කොටි මහවිරු දිනය සැමරීමට සහ කොටින්ගේ නිල ඇඳුමින් යුත් ඡායාරූප නිවාසවල තබාගැනීමට ඉඩදිය යුතු බවට දැක්‌වෙන රජයේ සංහිඳියා බළකායේ භයානක නිර්දේශ ඇතුළත් වාර්තාව මානව හිමිකම් සැසිවාරයේදී අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇත.

මෙම වාර්තාව 34 වැනි මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කර ඇත්තේ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්‌ ඇතුළු ඊළාම් ඩයස්‌පෝරාවය.

ඒ සඳහා ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගිවීමේ අවසරය ලබා ඇති රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ ඊළාම්වාදීන් පිරිසක්‌ පෙබරවාරි 26 දා ජිනීවා නුවරට පැමිණේ.

34 වැනි මානව හිමිකම් සැසිවාරය පෙබරවාරි 27 ආරම්භ වන අතර විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙබරවාරි 28 දා සැසිවාරය අමතනු ඇත.

ජිනීවා ආරංචි මාර්ග පැවසුවේ ශ්‍රී ලංකා රජය පත්කළ කමිටුවක වාර්තාවක්‌ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමේ අරමුණ වී ඇත්තේ එම වාර්තාව මාර්තු 24 දා මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාවට ඇතුළත් කරගැනීම බවය.

එහි ඉලක්‌කය වී ඇත්තේ කොටි ත්‍රස්‌තවාදීන් සැමරීම, කොටි ස්‌මාරක ඉදිකිරීම, කොටි සුසාන භූමි සංරක්‌ෂණය කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගේ අනුමැතිය ලබාගැනීමය.

මේ අතර ඊළාම් ඩයස්‌පෝරා කණ්‌ඩායමක්‌ මානව හිමිකම් කවුන්සිලයට අයත් රටවල් රැසක තානාපතිවරුන් හමුවී එහි සංහිඳියා කාර්ය සාධක බළකායේ නිර්දේශවලට සහාය වන ලෙස ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

ජාතිකත්වය ආවරණය කරමින් සිටින ඉංග්‍රීසි ගැති කඩතුරාව විනිවිද දැකීමට මව් භාෂා ප්‍රවර්ධන සංවිධානයට හැකි වෙයිද?(මාධ්‍ය සාකච්ජාව 2017 පෙබරවාරි මස 16 (ප.ව. 1.30 සිට 2.30 දක්වා) තුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ (4 වන මහල) – නීතීඥ අරුණ ලක්සිරි උණවටුන අදහස් දක්වමින්)

මහජන රාජ්‍ය සභාව විසින් පසුගියදා නිදහස් චතුරශ්‍රය, පුස්තකාලප්‍රලේඛනහා සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදීපවත්වන ලද පූජ්‍ය මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන්, පූජ්‍ය කිරම විමලජෝති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාද වෛද්‍ය වසන්ත බණ්ඩාර, ගුණදාස අමරසේකර, නීතීඥ සහ කථිකාචාර්ය රාජා ගුණවර්ධන, මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම ඇතුළු විද්වතුන් රැසක්ම සහභාගී වූ සාකච්ඡාවක දී මෙම ලිපිය ලියන කතෘ විසින් විජාතිකත්ව ප්‍රතිරෝධය ජයගැනීමට “මහජන රාජ්‍ය සභාව” ට හැකි වෙයිද? මැයෙන් වූ ලිපියක් මහජන රාජ්‍ය සභාවේ අවධානයට යොමු කරන ලදී. http://www.sinhala.lnwtoday.com/archives/13882

එකී ලිපියෙන් මතුකර ඇති කරුණුසුළු වශයෙන් හෝ වෙනස් නොකර “මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය” සම්බන්ධවද අදාල වන බව කිව යුතු වෙයි.

වර්ෂ 1815 සිට ලාංකිකයන්ගේ නිදහසේ නිර්ණායක අහිමි කර ගත් දා සිට වර්තමානය දක්වා අපට නිදහස සම්බන්ධව විවිධ මතවාද ඇති කරගන්නට සිදු වී තිබේ. නිදහස උදෙසා අනවරත අරගලයක නියැලී සිටින ජනතාව “මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය”සම්බන්ධව බලාපොරොත්තු සහගතව දෑස් යොමා සිටින බව පැහැදිලි වන්නේ මේ සංවිධානය වෙත එල්ලවන ජනතා පීඩනයේ තරම දෙස බලන විටය

රටක, ජාතියකමව්භාෂාවටහිමිඅසීමිතවටිනාකමසහවැදගත්කමකොතෙක්දයනුඑක්සත්ජාතීන්ගේසංවිධානයේයුනෙස්කෝව(UNESCO) විසින්වර්ෂ 2000 සිටසෑමවර්ෂයකමපෙබරවාරි 21වනදිනමව්භාෂාදිනයවශයෙන්පිළිගෙනඑයසැමරීමසිදුකරනුලබයි.

“මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය”විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර මව්භාෂා දින සැමරුම් උළෙල 2017 පෙබරවාරි මස 21 දින ප.ව.3.00 සිට 5.30 දක්වාතුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී (4 වන මහල) පැවැත්වෙන අතර ඒ සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවක් 2017.02.16 වැනි දින තුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේපවත්වන ලදී. එකී මාධ්‍ය සාකච්ඡාවටමහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමි, පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමි, මානව විද්‍යාඥ පණ්ඩුල ඇදගම, විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න, අධි නීතීඥ ක්‍රිසන්ත නිස්සංක සහ මෙම ලිපියේ කතෘද සහභාගී විය.

එම මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් වෙනත්කරුණුඅතර අදහස් දක්වා සිටියේ,

ඕනෑම රටක ජීවනාලිය වන්නේ භාෂාව බවත්, ජාතික දේහයක හද ගැස්ම වන්නේ භාෂාව බවත් ය. යම් කිසි රටක් තවත් රටක් හෝ යම් කිසි ජාතියක් තවත් ජාතියක් හෝ ආක්‍රමණය කරන්නේ නම් පළමුව කළ යුත්තේ ජීවග්‍රහයෙන් භාෂාව අල්ලා ගැනීම බවයි.ඒ සදහා කරන උපක්‍රම දෙකක් තිබේ. මූලික වශයෙන්. ඒ තමයි පළමුවෙන්ම භාෂාව දූෂිත කිරීම. දෙවනුව භාෂාව අවභාවිතයට ලක්කිරීම. ඊළගට උපක්‍රමශීලීව භාෂාව භාවිතා කරන්නවුන් විසින් ම හෙලා තලා දැක්කවීම. ඉන් අනතුරු වෙනත් බසක් එහි රෝපනය කරවීම. මේක තමයි ස්වභාවය. ඒක හරියට සශ්‍රීක කුඹුරක් එහි තිබෙන අස්වැනු කපල,නෙලල ඉවර කරල අලුතින් මඩ කරල වෙනත් යමක් රෝපනය කරනව වගේ. අලුත් භෝගයක් රෝපණය කිරීමට පෙර ඉස්සර වෙලා තිබෙන භෝගය ඉවත් කළ යුතුයි.භාෂාව ආරක්ෂා කිරීම හුදෙක් භාෂාව ආරක්ෂා කිරීමක් නොවෙයි. සිංහල භාෂාව සිංහලයන්ගෙන් තොරකරල මේ රටේ මාතෘ භාෂාවේ ආරක්ෂාව අහිමිකරල තියෙනව. මව් භාෂාවට හිමි නෛතික ප්‍රවේශයන්, අධ්‍යාපනික ප්‍රවේශයන් පිළිබද සාකච්ඡා කිරීම සදහා ජාත්‍යන්තර මව් භාෂා දිනය වන රටේ ආරක්ෂාව ලබා ගැනීමයි. ඒ සදහා තමයි මව් භාෂාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ.භාෂාවේ ජවය, භාෂාවේ බලය, භාෂාවේ දේශපාලනය,භාෂාවේ අයිතිය මේ සියල්ලක්ම එක් රොක් කරගෙන භාෂාව ආරක්ෂා කර ගත යුතුයි. සම්පූර්ණ වීඩියෝව නැරඹීමට යොමු වන්න.https://www.youtube.com/watch?v=SONP6D3AWDw

පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන් වෙනත් කරුණු අතර අදහස් දක්වා සිටියේ..අපේ මව් බස පිළිබද කිසියම් විදිහට අභිනනන්දන සන්ධිස්ථානයකට අප පැමිණ තිබෙනව.අපේ භාෂාවට කියන්නෙ සිංහල භාෂාව කියල. සිංහල භාෂාවේ පැරණි කම අපි බලංගොඩ මානවයා දක්වා අරගෙන ගියහොත් අවුරුදු 65000කට වැඩියි සිංහල භාෂාවේ පැරණි කම.යමක් පැරණි වෙන්න පැරණි වෙන්න ඒක සංවර්ධනය වෙන ලක්ෂණයක් තියෙනව.ඒ අනුව බලනකොට අවුරැදු 65000ක් තුළ සිංහල භාෂාව මෙන තරම් පුළුල් ලෙස වැඩී තිබෙයිද කියල  මෙනෙහි කිරීමට මේ හොදම කාලයයි.භාෂාව විතරක් නෙමෙයි මේ විදිහට වැඩෙන්නෙ.භාෂාවට අදාල සියල්ල.එය සාහිත්‍ය වෙන්න පුළුවන් එය ගායනය වෙන්න පුළුවන්.එය සන්නිවේදනය වෙන්න පුළුවන්.ඒ නිසා භාෂාවත් සමගම බොහෝ පැති වර්ධනය වෙනව. සම්පූර්ණ වීඩියෝව නැරඹීමට යොමු වන්න. https://www.youtube.com/watch?v=0XEe0i6s9ro&t=7s

ඒ අකාරයට විධිමත් ව සහ තාර්කිකව රටේ අනන්‍යතාවය සහ රටේ සංවර්ධනය සමග බද්ධ වී ඇති මව් භාෂාවේ වැදගත්කම මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී සකච්ඡා කෙරිණි.

ඒ සමගම මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය හමුවේ ඇති අභියෝගයද සුළු පටු නොවන බව ලංකාවේ ජනතාවගේ චින්තනයේ විවිධ පැතිකඩ අධ්‍යයනය කිරීමේදී පෙනී යයි.

ලංකාවේ අධ්‍යාපනය සකස් කර ඇති ආකාරය අනුව තව වසර කීයක් සිංහල බස ලොවේ පවතීද? යන්න ගැටළුවකි. ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන, විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන වලින් සිංහල බස බැහැර කරමින් පවතින බව විවාදයෙන් තොරය.මේ අකාරයට සිංහල බස අධ්‍යාපනයෙන් ඉවත් කරන්නේ ලංකාවේ භූමියෙන් සිංහල භාෂාව ඉවත් කර සිංහලය මළ බසක් කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයේ අංගයක් ලෙසද? යන්න විමසිය යුතුය.

එදා ගිරා සංදේශය, ගණදෙවි හෑල්ල, වදන් කවි පොත, හීන්සැරය ලියූ හෙළ ගත්කතුවරුන් අද බෙහෙතකටවත් සොයාගත හැකිද? අද ඇත්තේ බටහිර විශ්ව විද්‍යාලවල ඉගැන්වීමට ඇලුම්කරන සිංහල භාෂා මහාචාර්යවරුන් සහ මහාචාර්යවරියන් බව පෙනී යන්නේ වැදගත් සිංහල ශාස්ත්‍රීය කෘති එළි නො දැක්වෙන හෙයිනි. සිංහල බසට මෙතෙක් හිමිවෙමින් තිබූ තැන නැවතත් අහිමි කරමින් පවතින බව විශ්ව විද්‍යාලවලින් සහ උසස් අධ්‍යාපන ආයතනවලින් සිංහල බස බැහැර කරන  ආකාරයෙන් පැහැදිලි වෙයි.

සිංහල බස මළ භාෂාවක් කිරීමට පිඹුරුපත් සකසන කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්කය වන්නේ සිංහල භාවිතා කරන මිලියන 16ක් වූ ජනතාව ඉන් ඉවත්කර ඉංග්‍රීසියට මාරු කරවීමයි. සමාජයේ ඉහළ ස්තරයට ළගා විය හැක්කේ එසේ රූපනාතරණය කිරීමෙන් බව මේ කුමන්ත්‍රණකරුවෝ සිංහලයන්ට උගන්වති.

එහි අනිවාර්‍ය ප්‍රතිඵලය වන්නේ සිංහල භාෂාව දන්නා ජනතාවගේ සංඛ්‍යාව මිලියන 16 සිට ක්‍රමිකව අඩු වී එයිකාභාෂාව මළ බසක් වූ ආකාරයට සිංහලයද මළ බසක් වීමය. https://en.wikipedia.org/wiki/Marie_Smith_Jones

ප්‍රංශය, ජර්මනිය, ජපානය, චීනය වැනි රටවල් කිසි අවස්ථාවක තමන්ගේ මව් භාෂාවේ ඇති ජීවී ගුණය අත්හැර නො ගත් අතර එම රටවල් කිසි විට සිය භාෂාව වෙනත් රටක භාෂාවකට යටත් කර දුන්නේ නැත.මව් බස බැහැරකර අභිමානයෙන් ජීවත්වීමට ජපානය, චීනය, රුසියාව, ජර්මනිය හෝ ප්‍රංශය ක්‍රියාකර නැති බව මෙ රට සිටින උගත් යැයි කියන්නේ නො දනිති. එය සිංහල මව් බසේ අවාසනාව මිස වෙන දෙයක් නොවේ.

දියුණු යැයි සැළකෙනමහා-බ්‍රිතාන්‍යය,ප්‍රංශය,  ජපානය,කොරියාව,රුසියාව, චීනය, ඇමරිකාව,ඉතාලිය,සෞදිඅරාබියආදිරටවල් එම දියුණුවට ලගා වී ඇත්තේ අධ්‍යාපනය, පරිපාලනය, නිෂ්පාදන හා නෛතික කටයුතු තම මව් භාෂාවන්ගෙන් සිදුකර ගැනීමෙන් බව නො රහසකි. එමෙන්ම එකී දියුණු රටවල්  තම  රටේ ජනතාව වෙනත් රටවල නෛතික බලපෑම් වලින් ආරක්ෂාකරදී ඇත්තේ නීතියේ ස්වාධීනත්වය,නීතියේ සෛවරීත්වය සහ නීතියේ නිවහල් බව මගිනි. රටේ උපන් රට වැසියන්ගේ භාෂාවෙන් අධිකරණකටයුතු සිදුකිරීම සංවර්ධනයවූ රටවල ලක්ෂණයක්වීමද ,තමන්ගේ රටේ උපන් රට වැසියන්ගේ මව් භාෂාවෙන් නෛතික කටයුතු සිදු නොකිරීම සංවර්ධනය වෙමින් පවතින රටවල ලක්ෂණයක්වීමද මෙහිදී සැළකිල්ලට ලක්කළ යුතුය.

ජාතිකත්වය මත ඉතිහාසය, වර්තමානය සහ අනාගතය ගැළපීම

වර්ෂ 1815 දී උඩරට ගිවිසුම මගින් බ්‍රිතාන්‍යයන් සමස්ථ දිවයිනම නීතියෙන් ග්‍රහණයට ගනු ලැබීය. එතැන් පටන් මෙ රට ජනතාව ක්‍රමක්‍රමයෙන් බටහිර සිරිත් විරිත් සහ ඉංග්‍රීසි නීතිය අනුව සිය ජීවිත හැඩගස්සා ගනු ලැබීය. පෙරිදිග චින්තනයෙන් පෝෂිත වූ දේශිය ජන විඥාණය බටහිර චින්තනය විසින් ග්‍රහණයට ගෙන බටහිර චින්තනය අනුව දිවි ගෙවන සහ බටහිර දැණුම අනුකරණය කරන සමාජයක් බවට ලාංකීය සමාජය රූපාන්තරණය කරගනු ලැබීය.

මෙහි ප්‍රතිඵලය වූයේ මෙරට ජනතාව සිය ආහාර තමන් විසින් නිපදවා ගන්නවා වෙනුවට වෙනත් රටවලින් ආහාර ගෙන්වා ගන්නා තත්ත්වය තහවුරු කරගනු ලැබීමයි. බටහිර චින්තනය මෙරටට කාවද්දන පිරිස කෘෂිකාර්මික කටයුතු කළ පුද්ගලයන්ගේ අභිමානය අහිමි කළ අතර ගොවිතැනේ නියළුන වැඩිහිටියන්ගේ දරුවන් තවදුරටත් ගොවිතැනේ නියළී සිටීම අභිමානය කෙළෙසාගන්නා තත්ත්වයක් බවට ඒත්තු ගන්නවනු ලැබීය.

අද ලංකාවේ පවතින සෑම සමාජ ව්‍යාපාරයකම සිටින ප්‍රධානීන් මේ සමාජ ක්‍රමයේ නියාමනයෙන් බැහැර වීමේ නොහැකියාවට හසු වී ඇත. එහිදී මව් බස නිසි අභිමානයෙන් අධිකරණයේ, ව්‍යවස්ථාදානයේ සහ අධිකරණයේ යොදා ගන්නා පිරිස සීමිත වීම කෙරෙහි මේ සමාජ ව්‍යාපාර මේ දක්වා අවධානය යොමු කර නැත. දේශප්‍රේමය ගැන පමණක් හඩ නගා ප්‍රායෝගක ස්ථරයේදී වහල් ගැති යටත් විජිත මානසිකත්වයෙන් දිවි ගෙවීම මෙම ගැටළුව විසදීමේ ක්‍රමයක් නොවේ.

යටත්විජිත පාලනය තුළ නිදහස් චින්තනය බිද වැටීම

පෘතුග්‍රීසීන් ගෙන් පසු ලංදේසීන්ද ඉන්පසු ඉංග්‍රීසීන් විසින්ද ලංකාව යටත් කරගනු ලැබීය. ලංදේසීන් විසින් ලාංකිකයන් ( එවකට සිලෝන්/Ceylon) පාලනය කිරීම සදහා රෝම ලන්දේසි නීතිය හදුන්වා දුන් අතර ස්වදේශිකයන්ට ආගන්තුක වූ එම නීති ක්‍රමය බයිනෙත්තුවල බලය පෙන්වාබලහත්කාරයෙන් ස්වදේශිකයන් මත පටවනු ලැබීය. වර්ෂ 1815 දී කන්ද උඩරට ගිවිසුවෙන් පසු උඩරට පහතරට මුළු රට ම බ්‍රිතාන්‍යයේ කිරීටයට යටත් කරදීමට ජෝන් ඩොයිලි නම් විද්වත් ඔත්තුකරුට හැකි විය. ලංදේසීන්ගේ රෝම ලන්දේසි නීතිය සමග ඉංග්‍රීසි නීතියද යොදා ගනිමින් බ්‍රිතාන්‍යන් විසින්1972 වර්ෂය දක්වාම ලංකාව පාලනය කරන ලදී .

බටහිර චින්තනය මිස පෙරදිග චින්තනය ලාංකිකයන්ගේ මනස්වල දලුලා ලියලීමට රෝම ලන්දේසි නීතිය සමග ඉංග්‍රීසි නීතිය යොදා රට පාලනය කරන මෙරට සිටින ප්‍රධාන නීතී කණ්ඩායම් කිසිවිට අවස්ථාව හෝ අවසරය දෙනු නො ලැබීය. මෙහි ප්‍රතිඵලය වූයේ ලංකාව දේශපාලනික, සමාජමය සංස්කෘතිකමය, ආර්ථිකමය සහ අධ්‍යාපනමය වශයෙන් පරාධීන රටක් බවට පත් වීමයි.

නීතියේ හස්තයට යම් රටක් හසු කරගත් විට ඒ රට ට කිසිදා නිදහස (Freedom) අත් නොවේ. වර්ෂ 1948 දී බ්‍රිතාන්‍යයන් ලංකාවට නිදහස ලබා දුන්නද , වර්ෂ 1972 දී ලංකාව බ්‍රිතාන්‍යය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම මිදුණද බ්‍රිතාන්‍යයන් හදුන්වාදුන් නීතිය රට ට සහ ජනතාව ට ගැලපෙන ආකාරයට යොදා ගැනීම මේ දක්වා සිදචු නො වීය.එහි ප්‍රතිඵලය වූයේ ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) කථාවේ එන සිලිදුලා, බබුන් ලා , පුංචි මැණිකෙලා , පුංචිරාළලා , හින්නිහාමිලා, ප්‍රනාන්දුලා , බබෝහාමිලා , මහේස්ත්‍රාත්ලා, අරච්චිලා, පෙරකදෝරුවන්ලා , රටේ මහත්තයාලා වර්තමානයේ ද අඩු නැතිව රටේ විසිරී සිටීම ය .

ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) ලියන සමය සහ වර්තමානයේ දක්නට ඇති එක් වෙනසක් ඇත. එනම් ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) ලියන සමයේ ලංකාව සෘජුවම බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කිරීමත් අද බ්‍රිතාන්‍යයේ නියෝජිතයන් ලෙස සිංහල සහ දෙමළ පුරවැසියන් විසින් ලංකාව පාලනය කිරීමත් සිදුවෙයි.

වර්ෂ 1948 දී සහ වර්ෂ 1972 දී ලංකාව යටත්විජිත භාවයෙන් නිදහස් කරගත් බවට පාලකයන් විසින් පුරසාරම් දෙඩූවත් වර්තමානයේ දී පාවා අධිකරණ කටයුතු සහ පරිපාලන කටයුතු සිදුකරන්නේ ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) ලියන සමයේ පැවති ආකාරයටම ය. එනම් ලංකාවේ ඉහළම අධිකරණ නඩු විභාග කරන අධිකරණ භාෂාව නඩුවේ පාර්ශවකරුවන් නො දනිති . වර්තමානයේ පවා ලංකාවේ ඉහළම අධිකරණ වන වාණිජ මහාධිකරණය , පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය , අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාග කරන්නේ එදා ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) ලියන සමයේ පැවති අධිකරණ ක්‍රමයටම ය .

විධායක , ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන පාලන ආයතන ත්‍රිත්වය හසුරුවනු ලබන පුද්ගලයන්ගේ නිදහස් සිතුවිලි එම රටේ නිදහසට උපරිම ශක්තියක් ඇති කරයි . ප්‍රංශය , ජර්මනිය , ජපානය , ඉතාලිය වැනි සංවර්ධිත රටවල පුරවැසියන් තමන්ගේ රටේ නිදහසේ මුදුන් මූලය අධිකරණ සහ නීති ක්‍රමය බව දනිති. අවබෝධ කර සිටිති.එම රටවල පුරවැසියන් විදේශීය රටවල නෛතික ප්‍රහාරවලින් ආරක්ෂා වී සිටින්නේ නිවහල් නීති ක්‍රමයන් හදුනාගෙන ඒවා නිසි පරිදි රටේ ආරක්ෂාවට උපයෝගී කරගන්නා හෙයිනි. එම රටවල් විදේශීය රටවල නෛතික ප්‍රහාරයෙන් තම රටේ ජනතාව නෛතිකව ආරක්ෂා කරගනු ලැබුවද ලංකාවේ එසේ නො වේ.

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සාර්ථකත්වය රදා පවතිනු ඇත්තේ ද අනුකාරක උගතුන් විසින් මෙරට අධිකරණය සහ නීතිය පාලනය කරනක්‍රියාන්විතය හදුනාගෙන එය පාලනය කිරීමට දක්වන එඩිතරභාවය මතය.

ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) ලියන සමයේ පැවති අධිකරණ ක්‍රමයට හසුවූ සිලිදුලා, බබුන් ලා , පුංචි මැණිකෙලා , පුංචිරාළලා , හින්නිහාමිලා, ප්‍රනාන්දුලා , බබෝහාමිලා , මහේස්ත්‍රාත්ලා ,අරච්චිලා , පෙරකදෝරුවන්ලා , රටේ මහත්තයාලාගෙන් තොර සංවර්ධනය වූ නිවහල් ලංකාවක් වෙනුවෙන් සිහින දකින පුරවැසියන් වහා ක්‍රියාකාරී වී නෛතික නිදහස ලබා ගැනීම සදහා වූ අරලගලයක නියලිය යුත්තේ රටේ නිදහස අධිකරණයේ සහ නීතියේ නිදහස බැවිනි. මහාවංශය ඉංග්‍රීසියට පරිවර්ථනය කිරීමට උත්සාහ කරන දේශපාලකයන් රටේ පවතින නීති සිංහලට පරිවර්ථනය නො කරයි. ලංකාවේ පවතින නීති සිංහලට පරිවර්ථනය කළ යුතු බව දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 ව්‍යවස්ථාව මේ දක්වා ක්‍රියාත්මක කර නො තිබීම සම්බන්ධව පුරවැසියන් අවධානය යෙමු කළ යුතුය. නොඑසේ නම් ජාත්‍යන්තර නීතිය නම් ආයුධයෙන් සහ ණය උගුලෙන් ලංකාවත් ,රණවිරුවන්ද තවතවත් සිරවෙනු ඇත.

දෙවන ලෝක යුද්ධයේ නියමුවන් වූ ජර්මනියත් ජපානයත් යළි පන්නරය වූයේ තමන්ගේ නිවහල් නීති පද්ධතිය හේතුවෙනි. ජර්මනියත් ජපානයේත් බ්‍රිතාන්‍ය (ලන්ඩන් ) නීතිවේදීන් ක්‍රියාත්මක වූයේ නම් එම රටවල් දෙකට වන විපත්තිය සිදුවනු ඇත. නමුත් වාසනාවට ජර්මනියේ සහ ජපානයේ බ්‍රිතාන්‍ය (ලන්ඩන්) නීතිවේදීන් ක්‍රියාත්මක නොවූ හෙයින් එම රටවල් අදත් අදීනව නැගී සිටී. ලංකාවද එය වහා තේරුම් ගත යුතුය.

තවත් උදාහරණ – වර්ෂ 1815 ඉංග්‍රීසීන්ට රට යටත් කරදීමෙන් පසු පෙරදිග නිදහස් චින්තනයක් මෙරට උපන් පුරවැසියන් වෙතින් බැහැර වූ බව විදහා දක්වන ප්‍රබල සාක්ෂි 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ 27(iii) වගන්තියේ දැක්වෙන “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” විධිවිධාන ඔස්සේ පෙන්නුම් කෙරිණි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පත 2016.08.11 වැනි දින පාර්ලිමේන්තුවේ දී සම්මත කරගෙන ඇති අතර එහෙත් එකී පනත් කෙටුම්පතට අදාල 27.(iii) වගන්තියේ දැක්වෙන “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” ගැසට් පත්‍රයේ පළකිරීමක් හෝ පනත් කෙටුම්පතේ උපලේඛනයක් ලෙස ඇතුළත් කිරීමක් හෝ ගරුපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සිදු කර නැති වුවද, එකී පනත් කෙටුම්පතට ගරුකථානායකවරයා විසින් සිය අත්සන තැබීමෙන් පසු “ජාත්‍යන්තර සම්මුතියේ”ප්‍රතිපාදන රටේ වලංගු නීතියක් බවටද 2016.08.23 දින සිට පත් කරගෙන ඇත.

ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය, ඉංලංකෙයි තමිල් අරසු කච්චි හී මන්ත්‍රීවරුන් කිසිවකු මේ “ජාත්‍යන්තර සම්මුතියේ” කුමක් සදහන් වේද? යන්න පිළිබද නිසි අවබෝධයකින් තොරව එය පිළිගෙන නීතියට ඇතුළත් කර තිබීම ජනතාවගේ අවාසනාව විය.

පාර්ලිමේන්තුවේ සිටින ජනතාවගේ නියෝජිතයන් තමන්ගේ වගකීම පිළිබද නිසි අවබෝධයෙන් තොරව කටයුතු කිරීම හේතුවෙන් අපි නොදන්නා, අප දැක නැති “ජාත්‍යන්තර සම්මුතියක්” නීති ගත වන අකාරය දුකසේ බලා සිටීමට ජනතාවට සිදු විය.

මව් බස සිංහලය වූ බහුතරයක් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මව් බස පාර්ලිමේන්තුව තුළ මේ අකාරයට අවභාවිතා කරන්නේ නම් කාට කියනු ද ඒ අමාරුව යන්න නැවත සිහි වෙයි.

මේ අවස්ථානුගත තත්ත්වයන් යටතේ “මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය”හමුවේ ඇති අභියෝග සුළුවෙන් තැකිය නොහැකි ය. ඒ අර්ථයෙන් ගත් විට පවා “මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය” බිහිවීම කාලීන අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීමක් වෙයි.

සමාප්තිය

2017 පෙබරවාරි 21 දින ජාත්‍යන්තරමව් භාෂා දිනයේ දී නැවත සනාථ වන්නේ 1815 දී අපෙන් උදුරාගත් ඒ මව් භාෂා නිදහස මෙතෙක් රටේ ජනතාවට හිමි වී නැති බවත් සමාජයේ සිටින සුළු පිරිසක් විසින් ජනතාව නොමග යවමින්  විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ පාලන ක්‍රමයක නියළී සිටින බවත් ය.

බටහිර දිවි පැවැත්ම අගයන සමාජයක එහි නිස්සාරබව වටහාගෙන වැඩෙන“මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය” පෙරදිග චින්තනයෙන් පෝෂිතව අනුකාරක චින්තනය බැහරකර බුද්ධිමය සංවාදයෙන් සහ ප්‍රායෝගක ක්‍රියා පටිපාටියෙන් යුක්තවබලවන්ත විය යුතුය.ජනතාව වෙනසකට සූදානම් කරන බුද්ධිමය සංවාදයෙන් පෙරමුණේම ගමන් කිරීමට “මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය” කටයුතු කරන්නේ නම් සෙනෙහසෙන් එය වැළද ගැනීමට මෙරට නිදහස් අධ්‍යාපනයේ දරුවෝ සූදානමින් සිටිති.

ඒ සමගම විජාතිකත්වය දෝරේ ගලා යන ලාංකීය සමාජය මගින් එල්ල කරන ප්‍රතිරෝධය මැඩලීමට“මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය” ට හැකි වන්නේද යන්න එම සංවිධනයේ පෙරගමන්කරුවන්ගේ ජාතිකත්ව භාවිතාවය මතමතීරණය වනු ඇත. මව් භාෂා ප්‍රවර්ධන සංවිධානයේ අනාගතය තීරණය කරනු ඇත්තේ ජාතිකත්වය දෙසීම පමණක් නොව ජාතිකත්වය බුක්තිවිදීම තුළ බව අවබෝධ කිරීම වටී.

“ඔවා දෙනු පර හට – තමා සම්මතයේ පිහිටා සිට 

දුසිරිත දනන් දෙන – ඕවා වැද්දන් කියන බණ වැනි”

(තමා යහපත් යැයි සම්මත මාර්ගයේ පිහිටා සිට අනුන් හට අවවාද දෙනු ..දුදන වැසියා දෙන අවවාද කැලේ වසන වැද්දන් කියන බණ හා සමානයි )-ලෝකෝපකාරය යන්න මෙහිදී වැදගත් වෙයි.

“වැටත්නියරත් ගොයම්කා නම්කාට කියනුද ඒ අමාරුවයන්න” මුමුණමින් සිටිම සිංහල මව් බසට වර්තමානයේ සිදුවී ඇත. උසස් අධ්‍යාපන ආයතන මව් බස බැහැර කරමින් මව් භාෂා විරෝධීන් වී සිටියදී මව් බස සැමරීමට සිංහලයන්ට සිදුවී ඇත.

දේශමාමක සළු පොරවාගත් බටහිර චින්තනය හේතුවෙන් ජීවිකාව සරිකරගන්නාගහණයෙන් අහිංසක මුව පැටවකු මුදවා ගැනීම බිම් බෝම්බ සෙවීමට වඩා දුෂ්කරය. ඒ සමගම සිහිකල යුත්තේදියෙන් කිරි වෙන් කිරීමට හංසයින්ට හැකි බවය.විධිමත් ලෙස පුරෝකථනය නොකර සහ පෙරමග ඇති බාධා හදුනා නො ගනිමින් “මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය” ගමනක යන්නේ නම් තවත් එක් අසාර්ථකසංවිධානයක් බවට මව් භාෂා ප්‍රවර්ධන සංවිධානයත් පත් වනු ඇත.“මව් භාෂා ප්‍රවර්ධන සංවිධානයේ ” භාවිතාව සහ උපායශිලීත්වය දෙස බැලීමේදී දියෙන් කිරි වෙන් කිරීමට එයට හැකි බව පෙනී යයි. සමාජය විසින් දඑය මනසින් ග්‍රහණය කර ගැනීම වටී.

 නීතීඥ උණවටුන කේ. අරුණ ලක්සිරි

B.Sc(Col),PGDC(Col)

arunaunawatuna@gmail.com

2017.02.17

 

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසටම ගොස් තමන් ඉවත් නොකරන ලෙසට ඉල්ලා සිටි බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය හරහා ඔහු උමතුවෙන් පෙලෙන්නේකු මෙන්ම මානසික ව්‍යාධියකින් පෙලෙන්නේකු බව තහවුරු වන බව හිටපු වැඩබලන අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.ජනාධිපතිවරයාට එරෙහිව අපහාස නඩු මගට පිවිසිමට ඇති හැකියාව විධායකය හරහා අවහිර කර ඇති හෙයින් ඔහු තමන්ට හිතේන දේ පැවසිමට පටන්ගෙන ඇති බවද මොහාන් පීරිස් මහතා අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.තමන් ඉදිරියේදි ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරිමට කටයුතු කරන බවද ඔහු අනාවරණය කර තිබේ.

තමා ජනාධිපති ධුරයට පත්වූ පසු හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාදෙවරක්ම තම නිල නිවසට පැමිණ තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන බව ප්‍රකාශ කළ බවත් එනිසාම විධායක බලය භාවිත කරමින් මොහාන් පීරිස් මහතා ඉවත් කළ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ(16) වරකාපොළදී පැවැති රැස්වීමකදී අනවරණය කර ඇති අතර එහිදි සිරිසේන පවසා ඇත්තේ…

“ජනවාරි නව වැනි දා මම ජනපති ලෙස දිවුරුම් දුන්නා. ඊට පසු දින රාත්‍රී නවයට දහයට පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේ එදා සිටි ලොක්කා මා හමුවෙන්න ආවා. මාව අයින් කරන්න යනවා සර්. මාව අයින් කරන්න එපා. සර්ට ඕන විදියට මම වැඩ කරන්නම්. කියා ඔහු කිව්වා. අගවිනිසුරු ඉවත් කිරීමේ තීරණයක් නැහැයි කියා ඔහුට පිටව යන ලෙස දැනුම් දුන්නා. ඊට පසුදින ඔහු යළිත් මා හමුවීමට පැමිණියා. සර් මාව ඉවත් කරන්න යනවා. මාව අයින් කරන්න එපා. සර්ලට ඕන විදියට මං වැඩ කරන්නම්” කියා ඔහු දෙවැනි වතාවටත් කිව්වා.” යනුවෙනි…

මෙතෙක් කළක් හෙළි නොකළ කාරණයක් හෙළි කරන බව පවසමිනි ජනපති මෙම ප්‍රකාශය කර ඇත්තේ.මීට පෙරද රාජපක්ෂලා සම්බන්ධයෙන් මේ අකාරයේම අනාවරණයන් කරන ව පවසමින් සිරිසේන තමන් සිටින මානසික ව්‍යාධිය රටේ ජනතාව හමුවේ ප්‍රදර්ශනය කල අතර එම් සෑම අවස්ථාවකම සිරිසේන කඳ හරහා ඇණ ගත්තා මිස හෙලිකල මගුලක් නැත.

සිරිසේන එවකට වැඩබලන අගවිනිසුරු මොහාන් පීරිස් සමග අවුලකින් සිටි අයෙකු නිසාම ජනවාරි 9වැනිදා දිවුරුම් දිම සදහා ද රටේ අගවිනිසුරුවරයා යොදවා නොගත් අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිලකින් රිංගා ගොස් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවයෙකු මෙන්ම රනිල්-චන්ද්‍රිකා-මෛත්‍රී හොර හවුලේ නීති උපදේශක ලෙස කටයුතු කල වත්මන් අගවිනිසුරු කේ. ශ්‍රීපවන් ඉදිරියේ දිවුරුම් දුන් අයුරු සිරිසේනට සමහරවිට අමතක වි තිබේන්නට පුලුවන. මුලසිටම නිත්‍යානුකූල නොවන අකාරයෙන් කටයුතු කල සිරිසේන රටේ මුලික නීතිය පවා නොතකා රනිල් අගමැති කර අයුරු අද සිරිසේනට අමතක වි ගොස් තිබේ.

අද අපි රටේ ජනතාවට එකක් ලියා තබා යමු…..

තවත් දවසක ඔය ආප්ප කා ගිය සිරිසේන යම් දිනක අරලියගහ මන්දිරයේ රනිල්ගේ පෘතුගීසි පාන් කැල්ලක් කා මාධ්‍ය ඉදිරියේ කියා සිටිනුයේ…

මම මේ ජාතික ආණ්ඩුවේ හිටියේ දැඩි මානසික පිඩනයකින්….කොළඹ සෑප නිවසක ආරක්ෂකයන් 540ක් වටකරගෙන අඩුම ගානේ මුත්‍රා කරන්නවත් වැසිකියට තනියම යන්න විදියක් නැතුව මම හිටියේ….මගේ බිරිද ලග මට නිදා ගන්න් වුනේ නෑ…මම නිදා ගත්තේ ……… ගාව. ඒදා ජනවාරි 9 වැනිදා මම රනිල්ට කිව්වා මට බෑ අගමැති අයින් කරන්න එක සදාචාරත්මක නෑ කියලා.ඒ වුනාට වැඩක් උනේ නෑ චන්ද්‍රිකා..රනිල් මට තර්ජනය කලා…මම එදා එහෙම නොකලානම් සිද්ද වෙන්නේ මගේ දරුවන්ට මාව නැති වෙන එක අපේ හමුදුරුවනේ…. ETC…

සිරිසේනට හැදෙන මානසිකරෝගය….

ජනාධිපති සිරිසේන තමන්ට විශ්වාස කළහැකි කිසිවෙකු නොමැතිව මේ වනවිට බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින අතර මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතා ඇතුලු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් විසින් ඔහු වෙත fluanxol ඖෂධය මාසයකට අවස්ථා ගණනක් ලබාදෙන බව අප අනාවරණය කර තිබේ.

මොහාන් පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට යහපාලන අමනයන් කටයුතු කළේ ඇයි…

වත්මන් අගවිනිසුරු මොහාන් පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සදහා රජයේ ප්‍රධානීන් කටයුතු කරනුයේ යහපාලනය පිළිබදව ඇති කැක්කුමක් නිසා නොව තමන්ගේ දුෂිතයන් රැක ගැනීමට තමන්ට අවනත අයෙකු අගවිනිසුරු ධුරයට පත් කර ගැනීමට බව නීතිඥයින් රැසක් LNW සමග අදහස් දක්වමින් සදහන් කර සිටී.

ජනවාරි 09 වනදා කුමන්ත්‍රණයක් සිදු කිරීමට අගවිනිසුරු දායකත්වය ලබා දුන් බවට කම්පියුටර් ජිල්මාට් ගැන මුසාවාද දෙසු මංගල සමරවීරම කල පැමිණිල්ලකට අනූව අගවිනිසුරුවරයා එළවීමට වත්මන් ආණ්ඩුවේ කණ්ඩායම් සුදානමින් සිටින බවයි ඔවුන් පෙන්වා දුන්නේ. මොහාන් පීරිස් අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරිමට බලවත්ම අවශ්‍යතාව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට වන අතර ඔහුගේ පීඩනය හෙතුවෙන් මෛත්‍රීපාල අසරණව සිටින බවද එම නීතිඥයින් පෙන්වා දෙනවා.

මීට අමතරව මොහාන් පීරිස් අගවිනිසුරු ධූරයට පැමිණියේ නියමිත ආකාරයට නොවන බවටද යහපාලකයන් චෝදනා කලද ඔවුන් පෙනී සිටින ශිරාණි බණ්ඩාරනායකද පැමිණියේ හොර පාරකින් බව අද ඔවුන්ට අමතකවී ඇති බවයි එම නීතිඥවරුන් සදහන් කලේ.මොහාන් පිරීස්ගේ නීති ආධිපත්‍ය බිද වැටීම ගැන ඔවුන් කතා කලද එවකට ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවී සිටියදී තම සැමියා වන ප්‍රදීප් කාරියවසම්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ධුරය ලබාදිමේදි නීතියේ ආධිපත්‍ය බිද වැටීම සිදුවුයේ නැද්ද යන්න ඔහුන් ප්‍රශ්ණ කර සිටිනවා.

බලය අයුතු ලෙස යොදා ගෙන රුපියල් කෝටි තිස් නවයකට වැඩි මුදලක් රජයට පාඩු කළේ යයි චෝදනා කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරිමෙන් අනතුරුව ඔහු ඉවත් කළා.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගොනුකල දෝශාභියෝග යෝජනාවේ චෝදනා 14ක් ගොනු කොට තිබු අතර එහි 6වන චොදනාවද වුයේ සැමියා සම්බන්ධවය.

හයවන චෝදනාව- සිය සැමියා වන ප්‍රදීප් කාරියවසම් හරහා ‘ද ෆිනෑන්ස්’ සමාගමට අයත් මිලියන 26 කට ඇස්තමේන්තු කරන ලද ව්‍යාපාරික ගොඩනැගිල්ලක් මිලියන 19 කට සිය නමටම මිලදී ගැනීම

කවුද මේ කේ. ශ්‍රීපවන්….දැන ගන්න කියවන්න …

හර්ෂ සේතුංගගේ බලු නීතිය ගැන අගවිනිසුරු සහ නීතිපති හදිසි සාකච්චාවක

http://www.sinhala.lnwtoday.com/archives/5023

නීතිය බල්ලට ගිහින්,මෛත්‍රී-රනිල් නාඩගමකට සුදානම්

http://www.sinhala.lnwtoday.com/archives/6500

 

 

ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පත්කරන ලද අනුකමිටු හයෙන් ඉවත් වෙලා. අදාළ මන්ත්‍රීවරුන් ද සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඒ බව හෙළි කරලා. අප පළමුවෙන් ම ඒ පිළිබඳ ව ඒ මන්ත්‍රීවරුන්ට හා ඒකාබද්ධ විපක්‍ෂයට ස්තුතිවන්ත විය යුතුයි. ඔවුන් ඒ සම්බන්ධයෙන් දැක්වූ කරුණු අතර තමන් අනුකමිටුවලට ඉදිරිපත් කළ යෝජනා සම්පූර්ණයෙන් ම ඉවත දැමීම හා වාර්තා මගින් සන්ධීය රාජ්‍යයකට පාර කැපීම සඳහන් වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයත් ඉගෙන ගන්නේ අත්දැකීම්වලින්. ඔවුන්ට ප්‍රවාද තිබිණි නම් මේ කරුණු කලින් ම දැනගත හැකි ව තිබුණා.

තවමත් ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයුම් කමිටුවේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා අස් වී නැහැ. ඔවුන්ටත් අත්දැකීමක් ලැබෙන තෙක් එහි රැඳී සිටිනවා ද? අනුකමිටු වාර්තා හය මත පදනම් වී ඔවුන්ටත් මෙහෙයුම් කමිටුවෙන් අස්වීමට තිබුණා. අනුකමිටු පත් කරනු ලැබුයේ මෙහෙයුම් කමිටුව විසින්. මෙහෙයුම් කමිටුවේ අවශ්‍යතාව ද ඒකාබද්ධ විපක්‍ෂයට පැහැදිලි විය යුතුයි. ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයුම් කමිටුවේ රැඳී සිටීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? තොරතුරු ලබා ගැනීම ද? ලබා ගැනීමට ඇති තොරතුර කුමක් ද? ආණ්ඩුව කරන්න යන්නේ කුමක් දැයි ඒකාබද්ධ විපක්‍ෂය නො දන්නේ ද?

ජාත්‍යන්තර සුපිරිව්‍යුහය විසින් මේ ආණ්ඩුව පත් කර ගනු ලැබුයේ ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි. මහින්දට හා රණවිරුවන්ට දඩයම් කිරීමත් එක් අවශ්‍යතාවක්. එහෙත් ප්‍රධාන කාරණය දෙමළ ජාතිවාදයට කප්පන් දෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. එය කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ කර ගැනීම සුපිරිව්‍යුහයේ අරමුණයි. එහි තවත් පියවරක් ලෙසයි රණවිරුවන්ට දඬුවම් කිරීම සඳහා ආණ්ඩුව දෙමුහුන් විනිසුරුවන් පත් කිරීම ද ඇතුළත් යෝජනාවකට ජෙනීවාහි දී අනුග්‍රහය දැක්වූයේ. දැන් මංගල සමරවීර ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලනවා.

එය ජනතාවගේ පරමාධිපත්‍යයේ අධිකරණ බලය පාවා දීමක්. පරමාධිපත්‍යය ගලා එන්නේ සවරිනටි යන පදයෙන්. මේ එකල බටහිර රටවල, විශේෂයෙන් එංගලන්තයේ රජුගේ අධිපත්‍යය ගැන කියැවෙන්නක්. සවරින් කිවුවේ රජුට. රජුට තිබුණේ පරම ආධිපත්‍යයක්. දැන් එය ජනතාවට අයත් වී තිබෙනවා. මේ පරමාධිපත්‍යයට හානි කිරීම රජු සම්බන්ධයෙන් නම් රාජද්‍රෝහී ක්‍රියාවක්. අද ජනතාවගේ පරමාධිපත්‍යයට හානි කිරීම ජනතාද්‍රෝහි එනම් රාජද්‍රෝහි ක්‍රියාවක්. මේ ආණ්ඩුව ජෙනීවාහි දී කරන්නේ රජයට ද්‍රෝහි වීමක්. එනම් රාජද්‍රෝහී ක්‍රියාවක්. විශේෂයෙන් ම මංගල හා රනිල් නිරත වී ඇත්තේ රාජද්‍රෝහී ක්‍රියාවක. ඔවුන්ට දෙන දඬුවම මූල්‍ය අපරාධ විමර්ෂණ කමිටුවෙන් තීරණය කරන්න බැහැ.

අද ආණ්ඩුව රාජද්‍රෝහී ක්‍රියාවල නිරත වී සිටින්නේ දෙමළ ජාතිවාදීන්ගේ අවශ්‍යතාව මත ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ මෙහෙයවීමෙන්. නව ව්‍යවස්ථාවත් එවැනි ම වූ රාජද්‍රෝහී ක්‍රියාවක් වේවි. ආණ්ඩුවට අවශ්‍ය නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමටයි. අනුකමිටු වාර්තාවලින් ඒ බව පැහැදිලි වෙනවා. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නොමැති බව අප කාලයක සිට කියනවා. සංධානය අගෝස්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මිස නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පොරොන්දු වීමෙන් නො වෙයි. එපමණක් නොවෙයි මෛත්‍රිපාල සිරිසේන ජනවාරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධන පමණක් ගෙන ඒමට පොරොන්දු වෙමින්. අද මෛත්‍රිපාලටවත් සංධානයෙන් තේරී පත් වූ මැති ඇමතිවරුන්ටවත් කිසිම අයුරකින් ජනමත විචාරණයකටවත්, නව ව්‍යවස්ථා සම්පාදනයකටවත් එකඟ වන්න බැහැ. ඒ අය අනුකමිටුවලින් පමණක් නොව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ සියලු ක්‍රියාමාර්ගවලින් ඉවත් විය යුතුයි.

ඒ අතර ආණ්ඩුවේ මැති ඇමති ධුර දරණ සංධානයෙන් පත් වූ අයටත්, එනම් ආණ්ඩුවේ සිටින මෛත්‍රිපාලගේ කණ්ඩායමටත් ඒකාබද්ධ විපක්‍ෂය ආදර්ශයක් දී තිබෙනවා. ඒ මැති ඇමතිවරුනුත් අනූකමිටුවලින් ඉල්ලා අස්විය යුතුයි. ඔවුන්ටත් ඡන්ද ලැබුණේ සංධානයේ මැතිවරණ ප්‍රකාශයට මිස එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද ප්‍රකාශයට නො වෙයි. හැරත් ඔවුන් මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රකාශය අනුවත් කටයුතු කළ යුතුයි. එයින් කියැවෙන්නේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන නොකළ යුතු බවයි.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම හෝ කළ යුත්තේ පවත්නා ව්‍යවස්ථාවේ දක්වා ඇති විධි විධානවලට අනුකූලවයි. ආණ්ඩුව එයට පිටින් ක්‍රියා කරන බව පැහැදිලියි. ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමෙන් ම ඒ බව පැහැදිලි වෙනවා. ඒ අතර පාර්ලිමේන්තුව පිටින් ගොස් ජනමත විචාරණයකට සූදානම් වෙනවා. මෛත්‍රිපාල සිරිසේනට ජනාධිපති ලෙස එවැනි ජනමත විචාරණයකට එකඟ වන්න බැහැ.

ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන් පත් කළ අනුකමිටුවලින් ඉවත් වීම පිළිබඳ ඒකාබද්ධ විපක්‍ෂයට හා අදාළ මන්ත්‍රීවරුන්ට ස්තුතිවන්ත වන අතර ඔවුන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ සියලු ක්‍රියාමාර්ගවලින් ඉවත්විය යුතු බව ප්‍රකාශ කළ යුතුයි.

නලින් ද සිල්වා

2017 පෙබරවාරි 17

2015 වසර ශ්‍රී ලංකාවට එහි ජාතිකත්වය පැත්තෙන් බොහෝ අවාසනාවන්ත සිදුවීම් වලට මුහුන දීමට සිදුවූ වසරක් විය. ඒ 2015 ජනවාරි 8 ජාතිකත්ව කඳවුරේ සිට විජාතික නරි රැල වෙත රැවටිලිකාර පොදු අපේක්ෂකයෙකු හරහා ආණ්ඩු බලය මාරු වීමේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය සටහන් වීමත් සමගයි. ඉන් පසුවට දිගින් දිගටම ජාතිකත්වය පසුබසිද්දී විජාතික හතුරු බලවේග ශක්තිමත් විය. ලංකාවේ මේ විජාතික සතුරු කඳවුරට සහය දෙමින් ඊට පිටුබලය සපයනු ලැබුවේ බටහිර යුදෙවු නිරාගමික නූතනවාදී බලවේගයේ අන්තර්ජාතික එකමුතුවයි. මේ එකමුතුවේද නායකත්වය දරනු ලැබුවේ එවකට ඇමරිකානු ජනපති වූ බැරැක් ඔබාමාය. ඔහුට ඇමරිකානු ජාතිකත්වයට වඩා තිබුණේ යුදෙවු නිරාගමික නූතනත්වය පදනමට ගත් ජාත්‍යන්තරවාදයකි. ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂය පුරාවට මේ ලක්ෂණය අඩු වැඩි වශයෙන් ඇත. ඔබාමාගේ ඩිමොක්‍රටික් පක්ෂය නේටෝවේ යුධ ශක්තිය වැඩි කිරීමට ඇමරිකානු හමුදා යොදවමින් තම භූ දේශපාලනික විරුද්ධවාදීන්ගේ දේශසීමා අසල ගැටුම් ඇතිවීමට තුඩු දෙන ක්‍රියාකාරකම් බොහොමයක නිරත විය. අයිසිස් ත්‍රස්තවාදය ලෝකයට කරන විනාශය පොදුවේ නොදැක්ක ඔබාමා පරිපාලනය ඇමරිකාවට හා යුරෝපීය ජාත්‍යන්තරවාදී එකමුතුවට තර්ජනයක් වන විට පමණක් එය ත්‍රස්තවාදය ලෙස දැක්කේය. අයිසිස් ත්‍රස්තවාදය ලොවට තර්ජනයක් වෙද්දී රුසියානු නායක පුටින්ට එය වැලැක්වීමට තිබූ උවමනාව ඔබාමාට නොතිබුනා පමණක් නොව ඔහුට අයිසිස් කණ්ඩායම ලවා ඔහුගේ විරුද්ධවාදියෙකු වූ සිරියානු නායක බශාර් අල් අසාද් බලයෙන් පහ කිරීමේ යටි අරමුණක්ද තිබුණි. ඔබාමා විසින් නායකත්වය දුන් බටහිර යුදෙවු නිරාගමික නූතනවාදී ජාත්‍යන්තර එකමුතුව ලොව පුරාම විවිධ රටවල ජාතිකත්වයන්ට එරෙහිව විවිධ වැඩසටහන් දියත් කරන්නටද විය. ලංකාවේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදය පරාජය වී දෙමළ ජාතිවාදයද පරාජය වනු දැකීමට අකමැති වූ ඔබාමා ප්‍රමුඛ යුදෙවු නිරාගමික නූතනවාදී එකමුතුව ඔවුන්ට හිතවත් මෙරට යහපලන වුර්කයින්ගේද සහයෙන් ජිනීවාහි ජාත්‍යන්තර මානව හිමිකම් කල්ලිය ලවා නැවත දෙමළ ජාතිවාදය දිනවමින් යුධ ජයග්‍රහනයේ නියමුවන්ට දඬුවම් කිරීමට ගත් උත්සහය ඉන් එකකි. යුදෙවු නිරාගමික නූතනත්වයේ මේ ජාත්‍යන්තර එකතුව ලොවපුරාවට බටහිර කාන්තා විමුක්තිවාදය හා සමලිංගික පක්ෂපාතී බව බලහත්කාරයෙන් ව්‍යාප්ත කිරීමටද කටයුතු යෙදීය. ඔබාමා පරිපාලනය රුසියාව සමග බොහෝ ගැටුම් සහ මතභේද ඇතිකරගැනීමට බලපෑ එක් අප්‍රකට කරුනක් වූයේද මෙයයි.

යුදෙවු නිරාගමික නූතනවාදී බලවේග වල ජාත්‍යන්තර එකතුවේ ආදිපත්‍යට දැන් දැන් යහපත් අනාගතයක් උදාවේ යැයි සිතිය නොහැක. මේ කියන්නට යන්නේ එම කාරනාව අපේ රටේ ජාතිකත්වය පැත්තෙන්ද බලන විට කෙබඳු මුහුනුවරක් ගනීද යන්න පිළිබඳ විස්තරයකි. කියන්නට යන දෙය මූලිකව බැඳී ඇත්තේ පසුගිය වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරනය හා එහි ප්‍රතිඵලය සමගයි. 2016 නොවැම්බර් මස 8 වනදා පැවති ඇමරිකානු ජනාධිපතිවරනයෙන් හිලරි ක්ලින්ටන් පරදවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගත්තේ ලෝකයටම පාඩම් ගනනාවක් කියා දෙමිනි. ඒ මොනවාද යන්නත් මෙම ප්‍රතිඵලය අපේ රටට කෙසේ බලපාන්නේද යන්නත් විමසීම වැදගත් වේ. ඇමරිකානු ජනපති සටන ඇරඹෙන විට බලයේ සිටියේද ඩිමොක්‍රටික් පක්ෂය සහ ජනාධිපති බැරැක් ඔබමායි. ඩිමොක්‍රටික් පක්ෂයේ මතවාදී අරටුව වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ යුදෙවු නිරාගමික නූතනතවයේ මතවාදී ආධිපත්‍ය තුලයි. ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් ජනපති සටනට එක්වූ කාන්තා චරිතය වන හිලරි ක්ලින්ටන් චරිතය යුදෙවු නිරාගමික නූතනත්වයේ මතවාදී ආධිපත්‍යට එක් කළේ තව තවත් තීව්‍ර බවකි. මේ ආධිපත්‍යයේ ජාත්‍යන්තර එකමුතුව තුලින්ම පැන නැගි ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර මාධ්‍ය, ඊනියා ජාත්‍යන්තර විශ්ලේශකයින්, දේශපාලන විචාරකයින් ඇතුළු මෙකී නොකී සියල්ලන් සිටියේ ඔවුන්ගේම මතවාදී නියෝජිතවරිය වූ හිලරි ක්ලින්ටන්ගේ පැත්තේය. ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ට යුදෙවු නිරාගමික නූතනත්වයේ ආධිපත්‍ය තුල ඇති සියළු සංරචකයන් නියෝජනය කරමින් ජනාධිපති සටනට බැස්සාය. ඇය පෙනී හිටියේ ඇමරිකානු ජාතිකත්වය හා ජාතික වගකීම් වලට වඩා ජාත්‍යන්තරවාදී මානව හිමිකම් ආදිය මෙන්ම වගකීම් වලට උර නොදෙන පුද්ගල ආත්මාර්ථකාමී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. බහුතරයක් ජාත්‍යන්තර ජනමාධ්‍ය කල් තියාම ඔවුන්ගේ මතවාදී නියෝජිතවරිය වූ හිලරි ක්ලින්ටන් වෙනුවෙන් දැඩි ලෙස පක්ෂපාතී ලෙස ඇමරිකානු ජනපති සටනේ තොරතුරු ලොවට බෙදාහරින්නට විය. ඒ අතරේම හිලරිගේ විරුද්ධවාදියා වූ ඇමරිකානු ජාතිකත්වයට හා ක්‍රිස්තියානි චින්තනයට බර ඩොනල්ඩ් ට්‍රම්ප්ට අසීමිත ලෙස බැට දීමටත් ඔහුව අසාධාරන විවේචනයන්ට ලක්කරමින් විහිළුවට ලක් කිරීමටත් මේ ජාත්‍යන්තර ජනමාධ්‍ය කල්ලිය අමතක නොකළේය. ඊනියා ජාත්‍යන්තර විශ්ලේෂකයින් හා දේශපාලන විචාරකයින් මෙම ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් නියත වශයෙන් ජයගන්නා බවට අනාවැකි පල කරමින් ඇමරිකාවේත් ලොව සෙසු රටවලත් ජන මනස හසුරවන්නට ක්‍රියාකළේය. ඒ හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරිය වන්නට නියමිත බව කියමිනි.

ඇමරිකානු ජනපති සටන පුරාවට රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අදහස් ඉදිරිපත් කළේ ඇමරිකානු ජාතිකත්වය පැත්තේ සිටයි. ජාත්‍යන්තරයේ ජඩ මාධ්‍ය මාෆියාව කුමක් කීවත් ඔහු තම රටටත් ජනතාවටත් ජාතියටත් තිබෙන සැබෑ ගැටළු එකින් එක සම්බන්ධව ක්‍රමවත් ලෙස නිසි ඉලක්කයකට කතා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් නොබියව ආමන්ත්‍රණය කළේ ඇමරිකාවේ ජාතිකත්වය පැත්තේ සිටින එරට සැබෑ ප්‍රශ්න වලට සංවේදී බහුතරයකටයි. එහිදී ඔහු රටේ ආර්ථික ප්‍රතිපත්ති එරට පුරවැසියන්ට හිතකර ලෙස වෙනස් විය යුතු ආකාරය ගැන ආන්දෝලනාත්මකව කතා කළේය. තම රටේ ජනතාවට රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබා දිය යුතු බවටත් එරට කර්මාන්ත කරුවන්ට හා නිශ්පාදකයින්ට ඇති බදු බර අඩු කර ඔවුන් වෙනත් රටවලට වැඩි ප්‍රතිලාභ අත්කරදෙමින් ඇමරිකාවෙන් පිටත ආයෝජන සිදු කිරීම වැලැක්විය යුතු බවට දැඩිව කියා සිටියේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමරිකාවට වෙනත් රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධ ප්‍රතිපත්ති වල දුර්වලතා ගැන හොඳ අවබෝධයක්ද තිබූ අතර එම ප්‍රතිපත්ති වෙනස් කිරීම ගැන ඔහු පැහැදිලිව තම ස්ථාවරය පෙන්වා දුන්නේය. ඔහු ඇමරිකාවට පමණක් ජනාධිපති වන බවටත් ලොව වෙනත් රටවල ප්‍රශ්න වලට මැදිහත් වෙමින් ඇමරිකාවේ ධනය කාබාසිනියා නොකරන බව කීවේය. එලෙසම ඇමරිකානු හමුදා ලොව වෙනත් රටවල දේශ සීමා රැකීමට ගොස් සිටියදී තම රට අනාරක්ෂිතව ඇති බවට චෝදනා කළේ ඔබාමා පාලනය තුල ඇමරිකානු සෙබළුන් වැඩි වශයෙන් ජාත්‍යන්තර නේටෝ හමුදාවට අනුයුක්තව ලොව පුරා එක්සත් ජාතීන්ගේ බලහත්කාරය ක්‍රියාත්මක කරමින් සිටියදීය. ඩොනල්ඩ් ට්‍රම්ප්ට මැදපෙරදිග සුන්නි මුස්ලිම් ආක්‍රමණය හා එහි ත්‍රස්ත ක්‍රියාකාරකම් ගැන තිබුණේ ඉතා සුවිශේෂී අවබෝධයකි. ඔහු ත්‍රස්තවාදයට හා සුන්නි මුස්ලිම් අන්තවාදී ආක්‍රමණයට වඩා ප්‍රායෝගික ලෙස මුහුණ දිය යුතු ආකාරය ගැන කතා කළේ ව්‍යාජ මානව හිමිකම් හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටුවකට මායිම් නොකරමිනි. ඔහු රටේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයේ ලා සලකමින් ජනාධිපතිවරණ සටන තුල තම අදහස් ප්‍රකාශ කළේ අව්‍යාජත්වයකිනි. දක්ෂිණාංශික ජනාධිපතිධූර අපේක්ෂකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තරවාදය තුල එල්බගත් ඩිමොක්‍රටික් පාලනය ලොව පුරා යුදෙවු නිරාගමික නූතනත්වයේ මතවාදී ආක්‍රමණය ව්‍යාප්ත කිරීමට ගොස් ඇමරිකානු ධනය නිකරුනේ විනාශ කරන ආකාරයත් ඉන් තම රටේ බදු ගෙවන්නන්ට වන හානියත් තීක්ෂණ ලෙස දුටුවේය. ලොව වෙනත් රටවලට විවිධ කාරනා සම්බන්ධයෙන් අයුතු බලපෑම් කිරීමට නොයන බවටත් තම රට ගැන තමා බලා ගන්නා බවටත් ඔහු පැහැදිලිව කියා සිටියේ එහෙයිනි.

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ගේ සටන්පාඨ වල හා අදහස් වල තිබුණේ පිට ආටෝපය පමණකි. අති මහත් බහුතරයක් ජනමාධ්‍ය තම සාක්කුවේ දමාගෙන සිටි හිලරිගේ ජාත්‍යන්තරවාදී දේශපාලන දර්ශනයම ඇමරිකානු ජාතිකත්වයෙන් පිට තිබියදීත් මාධ්‍ය මාෆියාව හිලරිව පුම්බා තැබුවේ ට්‍රම්ප්ට අභූත චෝදනා බුරුතු පිටින් එල්ල කරමිනි. හිලරිගේ ආටෝප කතා වල තිබුනේම ජාතික වගකීම් වලින් ගැලවී සිටීමට කැමති අලස ගෝලීය ජත්‍යන්තරවාදීන්ගේ මන දොල සැපිරීමට අවශ්‍ය අදහස් යෝජනා මිස ඇමරිකානු ජනයාට ජාතික වශයෙන් බලපාන පොදු ජාතික ගැටළු නිරාකරනය කර ගැනීමට අවශ්‍ය අදහස් නොවේ. හිලරි ක්ලින්ටන් තම ආර්ථික ප්‍රතිපත්ති න්‍යායාත්මකව කරුනු වශයෙන් ඉදිරිපත් කිරීමට මුල් තැනක් දුන්න නමුත් ඒවායින් තම රටේ ජනතාවට හා ජතික ආර්ථිකයට ඇති වාසිය පෙන්වා දීමට අපොහොසත් විය. හිලරගේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ආර්ථික ප්‍රතිපත්ති වලින් ඇමරිකානු ආර්ථිකය ජාත්‍යන්තරයට වඩා විවුර්ත වී එරට ජනයාට තිබෙන රැකියා අවස්ථා ප්‍රමාණයද අඩු වන බව හිලරි තේරුම් නොගත්තත් ඇමරිකානු ජනතාව තේරුම් ගෙන තිබුණු බවක් පෙනේ. ඇමරිකානු කර්මාන්තකරුවන්ට බදු සහන ලබාදී රටට ආර්ථික ප්‍රතිලාභ ලබාගන්නා ක්‍රමවේදයන් ගැන හිලරි වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ද හිලරි වැඩි උනන්දුවක් දැක්වූයේ රුසියාව තම දේශපාලනික සතුරෙකු ලෙස සලකා රුසියාව සමග අනවශ්‍ය ගැටුම් ඇති කර ගැනීමට මිස සුන්නි අන්තවාදී ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමට නොවේ. ගොන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ එල්බගෙන කුහක මානව හිමිකම්ද පෙරදැරීව සුන්නි අන්තවාදයට මුහුනදීම කෙසේ වෙතත් සුන්නි අන්තවාදය හා ත්‍රස්ත ක්‍රියාකාරකම් වල ස්වභාවය තේරුම් ගැනීමටවත් නොහැක. හිලරිගේ ප්‍රතිපත්ති වලට අනුව සුන්නි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන අතරේම සුන්නි ත්‍රස්තවාදය පෝෂණය කරන නිරායුධ සුන්නි මුස්ලිම් මූලධර්මවාද අනුගාමිකයන්ගේ සිවිල් අයිතිවාසිකම්ද රැකිය යුතුය. ඒ කුහක ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ගොන්කමේ එක් ස්වභාවයකි. හිලරි ඔබාමා දෙපලගේ ඩිමොක්‍රටික් දේශපාලනය යුදෙවු නිරාගමික නූතනත්වයේ මතවාදී ආක්‍රමණය ලොව පුරා පැතිරවීමට විවිධාකාරයෙන් ක්‍රියා කළේ ඇමරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් මෙන්ම ඇමරිකානු ජාතික ධනයද කාබාසිනියා කරමිනි. ඒ කටයුත්ත සිදු කරනු ලැබුවේ ඔවුන්ගේ මතවාදී අනුගාමික කණ්ඩායමේ අනෙකුත් පාර්ශවද ඇතුළු ජාත්‍යන්තර එකතුවට නායකත්වයක් ලබා දෙන ගමන්මය. ඔවුන්ගේ මතවාදී අනුගාමිකයන් වූ මෙරට දෙමළ ජාතීවාදීන් හා කොටි ත්‍රස්තවාදය පැරදවීමේ හමුදා මෙහෙයුම් වලට මුල සිටම ඔබාමා ක්ලින්ටන් කණ්ඩායම බාදා පැමිණවිය. කොටි ත්‍රස්තවාදය පැරදවීමෙන් පසුවද ඔවුන්ට පුරුදු ලිබරල් ප්‍රජාතාන්ත්‍රික න්‍යාය අනුව අපේ හමුදාවට හා සටනට නායකත්වය දුන් සැමට එරෙහිව ඔවුන්ගේ ජාත්‍යන්තර එකමුතුව සමග හිලරි ඔබාමා දෙපල කටයුතු කළේ ඊනියා මානව හිමිකම් අවියක් ලෙස භාවිතා කරමිනි.

හිලරි ක්ලින්ටන් තම ජනාධිපතිවරණ දේශපාලන සටනට බටහිර කාන්තා විමුක්තිවාදයද යොදවාගත් බවට කිසිදු සැකයක් නැත. හිලරිට පක්ෂ අති විශාල මාධ්‍ය බහුතරය කියා සිටියේත් ඇය ඇමරිකාවේ ප්‍රථම ජනාධිපතිනිය වනු ඇති බවයි. පිරිමින්ටත් වඩා ටෙස්ටස්ටෙරෝන් තමාට ඇතැයි කියමින් චන්ද සටන තුල කැපී පෙනීමට ගියත් ඇයට ලැබුණු ප්‍රතිචාරය අනුව ඇගේ සටන්පාඨ ඇමරිකානුවන් විසින් පිළිකුල් කර ඇති බව පෙනෙන්නට තිබේ. ඔබාමා ක්ලින්ටන් ඩිමොක්‍රටික් කණ්ඩායම ලොව පුරා කාන්තා විමුක්තිවාදය මෙන්ම සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට ඔවුන්ගේ ජාත්‍යන්තර මතවාදී බලහත්කාරය ක්‍රියාත්මක කළ බවද නොරහසකි. ඇමරිකානු ලිංගික ව්‍යාකූල කණ්ඩායම් වල චන්ද සියල්ලම වාගේ හිලරිට වැටී තිබුණ බවක් පෙනේ. කෙසේ නමුදු වසර 2016 නොවැම්බර් 8 වනවිට ප්‍රභල ජාත්‍යන්තර ජනමාධ්‍යවලත්, ඊනියා දේශලාපන විචාරකයන්ගේ හා විද්වත් විශ්ලේශකයන්ගේ අනාවැකිත් බොරු කරමින් ඩොන්ල්ඩ් ට්‍රම්ප් මැතිවරණයෙන් ජය ගත්තේය. 2017 ජනවාරි 20 වනදින ඇමරිකානු ඉලෙක්ටෝරල් කොලෙජ් ආයතනයේ ප්‍රතිඵලය අනුවද ජය ගනිමින් එරට නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ මැතිවරණයෙන් පසුවත් ජාතිකත්ව විරෝධී ජාත්‍යන්තර කණ්ඩායම් වල සියළු කෙනහිලිකම් මැද්දේය. මේ චන්ද ප්‍රතිඵලය ලෝකයට කියා දුන්නේ වැදගත් පාඩම් ගනනාවකි. ඉන් වැදගත්ම එකක් වන්නේ ලොව ජාතිකත්වයන් තවමත් අඩපනව නැති බව හා ඕනෑම මොහොතක ජාත්‍යන්තරවාදී එකමුතුවේ බලය අභිබවා යා හැකි බවයි. එහි අනෙක් පැතිකඩ වන්නේ යම් දෙයක් සම්බන්ධයෙන් ලෝක ජන මතය කුමක් වුවත් ජාත්‍යන්තර ජඩ මාධ්‍ය සමූහය තමන්ගේ මතවාද වලට පක්ෂපාතී පාර්ශවය පුම්බා තැබීමට ක්‍රියාකරන බවයි. තවත් වැදගත් දෙයක් වන්නේ ගොන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට තවත් ලෝකයේ තම ආධිපත්‍ය පැතිරවීමට නොහැකි වීම හා ලොව පුරා ජාතිකත්වයන් නව පනක් ලැබීමයි. අනෙක් වැදගත් දෙය බටහිර කාන්තා විමුක්තිවාදය තව දුරටත් ලෝකයේ ජනප්‍රිය මතවාදයක් ලෙස ඉදිරියට නොයන බව ඔප්පු වීමයි. කාන්තා විමුක්ති සටන් පාඨ වලින් කොපමණ ට්‍රම්ප්ට බැට දුන්නත් හිතූ තරම් ඇමරිකානු කාන්තා චන්ද හිලරිට නොලැබීමෙන්ම එය පැහැදිලි වේ. ඇමරිකානු ජානාධිපතිවරණ ප්‍රතිඵලය උහුලා ගන්නට නොහැකිව ඉන් වඩා කුපිත වූයේ කාන්තාවිමුක්තිවාදී කණ්ඩායම්ය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ දිවුරුම් දීමත් සමග ලොව පුරාම කාන්තා විමුක්තිවාදීන් ට්‍රම්ප් විරෝධී රැලි සංවිධානය කලේ එනිසයි. කෙසේ නමුත් දැන්නම් මේ ඊනියා කාතා විමුක්තිවාදීන්ට කරන්නට හැකි දෙයක් නැත. ඔවුන් මෙන්ම ඔවුන්ගේ මතවාදයන්දා ඉදිරියේදී පිළුනු වී කුනු කූඩයට යන ආකාරය කාටත් දැක බලා ගන්නට හැකි වනු ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලනය ගැන අපට නිස්චිතව යමක් කීමට නොහැකි උනත් ඔහු හිලරි ක්ලින්ටන් මෙන් අපේ රටටත් ජාතියටත් අහිතකර දේ නොකරනු ඇති බව විශ්වාස කළ හැක. හිලරි ක්ලින්ටන් යම් විදිහකින් මේ ජනාධිපතිවරණය ජයගෙන තිබුණිනම් අපේ රටටත් ජාතිකත්වයටත් වෙන්නට තිබූ දේ හිතාගන්නටත් නොහැකි තරමේ විනාශකාරී එකකි. ජිනීවා මානවහිමිකම් පිල්ලිය වඩා වේගවත්ව ක්‍රියාත්මක වෙමින් අපේ රනවිරුවන්ගේ ජීවිත වලට තර්ජනය කරන අතරම දෙමළ ජාතිවාදය සැනසීමේ දේශපාලන අල්ලස ලබාදීමේ රනිල් සිරිසේන වැඩපිළිවෙල වඩා වේගවත් වීමට ඉඩ තිබුණි. එමෙන්ම මෙරට සමලිංගිකත්වය නීතිගත කරවීමේ බලහත්කාරී ක්‍රියාදාමයද දැනටත් වඩා ශක්තිමත්ව ඉදිරියට ඇදෙන්නට තිබිණි. බෙදුම්වාදී සුළුජන අන්තවාදී දේශපාලනය රාජ්‍ය නොවන සංවිධාන සමග යකා නටන්නට තිබුණේ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට උපරිම ලෙස වින කරමින්ය. ඇමරිකාවේ වෙසෙන දෙමළ බෙදුම්වාදී කල්ලිය හිලරිගේ ජයග්‍රහනය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කර ඇත.

ලංකාවේ සිවාජිලිංගම්ලා උතුරේ පොල් ගැසුවේත් හිලරි ක්ලින්ටන් දිනවීමටයි. අවසානයේ යුදෙවු නිරාගමික මතවාදී ආක්‍රමණිකයන්ගේ ජාත්‍යන්තර එකතුවට තදබල ප්‍රහාරයක් එල්ල කරමින් හිලරි විසි වී ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති බවට පත් වූයේ සියල්ල උඩුයටිකුරු කරමිනි. දැන් දෙමළ ජාතිවාදීන්ට පන දුන් ලංකාවේ ජාතිකත්වයට එරෙහි බලවේග ඇමරිකාව තුල පසු බැස ඇත. නුදුරු අනාගතයේ එය අනෙකුත් බටහිර රටවලද සිදුවනු දැකීමට හැක. ජෝන් කෙරී, නිෂා බිස්වාල්, සමැන්තා පවර් යන මෑතක මෙරටට වින කළ දෙමළ ජාතිවාදයේ හිතවතුන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකානු රාජ්‍යතන්ත්‍රය තුල ඔවුන් දැරූ සියළු ප්‍රභල තනතුරු වලින් ඉවත් කර කොන්සවේටිවු ක්‍රියාකාරීන්ගෙන් එම තනතුරු පුරවා ඇත. අනෙක් අතින් බලන විට ලොව පුර ජාතිකත්ව විරෝධී ව්‍යාධිජනක මතවාද වැපිරවීමට ඇමරිකානු මුදල් රාජ්‍ය නොවන සංවිධාන වලට නොලැබී යනු ඇත. ඒ තුලින් රාජ්‍ය නොවන සංවිධාන ජාලය අඩපන වීම ලොවට මෙන්ම අපේ රටේ ජාතිකත්වයටද හිතකර වනු ඇත. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ සිද්ධිය මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති වීමද ලොව පුරා ජාතිකත්වයන් පෙරට ඒමේ ප්‍රවණතාවය තවත් උත්තේජනය කරනු ඇත. ලංකාවේ ජාතික බලවේගද මේ තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගෙන මේ ප්‍රවණතාවයට සමගාමීව කටයුතු කළ යුතුය. වඩා සිහිබුද්ධියෙන් තැනට සුදුසු දේ කළ හැකිනම් අපේ ජාතික බලවේග වලට වර්තමානයේ රටට පිල්ලියක් වී තිබෙන විජාතික බලවේගයේ දේශපාලනය කෙලවරක් කර රටත් ජාතියත් දිගු කාලීනව සුරක්ෂිත කිරීමට හැකි වනු ඇත.

බණ්ඩාර දසනායක

යම් කිසි රටක් තවත් රටක් හෝ යම් කිසි ජාතියක් තවත් ජාතියක් හෝ ආක්‍රමණය කරන්නේ නම් පළමුව කළ යුත්තේ ජීවග්‍රහයෙන් භාෂාව අල්ලා ගැනීම බව මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් පවසනවා.ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් මව් භාෂාව ප්‍රවර්ධන සංවිධානය ලබන 21 වැනිදා පැවැත්විමට නියමිත වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිමේ උත්සවයට එක්වෙමින් මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් කියා සිටියේ ,….අපේ මව් බස පිළිබද කිසියම් විදිහට අභිනනන්දන සන්ධිස්ථානයකට අප පැමිණ තිබෙන බවයි.

මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් අදහස් දක්වමින්

ඕනෑම රටක ජීවනාලිය වන්නේ භාෂාව බවත්, ජාතික දේහයක හද ගැස්ම වන්නේ භාෂාව බවත් ය. යම් කිසි රටක් තවත් රටක් හෝ යම් කිසි ජාතියක් තවත් ජාතියක් හෝ ආක්‍රමණය කරන්නේ නම් පළමුව කළ යුත්තේ ජීවග්‍රහයෙන් භාෂාව අල්ලා ගැනීම බවයි.ඒ සදහා කරන උපක්‍රම දෙකක් තිබේ. මූලික වශයෙන්. ඒ තමයි පළමුවෙන්ම භාෂාව දූෂිත කිරීම. දෙවනුව භාෂාව අවභාවිතයට ලක්කිරීම. ඊළගට උපක්‍රමශීලීව භාෂාව භාවිතා කරන්නවුන් විසින් ම හෙලා තලා දැක්කවීම. ඉන් අනතුරුව වෙනත් බසක් එහි රෝපනය කරවීම. මේක තමයි ස්වභාවය. ඒක හරියට සශ්‍රීක කුඹුරක් එහි තිබෙන අස්වැනු කපල,නෙලල ඉවර කරල අලුතින් මඩ කරල වෙනත් යමක් රෝපනය කරනව වගේ. අලුත් භෝගයක් රෝපණය කිරීමට පෙර ඉස්සර වෙලා තිබෙන භෝගය ඉවත් කළ යුතුයි. භාෂාව ආරක්ෂා කිරීම හුදෙක් භාෂාව ආරක්ෂා කිරීමක් නොවෙයි. සිංහල භාෂාව සිංහලයන්ගෙන් තොර කරල මේ රටේ මාතෘ භාෂාවේ ආරක්ෂාව අහිමිකරල තියෙනව. මව් භාෂාවට හිමි නෛතික ප්‍රවේශයන්, අධ්‍යාපනික ප්‍රවේශයන් පිළිබද සාකච්ඡා කිරීම සදහා ජාත්‍යන්තර මව් භාෂා දිනය වන රටේ ආරක්ෂාව ලබා ගැනීමයි. ඒ සදහා තමයි මව් භාෂාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ.භාෂාවේ ජවය, භාෂාවේ බලය, භාෂාවේ දේශපාලනය,භාෂාවේ අයිතිය මේ සියල්ලක්ම එක් රොක් කරගෙන භාෂාව ආරක්ෂා කර ගත යුතුයි.

සහභාගී වූ විද්වතුන්

මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමි,පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන්,මානව විද්‍යාඥ පණ්ඩුල ඇදගම,විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න,අධි නීතීඥ ක්‍රිසන්ත නිස්සංක,නීතීඥ අරුලක්සිරි උණවටුන

සිංහල ජාතිය ජීවග්‍රහයෙන් අල්ලා ගැනිමට එරෙහිව… by lnwtoday

කැබිනට් මණ්ඩලයත් නොමග යවමින්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට නොතකා හරිමින් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍ර ගෙන්වා නැවත වරක් පුද්ගලික අංශයෙන් විදුලි මිලදී ගැනීම අරඹා තිබේන බව වාර්තා වේ.

කැබිනට් මණ්ඩලයේ ද, රටේ ද ඇස් වසා සිදු කොට ඇති අලුත්ම ටෙන්ඩර් මගඩිය සැකෙවින් මෙසේය.

1. කුප්‍රකට ගල් අගුරු වංචාවේ නම සදහන් වූ රාජ්‍ය නිලධාරීන් පිරිසක්, 2016.12.28 රැස්වීම පවත්වා ඩීසල් විදුලි බල උත්පාදනය සදහා යෝජනාවක් සකස් කරයි.

2. එම යෝජනාව අනුමත වී පැය 5 යන්නටත් පෙර පසු දින මුද්‍රණය කරන පුවත්පත් වල (2016 දෙසැම්බර් මස 29 දින) මෙගාවෝට් 60 ක අතිරේක විදුලි ධාරිතාවයක් මාස 6 ක් සදහා මිලදී ගැනීමට මිල ගනන් කැදවීය. දැන්වීම පළ කරන විට රු. මිලියන 5000 කට වැඩි මෙම මිලදී ගැනීම සදහා කිසිදු නිල අනුමැතියක් නොවීය.

3. පුවත්පත් දැන්වීමෙන් දිනකට පසුව විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ විසින් සකස් කරන ලද අංක 16/2774/727/056 දරණ කැබිනට් පත්‍රිකාවෙන් ‘විවෘත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවීම මගින් තෝරා ගැනීමට’ හා විදුලි බලය මිලදී ගැනීම සදහා හදිසි අවශ්‍යතාවයක් ඇති බව ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා ඉල්ලා සිටී. (කැබිනට් පත්‍රිකාවක් අවම වශයෙන් දින 7 කට පෙර කැබ්නට් කාර්යාලයට බාර දිය යුතුය. එසේ නම් මේ කැබිනට් පත්‍රිකාව සකස් කොට ඇත්තේ 2016 දෙසැම්බර් 28 රැස්වීමට පෙර බව පැහැදිලිය.)

4. 2017 ජනවාරි 16 උදේ 10 ට දක්වා ටෙන්ඩරය බාර ගැනිම සිදු කොට එදිනම මෙය අගයීමකට ලක් කොට, 2017 ජනවාරි 17 ප්‍රසම්පාදන මණ්ඩලය (කුප්‍රකට ගල් අගුරු ගනුදෙණුවේ කණ්ඩායමේ සාමාජිකයින් බහුතරයක් සමග) ටෙන්ඩරය හිමිවන සමාගම තෝරා ගනී. තාක්ෂණික ඇගයීම් කමිටුවට මිලදී ගැනීමේ වටිනාකම රු. මිලියන 6,268 කි.

5. 2017 ජනවාරි 18 විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා විදුලිබල මන්ඩලයට දැනුම් දෙනවා පෙබරවාරි 06ට කලින් ඇග්රිකෝ ඉන්ටර්නැෂල් සමාගම හරහා විදුලිය ජනනය ආරම්භ කිරීමට උපදෙස් ලබා දෙයි. (පැය 48 ක් තුල තාක්ෂණික ඇගයීම අවසන් කොට, ප්‍රසම්පාදන ක්‍රියවලිය අවසන් කොට, මිලදී ගැනීමේ නියෝගය නිකුත් කරනේ නේ අමාත්‍යාංශ ලේකම්වරයා ය.

6. මේ වන විට අදාල මිල දී ගැනීම කැබ්නට් අනුමැතියක් පවා නැත.

7. අදාළ මිලදී ගැනීම සදහා ජාත්‍යන්තර මිල ගණන් කැදවීම සදහා කැබිනට් මණ්ඩලය 2017 ජනවාරි 26 දින අනුමැතිය ලබා දෙන විට හොර පාරෙන් මිල දී ගත් ජෙනරේටරය තිබුණේ ලංකාව බලා පැමිණෙන නැවක සාගරය මැද්දේය.

8. ගල් අගුරු ටෙන්ඩය මගින් ඇතිකල රටක් මංකොල්ලකෑමේ ව්‍යාපෘතිය අද වන විට ඩීසල් විදුලි මාෆියාව නැවත ඇරඹීය. ඒ ඔස්සේ ඉදිරි මාස 6 තුල රටට රුපියල් මිලියන 20,000 ක් අහිමි කරන ජාවාරමක් බවට පත් වෙමින් තිබේ.

විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍යාංශය මාෆියාව ගල් අගුරු සමාගමේ සභාපති ඉවත් කිරීමෙන් පසුව ගෙන්වූ පළමු ගල් අගුරු නැවේ එක් ටොන් එකක් සදහා ගෙවා ඇති මුදල ඇ.ඩො. 90 කි. අද විවෘත වෙළෙදපොළේ ගල් අගුරු ටොන් එකක වටිනාකම ඩොලර් 78 කි. ඒ අනුව, පළමු ගල් අගරු නැවෙන් රටට අහිමි වූ අලාභය රු. 11 කෝටි 56 ලක්ෂයක් හෝ එයට වැඩි මුදලකි.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවැති උත්සවයක් අතරතුර එහි ඉදිකර තිබුණු තාවකාලික වහලයක් කඩා වැටීමෙන් කිහිපදෙනකුගේ ඔලු පැලී තිබේ.උත්සවයට සහභාගී කරවීම සඳහා රැගෙන ඇවිත් තිබුණු ජනතාවගේ හිස මතට මෙම වහලය කඩා වැටී ඇත්තේ ජනාධිපතිවරයා සභාවේ සිටියදීමය.

මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇත්තේ වරකාපොළ රෝහලේ සය මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය අතරතුරය.නව ගොඩනැගිල්ලට රෝගීන් ඇතුළත් කර ගැනීම ජනාධිපතිවරයාගේ අතින් සිදුකෙරෙන අතරතුර පැමිණ සිටි ජනතාව ප්‍රකාශ කර තිබුණේ උත්සවයට ආ අයට ද රෝගීන් ලෙස ඇතුළත් වීමට සිදු වූ බවය.

ඡායාරූප ලැබුණු විගස අප ඔබ වෙත එය ගෙන එමට සුදානම්

මහා බැංකුව උගස් කල රනිල්ගේ ආචාර්ය පට්ටම යොදා ගත හැක්කේ එම විශ්ව විද්‍යාලයේ කටයුතු වලට පමණක් බව එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාඩිය Deakin Honorary Degrees Program හී  Titles and Postnominals හී පැහැදිලි ලෙස දක්වා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් සිදු කළ දීර්ඝ කාලීන සේවාව සහ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්ෂේත්‍රයන් ඉහළට ඔසවා තැබීමට සිදු කළ මෙහෙවර අගයමින්, ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය (Deakin University) විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමිණි.

මෙම සිද්ධිය යහපලකයන් විසින් පෙන්වා දී තිබුනේ මොහුට ලැබුණු සම්මාන ආචාර්ය උපාධියෙන් පසු ශ්‍රී ලංකාවේ දැනට පවතින උග්‍ර ප්‍රශ්න සියල්ල විසදී රට සිංගප්පුරුවට වඩා දියුණු වන ලෙසය.

අප වෙත දැනගැනීමට හැකී වූ ආකාරයට මෙම සම්මාන උපාධිය ලබා දීමට කටයුතු කර ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ සේවය කරන අතුල පතිනායක යන අය විසිනි.

අප්පච්චි මලෝ සොයිසා , බඩ තඩි අර්ජුන ඇතුළු රොත්තක් සමග ඔස්ට්‍රේලියාවට ගොස් ඇති මොහුගේ උපාධිය කිසිම වටිනකමක් නැති කොලයක් බවට පත් වී ඇත. ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය (Deakin University) විසින් පනවා ඇති නීති මාලාව අනුව මෙම ආචාර්ය උපාධිය (Dr.) තම නමට මුලින් යොදවා ගත හැක්කේ එම විශ්වවිද්‍යාලය සමග කටයුතු කරන අවස්ථා වල පමණක් බව අවධාරණයෙන් පෙන්වා ඇත. ( මේ සමග ඇති ඇමනුම බලන්න).

උපාධි ප්‍රදොනත්වයෙන් පසු උඩ පනිමින් සිටි රනිලයට මෙම සිමාව ගැන දන ගැනීමට හැකි වී ඇත්තේ දින ගණනකට පසුව බවත් ඉන් පසුව තම ලේකම් වෙත පවසා ඇත්තේ ආචාර්ය උපාධිය (Dr.) තම නමට මුලින් කිසි විටකවත් නොයදන ලෙසය.

මේ තහනම ගැන වාර්තා වූ අන් අය පවසා ඇත්තේ කැලණියේ කුඩු මර්වියා ලබාගත් හොර සහතික කඩයෙන් සහතිකයක් ලබා ගත්තේනම් මැරෙන තුරු එය පාවිචි කල හැකිව තිබු බවය.

dro1nly

Deakin_honorary_degrees_program

අවාසනාවට අද ටොප් ටෙන් 8 ට එන්නෙත් මීට කලිනුත් මෙවැනි අවසථාවක් හිමිකරගත් රවි කරුණානායක ඇමතිතුමන්මයි.

අපේ රටේ ජනතාවට පඩි වගේම පිං පඩි ගෙවන්නත් සමෘද්ධි විශ්‍රාම වැටුප් වැනි ගෙවීම් කරන්නත් පුළුවන් වෙන්නේ රේගුව වැනි ආයතන ආණ්ඩුවට ආදායමක් උපයන නිසායි.  ආණ්ඩුවේ ආදායමෙන් 60%ක් සපයන ආණ්ඩුවේ සුරබිදෙන තමයි රේගුව.  නමුත් ආණ්ඩුවේ බලධාරින්ගේ වංචා නිසා පසුගිය වසර දෙක තුල රේගුවට අහිමි වුණු ආදායම රුපියල් මිලියන 25,000කට වැඩියි.  එයින් මිලියන 6,500ක් අහිමි වුණු ආකාරය පැහැදිලි කරන්න තමයි අපි අද සූදානම් වෙන්නේ.

1998 හර්ෂ ප්‍රභාත් සිල්වා කියන පුද්ගලයාපිටරට දී වාහන කෑලි කර ලංකාවේ දී පාස්සා විකිණීමේ ව්‍යාපාරයක් කර ගෙන යනවා.  1998 දී රේගුව මේක වටලනවා.  හර්ෂ මේ වැටලීමට එරෙහිව රිට් 1124/98 යන නඩුව ගොනු කරනවා.  වාහන කැබලි කර ආනයනය කර නැවත පාස්සා විකුණන්නේ සම්පූර්ණ වාහනයක් ආනයනයේ දී ගෙවිය යුතු දැවැන්ත බදු මග හැරීමේ කූට අරමුණින් බැවින් මෙම කොටස් සඳහා සම්පූර්ණ වාහනයකට අදාළ බදු ගෙවිය යුතු බවට උසාවිය තීන්දු කළා.

ඊට පස්සේ දේශීයව 30%ක වටිනාකමක් එකතු කරනවා යන කොන්දේසිය මත වෙහිකල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නමින් ආයෝජන මණ්ඩලයේ අනුමත සමාගමක් හර්ෂ ආරම්භ කරනවා.පාවිච්චි කළ වාහන කොටස් එකලස් කර වාහන නිපදවීම තමයි මේ සමාගමේ කටයුත්ත වෙන්නේ.  නමුත් පාවිච්චි කළ කොටස් යෙදූ වාහන නව වාහනයක් ලෙස ලියාපදිංචි කිරීම නීතියෙන් තහනම්.  ඒ නිසා මෙම වාහන ලියාපදිංචි කිරීම මෝටර් රථ කොමසාරිස් ප්‍රතික්ෂේප කරනවා.  ඒ තීරණය අභියෝගයට ලක් කරලා හර්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ එස්සී එෆ්ආර් 304/2011 යන නඩුව පවරනවා.  ඒ නඩුවේ දී අමාත්‍යාංශය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත යැයි පවසමින් දෙපාර්ශවය අතර සමථයක් විධියට වාහන 2,250ක් ලියාපදිංචි කරන්න එකඟ වෙනවා.

සමථයේ දී එකඟ වුණේ වාහන ලියාපදිංචි කිරීමට පමණක් වුවත් ඒ සමථය පෙන්වා ආනයන පාලක නොමග යවා වාහන 2,250ක් සඳහා අවශ්‍ය වාහන කොටස් ආනයනය කිරීමට බලපත්‍රයක් ගන්නවා.  නමුත් ඒ යටතේ ගෙනා වාහන කොටස් රේගුව රඳවා ගන්නවා.  සමථයේ දී වාහන කොටස් ගෙන්වීමට අවසර නොදුන් නිසා රිට් 1124/98 නඩුවේ තීන්දුව අනුව සම්පූර්ණ වාහනයකට අදාළ තීරු බදු ගෙවිය යුතු බවට රේගුව තීරණය කරනවා.

2015 ආණ්ඩු පෙරලියෙන් පසු නව මුදල් ඇමති කෙනෙකු පත් වෙනවා. රවි කරුණානායක මැතිතුමන් මුදල් අමාත්‍ය දුරයට පත්වෙනවා. එතුමා කරන්නේ මොකද්ද? 2016 අයවැය කතාවේ දී අයවැය යෝජනා අංක 560 ලෙස ලංකාවේ පාවිච්චි කරන ලද වාහන කොටස් එකතු කරලා වාහන හදල තියෙනවනම් ඒ වාහනවලට දඩ මුදලක් අය කරල ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දීමට යෝජනා කරනවා. මේ අයවැය යෝජනාවෙන් ලංකාවේ වාසියක් අත්වෙන්නේ හර්ෂ ප්‍රභාත් සිල්වාට පමනයි. ඒ නිසා ලංකාවේ තනි පුද්ගලයෙකුට මූල්‍ය ලාභයක් අත් කර දීමේ කූට අරමුනින්ම තමයි මුදල් ඇමතිවරයා මේ යෝජනාව අය වැයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. එතැනින් නතර වෙන්නේ නෑ. 2016.09.30 දින 16/1586/719/103 දරණ ඇමති මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරමින් හර්ෂ ප්‍රභාත් සිල්වා සංස්ථාපනය කරල තියෙන වෙහිකල් ලංකා සමාගමට 304/2011 නඩු තීන්දුව අනුව කටයුතු කරන මෙන් නිර්දේශ කරනවා.  ඇත්තෙන්ම ඇමතිවරයා මෙයින් උත්සාහ කලේ නඩු තීන්දුව පෙන්වමින් ඇමති මණ්ඩලය ද නොමග යැවීමටයි.

රේගු නිලධාරින්ගේ ගණනය කිරීම් අනුව වාහන කැබලි මත අය කරන බදු අය කලොත් එක් වාහනයකට බදු ගෙවන්න වෙන්නේරු661,268ක්.  නමුත් 1300සීසී කුඩාම වාහනයටත් රු3,575,000 බදු ගෙවන්න වෙනවා.  ඒ අනුව එක වාහනයකින් වන අවම පාඩුව රු 2,913,732යි.  වාහන 2250කට 6,555,897,000ක්.  ඒත් ඔක්කොම 1300 සිසි වාහන නොවේනෙ ගෙන්වන්නේ.  ඒ නිසා මේ පාඩුව බිලියන 6.6 සිට බිලියන 25 දක්වා ඉහළ යන්න පුළුවන්.

අද අපි අල්ලස් කොමිසමටත් අපරාධ පරීක්ෂණ කොට්ඨාශයටත් රවි කරුණානායක ඇමතිතුමාට එරෙහිව පැමිණිලි කරනවා. සියළුම සාක්ෂි සහිතව. අපට තිබෙන තොරතුරු වලට අනුව ඊයේ ඇමති මණ්ඩලයට මේ සඳහා අනුමැතිය ඉල්ලා රවි ඇමතිතුමා පත්‍රිකාවක් ඉදිරිපත් කළා.  ඇමති මණ්ඩලය ඒ පත්‍රිකාව අධ්‍යනය කරන්න ඕනෑ කියලා කල් ඉල්ල ගෙන තිබෙනවා.  අපි ඇමති මණ්ඩලයටම කියනවා දැන හෝ නොදැන මේ මහ වංචාවේ කොටස්කරුවන් වෙන්න එපා.  එක් පාප කර්මයක් විතරක් නොවේ හිරේ විලංගුවේ වැටෙන වංවාවක්. අපේ රංජන් රාමනායක ඇමතිතුමන්ගේ වචනයෙන් කියනවනම් හෙන ගහන අපරාධයක්.

රවි කරුණානායක ඇමතිතුමනි,  මේ කාරණයේ වංචාවක් නෑ කියලා ඔබතුමා අවංකවම විශ්වාස කරනවා නම් එන්න මා සමග ප්‍රසිද්ධ විවාදයකට.  තනියෙන් මාධ්‍ය හමු තියලා පාළු ගෙයි වළං බිඳිනවා වෙනුවට මා සමග විවාදයට ඒවි කියලා ඇමතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා.

2017.2.15 දින ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වු අදහස්.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජයට වගකිව යුත්තේ තමන්ගේ පක්ෂයත් පාක්ෂිකයනුත් පාවා දී එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් අරන් දීමේ කුමන්ත්‍රණයට දායක වූ මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු පිරිස බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඇමැති කටු සූප්පු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පිළිකන්නේ ලැගගෙන සිටින පිං ඇමැතිවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කථා කිරීමට කිසිදු අයිතියක් නොමැති බව පැවසූ රණතුංග මහතා කටමැත දොඩවන සියලු පිං ඇමැතිවරුන් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ප්‍රතික්ෂේප වී හමාර බවත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් සමඟ ඊයේ (14) පැවැති විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණේ ඒ පක්ෂය ගමන් කරන මාර්ගය ගැන පැහැදීමක් නැති නිසයි. එතුමා එ. ජා. පයෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදලා වසර තුනක් යන්නත් පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වමේ බලවේග එකතු කරගෙන ආණ්ඩුවක් හැදුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා සිටම කටයුතු කළේ රටත් ජාතියත් ගැන හිතලයි.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකක්ද වෙලා තියෙන්නේ? ජාතික ආණ්ඩුවක් කියලා අටවගත්ත අටමගලක් නිසා බණ්ඩාරනායක මහත්තයා ප්‍රතික්ෂේප කරපු එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලෙන්න අපේ පක්ෂයට සිද්ධ වෙලා. පක්ෂය මේ තත්ත්වයට පත් කළේ එතුමාගේම දුව සහ වත්මන් සභාපතිවරයා එකතු වෙලයි. බණ්ඩාරනායක මැතිතුමා ජීවතුන් අතර ‍හිටියා නම් තමන්ගේ ආදරණීය පක්ෂය විනාශ කරපු වර්තමාන පක්ෂ නායකයන්ට ශාප කරයි.

රටට ආරක්ෂා කරන ප්‍රතිපත්තියක හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද රට විනාශ කරන එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියක් වෙලා. රටේ කවුරු හරි එක්සත් ජාතික පක්ෂයට බැන්නොත් ඉස්සරහට පැනලා බුරන්නේ ඒ පක්ෂයේ අය නොවෙයි. අපේ පක්ෂයේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිහින් එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගහගෙන ඉන්න පිං ඇමැතිවරුන් සෙට් එකයි. කටු කන බල්ලෝ තමයි වැඩියෙන් සැර කියලා කතාවකුත් තියෙනවනේ.

එක්සත් ජාතික පක්ෂය අද රටට කරන විනාශයට එන ජනතා විරෝධය වළක්වන්න වෙලා තියෙන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. ඒ නිසයි අපි එදා ඉඳන්ම කියන්නේ මේ දීගය හරි යන්නේ නැහැ කියලා. ඒ නිසයි අපි ඒකාබද්ධ විපක්ෂය කියලා ස්වාධීනව කටයුතු කරන්නේ. පක්ෂයේ සභාපතිවරයාට ඕනෑ නම් එක්සත් ජාතික පක්ෂයට ගියාට කමක් නැහැ. හැබැයි අපේ පක්ෂය විනාශ කරන්න දෙන්න බැහැ.

තමන්ගේ නායකයාට පිටිපස්සෙන් ඉඳලා පිහියෙන් ඇනපු මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකලා වගේ අය නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද මේ ඉරණමට මුහුණ පාන්න වෙලා තියෙන්නේ. විධායක ජනාධිපතිවරයෙක්, තුනෙන් දෙකක ආණ්ඩුවක්, පළාත් සභා අටක් සහ පළාත් පාලන ආයතන සියල්ලම හිමිව තිබ්බ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ජනවාරි මසේ 08 වැනි දා පාවා දීමෙන් පස්සේ මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ.

පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුණේ ප්‍රසන්න රණතුංග නිසා බව චන්දිම වීරක්කොඩි, ශාන්ත බණ්ඩාර වගේ අය කියලා තියෙනවා මම දැක්කා. චන්දිම වීරක්කොඩි පසුගිය මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට ආවේ මහින්ද මහත්තයා‍ගේ ෆොටෝ එක ගහගෙන ඡන්දෙ කරපු නිසා. ශාන්ත බණ්ඩාර ඡන්දෙනුත් පැරදුණා. ඒ අය තමයි අපට අද චෝදනා කරන්නේ.

පසුගිය ජනාධිපතිවරණයේ මම ගම්පහ දිස්ත්‍රික්කයේ නායකයා වෙලා හිටියේ නැහැ. ඒ වුණාට මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩකොටසක් කළා. ගෙන් ගෙට ගිහින් ජනතාව දැනුවත් කළා වගේම දැවැන්ත රැළි තියලා එතුමාගේ ජයග්‍රහණය තහවුරු කරන්න කැප වුණා. නමුත් ආප්ප කාලා පැනපු අය කියපු කතා විශ්වාස කරපු ජනතාව මහින්ද මහත්තයා පරද්දන්න කටයුතු කළා.

මහ මැතිවරණයේ දී මහින්ද මහත්තයා හිටියේ නැත්නම් මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලැබෙන්නෙත් නැති තත්ත්වයක් තමයි තිබුණේ. ප්‍රසන්න රණතුංගව ලිස්ට් එකෙන් කපන්න මෛත්‍රීලා, චන්ද්‍රිකාලා බොහොම මහන්සි වුණා. නමුත් ප්‍රසන්න නැත්නම් මමත් නැහැ කියලා මහින්ද මහත්තයා කියපු නිසා අන්තිමේ දී මට නාමයෝජනා ලැබුණා.

මට නාමයෝජනා ලැබුණාම මහින්ද මහත්තයා හිතුවේ මාව දිස්ත්‍රික් නායකයා කරන්න ඕනේ කියලයි. නමුත් පක්ෂයේ සභාපතිවරයා දිස්ත්‍රික් නායකයා බවට පත් කළේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ ෆීලික්ස් පෙරේරාව. අන්තිමේ දී ෆීලික්ස් පෙරේරා විතරක් නෙමෙයි පක්ෂයත් දිස්ත්‍රික්කය පැරදුණා. ඒ විතරක් නෙමෙයි පක්ෂයේ ජනතා කැමැත්ත තිබුණු අයට නාමයෝජනා දෙනවට සභාපතිවරයා කැමැති වුණේ නැහැ.

සමන්මලී සකලසූරිය, මෙරිල් පෙරේරා, සහන් ප්‍රදීප් වගේ ආකර්ශණීය තරුණ නායකයන්ට නාමයෝජනා නොදී මිනීමරුම් චෝදනා පවා තියෙන සංජය සිරිවර්ධන වගේ චරිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කළේ පක්ෂයේ සභාපතිවරයාගේ වුවමනාවට. සභාපතිවරයාට ඕනෑ වුණේ මහින්ද පරද්දන්න මිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න නෙමෙයි.

මෛත්‍රීපාල, චන්ද්‍රිකා එකතු වෙලා කරපු කුමන්ත්‍රණය නිසයි ගම්පහ අපි පැරදුණේ. ඒ වුණත් දැන් ජනතාව ඇත්ත තේරුම් අරන් ඉන්නවා. එන ඕනෑම මැතිවරණයක දී මහින්ද මහත්තයාගේ පාර්ශවය උඩින් දිනවන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දැන් සූදානමින් ඉන්නවා. මම මේ ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් මැතිවරණයක් තියලා බලන්න කියලා.

ගම්පහ විතරක් නෙමෙයි පසුගිය මහ මැතිවරණයේ දී අපේ පක්ෂයට පරදින්න සිද්ධ වුණේ පක්ෂ සභාපතිවරයාගේ අත්තනෝමතික වැඩ හින්දයි. මහින්ද මහත්තයා දිනයි කියලා බයට පක්ෂයෙත් සන්ධානයෙත් ලේකම්වරුන් ඉවත් කළා. දිනුවත් අගමැතිකම මහින්ද මහත්තයාට දෙන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියෙම කිව්වා. අන්තිමේ දී අපේ පාක්ෂිකයන් අතරමං කරලා එක්සත් ජාතික පක්ෂයට බලය අරන් දුන්නා.

අපේ පක්ෂ මේ තරමින් හරි දිනුවේ මහින්ද මහත්තයා සහ එතුමා වටා හිටපු සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් නිසා මිසක් ඔය පිං ඇමැතිලා නිසා නෙමෙයි. හොඳට බලන්න මහින්ද මහත්තයා පාවා දීලා මෛත්‍රී සරණ ගිය එක අපේක්ෂකයෙක්වත් පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඒ නිසා තමයි ජාතික ලයිස්තුවට පැරදුණ මන්ත්‍රීන් දාලා තමන්ට කණ්ඩායමක් හදාගන්න ‍සිරිසේන මහත්තයට සිද්ධ වුණේ.

මහින්ද මහත්තයා එක්ක ඉන්නවා කියලා ජනතාවට පෙන්නලා යටින් ඩීල් දාලා පාර්ලිමේන්තු ආපු කීපදෙනෙක් නම් ඉන්නවා. ඒ අය හිතන් ඉන්නේ ජනතා ඡන්දෙන් ආවා කියලා. හැබැයි ඕවා මහින්ද මහත්තයට ලැබුණු ඡන්ද මිසක් තමුන්නාන්සේලාට ලැබුණු ඡන්ද නෙමෙයි. ඒ හින්දා තමුන්නාන්සේලා දිනුවත් පරාද වෙච්ච කණ්ඩායමක්. ඒක ඊළඟ මැතිවරණයේ දී හොඳින් බලා ගන්න පුළුවන් වෙයි.

අද සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට එන්න තියෙන එකම තැන ඒකාබද්ධ විපක්ෂය විතරයි. පක්ෂය සහ පාක්ෂිකය්න පාවා දෙන අයගේ හෙවණට ගියොත් වෙන දේ ජනතාව අද හොඳින් දන්නවා. ඒ නිසා නැවත වරක් රැවටෙන්න ජනතාව සූදානම් නැහැ. ඒ නිසා අපි පිං ඇමැතිලාට, කොන්ද පණ නැති උන්නැහෙලාට කියන්න කැමැතියි කටු සූප්පන්න ගියාට කමක් නැහැ බුරන්න එන්න එපා කියලා. එහෙම වුණොත් ගෙදර යන්න ‍වෙන දවස වැඩි ඈතක නෙමෙයි කියලා මතක තියා ගන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දුමින්ද දිසානායක එම තනතුරින් ඉවත් කර ඒ සදහා වෙනත් කෙනෙකු පත්කිරිමට තමන්ගේ අවධාණය යොමුවි ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය බත් එලයන් කැදවා පවසා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.පළාත් පාලන මැතිවරණය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආසන සංවිධායකයින් සම්බන්ධයෙන් කල සාකච්ඡාවේදි සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා හැටියට නිකුත් කරන තින්දු භාර ගැනිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නමුත් පක්ෂය සමග නොමැති අය සුදානම් නැති බව තමන් සමග පවසා ඇති බවයි.

තමන් රටපුරා විවිධ වැඩසටහන් සදහා සහභාගි විම සදහා යන අවස්ථා වලදි හමුවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පැරණි සමාජිකයන් ශ්‍රීලනිපයේ මහා ලේකම්වරයාගේ දුර්වල කම සම්බන්ධයෙන් ප්‍රශ්ණ මතුකරන බවත් ඒ හේතුවෙන් නව මහා ලේකම්වරයෙකු පත්කිරිමට ඉදිරියේදි ශ්‍රීලනීප මධ්‍යම කාරක සභාව කටයුතු කලයුතු බවද සිරිසේන ජනාධිපති පෙන්වා දි තිබේ.එම අවස්ථාවේදි මෛත්‍රී පිළේ කිහිප දෙනෙකුම ප්‍රශ්ණ කර ඇත්තේ දැනට ශ්‍රීලනිපයේ ජනපති කදවුර නියෝජනය නොකරන කෙනෙකු ඒ සදහ පත්කිරිමට සුදානමක් ඇද්ද යන්නයි. එයට පිලිතුරු දෙමින් සිරිසේන ජනපති පවසා ඇත්තේ “අපී…බලමු….දැන්නම ඒ ගැන කියන්න විදියක් නෑ…. හිටං …. ” යනුවෙනි.

අදාළ සාකච්ඡාව සදහා දුමින්ද දිසානායක සහභාගි වි නොසිටි අතර පසුව මෛත්‍රී ඇතුලු කණ්ඩායම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේන අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආසන සංවිධායක ධුර දරමින් පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහාය ලබා නොදෙන ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුම දෙනා වහාම එම ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරිමට කටයුතු කලයුතු බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ජනපතිට යොජනා කර තිබේ.

මැතිවරණ කොට්‌ඨාස රැසක පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් මේ නිසා උද්ගතවී ඇති බවත්, මේ නිසා , පක්ෂයට සහය නොදෙන සංවිධායකවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂය තීරණය කර ඇති බවත් , පත් කරන නව ආසන සංවිධායකවරුන්ගේ නාම ලේඛනය සකස් කර ඇති බවද මහින්ද ජනපතිට පවසා තිබේ.

ජනපතිද එයට එකඟතාව පලකර තිබේන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රීලනීප මධ්‍යම කාරක සභාවේ අනුමැතිය වහාම ලබාගන්නා ලෙසටද නියෝග කර තිබේන බව අප දේශපාන වාර්තාකරු අනාවරණය කළා.

Top