2016 අවසන් භාගයේ දෙමටගොඩ ගුවන් පාලම යට වෙළෙඳ සැළේක සේවය කරමින් සිටි තරුණයකු හිරුනික ප්‍රේමචන්ද්‍රගේ උපදෙස් පිට බලහත්කාරයෙන් බෙල්ලෙන් ඇදගෙන ගොස්‌ ඩිෆේන්ඩරයකින් පැහැර ගෙන ගිය ඇයගේ ආරක්‍ෂකයන් යෑයි කියන මැරයන් කණ්ඩායමේ රියදුරු ලෙස ක්‍රියා කල අජිත් සුරවීර නැමැත්තා මේ වනවිට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකා කොන්සෝල් කාර්යාලයේ රියදුරු ලෙස සේවය කරමින් සිටි.

පැහැරගත් තරුණයා රැගෙන ගොස්‌ තිබුණේද කොලොන්නාවේ පිහිටි ඇගේ කාර්යාලයකටය. අවසානයේ පැහැරගැනීමට ලක්‌ වූ තරුණයා මැරයන්ගෙන් බේරී පැමිණ පොලිසියට පැමිණිල්ලක්‌ කරමින් පැහැදිලිවම කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන කාර්යාලයේ මේසයක්‌ මත හිඳගෙන තමන්ට බැණවදිමින් මරණීය තර්ජන එල්ල කළ බවකි.

තරුණයා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අට දෙනකුම අත්අඩංගුවට ගත්‍ අතර ඩිෆේන්ඩර රථය එලවූ තම මවගේ ගමේ ඥාතියකු වූ අජිත් සුරවීර බේරා ගැනීම සදහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කලේ තම නැන්දනිය වන මේ වනවිට යහපාලන රජයේ දේශපාලන පත්වීමක් ලැබ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ තානාපති තනතුරකට පත්ව ආ ස්වර්ණා ගුණරත්නගේ රාජකාරි රියදුරු ලෙස පත් කර එවීමය.

පුද්ගලයකු බලයෙන් පැහැර ගෙන ගොස් මරණිය තර්ජන සිදු කල කණ්ඩායමක සාමාජිකයකු වූ අජිත් සුරවීර ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති කාර්යාලයක රැකියාවකට එවනු ලැබීම ඇමෙරිකානු රජයට සිදු කල බලවත් අපහාසයක් වන බව පවසන විදේශ අමාත්‍යංශයේ ඉහල නිලධාරියකු තව දුරටත් පෙන්වා දෙන්නේ මෙම අජිත් සුරවීර ගැන කරුණු වසන් කොට ඔහුට ඇමෙරිකානු විසා ලබාදීමට යහපාලන රජය ක්‍රියා කොට ඇති බවය.

අජිත් සුරවීරගේ මුහුණු පොතේ ඔහුගේ රැකියාව ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකා කොන්සෝල් කාර්යාලයේ රියදුරු ලෙස නොවය. මොහු විසින් තමාගේ රැකියාව ලෙස පෙන්වා ඇත්තේ විදේශ අමාත්‍යංශයේ නොතිබෙන අමුතුම මාදිලියේ රැකියාවකි. තමා හදුන්ව ඇත්තේ කොන්සෝල් කාර්යාලයේ විසා සහකාර (Visa Assistant ) ලෙසය.

හිරුනික ප්‍රේමචන්ද්‍රගේ උපදෙස් පිට දැනට මොහු කොන්සෝල් ජනරාල් නෝනගේ නිල නිවසහි රදවා ගෙන ඇති අතර ඔහුට එහිදී කෑම සමග ලෑමත් ලැබෙන බව ලොස් ඇන්ජලිස් නගරයේ වෙසෙන ශ්‍රී ලංකිකයන් අතර කසු කුසුවක් පවතී.

2013 දී කොටි හිතවාදීන්ගේ මුදලින් ජිනීවා ගොස් මානුෂික හිමිකම් කවුන්සීලයේ ශ්‍රී ලංකාවට විරුද්ධව කොටින් සමග උද්ගෝෂණ පැවැත්වූ කොන්සෝල් ජනරාල් ස්වර්ණ ගුණරත්නගේ කාර්යාලයට මෙවැනි පුද්ගලයකු එවීමෙන් නැවත වරක් මංගල සමරවීර ඇතුළු යහපාලන රජය ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කර ඇත. ස්වර්ණ ගැන අප කල අනාවරණය පහතින් කියවන්න …

guru (1)

12019961_121705651516727_8863527612721988657_n 13512086_125873554508399_7109427820995071893_n 13584908_125870871175334_4325411915636115999_o

http://www.sinhala.lnwtoday.com/archives/7775

 

රාජපක්ෂලාගෙන් කෙසේ හෝ පළිගැනීමට කටයුතු කලයුතු බවට ඉන්දිය රජය ඇතුලු බෙදුම්වාදීන් ලබාදුන් කොන්ත්‍රාත්තුව භාරගත් මෛත්‍රී-රනිල් ඇතුලු යහපාලන ආණ්ඩුවේ ඇම්බැට්ටය සමග එකතුවි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට එරෙහිව ඔහුගේ සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවී තිබෙන අක්‍රමිකතා වලට අදාළව අපරාධ පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන්නැයි කියමින් ඊට අදාළ වාර්තාවක් සැකසිම වෙනුවෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති ලෙස පෙනි සිටිමින් රාජ්‍ය නොවන සංවිධන වල මුදල් වලින් යැපෙන ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී. වැලිඅමුණ රුපියල් කෝටි 23ක් සහ තවත් වරප්‍රසාදන් රැසක් ලබාගත් බව අප 2015 අප්‍රියෙල් මාසයේ අනාවරණය කළා.(අදාළ පුවත් පහතින් කියවන්න )

ඒ අඩිපාරේම යන වැලි අමුණගේ ගොලයන් ශ්‍රී ලංකාවේ ඡන්දහිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL ) ආයතනයට ලැබීඇති විදේශ මූල්‍යාධාර අයථා ලෙස භාවිතා කරමින් සිදුකර ඇති රු . ලක්ෂ 11 මූල්‍ය වංචාව/දූෂණය පිළිබදව වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතුයැයි TISL ආයතනයේ සාමාජිකත්වය දරණ,දූෂණ විරෝධීන් ඉල්ලිමක් කර තිබේ.

යුරෝපා සංගම් (EU ) මූල්‍යාධාර අයථාලෙස භාවිතා කරමින් සිදුකර ඇති රු. ලක්ෂ ගණනක RTI ඇනිමේෂන් මූල්‍ය වංචාව පිළිබදව ස්වාධීන විමර්ශනයක් සිදුකරන මෙන් දැනුම්දීම.

ශ්‍රී ලංකාවේ ඡන්දහිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL ) ආයතනයට ලැබීඇති විදේශ මූල්‍යාධාරඅයථා ලෙස භාවිතා කරමින් සිදුකර ඇති රු .ලක්ෂ 11 මූල්‍ය වංචාව/දූෂණය පිළිබදව වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතුයැයි TISL ආයතනයේ සාමාජිකත්වය දරණ,දූෂණ විරෝධීන් වශයෙන් අපි තරයේ ප්‍රකාශ කර සිටිමු.

සමාජ මාධ්‍ය මගින් ,විශ්වාස කළහැකි තොරතුරැ/ සාක්ෂි සහිතව හෙළිදරව් කරඇති වාර්තාවලට අනුව තොරතුරැ දැනගැනීමේ අයිතිය (RTI) ගැන “ ඇනිමේෂන් “ දෙකක් සකස්කරන මුවාවෙන් පාලනාධිකාරියේ ප්‍රධානීන්ගේ කණින් රිංගමින් TISL හි කළමනාකාරිනියක් විසින් ඉතාම සුක්ෂම ලෙස මෙම මූල්‍ය වංචාව සිදුකර තිබේ.එය සිදුකර ඇති ආකාරය අනුව ඒ සදහා විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකරගේද සහය ලැබී ඇතැයි අපි සැක කරමු.විදේශ අරමුදල් ලබාදෙන ආයතනය( යුරෝපා සංගමය – EU ) හා විගණකවරු රැවටීම සදහා සකස්කළ ලියකියවිලි ටිකක් වව්චර් වලට අමුණා ශෂී ද මෙල් කළමනාකාරිනිය තමන්ගේ පෙම්වතාවන වාසුල ‍ප්‍රෙමවර්ධනට යුරෝපා සංගමයේ (EU ) මුල්‍යාධාර 14104.1470028941 ගිණුමෙන් මිලියන 1.1 මුදලක් අයථා ලෙස ගෙවා ඇති බව මෙම ලියකියවිලි පරීක්ෂාකර බලනවිට පෙනේ.පෙම්වතාගේ මිලගණන් සාධාරනීකරණය කිරීමට තවත් එක් අයෙකුගේ මිලගණන් සදහන් ලේඛනයක් එයට අමුණා ඇත. තත්පර 45 ක ඇනිමේෂන් දෙකක් සදහා ලක්ෂ 11 ක මුදලක් ගෙවීම එම විෂය ගැන දන්නා අයගේ විමතියට හේතු වී තිබේ. සාමාන්‍යයෙන් එවැන්නක් සදහා වැයවන උපරිම මුදල රු. ලක්ෂ 1 ½ කට වැඩි නොවේ.

TISL ආයතනයේ රු 75000.00 වැඩි මිලදී ගැනීම් හා සේවා ලබාගැනීම්වලදී මිලගණන් කැදවීම අත්‍යාවශ්‍යය. තෝරාගැනීම් සිදුකරන්නේ “Quotation Committee “ තීරණයක් මතය. එහෙත් මෙම ගණුදෙනුවේදී එම කටයුතු කිසිවක්ම සිදුවී නැත. ඡන්ද හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් නොකිරීම නිසා ඉතිරිවූ මුදලින් ලක්ෂ 20 ක් ගෙවා ඇනිමේෂන් සෑදිමට ශෂී ද මැල් යෝජනා කර ඇතත් එතරම්ම මුදලක් ගෙවීමට විධායක අධ්‍යක්ෂ අසෝක බයවී ඇතැයිද කියැවේ.අප විසින් වැඩිදුර කරුණු සොයාබැලීමේදී අනාවරණය වූ තොරතුරු අනුව තම පෙම්වතා ලවා ඇනිමේෂනය සැකසීමට ශෂී තීරණය කර ඇත්තේ ඒ පිළිබද විශෙෂඥ දැනුමඇති කිසිවෙකුගේ සහයක් නොමැතිව තනිවමය.වාසුල ප්‍රේමවර්ධන නැමැත්තා ,ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් මුල්‍ය කටයුතු අධීක්ෂණය කරන කමිටුවේ සාමාජිකා අනූෂිකා අමරසිංහගේද ඉතාම සමීප හිතවතෙක් නිසා Quotation කමිටු අනුමැති ,මිලගණන් කැදවීම් නොමැතිවීම් ආදී අවශ්‍යතා සම්පුර්ණ නොවීම ගැටලුවක් නොවන බව ඒ පිළිබද විමසු අයට ශෂී විසින් පෙන්වා දී ඇතැයිද දැනගන්නට තිබේ.

මේ වනවිට TISL හි සිදුවූ දුෂණ හා අක්‍රමිකතා වලට එරෙහිව අකටයුතු නාදනයේ යෙදුන , ආයතනයේ කළමනාකරුවන් දූෂණ හෙළිකිරීමට යාම නිසා අධ්‍යක්ෂ මණ්ඩලයේ උදහසට ලක්ව තිබු තත්වය තුළ මෙම දූෂණයට එරෙහිවී රැකියා අහිමිකරගැනීමට මූල්‍ය ප්‍රධානීන් බය වී තිබේ. එම නිසා EU ගණකාධිකාරිනියද අනෙක් අයද දෑස වසාගෙන මෙම ගෙවීම් අනුමතකර ඇතැයි පැවැසේ. එහෙත් ලක්ෂ 11 ක් එකවර ගෙවීමට ගණකාධිකාරීන් මැලිවීම නිසා ලක්ෂ 11 කුඩා කොටස් වලටකඩා චෙක්පත් කිහිපයකින් ගෙවීම් සිදුකර තිබේ.

චෙක්පත් ලියා ඇත්තේ Colombo 3 ,No 16 Aloe Ave #5/2 ලිපිනයේ Market Gurus නම් සමාගමක් නමටය.ට්‍රාන්ස්පේරන්සියේ Contract Agreement අනුව මෙවැනි ගණුදෙනු වලදී Cash චෙක්පත් වලින් ගෙවීම් කිරීමට නොහැකි නමුත් මෙම විශේෂ ගණුදෙනුවේදී Cash චෙක්පත්වලින්ද ගෙවීම් සිදුවී තිබේ.එය EU මූල්‍ය කොන්දේසි වලටද පටහැණි බව පැවැසේ. ගෙවීම් සිදුකර ඇත්තේ කොමර්ෂල් බැංකුව , කිරුලපන ශාඛාවේ අංක 1470028941 ගිණුමෙනි.මුල් ගෙවීම සිදුකර ඇත්තේ අංක 947524 චෙක්පතිනි. ඉහත ලිපිනයේ Market Gurus නමින් ආයතනයක් නොමැති අතර මෙම සමස්ත වංචාව ඉතාම සැළසුම්සහගතව සිදුකරන ලද්දක් බව දැනට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව පෙනේ.මෙම වංචාව ගැන මීට පෙර අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත්කර තිබියදීත් එය වැළැක්වීමට නොහැකිවී ඇත්තේ ඇතැම් අධ්‍යක්ෂවරියන්ගේ දැඩි බලපෑම් නිසා බවටද චෝදනා එල්ලවෙමින් තිබේ.

TISL හි දූෂණ විරෝධී සාමාජිකයින් වශයෙන් අපි කිසිසේත්ම මෙවැනි දූෂිත තත්වයක් අනුමත නොකරමු. එසේම මෙම දූෂණය පිළිබදව සභාපතිවරයා වශයෙන් ඔබට ස්වාධීන වීමර්ශනයක් සිදුකිරීමට හැකියාවක් ඇතැයි ද අපි කිසිසේත්ම විශ්වාස නොකරමු. එමනිසා පක්ෂපාතීකම් හා බැදීම්වලින් තොරව දූෂණයක් ගැන ස්වාධීන පරීක්ෂණයක් සිදුකළහැකි විමර්ශකයෙකු යොදවා වහාම මේ පිළිබද විමර්ශනයක් සිදුකරන ලෙසද,එම වාර්තාව වසන්නොකොට සාමාජිකත්වයටද ලබාදෙන ලෙසද ඉල්ලා සිටිමු.TISL ආයතනයේ සිදුවීඇති දුෂණ ගැන සොයාබලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීම සභාපති ලෙස ඔබසතු වගකීමක් බවද පෙන්වාදීමට අපට සිදුවේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය රැකගැනීමේ කමිටු සාමාජික පිරිස

http://www.sinhala.lnwtoday.com/archives/649

ආණ්ඩුවේ ලැග සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහ ඇමතිවරු සැරසෙන්නේ දේශපාලන උප්පරවැට්ටියකට බැවින් නැවත නොරැවටෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්ති‍්‍රක් පලාත් පාලන මන්තී‍්‍ර සංසදය අවධාරණය කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ එක්වන ලෙස ඉල්ලමින් ඊයේ මහ ඇමතිවරුන් හිටපු ජනාධිපතිවරයා මුන ගැසීම විහි`ඵවක් බවයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජයග‍්‍රහණය හදවතින්ම පතන්නේ නම් ඔවුන් කල යුතුව තිබුණේ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට එක්වීම බවද එම සංසදය පෙන්වා දෙයි.

උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයාගේ කාර්යාලයේදී අද (23) පැවති මාධ්‍ය හමුවකදී ගම්පහ දිස්ති‍්‍රක් පලාත් පාලන මන්තී‍්‍ර සංසදයේ නියෝජිතයෝ මේ බව අවධාරණය කලහ. පෙරළියක ඇරඹුම නමින් ලබන සිකුරාදා(27) නුගේගොඩදී පැවැත්වෙන ජන හමුවට සහාය පල කිරීම පිලිබදව දැනුවත්කිරීම සදහා මාධ්‍ය හමුව කැදවා තිබිණ.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එම සංසදයේ නියෝජිතයෝ මෙසේද කීහ.

ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා.

මහ ඇමතිවරු ඊයේ මහින්ද මහත්තය හම්බවුණේ වෙන මොකවත් නිසා නෙමෙයි ගමට යන්න බැරි නිසා ඔවුන් දන්නවා ඉදිරි මැතිවරණයකදී ගමේ මොකද වෙන්නේ කියලා මහින්ද මහත්තයට බැන බැන හිටපු අය අද මහින්ද මහත්තය ලග දනින් වැටෙන්නේ පරාජය නියත නිසයි. අපි කියන්නේ මහින්ද මහත්තයට ? වැටුණු වලේ දවල් වැටෙන්න එපා .
දැන් මේ ආණ්ඩුව ජනතාවට කියනවා කොස් කොළ ක්‍රෝටන් කොළ කන්න කියලා . අපි අභියෝග කරනවා ජනතාව නෙවෙයි ඉස්සෙල්ලා රනිල් – මෛතී‍්‍ර ජෝඩුව තණකොළ කාලා පෙන්නන්න. දැන් මේ ආණ්ඩුව පිරිහිලා ඉවරයි. ආණ්ඩුව ගනිමින් ඉන්නේ අන්තිම හුස්ම පොදයි.

අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පි‍්‍රයන්ත පුෂ්ප කුමාර මහතා.

මේ ආණ්ඩුව මැතිවරණවලට බයයි. සීමා නීර්ණ වාර්ථා ලබා දුන්නත් දැන් ආණ්ඩුව විවිධ හේතු කියමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කුමන්ත‍්‍රණය කරනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය දන්නවා මහින්ද මහත්තය නැතුව ගමට යන්න බෑ කියලා. අනික මේ අවුරුද්දේ පළාත් සභා මැතිවරණ 3 ක් පැවැත්වෙන්න නියමිතයි. මහ ඇමතිවරු දන්නවා ගමේ බලය තියෙන්නේ කාටද කියලා. මහින්ද මහත්තය නැත්තන් මේ අයට යන එනමං නෑ. අපි කියන්නේ ඔය ගිය කිසි කෙනෙක් ගන්න එපා. අපි දැන් තීන්දුවක් අරගෙන තියෙනවා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනෙන් තරග කරන්න. ඒ තීරණය අපි කි‍්‍රයාත්මක කරමු.

පෑළියගොඩ නගර සභාවේ හිටපු සභාපති අමිල පි‍්‍රයංකර මහතා.

මෛතී‍්‍ර මහත්තයත් එක්ක එකතුවුනොත් ගමේ මිනිස්සු දැන් මහින්ද මහත්තයට ඡුන්දය දෙන්නෙත් නෑ. මේ ගිය එවුන් ගත්තොත් අපිත් මහින්ද මහත්තය එක්ක ඉන්නෙ නෑ. අපි කියන්නේ ඔය කිසි කෙනෙක් එපා. අපිට මේක දිනන්න පුලූවන්.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුජීව සම්පත් මහතා.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ ප‍්‍රසන්න රණතුංග මහතාගේ නායකත්වයෙන් විසි දහසකට අධික පිරිසක් 27 වනදාට නුගේගොඩ යන්න ලෑස්තියි. මේකට විවිධ අය බාධා කරනවා. නැග එන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවත් එක්ක ලැගලා ඉන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ උදවිය කලබල වෙලා. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණෙදි අපි මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ගැටයට අහුවුණා. ඒකයි අපි වෙනම තරග නොකලේ නැවත අහුවෙන්න බෑ. ඒ නිසා අපි මහින්ද මහත්තයගෙන් ඉල්ලනවා කිඹුල් කදුලූ හෙලන එවුන්ට රැුවටෙන්න එපා කියලා.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍රනී දර්ශිකා ගුණසේකර මහත්මිය.

මේ ආණ්ඩුව තරම් කාන්තාවන්ට වින කරපු වෙනත් ආණ්ඩුවක් ඉතිහාසයේම නෑ. බඩුමිල අඩු කරනවයි කියලා පම්පෝරි ගහලා ආපු මේ ආණ්ඩුව අපිට කොස් කොළයි, ක්‍රෝටන් කොළයි කන්න කියනවා. ආණ්ඩුවේ අය හෙට අනිද්දට කියයි පුන්නක්කුයි, තණකොළයි හරි ගුණයි කියලා කන්න පුලූවන් කියලා. මේ රටේ කාන්තාවන්ගෙන් මම ඉල්ලනවා අපිට පුන්නක්කුයි, තණකොළයි කවන්න හදන මේ රනිල් – මෛතී‍්‍ර ආණ්ඩුව ගෙදර යවන්න කොහු ඉදල් අරගෙන ලෑස්ති වෙන්න කියලා. ආයෙත් මහින්ද මහත්තයව රවට්ටන්න හදන උන්ට විරුද්දව ඉලපත අතට ගන්න කාන්තාවන් වන අපි ලෑස්තියි. ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න 27 වනදා හවස 3.00ට නුගේගොඩට එන්නැයි මම ඉල්ලනවා.

බොරැල්ලේ පිහිටි කොස්මෝ කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමේ ගිණුම්වලට රුපියල් මිලියන 144ක මුදලක් ලැබීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණර්ධන නිදහස් කිරිම සදහා එක්සත් ජාතික පක්ෂ සභාපති මෙන්ම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මෙහෙයුමක් දියත් කර ඇති බව අප පසුගිය 2016 ජුලි 7 වැනිදා අනාවරණය කළා.

එම අනාවරණය තහවුරු කරමින් අද වනවිට සජින් යහපාලන ආරක්ෂාව යටතේ ජිවත් වන අතර ඔහුගේ ආරක්ෂාව සදහ ඇමති ආරක්ෂකයන් 8 දෙනෙකු ලබාදිමට තරම් යහපාලනය දෙකට නැමි තිබේ.සජින් ද වාස් ගුණර්ධන බේරා ගැනිමට මලික් සමරවික්‍රම කටයුතු කලේ නිකම්ම නොවේ. ඒ වෙනුවෙන් සජින් හරහා නන්දන ලෝකුවිතාන සමග මලික් ඩිල් එක දමා ගත් අතර මේ ඒ හරහා මලික් ඇතිවෙන්න මුදල් උපයාගෙන තිබේ.

මේ අනුව මලික් සමරවික්‍රම ආයෝජන මණ්ඩලයට සaජුවම පහර වදින සංවර්ධනය සඳහා අදාළ වන ආයතනයක් පිහිටුවීමට ඉතා කැමැත්තෙන් යුතුව සිටින අතර එවිට ඔහුට ඔහුගේ රුචිය පරිදි එය මෙහෙයවීමට හැකියාව ලැබේ. මෙය ඉතා මෑත කාලයේ ආයෝජන මණ්ඩලය විසින් පනවනු ගණුදෙනු වල විනිවිද බව වර්ධනය කිරීම සඳහා වන කිසිදු රෙගුලාසියක් සමග සමපාත නොවේ.

අමාත්‍ය ලේකම්වරු හා නිලධාරින්ට යම් ගැටළු ඇති වූ අවස්ථාවන් වල එම ගැටළු විසදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇදුනුම්කමක් ඇති මංගල යාපා නම් පුද්ගලයෙකු වෙත සමරවික්‍රම විසින් බලය පවරා ඇති අතර ඔහු කිසිදු අන්දමේ නිලයක් නොදරන පුද්ගලයෙකු බවද දැනගන්නට තිබේ.

“යාපා විසින් මලික් සමරවික්‍රම ලබා දුන් බලත භාවිතා කරන අතර අමාත්‍යාංශ ලේකම්ට හා එහි අනෙකුත් නිලධාරින් වෙත මෙන්ම වෙනත් ආයතන වලටද නියෝග නිකුත් කරනු ලැබේ. අගමැති රනිල් මලික් හා යාපා වැනි මිනිසුන් තම ජරා වැඩ කරගැනීම සඳහා යොදා ගනී.”

යහපාලන රජය බලයට පැමිණි පසු ආයෝජන මණ්ඩලයේ සභාපති පත් කිරීම පසුව ඉඩම් ප්‍රතිපත්තියේ විනිවිදබව ප්‍රවර්ධනය කිරීම සඳහා වන පරිපාලන වෙනස්කමක් බවට පත් විය.”ඉඩම් ප්‍රතිපත්තිය අනුව BOI විසින් ලියුම් කවර 2ක ලංසු තැබීමක් කැදවන අතර එක් ලියුම් කවරයක ඉඩමේ වටිනාකමද අනෙක් ලියුම් කවරයේ ව්‍යාපෘතියේ වටිනාකමද සඳහන් කළ යුතුය. BOI අවම වටිනාකම ගැසට් පත්‍රයේ සඳහන් කරනු ලැබේ. හොරණ ප්‍රදේ ශයේ එක් අක්කරයක් සඳහා අවම මිල ඇ.ඩො 40000 විය යුතු අතර අක්කරයක් සඳහා ගෙවිය යුතු වාර්ෂික මුදල ඩොලර් 3850ක් වේ. අලුත් ජනාධිපති පත් වූ පසු කලින් කලට ප්‍රසිද් ධනිවේදන මහින් ලංසු කැදවන අතර අයෝජකයන් හට තරගකාරි ලෙස ඉල්ලුම් කල හැකිය. පසුගිය මාස තුනක කාලය තුළ BOI විසින් හොරණ ප්‍රදේශයද ඇතුළුව කලාප සඳහා ඉඩම් වලට ලංසු කැඳවා ඇත.

ඒ අතර ධනපති ව්‍යාපාරිකයෙක් වන නන්දන ලොකුවිතාන සිටින අතර මැතකදී අගමැති විසින් මුල් ගල තබනු ටයර් කොම්පැනියද ඔහුගේය. ඊට අමතරව Dubai Marriot හෝටලය සහ වානේ සංස්ථාවද ඔහුට අයත් වේ.

“BOI වෙතින් ඉඩම් ඉල්ලා සිටින ඕනෑමඅ අයෝජකයෙකු ඒ වෙනුවෙන් අයදුම් පත්‍රයල් බාර දිය යුතු අතර අවම වටිනා කමවන ඩොලර් 40000 කට වඩා වැඩි මුදලක් හොරණ ප්‍රදේශයේ ඉඩම් සඳහා ලංසු තැබිය යුතුය. නමුත් ලොකුවිතාන වෙත මෙම නීතිය අදාළ නොවේ. ඔහු සමරවික්‍රමගේ සහයෝගය ලබන අයෙකු නිසා සුවිශේෂී මිලකට ඉඩම් ලබා ගෙන තිබේ. ලොකුවිතානට අක්කර 100 ඉඩමක් 99 බද්දට අවශ්‍ය වී ඇති අතර BOI විසින් එම ඉල්ලීම ප්‍රතිකේෂ්ප කර ඇති අතර පසුව ඔහු සහනය වෙනුවෙන් මලික් සමරවික්‍රම වෙත ගොස් ඇති අතර ඔහු අගමැතිවරයා මුලසුන දරන කැබිනට් කමිටුවට කැබිනට් පත්‍රිකාවක්යොමු කොට එයට අවසර ලබා දී තිබේ.

ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුවට අනුව අක්කරයක වටිනාකම බොලර් 11,000ක් වේ. තවත් ආයතන දෙකකටම මෙම වරිපනම් අගය මත ඉඩම් ලබා දී ඇති අතර SINGER (Sri Lanka) PLC හට අක්කර 5ක් සහ D Samson Industries Ltd වෙත අක්කර 15 ලෙසටටය. නමුත් මෙම කම්පැනි දෙකම වාර්ෂික ගෙවීම කළයුතුය. කලාපයේ ඉඩම් ලබා ගන්න සෑම ආයතනයක්ම මෙම මුදල BOi ව්ත ගෙවිය යුතු අතර ලොකුවිතාන වෙත අක්කරයක් සඳහා ඩොලර් 3850 වන එම මුදල අක්කරයකට ඩොලර් 1 දක්වා අඩු කිරීමට BOI වෙත සිදු වී ඇත.

මෙමගින් ආණ්ඩුව එලිපිටම ඉඩම් ප්‍රතිපත්තිය උල්ලංඝණය කොට ඇත. BOIවිසින් සමානාත්මතාවයේ අයිතිවාසිකම උල්ලංඝණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය කොට තිබේ.

http://www.sinhala.lnwtoday.com/archives/11831

http://www.sinhala.lnwtoday.com/archives/11858

කොස් කොළ,කෝටන් කොළ,තේ කොළ කන්න කියා ජනතාවට කිව්වද තණකොළ කන්න ජනතාවට නොකිව්වේ ආණ්ඩුවේ අයට කන්නට අවශ්‍ය නිසා ඉතුරුකර ගැනිමට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ජාතික නිදහස් පෙරමුණේ සමුලුවට එක්වෙමින් කියා සිටියා..

කොස් කොළ,කෝටන් කොළ කාපන් කිව්වාට….. by lnwtoday

කොටි ත්‍රස්තවාදීන් විනාශ කල ලෝව විශිෂ්ටතම හමුදා බුද්ධි අංශය විනාශ කිරිමට භාවිතා කල යහපාලන අවි දෙකක් වු මාධ්‍යවේදියෙකු යැයි කියා ගන්නා ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනයන් වෙනතකට හරවා එම ඝාතනයන්ට වගකිවයුතු හිටපු යුධ හමුදාපති වත්මන් යහපාලනයේ පිනා අමාත්‍යධුරය දරණ සරත් ෆොන්සේකා මෙන්ම රටේ ඝාතන රැසකට වගකිවයුතු ප්‍රා නායකයෙකු වන අමාත්‍ය පාඨ්ළි චම්පික රණවක ගලවා ගැනිම සදහා කුමන්ත්‍රණයක් දියත් කර ඇති වග අප අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.

එය තවදුරටත් තහවුරු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමට මෙහෙයුම දියත් කිරිම සම්බන්ධයෙන් ද ෆොන්සේකා වරදකරු වෙකු විම වැලැක්වීමට කල හැකි හොදම දේ පසුගියදා නීතිය භාවිතා කරමින් කල බව අමතුවෙන් රටේ ජනතාවට කියාදිය යුතු නැත.

පසුගියදා බලහත්කාරයෙන්ම රහස් පොලිසියට ගිය ෆොන්සේකා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂලා මත වරද පැටවිමට අදාළ පච ටොන් ගණනක් පටවා පැමිණියද ඇත්තටම සිදුවු දේ චම්පික මෙන්ම ෆොන්සේකාද හොදින් දනී. අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේන්ද මාධ්‍යවේදීන් ෆොන්සේකා කල චොදනාව සම්බන්ධයෙන් විමසිමක් කළා.

ලසන්ත ඝාතකයා තමන් බව ෆොන්සේකාට අමතක වෙලා…. by lnwtoday

ෆොන්සේකා කල ලසන්ත වික්‍රමතුංග ඝාතනය….පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය….

ලසන්ත ඝාතනය ගැන ෆොන්සේකාගෙන් ප්‍රශ්ණ කරන්න… මෛත්‍රීගෙන් නියෝගයක් (2016 අප්‍රේල් 2 වැනිදා)

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්ණ කරන ලෙසට රහස් පොලිසියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝගකර  තිබේන බව ජනාධිපති මන්දිරයේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

http://www.sinhala.lnwtoday.com/archives/9491

හැමදේම අමතක උදලාගමගේ මුහුණ මතක ලසන්ත ඝාතනයේ අමුතු ගේම

වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය හා සමාන ඉතිහාසයක සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවකු ලෙස රට වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණා වූ බලලත් නිලධාරි ප්‍රේමානන්ද උදලාගම ලසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් සීඅයිඩීයේ ෂර්ලොක්‌ හෝම්ස්‌ලා මුලින්ම ඔහුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ හඳුනාගැනීමේ පෙරට්‌ටුවක්‌ සඳහා ඉදිරිපත් කළ යුතු බවට වූ ඉල්ලීමක්‌ද සමඟය.

http://www.sinhala.lnwtoday.com/archives/12417

ලසන්ත ඝාතකයා ලගදිම මාට්ටු?ලසන්ත ඝාතනයේ ඇත්ත නැත්ත

ලසන්ත ඝාතනය යලි කරලියට පැමින ඇත. මේ ඒ පිලිබද කරන විවරණයකි. ලියුම්කරුගේ උත්සාහය හුදෙක් ෆොන්සේකා දෙසට ඇගිල්ල දිගු කිරීම හෝ ගෝටාබයට සුදුහුනු ගෑම නොවේ. එහෙයින් මෙහි එන කරුනු එකිනෙක විමසා බලා නිගමනයට එලබීම ඔබට බාරය. මෙම කථවේ එන ලසන්ත ,සොනාලි, වික්ටර් අයිවන්, ෆොන්සේකා, අතාස්,උවිදු, සදරුවන් ,නිශාන්ත ගජනායක, ලක්‍ෂ්මන් සෙනවිරත්න යන අය ලියුම්කරු විසින් අඩු වැඩිව, පෞද්ගලිකව දන්නා හදුනන බව සදහන් කල යුතුය. එහෙයින කරුනු වල සත්‍ය අසත්‍ය බව කෙනෙකුට අවැසි නම් විමසා බැලිය හැක .

http://www.sinhala.lnwtoday.com/archives/12147

ලසන්ත,රවිරාජ් ඝාතන ගැන ෆොන්සේකාට තොණ්ඩුව වැටේ

මහා මැතිවරණයේ එක්සත් ජාතික පෙරමුණට එකතු කර ගැනිමට පක්ෂ නායකත්වය අකමැති විමත් ඇවන්ගාඩ් සිද්ධිය පසුබිම් කරගනිමින් අධිකරණ අමාත්‍යවරයාට සහ එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසිම හේතුවෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරිමට මෙහෙයුම් දියත් කල ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්ණ කිරිමට වහාම කටයුතු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා රහස් පොලිසියට නියෝග කර තිබේ.

http://www.sinhala.lnwtoday.com/archives/7463

දේශපාලනයෙන් සමුගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට විදෙස් රටවල් දෙකක් දැනුම් දීමත් 2015 ජනාධිපතිවරණයෙන් එතුමා ගෙදර යැවීමට කළ කුමන්ත්‍රණයේම තවත් එක් පියවරක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

පත්කර ගත් රූකඩ ආණ්ඩුවට රට පාවා දෙන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන බාධාවක් යැයි වටහාගෙන සිටින එම රටවල් එතුමා විශ්‍රාම ගන්වා හෝ 2015 කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීමට කැස කවමින් සිටින බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ පෙරළියක ඇරැඹුම ජනරැළිය සම්බන්ධයෙන් කලුතර දිස්ත්‍රික් ජනතාව දැනුවත් කිරීම සඳහා කලුතර දී පෙරේදා (21) පැවැති රැස්වීමකට සහභාගී වෙමිනි.

ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

ජනවාරි මාසේ 27 වැනි දා නුගේගෙඩ පැවැත්වෙන රැස්වීම වෙනුවෙන් අපි රට පුරා ජනතාව දැනුවත් කරමින් යනවා.  අද තමුන්නාන්සේලා මුණගැහෙන්න ආවෙත් ඒ ගැන දැනුවත් කරන්නයි. අපි බොරු කියල ජනතාව නොමඟ යවන්නේ නැහැ. ඇත්ත තත්ත්වය තේරුම් කරලා සියලුදෙනාගේ දායකත්වයෙන් මේ ආණ්ඩුව ගෙදර යැවීම තමයි අපේ අරමුණ. ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමේ ආරම්භය ලෙසයි අපි නුගේගොඩ රැස්වීම පවත්වන්නේ. එදා ජනවාරි මාසේ 08 වැනි දා ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වුණාට පස්සේ නැවත දේශපාලන ගමන ආරම්භ කරන තීරණාත්මක රැස්වීම පෙබරවාරි මාසේ 18 වැනි දා නුගේගොඩ දී පැවැත්වුණා.

රනිල් වික්‍රමසිංහ එක්ක මට තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. 1977 අපේ ගෙට ගිනි තියලා, තාත්තට පිහියෙන් ඇනපු එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙන්න මට පුළුවන්කමක් නැහැ. අපේ නායකයෝ එක්සත් ජාතික පක්ෂය සමඟ කරට අතදාගෙන ආණ්ඩු පිහිටුවන කොට අපට ඒකට යන්න බැහැ. ඒ නිසා තමයි අපි ඒකාබද්ධ විපක්ෂය තෝරා ගත්තේ. අපිට එක්සත් ජාතික පක්ෂය සමඟ දේශපාලනයක් නැහැ. රනිල් වික්‍රමසිංහලා එක්ක එකට ආණ්ඩුවක් ඉන්න බැහැ.

අපට මෛත්‍රීපාල මහත්තයා එක්ක තියෙන්නේ වෙන විවේචනයක්. එතුමා මොකක්ද කළේ? එතුමා පොදු අපේක්ෂකයා වෙන්න කලින් දවසේ කරඬුවේ අත තියලා දිවුරලා කිව්වා යන්නේ නැහැ කියලා. අන්තිමට මහින්ද මහත්තයාගෙන් ආප්පත් කාලා පක්ෂේ අතහැරලා පැනලා ගියා. එදා ඉඳන් බොරු කියල රට රැවට්ටුවා විතරක නොවෙයි තමන්ගෙම පක්ෂයේ සභාපතිට විරුද්ධව ජනාධිපතිවරණයට ඇවිත් අපේ පක්ෂය පරාජය කරන්න කටයුතු කළා. ඒ ගැන අපට විවේචනයක් තිබෙනවා.

එතුමා ජනාධිපති විදියට පත් වුණ ගමන් මොකද කළේ? මන්ත්‍රී ධූර 150කටත් වැඩිය තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැතිවරයා විදියට හිටපු දි. මු. ජයරත්න මහත්තයා කනෙන් ඇදලා එළියට දාලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර අඩු සංඛ්‍යාවක් තිබුණු එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති කළා. අපේ පක්ෂයට තිබුණු ජනාධිපතිකම, අගමැතිකම පමණක් නොවෙයි ආණ්ඩුවත උදුර ගත්තා. ඒවා ගැන අපට විවේචනයක් තිබෙනවා.

ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් 2015 අගෝස්තු මහ මැතිවරණයට ජයග්‍රාහීව ඉදිරිපත් වුණ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පක්ෂයේ නායකයා විදියට මොකද කළේ? මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබයි කියලා බයේ ශ්‍රී ලංකා නිදහස් පකෂයේ සහ එක්සත ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරුන් තනතුරුවලින් එළවලා දාලා මහින්ද මහත්තයා දිනුවත් අගමැති ධූරය දෙන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියෙම කිව්වා. අන්තිමට මහින්ද මහත්තයට අගමැතිකම දෙන්නැත්නම් වැඩක් නැහැ කියලා අපේ පාක්ෂිකයෝ ඡන්දය දෙන්න ගියේ නැහැ. අපට ඒ වතාවෙත පරාජය උරුම කළේ අපේ පක්ෂයේ සභාපති හැටියට කටයුතු කරන මෛත්‍රීපාල මහත්තයයි. ඒ ගැන අපට විවේචනයක් තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලිලා ඉන්න ගමන් අපිට ඇඟිලි දික් කරලා චෝදනා කළාට වැඩක් නැහැ. අලියත් එක්ක කන දීගේ නතර කරන්න. එතකොට අපිට පුළුවන් මොකද කරන්නේ කියලා කථා කරන්න. මම විවේචනය කරන්නේ වෙන මොකක්වත නිසා නොවෙයි. අපිට ශ්‍රී ලංකා නිදහස් පකෂය ගැන කැක්කුමක තිබෙනවා. මේ පූට්ටුව ගහලා අලියගේ නැට්ටේ එල්ලිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැට ගැහුවාම අපට තිබෙන්නෙ ලැජ්ජාවක්. ඒ නිසයි අපි කියන්නේ මහින්ද රාජපක්ෂ මහතාගෙ නායකත්වයෙන් අලුත් බලවේගයක් ආරම්භ කළ යුතුමයි කියලා.

එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට කියන්නෙ පිංගුත්තර ඇමැතිලා කියලයි. රංගෙ බණ්ඩාර කියනවා ශ්‍රී ලංකා එකෙ හොරු ටික හොරකම් වහගන්න ආණ්ඩුවෙ ඇමැතිකම් දරනවා කියලා. අපි නොවෙයි ඕවා කියන්නේ. මරික්කාර් මන්ත්‍රීතමා එහෙම මාධ්‍ය සාකච්ඡා තියල කියන්නෙත් පිංගුත්තර ඇමැතිලා කියලයි. අපේ උන්ට මේවා ඇහුණත් නෑ වගෙ ඉන්නවා. ලැජ්ජා නහර කපලා තියෙන්නේ. ඇමැතිකම් දාලා ගියොත් මේ අයට පැවැත්මක් නැහැ. මේ වගෙ අය මහින්ද රාජපක්ෂ මහතා අතහැරලා ගියාට ජනතාව එතුමා අතහැරියේ නැහැ.

මහින්ද මහත්තයා පැරදුණේ සංඛ්‍යාලේඛන හා කුමන්ත්‍රණයකින්. බේරුවල සිද්ධියක් ඇති වුණා. එතැන දී සිංහල මිනිස්සු පස්සේ හිටියේ පාඨලී චම්පික. මුස්ලිම් මිනිස්සු පස්සෙ හිටියේ කක්කුස්සි කටා. කවුද හලාල් කථාවක හදලා මුස්ලිම් ජනතාව අපේ ආණ්ඩුවෙන අයින් කළේ. 2009 ඉඳන් තමයි විදේශ රටවල් එක්ක එකතු වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයා එළවන්න කුමන්ත්‍රණය කළේ. එහෙමයි මහින්ද මහත්තයා පැරදුණේ. නමුත් මේ රටේ ජනතාව මහින්ද මහත්තයා අතහැරලා ගියේ නැහැ.

මම දැක්කා රාජිත සේනාරත්න කියනවා සුදු වෑන් නැති නිසා දැන් මොනවා වුණත් කමක් නැහැ කියලා. කවුද බටලන්ද වධකාගාරයට සුදු වෑන්වලින් මිනිස්සු ගෙනාවේ කියලා බටලන්ද වාර්තාවේ තිබෙනවා. කවුද බටලන්ද මෙහෙයව්වේ? රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තමයි බටලන්දට නායකත්වය දුන්නේ. උදය ගම්මන්පිළ මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් ඇහුවා පසුගිය රජය කාලේ සුදු වෑන්වලින මිනිස්සු අරන් ගියා කියලා පැමිණිලි තිබෙනවද කියලා.  ගයන්ත ඇමැතිවරයා උත්තර දුන්නේ එහෙම පැමිණිල්ලක් නැහැ කියලයි. පැමිණිල්ලක්වත් නැහැ. ඒත් මුං ඇත්ත වගේ කියනවා සුදු වෑන්වලින් මිනිස්සු ඉස්සුවා කියලා.

මම මහින්ද මහත්තයා එක්ක රණ්ඩු වුණා වෙනම ඉල්ලමු කියලා. ආප්ප කාලා පැනපු එකා විශ්වාස කරන්න පුළුවන්ද? නමුත් අපි එකට ඉල්ලන්න ගිහින් රැවටුණා. අපිව රැවට්ටුවා. එකට ඉල්ලුවා නම් අද මහින්ද මහත්තයා අගමැති නැත්නම් විපක්ෂ නායක. එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩු කරනවට එදා ඉඳන් මම විරුද්ධ වුණා. දැන් මහින්ද මහත්තයාගෙන් අලුත් බලවේගයක් හදන්න කියලා ඉල්ලන්නේ යහපාලනයට ඡන්දය දුන්න අයමයි. මහින්ද මහත්තයා කියල තියෙනවා 2017 වසරේ පෙරළියක කරනවා කියලා. මේ වසරේ මැතිවරණ තුනක එනවා. පළාත සභා තුනක කාලය අවසන වෙනවා. ඒ වගේම පළාත පාලන මැතිවරණය තිබෙනවා. අනෙක් අතට රට බෙදන ව්‍යවස්ථාව සම්මත කර ගන්න ජනමත විචාරණයක තියන්න වෙනවා.

මහින්ද මහත්තයා කියල තිබෙනවා මේ රැස්වීමට සහභාගී වෙනවා කියලා. 2015 පෙබරවාරි මාසේ රැස්වීමෙදි එතුමා එහෙම කිව්වේ නැහැ. අපි මෙවර රැස්වීමට පසුගිය පාර රැස්වීමට ආපු සෙනඟ වගේ තුන හතර ගුණයක් සෙනඟ ගේන්න සූදානම් වෙලා තිබෙනවා. දැන් ගම්පහයි කලුතරයි අතරයි තරගය තිබෙන්නේ.අපි ගම්පහින් කලුතරට වඩා සෙනඟ ගේනවා කියන කොට ගම්පහට වැඩිය කලුතරින් ගේනවා කියලා රෝහිත ඇමැතිතුමා කියනවා. බස්නාහිර පළාතෙ ඉන්නේ බුද්ධිමත් ජනතාව. ඒ නිසා රට වටෙන්ම එනවට වඩා සෙනඟක් බස්නාහිර පළාතෙන් නුගේගොඩ රැස්වීමට එන බව අපි දන්නවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අමෙරිකාව දේශපාලනයෙන් සමුගන්න කියලා සහ ඉන්දියාව දැනුම් දීලා තිබෙනවා. ඒකත් 2015 ජනාධිපතිවරණයේ මහින්ද මහත්තයා පරාජය කිරීමේ කුමන්ත්‍රණයේම තවත් කොටසක් තමයි. මහින්ද රාජපක්ෂ කියන චරිතය ලෝකයේ බලගතු නායකයන්ට ඔලුව නමන්නේ නැති නිසා තමයි ඒ රටවල් එකතු වෙලා මහින්ද මහත්තයා එලවලා දාලා රූකඩ පාලකයන් පිරිසක පත් කර ගන්න කටයුතු කළේ. ඒ අය බලාපොරොත්තු වුණේ ජනාධිපතිවරණය පැරදුණාම මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය ඉවරයි කියලා.

ඔවුන් හිතුවේ නැහැ ජනාධිපතිතුමාට මේ තරම් ජනතා ආදරයක් ලැබෙයි කියලා. දැන ඒ නිසා තමන් පත් කරගත් රූකඩ ආණ්ඩුව රැකගන්න රාජපක්ෂ මහතා දේශපාලනයෙන විශ්‍රාම යවන්න හදනවා. මේ රටේ ජනතාව ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපි ආපස්සට හැරෙන්නේ රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදලා බව අපි ඒ රටවල්වලට මතක් කරන්න ඕනේ. එක එක අයට ඕනෑ විදියට අපි නටන්නෙත් නැහැ. අපේ රට නටවන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම බටහිර ඒජන්තයන්ට ඕනෑ විදියට නටන මේ ආණ්ඩුවට වැඩිකල් නටන්න දෙන්නෙත් නැහැ.

 

පසුගිය දින කිහිපය තුල එක්සත් ජාතික පක්ෂ නායක් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යොජනා කල පිරිසකගේ නම් ලැයිස්තුවක් අගමැතිවරයාගේ අතට ලබාදිමට ජනපති කටයුතු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ස්‌විස්‌ටර්ලන්ත සංචාරයට එක්ව සිටි කාලය තුල එජාපයේ කිහිප දෙනෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකුම අගමැති ධුරයෙන් වත්මන් අගමැතිවරයා ඉවත් කර වෙනත් අයෙකු පත් කිරිමට අවශ්‍ය බව ජනාධිපතිවරයා පෞද්ගලිකවම හමුවි පවසා තිබේ.

ඒ අනුව එම පුද්ගලයන් මෙන්ම ඔහුන් කී දේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ජනාධිපති විසින් අගමැතිවරයා පැමිණී විගසම අතටම ලබාදීමට කටයුතු සුදානම් කර තිබේන බවත් ඔහුන් සම්බන්ධයෙන් ජනපති දුරකතනය ඔස්සේ අගමැති දැනුවත් ර තිබේන බවද අනාවරණය වි තිබේ. ඒ අනුව විදේශ සංචාරයක නිරතව සිටින රනිල් වික්‍රමසිංහ ලංකාවට පැමිණි විගසම ඇමැති මණ්‌ඩලයේ වෙනස්‌කම් කිහිපයක්‌ සිදුකිරීමට නියමිතව ඇති අතර එහිදි අගමැතිකම වෙනස් කිරිමට කටුකුටු ගෑ ඇමතිවරුන්ට වැඩ වරදිනු ඇති බවද අප වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය කාලයේදී මත භේදයට තුඩුදුන් ප්‍රබල ඇමැතිවරු කිහිප දෙනකුගේම තනතුරු මේ අනුව අහිමි වනු ඇති අතර ඇමැති තනතුරුවල වෙනසක්‌ සිදුකිරීමට පෙර ඒ සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක්‌ද පැවැත්වීමට නියමිතව තිබේ.

 

“දෙමළුනි නැගිටිව්” හෙවත් “එළුග තමිල්” ව්‍යාපාරය ආරම්භ කළේ අන් කවරකුවත් නොව උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා විසිනි. පුරා වසර 65 ක්‌ කොළඹ සිංහලයන් හා එක්‌ව ජීවත් වූ විග්නේෂ්වරන් උතුරු පළාත් මහ ඇමැති ධුරයට පත්වීමත් සමඟ සිංහලුන් වහකදුරු විය. උතුරේ සිංහල ජනපද ඇති කිරීමට විරෝධය පෑමටත් බුදු පිළිමවලට එරෙහි වීමටත් 2016 සැප්තැම්බර් 24 වැනිදා යාපනයේදී “එළුග තමිල්” පළමු වැඩසටහනත් පවත්වන ලදී. එම වැඩසටහන යහපාලන ආණ්‌ඩුවේ සංහිඳියා වැඩපිළිවෙළට වැදුනු හොඳ කනේ පහරක්‌ විය. නමුත් රජය නිල වශයෙන් මේ ක්‍රියාව විවේචනය කළේ නැත. ඒ විග්නේෂ්වරන්ගේ සිත තැලේ යෑයි බිය නිසාදැයි අපි නොදනිමු. නමුත් මීට මාස ගණනාවකට පෙර පැවැති “දෙමළුනි නැගිටිව්” වැඩසටහන ගැන නැවත සිහිකරන්නට සිදුවූයේ මන්ද? ඊයේ දිනයේදී එනම් 21 වැනිදා මඩකලපුව මහනගර සභාවට අයත් පාටාලිපුරම් ක්‍රීඩාංගණයේදී තවත් “එළුග තමිල්” වැඩසටහනක්‌ සංවිධානය කර තිබීමයි. මේ සටහන ලියෑවෙන්නේ 21 වැනිදාට පෙර වුවත් මේ නව පොංගු තමිල් ව්‍යාපාරය හරහා නැගෙනහිර පළාත් නැවතත් අස්‌ථාවර වන බව නොකියාම බැරිය. මඩකලපුවේ “එළුග තමිල්” වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිතව සිටියේ ද උතුරු මහ ඇමැති විග්නේෂ්වරන්ය.

මෙම වැඩසටහන පිළිබඳව ඉකුත් 14 වැනිදා මඩකලපුවේදී පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වූ දෙමළ ජාතික සන්ධානයේ එස්‌. වියාලේන්දිරන් ප්‍රකාශ කළේ කුමක්‌ද? 21 වැනිදා නැගෙනහිර පළාතේ සියලු කඩසාප්පු වසා දැමිය යුතු බවයි. සියලු කටයුතු අතහැර “දෙමළුනි නැගිටිව්” ව්‍යාපාරයට සහාය දිය යුතු බව දෙමළ සන්ධාන මන්ත්‍රීවරයා මෙම පුවත්පත් සාකච්ඡාවේදී අවධාරණය කර තිබිණි. එදා ප්‍රභාකරන් පොංගු තමිල් පෙළපාලි සඳහා දෙමළ ජනතාව සහභාගී කරගත්තේ තුවක්‌කුවේ බලයෙනි. දැන් දෙමළ සන්ධානය “එළුග තමිල්” ව්‍යාපාරය සඳහා බලහත්කාරය යොදාගන්නා බව පෙණිනි. නමුත් යහපාලන ආණ්‌ඩුව සංහිඳියාව වෙනුවෙන් මේ වැඩසටහන් නතර කිරීමට කිසිම උත්සාහයක්‌ නොගනී.

හම්බන්තොට පෙළපාලිය බරපතළ ප්‍රශ්නයක්‌ වුව ද මඩකලපුවේ “එළුග තමිල්” වැඩසටහන දෙස වත්මන් ආණ්‌ඩුව බලන්නේ කරුණාභරිතව ද? මෙය අපට උභතෝකෝටිකයකි. උතුරේ සිංහල විරෝධය පැතිරවීමෙන් පසුව දැන් විග්නේෂ්වරන් බළකාය නැගෙනහිරට සේන්දු වී ඇත. ඇත්තෙන්ම නැගෙනහිර පළාතේ බහුතරය දෙමළ ජනතාව නම් නොවේ. සිංහල හා මුස්‌ලිම් ප්‍රජාව එක්‌ කළ විට නැගෙනහිර ජන සංයුතියේ 60% කට අධිකය. නමුත් සිය නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් දෙමළ සන්ධානය සුපුරුදු ජාතිවාදී වැඩපිළිවෙළ දියත් කරන බව පැහැදිලිය.

පසුගිය සැප්තැම්බර් මාසයේදී යාපනයේ පැවැති පළමු “එළුග තමිල්” මහ රැලියේදී මහ ඇමැති විග්නේෂ්වරන් ප්‍රකාශ කර සිටියේ කුමක්‌ද? වසර දෙදහසකට පෙර සිටම උතුරු – නැගෙනහිර දෙමළ ජනතාව වාසය කළ බවත්, ඒ කාලයේ “සිංහල” කියා ජාතියක්‌ ද නොසිටි බවයි. මෙය ප්‍රභාකරන් පැතිරවූ ව්‍යාජ ඊළාම් මතවාදය මිස අනෙකක්‌ නොවේ. මේ ව්‍යාජ කතාවලින් යාපනයේ තරුණයන් උද්දීපනය කර සාහසිකත්වයට තල්ලු කිරීමට දෙමළ ජනතා සංසදය කටයුතු කරන බව පැහැදිලිය. නැගෙනහිර මඩකලපුවේදීත් ප්‍රකාශ කරන්නේ මෙයම නොවේද? “එළුග තමිල්” ව්‍යාපාරය පිටුපස ප්‍රමුඛ බලවේගයක්‌ වූයේ උතුරේ කතෝලික පල්ලියයි. දැන් මඩකලපුවේ කතෝලික පල්ලිය ද මෙම ක්‍රියාවම අනුගමනය කර ඇත.

ත්‍රස්‌ත අරමුණු වෙනුවෙන් නැගෙනහිර පළාත අස්‌ථාවර කිරීමට කිසිවකුට ඉඩදිය යුතු නැත. මීට සති දෙකකට පමණ පෙර ත්‍රිකුණාමලයේ පොලිස්‌ වසම් හතරක බුදු පිළිම කඩා කළුතෙල් දමා වනසා තිබිණි. එය රටේ සමස්‌ත බෞද්ධයන්ටම එල්ල කළ දරුණු නිග්‍රහයකි. මේ නිසා යහපාලන ආණ්‌ඩුව ද සසල විය. එම නිසාම උතුර – නැගෙනහිර සියලු විහාරස්‌ථානවල ආරක්‌ෂාව වෙනුවෙන් හමුදාව යෙදවීමට ආරක්‌ෂක අමාත්‍යාංශය විසින් නියෝගයක්‌ නිකුත් කර තිබිණි. නැගෙනහිර පළාතේ විල්ගම්වෙහෙරදී බුදු පිළිමවල හිස කඩා බිම දමන්නේ නම් කිසිම සංහිඳියාවක්‌ ක්‍රියාත්මක කළ නොහැක. එය සැබවින්ම විහිළුවකි.

නැගෙනහිර පළාතේ පවා කිසිම සිවිල් කටයුත්තකට මැදිහත්වීමට හමුදාවට ඉඩක්‌ ලබාදී නැත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සතුටු කිරීමට දැයි අපි නොදනිමු. එහෙත් ත්‍රස්‌ත ක්‍රියාකාරකම් නිරීක්‌ෂණ කරන ආකාරයටම “දෙමළුනි නැගිටිව්” ව්‍යාපාරය ගැන ද මනා නිරීක්‌ෂණයක්‌ සිදුවිය යුතුය. නැත්නම් ඉදිරියේදී දෙමළුනි නැගිටිව් හමුදාවට පහර දියව් යනුවෙන් ප්‍රකාශ කිරීමට ද බැරි නැත. එවිට සංහිඳියාව වෙනුවෙන් හමුදාවට ආයුධ භාවිත නොකරන ලෙස අණ ලැබෙයිද?

තමන් අපේක්‌ෂා කළ විසඳුම නොලැබීම නිසා මෙලෙස “එළුග තමිල්” වැඩසටහන ක්‍රියාත්මක කරන බව දෙමළ සන්ධාන මඩකලපු දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී වියාලේන්දිරන් අවධාරණය කර ඇත. නමුත් දෙමළ ජාතික සන්ධානය බලාපොරොත්තු වන විසඳුම කුමක්‌ද? ෆෙඩරල් ක්‍රමයද? සහසන්ධීය රාජ්‍යයක්‌ ද? නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා ප්‍රකාශ කරන්නේ ඒකීය රාජ්‍යයට කිසිදු හානියක්‌ නොවන බවයි. නව ව්‍යවස්‌ථාවක්‌ ඉදිරිපත් කිරීම සම්බන්ධව ජනපතිවරයාගේ උනන්දුව ද ඉතා අවම බව පැහැදිලි කරුණකි. නව ව්‍යවස්‌ථාවට ශ්‍රීලනිපය විරුද්ධවෙද්දී එක්‌සත් ජාතික පක්‌ෂය නම් නව ව්‍යවස්‌ථාව වෙනුවෙන් පෙනී සිටී. විග්නේෂ්වරන් ඇතුළු දෙමළුනි නැගිටිව් නඩය නම් මස්‌ රාත්තල මෙන් නව ව්‍යවස්‌ථාව අවශ්‍ය යෑයි කියා සිටී. එහෙත් නව ව්‍යවස්‌ථාව හරහා සිදුවන්නේ රට අරාජිකවීම පමණි. කවර තත්ත්වය යටතේ හෝ උතුර – නැගෙනහිර ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි රැස්‌වීම් සංවිධානය වීම බරපතළ අනතුරකි. මේ අනතුර ගැන යහපාලන ආණ්‌ඩුව අවබෝධයෙන් සිටී ද?

‘දෙමළුනි නැගිටිව්’ නැගෙනහිරින් මතුවීම

චතුර පමුණුව -ඉරිදා දිවයින

ඊයේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජ්‍යවල හතළිස්පස්වැනි ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා. ඔහු දිවුරුම් දීමෙන් පසු කළ කතාවේ දී කියා සිටියා මින් මතු එක්සත් රාජ්‍යයේ හමුදාවට පහසුකම් සැපයීමට මිස විදේශීය රාජ්‍යවල හමුදාවල ශක්තිය වැඩි කිරීමට ආධාර නොකරන බව. එමෙන් ම ඔහු කියා සිටියා විදේශවල කටයුතුවලට මැදිහත් නොවන බවත් අනෙක් රටවල් තම තමන්ගේ කටයුතු බලාකියා ගත යුතු බවත්. සී අයි ඒ සංවිධානය හා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප්ට ඉඩ හරීවි ද යන්න ප්‍රශ්නයක්. ඔහුගේ කතාව ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට ප්‍රශ්න ඇති කළ බවට සැකයක් නැහැ.

ජාත්‍යන්තර සුපිරිව්‍යුහය ගැන බොහෝ දෙනා දන්නේ නැහැ. එබැවින් ඒ ගැන විවිධ මත පළවෙනවා. සමහරුන් හිතන්නේ ජාත්‍යන්තර සුපිරිව්‍යුහය යන සංකල්පය දෙවැනි ලෝක යුද්ධ කාලයේ පටන් පවතින එකක් කියා. සංකල්පය ඇති වී සති කිහිපයක්වත් නැහැ. එහෙත් එයින් කියන්නේ සුපිරිව්‍යුහය ක්‍රියාත්මක වීමට පටන් ගෙන සති කිහිපයක් පමණක් ගෙවී ගොස් ඇති බව නො වෙයි. එය බොහෝ කලක සිට ක්‍රියාත්මක වෙනවා. එමෙන් ම එයින් කියැවෙන්නේ නැහැ බොහෝ කලක සිට ක්‍රියාත්මක වන සුපිරිව්‍යුහය ඊනියා යථාර්ථයක් කියා. ඒ සංකල්පය යම් ක්‍රියාදාමයක් තේරුම් ගැනීමට නිර්මාණය වූ සංකල්පයක් පමණයි. එය ඒ සඳහා වූ එකම සංකල්පය කියා මා කියන්නේ නැහැ.

පොළොවට පොල් (ඇපල්) වැටීම අප අත්දැකීමෙන් දන්නා දෙයක්. එය ද ඊනියා යථාර්ථයක් නො වෙයි. ඒ අත්දැකීම තේරුම් ගැනීමට නිවුටන් ගුරුත්වාකර්ෂණය කියන සංකල්පය නිර්මාණය කළා. එයින් කියැවෙන්නේ පොල් වැටෙන්න පටන් ගත්තේ ගුරුත්වාකරෂණ ප්‍රවාදය නිර්මාණය කිරීමෙන් පසුව බව නො වෙයි. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය අනුව නිවුටන්ට බොහෝ කලකට පෙර පොල් වැටීමත් තේරුම් ගත හැකියි. එහෙත් එයින් කියන්නේ ගුරුත්වාකර්ෂණය කියන්නේ ඊනියා යථාර්ථයක් බව නො වෙයි. ගුරුත්වාකර්ෂණය පොල් වැටීම තේරුම් ගැනීමට ඇති එක් සංකල්පයක් පමණයි. ඒ සඳහා තවත් සංකල්ප තිබෙනවා. අයින්ස්ටයින්ගේ අවකාශ –- කාල වක්‍රතාව තවත් සංකල්පයක්. ඉදිරියේ දී තවත් සංකල්ප, ප්‍රවාද ඇතිවන්න පුළුවන්.

මේ එකක්වත් තබා පොල් වැටීමවත් ඊනියා යථාර්ථයක් නො වෙයි. පොල් කියන සංකල්පයත් වැටීම කියන සංකල්පයත් අප විසින් ඇති කර ගනු ලැබූ දේ. මේවා ප්‍රත්‍යක්‍ෂ තමයි. නමුත් ප්‍රත්‍යක්‍ෂත් අපේ නිර්මාණ. අප, මා කියන සංකල්පත් අපේ නිර්මාණ වන විට අනෙක් සංකල්ප ගැන කියනුම කවරේ ද? මා කියා අයකු සිටින්නේ යැයි බෞද්ධයකුට කියන්න බැහැ. අප තනාගෙන ඇති භයානක ම සංකල්පය මම යන්නයි. සියලු සංකල්ප, සංකල්ප යන්නත් ඇතුළුව, අපේ නිර්මාණ. අප විසින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අනවබෝධය නිසා ඇති කරගනු ලැබූ සංකල්ප.

අප බටහිරයන් විසින් නිර්මාණය කරනු ලැබූ සංකල්ප පමණක් ඉගෙන ගන්නේ ඇයි. අප බුදුදහම පවා ඉගෙන ගන්නේ බටහිරයන්ට වුවමනා අන්දමට, බටහිරයන්ට සරිලන අන්දමට. අප සිංහල සාහිත්‍යය ඉගෙන ගන්නේත් බටහිර සංකල්ප අනුව. සාහිත්‍ය විචාරය පිළිබඳ මිනුම් දඬු කාගේ ද? අප ආණ්ඩුවක් පත් කර ගන්නේත් බටහිරයන්ට අවශ්‍ය අන්දමට. පාර්ලිමේන්තුව අපට එංගලන්තයෙන් ලැබුණු එකක්. දෙමළ ජාතිවාදය නැවත හිස ඔසවන්නේත් බටහිරයන්ගේ අනුග්‍රහයෙන්. මේ මෙසේ වන්නේ කෙසේ දැයි තේරුම් ගැනීමට අපට අවශ්‍යයි.

අප එහි දී බොහෝ විට කෙළේ එංගලනතයට හා එක්සත් රාජ්‍යවලට හා අනෙක් බටහිර රාජ්‍යවලට වරද පැටවීමයි. සමහරු බටහිර කුමන්ත්‍රණ ලෙසත් මේ ක්‍රියාදාමය හඳුනා ගත්තා. එහෙත් බටහිර රටවල් එසේ ක්‍රියාකරනවා නම් එය කෙසේ සිදුවන්නේ ද? අපට මේ කරුණු වටහා ගැනීමේ දී ජාත්‍යන්තර සුපිරිව්‍යුහය යන සංකල්පය නිර්මාණය කර ගැනීමට හැකි වුණා. මේ සුපිරිව්‍යුහය නිර්මාණය වන්නට පටන් ගත්තේ ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව නො වෙයි. සුපිරිව්‍යුහයට අයත් බොහෝ ආයතන ඒ ඊනියා ලෝක යුද්ධයෙන් පසු ඇති වූ ඒවා බව සැබෑව. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය වැනි විවිධ සංවිධාන, නේටෝව, බහුජාතික සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන, සිවල් සංවිධාන ආදිය අවුරුදු හැත්තෑවක කාලයක ඇති වු ආයතන.

එහෙත් එයට වඩා පැරණි ආයතන රාශියක් තිබෙනවා. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය, විශ්වවිද්‍යාල, එංගලන්ත අච්චුවේ පාසල්, බටහිර ඔත්තු සේවා, බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම අවුරුදු සිය ගණනක් තිස්සේ පවතිනවා. ක්‍රිස්තියානි සංස්කෘතියේ පෞද්ගලිකත්වය යන්න මාටින් ලූතර් කරා දිව යනවා. ග්‍රීකයන්ගේ ඇරිස්ටෝටලීය න්‍යායට අවුරුදු දෙදහස් ගණනක් වෙනවා. යුදෙවුවන්ගේ දෙවියන් වහන්සේ ඇතුළු වියුක්ත සංකල්ප එයටත් වඩා පැරණියි. මේ සියල්ලේ එකතුව තමයි ජාත්‍යන්තර සුපිරිව්‍යුහය ලෙස හැඳින්වෙන්නේ. එහි ප්‍රධාන ම සංරචකයක් වන්නේ බටහිර විද්‍යාවයි. බටහිර සංස්කෘතියට සාපේක්‍ෂව නිර්මාණය වූ දැනුමක් අද මුළු ලෝකයේ ම දැනුමක් බවට පත්කර තිබෙනවා. එය ඊනියා වාස්තවික දැනුමක් ලෙස ඉගැන්වෙනව.

සුපිරිව්‍යුහයේ සංස්කෘතියත් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය. එයට උපසංස්කෘතියක් නැහැ. එහි ආයතන එකට එකතු වී සාකච්ඡා කර තීරණ ගන්නේ නැහැ. එහෙත් ඒ සියල්ල අර සංස්කෘතික හුයෙන් බැඳී තිබෙනවා. එහි චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයයි. මේ සුපිරිව්‍යුහය සංවිධානය වීම ඇරඹිලා අවුරුදු පන්සියයක් පමණ වෙනවා. එහි දී ඇරිස්ටෝටලීය න්‍යායත්, යුදෙවු වියුක්තකරණයත් විශේ’ෂයෙන් බලපානවා.

අද ලෝකය ම පාලනය කෙරෙන්නේ මේ ජාත්‍යන්තර සුපිරිව්‍යුහයෙන්. අද බටහිර රටවලටත් අවශ්‍ය වෙලා තියෙනවා සුපිරිව්‍යුහයෙන් නිදහස් වීමට. එක්සත් රාජ්‍යයේ ජනාධිපතිවරු මෙතෙක් ක්‍රියා කෙළේ මේ සුපිරිව්‍යුහයේ අවශ්‍යතාවන් අනුව. බටහිර ජාතික රාජ්‍යය නැහැ. ඇත්තේ ආගමික රාජ්‍ය පමණයි. සුපිරිව්‍යුහය විසින් මේ රාජ්‍ය ඊනියා ජාතික රාජ්‍ය ලෙස හඳුන්වනු ලැබුවා. ඊයේ ට්‍රම්ප් දිවුරුම් දුන්නේ දකුණු අත ඔසවා වම් අත බයිබලය මත තබාගෙන. ඒත් ඔහු හා එක්සත් රාජ්‍ය ජනතාව යම් පිරිසක් සුපිරිව්‍යුහයෙන් නිදහස්වීමට තීරණය කර ඇති බව පැහැදිලියි. ට්‍රම්ප් ඊයේ සංස්ථාපනයට (එස්ටැබ්ලිෂ්මන්ට්) විරුද්ධව කතා කළා. මේ සංස්ථාපනයෙන් ජනතාව නිදහස් විය යුතු බව ඔහු කිවුවා. මේ සංස්ථාපනය අන්කිසිවක් නොව ජාත්‍යන්තර සුපිරිව්‍යුහයයි.

නලින් ද සිල්වා

ද්‍රවිධ ජාතික සන්ධාන නායක,විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ගේ සමීප ඥාතියෙකු වන සීවරාසා(නෑ කමට මස්සිනා වන) නැමත්තේකු පසුගිය 8 වැනිදා කොළඹ වරාය හරහා මේ රටට ගෙන්වු මෙරටට ගෙන්වීම තහනම් කර ඇති අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ සහිත කන්ටේනර පෙට්ටියක් ජනපතිගේ නියමයෙන් මුදාහැරිමට කටයුතු කර තිබේන බව අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.පසුගිය 8 වැනිදා කොළඹ වරාය හරහා පැමිණී මෙම තහනම් බඩු තොගය සහිත කන්ටේනරය පෑලියගොඩ බහාලූම් අංගනයේ රේගුව බාරයේ රදවාගෙන තිබුන අතර පසුව ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයට දැනුවත් කිරිමට කටයුතු කර තිබේ.

KJU0465018 අංක දරන මෙම කන්ටේනරය ගෙන්වා ඇත්තේ දෙමළ ජාතික සන්ධාන නායක හා විපක්ෂේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ සමීප ඥාතියෙකු වන සිවරාසා නැමැත්තෙකු වන අතර අදාළ කන්ටේනර පෙට්ටිය කොටි ඩයස්පොරාව විසින් අමෙරිකාවෙ සිට එවා තිබේන බවටද මේ වන විට තොරතුරු අනාවරණය වි තිබේ.

රූපවාහිනි සම්ප්‍රේණය සදහා යොදවා ගන්නා උපකරණ සහ අධිතාක්ෂණික කැමරා උපකරණ මෙන්ම දැනට ලෝකයේ ත්‍රස්තවාදී කණ්ඩායම් භාවිතා කරන තහනම් සන්නිවේදන උපකරණ කිහිපයක්ද ඒ අතර තිබේන බවත් ඒවා භාවිතා කරමින් අවශ්‍ය ඔනෑම තැනක රූපරාමු චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ වීකාශය කිරිමට හැකියාව ඇති බවද රේගු පරික්ෂකයන් ආරක්ෂක අමාත්‍යංශයට දැනුම් දි තිබේ.

කෙසේවෙතත් ආරක්ෂක ලේකම්වරයා විසින් අදාළ කන්ටේනරය වහාම මුදාහරින ලෙසට නියෝග කර තිබේන අතර ඒ අනුව අදාල කන්ටේනරය මේ වනවිට පෑලියගොඩ බහාලූම් අංගනයේන් ඉවත් කරගෙන ගොස් තිබේ.

2020 ජනාධිපතිවරණය සදහා වතමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඒ හරහා එජාපයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති විම සදහා පිඹුරුපත් සකස් කර තිබේන බවත් එය පරාජය කිරිම සදහා විකල්ප බලවේගයන් එකතු කර පොදු අපේක්ෂකයෙකු නිර්මාණය කිරිම තමන්ගේ එකම අරමුණ බව ජාතික හෙළ උරුමයේ ප්‍රධානින් සමග පසුගියදා පිට කොට්ටේ ප්‍රදේශයේ නිවසක පැවැත්වු සාකච්ඡාවකදි අමාත්‍ය පාඨ්ළී චම්පික රණවක අනාවරණය කර තිබේ.

අදාළ සාකච්ඡාව් සදහ දැනට ස්වාධීනව් සිටින බව පවසන රතන හිමියන්, හෙළ උරුමයේ සම සභාපති ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන සහ අනිකුත් සමාජිකයන්ට අමතරව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සජිත් පිළ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සහ මාධ්‍ය ආයතනය සභාපතිවරයෙකුද මෙම සාකච්ඡාවට එක්ව ඇති අතර එහිදි පාඨ්ලී පැය එකහමාරක පමණ කාලයක් රනිල්ගේ ජනපති සිහිනයේ ගමන් මග පිළිබඳව පැහැදිලි කර තිබේ.

එජාපය සමග ඩීල් දමාගෙන සිටින ශ්‍රීලනීපයේ ඇතැම් ඇමතිවරුන් 2020 ගොඩ යෑම සදහා රනිල්ගේ ව්‍යාපෘතියට උදවු කරමින් සිටින බවත් රනිල්ගේ ඒමකුමන්ත්‍රණයට සහය පලකරන එස්.බි වැනි අය මෛත්‍රීපාල සිරිසේන 2020 දීත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටත් විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගෙන යෑමටත් යොජනා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරමින් සමාජ මතවාදයක් සාදමින් සිටින බවයි පාඨ්ළී චම්පික පෙන්වා දි ඇත්තේ.

කෙසේවෙතත් අදාළ සාකච්ඡාව සදහා එකතු වු ජාතික හෙළ උරුමයේ සමාජිකයෙකු අප විශේෂ් වාර්තාකරු සමග අනාවරණය කර ඇත්තේ 2020දි රනිල් පරාජය කරන මුවාවෙන් විකල්ප බලවෙග එකතුකර යලිත් පොදු අපේක්ෂකයෙකු නිර්මාණය කර එම පොදු අපේක්ෂකත්වය තමන්ට හිමිකර ගැනිමට පාඨ්ළී චම්පික කටයුතු කරමින් සිටින බවයි.පසුගිය සතියේ කාගෙත් කතාබහට ලක්වු අතුරලියේ රතන් හිමියන්ගේ අමතුම් පන්නයේ ස්වාධීන විම පිළිබඳව වු අතර ඒම් ස්වාධීන විම පසුපස ඇති කතාන්දරයද මෙය බවයි ඔහු අප වාර්තාකරු හමුවේ පවසා ඇත්තේ.

http://www.sinhala.lnwtoday.com/archives/11330

Top