ව්‍යවස්ථාව ගැන ජාතිකවාදී බලවේග දක්වන උනන්දුව කිසිසේත් ම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයත් ඊනියා වාමාංශික බලවේගත් සයිටම්, බැඳුම්කරය ආදිය ගැන දක්වන උනන්දුවෙන් සුළු කොටසක්වත් ව්‍යවස්ථාව ගැන නෙදැක්වීම කණගාටුදායකයි. රටේ ප්‍රධාන ම ප්රශ්නය ව්‍යවස්ථාවයි. ජාත්‍යන්තර සුපිරිව්‍යුහය මේ ආණ්ඩුව (රනිල් සුමන්තිරන් ආණ්ඩුව) බලයට පත් කෙළේ ම රට දෙකඩ කරන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි. අනෙක් සියළු ප්‍රශ්න ද ආණ්ඩුව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා සුදුසු පරිදි යොදා ගනීවි.
එහි දී භිෂණය ද යොදා ගැනීමට ඇති ඉඩකඩ ඉතා අධිකයි. භිෂණය වැපිරීම සඳහා සයිටම් හොඳ තෝතැන්නක්. සයිටම් සඳහා විසඳුමක් දීම ඉතා වැදගත්. අද එය සයිටම් සිසුන්ගේ සායනික පුහුණුව ඇතුළු ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් පමණයි. ඊනියා උපාධි කඩ කතාව හැඟීම් ඇවිස්සීම සඳහා දේශපාලනඥයන් කරන ප්‍රකාශ පමණයි. සයිටම් උපාධි කඩයක් වන්නේත් කොතලාවල ආරක්ෂක හා විවෘත විශ්වවිද්‍යාල උපාධි කඩ නොවන්නේත් කෙසේ දැයි පඬියකු තේරුම් කර දෙන්නේ නම් හොඳයි. කඩ ඇත්තේ පෞද්ගලික අංශයේ පමණ ද? සයිටම් සඳහා අප විසඳුම් ඉදිරිපත් කර ඇති. ඒවා සාකච්ඡාවට ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. පසුගිය දා උසස් අධ්‍යාපන ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ව්‍යවස්ථාව ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කරන බවයි. ඔහු ඒසේ කියන්න ඇත්තේ සභානායක ලෙසින් විය යුතුයි. සම්බන්ධන් ද කාලයක් තිස්සේ ජනමත විචාරණයක් ඉල්ලනවා. එසේ කරන්නේ රනිල්ගේ අවශ්‍යතාවට. රනිල් සුමන්තිරන් ආණ්ඩුව ජනමත විචාරණයක් සඳහා සූදානම් වන බව පැහැදිලියි.
ආණ්ඩුව ජනමත විචාරණය භීෂණය මැද පැවැත්වීමට ඉඩ තිබෙනවා. එහි දී අපට සැනසිය හැකි කරුණු දෙකක් තිබෙනවා. එකක් පසුගිය දා මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය. ඔහු කියා සිටියේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවටවත් කාටවත් ජනවරමක් නැති බවයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මන්ත්‍රී ධුර 150ක් තබා 113ක්වත් එ ජා පෙරමුණට ලැබුණේ නැහැ. අනෙක් කරුණ මෛත්‍රිපාල සිරිසේන ඊනියා පොදු අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමේ දී ජනමත විචාරණයකට යෑමට අවශ්‍ය නොවන කරුණු සම්බන්ධයෙන් පමණක් ව්‍යවස්ථා සංශෝධනයක් කරන බවට දුන් පොරොන්දුවයි. ඔහු නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමක් ගැන කිවුවේ නැහැ. ඔහුට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටවත් ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමටවත් අයිතියක් නැහැ.
එහෙත් රනිල් චන්ද්‍රිකා ඔහු මත බලපෑම් කිරීමට ඉඩ තිබෙනවා. මෛත්‍රිපාල ඔවුන්ගේ සිරකරුවකු නොවිය යුතුයි. මෛත්‍රිපාල ජනාධිපති වූයේ එ ජා ප, දෙමළ ජාතික සංධාන හා මුස්ලිම් කොංග්රස් ඡන්ද මගින් බව ඇත්ත. එහෙත් ඔහු අද ජනාධිපති. ඔහු ඉවත් කිරීමට ඒ පක්ෂවලට බැහැ. එසේ ම ඔහුගේ ශක්තියට ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී ඉදිරිපත් කරන ලද ප්‍රකාශය. එහි කියැවෙන්නේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් නොකරන බවයි. සිංහල බෞද්ධ විරෝධී රනිල්ට හා දෙමළ ජාතිවාදීන්ට එරෙහිව මෛත්‍රිපාලට තම ජනාධිපතිවරණ ප්‍රකාශය ඉදිරිපත් කළ හැකියි. එසේ කරන්නේ නම් ඔහුට ඒකාබද්ධ විපක්ෂයේ සහාය දිය යුතුයි. ඔහු ආප්ප මගින් කළ පාවාදීම අමතක කරන්න බැහැ. එහෙත් ඔහු ජනමත විචාරණයකට විරුද්ධ නම් එහි දී ඔහුට සහාය දිය යුතුයි.
අගෝස්තු මැතිවරණයේ දී සංධානය ඉදිරිපත් වූයේත් ව්‍යවස්ථා සංශෝධනයකට පමණයි. ඔවුන්ට අද ඒකාබද්ධ විපක්ෂයේ සිටියත් මෛත්‍රිපාලගේ මැති ඇමතිවරුන් ලෙස සිටියත් නව ව්‍යවස්ථා සම්පාදනයකට එකඟ වීමට බැහැ. අද නව ව්‍යවස්ථා විරෝධී පුළුල් පෙරමුණක අවශ්‍යතාව පැන නැගී තිබෙනවා. අද කෙරී ගෙන යන්නේ නව ව්‍යවස්ථා සම්පාදනයක්. එහි දී කසිකබල් මාක්ස්වාදීන් ද ඇතුළු සිංහල විරෝධී කණ්ඩායම් එක පිළක ඉන්නවා. අපට අද ඇත්තේ මේ කණ්ඩායම් පරාජය කිරීමේ කාර්යය මිස මීළඟ ජනාධිපතිවරණයට සූදානම් වීම නො වෙයි. නව ව්‍යවස්ථාවෙන් අගමැතිට බලය ගෙන දේවි. එවිට ජනාධිපති වීමත් හිස් බලාපොරොත්තුවක් පමණක් බවට පත් වේවි.
ආණ්ඩුවේ ඕනෑම ක්‍රියා මාර්ගයකට අප සූදානම් විය යුතුයි. ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් ඇති කිරීම ම වැරදියි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම හෝ කළ යුත්තේ පවත්නා ව්‍යවස්ථාවට අනුකූලවයි. එසේ කළ නොහැකි වූ එක් අවස්ථාවක් පමණක් තිබුණා. ඒ සෝල්බරි ජෙනිංග්ස් ව්‍යවස්ථාවෙන් ජනරජ ව්‍යවස්ථාවකට මාරු වීමේ දී. අපට එය එංගලන්ත පාර්ලිමේන්තුව මගින් කිරීමට නොහැකි බැවින් බණ්ඩාරනායක මැතිණිය ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවා එමගින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළා. ඒ සඳහා 1970 දී ඇයට ජනවරමක් ද ලැබී තිබුණා. නව ව්‍යවස්ථාව එදා එංගලන්ත පාර්ලිමේන්තුව ඇති කළ මෙරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ.
අද ආණ්ඩුව නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් පුළුවන්. නොකර සිටින්නත් පුළුවන්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් ඡන්ද තුනෙන් දෙකක් නොදීමට කටයුතු කළ යුතුයි. එය කළ හැක්කේ මොන තරම් භේද තිබුණත් සංධානයේ මන්ත්‍රීවරුන් අඩුම තරමෙන් හැත්තෑහය දෙනකු එකට සිටීමෙන් පමණයි. අනෙක් අතට ආණ්ඩුව බණ්ඩාරනායක මැතිණියගේ උදාහරණය ගනිමින් පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාව ඉදිරිපත් නොකර කෙළින් ම ජනමත විචාරණයකට යොමු කිරීමට කටයුතු කරන්න පුළුවන්. මැතිණියගේ කාලයේ ජනමත විචාරණයක් පැවැත්වීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබුණේ නැහැ. එබැවින් එදා නොකළත් අද ජනමත විචාරණයක් පැවැත්වීමට හැකි බව පැවසීමට ඉඩ තිබෙනවා. එහෙත් ජනමත විචාරණයක් පැවැත්විය යුත්තේ පවත්නා ව්‍යවස්ථාව අනුවයි. එසේ නම් ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුත්තේත් පවත්නා ව්‍යවස්ථාව අනුවයි. ආණ්ඩුවට තමන්ට අවශ්‍ය පරිදි කබරගොයා තලගොයා කිරීමට ඉඩ දෙන්න බැහැ. එකල හා මෙකල සංසන්දනය කිරීමේ දී වෙනස්කම් අමතක කිරීමට ඉඩ දෙන්න බැහැ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ප්රශ්නය හා සයිටම් ප්රශ්නය අතර වෙනස තේරුම් නොගෙන සටන් පාඨ කීමත් වැරදි සංසන්දනයක්.
ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතු කිරීමට සංධානයේ මන්ත්‍රීවරුන් එකඟ වීමෙන් කර ඇත්තේ වැරුද්දක්. අදවත් ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්වීමට කටයුතු කරන්නේ නම් හොඳයි. අප කියන තරම් ඉක්මණට එවැනි පියවර ගැනීමට නොහැකි බව අප දන්නවා. එහෙත් ඒ සඳහා තුඩු දෙන පියවර එකින් එක ගැනීම වැදගත්.
නලින් ද සිල්වා
2017 පෙබරවාරි 14
ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය තමා සතු කර ගැනීමට වෙල් විදානේ ෆෝන්සේකා ගිනී පෙලෙල්ල වතුරේ ඔබා රනිල්ගේ සිරිකොත ගුබ්බැයමට රිංගා ගත් මන්ත්‍රීකම සහ ඇමතිකම ලගදිම අවසන් විමට නියමිතව තිබේන බවට අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්විමෙන් අනතුරුව නීතිඥ අජිත් ප්‍රසන්න කල ප්‍රකාශය අනුව තහවුරු වේ.
එහිදි නීතිඥ අජිත් ප්‍රසන්න අවධාරණය කළේ “රීට් ආඥාවකදි නීතිපති නෙමෙයි ඇවිල්ලා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නට ඕනේ ආදාල පාර්ශවය එනම් සරත් ෆොන්සේකා”
නීතිපති හොම්බ නොදැම්මොත් ෆොනීගේ මන්ත්රීකමට… by lnwtoday
ලසන්ත වික්‍රමතුංග ඝාතන පරිකෂණ වෙනත් දිසානතියකට යොමුකරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වරදකරුවෙකු කිරිමේ මෙහෙයුමේ නියැලී සිටින් රනිල්ගේ ජෙම්ස් බොන්ඩා හෙවත් මිලේනියම් සිටි පාවාදුන් පොලිස් අධිකාරී ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ ජාතික පොලිස් කොමිෂමට නියෝග කර තිබේ.ඒ අනුව ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම උසස්වීම් ක්‍රියාත්මක කර ඇති අතර එය 2015 වසරේ අගෝස්තු මස 25දා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මකයි.
කවුද මේ දේශද්‍රෝහි ශානි අබේසේකර
2002 වර්ෂයේදි එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රේමදාස උඩුගමිපොළ නමි ?***** එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කිරිමෙි කුමන්ත්‍රණයක් ඇති බවට පවසා අගමැතිවරයා හට ව්‍යාජ තොරතුරු ලබා දෙමින් තම පොලිස්පති සිහිනය සැබෑ කර ගැනිමට කිසිදු පිළිගත හැකි සාකෂි නොමැතිව එවකට එල්ටිිටිඊ ත්‍රස්ථයන්ට එරෙහිව රහසිගත මෙහෙයුමි සිදු කළ හමුදා සන්නද්ධ බුද්ධි බළකායට අයත් මිලේනියමි සිටි ආරකෂිත නිවාසය වටලා එහි සිටි බුද්ධි නිළධාරින් හා තොරතුරුකරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබිය. එදා පාදඩ සුනඛ උඩුගමිපොළ සිදු කළ ක්‍රියාව හේතු කොට ගෙන සිය ජාතික යුතුකම ඉටු කිරිම සදහා ක්‍රියාකාරි ලෙස ත්‍රස්ථ මර්ධන ක්‍රියාන්විත වළ නිරතව සිටි දකෂ බුද්ධි නිළධාරින් පිළිබද සියළු රහස් හෙළි කරනු ලැබිය. එහි ප්රථිපළයක් ලෙස එම දකෂ බුද්ධි නිළධාරින්ට හා තොරතුරුකරුවන්ට එල්ටිටිඊ ත්‍රස්ථයින්ගේ වෙඩි උණ්ඩයට බිලි විමට සිදුවු අතර තවත් පිරිසකට තම මවි රට හැර යැමට සිදු විය. මෙි හේතුවෙන් එල්ටිටිඊ ත්‍රස්ථයින් හට සන්නද්ධ බුද්ධි බළකාය අඩපණ කොට තම සංවිධානයේ ශක්තිය සිය ගුණයකින් වැඩි කර ගැනිමට හැකියාව ලැබුණි. මෙම ක්රියාවළිය එවකට ජන සමාජයේ ඛෙහෙවින් කථාබහට ලක් වු සිදුවිමක් වු අතර එයට මිලේනියමි සිටි මහා පාවාදිම වශයෙන් ව්‍යාවහර කරන්නට සාමාන්‍ය ජනතාව පෙළඹුණු අයුරු සියළු දෙනාට අද මෙන් මතක ඇති බව නිසැකය.
පසුව මෙි සමිබන්ධයෙන් එවකට රාජ්‍ය අමාත්‍යවරයාව ලෙස කටයුතු කළ තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදි කථා කරමින් සිය කණස්සල්ල පළ කර තිබුණි . තවද මෙහි අතුරු ඵලයක් ලෙස විශාල රාජ්‍ය රහස් සතුරා අතට පත් වු අතර, එල්ටිටිඊ සංවිධානයට හිසරදයක්ව සිටි ප්රබළ බුද්ධි නිළධාරියෙකුව සිටි කර්නල් මුතාලිෆ් වැනි විරුවන් දැයට අහිමි විය.
මොහුගේ මෙම ක්‍රියාවළියෙන් අඩපණවු හමුදා බුද්ධි අංශය එවකට ශේෂව සිටි දකෂ බුද්ධි නිළධාරින් කිහිපදෙනෙකු විසින් යළිත් ජිවය ලබාදි ලොව අංක එකේ ත්‍රස්ථයින් ලෙස සැළකු එල්ටිටිඊ සංවිධානය සදහටම තුරන්කරන්නට ක්‍රියාකළහ. එම දකෂ බුද්ධි නිළධාරින් අතරින් වර්තමාන බුද්ධි අධකෂවරයාද ප්රමුඛ කාර්්‍යභාරයක් ඉටු කරන ලද අයෙකු වේ.
එදා උඩුගමිපළගේ අඩිපාරේ යමින් මෙදා අපරාද පරික්ෂන දෙපාර්තමෙන්තුවෙි සේවයෙ නියුතු ශානි අඛෙිසේකර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සමිබන්ධයෙන් බුද්ධි අංශය සමිබන්ධ කිරිමට දැඩි පරිශ්‍රමයක් ගන්නා අයුරු පෙනි යන අතර මෑතකදි ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගත් බුද්ධි අංශ බළලත් නිළධාරියාගේ ඡායාරූපයට ලසන්ත වික්‍රමතුංග ඝාතකයාගේ රුව සමාන බව චෝදනා එල්ලකලද එම ඡායාරූපය ශානි අඛෙිසේකරට බොහොසේ සමාන බව පහත දක්වා ඇති ඡායා රූපයෙන් මනාව පැහැදිලිවෙි.මෙම සත්‍යතාව මාධ්‍ය හරහා ප්‍ර්‍රවාරය විම වැලැක්විමට මෙහු මහත් පරිශමයෙදෙන බව ඉතාගොදින් පැහැදිලි වෙි.
තවද ඔවුන් මෙම සිදුවිම මෙරට සංස්කෘතිට සංකර සිරිත් විරිත් හඳුන්වා දෙමින් ලාංකිය ජනමනස විකෘති කිරීමේ මෙහෙයුමක නිරත බහු ජාතික සමාගමි කරුවන්ට අයත් රූපවාහිනි නාලිකාවක් වශයෙන් නමි දරා සිටින එල්ටීටීඊ සංවිධානට පකෂක්ග්‍රාහිලෙස පුවත් වාර්තා කරණයක නිරතව සිටි කූපප්‍රකට රජාගේ නාළිකා හා පාදඩ වෙබි මාධ්‍ය කලාවක නිරත වෙබි මාධ්‍ය පුවත් ආයතනයක් හා සමිබන්ධ වෙමින් මෙම කාරනය ජනතාවගෙන් වසන් කිිරිමට කටයුතු සිදු කරන බවට ලියුමිකරුට වාර්තා වි ඇති අතර මෙම ඝාතනය බුද්ධි අංශයට පැවරිමට මුදලට කහින නිතිඥයන් යැයි කියාගන්නා පිරිසක් වෙරදරන බවද පෙනේ තවද මෙම සිද්දියට සමිබන්ද නියම සැකකරුවන් සැගවිමට කටයුතු කරන බවත් ඒතුලින් හමුදා බුද්ධි අංශය ට එම වරද පැටවිමට උත්සහ කරන බව ගැහැදිලිවේ.
එදා උඩුගමිපළ මිලේනියමි සිටි පාවාදිම තුළින් සිදුකළ බුද්ධි අංශයේ මහා පාවා දිමට නොදෙවෙනි අයුරින් මෙදා ඔහු අනුගමනය කරමින් ශානි අඛෙිසේකරද බුද්ධි අංශ පාවා දිමට සැරසෙන අයුරු ඔහුගේ ක්‍රියාවන් තුළින් දැක ගත හැක . තවද ඔහු තම ජේ්‍යෂ්ඨයින් පරයා නැගි සිටිමින් පොලිසියේ ඉහළම පුටුවට දත නියවන මොහුට උඩුගමිපළට සිදුවුදේම ඉතා ඉක්මනින් සිදුවනු නොඅනුමානයි. අමිබලන්ගොඩ ප්‍රදේශයේ ඉපිද සාමාන්‍ය පෙළ හැදෑරිමෙන් පසු පොලිස් විශේෂ කාර්්‍ය බළකායට එක්වි ඉන් අනතුරුව රහස් පොලිසියට එක්වන මොහු එහි නියෝජ්‍ය අධ්‍යකෂකවරයා හා අධ්‍යකෂවරයා අභිබවමින් සිය හිතගියාවන් සහ වරප්‍රසාද වෙනුවෙන් රට ජාතිය පාවා දිමට ක්‍රියා කරන අයුරු මොහුගේ හැසිරිමෙන් මොනවට පැහැදිලි වෙි.කෙසේ වෙතත් එදා උඩුගමිපළ මෙන්ම මෙදා ශානි අබේසේකර ජාතික ආරකෂාව තුටිටුවකට මායිමි නොකොට සිදු කරන මෙම ක්‍රියාතුළින් රටත් ජාතියත් සදාතනික අන්ධකාරයකට වැටෙනු නොවනු මානය. එබැවින් තම පෞද්ගලික අභිමතයන් හා වරප්‍රසාධයන් පසෙකලා වගකිමකින් යුතුව රටෙිත් ජාතියේත් ආරකෂාවට හා ප්රගමනයට තම දායකත්වය ලබා දෙන ලෙස සියළු පොලිසියේ නිළධාරින් හා වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින අතර රට ජාතිය පාවා දෙන්නන් වෙතොත් ඔවුන් සදා තනික කුණු බක්කියට දැමිමට කටයුතු කරන මෙන් දේශමාමක ඔබලාගෙන් අයැද සිටිමි.
තවද ලසන්ත වික්‍රමතුංග ඝාතන පරිකෂණ වෙනත් දිසානතියකට යොමුකිරිමට උත්සහ දරණ ශානි අබේසේකර එම පරිකෂණ කටයුතු වලින් ඉවත් කොට පොලිසියේ කිර්ති නාමය සුරකිය හැකි නිර්දේශපාලනිකරණයෙන් තොර අවංක සෘජු තිරණ ගත හැකි පොලිස් නිළධාරියකු පති කිරිම වඩාත් යෝග්‍ය යනු අති අතර එමගින් පොලිසියේ කීර්ති නාමයක් රටෙි අනාගයත්, ආරකෂාවත් සුරකෂිත කර ගත හැකි වනු ඇතැයි පෙන්වා දිමට කැමැත්තෙමි. තවද එවන් පොලිස් නිළධාරින් ඔිනෑ තරමි පොලිස් දෙපාර්තමෙින්තුවෙි සිටින බව පැවසි යුතුමය.
වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් පිහිටුවා ඇති අධිකාරියට පත් කර තිබෙන සභාපතිවරයා ඇතුළු නිළධාරීන් තුන් දෙනකු ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) ජනාධිපතිවරයාට නියෝග කර තිබේන බව අනාවරණය වේ.
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර මුලස්ථාන කොටගත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) රජයෙන් ඉල්ලා ඇත්තේ සභාපති සුහද ගම්ලත්, යසන්ත කෝදාගොඩ සහ නන්දන මුණසිංහ යන තිදෙනා වහාම අධිකාරියෙන් වහාම ඉවත් කරන ලෙසයි.
මේ අතරින් එක් අයකු හෝ වධහිංසා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන බවට එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වන වග ITJP 13 සඳුදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් හරහාද සදහන් කර තිබේන අතර ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට වසරක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට පිහිටුවන ලද වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට පත් කරන ලද නිලධාරීන් අතරින් දෙදෙනකු අත් අඩංගුවේදී වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් වගකිවයුතු අතර අනෙක් නිලධාරියා සාක්ෂි වසන් කිරීමට ක්‍රියාකාරීව මැදිහත් වූ බවටද චෝදනා කර තිබේ.
සභාපති සුහද ගම්ලත් හිටපු පුනරුත්ථාපන කොමසාරිස් ලෙසින්ද, හිටපු නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්යක්ෂවරයකු ලෙසින්ද වධහිංසා පැමිණවීම සම්බන්ධ වගකීමෙන් බැඳෙන නිලධාරීන් වන අතර අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ ආරක්ෂක අංශ වලට එරෙහිව සාක්ෂි දීමෙන් සාක්ෂිකරුවන් වලක්වා ලීමේ කාර්යභාරයක් ඉටුකළ බවට ස්වාධීන ජාත්‍යන්තර විද්වතුන් විසින් චෝදනා නගනු ලැබූ අයකු බව ITJP පෙන්වා දෙයි.
2006 මාර්තුවේ මුතුර්හිදී ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 17 දෙනකුගේ ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයැවීමේදී ශ්‍රී ලංකා හමුදාව ආරක්ෂා කිරිම් සදහා මෙම කණ්ඩායම කටයුතු කරන බවත් ඒ හරහා යහපාලනය වරදකරුවන්ට දඩුවම් දිමට දුන් ජාත්‍යන්තර ප්‍රතිඥාව බිදවැටි ඇති බවද පෙන්වා දි තිබේ.
යමපාලනය යටතේ අරක්කු වෙළඳාම 28%කින් වර්ධන වි ඇති බවත් ආණ්ඩුවට මින් වාසි දෙකක් තියෙනවා. ජනතාව දෙකක් ගහලා මත්වෙලා ඉන්න තරමට ආණ්ඩුවට පිස්සු කෙළින්න ලේසි. දෙවෙනි කාරනය තමයි විස මත් වතුර පොවලා ඇලෝසියස් සල්ලි සොයන්නේ 2020 ජනාධිපතිවරණයේ එජාප අරමුදලට. අපරාදේ කියන්න බෑ. විනිවිද භාවය තියා ගන්න අරක්කු සල්ලි 2020 ජනපතිවරණ අරමුදලට කියන එක අරක්කු බෝතලයේම මුද්‍රණය කරලා තිබෙනවා. මේ 2020 කියලා ගහලා තිබෙන්නේ ඒ පණිවිඩය වෙනුවෙන්.අද දින පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා අනාවරණය කළා.
2020 ජනපතිවරණයට ඇලෝසියස් අරක්කු වලින් අරමුදල් සොයයි
ජනපතිවරණයේ දී කිව්වේ මතින් තොර රටක් කියලා. දැන් මොකද වෙලා තිබෙන්නේ? යමපාලනය යටතේ අරක්කු වෙළඳාම 28%කින් වර්ධනය වෙලා. 2014 දී මාසික අරක්කු වෙළඳාම ලීටර් මිලියන 74යි. 2016 දී මාසික අරක්කු වෙළඳාම ලීටර් මිලියන 94යි. ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමේ අරක්කු වෙළඳාම ලීටර් මිලියන 2.9 සිට 9.7 දක්වා 300%කින් වර්ධනය වෙලා.
මේ දැවැන්ත වර්ධනයට හේතුව යමපාලකයින්ගේ අරක්කු හිතවාදි බදු ප්‍රතිපත්තිය සහ කාලේ කුප්පි වසංගතය. දැන් මගේ අතේ තිබෙන මෙන්ඩිස් සමාගමේ කාලේ කුප්පිය රු220යි. පාන් ගෙඩි හතරක සැමන් ටින් දෙකක මුදලට අරක්කු බෝතලයක් ගන්න පුළුවන්. පහසුවෙන් මිළ දී ගන්න වගේම සාක්කුවේ දා ගෙන පහසුවෙන් ගෙනි යන්නත් පුළුවන්. මේ බෝතලයේ ඉලක්කය වී ඇත්තේ පාසල් දරුවන්. පාසල් දරුවන් අතර සීග්‍රයෙන් අරක්කු පානය වැඩි වෙන්න මේ කාලෙ කුප්පිය බලපාලා තියෙනවා. පසුගිය දෙවසරක කාලය තුල අරක්කු අලවිය 28%කින් සහ මෙන්ඩිස් සමාගමේ අරක්කු අලවිය 300% ඉහල යන්නේ. මොකද මෙන්ඩිස් සමාගමේ අරක්කු අලවියෙන් 60% ක් මේ කාලෙ කුප්පි වෙළදාම.මේවා පුංචි මුදලකට ගන්න පුළුවන් වගේම සාක්කුවේ දාගෙන හොරෙන් ගෙනි යන්නත් පුළුවන්. ඒ වගේම පාසල් දරුවන්ට ආකර්ෂණීය ක්‍රිකට් පන්දුවක රූපයක් ලේබලයේ තිබෙනවා.පාසල් දරුවාගේ ක්‍රිකට් ආකර්ශනය අරක්කු ආකර්ශනය බවට පෙරලා ගැනීම සදහා තමයි මේ උත්සහය.
අතීතයේ අපිට මතින් තොර රටක් තිබුනේ. පන්සිල් රකින රටක් තිබුනේ. සුද්ද ඇවිත් අපිට සිගරට් අරක්කු පුරුදු කරද්දි මුලින්ම අපිට නොමිලේ දුන්නා. පිරිවැයටත් වඩා අඩු මිලට දුන්නා. එහෙම ඇබ්බැහි කලාට පසුවයි අද මේක මහා ජාවාරමක් වෙලා තියෙන්නේ.
මෙන්ඩිස් සමාගමේ මේ අරක්කු කුප්පියේ මිල දිගින් දිගටම පහත වැටෙනවා. පෙබරවාරි 07 දා කුප්පියේ මිළ 250/- සිට 220/- දක්වා පහත දැම්මා. බැඳුම්කර වංචාවෙන් ඉපැයූ ලාභ භාවිතා කරලා මිළ පහත දමමින් කුප්පිය දරුවන් අතරේ ජනප්‍රිය කරවීමේ ව්‍යාපෘතියක මේ සමාගම සිටින බව පේනවා. සුද්දා සිගරැට් සහ අරක්කු මෙරට ජනතාවට පුරුදු කලෙත් මුලින්ම නොමිලේ දීලා. නැතිනම් අසාමාන්‍ය ලෙස මිළ පහත දමලා. අද මෙන්ඩිස් සමාගම යොදා ගන්නෙත් ඒ උපායමයි.
ලෝකය පුරා බියර් වැනි සැර අඩු මත්පැන් මත අය කරන්නේ අරක්කු වැනි සැර මත්පැන් මත අය කරන බද්දට වඩා අඩු බද්දක්. මම නම් බියර් සහ අරක්කු දෙකටම විරුද්ධයි. නමුත් දෙකම තහනම් කරන්න බැරි නම් කළ යුත්තේ විස අඩු පානයට ජනතාව යොමු කිරීමයි. ලංකාවේ තිබුණෙත් එවැනි බදු ප්‍රතිපත්තියක්. නමුත් පසුගිය වසර දෙකේ දී අරක්කු මත පැන වූ බදු වලට වඩා බියර් මත බදු පැනවීමෙන් බියර් පානය කළ අයත් අද අරක්කු වලට යොමු වෙනවා. ලංකාවේ බියර් කෑන් එකක් ගන්නා මුදලට අරක්කු කුප්පි දෙකක් ගන්න පුළුවන්. බියර් වෙලද පොළ තුනෙන් එකකින් මේ වන විට කඩා වැටී තියෙනවා.
ආණ්ඩුවට මින් වාසි දෙකක් තියෙනවා. ජනතාව දෙකක් ගහලා මත්වෙලා ඉන්න තරමට ආණ්ඩුවට පිස්සු කෙළින්න ලේසි. දෙවෙනි කාරනය තමයි විස මත් වතුර පොවලා ඇලෝසියස් සල්ලි සොයන්නේ 2020 ජනාධිපතිවරණයේ එජාප අරමුදලට. අපරාදේ කියන්න බෑ. විනිවිද භාවය තියා ගන්න අරක්කු සල්ලි 2020 ජනපතිවරණ අරමුදලට කියන එක අරක්කු බෝතලයේම මුද්‍රණය කරලා තිබෙනවා. මේ 2020 කියලා ගහලා තිබෙන්නේ ඒ පණිවිඩය වෙනුවෙන්.
මේ ප්‍රවණතාවය ඉදිරියට ගියොත් අපේ තරුණ පරපුරම බේබද්දන් වීම නතර කරන්න බෑ. රටම මත් වී සිටියොත් තමන්ට රිසි පරිදි පිස්සු කෙලින්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා ද දන්නේ නෑ. ජනාධිපතිතුමනි, ඔබතුමා කතා කරන්නේ මතට තිත. නමුත් ආණ්ඩුව ක්‍රියා කරන්නේ තිතට මත. ජනාධිපතිතුමනි, ඔබතුමා ඇත්තටම මතින් තොර රටක් පතනවා නම් වහාම අරක්කු කුප්පි වෙළඳපොලෙන් ඉවත් කිරීමටත් සැර අඩු මත්පැන් වලට වඩා අරක්කු මත තිබෙන බදු ඉහළ නැංවීමටත් කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා.
මංගල කිනම් රටක විදේශ ඇමති ද යන ප්රශ්නය අසන්නට සිදුවෙලා. ජෙනිවාහි දී බටහිර රටවල් එකතු වී ලංකාවට විරුද්ධව ගෙන ආ රණවිරු දඩයම් යෝජනාවකට ඔහු අනුග්‍රහය දැක්වූවා. ඒ සඳහා ඔහුට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය තිබුණා ද? අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතියි. ජනාධිපති මංගලගේ අනුග්‍රහය ගැන දැන සිටියේ ද? ජනාධිපති ඒ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි. රනිල් හා මංගල එකතු වී මෛත්‍රිපාලට නොදන්වා මෙරට විදේශ ප්‍රතිපත්තිය සකස් කරනවා ද? කොහොමටත් මෛත්‍රිපාලට ජනාධිපති ලෙස තම වගකීමෙන් ගැලවෙන්න පුළුවන් ද?
දැන් මංගල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊනියා මානව හිමිකම් සංවිධානයේ සැසියට ලබන මාසයේ ගොස් ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලන බව කියා තිබෙනවා. මංගල මේ ප්‍රකාශ කරන්නේ ජනාධිපතිගේ අනුමැතියෙන් ද?
තම පාසලේ උසස් පෙළ පංතියක ඉගෙන ගත් බවට ආරංචියක් නැති උසස් අධ්‍යාපන ඇමතිවරයා පසුගිය දා නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රි ල නි පක්ෂයේ ද සහාය ඇතිව ජනමත විචාරණයකට යන බව කියා සිටියා. උසස් පෙළ පංතියට යෑමට ඔහු සුදුසුකම් නො ලැබුවේ ද? නැත්නම් වෙනත් හේතුවක් නිසා පාසල හැර ගියා ද? උසස් පෙළ පංතියක ඉගෙන ගැනීම සුදසුකමක් ලෙස මා සලකන්නේ නැහැ. එය බොහෝ විට නුසුදුසුකමක්. අප බටහිරයන් සේ සිතීමට පුරුදු කරන්නේ වැඩි වශයෙන් ම උසස් පෙළ පංතියේ.
මංගල කොහොමත් හිතන්නේ සිංහල බෞද්ධයකු ලෙස නො වෙයි. ඔහු වරක් පුංචි බොරැල්ල සම්බන්ධ සිද්ධියක දී බුදු පිලිම වහන්සේ නමක් බෙල්ලෙන් අල්ලා ගෙන සිටියා. ඔහු රතන හිමියන් ද සමග රටවැසි පෙරමුණක් අටවා ගෙන ෆෙඩරල් දීමට එහි ව්‍යවස්ථාවේ යෝජනා කළා. චම්පකලා 1994 දී මාතරට ගොස් මංගලගේ ඡන්ද ව්‍යාපාරයට ආධාර කළා. චම්පක මංගලගේ යෝජනාවට විරුද්ධ ව කිසිවක් කරන්නේ නැහැ.
ඒ කොහොම වුනත් සුසිල් ප්‍රේමචන්ද්‍ර කියන්නේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යස්ථා සංශෝධනවලට ශ්‍රී ල නි පක්ෂයේ එකඟතාවක් නැති බවයි. එසේ නම් උසස් අධ්‍යාපන ඇමති එවැනි ප්‍රකාශයක් කරන්නේ කෙසේ ද? මේ අමාත්‍ය මණ්ඩලයට සාමුහික වගකීම කියා දෙයක් නැහැ. සාමූහික වගකීම ගැන කියා දෙන්නේ උසස් පෙළ පංතියේ ද? ඒ කුමක් වුවත් ජනාධිපති ද ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සාමූහික වගකීමක් ගැන අසාවත් තිබිය යුතුයි. එංගලන්තයට නිතර යන එන ඇමතිවරුන් තමන් අනුගමනය කරන්නේ යැයි පම්පෝරි ගසන වෙස්ට්මිනිස්ටර් සම්ප්රදාය ගැන තේම්ස් ගඟේ බෝට්ටු පදින්නකුගෙන්වත් දැන ගත්තොත් නරක ද? ශ්‍රී ල නි ප සමග එක් වී ජනමත විචාරණයකට යන බව කීමෙන් කිිරිඇල්ල රාජද්‍රෝහී වී නම් නැහැ. එහෙත් මංගල හා රනිල් ගැන එසේ කියන්න බැහැ.
මංගල කියන කතාව අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන් වුනා ද? අමාත්‍ය මණ්ඩලය එයට අනුමැතිය දුන්නා ද? එසේ අනුමැතිය දී ඇත්නම් මෛත්‍රිපාල ද ඒ සම්බන්ධයෙන් වගකිව යුතුයි. මංගල කියන්නේ රණවිරුවන්ට විරුද්ධව ඊනියා යුද්ධාපරාධ චෝදනා ඉදිරිපත් කර විජාතික විනිසුරුවන් ඉදිරියේ ඒ විභාග කිරීමට තවත් කල් දිය යුතු බවයි. මෙය සම්පූර්ණයෙන් ම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යෝජනාවක්. මෙරට ජනතාවගේ පරමාධිපත්‍යයේ අධිකරණ බලය පාවා දීමක්. පරමාධිපත්‍යයට විරුද්ධ වීම පරමාධිපත්‍යය නැති කිරීම රාජද්‍රෝහි ක්‍රියාවක්.
අපට දැනගන්න අවශ්‍ය වන්නේ මේ ව්‍යවස්ථා විරෝධී යෝජනාවට බටහිරයන්ට අනුග්‍රහ දැක්වීමට අමාත්‍ය මණ්ඩලය එදා හෝ අද හෝ අනුමැතිය දුන්නේ ද යන්නයි. ව්‍යවස්ථා විරෝධී යෝජනා සම්මත කර ගැනීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නැහැ. අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථාව අනුගමනය කිරීමට හා ආරක්ෂා කිරීමට බැඳී ඉන්නවා. අමාත්‍ය මණ්ඩලය ජනතාවගේ පරමාධිපත්‍යයට විරුද්ධ යෝජනා සම්මත කිරීම රාජ්‍යයට ද්‍රෝහී වීමක්. මෙය ඉතා බැරෑරුම් කාරණයක්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස මේ ගැන විශේෂ ප්‍රකාශයක් කළ යුතුයි.
ආණ්ඩුව අද කළ යුත්තේ මේ යෝජනාවට ජෙනීවාහි දී දැක්වූ අනුග්‍රහය ඉල්ලා අස්කර ගැනීමයි. අප කාලයක් තිස්සේ කියා සිටින නමුත් ආණ්ඩුව ට්‍රම්ප් හමුවී මේ ව්‍යවස්ථා විරෝධී යෝජනාව ගැනත් කියා එක්සත් රාජ්‍යයන්ට අපේ කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වළකින ලෙස තවමත් කියා නැහැ. මංගල යෝජනාව ඉල්ලා අස්කර ගන්නවා වෙනුවට එය ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලනවා. කොටි ත්රස්තවාදීන්ගේ නියෝජිතයන් වූ දෙමළ ජාතික සංධානය යෝජනාවට කල් ඉල්ලීමටත් විරුද්ධයි. ඔවුන්ට අවශ්‍ය ව්‍යවස්ථා විරෝධී යෝජනාව වහාම ක්‍රියාත්මක කිරීමටයි. දෙමළ ජාතික සංධානයෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු වන්න බැහැ.
කරුණා අම්මාන් මඩකලපුවේ දී නව පක්ෂයක් ආරම්භ කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් කියා ඇත්තේ කොටි සංවිධානයේ අවශ්‍යතාවට දෙමළ ජාතික සංධානය ඇති කිරීමට තමන් කටයුතු කළ බවයි. මේ ප්‍රකාශය සුළුවෙන් ගතයුතු නැහැ. කොටි සංවිධානය මෙරට තවමත් තහනම් සංවිධානයක්. එසේ නම් කොටි සංවිධානය ඇති කළ දෙමළ ජාතික සංධානයට මෙරට දේශපාලනය කිරීමට ඇති අයිතිය කුමක් ද? ඒකාබද්ධ විපක්ෂය කරුණාගේ ප්‍රකාශය ගැන විධිමත් පරික්ෂණයක් කළ යුත්තේ ආණ්ඩුව ඒ ගැන කිසිවක් නොකරන බැවිනුයි. අද ඇත්තේ ඊනියා ජාතික ආණ්ඩුවක් නොව රනිල් සුමන්තිරන් ආණ්ඩුවක්. සුමන්තිරන් ඇමතිවරයකු ද නැද්ද යන්න වැදගත් නැහැ.
අද රනිල් මෙන් ම මංගල ද ඉවත් කිරීමට අවස්ථාව එළඹිලා. ඒ ප්‍රධාන වශයෙන් ම ව්‍යවස්ථා විරෝධී ක්‍රියා සම්බන්ධයෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වගන්තිය යටතේ ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලය වෙනස් කළ හැකියි. අමාත්‍ය මණ්ඩලයට අගමැතිත් අයත් වෙනවා. 43 (3) යටතේ ක්‍රියාත්මක වීමට ජනාධිපතිට අගමැතිගේ උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නැහැ. අඩු තරමෙන් අගමැති විචාරීමටවත් අවශ්‍ය නැහැ. 42 (4) වගන්තිය යටතේ ජනාධිපතිට අගමැති කෙනකුත් පත්කළ හැකියි. රාජද්‍රොහී ක්‍රියා කර ඇති සියළුම ඇමතිවරුන් වෙනස් කිරීමට ජනාධිපති පියවර ගන්නේ නම් පමණක් ඔහු මේ රාජද්‍රෝහි ක්‍රියාවලට සම්බන්ධ නැති බව සිතාගැනීමටවත් හැකි වේවි.
නලින් ද සිල්වා
2017 පෙබරවාරි 13
විග්නේස්වරන් මඩකලපුවේ දී නැවතත් තම බොරුව කියලා. අවුරුදු දෙදහකට වැඩි කාලයක් තිස්සේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයා පදිංචි වී සිටි බව ඔහු කියලා. දෙමළ ජනයා සෑහෙන ප්‍රමාණයක් මේ බොරුව විශ්වාස කරනවා. අප විශ්වාස කිරීමට කැමති දේ සාධක (හේතු නොව) නැතිව වුවත් පිළිගැනීමට අප කැමතියි. සමහර බොරු අප විශ්වාස කරන්නේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. ඒ වගේ ම අප අනෙක් අය සතුටු කරන්නත් සමහර දේ කියනවා. සමහරු ඇතැම් විට කියනවා දෙමළ ජනයාටත් සමාන ව සලකනව නම් ඊනියා සංහිඳියාවක් ව්‍යවස්ථාවක් ආදිය අවශ්‍ය නැහැ කියලා. මේ රටේ දෙමළ ජනයාට ඇති අසමානත්වය කුමක් ද? උදාහරණයක් දෙන්න පුළුවන් ද? ජනමාධ්‍ය ඉදිරියේ එවැනි ප්‍රකාශ කළ යුත්තේ ඒ ගැන හරියට ම දන්නේ නම් පමණයි. දෙමළ ජනයාට මෙරට අසමානත්වයක් නැහැ. සයිටම් ගැනත් තත්වය එසේමයි. අපේ සමහර උපකල්පන සංකල්පීය අවුල් නිසා ඇතිවන දේ.
සයිටම් ශිෂ්‍යයන් උසස් පෙළ අසමත් වී විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට නොහැකි වූ අය ලෙස හඳුන්වන්න ඇතැමුන් කැමතියි. එවැනි කතාවක් සමාජයේ ඇතැම් උගතුන් අතර තිබෙනවා. මා ඉතා පැහැදිලි ව කියා තිබෙනවා සුදුසුකම් ලැබීම හා විශ්වවිද්‍යාලයට ඇතුල් වීම යනු එකක් නොව දෙකක් කියා. ඒ අතර උසස් පෙළ සමත් වීම කියන්නේ වෙනම ම දෙයක්. උසස් පෙළ විෂය තුන සමත් නම් යමකු උසස් පෙළ සමත්. විශ්වවිද්‍යාලවලට ඇතුල් වීම සඳහා ඒ ඒ පීඨ නිර්ණායක සඳහන් කර තිබෙනවා. ඉංජිනේරු පීඨයකට ඇතුල් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් වෛද්‍ය පීඨයකට ඇතුල් වීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්වලින් වෙනස්. කෘෂිකර්ම පීඨවලට වෙන ම සුදුසුකම් තිබෙනවා. ඉංජිනේරු පීඨයකට ඇතුල් වීමට නියම කර ඇති සුදුසුකම්වලට වඩා වෙනස් භෞතීය විද්‍යා හැදෑරීමට අවශ්‍ය සුදුසුකම්. රසායන විද්‍යා විෂය නැතිව වුවත් භෞතිය විද්‍යා හැදෑරීමට පුළුවන්.
ඒ ඒ පීඨවලට ඇතුල් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සැපිරූ පමණින් විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න බැහැ. විශ්වවිද්‍යාලවල ඉඩ ඇත්තේ සීමිත සිසුන් සංඛ්‍යාවකට. එහි දී දිස්ත්‍රික්ක ක්‍රමයත් බලපානවා. ඇතැම් පීඨ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලට ඇතුල් වීමේ දී තිබිය යුතු ඉසෙඩ් ලකුණ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ සාමාර්ථ තුනක් ගත්තත් වෛද්‍ය පිඨයට ඇතුල් වීමට නොහැකි වන්න පුළුවන්. එවැනි ශිෂ්‍යයකු විභාග මිනුම් දඬු අනුව අදක්ෂ ශිෂ්‍යයෙක් ද? ඒ තුන ලබා ගැනීම බුද්ධිය මනින නිර්ණායකයක් නො වෙයි. එහෙත් විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේ දී සුදුසු යැයි කියැවෙන විවිධ නිර්ණායක යොදා ගැනෙනවා. අද දිස්ත්‍රික්ක ක්‍රමය අන්ත දූෂිතයි. කුසලතා පදනමින් ඇතුල් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කළ යුතුයි. උසස් පෙළ ප්‍රතිඵල හා ජීවන ප්‍රතිඵල (කුසලතා) අතර සහසම්බන්ධයක් නැති වුනත් අද උසස් පෙළ ප්‍රතිඵල විවිධ කාර්ය සඳහා යොදා ගන්න වෙලා තියෙනවා. මා දන්නා තරමින් සයිටම් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට සුදුසුකම් ලබා ඇති එහෙත් ශාස්ත්‍රීය භාෂාවෙන් නම් අධ්‍යයන නොවන විවිධ හේතු නිසා ඇතුල්වීමට නොහැකි වූ අය. ඔවුන් ධනපතියන්ගේ මුදලට උපාධි ලබාගන්නා මෝඩ දරුවන් කියා ගැරහීම සුදුසු නැහැ.
පහේ ශිෂ්‍යත්වය සමත් වූ පමණින් ජනප්‍රිය පාසලක් ලබා ගන්න බැහැ. එහෙත් එලෙස ජනප්‍රිය පාසලකට ඇතුල් නොවූ අයටත් ශිෂ්‍යත්වය ලැබෙනවා. ශිෂ්‍යත්ව පරීක්ෂණය සමත්වීම හා ජනප්‍රිය පාසලකට ඇතුල්වීම කියන්නෙ දෙකක්. ජනප්‍රිය පාසලක් නොලැබූ පමණින් ශිෂ්‍යත්වය අසමත් කියලා කියන්න බැහැ. ඇතැම් විට පෞද්ගලික පාසල්වල ඉගෙනීම ලබද්දීම ඒ ශිෂ්‍යත්ව මුදල ලැබෙනවා. ශිෂ්‍යත්ව පරීක්ෂණයට පෞද්ගලික පාසලකින් පෙනී සිට රජයේ පාසලකට ඇතුළත් නොවී ද ශිෂ්‍යත්ව මුදල ලබාගන්න පුළුවන්. ජනප්‍රිය පාසල්වලට ඇතුල් නොවන ශිෂ්‍යයන් අතර ශිෂ්‍යත්ව පරීක්ෂණය සමත් වූ ශිෂ්‍යයන් ඉතා විශාල ප්‍රමාණයක් සිටිනවා. මේ සයිටම් ගැන අප ඕනෑවටත් වඩා ලියා තිබෙනවා. අපේ රටේ ප්‍රධාන ප්රශ්නය සයිටම් නො වෙයි. රට දෙකඩ කිරීම. එයට විරුද්ධව අන්තරේ පෙළපාලි යන්නෙ නැත්තෙ ඇයි?
දෙමළ කියා ජනවර්ගයක් අද ඉන්නවා. ඔවුන්ට ජනවාර්ගික විඥානයක් ද තිබෙනවා. එහෙත් ඉතිහාසයේ සෑම දිනක ම එවැනි විඥානයක් තිබී නැහැ. එසේ වුනත් දෙමළ ජනයා විශ්වාස කිරීමට කැමතියි ඔවුන්ට අවුරුදු දෙදහසකට වැඩි දෙමළ විඥානයක් තිබෙනවා කියා. අප බොහෝ විට අප කැමති දේ විශ්වාස කරනවා. දෙමළ දේශපාලනඥයන් දෙමළ ජනයා රැවටීමට බොරු කියනවා. මෙරට දෙමළ කතාකරන ජනයා දහතුන්වැනි සියවසෙන් පසුව සිටියත් ඔවුන්ට දෙමළ කියා කිසිවකු කී බවට සාධක නැහැ. ඔවුන් මලබාර්වරුන් ලෙස නම් හඳුන්වා දී තිබෙනවා. ඒ ඔවුන් දහහතරවැනි සියවසේ මුලින් පැමිණි ප්‍රදේශයේ නමින්. ඉංගිරිසින් අවුරුද්ද හැඳින්වූයේ සිංහල හා හින්දු අවුරුද්ද ලෙස. එය සිංහල හා දෙමළ අවුරුද්ද කියා නොකිවුවේ එකල දෙමළ අනන්‍යතාවක් නොතිබූ නිසයි. කොහොමත් ඒකට හින්දු කියන එක ගැටගහ ගත්තෙ සිංහලයන්ට අසාධාරණයක් කිරීමට. ඉන්දියාවේ හින්දු අවුරුද්දක් නැහැ.
දහහතරවැනි සියවසේ මලබාරයෙන් පැමිණි සමහරුන් සිංහල සමාජයට අවශෝෂණය වුනා. ඔවුන් ඉන්පසු මලබාර් යනුවෙන් හැඳින්වීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. තවත් සමහරුන් තම මුස්ලිම් අනන්‍යතාව දිගට ම රැකගත්තා. යාපනයට පැමිණි මලබාර්වරුන් දෙමළ වූයේ නැහැ. එසේ දෙමළ වීමට දෙමළ ජනකායක් යාපනයේ සිටියේත් නැහැ. ඔවුන් මලබාර්වරුන් නමින් ම හඳුන්වනු ලැබුවා. යාපනයේ එවකට සිංහලයන් සිටි නමුත් මේ මලබාර්වරුන් සිංහල වූයේත් නැහැ. ඒ ආර්යචක්රවර්තීන්ගේ බලපෑම නිසා.
මෙරට දෙමළ අනන්‍යතාවක් ඇති වුනේ දහනවවැනි සියවසේ අග. එතෙක් මුස්ලිමුන් ද සැලකුණේ දෙමළ කතාකරන ජනයා ලෙස. අනෙක් අතට ඉංගිරිසින් ලංකාව පළාත් නවයකට බෙදුවේ 1889 දී. මේ පළාත් දෙකේ අනන්‍යතාවක් නොතිබූ දෙමළ ජනයා අවුරුදු දෙදහසකට වඩා ජීවත් වුනේ කෙසේ ද? ඉංගිරිසින් මෙරට මුළින් ම බෙදුවේ පළාත් පහකට. එහි දී අනුරාධපුරයත් උතුරු පළාතට අයිති වුනා. බැරි වෙලාවත් ඒ පළාත් පහ දිගට ම තිබුණා නම් විග්නේස්වරන් කියාවි දෙමළ ජනයා අවුරුදු දෙදහස් ගණනක් අනුරාධපුරයේත් හිටියා කියා. පඬියකු කියාවි එළාරගෙ කාලයේත් දෙමළ ජනයා අනුරාධපුරයේ සිටියා කියා. එය මුළුමනින් ම වැරදියි. එකල දෙමළ අනන්‍යතාවක් නොතිබුණා පමණක් නොව එළාර දෙමළ නොවෙයි. මහාවංසයේ කියැවෙන්නේ එළාරො නාමො ඛත්තියො, එළාර නම් ක්ෂත්රීයයා කියා. බ්‍රාහ්මණ කුල ක්‍රමය අනුව දකුණේ (අද දකුණු ඉන්දියාවේ) ක්ෂත්රියයන් සිටියෙ නැහැ. එහි සිටි පිරිස ශුද්‍රයන්. එළාර පැමිණ ඇත්තේ ක්ෂත්රියයන් සිටි ප්‍රදේශයකින්. විග්නේස්වරන් ඉතිහාසය හැදෑරිය යුතුයි.
නලින් ද සිල්වා
2017 පෙබරවාරි 11
මහේස්ත්‍රාත් වරයෙකු වීමට ගොස් අසමත් වීමෙන් පසු පෞද්ගලික නීතිඥයෙක් ලෙස ප්‍රැක්ටිස් කරමින් සිටියදි රාමනාදන් කන්නන් නමැත්තෙක් එක්වරම මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය පළමුවෙනිදා සිට පත් කිරීම සදාචාරාත්මකවද, නීත්යානුකූලවද, සම්ප්‍රදායානුකූලවද වැරදි බවත් මෙය ජනාධිපතිවරයා විනිසුරුවරුන්ට දුන් පොරොන්දු කැඩීමක් බවත් පවසමින් විනිසුරුවරුන්ගේ අධිකරණ සේවා සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියකින් සිය විරෝධය පළ කර තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2)(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ලබාගෙන රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාර ධුරයෙන් ඉවත් කරන ලෙසද අධිකරණ සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
පෞද්ගලික නීතීඥ වෘත්තියේ යෙදී සිටි රාමනාදන් කන්නන් මහතා ඍජුව මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම.
2017.02.03 වන දින කොළඹ දිසා අධිකරණයේදී රැස් වු අධිකරණ සේවා සංගමයේ විධායක සභාවේ හදීසි විධායක සභා රැස්වීමේදී සම්මත කරගත් ඒකමතික තීරණය අනුව, ඔබතුමා වෙත මෙසේ දන්වා සිටිමු.
2017.01.31 වන දින අප හට දැන ගැනීමට ලැබුනේ, මඩකලපුව අධිකරණයේ නීතීඥවරයෙකු ලෙස සේවය කරන රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස ඔබතුමා විසින් පත්කර, 2017.02.01 වන දින දිවුරුම් දීමට නියමිත බවයි.
මෙම තොරතුර ලැබීමෙන් අප විශ්මයට පත් වු අතර, විශේෂයෙන්ම ඔබතුමා විසින් එම පත් කිරීම සිදු කිරීම සම්බන්ධයෙන් අප වඩාත් පුදුමයට පත් වුණෙමු. ඔබතුමා විසින් මෙවැනි පත්වීම් සිදු නොකරන බව අප හට ප්‍රකාශ කර තිබියදී එවැනි පත්වීමක් සිදු වුයේ කෙසේද යන්න අප විසින් සොයා බලන ලදී.
මෙම පත් කිරීම පිළිබඳව අප හට කිසිදු පෙර දැනීමක් නොතිබු අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2)(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත් කරනු ලබන්නේ, නීතිපතිවරයාගේ විමසීමෙන් පසු අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කරනු ලැබු නිර්දේශයක් මත ජනාධිපතිතුමා විසින් වන බැවින්, අධිකරණ සේවා කොමිෂන් සභාව එවැනි නිර්දේශයක් සිදු කර තිබේද යන්න දැන ගැනීම සඳහා 2017.02.01 වන දින අප සංගමයේ නිලධාරීන් ගරු අගවිනිසුරුතුමා හමු වු අතර, එතුමා පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපතිතුමා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව, ගරු නීතිපතිතුමාගේද අනුමැතිය ලබාගෙන මෙම පත් කිරීම සඳහා නිර්දේශය ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව, ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් මෙවැනි ඉල්ලීමක් සිදු කළේද යන්න අප විසින් සොයා බැලු අතර, නීතීඥ සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතා විසින් අප හට තහවුරු කර සිටියේ, රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය මගින් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාවේදී එවැනි කිසිදු යෝජනාවක් සම්මත වී නොමැති බවත්ය.
තවදුරටත් මේ පිළිබඳව අප විසින් ගරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන්ද විමසීමක් කළ අතර, එතුමා පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ, එවැනි පත්වීමක් සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි. තවද, එතුමා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ, මින් ටික කලකට ඉහතදී මෙම නීතීඥවරයා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කරන ලෙසට යම් දේශපාලන පක්ෂයක් මගින් ඉල්ලීමක් කර තිබු බවත්, එයට තමන් අනුමැතිය ලබා නොදුන් බවත්ය.
මේ අනුව, ඉතා පැහැදිලි වන්නේ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය හෝ අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බවයි.
නමුත්, ගරු අග්‍ර විනිශ්චයකාරතුමා විසින් පැහැදිලිව අප හට ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීම පරිදි සහ ඔබතුමාගේ ඉල්ලීම පරිදි මෙම නිර්දේශය ලබා දුන් බවයි. ඒ අනුව, යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් ඔබතුමා සහ අගවිනිසුරුතුමා නොමඟ යවා ඇති බව පැහැදිලිව පෙනේ.
2017.02.01 වන දින රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන් බව අප හට දැන ගැනීමට ලැබී ඇත.
මෙම රාමනාදන් කන්නන් මහතා 1997 වර්ෂයේ නීතීඥවරයෙකු ලෙස පත්වීම් ලැබු තැනැත්තෙකු වන අතර, ඔහු 2004 වර්ෂයේ සහ ඉන්පසු අවස්ථාවක මහේස්ත්රාත්වරයෙකු ලෙස පත්වීමක් ඉල්ලා සම්මුඛ පරීක්ෂණයකටද පෙනී සිට ඇත. නමුත්, එයින් අසමත් වීම මත ඔහු මහේස්ත්රාත්වරයෙකු ලෙස පත්කර නැත. එම 2004 වර්ෂයේ මහේස්ත්‍රාත්වරුන් ලෙස පත්වීම් ලැබ, එහිදී ඉහළම ලකුණු ලබාගත් විනිශ්චයකාරවරයා දැනට සිටින්නේද විනිසුරුවරුන්ගේ ජ්‍යේෂ්ඨතා ලැයිස්තුවේ 40 වන ස්ථානයේය. ඒ අනුව, එම 2004 වර්ෂයේ මහේස්ත්රාත්වරයෙකු ලෙස පත්වීම් ලැබු විනිශ්චයකාරවරුන් අතරින් ජ්‍යේෂ්ඨතම විනිශ්චයකාරවරයාටත් ඉහළින් තවත් 39 දෙනෙකු මහාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස පත්වීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටියදී එම වර්ෂයේ මහේස්ත්රාත්වරයෙකු ලෙස පත්වීමට සුදුසුකම් නො ලැබු පුද්ගලයෙකු මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත්වීම කොරතම් සාධාරණදැයි ඔබතුමා විසින් සිතා බැලිය යුතුය.
තවදුරටත් උතුරු නැගෙනහිර සේවය කිරීම සඳහා දෙමළ භාෂාව කතා කළ හැකි මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත් කිරීමේ අවශ්‍යතාවය මත මෙම පත්වීම සිදු කළා යැයි යමෙකුට තර්ක කළ හැකිය. එයද ඉතාම පුහු තර්කයක් වන්නේ, ගරු නීතිපතිවරයා සහ අග්‍ර විනිශ්චයකාරතුමා විසින් 2016 ඔක්තෝම්බර් මාසයේදී මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීමට නිර්දේශ කරනු ලැබු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන් පිළිබඳව මනා පරිචයක් ඇති දැනට වවුනියාව දිසා විනිසුරුවරයා ලෙස සේවය කරන ඩී.එල්.ඒ. මනාෆ් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් නොකර සිටිමින් මෙම පත් කිරීම සිදු කිරීමයි.
මේ අනුව, ඉතා පැහැදිලි ලෙසම මෙම පත් කිරීම සදාචාරාත්මකවද, නීත්යානුකූලවද, පැවති සම්ප්‍රදායන්ට විරුද්ධවද සිදු කරනු ලැබු පත්වීමක් බව අධිකරණ සේවා සංගමයේ මතයයි. ඒ අනුව, පහත සඳහන් හේතු මත මෙම පත්වීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් එකඟ විය නොහැකි බව ඔබතුමා වෙත දන්වා සිටිමු.
(01) මහේස්ත්‍රාත් විභාගයකට මුහුණ දී එයින් සමත්ව සම්මුඛ පරීක්ෂණයකින්ද සමත්ව මහේස්ත්රාත්වරයෙකු ලෙස පත්වීම් ලැබ, වසර 16 කට වඩා වැඩි කාලයක් මහේස්ත්රාත්වරයෙකු සහ දිසා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනු ලැබු ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් සිටියදී 1997 වර්ෂයේ නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දුන් දැනට අධිකරණ සේවයේ නියුතු විනිශ්චයකාරවරුන් සමඟ සසඳා බැලීමේදී ඔවුන්ට වඩා කණිෂ්ඨ නීතීඥවරයෙකු වන (ඩී.එල්.ඒ. මනාෆ් මහතා නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දී ඇත්තේ 1991 වර්ෂයේය) රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීම දැනට පහළ අධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස සේවය කරනු ලබන සියළුම විනිශ්චයකාරවරුන් වෙත සිදු කරන ලද අසාධාරණයක් වීම.
(02) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන පරිදි රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීමට යම් දේශපාලන පක්ෂයක් මගින් ඉල්ලීම් කර තිබුනේ නම්, එයින් ගම්‍ය වන්නේ, දේශපාලන අවශ්‍යතා මත මෙම පත්වීම සිදු කළ බවයි. ඒ අනුව, එවැනි දේශපාලන සම්බන්ධතාවයන් පවතින තැනැත්තෙකු මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වීම.
(03) ශ්‍රී ලංකා නීතීඥ සංගමය රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කරන ලෙසට කිසිදු ඉල්ලීමක් ඔබතුමා වෙත හෝ ගරු අග්‍ර විනිශ්චයකාරතුමා වෙත සිදු කර නොමැති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම්වරයා විසින් දැනටමත් තහවුරු කර ඇති බැවින්, මෙම පත්වීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීම මත සිදු කළේ යැයි යමෙකු ප්‍රකාශ කරයි නම්, එය අසත්‍ය වීම.
(04) මෑත කාලයේ මහාධිකරණයට ඍජුවම නීතීඥවරුන් පත් කිරීමේ සම්ප්රදායක් නොපැවති තත්ත්වයක් යටතේ සහ එවැනි පත් කිරීම් කිසි විටෙකත් සිදු නොකරන බවට ඔබතුමා විසින් පැහැදිලි පොරොන්දුවක් ලබා දී තිබියදී කරනු ලැබු මෙම පත්වීම හේතුකොටගෙන සියළු විනිශ්චයකාරවරුන් විසින් ඔබතුමා කෙරෙහි තබා තිබු විශ්වාසය පලුදු විය හැකි වීම.
ඉහත සියළු කරුණු හේතුකොටගෙන කරනු ලැබු මෙම පත්වීම කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි, අධිකරණ ක්ෂේත්රයේ යහ පැවැත්මට සම්පුර්ණයෙන්ම අහිතකර සහ අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි ලෙස බලපෑම් කළ හැකි පත්වීමක් වන බැවින්, මෙම පත්වීම සම්බන්ධයෙන් නැවත සළකා බලන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
ඒ අනුව, පැහැදිලි ලෙසම මෙම තීරණය ආපසු හැරවිය හැකි තීරණයක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2)(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම තීරණය නිවැරදි කළ හැකි බවත් අප සංගමය ඔබතුමා වෙත පෙන්වා දීමට කැමැත්තෙමු.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2)(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ලබාගෙන රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාර ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමු.
එම්.එම්.එම්.මිහාල්,
ලේකම්,අධිකරණ සේවා සංගමය.
මහේස්ත්‍රාත් – ගල්කිස්ස.
උතුරේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා කැදවු ආරක්ෂක මණ්ඩල රැස්විම එකිනෙකාට විවේචනය කරගනිමින් උණුසුම් ලෙස අවසන් වි ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.කිළිනොච්චිය ප්රමුඛ උතුරේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් සිදුවු සාකච්ඡාවේදි අනාවරණය වි ඇත්තේ මේ වනවිට සන්නද්ධ කණ්ඩායම් එම් ප්‍රදේශ වල සිය බලය තහවුරු කිරිමට සමත්ව ඇති බවත් ජාත්‍යන්තරව සිටිමින් කොටි ත්‍රස්තවාදී සංවිධානය මෙහෙය වු නායකයන් කිහිප දෙනෙකුම මේ වනවිට එම සන්නද්ධ කණ්ඩායම් සදහා නායකත්වය දෙන බවද තහවුරු කර තිබේ….
උතුරේ ක්‍රියාත්මක හමුදා බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම අඩපණ වි ඇති බවත් එ හේතුවෙන් ගෙවිගිය මාස 5ක පමණ කාලයක් උතුරේ සිදුවු සන්නද්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානින් දැනුවත් වි නැති අතර එම බුද්ධි අංශ අඩපණ කිරිම පසුපස සිටින නිළධාරින් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය තුල චොදනා එල්ල විමත් සමග ආරක්ෂක මණ්ඩල උණුසුම් වි තිබේ.
ඉරනමඩු පිහිටි බුද්ධි බළකා කදවුරේ නිළධාරීන් ඉන් පිටතට පැමිණ තොරතුරු රැස් කිරිමට එහි අණ දෙන නිළධාරි ලූතිනන් කර්නල් ප්‍රසන්න මහතා කටයුතු ඉඩ ලබා නොදෙන බවත් පසුගිය වසරේ නොවැමිබර් 26 දින කොටි මහවීර දිනය බුද්ධි බළකා කදවුරට නොදුරින් පිහිටි සිවිලියාරු ප්‍රදේශයේදී සිදු කළ අතර එහිදී කොටි ධජය ද ඔසවුවත් මාස කිහිපයක් ගතවන තෙක් ඒබව එහි නිළධාරින් නොදෙන සිටිය බවත් එහිදි අනාවරණය වි තිබේ.
විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ගේ සමීප ඥාතියෙකු වන සීවරාසා(නෑ කමට මස්සිනා වන) නැමත්තේකු පසුගිය 8 වැනිදා කොළඹ වරාය හරහා මේ රටට ගෙන්වු මෙරටට ගෙන්වීම තහනම් කර ඇති අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ සහිත කන්ටේනර පෙට්ටිය කිළිනොච්චිය දක්වාගොස් ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.
එම අනාවරණය කියවන්න- සම්බන්ධන්ගේ බලපෑමට තහනම් අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ ජනපති මුදාහරි
කොටි සන්නද්ධ අරගලයට යලි සූදානම්
2017ජනවාරි 23 දින ත්‍රස්තවාදි විමර්ශන භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පොලිස්පතිට කොටි නැගිටීම පිලිබඳ රහස්‍ය වාර්තාවක් දුන්නා. වාර්තාව රහස්ස්ය උනත් අවධානම අරගෙන මේ වා කාරනා මම රටට හෙළි කරන්නේ රට මෙය දැනගතයුතු නිසියි. කොටි යලි සන්නද්ධ වී ඇති නිසා. ඒ වාර්තාවේ කොටි සංවිධානයේ මෑත කාලීන ක්‍රියා අඩංගු වෙනවා.
2017 ජනවාරි 13 දින පොලිසියේ ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාශය විසින් කිලිනොච්චියේ සිදු කළ මෙහෙයුමකින් කොටි ත්‍රස්තවාදින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ කොටි සංවිධානය සෝලෙයි නමින් හැඳින්වූ කාරාලසිංහම් කුලේන්ද්‍රන් නොහොත් මාස්ටර්. කොටි සංවිධානය කඩලවන් නමින් හැඳින්වූ ලුවිස් මරියනායගම් අජන්තන් නොහොත් ජනා. කොටි සංවිධානය වෙන් අර්සන් නමින් හැඳින්වූ මුරුගයියා නවවේන්ද්රන් නොහොත් වේන්ද්‍රන්.
මේ අය කොටි සංවිධානය යලි නැගිටවීමට පමණක් නොව සන්නද්ධ අරගලයටත් සූදානම් වුණා. එහි ආරම්භක පියවරක් වශයෙන් මරදන්කේනි ප්‍රදේශයේ ප්රභූවරයෙකු ඝාතනය කිරීමට උපයෝගී කර ගැනීම සඳහා විදේශ රටක නිපද වූ ක්ලෙමෝ බෝම්බයක් ද සඟවා තිබුණා. ඒ වගේම සී4 අධි බලැති පුපුරණ ද්‍රව්‍ය යොදා ලංකාවේ නිපද වූ බෝම්බයක් ද සොයා ගත්තා.
වාර්ථාවේ පිටපතක් දේශප්‍රේමී නිලධාරීන් හරහා අපිට ලැබිල තියෙනවා. වාර්තාවට අනුව 2016.11.27 දින කිලිනොච්චියේ තිරුවියාරු ප්‍රදේශයේ ඉතාම විවෘතව කිසිම බයකින් තොරව කොටි ධජය ඔසවා උත්සවයක් පවත්වා එහි ඡායාරූප විදේශීය කොටි ජාලයට යවා තිබෙනවා. එමෙන්ම කිලිනොච්චි ප්‍රදේශයේ මාර්ග ආරක්ෂක කටයුතු වල යෙදී සිටින පොලිස් නිලධාරින්ට පහර දී ඔවුන්ගේ අවි පැහැර ගැනීමට ද උත්සාහ දරා තිබෙනවා. කිසිදු බාධාවකින් තොරව කිලිනොච්චි ප්‍රදේශයේ කොටි අවි සඟවා ඇතැයි විශ්වාස කරන ස්ථානයන්හි කැනීම් සිදු කර තිබෙනවා.
අපි දිගින් දිගටම කොටි නැගිටිනවා කිව්වාම ආණ්ඩුව ඒක විශ්වාස කලේ නෑ. ඔන්න දැන් බුද්ධි අංශත් අපි කියන දේම කියනවා. මේ නිසා ජාතික ආරක්ෂාව දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා. මේ පසුබිම තුල දෙමළ සංධානයත් විශේෂයෙන්ම විග්නේශ්වරන් මහ ඇමතිතුමාත් කෙතරම් බෙරිහන් දුන්නත් උතුරේ හමුදා කඳවුරු ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය වහාම නවත්වන ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිනවා.
දෙමළ අන්තවාදින් සුමන්දිරන් මන්ත්‍රිතුමා මරා දැමීමට කුමන්ත්‍රණය කරනවා කියලා පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළා. දෙමළ ඊලම පේන මානයේ තිබෙන පෙඩරල් වෙනුවෙන් පෙනී සිටින සුමන්දිරන් මන්ත්‍රිතුමාට මෙහෙම මරණ තර්ජන නම් ඊළාම් සිහිනය කුඩු පට්ටම් කළ මහින්ද රාජපක්ෂ මැතිතුමාට කොහොම තර්ජනයක් ඇද්ද? නමුත් ආණ්ඩුව “තෝව කොටියාම කාපන්“ කියලා තිබුණු ආරක්ෂාවත් ඉවත් කළා. වත්මන් අනාරක්ෂිත තත්වය හමුවේ මහින්ද මැතිතුමාට පෙර තිබුණු ආරක්ෂාව යලි දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.
(2017.02.06 දින පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්)
උතුරට විදේස් මැදිහත් විමක්……..
ඉදිරියේදී උතුරේ මතුවන වෙනම රටක් සදහා වන අරගලයක් 2009 දී පාලනය කළ අකාරයට පාලනය කිරීමට ආණ්ඩුවට/රජයට නො හැකි වන අතර විදේශීය හමුදා මැදිහත්වන සංකීර්ණ සමාජමය, ආර්ථිකමය ප්‍රශ්න ගණනාවක් මතුවන දිගු කාලීන සිවිල් අරගලයක් දක්වා දිව යන තත්ත්වයක් කරා වර්ධනය වෙයි.
කියවන්න – කුමන්ත්‍රණය තහවුරුයි.. උතුරේ කළබල මැඩීමට එක්සත් ජාතීන්ගේ හමුදාවක්…
ශ්‍රි ලංකාවේ දෙමළ ජනතාවගේ නව බලාපොරොත්තු ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ.වේලායුදන් මහතා තමිල්නාඩු ඩී.එම්.කේ පක්ෂනායක සහ හිටපු තමිල්නාඩු මහ ඇමැති එම්. කරුණානිධි හමුවි වසර 30ක් ලබාගැනිමට නොහැකි වු දේ ලබාගැනිමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණක් බව පවසා තිබේ. මේ වනවිටත් උතුරේ ස්වයං පාලන ක්රමවෙදයක් ක්‍රියාත්මක් බවද ඔහු පවසා තිබේ.
කියවන්න –උතුරේ හමුදාව ඉවතට – ස්වයං පාලන දැනටමත් ක්‍රියාත්මකයි
උතුරු පළාත තුල රාජපක්ෂ මහතා දිනාදුන් නිදහස සාමය අද වන විට බිද වැටෙමින් පවතින බවත් යාපනයට පැමිණෙන වන්දනා නඩවලටද පහර දෙන තත්ත්වයක් උදා වී ඇති බවත් ආරක්ෂාව බරපතල ලෙස බිද වැටෙමින් පවතින බවත් මෙන්ම යාපනයේ සිංහල ව්‍යාපාරිකයන් විවිධ තර්ජනවලට මුහුණ පෑමට සිදුව ඇති බවත් යාපනය නාග විහාරාධිපති නවදගල පදුමකිත්ති හිමියෝ පවසති.
කියවන්න – නාගදිපේ හාමුදුරුවෝ රනිල්ගේ රෙදි ගලවයි….. උතුරේ මොනවාද වෙන්නේ(Video)
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් වන ප්‍රදීප් අනුර කුමාර මහතාට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතාගේ සමීපතම ආධාරකරුවකු සහ පුද්ගලික ආරක්ෂකයකු වශයෙන් කටයුතු කරන මිනුවන්ගොඩ පාතාල අපරාධකරුවකු වන පස් පොඩ්ඩා හෙවත් නැදගමුවේ රෝහිත නමැත්තා බැන වැදී මරණ තර්ජනය කර තිබේ.
මිනුවන්ගොඩ, උඩුගම්පොළ ප්‍රදේශයේ අලුතෙන් ඉදිකරන ලද සතිපොළ නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රසන්න රණතුංග මහතා මන්ත්‍රීවරයා සමඟ එහි ගොස් සිටියදී එම ස්ථානයට කඩා වැදුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග, කපිල ගුණසේකර යන අය සමඟ සිටි පස් පොඩ්ඩා නමැත්තා මාධ්‍ය ලේකම්වරයාට මෙසේ තර්ජනය කර තිබේ.
ඉකුත් රජය සමයේ එවකට බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයාව සිටි ප්‍රසන්න රණතුංග මහතාගේ සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතාගේ ඉල්ලීම පරිදි මෙම සතිපොළ ඉදි කෙරුණේ එම රජයේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ලබා දුන් ප්‍රතිපාදන මතය.
මෙම සති පොළ බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) විවෘත කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා සහභාගී වන්නැයි ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට ආරාධනාවක් ද එවා ඇත. රණතුංග මන්ත්‍රීවරයා සිය නිවස ආසන්නයේ පිහිටා ඇති මෙම සති පොළ නිරීක්ෂණයට සහභාගී වී ඇත්තේ එවන් පසුබිමක් තුළය.
මන්ත්‍රීවරයා සති පොළ නිරීක්ෂණය කරමින් සිටින අතර තුර එම මාධ්‍ය ලේකම්වරයා සිය කණ්ඩායම ලවා එම අවස්ථාව වීඩියෝ ගත කරමින් සිට ඇත. එහිදී එම අවස්ථාවට කඩා වැදුණු රුවන් රණතුංග හිටපු මන්ත්‍රිවරයාගේ සමීපතම හිතවකු වන පස් පොඩ්ඩා නමැත්තා මාධ්‍ය ලේකම්වරයාට තර්ජනය කරමින් කියා ඇත්තේ වීඩියෝගත කිරීම නතර කරන ලෙසයි.
තමන් ඉටු කරන්නේ රාජකාරියක් බව මාධ්‍ය පවසා ඇතත් වීඩියෝ ගත කිරීම නතර නොකළහොත් මරා දමන බවට පස් පොඩ්ඩා තර්ජනය කර ඇත. තමන් කියන දේ නොකළහොත් අනෙකුත් මාධ්‍යවේදීන්ට වීඩියෝ කරන්නට වන්නේ අවමඟුල් උත්සවය යැයි ද පස් පොඩ්ඩා තර්ජනාත්මකව පවසා ඇත.
පසුව පිටත්ව යන්නට ගොස් වාහනයේ සිට පස් පොඩ්ඩා කියා ඇත්තේ “පත්තරයා, උඹව අද රෑට මරණවා”යනුවෙනි. මාධ්‍ය ලේකම්වරයා මේ සම්බන්ධව ගම්පහ පොලීසියේ CIB 2256/93 අංකය යටතේ පැමිණිල්ලක් දමා ඇත.
ගාලු මුවදොර පිටියේ තිබුණ නිදහස් උත්සවයේ ඉස්සරහ පුටු පේලියේ පුටු දෙකක් හිටපු හමුදාපති වෙල්විදානේ (ෆීල්ඩ්මාෂල්) සරත් ෆොන්සේකා බලහත්කාරයෙන් අත්පත්කර ගැනිම හේතුවෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් 69 වන් නිදහස් උත්සවයට සහභාගිවිම් අවසන් මොහොතේ ප්‍රතිකේෂ්ප කල බව සම්බන්ධන් ජනාධිපතිවරයාට දැනුම් දි තිබේ.
ගාලූ මොවදොර කි‍්‍රඩාංගනයේ පැවැති ජාතික නිදහස් උත්සවයේ අසුන් පැනවීමේදී විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාට ඉදිරිපෙළ අසුනක් සකස් කර තීබී ඇති අතර අමත්‍යංශ අනුපිළිවෙළ අනුව ඇමති සරත් ෆොන්සේකා මහතාට 52 දෙවවෙනි ස්ථානයට පසු පෙළ අසුනක් සකස් කර තිබි තිබේ.කෙසේ වෙතත් නිදහස් දිනයට පෙර රාති‍්‍රයේ ඇමති ෆොන්සේකා මහතා ගාලූමොවදොර සකස් කර තිබු පිථිකාවට පැමිණ නිරික්ෂණය කොට තමන්ට ඉදිරි අසුනක අවශ්‍ය බව පවසා සංවිධායකින් සමග ගැටුමක් ඇතිකරගෙන තිබේ.
අවසානයේ විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාට පනවා තිබු ඉදිරි අසුන ඇමති ෆොන්සේකා මහතාට ලබා දී සම්පන්දන් මහතාට ෆොන්සේකා මහතාට පසුපෙළ පණවා තිබු අසුන සකස් කර තිබී ඇති අතර ආසන පැනවිම සම්බන්ධයෙන් දැනුවත් කිරිමෙන් පසුව විපක්ෂනායකවරයා නිදහස් උත්ස්වයට පැමිණීම මගහැර තිබේ.පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විපක්ෂනායකවරයාගෙන් මේ සම්බන්ධයෙන් කල විමසිමේදි අදාළ ගැටුම ගැන තොරතුරු අනාවරණය කර ඇති අතර ෆොන්සේකා සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කර තිබේ.
1972 න් පසුව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සහ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරුන් 68 වන නිදහස් උත්සවයට සහභාගී වීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ නායකයන් අතර මතභේදයක් හටගෙන තිබුනද දෙමළ ජනතාවට සමානයන් සේ සැලකීමේ අවශ්‍යතාවයක් මේ ආණ්ඩුවට තිබෙන බව පේන්න තිබීම හා දෙමළ ජනතාවගේ ගැටළු වටහාගෙන එයට දේශපාලන විසඳුමක් ලබාදීමේ උනන්දුවක් ඔවුන්ට තියෙන බව පෙනෙන්න තිබීම නිසා තමාගේ සහභාගි වීම මගින්, තිරසාර දේශපාලන විසඳුමක් සොයා යාමේ ගමනේදී අපේ සහයෝගිතාවය දක්වන්න පුළුවන් යැයි තමාට හැඟීමත් එමගින් රටේ සියලුම ජනතාවට සාධනීය පණිවුඩයක් ලබා දීමත් හේතුවෙන් 69 වන නිදහස් උත්සවයට සහභාගී වන බවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර තිබුනා.
68 නිදහසට ආ සම්බන්ධන්…
මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු වශයෙන් ක්‍රියා කරන පාස්කරලිංගම් ඇතුළු ශ්‍රී ලංගම ද්‍රෝහී නඩය ශ්‍රී ලංගමය විනාශ කිරිමට අළුත් ක්‍රමවේදයක් ශ්‍රී ලංගමය තුළ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේන බව අනාවරණය වි තිබේ.සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට යැවු ලිපියක් හරහා මෙම කුමන්ත්‍රණය පිළිබඳව අනාවරණය කර තිබේ.
ශ්‍රී ලංගම ආරක්ෂක අංශය අහෝසිකර දේශපාලන ජාවාරම්කාරයින් හරහා ශ්‍රී ලංගමයට පෞද්ගලික ආරක්ෂක සේවකයින් බඳවා ගැනීිමේ ක්‍රමවේදය වැළැක්වීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම.
අනාගතයේදී ශ්‍රී ලංගමය වහල් කඳවුරක් බවට පත්වීම නතර කිරීමට ශ්‍රී ලංගම ආරක්ෂක අංශය අහෝසිකර දේශපාලන ජාවාරම්කාරයින් හරහා ශ්‍රී ලංගමයට පෞද්ගලික ආරක්ෂක සේවකයින් බඳවා ගැනීිමේ ක්‍රමවේදය සහ ශ්‍රි ලංගමයට අවශ්‍ය රියදුරු, කොන්ෙදාස්තර ඇතුලූ සේවකයින් කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීම වළක්වාලීමට කඩිනමින් මැදිහත්වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් පළමුව ඉල්ලා සිටින්නෙමු.
මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු වශයෙන් ක්‍රියා කරන පාස්කරලිංගම් ඇතුළු ශ්‍රී ලංගම ද්‍රෝහී නඩය ශ්‍රී ලංගමය විනාශ කිරිමට අළුත් ක්‍රමවේදයක් ශ්‍රී ලංගමය තුළ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. ශ්‍රී ලංගමය තුළ දැනට විධිමත්ව ක්‍රියාත්මක වන ආරක්ෂක අංශය අහෝසි කර පුද්ගලික ජාවාරම්කාරයින්ට එම තනතුර සඳහා පුද්ගලයින් බඳවා ගැනීිමේ ක්‍රමවේදයක් සළසා දෙන ලෙසත්, ශ්‍රී ලංගමයට අවශ්‍ය රියදුරු, කොන්ෙදාස්තර මහතුන් ඇතුළු සේවකයින් කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙසත් මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට දැඩි සේ බලපෑම් කර ඇත.
මේ මොහොත වනවිට ආරක්ෂක අංශයට සේවකයින් බඳවා ගැනීමේ අයිතිය පෞද්ගලික සමාගම්වලට පවරාදී ඇති තත්වයන් තුළත් ශ්‍රී ලංගමයට අවශ්‍ය රියදුරු, කොන්ෙදාස්තර ඇතුළු සේවකයින් කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය තුළත් ශ්‍රී ලංගමය අනාගතයේ දී අනිවාර්යයෙන් ම වහල් කඳවුරක් බවට පරිවර්ථනය වීම කිසිසේත් ම වැළැක්විය නොහැක.
රටේ ඕනෑම පුරවැසියෙකුට ඕනෑම ආයතනයක ආත්ම ගෞරවය ඇතිව තමාගේ ශ්‍රමය කැපකිරීමට අයිතිය තිබිය යුතුය. ඔබතුමා ජනාධිපතිවරණයට තරග කරන අවස්ථාවේ දී කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සියලූම සේවකයින් ස්ථීර කරන බවට ජනතාවට පොරොන්දු විය. මුදල් අමාත්‍යාංශයේ සිටින ශ්‍රි ලංගම ද්‍රෝහීන් ඔබතුමාගේ පොරොන්දුව තඹ ෙදායිතුවකට ගණනය නොකර ශ්‍රී ලංගම විනාශ කිරීමේ එකම අරමුණකින් මෙම ක්‍රියාව සිදුකිරීමට සැදී පැහැදී සිටී.
ශ්‍රී ලංගමයට අවශ්‍ය සේවකයින් මෙතෙක් බඳවා ගනු ලැබුවේ විධිමත් සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ඇති පුද්ගලයන්ය. එම සේවකයන්ට ආත්ම අභිමානය ඇතිව සේවය කිරිමට නිවාඩු 42ක් හිමිවන අතර මාසික වැටුපක් ඇතුළු රජයේ සේවකයන්ට හිමි සියලූම අයිතීන්, වරප්රසාදයන් ද හිමිවේ. කොන්ත්‍රාත් පදනම යටතේ සේවකයන් බඳවා ගැනීමේ ක්‍රමවේදය තුළ එම අයිතීන් කිසිවක් හිමි නොවේ.
අනාගතයේදී ශ්‍රී ලංගමය වහල් කඳවුරක් බවට පත්වීම නතර කිරිමට ශ්‍රී ලංගමයට අවශ්‍ය ආරක්ෂක සේවකයන් බඳවා ගැනීමේ අයිතිය මීට ප්‍රථම තිබූ ආකාරයට ම ශ්‍රී ලංගමයට අයිතිය ලබා දෙන ලෙසත් අනාගතයේ දී ශ්‍රී ලංගමයට අවශ්‍ය රියදුරු, කොන්ෙදාස්තර ඇතුළු සේවකයින් කොන්ත්‍රාත් ක්‍රමවේදය යටතේ බඳවා ගැනීම වළක්වාලීමට මැදිහත්වන ලෙසත් මෙතෙක් රියදුරු, කොන්ෙදාස්තර ඇතුලූ සේවකයන් බඳවා ගත් ආකාරයට ම විධිමත්ව එම සේවකයන් බඳවා ගැනීිමේ ක්‍රමවේදය ස්ථාපිත කරන ලෙසත් මේ මොහොතේ ශ්‍රී ලංගම සේවකයින් භුක්ති විඳින සියලූම අයිතීන්, වරප්රසාදයන් අනාගතයේදී ද එම සේවකයන්ට හිමිවීම ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කඩිනමින් මැදිහත්වන ලෙසත් ඔබතුමාගෙන් අප සංගමය ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.
ස්තූතියි.
මෙයට – විශ්වාසී,
සේපාල ලියනගේ
ප්‍රධාන ලේකම්
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය