Published on: Nov 13, 2017- මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදේශකවරයකු වශයෙන් කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක මහතා සහ මාතර දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද පිල අතහැර යෑමට තිරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර ඊයේ (12)අනුරපුර රැළියටද එකතු වි සිටියේ නෑ.

මිට අමතරව මහින්ද පිළේ ප්‍රබල භික්ෂූන් වහන්සේලා දෙනමක් ද ඉවත් වි ඇති අතර පසුගිය ජනාධිපතිවර පරාජයෙන් පසුව මෙම භික්ෂූන් වහන්සේලා දෙනම දැඩි කැපවිමෙන් මහින්ද පිල වෙනුවෙන් කටයුතු කල අතර නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ හටගෙන ඇති අර්බුදකාරි තත්ත්වය මෙම ඉවත් විමට හේතු වි තිබේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අතුරු වාර්තාව වෙබ් අඩවිවල පළ වීමෙන් සහ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමෙන් පසු අර්බුදයට ලක් වී ඇති අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල්වාදි අරමුණු මත පිහිටා සිටින දයාන් සහ  පිරිසක් ඉවත් වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අතුරු වාර්තාව ප‍්‍රසිද්ධ වීමට පෙර විමල් වීරවංස සහ දයාන් ජයතිලක අතර බරපතළ මතගැටුමක් මේ සම්බන්ධයෙන් ඇති වු අතර මහින්ද රාජපක්‍ෂ  නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිකුත් කල නිවේදනයද දයාන්ගෙ රචනාවක් විමත් සමග එම අර්බුදය උග්‍ර වි තිබේ.

http://198.211.112.164/archives/16216

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පවරා ගන්නා ලෙසට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් විසින් ඉල්ලිමක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.මිට අමතරව පොලිස්සියේ සහ FCID වැනි ආයතන ප්‍රධානින්ගේන්ද ජනපතිට මෙම යෝජනාවම යොමුවි ඇති අතර අයවැයෙන් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය කිරිමේදි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය වෙනස් කිරිමට ජනපතිද අවධානය යොමුකර තිබුනද එම ඇමති ධුරය වෙනත් අයෙකුට ලබා දෙන්නේද යන්න තවමත් තින්දුවක් ගෙන නෑ.

රාජපක්ෂ පාලනයේ දී  සිදු වූ බවට චෝදනා එල්ලව පැමිණිළි ලැබී ඇති පරීක්ෂණ  කඩිනමින් සිදු නොවීම සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සාගල රත්නායක මහතාට දිගින් දිගටම එල්ලවු චෝදනා එම අමාත්‍යාංශය පවරා ගැනිමට ආසන්නතම හේතු වලින් එකක් වන අතර එම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි  නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට අමතරව  ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍යධුරය සහ ක්‍රිඩා අමාත්‍ය ධුරයේද  වෙනසක් ඇති වීමට බොහෝ විට ඉඩ ඇති අතර එම තනතුරු සදහ ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේ සමිපතම කිහිප දෙනෙකු පත් කිරිම සදහා සුදානමක් ඇති බවද වාර්තා වේ.

මේ අතර අයවැයෙන් පසුව  කැබිනට් සංශෝධන සිදු කළහොත් එළඹෙන පළාත් පාලන ඡන්දයට එමඟින් බලපෑමක් සිදු විය හැකි නිසා එය සිදු නොකරන ලෙසද  ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේන බවද වාර්තා වේ.

 

අපි ඒ කාලේ අසා තිබුණේ සද්දවිද්ද පටන්ගන්නා නම් තිබුණේ අන්දරේට බවය. අන්දරේ රජුගේ ජෝකර්ය. සීනි කෑමට ඔහු තුළ කොයිතරම් ආශාවක්‌ තිබුණේද කිවහොත්, මේ අන්දරේ බිම පෙරළී සීනි කෑ හැටි පොඩිකාලේ අපට කියාදී තිබුණි. ඒ නිසාදෝ මගේ ජනප්‍රිය නළුවා ලංකාවේ ෂම්මි කපූර් යෑයි අපි කවුරුත් හඳුන්වන රන්ජන් රාමනායකය. ඔහු මොනතරම් ලස්‌සන දැයි මට හිතෙන්නේ, ඔහුගේ මස්‌ගොබ පෙන්නා ගෙන ඉන්නා ෆොටෝ දැකීමෙනි. රන්ජන් ඉන්දියාවේ ෂාරුක්‌ ඛාන් මෙන් කෑදැත්තයකු නොවේ. සල්මන් ඛාන්ට වඩා ඔහුගේ මස්‌ගොබ වැඩිය. සල්මන් ඛාන් මෙන් හොඳටම බීගෙන මෝටර් රථය එලවා ගෙන බොම්බායේ වීදියක ගොස්‌ තරුණියක මරා දමා ඒ වෙනුවට තමන්ගේ ඩ්‍රයිවර් එලෙව්වා යෑයි කියා බේරුණු තක්‌කඩියකු නොවේ. පුදුමය නම් මේ සල්මන් ඛාන්ගේ ඒ නඩුවේදී ඉන්දියාවේ උසාවියකදී තීරණය කළේ සල්මන් ඛාන්ගේ කාර් එක ඩ්‍රයිවර් කෙනකු නොමැතිව ගොස්‌ මහ මග ගමන් ගත් තරුණියක්‌ මරා දැමූ ලෙසටය. මේකට විරුද්ධව අපේ රන්ජන් රාමනායක නමැති මහා දූෂණ විරෝධියා ප්‍රකාශයක්‌ නිකුත් නොකළේ මන්දැයි මම නොදනිමි. ඔහු ඒ තරම්ම දූෂණ විරෝධීය. මෙයට ස්‌ත්‍රී දූෂණය ද, ඇතුළත් විය යුතුය. ඒ කාලයේ සිටිය කොල්වින් ආර්. ද සිල්වා එසේ නැත්නම් රන්ජන්ගේ බාප්පා වන විජය කුමාරතුංගගේ ද නායකයකුවන කොල්වින් ආර්. ද සිල්වා, සතාසිවම් නෝනා මැරුවේ මෝල් ගසක්‌ බව ඔප්පු කළා හා සමානය. නැත්නම් ගොයම් ගසකට මුවාවී හැංගී වෙඩි තබන්නේ කෙසේ දැයි කොල්වින් සහෝදරයා ඇසුවා හා සමානය.

රන්ජන්ගේ තියරිය අනුව, ඉන්දීයාවේ ශේ්‍රෂ්ඨාධිකරණය පමණක්‌ නොව, ලංකාවේ සිටින මහාම නීතිඥයා වන කොල්වින් ද දූෂිතයෙකි. ඔහුගේ තියරිය අනුව, කොල්වින් ද මුදල්වලට අහිංසක සතාසිවම් නෝනාට විරුද්ධව කෙස්‌ පැලෙන තර්ක ඉදිරිපත් කර එංගලන්තයේ සිඩ්නි ස්‌මිත් නමැති වෝහාරික වෛද්‍යවරයකු ගෙන්වා ඇත්ත නැත්ත කළ හැටි රන්ජන් ද දන්නවා ඇත. කොල්වින් ජනාධිපති නීතිඥවරයකු නොවූයේය. එහෙත්, රන්ජන් රාමනායකගේ බාප්පා වන විජය කුමාරතුංග වාමාංශික නායකයකු වශයෙන් ඇදහු කොල්වින් ඇතුළු අනිකුත් සමසමාජ නීතිඥවරු ද, දූෂිතයෝය. රන්ජන්ට විජය කුමාරතුංගගේ හාල්පොත් නඩුව මතක නැතුව ඇතිවාට සැක නැත. මේ දූෂිතයන් නිසාම, හාල් පොත ගසා ඡන්දය කළ නඩය නඩුවෙන් බේරුණේය. රංජිත් අබේසූරිය වැනි දක්‌ෂ එහෙත්, මුදලට වරද නිවරද කරන දූෂිතයන් නිසාය. ඒ මොහු මර්වින් සිල්වා සමග බෝඩිමක ගතකළ කාලයේය. ඒ ඔහු කොට කළිසම් ඇඳ සිටි කාලයයි. ඒ කාලයේ මොහුට වයසක ස්‌ත්‍රීන් හා වයසක මහත්වරු මහත්සේ ලොල් කළා යෑයි යමෙකු කියන්නේ නම් එය මම ප්‍රතික්‌ෂේප කරමි. මා දන්නා අන්දමට රන්ජන් එවැනි ස්‌ත්‍රී ලෝලියකු නොවේ. ඔහු ඇත්තටම දූෂණ විරෝධියෙකි. ඔහු කොයිතරම් දූෂණ විරෝධියකු දැයි කිවහොත්, ඔහුට කියා නිවසක්‌ නැත. ඔහුට කියා ලැබුණු කාර් පර්මිට්‌ එකද, විකුණුවේ නැත. එසේ චෝදනා කළ දෙරණේ දිල්කා සමන්මලීට මරණ තර්ජන කළේ යෑයි කියන කතාව ද බොරුය. එය දිල්කා සමන්මලීගේ පියා හැදූ ටොන් පචයකි.

අපේ රන්ජන් දැන් අලුත් සටනක්‌ පටන්ගෙන තිබේ. ඒ සටන පටන්ගෙන තිබෙන්නේ බහුතර නීතිsඥවරුන්ට, සියලුම ජනාධිපති නීතිඥවරුන්ට හා බහුතර විනිශ්චයකරුවන්ට විරුද්ධවය. ඒ අනුව, අපි රනිල් වික්‍රමසිංහට යෝජනාවක්‌ ගෙනෙමු. එනම්, රටේ අධිකරණයේ පවතිනවා යෑයි රන්ජන් කියන දූෂණ නැති කිරීමට වහාම ඔහුට අධිකරණ ඇමැතිධුරය ලබාදෙන ලෙසය. මෙන්න බොලේ මෙවැනි යෝජනාවක්‌ කර කටවහ ගන්නත් ඉස්‌සරවෙලා අපේ නායකයා රන්ජන්ව දිවුලපිටිය සංවිධායක කමින් ඉවත් කරලාලු. රන්ජන්ගේ විලාපය වන්නේ නීතිපති හා විනිසුරුවරුන්, ජනාධිපති නීතිඥවරු කියන දේ අසා වැරදිකරුවන් නිවැරදිකරුවන් කර නිදහස්‌ කරන්නේලු. රන්ජන්ගේ තියරිය අනුව, එසේ නොකරන්නේ නම් එක රැයින් අපරාධ අඩුවේවි යෑයි ඔහු සිතයි. වැරදිකරු ද, නිවැරදිකරු ද, යන්න ප්‍රශ්නයක්‌ නැත. චෝදනාවක්‌ ලැබුවහොත් අනිවාර්යයෙන්ම සාක්‌ෂි තිබුණ ද, නැතිවුණ ද, ඒ චූදිතයා වැරදිකාරයා කළ යුතුය. හැබැයි රන්ජන්ටත් පිළිසරණ වූයේ ද, තවත් ජනාධිපති නීතීඥවරයකි. ඒ එම්.ඒ. සුමන්දිරන්ය. ඔහු ද්‍රවිඩයෙකු වූවත්, හොඳට සිංහල කතා කිරීමට පුළුවන්, හැමදෙනාගේම ආදරය දිනාගත් අයෙක්‌. නීතිඥ සංගමය ශේ්‍රෂ්ඨාධිකරණයට රන්ජන් එරෙහිව පැමිණිලි කළාට පස්‌සේ රන්ජන් කට සහ අධෝමුඛය වසාගෙන සිට තමන් කරනු ලැබු ප්‍රකාශ වෙනස්‌ කරමින් මම එහෙම කිව්වේ නැහැ, මම මෙහෙම කිව්වේ නෑ, කියලා තමන් වීරයෙකු ලෙස, කළ උම්බෑ කීම සම්පූර්ණයෙන්ම වෙනස්‌ කර එම කථාව සාධාරණීයකරණය කිරීමට තැත් කිරීම ගැන අද ඔබලා පුදුම නොවිය යුතුය. මන්ද, එය නායකතුමාගේ ඡන්ද පොරොන්දුවක්‌ වගේය.

එය රැකියා විසිපන්දහක්‌ ලබාදෙන ෆොක්‌ස්‌වැගන් පැක්‌ටරියේ කතාව වගේය. හැබැයි නඩුවෙන් පස්‌සේ මේ සුමන්තිරන් නමැති ජනාධිපති නීතිඥයා ළඟ තබාගෙන සිංහයකු ලෙස නැවත වරක්‌ උම්බෑ කීවේය. ඔහු සියලුම ජනාධිපති නීතිඥවරුන්ට හා නීතිඥවරු බහුතරයකට, විනිශ්චයකාරවරුන් බහුතරයකට බැන්නේය. සුමන්තිරන්ද ජනාධිපති නීතිඥවරයකු බව රන්ජන්ට අමතක වුණාසේය. එසේම, විජය කුමාරතුංගගේ මාමා හා රන්ජන්ගේ මාමා වන කාලෝ ෆොන්සේකා ද, සිටියේය. ඔහුගේ කතාවෙන් දූෂිත අග්‍රවිනිශ්චයකාරවරු දෙදෙනකු ගැන කියවිණ. ඉන් එක්‌ අයෙක්‌ සරත් එන්. සිල්වා අග්‍රවිනිශ්චයකාරතුමාය. එහෙත්, එකක්‌ රන්ජන්ට අමතකව ඇත. එනම් සරත් එන්. සිල්වා පත්කිරීමට විරුද්ධව මහා විශාල හඬක්‌ නැගුවේ රන්ජන් නොවේ. ඒ හඬ නැඟුවේ වික්‌ටර් අයිවන් ලා සමග අත්වැල් බැඳගත් සමහර නීතිඥවරු හා වාසුදේව නානායක්‌කාර වැනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක යෑයි කිවහැකි දේශපාලඥයන්ය. ඊට අමතරව වික්‌ටර් අයිවන්, සරත් එන්. සිල්වාගේ නම නීතිඥ ධුරාවලියෙන් කපා දමන ලෙසට, ඔහුට විරුද්ධව නඩුවක්‌ ද පැවරුවේය. වික්‌ටර් අයිවන් මේ නඩුවට ඔහු වෙනුවෙන් පෙනි සිටීමට නීතිSඥයකු නැතැයි අඬා වැලපෙන විට, මා ශේ්‍රෂ්ඨ නීතිඥවරයකු වූ රංජිත් අබේසූරියට කතා කොට තම නීතිපති දෙපාර්තමේන්තුවේ සගයාට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට එකඟකරවා ගත්තේය. මේ සියලු විරෝධයන් මළපහ ඉවත් කරන ලෙස ඉවත්කර තමන්ට අවශ්‍ය ලෙස නඩු තීන්දු ලබා දිය හැකි යයි සිතූ නැන්දා නැතහොත් විජය බාප්පාගේ නෝනා වන චන්ද්‍රිකා සරත් එන්. සිල්වා පත්කර ගත්තේය. ඒ කාලයේ රන්ජන් කොලුගැටයෙකි. රන්ජන් කියන හැටියට දූෂිතම විනිශ්චයකාරවරයා වන සරත් එන්. සිල්වා පත්කළේ රන්ජන්ගේ හිතාදර බාප්පා හා මානව හිතවාදියකු යයි අවිවාදයෙන් අප පිළිගන්නා විජය කුමාරතුංගගේ බිරිය වන චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග නැන්දායි. මෙරට බිහිවූ දක්‌ෂතම විශිෂ්ට තම නායිකාව හා මෙරට යුද්ධයෙන් භාගයක්‌ ජයගත් නායිකාව බව ඇයම හඳුන්වා ගත් චන්ද්‍රිකා නැන්දාට එරෙහිව වික්‌ටර් අයිවන් නමැති මහ පච මාධ්‍යකරු ලියූ චෞර රැජින පොතෙන් අපහාසයට ලක්‌වුණත්, මේ ආණ්‌ඩුවේ අත්තනගල්ල සංවිධායක ලෙස පත්වීමක්‌ ලබා ගත්ත ද වික්‌ටර් ද, රන්ජන් ද, නිහඬය. සරත් එන්. සිල්වා පත්කරන විට රන්ජන් කොහේ සිටියා දැයි නොදනිමි. රන්ජන් කියන විදිහට ඔහු දූෂිත නඩුකාරයෙක්‌ නම්, ඔහුව මේ රටේ සිටිය අදූෂිත, අචෞර චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ඔහුව පත්කළේ මන්දැයි රන්ජන් ඇසුවේ නැත. රන්ජන්ගේ කීම ඇත්ත නම් මේසා විශාල විරෝධයක්‌ මධ්‍යයේ සරත් එන්. සිල්වා පත්කළ චන්ද්‍රිකා කුමාරතුංගට විරුද්ධව ගෙනගිය මහා විරෝධයට රන්ජන් හීනයෙන්වත් සම්බන්ධ වූයේ නැත. එහෙනම් කවුද වැරදි, සරත් එන්. සිල්වා ද? චන්ද්‍රිකා දැයි විමසිලිමත් විය යුතුය. සියලුම දූෂිත යෑයි කියන නඩුකාරයන් පත් කරන්නේ රටේ ජන නායකයාය.

ඔහු කියන අන්දමට අනික්‌ දූෂිත විනිශ්චයකරුවා මොහාන් පීරිස්‌ය. මොහාන් පීරිස්‌ට එරෙහිව ඔහු ඉවත් කිරීමේ මූලික යාන්ත්‍රණය දියත් කළේ රන්ජන් නොව, නීතිඥ සංගමයයි. එම ක්‍රියාවලිය සිදුවූයේ නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරිය සහ ජනාධිපති නීතිඥවරුන් කීප දෙනකුගේ මැදිහත්වීමෙනි. එම ඉවත්කිරීම නීතියේ රීතියට අනුකූලද නැද්ද යන්න වෙනත් ප්‍රශ්නයකි. මොහාන් පීරිස්‌ අග්‍රවිනිශ්චයකාරවරයා විසින් ජනාධිපතිවරයාට කියා ඇති ප්‍රකාශය මතම නීතිය බැහැරලා අස්‌ කිරීම සාධාරණ යෑයි කෙනකුට කිව හැකිය.

එසේනම්, රන්ජන් දැනගතයුතු එක්‌ කරුණක්‌ ඇත. නළුවන් අතර ද, ගැහැණු වෙස්‌ ගෙන පිරිමින් සමග ලිංගික ජීවිතයක්‌ ගත කරන අය මෙන්ම, මුදල් සඳහා චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට තම සියලු දේ පූජා කර අල්තාරයේ තබන නළුවන් සහ නිළියන්ද, සිටින අතර, එලෙසම, තමා හමුවීමට පැමිණෙන අහිංසක තරුණියන් දූෂණය කරන අතිශය දූෂිත නළුවන් ද, සිටී. එය ඕනෑම වෘත්තීයකට පොදු දෙයකි. එලෙසම, තමාගේ තනතුර පාවිච්චි කර ජනාධිපතිවරයා පවා මුළාකර නඩුකාරයන් හොරෙන් පත් කරන නීතිඥ සංගම් සභාපතිලා ද සිටියහ. එලෙසම, රන්ජන් කියන අන්දමට දූෂිත විනිශ්චයකාරවරු ද සිටියහ.

ඔබ හා වික්‌ටර් අයිවන් දූෂිත යෑයි කියන සරත් එන්. සිල්වා සිටිය කාලයේ දී දුෂණ චෝදනාවන්ට ලක්‌වූ ඒත් චෝදනාවන් ඔප්පු නොකළ මහෙස්‌ත්‍රාත්වරුන් හා දිසා අධිකරණ විනිසුරුවරුන් හතළිස්‌ දෙනකු පවා මේ දූෂිත යෑයි කියා කෑ ගසන සරත් එන්. සිල්වා විසින්ම නඩු විභාගයකින් තොරව, ගෙදර යෑවූ බව අපි දනිමු.

සරත් එන්. සිල්වාට එරෙහිව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගයට එක්‌සත් ජාතික පක්‌ෂ සියලු මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්‌ති පෙරමුණේ සියලු මන්ත්‍රීවරු අත්සන් කළහ. චන්ද්‍රිකා නැන්දා මෙම දෝෂාභියෝගය විවාදයට ගන්නට පෙර පාර්ලිමේන්තුව කල් තැබීය. ඊටපසු නැවත වරක්‌ පාර්ලිමේන්තුව රැස්‌වූ විට එම දෝෂාභියෝගය යටිමඩි ගැසුවේ දැන් බැඳුම්කර වංචා නඩුවේ සාක්‌ෂිකරුවකුව සිටින රනිල් වික්‍රමසිංහ නායකතුමාය. වික්‌ටර් අයිවන් මාධ්‍ය බොරුකාරයකු බව මා දැනගත්තේ පසුවය. ඒත් එදා ඔහු කී දේ කට තුළින් මැස්‌සකු ගොස්‌ නහයෙන් පිටවුන ද කට නොවසා මහත් කුතුහලයෙන් මම අසා සිටි යෙමි. ඔහුකී අන්දමට රනිල් වික්‍රමසිංහ, සරත් එන්. සිල්වා ඔවුන් දෙදෙනාගේ මිතුරකුගේ නිවසේ දී හමුවී යූ.එන්.පී. යට පක්‌ෂව නඩු තීන්දු ලබා දීමට එකඟවී ඇති නිසා දෝෂාභියෝගය යටිමඩි ගැසූ බවය. මෙය ඇත්තද නැත්තද කියා තිරණය කිරීම ඔබටත්, රන්ජන්ටත්, භාර කරමි. හැබැයි ඇත්ත වුණද, පච වුණද, දෝෂාභියෝගයක්‌ නම් ගෙන ආවේ නැත.

ඒ පිහිටෙන් සරත් එන්. සිල්වා පළමුව රනිල් වික්‍රමසිංහට කෙලවා, පසුව චන්ද්‍රිකාටත් කෙලවා, මහින්ද රජ කරවා මහින්දට ද කෙලෙව්වේය. එසේනම්, රන්ජන් කියන අන්දමට දූෂිතයා සරත් සිල්වා ද, එසේ නැතහොත් තමන්ට අවශ්‍ය අන්දමට නඩු තීන්දු ඉල්ලු මේ දේශපාලනඥයන් දැයි රන්ජන් තීරණය කළයුතු වේ. මීට පස්‌සේ සරත් සිල්වාට ගරහන්නට එපා. එවිට මතක්‌ විය යුත්තේ ඔබගේ බාප්පා සහ කාලෝ ෆොන්සේකාගේ බෑනාවූ විජයගේ ආදරණීය බිරිඳ වූ චන්ද්‍රිකා සහ ඔබේ නායකයකු වන රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ය.

මෙරටේ සෑම දෙනාගේම ගෞරවයට ආදරයට ලක්‌වූ ගාමිණී ෆොන්සේකා හා ජෝ අබේවික්‍රම වැනි නළුවන්ද රුක්‌මණී දේවි, මාලනී ෆොන්සේකා වැනි නිළියන් ද සිටියහ. ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය කිසිසේත්ම, ඔවුන්ගේ ක්‌ෂේත්‍රයට අදාළ නොවීය. එහෙත්, ඔවුන් තමන්ගේ ඇඟ විකුණන මුදල්වලට වයසක කාන්තාවන් සමග ජීවත්වන අතිශයින්ම දූෂිත මිනිසුන් නොවූහ. රන්ජන් කිසි කලෙක නළුවන්ගෙන් වැඩි පිරිසක්‌ පිරිමි වෛශ්‍යාවන් ලෙස හෝ නිළියන්ගෙන් වැඩිදෙනෙක්‌ ස්‌ත්‍රී වෛශ්‍යාවන් ලෙස හෝ හඳුන්වා දුනහොත් සම්පූර්ණයෙන්ම වැරදි බව රන්ජන්ට තේරෙනු ඇත. එහෙම අයාලේ යන නළුවන්ද, නිළියන්ද, සිටිති. ඒ ඉතා සුළු පිරිසකි. අධිකරණයේ දුෂිත නීතිඥවරු පමණක්‌ නොව නීතිඥ සංගම් සභාපතිවරුන් ද, විනිශ්චයකාරවරුන් ද, සිටිති. එය ඉතා සුළු ප්‍රමාණයකි.

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය

Published 2017/11/12 – මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 20 -23 වැනිදා කාලසිමාව තුල බොහෝවිට කැදවිමට ඉඩ ඇති අතර ඒ සමගම යහපාලන සබඳතාවයන්ද අවසන් විමට ඉතාමත් ආසන්න තත්ත්වයක් උදාවිමට ඉඩ ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම මගින් එවන ලද ප්‍රශ්ණ රැසකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් ප්‍රකාශයක් හරහා පිළිතුරු එවා තිබියදිත් කොමිසමට අගමැතිවරයා කැදවිමට කටයුතු කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උගුලක් බවයි එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටිමට තමන් සුදානම් බව අගමැතිවරයා සදහන් කිරිමත් සමග ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් සමග කියා ඇති කතාවක් ඊට ආසන්නතම හේතුව වි ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අවරණය කළේ.

අගමැතිවරයා විමර්ෂණ කොමිසමට ඉදිරියේ පෙනී සිටීමට පෙර අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බව තමන් විශ්වාසය කරන බවත් එය තමන්(ජනපති) සහ අගමැති අතර වු පෞද්ගලික සාකච්ඡාවකදිද අවධාරණය කල බවද සදහන් කර තිබේ.

රනිල් විසින් නිර්භීතව පූර්වාදර්ශයක් දිය යුතු බවත් ඒ සදහා, පරීක්ෂන කොමිසම ඉදිරියේ “සාමාන්ය පුරවැසියෙකු” ලෙස පෙනී සිටින ලෙස තමන් අගමැතිවරයාට දැනුම් දුන් බවද ජනපති සිය ශ්‍රීලනීප කණ්ඩායම හමුවේ පවසා තිබේ.

කෙටි කාලයක් සදහා අගමැති ධුරයෙන් ඉවත් වි කථානායක කරු ජයසුරිය මහතා හෝ මුදල් ඇමති මංගල සමරවීර මහතා කෙටි කාලීනව භාරකාර අගමැතිවරයෙකු ලෙස පත් කිරිමට කටයුතු කලහැකි බවද ජනපති පෙන්වා දි තිබේ.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්කර ඇති අතර අගමැතිවරයාද පවසා ඇත්තේ ඒ අකාරයේ අවදානමක් ගැනිමට කිසුදු අවශ්‍යතායක් නැති බවත් තමන් කිසිවිටෙකත් අගමැති කම අත් හැරිමට සුදානම් නැති බවද තරයේ අවධාරණය කර තිබේ.

මේ අතර පසුගිය සතියේ රැස්වු එක්සත් ජාතික පක්ෂ රනිල් පිළේ ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි ඇත්තේ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හරහා එජාපය සහ වත්මන් නායකත්වය දැඩි ලෙස රට හමුවේ අප්‍රසාදයට ලක්කර ඇති බවත් ඒ හරහා දේශපාලන කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේන බවද පෙන්වා දි තිබේ.

අවසන් මොහොතේ බැඳුම්කර කොමිසම හමුවේ අගමැතිවරයා පාවාදිමේ කුමන්ත්‍රණයක් දියත් විය හැකි බවත් එ පසුපස රනිල් විරෝධී පෙරමුනේ න්‍යාචාරවරුන් රැසක් සිටින බවත් පෙන්ව දි ඇති එජාප ජ්‍යෙෂ්ඨයන් වහාම එම කණ්ඩායම් මර්දනයට කටයුතු කලයුතු බවත් අගමැතිට පෙන්වා දි තිබේ.

Published 2017/11/11- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ප්‍රබල මත ගැටුම් ඇතිවීම නිසා එහි ඉදිරි කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් වෙනුවෙන් මේ මත ගැටුම් ඇතිව තිබේන අතර විධායක ජනාධිපති ධුරය රටේ ජාතික ආරක්ෂාව, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වි තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත බවත් ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමිවන බවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් අනාවරණය කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයා ප්‍රකාශ කර ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන බවයි.

කෙසේවෙතත් ඇතිවි තිබේන මත ගැටුම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විවෘත සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු යොජනා කර තිබුනද විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරිම සහ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිශ්චිත තින්දුවක් නොමැතිව සාකච්ඡා පැවැත්විමට එජාප ජ්‍යෙෂ්ඨයන් අකමැත්ත පලකර තිබිම හේතුවෙන් එම සාකච්ඡා අඩාලවි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

Loading…

ඒකාබද්ධයේ මහින්ද පිළ නියෝජනය කරමින් මෛත්‍රී ජනපති සමග ඩිල් දමමින් රහසේම හමුවෙන කිහිප දෙනෙකු හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩු විරෝධී කණ්ඩායම දැඩි ලෙස කලකිරිමට ලක්ව සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනික ව විනාශ කිරීමේ අරමුණින් නැවත වරක් සිරිසේනට පාවා දීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබෙන බවත් ඒ පිටුපස  එක්සත් ජාතික පක්ෂය විසින් චන්ද්‍රිකාගේ අනුදැනුම ඇති ව ඒකාබද්ධ විපක්ෂයේ තිදෙනෙකුගේ සහායෙන් සැලසුම් සහගත කුමන්ත්‍රණයක්  ක්‍රියාත්මක වෙමින් පවතින බවයි අනාවරණය වි ඇත්තේ.

මෙම කුමන්ත්‍රණයේ ප්‍රධානම අරමුණ වි ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය අතර ගැටුම්කාරි තත්ත්වයක් එති කර ඒ හරහා මහින්ද සහ ඒකාබද්ධ විපක්ෂය වට ඒකරාශී වි ඇති බලවෙග කැබලි වලට වෙන්කිරිම වන අතර එම මෙහෙයුම හේතුවෙන් රාජපක්ෂ පවුලේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරින් අතරද ගැටුම්කාරි තත්ත්වයක් හටගෙන තිබේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයක් බලහත්කාරයෙන් කැදව ගැනිම සදහා මෙම කණ්ඩායමේ කිහිප දෙනෙකු සක්‍රියාව මැදිහත් විම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උදහසටද ලක්වි ඇති බවටද තොරතුරු වාර්තා වේ.

තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න….

සියලුම ජනමාධ්‍ය සම්බන්ධීකරණය කරමින් ආණ්ඩුවේ වැඩ කටයුතුවලට සාධාරණ ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක වන ප්‍රබල තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේන බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය මේ තීරණය ගෙන තිබෙන්නේ අයවැයට පෙර ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ හයක මිල අඩු කරමින් ජනතාවට දුන් සහනයට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රමුඛතාවයකින් යුතු ප්‍රචාරයක් ලබා ගැනීමට එම පක්ෂයේ මාධ්‍ය ප්‍රධානීන්ට නොහැකිවීම නිසා බවයි වාර්තා වි ඇත්තේ.

මේ තනතුරට මේ වන විට නම් ගණනාවක්ම යෝජනා වී තිබෙන අතර අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බව දන ගන්නට තිබේ.

මේ අතර අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ ජාතික ආණ්ඩුව දෙදරා යමින් මෛත්‍රී-රනිල් අතර ඇතිව ඇති විරසකය හේතුවෙන් මාධ්‍ය බලය වෙනම වෙනම අල්ලා ගැනිම සදහා තරගයක් පවතින බවත් එම තරගයේම ප්‍රථිපලයක් ලෙස මෙම නව මාධ්‍ය තනතුර ඇති කිරිමට කටයුතු කරන බවයි.

ලංකා ඊ නිවුස් (Lankaenews.com)  වෙබ් අඩවියට ශ්‍රී ලංකා ටෙලිකොම් හි අන්තර්ජාල පහසුකම භාවිතා කරමින් 2017-11-08 දින සිට පිවිසීමට නොහැකි වන සේ වාරණය කිරිම දැඩි ලෙස හෙලාදකින බව ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

2017-11-09

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙනි

 ලංකා ඊ නිවුස්  වෙබ් අඩවියට ශ්‍රී ලංකා ටෙලිකොම් හි අන්තර්ජාල පහසුකම භාවිතා කරමින් 2017-11-08 දින සිට පිවිසීමට නොහැකි වන සේ වාරණය කර තිබීම අප සංගමය දැඩි ලෙස හෙළා දකිමු. මෙම පියවර යහපාලන ආණ්ඩුව මාධ්‍ය මර්ධනය වෙනුවෙන් ගනු ලැබූ පළමු පියවර නොවන අතර මීට පෙර රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහ දේශපාලනඥයින් මාධ්‍ය නිදහසට කළ බලපෑමට අප විටින් විට විරෝධය පළ කළෙමු. මාධ්‍ය නිදහස සපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙවැනි පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරො‍ත්තු නොවන්නකි. ලංකා ඊ නිවුස් වෙබ්(lankaenews) අඩවිය වාරණයට ලක් කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදෙස් පරිදි බව අපට විශ්වාසවන්ත ආරංචි මාර්ග හෙළිකර සිටියි.

මෙම වාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ ජනාධිපතිවරයා යටතේ වීමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ ස‍හෝදරයා යටතේ විමත් මෙම හදිසි වාරණයේ සුවිශේෂී කාරණයකි. ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාරණයට ලක් කිරීම පිළිබඳ ආණ්ඩුව වහා ප්‍රකාශයක් සිදු කළ යුතු බව අප අවධාරණය කරමු. පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ ද ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාරණයට ලක් වූ අතර එකී ආයතනයට ගිනි තැබීම ද එහි මාධ්‍යවේදීයකු වූ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ද සිදුවිය.

ආණ්ඩුවක් විවේචනයට බිය විය යුත්තේ තමන් අත වැරදි ඇත්නම් පමණි. එසේ නොවන්නේ නම් එකී විවේචනවලට පිළිතුරු දීමට ඕනෑම මාධ්‍ය ආයතනයක් සහතික කර තිබේ. විචේනවලට පිළිතුරු දීම වෙනුවට මර්ධනයකට කැස කැවීම යහපාලන රජයකට නොවටිනා දෙයකි.

ලංකා ඊ නිවුස් වෙත සිදුකර ඇති වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරන ලෙසත්ජ නාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බාර අමාත්‍යවරයාගෙන් අප වැඩිදුරටත් ඉල්ලා සිටිමු.

සභාපති -දුමින්ද සම්පත්
ලේකම්-ලසන්ත රුහුණගේ

කතෘ සටහන….

යහපාලන ආණ්ඩුව ආරම්භ කර ව්‍යාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වමින් රටේ ජනතාව ගොනාට අන්දමින් යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදීය නාමයේන් සිදුවන මර්දනය හමුවේ නොබියව ජාතියට මගකියු lankanewsweb.today වෙබ් අඩවිය ඉතාම කෙටි කාලයික් තුල ජනතාව අතර අතීශය ජනප්‍රිය වෙබ් අඩවිය වු අතර ඒ සමගම ක්‍රියාත්මක වු යමපාලන වෙබ් අධවිය තහනම් කිරිමට කටයුතු කල අයුරු රටේ ජනතාවට තවමත් අමතක නැත.

lankanewsweb.today වෙබ් අඩවිය ලංකාවේ අවහිර කිරිමෙන් පසුව එම් වෙබ් අඩවිය ලංකාව තුල ක්‍රියාත්මක වෙමින් තිබු lnwtoday.com පිවිසුම ද අවහිර කර දැමු යහපාලන ආණ්ඩුව විවිධ අවස්ථාවල හැකර් වරුන් යැයි කියා පෙනී සිටින ලපයි සිපයියන් යොදවා ගනිමින් වෙබ් අඩවිය අත්පත් කර ගැනිමට මෙන්ම විවිධ පාර්ශවයන් හරහා තර්ජනය කිරිම හරහා වෙබ් අඩවිය නතර කිරිමට උත්සහ ගත් වාර ගණන අනන්තය.

www.lankanewsweb.today වෙබ් අඩවියට ලංකාව තුල අන්තර්ජාල සබඳතාවයන් හරහා ප්‍රවේශ විමට ඇති හැකියාවට අවහිර කරමින් යහපාලන මාධ්‍ය මිලටරිය විසින් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කළ පහර පිළිබදව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UN Human Rights Council)අප වාර්තාවක්ද යොමුකල අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතද කතා කලද එවකට රනිල්-මෛත්‍රී යහපාලන ඇස්බැන්දුමෙන් නිර්වින්දය වි සිටි මාධ්‍ය සංවිධාන යැයි කියා ගන්නා ලේකම්,සභාපති පමණක් හෝ සිටින පුද්ගලයන් මේ ආකරයට ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව පෙනී සිටිම ගැන් අප සතුට පල කරමු.

(lankaenews) වෙබ් අඩවිය සම්බන්ධයෙන් අපගේ මතය කුමක් වුවත් මාධ්‍ය නිදහස මෙන්ම තොරතුරු දැන ගැනිම සදහා ජනතාවට ඇති අයිතිය හිස් මුදුනින් පිළි ගන්නා අපද මේ අවස්ථාවේ (lankaenews) වෙනුවෙන් පෙනි සිටින අතර ලෝකේ කොතනක හෝ මාධ්‍ය ආයතන,මාධ්‍යවේදීන් මර්දණයට ලක්වන්නේ නම් කොන්දේසි විරහිතව එයට එරෙහි වන බව අප තරයේම අවධාරණය කරන අතරම ලංකා ඊ නිවුස් තහනම මෙන්ම lankanewsweb.today වෙබ් අඩවියේ තහනමද වහාම ඉවත් කිරිමට ආණ්ඩුව කටයුතු කලයුතු බවද අප රජයට මතක් කර දෙමු.

http://198.211.112.164/archives/13181

http://198.211.112.164/archives/15916

http://198.211.112.164/archives/15933

http://198.211.112.164/archives/14736

http://198.211.112.164/archives/13354

http://198.211.112.164/archives/14469

http://198.211.112.164/archives/13105

 

 

මා ලියන්නේ පුරුද්දට වුවත් මා ඒ ලිපි පළ කරන්නේ ඇයි? ඒ මට අනෙක් අයට කීමට යමක් ඇතැයි සිතන නිසයි. එහෙත් ඒ කියන දේ ඒ අනෙක් අය වැරදි කියා නිගමනය කරන්නේ නම් මා ඒ ලිපි පළ කළ යුත්තේ ඇයි? අවුරුදු තිස්පහකට වැඩි කාලයක් මා ලියා පළ කර ඇති නමුත් තුන්හාර සියයක්වත් මා කියන දේ නිවැරදි කියා නොපිළිගන්නා බව පැහැදිලියි. 1994 දී මා කළුතර දිස්ත්‍රික්කයට තරඟ කළ අවස්ථාවේ දී මට මනාප පන්දහසකට වඩා ලැබුණෙ නැහැ. ඒ මුළු දිස්ත්‍රික්කයෙන් ම! මෙරට ජනයා මගේ දේශපාලන අදහස්වලට අකමැති බව, ඒ වැරදි යැයි සලකන බව මා එදා තේරුම් ගත යුතුව තිබුණා.

ඊයේ (නොවැම්බර් 08) මට ඒ අවබෝධය ලැබුණු දවස ලෙස සලකන්න පුළුවන්. ආණ්ඩුව සයිටම් අහෝසි කරන්න තීරණය කරලා. සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය විනාශ වන බව මෙරට ඉතා වැඩි පිරිසක් කියනවා. මගේ අදහස වූයේ නිදහස් අධ්‍යාපනය යනු මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට හැකි අයට ඒ අවස්ථාව නැති කිරීම නොවන බව. මා මේ සම්බන්ධයෙන් ලිපි රාශියක් ලියා ඇති. එහෙත් බොහෝ දෙනා එය අනුමත කරන්නේ නැහැ. ඔවුන් මට විරුද්ධ වනවා පමණක් නොව ඒ ලිපි කියවීම ද ප්‍රතික්‍ෂෙප කළ බව ප්‍රතිචාරවලින් පැහැදිලි වුණා. මා ගෙන ආ තර්ක වැරදි බව කිසිවකු පෙන්වා දී නැති නමුත් අති විශාල බහුතරය මගේ තර්ක වැරදි බව පිළිගෙන තිබෙනවා. සයිටම් අහෝසි කිරීමත් සමග දෙතුන් සියයක් හැර රටේ බහුතරය මා කියන දේ නොපිළිගන්නා බව පැහැදිලියි.

මා පළ කරන ලිපිවලින් පලක් නොවන බව පැහැදිලියි. රටේ බහුතරයට මගෙන් ඉගෙනීමට දෙයක් නැහැ. බුදුදහම ඉතිහාසය බටහිර විද්‍යාව සාහිත්‍යය දර්ශනය යථාර්ථය දැනුම ආදිය ගැන කියන කිසිවක් බහුතරයක් පිළිගන්නේ නැහැ. මා අසාර්ථක බවත් දැනුම් තේරුම් නැත්තකු බවත් පිළිගැනීමට සිදු වී තිබෙනවා. මගෙන් ඉගෙනීමට දෙයක් නොමැති අයට ලිවීමෙන් පලක් නැහැ. හැරත් මට වඩා යමක් කමක් දන්නා අය දසදහස් ගණනින් රටේ සිටින විට, ඔවුන් ඉතා තර්කානුකූල ව ලියන විට, මා කිසි දෙයක් අලුතින් ලියා නැති බව විචක්‍ෂණ ජනමාධ්‍යවේදීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විට, ලිපි පළ කිරීම අනවශ්‍ය බව පැහැදිලියි.

මින් පසු අවුරුදු තිස්පහකට වැඩි කාලයක් තිස්සේ මා කළ වරද කරන්නේ නැහැ. මේ ලිපිය මා පළ කරන අන්තිම ලිපියයි. මගේ ලිපි අන්තිම බව පාඨකයා තේරුම් ගෙන බොහෝ කල්! මා මින් පසු මෙරට අයට කියවීමට සිංහලෙන්වත් ඉංගිරිසියෙන්වත් ලිපි පළ කරන්නේ නැහැ. ඉංගිරිසියෙන් ලිපි පළ කිරීම නවතා අවුරුදු කිහිපයක් වෙනවා. අවුරුදු තිස්පහක් ඔබේ කාලය නාස්තිකිරීම ගැන කණගාටු වෙනවා.

 

නලින් ද සිල්වා

2017 නොවැම්බර් 09

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරිමත් සමග ශ්‍රිලනිපය පරණ ගොනී සෙල්ලමට බහින්න සුදානමක් ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව පසුගිය මහා මැතිවරණ සමයේ මෙන්ම අසාර්ථක මැතිවරණ මෙහෙයුමකට හිමිකම් කියමින් සිටින මෛත්‍රී පිළේ ශ්‍රීලනිප කණ්ඩායම කෙසේ හෝ පළාත් පාලන මැතිවරණයට මහින්ද සමග ගොඩනැගෙන සන්ධානය ඩැහැගැනිම සදහා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ආණ්ඩුවේ සිටින ඇමැතිවරුන් පස්දෙනකු විපක්ෂයට එක් කිරිමේ ගෝනි සෙල්ලම දියත්කර තිබේ.

ඒ අනුව් පසුගිය මහ මැතිවරණයේදි මහින්ද ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ සටනේ ඉදිරියේන් සිටියදි එය පාවා දෙමින් එජාපයට බලය ලබාදිමටත් මහින්දගේ ආගමනය නතරකිරිමටත් කුමන්ත්‍රණය කල බාල තෙල් ගෙන්විමේ ප්‍රමුඛයා වන හිටපු සන්ධාන මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්තගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම කටයුතු කරමින් සිටි.

සුසිල්ට අමතරව තවත් අමාත්‍යවරයෙකු සමග , නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනකු ඇතුලු 5 දෙනෙකු පලමු වටයේ විපක්ෂයට එක්ව පසුව ඒ හරහා මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය සමග එක්ව පළාත් පාළන මැතිවරණයට එක්ව තරග කිරිම සදහා එකමුතුවක් සැදිම මෙම මෙහෙයුමේ අරමුණ වි තිබේ.

මේ අතර අප දේශපාලන වාර්තාකරු අනාවරණයි කළෙ මෙම ඇමැතිවරුන් පස්දෙනාම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ආණ්ඩුවට එක්වූ අය බවද සඳහන් වෙයි.

මෙ වනවිටත්  ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් සමග  එම කණ්ඩායම මේ දිනවල සාකච්ඡා කරමින් පවතින අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ නොවි තිබිය යුතු යැයි දැඩි ස්ථාවරයේ සිටින මෙම විපක්ෂ ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් මෙම මෙහෙයුම සදහා උපරිම දායකත්වය ලබා දෙමින් සිටි.

ආණ්ඩුවෙන් විපක්ෂයට එක්වන කණ්ඩායම් හරහා මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපය සමග සැදෙන පුලුල් සන්ධානයට එකතුවි එකම එක ලැයිස්තුවක් ඉදිරිපත් කිරිම සදහා පසුගියදා ඉදිරිපත් වු යෝජනාව ක්‍රියාත්මක කිරිමට මාර්ගයක් සාදා ගැනිම විපක්ෂ ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ අරමුණ් වි තිබේ.

ජුදාස් ඉස්කාරියොත් සහ සුසිල් ප්‍රේමජයන්ත

ජුදාස් ඉස්කාරියොත් ජේසු තුමාගේ ප්‍රධාන ගෝලයන් දොළොස් දෙනාගෙන් කෙනෙකි. ජේසුතුමා ප්‍රසිද්ධි‍යේ දේශන පැවැත්වමින් දිවි ගෙවූයේ සසර තුනක් පමණි. ඒ තෙවසර පුරාම තැනින් තැනට යමින් උන් වහන්සේ සමඟම සිටි ගෝලයෙකි. දෙවියන් වහන්සේගේ නාමයෙන් ලෙඩුන් සුව කරමින් ශුභ අස්න දේශනා කිරීමට ජුදාස්ද් අනෙක් ගෝලයන් එකොළොස් දෙනා සමඟ සම්බන්ධ වූවෙකි.ජේසුතුමන් සමඟ සම්බන්ධ වීමට පෙර මොහු සොරෙකි. සොර කණ්ඩායමේ මුදල් සම්බන්ධව කටයුතු කර ඇත්තේද මොහුය. එකල ඔහු එම මුදල් සොරකම් කර ඇති බව ඇතැම් ග්‍රන්ථවල සඳහන් වේ.

ජේසු තුමාගේ රුවට සමාන තවත් ගෝලයෙක්ද විය. එනිසා ප්‍රධාන පූජකයාගේ සෙබළුන්ට ජේසුතුමා හඳුනා ගැනීම අපහසු විය. එතෙක් කල් හඳුනා ගැනීමට අපහසු වන සේ සිටි ජේසුස් වහන්සේ ගේ ශරීරය සතුරන්ට පෙනෙන්නට සිප ගැනීමෙන් ජුදාස් ඒ මහා අපරාධය සිදු කෙළේ ය.

“ජුදාස්, නුඹ මා සිප ගැනීමෙන් පාවා දුන්නේද?” යයි ජේසු තුමා එහිදී ව්මසීය.

ඒ නිසා මානව ශිෂ්ටාචාරය තුළ මිනිසකු විසින් නොවිඳි මහා දුකක් විඳ කල්වාරි කන්ද මුදුනේදී සියලු පව්කාරයන් වෙනුවෙන් කුරුසිය මත සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට ජේසුස් වහන්සේට සිදු විය. ජුදාස් මේ මහා පාවාදීම සිදු කළේ රිදී කාසි 30 ක මුදලක් වෙනුවෙනි.

සෙබළුන් විසින් ජේසු තුමන් රැගෙන ගොස් හිරිහැර කරන විට ජුදාස් ඒ මුදල් සියල්ල යළි භාරගෙන ජේසුතුමාව නිදහස් කරන මෙන් ප්‍රධාන පූජකයාගෙන් ඉල්ලා සිටින ලදී. නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. පසුව ඔහු සිත් තැවුලෙන් සිය දිවි හානි කරගත්තේය.

සුසිල් ප්‍රේමජයන්ත

ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් මෙලොව එළිය දුටුවේ 1955 ජනවාරි මස 10 වනදායි. 1991 වසරේ දී හෙතෙම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ උපසභාපතිවරයා ලෙස තේරී පත් විය. 1993 වසරේදී ඔහු බස්නාහිර පළාත් සභාවට තේරී පත් විය. 1994 වසරේදී ඔහු බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන අමාත්‍යවරයා බවට ඔඅත් විය. 1995 වසරේදී සහ 1999 වසරේදි ඔහු බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 2000 වසරේ සිට 2001 වසර දක්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ මෙරට අධ්‍යාපන අමාත්‍යය ධූරය ඉසිලීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිට වූයේ 2004 පෙබරවාරි මස 11 වැනි දායි. එතැන් සිට මේ දක්වා සම්පූර්ණ කාලයම පාහේ සන්ධානයේ මහලේකම් ලෙස ජනාධිපතිවරණ, මහමැතිවරණ, පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණවල සියල්ලෙහිම නාම යෝජනා පත්‍ර සකස් කිරීම, හා මැතිවරණවලට අදාළ සියලු කටයුතු සුසිල් ප්‍රේමජයන්යත් විසින් සන්ධානයේ ලේකම්වරයා ලෙස ඉටු කළේය.

මහින්ද රාජපක්ෂ සමයේ 2005 සිට 2010 දක්වා අධ්‍යාපන අමාත්‍ය ධූරයද 2010 සිට 2014 දක්වා ඛනිජ සම්පත් අමාත්‍යය ධූරයද මොහු විසින් උසුලන ලදී.

2010 අගෝස්තු 17 වන සඳුදා මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී අගෝස්තු 14 වන සිකුරාදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස සුසිල් ප්‍රේමජයන්ත ට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස අනුර ප්‍රියදර්ශන යාපා යන අයට එම තනතුරු දැරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය. හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක සහ විශ්වා වර්ණපාල විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලු අධිකරණය දින 14ක් බල පැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කළේය. පෙත්සම්කරුවන් පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් ලෙස දුමින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩ බලන මහ ලේකම් ලෙස විශ්වා වර්ණපාල යන අය පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරනු ලැබ ඇති බවයි. එම නිසා සිය කටයුතුවලට බාධා නොකරන මෙන් නියෝගයක් සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා වෙත නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණි. කරුණු සලකා බැලූ අධිකරණය එම වාරණ නියෝගය ද නිකුත් කර තිබේ. අනතුරුව පැමිණිල්ල ලබන 28 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් වග උත්තරකාර සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා යන අයට නොතිසි නිකුත් කළේය.

සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ 17 වන සඳුදා සුසිල් ප්‍රේමජයන්ත විසින් වාරණ නියෝගයට එරෙහිව අධීකරණය හමුවට යාමට තිබූ බවයි. නමුත් ඔහු එදින පැවැත්වූ මැතිවරණයේ ප්‍රතිපල ලැබෙන තෙක් 18 වැනිදා වන තෙක් අධිකරණය හමුවට නොගොස් සිට සන්ධානයට බහුතර බලය නොමැති බව දැනගත් පසු අධිකරණය හමුවට නොව, ඒ වෙනුවට ජනපති හමුවට ගිය බවයි.

ඉන් පසු යහපාලන ජනපතිගේ අභිමතය පරිදි එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ අනුදැනුමෙන් ඊට අත්සන් තබා තිබුණේ සුසිල් පේ‍්‍රමජයන්ත මහතාය. ලයිස්තුවට පරාජිතයින් හත් දෙනෙකු ඇතුලත් වී තිබුනි.

අගෝස්තු 24 දින විශ්වා වර්ණපාලට ලේකම් ධූරයේ නිදහසේ කටයුතු කර හැරීමට ඉඩ හරිමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස් විය.ජුදාස්ට ලැබුනු රිදී කාසි 30 සේ ප්‍රේමජයන්ත මහතාට ලැබෙන්නේ මොනවාදැයි මහජනතාව බලා සිටිති.

 

තමන්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් මෙන්ම අමාත්‍ය ධුරයක් ලබා ගනිමින් තමන්ට මහින්ද රාජපක්ෂ ගානට වැටිය නොහැකි බැවින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරමින් මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධයට එරෙහිව කටයුතු කිරිමට ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරය ලබාදිමට කටයුතු කල යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයන්ට පවසා තිබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස පත් කර අමාත්‍ය ධුරයක්ද ලබා දී ඉදිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී පක්ෂයේ නව සභාපතිනිය ලෙස පත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

නව බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතකර ගැනිම සදහා පාර්ලිමේන්තුවේ බලය සිය අනසකට යට කර ගැනිමත් දෙකඩ වි සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පිළේ මන්ත්‍රීවරුන් යලී දිනාගැනිමටත් අවශ්‍ය මෙහෙයුමක් දියත් කිරිම සදහා හිටපු ජනාධිපතී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යලිත් ශ්‍රිලනිප ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනිමට සුදානම්ක් පවතින බව අප දේශපාලන වාර්තාකරු මිට පෙර අනාවරණය කළා.

කෙසේ නමුත් මන්ත්‍රීධුරය සහ ඇමතිකම් ප්‍රතිකේෂ්ප කරමින් තමන් ශ්‍රීලනීප සභාපතිනිය ලෙස පත්කරන් ලෙස ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් හමුවේ පවසා ඇති අතර එම ඉල්ලිම සම්බන්ධයෙන් එම ජ්‍යෙෂ්ඨයන් වත්මන් සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කර තිබේන අතර එම ඉල්ලිමට ජනපති තවමත් ප්‍රතිචාර දක්වා නෑ.

මේ අතර හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනිය ලෙස පත් කිරීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සහය පළ කිරීමට සුදානමින් සිටින බවද වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත් කිරීම සදහා ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගෙන ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හැරීම සදහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය පක්ෂයේ සභාපතිනිය ලෙස පත් කළ යුතු බවයි එම කණ්ඩායමෙ අදහස වි ඇත්තේ.

කෙසේවෙතත් අදාළ කණ්ඩායම මහින්ද රාජපක්ෂ සමයේ පසුපසට තල්ලු වි සිටි පිරිසක් වන යලිත් මහින්ද ශ්‍රිලනිපය තුල බලය ඇල්ලිමට කටයුතු කලහොත් තමන්ට ඇති බලය ගිලීහි යා හැකි බැවින් චන්ද්‍රිකා සමග එක්ව මහින්ද මර්දනය කිරිමේ සටන තීව්‍ර කිරිමට දායකත්වය ලබා දෙන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

මහින්ද රාජපක්ෂ සමග රහසේම සාකච්ඡා කරන කණ්ඩායම් මෙන්ම ජනපතිගේ දැනුවත් භාවයෙන් සාකච්ඡා කරන කණ්ඩායම් වහාම නතර කිරිමට කටයුතු කිරිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයාගේ වගකිමක් බවත් එය කිරිමට සභාපති අසමත් නම් මින් ඉදිරියට තමන් එම වගකිම් භාර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක් වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපති මෛත්‍රීපාල සිරිසේනට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් බැනවැදුන අතර අප ඒ සම්බන්ධයෙන් එවකට කල අනාවරණය පහතින් කියවන්න…

අවස්ථා ගණන්නාවකදි අසාර්ථක වු දෙමළ ජාතික සන්ධානය දෙකඩ කිරිමේ මෙහෙයුම මෙවර සාර්ථක මට්ටමකට පැමිණ ඇති බව උතුරේ ආරංචි මාර්ග සදහන් කරනවා. එම අර්බුදය උග්‍ර කරමින් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමේ සූදානමක් පවතින බවද වාර්ත වේ.එම මෙහෙයුමෙන් පසුව් තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ස්වාධීන විමටද සුදානමින් සිටි.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය දෙකඩ වීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නව පුළුල් සංවිධානයක් ගොඩනැංවීමේ මූලික වටයේ සාකච්ඡා ආරම්භ වී තිබෙන අතර ඒ අනුව ඉදිරි පාළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව දේශපාලන සන්ධානය ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් යන මහත්වරුන් ඇතුළු තවත් උතුරේ දේශපාලන පක්ෂ නායකයන් අතර මෙම නව දේශපාලන සන්ධානය ඇති කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ෆෙඩරල් පාලනයක් ලබාගැනීම, උතුර නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාගැනීම සදහා ආණ්ඩුවට බල කළ යුතු බවත් එසේ නොමැතිව ආණ්ඩුව ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමයෙන් ඉවත් විය යුතු බවත් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය දැඩිව ප්‍රකාශ කරයි.

ඊළාම් රාජ්‍යක් අත්පත් කර ගැනිමේ ආසන්නයටම පැමිණ සිටින අවස්ථාවක ඒ සදහා නායකත්වය දෙමින් සිටින දෙමළ ජාතික සන්ධානයට විකල්පයක් ලෙස නව පක්‍ෂයක් බිහිවිමේ අවධානමක් මතුව ඇති බවට ඉන්දිය බුද්ධි අංශ අනාවරණය හේතුවෙන් ඉන්දිය රජය උතුරු ප්‍රදේශයේ බරපතල ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මැදිහත් විමක් සිදු කිරිමට තින්දුවක් ගෙන තිබේන බව අප පසුගියදා වාර්තා කළා.

http://198.211.112.164/archives/7416

Top