තමන් වෙත පවරා දී ඇති රාජකාරී නිසි ලෙස ඉටු නොකර, මුදල් නාස්ති කරන, රාජ්‍ය දේපල අයතා පරිහරණය කරන, කයිවාරුව හැර වෙන වැඩක් නොකරන හා අසමත් දේශපාලන හා පරිපාලන ප්‍රධානීන් පිළිබදව අප මින් පෙර අණාවරණය කළ “කණ්නාඩි කණ්ඩායම” නම් බුද්ධි නිළධාරී කණ්ඩායමක් ජනාධිපතිවරයා වෙත දිගින් දිගටම වාර්තා කරමින් සිටින බව දැනගන්නට ලැබී තිබේ.
රාජ්‍ය යාන්ත්‍රණය විදිමත්ව පවත්වාගෙන යාම හා අසමතුන් පිළිබද සොයා බැලීම වෙනුවෙන් රටේ ඉහළම තැනක ධූතයින් ලෙස පත් කර ඇති මෙම කණ්නාඩි කණ්ඩායම විසින් මේ වන විට කැබිනට්, නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු පමණ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ජනාධිපතිවරයාගේ පසුගිය දින වල ආක්‍රමණශීලී හා චෝදනාමුඛ හැසිරීම් වලට මෙම වාර්තා හේතු වී ඇතැයි ද වාර්තා වේ. ජනතාව වෙනුවෙන් සේවය නොකරමින් මුදල් වියදම් කරන මාධ්‍ය සංදර්ශන හා කැම්පේන් මගින් ජනාධිපතිවරයා ඇන්දවීමට උත්සාහ ගන්නා අය ද බිස්නස් ගොඩ දමා ගැනීමට දේශපාලනය කරන අය ද මෙම පිරිසේ ප්‍රධාන ඉලක්කයක් වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ශක්තිමත් කරමින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් ජනාධිපතිවරයා ගන්නා උත්සාහයන් අඩපණ කිරීමට බොහෝ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු කැපවීමෙන් කටයුතු කරමින් සිටින පසුබිමක් තුළ එවැනි කරුණු සම්බන්ධයෙන් ද සොයා බැලීම මෙම කණ්නාඩි කණ්ඩායම වෙත පැවරී ඇති වගකීම් අතර වන බව සදහන් වේ.
විපක්ෂය විසින් අයවැය විවාද අතරතුර මතුකළ ඇතැම් කරුණු අමාත්‍යවරුන් විසින් තමන් වෙත වාර්තා නොකිරීම හා සගවාගෙන සිටීම හේතුවෙන් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල සිදුවන අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමන්ගේ අවධානය යොමුව තිබේ. ඇතැම් තැන්වල අනවශ්‍ය හා නුසුදුසු පුද්ගලයින් බදවා ගෙන තිබීම මෙන්ම ඇතැම් ප්‍රධානීන්ගේ හිතුවක්කාර තීරණ අනුව ඇතැම් තැන් පුරප්පාඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව තිබේ. ඔවුන්ට විරුද්ධ චෝදනාව නම් “ආණ්ඩුව මාස දහඅටක් ගිහිං කාඩර් එක පිළිවලක් කරලා නැති අයත් ඉන්නවා. වැඩ ගැන කතා කරලා වැඩක් නෑ. සැලසුම් යෝජනා බලාපොරොත්තු විතරයි. වැඩ නෑ.” යන්නයි.
සමාජ ජාලා තුළ සක්‍රීය වෙමින් සිටින කණ්නාඩි කණ්ඩායම වත්මන් ආණ්ඩුවේ ජනප්‍රියතාව සම්බන්ධයෙන් සමීක්ෂණ ගණයේ වැඩසටහන් වලද නිරත වෙමින් සිටින පිරිසක් බව ද වාර්තා වේ. බොහෝ සථානවලට තාවකාලික නවාතැන්කරුවන් ලෙස පැමිණ සිටින මෙම පිරිස කවුරුන්දැයි හදුනාගැනීමට- අපගේ මීට පෙර වාර්තාවත් සමග ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිස් මහත් වෙහෙසක නිරත වෙමින් සිටින බව ද වාර්තා වේ. මොවුන් බොහෝමයක් පොදු අපේක්ෂකයාට සහාය දැක්වූ පිරිස් වන අතර ඔවුන්ගේ අත්දැකීම් හා හැකියාවන් අනුව මෙම රාජකාරී භාර දී ඇතැයි එම ආරංචිවල සදහන් වේ.
ඔත්තුකරුවකු විසිනී
ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් මීට වඩා වගකීමිකින් යුතුව කටයුතු කරන ලෙසත් බෙදුම්වාදීන්ට හා විදේශීය බලවතුන්ට අවශ්‍ය කාරණා සාකච්ඡා කිරීමට පෙර මේ රටේ ජනතාවට පසුගිය ජනාධිපති වරණයේදී දුන් ප්‍රධාන ව්‍යවස්ථාමය පොරොන්දු මුලින්ම ඉටුකල යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
එමෙන්ම ඉහත සදහන් වූ අතිශයින්ම හානිකර යෝජනා කිසිවක් අවසන් ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් නොවනු ඇතැයි මම විශ්වාස කරමි. මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් මහනාහිමියන් නොමග යැවීමට ශ්‍රීලනිප කණ්ඩායමක් යවා තිබීමෙන් පෙනෙන්නේ ‘බෙදීම’ යන වචනය පාවිච්චි නොකර රට බෙදන මේ ව්‍යවස්ථා සංශෝධන හානිකර නොවන දෙයක් හැටියට මහා සංඝරත්නයටත්, මහජනතාවටත් හුවා දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතිකවාදී ප්‍රතිරෑපය පාවිච්චි කිරීමට දුෂ්ඨ වැඩපිළිවෙලක් දියත්වී ඇති බවයි.
තමන් මේ අවස්ථාවේදී එජාපයට වහල් වී සිටීම හේතුවෙන් ශ්‍රීලනිපය පසුගිය දශක හය මුලුල්ලේ දැරෑ ප්‍රතිපත්ති පාවා නොදෙන මෙන් ආණ්ඩුවේ සිටින සියළුම ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගෙන් මම ඉල්ලා සිටිමි.
2016 දෙසැම්බර් 04
මාධ්‍ය නිවේදනය
රටේ සියළු කලබල අස්සේ සිදු කෙරෙන ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙල
මෙවර අයවැය කෙරෙහි කාගෙත් අවධානය යොමුවී තිබෙන අතරතුර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනුකමිටු හයක යෝජනා සහිත වාර්ථා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවේය. එයත් සමගම ආණ්ඩුවේ ඇමතිවරුන් මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවල රටේ ඒකීයභාවය හෝ බුදු දහමට ඇති විශේෂ තත්වය අහෝසි කිරීමට හෝ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට යෝජනා ඇතුළත් නැතිබව කියමින් ඒවාට මහනායක හිමිවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු. එපමණක්ද නොව අයවැය සම්බන්ධයෙන් ඇති වූ උද්ගෝෂණ, වැඩවර්ජන ආදී සියල්ල පසෙක තිබියදී ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවේදී බලය බෙදීමේ වැදගත්ගම ගැන කතා කලේය.
මේ අතරතුර, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දිගට හරහට රථ වාහන, විශේෂ දීමනා යනාදී වරදාන බෙදන හැටි අපි දුටුවෙමු. මේ සියල්ල ලග එන බරපතල ජාතික උවදුරක පෙර නිමිතිය.
පසුගිය ජනාධිපතිවරණයේදී අද මේ ආණ්ඩුවේ සිටින නායකයන් ජනතාවට ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් දුන් ප්‍රධානම පොරොන්දු දෙක වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමයි. නමුත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් පත්කොට තිබෙන අනුකමිටු එකක්වත් මේ ප්‍රධාන කාරණා දෙක ගැන අවධානය යොමුකොට නැත. ඒ වෙනුවට අපට ලැබී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී අඩු වශයෙන් සදහනක්වත් නොකෙරුණු කාරණා ගැන අනුකමිටු වාර්ථා හයකි.
අයැවැයේ ගැටළු හරියට විසදන්නෙත් නැතුව ව්‍යවස්ථාව සංශෝධන ගැන කතාකිරීමේ අවස්ථා සම්බන්ධය, පැහැදිලි වන්නේ ව්‍යවස්ථා සංශෝධන පිළිබද අනුකමිටු වාර්ථා කියවා බැලූ විටය.
අපේ ව්‍යවස්ථාවේ ‘ඒකීය ස්වභාවය’ නිසා පලාත් සභාවල කටයුතු වලට ‘බාධා’ පැමිණෙන බව මධ්‍ය හා පර්යන්තය පිළිබද අනුකමිටු වාර්ථාවේ එළිපිට සදහන් කොට ඇත. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ඇතැම් අනුකමිටු විසින් ‘ඒකීය’ යන වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් නොකොට රටේ ඒකීය භාවය අවසන් කිරීම සදහා යෝජනා ගණනාවක්ම ඉදිරිපත් කර ඇත. මේවා අතරින් කීපයක් පමණක් ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි.
ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් මීට වඩා වගකීමිකින් යුතුව කටයුතු කරන ලෙසත් බෙදුම්වාදීන්ට හා විදේශීය බලවතුන්ට අවශ්‍ය කාරණා සාකච්ඡා කිරීමට පෙර මේ රටේ ජනතාවට පසුගිය ජනාධිපති වරණයේදී දුන් ප්‍රධාන ව්‍යවස්ථාමය පොරොන්දු මුලින්ම ඉටුකල යුතු යැයි මම යෝජනා කර සිටිමි. එමෙන්ම ඉහත සදහන් වූ අතිශයින්ම හානිකර යෝජනා කිසිවක් අවසන් ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් නොවනු ඇතැයි මම විශ්වාස කරමි. මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් මහනාහිමියන් නොමග යැවීමට ශ්‍රීලනිප කණ්ඩායමක් යවා තිබීමෙන් පෙනෙන්නේ ‘බෙදීම’ යන වචනය පාවිච්චි නොකර රට බෙදන මේ ව්‍යවස්ථා සංශෝධන හානිකර නොවන දෙයක් හැටියට මහා සංඝරත්නයටත්, මහජනතාවටත් හුවා දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතිකවාදී ප්‍රතිරෑපය පාවිච්චි කිරීමට දුෂ්ඨ වැඩපිළිවෙලක් දියත්වී ඇති බවයි.
තමන් මේ අවස්ථාවේදී එජාපයට වහල් වී සිටීම හේතුවෙන් ශ්‍රීලනිපය පසුගිය දශක හය මුලුල්ලේ දැරෑ ප්‍රතිපත්ති පාවා නොදෙන මෙන් ආණ්ඩුවේ සිටින සියළුම ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගෙන් මම ඉල්ලා සිටිමි.
මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති
The constitutional reform programme launched amidst chaos in the country
The reports submitted by six subcommittees on constitutional reform appointed by the Constitutional Assembly were tabled in parliament while everybody’s attention was focused on the budget. With that government ministers moved fast to meet the Ven. Mahanayake Theras with a view to obtaining their support for these proposals by saying that no recommendations have been made to alter the unitary character of the constitution, the special status accorded to Buddhism or for the merger of the northern and eastern provinces. Furthermore, leaving aside all the strikes and demonstrations over the budget, the president himself spoke in parliament about the need to devolve power. In the meantime government parliamentarians and ministers are being showered with all kinds of privileges such as new cars and generous special allowances.
All these are signs that portend great danger to the nation. During the last presidential election campaign, the two main constitutional reforms promised to the people by this government were; the abolition of the executive presidency and reform of the electoral system. Neither of these two key issues have been dealt with by the subcommittees appointed by the Constitutional Assembly. Instead, six reports have been released on matters that were never even mentioned during the presidential elections.It is only in reading the subcommittee reports that the connection between the above mentioned events become clear. The subcommittee on ‘Centre Periphery Relations’ has openly stated that the ‘unitary character’ of our constitution is an ‘impediment’ to the functioning of the provincial councils and some of the reports have made recommendations that are designed to end the unitary character of Sri Lanka without however deleting that word from the constitution. I would like to highlight some of the most harmful recommendations as follows:
I call upon the government to act more responsibly in this all important matter of constitutional reform and to take up the two main electoral reform pledges they gave the people first, before dealing with matters that are of interest only to separatists and certain interested foreign parties. None of the recommendations mentioned above should be in the final draft of the constitution. The fact that the government sent an SLFP delegation to mislead the Ven. MahanayakeTheras about the constitutional reform proposals shows that they are trying to use the nationalistic credentials of the SLFP to deceive the MahaSangha and the people to push through a constitution which will divide the country without using the word ‘division’. I request all members of the SLFP serving in this government not to allow their enslavement to the UNP to go so far as to betraying every principle that the SLFP has stood for in the past six decades.
Mahinda Rajapaksa M.P.
Former President of Sri Lanka
පොලිස්පතිවරයාට ඇමතුමක් දුන් “සර්” කව්දැයි යන්න පමණක් නොව “නිලමේ” කව්දැයි වාගේම අදාළ රජ ගෙදර කුමන්ත්‍රණයද අප අනාවරණය කිරිමෙන් පසුව එම ඇත්ත රට හමුවේ වසන් කරගත නොහැකි වු අගමැති රනිල් සිය අමන තකතීරු රතු අලි පැටියා ලවා සුපුරුදු ලෙස ප්‍රශ්ණය පත්තරය ඉදිරිපත් කර එයට පිළිතුරු දෙන අකාරය ඊයේ පාර්ලිමේන්තුවේදි දක්කනට ලැබුනා.
චුදිත දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ අත් අඩංගුවට ගැනීමක් නොව ඔහුට තිබුනේ අධිකරණයට යෑම බවත් ඒ ගැන සාගල රත්නායක ඇමැතිවරයා විමසූ බවත් පොලිස්පතිවරයා තත්ත්වය පැහැදිලි කළ බවත් අගමැතිවරයා කියමින් සාගලට සහ පොලිස්පතිට සුදුහුණු ගැමට කටයුතු කල අතර රතු අලී පැටියා කෙසේ හෝ උත්සහ කරන්නේ මෙම ඇමතුමට මහින්දව පටලවා ගැනිමටය…………
ප්‍රශ්ණය එය නොවේ……මහින්දගේ කාලයේ මේ අකාරයේ දෙයක් වුයේ නම් අද අනුරයා පාර්ලිමේන්තු සභා ගර්භය මැද රීලා මුලු රටම ගදගස්වලා හමාරය.වික්‍රමසිංහ ඇතුලු එජාපය ජාත්‍යන්තර අධිකරණය හමුවට ගොස් පොලිස්පතිවරයාට එරෙහිව පැමිණිල්ලක් දමා කොළඹ හුන්ඩුවක් වැනි තැනක රැස්විමක් පවත්වා රාජපක්ෂලා පතුරු ගසනු නෝ අනුමානය….
ඇමතිත් මාට්ටු..නිළමෙත් මාට්ටු….. by lnwtoday
සාගලගේ කණට ගැසු පොලිස්පතිගේ පොලිෂ් මෙහෙයුම…ඇමති මෙන්න..නිළමේ මෙන්න…
http://www.sinhala.lnwtoday.com/archives/14510
සෑර්….කියු පොලිස්පති ගොඩ යයි…සාගල දොට්ට දැමු කුජීත මෙහෙයුම පසුපස මෛත්‍රීපාල අණ්ඩයාත්(Video)
http://www.sinhala.lnwtoday.com/archives/14516
දික් වූ සැනෙන් සතුරන්ගේ සිරස සිඳ
වක්‌නු පොරන සිංහල අත් යුවල අද
ඔක්‌කෝටම වදින හැටි බල බලා හිඳ
ලක්‌මව හඬයි එය ඔබටත් පෙනෙන වද..?
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ඉහත කව ලීවේ අප නිදහස ලබා ගැනීමට පෙරය. “අසිපත ගෙන දික් වූ අත නැවතත් වක්‌වූයේ පරසතුරාගේ ගෙල සිඳ මිස නිකම් නොවේ. එහෙව් වූ නිර්භීත අභිමානවත් ජාතියකට හිමිකම් කියන සිංහලයන් අද පරසුද්දා ඉදිරියේ නිවටව දණින් වැටී සිටී. එය දැක ලක්‌මාතාව කඳුළු හෙලන අන්දම ඔබට පෙනෙනවද? යනු එහි අදහසයි. මහින්ද හිමිගේ එම කවිය එදාටත් වඩා අදට කෙතරම් ගැලපේ දැයි මට සිතේ.
වසර 30 කට අධික කාලයක් රට පෙළු ත්‍රස්‌තවාදය නිම කළේ අපේ රණවිරුවන්ය. දෙමළ කොටි ත්‍රස්‌තවාදීන් අහිංසක වැසියන් බුරුතු පිටින් ඝාතනය කළේ උතුරට වෙනම පාලන බලයක් ලබා ගැනීමටය. ත්‍රස්‌තයන්ගේ දේශපාලන හස්‌තය වූයේ සම්බන්ධන්, සුමන්දිරන් ඇතුළු ද්‍රවිඩ සන්ධානයයි. ත්‍රස්‌ත්‍රවාදයට එරෙහිව කළ යුද්ධය අප ජයග්‍රහණය කරන විට රණවිරුවන් 29000 ක් මියගොස් 14000 ක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව තිබුණි. රණවිරුවන් සමස්‌ත ජාතියටම බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ නිදහස ලබා දුන්නේ එවන් වූ උදාර කැපවීමක් කරමිනි.
නමුත් අද උදා වී ඇති තත්ත්වය කුමක්‌ද? අප විසින් පරාජය කළ ත්‍රස්‌තයන්ගේ දේශපාලන මැරයන් ඉදිරියේ වර්තමාන පාලකයන් නිවටව වැඳ වැටී උන් ඉල්ලන සියලුම දේ ලබා දෙමින් සිටීමයි. ජනතාව රජයක් පිහිටුවීමට පාලකයන්ට ඡන්දය දෙන්නේ රටේ අභිමානය රකිමින් රට පාලනය කිරීමට මිස රටේ අභිමානය කෙලසමින් බලයේ සිටීමට නොවේ. පාලකයන් එසේ කරන්නේ නම් ඔවුන්ව වහාම බලයෙන් නෙරපා හැරීමට එසේ ඡන්දය දුන් ජනතාවම පෙළ ගැසිය යුතුය.
මෙවරත් රජය දෙමළ සන්ධානයට මිය ගිය ත්‍රස්‌තනායකයා ඇතුළු කොටි ත්‍රස්‌තයන් සැමරීමට අවසර ලබා දුනි. මිනීමරු කොටි නායකයාගේ ඡායාරූපය රැගත් යතුරුපැදි පෙරහැරක් ඇතුළුව සැමරුම් උත්සවය පැවැත් වූයේ 51 වන හමුදා සේනාංකය අසලය. යාපනය විශ්වවිද්‍යාලය තුළද කොටි සැමරුම් උත්සවයක් පවත්වා තිබුණි. මෙයද අද පාලකයන් බලාපොරොත්තු වන සංහිදියාව? දිවි පරදුවට තබා සටන් කරමින්, ත්‍රස්‌තයන් හා යුද වැදුණු රණවිරුවන් සිරගෙට දමමින්, ත්‍රස්‌තවාදීන්ව සිරෙන් නිදහස් කරමින්, මිය ගිය ත්‍රස්‌තයන් මහත් වූ හරසරින් සමරන්නට ඉඩ දේ නම් ඔවුන් රටට ආදරය කරන පාලකයන්ද එසේත් නැත්නම් කොටින්ට ලෙන්ගතු උන්ගේ බසට අවශ්‍ය වූ නිවටයන් පිරිසක්‌ද යන්න පිළිබඳව දැන් ජනතාව හොඳින් තේරුම් ගෙන තිබේ.
යුදෙව්වන් අමු අමුවේ ඝාතනය කළ ජර්මන් ජාතික හිට්‌ලර්ව අද ජර්මනිය පවා සමරන්නේ නැත. අමෙරිකාවේ ද්විත්ව කුලුනට ප්‍රහාර එල්ල කොට අමෙරිකානුවන් තුන් දහසකට ආසන්න පිරිසක් මරා දැමූ අල්කයිඩා ත්‍රස්‌තකල්ලියේ නායක ඔසාමා බින් ලාඩන් ඇතුළු මියගිය අල්කයිඩා ත්‍රස්‌තයන්ව අමෙරිකාවේදී සැමරීමට එහි පාලකයන් ඉඩ දෙයිද? එසේ ඉඩ දුනහොත් ඇමරිකන් ජනතාව කෙසේ හැසිරෙනු ඇත්ද? අපේ රටේ එසේ සිදුවෙමින් පවතී. දහස් ගණනක් අහිංසක රටේ ජනතාව අමු අමුවේ කපා කොටා ඝාතනය කළ ත්‍රස්‌තයන් සැමරීමට ත්‍රස්‌තයන්ගේ දේශපාලඥයන්ට අවසර දී තිබේ. නමුත් රටේ ජනතාව තවමත් ඒ සම්බන්ධයෙන් නිහඬය. ප්‍රංශයට ත්‍රස්‌තප්‍රහාරය එල්ල වූ විගස ප්‍රංශ ගුවන් නියමුවන් සිරියාවට බෝම්බ දමා අහිංසක කාන්තාවන් දරුවන් සියගණනක් මරා දැමූ අන්දම අප දුටු වෙමු. එම මෙහෙයුම දියත් කළ ප්‍රංශ ගුවන් නියමුවන් ඊළඟ රජය යටතේ යුද අපරාධ චෝදනා මත සිරභාරයට ගනියිද? එවිට ප්‍රංශ ජනතාව කෙසේ හැසිරෙනු ඇත්ද? නමුත් අපේ රණවිරුවන් විශාල සංඛ්‍යාවක් මිය ගියේ ආබාධිත තත්ත්වයට පත් වූයේ අහිංසක දෙමළ ජනතාව තෝරා බේරා ගෙන සටන් කිරීමට ගිය නිසාය. එවන් වූ අපේ රණවිරුවන් යුද අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට වර්තමාන රජය පිඹුරු පත් සකසන විට රටේ ජනතාව නිහඬය. ඒ නිහඬ බව වර්තමාන රජය වරදවා තේරුම් නොගත යුතුය. නිහඬ බව ඉවසීමේ ලක්‍ෂණයකි. ඉවසීමට සීමාවක් තිබේ. එම සීමාව ඉක්‌මවා ගියහොත් දේශයට ද්‍රෝහි වූ සියලුම පාලකයන්ට ජනතාව දඬුවම් දෙනු ඇත.
වර්තමාන රජය බලයට පත් වූ දා සිට කළේ රණවිරුවාට හිරිහැර කිරීමය. ඔවුන් යුද්ධයේ ජයග්‍රහණයට සෘජුව දායක වූ බුද්ධි නිලධාරීන් සාවද්‍ය චෝදනා මත වසරකට වඩා සිරකොට තැබීය. ඔවුනට තවමත් වේතනය ගෙවන්නේ නැත. යුද්ධයට නායකත්වය දුන් ආරක්‍ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරුන් තුන් දෙනෙක් කුඩුකාරයන් තබන කූඩුවක ඇපය ලැබෙන තුරු සිටීමට සැලැස්‌වීය. අපේ හමුදාවන් යුද අපරාධ, ස්‌ත්‍රී දූෂණ කළා යෑයි සඳහන් වන මානව හිමිකම් කොමසාරිස් සෙයිද් හුසේන්ගේ වාර්තාව අගය කරමින් පිළිගත්aතේය. මෙවැනි දේ කළ හැක්‌කේ රණවිරුවාට ද්වේශ කරන්නන්ට පමණි. වර්තමාන පාලකයෝ යුද්ධයේ ජයග්‍රහණයට අංශූ මාත්‍රයකින්වත් දායක වූ අය නොවෙති. ඔවුහු යුද මෙහෙයුම් සමච්චලයට ලක් කළ, රණවිරුවා හෑල්ලුවට ලක් කළ පිරිස් වෙති. එවන් වූ පාලකයන් රණවිරුවන්ට මෙසේ සැලකීම, මියගිය ත්‍රස්‌තයන් සැමරීමට ඉඩදීම, කරුණක් නොවේ. පුදුමයට පුදුමයට කරුණ නම් එවන් වූ දේශෙද්‍රdaහී මානසිකත්වයකින් හෙබි පාලකයන්ව බලයට ගෙන ඒමට ඡන්දය ලබාදුන් ජනතාවක් රට තුළ සිටීමය.
මහාචාර්ය නලින්ද සිල්වා පසුගිය දිනක උත්සවයකදී ඉතා වැදගත් ප්‍රකාශයක් කළේය. එනම් යුද්ධය ජයග්‍රහණය කළ පසු ප්‍රශ්නය විසඳී හමාරයි යන්නයි. බලය ලබා ගැනීමට යුද්ධ කළ සතුරාව පරාජය කළ පසු සතුරාට බලය ලබා දීමට සැරසීම කෙතරම් නම් මුග්ධ ක්‍රියාවක්‌ද? එසේ දිය යුතු නම් ලබාදිය යුත්තේ ජයගත් කණ්‌ඩායමේ කොන්දේසි අනුව මිස සතුරාගේ කොන්දේසි මත නොවේ. අද රටේ ව්‍යවස්‌ථා සංශෝධනය ගෙන එන්නේ දෙමළ බෙදුම්වාදී කොටි දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව මතය. එහි පිටුපස සිටින්නේ එදා සිටම කොටි ත්‍රස්‌තයන්ට වෙනම රාජ්‍යයක් ලබා දීමට “පැකේජ” නිර්මාණය කළ දේශෙද්‍රdaහී සිංහලයන් සහ කොටින්ගේ දේශපාලන හස්‌තය වන ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් ඇතුළු පිරිසයි. අද වන විට ව්‍යවස්‌ථා සංශෝධන අනුකමිටු 6 ක නිර්දේශයන් ප්‍රකාශයට පත් කොට ඇත. ඒවා ක්‍රියාත්මක කළහොත් අපේ රට පෙඩරල්වලටත් එහාගිය රටක් බවට පත්වේ. මේවා කරන්නේ රටේ සමස්‌ත ජනතාවගේම යහපත නිසා නොව දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව මතම පමණක් නම් අප ඊට ඉඩ දිය යුතුද?
වසර 2500 ක ලිත ඉතිහාසය පුරා අපි අපගේ රටේ “ඒකීය” භාවය රැකගෙන සිටියෙමු. එය රැක ගැනීම සඳහා අපේ මුතුන් මිත්තෝ ලක්‍ෂ ගණනක් සතුරු ආක්‍රමණිකයන් හා සටන් වැද දිවි පුද ඇත. මෑත කාලීන, ත්‍රස්‌තවාදයට විරුද්ධ යුද්ධයද කළේ එම “ඒකීය” භාවය සුරක්‍ෂිත කිරීමටය. මෙතෙක් කල් රටේ එම තත්ත්වය රැකගෙන සිටීම අපේ අභිමානයයි. මහා ඇලෙක්‌සැන්ඩර්ට හෝ අශෝක මහා අධිරාජ්‍යයාට පවා අපේ රට යටත් කර ගැනීමට නොලැබුණි. ඉංග්‍රීසීන්ට වුවද යුද්ධ කොට රට යටත් කර ගැනීමට නොහැකි විය. එසේ නම් මොනම පාලකයෙක්‌ටවත් පාර්ලිමේන්තුවේ අනු බලයෙන් හෝ ජනමත විචාරණකින් හෝ මොනයම් ආකාරයකින් හෝ එම ඒකීය භාවයට අත තැබීමට අප ඉඩ දිය යුතු නැත. නමුත් වර්තමාන රජය අද කිරීමට යන්නේ එයයි.
ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් සිංගප්පූරුවේදී කියා ඇති දේ අපට මතකය. ” සිංහලයන්ට සහ බෞද්ධ භික්‍ෂුවට අවශ්‍ය වන්නේ ලේබල පමණයි. අපි ” ඒකීය” ලේබලය ඒ අයට තියා ගන්න දීලා අපට අවශ්‍ය දේ කරගමු” යන්නයි. නමුත් අප එම ලේබලය සේම එම ලේබලයෙන් තහවුරු වන කිසිම දෙයකට හානි වන කිසිම දෙයක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව සුමන්දිරන් දැන ගත යුතුය. පසුගිය රජය කාලේ සුමන්දිරන්වත්, විග්නේශ්වරන්වත්, සිවාජිලිංගම්වත් මෙසේ කටමැත දෙඩෙව්වේ නැත. එසේ නම් මොවුන් මෙසේ
රියද් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
සභාපති – ජාතික රණවිරු එකමුතුව
පළාත් පාලන මැතිවරණයක් ඉල්ලමින් විරෝධතාවයේ නියැලුණු පළාත් පාලන නියෝජිතයින්ට , යහපාලන ආණ්ඩුවේ පොලිසිය විසින් එල්ල කල මැර ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් , පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් විසින් පැවැත්වූ විරෝධතාවයකට සිරිසේන-රනිල් පොලිසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් සහිත මැර ප්‍රහාරයක් එල්ල කල අතර පළාත් පාලන මන්ත්‍රීවරුන් රැසක් දැඩි ලෙස තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
මේ අතර විරෝධතාවය අතරතුරදී පොලිස් ප්‍රහාරයක් නිසා , ගම්පහ ප්‍රාදේශීය සභාවෙ හිටපු සභාපති රංජිත් ගුණවර්ධනගේ හිසට තුවාල සිදුවී තිබෙනවා .ප්‍රතිකාර සදහා ඔහු ගම්පහා රෝහලට ඇතුළත් කල බවයි එහි ප්‍රකාශකයෙකු අප හා ප්‍රකාශ කලේ .
ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම උදෙසා සංවිධානය කල සාමකාමි උද්ඝෝෂණයට පහරදීම
අද දින පලාත් පාලන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තු වටරවුමේදී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරනු ලැබූයේ ජනතාවගේ ඡන්දබල අයිතිය දිනාගැනීම වෙනුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම උදෙසා සංවිධානය කල සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුව එල්ල කල සාහසික ප්‍රහාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් දැඩිව පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.
නිසි කලට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක අත්‍යවශ්‍යයෙන්ම පැවතිය යුතු ලක්ෂණයයි. මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ප්‍රචණ්ඩ පාලනයක ස්වභාවය බව අමුතුවෙන් කිවයුතු නැත. අද පලාත් පාලන නියෝජිතයන් ඇතුලු දහස් සංඛ්‍යාත පිරිසක් පාර්ලිමේන්තු වටරවුම වටා රොද බැද ගත්තේ බදු ගෙවන ජනතාවගේ යුක්තිය සහ සර්වජන ඡන්දබල අයිතිය වෙනුවෙනි. එය අතිශයින්ම සත්භාවික කාලීන සාධාරණ අරගලයකි. නමුත් ආණ්ඩුව ඊට දැක්වුයේ අමානුෂික නිර්ලැජ්ජිත ප්‍රතිචාරයකි. මෙවැනි සාමකාමී මහජන උද්ඝෝෂණයකදී භාවිත නොකල යුතු ආකාරයේ ක්‍රමවේදයක් ආණ්ඩුව අදත් පාර්ලිමේන්තු වටරවුමේදී භාවිත කල බව අපි දුටුවෙමු. පිරිස විසුරුවා හැරීමේ අරමුණ නොව ඹවුන්ට තුවාල සහ ශාරීරික පීඩාවන් සිදු කිරීමේ අරමුණින් කදුඵ ගෑස් ප්‍රහාර එල්ල කෙරිනි. පිරිස විසුරුවා හැරීමේ අරමුණින් එහා ගිය ප්‍රචණ්ඩ අපේක්ෂාවන් ආණ්ඩුවට තිබුණු බව කදුඵ ගෑස් ප්‍රහාරය උද්ඝෝෂකයින්ගේ මුහුණටම එල්ල කිරීමෙන් තහවුරු විය. මෙහිදී එල්ල කල අධි පීඩන ජල ප්‍රහාරය සදහා විශ සහිත අපිරිසිදු ජලය යොදාගෙන තිබීමද බරපතල තත්වයකි ආණ්ඩුවෙ මෙම ප්‍රහාරයෙන් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබූ අතර ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ හිසට බරපතල තුවාල සිදුවී ඇත.
කිසිසේත්ම සාධාරණ නොවන අතාර්තික හේතු පුන පුනා ඉදිරිපත් කරමින් පාලාත් පාලන මැතිවරණය කල් දමන ආණ්ඩුව මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසනවාට අමතරව සාමකාමී උද්ඝෝෂණ සදහා වු මහජන අයිතියටද පහරදී අවසන්ය. ආබාධිත රණවිරු උද්ඝෝෂණයට එල්ල කල මැර ප්‍රහාරයෙන් අගනුවර වීදි පුරා විසිරුණු ලේ බිංදු වියැලෙන්නටත් මත්තෙන් අණ්ඩුව තවත් උද්ඝෝෂකයන් පිරිසකගේ ලේ සොලවා තිබේ. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඇතුලු උද්ඝෝෂකයින් මර්ධනය සදහා ආණ්ඩුව මෙකී අමානුශික උපක්‍රමය පසු ගිය කාලය පුරා දිගින් දිගටම භාවිතකර තිබේ. ප්‍රජාතන්ත්‍ර විරෝධි වියරු පාලකයින් පළමුව සිදුකරන්නේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගැනීමයි. එම වියරු පාලකයින්ගේ දෙවැනි ප්‍රයත්නය උදුරාගත් අයිතීන් දිනාගැනීම සදහා වූ මහජන අරගලය අමානුෂික ලෙස මර්ධණය කිරීමයි. ජනාධිපති සිරිසේන, අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ වර්ථමාන ආණ්ඩුව දැන් ප්‍රවේශවී ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක දෙවැනි අදියරයටයි.
ප්‍රජාතන්ත්‍රවාදී නව රජයක් ස්ථාපිත කිරීම සදහා වු අරගලය රාජ්‍ය ත්‍රස්තවාදයෙන් නතරකල හැකියැයි ආණ්ඩුව සිතන්නේනම් එය බරපතල වැරදි වැටහීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ජාතිවාදය පතුරුවා ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ රදවා ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිම සදහා මෙහෙයුමක් දියත් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.කාලයක් නතර වි තිබු අන්තවාදි කණ්ඩායම් පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙන් යලිත් අවදි වි සිටින අතර ඔහුන් භාවිතා කර ගනිමින් බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිමේ ඉතාමත් සියුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරිමට ජනතාවගේ ඇස් බදින නානසාර සහ ඩිල්දාස යනුවෙන් අප පසුගිය නොවැම්බර් 23කල අනාවරණය තවදුරටත් තහවුරු වන ප්‍රකාශයක් පසුගියදා තමන්ගේ බඩගොස්තරවාදය වෙනුවෙන් නානසාරලා සිරගත කල ඩෑන් පි‍්‍රයසාද් නැමත්තා විසින් සිදුකර තිබේ.
යහපාලනයේ කටුකන නානසාරලාගේ ජාතිවාදයේ තරම by lnwtoday
ජාතිවාදී කණ්ඩායම් රටේ කුලප්පුකර ඒ හරහා සිවිල් ජනයා අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරිමත් ඒ හරහා යහපාලනය උදාකිරිම වෙනුවෙන් කැපවි කටයුතු කල දැනට ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරිමට ලක්ව මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ගොඩනැගෙමින් තිබේන සිංහල,දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාව යලිත් භෙද බින්න කිරිම බෙදුම්වාදී,ඊළාම්වාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත් කර ගැනිම සදහා වන ජනමත විචාරණය ජයග්‍රහණය කිරිම එජාපයේ එකම අරමුණ වි තිබේ.
http://www.sinhala.lnwtoday.com/archives/14361
මහ බැංකු බැදුම්කර වංචාව හරහා බිලියන ගණනින් මුදල් වංචාකල අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් එක්ව ආරම්භ කිරිමට යන මුද්‍රිත මාධ්‍ය ජාලය සහ අර්ජුන් ඇලෝසියස් ස්වර්ණවාහිනී නාලිකාව මිලයට ගැනිමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඇතුළු බත් බැලයන් සියලුම දෙනා අන්දුන් කුන්දුන් වි සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
සිංහල හා ඉංග‍්‍රීසි පුවත්පත් දෙකක්, ගුවන් විදුලි හා රූපවාහිනී සේවා දෙකක් හා වෙබ් අඩවි ජාලයක් ඒ අනුව නුදුරේම ආරම්භ කිරීමට නියමිත අතර මේ වනවිට ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් වෙනස් කිරිම සදහා රුපවාහිණි වැඩසටහන් සහ ප්‍රවෘත්ති පිළිබඳව විශේෂඥ සහය ලබාගනිමින් සිටින බව අනාවරණය වි තිබේ.
පසුගියදා කැබිනට් මණ්ඩල රැස්විමෙන් අනතුරුව සුපුරුදු ලෙස ශ්‍රීලනීප මෛත්‍රී පිළේ බත්බැලයන් සමග පැවැති සාකච්ඡාවේදි බත්බැලයන් සියලුම දෙනා පෙන්වාදි ඇත්තේ මහේන්ද්‍රන්ලා ආරම්භ කිරිමට යන මාධ්‍ය ජාලය හරහා ජනාධිපතිවරයා ඇතුලු ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනීප කණ්ඩායම මෙන්ම ජනපතිට කඩේ යන කණ්ඩායම් ඉලක්ක කර දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කිරිමට සුදානමක් ඇති බවයි.ඒ හරහා වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුලු එජාපය සමාජය තුල ඉස්මතුවීමට ඉඩ සලස්වා ශ්‍රීලනීපය ඇතුලු අනෙකුත් පක්ෂ සියල්ලම දියකර හැරිම සදහා කටයුතු කරන බවයි මෛත්‍රීගේ බත්බැලයන් පෙන්වා දි ඇත්තේ..
2020 වෙනකොට ජනාධිපති කම විතරක් නොවේ ….අගමැති කමත් එජාපය ගන්න මේ මෙහෙයුම හරහා කුමන්ත්‍රණය කරනවා…..අපි එක්කම් ඉන්න් සමහරුත් මේ මෙහෙයුමේ කොටස් කාරයෝ වෙලා….. යනුවෙන් ශ්‍රීලනීප පැරෂුට් මහා ලේකම් දුමින්ද දිසානායක පවසා තිබේ.
“මේ කුමන්ත්‍රණ මෙහෙයුම පිටිපස්සේ ඊළඟ අගමැති වෙන්න බලාගෙන ඉන්න කිහිප දෙනෙකුම බැහැලා වැඩ…. අර්ජුන්ලාගේ පත්තර රටේ හැම අස්සක් මුල්ලක් නෑරම බෙදන්න වැඩපිළිවෙළක් හදලා ….” ඩිලාන් පෙරේරා එක හුස්මටම කියාගෙන ගොස් තිබේ.
එක්සත් ජාතික පක්ෂය පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ රටපුරා ග්‍රාමිය මට්ටමින් නිර්මාණය කල එජාප සන්නිවේදන බලකාය නැමති කටකතා බලකාය යලිත් පසුගිය සතියේ සිට සක්‍රීය කිරිමට කටයුතු ආරම්භ කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කර සුදත් චන්ද්‍රසේකර මෙම බලකාය මෙහෙයවන අතර ඔහුන් හරහා අර්ජුන්ලාගේ පුවත් පත් ගම්මට්ටමේ නොමිලේම ලබාදිම සදහා මේ වනවිටත් කටයුතු සුදානම් කර තිබේ.
අර්ජුන් ඇලෝසියස් ජාතකය…..
අර්ජුන් ඇලෝසියස්ගේ සීයා වන වෙන්සස් ලෝස් එක්ස්ප‍්‍රස් පුවත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති අතර ඔහුට සියයට 25 ක කොටස් හිමිකාරිත්වයක් ද තිබිණ. පසුව එය අර්ජුන්ගේ මවට පවරනු ලදුව ඇය විසින් මේ වන විට එම කොටස් අර්ජුන් ඇලෝසියස් මහතාට පවරා ඇත. එක්ස්ප‍්‍රස් පුවත් සමාගමේ හිමිකරු හරී සෙල්වනායගම් ලයන් බීර නිෂ්පාදනය කරන ලයන් බෘවරි සමාගමේ හිමිකරුවෙකි. අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියා වන ජෙෆ් ඇලෝසියස් මහතා මෙන්ඩිස් මද්‍යසාර නිෂ්පාදන සමාගමේ හිමිකරුවාය.
එමෙන්ම සන්ඬේ ලීඩර් හා ඉරුදින පුවත්පත් පවත්වාගෙන යාම සඳහා ප‍්‍රතිපාදන සපයන්නේ ද අර්ජුන් ඇලෝසියස් මහතා විසිනි. එහෙත් ඔහු බලාපොරොත්තු වූ මට්ටමින් එම පුවත්පත් ද්විත්වය සාර්ථක නොවීම මත නව පුවත්පත් ආයතනයක් ගොඩනැගීම ඔහුගේ බලාපොරොත්තුව වී තිබේ.
http://www.sinhala.lnwtoday.com/archives/14267
මෙරට පොලිෂ් බාසුන්නැහෙලා ඉන්නවා. ඒ අයගේ කටයුත්ත ලී බඩු ආදිය පොලිෂ් කිරීම එනම් ඒවා ඔප දැමීම. පොලිෂ්පති කියන්නේ ඔප දමන්නන්ගේ ප්‍රධානියාට. එක එක අය විවිධ දේ පොලිෂ් කරනවා. සමහරු පුද්ගලයන්වත් පොලිෂ් කරනවා. විශේෂයෙන්ම දේශපාලනඥයන් පොලිෂ් කරන අය ඉන්නවා. පොලිෂ් කරනවා යන්න අද ව්‍යවහාර වන භාෂාවේ වෙනත් අර්ථවලිනුත් යොදා ගැනෙනවා. සමහරු එකතු වී බෝතලයක් පොලිෂ් කරනවා. තවත් සමහරු වෙනත් අයගේ සාක්කු පොලිෂ් කරනවා. මේ ව්‍යවහාර මැත කාලයේ එකතු වී තිබෙනවා.
මෙරට විවිධ පොලිස්පතිවරුන් ඉඳ තිබෙනවා. මේ ඇතැමුන් රාජකාරිය අකුරට ඉටු කරපු අය. ඒ අර වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ලෙස අකුරට වැඩ කිරීම නොවෙයි. නියෝජ්‍ය පොලිස්පතිලා හා හමුදා නිලධාරීන් එකතු වී හැටේ දශකයේ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව පොලිෂ් කරන්න හැදුවා. එය වැලැක්වුනේත් මා හිතන විධියට එවකට පොලිස් අධිකාරිවරයකු වූ අයකු දුන් ඔත්තුවක් අනුව. ආණ්ඩුව පොලිෂ් කරන්න හැදුවෙ මැතිණියගේ සිංහල බෞද්ධත්වයට එරෙහිව. ඒ පොලිෂ් නිලධාරීන් අබෞද්ධයන්. රවි කරුණානායකගේ සීයා කෙනකුත් පොලිෂ් නිලධාරීන් අතර සිටියා. එංගලන්ත අධිකරණයේ සාමි අභියාචනා මණ්ඩලය පොලිෂ් නිලධාරීන් බේරා ගත්තා.
පොලීසිය දේශපාලනයෙන් තොරයි කියන එක බොරු කතාවක්. දේශපාලනික නොවන පොලිස් නිලධාරීන් නැතැයි මා කියන්නේ නැහැ. ඉංගිරිසින්ගේ කාලයේ පොලිස්පතිලා සුද්දන්. ඔවුන් ඉංගිරිසි ආණ්ඩුව හා රජය ආරක්‍ෂා කරපු එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මට මෙහි දී බ්‍රෙස්ගර්ඩ්ල් සිද්ධිය මතක් වෙනවා. පොලීසිය ඉන්නේ නීතිය රැකීමටයි. ඒත්් නීතියට එක එක අර්ථකථන දෙන්න පුළුවන්. ඒක ඉංගිරිසි සංස්කෘතියෙන් එන්නක්. නීතිය නවනවා කියන එකත් ඉංගිරිසි කියමනක සිංහල පරිවර්තනය. පොලිසියට නීතිය නවන්න පුළුවන් නම් ජනතාවට නීතිය කඩන්න බැරි ද කියලා කාට හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම බැහැ. නීතිය කැඩුවොත් පොලීසියට ගෙන යනවා. නීතිය නවන්න ඕන නීතිය නොකැඩෙන ප්‍රමාණයට. නීතීිය කඩන අයටත් එක එක විධියට සලකනවා. සමහර වෙලාවට නීතිය කඩන්නැතුවත් පොලීසියට ගෙන යනවා. පොලීසියෙ අඳුරන අය ඉන්නව නම් තමන්ගෙ විරුද්ධ කාරයන් ව පොලීසියට ගෙනිහිල්ල පොලිෂ් කරන්න පුළුවන්. අර මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාසයට ගෙනියන අය පොලිෂ් වෙයි ද? ගෙනියන්නෙ නැති අය උපාසක මහත්තුරුන් ද? අර එතනෝල් කාරයා දැන් ඉන්නෙ කොහේ ද? නැව් ගිල්ල මිනිස්සු ඒක දිරව ගත්තෙ කොහොම ද?
සාමාන්‍ය ජනයාට වගේ නොවෙයි මැති ඇමතිවරුන්ට ප්‍රසිද්ධියේ ම නීතිය කඩන්න පුළුවන්. නීතිය හදන අයට නීතිය කඩන්න බැරි නම් ඒ නීතියෙන් ඇති වැඩේ මොකක් ද? සාමාන්‍ය ජනයාත් නීතිය නොකඩනවා ම නොවෙයි. ඒ පොලීසියට අහු නොවෙන කම්. නැත්නම් පොලීසියත් සමග ගනුදෙනු බේරා ගෙන. මේ දිනවල රියෑදුරු බලපත්‍ර ගැනීමට එන අති විශාල පිරිස නීතිය කඩා රිය පැදවූ අය. ඊනියා විවෘත පත්‍රිකා යටතේ නීතිය කඩා පවරා ගැනීමෙන් තොරව රථවාහන විකුණු අය ඕනෑ තරම් ඉන්නවා. නීතිය කඩා පොලිස් නිලධාරීන්ට අතමිට මොළවා මාරුවන අයත් ඉන්නවා. ඒ අතමිට මොළවන්නේ පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමට නොවෙයි. රාළහාමිලාගේ දුක සැප ගැන තියෙන අනුකම්පාවට. මේ සමාජය පවතින්නේ එහෙමයි. විජිතමුණි සොයිස නම් කියාවි සිංහල රජ කාලෙ ඉඳන් එහෙමයි කියලා. 1998 දි චන්ද්‍රිකාගෙ ආණ්ඩුව වේල්ස් කුමාරයා ගෙන්නලා අපේ ඊනියා නිදහසේ පනස්වසර ඉංගිරිසියෙන් සමරන වෙලාවෙ අප චින්තන පර්ෂදය හැටියට වෙල්ලස්සේ කුමාරයා සමරන්න සොයිසගෙ අඩවියට ගියා. සොයිසා අපව පොලිෂ් කරන්න උත්සාහ ගත්ත. අප ඔහුව තුට්ටුවකට මායිම් කරන්නෙ නැතිව වෙල්ලස්සෙ කුමාරයා සැමරුවා. අප සැමරුවෙ රජ කාලෙ ඉඳන් ඉංගිරිසි කාලෙට මාරුවෙච්ච යුගයෙ සිද්ධ වෙච්ච වෙල්ලස්සේ නිදහස් සටන. ඒ ගැන දන්නෙ අතලොස්සක් පමණයි. ජනමාධ්‍ය අපට ප්‍රචාරයක් දෙන්නෙ නැහැ. ගිය ඉරිදා අප නුවර මාතලේ පාරෙ අලවතුගොඩ නව ව්‍යවස්ථාවට විරුද්ධව පවත්වපු රැස්වීම ගැන දන්නෙ කවුද? එක්කෝ ප්‍රවෘත්ති සංස්කාරකලා අප පොලිෂ් වෙයි කියලා බයයි. එහෙම නැත්නම් හිතනවා ඇති අප කරන්නෙ කියන්නෙ රටට කිසිම වැදගත්කමක් නැති දේ කියලා.
සමහරු නීතිය කඩා මැති ඇමතිලාට දන්නනවා. එවිට මැති ඇමතිලා මැදහත් වී නීතිය කැඩූ අය බේරාගන්නවා. එහි දී සිද්ධවන්නේ පොලිෂ් කිරීමක්. නීතිය කැඩූ අය පොලිෂ් වී තව තවත් බැබලෙනවා. පොලිෂ්පතිලා පත්කරන්නේ එහෙම මැති ඇමතිවරුන්ගේ කීමට වෙනත් අය පොලීිෂ් කිරීමටත් නීතිය නැවීමටත්. ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරු නීතිය කැඩුවාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන් නිකම් ම පොලිෂ් වෙනවා. මා සඳහන් කරන්නේ බැඳුම්කර සිද්ධිය ගැන පමණක් නොවෙයි. දක්‍ෂ නීතිඥයන්ට බොහෝ දේ කරන්න පුළුවන්. වංගෙඩි ලවා මිනීමරවන්නත් පුළුවන්. ඇතැම් නීතිඥයන්ට පොලීසිය භාරයේ තියෙන අපරාධවලට සම්බන්ධ අවි ආයුධ ඉර්ධි බලයෙන් නැති කරන්න පුළුවන්. පොලීසිය මේවාට හවුල් නැහැ. ඒ නීතිඥයාගේ ඉර්ධි බලයෙන් වෙන දේ. ඒ සමග අපරාධකරුවන් ද ඔපවැටෙනවා, පොලිෂ් වෙනවා.
වත්මන් පොලිස්පති කා සමග දෝ නිළමේ කෙනකු ගැන දුරකථනයෙන් කතා කරලා. එතන විවිධ නාලිකාවල ශබ්ද පටිගත කිරීමට යොදාගන්නා උපකරණ තිබිලා. අපටත් ඒ කතාකරපු දේ අහන්න ලැබුණා. ඒත් අනෙක් පැත්තෙන් කතාකරපු අයගේ කටහඬ ඇසුණේ නැහැ. එය අඩුපාඩුවක්. මෙයින් පසු සියළු දෙනා දුරථනයෙන් කතාකරන විට අසා සිටින්නන්ට අනෙක් තැනැත්තාටත් සවන් දිය හැකි ආකාරයට කතා කිරීමට බලකරන නීතියක් ගෙනෙන්න පුළුවන් ද? එවිට සමහරවිට දුරකථන පණිවුඩ අඩුවෙන්නත් පුළුවන්. ආණ්ඩුවට එකෙන් පාඩු වෙයි ද කියන්න බැහැ. ඒ මෙනවා වුනත් නිළමේ සම්බන්ධ කතාව වැරදි කියලා ජනාධිපති කියනවා. ඒ ගැන විමර්ෂණයක් පවත්වනවාලු. වැරැද්දක් කර ඇති බව ජනාධිපති දන්නවා නම් තව විමර්ෂණ මොනවාට ද. සමහරවිට එහා පැත්තෙන් කතා කෙළේ කවුද කියා දැනගැනීමට වෙන්න පුළුවන්. ඒක තරමක භයානක දෙයක්. එහා පැත්තෙන් කතාකරපු අය කවුද කියලා දැනගත්තම ඔහු පොලිෂ් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පොලිස්පතිත් සර් කියලා කතා කෙළේ ලෙහෙසු පහසු අයකුට වෙන්න බැහැ. අඩුම තරමෙන් මන්ත්‍රීවරයකු වෙන්න ඕන. බොහෝ වෙලාවට ඇමතිවරයකු වෙන්න පුළුවන්. ඒ දයාසිරි ජයසේකරගෙ යාළුවෙක් ද? දයාසිරි ඒ ප්‍රශ්නෙ ගැන එච්චර කුලප්පු වුනෙ මොක ද? ඒකත් පොලිෂ් කිරීමක් ද?
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 02
පොලිස්පති පුජිත් ජයසුන්දර මාධ්‍ය කැමරා සහ මයික්‍රපෝන ඉදිරියේම මාධ්‍යවේදීන්ට පටිගත කරගත හැකි වන ලෙස නීතිය සහ සාමය පිළිබඳව අමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී සාගල රත්නායකගේ ඇමතුමට ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් පිලිතුරු ලබා දි ඇත්තේ උවමනාවෙන්ම අමාත්‍යවරයා අමාරුවේ දැමිමට බවට පොලිස්පතිවරායාම කල ප්‍රකාශයක් හරහා අනාවරණය වි ඇති බවට අප කල අනාවරණය තවදුරටත් තහවුරු කරමින් එම කුමන්ත්‍රණය පසුපස සිටින තවත් කිහිප දෙනෙකුම අද අනාවරණය වි තිබේ.
ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ න්‍යායාචාරවරයා ලෙස කටයුතු කරමින් රනිල් අගමැතිකමින් එලවා දමා එජාපයේ බලය ඇල්ලිමට මාන බලමින් සිටින ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස පෙනී සිටින නීතිඥ ශිරාල් ලක්තිලක හදිසියේම් කර ඇති ප්‍රකාශයෙනි. එම ප්‍රකාශයට අනුව අනිවාර්යෙන් සාගල රත්නායක එම ධුරයෙන් ඉවත් විය යුතු බවයි ශීරාල් අවධාරණය කර ඇත්තේ.
පොලිස්පති පුජිත් ජයසුන්දර ඉවත්කිරිම සදහා අවස්ථා ගණනාවක අගමැති රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක කුමන්ත්‍රණය කරමින් සිටි අතර පසුව සිරිසේන සමග සමීපව කටයුතු කල පුජිත සාගල එම අමාත්‍යාංශයේන් ඉවත් කිරිම සදහා කුමන්ත්‍රණයක් දියත් කල බව අප මිට පෙර අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.සාගලට පා පාහරක් ගැසිම් හරහා රනිල් එලවාදැමිමේ සටන වෙගවත් කල හැකි බව ‘වොටර්ස් එජ් ටීම්’ කණ්ඩායම තිරණය කර තිබේ.
ප්‍රශ්නය – ඔබ හිතන්නේ කවුද පොලිස්පතිවරයාට ඇමතුම දුන්නේ
පිළිතුර – අනුමානය කල හැකියි ඒ නිතිය හා සාමය පිළිබද ඇමතිවරයා.පොලිස්පතිවරයා සර් කියනවා ඊට පස්සේ ඉංග්‍රීසියෙන් කතා කරනවා.නිලමේ ගැනද කියලා අහනවා.මෙහෙම ඉංග්‍රීසියෙන් කතා කරන අතලොස්සක් ඉන්නේ.අපට අනුමාන කරන්න පුළුවන් මේ නිතිය සහ සාමය පිළිබද ඇමතිවරයා.
ප්‍රශ්නය – යහපාලනය ගැන ඔබට දැන් සතුටුද
පිළිතුර -යහපාලනය ගෙනාපු අය නෙමේ දැන් මෙතන ඉන්නේ.ඒ අය හොරු එක්ක ඩිල් දානවා හම්බකරනවා.ඒ අයට යහපාලනය ගැන හැගීමක් නැ.
ප්‍රශ්නය – ඒ කියන්නේ හොරු අල්ලන්නේ නැ කියලා හිත හදාගන්නද කියන්නේ
පිළිතුර – අපි එහෙම කියන්නේ නැ.අපි ඉන්නේ ඒ දේ කොහොමත් කරන්න.දැන් රටට පැහැදිලියි මේවා සිදු නොවෙන්න ඩිල් දාන්නේ කවුද ඩිල් කාරයෝ කවුද කියල.දැන් අපිට ලේසියි දේශපාලනිකව තීන්දුවක් අරන් මේ අයව පරාජය කරලා දාන්න
ප්‍රශ්නය – ඔබතුමා හිතන විදිහට කවුද ඉල්ලා අස් වෙන්න ඕනේ
පිළිතුර – අපිට අනුමානයක් තියෙනවා මේ නිතිය සහ සාමය පිළිබද ඇමතිවරයා කතා කලේ කියල.ඔහු එසේ කරානම් අනිවාර්යෙන් ඔහු ඉල්ලා අස විය යුතුයි
ප්‍රශ්නය – පොලිස්පතිවරයා
පිළිතුර – තවම නැහැ.ඔහුට අවස්ථාවක් තිබෙනවා.අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නවද නැද්ද තීරණය මත ඔහුගේ අනාගතයත් තීරණය වෙනවා.ඔහුට දැනටම අවස්ථාව තියෙනවා වැරැද්ද නිවැරදි කර ගන්න.ඒ වැරදි කරුවන් අත්අඩංගුවට ගෙන. දුරකථන ඇමතුම දුන් පුද්ගලයට කිසිම සමාවක් නැ.ඔහු ඉල්ලා අස්විය යුතුයි.
ප්‍රශ්නය – එතකොට ජනාධිපතිතුමාගේ ස්ථාවරය මොකද්ද හොරු අල්ලන එක ගැන
පිළිතුර -ජනාධිපතිතුමාගේ ස්ථාවරය පැහැදිලියිනේ.මිට කලිනුත් විශේෂ ප්‍රකාශයක් කරා නිතිය හරියට ක්‍රියාත්මක නොකරන්න තියෙන බාධා ගැන.දුෂිතයන්ට දඩුවම් දීමට ජනාධිපතිතුමා පැහැදිලි ස්ථාවරයක සිටිනවා.අදාල ආයතන ක්‍රියා කරන ආකාරය ගැන ජනාධිපතිතුමා කල ප්‍රකාශය අද බොහොම පැහැදිලිව ඔප්පු වෙනවා.දුෂිතයන් රකිමින් අදාල ආයතන කටයුතු කරන විදිහ පැහැදිලිව මේ සිදුවීම් වලින් ඔප්පු වෙනවා එදා සමාජය ඉදිරිපිට ජනාධිපතිවරයා දුෂිතයන් රකින උදවිය පිළිබදව හෙළි කල කතාව ඇත්ත බව.
අදාළ සම්මුඛ සකාච්ජාවේ වීඩියෝ පටය පහතින් නැරබිය හැක
සෑර්….කියු පොලිස්පති ගොඩ යයි….. by lnwtoday
http://www.sinhala.lnwtoday.com/archives/14510
http://www.sinhala.lnwtoday.com/archives/11273
අර්ජුන රණතුංගගේ උපන්දින සාදය සදහා ආරාධනාවකින් තොරව සහභාගි වු හිටපු මැර අමාත්‍ය මර්වින් සිල්වා ශ්‍රීලනීපයේ මෛත්‍රී පිළේ කණ්ඩායම විසින් හූ කියා පන්නා ගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.
ඊයේ රාත්‍රීයේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවැති අර්ජුනගේ 53 වැනි උපන්දිනය සදහා ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැති/ඇමැතිවරුන් මෙන්ම ව්‍යාපාරිකයන් පිරිසක්ද එක්ව සිටි අතර පාටිය ජයටම නැගලා යන අවස්ථාවේ හදිසියේම කිසිදු ආරාධනාවක් නොලද හිටපු මැර අමාත්‍ය මර්වින් සිල්වා එම අවස්ථාවට සහභාගි වි ඇති අතර පසුව එක් එක අය ලගට ගොස් පාටියට සෙට් වෙන්න මර්වින් සිල්වා උත්සහ දරා ඇති නමුත් කිසිවෙකුත් ඔහු සමග කතා කිරිමටත් කැමැත්ත පලකර නෑ…
පසුව වරාය නී.අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අසලට ගිය මර්වින් බලහත්කාරයෙන් කතාවට සම්බන්ධ වි ඇති අතර විනාඩි කිහිපයක කතාබහකින් පසුව නිශාන්තද මර්වින් මගහැර ගොස් ඇති අතර ශ්‍රීලනිපයේ ප්‍රබලයන් මර්වින්ට ඇසෙන පරිදිම ඔහුව විවේචනය කර ඇති අතර “මූ තමයි….මහින්ද මහත්තයාවත් නැතිකරේ …දැන් එනවා මෙතනත් රෙන්න….” යනුවෙන් ප්‍රසිද්ධියේ මර්වින් විවේචනය කර තිබේ.
පසුව අර්ජුන ලගට ගිය මර්වින් “මම ගිහින් එන්නම් මචං….” යනුවෙන් පවසමින් පස්සවත් නොබලා යන්න ගොස් තිබේ.ඒ සමගම හූ ..යනුවෙන් හඩවල් කිහිපයක් පාටියේ සංගීතයට සමාන්තරව ඇසුනු බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මර්වින් මහින්ද පිළේන් කුජිත වු හැටි…
කොළඹ නගර ශාලාවේ පසුගිය (17 දා) පස්‌වරුවේ පැවති ඩී. ඒ. රාජපක්‌ෂ ගුණසමරු දේශනය ආරම්භ වීමට මොහොතකට පෙර එහි පැමිණි හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා රාජපක්‌ෂ පිළිරුවට මල් කළඹක් තබා උපහාර දැක්‌වීමට සූදානම් වූ අවස්‌ථාවේ රැස්‌ව සිටි පිරිස ඔහුට හූ තබමින් දැඩි විරෝධය එල්ල කළහ.
මර්වින් සිල්වා මහතා උත්සව ශාලාවේ ඉදිරිපිටට යමින් සිටියදී හිටපු ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා දැක ඔහු සමඟ කතා කිරීමට උත්සාහ කර ඇත. එහිදී ගීතාංජන ගුණවර්ධන මහතා මර්වින් සිල්වා මහතාට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේය.
“අද උදේත් රූපවාහිනි සාකච්ඡාවකදී රාජපක්‌ෂ පවුලට දැඩි ලෙස බැණ වැදී මෙහි කුමකට ආවා දැයි එහිදී ගීතාංජන ගුණවර්ධන මහතා මර්වින් සිල්වා මහතාගෙන් ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් මර්වින් සිල්වා මහතා තමන්ට මුලින්ම රැකියාව දුන්නේ ඩී. ඒ. රාජපක්‌ෂ මහතා බැවින් ඊට කෘතගුණ දක්‌වන්නට පැමිණි බව කියමින් ඉදිරියට ගියේය. පසුව මර්වින් සිල්වා මහතා මල් කළඹක් ගෙන ඩී. ඒ. රාජපක්‌ෂ පිළිරුව අභියසට යැමට වේදිකාවට ගොඩවෙද්දී ශාලාවේ රැස්‌ව සිටි පිරිස “බල්ලා, බූරුවා, ගුණමකුවා උඹ මොකට මෙහේ ආවාද” කියමින් හඬ නඟා බැණ වදින්නට වූහ.
ඒ සමඟම වේදිකාවෙන් බැස ආ මර්වින් සිල්වා මහතා ශාලාවේ සිටි පිරිසට විවිධ දේ කියමින් ඔහු සමඟ පැමිණි අයකු සමඟ කඩිනමින් පිටව ගියේය.
රණතුංගගේ උපන්දිනයට ගිය මැර මර්වින්ට මෛත්‍රී පිළ… by lnwtoday
Published on: Dec 1, 2016- ඊයේ පැවැති උත්සවයකදී පොලිස්පති පුජිත් ජයසුන්දර මාධ්‍ය කැමරා සහ මයික්‍රපෝන ඉදිරියේම මාධ්‍යවේදීන්ට පටිගත කරගත හැකි වන ලෙස නීතිය සහ සාමය පිළිබඳව අමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී සාගල රත්නායකගේ ඇමතුමට ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් පිලිතුරු ලබා දි ඇත්තේ උවමනාවෙන්ම අමාත්‍යවරයා අමාරුවේ දැමිමට බව අනාවරණය වි තිබේ.
මිනරල් සෑන්ඩ් නමැති ආණ්ඩුවේ ආයතනයෙහි සභාපතිව සිටි සමයේ සිදුවූ වාහන අවභාවිතාවක් සම්බන්දයෙන් දෙවිනුවර බස්නායක නිළමේ ඩිශාන් ගුනසේකර යන අය FCIDයට කැදවා ඇති අතර ඔහු අත් අඩංගුවට නොගෙන මුදාහැරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතිය සහ සාමය පිළිබඳව අමාත්‍ය සාගල රත්නායක පොලිස්පතිවරයාට නියෝග කර තිබේන අතර අදාළ නියෝගයට අනුව කටයුතු කලේද යන්න පොලිස්පතිගෙන් විමසිමට ඇමතිවරයා ඇමතුම අරගෙන තිබේ.
පොලිස්පති පුජිත් ජයසුන්දර ඉවත්කිරිම සදහා අවස්ථා ගණනාවක අගමැති රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක කුමන්ත්‍රණය කරමින් සිටි අතර පසුව සිරිසේන සමග සමීපව කටයුතු කල පුජිත සාගල එම අමාත්‍යාංශයේන් ඉවත් කිරිම සදහා කුමන්ත්‍රණයක් දියත් කල බව අප මිට පෙර අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.
අදාළ ඇමතුම මාධ්‍යට අනාවරණය කරමින් පොලිස්පතිවරයා සාගල කුජිත කිරිම සදහා සියුම්ව එම කුමන්ත්‍රණය දියත්කර ඇති බව අනාවරණය වුයේ අද දහවල් පොලිස්පති පුජිත් ජයසුන්දර පොලිස් මුලස්ථානයේදි සිය ඇම්බැට්ටයන් හමුවේ කර ඇති ප්‍රකාශයෙනි…..
ඊයේ (30) රත්නපුරේ පැවති පොලිස් දෙපාර්තමේන්තුවේ සැමරුම් උත්සවයක් අතර එම උත්සවය අමතමින් සිටියදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකතන ඇමතුමකට ඔහු පිළිතුරු දුන් ආකාරය පිළිබඳව මාධ්‍ය හරහා සිදුවන අනාවරණයන් පිළිබඳව පොලිස් මුලස්ථානයේ ජයසුන්දර ඇම්බැට්ටයන් කල විමසිමේදි ….
“මම ඔය අනිත් එවුන් වගේ නෙවේ…. මම ගහන්නේ මොලේන් …ඔබලත් එක ඉගෙන ගනින්…. මම එක ගලෙන් කුරුල්ලෝ දෙකක් තුනක් බිම දානවා…” යනුවෙන් සිනාසෙමින් පොලිස්පතිවරයා පවසා තිබේ.
ඒ අනුව සාගල මෙන්ම තමන්ගේ පොලිස්පතිකමට කෙලවිමට ආසන්නම පුද්ගලයා වන FCID ය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාරද ඉලක්ක කර මෙම ඇමතුමට ප්‍රසිද්ධියේම පිළිතුරු දුන් බව දැන් තහවුරු වි තිබේ.
ආබාධිත රණවිරුවන් ඉලක්ක කර පහරදිමට පොලිස්පතිවරයා කටයුතු කලේ නීතිය සා සාමය පිළිබද අමාත්‍ය,අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී සාගල රත්නායකගේ කීමට අනුව බවත් ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සාගල නීතිය සා සාමය පිළිබද අමාත්‍යධුරයෙන් ඉවත් කලයුතු බවට ජනාධිපතිවරයා අගමැතිවරයාට යෝජනා කිරිමට යෑම හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ රනිල්-සිරිසේන අළු යට ගින්දර යලි මතුව ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
කියවන්න දැනගන්න – සාගල දොට්ට දැම්මොත් ….ශ්‍රීලනිප බත් බැලයන්ට හොද පාඩමක් උගන්වනවා…. රනිල් කිපේ
නීතිය සා සාමය පිළිබද අමාත්‍ය,අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී සාගල රත්නායක මහතා වහාම ඉවත් කිරිමට කටයුතු කිරිම හරහා පමණක් පොලිසීය ස්වාධිනව පවත්වා ගැනිමට හැකියාව ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර ජනාධිපතිවරයා හමුවි ප්‍රකාශයක් කර ඇති අතර ඒ අනුව නීතිය සා සාමය පිළිබද අමාත්‍යංශය සාගලගෙන් ගලවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ අමාත්‍යවරයෙකුට ලබාදිම සම්බන්ධයෙන් අවධාණය යොමුවි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
කියවන්න දැනගන්න – පොලිස්පති සාගලගෙන් පලිය ගනී-සාගල දොට්ට දාන්න යැයි ජනපතිට කියයි-අගමැති,ජනපති හමුව ජනපති මගහරි
එජාපයට අවාසිදායක මෙන්ම එජාපයේ ප්‍රතිපත්ති සම්පුර්ණයෙන්ම විනාශ කරමින් සිරිසේන ජනාධිපතිවරයාට කඩේ යන ප්‍රා නායක පාඨ්ලීගේ ගෝලයා වන පොලිස්පති පූජිත් ජයසුන්දර ඌරාගේ මාලූ ඌරාගේ පිටේම කපා දැමිමේ තියරියට මේ සතියේ ලක්කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායක මෙහෙයුමක් දියත් කර තිබේ. ඒ අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රමුඛ ශ්‍රී ලංකා පොලීසියේ ඉහළ නිලධාරීන් සියලු දෙනාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව මේ සතියේ අරලියගහ මන්දිරයට කැඳවා ඇති අතර පුජිත ඉදිරියේම පොලිස්පති ධුරයට පත්වීමෙන් පසු මාස හතරක කාලය තුළ ශ්‍රී ලංකා පොලීසියේ ඇති වූ ප්‍රගතිය පිළිබඳව විමසිමට සුදානම් වන බවයි වාර්තා වන්නේ.
කියවන්න දැනගන්න – පුජිතගේ මාලු පුජිතගේම ඇගේ කපයි,පුජිතට ගෙමක් දෙන්න රනිල්,සාගල මෙහෙයුමක්!
එජාප ආණ්ඩුව පවත්වා ගැනිම සදහා FCID ය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර පොලිස්පති ධුරයට පත්කිරිම අනිවාර්යයෙන් කලයුතු වැඩක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එජාප රනිල් පිළේ ප්‍රභලයන් සමග පැවැති සාකච්ඡාවකදි අනාවරණය කර තිබේ.අදාළ සාකච්ඡා සදහා එකතු වි සිටි පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායකද එය අනුමත කර ඇති අතර රාජපක්ෂලා සහ ඔහුගේ අනුගාමිකයන් මර්දනය කිරිම සදහා කටින් පමනක් නොව ක්‍රියාවෙනුත් වැඩ පෙන්විමට වෛද්‍යලංකාර සමත්ව ඇති බවයි සාගල එහිදි පෙන්වා දි ඇත්තේ.
කියවන්න දැනගන්න – පොලිස්පති ධුරය පුජිත්ට අහිමි වෙයි…FCID ලොක්කා පොලිස්පති!
දුන් පොරොන්දු සියල්ල බොරු කරමින් යන යහපාලන ආණ්ඩුව නොමිලේ ලබා දුන් ටැබ් පරිගණකවලට මුදල් ගෙවීමට පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට සිදුව තිබේන බව වාර්තා වේ.
ඩිජිටල් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති උත්සවයක දී කතානායක කරු ජයසූරිය මහතාගේ අතින් මාධ්‍යවේදීන් හැට දෙනකුට ටැබ් පරිගණක පිරිනැමිණි.
මාධ්‍යවේදීන්ට නොමිලේ ටැබ් දුන්නා යැයි හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කියා මාස 6ක් ගෙවෙන්නටත් පෙර ටැබ් ගත් මාධ්‍යවේදීන් අමතා ඇති මොබිටෙල් ආයතනය ටැබ් සඳහා මුදල් ගෙවන ලෙස දැනුම් දී ඇත.
එම ටැබ් පරිගණක සඳහා රුපියල් 1700 බැගින් වාරික ගෙවීමට මාධ්‍යවේදීන්ට සිදුව ඇති අතර ගෙවිය යුතු මුළු මුදල කොතෙක්දැයි දැනුම් දී නැත.
නමුත් ටැබ් පරිගණක ලබා දීමේ දී මුදල් ගෙවිය යුතු බවක් හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා මාධ්‍යවේදීන්ට දැනුම් දී නැති අතර යහපාලන රජයෙන් නොමිලේ ටැබ් යන්ත්‍ර දුන් බවට මාධ්‍ය වාර්තා ද පළ කෙරිණි.
ආණ්ඩුවෙන් නොමිලේ ටැබ් පරිගණක ගත් මාධ්‍යවේදීන් මේ දිනවල හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා නිතර මතක් කරමින් සිටින අතර ඉදිරි දිනක දී එම පරිගණක සියල්ල ආපසු භාර දීමට සූදානම් බවත් වාර්තා වේ.
මාධ්‍යවේදීන් යනු තමන්ගේ රැහේ එවුන් බව කියමින් ජනාධීපතිවරයා කිඹුල් කඳුළු හෙලමින් සිටියදීම ඔහු නායකත්වය දරන ආණ්ඩුව නොමිලේ දුන් ටැබ්වලටත් මුදල් ඉල්ලන තත්ත්වයට පත්ව සිටීම ගැන මාධ්‍යවේදීහු කණස්සල්ල පළ කරති.
ඊයා නිවුස් සදරුවන් ගැන හරින් කිඹුල් කදුලු හලමින් අපිට ජාතිවාදි ලේබලය ඇලවු හැටි..
“මහින්ද රාජපක්ෂ නැති කරපු ඊ නිව්ස් එකට මහින්ද රාජපක්ෂවත් නොකරපු දේ අපේ ආණ්ඩුව කරපු එක ගැන මට ලැජ්ජයි ඇත්තටම. මහින්ද රාජපක්ෂටත් ඕන නම් තිබුනා සඳරුවන්ට ඕක කරන්න. ඒත් මහින්දවත් ඔහොම කරේ නෑ. ඊ නිව්ස් වගේම නම තියෙන තව මඩ වෙබ් එකක් තියෙනවා. ඊ නිව්ස් කවදාවත් ජාතිවාදය ආගම් වාදය ඇවිස්සුවේ නැති වුනාට ඒ මඩ වෙබ් එක ඒක කරනවා. ඒවායි එවුන්ටත් එහෙනම් ඔහොම කරන්න එපැයි.”
හරින් මහත්තයෝ අපී ඊයා නිවුස් වගේ සල්ලි වලට මඩ ගහන්නේ නෑ.. ලියන සියල්ලම ඇත්ත…අන්න එක මතක තියා ගන්න
Top