ජනතා විමුක්ති පෙරමුණේ ජනතා බලය යලි ගොඩනැගිම සදහා මාස 3ක කාලයක් වත්මන් නායකත්වයට අභියෝගයක් ලෙස භාරදුන් බවත් එය ඉටුකිරිමට අසාර්ථක වන්නේ නම් ජවිපෙ නායකත්වය සම්බන්ධයෙන් තින්දුවක් ගැනිමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව එකමතිවක තින්දුවක් ගත් බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ……….(නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි.) අනාවරණය කළා.
යහපාලන ආණ්ඩුව සෑදිම වෙනුවෙන් සහ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කිරිම සදහා පක්ෂයේ කෙඩරය කටයුතු කිරිම හේතුවෙන් පක්ෂයේ ගම්මට්ටමේ බලය සම්පූර්ණයෙන්ම ගිලිහි ගොස් තිබේන බවත් යහපාලනය සමග බද්ධ වු වසර දෙකක කාලය තුල මේ තත්ත්වය තවදුරටත් බරපතල වු බවයි මාධ්‍යම කාරක සභිකයා සදහන් කළේ.
අවස්ථා ගණනාවකදි පක්ෂයේ මධ්යම් කාරක සභාව පවා පවත්වා ගැනිමට නොහැකි තත්ත්වයන් උදා වු බවත් ගම් මට්ටමේ ග්‍රාම සේවා මට්ටමින් පිහිටුවා තිබු පක්ෂයේ සංවිධාන සියල්ලම මේ වනවිට විනාශ වි ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාමිය නායකයන් හරහා එම සංවිධාන සියල්ලම විවිධ වරප්‍රසාද ලබාදිම හරහා සියතට ගැනිමට කටයුතු කර ඇති බවයි ඔහු අවධාරණය කළේ.
“අපේ පක්ෂයේ මහා ලේකම් (ටිල්වින් සිල්වා) සහොදරයා මේ පක්ෂය රැක ගන්න සෑහෙන වෙහෙසක් දරණවා….අද වෙනකොට පක්ෂයේ ග්‍රාමිය මට්ටමින් සියලු සංවිධාන කඩාගෙන වැටිලා ….කෙලින්ම කිව්වොත් පොස්ටරයක් ගහන්න ගමේ සාමාජිකයෙක් නෑ…. සමහර ආසන වල පළාත් මන්ත්‍රීවරයා තනියම රෑ එළිවෙනකම් පෝස්ටර් ගහනවා… කියන්න ලැජ්ජා වෙන්න ඔනෑ නෑ….මේ ලගදි පෝස්ටර් ගැහුවේ පෝස්ටර් අලවන ආයතනයකට සල්ලි දිලා ….”
“පක්ෂයේ කඩා වැටිම ගැන අපි දිගින් දිගටම කතා කලා …අවස්ථා ගණනාවක මධ්‍යම කාරක සභාව පවත්වන්න බැරි තත්ත්වයන් උදාවුනා… ග්‍රාමසේවා මට්ටමින් පවත්වපු මාසික සංවිධාන රැස්විම අවුරුදු 2කට කිට්ටි කාලයක් පවත්වා නෑ..ආසන සංවිධාන යලට -මහට විතරයි පවත්වන්නේ දිස්ත්‍රික් සංවිධාන සමහරුන්ට හිතුනාම තමයි තියන්නේ….අද තියෙන්නේ ”
“පක්ෂයේ මහ ලේකම්වරයා ඉන්නේත් කලකිරිමෙන් මේ වගේ තත්ත්වයක් 88-89 කලයේදිවත් උදාවුනේ නෑ …අපි පක්ෂයේ නායකයාට මාස 3ක කාලයක් දුන්නේ ආණ්ඩු විරෝධි සටන හරහා පක්ෂයේ සමාජිකයන් සහ සංවිධාන ව්‍යහය යලී ප්‍රති නිර්මාණය කරන්න.. මේ තියේන තත්ත්වය අනුව පළාත් පාලන් මැතිවරණයක් කැදවිමට ආණ්ඩුව කටයුතු කලහොත් ඒ සදහා ඉදිරිපත් නොවිමට පක්ෂය තිරණය කර තිබේන බවද ඔහු අනාවරණය කර සිටියා.
ලෝව පුරා ව්‍යාපාරිකයන්ගෙන් US $ 50 million කට වඩා කොල්ල කා ලංකාවේ යහපාලනයෙන් බේරි සිටින යහපාලන කළු සල්ලි සුදු කිරීමේ දැවැන්තයෙකු වන එඩ්වඩ් රියෙන්සි (Rienzie Edwards) අමරිකානු FBI පොලිසියෙන් සහ ලංකාවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශ හෙවත් FCID යෙන් බේරී සිටිමේ රහස මේ වනවිට අනාවරණය වි තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය රියෙන්සිගෙන් මේ සම්බන්ධයෙන් කටඋත්තර ලබාගෙන ඇති අතර වැඩිදුර කටඋත්තර ලබාගැනීම සඳහා පසුව ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා තිබිණ.නමුත් කටඋත්තර ලබාදීම සඳහා ඔහු පෙනී නොසිට හදිසියේම රෝගාතුරව ඇපලෝ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව අනාවරණය වේ.ඔහුට නැවත දිනයක් ලබාදීම සඳහා වූ දැන්වීම ලබාදීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී වරයෙකු ඇතුළු පිරිසක් ඇපලෝ රෝහලට ගොස් ඇති අතර එම අවස්ථාවේදී එඩ්වඩ් ආසන්නයේ රැඳී සිටි ඔහුගේ ගජමිතුරෙකු වන ඇමති නවීන් දිසානායක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ට ඉතාමත් පරුෂවචනයෙන් බැන තර්ජනය කර එම ස්ථානයෙන් පලවා හැර තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මෙම සිදුවීම වාර්තා කිරීමට කටයුතු කර තිබේන් නමුත් ඔහුන් දෙදෙනාමද නිහඩ පිළිවෙතක් අනුගමනයි කරමින් සිටින අතර් ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ නවින් මෙන්ම වත්මන් කතානායක කරු ජයසුරිය සමගද රියෙන්සි ඇති සබඳතාවය හේතුවෙන් බව මේ වනවිට අනාවරණය වි තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන සමාජ ජාල වෙබ් අඩවිවලට එරෙහිව නව නීති ගෙන එන්නේ යැයි පවසමින් වත්මන ආණ්ඩුව වෙබ් අඩවි වාරණයකට අවශය පිඹුරුපත් සකස්කර අවසන් බව අනාවරණය වේ.
සයිබර් අවකාශයේ ක්‍රියාත්මක වන වෙබ් අඩවිවලට එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍ය නීති රීති මෙතෙක් මෙරට තුළ නොතිබි හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තු පනකත් ඉදිරිපත් කිරීමට මේ වනවිටත් කටයුතු කර ඇති අතර ඒ අකාරයේ පනතක් අන්තවාදි මුස්ලිම් රාජ්‍යන් කිහිපයක හැර සිරිසේන- රනිල් ප්රජාතන්ත්රවාදී යැයි මහා උජාරුවෙන් කෙප්ප කියන යහපාලනය නැමති රටක ඉදිරිපත් වන පලමු අවස්ථාව් මෙය වේ.
එම පනත අනුව සමාජ ජාල වෙබ් අඩවිවලට එරෙහිව පියවර ගැනෙන්නේ ඊට අන්තර්ජාල පහසුකම් සපයන මෙරට පිහිටි දුරකථන සමාගම හරහා වන අතර
රටට අහිත කර යැයි ආණ්ඩුව තින්දු කරන සමාජ වෙබ් අඩවි සඳහා අන්තර්ජාල පහසුකම් නිකුත් කර ඇති දුරකථන සමාගම් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු වන බවත් ඒ සමාගම්වලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා අංගසම්පූර්ණ නීති පද්ධතියක් ගෙන ඒමටකටයුතු කරමින් සිටි.
අන්තර්ජාල වෙබ් අඩවි හරහා සිදුකරන අශීලාචාර අවිනීත අපහාස කිරීම්වලට එරෙහිව නීතිමය පියවරගත යුතු යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද කෙකර ගාමින් මාධ්‍ය ඉදිරියේම හිට්ලර් පන්නයේ ප්‍රකාශයක් කළේ ඒ සදහා වු සියලුම ක්‍රියාමාර්ග රැගෙන අවසන් කර බව රටේ සමහරක් ජනතාව තවමත් දන්නේ නැත.
මෙම වෙබ් අඩවි හරහා ශ්‍රී ලංකාවේ දැනට වැඩිපුරම අපහාසයට ලක්වන පුද්ගලයා තමා බවත් එම වාර්තාව කඩන්නට වෙන කාටවත් නොහැකි බවත් මහා උජරුවෙන් කී සිරිසේන තමන් බලයට ගෙන ඒම සදහා ඒජාපයේ කුළී වෙබ් කාරයන් යොදවා රාජපක්ෂලාට මඩ ගැසු හැටි අමතක විම අමුතු දෙයක්ද නොවේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (19) හැඳල පැවැති අධිකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික සම්මේලනයේදී අමුතුම කතා ටිකක් කී අතර එම කතාව පහත දැක්වේ.
මෙහිදී සාකච්ඡාවට ලක්වුණා අධිකරණ ඇමතිතුමාගේ කතාවේදි ඒවගේම මාධ්‍ය තුළ අපි දකිනවා පාර්ලිමේන්තුවේ විවාද තුළ අහගෙන හිටියා. අධිකරණ ක්ෂේත්රයේ කටයුතු කරන විනිශ්චයකාරවරුන්ට අන්තර්ජාල මාධ්‍ය හරහා ඇතැම් වෙලාවට කරන නොයෙකුත් අසාධාරණ, අවිනීත වූ විවේචනයන් සහ අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව. මම හිතන්නේ මේ රටේ සෑම කෙනෙක්ම දන්නවා අන්තර්ජාලය තුළින්, වෙබ් අඩවි තුළින්, දවසේ වැඩිපුරම මේ රටේ නින්දා අපහාස විඳින කෙනා මමයි. ඒ වාර්තාව වෙන කාටවත් කඩන්න පුළුවන්කමක් නැහැ. මට තමයි වැඩිපුරම ඒවා හම්බ වෙන්නේ. මම නම් කරන්නේ ඒවා බලන්නේ නැහැ. මම මගේ නෝනාටත් දරුවන්ටත් කියලා තියෙන්නේ වෙබ්සයිට් බලන්න එපා. ඒකට යන්න එපා. හොඳම දේ දවසේ තිබෙන වැඩ ටික කරනවා මිසක් අපි මොනවටද ඕවා පස්සේ යන්නේ කියලා.
ඒ කෙසේ වෙතත් මේ අන්තර්ජාලය, වෙබ් අඩවි අද ඒ තිබෙන නිදහස ඉතාමත් වැරදි විදියට පාවිච්චි කරනවා. අපිට දේශපාලනඥයෝ විදියට නම් මේ නින්දා, අපහාස, චරිත ඝාතන හොඳට හුරුයි. නමුත් අපි දන්නවා තමුන්නාන්සේලා වැනි මේ ක්ෂේත්රවල ඉන්න අයට ඒවගේම අනිකුත් වෛද්‍ය, ඉංජිනේරු වැනි අනිකුත් ක්ෂේත්රවල වෘත්තීකයන්ට එවැනි සිද්ධීන් ඇති වුණාම ඒවා විඳ දරා ගැනීමට ටිකක් අමාරුයි. මොකද දේශපාලනඥයෝ නම් හැමවෙලේම නින්දා, අපහාස මඩ වදින පිරිසක් ඒවාට ඔරොත්තු දෙනවා නම් තමයි මේක කරන්න පු`ථවන්. ඒවාට ඔරොත්තු දෙන්නේ නැත්නම් ඒ වැඬේ කරන්න බැහැ. නමුත් තමුන්නාන්සේලාගේ එහෙම නෙවෙයි තමුන්නාන්සේලා ජීවත් වන පරිසරයත් ඒවගේම සමාජ පසුබිමත් මේ අදාළ විෂය ක්ෂේත්රයන් ගත් විට එවැනි දේවල් තමුන්නාන්සේලාට එක් පැත්තකින් අලුත් දේවල් නව අභියෝග. අපි රජයක් විදියට ඉතා පැහැදිලිව එවැනි තත්ත්වයන් පිළිබඳව කනගාටු වෙනවා වගේම අධිකරණ ඇමතිතුමත් අපි සාකච්ඡුා කරලා රජය විදියටත් තීරණයක් අරගෙන තිබෙන්නේ.
මේවා වැළැක්වීම සඳහා නීතිමය වශයෙනුත් ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතුයි කියන එකයි. නිදහස කියන එක සැමවිටම දෙන්නේ යහපත් මිනිසුන් සඳහායි. නමුත් වගකීමක් සහිත මිනිසුන් වැඩි පිරිසක් අතරේ අයහපත් මිනිසුන් සුළු කොටසක් විසින් කරන්නා වූ ඉතාමත්ම අවිනීත සහ අසීලාචාර ක්‍රියාවන් අපි සැමවිටම හෙළා දකිනවා. ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඒවා වැළැක්වීම සඳහා අපි සැමවිටම කටයුතු කරනවා. ඒ නිසා අපිට අධිකරණ ක්ෂේත්රය පිළිබඳව මේ තිබෙන සියලු පසුබිම් එක්ක අපි තමුන්නාන්සේලා කෙරෙහි විශාල විශ්වාසයක් තබලා තිබෙනවා. පසුගිය කාලසීමාව ගත්විට රටේ පොදු ජනතාවගේ පැත්තෙන් අධිකරණ ක්ෂේත්රයට එල්ල කරන ලද විවේචන සහ චෝදනා කියන එකත් අපි යම් ප්‍රමාණයකට සිතා බැලීම අවශ්‍ය වෙනවා. සියයට සියයක් ඒවා පසු පස නොගියත් යම් ප්‍රමාණයකට එවැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සුදුසුයි කියන එකයි මා විශ්වාස කරන්නේ.
ලබන ජනවාරියට රනිල් මෛත්‍රිපාල ගිවිසුමට අවුරුදු දෙකක් පිරෙනවා. ගිවිසුම ඇත්තේ අවුරුදුව දෙකකට පමණයි. ඉන්පසු ආණ්ඩුව කැඩෙන එක නොවෙයි ඉන් කියැවෙන්නෙ. අවශ්‍ය නම් දහනවවැනි සංශෝධනය යටතේ මේ පාර්ලිමේන්තුව ඉවර වෙනකම් ඊනියා ජාතික ආණ්ඩුවක් ලෙස ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. ජනවාරි විසිගණනකට පසු සෙනසුරු ඒරාෂ්ටකය ගෙවෙනව. ඉන් පස්සෙ හරි ඒ ආසන්නයෙ හරි දේශපාලනයෙ වෙනසක් වෙයි කියලා බොහෝ දෙනා කියනවා. මේ කතාවට පඬියන් නම් සිනහසේවි. ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන කියවාවි. ඒත් ඒ ප්‍රසිද්ධියේ. තමන්ගෙ පුද්ගලික ජීවිතවල දි මේ අය බොහොමයක් ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයට පිටින් යනවා. ඒ අතර කුප්‍රසිද්ධ ආධාරක පංති පවත්වපු අයකුත් ඉන්නවා. බොහෝ දෙනකුට, විශේෂයෙන් ම සාමාන්‍ය පෙළට පස්සෙ විද්‍යාව හදාරලා නැති අයට, පොරවල් වෙන්න ලෙහෙසිම විධිය තමන්ට නොතේරෙන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන කතා කිරීම. දැනට ලංකාවේ ඉන්න චන්ද්‍රසිරි ධර්මවර්ධනට, කාලෝ ෆොන්සේකාට හා කාලෝ මෙන් ම බෞද්ධයකු නොවන ටියුඩර් වීරසිංහට මා අභියෝග කරනවා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන මැයෙන් විවාදයකට එන්න කියා. මගේ පැත්තෙන් එන්නෙ මා විතරයි. ඒ විවාදය එක් පාර්ශ්වයකට කට උත්තර නැතිවන තුරු පැවැත්විය යුතුයි. ඕ්න නම් දෙවියන් ඉන්න එකත් කතා කරන්න පුළුවන්. ටියුඩර දෙරණෙ දි බුදුහාමුදුරුවන් මෝඩයකු යැයි කී බව බොහෝ දෙනාට තවමත් තේරී නැහැ. දෙරණට තේරුණා ද දන්නෙ නැහැ.
අද සිරිකොතෙන් කියනවා මෛත්‍රිපාලගෙ පිං ඇමතිවරුන්ට යන්න කියලා. මෙය කියන්නෙ රනිල්ගෙ ඕන කමට. ඩිලාන් පෙරේරා වැනි අය බොහොම සැරේට කියනවා ඒ ගොල්ලන් යන්නෙ සිරිකොතට අවශ්‍ය වෙලාවට නොව ජනාධිපතිට ඕන වෙලාවට කියලා. ඩිලාන් සුපිරි ඇමතියකු පත් කිරීමටත් විරුද්ධයි. මෛත්‍රිපාලත් කියනවා වෙනසකට සූදානම් වෙන්න කියලා. මෛත්‍රිපාලගෙ ඒ කතාවෙන් මෙරට බටහිර තානාපති කාර්යාල කලබල වෙලා කියලයි කියන්නෙ. ඒ අතර චමල් රාජපක්ෂ අගමැති කරන කතාවකුත් පැතිර යනවා. මේ කතා ගොතන්නෙ කවුද කියන එකයි ප්‍රශ්නෙ. බටහිර තානාපති කාර්යාල දෙන උපදෙස් අනුව වැඩකරන කොට ඒ තානාපති කාර්යාල කලබල වෙන්නෙ අහවල් දේකට ද?
පහුගිය දවසක මේ වෙන්න යන දේ ගැන කතාව සුළුවෙන් එළියට පැන්න. ඒ කතාව ඒ ආකාරයෙන් ම සිද්ධ වෙයි ද කියන එක හරියට කියන්න බැහැ. අද දේශපාලනයෙ රඟපෑම් හුඟක් තියෙනවා. එහි දෙබස් ලියන්නෙ කවුද කියලා දන්නෙ නැහැ. අධ්‍යක්ෂණය කෙරෙන්නෙ නම් බටහිර තානාපති කාර්යාලවලින්. දුමින්ද දිසානායක වගේ කෙනකු අවුරුදු දෙකකට උඩ දි ගෝඨාභයට තර්ජනය කරලා මරා දමන ලද ශ්‍රි ල නි පක්ෂයේ සභාපතිකම ඝාතකයාට ම දෙන්න කියලා. මේ හැම තර්ජනයක් ම කෙරෙන්නෙ බටහිර තානාපති කාර්යාලවල හයියෙන්.
අද බටහිර තානාපති කාර්යාල සැලැස්ම ඒකාබද්ධ විපක්ෂය දිය කිරීම. මෛත්‍රිපාලගෙ මැති ඇමතිවරු ටික දෙනකු ආණ්ඩුවෙන් අස්වෙලා විරුද්ධ පක්ෂෙට යන සූදානමක් තිබෙනවා. කිහිප දෙනකු ආණ්ඩුවෙ ම ඉඳීවි. මේ සියල්ල වෙන්නෙ රනිල් දැනුවත් ව. බටහිර තානාපති කාර්යාල රනිල් දැනුවත් කරනවා. රනිල් විතරක් නොවෙයි සම්බන්ධනුත් දන්නවා. අද මෛත්‍රිපාල කණ්ඩායම හා රනිල් කණ්ඩායම අතර කෙරෙන බොරු වාග් ප්‍රහාර රනිල් දැනුවත් ව කරන ඒවා. ඊනියා ශ්‍රී ල නි පක්ෂය ආණ්ඩුවෙන් අස්වුනා ම නිල වශයෙන් ජාතික ආණ්ඩුවක් නැහැ. කතානායකට එවිට ආණ්ඩුවෙ ඉන්න සංධානයක් ගැන කතාකරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. සංධානය එවිට විරුද්ධ පක්ෂයෙ බලවත් ම කණාඩායම. විරුද්ධ පක්ෂයෙ නායකකම ඩිලාන්ට හරි වෙනත් කාට හරි දෙන්න පුළුවන්. එවිට ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවෙ අද තියෙන තැනවත් නැතුව යනවා.
ඒකාබද්ධ විපක්ෂය ද ඇතුළු ව සංධාන කණ්ඩායම මෛත්‍රිපාලගෙ අණසකට යටත් කර ගැනීම තමයි මෙහි මූලික පියවර. මෛත්‍රිපාල ජනාධිපති ලෙස අමාත්‍ය මණ්ඩලයෙ ඉඳීවි. ඔහුගෙ ඇතැම් හිතවතුන් විපක්ෂයෙ වාඩිවේවි. වාඩිවෙලා ඇතැම් කරුණුවල දි ආණ්ඩුවට විරුද්ධ වේවි. ඒත් ආණ්ඩුව වැටෙන්නෙ නැහැ. හකීම් ආදීන් දිගට ම ආණ්ඩුවට සහාය දේවි. ඒ විතරක් නොවෙයි සම්බන්ධනුත් වක්‍ර ව, සමහර විට සෘජුව ම, ආණ්ඩුවට සහාය දේවි. එතකොට අනුර කුමාර දිසානායක. ඔහු තවදුරටත් රනිල්ට ඩෑෂ්පහරවල් එල්ල කරන්න උදවු කරාවි. කරු ජයසූරිය විපක්ෂ නායක හා විපක්ෂ ප්‍රධාන සංවිධායක (අනුර කුමාර) කියන විධියට පාර්ලිමේන්තුවේ කාලය වෙන් කරාවි. ඒකාබද්ධ විපක්ෂයට දැනට ලැබෙන කාලයවත් ලැබෙන එකක් නැහැ. ඇතැම් විට ඒකාබද්ධ විපක්ෂෙ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ආණ්ඩුවට හරි මෛත්‍රිපාලගෙ කණ්ඩායමට හරි එකතු වෙන්නත් පුළුවන්. ව්‍යවස්ථාව ගෙනාව ම මේ ඔක්කොම රනිල්ගෙ පූර්ව එකඟත්වයෙන් බොරු සංශෝධන ඉදිරිපත් කරලා ඒක සම්මත කර ගනීවි.
මේ සියල්ල ඒ විධියට ම වේවි කියලා මා කියන්නෙ නැහැ. ඒත් එහෙම වෙන්න හරි ඒ කිට්ටුවෙන් සිද්ධ වෙන්න හරි ඉඩක් තියෙනවා. ඒකාබද්ධ විපක්ෂෙ සිහින මවමින් ඉන්නෙ නැතිව මාධ්‍ය සංදර්ශනවලට සීමා වෙන්නෙ නැතිව ගමට යන්න ඕන. ගිහින් මිනිසුන් සංවිධානය කරන්න ඕන. අද මහින්ද නම් ගමට යනවා. අනෙක් අයත් යනව ද දන්නෙ නැහැ. ජනමාධ්‍යයෙන් නම් ඒ බවක් පේන්නෙ නැහැ. මෛත්‍රිපාලලා දුමින්ද දිසානායකලා වැඩ කරන්නෙ රාජපක්ෂලා කෙරෙහි තියෙන පෞද්ගලික බද්ධ වෛරයකින්. රාජපක්ෂලා මේ භවයේ දී පමණක් නොවෙයි සංසාරයේ දී ම මේ වෛරයට පාත්‍ර වෙයි වගේ. මෛත්රිපාලලාට දුමින්දලාට රටට වඩා වෛරය වැදගත්. වෛරයෙන් වෛරය සංසිඳෙන්නෙ නැහැ. බටහිරයන්ගෙ වැඩ පිළිවෙළ පරාජය කිරීමට අප කටයුතු කළ යුත්තේ වඩ වඩාත් ධාර්මික වෙමින්.
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 19
පසුගියදා ගුවන් සේවා අධිකාරිය විසින් තොරතුරු තාක්ෂණ කලමනාකරන තනතුරට බඳවා ගත් නිලධාරියා පැවති කඩඉම් විභාගය අසමත් වූ පුද්ලගලයකු වන අතර එහි අධ්යක්ෂ ජනරාල්වරයාගේ පුද්ගලික හැඳුනුම්කමක් මත සේවයට ගත් පුද්ගලයකු බව තහවුරුව තිබේ.
අවසන් 10දෙනා අතරට තේරුනු අයදුම්කරුවන් අතරින් 09 දෙනකුම විභාගය හා සම්මුඛ පරීක්ෂණය අසමත් බව මෙම ලකුණු සටහනෙන් පෙන්නුම් වන නමුත් සමත්වූ තැනැත්තා කපා දමා අසමත් වූ ඩී බී ප්‍රියන්ත සේවයට බඳවාගෙන ඇත.
මේ අයුරින් අධිකාරියේ සිටින පිරිසට උසස්වීම් ලබානොදී අදක්ෂ නිලධාරීන් දිගින් දිගටම සේවයට බඳවාගන්නේ ඉහළ නිලධාරීන්ට පහසුවෙන් පාලනය කල හැකි නිවට සේවක පිරිසක් අවශ්‍ය බව නිසා බවද එහි සේවකයෝ පවසති.
සිවිල් ගුවන් අධිකාරියේ තොරතුරු තාක්ෂණික අංශයට නව කලමණාකාරවරුන් බඳවා ගැනීම පසුගියදා සිදුකළ අතර ඒ සඳහා අයදුම් කළ පිරිස අතරින් විභාගය අසමත්වී 04වන ස්ථානය ලබාගත්තද ඇමති අනුහසින් කළුතර ප්‍රදේශයේ ප්‍රියන්ත ප්‍රනාන්දු නැමැත්තා අධිකාරියට නව පත්වීම් ලබා ඇත. ආයතනය තුළ දක්ෂ නිලධාරීන් සිටියදී යහපාලන ඇමතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇත.
තමාගේ පුද්ගලික ආයතනයක් බවට ගුවන්සේවා අධිකාරිය පත්කර ගෙන ඇති නිමල්සිරි නම් ඒකාධිපති අධ්යක්ෂ ජෙනරාල්වරයා ප්‍රධාන විධායක නිලධාරී තනතුරද බලහත්කාරයෙන් තමා ලඟ තබා ගනිමින් මෙම පත්වීම් සිදුකරන්නේ ඇමතිවරයාගේ හිතදිනා ගැනීමට බවද වාර්තා වේ.
http://www.sinhala.lnwtoday.com/archives/14430
http://www.sinhala.lnwtoday.com/archives/14564
ප්‍රගීත් අතුරුදහන් විම,පුජ්‍ය කතළුවේ රතනසිහ නාහිමියන්ට පහරදිම,පුජ්‍ය මාදුළුවාවේ සෝභීත නාහිමි ඝාතනය කිරිමේ අරමුණේන් උන්වහන්සේ වැඩ සිටි රැස්විමකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම,මහාචාර්ය ඒ.ඩි.වී.ද ඉන්ද්‍රරත්න මහතාට මැර ප්‍රහාරයක් එල්ල කිරිම,ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.එල් ගුණසේකර මහතාට මරණීය තර්ජන එල්ල කිරිම,සන්දීප් ගුණවර්ධන රීය අනතුරකට ලක්කර පලා යෑම,අචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් ශූරින්ගේ ඡායාරූපයක් විකෘති කර කූට ලේඛන සෑකසිම සහ 2015 ජනවාරි 3 වැනිදා අවි බලයෙන් සහ මැර බලයෙන් ආණ්ඩුව පෙරලන මෙන් සජීව රූපවාහිනි විවාදයකදි ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි පාඨ්ළී චම්පික රණවක අනුන්ගේ කාන්තාවක් සමග බලහත්කාරයෙන් යහන්ගත විම සදහා එම කාන්තාවගේ පෙම්වතාව පාඨලී චම්පික විසින් 6 වතාවක් හිසට විදුලිය අල්ලලා බේරිමේ පුවතක් මේ වනවිට අනාවරණය වි තිබේ.
තමා යටතේ අධ්‍යාපනය ලබන ලා බාල සිසුවියක් අඹු කමට ගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨය “වියපත් බඹරෙකු” විසින් විනාශ කරමින් සිටින බවත් ඔහුට පීඨාධිපතිගේ සහ උප කුලපතිවරයාගේ සහාය ලැබෙන බවත් දන්වමින් එම පීඨයත් තම සිසු දරුවන්ගේ අනාගතයත් බේරා ගැනීමට මැදිහත්වන්නැයි දෙමාපියන් පිරිසක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවා තිබෙනවා.
ගරු ජනාධිපතිතුමා වෙත,
වසර පනහකට ආසන්න අනාදිමත් කලක සිට විශ්ව කීර්තියට පත් වාස්තු විද්‍යඥයින් රාශියක් බිහි කරමින් ලොව පුරා සිය නාමය මහත් අභිමානයෙන් රැන්දු මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ සංකලිත සැළසුම් (Integrated Design) අංශය එහි වර්ථමාන අංශාධිපති වරයාගේ නොමනා ක්‍රියාවන් හේතුකොට ගෙන මේ වන විට ඉතාමත් දැඩි පිරිහීමකට සහ විනාශ මුඛයට පත් වෙමින් තිබීම පිලිබඳව එම පීඨයේ අවසන් වසර සිසු සිසුවියන්ගේ සහ අනිකුත් වසරන් හි සිසු සිසුවියන්ගේ දෙමාපියන් වන අප දැඩි කණගාටුවෙන් යුතුව මෙන්ම වගකීමකින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කරමු.
අප බොහෝ දෙනෙකු මාසික පඩියෙන් සහ ගොවිතැනින් ජීවිකාව කරගෙන යමින් අනේකවිධ දුෂ්කරතා මධ්‍යයේ අපගේ දරු දැරියන්ගේ උසස් අධ්‍යපනය සඳහා කැප වී සිටිව දෙමාපියන් වෙමු.
මෙම පීඨයේ වර්ථමාන අංශාධිපතිවරයා කරනු ලබන අකටයුතුකම් සහ නොපනත්කම් රාශියක් හේතුකොට ගෙන මෙම දිනවල පැවැත්වෙන අවසාන විභාගය සඳහා පෙනී සිටින අපගේ දරු දැරියන් ඉමහත් ව්‍යකූලතාවයකට සහ අපේක්ෂා භංගත්වයකට පත්ව නිසි පරිදි සිය අවසාන විභාගය සඳහා පෙනී සිටීමට නොහැකිව අසරන වී සිටී.
අංශාධිපති xxxxxxxxxx ගේ නොපනත්කම් මෙසේය.
1. මෙම පීඨයේ අංශාධිපති වරයා වන xxxxxxxxx මුහුකුරා ගිය වයසකින් යුතු අයෙක් වන නමුත් වයස අවුරුදු 24 ක් පමණ වන අවසාන වසරේ සිසුවියක් සමග අයථා සම්බන්ධයක් පැවැත්වීය. පසුව ඒ සිසුවිය විවාහ කර ගනිමින් ඇය සමග ජීවත් වීමට පටන් ගත්තේය. මෙය සියලුම විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා ආචාර පද්ධතීන් සියල්ලම ඉතාමත් දැඩි ලෙස උල්ලංඝණය කිරීමකි. ඉන් පසුව මෙම පීඨයේ ඉගෙනුම ලබන දක්ෂ සිසු සිසුවියන් සියල්ලන්ටම නොයෙකුත් බලපෑම් සිදු කරමින් අදක්ෂ ශිෂ්‍යවක් වන ඔහුගේ නවතම බිරිඳ කෙරෙහි වැඩි අධ්‍යාපන වරප්‍රසාද ලබා දෙමින් අනිකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට දැඩි අසාධාරනයක් කරමින් සිටී.
2. අංශාධිපතිවරයා මෙම තනතුර දැරීමට සුදුසු පුද්ගලයෙකු ද නොවේ. විශ්ව විද්‍යාල ආචාර්ය පදවියක් දැරීමට සහ පීඨයක අංශාධිපති වරයා වශයෙන් සේවය කිරීම සඳහා ප්‍රධානතම සුදුසු කමක් වන්නේ තම මූලික උපාධිය පළමු පන්තියේ ගෞරව උපාධියක් සහිතව සමත් වීම සහ පශ්චාත් ආචාර්ය උපාධියක් තිබීම නමුත් මෙම පුද්ගලයා සාමාන්‍ය උපාධියක් පමණක් තිබෙන, දේශපාලන බලපෑම් මත මෙම තනතුර දරන පුද්ගලයෙකු බව සනාථ වී තිබේ.
3. අංශාධිපතිවරයා සිය විශ්ව විද්‍යාල අධ්‍යාපන කාල සීමාව තුලදී පවත්වනු ලැබු සියලුම විභාග වලදී නියමිත විෂයන් සියල්ල කිසිදු අවස්ථාවදී එකවර සමත් නොවූ පුුද්ගලයෙකු බවද සනාථ වී තිබේ.
4. සෑම වසරකම අවසානයේ පැවැත්වෙන අවසාන විභාගය සඳහා අංශාධිපති වරයා විසින් විභාග පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ යුතුය. එම විභාග පරීක්ෂණ මණ්ඩල නාම ලේඛනය අංශාධිපති වරයා විසින් විශ්ව විද්‍යාල සනාතන සභාවේ අනුමැතිය සඳහා සිය අත්සන යටතේ යටතේ ඉදිරිපත් කළ යුතු වුවද, මෙම වසර සඳහා පැවැත්වෙන අවසාන වාර විභාගය සඳහා වන පරීක්ෂන මණ්ඩලයට අනුමැතිය සඳහා වන නාම ලේඛනය ඔහුගේ අත්සනින් ඉදිරිපත් නොකර, එම පීඨයේ සේවය කරනු ලබන වෙනත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකුගේ අත්සනින් තමා “වෙනුවට” වශයෙන් සඳහන් කරමින් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන ඇත. ඊට හේතු වූයේ ඉහත සඳහන් කරන ලද ඔහුගේ සිසු බිරිඳ අවසාන වසරේ සිසුවියක් ලෙස විභාගය සඳහා ඉදිරිපත් වන බැවිනි.
5. ඉහත සඳහන් කරන ලද විභාග පරීක්ෂණ මණ්ඩල නාම ලේඛනය සනාතන සභාව වෙත ඉදිරිපත් කරන ලද දිනයේදි තම නාම ලේඛනයට සහ ඔහුගේ ‘සිසු බිරිඳ‘ පිලිබඳව එම පීඨයේ කාර්ය මණඩලය විසින් විරෝධතාවයන් ඉදිරිපත් කිරීම වැලැක්වීම සඳහා ඔහු විසින් එදින කාර්ය මණඩලය අත්‍යවශ්‍ය නොවනු ලබන වැඩ මුලුවක් සඳහා යොමු කරන ලදී.
6. අංශාධිපතිවරයා විසින් ඔහුට වඩා උගත් කමින් සහ හැකියාවන්ගෙන් පිරි වෙනත් කිසිදු ආචාර්යවරයෙකුට හෝ ආචාර්යවරියකට (විශේෂයෙන්ම ආචාර්යවරියන්ට) එම පීඨය තුල නිසි පරිදි සිය රාජකාරින් කර ගෙන යෑමට ඉඩ නොදෙමින් දැඩි ලෙස පිඩාවන්ට ලක් කරයි.
7. මෙයට ටික කලකට පෙර මෙම පීඨයේ සේවය කළ දක්ෂ කථිකාචාර්යවරියකට මෙම පුද්ගලයා විසින් සිදු කරක ලද අකටයුතුකම් සහ නොමනා ක්‍රියාවන් හේතුකොටගෙන එම ඇය සේවයෙන් ඉවත්ව ගියා ය.
8. ඉහත සඳහන් කරන ලද “සිසු බිරිඳ” නිසි පරිදි දේශන වලට සහ අනිකුත් අදාල අධ්‍යාපන කටයුතු සඳහා සහභාගි නොවන නමුත් ඇය මෙවර අවසාන විභාගයෙන් ගෞරව උපාධියකින් සමත් කර ගැණීම සඳහා අංශාධිපතිවරයා සහ ඔහුගේ අනුගාමිකයන් කරමින් කටයුතු කරමින් සිටිති. මෙය බරපතල විෂමාචාරයක් වන්නේ ය.
9. මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ සංකලිත සැළසුම් අංශයේ (Integrated Design) වර්ථමාන අංශාධිපති වරයා විසින් මේ සියළු නොපනත් කම් කරන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ වර්තමාන පීඨාධිපති සහ උපකුලපති වරයාගේ අනු දැනුම සහ සහයෝගය මත බවද සහතික වශයෙන් සඳහන් කළ හැකිය.
ජනාධිපති තුමනි, කරුණාකර මෙයට මැදිහත් වී අපගේ දරුවන්ට සාධාරණය ඉටු කරන්නැයිද අපගේ දරුවන්ගේ අනාගතය විනාශ වීමට ඉඩ නොදෙන්නැයිද මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ සංකලිත සැලසුම් අංශයේ මෙවර අවසන් විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ගේ දෙමාපියන් වන අපි ඔබතුමාගෙන් ඉතාමත් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමු.
මේ රටේ ජනාධිපති කවුද කියන එක ගැන දැන් කිසිවකුටවත් සැකයක් තියෙන්න බැහැ. නාවික හමුදාපති එය ඔප්පු කර අවසන්. ඔහු තමාගේ ම ප්‍රශ්නයක් පිළිබඳ ව විමර්ෂණයක් කරලා ඒකෙ වාර්තාවත් බාර දීලා. ඒක බොහොම කාර්යක්ෂම ව කරලා. වාර්තාවෙ තියෙන්න මොනවද කියලා අහලා වැඩක් නැහැ. හොරාගෙ අම්මගෙන් පේන ඇහුවෙ ඉස්සර. දැන් පේන අහන්නෙ නැහැ. අංජනම් එළි බලන්නෙත් නැහැ. ඒවා මිථ්‍යා මත කියලා පඬියන් කියාවි. දැන් කරන්නෙ වාර්තා ඉල්ලන එක හා ඇතැම්විට වාර්තා සපයන එක. ඇතැම්විට කියලා කිව්වෙ සමහර වාර්තා කවදාවත් ලියන්නෙ නැති නිසා. පොලිෂ්පති ගැන වාර්තාවට මොකද වුනේ. වාර්තා ඉල්ලන්නෙත් සපයන්නෙත් හොරු හා කම්බ හොරු.
හම්බන්තොට වරාය ගැන ප්‍රශ්න රාශියක් මතු වුනත් නියම ප්රශ්නය තවම කවුරුවත් හරියට අතට අරගෙන නැහැ. ඒ අක්කර පහළොස්දාහක පමණ ඉඩම් ප්‍රමාණයක් හා මුහුද යම්කිසි කොටසක් චීන සමාගමකට අවුරුදු අවුරුදු එකසිය අනූඅටකට බදු දීම. ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය සන්දර්ශන පවත්වනවා මිසක් ප්‍රධාන ප්‍රශ්න ඉස්මතු කරගෙන වැඩ කරන්නෙ නැහැ. හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීම වැළැක්වීමට ඒකාබද්ධ විපක්ෂය මොකක් ද කරන්නෙ? මේ විධියට ගියොත් අවසානයේ දී ව්‍යවස්ථාවත් සම්මත කරලා රට දෙකඩ කිරීමට සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවාවි. ඒකාබද්ධ විපක්ෂයෙත් පැකේජ් කාරයන් සිටින බව අමතක කරන්න බැහැ. ඒ සමහරු ඇමතිකම් හොයාගෙන යමපාලන නායකයන් ළඟට දුවගෙන ගිය අය. ජනවාරි අටවැනි දා මහින්ද පැරදුනාට පස්සෙ මේ සමහරු මාස කිහිපයක් යනකන් මහින්දගෙ දුරකථන ඇමතුමකටවත් උත්තර දුන්නෙ නැති අය.
රනිල් තමන්ට ඕනෙ විධියට වැඩ කරගෙන යනවා. ඔහු පා නගන්නෙ තවත් භීෂණ යුගයකට. හම්බන්තොට වරාය පෙරහුරුවක් පමණයි. රනිල් ජේ ආර්ටත් ප්‍රේමදාසටත් වඩා භීෂකයකු වේවි. එය වළක්වන්න ඒකාබද්ධ විපක්ෂය වැඩ කළෙ නැත්නම් අන්තිමේ දි ඒකාබද්ධ විපක්ෂය නැත්තට ම නැති වෙන්න පුළුවන්. ඊනියා ප්රජාතන්ත්රවාදය ගැන බොරු බලාපොරොත්තු තියා ගන්න ඕන නැහැ. විසිපස් වතාවකටත් වැඩිය පරාද වීමෙන් පසුවත් රනිල් එ ජා පක්ෂයේ නායකත්වය අතහැරියෙ නැහැ. රනිල් බලයට පත්වුනෙ ජාත්‍යන්තරවාදයෙ අවශ්‍යතාවට. මෛත්‍රිපාලට අවශ්‍ය නම් රනිල් නවත්වන්න පුළුවන්. ඒත් ඔහුට එසේ කිරීමට හැකි ද? රාජපක්ෂලා සමග ඇති පෞද්ගලික කෝන්තර පිරිමහා ගන්න රට පාවාදෙන්න මෛත්‍රිපාල කටයුතු කරනවා ද? මෛත්‍රිපාල හම්බන්තොට සිද්ධිය ගැන නිහඬ ඇයි?
රනිල්ලා හම්බන්තොට වරාය ගැන කිවුවෙ නැව් එන්නෙ නැති වරායක් හැටියට. ඒත් වරාය සේවකයන් නැව් දෙකක් කොල්ල කෑවලු. එන්නෙ නැති නැව් කොල්ල කෑම ගැන වරාය සේවකයන්ට තෑගි දෙන්න ඕන. සූර වීර නාවික හමුදාපති ඒ නැව් දෙක නිදහස් කළාට පස්සෙ තවත් නැව් හම්බන්තොට වරායට ඇවිල්ල. ඒවා සුදු නැව් ද දන්නෙ නැහැ. වරාය සුදු අලියෙක් කියලා කියන නිසයි මා එහෙම කියන්නෙ. කොහොමත් ඉංගිරිිසියෙන් සුදු බොරු කියලා ව්‍යවහාරයක් තියෙනවා. වරායට ආපු නැව් දෙකක් කොල්ල කැව කියලා රනිල් හා පිරිස ලොකු ගෝසාවක් කළා. ඕනම බෞද්ධයෙක් දන්නව චේතනාව ගැන. බොහෝ අය චෙතනාව කර්මය කියන කතාව අහලා තියෙනවා. රනිල් නීතිඥයකු නිසා චෙතනාන්විත කියන නෛතික ප්‍රකාශයත් අහලා ඇති. දැන් ප්රශ්නය වරාය සේවකයන්ගෙ චේතනාව කුමක් ද කියන එක. කොල්ල කෑමට චේතනාවක් තිබුණ ද?
රනිල් ජාත්‍යන්තර නීති ගැන කියවනවා. මුහුදු කොල්ල කෑම ගැන ජාත්‍යන්තර නීතිය රනිල් දන්නව වෙන්න ඇති. රනිල් ලංකාවෙ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නෙ නැහැ කියලා හිතන්න බැහැ. ඒත් ඔහු අවශ්‍ය වුනා ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල්ලට දාලා වැඩ කරනවා. ඔහු 2015 ජනවාරි 9 වැනි දා අගමැති වුනෙ ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ල. ඒ වෙලාවෙ දි මු ජයරත්න අගමැති. ඔහු අස්වෙලා තිබුනෙවත් අස්කරලා තිබුනෙවත් නැහැ. ඒත් මෛත්‍රිපාල ජනාධිපතිි වෙලා විනාඩි දෙක තුනක් ඇතුළත රනිල් අගමැති ලෙස දිවුරුම් දුන්න. එහෙම අගමැති වෙච්ච මිනිහෙක්, අගමැතිකම පික්පොකට් ගහපු මිනිහෙත් නීතිය බල්ලට දාන එක පුදුමයක් නොවෙයි. ඒ වගේ ම මෛත්‍රීපාල වැනි දුර්වලයකුට ඒ ගැන මොකුත් කරන්න බැරි එකත් පුදුමයක් නොවෙයි.
ජාත්‍යන්තර නීති ගැන කතාකරන රනිල් නාවික හමුදාපතිට කොල්ල කෑව කියන නැව් නිදහස් කරගන්න අණ දුන්නෙ කොහොම ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සේනාධිනායක ජනාධිපති මිස අගමැති නොවෙයි. නාවික හමුදාපතිට අණ දෙන්න ඕන ජනාධිපති මිසක් අගමැති නොවෙයි. අනෙක් අතට නාවික හමූදාපති අණ ලබාගන්න ඕන ජනාධිපතිගෙන් මිසක් අගමැතිගෙන් නො වෙයි. රනිල්ට අණ දෙන්නවත් නාවික හමුදාපතිට රනිල්ගෙ අණ පිළිපදින්නවත් නීතියෙන් කිසිම ඉඩක් නැහැ. මෛත්‍රිපාල මේව ගැන මුනිවත රකින්නෙ ඔහු මුනිවරයකු නිසා නො වෙයි. අර නාවික හමුදාපතිගෙ වාර්තාව පිළියෙළ කෙළෙත් ඒක පිළිගත්තෙත් කිසිම නීතියකට එකඟ ව නො වෙයි.
මේ සියල්ල භයානක පෙර නිමිති. ඉදිරි කාලයෙදි රනිල්ගෙ අණ අනුව හමුදාව ක්‍රියාත්මක වේවි. රනිල් නීතිය නවන්න නොවෙයි කඩන්න බය කෙනෙක් නො වෙයි. ඔහු අගමැති වුනෙ ම නීතිය කඩලා. රනිල්ව දැම්ම නැවැත්තුවෙ නැත්තන් ඔහු ඒකාබද්ධ විපක්ෂය නැත්තට ම නැති කරාවි.
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 17
www.lankanewsweb.today වෙබ් අඩවියට ලංකාව තුල අන්තර්ජාල සබඳතාවයන් හරහා ප්‍රවේශ විමට ඇති හැකියාවට අවහිර කරමින් යහපාලන මාධ්‍ය මිලටරිය විසින් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කළ පහර පිළිබදව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UN Human Rights Council)අප යොමුකල වාර්තාව සදහා යහපත් ප්‍රතිචාර ලැබි තිබේන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු සදහන් කළා.
www.lankanewsweb.today වෙබ් අඩවිය තහනම් කිරිමට ගත් යහපාලන ආණ්ඩුව ගත් තිරණය ලංකාවේ මාධ්‍ය නිදහසට මෙන්ම ජාතික මෙන්ම ජාත්‍යන්තරව තොරතුරු දැන් ගැනිමේ අයිතියට කල බරපතල අත පෙවිමක් බව අප මනාව පැහැදිලි කරමින් එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය මෙන්ම තවත් මානවහිමිකම් සංවිධාන රැසක් දැනුවත් කල අතර මිට අමතරව ලංකාවේ මාධ්‍ය නිදහසට ආණ්ඩුවේන් සිදුවන අයුතු බලපෑම් සම්බන්ධයෙන් තවත් සංවිධාන කිහිපයක් යොමුකර තිබේන වාර්තා පිළිබඳවද අවධානය යොමුකර තිබේ.
ඒ අනුව ලංකාවේ මාධ්‍ය ආයතන,මාධ්‍ය හිමිකරුවන්,මාධ්‍යවේදීන් මෙන්ම වෙබ් ක්‍රියාකාරින් සහ සමාජ ජාලා ක්‍රියාකාරින්ට එරෙහිව යහපාලන ආණ්ඩුව දියත් කර තිබේන මාධ්‍ය මර්දණය සම්බන්ධයෙන් සෙවිම සදහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට අනුබද්ධ නියෝජිතයන් කිහිප දෙනෙකු ලංකාවට පැමිණිමටද නියමිතව තිබේ.
එම සංචාරයේදි මාධ්‍යවේදීන් සමග සාකච්ඡාවක්ද පැවැත්විමට කටයුතු යොදවා තිබේන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.
To the attention of:
Special Rapporteur on the protection of the right to freedom of opinion and expression
Members of the UN Human Rights Council
Office of the United Nations High Commissioner for Human Rights
Human Rights Council Branch
CH-1211 Geneva 10, Switzerland
Your Excellencies,
Open letter on the blockage of the Lankanewsweb.today’s website in Sri Lanka
1. We are deeply concerned by the recent press freedom restrictions imposed by the Sri Lankan government. We would like to call your attention in particular ban imposed on the Lankanewsweb.today an on-line newspaper, and other news websites that are being blocked in Sri Lanka. We believe these actions represent a serious violation of people’s right to access a broad range of information and opinions.
2. A strong democracy requires both tolerance and transparency in order to thrive, but this decision by the Srilankan government to intimidate and smother voices opposed to the government. This development is a clear threat to the democratic principles and good governance claims to hold.
3. The website of the Lankanewsweb.today, is frequently targeted by the authorities in Sri Lanka and has been periodically blocked in the country since 2015, most recently starting in 11 Sep 2016.
4. The Lankanewsweb.today is an entirely volunteer-based news website covering Sri Lankan matters and aims to re-enforce free and independent media in the country. With more than two million page views per month, The news website covers mostly issues which are underreported within the country.
5. We firmly believe that allowing people unfettered access to information and opinions would not only show Sri Lanka’s commitment to human rights, but would also represent an important step in Sri Lanka’s much-needed reconciliation process and its international commitments to press freedom.
6. Further it is undisputed fact that Ranil – Sirisena ally attempts to silence the opposition. These ploys nothing but have had a chilling effect on freedom, democracy, and good governance.
7. We strongly urge you to reach out to President Sirisena and his administration to encourage a peaceful and appropriate resolution to these cases. A free media must be supported and protected to foster an environment open to constructive political discussion and to ensure freedom of expression for all the Srilankan people.
Sincerely,
අනන්‍යතාව දක්වා ඇත.
http://www.sinhala.lnwtoday.com/archives/13181
ඛනිජතෙල් අමාත්‍යංශයේ සිදුව ඇති ඉහල පෙළේ බාල තෙල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙමින් තිබේ.අදාළ බාල තෙල් තොගය හේතුවෙන් ප්‍රදේශ රැසක පිරවුම්හල් වල ඇති යන්ත්‍ර අකි‍්‍රය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ලැබුනු පැමිණිලී හේතුවෙන් කල පරික්ෂණවලදි මෙම බාල තෙල් බෙදාහැරීම පිළිබඳව තොරතුරු අනාවරණය වි තිබේ.
අත යට ගණුදෙනුවක් හරහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ප්‍රමිතියෙන් තොර පෙට්ට්‍රල් තොගයක් ගෙන්වා හොර රහසේම බෙදාහැරීමට කටයුතු කර තිබේන බව මේ වන විට අනාවරණය වි තිබේ. නියම්ත ඔක්ටේන් අගය නොමැති ඔක්ටේන් 92 පෙට්ට්‍රල් මෙට්‍රික්ටොන් 30,000ක් පමණ මේ අකාරයට රහසේම ගෙන්වා ඇති අතර අදාළ පෙට්ට්‍රල් තොගය පරික්ෂණ 3කදි අසමත් වි නැවත් හරවා යැවිමට කටයුතු කර ඇති අතර පසුව අතයට සිදුවු ඉහල පෙළේ මුල්‍ය ගණුදෙනුවක් හරහා අදාල තෙල් තොගය කොටස් වශයෙන් පිරිහදුවට ඇතුල් කර තෙල් සංස්ථාවේ ඉන්ධන පිරිවුම්හල් හරහ බෙදාහැරීමට කටයුතු කර තිබේ.
අදාල බාල තෙල් තොගය හේතුවෙන් නියම්ත ඔක්ටේන් අගය වන ඔක්ටේන් 92 පෙට්ට්‍රල් වෙනුවට නිෂ්පාදනය කර ඇත්තේ ඔක්ටේන් 88 වන අතර නියම්ත ඔක්ටේන් අගය නොමැති පෙට්ට්‍රල් බෙදාහැරිම හේතුවෙන් පිරවුම්හල් වල ඇති යන්ත්‍ර පවා අකි‍්‍රය වී තිබේ.
මේ නිසා ගාල්ල,මාතර , මහනුවර , රත්නපුර හා කොළඹ යන ප්‍රදේශවල පිරව්ම්හල් වල ඇති යන්ත්‍ර අකි‍්‍රය වී ඇති බවට පැමිණිලී ලැබී ඇති අතර ඒම පැමිණිලිවලට අනුව කල සොයා බැලිමේදි අදාළ තොරතුරු අනාවරණය වි ඇති නමුත් ඉහලින් ලැබෙන බලපෑම් හමුවේ තොරතුරු පිටට යැම වලක්වා ඇති බවයි අනාවරණය වි ඇත්තේ.
Published on: Dec 17, 2016 – ඉතා ඉක්මනින්ම එජාප-ශ්‍රීලංකා ජාතික ආණ්ඩුව බිඳදැමිමට තමන් කටයුතු කරන බවත් ඒ සමගම විපක්ෂයේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ කණ්ඩායමට විපක්ෂ නායකත්වය ලබාදිමට තමන් කටයුතු කරන බව නිල වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ශ්‍රීලංනිප කණ්ඩායමට නිළ වශයෙන් දැනුම් දි තිබේ.
රාජපක්ෂලා මර්දණය කිරිම සදහා තමන් ක්‍රියාත්මක කිරිමට ඉතුරුකරගෙන සිටි ප්ලැන් A මෙය බවත් ශ්‍රිලංකා නිදහස් පක්ෂය තමන්ගේ නායකත්වය යටතේ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටිමත් ඒ අනුව විපක්ෂ නායක බලය තම කණ්ඩායමට ලැබිමත් හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය අනිවාර්යයෙන් දියවි යනු ඇති බවයි සිරිසේන ජනාධිපතිවරයා පෙන්වා දි ඇත්තේ.
දැනට විපක්ෂ නායකත්වය දරන ද්‍රවිධ ජාතික සන්ධානය සමගද තමන් සාකච්ඡා කල බවත් රාජපක්ෂලා දේශපාලන භූමියෙන් ඉවත් කර දැමිම සදහා ඔහුන් විපක්ෂ නායක කම අතහැරිමට සුදානම් බව තමන්ට දැනුම් දුන් බවද සිරිසේන සිය ශ්‍රීලංනිප කණ්ඩායමට පවසා තිබේ.
තමන් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා කල බවත් ඒ අනුව ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ කණ්ඩායම තාවකාලිකව ඉවත් වි එජාප ආණ්ඩුවකට ඉඩදෙන බවත් ද්‍රවිධ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එම ආණ්ඩුවේ ඇමතිකම් දරණු ඇති බවද සිරිසේන පෙන්වා දි තිබේ.
මේ අතර එජාප ආණ්ඩුව සමග එකතු විමට කැමති ශ්රීලංනිපයේ තමන්ගේ කණ්ඩායමේ ඔනෑම අයෙකුට අවස්ථාව ඇති බවත් ඒකාබද්ධ විපක්ෂය විනාශ කිරිමෙන් පසුව විපක්ෂයක් අවශ්‍ය නැති බවද සිරිසේන ජනාධිතිවරයා සදහන් කර තිබේ. නව විපක්ෂයේ විපක්ෂ නායක කම තවමත් විවෘතව ඇති බවත් ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තරගයක් ඇති කිරිම තමන්ගේ එකම බලාපොරොත්තුව බවද සිරිසේන ජනාධිපතිවරයා සිය කණ්ඩායමට දැනුම් දි තිබේ.
රනිල් එලවා ආණ්ඩුවේ බලය හා එජාප බලය ඇල්ලිමේ කුමන්ත්‍රණය
අයවැය සම්මත විමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන ක්‍රියාවලිය අස්සේම ජාතික ආණ්ඩුව වෙනුවට රනිල් වික්‍රමසිංහ මහත නායකත්වය යටතේ එජාප ආණ්ඩුවක් සෑදිමට අවශ්‍ය තල්ලුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රීලනීප මෛත්‍රී පිළේ කණ්ඩායම් හරහා සිදුකිරිමට අවශ්‍ය මෙහෙයුම මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබේන අතර ඒ පසුපස එජාපයේ සජිත් පිළ නියෝජනය කරන නී අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා,රංජන් රාමනායක සහ එජාපයේ නායකත්ව සිහිනය අභියස සිට පසුව වික්‍රමසිංහ මහතාගේ ගල් කොල්ලන් කපා දැමු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධනද සිටින අතර සජිත් පිළේ න්යාචාරවයාව සිට දැන් සිරිසේනගේ න්‍යාචාරවරයා ලෙස කටයුතු කරන ශිරාල් ලක්තිලක මෙම මෙහෙයුම පිටුපස සිටින බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
http://www.sinhala.lnwtoday.com/archives/14608
රාජපක්ෂලා ඉලක්ක කර ප්‍රසිද්ධ මාධ්‍ය හරහා මඩ ගැසිම සදහා මෙන්ම ඒජාප ආණ්ඩුවේ හොරකම් සහ අගමැතිවරයා ඉලක්කකර වාග් ප්රහාරයන් එල්ල කරන ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේ මැති ඇමතිවරුන් ඉලක්ක කර පහරදිම සදහා එජාපයේ මැති ඇමැතිවරුන් 18දෙනකුගෙන් යුත් මඩ බලකායක් පිහිටුවිමට කටයුතු කර තිබේ.
රූපවාහිනී වාද විවාද වැඩසටහන්වලදි මෙම කණ්ඩායම යොදවා කට වාචාලයන් ලෙස විවිධ අසත්‍ය පැතිරවිම මෙම මෙහෙයුම වන අතර පසුගිය සතියේ ශ්‍රීලනිපයේ සිරිසේනගේ බත් බැලයන් ඉලක්ක කර වාග් ප්‍රහාර එල්ල කිරිමට මෙම කණ්ඩායමේ කිහිප දෙනෙකු භාවිතා කල අතර ඒය සාර්ථක විමත් සමග මෙම කණ්ඩායම එලියට දැමිමට එජාපය කටයුතු යොදවා තිබේ.
ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන එජාප නියෝජ්‍ය ඇමැතිවරුන් 07 දෙනකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනකු මේ සදහා යොදවාගෙන තිබේ.සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ, රංජන් රාමනායක, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, නලීන් බණ්ඩාර, අශු මාරසිංහ, කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ, බන්දුලාල් බණ්ඩාරිගොඩ, විජයපාල හෙට්ටිආරච්චි, කුමාර ඉඳුනිල්, එස්. එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, අජිත් මාන්නපෙරුම ඇතුළු පිරිසක් මීට ඇතුළත් බවයි වාර්තා වන්නේ
Top