2017 වසරේ කිසිදු මැතිවරණයක් නොපැවැත්විමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර එකඟතාවක් ඇතිකරගත් බව රනිල් පිළේ ප්‍රභලයෙකු අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. පසුගියදා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් පැවැති අතර එහිදි මෙම එකඟතාව ඇතිකර ගත් බවයි ඔහු අනාවරණය කර ඇත්තේ.
පවතින තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැතිම අනතුරු දායක බවත් එම හේතුවෙන් මැතිවරණ පැවැත්විම 2017 වසරේ සම්පුර්ණයෙන්ම හකුලා දැමිම සදහා දෙදෙනාම එකඟතාව පලකර තිබේ.මීට අමතරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණය නොපැවැත්විමට දෙදෙනා අතර එකගත්වයක් ඇතිකරගෙන තිබේන අතර ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සමගද සාකච්ඡා කිරිමට තිරණය කර තිබේන බවද අප වාර්තාකරු අනාවරණය කළා.
පැය දෙකකට අධික කාලයක් දෙදෙනා අතර සාකච්ඡාව පැවැති අතර එම සාකච්ඡා වලදි කැබිනට් මණ්ඩල සංශෝධනය මෙන්ම සංවර්ධන විශේෂ විධිවිධාන පනත සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් රනිල් පිළේ ප්‍රභලයා හෙලිකර නෑ.
2017 යනු මේ ආණ්ඩුවේ ගමන අවසන් කරන තීරණාත්මක වර්ෂය බව ද පැවසූ රණතුංග මහතා සියලු ජනතාව ඒකරාශි කොට ගනිමින් නව ජවයකින් යුක්තව සටන් වැද මේ ආණ්ඩුව ගෙදර යවා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුවක් ජනතාවට ලබා දෙන බවත් පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ ජනහමුවකට උඩුගම්පොළ දී එක් වෙමිනි.
ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
අලුත් අවුරුද්දක් උදා වෙමින් තිබෙනවා. ඒත් මිනිස්සුන්ට අවුරුද්ද සමරන්න පුළුවන්කමක් නැහැ. අද හාල් කිලෝවක් රුපියල් සීයට කිට්ටුයි. පොල් ගෙඩියක් හැත්තෑවයි. අවුරුදු සමරනවා තියා එදා වේල කන්න නැති රටක් බවට අප රට පත් වෙලා ඉවරයි. ජනතාව දුක් විඳින විට ආණ්ඩුවේ හෙංචයියෝ සාක්කු පුරෝගන්නවා. හාල් මාෆියාවක් ගෙනල්ලා ජනතා සල්ලි සූරා කන්නේ කවුද කියලා හොයලා බලන්න ඕනෑ.
මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වෙලා ජනවාරි 08 වැනි දාට අවුරුදු දෙකක් පිරෙනවා. අවුරුදු දෙකක් යන්නත් ඉස්සර ජනතාවට එදා වේල කන්නත් බැරි තත්ත්වයක් ඇවිල්ලා. අවුරුදු දෙකකින් මේ තරම් අප්‍රසාදයට පත් වෙච්ච ආණ්ඩුවක් අපේ රටේ නෙමේ ලෝකේ කොහේවත් නැතුව ඇති. ජනතාව රවටලා බලය ගත්තට මේ අයට ආණ්ඩු තියා ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරගන්න පුළුවන්කමක් නැහැ.
වේල කන්න නැතුව ඉද්දි අගමැතිවරයා සුපිරි ඇමැති කෙනෙක් වෙන්න හීන දකිනවා. දැන් ඒ පනත පළාත් සභා පහකින් පරාජය වෙලා ඉවරයි. ඒත් අගමැතිතුමා තාම වහසි බස් දොඩෝනවා මිසක් පනත අයින් කරගන්න පාටක් නෑ. හරි නම් අගමැති ඉල්ලා අස්විය යුතුයි. අගමැති විතරක් නෙමෙයි මුළු ආණ්ඩුවම ඉල්ලා අස් වෙන්න ඕනෑ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට අද වෙලා තියෙන්නේ කපුටගේ කූඩුවේ පැටව් දාපු කොහාට වෙච්ච දේමයි. අනුන්ගේ ආණ්ඩුවලට හේත්තු වෙන්න ගිහින් දැන් නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් පොල් කුඩු ගාණට වැටිලා ඉවරයි. එහෙන් එජාප මන්ත්‍රීවරුන් බනිනවා. මෙහෙන් ජනතාව බනිනවා. ඇමැති කටුවට තියෙන පෙරේතකමට බැනුම් අහගෙන අගුපිලේ වැටිලා ඉන්නවා.
පළාත් පාලන ඡන්දයටත් බාලගිරි දෝෂය. සීමා නිර්ණ වාර්තාව අද දෙනවා, හෙට දෙනවා කියනවා මිසක් ඡන්දය තියන්න මේ අයගේ කිසිම සූදානමක් නැහැ. මෛත්‍රී- රනිල් දෙන්නම දන්නවා ඡන්දයක් තිබ්බොත් වෙන දේ. ඒ හින්දා සීමා නිර්ණයක් ගැන කියමින් ඡන්දය කල් දාමින් යනවා. හැබැයි කවදා හෝ ජනතාව ඉදිරියට එන්න වෙන බව මේ අයට අමතක වෙලා. එදාට ජනතාව අතට ගන්නේ ඉලපත.
මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ දස වසරක් ජනාධිපති වෙලා හිටියා. යුද්ධයක් අවසන් කරලා රටට සාමය උදා කළා. විශාල සංවර්ධන ව්‍යාපෘති ගෙනල්ලා රට දියුණු කළා. ඒත් මේ රටේ ඇතැම් පිරිස් ඒවා අමතක කරලා අලුත් ආණ්ඩුවක් ගේන්න ඡන්දය දුන්නා. එච්චර වැඩ කරපු මහින්ද මහත්තයා අමතක කරපු මේ අයට කිසිම වැඩක් නොකරන මෛත්‍රී රනිල් ආණ්ඩුව එපා වෙන එක අහන්නත් දෙයක්ද? දැනටමත් මේ ආණ්ඩුව ගේන්න දරදිය ඇද්ද අයම කලකිරිලා ඉවරයි.
මම පත්තරවල දැක්කා පසුගිය දවසක දුම්රියක බෝම්බයක් තියෙනවා කියලා මිනිස්සු කලබල වුණා කියලා. මීට වසර හත අටකට උඩදී බෝම්බවල බයෙන් හිටපු හැටි සමහරුන්ට මේ හින්දා මතක් වෙන්න ඇති. කෙළෙහිගුණ දන්න ජනතාව දන්නවා ඒ බියෙන් රට මුදා ගත්තේ කවුද කියලා. හැබැයි එදා කොටියට බයේ ඇඳන් යට රිංගලා හිටපු අය අද ඇවිත් යුද්ධය දිනන්න උදවු කරපු ඒවා කියන කොට නම් අපටත් හිනා යනවා.
බස්නාහිර මහ ඇමැති කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් හිරගෙදරට ගාල් කරන්නේ ජනාධිපති අප්‍රසාදයට ලක් කරන්නලු. මහ ඇමැතිවරයා හීනෙන් කියෝනවා වෙන්න ඇති. දැන් අවුරුදු දෙකක් තිස්සෙම අපේ මන්ත්‍රීවරු, සාමාජිකයෝ තොග ගණන් හිර කරද්දි ඔය කියන ජනාධිපතිවරයා ඒවා තඹ සතේකට ගණන් ගත්තේ නැහැ. අපේ අය හිර කරද්දි විසිල් ගහපු අයම දැන් නින්දෙන් නැගිටලා මේ වගේ කතා කියන්නේ ජනතාවගේ අප්‍රසාදයෙන් බේරෙන්න බවත් අපි දන්නවා.
එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තේ ඉඳලා මෛත්‍රීපාල ජනාධිපතිවරයාට පතුරු යන්න බැනපු අය අද පැත්ත මාරු කරලා මහින්ද මහත්තයාට බනිනවා. අපි නම් කවදාවත් වාසියට පැත්ත මාරු කරන්නේ නැහැ. මගේ තාත්තත් හැමදාම ගත්තේ ජනතාවගේ පැත්ත. මමත් එහෙමයි. ජනාධිපතිවරයාත් ප්‍රවේසම් වෙන්න ඕනේ හැමදාම සෘජුව ඉන්න එකාබද්ධ විපක්ෂයේ අපෙන් නොවෙයි පැත්ත මාරු කරන අවස්ථාවාදීන්ගෙන් බවත් මම මතක් කරන්න කැමැතියි.
2017 කියන්නේ තීරණාත්මක වර්ෂයක්. මේ ආණ්ඩුව 2017 දී අනිවාර්යයෙන් ගෙදර යවනවා. මේ අය තව අවුරුද්දක් හිටියොත් රට ආයෙත් ගොඩගන්න බැරි අගාධයකට වැටෙනවා. මට තියෙන දුක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ කරුමයට කර ගහන්න යන එකයි. අපේ ඇමැතිවරුනුත් ඒ කරුමයේ උරුමක්කාරයෝ වෙන්න යන එකයි. අපේ රට විනාශ වුණොත් රටේ අනාගත පරපුරේ සාපය මේ හැමකෙනෙක්ටම ලැබෙන එක නියතයි.
ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත් කර ඇති කමිටු යෝජනා දෙස බැලූවිට මහජන ඡන්දයෙන් පත්වූ රජයකට මේ තරම් ද්‍රෝහී පවාදීමක් කළ හැකි දැයි විමතියක් ඇති වන බව ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
ඒකීයභාවය අහිමි කර රට ෆෙඩරල් කරනවාට අමතරව මෙතෙක් පැවති සියලු සම්ප්‍රදායන් කඩ කරමින් සියලුම අංශයන් අවුලෙනුත් අවුලට යන යෝජනා මේ ව්‍යවස්ථා යෝජනා වල අඩංගු බව ඔහු පෙන්වා දුන්නේ යුතුකම සංවාද කවය මගින් පසුගිය 19 වනදා සංවිධානය කරන ලද “ෆෙඩරල් සංහිඳියා නිරුවත” සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමිනි.
මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ සෑම කමිටුවකම පාහේ අරක් ගෙන සිටින්නේ ජයම්පති වික්‍රමරත්න , එස් සුමන්තිරම් වැනි කුප්‍රකට බෙදුම්වාදී චරිත බව පෙන්වා දෙන ගෙවිඳු කුමාරතුංග මහතා රණවිරුවන් දිවිපුදා රැකි ඒකීය රට මෙලෙස පාවාදෙමින් බෙදුම්වාදීන්ගේ මනදොළ සපුරා බෙදා වෙන් කරන තුරු ඉවසන්නේ නම් අප මිනිසුන් දැයි ප්‍රශ්න කරයි.
ගෙවිඳු කුමාරතුංග මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය…..
2013 වසරට සාපේක්ෂව 2015 වසරේ ගුවන් සේවා අධිකාරිය 67% ක හෙවත් මිලියන 1,579ක් වාර්තාගත ශුද්ධ ලාභයක් ලැබුවද එහි අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුලු හෙංචයියන් රැල ද්වේශ සහගත ලෙස තම බෝනස් දීමනාව ලබාදීම නවතා ඇති බව එහි සේවකයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ පසුගිය දින කිහිපයේම විවිධ වෙබ් අඩවි වලින් ගුවන් සේවා අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා හෙළි කිරීමයි.පසුගියදා සේවකයින් කිහිපදෙනකු එක්ව ජනාරාල් ඌෂ්ණය වැළඳුන මූල්‍ය අංශ ප්‍රධානියාගෙන් බෝනස් පිළිබඳ විමසූ විට ඔහු කියා ඇත්තේ “බෝනස් ඔය වෙබ් සයිට් වලින්ම ඉල්ල ගන්නව ඕයි” යනුවෙනි.
ඒකාධිපතියා ගුවන්සේවා අධිකාරිය භාරගෙන වසර 14යි….
මේ අතර සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සිවිල් ගුවන් සේවා අධිකාරිය බවට පත්කොට 14 වසරක් සපිරීම අද සිදුවිය (2002.12.27-2016.12.27). අඳුරු යුගය අරඹමින් එච් එම් චන්ද්‍රසේන නිමල්සිරි නැමති ඒකාධිපතියා ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් තනතුර භාර ගත්තේද මීට වසර 14කට පෙර අද වන් දිනකදීය.මුලින්ම 14 වන වසර සැමරීමේ කෝලම් මඩුවක් 27 වනදා මත්තල සූදානම් කර තිබුණද නොසිතූ ලෙස වෙබ් අඩවි වලින් එල්ල වූ චෝදනා හේතුවෙන් එය තාවකාලිකව හකුලා ගත්තේ එහි යටි අරමුණ වූ තම හෙංචයියන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමේ වුවමනාව හෙලිවෙතැයි බියෙනි .
මෙකී අධ්යක්ෂ ජනරාල්වරයා තමාගේ බලලෝබීත්වය පෙන්වමින් වසර 14ක් පුරාවට අධිකාරියට අරක් ගෙන සිටින්නේ තමාගේ සහ ගජ මිතුරු කැලගේ මඩිය තර කරගැනීමට මිස ආයතනයට හෝ රටට ආදරයකට නොවන බවද අධිකාරී සේවකයින් පවසයි.තමාට රිසිසේ විභාග අසමත් සේවකයින් තම අණින් තනතුරු වලට පත් කරන මොහු, හොරපාරෙන් තමන්ගේ පඩිය ලක්ෂ 04කින් වැඩිකර ගන්නා ගමන්ම හිඟ මුදල් ලෙස මිලියන 02කට ආසන්න මුදලක් කිසිදු හිරිකිතයකින් තොරව ලබා ගනී.
ආයතනයක සාමාන්‍ය සම්ප්‍රධාය වන්නේ ආර්ථික පීඩනයට සෘජුව මුහුණ දෙන සිය පහළ මට්ටමේ සේවකයින්ටත් රුපියලක් හෝ පඩිය වැඩි කිරීම වුවත් මෙම ඒකාධිපතියා කරන්නේ අනෙක් උන්ට තඹ දොයිදුවක් හෝ ලබානොදී තමන් ඇතුලු අධිකාරිය වනසන්නන්ගේ මඩි තර කර ගැනීමයි.
රනිල් වික්‍රමසිංහ මහානායක හිමිවරුන් හමුවීමට ගොස් ආපසු ඒමේ දී මාධ්‍යකරුවන් උන්වන්සේලා අනුශාසනා කළේ කුමක් දැයි අහලා. එය ඇසිය යුතු ප්‍රශ්නයක්. ව්‍යවස්ථා සංශෝධනයක් ගැන ආණ්ඩුව කතා කරන විට ඒ සඳහා ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න වැනි සිංහල විරෝධී ඊනියා පංති සටන උසාවියේ කරන පුස් කෑ මාක්ස්වාදීන් යොදා ගනිමින් රට දෙකඩ කිරීමට පිඹුරුපත් සකස් කරන විට, මෙතෝදිස්ත භක්තිකයකු වූ සුමන්තිරන් මෙරට තම රෝම ලන්දේසි අධිකරණයට අභියෝග කරමින් බටහිරයන්ගේ ම කොන්දේසි මත පිහිටු වූ ජූරි සභාවකින් රවිරාජ් ඝාතනය සම්බන්ධ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීම ප්‍රශ්න කරන විට, දෙමළ ජාතීිවාදීන් සිංහල විරෝධි බටහිරයන්ගේ අවශ්‍යතාවට ප්රභාකරන් ඇතුළු ප්රභාකරන් ඇතුළු සිංහලයන් ඝාතනය කළවුන්ගේ සුසාන භූමි පුණ්‍යභූමි ලෙස නම්කිරීමට යෝජනා කරන විට, උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන ඩෝසර් යොදා ගනිමින් විනාශ කරන විට, මහා ඇමති විග්නේස්වරන් උතුරු පළාතේ බුදු පිලිම වහන්සේලා ඉදි කිරීමට විරුද්ධ වන විට එවැනි ප්‍රශ්නයක් ඇසීම කළ යුත්තක්. මේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදීන්ට අද මෙතරම් ශක්තියක් ලැබී ඇත්තේ රනිල් නිසා.
රනිල් එකී ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා ඇත්තේ මහානායක හිමිවරුන් තමන්ට බුද්ධං සරණං ගච්ඡාමි කී බවයි. රතන හිමිගෙන් ජාතිකත්වය දන්නා බවට සහතික ලැබූ රනිල් සංස්කෘතික වශයෙන් ජාත්‍යන්තරවාදී ඈංග්ලිකන් ක්රි්ස්තියානි සංස්කෘතියේ ජීවත් වන්නෙක්. ඔහු මෙවැනි ප්‍රකාශ විහිළු ලෙසත් තර්ජන ලෙසත් නොයෙක් අවස්ථාවල කරනවා. ඔහු තම දේශපාලන ජීවිතය පවත්වාගෙන යන්නේ උපායෙන් හා නීතියේ හිල්වලින් රිංගා යෑමෙන්. විසිපස් වතාවකටත් වඩා පැරදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තබා ගැනීම ම එයට උදාහරණයක්. ඔහුට ජාත්‍යන්තරවාදයෙන් උපදෙස් ලැබෙනවා. රතන හිමියන්ට ඔහු බුද්ධිමතකු වෙන්න පුළුවන්. ඒ රතන හිමියන්ගේ මට්ටමෙන්. රනිල් බලයට ගෙනාවේ ජාතික හෙළ උරුමය නොවෙයි. ඔවුන්ට ඒ තරම් ශක්තියක් නැහැ. එහෙත් එහි දී ජාතික හෙළ උරුමය උඩුවියන් බැඳීමෙන් හා පාවඩ දැමීමෙන් ඒ පාප කර්මයට සහභාගි වුනා.
රනිල් එක් පැත්තකින් මහානායක හිමිවරුන්ට අපහාස කරනවා. මාධ්‍යවලට අනුව මල්වත්තෙන් හා අස්ගිරියෙන් රනිල්ට ප්‍රකාශ ලබා දී තිබෙනවා. එයට අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් අත්සන් කර ඇති බව කියැවෙනවා. මල්වතු මහානායක හිමියන් අත්සන් කර ඇති බවක් කියැවෙන්නේ නැහැ. උන්වහන්සේට බුද්ධ ශාසනය පවත්වා ගෙන යෑමට අවශ්‍යතාවක් නැති බවක් පේන්න තියෙනවා. කොහොමටත් සුද්දන් මහානායක පදවි ඇති කෙළේ ඉංගිරිසි ආණ්ඩුවට ඔත්තු සැපයීමටත් එක්ක. මල්වතු මහානායක හිමියන් තමන් වහන්සේට ලැබී ඇති අක්ත පත්‍රය අනුව ම වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් රනිල් කරන්නේ බුද්ධ ශාසනයට ම අපහාසයක්. හාමුදුරුවරුන් වැඩ වසන්නේ පන්සිල් දීම සඳහා පමණක් නො වෙයි. උන්වහන්සේලා ජනතාවට මෙන් ම රජුටත් (ජනාධිපතිටත් අගමැතිටත්) අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට ගැමුණු රජුගේ ව්‍යවස්ථාවෙනුත් බැඳී සිටිනවා. මෙහි ධර්මයෙන් මෙන් ම අර්ථයෙන් යන්නත් තිබෙන බව අවධාරණය කළ යුතුයි. අර්ථයෙන් යන්න ආර්ථිකය සමගත් රාජ්‍ය පාලනය සමගත් බැඳී තිබෙනවා. රනිල් මේ කිසිවක් ගණන් ගන්නේ නැති බව පැහැදිලියි. ඔහු පන්සල් යන්නේ නමට ද?
මෙරට සිටින බෞද්ධ යැයි කියා ගන්නා බොහෝ දෙනකුට බුදුදහම පිළිපැදීම හුදු චාරිත්‍රයක් ඉටු කිරීමක් පමණයි. බුදුදහම පිළිබඳ කෙතරම් පොතපත කියෙව්වත් බෞද්ධයකු වන්න බැහැ. බටහිර රටවල ඒ පොතපත කියවූ අය ඉන්නවා. ඒත් ඔවුන් බෞද්ධයන් නොවෙයි. ඔවුන් බොහෝ විට බටහිර නූතනත්වයට ඇතුළු කිරීමට බුදුදහම කපා කොටනවා. මෙරට විශ්වවිද්‍යාලවලට සම්බන්ධ ඊනියා බෞද්ධ උගතුන් කරන්නේත් එයයි. ඔවුන් නූතනත්වයේ ඉන්ද්‍රියානුභූතවාදයට බියෙන් දෙවියන්, සංසාරය, පුනබ්භවය ආදිය පිළිගන්නේ නැහැ. ඔවුන් බටහිර ජාත්‍යන්තරවාදී ක්‍රිස්තියානි ආධිපත්‍යයේ දාසයන් පමණයි. ඔවුන්ට බුදුන් වහන්සේට වඩා බටහිර උගතුන් විශ්වාසයි. ඔවුන්ට විචිකිච්ඡාව තිබෙනවා. ඔවුන්ට බෞද්ධයන් යැයි කියන්න බැහැ. ඔවුන් විචිකිච්ඡාව ඇති නිසා කාළාම සූත්‍රයේ පිහිට සොයනවා.
රනිල් ද බටහිර ජාත්‍යන්තරවාදී ක්‍රිස්තියානි ආධිපත්‍යයේ දාසයෙක්. ඔහුට පන්සිල් ගැනීම සිරිතක් පමණක් වෙන්න පුළුවන්. අද දේශපාලනයේ සිටින ඇතැම් අබෞද්ධයන් ද පන්සිල් ගන්නවා. අඩුම තරමෙන් පන්සිල් දෙන විට වැඳ ගෙන ඉන්නවා. රනිල් කරන්නේත් වැඳ ගෙන ඉඳීම පමණක් ද කියා දන්නේ නැහැ. ඒ කොහොම වුනත් රනිල් ජනමාධ්‍යවේදීන්ට ව්‍යංගයෙන් කියා ඇත්තේ මහානායක හිමිවරුන්ගේ අනුශාසනා ඔහුට වැදගත් නැති බවයි. ඔහු ඇතැම් විට කර ඇත්තේ පන්සිල් සමාදම් වීම පමණයි. මහානායක හිමිවරුන්ගේ අනුශාසනා කණකින් කණකට ගන්නා නැති අගමැතිවරයකු අපට ඉන්නවා. රතන හිමි ඇතුළු ජාතික හෙළ උරුමය ඔහුට සහතික ලබා දෙනවා.
රනිල් මහානායක හිමිවරුන්ට අපහාස කරන අතර උන්වහන්සේලා අර්ථයෙන් ධර්මයෙන් කරන අනුශාසනා බැහැර කරනවා. අපට අහන්න ඇත්තේ එක ප්‍රශ්නයක් පමණයි. මෙරට සිංහල බෞද්ධයන්ට ඔහු තවදුරටත් අගමැති ලෙස තබා ගැනීමට අවශ්‍ය ද?
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 26
ජාතීන් අතර ගැටුම් ඇතිකරන අසත්‍ය ප්‍රචාර ප්‍රසිද්ධ කරන ෆේස්බුක් (Facebook) ප්රවෘත්ති වැළැක්වීම සඳහා ඒ සම්බන්ධයෙන් Facebook සමාගමට පැමිණිලි කිරීමට සිරිසේන ජනාධිපතිවරයා ගත් තීරණය ජනාධිපති සීරිසේනගේ වෙබ් මාෆියා දියණීය වන චතුරිකා සිරිසේන හේතුවෙන් අර්බුදයකට ලක්ව ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරනය කළා.
පසුගිය මාස කිහිපය තුලදි රාජපක්ෂලා සහ ශ්‍රීලනිපයේ ඇතැම් පුද්ගලයන් මෙන්ම එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කර විවිධ අසත්‍ය මඩ ප්‍රචාරය කිරිම සදහා කටයුතු කරමින් සිටි Facebook මඩ කණ්ඩායම් චතුරිකා විසින් මිලදි ගැනිමට කටයුතු කල අතර එම කණ්ඩායම් අතර පසුගිය ආණ්ඩු වෙනස සමග රාජපක්ෂලා වෙනුවෙන් පෙනිසිටිමින් ආණ්ඩුවට මඩ ගැසූ Facebook කණ්ඩායම් කිහිපයක්ද සිටින බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.එම කණ්ඩායමේ කිහිප දෙනෙකුම පසුගිය කාලසිමාවේ ජනාධිපති මන්දිරයට කැදවා සාකච්ඡා පැවැත්විමට ද චතුරිකා කටයුතු කර තිබේ.
සිරිසේන -රනිල් ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික, සමාජිය හා දේශපාලන ප්‍රතිපත්ති ඉලක්ක කර දිගින් දිගටම සමාජ ජාලා ඔස්සේ පහරදුන් අතර ඇතැම් වෙබ් අඩවි හරහා කරන ලද අනාවරණයන් මෙම කණ්ඩායම් ඉතා ඉක්මනින්ම ජනතාව අතරට ගෙනයැම සදහා කටයුතු කරමින් සිටියා.ඒ අනුව රට තුළ ගොඩනගන සංහිඳියා වැඩපිළිවෙළට බාධා කරන සහ ජනතාව අතරට අසත්‍ය පුවත් රැගෙන යන බව පවසමින් සමාජ ජාල වෙබ් අඩවිවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යහපාලන ආණ්ඩුව ප්‍රතිපත්ති සකස් කල අතර ඒ සම්බන්ධයෙන් සකස් කල වාර්තාවේ සිටින කණ්ධායම් බහුතරයක් චතුරිකාගේ පඩි ලබන අය විමත් සමග මෙම වාර්තාව අර්බුදයකට ලක්ව තිබේ.
අදාළ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කල විශේෂ කමිටුවක් විසින් සකස් කර තිබේන අතර ඒ සදහ තොරතුරු ලබාදුන් ජනාධිපති මාධ්‍ය එකකයේ නිළධාරි කිහිප දෙනෙකුටද චතුරිකා ගිරිය පුප්පා කෑ ගසා තිබේ.
රජයට විරුද්ධ දේශපාලනඥයෙකුගේ මැදිහත්වීම මත වැටුප් ලබමින් මෙම කාර්යයේ නිරත පිරිසක් රට පුරා සිටින බවට රජය මෙතෙක් කර ඇති පරීක්ෂණවලදී හඳුනාගෙන තිබේ. ඒ අනුව එවැනි පිරිස් සම්බන්ධයෙන් සාක්ෂි සහිතව තොරතුරු ඇතුළත් කොට ෆේස්බුක් සමාගමට පැමිණිලි කිරීමට රජය සූදානමින් සිටින අතර එළඹෙන ජනවාරි මාසයේ මුල් සතිය ඇතුළත මෙම පැමිණිල්ල කිරීමටද රජය බලාපොරොත්තුවෙන් සිටියා.
මංගල සමරවිරගේ ගෝලයා වන රුවන් ෆර්නැන්ඩස්ගේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන ඉතා ඉහල මිලක් දි ලබා ගැනිමට කටයුතු කලද සිරිසේන ජනාධිපතිවරයා ඉලක්ක කර ඔහුගේ බෙදුම්වාදී මෙන්ම රටකන ප්‍රතිපත්ති විවේචනය කිරිම නතර කර ගැනිමට නොහැකි විමෙන් චතුරිකා සහ රුවන් අතර ගණුදෙනුව සෑදු කිහිප දෙනෙකු සහ චතුරිකා අතර සිතල යුද්ධයක්ද මේ වනවිට හටගෙන තිබේ.
ධීවරයන්ට බහුදින යාත්‍රා සදහා තාක්ෂණ උපකරන ලබාදීමට වෙන් කළ ප්‍රතිපාදන ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍යාංශයේ ප්‍රධානින්ගේ කොමිස් ගැහිලි හමුවේ එම මුදල් වර්ෂ අවසානයේ නැවතත් භාණ්ඩාගාරය වෙත හරවා යැවිමට සිදුව ඇති බව අනාවරණය වි තිබේ.
බහුදින යාත්‍රා 1300කට අවශ්‍ය පිහිටීම හා නිෂ්පාදනය නිරික්ෂනය කරන උපකරණ සැපයීමට වෙන් කළ රුපියල් බිලියන 2.3ක් මෙසේ නැවතත් භාණ්ඩාගාරය වෙත යවා තිබේ. ධීවර කර්මාන්තය සදහා ජාත්‍යන්තර මට්ටමෙන් පිලිගත් ප්රමිතීන් අතර බහුදින යාත්‍රාවල ක්‍රියාකාරිත්වය, පිහිටීම හා මත්ස්‍ය නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පවත්වාගැනීමට මෙවැනි නව උපකරණ භාවිතය අවශ්‍ය වී තිබේ.
මෙම ගැටලුව පිළිබද කළ විමසීමකදී ධීවර උපකරණ සැපයීමට නොහැකිව ඇත්තේ ඒ සදහා අමාත්‍යංශයෙන් කළ යුතු වූ ගෙවීම් ප්‍රමාද වීම නිසා බවද මේ පිටුපස කොමිස් ප්‍රශ්නයක් මතුවී ඇති බවද වාර්තා වේ. මෙම උපකරණ මිලදී ගැනීමට වෙන් කළ අරමුදල භාවිත නොකිරීම සම්බන්ධව ධීවර ඇමැති මහින්ද අමරවීර විසින් නිලධාරින්ගෙන් විමසා ඇති අතර එහිදී නිලධාරින් කොමිස් ඉල්ලීමක් පිළිබද එකිනෙකාට චෝදනා කර තිබේ. කොමිස් ගෙවීමට අකැමැතිවූ උපකරණ සැපයුම්කරුවන්ට සැපයුම් ටෙන්ඩර් ලබා නොදීම නිසා එම මුදල වියදම් නොකළ ප්රතිපාදනයක් ලෙස රාජ්‍ය භාණ්ඩාගාරයට හරවා යවා තිබේ.
රටට හා ශ්‍රී.ල.නි.පයට එක ලෙස ආදරය කරන්නේ නම් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර දෙමුහුන් ආණ්ඩුවෙන් ඉවත් වී පෙන්වන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩුවේ සිටින ශ්‍රී.ල.නි.ප ඇමතිවරුන්ට අභියෝග කරයි.
ශ්‍රී.ල.නි.ප ආන්ඩුවක් හදන බවට කටින් බතල සිටුවන්නේ නැතිව එය ක්‍රියාවෙන් ඔප්පු කිරීමට ඔවුනට තවමත් අවස්ථාව තිබෙන බවද රණතුංග මහතා තව දුරටත් පෙන්වා දෙයි.
වර්තමාන දේශපාලන තත්වය පැහැදිලි කිරීමට සඳහා මිනුවන්ගොඩ හොරම්පැල්ලේ පැවති. රැස්වීමකදි රණතුංග මහතා මේ බව සඳහන් කලේය ඊයේ (24) මෙම රැස්වීම පැවැත්වුනි.
එක්සත් ජාතික පක්ෂය ඵල නොකියා පලා බෙදත්දීත් ශ්‍රී.ල.නි.ප ඇමතිවරුන්ට කිසිදු විලි ලැජ්ජාවක් නොමැතිව ඔවුන් සමග ලගින බවත් මේ තත්වය යටතේ ඉදිරි ඔනෑම මැතිවරණයකදි එකාබද්ධ විපක්ෂයට වෙනම තරග කිරීමට සිදුවනු ඇති බවත් පෙන්වා දුන් රණතුංග මහතා එකාබද්ධ විපක්ෂය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තරග වැදි එලබෙන ඕනෑම මැතිවරණයකදි ආණ්ඩුව ස්ථීර ලෙසම පරාජය කරන බවද අවධාරණය කලේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මෙසේද කිවේය.
ආණ්ඩුවේ ලැගලා ඉන්න ශ්‍රී.ල.නි.ප ඇමතිවරුන් අද ජනතාව අතර බොරු මතයක් වපුරණවා ශ්‍රී.ල.නි.පයේ මහින්ද පාර්ශවයයි මෛත්‍රී පාර්ශවයයි ඉදිරි මැතිවරණයෙදි නැවත එකතු වෙනවා කියලා සක්කරයාගේ පුතා වයිමා කිව්වත් ශ්‍රී.ල.නි.පය මේ දෙමුහුන් ආණ්ඩුවේ ලැගලා ඉන්න තුරු අපි ඔවුන් සමග එකතුවෙන්නේ නැහැ. ආණ්ඩුවේ ලැගලා ඉන්න ශ්‍රී.ල.නි.ප ඇමතිවරුන් මේ විදිහට ජනතාව අතර බොරු මත වපුරන්නේ ඔවුන්ගේ දේශපාලන බංකොලොත් බාවය වසා ගන්නයි. මොලේ කලදක් තියෙන් කෙනෙකුට මේ ආණ්ඩුවට එකතු වෙනවාද? මොලේ කලදක් තියෙන් කෙනෙකුට මේ ආණ්ඩුවට උදව් කරන්න පුළුවන්ද මේක ජනතාවගේ ආණ්ඩුවක් නෙවෙයි. මේක ජනතාවට වින කරන ආණ්ඩුවක් ශ්‍රී.ල.නි.ප ප්‍රතිපත්ති රකිනවා යැයි කෑ මොර ගහන ශ්‍රී.ල.නි.ප ඇමතිවරු කොහොමද රෙදි ඇදගෙන මේ ආණ්ඩුව ඇතුලේ ඉන්නේ
අපිට විපක්ෂයේ ඉදලා පුරුදුයි. හැබැයි සමහර අයට විපක්ෂයේ ඉන්න බැහැ බලයට නැතිව ජීවත් වෙන්න බැහැ අද ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන් දිහා බලන්න මහින්ද මහත්තයා ඉන්නකන් ‘‘මහා රාජානෝ’’ කියලා දෙපතුල් ලග වැටුන අය අද මෛත්‍රී මහත්තයා ලගට ගිහින් මහින්ද මහත්තයට බැන අඩගහනවා. හෙට මහින්ද මහත්තයා නැවත මේ රටේ ජනාධිපති වුනොත් අගමැති උනොත් ඔය කට්ටිය මහින්ද මහත්තයා ලගට ඇවිත් මෛත්‍රී මහත්තයාට බනිනවා ඒක ඉර හද වගේ විශ්වාසයි මොකද ඒ අයට ඕනෑ රටට සේවය කරන්න නෙවයි. තමන්ගේ තනතුරු වරප්ප්‍රසාද රැකගන්නයි. මේ වගේ අයව අද ජනතාව හොදට අදුනගෙන ඉන්නේ.
මහින්ද යුගය තමයි මේ රටේ අපේ පක්ෂයේත් සුවර්ණමයි යුගය දැන් මෛත්‍රීපාල මහත්තයා අපේ පක්ෂයේ සභාපති වෙලා අවුරුදු 02 ක් වෙනවා රටේ ජනාධිපති වෙලත් අවුරුදු 02 ක් වෙනවානේ. මොනවාද පක්ෂයට රටට කලේ ප්රජාතන්ත්රවාදය මාධ්‍ය නිදහස ගැන මහා ලොකුවට පම්පෝරි ගැහුවට කරපු දෙයක් නැහැ. කරන්නේ බටහිර රටවල හා ඩයස් පොරාව කියන විදිහට නටන එක විතරයි.
මේ ආණ්ඩුවට වැඩ බැහැ පම්පොරි විතරයි. මේ ආන්ඩුවේ මැති ඇමතිවරු අද මහා පරිමානයෙන් කොමිස් ගහනවා. හොරකම් කරනවා. මේ ආන්ඩුව බලයට ආවේ අපි හොරු කියලයි. ඒත් මේ ආණ්ඩුවේ ඉහල ඉදලා පහලටම තියෙන්නේ හොරකම විතරයි. මේ ආණ්ඩුව රටට කරන විනාශයට කවදාහරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වග කියන්නේ වෙනවා. ඒකයි අපි කියන්නේ කොන්දක් තියෙන්වානම් ශ්‍රී.ල.නි.පය දැන්වත් මේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි කියලා.
ලක්ෂමන් යාපා ඇමතිතුමා කියලා තිබුනා අපි අසූචි වලක ලැගලා ඉන්නවා වගෙයි කියලා. එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මහින්ද අගමැති කරනවා කියලා මිනිස්සුන්ගෙන් ඡුන්දය අරගෙන ජනතාවට පයින් ගහලා ආණ්ඩුවට ගිය අය ඉන්නේ අද අසූචි වලක තමයි ඕකෙන් ගොඩ ඒනන බැහැ මිනිස්සු ගොඩට එන්න දෙන්නෙත් නැහැ ඒක ඉලග ඡුන්දෙන් හොදට බලාගන්න පුළුවන්. ඒ අයට වෙන දේ.
ඊයේ පෙරේදා ඩිලාන් පෙරේරා ඇමතිවරයා කිව්වා සැප්තැම්බර් වෙද්දි අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ජනාධිපතිතුමා කියනවා පළාත් පාලන මැතිවරණයෙන් මාර්තු අපේ‍්‍රල් තියෙන්වා කියලා එතකොට සැප්තැම්බර් මාසයේ ආණ්ඩුවෙන් ඉවත්වෙලා වැඩක් තියෙන්වාද? මාර්තු අපේ‍්‍රල් ඡුන්දය තියෙන්වා. නම් ඡුන්දය තියෙන් වෙලාවෙත් ආණ්ඩුවේ කොටස් කාරයෙක් වෙලා ඉන්නවා නම් වැඩක් තියෙනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. මේ ආණ්ඩුවත් එක්ක ගැට ගැහිලා ඉන්නවානම් මොනවා කිව්වත් අපේ සහාය ඔවුන්ට දෙන්නේ නැහැ. ඒක ස්ථීරයි. ශ්‍රී.ල.නි.ප ඇමතිවරු අද ගලේ පහරපු බලලූන් ගානට වැටිලා කර කියා ගන්න දෙයක් නෑ ඒකයි මේ අය මේ වගේ කථා කියන්නේ කිය කියා ඉන්න දෙයක් නැහැ. කොන්දක් තියෙනවා නම් අද වුනත් ආන්ඩුවෙන් ඉවත් වෙන්න පුලූවන් රටට ආදරයක් තියෙන්වානම් ශ්‍රී.ල.නි.පය ආන්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය නම් පලාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර ආන්ඩුවෙන් ඉවත් වී පෙන්වන්නැයි මම මේ අයට අභියෝග කරනවා.
ආණ්ඩුව අද සුපිරි ඇමතිකෙනෙක් හදන්න හදන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයට ඕනෑ දේ කරන්නයි. ඇමතිවරු වැඩ කරනවානම් සුපිරි ඇමතිලා අවශ්‍ය නැහැ මේකෙන් තේරෙන්නේ ආණ්ඩුවේ ඇමතිවරු වැඩ කරන්නේ නැහැ කියන එකයි. කොහොම වුනත් අපිට ඕනෑ සුපිරි ඇමති කෙනෙක් නෙවෙයි බටහිරට කොන්ද නමන්නේ නැති ඔවුන්ගේ පදයට නටන්නේ නැති සුපිරි ජානාධිපති කෙනෙක් අපි මේ සුපිරි ඇමති හදන පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධයි අපි ඒකට විරුද්ධව පාර්ලිමේන්තුව තුලදීත් ඉන් පිටද දීත් කටයුතු කරනවා. මේ ආණ්ඩුවට ඡුන්දේ දීපු කවුරුහරි කෙනේ හම්බ වුනොත් අපට දැන් අහන්න තියෙන්නේ ‘‘ඔබට සතුටුයි දැන් කියලා’’ හාල් 95 යි හාල් මාපියාවක් රටේ තියෙන්නේ ජනාධිපතිතුමාගේ සහෝදර සමාගම මේ හාල් මාපියාවේ වී මාපියාවේ ප්‍රධාන පුරුකයි. ඒක ප්‍රසිද්ධ රහසක් ඒ අයට ඕනෑ විදිහටයි මේ රටේ වී මිලදි ගැනීම හාල් වෙලද පොලට නිකුත් කිරීම කරන්නේ. කිව්වේ නම් කොහොමද? ගෙවියවයි. පාරිබෝගිකයාවයි. දෙන්නම රකිනවා කියලයි. ඒත් මේ ආන්ඩුව ගොවියයි පාරිභෝගිකයයි දෙන්නවම ගසා කනවා. මිනිසුන්ගේ බත් පතිනුත් ගසා කන ආණ්ඩුවක් බවට මේ රනිල් මෛත්‍රී දෙමුහුන් ආන්ඩුව පත් වෙලා ඉවරයි. අද රටේ ජනතාවට වහා බොන්නයි වෙලා තියෙන්නේ.
අද රුපියල මස්ත බාල්දු වෙලා ආර්ථිකය කඩා වැටිලා. කිව්වේ නම් නළුවෙක් නෙවෙයි මොලයක් කියලා දැන් නම් පෙනෙන්නේ ආන්ඩුවේ ලොක්කන්ට අල ගෙඩියක් තරම්වත් මොලේ නැහැ කියලයි. රටේ හැමදේකම මිල වැඩිවෙලා ඒත් ඒ මිල වැඩි වීමට සාපෙක්ෂව පඩි වැඩි වීමක් වෙලා නැහැ ජනතාව හිගා නොකා හිගා කන තත්වයට පත් කරපු මේ ආන්ඩුව ජනතාවගේ අතේ තියෙන තුට්ටු දෙකටත් බදු ගහලා දඩ ගහලා මංකොල්ල කනවා. මේ රටේ මිනිස්සු දැන් දන්නවා ‘‘වෙනස කියලා ආණ්ඩුව ඔවුන්ව රවට්ටපු බව රටේ ජනතාව බලන් ඉන්නේ කොයි වෙලාවෙද මැතිවරණයක් තියන්නේ කියලයි. වෙන මොකටවත් නෙවෙයි. මේ ආණ්ඩුවට හොද පාඩමක් උගන්වන්න එන ඕනෑම මැතිවරණයකදි මේ ආණ්ඩුව ගෙදර යවන්න රටේ ජනතාව පෙල ගැහිලා ඉවරයි. එ ජනතාවට නැගිටීමට නායවත්වයක් දෙන්න මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් යුතු ජනතා බලවේගයට අපිත් ලැහැස්තියි.
ප්‍රදීප් අනුර කුමාර
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරය ලෙස පිලිගන්නේද නැද්ද යන් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්ෂි ලබා දීම සදහා කැමැති ශ්‍රීලනිප සාමාජිකයින්ට ඒ සදහා අවස්ථාව ඇති අදාල නඩුවේ පැමණිලිකාර නීතිඥ සමාගම නිවේදනය කරයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණවට ඉදිරිපත් වන අවස්ථාවේ ඔහුගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කර තිබූ බවත් ඔහු තරග කරුනු ලැබුවේ ශ්‍රීලනිප ආපේක්ෂකයාට විරුද්දවත් නිසා ශ්‍රිලනිප නායකත්වය දැරීමට ඔහුට අයිතියක් නැතැයි අදාල නඩුවේ පැමිණිල්ල කියයි.
කොළඹ 10 ටි බි ජයා මාවත, අංක 307 දරන ස්ථානයේ පිහිටා ඇති පිලිගත් දේශපාලන පක්ෂය , එහි විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව අරභයා කොළඹ දිසා අධිකරණයේ අංක DSP/156/2016 දරණ නඩුව පවරා ඇත්තේ එකි නඩුවේ පැමිණිල්ලේ එන ආයාචනයට, එකි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ, එහි විධායක කාරක සභාවේ හා හෝ සමස්ථ ලංකා කාරක සභාවේ කිසියම් අයෙකුට එකී නඩුවට ඇතුලත්ව වී පක්ෂව හෝ විරුද්ධව කරුණු කීමට හැකිවන පරිදි, සිවිල් නඩු විධාන සංග්‍රහයේ 16 වන වගන්තිය යටතේ, මෙම ප්‍රසිද්ධ දැන්වීම පලකොට ඇත.
මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් තරග කල බවත් ඊට විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමට එක්සත් ජාතික පක්ෂ ප්රමුඛව සන්ධනයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ බවද සදහන් කරන පැමිණිලිකරුවන් එම ජනාධිපතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රමුඛව සන්ධාන අපේක්ෂකයා පරාජයට පත්ව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් වු පසු තමා පරාජය කල පක්ෂය සහ එහි නායකත්වය ලබා ගැනිම අභියෝගයට ලක් කරමින් මෙම නඩුව අධිකරණය හමුවේ ගොනු කර තිබේ.
මේ සම්බන්ධයෙන් එම සමාගම විසින් පල කර ඇති පුවත්පත් දැන්වීම පහත දැක්වෙයි.
යහපාලකයන්ට හිසරදයක් වු “සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ” බරකරට ගත් මාදුළුවාවේ සෝභිත හිමියන් ඝාතනය කිරිම සදහා සහය දුන් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද ශල්‍යකර්මයකට භාජනය කළ විවාහක කාන්තාවක් එම ශල්‍යකර්මය අතරතුර ජීවිතක්ෂයට පත් කර තිබේ.
රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුව ඇති බවට ඥානීත් චෝදනා කරන අතර වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවද මෙම මරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් රෝහලේ නොසැලකිල්ල මත මෙය සිදුව ඇති බවට චෝදනා කරයි.මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික උපාධි ප්‍රධාන කිරීමේ නීතිවිරෝධී ආයතනයේ ශීක්ෂණ රෝහල ලෙසද භාවිතා කරන අතර එය ප්‍රමිතියෙන් තොර ශීක්ෂණ රෝහලක් බව වෛද්‍ය සභාව විසින්ද තහවුරු කර ඇත.
මීට පෙරද මෙම රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත රෝගීන් කිහිපදෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමතිව හිටපු කාලයේ සයිටම් ආයතනය පිළිබඳව වාර්තාවක් 2012 මාර්තු 22 රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබාදුන්නා. එයින් ඔහු අවධාරණය කර තිබුනේ සයිටම් ආයතනයට නීත්‍යනුකූලභාවය ලබා නොදිය යුතුය යන්නයි. ඒ නිසා වත්මන් ජනාධිපතිවරයා සයිටම් එක නීති විරෝධී බව පිළිගන්නවා. නමුත් ගැටලූව තිබෙන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිතව තවමත් පවත්වාගෙන යෑමයි.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදි 2015 සැප්තැම්බර් 26 වැනිදා සෝභිත හිමියන්ට සංවිධානාත්මකව හෘද සැත්කම් දෙකක් සිදු කළ අතර පසුව එය අසාර්ථක විම හේතුවෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් මරණයට පත්වුනා.
නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල… by lnwtoday
ලංකාවේ නීති ඉතිහාසයේ වාර්තාවක් තබමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ නඩුව අවසන් වූයේ අද අලූයම 12.35ට පමණය.
ජූරි සභාවක් ඉදිරියේ විභාගවූ නඩුවක් එක් දිනක් තුළ දීර්ඝතම කාලයක් විභාග කළ අවස්ථාව ලෙස මෙය ඇතැමුන් හඳුන්වන අතර මීට පෙර බදුල්ලේදී රාත්‍රී 11.30වන තුරු එවැනි නඩුවක් විභාගයට ගෙන තිබෙනවා.
ඊයේ (23) උදෑසන 10.00ට නඩුව විභාගයට ගත් අතර පැමිණිල්ලේ සහ විත්තියේ දේශණ සහ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලකගේ දේශනය ද පැවැත්වුණේ මෙම දිනය තුළදීයි.
මෙහිදී විත්තිකරුවන් නිවැරදිකරුවන් ලෙසට ඒකමතිකව නිගමනයකඑළඹි බව සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවේ සභාපතිවරයා මහාධිකරණයේදී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මෙම නඩුවේ පළමු විත්තිකරු දැනට මියගොස් ඇති බැවින් මෙම තීන්දුව ඔහුට අදාළ නොවන බවයි ප්‍රකාශ කෙරුණේ. නඩුවේ පළමු සාක්ෂිකරු ලෙසට රජයේ සාක්ෂිකරුවෙකු වන ප්‍රීති විරාජ් මනම්පේරි නමැත්තා නම්කොට තිබූ අතර ඔහු ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස රාජකාරී කළ පුද්ගලයෙක්.
නඩුවේ විත්තිකරුවන් එම ඝාතනයට හවුල් වූ බවට රජයේ සාක්ෂිකරු අධිකරණයේදී සාක්ෂි ලබා දී තිබුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන චෝදනා 5ක් යටතේ චූදිතයින්ට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කර තිබූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඒ අතරින් නඩුවට පෙනී සිටියේ ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණී සෙනෙවිරත්න සහ ප්‍රදීප් චාමින්ද නමැති තිදෙනා පමණයි. ඔවුන් නාවික හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරීන් වනවා.
සෙසු චූදිතයින් තිදෙනා වන පලගසාමි සුරේෂ්, සිවකාන්තන් විවේකානන්දන් සහ රොයිස්ටන් ටුසේන් නමැති විත්තිකරුවන් අධිකරණය මගහරිමින් සිටි අතර ඔවුන් නොමැතිව නඩු විභාගය සිදුකෙරුණා. එලෙස අධිකරණය මගහරිමින් සිටි විත්තිකරුවන් තිදෙනා එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් වෙන් වූ කරුණා පාර්ශ්වයේ සාමාජිකයින් බවයි පැවසෙන්නේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ රියදුරා ඝාතනය කෙරුණේ 2006 වසරේ නොවැම්බර් මස 9 වෙනිදා නාරාහේන්පිට ප්රදේශයේදීයි. මෙම නඩුව අධිකරණ නිවාඩු කාලසීමාව ද නොතකමින් අඛණ්ඩව විභාගයට ගැනුණා.
මේ අතර ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග සේවය අත්හිටවූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න ඊයේ (23) සිට යළි සේවයේ පිහිටුවීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු වසරකටත් අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු ඇප මත මුදා හැරීමට පසුගියදා අවිස්සාවේල්ල මහාධිකරණය නියෝග කර තිබිණි.
එසේ ඇප ලැබීමෙන් පසු ලුතිනන් කර්නල් ශම්මි කුමාරත්න යළි සේවයේ පිහිටුවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා කටයුතු කර ඇත.
(අධිකරණ තීන්දුවලට අදාළ ජනතා මතය අප විසින් අර්ථ නොදක්වන අතර මේ දක්වා අප නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් කල අනාවරණයන් ඔබගේ තින්දුව සදහ යොමුකරනු ලැබේ..)
ඔලමොට්ටල පැඩි ෆිල්ඩ් මාෂල් රවිරාජ් ඝාතනයෙන් ගැලවිමේ සුදානමක – ගෝඨාභය,කරන්නාගොඩ බිල්ලට දෙන්න යයි
http://www.sinhala.lnwtoday.com/archives/325
ෆිල්ඩ් මාෂල් ෆොන්සේකා හමුදා නිළධාරි බිල්ලට දෙයි
http://www.sinhala.lnwtoday.com/archives/661
සන්ධ්‍යාට කෙලවේ, යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් මුදාහරී ….ප්රගීත්ගේ සැබෑ ඝාතකයා අමතකද?
http://www.sinhala.lnwtoday.com/archives/13316
සුපිරි ඇමතිකම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ පාර්ශ්වය ක්‍රියාත්මක වන අකාරය පිළිබඳව තමන් මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද දැඩි ලෙස සතුටට පත්ව සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය බත් බැලයන් ඔහුගේ නිළ නිවසට කැදවා ස්තූතිය පලකරමින් පවසා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.
ගෙවුනු සතියක පමණ කාලය තුල ආණ්ඩුවේ සහ විපක්ෂයේ කාර්යයන් දෙකම ආණ්ඩුවම කිරිමට සමත් වු බවත් මාධ්‍ය හරහාද විපක්ෂයේ අනිකුත් කණ්ඩායම් සදහා වැඩි ඉඩක් නොලැබුනු බවට තමන්ද නිරික්ෂණය කලබවයි සිරිසේන ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ.
හම්බන්තොට චිනයට පැවැරිම සම්බන්ධයෙන් සහ කඩාවැටීමෙන් තිබේන ආර්ථිකය හමුවේ මහින්ද පිළ ගෙනයන මාධ්‍ය ප්‍රචාරය ගෙවුනු සතියේදි සුපිරි ඇමතිකම වෙනුවෙන් ආණ්ඩුවේම කණ්ඩායම් දෙකට බෙදි ගෙනගිය ප්‍රචාරයන් අබිබවා ගිය බවයි සිරිසේන ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දි ඇත්තේ.
හම්බන්තොට වරාය සහ හම්බන්තොට ඉඩම් ලබාදිම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට හෝ ඒකාබද්ධ විපක්ෂයට මාධ්‍ය හමුවේ විරෝධතා දැක්විම හැර ඊට වඩා යමක් කල නොහැකි බවත් ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ ඉදිරි මැතිවරණයකදි ඒකාබද්ධ විපක්ෂට චිනයෙන් උදවු ගැනිමට සිදුවන නිසා බව මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිමට කටයුතු කරන ලෙසද සිය බත් බැලයන්ගෙන් ඉල්ලා තිබේ.
මේ අතර ලබන මස මුලදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පසුගියදා සාකච්ඡා පවත්වා තිබේ.ඒ අනුව මේ දිනකිහිපය තුල අමාත්‍යාංශ කිහිපයක ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් අතර පවතින බල අරගල අවසන් කෙරෙන අයුරින් මෙම කැබිනට් සංශෝධනය සිදු කිරීමට නියමිතව තිබේ.
මහජනතාවගෙන්, මෙන්ම පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රිවරුන්ගෙන්ද රාජ්‍ය ඇමැතිවරුන්ගෙන්ද, ඇමැතිවරුන් කිහිපදෙනකුට එරෙහිව ලැබී ඇති පැමිණිලි පිළිබඳ රාජ්‍ය නායකයන් දෙදෙනා එහිදී දැඩි අවධානය යොමුකර ඇති අතර අගමැතිවරයා සහ ජනාධිපතිවරයා විවේචනය කරන කිහිප දෙනෙකුගේ බලතල කප්පාදුවටද මේ හරහා සුදානම් වන බවයි අනාවරණය වි ඇත්තේ.
එය කැබිනට් මණ්ඩලය ඇතුළු රජයේ පැවැත්මට බරපතළ බාධාවක් ඇති බව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ නිගමනය වී තිබේ.
Top