නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියා වූ සුමිත් රණසිංහ සුවිශේෂ නිලධාරියෙකි. කොළඹ විනාශ කිරීමට කිලෝ 1100ක්‌ බරැති බෝම්බ සහිත ලොරිය 2007 දී ත්‍රිකුණාමලයේදී සොයාගෙන තමන්ම එම ලොරිය පදවා ගෙනවිත් බෝම්බ නිෂ්ක්‍රීය කොට කොළඹ විනාශ කිරීම නතර කළේ ඔහුය. එම බෝම්බ ලොරිය කොළඹට පැමිණ පුපුරවා හැරියා නම් අද දේශපාලන නායකත්වයේ සිටින අය මෙන්ම රණවිරුවන් දඩයම් කරන CID අයද විනාශ වීමට හොඳටම ඉඩ තිබුණි.

ජනාධිපති සිරිසේන මහතා බොහෝ අවස්‌ථාවල සේනාධිනායකයා ලෙස තමන්ගේ හමුදාවන් රකින බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත. මාර්තු 04 වන දා පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්‌ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව අදහස්‌ දැක්‌වූ ඔහු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට චෝදනා පත්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමන් සූදානම් නැතැයි එඩිතරව ප්‍රකාශ කළේය. එහෙත් CID ය බුද්ධි අංශ නිළධාරීන් පසුපස යමින් ඔවුන් රිමාන්ඩ් කිරීම නතර කර නැත. ඒ වෙනුවෙන් ඇතැම් CID යේ ඇතැමුන්ට අතීතයට ද බලපාන පරිදි “ඩබල් ප්‍රමෝෂන්” ද ලැබේ. නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියා වූ සුමිත් රණසිංහ සුවිශේෂ නිළධාරියෙකි. කොළඹ විනාශ කිරීමට කිලෝ 1100ක්‌ බරැති බෝම්බ සහිත ලොරිය 2007 දී ත්‍රිකුණාමලයේදී සොයාගෙන තමන්ම එම ලොරිය පදවා ගෙනවිත් බෝම්බ නිෂ්ක්‍රීය කොට කොළඹ විනාශ කිරීම නතර කළේ ඔහුය. එම බෝම්බ ලොරිය කොළඹට පැමිණ පුපුරවා හැරියා නම් අද දේශපාලන නායකත්වයේ සිටින අය මෙන්ම රණවිරුවන් දඩයම් කරන CID ය ද විනාශ වීමට හොඳටම ඉඩ තිබුණි.

ජීවිත පරිත්‍යාගයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට ක්‍රියා කළ සුමිත් රණසිංහ රණවිරුවාගේ සිරුරෙහි තවමත් බෝම්බ කෑලි තිස්‌ගණනක්‌ ඇත. ඒවා ඉවත් කළ නොහැක. ඔහුගේ කනේ ද බරපතළ ආබාධයක්‌ ඇත. ඒ කිසිවක්‌ ගැන නොතකා 2001 දී තරුණයන් පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ චෝදනාවට සම්බන්ධ වූයේ නේවි සම්පත් ඇතුළු කණ්‌ඩායමක්‌ බව හඳුනාගෙන තිබියදීත් ඊට කිසිදු සම්බන්ධයක්‌ නොමැති බුද්ධි අංශ නිළධාරීන්ට දඬුවම් දෙන්නේ කොටි හිතවාදීන්ගේ උවමනාවට බවට කිසිදු සැකයක්‌ නැත. රණසිංහ පමණක්‌ නොව කොළඹ ආරක්‌ෂාව තහවුරු කළ නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියකු වූ රවිරාඡ් ඝාතනයට අත්අඩංගුවට ගෙන සිට නිදොස්‌ කොට නිදහස්‌ කළ කමාන්ඩර් හෙට්‌ටිආරච්චිට ද CID ට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් 2002 වසරේ මිලේනියම් සිටි බුද්ධි අංශ නිලධාරීන් විනාශ කළා සේම අදත් ත්‍රස්‌තවාදය අවසන් කිරීමට මහා මෙහෙවරක්‌ කළ බුද්ධි අංශ නිලධාරීන් හෙළිදරව් කර ඔවුන්ට දඬුවම් දෙන්නේ වෙනත් කිසිදු අරමුණකින් නොව බටහිර රටවල් හා කොටි හිතවාදීන් සතුටු කිරීමට බව නොරහසකි. ඔවුන් හෙළිදරව් කිරීම නිසා ඔවුන්ගේ දරු පවුල්වලට ද බරපතළ හිරිහැර කරදර වීමට හොඳටම ඉඩ ඇත. රටත්, ජාතියත් ත්‍රස්‌තවාදීන්ගෙන් බේරාගත් විරුවන්ට දඬුවම් කරන මොවුන්ට රජ කාලේ දඬුවම් දිය යුතුය. එසේ කළ නොහැකි වුවත් අපායේදී ලැබෙන දඬුවම් නම් අනිවාර්ය බව කිව යුතුය.

ජාතික හිමිකම් සංවිධානය

නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියා වූ සුමිත් රණසිංහ දගගෙට දැක්විමේ යහපාලන මෙහෙයුම 

නාවුක හමුදාවේ තවත් බුද්ධිඅංශ නිළධාරියෙකු රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.අත් අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකා නාවුක හමුදාවේ බස්නාහිර නාවුක කලාපයේ ගොඩබිම් ක්‍රියාන්විතයට අදාල ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල නිළධාරී ලෙස කටයුතු කළ කොමාන්ඩර් සුමිත් රණසිංහ 1997 වසරේදී සේවයට බැදුනු අයෙකි. 2007දී නැගෙනහිර පළාතේ කොටි සංවිධානයට එරෙහි “විශේෂ ක්‍රියාන්විතයන්“ සදහා පත්කරන ලදුව යුධ බිමේදී පෙන්වූ නිර්භීතභාවයත් අසාමාන්‍ය දක්ෂතාවත් නිසා යුධ බිමේදීම පිරිනමන උසස්වීමකට(FIELD PROMOTION)ද හිමිකම් කියන මේ නිළධාරියා නාවුක හමුදා ඉතිහාසයේ එවන් ගෞරවයක් ලද හයදෙනාගෙන් අයෙකි.

එසේම නාවුක හමුදා ඉතිහාසයේ දෙවන වතාවටත් එවැනි උසස්වීමකට නිර්දේශ කරන ලද දෙදෙනාගෙන් අයෙකි. (අතර නාවුක හමුදාපතිවරයාගේ විශ්‍රාමයාම හේතුවෙන් එම උසස්වීමට අදාල කටයුතු නතර කෙරුනු අතර අනෙක් නිර්දේශිත නිළධාරියාද ඉදිරි දිනෙක අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.)

තම අසාමාන්‍ය කැපවීම වෙනුවෙන් හය වතාවකදී නාවුක හමුදාපතිවරුන් තිදෙනෙකුන් විසින්ම සුවිශේෂී ඇගයීමට ලක් කර ඇති මේ රණ ශූරයා යුධබිමේ දක්ෂතා වෙනුවෙන් පිරිනමන රණශූර පදක්කමට තුන් වතාවක් හිමිකම් කියූ, දේශපුත්‍ර‍සම්මානය ඇතුළු පදක්කම් 12ක් හිමිකරගත් නිළධාරියෙකි.

කොටි ට්‍රෝලර් යාත්‍රා 23ක් විනාශ කිරීමට දායකත්වය සැපයූ මේ වීරයාගේ උකුසු ඇසට හසුවීම නිසා මරාගෙන මැරෙන ඇදුම් කට්ටල, බෝම්බ සහ පුපුරන ද්‍ර‍ව්‍ය සොගත් අවස්ථා ගණන 51කි. එනම් ඔහු විසින් දැනුවත්ව අප සහ අපේ දරුවන් මරණයෙන් ගලවාගත් අවස්ථා ගණන 51කි. යුධබිමේදී පරාජයකළ නොහැකි වූ මේ රණසූරයාගෙන් පළිගන්නට කොටි සංවිධානයට හැකිවූයේ ඔහු නිවාඩු ලැබ නිවස බලා එන ගමනේදී ඔහු ගමන් ගත් යාත්‍රාවට පහරදීමෙනි. නමුත් කොටි ත්‍ර‍ස්තවාදීනට අහිමිකිරීමට හැකිවූයේ ඔහුගේ එක් උකුසු ඇසක් සහ එක් කනක් පමණි.

රට වෙනුවෙන් අවදියෙන් තබාගැනීම සදහා එක් ඇසක් සහ එක් කණක් සමග ජීවිතය රැකගැනීමට ඔහුට අවස්ථාව හිමිවිය.

කමාන්ඩර් රණසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ඔහුට එරෙහිව නගා ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු නාවුක හමුදාපති කරන්නාගොඩ විසින් ද එවකට නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතුකළ නිළධාරියා විසින් ද තවත් දස දෙනෙකුන් පමණ ද ලබාදී තිබූ කටඋත්තරවල සදහන් කරුණු රහස් පොලිසිය විසින් සිතාමතාම වසන් කරමින් බව අනාවරණය වීය.

යෝජිත ව්‍යවස්ථාව හරහා උතුර හා නැගෙනහිර පළාත්වලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම සාධාරණය කරමින් අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ විසින් ප්‍රකාශ කර ඇති මතයේ ඇති භයානක කම වියත්මග සමුළුවේදී ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා විසින් ඉතා හොඳින් පැහැදිළි කළේය.

ඉඩම් හා පොලිස් බලතල පලාත් සභාවලට පැවරීම යනු ඒකීයභාවය අහිමි වීමක් බව පෙන්වා දුන් මනෝහර ද සිල්වා මහතා ෆෙඩරල් රාජ්‍යක් අවශ්‍යතාවය සැපිරීම වෙනුවෙන් රතන ස්වාමීන් වහන්සේලා විසින් දරන මතය උපකාරී වන්නේ කෙසේදැයි අවධාරණය කෙරිණ.

රතන හාමුදුරුවෝ ස්වාධීන වූයේ රට පාවාදෙන්නද… by lnwtoday

හම්බන්තොට වරාය විකිණීමේ දී රුපියල් ට්‍රිලියන 1.4ක දූෂණයක්

පිටු 74කින් යුත් හම්බන්තොට වරාය විකිණීමේ ගිවිසුම දේශප්‍රේමි නිලධාරින් මාර්ගයෙන් අපට ලැබී තිබෙනවා.  මේ ගිවිසුම හරහා ලංකාව සතු වටිනාම වස්තුව වන හම්බන්තොට වරාය තුට්ටු දෙකට චීනයට විකිණීමට සැලසුම් කර තිබෙනවා.  මෙහි දී චීනය අපට ලබා දෙන්නේ ඉදි කිරීම් පිරිවැයෙන් 80%ක් විතරයි.  ඉඩම් සඳහා කිසිම මුදලක් ගෙවන්නේ නෑ.  වරාය පිහිටි ඉඩම් ලෙස හෙක්ටෙයාර 780ක් නොමිලේ දුන්නත් එයින් වරාය ඇත්තටම තිබෙන්නේ හෙක්ටෙයාර 180ක විතරයි.  මීට අමතරව ටෑන්ක් ෆාර්ම් ඒරියා නමින් හඳුන්වන හෙක්ටයාර 100ක් ද දූපතේ හෙක්ටයාර  55ක් ද නොමිලේම චීන සමාගමට ලබා දෙනවා.

මෙහෙම නොමිලේ ලබා දුන්නාට වසර 99කට පස්සේ ලංකාණ්ඩුව ආපසු ලබා ගත යුත්තේ එවකට පවතින වෙළඳපොල වටිනාකම ලබා දීලා.  බව සඳහන් වෙනවා ගිවිසුමේ 43.1 වගන්තියේ.  චීනය විසින් තායිලන්තය හරහා ඉදි කරන ක්‍රා ඇල නිසා සිංගප්පූරු වරායේ වැදගත්කම දිය වී ගොස් ආසියාවේ වැදගත්ම වරාය බවට හම්බන්තොට වරාය පත් වන බව අපි මීට පෙර පෙන්වා දී තිබෙනවා.  හම්බන්තොට වරායේ වසර 99කට පසු වෙළඳපොල වටිනාකම කියන්නේ ලංකාණ්ඩුවට කිසි සේත්ම හිතා ගන්න බැරි තරම් වටිනාකමක්.  ඒ වගන්තිය එකතු කරන ගමන් චීනා රහසේ මුමුණන්න ඇති ප්‍රිය මාගම්පුර වරාය සොඳුර, සදහටම ඔබ මගේ.

වරායේ තවත් හෙක්ටයාර 500ක් 99 වසරකට බදු දෙනවා මේ සමාගමට.  වාර්ෂික බද්ද කීයද ? මිලියන 494යි.  මේ තියන්නේ තක්සේරු දෙපාර්තමේන්තුව එවා තිබුණු තක්සේරු වාර්තාව.  දැන් ඔය වරායේම ලාෆ් ගෑස් සමාගමට හෙක්ටයාර 12ක් බදු දීලා තිබෙනවා.  වාර්ෂික බදු කුලිය හෙක්ටයාරයට ඩොලර් 50,000යි.  ඒ කියන්නේ රු මිලියන 7.5යි.  වාර්ෂිකව ඩොලරයේ අගය පිරිහීම 7%කින් වන අතරේ 3%ක් වාර්ෂිකව බදු මුදල වැඩි වෙනවා.  ඒ කියන්නේ වාර්ෂිකව 10%ක් බදු මුදල වැඩි වෙනවා.  නමුත් ධනවත් චීනාට ලබා දෙන්නේ හෙක්ටයාරය 988,000 ගණනේ.  ලාෆ් සමාගමට 2013 දී ලබා දුන් මුදලට 2017 දී චීන සමාගමට ලබා දුන්නා නම් හෙක්ටයාරයට ඩොලර් 50,000 ගණනේ හෙක්ටයාර 2,000ට ලැබෙන මුදල රුපියල් කරන්න 150 වැඩි කලොත් ලැබෙන මුදල මිලියන 15,000යි.  නමුත් බදු දෙන මුදල මිලියන 494යි.  එක වසරකට පාඩුව මිලියන 14,506යි. වසර 99ට පාඩුව මිලියන වලින් කියන්න බෑ.  දිග වැඩියි.  බිලියන 1,436යි.  මේ දැවැන්ත මුදල ගියේ කාගේ සාක්කුවට ද?  ඒක සොයන්න ජනාධිපතිතුමාට බැඳුම්කර සිද්ධියේ දී වගේ තවත් ජනාධිපති කොමිසමක් පත් කරන්න වේවි.

කෙනෙක් කියන්න පුළුවන් හෙක්ටයාර 12ක් බදු දෙන මුදලටම හෙක්ටයාර 500ක් බදු දෙන්න බෑකියලා.  ඇත්ත මිළ අඩු වෙනවා.  සාමාන්‍යෙයන් 25%යි.  වැඩිම වුණොත් 50%ක් අඩු වේවි. ඒත් 3%ක් වගේ පොඩි ගණනක් දක්වා අඩු වෙන්න බෑනෙ.  ඒ නිසා මේ දැවැන්ත මුදල කාගේ සාක්කුවටද ගියේ කියන එක සොයා බලන එක දූෂණ විරෝධී රටට ආධරය කරන හැමෝගෙම වගකීමක්.

ඒ වගේම මේ ගිවිසුම අත්සන් කරන්න කලින් මේ පිළිබද සමාජ මතයක් හදල මේක නතර නොකලොත් මේ ගිවිසුම ගහල චීනය වගේ දැවැන්ත රටක් එක්ක එකගතා ඇති කර ගත්තට පස්සේ නැවත ඒවා කඩන්න බැහැ.  ඉංග්‍රීසි කියමනක් තියෙනව Do not catch anythingwhat you can’t throw awayකියල. අත්හල නොහැකි කිසිවක් අල්ල ගනන් එපා කියලයි ඉන් කියවෙන්නේ.

අපි මේ වරාය විකුණනනවට සම්පුර්ණයෙන්ම විරුද්ධයි. මොකද ලංකාවට ධනවත් රටක් වීමට මේ මාගම්පුර වරාය හරහා පුලුවන්.  මාගම්පුර වරායේ වටිනාකම අපේ නායකයන්ට නොතේරී මෙතන ගලක් වලක් විලක් පිහිණුම් තටාකයක් කියද්දී චීනය මේක මිලදී ගන්නට ඉදිරිපත් වෙන්නේ ක්‍රා ඇල ඉදිවීමෙන් අනතුරුව එහි නැව් ගමනාමනය පටන්ගත්තට පස්සේ හම්බන්තොට වරාය තරම් වටින වරායක් ලෝකෙම නෑ කියන එක චීන නායකයෝ දන්න නිසියි.

බැඳුම්කර සල්ලි හොර පාරෙන් පිටරටට

අර්ජුන් ඇලෝසියස්ට හිමි මෙන්ඩිස් අරක්කු සමාගම පාසිකුඩා, කුම්බුරුමුලී වෙම්බුලී, කඩකත‍රෛයි වීදි නැතිනම් වෙරළ පාරේ දැවැන්ත කර්මාන්ත ශාලාවක් ඉදිකරමින් පවතිනවා.  අපි දැක්කා මේ පලාත්වල ඉදිකිරීමක් ඡායාරූප අරගෙන පටිගත කරගෙන රූපවාහිනී නාලිකා වල වාර්ථා කලාම එම පලාතේ ඉඩම් නිලධාරියාට වෙඩ් තැබුවා. ඒ නිසා ජීවිත අවදානමක් සහිතව මේ ඡායාරූප අරගෙන ආවේ විශේෂ පණිවිඩයක් කියන්න.

මේ ඉදිවන්නේ අරක්කු නිෂ්පාදන කර්මාන්තශාලාවක් බවයි කියන්නේ.  අපිට ලැබී තියෙන තොරතුරුවලට අනුව මෙන්ඩිස් සමාගම බදු වංචාකරල තමන්ගේ බලපත්‍රය පවා අහිමි වු සමාගමක්.  එවැනි සමාගමකට සුරාබදු කොමසාරිස්වරයා තවත් අරක්කු කර්මාන්ත ශාලාවක් අරින්න බලපත්‍ර ලබාදීමේ ඉඩක් නෑ.  එහෙම ඉඩ දුන්නත් වෙරලක් අයිනේ කර්මාන්ත ශාලාවක් අරින්න ඉඩක් නෑ. මොකද පාසිකුඩා ප්‍රදේශය උග්‍ර ජල හිගයක් තියෙන ප්‍රදේශයක්. අරක්කු කියන්නෙත් ජලය දැවැන්ත ලෙස අවශ්‍ය කර්මාන්තයක්.

ඒ නිසා අපිට සාධාරන සැකයක් තියෙනවා බැඳුම්කර මගඩියෙන් වංචනිකව උපයාගත් බිලියන ගණනක මුදල් තව දුරටත් ශ්‍රී ලංකාවේ තබාගැනීම අවදානම් නිසා මේ කර්මාන්ත ශාලාවට යන්ත්‍ර සුත්‍ර ගෙන ඒමේ මුවාවෙන් විදේශ ගත කරන්න උත්සහ කරනවාද කියල.

යන්ත්‍ර සුත්‍ර වල සත්‍ය වටිනාකම මිලියන 500 යි නම් ඒ වටිනාකම වෙනුවට බිලියන 5 කට එම යන්ත්‍ර විකුණනසමාගම ඉන්වොයිස් කරනවා. එවිටඅදාල සමාගම ඒ මුදල ගෙවනවා. එතකොට අනික් සමාගම කරන්නේ තමන්ගෙන් මිලදී ගත් යන්ත්‍ර සූත්‍ර වල සත්‍ය වටිනාකම අරගෙන ඉතිරි මුදල විදේශ රටක  අර අනිත් සමාගමට අයත් බැංකු ගිණුමකට දානවා.

අපි කියනවා මේකට අධි ඉන්වොයිස් ක්‍රමය හරහා විදේශ විනිමය පිට රටට ගෙන යාම කියලා. මේක සුලභ ක්‍රමයක්.  අපිට සාධාරන සැකයක් තියෙනවාබැඳුම්කර මගඩියේ කළු සල්ලි මෙරට තබාගැනීමේ අවධානම පෙනෙන නිසා විදේශ ගත කිරීමේ උත්සහයක්ද මේ කියලා.

ඒ නිසා ජනපතිතුමනි අශ්වයා පැන ගියාට පසු ඉස්ථාලය වසා වැඩක් නැත.  මේ ගැන විමර්ශනය කරන්නට තිබුනේ පසුගිය වසර දෙකේ. දැන් කාලය ගෙව්වා හොදටම ඇති. පිවිතුරු හෙළ උරුමය මේ අර්බුදයට පස්විද වැඩ සටහනක් යෝජනා කලා.

  1. වංචනිකව ඉපයූ මුදල් අත්හිටුවා වහාම මහ බැංකුවේ භාරයට ගන්න.

අද වෙනතුරුත් මේක කලේ නෑ.  කලානම් මෙහෙම පිට රටවලට හොර පාරවල් වලින් සල්ලි ටික යවන්න වෙන්නෙත් නෑ.

 

  1. පපෙචුවෙල් ට්‍රෙසරීස් සමාගම සතු මුදල් තැරැව්කාර බලපත්‍රය වහාම අවලංගු කරන්න.

ඒ දේ කලේත් නෑ.  ඒ නිසා 2015 පෙබරවාරි මාසයේ කරපු බැදුම්කර වංචාව ඒ විදිහටම 2016 මාර්තු මාසයේත් කලා.

 

  1. වරද කරුවන් රටින් පිටවීම නවත්වන්න ගමන් බලපත්‍ර උසාවිය භාරයට ගැනීමට අධිකරණ නියෝගයක් ලබාගන්න.

ඒ දෙය ඉටුඋනෙත් නැහැ.

 

  1. කල් නොයවා නීතිපති හරහා මොවුන්ට විරුද්ධව අධි චෝදනා පත්‍ර ගොනු කරන්න.

ඒක අද වෙනතුරු නීති පති අධ්‍යයනය කරනවා. සමහර ලිපිගොනු පොලීසියෙන් නීතිපතිට ගිහාම පැය 24න් නීතිපති උපදෙස් පොලීසියට ලබාදෙනවා. නමුත් මෙහිදී දෙවසරක් ගතවෙලත් නීතිපති තවම බුදි.

 

  1. මේ දූෂනයේදී මහ බැංකුව ගැන හැමෝම කතා කලත් ලංකා බැංකුව සහ සේවක අර්ථසාධක අරමුදල ගැන කවුරුවත් කතා කරන්නෑ. ලංකා බැංකුවට ලබාදුන් දුරකථන ඇමතුමකින් බිලියන ගානක ණයක් පපෙචුවෙල් ට්‍රෙසරීස් සමාගමට දුන්නේ කොහොමද ? ලංකා බැංකුව සෘජුව බැදුම්කර මිලදී ගැනීම් කරන් නැතුව, පපෙචුවෙල් ට්‍රෙසරීස් හරහා මිලදී ගන්නට යාමෙන් මිලියන ගණනක ආදායමක් අහිමිකර ගත්තේ ඇයි? සේවක අර්ථසාධක අරමුදල සෘජුව මිලදීගන්නැතුව පපෙචුවෙල් ට්‍රෙසරීස් හරහා මිලදී ගත්තේ ඇයි.  මේ ගැන අද වෙන තුරු කිසිම සංවාදයක් නැහැ. පරීක්ෂණයක් නැහැ.

 

මහ බැංකුව කියන හ දෙස බලන අතරෙම වටේ තියෙන තරු දෙසත් බලන්න කියල අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.

2017 03 06 පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වු අදහස්.

මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ මධ්‍යම කාරක සභික සීගිරියේ ධම්මින්ද හිමි සහ සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝණාර මහතා සහභාගිවිය.

IMG_9458

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට සහ ඇමැතිවරුන්ට අපේ ආණ්ඩුවක් සැදීමේ සැබෑ වුවමනාවක්  ඇත්නම් ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ කන දීගය නතර කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

බිරියන්ට, අනියම් බිරියන්ට බියෙන් එ. ජා. ප යේ වළන් සෝදන්නට ගිය පිරිස අපේ ආණ්ඩුවක් වෙනුවෙන් ඇමැතිකම් අතහරින පාටක් නැති බව පැවසූ රණතුංග මහතා එ. ජා. පය සමඟ දීග කන ගමන් නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගැන කතා කිරීමත් විහිලුවක් බවත් පෙන්වා දුන්නේය.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරීන් සමඟ පසුගිය දා පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

වර්තමාන ආණ්ඩුව යටතේ අද රට භයානක ඉරණමකට මුහුණපා තිබෙනවා. එක පැත්තකින් රටේ ආරථිකය කඩා වැටිලා. අනෙක් පැත්තෙන් ජාතික ආරක්ෂාව බිඳවැටිලා. තව පැත්තකින් පාතාලය හිස ඔසවමින් තිබෙනවා. මේ විනාශ වෙමින් යන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩු අවුරුදු 10ක් තිස්සේ අපමණ කැපකිරීමක් කරලා ගොඩනඟපු රටයි.

මහින්ද රාජපක්ෂ කියන්නේ කරන්න බැරිය කියපු දේවල් කරලා පෙන්වපු නායකයෙක්. වසර තිහක් තිස්සේ අපේ ජනතාව යුද්ධයෙන් පීඩා වින්දා. ජේ. ආර්, ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා කියන ජනාධිපතිවරුන් හතරදෙනකුම ‍කොටි ත්‍රස්තවාදය ඉදිරියේ දණ නැමුවා. මහින්ද මහත්තයා 2005 බලයට එනකොට තිබ්බෙ රටක් නෙමේ ලේ විලක්.

එතුමා ජනතාවට දුන් පොරොන්දුව අනුව කොටියා ඉදිරියේ දණ නොනමා යුද්ධය අවසන් කරලා රටට සාමය උදා කළා. කොටියට ගහන්න ගත්තු දවසේ ඉඳලා ජනතාව එතුමට ආදරය කරන්න ගත්තා. අපේ ජනතාව ආදරය කරන්න ගද්දි අමෙරිකාව, එංගලන්තය, ඉන්දියාව වගේ කොටි හුරතල් කරපු අය මහින්ද මහත්තයට වෛර කරන්න ගත්තා. ඒ අයට ඕනෑ වුණේ යුද්ධය නතර කරන්න.

නමුත් මේ රටේ ජනතාවට ඕනෑ වුණේ මේ සාපකාරී යුද්ධය අවසන් කරන්න. මහින්ද මහත්තයා බලගතු රටවල්වල ඉල්ලීමට පයින් ගහලා ජනතාවගේ ඉල්ලීම ඉටු කළා. ජනතාව කිරිබත් කාලා, රතිඤ්ඤා පත්තු කරලා ජයග්‍රහණය සැමරුවා. බලගතු රටවල නායකයෝ තීන්දු කළා මහින්ද රාජපක්ෂ ගෙදර යවන්න ඕනෑ කියලා. අවාසනාවකට වගේ  අපේ රටේ විපක්ෂයත් බලගතු රටවලට උදව් කළා.

මහින්ද රාජපක්ෂ ගෙදර යවන කුමන්ත්‍රණය ආරම්භ කෙරුණේ 2009දි යුද්ධය ඉවර කරනවාත් එක්කම. විශාල වශයෙන් මුදල් පොම්ප කරලා විපක්ෂය ලවා මහින්ද රාජපක්ෂ කියන නාමය ජනතාවගෙ හිත්වලින් ඈත් කරන්න කටයුතු කළා. එදා යුද්ධය ඉවර කරලා ජනතාවගේ හිත්වල ඉපදුණු වීර චරිතය බොරු මඩ ගහලා හොරෙක් බවට පත් කරන්න මේ අය උපක්‍රමශීලිව කටයුතු කළා.

මෙන්න මේ ආකාරයට තමයි මේ අය 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ. ජනතා කැමැත්ත මත නොවෙයි මේ බල හුවමරුව සිද්ධ වුණේ. කෙටියෙන් කිව්වොත් ජනතාව විසින් තවත් අවුරුදු හයකට මහින්ද මහත්තයාගේ අතේ තියන්න ගිය ජනාධිපති කිරුළ මේ අය කූට උපක්‍රම යොදලා උදුරා ගත්තා. මේක විදෙස් අරමුදල්වලින් ක්‍රියාත්මක වුණු බලගතු රටවල කුමන්ත්‍රණයක්.

මේ ආණ්ඩුව රට විනාශ කරන එකේ පුදුමයක් නැහැ. මේ අය ආවේ රට හදන්න නෙමෙයි. ඒ අයට ලැබුණු කොන්ත්‍රාත්තුව තමයි රට විනාශ කරන එක. මහින්ද රාජපක්ෂව එළවන එක. දැන් ඒක කරලා ඉවරයි. දැන් ඉතින් රට වල පල්ලට ගියත් මේ අයට කමක් නැහැ.යහපාලන ආණ්ඩුව ගොඩනඟන්න දරදිය ඇදපු කවුරුවත් රට ගැන කැක්කුමක් ඇති අය නෙමෙයි. ඔක්කොම එක වල්ලේ පොල් වගේ සෙට් එකක්.

මේ අයට ආණ්ඩුවක් තියා ගම් සභාවක්වත් පාලනය කර ගන්න බැහැ. අගමැති ගහන පදයට තමයි ජනාධිපති නටන්නේ. වෙලාවකට හිතෙනවා විධායක ජනාධිපතිවරයකුට ගිය කලක් කියලා. රනිල් වික්‍රමසිංහට අගමැතිකම ගන්න පාර්ලිමේන්තුවේ බහුතරය අරන් දෙන්න ගිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමැතිව සෙට් එක නටන්නෙත් රනිල්ගෙම පදයට තමයි.

එදා රනිල්ට මිස්ටර් බීන් කියලා හිනා වුණ අයම අද ගරු අගමැතිතුමා කියලා වඳින පුදන හැටි දැක්කම අඬන්නද හිනාවෙන්නද කියලවත් හිතා ගන්න බැහැ. අද රනිල් ජනාධිපතිව විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අල්ලේ නටවනවා. ඒ තත්ත්වය උදා කළේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා මිසක් වෙන කවුරුත් නෙමෙයි. රනිල්ගේ අල්ලේ නටන ගමන් ජනාධිපතිවරයා පක්ෂය කඩනවා කියලා අපට බනිනවා.

පක්ෂයටත් නායකයාටත් පාක්ෂිකයන්ටත් පස්ස හරවලා ජනාධිපති අපේක්ෂකමට ගිය සිරිසේන මහත්තයා අන්තිමට මහ ලොකුවට පක්ෂය ගැන කතා කරනවා. තුනෙන් දෙකක ආණ්ඩුව, පළාත් සභා, පළාත් පාලන ආයතන හිමිවෙලා තිබ්බ පක්ෂය අද එක්සත් ජාතික පක්ෂයේ ‍පිළිකන්නේ ලැගගෙන රෙදි හෝදන තැනට ගෙනාවේ අපිද?

මහින්ද මහත්තයා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය උදා කරපු යුග පුරුෂයා. ඒ යුගය නිමා කරපු ඇම්බැට්ට රැල කවුද කියලා ජනතාව හොඳට දන්නවා. දැන් මහින්ද අමරවීරලා ව‍ගේ අය කියනවා පක්ෂය කඩන්නේ නැතුව ජනාධිපතිගේ නායකත්වය යටතට එක්වෙන්නලු. නිදහස් පක්ෂය පාවා දුන්න අය එ. ජා. පයේ අසූචි කන ගමන් අපටත් හවුල් වෙන්න කතා කරනවා.

උන්නැහෙලා වගේ අපි අසූචි කන්නේ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂයට බලය අරන් දෙන්නවත් රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නවත් කවදාවත් හවුල් වෙන්නේ නැහැ. රට විනාශ කරන මේ පාපකර්මයට කවදාවත් අපි කර ගහන්නෙත් නැහැ. එහෙම ‍කළොත් අපේ අනාගත පරම්පරාව අපට සාප කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති රැලට ඒ සාපයෙන් ගැලවෙන්න බැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගැන කිය කිය එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලිලා හිටියට හරියන්නේ නැහැ. අපේ ආණ්ඩුවක් හදන්න නම් ඉස්සෙල්ලා ඔය සභාග ආණ්ඩුවෙන් එළියට බහින්න. මේ අය එහෙම ආණ්ඩුවෙන් එළියට බහින පාටක් නැහැ. එ. ජා. පය එක්ක දීග කන කමන් ශ්‍රී ලංකා ආණ්ඩුවක් ගැන කියවන්නේ පාක්ෂිකයෝ නැති වෙනවට බයේ මිසක් වෙන හේතුවක් හින්දා නෙමෙයි. ඕවට අපි රැවටෙන්නේ නැහැ. ‍

පාවා දීම කවුරු කළත් වැරැදියි. පක්ෂයේ නායකයා පාවා දීමක් කළාම පක්ෂය ඔලුවේ තියන් ඒ පාවා දීම සාධාරණීකරණය කරන්න අපි සූදානම් නැහැ. අද පක්ෂය පාවා දුන් කෙනා හෙට අපි පාවා නොදෙයි කියලා විශ්වාසයක් තියන්න බැහැ. අන්න ඒ නිසයි අපි මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය කියලා වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ඉන්නේ.

අපි වගකියන්නේ ජනතාවට. අපට ඕනේ ජනතාවාදී ආණ්ඩුවක් හදන්නයි. ගෙදර නෝනට බයේ, අනියම් බිරියට බයේ, හොරකම් නවතිනවට බයේ ඇමැතිකම් අරන් ඉන්න සමහරුන් මොන විග්‍රහ කළත් ආණ්ඩුව ගැන ජනතාවට තියෙන් අප්‍රසාදයක්. කලකිරීමක්. ඡන්දය දුන්න මිනිස්සුම දැන් ප්‍රසිද්ධියේ ආණ්ඩුවට බනිනවා. මහින්ද මහත්තයාගේ ගුණ කියනවා. ඒ අයට තේරුණේ නැති වුණාට ර‍ටේ තත්ත්වය ඕකයි.

ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයට ස්‌ථිර විසඳුමක්‌ ලෙස බලය විමධ්‍යගත කරන පෙඩරල් විසඳුමක්‌ ලබාදිය යුතු යයි සුළු ජන කොටස්‌ පිළිබඳ කටයුතු කරන එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රීටා අයිසැක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුවට නිර්දේශ කර තිබේ.මිට අමතරව ශ්‍රී ලංකා රජය ඉටුකළ යුතු ඉල්ලීම් යෑයි දක්‌වමින් නිර්දේශ 24 ක්‌ද මානව හිමිකම් සමුළුවට යොමුකර ඇති අතර උඩරට වතුකරයේ සියලු පවුල්වලට පර්චස්‌ හත බැගින් ලබාදිය යුතු බවද ඇය නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකාව කැබලිවන අයුරින් එක්‌සත් ජාතීන්ගේ නියෝජිතවරියක්‌ මානව හිමිකම් සමුළුව වෙත පෙඩරල් විසඳුමක්‌ දීමේ යෝජනාවක්‌ ඉදිරිපත් කළ මුල් වතාව මෙය වන අතර පසුගිය වසරේ ඔක්‌තෝබර් 10 සිට 20 දක්‌වා උතුරේ සංචාරය කළ රීටා අයිසැක්‌ මෙම බෙදුම්වාදී නිර්දේශය දැන් පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට යොමුකර තිබේ.

මේ ගැන මාර්තු 22 දා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සිය නිගමනය ප්‍රකාශයට පත් කිරිමට නියමිත අතර උතුරේ ක්‍රියාත්මක වන තේසවලාමෙයි නීතිය එලෙසම පවත්වාගෙන යා යුතු බවද රීටා අයිසැක්‌ සඳහන් කර සිටී.

Ms. Rita Izsák-Ndiaye, Special Rapporteur on Minority Issues

 

 

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කලහොත් එය ලාංකිය දේශපාලන ඉතිහාසයේ පාලක පක්ෂයක් ලබන දැවැන්තම පරාජය සනිටුහන් කරන මැතිවරණයක් බවට පත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ ජ්‍යෙෂ්ඨයන් මධ්‍යම කාරක සභාව රැස්වීමේදි පෙන්වා දි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කඩිනමින් ගෙන ආ යුතු බවත් ඒ හරහා උතුරේ ජනතාවට ස්වාධින බලතල සහිත රාජ්‍ය බලයක් ලබාදිය යුතු බවට පවසමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යෝජනා කර ඇති අතර එයට විරුද්ධව අදහස් දක්වමින් ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් බහුතරයක් පවසා ඇත්තේ ආණ්ඩුවේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින අප්‍රසාදය හේතුවෙන් මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීම කිසිසේත්ම නොකළ යුතු බවයි.

රටේ වත්මන් අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය නොකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මත කිරීම පමණක් ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යොජනා කර ඇති අතර එම යොජනාව පිළිනොගෙන ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් පරාජය නියත බවත් යම් ඒ හරහා ජනාධිපතිවරයාගේ පුටුවට පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද කෙලවෙන බව ඔහුන් පෙන්වා දි තිබේ.

ඒ අනුව ජනමත විචාරණයකට තුඩුදෙන වගන්ති ඇතුළත් නොකොට විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කරගන්නා ලෙස මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨයන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමස්ථ ලංකා කාරක සභාවේදී මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ කණ්ඩායම ගත් තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරණ ශී‍්‍රලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විශේෂ හමුවක් මේ බදාදා කැදවිමට මහින්ද පාර්ශ්වය තින්දු කර තිබේ.එම සාකච්ඡාවේදි අතිශය වැදගත් දේශපාලන තින්දු කිහිපයක්ම ගැනිමට මහින්ද පාර්ශ්වය සුදානම් බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් (02)වැනිදා මධ්‍යම කාරක සභාව රැස්වු අතර අනුව මහින්ද සමග එක්ව දේශපාලන කරන ආසන සංවිධායකයින් ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාව කටයුතු කර තිබේ.

එම යොජනාව හරහා මෛත්‍රී පිළේ බත් බැලයන් පෙන්වා දි ඇත්තේ දැනට මහින්ද පිළ නියෝජනය කරන මහින්ද ලගින්ම ඉන්න කුමාරවෙල්ගම, මහින්දානන්ද අලූත්ගමගේ, සහ පළාත් පාලන ආයතන නියෝජනය කරන බහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුර දරමින් මහින්ද සමග කටයුතු කිරිම හෙතුවෙන් එය තමන්ට බරපතළ ගැටලුවක් වි ඇති බවයි.එම හේතුවෙන් ඔහුන් සියලුම දෙනා ඉවත් කර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නව කි‍්‍රයාකාරී ආසන් සංවිධායකවරුන් පත්කර ගැනීමට පියවර ගත යුතු බවයි මෛත්‍රීගේ බත් බැලයන් පෙන්වා දි ඇත්තේ.

මේ අතර රටේ ජනතාව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් රැවටීම සදහා වරින් වර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නව ආණ්ඩුවක් පිහිටුවන්නැයි ඒකාබද්ධ විපක්ෂයට කරණු ලබන ආරාධනය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවවද මෙම සාකච්ඡාවේදි අවධානය යොමුකර එම රැවටිමෙන් ජනතාවත්,පාක්ෂිකයින්නුත් ගලවා ගැනිම සදහා වන වැදගත් තින්දු තිරණ රැසක්ද ගැනිමට නියමිතව තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන්  කලේ.

මුලතිව්හි පිලකුයිඩිරිප්පුහි ගුවන් හමුදා කඳවුරට අයත් ඉඩම් අක්‌කර 42 ක්‌ ගුවන් හමුදා බලධාරීන් විසින් දිසා ලේකම්වරයාට බාර දී ඇත.

ඊට පෙර පරවිපංජාන් හමුදා කඳවුර වෙනත් ස්‌ථානයකට ගෙනයැමට තීරණය විය.

මේ පසුබිම මැද යුද්ධය නිමවී වසර 7 කට පසු මුලතිව් ඉඩම් තමන්ට අයත් යෑයි පවසමින් ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක්‌ මුලතිව් ගුවන් කඳවුර අසලට පැමිණ උපවාසයක යෙදී ඇත.

මේ තත්ත්වය මැද විරුද්ධ පක්‍ෂ නායක සම්බන්ධන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී මුලතිව් ඉඩම් මුදාහරින ලෙස ඉල්ලා තිබේ.

එහෙත් මුලතිව්හි ඉඩම් පිළිබඳ සත්‍ය තත්ත්වය කුමක්‌ද?

2002 පෙබරවාරි 21 දා සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ප්‍රභාකරන් ගත් ක්‍රියාමාර්ග මෙසේය.

1. මුලතිව්හි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මහාවිරු පවුල්වලට ලබාදීම.

2. කොටි ගුවන් ධාවන පථය ඉදිකිරීම.

3. කොටි කේන්ද්‍රස්‌ථානය ලෙස මුලතිව්හි පවත්වාගෙන යැම

එදා සිදුවූ මේ අතීත ක්‍රියාදාමයන් බලධාරීන්ට අමතක වූයේ කෙසේද?

තමන්ට අයත් යෑයි පවසන මේ ඉඩම් ගැන එම විරෝධතා පවත්වන ද්‍රවිඩ වැසියන් 2017 දී හිමිකම් ඉදිරිපත් කළේ මන්ද යෑයි රජය ප්‍රශ්න කර නැත.

මෙම මුලතිව් ගුවන් කඳවුර පිහිටි ප්‍රදේශය මර්මස්‌ථානයකි.

2009 ජුනි මස ගුවන් හමුදාව මුලතිව්හි මෙම කඳවුර ස්‌ථාපිත කර අගෝස්‌තු මසදී එය වැඩිදියුණු කරනු ලැබීය.

2009 ජනවාරි මස සිංහ රෙජිමේන්තුව අල්ලා ගත් මුලතිව් කොටි ගුවන් ධාවන පථය පිහිටියේ මුලතිව් කලපුවට කිලෝ මීටර් පහක්‌ ඈතිනි.

එම ගුවන් ධාවන පථය කිලෝ මීටර් 2.5 ක දිග වූ අතර මීටර් 100 ක පළලකින් යුක්‌ත විය.

දින දෙකක්‌ පුරා කළ සටනකින් පසු මුලතිව් කොටි ධාවන පථය හැරදමා කොටි පැන ගියේය. මෙය කොටින්ගේ විශාලතම ගුවන් ධාවන පථයයි.

කොළොන්නාව තෙල් ටැංකියට හා කටුනායක ගුවන්තොටුපළට ස්‌ලින් යානා මගින් බෝම්බ දැමීමට කොටි භාවිත කළේ එම ගුවන් ධාවන පථයයි.

මෙම ප්‍රදේශය කොටි අධි ආරක්‍ෂක කලාපයක්‌ ලෙසද නම් කර තිබුණි. එහෙත් ද්‍රවිඩ සංධානය අතීතය වසන් කර ඇත.

මුලතිව් ගුවන් කඳවුර ඉවත් කරලීම සඳහා සමස්‌ත ලංකා හින්දු කොංග්‍රසයද මැදිහත් වී තිබේ.

මේ නිසා නැගෙන බරපතළ ප්‍රශ්නය නම් කොටි සංවිධානය ක්‍රියාත්මක වන සමයේ මුලතිව්හි තිබූ තත්ත්වයට ගෙන ඒමට ද්‍රවිඩ සංධානය මෙන්ම බෙදුම්වාදී පිරිස දරන උපාය මාර්ගයයි. එය තවදුරටත් සනාථ වූයේ අම්පාර මාධ්‍යවේදීන් යෑයි හඳුන්වාගත් පිරිසක්‌ද මුලතිව් ගොස්‌ මුලතිව් ගුවන් කඳවුර ඉවත් කරලීමේ උත්සාහයට සහාය දක්‌වීමයිs.

මේ නිසා ජාතික ආරක්‍ෂාවට බලපාන මර්මස්‌ථාන ඉවත් කළ යුතුද යන ප්‍රශ්න පැන නැගී ඇත.

ඊට හොඳම නිදසුන පහත දැක්‌වෙන සිදුවීම්වලින් අවබෝධ වේ.

1. සටන් විරාම ගිවිසුම සමයේ කොටි සංවිධානය උතුර හා නැගෙනහිර සමහර ප්‍රදේශවලින් හමුදාව ඉවත් විය යුතු බවට ජනතාව ලවා උද්ඝෝෂණ සිදුකිරීම.

2. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය ග්‍රන්ථයෙන් නාගර්කෝවිල් සිද්ධිය හෙළිකර ඇත.

3. 55-1 හමුදා සේනාංකය භාරව සිටි කමල් ගුණරත්න නාගර්කෝවිල් හංදියේ සිට මීටර් 200 ක්‌ ඈතින් තීරය හමුදා පාලනයට ගෙන තිබුණි.

4. සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු වහාම අල්ලාගත් ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙස කොටි රජයෙන් ඉල්ලා තිබුණි.

5. එහෙත් මේජර් ජනරාල්වරයා එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කර ඇත.

6. එවකට අමාත්‍යවරයකු වූ මිලින්ද මොරගොඩ සහ එදා හමුදාපති වූ ලයනල් බලගල්ල නාගර්කෝවිල් හමුදා මූලස්‌ථානයට පැමිණ ඇත. එහිදී මොරගොඩ එහි අල්ලා ගත් ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඉල්ලීය.

7. එම ඉල්ලීම මේජර් ජෙනරාල් ගුණරත්න ප්‍රතික්‌ෂේප කර තිබේ.

8. කොටි පරාජය කිරීමට නොහැකි බව මොරගොඩ පැවසීම.

9. හමුදාපති ලයනල් බලගල්ලද එම අදහස අනුමත කර තිබේ.

10. සති කිහිපයකට පසු හමුදා මූලස්‌ථානය විසින් මේජර් ජෙනරාල් ගුණරත්න නාගර්කෝවිල්වලින් ඉවත් කළේය. ඉන් පසු හමුදාව අල්ලාගෙන තිබූ නාගර්කෝවිල් ප්‍රදේශයෙන් ඉවත් විය.

මින් සනාථ වන්නේ එදා පැවැති තත්ත්වයට උතුරු නැගෙනහිර ගෙන ඒමට ද්‍රවිඩ සංධානය හා එහි ආධාරකරුවන් කටයුතු කිරීමයි.

නාගර්කෝවිල් යනු හමුදා මර්මස්‌ථානයකි. 2002 දී නාගර්කෝවිල්වලින් හමුදාව ඉවත් කළ ආකාරයට මුලතිව් ගුවන් හමුදා කඳවුර ඉවත් කිරීමට සැලසුම් කරන බව දැන් පැහැදිලි වී ඇත.

මේ සැබෑ යථාර්ථය මෙරට ඉහළ දේශපාලන නායකයන් තේරුම් නොගන්නේ මන්ද?

ලොව කිසිදු රටක්‌ ආරක්‍ෂක මර්මස්‌ථානවලින් ඉවත් වන්නේ නැත. එහෙත් උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් ඉතා සූක්‍ෂම ලෙස රජය ලවා උතුරේ මර්මස්‌ථාන ඉවත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කරමින් සිටිති.

-කීර්ති වර්ණකුලසූරිය-

මේ ආණ්ඩුව බලයට පත් කෙළේ කවු ද? චතුර සේනාරත්න ද? රතන හාමුදුරුවො ද? අශෝක අබේගුණවර්ධන ද? අනුර දිසානායක ද? සෝභිත හාමුදුරුවො ද? සරත් විජේසූරිය ද? මහින්ද අමරවීර ද? බස් ගැමුණු ද? රාජිත සේනාරත්න ද? එස් බී දිසානායක ද? චන්ද්‍රිකා කුමාරතුංග ද? ලක්‍ෂමන් කිරිඇල්ල ද? රවි කරුණානායක ද? සරත් ෆොන්සේකා ද? රන්ජන් රාමනායක ද? මේ ඔක්කොම හා තවත් අය ද? ඒ එක්කෙනකුවත් නො වෙයි ද? මෛත්‍රිපාල තමන් ම බලයට පත්වුණා ද? කවුරු මෛත්‍රිපාල බලයට පත් කළත් අද ඔහු මෙරට විධායක ජනාධිපති. විධායක බලතල තියෙන්නෙ මහුට. ඒත් ජන බලයක් නැත්තෙත් ඔහුට.

මෛත්‍රිපාල ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රකාශය හැදුවෙ කවුද? ඒ ප්‍රකාශය පොදු අපේක්‍ෂකයාගෙ ප්‍රකාශය ද? ඒකට එ ජා පක්‍ෂය එකඟ වුණා ද? මේ ප්‍රශ්න අහන්න වෙන්නෙ ව්‍යවස්ථා සංශෝධනය හරි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හරි එක්ක. ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රකාශයෙ තියෙන්නෙ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන්නෙ නැති බව. ඒ අතර රාජිත සේනාරත්න ලක්‍ෂමන් කිරිඇල්ල කියන්නෙ නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකට යොමු කරනවා කියලා. සම්බන්ධනුත් ජනමත විචාරණයකට එකඟයි. විජිතමුණි සොයිසා මොනව කියනවද කියන එක පැහැදිලි නැහැ. ඩිලාන් පෙරේරා මොනව කිවුවත් වැඩක් නැහැ.

එක්සත් ජාතික පෙරමුණ අගෝස්තු මැතිවරණයෙ දි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න බලය ඉල්ලපු එක ම වැරදියි. මෛත්‍රිපාල ජනාධිපති වුණෙ 2015 ජනවාරි මාසෙ. ඒත් මහින්දගෙ නමින් අර බැඳුම්කර ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙන්නෙ නම් ඊට පස්සෙ. ඒ විතරක් නොවෙයි. 2015 අගෝස්තු මාසෙ ඊනියා ජාතික ආණ්ඩුව නමින් එ ජා ප ආණ්ඩුවක් පිහිටෙවුවටත් පස්සෙ. ජනාධිපති පැහැදිලි ව ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන්නෙ නැති බවට පොරොන්දුවක් දීල ජයග්‍රහණය කරලා තියෙද්දිත් එ ජා පෙරමුණ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බලය ඉල්ලුවෙ ඇයි? තමන් මෛත්‍රිපාල ජනාධිපති ලෙස තබාගෙන, ඔහු කැබිනට් මණ්ඩලයෙ ප්‍රධානියා ලෙස ඉන්න ආණ්ඩුවක් පිහිටුවන එකක් නැහැයි කියලා එ ජා පෙරමුණ හිතන් හිටිය ද? ඒත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තෙ අත ලෙවකන්න වෙන්න බැහැ.

දහනවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිගෙ යම් යම් බලතල අගමැති පවරා ගත්ත. ඒ බව නොදැන ද සංධානෙ මන්ත්‍රීවරු ඒකට ඡන්දෙ දුන්නෙ? අද දැන් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැති බලය පවරා ගෙන කියලා කෑ ගැහුවට වැඩක් නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙන්න කියලා අප කී දේට සවන් දුන්නෙ නැහැ. සරත් වීරසේකර පමණක් විරුද්ධ ව ඡන්දෙ දුන්නා. ජානක බණ්ඩාර ඡන්දෙ දීමෙන් වැළකුණා. දිනේෂ් ගුණවරධන, වාසුදේව, විමල් වීරවංශ ආදී සියල්ලන් ම දහනවවැනි ව්‍යවස්ථා සංභෝධනයට පක්‍ෂ ව ඡන්දෙ දීලා තමන්ගෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී කන්‍යාභාවය ආරක්‍ෂා කර ගත්තා.

මෛත්‍රිපාල බලයට පත්වුණෙ සංධානෙ ඡන්දවලින් නො වෙයි. ඒක මහින්ද අමරවීරලා පිළිගන්නෙ නැත්නම් ඒ කුහකකමට. මෛත්‍රිපාල දිනෙව්වෙ එ ජා ප මුස්ලිම් කොංග්‍රස් හා දෙමළ ජාතික සංධානෙ ඡන්දවලින්. අනුර දිසානායකගෙයි චම්පක රණවකගෙයි හිත් පොජ්ජවල් සතුටු කරන්න ජ වි පෙ, ජාතික හෙළ උරුමෙ ඡන්දවලිනුත් කියලා කියන්න ඕනෙ ද? ඒ ගොල්ලන්ටත් ඡන්ද නැති කාලෙ මෛත්‍රිපාල දිනවන්න ඡන්දෙ දම්මවන්නෙ කෙහොම ද?

ඒ කොහොම වෙතත් එ ජා ප, දෙමළ ජාතික සංධානය හා මුස්ලිම් කොංග්‍රසය මෛත්‍රිපාල සිරිසේනගෙ ජනාධිපතිවරණ ප්‍රකාශය අනුමත කරලා තියෙනවා. රාජිතයි කිරිඇල්ලයි දෙන්නත් ඒ ජනාධිපතිවරණ ප්‍රකාශයට ඡන්දෙ දැමීමට ජනතාවට කරුණු කියලත් තියෙනවා. ඔවුන් කියනවා නම් මෛත්‍රිපාල දිනෙව්වෙ තමන් කියලා ඒකෙන් කියන්නෙ ඔවුන් ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන ගේන්නෙ නැතැයි කී බවයි. ඔවුන් ජනාධිපතිවරණය අතරෙ කිසිම විටෙක කියල නැහැ ජනාධිපතිවරණ ප්‍රකාශයෙ මොනව තිබ්බත් තමන් ජනමත විචාරණයක් පවත්වලා සම්මත කරගන්න නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනව කියලා.

මෛත්‍රිපාල පත් කරගත්තෙ බටහිර හා ඉන්දීය ඔත්තු සේවාවල ආධාරයෙන් ඒ රටවල් වුණත් රාජිතලා කිරිඇල්ලලා මෛත්‍රිපාල පත්කර ගත්තෙ තමන් කියලා කියන නව නම් ඔවුන්ට බැහැ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන්න. මෛත්‍රිපාලගෙ ජනාධිපතිවරණ ප්‍රකාශෙට ඡන්දෙ දීපු හරි ඒකට ඡන්දෙ දෙන්න කියලා හරි කියපු කිසි අයෙකුට බැහැ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මෛත්‍රිපාල එ ජා ප ඡන්දවලින් දිනුවයි කියන්න එ ජා ප ඉදිරිපත් වෙනව නම් ඔවුන්ට ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන ගැන හිතන්නවත් බැහැ. මොන ඡන්දවලින් හරි මෛත්‍රිපාලගෙ ජනාධිපතිවරණ ප්‍රකාශය ඡන්දදායකයන් බහුතරයක් අනුමත කරලා. ඒත් එ ජා පෙරමුණ අගෝස්තු මැතිවරණයට නව ව්‍යවස්ථාවක් සම්මත කරන බවට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය ජනතාවගෙන් බහුතරයක් අනුමත කරලා නැහැ. කරන්න ඕන මොකක් ද කියන එක ඡන්දදායකයන් කියලා ඉවරයි. දැන් ඒ ජනතා ප්‍රකාශවලට එරෙහි ව නව ව්‍යවස්ථා ගෙන ඒමට කතා කිරීම ඔය ලොකුවට කතා කරන ප්‍රජාතන්ත්‍රවාදයට නම් එකඟ නැහැ.

නලින් ද සිල්වා

2017 මාර්තු 02

පැය 48 ක් යනකොට,ඔවුන්ට හොදට ආයුධ සන්නද්ධ,හොදට පුහුණු වෙච්ච ,අත්දැකීම් බහුල ත්‍රස්තවාදින් 15,000 ක ගේ හමුදාවක් ඉතාම කෙටි කාලයකදී ගොඩ නගන්න පුළුවන් තත්වයක් අද රට තුළ යහපාලන ආණ්ඩුව නිර්මාණය කර තිබේන බව රියර් අද්මිරාල්(විශ්‍රාමික) ආචාර්‍ය සරත් විරසේකර අනාවරණය කළා.

“අපි දන්නවා ඕනම රටක ජාතික ආරක්ෂාවේ කොදු නාරටිය තමා බුද්ධි අංශය.නමුත් අපේ රජය කාලයේ අපි ඉස්සල්ලාම කලේ බුද්ධි අංශ ශක්තිමත් කරපු එක .මොකද බුද්ධි අංශ ශක්තිමත් නම් ,ත්‍රස්තවාදය හිස ඔසවනවා නම් , අන්න ඒ ගැන අපිට දැන ගන්න පුළුවන් නිසා.මොකද කියනවා නම් අපි ඇත්තටම අවසන් කලේ ,ත්‍රස්තවාදි කොටියාගේ වල්ගය පමණයි . ඒ දේශිය වශයෙන්. නමුත් ,ත්‍රස්තවාදි කොටියාගේ ඔළුව තියෙන්නේ කැනඩාවේ.ඌගේ අත් දෙක තියෙන්නේ , එංගලන්තය ,ඇමරිකාවේ.පස්ස ඝාතය තියෙන්නේ ඉන්දියාවේ.මයිල්  තියනවා බටහිර හැම තැනම.ඒ කියන්නේ කොටි ත්‍රස්තවාදය තවම ජීවමානයි.ඒකට තමා දෙමළ ඊළාම හදාගෙන තියෙන්නේ.දැනට මේකට අගමැතිවරයෙක් පත් කරලා තියෙනවා . කැබිනට් ඇමතිවරු 25 ක් ඉන්නවා.ඇමතිවරු 125 ක් ඉන්නවා.මේ ආකාරයෙන් ඉතාම හොදින් ස්ථාපිත වෙලා ඉන්නේ.එයාලා ඉන්නේ කවදාහරි මේ ඊළම ඇති කර ගන්න .ඒක නිසා තමයි අපේ රජය කාලේ බුද්ධි අංශය අපි ශක්තිමත් කලේ.බුද්ධි අංශය ශක්තිමත් කල නිසාම තමා 2009 ඉදලා 2014 වෙනකම් තුන් පාරක් LTTE නැවත හිස ඔසවන්න දරපු වෑයම අපිට ව්‍යාර්ත කරන්න පුළුවන් වුණේ.

ඒවගේම තමා ත්‍රස්තවාදයට සහයෝගය දැක්වූ ගෝලිය ද්‍රවිඩ සන්ධානය,ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව අපි තහනම් කලා .ත්‍රස්තාවදයට සහය දැක්වූ අය අප තහනම් කළා.ඒවගේම Tamil Net කියන වෙබ් අඩවිය.මේ වෙබ් අඩවිය කලේ,දෙමළ තරුණ තරුණියන්ගේ සිත් සතන් කෲර ලෙස දුෂණය කිරීම.සිංහල ජාතිය කියන්නේ කෲර ජාතියක් කියලා මේකේ තිබුණා . සිංහලයා කියන්නේ දෙමළ ජනතාවගේ හතුරෙක් කිව්වා.මේක අපි තහනම් කළා.

ඒවගේම තමා අපි උතුර සංවර්ධනය කළා .උතුරු වසන්තය ඇරඹූවා.කොයි තරම් සංවර්ධනය කළාද කියනවා නම්,යාපනයේ සංවර්ධන වේගය 22 % නම්,රටේ සංවර්ධනය 07 % යි.ඉතාම හොදින් ඒක කළා.දෙමළ ජනතාවට බොහෝම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපි ගොඩ නැගුවා.

මම දන්නවා දෙමළ ජනතාව යුද්ධ කාලයේදී කොහොමද ජීවත් වුණේ කියලා.අපි ජනතාවට ඒ නිදහස ලබා දුන්නා.අපි ත්‍රස්තාවදය පරාජය කරලා නැති වෙච්ච නිදහස ඇති කළා .අපි එහෙම රට ගොඩ නගනකොට තමා මේ ආණ්ඩුව බලයට පත් වුණේ.දැන් මේ ආණ්ඩුව මොකද කරන්නේ ,ඉතා දුෂ්ඨ ලෙස ,දේශද්‍රෝහි ලෙස බුද්ධි අංශ අකර්මන්‍ය කළා.බුද්ධි නිළධාරින්ට අභූත චෝදනා කළා .දෙමළ ඩයස්පෝරාවට දීපු පොරොන්දු අනුව මේ ආණ්ඩුව බුද්ධි අංශ අඩාළ කළා.

අපි LTTE සාමාජිකයන් 11,600 ක පමණ පිරිසක් අපි පුනරුත්තාපනය කළා.හැබැයි හමුදාවට භාර නොවුණ තවත් 4000 ක විතර පිරිසක් ඉන්නවා.අද යාපනයේ බුද්ධි අංශ ක්‍රියාත්මක වෙන්නේ නෑ.අපි ගෝලිය දෙමළ සංසදය තහනම් කළා.හැබැයි මේ දුෂ්ඨ බෙදුම්වාදින් අද මොකද කරන්නේ යාපනයට ගිහින්,මේ15,000 ක LTTE සාමාජිකයන්ගේ දත්ත ගබඩා කරනවා.ඒ අයගේ දුරකථන අංක,රැකියාව ,එයාලා කොහේද ඉන්නේ ? එයාලාගේ නෑදෑයින් සියළුම දත්ත රැස් කරනවා.මේ අයගේ ආයුධ රැසක් භූගත කරලා තියෙනවා.එතකොට අද තියන තත්වය තමා පැය 48 ක් යනකොට,ඔවුන්ට හොදට ආයුධ සන්නද්ධ ,හොදට පුහුණු වෙච්ච,අත්දැකීම් බහුල ත්‍රස්තවාදින් 15,000 ක ගේ හමුදාවක් ඉතාම කෙටි කාලයකදී ගොඩ නගන්න පුළුවන් තත්වයක් තමා අද රට තුළ තියෙන්නේ.

රියර් අද්මිරාල්(විශ්‍රාමික) ආචාර්‍ය සරත් විරසේකර මාධ්‍ය හමුවේ කල අනාවරණය

ශ්‍රී ලාංකික සමගිතා සංවිධානය ලන්ඩනයේ සංවිධානය කල රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවමු විශේෂ සම්මන්ත්‍රණය ඇමතු රියර් අද්මිරාල්(විශ්‍රාමික) ආචාර්‍ය සරත් විරසේකර

ඇයි ඉතින් දුන්නාට මොකද කියන…බෙදුම්වාදීන්ට… by lnwtoday

මාස ගණනාවක් ලීඩර් පබ්ලිකේෂන් ආයතනයට අයත් ඉරුදින පුවත්පතේ මාධ්‍යවේදීන්ට සිය වැටුප නොගෙවා වැඩගත් මහ බැදුම්කර හොරු රැලේ නායකයා වන මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉරුදින පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ විමලනාත් විරරත්න වහාම සේවයෙන් ඉවත් කර තිබේන බව ‘ඉරුදින’ සේවක එකමුතුව සදහන් කරනවා.

2016 වසරේ නොවැම්බර් සිට මාස ගණනාවක් සේවකයන්ගෙ වැටුප් නොගෙවා වැඩ ගැනිමට රවි කටයුතු කර ඇති අතර පසුව රටේ මාධ්‍ය මිළදි ගැනිමේ මෙහෙයුමේ යෙදි සිටින මහා බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් සේවකයන්ගේ පඩි ගෙවිමට කටයුතු කල අතර ඒ හේතුවෙන් බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අර්ජුන්ලා විවේචනාත්මක පුවත් ලිවිම සම්පූර්ණයෙන් නතර කර දැමිමට සිදුවුනා.

නමුත් ඉරුදින පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ විමලනාත් විරරත්න දිගින් දිගටම ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයේ පුවත් පලකිරිමට කටයුතු කරන බව පවසමින් ඔහු සේවයෙන් ඉවත් කිරිමට කටයුතු කර ඇති අතර එම කේළාම් කීම පසුපස ඉරුදින පුවත් පතේ සේවය කරන එජාපයෙන් වෙනම පඩි ලබන මාධ්‍යවේදිනියක් සහ සාමාන්‍ය සේවකයෙකු සිටින බවද ‘ඉරුදින’ සේවක එකමුතුව අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

මෙම නීතිවිරෝධී සහ අයුක්ති සහගත ලිපිය වහාම ඉවත් කර ගන්නා ලෙසත්, සේවක මර්දනය වහාම නවත්වන ලෙසත් බල කරමින් කර්තෘ මණ්ඩලය සියලූ රාජකාරි වලින් ඉවත්වන බව ආයතනයේ කළමනාකාරිත්වයට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

එම ලිපිය පහතින්

‘ඉරුදින’ සේවක එකමුතුව,
24, කටුකුරුදුවත්ත පාර,
රත්මලාන.

2017. 03. 01

මාධ්‍ය ආයතන / වෘත්තීය සමිති / සිවිල් සංවිධාන / මානව හිමිකම් සංවිධාන /
දේශපාලන පක්ෂ වෙත,

මහත්මයාණෙනි / මහත්මියනි,
‘ඉරුදින’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය සියලූ රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

පෙබරවාරි 27 දින සඳහන් කරමින් ඉරුදින පුවත්පත ප්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ නලින් ජයතිලක විසින් නිකුත් කර ඇති ලිපියකට අනුව පෙබරවාරි 28 දින සිට විමලනාත් වීරරත්න මහතාගේ සේවය අවසන් කර ඇත. කිසිදු කරුණක් සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීමක් හෝ යම් විමර්ශනයක් හෝ සිදු නොකොට හදිසියේ මෙසේ ප්‍රධාන කර්තෘවරයා ඉවත් කිරීම නීතිවිරෝධී මෙන් ම අයුක්ති සහගත ද වේ. ආයතනයේ සේවකයන්ට හිමි විය යුතු ජනවාරි මාසයේ වැටුප පවා සම්පූර්ණයෙන් ලබා දී නැති සහ සේවය කළ කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් කොටස් ගෙවා නැති තත්ත්වයක් තුළ මාර්තු මාසයේ වැටුප පමණක් ගෙවීමේ පොරොන්දුව පිට මෙසේ සේවකයකු ඉවත් කිරීම තරයේ හෙළා දැකිය යුතුය.

මේ නිසා අදාළ නීතිවිරෝධී සහ අයුක්ති සහගත ලිපිය වහාම ඉවත් කර ගන්නා ලෙසත්, සේවක මර්දනය වහාම නවත්වන ලෙසත් බල කරමින් සහ එම පියවර ගන්නා තුරු පුවත්පතේ රාජකාරි වලින් ඉවත් වන බව සදහන් කරමින් ‘ඉරුදින’ කර්තෘ මණ්ඩලය ආයතනයේ කළමනාකාරිත්වයට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
ස්තූතියි.

‘ඉරුදින’ සේවක එකමුතුව

යහපාලන රජය රටේ මාධ්‍ය හා මාධ්‍යවේදීන් එලිපිටම මර්දණය කරද්දී කටයි..පුකයි වහාගෙන සිටි ගොතකර්ම මාධ්‍ය සංවිධාන දැන් යලිත් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සිටි

ප‍්‍රවෘත්ති කර්තෘ,
ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ,
ප‍්‍රවෘත්ති සංස්කාරක,

ප‍්‍රවෘත්ති නිවේදනයයි

ඉරුදින පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීම ජාතික මාධ්‍ය සංසදය ලෙස තරයේ හෙළා දකිමු.

ඉරුදින පුවත්පත ප‍්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම විසින් පෙබරවාරි 28 දින සිට එම පුවත්පතේ කර්තෘ විමලනාත් වීරරත්න මහතාගේ සේවය අවසන් කරනු ලැබ ඇත. ඔහු සේවයෙන් පහකිරීම සදහා කිසිදු සාධාරණ හේතු දැක්වීමක් කර නොමැති අතර පූර්ව දැනුම්දීමක් හෝ යම් විමර්ශනයක් සිදුකොට නොමැත.

එබැවින් මෙරට පවතින කම්කරු නීති අනුව මෙම සේවයෙන් පහකිරීම නීති විරෝධී මෙන්ම අයුක්ති සහගතද වේ. ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම ආයතනයේ සේවකයන්ට හිමි විය යුතු ජනවාරි මාසයේ වැටුප පවා සම්පූර්ණයෙන් ලබා දී නැති බවද සේවය කළ කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් වාරික ගෙවා නැති බවද වාර්තා වන බැවින් එම සමාගම බරපතළ ලෙස කම්කරු නීති උල්ලංඝනය කරන ආයතනයක් බව පැහැදිලිව පෙනේ. තම සේවකයින්ගේ අවම අයිතීන් පවා ලබා නොදෙන මෙවැනි සමාගම්වලට සමාජ වගකීමක් සහිත පුවත්පත් කර්මාන්තයේ යෙදිය හැකිද යන්න ගැටලූවකි.

ජනමාධ්‍ය හිමිකාරී සමාගම් විසින් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. බොහෝ මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන්ට මාධ්‍ය සංවිධානවලට සම්බන්ධවීමට පවා අවසර ලබාදෙන්නේ නැත. සමාජයේ පොදු යහපත, සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් සහ අනෙකුත් මාධ්‍ය සේවකයින් මුහුණදෙන මෙම වෘත්තීය ගැටලූ පිළිබදව පුළුල් ලෙස සාකච්ඡුා කිරීමටත් ඔවුන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනීසිටීමටත් ජාතික මාධ්‍ය සංසදය කටයුතු කරනු ඇත. මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින් මුහුණදෙන මෙම වෘත්තීය ගැටලූ හා පොදු අභියෝගවලට මුහුණදීම සඳහා ජාතික මාධ්‍ය සංසදය සමග එක්වන ලෙස සියලූ මාධ්‍යවේදීන්ගෙන් සහ මාධ්‍ය සේවකයින්ගෙන් ජාතික මාධ්‍ය සංසදය ඉල්ලා සීටී.

විමලනාත්ත වීරරත්න මහතා වහාම යළි සේවයේ පිහිටුවන ලෙසත් සේවක මර්දනය වහාම නවත්වන ලෙසත් ජාතික මාධ්‍ය සංසදය ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ පාලන අධිකාරියට බලකර සිටී.
ස්තූතියි,
මෙහෙයුම් කමිටුව වෙනුවෙන්,
මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම
2017.03.02

සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මාධ්‍යම පළාත් වෛද්‍යවරුන්ගේ වර්ජනයක් ඊයේ (28) ක්‍රියාත්මක වු අතර,මීට සමගාමීව පැවති රැළියකදී සයිටම් ප්‍රධාන විධායක නිළධාරී චමීර සේනාරත්නට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ අදහස් පළ කර සිටියා.

එසේම මෙහිදි සයිටම් වෙඩි තැබීම පිටුපස ඇති දේශපාලන හස්තය පිළිබඳවද ජාගොඩ මහතා අනාවරණයක්ද කළා.

“සමීර සේනාරත්න තමන්ටම වෙඩි තියා ගත්තා,නිවේදනය කරා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එ වෙඩි තබා ගැනීම රංගනයක් කියලා ඔප්පු වුනා,එ රංගනය සඳහා සහභාගී වෙලා තියෙන්නේ,කොටිකාවත්ත මුල්ලෙරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් ඔහුව පොලීසීයෙන් හොයනවා කියලා,අපි අහනවා රාජීත සේනාරත්නගෙන් කවුද මන්ත්‍රීවරයා එයා පහුගිය මහ මැතිවරණ සමයේ හිටියේ රාජීත සේනාරත්න මහත්තයාගේ කැම්පෙන් ඔපිස් එකේ නෙවෙයිද ? කවුද මෙකේ මහ මොළකාරයා ඔය කියන ප්‍රාදේශිය සභා මන්ත්‍රීත් නෙවේ,ප්‍රාදේශිය සභා මන්ත්‍රීට ඔක කියපු ඇමති කවුද කියලා හොයන්න එතකොට හම්බෙයි තව සේනාරත්න කෙනෙක්ව,සමිර සේනාරත්නට අමතරව..”

මේ මන්ත්‍රීවරයා ලක්මාල් සේනාරත්න බව දැනට අනාවරණය වි තිබේ.

Media01 Media02

 

 

Top