්පසු ඉකුත් බ්‍රහස්පතින්දා (07) රැය පහන් වනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරු ඉදිරි වැඩකටයුතු පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඊයේ(08) වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරද දිර්ඝ වශයෙන් සාකච්ඡා සිදුකර තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ‍පොදුජන එක්සත් පෙරමුණ යටතේ පුටුව ලකුණින් තරග කිරීමට මේ වනවිට යෝජනා ඉදිරිපත් කර ඇති අතර පොදුජන එක්සත් පෙරමුණේ මහා ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ දිමු ජයරත්න මහතායි.ඒ අනුව ‍පොදුජන එක්සත් පෙරමුණේ මහ ‍ලේකම් දි.මු. ජයරත්නගේ මෙහෙයවීම යටතේ ඉදිරි මැතිවරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවයේම කැමත්ත පලවි තිබේ.

මේ අතර ශ්‍රිලනිප මෛත්‍රී පිළේ සාකච්ඡාවේදි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි වීම සම්බන්ධයෙන් එහි බොහෝ දෙනකුගේ ආශිර්වාදය ලැබි තිබෙන බවත්, විරෝධය පළවී ඇත්තේ තනතුරු හා පටු දේශපාලන අරමුණු දරන අතළොස්සක් වන පිරිසකගෙන් බවයි.

මේ අතර පක්ෂය දෙකඩ වීමෙන් කිසිදු ඵලක් නොවන බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් ඔවුන්ට කිසිදු කොන්දේසියකින් තොරව එකතුවීම සඳහා කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දී ඇති බවත් ඒ අනුව පළාත් පාලන මැතිවරණයට අදාළ දෙපාර්ශ්වයේ සාකච්ඡා ඉදිරියටත් පැවැත්වෙන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

මේ අතර බ්‍රහස්පතින්දා පැවැති රැස්විමේදි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් අවධාරණය කර ඇත්තේ සාකච්ඡා මුවාවෙන් ශ්‍රිලනිප නාමයෝජනා අවුල් කිරිම සදහා යටිබිම්ගත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබේන බවට තොරතුරු අනාවරණය වි ඇති බවයි.සාකච්ඡා වෙනුවෙන් කාලය යොදවමින් ඒ පිළිබඳව අවධාණය යොමුකරන අතරතුර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ නාමයෝජනා ලැයිස්තු අවසන් කර ගැනිමට නොහැකි තත්ත්වයක් ඇතිකර අවසාන මොහොතේ සාකච්ඡා නතර කර දමා වෙනම ඉල්ලිමට ඒකාබද්ධ කණ්ඩායම් කටයුතු කල හැකි බවද එහිදි සාකච්ඡා වි තිබේ.

දරුවන්ගේ මෙන්ම අනාගත වැඩිහිටියන් ගේ ද ජීවනාලිය ලෙසට සැලකෙන අධ්‍යාපනය හෙවත් ඉගෙනුම අනාගත සංවර්ධනය මෙන්ම රටේ ස්වාධීනත්වය ශක්තිමත් කරන අත්තිවාරමක් ලෙසට සැලකේ.අධ්‍යාපනය මගින් වැරදි පණිවුඩයක් සංනිවේදනය කළහොත් එහි ප්‍රතිඵල භයානක විය හැකිය. මෙරට ජාතික අධ්‍යාපනය පිළිබඳ පෙළ පොත් සූදානම් කරන ජාතික අධ්‍යාපන ආයතනය වැඩ කරන්නේ සැබෑ අධ්‍යාපන අරමුණින් ද දේශපාලන අරමුණින්ද යන්න පැහැදිලි නැත.2015 වර්ෂයේ සිට නිකුත් කරන ලද ඇතැම් පාසල් පෙළ පොත් විමර්ශනය කොට බලන කල්හි මේ බැව් පැහැදිලි වේ.

ජාතික අධ්‍යාපන ආයතන විසින් නිකුත් කරන ලද හත වසර භූගෝල විද්‍යාව පෙළ පොත රැගෙන බලමු. භූගෝල විද්‍යාවට කිසිසේතම අදාල නැති පරිඡේදයක් එහි අඩංගු කර තිබේ. එය නම් කර තිබෙන්නේ සාමාජීය අනන්‍යතාවය යනුවෙනි. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් අතුළු ජන වර්ග රාශියක් දිවි ගෙවන බහු වාර්ගික සමාජයක් වශයෙන් ශ්‍රී ලංකාව එහිදී හඳුන්වා දී ඇත. සිංහල ජාතිය ජන වර්ගයක් ලෙසට හඳුන්වන ලද්දේ කුමන නිර්ණායක පදනම් කරගෙන දැයි පැහැදිලි නැත. ගෝත්‍රයක් හෝ යම් ජන රංචුවක් හෝ අනන්‍ය වූ භූමියක දිවි ගෙවන එකම භාෂාත්මක ලක්ෂණ වලින් හෙබි පිරිසක් ජන වර්ගයක් ලෙසට හැඳින්විය හැකි වේ.ලංකාවේ වැදි ජනතාව එලෙසය. මුස්ලිම් හෝ දෙමළ ජන කණ්ඩායම් එලෙස හැඳින්වීම කළ හැක්කේ කෙලෙසකද. ඊට හේතුව ඔවුහු මෑත කාලයේදී විශෙෂයෙන්ම දහඅට වන සියවසේ සිට ලංකාවට ගෙනවුත් පදිංචි කරන ලද්දවුන් බැවිනි.විශේෂයෙන්ම උඩරට වතුකරයේ දෙමළ ප්‍රජාව පැහැදිලිව වතු වගාවට ගෙනවුත් පදිංචි කරවන ලද කුලී කරුවන්ය. ඔවුහු ලංකාවට අනන්‍ය වූ වර්ගයක් නොවේ. නමුත් සිංහලයන් වසර දෙදහස් පන්සීයයක පමණක් නොව එයටත් වඩා දුරාතීතයක සිට ලංකාවේ ජීවත් වන සංස්කෘතිය මගින් භාෂාව මගින් භූමිය මගින් ජාතිකත්වයක් සළකුණු කළ පිරිසකි. මේ පිරිසට ලෝකයේ විවිධ ජන කණ්ඩායම් වරින් වර එකතු පහදු වී තිබේ. එම නිසා විවිධ සංස්කාතික ලක්ෂණයන් ඇති වෙමින් ජාතියක් වශයෙන් ඉදිරියට පැමිණ විත් තිබේ. දහඅට වන සියවසේ සිට ලංකාවට ගෙනවුත් පදිංචි කරවන ලද මලබාර් දෙමළ වෙල්ලාර් සහ මරක්කලයන් පිරිසට යටකී පරිදි සිංහල ජාතියට එකතු වීමට ප්‍රධාන බාධාවක් තිබුණි. එය නම් ලන්දේසීන් ගේ සහ ඉංග්‍රීසීන් ගේ බෙදා පාලනය කරලීමේ ප්‍රතිපත්තියයි. අද දක්වාම ඔවුහු ජන කණ්ඩායම් වශයෙන් ජාතියෙන් පරබාහිරව පිළිකාවක් වන පරිදි වර්ධනය වන්නේ එනිසාය.එම නිසා ලංකාව බහුවාර්ගික කලාපයක් ලෙසට හැඳින්වීම වැරදිය.සමාජීය අනන්‍යතාවය යනු පැහැදිලිවම සිංහල ජන සමාජයේ අනන්‍යතාවයයි.මෙයට සාපේක්ෂකව භූගෝලීය අනන්‍යතාවය පැහැදිලි කර දිය හැකිය.

මෙම භූගෝල විද්‍යා පොතේ ඉහතකී පිටුවට පසු පිටුවේ මානව නිර්මිතයන් ලෙස ස්ථානගතවූ ජාතික උරුම ලැයිස්තුවක් දක්වා තිබේ. එහි සඳහන් නම් අතර ශ්‍රී මහා බෝධිය මඩු පල්ලිය කතරගම පූජා භූමිය මුස්ලිම් දේවස්ථාන සහ නල්ලූර් කෝවිල යනුවෙන් දක්වා තිබේ එවිට ලංකාවේ ප්‍රධාන ජාතික උරුමයක් ලෙසට සැලකෙන දළදා මාළිගාව මෙන්ම දන්ත ධාතූන් වහන්සේ එතනින් ඉවත් කර තිබේ.රුවන්වැලි සෑය අභයගිරිය ජේතවනය මෙන්ම මිහින්තලයද එතැන නැත.එහෙත් එහි තව පිටුවක ලෝක උරුම ලැයිස්තුවට මහනුවර නගරය ඇතුලත් කර ඇත. සැබවින්ම ජාතික උරුම ලැයිස්තුවෙන් දළදා මාළිගාව තිබෙන මහනුවර නගරය ඉවත් කර ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කරන ලද්දේ කුමන අරමුණකින්ද යන්න සලකා බැලිය යුතුය.මඩු පල්ලිය ජාතික උරුමයක් ලෙසට සලකා ලන ලද්දේ කුමන පදනමකින්ද යන්න පෙළ පොත් සම්පාදකයන් පැහැදිලි කරදිය යුතුය.ලන්දේසීන් ගේ තාඩන පීඩන වලට ලක්ව මන්නාරමේ අනාථ වූ කතෝලිකයන් කන්ද උඩරට සිංහල රජුගේ කරුණාව ලැබ මඩුවල්ලිය රටේ(කඩයිම් පොත) මඩිගෙයක් පැවතුණු ස්ථානයක පදිංචි කරවන ලද්දේ ය.ඉන්පසු එහි පැලපදියම් වූ කතෝලික ජනතාව වර්තමාන මඩු පල්ලිය තනවන ලද්දේ 1876 දී පමණය. අද එය එම බැතිමතුන්ගේ වන්දනාමානයට පත් ජනප්‍රිය ස්ථානයක් වුවද කිසිසේත්ම ජාතික උරුමයක් නොවේ.මෙම ලැයිස්තුවෙන් ජාතික උරුමයක් ලෙසට නම් කළ හැක්කේ නල්ලූර් දේවාලය පමණකි. එයද සපුමල් කුමරු ගේ මෙහෙවීමෙන් තනවන ලද්දකි.කපුටු කූඩු මෙන් තැන තැන තනවන ලද මුස්ලිම් දේවස්ථාන කිසිවකට දුරාතීයක් නැත.කතරගම දේවාලය ජාතික උරුමයකට වඩා සංස්කෘතික උරුමයකි.

භූගෝල විද්‍යාව යනු භූමිය කළමනාකරණය සඳහා අතීතයේ සිට භාවිත කළ ශාස්ත්‍රයයි.ලංකාවේ භූගෝලීය ශාස්ත්‍ර විෂයය සිංහල සංස්කෘතිය හා බැඳී පවතී. වසර දෙදහස් පන්සීයක ඉතිහාසයේ පටන් භූමියෙන් මනා ලෙසට වැඩ ගැන්ම උදෙසා සිංහලයන් කටුයුතු කළ ආකාරය විශිෂ්ටය. විශේෂයෙන්ම වාරිකර්මාන්ත විෂයෙහි ඔවුන් දැක්වූ සමත්කම් ලෝකයේ වෙනත් ජාතීන් සතුව නැත.සිතියම් අධ්‍යයනයක් පිණිස අපගේ පැරණි මුතුන් මිත්තන් කටයුතු කරන ලද්දේ මීට වසර හය දහසකට පමණ පෙර සිට බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් කළ කැණීම් වලින් මෑතකදී අනාවරණය කර ගෙන ඇත.ඒවායේ අඛන්ඩ විකාශනයේ වර්තමාන ශේෂ මහනුවර රජධානි සමයේ භාවිතා කළ පැරණි සිංහල සිතියම් වලින් දැක්වෙන ආකාරය පෝල් ඊ. පීරිස් මහතා සිය සිංහල සමාජ සංවිධානය ග්‍රන්ථයේ දක්වා තිබේ. එසේ හෙයින් භූගෝල විද්‍යා විෂයය සිංහල සංස්කෘතියට සාපේක්ෂකව විග්‍රහ කළ යුතු බව අවිවාදිතය. මෙසේ තිබියදී ජාතික අනන්‍යතාවය යනුවෙන් හඳුන්වන පෙළ පොත් සම්පාදකයන් ගේ බහුබූතය කුමක්ද. එයින් බලාපොරොත්ත වන්නේ කුමක්ද

අප දන්නා පරිදි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දෙමළ කොටි සංවිධානය දෙමළ ජාතික සංවිධානය වැනි ජාතිවාදී දෙමළ කණ්ඩායම් පසුගිය තිස්වසරකට අධික කාලයක් සිට වෑයම් කරන ලද්දේ ශ්‍රී ලංකා භූමිය බෙදා වෙන් කර වෙනම රාජ්‍යයක් බිහිකරලීමටයි. කොටි සංවිධානයට ආධාර උපකාර කළ ඉන්දියාවද ඇමරිකාවද නෝර්වේ බ්‍රිතාන්‍ය ආදී රාජ්‍යයන් දිගින් දිගටම මෙම බෙදීම තහවුරු කරලීමට ධෛර්ය දුන්හ. එයින් ඔවුන් බලාපොරොත්තු වන කලාපීය දේශපාලන අභිප්‍රායන්ද පරදවා 2009 වසරේ මේ දෙමළ ජාතිවාදී කණ්ඩායම් වල සන්නද්ධ අංශ පරදවා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව රටේ ඒකීය බව ආරක්ෂා කරගත්හ. ඒකීය රාජ්‍යයක් තුළ රටේ භූගෝලීය අනනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම ඔවුන්ගේ වගකීම විය. තරුණ ජීවිත 25000 කට අධික සංඛ්‍යාවක් ආබාධිත බවට පත් වූයේ ඒ අරමුණ ඉටු කර ගැනීමටියි.

දැන් මේ රටේ බහුතර සිංහලයන් ගේ බදු මුදලින් යැපෙන ජාතිකයයි කියා ගන්නා ජාතික අධ්‍යාපන ආයතනය ඉහතකී දෙමළ හෝ අන්තවාදී මුස්ලිම් වුවමනාවන් ඉටු කරලීම උදෙසා භූගෝල විද්‍යා පෙළ පොතක් මගින් කියාපාන්නට උත්සාහ දරනුයේ ලංකාව බහුවාර්ගිකයන් ගේ දිවයිනක් වශයෙනි. භූගෝලීය වශයෙන්( දෙමළ මුස්ලිම් ජන කණ්ඩායම් වල භූමි) වාර්ගික වශයෙන් රට බෙදීම ඔවුන් අනුමත කරන බව එහිදී තහවුරු වෙයි. මෙම භුගෝල විද්‍යා පෙළ පොතට කර්තෘත්වය සැපයූ සංස්කාරක මණ්ඩලයත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් වරයාත් රටේ භෞමික අඛන්ඩතාවයට එරෙහි පණිවුඩයන් පෙළ පොතකට ඇතුලත් කිරීමේ වගකීම භාරගත යුතුය. රට බෙදීමට අවශ්‍ය මානසික බලපෑම වුවමනාවෙන්ම මෙම පෙළ පොතෙන් ලබාදුන් බවට ඔවුහු පිළිගන්නේද. එසේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි.රටට ද්‍රෝහී වීමකි.

මතුගම සෙනෙවිරුවන්

ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් අමන කතා කියන්න පටන් අරන්. පළාත් පාලන මැතිවරණ වැදගත් බව ඇත්ත. එහෙත් එහි අරමුණ කෙසේ නමුත් අදාළ ආයතනයේ සභාපති ධුරය හෝ නගරාධිපති ධුරය හෝ ලබා ගැනීම නො වෙයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් අය කටයුතු කරන්නේ බෞද්ධයන් නත්තල සැමරිය යුතු ය යන අදහස දරුවන්ට ලබා දෙන රූපවාහිනි නිවේදක නිවේදිකාවන් මෙන්. මේ නිවේදිකාවක් අහනවා කුඩා බෞද්ධ දරුවකුගෙන් නත්තලට නත්තල් ගහක් සරසන්නේ නැත් ද කියා. කුඩා බෞද්ධ දරුවන් නත්තල් ගීතවලින් මත් කරනවා.

අප අන්‍යාගම්වලට ගරු කරනවා. එහෙත් ඒකෙන් කියන්නේ නැහැ අප සංස්කෘතික ආධිපත්‍යයකට යටත් විය යුතු ය කියා. මේ අද හීනමානයෙන් පිරි ඊනියා උගතුන් වැටී ඇති තැන. ඉංගිරිසි පාලනයෙන්, ක්‍රිස්තියානි අධ්‍යාපනයකින් කළ නොහැකි වූ දේ අද රූපවාහිනී මාධ්‍යය හරහා සිදු වෙනවා. අපේ දේ රැකගන්නවා කියමින් අපේ සංස්කෘතිය නැති කිරීමට කටයුුතු කරනවා. මේ ආයතනවල ඉහළ තනතුරු දරන අය ගැන ප්‍රශ්න තියෙනවා. අද ඊනියා උගතුන් තමන්ට පළල් දැක්මක් ඇති බව කීමට බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය වැළඳ ගන්නවා.

ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ටෙල්අවිව් නොව ජෙරුසලම තෝරා ගැනීම පිළිබඳ ව මේ උගතුන් කියන්නේ කුමක් ද? බටහිර ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියක්. හිට්ලර්ට වැරදුණේ ඔහු යුදෙව්වන්ට විරුද්ධව ගිහින්. බටහිර ලෝකය ෂේක්ස්පියර්ගේ මර්චන්ට් ඔෆ් වෙනිස් කෘතියෙන් සංස්කෘතික ව ඉවත් වී බොහෝ කල්. හිට්ලර් ඒ බව දැන ඉන්න නැතිව ඇති. ට්‍රම්ප්ගේ බෑණා, දුවගේ ස්වාමි පුරුෂයා යුදෙව්වෙක්. ට්‍රම්ප්ගේ ජාතිකත්වයේ සංස්කෘතිය යුදෙව් ක්‍රිස්තියානියේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ප්‍රභේදය. නත්තලට ජෙරුසලම වැදගත්. ජෙරුසලම අයිති කාට ද? ක්‍රිස්තියානින්ට ද, යුදෙව්වන්ට ද, මුස්ලිමුන්ට ද? යේසුස් වහන්සේ ඉපදුණේ යුදෙව් පවුලක. එකල මුස්ලිමුන්වත් ක්‍රිස්තියානින්වත් ලෝකයේ හිටියේ නැහැ. බෞද්ධයන් නම් හිටියා. එකෙන් වැඩක් නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට එ ජා ප සමග එකතු වෙන්න කැමතියි. මා අහන්නේ නැහැ එහෙනම් මෛත්‍රිපාල රනිල් සමග ආණ්ඩුවක් පිහිටුවීමේ ඇති වරද කුමක් ද කියා. එලෙස තර්ක කරන්නේ දේශපාලනඥයන්. ඒ තර්කයේ, නැත්නම් ප්‍රශ්නයේ වැදගත් කමක් නැහැ. සංදර්භ නොසලකා සාදෘශ්‍යයෙන් තර්ක කිරීම වැරදියි. එය දේශපාලනඥයන්ට, ජනමාධ්‍යවේදීන්ට හා නීතිඥයන්ට නම් ගැලපෙනවා. අද ලෝකය පාලනය කරන්නේ ඒ අය.

ලෝකය අද යම් ආකාරයකින් සිංහල බෞද්ධ සංස්කෘතියට යෑමට සූදානම්. එහෙත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය එයට අකුල් හෙළනවා. අද ලෝකය ප්‍රවාද මත නොව දත්ත මත, මධ්‍යගත ආයතන හා නායකයන් මත නොව ධර්මය මත (මා විමධ්‍යගත කියන බහුබූත සංකල්පය යොදා ගන්නේ නැහැ), ජාත්‍යන්තර සුපිරිව්‍යුහය මත නොව ජාතිකත්වය මත, එහෙත් වියුක්තය තරමකටවත් පදනම් වූවක් බවට පත්වෙමින් සිටිනවා. ඒ කෘත්‍රීම බුද්ධිය, බිට්කොයින් (ගුප්ත මුදල් හෙවත් ක්‍රිප්ටොකරන්සි), දත්ත හා වේගවත් ක්වොන්ටම් පරිගණක මත පදනම් වූ ලෝකයක්. එය වඩාත් සමීප වන්නේ සිංහල බෞද්ධයනට. එහෙත් සිංහල බෞද්ධයන් තරමක් වුවත් වියුක්ත ව හිතන්න පුරුදු වෙන්න ඕන.

පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීම මූලික ප්‍රශ්නය නො වෙයි. බලය ලබා ගැනීම සඳහා එ ජා පක්‍ෂය/පෙරමුණ සමග එකතු වන්නේ නම් ඒකාබද්ධ විපක්‍ෂයට නැත්නම් පොහොට්ටුවට ඡන්දය දීමේ දී නැවත වරක් හිතන්න වෙනවා. පොහොට්ටුවේ සංස්කෘතිය කුමක් ද? ඒකාබද්ධ පක්‍ෂයේ මෙලෙස කියන්නන් අතර ජාතිකත්වයක් නැහැ. ඔවුන් ලිබරල් වෙන්න පුළුවන්. මාක්ස්වාදී වෙන්න පුළුවන්. ඒ කුමක් වුවත් ඔවුන් සිංහල බෞද්ධ නො වෙයි. සිංහල බෞද්ධ පවුල්වල ඉපදුනත් ඔවුන් සිංහල බෞද්ධ නො වෙයි. ඔවුන්ගේ සංස්කෘතිය අර රූපවාහිනී නිවේදක නිවේදිකාවන්ගේ සංස්කෘතිය. ඔවුන්ටත් සමහර විට ඊනියා පළල් මානසිකත්වයක් ඇති. මේ ඊනියා පළල් මානසිකත්වය අන් කිසිවක් නොව දීනකම. බලයට, ප්‍රසිද්ධියට ඇති කෑදරකම. එ ජා පෙරමුණට හෝ ජනතා විමුක්ති පෙරමුණට හෝ ඡන්දයක්වත් ඊනියා ජාත්‍යන්තරවාදීන්ට මනාපයකවත් දිය යුතු නැහැ.

මැතිවරණය පදනම් කර ගෙන නොව ජාතිකත්වය පදනම් කර ගෙන මහින්දට හා මෛත්‍රිපාලට එකඟත්වයකට පැමිණීමට තවමත් ප්‍රමාද නැහැ. එහි දී ප්‍රධාන විය යුත්තේ පළාත් පාලන ආයතනයක සභාපතිකම, මන්ත්‍රීකම නො වෙයි. ජාතිකත්වය හා ජාතිකත්වය පමණයි. ජාතිකත්වය වෙනුවෙන්, සභාපතිකම මන්ත්‍රීකම අත්හැරීමට හැකි විය යුතුයි. මෛත්‍රිපාල මොන තරම් ද්‍රෝහිකමක් කළත් රටේ ප්‍රධාන ප්‍රශ්නය රනිල් මිස මෛත්‍රිපාල නො වෙයි. රනිල් අගමැති කමෙන් ඉවත් කිරීම අපේ න්‍යාය පත්‍රයෙහි ඉතාමත් ඉහළින්, අනෙක් සියල්ලට ඉහළින් ඇති අංකය. පළාත් පාලන ආයතන මැතිවරණත් යොදා ගත යුත්තේ ජාතිකත්වය පදනම් කරගෙන මිස පෞද්ගලික ආරෝවන් මුල් කරගෙන නො වෙයි.

මෙරට ඇත්තේ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම කෘත්‍රිම බුද්ධිමතුන්. ඔවුන්ට කෘත්‍රිම බුද්ධියේවත් කළ හැකි නිර්මාණයක් නැහැ. ඔවුන් දන්නේ අනුකරණය හා අනුකරණය පමණයි. අවාසනාවකට දේශපාලනඥයන් උපදෙස් ගන්නේ මේ ජාත්‍යන්තරවාදී අනුකාරකයන්ගෙන්.

___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-08

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බහුතර බලය අල්ලා ගැනිම සදහා ගමේ පාක්ෂිකයාගේ ලේ වල ඇති ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකත්වයට ඇමතිමේ ව්‍යාපාරයක් දියත් කිරිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ මෙහෙයුමක් දියත් කර තිබේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයට මෛත්‍රීගේ නායකත්ව යෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ය එක් එක් දිස්ත්‍රික්ක සඳහා “ අත” ලකුණෙන් හා “ බුලත් කොළය” ලකුණෙන් තරග කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දේශපාලන පක්ෂ සන්ධාන ගතවී තරග කරන දිස්ත්‍රික්කවල බුලත් කොළය ලකුණෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන දිස්ත්‍රික්ක අත ලකුණෙන් තරග කිරීමට නියමිතය.

මහනුවර, බදුල්ල, මොනරාගල, ත්‍රිකුණාමලය, කොළඹ, නුවරඑළිය, හම්බන්තොට, බදුල්ල යන දිස්ත්‍රික්ක “ බුලත් කොළය” ලකුණෙන් තරග කිරීමට නියමිතය. අනුරාධපුර, පුත්තලම, අම්පාර, ‍පොළොන්නරුව, යාපනය, මඩකලපුව, හා කළුතර යන දිස්ත්‍රික්ක සඳහා “ අත” ලකුණෙන් තරග කිරීමට නියමිතය.

රුපියල් ලක්ෂ 120 ක මුදල් අවභාවිතය ඇතුළු දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටි ගාල්ල, වැලිවිටිය දිවිතුර විවිධ සේවා ප‍්‍රාදේශීය සමූපකාර සමිතියේ සභාපතිවරයා, එහි සාමාජිකයින් විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාස භංග යෝජනාවක් සම්මත වීමෙන් පසු තනතුරින් පහ කිරීමට දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙසේ තනතුරින් ඉවත් කර ඇත්තේ වැලිවිටිය දිවිතුර ප‍්‍රාදේශීය සමූපකාර සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි සුනිල් ශාන්ත ගුරුසිංහ නැමැති අයයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සභාපති තනතුරට පත් වූ ඒ මහතා 2016 මැයි මාසයේ සිට වසරකුත් මාස 08 ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කරමින් සිටියේය.

එම කාලය තුල සභාපතිවරයා විසින් සිදු කරන ලදැයි කියන මුදල් අවභාවිතය ඇතුළු දූෂණ වංචා රැසක් ඔහුට එරෙහිව මහ සභා නියෝජිතයන් විසින් ගොනු කර තිබු විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර තිබුණි.

එම සමුපාකාර සමිතියේ විශේෂ මහා සභා රැස්වීමේදී විවාදයට ගත සභාපතිවරයා තනතුරින් පහ කෙරුණු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 31 ක් ද විපක්ෂව ඡන්ද 26 ක් ද ලැබී තිබුණ බව එම අවස්ථාවට සහභාගී වූ සමූපකාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් තහවුරු කළේය.

සමූපකාර සමිති අතුරු ව්‍යවස්ථාවේ 42 වගන්තිය අනුව මහ සභා නියෝජිතයින් විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම විශේෂ මහ සභා වාරය, දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කැදවා තිබුණි.

මේ විශේෂ මහ සභාවට සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් 96 දෙනාගෙන් 52 දෙනෙකු සහභාගි වී තිබුණු අතර දකුණූ පළාත් සහකාර සමූපකාර කොමසාරිස් පී. එම්. පර්ලි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට ගාල්ල දිස්ත‍්‍රික් සමූපකාර සංවර්ධන ප‍්‍රාදේශිය නිලධාරි නීලමනී ද සිල්වා, සමූපකාර සංවර්ධන නිලධාරිනියන් වන ජීවන්ති ගුණසේකර, පී එම් සෝමලතා, පී එම් එස් රේණුකා හා සමූපකාර සමිතියේ අධ්‍යක්‍ෂකවරුන් ඇතුලළු මහ සභා නියෝජිතයෝ සහභාගී වූහ.

1976 මැයි 18 වන දින ලියාපදිංචි ඇත්කදුර, තණබද්දේගම සීමාසහිත වැලිවිටිය දිවිතුර නව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයෙකු මෙසේ වංචා දූෂණ චෝදනා ලබා විශ්වාසභංග යෝජනාවකින් ධුරයෙන් පහ කරනු ලැබුවේ ප්‍රථම වතාවට බව එහි සමාජිකයෝ සහ මහ සභා නියෝජිතයෝ ප‍්‍රකාශ කරති.

මේ සමුපකාර සමිතිය, ප‍්‍රාදේශික 16 කින් සහ ග‍්‍රාමීය බැංකු 07 කින් සමන්විත වන අතර ප‍්‍රාදේශික 06 ක් පසුගිය කාලයේ වසා දමා තිබු බවද මහ සභා නියෝජිතයෝ ප‍්‍රකාශ කරති.

මෙම සමිතියේ බැංකු අංශයෙන් රුපියල් ලක්ෂ 120 කට අධික මුදලක් දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරයාගේ සහ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව අවභාවිතා කිරිමේ චෝදනාව ඇතුළු තවත් චෝදනා 07 කට සභාපතිවරයා ලෙස කටයුතු කළ සුනිල් ශාන්ත ගුරුසිංහ යන අය වැරදිකරුවා බවට විශ්වාභංග යෝජනාවෙන් මහ සභා නියෝජිතයින් බහුතරය ප‍්‍රකාශ කළ අතර ඒ අනුව ඔහුගේ සමූපකාර සමිතියේ අධ්‍යක්‍ෂක ධූරය මෙන්ම සභාපතිධුරයද අහෝසි විය.

සභාපතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදයේදී මුදල් අවභාවිතය, රන් භාණ්ඩ වෙන්දේසියේ දි සිදුකළ වංචා, සමූපකාර දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව විවිධ ඉදිකිරීම් සිදු කිරීම, ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කිරීම , ආදිය පිළිබදව කරුණු සාකච්ඡා කෙරෙද්දී සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

(ජයකාන්ත ලියනගේ)

එකම කෑම මේසයක මේ දෙදෙනා අසුන් ගන්නා දාට පහුවදා රටේ ඉතිහාසය වෙනස් කරවන තීන්දු ප්‍රකාශයට පත්කෙරෙන බව ප්‍රකට කරුණකි.

මීට තෙවසරකට පෙර හරියටම එනම් 2015 දෙසැම්බර් 07 වැනි අද වගේ දවසකත් මෛත්‍රී මහින්ද එකම කෑම මේසයක කෑම කා අවසන මෛත්‍රී පොදු අපේක්ෂකයා හැටියට ජනාධිපතිවරණ සටනට නාමයෝජනා භාර දුන්නේය.

2015 ජනවාරි 8 වැනිදා පැවැත්වු ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදුවුයේ දෙසැම්බර් (8) වැනිදාය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ උත්සවය අද(07) සැන්ග්‍රීලා හෝටලයේ (shangri la) පැවති අවස්ථාවේදී දෙපාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි අත්සන් කරන්නට පැමිණ සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

හෙට කුමක් සිදුවේද?

Top