මෙකල දේශපාලනය හරිම අවුල්. දේශපාලනඥයන් කටුස්සන්ටත් වඩා ඉක්මනට වෙනස් වෙනවා. උදේ කියපු දේ හවසට කියන්නේ නැහැ. හවසට කියන්නේ වෙන ම දෙයක්. රූපවාහිනි නාලිකාවලට නම් වඩා වැදගත් නත්තල. ඔවුන් නත්තල ගැන කතා කරන්නේ නොවැම්බර් අග සිට. නත්තල් ගීත නිතර ප්‍රචාරය වෙනවා. වෙළෙඳ සමාගම් නත්තලට භාණ්ඩ විකුණනවා. එක් නිවේදිකාවක් කියනවා අප නත්තල වෙනුවෙන් කාර්ය බහුල වෙලා කියලා. එහෙම කාර්ය බහුල වෙන අයත් ඇති. මේ රූපවාහිනියේ වැඩ. එහෙත් ඔවුන් හිතන තරම් අනෙක් බොහෝ අයට නත්තලට වැඩක් නැහැ. නත්තල අද බටහිරයන්ගේ උත්සවයක්. ක්‍රිස්තුස් වහන්සේ උපන්නේ හිම නොවැටෙන බටහිර ආසියාවේ වුවත් නත්තල් පින්තුර හිමෙන් වැහිලා. ක්‍රිස්තුස් වහන්සේ උපන්නේ අයිස්ලන්තයේ ද කියා වෙලාවකට හිතෙනවා. බටහිරයන්ගෙ උත්සවයක් හැටියට නත්තල අප මත පටවනවා. මේ බටහිර සංස්කෘතික ආධිපත්‍යය.

ඒ කොහොම වුණත් ඇතැම් ජනමාධ්‍යවේදීන් පළාත් පාලන ආයතන මැතිවරණ ගැන උනන්දුවක් දක්වනවා. ඒත් ඔවුන්ට නිරවුල් ව හිතන්න බැහැ. අඟහරුවාදා පැවැති සංධාන රැස්වීමට දිනේෂ් ගුණවර්ධන සහභාගි වී ඇත්තේ මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස. එහෙත් ඇතැම් ජනමාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කෙළේ ඔහු ඒ රැස්වීමේ දී ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කළා යැයි සිතමින්. ඒ්කාබද්ධ විපක්‍ෂය සංධානයේ සාමාජික පක්‍ෂයක් නො වෙයි! ඒකාබද්ධ විපක්‍ෂය දේශපාලන පක්‍ෂයක්වත් නො වෙයි. බොහෝ ජනමාධ්‍යවේදීන්ට පෙර සූදානමක් නැති බව පැහැදිලියි.

දේශපාලනඥයන්ටත් පෙර සූදානමක් නැහැ. ඔවුන් දන්නේ බලයට පැමිණීමත් බලය රැක ගැනීමත් යන කරුණු පමණයි. ඒ වෙනුවෙන් කරන උප්පරවැට්ටි, ගහන කරණම්, දමන ඩීල් අනන්තයි අප්‍රමාණයි. අපේ සංස්කෘතියේ ඇති වියුක්ත සංකල්ප කිහිපයෙන් දෙකක් තමයි අනන්ත හා අප්‍රමාණ. එහෙත් ඇතැමුන් අනන්තයත් අප්‍රමාණයත් හිතෙන් මවා ගන්න බැරුව ඒ ගැන පඬි ප්‍රශ්න අහනවා. අප රට ඩීල්දේශය ඩීල්ලන්තය ආදී වශයෙන් හඳුන්වන්න පුළුවන්. මේ ඩීල් නිසා බැට කන්නේ සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ, ජනතාවයි.

ඒකාබද්ධ විපක්‍ෂය මෛත්‍රිපාල කණ්ඩායමට කියනවා එකඟත්වයක් සඳහා පළමුව ආණ්ඩුවෙන් අස්වන ලෙස. මෙය මෛත්‍රිපාල සිරිසේනටත් පොදු ද? ඔහුත් ආණ්ඩුවෙන් අස්විය යුතු ද? ඔහු ආණ්ඩුවෙන් අස්වීම යනු ජනාධිපති ධුරයෙන් අස්වීමයි. එවිට රනිල් වික්‍රමසිංහ පළමුව වැඩ බලන ජනාධිපති වී දෙවනුව 2019/20 දක්වා ජනාධිපති වේවි. ඒකාබද්ධ විපක්‍ෂයට අවශ්‍ය එය ද? අනෙක් අතට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයේ සිටිය දී ඔහුගේ කණ්ඩායම ආණ්ඩුවෙන් අස්වීම කිසිසේත් ම වැඩක් නැහැ. එයින් සිදු වන්නේ මෛත්‍රිපාල රනිල්ගේ වඩ වඩාත් හිරකරුවකු වීම පමණයි.

මැතිවරණය සඳහා නොව ජාතිකත්වය මත එකඟතාවක් ඇති කර නොගැනීම අද ඒකාබද්ධ විපක්‍ෂයටත් මෛත්‍රිපාල කණ්ඩායමටත් ප්‍රශ්නයක් වෙලා. එහි ප්‍රතිඵලය වී ඇත්තේ රනිල් හා එ ජා පක්‍ෂය/පෙරමුණ බලවත් වීමයි. එහෙත් අවාසනාවකට මහින්ද, බැසිල්, මෛත්‍රිපාල ත්‍රිත්වයට එය ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන් අතර ඇති ආරෝව ජාතික න්‍යාය පත්‍රයකට ඉඩක් සලස්වන්නේ නැහැ. ඔවුන් සමගි කිරීමට සමත් භික්‍ෂූන් වහන්සේ නමක් අද රටේ නැහැ.

අද රටට භයානක ම පුද්ගලයා මහින්ද ද මෛත්‍රිපාල ද රනිල් ද බැසිල් ද? රටේ පැත්තෙන් ප්‍රශ්නය නොඅසා පෞද්ගලිකත්වය ඉස්මතු කර ගැනීම රටේ ම අභාග්‍යයක්. එහෙත් දේශපාලනඥයන් ප්‍රශ්න දෙස බලන්නේ රටේ පැත්තෙන් නොව බලය ලබා ගැනීම හා රැක ගැනීම පැත්තෙන්. ම එ පෙ, මහජන පක්‍ෂය, සමසමාජ පක්‍ෂය (තිස්ස විතාරණ), කොමියුනිස්ට් පක්‍ෂය (ගජධීර) සහ තවත් පක්‍ෂ කිහිපයක් අවසානයේ දී පොහොට්ටුවෙන් තරග කිරීමට යන බවක් පෙනෙන්න තියෙනවා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් මෛත්‍රිපාල කණ්ඩායම සමග එකතුවෙලා නැත්නම් ඉදිරි දින කිහිපයේ දී එකතු වෙනවා. එ වෙන කීිසිවක් නිසා නොව ඔවුන් හිතන විධියට මහින්ද සමග ඉදිරි ගමනක් නැති නිසා. ජා නි පෙ ඒක පුද්ගල පක්‍ෂයක් බවට පත්වීමට ඉඩ නැතිවා නො වෙයි.

ඒකාබද්ධ විපක්‍ෂය මෛත්‍රිපාල කණ්ඩායමට ආණ්ඩුවෙන් ඉවත් වීමට නොකියා ආණ්ඩුවෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කර මහින්ද බැරි නම් ඒකාබද්ධ විපක්‍ෂයෙන් යමකු අගමැති ලෙස පත් කරන්නැයි කීවේ නම් එය ආකර්ශනීය ඉල්ලීමක් වීමට ඉඩ තිබුණා. එහෙත් පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට ගොස් එසේ වුණේ නැහැ. ජාතික න්‍යාය පත්‍රයක් මුල් කරගෙන මා කලින් ම සඳහන් කර ඇති යෝජනා වටා එකඟත්වයක් ඇති කර ගැනීමට උත්සාහ කළ යුතුව තිබුණා. එසේ නොකර මැතිවරණ ළං වී කෙරෙන සාකච්ඡාවලින් උග්‍ර අර්බුදයක් තිබෙන රටකට වැඩක් නැහැ. අද අර්බුදය අන්කිසිවක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් අතු ගෑවී යෑමේ ප්‍රවණතාව බව පැහැදිලි විය යුතුයි. එහෙත් මෛත්‍රිපාල, මහින්ද, බැසිල් ත්‍රිත්වයට වඩා වැදගත් වන්නේ පෞද්ගලික ආරෝව.

මැතිවරණයට පෙර ජාතිකත්වය යන්න අද නැහැ. අද ඇත්තේ මැතිවරණය හා මැතිවරණය යන කතාව පමණයි. විමල් ගම්මන්පිල කොහෙන් තරග කරාවි ද යන්න අද කියන්න බැහැ. එහෙත් මට ඔවුන් ගැන හිතන විට නිතර ම චම්පක මතක් වෙනවා.

___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-06

Published on: Dec 7, 2017 – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලනයට ඇඳා ගනිමින් ඔහුව විනාශ කරන්නේ දෙරණ නාලිකා හිමිකරු කුප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර බව කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිලිත්ට බැන වැදි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ගෝඨාභය රාජපක්ෂ අත්තඩංගුවට ගැනිමේ සුදානමක් ඇති බවට තමන් රැස්විමකදි කල ප්‍රකාශයක් පදනම් කරගමින් අනවශ්‍ය ලෙස දිලිත්ලා ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර ඇති බවත් “ගෝඪා අපේ” යනුවෙන් පසුගිය දිනවල කොළඹ නගරයේ අලවා ඇති පෝස්ටර් පිළිබඳව මහින්ද දැඩි අප්‍රසාදය දක්වා තිබේ.

පෙරේදා එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවක් අතරතුර ගෝඨාභය සම්බන්ධයෙන් ආණ්ඩුව් දියත්කර තිබු පෝස්ටර් පිළිබඳව මන්ත්‍රීවරු ඇසු ප්‍රශ්ණ වලට උත්තර දෙමින් මහින්ද පවසා ඇත්තේ…..

“දිලිත්ලා පෝස්ටර් ගහලා කරන සෙල්ලමෙන් අන්තිමට ගස් යන්නේ ගෝඨා. දිලිත්ලා එක පෝස්ටරයක් ගහනකොට මංගලගේ එයින් දෙකක් ගහනවා. මේවට මුණ දෙන්න ගෝඨා ට බෑ…” යනුවෙන් මහින්ද පවසා තිබේ.

මිට අමතරව දිලිත්ලාගේ යහපාලන ගේම් සම්බන්ධයෙන්ද මහින්ද එහිදි අනාවරණය කර තිබේ.

මේ අතර ප්‍රවීන දේශපාලන විචාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවර මහින්ද පතිරණ “ගෝඨා වෙනුවෙන්” දයාන්ගේ ව්‍යාපෘථිය සම්බන්ධයෙන් සිය අදහස මේ අකාරයට දක්වා තිබුනා…

“ගෝඨා වෙනුවෙන්” දයාන්ගේ ව්‍යාපෘථිය දැන් වසංගතයක් ගානට වර්ධනය වෙමින් තිබෙන්නෙ. ඊට කුමාර් ගුණරත්නම් පවා ඇතුළත් කරගෙන ? හදන්න යන්නෙ කියුබාවක් ලු. අනේ මන්ද ! මම දයාන්ගේ දේශපාලන විචාරවලට කැමති කෙනෙක්. ඇතැම් අවස්ථාවල මහින්ද කඳවුරේ බොහෝ පාර්ශවයන් දයාන් ව සැක කරනවිට මම තනිව ඊට එරෙහි වූ කෙනෙක්. ඒත් මට නම් මේ දයාන්ගේ ගෝඨා-ව්‍යාපෘථිය හා එහි තීව්‍රතාව දැන් දැන් තේරුම් ගන්න බැහැ. දයාන් තරම් ගෝඨාගේ- දයාන්ට ම අනුව- මිලිටරි චරිතය පසුගිය මහින්ද පාලන කාලයේ දී හා ඉන් පසුවත් අන්තර්ජාතික සැසිවල පවා විවේචනය කරමින් ඊට එරෙහි ව ජනමතයක් ගොඩ නගපු කෙනෙක් නැති තරම්.

ඒත් දයාන්ගේ මේ ක්‍ෂණික වැඩිවියට පත්වීමේ අර්ථය කුමක් ද?

ජනාධිපතිවරණ අපේක්‍ෂකයා තේරීම සඳහා තව අවුරුදු දෙකකටත් වඩා තියෙනවා. ඊට කලින් කළ වැඩ ඉතා අධිකයි. ඒකාබද්ධ විපක්‍ෂයට තාම හරි හැටි පක‍්‍ෂයක් නැහැ. සංවිධාන ව්‍යුහයක් නැහැ. ඒත් ජනාධිපති අපේක්‍ෂකයා තෝරලත් ඉවරයි ! දැන් මෛත්‍රීපාල සිරිසේන එළියට ආවේ අවුරුදු ගාණක් තියල ද ? මාසයයි දෙකයි. දේශපාලන රැලි එන්නෙ එහෙමයි. ගෝඨා දැම්ම ඉදලම ඇන්දුව‍ට පස්සෙ එදාට අන්දන්නෙ කවුද? මේ කරන විහිළුව මොකක් ද? අනික මම ඊයේ ආර්ටිකල් එකේ කිව්ව වගේ මේ බලවේගය තියෙන්නෙ මහින්ද වටේ. ගෝඨවත් බැසිල්වත් ඒ තැන නැහැ. මේ දෙන්නගෙන් එක් කෙනෙක් උස්සපු ගමන් වෙන්නෙ, එක පාර්ශවයක් කඩාන වැටෙන එක. මහින්දට විතරයි සියළු පාර්ශවවලට කිට්ටුවීමේ හැකියාව තියෙන්නෙ. ඒක නැති කරන්න ද මේ හදන්නෙ? නැතිනම් ගෝඨාගේ නැවුම්බව නැති කිරීම ද?

මෙම ගෙන එන්න හදන ව්‍යවස්ථාවට විවිරුද්ධ වෙන්නන් ජාතිවාදීන් ලෙස නම් කිරීමට උත්සහයක් තිබෙනවා. මම දෙමළ නිසා මම ද්‍රෝහියෙක් සේ නම් කරයි. නමුත් මගෙ රට බෙදුම්වාදින්ගෙන් බෙරා ගැනීම ද්‍රොහිකමක් නම්, මම ඉතා අඩම්බරෙයන් ද්‍රොහියෙක් වෙනවා යැයි නොවැම්බර් මස 28 දින අරුන් තම්බිමුත්තු මහතා එළිය මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සදහන් කළා.

උතුරේ එල්ටීටීඊ සැමරුම් මැද ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සාහය

පසු ගිය වසර හතක පමණ කාලයක සිට මා දේශපාලනය කටයුතුවල යෙදුනා. නමුත් අද රටේ තත්වය ඉතාම කණගාටු දායකයි. මන්ද එක් පැත්තකින් කාලයක් සිට තුබු දෙමළ ඊළම්වාදින් ගෙ සිහිනයක් වන දෙමළ නිජබිම, දැන් වංචනිකව මතු වී තිබෙනවා. ඒ ගමන් ම, තමන්ට දේශපාලන තර්ජනයක්  වේයැයි සිතන විරුද්ධවාදින්ගේ චරිතය ඝාතනය කර, දේශපාලන කරලියෙන් ඉවත් කර ගැනීමට වෑයම්  කරමින් සිටිනවා.

නොවැම්බර් මස 27 වැනිදා එල්ටටීටීඊ ත‍්‍රස්ථවාදින් සිය වීරයන් සමරන දිනය. ඊට පෙර දින ප‍්‍රබාකරන්ගෙ උපන් දිනය. මොවුන් මෙය සමරන විට ඉතාම උපහාසාත්මක සිද්ධිය වන්නෙ සාමයට නායකත්වය දුන් ආරක්ෂක ලේඛම්තුමා  ගොඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගන්න වෑයම් කරන ප‍්‍රවෘත්තියයි.

රාජපක්ෂ මහතා 2019 දි පැවැත් වීමට නියමිත ජනාධිපතිවරනයට ඉදිරිපත් විය හැකි සුදුසු තරගකරුවෙක් බව කවුරුත් දන්නා රහසක්. ඔහු ඒවැනි බලාපොරොත්තුවක් ප‍්‍රකාෂ කර නොමැති මුත්මේ පිළිබදව මාධ්‍යයෙන් හා දේශපාලන කරළිය තුළ තදින් ම කතාබහට ලක්වෙනවා.

අපි කොළඹ ඇවිද්දත්, රටේ අන් ප්‍රදේශයකට විශේෂයෙන්ම උතුරට හා නැගෙනහිරට ගිය විටත් ඔහු කළ වෙනස දකින්නට තිබෙනවා.

දවස් දෙකකට පමණ පෙර උදෑසන මට දුරකථන ඇමතුමක් ලැබුනා එල්ටටීටීඊ ත‍්‍රස්ථ සංවිධානයෙ හිටපු බුද්ධි අංශයෙ සාමාජිකයෙක් ගෙන්.  ඔහුත් මගෙ දිස්ත‍්‍රික්කය වන මඩකලපුවෙ. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට වෑයම් කරන පුවත අසා ඔහු සිටියෙ බොහොම කලබල වෙලා. මමත් හරියටම විස්තර දන්නෙ නැහැ කියලා යි මම ඔහුට පැවසුවෙ. ඉන් පසුව ඔහු මට දිග ඊමේල් ලිපියක් ඒවලා තිබුණා.

ඔහුඑල්ටටීටීඊ ත‍්‍රස්ථවාදි සංවිධානයට බැදෙන්නෙ වයස 16දී. නමුත් ඔහු 2009 මැයි මස 16 වන දින එල්ටටීටීඊ සංවිධානය හැර දමා හමුදාවට භාර වී තිබෙනවා. මෙසෙ භාර වී පුනරුත්ථාපනයෙන් පසු නිදහස් වු 12,000න් ඒක් පුද්ගලයෙක් ඔහු. තමන්ට නැවත සමාජයට ඒක් වීමට මග පදා දුන්නේ රාජපක්ෂ මහතා යැයි ඔහු මට ඒවා තිබූණු ලිපියෙ සදහන් කර තිබුණා.

මට මොහුව මුණ ගැසුනෙ 2013 වසරෙදී. ඒදා අපි දෙන්නා පැය 10ක් පමණ වාදවිවාද කළා. හැබැයි ඉන් පසුව ඔහුත් පිළිගත්තා මගෙ මතය. ඒනම්, ශ‍්‍රී ලංකාව අප සියළු දෙනාගෙම රට බවත්, ඒහි එක එක ජාතින්ට අවශ්‍ය විදිහට නිජබිම් වෙන් කර කඩන්න දෙන්න බැරි බවත් ඔහු තේරුම් ගත්තා.

අවාසනාවකටඇතැම් මාධ්‍යයත් ශ‍්‍රී ලංකා හමුදාවෙ ධනාත්මක අංග අවධාරණය කරන්නෙ නැහැ. ඔවුන්ගෙත් වැඩි උනන්දුව තිබෙන්නෙ අපෙ හමුදාවට ඒල්ල කරන කළු පැල්ලන් වලට ප‍්‍රචාරය දීමටයි……

මෑතකදි නැස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුවෙදි කළ හෙළිදරව්ව අපට ආරංචි වුනා. ඔහු පැහැදිලිවම ප‍්‍රකාශ කර සිටියෙ ඔවුන්ගේ ම තානාපති කාර්යාලයෙන් ලැබුණු වාර්තා අනුව යුද්ධය අවසන් වකවානුවෙදි මියගිය දමිළ ජන සංඛ්‍යාව 7,000 පමණ මිසක් 40,000 නොවන බවයි.

ඩෙවිඞ් කැමරන් මහතා මෙය හොද හැටි දැන ගෙන සිටියා. නමුත් ඔහු ලංකාවට පැමිණි අවස්ථාවෙදි හැසිරුනේ මෙම 40,000සේ මිත්‍යාව සත්‍යයක් ලෙසයි.

ඒ වගේම දෙමළ තරුණ තරුණියෝ පැහැර ගෙන ගොස් වද හිංසා කරා කියන පුවත ද නැස්බි සාමිවරයා තර්කානුකූලව ප‍්‍රතික්ෂෙප කළා. මෙවැනි කතා හරහා  තමන්ගෙ දේශපාලන මතයට අභියොගයක් වෙන අයගෙ ප්‍රතිරූපය විනාශ කිරීමටයි උත්සහය.

පසුගිය ජනාධිපතිවරණයෙදි වපුරපු කතාවක් තමයි ගිය ආණ්ඩුවෙ සිටි ප‍්‍රබල සාමාජිකයන් මෙරටින් ඇමරිකන් ඩොලර් බිලියන 18ක් සොරකම් කර ඇති බව. ඒ සල්ලි පිටරට ගිණුම්වල තැන්පත් කර ඇතැයි කියලා කිව්වා. නමුත් ඇමරිකන් ඩොලර් බිලියන 18ක් කියන්නෙ මහ විශාල මුදල් කන්දරාවක්.

මෙ වගෙ පුදුම සහගත, කිසිම පදනමක් නැති කතා පතුරුවන සමයක් තමයි දැන් බිහි වෙලා තියෙන්නෙ. අද ඔනෑම දේශපාලකයෙක්ට ඔනෑම චෝදනාවක් කිසිම සාක්කියක් නැතුව කියලා ගැලවෙන්න පුළුවන්. මෙ බොරු කතා පදනම් කර ගෙන මිනිසුන්ව අත්අඩංගුවට පවා ගන්න යුගයක තමයි අද අපි ජිවත් වෙන්නෙ.

මෙය ඉතාම භයානක තත්වයක්. ඔනෙම කෙනෙක්ව දැන් බොරු චෝදනා මත අත්අඩංගුවට ගන්න පුළුවන්. උසාවියෙදි නිදහස් වෙයි, නමුත් ඒයට වසර ගණනාවක් යයි. මෙය දරාගන්න ආර්ථික හා ආත්ම ශක්තියක් තිබුණත්, කවුද කැමති වසර ගණනාවක් උසාවි ගානෙ රස්තියාදු වෙලා මානසික පීඩනයක් විදින්න.

මෙවැනි දේශපාලන දඩයම් කරන්නෙ තමන්ට අභියෝගයක් වෙන ප්‍රථිවාදීන්ව බලෙන්  දේශපාලන කරලියෙන් ඉවත් කර දැමීමටයි. මෙසේ කර තම දේශපාලන ගමන තහවුරු කර ගැනිමයි මොවුන්ගෙ අරමුණ.

මම දන්නෙ නැහැ මේවා කරන්නෙ ඒක්සත් ජාතික පක්ෂයෙන්ද නැතිනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද කියලා. මෙය පිළිබදව ජනපති සිරසෙනත් යම් අදහසක් දක්වලා තියෙනවා අපි පුවත්පත් වල දැක්කා. මේවා බලා සිටින රටෙ ජනතාව දන්නවා මෙවා දේශපාලන මත සිදුවන දේවල් බව.

නව ව්‍යවස්ථාවක් සදහා ජන වරමක් කොහිද ?

මෙතැන සිටින මාධ්‍යවෙදියෙකු මතු කළා මෙන් ගිය ආණ්ඩුවෙන්ද අඩුපාඩු සිදු වුනා. ඒ ආණ්ඩුවෙන් පමණක් නොව, 1948 සිට පැවති සෑම ආණ්ඩුවකින්ම බොහො අඩුපාඩු සිදු වී තිබෙනවා. ඒ ආණ්ඩු හා මේ ආණ්ඩුව අතර වෙනසක් තිබෙනවා. ඒ තමයි මෙම ආණ්ඩුව බලයට ආවෙ පසුගිය ආණ්ඩුවලින් සිදු වුනා යැයි කියන අඩුපාඩු කිසිවක් නොකරන, වෙනසක් ඇති කරන පොරොන්දුව මතය.

නමුත් මෙය යහපාලනයක්ද? මොවුන්  නව ව්‍යවස්ථාවක් පස්ස දොරෙන්  ගෙන්න හදනවා. නමුත්  මේ අයට ව්‍යවස්ථාව වෙනස් කිරීමට වරමක් තිබෙනවාද?

රටෙ මිනිසුන් සිරිසේන මහතාව විධායක ජනපති ලෙස පත් කළා. නමුත් ඒ එක්කම පාර්ලිමෙන්තු මැතිවරණය තිබුණා. මෙයින් ව්‍යවස්ථාව වෙනස් කිරීමට මන්ත‍්‍රින්ට බලයක් ලැබුනෙ නැහැ.

මහින්ද රාජපක්ෂ මහතාගෙ චින්තනයෙ මෙවැනි ක‍්‍රියාවකට වරමක් ඉල්ලා තිබුණෙ නැහැ. ඒ චින්තනයට සහයෝගය දුන් අය තමයි අද ශ‍්‍රීලනිප ය නියෝජන  කරන ආණ්ඩුවෙ සිටින මන්ත‍්‍රිතුමාලා.

මෙ අය දැන් තර්ක කරනවා අපෙ රටෙ නායකයා තොරා ගන්න අපට තියෙන අයිතිය මෙම පිරිසට පවරන්න කියා. ඒවිට රටෙ නායකයා තොරා ගන්නෙ පාර්ලිමෙන්තුවනි. නමුත් මේ රටෙ පුරවැසියෙක් ලෙස මම ඒසෙ වරමක් දුන්නෙ නැහැ.

මොවුන් ජනමතවිචාරණයක් ගෙන ඒමට තැත් කරනවා. මම තදින්ම  විශ්වාස කරනවා  මෙම රටෙ ජනයා නිවැරදි තීරණයක් ගෙන, රටෙ අනාගතයට උවදුරක් වන මෙ නව ව්‍යවස්ථාව කුණු කූඩයට දමන බවට. නමුත් අපෙ මන්ත‍්‍රිවෙැන්ට සතුව වගකීමක් තිබෙනවා අපෙ රටෙ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීමට.

ශ‍්‍රී ලංකාව දූපතක් වුවද, අපට ගොලීය බලවේග අමතක කළ නොහැක. වසර 50ක් පමණ කාලයක් තිස්සෙ සිට උතුරෙ හා නැගෙනහිර දෙමළ ජනයාගෙ සිත් තුළ දෙමළ නිජබිමක් කාවද්දා තියෙනවා. මෙ පසුබිම සමග ජනමතවිචාරණයකට ගියොත්, දෙමළ බෙදුම්වාදින් මෙම සිහිනය ඉස්මතු කර ගනිවි. මොවුන් උතුරෙ හා නැගෙනහිර දෙමළ ජනයාට ජනමතවිචාරණයට ඒකගව ඡුන්දය දීමට පොළොඹවයි.

අනෙක් ප‍්‍රදෙශ හතම මෙයට විරුද්ධ වන බව නිසැකයි. නමුත් දෙමළ බෙදුම්වාදින්ට මෙම මත දෙක ඊලාම් සිතියමට සංසන්දනය කර අයුතු ලෙස කටයුතු කරන්න මග පෑදෙයි. මෙම අනාවැකිය පිළි නොගන්න උදවිය මතක් කළ යුතුයි 1976වඩුක්කෝඩෙයි යොජනාව හා 1977 මැතිවරණ ප‍්‍රතිඵලය.

මගෙ රට බෙදුම්වාදින්ගෙන් බෙරා ගැනීම ද්‍රොහිකමක් නම්, මම ඉතා අඩම්බරෙයන් ද්‍රොහියෙක් වෙනවා.

මෙම ගෙන එන්න හදන ව්‍යවස්ථාවට විවිරුද්ධ වෙන්නන් ජාතිවාදීන් ලෙස නම් කිරීමට උත්සහයක් තිබෙනවා. මම දෙමළ නිසා මම ද්‍රෝහියෙක් සේ නම් කරයි. නමුත් මගෙ රට බෙදුම්වාදින්ගෙන් බෙරා ගැනීම ද්‍රොහිකමක් නම්, මම ඉතා අඩම්බරෙයන් ද්‍රොහියෙක් වෙනවා.

හිටපු විදෙශ ඇමති, දැන් මුදල් ඇමති බොහොම චතුරය කියා සිටිනවා ජාතික ප‍්‍රශ්නයට විසදුම බලය බෙදිමයි කියා. විසදුම බලය බෙදිමය නම්, ඒය යා යුත්තෙ පොඩිම ඒකකයට මිස පළාතකට නොවෙ. පළාත් අනුව බලය බෙදුවොත්, අපටත් ස්කොට්ලන්තයෙන් හා කැටලොනියාවෙන් මතු වු වැනි ප‍්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි.

මෙසෙ බලය බෙදන්න අවශ්‍යකමක් නැහැ. සිංහල මිනිසුන් තමන් ට අයත් වරප‍්‍රසාද හා අයිතින් දෙමළ ජනයාටත් තිබෙනවාට කිසිම විරෝධයක් නැහැ.

ඒ නිසා ආණ්ඩුවක් වශයෙන්, පුරවැසියෙක් වශයෙන් අප සියල්ලටම වගකිමක් තියෙනවා මෙම රට තුළ නිජබිම් යැයි කියා කඩන්නට නොදි ආරක්ෂා කර ගැනිමට. මෙම දූපත ඔබගෙ වගේම මගෙයි. මෙම දිවයිනෙ සෑම අගලක් ම ඔබට මෙන්ම මටත් අයිතියි. ඒ නිසා මෙම රටට හො මෙම රටෙ අනාගතයට කිසිම හානියක් වෙන්න නොදි බලා ගැනීම අප සියළු දෙනාගෙම යුතුකමයි.

(ශිවන්ති රණසිංහ)

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කලක් මුළුල්ලේ අයථා ලෙස මාසික වැටුප් සහ දීමනා ඇතුළු වරප්‍රසාද ලබා ගත්තේ යැයි කියන ප්‍රවීණ කලාකරුවන් පිරිසකගෙන් තිදෙනකුගේ නම් මේ වන විට හෙළි වී තිබේ.

ඒ ප්‍රවීණ කලාකරුවන් වන සේනක විජේසිංහ,අර්ජුන කමලනාත්,සහ ක්‍රිෂාන් එරන්ද යන මහත්වරුන් වන අතර මේ බව හෙළි වී තිබෙන්නේ ප්‍රවීණ කලාකරුවන් පිරිසක් ආරක්ෂක අමාත්‍යංශයෙන් මාසික වැටුප් ඇතුළු වරප්‍රසාද රැසක් අයථා ලෙස ලබා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බරපතළ මුල්‍ය අපරාධ කොට්ඪශය විසින් සිදු කරනු ලබන විශේෂ පරීක්ෂණයකදීය.

සේනක විජේසිංහ,අර්ජුන කමලනාත් සහ ක්‍රිෂාන් එරන්ද යන කලාකරුවන් තිදෙනා සිවිල් පදනම මත හමුදා ගත කර ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකා මුලස්ථානය වෙත බදවා ගැනීමට කටයුතු කරන්නැයි මේජර් ජනරාල් ඩබ්ලියු ජී ජී ප්‍රනාන්දු මහතා එවකට රාජ්‍ය ආරක්ෂක,මහජන ආරක්ෂාව,නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරියා ලෙස ආරක්ෂක ලේකම්වරයා වෙනුවට අත්සන් කරමින් යුද හමුදාපතිවරයාට දැනුම් දී තිබේ.

එවකට ආරක්ෂක ලේකම් ගෝඪභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත මේ පියවර ගන්නා බව BOX අංක 572 සහ “එම්එල්ඩී/එම්ඕඩී/2/1 (බ/ගැ)” යන “මගේ අංකය”යටතේ මේජර් ජනරාල් ඩබ්ලියු ජී ජී ප්‍රනාන්දු මහතා 2008 නොවැම්බර් මාසයේදී යුද හමුදාපතිවරයාට යැවූලිපියේ පැහැදිලිව සඳහන් වේ.

“සිවිල් පදනම මත හමුදා ගත කිරීම-කලාකරුවන්”යන ශීර්ෂය යටතේ යුද හමුදාපතිවරයාට යොමු කර ඇති එම ලිපියේ පටපත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට සහ අදාළ කලාකරුවන් තිදෙනාට ද යොමු කර තිබේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ කෝප්‍රල් ඇතුළු විවිධ නිලතලවලට අනුයුක්ත වෙමින් මේ කලාකරුවන් මසකට රුපියල් 60,000ක මූලික වැටුපක්,රියදුරු සමග වාහනයක් සහ ඉන්ධන ඇතුළු වරප්‍රසාද රැසක් ලබාගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවෙන් පෙනී සිටීමේ එකඟතාවය මතය.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ 2008 සිට 2015 දක්වාම යුද හමුදාවෙන් මේ මාසික වැටුප් ඇතුළු වරප්‍රසාද ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රවීණ කලාකරුවන් වන සේනානායක වේරලියද්ද,රොජර් සෙනෙවිරත්න,ඕෂදී හේවාමද්දුම,රජිත හිරාන්(පිං පොං),ප්‍රියංකර පෙරේරා සහ ගයේෂා පෙරේරා ඇතුළු කලාකරුවන් පිරිසකට ද චෝදනා එලල වී තිබේ.

මේ සම්බන්ධයෙන් මේ කලාකරුවන් හෙට අනිද්දාම FCIDය වෙත කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත වන අතර මේ කලාකරුවන්ගේ බැංකු ගිණුම්වල තිබෙන මුදල් ඇතුළු දේපොළ සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ අතර අර්ජුන කමලනාත් මහතා සිය බිරිය වන අමීෂා පෙරේරාගේ නමින් මීට සති කිහිපයකට පෙර කොළඹ රාජගිරිය ප්‍රදේශයෙන් රුපියල් කෝටි පහකට පමණ අති සුඛෝපභෝගී දෙමහල් නිවසක් මිලදී ගැනීම සහ රුපියල් කෝටි 20ක් පමණ වැය කර රජ ඝෝෂ,කුසල් සහ කිඩ්නැප් ඇතුළු චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කිරීම පිළිබඳවද FCIDයේ අවදානය යොමුවී තිබේ.

(සුමුදු පෙරේරා)

Published on: Dec 06, 2017 – ඊයේ (හතරවැනි දා) බදුල්ලේ පැවැත් වූ පොදු ජන පෙරමුණේ රැස්වීමට විමල්, ගම්මන්පිල, ඩලස්, දිනේෂ් සහභාගි වෙලා නැහැ. ඒ අහම්බයක් වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. සමහරවිට එක් අයකුට දෙදෙනකුට පෞද්ගලික හේතු, මගුල් ගෙවල්, මළ ගෙවල් ආදී වෙනත් කටයුතු, තියෙන්න ඇති. ඒත් ඒ සියලු දෙනාට ම එක විට පෞද්ගලික හේතු ඇති වුණයි කියලා හිතන්න බැහැ.

ඉහත නම් සඳහන් හතර දෙනාගෙන් ඩලස් හැරෙන්න අනෙක් අය ජාතිකවාදීන් කියා කියන්න පුළුවන්. ඩලස් ඊනියා ජාත්‍යන්තරවාදියෙක්. ඔහුට අනුව දයාන් ජයතිලක අග්‍රගණ්‍ය දේශපාලන විචාරකයෙක්. ජාතිකවාදීන්ට හා ජාත්‍යන්තරවාදීන්ට එකට එකතු වීමට වෙනත් හේතුවක් (හේතු) ඇති. දේශපාලනය යනු කිසිම සංගත මතිමතාන්තර බලපාන තැනක් නො වෙයි. එහි ඇත්තේ බලයට පැමිණීම හා බලය රැකගැනීම. ඒ සඳහා දේශපාලනඥයන් විවිධ දේ කරනවා.

මේ සියල්ලට මුල ළඟ එන පළාත් පාලන ආයතන මැතිවරණ නො වෙයි. එහෙත් පළාත් පාලන මැතිවරණ ප්‍රශ්නය තීව්‍ර කරලා. මෙරට ජනමාධ්‍ය ප්‍රධානීන් දෙදෙනකු මෙහි පසුබිමේ ඉන්නවා. එහෙත් ජනමාධ්‍යයට කළ හැකි දේ සීමිතයි. රනිල් කියලා තිබුණා ජනමාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනකු රාජපක්‍ෂ රෙජිමය ආපසු බලයට ගෙන ඒමට කටයුතු කරනවා කියලා. මා නම් එහෙම විශ්වාස කරන්නේ නැහැ. මේ ජනමාධ්‍ය මහින්ද බලයට ගෙන ඒමට කටයුතු කරන්නේ නැහැ. ඔවුන් දන්නා ආකාරයට මහින්දට නැවත ජනාධිපති වෙන්න බැහැ. එය දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වළක්වා තියෙනවා. ජීවිතයේ සරදමක් මෙන් මහින්ද දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්නා.

ජනමාධ්‍ය ප්‍රධානීන් සහ තවත් අය ගෝඨාභය බලයට පත් කිරීමට කටයුතු කරනවා වෙන්න පුළුවන්. එහෙත් ගෝඨාභය එයට කැමති වේ ද යන්න ප්‍රශ්නයක්. එහෙත් වෙන කිසිවකු නොදැන සිටියත් රනිල් දැන ගන්න ඕන ජනමාධ්‍යයට කරන්න පුළුවන් බලපෑම සීමිත බව. රනිල්ලාගේ පරම්පරාව මව් පාර්ශ්වය මෙන් ම පිය පාර්ශ්වය ද ලේක් හවුසිය සමග සම්බන්ධයි. එහෙත් ලේක්හවුසියට පනස්හයේ කිසි දෙයක් කරන්න බැරි වුණා. මහජනයා බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණට ඡන්දය දුන්නේ ලේක්හවුසිය අමතක කරමින්. රූපවාහිනි මාධ්‍යටත් මැතිවරණවල දී එතරම් බලපෑමක් කරන්න බැහැ.

ජනමාධ්‍ය ප්‍රධානීන්ට අමතර ව කොළපාට සමාජය ලියූ චන්ද්‍රප්‍රේම වැන්නන් ද එක්තරා දේශපාලන ව්‍යාපෘතියක ඉන්නවා. අද මහින්ද වටා ජනමතයක් ගොඩ නැගී තිබුණත් ඔහුට ජනාධිපති වීමට නොහැකි වීම මේ අයට ප්‍රශ්නයක්. ඒ මදිවාට දැන් පළාත් පාලන ආයතන මැතිවරණ ඇවිල්ලා. එයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක්. විමල්ලා ගම්මන්පිලලා තම පක්‍ෂවලට ඉල්ලු අපේක්‍ෂක සංඛ්‍යාව ඔවුන්ට බැසිල්ගෙන් ලැබෙන්නේ නැහැ. ඔය පක්‍ෂවලට හිතන තරම් ජනබලයක් නැහැ. ඒ නිසා ඔවුන්ට හිතන තරම් අපේක්‍ෂක සංඛ්‍යාවක් ලැබෙන්නේ නැහැ.

මේ හේතු සහ තවත් හේතු නිසා මේ පක්‍ෂවලට මෛත්‍රිපාල දෙස බැලීමට සිදු වෙලා. කලකට පෙර මා මැතිවරණ ගැන සලකා නොව රට ගැන සලකා මහින්ද හා මෛත්‍රිපාල එකතු වීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළා. අද ඒ යෝජනා කිහිපයක් මැතිවරණය මුල් කරගෙන ඉදිරිපත්වන බව පේනවා. එය කිසිසේත් ම යහපත් කටයුත්තක් නො වෙයි. ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම, රණවිරුවන් ආරක්‍ෂා කිරීම, ජාතික සම්පත් රැක ගැනීම, බැඳුම්කර හොරුන්ට නිසි දඬුවම් දීම, දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම, දහතුන හා පළාත් සභා ක්‍රියාත්මක වන තුරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නො කීිරීම ආදිය මගේ යෝජනාවල අඩංගු වුණා.

මේ යෝජනාවලින් කිහිපයකට මෛත්‍රිපාල ඉදිරියේ දී එකඟ වෙන්න ඉඩ තියෙනවා. එය එසේ වෙනවා නම් හොඳයි. එහෙත් ප්‍රශ්නය එය පළාත් පාලන මැතිවරණ සමග බැඳීම. මෙතෙක් මෛත්‍රිපාල වැඩ කෙළේ ඒ යෝජනාවලට විරුද්ධ ව. මහින්දට අමුතුවෙන් යෝජනාවලට එකතු වෙන්න අවශ්‍ය නැහැ. ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම හැරෙන්නට අනෙක් යෝජනාවලට ඔහු හැමදාමත් පක්‍ෂයි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා පළාත් සභා ශක්තිමත් වීම අතර සම්බන්ධයක් ඇති බව මහින්ද අවබෝධ කරගෙන නැති වෙන්න පුළුවන්. මෛත්‍රිපාල කැමති වුණේ ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම ගැන පමණයි. එහෙත් එය හා පළාත් සභා ශක්තිමත් වීම අතර සම්බන්ධය නිසා ඔහු ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැමති වුණා නො වෙයි.

මෛත්‍රිපාල සමග මැතිවරණ වෙනුවෙන් එකතු වීමට මා එකඟ වන්නේ නැහැ. මහින්ද නැතිව මෛත්‍රිපාල සමග කොහොමටවත් එකතු විය යුතු නැහැ. මැතිවරණ සඳහා නොව රට ජාතිය ආගම වෙනුවෙන් ඉහත සඳහන් කොන්දේසි මත මහින්ද මෛත්‍රිපාල එකතුවීමකට මා කැමතියි. එහෙත් ඇතැමුන් හුදෙක් මැතිවරණ ගැන සලකා බලමින් බලය ලබා ගැනීම සඳහා එකතු වීමෙන් රටට වැඩක් වෙන්නේ නැහැ.

පළාත් පාලන ආයතන මැතිවරණ කවුරු කෙසේ තරග කළත් මැතිවරණවලින් පසුව ජනමතය ප්‍රකාශ වීමෙන් පසුව අපට හිතන්න හුඟක් දේ තියේවි. මේ උදා වී ඇත්තේ තීරණාත්මක මොහොතක්. මේ අර බටහිරයන්ගෙ කසිකබල් නිමේෂය සංකල්පය නො වෙයි. මැතිවරණවලින් කෙරෙන්නේ සිංහලයන් බෙදීම පමණයි. තරමක් හරි සිහියක් ලැබෙන්නේ මැතිවරණවලින් පසුව.

___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-05

Published on: Dec 06, 2017 – බදුල්ල විල්ස්පාක් ක්‍රීඩාංගනයේ ඊයේ (04) පැවති ශ්‍රී ලංකා පොදුජන පරමුණේ රැලිය කට් කල වාසුදෙව නානායක්කාර,විමල් විරවංශ සද ඒකාබද්ධයේ නිළ නොවන නායක මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන අද හදිසී හමුවක් පැවැත්වු බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

කොළඹ ඒකාබද්ධ මන්ත්‍රීවරයේකුගේ නිවසේ පැවැති එම හදිසි රැස්විමේදි විමල්,වාසු,දිනේෂ් අවධාරණය කර ඇත්තේ 2020දි රනිල් ජනාධිපති විම වැලැක්වීමටනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල සහ මහින්ද පිළ එකම පෙරමුණකින් තරග කලයුතු බවයි.

මහින්ද සුලග නිර්මාණය කිරිම හරහ මහින්දගේ බලවෙග ලෙස තමන් කටයුතු කළේ රනිල්ට එරෙහිව සමාජ මතය වර්ධනය කිරිම බවත් ඒ හැරෙන්නට කිසිවිටෙකත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයන් බිද දමා එක්සත් ජාතික පක්ෂයට බලයට එමට ඉඩ ලබාදිමට තමන් ඇතුලු ප්‍රගතිශීලි ඒකාබද්ධ මන්ත්‍රීවරුන් කටයුතු නොකල බවද එහිදි විමල් පෙන්වා දි තිබේ.

මේ අතර එම සාකච්ඡාවේදි බැසිල් රාජපක්ෂගේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්ව ඇති අතර මහින්ද සුලග නිර්මාණය කරමින් රටේ ගොඩනැගු මහින්ද නැමති සුනාමිය අවසානයෙ ශ්‍රිලනිපය දෙසට යොමු කිරිමට බැසිල් කටයුතු කල බවත් ඒ හරහා ගම්මට්ටමේ මහින්දවාදි ශ්‍රී ලංකා කාරයන් කලකිරිමට ලක්ව ඇති බවද පෙන්වා දි තිබේ.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා සමග තවදුරටත් සාකච්ඡා කිරිමට මේහිදි එකඟතාව ඇතිකරගෙන තිබේන අතර එම සාකච්ඡා වලින් පසුව යම් තින්දු ගැනිමට කටයුතු කිරිමටද එකඟතාව පලවි තිබේ.

මහින්ද සුලගේ බර කරට ගෙන කටයුතු කල විමල් මේ දක්ව බැසිල්ගේ නායකත්වයෙන් ගොඩ නැගුන පොහොට්ටු පක්ෂයේ පක්ෂ නායක රැස්විම් වලට සහභාගි නොවු අතර දිනේෂ් සහ වාසුද ඒ සදහා එතරම් කැමත්තක් නොදැක්වු බව නොරහසකි.ඊයේ බදුල්ල රැළියට පවා විමල්,වාසු,දිනේෂ් සහභාගි නොවිමට ප්‍රධාන හේතුව වුයේ එය පොහොට්ටු පක්ෂයේ රැළියක් ලෙස ඒකාබද්ධයෙන් වෙන්ව පැවැත්විම නිසා බවද වාර්තා වේ.

බැසිල් ඇමරිකාවේ සිටින සමයේ විමල් ප්‍රමුඛ ඒකාබද්ධ කණ්ඩායම ගොඩනැගු මහින්ද සුලග පසුව බැසිල් ක්‍රමිකව සිය ග්‍රහණයට ගැනිමත් ඒ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප පුවත් පතට බැසිල් කර තිබු ප්‍රකාශයක් හේතුවෙන්ද විමල් දැඩි ලෙස කලකිරිමට ලක්ව සිටියා.

මේ අතර විමල් වීරවංසගේ ජාතික නිදහස් පෙරමුණ මුලසිටම වෙනම මැතිවරණයට ඉල්ලිමට විරුද්ධව කටයුතු කල අතර එහි ප්‍රතිපලයක් ලෙස විමල්ගේ පක්ෂය දෙකඩ වු අතර පක්ෂයේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා විසින් අනුරාධපුරයේදී හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ අත්තනෝමතික ලෙස දේශපාලනය තෝරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩීමට කටයුතු කළහොත් නියත වශයෙන්ම 2020 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවත් එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එම පාපකර්මයට මේ මොහොතේ ශ්‍රීලනිප ය බෙදීමට උත්සාහකරන සියළු දෙනා වගකිව යුතු බවයි.

බලාපොරොත්තු වන්න …. ජනිපෙ මෛත්‍රී කරණය විමල්ගේ ගේමක්! සියල්ල අවසානයේ විමල් ශ්‍රිලනිප ජාතික සංවිධායක ධුරයට?

පසුගිය නොවැම්බර් 25 වැනිදා අප අනාවරණය කල අකාරයටම පලාත් පාලන මැතිවරණය පැරණී ක්‍රමයට පැවැත්විම හරහා ඒජාපයේ බලය තහවුරු කර ගැනිමේ මෙහෙයුම තවත් ස්වරූපයකින් දියත් කිරිමේ සුදානමක් ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.ඒ නව සීමා නිර්ණ ගැසට් පත්‍රය මගින් ශ්‍රී පාදස්ථානය අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් ඉවත්වීම මුල් කොට අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කිරීමත් සමඟිනි.

පළාත් පාලන ඡන්දය 2018 පෙබරවාරි මස 17 වන දින හෝ ඊට පෙර දිනයකද් පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශ්ප්‍රිය ඊයේ (04)උදැසන නිවේදනය කිරිමත් සමගම අඹගමුව ප‍්‍රාදේශිය සභාව සිමා නිර්ණය කිරිමේදි කොටස් තුනකට කඩා වෙන් කිරිමට එරෙහිව ඊයේම (04.12) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකමි පෙත්සමක් ගොනු කිරිමට කන්ද උඩරට ප‍්‍රගිතිශිලි ජනතා ව්‍යපාරයේ සභාපති හෙලපි‍්‍රය නන්දරාජ මහතා කටයුතු කර තිබේ.

පළාත් පාලන අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති අඹගමුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය කොටස් තුනකට කඩා වෙන් කිරිම බල රහිත කරන ලෙස මෙම මුලික අයිතිවාසිකමි පෙත්සම මගින් ඉල්ලා තිබේ.

ඒ අනුව යම් හෙයකින් අදාල පෙත්සම විභාග කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කලහොත් යලිත් සීමා නිර්ණ කිරිම සම්බන්ධයෙන් වු ගැසට් පත්‍රය අභියෝගයට ලක්වන අතර ඒ හරහා යලිත් නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විම ගැටලුවක් විමට බොහෝදුරට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

පළාත් පාලනය පැරණි ක‍්‍රමයට පැවැත්විමට ඇති හැකියාව පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය අතර විශේෂ හදිසී සාකච්ඡාවක් පවත්වා ඇති බව අප පසුගිය නොවැම්බර් 25 වැනිදා අනාවරණය කලා.

කියවන්න…. එක ගලයි කුරුල්ලෝ දෙකයි….ඡන්දය පැරණී ක්‍රමයට තියා රනිල් ආණ්ඩුවේ බඩ සුද්ද කරයි!හදිසියේ නීතිපතිවරයාට අගමැතිගෙන් නියෝග..

මේ අතර මැතිවරණය කල් දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය කටයුතු කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂය සහ මෛත්‍රී පිල අතර බරපතළ විරසකයක් නිර්මාණය වී තිබුන අතර පසුව ජනපති-අගමැති සාකච්ඡාවකින් පසුව ඡන්දය කල් දැමිමට හෝ පැරණී ක්‍රමයට පැවැත්විමට දෙපාර්ශ්වයම එක්ව් කටයුතු කිරිමට එකඟතාව පල වි තිබේ.

බදුල්ල විල්ස්පාක් ක්‍රීඩාංගනයේ ඊයේ (04) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලිය අවසන් විමත් සමග හෙට වහාම අනිවාර්යයෙන් තමන් හමුවන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන්ට නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර බදුල්ලේ පැවැත්වු පලමු මැතිවරණ ප්‍රචාරක රැළිය අධික වර්ශාව සහ සංවිධානාත්මක කිරිමේ දුර්වල හේතුවෙන් අසාර්ථක විම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දැඩි ලෙස කෝපයට පත්ව ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කලේ.

රැස්විම ඉක්මනින්ම අවසන් කිරිමට සංවිධායකින්ට නියෝගකර ඇති අතර රැළිය අවසන් වු සැනින් ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන්ට තමන් වහාම් හමුවන ලෙස හිටපු ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

මේ අතර ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා මහින්ද රාජපත්ෂ මහතාට සහය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වු අතර තිස්සකුට්ටිආරච්චි මහතා දැනට ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අතර පසුගිය ජනාධිපතිවරණයේදී ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වී කටයුතු කළේය. නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට එක්විය.

මේ අතර ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශවයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් හිටපු ජනාධිපතිවරයාට වාර්තාවක් ලබාදි ඇති අතර ඒ හරහා පළාත් පාලන මැතිවරණයට වෙන වෙනම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් මුහුණ දිම හරහා මුහුණ දෙන අර්බුද පිළිබ්දව දිර්ඝ ලෙස පෙන්වා දි ඇති බව දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාරදුන් සැනින් එක්සත් ජාතික පක්ෂය සක්‍රියව ග්‍රාමිය මට්ටමින් ඡන්ද සටන දියත් වනු ඇති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් අතර ගැටුම් ඇති විමත් ඒ හරහා පාක්ෂිකයන් දැඩි ලෙස කලකිරිමට ලක්විය හැකි බවද එම වාර්තාව හරහා පෙන්වා දි තිබේ.

ශ්‍රිලනිප – ඒකාබද්ධ කිරීමට දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුගමගේ ඇතුළු බහුතරයක් කටයුතු කරමින් සිටි අතර ඒ හේතුවෙන් ඒකාබද්ධය තුල අර්බුදකාරි තත්ත්වයක්ද හටගෙන තිබේ.

Published on: Dec 05, 2017 – පාකියසෝති සරවනමුත්තු ගැන බොහෝ දෙනා දන්නව වෙන්න පුළුවන්. විකල්ප ප්‍රතිපත්ති ගැන කියවන පාකියසෝති සුනේත්‍රාගේ මිතුරෙක්. චන්ද්‍රිකාගේත් මිතුරෙක්. මේ සිංහල හා දෙමළ ප්‍රභූන් වැඩ කරන්නේ එකට. මොවුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ සර්වජන ඡන්දය. හෙට අනිද්දා, හැරිසන් හා රනිල් කියන විධියට පෙබරවාරි දහවැනි දා පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වෙනවා. මැතිවරණ කොමිසම තවමත් ඒ ගැන නිශ්චිත යමක් කියලා නැහැ. පෙබරවාරි 10 ගැන මැකො රනිල්ට කිව්ව ද නැත්නම් රනිල් මැකොට කිව්ව ද කියන එක පැහැදිලි නැහැ. සමහර විට හැරිසන් මේ දෙන්නට ම කියන්න ඇති. හැරිසන් වගේ අය නැත්නම් ජනමාධ්‍යත් නැහැ.

කොහොම වුණත් සර්වජන ඡන්දය කාට කාටත් ප්‍රශ්න ඇති කරනවා. අද විමල්ගේ ජාතික නිිදහස් පෙරමුණ ඇත්තේ නමට පමණයි. ඒ පක්‍ෂය නොව එහි පුද්ගලයන් එක් එක්කෙනා මෛත්‍රිපාලට එකතු වෙනවා. විමල්ට එකතු වෙලත් බැහැ. එකතු නොවීත් බැහැ. ඔහුගේ න්‍යායාචාර්යයාට නම් ළඟක දි ඉඳන් එකතු වීමේ අවශ්‍යතාව ඇතිවෙලා. පළාත් පාලන ආයතන මැතිවරණය මෛත්‍රිපාල අමාරුවේ දාලා. ඔහුට අද ඉන් ගැළවීමක් නැහැ. චන්ද්‍රිකා කාට එකතු වෙන්න ද? සරවනමුත්තුලා රනිල් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. ජාතිකවාදීන්ටත් මේ මැතිවරණය නිසා ප්‍රශ්න ඇති වෙනවා.

මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නයක් නැති වුවත් සරවනමුත්තුලාට ප්‍රශ්නයක් තියෙනවා. අදත් ඔහු තවත් කොමිසමක් පත්කරන්න කියලා දි අයිලන්ඩ් පත්තරයට කියනවා. ඒ නෙස්බි වාර්තාව ගැන ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස. නෙස්බි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ දරුස්මාන් වාර්තාව ප්‍රතික්‍ෂෙප කරනවා. ජාතිකවාදීන් එය අලුත් දෙයක් ලෙස සලකනවා. නෙස්බි වාර්තාවලින් මෙතෙක් වෙච්ච දෙයක් නැහැ. එංගලන්ත ආණ්ඩුව ඔහු කියන දේ ගණන් ගන්නේ නැහැ.

සරවනමුත්තුලාගේ ප්‍රශ්නය ඡන්දය සමග ඇති වෙච්ච එකක්. ඒක අද ඊයේ ප්‍රශ්නයක් නොවෙයි. දහනවවැනි සියවස දක්වා දිව යන ප්‍රශ්නයක්. ඉංගිරිසින් යටතේ මෙරට ප්‍රධානත්වය හිමි වුණේ දෙමළ වෙල්ලාල ප්‍රභූන්ට. ඔවුන්ට ඇංග්ලිකන් ක්‍රිස්තියානි පසුබිමක් තිබුණා. සරටවනමුත්තුගේ සීයාත් පාකියසෝති සරවනමුත්තු. ඔහු මෙරට වැඩිම වැටුපක් ලත් සිවිල් සේවකයා පමණක් නොව පී සරා හෙවත් ඕවල් ක්‍රීඩාංගණයේත් නිර්මාතෘ. එය ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට අයත් එකක්. ලංකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය පැවැත්තුවෙත් මේ ක්‍රීඩාංගණයේ. එකල ලංකාවේ ක්‍රිකට් මධ්‍යස්ථානය ටැමිල් යුනියන්. අද එය එස් එස් සී හෙවත් සිංහල ක්‍රීඩා සමාජයට මාරු වී තිබෙනවා. සරවනමුත්තුලාගේ ප්‍රශ්නය ඉන් ප්‍රකාශ වෙනවා.

සරවනමුත්තුගේ සීයාගේ සියා චුන්නාකම් නගරය පිහිටුවූ තැනැත්තා ලෙස හැඳින්වෙනවා. එය හුණුගම කියන සිංහල ගම. බොහෝ විට සිදු වන්න ඇත්තේ සරවනමුත්තුගේ සීයාගේ සීයා හුණුගම චුන්නාකම් කිරීමයි. මේ රටේ දෙමළ කතාකරන අයගේ ඉතිහාසය ලියැ වී නැහැ. මෙරට කසිකබල් ඉතිහාසඥයන් ලංකා විශ්වවවිද්‍යාලයේ එස් ජී පෙරේරා ජෙසුයිට් දේවගැති ඉතිහාසඥයන්ගේ දරුවන් පමණයි. ඔවුන් සොයන්නේ සිංහල බෞද්ධයන්ගේ වැරදි. සරවනමුත්තුලා සිංහල ගම් දෙමළ ගම් බවට පත් කළ අය. පැහැදිලිව ම සරවනමුත්තුලාට පෙර හුණුගම තිබුණා.

සරවනමුත්තුලා 1833 සිට එකල තිබූ ව්‍යවස්ථා මණ්ඩලයේ හරි හරියට සිංහලයන් නියෝජනය කළා. මේ ආරූඪ කළ සමානත්වය නැති වේය කියන බය දෙමළ කතාකරන ජනයා නියෝජනය කළ වෙල්ලාල ප්‍රභූන්ට ඇතිවුණා. තමන් සමාජයේ දැරූ ප්‍රධාන තැන සිංහල ප්‍රභූන්ට අයත් වේ ය යන බිය දෙමළ කතාකරන ප්‍රභූන්ට ඇති වුණා. වෙල්ලාල ප්‍රභූන් තම තැන ආරක්‍ෂා කර ගනීමට දිගින් දිගට සටන් කළා. එය අවසානයේ දී ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී බෙදුම්වාදය තෙක් දිව ගියා.

මෑතක් වන තුරු සමාජයේ වැදගත් ය කියන රැකියා වෘත්තීන් වැඩියෙන් කෙළේ දෙමළ ප්‍රභූන්. ඉඳහිට මඩකලපුවෙන් එක්කෙනකු දෙන්නකු එකී ධුර දැරීම ප්‍රශ්නයක් වුණේ නැහැ. විශ්වවිද්‍යාලයේ විද්‍යාව පදනම් වූ පීඨවල බහුතරය වූයේ දෙමළ ශිෂ්‍යයන්. එයට යම් පිළියමක් ලැබුණේ අබෞද්ධ කලක් මාක්ස්වාදී වික්ටර් අයිවන් නොදැන සිටි ප්‍රමිතිකරණයෙන්. අවුරුදු හැටකට පමණ පෙර රාජකීය විදුහලේ හයවැනි පංතියට ඇතුළත් වූ සිසුන් එකසිය හතළිස් දෙනාගෙන් සියයට පනහක් සිංහල, විසිපහක් දෙමළ, විසිපහක් මුස්ලිම් හා බර්ගර්. ලංකාවේ ජනගහනයෙන් සියයට හැත්තෑපහක් සිංහල වෙද්දී වක්‍ර බදු යටතේ වැඩියෙන් සිංහලයන් බදු ගෙවද්දී දිවයිනේ රජයේ ප්‍රධාන ම පාසලේ සිංහල සිසුන් සංඛ්‍යාව සියයට පනහක් පමණක් වුණා. මේ අසාධාරණකම් ක්‍රමයෙන් නැති වීමට පටන් ගත්තා. සරවනමුත්තුලා ශාන්ත තෝමස් විදුහලේ ඉගෙන ගත්තත් ඔවුන්ගේ ප්‍රශ්නය වූයේ දෙමළ ප්‍රභූන් විඳි අසාධාරණ වරප්‍රසාද ක්‍රමයෙන් නැති වීමයි. ක්‍රිකට් බලධාරීත්වය ඕවල් ක්‍රීඩාංගනයෙන් එස් එස් සී ක්‍රීඩාංගනයට මාරුවීම සරවනමුත්තු පවුලට හොඳින් ම දැනෙන්න ඇති.

මා මෙයින් කියන්නේ නැහැ අද සිංහල ප්‍රභූන් අතින් මේ සියල්ල හොඳින් කළමනාකරණය වෙනවා කියා. නාලන්දාවේ ඉගෙන ගත් සුමතිපාල ශාන්ත තෝමස් විදුහලේ උගත් සරවනමුත්තුට වඩා හොඳක් නැහැ. එහෙත් ජාතික ක්‍රිකට් කණ්ඩායම එකල සීමා වී තිබුණේ ප්‍රභූ පාසල් කිහිපයකට පමණයි. අද එය නමට හරි ගමට ගිහින්. එහෙත් ප්‍රශ්න ඇති බව පැහැදිලියි. එකල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පමණක් නොව රාජකීය වැනි විදුහල්වල ක්‍රිකට් කණ්ඩායම්වලත් දෙමළ බර්ගර් අනුපාත ජාතික අනුපාතයට වඩා වැඩි වුණා. එහෙත් සිංහල බෞද්ධයන් කළමනාකරණය කරන්නේත් බටහිර ක්‍රිස්තියානි ක්‍රම අනුගමනය කරමින්. අවාසනාව බෞද්ධ කියන හා ගමේ කියන පාසල්වලත්, දහම් පාසල්වලත් බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා දීම.

සරවනමුත්තුලාට ඉංගිරිසින් දුන් තම ප්‍රභූ තත්වය ආරක්‍ෂා කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එයට ඇත්තේ එක ම පිළිතුරයි. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට, ඉතිහාසයට ඇති විශේෂත්වය අකමැත්තෙන් හරි පිළිගැනීමයි. එසේ නොමැතිව ඊනියා කොමිසම් පත් කිරීමෙන් විසඳෙන ප්‍රශ්නයක් නැහැ. පළමුව තමන්ට ඉතිහාසයේ හිමි තැන තේරුම් ගැනීමට සරවනමුත්තුලා වෑයම් කළ යුතුයි. එහෙත් බටහිරයන් එයට ඉඩක් දෙන්නේ නැහැ.

___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-04

Published on: Dec 05, 2017 – විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායන මහතා අද(05) පෙරවරුවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් කැදවා ඇති අතර එහිදි ශ්‍රිලනිප – ඒකාබද්ධ සාකච්ඡා කඩා කප්පල් කිරීමට කටයුතු කළ කුමන්ත්‍රණකාරීන් කවුරුන්දැයි හෙළිදරව් කරන බව මන්ත්‍රිවරයා අප දේශපාලන වාර්තා කරු සමග සදහන් කර තිබේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර වෙන වෙනම තරග වැදිම හරහා ගමේ බලය එජාපයට ලබාදිමේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් දියත් වෙමින් තිබේන බවත් ඒ හරහා 2020 ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති කරවිමට එම කුමන්ත්‍රණය දියත් කර ඇති බවද ඔහු සදහන් කර තිබේ.

සති අන්ත පුවත්පතක සේවය කරන, බොහෝ දෙනෙකු අතර කැටලොක් රයිටර් ලෙස ප්‍රසිද්ධ, කතාබහේදී තරමක ගොතයක් පෙන්වන අයෙකු විශාල හෙළිදරව්වක් කරමින් හිටපු නාවික හමුදාපතිවරයා වූ අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ගැන පල්හෑල්ලක් ලියා තිබේ. අදාළ හෑල්ල සඳහා තොරතුරු ලබා දුන් මූලාශ්‍ර ගැන කිසිම සැකයක් නොමැති අතර අදාළ රචකයා මීට අවුරුදු කිහිපයකට පෙර සිදුකළ කටයුත්තක් ගැන හෙළිදරව් කිරීම මෙහිදී වැදගත් වේ. මන්ද ඔහුගේ මූලශ්‍රයට අවශ්‍යය මූලික පදනම සකස්වන්නේ එතැනදී බැවිනි.

අදාළ පුද්ගලයාට අනුව, ඔහුගේ පුවත්පත, අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ගැන ප්‍රථමයෙන් හෙළිදරව් කළ පුවත්පත වේ. එසේම, ඔහු මීට වසර කිහිපයකට පෙර සිදු කළ කටයුත්තකින් පැහැදිලි වන්නේ, මාධ්‍යවේදියෙකු ලෙස ඔහු ලියන පල්හෑලි වල ඇති සැබෑ තත්වය සහ ඔහුට මේ අන්දමින් ඒකපාර්ශවීය ලෙස ලිවීමට සිදුවී ඇති හේතුවයි.

කතාව ඉතාම කෙටියෙන් මෙසේය;

යුධසමයේදී නාවික හමුදාපති වශයෙන් සේවය කළ අද්මිරාල්වරයාට තිබූ විශාල ප්‍රශ්නයක් වූයේ නාවික හමුදාව විසින් සිදුකළ වැදගත් මෙහෙය අදාළ පුද්ගලයා ආරක්ෂාව යැයි ලියන තීරු ලිපියේදී සෑමවිට අමතක කොට තිබීමය.

ඉන් පසු ඔහුගේ සහය ලබා ගැනීම සඳහා අදාළ නාවික හමුදාපතිවරයා කදිම උපායක් සකස් කළේය. එනම්, ඔහු ආශාවෙන් පෙලෙන යමක් ඉටුකිරීමය. එහි ප්‍රතිඵලය ලෙස, රුසියානු ජාතික ලිංගික සේවිකාවක් සහ බ්ලැක් ලේබල් වර්ගයේ විස්කි බෝතලයක් ඔහුට සපයනු ලැබීය. අදාළ කටයුත්ත සඳහා යුධසමයේ සිටි නාවික හමුදාපතිවරයා ඍජුවම සම්බන්ධ වූ අතර, ඒසඳහා අනෙකුත් අවශ්‍යය සහය ලබා දෙනු ලැබුවේ නාවික හමුදා මූලස්ථානයේ සේවය කළ නිලධාරීන් කිහිප දෙනෙකු විසිනි.

අදාළ සිදුවීමට සම්බන්ධ වීඩියෝ පට හෝ වෙනත් දෑ ඇතැමුන් සන්තකයේ තිබේදැයි අපි නොදනිමු; නමුත් අදාළ සිද්ධියෙන් පසු මෙම “ආරක්ෂක වාර්තාකරු” නාවික හමුදාව සහ අදාළ නාවික හමුදාපතිවරයා ගැන විශාල සැලකිල්ලක් දැක්වීමට පටන්ගත්තේය.

එම ගනුදෙනුව අදටත් එසේම පවතින බව ඔහු අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, වයිස් අද්මිරාල් සුසිත් වීරසේකර වැනි නිලධාරීන් සම්බන්ධයෙන් මේ දිනවල ලියන හැලී වලින් හඳුනා ගත හැකිය.

නැවියන් සිව්දෙනෙකු අතුරුදන් වීම ගැන තප්පුලන මෙම පුද්ගලයා ඩෙල්ෆ් දූපතේදී අහිංසක නිරායුධ මිනිසුන් ( ළදරුවන් ඇතුළුව) වෙඩිතබා, කපා කොටා මරා දැමූ නාවික හමුදාවේ පුද්ගලයින් ගැන ලියන්නේ නැත. එසේම; තම රාජකාරී වගකීම් කෙරෙහි වූ නොසැලකිල්ල හේතුවෙන් දිගම්පතනේදී නැවියන් සියගණනක් මරා දැමීම සඳහා කොටි සංවිධානයට අවශ්‍යය පරිසරය සකස්කර දුන් නාවික හමුදා නිලධාරියා ගැන සඳහන් කරන්නේ නැත.

තමන්ට රුසියානු කතකගේ පහස ලබාදුන් ඒ නාවික හමුදාපතිවරයා රැකීම හැර වෙනත් විකල්පයක් නොමැත්තේ දිගු කතාවක එක පියවරක් ලෙස පමණි. තවත් දින කිහිපයකින්; අදාළ දෑ සමබන්ධයෙන් පටිගත කළ වීඩියෝ පට නිකුත් වුවහොත් එ ගැන පුදුමයක් නොවේ. එවිට මෙම කැටලොක් රයිටර් අදෝ ප්‍රදේශය කැඩුණු කඩියෙකු මෙන් සාමාන්‍යය ජීවිතයේ සිදුකරන හැසිරීම සඳහා හේතුව සමාජයට හෙළිදරව් වනු ඇත.

~~විශේෂ ලියුම්කරුවෙකු විසිනි~~

නායකයා කවුද? කොළඹ විශ්ව විද්‍යාලය සමීක්ෂණයකින් හෙළිකරයි යන මැයෙන් යුතුව ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර විසින් 2017 දෙසැම්බර් 03 වන ඉරිදා දින ‘මව්බිම’ පුවත්පතෙහි ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස පල කරන ලද ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් සාවද්‍ය බවත්, කොළඹ විශ්ව විද්‍යාලය විසින් එවන් සමීක්ෂණයක් සිදු කොට නොමැති බවත් සඳහන් කරමින් කරුණු පැහැදිලි කරමින් කොළඹ විශ්ව විද්‍යාලයෙහි උප කුලපතිවරයාගේ උපදෙස් මත ජනමාධ්‍ය අංශ ප්‍රධානී මහාචාර්ය සමන්ත හේරත් විසින් 2017 දෙසැම්බර් 03 දාතමින් මව්බිම පුවත්පතේ කර්තෘවරයා වෙත දැනුම් දී ඇත.

අදාල ප්‍රවෘත්තිය සෙසු විද්යුත්, මුද්‍රිත සහ වෙබ් ජනමාධ්‍ය විසින් උපුටා දක්වන ලද බැවින් එම නිවැරදි කිරීමටද ඒ හා සමාන ප්‍රසිද්ධියක් ලබා දීමට සහය ලබා දෙන ලෙස මහාචාර්ය සමන්ත හේරත් මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙතින් ඉල්ලීමක් කොට ඇති අතර, ඒ අනුව මෙම ලිපියෙහි පිටපතක් සියළු මාධ්‍ය වෙත නිකුත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කටයුතු කොට ඇත.

ගෝඨා පුම්බන ව්‍යාපෘතියක් !

වසර 2020දී මෙරට ජනාධිපතිවරයා විය යුත්තේ රටට ආදරය කරන ඒකාධිපති ස්වරූපයක්ද සහිත නායකයකු බවත් ඔහු උගත් බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුව සුදුසු බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි ‘මව්බිම’ වාර්තා කර තිබිණ.

එහිදී නියැදිය වශයෙන් 505කගෙන් සමන්විත පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති බවත්, පර්යේෂණ ක්‍රමවේදය වී ඇත්තේ ‘රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන පස්දෙනාගේ ඡායාරූපයකට අනුපිළිවෙළින් අංක යොදා එක් අයකු මේ පුද්ගලයන් පස් දෙනා අතුරින් කැමැත්ත ප්‍රකාශ කරන ආකාරය ප්‍රමාණාත්මකව ගණනය කිරීම බවත් එම පුවත් වාර්තාවේ සඳහන් විය.

පර්යේෂණ නියැදියට අනුව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණේ සිටින බව ‘මව්බිම’ වාර්තා කර ඇත.

Top