Published-2017/11/16-ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතනවල හැසිරීමත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියාදෙන පක්ෂ ලෙක්ම්වරුන්ගේ සැබෑ තත්ත්වය ගැනත් බුද්ධිමත්ව සහ මනා සිහිබුද්ධියෙන් විමසිලිමත් වීම සියලු පුරවැසියන්ගෙන් වගකීම බව අප මැනවින් පසක් කර දි තිබේ.

පසුගියිදා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් හමුවී ආණ්ඩුවේ කඩා වැටීම පිළිබද හා රනිල් වික්‍රමසිංහ හා ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හොරකම් පිළිබද විශේෂ කතාවක් සිදු කරමින් ආණ්ඩුවෙන් ඉවත් විමට ශ්‍රිලනිප මෛත්‍රී පිළ සුදානම් බව දවල් මිගෙල් රෑ දනියෙල් නොහොත් සුසිල් ප්‍රේමජයන්ත කියා තිබේ…

සුසිල් කියන්නේ සත්‍යමද? ඉතිහාස පාඩම අමතක කර වර්තමානයේ යලිත් රැවටෙමුද?

මේ  දිර්ඝ ලිපිය ඉතාමත් හොදින් කියවන්න …

කෝට්ටේ, මාදිවෙල, ඔබහේන පාර, අංක 35 ලිපිනයේ විශ්වා වර්ණපාල විසින් එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රධාන ලේකම්නුගේගොඩ, ගංගොඩවිල පාර, දුම්රිය පල පාර, 123/1 ලිපිනයේ සුසිල් ප්‍රේම්ජයන්ත ට සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ උපසභාපතිවරයෙක් වන කොළඹ 7, ග්‍රෙගරීස් පාර, C 78, ලිපිනයේ ආතාවුද සෙනෙවිරත්නට එරෙහිව 2015 අගෝස්තු 14 දින කොළඹ දිසා අධිකරනයේ නඩු අංක DSP/113/15 නඩුව පැවරීම. (කොළඹ දිසා අධිකරණයේ නඩු ගොනුවේ පළමු කාර්ය සටහන මෙසේ ය.)

2015 අගෝස්තු 14 දින කොළඹ දිසා අධිකරණයේ නඩු අංක DSP/113/15 යටතේ පවරන ලද පැමිණිල්ල…..(පැමිණිල්ල පිටු 14 කි. එකී පැමිණිල්ල පහත දැක්වේ.)

ඉහත 2015.08.14 දින ගොනු කර ඇති පැමිණිල්ල එදිනම දිසා අධිකරණයේ හර්ෂ සේතුංග විනිසුරුවරයා ඉදිරියේ කැදවා කරුණු තහවුරු කර පැමිණිල්ලේ ආයාචනයේ අයද ඇති “එෆ්”, “ජී” වලට අදාල අතුරු තහනම් නියෝග දැන්වීම්ද, “එච්” සහ “අයි” වාරණ නියෝගද ලබා ගෙන ඇත.(2015.08.14 දින දිසා අධිකරණයේ නීති කෘතයයන් මෙසේ ය.)

විශ්වා වර්ණපාල විසින් ඉහත නියෝග 2015.08.14 දින(සිකුරාදා) කොළඹ දිසා අධිකරණයෙන් ලබා ගත් අතර 2015.08.17 දින (සදුදා) 2015 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලදී.

2015 පාර්ලිමේන්තු මැතිවරණයට අදාල ජාතික ලැයිස්තුව නම් කිරීමේදී යම් අක්‍රමිකතාවයක් වීමට ඉඩ ඇති හෙයින් සහ එය නිදහස් මැතිවරණ ක්‍රමයට අනුකූල නොවන හෙයින් සහ ඡන්ද අයිතියට උල්ලංඝණය කරන හෙයින්, ජනතාව විසින් පරාජයට පත් කළ අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුල්වීමවළක්වා ගැනීම සදහා එක් නීතීඥවරයෙක් 2015.08.19 දින මහාචාර්ය විශ්ව වර්ණපාල මහතා විසින් යොමු කරනු ලබන එක්සත් ජනතා නිදහස් සංධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ලැයිස්තුව පිළිනොගන්නා ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමසාරිස් වෙත දැනුම් දීමක් කර තිබුණි.(එකී ලිපිය පහත දැක්වේ.)

ඉහත විශ්වා වර්ණපාල විසින් කොළඹ දිසා අධිකරණයේ පවරා ඇති නඩුව නීතියට පටහැනි බවත්, එය ආරම්භක අවස්ථාවේ සිටම අවලංගු නඩුවක් බවත්, වලංගු නඩු නිමිත්තක් පවා ඉදිරිපත් කර නැති බවත්, නිසි ලෙස නඩුවට පාර්ශවයන් නම් කර නැති බවත්, වැදගත් කරුණු යටපත් කිරීමෙන් වාරණ නියෝග ලබා ගෙන ඇති බවත්, කරුණු විකෘති කර ඇති බවත්, සත්‍ය කරුණු යටපත් කර ඇති බවත්, අපිරිසිදු දෑතින් අධිකරණයේ සහන පතා ඇති බවත්, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් නඩු පවරා ඇති බවත්, තමන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කළ යුතු බවත් දක්වමින් එකී වාරණ නියෝග අත්හිටුවා ගැනීමට සහ ඉවත්කර ගැනීමට පෙත්සමක් දිසා අධිකරණයට 2015 අගෝස්තු මස 21 දින ඉදිරිපත් කර ඇත. (එකී පෙත්සම පහත දැක්වේ….)

ඒ අතර 2015.08.21 දින කොළඹ දිසා අධිකරණයේදී තවත් එක් අපූරු සිදුවීමක් වූ අතර එනම්    සුසිල් ප්‍රේම්ජයන්තට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ධූරයේ  කටයුතු කිරීම වළක්වන වාරණ නියෝගය 2015.08.14 දින ලබා ගෙන තිබියදී ජාතික ලැයිස්තුව පත් කිරීමේ කාර්ය සදහා නැවත එකී  සුසිල් ප්‍රේම්ජයන්තටම අවසර ලබා ගැනීමට     කරුණු දැක්වීමක් කොළඹ දිසා අධිකරණයට සිදුකර ඇත. (එකී පැමිණිලිකාර විශ්වා    වර්ණපාල වෙනුවෙන් දිසා අධිකරණයට කළ කරුණු දැක්වීම මෙසේ ය…)

සුසිල් ප්‍රේම්ජයන්ත විසින් ජාතික ලැයිස්තුව (2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට       පත් වූ අයද ඇතුළත්) නම් කරමින්  මැතිවරණ කොමසාරිස් වෙත යවන ලද X-1 දරන ලේඛනය පහත දැක්වේ…

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් ජාතික ලැයිස්තුව මැතිවරණ කොමසාරිස් වෙත යොමු කිරීමටසුසිල් ප්‍රේම්ජයන්ත කටයුතු කිරීමෙන් පසු විශ්වා වර්ණපාල විසින් කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුවද  2015.08.28 දින ඉල්ලා අස්කර ගන්නා ලදී. එකී නඩුව ඉල්ලා අස්කරගැනීමට අදාල නීති කටයුත්ත මෙසේ ය.(අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාට ය.)

ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතනවල හැසිරීමත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියාදෙන පක්ෂ ලෙක්ම්වරුන්ගේ සැබෑ තත්ත්වය ගැනත්බුද්ධිමත්ව සහ මනා සිහිබුද්ධියෙන්විමසිලිමත් වීම සියලු පුරවැසියන්ගෙන් වගකීමකි.

අධිකරණය කටයුතුවල වාර අවසාන් කරන දිනම එනම් 2015 අගෝස්තු 14 වන දින(සිකුරාදා) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වෙනස් කිරීමට පවරන ලද නඩුව කියවිය යුත්තේ 2017 අගෝස්තු මස 17 වැනි දින(සදුදා) පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර තිබෙන පරිසරයකදී ය. ඡන්ද දායකයින්ගේ නිදහස් මැතිවරණයට මෙය කොයි ආකාරයෙන් බලපෑම් කළේද යන්න සම්බන්ධව සමාජයේ පැවති සාකච්ඡාව අඩු වූයේ “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව” නිසාද නොදනී.

කෙසේ වෙත්ත අධිකරණ කටයුතු වාර්තා කරන්නන් මේ සිදුවීම පැහැදිලිව නිරවුල්ව ජනතාව වෙත ගෙන ගියේද? යන්න ගැටළු සහගත වුවත් මෙම ලිපිය මගින් 2015 අගෝස්තු මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර දින (වැඩ කරන දින) කොළඹ දිසා අධිකරණයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ඉවත් කිරීමට පවරන ලද නීති කටයුත්තේ වැදගත් සිද්ධීන් ඇති සැටියෙන් මෙහි දක්වා ඇත්තේ ජනතා අධිකරණය ඉදිරියේ සිය හෘදය සාක්ෂිය විවර කර බැලීමට සෑම පුරවැසියකුටම මෙයින් ආරාධනා කරමිනි.

මෙහි ඊළග අදියර එනම් ජාතික ලැයිස්තුවට පරාජිතයින් පත් කිරීමේ නීතිමය සැළැස්මේ දෙවැනි ඉනිම නුදුරේදී පවත්වන පළාත් පාලන මැතිවරණයේ දී ජයගන්නා යහපාලන විරෝධී මන්ත්‍රීවරුන් (පොහොට්ටු) අතරින් 15%ක් යහපාලනයට නැවත නම්මවා ගැනීම ය. එය සිදු කරන ආකාරයත් – සංශෝධිත මැතිවරණ පනත 60% සහ 40% අනුපාතය, පරාජිතයන් විසින් විධායකයේ බලය සමග පළාත් පාලන ආයතන වල බලය ඇල්ලීම සම්බන්ධවත් සාකච්ඡා කරනු ඇත. වරදක් එළි දරව් කිරීමෙන් වරද වැඩි නොවන බවත්, දවල් මිගෙල් රෑ දනියෙල් ලා ගැනජනතාව මනා අවබෝධයෙන් සිටීන බවත් රට කරවන ඇත්තෝ නිතර සිහි තබා ගැනීම වටී.

රාජපක්ෂලා ගොනාට අදින විට ගම්මන්පිලලා තප්පුලෑම …..

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් හමුවී ආණ්ඩුවේ කඩා වැටීම පිළිබද හා රනිල් වික්‍රමසිංහ හා ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හොරකම් පිළිබද විශේෂ කතාවක් සිදු කරමින් ආණ්ඩුවෙන් ඉවත් වන බවට විශේෂ කතාවක් සිදු කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් හමුවී ආණ්ඩුවේ කඩා වැටීම පිළිබද හා රනිල් වික්‍රමසිංහ හා ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හොරකම් පිළිබද විශේෂ කතාවක් සිදු කරමින් ආණ්ඩුවෙන් ඉවත් වන බවට විශේෂ කතාවක් සිදු කර තිබේ.

“සමන් දන්නවද? රිමාන්ඩ් වෙලා ඉන්න නේවි එකේ කමාණ්‌ඩර් සුමිත් රණසිංහගේ නැන්දම්මා නැතිවෙලා.. ” පෙරේදා උදැසන මේ පුවත මට මුලින්ම කීවේ අපේ සහෝදර පුවත්පතක්‌ වූ “දි අයිලන්ඩ්” පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුය.

ඔහු එසේ පවසත්ම මට එක්‌වරම සිහිවූයේ ඉතාම මිත්‍රශීලීව අප ඇසුරු කළ නාවික හමුදා බුද්ධි අංශයේ සුපිරි නිලධාරියකු වූ කමාණ්‌ඩර් සුමිත් රණසිංහ පසුගිය දිනෙක බන්ධනාගාරයේ සිට තවත් නාවික බුද්ධි නිලධාරීන් තිදෙනකු සමඟ අත් මාංචු දමා එක පෙළට කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අයුරුය.

මා එය මෙනෙහි කරමින් සිටියදී ශමීන්ද්‍ර ඒ කතාවේ ඉතිරි කොටසද කියන්නට විය. ” ඒ අම්මා නැතිවෙලා තියෙන්නේ නිකම්ම නෙමේ. එයා සියදිවි නසාගෙන..”

වැල්වත්තේදී තරුණයන් පස්‌දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගොස්‌ ඝාතනය කළ බව කියන චොද්නාවක්‌ එල්ල කරමින් කමාණ්‌ඩර් සුමිත් රණසිංහ ඇතුළු නාවික හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක්‌ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ මීට මාස අටකට පමණ ඉහතදීය.

මේ පිරිස අතරේ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කමාණ්‌ඩර් ඩී.කේ.පී. දසනායකද විය. සුමිත් රණසිංහ ඇතුළු පිරිස මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු දා සිටම රණසිංහගේ බිරිඳටත් දියණියන් දෙදෙනාටත් මහා රැකවරණයක්‌ව සිටියේ මේ අම්මාය.

සුමිත් රණසිංහ බන්ධනාගාරගත කිරීමෙන් පසු වරක්‌ ඔහුගේ බිරිඳ දැඩි ලෙස රෝගාතුර වී නාවික හමුදා රෝහලට ඇතුළත් කෙරිණි. සිය සැමියාට සිරබත උරුම වෙද්දී මුහුණ දෙන්නට සිදුවූ අනේකවිධ දුක්‌ ගැහැට හමුවේ ඇය රෝගී වී සිටියාය.

එහිදීත් රණසිංහගේ දියණියන් දෙදෙනාට අහිමි මව් සෙනෙහස නොඅඩුව ලබා දෙමින් ඔවු රැකබලා ගෙන තිබුණේද ඇය ය. එසේ සැමියා සිරගතවීම හමුවේ සිය දියණියට යෝධ ශක්‌තියක්‌ වී සිටි ඇය මේ අන්දමට හිටිහැටියේම සියදිවි නසා ගත්තේ කුමක්‌ නිසාද?

ශමීන්ද්‍ර ඇගේ මරණය පිළිබඳ එසේ පවසද්දී එක්‌වරම ඒ ගැටලුව මා තුළ ඇතිවිය. එහෙයින් එතැන් සිටි මම දන්නා හඳුනන විවිධ තැන්වලට කතා කරමින් එහි සුලමුල සොයන්නට වීමි.

අවසානයේ එය දැනගැනීමට මට හැකි විය. ඒ සත්‍යය ඉතාම ශෝචනීයය, හැඟීම්බරය. සිදු නොවිය යුත්තක්‌ සිදුව ඇත. වරද කොතැනකදැයි තීරණය කිරීම ඔබට බාරය. ඇය සියදිවි නසාගෙන තිබුණේ උපන් බිම වෙනුවෙන් දිවි පරදුවට තැබූ වීරයකුට බිරිඳ කර දුන් තමන්ගේ දියණිය, ඒ වීරයා හෙවත් සැමියා සිරගත වීම හමුවේ මාස අටක පමණ කාලයක්‌ තිස්‌සේ දරුවන් දෙදෙනකු ද සමඟ විඳින දුක දැක දාරක සෙනෙහස සමඟ උපන් ශෝකය දරාගත නොහැකිව ඇතිවූ සිත් වේදනාව නිසාය.

ඒ වේදනාව සමඟ හුදකලා වූ ඇය අවසානයේ ගිරිඋල්ලේ පිහිටි සිය නිවසේ ගෙවත්තේ වු ගැඹුරු ළිඳට පැන සියදිවි නසාගෙන තිබුණාය. මරණය බොහෝ වේදනාකාරීය. ඒ අතරිනුත් දියේ ගිලී මියයැම යනු අතිශය බියකරුය. එහෙත් ඇය ඒ බියකරු මරණය තෝරාගෙන තිබුණාය.

අර්. පී. මේරි නම් වූ 64 හැවිරිද වයෝවෘද්ධ ඇය මෙසේ ජීවිතය හැරයන්නට තීරණය කළ මොහොතේදී ඒ සිත තුළ ඇතිවූ කම්පනය මොනතරම් වේදනාකාරී එකක්‌ වන්නට ඇතිද? ඇයට මොනවා සිතෙන්නට ඇතිද?

එක්‌ පසකෙsන් සිරගතව දුක්‌ විඳින තම දියණියගේ සැමියා වූ කමාණ්‌ඩර් සුමිත් රණසිංහය. තවත් පසෙකින් තමන් විසින්ම මෙලොවට බිහිකර ලේ කිරිකර පොවා හදා වඩාගත් දියණිය ය. ඒ අතර රණසිංහගේ සුරතල් දරු දෙදෙනාය. මේ ආදරණීය මුහුණු මතකයට නැගෙද්දී අවසන් මොහොතේදී ඇගේ සිත තුළ මොනතරම් වේදනාකාරී හැඟීමක්‌ ඇතිවන්නට ඇත්ද?

එහෙත් ඇය සිය තීරණය වෙනස්‌කර නොතිබුණාය. ඒ බිහිසුණු මරණය වැළඳ ගත්තාය. එසේ වූයේ සුමිත් රණසිංහ සිරගත වීම හමුවේ සිය දියණිය විඳින දුක සහ වේදනාව දැකීමෙන් ඇය තුළ හටගත් කම්පනය සියල්ලට වඩා ඉහළින් තිබූ නිසාය.

ඒ අම්මා මෙසේ මියෙද්දී මේ බිම තුළ තවත් පසෙකින් සිදුවූ දෙයක්‌ද පසුගිය දිනවල අන්තර්ජාල මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය විය. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට අප මුහුණ දුන් ඉකුත් යුද සමයේදී වරක්‌ කොළඹ ජනාධිපති මන්දිරයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් කිලෝ ග්‍රෑම් දහසක පුපුරණ ද්‍රව්‍ය අටවා ත්‍රිකුණාමලය නගරයට රැගෙනවිත් තිබූ ලොරි රථයක්‌ ආරක්‍ෂක අංශ විසින් සොයා ගනු ලැබීය.

කොළඹට මාලු ප්‍රවාහනය කරන මුවාවෙන් රැගෙන ඒමට නියමිතව තිබූ එම බෝම්බ ලොරිය එදා බුද්ධි මෙහෙයුමක්‌ තුළින් සොයාගනු ලැබුවේ එවකට ත්‍රිකුණාමලය නාවික බුද්ධි ප්‍රධානියකු වූ අද සිරගතව සිටින කමාණ්‌ඩර් සුමිත් රණසිංහය. ඔහු එදා එසේ රට වෙනුවෙන් ඒ මෙහෙවර නොකරන්නට තවත් ජීවිත දහස්‌ ගණනක්‌ ඒ බෝම්බ ප්‍රහාරය හමුවේ රටට අහිමි වන්නට ඉඩ තිබිණි.

වැරදිලාවත් මේ බෝම්බ ලොරිය එදා කොළඹදී පුපරා ගියේ නම් ඊට ගොදුරුව මියගියවුන් අතර මේ ලියන මා මෙන්ම ඔබද සිටිනවා විය හැකිය. එහෙත් එය එසේ සිදු නොවීය. අපට ජීවිත දානය ලැබිණි. ඒ සුමිත් රණසිංහ වැනි වීරයන් නිසාය.

මේ බෝම්බ ලොරිය අත්අඩංගුවට පත්වීමත් සමඟ එයට සම්බන්ධ ප්‍රබල කොටි ත්‍රස්‌තවාදියකුද අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

එසේ අත්අඩංගුවට ගත් කොටි ත්‍රස්‌තවාදියා පසුව සිරගත කෙරිණි. යුද්ධය අවසන් විය. විරුවන් මරුවන් කෙරෙන යුගයක්‌ උදා විය. මේ අතරේ සුමිත් රණසිංහලා සිරගත කෙරෙද්දී එදා කොළඹ පුපුරවන්නට බෝම්බ කිලෝ දහසක ලොරියක්‌ රැගෙන ඒමට සුදානම්ව සිටියදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන සිරගතකර සිටි කොටි ත්‍රස්‌තවාදියා ඉකුත් 26 වැනිදා නිදහස්‌ව ගිය බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර තිබිණ.

මේ බිහිසුණු ත්‍රස්‌තවාදියා සහ බෝම්බ ලොරිය සොයාගත් කමාණ්‌ඩර් සුමිත් රණසිංහ හිරේ ගියේය, ඒ සාධකය හමුවේ ඔහුගේ නැන්දණිය වන ආර්.පී. මේරි නමැති වයොවෘද්ධ අම්මා මරණය තෝරාගත්තාය. ඇය එසේ මරණය වැළඳ ගනිද්දී අපට බෝම්බ ගසන්නට සිටි ත්‍රස්‌තවාදියා නිදහස්‌ව ගියේය.

ඇත්තෙන්ම මේ තුළ ඇත්තේ අප ජීවත් වන වර්තමානය පිළිබඳ අනාගත පරපුරට දැනගන්නට සටහන් කළ යුතු අපූරු සිද්ධි ගැලපීමක්‌ නොවේද?

“සුමිත් සිරගත කෙරුණු දවසේ ඉඳන්ම මේ අම්මා හිටියේ හරිම සිත් වේදනාවකින්.. එයාට තමන්ගේ දියණිය විඳින දුක උහුල ගන්න බැරුව ගියා. සුමිත් සිරගත කෙරුණු දවසේ ඉඳන් දරුවෝ දෙන්නගේ සියලුම වැඩ අතරේ සුමිත්ව බලන්න හිරගෙදරට යන්නත් ඔහුගේ බිරිඳට සිද්ධ වුණා.

මේ අයට පොලිස්‌ අත්අඩංගුවට ගැනීමක්‌, සිරගත කිරීමක්‌ වැනි දේවල් ගැන කිසිම දැනුමක්‌, අත්දැකීමක්‌ කවදාවත්ම තිබුණේ නැහැ. ඔවුන් කවදාවත් එවන් දේට මුහුණ දුන් අය නොවේ. පාඩුවේ ගමේ ජීවත් වුණ මිනිස්‌සු. ඒත් සුමිත් සිරගත වීමත් සමඟ ජිවිතේට නුහුරු වුණ මේ සියල්ලටම මුහුණ දේනනට එයාගේ බිරිඳට සිදු වුණා.

මෙන්න මේ නිසා තමයි අම්මටත් කිසිම දෙයක්‌ දරා ගන්න බැරුව දුකට පත් වෙලා හිටියේ. සුමිත්ලගේ නඩුව අන්තිමට උසාවියේ විභාග කෙරුණේ පසුගිය දහය වැනිදා. එදා සුමිත්ට ඇප ලැබෙයි කියලා බිරිඳගේ අම්මා හුඟාක්‌ බලාපොරොත්තු තියාගෙන හිටියා.

ඒත් එදත් ඔවුන්ට ඇප හිමි වුණේ නැහැ. මේ සිද්ධියත් එක්‌ක අම්මා හිටියේ හුඟාක්‌ කලකිරීමෙන්. ඒ කලකිරීමත් එක්‌ක 12 වැනිදා රෑ එයා ගෙදර ළිඳට පැනලා..”

මේරි මාතාවගේ මරණය සිදුවන්නට දින ගණනාවකට පෙර පටන් ඇය තුළ තිබූ මානසික කඩාවැටීම ඇගේ මරණයෙන් පසු පවුලේ ඥතියකු අපට කියා සිටියේ එසේය.

කමාණ්‌ඩර් සුමිත් රණසිංහ සිරගතවීම නමැති සාධකය හමුවේ දැන් මේ අම්මා ජීවිතයෙන් සමුගෙන ගොස්‌ අවස්‌නය. එහෙත් රණසිංහලා සිටින්නේ තවමත් සිරගතවය.

ඉතින් ඇගේ ආත්මයට නිවන් සුව පතන අතරේ අපට බලධාරීන්ගෙන් අසන්නට ඇති ප්‍රශ්නය වන්නේ මේ ආරම්භයද අවසානයද? කියාය.

සමන් ගමගේ

පළාත් පාලන මැතිවරණයෙන් දශකයකටත් වඩා කාලයක් මීගමුව නිල සහ නොනිල වශයෙන් පාලනය කර වැල්ලවිදීයේ ලංසා හවුල් පවුල් පාලනය නිමා විමට පෙර වසරකට ලක්ෂ 200 ද ඉක්මවා ආදායම් ලබන මීගමුව වෙරළ උද්‍යානය ටෙන්ඩර් කිරිමකින් තොරවම යලි කොල්ල කෑමට ඇමති නිමල් ලංසාගේ පියා වන පිලේන්ද්‍රන් ලංසා සුදානම් වන බව වාර්තා වේ.

බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරු දේවප්‍රියත් මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාරත් මෙම මගඩිය පසුපස සිටින අතර ඔහුන්ගේ මෙහෙයුම වි ඇත්තේ ඉදිරි වසර 2 කක් සදහා ටෙන්ඩර් කිරිමකින් තොරවම වෙරළ උද්‍යානය යළිත් වරක් ඇමති ලංසාගේ පියාට පවරා දිමය.

මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත විසින් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානයට යොමුකර ඇති පරිදි මීගමුව වෙරළ උද්‍යානයේ වාර්ෂික ආදායම වසරකට ලක්ෂ 200 ද ඉක්මවා තිබේන අතර දැන් එය මුළුමනින්ම භුක්ති විදින්නේ ඇමති නිමල් ලංසාගේ පියා වන පිලේන්ද්‍රන් ලංසාය.

එය වලකා ලිම සදහා දැනටමත් මිගමුව එජාප සංවිධායක රොයිස් විජිත විසින් අදාල බලධාරින්ගේ අවධානය යොමුකර ඇති අතර පලාත් සභාවේදිද මේ ප්‍රශ්ණය මතු කොට ඇති අතර මහඇමතිගේ ආශිර්වාදයත් නාගරික කොමසාරිස්ගේ නිර්දේශයත් මතින් දැන් ඇමති පියා මේ සැරසෙන්නේ තමන්ගේ ලක්ෂ 200 යේ ආදායම් මාර්ගය තවත් වසර 2 කක් සදහා රැකගැනිමටය.

මීගමුවේ බදුගෙවන ජනයාට සෘජුවම ලැබිය යුතුව ඇති මේ අදායම එක් පුද්ගලයෙකු අදායමක් බවට පත්කරදිමට මීගමුව නාගරික කොමසාරිස්ට ඇති අයිතිය කුමක්ද ?

Published-2017/11/15- මහින්ද පිලේ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංක පොදුජන පෙරමුණ අතර එකඟතා ගිවිසුමකට අත්සන් ගැනිමට සුදානමක් පවතින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ඒකාබද්ධ – ශ්‍රීලනිප සමගි කරන්න තීරණාත්මක සාකච්ඡා පැවැත්විමත් දෙපිල අතර නිතරග ගිවිසුමක් සදහා ශ්‍රිලනීප මෛත්‍රී පිළ සහ මහින්දගේ ඒකාබද්ධය නියෝජනය කරන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් අතර සංහිදියාවක් ගොඩනැගිමට හරස් කැපිම මෙම නව ගිවිසුම හරහා බලාපොරොත්තු වේ.මේ දක්වා ඒකාබද්ධය සහ මල් පොහොට්ටුව අතර මේ දක්වා ගිවිසුමක් නොතිබුන අතර දෙපාර්ශ්වය අතර එකඟතාව මත පමණක් පිහිටා කටයුතු කර තිබේ.

ඒකාබද්ධ – ශ්‍රීලනිප නිතරග ගිවිසුමක් සදහා ඒකාබද්ධයේ රැඩිකල්වාදීන් හැර සම්ප්‍රදායික ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් කැමත්ත පලකර ඇති අතර මහින්ද රාජපක්ෂද ශ්‍රීලනිපය කැඩිමේ වරදට හසුවිමේ භීතියෙන් පෙලෙන බවයි අප වාර්තාකරු අනාවරණය කලේ.

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එකට එකතු කිරීමේ සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පවතින අතර කණ්ඩායම් දෙක එකතු කිරීම සඳහා දෙපාර්ශ්වයම නිල නොවන මට්ටමින් සාකච්ඡා කරගෙන යන බැවින් එය පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර නිර්මාණය කළ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට බරපතල ගැටලුවක් වි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින මහින්ද පිල තුල ඉදිරි පලාත් පාලන මැතිවරණයේ නාමයෝජනා සකස් කිරීමේදී බරපතල ගැටුමක් නිර්මාණයවී ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ ඒකාබද්ධය නියෝජනය කරන් සුළු දේශපාලන පක්ෂ සදහා ලැබි තිබේන අපේක්ෂකයන් ප්‍රමාණය වන අතර මෙම අර්බුදය සම්බන්ධයෙන් විමල් වීරවංශ,උදය ගම්මන්පිල සහ ශ්‍රිලනිප කණ්ඩායම අතර දැඩි ගැටුමක් නිර්මානය වි තිබේ.

මෛත්‍රී – රනිල් ගැටුම ජනතාව 2වැනි සැරේටත් රැවටීමටද? මේ එන්නේ ජාතික ලැයිස්තුව හයිජැක් කිරීමේ 2වැනි මෙහෙයුමද?…

(විමර්ශනාත්මක ලිපිය බලාපොරොත්තුවන්න)…

Published 2017/11/15 – මහා පරිමාණ දූෂණ චෝදනා එල්ල වී සිටින ගාමිණී සෙනරත් වැන්නන් හමු වූ බවට තමාට චෝදනා එල්ල කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව යැයි සාමය සහ මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සාගල රත්නායක හදිසියෙම විශේෂ නිවේදනයක් නිකුත් කිරිමට හේතුව මෙ වනවිට අනවරණය වි තිබේ.

අදාළ නිවේදනය හරහා මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ඇති ගාමිණි සෙනරත් වැන්නෙකු හමුවීමටත්, එවැනි අයෙකු සමග ගනුදෙනු පැවැත්වීමටත් මා හට කිසිදු අවශ්‍යතාවක් නැති අතර එබඳු ගනුදෙනු වලින් මට ලබා ගැනීමට දෙයක්ද නැත යනුවෙන් තහවුරු කිරිමට උත්සහ කලද සැබෑවටම එම නිවේදනය හරහා සාගල උත්සහ දරා ඇත්තේ ගාමිණිට රැකවරණය දි හේතුවෙන් ජනාධිපතිවරයාගේ උදහසට ලක්විම් වලක්වා ගැනිමයි.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්ට ආරක්ෂාව හා රැකවරණය ලබාදුන් බව නිතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක ප්‍රතික්ෂේප කලද ජාතික බුද්ධි අංශ වාර්තාවක් මගින් ජනාධිපතිවරයාට තහවුරු කර ඇත්තේ ගාමීණී සෙනරත් දෙනියායේ නිවසක රැකවරනය ලැබු බවයි.

ගාමිණී සෙනරත් පසුගිය 09දා කොළඹ අලුත්කඩේ අධිකරණයේ නඩු විභාගය සදහා දෙනියායේ සිට පැමිණි බවද බුද්ධි අංශ සැකයකින් තොරව තහවුරු කරගෙන තිබේ. දෙනියායේ සිට පැමිණි ගාමිණී සෙනරත් කොළඹ ග්‍රෙගරි පාරේ නිවසකට පැමිණ එහි සට අලුත් කඩේ අධිකරණයට පැමිණ ඔහුට එරෙහිව පැවති නඩුවට ඉදිරිපත්වී තිබේ.

රාජපක්ෂ කල්ලියේ දුෂිතයන් රකින බවට සාගලට ශ්‍රිලනිප මෛත්‍රී පිළේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම එජාපයේ රැඩිකල්වාදින් දැඩි ලෙස චොදනා එල්ලකර තිබේන අතර ඒ හේතුවෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පවරා ගන්නා ලෙසට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් විසින් ඉල්ලිමක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මිට අමතරව පොලිස්සියේ සහ FCID වැනි ආයතන ප්‍රධානින්ගේන්ද ජනපතිට මෙම යෝජනාවම යොමුවි ඇති අතර අයවැයෙන් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය කිරිමේදි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය වෙනස් කිරිමට ජනපතිද අවධානය යොමුකර තිබුනද එම ඇමති ධුරය වෙනත් අයෙකුට ලබා දෙන්නේද යන්න තවමත් තින්දුවක් ගෙන නෑ….

වැඩිදුර කියවිම…….

http://198.211.112.164/archives/16399

පහත දැක්වෙනේ සාගල ඇපෙන් බේරෙන්නට නිකුත් කල  එම නිවේදනයයි…

දස වසරක් පුරා පැවති පසුගිය පාලන සමය තුළ මහා පරිමාණ දුෂිත ක්‍රියා සිදු කිරීම සඳහා පෙරමුණ ගෙන සිටියේ පාලකයන්ට හිතවත් සුළුතර කල්ලියක් බව ප්‍රසිද්ධ කරුණකි.එම පාලනය පෙරළා දැමීම සඳහා 2015 ජනවාරි 08 වැනි දින හැට දෙලක්ෂයක ජනතාව පෙරට පැමිණියේ එම දූෂිත ක්‍රියාකලාපය අවසන් කිරීම කාලීන අවශ්‍යතාවක් වූ බැවිනි. ඒ සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලද්දේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සහ ඔවුන් වටා ඒකරාශී වූ බලවේග විසිනි.යහපාලන රජයත්, එය නියෝජනය කරන ඇමතිවරුන් වන අපත් බලයට පැමිණියේ මෙම සියලු දූෂිත ක්‍රියා පුළුල්ව විමර්ශනය කොට වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන පොරොන්දුව මතය.

මේ ක්‍රියාවලිය තුළ නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් මා වෙත සුවිශේෂ වගකීමක් පැවරෙන අතර, මේ මොහොත වන තුරුත් මම එය නොපිරිහෙළා ඉටු කරමි.කුමන බාධක සහ අභියෝග පැමිණියත්, පොලිස් දෙපාර්තමේන්තුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානීන් සහ නිලධාරින් සමග, ඇමතිවරයා වන මමද එම කාර්යභාරයට උරදී සිටිමි.

රුපියල් බිලියන 4 ක මහජන මුදල් වංචා කළ බවට චෝදනා ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මා හමුවූ බවට හැඟවෙන පරිදි ඇතැම් මාධ්‍යත්, සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිත් පුවත් පළ කරන්නේ මෙබඳු පසුබිමක් තුළය.එය සහමුලින්ම පදනම් විරහිත, අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනාවකි. මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ඇති ගාමිණි සෙනරත් වැන්නෙකු හමුවීමටත්, එවැනි අයෙකු සමග ගනුදෙනු පැවැත්වීමටත් මා හට කිසිදු අවශ්‍යතාවක් නැති අතර එබඳු ගනුදෙනු වලින් මට ලබා ගැනීමට දෙයක්ද නැත.

එමනිසා මෙම අභූත චෝදනාව පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන අතර මේ පිටුපස සිටින්නේ සැඟවුණු දේශපාලන න්‍යායපත්‍ර සහිත ඉතා සුළු පිරිසක් පමණක් බව මගේ විශ්වාසයයි.ඔවුන් ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමණක් බවද අවසන් වශයෙන් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

ආන්ඩුව විසින් ඔක්තෝබර් 27 වෙනිදා නව ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දෙනු ලැබීය. සුහුරු කාඩ්පත (smart card) නමින් හඳුන්වන මෙය නවීන විද්‍යුත් තාක්ෂනයෙන් සමන්විතය. එය නිකුත් කිරීම මගින් “වංචනික ක්‍රියා, ව්‍යාජ හැඳුනුම්පත් ජාවාරම” නතර කර මහජනතාවට තම සේවාවන් “කාර්යක්ෂමව හා ගුනාත්මකව” ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසෙන බව පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුනතිලක පවසා ඇත. ආන්ඩුව පවසනුයේ මෙය “ජාතික ආරක්ෂාව හා රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට පහසුකම් සැලසීම” සඳහා ගනු ලැබූ පියවරක් බවයි.

එහෙත් ආන්ඩුවේ සැබෑ අරමුන එය නොවේ. එය ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව අරගලයට තල්ලුවන කම්කරු පීඩිත ජනයා මැඩලීම සඳහා ධනපති පාලක පන්තිය විසින් ක‍්‍රමානුකුලව ක්‍රියාවට දමමින් සිටින පොලිස් රාජ්‍ය සැලසුම්වල කොටසකි.

මෙම හැඳුනුම්පත සැලසුම් කිරීම ආරම්භ කෙරුනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ 2011 වසරේ දී ය. 2011 අගෝස්තු මාසයෙන් ආරම්භ කෙරුන වසර පහක ව්‍යාපෘතියට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ, මහා භාන්ඩාගාරයේ සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති හා ජාතික බුද්ධි අංශ ප‍්‍රධානීහු සම්බන්ධ වූහ.

දැනට පවතින වර්ගයේ හැඳුනුම්පතක් නිකුත් කිරීමේ දී ඉල්ලුම් කරන්නා විසින් පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට සම්පාදනය කලයුතු නම, උපන් ස්ථානය, උපන්දිනය, ස්ත්‍රී- පුරුෂ භාවය හා ලිපිනයට අමතරව නව හැඳුනුම්පත සඳහා ඔහුගේ පවුලේ සියලුම දෙනාගේ “ජීව දත්ත සහ ජීවමිතික ලක්ෂන ලෙස ඇඟිලි සලකුනු, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප‍්‍රමිතියට අනුකූලව ලබා ගනු ලබන ඡායාරුපයක්” ඇතුලත් වේ.පවුලේ තොරතුරු දීම හෝ නොදීම අයදුම්කරුට තීන්දු කල හැකිබව කියතත් එසේ කල හැක්කේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්ගේ අනුමැතියට යටත්වය.

මෙම තොරතුරු මධ්‍ය දත්ත පද්ධතියක් ලෙස ස්ථාපිත කරනු ලබයි. ඉලෙක්ට්‍රොනික යන්ත‍්‍රානුසාරයෙන් කියවිය හැකි තීරු සංකේත ක‍්‍රමයක් (barcode) ද ඊට ඇතුලත් වේ. දරුවෙකු උපන්දා සිට හඳුනා ගැනීමේ අංකයක් ලබා දෙන අතර වයස අවුරුදු 15 සම්පූර්න වූ විට විද්‍යුත් හැඳුනුම් පතක් නිකුත් කෙරේ.

දැනට හැඳුනුම්පත් තිබෙන අයට නව හැඳුනුම්පත අනිවාර්ය නැතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කියා ඇති නමුත් ආන්ඩුවේ සැලසුමට අනුව නුදුරු අනාගතයේ දිවයිනේ සියලුම පුරවැසියන් විසින් එය ලබා ගත යුතුය. විද්‍යුත් හැඳුනුම්පත මෙන් ම ජීව දත්ත හා ජීවමිතික තොරතුරු සහිත විද්‍යුත් විදේශ ගමන් බලපත‍්‍රයක් ද නිකුත් කිරීමට ආන්ඩුව සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ආරම්භ කෙරුනේ 1971 ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) කැරැල්ලෙන් පසුව 1972 දී යන්න සැලකිල්ලට ගත් විට මෙවන් හැඳුනුම්පතක් නිකුත් කෙරෙනුයේ ධනපති රාජ්‍යයට එරෙහිව මතුවිය හැකි කවර හෝ දේශපාලන විරුද්ධත්වයක් තලා දැමීමේ දී උපයෝගී කරගනු සඳහා මිස මහ ජනතාවගේ ආරක්ෂාවට නොවන බව පැහැදිලිය.

ජාතික හැඳුනුම්පත සඳහා නෛතික පදනම සකස් කිරීම පිනිස 1968 අංක 32 දරන පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ පනත 1971 හා 1981 පනත සංශෝධනය කෙරුන අතර නව විද්‍යුත් හැඳුනුම්පත හඳුන්වා දීමට අදාලව 2016 අගෝස්තු මාසයේ එය යලි සංශෝධනය කෙරුනි.නව විද්‍යුත් හැඳුනුම්පතට ඇතුලත් කරන මෙම ජීව දත්ත හා ජීවමිතික තොරතුරු මගින් මහජනතාවගේ පුද්ගලිකත්වය පිලිබඳ අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කෙරෙයි.

දන්ඩ නීති සංග‍්‍රහයට අනුව අපරාධකරුවෙකු ලෙස සැලකෙන අයෙකුගේ වුව ද ඇඟිලි සලකුනු ලබා ගත හැක්කේ ඔහුගේ හෝ ඇයගේ කැමැත්තෙන් හෝ අධිකරන නියෝගයක් මගින් පමනි. නව හැඳුනුම්පත් ක‍්‍රමය යටතේ ස්ථාපිත කෙරෙන විද්‍යුත් දත්ත පද්ධතිය හරහා ඕනෑම පුද්ගලයෙකු යනෙන තැන්, ඔවුන් ගේ දුරකථන කතා බහ ඇතුලු සියලු තොරතුරු ආරක්ෂක අංශවලට අවශ්‍ය මොහොතක ක්ෂනිකව ලබා ගත හැකිය.

ඒ අනුව කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වූ විට මෙම ජීවදත්ත හා ජීවමිතික තොරතුරු උපයෝගී කරගෙන ආරක්ෂක අංශවලට ඔහු හඹා ගොස් අත්අඩංගුවට ගැනීමේ හැකියාව ලබා දෙයි. ධනපති ආන්ඩුවේ ආරක්ෂක යාන්ත‍්‍රනය-පොලීසිය, හමුදාව සහ බුද්ධි අංශ- ක්‍රියාත්මක වනුයේ හුදෙක් අපරාධ කරුවන් දඩයම් කිරීමට නොව; දේශපාලන විරුද්ධවාදීන්, විශේෂයෙන් ම, කම්කරු-පීඩිත ජනයාට එරෙහිවය.

මෙම ජීව දත්ත හා ජීවමිතික තොරතුරු අවශ්‍ය වුවහොත් අන්‍ය රාජ්‍යයන් සමග හුවමාරු කර ගත හැකි අතර ඇමරිකානු රහස් ඔත්තු සේවය (සීඅයිඒ) වැනි ජාත්‍යන්තර රහස් ඔත්තු සේවාවන්ට අන්තර් ජාලය හරහා එම තොරතුරු රහසිගතව ලබා ගැනීමේ හැකියාව ද සැලසෙයි.

නව හැඳුනුම්පතට අමතරව සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ත‍්‍රස්තවාදය වැලක්වීමේ පනත සංශෝධනය කරමින් ඊට අලුතෙන් විෂ දල සවි කල අතර මහේස්ත‍්‍රාත්වරයෙකුට ඉදිරිපත් නොකර සැකකරුවෙකු පොලීසියේ රඳවාගෙන ප‍්‍රශ්න කිරීමේ කාලය පැය 24 සිට 48 දක්වා දීර්ග කල හැකි පරිදි අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහය ද සංශෝධනය කලේ ය.

ධනවාදයේ ගැඹුරුවන අර්බුදය මධ්‍යයේ ලොවපුරා පාලක පන්තීන් එහි බර කම්කරු පන්තිය මත පටවමින් සිටිති. මෙයට එරෙහිව රටක් රටක් පාසා කම්කරුවන් අරගලයට අවතීර්න වෙමින් සිටින තතු තුල එම අරගල මැඩීම සඳහා පොලිස් රාජ්‍ය සැලසුම් ක්‍රියාවට දැමීම පාලකයන්ගේ පිලිවෙත බවට පත්ව ඇත. මෙවන් හැඳුනුම්පත් හඳුන්වා දීමේ හා පුද්ගල ජීව දත්ත හා ජීවමිතික තොරතුරු සහිත දත්ත ගබඩාවන් පවත්වාගෙන යාම එහි කොටසකි.

ඉන්දියාවේ “ආධාර් කාඩ්” නමින් මෙවන් විද්‍යුත් හැඳුනුම්පතක් හඳුන්වා දී ඇත. එය දැනට ලෝකයේ පවතින විශාලතම ජීවදත්ත හා ජීවමිතික ව්‍යාපෘතිය වේ. එමගින් ඉන්දියානු පොලීසියට සහ බුද්ධි අංශ වලට සියලු ඉන්දියානු පුරවැසියන්ගේ තොරතරු ලබාගත හැකිය. ආධාර් කාඩ්පත අවභාවිතයේ යෙදවීම ගැන දැනටමත් ඉන්දියාවේ සමහර රාජ්‍ය ආයතනවලට චෝදනා එල්ල වී තිබේ.

පාකිස්තානයේ ද, දත්ත පද්ධති සහ පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ අධිකාරිය විසින් “ජාතික පුද්ගල නාමලේඛන මධ්‍ය දත්ත පද්ධතියක්” පවත්වා ගෙන යයි. එය උපයෝගිකර ගනිමින් පාකිස්තාන පොලීසිය පුද්ගල සෝදිසි සංඛ්‍යානික මෙවලමක් නිර්මානය කරගෙන ඇති අතර එමගින් ඔවුන්ට අවශ්‍ය කවර හෝ අයෙකුගේ යන එන තැන්, ඒ මොහොතේ සිටින ස්ථානය, ඔහු ලබාගන්නා හා ඔහුට ලැබෙන දුරකරකතන ඇමතුම් ඇතුලූ අදාල පුද්ගලයාගේ සකල සියලු තොරතුරු පොලීසියට ලබා ගත හැකිය.

“අනන්‍යතා වංචාවන්ට විරුද්ධව සටන් කිරීමේ හා කාර්යක්ෂමතාව වර්ධනය කිරීමේ” කඩතුරාව යටතේ ප‍්‍රන්සය පසුගිය වසරේ මිලියන හැටක් වූ එරට ජනතාවගේ ජීව දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම ආරම්භ කලේය. “ත‍්‍රස්තවාදයට සහ සංවිධානාත්මක අපරාධවලට විරුද්ධව සටන් කිරීමේ” නමින් යුරෝපයට ඇතුලුවන හා පිටවන ගුවන් මගීන්ගේ දත්ත යුරෝපා සංගමයේ රටවල අධිකරන නිලධාරීන්ට හා පොලීසියට ලබා ගත හැකි වන පරිදි ඒකාබද්ධ පද්ධතියක් නිර්මානය කිරීම යුරෝපා පාර්ලිමේන්තුව විසින් 2016 අප්‍රේල් මාසයේ අනුමත කලේ ය.

ශ්‍රී ලංකාව තුල ධනපති පාලක පන්තිය විසින් නව විද්‍යුත් හැඳුනුම්පත හඳුන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගවලට අනුව ක්‍රියාවට දැමෙන කප්පාදු සහ අනෙකුත් ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ හා ගම්බද දුගී ගොවීන් ඇතුලු පීඩිත ජනයාගේ බරපතල සමාජ අරගල පුපුරා ඉස්මත්තට එන තතු යටතේ ඔවුන් දඩයම් කිරීම සඳහා ගැනෙන පියවරක් ලෙසයි.

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි,

2017 නොවැම්බර් 3

එක්සත් ජාතික පක්ෂයේ මහර සංවිධායකව සිට පසුව තමන්ගෙ මැර වැඩ වෙනුවෙන් සරණක් සොයා එවකට පැවැති රාජපක්ෂ ආණ්ඩුවට එක්වූ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී තුෂාර පෙරේරා අද යලිත් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තිබේ.

රාජපක්ෂලාගේ බලය අනිසි ලෙස භාවිතා කිරිමට මාර්ගයක් සකස් කරගත් තුෂාර ජනාධිපති උපදෙශකයකු ලෙස පත්විමක් ලබාගත් අතර එම උපදේශක තනතුර භාවිතා කරමින් මජර වැඩ කල තුෂාර රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ආරක්ෂක උපදේශකයෙකු වන දුමින්ද සිල්වා අතර ගැටුමෙන් මරණයට පත්වු භාරත ලක්ෂ්මන් පෙරේරාටද චෙක්පත් වංචාවක් කිරිමට තරම් දක්ෂයෙකු වුනා.

චෙක්පත් වංචා ගණනාවක් , ව්‍යාජ ඔප්පු සකස් කිරිම සහ ඝාතනයන් රැසකට සම්බන්ධ තුෂාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන පරික්ෂණ දියත් කරමින් සිටින අතර ආණමඩුව – සංගට්‌ටිකුලම ප්‍රදේශයේ විසූ කෝටිපති ව්‍යාපාරිකයකු වූ ස්‌ටැනිස්‌ ප්‍රනාන්දු (ස්‌ටැන්ලි) ගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට පත්ව සැකකරුවෙකුද වනවා.

රිය අනතුරක් සිදුකර රියැදුරකුට ගිනිඅවියක් පෙන්වා තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද තුෂාර පෙරේරා ගුවන් තොටු‍පොළ ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර එම ගිනි අවියට බලපත්‍ර නොමැති බවට පරීක්ෂණවල දී හෙළි වී තිබේ.

ජනවාරි 8 වැනිදා අලුත් ආණ්ඩුව පිහිටු විමෙන් පසුව තුෂාර පෙරේරා මහින්දගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසට කටයුතු කල අතර අද (14) යලිත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තා.

 

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි සහ දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය මෙන්ම මන්ත්‍රීධුරයද අහෝසි කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කටයුතු සුදානම් කරමින් සිටින බව වාර්තා වේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර පවත්වන මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී විනය පරීක්ෂණ පැවැත්වීමේ තීන්දුව ගත යුතුයැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සාකච්ඡා කර තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත්, සන්ධානයේ මහලේකම්වරයා මාර්ගයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි කිරීමටත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබේ.

මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් පසු ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් නිතැතින්ම පක්ෂයේ තීන්දුවලට අනුකූල වන තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

ඉන්ධන අර්බුදය සොයා බැලීම සම්බන්ධයෙන් පත් කළ කැබිනට් අනුකමිටු විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද භාරදුන් වාර්තාව හරහා ඉන්දියන් ඔයිල් සමාගම බේරා අමාත්‍යවරයා සහ නිළධාරි මත වරද පටවා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ IOC සමාගම වැරදිකරු වුවහොත් ආණ්ඩුවේ තෙල් ටැංකි විකිණීමේ ක්‍රියාවලියට එය බාධාවක් වන් බැවින් බවයි අප වාර්තාකරු අනාවරණය කර සිටියේ.

පසුගියදා මෙරට ඇති වු පෙට්‍රල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කරනු ලැබු අතර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුව සඳහා අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලි චම්පික රණවක යන මහත්වරුන් ඇතුළත්ව සිටියා.

පෙට්‍රල් හිගය සම්බන්ධ සිද්ධියෙන් ඉන්දියන් ඔයිල් සමාගම බේරා ගැනීමට රජයේ කසකාරයන් පිරිසක් එළියට පැමිණ ඇති බව පසුගියදා ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී ජේ රාජකරුණා මහතා ද අනාවරණනය කල අතර ඔහු පෙන්වා දෙන්නේ එහි වරද සංස්ථාව මත පැවරීම මෙම කණ්ඩායම් දියත් කරමින් සිටින බවයි.

මේ අතර තවත් මාස තුනක්‌වත් තමන්ගේ ඇමැති ධුරය පවතී දැයි සැක සහිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා පසුගියිදා අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබුනා.

ඉවත් කිරිමට පෙර තමන්ගේ එකම බලාපොරොත්තුව පසුගස්‌කන්ද තෙල් පිරිපහදුව මාස තුනකට මත්තෙන් සාදා අවසන් කිරීම බවත් මෙම පිරිපහදුව සැකසීම තුළින් තෙල් ගෙන්වන ඒජන්තවරුන්ට සහ තවත් බොහෝ පිරිසකට පහර වදින බවත් සඳහන් කළ අර්ජුන තමන්ට අවශ්‍ය රටට වාසිදායක දේ කිරීම පමණක්‌ යෑයිද පවසා තිබේ.

පළාත් පාලන ඡන්දයත් සමඟ ආණ්ඩුවේ මහින්දවාදීන්ට එරෙහි පරණ අවලාදවලට පණ එමින් ඇති බවත් ඒ අතර අලුත් අවලාදකාරයන් ටිකක් මහින්ද පිලෙන්ම දැන් කුලියට හොයා ගෙන ඇති බවත් පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඒ ජවනිකා බලමින් ඡන්දය දිනයේ දී ආණ්ඩුවට නිසි පිළිතුරක් ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අනුරාධපුරයේ දී පැවති දැවැන්ත ජන රැලිය අමතමින් ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

‘අලුත් අවලාදකාරයෝ’

දැන් පළාත් පාලන ඡන්දයට පිට්ටනිය සකස් වී තිබෙනවා. ආයෙත් තාජුඩීන්, ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ ගැන අවලාද තොග පිටින් වපුරාවි. ආණ්ඩුවේ නාලිකාවලින් මේ සුපුරුදු අවලාද ගහන අතරේ අපි අතුරින්ම අලුත් අවලාදකාරයෝ හොඳ කුලියක් ගෙවලා ළඟට ගනිවී. මුන් මොන පිල්ලි – ජවුසං නැටුවත් පළාත් පාලන මැතිවරණය අවසානයේ අපි අපේ ශක්තිය පෙන්වමු. එක අරමුණකට – ඉලක්කයකට වැඩ කරමු. චිත්‍රපටයක් ඉවර වෙන්න විනාඩි දෙක තුනකට කලින් ගහන ‘එලාම් එක’ වගේ අපිත් මේ ‘පළාත් පාලන ඡන්දය’ ආණ්ඩුවට ගෙදර යන්න කලින් ගහන ‘එලාම් එක’ බවට පත් කර ගනිමු. රජරට, මැදරට පමණක් නොවෙයි මුළු රටම ඒ ‘එලාම් එක’ ගහලා ‘දැන් ගෙදර පලයල්ලා’ කියන පණිවිඩය මේ ආණ්ඩුවට ලබා දෙමු!”

ඉන්ධන පිරවුම්හල් වෙත ගෙන යන පෙට්‍රල් වලට බව්සර් රථය තුළදීම භූමිතෙල් කලවම් කර බෙදාහැරීමට කටයුතු කල ත්‍රිකුණාමල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. එම්. මහරුෆ්ට අයත් ජාවාරම් ස්ථානයක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය අද (13)වටලා තිබේ.

ගලේවෙල මකුලු ගස් වැව ප්‍රදේශයේ පිහිටි අතහැර දමා ඇති කළුගල් මෝලක බව්සර් රථ සගවා මෙම ජාවාරම සිදු කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම එම ස්ථානය වටලා ඇති අතර මෙම ස්ථානයට යන විටත් බවුසර් රථයේ රියැදුරු සහ රිය සහයක ඉන්ධන බවුසරයෙන් පැට්රල් ලීටර් සියයකට අධික ප්‍රමාණයක් පිටතට ඇද බූලි සහ බැරල් වලට පුරවා තිබුන බවයි වාර්තා වන්නේ.

බවුසරයෙන් ඉවත් කරන පැට්රල් ප්‍රමාණයට සරිලන පරිදි වෙනත් ලොරි යකින් එම ස්ථානයට රැගෙන එන භූමිතෙල් ඉන්ධන බවුසරයට පිරවීම සිදු කර ඇති අතර ඉන්ධන බවුසරයේ රියැදුරු, රිය සහයක සහ භූමිතෙල් රැගෙන ආ කුඩා ලොරි රථය ද එහි රියැදුරුද අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුනාමලය චයිනබේ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් මෙම බව්සරය ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා යොදාගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එම්. මහරුෆ් තමන්ගේ ජාවාරම් කටයුතු දියත් කර ගැනිම සදහා එජාප පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් ව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයට එක් වු අයෙකු වන අතර මේ වනවිට මහරුෆ් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ජාතික සංවිධායක ධුරය දරමින් සිටි.

නාවික හමුදාවේ සාම්පූර් කඳවුරේ අණදෙන නිලධාරියාට නැගෙනහිර මහඇමැති බැණවැදීමේ සිද්ධිය සමයේ මහ ඇමතිට පක්ෂව කටයුතු කල මහරුෆ් නාවික හමුදා සමාජිකයා වෙනුවෙන් පෙනී සිටි පලාත් අමාත්‍යවරුන්ට එරෙහිව මහ ඇමති සමග ගතු කියු අයෙකු ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි.

 

අනුන්ගේ යට ඇදුම් සහ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබන මහා අනාචාරී සරත් විජේසුරිය සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපරය වෙනුවෙන් ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක මහත්මිය  විසින් ලබා දුන් රු.මිලියන 6 ක මුදලක් එම සංවිධානයේ කිසිඳු ගිණුමකට නොදා සිය පෞද්ගලික ගිණුමකට බැරකරගෙන තිබේන බව වාර්තා වේ.

වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් 2018 ජනවාරි 8 වැනිදා තින්දුවක් ගන්නා බවට පසුගියදා සරත් විජේසුරිය පුරසාම් දෙඩිමත් සමග හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක මහත්මිය මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් හෙළිදරවු කර තිබේ.

සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපරය ආරම්භයේදී නොසිටි සෝභිත හිමියන්ගේ අභාවයත් සමඟ ඒ ව්‍යාපරය ආරම්භ කිරීමට මුල්වූවන් පසෙකලා එම ව්‍යාපාරය හයිජැක් කල සරත් විජේසූරිය සෝභිත හිමියන් විකුණා මඩිය තරකරගත් අයෙකු වන අතර රු.මිලියන 6 ක මුදලටද කෙලවා ඇති බව පැහැදිලිය.

මේ අතර අදාළ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් තොරතුරු සියල්ලම සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපරයේ අනෙකුත් නිළධාරින් අතට පත්කර ඇති අතර් ඉදිරියේදි ඒ පිළිබඳව සාකච්ඡා කර තින්දුවක් ගැනිමට සුදානම් බවද වාර්තා වේ.

සාධාරණ සමාජයක් ව්‍යාපාරයට සහ සෝභිත හිමියන්ගේ නාමයට මෙම පුද්ගලයා කරන හානිය සුළුපටු නොවන බැවින් වහාම තවදුරටත් සෝභිත හිමියන්ට අපහාසයක් නොවී සාධාරණ සමාජයක් ව්‍යාපරයේ තනතුරු වලින් විජේසූරිය ඉල්ලා අස්වි ජනතාවගෙන් සමාව ගත යුතු නොවේද?

http://198.211.112.164/archives/8364

http://198.211.112.164/archives/14808

Top