මවුබිමේ මුර දෙවතාවන් ලෙස රටේ ජනතාවගේ නොමද ප්‍රසාදයට මෙන්ම ගෞරවයට ප්‍රාප්ත වු යුධ,ගුවන්,නාවික පොලිස් ඇතුලු සියලුම ආරක්ෂක අංශ ජනතාව අතර අපකීර්තියට පත්කිරිම සදහා ගෙන යන යහපාලන ආණ්ඩුවේ තවත් මෙහෙයුමක් අද යලිත් ක්‍රියාත්මක වුනා.ඒ සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්විණි. ඡායාරූප මාධ්‍යවේදීන් සඳහා වෙන් කර තිබු ස්ථානයේ සිටි ඡායාරූප මාධ්‍යවේදීන්,වීඩියෝ ශිල්පීන් සිටි පසුපසට යා යුතු බව ජනාධිපති ආරක්ෂක අංශයේ උසස් නිලධාරියකු දිගටම බාධා එල්ල කිරිම හරහාය.
නිලධරයා – පිටි පස්සට යන්න.මෙතන මාධ්‍යවේදින්ට ඉන්න බෑ.
මාධ්‍යවේදියෙක් – මට විනාඩියක් දෙන්න මම පැමිණ සිටින පිරිසගේ පින්තුරයක් අරගෙන පස්සට යන්නම්.
නිලධරයා – එහෙම කොමාන්ඩෝ එකේ වැඩ වලට ආවම ඔයාට ඕන විදියට වැඩ කරන්න බෑ.අපි කියන විදියටයි වැඩ කරන්න ඕනෑ.
මාධ්‍යවේදියා – හරි මට විනාඩියක් දෙන්න මම ෆොටෝ එකක් අරගෙන ඉක්මනට යන්නම්….මම මෙතන ඉදලා ෆොටෝ එක ගත්තොත් ඇවිත් ඉන්න අයගේ පිට පස්සනේ ෆොටෝ එකට වදින්නේ.
(දඹර ඇගිල්ල දිගු කරමින්) මට ඒවා අදාල නෑ.අපි කියන විදියටයි වැඩ කරන්න ඕනේ.ෆොටෝ ගන්න දෙන්න බෑ.යන්න පස්සට.
මේ අයුරින් ඡායාරූප මාධ්‍යවේදියාට තර්ජනය කරමින් ජනාධිපතිතුමන් සහභාගි වු උත්සවය ආවරණය කිරීමට ඉඩ ලබා නොදි මාධ්‍යවේදීහු එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබූහ.
මත්තල සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තු නිවේදනයේ මෙසේ සඳහන් විය.
හම්බන්තොට වරායේ ඊයේ (10) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුරදී එම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් අනාචාරි මොලේ කලදක් නැති රංග කලංසූරිය නිවේදනයක් හරහා කියා සිටියේ “ගැටුම් වාර්තාකරණයේ දී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර අදාළ මාධ්‍යවේදියා විසින් පැහැර හැරීම මෙම සිද්ධියට පාදක වී ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවල දී හෙළි වී ඇති” දැන් මොලේ කලදක් නැති අවලං කලං….මේ සිද්ධිය ගැන කියන්නේ කුමක්ද?
මරභියෙන් ජිවත් වෙන ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනිම් සදහා ජනාධිපති ආරක්ෂකයන් සුනඛයන් ලෙස මාධ්‍යවේදීන් කා දැමිමට ගන්නා උත්සහය ඉතා ඉක්මනින්ම නතරකල යුතු නොවේද?
ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළ ජිනීවා යෝජනාව ජිනීවා මානව හිමිකම් සමුළු වෙත ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති නෙයික් හාපර් (Ambassador Keith Harper, U.S. Permanent Representative to the Human Rights Council)ඇමරිකානු ජනාධිපති ලෙස පත්වී ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉවත් කර තිබේ.
නෙයික් හාපර් වෙනුවට නික් හේලි නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස පත් කර තිබේ. මේ නිසා ජිනීවා රාජ්‍ය නොවන සංවිධාන හා ඊළම් ඩයස්පෝරාව දැඩි කම්පනයකට ලක් වී ඇත. සේවයෙන් ඉවත් කළ නෙයික් හාපර් ඊළාම් ඩයස්පෝරාව සමඟ දැඩි සබඳකම් පැවැත්වූ තානාපති නිලධාරියෙකි. ඔහුගේ දැඩි බලපෑම් නිසා එම යෝජනාවේ සම අනුග්රාහකයකු ලෙස දායක වීමට ශ්‍රී ලංකාවටද සිදු විය.
කීර්තී වර්ණකුලසූරිය
Sri Lanka Adoption Statement
Human Rights Council 30 – Geneva
As delivered by Ambassador Keith Harper
October 1, 2015
Thank you. On behalf of the core group, I am pleased to propose resolution L29 entitled, “Promoting reconciliation, accountability and human rights in Sri Lanka”. This resolution seeks to support Sri Lanka’s path to lasting peace, built on a foundation of justice and accountability. We urge all other Member States to join the cosponsors.
We have witnessed important changes in Sri Lanka since January, which have made today’s consultative, constructive resolution possible. The goal of this resolution—and of our efforts here in Geneva—is to help Sri Lanka undertake a difficult but essential journey. And, we welcome that this resolution recognizes the critical role of continued OHCHR engagement. As Secretary Kerry reiterated last week, the United States will remain steadfast in supporting justice, promoting reconciliation, and seeking an enduring peace and prosperity for all Sri Lankans.
We will continue to work bilaterally and multilaterally to support all Sri Lankan people in their efforts to achieve a Sri Lanka that is peaceful, democratic, prosperous, and realizes the full potential of all its citizens.
දැන් මේ ව්‍යවස්ථාව පරාජය කිරීමට අපිට මන්ත්‍රීවරු 76 අවශ්‍යයි. මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51 සිටිනවා. මේ 51 මහින්ද රාජපක්ෂ මැතිතුමන් අයවැයට ඡන්ද දෙන්න එන්නේ නෑ නේද කියලා හැමෝම අහනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අය වැයට ඡන්දය පාවිච්කරන්න එන්න එපා කියලා කියන්නේ අපි. මොකද එතුමන්ට තියෙන්නෙත් එක ඡන්දයයි. නමුත් එතුමා ඓහිතිහාසික චරිතයක්. වසර 2600 ක ලිඛිත ඉතිහාසය තුල මේ රට එක්සේසත් කල යුග පුරුෂයන් 8 දෙනාගෙන් එකම ජීවමාන චරිතය. ඒ නිසා එතුමන්ගේ ඡන්දයට වෙනත් අගයක් තියෙනවා. ඒ නිසා නිකන් පරදින ඡන්ද වලට එතුමන් ඇවිල්ලා අත එසවීමෙන් පලක් නෑ. පාර්ලිමේන්තුවේ ඡන්දයක් විමසන වෙලාවට එතුමන් ඉන්නවා කියන්නෙම එදිනට ලොකු පෙරලියක් වෙනවා කියන එකේ පලමු සංකේතය. ජාතියේ ඉරණම තීරණය කෙරෙන අළුත් ව්‍යවස්ථාවට ඡන්ද විමසීමක් වෙන දිනයේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් පාර්ලිමේන්තු එනවා. සිය ඡන්දය පාවිච්චි කරනවා.
2016.12.12 දින පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා කල ප්‍රකාශය…..
අය වැය විවාදය අවසානයේදී අය වැය තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත කර ගත්තා කියලා ආණ්ඩුව ලොකූ ආඩම්බරයකින් ප්‍රකාශයන් කලා . ඒ වගේම මීලග පාර්ළිමේන්තුව ජනවාරි 9,10,11 දින වල රැස්වෙන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කමිටු 6 ක් ඉදිරිපත් කල වාර්ථා ගැන පාර්ලිමේන්තුවේදී විවාද කරන්න.
මාර්තු මාසයේ 9 වෙනිදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය බිහිකිරීම සම්බන්දයෙන් සම්මත කරන ලද යෝජනාවලිය අනුව නම් මෙවැනි විවාදයක් නෑ. එහි යෝජනා අනුවනම් එහි 17 වන ඡේදයට අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට මෙහෙයුම් කමිටුව විසින් ව්‍යවස්ථා සම්පාදනය පිලිබද වාර්ථාවක් සහ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කල යුතුයි. නමුත් කෙටුම්පතක් වෙනුවට කමිටු වාර්තා 6 පිළිබදවයි මේ විවාදය පැවැත්වීමට බලාපොරෝතතු වෙන්නේ.
අළුත් ව්‍යවස්ථා කෙටුම් පත සහ ව්‍යවස්ථා සම්පාදනය පිළිබද වාර්ථාවයි මෙහෙයුම් මණ්ඩලය විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට මේ වාර්ථාව ඉදිරිපත් කලාම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් ඉදිරිපත් කරණු ලබන කෙටුම්පත තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත කලොත් එය ඇමති මණ්ඩලයට යොමු කරලා සාමාන්‍ය පනතක් සම්මත කෙරෙන ආකාරයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්. මේක තුනෙන් දෙක් වෙනුවට සාමාන්‍ය බහුතරයෙන් සම්මත උනොත් තවත් අවස්තාවක් දෙනවා මාසයක් ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මේ ව්‍යවස්ථාදායක මණ්ඩලය ලෙස හැදින්වෙන්නෙත් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 225 දෙනාම තමයි. නමුත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විදිහට රැස්වෙලා සාමාන්‍ය බහුතරයෙන් නම් සම්මත වෙන්නේ නැවත වතාවක් පාර්ලිමේන්තුව විදිහටම රැස්වෙලා නැවතත් එම පිරිසටම එය යොමු කරනවා. එතැනදීත් සාමාන්‍ය බහුතරයෙන් නම් සම්මත වෙන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසුරුවා හැරලා මේ ක්‍රියාවලිය නතර වෙනවා. තුනෙන් දෙකෙන් එතනදී සම්මත උනොත් ඇමතිමණ්ඩලයට යොමු කරලා ගැසට් මගින් ප්‍රකාශයට පක්කරලා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්ථකයට ඉදිරිපත් කරනවා.
ඉන්පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත උනොත් ජනමත විචාරණයකට යන්න වෙනවා. විශේෂයෙන්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවා 1.2.3.5.6.7.8.9. 10 කියන වගන්ති සංශෝධනය සදහා ජනමත විචාරණයකට යොමුවිය යුතුයි කියලා. ඒවා සංශෝධනය නොකලත් එම වගන්තිවල අර්ථයට බලපෑමක් එල්ල වෙනවානම් ඒත් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියලා. ඊට අමතරව 30 හා 62 වගන්තිවල කියවෙනවා පාර්ලිමේන්තුවේත් ජනපතිතුමන්ගෙත් ධුර කාලය වැඩි කරනවානම් ඡන්දය කල් දමනවානම් ජනමත විචාරණයකින් අවසරය ලබාගත යුතුයි.
1981 අංක 7 දරණ ජනමත විචාරණ පනත අනුව පාර්ලිමේන්තුවේ 2/3 වැඩි කැමැත්තෙන් කථානායක වරයා ඒ බව දැනුම් දෙනවා ජනපතිතුමන්ට. එවිට ජනාධිපතිතුමන් මැතිවරණ කොමිසමට ප්රකාශණයකින් දැනුම් දෙනවා මේ කෙටුම්පත පිළිබද ජනමත විචාරණයක් පවත්වන්න කියලා. ඒ ප්‍රකාෂණයෙන් දින 30 ඇතුලත ජනමත විචාරණය පැවැත්විය යුතුයි.
ආණ්ඩුවේ සැලසුම උනේ පෙබරවාරි මාසයේ ජනමත විචාරණයකදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ජනතාව ඉදිරියට ඉදිරිපත් කර සම්මත කරගන්න. නමුත් අද වන විට ආණ්ඩුවේ ඇමතිවරුන්ම දිගින් දිගටම කියනවා ජනමත විචාරණයකට ගියොත් ආණ්ඩුව පරදින බව. සුමන්දිරන් මන්ත්‍රීතුමන් පාර්ලිමේන්තුවේදිත් කිව්වා ජනමත විචාරණයකදී පරදින්න වන නිසා ආණ්ඩුව අළුත් ව්‍යවස්ථාව කල් දමමින් ඉන්න බව. අපට ලැබෙන තොරතුරු වලට අනුවනම් දැන් ජනපතිතුමන් කියනවා “අගමැතිතුමන්ට තේරෙන් නෑ. අගමැතිතුමන් මෙය ජනමත විචාරණයකට අරගෙන ගියොත් ආණ්ඩුව කෙරෙහි කලකිරී සිටින මේ රටේ ජනතාව ආණ්ඩුවට සිය අප්‍රසාදය පලකරන්න ලැබෙන පළවෙනි අවස්ථාව ලෙස මෙම ජනමත විචාරණය පත්කරගෙන ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය දෙනවා කියලා. ” ඒ නිසා ජනාධිපතිතුමන්ගේ ස්ථාවරය වෙලා තියෙන්නේ ජනමත විචාරණයකට නොයා 2/3 කරගන්න පුළුවන් දෙයක් පාර්ලිමේන්තුව ඇතුලේ කරගමු කියන එකයි.
නමුත් අපි අගය කරන්න ඕනි විපක්ෂනායක ආර් සම්බන්දන් මැතිතුමන් සුමන්දිරන් මන්ත්‍රීතුමන් ඇතුළු දෙමළ ජාතික සංධානය ඉතා දැඩි ස්ථාවරයක ඉන්නවා මේ රටේ ජනතාව අනුමත නොකරන දෙයක් අපිට එපා කියන. පලාත්සභාවලට පොලිස් ඉඩම් බලතල 1987 වැනි අතීතයක ව්‍යවස්ථාවෙන් හිමි උනත් මහ පොලවේ ක්‍රියාත්මක නොවුනේ ජනතාව ඊට එරෙහි නිසයි. ජනතාවගේ අනුමැතියෙන් තොර බලතල බෙදීමක් අපිට එපා කියන ඉතාම ප්රජාතන්ත්රවාදී තැනක දෙමල ජාතික සංධානය මේ වෙන කොට ඉන්නවා.
දැන් අගමැතිතුමන් අනික් පැත්තෙන් කියනවා ජනාධිපතිතුමන්ට තේරෙන්නේ නැතිළු. එතුමන් කියනවා අපි ජාත්‍යන්තරයට පොරොන්දුවක් වෙලා තියෙනවා නව ව්‍යවසථාව ගේනවා කියලා. ඒ නිසා අවධානම අරගෙන හරි අපි ජනමත විචාරණයකට යායුතුයි කියන මතයේ එතුමන් ඉන්නවා.
කෙසේ වෙතත් ජනමත විචාරණයක් පවත්වන්න කලින් මෙය පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත යුතුයි. මේ වන විට රටේ තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන යහපත් ප්‍රථිරූපයක් නෙමෙයි. කාටූන් ශිල්පීන් මන්ත්‍රිවරුන් අදින්නේ මගෝඩිස් තුමන් විදිහට. මන්ත්රවරුන් මුදලට විකිනෙනවා කියන මතය සමාජයේ තියෙනවා. නමුත් මම ඉතාම වගකීමෙන් කියනවා තමුන්ට ලැබෙන වරප්‍රසාද වලට වඩා රට ගැන හිතන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ සිටිනවා. මේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව ඇතුලෙම පරාජය කරන්න අවශ්‍ය පසුබිම මේ වන විට සැකසී තියෙනවා.
පාර්ලිමේන්තුවේ 2/3 වැඩි ඡන්දය කියන්නේ 225 න් 150 දෙනෙක් ඡන්දය පක්ෂව පාවිච්චි කල යුතුයි. අනිත් පැත්තෙන් බැළුවොත් මන්ත්‍රීවරුන් 76 දෙනෙක් විරුද්ධව ඡන්දය දීලා හරි එසේ නැත්නම් ඡන්දය නොදී ගෙදර නතර උනත් මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඇන හිටිනවා. 76 දෙනයි අපිය මේ සදහා ඕනෑ. ඒ හැත්ත 76 අපිට තියෙනවද? තමුන්නාසේලාට මතක ඇති ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග එක්වන බවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අවස්ථා ගණනාවකදී කීවත් එය සිදු උනේ නෑ.
අපිත් මෙතෙක් කල් කිව්වේ නෑ ආණ්ඩුවේ මැති ඇමතිවරු අපි එක්ක එක්වන බවක් හෝ අපි ආණ්ඩුවේ ඡන්ද විමිසීමක පරාජය කරන බවක්. නමුත් අපි පසුගිය වැට් පනත ඉදිරිපත් කරපු වෙලාවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා ඔබට මේ පනතට විරුද්ධව ඡන්දය දෙන්න බෑ කියල දන්නවා. නමුත් බඩේ අමාරුවක් හදාගෙන හරි ඡන්ද නොදී ගෙදර නතර වෙන්න කියලා. 2/3 තියෙනවා කියලා පාරම්බාන ආණ්ඩුවට එම ඡන්ද විමසීමේදී සාමාණ්‍ය බහුතරයක් නැතුව ගියා. ඡන්ද 112 ආණ්ඩුව ලබාගත්තේ. එජාප මන්ත්‍රීවරුන් 20 දෙනෙක්. දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරුන් 16න් ශ්රීලනීපයේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙක් වැට් පනත දා පාර්ලිමේන්තුවට නොපැමින හිටියා.
දැන් මේ ව්‍යවස්ථාව පරාජය කිරීමට අපිට මන්ත්‍රීවරු 76 අවශ්‍යයි. මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51 සිටිනවා. මේ 51 මහින්ද රාජපක්ෂ මැතිතුමන් අයවැයට ඡන්ද දෙන්න එන්නේ නෑ නේද කියලා හැමෝම අහනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අය වැයට ඡන්දය පාවිච්කරන්න එන්න එපා කියලා කියන්නේ අපි. මොකද එතුමන්ට තියෙන්නෙත් එක ඡන්දයයි. නමුත් එතුමා ඓහිතිහාසික චරිතයක්. වසර 2600 ක ලිඛිත ඉතිහාසය තුල මේ රට එක්සේසත් කල යුග පුරුෂයන් 8 දෙනාගෙන් එකම ජීවමාන චරිතය. ඒ නිසා එතුමන්ගේ ඡන්දයට වෙනත් අගයක් තියෙනවා. ඒ නිසා නිකන් පරදින ඡන්ද වලට එතුමන් ඇවිල්ලා අත එසවීමෙන් පලක් නෑ. පාර්ලිමේන්තුවේ ඡන්දයක් විමසන වෙලාවට එතුමන් ඉන්නවා කියන්නෙම එදිනට ලොකු පෙරලියක් වෙනවා කියන එකේ පලමු සංකේතය. ජාතියේ ඉරණම තීරණය කෙරෙන අළුත් ව්‍යවස්ථාවට ඡන්ද විමසීමක් වෙන දිනයේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් පාර්ලිමේන්තු එනවා. සිය ඡන්දය පාවිච්චි කරනවා. අපිට මේ ව්‍යවස්ථාව පරාජය කිරීමට තව ඡන්ද 25 අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණ එදා 67 000 ජීවිත පූජාකලේ ඉන්දු ලංකා ගිවිසුමෙන් ආ 13 වෙනි සශෝදනයට එරෙහිව. අද 13 ඉක්මවා බලය බෙදීමකට යද්දී ඔවුන්ගේ මතය කුමක්දැයි ඔවුන් මේ දක්වා ප්‍රකාශ කර නෑ. ඔවුන් අප හා එක්වුවහොත් අපිට තවත් 19 ක් අනවශ්‍යයි. නැතිනම් 25ක් අවශ්‍යයි.
ශ්‍රීලනීප එඡාප දෙකෙහිම පක්ෂයට වඩා රටට ආදරය කරන මන්ත්‍රීවරු 28 දෙනෙක් මේ වන විට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව අප හා එක්වීමට තීරණය කරල තියෙනවා. මේ 28 අපි 35 දක්වා වර්ධනය කරගැනීමේ බලාපොරොත්තුවක් අපිට තියෙනවා.
ආණ්ඩුවටත් මේ ගැන දැන් ඉව වැටිලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි ජනවාරි 9.10 හා 11 දිනවල මේ ආණ්ඩුව කරන්න හදන්නේ මුට්ටිය දාල බැලීම. මේ විවාදයේදී ආණ්ඩුව වේලසනින් බලාගන්න හදනවා ව්‍යවස්ථාවට විරුද්ධ මන්ත්‍රීවරුන් කවුද කියලා. අපිත් ඒකට ලෑස්තියි. අපිට සහය දක්වන ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අපි කියලා තියෙන්නේ විවාදයේදී ව්‍යවස්ථාව රැකලා කතාකරන්න. අපිට ඇතිතරම් බනින්න. ආන්ඩුවට අංශුමාත්‍රයක සැකයක් ඇතිවෙන් අයුරින් කටයුතු කරන්න එපා. නමුත් ඡන්දය දෙන දවසට ව්‍යවස්ථාවට එරෙහිව අත උස්සන්න. නැතිනම් එදිනට ගෙදර ඉන්න.
ඒ නිසා මේ ජනවාරි 9.10 හා 11 දින වල පවත්වන විවාදයෙන් රටේ මතයවත් මන්ත්‍රීවරුන්ගේ මතයවත් ආණ්ඩුවට දැක ගන්න ලැබෙන්නේ නෑ කියන එක අපි ආණ්ඩුවට කියනවා.
චෝප්පෙට ඇඳ හමුදාව ජනතාවගෙන් දුරස් කිරීම
අද රටේ හැමෝම කතාවෙන පසුගිය දා සිදුවුණ නාවික හමුදාපතිවරයාගේ මැදිහත් වීමෙන් මාධ්‍යවේදින්ටත් වැඩවර්ජකයන්ටත් පහරදීම සම්බන්දව අපි දකින්නේ ඉතාමත් වෙනස් විදිහකට. නාවික හමුදාපතිවරයාගේ හැසිරීම තවත් එක් හුදකලා සිදුවීමක් නෙවෙයි. නාවික හමුදාපතිවරයා විතරක් තනියම වගකිව යුතු නෑ. මරදානේ චෝප්පේ වගේ හමුදාපතිවරයාට හැසිරෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කළේ රටේ අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව. මාධවේදීන්ගේ නම් කියමින් අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී අපහාස කරනවා අපි දැක්කා. මාධ්‍යවේදීන්ට රිරියාකා, මහසොහොනා, සට්ටැබිරාල වගේ කියන්න පුළුවන් අපහාසාත්මක නම් සේම කියලා මේ මාධ්‍ය කියන්නේ නරක, පහර දිය යුතු හෙලා දැකිය යුතු සමාජයට විෂබිජයක් බවට අවශ්‍ය මතය මානසිකත්වය නාවික හමුදාවෙත් සමාජයෙත් ගොඩනගන්න අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවේ නායකයින් කටයුතු කරා. මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා එකවරක් ඒකාබද්ධ විපක්ෂය කියන නම පාවිච්චි කොලොත් බලාගෙනයි කියලා ලියුම් දානවා. CSN නාලිකාවේ බලපත්‍රය අහෝසි කරනවා. හිරු සහ දෙරණ නාලිකා වල බලපත්‍රය අහෝසි නොකිරීමට නිදහසට කරුණු අහනවා. මේ මාධ්‍ය කියන්නේ මහ කරදරකාරයෝ ටිකක් රට ඉදිරියට යන එකකට බාධා කරන පිරිසත් මුන්ට දෙකක් නෙලන්න ඕනේ කියන මානසික මට්ටම අවුරුදු දෙකක කාලයක සිටන් ක්‍රමානුකුලව ගොඩනැගුවා. අපි දන්නවා බෝට්ටුවක අනුනව දෙනෙක් නැගලා ඉදලා බෝට්ටුව දැන් තියෙන්නේ වතුර මට්ටමට ගෑවෙන්න සියවෙනියා නැග්ග ගමන් බෝට්ටුව ගිලෙනවා දැන් හැමෝම බනින්නේ අර සියවෙනියට. අර අනුනවයම නැතුව සියවෙනියා නැග්ගම බෝට්ටුව ගිලෙනවද නෑ ඒවගේ තමයි අද නාවික හමුදාපතිවරයාට ඇගිල්ල දිගු වුණාට මේක මාධ්‍ය මර්ධනය සදහා අවුරුදු දෙකක් තිස්සේ ආණ්ඩුව ගෙන යන තවත් එක් දිගුවක් විදිහටයි අපි දකින්නේ. නාවික හමුදාපතිවරයා මේකට වගකිව යුතු වගේ, ඔහු ඉල්ලා අස්විය යුතු වගේම, අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානින් මේ මාධ්‍යෙව්දින්ටත් වැඩවර්ජකයන්ටත් පහර දීමේ වගකීම බාරගත යුතුයි කියන එක තමයි පිවිතුරු හෙළ උරුමයේ ස්තාවරය.
මා මිත්‍ර රුවන් විජේවර්ධන මහතා මේක ආරක්ෂා කරන්න කියලා තිබුණා මේක මුහුදේ සිද්ධ වුණ දෙයක් නැවක් වෙත කෙනෙක් බලහත්කාරයෙන් අත්පත් කර ගත්තාම නාවික හමුදාව තමයි කැදවන්නේ. සම්පුර්ණ ඇත්ත හැබැයි මේ ප්‍රශ්න සහිත කාරණය සිද්ධ වුණේ නැවේ නෙවෙයි ගොඩබිම. නාවික හමුදාපතිවරයා පහර දෙන්නේ ඔවුන්ව ඇදගෙන යන්නේ මේක සිද්ධ වෙන්නේ නැවේ දී නෙවෙයි. නැව නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේ දී නෙවෙයි. අපි අහන්නේ ලෝක ඉතිහාසයේම නාවික හමුදාපතිවරයෙක් නිල වශයෙන් රාජකාරියේ යෙදිලා ඉන්න කොට කොට කලිසමයි ටී ෂර්ට් එකයි ඇදගෙන රාජකාරි කරපු එකම එක වතාවක් පෙන්වන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. කොටිත් එක්ක යුද්ධ කරන සමයේ නම් හමුදාව වෙස්වලාගෙන යනවා නිල ඇදුමෙන් ගියාම පහර දීමට ලක්වෙන නිසා නමුත් සමාන්‍ය ජනතාව අතරට යන විට නාවික නෙවෙයි ඔනේම හමුදාවක් නිල ඇදුමෙන් සිටිය යුතුයි. නැත්නම් ජනතාව දන්නේ කොහෙමද නාවික හමුදාවේ ද නැත්නම් මැර හමුදාවේ ද කියලා. පෙනුම වචන හැසිරීම යන තුනම එකට ගත්තාම මම සතුටු වෙනවා නාවික හමුදාපතිවරයා ගුටිනොකා බේරීම පිළිබදව. ජනතාව වටවෙලා පහර දෙන්නත් තිබුණා කොහේදෝ යන රස්තියාදුකාරයෙක් කියලා. මේ ක්‍රියාව නිසා අද නාවික හමුදාවේ කිර්තීනාමය අද පළදුවෙලා තියෙනවා. අපේ රණවිරුවා කියන්නේ මහා මැර අහිංසක ජනතාව මරණ කියන ඒක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලය හරහා ලෝකය පුරා ස්තාපිත කරන්න දෙමළ බෙදුම්වාදීන් උත්සහ කරන මෙහොතක තමයි නාවික හමුදාපතිවරයා මෙසේ හැසිරුනේ. රණවිරුවන් අප කිර්තියට පත් කිරිම සදහා අපේ නාවික හමුදාපතිවරයා දැන හෝ නොදැන කොටස්කරුවෙක් බවට පත්වෙලා තියෙනවා. නාවික හමුදාපතිවරයාගේ මේ ක්‍රියාව නිසා අපි දැක්කා වැඩ වර්ජනයේ යෙදි සිටිය වරායේ සේවකයන් අඩ අඩ කියා සිටියේ අපේ ඉඩම් නැති වුණා දැන් රස්සාව නැතිවෙන්න හදන්නේ එකයි අපි පාරට බැස්සේ ඇයි තුවක්කු අරන් අපිට ගහන්න එන්නේ ඔබ උතුරේ යුද්ධ කරද්දි ලේ දුන්නේ අපි. බොධි පුජා කරේ අපි එහෙම කරපු අපට ද මේ ගහන්නේ කියලා ප්‍රශ්න කරන අපි දැක්කා. මේ කරන්න හදන්නේ අතුරුදහන් වුවන්ගේ කාර්යාල හරහා යුධ අපරාධ ක්‍රියාවලිය හරහා රණවිරුවන් දංගෙඩියට ගෙන යද්දි පාරට බහින්න ඉන්න ජනතාව සහ රණවිරුවන් අතර ආරවුලක් ඇති කරලා දුරස් කරන්නයි මේ සුදානම් වෙන්නේ. ආණ්ඩුවේ පැත්ත අරන් අපිට ගහන්න ආපු කෙනා විදිහට රණවිරුවන් පේනවා නම් අපි සමස්ත හමුදාවටම කියනවා ඔබේ වගකීම ආණ්ඩුව රැකීම නෙවෙයි රට සහ ජනතාව රැකීමයි. ඔබ ආණ්ඩුව රකින්න ගියොත් ජනතාව ඔබව නොසලකා හරින්න පුළුවන්. රණවිරුවා රැක ගන්න පාරට බහින්න ඉන්න ජනතාවගේ හැගීම් මරා දැමිම තමයි ඊළග අරමුණ.
අපි කිව්වා මේ ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත ජනතා රැල්ලක් තියෙනවා කියලා දැන් ජනාධිපතිතුමත් කියනවා. ඒවගේම අපි දැක්කා ගරු පා ච රණවක ඇමතිතුමත් කිව්වා ජනමත විචාරණයක් තිබ්බොත් පාරාදයි කියනවා. එම නිසා ආණ්ඩුවට සිද්ධ වෙනවා ඉදිරි වසර තුන ජනතාව ප්‍රතිමුර්ත වන ආණ්ඩුවක් පත් කර ගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දයකට යන්න ඔනේ. එහෙම නැත්නම් එක විකල්පයක් තියෙනවා හමුදාව සහ පොලිසිය යොදා ගෙන ජනතාවගේ හඬ යටපත් කරගෙන ඉදිරි වසර තුන මේ රට පාලනය කිරීමට. හම්බන්තොට දී නාවික හමුදාව යොදා ගනිමින් පෙන්නුවේ මේ ආණ්ඩුව 1987 දී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා කටයුතු කල ආකාරයට හමුදා බලයෙන් පොලිස් බලයෙන් මැර බලයෙන් ජනතාව යටපත් කරගෙන ආණ්ඩුව පවත්වාගෙන යාමට සුදානම් කියන පණිවිඩයයි ලැබුණේ. ජනමත විචාරණයේ දීත් 1982 කල ආකාරයටම ලාම්පු කළ ගෙඩි සෙල්ලමක් හරහා මේ ව්‍යවස්ථාව බලහත්කාරයෙන් සම්මත කර ගන්න ඉඩ තියෙනවා. ජේ ආර් ජනාධිපතිවරයා දැක්කා ජනමත විචාරනය පරදිනවා කියලා ඒක නිසා මැර බලයෙන් දුෂිත ආකාරයට ජනමත විචාරනය ජයග්‍රහනය කර ගත්තේ. මැතිවරණ කොමසාරිස්වරයා ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරලා කිව්වා එතෙක් ලංකාවේ පැවැති දුෂිතම මැතිවරණය මෙයයි කියලා. මේ සිද්ධිය පිටුපස ලංකාව අදුරෙන් අදුරට යන අදුරු සෙවනැලි තියෙනවා කියන අනතුරු ඇගවීම තමයි අපේ විග්‍රහය.
වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ධවල භීෂණ වකවානුව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථය 2016 දෙසැම්බර් 20 අඟහරුවාදා පස්වරු 3ට කොළඹ 5 තුංමුල්ල මංසන්දිය අසළ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ.
වසර 27කට පෙර පැවති ජවිපෙ 2වැනි කැරැල්ලේ සත්‍ය කතාව මෙම කෘතියට විෂය වන අතර එය පිටු 880කින් සමන්විත අතර කථා පුවත් 74කි. ඡායාරූප 1289ක් ඇතුළත්ය. රුපියල් 1,500ක් මිළැති ගන්ථය මෙදින රුපියල් 1,000කට ලබාගත හැකිය. ජවිපෙ 2වැනි කැරැල්ලෙන් ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813ක් වේ. එහෙත් මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව 2වැනි කැරලි සමයේදී ඝාතනයට සහ අතුරුදහන් වීමට ලක්වූ සංඛ්‍යාව 67,652කි. මින් 6,661ක් කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්වූ අතර ප්‍රා සංවිධානය මගින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,222කි. සෙසු සියළු දෙනා ඝාතනයට ලක්වී ඇත්තේ ආරක්ෂක අංශ ඇතුළු එයට සෘජු සහ වක්‍ර සම්බන්ධකම් පැවතුනායැයි කියන අතුරු හමුදා කණ්ඩායම් 13ක් මගිනි.
ගන්ථයේ කතුවරයා වූ ධර්මන් වික්‍රමරත්න එකල එම ඇතැම් සිද්ධීන් සියසින් දුටු බොහෝ කථා නායකයින් වෘත්තියව ඇසුරුකළ සහ පැනනැගුණු සිද්ධීන් වාර්තාකළ එවකට කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකි. ග්‍රන්ථයේ ඇතුළත් තොරතුරු අදාළ පාර්ශවයන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා 376කින් සහ ගවේෂණ මගින් සොයාගත් කරුණු වලින් සමන්විතය. මෙය කතුවරයාගේ 52වැනි ග්‍රන්ථය වේ.
ග්රන්ථයට කැරලි සමයට අදාළ ජවිපෙ නායකයින් සහ ක්‍රියාකාරිකයින්, 1983 ජුලි තහනමින් පසු ජවිපෙ ක්‍රියාකාරිත්වය, ඉන්දු ලංකා ගිවිසුමට පෙර සහ පසු සිදුවිම්, අතුරු හමුදා කණ්ඩායම් සහ පුද්ගලයින්, අසූවේ දශකයේ වෙනත් වාම ප්රවණතාවයන්, ශ්‍රිලනිප, සාම්ප්‍රදායික වම සහ එහි ක්‍රියාකාරින්ට එරෙහිව කැරලිකරුවන්ගේ ප්රහාරයන්, පාසැල් ශිෂ්‍ය සටන්, සරසවි ක්‍රියාකාරකම් ඇදුරන් සහ සිසු නායකයින්, කැරලිකරුවන්ගේ මිල්ටරි ප්රහාරයන් සහ ක්‍රියාදාමයන්, ඝාතනයට ලක්වූ පූජ්‍ය පක්ෂය නීතිඥයින්, මාධ්‍යවේදීන් සහ කළාකරුවන් ඇතුලු විවිධ සිදුවීම් පිළිබඳව කරුණු සහිතව වැඩි ඉඩක් වෙන්කර ඇත.
මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේ මුලසුන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හොබවන අතර දෙසුම් පවත්වනුයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, නීතිඥ උදුල් ප්‍රේමරත්න සහ මහාචාර්ය ගාමිණී සමරනායක විසිනි. වැඩසටහන මෙහෙයවීම ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරා විසිනි. ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාව සැමට විවෘත අතර ඒ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය වන්නේනම් 011-5234384 යන දුරකථනයෙන් විමසිය හැකිය.
වසර 27කට පසු හෙළි කළ 1986 සිට 90 දක්වා පැවැති 60,000ක් ඝාතනය වු ජවිපෙ 2 වැනි කැරැල්ලේ සත්‍ය කතාව දැනගන්න ….
ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථය ජනගත කිරීමේ අවස්ථාවට 2016 දෙසැම්බර් 20 අඟහරුවාදා පස්වරු 3ට කොළඹ 5 තුංමුල්ල, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්රවණාගාරයට සහභාගි වන ලෙස ඔබට ගෞරවයෙන් කෙරෙන ආරාධනයයි මේ.
පිටු 880 – මිල රුපියල් 1500/-(ඡායාරූප 1,289ක් ඇතුළත්ය).
එදින විශේෂ මිල රුපියල් 1,000/-
ධර්මන් වික්‍රමරත්න, 434/4 රුක්මල් පෙදෙස – ශ්‍රී ජයවර්ධනපුර.
දුරකථන: 071 2733986, 011 -5234384 / 3108787 ෆැක්ස්: 071-9378668 විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ආරක්ෂාව පැය 48ක් ඇතුලත සම්පූර්ණයෙන් වෙනස් කිරිම සදහා රජයේ බුද්ධි අංශ ජනාධිපතිවරයාට අනතුරු අගවා තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව ඉදිරි පැය 48 කලය තුල සම්පූර්ණයෙන් ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් සහ ආරක්ෂක වැඩපිළිවෙළ වෙනස් කිරිමට නියමිතයි.
පසුගියදා ෆේස්බුක් මගින් ජනාධිපතිවරයාට මරණ තර්ජන එල්ල කිරීමත් ජනාධිපතිවරයාගේ ආරක්ෂක කණ්ඩායම හෙවත් PSD ආරක්ෂකයෙකු ජනාධිපතිවරයාට තර්ජනය කරමින් සිය හඩ පටයක් Facebook හරහා මුදා හැරිමත් යුධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශ අතර ජනාධිපතිවරයා අපකීර්තියට පත්කර ඔහුන් ලවා ජනාධිපතිවරයා ඝාතනය කිරිම සදහා කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බවට රජයේ බුද්ධි අංශ ජනාධිපතිවරයාට අනතුරු අගවා තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
එම හේතුව නිසා වහාම ජනාධිපතිවරයාගේ ආරක්ෂක වැඩපිළිවෙළ වෙනස් කිරිමට කටයුතු යොදවා ඇති අතර සියල්ලටම වඩා 2017 ජනවාරි 28 ට පෙර මෛත්‍රිපාල සිරිසේන මිය යන බවත් තමා කියූ අනාවැකියක් වැරදුණහොත් තමා මින් ඉදිරියට කිසිදු අනාවැකියක් ප්‍රකාශ නොකරන බව ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජ්ත් රෝහණ විජේමුණි දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කිරිම හේතුවෙන් ජනාධිපතිවරයා භීතියෙන් ඇලලි ගොස් තිබේන බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළේ.
කෙසේවෙතත් ඊයේ දිනයේ හම්බන්තොට වරායේ සේවක විරෝධතාවය විසුරුවා හැරීමට නාවුක හමුදාවට ජනාධිපතිවරයාද නොසලකා අණ ලබා දිම පිළිබඳව දේශපාලන ක්ෂෙත්රය තුල දැඩි කැලඹීමක් ඇතිව ඇති අතර ඊයේ සහ අද දවස පුරාම මෛත්‍රීගේ බත් බැලයන් දැඩි ලෙස කලබලයට පත්ව ඇති බවද අප වාර්තාකරු අනාවරණය කළා.
හමුදාවට අණ දීමේ බලය ව්‍යවස්ථාවෙන්ම ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් වුවත් මෙම සිදුවීම පිටුපස තවත් අනියම් සේනාධිනායකයෙක් සිටින බවත් ඒ අනුව එජාප නායක අග්‍රාමාත්‍යවරයා ඉතාමත් සියුම් ලෙස රටේ ආරක්ෂක අංශ තමන්ගේ බලය ඇල්ලිමේ කුමන්ත්‍රණය වෙනුවෙන් යොදවමින් සිටින බවයි මෛත්‍රී පාර්ශ්වයේ අදහස වි ඇත්තේ.
ගෙදර ගියෝත් සිරා නසී…මග හිටියත් සිරාම නසී…… by lnwtoday
http://www.sinhala.lnwtoday.com/archives/14357
හම්බන්තොට වරායේ උද්ඝෝෂණයේ නිරත වූ සේවකයන්ට නාවික හමුදාවෙන් පහර දීලා. ජනමාධ්‍ය ප්‍රවෘත්තිවලට අනුව නාවික හමුදාව අහසට වෙඩි තීයලා. පහර දීලා. කිහිප දෙනකුට තුවාල වෙලා රෝහල් ගත කරලා. සේවකයන්ට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තියෙනවා. අද මහා මාර්ගයේ බොහෝ දෙනකු උද්ඝෝෂණය කරනවා. එයින් ගමනාගමනයට බාධා වෙනවා. ඒ උද්ඝෝෂණවලින් ජනතාවට හිරිහැර වෙනවා. දොස්තරලා මෙන් ම කොන්දොස්තරලා ද වර්ජන කරනවා. එවිටත් ජනතාවට හිරිහැර වෙනවා. ජනතාව අසීරුතාවට පත්කරන උද්ඝෝෂණ වර්ජන වෙනුවෙන් මා පෙනී සිටින්නේ නැහැ.
හම්බන්තොට වරාය සේවකයන් මහා මාර්ගයේ නැතිව මහා සමුදුරේ උද්ඝෝෂණය කර තිබෙනවා. එයින් නැව් ගමනාගමනයට බාධා ඇතිවෙලා තියෙනවා. මහා පාරේ කරන උද්ඝෝෂණවලින් වාහන ගමනාගමනයට බාධා ඇති වෙනවා. ඒ දෙකේ වෙනසක් දකින්න බැහැ. නැව් පිටරටවලට අයත් වෙන්න පුළුවන්. මහා පාරේ විදේශ රටවල තානාපතිලාගේ රථවලටත් බාධා ඇති වෙන්න පුළුවන්. ගමනාගමනයට බාධා ඇති කිරීම කියන එකෙන් කොල්ල කෑමක් ගම්‍ය වන්නේ නැහැ. මහා පාරේ උද්ඝෝෂණය කරපු කිසිවකු රථවාහන කොල්ල කෑ බවට ආරංචියක් නැහැ.
අද ආණ්ඩුව තැත් කරන්නේ වරාය සේවකයන්ට මුහුදු කොල්ලකෑම පිළිබඳ චෝදනාවක් එල්ල කිරීමටයි. මේ සේවකයන් පුහුණු සේවය මත බඳවා ගත් අය ලෙස හැඳින්වෙනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව (රනිල්ගෙ රාජපක්ෂ රෙජිමය) බලයේ සිටියා නම් ඒ සේවකයන් ස්ථිර කෙරෙනු ඇතැයි සිතන්න පුළුවන්. මේ ආණ්ඩුව සේවකයන් ගැන නොව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා මැති ඇමතිවරුන්ගේ දීමනා ගැන සැලකිලිමත් වන පාණ්ඩුවක්. මහින්දගේ හා රනිල්ගේ වෙනස එයයි. මෛත්‍රිපාල ගැන කතා කරලා වැඩක් නැහැ. ඔහුට එච්චර වැඩකුත් නැහැ.
මුහුදු කොල්ලකෑම ඔප්පු වුනු චෝදනාවක් නො වෙයි. මේ සේවකයන් සමග සාකච්ඡා නො කෙළේ ඇයි. ඔවුන්ගේ සේවය ස්ථිර කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය සාමූහික ව කිසිවක් කර නැහැ. ආණ්ඩුව බලයට පත් වී කිවුවෙ ලිච්ඡවීන් අනුගමනය කරමින් සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳන බවයි. කෝ මේ ලිච්ඡවි. අද ඇත්තේ තම තමන් අතරවත් සමගියක් නැති ඊනියා ලිච්ඡවි පාලනයක්. ඔවුන් දන්නේ එකට ඡන්දය දීමට පමණයි. සමගියක් නැති බව පෙන්වන්නේ බොරුවට ද දන්නෙත් නැහැ. බුදුහාමුදුරුවො නම් දේශනා කරලා තියෙන්නෙ ලිච්ඡවින් අතර සමගිය නැති වූ දාට ඔවුන්ගේ පාලනය බිඳ වැටෙන බවයි. මේ ලිච්ඡවින්ගෙ නම් සමගිය තියෙන්නෙ ඇමති කට්ට හා වෙනත් වරප්‍රසාද මතයි. රාජ්‍ය පාලනය මත නොවෙයි.
ආණ්ඩුව වරාය සේවකයන් සමග සාකච්ඡා කළ යුතුව තිබුණා. ඒකෙන් කියන්නේ වරාය බදු දීපු එක හරිය කියන එක නොවෙයි. ආණ්ඩුවට රටේත් ජනතාවගේත් දේපොළ විකිණීමට ජන වරමක් ලැබිලා නැහැ. ඒත් මේ ආණ්ඩුව එවැනි දේ කරන බව ජ වි පෙ ආදී පක්ෂ මෙන් ම මෛත්‍රිපාලටත් රනිල්ටත් ඡන්දය දුන් අයත් දැනගත යුතුව තිබුණා. ඡන්දය දීපු අයට කෙසේ වෙතත් ජ වි පෙරමුණට තම පවු සෝදා ගැනීමට බැහැ. ඔවුන්ගේ ඊනියා වාස්තවික දර්ශනයට හා ඊනියා දයලෙක්තිකයට මේ කිසිවක් පෙනුණේ නැද්ද? අද බොරුවට කෑ ගහලා වැඩක් නැහැ. මේ රටේ ජාතික ව්‍යාපාරය කඩා කප්පල් කෙළේ ජ වි පෙ හා ඉන් කැඩී ගිය ජාතික හෙළ උරුමය වැනි පක්ෂයි.
ආණ්ඩුව මුහුදු කොල්ල කෑමේ චෝදනාවක් ගැන කියමින් නාවික හමුදාව යෙදවීම යුක්තියුක්ත කරන්න හදනවා. මෙයින් මතු පාරේ උද්ඝෝෂණවලට යුද්ධ හමුදාව යොදවනවා ද? අද හදිසි නීතියක් පනවන්නේ නැතිව ම හදිසි නීතිය ක්‍රියාත්මක කෙරෙනවා. ජනමාධ්‍යවේදීන්ටත් අද පහර දෙනවා. බොහෝ ජනමාධ්‍යවේදීන් ගැන මගේ කිසිම ප්‍රසාදයක් නැහැ. ඒත් ඔවුන්ට පහර දීම අනුමත කරන්න බැහැ. ප්‍රශ්නයක් ඇසූ ගමන් ලිච්ඡවිලා සුදු වෑන් කතාව ඇදලා ගන්නවා. ඒක දැන් පරණ කතාවක්. අනෙක සුදු වෑන්වලින් රැගෙන ගිය පුද්ගලයන් ගැන ඔප්පු වෙලා නැහැ. රනිල් ඒ දවස්වල ලසන්ත ගැන කීවේ සරත් ෆොන්සේකා ගැනත් කියමින්. හැන්සාඩ් වාර්තාවල ඒ කරුණු සඳහන් ව ඇති. එක්නැලිගොඩ ගැනත් රනිල්ට ඇමතිවරයකුගෙන් ම දැනගත හැකියි. කොහොමටත් අපට රිචඩ් සොයිසලා අමතක වෙලා නැහැ.
ලිච්ඡවිලා සුදු වෑන් ගැන කතා කළා ඇති. ඔවුන් දැන් සේවකයන් ජනතාව සමග ලිච්ඡවිකරණයෙහි යෙදිය යුතුයි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ පොලිස් රාජ්‍යයක් ඇති කිරීමයි. ඒ කාලෙ ලිච්ඡවිලාට පොලීසියක් තිබුණෙ නැහැ. ඉංගිරසින් පෙලීසිය ඇති කෙළේ ඊට හුඟක් පස්සෙ. පොලිෂ්පතිලා පත්වුනෙ ඊටත් පස්සෙ. ආණ්ඩුව හමුදා යොදවමින් එක් පැත්තකින් හමුදාව හා සිංහලයන් අතරෙ හිත් නොහොඳකමක් ඇති කරන්න හදනවා. අද සිංහලයන් හමුදා භටයන් හඳුන්වන්නෙ රණවිරුවන් නමින්. සිංහලයන් අතර හමුදාවට ගෞරවයක් තිබෙනවා. ආණ්ඩුව මේ ගෞරවය නැති කරලා හමුදාව කෙරෙහි කළකිරීමක් ඇති කරවන්නෙ ව්‍යවස්ථා සම්පානයෙහි දී කිිරීමට බලාපොරොත්තුවන දේට පසුබිම හදාගන්න ද? අර මෛත්‍රිපාලගෙ නඩය ව්‍යවස්ථාව ගැන මොනවා කරාවි ද? රටට වඩා ඇමති කට්ට ලොකු වේවි ද?
එක් මාධ්‍යවේදියකුට අනුව නාවික හමුදාපතීත් හම්බන්තොට දී පහර දීලා. මට නාවික හමුදාපති අඳුරන්න බැහැ. සිවිල් ඇඳුමෙන් ඉන්න විට කොහොමටවත් අඳුරන්න බැහැ. නාවික හමුදාපති කොට කලිසමක් ඇඳ සිටි බවටයි කියැවෙන්නෙ. ඒ එසේ නම් සිවිල් ඇඳුමෙන් සැරසී පහර දී ඇත්නම් නාවික හමුදාපති ලජ්ජා විය යුතුයි. එසේ නම් ඔහු ක්‍රියා කර ඇත්තේ මැරයකු, බේබද්දකු, රස්තියාදු කාරයකු හා ආණ්ඩුවේ බත් බැළයකු ලෙස මිස රාජ්යාරක්ෂක නිලධාරියකු ලෙස නොවෙයි. මෑත ඉතිහාසයේ නාවික හමුදාවේ සේවය කළ මොහාන් විජයවික්‍රම, කරන්නාගොඩ, සරත් වීරසේකර වැනි කීර්තිමත් රාජ්යාරක්ෂක නිලධාරීන්ගේ පයට පෑගෙන දූවිලි තරම්වත් ඔහු වටින්නේ නැහැ. අර මුහුදු කොල්ල කෑමේ කතාව පැත්තකට දාලා නාවික හමුදාපති හමුදාවේ ගෞරවය නොරැකීම ගැන සොයා බැලිය යුතුයි. ආණ්ඩුවට ගෞරවයක් නැති වුනාට තවමත් හමුදාවට ගෞරවයක් තිබෙනවා.
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 11
හම්බන්තොට වරායේ උද්ඝෝෂණයේ යෙදිසිටි සේවකයන්ට පහරදිම සහ නාවික හමුදාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රසිද්ධියේම මාධ්‍යවේදීයෙකුට පහරදිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර ගැටුමක් හටගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ අදාළ විසුරුවා හැරිම සදහා නාවික හමුදාවට ආරක්ෂක අමාත්‍යාංශයේන් උපදේස් ලබා දි නොමැති අවස්ථාවක නාවික හමුදාපතිවරයා සෙබලුන් 500 ක පමණ විශාල කණ්ඩායමක් රැගෙන හම්බන්තොට වරායට ඇතුල් වි සේවකයන්ට පහරදිම සහ මාධ්‍ය වෙදියෙකුට පහරදිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් කල විමසිමකට අගමැතිවරයා කුපිත වි ජනාධිපතිවරයාට බැණ වැදිමයි.
අගමැතිවරයාගේ නියෝග මත නාවික හමුදාපතිවරයා මෙම හදිසි ආක්‍රමණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කල විමසිම හේතුවෙන් මේ අකාරයට දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
පසුව ජනාධිපතිවරයා අදාල පහරදිම සහ නාවික හමුදා හදිසි ආක්‍රමණය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් කරුණිඋ විමසා ඇති අතර අදාළ මෙහෙයුම සම්බන්ධයෙන් ඔහු කිසිවක් නොදන්නා බව දන්වා තිබේ.මිට අමතරව අප කල විමසිමකදි වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සදහන් කර ඇත්තේ හදිසි නාවික හමුදා ආක්‍රමණය සම්බන්ධයෙන් තමන්ද කිසිවක් නොදන්නා බවයි.
පසුවඅද සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ බත් බැලයන් පිරිසක් වහාම ජනාධිපතිවරයා විසින් සිය නිවසට හදිසි සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡා වලට අනුව තවදුරටත් ජාතික ආණ්ඩුව තුල සිටිනවාද? නැද්ද යන්න ඉතාමත් ඉක්මනිම තින්දු කල යුතු බවට සාකච්ඡාවට ගෙන තිබේන බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
වරාය අධිකාරියට තමන්ව බදවා ගන්නා ලෙසත් චීන සමාගමට හම්බන්තොට වරාය ලබා නොදෙන ලෙසත් ඉල්ලා හම්බන්තොට වරායේ සේවකයන් විසින් දියත් කර තිබෙන විරෝධතාවය හා වැඩවර්ජනය දින 4 ක් පුරාවට දියත් කර තිබූ වැඩවර්ජනයේ ප්‍රතිඵලයක් ලෙස වරායේ නැංගූරම්ලා තිබූ චීනයේ සිට හා සිංගප්පුරුවේ සිට පැමිණි නෞකා පිටත්ව යාමට නොහැකි තත්වයක් උද්ගත වී තිබුනි. එයට හේතු වී තිබුනේ වරාය විසින් අදාල නැව් සඳහා ලබා දිය යුතු සේවාවන් ලබා දීම වැඩ වර්ජනය නිසා ඇණහිට තිබු අතර අහ හදිසියේම ඩෝරා යාත්‍රා වලින් පැමිණි ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇතුලු 500ක පමණ කණ්ඩායමක් සේවකයන්ට වෙඩි තබමින් ඔහුන් පන්නා දැමු අතර නාවික හමුදාපතිවරයා ප්‍රසිද්ධියේම මාධ්‍යවේදීන්ට කුණුහරුපයෙන් බැන වදිමින් හම්බන්තොට මාධ්‍යවේදීයෙකුට දරුණු ලෙස පහරදෙනු ලැබුවා.
අද (10)පෙරවරු 10 ට පමණ හම්බන්තොට වරායේ හිරවි ඇති වාහන රැගත් නැව මුදා ගැනීමට නාවික හමුදාව 500 ක පමණ විශාල කණ්ඩායමක් වරායේ නැගෙනහිර කොටසේ තෙල් පර්යන්තය දෙසට ලඟා විය.ඒ වනවිට වරායේ සේවකයින් වරායේ ජැටියේ, සහ වරාය ප්‍රධාන දොරටුව අසල විරෝධතාවයේ නියැලී සිටියහ. මෙහිදී ඉතා උණුසුම් තත්වයක් හට ගැණුනි. එහිදී නාවික හමුදා නිලධාරීන් තුවක්කුවලින් හා පොලුවලින් සේවකයන් හට පහර එල්ල කර තිබේ. එසේම එම සිදුවීම් වාර්තා කළ මාධ්‍ය වේදීන්ටද ප්‍රහාර එල්ල කර තිබේ.නාවික හමුදා නිළධාරින් ඩෝරා යාත්‍රා මගින් වරාය ජැටිය වෙ ලඟා වූයේ වරායේ ජැටියේ රැඳී සිටි සේවකයින්ට වෙඩි පහර එල්ල කරමින් බව වරාය සේවක සංගමයේ ප්රචාරක නිළධාරි අයි.එච් උමේෂ් මහතා සඳහන් කලේය.
වරාය ජැටියේ සිටින සේවකයින්ට නාවික හමුදා නිළධාරින් පැමිණ ගිණි අවිවලින් හා පොලුවලින් පහර පිට පහර දෙන්නට වූ අතර ඇතැම් අය බිම පෙරලා දාගෙන බඩ පවා පාගෙන සිටි බවද පහර කැමට ලක් වූවෝ කියති. පහර කෑමට ලක් වූ පස් දෙනෙකු හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.
හම්බන්තොට වරාය ආශ්රිත කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අනුමැතියකින් තොරව ජාතික ලැයිස්තුවෙන් පත්කළ අග්‍රමාත්‍යවරයාගේ ඉතා සමීපතම අමාත්‍යවරයෙකු සහ එක්සත් රූපවාහිනී නාලිකාවකට සම්බන්ධ කම් ඇති පැවති රාජපක්ෂ රජයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙකු සහ වත්මන් රජයේ ශ්‍රීලනිප අමාත්‍යවරයෙකු විසින් දිගින් දිගටම සිදුකරන අනිසි බලපෑම සහ වැඩ කටයුතු හේතුවෙන් වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානමින් සිටින බවද පසුගිය දින කිහිපය තුලම වාර්තා වුනා.
නාවික හමුදා මැරපති……මාධ්‍යවේදීන්ට පහරදුන් අයුරු….
සිරිසේන රට පාවාදෙයි …TNA බෙදුම්වාදීන් සමග පැය 2ක් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක යනුවෙන් සහ එම සාකච්ඡාවලදිසිදුවු එකඟතාවන් සදහා බෙදුම්වාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය කැමැත්ත පලකිරිම හේතුවෙන් අයවැය අවසන් ඡන්දය විමසිමට ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් 16 දෙනාම පක්ෂව ඡන්දය ලබාදිමටද කැමැත්ත පලකර තිබේන බවට අප පසුගිය නොවැම්බර් 25, වැනිද අප කල අනාවරණය සත්‍යක් කරමින් සිරිසේනගේ බෙදුම්වාදී ආණ්ඩුව ආරක්ෂා කර ගැනිම සදහා අද අය වැයට පක්ෂව ද්‍රවිධ ජාතික සන්ධානය ඡන්දය ලබාදුන්නා.
2017 වසර සදහා වූ අයවැය වැඩි ඡන්ද 110නිද් අද පාර්ලිමේන්තුවේදි දී සම්මත වු අතර අයවැයට පක්ෂව ඡන්ද 165ක්, විරුද්දව ඡන්ද 55ක් ලැබණු අතර මන්ත්‍රීන් හතර දෙනෙක් සභා ගැබේ සිටියේ නැති අතර ඒකාබද්ද විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්දව ඡන්දය භාවිතා කල අතර විපක්ෂ නායකයා ඇතුළු දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන්නා.
සිරිසේන රට පාවාදෙයි …TNA බෙදුම්වාදීන් සමග පැය 2ක් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක
කවුරුන් මොනවා කිවත්..කුමණ බාධක එල්ල වුවද දෙමළ ජනයාට සාධාරණ ඉටුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරිමට තමන් කටයුතු කරන බවත් ඒ සදහා උපරීම විධායක බලය භාවිතා කිරිමට තමන් දෙවරක් නොසිතන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දෙමළ සන්ධාන නායකයා සහ තවත් කණ්ඩායමක් සමග පැවැති විශේෂ හමුවේදි තහවුරු කර තිබේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක බෙදුම්වාදී දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධගේ කාර්යාලයේ පැය දෙකකට අධික කාලයක් පැවැති රැස්විමේදි ජනාධිපතිවරා හමුවේ ද්‍රවිධා සන්ධාන නායකයින් පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය බේදිමේ ක්‍රියාවලිය ජාත්‍යන්තරය හමුවේ ලංකා ආණ්ඩුව අත්සන් කල ගිවිසුම ප්‍රකාරව සිදුවිය යුතු නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම් විවිධ විරුද්ධ මත දැරිම හේතුවෙන් තම පක්ෂය බරපතළ අර්බුදයකට මුහුණ දි සිටින බවයි.
උතුරට බලය නිසී අයුරින් බෙදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් තම පක්ෂය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන මෙන්ම උතුරේ ජනයා දැඩි උනන්දුවකින් සිටින බවත් ආණ්ඩුවට සහය දිම් තින්දු වන්නේද ඒ සදහා ලැබෙන පොරොන්දු මත බවද ආර් සම්බන්ධන් පෙන්වා දි තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා කමිටුවට භාරදුන් ඇතැම් යෝජනා යම් වෙනස්කම් වලට භාජනය කර ඇති බැවින් ද්‍රවිධ ජාතික සන්ධානය ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඇතුලත් විශේෂ වාර්තාවක්ද ජනාධිපතිවරයාට ලබාදිමට එම සාකච්ඡාවෙදි කටයුතු කර තිබේ.
මේ අතර සියලු එකඟතාවන් සදහා බෙදුම්වාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය කැමැත්ත පලකිරිම හේතුවෙන් අයවැය අවසන් ඡන්දය විමසිමට ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් 16 දෙනාම පක්ෂව ඡන්දය ලබාදිමටද කැමැත්ත පලකර තිබේ.
අදාල සම්පූර්ණ අනාවරණය පහතින් බලන්න…
http://www.sinhala.lnwtoday.com/archives/14403
උතුරු පළාත් සභාව සඳහා අලුතින් වෙනම ජාතික ගීයක් නිර්මාණය කිරීමට තීරණය වී ඇත.ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ගීය මින්පසු එහි ගායනා නොකෙරෙන බව සදහන්ය.
අලුත් ජාතික ගීයක් නිර්මාණය කරන බව උතුරු පළාත් සභාපති එම්. වයි. කේ. සිවඥානම් විසින් හෙළිකර ඇත.උතුරු පළාත් සභාව මෙලෙස අලුත් ජාතික ගීයක් නිර්මාණය කිරීම පළාත් සභා බලතල උල්ලංඝනය කිරීමකි.මේ සඳහා රජයේ අවසරය ගෙන නැත.
උතුරු පළාත් සභාව ආරම්භ වී දැනට වසර තුනක් ගතවී ඇත.
කීර්ති වර්ණකුලසූරිය
බොහෝ දේ ගැන කතාකරන්න තියෙනවා. හම්බන්තොට වරාය චීනයට බදු දීම, වරායේ කිහිප දෙනකු එකතු වී ලෝකයේ උසම නත්තල් ගස සෑදීමට යැම, කාදිනල්තුමාගේ නියෝජිතයා එයට පළමුව ආශිර්වාද කිරීම, පසුව කාට කාටත් දිළින්දන් මතක්වීම, දිළින්දන් නගා සිටුවීමට කිසිවකුට නොහැකිවීම, කෝප් වාර්තාව දෙවැනි වරටත් අතුරුදහන් කිරීමට පාර්ලිමේන්තු සැසි වාරය කල් තැබීමට අදහස් කිරීම, මෛත්‍රිපාල එයට දක්වන ප්‍රතිචාරය, එට්කා ආදී වශයෙන් මාතෘකා රාශියක් තිබෙනවා. ඒ අතර නොපෙනෙන මානය, බටහිර විද්‍යාව, ජාතිකත්වය, වකුගඩු රෝගය, බුදුදහම ආදී එදිනෙදා කරුණු ඉක්මවා යන මාතෘකා ද තිබෙනවා. ඒ සියල්ලම තිබිය දී අප අද කැප්පෙටිපොළ වීරයා ගැන කතා කරනවා.
අද රටේ ඇත්තේ වැඩ බැරි ටාසන්ලාගේ ආණ්ඩුවක්. රනිල් හා ආණ්ඩුව කරන්නේ තාමත් හැම එකට ම මහින්දට හා ඊනියා රාජපක්ෂ රෙජිමයට බැණ වැදීම පමණයි. රනිල් පහුගිය දා තවත් විහිළුවක් සපයා තිබුණා. ඔහුට අනුව මහින්ද රාජපක්ෂ අවුරුදු දෙකක් තිබිය දී ජනාධිපතිවරණයක් පවත්වා ඇත්තේ ජාතික ණය බරින් නිදහස් වීමට නොහැකි නිසයි. එයින් කියැවෙන්නේ මහින්ද ජනාධිපතිවරණය පවත්වා ඇත්තේ ම තමන්ට කරන්න බැරි නිසා ආණ්ඩුව රනිල්ට භාර දී මැදමූලනට යෑමටයි. මහින්ද දැනගෙන තිබෙනවා තමා පරදින බව. රනිල්ට අනුව මහින්ද පරාජය වීම සඳහා ම ජනාධිපතිවරණයක් පැවැත් වූ ලෝකයේ පළමු ජනාධිපතිවරයා වෙන්න ඕන.
මේ වැඩ බැරි ටාසන්ලා තම නොහැකියාව වසා ගැනීමට හා ව්‍යවස්ථා සම්පාදනය ජනතාවට අමතක කරවීමට රනිල්, කිරිඇල්ල, හැරිසන් ආකෘතිවල විහිළු සපයන අතර මෛත්‍රිපාල වෙනම පොතක් පෙරළනවා. ඒ පොතේ සමහර පිටුවල ජාතිකත්වය ගැන ද ලියැවී තිබෙනවා. මෛත්‍රිපාල අද කියන දේ හෙට නිෂේධ කරනවා. පහුගිය දා ඔහු එතෙර සිටින වෛද්‍යවරුන්ට ආපසු ලංකාවට ඒමට ආරාධනය කළා. ඊයේ මෙරටට විදේශ විනිමය උපයන මවුවරුන්ගේ දරුවන් අමතා කීවේ වෛද්‍යවරුන් ඉංජිනේරුවරුන් ආදීන් වී පිටරට ගොස් සේවය කර රටට වැඩ කරන්න කියා. ඔහු ඒ දරුවන්ගෙනුත් විදේශ විනිමය බලාපොරොත්තු වෙනව වගේ.
මෛත්‍රිපාල ජනාධිපති ලෙස වැඩක් කරලා. ඔහු කැප්පෙටිපොළ නිළමෙතුමා (මට අර නිළමෙ සර් මතක් වෙන්නෙ කරුමෙකට වෙන්න ඕන) ඇතුළු කිහිප දෙනකු රණ ශූරයන් බවට පත්කරලා. ඔහු හිතන විධියට කැප්ටෙිපොළ නිළමෙතුමා ඊයේ වන තුරු දේශද්‍රෝහියෙක්. දැන් මෛත්‍රිපාලට පින් සිද්ද වෙන්න රණ ශූරයෙක්. අපට නම් කැප්පෙටිපොළ නිළමෙතුමා ඇතුළු පිරිස දේශප්‍රේමී වීරයන් වී බොහෝ කල්. ඔවුන් 1817 සිට ම අපේ වීරයන්. ඔවුන් දේශද්‍රෝහීන් රාජද්‍රෝහීන් බවට පත්කෙරුණේ බ්රවුන්රිග් විසින්. සමහරවිට මෛත්‍රිපාලටත් බ්රවුන්රිග් අනුව යමින් ඔවුන් ඊයේ වන තුරු රාජද්‍රෝහීන් වෙන්න ඇති.
මා කලින් වතාවක සඳහන් කර ඇති පරිදි චන්ද්‍රිකාගේ ආණ්ඩුව 1998 දී ඊනියා නිදහසේ පනස්වසර සැමරීමට වේල්ස් කුමාරයා නමින් ප්‍රචලිත චාල්ස් වින්ඩ්සර් ගෙන්නුවා. මහනුවර මගුල් මඩුවේ පැවති උත්සවයක දී චන්ද්‍රිකා ද ඉංගිරිසියෙන් කතා කර නිදහසේ පනස්වසර සැමරුවා. මෛත්‍රිපාලත් සමහරවිට එදා නුවර යන්න ඇති. චින්තන පර්ෂදයේ අප නම් එදා ගියේ වෙල්ලස්සට. ඒ වේල්ස් කුමරයා සමග නොව වෙල්ලස්සේ කුමාරයා සැමරීමට. අපට එදත් කැප්පෙටිපොල නිළමෙතුමා ඇතළු පිරිස වීරයන්. අපේ සැමරුම් උත්සවයට විජිතමුණි සොයිසා නම් විරුද්ධ වුනා. ඔහු ඒ උත්සවය නවත්වන්න උත්සාහ කළා. ඔහුට අප රාජද්‍රෝහීන් වෙන්න ඇති. ඔහු කැප්පටිපොළ නිළමෙතුමාත් රාජද්‍රෝහියකු ලෙස සලකන්න ඇති. අප ඔහු එදත් සතපහකට ගණන් ගත්තේ නැහැ. අප උත්සවය පැවැත්වුවා. වෙල්ලස්සේ කුමාරයා සැමරුවා. චන්ද්‍රිකාගේ මිනිසුන්ට දේශප්‍රේමීන් පෙනෙන්නේ ජාතිවාදීන් ලෙස, නැත්නම් අර කවුදෝ අනුව යමින් තක්කඩියන් ලෙස. කැප්පෙටිපොළ නිළමෙතුමාත් පඬියන්ට අනුව තක්කඩියකු වන්නට ඇති.
මෛත්‍රිපාලගේ ජනාධිපති ආඥාව නැති වුනාට කැප්පෙටිපොළ නිළමෙතුමා ඇතළු පිරිස සිංහලයන්ට තවදත් දේශප්‍රේමී රණ ශූරයන්. ලෝකයේ බොහෝ රටවල නගරවලට බටහිරයන් දුන් නම් වෙනස්කර ඉංගිරිසියෙන් ද පැරණි නමින් හඳුන්වනවා. බීජිං, කොල්කතා ඒ සඳහා උදාහරණ. එත් අපට තාමත් මහනුවර කැන්ඩි. මෛත්‍රිපාලට පුළුවන් ද කැන්ඩි ඉංගිරිසියෙනුත් මහනුවර කරන්න. මහින්දත් ඒක කෙළේ නැහැ. කොහොමටත් මේ රටේ පඬියන් ට්‍රින්කො මිසක් ත්‍රිකුණාමලයට හරි ගෝකණ්නට හරි යන්නෙ නැහැ. බැටී මිසක් මඩකලපු යන්නෙ නැහැ.
මෛත්‍රිපාලට කරන්න වැඩක් තියෙනවා. තාමත් ඉංගිරිසින්ට අනුව කැප්පටිපොළ නිළමෙතුමා ඇතුළු පිරිස රාජද්‍රෝහීන්. ඔය එංගලන්තෙ ගිය වෙලාවක අත්වැසුම් ඇතුව හරි නැතුව හරි ඒ නෝනා (එලිසබෙත් වින්ඩ්සර්) හරි මේ නෝනා (එංගලන්තෙ අගමැතිනි) හරි හම්බ වුනොත් කැප්පටිපොළ නිළමෙතුමා ඇතුළු පිරිසගෙ රාජද්‍රෝහිකම නැති කරන්න කියනවා ද? කැප්පෙටිපොළ නිළමෙතුමා ඇතුළු පිරිස රාජද්රොාහීන් වෙන්නෙ එංගලන්තෙ මිසක් ලංකාවෙ නොවෙයි. ඔවුන්ගෙ රාජද්‍රෝහීකම නැති කරන්න ඕන එංගලන්තෙ මිසක් මෙහෙ නොවෙයි. මෛත්‍රිපාලට ඒ වැඩේ කරන්න බැරි නම් අර නිතර එංගලන්තෙට යන චන්ද්‍රිකා නෝන ලව්ව ඒ නෝනට හරි මේ නෝනට හරි කියවලා ඒ වැඩේ කරවනවද?
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 09
කැප්පෙටිපොළ නිළමෙතුමා පසු වදන
පසු වදනඃ
1817 -18 මෙරට ඇති වුනේ ඉංගිරිසින්ට විරුද්ධව කරන ලද පළමු නිදහස් සටන. අප ඒ බව කියන්නේ 1998ත් කලින්. එය කැරැල්ලක් වුනේ ඉංගිරිසින්ට. ඒත් අදත් ලංකාවේ ජනමාධ්‍යවල ප්රබුද්ධ කියන ජනමාධ්‍යවේදීන් තවමත් ඒ නිදහස් සටනට කියන්නේ කැරැල්ල කියා. මෛත්‍රිපාල කියන්නෙ කොහොමද කියලා හරියට කියන්න බැහැ.
ණය පියවීමට යැයි පවසමින් වරායේ 80 % ක කොටස් ඩොලර් බිලියන 1.1 ට චීන සමාගමට විකුණා දමන මුදලෙන් කිසිදු ණයක් පියවීමට රජය සූදානම් නැති බවත් එම මුදල් පිල්ලි ගැසිම සදහා මේ වනවිට යහපාලන මෙහෙයුමක් දියත් කරමින් තිබේන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහත පෙන්වා දෙනවා.
අද (09) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් මන්ත්‍රීවරයා සදහන් කළේ වරාය විකුණා ලැබෙන ඩොලර් බිලියන 1.1 ණය ගෙවීමට යොදවන්නේ නැත්තම් ,එය යන්නේ කාගේ සාක්කුවටද යන්න ඔහු ප්‍රශ්න කරනවා . හොර රහසේ සිදු කරන මේ ගිවිසුම වහාම නතර කල යුතු බවත් , රජය මීට වඩා සංවේදීව මේ ප්රශ්නය දිහා බලා කටයුතු කල යුතු බවයි ඔහු කියා සිටියේ.මහ බැංකු වංචාවටම සම්බන්ධ පිරිස් මේ සදහා දායකත්වය ලබා ඇත් දැයි , සැක සහිත බවත් එදා ගල් වළක් යැයි චෝදනා කල හම්බන්තොට වරායට අද එක පාරම , ඩොලර් බිලියන 1.1 වටිනාකමක් ලැබීම ගැටළු සහගත බවයි.
හම්බන්තොට වරාය සේවකයන් දොට්ට දමා ඩොලර් බිලියන 1… by lnwtoday
Published 2016/12/09 – එක්සත් ජාතික පක්ෂයේ රනිල් විරෝධී මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්විම සදහා කැමත්ත පලකර ඇති බව ශ්‍රිලනීප මෛත්‍රී පිළේ ජ්‍යෙෂ්ඨ නිළයක් දරණ පුද්ගලයෙකු අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.
ඒ සදහා ජාතික ආණ්ඩුවෙන් ඉවත් විමට සාධාරණ හේතුවක් අවශ්‍ය බව දැනුම් දි ඇති අතර ඒ අනුව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව කරගෙන යෑමට ඉඩ ලබාදි පසුව ආණ්ඩුව අසාර්ථක කර ඒ හරහා සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රීලනීප ආණ්ඩුවක් සෑදිම මෙම කණ්ඩායමේ යෝජනාව වි තිබේ.
ඒ අනුව අයවැය සම්මත විමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන ක්‍රියාවලිය අස්සේම ජාතික ආණ්ඩුව වෙනුවට රනිල් වික්‍රමසිංහ මහත නායකත්වය යටතේ එජාප ආණ්ඩුවක් සෑදිමට අවශ්‍ය තල්ලුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රීලනීප මෛත්‍රී පිළේ කණ්ඩායම් හරහා සිදුකිරිමට අවශ්‍ය මෙහෙයුම මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබේන අතර ඒ පසුපස එජාපයේ සජිත් පිළ නියෝජනය කරන නී අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා,රංජන් රාමනායක සහ එජාපයේ නායකත්ව සිහිනය අභියස සිට පසුව වික්‍රමසිංහ මහතාගේ ගල් කොල්ලන් කපා දැමු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධනද සිටින අතර සජිත් පිළේ න්යාචාරවයාව සිට දැන් සිරිසේනගේ න්‍යාචාරවරයා ලෙස කටයුතු කරන ශිරාල් ලක්තිලක මෙම මෙහෙයුම පිටුපස සිටින බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
රනිල් වික්‍රමසිංහගේ ගජ මිතුරා වන ශ්‍රී ලංකා සම්භවයක් සහිත සිංගප්පූරු ජාතිකයකු වන අර්ජුන් මහේන්ද්‍රන් හා එජාපයේ රනිල් කල්ලිය එක්සත් ජාතික පක්ෂය බිල්ලට දි බිලියන ගණන් උපයා ගැනිම ගැන කලකිරිමට පත් එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එජාපයේ වෙනම කණ්ඩායමක් ලෙස ඉදිරියේදි කටයුතු කිරිමට සුදානම් බව එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු මිට පෙර අනාවරණය කර තිබුනා.
එජාපයේ මන්ත්‍රීවරුන් 93 දෙනෙකු සිටින අතර ඊට අමතරව ශ්‍රීලනිපයේ දැනට ඇමතිකම් දරණ මන්ත්‍රීවරුන් ඒ අකාරයටම ඒජාපය සමග එක්ව කටයුතු කරනු ඇති අතර ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එම එජාප ආණ්ඩුවට එකතු කිරිමට හැකියාවක් ඇති බවයි සිරිසේනගේ න්‍යාචාරවරයා පෙන්වාදි ඇත්තේ.මෙම මෙහෙයුම සදහා සිවිල් සංවිධාන,කිළී මහාරාජාගේ මාධ්‍ය ජාලය සහ පසුගියදා රනිල්ට පයින් ගෑසු රේනෝගේ හිරූ මාධ්‍ය ජාලයද ඉතා සියුම්ව භාවිතා කිරිමට කටයුතු කරමින් සිටි.
යහපාලන ආණ්ඩුවේ ගැටලු හමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් වෙන වෙනම තම තනතුරැ රැක ගැනීමේ සීතල යුද්ධයකට අවතීර්න වි සිටින අතර විශේෂයෙන්ම ජනාධිපතිවරයා මුහුණ දි සිටින අර්බුදය වන ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ජනතා බලයක් නොමැති විමත් ඒ හරහා මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය යලිත් අල්ලා ගැනිම සදහා දැඩි පරිශ්‍රමයක් යෙදවිමට සිදුව තිබේ.
ඒ අනුව එජාපය ආණ්ඩුව අනාගත් පසුව ශ්‍රීලනිපයේ මෛත්‍රී පිල,එජාපයේ සජිත් කණ්ඩායමේ සිට සිරිසේන සමග ආණ්ඩුව සෑදිමට කටයුතු කරන කණ්ඩායම සහ තවත් සුළු පක්ෂ සියල්ලම එකතු කර ගනිමින් ආණ්ඩුවක් සැදිම හරහා ශ්‍රීලනිපයේ බලය ඇල්ලිමට උපක්රමශීලීව කටයුතු කරමින් සිටින රාජපක්ෂලා දේශපාලන පොරපිටියෙන් ඉවත් කල හැකි බවත් ඒ හරහා මහින්ද සමග සිටින ශ්‍රීලනිප කණ්ඩායමද දිනාගැනිම මෙම කුමන්ත්රණයේ අරමුණ වි තිබේ.
පසුගිය මාසයේ හදිසියේ ආරම්භ කල ශ්‍රීලනීප ප්‍රවර්ධන වැඩසටහන්ද ආරම්භ කර හින කිහිපයක් තුල නතර කර දැමිමට සිදුවු අතර ඒ සම්බන්ධයෙන් මෛත්‍රී පිලේ කණ්ඩායම් අතර අර්බුදයක්ද හටගෙන් තිබේ.
මේ සම්බන්ධයෙන් මෛත්‍රී පිළේ කිහිප දෙනෙකු මෛත්‍රී ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අපේ අය ඇමතිකම් අරන් කොළඹට වී ජොලියේ ඉන්නා බවත් මේ වනවිටත් මහින්ද පාර්ශවය වෙනුවෙන් අවශ්‍ය දේශපාලන වැඩපිළිවෙළ බැසිල් රාජපක්ෂ විසින් ඉතා උපායශීලීව හා සාර්ථකව ගම් මට්ටමේ කරගෙන යන බවත්, මේ විදියට ගියොත් අනාගතයේදි අපේ කණ්ඩායමට මහින්දගේ ලකුණෙන් ඡන්දය ඉල්ලන්න වෙන බවත්ය.
එහිදි මෛත්‍රී ජනාධිපතිවරයාට තරමක් කේන්ති ගිය අතර අවසානයේ ඔහුද ‘අපේ කට්ටිය ගමට බැහලා කිසි දෙයක් කරන්නේ නැ’ කියමින් අප්‍රසාදය ඒ සම්බන්ධයෙන් පෙන්වා තිබේ.
Top