ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේම අද අසනීපයෙන් පෙලෙන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.ඒ හේතුවෙන් අද යාපනයේ රණවිරුවන් මුණගැසීමේ අරමුණින් යාපනය බලා යැමට සංවිධානය කර ගමන නතරකර දම ඇති අතර හදිසියේ අසනීප විමක් ලෙස අදාළ ගමන නතර කිරිමට ජනපති කටයුතු කර තිබුනද එය ආරක්ෂක හේතුන් මත ගත් තින්දුවක් බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.
අද පෙරවරු 11.00ට පලාලි පිහිටි ගුවන් හමුදා මුලස්ථානයට අයත් ගුවන් තොටුපලට ලඟා වීමට නියමිත ජනාධිපතිවරයා ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාවේ ආචාර මධ්‍යයේ යාපනය නගරයට පැමිණීමට නියමිතව තිබු අතර පසුව යුද්ධයෙන් මියගිය ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සහ පොලිස් භටයින්ට සිහිකිරීමේ අවස්ථාවකට එක්වීමට නියමිත අතර පසුව ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සියලුම ඉහළ පෙලේ නිලධාරීන්ව පලාලි පිහිටි ගුවන් හමුදා මධ්‍යස්ථානයේ ජනාධිපතිවරයා විසින් ආමන්ත්‍රණය කිරීමට නියමිතව තිබුනා.
මිට අමතරව ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය තුල ” Tell to President ” වැඩසටහනේ තවත් නිල කාර්යාලයක් විවෘත කිරීමට නියමිතව තිබුනා.
නමුත් පසුගියදා ප්රභාකරන්ගේ මස්සිනා වන ද්‍රවිධ සංවිධානයේ මන්ත්‍රී එන්. කේ. ෂිවාජිලිංගම්ගෙන් මාධ්‍ය හරහා ජනාධිපතිවරයාගේ යාපන සංචාරය සහ රණවිරුවන් හමුවිම දැඩි ලෙස විවේචන කල අතර එය සංහිඳියාවට මෙන්ම ජනාධිපතිගේ ජිවිතයටද තර්ජනයක් විය හැකි බවට තර්ජනාත්මක මත පලකර තිබුනා.මිට අමතරව ද්‍රවිධ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයා උතුරේදි යුධ හමුදාව හමුවිම සහ යුද්ධයෙන් මියගිය ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සහ පොලිස් භටයින්ට සිහිකිරීම පිළිබඳව අවස්ථා කිහිපයදි විරුද්ධ මත දරා තිබුනා.
ඒ හේතුවෙන් අදාල සංචාරයට සහභාගි නොවිමට ජනාධිපතිවරයා තිරණය කර තිබේන අතර එය තමන්ට හදිසියේ වැලදුන සෙම්ප්‍රතිශ්‍යාවක් මගින් දමා ජාම බේරා ගැනිමට කටයුතු කරමින් සිටින බවටද මේ වනවිට අනාවරණය වි තිබේ.
යහපාලන රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු මෙන්ම කෑලෑ පාලුවෙකු වන රිෂාඩ් බදුයුදින් සහ ඔහුගේ සොහොයුරා නීතිවිරෝධී අන්දමින් රත්‍රං තොග ඉන්දියාවට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවී සිටින බවට තොරතුරු පොලිස් බුද්ධි අංශ වෙත ලැබී තිබේ.ඇමැතිවරයා තම අමාත්‍යාංශයේ නිල වාහන ද යොදාගෙන රත්‍රං ජාවාරම කරගෙන යන අතර රත්‍රං ඉන්දියාවට විකිණීම සිදු කරන්නේ ගුවන් මාර්ගවලින් සහ මුහුදු මාර්ගවලින් බවද හෙළි වී තිබේ.
කටුනායක ගුවන්තොටුපොළේ නිලධාරීන් පිරිසක්ද මෙම ජාවාරම පිටුපස සිටින අතර රත්‍රං තොග ගුවන්තොටුපළ දක්වා රැගෙන යැමට රිෂාඩ් බදුයුදින් තම නිල වාහන යොදාගන්නා බවට හෙළි වී තිබේ. ඇමැතිවරයාගේ නිල වාහනයෙන් රැගෙන යන රත්‍රං තොග ගුවන්තොටුපළේදී ඉතා සූක්ෂම ලෙස එහි සිටින නියෝජිතයකුට භාර දෙන අතර ඔවුන් ඒවා ඉන්දියාවට රැගෙන යන බවද හෙළි වී ඇත.
මීට ටික කලකට පෙර රිෂාඩ් බදුයුදින් ඔහුගේ සොහොයුරා ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මුහුදු මාර්ග ඔස්සේ රත්‍රං කිලෝ 50 ක් ඉන්දියාවට යෑවීමට උත්සාහ කළ අවස්ථාවේ ඒවා නාවික හමුදාවට කොටු වී තිබිණි.එම රත්‍රං තොගය අත්අඩංගුවට පත් වීම නිසා ඇමැතිවරයාට ඔහුගේ සොහොයුරාට සහ ජාවාරම පිටුපස සිටි පිටකොටුවේ කෝටිපති ව්‍යාපාරිකයාට විශාල පාඩුවක් විඳීමට සිදු විය.
එම පාඩුව පියවා ගැනීම සඳහා පිටකොටුවේ ව්‍යාපාරිකයා ඔහුට අයත්ව තිබූ පිටකොටුවේ ගොඩනැඟිල්ලක් පවා විකුණා දැමූ බවද බුද්ධි අංශ මගින් අනාවරණය කර ගෙන ඇත.
මෙම ඇමැතිවරයා ඔහුගේ සොහොයුරා ඇතුළු සංවිධානාත්මක කණ්ඩායම මෙරට ඇති රත්‍රං තොග පිටින් හොර රහසේම ඉන්දියාවට යෑවීම රටේ ආර්ථිකයටද විශාල බලපෑමක් එල්ල කරන බව බුද්ධි අංශ පවසයි.
මුලාශ්‍ර -දිවයින
ජනතාවට එදා වේල කන්නත් නැති ආර්ථිකයක් වසර දෙකක දී උරුම කර දුන් මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව රටම වෙන්දේසියේ දමන වෙන්දේසිකරුවන් බවට පත් ව ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ජාතික සම්පත් විකුණා හෝ එදා වේල සරි කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වූ බව පැවසූ රණතුංග මහතා රට විකිණීමේ පාපකර්මයට ශ්‍රී ලංකා ඇමැතිවරුන් කර ගැස්වීමේ වගකීමෙන් මිදෙන්නට ජනාධිපතිවරයාට පුළුවන්කමක් නොමැති බවත් කීවේය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ දී පැවැතී පෙරේදා (03) පැවැති හමුවකට එක්වෙමිනි.
ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
සැබෑ ජනමතය කුමක්දැයි දන්නා හවුල් ආණ්ඩුව පළාත් පාලන ඡන්ද විමසීම කල්දාන්න නොයෙකුත් දහංගැට ගහනවා. අවුරුදු දෙකක් තිස්සේ සීමා නිර්ණ වාර්තාවක් අල්ලගෙන ඡන්දෙ කල් දානවා. හැබැයි ආණ්ඩුවේ ලොක්කෝ කට ඇරියොත් කතා කරන්නෙම ප්රජාතන්ත්රවාදය ගැන. ඒ වුණත් කතා කරන අයටත් නොදැනිම රෙද්ද පල්ලෙන් ප්රජාතන්ත්රවාදය දෝරේ ගලන හැටි ජනතාවට පේනවා.
පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා දැන් ඉන්නේ ගිරයට අහුවුණ පුවක් ගෙඩිය වගේ. එහෙන් ඡන්දෙ කල් දාන්න කියලා ආණ්ඩුවේ ලොක්කෝ බලපෑම් කරන කොට මෙහෙන් ඡන්දෙ තියන්න කියලා රටම ඉල්ලා හිටිනවා. රට ගිහිල්ලවත් බේරෙන්න බැලුවත් හරි ගියේ නැහැ. ඒ හින්දා තමයි එතුමට දැන් මාධ්‍යවේදීන් ප්‍රශ්න අහනකොටත් කේන්ති යන්නේ.
ඡන්ද විමසීම කල් දාන්න කටයුතු කරමින් ඉන්නේ තමන් දැනුවත්වද කියන එක ජනාධිපතිවරයා රට හමුවේ හෙළිදරව් කරන්න ඕනෑ. ලොක්කො රකින්න ගිහින් දංගෙඩියට බෙල්ල තියන්න වෙලා තියෙන්නේ අසරණ මුස්තාෆාට. ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී ගමනට සහාය දෙන්න ගිහින් දේශපාලන වශයෙන් සිය දිවි නසා ගන්න එපා කියලා අපි ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ වරාය නගරය ඉදිකරන විට රටේ ඉඩම් චීනයට දෙනවෝ කියලා කෑගහපු එක්සත් ජාතික පක්ෂය අද රටම වෙන්දේසි කරන්න යනවා. මහින්ද රාජපක්ෂ රජය වරාය නගරය ඉදි කරන්න ගියේ සැලැස්මක් ඇතුවයි. කිසිම සැලැස්මක් නැති මේ හවුල් ආණ්ඩුව හදන්නේ හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීනයට විකුණලා තමන්ගේ සාක්කු පුරව ගන්නයි.
යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන විට කියපු සුරංගනා කථා අද හුළගේ ගිහින්. ආදායමේ වර්ධනයක් නැතුව ජීවන වියදම විතරක් වැඩි වෙන හින්දා ජනතාවට සිදු වෙලා තියෙන්නේ ගෙදර බඩු විකුණලා ජීවත් වෙන්නයි. හොරකම, නාස්තිය, දූෂණය අස්සේ වියදම වැඩි වෙලා තියෙන ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන්නෙත් රටේ සම්පත් ටික විකුණලා සල්ලි හොයා ගන්නයි.
හම්බන්තොට පමණක් නොවෙයි රටේ තවත් සම්පත් විකුණා දැමීමට ආණ්ඩුව සැලසුම් කරමින් ඉන්නවා. ත්‍රිකුණාමලය, කොළඹ වරායනුත් ජනාධිපතිවරණයේ දී මුදල් වියදම් කරපු රටවල්වලට වෙන්දේසියේ පිරිනමන්න දැන් සූදානම් කරලා ඉවරයි. මුදල් ඇමැතිවරයා හීනෙන් දකින්නෙත් රට විකුණන හැටි හා ඒවායෙන් ලැබෙන කොමිස් කුට්ටි ගැනයි. 2020 වෙනකම් මේ අය හිටියොත් ආයෙත් ආණ්ඩුවකට භාර ගන්න රටක් ඉතුරු වෙන එකක් නැහැ.
ජනතාව එදා වේල හොයා ගන්න ක්‍රමයක් නැතුව ඉන්න විට ආණ්ඩුව කල්පනා කරන්නේ ව්‍යවස්ථා සංශෝධනය ගැනයි. ජනාධිපතිවරණයේ දී ඩයස්පෝරාවට දුන්න පොරොන්දු ඉටු කරන්න ආණ්ඩුව බැඳිලා ඉන්න බව ඒකෙන් පැහැදිලි වෙනවා. ඩයස්පෝරාවේ ඉල්ලීම් ඉටු කරන්න ඉස්සර මේ රටේ මිනිස්සුන්ගේ ඉල්ලීම් ඉටු කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ඩයස්පෝරාවට ඕනෑ ආකාරයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදලා රට බෙදන්න මේ අයට ඉඩ දෙන්න බැහැ. රට බෙදන ව්‍යවස්ථාව ගේනවා කියන්නේ මේ ආණ්ඩුවේ මීනි පෙට්ටියට ගහන අන්තිම ඇණයයි. 2015 පෙබරවාරියේ මහ බැංකු හොරකම තමයි මේ මිනී පෙට්ටියට ගහපු පළමු ඇණය. එදා පටන් ඇණ ගහලා ගහලා දැන් අන්තිමට ගහන්න තියෙන්නේ ව්‍යවස්ථා ඇණය විතරයි.
ඊට පස්සේ අපි මේ මිනී පෙට්ටියට ආගමික වතාවත් කරලා වළ දාලා ජනතාවාදී ආණ්ඩුවකට රට භාර දෙනවා. ඩයස්පෝරාවේ බලපෑම උඩ මේ ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාව ගේන එක වගේම ඒ ව්‍යවස්ථාව ගෙනාපු ගමන් ආණ්ඩුව ගෙදර යවන එකත් ඉර හඳ වගේ විශ්වාසයි. ඒක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වේ 2017 දී මේ ආණ්ඩුව ගෙදර යවනවා කියලා.
එතුමා කිව්ව ප්‍රකාශයේ එල්ලිලා ඉන්නේ නැතුව පුළුවන් නම් ව්‍යවස්ථාව ගෙනත් පෙන්වන්න කියලා ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට අභියෝග කරනවා. අපට ආණ්ඩු පෙරළන්න අගමැති රට යනකම් බලන් ඉන්න ඕනේ නැහැ. හැබැයි කොහොමත් අපි ආණ්ඩු පෙරළන දවස වෙනකොට රට විනාශ කරන මේ ආණ්ඩුවේ ලොකු ලොක්කෝ කාටවත් රටේවත් ඉන්න ජනතාව ඉඩ දෙන එකක් නැහැ.
දැන් ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරයාගේ දෙවැනි වර්ෂ පූර්ණය සමරන්න යනවා. මේ ආණ්ඩුව වර්ෂ පූර්ණය සමරන්න යන්නේ හම්බන්තොට අක්කර 15,000ක් චීනයට විකුණලා දාලා. මං හිතන්නේ රටේ සම්පත් විකුණලා, බලයට පත්වීම සමරන ලෝකයේ එකම ආණ්ඩුව මේක වෙන්න ඇති. අක්කර 15,000ක පාරම්පරික උරුමකරුවන් මහමඟට ඇදලා දාලා සමරන සංවත්සරය මේ ආණ්ඩුවේ අවසාන සංවත්සරයයි.
“අගමැතිතුමාට මම කියනවා බය නැතිව රට ගිහින් එන්න කියලා. මම ආණ්ඩු බලය ගන්නෙ මුහුණට මුහුණ සටනක් දීලා මිසක් රටේ නැති වෙලාවට කුමන්ත්‍රණ කරලා නෙමෙයි…”යනුවෙන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති රනිල් වික්‍රමසිංහට කන හරහා පිළිතුරක් ලබාදි තිබේ.
“මම ආණ්ඩු බලය ගන්නෙ මුහුණට මුහුණ සටනක් දීලා මිසක් රටේ නැති වෙලාවට කුමන්ත්‍රණ කරලා බලය ගන්න මට ඔනේ නෑ…..”
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමන් කැමති ඕනම දෙයක් කර ගැනීමට නිදහස තියෙන මුත් තමා මේ රටේ අගමැතිවරයා බවත් තමා එළඹෙන සතියේ ස්විස්ටර්ලන්තයේ දාවෝස් නුවර සංචාරයක නිරත වන බැවින් එම කාලයේ රාජපක්ෂ මහතාට ඔය කියන ආකාරයේ කටයුත්තක් කරගැනීමට උත්සාහ කළ හැකි බවට අග්‍රාමාත්‍යවරයා කල ප්‍රකාශය සම්බන්ධයෙන් අපකල විමසිමකදි මහින්ද රාජපක්ෂ මහතා මේම පිළිතුර ලබාදි තිබේ.
අරලියගහ මන්දිරයේදී නව වසරේ රාජකාරි ආරම්භ කිරීමට පැමිණි කාර්ය මණ්ඩල ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් අද දිනයේ කුලියාපිටියේදී ආරම්භ කරන බව කියූවද එහි ආරම්භ කිරීමට නියමිය ඇත්තේ යුරෝපානු මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් බව අද තහවුරු වුනා.
එහි පුවරුවල දැක්වෙන්නේ ‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි’ යනුවෙනි. වෙස්ටන් ඔටෝමොබයිල් ඇසේම්බ්ල යනු මෙරට සමාගමක් වන අතර ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙන්නේ ඩොලර් මිලියන විසිහයයි දශම පහක ආයෝජනයකිනි.මෙහි අරමුණ වන්නේ වොක්ස්වාගන්, අවුඩි, රෙනෝල්ට් ඇතුළු යුරෝපීය වාන කොටස් ගෙන්වා එකලස් කිරීමයි.
මේ වන විටත් මයික්‍රො, AMW ආදී මෙරට සමාගම් විසින් වාහන කොටස් ගෙන්වා එකලස් කිරීමේ කාර්ය සිදු කරයි.
මෙම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වූ ගිවිසුමට ආයෝජන මණ්ඩලය සමග අත්සන් තබනු ලැබුවේ මෙරට වාහන ආනයන සමාගමක් වන සෙනොක් ඔටෝමොබයිල් සමාගමයි.
ලංකාවේ කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් වොක්ස්වාගන් නිල වෙබ් අඩවියේ (vw.com) හෝ නිල සමාජ ජාල ගිණුම්වල කිසිදු තොරතුරක් සදහන් නොවීමද විශේෂයකි.
මේ දවස්වල ප්‍රදර්ශනය කරමින් තිබෙන පළාත් පාලන සීමා නිර්ණ නරි නාටකය දුටු විට ලියන්නට සිත් විය.
කමිටු පොරවරුනි, ලංකාවේ ඕනෑ තරම් විගඩං තියෙනවා ය. ඒ නිසා බොලාත් තව ඒවා පෙන්නන්නට ඕනෑ නැත. සීමා නිර්ණය ගැන විගඩමක් පෙන්නන්නට ඕනෑ ම නම් ඒක ඇමති පෙන්වා ගනු ඇත. බොලා ඕනෑ නැත. අප දේශපාලකයන් පත් කර තිබෙන්නේ ඒවාට ය. රාජ්‍ය නිලධාරීන් ඒවා කරන්නට ඕනෑ නැත.
අනෙක රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කමිටුවක් යනු දේශපාලන පක්ෂ කොමිටියක් නො වේ. ඒ වනාහි රටේ අනාගතය පිළිබඳ ඉතා වැදගත් තීරණ තීන්දු ගන්නා වගකිව යුතු ව්‍යූහයකි. එවැනි කමිටුවක සාමාජිකයන් යනු රටේ ඉතිහාසය වෙනස් කරන පිරිසකි. ඔවුන් එම කාර්යය අවසන් වන තෙක් ඉතා වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ලෙස හැසිරිය යුතු ය.
එවැනි කමිටුවකට බූරුවන් පත් කළ එක ගැන මුලින් ම ඇමති ම කණ් දෙක අල්ලාගෙන සිටීන් ඉඳීන් කළ යුතු ය. අශෝක පීරිස් හැසිරෙන්නේ තනිකර ම ඇමතිවරයෙක් තරම් ම මුග්ධ ආකාරයකිනි. මොහු වනාහි හිටපු ඉඩම් කොමසාරිස්වරයෙකි. අහන්නට දෙයක් නැත. සාමාන්‍යයෙන් මේ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් දන්නේ යමක් හරියට නො කරන හැටි කියන්නට ය.
මේ කමිටුවේ සිටින අනෙක් අයව පත් කර තිබෙන්නේ දේශපාලන පක්ෂ විසින් ය. එජාප විසින් ඒ.එස්.එම්. මිස්බා ද, එජනිස විසින් කේ. සාලිය ද, ජවිපෙ විසින් උපුල් කුමාරප්පෙරුම හා දෙජාස විසින් මහාචාර්ය බී. බාලසුන්දරම්පිල්ලෙයි ද පත් කර තිබේ.
මෙහි සභාපතිවරයා දේශපාලන පක්ෂවලට කමිටු වාර්තාව පමා කිරීමට අවශ්‍ය වූ බවට කතාවක් මාධ්‍යවලට කීවේ ය. මෙවැනි ඔප්පු කළ නො හැකි ගොන් කතා මාධ්‍යවලට කියමින් දේශපාලන සංදර්ශන පවත්වන බූරුවන් විසින් සීමා නිර්ණය සම්බන්ධ අභියාචනා විභාග කරන්නට ඇත්තේ කෙසේ ද යන්න ද සැක සහිත ය. එවැනි ප්‍රශ්න තිබිණි නම්, ඔහු කළ යුතුව තිබුණේ කල් ඇතිව ම එය කියන එක ය. දැන් ඒවා කීමෙහි තේරුමක් නැත. කරන්නට බැරි නම් කලින් ම ඉල්ලා අස් විය හැකිව තිබිණි. හැබැයි, භාර ගත් වැඩේ සම්පූර්ණ නො කරන කමිටු සාමාජිකයන් එම කාර්යය වෙනුවෙන් ලබා ගත් සියලු දීමනා හා වරප්‍රසාදත්, ප්‍රමාදය වෙනුවෙන් වන්දිත් ගෙවිය යුතු ය. මහජන මුදලින් පත් කරන කමිටු කියන්නේ සෙල්ලං නො වන බව කමිටුපාලුවන් තේරුම් ගත යුතු ය.
පැන්සොන් ගිය පසු අර ජනතා විමුක්ති පෙරමුණේ අය නිතර කියන ආප්තෝපදේශයක තිබෙන්නා සේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නේ නැතිව ඇමතිවරුන්ට පන්දම් අල්ලමින් විවිධ කමිටුවලට පත් වෙමින් කාටත් වැඩක් නැති කමිටු වාර්තා හදන කමිටුපාලුවන් පිරිසක් ද මේ රටේ සිටිති. ඔවුන් ද රටේ මහජන මුදල් සූරා කන දේශපාලකයන්ගේ ම තවත් ඇනෙක්සියකි.
දේශපාලන පක්ෂ ඡන්දවලට බිය වීම තේරුමක් නැත. උන්නත් දාහයි, මළත් දාහයි කියා ආණ්ඩුව ඡන්දයට යා යුතු ය.
සීමා නිර්ණය කඩිනමින් අවසන් කර, අදාළ නීති සංශෝධන කිරීමෙන් පසුව පමණක් මීළඟ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු ය. එතෙක් පළාත් පාලන ආයතන විසින් කරනු ලබන එක ම වැදගත් කාර්යය වන කුණු අදින එක අබාන්සෙකට භාර දිය හැකි ය.
අජිත් පැරකුම් ජයසිංහ
දශක තුනක කාලසීමාව තුල ශ්‍රීලංකාවේ ඇතිව තිබූ කුරිරු යුද්ධය ලංකාවේ ආර්ථිකමය හා දේශපාලනයම වශෙයන් අස්ථාවර වීමට බොහෝ සෙයින් බලපෑ අතර, ඉතිහාසයේ රට එක්සේසත් කල දුටුගැමුණු වැනි නිරිඳුන් නැවත පහල වෙතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත. ඒ බලාපොරොත්තුව පිට විදෙස් කුමන්ත්රණකාරීන් රටට අතපොවමින් සිටියේ ලංකාව යුධමය හා ආර්ථිකමය වශයෙන් ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක් බව හොඳින්ම දන්නා නිසාය.
කෙසේ වෙතත් ඔවුන්ගේ බලාපොරොත්තු සනුවිසුනු කරමින් රට අරාජික කල යුද්ධය 2009 වසරේදී එවක සිටි නිර්භීත නායකත්වය හා මගපෙන්වීම යටතේ පරාජය කිරීමට ත්‍රිවිධ හමුදාවට හැකියාව ලැබිණි.
ඉන් වසර කීපයක් ගතවීමට පෙර පත්වූ වත්මන් ආණ්ඩුව යටතේ සහජීවනය සහ විදෙස් සබඳතා මුවාවෙන් මේ වන විට නැවත රට අරාජික වෙමින් පවතින බව ජනතාවට පසක් වෙමින් පවතීයි.
සිංහල දෙමළ සහජීවනය එකල පටන් ශ්‍රීලංකාව තුල සරුවට තිබුනද එය අන්තවාදය දක්වා පත්වූයේ වත්මනේ පාලක පැලැන්තියේ මූල බීජ තුලය. එකල දේශපාලඥයන්ගේ ඕනෑ එපා කම් වෙනුවෙන් සිංහල ජනතාව හා දෙමළ ජනතාව අතර ගැටුම් අති කරනු ලැබූ අතර, එය බටහිර ගැත්තන්ගේ අභාෂය මත සිදුවූවකි.
1948 දී රටට නිදහස ලැබුන දා පටන් රට භාරගත් වත්මන් පාලන පැලැන්තියේ මූල බීජයන් අනුගමනය කලේ රටේ සංකෘතිය පසෙක දමා සුද්දන්ගේ පාලන ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි. එකල ලංකාව යටත් විජිතයක් වශයෙන් තිබියදී ඔවුන්ගේ ප්‍රධාන පාලන ක්‍රමය වූයේ ඩිවයිඩ් ඇන්ඩ් රූල්ස් ක්‍රමයයි. එනම් බෙදා වෙන්කර පාලනය කිරීමයි. එය එක් විටෙක ජාතියෙන්, තවත් විටෙක දුප්පත් පොහොසත්කමින්, තවත් විටෙක ආගම් වශයෙන්, වෙන් කර බේද භින්න කර පාලනය කලහ. එදා රටේ මහජාතිය වූ සිංහලයන්ට එකල කුඩම්මාගේ සැලකිලි විය. එය රටේ මහජාතිය හා සුළු ජාතීන් අතර විරසකය ඇති කිරීමට ඔවුන් ගත් එක් ක්රියාමාර්ගයකි. එවිට රට තුල නිසි නායකත්වයකට ඉඩක් නොවෙයි. වහලුන් ලෙස තම වාසි වෙනුවෙන් පැති තෝරාගැනීමට ඔවුන් ජනතාවට හුරු කලහ.
වත්මනයේද බටහිර ගැති පාලක පැලැන්තිය ජනතාව යොමුකරමින් සිටින්නේ එවැනි පාලන ක්‍රමයකට යටත් කිරීමටය. රටේ ඇති සංකෘතියට පහර දීම තුල මේ වන විට මහජාතිය වූ සිංහල ජනතාව වත්මන් ආණ්ඩුව පිළිබඳ දැඩි අප්‍රසාදයෙන් පසුවෙයි. එසේම දෙමළ මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශේෂ වරප්‍රසාද ලබා දීම තුල එය තව තවත් සමාජය තුල උත්සන්න වී ඇත.
එක් ජාතිකයකට රටේ ජාතික සම්පතක් වූ වන සංහාරය සිදු කර නිජ භූමි සකස් කිරීමට අවස්ථාව උදාකර දී ඇති අවස්ථාවක තවත් ජාතිකයකට ප්‍රදේශ වෙන්කර දී වෙනම පාලන කලාප ලබා දීමට ගිවිසුම් ඇති කර තිබීම තුල මහජාතියට සුද්දන්ගෙන් වත් නොවු විරූ කුඩම්මාගේ සැලකිලි ලැබෙමින් පවතී.
එකල රට ආක්‍රමණය කල එළාර ලංකාවට පැමිණියේ ලංකාවේ සංකෘතිය ඔප් නැංවීමට නොව රට තුල ඇති ඓතිහාසික සිද්ධස්ථාන හා රටේ සියළු සංකෘතිය මුලිනුපුටා දමා රජවීමටය. ජාතියේ පිනට එකල දුටුගැමුණු නිරිඳුන් රට එක්සේසත් කල නමුත් වත්මන් පර ගැත්තන් විසින් අනුරපුර රුවන්වැලි සෑය අසල එළාර රජුගේ පිළිරුවක් ඉදි කර ඇත්තේ පරගැත්තන්ට උපහාර පිදීමක් වශයෙන්ද එසේ නොමැති නම් රුවන්වැලි සෑය හා දුටුගැමුණු නම වන්දනීය ලෙස සැලකීම හෑල්ලුවට ලක්කිරීමටද යන්න ජනතාව රටේ පාලකයන්ගෙන් ප්‍රශ්ණ කර සිටියි.
මෙම කරුණු සියුම් ලෙස පිරික්සීමේදී පෙනී යන්නේ වත්මන් යහපාලන ආණ්ඩුව රට තුල ඇති කිරීමට යන විශාල විනාශයක මූලාරම්භයයි.
වසර 300 කට වැඩි කාලයක් විදෙස් පාලකයන්ගේ ගැත්තන් වී සිටි ශ්‍රී ලාංකිකයන් වැවතත් අරාජික රටක සංකෘතියක් නැති සදාචාරයක් නැති මොට නිවට ජාතියක් වීමට ඉඩ කඩ ලබා නොදීමට නම් වත්මන් යහපාලනය නමින් වපුරන මෙම පැරගැති මූලබීජ විනාශ කර දැමීමට සියළු රට වැසියන් එක්විය යුතුය.
යහපාලනය අපගේ ඉතිහාසය විකෘති කරමින් සිංහල සංස්කෘතිය මකා දමමින් සිටියි.
අද අපගේ නිහඩතාවය නිසා මතු පරපුරට භායානක අනාගතයකට මුහුණ දීමට සිදුවන බව නොඅනුමානය.
සටහන – තිත්ත සූකිරී
අද අප කතා කරන්නේ පීරිස්ලා දෙදෙනකු ගැන. එක් අයකු අශෝක පීරිස්. අනෙක් අය ගාමිණී ලක්ෂමන් පීරිස්, බොහෝ දෙනා දන්නා විධියට ජී එල්. දෙදෙනාම නාට්‍යයක් රඟ දැක්වීමක්, රංගනයක් අවසන් කිරීමට කටයුතු කළා. මා ජී එල් හෙවත් ලක්ෂමන් අවුරුදු හැටක් පමණ දන්නවා. අශෝක අවුරුදු හතළිහකට පමණ පෙර පේරාදෙණියේ දී මගෙන් ගණිතය ඉගෙන ගත් බව කියැවෙනවා. ඔහු පහෙන් තුනක් යනු බහුතරයක් බව දන්නවා. ෆයිසර් මුස්තාෆා මොනවා ඉගෙන ගත්තා දැයි දන්නේ නැහැ. ඔහුට අංක ගණිතය බැරි බව තේරෙනවා. විනිසුරුවන් පස් කට්ටුවක සභාපති ඇතුළු තුන්දෙනකුගේ එකඟත්වයෙන් දෙන තීන්දු ඔහු නීතිඥයකු ලෙස පිළිගන්නවා දැයි දන්නේ නැහැ. සමහරවිට සුමන්තිරන් දන්නවා ඇති. මෙරට ඒකීය භාවය පිළිබඳ දහතුන්වැනි සංශෝධනයේ් නඩුව තීන්දු කෙරුණේ නව දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලකින් පස්දෙනකු පමණක් එකඟ වීමෙන්. රාජා වනසුන්දර විනිසුරුවන්ට අනුව මෙරට ඇත්තේ සන්ධීය ව්‍යවස්ථාවක්. එකල මුස්තාෆා විධි ක්‍රමය යොදා ගත්තා නම් ඒ බහුතර නඩු තීන්දුව පිළි නොගෙන ඉන්න තිබුණා. මුස්තාෆා එකල ජනාධිපති නීතිඥයකු නොවන්න ඇති.
මට පසුගිය කාලයේ පොඩි බයක් තිබුණා. ඒ ජී එල් හා පිරිස 2015 දී රෑ වැටුණු වළේ 2017 දී දවල් වැටෙයි ද කියන එක. තවමත් ඒ බිය සම්පුර්ණයෙන් පහ වී නැහැ. 2015 දී අප ජී එල් ගේ නිවසේදී ම ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ වෙන ම පක්ෂයකින් තරග කරන ලෙසයි. ඔවුන් ඒ ඉල්ලීම පිළිගත්තේ නැහැ. එහි විපාක අද අප සියල්ලන් ම විඳිනවා. රෑ ආප්ප කා පසුදින උදයේ පිහියෙන් ඇන්න මෛත්‍රිපාල සතපහකට විශ්වාස කරන්න බැරි බව අප දැන සිටියා. එහෙත් ජී එල් හා පිරිස ඔහු ගැන විශ්වාසයක් තැබුවා. මෛත්‍රිපාල හා මහින්ද සහයෝගයෙන් කටයුතු කරාවි යැයි ඔවුන් බලාපොරොත්තු වූවා. මෛත්‍රිපාල උදේ කියන දේ සවසට නැතැයි කියන අයෙක්. සමහර දේ ඔහු දැනගන්නේ පත්තරයෙන්. ඔහු ඊයේ තිරසාර සංවර්ධන රැස්වීමේ දී බලයේ රැඳී සිටීම බලයට පත්වීම ආදිය ගැන කතා කෙළේ පෞද්ගලික ආශා දුර ලූ අයකු වගේ. ඔහු ඒ කතාවෙන් පසු තිරසර සංවර්ධනය පිළිබඳ වාර්තාවක් මගේ අවුරුදු හැටකට වැඩි මිත්‍රත්වයක් ඇති මොහාන් මුණසිංහට දෙනු ප්රවෘත්ති මගින් දුටුවා. මොහාන් මෛත්‍රිපාල ගැන මොනවා හිතුවත් මා හිතන දේ නම් හිතන එකක් නැහැ.
මෛත්‍රිපාලට වැදගත් ප්‍රශ්නයක් තිබුණා. ඒ රටේ අනාගතය නොවෙයි. තමාගේ අනාගතය ගැනයි. පළාත් පාලන ආයතනවල බලය ලබා ගන්නේ කෙසේ ද යන්නයි. තමා පරදින බව නියත වශයෙන් ම ඔහුත් දන්නවා. ඔහුගේ වෑයම වූයේ ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකතු වී බලය ලබා ගැනීමයි. එහි දී මල් පොහොට්ටුව පොඩි පට්ටම් කිරීමයි. ජී එල්ට ඒ බව කාටත් වඩා හොඳින් තේරෙන්න ඇත්තේ ඔහු පොහොට්ටුවේ සභාපති නිසයි. ඒත් පොහොට්ටුවේ හා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් ජී එල්ට විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒකට කමක් නැහැ. මෛත්‍රිපාලගේ කණ්ඩායමේ විවිධ පුද්ගලයන් ආණ්ඩුවෙන් අස්වෙන බවට ප්‍රචාර ගෙන ගියා. එක් අයකු අස්වුනා. ආණ්ඩුවෙන් අස්වීමට ඕන තරම් හේතු තියෙනවා. එට්කා ගිවිසුම, හම්බන්තොට වරාය හා ඉඩම් විකිණීම, ඒ සියල්ලට ම වඩා කිසිම ජනවරමක් නැතිව සිංහල විරෝධී ව්‍යවස්ථාවක් සම්පාදනය කර දෙමළ ජාතිවාදයට කප්පන් දීම ආදී හේතු ආණ්ඩුවෙන් අස්වීමට ඕනවටත් වැඩියි. ඒත් ඔවුන් අස්වූයේ නැහැ. දැන්වත් අස්වෙනවා නම් හොඳයි. ඒත් ඒ ඒකාබද්ධ විපක්ෂය දුර්වල කිරීමට හෝ පොහොට්ටුව පොඩි පට්ටම් කිරීමට හෝ නොවිය යුතුයි.
මෛත්‍රිපාලට ප්‍රශ්නයක් වී තිබුණේ අශොක පීරිස් සීමා නීර්ණ කොමිසම. එහි වාර්තාව ලැබෙන තෙක් යැයි කියමින් පළාත් පාලන ඡන්ද කල් දැමීමට මුස්තාෆාට හැකි වූවා. කොමිසමේ වාර්තාව ඉදිරිපත් කිරීම කල් දැම්ම වීමට ආණ්ඩුවට අවශ්‍ය වු බව දැන් පැහැදිලියි. කොමිසමේ වාර්තාව පිළිගත්තොත් පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට සිදුවෙනවා. එහි දී පොහොට්ටුව තනිව ම ජයගැනීම වළක්වා තමනුත් ජයග්‍රහණයට සහභාගි වී ආණ්ඩුවට කල් ගැනීම මෛත්‍රිපාලගේ උපක්‍රමය වූවා. ඔහු දිගට ම ජනාධිපති. ඔහුට අවශ්‍ය පිරිසක් ආණ්ඩුවට ආපසු ගැනීමට වුවත් ඔහුට හැකි කම තිබුණා.
එහෙත් ඒකාබද්ධ විපක්ෂයෙන් තමන්ට සහායක් නොලැබේය යන සැකයත් මෛත්‍රිපාලට තියෙන්න ඇති. රනිල් හා මෛත්‍රිපාල ප්රජාතන්ත්රවාදය ගැන මොන බයිලා කිවුවත් ඔවුන් දෙදෙනාට ම පළාත් පාලන මැතිවරණ පැවැත්වීම අවශ්‍ය නැහැ. අශෝක පීරිස් වාර්තාවට එ ජා ප හා මෛත්‍රිපාල මරා දැමූ ශ්‍රී ල නි ප නියෝජිතයන් දෙදෙනා අත්සන් නොකර මග හැර තිබෙන බව පැහැදිලියි. එසේ කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට. අශෝක පීරිස් ඒ ගැන බලා නොසිට වාර්තාව ඇමතිට භාර දී තිබෙන බවත් පැහැදිලියි. දැන් ඔවුන් අශෝකට බනීවි. ඉක්මන් වුනා අරක මේක කියා. ඒකටත් කමක් නැහැ. අශෝක වැනි පරිපාලන නිලධාරීන් රටට ආඩම්බරයක්. කොහොමටත් ආණ්ඩුව දැන් වාර්තාව පිළිගන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණ තවත් කල් දාන්න පුළුවන්. මෛත්‍රිපාලගේ පිරිසට ආණ්ඩුවෙන් දැන් ම අස්වෙන්න ඕන නැහැ. මුට්ටිය වූ ප්‍රියන්කර රත්නායක ගන්ධබ්බ තත්වයකින් පසුවේවි.
දැන් නාටකය හමාරයි. මෛත්‍රිපාලගේ මැති ඇමතිවරුන්ට අප නොරැවටිය යුතුයි. මෛත්‍රිපාලට මහින්ද අගමැති කරන්න කියා අප සම්මන්ත්‍රණයක් තියා අවුරුද්දකට වැඩියි. අප එසේ කෙළේ මෛත්‍රීපාල ඒ නොකරන බව දැන දැනත් මහජන මතයක් ඇති කිරීමටයි. එහෙත් ජනමාධ්‍ය සුපුරුදු පරිදි එය වාර්තා කෙළේ නැහැ. අපට ජනමතයක් ඇති කිරීමට ජනමාධ්‍ය ආධාර කරන්නේ නැහැ. මෛත්‍රිපාලගේ කණ්ඩායම මෛත්‍රිපාලට විරුද්ධව ආණ්ඩුවෙන් අස්වන්නේ නම් පමණක් ඔවුන් ඒකාබද්ධ විපක්ෂයට ගත යුතුයි. එසේ නැතිව ඒකාබද්ධ විපක්ෂය දුර්වල කිරීමේ පවිටු චේතනාවෙන් ආණ්ඩුවෙන් අස්වන්නන් වෙනුවෙන් නම් කළ යුත්තේ කොස්ස අතට ගැනීමයි.
මෛත්‍රිපාලගේ හා රනිල්ගේ ගැටවලට හසු නොවී ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන්නේ නම් රටට යහපතක්. විවිධ පුද්ගලයන් ජී එල්ට බනීවි. එහෙත් ඔහු නාටකය හමාර කිරීමට කටයුතු කළා. අශෝක තම සීමා ඇතුළත සීමා නිර්ණ කොමිසමේ වාර්තාව භාර දීමෙන් රටට යහපතක් කළා. පීරිස්ට හා පීරිස්ට පින්!
නලින් ද සිල්වා
2016 ජනවාරි 03
ශ්‍රී ලංකාවට දේශීයව හෝ විදේශීයව ණය සඳහා සියලුම සේවා සැපයිම අවශ්‍ය සියලුම කටයුතු සිදු කරනුයේ මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය අනුමැතිය යටතේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව Public Debt Department of the CB(PDD)SL හරහාය. මුදල් නීති පනතේ 113 වගන්තිය ප්‍රරකාරව දේශීයව හෝ විදේශීයව ණය සඳහා සියලු කටයුතු මෙහෙයවනු ලැබිම සහ එහි වගකීම මෙම දෙපාර්තමේන්තුව සතුය.
In terms of Section 113 of the Monetary Law Act, the Central Bank of Sri Lanka (CBSL) is responsible for the management of the public debt as the Agent of the Government.
රටේ නිතිය ඒසේ තිබියදී රජයට වහාම ඇ. ඩොලර් බිලියනයක් ණය ලබා ගැනිමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ආර් එච් එස් සමරතුංග විසින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් සම්බන්ධ කොට පුවත් පත් දැන්වීමක් පලකොට රුපියල් කෝටි 15000 ක් එනම් හම්බන්තොට වරාය විකුණා ගන්නා මුදලට සමාන ණයක් ලබා ගැනිමට පසුගිය සතියේ කටයුතු කලේය.
මෙසේ පුවත්පත් දැන්වීම් පලකලේ ඒ සඳහා නෛතික බලය හිමි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ CB(PDD)SL හරහා නොව, අඩුම වශයෙන් ණය අවශ්‍ය මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින්වත් නොව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ Department of External Resources හී සාමාන්‍ය අධ්‍යයක්ෂක වරියක් වන විශාකා අමරසේකර නමින් ය. එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානනියා වන අධ්‍යයක්ෂක ජෙනරාල් ප්‍රියන්ත රත්නායක වන අතර අතිරේක අධ්‍යයක්ෂක ජෙනරාල් අජිත් අබේසේකර යි. මුදල් නීති පනතේ 113 වගන්තිය ප්‍රරකාරව එය සම්පූර්ණ නිතී විරෝධී කට යුත්තක් මෙන්ම ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව සතු මූල්‍ය පරිපාලන බලය අවභාවිතයේ යෙදවීමකි.
මෙය හරියටම පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් ක්‍රියාත්මක කලයුතුව තිබු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට මසකට රුපියල් 7 බැගින් මාස 60 ක් සඳහා කුලි පදනම මත මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට ගත් උත්සහයට සමානය. එම යෝජනාවද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පිලියෙල කොට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව හා ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා වෙත වගකීම පැවරීමට ගත් උත්සහය මෙනි.
එහෙත් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම ඇ. ඩොලර් බිලියනයක ජාවාරම පිටුපස සියලු කටයුතු මේ වනවිට සිදු කොට හාමාර බවත් ජනතාව නොමඟ යෑවිමට 2017 ජනවාරි 20 දින අදාළ පුවත් පත් දැන්වීමට අනුව එම ලංසු තැබිමේ ටෙන්ඩරය විවෘත කිරීමට නියමිත බවයි. මෙම ටෙන්ඩරය ද හිටපු මහා බැංකුවේ අධිපති විසින් තමා අධිපති කාලය තුල කුලුපගව සිටි මූල්‍ය ආයතනයක් හරහා තමා ගේ බෑනාගේ සමාගමට තැරව්කාරු ලෙස මෙම ගනුදෙනුවෙන් කොමිස් ලැබෙන පරිදි ආණ්ඩුවට ඇ.ඩොලර් බිලියනක ණය මුදල ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු අවසන් කොට ඇති බවයි.
ජාතික ආණ්ඩුවේ ඇමතිකම් සදහා ද්‍රවිධ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු නිර්දේශ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද්‍රවිධ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතාට දැනුම් දි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. පසුගිය නොවැම්බර් 25 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දෙමළ සන්ධාන නායකයා සහ තවත් කණ්ඩායමක් සමග පැවැති විශේෂ හමුවේදි මේ බව සාකච්ඡා කර තිබේන අතර ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේ කාර්යය ඉතා ඉක්මනින්ම සිදුකිරිමට අපහසු බැවින් එම කාලය තුල උතුරේ සංවර්ධනය සක්‍රිය කිරිම සදහා මෙම ඇමතිකම් භාර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා ද්‍රවිධ සන්ධානයට දැනුම් දි ඇත්තේ.
ඒ අනුව උතුරු/නැගෙනහිරි ප්‍රදේශ සංවර්ධනය කිරිමට අදාළව ඇමතිකම් භාරගැනිමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා ද්‍රවිධ සන්ධානයෙන් ඉල්ලා ඇත්තේ.මේ අතර පසුගියදා ද්‍රවිධ ජාතික සන්ධනයේ සමාජිකයන් අතර හදිසියේ පැවැති හමුවේදි ද මේ සම්බන්ධයෙන් පුලුල්ව සාකච්ඡා කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
විපක්ෂ නායක බෙදුම්වාදී දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධගේ පාර්ලිමේන්තු කාර්යාලයේ පැය දෙකකට අධික කාලයක් පැවැති රැස්විමේදි ජනාධිපතිවරා හමුවේ ද්‍රවිධා සන්ධාන නායකයින් පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය බේදිමේ ක්‍රියාවලිය ජාත්‍යන්තරය හමුවේ ලංකා ආණ්ඩුව අත්සන් කල ගිවිසුම ප්‍රකාරව සිදුවිය යුතු නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම් විවිධ විරුද්ධ මත දැරිම හේතුවෙන් තම පක්ෂය බරපතළ අර්බුදයකට මුහුණ දි සිටින බවද පෙන්වා දි තිබුනා.
කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ ජාතික ආණ්ඩුව අවසන් කර මෛත්‍රී පිළ විපක්ෂ නායකකම ගැනීම හරහා ඒකාබද්ධය කඩන්න ප්ලැන් A ක්‍රියාත්මක කිරිමට රහසේම කටයුතු කරමින් සිටින සිරිසේන එහිදි ද්‍රවිධ සන්ධානයට අහිමි වන විපක්ෂ නායක කම වෙනුවට ඔහුන්ට ඇමතිකම් ලබාදිම සදහා වු මෙහෙයුම මේ හරහා ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
මේ අතර ලබන 9,10,11 දිනවල විවාදයට ගැනිමට නියමිත ව්‍යවස්ථා කමිටු වාර්තාව 6 පිළිබඳව විමර්ශණය කිරිමට ජාත්‍යන්තර සහයද ඇතිව විමර්ශණ කමිටුවක් කටයුතු කරනු ඇති බව අද දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මාධ්‍ය හරහා අනාවරණය කර තිබේ.
http://www.sinhala.lnwtoday.com/archives/14621
ජනපති මෛත්‍රීට එරෙහිව දෝෂාභියෝගයක්.. 2017 වසර ආරම්භයත් සමගම් රටේ ජනමයාගේ ඔලුව් මත ගිනී ගෙඩියක් අත හැරිමට ජනපති මෛත්‍රීට එරෙහිව දෝෂාභියෝගයක්.. යනුවෙන් කිලීගේ කොන්ත්‍රාත්කරු,සිරිසේනගේ සුවච කීකරු සුකරයා වන “අසාද් සාලි” කටයුතු කිරිම පසුපස ඇති කුමන්ත්‍රණය නිවැරදිව හදුනා ගතයුතුව තිබේ.”මට ලැජ්ජයි, මටම සෙරෙප්පුවෙන් ගහගන්න ඕන” යනුවෙන්කෑ මොරදෙන සාලිය සුකරයා මෙම “දෝෂාභියෝගය” ඉස්සරහට දමමින් කියන්නට උත්සහ කරනුයේ කුමක්ද?
උපුටා ගැන්ම BBC සිංහල …
2017 වසරේදී වත්මන් ආණ්ඩුව පෙරලා දමන බවට හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් කරන ලද්දේ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අදහසින් බව ඔහු පැවසීය.
“කොහොමද මහින්ද බලයට එන්නේ? ජනාධිපති තුමාට දෝෂාභියෝගයක් ගේන්න ඕන. එතකොට අගමැතිවරයා ජනාධිපතිවෙනවා. ඊට පස්සේ අගමැතිවරයෙක් පත්වෙන්න ඕන. ඒකද මේ ගේම් ඒක? ඒකටද මේ අය ඔක්කොම ඇරස්ට් කරන්නේ නැතුව තියල තියෙන්නේ?”
“ඔක්කොමල බලාපොරොත්තු වුනේ 2015 ජනවාරි අටෙන් පස්සේ සාමකාමී රටක්. අන්තිමට මොකක්ද වුනේ? අපේ බලාපොරොත්තු සුන්වෙලා ගියා. එච්චරයි අපිට උනේ. හරිම කනගාටුයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
උපුටා ගැන්ම අවසන්…..
අසාද් සාලි උත්සහ කරමින් සිටින්නේ කුමක්ද?
එක්සත් ජාතික පක්ෂ නායක,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට Deal එකක් ඇති බවත් ඒ Deal එකට අනුව සිරිසේන ජනාධිපති කමින් එලවා දමා ජනපති කම වික්‍රමසිංහට ලබාදි මහින්ද හෝ මහින්ද කැමති වෙනත් අයෙකු අගමැති කිරිමට කුමන්ත්‍රණය කරමින් සිටින බව නොවේද?
අසාද් සාලි යගේ කතාව පුරාම කොතනකවත් සිරිසේන නොහොත් රටේ ජනපති රටේ ජනතාවට වැරදි කර නැත ….වැරදි කර ඇත්තේ රනිල් සහ මහින්ද මෙන්ම සිරිසේන විසින් වැරදි කරුවන් ලෙස නම්කල කිහිප දෙනෙකු පමණි.ඒ අනුව සාලිය මේ උත්සහ කරන්නේ රටේ ජනතාවගේ ඔලුව අවුල් කිරිමටය …ශ්රීලංනිපයේ සිරිසේනගේ බත් බැලයෝ නිරන්තරයෙන් කියන මහින්ද -රනිල් deal එක සමාජය තුල තහවුරු කිරිමටය.ඒ හරහා රටේ ජනතාවට මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තිබේන ගෞරවය වෙනුවට ඔහු කෙරෙහි අවිශ්වාසයක් ගොඩනැගීමය.මහින්දට එරෙහිව අවිශ්වාසය ගොඩනගන තරමටම් බෙදුම්වාදීන්ට තමන්ගේ වැඩේ පහසුන්වෙම කර ගැනිමට හැකිය හැකි වෙන බව අම්තුවෙන් කියා දියයුතු නැත.
මෛත්‍රිපාල දැනටමත් පක්ෂ ව්‍යවස්ථාව මෙන් ම රටේ ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත. අද ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආයුතු එකේ දෙකක් නැත…නමුත් ඒ සමගම රනිල්ට එරෙහිව විශ්වාසභංගක්ද ගෙන ආයුතුය.මන්ද මේ දෙදෙනාම රට බෙදුම්වාදීන් සමග බෙදාගැනිමට කටයුතු කරමින් සිටින නිසාය. එම නිසා අසාද් සාලි වැනි සුකරයන්ගේ කතා වලට හසුනොවන්නට රටේ ජනතාව මෙන්ම දේශපාලකයන්ද පරිස්සම් විය යුතුය.
කවුද මේ අසාද් සාලි
යහපාලකයන් වෙනුවෙන් ලාබෙට කඩේ යවා වැඩේ කරවාගත් පසු කොම්ඩම් තියරීය තමන්ටද යොදවා ඇති බව එජාප ජාතික ලැයිස්තු අපේක්ෂක කොළඹ නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලිය දුරකතන සියල්ලද විසන්ධි කරදමා සැඟවී සිටි අයෙකු වන අතර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ කඩා බිද දැමිමේ කුමන්ත්රණයේ යෙදි සිටින කැපිටල් මහරාජා පෞද්ගලික ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්යක්ෂ රාජා මහේන්ද්‍රන්ට හෙවත් කිලී මහරාජාගේ එක කොන්ත්රාත්කාරයෙක් බව දන්නා රනිල් ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව නොදි සිටියේ තමන්ගේ අනාගතය දෙස බලාය.
බැරිම තැන සන්ධාන ජාතික ලැයිස්තුවෙන් තමන්ට පාර්ලිමේන්තුවට යැමට අවස්ථාව ලබාදෙන ලෙස අසාද් සාලී මෛත්‍රීගෙන් ඉල්ලා ඇති අතර එහිදි මෛත්‍රී පවසා ඇත්තේ……මේ අවුරුදු 2ක් ඔහොම යන්න…ඊට පස්සේ සජිත්ගේ නායකත්වයෙන් හදන අලුත් ආණ්ඩුවේ මන්ත්‍රිකම පමණක් නොව ඇමතිකමක් වුනත් ලබා ගැනිමට හැකියාව ඇති බවයි.
2015 අගෝස්තු 22 අප කල අනාවරණය කියවන්න –කිලීගේ කොන්ත්‍රාත්කරු “අසාද් සාලිට”රනිල් පයින් ගහයි…මෛත්‍රී ඇමති පොරොන්දුවක් දෙයි
මහින්ද සුලග නුගේගොධ රැළියට 5000ක් ගෙනාවොත් මන්ත්‍රිකම අත්හරින බවට කුණු කතා කිම හා සිංහල -මුස්ලිම් ජනතාව අතර ප්‍රශ්ණ ඇති කිරිම හැර සාලිය දන්නා මගුලක් නැත.
“අසාද් සාලි මන්ත්‍රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා.”…. යනුවෙන් සිරිසේන වරක් අසාද් සාලිය ලග තබා ගනිමින් ඔහුගේ කප්පම් මාෆියාව සදහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා එංගලන්තයේ සීත කාමරවලට වී කල අයුරු ඔබට මතකද?
බලන්න –සිරිසේනගේ හිරිකිත වැඩ- විඩියෝව බලන්න (Video)
Exclusive:ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (23) ත්‍රිකුනාමලය නාවික හමුදා කඳවුරේ නිරීක්ෂනය චාරිකාවක නිරත විම පසුපස තවත් කතාවක් තිබේන බව ඊයේ දවස පුරාම මෛත්‍රීගේ සංචාරය සමග එක්ව සිටි අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටියා.ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණ කර්මාන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගේට්වේ ඉන්ඩස්ට්‍රීස් සමාගම ආයෝජන මණ්ඩලයෙන් බදු පදනම මත ලබාගත් ඉඩම රජයට යළි පවරා ගැනිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුදානම් වි ඇත්තේ එම ඉඩම යහපාලන රජයේ ඇම්ඩන්වරයෙකු වි සිටින අසාද් සාලියට පවරා දිමට බව අප 2015 මැයි 19 වැනිදා අනාවරණය කල අතර එම ඉල්ලිම ඉටු කිරිමද මෙම සංචාරයේ එක් අරමුණක් වි තිබේ.
කියවන්න – Exclusive:සාම්පූර්හිදි සිදුවු මෛත්‍රී-අසාද් සාලි ගණුදෙනුව මෙන්න
කියවන්න – නීතියට පිටින් ගිහින් මෛත්‍රී අසාද් සාලිට පොරොන්දු දෙයි
2015 මාර්තුවේ ලන්ඩනයේ සංචාරය….
ලන්ධනයේ සුපිරිම හෝටලය London Hilton on Park Lane Hotel හී සිටින ශ්‍රි ලංක නියෝජිතයන් ගණන 120 ඉක්මවා ඇති අතර මෛත්රීපාලගේ පුත්‍ර රත්නය වන පුත් දහම් සිරිසේන ලන්ඩන් Park Lane හෝටලය තුල මෙගා ඩීල් කරුවෙකු වි ඇති අතර ඔහුගේ සහයකයා වි සිටින්නේ නුගේගොඩ රැළියට හැකිනම් 5000ක් ගෙනැත් පෙන්වන ලෙස අභියෝග කර පසුව ලක්ෂ 5ක් ආ විට හිවලකු මෙන් උඩුබිරු මුස්ලිම් ජාතිකයන්ට නිගාදෙන අසාද් සාලිය.
අප වාර්තාකරු සදහන් කල ආකාරයට අසාද් සාලිය ලන්ඩන් Park Lane හෝටලය තුල වෙනම කාමරයක් තුලට වි ලන්ඩනයේ සිටින මුස්ලිම් ජාතිකයන් ගෙන්වා විවිධ වර්ගයේ ඩීල් දමමින් සිටින බවයි.
කිලීගේ කොන්ත්‍රාත්කරු “අසාද් සාලි” තමන්ගේම ඥාති කාන්තාවක් බලෙන් රදවාගෙන සිටින බව අනාවරණය වුනා.මේ හිරු නිවුස් ඒ සම්බන්ධයෙන් කල අනාවරණය ….
බලන්න – යහපාලක අසාධ්‍ය සාලී සල්ලාලකමේ…. MSD එක දමා බිරිඳව මරන්න හදලා …(Video)
රටතුල යලිත් ජාතිවාදි ගිනීදැල් ඇවිලිම සදහා යහපාලනයේ බඩගොස්තරවාදි අමන හැතිකරය කටයුතු කරමින් සිටින බව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කලේ ඉතා වගකිමෙනි.මේ වන විට එම අමනයන්ගේ ක්‍රියා කලාපයන් හා එවාට අනුබල දෙන්නන් සම්බන්ධයෙන් සාක්ෂි සහිතව අනාවරණය වි තිබේ.පහත විඩියෝව නරඹන්න….තවදුරටත් ජාතිවාදයට අනුබල දෙන්නන්ට මේ මවුබිමේ ඉඩ නොතැබිය යුතු නොවේද?මේ අසාද් සාලියගේ නියෝගයක් මත ඔහුගේ ආධාරකරුවන් විසින් රාමසාන් උත්සවයට සුභපතා මුස්ලිම් නායකයෙකු සවිකර තිබු පුවරුවකට ගල්ගසා..ඉරාදමන ජාතිවාදින් ……
කියවන්න- ජාතිවාදි ගිනීදැල් අවුලන අමනයන්ට දෙන දඩුවම ඔබම තින්දු කරන්න(Video)
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් අපේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මේ දිනවල සිදුවෙයි. මේ වන විට එහි අන්තර්ගතව ඇතැයි පැවසෙන නොයෙක් කරුණු පිළිබඳ විවිධ මත පළවෙයි. යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්රමයේ බලතල කප්පාදු කිරීම සහ පළාත් සභා බලතල පුළුල් කිරීම තුළින් රටේ ඒකීයභාවයට බරපතළ තර්ජනයක් එල්ල වන බව මේ පිළිබඳ විද්වතුන් වැඩිදෙනෙකු දරන මතයකි.
අපේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ කුමකටද? ව්‍යවස්ථා සංශෝධනයකින් වත්මන් ගැටලුවලය විසඳුම් සොයාගත නොහැකිද? නව ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයක් පැවැත්වුවහොත් කෙබඳු තත්ත්වයක් උද්ගත විය හැකිද? ඒකීය ශ්‍රී ලංකාව එක්සත් ශ්‍රී ලංකාවක් බවට පත්වුවහොත් එහි අනාගත ඉරණම කෙබඳුද? වැනි යෝජිත නව ව්‍යවස්ථාව සමඟ සමාජයේ කතාබහට ලක්ව ඇති කරුණු රැසක් පිළිබඳ ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලකයන් සමඟ දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.
ජනවාර්ගික ගැටලුව විසඳීම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ප්‍රධාන අරමුණ ලෙස ආණ්ඩුව පැවසුවත් පවතින ව්‍යවස්ථාවට සංශෝධනයක් එක් කිරීමෙන් එය කළ හැකි බවට මතයකුත් පළ වී තිබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
අපේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය ආණ්ඩුව පැහැදිලිව ප්‍රකාශ කරල නෑ. ඉඳල හිටල ඇහෙන දේවල්වලට අනුව අපට හිතාගන්න හැකි වන්නේ ජනවාර්ගික සංහිඳියාව සහ ස්ථිරසාර සාමයක් සඳහා ව්‍යවස්ථාමය විසඳුමක් අවශ්‍ය යෑයි ආණ්ඩුව කල්පනා කරන බවයි. නමුත් එතැන දී මතුවන ප්රශ්නය වන්නේ මේ ව්‍යවස්ථාමය විසඳුමක් සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍යද යන්නයි. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් යෑයි ගෙනා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය නව ව්‍යවස්ථාවක් නොවේ. එසේ නම් ව්‍යවස්ථා සංශෝධනයකින් කළ නොහැකි දේ කවරේද? ව්‍යවස්ථා සංශෝධනයකින් කළ නොහැකි දේ වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීයභාවය පෙරළා දැමීමයි. ඒකීයභාවය පෙරළා දැමීමට නම් නව ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය වෙයි. ඒ අනුව නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ රටේ ඒකීයභාවය ජනවාර්ගික සංහිඳියාවට බාධකයක් ලෙස සලකතොත් පමණයි. රටේ ඒකීයභාවය ඕනෑම ජනවාර්ගික විසඳුමකට පූර්ව කොන්දේසියක් ලෙස පැවතිය යුතු බව සලකන්නේ නම් නව ව්‍යවස්ථාවක් නොව පවතින 13 වැනි සංශෝධනයට අවශ්‍ය පිළිසකර කිරීම් මගින් හෝ නව සංශෝධනයක් මගින් හෝ එවැනි විසඳුමක් ළඟාකර ගත හැකිය.
විධායක ජනාධිපති බලතල කප්පාදු කිරීමත් පළාත් සභා බලතල පුළුල් කිරීමත් යෝජිත නව ව්‍යවස්ථාවේ එක් අරමුණක් ලෙස සඳහන් වෙනවා. මෙය රටේ ඒකීයභාවයට බලවත් අනතුරක් බව ඇතැමුන් දරන මතයක්?
විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ප්රශ්නය ඒකීය සහ පෙඩරල් ආණ්ඩු ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයට සම්බන්ධ වුවත් එය එකම ප්‍රශ්නයක් නොවෙයි. 1972 ව්‍යවස්ථාවේදී ලංකාවේ රාජ්‍ය ක්‍රමය එAකීය රාජ්‍ය ක්‍රමයක් ලෙස නිර්වචනය කරන ලදී. නමුත් 1972 ක්‍රියාත්මක වූයේ වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තු ක්‍රමයක්. එය විධායක ජනාධිපති ක්‍රමයක් නොවේ. විධායක ජනාධිපති ක්‍රමය ඇතිකරන ලද්දේ 1978 දී ඡේ. ආර්. ජයවර්ධන මහතා විසිනුයි. ඔහු එසේ කළත් 1972 ඒකීය රාජ්‍ය සංකල්පය 78 ව්‍යවස්ථාවටත් ඇතුළත් කළා. වෙනත් ආකාරයකින් කියනවා නම් 1978 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමයක් හඳුන්වා දුන්නේ 1972 ඒකීය රාජ්‍ය සංකල්පය අත්තිවාරමක් කොට ගනිමිනි. 72 සහ 78 ව්‍යවස්ථාවන් දෙකම ඒකීය රාජ්‍ය ව්‍යවස්ථාවන් වූ අතර ඒ දෙකේම තිබූ අනෙක් වැදගත්ම පොදු ලක්ෂණය වූයේ 72 සහ 78 ව්‍යවස්ථාවන් දෙකම ජනරජ ව්‍යවස්ථාවන් වීමයි.
විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යද නැද්ද යන ප්රශ්නය සලකා බැලීමේදී අප ජාත්‍යන්තර සහ ඓතිහාසික කරුණු සමාලෝචනය කළ යුතුයි. ලෝකයේ වඩාත්ම සාර්ථක සහ ප්‍රබල රාජ්‍යයන් 5 සිටින්නේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ආරක්ෂක මණ්ඩලය තුළයි. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස්දෙනා අතුරෙන් හතරදෙනෙක්ම එනම් ඇමරිකාව, රුසියාව, චීනය හා ප්‍රංශය විධායක ජනාධිපති ක්‍රම සහිත රටවල්ය. ඒ රටවල් 5 අතුරෙන් පාර්ලිමේන්තු ක්‍රමය අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍යය පමණයි. ලෝකයේ ප්‍රබලම හා සාර්ථකම රටවල් පහෙන් හතරක්ම විධායක ජනාධිපති ක්‍රමය අනුගමනය කරන්නේ නම් ශ්‍රී ලංකාව එය අතහරින්නේ ඇයි? මේ පිළිබඳව තවදුරටත් ගැඹුරින් සලකා බලන්නේ නම් සමස්ත ඇමරිකානු මහාද්වීපය පුරා පවතින්නේද විධායක ජනාධිපති ක්‍රමයයි. එපමණකුත් නොව අනෙක් හැම දෙයක් සම්බන්ධයෙන්ම පසමිතුරුව සිටින ඇමරිකා එක්සත් ජනපදය හා කියුබාව යන රටවල් දෙක ගත් විටත් එහි පොදු ලක්ෂණය වන්නේ විධායක ජනාධිපති ක්‍රම තිබීමයි. නැගෙනහිර ආසියාව ගත්විට චීනය, වියට්නාමය, පිලිපීනය, ටියුනීසියාව, දකුණු කොරියාව වැනි රටවල ඇත්තේද විධායක ජනාධිපති ක්‍රමයයි. දේශපාලන ක්රමයන් ලෙස ගත් කල පෙනී යන්නේ විධායක ජනාධිපති ක්‍රමය හුදෙක් පාර්ලිමේන්තු ක්‍රමයකට වඩා දියුණු හා ශක්තිමත් දේශපාලන ක්‍රමයක් බවයි. එවැනි ක්‍රමයක් තිබෙද්දී එය අහෝසි කර ගැනීම සැලකිය හැක්කේ මෝඩකම නිසා හෝ දැන දැනම ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල කිරීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙසටයි.
ඡේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක්‍රමය යෝජනා කළේ සහ ක්‍රියාත්මක කළේ රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් සඳහාය. ඔහු පැවසුවේ ලංකාව වැනි කුඩා දූපතක විශේෂයෙන්ම එහි විෂමත්වය අනුව පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය යටතේ අනිවාර්යයෙන්ම ඇතිවන තත්ත්වයන් හා හැලහැප්පීම් නිසා ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගත නොහැකි බවයි. ඔහු පැවසුවේ ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් රටේ පවත්වාගෙන යැමට පාර්ලිමේන්තු හැලහැප්පීම්වලින් මිදුණු ස්ථාවර විධායකයක් අත්‍යවශ්‍ය බවයි. එය පසුකාලීන අත්දැකීම්වලින් මනාව සනාථ වූ ප්රස්තුතයකි. විවෘත ආර්ථික ක්‍රමයක් යටතේ යූ.එන්.පී. සහ ශ්‍රී ලංකා නායකයන් මාරුවෙද්දීත් සාපේක්ෂ වශයෙන් ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් රට තුළ යුද්ධයක් පවතිද්දී පවා අපට ලබාගත හැකි විය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් හෝ 19 වැනි සංශෝධනයටත් එහාට ගොස් දුර්වල කරන්නේ නම් සිද්ධ වන්නේ අපේ ආර්ථික වර්ධන වේගයත් දැනටමත් තිබෙන දුර්වල තත්ත්වයටත් වඩා පහත් අඩියකට වැටීමයි. එයින් සිදුවන්නේ ජාතියක් වශයෙන් අප දුබල වීමයි.
ඒකීය රාජ්‍යය සහ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ප්රශ්නය සාකච්ඡා කරද්දී 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් 1987 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අපට අමතක කළ නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුවෙන් කියා සිටියේ 13 වැනි සංශෝධනය යටතේ ඉදිවූ පළාත් සභා ක්‍රමය පවා ඒකීය රාජ්‍ය රාමුවක් තුළ රැඳී පවතින්නේ යාන්තමින් බවත් එය ඒකීය රාජ්‍යය තුළ රඳවාගෙන තිබෙන්නේ ප්‍රබල විධායක ජනාධිපති ක්රමයේ සෘජු නියෝජිතයා වන පළාත්බද ආණ්ඩුකාරවරයාගේ බලතල නිසා බවත්ය. දැන් පාර්ලිමේන්තුවේ කාරක සභාවක් වන කේන්ද්‍ර පරිවාර කාරක සභා වාර්තාවේ ඇත්තේ ආණ්ඩුකාරවරයාගේ බලතල සහමුලින්ම පාහේ අවප්‍රමාණ කිරීමක් සහ මහ ඇමැතිවරයාට ඔහු යටත් කිරීමක්ය. මහ ඇමැතිවරයා යනු ඒ පළාතේ ඡන්දයෙන් තෝරා පත්කරගනු ලැබූ නියෝජිතයාය. විධායක ජනාධිපතිවරයා යනු සමස්ත රටේ බහුතර ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ජාතික නියෝජිතයාය. ආණ්ඩුකාරවරයා යනු එම විධායක ජනාධිපතිවරයාගේ නියෝජිතයාය. ඉදින් යම් නිශ්චිත පළාතකට, සීමිත ජන පදනමකින් තෝරා පත්කර ගන්නා ලද මහ ඇමැතිවරයාට සමස්ත රටේ බහුතර ඡන්දයෙන් තෝරා පත්කරගනු ලැබූ ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයා හිස නැමිය යුත්තේ ඇයි? එයින් සිද්ධ වන්නේ සමස්ත ජාතිය නමැති සංකල්පයට වඩා ඒ ඒ නිශ්චිත පළාත නමැති සංකල්පය ඉස්මතු කිරීමකි.
එකීය හෝ පෙඩරල් යන ලේබල් රටකට වැදගත් නැති බව ප්‍රකාශ කරන පිරිසකුත් අපේ රටේ සිටිනවා නේද?
ඔවුන්ගෙන් අප ඇසිය යුතු ප්රශ්නය වන්නේ ලේබලය වැදගත් නොවේනම් ඒකීය ලේබලය රඳවා ගත නොහැක්කේ මන්ද යන්නයි. ඒකීය ලේබලය හලන්නට උත්සාහ දරන්නේ ලේබලය හෙවත් සංකල්පය අතිශය වැදගත් දෙයක් නිසයි. එය වැදගත් වන්නේ රටක් ඒකීය ලෙස නිර්වචනය නොකරන්නේ නම් පළාත් සභාවකට පෙඩරල්වාදී රටක තිබෙන බලතල ක්‍රියාත්මක කරන්නට ඕනෑතරම් ඉඩකඩ ලැබෙන නිසයි.
ඒකීය රට එක්සත් රටක් වුණොත් සිදුවිය හැක්කේ කුමක්ද?
යම් පළාත් සභාවක් සීමාව ඉක්මවා කටයුතු කළහොත් එය රටේ ඒකීය ව්‍යවස්ථාවට විරුද්ධ යෑයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැක්කේ රටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යයක් ලෙස නිර්වචනය කර ඇත්නම් පමණකි. යම් රටක් ඒකීය රාජ්‍යයක් ලෙස ව්‍යවස්ථාවෙන් නිර්වචනය නොකර ඇතිවිට පළාත් සභාවලට ඇති එකම සීමාව එක්සත් රටක් යන සීමාවයි. නමුත් තමුන්ගේම වූ ජනවර්ගයේ හා භාෂා කණ්ඩායමේ දශලක්ෂ 80 ක් පිරිසක් සැතපුම් 18 ක මුහුදු තීරයෙන් එහා සිටින තත්ත්වයක් තුළ ඒකීය රාජ්‍ය සීමාව අහෝසි කර හුදෙක් එක්සත් යන රාජ්‍ය සීමාව තුළ පළාත් රඳවා ගැනීමෙන් සිදු වන්නේ එක් පරම්පරාවක් තුළ එම එක්සත්කම ද නැති වන ආකාරයට ලංකාවේ උතුර හා ඉන්දියාවේ තමිල්නාඩුව හාවීමට දොර විවෘත කිරීමයි.
ජනමත විචාරණයකින් තොරව රටේ ඒකීය භාවය අහෝසි කළ නොහැකි නම් යෝජිත නව ව්‍යවස්ථාවෙන් ඒකීයභාවය අහෝසි වෙනවා යෑයි ඇතැමුන් තුළ තිබෙන්නේ හුඹස් බියක්ද?
අපේ රටේ අද පවතින්නේ අරුම පුදුම තත්ත්වයක්. ජනවාර්ගික සංහිඳියාව පිළිබඳව කාර්යසාධන මණ්ඩලයක් විසින් පිටු 493 ක වාර්තාවක් සකස් කර ඇති බව ජනමාධ්‍ය ඔස්සේ පළවුණා. ඒ වාර්තාව ජනවාරි මාසයේ මුල් සතියේ ආණ්ඩුවට භාරදීමට නියමිතයි. එම කාර්ය සාධන මණ්ඩලය පත්කරනු ලැබුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. එම කාර්යසාධන මණ්ඩලයේ ලේකම්වරයා වන්නේ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතායි. ඒ මහතා පසුගියදා ඩේලිමිරර් පුවත්පතට සැපයූ ලිපියක ජනමත විචාරණය ගැන මූලෝපායක් සපයා තිබෙන්නේ මෙසේය. නව ව්‍යවස්ථාව පිළිබඳ ආණ්ඩුව ජනමත විචාරණයකට ගියහොත් එය ජයග්‍රහණය කළ හැකි බවත්, එසේ කළ හැක්කේ සියයට 30 ක ජනවාර්ගික සුළුතරයන්ගේ ඡන්දය අනිවාර්යයෙන්ම නව ව්‍යවස්ථාවකට ලැබීමෙන් සහ 2015 ජනවාරි මස සිදුවූ ආකාරයටම සිංහල ඡන්දවලින් කොටසක් මෙයට එකතු වීමෙන් බවයි, ඔහු තවදුරටත් කියා සිටින්නේ. උතුර නැගෙනහිර දමිළ ජනතාවගේ ඡන්ද ප්‍රතිශතය 2015 ජනවාරි 8 දා තරම්ම ඉහළ නැංවීමටත් අවශ්‍ය බවයි. තවදුරටත් එය විග්රහ කරන ඔහු මෙවර ලැබෙන සිංහල ඡන්ද එතරම්ම සහතික නොවන නිසා 2015 ජනවාරියටත් වඩා දෙමළ හා මුස්ලිම් ඡන්ද මෙම ඡනමත විචාරණ ජයග්‍රහණයට අවශ්‍ය වන බවයි. ඒ සඳහා ඔහුගේ රෙකමදාරුව වන්නේ නව ව්‍යවස්ථාවෙන් උතුර නැගෙනහිර පළාත්වලට දෙන බලතල ප්‍රමාණය ඉතා විශාල විය යුතු බවයි. එයින් පමණක්ම උතුර නැගෙනහිර සහ රටපුරා සුළුතරයන්ගේ ඡන්ද ප්‍රතිශතය සුපිරි තත්ත්වයකට නැංවීමට හැකි බවද ඔහු කියයි. මෙවැනි මතවාදයන් ඉදිරිපත් කරන පුද්ගලයාම සංහිඳියාව පිළිබඳ වාර්තාවක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ඇත්තේ තව දින කිහිපයකි. මොවුන්ගේ මූලෝපායික මාර්ග සිතියම අනුව යන කල නව ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම හා පහසුවෙන්ම පරාජය කළ හැකි යෑයි අපට නිශ්චිතව කිව නොහැකියි.
නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණයකට ආණ්ඩුව ගියහොත් ඒ සඳහා කොතරම් මුදල් පාවිච්චි කරනු ලැබෙයිද, ඩයස්පෝරාවෙන් සහ බටහිර රටවලින් පැමිණෙන සම්පත් කොතරම් වේද, ඒ අතරවාරයේ විපක්ෂයේ ප්‍රබල කථිකයන් කීදෙනෙක් බොරු චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබෙයිද, බොරු කුමන්ත්‍රණ මවා පා විපක්ෂය මර්දනය කොට ජනමත විචාරණයක් පවත්වනු ලැබේවිද යන්න කල් ඇතිව කිව නොහැකිය.
ඒ අනුව අදින් ඇරඹෙන නව වසර අපේ රටේ ඉතිහාසයේ තවත් තීරණාත්මක සන්ධිස්ථානයක් වේවිද?
මා සිතන්නේ මේ වසර ඇරඹෙන්නේ ශ්‍රී ලංකාව නමැති මේ කුඩා දූපතේ අයිතිය අපට අහිමිවීමේ අනතුරත් සමඟයි. ඒ අහිමි වීම සිදු වන්නේ ආකාර දෙකකින්. එකක් දේශපාලනමය ව්‍යවස්ථාමය ලෙස. අනික ආර්ථිකමය ලෙස. නව ව්‍යවස්ථාවේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නම් ජාතික රාජ්‍ය හා ජාතිය අවසන් වනු ඇත. පළාත් සභාවලට උවමනාවට වඩා බලතල පැවරීම සහ විධායක ජනාධිපති ක්‍රමය මිළාන කිරීම, ඒකීය රාජ්‍ය සංකල්පය අතහැර දැමීම හෝ දියකර දැමීම යන මේ සියල්ල කැටිකර ගත් විට අපට පෙනෙන්නේ තනි සමස්ත රටක් ලෙස අපට තවදුරටත් පවතින්නට නොහැකි තත්ත්වයක් උදාවන බවයි. මෙය මා කියන්නේ කිසිලෙසකින්වත් සිංහල හෝ ජාතිවාදී ස්ථාවරයක සිට නොවෙයි.
සාකච්ඡා කළේ
පාලිත සේනානායක
ඉරිදා දිවයින
Top