තමන්ට වුවමනා ආකාරයට වැඩ නොකරන දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරිය වන පුෂ්පා රොවෙල් කනෙන් අල්ලා එළියට දැමිය යුතු බව ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂවරයා කර්තෘවරුන්ගේ රැස්වීමක දී පවසා තිබේ.
මෙරට පැරැණිතම සිංහල ජාතික පුවත්පත වන දිනමිණ පුවත්පතේ කර්තෘ ධූරයේ කටයුතු කරමින් සිටින්නේ වයෝවෘද්ධ මාධ්‍යවේදිනියක වන අතර ඇය මෙරට සිංහල ජාතික පුවත්පතක කර්තෘ ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව ද වන්නීය.
ආයතනයේ සියලු කර්තෘවරුන් ඉදිරියේ කර්තෘවරිය විවේචනය කරමින් කතා කර ඇති අධ්යක්ෂවරයා වැඩකට නැති මෙම ගැහැණිය කනෙන් ඇද එළියට දැමිය යුතු බව කියා ඇත.යහපාලන රජයේ පිහිටෙන් කර්තෘ ධූරයට පත් වූ ඇය පුවත්පතේ සියලු වැරැදි මාධ්‍යවේදීන් කරපිටට පටවා ඇඟ බේරා ගන්නා තැනැත්තියක ලෙස නමක් දිනා සිටී.
අධ්යක්ෂවරයාගේ බැන වැදීම හමුවේ ඇය කිසිවක් නොකියා සිටි ඇය පසුව අධ්යක්ෂවරයා හමු වී සිය තනතුර රැක දෙන්නැයි හඬා වැලපී ඇති බවත් වාර්තා වේ.
ගැහැණු බව ද නොසලකා කර්තෘවරියට බැන වැදුණු මෙම අධ්යක්ෂවරයා කලක් දිනමිණ පුවත්පතේ කර්තෘවරයා ලෙසද කටයුතු කර ඇති අතර මාධ්‍ය නිදහස පිළිබඳ මහාප්‍රාණ භාෂාවෙන් කතා කරන්නෙකි.
දිනමිණ පුවත්පතේ වැඩ බලන ප්‍රධාන කර්තෘවරිය ලෙස පුෂ්පා රොවෙල් මහත්මිය 2015 යහපාලන ආණ්ඩුව යටතේ වැඩ බාරගත් අතර ඇය මෙරට දිනපතා ජාතික සිංහල පුවත් පතක කර්තෘ ධුරය ලැබූ පළමු කාන්තාව ලෙස වාර්තා පොතට එක් විය.
1977 වසරේ ලිපිකාරිනියක ලෙස ලේක්හවුස් ආයතනයේ සේවයට පැමිණි ඇය ඒ වසරේම උප කර්තෘවරියක ලෙස දිනමිණ කර්තෘ මණ්ඩලයට එක් වූවාය.පසුව දිනමිණ උප ප්‍රධාන කර්තෘ ,ප්‍රධාන උප කර්තෘ තනතුරුද හෙබවූ රොවෙල් මහත්මිය දිනමිණ වැඩ බලන ප්‍රධාන කර්තෘ ධූරයට පත් වන විට දිනමිණ සම කර්තෘවරිය ලෙස වසර පහකට අධික කාලයක් කටයුතු කර තිබිණි.
පුවත් පතේ ක්‍රීඩා,විදේශ ප්රවෘත්ති,විශේෂාංග,මෙන්ම ප්රවෘත්ති අංශවලද දීර්ඝ කාලීන පළපුරුද්දක් ලබා ඇති ඇය ජපානයේ හිරෝෂිමාහි පැවති ඔලිම්පික් උළෙල ආවරණය කිරිම ඇතුළු බංග්ලාදේශය, බැංගලෝරය, බැංකොක්,දිල්ලිය, චීනය යන රටවල නොයෙකුත් මාධ්‍ය ආවරණ කටයුතු දිනමිණ වෙනුවෙන් සිදු කර තිබේ.
පුෂ්පා රොවෙල් මහත්මිය කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදි උපාධිධාරිනියකි
නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසන මාලබේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු! යන සටන් පාඨය යටතේ 2017 මාර්තු 08 (අද) දින ප්‍රධාන මාවත් 4 ක් ඔස්සේ පාගමනින් කොළඹ දක්වා පැමිණ පැවැත්වීමට නියමිත සයිටම් විරෝධී ජනතා රැලියට ජනතා බලවේග සම්බන්ධවීම වැලැක්වීම සඳහා අන්තර්ජාල වෙබ් අඩවි, FACEBOOK හා SMS පනිවිඩ හරහා ව්‍යාජ ප්රචාරක මෙහෙයුමක් දියත් කර තිබුන අතර එම මෙහෙයුම පසුපස ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ කාර්යභාරයක් ඉටුකර තිබේන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩය අනාවරණයකර තිබේ.
එකී ප්රචාරයන්ට අනුව මුලින්ම ව්‍යාජ SMS පණිවිඩයක් වෛද්‍යවරුන් හා සිසුන් අතරේ හුවමාරුකොට ඇති අතර එහි ”
Ex-core decided not to attend 8th rally organized by inter university union. cz it consists of 10 demands like closing NSBN, not to take school like that. Nationalization only one of ten. our fight is for SAITM only. We cannot support for political agendas”
අන්තරය ම`ගින් 8වෙනිදා පවත්වන රැුලියට සම්බන්ධ නොවීමට විධායක කමිටුව තීරණය කරන ලදී. මක්නිසාද එය NSBM වසාදැමීම, පාසල් වලින් ඇතුළත්වීමේ ගාස්තු අයකිරීමට එරෙහි වීම, ආදී ඉල්ලීම් 10ක් ඇතුළත් බැවිනි. ජනසතු කිරීම මේ දහයෙන් එකක් පමණි. අපේ සටන සයිටම් වෙනුවෙන් පමණි. අපට දේශපාලන න්යායපත්ර වෙනුවෙන් සහය දැක්විය නොහැක යනුවෙන් එහි සඳහන්ව තිබුණි. මෙම SMS පණිවිඩය දවස පුරා සිසුන් අතරේ හුවමාරු කරමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අද පැවැත්වෙන ක්‍රියාමාර්ගයට සම්බන්ධ නොවන බවට කට කතා පතුරුවන ලද නමුත් පසුව අප වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙන් විමසූවිට දැනගන්නට ලැබුණු පරිධි ඔවුන් එවැනි තීරණයක් ගෙන හෝ සිය සාමාජිකයින් අතරේ එවැනි පණිවිඩයක් බෙදාහැර හෝ නොතිබුණි.
SMS පනිවිඩය මෙම මෙහෙයුමේ මූලික පියවර වූ අතර දෙවන පියවර කරළියට පැමිණෙමින් මාර්තු 7 වන දින එනම් ඊයේ හරියටම ප. ව. 05. 53 ට හෙට සයිටම් විරෝධී උද්ඝෝෂණයෙන් GMOA ඉවතට යන හිසින් LANKA TRUTH වෙබ් අඩවිය අපූරු හෙළිදරව්වක් කළේය. එම ප්‍රවෘත්තියට අනුව අද දවසේ පවත්වන සයිටම් විරෝධී උද්ඝෝෂණයට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සම්බන්ධ නොවීමට තීරණය කර ඇත. ඊට හේතුව සයිටම් විරෝධී උද්ඝෝෂණය පටුකරමින් සටන් පාඨ 10 ක් ඔස්සේ සයිටම් විරෝධය හැසිරවීමට අන්තරේ උත්සාහ කිරීමය.
මෙම වෙබ් අඩවියට අනුව සයිටම් ආයතනයට එරෙහිව ප්‍රබල සමාජ මතයක් ගොඩනැගී ඇති මොහොතක මෙම අරගලය තවත් සටන් ක්‍රියාමාර්ගයක් සම`ග මුහු කිරීමෙන් එයට ඇති වැදගත්කම ගිලිහීගොස් ඇති අතර එය වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය උද්ඝෝෂණයට සම්බන්ධ නොවීමට හේතුවී ඇත. නමුත් අප වෛද්‍ය නිළධාරින්ගේ සංගමයෙන් මේ පිළිබඳව විමසූ විට එවැනි කිසිදු තීරණයක් තම සංගමය විසින් ගෙන නොමැති බවත් උද්ඝෝෂණයට සිය නියෝජිතයින් සම්බන්ධවන බවත් එහි ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා ප්‍රකාශ කළේය. වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට මෙකී ක්‍රියාමාර්ගය හා එහි සටන්පාඨ පිළිබඳව කිසියම් ගැට`එවක් වේ නම් සංගමයක් වශයෙන් ඔවුන්ට ඒ පිළිබඳව තීරණය කිරීමටත්, එම තීරණය විවෘතව සාකච්ඡුා කිරීමටත් ඇති අයිතියට බාදාකිරීමේ හැකියාවක් අපට නැත. නමුත් ඉතාමත් කණගාටුදායක කාරණය වන්නේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය එවැනි තීරණයක් ගෙන නොමැති තත්ත්වයක් යටතේ ජනතා විමුක්ති පෙරමුණේ නිළ වෙබ් අඩවිය වන LANKA TRUTH වෙබ් අඩවිය එවැනි ව්‍යාජ ප්‍රචාරයන් හරහා අපේක්ෂා කරනුයේ කුමක්ද යන්නයි. සයිටම් අරගලය ඉතාමත් තීරණාත්මක අවධියකට පැමිණ ඇති මේ මොහොතේ, සටන දුර්වල කිරීම හා සටන පිළිබඳ සමාජ විශ්වාසය බිඳවැට්ටවීම සඳහා මෙවැනි මෙහෙයුමක් දියත් කළේ ආණ්ඩුව නම් අපට හිත හදාගන්නට තිබුණි. එහෙත් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයද නියෝජනය කරමින් එකම වේදිකාව සිට සටන් කළ සටන් ස`ගයකු මෙවැනි පහත් තත්ත්වයකට ඇදවැටුණු විට එය තේරුම්ගන්නේ කෙසේද?
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩය යනු ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට පනිමින් පටු දේශපාලන වාසි තකා මාධ්‍ය සංදර්ශන පවත්වන වර්ගයේ ව්‍යාපාරයක් නොව සැබෑ ජනතා ප්‍රශ්න හඳුනාගනිමින් ඒවා විසඳාගැනීම සඳහා ජයග්‍රහණය දක්වා කුමන දුෂ්කර කොන්දේසියක් යටතේ වුවද නොසැලී අඛණ්ඩව සටන් වදින සමාජ ව්‍යාපාරයකි. එය දශක ගණනක ඉතිහාසයක් පුරා බොහෝ කැපකිරීම් මධ්‍යයේ තහවුරු කොට ඇති සත්‍යයයි. මෙම වෙබ් අඩවියම පවසන ආකාරයට සයිටම් ආයතනයට එරෙහිව ප්‍රබල සමාජ මතයක් ගොඩනැගී ඇත්තේ කුමන හෝ හාස්කමක ප්‍රතිඵළයක් නිසා නොව මෙම ආයතනය ආරම්භයේ පටන්ම ක්‍රමිකව හා අඛණ්ඩව ගෙන ආ සටන් ක්රියාමාර්ගයන්හි ප්‍රතිඵලයක් ලෙසය. මුල්කාලීනව කිසිදු සමාජ බලවේගයක් සයිටම් ආයතනයට එරෙහිව පෙනී නොසිටින විටදීද අප එතැන් සිට මේ දක්වා කළ සෑම අරගලයදීම සයිටම් විරෝධී සටන්පාඨයද රැගෙන ආවේ කිසිදු අවිශ්වාසයකින් තොරව අද නිර්මාණයවන තත්ත්වය පිළිබඳව වූ පුරෝකතනයන් උඩය. පෞද්ගලික විශ්වවිද්යාලපනතට එරෙහි අරගලය, ශිෂ්‍ය මර්දනයට එරෙහි අරගලය, සම සෞඛ්‍ය අරගලය, මහපොළ ශිෂ්‍යාධාර හා සුභසාධන ඉල්ලීම් මුල්කරගත් අරගල ආදී මේ සෑම සියලූ අරගලයකදීම අප එකී අරගලවල ප්‍රධාන සටන්පාඨයට අමතරව පැවති අවශේෂ සටන්පාඨ අතර අපි කිසිඳු දෙගිඩියාවකින් තොරව සයිටම් සටන්පාඨයද තැබීමු. ඒ සෑම අරගලයක්ම අද වන විට අප ජයග්‍රහණය කර ඇති අතර එකී කිසිදු අරගලයකදී සයිටම් සටන්පාඨය ඊට බාදාවක් වුයේ නැත. සයිටම් සටන්පාඨයද එකී අරගලවලදී රැගෙන ඒමෙන් එකී අරගලයන්ට පාඩුවක් සිදු නොවූවා පමණක් නොව සයිටම් විරෝධී මහා පවුර නිර්මාණය කිරීමේ මුල්ගල්බවට එකී අවස්ථා පත්කර ගැනීමේ අපගේ අභිලාෂයද යථාර්තයක්ෟ විය. ඒ නිසා මේමොහොතේද අරගලයේ සෑබෑකොටස් කරුවන්වන සහෝදර බලවේගයන්ට කීමට ඇත්තේ ව්‍යාජ ප්රචාරයන්ට නොරැවටී අප මත විශ්වාසය තබන ලෙසයි. ඔබ තබන ඒ විශ්වාසය පිළිබඳව බිය නොවන්න…එය මීට පෙර සටන්වලදී සිදුවූ පරිධිම සයිටම් විරෝධී අරගලය ජයග්රහණයෙන් පසුද මැනවින් ඔප්පු වනු ඇත.
මෙම අරගලය තුළ ප්‍රධාන ඉල්ලීම සයිටම් වසා දැමීම බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් අධ්‍යාපනට අදාල සියලූ ප්‍රශ්න සයිටම් වසාදැමීමෙන් පසු විසදේයැයි සිතිය හැකිද? සයිටම් වසාදැමීම යනු ප්රශ්නයේ එක් ප්රකාශනයක අවසානය මිස සමස්ත ප්රශ්නයේ අවසානය නොවේ. ඒ නිසා සයිටම් වසාදැමීමෙන් පසුද ජනතාවට සටන්කිරීමට සිදුවනු ඇත. ඒ අනුව මෙතෙක් අප ඉතිහාසයක් තිස්සේ සටන්කළ සෑම සියලූ ප්‍රශ්නයක් කෙරෙහිද ඇති සමාජ අවධානය ගිලිහීයානොදී රැුකගැනීම අවශ්‍ය නොවන්නේද? ඒ නිසා මෙම සියලූ සටන්පාඨද රැුගෙන යාම තුළින් සිදුවන්නේ සටන පටුකිරීමක් නොව සටනේ සියලූම සමාජ බලවේගද අරගලය තුළම රදවාගනිමින් අරගලය තව තවත් ශක්තිමත්ව ජවසම්පන්නව ඉදිරියට යාමයි.
සයිටම් සටන ජයගැනීම සඳහා එම සටන්පාඨයට පමණක් කොටුවිය යුතු යැයි සිතීම දේශපාලන අදබාල කමකි. නොඑසේනම් පරාජය වනු දැකීමේ අභිලාෂයෙන් අරගලය වල්මත් කිරීමට ගනුලබන නිවට උත්සාහයකි. සටනක් ජයග්‍රහණය කළ හැක්කේ ප්‍රශ්නයෙන් පීඩාවට පත්වන සියලූම සමාජ බලවේගවල සහයද ඊට හිමිවන්නේ නම් පමණි. සයිටම් අරගලයේදීද එය එසේම අවශ්‍යවන නමුත් සයිටම් සටන්පාඨයට පමණක් සීමාවන්නේ නම් එවැන්නක් අපේක්ෂා කළ හැකි නොවේ. අද මෙවැනි ව්‍යාජ ප්‍රචාරයන් හරහා අරගලය සයිටම් සටන්පාඨයට සීමාකිරීමට උත්සාහ කරනු ලබන අතර එය නියෝජනය කරනුයේ අධ්‍යාපනය විකිණීමේ එක් නියමු ව්‍යාපෘතියක් සේ හඳුනාගනිමින් සයිටම් අහෝසි කිරීම සඳහා පෙළගැසෙමින් පවතින සමාජ විරෝධය අඩපනකිරීමේ මෛත්‍රී – රනිල් හවුල් ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවයයි. එය අද ධනපති මාධ්‍ය ආයතනවලටත් වඩා ඉහළින් සිට LANKA TRUTH වැනි වෙබ් අඩවි හරහා සිදුකරමින් තිබීම කණගාටුවට කරුණකි.
මෙම අරගලය පටු කිරීමක් හා දේශපාලන න්යායපත්රයකට අනුව හැසිරවීමක් මෙම සටන්පාඨ අරගලයට එක්කිරීම තුළින් සිදුවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ විසින් කියන්නට උත්සාහ කරන නමුත් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය වටා එක්වී ඇති කිසිදු සමාජ බලවේගයකට එවැනි ප්‍රශ්නයක් මතු නොවන්නට ඇත්තේ ඔවුන් තුළ වන දේශපාලන නොතේරුම්කමක් නිසා නොව මේ ඉදිරිපත්වී ඇති සියලූම ප්‍රශ්න ද ජනතාවගේ සැබෑ ප්‍රශ්නම බව තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුන්ට ඇති නිසාය. LANKA TRUTH වෙබ් අඩවිය මෙම ප්‍රවෘත්තිය තුළින් සිදුකර ඇත්තේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හා මේ රටේ වෛද්‍යවරුන් ඉතාමත් කුහකයන් පිරිසක් ලෙස හංවඩුගැසීමය. අධ්‍යාපනයට 6% ක් වෙන්කිරීම, සරසවි බඳවාගැනීම් ඉහළ දැමීම, පාසල්වල මුදල් අයකිරීම් නැවැත්වීම, රජයේ රෝහල්වල ඖෂධ, රසායනාගාර හා වාට්ටු පහසුකම් පු`එල් කිරීම, ඖෂධ මාෆියාවට එරෙහිවීම, IESL, කොතලාවල ඇතු`එ ආයතන තුළ උපාධි විකිණීමට එරෙහිවීම, ජනතා මුදලින් ස්ථාපිත කර ඇති NSBM වැනි ආයතන තුළ අධ්‍යාපනය විකිණීම වැනි මේ රටේ පොදු ජනතාවට සෘජු ලෙස බලපානු ලබන ප්‍රශ්න, විසඳාගැනීම සඳහා සටන්කිරීම තබා අවමය තමන් සම්බන්ධවන උද්ඝෝෂණයකදී සටන්පාඨයක් ලෙස වත් එම ප්‍රශ්න නොගතයුතු යැයි සිතන කුහකයන් පිරිසක් ලෙස හුවාදක්වමන් මේ රටේ වෛද්‍යවරුන් සමාජය තුළ අවමානයට පාත්රකිරීම මෙවැනි ප්රචාරයන්ගේ අරමුණක් වන්නට ඇත. වෛද්‍ය සංගමය නොගන්නා ලද තීරණයක් පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් මෙම වෙබ් අඩවිය සිදුකර ඇත්තේ වෛද්‍යවරුන්ට පවා එලෙස අපහාස කිරීමකි. නමුත් මෙම වෙබ් අඩවිය හා එය නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂය මෙන් මේ රටේ වෛද්‍යවරුන් හෝ වෙනත් කිසිදු ජනතාවාදී සමාජ බලවේගයකට කුහකයන් වියහැකි යැයි අපි නොසිතමු.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නිළ වෙබ් අඩවිය වන Lanka Truth වෙබ් අඩවිය විසින් සිදුකරන මෙවැනි පහත් ක්‍රියා අපි ඉතාමත් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින අතර එවැනි ව්‍යාජයන්ට නොරැවටී තම අයිතීන් වෙනුවෙන් නොසැලී ඉදිරියට එන මෙන් අපි සියලූ පොදු ජන බලවේගයන්ගෙන් ඉල්ලා සිටිමු. එසේම සයිටම් අරගලය හෝ පොදුජනතාවගේ අධ්‍යාපන, සෞඛ්‍යය හා අනෙකුත් සමාජ අයිතීන් වෙනුවෙන් ගෙනයන අරගල මෙවැනි මඩ අවලාද හමුවේ නොව මරණයේ අඳුරු හෙවනැලි අභිමුඛව වුවද ජයග්‍රහනය තෙක් අත්නොහරින බව අප ඉතා තරයේ කියා සිටිමු.
අදාළ සම්පූර්ණ පුවත පහතින් කියවන්න
හෙට SAITM විරෝධී උද්ඝෝෂණයෙන් GMOA ඉවතට!
පාර්ලිමේන්තුවේ රතන හාමුදුරුවො ස්වාධීන වෙලා. ඒක කතානායක පිළිඅරගෙන පාටයි. ජාතික නිදහස් පෙරමුණ ස්වාධීන වෙලා කියනවා. කතානායක ඒක පිළිඅරගෙන නැහැ. දිනේෂ් ගුණවර්ධන ඒ ගැන කතා කරපු එක කතානායකට හරි මදි. කතානායක පාර්ලිමේන්තු සභා ගැබට පොලීසිය ගෙන්නලා. පොලීසියෙ අංක තහඩු තිබුණෙ නැති එකට අනුර කුමාරට කේන්ති ගිහිල්ල. ඒත් ඔහු දිනේෂ් පිටමං කරන යෝජනාවට විරුද්ධ වුණෙ නැහැ. ජ වි පෙරමුණට ආණ්ඩුවට විරුද්ධ වෙන්න බැහැ. රනිල්ල සුමන්තිරන්,චමිපකලා අනුරල එකට ආණ්ඩු කරන්නෙ. කට්ටියක් කතානායකගෙ දකුණු අත පැත්තෙ වාඩි වෙනවා. කට්ටියක් කතානායකගෙ වම් අත පැත්තෙ වාඩි වෙනවා. ඒ වම දකුණ මාරුවෙලා නො වෙයි. කතානායකට වමක් දකුණක් නැති නිසා. අනුර වමේ ද දකුණෙ ද? කාල් මාක්ස් නෙවෙයි රනිල් දන්නව ඇති. අනුරට මාක්ස් (ලකුණු) නම් දෙන්නෙ රනිල්.
පාර්ලිමේන්තුවෙ කාටවත් ස්වාධීන වෙන්න බැහැ කතානායක ස්වාධීන නැත්නම්. ඉස්සර කතානායක හැටියට පත්වුණාම තම පක්ෂයෙන් අස්වෙනවා. කතානායකට විරුද්ධව මැතිවරණයෙ දි අපේක්ෂකයකු නොදැම්ම කාලයක් තිබුණා. ඒ ඇල්බට් එෆ් පීරිස්, ඉස්මයිල් ආදීන්ගෙ කාලෙ. දැන් ඒ සම්ප්‍රදායවල් නැහැ. කතානායකලා පක්ෂ නායකත්වයටත් තරග කරනවා. තරග කරලා පැරදුණාම පත්වෙච්ච නායකයට කීකරු වෙන්න ඕන. එහෙම නැතුව වෙන මොනව කරන්න ද?
ඉස්සර කතානායකලා ස්වාධීනයි. අමුතුවෙන් ස්වාධීන වෙන්න ඕන නැහැ. ස්වාධීන කියන එක ගැමියන් උච්චාරණය කරන්නෙ සුවාදීන කියලා. ඒක මොන දීනකම ද කියලා අප දන්නේ නැහැ. ගැමියකුගෙන් ම අහගන්න ඕන. කොහොමත් මේ පාර්ලිමේන්තුවෙ කතානායකට ඒ තරම් වැඩක් නැහැ. වැඩ තියෙන්නෙත් අගමැතිට, වැඩ පෙන්නන්න යන්නෙත් අගමැති. එහෙත් අගමැති වැඩ බැරි ටාසන් කෙනෙක් ද කියලා ටාසන්ලා අහනවා.
ඒ මොකක් වුණත් පාර්ලිමේන්තුව මෙහෙයවන්නෙ නීතියට අනුව කතානායක. ඒක නේ කතානායක පොලීසිය ගෙන්නුවෙ. වෙන කාටවත් පාර්ලිමේන්තු සභා ගැබට පොලීසිය ගෙන්නන්න බැහැ. කතානායකට පොලීසිය ගෙන්නන්න කිවුවෙ කවුද කියන එක ටාසන්ලගෙන් අහන්න ඕන. කතානායක කාට ඕන විධියට වැඩ කළත් ඒවා යන්නෙ කතානායකගෙ පිටින්. කතානායක සාධාරණ බවකුත් පේන්න තියනවා. විමල්ගෙ උපන් දිනේට කේක් ගෙඩියක් පාර්ලිමේන්තුවට ගේන්න ඉඩ දීලා.
මේ පක්ෂ හා පුද්ගලයන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම තරමක සංකීර්ණ ප්‍රශ්නයක්. ස්වාධීන වෙන්නෙ තවත් සංවිධානයකින්. ඒක තීරණය කරන්න පුළුවන් කතානායකට විතරයි. ජාතික නිදහස් පෙරමුණ දැන් එක්සත් ජනතා නිදහස් සංධානයේ පක්ෂයක් නො වෙයි. මතක හැටියට හිටපු කතානායක කාලෙක විමල්ගෙ පක්ෂෙ සන්ධානයෙන් ඉවත් වුණා. කතානායක තීරණය කළා ජාතික නිදහස් පෙරමුණට සංධානයෙන් ස්වාධීන ව පාර්ලිමේන්තුවෙ කටයුතු කරන්න පුළුවන් කියලා. සංධානය ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තුවෙ ස්වාධීන වෙන්න ඉඩ දුන්න ද කියන එක ප්‍රශ්නයක් නො වෙයි. ඒක සංධානයට කරන්න බැහැ. සංධානයට පුළුවන් ජා නි පෙරමුණට ඉවත් වෙන්න ඉඩ දෙන්න පමණයි. ජාතික නිදහස් පෙරමුණ සංධානයෙන් ඉවත් වුණාට පස්සෙ එය තවදුරටත් සංධානයෙ නැහැ. සංධානයට තීරණය කරන්න පුළුවන්කම තිබුණෙ ජාතික නිදහස් පෙරමුණට ඉවත් වෙන්න ඉඩ දෙනවාද නැද්ද කියන එක විතරයි. ඉවත් වෙන්න ඉඩ දුන්නට පස්සෙ පාර්ලිමේන්තුවෙ ස්වාධීන වෙනව ද මන්ත්‍රී ධුර අහෝසි වෙනව ද වගේ දේ තීරණය කරන්නෙ කතානායක/මැතිවරණ කොමසාරිස්/ මැතිවරණ කොමිසම.
අද තත්වය වෙනස්. ජාතික නිදහස් පෙරමුණ සංධානයේ නැහැ. ඒ නිසා ඒ පක්ෂෙට සංධානයෙන් ඉවත් වෙන්න බැහැ. නැති සංධානයකින් ඉවත් වෙන්නෙ කොහොම ද? ජාතික නිදහස් පෙරමුණ සංධානයෙන් ඉවත්වීමට ඉල්ලපු එක ම වැරදියි. ඒ ඉල්ලීමට සංධානය අවසර නොදීමත් වැරදියි. ඒ එකක්වත් කරන්න පුළුවන් දේ නොවෙයි. ඒ වගේ ම තමයි ජාතික නිදහස් පෙරමුණට එ ජාතික පෙරමුණෙන් ඉවත් වෙන්න බැහැ. ඒ වගේ ම එ ජා පෙරමුණට ජාතික නිදහස් පෙරමුණට ඉවත් වෙන්න දෙන්න බැහැ කියන්නත් බැහැ. ඒ එකක්වත් වලංගු ක්‍රියා නො වෙයි. ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තුවෙ ස්වාධීන ව කටයුතු කරන්න ඉඩ දෙනව ද නැද්ද කියලා තීරණය කරන එක ස්වාධීන කතානායක කෙනකුගෙ වැඩක්. ඒත් කතානායක ස්වාධීන නැත්නම් ඒක වෙනත් කෙනකුගෙ වැඩක්.
මෙතන දි තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. ශ්‍රී ල නි ප පාර්ලිමේන්තුවෙ වැඩ කරන්නෙ ස්වාධීන ව ද? කතානායක එහෙම කියලා කියනවා. නැත්නම් එ ජා පෙරමුණ සමග ශ්‍රී ල නි ප ඊනියා ජාතික ආණ්ඩුවක් හදන්නේ කොහොම ද? අද මේ ජාතික ආණ්ඩුව එ ජා පෙරමුණේ හා සංධානයේ ජාතික ආණ්ඩුවක් නො වෙයි. එය එ ජා පෙරමුණේ හා ශ්‍රී ල නි පක්ෂයේ ජාතික ආණ්ඩුවක්. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවෙ වැඩිම මන්ත්‍රීවරුන් ඇති පක්ෂයට වෙනත් පක්ෂයක් කණ්ඩායමක් සමග ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන්. ඒ පක්ෂය අනිවාර්යයෙන් ම කතානායක විසින් පිළිගැණුනු ස්වාධීන පක්ෂයක් වෙන්න ඕන. ප්රශ්නය ශ්‍රී ල නි ප පාර්ලිමේන්තුවෙ ස්වාධීන ද කියන එක.
දැන් කියන විධියට විශ්ව වර්ණපාල සංධානයෙ ලේකම් කාලෙ කතානායකට ලිපියක් යවලා තියෙනවා සංධානයෙ විධායක සභාව ශ්‍රී ල නි පක්ෂයට පාර්ලිමේන්තුවෙ ස්වාධීන ව කටයුතු කරන්න පුළුවන් කියලා තීරණය කළා කියලා. මෙතන ප්‍රශ්න රාශියක් තියෙනවා. පළමුවෙන් ම ඔය කියන විධායක සභාව විධිමත් ව නීත්‍යානුකූල ව පිහිටුවපු එකක් ද කියන එක. දෙවනුව විධායක සභාව එලෙස ශ්‍රී ල නි පක්ෂයට පාර්ලිමේන්තුවෙ ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් කියලා තීරණය කෙරුවෙ කොහොම ද කියන එක. ඒ සඳහා යොදා ගත්තෙ සංධානයේ ව්‍යවස්ථාවෙ මොන වගන්තිය ද? එහෙම වගන්තියක් තිබුණත් සංධානයට පුළුවන් ද එහි සාමාජික පක්ෂයකට පාර්ලිමේන්තුවෙ ස්වාධීන ව කටයුතු කරන්න අවසර දෙන්න. එසේ ස්වාධීන ව කටයුතු කරන්න ඉඩ දෙන්න පුළුවන් කතානායකට විතරයි. සංධානයට වුවමනා නම් ශ්‍රී ල නි ප සංධානයෙන් ඉවත් කරන්න පුළුවන්. එහෙම කරපු බවට ආරංචියක් නැහැ. එහෙම කළාට පස්සෙ කතානායකට පුළුවන් ශ්‍රී ල නි පක්ෂයට පාර්ලිමේන්තුවෙ ස්වාධීන ව කටයුතු කරන්න ඉඩ දෙන්න. එහෙම නැතුව කතානායකටවත් ශ්‍රී ල නි පක්ෂයට පාර්ලිමේන්තුවෙ ස්වාධීන ව කටයුතු කරන්න ඉඩ දෙන්න බැහැ.
එහෙම නම් මේ ඊනියා ජාතික ආණ්ඩුවෙ වලංගුභාවය පිළිබඳ ප්රශ්නය මතුවෙනවා. කතානායක මේ ගැන අගමැතිගෙන් හරි අහල උත්තරයක් දෙනව ද? අගමැතිට රෝයල් තෝමියන් බිග් මැච් බලන්න යන්න පොඩ්ඩක් ඉඩ දෙන්න. ඉරිදාට පස්සෙ කරන දෙයක් කරන්න.
නලින් ද සිල්වා
2017 මාර්තු 10
රට බෙදුම්වාදය දක්වා ඇදගෙන යන එන්.ජී.ඕ. (NGO)2 ක් වසර 26 ක් ඇතුලත මේ රටේ ගබ්සා කිරීම් 8,81,077 ක් සිදු කිරීමට කටයුතු කර තිබේන බව රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙළිදරව් කළා.
අද(09) කිරුළපන බොදු බල සේනා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි විශේෂ හෙළිදරව් කිරීම් කිහිපයක් සිදු කර සිටි අතර සිංහල කාන්තාවන් වද කිරීමට මුලිකත්වය ගන්නා රාජ්‍ය නොවන සංවිධාන සහ ශ්‍රී ලංකාවේ ඒජන්තයන්.නිශ්ශබ්ද වීමට රාජ්‍ය නොවන සංවිධාන බොදු බල සේනා සංවිධානයට අල්ලස් දීමට උත්සහ කල අයුරුද අනාවරණය කළා.
විශේෂ හෙළිදරව් කිරීම් ඇතුලත් හඩපටය අහන්න
කොළන්නාව තෙල් සංකීර්ණයට සහ කටුනායක ගුවන් කඳවුරට බෝම්බ දැමීමට කොටි සංවිධානය භාවිතා කළ ගුවන් ධාවන පථවලින්ද හමුදාව ඉවත් විය යුතු බව ද්‍රවිඩ සංධානය රජයෙන් ඉල්ලා ඇත. මෙය ද්‍රවිඩ සංවිධානයේ අලුත්ම ව්‍යාපෘතියයි. එම ව්‍යාපෘතියට අනුව වසර පහකට පෙර ආරම්භ කළ මුලතිව් ගුවන් කඳවුර ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා තිබේ. උතුරු මහ ඇමැති ප්රමුඛ පළාත් සභාවද ඉරනමඩු, මුලතිව් සහ ඉරනමඩු ගුවන් ධාවන පථයෙන්ද ගුවන් හමුදාව යා යුතු බව දන්වා තිබේ.
ඉරනමඩු ජලාශය අසල පිහිටි ඉරණමඩු ධාවන පථය කොටින්ට ප්‍රයෝජනවත් වූයේ පනරොට් රොට් ඇතුළු වෙනත් උපාංග ගෙන ඒම සඳහායි. මේ නිසා එහි ඇති වැදගත්කම තේරුම් ගත් ගුවන් හමුදාව ඉරනමඩු ධාවන පඨය මීටර් 1500 ක් දිග හා මීටර් 25 ක් පළල ලෙසද පුළුල් කළේය.
මේ නිසා ඉරනමඩු ගුවන් ධාවන පථයට සී. 130 හර්කියුලිස් යානාවක් පවා ගොඩබැස්සිය හැකිය. සටන්විරාම සමයේදී එවකට පැවැති රජය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු මෙම ඉඩම්වලට ඔප්පු ලබාදීමට ක්‍රියා කළේ කොටි සැනසීම උදෙසායි. 2001 දී ද්‍රවිඩ සංධානය ස්ථාපිත කරන ලද්දේ කොටි සංවිධානයය.
ඉන්පසු කොටි සංවිධානය තෝරාගත් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතා ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය. ද්‍රවිඩ සංධානය දැන් දියත් කරන්නේ එම ව්‍යාපෘතියේ දෙවැනි කොටසයි. එහෙත් 2002 සටන්විරාම ගිවිසුම යටතේ කොටි දියත් කළ මෙහෙයුම් ගැන නොදන්නා අඳබාල මාධ්‍ය වාර්තාකාරියන් ඉඩම් අයිතිය ඉල්ලා සටන් කරන ජනතාව වෙනුවෙන් මාධ්‍ය මිථ්‍යාමත පතුරුවන බව කියා සිටී. ප්රභාකරන් ත්‍රස්තවාදී යුද්ධය දියත් කරන සමයේදී සහ ඊනියා සටන්විරුට ගිවිසුමට මුවා වී සිදු වු කොටි ක්‍රියාකාරකම් ගැන නොදන්නා මෙවන් අඳබාල පාර්ශව අතීතය යටපත් කිරීමට උත්සාහ කිරීම හාස්‍යයට කරුණකි. මොවුන් මාධ්‍ය ක්ෂේත්රයට පැමිණීමට පෙර අඩු වශයෙන් අතීතය ආවර්ජනය කළ යුතුව ඇත. එදා කොටි සංවිධානය උතුරේ හමුදා කඳවුරුවලින් හමුදාව ඉවත් විය යුතු බවට දියත් කළ මෙහෙයුම ද්‍රවිඩ සංධානය එකහෙලාම අනුමත කළේය.
ඒ සඳහා කොටි දියත් කළ මෙහෙයුමට පොංගුතමිල් යෑයි නම් කර තිබුණි. මේ නිසා එදා පැවැති රජය දෛනික වාර්තා මාධ්‍යයට නිකුත් කිරීම නොකරන ලෙස හමුදාවට නියෝග කරනු ලැබීය. එහෙත් හමුදාව රහසිගතව මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කළේය. කොටි සංවිධානය වන්නි පළාත තුළ ගුවන් ධාවන පථ ගණනක් ඉදි කර තිබුණි. 2009 පෙබරවාරි මස මුල් සතියේදී 5811 හමුදා බලකාය කොටි ගුවන් ධාවන පථ ගණන් තම පාලනයට ගැනීමට ක්‍රියා කළේය. පිරමන්තකුලම් සුන්දර පුරම්, තිරුවිලාරු, නැමැති ස්ථානවලද ගුවන් ධාවන පථ ඉදිකිරීමට කටයුතු කෙරෙන අවස්ථාවේ සටන්විරාම කමිටුව නෝර්වේ රජය සහ ශ්‍රී ලංකා රජයද බලාසිටියේය.
ඉරණමඩු ගුවන් ධාවන පථයෙන් කුඩා සැහැල්ලු යානාවක් ගුවන් ගත වන අයුරු දුටු ගුවන් හමුදාව ඒ ගැන සටන්විරාම කමිටුවට දැනුම් දුන් නමුත් ඒ ගැන වැඩිදුරටත් පියවරක් ගැනුනේ නැත.
මේ පසුබිම මැද ද්‍රවිඩ සංධානය උතුරුකරය කොටි පාලන සමය යටතේ පැවැති තත්ත්වයට ගෙන ඒමට සැලසුම් කර ඇත.
පසුගියදා මුලතිව් ගුවන් හමුදා කඳවුර සතු ඉඩම් අක්කර 42 ක් නිදහස් කිරීමට රජය ක්‍රියා කළේය. ඒ සම්බන්ධව රජයේ මාධ්‍ය පැවසුවේ ද්‍රවිඩ ජනතාව සතුටු කඳුළු වගුරුවමින් එම ඉඩම්වලට පැමිණි බවයි.
එහෙත් 2003 දී ද්‍රවිඩ සංධානය දියත් කළ උපග්රමික ක්‍රමවේදය 2017 දී යළි ආරම්භ කර ඇත. එහෙත් සැබෑ යථාර්ථය රජයේ බලධාරීන්ට අවබෝධ වී නැත. අවි පුහුණුව ලැබු 12000 ක් කොටි උතුරේ සිටි. පුනරුත්ථාපනය නොවු කොටිද උතුරේ සිටින බව හෙළි වී ඇත. උතුරේ සඟවා අති ආයුධ ගැන දන්නේ මේ කොටි පමණකි. ඊට හොඳම නිදසුන ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුමන්තිරන් ඝාතනයව අත්අඩංගුවට ගත් කොටියා ළඟ තිබී සොයාගත් පුද්ගල නාශක බෝම්බයයි.
මේ අතර මුලතිව්හි ගුවන් හමුදාව සතුව තිබු ඉඩම්වලින් අක්කර 42 ක් අවතැන් වූවකු යෑයි කියන පිරිසට බාරදීම පසුගියදා සිදුවිය.
එහෙත් මුලතිව්හි තවත් අක්කර 425 කින් හමුදාව ඉවත් විය යුතු බවට ඉල්ලා ඇත. එහෙත් ද්‍රවිඩ සංධානයේ මේ උපක්‍රමශීලී ප්රයෝජනවලට රජය ගොදුරු විය යුතුද? සංහිදියාවට මුවා වී ද්‍රවිඩ සංධානය කටයුතු කරන ආකාරය මේ ඉල්ලීම්වලින් සනාථ වේ.
කීර්ති වර්ණකුලසූරිය
පසුගිය මහා මැතිවරණයේදි පරාජයට පත්වුවන් ආණ්ඩුවට එකතු කර ගැනිම තමන් දේශපාලන ජිවිතයේ කල බරපතලම වරද බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ සමග පවසා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.පසුගියදා අගමැතිවරයා හමුවූ එජාප ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ අගමැතිවරයා මෙය හෙලිකර ඇති අතර ඉදිරියේදි ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට තමන්ගේ සහයද ජනපති ඉල්ලු බව අගමැති අනාවාරණය කර තිබේ.
අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි ජනාධිපති ධූරය අහෝසි කිරීම, ජාතික ගැටලුවට විසඳුම් ලබාදීම ආදිය ඇතුළත් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සම්බන්ධයෙන් සිදුවන ප්‍රමාදයන් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහිදි ජනාධිපතිවරයා පවසා ඇත්තේ “මම පැරදුන අය ලගට ගත්තේ ආණ්ඩුව පවත්වාගෙන යන්න..දැන් ඒ අය මට බලපෑම් කරනවා…එක එක් කෙනා එක එක ඇවිල්ලා කියනවා…පැය විසිහතරේම කේළාම් කියනවා..මහා මානසික වදයක් වෙලා…” යනුවෙනි…
මේ අතර පසුගියදා අගමැති හමුවු එජාප මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ ජනාධිපති ධූරය අහෝසි කිරීම, ජාතික ගැටලුවට විසඳුම් ලබාදීම ආදිය ඇතුළත් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම බවත් බලයට පත්වූ වහාම මෙම පොරොන්දුව ඉටුකරන බවට පැවසුවද යහපාලන රජය බලයට පත්වී වසර දෙකක් ඉක්ම ගියද තවමත් එම පොරොන්දුව ඉටුකිරීම අසමත් වී තිබේන බවත් එක්සත් ජාතික පක්ෂය නව ව්‍යවස්ථාවක් ගෙනඒමේ බලාපොරොත්තුවෙන් සිටින අතර ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටුකිරීම රජයේ වගකීම බව එජාප පාර්ශ්වය අවධාරණය කර තිබේ.
මේ අවස්ථාවේ වජිර අබේවර්ධන අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ නව ව්‍යවස්ථාව ගෙන ඒමට තවත් කොපමණ කලක් ගතවේද යන්නයි. ඇත්තටම මේක එනවද කියලත් මිනිස්සු අපෙන් අහනවා යැයි වජිර අබේවර්ධන අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට පැවසුවේය.
ඒක අපි ගේනවා. රටට හානි කිසි දෙයක් ඒකේ නෑ. ව්‍යවස්ථාවට අදාළ අනුකමිටුවල කාර්යය දැන් ඉවරයි. අනුකමිටුවලදී විවිධ පක්ෂ විවිධ ස්ථාවර කියලා තියෙන්නේ. ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ලබන සතියේ ඉඳන් රැස්වෙනවා.එතනදී අපි සමබර තැනකට එනවා යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
මෙහිදී කිරිඇල්ල අමාත්‍යවරයා ජනමත විචාරණයකට හේතුවන කරුණු නව ව්‍යවස්ථාවට ඇතුළත් නොකරන බවට ශ්රීලනිපය කියාගෙන යන බව අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට ලක්කළේය.
ජනමත විමසුමකට යනවාද, ජනාධිපති ධුරය නැති කරනවාද?, සෙනෙට් සභාවක් පිහිටුවනවාද? ඡන්ද ක්රමයේ වෙනස්වීම් වෙනවාද කියන්න තාම කල් මදි. ව්‍යවස්ථා කමිටුව දෙන්නේ වාර්තාවක් මිසක් පනත නෙවෙයි. ඒ නිසා එක එක්කෙනා ඔය දැන් කියන කතා වලංගු නෑ. අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට දාලා විවාද කරලා අපි තීන්දු ගමු යැයි අග්‍රාමාත්‍යවරයා පිරිස හමුවේ සඳහන් කළේය.
අගමැතිවරයා තම මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවයි. මේ වනවිට නව ව්‍යවස්ථාවට අදාලව පත්කළ අනුකමිටුවලට කටයුතු සියල්ල අවසන් වී ඇත් බවත් ඉදිරි කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කරන බවත් අගමැතිවරයා පවසා තිබෙනවා.
මෙම අනු කමිටු සඳහා යෝජනා ඉදිරිපත් කළ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෙනත් සංවිධාන විසින් විවිධ පරස්පර යෝජනා ඉදිරිපත් කිර තිබෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ලබන සතියේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මෙම සියලු සංවිධානවල අදහස් සමාලෝචනය කිරීමට නියමිතය.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යන්නේද නැද්ද සම්බන්ධයෙන් හා නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන්නේද අහෝසි කරන්නේද ආදී වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙම මෙහෙයුම් කමිටුවේදී තීරණය කරන බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ. මීට අමතරව මැතිවරණ ක්‍රමය, බලය බෙදීම, පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් ද මෙම කමිටුවේදී සාකච්ඡා කරන බව අගමැතිවරයා ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර තිබෙනවා.
මෙම මෙහෙයුම් කමිටුවෙන් ගන්නා තීරණ සම්බන්ධයෙන් වාර්තාවක් පිළියෙල කොට එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සම්බන්ධයෙන් විවාදයක් පවත්වන බවත් අගමැතිවරයා පෙන්වා දෙනවා. ඉන්පසු සියලු අදහස් සැලකිල්ලට ගනිමින් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කටයුතු කරන බවයි අගමැතිවරයා පවසන්නේ.
නව ව්‍යවස්ථාව සම්මත කිරීමේ වැඩපිළිවෙල අඩපන කිරීමට හා කකුලෙන් ඇදීමට යම් යම් පාර්ශ්වයන් කටයුතු කරමින් සිටියද ජනතාවට පොරොන්දු වූ පරිදි එම වැඩපිළිවෙල සාර්ථකව සිදුකිරීම කිසිසේත් අතරමග නතර නොකරන බවයි අගමැතිවරයා පවසා ඇත්තේ.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ශෙහාන් තලගල තම තනතුරෙන් ඉල්ලා අස්වී තිඛේ. දැනගන්නට ලැබී ඇති තොරතුරු අනුව අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යාමේ දී අනීතික ක්‍රියාවන්හි යෙදීම සදහා දිගින් දිගටම අමාත්‍යවරයා විසින් සිදු කරන බලපෑම් වලට එකග විය නොහැකි වීම මෙයට හේතුවයි.
කෙසේ නමුත්, අමාත්‍ය දයා ගමගේගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරන ප්‍රියාමනී හේමචන්ද්‍ර (අමාත්‍යවරයාගේ සොයුරිය) මේ වන විට සිටින්නේ මෙක්සිකෝවේය. රජයේ වියදමෙන් අමාත්‍යාංශයේ විවිධ ව්‍යාපෘති සදහා නිළධාරීන්ට විදේශගත වීමට ලැඛෙන අවස්ථාවන් උපයෝගී කර ගනිමින් මෙලෙස මැය විදේශ ගත වී ඇත්තේ තුන්වන වරටය. මින් පෙර දකුණු කොරියාවේ සහ ජපානයේ ද ප්රියාමණී හේමචන්ද්‍ර සංචාර වල නිරත වී ඇති අතර එලෙස සංචාරය කර ඇත්තේ ද අමාත්‍යාංශ නිළධාරීන් වෙනුවෙන් ලැඛෙන අවස්ථාවන් උපයෝගී කර ගනිමිනි.
මේ අතර අමාත්‍යාංශ ලේකම් බන්දුල වික්රමාරච්චිෙගේ හිතවතියක වන දැනට එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ලෙස කටයුතු කරන ලේකම්වරිය ද වෙනත් ස්ථානයකට පත් වීමක් ලබා දෙන මෙන් ඉල්ලා අවශ්‍ය ලිපි-ලේකන යොමු කර ඇත. නගර සභාවේ සහකාර කොමසාරිස්වරියක ලෙස කටයුතු කළ ඇය අමාත්‍යවරයා හා ලේකම්වරයා විසින් වක්‍ර උසස් වීම් ක්‍රමවේදයක් හරහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට පත් කර ගත්තේ මීට වසරකටත් අඩු කාලයක දී ය. අමාත්‍යවරයා සමග වැඩ කිරීමට නොහැකි බව පවසමින් ඇය මෙලෙස මාරුවීමක් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ද විවිධ අංශයන්ගෙන් පැමිණිලි ලැබී ඇති අතර ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් පුළුල් තොරතුරු අණාවරණ කිරීමට ද අප සූදානමින් සිටිමු.
ඇමැතිවරුන් හත් දෙනකුට, රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරයකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස් නව කෝටි හතළිස් නව ලක්ෂ හැට දෙදහස් හත්සිය අනූවක මුදලක් (494962790) ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව විශේෂ කාර්යභාර ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 42600000 ක් ද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 42000000 ක්ද වාරි මාර්ග හා ජල සම්පත කළමනාකරණ අමාත්‍යවරයාට හා රාජ්‍ය ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 86000000 ක් ද විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමතිවරයා වෙනුවෙන් වාහනයක් මිලදී ගැනීමට රුපියල් 41000000 ක්ද සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමතිවරයාට රුපියල් 43000000 ක මුදලක්ද, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 43000000 ක මුදලක්, තිරසර සංවර්ධන හා වනජීවි ඇමැතිවරයාට රුපියල් 43000000 ක මුදලක් ද ඉල්ලා ඇත.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 42548000 ක මුදලක්ද, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 43000000 ක මුදලක්ද, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 31341250 ක මුදලක්ද ඉල්ලා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ. විපක්ෂ නායකවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 37473540 ක මුදලක් ද මෙම පරිපුරකයෙන් ඉල්ලා ඇත.
ඊට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුවට බඩල් කැබ් රථ 25 ක් සහ විගණකාධිපතිවරයා සඳහා වාහනයක් සඳහා බදු කුලී වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් හය කෝටි විසි දෙලක්ෂ පනස් දහසක මුදලක් ඉල්ලා ද පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ.
දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින යුද හමුදා රණවිරුවන් පිරිසක් ඊයේ (07 දා) අප වෙත එක්තරා කාලෝචිත මාතෘකාවකට අදාළ ලිපියක් යොමු කර තිබිණි. ඔවුන්ගේ ලිපියෙන් කියෑවෙන්නේ යුද හමුදාවේ සියයට 90 ක පමණ සෙබළුන් අකමැත්ත පළ කළද එය නොතකා ඔවුන්ගේ පඩිපතෙන් වාර්ෂිකව රුපියල් 6000 ක පමණ මුදලක් කපා ගන්නා යුද හමුදා “සුව සහන” අරමුදල පිළිබඳවය.
මේ කතාව කාලෝචිත යෑයි අප කියන්නේ කුමක් නිසාද යන්න දැන් යුද හමුදාවේ ඇතැම් ලොකු මහත්වරුන්ට ගැටලුවක් වීමටද පුළුවන. ඒ ගැටලුවට පිළිතුර අපි පසුව ලබා දෙන්නෙමු. ඊට පෙර අපට ලිපිය යොමු කළ සක්‍රීය සේවයේ සිටින රණවිරුවන් කියන කතාවට මුල් තැනක් දිය යුතුය.
ඔවුන් කියන පරිදි කාලයක සිට යුද හමුදාව මගින් ඔවුන්ගේ වැටුපෙන් මෙකී අරමුදලට මුදල් කපා ගන්නේය. එහෙත් ඒ කපා ගන්නා මුදල අදාළ රණවිරුවන් යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා විට ඔවුන්ට ලැබෙන්නේ නැත. එය ලබා ගැනීමට නම් වයස අවුරුදු 70 වනතුරු බලා සිටිය යුතුය.
එය නම් පුදුම කතාවකි. යුද හමුදා බලධරයනි, අප මෙසේ කල්පනා කරමු. යම් සෙබළෙකු යුද හමුදාවට එක්වීමෙන් පසුව ඔහුගේ වැටුපෙන් වාර්ෂිකව රුපියල් 6000 බැගින් වසර 12 ක් කපා ගත් විට එකතුව රුපියල් 72000 කි (හැත්තෑදෙදෙහසකි).
සෙබළාගේ සේවය වසර 22 ක් දක්වා වුවහොත් එකී එකතුව වන්නේ රුපියල් 132000 කි. එහෙත් වයස අවුරුදු විස්සේදී යුද හමුදාවට එක් වන සෙබළෙකු වසර 22 ක් හමුදා සේවයේ යෙදී රුපියල් 132000 ක මුදලක් සුවසහන අරමුදලේ එකතු කොට වයස අවුරුදු 42 දී විශ්‍රාම ගොස් ඒ මුදල ගැනීමට වයස අවුරුදු 70 වනතුරු තවත් වසර 28 ක් බලා සිටිය යුතුය යන්න අපූරු විහිළුවක් නොවන්නේද?
අපට ලිපිය යොමු කළ සෙබළුන් පෙන්වා දෙන පරිදි වර්තමානයේ සාමාන්‍යයෙන් මිනිසකුගේ ආයු කාලය වයස අවුරුදු 60 – 65 අතර පවතින්නකි. එය අද සාමාන්‍යයෙන් ලෝකයාද පිළිගෙන තිබෙන්නකි.
සාමාන්‍යයෙන් යුද හමුදා සේවයේ යෙදෙන සෙබළෙකු එකී කාලසීමාවෙන් එපිටට ගොස් සෙන්චරිය හෙවත් වයස අවුරුදු සීයේ කඩඉම කෙසේ වෙතත් අඩුම තරමේ වයස අවුරුදු අසූවක් දක්වා ජීවත් වීම යනු ද විරල වාසනාවක් වන්නේය.
යුද්ධයකට මුහුණ දුන් හමුදාවක සෙබළුන් අරබයා බැලීමේදී එකී තත්ත්වය තවත් කල්පනා කළ යුතු තැනකට එන්නේය. ඒ හමුවේ සුවසහන අරමුදලට යුද හමුදා සෙබළාගේ වැටුපෙන් කපා ගන්නා මුදල දෙන්නට අවුරුදු හැතෑවක් (70) වනතුරු සිටින්නට යෑයි කීම සැබෑ ලෙසම අසාධාරණයක් බව අපේද හැඟීම වන්නේය. ඔවුන් කියා සිටින්නේ අදාළ මුදල තමන් හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමේදී හෝ අඩුම තරමේ වයස අවුරුදු 55 පිරීමේදී ලබා දීමට නොහැකිව ඇත්තේ කුමක් නිසාදැයි යන්නය. එයට පිළිතුරු දිය යුත්තේ යුද හමුදාවම ය.
ඔවුන්ගේ කතාව එසේ වෙද්දී අද ආබාධිත රණවිරුවන් තම අයිතිය ඉල්ලා පාරට ඒම හමුවේ අප සිහියට එන තවත් යුද හමුදා අරමුදලක් ද තිබේ. ඒ තිස්වසරක යුද සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූ රණවිරුවන් රාජකාරි කළ ඒ ඒ හමුදා ඒකකයන්ට අයත් අරමුදලය.
මෙහිදී මුලින්ම කිවයුතු එක් වැදගත් කාරණයක් ද ඇත. අදටත් යුද හමුදාවෙන් වැටුප් ලබන ආබාධිත රණවිරුවාට දූරදර්ෂී ලෙස කල්පනා කරමින් මේ දක්වා එකී ඒකක අරමුදල්හි සාමාජිකත්වය ලබා දී තිබුණේ නම් මේ වන විට රජය අපහසුතාවට පත්ව තිබෙන ආකාරයේ ගැටලු නිර්මාණය වීමට ඉඩ නොතිබූ බවය.
යුද හමුදාවේ සියලුම ඒකකයන්ට අදාළව මහා පරිමාණයෙන් ගිනුම්ගත මුදල් සහිත ඒකක අරමුදල් ඇත. එම ඒකකවල සිටියදී රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් සහන පොලියට ණය ලබා දීම ඇතුළු බොහෝ කටයුතු සඳහා එකී මුදල් යෙදවෙන්නේය. රණවිරුවන් ඒකකයේ සිය හමුදාවෙන් විශ්‍රාම යන දිනයේ ඒකක අරමුදල සඳහා ඔවුන්ගේ වැටුපෙන් කපා ගත් මුදල් ලබා දීම සිදු වන්නේය.
එසේ මෙකී ඒකක අරමුදල් තර වන තවත් ව්‍යාපෘති රැසක්ම ඒ ඒ හමුදා ඒකක මගින් ක්‍රියාත්මක කරන්නේය. එය අදටත් සිදු වන්නකි. ගොවිපළවල්, බ්ලොක් ගල් නිෂ්පාදනය කිරීම්, ආපනා ශාලා, ලොතරැයි, තේ වතු, ගව සහ කුකුළ් පාලනය, විනෝද කානිවල් ආදී ලෙසින් මෙසේ ඒකක අරමුදල් නිරතුරුවම තරවෙන හමුදා ව්‍යාපෘති ලෙස පෙන්වා දිය හැකිය.
පසුගිය යුද සමයේදී සතුරා සමඟ සටන් වැදී ආබාධිත වූ රණවිරුවන් පසුව ක්‍රියාන්විත සේවයෙන් ඉවත්ව මෙකී ඒකක අරමුදල්වලට මුදල් ගලා එන නොයෙකුත් ව්‍යාපෘතිවල කටයුතු කළේය. පැහැදිලිවම කිවහොත් ඒකක අරමුදල් ශක්තිමත් කිරීම සඳහා විවිධ ව්‍යාපෘතිවල සක්‍රීය කොටස්කරුවන් සේ ආබාධිත රණවිරුවන් විශාල දායකත්වයක් ලබා දුන්නේය.
යුද හමුදාවේ සියලු ප්‍රධානීන් මෙය දැන සිටින්නකි. එසේ නම් ආබාධිත රණවිරුවා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගත්තද ඔහුව ඉදිරියටත් ඒකක අරමුදල්හි සාමාජිකත්වය යටතේ තබාගෙන ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ඒ ඒ හමුදා ඒකකයන්ට නොහැකි වූයේ කුමක් නිසාද?
එසේ සිදු කෙරුණේ නම් අද පවතින ගැටලු මතු නොවන්නට බොහෝ ඉඩ තිබිණි. එහෙත් සිදුව ඇත්තේ සිදු විය යුතු දේ නොවන්නේය. ආබාධිත රණවිරුවා හමුදා සේවයෙන් විශ්‍රාම ගැන්වෙද්දී ඔහුට වයස අවුරුදු 55 සම්පූර්ණ වනතුරු වැටුප් ගෙවීම ඉදිරියටත් සිදු වුවද ඔවුන් සතු ඒකක අරමුදල්හි මුදල් ලබා දී සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණ.
ආබාධිත රණවිරුවාගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමට හොඳටම අවස්ථාව තිබියදී සහ ඒකක අරමුදල්හි කෝටි ගණනින් මුදල් තැන්පත්ව තිබියදීත් ආබාධිත රණවිරුවාට අත්වූ ඉරණම එය විය. කලාතුරකින් ආබාධිත රණවිරුවකුට ඒකක අරමුදලකින් යමක් සිදු වුවද අද දවසේ යුද හමුදා ඒකක අරමුදල්හි ඇති අති විශාල මුදල් කන්දරාවන් පුස්කමින් බැංකු ගතව නොතිබෙන්නේද?
අද දවසේ නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ එසේ සිදු නොවන්නේය. ඔවුන් නිවැරදි ක්‍රියාදාමය සිදුකරමින් ඇත. එසේ නම් ඒ අන්දමට නිවැරදි වන්නට යුද හමුදාවට නොහැකි වූයේ කාගේ වරදින්ද? යුද හමුදාවේ පිරිස් බලය වැඩි නිසා එසේ කළ නොහැකියෑයි ලෙසින් දැන් ඇතැම් නිලධාරියකු කෙස් පැලෙන කතාවක් කියන්නට බැරි නැත.
එහෙත් වර්තමානය වන විට යුද හමුදාවේ ඇති ඒකක ගණන 24 කි. යුද්ධය නිසා ආබාධිත සහ පූර්ණ ආබාධිත වශයෙන් සියලුම ආබාධිත සෙබළුන් ගත්තද ක්ෂය වී යන තත්ත්වයක් තුළ රට තුළ ජීවත් වන්නේ 60000 ක් පමණ පිරිසකි.
එම තත්වය හමුවේ මේ දක්වා එකී ආබාධිත සියලු රණවිරුවන් ඔවුන් සේවය කළ යුද හමුදා ඒකකය යටතේ ඇති අරමුදලේ සාමාජිකත්වය දරමින් එහි සුබසාධනයට යටත්ව සිටියේ නම් එක් ඒකකයකට බර පැටවෙන්නේ රණවිරුවන් 2400 කගේ පමණි. නැවතත් මතක් කර දුනහොත් එසේ වන්නේද ඔවුන් ආබාධිත රණවිරුවන් වන බැවින් දිනෙන් දින ක්ෂය වීමේ තත්ත්වයක් තුළ වේ. (ඔවුනට අපෙත් ආයුෂ ලැබ චිරජීවනයක් උරුම වේවායි යන්න අපේ එකම පැතුම බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ කතා කරන්නේ යථාර්ථය ය.)
ඇත්ත එය නම් එල්ටීටීඊය පරදා රටට සාමය දිනා දුන් සටනේදී ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස විශාල බරකට උර දුන් යුද හමුදාවේ එක් ඒකකයකට ආබාධිත රණවිරුවන් 2400 කගේ බර දරන්නට තරම් වීර්යයක් නොතිබුණේ මොන අවාසනාවක් හමුවේද?
රට වෙනුවෙන් සටනට ගොස් අප වෙනුවෙන් අත්, පා, ඇස් ඇතුළු සිරුරේ කොටස් අහිමි කර ගනිමින් අද ආබාධිතව සිටින රණවිරුවාට අප යමක් කරන්නේ නම් එය සිදු කළ යුත්තේ ඔවුන්ට දැනෙන ලෙසය. එසේ කිරීමේදී රාජ්‍ය සේවයේ යම් චක්‍රලේඛයක් හෝ පනතක් වේවා වෙනස් කිරීමට ලක් කළ යුතුව තිබේ නම් රණවිරුවා යන විශේෂණය යටතේ එය සිදු කළ යුතුමය.
එහිදී “අනේ රණවිරුවන්ට දෙනවා නම් අපිත් රජයේ සේවකයෝ අපිටත් දීපියව්” කියමින් කිසිදු රාජ්‍ය සේවකයකු පාරට නොඑනු ඇත. මන්ද අප සහ රට වෙනුවෙන් රණවිරුවන් කළ කැප කිරීම් එදා මර බියේ ජීවත් වූ මේ රටේ මිනිස්සු හොඳින්ම දන්නාහ.
ප්රභාකරන්ගේ බෝම්බයට බයේ බස් රියේ ගිය, පාසල් මුර කළ, දුම්රියේ ගිය, රටේ උතුර මොන වගේදැයි නොදැන සිටි සහ උදේ කොළඹට ගිය සැමියා, දුවා දරුවන්, දෙමාපියන් යළි හවසට නිවසට එන තුරු අවිනිශ්චිතව සිටි මේ රටේ ජනතාව රණවිරුවන්ගේ යහපත වෙනුවෙන් ආණ්ඩුව යම් තීරණයක් ගතහොත් කිසි විටෙකත් එයට විරුද්ධ නොවන්නේමය. කාලකණ්ණියකුට හැර එසේ කරන්නට සිහි බුද්ධිය ඇති කිසිවකුටත් නොහැකිය.
එසේ නම් ආරක්ෂක අමාත්‍යංශයේ සහ යුද හමුදාවේ සිටින රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බලධරයනි, හැන්ද අතේ තිබියදීත් ආබාධිත රණවිරුවන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ දරු පවුල් වෙනුවෙන් චක්‍රලේඛ මානසිකත්වයෙන් මිදී සහ ඒ ඒ හමුදා මට්ටමින් කළ යුතු දේ සිදු කිරීමට නොහැකිව ඇත්තේ මොන කරුමයක් නිසාද?
සමන් ගමගේ
මෙතෙක් කල් තමන්ගේ දරුවා එක්ක තුන්වේල කාපු අම්මා අද එක් වේලක් කාලා තමන්තේ දරුවාට සීනි නැතු තේ කොප්පයක් දීලා තමන්ගේ දරුවාව සනසන තත්ත්වයකට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියා.ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා සංවිධානය විසින් කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේ ඊයේ (07) පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක් වෙමින් රාජපක්ෂ මහතා සදහන් කළේ හාල් සෙරුව වැඩිවෙලා ජීවන වියදම ඉහල ගිහින් කුස්සියේ ලූනු පොල් කට්ට අනූවට සීයට යනකොට ඒක දැනෙනේ වෙන කාටවත් නෙමෙයි ගෙදර අම්මාට බවයි.
“කාන්තාව අවුරුදු ගානක් එල්.ටී.ටී.ඊ එක් නිසා දුක් වින්දා, දැන් මේ ආණ්ඩුව නිසා කාන්තාව දුක් විදිනවා. එ්ත් මේ පීඩනයෙන් කාන්තාව මුදවා ගැනීමේ කාලය දැන් එළැඹී තියෙනවා. මේ රටට ඇතිවෙලා තියෙන ප්‍රශ්න හැමකෙනාව දන්නවා ඒ වගේම මම දැක්කා බෝඞ් එකක් අරගෙන යනවා එ්දා නිල ඇදුම් දුන්නාට අද කූපන් දෙනවා කියලා, ඉතින් මේක තමයි රටේ ජනතාව බලාපොරොත්තු වුන වෙනස.”
“මේතට ඉන්න කාන්තාවන්ම කියනවා කූපන් ලැබුනේ නැහැ කියලා, ඒත් කූපන් නැති වුනාට කොස් කොළයි ක්‍රෝටන් කොලයි නම් තියෙනවා. මේකට අපි අවදානය යොමු කළ යුතුයි ඒ වගේම අද වෙනකොට කාන්තාව සහ දරුවන් රැක ගැනීමේ වගකීම එක එක්කෙනාට බාර දීලා තියෙනවා. ඇත්තටම අද රට විකුණනවා, විරැකියාවෙන් කන්තාව පීඩාවට පත්වෙලා තියෙනවා. මේ විදිහට ගියොත් මේ අය තව මොනවා කපලා ඉවරවෙයිද කියලා හිතා ගන්න බැහැ. කාන්තා දිනය හෙටයි සමරන්න තිබුනේ ඒත් ඒ කට ආණ්ඩුව ඉඩකඩ දුන්නේ නැති නිසයි අද මෙතන එ් සැමරීම තියන්න තීරණය කළේ. ඒ වගේම මෙවර කාන්තා දිනයේදී අම්මා සුරකින්න ඔබ ගත්ත පියවර රට සහ ලෝකයම සුරැකින්න ගත්ත තීන්දුවක් විදහටයි මම දකින්නේ. ”
මහින්ද රාජපක්ෂ මහතා කල සම්පූර්ණ කතාව පහතින් අහන්න
ජෙනීවා නගරයේ ඊනියා මානව අයිතිවාසිකම් කොමිසමේ හුසේන් කුමාරයා ගැන සමහර බටහිර රටවල් ම දොස් කියනවා හුසේන් තමන්ගෙ රටවල වැඩවලට ඇඟිලි ගහනවා කියලා. මේ ප්‍රශ්න ගැන කතාකරන්න අපි කවුද කියලා ස්මාට් දේශප්‍රේමියො අහන්න පුළුවන්. දේශප්‍රේමියොත් දැන් ස්මාට් හා ස්මාට් නැති ගණවලට බෙදලා. ඒක ප්රබුද්ධ පීචං බෙදිල්ලට හපන්. ස්මාට් දේශප්‍රේමියො ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන දන්නවලු. අනෙක් දේශප්‍රේමියො එ ගැන දන්නෙ නැද්ද දන්නෙ නැහැ. ස්මාට් දේශප්‍රේමියො ස්මාට් ෆෝන් පාවිච්චි කරලා හුසේන්ට එහෙම කතා කරනව ද දන්නෙ නැහැ. අද සමහරුන් ජාතිකත්වය මොඩ් කරන්න කතා කරනවා. මේ අය හිතන්නෙ ජාතිකවාදීන් කිසිම දෙයක් නොදන්න පැරණි දේ ගැන පමණක් කියවන මෝඩ රැළක් කියලා.
ජාත්‍යන්තර සම්බන්ධකම් කියන්නෙ විශ්වවිද්‍යාලවල උගන්වන විෂයක්. දේශපාලන විද්‍යාව පාඨමාලාවලත් ජාත්‍යන්තර සම්බන්ධකම් උගන්වනවා. සමාජයීය විද්‍යාවන් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. බටහිර භෞතික විද්‍යාවෙ ඊනියා විධික්රම පස්සෙ නොන්ඩි ගහ ගහ ගිහින් දැන් හති වැටිලා හතර ගාතෙන් ඇද වැටිලා ඉන්නෙ. අද ඒ අය අර පශ්චාත් ව්‍යුහවාදය පශ්චාත් ඉන්ද්‍රියානුභූතවාදය වගේ භූත කියවනවා. බටහිර භෞතික විද්‍යාවෙ උද්ගමනය හා අනපෝහනය අනුකරණය කරලා කතන්දර හදපු මාක්ස්ට වෙච්ච එකෙන්වත් මේ අය පාඩමක් ඉගෙන ගන්නෙ නැහැ. මාක්ස්වාදී රාජ්‍ය, සමාජවාදි රාජ්‍ය, කම්කරු පංතියේ ආඥාදායකත්වය ආදිය ගැන පුටින්ට ස්මාට් ෆෝන් එකෙන් කතාකරලා ඇහුවොත් නරක ද?
හුසේන්ට ඇතැම් බටහිර රටවල් විරුද්ධ වෙන්නෙ ඒ අයට හුසේන් ප්‍රශ්නයක් වෙන වෙලාවෙ පමණක් ද කියන එක මතුපිටින් බලලා අහන ප්‍රශ්නයක්. එක්සත් ජාතීන්ගෙ ඊනියා මානව අයිතිවාසිකම් කොමිසම අපේ රටට ඇඟිලි ගහන කොට බටහිර රටවලට දැනුණෙ නැද්ද කියලා අහන එක පොඩි ළමයින්ගෙ ප්‍රශ්නයක්. අප විශ්වවිද්‍යාලෙ ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන ඉගෙන ගත්තෙ නැති වුවත් මේ ලෝකයෙ වෙන්නෙ මොකක්ද කියන එක ගැන අපට කතන්දරයක් තියෙනවා.
අපේ කතන්දරේට අනුව පහළොස්වැනි සියවසේ සිට වර්ධනය වුණු ලෝකය දැන් දේශපාලනික ව කඩා වැටෙන්න පටන් අරන්. ඒ ලෝකය ඊනියා ජාත්‍යන්තරවාදී ලෝකයක්. ඒකෙ ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයක් තිබුණා. ඒ සුපිරිව්යුහයෙ ඔය මානව අයිතිවාසිකම් කොමිසමත් තිබුණා. ඒ වගේ ම විවිධ ඔත්තු සේවාත් තිබුණා. එක්සත් රාජ්‍යවල රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙවත් විදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවත් තිබුණා. බහුජාතික සමාගම් ද ඒ ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට අයත්. බටහිර විද්‍යාවත් ඒ පසුපස නොන්ඩි ගසන බටහිර සමාජයීය විද්‍යාත් ඒ සුපිරිව්ය්රහයට අයත්. මේ සියල්ල සංස්ථාපනයට (එස්ටැබ්ලිෂ්මන්ට්) අයත්. අද එය දේශපාලනික ව කඩා වැටෙන්න පටන් අරන්. බ්‍රෙක්සිට් හා ට්‍රම්ප් එයට උදාහරණ. මේ සුපිරිව්‍යුහය දේශපාලනික ව කඩා වැටෙන්න පටන් ගත්තා පමණයි. ඊට කලින් දාර්ශනික ව කඩන් වැටිලා තිබුණෙ.
අපේ රටේ විතරක් නොවෙයි බටහිර රටවලටත් ඒ සුපිරිව්‍යුහය හැමදාමත් ඇඟිලි ගැහුවා. ඒත් බටහිර රටවල ජාතිකත්වයක් නොතිබූ බැවින් ඒ බව දැනුණෙ නැහැ. ඒ රටවල ජාතිකත්වය මතුවීමත් සමග ඔවුන්ටත් ජාත්‍යන්තර සුපිරිව්‍යුහය, ඒ සංස්ථාපනය දැනේන පටන් අරන්. ඔවුන් අද හුසේන්ගේ ක්‍රියා කලාපය ප්‍රශ්න කරන්නේ එබැවිනුයි. ට්‍රම්ප්ට විරුද්ධව කැලිෆෝනියාවේ හිංසා ක්‍රියා ඇති වන්නේ සංස්ථාපනයට ට්‍රම්ප් ඉවසා දරා ගන්න බැරි නිසා. කැලිෆෝනියාව එක්සත් රාජ්‍යවල අනෙක් රාජ්‍යවලට වඩා වෙනස්. එහි වෙන්වීමේ කතාබහත් තියෙනවා. ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශක බැනන් කියන්නේ ඔහු ලෙනින්වාදියකු කියා. ඔහු ලෙනින් දකින්නේ සංස්ථාපන විරෝධියකු ලෙස.
හුසේන්ට විතරක් නො වෙයි තව ටික කලක් යන කොට ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලටත් විරුද්ධ වීමට බටහිර රටවලට සිදුවේවි. එහෙත් නුදුරු අනාගතයේ දී ටික කාලයකට ඒ රාජ්‍ය නොවන සංවිධාන තරමක් බලවත් වේවි. බටහිර රටවල රාජ්‍ය ගෙන ගිය ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයට ඒ රාජ්‍යවලින් ලැබෙන සහාය අඩු වන විට ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට, හුසේන් කුමරුට සුපිරිව්‍යුහය ආරක්ෂා කිරීමට තවත් ඉදිරියට ඒමට සිදු වේවි. ස්මාට් දේශප්‍රේමීන්ගේ ජාත්‍යන්තර මිනිසාට වැඩි කල් ආයුෂ නැහැ. එහෙත් ස්මාට් දේශප්‍රේමීන් තම පඬිකම තව තවත් අපට පෙන්වීමට උත්සාහ කරාවි. ඒ බටහිර පොතක සඟරාවක තියෙන කතන්දර කියවලා.
ස්මාට් දේශප්‍රේමීන් අපෙන් අහන්න ඉඩ තියෙනවා අප කියන කතන්දරය තියෙන්නෙ මොන පොතේ ද සඟරාවෙ ද කියලා. මේ කතන්දරය අපේ නිර්මාණයක්. ඒ කතාවෙ ප්‍රධාන කොටස නිර්මාණය වුණේ ට්‍රම්ප් ජනාධිපති වෙන්න තරමක් ඉස්සර. අප දැන සිටියා ට්‍රම්ප් දිනන බව. අද බොහෝ දෙනා ට්‍රම්ප්ගේ ජාතිකවාදයක් ගැන කතා කරන්න කලින් අප ඔහුගේ ජාතිකවාදය ගැන කිවුවා. ඒ බව කිවුවෙ ස්මාට් ෆෝන්වලින් කරුණු ලබාගෙන නො වෙයි. අපට අපේ ප්‍රවාද ගොතන්න පුළුවන්. ස්මාට් දේශප්‍රේමීන් බටහිරයන්ට අවශ්‍ය විධියට දෙමළ ජාතිවාදීන් එක්ක ආණ්ඩු හදන විට දෙමළ ජාතිවාදයට සන්ධීය රාජ්‍යයට එහා යන බලතල දෙන්න කතා කරන විට ප්රභාකරන් පරාජය කරන්න බැහැයි කියන විට අප ස්මාට් නොවන නිසා ඒකීය රාජ්‍යය ගැන කතා කළා, ප්රභාකරන් පරාජය කළ යුතුය පරාජය කළ හැකිය කියලා කිවුවා. ඒත් අවාසනාව ඒකාබද්ධ විපක්ෂෙ සමහරුන්ට වැදගත් වන්නෙ ස්මාට් දේශප්‍රේමීන්.
නලින් ද සිල්වා
2017 මාර්තු 07
වත්මන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හවුල් වූයේ යැයි කියන මහා පරිමාන දූෂණ සහ වංචා හෙළිදරව් වීම හේතුවෙන් ආරක්ෂක ලේකම් ධූරයේ වෙනසක් සිදු කිරීමට ආණ්ඩුවට සහ එහි නායකත්වයට සිදුව ඇතැයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.ඒ හේතුවෙන් මේ වනවිට වත්මන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි අමුතුම ආකරයේ රංගනයක නියැලී සිටින බව වාර්තා වේ.මේ වනවිටත් පුරප්පාඩු වන ආරක්ෂක ලේකම් ධුරය සදහා කපිල වෛද්‍යරත්න හෝ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් අතරින් කෙනෙකු පත් කිරීමට ආරක්ෂක අමාත්‍ය ජනපති සිරිසේනට බලපෑම් එල්ල වෙමින් තිබේන් නමුත් සිය ගමේ මිතුරුකම රැක ගැනිම සදහා සිරිසේන කල්මරමින් සිටි.
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ලෙස රාජකාරි කරන සමයදී කරුණාසේන හෙට්ටිආරච්චි විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට කනත්ත වත්ත නැමැති අක්කර 5.5 ක වපසරියකින් යුත් ඉඩම ජල පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට විකිණීම උදෙසා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයක් ගෙවීමට අනුමත කොට ඒ හරහා එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක මුදල් කොල්ල කැමේ සිද්ධිය ඇතුලු තවත් වංචා රැසක් සාක්ෂී සහිතව අනාවරණය විම හේතුවෙන් වත්මන් ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන කරුණාසේන හෙට්ටිආරච්චිට වහාම එම තනතුරෙන් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයා නියෝග කර තිබේන බව අප ආරක්ෂක වාර්තාකරු අනාවරණය කළා.
ඒ හෙතුවෙන් තමන්ට සිංගප්පූරුවේ රෝහලකදී හෘද සැත්කමක් සිදු කර තිබේන බවත් ඒ හේතුවෙන් ආරක්ෂක ලේකම් ධුරයෙන් විශ්‍රාම යාමට තීරණය කර ඇති බවට ඔහු විසින්ම පුවතක් නිර්මාණය කර තිබේන බව අනාවරණය වි ඇති අතර අදාළ සැත්කම සම්බන්ධයෙන් සොයා බැලිමේදි අනාවරණය වි ඇත්තේ එම හෘද සැත්කම පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට කල අකාරයේ එකක් බවයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාහතාගේ මිත්‍රත්වයට මූලිකත්වය ලබා දීමේ ප්‍රතිඵලය ලෙස වත්මන් ලේකම්වරයා පත්වු අතර ගෙවුනු වසරක පමණ කාලය තුල හමුදා නිළධාරින් සමග අඩියක් ගහනවා හැර රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු වැදගත් තින්දුවක් නොගත් නිකම්ම නිකමෙකු බව අමුතුවෙන් කිවයුතු නැත.
ජනාධිපති සිරිසේනගේ පාසලේ මිතුරා සහ ගමේ කොල්ලා වන දැනට ආරක්ෂක ලේකම් ධූරයේ කටයුතු කරන කරුණාසේන හෙට්ටිආරච්චි පසුගිය රජය සමයේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ලෙස වසර කිපයක් කටයුතු කල ඉංජිනේරුවරයකි.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුව අනුන්ගේ යට ඇදුම් සහ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබන මහා අනාචාරී සරත් විජේසුරියගෙන් යහපාලන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෙවත් සිරිසේනගේ පයිප බාසුන්නැගේ හොරකම් ගැන ප්‍රසිධියේ කතාකිරිම හේතුවෙන් රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යැවිමට කටයුතු කල අතර පසුව සිවිල් සංවිධාන ආරක්ෂක ලේකම්වරයා ඉලක්ක කර දැඩි ලෙස පහරදුන් අතර තමන්ගේ මිත්‍රයා ඉලක්ක කර පහරදිම හේතුවෙන් කුපීතව සිටි සිරිසේන ජනපති පසුගියිදා දිගින් දිගටම රාජ්‍ය නොවන සිවිල් සංවිධාන ඉලක්ක කර පහර ගසන්නටද විය.
“මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන, විදේශීය සම්බන්ධතා තියෙන ඒ අයට ඕන විදිහට මම ආණ්ඩු කරන්න ලෑස්ති නැහැ. ඒ අය කියන විදිහට ත්‍රිවිධ හමුදාවලට චෝදනා පත්‍ර දෙන්න මම ලෑස්ති නෑ. ත්‍රිවිධ හමුදාවලට විරුද්ධව නඩු අහන්න මම ලෑස්ති නෑ.”
පලාලි හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කල ප්‍රකාශය
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ලෙස රාජකාරි කරන සමයදී කරුණාසේන හෙට්ටිආරච්චි විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට කනත්ත වත්ත නැමැති අක්කර 5.5 ක වපසරියකින් යුත් ඉඩම ජල පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට විකිණීම උදෙසා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයක් ගෙවීමට අනුමත කොට ඒ හරහා එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක් හොයපු යහපාලන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෙවත් සිරිසේනගේ පයිප බාසුන්නැගේ පැටිකිරිය පහත දැක්වේ..
කියවන්න – රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයකට විද්ද සිරිසේනගේ ගමේ කොල්ලා
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුව අනුන්ගේ යට ඇදුම් සහ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබන මහා අනාචාරී සරත් විජේසුරියගෙන් යහපාලන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෙවත් සිරිසේනගේ පයිප බාසුන්නැගේ හොරකම් ගැන ප්‍රසිධියේ කතාකිරිම හේතුවෙන් රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් එවා තිබේ.
චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශයට අයත් A32 මාර්ගයේ මරවනකුලම් ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සමඟ පුපුරන ද්‍රව්‍ය තොගයක් හමු වීමත් සමග යහපාලන හිවල් ආරක්ෂක ලේකම් හේවත් මෛත්රගේ බත් බැලයා වන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පරික්ෂණ සිදුකර අවසන් කිරිමටත් පෙර චාවකච්චේරියෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් හමු වූ පමණින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් පවතින බව කිව නොහැකි බව පවසා ජනතාව ජනතාව් ගොනාට අන්දවන්නට උත්සහ දරමින් සිටි.
කියවන්න – කරුණාසේන ජාතික ආරක්ෂාව ගැන මොනවාද දන්නේ – අත් අඩංගුවට ගත්තේ වසර 13ක් කොටි සංවිධානයේ සිටි සමාජිකයෙක්!
Top