සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ සමීප හිතවතියක් වන ෂෙරීනා කාසියර් හට ලිංගික අල්ලසක් ලෙස රටේ මහජන මුදලින් 2017 පෙබරවාරි 05 සිට 11 දක්වා තායිලන්ත විනෝද සවාරියක් ලබාදී ඇත. (ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍යාංශය විසින් දුන් අනුමැතිය පහත දැක්වේ)
මැය කලින් ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ ගුවන් ගමන් පාලකවරියක ලෙස සේවය කොට ඇත. සාමාන්‍යයෙන් කවදත් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් නිමල්සිරිගේ පුරුද්ද වන්නේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙන් කල් ඉවත්වූ පසු ඉවත්කරන සේවකයින් ගුවන් සේවා අධිකාරියට බඳවා ගැනීමයි. ඒ හේතුවෙන් ගුවන්සේවා අධිකාරිය වැඩිහිටි වාට්ටුවක් බවට පත්ව ඇත.
තමා ගුවන් මෙහෙයුම් නිලධාරිකු ලෙස උපකල්පනය කරගනිමින්, පුද්ගලික චූන් එකක් ලබමින් පඩියට අමතරව ලක්ෂ 03ක මාසික දීමනාවක් ලබාගන්නා ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රසේන නිමල්සිරි හැර දැනට මුල් තනතුරු වල සිටින සියලු දෙනාම ගුවන් ගමන් පාලක වෘත්තියේ නියැලී යන එන මං නැතිව ගුවන්සේවා අධිකාරියට පැමිණ මහජන මුදලින් සුර සැප විඳින බහුබූතයන්ය.
ෂෙරීනලා වැනි ගුවන්තොටුපළ සමාගමේ අවලංගු කාසි ගුවන්සේවා අධිකාරියට බඳවා ගන්නේ ඔවුන් තරම් දක්ෂතා ඇති වෙනත් කිසිවකු මේ ග්රහලෝකයේවත් නැති බවට අමාත්‍යවරයාට හා අමාත්‍යාංශයට හද්දා ගංකෙබර කෙළිමිනි. පොඩි උන්ට සතපහක් හෝ නොදී නවක කෙළිබඩු වලට ලක්ෂ ගණනින් මාසික දීමනාද අනුමත කර ගෙන ඇත්තේ ඔවුන් තරම් දක්ෂයින් තුන්ලොවටම අග්‍ර බව පවසමිනි.
එතරම් දක්ෂ නං මෙවැනි පිටරට සවාරි ලබාදෙන්නේ කාර්යාලීය අරමුණු මුදුන් පමුණුවා ගැනීමට නොව පුද්ගලික ලිංගික අල්ලස් වශයෙනි. ෂෙරීනාද එවැන්නියක් වන අතර ඇයට අධ්යක්ෂ ජනරාල්වරයා බොහෝසෙයින් ලෙංගතුය. එම ලෙංගතු බව මෙවැනි සංචාරවලට ඉතා හොඳ සුදුසුකමකි.
දැන්නං ගුවන්සේවා අධිකාරියේ ස්ත්රීන්ට හොඳ කාලයක් ලබා ඇති බව එහි පුරුෂ මතයයි. සතිපතා නිමල්සිරිගේ කෙළි බඩු රට රාජ්‍යවල කරක් ගසන්නේ ඒ නිසාය. ගිය සතියේ ප්‍රියන්තිය, මේ සතියේ ෂෙරීනාය, එන සතියේ කවුද යන්න අධිකාරියේ සේවකයින් බලා සිටී.
ඉදිරියේදි පැවැත්වෙන් කිසිදු මැතිවරණයක් සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඒකාබද්ධ වි තරග කිරිමට කටයුතු නොකරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට යොජනාව ඉදිරිපත් කිරිමට එජාපයේ ඉදිරි පෙළ මන්ත්‍රී කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි මැතිවරණ සදහ තරග කිරිම සදහා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පසුගියදා ඇතිවු සාකච්ඡාවකදි එකගත්වය පලකර ඇති අතර ඊට අදාළ ඉදීරි සාකච්ඡා සදහා ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේන් සහ එජාපයේ රනිල් පිළේ කිහිප දෙනෙකු පත්කර ඇති අතර මේ වනවිටත් සාකච්ඡාවට කිහිපයක් මෙම කණ්ඩායම් දෙක අතර පවත්වා තිබේ.
කෙසේවෙතත් සිරිසේන ජනාධිපතිවරයා සමග වෙනම ආණ්ඩුවක් සැදිමේ සිහිනය යෙදි සිටින මෙම කණ්ඩායම මේ සම්බන්ධයෙන් එජාප නායකයාට විරෝධතාව පලකර ඇති අතර ඔහුන් එම සාකච්ඡාවට එරෙහිව අවස්ථා ගණනාවකදි සිරිසේන ජනාධිපතිවරයාටද කේළාම් කියා ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ. ඒ අනුව ඉදිරියේදි එජාපය සහ් ශ්‍රිලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරිමට එරෙහිව යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ගන එමට සුදානම් කරමින් සිටින බවයි.
එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ සන්ධානය වෙනම තරග වැදිම හරහා රටේ ජනමතය තහවුරු කිරිම පහසු වෙන බවත් මැතිවරණයේ ජය ලබන ආකාරය අනුව එක්ව කටයුතු කිරිමට තම කණ්ඩායම විරුද්ධ නැති බවද එම මන්ත්‍රී කණ්ඩායම යෝජන කර තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතාව ගොඩනැගිම සඳහා විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ කර තිබෙනවා.ඒ සඳහා පක්ෂ දෙකේම මහ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායම් 02 ක් පත්කර ඇති අතර එම කණ්ඩායම් සැම සති දෙකකටම වරක් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතයි. පක්ෂ දෙක අතර පැන නගින ගැටලු සම්බන්ධයෙන් එහිදී වැඩි වශයෙන් අවධානයට යොමු කරනු ඇත.
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව තුළ එජාපය හා ශ්රීලනිපය අතර ගැටුම මේ වනවිට වර්ධනය වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදි ශ්‍රීලනිපයේ මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ පිරිසක් සහ මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමේ පිරිසක් එක්ව එජාපයට විරුද්ධව කටයුතු කරමින් සිටින බවට අගමැතිවරයා සහ ජනාධිපතිවරයාට බුද්ධි අංශ වාර්තා කර තිබේන බවද අප වාර්තාකරු අනාවරණය කළා.
දෙසැම්බර් දාසය වැනිදා සවස පහට අරලිය ගහ මන්දිරයේ අග්රාත්ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවතුනා ඒකට නීතිපතිව කැදෙව්වා, නීති පතිට අමතරව යුරෝපීය රටවල් හතක් නියෝජනය කරණු ලබන තානාපතිවරුන් හත් දෙනෙකුත් ඒක එකතු වෙලා හිටියා. මේ තානාපතිවරුන් තමයි අපේ රටේ ආරක්ෂාව ගැන තීරණ ගන්නේ. ඒ වගේ ඒ අය තීරණය කලා අපේ ත්‍රස්තාවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමටත් මේක ඉතාම බරපතල තත්ත්වයක් බව මහාචර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙනවා.
මේවන වන විට ත්රස්තවාදයේ අඳුරු සෙවනැලි යලිත් නැගෙමින් පවතින් බවත් ඒ සදහා වර්ථමාන ආණ්ඩුව ගෙනයන අදුර දර්ශී පාලන ක්‍රමය ප්‍රධානතම හේතුව වී ඇති බවත් මහාචර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (1) පැවති විශේෂ දේශණයකට එක්වෙමින් මහාචාර්ය වරයා මේ බව සදහන් කළේය.
එහිදී මහාචාර්යවරයා මේසේද පැවසීය,
අද වෙනකොට රටේ ආරක්ෂාව පිළිබඳ විශාල ගැටලූවක් ඇති වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ත්‍රස්තාවාදය තුරන් කරන්න පියවර ගත්තා ඒත් රණ බිමේ ලබපු ජයග්රහනයෙන් ත්රස්තාවදය යලි කවදාවත් හිස ඔසවන්නේ නැති වෙයි කියලා අපි හිතුවේ නැහැ ඒ නිසාම අපි නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටියා.
ඒ අය අයෙත් ඉදිරියේදී ප්‍රාණවත් වීම වැලැක්වීමට කළයුතුව තිබුණු සියලූමදේවල් කරන්න අපි පියවර ගත්තා. අපි කිසිම වෙලාවක රට අවධානමකට පත්වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසාම ත්‍රස්තවාදය හිස එසවීම වැලැක්වීම නවත්වන්න අංග සම්පූර්ණ වැඩපිලිවෙලක් දියත් කරන්න අපි කටයුතු කළා.
එහිදී ආර්කෂ අංශ සමඟ සමීපව කටයුතු කරන්න විදේශ ඇමතිවරයා විදිහට මම වග බලාගත්තා, එහිදී විදේශ රට වල සිද්ධවෙන ත්‍රස්තවාදී කි්රයාවන් ගැන අපි නිරන්තර අවදානයෙන් සිටියා. අපි නිර්නරතයෙන් ඒ රටවල් එක්ක තොරතුර හුවමාරු කලා. ඒ කාලයේදී ප්‍රංශයේ ඉතාලියේ, ජර්මනියේ, ස්විට්සර් ලන්තයේදී ත්රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින්ට නඩු පැවරුවා.
අරක්ෂාවේ කෙදුනාරටිය විදිහට සලකණ බුද්ධි අංශ දුර්වල කරලා තියෙනවා, ඒ වගේම තී්රවිධ හමුදා නින්දාවට පත්කළා. ඒ වගේම නැගෙනහිට පළාතේ මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියෙකුුට නින්දා කිරීම නිසා නාවික හමුදා කඳවුරු වලට ඇතුළු වීමට ඉඩ නොදෙන්න තීරණය කළාම නාවික හමුදාවට කිව්වා ඒ පුද්ගලයාව නාවික හමුදා කඳවුරට ගෙනල්ලා දිවා ආහාරයක් ලාබදෙන්න කියලා.
අද වෙනකොට ත්රස්තවාදයට එරෙහිව සිදු කරන වැඩසටහන් අඩාල කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ රටේ අරක්ෂාව ගැන අගමැතිවරයා විසින් ඉතා සුළුවෙන තකන මට්ටමකට පත්වෙලා තියෙනවා. චාවකච්චේරි වලින් හමුවුන බෝම්බ කට්ටලය ගැන මම කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා ප්‍රකාශක් සටහන් කරගත්තා. ඒ වගේම එදා මට අගමැති කිව්වා ජී.එල්.ට පුළුවන්ද රතිඤ්ඤ කරලක්වත් පත්තු කරන්න කියලා අපහාස කළා.
දෙසැම්බර් දාසය වැනිදා සවස පහට අරලිය ගහ මන්දිරයේ අග්රාත්ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවතුනා එ්කට නීතිපතිව කැදෙව්වා, නීති පතිට අමතරව යුරෝපීය රටවල් හතක් නියෝජනය කරණු ලබන තානාපතිවරුන් හත් දෙනෙකුත් ඒක එකතු වෙලා හිටියා. මේ තානාපතිවරුන් තමයි අපේ රටේ ආරක්ෂාව ගැන තීරණ ගන්නේ. ඒ වගේ ඒ අය තීරණය කලා අපේ ත්‍රස්තාවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමටත් මේක ඉතාම බරපතල තත්ත්වයක්.
ත්රස්තවාදියාට තියෙන ශක්තිය මේ නිසාම වර්ධනය වෙමින් පවතිනවා ඒ වගේම ත්රස්තවාදට එරෙහිවීමේ ආණ්ඩුවට තියෙන ශක්තියෙ මේවෙනකොට අඩුවෙලා තියෙනවා. එ්වගේම මැතිවරණය කාලයේදී ඩයස්පෝරාවට ලබාදුන්නු පොරොන්දු තමයි මේ වෙනකොට කි‍්‍රයාත්මක වෙන්නේ.
සුමන්දිරන් මන්තී‍්‍රවරයා සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන සිද්දියත් එක්ක විශාල ගැටලූවක් ඇතිවෙනවා. එ් වගේම අපේ කාලයේදී නම් මේ වගේ දේවල් ගැන ඉතාම ඉක්මණින් විමර්ශනය කළා එ්ත් අදවෙනකොට එවැන්නක් වෙන ආකරයක් අපිටනම් පෙනියන්නේ නැහැ.
අනික අපි මතක තබාගතයුතු වැදගත්ම කාරණය වෙන්නේ ත්‍රස්තවාදය එක දවසකින් වර්ධනය වෙන දෙයක් නෙමෙයි කියන කාරණය. එ්ත් අදවෙනකොට ත්‍රස්තවදයේ සෙවණැලි යලිත් පෙනීයමින් තියෙනවා එ් සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම අණ්ඩුව භාර ගතයුතුයි.
රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා
අද වෙනකොට රට විශාල අගාදයකට වැටිලා තියෙනවා. එහිදී රටේ එ්කීයභාවයට අවදානමකට ලක්වෙන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් සිද්ධවෙලා තියෙනවා. අද සමාජය එ් ගැන එතරමි දැණුවත් නැහැ. එ නිසාම අපි ජාතින සංවිධාන සම්මේලන පිහිටුවලා එ් මගින් දිවයින් පුරා ගිහින් ජනතාව දැණුවත් කරන්න අපි පියවර ගත්තා.
මේ රජය බලයට පැමිණියේ දමිළ ඩයස්පොරාවේ සහයෙන් කියන කාරණය. ඒ නිසා ඒ අයට තිබුණ පළමුවැනි ඉල්ලිම වුනේ රට ෆෙඩරල් කිරීමයි. ඒ නිසයි අද මේ වගේ ව්‍යවස්ථාවක් ගෙන එන්න ආණ්ඩුව පියවර ගත්තේ. මේ අය උතුර වෙනම රාජ්‍යක් කරන්නයි උත්සහ කරමින් ඉන්නේ. අපි ගමේ ඉන්න ජනතාවට කියන්නේ මේ ව්‍යවස්ථාවට ඡුන්දය දෙන්න එපා කියලයි මොකද අද වෙනකොට ව්‍යවස්ථාව සම්මත කරගන්න දමිළ ඩයස්පොරාව විසින් මිලියට එක් දහස් පන්සීයක මුදලක් එවලා තියෙනවා.
එක්සත් ජාතික පක්ෂ වලිගයේ එල්ලී දිවිය ලෝකයේ යන්නට බලා සිටි ජනාධිපතිවරයා ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට යාමට සිදු ඇත්තේ දිවිය ලෝකයට නොව අපායට බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් දැන්වත් වලිගය අතහැර බිමට පැන්නොත් ඔවුන්ට දිවිය ලෝකය කෙසේ වෙතත් ඊළඟ ඡන්දයට ගමටවත් යා හැකි වනු ඇතැයි පැවසූ රණතුංග මහතා එසේ නොවුණහොත් ඊළඟ මැතිවරණයෙන් පසු රට අතහැර විදේශ ගත වනු හැර විකල්පයක් ඉතුරු නොවනු ඇති බවත් පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් සමඟ උඩුගම්පොළ දී පසුගිය දා පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
මේ රටේ විරුද්ධ පක්ෂයේ කණ්ඩායමක් විසින් පවත්වන ලද සාර්ථකම රැලිය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මාසේ 27 වැනි දා නුගේගොඩ දී පැවැත්වුණා. ඒ රැලියට රටේ සෑම තැනකින්ම පැමිණි ජනතාව දුන්න පණිවිඩය තමයි ජනතා ද්‍රෝහී විදියට කටයුතු කරන මේ ආණ්ඩුව දැන් ගෙදර යා යුතුයි කියන එක. ඒ පණිවිඩය ආණ්ඩුව තේරුම් ගත යුතුයි.
ආණ්ඩුවට එරෙහිව මේ රටේ ජනතාවගේ තිබෙන විරෝධය ජනාධිපති, අගමැති හොඳින් දන්නවා. ආණ්ඩුවේ ඇමැති කටු සූප්පන්න ගිහින් ඉන්න ශ්‍රී ලංකා ඇමැතිවරුනුත් ඒක දන්නවා. ඒ දන්න නිසා තමයි ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය දිනෙන් දිනම කල් දාන්නේ. ඡන්දෙ තිබ්බොත් හවුලේ දීග කන පක්ෂ දෙකටම අත්වෙන්නේ එකම ඉරණමක්.
නුගේගොඩ රැලියෙන් පස්සේ ආණ්ඩුව තව තවත් බය වෙලා තිබෙනවා. ජනාධිපතිවරණයෙන් අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගිහිල්ලත් මහින්ද මහත්තයාට මේ රටේ ජනතාවගේ තිබෙන කැමැත්ත නුගේගොඩ රැලියෙදි ඔප්පු වුණා. දැන් මේ ආණ්ඩුවට මහින්ද මහත්තයා වගෙම එතුමා වටේ ඉන්න අපි හැමෝමත් වහ කදුරු වගෙයි.
මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලම කටයුතු කළේ ප්රජාතන්ත්රවාද විරෝධීව බව කවුරුත් දන්නවා. තමන්ගේ මතයට එකඟ නොවන සෑම දේශපාලනඥයකුම, පුරවැසියකුම මර්දනය කිරීම තමයි මේ අයගේ ප්‍රතිපත්තිය. ජනතා රැල්ල ඒකාබද්ධ විපක්ෂය පැත්තට කියලා දිනෙන් දින තහවුරු වෙන්න වෙන්න මේ අයගේ මර්දනය ඉහළ යනවා. ඒ හින්දා ඉදිරි දින කිහිපයේ දී ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන්ට රිමාන්ඩ් බත රස බලන්න වෙයි.
නුගේගොඩ රැලියට ආපු සෙනඟ ගැන විවිධ ඇමැතිවරුන් විවිධ දේ කියනවා. සමහරු කියනවා සෙනඟ නෑ කියලා. හැබැයි මේ රටේ මධ්‍යස්ථ ජනතාව දන්නවා ඒ රැලියට සෙනඟ හිටියද නැද්ද කියලා. රැලියට සෙනඟ එන්නේ නැහැ කියලා මුලින් කියපු ඩිලාන් පෙරේරා ඇමැතිවරයා දැන් කියනවා ඒ ආවේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බව ආණ්ඩුව තේරුම් ගන්න ඕනෑ කියලා.
හැබැයි ඩිලාන් මහත්තයෝ ඒ ආවේ එක්සත් ජාතික පක්ෂය පමණක් නෙමෙයි එ. ජා. පයේ වලිගයක් වෙලා ඉන්න ශ්‍රී ලංකා ඇමැතිවරුන්ටත් විරුද්ධ ජනතාව බව මතක තියා ගන්න ඕනේ. අද ජනතාවගේ විරෝධය තියෙන්නේ අගමැති ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට පමණක් නොවෙයි. අගමැතිට ඕනෑ විදියට රට පාලනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරයා ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ටත් ජනතාවගේ දැඩි විරෝධයක් තිබෙනවා.
ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා විදියට ගියේ අලියගේ නැට්ටේ එල්ලිලා දිවිය ලෝකයේ යන්නයි. ජනාධිපතිවරයා යනවා දැකපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කණ්ඩායමකුත් තමන්ගේ නායකයා වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයාට පස්ස හරවලා ගිහින් ජනාධිපතිගෙ කකුල් දෙකේ එල්ලුණා දිවිය ලෝකයේ යන්න කියලා හිතාගෙන.
දැන් කාටත් තේරෙනවා අලියා යන්නේ දිවිය ලෝකේ නෙමේ අපායේ කියලා. දිවිය ලෝකයේ යන්න ගිය අපේ උන්දලාටත් සිද්ධ වෙලා තියෙන්නේ අලියා එක්කම අපායට යන්නයි. අපි නම් මුල ඉඳලම දැනගෙන හිටියා අලියා යන්නේ අපායට කියලා. මොකද පාරම්පරික ශ්‍රී ලංකාකාරයෝ වෙච්ච අපි දැකලා තියෙනවා අලියා කීපවරක්ම අපායට ගිය හැටි. හැබැයි අපේම සමහරු ඇමැති කටුවලට ලොල් වෙලා අලියට රැවටුණා.
එදා නුගේගොඩට ඇවිත් හිටියේ අලියාගේ නැට්ටෙ එල්ලිලා දිවිය ලෝකේ යන අයට විරුද්ධ ජනතාවගෙන් කොසටක් පමණයි. ඒ නිසා දැන්වත් අලියගෙ නැට්ට අතහැරලා බිමට පැන්නොත් දිවිය ලෝකය කෙසේ වෙතත් ඊළඟ ඡන්දෙදි ගමටවත් යන්න පුළුවන් වෙයි. ඒ හින්දා ඔය හවුල් ආණ්ඩුවට තිත තියලා ජනතාවාදී ආණ්ඩුවක් හදන්න එක්වෙන්න කියලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට ආරාධනා කරනවා.
ආණ්ඩුව තමන්ගේ හොරකම් වහගන්න විවිධ උපක්‍රම අනුගමනය කරනවා. යටගහන්න ගිය බැඳුම්කර වංචාව එළියට ආවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරපු හෙළිදරව් නිසා. දැන් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් ඉන්නේ බැඳුම්කර හොරු ඇල්ලුවේ ඒ අය වගෙයි. හැබැයි ඒ අයගෙම ආණ්ඩුවෙන් බැඳුම්කර වංචාව කරද්දි මේ ඇමැතිවරුන් හිටියේ කසාය බීපු ගොලුවෝ වගෙයි.
බැඳුම්කර වංචාව ගැන රටේ ආන්දෝලනයක් ඇති වුණාට පස්සෙයි කට්ටිය සේරම එළියට බැහැලා කට ඇරියේ. කාට බොරු කළත් ජනතාවට බොරු කරන්න බැහැ. එක ඇමැතිවරයෙක් විගණකාධිපතිවරයා ඉවත් කරන්න සූදානම් වෙමින් සිටින බව දැනගන්න ලැබිලා තිබෙනවා. ස්වාධීනව කටයුතු කරන නිලධාරීන් කිසිවකුට කොන්ද කෙළින් තියන් වැඩ කරන්න මේ ආණ්ඩුව ඉඩ තියන්නේ නැහැ.
හැබැයි නිලමෙලා බේරන්න පොරොන්දු දෙන පොලිස්පතිලාට, මාධ්‍යවේදීන්ගේ කන පලන නාවික හමුදාපතිලාට ගැන මේ ආණ්ඩුව කිසිදු පියවරක් ගන්නේ නෑ. රන්ජන් රාමනායකලා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හොම්බ තලන්න හදනවා. ඒවා ගැන හොයා නොබලන මෙ ආණ්ඩුව ස්වාධීනව කටයුතු කරන විගණකාධිපතිට තනතුර අතහරින්න කියලා බලපෑම් කරනවා. යහපාලනය, ප්රජාතන්ත්රවාදය ගැන කයිවරු කියමින් ආපු ආණ්ඩුව අද කරන තරමක් කරන්නේ තකතීරු වැඩ.
රේගු වෙන්දේසියට තබා තිබූ රෝස්වුඩ් දැව තොගය ඉන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා පුවත්පත්වල පල වූ පෘවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බවත් එය මුදල් ඇමතිවරයා සැලසුම්සහගතවම මහජනයා නොමග යැවීමේ හා රේගු දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කිරීමේ අරමුණින් නිර්මාණය කල ප්‍රවෘත්තියක් බවත් සමස්ත ලංකා රේගු සේවා සංගමය සඳහන් කරයි.මේ බව සඳහන් කරමින් සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ජේ.ඒ ගුණතිලක මතාගේ අත්සනින් යුතුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලිඛිතවද දන්වා යවා ඇත.
එම ලිපිය සම්පූර්ණයෙන් පහත පල වේ.
“ගරු මුදල් ඇමතිතුමා,
මුදල් අමාත්‍යාංශය,
කොළඹ 01.
මැතිතුමනි,
රේගු වෙන්දේසියට තබා තිබූ රෝස්වුඩ් දැව තොගය ඉන් ඉවත් කිරීම
උක්ත කරුණ සම්බන්ධයෙන් 2017.01.31 දින ලංකාදීප පුවත්පතේ නාලක සංජීව දහනායක මහතා විසින් “රේගුවෙන් ඇල්ලූ දැව තොගයක් පරීක්ෂණයක් නොකර වසර තුනක් තිස්සේ රඳවාගෙන” යන මාතෘකාව
යටතේ පළකර තිබූ ප්‍රවෘත්තිය කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.
මෙම ප්රවෘත්ති මහජනයා නොමග යැවීමේ හා රේගු දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කිරීමේ අරමුණින්, ඔබතුමාගේ අනුදැනුම මත පළකල එකක් බව අපගේ අදහසයි.ඔබතුමා එම ලිපිය තුලින් පවසන කරුණු මුලුමනින්ම සාවද්‍ය නිසා ඔබතුමාගේ හා රටේ ජනතාවගේ අවබෝධය පිණිස අප සංගමය සතු තොරතුරු සමහරක් මෙහි සඳහන් කිරීමට අදහස් කළෙමු.මෙම රෝස්වුඩ් දැව තොගය අත්අඩංගුවට ගන්නා ලද්දේ රේගු දෙපාර්තමේන්තුව විසින් බිහි කරන ලද කීර්තිමත් රේගු නිලධාරියෙකු හා පරිසර වේදියකු වන සමන්ත ගුණසේකර මහතා විසිනි. රේගු දෙපාර්තමේන්තුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිර්මාතෘවරයාද වන මෙතුමා සිය සේවා කාලය තුලදී සිදු කරන ලද කොතල හිඹුටු, කෙකටිය වැනි සුප්‍රසිද්ධ රේගු වැටලීම් නිසා දේශීයව හා ජාත්‍යන්තරව මහත් සේ ඇගයීමට ලක්වූ නිලධාරියෙකි. මෙතුමාගේ පෞද්ගලික ඔත්තුකරුවකු ලබා දුන් තොරතුරක් මත 2014 මාර්තු මාසයෙදී මෙම දැව තොගය අත්අඩංගුවට ගන්නා ලදි. එතැන් සිට මේ පිළිබඳව දේශීයව හා ජාත්‍යන්තරව සිදු කරන ලද රේගු විමර්ෂණයට මාස 6කට අධික කාලයක් ගතවී තිබේ. ඉන් අනතුරුව රේගු නඩුවක් ගොනු කරන ලද අතර එය අධිකරණ ක්‍රියාවලියකින් අවසන් වී තිබේ. ඒ සඳහා තවත් වසරකට ආසන්න කාලයක් ගතවී තිබේ.
මෙම නඩුව අවසාන වීමෙන් පසු දැව තොගය රාජසන්තක කළ අතර 2015 වසරේ මැයි මාසයේ පමණ සිට අවස්ථා ගණනාවකදීම වෙන්දේසි කිරීමට උත්සාහ දැරුවත් ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන්ට පාලනය කළ නොහැකි හේතූන් මත එය සාර්ථක කර ගැනීමට නොහැකි වී තිබේ. ඒ නිසා “රේගුවෙන් ඇල්ලූ දැව තොගයක් පරීක්ෂණයක් නොකර වසර තුනක් තිස්සේ රඳවාගෙන” සිටියා යන චෝදනාව මුලුමනින්ම සාවද්‍ය එකක් බව මොලේ කළඳක් හෝ ඇති ඕනෑම අයෙකුට වැටහෙනු ඇත.තමන් වෙත පැමිණි සියලු බාධක පරදවමින් ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් මෙම දැව තොගය යලිත් වරක් 2017 ජනවාරි මාසයේදී වෙන්දේසියට තබන ලදි.
එම වෙන්දේසියේදී දැව තොගයට සාධාරණ මිලක් නොලැබුනු නිසා එය 2017 ජනවාරි 28 වන දින යළිත් වෙන්දේසියට තැබීමට සූදානම් වන විට රේගු අධ්යක්ෂ ජෙනරාල් වරයාගේ උපදෙස් මත ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන්ට දැව තොගය වෙන්දේසියෙන් ඉවත් කිරීමට සිදුවී තිබේ. ඔවුන් විසින් ඊට හේතු මොනවාද යන්න විමසන විටදී දැනගන්නට ලැබීඇත්තේ මෙම දැව තොගයට මිල ගණන් ඉදිරිපත් කරන සෑම අයෙක්ම රුපියල් මිලියන 10ක (රුපියල් කෝටියක) ආපසු නොගෙවන තැන්පතුවක් තැබිය යුතු බවට වන කොන්දේසියක් ටෙන්ඩර් පත්‍රිකාවට ඇතුළත් කිරීම සඳහා රේගු අධ්යක්ෂ ජනරාල් වරයා විසින් මහා භාණ්ඩාගායෙන් අනුමැතිය ඉල්ලා ඇති අතර එකී අනුමැතිය ලැබෙන තෙක් මෙලෙස දැව තොගය වෙන්දේසියෙන් ඉවත් කර ඇති බවයි.
රේගු අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ තනි කැමැත්තට මෙය සිදු කලා යැයි සිතීමට තරම් අපි අඳ බාලයන් නොවෙමු. එබැවින් ඒ සඳහා ඔහුට උපදෙස් දුන්නේ මුදල් ඇමතිවරයා වශයෙන් ඔබතුමා නොවේනම් ඒ කවුරුන්ද යන වග ජනතාවට හෙලිදරවු කිරීමේ වගකීමෙන් ඔබතුමාට මිදිය නොහැක. ඔබතුමා එසේ නොකරන්නේනම් මෙම රෝස්වුඩ් දැව තොගය කුණු කොල්ලයට ලබා ගැනීමට තැත් කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කවුදැයි ජනතාව විසින් තීරණය කරනු ඇත.
බැදුම්කර හොරා,මුදල් අමාත්‍ය රවි කරුනාණායක විසින් සිය හෙංචයියන් යොදවා පලකල පුවත
ගරු ජනාධිපති තුමා
ජනාධිපති ලේකම්කාර්යාලය
කොළඹ 01.
මැතිතුමනි.
රේගු වෙන්දේසියට තබා ඇති Rose Wood දැව තොගය අඩු මිලට ලබාගැනීම සදහා දරන උත්සාහය වලක්වන ලෙස ඉල්ලීම.
නීති විරෝධී ලෙස ශ්‍රිලංකාව හරහා ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන රාජ සන්තක කරන ලද රු කෝටි 100 කටත් වඩා වටිනා ඍදිැ උදදා දැව මෙට්ට්‍රික් ටොන් 415ක් පසුගිය මාසයේ රේගු වෙන්දේසියට තබන ලදි.
එහෙත් රේගුව අපේක්ෂා කල මිල ගණන් ඉදිරිපත් නොවූ බැවින් එම දැව තොගය යලිත් වරක් 2017.01.28 වන දින වෙන්දේසියට ඉදිරිපත් කිරීම සදහා කටයුතු කරමින් සිටින විට රේගු අධ්යක්ෂ ජෙනරාල් වරයා එම දැව තොගය වෙන්දේසියට නොතබන ලෙස නිලධාරීන්ට දැනුම් දී තිබේ.
පසුව කරන ලද සොයා බැලීම් වලදී හෙළිදරව් වූයේ ධැව තොගය සදහා ඉල්ලූම් කරන්නන් විසින් තැබිය යුතු රු. මිලියන 12ක ආපසුව ගෙවන තැන්පතුවට අමතරව රු මිලියන 10ක ආපසු නොගෙවන තැන්පතුවක් තැබිය යුතු බවට වන කොන්දේසියක් ටෙන්ඩර් පත්‍රිකාවට ඇතුල් කිරීම සදහා රේගු අධ්යක්ෂ ජනරාල් වරයා විසින් මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලා ඇති අතර එකී අනුමැතිය ලැබෙන තෙක් දැව තොගය වෙන්දේසියෙන් ඉවත්කර ඇති බවයි.
රේගු අධ්යක්ෂ ජනරාල් වරයාගේ මෙම උත්සාහය සාර්ථක වුවහොත් Rose Wood දැව තොගයට කිසිවෙකු මිල ගණන් ඉදිරිපත් නොකරනු ඇත. එවිට මෙම ක්‍රියාවලිය පිටුපස සිටින පුද්ගලයා කවුරුන්හෝ ඉතා අඩු මිලක් ඉදිරිපත් කර මෙම දැව තොගය මිලදී ගනු ඇත. අපගේ අවබෝධයේ හැටියට රේගු අධ්‍යක්ෂක ජනරාල් වරයාට මෙවැනි බලපෑමක් කළ හැක්කේ මුදල් ඇමතිවරයාට පමණි.
එබැවින් මේ රටේ ඕනෑම පුරවැසියෙකුට මෙම දැව තොගය සදහා මිල ගණන් ඉදිරිපත් කිරීමට අයිතිය ආරක්ෂා කර දෙන ලෙසත් ඒ මගින් මහා භාණ්ඩාගාරයට බැරවිය යුතු අති විශාල මුදලක් ජාවාරම් කරුවන් අතට පත්වීම වැලැක්වීම සදහාත් අවශ්‍ය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.
ස්තූතියි,
මෙයට විශ්වාසී,
ජේ. ඒ ගුණතිලක
ලේකම්
සමස්ත ලංකා රේගු සේවා සංගමය.
http://www.sinhala.lnwtoday.com/archives/8725
http://www.sinhala.lnwtoday.com/archives/11318
දල දේශීය නිෂ්පාදිතයෙන් (GDP ) රටක ආර්ථික ස්ථාවරය තක්සේරු කිරීමට භාවිතා වන මූලික දර්ශකයකි. එය නිශ්චිත කාල පරිච්ඡේදයකදී නිපදවන සියලු භාණ්ඩ හා සේවා මුළු ඩොලර් වටිනාකම පෙන්වා දේ. උදාහරණයක් ලෙස, මේ වසරේ සිට වසර දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ක් දක්වා වේ නම්, මෙම ආර්ථිකය පසුගිය වසරට වඩා 3% කින් වර්ධනය වී ඇති බව එයින් අදහස් කරන්නේ විශ්වාස කෙරේ.
මෙම දර්ශකය ගැන මෙලෝ දැනුමක් නැති යහපාලන දේශපාලන පත්වීමක් ගැන අප ඇමෙරිකාවේ වාර්තාකරු මෙසේ වාර්තා කරයි.
මහින්ද රාජපක්ෂ රජයට රනිල් ඇතුළු රාජපක්ෂ විරෝධී කණ්ඩායම් විසින් නගන ලද ප්‍රධාන චෝදනාවක් වුයේ තම දේශපාලන හිතවතුන් විදේශ තානාපති සේවයට යොදා ගත් බවය. නමුත් යහපාලන රජය බලයට පත් වූ පසු තම නෑදෑයන් සහ පක්ෂ හිතවතුන් අධික ප්‍රමාණයක් විදේශ තානාපති සේවයට යොදවා ඇත.
මේ අකාරයෙන් හිරුනික ප්‍රේමචන්ද්‍ර ගේ නැන්දනිය (භාරතගේ අක්කා ) වන ස්වර්ණ ගුණරත්න නමැත්තිය ඇමෙරිකාවේ ලොස් අන්ජිලස් නගරයේ පිහිට ඇති කොන්සොල් ජෙනරාල් කාර්යාලයට 2016 දී පත් කර යවන ලදී. පාලනය කරගති නොහැකි අයාලේ දුවන තම දියණිය සහ පුතා පාලනය කිරීමේ මුලික අදහසින් ඇමෙරිකාවේ ලොස් අන්ජිලස් කාර්යාලයට පැමිණි මැය මේ වනතුරු කර ඇත්තේ එම නගරයේ පිහිටා ඇති අන් රටවල රාත්‍රී බෝජන සංග්‍රහ වලට යාම සහ ශ්‍රී ලාංකිකයන්ගේ නිවස් වල තිබෙන උත්සව වලට සහබාගි වීමේ පමණි.
තම පළපුරුදු ගණකාධිකාරී ලෙස හදුන්වගන්නා මැයගේ ආර්ථික දැනුමහි මට්ටම ගැන අවබෝදයක් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දන ගැනීමට කදිම අවස්ථාවක් ලැබී ඇත.
මීට මාස කීපයකට පෙර ඇමෙරිකාවේ රාජකාරි කටයුත්තකට සහභාගී වීමට පැමිණි සුජීව සේනසිංහ ඇමතිවරයාට ස්වර්ණ ගුණරත්න හමු වී ඇත. මෙහිදී තමන් බලාපොරොත්තු වූ ආකාරයකට විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ලබාගැනීමට අපොහොසත් වීම ගැන කලකිරීමෙන් කතා කොට ඇති ඇමතිවරයා එයට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිත දර්ශකය පසුගිය රජය යටතේ ඉහල යාම නිසා අප රට බංගලාදේශය වැනි දුප්පත් රටක් ලෙස තව දුරටත් ලෝක ප්‍රජාව විසින් තව දුරටත් සලකනු නොමැති බවය.
මේ හේතුව නිසා දුප්පත් රට වලට දෙනු ලබන ආයෝජන අවස්ථා මින් ඉදිරියට ශ්‍රී ලංකාවට නොලැබෙන බවය. මෙහිදී පළපුරුදු ගණකාධිකාරී හදුන්වා ගන්නා ස්වර්ණ ගුණරත්න විසින් පවසා ඇත්තී “ ඉතින් සර් අපි ඔය දල දේශීය නිෂ්පාදිත (GDP ) අඩු කර ගම්මුකෝ …එතොකට අපිට ආයෝජන අවස්ථා ලැබේවි නේ “.
දල දේශීය නිෂ්පාදිත ගැන දැනුමක් ඇති ඇමති වරයා පවසා ඇත්තේ දල දේශීය නිෂ්පාදිතය ඉහල යාම රටකට හොද බවය.
සාම රාත්‍රියකම පාහේ අන් තානාපති කාර්යාල වල වයින් පාර්ටි වලට යන මැය අඩුම වශයෙන් ගූගල් සෙවුමක් Google Search කර දල දේශීය නිෂ්පාදිත දර්ශක කුමක්ද යන්න විනාඩි 10කින් ඉගෙනගනුමට හැකියාවක් තිබු බව ලොස් අන්ජිලස් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කරති.
මෙවැනි මන්ද බුද්ධික දේශ පාලන පත්වීම් නිසා ශ්‍රී ලංකාවට සිදුවන සේවය ගැන ඔවුන් කතා බහ කරන අතර මසකට ඇමෙරිකානු ඩොලර් 9000 කුලිය ගෙවමින් මහා මංදිරයක වෙසෙන මැය අඩුම වශයෙන් මුදලට හරියන සේවයක් සිදු කල නොහැකිනම් ශ්‍රී ලංකික ජනතාවගේ මුදල් මගින් මෙවැනි කාර්යාල කුමකට පවත්වාගෙන යන්නේද යන්නත් ප්‍රශ්න කරමින් සිටී.
හිරුනිකා පවුලේ තවත් බැල්ලියක් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයකට-කොටිත් එක්කත් බුදියලා
http://www.sinhala.lnwtoday.com/archives/7775
හිරූ නිකර්ගේ දඩයම් මැර කල්ලියේ රියදුරු දැන් තානාපති සේවයේ – දාමරික රියදුරු විසා සහයක (Visa Assistant )
http://www.sinhala.lnwtoday.com/archives/15161
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රහසිගත ලෙස ඉන්දියානු සහ ඇමෙරිකානු ඒකාබද්ධ සමාගමක් වෙත පවරා දීම සඳහා ඊට අදාල ගිවිසුමට 2017-02-02 දින අත්සන් තැබීමට ආණ්ඩුව මේ වන විට කටයුතු සුදානම් කොට ඇති බව වාර්තා වේ.
මිට අමතරව චීනයේ CM Port සමාගමට අවුරුදු 198 කට හම්බන්තොට වරාය පවරා දිම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින අතර ඊට අමතරව ති‍්‍රකුණාමල වරාය ද ඉන්දියාවට දීම සඳහා සැලසුම් සකස් කොට තිබේ.මේ හරහා සමස්ත වරාය සේවකයින්ගේ රැකියා අහිමි වීමට ද ඉඩ තිබේ.
රටක ආර්ථික සංවර්ධනය පිළිබඳව සහ රටේ ආරක්ෂාව ගැන සැලකීමේදී වරාය ඉතාමත් අත්‍යාවශ්‍ය සාධකයකි. ජාතික ආරක්ෂාව සහ රටේ ආර්ථිකය ගැන නොසලකා හරිමින් ආණ්ඩුවේ මූල්‍ය අර්බුදයට විසඳුම් ලෙස වරාය විකුණා දැමීම මහා පාවා දීමකි. එබැවින් ආණ්ඩුවේ මෙම විකීණීමේ කි‍්‍රයාවලිය වහා නතර කරන ලෙස බල කරමින් දැවැන්ත පා ගමනක් 2017-02-01 දින දහවල් 12.30 ට වරාය ඉදිරිපිටින් ආරම්භ කිරීමට වරාය රැක ගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ මඟින් සුදානම් කොට ඇත.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර රහසිගත හමුවක් ඊයේ සිදුව ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඊයේ මැතිවරණ කොමසාරිස්වරයා සහ සියළුම පක්ෂවල ලේකම්වරු අතර සාකච්ඡාව පැවැත්විමට පැයකට පමණ පෙර මෙම රගසිගත හමුව සිදුව ඇති අතර අදාළ සාකච්ඡාවෙන් පසුව කොමසාරිස් වරයා පක්ෂ ලේකම්වරුන් හමුවි තිබේ.අදාල හමුව ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නිළ නිවසේ සිදුව ඇති අතර සාකච්ඡාව සදහා කිසිවෙකුත් සහභාගි කරගැනිමටද ජනපති කටයුතු කර නෑ.
පස්වරු2.30ට පමණ මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදුවු මෙම හමුවේදි විපක්ෂයේ නියෝජිතයන් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය නොපැවැත්විම් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කර ඇති අතර එහිදි කොමසාරිස් වරයා සදහන් කර ඇත්තේ මැතිවරණයක් පැවැත්විම සදහා මේ දක්වා රජය මුදල් ලබාදිමට කටයුතු කර නැති බවයි.
අදාළ සාකච්ඡාව සදහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාද එක්ව සිටි අතර් පක්ෂ ලේකම්වරුන් ඔහුගෙන් කල ප්‍රශ්ණ කිරිම්වලදි පෙබරවාරි 10 සීමා නිර්ණ වාර්තාව ගැසට් කිරිමට කටයුතු කරන් බවට පොරොන්දු දි ඇති බවයි.කෙසේවෙතත් ඡන්ද පවත්වන්න නම් පළාත් පාලන පනත සංශෝදනය නොකර මැතිවරණ පැවැත්විමට හැකියාවක් නොමති බවද කොමසාරිස්වරයා අවධාරණය කර තිබේ.
ඉදිරියේදී පළාත් සභා 03 ක කාලය අවසන් වන බවද මෙහිදි පක්ෂ ලේකම්වරුන් පෙන්වා දි ඇති අතර මැතිවරණ කොමසාරිස්වරයා ඒ සම්බන්ධයෙන්ද නිසී පිළිතුරක් දිමට සමත් වි නෑ .
මැතිවරණකොමසාරිස්වරයා දේශපාලන පක්ෂ ලේකම්වරුන් හමුවිමට පෙර රහසේම ජනපති හමුවි ඔහු කියන දේ අසා ඒ අනුව ක්‍රියාකරන්නේ නම් යහපාලනය කියන ස්වාධීන භාවය ඇත්තේ කොහේද යන්න අමුතුවෙන් රටේ ජනතාවට කියාදිය යුතු නොවේ.
2017 වසරේ කිසිදු මැතිවරණයක් නොපැවැත්විමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර එකඟතාවක් ඇතිකරගත් බව රනිල් පිළේ ප්‍රභලයෙකු අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. පසුගියදා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් පැවැති අතර එහිදි මෙම එකඟතාව ඇතිකර ගත් බවයි ඔහු අනාවරණය කර ඇත්තේ.
http://www.sinhala.lnwtoday.com/archives/14876
සුමන්තිරන් ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බව හින්දු පත්‍රයේ සඳහන් වෙලා. එය ඇත්තක් ද බොරුවක් ද කියන්න අප දන්නේ නැහැ. එය ඇත්තක් වුවත් බොරුවක් වුවත් සුමන්තිරන් වීරයකු කිරීමේ වුවමනාවක් නම් තියෙන බව පැහැදිලියි. ජාතික හෙළ උරුමයත් එයට හවුල් වෙලා. ඔවුන්ටත් සුමන්තිරන් වීරයකු කිරීමට අවශ්‍යයි. දෙමළ ජාතික සංධානයේ විවිධ මත තියෙන්න පුළුවන්. ඒත් ඔවුන්ට පොදු මතයක් තියෙනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට නොහැකි නම් දුර්වල කිරීම. සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට උතුරු හා නැගෙනහිර පළාත් අහිමි කිරීම. නාගදීපය සිංහල බෞද්ධයන්ට අහිමි කිරීම. සොළොස්මස්ථානයෙන් නාගදීපය ඉවත් කිරීම.
පැරණි රජවරු නවවරක් බුදුසසුනට පූජා කෙළේ මුළු රටමයි. එයින් වත්මන් නැගෙනහිර පළාත හා උතුරු පළාත ඉවත් කර නැහැ. නාගදීපය ඉවත් කර නැහැ. පැරණි රජවරු නවවරක් බුදුසසුනට රට පූජා කිරීමේ දී නාගදීපයත් තිරියායත් සේරුවිලත් ඒ සමග බුදුසසුනට පූජා කළා. දෙමළ ජාතිවාදීන් ඒ සියල්ල සිංහල බෞද්ධ සංස්කෘතියට අහිමි කිරීමට සැරසෙනවා. පෝදාට පන්සල් යන වට වන්දනාවේ යන සිංහල බෞද්ධයන්ට නාගදීපය වැඳීමට අවශ්‍ය නැද්ද? සුමන්තිරන් දෙමළ මෙතෝදිස්ත බැතිමතෙක්. ඔවුන් සියළු දෙනා උතුරු හා නැගෙනහිර පළාත්වල බුදුපිළිම වහන්සේ තැනීමට විරුද්ධයි.
මේ නවවරක් බුදුසුනට පූජා කළ බිමේ බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට කිසිවකුටවත් විරුද්ධවන්න බැහැ. ඒ සඳහා කිසිවකුගෙන්වත් අවසර ගන්න වුවමනාත් නැහැ. ඉංගිරිසින් පවා ඒ අයිතියට ගරු කළා. දහනවවැනි සියවසේ ඉංගිරිසින් පැන වූ නීතියකට අනුව බෞද්ධ සිද්ධස්ථාන හැර වෙනත් ආගමික සිද්ධස්ථාන තැනීමේ දී ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරයක් ගත යුතුයි. එහෙත් බෞද්ධ සිද්ධස්ථාන තැනීමට එසේ අවසරයක් සුද්දගේ කාලයේවත් ගැනීමට අවශ්‍ය වුනේ නැහැ.
එ සුද්දගේ කාලයේ දී. දැන් තියෙන්නෙ ජාතික හෙළ උරුමයේ ඊනියා යුග පෙරළි කාරයන්ගේ සහභාගීත්වයෙන් ද ගොඩ නැගුණු (ඔවුන් ගොඩ නැගූ නොව) රනිල්ගෙ කාලය. එය සිංහල බෞද්ධයන්ගෙ නරක කාලය. අද බෞද්ධ නොවන ආගමික සිද්ධස්ථාන ගොඩ නැගීමට අවසර ගන්න ඕන නැහැ. එහෙත් බෞද්ධ සිද්ධස්ථාන ගොඩ නැගීමට උතුරු පළාත් සභාවේ අවසරය ගත යුතුයි. ඒ අතර උතුරු හා නැගෙනහිර පළාත්වල බුදුපිළිම වහන්සේ කඩා දමනවා. ජාතික හෙළ උරුමයේ භික්ෂූන් වහන්සේ ද ගිහියන් ද බලා ඉන්නවා.
දෙමළ ජාතික සංධානයත් එහි සාමාජික පක්ෂත් උතුරු නැගෙනහිර පළාත් එක් කරන ලෙස ඉල්ලනවා. ඔවුන් ඒ පළාත්වල බුදුපිළිම වහන්සේ තැනීමට විරුද්ධයි. දහතුනට එහා යන බලතල පළාත් සභාවලට ඉල්ලනවා. ඉඩම් හා පෙලිස් බලතල ක්‍රියාත්මක කරන ලෙස උද්ඝෝෂණය කරනවා. සුමන්තිරනුත් මේ සියල්ල ඉල්ලනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමටයි. අද පාර්ලිමේන්තුවේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානියා සුමන්තිරන්. ජාතික හෙළ උරුමය නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට උත්සාහ කරන සුමන්තිරන් වීරයකු කරන්න හදනවා.
ජාතික හෙළ උරුමයට අනුව සුමන්තිරන් ආයුධ අතට අරන් නැහැ. එබැවින් ඔහු ආරක්ෂා කළ යුතු බව ද ඔවුන් පවසන්නේ. සුමන්තිරන් ඝාතන සැලැස්මක් තිබුණත් ඒ කවුරුන් දැයි අපට ඇඟිල්ල දික් කර කියන්න බැහැ. ඒ අය ආයුධ සන්නද්ධ අරගලයක් ගැන හිතනවා ඇති. ඒ කවුරු වුනත් අපට කීමට ඇත්තේ සුමන්තිරන්ගේ පක්ෂය කොටි සංවිධානයේ පාර්ලිමේන්තු නියෝජිතයන් වූ බවයි. දෙමළ ජාතික සංධානයත් එහි සාමාජික පක්ෂත් දිගින් දිගට ම කොටි සංවිධානය ආරක්ෂා කළා. අදත් ආරක්ෂා කරනවා. සුමන්තිරන් රණවිරුවන් දඩයම් කිරීමේ මූලිකයෙක්. ඔහු රණවිරුවන් දඩයම් කිරීමට ජාත්‍යන්තර විනිශ්චයකරුවන් ඉල්ලන ප්‍රධානියා. ඔහු එමගින් කරන්නේ කොටි ආරක්ෂා කිරීමයි.
කොටි සංවිධානය යනු 1833 ආරම්භ වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ අවසාන පුරුක. ඔවුන් ඇතැම් විට වෙනත් දෙමළ ජාතිවාදී සංවිධානවල නායකයන් ඝාතනය කළා. එයින් කියැවෙන්නේ කොටි සංවිධානයට අනෙක් අය අනුගමනය කළ ක්‍රියාමාර්ග වැරදි වූ බව පමණයි. දේශපාලන අරමුණේ වෙනසක් තිබුණේ නැහැ. කොටි ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ඝාතනය කිරීමෙන් ඇරඹූ දේශපාලක ඝාතන අමිර්තලිංගම්, තිරුචෙල්වම් ආදීන්ට ද ගෙන ගියා. කොටි සංවිධානය බිහිවූයේ අමිර්තලිංගම්ලාගේ තුරුල්ලේ.
අද උතුරු පළාතේ ආයුධ සන්නද්ධ කල්ලි ඇත්නම් එයටත් වග කිවයුත්තේ සුමන්තිරන්ලා හා ආණ්ඩුව. බුද්ධි අංශය මර්දනය කිරීමට උනන්දුව දක්වන සුමන්තිරන්ලා හා රනිල්ලා ආයුධ සන්නද්ධ දෙමළ ජාතිවාදීන් බිහි කිරීමට අනියමින් හරි උදවු කරනවා. ආයුධ සන්නද්ධ පිරිසක් සුමන්තිරන් ඝාතනය කිරීමට උත්සාහ කරනවා නම් ඒ දිට්ඨධම්ම වේදනීය පාප කර්මය පලදීමක්.
රනිල් ජාතික හෙළ උරුමය සමග සුමන්තිරන් වීරයකු කිරීමට උත්සාහ කරන්නේ අවසානයේ දී සුමන්තිරන් ඉල්ලන දේ යුක්තියුක්ත කිරීමටයි. එමගින් උතුරු හා නැගෙනහිර පළාත් සිංහලයන්ට අහිමි කිරීමටයි. මෙය ඊනියා ප්රජාතන්ත්රවාදී දේශපාලනයක මුවාවෙන් කරන පාවාදීමක්. දෙමළ මෙතෝදිස්ත සුමන්තිරන් වීරයකු කිරීම සිංහල බෞද්ධ අයිතිවාසිකම් පාවාදීමක්. අපට සුමන්තිරන් වීරයකු කිරීමට අවශ්‍ය නැහැ. අප කළ යුත්තේ නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට කරන සියලු වෑයම් පරාජය කිරීමයි.
නලින් ද සිල්වා
2017 ජනවාරි 30
මහත් ආන්දෝලනයකට ලක්ව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පසුගියදා අත්හිටුවීමට කටයුතු කල නන්දන ජයදේව ලොකුවිතානගේ විශාලම ටයර් කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු පෙරේදා සිට රහසේම ආරම්භ කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.අගමැතිවරයා සහ ජනාධිපතිවරයා මෙන්ම මලික් සමරවික්‍රම අතර සිදුවු සාකච්ඡාවක ප්‍රථිපලයක් ලෙසින් මෙම කර්මාන්ත ශාලාවෙ වැඩ කටයුතු යලි ආරම්භ කිරිමට කටයුතු කර තිබේන බවයි අප වාර්තාකරු සදහන් කළේ.
එම කර්මාන්ත ශාලාව නිර්මාණය වන අක්කර 130ක පමණ භුමියට කිසිවෙකුටත් ඇතුල් විය නොහැකි වනසේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර එම කර්මාන්ත ශාලාවට ආසන්නයෙන්ම පිහිටි විදුරු කර්මාන්ත ශාලාවේ ඉහල ප්‍රදේශයක සිට මෙම ටයර් කර්මාන්ත ශාලාවේ ඉදිකිරිම් නිරික්ෂණය කිරිමට හැකි බවද අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
රුපියල් බිලියන 11ක මුදලක් ආයෝජනය කරමින් ජනවාරි පස්වැනිදා (05) හොරණදී අගමැතිවරයා මෙම කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබු අතර අදාළ ව්‍යාපාරික ලොකුවිතානගේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සමිප සබඳතාවයක් පවතින බැවින් එම ව්‍යාපෘතිය ඉලක්ක කර ශ්‍රීලනිපයේ මහින්ද විරෝධින් සහ එජාපයේ රනිල් විරෝධින් සිරිසේන ජනාධිපතිවරයා කුලප්පු කර අදාල ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විස්ටර්ලන්ත සංචාරය සදහා පිටවත් ගිය සැනින් නතර කර ගැනිමට කටයුතු කරනු ලැබුවා.
පසුව ගෙවුනු දින කිහිපය තුලදිත් මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් මෛත්‍රී පාර්ශවයේ ප්රබලයෙකු වන රාජිත සේනාරත්න විවිධ ප්‍රකාශයන් නිකුත් කල අතර පසුව හොරණ, වගවත්ත ප්‍රදේශයේ අක්කර 100කින් සමන්විත ඉඩමක ඉදිකිරීමට නියමිතව තිබූ ටයර් කම්හල් ව්‍යාපෘතියේ කටයුතු ආයෝජන මණ්ඩලය විසින් මුළුමනින්ම අත්හිටවු බවට ප්‍රකාශ කරමින් ජනතාව ගොනාට ඇන්දවිමටද ආණ්ඩුව මේ වනවිට කටයුතු කරමින් සිටි.
ආයෝජන මණ්ඩලය සමග මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන බදු ගිවිසුම අත්සන් තැබීමට පෙර යෝජිත ඉඩමේ භූමිය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවට තහවුරු කරගැනීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බවයි ආණ්ඩුව ප්‍රචාරය කර ඇත්තේ.
ටයර් කම්හල ව්‍යාපෘතිය සඳහා ලබාදී ඇති ඉඩම බදු පදනම මත ලබාදීමේදී ආයෝජන මණ්ඩලයට සිදුවිය හැකි පාඩුව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති කාර්යාලය මගින් ආර්ථික කළමනාකරණ අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත දැනුම් දී තිබියදී එය නොතකා, එම ඉඩම සකස් කිරීම ආරම්භ වී තිබීම හේතුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද එම භූමිය නිරීක්ෂණයට යවා තිබේ.ඉඩම සකස් කිරීමට ආයෝජකයා ආරම්භ කර ඇත්තේ ආයෝජන මණ්ඩලය සමග මෙම ව්‍යාපෘතියේ ගිවිසුම අත්සන් තැබීමටත් පෙර ය.
රාජිත -මලික් ගැටුම….
ජනවාරි පස්වැනිදා (05) හොරණදී අගමැතිවරයා මෙම කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබුවේ ආයෝජකයාගේ නම කලින් දැනගැනීමකින් තොරව බව කැබිනට් සම-ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පසුගිය 26 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසී ය.
හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේ අගමැතිවරයාට පෙර දැනුවත් කිරීමකින් තොරව එහි ගෙනගිය අමාත්‍යවරුන් ඊට වගකිව යුතු බවත් ආයෝජකයා පිළිබඳ අගමැතිවරයා පෙර දැන සිටියේ නම් ඊට සහභාගි නොවන බවත් ය.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අක්කරය රු. 100කට ලබාදී තිබූ බවත් එය මෙරට ඉඩම් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බවත් කැබිනට් සම-ප්‍රකාශකයා සඳහන් කළේ ය. ඊට පසුදින සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබුණේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.
තමන් විසින් මෙම ව්‍යාපෘතියේ සියලු තොරතුරු ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුවත් කර තිබූ බවට මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සිය නිවේදනය මගින් දන්වා තිබුණි.
රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් කරන ලද තක්සේරුවට අනුව මෙම අක්කර 100කින් යුක්ත ඉඩම රුපියල් 170,825,000කට ලබා ගැනීමට ආයෝජකයා එකඟ වී තිබූ බවත් වාර්ෂික නාමික ගාස්තුවක් ලෙස රු. 10,000ක් අයකරගන්නා ලෙස ද රජයේ ප්‍රධාන තක්සේරුකරු සඳහන් කර තිබූ බවත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබිණ.
සජින් වාස්…මලික් සමරවික්‍රම ලොකුවිතානලාට ගැහුව ලොකුම ගේම
http://www.sinhala.lnwtoday.com/archives/15151
බැදුම්කර සිද්ධියට අදාළ විමර්ෂණ කටයුතු සදහා වන ජනාධිපති විමර්ෂණ කොමිසම පත් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරුවරුන් වන කේ ටී චිත්රසිරි හා පී එස් ජයවර්ධන මහත්වරුන් කොමිසමේ සාමාජිකයින් වන බවත් හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරයකු වන කේ වේලුපිල්ලෙයි මහතාද කොමිසමේ සාමාජිකයකු වනවා. කොමිසම විසින් 3න් මසක කාලයක් තුල මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා..මේ කොමිසමත් බටලන්ද කොමිසම වගේ වෙයිද? බටලන්ද කොමිසමෙන් පසු නීතිය ක්‍රියාත්මක වුණාද? Resjudicata යනු වරක් විනිශ්චිත කරුණක් සම්බන්ධව නැවත අධිකරණය විසින් සළකා නොබැලීමයි…බැදුම්කර වංචාව සම්බන්ධව අධිකරණ විමසීමක් සිදුකර තමුන්ට අවශ්‍ය පරිදි විනිසුරුවරු පත්කරගෙන දැන් අපි නඩු ඇහැව්වා මෙතන නඩුවක් නැහැ කියූ විට Resjudicata නීති සිද්ධාන්තය යටතේ ආයෙත් නඩු අැසීමට බැරිය….
මිග්යානා ගණුදෙනුව සම්බන්ධව මේ වන විටත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දමා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය යටතේ අධිකරණ විමර්ශනයක් යනවා වගේ මේ බැදුම්කර වංචාවට සැකකරන අය සම්බන්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දමා අධිකරණ විමර්ශනයක් යන්නේ නැත්තේ ඇයි? මේ බැදුම්කර ජනාධිපති කොමිසම කල් මැරිමේ කොමිසමක්ද? මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දමන්නේ නැතිව ජනාධිපති කොමිසමක් දමා ගත්තේ ඇයි?……
වසර තුනක වත්කම් හෙළි නොකළ බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු තුනක් ඉල්ලා අස්කර ගන්නා ලද බව ජනතාවට අමතක වී ඇත්ද? අදාළ නඩු තුනෙන් ඇයව නිදොස් කොට නිදහස් කරනු ලැබූ අතර ඇයට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කරනු ලැබීය.අල්ලස් කොමිසම මෙම ඉවත්කර ගැනීම සඳහා අදාල දැනුම් දීම කොලඹ මහේත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී තිබූ අතර කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා මෙම නඩු තුනෙන් හිටපු අගවිනිසුරුවරිය නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කර තිබෙනවා නේද?.
උපුටා ගැන්ම
අල්ලස් කොමිසම නඩු තුනක් ඉල්ලා අස්කර ගනී… හිටපු අගවිනිසුරුවරිය නදොස් කොට නිදහස්
වසර තුනක වත්කම් හෙළි නොකළ බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු තුනක් ඉල්ලා අස්කර ගන්නා ලදී.
උපුටා ගැන්ම අවසන්
සුසිල් ප්‍රේම්ජයන්තට තිබුණු මහාධිකරණ නඩුව ඉල්ලා අස්කර ගත්තා මතකද? දැන් සුසිල් මේ දිනවල මෛත්‍රීට විරුද්ධ කරනමක් ගහන්න යනවා වගේ පෙන්නවා නේද? ඒ මොකද? මේ යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු සංඛයාව අඩුකරන්න පුළුවන් ජාතික ආණ්ඩුව ආරක්ෂා කරගන්න සුසිල්ව ඉත්තෙක් කරගෙන ඉන්නා හින්දද?
ඊනියා ජාතික ආණ්ඩුව අටවා ගනිමින් ඇමතිවරු සංඛ්‍යාව වැඩි කිරීමේ සිට 2015 අගොස්තු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජිතයන් ඇමතිවරු කිරීමේ සියලු නීති ගැට ගහන්නේ කවුද? එකී පරාජිතයින් පාර්ලිමේන්තු යවන්න කියා ඒ මහා පාවිදීම කරමින් ලැජ්ජා නැතිව ඇමතිවරයෙක් ලෙස සුසිල් ඉන්නේ ඇයි?
දැන් දැන් සුමන්තිරන්වැනි ෆෙඩරල්වාදීන් ඝාතනය කරන්න සැළසුම් තියෙනවා කියමින් නැති භීෂණයක් රටේ ඇති කරන්න යන්නේ ඇයි?…ඇමෙරිකාවේ ට්‍රම්ප් දිනීම මෙ රට සිටින බෙදුම්වාදීන්ගේ බලාපොරොත්තු කඩවී ඇති නිසාද? අතුරුදහන් කාර්යාල පිහිටුවීමට පිටරට සල්ලි දැන් එන්නේ නැද්ද?
මේ සියලු නීති ගැට ගහන්නේ ජනතාවගේ මුදලින් යැපෙන නීතිපති දෙපාර්තමේන්තුවේ නීති උපදෙස් කණ්ඩායමද?
පසුගිය කාලයේ නීතිපති දෙපාර්තමේන්තුවට පුද්ගලික සම්බන්ධතා,…,ඥාති සම්බන්ධතා මත තෝරාගෙන සිටින අය ගැන ජනාධිපති කොමිසමක් පත් කරාවිද? තමුන් සමග එකම ඇමති මණ්ඩලයේ සිටි සගයින් මැගසින් බන්ධනාගාරයට දැක්කවීමට එඩිතරවන මෛත්‍රී ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට ප්රජාතන්ත්රවාදය, රාජ්‍ය ප්‍රතිපත්ති, විනිවිදභාවය සහ අපක්ෂපාතීත්වය හදුන්වා දෙයිද? එසේ නැතිනම් විරුද්ධවාදීන් ගස් යැවීමට පමණක් නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවයිද?
ඊයේ නුගේගොඩ දී පෙරළියක ඇරඹුම අතිවිශාල ජනකායක් මැද පැවැත්වුනා. ඒ ජනකාය 2015 පෙබරවාරියේ දී නුගේගොඩ පැවති රැස්වීමට එකතු වූ ජනකායට වැඩියි. මේ අතිවිශාල ජනකායට ලැබුණු පණිවුඩය කුමක් ද යන්න ගැන විවිධ කතා තියෙන්න පුළුවන්. බොහෝ මාතෘකා යටතේ කතා පැවැත්වුනා. නව ව්‍යවස්ථාව ගැනත් ව්‍යවස්ථා සංශෝධන ගැනත් කතා කළා. එහෙත් පැහැදිලි මතයක් ප්‍රකාශ වුනේ නැහැ.
ජාත්‍යන්තර සුපිරිව්‍යුහය විසින් මේ ආණ්ඩුව පිහිටුවනු ලැබුයේ එකම එක කාරණයකටයි. ඒ දෙමළ ජාතිවාදයට කප්පන් දෙන දෙමළ ජාතිවාදීන්ගේ මනදොළ සපුරාලන සිංහල විරෝධී රට දෙකඩ කරන සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමට ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට. අනෙක් සියල්ල අතිරේක කරුණු පමණයි. ආණ්ඩුවට ආධාර දෙන්නකු නැති වුනා ම කලින් බැණ බැණ සිටි චීනයට රුහුණු රටින් කොටසක් විකුණන්න සිදු වුනා. ඉන්දියාව සැනසීමට එට්කා ගිවිසුම අත්සන් කර ත්‍රිකුණාමල වරාය පැවරීමට සිදුවෙලා. ඔය මොනවා දුන්නත් කියන තරම් රැකියා ඇති වන්නේ නැහැ. චීනුන් හා ඉන්දියානුවන් වැඩි පිරිසකට නම් රැකියා ලැබේවි. අන්තිමට අපට රැකියාත් නැහැ. රටත් නැහැ.
මේ ආණ්ඩුවට බටහිර රටවල විශේෂ ප්‍රසාදයක් නැහැ. ආණ්ඩුව කියන විධියට නොව ජී එස් පී + වැනි සොච්චම් සහන ලැබෙන්නේ ඔවුන්ගේ කොන්දේසිවලට ආණ්ඩුව යටත් වෙන නිසා. ඒ සහන දීමට මංගලගේ හරි රනිල්ගේ හරි තියෙන විශේෂ දක්ෂතා මොනවා ද? කොණ්ඩෙ බැඳපු චීනුන්වත් ආණ්ඩුව කියන දේට රැවටෙන්නේ නැහැ. ජී එස් පි + සොච්චම ලබා ගැනීමටත් ආණ්ඩුවට බොහෝ දේ නැති කර ගන්න සිද්ධ වෙනවා.
එහෙත් ප්‍රධාන කාරණය ව්‍යවස්ථාවයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් ලැබුණේ නැහැ. එක්සත් ජනතා නිදහස් සංධානය අගෝස්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පමණයි. එහිදීත් ඔවුන් කීවේ ජනාධිපති ක්‍රමය හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිලිබඳ ව මිස දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා යන සංශෝධන ඉදිරිපත් කිරීමට නො වෙයි.
පෙරළියක ඇරඹුම යනු ආණ්ඩුව පරාජය කිරීම ආරම්භයක් මිස වෙන දෙයක් නො වෙයි. අද පවතින්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක්. මෛත්‍රිපාලට අවශ්‍ය ඇතැම් දේ කරනවා. ඒ ජනමතයක් ඇති විට මෛත්‍රිපාලට රනිල් අභිබවා යෑමේ ශක්තිය ලැබුණු විට. මෛත්‍රිපාලටවත් ඔහුගේ මැති ඇමතිවරුන්ටවත් අද ඡන්ද පදනමක් නැහැ. සමුපකාර ඡන්දවලින් ද ඒ බව පැහැදිලි වෙනවා. එහෙත් මහජන මතය රනිල්ට විරුද්ධ වන අවස්ථාවල දී මෛත්‍රිපාල ජනතා පැත්තේ හිටියොත් රනිල් අඩියක් පස්සට ගන්නවා. ඒ අඩි දෙකක් පෙරට තැබීමේ බලාපොරොත්තුවෙන්.
කොල්ලුපිටියේ ඩීල් පෙදෙස නමින් පාරක් තිබෙනවා. එය කුඩා පාරක්. අද දේශපාලනය අනුව නම් මුළු රට ම ඩීල් පෙදෙසක් වෙලා. අවශ්‍ය නම් වත්මන් දේශපාලන බල ව්‍යුහය අනුව රටට ම ඩීල්ලන්තය හෝ ඩීල්නාඩුව කියා කිව හැකියි. අද ක්‍රියාත්මක වන්නේ ඩීල්තන්ත්රවාදයක්. ජනතාව අවුරුදු පහකට හයකට වරක් ඡන්දය දෙනවා. රැස්වීම් බැලීමට යනවා. ඒ ප්රජාතන්ත්රවාදයේ අංග කියා හිතනවා. එහෙත් ඩීල්තන්ත්රවාදය ගැන දන්නේ නැහැ.
මේ ආණ්ඩුවේ කාර්ය කලින් සඳහන් ආකාරයට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. එහි ප්‍රධාන නියමුවා රනිල්. එහි දී ඔහුට සුපිරිව්‍යුහයේ අනෙක් දාසයන් වූ දෙමළ ජාතිවාදීන්ගේ පුස් කෑ මාක්ස්වාදීන්ගේ, සිවල් සංවිධානවල, මානව හිමිකම් සංවිධානවල, රාජ්‍ය නොවන ආයතනවල, කසිකබල් බුද්ධිමතුන්ගේ සහාය ලැබෙනවා. ඔවුන් සියල්ලන්ට ඇති මහා පොදු සාධකය සිංහල විරෝධයයි.
ආණ්ඩුව පරාජය කිරීම හා රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම යනු දෙකක් නොව එකක්. ව්‍යවස්ථාව පරාජය කළහොත් එයත් ආණ්ඩුවේ පරාජයක්. ඒකාබද්ධ විපක්ෂය මෙන් ම මෛත්‍රිපාලගේ මැති ඇමතිවරුත් නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට වෑයම් කරන නව ව්‍යවස්ථාවට හෝ ව්‍යවස්ථා සංභෝධනවලට හෝ විරුද්ධ විය යුතුයි. ඒ ඔවුන් සියළු දෙනා සංධානයෙන් තරග කළ නිසා. සංධානය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමක් ගැන මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කෙළේ නැහැ. හැරත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් ඇත්තේත් නැහැ. රනිල් හා ආණ්ඩුව පරාජය කිරීමට ඇති ඉඩ කඩක් නම් ජනමත විචාරණයක් එන තුරු බලා නොසිට පාර්ලිමේන්තුවේ දී ම තුනෙන් දෙකක් නොදී ව්‍යවස්ථාව හෝ අදාළ සංශෝධන හෝ පරාජය කිරීමයි. ඒ සඳහා අවශ්‍ය ඡන්ද හැත්තෑහයක් පමණයි. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ඉන්න සංධාන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අනූපහක්. එය හැත්තෑ හයට වැඩියි.
පළාත් පාලන මැතිවරණ හෝ වෙනත් මැතිවරණ හෝ ඇසකින් නොබලා ඩීල්තන්ත්රවාදයට යට නොවී ව්‍යවස්ථාව පරාජය කිරීම යන අරමුණ ඇතිව එක්වුවහොත් ව්‍යවස්ථාව පරාජය කළ හැකියි. අනෙක් අතට රනිල් වෙනුවට වෙනත් අයකු අගමැති ලෙස පත්කළොත් එවිටත් ව්‍යවස්ථාව පරාජය කළ හැකියි. මෛත්‍රිපාලට ඒ ශක්තිය තිබේ ද? ඒකාබද්ධ විපක්ෂය ඩීල්තන්ත්රවාදය අත්හැර ඒ ශක්තිය ලබා දීමට සූදානම් ද? වර්තමානය ඉතාමත් තීරණාත්මකයි. මෙහි දී පෞද්ගලික න්‍යාය පත්‍ර වලංගු වන්නේ නැහැ.
නලින් ද සිල්වා
2017 ජනවාරි 28