ඩිලාන් පෙරේරා පෙරේරා සහ තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නී.අමාත්‍යධුරයන් දරණ දෙදෙනෙකු වහාම එම අමාත්‍යධුරවලින් ඉවත් කිරිමට කටයුතු කරන ලෙස ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපදේශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය විවේචනය කිරිම සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය සමග සමීප සබඳතාවයන් පැවැත්විම සම්බන්ධයෙන් තමන්ට තොරතුරු රැසක් ලැබි ඇති බවත් ඒ හේතුවෙන් යහපාලන ජාතික ආණ්ඩුවේ ඇමති කමක් මෙන්ම ශ්‍රීලනිපයේ වගකිමක් දැරිම එජාප,ශ්‍රීලනිප සංහිදියාවට බරපතල ගැටලුවක් බව චන්ද්‍රිකා සිරිසේනට පවසා තිබේ.

චන්ද්‍රිකා- ඩිලාන් ගැටුම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ආර්ථික තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුවේ හෝටලයකදී පැවැත්විම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා අතරතුර දි චන්ද්‍රිකා කුමාරතුංග ඩිලාන් ඉලක්ක කර පහරදුන් අතර එම අවස්ථාවේ එම සාකච්ඡාවට එක්ව සිටි ජනාධිපතිවරයා පවා චන්ද්‍රිකාට දැඩි ලෙස බයට පත්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

“අගමැතිවරයා අස් කරන්න ඕන කියලා සමහරු තැන් තැන්වල ගිහින් කියනවා. එහෙම කතා කර කර ස්ථාවර ආණ්ඩුවක් හදාගන්නේ කොහොමද? චන්ද්‍රිකා දෙතුන්වරක්ම කියන්නට විය. ඒ සෑම අවස්ථාවකදීම මන්ත්‍රීවරු එතන සිටි ඩිලාන් පෙරේරා ඇමැතිවරයාගේ මුහුණ දෙස බැලුවේය. ඒ සෑම අවස්ථාවකදීම ඩිලාන් තරමක් අපහසුතාවට පත්විය.”

අපි රටේ ආර්ථික තත්ත්වය ගැන අවධානය යොමු කළ යුතුයි. කොහොම වුණත් මාසයක් ඇතුළත අපි තීන්දු තීරණ ගන්නවා. විසඳගන්න ඕන ප්‍රශ්න විසඳා ගන්නවා. කවුරු මොන වැරැද්ද කළත් අන්තිමට බැණුම් අහන්නේ මමයි. එක්සත් ජාතික පක්ෂයටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් පසුගිය මහ මැතිවරණයෙන් ජනවරමක් ලැබුණේ නැහැ. ජනාධිපතිවරයාට විතරයි ජනවරම ලැබුණේ. මට ලැබුණු ජන වරම අනුව මම පක්ෂ දෙකම එකතු කරගෙන ආණ්ඩුවක් හැදුවා. මට පැවරිලා තියෙන ජන වරම අනුව තමයි වැඩ කරන්න වෙන්නේ. මම ඒ වගකීම ඉටු කරනවා. ඒ වගකීම් ඉටුකිරීමේදී තීන්දු තීරණ ගැනීමට සිදුවෙනවා යනුවෙන් ජනපතිවරයා පවසා තිබුනා.

අවුරුදු දෙදහස් හයසීයකට විතර ඉහත බුදුහාමුදුරුවො රතන සූත්‍රය දේශනා කළා. ඒක පිරිතක්. බණක් ධර්ම දේශනයක් නො වෙයි. සමහරුන් අහනව පිරිත් සිංහලෙන් කියන්නෙ නැත්තෙ මොකද කියලා. තවත් සමහරු සිංහලෙන් පිරිත් කියනවා. ඒ පිරිත් කියන්නෙ මොනවද කියලා දන්නෙ නැති කමට. පිරිත, සමහර සංස්කෘත ශ්ලෝක ආදියේ වැදගත්කම තියෙන්නෙ මූලික වශයෙන් ශබ්ද කිරීමෙ. ඒවා ඒ ඒ භාෂාවලින් කියැවෙන්න ඕන. ඒ අදහස වෙනින් බසකින් කිව්වට ඒ ගුණය ලැබෙන්නෙ නැහැ.

වෙනත් බසකින් කියන පිරිත අපට තේරෙන්නෙ නැහැ කියලා කියල කාට හරි කියන්න පුළුවන්. ඒ වුනත් පිරිතෙ තේරුම අපට දැනගන්න පුළුවන්. පිරිතෙ තේරුම දන්න අතරෙ පිරිත පාළියෙන් කියන්න ඕන. සමහර මන්ත්‍රත් අදාළ ගුණය ලබාගන්න සංස්කෘත භාෂාවෙන් කියන්න ඕන. මෙතන දි වැදගත් වන්නේ අදහස වගේ ම ශබ්දය. ශබ්දය නැතිව අදහසෙන් පමණක් වැඩක් නැහැ.

අද කතා කරන්නෙ බුදුහාමුදුරුවන් දේශනා කරපු රතන සූත්‍රය ගැන නො වෙයි. රතන හාමුදුරුවෙන්ගෙ සූත්තර ගැන. මේ සූත්තර අවුරුදු තුන හතරකට වරක් අලුත් වෙනවා. රතන සූත්‍රය අවුරුදු දහස් ගණනක් තිස්සෙ අප අතර තියෙනවා. ඒත් රතන හාමුදුරුවන්ගෙ සූත්තර තියෙන්නෙ අවුරුදු තුන හතරක් විතරයි. අවුරුදු තුන හතරක් ගියාට පස්සෙ අලුත් සූත්තරයක් එනවා. ඒ සූත්තරෙ පරණ සූත්තරේට වඩා හුඟක් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන තරමට හොඳයි කියලත් කියනවා.

බුදුහාමුදුරුවන්ගෙ රතන සූත්‍රය ජනතාවගෙ සුබ සිද්ධිය සඳහා. ජනතාවට තිබූ ඇතැම් දෝෂ බිය නැති කිරීම. රතන සූත්තරවල එහෙම අරමුණක් නැහැ. ඒවයෙ අරමුණ තම පැවැත්ම. ඒ කියන්නෙ තම දේශපාලන පැවැත්ම. එක සූත්තරයක් ආධාරයෙන් අවුරුදු තුනක් විතර දේශපාලනික ව ජීවත් වෙන්න පුළුවන්. ඒක වැඩ කරන්නෙ නැති වෙන කොට වෙනත් සූත්තරයක් පටන් ගන්නවා.

හුඟක් දේශපාලනඥයන් වැඩ කරන්නෙ එහෙමයි. දේශපාලනඥයන් විතරක් නෙවෙයි ඇතැම් උගතුන් කියන අයත් වැඩ කරන්නෙ එහෙමයි. සයිටම් අනුමත කරන්න ගිය අය අද සයිටම් නැති කරන්න කතා කරනවා. ඒත් ඒක එහෙම ද කියලා හරියට ම කියන්නත් බැහැ. ඒක කතාවක් විතරක් වෙන්න පුළුවන් ද කියලා හරියට ම කියන්නත් බැහැ. සමහරවිට ඒක කතාවක් විතරක් වෙන්නත් පුළුවන්. මෙතනත් අරමුණ පැවැත්ම. ඊනියා දේශපාලන වීරත්වය, ජනතා ප්‍රසාදය පවත්වා ගෙන යෑම. ඒ අතර ජනතා අනුකම්පාවත් ලැබෙනවා.

බොහොම ඉස්සර කාලෙ, යටගිය දවස, සූත්තරය වුනෙ විප්ලවය. මේ යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගෙ කාලයෙ නොවෙයි. ජේ ආර් ජයවර්ධනගෙ කාලෙ. ජ වි පෙ විප්ලවය හරි කියල හිතපු කාලෙ. ඒ අපේ ඇතැමුන් ගණදුර මැදියම අරුණළු දැකපු කාලෙට ටිකකට ඉස්සර. උගත් ගැමි තරුණයන්ට රට බාර කරන්න ටික කාලෙකට ඉස්සර. ගැමි වුනත් උගත් නම් එකෙන් වැඩක් නැහැ. මේ උගත් කියන්නෙ බටහිර දැනුම උගත් කියන එක. නාගරික නොවන්න නොවන්න මේ උගතුන්ගෙ ගැමි කම වැඩිවෙනවත් එක්ක හීනමානයත් වැඩි වෙනවා.

ඒ කොහොම වුනත් විප්ලවේ තරමක් අතහැරලා ජාතික මතවාදවලට ආවා. හැබැයි වැඩි කලකට නො වෙයි. ජ වි පෙ වගේ ම ජාතිකත්වය හා සමාජවාදය අතර දෝලනය වුනා. භීෂණ කාලෙ යම්තම් ගැලවිල හිටියා. එතෙනදි ජාතිකත්වය ප්‍රයෝජනවත් වුනා. භීෂණයෙන් පස්සෙ සමාජවාදී සුත්තරේ අතට ගත්ත. ජනතාවගෙ මිතුරො වුණා. රටවැසි පෙරමුණ පිහිටුවලා ෆෙඩරල් සූත්තරෙත් ගත්ත. දෙමළ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්වලට විරුද්ධ සූත්තර යොදා ගත්ත. නගරයෙ ඊනියා යුද්ධෙට විරුද්ධ ව පෝස්ටර ඇලෙවුවා.

වැඩි වැඩියෙන් කොළඹ බෝම්බ පිපිරෙන විට වෙනින් සූත්තරයක් කියන්න පටන් ගත්ත. ත්‍රස්ත විරෝධී සූත්තරේ පැවැත්මට ආධාර වුනා. කොළඹ අවට නාගරික බෙල්බොටම් විහාර මහා දේවිලා මහා උපාසිකාවො වුණා. ඒ උපාසිකාවන් රහත් වුණා ද කියලා දන්නෙ නැහැ. නගරයෙ ඇති වුණු ව්‍යාජ බෞද්ධ ප්‍රබෝධ රැල්ලෙ පිහිනුවා. තමන්ගෙ පැවැත්මට හාමුදුරුවරුන් ඉස්සරහට ගත්ත. ඒ හාමුදුරුවරුන් අද කොහේ වැඩ වසනවා ද?

මේ සියලු සූත්තර එකින් එක කියන්න අවශ්‍ය නැහැ. අවුරුදු දෙකකට ඉස්සර යහපාලන සූත්තරේ කිවුවා. ගෝල බාලයො ඔක්කොම යුග පෙරළියක් ගැන කිවුව. මහා සැලැස්මක් තියෙනව කියලා කිවුවා. ඒත් රෝ ඔත්තු සේවය ගැන මොකුත් කිවුවෙ නැහැ. ඒ ටික සූත්තරෙන් අයින් කළා ද කියලා දන්නෙ නැහැ. කොහොමටත් ඒ සූත්තරේ දැන් හරියන්නෙ නැති බව බරණැස් නුවරට කොහොම වුනත් දිල්ලි නුවරට තේරෙනවා ඇති. දැන් සූත්තරේ වෙනස් කරන්න කාලෙ ඇවිත්. යුග පෙරළිය පෙරළිලා.

අලුත් සුත්තරේ නම ස්වාධීන සූත්තරේ ද වෙන මොකක් ද කියන එක පැහැදිලි නැහැ. මහා ජාතික සැලැස්මක් ගැන කියනවා. හැබැයි හැමදාමත් කෙළෙ ජාතික සැලැස්ම ඉදිරිපත් කරපු එක තමයි. එක සැලැස්මක්වත් රටට නම් හරි ගියෙ නැහැ. ඒත් පැවැත්ම දිගින් දිගට ම ආරක්‍ෂා කෙරුණා.

දැන් බලාගෙන යන විධියට රට විකුණන්න අගමැතිටවත් ජනාධිපතිටවත් අයිතියක් නැතිලු. අප ඒක දැන හිටියෙ නැහැ. දැනගත්ත එක හොඳයි. රනිලුයි මහින්දයි පරාදලු. දිනුවෙ මෛත්‍රිපාල විතරයිලු. එහෙනන් ඉතින් පළාත් පාලන මැතිවරණෙ තියලා ඉතුරු ටිකත් දිනාගන්න එක නෙ තියෙන්නෙ. අද පරාජිත ම දේශපාලනඥයා මෛත්‍රිපාල. ඔහුට ඡන්ද පදනමක් නැහැ. පක්‍ෂ පදනමක් නැහැ. ඒවා යුග පෙරළියෙ ප්‍රතිඵල තමයි.

අලුත් සූත්තරය මහින්ද නැත්තට ම නැති කිරීමටයි. ඒකෙ දී වත්මන් දවස දිල්ලි නුවර ගෝඨාභය හා බැසිල් වුනත් යොදා ගන්න ඉඩ තියෙනවා. ගෝඨාභය ඒකට අහුවෙන එකක් නැහැ. අහුවුනොත් ගෝඨාභය ඉවර වෙයි. ඒක දිල්ලි නුවර සැලැස්ම වෙන්න පුළුවන්. කොහොමටත් අලුත් සූත්තරේට ජනමාධ්‍යවල ප්‍රචාරය දෙන බව පේනවා. ජනමාධ්‍යවලට ඕන අලුත් දේවල්. බැරි වෙලාවත් බුදුහාමුදුරුවන් මේ දිනවල වැඩ වාසය කළා නම් ජනමාධ්‍ය උන්වහන්සේට කිසිම ප්‍රචාරයක් දෙන එකක් නැහැ. ඔය හැමදාම දේශනා කරන්නෙ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියාවි.
නලින් ද සිල්වා
2017 මාර්තු 01

පළාත් පාළන මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් අවසන් තින්දුව ගනු ලබන්නේ මහින්දගේ ඒකාබද්ධ පිළ සම්පුර්ණයෙන්ම මර්දණනය කර තමන්ගේ අතට ගැනිමෙන් පසුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය බත් බැලයන් හමුවේ අනාවරණය කර තිබේ.මහින්ද රාජපක්ෂ ඇතුලු කණ්ඩායම වෙනම පක්ෂයකින් පළාත් පාලන මැතිවරණයකට තරග කිරිමට කටයුතු කරන්නේ නම් පළාත් පාලන මැතිවරණය 2018 දක්වා කල දමන බවද සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණය පැවැත්විමත් ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස හෝ තවත් කුඩා පක්ෂ එක් කර ගනිමින් මැතිවරණයට තරග කිරිම ඉතාමත් අනතුරු දායක බව මෛත්‍රී පිළේ බත් බැලයන් පෙන්වා දි ඇති අතර ඒ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයකට පෙර නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විම එජාප ඇතුලු අනෙකුත් කණ්ඩායම් සමග එකට ගොස් එය ජය ගැනිමට කටයුතු කිරිමෙන් පසුව පළාත් පාලන මැතිවරණය හෝ වෙනත් මැතිවරණයන් සදහා තරග කිරිම කලයුතු බවටයි මෛත්‍රී පිළ යොජනා කර ඇත්තේ.

කියවන්න – Attention:(ෆෙඩරල්) ව්‍යවස්ථාවට පවත්වන ජනමතවිචාරණයට දකුණ සූදානම් කරන මෛත්‍රී

මහින්දට පුස් කාලතුවක්කු ප්‍රහාරයක් ….

තමන්ට සහ තමන්ගේ පවුලේ දරුවන්ට මෙන්ම ඥාතින්ට අමු අමුවේ මඩ ගසන රුපියල් බිලියන ගණනින් කප්පම් ගන්නා කප්පම් හලොලුව හමුවිමට මංගලගේ නිවසට රිංගා ගත් සිරිසේන මංගලගේ බඩමහත පොන්නයන් සතුටු කිරිමෙන් පසුව ලංකා ඊ නිවුස් නිළ නොලත් කතෘ කප්පම් තුසිත හරහා මහින්ද ඉලක්ක කර කාලතුවක්කු මඩක් එල්ල කලද එම මඩට පිලිතුරු දෙමින් මහින්ද නුවර කල සංචාරය සහ ඊට ජනතාවගෙන් ලැබුනු සහය හමුවේ සිරිසේන අන්ද මන්ද වි සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මහින්ද රාජපක්ෂ අගමැති රනිල් වික්‍රමසිංහ සහ නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක දෙදෙනා සමග රහස් සාකච්ඡාවක් පසුගිය 17 දා සිංගප්පූරුවේදී පවත්වා ඇතැයි කප්පම් තුසිත විසින් ගදයාගේ ගද ඊ නිවුස් පුවතේ අතේ පැලෙන කෙප්පයක් සටහන් කර තිබුනේ සිරිසේන මංගලගේ ගුබ්බැයමට රිංගා පැය 24 යාමත් සමගය.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ දියණියට එරෙහිව ලංකා නිව්ස් වෙබ් අඩවිය හරහා ප‍්‍රචාරය කිරිමට තොරතුරු ලබා දී ඇත්තේ තුසිත හල්ඔලූව බවත් අණාවරණය වීමත් ඇයගේ නම විකුණමින් රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් කොල්ල කෑමත් හේතුවෙන් ඒ පිළිබඳව පරික්ෂණ පැවැත්විම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ බලතල යටතේ යොදවා ඇති බවත් එම කණ්ඩායම දින කිහිපයක් කප්පම් තුසිතගේ නිවසට රිංගා ඔහුට අයත් සාක්ෂි රැසක් රැගෙන ගිය අතර ඒ සමගම කලිසමේ රී ගත් තුසිත මංගලගේ නිවසේ සැගවි සිටි අතර අප ඒ සම්බන්ධයෙන් අනාවරණය කල දිනයේම එනම පසුගිය 21 වැනිදාම මංගලගේ නිවසට බඩගාගෙන සිරිසේන මහින්දට මඩ ගැසිමේ සාකච්ඡාව සිදුකර ඒ සදහා මුල්‍ය වංචා ඇතුලු සියලුම චොදනා වලින් තුසිත නිදහස් කිරිමට එකඟ කරගෙන තිබේ.

නමුත් වැඩේ වැරදුනේ එතනය සිරිසේනගේ හාල් හොරා වන ඩඩ්ලිගේ සල්ලි වලින් ආතල් ගෙන මහින්දලා ඉලක්ක කර මඩ ගැසු ගදයාගේ පච හිලක් වු ලංකා ඊ නිවුස් කියන දේවල් පිලිගන්නට තරම් මේ රටේ මිනිස්සු මොඩයන් නොවන බව නිවුස් ලියන කප්පම් තුසිත මෙන්ම ගදයාද දැනගත යුතුය.ඒ සියල්ලටම වඩා තවමත් මංගල වැනි පොන්සියන් කියන පොන්න කතා ඇත්ත කරගන්නා අපේම කණ්ඩායමේ පිරිසක් සිටිම ගැනද ඇත්තේ කණගාටුවකි.වඩාත් ප්‍රවේශම් විය යුත්තේ ඔහුන්ගෙන්‍ ය.

එම අනවරණය කියවන්න –චතුරිකාට අනින්න ගිය හල්ලොලූව දෙකොනින් ඇන ගනී…මංගලත් අවමංගල වෙන ලකුණු

කළුතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කඩුවෙල අධිකරණය වෙත රැගෙන යමින් සිටි බන්ධනාගාර බස් රථ දෙකකට කිසියම් පිරිසක් වෙඩි තැබිම පිළිබඳ සිද්ධිය මේ වන විට රට තුළ ආන්දෝලනයට තුඩු දී තිබේ. එහි සිටි ජේලර්වරයකු,නියාමකවරයකු සහ රැඳවියන් පස් දෙනකු එම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් කීප දෙනකු රෝහල් ගතකර ඇත. මියගිය රැඳවියන් අතර කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ‘සමයං’ හෙවත් අරුණ දමිත් උදයංග නමැති පාතාල නායකයාද සිටින බව කළුතර දකුණ ‍පොලිසිය කියයි. ‍පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු පුද්ගලයන් දොළොස් දෙනකු පමණ මෙම ප්‍රහාරයට සහභාගි වී ඇතැයි ද පැවසේ. ඔවුන් පැමිණි වෑන් රථයක් හරස්කොට බන්ධනාගාර බස් රථ කොටු කර වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් නොනැවතී ඔවුන් බන්ධනාගාර බස් රථ තුළටම පැමිණ වෙඩි තබා පලාගොස් ඇතැයි වාර්තා වේ.

නවගමුව ‍පොලිස් බල ප්‍රදේශයේ සහ තවත් ප්‍රදේශ ගණනාවක පුද්ගල ඝාතන තුනක් සහ ඝාතන තැත් කිරීම් ද, ගිනි අවි ළඟ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ආදී චෝදනා මත මෙම පාතාල නායකයා රැඳවුම් භාරයේ සිටි අතර මින් පෙර අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවක ද උසාවි භූමියේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වී ඇතැයි කියති. මේ අනුව මෙය පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් බව ‍පොලිසිය ප්‍රකාශ කර ඇත.

කෙසේ වුවත් මේ ආදී පූර්ව අනතුරු ඇඟවීම් තිබියදීත්, මිනීමැරුම් සැකකරුවකු ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් අධිකරණයට රැගෙන යද්දී දැඩි ආරක්ෂක විධිවිධාන යෙදිය යුතු නමුත් මෙම සිද්ධිය පෙන්නුම් කරන්නේ රැඳවියන් අධිකරණයට රැගෙන යාමේ ආරක්ෂක ක්‍රියාමාර්ග ඉතා දුර්වල තත්ත්වයක පැවති බවය. එය වඩාත් තහවුරු වන්නේ මෙම කල්ලිය වෙත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමක්, මෙහිදී සිදු වී නොමැති බැවිනි. බන්ධනාගාර රථ තුළටද ප්‍රහාරකයන් පැමිණ ඇති නමුත් ඔවුන් මෙල්ල කිරීමට කිසිදු හැකියාවක් බන්ධනාගාර නිලධාරින්ට නොවූ බවය.

‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව පවසා ඇත්තේ පුරුද්දක් වශයෙන් අධිකරණයට යන බන්ධනාගාර රථය ‍පොලිසිය ළඟට පැමිණ එහිදී ‍පොලිස් නිලධාරින් කැටුව යන බවය. මෙම සිද්ධියේ දී එහි අනතුර මැනවින් පැහැදිලි වී ඇත. එනම් බන්ධනාගාරයෙන් පිට වී මීටර් 500 ක් පමණ කෙටි දුරකදීම මෙම ප්‍රහාරය එල්ල වීමය. මෙවැනි ආරක්ෂක දුබලතා නිසා අහිමි වූ ජීවිතවලට වගකියන්නේ කවුද? රැඳවියන්ගේ රථයට අමතරව තවත් රථයක් ද ගමන් ගෙන ඇති නමුත් ජීවිත රැසක් වෙඩි උණ්ඩයෙන් නිහඬ කොට තම අරමුණු ජය ගැනීම සඳහා පාතාල කණ්ඩායමට එකම ජීවිතයක්වත් බිලි දීමට සිදු නොවීම තුළ ඇති විස්මය බන්ධනාගාර බලධාරින්ගේ දැඩි අවධානයට ලක් විය යුතුය.

කලකට පෙර රටපුරා රජ කළ පාතාලයේ බිහිසුණු අත්දැකීම් පසුගිය වකවානුවේ තරමක් යටපත්ව තිබුණ ද දැන් දැන් නැවතත් තැන තැන වෙඩි තැබිම් පැහැරගෙන යෑම්, ඝාතන පිළිබඳ සිදුවීම් කරළියට පැමිණෙමින් තිබේ. එසේ පාතාල කණ්ඩායම් ශක්තිමත් වීම යනු රටේ නීතිය ක්‍රියාත්මක වන යාන්ත්‍රණයේ අබලදුබල භාවයේ පෙරනිමිති කියාපාන්නකි. අතීත අත්දැකීම අනුව මේ රටේ පාතාල කණ්ඩායම් ශක්තිමත් වන්නේ දේශපාලන රැකවරණය යටතේ ය. එය සිවිල් සමාජයේ යහ පැවැත්මට කොතරම් අයහපත් බලපෑම් එල්ල කළේ ද යන්න ගැන රටට ඕනෑතරම් අත්දැකීම් තිබේ. එබැවින් පාතාල ක්‍රියාකාරකම් දුටු තැන මුලිනුපුටා දැමීමට ආරක්ෂක අංශවල පමණක් නොව සිවිල් පුරවැසියාගේත් දේශපාලන නිලය, බලය සහිත සියලු පිරිස්වලත් සහයෝගය ඉතා වැදගත්ය.

අවශේෂ සමාජය තුළ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කෙසේ වෙතත් බන්ධනාගාර හා අධිකරණ භූමි ආශ්‍රිතව පවා ඊට ඇති බාධක ලිහිල් වීම රටේ සාමාන්‍ය ජන ජීවිතයට පමණක් නොව රටේ අනාගත අභිවෘද්ධියට ද බලවත් බාධකයක් බව නොකිව මනාය. එබැවින් මෙසේ හිස ඔසවන පාතාල කල්ලි මෙල්ල කිරීමේ වෑයම අතහැරීම හෝ අතපසු කිරීම කිසිසේත්ම නොකළ යුත්තකි. කළුතර පාතාල කණ්ඩායම පිළිබඳ පරීක්ෂණ සඳහා මේ වන විට කණ්ඩායම් පහක් යොදවා ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග දක්වයි. කෙසේ හෝ මෙම පාතාල කණ්ඩායම හැකි ඉක්මනින් අනාවරණය කර ගැනීම ‍පොලිසියේ වගකීම බව අපි පෙන්වා දෙමු.

සුජිව සේමසිංහගේ සමිපතම මිත්‍රයෙකු විසින් සුජිවට කොමිස් දෙමින් පවත්වාගෙන යන වංචනික ගල් ව්‍යාපාරයේ (කලින් කල අනාවරණය –ඇමති සුජී ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවෙයි) කොමිස් බෙදියාම හේතුවෙන් හටගත් ගැටුමක් නිසා කලක පටන් පාතාල සමාජිකයන් අතර පැවැති ගැටුමක් ප්‍රතිපලයක් ලෙස කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණ භූමියේදී වෙඩි තබා ඝාතනය කිරිමට උත්සහ කළ පාතාල නායකයෙකු වන සමයං නැත්තා අද උදෑසන බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටියදි වෙඩි තබා ඝාතනය කර තිබේ.

2015 සැප්තැම්බර් 24 වැනිදා සමයං ඝාතනය කිරිමේ කුමන්ත්‍රණය අප අනාවරණය කල අයුරු ……

පාතාල “සමයං”ට වෙඩි තැබුවේ “සුජිවගේ” “කඩුවෙල ගප්පියා”
in Featured, LNW SPY September 24, 2015

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං නැමති පාතාල සාමාජිකයාට වෙඩි තැබීම පසුපස සිටින්නේ හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය,වත්මන් ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ සුජිව සේමසිංහගේ මැර කණ්ඩායමේ සමාජිකයෙකු බව අප ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.කඩුවෙල අධිකරණ සංකීර්ණය තුළදී ඊයේ (23) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් සමයං නැමති පාතාල සාමාජිකයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. මොහු 30 හැවිරිදි කඩුවෙල – රනාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ.වෙඩි තැබිම සිදුකල පුද්ගලයා “කඩුවෙල ගප්පියා” ලෙස හදුන්වන අයෙකු බව අප ඔත්තුකරුවන් අනාවරණය කළා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 4 ක් විභාගවන අතර ඉන් එක් නඩුවක් විභාග කිරීම සඳහායි ඊයේ මොහු කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යනු ලැබුවේ. එම අවස්ථාවේදී මහේස්ත්‍රාත් අධිකරණයේ දෙවන මහලේ පියගැටපෙළ අසල බංකුවක වාඩිවී සිටි පුද්ගලයෙකු මොහුට වෙඩි තබා තිබේ.
වෙඩි තැබිමෙන් පසුව අදාළ පාතාල ඝාතකයා අධිකරණ භූමියෙන් එලියට පැමිණ සුදු පැහැති පැජරෝවකින් පැන ගිය බවද අනාවරණය වි තිබේ.අදාළ පාතාල සමාජිකයා පසුගිය මහා මැතිවරණ සමයේ සුජිව සේමසිංහගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කල අයෙකු බවද අනාවරණය වි තිබේ.

අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ බලපෑම් හේතුවෙන් මේවන විට කඩුවෙල පොලිස් ස්ථානය වටා එස්.ටී.එෆ් ආරක්ෂාව යෙදවිමට පසුගිය මහා මැතිවරණ සමයේ සිදුවුනා.

සුජිව සේමසිංහගේ සමිපතම මිත්‍රයෙකු විසින් සුජිවට කොමිස් දෙමින් පවත්වාගෙන යන වංචනික ගල් ව්‍යාපාරයේ (කලින් කල අනාවරණය –ඇමති සුජී ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවෙයි) කොමිස් බෙදියාම හේතුවෙන් හටගත් ගැටුමක් නිසා කලක පටන් පාතාල සමාජිකයන් අතර ගැටුමක් හටගෙන තිබේ.

ඇමති සුජීගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් වන අනිල් විසින් මෙහෙයවමින් තිබෙන මෙම මගඩියට පදනම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ ‘එක ගමකට එක වැඩක්’ ව්‍යාපෘතිය ය.මීට අදාලව කඩුවෙල ආසනයට හිමිවුණු ලක්ෂ 570ක මුදලින් සිදුකළ ව්‍යාපෘති වලින් කොමිස් ගසා එති අතර එම කොමිස් මුදල් බෙදා ගැනිමේදි මෙම අර්බුදය මතුව ඇති බව අප ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ අධිකරණය හැල්ලුවට ලක්කිරිම සදහ මෙවැනි සිද්ධින් සිදුවිම බහුල තත්ත්වයක් වන අතර අධිකරණය තුලටම පැමිණ සැකකරුවන්ට වෙඩි තැබිම “යහපාලනය”ද?

(කලින් කල අනාවරණය –තඹ සුදා,ගල් සුදා,කටවුට් සුදා – කොමිස් සුදා වු හැටි)

ඇමති සුජීව සේනසිංහත් හොද ගල් වැඩකාරයෙකි.පහුගිය කාලේ කඩුවෙල කොරතොට ගමේ ගල් මෝල් හිමියන් වෙනුවෙන් පෙනි සිටි ඔහුගේ මේ අලුත් මෙහෙයුම කුමක්දැයි පසුගිය කාලයේ කිසිවකුට සිතා ගැනීමට නොහැකි විය.

පසුගිය කාලයේ ජනතාව වෙනුවෙන් සිය කැවුත්ත මේසය මත තබා කතා කල නිසාය.නමුත් සේනසිංහ හදිස්සියේ ගල් මෝල් හිමියන්ගේ පැත්ත අරන් වැඩකිරීම නිසා පැපාටත් ටිකක් මේ ගැන සිතා බලන්නට සිතිනි.

කොරතොට ප්‍රධාන පෙලේ ගල් කාරයෝ කිහිපදෙනෙකු නැතිනම් ගල් කඩන්නන් කිහිපදෙනෙක් සිටිති.ඒ අතරින් ඉරේෂ්, ගිත් හා විජේතුංග තරමක වැඩකාරයෝය.කෙසේවුවද මේ වැඩකාරයන්ටත් වඩා කෙළිකාරයා කවුදයි ඇපි සොයා බැලුවේය.එසේ සොයාගෙන යද්දී ඔවුන් ඔක්කෝටම ඉදිරියෙන් සිටින්නේ ඇමති සුජීව බව අපට සොයා ගැනීමට හැකි විය.

පෝර්ට් සිටි ව්‍යාපෘතියට ගල් සපයන්නාව සිටින්නේ ඇමති සුජීවගේ කිට්ටුම හාදයකි.නැත්නම් ඇමති සුජීවට කිට්ටුම හාදයා ඇමති සුජීවගේ ව්‍යාපාරික සගයා වන අජිත් ප්‍රසන්නය.පොර්ට් සිටියට ගල් සපයන්නේ ඔහුය.ඔහු පොර්ට් සිටියට ගල් සපයන විට ඔහුගේ පවුල සුජීවට ගල සපයන බවද මේවන විට ප්‍රසිද්ධ රහසක් වී තිබේ.

http://www.sinhala.lnwtoday.com/archives/5837

වත්මන් රජය විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට්‌ පත්‍රය හිටපු ජනාධිපති හා මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නිකුත් කිරීමට වගකිවයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අදාළ දත්ත විනාශ කිරීමේ උත්සාහයක නිරත වී සිටින බව එම බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගැසට්‌ පත්‍රය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නිකුත්ව තිබීම පිළිබඳව හෙළිදරව් වීමත් සමඟ එයට වගකිවයුතු මහ බැංකු නිලධාරීන් බොහෝ කලබලයට පත්වී ඇති බවත් අදාළ ගැසට්‌ පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට යවන්නේ මහ බැංකුව විසින් නිසා ඊට සම්බන්ධ මහ බැංකු නිලධාරීන් මේ උත්සාහයේ නිරත වී ඇති බවත් එම ආරංචි මාර්ග හෙළි කරයි.

මතභේදයට තුඩුදුන් ගැසට්‌ පත්‍රය තමාගේ නමින් නිකුත් කිරීම සඳහා බැංකුවට සහ මුදල් අමාත්‍යාංශයට එරෙහිව නඩු පවරන බවට හිටපු ජනාධිපති හා මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප්‍රකාශ කර ඇත.

සාමාන්‍ය පිළිවෙත අනුව එම බැඳුම්කර නිකුතුවලට අදාළ ගැසට්‌ පත්‍ර මුද්‍රණය යෑවීමට පෙර මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත යවන නිසා මේ සඳහා මහ බැංකුවට අමතරව මුදල් අමාත්‍යාංශය ද වගකිව යුතුයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ආණ්ඩුවේ මුදල් කළමනාකරණය සිදුවන ක්‍රමය නිසා මහා භාණ්ඩාගාරයට 2015 මාර්තු 02 වන විට රුපියල් මිලියන 13.5ක් අවශ්‍ය වන බවත්, මේ මුදල සොයා ගැනිමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් බිලියනයක් වටිනා අවුරුදු 30 බැඳුම්කර සඳහා 12.5%ක පොලී අනුපාතයට ලන්සු කැඳවා ඉන් බිලියන 10 ක් බාරගන්නා බවත්, 2015 ජනවාරි 01 වනදා වන විට මට දැනගැනීමට කිසිඳු ක්‍රමයක් නැති බවත් යහපාලන ආණ්ඩුවේ දූෂිත බැඳුම්කර ගනුදෙනුව මහජනතාවත් නොමඟ හරිම්න් මමත් මගේ ආණ්ඩුවත් මත පැටවීමට ගෙන ඇති දුෂ්ඨ ප්‍රයත්නයනක් ලෙස මම දකින අතර මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තමන් කටයුතු කරන බව හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

මාධ්‍ය නිවේදනය

බැඳුම්කර මඟඩියේ වගකීමත් රාජපක්‍ෂ ආණ්ඩුව මත පැටවීම

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩියේ වගකීම යහපාලන බලධාරීන් විසින් මගේ ඇඟේ ගසා බේරීමට ගෙන ඇති දුෂ්ඨ ප්‍රයත්නයක් ගැන කණගාටුවෙන් යුතුව මහජනතාවට දැනුම් දීමට කැමැත්තෙමි. ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වන්නේ සෑම මසකම අවසන් සතියට පෙර මහා භාණ්ඩාගාරය විසින් ඊළඟ මාසය සඳහා අවශ්‍යවන මුදල් ගණනය කොට යම්කිසි නිශ්චිත දිනයකට පෙර නිශ්චිත මුදලක් අවශ්‍ය බව මහ බැංකුව යටතේ පවතින රාජ්‍ය ණය දේපාර්තමේන්තුවට දැනුම් දීමයි. එම දැනුම්දීම ලැබුණු පසු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගර බැඳුම්කර නිකුත් කිරීම තුළින් ඒ අදාල මුදල වෙළඳපොලෙන් ලබා ගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කරයි. මෙවැනි බැඳුම්කර නිකුතු වලට අදාල ගැසට් නිවේදන පලකරනු ලබන්නේ අදාල ගනුදෙනුව සම්පූර්නයෙන්ම අවසන් වූ පසු පමණි. එයට හේතුව ගනුදෙනුව අවසන් වනතුරු එහි විස්තර හරිහැටි දැන ගැනීමට ක්‍රමයක් නොමැති නිසාය.

උදාහරණයක් වශයෙන් බැඳුම්කර නිකුතුවක් සඳහා යම් පොලී අනුපාතයකට ලන්සු කැඳවූ පසු ඒ සියලු ලන්සු ප්‍රතික්‍ෂේප කිරීමට ඉඩ ඇත. එමෙන්ම ලන්සු ප්‍රමාණය, විකිනීමට ඇති බැඳුම්කර ප්‍රමාණයට වඩා වැඩි වීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී ලැබුණු ලන්සු වලින් කොපමණ ප්‍රමාණයක් බාරගන්නවාද යන්නත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තීන්දු කල යුතුය. මේ කාරණා කිසිවක් කලින් තීන්දු කිරීමට නොහැකි නිසා මෙවැනි බැඳුම්කර නිකුතු සම්බන්ධ ගැසට් නිවේදනය පලවන්නේ ගනුදෙනුව සම්පූර්ණ වූ පසුව පමණි. මහ බැංකුවේ බැඳුම්කර මඟඩිය ආරම්භ වූයේ 2015 පෙබරවාරි 27 වනදා පවත්වනු ලැබූ බැඳුම්කර වෙන්දේසියෙන් බව කවුරුත් දනී. මෙතනදී සිදු වූයේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙත අනුව, 2015 මාර්තු 2 වනදාට පෙර ආණ්ඩුවට රුපියල් බිලියන 13.5ක් අවශ්‍ය බව 2015 පෙබරවාරි 20 වනදා පමණ මහා භාන්ඩාගාරය විසින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට දැනුම් දීමයි. මින්  රුපියල් බිලියන 3ක් පමණ එක් වරම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට හැකි වුවද රුපියල් බිලියන 10.5 ක අඩුවක් තිබුණි. මෙය සොයා ගැනීමට ඔවුන් රුපියල් බිලියන එකක්  වටිනා අවුරුදු 30න් කල් පිරෙන බැඳුම්කර 12.5%ක පොලියකට වෙන්දේසි කිරීමට යෙදුනි. මේ සඳහා රුපියල් බිලියන 20 ලන්සු ලැබුණු අතර ඉන් බිලියන 10 ක ලන්සු බාරගන්නා ලදී.

මේ බැඳුම්කර නිකුතුව ලංකා ඉතිහාසයේ ලොකුම මඟඩියක් වු ආකාරය කවුරුත් දන්න නිසා මෙහිදී සඳහන් කිරීම අනවශ්‍ය වේ. මෙතන ඇති ප්‍රශ්නය වන්නේ යහපාලන ආණ්ඩුව විසින් 2015 ජනවාරි 01 දිනය හා 1895/19 අංකය දරණ ගැසට් නිවේදනය තුළින් මේ බැඳුම්කර නිකුතුවේ වගකිම මා මත පැටවීමට ගෙන ඇති උත්සාහයයි. 2015 ජනවාරි 01 වන දා දිනය දරණ මෙම ගැසට් නිවේදනයේ 2011 දක්වා ආපස්සට දිව යන බැඳුම්කර නිකුතු වල විස්තර සඳහන් වේ. මේවා අතර 2015 අවුරුද්දේ මාර්තු 01, මාර්තු 15, මැයි 01, මැයි 15, අගෝස්තු 01 හා දෙසැම්බර් 15 බැඳුම්කර නිකුතු මගේ නම යටතේම ගැසට් කර ඇත. ඒ අනුව අලුත් ජනාධිපතිවරයෙකු හා අලුත් මුදල් ඇමතිවරයෙකුත් වැඩ බාරගෙන මාස එකහමාරකටත් වඩා කාලයකට පසුව නිකුත් කරන ලද බැඳුම්කර වලටද මට වගකීමට සිදු වී ඇත.

ආණ්ඩුවේ මුදල් කළමනාකරණය සිදුවන ක්‍රමය නිසා මහා භාණ්ඩාගාරයට 2015 මාර්තු 02 වන විට රුපියල් මිලියන 13.5ක් අවශ්‍ය වන බවත්, මේ මුදල සොයා ගැනිමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් බිලියනයක් වටිනා අවුරුදු 30 බැඳුම්කර සඳහා 12.5%ක පොලී අනුපාතයට ලන්සු කැඳවා ඉන් බිලියන 10 ක් බාරගන්නා බවත්, 2015 ජනවාරි 01 වනදා වන විට මට දැනගැනීමට කිසිඳු ක්‍රමයක් නැත. මා කලින් පෙන්වා දුන් පරිදි බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කරනු ලබන්නේ අදාල ගනුදෙනුවට පසුව මිස පෙර නොවේ. 2015 ජනවාරි 01 අංක 1895/19 දරණ ගැසට් පත්‍රය පලකරනු ලැබුවේ 2016 නොවැම්බර් මාසයේ බව එහි කුඩා අකුරින් මුද්‍රණය කර තිබෙන බව පෙනේ. මෙය  යහපාලන ආණ්ඩුවේ දූෂිත බැඳුම්කර ගනුදෙනුව මහජනතාවත් නොමඟ හරිම්න් මමත් මගේ ආණ්ඩුවත් මත පැටවීමට ගෙන ඇති දුෂ්ඨ ප්‍රයත්නයනක් ලෙස මම දකිමි. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙමි.

මහින්ද රජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Foisting responsibility for the bond scam on the Rajapaksa govt.

It is with regret that I inform the public of a diabolical attempt by the yahapalana authorities to foist the blame for the Central Bank bond scam on my government. The established practice in relation to government finance is that towards the third week of each month or even earlier, the Treasury determines the financial needs of the government for the coming month and informs the Public Debt Department which functions under the Central Bank that a certain amount of money is required by a certain date. The Public Debt Dept. then takes steps to borrow the required amount from the market by issuing the appropriate instruments such as Treasury Bills and Treasury Bonds. The Gazette notifications relating to such bond issues are published only after the transactions have been completed. The reason for this is that until the transaction is complete no one will know its final details because many variables are determined by the market.

For example, when bids are called for a bond issue at a certain interest rate, all the bids received may end up being rejected. Furthermore, the bids may exceed the amount of bonds offered and then the Public Debt Dept. will have to decide how much to accept. Since none of these factors can be known beforehand, the Gazette notification relating to a bond issue is issued only after the entire transaction has been completed. The great Central Bank bond scam began with the bond auction of  27 February 2015. What happened in this instance was that following the usual practice, on or around 20 February 2015 the Treasury informed the Public Debt Department that the government would need Rs. 13.5 billion by 2 March 2015. The Public Debt Department was able to raise about Rs. 3 billion immediately but needed another Rs. 10.5 billion.  They called for bids for Rs. one billion worth of 30 year bonds with a face value interest rate of 12.50%. Bids amounting to Rs. 20 billion were received and a little over Rs. 10 billion was accepted.

How this particular bond issue became a major scam is well known and need not concern us here. The issue at hand is that the yahapalana government has tried to foist the entire responsibility for this bond issue on me through the extraordinary Gazette No: 1895/19 dated  01 January 2015. This Gazette contains details of bond issues going back to 2011 and in the midst of this, the bond issues made during the year 2015 on 1 March, 15 March, 1 May, 15 May,1 August and 15 December have also been gazetted under my name. Through such devious means they are attempting to suggest that I issued a Gazette notification on 1 January 2015 in relation to a transaction that took place about seven weeks after a new President and a new finance minister had assumed office.

It is obvious that I could not possibly have known back on 1 January 2015 that the Treasury will need Rs. 13.5 billion on 2 March 2015, that the Public Debt Department would call for bids for Rs. one billion in 30 year bonds at the face value rate of 12.50%, and that they would receive Rs. 20 billion in bids of which Rs.10 billion would be accepted. As I pointed out earlier, Gazette notifications relating to bond issues are published only after the transaction not before it. Even though Gazette No: 1895/19 bears the date 01 January 2015, it is clear that it has been published long after that date.  The small print on the Sinhala version of the Gazette seems to indicate that it was actually printed only in November 2016. Therefore, I see this as a diabolical attempt to mislead the public and palm off the yahapalana government’s crooked bond issues on me and my government. I will be taking legal action in this regard.

Mahinda Rajapaksa

Former President of Sri Lanka

වත්මන් යහපාලන රජය විසින් 2015 පෙබරවාරි මස සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට්‌ පත්‍රය පෙරදාතම් කොට තමාගේ නමින් මුද්‍රණය කිරීමෙන් තමාට විශාල අපහාසයක්‌ සිදුවී ඇති බැවින් මෙයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වත්මන් මුදල් ඇමැතිවරයාට සහ මුදල් අමාත්‍යාංශයට එරෙහි නඩු පැවරීමට තමා තීරණය කර ඇතැයි හිටපු ජනාධිපති සහ හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කළේය.

තමා සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් නීති උපදෙස්‌ ලබා ගනිමින් සිටින බවද ඒ අනුව තමාට සිදු කළ අපහාසයට එරෙහිව නීති පියවර ගන්නා බවත් මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ද එක්‌තරා ප්‍රමාණයකට වගකිව යුතු බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.

තමා ඔය කියන බැඳුම්කර නිකුතුවට කිසිදු සම්බන්ධයක්‌ නැති වුවත් අදාළ ගැසට්‌ පත්‍රය තමාගේ නමින් නිකුත් කිරීමෙන් බලවත් වරදක්‌ කර ඇති බවත්, ඒ තුළ මේ බැඳුම්කර නිකුතුවට තමා සම්බන්ධ බවට හැඟීමක්‌ ඇති කිරීමට ක්‍රියාකර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා කියයි.

මම 2015 ජනවාරි 09 දිනෙන් පසු ජනාධිපති නෙවෙයි. ඒ නිසා අදාළ ගැසට්‌ පත්‍රයට ඇතුළත් කළ යුතු වන්නේ මගේ නම නොවෙයි. එහෙත් කලින් වෙන් කරගෙන තිබූ ගැසට්‌ පත්‍රයේ අංකයට මගේ නම වෙනස්‌ නොකර එහෙමම මුද්‍රණය කරලා තිබෙනවා. මේ බැඳුම්කර නිකුතුවට මම සම්බන්ධ බවට මේ නිසා හැඟීමක්‌ ඇති කරන්න හදනවා. මේ ගැන දැනටමත් බොහෝ පිරිසක්‌ මගෙන් දුරකථනයෙන් විමසුවා. ඒ නිසා වත්මන් මුදල් අමාත්‍යාංශය මට කර තිබෙන්නේ බරපතළ අපහාසයක්‌. මේ ගැන මගේ නීතිඥවරුන් දැන් අධ්‍යයනය කරමින් ඉන්නවා. මේ අයට වගකීමක්‌ තිබුණේ මේ ගැසට්‌ එකට මගේ නම යොදන්නෙ නැතුව ඉන්න. ඒ වගකීම මේ අය පැහැර හැරලා රටට වැරදි චිත්‍රයක්‌ දෙන්න හදනවා. ඒ නිසා මම මේකට නීති පියවර ගන්නවා. මේ අය කළ බැඳුම්කර නිකුතුවට මගේ නම දැමීම බලවත් වරදක්‌. මම මේක සිදුවන විට රටේ මුදල් ඇමැති නෙවෙයි.

චන්ද්‍රිකා රනිල් වගේ ම සිංහල බෞද්ධ විරෝධීයි. නයි පොළොං වගේ හිටිය දෙන්න දැන් සිංහල බෞද්ධ සංස්කෘතියට ඇති වෛරය නිසා එකතු වෙලා. ඔවුන්ගේ සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි. දෙදෙනාගේ ම පිය පාර්ශ්වයේ නෑදැයන් අංංග්ලිකන් ක්‍රිස්තියානි. බණ්ඩාරනායක මහතා නම් බෞද්ධයකු වුනා. ඔවුන්ගේ පමණක් නොවෙයි. සේනානායකලා ද බෞද්ධයන් වීමට පෙර ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ජයවර්ධනලාත් එහෙමයි. මෙරට දෙමළ නායකයන්ගේ ද සම්භවය ඇංග්ලිකන් ක්‍රිස්තියානි. රාමනාදන්ලා අරුණාශලම්ලා හින්දු වුනත් ඒ පවුල්වල ඇංග්ලිකන් ක්‍රිස්තියානි පසුබිමක් තිබුණා. චෙල්වනායගම් හින්දු වුනේවත් නැහැ. සුමන්තිරන් ද මෙතෝදිස්ත භක්තියෙක්. මේ රටේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි බලය තවමත් ක්‍රියාත්මකයි. අද මේ සියල්ලන් ම එකතුවෙලා පොළොන්නරුවේ මෛත්‍රිපාල සිරිසේන යොදා ගෙන සිංහල බෞද්ධ සංස්කෘතිය නැත්තට ම නැති කරන්න හදනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් මෙවැනි ප්‍රකාශවලට කැමති නැහැ. ඔවුන් විවිධ පඬියන්.

චන්ද්‍රිකා සුපුරුදු විධියට තම වෛරී ස්ථාවරය ප්‍රකාශ කරලා. ඇය කියන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා යන බලතල දෙමළ ජනයාට දිය යුතුය කියා. ඔය කිසිම බලතලයක් දෙමළ ජනයාට ලැබෙන්නේ නැහැ. බලය ලැබෙන්නේ වෙල්ලාල ක්‍රිස්තියානි සංස්කෘතියක් ඇති ප්‍රභූන්ට. චන්ද්‍රිකාලාට අවශ්‍ය උතුර හා නැගෙනහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ දෙමළ ප්‍රභූන්ට දී ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ තමන් වැන්නන් ඉතිරි පළාත් පාලනය කිරීම. ඇතැම් විට ඇයට විමුක්ති ගැනත් කල්පනාව ඇති. ඒ කොහොම වුනත් මොවුන්ගේ මේ ක්‍රියාදාමය මෙරටින් සිංහල බෞද්ධ සංස්කෘතිය හැකි නම් සෝදා දැමීම.
චන්ද්‍රිකා ඇගේ පක්‍ෂයේ අයටත් දොස් පවරනවා. එහෙත් ඇය දන්නේ නැහැ ඇය ඒ පක්‍ෂය ඝාතනය කිරීමට ආධාර කළ බව. අද ඒ පක්‍ෂය නැහැ. ඇයමයි කියා තිබුණේ මෙරට පක්‍ෂ තුනකට ඉඩක් නැහැ කියලා. එය ඇත්තක්. අද ශ්‍රී ල නි පක්‍ෂයක් නැහැ. ඒ නිසා වෙනත් පක්‍ෂයකට ඉඩ තියෙනවා. චන්ද්‍රිකා ඇගේ වචනවලින් කියන්නේ දෙමළ ජාතිවාදීන් අවුරුදු තිහක් යුද්ධ කෙළේ දහතුන්වැනි සංශෝධනයෙන් දුන් බලතල මදි නිසා බවයි. ඒ බව ඇගේ ඊනියා පක්‍ෂයේ අයටත් තේරෙන්නේ නැති බවයි ඇය කියන්නේ. රනිල් කියනවා වගේ එහෙනන් අපට කරන්න තියෙන්නෙ තව තවත් බලය විමධ්‍යගත කරන එකයි.

චන්ද්‍රිකා හිතන්නේ අපේ හමුදා මෙහෙයුම් සිදු කෙළේ කුමකට කියා ද? දෙමළ ජාතිවාදීන් අවුරුදු එකසිය ගණනාවක් ම කටයුතු කරලා තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කර හැරීමට. එහි අවසාන අදියරේ ප්‍රභාකරන් අවුරුදු තිහක් ආයුධ අතට ගෙන සටන් කළා. ඔවුන්ට ඕනෑ කෙළේ තව තවත් බලය ලබා ගැනීම හා රට දෙකඩ කිරීම. චන්ද්‍රිකා ජනාධිපති කාලෙ හමුදාව සටන් කෙළේ තව තවත් බලය දෙන්න වෙන්න ඇති. චන්ද්‍රිකා කියාවි ඇයට ඕන කෙළේ රට දෙකඩ කිරීම වැළැක්වීම මිස බලය වැඩි වැඩියෙන් දීම වැළැක්වීම නො වේය කියලා.

එහෙත් දෙමළ ජාතිවාදීන් ක්‍රියා කෙළේ අද ටිකක් හෙට හුඟක් යන ප්‍රතිපත්තියෙ ඉඳන්. චන්ද්‍රිකා ඒ බව දන්නෙ නැත්නම් ක්‍රිස්තියානි චෙල්වනායගම්ගෙ ක්‍රිස්තියානි බෑණා ඒ ජේ විල්සන් තම මාමා ගැන ලියා ඇති පොත කියවන්න. විල්සන් ජේ ආර්ට ව්‍යවස්ථාව හදන්නත් උදවු කළා. ඔහු එක්සත් රාජ්‍යවල මහාචාර්යවරයකු වෙලා හිටියට ද’ක්‍ෂයකු නොවන බව ව්‍යවස්ථාව දහනව වතාවක් ම සංශෝධනය කිරීමෙන් ඔප්පු වෙලා තියෙනවා. දෙමළ ජාතිවාදීන් කිසි දිනෙක ඊළමකින් මෙහා සතුටු වන්නෙත් නැහැ බොහෝ මහාචාර්යවරුන් දක්‍ෂයන් වන්නේත් නැහැ.

මෙරට හමුදා කොටි සංවිධානයට එරෙහි ව සටන් කෙළේ දෙමළ ජාතිවාදීන් ඉල්ලන කිසිම දෙයක් දෙන්නෙ නැත කියන තැන හිඳිමින්. කොටි සංවිධානය සටන් කෙළේ දහතුන මදි කියලා. හමුදා මෙහෙයුම් කෙළේ ඒ කිසිවක් නො දීමට. අවසානයේ දී නන්දිකඩාල් කලපුවේ දී කොටි පරාද වුනා. චන්ද්‍රිකාට සෝබෝන් උපාධියක් තියනවා ද නැද්ද කියලා මා දන්නේ නැහැ. එහෙත් ඇය සෝබෝන් ගිහිල්ල තියෙනවා. ඇයට එහි දී ඉගැන්නුවේ යුද්ධයක දී පැරදුණු පැත්ත ඉල්ලූ දේ දෙන්න කියා ද? එහෙමත් නැත්නම් පාසලේ දී එහෙම දෙයක් කියා දුන්න ද? චර්චිල් ඊනියා දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ පැරදුණු නට්සිවාදීන්ගේ ඉල්ලීම් දුන්න ද? චන්ද්‍රිකාට අමු කොළ නොවෙයි ක්‍රෝට්න් කොළ කැවිල ද?

චන්ද්‍රිකා කියන්නේ කොටි යුද්ධ කෙළේ දහතුන මදි හින්ද, ඒ නිසා කොටි ඉල්ලූ දේ දිය යුතු ය කියලා. එතකොට හමුදාව කොටි පරාජය කෙළෙත් කොටි ඉල්ලන දේ දෙන්න ද? එහෙනන් හමුදා මෙහෙයුම් නොකර ඉන්න තිබුණා. නන්දිකඩාල් කලපුවේ දී පැරදුණේ කොටි විතරක් නො වෙයි. කොටි කියන්නෙ දෙමළ ජාතිවාදයෙ අවසාන පුරුක. නන්දිකඩාල් කලපුවේ දී සමස්ත දෙමළ ජාතිවාදය ම පරාජය වුනා. චන්ද්‍රිකාත් විජය කුමාරතුංගත් පැරදුණා. ඔවුන් දෙදෙනාම සිංහල බෞද්ධයන්ට විරුද්ධව චෙන්නායි ගුබ්බෑයම්වලට ගිහින් කොටි මුණ ගැසී සාකච්ඡා කළා. අද කළ යුත්තේ නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට චන්ද්‍රිකාටවත් රනිල්ටවත් කිසිදු ඉඩක් නො දීමත් නන්දිකඩාල් ජයග්‍රහණය ව්‍යවස්ථාවට ඇතුළු කිරීමත්. ඒ කියන්නෙ දහතුන අහෝසි කරන එකයි. ඒකට ඉන්දියාව කැමති ද නැද්ද කියන එක අදාළ නැහැ.

රනිල් පැහැදිලි ව කියා තිබුණා ව්‍යවස්ථාව සම්පාදනය කරන්නෙ දෙමළ ජනතාවගෙ ප්‍රශ්නය විසඳන්න කියා. මේ ප්‍රශ්නය මොකක් ද කියලා නි්ර්මාල් දේවසිරිගෙන් හරි සරත් විජේසූරියගෙන් හරි අහලා කියනවා ද? ඒ දෙන්න ම දැන් නිහඬයි. රනිල්ලා චන්ද්‍රිකාලා මේ රටේ තවමත් ආධිපත්‍යය දරන්නේ සුද්දන්ගෙ බලය නිසා. ඔවුන්ට මේ රටේ ජනබලයක් නැහැ. මෛත්‍රිපාල මේ දෙන්නට මෙච්චර බය ඔහුත් සුද්දන් විසින් පත් කෙරුණු නිසා.

නලින් ද සිල්වා

2017 පෙබරවාරි 22

මාස 2ක කාලයක් තුලදී උතුරේ ඉඩම් සියල්ලම යුධ හමුදාවෙන් නිදහස් කර එහි සම්පූර්ණ පාලන බලය උතුරු පළාත් සභාවට පැවැරිමට තමන් කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර සිටි බව ද්‍රවිධ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා ද්‍රවිධ මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ.

උතුරේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ජනාධිපතිවරයා සද ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ඊයේ හමුවු අතර එහිදි ජනාධිපතිවරයා එම පොරොන්දුව ලිඛිතව ලබාදිමට කටයුතු කල බවද සම්බන්ධන් අනාවරණය කර තිබේ.

නව ව්‍යවස්ථාව සම්පාදනය කර සම්මත කරනතුරු වත්මන් ව්‍යවස්ථාවෙන් පළාත් සභාවට පැවැරි ඇති බලතල ක්‍රියාත්මක කිරිමට ජනාධිපතිවරයා කටයුතු කිරිමට සුදානම් බවද සම්බන්ධන් අනාවරණය කර තිබේ.

tna2

ලොව කිසිම රටක්‌ යුද්ධවලින් පසුව ආරක්‌ෂක හමුදා කඳවුරු ඉවත් කරගත්තේ නැත. ඇමරිකානු හමුදාව ජර්මනියේ කඳවුරුද ජපානයේ පිහිටි ඔකිනාවා කඳවුරද ඉවත්කර ගැනීමට ක්‍රියා කළේ නැත. එහෙත් ද්‍රවිඩ සංවිධානය සහ රාජ්‍ය නොවන සංවිධානය, බටහිර රටවල් උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත්කර ගැනීමේ මෙහෙයුමක යෙදමින් ඒ සඳහා ගෙන එන තර්කය වූයේ යුද්ධයක්‌ නැති බවයි. එහෙත් උතුරේ යුධ පුහුණුව ලත් කොටි 12000 ක්‌ වේ. මින් 300 ක්‌ පුනරුත්ථාපනය නොවූවන්ය. කිලිනොච්චියේද පුනරුත්ථාපනය නොවූ කොටි 200 කට අධික සංඛ්‍යාවක්‌ සිsටින බව වාර්තාවේ. එසේම හමුදාවට අසුනොවූ අවි, ක්‌ලේමෝ බෝම්බ හා වෙනත් ආයුධ රැසක්‌ ඇත. මේ අවි ආයුධ තිබෙන ස්‌ථාන ගැන දන්නේ හිටපු කොටි පමණකි.

එසේ වුවත් අද සිදුවන්නේ කුමක්‌ද? ඒ උපක්‍රමික ලෙස හමුදාවට වැදගත් කඳවුරු ඉවත්කරලීමට ද්‍රවිඩ සංධානය දරන උත්සාහයි.

මුලතිව්හි පිහිටි ගුවන් හමුදා කඳවුර ඊට නිදසුනකි. මේ කවුර අභය භූමි, වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත්ය. එම භූමිය තමන්ට අයිති යයි පෙන්නුම්කර ද්‍රවිඩයන් පිරිසක්‌ වසර 8 කට පසු උපවාසයක්‌ අරඹා ඇත.

නෝර්වේහි සිටින කොටි නායකයකුවූ නෙදියවන් මුලතිව හමුදා කඳවුර ඉවත්කර ගැනීමේ මෙහෙයුමේ පසුබිමේ සිටී.

පසුගිය සතියේ මුලතිව් හමුදා කඳවුර ඉවත්කර ගැනීම සඳහා ද්‍රවිඩ සංවිධානය ද්‍රවිඩ වැසියන් පිරිසක්‌ එම කඳවුර අසළට ගෙනවුත් උපවාසයක්‌ ආරම්භ කළේය. දින කීපයකට පසු මුස්‌ලිම් කාන්තාවන් කීප දෙනෙක්‌ද ඊට සම්බන්ධව මීගමුවේ කාන්තාවන් පිරිසක්‌ද බැනර් ප්‍රදර්ශනය කරමින් එම උපවාසයට සහය දැක්‌වූහ.

එහෙත් සැබෑ යථාර්ථය කුමක්‌ද? කොටි සංවිධානයේ ගුවන් ධාවන පථය පිහිටියේ මුලතිව් ගුවන් කඳවුර පිහිටා ඇති ස්‌ථානයේය. මෙම ගුවන් ධාවන පථයේ සිට අහසට නැගුණු කොටින්ගේ ස්‌ලින් ගුවන් යානා කොළඹට හා කොළොන්නාව තෙල් සංස්‌තාවටද, කටුනායක ගුවන් කඳවුරටද බෝම්බ හෙළීමට ක්‍රියා කළේය. එම මෙහෙයුම දියත් aකළ කොටින්ගේ වාන්පුලිගල් ගුවන් ඒකකයේ නායක ගුෂාන්තන් මැලේසියාවේ දී අසුවී මෙරට ගෙන ආ පසු මෑතකදී කිසිදු චෝදනාවක්‌ නැතිව මුදාහරිනු ලැබීය. කොළඹ වැලිකඩ මැගසින් කඳවුරේ සිංහල සිරකරුවන් සමඟ සිටි ගුසාන්තන් නිදහස්‌ව එනවිට පැවැසුවේ නුඹලාගේ රජය ජිවත්වූ ප්‍රභාකරන්ට වඩා මියගිය ප්‍රභාකරන්ට බිය බව පවසා ඇත.

එවන් පසුබිමක්‌ මැද උපක්‍රමික ලෙස වැදගත් මුලතිව් ගුවන් කඳවුර පිහිsටි භූමිය තමන්ට අයිතිවීම පෙන්නුම් කරමින් ගුවන් හමුදා කඳවුර ඉන් ඉවත් කිරීමට ද්‍රවිඩ සංවිධානය උත්සාහ ගෙන ඇත.

එහෙත් රජය ද්‍රවිඩ සංවිධානයේ අරමුණ තේරුම් නොගැනීම විමතියකි. සංහිඳියාව යනු ක්‍රමෝපායික ආරක්‌ෂක කඳවුරු ඉවත් කිරීම නොවේ.

mula1

මුලතිව් කඳවුර ඉවත් කිරීම සඳහා උතුරේ පාසල් ළමුන් පෙළගස්‌වා තිබූ අයුරු.

ඉදිරියේදී නැවත වරක්‌ සන්නද්ධ අරගලයක්‌ ඇති නොවන බව රජයටත්, උතුරේ ආඥාපතිවරයාටත් සහතික විය නොහැකිය. මන්ද යත් උතුරේ සිටින්නේ බබාලා නොවේ. ආයුධ පුහුණව ලත් කොටි ඝාතනකයන් බව රජය තේරුම් ගත යුතුය. මෑතකදී සුමන්තිරන් මන්ත්‍රීවරයාව ඝාතනය කිරීම සඳහා සැළසුම් කළේ හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිසකි. ඔවුන් සතුව තිබූ ක්‌ලේමෝ බෝම්බයක්‌ද අසුවිය. මේ ඝාතන සැළසුම හෙළිවූයේද හිටපු කොටි ක්‍රියාකාරිකයකුගෙන්. එසේනම් සනාථ වන්නේ සතුරුන් අවස්‌ථාව එනතුරා බලා සිටින බවයි. වත්මන් රජයේ දේශපාලකයන් ජනතාවට තොරතුරු වසන් කිරීමට ක්‍රියාකළත් විදෙස්‌ගත ඊලාම් ඩයස්‌පෝරාව ශක්‌තිමත්වී ප්‍රභාකරන්ගේ ජාත්‍යන්තර ජාලය රටවල් රැසක ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ රටවල්වලදී විරෝධතා දක්‌වන්නේ එම ජාත්‍යන්තර ජාලයයි.

මේ ඊළාම් ජාත්‍යන්තර ජාලය සංහිඳියාව ගැන තැකීමක්‌ කරන්නේ නැත. සංහිඳියාව ගැන හඬ නගන්නේ මනෝ ගනේෂන්ගේ අමාත්‍යාංශයයි. එහෙත් රජයේ යාන්ත්‍රණය අතීතය අමතකර ඇත. එසෙම ප්‍රභාකරන්ගේ ඝාතනයද අමතකවී තිබේ. මේ වාතාවරණයටද හමුදාවට දඬුවම් කිරීමට විශේෂ උසාවි පිහිටුවන ලෙසද ඉල්ලා ඇත. එහෙත් බිහිසුණු අපරාධ කොටි නිදහස්‌ කරන ලෙස ඉල්ලා තිබේ. මෙම නීතිය දෙබිඩි ලෙස ක්‍රියාත්මක කිරීමට දැරූ උත්සාහයකි.

එසේම මෙරට අභ්‍යන්තරයේ සිදුවූ දේශපාලන ඝාතනය ජාත්‍යන්තරකරණය වී තිබේ. ඒවා ගැන විමර්ශනය කර දඬුවම් කළ යුතු යෑයි ඉල්ලන්නේ ජිනීවා හී මානව හිමිකම් කොමසාරිස්‌ය. මේ හැර ඊටත් වඩා පුදුමය නම් වධ හිංසා පිළිබඳ සෙවීමට පැමිණි එක්‌සත් ජාතීන්ගේ නියෝජිත ජුවන් මෙන්ඩස්‌ට මෙරට රහස්‌ පොලිසියේ සිට පොලිස්‌ කාර්යාල සහ බන්ධනාගාරවල දොරවල්ද විවෘත විය.

කොටි ත්‍රස්‌තයන් තමන් හමුවීමට පැමිණි ජුවන් මෙන්ඩස්‌ව රැවටූ අන්දම කෙසේද කිවහොත් යුද ගැටුම්වලදී ඇතිවූ තුවාල කැළල් පවා පොලිසිය සහ හමුදාව සිදු කළ වධ හිංසා කැළල් බවට පෙන්නුම් කර තිබේ.

විදේශ වෝහාරික විශේෂඥයකු සහ විශේෂ කැමරාවක්‌ භාවිතා කරන අයකු කැටුප බන්ධනාගාරවලට ගිය මෙන්ඩස්‌ එම කැළල් ඡායාරූප ගතකර මානව හිමිකම් කවුන්සලයට තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

පළාත් පාලන මැතිවරණයක් කැදවිමට තින්දු කල යුත්තේ මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සහය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා ගැනිමෙන් පසුව මෛත්‍රී පිළේ බත් බැලයන් සහ ජනපති ඇතුලු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ඡාවේදි අවධාරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එළැඹෙන දෙවැනිදා පැවැත් වීමට නියමිත සමස්ථා ලංකා කාරක සභාවට සහ පක්ෂයේ විධයක සභාවට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මහ ලේකම්වරයා විසින් මේ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතටද ඇරයුමක් යොම කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරණු ලබන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් බහුතරයකට මේ වන විටත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභාවට සහ විධායක සභාවට ඇරයුම් ලිපි යවා තිබේ.

කෙසේ හෝ මහින්ද ඇතුලු කණ්ඩායම සමග එක්ව පළාත් පාලන මැතිවරණයට තරග කලයුතු බවත් එසේ නොමැතිනම් මහින්ද පිළේ සිටින ශ්‍රීලනිප කණ්ඩායම් කඩා මෛත්‍රී වටා එකතු කර ගැනිමට මෙහෙයුමක් දියත් කලයුතු බවත් එම සාකච්ඡාවේදි අවධාරණය කර තිබේ.ඒ කිසිවක් සාර්ථක නොවන්නේ නම් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවි ශ්‍රීලනිපය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවයි එම කණ්ඩායමේ අදහස වි ඇත්තේ.

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එළැඹෙන දෙවැනිදා පැවැත් වීමට නියමිත සමස්ථා ලංකා කාරක සභාවට සහ පක්ෂයේ විධයක සභාවට ඒකාබද්ධ වික්ෂයේ සහාගීවිම සම්බන්ධයෙන් වූ අවසාන තීරණ මේ මස 28 පැවැත්වෙන විශේෂ රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මේ අතර ඒකාබද්ධ මන්ත්‍රීවරුන් ඉදිරි පළාත් පළාත් පාලන මැතිවරණය සන්ධානයක් ලෙස තරග කිරිමට මහින්ද රාජපක්ෂ මහතාට යොජනා කර තිබේන අතර ඒ අනුව ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ නව සන්ධානයක් ලෙසින් කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන්ද ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් ඒ පිළිබද අවසන් තීරණය නුදුරේදීම ගැනීමට නියමිත බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

http://www.sinhala.lnwtoday.com/archives/14724

Top