රටක, ජාතියක මව් භාෂාවට හිමි අසීමිත වටිනාකම සහ වැදගත්කම කොතෙක්ද යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ (UNESCO) විසින් වර්ෂ 2000 සිට සෑම වර්ෂයකම පෙබරවාරි 21වන දින මව් භාෂා දිනය වශයෙන් පිළිගෙන එය සැමරීම සිදු කරනු ලබයි.http://www.un.org/en/sections/observances/international-days/
මරියා ස්මිත් ජෝර්න්ස්, ඇමෙරිකාවේ අලෙස්කා (දකුණු මධ්‍යම ඇලෙස්කාවේ) ප්‍රාන්තයේජීවත් වූ 89 වියේ කාන්තාවකි. ඇය දරුවන් 9දෙනෙකුගේ මවක් විය. ආදිවාසි ගෝත්‍රයකට අයත් එම කාන්තාවගේ මරණයෙන් පිරවිය නොහැකි හිඩසක් වෙනත් කිසිම මරණයකින් සිදු නොවූ බව පෙබරවාරි 21 දිනට යෙදී ඇති ජාත්‍යන්තර මව් භාෂා දිනයේදී ලාංකිකයන් අවබෝධ කිරීම වටී. එයට හේතුව, ඇගේ මරණයත් සමගින් ලෝකයේ එයික්( Eyak ) නැමති භාෂාව කථා කළ අවසාන පුද්ගලයා ද මෙලොවින් සමුගෙන එම එයික්භාෂාව මළ භාෂා ලැයිස්තුවට එකතුවිමය.
ඇයගේ අවසාන කාලයේ ස්ව උත්සාහයෙන් ඇය මහගු සේවාවක් කර ඇත. එය එයික් භාෂාවෙන් ශබ්ද කෝෂයක් ලියා නිම කිරීමය.අවාසනාව වන්නේ එහි ඇති වදන් සහ අර්ථය දන්නෝ ලොව කිසිවෙකු නොමැති වීමය. ඇගේ මරණය සිදු වූයේ 2008-01-21වෙනිදාය.භාෂාවක මරණය සිදුවෙන ආකාරය මෙයින් පැහැදිලි නොවන්නේ ද?අතීතයේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර තත්ත්වයෙහිලා සලකනු ලැබු භාෂාවක් නොවීය. මෙම තත්ත්වය ජය ගැනීමට ඉංග්‍රීසි භාෂාවේ මුද්‍රණ කලාව හා කථන කලාව දියුණු කිරීමේ වැඩ සටහන් ආරම්භ කරන ලදී.
විලියම් ෂෙක්ෂ්පියර් (1564-1616) රචනා කළ නවකථා හා නාට්‍යවල නව ආරයේ වදන් පෙළක් භාවිතා විය. එහි ආකර්ෂණය ලොව පුරා ජනප්‍රිය වන්නට පටන් ගත්තේය. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර තලයේ ඉහළ නැංවීමට එය ඛෙහෙවින් උදව වී ඇති බව මේ වන විට පැහැදිලිය. එංගලන්ත කිරීටය විසින් පෙරදිග රටවල් යටත් කර ගැනීමෙන් ඉංග්‍රීසි බස පුලුල් ලෙස ව්‍යප්ත කර ගනු ලැබීය. එසේ වුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආධිපත්‍යය තනිව බුක්ති විදීමට ඉංග්‍රීසි භාෂාවට හැකි වී නැති අතර රැසියාව, චීනය, සහ ස්පාඥ්ඥය සිය මව් භාෂා අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආරක්ෂාකර ගැනීමට සමත් වී ඇත.
ලෝකයේ වැඩියෙන්ම කථා කරන භාෂාව ඉංග්‍රීසි නොවේ.ඉංග්‍රීසි භාෂාව කථාකරන ජනසංඛ්‍යාව ලෝකයේ තුන්වැනි ස්ථානයේ පසුවෙයි. ලෝකයේ වැඩියෙන්ම ජනතාවක් කථා කරන භාෂාව චීන භාෂාවයි(මැනඩරීන්).නීතිමය අධිකාරයක් නැති භාෂාව සීඝ්රයෙන් විනාශයට පත්වෙයි. ඉන්පසු එය මල භාෂා ලැයිස්තුවට එකතු වෙයි. දරුවෙකුගේ භාෂා කුසලතා වර්ධනය වයස අවුරුදු හතේ දී සම්පූර්ණවන බව වාග් විද්‍යාඥයෝ පවසති.
උපුටා ගැනීම
http://sanhindha.blogspot.com/2008/02/blog-post_22.html
අද දවසේ මිහිපිටින් භාෂා තුරන්වී යාමේ අවදානම අපට අදාළ නොවන නොවැදගත් කරුණ කැයි ඉවතලිය හැක්කක් නොවේ. මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා පවසන පරිදි තිස්සමහාරාමයේ වට්ටක්කා විකුණන පියදාස ගොයියාලා සිටින තුරු සිංහලය වඳ නොවෙතැයි නිහඬව සිටින්නට ද කාලය නොවේ. වාග් විද්‍යාවට අනුව සියලු ආකාරයේ භාෂා පරිහානි ද භාෂා පරිණාමයට බැර කෙරෙන විකෘති විග්රහ සඳහා කාලය නාස්ති කළ යුතු ද නොවේ. කළ යුතු එක ම දෙය ගෝලීයකරණය හමුවේ සිංහල බස මුහුණ දී ඇති අභියෝගය හදුනා ගැනීම ය.
ආසියාවේ ඉහල සාක්ෂරතා ප්‍රතිශතයක් අපට හිමි බව නොයෙක් වාර්තාවලින් කියවේ. එහෙත් එකී සාක්ෂරතා නිර්ණායකයේ පදනම කුමක් ද? යාන්තමට සිය අත්සන තැබිය හැකි පුද්ගලයා ද ඊට අයත් ය. අනෙක් අතට සමාජයේ වාග් කෝෂය වේගයෙන් පටු වෙයි. භාෂාව සතුව විශාල වචන මාලාවක් තිබුණ ද දිනෙන් දින එම වචන භාවිතයෙන් ඉවත් වෙයි. සිතීමේ උපකරණය භාෂාව යයි ඇරිස්ටෝටල් පඬිවරයා වරක් ප්‍රකාශ කළේ ය. යමෙක් සිතන්නේ ද සිය සංස්කෘතිය අවශෝෂණය කර ගන්නේ ද මව් බසින් බව පැවසෙයි. මේ අනුව යමෙකුට සිය මව් භාෂාව අහිමි වීම සමග සංස්කෘතිය ද අහිමි වෙයි. සිතීමේ උපකරණය ද අහිමි වෙයි. එවිට බිහි වන්නේ මිනිස් යන්ත්‍ර මිස මිනිසුන් නොවේ. ඔවුන්ට කළ හැකි එක ම දෙය පුනරුච්චාරණය සහ අනුකරණය පමණි. ඒ ටික නම් ගිරවුන්ට සහ වදුරන්ට ද කළ හැකි ය.
මේ වන විට ද ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගෙන විශ්වවිද්‍යාලවලින් පිටවන බොහෝ දෙනාට නිවැරදිව සිය බසින් අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තියක් නොමැත. මෙහි දී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව 10%ක් බව ද සෙසු අය කතා කරන්නේ සිංහල බව ද පවසා ඇඟ බේරා ගත නොහැකි ය. එම 10% ට මෙරට බුද්ධිමතුන් උගතුන් බහුතරය අයිති ය. රටේ දැනුම බෙදා හැරීමේ ආධිපත්‍යය දරන්නේ මේ අය ය. නව දැනුම සමග ගනුදෙනු කරන්නේ මේ අයය. එකී දැනුමට සිංහල භාෂාව විවෘත නොවීම නිසා භාෂාවේ ශක්‍යතාව උපයෝගීතාව හීන වෙයි. අලුත් සංකල්ප ඒ හා ස්පර්ශ නොවන නිසා නව වදන් බිහි නොවේ. කලක් යන විට සිංහලය කටු ගෙයි තැබිය යුතු එකකැයි ඊළඟ පරපුරට හැඟී යනු නොඅනුමාන ය. එහෙයින් සිංහලය නූගතුන්ට පවරා උගත් අප ඉංගිරිසියෙන් ම ක්‍රියා කරම්හයි සිතීම සුබදායි නොවනු ඇත.
උපුටා ගැනීම අවසන්
නීති අධ්‍යාපනය, මව් භාෂාවෙන් ලැබීමේ අයිතියජනතාවගේ මූලික අයිතිවාසිකමකි
නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන බව (Ignorantiajuris non excusat)පිළිගත් නීති මූලධර්මයකි. වෙනත් වෘත්තීන්ට මෙන් නීතියේ පාලනයට ආදේශක නොමැති හෙයින්, විදේශිය රටවලනෛතික බලපෑම් වලින් ආරක්ෂා වීමේදී සහ ශ්රීලාංකිකයන්ගේනීතිමය කටයුතු වලදී මව්බස යොදා ගැනිම මගින් පුරවැසියකුගේආරක්ෂාව තහවුරු කිරිමසිදුවන හෙයින් මේ වෙනුවෙන් මැදිහත්වීම සහ ක්‍රියාත්මක වීම මෙ රට උපන්, මෙ රට අධ්‍යාපනය ලත් නිදහස් මතධාරීන්ගේ වගකිමක් වෙයි.
සංවර්ධනය වූ රටවල පාසල් විෂය නිර්දේශ අධ්‍යයනය කිරීමේදී පැසල් අධ්‍යාපනයේ සිටම සිය මව් භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙනු ලබයි. සංවර්ධනය වූ රටවල උසස් පෙළ සහ සමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ නීතිය විෂයයක් ලෙස උගන්වනු ලැබේ. පරිසර නීතිය, මූලික අයිතිවාසිකම්, අපරාධ නීතිය, සිවිල් නීතිය, පොලීසිය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, විධායකය සම්බන්ධව මූලික අවබෝධයක් සහ නීති කෙටුම්පත් කිරීම, අපරාධ සම්බන්ධව ඇති දඩුවම් සහ අයිතිවාසිකම් උල්ලංඝණය සම්බන්ධව ලබා ගත හැකි ප්‍රතිකර්ම සම්බන්ධව පාසල් අධ්‍යාපනය තුළදීම සිසුන්ට ඉගෙන ගැනීමට අවස්ථා එම රටවල අධ්‍යාපනය බලධාරීන් සපුරා දී ඇත.
තොරතුරු තාක්ෂණය සම්බන්ධව විශාල දියුණුවක් ඇති වීම සාකච්ඡා කරන වර්තමානයේ පාසල් අධයාපනයේදී විෂය නිර්දේශයට තොරතුරු තාක්ෂණය ඇතුළත් කිරීම එහි දියුණුවට කොතරම් පිටුවහලක් වීද යන්න විමසීම මෙහිදී සුදුසුය.
නීතියේ පාලනය සහ යහපාලනය සම්බන්ධව කටයුතු කරන වර්තමාන රජය පාසල් විෂය නිර්දේශයට නීතිය විෂය ඇතුළත් කළ යුත්තේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම ජනතාවගේ අයිතිවාසිකමක් සපුරාලන හෙයිනි.
නීතිය පිළිබද අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය තුළදී ලැබීමේ හේතුවෙන් නීතිය පිළිබද මූලික අවබෝධයක් ශිෂ්‍යයන් පාසල තුළදීම ලබා ගනී. සමාජයේ සියලු දෙය නීතිය සමග තදින් බැදී ඇති හෙයින් රටක සෑම රටවැසියෙකුම නීතිය පිළිබද අවබෝධය ලබා තීබීම අනිවාර්යය වෙයි. වැරදි කිරීමේ බිය සහ වැරදි කිරීමේ දී අපරාධයට දෙන දඩුවම සම්බන්ධ අවබෝධය ලැබීමෙන් අපරාධ සිදුකිරීමේ ප්රවණතාවයද සැළකිය යුතු මට්ටමෙන් අඩුවෙයි.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ සිටින සිරකරුවන්ගේ නීතිය පිළිබද මූලික අධ්‍යාපනය සම්බන්ධව විමසීමේදී නීතිය පිළිබද මූලික අවබෝධයක් ලබා වැරදි සිදුකර බන්ධනාගාර ගත වූ වන්ගේ සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් දක්නට ඇත. නීතිය පිළිබද මූලික අවබෝධයක් ඇති අය අල්ලස දූෂණය(සුදුකරපටි අපරාධ) සම්බන්ධ වැරදි සිදුකිරීමට සම්බන්ධ වුවත් සොරකම, මිනීමැරීම, කොල්ලකෑම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට යොමුවන්නේ ඉතා කලාතුරකින් වෙයි.
නීති අධ්‍යාපනය මව් භාෂාවෙන් ලැබීමේ අයිතිය ජනතාවගෙන් අහිමි කිරීම
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ (UNESCO) විසින් වර්ෂ 2000 සිට සෑම වර්ෂයකම පෙබරවාරි 21වන දින මව් භාෂා දිනය වශයෙන් පිළිගෙන එය සැමරීම සිදු කරනු ලබද්දී ලංකාවේ නීති අධ්‍යාපන ආයතන සහ නීති බලධාරීන් නීතිය මව් භාෂාවෙන් ඉගෙනීමට තිබූ අවස්ථාවඅහිමි කරමින් තීබීම රටේ සහ නිදහස් අධ්‍යාපනයේ අවාසනාවක් වී ඇත.
1970 ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මව් භාෂාවෙන් නීතිය ඉගෙනීමේ අයිතිය නිදහස් අධ්‍යාපනයේ දරුවන්ට විවෘත කර දී තිබුණි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධයාපනය ලත් එක් අගවිනිසුරුවරයෙක් වර්ෂ 2010 දී එකී අයිතිය ලාංකීය නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් උදුරාගත් අතර 2010 සිට මේ දක්වා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මව් භාෂාවෙන් නීතිය ඉගැන්වීම තහනම් කර ඇත. ඒ අකාරයටම නාවල පිහිටි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්යලයේද නීති උපාධි පාඨමාලාවේ අවසන් වසර 3 මව් භාෂාවෙන් නීතිය ඉගෙන ගැනීමේඅයිතිය ඉදිරි වසර දෙකේදී ඉවත් කිරීමට කටයුතු කරමින් සිටී.
සියලු පාසල් සිසුන්ට සිය පාසල් විෂය නිර්දේශයට නීතිය විෂය මව් භාෂවෙන් හදුන්වා දී තිබය යුතු තත්ත්වයකදී නීතී උපාධි හෝ නීතීඥ සුදුසු කම් ලබා දෙන ආයතන මව් භාෂාවට කුඩම්මාගේ සැළකිලි දැක්වීම රටේ සංවර්ධනයට කිසිසේත් සුදුසු නොවේ.
ජනතාවගේ පරමාධිපත්‍ය1978 ආණ්ඩුක්රමව්යවස්ථාවමගින් ජනතාව මත පිහිටුවා ඇති හෙයින් අගවිනිසුරුතුමාහෝ සංස්ථාපිත නීති අධ්‍යාපන ආයතනයේ අසුන්ගෙන සිටින නීති බලධාරීන් තම තම නැණ පමණින් අවබෝධ කර ගෙන ඇති දැනුම මතශ්රී ලංකාවේ නීති අධ්‍යාපනය සම්බන්ධව ජනතාවගේ මව් භාෂා අයිතිය උල්ලංඝණය කරන තීන්දු තීරණ ගන්නා තත්ත්වය ජනතාව විසින් ම පාලනය කළ යුතු තත්ත්වය අප ඉදිරියේ ඇත. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ තත්ත්වය මෙහිදී උද්ගත වී ඇත.
වත්මන් යහපාලන සංහිදියා ආණ්ඩුව , අධ්‍යාපන ඇමතිතුමා සහ ජනාධිපතිතුමා මේ සම්බන්ධව සාධනීය පියවර ගැනීම රටේ නීතිය ස්ථාපිත කිරීමේදී සහ සමානත්මතාවය සුරැකීමේදී අනිවාර්ය අංගයන්වෙයි.
සමාප්තිය
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මව් භාෂාවෙන් නීතිය ඉගෙනීමේ අවස්ථාව යළි ලබා ගැනීමත්, නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට සිය මව් භාෂවෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටීමේ අයිතිය යළි ලබා ගැනීමත්, පාසල් විෂය නිර්දේශයට මූලික නීතිය පිළිබද විෂයය ඇතුළත් කර ගැනීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මව් භාෂා අයිතිය ආරක්ෂාකර දී ඇති ව්‍යවස්ථා බලාත්මක කර ගැනීමත් පෙබරවාරි මස 21 දිනට නියමිත ජාත්‍යන්තර මව් භාෂා දිනයේදී ලාංකිකයන් අරමුණු කර ගැනීම රටේ සංවර්ධනයට ඉතා යෝග්‍ය වෙයි.
“ලක්දිවට ඉතා බිහිසුණු කාලයකි.පිට රටින් සාල නැවතිණි නම් අපට කෑම නැත.පිට රටින් එන රෙදි නැවතිණි නම් අපට විළි වැස්ම නැත.පිට රටින් එන යාන නැතිනම් අපට ගමන නැත.කොටින් මැ පිට රට පිහිට නැත්නම් අපට කළහැකි කිසිවක් නැත.”
(ලක් මිණි පහන් කතු වැකි_කුමාරතංග මුනිදාස)
වැඩි දුර කියවීමට යොමු වන්න http://www.sinhala.lnwtoday.com/archives/15268
B.Sc(Col),PGDC(Col)
arunaunawatuna@gmail.com
2017.02.08
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ බලපෑම් මත තමන් අංගොඩ මානසික රෝහලට ඇතුල් කොට විද්‍යුත් කම්පන ප්‍රථිකාර ඇතුළු මානසික රෝගීන්ට ලබාදෙන ප්‍රථිකාර බලහත්කාරයෙන් ලබාදෙන ලද බව අමාත්‍ය වරයාගේ හිටපු පුද්ගලික සහකාර හර්ෂ තිලකසිරි මහතා ප්‍රකාෂ කරයි. පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත නිරෝගී පුද්ගලයෙකු වන තමාට මෙවැනි ප්‍රථිකාර ලබාදීමෙන් වෛද්‍ය වෘතීය ආචාර ධර්මයන්ටද පටහැනිව කටයුතු සිදුකර ඇති බව දක්වමින් ඒ පිළිබද පැමිණිල්ලක් ඒ මහතා විසින් අද දින (2017.02.08 ) කොළඹ 10, නොරිස් කැනැල් පාර, අංක 31 හි පිහිටි ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ දී, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට බාර දෙන ලදී
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හර්ෂ තිලකසිරි මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස්.
මම හර්ෂ තිලකසිරි වෘර්තියෙන් විධායක සුපවේදියෙක්. චම්පික රණවක ඇමතිතුමා ළග වසර 16කට වඩා කාලයක් පුද්ගලික සහකාරවරයෙක් විදිහට සේවය කළා. අවසාන වතාවට වැඩ කළේ වෝටර්ස් එජ් ආයතනයේ. එතනැන සිට චම්පික ඇමතිතුමාගේ නිල නිවසේ තමයි මම රුදි සිටිමින් සේවය කළේ. එතනදි චම්පික රණවක ඇමතිතුමා සහ මා අතර අරගලයක් ඇතිවෙනවා කාන්තාවක් සම්බන්ධයෙන්. මා යාළුවෙලා ඉන්න කාන්තාව එතුමා මගෙන් ඉල්ලනවා. එකට විරසකයක් ඇතිවෙලා මම යනවා එතනින් අස්වෙලා. මම පිළියන්දල මහ ගෙදරට යනවා. එහෙ ඉන්න බය නිසා රත්මලානේ යාළුවෙකුගේ ගෙදරට යනවා. එතනට UDA එකේ ක්‍රියාකාරි අධ්යක්ෂ චන්දන රණසිංහ, ඇමතිතුමාගේ පුද්ගලික රියදුරු ප්‍රදීප් අල්විස්, කරුදුවත්ත පොලිසියේ එස් අයි හේරත් ඇතුළු කට්ටිය ඇවිල්ලා ඇමතිතුමාගේ ගෙදරට එක්ක යනවා කියලා මාව බලෙන් පැහැර ගෙන යනවා.
මේ ගෝල්ලෝ මාව ගෙනියන්නේ අංගොඩ මානසික රෝහලට. රාජිත සේනාරත්න ඇමතිතුමාගේ ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර අංගොඩ රෝහල සමග කතා කරල තිබුනා මාව බාර ගන්නා ලෙසට. එතනදී මට මාසයකට ආසන්න කාලයක් ප්‍රතිකාර කරනවා. හය පාරක් විදුලි සැර අල්ලනවා. මම ඇමතිතුමා ලග පුද්ගලිකව වැඩ කලා. ඒ නිසා එතුමන් ගැන බොහෝ දේවල් මම දන්නවා. අනාගතයේදී ඒවා හෙළි කළොත් මම පිස්සෙක් කියන තැනට පත් කරන්න තමයි ඇමතිතුමා වැඩ කෙරුවේ. පිස්සෝ කියන දේවල් කවුරුත් අහන්නේ නෑනේ.
චම්පික ඇමතිතුමා මාධ්‍ය හමුවලට ඇවිල්ලා කියනවා උන්මත්තකයෙක් දාලා අපිට පාහර එල්ල කරනවා උන්මත්තකයෝ කියන දේවල් අපි ගණන් ගන්නේ නෑ කියලා. ඒ කාරණය කියන්න තමයි මාව අංගොඩ රෝහලට ගිහින් දැම්මේ. නමුත් අංගොඩ රෝහලෙන් මාව එවලා තියෙනවා උන්මත්තකයෙක් නෙවෙයි කියලා. මට ඒකට සහතිකයක් තියෙනවා. මම ඇමතිතුමාගෙන් අහන්න කැමතියි ඔබතුමාට එහෙම සහතිකයක් තියෙනවද පිස්සු නෑ කියලා.
http://www.sinhala.lnwtoday.com/archives/14884
පස් කැපිල්ල පිළිබඳ විශාල උනන්දුක් දක්වන රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා පස් කැපිල්ල පසුපස සැඟවී තිබෙන පාතාලය ගැන කථා නොකරන්නේ පාතාලයට ඇති බිය නිසාදැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රශ්න කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ පස් කැපිල්ල සහ ඒ හා බැඳුණු පාතාලය නිසා සිදුව ඇති විනාශය පිළිබඳ තමා කතා කළේ සැබෑ ජීවිතය ද චිත්‍රපටයක් යැයි සිතමින් මවා ගත් ලොවක සැරිසරන රන්ජන් රාමනායකලා ගම්පහ පස් පාගන්නටත් පෙර බව පැවසූ රණතුංග මහතා රන්ජන් සැබෑ චණ්ඩියකු නම් අහිංසක රජයේ නිලධාරිනියන්ට අඩන්තේට්ටම් නොකර මේ සැබෑ පාතාලයට එරෙහිව සටන් වැද පෙන්වන්නැයි අභියෝග කළේය.
රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ ආසනයේ වෘත්තිකයන් පිරිසක් සමඟ උඩුගම්පොළ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
අද රට පත්වෙලා තියෙන සහ පත්වෙමින් යන තත්ත්වය ගැන රටේ බුද්ධිමත් ජනතාව කල්පනා කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය ඉවර කරලා සංවර්ධනය කරා ගෙන යමින් තිබුණු රට අද මේ හවුල් ආණ්ඩුව විසින් ගෙනියන්න හදන්නේ කොතැනටද කියලා අපි සිතිය යුතුයි. යහපාලනය, ප්රජාතන්ත්රවාදය ගැන බොරු බේගල් කියමින් බලයට ආ මේ මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව රට ගෙනියන්නේ අගාධයකට බව අද පැහැදිලි වෙලා තිබෙනවා.
ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු වෙලා ඉන්න මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැහැ. 2015 ජනවාරි 08 වැනි දා ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රට භාර දුන්නත් අද රට පාලනය කරන්නේ ඔහු නොවෙයි. අද රට පාලනය කරන්නේ රටේ ජනතාවගේ බහුතර බලයක් නැති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ වටා සිටින ගජමිතුරන් කණ්ඩායමක් විසින්.
රනිල් වික්‍රමසිංහට ඕනේ විදියට රට කරන්න දීලා සිරිසේන ජනාධිපතිවරයා බලාගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහ තමන්ගේ හිතවතුන්ගේ මනදොළ සපුරමින් රට ජාතිය විනාශ කිරීමේ ගමනක යෙදී ඉන්නවා. ජාතික ආණ්ඩුවක් කියලා මහ ලොකුවට හිතාගෙන ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් ඇත්තටම ඉන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අගු පිලේ. අගු පිලේ ඉන්න ගමන් රජගෙදර ඉන්නවා වගේ කටමැත දොඩෝනවා.
මේ අය බලයට ආවේ හොරු අල්ලන්න කියලයි. බැලින්නම් දැන් ඔක්කොම හොරු ඉන්නේ සිරිසේන ජනාධිපතිවරයා ළඟයි. තමන්ට විරුද්ධ අයට නඩු දාන තමන්ට පක්ෂ අය ආරක්ෂා කරන අමුතුම ජාතියේ යහපාලනයක් තමයි ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරමින් ඉන්නේ. මහ බැංකුව මංකොල්ල කාපු අලි හොරු නිදැල්ලේ ඉන්න කොට අහිංසක මිනිස්සු අල්ලලා හිර ගෙදරට යවන එක තමයි මේ අයගේ ප්රජාතන්ත්රවාදය.
ගම්හප දිස්ත්‍රික්කයේ පස් කැපීම ගැන මේ දවස්වල ලොකු කතා බහක් යනවා. අකරගම ප්‍රදේශයේ පස් කපන ස්ථානයකට ගිය රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රාදේශීය ලේකම්වරියකට තර්ජනය කරපු ආකාරය අපි මාධ්‍ය හරහා දැක්කා. රාජ්‍ය නිලධාරිනියකට ප්‍රසිද්ධියේ තර්ජනය කරපු රන්ජන් රාමනායකට එරෙහිව කිසිම පියවරක් අරගෙන නැහැ. අඩුම ගාණේ අවවාදයක්වත් දීලා නැහැ.
රන්ජන් රාමනායක ගම්පහට ඇවිල්ලා තාම අවුරුදු එකහමාරක්වත් නැහැ. ඉපදුණු දවසේ ඉඳලා ගම්පහ ඉන්න මම වගේම ගම්පහ අනෙකුත් මන්ත්‍රීවරුනුත් මේ පස් කැපිල්ල ගැන දන්න තරම් රන්ජන් දන්නේ කොහොමද? පස් කැපිල්ල නිසා සිදුවන විනාශය ගැන මම මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලේ දැනුවත් කරලා තිබෙනවා. ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයාත් මේ ගැන දැනුවත් කළා.
පස් කැපිල්ල එක්කම එන අනෙක් දේ තමයි පාතාලය. පස් කැපිල්ල පේන රන්ජන්ට පාතාලය පේන්නේ නැත්තේ පාතාලයට තියෙන බය නිසාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපේ කාලයේ නම් පස් කැපිල්ල වගේම පාතාලයත් මර්දනය කරන්න කටයුතු කළා. හිටපු ආරක්ෂක ලේකම්තුමා පාලනය කරලා තිබ්බ පාතාලය නැවත හිස එසෙව්වේ යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සෙයි.
අද බලන්න කීදෙනෙක් දවසට ඝාතනය වෙනවද කියලා. අපේ රටත් දැන් චිකාගෝවක් වෙලා. මහ දවාලේ වෙඩි තියවා. කපලා කොටලා මරනවා. හැබැයි කාවවත් අත්අඩංගුවට අරගෙන නැහැ. චිත්‍රපටිවල චණ්ඩි දර්ශන රඟපෑවට රන්ජන් රාමනායක ඇත්ත ජීවිතේ පාතාලෙට බය නිසා වෙන්නැති මේවා ගැන කතා කරන්නේ නැත්තේ. කොහොමත් කොන්ද පණ තියෙන පිරිමියෙක් නම් ගෑණු කෙනකුට චණ්ඩි පාට් දාන්නේ නැහැනේ. හැබැයි ඉතින් පිරිමි ගණිකාවන්ට ඕවා එච්චර දේවල් නොවෙයි.
රන්ජන් රාමනායක දැන් තමන් හොයා ගත්තා වගේ කයිවාරු ගැහුවට පස් කැපිල්ල යට තියෙන පාතාලය ගැන වගේම් මේවා නිසා 48 දෙනකු මිය ගියා කියලා රටට මුලින්ම හෙළිදරව් කළේ මමයි. සමහරු කියනවා මමත් පස් කපනවා කියලා. හැබැයි මේ මිනුවන්ගොඩ වගේම රටේම බුද්ධිමත් ජනතාව දන්නවා ප්‍රසන්න රණතුංග පස් කපන්නේ නැහැ කියලා. පස් කැපිල්ල නිසා වැඩියෙන්ම හානි වෙලා තියෙන්නේ මිනුවන්ගොඩ ආසනයට. වැඩියෙන්ම විඳවන්නේ මිනුවන්ගොඩ ආසනයේ ජනතාව.
උඩින් පාත් වෙච්ච පැරෂුට්කාරයෝ නැතුවට අපි හැමදාම මිනුවන්ගොඩ ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. ඉස්සරහටත් පෙනී ඉන්නවා. ප්රශ්නයේ බරපතළ නොදැන බොරු මාධ්‍ය සන්දර්ශන දාලා ඡන්ද ගොඩවල් වැඩි කර ගැනීමේ පටු අරමුණු අපට නැහැ. ඡන්ද නොලැබුණත් වැරැදි දේ වැරැදියි කියන්න අපට හයියක් තිබෙනවා. ඒ හින්දා අපි ඔය පැරෂුට්කාරයන්ට කියන්නේ තවත් ජනතාව රවට්ටන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න කියලයි.
මහින්ද රාජපක්ෂලා බලයේ සිටින කාලයේ ලොකුවිතාන හරහා ඩුබායි වල දේපල සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති බවට මතුරමින් සිටි යහපාලනය පසුගියදා ලොකුවිතාන සමග කරට අත දාගෙන ගත්තේ එක පැත්තකින් රාජපක්ෂලා පාවාදිමට පමණක් නොව කූට්ටිය පිටින්ම යහපාලනයේ අම්බරුවන්ගේ ගිණුම් වලට දා ගැනිමට බව අමුතුවෙන් කිවයුතු නෑ.මේ දවස්වල ගූ ගාගෙන නටන ගොන්ජාගෙ වචන වලින් මැරියට් ලොකුවිතාන නමින් ප්‍රසිද්ධියට පත් ව ඇති ඩුබායි කේන්ද්‍ර කොටගත ව්‍යපාරිකයෙකු වන නන්දන ජයදේව ලොකුවිතාන යහපාලනයට පිංසිදුවන්නට සියලුම චොදනා වලින් නිදහස් විමට සුදුසුකම් ලබා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
මහින්ද පාවාදිමේ ගමන ඇරැඹූ සජින්ද වාස් ගුණවර්ධන හරහා හදුනාගත් මේ වනවිට මැරියට් ලොකුවිතානගේ අතිජාත මිතුරා වි සිටින සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රමගේ අනුග්‍රහය මත මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනා ලබා සිටින නන්දන ලොකුවිතාන හිරේට නොයෑමේ වරප්‍රසාදයක් ලබාගෙන ඇති අතර ඒ අනුව නන්දනට එරෙහිව ඇති චොදනා වලින් නිදහස් කිරිමට මේ වන විට කටයුතු කරමින් සිටි.
ඩුබායි හි මැරියට් හෝටලයේ, වානේ සංස්ථාවේ හා මතභේදයට ලක් අගමැති විසින් මුල්ගල තබන ලද හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ අයිතිකරුවා වන අතර ලොකුවිතානගේ මුදල් විශුද්ධිකරණ චෝදනා පසු පස හඹා නොයෑමට නීතිය බලාත්මකකරන ආයතන වලට නියෝග කළ සමරවික්‍රම මේ වනවිට අදාළ චොදනා සම්බන්ධයෙන් FCID පරික්ෂණ නතර කර දැමිම සදහාද නියෝග කර තිබේ.මිට අමතරව පැනමා පත්රිකාවල්දී එහි අන්තර්ගත 2000 දී සංස්ථාපිත කරන ලද සීෂෙල් හි පිහිටා ඇති නිලෝනා ෆැෂන්ස් නමින් හදුන්වන ආයතනයට ලොකුවිතාන සම්බන්ධ බවට FCIDය අනාවරණය කර තිබේ.
කෙසේවෙතත් සජින්ද වාස් හරහා මලික් සමග දමාගත් ඩිල් වල ප්‍රතිඵලයක් ලෙසට නන්දන ලොකුව්තානට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් ගොනු කර ඇති මුදල් විශුද්ධිකරන චෝදනා විමර්ශනය නොකොට පසෙකින් තබන්නට මලික් ඇමතිවරයා සහතික වී තිබේ.මෙය සමරවික්‍රම විසින් ලොකුවිතානට පොරොන්දු වී ඇති මුළු පැකේජයට අයත් වේ.
ලොකුවිතානගේ හොරණ ටයර් කර්මාන්ත ශාලාවට අවශ්‍ය ඉඩම් සඳහා අනුමැතිය ලබා ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුතු කැබිනට් අනු කමිටුවට කැබිනට් පත්‍රිකාවක් යොමු කර අනුමැතිය ලබා ගත් සමරවික්‍රමගේ වික්‍රමය ගැන අප අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.
ඉන්දියාව අපේ රටේ ප්‍රශ්නවලට ඇඟිලි ගහන එක අප දන්නේ අද ඊයේ නොවෙයි. මෙරට ඉන්දියාවේ රෝ ඔත්තුකාරයන් ඉන්නවා. ඒත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙවත් මල්පොහොට්ටුවේ ප්‍රධානියකු කියන විධියට නම් නො වෙයි. අප සහල්වලත් වස තිබෙන බව කී විට ඇතැමුන් කිවුවේ ප්‍රිමා සමාගමෙන් මුදල් අරගෙන ජනතාව බත් කෑමෙන් පාන් කෑමට පෙළඹවීම සඳහා එසේ කළ බවයි. අද ඒ අයගේ ම පක්ෂයේ උදවිය කියන්නේ රසායනික පොහොරවල ඇති වස ගැන කී අය එසේ කළේ ඉන්දියාවේ ඔත්තු සේවයේ අවශ්‍යතාවට ඉන්දීය ආහාර මෙරටට ආනයනය කිරීමටය කියා. දේශපාලනඥයන්ට අවශ්‍ය ජනතාව රැවටීමටයි. අවාසනාවකට දොස්තරලා ද කොන්දොස්තරලා ද තවත් අය ද ජනතාව රවටනවා. බලය ගැනීම හා බලය රැක ගැනීම එහි දී ප්‍රධානයි. එය දැනුම් ආධිපත්‍යයේ ද සිදු වෙන බව බොහෝ දෙනා දන්නේ නැහැ.
දෙමළ ජාතිවාදී ප්රශ්නය ආරම්භ කෙළේ ඉන්දියාව නො වෙයි. එය 1650න් පසුව ලන්දේසීන් අරඹා ඉංගිරිසින් 1833 දී බෞතීස්ම කරන ලද්දක්. එයට ඉන්දියාව මැදිහත් වන්න පටන් ගත්තේ 1947න් පස්සෙ. මෙරටට ඉංගිරිසින් ආනයනය කළ වතු කම්කරුවන් ඉංගිරිසින් යටතේ සිටියේ එංගලන්ත රජුගේ යටත්වැසියන් ලෙස. අප 1948 දී සීමිත නිදහසක් ලබාගත් පසු මෙරට රටවැසියන් කවුද යන ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදුවුනා. වතු කම්කරුවන්ට මෙරට රටවැසිකම ලැබුණේ නැහැ. ඒ වෙලාවෙි දී අප කළ යුතුව තිබුණේ ඔවුන් එංගලන්තයට යැවීමයි. ඇතැම් රටවල් එසේ කළා. වතු කම්කරුවන්ට ඉන්පසු රටක් තිබුණේ නැහැ. ඉන්දියාව ප්‍රශ්නයට සෘජුව ම මැදිහත්වන්න පටන් ගත්තේ ඉන් පසුවයි. ඉන්දියාව පනික්කාර් සිද්ධාන්තය දිගට ම අනුගමනය කළා. එයින් කියැවුණේ ඉන්දියන් සාගරය ඉන්දියාවේ සාගරය බවයි. ලෝකයේ ප්‍රධාන සාගරයක් රටක නමින් හැඳින්වීමෙන් ම මුල සිට ම වරදක් කෙරී තිබෙනවා. සාගරයේ නම කුමක් වුවත් මේ කලාපයේ අධිපතියා වීමේ අවශ්‍යතාව ඉන්දියාවට තිබුණා.
ඒ කුමක් වුවත් ඉන්දියාවට ලංකාව එහි ප්‍රාන්තයක් කර ගැනීමේ අවශ්‍යතාව කාලයක් සිට ම පැවතුනා. එට්කා ගිවිසුම ආදිය ඒ ක්‍රියා පිළිවෙතේ සන්ධිස්ථාන පමණයි. 1987 ඉන්දු ලංකා ගිවිසුමත් ඒ ක්‍රියාවලියට ම අයත් වෙනවා. දෙමළ ජාතිවාදී ත්රස්තවාදීන්ට පුහුණුව ලබා දීමට ඉන්දියාවත් කටයුතු කළා. ඉන්දියාව පුහුණු කෙළේ කොටි සංවිධානය පමණක් නො වෙයි. උමා මහේස්වරන් ආදීන් ද ඉන්දියාවේ දී පුහුණුව ලැබුවා. උමා මහේස්වරන් හා ප්රභාකරන් චෙන්නායි හි දී වීදිවල එකිනෙකාට වෙඩි තබා ගත්තා. ඉන්දියාවට අවශ්‍ය වූයේ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් මගින් මුල දී රට දෙකඩ කිරීමයි. ඒ මගින් අවසානයේ දී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කර ගැනීම ඔවුන්ගේ අරමුණ වූවා. එංගලන්තයට අමතර ව ඉන්දියාව ද දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටියා.
එහෙත් ඔවුන්ට ප්රභාකරන්ගේ නායකත්වයෙන් ඊළමක් අවශ්‍ය වූයේත් නැහැ. ඔවුන් ප්රභාකරන් යොදා ගත්තා පමණයි. එහෙත් ලංකා හමුදා ප්රභාකරන් පරදවනු දැකීමටත් ඉන්දියාව මුල දී කැමති වූයේ නැහැ. වඩමාරච්චි සටනින් අපේ හමුදා ජය ලබන විට ඉන්දියාවට ඒ නැවැත්වීමට අවශ්‍ය වුනා. පරිප්පු දේශපාලනය එහි ප්‍රතිඵලයක්. ඉන් අවුරුදු තිහකට පමණ පසු ආප්ප දේශපාලනය ක්‍රියාත්මක වුනා. වඩමාරච්චියේ දී ඉන්දියාව කියා හිටියේ දෙමළ ත්රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් නවතන ලෙසයි. ඔවුන් ජේ ආර් ජයවර්ධනට බලපෑම් කළා. එහි දී ජේ ආර් සිතා සිටියේ එක්සත් රාජ්‍ය ඔහුගේ පිහිටට ඒවි කියා. එහෙත් ඒ වන විටත් එක්සත් රාජ්‍ය ඉන්දියාව සමග සහයෝගයෙන් වැඩ කිරීමට පටන් ගෙන.
අද ඉන්දියාව කියන්නේ සිවිල් වැසියන්ට හානියක් වේය කියා ලංකාවේ හමුදා උතුරේ සටන් කිරීමට අකමැති වූ බව. මෙය ඇත්තක් ද බොරුවක් ද කියා මෙරට හමුදා අද කියන එකක් නැහැ. එහෙත් එදා අපේ හමුදා එසේ කීමට තිබූ ඉඩ කඩ අඩුයි. ලංකාව හමුදා මෙහෙයුම් සිදු කෙළේ කොටි ත්රස්තවාදයට හා දෙමළ ජාතිවාදී ඉල්ලීම්වලට එරෙහි ව මිසක් සාමාන්‍ය දෙමළ ජනයාට එරෙහි ව නො වෙයි. හමුදා මෙහෙයුම්වල දී සාමාන්‍ය සිවිල් ජනයාට ද හානි පැමිණෙනවා. එය වැළැක්විය නො හැකියි. කළ හැක්කේ හා කළ යුත්තේ සිවිල් ජනයාට වන හානි අවම කිරීමට කටයුතු කිරීම පමණයි. කිසිම හමුදාවක් සිවිල් වැසියන්ට හානි වේය කියා මෙහෙයුම් නවත්වන්නේ නැහැ.
ඉන්දියාව මේ කරන්නේ තමන් ඊනියා සාම සාධක හමුදා ලෙස මෙරටට ගොඩ බැසීම යුක්ති යුක්ත කිරීමයි. පරිප්පු දේශපාලනය, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය, පළාත් සභා, ඊනියා සාම සාධක හමුදා ආදී සියල්ල ඉන්දියාවේ අවශ්‍යතාවට සිදු කළ දේ. ඉන්දියාව සූදානම් වන්නේ ලංකා හමුදා සිවිල් ජනයාට හානි පැමිණේය කියා සටන් කිරීමට නොහැකි බව කීම නිසා ජේ ආර්ගේ ආරාධනයෙන් තමන් මැදිහත් වූ බව පැවසීමටයි. ඉන්දියාව මේ කතාව තම මිතුරු කොණ්ඩෙ බැඳපු චීනුන්ට කිව යුතුයි. මෙහි දී පරස්පරයක් ද මතුවෙනවා. ලංකා හමුදා සිවිල් ජනයාට හානි වන නිසා මෙහෙයුම් කිරීමට නොහැකි බව කියද්දී ඉන්දියාව ඊනියා සාම සාධක හමුදා එවුවේ සිවිල් වැසියන්ට හානි වීම පයිසෙකටවත් ගණන් නො ගෙන ද? එසේ නම් ඉන්දියාව ඊනියා මානව අයිතිවාසිකම් රැක්කේ නැද්ද? ලංකාවේ හමුදා අතින් කෙරුණේ යැයි කියන මානව අයිතිවාසිකම් කඩවීම්වලට අමතරව ඊනියා සාම සාධක හමුදාවෙන් සිදු වූ මානව අයිතිවාසිකම් කඩවීම් ද විමර්ශනය කිරීමට හුසේන් කුමරු දෙමුහුන් අධිකරණ පිහිටුවනවා ද? මෙරට ඊනියා මානව අයිතිවාසිකම් අයිතිකරුවන් ඊනියා සාම සාධක හමුදාවෙන් සිදු වී ඇති මානව අයිතිවාසිකම් කඩවීම් ගැන සෙවීමට හුසේන් කුමරුගෙන් ඉල්ලා නොසිටින්නේ ඇයි?
ඉන්දියාව තවත් බොරුවක් කියන බව පැහැදිලියි. ඊනියා සාම සාධක හමුදා එවුවේ රජිව් ගාන්ධිගේ අවශ්‍යතාවට මිස ජේ ආර්ගේ ඉල්ලීමට නො වේ. ඉන්දියාව ජේ ආර් ලවා එසේ හමුදා එවන ලෙසට කියවා ගත්තා. එසේ කියවා ගෙන ඉන්පසු ඊනියා සාම සාධක හමුදා එවීමට බොරු කොන්දේසි කිහිපයකට ජේ ආර් එකඟ කරවා ගන්න ඇති. දෙමළ භාෂාවට ප්‍රධාන තැනක් දීම, බලය විමධ්‍යගත කිරීම ආදියට ජේ ආර් එකඟ කරවා ගෙන ඇති බව පැහැදිලියි. ඒවා තනිකර ම ඉන්දියාවේ ඉල්ලීම්. ජේ ආර් ඉන්දියාවට යට වී නිවටයකු ලෙස ඒ ඉල්ලීම්වලට එකඟ වී ඇති බව පැහැදිලියි.
ඉන්දියාවට අවශ්‍ය වූයේ ඊනියා සාම සාධක හමුදා එවා කොටි පරාජය කර තම ආධිපත්‍යය උතුරේත් පසුව රට පුරාත් පැතිරවීමටයි. එහෙත් ප්රභාකරන් ඉන්දියාවට යට වූයේ නැහැ. පසුව ප්රභාකරන් රජිව් ගාන්ධි ඝාතනය කළා. ඉන්පසු ඉන්දියාවට අවශ්‍ය වූයේ ප්රභාකරන් ඝාතනය කිරීමටයි. ලංකා හමුදාවල මානුෂික මෙහෙයුම්වලින් කොටි පරාජය වෙද්දී බටහිර රටවල් ප්රභාකරන් බේරා ගැනීමට කටයුතු කරද්දී ඉන්දියාව ඔවුන්ට සහාය දැක්වූයේ නැහැ. ඉන්දියාව සහාය දැක්වුවත් ඒ අවස්ථාවේ දී මහින්ද නැවැත්වීමට සමතකු ලෝකයේ ම සිටියේ නැහැ. ඔහුට ගෝඨාභයගේ අනගි සහාය ලැබුණා. අද මහින්දගේ දේශපාලනය නැවැත්වීමට උත්සාහ කරන ඉන්දියාවට, මෙරට දේශපාලනඥයන්ට හා ඊනියා දේශපාලන විද්‍යාඥයන්ට ඒ බව නැවතත් මතක් කර දිය යුතුයි.
නලින් ද සිල්වා
2017 පෙබරවාරි 07
මහානායක හිමියන් ලගතබා ගනිමින් “අපේ හාමුදුවනේ මම හොරුන්ට ඉන්න දෙන්නේ නෑ හිටං… ” යනුවෙන් රටේ ජනතාව ගොනාට අන්දවා මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලීමට පත්කල විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අමු පට්ට කෙප්පයක් බව අනාවරණය වි තිබේ.ඒ හරහා සම්පුර්ණයෙන්ම රටේ ජනතාව රවටා ඇති අතර කොමිසම ක්‍රියාත්මක වන කාලය තුළ බැඳුම්කර ගණුදෙනුව සිදු ආකාරය පිළිබදව හා එහිදී සිදු වූ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලෙනු ඇති නමුත් ඒ හරහා කිසිදු අධිකරණ ක්‍රියාවලියකට පිවිසිමට බලයක් නොමැති නිකම්ම නිකං සුදු අලියෙකු බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.
මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස ඇතුලත් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කංකානි තන්ත්‍රි චිත්රසිරි, ප්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලෙයි කන්දසාමි වන අතර ඔවුන්ගේ එකම කර්තව්‍යය වන්නේ බැඳුම්කර වංචාව පිළිබඳව වග විභාගයක් පැවැත්වීමයි. ඒ අනුව වැරදිකරුවන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට එම කමිටුවට හැකියාවක් නොමැත.මෙම කොමිසම තොරතුරු රැස් කිරීමේ අරමුණෙන් පිහිටුවන ලද කොමිසමක් බවට පත් වන අතර කොමිසම වෙත ඉදිරිපත් කරනු ලබන කිසිදු සාක්ෂියක් අධිකරණ නිතීය තුළදී භාවිතයට ගැනීමට නොහැකිය.
මෙම කොමිසමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ශ්‍රීලංකා මහ බැංකුවේ කටයුතු මෙහෙයවිම, එහි පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳව විමර්ශනය කිරීම සහ විපරම් කිරීමයි. එමෙන්ම මහබැංකුවේ කාර්යයන් සිදු වීමේදී කවරාකාර හෝ බලය අයුතු ලෙස භාවිත වීමක් බලපෑමක්, මැදිහත්වීමක්, වංචාවක්, අවප්රයෝගයක්, ඥාති සංග්‍රහයක් සිදු වුණි ද, හෝ බැංකුවේ සිදු දූෂණයට සම්බන්ධ වන යම් නොකර හැරීමක් සිදු වුණිද යන්න පිළිබඳව සොයා බැලීමයි.
කෙසේවෙතත් මේ සඳහා සම්බන්ධ පාර්ශවයන්ට එරෙහිව පියවරක් ගැනීමට හෝ විනිර්මුක්තියක්(නඩු පැවරිමට නොහැකි වරප්‍රසාදය) හිමි පුද්ගලයෙකු කොමිසම ඉදිරියට කැදවීමට හෝ කොමිසමට බලය නොමැත. එමෙන්ම යම් වැරදි දෙයක් කළ පුද්ගලයෙක්ට එරෙහිව පියවරක් ගැනීමට හෝ ඔවුන්ව අධිකරණය ඉදිරියට පමුණුවීමටද එම කොමිසමට හැකියාවක් නොමැත.තම විමර්ශනය අවසානයේ තම කමිටුව විසින් සොයා ගත් කරුණු ඇතුලත් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබා දීමට පමණක් මෙම කමිටුවට පැවරී තිබිම විශේෂත්වයක්.
සරලව ගතහොත් එම ජනාධිපති විමර්ශන කොමිසම පත් කරනු ලබන්නේ පාර්ලිමේන්තු කෝප් කමිටුව විසින් දැනටමත් සිදු කර අවසන් කර ඇති බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව සොයා බලා වාර්තාවක් සැපයීමට ය. දේශපාලන ව්චාරකයන් පවසන පරිදි එකම කාර්යය සිදු කිරීමට තවත් කොමිසමක් පැවතිමේ අවශ්‍යතාවය ඉතා පුදුම සහගතය. මෙය සම්පත් සහ කාලය නාස්ති කිරීමේ කාර්යයක් මිස තවත් යමක් නොවේ.
ඒ අනුව විගණකාධිපතිවරයා විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර ගණුදෙනුවට සaජුවම මැදිහත් එමින් රටට අවම වශයෙන් බිලියන 1.6ක් අහිමිකිරීමට වැරදිකරු බව පැහැදිළිව දක්වා තිබියදීත් ආණ්ඩුව විසින් අනවශ්‍ය ලෙස ඒ වෙනුවෙන් කාලය ගැනීමට මෙම කොමිසම පත් කර ඇති බව තහවුරු වේ.
“අධිකරණයට පිළිගත නොහැකි නම් පවතින ක්‍රියාකාරකමක් පිළිබඳව මෙවැනි කමිටුවක් විසින් තොරතුරු රැස් කිරිමේ අවශ්‍යතාය කුමක්ද?” කොහෙවත් නිකන් ඉන්න නාකී පප්පලාට කාලයක් විවිධ වරප්‍රසාද භූක්ති විදිමට මග සලසා දිම සහ රටේ ජනතාව ගොනාට අන්දවා සිරිසේනගේ මෙගා හොරු ගලවා ගැනිම මිස වෙන අන් කවරක්ද?
ලැබෙන සොච්චම් විශ්‍රාම වැටුපෙන් ජීවත් වීමට නොහැකිව දුවා දරුවන් සමඟ ජීවිතයේ අවසාන භාගය ඉතාම දුක්බරව ගෙවන ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන්ට තමන් ලබන මාසික විශ්‍රාම වැටුප වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටවත් ප්‍රමාණවත් නොවන්නකි.
එවන් තත්ත්වයක් හමුවේපපපසුගිය රජය සමයේ රණවිරුවන්ට ලැබුණු සිත්ගන්නාසුලු පොරොන්දුවක් වූයේ දැනට සන්නද්ධ හමුදාවල විශ්‍රාමිකයන්ට ගෙවනු ලබන 70% විශ්‍රාම වැටුප් ප්‍රතිශතය 85% දක්වා ඉහළ නංවමින් රට ජාතිය බේරාදුන් රණවිරුවන්ට රජයේ ප්‍රණාමය පුදන්නේ යෑයි යන්නය.
එහිදී රණවිරුවන් සියයට 85 විශ්‍රම වැටුප පිළිබඳ බලාපොරොත්තු තබා සිටියද අවසානයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත නියෝග කෙරුණේ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළ 2009 මැයි 19 දින වන විට ක්‍රියාන්විතයේ වසර පහක් නිරත වී සිටි සන්නද්ධ හමුදාවන්හි සෙසු නිලයන්ට හා නිලධාරීන්ට පමණක් මෙම නව විශ්‍රාම වැටුප ගෙවීමට කටයුතු කරන ලෙසය. මුදල් අමාත්‍යංශය මගින් කරනු ලැබූ එම නියෝගය දැඩි අසාධාරණ වූ එකක්ම විය.
යුද්ධය අවසන් කළ දිනය වන විට ක්‍රියාන්විතයේදී තුවාල ලැබූ හා ආබාධිත තත්ත්වයට පත් වූ අයවලුන්ටද මියගිය සියලුම නිලයන්ටද වසර පහේ නීතිය බලනොපාන බවට එම චක්‍රලේඛයේ සඳහන් කර තිබීම අපි අගේ කරන්නෙමු. එහෙත් නන්දිකඩාල් අවසාන සටනේදී තම අවියෙන් කොටි නායකයන් මරු තුරුලට යවා උද්දාමයෙන් සිටින රණවිරුවකු ක්‍රියාන්විතයේ රැඳී සිටි කාලය වසර පහකට අඩු නම් අතක්, පයක් නොකැඩී විශ්‍රාම ගිය එම රණවිරුවාටද මෙම නව විශ්‍රාම වැටුප අහිමි වීම දෛවයේ සරදමක් නොවන්නේද?
85% නව විශ්‍රාම වැටුප් ප්රශ්නය අද ඊයේ ඇති වූවක් නොවේ. මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබ කලක් ගතවුවද එය හමස්පෙට්ටියට ගියේ මෙය කිනම් වසරක සිට ගෙවිය යුතුද යන්න හා හිඟ වැටුප් ගෙවීමද මහා භාණ්ඩාගාරයට හිසරදයක් වූ නිසාම බව අප දන්නා සත්‍යයකි. හමස්පෙට්ටියට ගිය මෙම නව විශ්‍රාම වැටුප් කතන්දරය යළි කරළියට ආවේ 2015 ජනාධිපතිවරණය සහ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟය.
එහිදී තම සියයට 85 විශ්‍රාම වැටුප කෙසේ හෝ දිනා ගැනීමට සිතූ රණවිරුවන් සහ දරු පවුල් 2015 පැවති මැතිවරණ දෙකින්ම හිටපු ජනාධිපති පරදවා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කොට ඔහුගේ රජයකින් හෝ නව විශ්‍රාම වැටුප ලබා ගැනීමේ පරම අධිෂ්ඨානයෙන් කටයුතු කළේය. එහෙත් තවම ඒ කිසිවකුටත් ලැබුණු දෙයක් නම් නැත.
ජනපතිතුමනි, සැබවින්ම මුල් චක්‍රලේඛයේ සඳහන් පරිදි වසර පහක් එක දිගට හෝ කඩින් කඩ ක්‍රියාන්විතයේ නිරත වූ සෙසු නිලයින්ද නිලධාරීන් ද සිටී නම් ඒ අතළොස්සකි. කිසියම් වෘත්තීමය රාජකාරියක යෙදී සිටින අයවලුන්, මූලස්ථානයෙහි රඳවාගෙන ක්ෂේත්‍ර රාජකාරි ඉටුකරන භට පිරිස් ක්‍රියාන්විතය සඳහා යොදවනුයේ ඒ ඒ හමුදා සේනාංකවල අණදෙන නිලධාරීන්ය.
මේ අනුව හමුදා මූලස්ථාන ඇතුළු මාණ්ඩලික ශාඛාවල වෘත්තීමය රාජකාරියක් ඉටුකරන අයවලුන් ක්‍රියාන්විත සඳහා සහභාගි කරවනුයේ නොවැළැක්විය හැකි හේතූන් නිසා පමණි.
ලිපිකරු දුරකථන ක්‍රියාකරු, ගබඩාකරු, වැටුප් ලිපිකරු ආදී පාලනමය රාජකාරීන් ඉටුකරන අය ක්‍රියාන්විතයට යොදාගත් විට වැටුප් ප්‍රශ්න, විශ්‍රාමික පඩිනඩි රාජකාරි වාර්තා ඇතුළු පරිපාලන කටයුතු ඉටුකරනුයේ කවුදැයි මහා භාණ්ඩාගාරයේ ඉහළ පුටුවල වැජඹෙන නිලධාරීන්ට තේරුම් නොයැම ජාතියේම අවාසනාවකි,
රටේ සංවර්ධන කටයුතු අඩාල නොවුණ අන්දමින්ම යුද්ධය නිසා කිසිදු සන්නද්ධ හමුදා සාමාජිකයකුගේ පරිපාලන කටයුතු ද වැටුප් ද විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ද ප්‍රමාද වූයේ යෑයි කිසිවකුටත් චෝදනා කළ නොහැක. සියල්ල නිසි පරිදි සිදුවිය.
යුද්ධය දිනීමට හෝ ක්‍රියාන්විතයේ උපරිම ඵල නෙළාගැනීමට සටන් බිමේ සිටින රණවිරුවන්ට අවි ආයුධ පතරොම් බෝම්බ ආදිය ද නිල ඇඳුම් ද වියළි සලාක ඇතුළු කෑම බීම ආදිය ද ක්‍රියාන්විත පෙදෙස් වෙත කොළඹ වරායේ සිට යවන භට පිරිස් ඉටුකරනුයේ ද ක්‍රියාන්විතයේම කොටසකි.
නොනිදා පහන් කරමින් අගනුවර වරායේ රාජකාරීන් නිසියාකාරව මොවුන් ඉටුනොකරන්නේ නම් අවි ආයුධ නොමැතිව යුද්ධයක් ජයගත හැකිද? කෑම බීම ගුවනින් හෝ මුහුදෙන් නොයවන්නේ නම් බඩගින්නේ යුද්ධ කළ හැකිද? මෙම රණවිරුවන් ක්‍රියාන්විත රාජකාරිය සඳහා උතුරු නැඟෙනහිරට යෑවූ පසු මෙම කාර්යයන් ඉටුකරනුයේ උඩ සිටිනා දෙවියන්ද?
මෙවන් පිරිස් අගනුවර රැඳී සිටීම හේතුවෙන් නව විශ්‍රාම වැටුප මොවුනට අහිමි වන්නේ නම් මෙය මොනතරම් අසාධාරණද? එම නිසා මෙය ඔබතුමාගේ රජයක් යටතේ ලැබෙන බවට අපට දැඩි විශ්වාසයක් ඇත.
මෙම නව විශ්‍රාම වැටුප ඉල්ලා අද අපට උද්ඝෝෂණ කළ නොහැක. ඒ විශ්‍රාමික අප රජයට මොනම තර්ජනයක් හෝ බලපෑමක් කළ නොහැකි අහිංසකයන් පිරිසක් නිසාය. පිකටින් කිරීමට හෝ බෝඩ් ලෑලි එල්ලාගෙන අව්වට වේලෙමින් ද වැස්සට තෙමෙමින් ද කොටුව දුම්රියපළ ඉදිරිපිට හෝ ලිප්ටන් වටරවුමේ දී කෑ මොර දෙන්නට දැන් අපට වාරු නැත. රණවිරු දුක්ගැනවිලි හා ප්‍රශ්න කෙරෙහි තමා නිරන්තරයෙන්ම සොයා බලා විසඳුම් දෙන බවට ජනාධිපතිතුමා කළ ප්‍රකාශයන් අප රූපවාහිනියෙන්ද ජනමාධ්‍යවලින්ද අප්‍රමාණව දැක ඇත. එම නිසාම අපගේ මෙම ඉල්ලීම කෙරෙහි දැඩි අවධානය යොමු කොට සියලුම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා රණවිරුවන් සඳහා මෙම නව වැටුප ලබාදීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
විශ්‍රාමික රණවිරුවෙක්
මේ ඉහතින් සඳහන් වන්නේ විශ්‍රාමික රණවිරුවෙක් අපට ලියා එවූ කතාවකි. ඒ ඔහු මුහුණ දී සිටින ගැටලුවය. එහෙත් අද වන විට යුද හමුදාවේ වැටුප් සහ විශ්‍රාම වැටුප් විෂමතා යනු ලිහාගත නොහැකි අන්දමේ පැටලවිල්ලක් වී තිබෙන බව බොහෝ රණවිරුවෝ කියන්නාහ.
එකම දිනයේ එකම සම්මුඛ පරීක්ෂණයට සහභාගි වී යුද හමුදාවට බැඳී රට වෙනුවෙන් සටන් කොට එකම දිනක විශ්‍රාම ගිය රණවිරුවන් දෙදෙනකු ගතහොත් දෙදෙනාට ලැබෙමින් තිබෙන්නේ පරස්පර වූ අගයන් ගන්නා විශ්‍රාම වැටුප්ය.
මෙයට විසඳුමක් දී රට වෙනුවෙන් සටන් කළ රණවිරුවන්ගේ සිත් සනසන්නට යුද හමුදාවට හැකි විය යුතුය. අප එසේ කියන්නේ “මට හමුදාවෙන් අසාධාරණයක් කළා..” යනුවෙන් සිතමින් යම් රණවිරුවකු සිය විශ්‍රාම කාලය ගත කරන්නේ නම් එය අවැඩක්ම වන නිසාය.
ඇත්තෙන්ම යුද හමුදාවේ මේ වැටුප්, විශ්‍රාම වැටුප් අවුල ලිහන්නට යුද හමුදා වැටුප් හා ලේඛන අධ්යක්ෂ මණ්ඩලයට නොහැකිව ඇත්තේ කුමක් නිසාද? ඔවුනට එය කළ නොහැකිද? එසේ නොමැති නම් කිරීමට වුවමනාවක් නැතිද?
මෙම ගැටලුවලට විසඳුම් නොදී පවතින ක්‍රමයෙන්ම තව දුරටත් ඉදිරියට ගියහොත් අනාගතයේ තව තවත් රණවිරු ගැටලු නිර්මාණය වීමට එය ප්‍රබල හේතු-වක්ම වනු ඇත.
නුදුරු දිනකදීම මේ ගැටලුව පිළිබඳ සවිස්තරාත්මකව කතා කිරීමට අපි සූදානමින් සිටින්නෙමු. ඒ රණවිරුවා ලොකු තැන්වලට කිව්වාට ගණන් නොගන්නා මෙවන් දේ රටටම ඇහෙන්නට අපවත් කිවයුතු නිසාය. බොහෝ විට එසේ අප මාධ්‍යයේ වගකීම ඉටු කරද්දී නම් “ඒක එහෙම නෙමේ මෙහෙමයි” කියමින් අපව නිවැරදි කරන්නට නම් බොහෝ අය ඉදිරිපත් වනු ඇත.
බැදුම්කර හොරුන්ගේ පවු සේදිම සදහා මිලදි ගත් මාධ්‍ය ආයතන අතර තිබේන කූප්රකට හොරෙක් වන ජනක රාමනායකගේ මැක්ස් ගුවන් විදුලි නාලිකාවේ බලය ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් පවරගෙන තිබේන බව අප දේශපාල වාර්තාකරු අනාවරණය කලා. මැක්ස් ගුවන් විදුලි නාලිකාව (FM 95.3) යාත්‍රා නමින් ආලුතින් නම්කර ඇති අතර එම නාලිකාවේ සම්පුර්ණ අයිතිය චතුරිකාගේ අංක 18, සුලෙඉමන් ටෙරස් හි පිහිටුවා ඇති Red Cherry Adverting Pvt Ltd නමින් හඳුන්වන ආයතනය නමින් පවත්වාගෙන යන අතර එහි CEO ලෙස නම්කර ඇත්තේ නාලිකා හිමිකරු වු ජනක රාමනායකම බවද වාර්තා වේ.
පසුගියිදා යාත්‍රා නාලිකාවේ විකාශණ කටයුතු ආරම්භ කිරිමේ උත්සවය චතුරිකාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම නාලිකාව කලින් වංචනිකව රාමනායක විසින් බම්බලපිටිය ප්‍රදේශයේ අල්ලාගත් ඉඩමේ පිහිටුවා තිබේන ගොඩනැගිල්ලෙම නාලිකාව පවත්වාගෙන යයි.
“ස්වර්ණවාහිනී” රූපවාහිනි නාලිකාව මිලට ගත් මහා බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් මග යන්න පනනැති සියත TV සහ සියත ගුවන් විදුලිය මෙන්ම විකාශනය නතරවි තිබේන MAX Tv නාලිකා සියල්ලද මිලට ගැනිමට කටයුතු කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව චතුරිකා සිරිසේන හෙවත් ඩීල් දියණිය සමග අර්ජුන් ඇලෝසියස් සමාගමක් අතර පවතින සබඳතාවයක් හරහා නාලිකාව තමන්ගේ අතට ගැනිමට චතුරිකා සමත්ව තිබේ.
මාධ්‍ය බලය සියතට ගැනිමේ දැඩි කැසිල්ලකින් පසුවන ඩිල් දියණීය ජනාධිපති මාධ්‍ය එකකයේ බලය අල්ලා ගත් අතර මිඩියා තියා මල්ටි මිඩියාවත් නොදන්නා පොලොන්නරුවේ 2.50හුජ්ජ කොල්ලන් ජනාධිපති මාධ්‍ය එකකයේ ඔත්තුකරුවන් බවට පත්කල අතර ඊට අමතරව මාධ්‍ය එකකය පුරා CCTV කැමරා පද්ධතියක්ද සවිකිරිමට කටයුතු කළා. රුවන්ගේ මිරර් වෙබ් අඩවිය මිලියන ගණනකට මිලදි ගත් චතුරිකාව එම වෙබ් අඩවියේ සියලුම ප්රචාරක කටයුතු සහ අලෙවි ප්‍රවර්ධන කටයුතු චතුරිකාගේ Media Gang Pvt Ltd ආයතනයට පැවරු අතර ඊට අමතර එහේ මෙහේ සිටි සමාජ ජාලා කොලු ගැටයන් එකතු කර මහින්දට සහ එජාපයේ මෙන්ම තමන්ට අවශ්‍ය අයට මඩ ගැසිම සදහා ව්‍යාපෘතියක් දියත් කල අතර මේ වනවිට එම ව්‍යාපෘතිය චකබ්ලාස්ට් වි තිබේ.
ඩිල් දියණීයගේ පරණ වැඩ ඡායාරූපයට පහලින් කියවන්න..
කොල්ලන්ට පොලු තැබු චතුරිකාගේ පපඩම් වැඩ….
ආණ්ඩුවට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ සත්‍ය කරුණු හෙළිදරවු කරන වෙබ් අඩවි මර්දනය කිරිමටත් එවාට පිළිතුරු දිම සදහා නව වෙබ් අඩවි කිහිපයක් ක්‍රියාත්මක කිරිමට අනුන්ගේ නිවුස් වෙබ් අඩවි වෙනුවෙන් පෙනි සිටිමින් විවිධ ගෙම් ගැසු වෙබ් මාෆියාකාරයෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේනට ලණුවක් දි තිබේන බව අප විශේෂ වාර්තාකරු මිට පෙර අනාවරණය කළා.
ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදි චතුරිකා පෙන්වා දි ඇත්තේ වෙබ් අඩවි හරහා තමන්ගේ තාත්තා(මෛත්‍රීපාල සිරිසේන ) ඉලක්ක කර දරුණු ප්රහාරයන් එල්ල එන බවත් ඒවාට සමාජ් වෙබ් ජාලා වල ඉතා ඉහල ප්‍රසිද්ධියක් ලැබෙන බවත් ඇතැම් වෙබ් අඩවි වාර්තාකරන කරුනු ඔහුන් වෙත ලැබෙන මාර්ගයන් ගැන හිතා ගැනිමටවත් නොහැකි බව තාත්තා (සිරිසේන)පවා සදහන් කල බවයි.
ඒ අනුව වහාම ඊට පිලිතුරු දිම සදහා වෙබ් අඩවි ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සදහා වෙබ් පවත්වාගෙන යන අයට මාසිකව දිමනාවක් සහ විවිධ උදවු කිරිමට චතුරිකා පොරොන්දු දුන් අතර ඒ අනුව වෙබ් අඩවි රැසක්ම සිරිසේනට සහය පලකරමින් පුවත් පලකර ඇති අතර පසුව චතුරිකා පොරොන්දුව කඩකල අතර මාස 3කට වඩා කාලයක් දැන් ගෙවි ගොස් ඇති අතර කිසිදු දෙයක් ලබාදිම තියා අඩුම ගානේ එම කණ්ඩායම නැවත සම්බන්ධ කිරිමටවත් කටයුතු කර නෑ.
පසුව එම තත්ත්වය පිලිබදව අදාළ වෙබ් හිමිකරුවන් සම්බන්ධ කල චතුරිකාගේ සම්බන්ධිකාරකගෙන් මේ පිලිබඳ විමසා ඇති අතර ඔහු චතුරිකාගෙන් මේ ගැන් විමසු අවස්ථාවේ චතුරිකා පවසා ඇත්තේ… “අනේ උන්ගෙන් වැඩක් නෑ….උන්ට කරන්න පුලුවන් මගුලක් නෑ.. ” යනුවෙනි….
http://www.sinhala.lnwtoday.com/archives/4618
http://www.sinhala.lnwtoday.com/archives/14035
කි‍්‍රකට් ගොඩ ගන්න කාලෙන් කාලෙට ආපු නිළධාරින් කලේ තමන්ගේ හෙන්චයියන්ව තනතුරුවලට පත්කර ගැනිම පමණි. මෑත කාලයේ කි‍්‍රකට් ගොඩගන්න ආපු තිලංග සුමතිපාලද කරන්නේ දේශපාලනට යටවී දේශපාලන ඔනෑ එපාකම් ඉටුකිරිම පමණි, ඔහූටද එසේ කිරිමට සිදුව ඇත්තේ ඔහුද පාර්ලිමෙන්තුවට යවා ඇත්තේ රජ ගෙදරින් නිසාය.
පළාත් පුහුණුකරුවන් බදවා ගැනිමට කි‍්‍රකට් ආයතනය පලකල දැන්විමේ තිබුණේ පලමු පෙළ ක්රිඩාකරපු අයට පමණක් බවය. එහෙත් ඔවුන් පත්කල වැඩි දෙනෙකුට එම සුදුසුකම නොමැත.ඒ අතරින් නිලන්ත විමලවිර මොහූ පොළොන්නරුවේ අයෙකි. ඡනාධිපතිවරයාගේ දුව වන චතුරිකා සිරිසේන දැන හදුනගෙන ඒ තුළින් රඡ පවුලට ඇතුලු වන මොහු චතුරිකා සිරිසේන මර්ගයෙන් ජනාධිපතිවරයාට මේ බව පවසා ඒ හරහා තිලංග සුමතිපාල මහතාට දන්වන ලදි. ඊට අමතරව ක්‍රිඩා ඇමතිවරයාගේ සහයද කුට ලෙස ලබාගෙන තිබේ.
නිලන්ත විමලවිර කි‍්‍රකට් ආයතනය සමග සම්බන්බන්ධ වි ඇත්තේ මිට වසර 5කට කළින්ය. පළමූව සේවය කලේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. එහිද දිස්ත්‍රික් ලේකම්තුමා සමග සහ දිස්ත්‍රික්කයේ සිටින පාසැල් පුහුණුකරුවන් සමග ප්‍රශ්න ඇති කර දිස්ත්‍රික්කයෙන් ඉවත්කර මේවනවිට කුරුණැගල දිස්ත්‍රික්කයට අනුයුක්ත කර සිටින අයෙකී. මෙම දිස්ත්‍රික්කයේද සුපැරුදු ලෙස ප්‍රශ්න රාශියක් නිර්මානය කර ගිනි අවුලවා තිබේ.මොහු හට කුරුණැගල දිස්ත්‍රික්කයේ පාසැල් 20කට ආසන්න ප්‍රමානයක් පුහුණු කටයුතු කිරිමට ඇතත් සෑමදාම පුහුණු කටයුතු කරන්නේ හෙටිපොළ ප්‍රදේශයේ පාසැල්වල පමණි. ඊට හේතුව වි ඇත්තේ ක්‍රිඩා අමාත්‍යවරයාගෙන් ලකුණු ලබාගැනීම සදහායී.
සයිමන් විල්ස් මහතාගේ ඇගයිමට අනුව මොහු දිස්ත්‍රික් පුහුණුකරුවන් ශ්‍රේණිගත කිරිම්වල සිටින්නේ පහළ ස්ථානයකය, එසේ තිබියදි පළාත් පුහුණුකරුවෙකු ලෙස ඔහු බදවා ගැනිම හාස්‍යයට කරුණකී.මෙම පුද්ගලයා හට මෙම තනතුර ලබ දිමට යෑම පිලිබදව සියලුම පුහුණුකරුවන් අසතුටින් සිටී. අද ක්‍රිකට් ආයතනයේ තනතුරක් ලබාගන්න දේශපාලන සහයෝගය නැතිව බැරිබව දැන් ප්‍රසිද්ධ රහසකී. පුහුණුකරුවන්ගේ ප්රධානියාකර ලක්ෂ 18කට ආසන්න වැටුපක් ගෙවා විදෙස් පුහුණුකරුවෙක් සිටින්නේ කුමකටද බව සියලු දෙනා විමසයි.
(ජාත්‍යන්තර මව් භාෂා දිනය පෙබරවාරි 21 දිනට යෙදී ඇති අතර මේ ලිපිය ඒ සම්බන්ධවයි.)
පෙරදිග චින්තනය මගින් පරිණාමය වූ වර්ෂ 2500 ක් ඉක්මවන ඉතිහාසයකට උරුමකම් කියන ලාංකීය ශිෂ්ඨාචාරය, 1505 දී යටත් විජිතකරණයට හසුවීමත් සමගම බටහිර චින්තනය මගින් පෙරදිග චින්තනය යටපත් කර පාලනය කරන බවට ප්‍රබල සමාජ මතයක් පවතී.
මානව විභවතාවන් පූර්ණ වර්ධනය අධ්‍යාපනය මඟින් සිදුකරණ අතර,විශේෂයෙන්, ප්රජානන බලය (cognitive power) හා මානවයාගේ ප්රජානන හැකියාව යොදා ගන්නා ඕනෑම වැඩසටහනකදී, භාෂාව චින්තන මෙවලමක් ලෙස සුවිශේෂී වේ. එබැවින් මානව වර්ගයාගේ ඉගෙනුම් ක්‍රියාවලිය හා සම්බන්ධ සියලු තත්ත්වයන් තුළ භාෂාව කේන්ද්‍රීය භූමිකාවක් රඟ දක්වන බව නොරහසකි. (Khan, 2014)
රටක, ජාතියක මව් භාෂාවට හිමි අසීමිත වටිනාකම සහ වැදගත්කම කොතෙක්ද යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ(UNESCO) විසින් වර්ෂ 2000 සිට සෑම වර්ෂයකම පෙබරවාරි 21වන දින මව් භාෂා දිනය වශයෙන් පිළිගෙන එය සැමරීම සිදු කරනු ලබයි.
මෙරට ජනතාවගේ සදාචාරය, සංස්කෘතිය, ආර්ථිකය, දැනුම පෙරදිග චින්තනය මගින් ආරම්භ වූ බවට විවාදයක් තිබිය නොහැකිය. යටත් විජිත කරණයත් සමගම ලාංකීය සමාජය සහ ජනතාව පෙරදිග චින්තනයෙන් වියුක්තව බටහිර චින්තනයට අනුව පෙළගසන අධ්‍යාපන, ආර්ථික සහ නීති ක්‍රමයක් අනුකරණය කරමින් සිටින බවටද සමාජය තුළ වැදගත් කතිකාවක් ඇති වී තිබේ. මේ සම්බන්ධව සමාජයේ විද්වත් අධ්‍යයනයක් සහ විමර්ශනයක් සිදු කර නිගමනයකට එළඹීම අවශ්‍යව ඇත.
යුනෙස්කෝව ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස පෙබරවාරි 21 නම්කිරිමට පෙර ශ්‍රීලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගරයන්ද 1945 තරම් ඈත කාලයේ මව් භාෂාව, අධ්‍යාපන මාධ්‍ය බවට පත් කිරීම සම්බන්ධව සිදුකළ ක්රියාවලියද සුළු කොට තැකිය නො හැකිය.
පෙරදිග චින්තනය හෝ බටහිර චින්තනය මත භාෂාව විසල් දායකත්වයක් සිදුකරයි. එහෙයින් භාෂාව ජාතියේ ජීවනාලිය යැයි සළකනු ලැබේ. රටක ජනතාවගේ නිදහස් චින්තනය රටේ සංවර්ධනයට ඵලදායක ලෙස යොදා ගැනීමේදී මව් භාෂාව මනා පිටුවහලක් වන බවට ලෝකයේ සංවර්ධනය වූ රටවල් දෙස බැලීමේදී මැනවින් උදාහරණ සපයයි. දියුණු යැයි සැළකෙන රටවල් තම රටේ ජනතාවගේ මව් භාෂාවෙන් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ කටයුතු සිදු කරයි. එය ඔවුන්ගේ නිදහස යැයි සිතයි.
විවිධාකාරචර්යාවන්පාලනයකරනවෙනත්වර්ගවලරීතිවලටවඩානීතියවෙනස්වේ.නීතියේවිශේෂිතලක්ෂණයක්දක්නටලැබෙයි. යම්ප්රජාවකසෑමකෙනෙකුමනීතියෙන්බැදීසිටිනඅතරකිසිවකුටත්නීතියෙන්බැහැරවීමේතීරණයක්ගැනීමේහැකියාවක්දනැත.
වෙනත් වෘත්තීන්ට මෙන් නීතියේ පාලනයට ආදේශක නොමැති හෙයින්, විදේශිය රටවල නෛතික බලපෑම් වලින් ආරක්ෂා වීමේදී සහ ශ්රීලාංකිකයන්ගේනීතිමය කටයුතු වලදී මව්බස යොදා ගැනිම මගින් පුරවැසියකුගේආරක්ෂාව තහවුරු කිරිමසිදුවන හෙයින් මේ වෙනුවෙන් මැදිහත්වීම සහ ක්‍රියාත්මක වීම මෙ රට උපන්, මෙ රට අධ්‍යාපනය ලත් නිදහස් මතධාරීන්ගේ වගකිමකි.
නිතිය, රටේජනතාවටසමානවබලපානබවපිළිගත්සම්මතයවේ.රටතුළයම්අපරාධයක්හෝසිවිල්වරදක්කළවිටසීමිතඅවස්ථාවලදීහැර (ජනාධිපතිමුක්තිය, පාර්ලිමේන්තුමුක්තිය, විනිසුරුමුක්තිය,තානාපතිවිනිර්මුක්තිය……වැනි)දේශියහාවිදේශිකයන්ටනීතියසමානවක්රියාත්මකවෙයි. නීතියේසාධාරණත්වය සහ යුක්තිය ඉටු කිරීමමගින්රටකසදාචාරය, සංස්කෘතිය,නිදහස,ආගම, භාෂාවආදීමානවඋරුමයන්ආරක්ෂාකරදෙයි.
රටක සංවර්ධනය කියාපාන්නේ ඒ රටේ නිෂ්පාදන හැකියාවේ මට්ටමයි. චීනය සහ ජපානය බටහිර දියුණු රටවල් අභිබවා හෝ සමානත්වයෙන් සිටින්නේ නිෂ්පාදන තරගයෙන් අනෙක් රටවල් අභිබවා සිය නිෂ්පාදන සිදුකරන හෙයිනි. රටේ භාෂාවට ඇති බලය රටක නිෂ්පාදන ධාරිතාවය කෙරෙහි සෘජුව බලපාන බව ජපානය සහ චීනය මැනවින් පෙන්වා දෙයි. සේවා සැපයීමේදී එයට වෙනස් තත්ත්වයක් ඇති වෙයි. සේවා සැපයීමේදී රටේ මව් භාෂාව අභිබවා වෙනත් රටක ජාතියක භාෂාවට මූලිකත්වය දීමට සිදුවෙයි.
ලංකාවේ සේවා සපයන්නන් නිෂ්පාදකයන් හමුවේ අධික බලයක් දරා සිටින බව රහසක් නො වේ. සාවර්ධිත රටවල් ප්‍රභල නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගාගෙන සිටින අතර එම රටවල මව් භාෂාව ඒ සදහා මහත් වූ රුකුළක් සපයා ඇත. නිෂ්පාදන සිදු කරන ජනතාව සතු බලය අභිබවා සේවා සපයනන්නන් බලය දරන්නේ නම් නිෂ්පාදකයන් සිය නිෂ්පාදන කටයුතු අතහැර සේවා සැපයීම දක්වා මාරු වීම ස්වභාවයයි. වර්ෂ 1815 සිට ශ්‍රී ලංකාවේ සිදු වූයේ නිෂ්පාදන අංශයෙන් සේවා සැපයීමේ අංශය දෙසට දේශීය ජනතාව මාරු වීමයි.
ලංකාවේ සංවර්ධනය ගැන විමසීමේදී නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින ජනතාවගේ මව් භාෂාවන්ට හිමි නිසි බලය සහ අධිකාරීත්වය ලබා දී නැත. ලංකාවේ බලය ඇත්තේ ඉංග්රීසිභාෂාවට ය. එනම් ඉංග්රීසිභාෂාව ලංකාවේ පොදු ජනතාවගේ මව් භාෂාවද නො වේ. ඒ අනුව ලංකාවේ බලය ඇත්තේ සේවා සැපයීමට අදාලවන ඉංග්රීසිභාෂාවට මිස නිෂ්පාදන ධාරිතාවය වැඩිකරන සහ ජනතාවගේ අභිමානය වර්ධනය කරන මව් භාෂාවට නොවේ. ඇමෙරිකාවේ තිරිගු ගොවියා ලංකාවේ වී ගොවියා අභිබවා යන්නේ මේ සිද්ධාන්තය හේතුවෙනි. ලංකාවේ වී ගොවියා වී ගොවිතැනෙන් ඉවත් වී සේවා සපයන අංශයට තල්ලු වන්නේ නිෂ්පාදකයන්ට ලංකාවේ බලයක් නැති හෙයිනි. අධිකරණයේ වේවා..විධායකයේ වේවා….පාර්ලිමේන්තුවේ වේවා ශ්‍රී ලංකාවේ ජනතාවගේ මව් භාෂාවට නිසි පිළිගැනීමක් සහ බලය ලබා දීම සිදුකර නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මව් භාෂාව රාජ්‍ය භාෂාව තත්ත්වයට උසස් කර ඇති බව පෙන්නුම් කළද ප්‍රායෝගික තත්ත්වය වන්නේ රාජ්‍ය භාෂාවට පවා අධිකරණයේ දී නිසි තැන හිමි කරදී නැති බවයි. රාජ්‍ය භාෂාවෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දු ලබා නො දේ. මව් භාෂාව රාජ්‍ය භාෂාව කර ඇත්තේ ජනතාව රැවටීමටද යන කුකුස මෙවැනි සිදුවීම් වලින් ප්රත්යක්ෂ වෙයි.
ප්‍රංශය,ජපානය,කොරියාව,රුසියාව,චීනය,ඇමරිකාව,ඉතාලිය,සෞදිඅරාබිය ආදි රටවල් තම රටේ ජනතාව වෙනත් රටවල නෛතික බලපෑම් වලින් ආරක්ෂාකරදී ඇත්තේ නීතියේස්වාධීනත්වය, නීතියේ සෛවරීත්වය සහ නීතියේ නිවහල් බව මගිනි.රටේ උපන් පුරවැසියන්ගේ භාෂාවෙන් අධිකරණකට යුතු සිදුකිරීම සංවර්ධනයවූ රටවල ලක්ෂණයක්වීමද,තමන්ගේ රටේ උපන් පුරවැසියන්ගේ මව්භාෂාවෙන් අධිකරණකටයුතු සිදුනොකිරීම සංවර්ධනය වෙමින් පවතින රටවල අනන්‍ය ලක්ෂණයක්වීමද මෙහි දී සැළකිල්ලට ලක්කළ යුතුය.
එමඟින් ගම්‍ය වන්නේ ශ්‍රීලංකාවේ ද නීති හා අධිකරණ පද්ධතිය තුල මව්භාෂාව භාවිතා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ තමන් සම්බන්ධ නඩු කටයුතු මව් භාෂාවෙන් විනිශ්චය කරවා ගැනිම මගින් යුක්තිය ඉටු වන බවට මනා සාක්ෂි සපයා ගැනීමට හැකි බවයි. තම නඩුවේ විනිශ්චයේ දිශානතිය සම්බන්ධව නිරවුල්ව අවබෝධ කර ගත හැක්කේ නඩුවේ ආරම්භයේ සිට අභියාචනයේ අවසානය දක්වා මව් බසින් නඩු කටයුතු සිදු කරන්නේ නම් පමණි.
1970 පැවති ආණ්ඩුව විසින් මෙරට අධිකරණවල අභියාචනා එංගලන්තයේ රාජාධිකරණය විසින් අවසන් විනිශ්චය දීමේ ක්‍රමවේදය නවතනු ලැබුවද, මව් භාෂාවෙන් නඩු විභාග කිරිමේ ක්‍රමවේදය මෙතෙක් සම්පුර්ණ කිරීමට සමත් වී නො මැත.
1815 ඇති කරගත් උඩරට ගිවිසුමත්, 1947, 1972, 1978 පනවා ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ නිදහස, සෛවරීත්වය, ස්වාධීනත්වය සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර දීම ප්‍රමාණවත් නොවූ හෙයින් II වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයද පිහිටුවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරමින් සිටින වකවානුවක, මව් භාෂාවෙන් ශ්‍රීලංකාවේ නීති හා අධිකරණ පද්ධතිය තුළ කටයුතු කිරීම ප්‍රවර්ධනය කිරීමේ සහ නිදහස ඇති කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දීමට ලැබීමද විශේෂිත වෙයි. එය වඩා වැදගත් වන්නේ පුරවැසියන්ගේ මව් බස බැහැර කරමින් යුක්තිය ඉටු කරන්නට යාමෙන් බරපතල ලෙස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ගැනීමක්ද පුරවැසියන් විසින් සිදුකර ගන්නා හෙයිනි.
මව් භාෂා ප්රකාශනය |
I වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් වර්ෂ 1972 දී සම්මත කර ගත් පළවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මව් භාෂාවෙන් නඩු කටයුතු පවත්වන සංවර්ධිත රටවල ආදර්ශය, ලාංකීය පුරවැසියන්ට අත්කර දී නො තිබුණි.1947 සිට මේ දක්වා විකාශය වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය කිරීමේ අනවරත උත්සාහය මගින් පෙන්නුම් කරන සත්‍ය වන්නේමෙතෙක් පනවන ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් පුරවැසියන්ගේ ආරක්ෂාව, අනන්‍යතාවය, නිදහස, ස්වාධීනත්වය සහ සංස්කෘතිය තහවුරු කරගෙනනොමැති බවයි.එයින් සනාථ වන්නේලංකාවට උරුම හර පද්ධතිය ,සංස්කෘතිය, සංවර්ධනය හා නිර්මාණශිලිතාව,පවත්වා ගැනීම උදෙසා, පෙරදිග චින්තනය මත පදනම් වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහිකර ගැනීම වෙනුවෙන් සමාජය දිශානති කර වීම අවශ්‍ය බවත් එහිදී මව්බස විසල් මෙහෙයක් සිඳු කරන බවත් ය.
ශ්රීලංකාවේජනතාවවිදේශියරටවලනෛතිකබලපෑම්වලින්ආරක්ෂාවීතිබේදයන්නසහශ්රී ලාංකිකයන්ගේ නීතිමයකටයුතුවලදීමව්බසයොදාගැනීමෙන්ලැබෙනආරක්ෂාවපිළිබදවිද්වත්අධ්යයනයක් සිදු කිරීම අවශ්යකරනවකවානුවක්වර්තමානයේ පසුකරමින්සිටියි.
තාක්ෂණය, දැනුම, බොරතෙල් සහ ඖෂධ විදේශීය රටවලින් ලබා ගැනීම සහ රටක ජනතාව සතු මව් භාෂා අයිතිය පටලවා නොගත යුතු බව ද ඒ සමගම අවධාරණය කරගත යුතු වෙයි.
පෙබරවාරි 21 දිනට නියමිත ජාත්‍යන්තර මව් භාෂා දිනය සමරා මව්භාෂාව භාවිතය මගින් ලැබෙන අභිමානය වසර පුරා බුක්ති විදිමු…!
(ශ්‍රී ලාංකිකයන්ගේ නීතිමය කටයුතුවල දී සහ විදේශිය රටවලින් එල්ලවන නෛතික ප්‍රහාරවලින් ආරක්ෂාවීමේ දී මව්බස යොදා ගැනීමේ අයිතිය, ගවේෂණය සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් සකස් කළ මව් භාෂා ප්රකාශනයෙන් උපුටාගෙන ඇත.)
(මේ සම්බන්ධව වැඩිදුර සාකච්ඡාවකට ඔබට ඇරයුම් කරමු. ඔබගේ අදහස් යෝජනා, විවේචන යොමු කරන්න motherlanguagelk@gmail.com)
වර්තමාන දේශපාලන නායකයන් ශ්‍රී ලාංකික රාජ්‍ය කැබලි කර වෙනම පොලිස් සේවාවන්ද සහිත ප්‍රාන්ත රාජ්‍ය ඇති කිරීමට කඩිමුඩියේ සූදානම් වෙන අතරම යටත් විජිත වාදීන්ගෙන් නිදහස ලැබුවේ ඔවුන් පවා ඉතුරු කර ගිය ඒකීය රාජ්‍ය කැබලි කිරීමට හා රාජ්‍යයට අයත් සියලුම වටිනා දේපොල විදේශිකයන්ට විකිණීමට ද කුමන්ත්‍රණය කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් කියා සිටි.
නිදහස් දිනයේ අරුත දේශපාලන නායකයන්ට ඒත්තු ගන්වමු
2017 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලාංකික අපි යටත් විජිත පාලනයෙන් නිදහස ලැබීමේ 69 වන සංවත්සරය සමරන්නෙමු. මේ දිනයේ දී දෙමාපියන්, වැඩිහිටියන් හා ගුරුවරුන් අපට ලැබී ඇති නිදහසේ හා ස්වාධිපත්‍යයයේ අරුත මෙනෙහි කරන ලෙස පාසැල් ළමුන්ට හා තරුණ තරුණියන්ට අවවාද කරනු ලැබේ. නමුත් අද වැදගත් වී ඇත්තේ බාල පරම්පරාවට අපේ නිදහසේ සහ ස්වාධිපත්‍යයේ වැදගත්කම ඒත්තු ගැන්වීම නොව, අපේ දේශපාලන නායකයන්ට අපි ලැබූ නිදහසේ සහ ස්වාධිපත්‍යයයේ වැදගත්කම ඒත්තු ගැන්වීමයි. අපි 69 වන නිදහස් දිනය සමරන්නේ 70 වෙනි සංවත්සරය සැමරීමට රටක් ඉතුරු වී තිබේ දැයි සැකයක් මතු වී ඇති තත්ත්වයක ය.
වර්තමාන දේශපාලන නායකයන් ශ්‍රී ලාංකික රාජ්‍ය කැබලි කර වෙනම පොලිස් සේවාවන්ද සහිත ප්‍රාන්ත රාජ්‍ය ඇති කිරීමට කඩිමුඩියේ සූදානම් වෙන හැටි අපි දකිමු. මෙයට අමතරව 2016 සහ 2017 ජාතික අයවැය තුළින් කොළඹ කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය වැනි කුඩාම ව්‍යාපාරවල සිට අපේ ආණ්ඩුවේ ලොකුම ව්‍යාපෘතිය වූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දක්වා රජයට අයත් සියලුම දේපොළ විකුණා දමන්න යෝජනා කර තිබුණි. හම්බන්තොට හා ත්‍රිකුණාමලයේ වරායන් පමණක් නොව ඒ අවට ඇති විශාල භූමි භාගයන් ද විකිණීමට නියම කර ඇත. අපි නිදහස ලබා වසර 69ක් පිරෙන දිනයේ දී අපේ දේශපාලන නායකයන් තමන්ගෙන් ම ඇසිය යුතු ප්රශ්නය වන්නේ, අපි යටත් විජිත වාදීන්ගෙන් නිදහස ලැබුවේ ඔවුන් පවා ඉතුරු කර ගිය ඒකීය රාජ්‍ය කැබලි කිරීමට හා රාජ්‍යයට අයත් සියලුම වටිනා දේපොල විදේශිකයන්ට විකිණීමට ද යන්නයි.
මේ නිදහස් දිනයේ දී අපේ තරුණ පරම්පරාවට වඩා අපේ පාලකයන්ට නිදහසෙත්, ස්වාධිපත්යයයෙත්, නිවහල්බවෙත්, වැදගත්කම වැටහේවා යැයි ප්‍රාර්ථනා කරමි.
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
Impressing the importance of independence day on our political leaders
We will be marking the 69th anniversary of our independence from colonial rule on 04 February 2017. This is a day on which parents, elders and teachers impress upon school children and young people the importance of contemplating the significance and value of our independence and sovereignty. Today however the need is not to impress upon the younger generation the importance and significance of our independence and sovereignty, but to impress upon our political leaders the importance and significance of our independence and sovereignty. We celebrate the 69th anniversary of our independence in a situation where it is uncertain whether there would be a country left to celebrate the 70th anniversary.
Present day political leaders are engaged in a feverish quest to dismantle the Sri Lankan state by creating semi-independent provincial administrations with their own police forces and public administration mechanisms. In addition to this the national budgets of 2016 and 2017 have envisaged the sale of virtually every government owned asset from small operations like the Grand Oriental Hotel to the biggest project that our government completed the Norochcholai power plant. Entire free ports, consisting of the harbours in Hambantota and Trincomalee and the surrounding territories have been put on sale. All politicians should ask themselves on this 69th independence day whether we gained independence from colonial rule only to divide the unitary state that even the colonial powers had left intact when they left, into unviable provincial units and to sell every valuable national asset we have, to foreigners?
On this independence day, it is my hope that our political leaders will make an attempt to understand the true meanings of freedom and sovereignty.
Mahinda Rajapaksa
Former President of Sri Lanka
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද 69වන නිදහස වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
2006 වර්ෂයේදී සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 14ක මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් වරදකරු කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම අත්අඩංගුව ගැනිම සදහා යහපාලන ආණ්ඩුව මෙහෙයුමක් දියත් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා. මිග් යානා ගනුදෙනුවට අදාළව විමර්ශනයේ පරීක්ෂණ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනුම් දි ඇති අතර ඒ අනුව ගෝඨාභය අත් අඩංගුවට ගැනිමේ නියෝගයක් ඉල්ලා තිබේ.
2006 වර්ෂයේදී සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 14ක මිග් යානා ගනුදෙනුව පිළිබඳව වන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම විමර්ශනය සිදු කර ඇති අතර මිග් යානා ගනුදෙනුවට අදාළව චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා කටයුතු කරමින් සිටින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙකු විසින් පසුගියදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දිමක්ද කර තිබුනා.
ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනිම ඉක්මන් කරන ලෙස හිටපු හමුදාපති වත්මන් අමාත්‍ය සරත් ෆොන්සේකා දැඩි ලෙස අගමැතිවරයාට බලපෑම් කරමින් සිටින අතර ගෝඨාට අමතරව හමුදාවේ ඉහල තනතුරු රැසක් දැරු හමුදා ප්‍රධානින් වහාම අත් අඩංගුවට ගැනිමට කටයුතු කලයුතු බවට අගමැතිවරයාට බලපෑම් කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.
මේ අතර ෆොන්සේකාගේ පරම හතුරෙකු ව සිටින හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාද ඉක්මනිම අත් අඩංගුවට ගන්නා ලෙස ෆොන්සේකා බලපෑම් කර ඇති අතර විශ්‍රාමික හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙවීගිය සතියේ මුල් දිනක හමු වි ඇති අතර එහිදි තමන් ඇතුලු යුද්ධය අවසන් කිරිම සදහා දායකත්වය දුන් නිලධාරීන් වරින් වර අත්අඩංගුවට ගෙන හිරිහැර කිරීමට කුමන්ත්‍රණයක් ඇති බවට ජනාධිපතිවරයාද දැනුවත් කර තිබේ. මීට අමතරව වර්තමානයේ ශ්‍රි ලංකා නාවික හමුදාව සිදුවන දුර්වලතා රැසක්ද විශ්‍රාමික හිටපු නාවික හමුදාපති ජනාධිපතිවරයාට පෙන්වා දි තිබේ.
2019 තෙක් ගෝඪාව හිරේ දමා ..රනිල් ජනපති විමට ගහන ගේම සහ සිරිසේනගේ ඉල්ලන් කෑම
එක්සත් ජාතික පක්ෂයේ තවත් වසර 10කට නායකත්ව වෙනසක් වන්නේ නැත.කෙසේ හෝ ඊළග ජනාධිපතිවරයා ලෙස තමන් පත්විම රනිල්ගේ එකම් සහ අවසාන සිහිනය වි අවසන්.ඒ සදහ තාවකාලිකව ජනාධිපති ධුරය සිරිසේන ලග තැබු රනිල් ගහන ගේම් එක ගැන මේ වනවිට කිසිවෙකුටත් සිතා ගැනිමටවත් නොහැකිය.රනිල් මේ ගේම පටන් ගත්තේ මිට මාස 6කට පමණ පෙරය ඊට ප්‍රධානතම හේතුව වුයේ රෑ ආප්ප කා උදේ තමන්ගේ අපේක්ෂකයා වු සිරිසේන අපහු දවසක දවල්ට බුරියානියක් කා මහින්ද සමග යලි එකතු නොවේ යැයි කාටනම් කිව හැකිදැයි රනිල් පිළේ ප්‍රබලයන් සමග පැවැති සාකච්ඡාවකදි කරළියට එමත් සමගය.
එහිදි අගමැතිවරයා සිය සමාජිකයන් සමග අවධාරණය කළේ තමන්ගේ ඉලක්කය ඊළග ජනාධිපතිවරණය බවත් එහිදි ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා අනුව් තමන්ගේ ජයග්‍රහණය තහවුරු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගටම දෙකඩව තබා ගැනිම වැදගත් බවයි. ඒ අනුව ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ දමා ගතහොත් තමන්ට දිනන එක මහා කජ්ජක් නොවන බවයි රනිල්ගේ මතය වි ඇත්තේ. රනිල් පෙන්වා දි ඇත්තේ 2010 තමන් එම අත්දැකිම සරත් ෆොන්සේකා හරහා අත්විදි බවයි.ඒ සදහා රනිල් වික්‍රමසිංහ මාර්ග කිහිපයක්ම දියත් කළේය.එහී පලමු වැන්න මෛත්‍රී-ගෝඪා රහස් හමුවක් යනුවෙන් තමන්ගේ මඩ බලකායේ සට්ටැම්බියන් යොදවා මාධ්‍ය ප්‍රචාරයක් ලබාදිමයි.
නමුත් පසුගිය ජූලි මාසයේ 31 වැනි දා ගෝධාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩගේ මැදිහත් වීමෙන් රහසිගතව සිරිසේන ජනපතිතුමන්ව හමු වූ බවට පලවන පුවත් අසත්‍ය බවත් ජූලි මාසයේ 31 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ හිටියේ නොමැති බවත් එපමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මල ගෙදරකදි මගුල් ගෙදරකදිවත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන් හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවී නැති බවට මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විමත් සමග එම මෙහෙයුම අවුල් වු අතර ඊට මතරව එජාපයේ කුළී මාධ්‍යකරුවන් යොදවා ගනිමින් ගෝඪාභය යන යන තැන දේශපාලනලයට එමට සුදානමක් ඇද්දැයි ප්‍රශ්ණ කරන්නට විය.
මුලු කතාවම පහලින් කියවන්න
http://www.sinhala.lnwtoday.com/archives/13764
Top