මෙරට ජනමධ්‍යවල මෙතරම් දක්‍ෂ විචක්‍ෂණශීලී විචාරශීලි බුද්ධිමතුන් සිටිය දී මෙරට මෙතරම් ප්‍රශ්න තියෙන්නේ ඇයි ද කියන එකත් ප්‍රශ්නයක්. ජනමාධ්‍යවේදීන් කියාවි ඔවුන් ඉදිරිපත් කරන විසඳුම් ක්‍රියාත්මක කිරීමට කිසිවකු නැති බව. ඒකත් ඇත්ත. ඒත් ඒ අය ඉදිරිපත් කරන විසඳුම් ගැන කියන්න පුළුවන් මොනවා ද? මේ කාට හරි කියන්න පුළුවන් ද නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොකක් ද කියලා. ඒත් සයිටම් ගැන ඒ අය කතා කරන්නෙ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හා සයිටම් අතර වෙනසවත් දැනගෙන ද? මේ ගැන තව දුරටත් කතා කරන එකට මහින්දවාදීන් හා ව්‍යාජ සමාජවාදීන් කැමති නැහැ.

ඒ මොකක් වුණත් මෙරට ජනමාධ්‍යවේදීන් තවමත් සමත් වෙලා නැහැ තෙල් ප්‍රශ්නය ජනාධිපතිට සංනිවේදනය කිරීමට. තාමත් ජනාධිපති තෙල් ප්‍රශ්නයක් ගැන පත්තරේක කියවලා නැතිව වෙන්න ඕන. ජනාධිපති තියා අගමැතිවත් ඒ ගැන දන්නෙ නැති පාටයි. රනිල් ඒ ගැන දැන ගත්ත නම් තෙල් ප්‍රශ්නයට ණයබර හේතු වුණු හැටි යස අගේට විස්තර කරාවි. අර තිරිකුණාමලේ තෙල් ටැංකි ටික ඉන්දියාවට බදු දුන්නෙ මොන ණය බරින් මිදෙන්න ද කියලා ඒ දවස්වල කියන්න රනිල් ඉදිරිපත් නුණෙ අපේ ම අවාසනාවට.

තෙල් ප්‍රශ්නයට හේතු ගණනාවක් ම තියෙනවා. අර්ජුන කියන කෙටි පණිවුඩකරුවන් කවු ද? තෙල් හිඟයක් ඇති බවට ඔවුන් රට ම දැනුවත් කිරීමට කටයුතු කෙළේ ක්‍රිකට් පරාජය වසා ගන්න ද? අද තෙල් ක්‍රිකට් අතර මහා සංග්‍රාමයක් ඇති වෙලා. අපට පෞද්ගලික ප්‍රශ්න වැදගත්. බටහිරයන්ගෙන් අප අරගෙන තියෙන්නෙ පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම පමණයි. ඒත් ප්‍රතිවාදියාගේ පෞද්ගලිකත්වය තුට්ටු දෙකකට මායිම් නොකර. කෙටි පණිවුඩකරුවන් ප්‍රශ්නය අවුල් කර ඇති බව ඇත්ත. ඒත් අවුලට තවත් හේතු තියෙනවා.

අප වැඩ කරන්නෙ ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට. අපට සැලැස්මක් නැහැ. බොහෝ විට තීරණ ගැනෙන්නෙ ප්‍රශ්නය හරි හැටි අධ්‍යයනය නොකර. තෙල් ප්‍රශ්නය ගැන මට පූර්ණ අවබෝධයක් නැහැ. එසේ නොමැති ව ප්‍රශ්නය ගැන කතා කරන එකත් වැරදියි. අනෙක් අතට ප්‍රශ්නය ගැන කතා කරන කී දෙනකුට ඒ පිළිබඳ පූර්ණ අවබෝධයක් තියෙනවා ද? ප්‍රමිතියකින් තොර පෙට්‍රල් ගෙන ආ නැව පිළිබඳ ව අද කවුරත් දන්නවා. එය මේ ලියන විටත් තිරිකුණාමල වරායේ පිට ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඇමති අර්ජුනට කර ඇති බලපෑම් ගැනත් කවුරුත් දන්නවා. බලපෑම් කෙරුවෙ කවු ද කියන එක අර්ජුන කියන්නෙ නැහැ. ජනමාධ්‍ය පඬියන් කිව්වට ඒ කරුණු ප්‍රසිද්ධියේ කියන්නෙ නැහැ.

අපට මූලික ව ඇත්තේ තෙල් ගබඩා කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. එය වටා විවිධ අක්‍රමිකතා වෙනවා ඇති. බලපෑම් කොමිස් ආදිය නැත්නම් තමයි ප්‍රශ්නය. එහෙත් මූලික ප්‍රශ්නය ගබඩා කිරීම. මා ගණන් හිලවු දන්න අයෙක් නො වෙයි. එයට දක්‍ෂ අය ඉන්නවා. මට තේරෙන විධියට අපට ගබඩා කර ගත හැක්කේ නැවක් ඒමට ගතවන කාලයට සරිලන කාලයකට. එය මෙට්‍රික් ටොන් මෙපමණය ආදී වශයෙන් කියන්න පුළුවන් අය ඇති. නැවක් පමා වුවත් අපට ප්‍රශ්නයක් නැති වන ආකාරයට තෙල් බෙදා හරින්න පුළුවන්. අප කටයුතු කරන්නේ එදා වේල සැලැස්ම අනුව. ගෙවල්වල මෙන් ම රටේත් කටයුතු බොහෝ විට සිද්ධ වන්නේ එදා වේල ක්‍රමය අනුව.

නැවක් ප්‍රමාද වුවත් අල්ල ගෙන යන්න පුළුවන් වුණත් නැව් දෙකක් එක දිගට නොපැමිණියහොත් (ඒ තෙල් අපට නොලැබුණහොත්) අප අමාරුවේ වැටෙනවා. මෙවර සිදු වී ඇත්තේ නැව් දෙකක ප්‍රශ්නයක්. අපට තෙල් ගෙන ඒමට නියමිත ව තිබූ නැවක් ප්‍රමාද වී ඇති අතර ඉන්දියානු තෙල් සමාගම ගෙන්වූ නැවක ප්‍රමිතියෙන් බාල තෙල් තිබිලා. නැව් දෙකේ ම තෙල් අපට නැහැ. ඉන්දියානු සමාගම ඒ බාල තෙල් ටික අපට විකුණන්න සූදානම් වෙලා තියෙන්නෙ මහා සට කපට විධියට. ඔවුන් අපට ඩීසල් තොගයකුත් ගන්න බලපෑම් කළ බවයි අර්ජුන කියන්නෙ. මේ සියල්ල සොයා බැලීමට පත්තර කියවීමෙන් පසු මෛත්‍රිපාල පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් පත් කරනවා ද? නැත්නම් රනිල්ගෙ සූසැට බර ගැන කියන්න තවත් ඉඩ දෙනවා ද?

නැව් දෙකක තෙල් එක දිගට අපට මොන යම් කාරණා මත වුවත් අහිමි වුණොත් අප අමාරුවේ වැටෙන බව පැහැදිලියි. අඩුම තරමෙන් මාසයකටවත් තෙල් ගබඩා කර ගන්න අපට බැරි නම් අප වෙනුවෙන් අපත් නැහැ. දැන් තිරිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දීලා. අප තෙල් ගබඩා කරන්නේ කොහේ ද? හම්බන්තොට තෙල් ගබඩා නැහැ. කොහොමටත් දැන් එය චීනයට බදු දීලා. ඒ බදු දීම විකිණීමක් වගේ. මත්තලත් ඉන්දියාවට විකුණන්න යනවා. කටුනායකත් කොළඹ වරායත් කාට හරි විකුණා දමමු.

අප අනෙක් රටවල් සමග බැඳී ඇතැයි කියන්නෙ ම පඬියන්. අප අනෙක් රටවල් සමග මූලික වශයෙන් බැඳෙන්නෙ ගුවන් තොටුපළ වරාය මගින්. එයට අමතර ව අද නම් විද්‍යුත් චුම්බක තරංග මගින්. වරාය ගුවන් තොටුපළ පාලනය විදේශිකයන් අතට පත් කරන ගොන් රැළක් වෙනත් රටක දැක ගත හැකි ද? පඬියන් ඒ බැඳීම් ගැන කියන්නෙ කුමක් ද? තෙල් ප්‍රශ්නයෙන් පැහැදිලි වෙන ප්‍රධාන ම කාරණය තමයි ඉන්දියාවට අපේ ආර්ථිකය හැසිරවීමට ඇති හැකියාව. අප එදා වේල ක්‍රමයට ක්‍රියා කරන අතර ඉන්දියාව හා චීනය දිර්ඝ කාලින සැලසුම් සහිත ව ක්‍රියා කරනවා.

මේ කරුණු පදනම් කරගෙන තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන නැවත හිතා බැලීමට, චීනය හා ඉන්දියාව සමග ඇති කරන වෙළෙඳ ගිවිසුම් ගැන නැවත සොයා බැලීමට ආණ්ඩුව පෙළඹේවි කියා හිතන්න බැහැ. අද හිතන්න වෙලා තියෙන්නෙ මේ නිවට ආණ්ඩුව වෙනුවට ජාතිප්‍රේමී ආණ්ඩුවක් ඇති කර ගන්නා තෙක් රට පවත්වා ගෙන යන්නේ කොහොමද කියන එක.

 

නලින් ද සිල්වා

2017 නොවැම්බර් 07

යහපාලන ආණ්ඩුවේ අධිකරණ අවභාවිතාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදි අද අනාවරණය වුනා.ඒ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව පවරා තිබූ නඩුවක් පැමිණිල්ලේ මෝසකමට අනුව ඊයෙ (06) කැඳවූ අවස්ථාවේ දී විත්තියේ නීතිඥවරුන් දැක් වූ කරුණු සැලකිල්ලට ගත් අවස්ථාවේදිය.

පළිගැනීම් සඳහා අධිකරණය භාවිතා නොකරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා නාගරික සංවර්ධන අධිකාරියට අවවාද කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් තලවතුගොඩ ප්‍රදේශයේ පර්චස් 7.3ක ඉඩමක අනවසරයෙන් පදිංචිවී සිටීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

මෙහිදී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ සහ ප්‍රේම්නාත් සී දොලේවත්ත අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් එසේ අත්පත් කරගෙන නොමැති බවය.

නඩුවට පාදක වී ඇති ඉඩම් කොටස් පසුගිය 2016 වසරේ සිට වල්බිහිවී ඩෙංගු ආකරයක් බවට පත්ව ජනජීවිතවලට අනතුරුදායක පරිසරයක් වී ඇති බව සිය සේවාදායකයා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලිඛිත දැනුම් දීමක් කර ඇති බවත් නීතිඥවරු පෙන්වා දුන්හ.

ඒ දැනුම්දීම අනුව එම ඉඩම් කොටස් රජයට පවරාගෙන කටු කම්බි ගසා වටකර නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් බවට දැන්වීම් පුවරුවක් පවා යොදා ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එසේ තිබියදී එම ඉඩම් කොටස් තමා සතුකර ගැනීමට වගඋත්තරකරුට කිසිම හේතුවක් නොමැති බවත් නාගරික සංවර්ධන අධිකාරිය භුක්තිය දරන ඉඩම් කට්ටියක් සම්බන්ධයෙන් තම සේවාදායකයාගෙන් භුක්තිය ඉල්ලා සිටීම ‍ද්වේෂසහගත බවත නීතිඥවරයා කීවේය.

පැමිණිලිකාර ආයතනය විසින් මෙවැනි අසත්‍ය පැමිණිල්ලක් අධිකරණය හමුවේ ගොනු කර ඇත්තේ රටේ කිර්තිමත් අවංක දේශපාලනඥයකු වන සිය සේවාදායක මන්ත්‍රීවරයාගේ දේශපාලන ප්‍රතිරූපය බිඳ දමා ඔහු දේශපාලන ලෝකයේ ලබා ඇති කීර්තිනාමයට හානි කීරීමේ චේතනාවෙන් බවත් නීතිඥවරයා කියාසිටියේය.

මෙම කරුණු සලකා බලා පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස පැමිණිලිකාර පාර්ශ්වයට නියෝගයක් නිකුත් කරන ලෙසත් එසේ නොවුණහොත් පැමිණිලිකාර ආයතනය විරුද්ධව ඉහළ අධිකරණයක් දක්වා යන බවත් ජනාධීපති නීතිඥවරයා වැඩිදුරටත් ‍පැවසීය.

සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා මෙවැනි පැමිණි යොමු කිරීමට අධිකරණය යොදා නොගන්නා ලෙසට පැමිණිලි පාර්ශ්වයට දැනුම් දෙමින් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබඳ සුදුසු නියෝගයක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලබන වසරේ පෙබරවාරි මස 05 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

අපගේ මාතෘ භූමිය දෙකඩ වී උතුරු-නැගෙනහිර ප්‍රදේශ ඇතුලත්ව දෙමළ ඊලාම් රාජ්‍යයක් බිහිවීමේ අවදානමකට පත්ව ඇති මොහොතක ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් මේ අවදානම ලක් රජය පාලනය කරනු ලබන පිරිසගේ සහ රජයේ තීරණ ක්‍රියාත්මක කරනු ලබන අයගේ දැනුවත් වීම වෙනුවෙන් හා ඔවුන්ගේ සිහිකැඳවීමේ අරමුණෙන් අන්තර්ජාලය මගින් විද්‍යුත් පෙත්සමක් අදාල ආයතන හා පුද්ගලයින් වෙත යැවීම සඳහා සූදානම් කර තිබේ.

අප සැමගේ අරමුණ මේ සඳහා අඩුම වශයෙන් අත්සන් ලක්ෂයක් පමණ ලබා ගැනීම සහ එම පෙත්සම ගරු ජනාධිපතිතුමා , ගරු අගමැතිතුමා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා , සියළුම ආගමික පූජක තුමන්ලා ඇතුළු සියළුම විද්වතුගෙන් සමන්විතවූ සංවිධාන වලට යැවීමයි.

කරුණාකර ඔබගේ වටිනා කාලය වැයකර මෙම විද්‍යුත් පෙත්සම අත්සන් කර අවම වශයෙන් මෙය තවත් දේශප්‍රෙරේමීන් 10 දෙනෙකු වෙත හෝ බෙදා හරින මෙන් මෙයින් ඉල්ලා සිටිමු.

ස්තූතියි.!

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය.

පෙත්සමට පිවිසෙන්න මෙතන ඔබන්න – Click Here

1815 සුද්දා සිටි අවදියේත් මේ රට සිංහලේ ලෙස තිබුනේය සුද්දා මේකට සිලෝන් කීවාය,

1833 දී ව්‍යවස්ථාදායක සභාව පිහිටෙව්වා. එදා තමයි සිංහලත්වයට මේ රටේ විශේෂ තත්වය නැති කළේ. 1923 අරුනාචලම් හින්දු මහා සභාව නමින් පළමු ජාතිවාදී සංවිධානය පිහිටෙව්වා. ඉන්පසු ඩොනමෝර් කොමිසමේ දී රාමනාදන්ලා අරුනාචලම්ලා සර්වජන ඡන්දයට විරුද්ධ වුණා රටේ නායකත්වය තමන්ගේ අතින් සිංහලයන්ට යාම ගැන විරුද්ධ වෙමින්. 1941 දී පොන්නම්බලම් පණහට පණහ ඉල්ලුව. සෝල්බරි කොමිසමේදී මේ ගොල්ලෝ කිව්වා පාර්ලිමේන්තුවේ සිංහලයන් ගණන 50% ට අඩුවෙන විධියට මැතිවරණ ක්‍රමය සකසන්න කියලා.

1949 දී චෙල්වනායගම් වෙන ම රාජ්‍යයක් සඳහා තමිල් අරසු කච්චිය පිහිටෙව්වා.

1956 රාජ්‍ය භාෂාවට දෙමල භාෂාවද එක්විය 1972 පසු සිංහලේ Sri Lanka විය 1972 වර්ෂයේ සිංහලේ ජාතික කොඩියට අනෙක් ජාතීන් සංකේතවත් වන පරිදි වර්ණවත් තීරු දෙකක් එක්විය …

1976 දී වඩුක්කොඩෙයි සම්මුතිය බිහිවුණා. ඒ අතර ප්‍රභාකරන්ලා උමා මහේෂ්වරන්ල ආයුධ අතට ගත්තා. මේකෙ දි ජේවීපි අභාසය බලපෑ බව අමතක කරන්න එපා. මේ මුළු කතාව ම එක ම ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය අන්තිමේදී ප්‍රභාකරන් තමන්ගේ අතට ගත්තා. 2009 දී ප්‍රභාකරන් පැරදුණා. ප්‍රභාකරන් විතර ද පැරදුණේ? නැහැ. 1833 ඉදන් එන ක්‍රියාවලියම පැරදුණා. ඉන්දු ලංකා ගිවිසුම පවා මේ ක්‍රියාවලියේ ම කොටසක්. ඒ නිසා 13 වන සංශෝදනයත් එදා දේශපාලනිකව පරාදයි.”

මේ සියල්ල සිදු කලේ අනෙකුත් ජාතීන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමට බව ඔබ මා දන්නා කරුනකි එහෙත් දෙමල , මුස්ලිම් ජාතීන් එතනින් පසු බැස්සේ නැත දැන් ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටී එය 2016 මැයි එලි දැක්වූ ලාල් විජේනායක කමිටුවාර්තාව තුල පැහැදිලිව ඇත
ඔබ මෙය නොසලකා හැර සිටියහොත් මේ රට බෙදනවා නොඅනුමානයි උදාහරණයක් ලෙස මෙසේ සදහන්කර සිටින්නම්.

2017- ඔක්තෝබර් 30 පාර්ලිමේන්තුව තුල පැවති සාකච්ඡාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් තරයේ කියා සිටියා වෙනම වෙනම රාජ්‍යයක් වුවමනා බව.

මෙම ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාවේ මහනායක හිමිවරුන් පවා මේ වන විටත් විරෝධය දක්වා ඇත.

ඉතින් ඔබ මෙම ව්‍යවස්ථාවවට ඔබේ විරෝධය දක්වන්න කාලයයි…!

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ නිතර ගිවිසුමක් ය‍ටතේ තරග කිරීමට කිසිදු සූදානමක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග අවධාරණය කරනවා.මිනුවන්ගොඩ ආසනයේ තරුණ සමිතිය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ  මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පුළුල් සන්ධානයකින් තරග වැදීමට කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවත් නිදහස් පක්ෂයටත් අවශ්‍ය නම් එම සන්ධානය යට‍තේ කොන්දේසි සහිතව තරග කළ හැකි බවයි.

එහිදි අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග………..

අවුරුදු දෙකකටත් වඩා වැඩි කාලයක් තිස්සේ කල්දමමින් තිබුණු පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ දී පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වෙනවා. මේ ඡන්දය ආණ්ඩුව තමන්ගේ ස්වකැමැත්තෙන් ජනතාවට දුන් ඡන්දයක් නොවෙයි.

ඡන්ද කල්දාලා පරාජයෙන් බේරෙන්න හදපු ආණ්ඩුවට ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා නිසා ඡන්දය නොතියා බැරි තත්ත්වයක් උදා වුණා. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට අපි පළ කරපු විරෝධතා නිසා තමයි මේ ඡන්දය ලබාගන්න පුළුවන් වුණේ.

මේ ඡන්දය රටට ඉතාමත් තීරණාත්මකයි. බැඳුම්කර හොරු, රට බෙදන ව්‍යවස්ථාව ගැන ජනමත විචාරණයක් බවට මේ ඡන්දය පත්වෙනවා. දාහක් බොරු කියලා බලය ගත්ත ආණ්ඩුව වසර තුනකට පස්සේ ආයෙමත් ජනතා අධිකරණය හමුවට පැමිණ තිබෙනවා.

මේ ජනතා අධිකරණයෙන් ලැබෙන තීන්දුව හමුවේ බියෙන් සලිත වෙලා ඉන්න ආණ්ඩුවේ නායකයෝ ඡන්දය දිනන්න නොයෙකුත් කුමන්ත්‍රණ කරමින් ඉන්නවා. පාතාල නායකයන්ගේ සහයෝගය ලබාගැනීමේ සිට අපිව සිරගත කිරීම දක්වා නින්දිත උපක්‍රම  ඒ අතර වෙනවා.

එක්සත් ජාතික පක්ෂය වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද ඡන්දයක් ඉල්ලන්න ගමට යන්න බැරි තැනට ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. තවදුරටත් හොරකම, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිය, මාධ්‍ය නිදහස ගැන පොරොන්දු දෙන්න මේ හොර ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ.

එ. ජා. ප වලිගේ එල්ලීගෙන සිරිකොතේ ඉඳුල් බුදින නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට ගමේ ජනතාවගේ සැබෑ ප්‍රතිචාරය ඔන්න දැන් බලාගන්න පුළුවන්. කොළඹට වෙලා කයිවාරු ගැහුවට ඡන්දය ඉල්ලන්න ගමට එන්න ඕනේ කියලා අපි එදා ඉඳලම කිව්වේ ඔය නිසයි.

අපේ නියත ජයග්‍රහණය හමුවේ සමහරු දැන් කලබලා වෙලා තියෙන බවක් පේනවා. අපේ ජයග්‍රහණය වළක්වන්න වගේම අපේ පාක්ෂිකයන් අධෛර්යමත් කරන්නත් ඔවුන් කටයුතු කරනවා.

අපි පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ නිතරග ගිවිසුමක් යටතේ තරග කරන්නට අපේ කිසිදු සූදානම් නැහැ. ඉදිරි මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් යුක්තව පුළුල් පෙරමුණක් යටතේ තරග වදින්නට ඒකාබද්ධ විපක්ෂය කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අවශ්‍ය නම් අපගේ සන්ධානය යටතේ තරග කළ හැකියි. හැබැයි ඒ කොන්දේසි සහිතව. රෑ වැටුණු වළේ දවලුත් වැටිලා රටත් ජාතියත් අමාරුවේ දැමීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් මෙවර සූදානම් නැහැ.

අපි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරනවා පමණක් නොවෙයි මේ රටේ අලුත් දේශපාලන සම්ප්‍රදායක් හදලා ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමේ මාවත සකස් කරන්නටත් සූදානමින් සිටිනවා.

මේ ආණ්ඩුවෙත් තියෙන්නේ සද්දේ විතරයි. වැඩ නැහැ. වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.

ද්විත්ව පුරවැසිභාවය රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් හෝ ජනතාවගේ ඉල්ලීමක් නොවන බවත්, එය රාජපක්ෂවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමේ කූට අරමුණින් ආණ්ඩුව ගෙන එන ලද සංශෝධනයක් බව මහා කළු සිංහලයා ලෙස පෙනී සිටින  පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පසුගියදා ප්‍රකාශයක් කර තිබේ.

ආණ්ඩුව කරන හැමදේම විවේචනය කිරිම විපක්ෂයක හෝ විපක්ෂය නියෝජනය කරන කුඩා කණ්ඩායම් වල කාර්යය වියයුතු යැයි අප විශ්වාස නොකරමු.අනිත් අතට මේ ප්‍රකාශය වෙනත් අයෙකු කළේ නම් එය සමාන්‍ය ප්‍රකාශයක් සේ සලකා ඉවත් දමා සිටින්නට පුලුවත් වුවත් ගම්මන්පිල වැනි සිංහල ජාතිය ගැන සිහිනෙන් පවා දොඩවන දේශපාලකයන් මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරිම පිළිබඳව රටේ ජනතාව අවධානයෙන් සිටිය යුතුය.

ද්විත්ව පුරවැසිභාවය හෙතුවෙන් ගෝඨාභයගේ හෝ බැසිල්ගෙ හෝ මහින්ද හිටපු කාලේ කාගේ හෝ දේශපාලන ගමනක් අවසන් වන්නේ නම් ඔහුන් කල යුත්තේ තමන් දේශපාලන කරන්නට හදන මවුබිමේ පුරවැසි භාවය පමණක් හිමිකර ගැනිමය.එහෙම නැත්නම් ගැලරියට සිංහ කතා කියා තවත් කකුලක් තවත් රටක තියාගෙන සිටිම නොවේ.

ගෝඨාභයයට හෝ බැසිල්ට රටේ දේශපාලනය ගැන සද්භාවයෙන් කැක්කුමක් ඇත්නම් කලයුත්තේ ඉස්සේල්ලාම තමන්ගේ රටේ පමණක් පුරවැසියෙකු විමය.එය එසේ කිරිමට නොහැකි නම් ජනතාවට හිස නමා පැත්තකට වි සිටිය යුතුය.

මන්ද සිංහල, ශ්‍රී ලංකාව ගැන මහා දේශප්‍රේමීහු ලෙස හඩ වැලපෙන් නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලේ ඉංග්‍රීසින් බණ දෙසා 20 වැනි සංශෝධනය හරහ ඔය කතා කරන ගම්මන්පිලලා පමණක් නොව් මහින්දලා වෙනුන්වෙන් පෙනීසිටින නීතියේ පරතෙරට දන්නා කියන අයියලා කෙලවා ඇති කෙලවිල්ල තවත් නොබෝ දිනකින් සිංහලෙන් අපි රටේ ජනතාවට අනාවරණය කිරිමට සුදානම ය.එදාට ඔය ව්‍යාජ්‍ය දේශප්‍රේමීහුන්ට කොහොමත් ද්විත්ව පුරවැසි භාවය ලබා ගන්නට වන්නේ රටේ මහ ජාතියෙන් ගුටි නොකා බෙරි පැන යන්නටය.

ද්විත්ව පුරවැසිභාවය රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් හෝ ජනතාවගේ ඉල්ලීමක් නොවන්නට පුලුවන නමුත් රටේ ජාතික ධනය හොරා කා කොයි වෙලාවේ හෝ බලය අහිමි වු සැනින් නීතියට හසුනොවි සිටින්නට ඔහුන්ට හැකියාව තිබේන බව අමතුවෙන් කිවයුතු නොවේ.ඇත්තටම කලයුත්තේ රටේ දේශපාලන ප්‍රවාහයට එක්වන ඔනේම අයෙකුගෙ පවුලේ සමිපතමයන්ට පවා ද්විත්ව පුරවැසි භාවය තිබේද යන්න පරික්ෂා කිරිමට අවශ්‍ය තැනට වැඩ සිද්ධ කිරිමය.

සමහරවිට ගම්මන්පිලලා එම ප්‍රකාශය කළේ ඒ අනතුර ඇතම දැක වන්නටද පුලුවන මන්ද සිංහලකම,සිංහලයා ගැන කෑ මොරදෙන ගම්මන්පිලලාගේ සමිපතමයන්ටද ද්විත්ව පුරවැසිභාවය ඇති බව රටේ ජනතාව නොදනවා වුවාට ගම්මන්පිලලා දනී.

ගම්මන්පිල එහිදි සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුවට යම් පුරවැසියෙක් ද්විත්ව පුරවැසියෙක්ද නැද්ද කියලා දැනගන්න කිසිම ක්‍රමවේදයක් නෑ. යමෙක් තම ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා පුරවන ඉල්ලුම් පත්‍රයේ ඔබ ද්විත්ව පුරවැසියෙක්දැයි අසා ඇති ප්‍රශ්නයට ඔව් කියලා පිළිතුරු ලිව්වොත් ආණ්ඩුව දැන ගන්නවා ද්විත්ව පුරවැසියෙක් කියලා. ගීතා කුමාරසිංහ මැතිනිය එම ප්‍රශ්නයට ඔව් කියලා උත්තර ලියපු නිසා එතුමිය අද අමාරුවේ වැටිලා මන්ත්‍රි ධුරය අහිමි වි ඇති බවයි එසේනම් මේ ව්‍යාජ්‍ය දේශප්‍රේමීහු කල යුත්තේ ඉන් එහාටත් මේ නීතිය ක්‍රියාත්මක කිරිමට අදාලව නිතී හදහන තැනවල අරගල කිරිමය.

එපමණක් නොව මේ ආණ්ඩුව බලයට පැමිණී පසුව අර්ජුන් මහේන්ද්‍රලා මහා බැංකුව කොල්ල කෑමේ සිට මෛත්‍රී ජනපති වි සිටින පක්ෂයේ සභාපතිවරයා ජාත්‍යන්තර බැංකු කොල්ල කැම දක්වා වු සියල්ලටම සම්බන්ධ වු වන් මෙන්ම මහින්දලාගේ කාලයේද විවිධ් වර්ගයේ ජාත්‍යන්තර ගෙම් කාරයන්ද ද්විත්ව පුරවැසි භාවයට හිමිකම් කියු අය බව ගම්මන්පිලලාට අමතක විය නොහැක. ඒ නිසා සිදුවිය යුත්තේ ද්විත්ව පුරවැසි භාවය හිමිවුවන්ට දේශපාලන වශයෙන් ජනතා නියෝජිතයන් විමේ අයිතිවාසිකම් පමණක් නොව රටේ වගකිවයුතු ආයතනවන ඉහල පහල පමණක් නොව කිසිදු තනතුරක් දැරිමට නොහැකි වන ලෙස 19 ලැබුන දායකත්වය වර්ධණය කර ගැනිමය.

එසේ නොමැතිව දේශපාලන අද බාලයන් රටේ ජනාධිපතිවරුන් කිරිමට උත්සහ ගන්නා සේ පෙන්වා තමන්ගේ වහල් භාවය ඔප්පු කර පෙන්විම නොවන බව ගම්මන්පිලලා පමණක් නොව සිංහලයන් ලෙස සිංහයන් ලෙස තින්ත ගා ගත් හිවලුන් සියලුම දෙනාද තරයෙ මතක තබාගත යුතුය.

ගම්මන්පිලගේ මාධ්‍ය හමුවෙන් උපුටා ගන්නා ලදි…

“2015 අප්‍රේල් මේ 19 වැනි සංශෝධනය ගෙනෙන කොටත් මහින්ද සුළඟත් සමඟ ලක්ෂ ගණන් ජනතාව එක්වෙලයි හිටියේ. රාජපක්ෂ භීතිකාව නිසා මේ අය බැලුවා නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමාගේ වයස කීයද කිලා. 2019 අග වෙනකොට එතුමගේ වයස 32යි. ජනපතිවරණයේ අවම වයස අවුරුදු 30යි. 19 වැනි සංශෝධනයෙන් ඒකත් වෙනස් කර ජනපතිවරණයට ඉදිරිපත් විය හැකි අවම වයස 35 දක්වා වැඩි කළා.”

~~පණ්ඩුක හේරත්~~

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය අත්හැර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින්නේ නම් අවම කොන්දේසි සහිත ශ්‍රිලනිප මෛත්‍රී පිළ සමග එක්ව එකම ලැයිස්තුවකින් තරග කලයුතු බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් මහින්දට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනාවට අසන්නතම හේතුව වි ඇත්තේ පළාත් පාලන මැතිවරණයට මෛත්‍රීගේ ශ්‍රීලනීපය සහ මහින්දගේ ශ්‍රීලනීපය වෙන වෙනම තරග කලහොත් එය බරපතල අවාසිදායක තත්ත්වයක් ඇති කල හැකි බවත් දෙකඩ විමේ ප්‍රථ්පලයක් ලෙස පළාත් පාලන අතී බහුතරයක බලය එක්සත් ජාතික පක්ෂය නතු විම වැලැක්විමට නොහැකි බවයි දේපාර්ශවයේම ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි ඇත්තේ.

ඒ අනුව දෙපාර්ශ්වයට එකට එකතු වි මැතිවරණයට ඉදිරිපත් විමට සංහිඳියාවක් ඇති කර ගැනිමට නොහැකි නම් වෙන වෙනම මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වන අතර එකම ලැයිස්තුවක් පමණක් ඉදිරිපත් කිරිම සදහා සලකා බලන ලෙසයි දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

මේ අතර බැසිල්ගේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මහින්දගේ සහ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් එකතු කර ගනිමින් වෙනම තරග කිරිම සදහා මේ වනවිට පළාත් පාලන ආයතන ඉලක්ක කර හිටපු සභාපතිවරුන් කණ්ඩායම් නායකයන් ලෙස පත්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම මහින්ද පිළ සිය අප්‍රසාදය පලකරඅ එති අතර ඔහුන් පෙන්වා දි ඇත්තේ හිටපු සභාපතිවරුන් ගම්මට්ටමින්,නාගරික මට්ටමින් දුෂිත මෙන්ම නිසී කළමනාකාරිත්වයකින් තොරව කටයුතු කිරිම හේතුවෙන් ජනතාව අතර ඔහුන් ප්‍රතිකේෂප වි ඇති බවයි.

මේ අතර ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ගීතා කුමාරසිංහශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව නිසා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මෙහෙය වන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ දේශපාලන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්ද මැතක් වනතුරු දැඩි ඇදහිල්ලකින් සිටි කණ්ඩායම් අතර දැන් දැන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ද්විත්ව පුරවැසි භාවය සහිත කිහිප දෙනෙකුම මන්ත්‍රීධුර මෙන්ම අමාත්‍ය ධුර හෙබවු අතර ඔහුන් සියලුම දෙනාගේ දේශපාලන ගමන් මග ගීතා සම්බන්ධයෙන් දුන් තින්දුව සමග අවසන් වි ඇති බවද වාර්තා වේ.\

බැසිල් රාජපක්ෂ  පසුගියිදා  බී.බී.සි යට ප්‍රකාශ කර ඇත්තේ කිසිම දවසක අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අත්නොහරින බවයි. “මම අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අත්හරින්න සූදානම් නැහැ. මගේ දරුවන් සහ මගේ පවුල සිටින්නේ එක්සත් ජනපදයේයි”

 

දැන් බොහෝ දෙනකු දන්නවා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදී නිවට ආණ්ඩුවට ජනවරමක් නැති බව. ඇතැමුන් ඒ සම්බන්ධ විද්‍යුත් ලිපි මටත් යොමු කරනවා. අද වන විට නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු යන්නත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නැති බවත් සමාජගත වී අවසන්. ව්‍යවස්ථාව පරාජය කරමු යන සටන්පාඨයේ සිට ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු යන්නට සිංහල ජනමතය ඉතා ඉක්මණින් තල්ලු වුණා. ඒ සමග ආණ්ඩුව පියවරක් පස්සට ගෙන තිබෙනවා. එහෙත් ආණ්ඩුව වැඩි කල් යෑමට පෙර පියවර දෙකක් පෙරට තබාවි. ඔවුන්ට එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ගෙන් හා ඉන්දියාවෙන් ලැබී ඇති විධානය එයයි. ඒ විධානය 2013ට බොහෝ කලකට පෙර ලැබුණු බව ඇතැම් ජාතිකවාදීන් දන්නේ නැහැ.

අද මහින්දත් කියනවා නව ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් නැති බව. ඔහු තම ජනාධිපතිවරණ ප්‍රකාශයේ කියා තිබුණා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව. මේ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව. නන්දිකඩාල් කලපුවේ දී බටහිරයන් 1833 දී බෞතීස්ම කළ දෙමළ ජාතිවාදය මුළුමනින් ම දේශපාලන වශයෙන් පරාජය වූ බවත් ඒ සමග ඉන්දු ලංකා ගිවිසුම හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නෛතික ව අහෝසි වූ බව මහින්දගේ උපදේශකයන්, ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කරන්නන්, නොදන්නවා වෙන්න පුළුවන්. ඒ ඔවුන් දෙමළ ජාතිවාදයේ ඉතිහාසය ගැන නොදන්නා බැවින්. ඔවුන්ගෙන් ඇතැමකු සිතන්නේ දෙමළ ජනයාට දෙමළ වූ නිසා ම සිදු වී ඇති අසාධාරණයන් තිබෙන බව.

ඔවුන් අතරින් ජී එල් පීරිස්, ඩලස් වැන්නන් චන්ද්‍රිකා සමග සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගිය අය. ඔවුන් පැකේජයේ බාප්පලා. ඔවුන් කීවේ හමුදා මෙහෙයුම්වලින් ප්‍රභාකරන් පරාජය කිරීමට නොහැකි බව. එකල චන්ද්‍රප්‍රේමලා හිටියේ කොහේ ද කියා දන්නේ නැහැ. ඔවුන් කොළපාට සමාජය ගැන පොත් ලියමින් සංඝයා වහන්සේ විවේචනය කළ අය. දයාන් ජයතිලක වර්ධරාජ පෙරුමාල්ගේ ඇමතිවරයකු ද වූ සිංහල බෞද්ධ විරෝධියෙක්. මහින්දගේ උපදේශකයන් අතර ජාතිකවාදීන් ඇත්නම් ඒ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වරින් වර ලියූ ගුණරුවන්, ධම්ම දිසානායක, ජගත් වැල්ලවත්ත, රංජිත් බණ්ඩාර වැනි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට ජාතිකත්වයක් නැහැ. සමහර විට මහින්ද හා බැසිල් හිතන ආකාරයට ඔවුන් අපට වඩා බුද්ධිමත් විචක්‍ෂණශීලි දැන උගත් අය වෙන්න ඇති.

කෙසේ වෙතත් මහින්දගේ ජනාධිපතිවරණ ප්‍රකාශයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කටයුතු කරන බවට පොරොන්දුවක් දීම බලවත් වරදක්. කාට හරි කියන්න පුළුවන් නව ව්‍යවස්ථාව අවශ්‍ය වන්නේ ඊනියා දෙමළ ජාතිවාදී ප්‍රශ්නය විසඳුමට නො වේ ය කීියා. එහෙත් ඒ එසේ නම් ඒ බව ජනාධිපතිවරණ ප්‍රකාශයේ කෙළින් ම කිව යුතු ව තිබුණා. උපදේශකයන් නිසා තමයි මහින්ද 2015 ජනාධිපතිවරණය පරාජය වුණේ. ඔවුන් සිංහල ජනමතයට කතා කරන්න දුන්නේ නැහැ. ජනමාධ්‍ය හසුරුවනු ලැබුයේ ඩලස් ආදීන් විසින්. මහින්ද පරාජය වුණේ දෙමළ මුස්ලිම් ඡන්ද නැති වීම නිසා නොවෙයි. ප්‍රමාණවත් තරම් සිංහල බෞද්ධ ඡන්ද නොලැබීම නිසා. ජනාධිපතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයකින් ඒ බව පැහැදිලි වෙනවා.

මහින්දට 60%ක පමණ සිංහල බෞද්ධ ඡන්ද ලැබුණත් ඒ ප්‍රමාණවත් වූයේ නැහැ. උපදේශකයන් එයට වග කිව යුතුයි. මහින්ද පරාජය වීමෙන් පසු මේ උපදේශකයන් ඔහුගෙන් ලැබුණු දුරකතන ඇමතුම් පවා වර්ජනය කළා. අදත් බැසිල් සිංහල ඡන්ද එකතු කරනවා වෙනුවට උතුරේ දෙමළ හා නැගෙනහිර මුස්ලිම් ඡන්ද ගැන වෙහෙසෙනවා. ඉන්දියාව අද මතයක් ඇති කරනවා දෙමළ මුස්ලිම් ඡන්ද නැතිව දිනන්න බැහැ කියා. එහෙත් අද ආණ්ඩුව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අඩියක් පස්සට ගෙන ඇත්තේ දෙමළ මුස්ලිම් ජන බලයක් නිසා නොව සිංහලයන් ඉතා විශාල ප්‍රමාණයකට බල සම්පන්නව ඒක රාශි වීම නිසා.

කෙසේ වෙතත් උපදේශකයන් ලියූ ජනාධිපතිවරණ ප්‍රකාශය මහජනතාව ප්‍රතික්‍ෂෙප කළා. එබැවින් මහින්දගේ ජනාධිපතිවරණ ප්‍රකාශයටත් ජනවරමක් ලැබුණේ නැහැ. මහින්ද නව ව්‍යවස්ථාවකට ජනවරමක් නැති බව කියන විට ඔහු ඒ සඳහා තමාට ද ජනවරමක් නොලැබුණු බව කියනවා. උපදේශකයන් කෙසේ වෙතත් මහින්ද එහි දී අවංකයි. ඉතා මෑතක දී සමගාමි ලැයිස්තුව ඉවත් කිරීමට කැමති බව දන්වා ලිපියක් දුන් ජී එල් පීරිස් මහින්ද සමග සිටින්නේ ඔහු රනිල් විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබීම නිසා නො වේ ද?

අද සිංහලයන් තාවකාලික ජයග්‍රහණයක් ලබා තියෙනවා. එහෙත් එය ඉතාමත් තාවකාලිකයි. එංගලන්තය හා ඉන්දියාව සිංහලයන්ගේ ප්‍රධාන සතුරු රටවල් දෙකයි. එ රටවල් දෙක බටහිර තවත් රටවල් සමග එකතු වී සිංහලයන්නේ පළි ගැනීමට ඉදිරියට ඒවි, එහි දී මහින්දගේ බටහිර ගැති උපදේශකයන් මෙන් ම දෙමළ ජාතදවාදීන් ද විසුරුණු දෙමළ ජනයා ද ඊනියා රාජ්‍ය නොවන පඬියන් ද සිවල් සාමාජිකයන් ද යොදා ගනීවි.

මහින්දට ජයග්‍රහණය ඇත්තේ සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් ආකර්ෂණය කර ගැනීම මත. තිස්ස විතාරණලා, ඩිව් ගුණසේකරලා ආදීන් අවලංගු කාසි. 1964න් පසු ඔවුන්ට රටේ තැනක් නැහැ. ඔවුන් සහ ජයම්පතිලා ලාල් විජේනායකලා අතර ඇත්තේ සුළු වෙනසක්. මහින්ද නව ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් නැති බව පිළිගැනීම ප්‍රශංසනීයයි. ඔහු ඉන් ඉදිරියට යා යුතු යි. ඔහුට ජාතිකවාදී නායකයකු වීමේ විභවයක් තියෙනවා. ඔහුට සුබ අනාගතයක් තියෙනවා. ඒත් ඒ උපදේශකයන්ගෙන් තොරව.

නලින් ද සිල්වා

2017 නොවැම්බර් 04

ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) අසත්‍ය ප්‍රචාර හරහා තෙල් අර්බුදයක් නිර්මාණය කර ප්‍රතික්ෂේපිත තෙල් නැව ගොඩබෑමේ උත්සාහයක නිරත වන්නේ ද යන්න ගැන සැකයක් පවතින බව ලංකා ඛණිජතෙල් පොදු සේවක සංගමය සිය නිවේදනයක් හරහ පෙන්වා දෙනවා.

එම නැව තවමත් ත්‍රිකුණාමල මුහුදේ නවතා තිබීම නිසා මෙම සැකය මතුවන බවයි එම නිවේදනය හරහා පෙන්වා දෙන්නේ…

සියයට 20ක පමණ කොටසක් හිමි ලංකා ඉන්දියන් තෙල් සමාගම මෙලෙස බලපෑම් ඇති කරන්නේ නම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්පූර්ණයෙන්ම ඔවුන්ට ලබාදුනහොත් අනිටු පළවිපාක ඇති විය හැකි බවත්, මේ සියලූ කරුණු දක්වා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයාට තම සංගමය ලිපියක් යොමු කළ බවත් ඔහු සඳහන් කර තිබේ.

ඉවසීමේ සීමාවද ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් කිසිදු දේශපාලනමය කැපකිරීමක් සිදු කිරීමට තමන්ගේ සූදානමක් නැතැයි දෙමළ ජාතික සන්ධානය නායක විපක්ෂ නායක ආර්. සම්පන්දන් සදහන් කර තිබේ.

දකුණු අප්‍රිකානු Robina Marks මහත්මිය විපක්‍ෂ නායක කාර්යාලයේදී සම්පන්දන් මහතා හමුවූ අවස්ථාවේ දී විපක්ෂනායකවරයා සදහන් කර ඇත්තේ තම සන්ධානය දැනටමත් දේශපාලන කැපකිරීම් රැසක් සිදුකොට ඇති බවත් තවදුරටත් එම කැපකිරීම් කිරිමට සුදානම් නැති බවත් ය.

මෙරට ජාතික ගැටලුව වෙනුවෙන් විසඳුමක් ලැබීම අත්‍යවශ්‍ය බවත් දකුණු අප්‍රිකානු රජය විසින් ශ්‍රී ලංකා රජයේ දැඩි ලෙස අවධාරණය කල බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ මැදිහත් විම තවදුරටත් සිදුවිය යුතු බව මාරක්ස් මහත්මියට අවධාරණය කර තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය, සංහිඳියා ක්‍රියාවලිය,සම්බන්ධයෙන් මෙම හමුවේදි පුළුල්ව සාකච්ඡා කර තිබේන අතර නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය තබා තිබු බලාපොරොත්තු මේ වනවිට බිඳවැටී තිබේන බවද ආර්. සම්පන්දන් පවසා තිබේ.

ජාතික ආර්ථිකයේ හටගෙන තිබෙන ගැටලු යටපත් කරගැනිම සදහා මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනෙකු බිලි බා ගැනිම සදහා මෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් කෑ ගැසිමට මහ මොළකරුවෙකු ඇමති ධුරයක් සහිතව ආණ්ඩුව තුලට ගැනිම සදහා අමාත්‍ය මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදුකිරීමට ජනපති සහ් අගමැතිවරයා අතර සාකච්ඡාවක් සිදුව් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

මේ සංශෝධනයට අනුව රජයේ ඉහළම පෙළේ තනතුරු ගණනාවක් වෙනස්වනු ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරනය කළේ.මීට අමතරව රජයේ මාධ්‍ය ප්‍රධාන තනතුරු කිහිපයක් මෙන්ම සංස්ථා සභාපතිකම් කිහිපයක්ද වෙනස් කිරිමට නියමිතව ඇති බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

මේ අතර  අමාත්‍ය මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන මැති ඇමතිවරුන් සමග අරලිය ගහ මන්දිරයේදී පැවැත්වූ විශේෂ සාකච්චාවකදීද කතා බහට ලක්වි ඇති අතර අමාත්‍යධුරයන් හි වෙනසක් කිරිම සම්බන්ධයෙන් එජාපය ජ්‍යෙෂ්ඨයන් වැඩි කැමත්තක් නොදක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කලයුතු බවට යෝජනා වි තිබේ.

මේ අතර පසුගියදා ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමි වු ගීතා කුමාරසිංහ වෙනුවට ජාතික ලැයිස්තුවේන් වෙනත් අයෙකු යෝජනා කලයුතු බව ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ජනාධිපතිවරයාට යෝජනා කර තිබේන බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.නමුත් ජනාධිපතිවරයාඒම ඉල්ලිම් පිළිබඳව වැඩි උනන්දුවක් දක්වා නෑ.

ජනවාරි 08 වෙනසට පෙර ‍පොදු අපේක්ෂකයා ලෙස තරගයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් එළියට ගිය කණ්ඩායමේ පුද්ගලයෙකු වන අතර පසුව මහින්ද සමග දැමු deal එකකට අනුව පියසේන එම කණ්ඩායමෙන් ඉවත් වි කටයුතු කළා.

ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි කරන ලද ගීතා කුමාරසිංහගේ පුරප්පාඩුව සදහා පියසේන ගමගේ මහතා මනාප අනුව් පත්විය යුතු අතර ඒ වෙනුවට වෙනත් අයෙකු පත්කරන ලෙස යෝජනා කර තිබේන අතර ගීතා වෙනුවට පියසේන නම් කරන බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පසුගියදා සදහන් කළා.

කෙසේවෙතත් සන්ධාන මහ ලේකම්වරයාගේ ලිපියක උවමනාවක් කොමිසම විසින් මතු නොකල අතර ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර නම් කිරීමේදී පමණක් පක්‍ෂ ලේකම්වරයාට මැදිහත්විය හැකි අතර මැතිවරණ ක්‍රමවේදය අනුව මනාප ලැයිස්තුවේ සිටින අයකු ඉවත් වුවහොත් ඊට පහලින් සිටින පුද්ගලයෙකුට අවස්ථාව හිමිවේ.

 

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව සැලසුම් සහගතව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් කොට, යුක්තිය ඉටු කිරීමක් ඉතිහාසය පුරා ම සිදු වී නොමැති බව කනස්සල්ලෙන් යුතුව අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ප්‍රසිද්ධ ප්‍රකාශ කරමින් සහ ජනමාධ්‍ය ඇමැතිවරුන් හමු වී වර්තමාන රජයෙන් මීට පෙර ද මෙම ඉල්ලීම කර ඇති නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ගෙවුණු විසිපස් (25) පුරා ම මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩ මුක්තිය අවසන් කරන ලෙසට බලපෑම් කර ඇත. එසේ යුක්තිය ඉටු කරන්නට බලපෑම් කරමින් විවිධ උද්ඝෝෂණ දියත් කොට ඇත. එහෙත්, අදහස් ප්‍රකාශ කිරීම හා තොරතුරු සන්නිවේදනය වැළැක්වීමේ අරමුණෙන් මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට එරෙහිව සැලසුම් සහගතව සිදු වූ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් කොට යුක්තිය ඉටු කිරීමක් සිදු වී නොමැත.

මාධ්‍යවේදීන් ඝාතනය, ඝාතනයට තැත් කිරීම, අතුරුදහන් කරවීම, පැහැර ගෙන ගොස් දරුණු වද දී අත්හැරීම සහ මාධ්‍ය ආයතනවලට පහර දීම හා විනාශ කිරීම ආදී දරුණු අපරාධ රාශියක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වී ඇත. එහෙත් ඊට අදාළ පරීක්ෂණ අවසන් කොට යුක්තිය ඉටු නොකිරීමේ වගකීම මුළුමනින්ම පැවරෙන්නේ රජයට බව අපි අවධාරණය කරමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නොවැම්බර් දෙවැනි දා (02) මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩමුක්තිය අවසන් කිරීමට බලපෑම් කිරීමේ දිනය ලෙස නම් කර ඇත්තේ ද මාධ්‍යයට එරෙහි අපරාධකරුවන් දඬුවමින් නිදහස්ව සිටීම ලෝකය පුරා අඩු වැඩි වශයෙන් පවතින බැවිණි. එහෙයින් දැනට ආරම්භ කර ඇති පරීක්‍ෂණවල අවසානයක් දැකීම සඳහාත්, තවත් විශාල අපරාධ සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ඉක්මන් කිරීම සඳහාත් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.

සී. දොඩාවත්ත, කැඳවුම්කරු

දිලීෂා අබේසුන්දර , ලේකම්

(නොවැම්බර් දෙවැනිදාට යෙදෙන, මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩමුක්තිය අවසන් කිරීමට බලපෑම් කිරීමේ එක්සත් ජාතීන්ගේ දිනය වෙනුවෙන් නිකුත් කරන මාධ්‍ය නිවේදනය – 2017 නොවැම්බර් 01)

එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුන් අතර කොළඹ “Otters Club” හී මීට තෙදිනකට පෙර රාත්‍රියේ සිදු වූයේ යැයි කියන රහස් හමුව පිළිබද තොරතුරු හෙළිවීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ දැඩි අර්බුදකාරී තත්වයක් උද්ගත වී තිබේ.

මේ රහස් හමුව පිළිබද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකර ඇති අතර මේ පිළිබද තොරතුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද වාර්තාවී තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙසේ මලික් සමරවික්‍රම මහතා හමුවී ඇත්තේ ඔහුගේ බිරිය වන සශී වීරවංශ මහත්මියගේ බලකිරීම මත බවට රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන සිටියි.

මේ රහස් හමුව සිදු වූ දිනයේ “Otters Club” හී “CCTV” කාමර පරික්ෂා කිරීම සදහා ආණ්ඩුවේ ප්‍රබල නායකයෙකු ප්‍රබල ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් යවා ඇති බවද දැනගන්නට තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අප සතුව පවතින අතර ඒ පිළිබඳව පුලුල් අනාවරණයක් බලාපොරොත්තු වන්න 

Top