Published on: Nov 16, 2017 – තමන් ඇතුළු පක්ෂ නායකයින්ට එල්ල වී ඇති බැදුම්කර දූෂණ වංචා චෝදනාවන්ගෙන් ගලවා දෙන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ලබන දෙසැම්බර් 8 වැනිදා නිකුත් වීමට නියමිත ජනාධිපති බැදුම්කර කොමිසමේ වාර්තාවට අනුව තම පක්ෂ නායකයින්ට යම් දඩුවමක් හිමි වුවහොත් එමගින් ආණ්ඩුව දුර්වල වීමට ඉඩ ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය අගමැතිවරයාට පවසා තිබේ.

එසේ වුවහොත් උතුරට සහ නැගෙනහිරට යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාමය යෝජනාවලිය බිද වැටිය හැකි බව පෙන්වා දී ඇත. මේ නිසා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට බලපෑම් කර බැදුම්කර චෝදනාවන්ගෙන් යම් සහනයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ පසු ගියදා කළ ඉන්දීය සංචාරය අතර වාරයේදීයි.

Published on: Nov 27, 2017 – පළාත් පාලන මැතිවරණය සදහා මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු කර ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ලෙස තරග වැදිම සදහා යම් එකඟතාවක් ඇති වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය විසඳීම සඳහා පත්කරන ලද කමිටු නියෝජිතයන් ඉතාම රහසිගතව සිදුකරන සාකච්ඡා වලදි මේ සම්බන්ධයෙන් දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබේන අතර නව පෙරමුණේ සභාපති ධුරයට මහින්ද රාජපක්ෂ පත්කිරිමටද කැමත්ත පලවි තිබේ.

ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තරග වැදිම හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ විම නතර වි යෑම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ වගකිම් වලින් ඉවත් විම හේතුවෙන් ජාතික ආණ්ඩුව පවත්වා ගෙන යෑමට ඇති අර්බුද අවම විමත් හේතුවෙන් එම එම යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැමත්ත පලකර ඇති බවයි  අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

පසුගියදා 25දා රාත්‍රි කොළඹ ව්‍යාපාරිකයේකුගේ නිවසේදි මෙම කමිටු දෙකේ සාමාජිකයන් මුණගැසුනු අතර දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා ගැන මෙහිදී සාකච්ඡා කර ඇති අතර එහිදී ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තරග වැදිම සදහා ගෙන ආ යෝජනාවට ප්‍රමුඛතාව ලැබි අතර ඒ අනුව අදාල පෙරමුණ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම නායකයන්ට දැනුම්දී එම උපදෙස් අනුව තවත් සාකච්ඡාවක් හෙට (28දා) පැවැත්වීමට නියමිතයි.

 

රාජ්‍ය පාලනයේ යහපාලනය ස්ථාපිත කිරීමට අදාළ අල්ලස් හෝ දූෂණ, වංචා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා 10ක තනතුරු පුරප්පාඩු විශාල ප‍්‍රමාණයක් පිරවීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීමෙන් බරපතළ ලෙස ඒවායේ කටයුතු බිඳවැටීමට හේතු වී තිබෙන බව හෙළිවී ඇතැයි ලංකා ට්රුත් අඩවිය වාර්තා කරයි.

එම වාර්තාව මේ සම්බන්ධයෙන් විස්තාරාත්මත කරුණූ හෙලිදරව් කර තිබේ.

එම කොමිෂන් සභා 10යේ සිටිය යුතු අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාව 2,673ක් වී ඇති අතර දැනට බඳවාගෙන සිටින්නේ 1,606 දෙනෙකු පමණි. මේ නිසා 1,067 දෙනෙකුගේ පුරප්පාඩු පවතින අතර විශාලම කාර්ය මණ්ඩල පුරප්පාඩු පවතින්නේ අල්ලස් කොමිෂන් සභාවේ ය. එහි 1,028 දෙනෙක් සිටිය යුතු වුවද, 328 දෙනෙකු බඳවාගෙන 700 දෙනෙකුගේ පුරප්පාඩු පවතී.

මානව හිමිකම් කොමිෂන් සභාවේ 233 දෙනෙකු වෙනුවට 155 දෙනෙකු ද මැතිවරණ කොමිෂන් සභාවේ 776 දෙනෙකු වෙනුවට 674 දෙනෙකු ද අධිකරණ කොමිෂන් සභාවේ 110 දෙනෙකු වෙනුවට 75 දෙනෙක් ද සිටිති.

එයට අමතරව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ 197 දෙනෙකු වෙනුවට 167 දෙනෙක් ද මුදල් කොමිෂන් සභාවේ 77 දෙනෙකු වෙනුවට 47 දෙනෙක් ද ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවේ 51 දෙනෙකු වෙනුවට 19 දෙනෙක් ද විගණන සේවා කොමිසමේ 43 දෙනෙකු වෙනුවට 21 දෙනෙක් ද පොලිස් කොමිසමේ 113 දෙනෙකු වෙනුවට 90 දෙනෙක් සහ ජාතික අධ්‍යාපන කොමිසමේ 45 දෙනෙකු වෙනුවට 30 දෙනෙක් වශයෙන් සේවයේ යොදවා ඉතිරි අති විශාල පුරප්පාඩු ප‍්‍රමාණය සම්පූර්ණ කිරීම පමා කරමින් තිබේ.

Published on: Nov 26, 2017 – මේ මොහොතේ සිංහලයන්ගේ ප්‍රමුඛතාව විය යුත්තේ කුමක් ද? සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට ඉතිහාසයේ බොහෝ විට වැරදී ඇත්තේ ප්‍රමුඛතා හඳුනාගැනීමට නොහැකි වීමත් අසමගියත් හේතුකොටගෙනයි. ප්‍රමුඛතා හඳුනාගැනීමට නොහැකි වීමට අසමගිය බොහෝ විට බලපා තිබෙනවා. පෘතුගීසීන් ලංකාවට පැමිණි සමයේ රජ පවුලේ සහෝදරවරුන් අතර තිබූ අසමගිය හේතුකොටගෙන පෘතුගීසීන් පළවා හැරීම ප්‍රමුඛතාව ලෙස හඳුනාගැනීමට නොහැකි වුණා. ප්‍රමුඛතාව වූයේ සහෝදරවරුන් අතරින් බලය තිබිය යුත්තේ කාට ද යන්නයි.

එහි ප්‍රතිඵලය වූයේ මුහුදුබඩ පෙදෙස් පෘතුගීසීන්ට ලියා දීමයි. ලිස්බන් නුවර අභිෂේක කළ දොන් ජුවන් ධර්මපාල කෙනකු අපට ලැබීමයි. ඉන්පසු යුද්ධයෙහි අති දක්‍ෂයකු වූ සීතාවක රාජසිංහ රජුට සිංහල නායකයන් සමග එකඟත්වයකට පැමිණීමට නොහැකි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තවත් එවැනි ම දක්‍ෂයකු වූ කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙතට ගියා. රාජසිංහ රජුට පෘතුගිසීන් එළවා දැමීමට නොහැකි වූවා. පසුව කොනප්පු බණ්ඩාර පෘතුගීසීන්ගෙන් වෙන් වී මහනුවරට පැමිණ විමලධර්මසූරිය නමින් සෙංකඩගල රාජධානිය පිහිටෙව්වා.

අපට යුද්ධ දක්‍ෂයන් නොසිටියා නො වෙයි. දෙවැනි රාජසිංහ රජුට යුද්ධ කරන්නට පුළුවන් වුවත් ගිවිසුම් ඇති කර ගැනීමේ අවබෝධයක් මිනිසුන් දිනාගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ පෘතුගීසීන් පළවා හැරි නමුත් ලන්දේසීන් මුහුදුබඩ පළාත් අයත් කර ගැනීමයි. එය ඉඟුරු දී මිරිස් ගැනීමක් ලෙස ඉතිහාසයේ සඳහන් වුණා. ඒ වන විට පහතරට විදේශිකයන්ට සේවය කරන පවුල් බිහි වී තිබුණා. ඔවුන් පළමුව කතෝලික ආගමත් පසුව රෙපරමාදු ආගමත් වැළඳ ගත්තා. එලෙස සිංහලයන් අතර තවත් අසමගියක් ඇති වුණා. ඊනියා ප්‍රභූ පවුල්වල කතාකරන භාෂාව පෘතුගීසි වුණා. විසිවැනි සියවසේ මුල තෙක් ම සිංහල කතෝලික ප්‍රභූ පවුල්වල කතාකරන භාෂාව වී ඇත්තේ පෘතුගීසි.

ඉංගිරිසින් පැමීණීමට පෙර නායක්කාර් රජවරු සෙංකඩගල රාජත්වයට පැමිණියා. උඩරට ඇතැම් නිළමෙවරු නායක්කාරයන්ට සේවය කිරීමට පෙළඹුණා. නායක්කාර රජවරු බුද්ධාගම වැළඳ ගත්තා. උපසම්පදාව නැවත පිහිටුවීමටත් ආධාර කළා. එහෙත් ඔවුන් සිංහල රජවරු, සිංහලයන්ගේ රජවරු යන අර්ථයෙන්, වුණත් ඔවුන්ගේ දණ්ඩ නීති වැසියන් මත පැටෙව්වා. අප අද රජ කාලෙ නීතිය කියා කියන්නෙ මේ නායක්කාරයන්ගේ නීතියට. මේ අතර නිළමෙලාගේ අසමගියත් වැඩි වුණා. ඔවුන්ගේ ඊනියා බ්‍රාහ්මණ වාංශික සිතුම් පැතුම් ඉස්මතු වූවා.

ජෝන් ඩොයිලි මේ තත්වය මැනවින් අවබෝධ කර ගත්තා. ඔහු ඉතා සියුම් ලෙස ඇතැම් නිළමෙවරුන් මෙහෙයවූවා. නිළමෙලාට තම ප්‍රමුඛතාව ඉංගිරිසින් පළවා හැරීම කියන එක අවබෝධ කර ගැනීමට බැරි වුණා. සිංහලයන්ට පිළිගත හැකි රජකු (නායකයකු) නැති වුණා. පත්කරගත් රජු ගැන කැප්පටෙිපොළ නිළමෙ පවා විශ්වාසයක් ඇති කර ගත්තෙ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ ඩොයිලි බ්‍රවුන්රිග්ට හා තුන්වැනි ජෝර්ජ් රජුට ලංකාව අත් කර දීමයි.

ඉංගිරිසින් ඉන්පසු රට ඉතා සියුම් ආකාරයට පාලනය කළා. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට හුරු කරන පාසල් ඇති කළා. මේ පාසල්වලට දක්‍ෂ සිසුන්ට ශිෂ්‍යත්ව දුන්නා. අප නමින් බෞද්ධ වුවත් සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි වුණා. අපට බටහිර අධ්‍යාපනයක් ඉංගිරිසියෙන් මෙන් ම සිංහලෙන් ද ලැබුණා. ඉංගිරිසින් තමන්ට සේවය කළ අයට වරප්‍රසාද තාන්න මාන්න දුන්නා. මෑත කාලයේ අප පාලනය කළ බොහෝ පවුල් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සම්භවයක් ඇති ඒ සංස්කෘතියේ අය. ඕල්කට්තුමා අවාසනාවකට මේ තත්වය වෙනස් කෙළේ නැහැ. පංච මහා වාදවලින් පැන නැගුණු සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය පීලි පන්නනු ලැබුවේ ඕල්කට්තුමා විසින්.

ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ ඉංගිරිසි උගත් ඇතැම් දෙමළ වෙල්ලාල ප්‍රභූන් මෙරට ප්‍රධානීන් බවට පත් කිරීමට. ඒ දෙමළ පවුල් ද ඇංග්ලිකන් ක්‍රිස්තියානි සම්භවයක් සහිත අය. 1931 දී ඉංගිරිසින් අපට සර්වජන ඡන්දය ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහලයන් තව තවත් බෙදුණා. අපට සිංහල ජාතික පක්‍ෂයක් නැහැ. ඇත්තේ ඊනියා එක්සත් ජාතික පක්‍ෂයක්. ධර්මපාලතුමාගේ ව්‍යාපාරය යටපත් කිරීමට ඕල්කට් බෞද්ධයන්ට හැකි වුණා. ඊනියා එක්සත් ජාතික පක්‍ෂය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ රනිල්ගේ නායකත්වයෙන් ඒකීය රටක් නොව එක්සත් රටක් ඇති කිරීමට වෙහෙස දැරීම අරුමයක් නො වෙයි. චම්පකලා හා තවත් අය සිංහල බෞද්ධත්වය බලය ලබා ගැනීමේ අවියක් පමණක් බවට පත් කරගෙන සිංහල බෞද්ධයන් දුර්වල කළා.

මේ ඉතා සංක්‍ෂිප්ත විස්තරයක්. අපට අද තිබිය යුතු ප්‍රමුඛතාව කුමක් ද? රනිල් ඉවත් කිරීම මිස පළාත් පාලන මැතිවරණ නොවෙයි. එහෙත් අද දේශපාලන පක්‍ෂ කටයුතු කරන්නේ මැතිවරණය දෙස බලාගෙන. අද වන විට ව්‍යවස්ථාව අපට අමතක වෙලා. අප ඊයේ ගිරාඳුරුකෝට්ටේ ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු යන තේමාවෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. අයහපත් කාල ගුණයක් මැදත් ගමනාගමන අපහසුකම් මැදත් අප කොළඹ පවත්වන සම්මන්ත්‍රණයකට සහභාගි වන පිරිසට වඩා පිරිසක් එයට සහභාගි වුණා. අප මැතිවරණය සඳහා සූදානම් වන අය නො වෙයි.

මෛත්‍රිපාල ඉතිහාසයේ තදබල ද්‍රෝහි කමක් කළා. එහෙත් 2020 වන තුරු බලා නොසිට අද රනිල් ඉවත් කිරීමට හැකියාව ඇත්තේ ඔහුට. ඇහැලෙපොළලා මඩුගල්ලෙලා මොල්ලිගොඩලා එක්නැලිගොඩලා ආදීන් එකතු වුණා නම් කෙසේ වීමට තිබුණා ද? අප දිනා සිටි 1817-18 නිදහස් සටන අවසානයේ පරාජය වූයේ කෙසේ ද? තව අවුරුදු කිහිපයකින් මහින්දලා මෛත්‍රිපාලලා එකට සිටියේ නම් කුමක් සිදුවන්න තිබුණා ද යන ප්‍රශ්නය අප අනාගත පරම්පරාවට ඉතිරි කරනවා ද? මහින්දලා මෛත්‍රිපාලලා එකට සිටිය යුත්තේ මැතිවරණ සඳහා නොව රනිල් ඉවත් කිරීමටයි. එය කළ හැකියි. කළ යුතුයි. සිරා කුමක් කෙළේ ද කරාවි ද යන ප්‍රශ්නය වෙනුවට රනිල් ඉවත් කිරීමට සිරිසේනලා හා මහින්දලා කළ යුත්තේ කුමක් ද යන්න කතා කරමු.

අප මේ තිරණාත්මක කඩඉම පැන ජාතිකත්වය මත කටයුතු කළහොත් සිංහල ජාතිය තව කාලයක් පවතීවි. නැතහොත් තව අවුරුදු කිහිපයකින් Sinහල ලියන එබසින් ටෝක දෙන ජාතියක් නොවන නරුමයන් පිරිසක් ඉතිරි වේවි.

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-26

Published on: Nov 25, 2017 – ජේ.ආර්. ජයවර්ධනටත් වඩා සැබෑ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු බව සියලු ගුරුකුල විසින් ඒකමතිකව පිලිගනු ලබන රනිල් ශිරාන් වික්‍රමසිංහ පසුගියදා කර්නාටක ප්‍රාන්තයේ පිහිටි ලෝ ප්‍රකට කොල්ලූර් ශ්‍රී මුඛම්භිකා හින්දු දේවාලයේ දින 3ක් තිස්සේ බාරයක් ඔප්පු කිරිම හේතුවෙන් එජාපයේ රනිල් වාදින් දැඩිලෙස කලකිරිමකට ලක්ව සිටින බව වාර්තා වේ.

අගමැතිකම ආරක්ෂා කරදිම,තමන්ගෙ පක්ෂ නායකත්වයට එරෙහිව නැගෙන බාධකයන් මර්දණය කිරිම සදහා කොල්ලූර් ශ්‍රී මුඛම්භිකා හින්දු දේවාලයට වු භාරය ඔප්පු කිරිම සදහා අගමැතිවරයා මෙම ඉන්දිය සංචාරයට එක්වු අතර එම භාරය පසුගිය අගෝස්තු මාසයේදි ඔප්පු කිරිමට නියමිතව තිබු නමුත් එම ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය පූජාව මේ දක්වා කල්දමා ඇති බවයි ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප වාර්තාකරු ආසෝ ඛාන් අනාවරණය කළේ.

එහිදි අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ‘ශත චන්දි යාගය’ (Shatha Chandi Yaga) පවත්ව ඇති අතරතෙදිනක් පුරා පැවැත්වූ මෙම යාගයේ අවසාන දිනය වූ අඟහරුවාදා රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඊට පුද්ගලිකව සහභාගි වි ඇති අතර එම අවස්ථාවට අගමැතිවරයාගේ පෞද්ගලික ආරක්ෂකයන් වෙනුවට ඉන්දිය ආරක්ෂකයන් පමනක් රැගෙන ගොස් තිබේ.

අදාළ යාගයේ අවසාන දිනයේදි කුඩා සුදු රෙදි කඩකින් නිරුවත් පමණක් යන්තම් වසා හදුන් සහ කිරී ඇතුලු විවිධ දෑ මිශ්‍ර දියරයකින් අගමැතිවරයා නහවා ස්ත්‍රොත්‍ර කියමින් පුජාව පවත්වා ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

මේ අතර අගමැතිවරයාගේ මෙම යාගය සම්බන්ධයෙන් ඉන්දිය මාධ්‍ය මෙන්ම අපද විවිධ ඡායාරූපය අනාවරණය කිරිමත් සමග රනිල් පිළෙ ලිබරල්වාදීන් දැඩි ලෙස රනිල් සම්බන්ධයෙන් කලකිරිමට ලක්ව ඇති අතර ඔහුන්ගේ විවේචනය වි ඇත්තේ මහින්ද හෝ මෛත්‍රීපාල දෙවොල් වන්දනාවන්හි යෙදීම සමාන්‍ය දෙයක් වුවත් රනිල් ඒ අකාරයට හැසිරිම පක්ෂයේ සමාජිකයන්ටද දැඩි ලෙස බලපානු ඇති බවයි.

Published on: Nov 25, 2017 – පලාත් පාලන මැතිවරණය පැරණී ක්‍රමයට පැවැත්විම හරහා ඒජාපයේ බලය තහවුරු කිරිම පහසු වන බැවින් පළාත් පාලනය පැරණි ක‍්‍රමයට පැවැත්විමට ඇති හැකියාව පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය අතර විශේෂ හදිසී සාකච්ඡාවක් පවත්වා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අද උදෑසන නීතිපතිවරයා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර හදිසි සාකච්චාවක් පාර්ලිමේන්තුවේදි පවත්වා ඇති අතර පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පුලුල් ලෙස සාකච්ඡා කර තිබේ.අදාළ සාකච්ඡාව සදහා කබිර් හෂිම් සමග මලික් සමරවික්‍රමද සහභාගි වි ඇති අතර කෙසේ හෝ කඩිනමින් මැතිවරණ පැවැත්විමට හැකි ක්‍රමවේදයන් සම්බන්ධයෙන් පුලුල්ව් අදහස් හුවමාරු කරගෙන තිබේ.

පවතින තත්වය යටතේ ක‍්‍රම දෙකක් යටතේ කඩිනමින් මැතිවරණය පැවැත්විය හැකි බවත් ඒ අනුව දැනට පවතින නඩු ඉල්ලා අස්කර ගැනීම මඟින් හෝ පැරණි මැතිවරණ ක‍්‍රමය මඟින් හෝ කඩිනමින් මැතිවරණය පැවැත්විය හැකි බව නීතිපතිවරයා විසින් අගමැතිවරයාට පෙන්වා දී තිබේ.

ඒ අනුව් පැරණී ක්‍රමයට මැතිවරණය පැවැත්විම හරහා බහුතර පළාත් පාලන ආයත සංඛාවක් එක්සත් ජාතික පක්ෂයට අත්පත් කර ගත් හැකි බවත් ඒ හරහා ඊළඟ ජාතික තලයේ මැතිවරණ ක්‍රියාදාමය සාර්ථක කර ගැනිමට හැකියාව ඇති බව එජාපයේ මතයි වි තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ සහ මහින්ද පිළ එකට එකතු විම සිදු නොවන දෙයක් බවට පත්විමත් ඒ හරහා ශ්‍රිලනිපය සහ ඒකාබද්ධ සන්ධානයට ඡන්දය දෙකට බේදිම හරහා 2 සහ 3 ස්ථාන විවිධ පළාත් ආයතන වල් අඩු වැඩි වශයෙන් හිමිවනු ඇති බව නොරහසකි.ඒ අනුව එජාපයට පලාත් පාලන ආයතන බහුතරයක බලය ඉතාම පහසුවෙන් ජය ගැනිමේ හැකියාව තිබේ.

නව මැතිවරණ ක්‍රමවේදය අනුව ඡන්දය පැවැත්වුයේ නම් කොට්ඨාස ජයගන්නා පක්ෂයට සියයට 60කුත් පරාජිතයන්ට සියයට 40කුත් හිමිවිම හරහා පළාත් පාලන ආයතනවල සභාපතිවරයා පත්කර ගැනිමේදි රටේ පාලක පක්ෂය හැටියට එජාපය සමග එක්ව ශ්‍රිලනිප්ප මෛත්‍රී පිළට කටයුතු කිරිමට හැකියාව තිබු අතර පැරණී ක්‍රමයට එම අවස්ථාව මගහැරි යනු ඇත.

අලුත් ක්‍රමය යටතේ මැතිවරණය පවත්වන්නේ නම්  යම් හෙයකින් වෙනත් සන්ධානයකින් තරග කර අවම මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනිමට සිදු වුවහොත් ඔහුන් අනිවාර්යෙන් මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්ව සභාපතිකම් හෝ නගරාධිපතිකම හෝ නී.නගරාධිපතිකම ලබා ගැනිමට හැකියාව ඇති බවත් සියල්ලටම වඩා පළාත් පාලන මැතිවරණ වලදි ගමේ සංවර්ධන ක්‍රියාවලිය දෙස බලා ජනතාව ඡන්දය භාවිතා කරන හෙයින් එජාප+ශ්‍රිලනිප කණ්ඩායම් වලට වැඩි මන්ත්‍රින් සංඛ්‍යාවක් දිනා ගැනිමට හැකියාව ඇති බවයි ඒකාබද්ධයේ ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි තිබුනේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය

Published on: Nov 25, 2017 – දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිට අගමැති වෙනස් කිරීමට නොහැකි ය කියන මතය බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියන අර්ථයෙන් නොවූවත් පට්ටපල් බොරුවක්. අගමැති නොව අමාත්‍ය මණ්ඩලය ම වෙනස් කිරීමට ජනාධිපතිට පුළුවන්. මේ පිළිබඳ ව යමකුට දැන ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කියවීමයි. මෙකල එය අමාරු වැඩක් නොවෙයි. ඕනෑම අයකුට එක්කෝ ව්‍යවස්ථාව නැත්නම් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය බාගත කරන්න පුළුවන්. එහෙත් බොහෝ දෙනා එසේ කරන්නේ නැහැ. මුහුණුපොතේ අයත් පඬි කටකතා කිසිම ඉවක් බවක් නැතිව ප්‍රචාරය කරනවා. ඔවුන් කම්මැලිකමට ව්‍යවස්ථාව බාගත කරගෙන කියවන්නේ නැහැ.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ද සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය අනුව ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් දිනාගත හැකි අය අගමැති වශයෙන් පත්කළ හැකියි. මෙහි වැදගත් වන්නේ තම මතය අනුව යන්නයි. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් ඇත් ද නැත් ද යන්න මෙහි දී බලපාන්නේ නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වගන්තිය

43 (3) වගන්තියට අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය හා අමාත්‍යවරුන්ට භාර විෂය වෙනස් කළ හැකියි. 43 (1) හා 43 (2) වගන්ති අනුව ඇමතිවරුන් පත් කිරීමේ දී අගමැතිගේ අදහස් විමසිය යුතු බවට සඳහනක් ඇති නමුත් 43 (3) එවැනි සඳහනක් නැහැ. සමහරවිට මෙය නීතිපති දෙපාර්තමේන්තුවේ කෙටුම්පතේ අතපසු වීමක් වන්න පුළුවන්. එසේ වුවත් 43 (3) අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකියි. ඒ අගමැතිත් ඇතුළුව.

46 (2) හා 46 (3) වගන්ති අනුව අගමැති හා ඇමතිවරු ඉල්ලා අස් නොවුනහොත් හෝ අගමැතිගේ උපදෙස් මත ජනාධිපති අස් නොකළහොත් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රින් ලෙස සිටින තාක්, යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද එතෙක් අගමැති හෝ ඇමතිවරුන් හෝ ලෙස කටයුතු කරනු ඇත. මෙහි දී වැදගත් වන්නේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද යන්නයි. 43 (3) වගන්තිය අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකි බැවින් සංයුතිය වෙනස් කිරීමත් සමග අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම නැති වන බැවින් 46 (2) හා 46 (3) වගන්ති ජනාධිපති 43 (3) වගන්තිය යටතේ ක්‍රියාත්මක වන විට අදාළ වන්නේ නැහැ. මේ වගන්ති සංගත නැහැ. එහෙත් 43 (3) පැහැදිලියි.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ ගෙන ආ එකක්. එහි පරස්පර සාමාන්‍ය ප්‍රමාණයට වඩා තියෙනවා. ජනාධිපතිට 42 (4) හා 43 (3) අනුව ක්‍රියා කර අගමැතිත් අමාත්‍ය මණ්ඩලයත් වෙනස් කළ හැකියි. ඒ සඳහා අගමැතිගේ හෝ වෙනත් කිසිවකුගේ හෝ අදහස් වීමසීමක් අවශ්‍ය වන්නේ නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂය කියන ආකාරයට මෛත්‍රිපාල කණ්ඩායමට ආණ්ඩුවෙන් අස් වී ඒමට හැකි නමුත් මෛත්‍රිපාලට ජනාධිපති ලෙස රැඳී සිටීමට සිදුවෙනවා. එසේ නොකළහොත් රනිල් පළමුව වැඩ බලන ජනාධිපති වී පසුව ජනාධිපති වෙන්න පුළුවන්. එය අන්තිම භයානකයි. මෛත්‍රිපාල ජනාධිපති ලෙස සිටින තාක් ඔහුගේ කණ්ඩායම ආණ්ඩුවේ සිටින බව පිළිගැනීමට සිදු වෙනවා. මෙය තරමක ප්‍රශ්නයක්. එබැවින් ජනාධිපති කළ යුත්තේ අගමැති ඉවත්කර අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කර මහින්ද අගමැති ලෙස පත්කර සුදුසු අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමයි. එහෙත් ඒ සියල්ල කළ යුත්තේ මැතිවරණ සඳහා නොව, නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම, දහතුන්වැනි සංශෝධනය ඉවත් කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම සඳහායි.

අද දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ජාතික කොඩිය හා ජාතික ගීය සම්බන්ධයෙන් වහසි බස් දොඩනවා. මේ රනිල් අගමැති ධුරයේ සිටින නිසයි. ඒ අතර මේ ඊනියා ජාතික ආණ්ඩුව මෙතෙක් ඇති වූ දුර්දාන්ත ම ආණ්ඩුවයි. මේ ඊනියා ජාතික ආණ්ඩුව වෙනස් කළ යුතුයි. වෙනස් කළ හැකියි. ඒ සඳහා 2020 තෙක් බලා ඉන්න අවශ්‍ය නැහැ. ව්‍යවස්ථානුකූල ව වෙනස් කළ හැකියි. ඉහත සඳහන් වගන්ති ගැන මා කලින් ද කියා තිබෙනවා. එහෙත් කිසිවකු ඒ ගණන් ගන්නේ නැහැ. 2020 තෙක් සිටිය යුතු ය කියන්නේ එ ජා ප හිතචතුන් දෙමළ ජාතිවාදීන් කසිකබල් මාක්ස්වාදීන් ඊනියා ලිබරලුන් පඬියන් සිවල් සාමාජිකයන් රාජ්‍ය නොවන ගැත්තන් ආදීන් බව පැහැදිලියි. අවාසනාව ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය ද මේ කතාව විශ්වාස කිරීමයි.

________________________

වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-25

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ අධ්‍යයනයට පහතින් යොමුවන්න ….

19TH AMENDMENT TO THE CONSTITUTION OF SRI LANKA

ඊයේ සවස නිකවැරටිය සති පොළ භූමියේ පැවති ජන හමුවකට එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සැර කතාවක් කියා තිබේ.ඒ කතාව බැලු බැල්ලමට ජාතික ආණ්ඩුව කඩ වැටෙනකම් කට බලියාගෙන සිටි බයියන්ට නම් පට්ට ආතල් කතාවකි.

දුෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේ නම් තමන් සියලු තනතුරු අතහැර ජනතාව සමඟ එක්ව දූෂණ විරෝධී සටන ගෙන යාමට සූදානම් බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කර සිටියේ.

“සංවාද කරලා මාධ්‍ය හරහා නොයෙකුත් විවේචන කරලා, කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන ඊට පස්සේ අඩන්න එපා කියන එක මම බොහෝම පැහැදිලිව සෑම කෙනෙකුටම කියනවා.”යැයිද ජනාධිපතිවරයා කියා සිටි අතර ජනාධිපතිවරයා මේ හදන්නේ දුෂණයට, වංචාවට සම්බන්ධ වු අයගේ කොළේ ඉරන මුවාවෙන් ඒකාබද්ධය කඩන්න ප්ලැන් A ක්‍රියාත්මක කිරිමටද?

අප 2016 දෙසැම්බර් 17 වැනිදා කල අනාවරණය මෙන්න….

Published on: Dec 17, 2016 – ඉතා ඉක්මනින්ම එජාප-ශ්‍රීලංකා ජාතික ආණ්ඩුව බිඳදැමිමට තමන් කටයුතු කරන බවත් ඒ සමගම විපක්ෂයේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ කණ්ඩායමට විපක්ෂ නායකත්වය ලබාදිමට තමන් කටයුතු කරන බව නිල වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ශ්‍රීලංනිප කණ්ඩායමට නිළ වශයෙන් දැනුම් දි තිබේ.

රාජපක්ෂලා මර්දණය කිරිම සදහා තමන් ක්‍රියාත්මක කිරිමට ඉතුරුකරගෙන සිටි ප්ලැන් A මෙය බවත් ශ්‍රිලංකා නිදහස් පක්ෂය තමන්ගේ නායකත්වය යටතේ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටිමත් ඒ අනුව විපක්ෂ නායක බලය තම කණ්ඩායමට ලැබිමත් හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය අනිවාර්යයෙන් දියවි යනු ඇති බවයි සිරිසේන ජනාධිපතිවරයා පෙන්වා දි ඇත්තේ.

දැනට විපක්ෂ නායකත්වය දරන ද්‍රවිධ ජාතික සන්ධානය සමගද තමන් සාකච්ඡා කල බවත් රාජපක්ෂලා දේශපාලන භූමියෙන් ඉවත් කර දැමිම සදහා ඔහුන් විපක්ෂ නායක කම අතහැරිමට සුදානම් බව තමන්ට දැනුම් දුන් බවද සිරිසේන සිය ශ්‍රීලංනිප කණ්ඩායමට පවසා තිබේ.

තමන් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා කල බවත් ඒ අනුව ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ කණ්ඩායම තාවකාලිකව ඉවත් වි එජාප ආණ්ඩුවකට ඉඩදෙන බවත් ද්‍රවිධ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එම ආණ්ඩුවේ ඇමතිකම් දරණු ඇති බවද සිරිසේන පෙන්වා දි තිබේ.

මේ අතර එජාප ආණ්ඩුව සමග එකතු විමට කැමති ශ්‍රීලංනිපයේ තමන්ගේ කණ්ඩායමේ ඔනෑම අයෙකුට අවස්ථාව ඇති බවත් ඒකාබද්ධ විපක්ෂය විනාශ කිරිමෙන් පසුව විපක්ෂයක් අවශ්‍ය නැති බවද සිරිසේන ජනාධිතිවරයා සදහන් කර තිබේ. නව විපක්ෂයේ විපක්ෂ නායක කම තවමත් විවෘතව ඇති බවත් ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තරගයක් ඇති කිරිම තමන්ගේ එකම බලාපොරොත්තුව බවද සිරිසේන ජනාධිපතිවරයා සිය කණ්ඩායමට දැනුම් දි තිබේ.

රනිල් එලවා ආණ්ඩුවේ බලය හා එජාප බලය ඇල්ලිමේ කුමන්ත්‍රණය

අයවැය සම්මත විමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන ක්‍රියාවලිය අස්සේම ජාතික ආණ්ඩුව වෙනුවට රනිල් වික්‍රමසිංහ මහත නායකත්වය යටතේ එජාප ආණ්ඩුවක් සෑදිමට අවශ්‍ය තල්ලුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රීලනීප මෛත්‍රී පිළේ කණ්ඩායම් හරහා සිදුකිරිමට අවශ්‍ය මෙහෙයුම මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබේන අතර ඒ පසුපස එජාපයේ සජිත් පිළ නියෝජනය කරන නී අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා,රංජන් රාමනායක සහ එජාපයේ නායකත්ව සිහිනය අභියස සිට පසුව වික්‍රමසිංහ මහතාගේ ගල් කොල්ලන් කපා දැමු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධනද සිටින අතර සජිත් පිළේ න්‍යාචාරවයාව සිට දැන් සිරිසේනගේ න්‍යාචාරවරයා ලෙස කටයුතු කරන ශිරාල් ලක්තිලක මෙම මෙහෙයුම පිටුපස සිටින බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

http://198.211.112.164/archives/14724

Published on: Nov 24, 2017 – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිය සංචාරය සදහා පිටත්ව ගිය සැනින් ඒජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් යොදවා ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසිමේ ව්‍යාපාරය දියත් කිරිම සම්බන්ධයෙන් වහාම සොයා බලා තමන්ට වාර්තාකරන ලෙස අගමැතිවරයා එජාප මහා ලේකම් කබීර් හෂිම් මහතාට නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

පසුගිය 23 වැනිදා පක්ෂයේ අවසරයකින් තොරව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ජනාධිපතිවරයා විවේචනය කරමින් විවිධ ප්‍රකාශයන් මාධ්‍යයට නිකුත් කල අතර ඊට සමගාමීව සමාජ ජාලා වෙබ් අඩවි යොදාගනිමින් විවිධ මඩ ප්‍රහාරයන් දියත් කල අතර එම කණ්ඩායම මෙහෙයවිම පසුපස එජාප කැරලි කණ්ඩායම සිටින බවද අනාවරණය වි තිබේ.

බැදුම්කර කොමිසමේ වාර්තාව පැමිණීමට ආසන්න විමත් හොරුන්ට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක ජනාධිපතිවරයා පසුවිමත් හේතුවෙන් ජාතික ආණ්ඩුවේ අර්බුද උත්සන්න විමත් සමග එක්සත් ජාතික පක්ෂය තුළ අභ්‍යන්තර අරගලයද වර්ධණය වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව කාලයක් යට ගොස් තිබු ‘ වොටර්ස් එජ් ටීම්’ ලෙස හැඳින්වෙන රනිල් විරෝධී කණ්ඩායමද පසුගියදා හදිසියේම රැස්වි ඇති අතර පැය 2කට පමණක් සිමා වු එම හමුව මේ සතියේ තුලදි නව මුහුණුවරකින් සිය අරගලය දියත් කිරිමට තින්දු කරගෙන තිබේ.

මෙම අභ්‍යන්තර අරගලයේ ප්‍රධානම පාර්ශ්වයන් බවට පත්ව ඇත්තේ රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සජිත් ප්‍රේමදාස වන අතර පසුපෙළ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අඩු වැඩි වශයෙන් මෙම කදවුරු 3නම නියෝජනය කරන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

රනිල් වික්‍රමසිංහ අකිල විරාජ් කාරියවසම් ඉදිරියට ගැනීම පිළිබඳව රවී කරුණානායක ප්‍රබල විරෝධයක් එල්ල කර ඇති බවත්, එම විරෝධය මැඩලීමට රවී කරුණානායකට අරලියගහ මන්දිරයේ වෙනම පහසුකම් සහිත කාර්යාලයක් සහ ඊට අදාළ උපරිම පහසුකම් ලබා දී අදාළ විරෝධය සමනය කර ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත්, අනාගත එජාප නායකත්වය පිළිබඳව සිහින දකින සජිත් ප්‍රේමදාසගේ සිහිනය අකිල, රවී නිසා බිඳවැටෙමින් පවතින බැවින්, එජාපයේ කණ්ඩායමක් නිර්මාණය කරමින් සුදුසු මොහොතක දී බල අරගලයකට සැලසුම් සකස් කරමින් සිටින බවත් වාර්තා වේ. මේ සඳහා පෞද්ගලික රූපවාහිනී නාළිකා දෙකක් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටින බවද වැඩි දුරටත් වාර්තා වේ.රනිල්ට ෂොට් එක වැදුනොත් නිකම්ම් නායකත්වය තමන්ට ලැබේ යැයි සජිත් තරයේ විශ්වාසයක සිටින අතර රවී උත්සහ දරමින් සිටින්නේ රනිල්ගේ ආරක්ෂකයා වෙමින් නායකත්වය තමන්ට නතු කර ගැනිමටය.

රනිල්,රුවන් විජයවර්ධන පවා පස්සට ඇද දමමින් තමන්ට නායකත්වයට එන්නට කැපු පාර තවමත් විවෘතව ඇති බවට අකිල විස්වාසය කරමින් සිටි.කෙසේනමුත් රනිල්ගේ සමිපතම ගේම් කාරයා වන මලික් සමරවික්‍රම තමන්ට ඉතාමත් හිතෛෂී අයෙකු පක්ෂ නායකත්වයට අවශ්‍ය ඔනෑම මොහොතක පත්කර ගැනිම සදහා මේ වනවිටත් Deal කරමින් සිටින අතර මලික් සහ සජිත් අතර විරසකයක්ද පැවැතිම සජිත්ට අවාසිදායක වි තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිකමින් එලවා දමා මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සැදිම සදහා රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබේන බව අප මිට පෙරද අනාවරණය කළා.

මිල ගණන් කැඳවීමකින් තොරව ප්‍රසම්පාදන පටිපාටියේ නීති රීති උල්ලංඝනය කර රුපියල් එක්කෝටි පනස් ලක්ෂ හැත්තෑ පන්දහසක (රු. 1,50,75,000) මාසික කුලියකට පෞද්ගලික ගොඩනැඟිල්ලක් කුලියට ගෙන වසර එකහමාරකට වඩ කාලයක් වසා දමා සබීතාට කෝටි ගණනින් ජනතා මුදල් ගෙවු කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීගේ බත් බැලයා වන දුමින්ද දිසානායක අදාළ ගොඩනැගිල්ලේ බදු ගිවිසුම මේ වනවිට අතුරුදන් කර ඇති බව වාර්තා වේ.

අදාළ බදු ගිවිසුමේ කිසිදු පිටපතක් අමාත්‍යංශය සතුව නැති බවයි අනාවරණය වි ඇත්තේ.

අදාළ ගොඩනැඟිල්ලේ වර්ග අඩියකට රුපියල් එකසිය හැට හතයි පනහක (රු. 167.50) මාසික කුලියක් අය කෙරෙන බවට ගොඩනැඟිල්ල හිමිකරු ඉදිරිපත් කර ඇති යෝජනාව කෘෂිකර්ම අමාත්‍යාංශය එකහෙළාම පිළිගෙන ඇතත් එම රජයේ තක්සේරුකරුගේ තක්සේරුව වර්ග අඩියකට රුපියල් එකසිය පනහක් (150) බවද ඒ අනුව වර්ග අඩියකට රුපියල් දාහතයි පනහක් (රු. 17.50) වැඩිපුර ගෙවීමකට අමාත්‍යාංශය එකඟවී ඇති බවද විගණකාධිපතිවරයා සිය නිර්දේශ වාර්තාවෙන්ද අනාවරණය කර තිබේ.

ගොඩනැඟිල්ල කුලියට ගැනීමෙන් තුන් වසරකට පසුව සියයට පහළොවක මාසික කුලිය වැඩිවීමක් මෙන්ම දෙවසරකට (මාස 24ක) කුලී අත්තිකාරමක් අවශ්‍ය බවද ගිවිසුමේ කොන්දේසි අතර ඇතැයි විගණන විමසුමේ දැක්වේ.ඉහත කරුණු ඇතුළත් කර කෘෂිකර්ම ඇමැතිවරයා ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශයට පසුගිය මාර්තු 2 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද විගණකාධිපතිවරයා කියයි.

http://198.211.112.164/archives/14424

පසුගිය 2015 ජනවාරි 08 වැනිදා මෙරටේ මිනිසුන් සිරිසේන මහතා ජනාධිපති පුටුවේ හිඳවන්නේ නිදහස් ලංකාවට එතරම්ම හුරුව නොතිබූ ‘යහපාලනය’ යන වචනයත් සමාජය මත වගාදිගා කරමින්ය. ඒ අප දන්නා කාලයක ලංකාව තුළ යහපාලනයක් නොතිබූ බැවින්ය. අනෙක් පැත්තෙන් ඒකාධිපති යමපාලනයක් 2005 සිට 2015 දක්වා මේ රටේ තිබුණු බැවින්ය. හිටපු ජනාධිපති මහින්ද බලයෙන් පහකිරීම සඳහා වර්තමාන ජනාධිපතිවරයාගේ ඡන්ද සටනේ මුලින්ම කියවුණේද යහපාලනය පිළිබඳ සටන් වැකිය. එලෙස යහපාලනයක් ගොඩනැගීම සඳහා පසුගිය යමපාලනය තුළ වැරදි කළවුන්ට දඬුවම් දීමද යුක්තිය අහිමිවූවන්ට යුක්තියද අවශ්‍ය විය. පැරණි පාලනයන් තුළ දූෂිතයන් සහ මිනීමරුවන් කළ වැරදිවලට දඬුවම් නොදී යහපාලනයක් ගොඩනගන්නේ කෙසේදැයි මුලසිටම විචාරකයන් ප්‍රශ්න කළ අතර ඡන්ද සටන තුළ නිරන්තරව නායකයෝ කීවෝ දඬුවම් වහා පමුණුවන බවය. එහෙත් දැන් සිද්ධවී ඇත්තේ කුමක්ද? යහපාලනයක් ගොඩනගන්නට පැමිණි පාලකයන් බැඳුම්කර වංචාව වැනි විශාල දූෂණවල නිරතවෙමින් යහපාලනය යන වචනය මෙන්ම ඒ වචනයේ අර්ථයෙන් යුතු පාලනයක් බිහිකිරීමට ජනතාව දුන් වරමද අපයෝජනය කිරීමය. අනෙක් පැත්තෙන් ඝාතනයවූවන්ට යුක්තිය වෙනුවට ඝාතකයන්ට විමුක්තිය හිමිකර දී ඇත. ඒ එක් එක් නායකයන්ගේ ඩීල් දේශපාලනය මතින්ය. මේ නිසා යහපාලනය පැමිණි විගස යමපාලනය විසින් ඝාතනය කරන ලද මිනිසුන්ගේ මිනී ගොඩගත්තද දැන් ඒවා තැන තැන කුණුවී ගඳ ගසමින් තිබීම අප සමස්ත සමාජයේම කරුමයමය. මෙලෙස ගොඩගත් මිනිසුන් පිළිබඳව නැවත මතක් කිරීමක් මේ ලිපියේ අරමුණය.

ප්‍රගීත් එක්නැළිගොඩ

ප්‍රගීත් එක්නැළිගොඩ දෙවන වරට පැහැරගන්නේ 2010.01.24 වැනි දින රාත්‍රියේ දීය. ඉන්පසුව ඔහු අද වෙන තුරු ආගිය අතක් නැත. මේ අතුරුදහන් වීම පිළිබඳව මුල්ම බී වාර්තාව හෝමාගම පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරන්නේ 2010.01.26 වැනි දිනය. ඉන්පසුව යහපාලනය පැමිණීමට ප්‍රථමව 2015.03.26 දින අවසන් වරට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මේ අතරතුර කාලයේ හබයාස් කෝපුස් නඩුවක්ද විභාගයට ගත්තේය. ප්‍රගීත්ගේ බිරිඳ සන්ධ්‍යාගේ නොනිමි අරගලය නිසාම මේ කාලය තුළ ප්‍රගීත්ගේ භෞතික ශරීරය සමාජයෙන් අතුරුදහන් වූවද ඔහු පිළිබඳව වූ මතකය සමාජය මතින් අතුරුදහන් කරන්නට නොහැකි විය. ඉන්පසුව යහපාලනය පැමිණියේය. පරීක්ෂණ නැවත සක්‍රියව ඉදිරියට යන්නට වූ අතර එමගින් ප්‍රගීත් අතුරුදන් කළ කතාව මුල සිට අගට හෙළිදරව් විය. සැකකරුවෝ අත්අඩංගුවට ගැනුණාහ. ප්‍රගීත් පැහැරගෙන ගොස් ගිරිතලේ රඳවා සිටි බවත් ඉන්පසුව අක්කරෙයිපත්තුව බුද්ධි කඳවුරට රැගෙන ගොස් ඇති බවත් දැන් තහවුරු වී හමාරය. දැන් තිබෙන්නේ ඉන්පසුව මේ කණ්ඩායම ප්‍රගීත්ට කළේ කුමද්ද යන්න සොයාගැනීමය. මේ අනුව දැන් මේ පරීක්ෂණය තිබෙන්නේ අවසාන අඩියේය. එහෙත් තවමත් කවරෙකු හමුදාපති පුටුවට පැමිණියත් හමුදාවෙන් ලැබිය යුතු සහාය පරීක්‍ෂණය සඳහා නොලැබෙයි. ඒ අනුව තවමත් රහස් පොලීසිය ඉල්ලන තොරතුරු හමුදාව දෙන්නේ නැත. එම තත්ත්වය තුළ පරීක්ෂණවල ඉදිරිය අවිනිශ්චිතය.

නාවික හමුදා ඝාතන

2008 සැප්තැම්බර් 17 දින කොළඹ දෙහිවලදී දමිළ සිසුන් 5 දෙනෙක් අතුරුදහන් වෙති. ඉන්පසුව ඔවුන්ගේ මාපියන්ට තොරතුරු ලැබෙන්නේ මේ සිසුන් ත්‍රිකුණාමලය නාවික කඳවුරේ ගන්සයිඞ් නම් භූගත කඳවුර තුළ රඳවා සිටින බවය. ඉන්පසුව කිසිදු තොරතුරක් නැත. තත්ත්වය මෙලෙස තිබියදී 2009 වසරේ මැයි 28 දින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට තමන්ගේ පුද්ගලික සහායක ලුතිනන් කමාන්ඩර් මුණසිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණසිංහට එරෙහිව පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ වෙන අතර හෙළිදරව් වෙන තොරතුරු බියකරුය. පසුගිය පාලකයෝ මේවා උඩට මතුවන්නට ඉඩ හදන්නේ නැත. එහෙත් යහපාලනය පැමිණි පසු දැන් මේ සිද්ධිය ගැන පරීක්ෂණද බොහෝ දුරක් ගොසිනි. දැන් හෙළිදරව් වී තිබෙන්නේ ගන්සයිඞ්හි වධකඳවුරක් තිබුණු බවය. එහි රඳවා සිටි සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග තුනටම අයිති අහිංසකයන් 11 දෙනෙකු වධ පමුණුවා මරා ඇති බවය. ඒ ඊට ප්‍රථම ඔවුන් නිදහස් කරන්න යැයි කප්පම්ද ලබාගෙනය. මෙම සිද්ධිය මුල සිටම එවක නාවික හමුදාපතිවරයා දැන සිට ඇති බව රහස් පොලීසිය අධිකරණයට වාර්තා කර ඇත. ඒ අනුව මේ පරීක්ෂණ තවදුර යන්නේ නම් හිටපු හමුදාපති වසන්ත කරන්නාගොඩට වෙන්නේද වැලිකඩ ඉස්පිරිතාලයට යන්නටය. තත්ත්වය මෙලෙස තිබියදී සින්නයියා මහතා නාවික හමුදාවේ මුල් පුටුවට පැමිණෙන අතර ඔහු මේ ගන්සයිඞ් ඝාතන පිළිබඳව ප්‍රබල ප්‍රකාශයක් ද රහස් පොලීසියට ලබා දී ඇත. ඒ අනුව තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇත. එහෙත් සිදුවන්නේ කුමක්ද? ඝාතන සැකකරුවන්ගේ යටිකූට්ටු වැඩ නිසා ඔහුට ධුරයේ රැඳෙන්නට වෙන්නේ මාස දෙකක් පමණය. මේ තත්ත්වය තුළ මේ පරීක්ෂණවල ඉදිරිය දැන් තිබෙන්නේ අවිනිශ්චිත තැනකය.

ලසන්ත වික්‍රමතුංග

සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්නේ 2009 ජනවාරි අට වැනිදාය. ඒ දෙහිවලට ආසන්න අත්තිඩියේදීය. යහපාලනය පැමිණි පසු මේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ ආරම්භ වූ අතර ඒ පරීක්ෂණවලට අනුව මේ ඝාතනය සිදුකර ඇත්තේ ටි්‍රපෝලි බුද්ධි කඳවුරේ සේවය කළ හමුදා කණ්ඩායමක්ය. දැනට හෙළිදරව් වී ඇති තොරතුරුවලට අනුව මෙය සැලසුම් සහගත ඝාතනයක්ය. මේ ඝාතනය සිද්ධ කළාට පරීක්ෂණ නොමඟ යැවීම සදහා දෙහිවල ඇළට ගෙනත් දමා තිබූ ටේ්‍රල් වර්ගයේ බයිසිකලය ලබාගැනීම සඳහා අසරණ දෙමළ ජාතිකයන් දෙදෙනෙක් ද මරාදමා ඇත. අනෙක් පැත්තෙන් මේ ඝාතනයට කිසිදු සම්බන්ධයක් නැතිව නුවරඑළියේදී අත්අඩංගුවට ගත් ජේසුදාසන් නමැති අහිංසකයා නොකළ වරදකට අවුරුදු ගාණක් බන්ධනාගාරගතව සිට අවසානයේ අකාලයේම මියගියේය. එවකදී මෙම පොලිස් පරීක්ෂණ සිදුවූ ආකාරය පිළිබඳව මෙන්ම ඝාතනය වීමට ප්‍රථම ලසන්ත වික්‍රමතුංග භාවිත කළායැයි කියන දින පොතට සිද්ධවී තිබෙන දේවල් පිළිබඳව චෝදනා එල්ලවන්නේ එවක පොලීසියේ ඉහළින්ම සිටි නිලධාරින්ටය. ලසන්ත ඝාතනය කළ අකාරය එහි සැලසුම ඊට පසුව පොලීසිය ක්‍රියාත්මක වූ ආකාරය ආදි තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බව දැනගන්නට ලැබුණත් මෙම ඝාතනයේ වගකීමත් හමුදාවේ බුද්ධි අංශ වෙතම බැරවීම සහ ලසන්තගේ ඝාතනය මිග් ගනුදෙනුව හෙළිදරව් කිරීම නිසා සිදුවූවක් බවට ඔහුගේ පවුලේ අය විසින් සැක කිරීම, රහස් පොලිස් පරීක්ෂණද ඒ ඔස්සේ සිදුවීම වැනි තත්ත්ව නිසා මේ පරීක්ෂණද ඉදිරියට සාර්ථකව ක්‍රියාත්මක වෙයි දැයි සැකසහිත බව බොහෝ දෙනෙකුගේ මතයයි.

නඩරාජා රවිරාජ්

2006 නොවැම්බර් මස 09 වැනිදා හෝ 10 වැනිදා අතර කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරී ලොකුවැල්ල මුරගේ ලක්ෂ්මන් වෙඩි තබා ඝාතනය කිරීම, ඒ සඳහා අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධිචෝදනා 05ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව මහාධිකරණය හමුවෙහි නඩු පැවරුවේය. ඒ මේ ඝාතනය පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණ අවසන් වන්නට ප්‍රථමවය. විදේශගතව සිටින සැකකරුවා මෙරටට ගෙන්වා ගන්නට කිසිදු උත්සාහයක් ගන්නේ නැතුවය. අපි එවකදී මේ පිළිබඳව ලීවෙමු. මේ ඝාතන පරීක්ෂණ කැලේ යැවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නාවික හමුදාවේ එකට සිට ජයටම වැඩ කරන නිලධාරියෙකු ගැනද අපි එහිදී සඳහන් කළෙමු. මේ කූට සැලසුම් සියල්ලේ අවසාන ප්‍රතිඵලය ලෙස නඩරාජා රවිරාජ් ඝාතනයට අදාළ චූදිතයෝ නිදහස් වූහ. ඔවුන්ගෙන් සමහරකු මේ වනවිට රට හැරගොස් ඇති බවත් කියැවෙයි. කෙලෙසක හෝ දැන් අපට කියන්නට වන්නේ නඩරාජා රවිරාජ් සියදිවි හානිකරගෙන වගේ කතාවක්ය. කෙලෙසක හෝ දැන් මේ නඩුව නැවත විභාගයට ගනිමින් තිබෙන්නේය. එහෙත් අදාළ පරීක්ෂණ නැවතුණු තැනමය. මේ ඝාතනයට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ ද යන අතක් පිළිබඳව කියන්නට දෙයක් නැත. මේ ඝාතනය පිළිබඳව ප්‍රධාන චෝදනාව යන්නේ කරුණා පාර්ශ්වයටය. නඩරාජා රවිරාජ් ඝාතනයටද ඔවුන් හවුල් බව හෙළිදරව් වී ඇත. අනෙක් පැත්තෙන් මේ ඝාතනයන් සිදුකිරීම සඳහා අවශ්‍ය තුවක්කු ගිරිතලේ සන්නද්ධ බුද්ධි බලකා හිටපු ලොක්කා විසින් ලබාදී ඇති බව එක්නැළිගොඩ සිද්ධියට අදාළව රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. එහෙත් එම කරුණු වාර්තා කිරීම් ඊට එහාට ගොස් නැත. මේ නිසා මේ සිද්ධිවලට අදාළ සැකකරුවන් සිටින්නේ මඟුල්කමින්ය.

ධර්මරත්නම් සිවරාම්

2005 අප්‍රේල් 28 වැනි දින බම්බලපිටිය පොලීසිය ආසන්නයේදී පැහැරගෙන ගොස් මරා දමන ලද දෙමළ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ඝාතකයන් සහ එයට අණ දුන් පුද්ගලයන්ද තවමත් සිටින්නේ නිදැල්ලේය. මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මුලින් සිදුකරන ලද අතර 2005 ජූනි 13 සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තත් එවකදී ඉහළින් ආ නියෝග නිසා ඔවුන් නිදහස් කළ බව දැනගන්නට ඇත. මුලදී මෙම පරීක්ෂණද සාර්ථකව ඉදිරියට ගොස් පසුව ලොප් වී ඇත. යහපාලනය තුළදී මේ ඝාතනය පිළිබඳවද පරීක්ෂණ කෙරෙන බවට වූ ආරංචි රහස් පොලීසිය දෙසින් ආවත් තවමත් ප්‍රගතියක් දකින්නට නැත. මේ ඝාතනය පිටුපසද එල්ටීටීඊ සංවිධානයෙන් වෙන්වූ එවකදී රජය සමඟ එකට වැඩ කළ සන්නද්ධ කණ්ඩායමක් සිටින බවට අනාවරණය වී ඇති බවද දැනගන්නට ලැබෙන්නේය.

වසීම් තාජුඩීන්

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සහ එම සිද්ධියට අදාළ පොලිස් පරීක්ෂණ පිළිබඳව පසුගිය කාලයේ අපි බොහෝ තොරතුරු වාර්තා කළෙමු. එවකදී මෙය රිය අනතුරක්ය. යහපාලනය පැමිණි පසු යළිත් වටයකින් ආරම්භ වූ පරීක්ෂණවල නිගමනය වූවේ මෙය සැලසුමකට අනුව සිද්ධ වූ ඝාතනයක් බවය. ඒ අනුව මේ ඝාතනය රිය අනතුරක් බවට පෙරළුෑ නාටකය අධ්‍යක්ෂණය කළ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා සහ කොළඹ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත්අඩංගුවට ගන්නේ පළමු සහ දෙවන සැකකරුවන් ලෙසය. තාජුදීන් ගැන අධිකරණ වෛද්‍ය පරීක්ෂණය මෙහෙයවූ අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මේ ඝාතන සිද්ධියට සැකකරුවෙකු වුවත් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වා ගැනීමට නොයෙකුත් උත්සාහයන් ඔහු ගන්නවා පෙනුණි. එහෙත් දැන් ඔහු මේ සිද්ධියේ තුන්වන සැකකරුය. ඔහුට දැන් අපේක්ෂිත ඇප ලැබී ඇත. ඔහුට විරුද්ධව පොලීසිය දෙසින් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවද අධිකරණයේදී එල්ල නොවුණි. එනිසා ඔහුට ලේසියෙන්ම ඇප ලැබුණු අතර එය තාජුඩීන්ගේ පාර්ශ්වයේ කණස්සල්ලට හේතුවී ඇත. ඔවුන් කියන්නේ තාජුඩීන්ට යුක්තිය ඉටුවීම දැන්නම් සැකසහිත බවය. ඒ මේ පරීක්ෂණයේ වර්තමානයයි. මීට අමතරව ලලිත් කූගන් සිද්ධියද නිදහස් අධ්‍යාපනය සුරකින ලෙස ආණ්ඩුවට බලකරමින් පේරාදෙණියේ සිට කොළඹට පැමිණි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පාගමනට අවශ්‍ය අත්පත්‍රිකා ගෙන ඒමට යමින් සිටියදී රිය අනතුරකට ලක්ව මියගිය ජානක බණ්ඩාර ඒකනායක සහ සිසිත් ප්‍රියංකරගේ මරණයන්ට අදාළ පරීක්ෂණ පිළිබඳවද මේ යටතේ කතාකළ හැකිය. ඊට අමතරව රාජපක්ෂ යුගයේදී මෙලෙස ඝාතනය හෝ අතුරුදහන් කරන ලද මිනිස් ජීවිත සංඛ්‍යාව කෙතරම්ද? එයින් කීයක් සඳහා දැනට පරීක්ෂණ සිදුවන්නේද? එම පරීක්ෂණ යන්නේ කුමන දිසාවටද? සෙවිය යුතුය. දැනට පෙනෙන දෙය නම් එතරම් සුබ නැත. යුක්තිය ඉටුවීම තවදුරටත් ප්‍රමාදවෙමින් තිබෙන්නේය. ඊට ප්‍රතිපක්ෂව ඝාතකයෝ කරණම් ගසමින් රජ මඟුල් නටමින් සිටිති. මේ මඟුල් නැටීම කියන්නේ ආණ්ඩුව මේ පරීක්ෂණ යටගැසීම ස්ථිරයි කියා ඔවුන් සිතන බවද….?

රාවය සටහන – කේ. සංජීව

මහින්ද අගමැති කරමු කියලා අප සම්මන්ත්‍රණයක් පැවැත්වුවෙ රනිල් අගමැති වූ විගස ම. එහෙත් එය එදා ප්‍රවෘත්තිමය වටිනාකමක් තිබූ ප්‍රකාශයක් ලෙස ජනමාධ්‍ය කල්පනා නොකරන්න ඇති. අද තරමක ප්‍රවෘත්තිමය වැදගත්කමක් එයට තියෙන්න පුළුවන්. ඒත් අපේ ප්‍රකාශ ජනමාධ්‍ය ගණන් ගන්නේ නැහැ. අද මැතිවරණ ගැනත් ඊනියා සමගියක් ගැනත් බොහෝ දෙනා කතා කරනවා. ඒ සමගිය මැතිවරණ මූලික සමගියක් වීම ප්‍රශ්නයක්.

අද එ ජා ප, ජ වි පෙ, ඒකාබද්ධ විපක්‍ෂය මුස්තාෆට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගැන කතා කරනවා. මේ විශ්වාසභංග මෛත්‍රිපාලටත් විරුද්ධ ව. රනිල් ඉන්දියාවෙ ඉඳන් කතා කරන්නෙත් මැතිවරණ ගැන. එ ජා ප, ඒකාබද්ධ විපක්‍ෂය මැතිවරණයකට සූදානම්. ජ වි පෙ මැතිවරණ ක්‍රමය 50-50 කරගත්තට පස්සෙ මැතිවරණ ගැන කතා කරනවා. කොහොමත් ජ වි පෙ ඉන්නෙ රනිල් එක්ක. බැඳුම්කරය ගැන ජ වි පෙ කියන කතා ව්‍යාජ ප්‍රකාශ පමණයි. හැකි නම් රනිල්ට විරුද්ධ ව විශ්වාසභංගයක් ගෙනෙන්න.

රනිල් තවමත් නීතියෙන් වැරදි කරුවකු වී නැහැ. හඳුන්නෙත්ති කෝප් කමිටුවෙ සභාපති කෙරුවෙ රනිල්ට තිබූ විශ්වාසය උඩ. එ ජා ප කෝප් වාර්තාවට පාද සටහන් එකතු කළත් තදබල විරෝධයක් දැක්වූයේ නැහැ. කෝප් කමිටුවට කවුරුවත් වරදකරුවකු කරන්න බැරි වෙන්න ඇති. ඒ කොහොම වුණත් අද වන තුරු නීතියෙන් බැඳුම්කරය ගැන වරදකරුවකු නැහැ. රනිල් දැන් නීතියෙන් ශක්තිමත්. ජ වි පෙ මැතිවරණ ගැන කතා කරන්නෙ මැතිවරණවල දී ඡන්දය දීපු සමහරුන් මරා දමපු එක අමතක කරලා ද?

අද මෛත්‍රිපාල කණ්ඩායම ඒකාබද්ධ විපක්‍ෂය සමග එකතු වෙන්න හදන්නෙ මැතිවරණයෙන් තමන් හේදිලා යන බව දැනගෙන. එවැනි ඊනියා සමගියකට අප විරුද්ධයි. එයින් සිදුවන්නෙ එල්ලෙන්න වැලක් නැතිව ඉන්න මෛත්‍රිපාලට වැලක් සැපයීම පමණයි. අද ප්‍රශ්නය මෛත්‍රිපාලට වැලක් සැපයීම නො වෙයි. අද යුග පෙරළි කාරයන් කතා කරන්නෙත් මැතිවරණ ගිවිසුම් ගැන. ආණ්ඩුව පෙරළීම ගැන. 1947න් පස්සෙ අප ආණ්ඩු කීයක් පෙරළා දැම්ම ද?

අද මෛත්‍රිපාලට සියල්ලන් ම පහර දෙනවා. ඔහු ඉන්නේ ඊනියා ජාත්‍යන්තරයටත් බයෙන්. ඔහු මහින්දටත් බයයි. ඊනියා ජාත්‍යන්තරයේ ආධාරය ලබන රනිල්ටත් බයයි. රනිල් ඉන්දියාවෙ මෝදි එක්ක කතා කළ දේ අපට දැන ගන්න ලැබෙන්නෙ නැහැ. ඒත් එය කාලගුණය ගැන පමණක් වෙන්න බැහැ. රනිල් කර්ණාටක ප්‍රාන්තයේ කෝවිලකට ගියේ ගෝපූරම් නරඹන්න පමණ ද?

මෛත්‍රිපාල කණ්ඩායම හා ඒකාබද්ධ විපක්‍ෂය ජාතිකත්ව වැඩ පිළිවෙළක් මත එකඟත්වයකට පැමිණිය යුතු ය කියා හිතනවා. අපට ඒ කිසිවක් යෝජනා කරන්න බැහැ. යෝජනා කරාට ඔවුන් අපට සවන් දෙන්නෙ නැහැ. මැතිවරණය නොව ජාතිකත්වයයි ප්‍රධාන විය යුත්තේ. ජාතිකත්වය මත එකඟත්වයකට පැමිණ මැතිවරණවලට මුහුණ දෙන එක ද්විතීයික කාරණයක්. ප්‍රධාන කරුණ විය යුත්තේ ජාතිකත්වයයි. මෛත්‍රිපාල නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම මත ඒකාබද්ධ විපක්‍ෂය සමග එකඟත්වයකට පැමිණීමට සූදානම් ද? ඒකාබද්ධ විපක්‍ෂය දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා ක්‍රියත්මක වන තුරු විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑමට එකඟ ව මෛත්‍රිපාල කණ්ඩායම සමග සාකච්ඡා කරනවා ද? රනිල් අගමැති කමෙන් ඉවත් කර මහින්ද අගමැති කිරීමට මෛත්‍රිපාල කැමති ද?

මෛත්‍රිපාල කුමක් කළත් සිතුවත් අද ඔහුට ඇති හොඳ ම ශක්තිය මහින්දයි. ඊනියා ජාත්‍යන්තරයට මුහුණ දිය හැක්කේ චම්පක කියන බයිලා මත පදනම් ව නො වෙයි. චම්පකට ඇත්තේ රාජපක්‍ෂලා සමග ප්‍රශ්නයක්. චම්පකගේ බයිලාවලට සවන් දීමෙන් මෛත්‍රිපාලට සිදුවන්නේ තව තවත් රනිල්ගේ සිරකරුවකු වීම පමණයි. මෛත්‍රිපාල අදවත් කළ යුත්තේ ජනපදනමක් ඇති පෞරෂයක් හා ශක්තියක් ඇති මහින්ද අගමැති කිරීමයි. මහින්ද කිනම් මතභේද තිබුණත් මෛත්‍රිපාල ආරක්‍ෂා කරාවි.

මෛත්‍රිපාල කණ්ඩායම හා ඒකාබද්ධ විපක්‍ෂය සමගි විය යුත්තේ නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම, දහතුන ඉවත් කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑම, රනිල් අගමැති කමෙන් ඉවත් කර මහින්ද අගමැති පදවියට පත්කිරීම යන කරුණු මුල් කරගෙන. ඒ කරුණු මුල් කරගෙන ඇති වන සමගියකින් මැතිවරණවල දී විජයග්‍රහණයක් ලැබීමට පුළුවන්. මහින්ද අගමැති පදවියට පත් කිරීමට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් අවශ්‍ය නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එයට ඉඩකඩ තියෙනවා. රනිල් 2015 ජනවාරි නවවැනි දා අගමැති ධුරයට පත් කෙරෙන විට ඔහුට මන්ත්‍රීන් හතළිස් ගණනයි සිටියේ.

මහින්ද හැර වෙනත් අයකු අගමැති ධූරයට අද ප්‍රමාණවත් නැහැ. මහින්ද අගමැති ධුරයට පත් නොකර අද පවතින දේශපාලන තත්වයට මෛත්‍රිපාලට මුහුණ දෙන්න බැහැ. මෛත්‍රිපාල මහින්ද ගැන සිතිය යුත්තේ තමාට ශක්තියක් ලෙස මිස තර්ජනයක් ලෙස නො වෙයි.

____________________________

වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-24

Top