පසුගියදා දෙරණ රූපවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ජාවක් අතරතුර වික්ටර් අයිවන් මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක සම්බන්ධයෙන් ලියූ “චෞර රැජින” පොත සම්බන්ධයෙන් කක්කුස්සී කටාගේ පුත් පා.ම චතුර සේනාරත්න පළ කල අදහස පිළිබඳව වික්ටර් අයිවන් මහතාගේ ප්‍රතිචාර.
චතුරගේ කැරැට්ටුව ගැන දැනගන්න ….අපි කල අනාවරණයන් කියවන්න ….
http://www.sinhala.lnwtoday.com/archives/14594
http://www.sinhala.lnwtoday.com/archives/13443
http://www.sinhala.lnwtoday.com/archives/20
http://www.sinhala.lnwtoday.com/archives/6935
http://www.sinhala.lnwtoday.com/archives/791
චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජාත්‍යන්තරය ඉදිරියේ අපේ සන්නද්ධ හමුදාවලට අවලාද නැගීම
යුද්ධය නිසා උතුරේ වැන්දඹු තත්වයට පත් වූ කාන්තාවන් ශ්‍රී ලංකා යුද හමුදාවද ඇතුළු පිරිස් විසින් ලිංගික සූරා කෑමකට ලක් කරමින් සිටින බවට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පසුගිය සතියේ කොළඹ විදෙස් ජනමාධ්‍යවේදීන් අමතමින් කල කතාව කාගේත් අවධානයට යොමුවිය යුතුය. යුද කලාපයේ කාන්තාවන් අපේ හමුදාවන් විසින් ලිංගික අපයෝජනයට හා ලිංගිකව සූරා කෑමට ලක් කරනවාය යන්න එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව සාමාන්‍ය ක්‍රියා පටිපාටි නොසලකා හරිමින් පිහිටුවන ලද විමර්ශන දෙකකින්ද එනම් 2011 මාර්තු 31 වන දා එලිදක්වනු ලැබූ දරුස්මාන් වාර්ථාවේද 2015 සැප්තම්බර් 16 වනදා එළිදක්වන ලද නවි පිල්ලේ / සෙයිඩ් අල් හුසේන වාර්ථාවේද සාක්ෂි රහිතව නගා තිබූ ප්‍රධාන අවලාදයක් විය.
සෙයිඩ් අල් හුසේන්ගේ වාර්තාවේ ‘ස්ත්‍රී දූෂණය හා ලිංගික සූරාකෑම’ යන මැයෙන් පිටු 10 ක පමණ සම්පූර්ණ පරිච්ඡේදයක්ද තිබුණි. දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසි වාරය ආරම්භ වීමට දින ගණනක් තිබියදී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති හා හිටපු සේනාධිනායිකාව අපේ සන්නද්ධ හමුදා උතුරේ යුද්ධයෙන් වැන්දඹු තත්වයට පත් වූ කාන්තාවන් ලිංගිකව සූරා කන බවට විදෙස් ජනමාධ්‍ය කරුවන් ගෙන්වා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඇත.
මෙය මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමට පෙර අපේ සන්නද්ධ හමුදාවන්ට එරෙහිව සිතා මතාම නගන ලද අවලාදයකි. මෙතනදී සිදු වි ඇත්තේ ශ්‍රී ලංකාවේ සතුරන් අපේ සන්නද්ධ හමුදා වලට නගන අවලාද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරිය හා හිටපු සේනාධිනායිකාවද ඒ ආකාරයෙන්ම පැවසීමයි. කුමාරතුංග මැතිනිය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාතික සමඟිය හා සන්හිඳියාව පිළිබඳ කාර්යාලයේ ප්රධානියාය. එවන් තනතුරක් දරණ අයෙක් මේ ආකාරයේ ප්‍රකාශයක් කල විට එය ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් හැටියට ලෝකයට යයි. ශ්‍රී ලංකා යුද හමුදාව කුමාරතුංග මැතිනියගේ අවලාද වලට පිළිතුරු බැඳීමෙන් පලක් නැත.
රටේ හිටපු ජනාධිපතිවරයෙකු හා සේනාධිනායකවරයෙකු මෙවන් ප්‍රකාශයක් කල විට එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ වත්මන් ජනාධිපති හා සේනාධිනායකයායි. වත්මන් ජනාධිපතිවරයා අපේ සන්නද්ධ හමුදා හා ජනතාව වෙනුවෙන් කුමාරතුංග මැතිනිය කල ඒ නොහොබිනා ප්‍රකාශය ප්‍රසිද්ධියේ හෙලා දැකිය යුතු බව හිටපු ජනාධිපතිවරයෙකු හා සේනාධිනායකවරයෙකු වන මම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එමෙන්ම රජයේ ONUR ආයනයේ ප්‍රධානී තනතුර දරමින් සිටියදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව මේ ආකාරයට අපකීර්තියට පත්කිරීම නිසා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මෙවන් තනතුරක් දැරීමට සුදුසු පුද්ගලයෙක්ද යන්නත් ආණ්ඩුව තීරණය කල යුතුය.
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
Vilification of our armed forces by Mrs Chandrika Kumaratunga in statement to the international media
The statement made by Mrs Chandrika Kumaratunga to foreign correspondents in Colombo last week to the effect that war widows in Sri Lanka now face ‘widespread’ sexual exploitation by members of the army among others, is a matter of grave concern. The rape and sexual exploitation of women in the war zone both during and after the war was one of the main unsubstantiated accusations made by two irregularly set up investigations against Sri Lanka within the UN system – the Darusman report of 31 March 2011 and the Navi Pillai/Zeid Al Hussein report of 16 September 2015. The latter report had a whole chapter of about ten pages devoted to the subject of rape and sexual exploitation. Now with days to go for the 34th Sessions of the UN Human Rights Council, a former President of Sri Lanka and a former Commander in Chief of our armed forces says that our armed forces are sexually exploiting war widows in the north.
What we have here is a former President of Sri Lanka and a former Commander in Chief of our armed forces echoing the accusations made by our enemies in what is obviously a deliberate attempt to vilify our armed forces on the eve of the UNHRC meeting. Mrs Kumaratunga holds the position of head of the Office for National Unity and Reconciliation (ONUR) which functions under the Presidential Secretariat and the statements she makes goes to the world as the official position of the Sri Lankan government. The Sri Lanka Army’s statement rebutting Mrs Kumaratunga’s accusations does not carry any weight. When a former President and commander in chief makes such a statement the person to respond should be the present President and the Commander in Chief. As a former President and Commander in Chief myself, I call upon the President to publicly condemn the statement made by Mrs Kumaratunga. The government should also seriously consider whether Mrs Kumaratunga is fit to be the head of ONUR as she is using that position to bring disrepute upon the armed forces of Sri Lanka.
Mahinda Rajapaksa
Former President of Sri Lanka
දශක තුනකට අධික කාලයක් මෙරට ජනතාව ජාති, ආගම්. කුල බේදයකින් තොරව බිහිසුණු ත්‍රස්තවාදයකට ගොදුරු වි සිටි බව අප කවුරුත් දන්නා සත්‍යයකි. ත්රස්තවාදීන්ගේ සිහිනය වූයේ මේ රට දෙකඩ කර වෙනම රාජ්‍යයක ඔටුනු පැළඳීමය.
එහෙත් ඒ සිහින පරාජය කරමින් ත්‍රස්තවාදය වනසා දමා මේ මාතෘ භූමිය එක්සේසත් කරන්නට ඉකුත් 2009-05-19 වැනිදා අපේ වීරෝදාර රණවිරුවෝ සමත් වූහ. එය විශ්වයම විශ්මිත කළ විජයග්‍රහණයක්ද විය.
මේ අඳුරු යුගය තුළ ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම සඳහා සිදු කළ සටනේදී අපේ වීරෝදාර රණවිරුවන් 30000 කට අධික ප්‍රමාණයක් උපන් බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළේය. එහිදී දේශයේ දෙමාපියනට තම ලෙයින් උපන් දරුවන් අහිමි වූ අතර රණවිරුවා වෙනුවෙන් ජීවිතයම කැප කළ කළ බිරිඳකට සැමියෙක්ද දරුවනට පිය සෙනෙහසද අහිමි විය.
මේ සටනේදී සිදුවූ තවත් ඛේදවාචකයක් වූයේ සතුරා සමඟ සටනට ගිය රණවිරුවන් 60000 ක් පමණ පූර්ණ හා අර්ධ ආබාධිත තත්ත්වයන්ට ගොදුරු වීමය. මෙසේ මිය ගිය සහ ආබාධිත යන දෙකොටස අතර ත්රස්තවාදයට එරෙහි සටනේදී කොටස්කාරියන් වූ කාන්තා වීරවරියන් රැසක්ද සිටින වග අප සිහි තබාගත යුත්තකි.
එහෙත් අද වන විට එවන් කැප කිරීම් කර ජාතියට රට බේරා දුන් රණවිරු ප්‍රජාව තුළ තමනට අනාගතයේ කුමන ඉරණමක් අත්වේදොaයි ලෙසින් අවිනිශ්චිත හැඟීමක් ඇතිවී තිබෙනුයේ ඉතාම අවාසනාවන්ත ලෙසිනි.
එයට ප්‍රධානම හේතුවක් වී තිබෙනුයේ මියගිය රණවිරුවා සේම ආබාධිත රණවිරුවා වෙනුවෙනුත් ඔවුන්ට හිමි වැටුප ගෙවීමට රජය කටයුතු කළද ඔවුන්ගේ වයස අවුරුදු 55 අවසන් වූ පසු ඔවුන්ද සාමාන්‍ය රජයේ සේවකයන් මෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙමින් තිබීමය.
මියගිය රණවිරුවාගේ දරු පවුල් සහ ආබාධිත රණවිරුවාද අන්ත අසරණ තත්ත්වයකට ඇද දමමින් මේ අන්දමින් කටයුතු සිදු කිරීම කොතරම් යුක්ති යුක්තදැයි යන්න පළමු පුරවැසියාගේ සිට සියලු බලධාරීන් සහ සමස්ත රටවැසියන්ම කලපනා කළ යුතු වන්නකි.
මෙසේ වයස අවුරුදු 55 න් පසු රාජ්‍ය සේවයේ යෙදුණු සාමාන්‍ය අයකු සේ සලකමින් කටයුතු නොකර තමන්ගේ ජීවිතය සුරක්ෂිත කර ගැනීම සඳහා වයස අවුරුදු 55 න් පසුවද නොකඩවා ඉදිරියටත් වැටුප ලබා දෙන්නැයි යන්න අද රණවිරුවන් රජයෙන් කරනු ලබන ප්‍රධාන ඉල්ලීමක් වී තිබේ.
මෙරට රාජවංශයට අයත් ඉතිහාසය ගෙන බැලුවද මෙවන් දේ සිදුව ඇත. දුටුගැමුණු රජ සමයේදී එළාර පරදා මේ බිම එක්සේසත් කිරීමෙන් පසු එයට දායක වූ සියලු සෙන්පතියන්ට සැඳෑ සමය සුවසේ ගත කිරීම සඳහා ගම්වර ලබා දුන් බව පැරණි පොත්පත්හි සඳහන්ව ඇත.
එහෙත් අද සිදු වෙමින් තිබෙන්නේ ගම්වර දීම වෙනුවට යුද්ධයේදී සුවිශාල කැපකිරීම් කළ රණවිරුවන් සිරගත කිරීම සහ මියගිය රණවිරුවාගේ දරු පවුල් සහ ආබාධිත රණවිරුවා රජයට එරෙහි විරෝධතාකරුවකු ලෙස පාරට ගෙන ඒමට රජය විසින්ම කටයුතු කිරීමය.
යුද්ධය නිමා වීමට පෙර සිටම රණවිරු ප්‍රජාව රැකබලා ගැනීම සඳහා රණවිරුසේවා අධිකාරිය නමින් රාජ්‍ය ආයතනයක් පිහිටුවා මේජර් ජෙනරාල් නීල් ඩයස් නමැති වීරෝදාර සෙන්පතියා එහි සභාපති කර පුරාණ රජ සමය වර්තමානයේදී ද යථාර්ථයක් කිරීමේ වැඩපිළිවෙළක් පසුගිය කාලයේ ක්‍රියාත්මක විය.
මේජර් ජෙනරාල් නීල් ඩයස්ගේ සමයේ රණවිරු ප්‍රජාව වෙනුවෙන් කළ හැකි සියලුම සුබසාධන කටයුතු සිදු කර රණවිරු සේවා අධිකාරිය කෙරෙහි අචල විශ්වාසයක් රණවිරුවන් තුළ ඇති කිරීමට හෙතෙම පියවර ගත්තේය.
නීල් ඩයස් මහතාගෙන් පසුවද ඔහු ඇති කළ ව්‍යාපෘති හරහා රණවිරු ප්‍රජාවේ සුබසාධනයට රණවිරු සේවා අධිකාරිය ඔස්සේ නොකඩවා කටයුතු සිදු කෙරුණද අද වන විට එය දේශපාලන අධිකාරියක් බවට පත්ව තිබීම හේතුවෙන් රණවිරු සුබසාධනය යන්න ඇත්තේ ශූන්‍ය තුළ සිරවීය.
අපේකම සහ රණවිරුවාගේ දුක වේදනාව නොහඳුනන සහ ඕනෑම දෙයක් හමුවේ ආත්මය පාවා දිය හැකි වුන් රණවිරු සේවා අධිකාරිය සිය සුඛවිහරණය සඳහා වෙන්වූ අරුම බුදලයක් බවට පත්කරගෙන තිබීම එයට ප්‍රධානම හේතුව වී තිබේ.
මෙසේ රණවිරුවාගේ සුබසාධනය වෙනුවට රණවිරු සේවා අධිකාරිය අද පවතින්නේ බලධාරීන්ගේ සුබසාධනයට බව වැටහීමේදී රජයෙන් සිය ජීවිත සුරක්ෂිතතාව අයෑද සිටි රණවිරුවන් තමන්ගේ අයිතිය දිනා ගැනීම සඳහා කරනු ලැබුවේ නොයෙකුත් සංවිධාන පිහිටුවා ගැනීම විය.
වර්තමානයේ තිබෙන සමස්ත ලංකා දිවි පිදූ හා ආබාධිත රණවිරු එකමුතුව යනු එසේ බිහිවූ සංවිධාන අතරින් අද වන විට රට පුරා දිස්ත්‍රික්ක 18 ක රණවිරුවන්ගේ ආශීර්වාදය මැද ඉකුත් 2016 වසරේ මාර්තු මස 23 වැනිදා ආරම්භ වූවකි. එතැන් සිට රණවිරුවා තමන්ගේ අයිතිය වෙනුවෙන් රජයට ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබුවේ සමූහ වශයෙනි.
වර්තමානයේ මෙරට බලධාරීන්ට නොවැටහෙන එක් සත්‍යයක් තිබේ. ඒ රණවිරු ප්‍රජාව යනු දිනෙන් දින ක්ෂය වන කණ්ඩායමක් බව ඔවුන් වටහා නොගැනීමය. අද රණවිරු ප්‍රජාව මුහුණ දෙන ගැටලු ගණනාවක්ම ඔවුන්ගේ සිත්වලට වද දෙමින් ඉදිරියට පැමිණ තිබේ.
වයස අවුරුදු 55 ඉක්මවා ගොස් විශ්‍රාම වැටුප් ලබන සහ නොලබන ආදී ලෙසින් වූ රණවිරුවන් 400 ක පමණ පිරිසක් මේ මොහොත වන විට සමාජයේ වෙසෙති. නූතනයේ දේශපාලනඥයන් සඳහා දරණ වියදම් දෙස බැලීමේදී මොවුනට වැටුප් ගෙවීම යන්න රජයකට ඒ හැටි ගැටලුවක් නොවන බව පැහැදිලි කරුණක් වුවද ඔවුහු අද බොහෝ දුෂ්කරතා මැද සිය සැඳෑ සමය ගෙවමින් සිටිති.
පශ්චාත් යුද සමයේ රණවිරුවන් අරබයා මතුව තිබෙන තවත් බරපතළ ගැටලුවක් ලෙස යුද්ධය නොවන හේතූන් මත මියගිය බව සඳහන් කරමින් මරණයට වර්ගීකරණයක් දුන් රණවිරුවන්ගේ පවුල්වල ගැටලුවය. මෙම තත්ත්වය හමුවේ රණවිරුවා වෙනුවෙන් ලැබිය යුතු බොහෝ දේ ඔවුනට අහිමි වී ඇති අතර ඔවුන් අද යුද්ධයට සහ සියල්ලන්ට ශාප කරමින් අසරණව ජීවත් වන රණවිරු ප්‍රජාවේ එක්තරා කොටසක් බවට පත්ව ඇත.
මෙකී වෙනත් හේතූන් මත මියගිය රණවිරුවා මරණයට පත්වන්නේද යුද බිමේදීය. එහෙත් ඔවුන්ගේ මරණය යුද්ධය නිසා නොවේ යෑයි ලෙසින් වර්ගීකරණ වී ඇත්තේ යම් අනතුරක්, හෘදයාබාධයක්, ආදී ලෙසින් සතුරු ප්‍රහාරයකින් සිදු වූවක් නොවන නිසාය. එහෙත් එය කොතෙක් අසාධාරණදැයි යන්න බලධාරීන්ගේ ඔලුගෙඩිවලට මේතාක් වැටහී නොමැත.
අද වන විට රණවිරුවාන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය ඇමැති, ආරක්ෂක ලේකම් සහ අගමැති ලේකම්තුමිය ආදී වශයෙන් බොහෝ බලධාරීන් සමඟ රණවිරුවන් සාකච්ජා පවත්වා ඇතත් ඒවායෙහිදී රණවිරුවාට ලබා දෙන පොරොන්දු කිසිවක් ඉටු කෙරෙන බවක් පෙනෙන්නට නැත.
එහෙයින් තමන්ගේ ඉල්ලීම් උපක්රමශීලීව ප්‍රතික්ෂේප කරමින් අදාළ බලධාරීන් තමන් රවටනවාද යන සැකය රණවිරුවන් තුළ ඇති වී ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට මාස කිහිපයකට ඉහතදී ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් රණවිරුවන්ට වැටුප් ගෙවන බවට ප්‍රකාශ කරනු ලැබීය. එය ඇසූ සමස්ත රණවිරුවන් බොහෝ ප්‍රීතියට පත්වූහ. එහෙත් දැන් ඇති වූ විශ්වාසය මෙන්ම ප්‍රීතියද සුණු විසුණු වී ගොස් හමාරය.
එහෙයින් අද රණවිරු ප්‍රජාවේ එකම ඉල්ලීම වී තිබෙන්නේ රට නිදහස් කර ගත් තමන්ට තම බිරිඳ සහ දරුවන් සමඟ නිදහසේ සැඳෑ සමය ගත කිරීමට හැකි පසුබිමක් සකසා දෙන්නයි යන්නය. මේ මොහොතේත් මෙතෙක් වීදි බැස නැති සමස්ත ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් විමසා සිටිනුයේ එසේ තමන් තුළ ඇතිව තිබෙන සැකසංකා අවසන් කොට සාධාරණය ඉටු කරන්නට රජයට නොහැකිව ඇත්තේ කුමක් නිසාදැයි යන්නය.
සමස්ත ලංකා දිවි පිදූ සහ ආබාධිත රණවිරු එකමුතුව
එජනිස සමඟ ඇති සියලු බැඳීම් අතහැර දැමූ බැවින් තමන් ඇතුළු ජානිපෙ මන්ත්‍රීවරුන් පස්දෙනා ස්වාධීන මන්ත්‍රීවරුන් සේ පාර්ලිමේන්තුව තුළ පිළිගන්නා ලෙස විමල් වීරවංශ මහතා ඊයේ (22 දා) කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධව අද (23 දා) පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර දැනුම් දෙන බව මෙහිදී කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විමල් වීරවංශ මහතා මෙම ඉල්ලීම කළේය.
විමල් වීරවංශ මහතා –
මීට මාස කීපයකට කලින් මම ඔබතුමාට ලිතව දැනුම් දුන්නා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්දෙනා එජනිස සමඟÊතිබෙන සියලු දේශපාලන බැඳීම් අතහැරලා ස්වාධීනව පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායමක් ලෙස කටයුතු කරන බව. ඒ පිළිබඳ එජනිස ප්‍රධානීන්ගෙන් විමසලා තීරණය දැනුම් දෙන බව ඔබතුමා පසුගිය කාලයේ ප්‍රකාශ කළා. තවමත් මේක දැනුම් දීලා නෑ. එනිසා අපට හිමි අයිතිවාසිකම් අහිමි වෙලා. කරුණාකරලා මගේ ඒ ලිත ඉල්ලීම අනුව මේ සභා ගර්භය තුළ අපට හිමි අනන්‍ය අයිතිවාසිකම් ලබා දෙන්න.
කථානායක කරු ජයසූරිය මහතා –
මම ඒ ලිපිය ලැබුණු වහා සන්ධාන නායකත්වය දැනුවත් කළා. මට සන්ධාන නායකත්වය ලිතව දැනුම් දුන්නා ඒ අයව දැනුවත් කළේ නෑ කියලා. කරුණාකරල ඒ අයව දැනුවත් කරන්න.
වීරවංශ මහතා – ඔබතුමාට එවූ ලිපියේ පිටපතක් මටත් ලැබුණා. එහි තියෙන්නේ මම දැනුවත් කරලා නෑ කියලා නොවේ. එහෙම වෙන්වීම පිළිගන්නේ නෑ කියලා. මෙහෙමනේ. මම කියනවා වෙන් වුණා කියලා. ඒ ගොල්ලන් පිළිගන්නේ නැහැ කිව්වාට මට වැඩක් නෑ. ඒ අනුව තීරණ ගන්න ඔබතුමා කටයුතු කළ යුතු නෑ.
කථානායක – ඔබතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැහැ කියා කියන්නේ.
වීරවංශ මහතා – දෙයියනේ. මේ පාර්ලිමේන්තුවේ කියන එක ප්‍රසිද්ධියේ නොවෙයි නම් අප්රසිද්ධියේද?
කථානායක – දෙයියන්ට කියන්න ඕනේ නෑ. මේ සභාවට කියන්න. ඒ ඇති.
විමල් වීරවංශ මහතා – මම මුලිනුත් කිව්වා. ලියුම දීලාත් කිව්වා. එහෙම නම් දැන් මුළු රටටම ඇහෙන්න කියනවා. අද සිට නෙවෙයි මීට පෙර සිට එජනිස සමඟ තිබෙන්නා වූ සියලු දේශපාලන බැඳීම් අත්හරින ලදී. ඒ අනුව විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස අපව පිළිගනු මැනවි. ‘ආමෙන්’ කියලා කියන්නත් ඕනෑද ගරු කථානායකතුමනි.
කථානායක – නැහැ……. නැහැ……… ඔය ඇති. ඔහොම කිව්වාම ඇති. වැඩිය කියන්න අවශ්‍ය නෑ. මම සන්ධානය සමඟ සාකච්ඡා කරලා පිළිතුරක් දෙන්නම්.
වීරවංශ මහතා – සන්ධානය සමඟ කතාවක් නෑ. මම දැන් කිව්වා. ඔබතුමා ඒක කරන්න.
කථානායක – මගේ වැඩේ කරන්න මට ඉඩ දෙන්න.
වීරවංශ මහතා – ඒක වැරදියි කථානායකතුමනි.
කථානායක – මට කතා කරන්න අයිතියක් තියෙනවනේ. මට නීති උපදෙස් ගන්න වෙලා තියෙනවා. ඒ නිසා මම මගේ අදහස දෙන්නම්.
බන්දුල ගුණවර්ධන මහතා – විමල් වීරවංශ මහතා එජනිස කොටස්කරුවෙක් නොවෙ. එනිසා එතුමාට ස්වාධීනව කටයුතු කරන්න අයිතිය දෙනවට කිසිම ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ.
ඇමැති රවෆ් හකීම් මහතා – මටත් මෙවැනිම ඉරණමක් අත්වුණා ගිය පාර්ලිමේන්තුවේදී. අපි එජාපයෙන් තරග කළා කියලා අපව වෙනම පක්ෂයක් ලෙස පිළිගන්න එදා බැහැ කිව්වා. මට එය පිළිගන්න වුණා. පක්ෂ නායකයකු ලෙස සභාවේ ප්‍රශ්න අහන්න පවා මට අවසර ලැබුණේ නැහැ. ඒ තත්ත්වය ඇති කළේ ගිය ආණ්ඩුවයි.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – විමල් වීරවංශ මහතා අද තමයි පළමු වරට අපි දන්නේ පාර්ලිමේන්තුවේදී කිව්වේ එජනිසයෙන් ඉවත් වෙනවා කියලා. ගියවර ඔහු ඉල්ලීම කළාම මම කිව්වා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න කියලා. ඒක එදා කළේ නෑ.
දිනේෂ් ගුණවර්ධන මහතා – අපිත් එදා පාර්ලිමේන්තුවේ හිටියා. හැන්සාඩ් එකෙන් ක්ෂණිකව එදා ප්‍රකාශය ලබා ගත හැකියි. හකීම් මහතා කළ ප්‍රකාශය ගැන කතා කරන්නයි මම නැගී සිටියේ. එදා චමල් රාජපක්ෂ මහතාගේ තීරණය වුණේ එක එක පක්ෂයේ නායකයා හඳුනා ගැනීමට කටයුතු කළ යුතුයි කියා. හකීම් ඇමැතිවරයාගේ ගැටලුව ඊට වඩා පැරැණියි.
වාසුදේව නානායක්කාර මහතා – අපි ඡන්දෙ ඉල්ලුවේ බුලත් කොළයෙන්. අපි ඇතුළත් වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයට. ඉන් පස්සේ තමයි හොර ඔප්පු ලියාගෙන මේකේ අයිතිය එහාට මෙහාට වුණේ. අපේ ජනතා පරමාධිත්‍යය ආරක්ෂා කරයි කියා බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයටත් අපි මේ ප්රශ්නය ඉදිරිපත් කළා. ඔබතුමා එහි සභාපති.
කථානායක – නෑ මම සභාපති නොවේ.
වාසුදේව නානායක්කාර මහතා – මේ කරුණ බේරාගත හැක්කේ ඔබතුමා සමඟ සාකච්ඡා කිරීමෙන් බව ඒ ලිපියේ තියෙනවා..
කථානායක – සන්ධානයට ලබා දී තිබෙන වෙලාවෙන් සියයට පනස් පහක් හැටක් ඒකාබද්ධ විපක්ෂයට දෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාව පිළිගත්තා. අද විමල් වීරවංශ මහතා පළමු වරට සභාවේ ප්‍රකාශයක් කළා. පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කරන්නම්.
අජිත් අලහකෝන් – කුෂාන් සුබසිංහ (දිවයින)
මැතිවරණ පැවැත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද අවාසිදායක නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට විවිධ උප්පරවැට්ටි යොදමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණ කල්දමමින් පරාජයෙන් ගැලවීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දරමින් සිටින්නේ බොළඳ උත්සාහයක් බව පෙන්වා දුන් රණතුංග මහතා දිනෙන් දින උග්රවන ආණ්ඩු විරෝධී ජනතා බලවේග වැඩි දිනක් යන්නට මත්තෙන් සුළි සුළඟක් වී මෛත්‍රී රනිල් සභාග ආණ්ඩුව සුණුවිසුණු කරනු නියත බවත් පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ ක්‍රියාකාරීන් සඳහා උඩුගම්පොළ දී පැවැති විශේෂ හමුවකට සහභාගී වෙමිනි.
ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
මේ ආණ්ඩුව බලයට ආවේ ප්රජාතන්ත්රවාදය හා යහපාලනය ගැන දහසක් දේවල් කියලයි. නමුත් එහෙම කියලා බලයට ආපු ආණ්ඩුව අද ඇස් පනාපිටම ඒ පොරොන්දු කඩ කරමින් ප්රජාතන්ත්ර විරෝධී ගමනක නියැලෙනවා. විවිධ බොරු හේතු ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දාන ආණ්ඩුව ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් උදුරා ගන්න කටයුතු කරමින් සිටිනවා.
අලුත් මැතිවරණ ක්‍රමයක් ගැන කියමින් මැතිවරණය කල්දාන්නේ මැතිවරණය පරදියි කියන බයට මිසක් වෙන දේකට නෙමෙයි. ජනාධිපතිවරයත් අගමැතිවරයත් හොඳින්ම දන්නවා එක්සත් ජාතික පක්ෂයට වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් දැන් රටේ තියෙන තැන. ඔවුන් දන්නවා මැතිවරණයකට ගියොත් ඇඩ්රස් නැති වෙන්න පරදින බව. ඒ නිසා විවිධ හේතු කියමින් ඡන්දය කල් දානවා.
ජනතාව ගොනාට අන්දලා බලය ගත්තා වගේ ඒ බලය රැකගන්නත් පුළුවන් කියලා හිතනවා නම් ජනාධිපතිට වගේම අගමැතිටත් වැරදිලා. දැන් ජනතාව බලා ඉන්නේ ජනවාරි 08 වැනි දා කරපු වරද නිවැරැදි කරන්නයි. රටේ ආර්ථිකයත් ජාතික ආරක්ෂාවත් දෙකම විනාශ කරපු මේ පරගැති ආණ්ඩුව ගෙදර යවන්නයි ජනතාවට දැන් ඕනෑ කරලා තියෙන්නේ.
හැබැයි ඡන්දයක් නැති නිසා ජනතාවට දැන් ආණ්ඩුව ගෙදර යවන්න විදියක් නැහැ. ජනතා විරෝධය දක්වන්න තියෙන එකම විදිය තමයි ආණ්ඩුවට විරුද්ධව පාරට බහින එක. අද බලන්න දවසකට රට පුරාම උද්ඝෝෂණ කීයක් තියෙනවද කියලා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, කම්කරුවන්, රණවිරුවන්, වෘත්තියවේදීන් යනාදි වශයෙන් සමාජයේ සිටින සෑම ජනකොටසක්ම දවස ගාණේ පාරට බහින්න පටන් අරන්.
මේවායෙන් පේන්නේ ජනතාවගේ තියෙන විරෝධයයි. මේ විරෝධය පොලිස් ප්‍රහාර, කඳුළු ගෑස්වලින් වළක්වන්න ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ. දිනෙන් දින වර්ධනය වන ආණ්ඩු විරෝධී රැල්ල මහා සුළි සුළඟක් වෙලා මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව ගසාගෙන යන දවස වැඩී ඈතක නෙමෙයි. අන්න එදාට අපි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතාවාදී ආණ්ඩුවක් රට තුළ ස්ථාපිත කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් හොඳටම දන්නවා මේ ආණ්ඩුව වැඩිදුර දුවන්නේ නැහැ කියලා. ඒ හින්දා දැන් පුළුවන් තරම් ඉක්මණින් සල්ලි ටිකක් හම්බ කර ගෙන පැත්තකට වෙන්නයි ඒ අයට ඕනෑ කරලා තියෙන්නේ. දවසින් දවස රට අගාධයට යනවා දැක දැකත් ආණ්ඩුවේ එල්ලීගෙන ආණ්ඩුවේ ගුණ ගයමින් ඉන්නේ තමන්ගේ වැරැදි වහගන්න ඕනෑ නිසයි.
මේ රට විනාශය කරා ඇදගෙන යන ඕනෑ කෙනෙකුට අපි විරුද්ධයි. ඒකෙදි ශ්‍රී ලංකා ද යූඇන්පී ද කියලා බේදයක් නැහැ. රට විනාශ කරන ඕනෑම කෙනකුට අනාගතයේ අපි හදන ආණ්ඩුවෙන් දඬුවම් කරනවා. හැබැයි ඒ දඬුවම් කරන්නේ අද ආණ්ඩුව කරනවා වගේ දේශපාලන වශයෙන් පළිගන්න නෙමෙයි. විරුද්ධවාදීන්ගේ කට වහන්න නෙමෙයි කියලත් කවුරුත් මතක තියා ගත යුතුයි.
හොරුන්ට දඬුවම් කරද්දි අපි තරාතිරම් බලන්නේ නැහැ. වැරැදි කරන කාටත් එක වගේ හිරගෙයි බත් රස බලන්න වෙයි. සමහරු හිතාගෙන ඇති තියෙන තරම් හොරකම් කරලා අපේ පැත්තට ඇවිත් සුදනෝ වෙන්න. අපි ඔය කවුරු දිහාවෙත් දැන් හොඳට බලාගෙන ඉන්නේ. හොරා කවුද හොඳ මිනිහා කවුද කියලා අපි දැන් දන්නවා. ඒ හින්දා පැති මාරු කරලා බේරෙන්න නම් හිතන්න එපා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් එක්සත් ජාතික පක්ෂයෙත් ඇමැතිවරුන් අතර ගැටුම් කියලා හැමදාම මාධ්‍යවල පළ වුණත් ඒවා අතේ පැලවෙන බොරු බව ජනතාව දන්නවා. දෙගොල්ලෝ රණ්ඩු වෙනවා නම් කොහොමද කිරිපැණි වගේ එකට ඉඳන් හවුලේ රට කන්නේ? මේ හදන්නේ අපිට කොළේ වහලා ගහන්න. මෛත්‍රී රනිල් ගාව තියෙන ලුණු ගොරකා මදි අපිව තම්බන්න. අපි කාගෙත් හැටි හොඳට දන්නවා. මේ රටේ ජනතාව ආයෙමත් මෛත්‍රී රනිල් හවුලේ බොරුවලට රැවටෙන්නේ නැහැ.
සමහරු අපට කියනවා පක්ෂය කඩනවා කියලා. හැබැයි පක්ෂය කැඩුවේ කවුද කියලා මුළු රටම දන්නවා. එකට ආප්පත් කාලා පැනලා ගිහින් එක්සත් ජාතික පක්ෂයට බලය අරන් දුන්නේ කවුද කියලා රටට රහසක් නෙමෙයි. අපි හැමදාම කටයුතු කළේ පක්ෂය රැකගන්නයි. අවස්ථාවාදී බලලෝභීන්ගේ ග්‍රහණයට පක්ෂය නතු වෙන එක වළක්වන එක තමයි අපේ එකම අරමුණ වුණේ.
අද රටේ ආර්ථිකය කඩා වැටිලා. එදිනෙදා ජනජීවිතය අවුල් වෙලා. හාල් කිලෝව රුපියල් සීයයි. පොල් ගෙඩිය රුපියල් හැත්තෑවයි. ඩොලර් එක රුපියල් එකසිය පනස් තුනයි. බලයට එනකොට කිව්වේ නම් මහා ලොකු ආර්ථික ඔස්තාර්ලා කියලා. මේ ආණ්ඩුවේ ඉන්නේ ආණ්ඩුවක් තියා පෙට්ටි කඩයක්වත් පාඩු නැතුව හරියට කරගෙන යන්න පුළුවන්කමක් නැති වැඩ බැරි ටාසන්ලා ටිකක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිහින් අලියගේ නැට්ටේ එල්ලුණු ශ්‍රී ලංකා ඇමැතිවරුන් දැක්ම දුකත් හිතෙනවා. ගෙදර බාරියාවට බයෙන්, හොරකම් අහුවෙනවට බයෙන් ගිහින් ඇමැතිකම් ගත්තා වගේ නෙමේ දැන් විඳවන්න ගියාම. කොළඹට වෙලා මාධ්‍ය හමු තියලා ලොකු ලොකු දර්ශන දැම්මට ඔය ඇමැතිලා කාටවත් ගමට යන්න බැහැ. බොරු නම් අහලා බලන්න ඒ කවුරුත් පහුගිය ඡන්දයෙන් පස්සේ ගමට ගිහින් නැහැ.
බොරු චණ්ඩි පාට් දාන කාගෙත් තත්ත්වය ඕකයි. අපි ඉතින් ඒ අයට අනුකම්පා කරනවා. අපට නම් ගමේ මිනිස්සු නැතුව සක්විති රජකම් ලැබුණත් ඵලක් නැහැ. මිනිස්සු හිටියොත් කොයි තනතුරත් දෙපා ළඟටම එනවා. ඒකට හොඳම උදාහරණය තමයි මහින්ද මහත්තයා. අද පක්ෂයේ නායකයාට වඩා පාක්ෂිකයන් ඉන්නේ මහින්ද මහත්තයා ගාව. පාක්ෂිකයෝ කවුරුත් තනතුරු නෑ කියලා එතුමව අතහැරලා ගියේ නැහැ.
පාක්ෂිකයන් දන්නවා මහින්ද කියන්නේ කවුද කියලා. කියන දේ කරන කරන දේ කියන එඩිතර නායකත්වයක් තමයි හැම පාක්ෂිකයකුගෙම බලාපොරොත්තුව. එහෙටයි මෙහෙටයි වැනි වැනි තීරණයක් ගන්න බැරුව ඉන්න නායකයන් ගාව ඉතුරු වෙන්නෙත් ඒ වගේම අය විතරයි. නායකයා කොතැනද මිනිස්සු එතනැයි. පක්ෂ මූලස්ථාන තිබ්බ පලියට මිනිස්සු එයි කියලා හිතනවා නම් ඒක විහිලුවක්.
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ දියණියට එරෙහිව ලංකා නිව්ස් වෙබ් අඩවිය හරහා ප්‍රචාරය කිරිමට තොරතුරු ලබා දී ඇත්තේ තුසිත හල්ඔලූව බවත් අණාවරණය වීමත් ඇයගේ නම විකුණමින් රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් කොල්ල කෑමත් හේතුවෙන් ඒ පිළිබඳව පරික්ෂණ පැවැත්විම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ බලතල යටතේ යොදවා ඇති බවත් ඔහුන් පසුගියදා හදිසියේම තුසිත හල්ඔලූවගෙ නිවසට පැන ලියකියවිලි රැසක් රැගෙන ගොස් තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
ජනාධිපතිවරයාට හා එම පවුලට සහ රාජ්‍ය රහස් ලංකා ඊ නිවිස් වෙබ් අඩවියට ලබා දිමට සමිබන්ධයෙන් තුසිත හල්ඔලුව එරෙහි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කිරිමට ජනාධිපති මාධ්‍ය ඒකකය තිරණය කර ඇති බවට අප 2016 ජුනී 2 (June 2, 2016)වැනිදා අනාවරණය කල අතර පසුව සිරිසේනට ඊ නිවුස් හරහා තග දමමින් තුසිත CID යට පස්ස පෙන්විමේ මෙහෙයුමක් නියැලී සිටින බවද අප අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ චතුරිකා සිරිසේන මෙන්ම සිරිසේන පවුලේ කිහිප දෙනෙකුගේම නම් විකුණමින් මේ අකාරයට මුදල් වංචාකර ඇති අතර ජනාධිපතිවරයාගේ නිළ ලිපි ශීර්ෂ සහ ව්යාජ්ය අත්සන් තබමින් මෙම වංචා කටයුතු වල නියැලී ඇති බව අනාවරණය වි ඇති අතර ඒ අතර දේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අමාත්‍යංශ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ප්‍රධානී මෙන්ම, පොහොර සංස්ථාවේ සභාපති ලෙස පෙනී සිටිමින් මුල්‍ය වංචා රැසක් සහ සිරිසේන පවුල ඉලක්ක කර ගදරුවන්ගේ වෙබ් අඩවියේ මඩ පුවත් රැසක් නිර්මාණය කිරිම මෙන්ම මැතකදි චතුරිකා සම්බන්ධයෙන් තුසිත ගැසු මඩක් මෙම තත්ත්වය උග්රවිමට බලපා තිබේ.
මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20-20 ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට පිටත් වූ ශ්‍රී ලංකා ක්රිකකට් කණ්ඩායමට සුබ පැතීම වෙනුවෙන් තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද ගෙන්වා කොළඹ දී විශාල උත්සවයක් පැවැත්වූ අතර එම උත්සවයේ සංවිධාන් කටයුතු බාරව සිටි ජනපති දියණි චතුරිකා සිරිසේනගේ Media Gang Pvt Ltd ආයතනය මෙම උත්සවය වෙනුවෙන් ක්‍රිකට් ආයතනයෙන් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇති බවට තුසිත අසත්‍ය පුවතක් ඊ නිවුස් හී පලකර තිබිම මෙම උග්‍ර ගැටුමට හේතුව බවයි අනාවරණය වි ඇත්තේ.
මංගල -මෛත්‍රී ගැටුම උග්‍ර වේ..
මේ අතර තුසිත හල්ලොලූව සහ මංගල සමරවිරගේ ගෝලයා වන රුවන් ෆර්නැන්ඩස් යොදාගනිමින් විවිධ මධ පුවත් නිර්මාණය කර එවා ලංකා ඊ නිවුස් හරහ බෙදාහැරිමට කටයුතු කරන විදේශ කටයුතු ඇමති මංගල සමරවිර වහාම එම ඇමතිකමෙන් ඉවත් කිරිමටද ජනාධිපතිවරයා අවධානය යොමුකර ඇති බවටද තොරතුරු අනාවරණය වෙමින් තිබේ.මංගල ඇමතිධුර බලතල පාවිච්චි කර රටේ ප්‍රතිපත්තියට පිටින් කටයුතු කිරිම මෙම ඉවත් කිරිමට මුලික හේතුව බව අගමැතිවරයා සමග කල සාකච්ඡාවකදි අනාවරණය කර තිබේන නමුත් ඒ පසුපස ඇත්තේ මංගලගේ මඩ බලකාය මර්දණය කිරිමේ මෙහෙයුමක් බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යධුරය එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙකුට ලබාදිමට ජනාධිපතිවරයා අගමැතිවරයාට කැමත්තද පලකර තිබේ.මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ජනාධිපතිවරයා හමුවීමට මංගල සමරවීර වෙලාවක් ඉල්ලා ඇතත් එය ලබා දීමට කටයුතු නොකර ඇති බවද අනාවරණය වි තිබේ.
2015 දෙසැම්බර් 1 වැනිදා කල අනාවරණය (December 1, 2015)
මංගලගේ අමන රැළ මටයි මගේ …..පවුලටයි…..මඩ ගහනවා…උබලා මෙතන නිකන් බලන් ඉන්නවා යනුවෙන් දරුණු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මොල්ටාවේ සිට ජනාධිපති විද්‍යුත් මාධ්‍ය අධ්යක්ෂ ලෙස පසුගියදා පත් කරනු ලැබු චමුදිත සමරවික්‍රමට බැණ වැදි ඇති බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
මංගලගේ අමන රැළ මට මඩ ගහනවා -මෛත්‍රීට මලපනී
රුවන් ප්‍රදිනැන්දිස්ගේ සත්හඩ පුවත් පත අර්ජුන් ඇලෝසියස් විසින් මිළට ගනී
රාජපක්ෂලාට එරෙහිව මුදලට මඩ ව්‍යාපාරය දියත් කරන අනුන්ගේ නිවුස් කොපි කරමින් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ලා ලෙස තමන්ම නිවුස් ගසාගත් මංගලගේ චක් ගොලයා වන රුවන් ප්‍රදිනැන්දිස් දුමින්ද දිසානායකගෙන් හොරා කෑ සත්හඩ පුවත් පත බැදුම්කර හොරුන්ගේ පවු සේදිම සදහා මහා බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් විසින් මිළට ගෙන තිබේන බවට තොරතුරු අනාවරණය වි තිබේ.
අදාළ ගණුදෙනුව සිදුකර ඇත්තේ රුවන්ගේ මාෆියා මිතුරෙකු වන මව්බිම පුවත්පතේ හිටපු කතෘ ,වත්මන් බැදුම්කර හොරුන්ගේ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන තුෂාර ගුණරත්න හරහා වන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඉදිරියේදි අනාවරණය කිරිමට අප සුදානමින් සිටි.
යහපාලනේ ගෙනා “මහ ඔලූවා” තමා යැයි කියාගන්නා හල්ලොලූවා ගැන තොරතුරු රැසක් හෙළිවෙමින් පවතී. තුසිත හල්ලොලූව පවසන පරිදි මංගලලා, චම්පිකලා, අනුරලා, දුමින්ද හා රාජිතලා වැන්නවුන් කරපු දෙයක් නැත. සියලූ සැලසුම් හල්ලොලූවාගේය. සියලූ මෙහෙයුම් හල්ලොලූවාගේය. පුවත්පත් මගින් සල්ලි ගෙවා ලිපි පලකරවාගෙන තමාවම පුම්බා ගැනීමට වෙර දරන තුසිත හල්ලොලූව උපන්නේ බෙන්තර බද්දේගම ගමේය.
පත්තර කිහිපයකට විටින් විට විශේෂාංග ලියූ හෙයින් තමා විසින්ම මාධ්යවේදියෙකැයි ප්‍රසිද්ධියේ කියා ගනිමින් රටේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගෙන කපටිකමින් දැනහැදුනුම්කම් ඇති කරගත්තේය. මොහු ඒ සියල්ලෝම තමාගේ අතිජාත මිත්රයින් ලෙස හුවා දක්වමින් බොරුවෙන් ජීවත් වන්නෙකි. මොහු ගත් බොහෝ සම්මුඛ සාකච්ඡා කිසිදු පුවත්පතක පලවුයේ නැත.එහෙන් මෙහෙටත්, මෙහෙන් එහෙටත් කේලම් කියන්නෙකු ලෙස හංවඩු ගැසුණු තුසිත ගැන ඇතමුන් පවසන්නේ Thousand talks, No works යනුවෙනි. ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකමක් නොමැති වුවත් තුසිත හල්ලොලූව රගපාන්නේ දෙස් විදෙස් හි ඉගෙනුම ලැබුවෙකු සේය.
පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේනගේ නිල නිවස පැත්තට හොරෙන් රිංගාගත් තුසිත අනවශ්‍ය ආකාරයෙන් වචන දාන්න ගොස් මෛත්‍රිපාලගේ ලේකම් වූ කරුණාරත්න පරනවිතානගෙන් කනේ පාරක් කා විලිලැජ්ජාවට පත් වූයෙකි. සිදු වූ දේ කිහිප දෙනෙකුම දුටු හෙයින් එතැනින් මාරු වූ තුසිත මංගල සමරවීර පස්සේ ගාටමින් රස්තියාදු ගසමින් නිකරුණේ කාලය ගත කරන්නට විය. මංගලට ලැබෙන තොරතුරු අසා සිටිමින් අලූත් වැඩකට තුසිත අත ගසන්නේ මේ කාලයේය. එනම් විවිධ ගැටලූවලට ලක් වූ අයගේ තොරතුරු මංගලට ලැබෙන බැවින් ඒවා අසාගෙන සිට, මංගල වැනි අය හරහා සහන සැලසිය හැකි යැයි පවසමින් කප්පං ගැනීමට තුසිත පටන් ගත්තේය.
නිතර තමා ලග ගැවසෙමින් වාතයක් වෙන තුසිතව මංගල විසින් විවිධ තැන් සදහා යවනු ලබන්නේ නිතර දැකීම තමාටත් මල වදයක් වුණු බැවිනි. එයින් තමා මංගලගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කියා ගනිමින් තුසිත කටයුතු කළ අතර, මුලින් මෙවැනි මැට්ටෙකු මංගල තම සම්බන්ධීකරණ ලේකම් කරගනීදැයි බොහෝ දෙනාට ප්‍රශ්ණයක් වූ නමුත් පසුව එය හැමෝටම සාමාන්‍ය දෙයක් බවට පත්විණි. ඉංග්‍රීසි අකුරක්වත් බැරි තුසිත හල්ලොලූව අද විදේශ කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි. එසේම ශී‍්‍ර ලංකා මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකි. මෙම ආයතන දෙකේම ඉහල නිලධාරීන් බහුලව භාවිතා කරන්නේ ඉංග්‍රීසි වන අතර බෝර්ඞ් මීටිං වලදී තුසිත හල්ලොලූව කිසිදු වචනයක් පවසන්නේ නැත. මුලූමනින්ම නිහඩය.
යහපාලනේට මාස හතරක් වෙද්දී ඉන්න හිටින්නට තැනක් නැතිව හිටි තුසිත හල්ලොලූව අද ඉන්නේ Crescat හි අතිසුඛෝපභෝගී සුපිරි නිවසකය. මාසිකව ගෙවන නිවාස කුලිය හත්ලක්ෂ පනස්දාහකි. එසේම කෝට්ටේ ගල්වල පාරේ අලූතින් කෝටි 03 ක පමණ නිවසක් මුදලින් කෝට් දෙකක් දී ඉතිරිය ණයක් මගින් හිමිකර ගැනීමට ද තුසිත සමත් වී ඇත. එහි ණය වාරිකය වන තුන්ලක්ෂ විසිපන්දහස කප්පං සල්ලි විදියට වෙනත් කෙනෙකු ගෙවා දමයි. එපමණක් ද නොව යන්න එන්න බයිසිකලයක්වත් නොතිබුණු තුසිත හල්ලොලූව අද පාවිච්චි කරන්නේ BMW හා බෙන්ස් යන වර්ගවල රථ දෙකකි. ඒවා ද විවිධ යටිකූට්ටු වැඩ කරදෙන බවට පොරොන්දු වී කප්පං වශයෙන් ලබා ගත් ඒවාය. මෙම මුදල් ගෙවන්නේ කවුද, කුමන හේතු නිසාද, මේ වන විට කීයක් ගෙවා තිබේද යනාදි කරුණු සාක්ෂි සහිතව අප වෙත ලැබී ඇත. ඒවා සහ තවත් බොහෝ තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
http://www.sinhala.lnwtoday.com/archives/14302
විග්නේස්වරන් හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරයකු ලෙස කියන කතාවලට යම්කිසි වැදගත්කමක් ලැබෙනවා. දෙමළ ජනයා අවුරුදු දෙදහකට වැඩි කාලයක් මෙරට සිටි බව විග්නේස්වරන් කියනචා. මේ රටේත් පිටරටත් ඉතිහාසය පිළිබඳ ව ඔහු කියන කතා විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා. බටහිරයන් ඒ වැරදි බව දැන දැන ම එකඟ වන බවක් පෙන්වනවා. එහෙත් ඒ කියන කතාවලට ඇති සාධක කුමක් ද කියා ඇසුවහොත් ඔහුට කියන්න තිබෙන්නේ මොනවා ද? යාල්පන වෛපව මාලෙයි හැරෙන්නට ඉදිරිපත් කළ හැකි ලිඛිත සාධකයක් තිබේ ද? වෛපව මාලෙයි ලිවුවේ ලන්දේසින්ගේ අවශ්‍යතාවට දහහත්වැනි සියවසේ දී. එයට පෙර ලියැවී ඇති ග්රන්ථ කවරේ ද?
දෙමළ ජාතිවාදීන් ප්‍රකාශ කරන සිලප්පදිකාරම් වැනි ග්රන්ථ එකක්වත් ලංකාවේ ලියැවුණු ඒවා නො වෙයි. මෙරට ඉතා ඈතට යන දෙමළ ඉතිහාසයක් ඇත්නම් මෙහි ලියැවී ඇති දෙමළ ග්රන්ථ කවරෙ ද? එවැනි ග්රන්ථ නැත්නම් එහි තේරුම මෙරට සිටියේ යැයි කියන දෙමළ ජනයා දක්ෂතාවකින් හෙබි අය නොවූ බව ද? වත්මන් දෙමළ ජනයා ඒ බව පිළිගැනීමට කැමති වන එකක් නැහැ. එහෙනම් ඔවුන්ට පිළිගන්න වෙන්නේ ඉතා ඈතට දිව යන දෙමළ ඉතිහාසයක් මෙරට නැති බවයි. රැවුළත් කැඳත් දෙක ම බේරා ගැනීමට වත්මන් දෙමළ ජනයාට බැහැ. විග්නේස්වරන්ට කොහොමටත් බැහැ.
මෙරට දෙමළ සෙල් ලිපි කොපමණ තිබේ ද? අවුරුදු දෙදහසකට වැඩි ඉතිහාසයක් ඇතැයි කියන උතුරු හා නැගෙනහිර පළාත්වල (ඒ පළාත් ඇති කරනු ලැබුයේ ඉංගිරිසින් විසින් ය යන්න අමතක කරමු) දෙමළ සෙල් ලිපි කොපමණ තිබේ ද? එහි සිටියේ යැයි කියන දෙමළ ජනයාට කියවීමට දුන්නේ සිංහල සෙල්ලිපි ද? එකලත් දෙමළ ජනයාට ඊනියා අසාධාරණයක් සිදු විිණි ද? එයට වරද කරුවා එකල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළ අය ද? දෙමළ ජනයා එපමණ සිටිය දී සිංහල රාජ්‍ය භාෂාව කෙරුණේ කෙසේ ද? එවකට රාජ්‍ය භාෂාව යන සංකල්පය නොතිබිණි යැයි පඬියකු කීමට ඉඩ තිබෙනවා. සංකල්පය තිබුණත් නැතත් වැඩ කෙරී ඇත්තේ සිංහලෙන්! රාජ්‍ය භාෂාව කියන සංකල්පය ඇති වීමට රාජ්‍ය නොවන භාෂා තිබිය යුතු ද? ඒවා රාජ්‍ය නොවන සංවිධාන වැනි ද? රාජ්‍ය භාෂාවේ අනෙකා කවුද? පඬියන් අපට ඒ සියල්ල තේරුම් කර දෙනවා ද?
උතුරු හා නැගෙනහිර පළාත්වල අවුරුදු හයසියයකට වඩා පැරණි කෝවිල් තිබෙනවා ද? නල්ලූර් කෝවිල තැනුවේ කවු ද? එහි සපුමල් කුමරුට ස්තෝත්ර කීවේ ඇයි? සුළු කාලයකට පමණක් පොළොන්නරුවේ සිටි සොළීන් එහි කෝවිල් කිහිපයක් ගොඩ නැගුවා. ඒවා දේවාල නො වෙයි. ඒවා පසුව සමහරවිට සිංහලයන් දේවාල කරන්න ඇති. ශිව දේවාල එසේ දේවාල කෙරුණු සොළීන්ගේ කෝවිල් වෙන්න පුළුවන්. අනෙක් අතට ඈත හෙළ සංස්කෘතියක ශිව දේවාල තිබෙන්නත් ඇති. දේවාල ඈත අතීතයේ සිට ම සිංහල සංස්කෘතියේ තිබුණා. හින්දූන්ගේ දේවාල නැහැ. ඇත්තේ කෝවිල් පමණයි. කතරගම ඇත්තේත් දේවාලයක් මිස කෝවිලක් නො වෙයි. එයත් අයත් වන්නේ සිංහල සංස්කෘතියට.
අප කෝවිල් හා දේවාල අතර වෙනස හඳුනා ගත යුතුයි. පොළොන්නරුවේ සොළීන් කෝවිල් ඉදි කෙළේ යැයි උපකල්පනය කරමු. එසේ නම් අවුරුදු දහස් ගණනක් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි වී සිටියේ යැයි කියන දෙමළ ජනයා එහි අතීතයට දිව යන කෝවිල් තනා නැත්තේ ඇයි? ඔවුන් එකල බෞද්ධයන් යැයි කීම කිසිම සාධකයක් නැති මතයක් පමණයි. ආන්ද්‍ර ප්‍රදේශයේ නම් බෞද්ධයන් සිටියා. සිංහලයන් හා ආන්ද්‍ර වැසියන් සමග සම්බන්ධකම් තිබුණා. ආන්ද්‍ර අටුවා ගැනත් අප දන්නවා. බුද්ධඝෝෂ හිමියන් ද වැඩම කර ඇත්තේ ආන්ද්‍ර ප්‍රදේශයේ සිටයි. නායක්කාර් කුමාරවරුන්ගේත් සම්භවය ආන්ද්‍ර ප්‍රදේශයේ. ඔවුන්ගේ භාෂාව තෙළිඟු.
දහහතර වැනි සියවසේ යාපනයට පැමිණි මලබාරයන් තමයි මෙරට ස්ථිර ව ජීවත් වූ පැරණිතම දෙමළ කතා කරන ජනයා. ඔවුන් පැමිණියේ මලබාරයෙන් නිසා ඔවුන්ගේ බසෙහි මලයාලම් ආභාසයක් තිබුණා. ඒ ජනයා පැමිණියේ දෙමළ අනන්‍යතාවක් සහිත ව නො වෙයි. ඒ දෙමළ කතා කරන ජනයාට තිබී ඇත්තේ මලබාර අනන්‍යතාවක්. ඉංගිරිසින් ඔවුන් දිගට ම හැඳින්වූයේ මලබාරයන් කියා. 1848 දී මෙරට ආණ්ඩුකාර ටොරින්ටන් එංගලන්තයේ යටත්විජිත ලේකම්ට යැවූ ලිපියක කියා තිබෙනවා නැගෙනහිරත් යාපනය මෙන් ම මලබාර්වරුන් පදිංචි කිරීමට සූදානම් කියා. මෙයින් කියැවෙන්නේ නැගෙනහිර පළාතේ ඊනියා දෙමළ ජනයා පදිංචි කරන ලද්දේ ඉංගිරිසින් විසින් බවත් ඔවුන් එවකටත් හඳුන්වනු ලැබුයේ මලබාර්වරුන් ලෙස බවත්. එපමණක් නොව යාපනයේ ද කවුරුන් විසින් නමුත් යම්කිසි මලබාර්වරුන් පිරිසක් පදිංචි කරනු ලැබූ බව එයින් කියැවෙනවා. එයින් කියැවෙන්නේ විග්නේස්වරන්ලාගේ මුත්තන් වූ වෙල්ලාලයන් ගැනයි.
ටොරින්ටන් සිංහලයන්ට පක්ෂපාති අයකු නො වෙයි. 1848 නිදහස් සටන ඔහු ඉතා දරුණු ආකාරයකින් මර්දනය කළා. සිවුරේ සිටි හාමුදුරුවරුන් ඝාතනය කළා. නැගෙනහිර පළාතේ පදිංචි කරනු ලැබූ මලබාරවරුන් කවුරුන් ද? ඔවුන් මෙරටට පාරවල් තැනීමට හා වෙනත් කාර්යයන් සඳහා ගෙන්වනු ලැබූ අය. ඔවුන් 1848 නිදහස් සටන මර්දනය කිරීමටත් යොදවා ගනු ලැබිණි ද යන්න සොයා බැලිය යුතුයි. කෙසේ නමුත් මේ මලබාරයන් පදිංචි කරනු ලැබුයේ මුස්ලිම් වාසස්ථාන අතර. වත්මන් නැගෙනහිර ජනගහන ව්‍යාප්තිය පිට්ටු බම්බු ව්‍යාප්තියක් ලෙස හැඳින්වෙන්නේ එහි දෙමළ හා මුස්ලිම් ජනයා පොල් පිටි මෙන් විසිරී ඇති බැවින්.
ලන්දේසීන් කෝරමණ්ඩළ වෙරළෙන් ගෙනා දෙමළ කතාකරන වෙල්ලාල ජනයා ද හඳුන්වනු ලැබුයේ මලබාරයන් ලෙස. ඔවුන් පැමිණියේ මලබාරයෙන් නො වෙයි. එහෙත් දහහතරවැනි සියවසේ පැමිණි මලබාරයන් හඳුන්වනු ලැබූ ආකාරයට ම ඔවුන් ද මලබාරයන් වුනා. ලන්දේසීන් තේසවලාමේ නීතිය සකස් කෙළේ යාපනයේ මලබාර්වරුන් වෙනුවෙන් මුස්ලිම් නීතියක් අනුගමනය කරමින්. වත්මන් නැගෙනහිර පළාතට ඉංගිරිසින් ගෙන ආ දෙමළ කතාකරන ජනයා ද මලබාර් නමින් ම හඳුන්වනු ලැබුවා. එපමණක් නොව වත්මන් මදුරෙයි ප්‍රදේශයෙන් පැමිණි නායක්කාර් වාංශිකයන් ද ඉංගිරිසින් විසින් හඳුන්වනු ලැබුයේ මලබාරයන් ලෙස. ඉංගිරිසින් මහනුවර එක් විදියක් මලබාර් වීදිය ලෙස නම් කෙරුවා.
පැහැදිලි ව ම මෙරට දෙමළ ජනවාර්ගික අනන්‍යතාවක් දහනවවැනි සියවස අවසාන වන තෙක් ම පැවතුණේ නැහැ. 1833 ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන විට මුස්ලිම් ජනයා හා මලබරවරුන් සැලකුණේ දෙමළ කතාකරන ජනයා ලෙසයි. ඔවුන් සියළු දෙනා ම වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාවේ සිටියේ එක් මන්ත්‍රීවරයකු පමණයි. දෙමළ කතාකරන මලබාරවරුන් හා මුස්ලිමුන් වෙන වෙන ම අනන්‍යතා ගොඩනගා ගත්තේ දහනවවැනි සියවස අවසාන වීමත් සමග. ඉන්පසුව මෙරට ලාංකික දෙමළ හෙවත් සිලෝන් ටැමිල් නමින් ජනවාර්ගික අනන්‍යතාවක් සහිත ජනවාර්ගික කොටසක් ඇති වුනා. ඒ අතින් බලන විට මෙරට දෙමළ ජනවාර්ගික අනන්‍යතාවට අවුරුදු එකසිය විසිපහක් නැහැ. විග්නේස්වරන්ගේ අවුරුදු දෙදහ ලඝු වන්නේ එයටයි.
නලින් ද සිල්වා
2017 පෙබරවාරි 21
බැදුම්කර හොරුන්ගේ පවු සේදිම සදහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්, පසුගියදා සලාක ක්‍රමයට කාරියප්පෙරුමලා විකුණා දැමු සියත TV සහ සියත ගුවන් විදුලිය මෙන්ම ‘වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ’ආණ්ඩුවට මුට්ටු විමේ සාදයක් කොළඹ හිල්ටන් හෝටලයේදි පැවැත්වු අතර ඒ සදහා දේශපාලනකයන් රැසකට ආරාධන කර තිබුනද ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ නී.අමාත්‍යවරයා හැරෙන්නට කිසිවෙකුත් සහභාගි නොවිම හේතුවෙන් කාරියප්පෙරුමලා නස්පුක් වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. අමාත්‍යවරුන් දෙදෙනාට අමතරව ‘වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ’ සභාපති රොෂාන්ත කාරියප්පෙරුමගේ බිරිඳ වන සංගිතා විරරත්න විසින් නලු/නිලියන් කිහිප දෙනෙකු කැදවාගෙන විත් තිබේ.
මීට අමතරව ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් රැසකටද ආරාධනා කර තිබුනද එම අවස්ථාවට එක්ව සිටියේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පමණක් වන අතර ආරාධනා රැගෙන ගිය සියත නාලිකාවේ ප්‍රවර්ධන අංශයේ ප්‍රධානින්ට ප්රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් පවසා ඇත්තේ කාව විශ්වාස කලත් කාරියප්පෙරුමලා සතයකට විශ්වාස කල නොහැකි බවයි.
කාරියප්පෙරුම කට විතරයි වැඩ නෑ…
රාජපක්ෂලා බිල්ලට දී Deal කරන්නට ගිහින් පස්ස බිම ඇනගත් කාරියප්පෙරුමලා වසර 6කට පසුව යන්තම් ගොඩ ආවේ අර්ජුන්ලා මහ බැංකුව කොල්ල කෑම හරහාය.කෙසේවෙතත් කොළඹ හිල්ටන් හෝටලයේ සාදය සම්බන්ධයෙන් එය පැවැත්විමට පෙර සිටම කටමැත දෙඩවු කාරියප්පෙරුමලා යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිලා සියලුම දෙනා තමන් අල්ලා ගැනිම සදහා කටයුතු කරන බවත් එය තමන්ට කජු කන්නා සේ පහසු බවත් පවසා තිබේ.
මේ අතර නාලිකාව විකිණිමෙන් පසුව සියත නාලිකාවේ පැරණී පඩි නැතුව වැඩකල සේවකයන් සහ හිරු නාලිකාව ඇතුලු නාලිකාවල පිහිටෙන් පොරවල් වි අර්ජුන්ගෙන් මාසිකව ලක්ෂ 10ක වැටුපක් ලබමින් ආ සේවකයන් එකට තැබු කාරියප්පෙරුම පැරණී සේවකයන්ගේ වැරදි කියමින් නිර්දය ලෙස විවේචනය කර ඇති අතර පැරණී සේවකයන් කිසිවෙකුටත් හිල්ටන් උත්සවය සදහා පැමිණේන ලෙසටද නියෝග කර තිබේ.
රාජපක්ෂ ආණ්ඩුව සමයේ කුප්‍රකට ඩීල් කරුවන් දෙදෙනෙකු වන ප්‍රියන්ත කාරියප්පෙරුම හා රොෂාන්ත කාරියප්පෙරුම 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග හිදිමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට යටින් උදව් කොට මාට්ටු වීම නිසා මහින්ද රාජපක්ෂ මහතා විසින් කාරියප්පෙරුම දෙබෑයන් එලවා දැමු අතර යහපාලනය උදාවිමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේ බඩගා සෙට් එන්නට උත්සහ ගත් අතර එය අසාර්ථක විමෙන් පසුව සිරිසේනගේ කේලාම් බට්ටා ලෙස රජගෙදරට සෙට් විමට ප්‍රියන්ත කාරියප්පෙරුමට හැකි වු නමුත් තවමත් නිශ්චිත තනතුරක් ගැනිමට හැකියාව ලැබුනේ නෑ.
http://www.sinhala.lnwtoday.com/archives/14999
ඉකුත් දා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී අප සමාගම වන ‘ඔමැක්ස් හෙල්ත්කෙයාර් (පුද්) සමාගමේ’ නාමය සඳහන් කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සිදුකරන ලද අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා දොස්තර රාජිත සේනාරත්න මහතාට විරුද්ධව නීතීමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට අප සමාගම තීරණය කර ඇත.
එම මාධ්‍ය හමුවේ දී අප සමාගම සම්බන්ධයෙන් දොස්තර රාජිත සේනාරත්න මහතා කරන ලද අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශ මාධ්‍යවල පළවීම නිසා ඒවාට පිළිතුරු දීමට අපට අයිතියක් ඇතැයි අපි විශ්වාස කරමු.
සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් අප සමාගම ඉලක්ක කර ප්‍රකාශ සිදු කර ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය එච්.එම්.එම්. රූමි යන අයගේ චරිතය ඝාතනය කිරීමට නිකුත් කළ ප්රවෘත්ති නිවේදන සහ පුවත් පත් වාර්තා පිටුපස සිටින්නේ අප සමාගම බව අමාත්‍යවරයා විසින් තීරණය කිරීම හේතුවෙනි. ඒ අනුව අප සමාගමේ ව්‍යාපාර නාමය සඳහන් කරමින් දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් අප ආයතනයට අසත්‍ය සහ නොමග යවන තොරතුරු පදනම් කර ගෙන පහර ගසමින්, ආචාර්ය එච්.එම්.එම්. රූමි යන අය සහ ඔහුගේ පවුලේ උදවිය වැදගත්, අහිංසක අය බව පෙන්වන්නට පෞද්ගලික උත්සායක් දරා ඇති බව මාධ්‍ය මගින් අපි දුටුවෙමු.
ආචාර්ය එච්.එම්.එම්. රූමි යන අයගේ සහ ඔහුගේ පවුලේ උදවියගේ වැදගත්, අහිංසකභාවය ගැන අප සතුව ලේඛනගත සාක්ෂි ඇති අතර, අවශ්‍ය අවස්ථාවේ දී ඒවා යහ පාලන ආණ්ඩුවේ, මාධ්‍යයේ සහ ඖෂධ මාෆියාවෙන් බැට කන අහිංසක රෝගීන්ගේ අවධානය පිණිස හෙළිදරව් කරන්නට අපි කිසිසේත් පසුබට නොවෙමු. එහෙත්, සෞඛ්‍ය අමාත්‍යවරයාට ඇති ගෞරවය සහ ඔහුට දීර්ඝ දේශපාලන ගමනක් යාමට ඇති අවස්ථාවට ගරු කරමින් අපි ඉතා ඉවසීමෙන් කටයුතු කරන බව ද ප්‍රකාශ කරමු.
එසේම සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රකාශයෙන් දක්වා තිබුණේ අප සමාගම රෝගීන් මරා දැමු සමාගමක් බවත්, අප සමාගමේ හිමිකරු අත් අඩංගුවට ගෙන, අධිකරණ නියෝග මත මාස හයක කාලයක් රිමාන්ඩ්භාරයේ සිටි බවත්ය. අප සමාගම රෝගීන් මරා දැමු සමාගමක් ලෙස අමූලික අසත්‍ය ගොතා කියන මට්ටමකට සෞඛ්‍ය අමාත්‍යවරයා පත්වීම පිළිබඳව අපි කණගාටු වෙමු.
එසේම අප සමාගම විසින් සිදු නොකරන ලද බවට අප දිගින් දිගටම කියා සිටින වරදක් සම්බන්ධයෙන් අප සමාගමට එරෙහිව ආරම්භ කරන ලද රහස් පොලිස් විමර්ශනයේ දී, පොදු දේපල විෂයෙහි ලා සැලකෙන වරදක් ආරෝපණය කරමින් අප සමාගමේ අධ්‍යක්ෂවරයෙකු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව, පොදු දේපල සම්බන්ධයෙන් ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණමය බලයක් නොමැත යන පදනම මත එම අධ්යක්ෂවරයාට ගරු මහාධිකරණයෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර, ඇප ලබා ගන්නා තෙක් රිමාන්ඩ්භාරයේ සිටීමට සිදු විය. එහිදී ගරු මහාධිකරණය විසින් අදාළ ඇප නියෝගය ලබාදෙමින් සදහන් කරන ලද කරුණක් අදාළ නියෝගයෙන් උපුටා අපි පහත දක්වමු.
“මෙම 03 වන සහ 04 විත්තිකරුවන් (අප සමාගමේ අධ්යක්ෂ සහ උපදේශක) විසින් ප්‍රශ්නගත එන්නත් වෛද්‍ය සැපයුම් ඒකකයට භාර දීමෙන් අනතුරුව ඔවුන් විසින් එකී එන්නත් සම්බන්ධයෙන් කිසිම කටයුත්තක් සිදුකර ඇති බවට කිසිම සාක්ෂියක් අනාවරණය වී නැත. වෛද්‍ය සැපයුම් ඒකකයේ අභ්‍යන්තර වාර්තාව ප්‍රකාර මෙකී සියලුම එන්නත් යහපත් තත්ත්වයේ තිබෙන බවට වාර්තාවක් ද ඉදිරිපත් කර ඇත. එබැවින් පොදු දෙපළක් සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයට භාර දීමෙන් අනතුරුව ද ඉන් අනතුරුව මහරගම පිළිකා රෝහලට මෙම එන්නත් භාර දීමෙන් එන්නත් පිළිකා රෝහලේදී ගබඩා කිරීමේදී ද එකී ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිම සාවද්‍ය ක්‍රියාවක් මෙම සැකකරුවන් දෙදෙනා විසින් සිදු කර නැත.”
මෙම විමර්ශනය සිදු කරන බලධාරීන්ගෙන් ඉතා ගෞරවයෙන් අභියෝග කර, අපි ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් විමර්ශන නිමා කර, සුදුසු නම් නඩු පවරන ලෙසයි. එවිට අපේ නිදොස් බව ඔප්පු කරන්නට අපට අවස්ථාව උදාවෙනවා පමණක් නොව, සැබෑ ඖෂධ මාෆියාව ගැන තොරතුරු ද අනාවරණය වනු ඇතැයි අපි යහ සිතින් අපේක්ෂා කරමු.
නුවන් ෆොන්සේකා
අධ්යක්ෂ
19-02-2017
රාජපක්ෂලාට එරෙහිව මුදලට මඩ ව්‍යාපාරය දියත් කරන අනුන්ගේ නිවුස් කොපි කරමින් මුදලට පුවත් වාර්තාකරණ වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ලා ලෙස තමන්ම නිවුස් ගසාගත් මංගලගේ චක් ගොලයා වන රුවන් ප්‍රදිනැන්දිස් “පිළිකා රෝගීන්ගෙන් පළිගන්න හොර ඖෂධ ජාවාරමක්”යනුවෙන් 2016 ජුනී 08 වැනිදා ‘ඔමැක්ස් හෙල්ත්කෙයාර් (පුද්) සමාගමේ’ නාමය සඳහන් කරමින් මඩ පුවතක් නිර්මාණය කළ අතර එම පුවත් වෙනුවෙන් තවත් ඖෂධ මාෆියා කණ්ඩායමකගෙන් මුදල් ලබාගෙන තිබේ.පසුව එම මඩ පුවත් පාදක කරගනිමින් කක්කුස්සි කටා හේවත් දත් දොස්තර රාජිත සේනාරත්න අවස්ථා ගණනාවකදි ‘ඔමැක්ස් හෙල්ත්කෙයාර් (පුද්) සමාගමේ’ නාමය සඳහන් කරමින් අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ කර තිබේ.
උපුටා ගැන්ම දුමින්දගෙන් හොරා කෑ සත්හඩ පුවත් පතෙනි….
සිදු වී තිබුණේ කුමක්ද?
ඔන්කැස්පර් එන්නත මෙරටට ආනයනය කළා යැයි කියන ඔමැක්ස් හෙල්ත් කෙයාර් සමාගම OMACX Health Care (Pvt.) Ltd නීත්‍යනුකූල ලෙස මේ එන්නත මෙරටට ගෙන්වා නැත. අදාළ එන්නත වෛද්‍ය සැපයුම් අංශයෙන් මහරගම පිළිකා රෝහලට ලබා දීමෙන් පසුව කිසියම් එන්නත් ප්‍රමාණයක් පස්සා දොරෙන් ජාවාරම්කාරයා අතට පත් වන්නේය. ඔහු ඒවායේ දත්ත වෙනස් කර වෛද්‍ය සැපයුම් අංශය හරහා නැවත පිළිකා රෝහලටම ලබා දෙන්නේය. අධික සංවේදී බවකින් යුතු ඖෂධයක් ජාවාරම්කාරී ලෙස නැවත සංසරණය වී තිබුණේය. පිළිකා රෝගීන් වේලාසනින්ම ජීවිතයෙන් සමුගෙන යන්නේ මේ ජාවාරම්කාරී කි‍්‍රයාව හේතුවෙන්ය. මහරගම පිළිකා රෝහලේ ඉහළ පෙළේ වෛද්‍යවරු දෙදෙනකු මේ අසික්කිත ජාවාරමට හවුල් වී සිටින්නේය. නුදුරේ දීම විශ්‍රාම යෑමට නියමිත ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයකුට ඉකුත් සතියේ ඉන්දියානු සංචාරයක් ලබා දී තිබුණේ ඔමැක්ස් සමාගම විසිනි. හෙණගහන අපරාධයක් කළ ජාවාරම්කාර සමාගම අසාදු ලේඛනයට ඇතුළත් කළ යුතුව තිබුණත් එසේ වූයේ නැත. ඔමැක්ස් හෙල්ත් කෙයාර් පෞද්ගලික සමාගම දැන් කි‍්‍රයාත්මක වන්නේ ‘මෙඩ්මාර්ට්’ Medmrt Pharma (Pvt)Ltd වෙළෙඳ නාමය යටතේය. ජාවාරම තවමත් සිදු වන්නේය. ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරුන්ටත් සෞඛ්‍ය බලධාරීන්ටත් මෙඩ්මාර්ට් අල්ලස් ලබා දෙන්නේය. මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රබලයකු සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබද්දී බෝධි පූජා පවත්වමින් ඇඳවටේ කරක් ගැසුවේ මේ ඖෂධ ජාවාරම්කාර නඩේය.
යුද පුවත් වාර්තාකරුවකු ලෙස කටයුතු කළ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකරන ලදැයි කියන සිද්ධියට අදාළව සිද්ධියෙන් වසර 09 කට පසු අත්අඩංගුවට ගන්නා ලද යුද හමුදා මේජර්වරයකු ඇතුළු යුද සෙබළුන් පස්දෙනෙකු ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත. පහර දුන් අය සොයා දඩුවමි දිය යුතුය. එහි තර්කයක් නොමැත.
මෙම සිදුවිමට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ හමුදා බුද්ධි අංශ නිළධාරින්ය. පුදුමයට කරුණ නම් මාධ්‍යවේදී කීත් නොයාර් මහතා විසින් කිසිදු ලිපියක් බුද්ධි අංශයට විරුද්ධව පළ කොට නොමැත. ඔහු විසින් වාර්තා කළ කිසිදු ලිපියක යුධ හමුදාව විවෙචනය කරමින් පළකිරිමක් සිදු කර නොමැත. එසේ නම් කීත් නොයාර් සමග සැබැවින්ම ප්‍රශ්ණයක් ඇත්තේ කා හට දැයි විශ්ලේෂණය කළ යුතුය.
මේ සම්බන්ධයෙන් තවමත් එවකට කොළඹ ආරක්ෂාව භාරව සිටි ප්‍රධානින්ගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගෙන නොමැත.
විවිධ ජවනිකා හරහා මේ සිදු කරන්නේ හමුදා බුද්ධි අංශ ප්‍රථිසංස්කරණය කිරිම හෝ විසුරුවා හැරිම යන ජිනිවා ප්‍රථිසංස්කරණ යෝජනාවල කරුණුය. රටක බුද්ධි අංශයක් පිළිබදව තිරණ ගැනිමට ජාත්‍යන්තර සංවිධානයකට ඇති අයිතිය කුමක්ද ?
මේවා ක්‍රියාත්මක කිරිම සදහා ජාත්‍යන්තරයෙන් ලැබෙන මුදල් හා වරප්‍රසාද අදාල පුද්ගලයන්ට දොළපදේණි ලෙස ලැබේ.
බුද්ධි අංශ යනු රටක කොදු නාරටියයි. විවිධ චෝදනා මවාපාමින් බුද්ධි අංශ නිළධාරින් අත්අඩංගුවට ගනිමින් සිදු කරන්නේ දැනට සේවය කරන බුද්ධි අංශ නිළධාරින්ට රාජකාරි නොකරන ලෙස අනියමින් කරන බළපෑමකි. මේ හේතුවෙන් බුද්ධි අංශ සාමාජිකයින්ගේ මානසික මටිටම මෙන්ම මුලු මහත් ආයතනයේම පරිහානියට පත්වෙමින් සිටියි. ජාත්‍යන්තරයට අවශ්‍යවන්නේද මෙයයි.
මේ ක්‍රියාදාමය හරහා සිදු වන බරපතළ ක්‍රියාදාමය නම් බුද්ධි අංශ තොරතුරුකරුවන්ගේ නාමලේඛණය විමර්ෂණ පදනමින් විස්තර ලබා ගැනිමට අධිකරණය පාවාදි ඒ හරහා රහස්‍ය තොරතුරු ලබා ගැනිමයි. අත්අඩංගුවට ගත් නිළධාරින්ට ඇප ලබාදිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධවිම හේතුවෙන් කිසිදු පදනමක් නොමැතිව ඔවුන්ට දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත විමට සිදු වේ.
උසාවියකින් වරදකරුවෙකු නොකර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ බමුණන් එම නිළධාරින් අත්අඩංගුවට ගැනිමට යාමේදි ප්‍රදේශය පුරා මිනිමරුවන් යැයි පවසමින් චරිත ඝාතනය කරමින් සිදු කරයි. මේ හරහා සිදු කරනුයේ වර්තමානයේ හමුදා බුද්ධි අංශතුළ සේවය කරන නිළධාරින් හට ඉල්ලා අස්ව යාමට තරම් පීඩනයක් එල්ල කිරිමයි.
නමුත් මෙම ජවනිකාවල රගපාන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරිගේ වෙස් මූණු ජනතාව ඉදිරියේ මේවන විට ගැලවි ගොස් හමාරය. මෙය සිදු කරනුයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ යහපාලන උසස්විම් ලබා ගත් පුද්ගලයින්ගේ දොළපදේණිවලට හිළවි වශයෙන් අශිලිචාර ක්‍රියාදාමයක යෙදි සිටි. ඉදිරියේදි කටු සූප්පු කරන බල්ලන් විසින් එයට සහය දිම සදහා විවිධ කුමන්ත්‍රණ සදහා තවත් බුද්ධි අංශ නිළධාරින් අත්අඩංගුවට ගැනිම සදහා මාන බලමින් සිටියි.
හමුදාව ජනතාව තුල ලබාගෙන ඇති ප්‍රසාදය විනාශකිරිමට යහපාලුවන් ගන්නා උත්සහය සිංහ සෙයියාවෙන් සිටින නිළධාරින් ඉදිරියේ පහසු නොවුණු ඇත. මේ වන විට ත්‍රිවිධ හමුදාව තුළම වත්මන් රජයට අප්‍රසාදයක් ගොඩනැගෙමින් පවති.
මේ සිදුවෙම්න් පවතින්නේ බොරු චෝදනා හරහා ඊළග පාවාදිමට අවශ්‍ය පසුබිම සාදා ගැනිමේ කටයුතුය. හමුදාවේ අභිප්‍රායත් මේ සිදුවිම් වලට දායක වු සැබෑ වරදකරුවන් අත්අඩංගුවට ගැනිමය. සැබෑ වරදකරුවා සොයා ගන්නවා වෙනුවට සිදු කෙරෙනුයේ රටේ තිබෙන ප්‍රබලම බුද්ධි අංශ අඩපණ කිරිමය.
සෑම දෙනාම අවිවාදයෙන් යුතුව පිළිගන්නා කරුණු නම් යහපාලන ආණ්ඩුව පත්විමත් සමග රට සෑම අංශයේම අරාජිකත්වයට පත්ව ඇති බවයි.
මේ වන විට විදෙස් බුද්ධි අංශ කණ්ඩායම් ලංකාව තුළ පිණුම් ගසමින් කිසිදු බාධාවකින් තොරව තම න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරමින් සිටියි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අලුත්ම නාඩගම නම් අත්අඩංගුවට ගන්නාවත් සමගම පුද්ගලයින් වැරුදිකරුවන් කරමින් සමාජය පුරා මතයක් ගොඩනැගිමය. එම ජවනිකා වල ඉතිරි කොටස රාජ්‍ය මාධ්‍ය නාටකයක් සේ දිගහරිමින් අත්වැල් සපයයි.
යහපාලන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ බිරින්දෑවරුන්ට තර්ජනය කරමින් වරද පිළිගන්නා ලෙස අයුතු බලපෑම් සිදුකර ඇති බව ප්‍රසිද්ධ රහසකි.
ජේමිස් බොන්ඩිලා ලෙස රගපාන CID ජොකර්ලා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සැකපිට අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිළධාරියාද දිගු කාලයක් සාක්ෂි රහිතව බන්ධනාගාර ගත කරවමින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නියම මිනිමරුවා බව ලොවට පෙන්වමින් සිටි නාටකය පුස්සක් බවට පත් කරමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් නඩරාජා ඝාතනය වෙනුවෙන් අත්අඩංගුවට ගෙන සිටි බුද්ධි අංශ නිළධාරින්ද බොරු චෝදනා එල්ල කරමින් දිගු කාලයක් බන්ධනාගාර ගත කර සිටි අතර නඩුව අවසානයේ ජුරියේ ඒකමතික තිරණය අනුව නිදොස් කොට නිදහස් කෙරුණි.
මීට පෙරාතුව රනිල් පාලනයේ CID ජෝකර්ලා සිදුකල මිලේනියමි සිටි පාවාදිමේ සැබෑ තතු ද රටට හෙළිදරව් විමෙන් CID නිරුවත හෙළිවිණි. ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවිමේදි කෝප්රල් වරයෙකුට මෙතරම් දෙයක් කිරිමට හැකි නම් එවකට හමුදාපතිව සිටි මෙකල වෙලේ විදානේ නොහොත් පොන්නසේකා වගකිව යුතු නොවේද ?
එසේ නොවන්නේ නම් මොවුන් පවසන ආකාරයට එවකට හිටපු හමුදාපතිව සිටි මෙකල වෙලේ විදානේ නොහොත් පොන්නසේකා නපුන්සකයෙකි.
මාධ්‍යවේදි කීත් නොයාර්ට පහර දිම සම්බන්ධයෙන් කිසිදු පදනමකින් තොරව හමුදා බුද්ධි අංශ කරන චෝදනා මෙහෙය වන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යැයි මොනවට පැහැදිලි වෙයි.
යහපාලකයන් රටට තිබෙන සැබෑ තර්ජන හදුනා ගන්නවා වෙනුවට තම පෞද්ගලික අභිමතාර්ත සදහා ජාත්‍යන්තර කොන්ත්‍රාත්තු වෙනුවෙන් කටයුතු සිදු කරමින් සිටියි. එහි වන්දි ගෙවිමට සිදුවන්නේ රටේ සාමාන්‍ය ජනතාවටය.
දශක 3ක් තිස්සේ ශ්‍රී ලංකා මාතාව පෙළුනු යුද්ධයෙන් තම ජිවිතය පරදුවට තබා ජයග්‍රහණය කල රණවිරුවන් හට බොරු චෝදනා එල්ල කරමින් දඩයම් කිරිමේ මෙහෙයුමක් වර්තමානයේ දක්නට ලැඛෙන අතර හුදෙක් මෙය එක්සත් ජාතින්ගේ මානව හිමිකමි සැසිවාරය පැවැත්වෙන කාල වකවානුවේ බහුලව දක්නට ලැබේ.
බෙදුම්වාදි කොටි ත්රස්ථවාදයෙන් මේ රට ගලවා ගැනිමට ජිවිත අවදානම ගෙන නායකත්වය දුන් රණවිරුවන් දඩයම් කිරිමට පටන්ගෙන ඇති මෙවන් වකවානුවක ප්‍රභාකරන්ලා හා එකට අසුන් ගෙන බෙදුම්වාදී දේශපාලනය කල අය හා පොංගු තමිල් උත්සවය සංවිධානය කල අය අද නිදැල්ලේ සිටින අතර ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය හරහා ශ්‍රී ලංකා රණවිරුවන් දඩුවම් දෙන්නට වෑයම් කල බටහිර අධිරාජ්‍යයවාදින් අද එය මෙරට අධිකරණ උපයොගි කරගනිමින් දඩුවම් දෙන අයුරු දක්නට ලැබීම ඇසට කදුළක් උනන්නට හේතුවක් විය.
රට ත්‍රස්තවාදින්ගෙන් මුදවා ගෙන රට තුල සමකාමි වාතාවරණයක් ගොඩනැගිමට ඔවුන් කල කැප කිරිම මේ රටේ මිනිසුන්ට අමතක නැත. අද මෙම රණවිරුවන්ට දඩුවම් දිමට සැබෑ උවමනාව ඇත්තේ කොටි සංවිධායේ ශේෂව ඇති කොටස් වලට හා දෙමළ ඩයස්පෝරාවට මෙන්ම මේ රටට හතුරුකම් කරන බටහිර බලවේගයන්ට හා යහපාලකයන්ට පමණි. එයට මේ රටේ ජනතාව කිසිවිටකත් ඉඩනොතබනු ඇත.
අවසාන වශයෙන් කිමට ඇත්තේ රටේ ජනතාව තවමත් රණවිරුවන් සමගය. ජනතාවගේ එකම බලාපොරොත්තුවත් රණවිරුවන්ය
අද අපගේ නිහඩතාවය නිසා මතු පරපුරට භායානක අනාගතයකට මුහුණ දීමට සිදුවන බව නොඅනුමානය.
තවත් බලා සිටිය හැකිද?
සටහන – තිත්ත සූකිරී
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1994 දී බලයට පැමිණියේ අති විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජනයාට පොරොන්දු රාශියක් ලබා දෙමිණි. එසේ පැමිණ වසර 11ක දීර්ඝ කාලයක් රාජ්‍ය ධූරය හෙබවූ ඇය පසු කාලීනව ජනතාව අතර ප්‍රසිද්ධ වූයේ පච මල්ල නමින්ය. පච මල්ල, පචන්ද්රිකා එම වකවානුවේ තාප්ප වල නිතර රැඳි තිබුණු වදන්ය. ඒ නම්බු නාමය ඇයට හිමි වූයේ උපතින් ලැබුණු ජනතාව අන්දවන ආකාරයේ අසත්‍ය ප්‍රකාශ කිරීමේ හැකියාව නිසාය. සැබවින්ම බොරු කීම කලාවක් නම් චන්ද්‍රිකා කුමාරතුංග එහි පිකාසෝ වෙයි. නමුත් ඇය අසත්‍ය ප්‍රකාශ කළේ රටේ ජනතාවට මිසක් ඇය ප්‍රිය කළ ඇගේ මිතුරු කල්ලි වලට නොවේ. ලන්ඩනයේ වාසය කරන චන්ද්‍රිකා කුමාරතුංගට දෙමළ ඩයස්පෝරාවේ මිතුරු කල්ලියක් ඇත.එම මිත්‍රයන්ගේ බලපෑමට යාපනය මුදවා ගැනීමේ මෙහෙයුම වූ රිවිරුස මෙහෙයුම නවතාදමන්නට ඇයි උත්සාහ කළ බව අනුරුද්ධ රත්වත්තේ මහතා පවසා ඇත.
චැනල් ෆෝ වීඩියෝ නරඹා තමන් ශ්‍රී ලාංකිකයෙක් වන බව පැවසීමට ලැජ්ජා බව සිය පුත්‍රයා පැවසූ බව උජාරුවෙන් කීවාය. ඇයට රටේ ජනතාව කෙරෙහි කිසිදු පක්ෂපාතිත්වයක් නැත. සිය වලව් නම්බුවත් පවුලේ බූදලයක් යයි සිතා සිටින නිදහස් පක්ෂයත් ඇයට නැති කළ රාජපක්ෂවරුන් සමඟ ඊර්ශ්‍යා සහගත වෛරයක් පමණක් ඇත. නමුත් පෙර කීවා සේ චන්ද්‍රිකාට ඇත්ත මෙන් බොරු කීමේ හැකියාවක් ඇත. ඒ බව අපි තේරුම් ගත යුතුය. තමන්ගේ එම හැකියාව පිළිබඳව ඇයත් හොඳන් දනී. අසාර්ථක රාජ්‍ය පාලිකාවක් ලෙස වුවත් වසර 11ක් ම බලයේ සිටියේ එම බොරු කීමේ හැකියාව නිසාය.
එක්වරම චන්ද්‍රිකා මහත්මිය ගේ මෙම හැකියාව ගැන අපි කතා කරන්නේ ඇයි? අනාගතයේදී ලංකාව සම්බන්ධයෙන් සිදු කරන්නට යන ක්‍රියාදාමය ගැන ඇය දමිළ මාධ්‍යවේදිනියක හා පැවසූ කාරණාව නිසායි.
“දැන්ම යුධ අපරාධ අධිකරණ පිහිටුවොත් සහතික වශයෙන් කියන්න පුළුවන් අළුත් ව්‍යවස්ථාව අපිට සම්මත කරගන්න වෙන්නේ නැ………..රටේ යුධ අධිකරණ සම්බන්ධයෙන් විශාල විරෝධයක් මතුවෙන්න පුළුවන්……….ඒ නිසා වඩා වැදගත් වෙන ව්‍යවස්ථාව වෙනස් කරන එක අපි මුලින් කරන්න ඕන”
ඇය මේ පවසා සිටින්නේ රටේ මහජනතාව රැවටිය යුතු බව නොවේද? රටේ මහජනයා රැවටිය හැක්කේ කෙසේද කොයි පිළිවෙලින්ද යන්න ඇය හොඳින් දනී. රටට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් ඇති වන ප්‍රතිඵල ඇයට අදාළ නැත. සත්‍ය වශයෙන් ඇයට අදාළ විය නොහැක. ඇගේ දරුවන් බ්‍රිතාන්‍ය පුරවැසියන් වන අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් හා විවාහ වී එම රටේම පදිංචිව සිටී. ලංකාවට කුමන ඉරණමක් අත්වුවත් ඇගේ දරුවන්ට ඉන් බලපෑමක් නැත. බලපාන්නේ දුප්පත් ශ්‍රී ලාංකිකයන්ටයි. යුධ පෙරමුණට සිය දරුවන් දන් දී රටට හෙටක් අපේක්ෂා කර දෙමව්පියන්ටත් එම යුධ විරුවන් ගේ දරුවන්ටත්ය.
මීට වසරකට පමණ පෙර ඉන්දියානු මාධ්‍යයක් හමුවේ ඇය පැවසූ ලංකාව නිජබිම කරගත් සිංහලයින්ගේ බලය රට තුළ අඩු කළ යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව පවසන ඇය ෆෙඩරල් පන්නයේ ව්‍යවස්ථාවක් සඳහා චෙල්වනායගම් සැමරුමේදී ප්‍රසිද්ධියේ පෙනී සිටියාය. එසේ නම් ඇය මෙසේ රැවටීමෙන් හා වංචාවෙන් ගෙන එන ව්‍යවස්ථාව කුමන ආකාරයේ එක්ක ද බව ඉතා පැහැදිලිය.
මුලින් යුධ අපරාධ අධිකරණයක් ගෙනා විට රටේ ජනතාව ඇවිස්සෙන බවත් ඒ නිසා ඊට පෙර නව ව්‍යවස්ථාව ගෙන එමින් ජනතාව රැවටිය යුතු බවත් ඇය පවසයි. එය සම්මත කරගන්නා ආකාරයත් ඇය පවසයි. රටේ පවතින තත්ත්වය යටතේ ජනමතවිචාරණයක් ජයගැනීම අපහසු බව පිළිගන්නා ඇය එම කර්තව්‍යය ඉෂ්ඨ කර ගැනීමට නම් නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ජනතා සහාය ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා හොඳ කැම්පේන් එකක් ආරම්භ කළ යුතු බවත් පවසයි. ජනතාව රැවටීමේ උපන් හපන් කමක් ඇති චන්ද්‍රිකා මේ සඳහා උදාහරණ කොට ගන්නේ සුදු නෙළුම් ව්‍යාපාරයයි. ජාතික රූපවාහිනියේ ජනතා මුදලින් නව ව්‍යවස්ථාවට අවශ්‍ය ජනතා සහාය ගොඩ නගන කැම්පේන් අරඹනු ඇත. නව ව්‍යවස්ථාව සම්මත කළ යුතු බව කියන සිංහල දෙමළ අය අත්අල්ලන් සිටින රූප රාමු ඇතුළත් කවි,සිංදු ලියැවෙනු ඇත. බටහිරින් නඩත්තු කරන බෙදුම්වාදී අරමුණු වෙනුවෙන් පෙනී සිටින එන් ජි ඔ නඩ වීදි නාට්‍ය රඟ දක්වමින් පාරට බසිනු ඇත. පච මල්ල හොඳින් ක්‍රියාත්මක වන්නට ආරම්භ වනු ඇත. මේ සියල්ලේ අවසානය මේ රටේ හුදී ජනතාව නැවතත් ඇන්ඳීමට ලක්වීම විය හැකිය. කවදත් වහසි බස් වලට රැවටී මුදල් වියදම් කරගෙන සිදුකරන ප්‍රචාරණයන් ලස්සන සින්දු වලට රැවටී තමාගෙත් තම දේශයේත් ඉරණම තීන්දු කරන ජනතාවක් අපට ඇත. ඒ බව ඇය හොඳින් දනී. එබැවින් රටේ පවතින රජයට එරෙහි ජනතා මතය ජනමතවිචාරණයේදී නව ව්‍යවස්ථාවට එරෙහි ඡන්දයක් බවට පත්වේ දැයි යන්න සැක සහිතය. එබැවින් රටට හිතවත් ළඟ එන අනතුර අවබෝධ කරගත් සියල්ලන් රටේ ජනතාව දැනුවත් කරමින් මෙම ද්‍රෝහී ව්‍යවස්ථා මරඋගුල පරාජය කිරීමට අවශ්‍ය සියල්ල කළ යුතුය. ජනතාව රවටන මෙහෙයුම පිළිබඳව හෙළි කළ චන්ද්‍රිකා මැතිණියට අප එක් අතකින් ස්තුති වන්ත විය යුතුය.
අවසානයේ කිව යුත්තේ රටට හිතවත් සියල්ලන් නොපමාව කටයුතු කර මෙම ව්‍යවස්ථා උගුල පිළිබඳ සිය මිතුරන් නැයන් අසල්වැසියන් සියල්ලම දැනුවත් කළ යුතුය.
-අයි. ජයතිලක-
යුතුකම සංවාද කවය
මේ ආණ්ඩුව 2015 දී වැඩ ඇල්ලුවේ ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කල තුණ්ඩුවකින් එවක සිටි අග්රවිනිශ්චයකාරවරයා නෙරපා හැර මුලු අධිකරණ පද්ධතියම මහත් භීෂණයකට ලක් කිරීමෙනි. මේ සම්බන්ධයෙන් ඉටුකල සේවාවන් වෙනුවෙන් අලුත් ආණ්ඩුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයාට ඉතා ආකර්ශනීය දේශපාලන පත්වීමක්ද ලබා දුන් බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ඉල්ලා ඇති පරිදි රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයකු හැටියට පත්කිරිම ජනාධිපතිවරයා ලවා අවලංගු කරවා ගැනීමටද නීතීඥ ප්‍රජාව කටයුතු කල යුතු බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.
පිළිගත් ක්‍රමවේදයෙන් පිට මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත් කිරීම අධිකරණයේ ස්වාධිනත්වයට තර්ජණයකි
මඩකලපුවේ නීතීඥයකු වශයෙන් කටයුතු කල රාමනාදන් කන්නන් මහතා ජනාධිපතිවරයා විසින් මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු හැටියට පත් කිරීම ගැන අධිකරණ සේවා සංගමය දැඩි විරෝධය පල කොට ඇත. මේ රටේ පිළිගත් ක්‍රමවේදය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ හා මහාධිකරණයේ විනිශ්චයකාරවරුන් සියලු දෙනාම පාහේ එක්කෝ අධිකරන සේවය තුළින්ම නැතිනම් නීතිපති දෙපාර්තමේන්තුව තුළින් පත් කිරීමයි. මේ ආකාරයට ජ්‍යෙෂ්ඨත්වය හා සුදුසුකම් මත විනිශ්චයකාරවරුන් පත් කිරීම අධිකරණයේ ස්වාධිනත්වය රඳා පවතින එක් ප්‍රධාන කුළුනක් වෙයි. ඉතාමත්ම කලාතුරකින් කීර්තිමත් පුද්ගලික නීතීඥයන්ද ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීම් ලබයි. හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන්, හිටපු විනිසුරු මාර්ක් ප්‍රනාන්දු ඒ ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වුණු අය වේ. මා ජනාධිපතිව සිටි අවුරුදු 09 තුළ පුද්ගලික නීතීඥයන් අතරින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කලේ එක් අයකු පමනි. මගේ ආණ්ඩුව සමයේ අභියාචනාධිකරණයට හෝ මහාධිකරණයට එකම පුද්ගලික නීතීඥයෙකු වත් පත්කොට නැත.
අධිකරණ සේවා සංගමය අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතාගෙන් මේ ගැන විමසූ විට ඇමතිවරයා ඔවුන්ට කියා ඇත්තේ මීට කලින් අවස්ථාවකදී රාමනාදන් කන්නන් මහතා මහාධිකරණයට පත්කරන්නැයි එක්තරා දේශපාලන පක්ෂයක් ඔහුගෙන් ඉල්ලීම් කල බවත් ඔහු එයට එකඟ නොවූ බවත්ය. දේශපාලන පක්ෂයක නිර්දේශයක් මත විනිශ්චයකාරවරයෙකු පත්කලේ නම් අධිකරණයේ ස්වාධිනත්වයේ මුලු පදනමම දෙදරා යනු ඇත. කන්නන් මහතා මහාධිකරණයට පත්කර තිබෙන්නේ අධිකරණ සේවයේ අවුරුදු 16 කට වඩා අත්දැකීම් ඇති විනිශ්චයකාරවරුන් හා නීතිපති දේපාර්තමේන්තුවේ ද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නොසලකා හරිමිනි. මෙතනදී අවශ්‍යතාවය තිබුණේ උතුරු නැගෙනහිර පලාත් සඳහා දෙමළ කතාකරන විනිශ්චයකාරවරයෙකු පත් කිරිම නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා වවුනියා දිසා විනිසුරු ඩී.එල්.ඒ.මනාස් මහතා බව අධිකරණ සේවා සංගමය පෙන්වාදී ඇත. අධිකරණ සේවය නැතිනම් නිතිපති දෙපාර්තමේන්තුව තුලින් දෙමළ කතාකරන පුද්ගලයෙකු මේ තනතුර සඳහා තොරාගනු ලැබුවේ නම් කිසිවෙකු එයට එරෙහි වන්නේ නැති බව පැහැදිලිය.
මේ පත්වීම ගැන අධිකරණ සේවා කොමිසමෙන් කල විමසීමකදී අධිකරණ සේවා සංගමයට දැනගන්නට ලැබී ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා අධිකරණ සේවා කොමිසමට කරන ලද ඉල්ලීමක් මත මේ පත්වීමට අදාල නිරදේශය ලබා දුන් බවයි. තමා මේ පත්වීම කලේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීමක් මත බව ජනාධිපතිවරයාද ප්‍රසිද්ධයේ ප්‍රකාශ කොට ඇත. නමුත් නීතීඥ සංගමයේ ලේකම් වරයා අධිකරන සේවා සංගමයට දන්වා ඇත්තේ ඔවුන්ගේ සංගමයෙන් මෙවැනි කිසිඳු නිර්දේශයක් කර නැති බවයි. ඒ අනුව පෙනී යන්නේ මේ ඉල්ලීම නීතීඥ සංගමයේ ඇතැම් පුද්ගලයන් විසින් පමණක් සිදුකර ඇති බවයි. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විනිශ්චයකාරවරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් නිර්දේශ දීමට ව්‍යවස්ථාමය, නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැත. විනිශ්චයකාරවරුන් පත් කිරීමේ බලය පුද්ගලික නීතීඥයන්ට ලබාදුනහොත් එයින් මුලු නීති ක්ෂේත්රයම මහා දූෂණයකට ලක්වනු ඇත. විනිශ්චයකාරවරුන්ට පත්වීම් හා උසස්වීම් ලබාගැනීමට තමා ඉදිරියේ නඩුවලට පෙනී සිටින නීතීඥයන් මත රඳා පැවතීමට සිදුවුවහොත් ඇතිවෙන තත්වය කුමක්දැයි ඕනෑම කෙනෙකුට සිතාගත හැක.
නීතීඥ සංගමයේ ඇතැම් නිලධාරීන් 2015 දී මගේ ආන්ඩුව පෙරලීමට ප්රමුඛ කාර්ය භාර්යයක් කල නිසා යහපාලන බලධාරීන් තුටු පඩුරක් වශයෙන් ඔවුන්ට විනිශ්චයකාරවරුන් පත් කිරිමට බලයක් ලබාදිමට උත්සාහ කරමින් සිටි. මෙයින් මුලු නීති ක්ෂේත්රයටම සිදුවන හානිය ගැන ආණ්ඩුව කිසිදු තැකීමක් කරන්නේ නැත. දැනට සේවයේ නියුතු විනිශ්චයකාරවරුන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නීතීඥයන් සියලු දෙනාම නොසලකා හැර කන්නන් මහතාට මෙම මහාධිකරණ පත්විම ලබාදී ඇත්තේද වත්මන් ජනාධිපතිවරයාට ඡන්ද කුට්ටි ලබාදුන් පක්ෂයක් සතුටු කිරිමට බව ඉතා පැහැදිලිය. මෙයින් අධිකරණ නිලධාරීන්ට යන පණිවුඩය වන්නේ පත්වීම් හා උසස්විම් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ සුදුසුකම්, හැකියාවන් හෝ අවංක සේවය නොව දේශපාලන සම්බන්ධතා පමණක් බවයි.
මේ ආණ්ඩුව 2015 දී වැඩ ඇල්ලුවේ ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කල තුණ්ඩුවකින් එවක සිටි අග්රවිනිශ්චයකාරවරයා නෙරපා හැර මුලු අධිකරණ පද්ධතියම මහත් භීෂණයකට ලක් කිරීමෙනි. මේ සම්බන්ධයෙන් ඉටුකල සේවාවන් වෙනුවෙන් අලුත් ආණ්ඩුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයාට ඉතා ආකර්ශනීය දේශපාලන පත්වීමක්ද ලබා දුන්නේය. අපේ ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුව ඉහල උසාවිවල විනිශ්චයකාරවරුන් ඉවත් කිරිමට ක්‍රියා පිටිපාටියක් ඇත. ඒ අනුව චෝදනා ගොනු කිරීම, ඒවා විමර්ශණය කිරීම, පාර්ලමේන්තුව තුළ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සභාගත කිරීම හා පාර්ලිමේන්තුවේ ඡන්දයක් ගැනීමද කල යුතු වෙයි. ඉහල උසාවිවල විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමේ සැබෑ බලය ඇත්තේ විධායකයට නොව ව්‍යවස්ථාදායකයටය. නමුත් මේ ආණ්ඩුවේ තරම කෙබඳුදැයි ප්‍රදර්ශනය කරමින් ඒ සියලුම ක්‍රියාපටිපාටි නොසලකා අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස් මහතා විධායකයේ තුන්ඩුවකින් සිය ධූරයෙන් නෙරපා හරිනු ලැබීය. මෙවැනි ක්‍රියාවකින් වැඩ ආරම්භ කල ආණ්ඩුව තමන්ට හිතවත් දේශපාලන පක්ෂ වල නිර්දේශ මත දැන් විනිශ්චයකාරවරුන්ද පත් කිරීම ගැන පුදුම විය යුතු නැත.
මේ රටේ සෙසු සියලුම වෘත්තීමය සංවිධාන වලට වඩා, එනම් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, වාස්තු විද්‍යාඥයින්, වැවිලි කරුවන්, පරිපාලන නිලධාරීන් හා ගණකාධිකාරීවරුන්ගේ සංගම් වලට වඩා ඉතාමත්ම දරුණු ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය දේශපාලනීකරණයට ලක් වි ඇති බව කවුරුත් දනී. නීතීඥ සංගමයට ලැබෙන විදේශීය මුදල් ඇතුලු දේ පාලනය කරන එම සංගමය තුළ සිටින එක්තරා කණ්ඩායමක් ගැන මාධ්‍යයේ වාර්තා පලවි තිබුණි. දැන් පෙනෙන්නට තිබෙන ආකාරයට දේශපාලන පක්ෂයක හිතවතකු බව කියවෙන පුද්ගලයෙකු මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු හැටියට පත්කල යුතු යැයි නිර්දේශ කොට තිබෙන්නේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයම නොව එය තුළ සිටින මේ දේශපාලන කණ්ඩායම බව පැහැදිලිය. මමද නීතීඥයෙකු වෙමි. මා මේ අවස්තාවේදී නීතීඥ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනනේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මේ දේශපාලනීකරණය අවසන් කිරීමට අධිෂ්ඨානශීලීව පියවර ගන්නා ලෙසයි.
එමෙන්ම ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ඉල්ලා ඇති පරිදි රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයකු හැටියට පත්කිරිම ජනාධිපතිවරයා ලවා අවලංගු කරවා ගැනීමටද නීතීඥ ප්‍රජාව කටයුතු කල යුතුය. මෙවැනි පත්වීම් කිරීමේදී පිළිගත් ක්‍රමවේදය පිළිපැදීම අධිකරණයේ ස්වාධිනත්වය රැකීමට අත්‍යවශ්‍ය සාධකයකි.
මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපති
Irregular appointment of High Court judge threatens independence of the Judiciary
The Judicial Services Association of Sri Lanka has strongly objected to the appointment of Mr Ramanathan Kannan a lawyer practicing at the private bar in Batticaloa, as a High Court Judge. The accepted practice in this country is that virtually all the judges serving on the Supreme Court, Court of Appeal and High Court are promoted to those positions through the ranks of the judicial service or to a lesser extent, the Attorney General’s Department. This system of promotion based on seniority and merit is one of the pillars on which the independence of the judiciary rests. On very rare occasions past governments have appointed eminent members of the private bar as Supreme Court judges. Former CJ Neville Samarakoon and Justice Mark Fernando came into the Supreme Court in that manner. In the nine years that I was President, I appointed only one Supreme Court judge from the private bar. No members of the private bar were appointed to either the Court of Appeal or the High Court by my government.
Minister of Justice Wijedasa Rajapakshe had informed the Judicial Services Association that a certain political party had on an earlier occasion requested of him that Mr Ramanathan Kannan be appointed to the High Court – a request he had turned down. The appointment of a judge on a recommendation made by a political party would have struck at the very foundations of judicial independence. Mr Kannan has been appointed to the High Court over the heads of dozens of senior members of the judiciary and officials of the Attorney General’s Department. The Judicial Services Association has pointed out that if the need was to appoint a Tamil speaking judge for the North and East, the District Judge of Vavuniya D.L.A.Manaf would have been the most qualified candidate. Nobody would have objected if a Tamil speaking candidate of suitable seniority and competence had been selected for this position from within the judicial service or the AG’s Department.
The Judicial Services Commission had told the Judicial Services Association that they recommended Mr Kannan’s appointment at a request made by the President following representations made to him by the Bar Association of Sri Lanka. The President also said at a public gathering that he had made this appointment on a request made by the BASL. However, the Secretary of the Bar Association of Sri Lanka has informed the Judicial Services Association that they had not made any such recommendation. Therefore this request has come only from certain individuals in the BASL. In any case, the Bar Association of Sri Lanka has no constitutional, legal or moral right to make recommendations for the appointment of judges. If the private bar is given the power to recommend the appointment of judges, that would corrupt the entire legal system with judges being dependent on the lawyers appearing before them for promotions and appointments.
Some office bearers of the Bar Association played a major role in toppling my government in 2015 and the yahapalana authorities have been trying to reward them by giving them the power to appoint judges despite the damage that this will do to the entire legal system. The reason why Mr Kannan was made a High Court judge over the heads of many dozens of serving judicial officers and Senior State Counsel in the AG’s Department is also obviously to reward a certain political party that provided a block vote to get the President elected. The message that this sends out to the judiciary is that what counts is not one’s competence or probity as a judge but one’s political connections.
This is a government that started off by terrorising the entire judiciary by sacking the then Chief Justice with just a chit from the President’s Office with the connivance of certain office bearers of the BASL. The previous President of the Bar Association was given a plum political appointment by this government as a reward for his services. The constitution and the standing orders of parliament have a procedure to remove judges with charges being presented, hearings held, reports tabled in parliament and finally a vote taken in the supreme legislature. The actual power to remove judges of the superior courts rests with the legislature, not the executive. But in a demonstration of what this government was capable of, Chief Justice Mohan Peiris was simply chased out of office through executive fiat. Having started in that manner, it is not surprising that this government is now making judicial appointments on recommendations from their political allies.
Everyone in this country knows that the Bar Association is politicised in a way no other professional body in this country is – whether it be that of engineers, doctors, architects, planters, public administrators, or accountants. The press had reported of a group within the BASL which controlled among other things the foreign funding that the BASL received. From what now transpires, it is this political group within the BASL and not the BASL itself that had made this recommendation to appoint a person described as a political party nominee to the High Court. Being a lawyer myself, I wish to call upon the legal fraternity to take resolute action to end the politicisation of the Bar Association of Sri Lanka and most importantly, to get the President to reverse the decision to appoint Mr Ramanathan Kannan to the High Court as requested by the Judicial Services Association of Sri Lanka. It is essential to abide by the accepted practice in making judicial appointments so as to safeguard the independence of the judiciary.
Mahinda Rajapaksa
Former President of Sri Lanka
http://www.sinhala.lnwtoday.com/archives/15333
Top