පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකු වන දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්තුමියට, වර්තමාන යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයකු වන රන්ජන් රාමනායක විසින් ප්‍රසිද්ධියේ දුරකතනය මගින් බැණ වැදීම යහපාලනය අමු දවාලේ නිරුවත් කිරීම බව ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයාට ලිපියක් යවමින් පෙන්වා දි තිබේ.

“මම රංජන් රාමනායක කතා කරන්නේ .ඇයි ඔයා ලයින් එක කට් කරන්නේ ?දැන් ඔබතුමියට කවුරුහරි හොම්බට ඇන්නොත් ඔබතුමිය පැමිණිල්ලක් එනකම් බලා ඉන්නවාද ? ඔව් ඔව් ඔයා චණ්ඩියෙක් කියලා අපි දන්නවා . අවුරුදු 07 ක් තිස්සේ මේක කාලා ,කාලා හොරකම් කරලා …උඹලාට හෙන ගහනවා ” මිට සුරවිර රන්ජන්

2017.01.28

අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,
කොටුව.

අතිගරු ජනාධිපතිතුමනි,

නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලීම.

සමාජ සුභසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පහුගිය 26 වන දින දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට ජනතාව ඉදිරියේ පහත් ලෙස බැණ තර්ජනය කිරීමේ සිද්ධිය ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ලෙසත් ප‍්‍රදේශයේ මහජන නියෝජිතයෙකු ලෙසත් මම පිලිකුල් සහගත ලෙස හෙලා දකිමි.

රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා මෙහිදී හැසිරෙන්නේ යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස නොවේ. ඔහු විසින් රගපෑ බොළද චිත‍්‍ර පටයක චන්ඩියෙකු ලෙසය. නියෝජ්‍ය ඇමතිවරයාගේ හැසීරීම ඔබතුමා නිරන්තරයෙන් පෙනී සිටින යහපාලනය අමු දවාලේ නිරුවත් කිරීමකි.

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා හොක්ක තලන බවට තර්ජනය කරන්නේ රටේ පරිපාලන සේවයේ නිලධාරිනියකටය. විශේෂයෙන්ම කාන්තාවකටය. අදාල පස් කැපීම සදහා භූ විද්‍යා හා පතල් කැපීමේ කාර්යාංශය අනුමැතිය දී ඇති බවත්, එය අත්හිටුවිය හැකි ක‍්‍රම වේදයන් පැහැදිලි කරන ප‍්‍රාදේශීය ලේකම්වරියට නියෝජ්‍ය ඇමතිවරයා සිය ආධාර කරුවන් හා මාධ්‍ය ඉදිරියේ තර්ජනය කරන්නේ ලකුණු දමා ගැනීමේ උවමනාවකට මිස අන් කිසිවක් නිසා නොවේ.

රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා මෙලෙස හැසිරුණු පලමු හා අවසන් අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථා කීපයකදීම නියෝජ්‍ය ඇමතිවරයා මාධ්‍ය ඉදිරියේ වීරයෙකු වීම සදහා මෙවැනි චරිත රගපෑ බව අපට මතකය.

එබැවින් අතිගරු ජනාධිපතිතුමනි,

රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියගේ හොක්ක තලන බවට කල තර්ජනය පිලිබදව වහා විධිමත් පරීක්‍ෂණයක් පවත්වා නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි,
මෙයට – විශ්වාසී,

ප‍්‍රසන්න රණතුංග (පා.ම.)
පිටපත් – 01. ගරු අගමැතිතුමා, 02. ගරු රාජ්‍ය පරිපාලන ඇමතිතුමා.

Our political reporter has been reported that the former President and SLFP party advisor Mrs Chadrika Bandaranayake, has been blamed on the President Maithireepala Sirisena, stating that “it’s a responsibility of the chairman of SLPA to stop all the groups and people who are trying for discussions with Mahinda Rajapakshe or any other without or with permission of him”, and added if he is unable to do the job, she will be taking an action for take over all the responsibilities of the Chairman SLFP.

This issue has been arisen after the meeting which the Ministers of SLFP had with the former president Mahinda Rajapakshe, and also with the information about number of their Ministers are to join with him for a new journey with him, and it has made a displeasure in Mrs Chandrika Bandaranayaka and has blamed to Prasident Maithreepala Sirisena pointing out that “If the Chairman is not strong enough to handle their own members, its meaningless to hold the position by him anymore.

After the incidence the President has been promised to Mrs. Chandrika Bandaranayaka that hereafter he will not allow any member to have discussions or meetings with anybody with or without permission of the SLFP Central Committee.

Furthermore, her blame on the President regarding that the ministers declaration of that he is going to participate for the Presidential Election going to be held on 2020.

The chief secretary of the party, Minister Duminda Dissanayake, Minister S B Dissanayake, Minister Dayasiri Jayasekara has said that, the decision was taken at a SLFP Central Committee meeting which was held on two weeks ago, to nominate President Maithreepala Sirisena for the Presidential Election on 2020, but Mrs Chandrika Bandaranayaka was absent for the session.

And also she has informed to call for an immediate central committee meeting and then she will aware the party party members over decision making procedures of the party.

According to our political reporter, declaration made by Prasident Maithreepala Sirisena focusing on Primer Wickramsighe at Abhayarama Temple, has been caused to hurt Mrs. Chandrika Banradanayaka.

රුපියල් එක්කෝටි හතළිස් අට ලක්ෂයක් වටිනා මෙරපනම් (Meropenem injection 500mg) නමැති ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පි තොගයක් තත්ත්වයෙන් බාල වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කිරිමට රහසේම කටයුතු කර තිබේ.

මෙම ප්‍රතිජීවක ඖෂධය ජීවිතාරක්ෂක කාණ්ඩයට අයත් ඖෂධයක් වන් අතර පසුගිය වර්ෂයේ මැයි මස මෙරටට ඉන්දියානු සමාගමක් මගින් මෙම එන්නත් කුප්පි 100,000ක් ආනයනය කළ බවත් ඉන් කුප්පි 31,000ක් කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදුන් බවත් අනාවරණය වි තිබේ.

එසේ කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදුන් එන්නත් කුප්පි කිහිපයක වීදුරු කැබැලි තිබුණු බවට තහවුරු වීම හේතුවෙන් සෑම එන්නත් කුප්පි ඇතුළත්ව තිබුණු කාණ්ඩයේ එන්නත් කුප්පි සියල්ල භාවිතයෙන් ඉවත් කර තිබේ.එසේ භාවිතයෙන් ඉවත්කර ඇත්තේ කාණ්ඩ අංක 3602 යටතේ තිබුණු එන්නත් කුප්පි තොගයයි.

පසුව මෙරටට ආනයනය කළ ශ්‍රී ලංකාවේ තිබෙන ඖෂධ සමාගමට ඒ පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියත්, ඖෂධ නීතිගත සංස්ථාවත් ලිඛිතව දන්වා තිබේ.භාවිතයෙන් ඉවත් කළ ඖෂධ තොගයේ වටිනාකම වන රුපියල් එක්කෝටි හතළිස් අට ලක්ෂයක මුදල යළිත් ගෙවීමට කටයුතු කරන ලෙසද එම ආයතන මගින් අදාළ ඖෂධ සමාගමට දන්වා ඇතත් මේ වනතෙක් එම මුදල් ගෙවීම මගහැර තිබෙන බවත් අනාවරණය වි තිබේ.

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ බලපෑම මත ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරන ලද ටුස්ටුසුමැබ් නැමැති පිලිකා එන්නත ලංකාවට ගෙන්වනු ලබන ඖෂධ සමාගම වන Pharmace (Pvt) Ltd හි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන්නේ රාජිතගේ පුත් චතුර සේනාරත්න සහ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ අරමුදල් කලමණාකරණය කිරීමේ සුදුසුකම් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට පත් එචි.එම්.එම් රූමි බව අප මිට පෙරද අනාවරණය කළා.

http://www.sinhala.lnwtoday.com/archives/12909

පසුගිය විසිපස්වැනි දා දළදා මාළිගාවේ මළුවේ ජාතික හිමිකම් සංවිධානය අධිෂ්ඨාන පූජාවක් කිරීමට බලාපොරෙත්තු වූ නමුත් එයට අවසර ලැබුණේ නැහැ. 1998 ජනවාරි විසිපස්වැනි දා තමයි කොටි දළදා මාළිගාවට පහර දුන්නේ. අපට අවශ්‍ය වූයේ ඒ පහර දීම සැමරීම නො වෙයි. කොටින්ට දළදා සමිඳුන්ට කිසිම පීඩාවක් කිරීමට බැරි වුනා. කොටි පහර දීමෙන් ලැබූ ජයග්‍රහණයක් නැහැ. අපට අවශ්‍ය වූයේ සිද්ධිය මතක් කර කොටින්ගේ පමණක් නොව මුළු දෙමළ ජාතිවාදයේ ම සිංහල විරෝධී අවශ්‍යතා සපුරාලීම සඳහා පිහිටුවන ලද ආණ්ඩුවට රට දෙකඩ කරන නව ව්‍යවස්ථාව බිහිකිරීමට ඉඩක් නොතබන බවට අධිෂ්ඨාන පූජාවක් කිරීමටයි.

එහෙත් අප දැනගත් ආකාරයට දියවඩන නිළමේ උසාවි නියෝගයක් දක්වමින් අධිෂ්ඨාන පූජාව නතර කර තිබෙනවා. ඒ දළදා මාළිගාව ආණ්ඩුවේ දේශපාලනයට යට කිරීමක්. ඊයේ (විසිහයවැනි දා) ලංකාදීප පත්‍රයෙහි පළ වූ වාර්තාවකට අනුව දියවඩන නිළමේ ඒ සම්බන්ධයෙන් මෙසේ කියා තිබෙනවා. “ …ඒත් දළදා මාලිගා පරිශ්‍රයේ හෝ ඒ අවට දේශපාලන අරමුණකින් උද්ඝෝෂණය කිරීමට හෝ සත්‍යග්‍රහ කිරීමට හෝ නීතියෙන් ඉඩක් දෙන්නේ නැහැ.

කොටි සංවිධානය ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගහලා වසර 19 ක් වන බව ඇත්ත. නමුත් මේ වගේ ම්ලේච්ඡ ක්‍රියාවක් යළි යළිත් සිහිපත් කරන්නේ මොකට ද? එය අමතක කළ යුතුයි. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් කළ ක්‍රියාව යළි යළිත් සිහිපත් කරල ඒ ම්ලේච්ඡ ක්‍රියාවට ක්‍රියාවට වීරත්වයක් දෙන්නේ ඇයි

ශ්‍රී දළදා මාලිග පරිශ්‍රයේ දේශපාලන අරමුණු ඇතිව උද්ඝෝෂණ සහ සත්‍යග්‍රහ කරන්න විරෝධතා පවත්වන්න නීතියෙන් කිසිම අවසරයක් නැහැ…. ”

දේශපාලනය යනු දේශය පාලනය කිරීමයි. බලය ලබා ගැනීම සඳහා කටයුතු කිරීමයි. දේශපාලනඥයා යනු දේශය නැත්නම් රට පාලනය කරන්නා හෝ එසේ පාලනය කිරීමට බලය ලබා ගැනීමට හෝ කටයුතු කරන්නායි. ජාතික හිමිකම් සංවිධානයට එවැනි අරමුණක් නැහැ. එය නිරත වී ඇත්තේ ජාතික ව්‍යාපාරයක. ජාතික ව්‍යාපාරයක් රටේ ජාතියේ ආගමේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා. අද ජාතික ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් නියැළී සිටින්නේ නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට හෝ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හෝ විරුද්ධ කටයුත්තක. එය දේශපාලන බලය ලබා ගැනීම සඳහා වූ ව්‍යාපාරයක් යැයි කිව හැක්කේ ඉංගිරිසින්ගේ නීතිය අනුව පත් වූ දියවඩන නිළමේ කෙනකුට පමණයි.

එක්සත් රාජ්‍යවල සැප්තැම්බර් එකොළහ අවුරුදු පතා මතක් කරන්නේ ඒ ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීන් සැමරීමට නො වෙයි. ත්‍රස්තවාදයට කිසිම ඉඩක් නොතිබිය යුතු බවට රටවැසියන්ට මෙන් ම සෙසු ලෝකයාට ද කීමටයි. ඔවුන් ඒ සම්බන්ධ ඡායාරූප අවුරුදු පතා ජනමාධ්‍යයෙහි ප්‍රචාරය කරනවා. ලංකාවේ ජනමාධ්‍යවේදීන් ද ඒ ඡායාරුප නැවතත් ඉදිරිපත් කරමින් තම පඬි බව ප්‍රදර්ශනය කරනවා. ලංකාවේ දළදා මාලිගාවට කළ පහරදීම ඔවුන්ට අමතකයි. එහි ඡායාරූප ප්‍රචාරය කරන්නේ නැහැ. දියවඩන නිළමේට මෙන් ම මෙරට විවිධ පඬියන්ට ජනවාරි විසිපහ අමතක කර සැප්තැම්බර් එකොළහ පමණක් මතක් කිරීමට අවශ්‍යයි.

මෙරට පාලකයා දන්තධාතුන් වහන්සේගේ ආරක්‍ෂකයා විය යුතු ය බවට මතයක් තිබුණා. රාජධානිය පිහිටි පුරයේ ම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටියා. අනුරාධපුරයේ සිට විවිධ අගනුවර හරහා මහනුවරට දන්ත ධාතූන් වහන්සේ වැඩම කරනු ලැබුවා. රාජ්‍ය පාලනය හිමි වූයේ දන්තධාතුන් වහන්සේගේ හිමිකාරත්වය ලැබූ අයටයි. ඒ රාජ්‍ය පාලනය කාලයේ. අද තිබෙන්නේ ඉංගිරිසින් ඇති කළ දේශපාලනය. රාජ්‍ය පාලනයේත් දිය වඩන නිළමේ කෙනකු සිටියා. අද දේශපාලනය යටතේත් දියවඩන නිළමේ කෙනකු ඉන්නවා. ඒ නිලමේ පදවි දෙකක්. ප්‍රශ්නය ඇත්තේ එතැනයි. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් ඉංගිරිසින් පොරොන්දු වුනා බුද්ධාගම හා දේවාගම රැකීමට. ඒ අනුව තුන්වැනි ජෝජ් දන්තධතුන් වහන්සේගේ ආරක්‍ෂකයා වුනා. එහෙත් මෙය ලන්ඩනයට ප්‍රශ්නයක් වුනා. සමහරුන් එයට විරුද්ධ වුනා. අවසානයේ දී 1840 දී ඉංගිරිසින් දන්තධාතූන් වහන්සේගේ ආරක්‍ෂකත්වයෙන් මිදුණා. දන්තධාතූන් වහන්සේගේ ආරක්‍ෂයා බවට දියවඩන නිළමේ පත් කෙරුණා. රටේ පාලකයාට හිමි කාර්යයක් දියවඩන නිළමේට පැවරුණා. එදා සිට ඉන්නේ කලින් සිටි දියවඩන නිළමේ නො වෙයි. ඉන් පසුව දියවඩන නිළමේ ඉංගිරිසින් විසින් ඇතිකරන ලද පදවියක් වුණා. එය දේශපාලන පදවියක්. දියවඩන නිළමේ පදවියට පත්වන්නා ඉංගිරිසින්ගේ තවත් දාසයෙකු පමණයි.

අපට 1948 දී ඊනියා නිිදහස ලැබීමෙන් පසු තත්වයේ වෙනසක් වුනේ නැහැ. දියවඩන නිළමේ තව දුරටත් බලයේ සිටින දේශපාලනඥයන්ගේ දාසයෙක්. දියවඩන නිලමේ පත් කිරීමේ දී අනුගමනය කරන ක්‍රියා මාර්ගය කුමක් වුවත් එහි දී ඡන්ද බලය හිමිවන්නන් කවුරුන් වුනත් පත්වීම ලැබෙන්නේ රටේ පාලකයාගේ දාසයකු ලෙසයි. ඒ ඡන්දයේ දී රජයේ නිලධාරීන්ට ද මැදිහත් වන්න පුළුවන්. පෙර කළ රජු යනු රටේ භාරකරු පමණයි. ඉංගිරිසින් ඒ සංකල්පය වෙනස් කර රටේ පාලකයා යන සංකල්පය ඇති කළා. එංගලන්තයේ රජුගේ නියෝජිතයා ලන්ඩනය වෙනුවෙන් රට ආණ්ඩු කළා. එය කිසිසේත්ම පැරණි රට කරවීම නො වෙයි. දියවඩන නිලමේ මේ ආණ්ඩුකාරයාගේ (ගවර්නර්) දාසයෙක්. රට කරවීම හා රට පාලනය කිරීම යනු දෙකක්.

ඉංගිරිසින් වෙනස් කෙළේ දියවඩන නිලමේ පදවිය පමණක් නො වෙයි. ඔවුන් භික්‍ෂූන් වහන්සේ අතර නායක පදවි ඇති කළා. නායක පදවිය හිමි වූයේ ඉංගිරිිසි ප්‍රයිමෝ ජෙනිටර් නීතිය අනුව යමින් අනුව යමින් නායක හාමුදුරුවන්ගෙ ප්‍රධාන ගෝල නමට. ඒ මදිවාට ඔවුන් ඉංගිරිසි ආණ්ඩුවට ඔත්තු සැපයීමට මහානායක පදවි ඇති කළා. මහානායක හිමි පදවියට හිමි අක්ත පත්‍රයේ ඒ බව සඳහන් වෙනවා. එමෙන් ම අක්ත පත්‍රය රටේ පාලකයා හෝ ඔහුගේ නියෝජිතයකු හෝ අතින් ලැබෙනවා. අද බුදුසසුනේ ව්‍යුහ දෙකක් පවතිනවා. එකක් සිංහල බෞද්ධයන් අවුරුදු දහස් ගණනක් රැකි චාරිත්‍ර හා සම්බන්ධ ව්‍යුහය. අනෙක ඉංගිරිසින් ඇති කළ දියවඩන නිළමෙ, නායක හිමිවරුන්, මහානායක හිමිවරුන් සහිත ඇංග්ලිකන් ක්‍රිස්තියානි ව්‍යුහය. මේ ව්‍යුහ දෙකෙන් දෙවැන්න වෙනස් විය යුතු බව පැහැදිලියි.

වත්මන් දියවඩන නිළමේ පදවියට හිමි රාජකාරි අතර දේශපාලනඥයන්ට දන්තධාතුන් වහන්සේට පූජා කිරීමට මල් වට්ටි ලබා දීම ද එක් කාරියක්. එය දේශපාලන ක්‍රියාවක් නොවන්නේත්, අප ජාතිය වෙනුවෙන් කරන අධිෂ්ඨාන පූජාවක් දේශපාලනයක් වන්නේත් දියවඩන නිලමේ අපේ පූජාව නවත්වා දේශපාලනඥයන්ගේ පූජාවලට ඉඩ ලබා දෙන්නේත් (අප දළදා මාලිග පරිශ්‍රයෙහි සිටින විට සිල් බිඳගත් ඇමතියකු ද පැමිණියා. ඔහුගේ පූජාවට නම් අවසර ලැබෙන්න ඇති) සිංහල බෞද්ධ නීතියක් අනුව නොව රෝම ලන්දේසි නීතිය අනුවයි. බුදු සසුනේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ව්‍යුහය බුදු සසුනේ චිරස්තිථියට ප්‍රශ්නයක් වෙලා. අපේ අධිෂ්ඨාන පූජාව කොටින්ට වීරත්වයක් ලබා දීමට නො වෙයි. රට දෙකඩ කරන නව ව්‍යවස්ථාව පරාජය කිරීමට. කොටි පැරදවීය යුතු බවට හා හැකි බවට ජනමතයක් ඇති කෙළේ කවු ද යන්න දියවඩන නිළමේ පමණක් නොව බොහෝ දෙනා නොදන්නවා ඇති. අපට අවශ්‍ය නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට ඉඩ නොදීමයි. රෝම ලන්දේසි නීතිය යොදා ගනිමින් ඉංගිරිසින්ගේ දියවඩන නිළමේ ලවා අපේ අධිෂ්ඨාන පූජාව නැවැත් වූ ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ ආණ්ඩුව කොටි සැමරීමට හා පූජා පැවැත්වීමට උතුරු පළාතේ දෙමළ ජාතිවාදීන්ට අවසර දෙනවා.

නලින් ද සිල්වා

2017 ජනවාරි 27

ශ්‍රී ලංකාවෙන් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් (Zeid Al Hussein)විසින් පිළිගෙන තිබේ.

මෙම සංවිධානයේ නියෝජිතයන්ට මානව හිමිකම් සමුළුව ඇමතීමට අවසර ලැබී ඇති බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ලබන පෙබරවාරි 24 දා ආරම්භ වන 34 වැනි මානව හිමිකම් සමුළුවට සහභාගී වීම සඳහා රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ සිව් දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ජිනීවා පැමිණෙන බව ප්‍රකාශ කර ඇත.මෙම ඊළාම් සංවිධානය රාජ්‍ය නොවන සංවිධානයක්‌ ලෙස මානව හිමිකම් කවුන්සිලයේ ලියාපදිංචි කර තිබේ.

රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව සිහින සංවිධානයක්‌ බවට විදේශ ඇමැති මංගල සමරවීර පසුගියදා ප්‍රකාශයක් කරමින් රටේ ජනතාව මුළාවට පත්කර තිබේන බව දැන් නොරහසකි.

මුලාශ්‍ර  කීර්ති වර්ණකුලසූරිය

මහින්ද රාජපක්ෂ සමග රහසේම සාකච්ඡා කරන කණ්ඩායම් මෙන්ම ජනපතිගේ දැනුවත් භාවයෙන් සාකච්ඡා කරන කණ්ඩායම් වහාම නතර කිරිමට කටයුතු කිරිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයාගේ වගකිමක් බවත් එය කිරිමට සභාපති අසමත් නම් මින් ඉදිරියට තමන් එම වගකිම් භාර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක් වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපති මෛත්‍රීපාල සිරිසේනට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් බැනවැදි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගියදා පළාත් මහා ඇමතිවරුන් මහින්ද රාජපක්ෂ හමුවිමත්,ඇතැම් මන්ත්‍රීවරුන් මෛත්‍රී-මහින්ද එක්ව ගමනක් යැමට සුදානම් බවට විවිධ අවස්ථාවල අදහස් දැක්විම චන්ද්‍රිකාගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේන අතර “ශ්‍රී ලංකා එකේ අය බලගන්න සභාපතිට බැරිනම් ඒ සභාපති කමෙන් වැඩක් නැති බව පවසමින් ” හිටපු ජනාධිපතිනිය සිරිසේන ජනාධිපතිවරයාට බැනවැදි තිබේ.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චන්ද්‍රිකා බණ්ඩාරනායකට පොරොන්දු වි ඇත්තේ මින් ඉදිරියට මධ්‍යම කාරක සභාවේ අනුදැනුමකින් තොරව කිසිවෙකුත් සමග සාකච්ඡා කිරිමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවයි.

මේ අතර 2020 පැවැත්විමට යෝජිත ජනාධිපතිවරණයට යළිත්වරක් මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත්වන බවට ශි‍්‍රලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ප‍්‍රකාශ කිරිම සම්බන්ධයෙන් හිටපු ජණාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ජණාධිපතිවරයාට දෝෂාරෝපණය කර තිබේ.

පක්ෂයේ මහලේකම් ඇමති දුමින්ද දිසානායක, ඇමති එස් බී දිසානායක, ඇමති දයාසිරි ජයසේකර යන මහතුන් පවසුවේ යළිත් නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බවට මිට සති දෙකකට පමණ් පෙර ශ්‍රීලනීප මධ්‍යම කාරක සභා රැස්විමකදි තිරණය කර තිබේන අතර එදින රැස්විමට හිටපු ජනපතීය සහභාගි වි නැති බවද අනාවරණය වි තිබේ.

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් තොරව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුටත් මහින්ද සමග හෝ වෙනත් අයෙකු සමග් සාකච්ඡා පැවැත්විමට නොහැකි බවත් එය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවත් චන්ද්‍රිකා මතක් කර දි තිබේ.ඒ අනුව ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැදවන ලෙසත් එහිදි පක්ෂ සමාජිකයන් තින්දු ගතයුතු ආකාරය පිළිබඳව තමන් උපදෙස් ලබාදිමට කටයුතු කරන බවද හිටපු ජනපතිනිය පවසා තිබේ.

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ පෙරේදා අභයාරාම විහාරස්ථානයේ පැවැති රැස්විමක්දි හාමුදුරුවන්ගේ ප්‍රකාශයන් වලින් චුන් වු සිරිසේන ජනපති අගමැතිවරයා ඉලක්ක කර කල ප්‍රකාශය චන්ද්‍රිකා කුමාරතුංගගේ හිත් රිදිමට දැඩි ලෙස බලපෑම් කර ඇති බවයි.

මේ වනවිට ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ බහිරවියක් අරක්ගෙන සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

එරංගි රන්දනිය වන ඇය තමන්ගේ හිතවතුනට පමණක් ටෙන්ඩර් ඉල්ලුම්පත් (quotation) යවමින් තමන්ට අවශ්‍ය පරිදි අවශ්‍ය ලෙස ටෙන්ඩර් ප්‍රදානය සදහා වටපිටාව සකස් කර ඇති අතර ඒ හරහා ඇයද විශාල ලෙස කප්පම් මුදල් ලබාගන්නා බවයි අනාවරණය වි ඇත්තේ.

තමන්ට හිතවත් නොවන අයට තර්ජන ගර්ජන දමන ඇය ඔහුන් බය කරමින් නිහඩකර දමන ඇය වඩාත් කැමති ආයතනය වන්නේ එකතරා ක්‍රිකට් ක්‍රීඩකයකු සම්බදකම් පවත්වන ඔහු සේවයකරන ආයතනයක් වන Union Assurance සමාගමට බවද අනාවරණය වි තිබේ.

මෑත වකවානුව තුළ ප්‍රදාන රක්ෂණ ටෙන්ඩර් ප්‍රදාන කර ඇත්තේ එම සමාගමට වන අතර බොහාමයක් රක්ෂණ සමාගම් ඇයගේ ක්‍රියා කලාපය නිසා කලකිරීමට පත්වී ඇත.

මෙහිදී විශ්මය ජනක සේදුවීම වන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළදාරින් ඇයට හිතුමතයේ කටයුතු කිරීමට ඉඩදී බලා සිටීමයි. ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි මුල්‍ය අර්බුදයක පවතින මොහතක මෙවැනි නිලදරිනියන් නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය තව තවත් බංකොලොත් වනවා සේම සිදුවන අපකීර්තිය සුළු පටු නොවේ.යහපාලනයේ පුරෝගාමි ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා නිහඩව සිටින්නේ මන්දෑයි පුදුමයකි .

රවී කරුණානායක මහතා මුදල් ඇමතිධූරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළහොත්, තමා ඊට කිසිදු ලෙසකින් එකඟ නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය කණ්ඩායම හමුවේ පවසා තිබේ.රවී ඉවත් කර වෙනත් අයෙකු පත්කලයුතු බවට පසුගිය දින කිහිපයේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ මන්ත්‍රීවරුන් මෙන්ම මහා බැංකුවේ මෛත්‍රීට කේළාම් කියන කණ්ඩායම ජනාධිපතිවරයා හමුවි දිගින් දිගටම ඉල්ලිම් කල අතර මේ දක්වා එම ඉල්ලිම් සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ඡාකර නැති බවද රනිල් පිළේ සමාජිකයෙකු අනාවරණය කළා.

යම් හෙයකින් ජනාධිපතිවරයා ඒ අකාරයේ ඉල්ලිමක් කලහොත් එයට තමන් එකග නොවිමට තිරණය කර තිබේන බවත් ඊට ප්‍රධානම හේතුව වන්නේ රවී නිසාම නොවන බවත් ඒ අකාරයේ තින්දුවක් ගැනිම හරහා එජාපයට එල්ල වන චොදනාව නිසා බවද අගමැතිවරයා රනිල් පිලට පෙන්වා දි තිබේ.

යහපාලන ආණ්ඩුවට එරෙහිව නැඟී ඇති දූෂණ චෝදනා සමනය කර ගැනීම වෙනුවෙන් බරපතළ ලෙස මූල්‍ය සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධව චෝදනා ලබා සිටින මුදල් අමාත්‍යවරයා වහාම ඉවත් කිරිමට කටයුතු කලයුතු බව ශ්‍රීලනිප මෛත්‍රී පිළ කැබිනට් හමුවට් පසුව පැවැත්වෙන ශ්‍රීලනීප මෛත්‍රී පිළේ සාකච්ඡාවේදි පෙන්වා දි තිබේ.මීට අමතරව  පසුගිය අඟහරුවාදා (17) කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු විශේෂ හමුවකදී එජාප මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මෙම යොජනාවම කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුවත් එජාපය සමඟ තමන් එළඹි ගිවිසුම අනුවත් අමාත්‍යවරුන්ගේ විෂය සම්බන්ධව තීරණය ගැනීම අග්‍රාමාත්‍යවරයා සතු කාර්යක් බවයි.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂ නායක,විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේන බවද දැනගන්නට තිබේ.ඊට ප්‍රධාන හේතුව වි ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහගේ සමිපතමයන් වන රවි සහ මලික් ඉලක්ක කර විවිධ අසත්‍ය මඩ ප්‍රචාර දුෂණ විරෝධි සංවිධාන හරහා එල්ල කිරිම පසුපස සජිත් ප්‍රේමදාස ක්‍රියාත්මක වන බව අනාවරණය වි ඇති බවත් රනිල්ගේ සමිපතමයන් අතර ගැටුමක් ඇති කර එ හරහා අගමැතිවරයා තනිකිරිමට සජිත් පිළ රහසිගතව කුමන්ත්‍රණ කරණ බවට රනිල් පිළ අනාවරණය කීරිමත් සමග බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

යහපාලන ආණ්ඩුවේ දුෂණට එරෙහි නරිවාදම් රෙද්ද පල්ලේන්ම් බේරෙන්න පටන්ගෙන් තිබේ.ඒ 2016 දූෂණ පිළිබඳ ද්ර්ශකය හෙවත් Corruption Perceptions Index මගින් වර්තමාන යහපාලන රජය රාජපක්ෂ රෙජීමයටත් වඩා දූෂිත බව පෙන්වා දී මත් සමගයි.

Corruption Perceptions Index ජාත්‍යන්තර ට්‍රාන්ස්පෙරන්සි ආයතනය විසින් රටවල් වල රාජ්‍ය ආයතන තුළ සිදුවන දූෂණ පදනම් කරගෙන එම රටවල් ශ්‍රේණිගත කරන අතර රටවල් 176 අතරින් ලංකාවට ලැබිලා තියෙන්නේ 95 වෙනි තැන. එම ස්ථානය 2014 ලංකාව තිබූ ස්ථානයට වඩා 10 පහතින් පිහිටා තිබීම මෙහි තිබෙන විශේෂත්වය වෙනවා.

2014 වසරේදී ලංකාව තිබුණේ 85 වන ස්ථානයේ වුනත් 2015 වසරේදි එය 83 තැනට පත්ව තිබුණා. දූෂණය පිළිබදව රටේ තත්ත්වය 2005 වසරේ සිට ක්‍රමයෙන් පහත වැටෙමින් තිබූ බව වටහා ගත හැකි වන්නේ 2005 වසරේදී රටවල් 156කින් ලංකාව 78 ස්ථානයේ පිහිටා තිබුණ නිසාවෙනි.

මෙම තත්වය පිළිබදව අදහස් දක්වන ලංකාවේ ට්‍රාන්ස්පෙරන්සි ආයතනය පවසා සිටින්නේ CPI හි 50 වෙනි ස්ථානයට වඩා පහතින් තිබෙන රටවල් 69%කම රාජ්‍ය ආයතන ලෝකයම දන්නා ලෙස දූෂණ වලින් බහුල ආයතන බවයි.

ඩෙන්මාර්කය සහ නවසීලන්තය මෙහි පළමු වන ස්ථානය හිමිකර ගෙන ඇත්තේ ලකුණු 90ක් හිමිකර ගනිමින් වන අතර පින්ලන්තය, ස්වීඩනය සහ ස්විස්ටර්ලන්තය පිළිවෙළින් දෙවන තෙවන හා සිව්වන ස්ථාන ලබා ගෙන තිබෙනවා. දකුණු ආසියාවේ පළමු තැන ඉන්දියාවට හිමි වි තිබෙන්නේ ලකුණු 40ක් හිමි කර ගැනිම නිසාය. මාලදිවයින ලංකාව අනුගමනය කරමින් 95 වන ස්ථානයේ පසුවෙනවා.

CPI2016_MapAndCountryResults_web

තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ගැන නොතකා නව ව්‍යවස්ථාව පරාජය කිරීමට සුදානම් වීම ජාතික ව්‍යාපාරයේ ඇත්තන්ගේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ අයගේ වගකීම විය යුතු නමුත් බොහෝ දෙනා එසේ නොකරන බව පෙනෙනවා. අද බොහෝ දෙනා සූදානම් වන්නේ එක්කෝ පළාත් පාලන මැතිවරණයට නැත්නම් 2020 හෝ ඒ ආසන්නයේ හෝ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට. රට ජාතිය ආගම ගැන පමණක් සිතන අය අද ජාතික ව්‍යාපාරයේත් දැක ගැනීමට අපහසුයි. මැතිවරණ පැත්තකට දමා රට ජාතිය ආගම ගැන කල්පනා කරන ලෙස දේශපාලනඥයන්ගෙන් වැඩි පිරිසකගෙන් හා දේශපාලනඥයන් පසුපස සිටින ජාතික ව්‍යාපාරයේ අයගෙන් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහිටු ඉල්ලීමක් වෙන්න පුළුවන්.

කොටි දළදා මාළිගාවට ප්‍රහාරයක් එල්ල කර අදට අවුරුදු දහනවයක් වෙනවා. දළදා සමිඳුන්ගේ ආරක්‍ෂාව පතා දළදා මාළිගාවේ මළුවේ අධිෂ්ඨාන පූජාවක් කිරීමට අද අවසර නැහැ. එහෙත් උතුරු පළාතේ කොටි සැමරීමට අවසර තිබෙනවා. ජාත්‍යන්තර සුපිරිව්‍යුහය මේ ආණ්ඩුව පිහිටුවා ගත්තේ කුමක් සඳහා ද කා සඳහා ද යන්න පැහැදිලියි. රනිල්ට අවශ්‍ය සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමටයි. මෛත්‍රිපාල ඉන්නේ රනිල්ගේ ආධිපත්‍යය යටතේ.

නව ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් වනුයේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමයි. පාරලිමේන්තුවේ වෙනත් ඔළුගෙඩි මාරුකිරීමෙන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ප්‍රතිඵලයක් අත්වීමට නම් ප්‍රථමයෙන් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි. එය පහසු කටයුත්තක් නො වෙයි. විසිපස් වතාවකටත් වඩා පැරදී එ ජා පක්‍ෂයේ නායකත්වය රැකගත් පුද්ගලයෙක් එසේ මෙසේ කෙනකු වෙන්න බැහැ. රනිල් නීතිය නවන්න මෙන් ම නීතියේ කණින් රිංගා යන්නත් දන්නවා. බැඳුම්කර වංචාවේ දී ඔහු ක්‍රියාකරන ආකාරයෙන් වුනත් ඔහුගේ තරම තේරෙනවා. ඔහු මෙවර අගමැති වූයේ ලෙහෙසියෙන් ඉවත් වීමට නො වෙයි.

ජාත්‍යන්තර සුපිරිව්‍යුහය ඔහු අගමැති බවට පත්කර ගත්තේ ම දෙමළ ජාතිවාදයට කප්පන් දී දෙමළ ජාතිවාදීන්ගේ මනදොළ පිනවීම සඳහායි. ඔවුන් එහි දී මෛත්‍රිපාල ද යොදා ගත්තා. මෛත්‍රිපාල තම පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම සඳහා රට පාවා දුන්නා. එසේ වුවත් අද රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට බලතල ඇති එක ම පුද්ගලයා මෛත්‍රිපාලයි. අප මේ තත්වය තේරුම් ගත යුතුයි. මෛත්‍රිපාල ගැන විශ්වාසයක් තැබිය නොහැකි වුවත්, ඒ අවිශ්වාසය ම රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යොදා ගන්න වෙනවා. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම ගැන අප කතා කරන්න පටන් ගෙන දැන් අවුරුද්දකට වැඩියි. පමා වී නමුත් තවත් අය අද ඒ ගැන කතාකිරීම සතුටට කරුණක්.

ඒත් බොහෝ දෙනා දේශපාලනයෙහි නිරත වන්නේ පෞද්ගලික න්‍යාය පත්‍ර උඩ මිස ජාතික න්‍යාය පත්‍රයක් උඩ නො වෙයි. පෞද්ගලික ව නඩු හබවලින් බේරීමට ඇතැමුන්ට රනිල් අවශ්‍යයි. ඔවුන්ගේ වෑයම කෙසේ නමුත් රනිල්ට සැබවින් විරුද්ධ නොවී මාධ්‍ය සංදර්ශන පමණක් පවත්වා තමන් බේරී සිටීමටයි. එහි දී රටට වන හානිය ගැන ඔවුන් කල්පනා කරන්නේ නැහැ. මෙවැනි අය ආණ්ඩුවේ මෙන් ම ඒකාබද්ධ විපක්‍ෂයේත් ඉන්න පුළුවන්. එහෙත් ඔවුන් තේරුම් නොගන්නා කාරණය නම් අද රට පොලිස් රාජ්‍යයක් කරා ගෙන යමින් විරුද්ධවාදීන්ට අඩම්තේට්ටම් කරන්නේ රනිල්ගේ ආණ්ඩුවකින් බවයි. රනිල්ගේ ආණ්ඩුවක් වෙනුවට වෙනත් අගමැතිවරයකුගේ යටතේ ආණ්ඩුවක් පිහිටෙවුවොත් පොලිස් රාජ්‍යයක් කරා යන ගමන නැවැත්වීමටත් පුළුවන්. එවිට තමන්ට සිදුවිය හැකි පෞද්ගලික හිරිහැරත් ඉබේ ම නවතීවි. රට බේරා ගැනීම පමණක් නොව තමන් බේරා ගැනීමත් රනිල් අගමැති කමින් ඉවත් කිරීමෙන් කළ හැකි වෙනවා.

රනිල් අගමැති පදවියේ තබා ගනිමින් ම පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණ කිරීම සඳහා මන්ත්‍රීන් පැති මාරු කිරීමෙන් වැඩක් වන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණ කිරීම වැදගත්. එහෙත් රනිල් රටේ අගමැති ව සිටිය දී පළාත් පාලන ආයතනයක බලය ලබා ගැනීම කතා කළ යුතු තරම්වත් දෙයක් නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයට තනිව ම තරග කර පළාත් පාලන මැතිවරණ දිනන්න පුළුවන්. එහෙත් රනිල් අගමැති පදවියේ සිටිමින් රට දෙකඩ කරන සහසන්ධීය රාජ්‍යයක් ඊනියා ඒකීය රාජ්‍යයක මුවාවෙන් ඇති කළවිට අර පළාත් පාලන ආයතනයේ ජයග්‍රහණයෙන් ඇති ඵලය කුමක් ද? එමෙන් ම මෛත්‍රිපාලගේ නඩය පළාත් පාලන ආයතන සඳහා වූ මැතිවරණවලින් පරාජය වීම වැළැක්වීමට පමණක් ඒකාබද්ධ විපක්‍ෂය සමග එක් ව තරග කිරීමට අදහස් කරන්නේ නම් එයත් ඵලයක් නැති ක්‍රියාවක්.

කළ යුතු එක ම දෙය රනිල් අගමැති පදවියෙන් ඉවත් කිරීමයි. ජනාධිපතිට එය කළ හැකියි. එහෙත් ඔහුට ඒ සඳහා ශක්තියක් තිබේ ද යන්න ප්‍රශ්නයක්. අද ජාත්‍යන්තර සුපිරිව්‍යුහය රනිල් පිටුපස ඉන්නවා. සුපිරිව්‍යුහයට මෛත්‍රිපාල අවශ්‍ය වූයේ මහින්ද ගෙදර යැවීමට පමණයි. ඔවුන්ට දැන් මෛත්‍රිපාලගෙන් වැඩක් නැහැ. එහෙත් ඔවුන්ට මෛත්‍රිපාල ඉවත් කිරීමටත් බැහැ. දහනවවැනි සංශෝධනය මෛත්‍රිපාලට පක්‍ෂ වෙනවා. එහෙත් මෛත්‍රිපාලටත් අද දේශපාලනයේ යම් ස්ථාවරභාවයක් ඇති කර ගත හැක්කේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පමණයි.

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට පුළුවන් මෛත්‍රිපාලට පමණයි. රටේත් තමාගේත් සුභ සිද්ධිය සඳහා රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාල පෙරට එන්නේ නම් පමණක් ඒකාබද්ධ විපක්‍ෂය ඔහුට සහාය දිය යුතුයි. මෛත්‍රිපාල රනිල් සමග ඇතිකර ගත් යහපාලන ගිවිසුම අවුරුදු දෙකකට පමණයි. දැන් ඒ ගිවිසුම ඉවරයි. එය කල් ඉකුත් වූ ගිවිසුමක්. මෛත්‍රිපාලට දැන් වෙනත් අයකු සමග ගිවිසුමක් ඇති කර ගත හැකියි. එය දළදා සමිඳු අබියස මහා සංඝයා වහන්සේ ඉදිරියේ ඇති කර ගත යුතු ගිවිසුමක්. එවැනි ගිවිසුමකින් නව ව්‍යවස්ථාව පරාජය කළ හැකියි. රනිල් අගමැති ව සිටිය දී ව්‍යවස්ථාව පරාජය කිරීම එතරම් පහසු නැහැ.
නලින් ද සිල්වා

2017 ජනවාරි 25

වාහන භාවිතය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, මන්ත්‍රී ආශු මාරසිංහගෙන් ප්‍රශ්න නොකරන සුපිරි පොලිසිය විපක්‌ෂයේ මන්ත්‍රීන් දඩයම් කරන බවත් ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර සිය ආධාරකරුවන් 100දෙනකුට වාහන ලබාදී තිබියදීත් FCID ඒ පිළිබඳව සොයා නොබලන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ (24 ) පාර්ලිමේන්තුවේදී කියා සිටියා…

විමල් වීරවංශගේ ප්‍රවේගකාරි කතාවේදි FCIDයට අණ්දෙන බිම්බා තිලකරත්න සම්බන්ධයෙන් අප මිට පෙරද අනාවරණය කළා……

රනිල්ගේ ගේම තවම අවසන් නැත….බිම්බා තිලකරත්න, අල්ල(ස්) කික්කි…,මලිත් සමරවික්‍රම තවමත් කුමන්ත්‍රණය අතහැර නැත ගෝඨාභයට විරුද්ධව ප්‍රධාන වශයෙන් ඔප්පු කරගත හැකි සාක්ෂි සහිත නඩු නොදමා නොදමා 2019 වන විට ගෝඨාට නිදහස් වියහැකි ආකාරයේ බොරු  නඩුවක් ගොනු කොට නිදහස් කිරීමේ කුමන්ත්‍රණය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවති.අල්ලස් කික්කී අද ගේදර ගියත් (තවම නිශ්චිත නැත) මහා බැංකුව ගිල්ල අර්ජුන් මහේන්ද්‍ර අද රනිල්ගේ උපදේශකයෙකු මෙන් කටයුතු කරනු ඇත.මිට අමතරව ගෝඪාභය හිරේ දැමිමෙන් රනිල් තවත් දෙයක් බලාපොරොත්තු වේ.එනම් කෝප් වාර්තාව නිකුත් වීමත් සමඟ තම සහචරයින් වන  අර්ජුන් මහේන්ද්‍ර බේරා ගැනිමට රටේ ජනමනයාගේ මනස හදා ගැනිමය.

ඉතිරිය කියවන්න …………..

http://www.sinhala.lnwtoday.com/archives/13764

කොන්ද පණ ඇත්නම් ඇමැති කටු ලෙවකෑම නවතා එ. ජා. ප  ආණ්ඩුවෙන් එළියට බසින ලෙස ප්‍රසන්න රණතුංගගෙන් මහින්ද අමරවීර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට අභියෝග කර සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ වලිගේ එල්ලී ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් ඒකාබද්ධ විපක්ෂයේ සිටින අපට පක්ෂය කඩන්න යනවා කියමින් චෝදනා කිරීම තමයි ලෝකයේ ලොකුම විහිලුව. අලියගේ නැට්ටේ එල්ලිලා පක්ෂය විනාශ කරන ගමන් ඔවුන් අපට චෝදනා කරනවා පක්ෂය කඩන්න යනවා කියලා.

2015 ජනවාරි මස 08 වැනි දා පැවැති ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට හිටපු ඇමැතිවරුන් පිරිසක් රහසිගතව උපකාර කර තිබුණා. ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බලහත්කාරයෙන් ලබා ගත්තා.

සිරිසේන ජනාධිපතිවරයා තමන්ට හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් ලවා මධ්‍යම කාරක සභාවක් හදලා පක්ෂයේ බලය උදුරා ගත්තේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට එරෙහිව මතු විය හැකි විරෝධතා කඩාකප්පල් කරලා බලය රැක ගන්නයි.  එහෙම නැතුව පාක්ෂිකයන් රකින්නවත් පක්ෂය රකින්නවත් සැබෑ වුවමනාවක් සිරිසේන මහත්තයාට තිබුණේ නැහැ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ඇමැතිකම් දරපු ඇමැතිවරුන් කිහිපදෙනකුත් මේ කුමන්ත්‍රණයට එකතු වුණා. ඒ වගේම 2015 අගෝස්තු මස 17 වැනි දා පැවැති මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම ජයග්‍රහණය ලබයි කියලා බය වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම ‍එම ජයග්‍රහණය කඩාකප්පල් කරන්න කටයුතු කළා.

මැතිවරණය ආසන්න වෙත්ම පක්ෂ සභාපතිවරයා හැසිරුණු ආකාරයෙන් ඒක පැහැදිලි වෙනවා. ඒ වගේම මැතිවරණයට ඔන්න මෙන්න තියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරයෙන් එළියට ඇදලා දාපු සුසිල් ප්‍රේමජයන්ත මහතාත්  ඒ බව හෙළිදරව් කරලා තිබෙනවා. සභාපතිවරයාට ඕනෑ වුණේ පක්ෂය වනසලා හෝ රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම රකින්න මිසක් ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න නොවෙයි.

මහ මැතිවරණය පැවැත්වෙන කොට මම බස්නාහිර පළාතේ මහ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියා. මටත් තිබුණා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පස්සෙන් ගිහිල්ලා මහ ඇමැති විදියට දිගටම ඉන්න. එහෙමත් නැත්නම් මහ මැතිවරණයෙන් දිනලා කැබිනට් ඇමැතිකමකුත් අරගන්න. නමුත් මම එහෙම කළේ නැහැ.

සැබෑ ශ්‍රී ලංකාකාරයෙක් විදියට මම හැමතිස්සෙම කල්පනා කළේ අපේ පක්ෂය සහ පාක්ෂිකයන් ගැනයි. අනෙක් ඇමැතිවරුන් වගේ පාක්ෂිකයන් පාවා දීලා තනතුරු වරදාන රැකගන්න එක මගේ ප්‍රතිපත්තිය නොවෙයි. මගේ ප්‍රතිපත්ති වෙනුවෙන් තනතුරු වරදාන අතහරින්න මට කොන්ද පණ තිබු‍ණා.

අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක කොටස්කාරයෝ වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට එහෙම කොන්ද පණ තිබුණේ නැහැ. පාක්ෂිකයන් වෙනුවෙන් දේශපාලනය කරන කිසිම දේශපාලනඥයකු තනතුරු වෙනුවෙන් පාක්ෂිකයන් පාවා දෙන්නේ නැහැ. අද තියෙන ලොකුම විහිලුව තමයි පාක්ෂිකයන් පාවා දුන් අයම පාක්ෂිකයන් ගැන කතා කිරීම.

තමනුත් ඇමැතිකම් දැරූ පසුගිය ආණ්ඩුවත් තමන්ගේ ප්‍රධානියා වුණ හිටපු ජනාධිපතිවරයත් විවේචනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ පිළිකන්නේ ලගින ශ්‍රී ලංකා ඇමැතිවරුන් අද පක්ෂයේ සමගිය, ඉදිරි ගමන ගැන කතා කරනවා. මේක විහිලුවක්. ශ්‍රී ලංකාකාරයෝ කවද්ද යූ. ඇන්. පීකාරයන්ගේ දෙපතුල් ළඟ වැඳ වැටුණේ කියලා මම අහන්න කැමැතියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න සැබෑ වුවමනාවක් තියෙනවා නම් ඔය ඇමැතිවරුන් කරන්න ඕනෑ යූ. ඇන්. පියේ තනතුරුවලට පයින් ගහලා ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වී ජන සටනට පණ පොවන එකයි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ගුණ ගායනා කරමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ජඩ වැඩ සාධාරණීකරණය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කිඹුල් කඳුළු හෙළුවට වැඩක් නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ ඇමැති කටු සූප්පන ඇමැතිවරුන් ඇතුළු පිරිසට තිබෙන ලොකුම බය තමයි ඊළඟ මැතිවරණයක දී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙයි කියන එකයි. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවේචනය කරමින්, චෝදනා එල්ල කරමින් ජනතාව ඉදිරියේ ලකුණ දමා ගැනීමට ඔවුන්ට සිදුව තිබෙනවා. නමුත් මේ රටේ ජනතාව රවට්ටන්න ඒ අයට පුළුවන්කමක් නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිහින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමැතිකම් අරගෙන ඉන්න ඇමැතිවරුන්ට මම අභියෝග කරනවා පුළුවන් නම් ආණ්ඩුවෙන් එළියට බැහැලා පෙන්වන්න කියලා. එහෙම එළියට බැහැලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සකස් කරන්න ඒකාබද්ධ විපක්ෂය සමඟ අත්වැල් බැඳ ගත්තොත් අන්න එදාට මහින්ද අමරවීරලාටත් කොන්දක් තියෙනවා කියලා මම පිළිගන්නම්.

Top