නත්තල් පණිවිඩය

ශ්‍රී ලංකාවේ සියළුම ක්‍රිස්තියානි ජනතාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය සලකණු කරන මේ අවස්ථාවේදී, නත්තල් සාරධර්ම අපේ සිහියට නැගේ.  නිහතමානීකම, තම අසල්වාසියා සමඟ සමඟිය, වරදවා තේරුම් ගැනීම් හා එදිරිවාදීකම් සමථයකට පත්වීම, පවුලේ එකමුතුකම මේ උතුම් දිනයේ අරුත සනිටුහන් කරයි. සියළුම කිතුණු පල්ලි, මේ දිනයේ උත්සවකාරී ස්වරූපයට වඩා ආගමික වතාවත් හා දේව භාෂිතය මෙනෙහි කිරීමට වැඩි අවධානය යොමු විය යුතු යැයි කියා තිබෙන අතර, අප සියළු දෙනාම ඒ උපදෙසට ගරු කල යුතුය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට මුලු මානව වර්ගයාටම වලංගු පණිවිඩයක් තිබුණි. බොහෝ මනුෂ්‍යයන්, තමන්ගේ වැරදි නොදකින අතර, අනුන්ගේ වැරදි පමණක් දකී. ජේසුස් වහන්සේ කන්ද උඩ දේශනයේ අපට කියා දුන් ප්‍රධානම ඔවදනක් වන්නේ අනුන් විනිශ්චය කිරීමට තමන් පාවිච්චි කරන මිණුම් දණ්ඩ තමන්ටද ආදේශ වෙන බවය. තමන්ගේ ඇසේ තිබෙන ලී කොටය දකින්නේ නැති අය අනුන්ගේ ඇසේ තිබෙන තිත දකින බවද උන්වහන්සේ අපට කියා සිටියේය. අද උද්දච්ච කමෙනුත්, තමන් පමණක් නිවැරදිය යන මතයෙනුත් අන්ධ වී සිටින මනුෂ්‍යන්ට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පණිවුඩය විශේෂයෙන්ම වලංගු වේ.

කිතුණු ධර්මයේ මේ පූජනීය දිනය සමරණ සියළුම ලක්වාසී කිතුණු බැතිමතුන්ට මගේ උණුසුම් සුභාසිංශන පිරිනැමීමට මම කැමැත්තෙමි.  ඔබ සැමට සුභ නත්තලක් වේවා!

 

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති 

Christmas Message

As the Christian people of Sri Lanka mark the day on which the Lord Jesus Christ was born, we are reminded of the values of Christmas – humility, family togetherness, fellow feeling with one’s neighbours, the resolution of misunderstandings and enmities. All Christian Churches have sought to emphasise prayer and reflection on Christmas day rather than the celebratory aspect – a wish we should all respect.

The Lord Jesus Christ had a universal message for mankind.  All human beings are in their folly, quick to judge others without noticing their own errors. Lord Jesus Christ said in the Sermon on the Mount  “Judge not, that you be not judged. For with the judgment you pronounce you will be judged. Why do you see the speck that is in your brother’s eye, but do not notice the log that is in your own eye?” This message of Jesus Christ has a special relevance today when people are blinded by their own arrogance and self-righteousness.

I convey my warmest greetings to the Christian people of Sri Lanka marking this holiest and most significant of days and wish everyone a peaceful and happy Christmas.

Mahinda Rajapaksa

Former President of Sri Lanka

සුපිරි ඇමතිකමක් ඇති කරන්න යන බවට කතා පැතිරෙනවා. මේ සම්බන්ධයෙන් දැනටමත් පනතක් පාර්ලිමේන්තුවට ගෙනැවිත්. ඒ සුපිරි අමාත්‍යාංශයක් පිහිටුවීම සඳහා . ඒ පිළිබඳ සැකයක් නැහැ. පනත අමාත්‍ය මණ්ඩලයේ දී අනුමත වෙලා. ඒ කියන්නෙ ජනාධිපති සභාපති ධුරය දරණ අමාත්‍ය මණ්ඩලයකින්. මෛත්‍රිපාල අමාත්‍ය මණාඩලයේ දී පනතට විරුද්ධ වුනා ද කියන්න අප දන්නේ නැහැ. ඒවා කැබිනට් රහස්. අපට උගන්වා තිබෙන්නේ කැබිනට්ටුව සාමූහික වගකීමකින් කටයුතු කරනවා කියලා. ඒ හින්ද වෙන්නැති මෛත්‍රිපාල කණ්ඩායමේ සමහර ඇමතිවරු නිහඬ ව ඉන්නෙ. ඒත් ඩිලාන් පෙරේරා නම් සුපිරි ඇමති කෙනකුට විරුද්ධ බවයි පෙනෙන්නෙ. ඔහු ඒ විරුද්ධතාව පෙන්වන්නෙ බැසිල් රාජපක්‍ෂ සුපිරි ඇමතිවරයකු වී සිටියේ යැයි කියමින් රාජපක්‍ෂලාට පහර දෙමින්. ඔහු අනෙක් රාජපක්‍ෂලාට කෙසේ වෙතත් චමල් රාජපක්‍ෂට නම් කැමති බවක් පේන්න තියෙනවා. චමල් රාජපක්‍ෂ අගමැති කරන්න යනවාවත් ද? මෛත්‍රිපාල කණ්ඩායම විපක්‍ෂයට යනවාට වඩා හැකි නම් රනිල්ට අගමැතිකම අහිමි කිරීම රටට වැඩදායකයි.

සුපිරි ඇමති කවුද කියන එක ගැන විවිධ මත තිබෙනවා. ඇතැමුන් කියන්නේ ඒ රනිල් බවයි. තවත් සමහරුන්ට අනුව ඒ මලික් සමරවික්‍රම විය හැකියි. ඒ කුමක් වුවත් සුපිරි අමාත්‍යාංශයක් ඇති කිරීමට යන බව පැහැදිලියි. මේ පනතට මහා ඇමතිවරුන් විරුද්ධ බව පේන්න තියෙනවා. පනත සම්මත වීමට නම් පළාත් සභාවලත් වැඩි ප්‍රමාණයක ඒ සම්මත විය යුතුයි. මේ පළාත් සභාවලට ව්‍යවස්ථාදායක බලතල දීම රනිල්ට විරුද්්ධ ව යන අවස්ථාවක්. පැහැදිලිව ම පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලතල දැනටමත් පළාත් සභා මගින් කප්පාදු වෙලා. ශ්‍රෙෂ්ඨාධිකරණයේ වනසුන්දර මහතා ඇතුළු විනිසුරුවන් හතර දෙනකු වත්මන් ව්‍යවස්ථාව පවා ඒකීය නොවන බව තීන්දු කිරීමට මෙවැනි බලතල කප්පාදුත් හේතු වුනා. පළාත් සභා සතු සියළු ව්‍යවස්ථාදායක බලතල අහෝසි කළ යුතුයි. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් මේ බලතල සියල්ල දේශපාලනික ව අහෝසි වුනා. කළ යුතුව ඇත්තේ ඒ දේශපාලන ජයග්‍රහණය ව්‍යවස්ථාවට ඇතුල් කර එයට නෛතික තත්වයක් අත්කර දීමයි.

මෙත්‍රිපාලගේ කණ්ඩායම පනතට විරුද්ධ බව පෙනී යනවා. ඒත් මෙවැනි පනතක් කැබිනට්ුවේ සම්මත වීමෙන් නැවතත් පෙන්නුම් කරන්නේ රනිල් ආණ්ඩුවේ ප්‍රධානියා බවයි. මෛත්‍රිපාලට පනත කැබිනට්ටුවේ අනුමත වීම වැළැක්වීමට නොහැකි වූයේ ඇයි? අද ඔහු මහා ඇමතිවරුන් ලවා පනත සම්මත වීම වැළැක්වීමට උත්සාහ ගන්නවා. ඔහු එසේ කළ යුතුයි. එයට හේතුව ඔහු කටින් කුමක් කීවත් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට, සංශෝධනය කර බලතල කප්පාදු කිරීමට විරුද්ධ නිසා. ඔහු ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන අසතුටක් නැති බව ප්‍රසිද්ධියේ කීව ද අවුරුදු දෙකක් ඒ තනතුරේ කටයුතු කිරීමෙන් පසු එහි අනුහස් ඔහුට දැනී ඇති බව පැහැදිලියි.

සුපිරි ඇමති රනිල් වුවත් (වැඩි සම්භාවිතාව රනිල් වීමටයි) මලික් වුවත් (දෙදෙනා ම එක පංතියේ උගත් අය) එතරම් වෙනසක් ඇති වන්නේ නැහැ. දෙදෙනාගේ අදහස් අතර මූලික පරස්පර නැහැ. ප්‍රශ්නය සුපිරි ඇමති කවුද යන්න නොවෙයි. සුපිරි ඇමතිකම කුමක් සඳහා ද යන්නයි. ආණ්ඩුව කියන්නේ ආයෝජනය සම්බන්ධ කරුණු එකම අමාත්‍යාංශයක් යටතේ සිදුවීම ආයෝජකයන්ට පහසුවක් බවයි. එය නිවැරදි නැහැ. ආයෝජකයන්ගේ පහසුව සඳහා කළ යුත්තේ අදාළ කාර්ය එකම වහළක් යට සිදුවීමට සැලැස්වීම මිස එකම අමාත්‍යංශයක් යටතට ගැනීම නො වෙයි. ඒ කාර්ය එකම අමාත්‍යාංශයක් යටතට ගෙන ඒම අනිවාර්ය නැහැ. එකම වහළක් යටට ගෙන ඒම ප්‍රමාණවත්.

මේ අමාත්‍යාංශය පිහිටුවන්නේ එකම එක දෙයකට. ඒ ජනාධිපති සතු බලතල කපා දැමීමට. මේ පනත මගින් විධායක ජනාධිපති සතු බලතල කප්පාදු වෙනවා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ ද යන්න සොයා බැලිය යුතුයි. මෙය ජනාධිපතිගේ විධායක බලතල සම්බන්ධ නම් පනත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තවේ තුනෙන් දෙකක ඡන්දයක් මෙන් ම ජනමත විචාරණයක් ද අවශ්‍ය විය හැකියි. ඒ සඳහා අධිකරණ තීන්දුවක් ලබාගැනීමට කටයුතු කිරීමට දැන් පමා වී ද කියා මා දන්නේ නැහැ.

ඒ කොහොම වුනත් මේ පනත හරහා රනිල් සූදානම් වන්නේ ජනාධිපති බලතල කිහිපයක් කපා දමා තමාට ඒ අයිතිකර ගැනීමටයි. මෛත්‍රිපාලට මෙය නොතේරෙනවා වෙන්න බැහැ. ඔහු මහා ඇමතිවරුන් ලවා පනත අහෝසි කරවීමට කටයුතු කරන්නේ එබැවිනුයි. මෛත්‍රිපාලට රටට ආදරයක් තිබෙනවා නම් කළ යුත්තේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමයි. රට දෙකඩ කිරීමට පිඹුරුපත් සකස් කරන්නේ රනිල්. රනිල්ට ජනාධිපතිවරණයකින් දිනන්නට බැරි නිසා බටහිරයන් හා ඉන්දියාව හා ඔවුන්ගේ ඔත්තු සේවා එකතු වී මෛත්‍රිපාල යොදා ගනිමින් මහින්ද පැරද්දුවා. එයින් කියැවෙන්නේ මෛත්‍රිපාලට මේ රටේ ඡන්ද තිබෙන බව නො වෙයි. ඔහුට ලැබුණු ඡන්දවලින් අති විශාල ප්‍රමාණය එ ජා පක්‍ෂයේ ඡන්ද. ඒ අතර දෙමළ හා මුස්ලිම් ඡන්දත් ලැබුණා. මුහුණු පොතේ අක්මුල් නැති තරුණ ඡන්දත් ලබා ගත්තා. මේ ඡන්ද ලබා ගැනීම බටහිරයන් හඳුන්වන්නේ පශ්චාත් සත්‍ය (පෝස්ට් ට්රුත්) දේශපාලනය ලෙස. බ්‍රෙක්සිට්හි හා ට්‍රම්ප් ජනාධිපති වීමේ දී මේ පශ්චාත් සත්‍ය දේශපාලනය බල පෑ බව ඔවුන් හිතනවා. මේ ගැන විස්තරයක් සති දෙකකට පමණ ඉහත නිවුස්වීක් සඟරාවේ පළ වුනා. බටහිරයන්ගේ විවිධ පශ්චාත් කතාවලින් කියැවෙන්නේ ඔවුන්ට බිහි වෙමින් පවතින ලෝකය තේරුම් ගැනීමට නොහැකි බවයි. ඒ කුමක් වුවත් රනිල් තවමත් ඉන්නේ මිය යන ලෝකයක.

අද මෛත්‍රිපාල තමා සිටින තත්වය නැවත සිතා බැලිය යුතුයි. තමාටත් රටටත් යහපතක් වන්නේ රනිල් සමග දේශපාලනය කිරීමෙන් නොවන බව ඔහු තේරුම් ගත යුතුයි. රාජපක්‍ෂලාගෙන් පළා ගිය මෛත්‍රිපාලට අද අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙක ම නැති වෙලා.

නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 23

Published on: Dec 22, 2016 – බැදුම්කර හොරුන්ගේ පවු සේදිම සදහා “ස්වර්ණවාහිනී” රූපවාහිනි නාලිකාව මිලට ගත් මහා බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් මග යන්න පනනැති සියත TV සහ සියත ගුවන් විදුලිය මෙන්ම විකාශනය නතරවි තිබේන MAX Tv නාලිකා සියල්ලද මිලට ගැනිමට කටයුතු කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

සියත නාලිකා ප්‍රධානී රොෂාන්ත කාරියප්පෙරුම අවස්ථා ගණනාවක සිය නාලිකා විකිණීම සදහා විවිධ පාර්ශ්වයන් සමග ගණුදෙනු වලට එලබියද පසුව ඒම ගණුදෙනු විවිධ හේතු ඉදිරිපත් කරමින් අවලංගු කිරිමට කටයුතු කල අතර පසුව ගෙවිගිය වසර දෙක කාලය තුල සියත නාලිකා අනන්තයටම කඩා වැටුනු අතර එම නාලිකා සහ රොෂාන්තගේ විවිධ ව්‍යාපාර කඩාවැටීමෙන් ඔහු අඩික ලෙස ණය කන්දකට යටව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඒ අනුව එ අනුව සියලුම ණය පියවිම සහ ඉදිරියේදි ඔහුගේ ව්‍යාපාර සාර්ථක කිරිම සදහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම යටතේ ප්‍රතිපාදන සැපයිමේ කොන්දේසි මත සියත නාලිකා විකිණීමට එකඟත්වය ඇතිකරගෙන ඇති අතර නාලිකාවේ දැනට සේවය කරන සේවකයින් භාර නොගැනිමටද එකඟතාව් පලකර තිබේ.

රාජපක්ෂ ආණ්ඩුව සමයේ කුප්‍රකට ඩීල් කරුවන් දෙදෙනෙකු වන ප්‍රියන්ත කාරියප්පෙරුම හා රොෂාන්ත කාරියප්පෙරුම 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග හිදිමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට යටින් උදව් කොට මාට්ටු වීම නිසා මහින්ද රාජපක්ෂ මහතා විසින් කාරියප්පෙරුම දෙබෑයන් එලවා දැමු අතර යහපාලනය උදාවිමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේ බඩගා සෙට් එන්නට උත්සහ ගත් අතර එය අසාර්ථක විමෙන් පසුව සිරිසේනගේ කේලාම් බට්ටා ලෙස රජගෙදරට සෙට් විමට ප්‍රියන්ත කාරියප්පෙරුමට හැකි වු නමුත් තවමත් නිශ්චිත තනතුරක් ගැනිමට හැකියාව ලැබුනේ නෑ.

මැක්‌ස්‌ ටී.වී. හිමිකරු කූප්‍රකට හොරෙක් වන ජනක රාමනායක සමගද වැඩ නොකරන MAX Tv සදහා ගණුදෙනුවක් අර්ජුන් ඇලෝසියස්ගේ මාධ්‍ය භාරව සිටින එජාපයේ න්‍යාචාරවරයෙකුව සිටි රුපවාහිණි නාලිකා සදහා වෙළඳ දැන්විම් බෙදාහරින අයෙකු සමග සාකච්ඡා සිදුව ඇති අතර අර්ජුන් ඇලෝසියස්ගේ පවු සේදිමේ විද්යුත් මාධ්‍ය නාලිකා ප්‍රධානීයා ලෙස කටයුතු කරනු ලබන්නේ අදාළ න්‍යාචාරවරයා වන අතර ඔහු උග්‍ර මහාරාජා විරෝධියෙකුද වේ.

http://www.sinhala.lnwtoday.com/archives/14267

Published on: Dec 22, 2016- ඔස්ට්‍රේලියාවේ ස්මෙක් සමාගමට වේල්ලක් ඉදි කිරීම සදහා ඩොලර් මිලියන 1.82ක් වටිනා කොන්ත්‍රාත්තුවක් ලබාදිම හරහා මිලියන ගණනක් ගසා කා ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය පරික්ෂණ පවත්වමින් සිටින අතරතුර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දීය රුපියල් කෝටි 16ක වංචාවක් කර තිබේන අභිෂේක් ජෝෂි නම් ඉන්දීය ව්‍යාපාරිකයෙකු සමග ශ‍්‍රී ලංකාව තුළ බැංකුවක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා උසස් නිළධාරීන් සමඟ ගෝවා නගරයේදී සාකච්ඡාව කල බව අද times of india අනාවරණය කර තිබේ.

ඉන්දීය රුපියල් කෝටි 16ක මුදලක් වංචා කරගත් අල්වාර් නාගරික සමුපකාර බැංකුව ලංකාවේ බැංකු ශාඛාවක් ආරම්භ කිරීම පිළිබඳව ඇතිවි තිබෙන කුමන්ත්‍රණකාරී සාකච්ඡාවන් පිළිබඳව රාජස්ථාන් පොලිසියේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම වංචාවේ මහ මොළකරු ලෙස හැදින්වෙන අභිෂේක් ජෝශි නම් වූ 37 හැවිරිදි BBA උපාධිධාරීයා ගෝවේ නගරයේදී ලංකාවේ ජනාධිපතිවරයා හමුවී ඇති අතර ලංකාවේ ප්‍රධාන පෙළේ නිලධාරින් සමඟ මුල්‍යමය ආයතනයක් ලංකාවේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ද පවත්වා ඇත.

පරීක්ෂණ වලදී පොලිස් මෙහෙයුම් කණ්ඩායම අනාවරණය කර ගෙන ඇති අතර ලංකාවේ බැංකු ශාඛාව ආරම්භ කිරීමෙන් අනතුරුව එවැනිම වංචාවක් සිදු කිරීමට ඔහු සැළසුම් කර ඇත.

එසේම බදාදා දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 16 ක මුදලක් වංචාකිරීමට අමතරව මෙම සමුපකාර බැංකුවේ නිලධාරින් විසින් ඉන්දීය රුපියල් කෝටි 1.38 වටිනා හොර මුදල් තොගයක්ද හුවමාරු කර ඇති බවට මෙහෙයුම් කණ්ඩායම අනාවරණය කරගෙන ඇත. ඒ අනුව එම කණ්ඩායම විසින් එම බැංකුවේ ජේෂ්ඨ විධායක නිලධාරියා, හිටපු සභාපතිවරයා, වර්තමාන සභාපතිවරයා හා මෙම වංචාවේ මහමොළකරු යන පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අභිෂේක් ජෝශි යන පුද්ගලයා සමස්ත වංචාවෙම ප්‍රධාන සැළසුම්කරු බවට පෙනෙන්නට තිබේ. එසේම හොද ඉංග්‍රිසි භාෂා ඥාණයකින්ද ඔහු සමන්විත වේ.

පරීක්ෂණ වලදි පොලිස් මෙහෙයුම් කණ්ඩායම විසින් ජෝශි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිටින ඡායාරූපයක් ද සොයා ගෙන ඇත.

“අපි සොයා ගෙන ඇති පරිදි චූදිත අභිෂේක් ලංකාවට ගොස් ඇති අතර එහිදී ලංකාවේ බැංකුවක් ආරම්භ කිරීමට ඇති සම්භාවිතාව පිළිබඳව ද සොයා බලා ඇත. එසේම අපි මෙම චූදිතයා ලංකාවේ ජනාධිපති සමග සිටින ඡායාරූපයක්ද සොයා ගෙන ඇත. එසේම ඔහු ලංකාවේ ප්‍රධාන පෙලේ පරිපාලන නිලධාරින් කිහිපදෙනෙකු සමඟ ද සමීප සබඳතාවයන් ගොඩ නගා ගෙන ඇත,” පරීක්ෂණ කණ්ඩායමේ නිලධාරියෙන් තම නිර්නාමික බව යන කොන්දේසිය මත පවසා සිටියා.

මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස්පති M.N දිනේෂ් පවසා සිටියේ ” මේ ගැටළුව පිළිබඳව සෑම කෝණයකින්ම පරීක්ෂණ පවත්වමින් සිටින බවත් සොයා ගනු ලැබූ විවිධ කරුණු පිළිබදව සහතික කරගැනීම් අවශ්‍ය බවත් ය.”

capture

‘Abhishek Joshi planned a bank in Sri Lanka, met President Sirisena in Goa’

AIPUR: The investigation carried out by the special operation group (SOG) of Rajasthan police, which revealed that Rs 16 crore was embezzled at Alwar Urban Cooperative Bank, brought to light plans hatched by the accused, which included starting a bank in Sri Lanka.

The 37-year-old BBA graduate and mastermind in the case, Abhishek Joshi, had not only allegedly met the president of Sri Lanka in Goa, he was also in touch with top administrative officers of the island nation to start financial institutions.

During the investigation, the SOG team also found that he was planning similar frauds in the neighbouring country after starting the bank.
On Wednesday, the SOG unearthed the embezzlement of nearly Rs 16 crore and illegal money exchange of Rs 1.38 crore by cooperative bank officials, and arrested five ,persons including the CEO, former chairman, present chairman and the mastermind of the fraud.

Abhishek is seen as the kingpin in planning and executing the whole embezzlement.

Joshi is a BBA graduate and fluent in English. While investigating the case, the sleuths of SOG were stunned when they recovered a photograph of Abhishek with Maithripala Sirisena, the Sri Lankan president.

“We found that the accused Abhishek had visited Sri Lanka and had explored possibilities to start a bank in any of the states in the island nation. We have also recovered a photograph of the accused with the Sri Lankan president. He was in touch with some top-ranked administrative officers of a few states in the neighbouring country,” said a senior officer of the SOG on Wednesday on condition of anonymity.

Asked about the interest of the accused in Sri Lanka, Dinesh M N, inspector general of police, said, “All I can say is that we are investigating and looking into every angle in this case. Various things that we have recovered need to be verified.”

A senior officer close to investigations, said, “He was expected to meet Surendra Gunaratney, who is an adviser to the government of Sri Lanka on international affairs, and also a chief secretary rank officer to discuss investment possibilities on Wednesday. During his interrogation, Abhishek had also confessed to planning to start a bank in Sri Lanka. Thus, there could be a possibility that the Rs 16 crore, which he had embezzled with his family, was to be invested in Sri Lanka.”

TOI has also come to know that Surendra, who is in Delhi, had even called up a senior officer of SOG on Wednesday to enquire about the whole racket. Sources further said that SOG officials had also told the Sri Lankan bureaucrat that the accused has been nabbed before he could execute his plan in their country. “So far, we could make out a case of embezzling Rs 16 crore. The quantum of fraud could be much bigger than what has come out so far,” said an officer.

Sleuths further stated that Abhishek had hired 12 personal bodyguards and used their services whenever he visited Alwar. “Prior to the seizure of Rs 1.32 crore, Abhishek’s lifestyle was the talk of the town in Alwar. He used to travel in a gold-plated SUV,” the officer added.

විජිත් රෝහණ ජනපති ඝාතන කුමන්ත‍්‍රණයක.. පොලිස් පරීක්‍ෂණ.. ජ්‍යෙතිශ පොත අනුව ජනපති මිය යන්නේ නෑ.. යනුවෙන් කියමින් සිරිසේනට ගොට්ට අල්ලා ගොඩ යන්න උත්සහ කරමින් සිටින මෛත්‍රීගේ ගූ බට්ටා හෙවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ආණ්‌ඩු පක්‍ෂ පසු පෙළ මන්ත්‍රීන් 58 දෙනකුගේ අත්සනින් යුතු ලිපියක්‌ ජනාධිපතිට සහ අගමැතිට භාරදීමට තීරණය කර තිබේ.

තම මැතිවරණ කොට්‌ඨාසවල ජනතා සේවයට සක්‍රීයව දායක වීමට කුලී පදනම මත වාහන ගැනීම සඳහා කැබිනට්‌ අනුමැතිය ලබාදී තිබියදීත් ඊට එරෙහිව කටයුතු කිරීමෙන් ජනමාධ්‍ය ලේකම්වරයා කැබිනට්‌ තීරණ ද අභියෝගයට ලක්‌ කර ඇතැයි මන්ත්‍රීවරුන් මෙම ලිපියෙන් කරුණු දැක්‌වීමට නියමිතය.

කුලියට මන්ත්‍රීවරුන් සඳහා ලබා ගන්නා වාහන නැවතත් රජයට අයිතිවීමේ යාන්ත්‍රණයක්‌ සකස්‌ කර තිබියදීත් අමාත්‍යාංශ ලේකම්වරයා එය පිළිනොගැනීම දැඩි ගැටලුවක්‌ බව මෙම ලිපියෙන් පෙන්වා දෙන බව ලිපියට අත්සන් තැබූ මන්ත්‍රීවරයෙක්‌ ‘දිවයින’ ට කීය.

කැබිනට්‌ මණ්‌ඩල තීරණයක්‌ බල ගන්වන ලෙස විෂයභාර ඇමැතිවරයා දැනුම්දී තිබියදීත් ලේකම්වරයා එය ක්‍රියාත්මක නොකරන්නේ කුමන පදනමකින් දැයි ඔවුහු ප්‍රශ්න කරති.

ඒ අනුව නිමල් බෝපගේ මහතාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස අභියෝගයට ලක්‌ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම ලිපිය භාරදීමට ආණ්‌ඩු පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සුපර් මෑන් හේවත් අනාගත සුපිරි අමාත්‍ය මලික් සමරවික‍්‍රම අද යහපාලන ආණ්ඩුවේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අසාර්ථක ආර්ථික කළමනාකරණය හමුවේ රට බංකොලොත් භාවයට පත්වන බව පිලිගනු ලැබුවා.

වරාය චීනයට පැවරීම, සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආදී කාරණා සම්බන්ධයෙන් අදහස් පල කිරීම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරය මාධ්‍යවේදියකු නැගුපැනයකට පිළිතුරු දෙමින් කියා සිටියේ….

“එතුමා ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්” යනුවෙනි…. (පහත දැක්වෙන්නේ කිසිදු සංස්කරණයකින් තොරව උපුටා ගන්නා ලද විඩියෝවකි…)

රනිල්ගේ සුපර්මෑන් අන්ඩර්වෙයාරය… by lnwtoday

රනිල්ගේ සුපර්මෑන් අන්ඩර්වෙයාරය ඔලුවෙන් ගලවාගත් සුන්දර අවස්ථා බලා ගන්න ….

රනිල්ගේ සුපර්මෑන් අන්ඩර්වෙයාරය… by lnwtoday

හම්බන්තොට වාරාය චින සමාගමකට පවරා දිමත් සංවර්ධන ව්‍යාපෘති සඳහා හම්බන්තොට ඉඩම් අක්කර 15,000 ක පමණ ඉඩම් චින රජයට පවරාදිම හේතුවෙන් ඉන්දීය රජය සහ යහපාලන ආණ්ඩුව අතර හටගෙන තිබේන සීතල යුද්ධය සමනය කිරිම සදහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර විශේෂ රහස් සාකච්ඡාවක් අද රාත්‍රීයේ පැවැත්විමට නියමිත බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකාරිනි ආසෝ ඛාන් අනාවරණය කළා.

ඉන්දියාවේ සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අද (21) දහවල් 1.55 ට පමණ චෙන්නායි බලා පිටව ගිය අතර රටේ ජනතාව ගොනාට අන්දවමින් අගමැතිවරයාගේ මාධ්‍ය එකකය සදහන් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා විශේෂ ආගමික වැඩසටහන් කිහිපයකට සම්බන්ධ විම සදහා ඉන්දියාව බලාගිය බවයි.

යහපාලන ආණ්ඩුවේ ප්‍රධානින් සමග ඉන්දීය ආණ්ඩුව ඇතිකරගෙන තිබේන එකඟතාවයන් චිනය සමග ආණ්ඩුව ඇතිකරගත් හදිසී එකඟතාවයන් හේතුවෙන් බිඳවැටීමට ලක්ව ඇති බව ඉන්දිය රජයේ අදහස වි ඇති බව පසුගිය සඳුදා ඉන්දිය අගමැතිවරයා ඉන්දිය මාධ්‍ය හමුවේ අනාවරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් විමසිමට තමන් කටයුතු කර ඇති බවද එහිදි අනාවරණය කර තිබේ.

කෙසේවෙතත් මෙම හමුවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරිමට දෙපාර්ශවයම කැමැත්ත පලකර තිබේන බවද අප වාර්තාකරිණිය අනාවරණය කල අතර දෙදෙනා අතර හමුව කිසිදු පාර්ශවයකට විවෘත කර නොමැති බවද අනාවරණය කළා.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුව අනුන්ගේ යට ඇදුම් සහ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබන මහා අනාචාරී සරත් විජේසුරියගෙන් යහපාලන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෙවත් සිරිසේනගේ පයිප බාසුන්නැගේ හොරකම් ගැන ප්‍රසිධියේ කතාකිරිම හේතුවෙන් රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් එවා තිබේ.

මෙම වන්දිය ඉල්ලා ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මූලික මැදිහත් වීමෙන් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිධූරයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි නමැත්තා විසිනි.

සිරිසේන මහතාගේ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට එරෙහිව දූෂන චෝදනා තිබෙන බවත් සිරිසේන ජනාධිපතිවරයාට වැරදි වාර්තා සපයන්නන් අතර හෙට්ටිආරච්චි මහතා ද සිටින බවත් මීට මාස ගණනකට පෙර පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්ය විජේසූරිය මහතා විසින් කරන ලද ප්‍රකාශයකට එරෙහිව ආරක්ෂක ඇමැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම මිලියන 1000 ක වන්දි ඉල්ලන එන්තරවාසිය යවා තිබේ.

අන්‍යන්ගේ ලිංගික ජීවිතය පමණක් නොව ඔවුන්ගේ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කිරීමෙන්ද ඔහු පොරක් වීමේ මේනියාවෙන් පෙළිම හැරෙන්නට අනුන්ගේ පොතක් දෙකක් හොරෙන් මුද්‍රණය කර ජිවත් විම හැර මහාචාර්ය සරත් විජේසුරියට එරෙහිව වැඩි චොදනා නැති බව අප කිවයුතුය.

නමුත් යහපාලන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෙවත් සිරිසේනගේ පයිප බාසුන්නැහේ එසේ මෙසේ පොරක් නොවේ ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට කනත්ත වත්ත නැමැති අක්කර 5.5 ක වපසරියකින් යුත් ඉඩම ජල පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට විකිණීම උදෙසා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයක් ගෙවීමට අනුමත කොට ඒ හරහා එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක් හොරා කෑ හොරෙකු බව අමතුවෙන් කියාදිය යුතු නැත .

http://www.sinhala.lnwtoday.com/archives/14655

මහාචාර්ය සරත් විජේසූරිය යන් කිසිදු වගකීමකින් තොරව ඕපදුප මාධ්‍ය ඔස්සේ පල කරන්නෙක් බවත් මේ රටේ නීතිය ක‍්‍රියාත්මක කල යුත්තේත් සරත් විජේසූරිය කියනා ආකාරයට බවත්, ඔහු විසින් නම් කරන ඇමතිවරැන් හය දෙනෙකු ජනාධිපතිවරයා විසින් අස් කල යුතු බවත්, අත්අඩංගුවට ගත් යුත්තේ ඔහු කියන අය බවත් කී විජේදාස රාජපක්‍ෂ මහතා තමන් හා ඕනෑම නාලිකාවක විවාදයට පැමිණෙන්නැයිද අභියෝගක්ද කර සිටියේ ර්ණවාහිනියේ සංග‍්‍රාමය වැඩසටහනේදීය.

http://www.sinhala.lnwtoday.com/archives/13811

http://www.sinhala.lnwtoday.com/archives/8364

ලංකාවේ ස්වාධීනත්වය ආරක්ෂා කර චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය තෙල් සංස්ථාවට පවරාගන්නා ලෙසට ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමය යහපාලන රජයෙන් ඉල්ලා සිටි.කැබිනට් අනුමැතිය ක‍්‍රියාත්මක කිරීමට චීන වරාය ටැංකි සංකීර්ණයට ගිය ලංකා ඛනිජතෙල් සංස්ථා නිළධාරීන්ට IOC සමාගමේ නිළධාරීන් ටැංකි සංකීර්ණයට ඇතුළුවීමට හෝ ඉඩ ලබා දී නොමැති අතර ඔවුන් පවසා ඇත්තේ කැබිනට්ටුව හෝ ලංකා රජය ඔවුනට වැදගත් නොවන බවත් ඉන්දීය රජයේ නියෝගයකින් තොරව ඇතුළුවීමට අවසර ලබා නොදෙන බවත්ය.එය ලංකාවේ ස්වාධීනත්වය කෙරෙහි දරුණු බලපෑමක් එල්ල කරන බවද එම සංගමය පෙන්වා දෙනවා…

1. ත‍්‍රීකුණාමලය චීන වරායේ පිහිටි ටැංකි 99කින් යුත් තෙල් ටැංකි සංකීර්ණය 2003 වර්ෂයේ දී අවබෝධතා ගිවිසුමකින් ඉන්දීය තෙල් සමාගම (IOC) වෙත ලබා දුන්නද එම ගිසුමේ 1.2 වගන්තියට අනුව මාස 06ක් ඇතුලත එළඹීමට නියමිතව තිබූ විධිමත් බදු ගිවිසුමට එළඹීම සිදුනොවුන නිසා මෙහි නීතිමය අයිතිය ශ‍්‍රී ලංකා රජය සතුවේ.

2. මේ වන විට වැඩි වන තෙල් ඉල්ලූම හමුවේ රටට අවශ්‍ය තෙල් තොග පවත්වාගෙන යාමට ප‍්‍රමාණවත් ගබඩා පහසුකම් කොලොන්නාවේ හා මුතුරාජවෙල නොමැත. තවද චීන වරාය හරහා උතුරු නැගෙනහිර හා අනුරාධපුර, පොලොන්නරුව දිස්ත‍්‍රික්කවල තෙල් බෙදීම සිදු කරන්නේ නම් ප‍්‍රවාහන වියදමෙන් පමණක් ඉතිරිවන මුදල රු. මිලියන 700ක් පමණ බව ගණන් බලා ඇත.

3. උක්ත කරුණු දෙක පදනම් කරගෙන විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා 2016/05/24 දින ලබාගත් කැබිනට් අනුමැතිය ක‍්‍රියාත්මක නොකිරීම හා එම තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට කෙරෙන උත්සහයට අප වෘත්තීය සමිතිය එකමුතුව දැඩි විරෝධය පලකරමින් උද්ඝෝෂණ මාලාවක් පවත්වන ලදී.

4. මේ වන විට නියඟය නිසා ජල විදුලිය අවම වී ඇති අතර නොරොච්චෝලේ බලාගාරයේ සිදුවන බිඳවැටීම් හමුවේ විදුලිබල නිෂ්පාදනයට විශාල තෙල් සැපයුමක් අවශ්‍යව ඇත. කොලඹ වරාය කොලොන්නාව අතර තෙල් නල දිරා යාම නිසා තෙල් ගොඩ බානුයේ එක් නලයකින් පමණි. මෙම තත්වය හමුවේ තෙල් සැපයුම ඉතා අසීරු මෙන්ම තීරණාත්මක මොහොතකට පැමිණ ඇත. කුමන මොහොතක රටම අඳුරුවේද යන්න කිව නොහැක. මේ නිසා විශාල මුදලක් නැව් සඳහා ප‍්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුවීම තෙල් සංස්ථාවට මෙන්ම රටටද දරාගත නොහැක.

5. මෙම තත්වය හමුවේ වහාම චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයෙන් ටැංකි 16ක් ලබාගෙන මසක් ඇතුලත ටැංකි 03ක් මෙහෙයුම් සඳහා යෙදවීමට ඉතිරි ටැංකි 13 මාස 03ක් ඇතුලත භාවිතයට ගැනීමටත් විෂයභාර ඇමතිතුමන් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත.

6. මෙම කැබිනට් අනුමැතිය ක‍්‍රියාත්මක කිරීමට චීන වරාය ටැංකි සංකීර්ණයට ගිය ලංකා ඛනිජතෙල් සංස්ථා නිළධාරීන්ට IOC සමාගමේ නිළධාරීන් ටැංකි සංකීර්ණයට ඇතුළුවීමට හෝ ඉඩ ලබා දී නොමැත. ඔවුන් පවසා ඇත්තේ කැබිනට්ටුව හෝ ලංකා රජය ඔවුනට වැදගත් නොවන බවත් ඉන්දීය රජයේ නියෝගයකින් තොරව ඇතුළුවීමට අවසර ලබා නොදෙන බවත්ය.

7. මෙය බරපතල තත්වයක් ලෙස දකින අප වෘත්තීය සමිති එකමුතුව මෙයට දැඩි විරෝධය ප‍්‍රකාශ කරමු.

තවද මෙම තත්වය මගහරවා ලංකාවේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසත් වහා මෙම තෙල් ටැංකි සංකීර්ණය තෙල් සංස්ථාවට ලබා දී රට මුහුණ පා ඇති අසීරු අවස්ථාවෙන් මුදවන ලෙසත් නිරපරාදේ වාර්ෂිකව රු. මිලියන 700කට අධික මුදලක් අපතේ නොයවා චීන වරාය හරහා තෙල් සංස්ථාව යටතේ තෙල් බෙදා හැරීම අරඹන ලෙසත් රජයට බලකර සිටිමු.

ඞී. ජේ. රාජකරුණා
කැඳවුම්කරු,

ප්‍රකට අනාවැකි කියන්නේකු මෙන්න ඡ්‍යෝතීර්වේදියෙකු වන විජිත් රෝහණ විජයමුණි මහතා සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කියා තිබේන අනාවැකිය සම්බන්ධයෙන් මුලදි නොසලකා සිටියද පසුගියදා ජනාධිපතිවරයාට සමිප ජ්‍යෝතිෂවේදීන් මෙන්ම භික්ෂුන් වහන්සේලා රැසක් කර තිබේන අනාවරණයන් හේතුවෙන් කලබලයට පත්වි ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

එයට ප්‍රධානතම හේතුව වන්නේ ජනාධිපතිවරයාට හිතවත් ජ්‍යෝතිෂය කටයුතු වල නිරත ස්වාමීන්වහන්සේ නමක්ද එළඹෙන ජනවාරි මාසය ජනාධිපතිවරයාට මාරක අපල සහිත මාසයක් බවට අනාවැකි පල කර තිබීම වන අතර ඒ අනුව ජ්‍යෝතිෂය උපදෙස් අනුව ජනවාරි මුල් සතියේ රට පුරා බෝධි පූජා පැවැත්විම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර ඒහි ප්‍රධාන කාර්යයන් සිරිසේනගේ ජ්‍යොතිෂ පිනවන්නියට භාර දි තිබේ.

ස්වාමීන්වහන්සේගේ අනාවරණයත් සමග කලබලයට පත්වු සිරිසේන ජනාධිපතිවරයා පසුගියදා වෙබ් අඩවි සම්බන්ධයෙන් හදිසියේම විශේෂ නීති හදුන්වා දිම සදහා මෙන්ම ඒ හරහා විජිත් රෝහණ විජයමුණිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට සාකච්ඡා පවත්වා ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනවාරි මස 26 වැනිදාට පෙර මියයන බව පවසමින් එම පුද්ගලයා විසින් සමාජ මාධ්‍ය ජාල තුළ පළ කරනු ලැබ ඇති වාර්තා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන මෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත්තේද ඒම සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙසය.

2017 ජනවාරි 28 ට පෙර මෛත්‍රිපාල සිරිසේන මිය යන බවත් තමා කියූ අනාවැකියක් වැරදුණහොත් තමා මින් ඉදිරියට කිසිදු අනාවැකියක් ප්‍රකාශ නොකරන බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජ්ත් රෝහණ විජේමුණි යලිත් තහවුරු කළා.  

ගෙදර ගියෝත් සිරා නසී…මග හිටියත් සිරාම නසී…… by lnwtoday

මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ මහත් ආන්දොaලනයකට තුඩුදී තිබූ ඉරණවිල වොයිස්‌ ඔෆ් ඇමරිකා නමැති සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානය වසා දැමීමට ඇමරිකානු රජය තීරණය කර ඇත.

1993 වසරේ ඉදිකළ මෙම ඇමරිකානු සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානය අක්‌කර 500 ක භූමි ප්‍රදේශයක ක්‍රියාත්මක විය. ඇමරිකානු රජය යටතේ පාලනය වූ මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානයට තානාපති මුක්‌තිය හිමිවීම නිසා මෙරට ආරක්‌ෂක අංශවලටද එම ස්‌ථානය තහනම් කලාපයක්‌ වී තිබුණි.

මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානයෙන් අග්නිදිග ආසියාවටම සම්ප්‍රෙෂණ ක්‍රියාදාමය දියත් විය.

මෙකී වොයිස්‌ ඔෆ් ඇමරිකා හෙවත් ඇමරිකානු හඬ මධ්‍යස්‌ථානය මගින් ඉන්දීය සාගරයේ යාත්‍රා කෙරෙන ඇමරිකානු නාවික යාත්‍රා සමග සබඳකම් පැවැත්වූ බවටද චෝදනා එල්ල විය.

කීර්ති වර්ණකුලසූරිය
ලංකාවෙ අභිරහස් කලාපය (ඇමැරිකන් හඬ)

ලොකයේ තිබෙන කිසිවෙකුටත් ඇතුලු වීමට හෝ පිටවීමට නොහැකි අධිආරක්ෂිත කලාප ගැන ඔබ කොතෙකුත් අසා ඇති බවට සැකයක් නැත. අධිආරක්ෂිත කලාප කියු සැනින් ඔබගේ මතකයට එන්නේ 51 කලාපය බව නිසැකය. නමුත් අද මම පවසන මේ තොරතුරු හලාවත, ඉරණවිල ප්‍රදේශයේ පිහිටි ඇමැරිකන් වොයිස් ලෙස හදුන්වන ගුවන් විදුලු සංප්‍රේෂණාගාරයක් මුවාවෙන් පවත්වා ගෙන යන ලංකාවෙ පිහිටි ඇමැරිකන් ආධිපත්‍ය යටතේ ක්‍රියාත්මක වන අත්භූත ස්ථානයක් පිළිබදවයි. මෙය J.R Jayawardhana පලන සමයටත් පෙර සිට ලංකාවේ ක්‍රියාත්මක වී ඇත. නමුත් එම රජය යටතේ මෙය තවත් ශක්තිමත් වී තිබේ. voice of america නිසා රජයට විශාල මුදලද ලැබේ. එම ස්ථානය අකණ්ඩව පවත්වා ගෙන යැමට ඉඩ ලබා දිම හෙතුවෙන් ඔවුන් විශාල බදු මුදලක් රජයට සපයනු ලබයි. අතිතයේ සිට එය එසේ පවත්වා ගෙන තිබේ.

මෙම ස්ථානය ලබාගැනීම වෙනුවෙන් ඇමැරිකන් හඬ සමාගම විශාල වැඩ කොටසක් සිදු කර තිබේ. එකල චන්ද්‍රිකා බණ්ඩාරණායක බලයට පත් වන සමයේ ජනපති වීමට ප්‍රතම එම ප්‍රදේශයේ මිනිසුන් මෙයට දැඩි විරෝදයකින් සිටි නිසා මෙම ස්ථානය ඉවත් කරන බවට ඇය පොරොන්දු වී තිබේ. ඒ වන විට අක්කර 40ක් පමණ භූමි ප්‍රදේශයක එය වියාප්තව තිබී ඇත. ඇය බලයට පත් වීමෙන් පසු එයට තව රජ්‍ය අනුග්‍රහය සැපයූ බවට පිළිගත හැකි සාක්ෂි තිබේ. එයට හෙතුව මෙය අක්කර 400ක් දක්වා විශාල කිරීමර රජ්‍ය අනුග්‍රහය ලැබීමයි. මෙයට එරෙහිව විශාල ජනතා විරෝදයක් පැවතියත් දිනෙන් දින මෙය සංවර්ධනය විය. යුද්දය පැවති සමගේ මෙම ප්‍රදේශය අශ්‍රිතව අත්භූත එලි විශාල ප්‍රමාණයක් නිතර දැක ගත හැකි වූ බව ගම් වාසින් දැක තිබේ. මෙම ස්ථානයට සතෙක්ටවත් ඇතුලු වීමට නොහැකි සේ වොට් 33000ක පමණ ධරිතාවකින් යුත් විදුලි වැටක් ඉදිකර තිබේ. එය අදත් ක්‍රියාත්මක තත්වයේ පවතී. ගම් වැසියන්ගෙන් ලද තොරතුරු වලට අනුව එක් අවස්ථාවක විදුලු වැටට අසුවු පුද්ගලයෙකු මිය ගිය පුවතක්ද වාර්ථා වේ.

කෙසේ වෙතත් එහි සෙවයේ නියුතු පිරිස් පවසන්නේ මෙය රටවල් 14ක් සමග සම්බන්ධව ක්‍රියාත්මක වන ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණාගාරයක් බවයි. තවත් අයෙකු සද්දන් කරන්නේ ලොකයේ විවිද රටවල් වල ඔත්තු බැලීමට මෙම ස්ථානය යොදා ගන්නා බවයි. වර්ථමානය වන විට මෙහි විශාල ගුවන් පථයක්ද ඉදි කර ඇති අකාරය දැකගත හැකිය. ලංකාවෙ ජනධිපතිට හෝ රක්ශක අංශවලට පව ඇතුලු වීමට නොහැකි මෙහි පරික්ෂණාගාර වල සිදුවන්නේ කුමක්ද? එය තවමත් විසදුවක් නොමැති ගැටලුවකි. පසුගිය වර්ෂයේ මෙම ස්ථානය අශ්‍රිතව භිරහස් එලි, සක්වල යාන ලෙස සලකන අකාශ වස්තූ දර්ශනය වීම් ප්‍රවුත්ති ඔස්සේ පව විකාශය වී තිබුනි.

මධ්‍යම රත්‍රීයෙ 2 සිට පාන්දර 4 වන තෙන් විවිද අත්භූත එලි එම ස්ථානය අවට අහසේ සැරි සරන බව අපට ගම් වාසින් විසින් තොරතුරු ලබාදුනි. ජනතාව බියට පත් වන අන්දමේ සිදුවීම් මේ එලි සම්බන්ධව වර්ථා වේ. එනම් එක් අවස්ථාවක මෙම අභිරහස් අලෝකවලින් කිරණ ධාරාවක් මිනිසුන් පිරිසක් වෙත එල්ල වීමයි. ඔබ් එම ප්‍රදේශයේ සැරිසැරුවොත් මෙවැනි පුවත් ඕන තරම් අසන්නට පුළුවන්.

අතීතය හා සංසන්ධනාත්මකව බැලීමෙදි වර්ථමානයේ මෙහි යම් යම් වෙනස්කම් දැකගත හැකිය. එකල කිසි සේත් මෙයට ඇතුලු වීමට නොහැකි වූවත් වර්ථමානයේ විශේෂ අවසරයක් ලබා ගෙන මෙහි ඇතැම් කොටස් නැරඹිය හැකිය. නමුත් හොදින් මතක තබා ගන්න මෙහි නැරඹිමට ජනයාට අවසර ඇත්තේ ඉතා සුළු කොටසක් පමනි. මෙහි ක්‍රියාත්මක පරික්ෂණාගරා ඇතිලු ස්ථාන රාශියකට ජනතාවට කිට්ටුවටවත් ඇතුලු වීම දඩුවම් ලැබිය හැකි වරදකි. වර්ථමානයේ ලංකිකයන්ද මෙහි රැකියාවල නියත වුවත් එහි ඇතුලාන්තයේ සිදු වන්නේ කුමක්ද යන්න පිළිබද ඔවුන්ද කිසිවක් නොදනී. ලංකිකයන් සෙවයේ නියුක්ත වන්නේ එක්තරා කොටසක පමණි. ඔවුන්ට එහි ඇති ඉයලුම ස්ථානවලට ඇතුලත් වීමට නොහැකි අතර එහි සේවය කරන විදේශිකයන්හට පමණක් එම අවසරය ඇත.

ලංකා රාජ්‍ය ආයතන ඉතිහාසයේ ප්‍රථම වරට එක් ආයතනයකට අළුතින් බඳවා ගන්නා සේවක පිරිසක් සඳහා ලබාදෙන වැඩිම කාලය වන වසරක පුහුණුවක් සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය, මත්තල කාර්යාලය තෝරාගෙන ඇත. සේවක/ සේවිකාවන් 26 දෙනාගේ පුහුණුවට රුපියල් ලක්ෂ 50ක් පමණ වියදම් වේ.

විගණකාධිපතිවරයා විසින් අධිකාරියේ මෙවැනි පුහුණුවීම් වලදී සිදුවන දූෂණ අක්‍රමිකතා පිළිබඳ ලබාදී ඇති නිර්දේශ තුට්ටුවකට මායිම් නොකරමින් අදාළ පුහුණුව වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් ඇස්තමේන්තු කර ඇත්තේ ඩන්කන් ජයවර්ධන නම් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පෞද්ගලික හිතවතකු විසින් වන අතර මෙය සාවද්‍ය හේතු දක්වා අනුමත කරගැනීමටද ඔහු සමත්ව ඇත.

තම ඒකාධිපති ක්‍රියාකලාපය නිසා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රවාහන හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල සමග මේ වන විට පවතින ආරවුල සමථයට පත් කරගැනීම සඳහා අදාළ පත්වීම් ලිපි ලබාදීමට අමාත්‍යවරයාට ආරාධනා කොට ඇති බව වාර්තා වේ. අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ගැන සිය හිතවතකුට සිනහවෙමින් පවසා ඇත්තේ මේවට එෆ් සී අයි ඩී යන්න වුනොත් මට තනියම යන්න බෑ, ඒක නිසා ඇමතියටත් එන්න කිව්වා.

පසුගිය රජය සමයේ හිටපු ගුවන් සේවා ඇමති පියංකර ජයරත්නද මේ ආකාරයෙන්ම විවිධ වරදාන බලෙන්ම ලබාදී ගොනාට අන්දවා තමන්ගේ වැඩකරගෙන ඇති අධ්‍යක්ෂ ජනරාල්වරයා දැන් ඔහුගේ දුරකථන ඇමතුමකට හෝ පිළිතුරු නොදෙන බවද වාර්තා වේ. පියංකර ජයරත්නගෙන් වැඩ ගැනීම සඳහා ඇයගේ දියණිය අධිකාරියට බඳවාගෙන වැටුප් ගෙවීම අධ්‍යක්ෂ ජෙනරාල්ගේ සම්පූර්ණ අනුදැනුම මත ක්‍රියාත්මක වුවත් ඔහු අල්ලස් කොමිසම ඇතුළු සියලු කමිටු වෙත දන්වා ඇත්තේ තමාට හිටපු ඇමතිවරයා බලකර නිසා එසේ සිදුකල බවයි. ඒ ගැන හිටපු ඇමති පියංකර පවසා ඇත්තේ ‘මූ වගේ කපටියෙක් මගේ ජීවිතේටම දැකල නෑ‘

තවද අධ්‍යක්ෂ ජනරාල් විසින්ම එහි මූල්‍ය අංශ ප්‍රධානී හරිස්චන්ද්‍ර නැමැත්තකු ලවා මතු ආරක්ෂාව සඳහා බව කියමින් කොම්පඤ්ඤවීදිය පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරමින් පවසා ඇත්තේ පියංකර අමාත්‍යවරයා තමන් ලවා වැඩකරවා ගැනීමට තර්ජනාත්මක දුරකථන ඇමතුම් දෙන බවයි.

Top