උග්‍ර රනිල් විරෝධීයෙකු වන දකුණු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මෙන්ම සජිත් පිළේ න්‍යායාචාරවරයෙකු වන මෛත්‍රී ගුණරත්න ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉවත්කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කටයුතු කළේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝගය මත බව ඇමතිවරයා විසින්ම පිළිගෙන තිබේ.

කෙසේවෙතත් ඊයේ මාධ්‍ය හරහා ප්‍රකාශය වුයේ මෛත්‍රී ගුණරත්න විසින් පසුගිය කාල සීමාවේ ලංකා ගල් අඟුරු සමාගමට ගෙන්වු ගල් අඟුරු ටෙන්ඩරයෙන් ඩොලර් මිලියන දහයකට වඩා වංචාවක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ හේතුවෙන් ජනපති නියමයෙන් මෛත්‍රී ගුණරත්න සහ ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉවත්කිරීමට කටයුතු කල බවයි.

මීට ආසන්නතම හේතුව වි ඇත්තේ පසුගියිදා අගමැතිවරයා විසින් මුල්ගල තැබු නන්දන ලොකුවිතානගේ රිජිඩ් ටයර් සමාගමේ ඉදිකිරිම් කටයුතු වලට සජිත් පාර්ශවයේ දුෂණ විරෝධි ඇම්බැට්ටයන් ජනාධිපති හමුවි කේළාම් කිමත් එම කේලම හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්‌විස්‌ටර්ලන්ත සංචාරය නිමවා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක්‌ යෝජිත හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්‌ඩලයට උපදෙස්‌ දී දිමත් ය.

නන්දන ලොකුවිතානගේ රිජිඩ් ටයර් සමාගමට ඩොලර් 40,000 වෙනුවට අක්තරයක් ලබා දී ඇත්තේ ඩොලර් 11,500 ක් මුදලකට වන අතර ඒ අනුව වාර්ෂික බදු මුදල අක්කරයකට රු. 100 ක් බවත් වාර්ෂික බදු මුදලින් පමණක් අක්කරයකට ඩොලර් 3849 ක පාඩුවක් රජයට සිදු වන බවත් අක්කර 100 සදහා සිදුවන පාඩුව ඩොලර් 384,900 ක් බවත් පවසමින් අදාල අයොජන ව්‍යාපෘතිය සදහා ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිරිසේනගෙන් තනතුර ගත් ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය අත්සන් නොකර සිටිමයි.

එම අත්සන් නොකර සිටිමට මුලිකවම බලපෑම් එල්ල කර ඇත්තේ සජිත් කල්ලිය වන අතර එම මෙහෙයුම පසුපස සිරිසේනගේ සමිපතමයා මෙන්ම න්‍යායාචාර්වරයා ලෙස කටයුතු කරන ශීරාල් ලක්තිලකද සිටින අතර ගල් අඟුරු සම්බන්ධයෙන් වු ගැටලුව මුල්කර ගනිමින් ගුණරත්නට ෂොට් එක දිමට අගමැති කටයුතු කර තිබේ.සමහර විට ඉදිරි දින කිහිපය තුලදි සභාපති නීතිඥ උපුල් ජයසූරියටද එම ඉරණමට මුහුණ දිමට සිදුවන් අතර එහි ස්වරූපයේ වෙනසක් විය හැකි බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

කිළීගෙන් පඩි ගන්නා සජිත් පේ‍්‍රමදාස මහතාගේ දැඩි හිතවාදියෙකු වන එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් අගමැතිවරයා ඉලක්ක කර ප්‍රහාරයක්ද දියත් කල අතර කිළීගේ කළණ මිතුරා වන සිරිසේන ජනපතිගේන ඉල්ලිමක් කරමින් කියා සිටියේ “අද වන විට අගමැතිවරයා ඇතුළු කුඩා පිරිසක් මුදල් හම්බ කිරීම සදහා වූ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවත් ජනාධිපතිවරයාගෙන් දැන්වත් කසය අතට අරගෙන නිවැරදිව කිරිමට කටයුතු කල යුතු බවයි.”

ඉවත් කිරිමෙන් පසුව මෛත්‍රී ගුණරත්න නිකුත් කල නිවේදනය 

18-01-2017
ගල්අගුරු සමාගමේ සභාපතිධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ප්‍රවෘත්ති නිවේදනයයි.

2017 ජනවාරි මස 15 වන ඉරිදා දිනයේදී විදුලිබල අමාත්‍යංශයේ ලේකම් විසින් අමාත්‍යවරයා වෙත ලියන ලද අසත්‍ය කරුණු රාශියක් ඇතුලත් ලිපියක් පදනම් කරගනිමින් 2017 ජනවාරි මස 17වනදා සවස් වන විට රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා විසින් මාගේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මේ පිළිබඳ මා කිසිසේත්ම කණගාටුවට හෝ පුදුමයට පත්නොවෙමි. 2015 ජනවාරි 08 ජනවරම ලබාදුන් මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 10 වන පරිච්ඡේදයේ ජනතාවට පොරොන්දු වූ පරිදි ගල් අගුරු ආනයනයේදී සිදුවන මහාපරිමාණ දූෂණය ,වංචාව නතර කිරීම වෙනුවෙන් මා හට ගතහැකි සෑම පියවරක්ම මා විසින් ගන්නා ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වූ නඩුවකදී කැබිනට් මන්ඩලය නොමග යවා ගල් අගුරු ටෙන්ඩරය පිරිනැමීමේ ගිවිසුමට අනුමැතිය ලබාගෙන ඇති බවත්, බලය ඉක්මවා කටයුතු කර ඇති බවත් කැබිනට් මන්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුව හා අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය කරන ලද නිර්දේශ සම්බන්දයෙන් විෂය භාර අමාත්‍යවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව මා මවිතයට පත්නොවෙමි.

එමෙන්ම විගණකාධිපතිවාර්ථාව හෝ විධිමත්ව අධ්‍යයනය නොකර මා වෙතින් කිසිදු කරුනු විමසීමකින් තොරව මෙම තීරණය ගැනීම පිළිබඳව හෝ මා පුදුමයට පත්නොවෙමි.
මෙම ඉවත් කිරීම සිදුවුයේ රටට අතිවිශාල පාඩුවක් සිදුකරමින් වැඩිමිලට ගල්අගුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියට මා බාධාවක් නිසාය.ඉදිරියේදී තවත් ගල් අගුරු ටෙන්ඩරයක් සිදුකිරීමට නියමිත අතර, ඒ සදහා සැපයුම්කරුවන් ලියාපදිංචිය පසුගිය සතියේ සිට ප්‍රසිද්ධ කරන ලදි. ඊට ප්‍රථමව මා ඉවත් කිරීම මගින් ඔවුන්ගේ සිතැඟි ඉටුකරගැනීමට මෙම දූෂණයට සෘජුව හා වක්‍රව සම්බන්ධ පිරිස් උත්සාහ ගන්නා බව මම දනිමි.

පසුගිය වසර දෙකක කාලය තුළ මා විසින් නැව් ප්‍රමාද ගාස්තු,බත්තල් ගාස්තු හා කළමණාකරණ ගාස්තු වෙනුවෙන් කරන ලද වියදම් වලින් රුපියල් මිලියන 1053 ඉතිරිකර ඇති අතර මාගේ කාලය තුළදී අවශ්‍ය මුළු ගල්අගුරු ප්‍රමාණයම සපයාදීමට ද කටයුතු කර ඇත.

යහපාලන රජය තුළ තනතුරු දරණ බොහෝ පිරිස්වලට, මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්තිය පිලිබද හෝ යහපාලනයේ මූලික සංකල්පයන් හෝ හරයන් පිළිබඳවත් සැලකිල්ලක් නොමැති අතර යහපාලනයේ මුවාවෙන් හොරකම්,දූෂණ වංචා කරමින් ජනාධිපතිවරයා වෙත ජනතාව තබන ලද විශ්වාසය දිනෙන් දින පළුදු කරමින් පවතින බවත් සදහන් කරමි.

යහපාලන රජය තුළදී සිදුකරන ලද ගල්අගුරු වංචාව මගින් මහජන මුදල් ගසාකෑමට අදාල පාර්ශවයන් රටට හෙලි කිරීමෙන් නොනැවතී 2015 ජනවාරී 08 මේ රටේ ලක්ෂ 62කට වැඩි ජනතාව අපේක්ෂා කල යහපාලනය ඇති කිරීමේ සටන කුමන බාධක පැමිණියද ඉදිරියටත් සිදුකරන බවත් සහතික වෙමි. මෙම කාරණය සම්බන්ධව ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇති අතර අපක්ෂපාතී පරීක්ෂනයක් තුළින් සැබෑ වංචා කරුවන් හෙළිදරව් කරගනිමින් රටේ මහජන මුදල් ආරක්ෂා කරගැනීමට පෙළගැසෙන ලෙස සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමි.

මෛත්‍රී ගුණරත්න

MY3

සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රියම්භිකාවක් වන ප්‍රියන්ති දිසානායකට රටේ අහිංසක මහජනතාවගේ මුදලින් 2017 ජනවාරි 22 සිට 29 දක්වා ඉන්දුනීසියානු විනෝද සවාරියක් ලබාදී තිබෙනවා. පශ්චාත් උපාධියක නමක් පටලවා ගෙන මුදල් වලට විකිණෙන ආයතනයක් අන්දවා ගනිමින් පුහුණුවක් යයි කියා ගන්නා මෙම ලිංගික අල්ලස සූදානම් කර දී තිබේ. (ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍යාංශය විසින් දුන් අනුමැතිය පහත දැක්වේ)

ගුවන්සේවා අධිකාරියේ පුස්තකාලයේ සේවය කරන ඇය එහි එල්ලාගෙන ඇති බෝඩ් ලෑල්ල වන්නේ Civil Aviation Technical Library නමයි. ලොකයේ ප්‍රථමවරට පුස්තකාලයක් ටෙක්නිකල් කිරීමේ ගෞරවය හිමි වන්නේද ඒකාධිපති චන්ද්‍රසේන නිමල්සිරි ගොයියාටමය. පුස්තකාලයක් ‘තාක්ෂණික‘ බවට පත් කරන්නේ කෙසේද යන්න නිමල්සිරි රටට පැහැදිලි කළ යුතුය. ඔහු තමන්ගේ සහචර ගෑනුන්ට සල්ලි කවන්නට තාක්ෂණයද පාවාදී තිබීම කණගාටුදායකය. ගුවන්සේවා අධිකාරියේ සේවකයින් පවසන්නේ පුස්තකාලය කෙසේ වෙතත් ප්‍රියන්ති නං ටෙක්නිකල් අයිටම් එකක් බවකි. ඒ අනුහසින් ඇයට නිතර විදෙස් සංචාර ලැබේ.

මෙවර ඇයට ලැබී ඇත්තේ ‘කළමණාකරණය පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනකි‘. මෙවැනි පාඨමාලා ලංකාවේ පඳුරකට ගැහුවත් සොයා ගත හැකි අතර ලොකුම විහිළු වන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයද නිමල්සිරිගේ ගැට වලට අසුවී මෙවැනි මෝඩ වැඩසටහන් සඳහා අනුමැතිය ලබාදීමයි.

අධිකාරී සේවකයින් පවසන ලෙසට ප්‍රියන්ති කවදත් දෑතේ දක්ෂතාවයෙන් පිරිපුන් ගැහැනියකි. නැත්නම් චන්ද්‍රසේන ගොයියා ලවා ඉංගිරිසි පොත් සහ සඟරා කන්දක් ඇති පුස්තකාලය ටෙක්නිකල් කර ගැනීම එතරම් පහසු නැත. ඇයට මහ එකාට “ඉයර්ස් සර්” කියනවා ඇරෙන්නට තව වැඩ තිබුණත් ඒවා ලියන්නට අපහසුය. ඒවා තම තම නැණ පමණින් දැනගත යුතුය.

මුං තමුන්ගේ හොර ගෑනු සතුටු කරන්නට වියදං කරන්නේ රටේ මහජන මුදල් මිස තමන්ගේ බූදලය නොවන බව හොඳින් මතක තබාගත යුතුය. මේවා ආත්ම ගණනක් යනතුරු හත්මුතු පරම්පරාවලටම හෙණ ගහන වැඩය. රටේ ඈත කෙළවරේ එදා වේල කන්න නැති මිනිසුන් සිටියදී මෙවැනි කාලකණ්නි, රජයේම නිලධාරීන් ස්ත්‍රීන් සතුටු කරන්නට මිලියන ගණන් වියදම් කරමින් විදේශ සංචාර ලබාදීම කෙසේ අනුමත කරන්නද? දිට්ඨ ධම්ම වේදනීය කර්මය නොහොත් මෙලොව කළ පව් මෙලොවදීම පටිසන්දීම ඇරඹී ඇත්තේ මේ කිසිත් නොදත් මහඑකාගේ අහිංසක දරුවන්නටද හරි හැටි ඉගනීමට පවා අවස්ථාව නොලැබීමෙන් බව අධිකාරියේ සේවකයින් කියයි.

යහපාලන රජය බලයට පත්වුණත් ඒකාධිපති චන්ද්‍රසේන නිමල්සිරිට නං ගාණක්වත් නැත. තමන්ගේ ගුණගී ගයමින් චාමර සලන ගෑණු රැල මහජන මුදලින් රට යවන්නට දැනුදු කිසිදු හිරිකිතයක් නැත. පසුගිය රජය සමයේ බිම්බා මනම්පේරි නැමැත්තියක් මේ අයුරින්ම ආදරයෙන් හදාවඩා ගත්තේය, රට රට වල යැවුවේය, බිල්ඩින් හදන්නට ටෙන්ඩර් දුන්නේය. (බිම්බා සමග චන්ද්‍රසේන ගොයියා හුවමාරු කරගත් පුද්ගලික කෙටි පණිවුඩ අප සතුව ඇති අතර ඒවා අවශ්‍ය වූ විට ඉදිරිපත් කරන්නෙමු).

යහපාලන රජය බලයට පත්වූයේ මෙවැනි අසික්කිත රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතු ඉදිරියටත් රැගෙන යාමටද යන්න ගුවන්සේවා අධිකාරී සේවකයෝ ප්‍රශ්න කරති.

20170119_000901

ආශු මාරසිංහ මන්ත්‍රිතුමාත්, ලසන්ත අලගියවන්න ඇමතිතුමාත් අත්අඩංගුවට ගන්නට FCID යට බල කරමින් පැවැති උද්ඝෝෂණයේ නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස්.

ජනවාරී මාසයේ 10 වැනිදා කොටුව මහෙස්ත්‍රත් උසාවියේ දී නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරලා පෙන්වා දුන්නා විමල් විරවංශ මන්ත්‍රිතුමා වාහන අවභාවිතයට සහාය දුන්නා කියන්න එක පෑන් ඉරක සාක්ෂියක් නෑ. නමුත් ආශු මාරසිංහ මන්ත්‍රිතුමාත්, ලසන්ත අලගියවන්න ඇමතිතුමාත් වාහන අවභාවිතා කල බවට ලිඛිත සාක්ෂි තිබිය දී මේ දෙන්නා අත්අඩංගුවට නොගෙන විමල් විරවංශ මන්ත්‍රිතුමා අත්අඩංගුවට ගත්තේ කුමණ පදනමකින්ද කියලා.

පොලිසිය කිව්වේ අපේ විමර්ශණ තාම ඉවර නෑ. ඉදිරියේ දී ඒ අයවත් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න ක්‍රියා කරනවා කියලයි. මහෙස්ත්‍රත්තුමිය නියෝග කරා අදාල අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒ නියෝගය දීලා අදට දින 8ක් වෙනවා ආශු මාරසිංහ මන්ත්‍රිතුමාත්, ලසන්ත අලගියවන්න ඇමතිතුමාත් නිදහසේ එළියේ සැරිසරමින්, ඔව් අපි වාහන භාවිතා කරා කියනවා. මේ පොලිසියට ඒ අය තාම අත්අඩංගුවට ගත්තේ නෑ නෙවෙයි ගන්න බෑ. මොකද ඒ අය කොළ පාටයි. ඒ අය ආණ්ඩුවේ නිසා.

ඉස්සර කිව්වේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ කියලා. දැන් ඒක වෙනස් කරන්න වෙනවා උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ කියලා. ඒනිසා ආණ්ඩුවට එකතු වුණොත් වැරදිකරුත් නිවැරදිකරු වෙනවා ආණ්ඩුවට එරෙහි වුණොත් නිවැරදිකරුත් වැරදිකරුවෙනවා.

මේක දේශපාලන විරුද්දවාදීන්ගෙන් පලිගන්න හදපු හිට්ලර්ගේ ගෙස්ටාපෝ පන්නේ පොලිසිය වගේ තමයි FCID කියන්නේ. ඒනිසා මොවුන් දේශපාලන විරුද්දවාදීන් නැති චෝදනා හදලා අත්අඩංගුවට ගද්දි චෝදනා වලට පැහැදිලි ලිඛිත සාක්ෂි තිබෙන ආශු මාරසිංහ, ලසන්ත අලගියවන්න වැනි ආණ්ඩුවේ ඉන්න අය නිදහසේ නිදැල්ලේ ඉන්න ඉඩදීලා තියෙනවා. අද අපි FCID එක ඉදිරිපිටට ආවේ ඒ මහේස්ත්‍රාත්තුමිය දුන්න නියෝගය ඉටු කරන්න තාමත් තමුන්ට බැරි වුණා නේද? ලැජ්ජයිනේද මහත්තයෝ කියලා FCID එකෙන් අහලා යන්න.

මීලග උද්ඝෝෂණය FCID මහත්වරුන්ගේ ගෙවල් ඉදිරිපිටයි

නමුත් අපි එනවා කියලා ආරංචි වෙලා. අපිට ලැබුණු තොරතුරු අනුව අද උදේම FCID මහත්වරුන් අධිකරණ නියෝගයක් ගන්න ගිහින් තියෙනවා මේ උද්ඝෝෂණය තහනම් කරන්න කියලා. වාසනාවකට අධිකරණය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එන පාරවල් වහලා බාදක දාලා කුළු පොලු හමුදාව ගෙනල්ලා ජල ප්‍රහාරක ගෙනැල්ලා අපි එන එක නතර කරන්න ගන්න පුළුවන් සියළුම උත්සහයාන් දරලා තියෙනවා. අපි අහන්නේ මේ රටේ ජනතාවට රාජ්‍ය ආයතනයක් ඉදිරියට ගිහිල්ලා සමකාමීව උද්ඝෝෂණය කරන්න බැරිද? මේකද ප්‍රජත්‍රන්තවාදය මේකද යහපාලනය. හැබැයි මහත්තයෝ ජලප්‍රහාරක යාත්‍රවලට නම් බයවෙන්නේ නෑ. අපි ආවේ සාමකාමිව විරෝධය පලකරන්න අපි ඒක මෙතන කරලා යනවා. හැබැයි ආශු මාරසිංහ, ලසන්ත අලගියවන්නයි අත්අඩංගුවට ගත්තේ නැත්නම් මෙතෙන්ට එන්නත් එපා කියනවා නම් අපි ඊළගට උද්ඝෝෂණය කරන්නේ FCID එකේ ලොකු මහත්වරුන්ගේ ගෙවල් ඉස්සරහ කියන එක අපි FCID නිළධාරින්ට මතක් කරනවා.

නීතිය නවන වැල්ඩින් බාස් පොලිස්පතිතුමාටත් අපි කියන්න කැමතියි නීතිය නැමුවට කමක් නෑ ඔබතුමා වැඩිය නැවෙන්න එපා යටට ඇදලා තියෙන කොළපාට ඇඳුම් පෙනේවී මොකද අද FCID එකේ ඉන්නේ කොළපාට ඇඳුම් ඇදලා ඊට උඩින් කාකිසුට් ඇදගත්ත නිලධාරින්. මේක කෙලින්ම එජාප පොලිසියක් මිසක් ජනතාවට යුක්තිය ඉටුකරන පොලිසියක් නෙවෙයි. ඒ නිසා ආශු මාරසිංහ, ලසන්ත අලගියවන්නයි අත්අඩංගුවට ගන්න තුරු අපේ මේ උද්ඝෝෂණ නතර කරන්නේ නෑ.

මහත්මාගාන්ධිතුමා තමන්ගේ අවිහිංසාවාදි සටනේ දී නිරන්තරයෙන් සිරගත වුණා. එතුමා හැමදාව කිව්වේ මරණයටත් වේදනාවටත් හිරගෙදරටත් බය නැති කෙනෙක් විදිහට මාව නතර කරන්න ඉංග්‍රිසි අධිරාජ්‍යට බෑ කියලා. අපි හිරගෙවල් වලට, මරණයට බය නෑ. ජනවාරී 07වෙනිදත් අපි පොලිසියෙන් හොදට කැවා. ඒ වෙදනාවන්ට අපි බය නෑ. ඒ නිසා මහත්තයෝ කාකිසූට් පෙන්නලා අපිව බය කරන්න බෑ. රනිල් මහත්තයෝ අලුත් ක්‍රමයක් හොයා ගන්න පුජිත බිල්ලට අපි බය නෑ. කියලා අපි ආණ්ඩුවට සිහිපත් කරන්න කැමතියි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ආණ්ඩුවෙන් ඉවත් වුණේ වස විස නැති ආහාර කවන්න ගෙනාපු ආණ්ඩුව වසර දෙකක් තුළ රටේ ආර්ථිකය බින්දුවට වට්ටවා ජනතාවට කොස් කොළ, ක්‍රෝටන් කොළ කවන්න යන නිසාදැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රශ්න කළේය.

යහපාලනය ගේන්න ගිය එකා දෙන්නා දැන් යහපාලනය වහපාලනයක් යැයි තේරුම් ගෙන නිවැරැදි මාර්ගය වෙත යොමු වෙමින් සිටින බව පැවසූ රණතුංග මහතා වහපාලන ආණ්ඩුවේ ගඩොල් දැන් එකින් එක ගැලවෙමින් තිබෙන බවත් වැඩි දිනක් යන්නට පෙර ආණ්ඩුවම දෙදරා බිම වැටෙනු නිසැක බවත් අවධාරණය කළේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළොන්නාව සමූපකාර ශාලාවේ දී පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට 16 වැනි දා සවස එක්වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මට මේ රැස්වීමට සහභාගී වෙන්න කියලා ආරාධනා කළේ විමල් වීරවංශ මහතා. මට රැස්වීමට ආරාධනා කරපු වීරවංශ මහතා අද රිමාන්ඩ් එකට දාලා තිබෙනවා. එතුමා රිමාන්ඩ් කළේ රට වෙනුවෙන් හඬක් නැගීමේ වරද නිසයි. මේ ආණ්ඩුවේ මහා හොරු නිදැල්ලේ ඉන්න කොට රට වෙනුවෙන් හඬක් නගපු විමල් වීරවංශ අද සිර කරලා තිබෙනවා. හිර කරලා එතුමාගේ හඬ නවත්වන්න පුළුවන්කමක් නැහැ.

ජාතික නිදහස් පෙරමුණේ මහ සමුළුව 22 වැනි දා පැවැත්වෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නුගේගොඩ දී පෙරළියක ඇරැඹුව දැවැන්ත ජන රැළිය පැවැත්වනවා. මේ ජනරැලිවල වීරවංශ මහත්තයාගේ හඬ නැ‍‍ගෙන එක වළක්වන්න තමයි යහපාලන ආණ්ඩුව වීරවංශ මහත්තයා සිරගත කළේ. ඉදිරි දින කිහිපය තුළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට වගේම මටත් හිරේ යන්න වෙයි.

අපව සිරගත කළත් මේ ජනරැලිවලට සහභාගී වන ජන ගංගාව නතර කරන්න ආණ්ඩුවට බැහැ. ඒ වගේම මේ ආණ්ඩුවට එරෙහිව දිනෙන් දින එක් රැස් වන ජන ගංගාව ආපසු හරවන්නත් පුළුවන්කමක් නැහැ..

යහපාලන වහපාලනයක් වෙන කොට යහපාලනේට කඩේ ගි එකා එකා දැන් අයින් වෙනවා. හෙළ උරුමයේ රතන හාමුදුරුවොත් ස්වාධීන වෙනවා කියලා ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා. නමුත් අපට තිබෙන ප්‍රශ්නය තමයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන උන්වහන්සේ ජනාධිපති උපදේශක ධූරය අතහරින්නේ නැත්තේ ඇයි කියන එක. ජනාධිපතිගේ උපදේශකයෙක් කොහොමද ස්වාධීන වෙන්නේ?

රතන හාමුදුරුවෝ මේ ආණ්ඩුව ගේන්න මහන්සි වුණේ ජනතාවට වස විස නැති ආහාර දෙන්න කියලයි එදා කිව්වේ. නමුත් දැන් ආණ්ඩුවේ කෘෂිකර්ම උපදේශකයෝ කියන්නේ ජනතාවට කොස් කොළ, ක්‍රෝටන් කොළ කන්න ලැහැස්ති වෙන්න කියලයි. වස විස නැති ආහාර කන්න දෙන්න ගෙනාපු ආණ්ඩුව ජනතාවට කොස් කොළ, ක්‍රෝටන් කොළ කවන්න යන හින්දද උන්වහන්සේ ආණ්ඩුවෙන් ඉවත් වුණේ කිය එක අපි අහන්න කැමැතියි.

එදා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන්න අවසර ඉල්ලුවාම ප්‍රතික්ෂේප කරපු කතානායක රතන හිමියන්ට ස්වාධීන වෙන්න දෙන්නේ කොහොමද කියන එක ඒකාබද්ධ විපක්ෂය බලා සිටිනවා. වැරැදි මාර්ගයක ගිය බව තේරුම් ගත්තාම නැවතත් නිවැරැදි මාර්ගයට එන්න ඕනෑ කෙනකුට අයිතියක් තිබෙනවා. නමුත් එදා ජනාධිපතිවරණය වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා කරපු රඟපෑමේ දෙවැනි කොටස මෙයද කියලත් සමහරවිට හිතෙනවා.

කොහොම වුණත් මේ ආණ්ඩුවේ ගඩොල් දැන් එකෙන් එක ගැලවෙන්න පටන් අරන් ඉවරයි. ප්‍රියංකර ජයරත්න මහත්තයා ඇමැති ධූරයෙන් ඉවත් වුණා. දැන් රතන හාමුදුරුවෝ ස්වාධීන වෙලා තිබෙනවා. තව ඉස්සරහට යන විට තව තව අය ඉවත් වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගේම එක්සත් ජාතික පක්ෂයෙත් ඉන්නවා මේ ආණ්ඩුව ගැන කලකිරිලා ඉන්න අය. ඒ අයට එකතු වෙන්න තියෙන හොඳම තැන ඒකාබද්ධ විපක්ෂයයි.

මගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක් 1977 අපේ ගෙදර ගිනි තියන විට මට වයස අවුරුදු දහයයි. මගේ පියාට පිහියෙන් අනිනනවා මම ඇස් දෙකෙන් දැක්කා. මම සහෝදරයෝ ගැන කථා කරන්නේ නැහැ.

අපි හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මහතාගේ, එම මැතිණියගේ ප්‍රතිපත්ති සමඟ දේශපාලනය කරනවා. එදා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කිව්වම අපට ගෞරවයක් ආඩම්බරයක් තිබුණා. හැබැයි දැන් ශ්‍රී ලංකාකාරයෙක් ද කියලා අහපුවාම පොඩ්ඩක් රිවස් ගියර් එකට දාගන්න වෙනවා. කටක් ඇරලා ශ්‍රී ලංකාකාරයෙක් කියලා කියන්න අපට දැන් පුළුවන්කමක් නැහැ.

අපේ පක්ෂයේ සභාපති, වර්තමාන ජනාධිපති ආප්ප න්‍යාය අනුගමනය කරලා අපට කොකා පෙන්නපු නිසා ඒ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. දැන් මේ පක්ෂය තියෙන්නේ අලියගේ නැට්ටේ ඔතලයි. එතකොට අපි කොහොමද කටක් ඇරලා ශ්‍රී ලංකාකාරයෝ කියන්නේ. අපි ජීවිතේට එහෙම ඉඳලා නැහැ. පක්ෂයේ සභාපතිවරයා තමන්ගේ පැවැත්ම උදෙසා එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ ඔතලා තියෙන නිසා අපට එහෙම වෙලා තිබෙනවා.

ඒ නිසා තමයි අපි ඒකාබද්ධ විපක්ෂය කියලා වෙනම සංවිධාන වෙලා තියෙන්නේ. මම පාර්ලිමේන්තු එන්න හිටපු කෙනෙක් නොවෙයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුණාම මම තීරණය කළා තනතුරු අතහැරලා පාර්ලිමේන්තුවට ඇවිත් මහින්ද රාජපක්ෂ මහතාට ශක්තියක් වෙනවා කියලා. ඒ නිසයි මම පාර්ලිමේන්තුවේ ඉන්නේ. මටත් තිබුණා අනෙක් අය වගේ මහ ඇමැතිකම ආරක්ෂා කරගෙන ඉන්න.

තනතුරු, වරදාන, වරප්‍රසාද අතහැර යන්න බැරි හාල්පාරුවෝ ටිකක් අපේ පක්ෂයෙත් ඉන්නවා. මගේ වචන ටිකක් හොඳ නැති වෙන්න පුළුවන්. හෘදය සාක්ෂියට අනුව කථා කරන විට තරහක් එන නිසා එහෙම වෙන්න පුළුවන්. මමත් තනතුරු අරගෙන සභාපති එක්ක ඩීල් එකක් දැම්මා නම් මිනිස්සු මටත් කියයි හාල්පාරුවා කියලා. ඒ වචනය අහනවාට වඩා තනතුරු අතහැර මිනිස්සු සමඟ දේශපාලන කරන එක හොඳයි කියලා මම විශ්වාස කරනවා.

2015 ජනවාරි 08 වැනි දා හැමෝම හිතුවා මහින්ද විශ්‍රාම යයි කියලා. මහින්ද මහත්තයා ජනවාරි 08 වැනි දා පරාජය වුණේ නැහැ. ඒක සංඛ්‍යාලේඛන හා කුමන්ත්‍රණයකින් පරාජය කිරීමක්. අපේ ආණ්ඩුව යුද්ධය දිනලා දෙමළ, මුස්ලිම් ජනතාවගේ සහයෝගය අරගෙන වැඩ කරමින් ආවා. නමුත් බටහිර රටවල් කැමැති වුණේ නැහැ මහින්ද රාජපක්ෂ වගේ නායකයෙක් බලයේ ඉන්න එකට.

ඒ මහින්ද රාජපක්ෂ මහතා ඒ අයට ඕනෑ විදියට වැඩ නොකරන නිසයි. ඒ නිසා කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. ඒ පිටුපස හිටියේ ගම්පහ නෝනා. දන්නවානේ කවුද කියලා. කුමන්ත්‍රණය කරලා සුළු ජාතීන් අප සමඟ තරහා කෙරෙව්වා. කවුද හලාල් කථාව ලංකාවේ පටන් ගත්තේ? ඒවා හිතන්න තමුන්නාන්සේලා. අපි සිංහල බෞද්ධ. නමුත් ගම්පහ නෝනා තමයි හලාල් කථාව පටන් ගත්තේ.

බේරුවල සිදුවීම පටන් ගත්තේ රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක. මුස්ලිම් ජනතාවට විරුද්ධව කථා කළේ පාඨලීගේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ. රාජිත මුස්ලිම් මිනිස්සුන්ගේ පැත්ත ගත්තා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටියේ රට. අහක හිටපු මහින්ද මහත්තයා එක්ක සිංහල මිනිස්සුත් මුස්ලිම් මිනිස්සුත් තරහා වුණා. මේවට මුදල් වියදම් කළේ බටහිර රටවල්.

ඒ නිසයි මම කියන්නේ  මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුණේ නැහැ කියලා. නැත්නම් පැරදුණ මිනිහෙක් පසුපස ජනතාව මෙතරම් යයිද? ජේ. ආර්. ජයවර්ධන අයින් වුණාම කවුරුත් ගියේ නැහැ බලන්න. ප්‍රේමදාස මහතා බෝම්බයෙන් මියගියාම කාටත් අමතක වුණා. චන්ද්‍රිකා මහත්මිය ඉවත් වුණාම කවුරුත් ගියේ නැහැ. මට ගහලා, මගේ ඇමැතිකම් නැති කළා වුණත් මමත් ගියා මනුස්සකමට බලන්න.

මාව බලන්න එක බල්ලෙක්වත් ආවේ නැහැ ප්‍රසන්න කියලා මා එක්ක කිව්වා. මම කිව්වා මැඩම් ආශ්‍රය කළේ බල්ලොනේ ඒකයි ඔහොම වුණේ කියලා. එතුමිය මට කිව්වා මහින්ද ඔයාව කපයි කියලා. මම කිව්වේ මාව කපන්න කාටවත් බැහැ කියලයි. මහින්ද මහත්තයා පැරදුණාම ජනවාරි 09 වැනි දා අරලියගහ මන්දිරයෙන් එළියට බැස්සා. එදා ඉඳලම ජනතාව තංගල්ලට ගියා එතුමා බලන්න.

අපි බස් එකක් දුන්නත් මැයි පෙළපාලියකටවත් මිනිස්සු ගෙනියන්න බැහැ. හැබැයි මිනිස්සු අතින් වියදම් කරන් තංගල්ලේ ගියා. අපිට තේරුණා මොනවා වුණත් මිනිස්සු ඉන්නේ මහින්ද මහත්තයා එක්ක කියලා. ඒ නිසයි අපි පෙබරවාරි මාසේ 27 වැනි දා නුගේගොඩ රැස්වීමක් තිබ්බේ. පාර්ලිමේන්තුවේ කවුරුත් හිටියේ නැහැ. නමුත් පළාත් සභාවේ සේරම ඒකට කැපවීමෙන් වැඩ කළා.

පස්සේ ඒ රැස්වීම රට වටා යන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්කෙනා දෙන්නා සහභාගී වෙලා මහ මැතිවරණය වන විට මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනට ගෙනල්ලා අගමැති කරන බලාපොරොත්තුව රටට දෙන්න අපට පුළුවන් වුණා. හැබැයි අපේ ආප්ප නායකයා ඡන්දය වෙලාවේ පක්ෂයේ ලේකම්වරුන් ඉවත් කළා. දින්නත් මහින්ද මහත්තයාට අගමැති ධූරය දෙන්නේ නැහැ කියලා කිව්වා.

අපේ ගම්වල උගත් බුද්ධිමතුන් පවා ඒ අවස්ථාවේ කිව්වා මහින්ද මහත්තයාට අගමැති ධූරය දෙන්නේ නැත්නම් මෛත්‍රීට ඕනෑ එකා අගමැති කරන්න අපි ඡන්දය දෙන්නේ නැහැ කියලා. අපේ මිනිස්සු ඡන්දය දෙන්න ගියේ නැහැ. ඒ නිසා නැවත වරක් ‍රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති කරන්න වුවමනාව තිබුණේ මෛත්‍රිපාල සිරිසේනටයි. ඒ නිසා තමයි අපට මහින්ද මහත්තයා ගේන්න බැරි වුණේ.

අපි අහු වුණා එදා. අපේම අය ඇවිත් කිව්වා අපි එකතු වුණොත් දිනනවා කියලා. මම නම් අන්තිම මොහොත වෙනකම් රණ්ඩු වුණා වෙනම පක්ෂයකින් ඉල්ලමු කියලා. එහෙම වුණා නම් දින්නා නම් අගමැති. පැරදුණා නම් විපක්ෂ නායක. දැන් මුංගේ පදයට නටන්න වෙලා තිබෙනවා. මැතිවරණ අවසන් වෙලා අපිව ගෙන්නලා ඇහුවා මොකද කරන්නේ කියලා. මම තමයි මුලින්ම කිව්වේ මම ඉන්නේ විපක්ෂයේ කියලා.

නැති වෙනවා නම් නැති වෙන්නේ මන්ත්‍රිකම විතරනේ. මහ ඇමැති තනතුර අතහැරපු මට මන්ත්‍රීකම ලොකු දෙයක් නොවෙයි. මම ඒකනේ බය නැතුව කතා කරන්නේ. මම දන්නවා ළඟදිම ෂොට් එක ලැබෙනවා කියලා. හැබැයි මට ෂොට් එක දෙන දාට ඒ අයටත් ෂොට් එක දීලයි මම පස්ස බලන්නේ. මගේ තියරිය එහෙමයි. මේක ඇතුළෙත් ඇති රහස් පොලිස්කාරයෝ. උන්ටත් ඇහෙන්නයි මම කියන්නේ.

අද බලන්න රටට වෙලා තිබෙන දේ. ජාතික ආරක්ෂාව අනතුරේ වැටිලා. අපි ජනාධිපතිවරණයේ දී කිව්වා මෛත්‍රී ජනාධිපති වුණොත් රනිල් අගමැති වෙනවා. එයා දෙමළ ඩයස්පෝරාවට ඕනෑ විදියට නටනවා. මේ රට අනතුරට වැටෙනවා කියලා, යුද්ධයෙන් ප්‍රභාකරන් ගන්න ගිය දේ බන්දේසියක තියලා මුං දෙනවා කියලා අපි කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ?ඒක තමයි ව්‍යවස්ථාවෙන් කරන්න යන්නේ.

ඔයාලා අපි කවුරුත් ව්‍යවස්ථාවක් ඉල්ලුවේ නැහැ. අපි කිව්වේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා. පාර්ලිමේන්තුවට , ආසනයට වග කියන්න පුළුවන් මන්ත්‍රීවරයකු පත් කරන්න කියලා. තුන්වෙනියට අපි කිව්වේ පළාත් සභාවල බලය ගැන නැවත සාකච්ඡා කරන්න කියලා. මම මහ ඇමැති‍කමේ ඉන්න කොටම කිව්වා පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල එපා කියලා. අපි දැනගෙන හිටියා බල‍තල දුන්නොත් වෙන දේ.

අපි මහ ඇමැතිකමේ ඉන්න කොට රණ්ඩු කරලා බලතල ගත්තා නම් උතුරු පළාත් මහ ඇමැතිටත් ඒ බලතල ලැබෙනවා. කොහොම දැන් ඉන්න උතුරු මහ ඇමැතිට ඉඩම්, පොලිස් බලතල දුන්නොත්? මරු එකට හිටියි. ඒ නිසා තමයි අපි එපයි කිව්වේ. නැත්නම් අපිත් කැමැති නැද්ද පොලිස් බලතල ගන්න? පළාත්වල පාලනයක් තියෙන්නේ ආණ්ඩුකාරවරුන් නිසා. දැන් නාමික ආණ්ඩුකාරවරුන් දාලා පළාත් සභාවලට බලතල දෙන්න යනවා.

ටික කාලයක් යන විට ෆෙඩරල් නිකම්ම ලැබෙනවා. එහෙනම් මොකටද රණවිරුවන් තිස් හතලිස් දාහක් ජීවිත පූජා කළේ? මේ යන්නේ ‍බන්දේසියක තියලා ෆෙඩරල් දෙන්න. අද උතුරු නැගෙනහිර පන්සල් ඉදිකිරීම තහනම් කරන්න යනවා. මේ වන විට පන්සල් හතළිස් ගාණක් කඩලා තියෙනවා කියලා ජනාධිපති සමඟ තිබ්බ සාකච්ඡාවක දී හාමුදුරුවරු පෙන්වා දුන්නා. එතකොට කියනවා මම දැක්කේ නැහැ කියලා. පත්තරෙන්වත් ඕවා දැක්කේ නැද්ද?

කොටි එළියට දාලා ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළට දාන කොටත් කියනවා අනේ මම දැක්කේ නැහැ කියලා. ඔන්න ඉතින් වගකිව යුතු ජනාධිපති කෙනෙක් කියන කථාව. ඒකෙන් තේරෙන්නේ මොකක්ද? ජනාධිපති වුණාට වැඩක් නැහැ කිසි කෙංගෙඩියක් කරන්න බැහැ කියලා. අගමැති තමයි සේරම කරන්නේ. අපි පිටරටවලට ගියාම කියනවා කොහොම හරි මේ යහපාලනකාරයෝ ටික එළවන්න කියලා.

රතන හිමි ස්වාධීන වන්න තීරණය කරලා. උන්වහන්සේ එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හිමි නමක්. තවමත් ජාතික හෙළ උරුමයෙන් අස් වී නැහැ. ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පෙරමුණේ ඉන්නවා. ජාතික ලැයිස්තුවෙන් පත් වුනු මන්ත්‍රී හිමිනමක් ලෙස උන්වහන්සේ දැන් ස්වාධීන ව ක්‍රියා කරනවා. එක්සත් ජාතික පෙරමුණෙන් හරි ජාතික හෙළ උරුමයෙන් හරි උන්වහන්සේ අස් කරනු ඇතැයි සිතන්න බැහැ. උන්වහන්සේ ස්වාධීන ව කටයුතු කරන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හිමි නමක ලෙස වැඩ ඉන්න ගමන්. එය ඉතා වැදගත්. බොහෝ දෙනාට ඒ බව මතක් වන්නේ නැහැ. රතන හිමියන් ද ඒ අය ගැන නොදන්නවා නො වෙයි.

රතන හිමි පවසන්නේ උන්වහන්සේ හා චම්පක අතර මූලික මතභේද නැති බවයි. ආර්ථික කටයුතු පිළිබඳ පොඩි වෙනස්කම් කිහිපයක් පමණක් ඇති බව උන්වහන්සේ පවසනවා. අපි එය පිළිගනිමු. උන්වහන්සේ මුසාවාද පවසන්නේ නැහැ. උන්වහන්සේ කෝටියක් සංවර ශීලය රකිනවා. චම්පකත් උන්වහන්සේ අනුව යමින් නුදුරු අනාගතයේ දී ස්වාධීන වේවි ද? එහෙම වුනොත් ජාතික ව්‍යාපාරයට විශාල පාඩුවක් වේවි. අප මෙතෙක් සිත සනසා ගෙන සිටියේ රතන හිමිත් චම්පකත් ආණ්ඩුවේ සිටින තෙක් සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට, කිසිම අසාධාරණයක් සිදු නොවන නිසයි. ඒ බව ජාතික හෙළ උරුමයේ අනුගාමිකයන් අපට කියා තිබුණා. රතන හිමි අනුව චම්පකත් ස්වාධීන වුනොත් සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් රකින්නේ කවු ද?

රතන හිමි පසුගිය දිනවල නිශ්ශබ්ද ව වැඩ විසු බැවින් අප සිතා සිටියේ සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් රැකීමට උන්වහන්සේ රනිල් සමග අරගල කරන බවයි. ජාතික හෙළ උරුමයේ අනුගාමිකයන් අපට පවසා තිබූ ආකාරයට නම් මේ අරගලවලින් රනිල් පැරදිය යුතුයි. රතන හිමිගේ හා චම්පකගේ දක්‍ෂතා හමුවේ රනිල් පරදින බව නියත යැයි ජාතික හෙළ උරුමයේ අනුගාමිකයන් කියා තිබුණා. රතන හිමි ස්වාධීන වන බව ඇසූ විට මා හිතුවේ රනිල් පැරදී ස්විට්සර්ලන්තයට යන්න ඇති කියා. මෛත්‍රිපාල චම්පක අගමැති කරාවි ද කියාත් මා කල්පනා කළා.

එහෙත් රතන හිමි ස්වාධීන වී පවසන්නේ වෙන ම කතාවක්. උන්වහන්සේ ආණ්ඩුවේ දොස් දකිනවා. අප නම් තවමත් ව්‍යවස්ථාවේ කෙටුම්පත දැක නැහැ. අප ව්‍යවස්ථාව ගැන කියන්නේ අපේ ප්‍රවාද ඇසුරෙන්. මේ ආණ්ඩුව බටහිර ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ ඕනෑ එපාකම් ඉටු කරන බව අප දැන සිටියා. උරුලෑවා එන බව අපට කල්තියා කියන්න පුළුවන්කම තිබුණා. රතන හිමි හා චම්පක එසේ නො වෙයි. උරුලෑ ගඳ ඉවසමින් ඌ පරාජය කිරීමට රතන හිමිටත් චම්පකටත් හැකි බව අපට ජාතික හෙළ උරුමයේ යුග පෙරළි කාරයන් කියා දී තිබුණා. රතන හිමි ව්‍යවස්ථා කෙටුම්පත ගැන පැවසුවා. ඒ කියන්නේ උන්වහන්සේ අප මෙන් නොව ව්‍යවස්ථා කෙටුම්පත දැක ඇති බවයි. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී හිමි නමක ලෙස උන්වහන්සේට ව්‍යවස්ථා කෙටුම්පතක් ලැබී ඇති. රනිල් නම් කියන්නේ තවම ව්‍යවස්ථාව කෙටුම්පත් කර නැති බවයි. මල්වතු මහානාහිමියන් ද ඒ බව වදාරනවා. ඒත් රතන හිමියන් මුසාවාද පවසන්නේ නැහැ.

රතන හිමි ව්‍යවස්ථාවෙන් ඒකීය බවට පහර වදින බව පවසනවා. බුදුසසුන රැකීමට නවවැනි වගන්තියට තවත් වගන්ති එකතු විය යුතු බව පවසනවා. රතන හිමි ඒ අතර මහින්ද රාජපක්‍ෂට දොස් කියනවා. මහින්දට ආණ්ඩු පෙරළන්න බැරි යැයි පවසනවා. ඒ මහින්දට නැවත ජනාධිපති වීමට නොහැකි බවට දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කියැවෙන නිසා. මහින්දට ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති වීම අනිවාර්ය අවශ්‍යතාවක් ද? කොහොමටත් ආණ්ඩු පෙරළීම හා ආණ්ඩු පිහිටුවීම එක ම ක්‍රියාවලියක් නො වෙයි. රතන හිමි ඒ බව නො දන්නවා කියා හිතන්න බැහැ. ඒත් රතන හිමි මුසාවාද පවසන්නේ නැහැ. මහින්දට ආණ්ඩු පෙරළන්න බැහැ කියන එක ඇත්ත වෙන්න ඕන.

අනෙක් අතට රතන හිමියන්ට මහින්දට එකතුවන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේට අයෝමය ශක්තියක් තියෙනවා. එහෙත් රතන හිමි පවතින ආණ්ඩුව පෙරළන්න කටයුතු කරන්නෙත් නැහැ. උන්වහන්සේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට කටයුතු කරන බව පැහැදිලියි. ආණ්ඩුව පෙරළීමට අදහසක් ඇත්තේත් නැත්නම් ඒකාබද්ධ විපක්‍ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට ආධාර කරන්නේත් නැත්නම් රතන හිමි මින් ඉදිරියට කුමක් කරන්නේ ද? ආණ්ඩුවේ වැරදි හදාගෙන ඉදිරියට යෑම උන්වහන්සේගේ අරමුණ බව පෙනී යනවා. එහෙම නම් ස්වාධීන වුනේ අහවල් එහෙකට ද කියා අප අසන්නේ නැහැ.

ඒත් අපට ප්‍රශ්නයක් තිබෙනවා. උන්වහන්සේට පෙර පරිදි ම පාර්ලිමේන්තුවේ සිංහලයන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමට කටයුතු කළ හැකි ද? උන්වහන්සේ මෙතෙක් ආණ්ඩුවේ වැඩ හිඳිමින් මොන තරමක් සිංහල බෞද්ධ අයිතිවාසිකම් රැක ගත්සේක් ද? රතන හිමියන් ස්වාධීන වීමට ගත් තීරණය සිංහලයන්ට මහත් පහරක්. චම්පකත් ස්වාධීන වුනොත් සිංහලයන්ට කාගේ සරණක් ද? සිදු ටෙලි නාට්‍යයේ සරණයාවත් අපට සරණ වෙයි ද? රතන හිමි වගේ ම ඇත්ත කියන හීන්බබා සීයගෙන් අහන්න ඕන.

අපට රතන හිමියන්ගෙන් ඉල්ලා සිටීමට ඇත්තේ එකම දෙයයි. හිමියනි, සිංහලයන්ගේ සුබ සිද්ධිය සඳහා ආපසු ආණ්ඩුවට වැඩිය මැනවි. එසේ නොකළොත් සමගාමි ලැයිස්තුව ඉවත් කිරීමට ලිපියක් දුන් ජී එල් පීරිස් ජාතික සංවිධානවල ජාතික සංවිධායක බවට පත් වේවි. ජාතික ව්‍යාපාරයේ නායකත්වය දෙමළ ජනයාට යම් යම් දේ දීමට අවශ්‍ය යැයි කියන ජී එල් දැනටමත් අතට අරගෙන. මේ ගැන පසුව ලියන්න ඕන. රතන හිමි හා චම්පක වෙනුවට ජී එල් සිංහලයන්ගේ ගැලවුම්කරු වේවි!

ඈත අතීතයේ ජාතික ඒකාබද්ධ කමිටුවේ රතන හිමි ක්‍රියා කළ ආකාරය අපට මතකයි. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ හා මා කමිටුවෙන් පළවා හැරුණා. ඒ කමිටුව පත්කළ සිංහල කොමිසම සන්ධීය රාජ්‍යයක් නිර්දේශ කළා! ජී එල්ගේ ජාතික ව්‍යාපාරය යන්නේ කොතනකට ද කියා මට හිතා ගන්න පුළුවන්. ජී එල් සමග සන්සන්දනය කළ විට සිංහල කොමිසම ඒ තරම් නරක නැහැ. රතන හිමිත් ජී එල්ට එකතු වෙන්නත් බැරි නැහැ. දැන් සිංහලයන්ට කීමට ඇත්තේ අප යන්නේ කොයි පාරේ, සිංහල කොමිසම ගිය පාරේ කියා ද? එහෙමත් නැත්නම් රතන හිමි වඩින පාරේ කියා ද? ජී එල් යන පාරේ කියා ද? ඔහු ඉන්නේ නම් කිරුළ පාරේ!
නලින් ද සිල්වා
2017 ජනවාරි 17

මෛත්‍රිපාල රවටන්නේ කාව ද? ඔහු හිතනවා නම් ඔහු මරා දැමූ පක්‍ෂයේ ඇමති ප්‍රාණකාරයන් යොදා ගෙන ජනතාව රවටන්න ඔහුට එය මේ කපේ දී කරන්න බැහැ. මිනිසුන් රනිල් ගැන දන්නවා. ඔහු ජාත්‍යන්තරවාදී යුදෙවු ක්‍රිස්තියාන සුපිරිව්‍යුහයෙහි මෙරට ප්‍රධාන නියෝජිතයා. අද වන විට පුස් කෑ මාක්ස්වාදීන් ද සුපිරිව්‍යුහයෙහි නියෝජිතයන් ලෙස රනිල්ට සේවය කරනවා. ජ වි පෙරමුණත් එසේමයි. ජනතාව ඒ විධියට නොසිතනවා ඇති. සිංහලයන් ප්‍රවාද ආශ්‍රයෙන් හිතන්නේ නැහැ. ඒත් ඔවුන්ට දැන් තේරෙනවා ප්‍රත්‍ය’ක්‍ෂයෙන් ම මේ ආණ්ඩුව තමන්ට විරුද්ධ බව. ඔවුන් තවමත් තේරුම් ගන්නේ නැහැ ඊනියා නව ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුව තමන්ට නාගදීපය, තිරියාය, සේරුවිල වැනි සිද්ධස්ථාන අහිමි වන බව. ආණ්ඩුව සුපුරුදු පරිදි කියාවි ඒ එසේ නොවන බව. අපි ඒ ගැන පසුව තවදුරටත් කතා කරමු. බලතල නොමැතිවත් උතුරු නැගෙනහිර පළාත්වල බුදු පිළිම වහන්සේලා කඩන දෙමළ ජාතිවාදීන් පොලිස් හා ඉඩම් බලතල ඇතුළු තවත් බලතල ලැබුණු පසු කෙසේ ක්‍රියා කරාවි ද කියලා හිතාගන්න පුළුවන්.

අප සුපිරිව්‍යුහය ගැන කතා කරන්නේ බටහිරයන්ගේ දැනුමක් යොදා ගෙන නො වෙයි. ඒ අපේ ම දැනුමක්. අද බටහිරයන්ට බ්‍රෙක්සිට් ට්‍රම්ප් තේරුම් ගන්න බැහැ. සමහර බටහිරයන් කලකට පෙර ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය තේරුම් ගැනීමට පශ්චාත්නූතනවාදයක් ගොඩ නැගුවා. අද පශ්චාත්නූතනවාදය මාක්ස්වාදය පශ්චාත්මාක්ස්වාදය ආදිය එකකු දෙන්නකු හැරෙන්නට බටහිරයන් අතරත් නැහැ. පශ්චාත්නූතනත්වය යනු පශ්චාත්නූතනවාදීන්ගේ ම කසිකබල් සංකල්පයක් යොදා ගත්තොත් ෆැන්ටසියක් පමණයි. මා ඒ තුට්ටුවක් නොවටිනා සංකල්පය පිළිගන්නවා නො වෙයි. එය ඌරගෙ මාළු උගේ පිටේම තබා කැපීමක් පමණයි. ලංකාවේ හොඳ ඌරකුවත් හොයා ගැනීමට නැහැ. මෙහෙ ඉන්නේ වැහැරුණු ඌරන් දෙතුන්දෙනකු පමණයි. ඌරන් කන දේ ගැන මා අමුතුවෙන් කියන්නේ නැහැ.

මෛත්‍රිපාල සුපිරිව්‍යුහයෙහි නියෝජිතයෙක් නො වෙයි. ඔහු බල ලෝභියෙක් පමණයි. ඔහු තම පක්‍ෂය මරා දමා ජනාධිපතිකම ගැනීමට ගියා. ඔහු බැසිල් රාජපක්‍ෂට පාඩමක් උගන්න රටත් පක්‍ෂයත් පාවා දුන්නා. ඔහු අද රනිල්ගෙන් ටොකු කනවා. ජී එස් පී + ලබා ගැනීම ගැන මෛත්‍රිපාල දන්නවා ද? ඒ සඳහා ආණ්ඩුව එකඟ වූ කොන්දේසිවලට මෛත්‍රිපාල එකඟ ද? ඒ කොන්දේසි 51 ජනතාවට දැනගැනීමට ප්‍රසිද්ධ කරනවා ද? එ ජා පෙරමුණේ මැති ඇමතිවරුන් ඒ ගැන කියන දේ ජනතාව පිළිගන්නේ නැහැ. මැරුණත් කොළපාට එ ජා පාක්‍ෂිකයන් නම් ඒ බේගල් ගිලීවි. අප කියන්නේ නැහැ යුරෝපා සංගමය බුදුසසුනට හිමි තැන නැති කිරීම කොන්දේසියක් ලෙස ඉදිරිපත් කළාය කියා. යුරෝපා සංගමය කියන්නේ අර සුපිරිව්‍යුහයේ මෙවළමක් පමණයි. සුපිරිව්‍යුහයේ මුග්ධයන් නැති බව අප දන්නවා. ඔවුන් ඉදිරිපත් කරන්නේ ඊනියා මානව අයිතිවාසිකම් පිළිබඳ කොන්දේසි. මේ කොන්දේසිවල හරය සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමයි. එහෙත් ඔවුන් ඒ බව ප්‍රකාශිත ව කියන්නේ් නැහැ. මෛත්‍රිපාලට මේ කොන්දේසි 51 ජනතාවට ඉදිරිපත් කරන ලෙස රනිල්ගෙන් ඉල්ලන්න පුළුවන් ද? ඔහුට රනිල්ට අණ දෙන්න බැරි බව අප දන්නවා.

එතෙකොට මනෝරි – පාකියසෝති සංහිඳියා වාර්තාව ගැන මෛත්‍රිපාල කියන්නේ කුමක් ද? දෙමුහුන් අධිකරණ පිහිටුවන්නේ නැති බව මෛත්‍රිපාල ජනමාධ්‍යවලට කියා වැඩක් නැහැ. මෛත්‍රිපාලට අමාත්‍ය මණ්ඩලයේ දී තම අවතාර ඇමතිවරුන් සමග මේ වාර්තාව ප්‍රතික්‍ෂෙප කිරීමට තීරණයක් ගන්න පුළුවන් ද? රනිල් ඒ වාර්තාව ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මේ වාර්තාව පදනම් වන්නේ ජෙනීවාහි දී ආණ්ඩුවේ ද අනුග්‍රහය ඇතිව සුපිරිව්‍යුහය සම්මත කර ගත් යොාජනාවත් මත. ඒ යෝජනාවට ආණ්ඩුව අනුග්‍රහය දැක්වූ බව මෛත්‍රිපාල දැන සිටියේ නැද්ද? ආණ්ඩුවට දැන් ඒ දුන් අනුග්‍රහය ආපසු ලබාගන්න පුළුවන් ද?

මෛත්‍රිපාලගෙ අවතාර ඇමතිවරු කිහිප දෙනකු දැන් අලුත් ම සින්දුවක් පටන් අරගෙන. ඔවුන් කියන්නේ 2020 දී ශ්‍රී ල නි පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මෛත්‍රිපාල ඉදිරිපත් කරන බව. මෛත්‍රිපාල ඒ ගැනත් නොදන්නා පාටයි. ඔහු මොකුත් කියන්නේ නැහැ. ඔහු ඔය තනතුරට ඉදිරිපත් වුනත් නැතත් අපට වැඩක් නැහැ. මේ රනිල්ගේ ආණ්ඩුව තව ටික කලක් පැවතුණොත් විධායක ජනාධිපති බලතල හොඳට ම කපා දානවා. ඒ බලතල සුපිරි ඇමති පවරා ගන්නවා. ඒ අතර පළාත් සභා තවත් ශක්තිමත් කර දෙමළ ජාතිවාදයට හා සුපිරිව්‍යුහයට දොළ පිදේනි දෙනවා.

මේ අවතාර ඇමතිවරු අස්වෙන කතා දැන් කියන්නේ නැහැ. ඔවුන්ට ප්‍රියංකර අනුගමනය කරමින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය පළාත්පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්‍ෂයට හේත්තු වී ඔවුන්ගේ කිහිප දෙනකු දිනවන්න. ඔවුන් ශ්‍රී ල නි ප ලෙස තරග කළොත් ඔවුන්ට ඇපත් නැහැ. පළාත් පාලන මැතිවරණයේ දී එ ජා පෙරමුණත් පරදිනවා. මෛත්‍රිපාලටත් රනිල්ටත් අවශ්‍ය මේ මැතිවරණ තව තවත් කල් දාන්නයි. ඔවුන් මුස්තාෆාට ඒ කොන්ත්‍රාත්තුව භාර දීලා. අශෝක පිරිස් වාර්තාව හෙට භාර දුන්නත් ඔවුන් ඒකෙ අඩුපාඩු හොයන්න තවත් කමිටුවක් පත් කරන්න ඉඩ තියෙනවා. රනිල් අඩියක් පස්සට ගෙන අඩි දෙකක් ඉස්සරහට තියන කෙනෙක්. ජනාධිපතිවරණයට මෛත්‍රිපාල, එ ජා ප අපේක්‍ෂකයකු හා ඒකාබද්ධ විපක්‍ෂ අපේක්‍ෂකයකු ඉදිරිපත් වුනොත් එ ජා ප අපේක්‍ෂකයා දිනන බව කියමින් අර අවතාර ජනතාව බිය ගන්වන්න උත්සාහ කරනවා. එහෙම තරගයක් ඇති වුනොත් ඒකාබද්ධ විපක්‍ෂයේ අපේක්‍ෂකයා ජයගනීවි. මෛත්‍රිපාලට ඇපත් නැති වේවි. විපක්‍ෂ ඡන්ද මෛත්‍රිපාලට හා ඒකාබද්ධ විපක්‍ෂ අපේක්‍ෂකයා අතර බෙදෙන්නේ නැහැ. මෛත්‍රිපාලට ඡන්ද නැහැ. ඔහු පහුගිය වතාවේ දිනුවේ එ ජා ප , දෙමළ ජාතික සංධාන හා මුස්ලිම් කොංග්‍රස් ඡන්දවලින්. ඒ ඡන්ද 2020 දී ඔහුට ලැබෙන්නේ නැහැ.

අද මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති වෙලා ඉන්නෙ නීත්‍යානුකුල ව නො වෙයි. ඔහු පක්‍ෂ ව්‍යවස්ථාවට පිටින් ගිහින් සභාපති වුනාට පස්සෙ පත්කරපු මධ්‍යම කාරක සභාව වලංගු නැහැ. කොහොමටත් ඒ මධ්‍යම කාරක සභාවවත් තාම මෛත්‍රිපාල ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කරන්න යෝජනාවක් සම්මත කර ගෙන නැහැ. සමහර අවතාර ඇමතිවරු හිතනවා ඇති ඔවුන්ගෙ තීරණය මධ්‍යම කාරක සභාවෙ තීරණය කියලා.

මෛත්‍රිපාල ජනමාධ්‍ය සන්දර්ශනවල දී කියන කතා අපට වැඩක් නැහැ. ඔහු පත්තරෙන් දැන ගත්තත් නැතත් අපට වැඩක් නැහැ. හැකි නම් අමාත්‍ය මණ්ඩලයේ දී රනිල්ගෙ එ ජා පෙරමුණ පරද්දලා තමන්ට අවශ්‍ය තීරණ ගන්න. එසේ තීරණ ගත්තාට පසුව පමණක් ජනතාවට දැනුම් දෙන්න. එහෙම බැරි නම් මාධ්‍ය සන්දර්ශන නොපවත්වා සිටින්න. අවුරුදු දෙකක් අප සන්දර්ශන බැලුවා. ඒ හොඳට ම ඇති.

මෛත්‍රිපාලට ඕන නම්, රට ජාතිය ආගමට පක්‍ෂපාති නම්, විධායක ජනාධිපති ලෙස රනිල් වෙනුවට ඒකාබද්ධ විපක්‍ෂයෙන් අගමැති කෙනකු පත්කරන්න පුළුවන්. ඒ ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය අනුව. එය කරන්නෙ නැතිව රූපවාහිනියේ සන්දර්ශන පෙන්වීමේ වාසිය රනිල්ට හා සුපිරිව්‍යුහයට පමණයි.
නලින් ද සිල්වා
2017 ජනවාරි 16

සිරිසේන ජනාධිපතිවරයාගේ දියණියක වන චතුරිකා සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ කල්ලි කණ්ඩායම් මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දක්වමින් ආණ්ඩුව විවේචනය කරන සමාජ ජාලා සහ වෙබ් අඩවි නිරික්ෂණය කර එවා වසා දැමිමට මෙන්ම අවහිර කිරිමට කටයුතු කිරිම සදහා විශේෂ මෙහෙයුම් කාර්‍යාලයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජැයික් හිල්ටන් හෝටලය ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලේ ස්ථාන ගත කර තිබේ.

ආණ්ඩුව විවේචනය කරනු ලබන සමාජජාලා නිරික්ෂණයට සිංගප්පුරුවෙන් විශේෂඥයෙක් ගෙන්වා ඇති අතර එය අධීක්ෂණය කිරිම භාර කර ඇත්තේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලංසුරියට පවරා තිබේ.සිංගප්පුරුවේ පදිංචි ශි‍්‍රලංකිකයෙකුවන සමාජජාල විශේෂඥයෙක් වන මහාචාර්ය ක‍්‍රැලැසික් නිව්ටන් නැමැත්තා යටතේ 150කට අධික තරුණ/තරුණියන් කණ්ඩායමක් මෙම ස්ථානයේ සේවයට යොදව ඇති අතර ඔහුන් හරහා සමාජ ජාලා හරහා අගමැතිවරයා විවේචනය කරමින් නිකුත් කරන විවිධ සකස් කරන් ලද පිංතුර සහ වෙබ් අඩවි හරහා සමාජ ජාලා වලට මුදාහරින LINK අවහිර කිරිම ඔහුන්ගේ ප්‍රධාන කාර්යය වි තිබේ.

මිට අමතරව අගමැතිවරයා සම්බන්ධයෙන් පසුගිය කාලයේම පලවි තිබේන ඇතැම් ලිපි google සෙවුම් හරහා නොලැබෙන් ආකාරයට ඉවත් කිරිමද මේම කණ්ඩායමට පවරා තිබේ. විශේෂයෙන්ම 88-89 යුගයේ සිදුවිම් සහ බටලන්ද සම්බන්ධයෙන් වු ලිපි මෙන්ම ඇතැම් මාධ්‍යවේදීන් රනිල් වික්‍රමසිංහ විවේචනය කරමින් පලකරන ලද ලිපි මේ අකාරයට ඉවත් කිරිමට මෙම කණ්ඩායමට පවරා තිබේ.

පසුගිය කාලසිමාව තුල සිරිසේන ජනාධිපතිවරයාගේ දියණීයක වන චතුරිකා සිරිසේන විසින් වෙබ් අඩවි රැසක්ම මිළට ගත් අතර ජනාධිපති මාධ්‍ය එකකය තුල ඇයගේ ප්‍රධානත්වයෙන් වෙනම මාධ්‍ය එකකයක් ස්ථාපනය කිරිමටද කටයුතු කර තිබුනා.

මිට අමතරව ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂගේ පරාජය පසුව සක්‍රියව සමාජ ජාලා තුල මහින්ද වෙනුවෙන් පෙනීසිටිමින් ඔහුගේ විවිධ Post නිර්මාණය කරමින් එකතු කල සහ සිරිසේන ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කල කිහිප දෙනෙකුද චතුරිකාගේන් මාසික පඩි ලබන අය බවට පත් කර ගැනිමටද සමත් විය.

Published on: Jan 16, 2017 – ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනට වැඩිම තර්ජනයක් පවතින්නේ හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් බවට බුද්ධි අංශ ආරක්ෂක ආරක්ෂක මණ්ඩලයට වාර්තාකර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.ජනවාරියේ සිරිසේන ජනාධිපතිවරයාට ඇතිවු මරණ භිය හේතුවෙන් ඔහුගේ ආරක්ෂක වැඩපිළිවෙළ සම්පුර්ණයෙන්ම වෙනස් කිරිමකට භාජනය කල අතර ඊට සමගාමිව ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජනය සම්බන්ධයෙන් වු විශේෂ වාර්තාවක් බුද්ධි අංශ විසින් සකස් කර ආරක්ෂක මණ්ඩලයට ලබාදි තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාට වැඩිම ආරක්ෂක තර්ජනයක් ඇති පුද්ගලයා ලෙස සටහහන් කර ඇත්තේ හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා වන අතර ඊට ආසන්නතම හේතු ලෙස දක්වා ඇත්තේ ප‍්‍රධාන ආරක්ෂක මරමස්ථාන හා කාර්යාල , තානාපති කාර්යාලවල ෆොන්සේකා මහතාගේ ගෝලයින් පත් කර සිටිම බවද පෙන්වා දි තිබේ.

ඒ අනුව ඊළ`ග යුදහමුදාපති ලෙස පත් කිරිමට සැලසුම් කර ඇති දැනට යාපනයේ අඥාපති ලෙස කටයුතු කරන මහේෂ් සේනානයක මහතා 2010 ජණාධිපතිවරනයේදී කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ ප‍්‍රධානියා ලෙස සිටම්න් යුදහමුදාව තුළ ෆොන්සේකා මහතාගේ ප‍්‍රඡුාරක කටයුතු කිරිම නිසා ඔහු යුදහමුදාවෙන් ඉවත් කර සිටියේය.

ඉන් පසු සේනානයක මහතා ඔහුගේ මස්සින ඩුබායි වල සිටින නිසා එහි ගොස් එතිනින් ඇෆගන් වලට ගොස් ඇමරිකන් හමුදාවවට ආයුධ සපයන් ආයතනයක සේවය කර ඇති බවටත් ,එම නිසා ඇමරිකන හමුදාව සම`ග සේනානයක මහතාට සම්බන්ධකම් ඇති බවට බුද්ධි අංශ හෙළිකර ගෙන තිබේ.

යුධ උපකරන ආඥපති බ්‍රෙගෙඩියර් පියල් සේනාරත්ත,අධ්‍යක්ෂ කි‍්‍රයාන්විත බ්‍රීගෙඩියර් ගුණරත්න,බුද්ධි අධ්‍යක්ෂ බ්‍රීගෙඩියර් ගුණතිලක,පකිස් තානු තානාපති මේජර් ජෙනරාල් ජයන්ත පෙරේරා, ආදිනිළධාරින් ෆොන්සේකා මහතාගේ ගොලයින් බවත් ඔවුන්ගෙන් වැඩිදෙනෙක් සංහ රෙජිමේන්තුව නියෝජනය කරන නිළධාරින් බව හෙළි වී තිබේ.

මිට අමතරව විශ‍්‍රාමික මෙජර් ජෙනරාල් ධම්ම්ක ලියනගේ මහතා ජනාධ්පති ලේකම් කාර්යාලයෙත්, විශ‍්‍රාමික මෙජර් ජෙනරාල් අශෝක තොර දෙනිය මාලදිවයින් මහකොමසාරිස් ලෙස කටයුතු කරයි.

ජනවාරි 9වැනිදා උදේ 7 වෙනකම් මහින්ද,ගෝඪා ඇතුලු රාජපක්ෂලා අරලියගහ මන්දිරයේ රැදි සිටියේනම් ගාලුපාර මැදම වෙඩි තබා මරාදැමිමට තමන් ඇතුලු තමන්ගේ කණ්ඩායම සුදානමින් සිටි බවත් ඒ සදහා ඒ වෙනකොටත් ජනපති බවට පත්ව සිටි මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පුර්ණ බලය ලබාදුන් බවත් සරත් ෆොන්සේකා කල ප්‍රකාශය සම්බන්ධයෙන්ද බුද්ධි අංශ අවධානය යොමුකර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ආරක්ෂාව පැය 48ක් ඇතුලත සම්පූර්ණයෙන් වෙනස් කිරිම සදහා රජයේ බුද්ධි අංශ ජනාධිපතිවරයාට අනතුරු අගවා තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව ඉදිරි පැය 48 කලය තුල සම්පූර්ණයෙන් ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් සහ ආරක්ෂක වැඩපිළිවෙළ වෙනස් කිරිමට නියමිත බවද අප මීට පෙර අනාවරණය කළා.

http://www.sinhala.lnwtoday.com/archives/8483

http://www.sinhala.lnwtoday.com/archives/11152

Published on: Jan 15, 2017- එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද හරහා පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහගෙන් ගලවා වෙනත් අයෙකුට ලබාදිම සදහා ඉත්තේකු මෙන් සිරස මුදලාලි කිලී මහරාජා භාවිතාකල සජිත් ප්‍රේමදාස වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තොරාගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එරෙහිව ගෙන යන සටන ජනවාරි 8 වැනිදායින් පසුව අඩපණ වි ඇති බවත් මේ වනවිට සජිත් ප්‍රේමදාස ඇතුලු කල්ලියද වික්‍රමසිංහට බයෙන් පසුබැස ඇති බවත් මේ අකාරයට 2020 දක්වා ගමන් කලහොත් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වනු ඇති බවයි සිරස මුදලාලිගේ අදහස වි ඇත්තේ.

එවන් තත්ත්වයක් උදාවුවහොත් එය මහරාජා ව්‍යාපාරයේ අවසානය වනු ඇති බවද ඊට පෙර එම මැතිවරණය සදහා වෙනත් විකල්ප අපේක්ෂකයෙක් හැටියට අනුර කුමාර දිසානායක ෆෝම් කිරිමට කිළී මහරාජ මෙහෙයුම දියත් කර තිබේ. ඒ අනුව මේ වනවිටත් අනුර පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විමටද කැමැත්ත පලකර තිබේන අතර එයට බාදාවන සමාජවාදි මොඩලය වෙනස් කරමින් පක්ෂය මෙහෙයවිමටද් මේ වනවිට කටයුතු ආරම්භ කර තිබේ.

මේ වනවිට අනුර කුමාරද මෙම මෙහෙයුම සදහා සක්‍රියව කටයුතු කරමින් සිටින අතර ජනතා විමුක්ති පෙරමුණේ අවසන් තුරුම්පුව වි ඇත්තේද මෙම පොදු අපේක්ෂක තුරුම්පුව වන අතර එය අසාර්ථක විම හෝ සාර්ථක විම මත පක්ෂයේ අනාගතය පිළිබඳව තින්දුවක් ගැනිමට මේ වනවිටත් පක්ෂය තින්දුවක් ගෙන තිබේන බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

සජිත්ගේ මන්දගාමී ස්භාවය හේතුවෙන් පසුගියදා සජිත් පිළේ න්‍යාචාරවරුන් සමග කිළීගේ කණ්ඩායම ගැටුමක්ද ඇතිකරගෙන තිබේන අතර එම ගැටුම හේතුවෙන් සජිත් පිළේ කිහිප දෙනෙකු අතරද ගැටුමක් හටගෙන් තිබේ.ඒ හෙතුවෙන් කිළීගෙන් පඩි ගන්නා සජිත් පේ‍්‍රමදාස මහතාගේ දැඩි හිතවාදියෙකු වන එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මාධ්‍ය හමුවක් පවත්වමින් අගමැතිවරයා ඉලක්ක කර ප්‍රහාරයක්ද දියත් කල අතර කිළීගේ කළණ මිතුරා වන සිරිසේන ජනපතිගේන ඉල්ලිමක් කරමින් කියා සිටියේ “අද වන විට අගමැතිවරයා ඇතුළු කුඩා පිරිසක් මුදල් හම්බ කිරීම සදහා වූ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවත් ජනාධිපතිවරයාගෙන් දැන්වත් කසය අතට අරගෙන නිවැරදිව කිරිමට කටයුතු කල යුතු බවයි.”

තෛපොංගල් පණිවිඩය

 නැවුම් හැළියක් ගෙන සහල්, කෙසෙල්, උක්, අඹ ‍කොළ සැරසිලි, ළපටි  ඉඟුරු, තැඹිලි සහ කහ මුසුවූ මියුරස සපිරි තෛපොංගල් සමරන ඔබට මාගේ සුබ පැතුම්! පොංගල් පිසිමින්, අළුත් ඇඳුම්වලින් සැරසී ‍කෝවිල් වන්දනාවේ යෙදෙන අපේ ජනතාව සතුටෙන් පොංගල් සමරති.

“ඉපැරණි දේ ඉවත් වී නැවුම් දේ ලඟා වේ” යන පරමාර්ථයෙන්, උතුරු නැගෙනහිර අප ආරම්භ කළ සංවර්ධනය නවතා දමා, කෘෂිකර්මයට කිසිදු ඵලක් ගෙන නොදෙන මෙම රජය ඉවත්කර,‍ “තෛපොංගල් උදාව නවමු මං පහදයි” යන මුතුන්මිත්තන්ගේ කියමනට අනුව මෙම නව  වසර අප ‍රටේ සියලු ජනතා‍වගේ ජීවිත අසිරිමත්වන වසරක් වනු ඇතැයි කිසිදු සැකයක් නැත. නව චින්තනයන් සහ නැවුම් උත්සාහයන්  සමගින් උදාවූ නව වසර තුළ  විශ්වාසයෙන් සැමගේ ජීවිත සහ සිත් තුළ  සතුට පිරෙන්නට ‍මෙම පොංගල් උත්සවය සමරමු.

අපගේ කෘෂිකාර්මික  රටේ වත්මන් රජය කෘෂිකර්මය වෙනුවෙන් අප  ලබා දුන් සහනාධාරය  නතර කළ අතර වී මිල අඩු කරමින් ගොවියන්ටත්, සහල් මිල ඉතිහාසයේ  කිසිදා නොතිබුනු ආකාරයට ඉහළ දමා ජනතාවටත් අමතර බරක් පටවා ඇත. මෙම තෛපොංගල්,  ගොවියන් සහ පාරිභෝගිකයන් අතර සිටින තැරැව්කරුවන්ට පමණක් සතුට පිරි පොංගලක් වී ඇත.

කෙසේ වෙතත්, නව සැලසුම් සහ චින්තනය සමඟින් මෙම වසර නිසැකවම යහපත් වසරක් වනු ඇත. පැණි රස මුසු පොංගල් තුළින්  සියලු දෙනාගේ ජීවිත තුළ  සතුට සහ සාමය ඉතිරේවා.

නැවත වරක් ඔබ සියලු දෙනාටම තෛපොංගල් සුබ පැතුම්!

මහින්ද රාජපක්‍ෂ

හිටපු ජනාධිපති

பொங்கல்வாழ்த்துசெய்தி

புதுப்பானை, புத்தரிசி, வாழை, கரும்பு, மாவிலைத்தோரணம், இளம்இஞ்சி, இளநீர், மங்கலமஞ்சள்எனஇனிக்கும்தைப்பொங்கல்நல்வாழ்த்துக்கள். சர்க்கரைபொங்கல், புதுஆடை, கோயில்தரிசனம்எனஎம்மக்கள்அனைவரும்சந்தோசமாகதைப்பொங்கலைகொண்டாடிமகிழுங்கள்.

“பழையனகழிதலும், புதியனபுகுதலும்,” என்கிறநோக்கத்தில், வடகிழக்கில்நாம்தொடங்கியஅபிவிருத்திகளைநிறுத்தி, விவசாயத்திற்குஎவ்விதபயனும்தராதஇந்தஅரசைஅகற்றி, ‘‘தைபிறந்தால்வழிபிறக்கும்,”என்கிறமுன்னோர்கூற்றுப்படிஎம்நாட்டுமக்கள்அனைவரதுவாழ்விலும்;ஒளிபிறக்கும்ஆண்டாகஇவ்ஆண்டுஅமையும்என்பதில்எந்தசந்தேகமும்வேண்டாம். புதியசிந்தனைகளோடும், புதியமுயற்சிகளோடும், பிறந்துள்ளபுத்தாண்டில்நம்பிக்கையோடுஅனைவரதுவாழ்விலும், உள்ளங்களிலும்மகிழ்ச்சிபொங்கி, ஆனந்தம்தங்கிடஇப்பொங்கல்திருநாளைக்கொண்டாடிமகிழ்வோம்.

இந்தவிவசாயநாட்டில், இந்தஅரசாங்கம்விவசாயத்திற்காகநாம்வழங்கியமானியங்களைநிறுத்தியதோடுநில்லாது, நெல்விலையைகுறைத்துவிவசாயிகளுக்கும்,அரிசிவிலையைவரலாறுகாணாதவிலைக்குஏற்றிமக்களுக்கும்பாரியசுமையைதந்துஇருக்கிறது. இந்தபொங்கல்விவசாயிகளுக்கும், நுகர்வோருக்கும்நடுவில்இருக்கும்தரகுகாரர்களுக்குமட்டுமேமகிழ்ச்சியானபொங்கல்.

எவ்வாறாயினும், புதியதிட்டங்களோடும், சிந்தனைகளோடும்இவ்வருடம்சிறந்தவருடமாகஅமையும்என்பதில்நெல்அளவுகூடசந்தேகம்வேண்டாம். சர்க்கரைபொங்கலைபோலஅனைவரின்வாழ்விலும்சந்தோஷமும், அமைதியும்இனிக்கட்டும்.

மீண்டும்ஒருமுறைதைப்பொங்கல்நல்வாழ்த்துக்களைதெரிவித்துகொள்கிறேன்.

மஹிந்தராஜபக்ஷ

முன்னாள்ஜனாதிபதி

 

Pongal Greeting Message

My best wishes to all of you who celebrate the Sweet and Happy Pongal with  new pot, fresh rice, banana, sugarcane, Maavilaithoranam, young ginger and auspicious turmeric. All of our people enjoy and celebrate the Thai Pongalpreparing SakkaraiPongal (Sweet Pongal) andworshiping kovils in new dress.

This year will be the best and bright yearin all of our people’slives. According to our forefathers’statementas “Pave the way for the birth of Jan”, and displace the existing useless government which has intended to act as “old things pass and new things come”, as well as stopped ourNorth-East development work. Also let us celebrate theHappy Thai Pongal and New Year with our new thoughts and efforts, to live a peaceful and joyful life.

The existing government of this agricultural countryhas halted the subsidies that we provided for agricultural purpose, and hasalso given the massive burden to the farmers and people by reducing the price of paddy, and increasing the price of rice up to an unprecedented level’ However, this Pongal has become  the best one only for the middlemen  who play a role between farmers and consumers.

However, there is  no doubt that  this New Year should definitely be a cheerful one with new plans and thoughts. All of our lives will be filled with  delight and peace through  sweet  Sakkarai Pongal.

I would once again wish many happy ThaiPongalto all of you!

MahindaRajapaksa

Former President

 

දකුණු පළාත් සභාවට ලණුවක් දීමට නීති විශාරදයන් යැයි කියන කිහිප දෙනකු ඉදිරිපත් වෙලා තියෙන බව පේනවා. ඔවුන් හම්බන්තොටින් ඉඩම් අක්කර පහළොස්දාහක් චීන සමාගමට අවුරුදු එකසිය අනූඅටකට බදු දීමට විරුද්ධව පියවර ගන්න හදනවා. බැලූ බැල්මට කෙනකුට හිතෙන්න පුළුවන් දකුණු පළාත් සභාව හොඳ වැඩක් කරන්න සූදානම් වෙනවා කියා. ඒත් ඇත්තට ම ඔවුන් කරන්න යන්නේ දෙමළ ජාතිවාදීන්ට උඩගෙඩි දීමක්.

දකුණු පළාත් සභාවට නීති උපදෙස් දෙන නීතිඥයන් එසේ කරන්නේ සත්භාවයෙන් වෙන්න පුළුවන්. ඇතැම් විට දකුණු පළාත් සභාව මගින් බළලුන් ලවා කොස් ඇට බෑවීමක් වෙන්නත් පුළුවන්. ඒ කුමක් වුවත් දකුණු පළාත් සභාව ක්‍රියා කරන්න යන්නේ අවසාන වශයෙන් ගත් කල සන්ධීය රාජ්‍යය තවත් තහවුරු කිරීමට. දකුණු පළාත් සභාවට ඒකාබද්ධ විපක්‍ෂය හා මහින්ද රාජපක්‍ෂ මේ කරන්න යන දෙයෙහි භයානක කම වටහා දෙනවා නම් හොඳයි.

හම්බන්තොට අක්කර පහළොස්දාහක්් චීන සමාගමට බදු දීමට අප විරුද්ධයි. මේ ඇති කරන්න යන්නේ නිදහස් වෙළෙඳ කලාපයක් නො වෙයි. නිදහස් වෙළෙඳ කලාපයක ආයෝජන කිරීමේ දී ඒ ආයෝජන මණ්ඩලය මගින් කළ යුතුයි. ආයෝජන මණ්ඩලය අනුමත කරන කර්මාන්ත පමණක් නිදහස් වෙළෙඳ කලාපයක ඉදි කළ හැකියි. එහෙත් හම්බන්තොට අක්කර පහළොස්දාහක්් චීන සමාගමට බදු දුන් පසු ඒ ඉඩම්වල කර්මාන්ත හා වෙනත් ඉදිකිරීමේ කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් ඒ සමාගම විසින්. ඒ සමාගමට තමයි ඉදිකරන්නේ කිනම් කර්මාන්ත ශාලා ද යන්න මූලික වශයෙන් තීරණය කරන්න හැකි වන්නේ.

අද චීනයට කරුණු කිහිපයක් අවශ්‍ය වී තිබෙනවා. එකක් සමුද්‍ර සේද මාර්ගය නැවත ඇති කර මාගම් පුර වරාය එහි ප්‍රධාන වරායක් බවට පත් කර ධනය ඉපයීම. දෙවැන්නක් තමයි චීන කර්මාන්ත හැකිතාක් පිටරට පැටවීම. චීනය, විශේෂයෙන් ම බෙයිජිං නගරය පරිසර දූෂණයෙන් ලොවේ ඉහළ ම තැනක් ලබා ගන්නවා. අද බෙයිජිං නගරයේ ඇවිදින විට පාපැදි වැනි විවෘත වාහනවල ගමන් කරන විට මුකවාඩම් බැඳීමට සිදු වෙලා. එබැවින් පරිසර දුෂණයත් අපනයනය කිරීමට චීනයට අවශ්‍යයි. ඔවුන් ඒ කරන්නේ කර්මාන්ත පිටරට පවත්වාගෙන යෑමෙන්. ලංකාවට ඔය කියන තරම් රැකියා ලැබෙන්නේ නැහැ. චීන කම්කරුවන් මෙහි සේවය කිරීමට පැමිණේවි. ලාභයෙන් 80%ක් චීනය ගෙන යාවි. මෙරට පරිසරය නම් දූෂණය වේවි. අපට ලැබෙන ලාභය එයයි. ආණ්ඩුව රැකියා සිහිනයක් පමණක් ජනතාවට දෙනවා. මෙය රනිල්ගේ බ්‍රෙස්ලට් පොරොන්දුව වැනියි. ඔහු රැකියා පෙන්නලා දෙමළ ජාතිවාදයට රට පාවා දෙනවා.

චීන සමාගමට ඉඩම් බදු දීමට විරුද්ධ විය යුතුයි. එහෙත් එහි දී මුහුණ සමග තරහට නහය කපා නොදැමිය යුතුයි. දකුණු පළාත් සභාව ඉඩම් බදු දීමට විරුද්ධ වීමට යන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය උපයෝගී කර ගනිමින්. ඔවුන් කියන්නේ ඉඩම් බලතල පළාත් සභාවලට හිමි බැවින් දකුණු පළාත් සභාවෙන් නොවිමසා ආණ්ඩුවට ඉඩම් බදු දිය නොහැකි බවයි. වෙනත් වචනවලින් කියන්නේ නම් දකුණු පළාත් සභාව කියන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් බලතල පළාත් සභාවලට පවරා ඇති බැවින් තම අවසරයක් නොමැති ව හම්බන්තොට හෝ දකුණු පළාතේ වෙනත් ප්‍රදේශයක හෝ ඉඩම් බදු දිය නොහැකි බවයි. දකුණු පළාත් සභාව දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාවක් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් වෙනවා.

වත්මන් රාජ්‍යය ඒකීය රාජ්‍යයක් නො වෙයි. එය ලිහිල් සන්ධීය රාජ්‍යයක්. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇතැම් ව්‍යවස්ථාදායක බලයක් පාර්ලිමේන්තුවට යම් පමණකින් වුවත් නැති වෙලා. අද කළ යුත්තේ පාර්ලිමේන්තුව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර නන්දිකඩාල් ජයග්‍රහණය ව්‍යවස්ථාවට ඇතුල් කිරීමයි. අප දන්නා හැටියට පසුගිය ආණ්ඩුව එසේ කිරීමට ගිය අවස්ථාවේ දී ජී එල් පීරිස්, රාජිත, තිස්ස විතාරණ ආදී ඇමතිවරුන් එයට ඉඩ දී නැහැ. මේ අයගෙන් යම් ප්‍රමාණයක් අද ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්නවා. ඒකාබද්ධ විපක්‍ෂයට නව ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි විරුද්ධතාවකට ඒමට බාධා කරන්නේ ඒ අය ද? ව්‍යවස්ථාව පිළිබඳ ඊනියා අනුකමිටු වාර්තා හය ප්‍රතික්‍ෂෙප කිරීමටවත් තවමත් විපක්‍ෂය කටයුතු කර නැත්තේ ඇයි? පසුගිය දිනවල සමගාමී ලැයිස්තුව ඉවත් කරවීමට ලිපි ඉදිරිපත් කළ අය හෙට අනිද්දා කුමක් කරාවි ද? අප ඒකාබද්ධ විපක්‍ෂයේ මොවුන්ට ඉතා දැඩි ලෙස විරුද්ධ විය යුතුයි. ඔවුන් යම් යහපත් දෙයක් කළ පමණින් දේශප්‍රේමීන් වන්නේ නැහැ. ජී එල් පිරිස්ට ජාතික සංවිධාන කැඳවුම්කරු ලෙස කටයුතු කිරීමට ඇති සුදුසුකම කුමක් ද?

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් හා පොලිස් බලතල යම් ප්‍රමාණයක් පළාත් සභාවලට පවරා දී තිබෙනවා. ඒත් තවමත් ඒ ක්‍රියාත්මක වන්නේ නැහැ. දකුණු පළාත් සභාව සූදානම් වන්නේ ඒ බලතල ක්‍රියාත්මක කරවීමටයි. ඒ අතර අප අමතක නොකළ යුතු කරුණක් නම් ඉඩම් පවරා දීම පිළිබඳ බලතල ඇත්තේ ජනාධිපතිට පමණක් බවට අධිකරණ තීන්දුවක් තිබෙන බවයි. අවුරුදු එකසිය අනූඅටකට ඉඩම් බදු දීමට බලතල ඇත්තේ කාට ද? අගමැතිට ද? යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහයේ මෙරට ප්‍රධාන නියෝජිතයා වූ රනිල් වික්‍රමසිංහ ඊනියා තිරසර සංවර්ධනයක් ගැන කතාකරමින් සුපිරි ඇමතිවරයකු ලෙස බලතල අතට ගන්න සූදානම් වන්නේ මෛත්‍රිපාලට විවෘත කිරීම් පමණක් භාර දී ඔහු උත්සවවලට සීමා කිරීමටයි. 2020 ජනාධිපති වීමට බලාපොරොත්තු වන්නන් මේ කරුණු සිහියේ තබා ගන්නවා නම් හොඳයි.

රනිල්ට අවශ්‍ය තමා විධායක අගමැතිවරයා වී දෙමළ ජාතිවාදීන්ට බලතල ලබා දීමටයි. දකුණු පළාත් සභාව පණින රිලවුන්ට ඉණිමං බඳිනවා.
නලින් ද සිල්වා

යහපාලන රජයේ අගමැතිවරයා ඝෝෂා කරන්නේ රටට විදේශ ආයෝජකයෝ ගෙන්වීම තුළින් රටේ කර්මාන්ත ඇතිකර රැකීරක්ෂා වැඩි කළයුතු බවටයි. ජනාධිපතිවරයා කථා කරන්නේ පරිසර හිතකාමී සංවර්ධනයක් ඇති කළ යුතු අකාරය ගැනය. මුදල් ඇමතිවරයාට අවශ්‍ය වන්නේ රට ණය බරින් නිදහස් කිරීමයි. විදේශ ඇමතිවරයා කියා සිටින්නේ රටේ සමගිය සහජීවනය ඇති කරමින් ජාත්‍යන්තර තලයේදී ශී‍්‍ර ලංකාව මිනීමරන්නන්ගේ දේශයක් නොවන බව පෙන්වා දිය යුතු බවයි.

මෙම සියලූ අදහස් යහපත් සිතින් ප‍්‍රකාශ කෙළේ නම් ඒවා තුළ ඇති එක් පොදු බවක් වන්නේ ලංකාව යහපත් රටක් ලෙස ගොඩනැංවීම සහ ලෝකය ඉදිරියේ ශීලාචාර රටක් ලෙස ඉස්මතු කිරීමේ කි‍්‍රයාවලියයි. මෙය ලෙහෙසි පහසු ඉලක්කයක් නොවේ. මෙය තවත් එක් හිස් දේශපාලන ප‍්‍රලාපයක් නොවේ නම්, එය ජාත්‍යන්තරයේ සිටින කෘතහස්ත රාජ්‍යතාන්ති‍්‍රකයින්, දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් සහ විද්වතුන් සමග ඉතා කල්පනාවෙන් කළයුතු ගනුදෙනුවකි. ඒ සඳහා මෙම පිරිස් සමග ගනුදෙනු කිරීමට හැකියාවක් සහ පළපුරුද්දක් ඇති පිරිසක් මෙම කාර්යය සඳහා යෙදවිය යුතුබවට විවාදයක් නැත.

එහෙත් රාජපක්ෂ යුගයේදී දක්නට ලැබුණු විචක්ෂණශීලිත්වයෙන් තොර බව නැවත නැවතත් ප‍්‍රදර්ශනය කරමින් යහපාලන රජය කරවන්නෝද අම්බරුවන් සේ කටයුතු කරන බව දැකීම කණගාටුවට කරුණකි. අද ඇමතිවරුන්ගේ සිට නිලධාරීන් දක්වා කරන ලද සියලූ පත්වීම්වලින් පෙන්නුම් කෙරෙන එක් පොදු ලක්ෂණයක් වන්නේ වැඬේ කිරීමට සුදුසු කෙනාට වඩා තමන්ගේ නෑදෑ හිතවතුන් පිනවීමට කෙරෙන පත්වීම්ය. මෙම ධර්මතාවය විදේශ අමාත්‍යංශයටත් පොදු බව මෙම රජය විසින් කරනු ලැබූ පත්වීම්වලින් පැහැදිළිවේ. එහෙත් රජය පිහිටුවීමට පෙර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප‍්‍රකාශ කර සිටියේ තානාපති පත්වීම් සඳහා සුසුදුකම් ලත් විදේශසේවා නිලධාරීන් හට ප‍්‍රධාන තැනක් දෙන බවයි. රජය මෙතෙක් එම ප‍්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන බවක් දක්නට නැත. මේ නිසා මහල්ලන්, ලෙඩුන්, පරාජය වූ දේශපාලඥයින්, පැන්ෂන්ගිය හමුදා නිලධාරීන්, නඩුනැති හඩු නීතිඥයින්, තේ කොළ වෙළෙන්දන්, බංකොළොත් බිස්නස්කාරයින්, පැන්ෂන් ගිය රජයේ නිලධාරීන්, දේශපාලනඥයින්ගේ නෑදැයින් තානාපති තනතුරුවලට මෙන්ම තානාපති කාර්යාලයන්හී අවශේෂ තනතුරු සඳහා පත් කර ඇති ආකාරය පෙනේ. ජනාධිපතිවරයා පිරිනමන ලද තානාපති පත්වීම සංගක්කාර විසින් ප‍්‍රතික්ෂේප කළ නිසා ඉහත ලැයිස්තුවට කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් ඇතුලත්වීමට තිබූ අවස්ථාව නැති විය. අද මෙම ලැයිස්තුවට එකතුවී සිටින නවතම චරිතය නම් දේපළ වෙළඳාමේ යෙදෙන අපොස සාමාන්‍ය පෙළ ගණිතය අසමත් මුදලට ආචාර්ය උපාධියක් ලබාගත් ගොබ්බ මෝලෙක් වන ඒ එස් පී ලියනගේය. ඔහු පත්කර ඇත්තේ මැදපෙරදිග රටවල් අතරින් ලංකාවට වඩාත් සමීප සහ ලංකාවට විශාල ලෙස ආධාර කරන කටාර් රාජ්‍යයටයි. මොහු පත් කර ඇත්තේ මීට පෙර එහි සේවය කළ මහාචාර්ය කරුණාරත්න වෙනුවටයි. මහාචාර්යවරයෙක් හට කරන්නට නොහැකි තානාපතිකමක් කටුචාර්ය කෙනෙක්හට බාරදීම එරට වෙසෙන ලාංකිකයින්ට කරන ලද බලවත් අපහාසයකි. ඒ මන්ද යත් මහාචාර්ය කරුණාරත්න ඉවත් කෙළේ ඔහු ලාංකිකයින්ට කිසිදු සේවයක් නොකළ නිසාවෙනි. එසේ නම් වංචාවක් නිසා බන්ධනාගාර ගතවී සිටි ලියනගේ හට එහි කුමක් කළ හැකිද? අනෙක ඔහුගේ දේශපාලන භාවිතය කුමක් වුවත් දිනක් හෝ බන්ධනාගාර ගතවී සිටීම මෙම තනතුර දැරීමට නුසුදුසුකමකි. උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කරන කථානායක කරු ජයසූරිය තමන්ගේ දේශපාලන කෘතහස්ත බව හා තමන්ට කොන්දක් ඇති බව පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගනීද නැතහොත් ඔහුත් මෙම ජරාජීර්ණ දේශපාලන මඩගොහොරුවේ එරී සිටින්නෙක් බව මෙම පත්වීම ස්තිර කිරීම මගින් සනාථ කරයිද යන්න අපි බලා සිටිමු. මහාචාර්ය කරුණාරත්නලංකාවට කැඳවීම තුළ මෙම රජය විසින් තානාපතිවරුන් ලෙස පත්කරන ලද අය එම තනතුරු සඳහා නුසුදුස්සන් බවට කදිම සාක්ෂියකි. මෙවන් බොහෝ දෙනෙක් සිටිති.

අපට දැන ගන්නට ඇති අන්දමට ඒ එස් පී ලියනගේගේ පත්වීම තනිකරම විදේශ ඇමතිවරයාගේ සහ ඔහුගේ අගුටුමිටි ගෝලයාගේ උවමනාවට කෙරුණකි. මෙම ගෝලයා විවිධ දුෂණ සඳහා සම්බන්ධ වූවෙක් වන අතර තානාපති සහ අවශේෂ පත්වීම් ලබාදිම පිණිස විවිධ අකාරයේ සන්තෝෂම් ලබා ගන්නෙක් බවට ප‍්‍රසිද්ධය. ඔහු මෑතකදී කටුනායක ගුවන් තොටුපළ හරහා රුපියල් කෝටි එකහාමාරකට ආසන්න විදේශ මුදල් ප‍්‍රමාණයක් හොර රහසේ පිටකිරීමට ගොස් නීතියට අසුවූ ඇමතිවරයාගේ උපකාරයෙන් බේරුණු අයෙකි. මේ නිසා ඒ එස් පී ලියනගේ නැමැත්තාගේ මෙම පත්වීම ලබාදීම පිණිස අතයට ගනුදෙනුවක් සිදුවී තිබෙන බව දැන ගන්නට ඇත. ඇමතිවරයාගේ ගෝලයාගේ අඩක් නිම කර ඇති සුවිශාල නිවසක් නොමිලේ සම්පූර්ණ කරදීමට ද ඒ එස් පී ලියනගේ පොරොන්දුවී තිබේ. මෙය අල්ලස් දී ලබාගත් තානාපතිකමකි.

මොහුට වඩා සුදුසු පුද්ගලයෝ මෙම තනතුර සඳහා රටේ නැති බවට රජය කල්පනා කිරීම තුළින් පෙනී යන්නේ මේ රජය කරන නායකයින්ට මොලේ නැති බව සහ බංකොලොත් බව ප‍්‍රදර්ශණය කරන අවස්ථාවකි. කටාර් රාජ්‍යයේ විවිධ රැකියාවල යෙදී සිටින ලාංකිකයින් ප‍්‍රමාණයෙන් ලක්ෂ දෙකකට වැඩි ප‍්‍රමාණයක් සිටිති. ලාංකික වෘත්තීකයන් වැඩිම ප‍්‍රමාණයක් සේවය කරන්නේ එහිය. ඒ නිසා අපේ රැකියා වෙළඳපොල සඳහා වැඩි ඉල්ලූමක් ඇති එහි තානාපතිවරයාට මෙම වෙළඳපොල වැඩි දියුණූ කිරීමට විශාල වගකීමක් බාරවේ. ඒ අතර අපේ රටට ආයෝජකයින් අද්දවා ගැනීම තවත් කාර්යයකි. අනෙක් අතට එහි සේවය කරන ලාංකිකයින්ගේ විවිධ ප‍්‍රශ්න විසඳිමට විශාල වැඩ කොටසක් කිරීමට සිදුවේ. එහෙත් මෙම කටයුතු පිළිබඳ අබමල් තේරුමක් නැති ගොබ්බයෙක් පත්කිරීම නිසා රටක් හැටියට අපට අහිමිවන දේ බොහෝ බව අපේ මැටිමෝල් නායකකාරකාදීන්ට නොවැටහීම ජාතියේ කරුමයකි. රටේ අභාග්‍යයකි.

මේ තත්ත්වය තුළ පෙන්වන තවත් කරුණක් නම් ඇමතිවරයාට සහ අගමැතිවරයාට වැටහෙන පරදි එක්කෝ මෙවන් රටක තානාපති තනතුරක් දැරීමට තරම් සුදුසු නිලධාරීන් විදේශ සේවය තුළ නොමැති බවකි. එසේත් නැති නම් විදේශ සේවයේ නිලධාරීන් ගැන මේ දෙපළට කිසිදු විශ්වාසයක් නැති බවක්ය. එසේම විදේශ සේවයේ නිලධාරීන්ගේ හැකියාවන් ගැන වැටහීමක් මෙම දෙපලට නොමැති බවක් මෙන්ම විදේශ සේවයේ නිලධාරීන් අතරින් සුදුස්සෙක් තෝරා ගැනීමට තරම් දැනුමක් හෝ ඕනෑකමක් මොවුන්ට තිබෙන බවක් ද නොපෙනේ.

මෙම නොදැනුවත්කම ගැන බොහෝ සාක්ෂි තිබේ. ඇමතිවරයාට අනුව ඉතා කාර්යක්ෂම යැයි පෙනෙන සමහර විදේශ සේවා නිලධාරීන් සහ තානාපතිවරු ලෙස කටයුතු කරන බොහෝ හිටපු විදේශ සේවා නිලධාරීන්ට නියමිත උපාධියක් හෝ තම විෂය සම්බන්ධ පශ්චාත් උපාධියක් හෝ නැත. ඔවුන් ප‍්‍රගුණ කළ එකම ශාස්තී‍්‍රය විෂය නම් නම් එහෙයිවාදයයි. එවන් එක් අයෙක් වන්නේ දැනට ඇමෙරිකාවේ තානාපති වශයෙන් කටයුතු කරන ප‍්‍රසාද් කාරියවසම්ය. එහෙත් තම පෙම්වතියට පින්සිදුවෙන්න ඔහුට තවත් වසරක සේවා දිගුවක් ලබාදී තිබේ. මේ අනුව හැට පැනපු මොහු පිටපිට වසර නවයක් තානාපති තනතුර හොබවයි. යම් විදිහකින් මොහු මිය පරළොව ගියහොත් අපේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වසා දැමීමට සිදුවෙන තරම්ය. තවත් කෙනෙක් වන්නේ ජර්මනියේ තානාපති වශයෙන් කටයුතු කරන දූෂිත ගනුදෙනුවක් සඳහා අත්අඩංගුවට ගැනීමට නියමිත කරුණාතිලක අමුණුගමයි. ඔහු ලේකම්වරයෙක්ව සිටින විට ඉතා අසාර්ථක චරිතයකි. චීනයට ලංකාව විකිනීම පිණිස දරදිය ඇද්ද දේශ ද්‍රෝහියෙකි. වසර අටක් තානාපතිකම් කරන වත්මන් ජිනීවාහි තානාපති රවිනාථ ආරියසිංහ ලංකාව වෙනුවෙන් එහි සේවය කළ දුර්වලතම තානාපතිවරයා බව ජිනීවාහි සිටින විදෙස් රාජ්‍යතාන්ති‍්‍රකයින්ගේ අදහසයි. ලංකාවට විරුද්ධව පසුගිය කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා පැමිණි කිසිදු යෝජනාවකට සාර්ථකව මුහුණදීමට මොහුට නොහැකි විය. ජේ ආර් ජයවර්ධන යුගයේ රූපවාහිනී නිවේදකයෙක්ව සිටි මොහුට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගන්නා උපාධියක් නැත. විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ගවලට අනුව මෙම තනතුරට පත් කරන්නට සුදුසු කිසිවෙක් නැති බව ඇමතිවරයා නිලධාරීන් හමුවේ ප‍්‍රකාශ කර තිබේ. ඒ අතර නාමල්ට ජනාධිපතිවීමට සුදුසුකම් සපිරෙන තෙක් කල් මැරූ ආකාරයට තම හිතවතියක් තානාපතිවීමට සේවා කාලය සපුරන තුරු විදේශ ඇමතිවරයා රවිනාථ ආරියසිංහට සේවා දිගුවක් ලබාදී තිබේ. රවිනාථගේ ඇවෑමෙන් මෙම තනතුරට පත් වන්නේ ඇමතිගේ මේ සමීප හිතවතියයි. මේ අතර විස්කි විකුණන කුවේටයේ තානාපතිට විරුද්ධව තානාපති කාර්යාලයේ රැකවරණය පතා පැමිණ සිටින කාන්තාවන් අපහරණය කිරීම සම්බන්ධයෙන් දැඩි අප‍්‍රසාදයක් ලාංකිකයින් අතරින් මතුවී ඇතත් විදේශ ඇමතිට ඒ ගැන වගක් නැත. ඇමතිවරයා ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික‍්‍රමසූරිය හිරේ දමන්නට කටයුතු කෙළේ ප‍්‍රධාන වශයෙන්ම දේශපාලන හේතු මත බව පෙනී යයි. එහෙත් වංචාවක් කළ හිටපු විදේශ ලේකම් ෂේනුකා සෙනවිරත්න බේරා හැරියා පමණක් නොව ඇයට තානාපති තනතුරක් පවා බංදේසියේ තබා පුද කෙළේය. සුදුසුකම් නොසපුරා හොර පාරෙන් උසස්වීම් පමණක් නොව වංචා සහගත ලෙස රුපියල් ලක්ෂ තිස් පහක් වැටුප් සහ දීමනා වශයෙන් ලත් අවිවාහයෙක් වන මජින්ත ජයසිංහට කරුණාව පා මැලේසියාවේ නියෝජ්‍ය තානාපති වශයෙන් පත් කෙළේ වෙනත් හේතුවක් නිසායි. ජපානයට පත් කළ මහාචාර්ය පිස්සා නිසා රටට ලැබෙන දේද නොලැබෙන බව එරට සිටින ලාංකිකයින් ප‍්‍රකාශ කර සිටිති.

මෙම ජරාජීර්ණ තත්ත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය ගලවා ගැනීමට අගමැතිවරයාට අවශ්‍යතාවක් නැත්තේ ඒ තුළින් ඔහුට තමන්ගේ නෑදෑයන් සහ “රෝයල් මිතුරන්ට” තානාපතිකම් පිදීමට හැකිවීම නිසායි. වර්තමානයේ විදේශ කටයුතු අමා්‍යංශයේ නීතියක් නැති බවත් එහි ඇත්තේ අගුටුමිට්ටාගේ නීතිය පමණක් බව නිලධාරීන් අප සමග ප‍්‍රකාශ කර සිටියහ. මේ නිසා බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ අගුටුමිට්ටා සරණ යෑමටයි. මේ තත්ත්වය වෙනස් කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි. ඔහු මෙය දකින්නේ කුමන ආකාරයටදැයි අප විමසිල්ලෙන් සිටිමු.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

Top