බෙදුම්වාදීන්ට පස්ස අල්ලමින් රට රටවල් වල පොන්නයන් සමග ලගින අනුන්ගේ වෙබ් වල ගහන නිවුස් වලට අයිතිවාසිකම් කියමින් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර් ලෙස පෙනී සිටිමින් රාජපක්ෂලාට මඩ ගහන පොන්න මංගල ඊයේ පාර්ලිමේන්තුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර එල්ල්ල කල මඩ ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ සිය Facebook හරහා කෙටි පිළිතුරක් ලබාදි තිබේ.පසුව අද අධිකරණය හමුවේ පෙනී සිටිමට පැමිනී  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මංගලගේ සක්ක්ලී වැඩ ගැන මාධ්‍ය හමුවේ ප්‍රකාශක්ද කළා.

පයිසයක් නොවටින පොන්න මංගලට ගෝඨාභය… by lnwtoday

ඊයේ පාර්ලිමේන්තුව අමතමින් මංගලගේ පක්කලිකම් කරන සදරුවන්ගේ වෙබ් අඩවියේ පුවත් පලකර ගැනිම සදහා කල ප්‍රකාශය ……

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි වෙසෙන පුතා වෙනුවෙන් රටේ මහජන මුදලින් නිවසක් කුලියට ගෙන ඒ සඳහා රු. මිලියන 27 යි ලක්ෂ 7 ක් පමණ වියදම් කර ඇතැයි ද, එම නිවසට ඔහු කළ අලාභ වෙනුවෙන් තවත් ඩොලර් 10,000 ක් ගෙවා ඇතැයිද පොන්න මංගල පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.

මංගල වැනි පොන්නයෙකු කියන කතා රටේ ජනතාව පිළිනොගන්නා බව මංගල පිංසිරිට තවමත් අමතකව තිබේ.කොම්පියුටර් ජිල්මාට් හරහා ජනතාව අතර ප්‍රතිකේෂප වි ගිය පොන්න මංගලට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා Facebook හරහා දුන් පිලිතුර…

මාගේ පුතා ආණ්ඩුවේ මුදලින් ඇමරිකාවේ නිවසක ජිවත් වූ බව විදේශ ඇමති විසින් කල ද්වේශසහගත හා පදනම් විරහිත ප්‍රකාශය තරයේ හෙලා දකිමි – මා අපකීර්තියට පත්කිරීමට දරන තවත් ළාබාල ප්‍රයත්නයකි -GR

grr

මහජන මුදල් ඩොලර් $10000 කා සමීර සමග රට සවාරි ගිය මංගල

මංගල සමරවීර, 2015 පෙබරවාරි මස ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදි ජනතා මුදල් නාස්ති කල ආකාරය ගැන විස්තර අප වෙත සාක්ෂි සහිතව ලැබී ඇත.ජනවාරි මස විදේශ ඇමති කමට පත් වූ දා සිට ලොව වටා තම සමීප තරුණයකු සමග සවාරි යන මංගල සමරවීර, 2015 පෙබරවාරි මස ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට පැමිණි අවස්ථාවේ දී නැවතීමට තෝරාගත්තේ එම නගරයේ තිබෙන ඉතාම මිල අධික සුඛෝපභෝගී හෝටලයක් වන ‘Four Seasons’ (ෆොර් සීසන්ස්) හෝටලයයි.

විවිධ ගණන් වල කාමර තිබෙන මෙම හෝටලයේ මිල අධිකම කාමරයක් තෝරා ගත් ඔහු ඒ සදහා දිනකට කාමරයට පමණක් ඇමෙරිකානු ඩොලර් $2325 (රු. තුන් ලක්ෂ නවදහස් දෙසිය වීසි පහක්) ගෙවා ඇත.

සාමාන්‍යයෙන් මෙම හෝටලයේ නැවතීමට එන්නේ මයික්‍රොසොෆ්ට් (Microsoft) අධිපති බිල් ගේට්ස් වැනි කෝටිපති ව්‍යාපාරිකයන් හා අරාබියේ තෙල් රටවල රාජකීය පවුල්වල සාමාජිකයන්ය.

පිට රට සංචාර වලදී ඉතා අධික ලෙස මුදල් නාස්ති කළ අයෙකු ලෙසට යහපාලනය විසින් පෙන්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නගරයට පැමිණි අවස්ථාවල නතරවන වන්නේ Millennium Plaza හෝටලයෙහිය. මෙහි කාමරයකට ඔහු වියදම් කර ඇත්තේ ඩොලර් 700 (රු. අනු තුන් දහස) පමණකි.

මංගල සමග තම සමීප තරුණයා ඇතුළු 6 දෙනකු සඳහා පෙබරවාරි 12 සිට පෙබරවාරි 14 දක්වා මෙම හෝටලය වෙන්කර ගෙන තිබු අතර මොවුන්ගේ කාමර වලට දිනකට ඩොලර් $750 බැගින් ගෙවා ඇත. (මෙයින් දෙදෙනෙකු මාර්තු 15 දින දක්වා නැවතී ඇත.) මේ සමග අප ඉදිරිපත් කර ඇති ඉන්වෝයිසයේ පෙන්වා ඇත්තේ කාමර කුලිය පමණකි. කෑමට සඳහා ගිය වියදම් මෙහි සදහන් කර නොමැත.(හෝටල් බිල පහත අමුණා ඇත)
මංගල වෙනුවෙන් දින 2කට මුදල් ගෙව්වත් සිටියේ එක දිනකි.

මංගල ඇතුළු කණ්ඩායමට කාමර කුලිය සඳහා ගිය මුළු මුදල ඩොලර් 15,150 කි. පෙබරවාරි 12 සිට දින 2 කට කාමර වෙන්කර තිබුනත් මෙම කණ්ඩායම හෝටලයේ නැවතීමට පැමිණ ඇත්තේ පෙබරවාරි 13 දාය. කලින් දැනුම් දුන්නේ නම් 13 වැනි දිනට පමණක් මුදල් ගෙවා ඩොලර් 7575 කින් බිල ගෙවීමට හැකිව තිබූ නමුත් මංගල ඇමතිගේ නොසැලකිල්ල නිසා ශ්‍රී ලංකා රජයේ ඩොලර් 7575 ක් නිරපරාදේ නාස්ති කොට ඇත. 13 වන දින වූවත් මොහු එම කාමරය පාවිච්චි කර ඇත්තේ පැය කීපයකට පමණි.

මහින්ද රාජපක්ෂ රජයේ දුෂණ , නාස්ති ගැන බොරුත් සමග පෙන්වා දුන් යහපාලන සිරිසේන මහතා තම පදවි ප්‍රාප්ති උත්සවයට රුපියල් 6000 පමණක් වියදම් කල බවට උදම් අනන නමුත් ඔහුගේ ඇමතිවරුන් කරනු ලබන මෙවැනි මුදල් නාස්ති කිරීම් ගැන සොයා බලන්නේද යන්න ජනතාව ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත.

රටට ඉසිලිය නොහැකි සුඛෝපභෝගී හෝටල වල නැවතීම සහ නොසැලකිලි ලෙස තම සංචාරයන් සැලසුම් කිරීම නිසා ශ්‍රී ලංකා රජයේ ඩොලර් 10,000 පමණ මොහු නිරපරාදේ විනාශ කොට ඇත.

මෙම ඇමෙරිකානු සංචාරය නිසා තව රසවත් කරුණු කීපයක්ද මතු වී ඇත.

ඉන්දියානු සවාරියට ගෙනගිය සමීර මනහර කොලු ගැටයා මංගල සමග ඇමරිකාවටද පැමිණ ඇත්ද?

මේ සමග අප ඉදිරිපත් කරණ හෝටල් කුවිතාන්සියේ ඇස්. සමීර මනහර නමත්තකුද මෙම කණ්ඩායමේ සිට ඇත . සිරිසේන මෑතකදී පවත් වූ ඉන්දියානු සංචාරයේ ජයාරූප සමහරක මංගලට පිටුපස සිටි කොලු ගැටියෙක් ගැන එම දිනවල Facebook සාමාජිකයන් අතර තොරතුරු හුවමාරු වී ඇත.

2014 මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසහි සිදු වූ හොරකමකට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ශිරාන් ප්‍රියංකර නම් තරුණයාගේ බිරිඳ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මගින් ඉදිරිපත් කල පෙත්සම් වලද සමීර මනහර කෙනෙකු ගැන සදහන් කොට ඇත . 2015 පෙබරවාරි මස ඇමෙරිකාවට අවේ මෙම සමීරදයි නිව් යෝර්ක් නගරයහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ප්‍රශ්න කරති.

මංගල සමරවීර පවසන ආකාරයට ඔහුගේ පුද්ගලික ජීවිතය සහ දේශපාලන ජීවිතය දෙකක් වුවත් ශ්‍රී ලංකා රජයේ ජනතා මුදල් මෙසේ කොලු ගැටයෙකුට වියදම් කිරීම යහපාලන ක්‍රියාවක්දැයි ජනතාව ප්‍රශ්න කිරිමට පටන් ගෙන ඇත.සමීර වෙනුවෙන් මේ දක්වා කොපමණ මුදලක් ශ්‍රී ලංකා රජය විසින් වියදම් කර ඇත්ද ? ගුවනින් මොහු ගමන් කරන්නේ කුමන පන්තියේද?

මේ දක්වා මංගල සමරවීර කල තම විදෙස් සංචාර වල වියදම් සවිස්තරව දක්වන මෙන්ද, තම නොසැලකිලි කම නිසා නාස්ති කල මුදල ආපසු රජයට ගෙවන ලෙසටද ‘අපේ රට’ ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටී .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ මුල් කොටස පහත සඳහන් වෙනවා.

“ආණ්ඩුකම ව්‍ය ම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා යෝජනා සම්මතය වස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා යෝජනා සම්මතය ශ්‍රී ලංකාවට ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු යැයි ශ්‍රී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවයක් ඇති ෙහයින් ද ශ්‍රී ලංකාව සඳහා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව සලකා බලා ජනතාවෙග් අදහස් හා උපෙදස් ලබාෙගන ආණ්ඩුකම ව්‍යවස්ථාෙව් 75 වන ව්‍යවස්ථාව යටෙත් ඒ ෙවත පැවරී ඇති බලතල කියාත්මක කරමින් පාර්ලිෙම්න්තුව විසින් සලකා බලනු පිණිස ආණ්ඩුකම ව්‍යවස්ථා පනත් ෙකටුම්පතක් සැකසීෙම් කාර්ය සඳහා සමස්ත පාර්ලිෙම්න්තුවම සමන්විත වන පරිදි සැදි පූර්ණ කාරක සභාවක බලතල ඇති හා පාර්ලිෙම්න්තු මන්තීවරයන්ෙගන් සමන්විතවන මෙහි මින් මතු “ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය” යනුවෙන් හඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාවක් තිබිය යුතු යැයි, මෙම පාර්ලිෙම්න්තුව යෝජනා සම්මත කරයි. ”

මේ ලිපිය ලියන්නේ ඉහත සඳහන් ඡෙද ද ඇතුළත් ව අදාළ යෝජනාව සම්මත වී ඇතැයි සිතමින් ඒ එසේ නොවන්නේ නම්. එය යම් ආකාරයක සංශෝධනයකට යටත් ව සම්මත වී නම් අපට කියන්න සිදුවන්නේ වෙනත් දෙයක්. මට මේ සම්බන්ධයෙන් දැනට වෙනත් තොරතුරක් ලැබී නැහැ. මෙය කියවන යම් අයකු සම්මත වූ වෙනත් යෝජනාවක් ගැන දන්නවා නම් ඒ යෝජනාව සඳහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

මෙහි ඉතා පැහැදිලිව සඳහන් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පත්කරන බවත් එහි කාර්යභාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීම බවත්. එමෙන් ම එහි දී මුළු පාර්ලිමේන්තුවෙන් ම සමන්විත පූර්ණ කාරක සභාවක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කෙරෙන බවත් එහි කියැවෙනවා. එය ඉතා පැහැදිලියි. මෙම යෝජනාවේ 20 වැනි හා 21 වැනි වගන්තිවලින් කියැවෙන්නේ ව්‍යවස්ථා මණ්ඩලය සකස් කරන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

එසේ වුවත් එම යෝජනාවේ හත්වැනි වගන්තිය මෙසේයි. “7. අමාත්‍ය මණ්ඩලයට හා පාර්ලිෙම්න්තුවට ඉදිරිපත් කිරීමට පථම ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සලකා බලනු ණිසආණ්ඩුකම ව‍යවස්ථා කටුම්පත් යෝජනාවක් යෝජනා කරමින් යෝජනාවක් ඉදිරිපත් කරන ෙලස මෙහයුම් කමිටුෙවන් ඉල්ලා සිටිමින්, ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සම්මත කරනු පිණිස මෙහයුම් කමිටුෙව් සභාපති වරයා විසින් ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් ඊළඟ රැස්වීෙම්දී යෝජනාවක් ඉදිරිපත් කළ යුතු ය.”

මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වන්නට ඇති. එහි අර්ථකථනය කෙසේ ද? එය අර්ථකථනය කරන්නේ කවුද? සභාපති කරු ජයසූරිය ද? කතානායක කරු ජයසූරිය ද? ඒ කවුරුන් වුවත් අර්ථකථනය පිටුපස සිටින්නේ කවු ද? ඒකාබද්ධ විපක්‍ෂය නොසිතන තර්ජනයක් මෙහි තිබෙනවා. යම් ආකාරයකින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ව්‍යවස්ථාවට නොලැබෙන බව රනිල්ට හා බටහිරයන්ට තේරුම් ගියහොත් ඔවුන් කුමක් කරාවි ද?

මේ අතර තවත් ප්‍රශ්නයක් ඉතිරි වී තිබෙනවා. ශ්‍රී ලංකාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවට පුළුල් එකඟතාවක් ඇති බැවින් මේ ව්‍යවස්ථා මණ්ඩලය පත්කරන බව ඉහත සඳහන් යෝජනාවේ සඳහන් වෙනවා. මෙය ප්‍රශ්න කළ යුතුයි. යෝජනාව පාර්ලිමේන්තුවේ දී සම්මත වන්නට ඇති. ඇතැම් විට ඒකාබද්ධ විපක්‍ෂය ද මෛත්‍රීපාල කණාඩායම ද යෝජනාවට ඡන්දය දෙන්නත් ඇති. එසේ ඡන්දය නොදුන්නත් රනිල්ට පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කරගන්න පුළුවන්.

එහෙත් ප්‍රශ්නය ශ්‍රී ලංකාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවට පුළුල් එකඟතාවක් තිබේ ද යන්නයි. ඒ පුළුල් එකඟතාව තිබෙන බව දැනගත්තේ කෙසේ ද? සංධානයේ මැතිවරණ ප්‍රකාශයේ නව ව්‍යවස්ථාවක් ගැන සඳහන් වුනේ නැහැ. ඔවුන් කීවේ ව්‍යවස්ථාව සංශෝධනය කරන බව පමණයි. ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ යෝජනාවට ඒකාබද්ධ විපක්‍ෂය හා මෛත්‍රිපාල මරපු කණ්ඩායම ඡන්දය දුන්නේ කෙසේ ද? මෛත්‍රිපාල පසුගිය දිනෙක කියා තිබුණේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නෙ නැති බවයි. ඒත් ඔහු අද කියන දේ හෙට නැතැයි කියනවා. අනෙක් අතට ඔහු මාධ්‍යවේදියෙක්, ග්‍රාම නිලධාරියෙක් ආදී වශයෙන් වැඩ කර තිබෙන බව කියනවා. ඒත් ජනාධිපති ලෙස වැඩ කරනවා ද යන්න ප්‍රශ්නයක්.

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අවුලක්. ජනතාව පොදුවේ ගත්තොත් ඡන්දය දී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයකට මිසක් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නොවෙයි. ඒකාබද්ධ විපක්‍ෂය අයවැය, වැට් බද්ද, බැඳුම්කර මගඩිය ගැන කතාකරන අතර වැඩි අවධානයක් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට දිය යුතුයි. ඔවුන් සම්බන්ධ වී සිටින්නේ පැහැදිලි කමක් නැති අවුල් සහගත ක්‍රියාවලියක.
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 01

“මහින්ද රාජපක්ෂ යුගයේ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ලංකාවකොන් වෙලාසිටියේ.  නමුත් අපේ දූරදර්ශි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ජාත්‍යන්තරය දිනා ගත්තා.  සමස්ත ලෝකයම අත්වැල් බැඳගෙන අපට උදව් කරනවා“.  මේක ආණ්ඩුවේ නායකයින් නිතර කියන කතාවක්.

ජාත්‍යන්තරය දිනා ගත් බව පෙන්වීමට උදාහරණත් ගේනවා.  ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දියානු අගමැතිගේ ලංකාවේ සංචාර, එක්සත් රාජධානියේ රැජින ජනපතිට අත්වැසුම් ගලවා අතට අත දීම වගේම අගමැතිට ලෝක ආර්ථික සමුළුවට ඇරයුම් ලැබීම මෙසේ පෙන්වන නිදසුන් අතර තිබෙනවා.  මේ සියල්ලම ඇත්තයි.  නමුත් විවාදිත කරුණ වන්නේ එම කරුණු වලින් රටට ප්‍රතිලාභයක් ලැබුණි ද යන්නයි.  ඇත්තටම මොකද වුණේ?  ජාත්‍යන්තරය දිනා ගත්තා කියන එක මැන ගන්න ක්‍රමයක් තිබෙනවා ද?  ඔව්.

ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව දිනා ගෙන නම්, 

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ දී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවට ලංකාවම සම අනුග්‍රාහක වුණු නිසා ලංකාවට එරෙහිව එන යෝජනාවක දී ජාත්‍යන්තර ප්‍රජාව ලංකාව රැකීමට ඉදිරිපත් වෙනවා ද නැද්ද කියන එක මැන ගන්න බැරි වුණා.  ලෝකයේ කිසිම රටක් නොකරන වැඩක් එදා ලංකාව කලේ.  තමන්ට එරෙහිව ගෙනෙන යෝජනාවකට තමන්ම සම අනුග්‍රහය දැක්වීමක් ඉතිහාසයේ වාර්තා වෙන්නේ නෑ.

ඒ නිර්ණායකය පරික්ෂාවට ලක් නොවුණු නිසා අපි දැන් අනිත් නිර්නායක සම්බන්ධයෙන් ජනපති රාජපක්ෂ යුගයේ 2014 සහ ජනපති සිරිසේන යුගයේ 2015 සමග සන්සන්දනය කරමු.

2013 දී ඩොලර්  මිලියන 10,394ක් තිබී 2014 දී ඩොලර් මිලියන 11,130 ඉහළ ගිය අපනයන 2015 දී 10,505 දක්වා පහත වැටෙනවා.  ඒ කියන්නේ ලෝකය දිනූ ආණ්ඩුවට ලෝකයම තරහ කරගත් ආණ්ඩුව තරම් වත් අපේ භාණ්ඩ විකුණා ගන්න බැරි වෙලා.

ජාත්‍යන්තර ප්‍රජාව අපට මිත්‍රශීලී වූ විට එම රටවල ශ්‍රම වෙළඳපොල අපට විවෘත කර ගැනීමට හැකි වීම අපට තිබෙන තවත් වාසියක්.  ලොවම දිනූ ආණ්ඩුව එම රටවල රැකියා අවස්ථා අපට කොපමණ ගෙනාවා දැයි අපි දැන් විමසමු.  2013 දී 293,218ක් ද 2014 දී 300,703ක් ද වූ නව විදේශීය රැකියා ගණන 2015 දී 263,307ක් දක්වා පහත වැටිලා.  එය 2010න් පසු වාර්තා වුණුඅඩුම විදේශීය රැකියා ගණනයි.

මිත්‍රශීලි විදේශීය සබඳතා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට උපකාරි විය යුතුයි.  නමුත් අර්ජුන් මහේන්ද්‍රන් අත්සන් තබා අගමැතිතුමාට භාර දුන් මහ බැංකු වාර්තාව පෙන්වන්නේ ඊට ඉඳුරාම වෙනස් දර්ශකයන්.  2014 දී ඩොලර් මිලියන 894ක් වූ සෘජු විදේශ ආයෝජන 2015 දී 681ක් වෙලා. රාජපක්ෂවරු කොමිස් ඉල්ලන බැවින් ලංකාවේ ආයෝජනය කිරීමට අකැමැති විදේශීය ආයෝජකයෝ එජාප ආණ්ඩුවක් එන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටින බවට එජාප නායකයින් විසින් විපක්ෂයේ සිටි සමයේ කළ ප්‍රකාශ දැන් පුස්සක් බවට පෙරලිලා.

කොටස් වෙළඳපොල සම්බන්ධ දර්ශක ද මීට දෙවැනි වෙන්නේ නෑ.  2014 දී ලංකාවේ කොටස් වෙළඳපොලට රුපියල් බිලියන 22ක විදේශීය ආයෝජනයක් ගලා ආ නමුත් 2015 දී බිලියන 4.4ක ආයෝජනයක් කොටස් වෙළඳපොලෙන් ඉවත් කර ගත්තා.  දැන් මූල්‍ය වෙලඳපොලේ සිටි විදේශීය ආයෝජකයෝත් බුරුතු පිටින් ඉවත් වෙනවා.

යම් ආණ්ඩුවකට තවත් රටක ආණ්ඩුවක් දක්වන මිත්‍රශීලි ආකල්පය මැන ගත හැකි හොඳම දර්ශකය වන්නේ එම ආණ්ඩුවට වෙනත් ආණ්ඩු වලින් ලැබෙන තෑගි හෙවත් ප්‍රදානයන්.ඒ අතින් වත්මන් ආණ්ඩුව සිටින්නේ ළිං පතුලේ.  2010 දී රුපියල් බිලියන 30ක් වූ ප්‍රදාන 2014 වන විට බිලියන 10.6ක් පහත වැටී තිබිණි.  එයට හේතුව ලෙස රාජපක්ෂ ආණ්ඩුව දැක්වූයේ ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් වී ඇති බැවින් ප්‍රදාන සඳහා සුදුසුකම් නොලබන බවයි.  නමුත් විපක්ෂයේ සිටි එජාපය කීවේ ලංකාවට ලැබෙන ප්‍රදාන අඩු වූයේ ආණ්ඩුව විසින් ධනවත් යුරෝපය සමග සබඳතා පළුදු කර ගත් හෙයින් බවයි.  නමුත් වත්මන් ආණ්ඩුව සිය පළමු වසර තුල ප්‍රදාන ලැබීම බිලියන 5.3 දක්වා පහත වැටී තමන්ට මිතුරන් සිටියත් ඔවුන් උදව් නොකරන මිතුරන් බව පෙන්වා තිබෙනවා.

අපනයන, විදේශ රැකියා, විදේශ ආයෝජන සහ විදේශ ප්‍රදාන යන නිර්ණායක හතරමබරපතල ලෙස ඇදගෙන වැටිලා.  මේ සංඛ්‍යා ලේඛණ පෙන්වන තිත්ත ඇත්ත මොකද්ද?  එංගලන්තයේ රැජින මේස් ගලවලා අතට අත දෙද්දී ජනාධිපතිතුමාට දැනුනු සනීපය රටට ජනතාවට දැනිලා නැති බවයි.

වත්මන් ආණ්ඩුවේ නායකයින්ගේ විදේශ සංචාරයන්හි අඩුවක් නෑ.  ජනපතිට අගමැතිට වගේම විදේශ ඇමතිට වැඩි වැඩියෙන් විදේශ සංචාර සඳහා මුදල් වෙන් කර තිබෙනවා.  ඒ වගේම මෙරට පැමිණ ඉහළම ආගන්තුක සත්කාර විඳින විදේශීය නායකයින්ගේ ද අඩුවක් නෑ.  නමුත් අපනයන, ආයෝජන, විදේශ රැකියා සහ ප්‍රදාන යන ක්ෂේත්‍ර හතරේමදක්නට ලැබෙන්නේ කඩා වැටීමක්.  එයින් පෙනෙන්නේ වත්මන් ආණ්ඩුවේ මිතුරන් සිටින්නේ අතට අත දී බදාගෙනකේක් කා වයින් පානය කර “යහපාලනය ෂෝක්“ යැයි ප්‍රකාශ කිරීමට මිස අපට උදව් කිරීමට නොවන බවයි.  බුදු දහමේ මේ මිතුරන් හඳුන්වා තිබෙන්නේ වචී පරම කියන නමින්.  එවැනි විදේශමිතුරන් ආශිර්වාදයක් නොව බරක්.  මේකට අපි කියන්නේ dining and wining diplomacy.  නැතිනම් කෑමට සහ බීමට පමණක් සීමා වුණු ජාත්‍යන්තර සබඳතා.  ඇයි අපට මෙහෙම වුණේ?

පසුගිය ආණ්ඩුව ඉතාම නිවැරදිව තමන්ගේ සැබෑ මිතුරන් හඳුනා ගෙන තිබුණා.  ඒ වගේම ලෝක ප්‍රවණතා හඳුනා ගෙන තිබුණා.  ඒ නිසා තමයි ආසියාවට සමීප වුණේ.  තුන්වන ලෝකයට සමීප වුණේ.  මේ ආසියාවේ සියවස.  යුරෝපා ආධිපත්‍ය ඉතිහාසයට එක් කරන සියවස.  ඇමෙරිකාව ඇද ගෙන වැටෙන සියවස.  රුසියාව, චීනය, ඉන්දියාව සමග ආසියාව බබලන සියවස.  බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව සමග තුන් වන ලෝකය අළු ගසා නැගිටින සියවස. කොටියාගෙන් තෑගි ලැබුණු බටහිර කන්නාඩියෙන් ලෝකය බලන මේ ආණ්ඩුවට නව ලෝක ප්‍රවණතා පේන්නේ නෑ.  This government fails to read international trends and to adjust itself to present situation.  ලෝකය දකින්නේ සීඑන්එන් බීබීසී වැනි බටහිර මාධ්‍ය හරහා නම් මේ ආණ්ඩුවට අබ සරණයි.

මේ ආණ්ඩුවේ නියෝජිතයෝ බ්‍රිතාන්‍ය ජනතාවට යුරෝපීය සංගමයේ රැඳී ඉන්න කියන්න ජනමත විචාරණය පැවැත්වුණු සමයේ එංගලන්තයේ ප්‍රචාරක කටයුතු වලට ගියා.  මෙතුමන්ලාවිවෘතවම බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග පෙනී සිටියේ ආණ්ඩුව ජයග්‍රහණය කරාවි කියන විශ්වාසයෙන්.  මොකද වුණේ? ආණ්ඩුව පරාදයි.  ඊ ලඟට ජනාධිපතිතුමා ප්‍රසිද්ධ වේදිකාවක ඇමෙරිකානු ජනාධිපතිවරණය පිලිබඳ ප්‍රකාශයක් කළා.  එක්සත් රාජධානියේ ජර්මනියේ වගේ ඇමෙරිකාවේත් අම්මා කෙනෙකු අතින් පාලනය වීමට යෑම පිලිබඳ සතුටු වෙනවා කියලා.  මොකද වුණේ?  ජනපති සිරිසේන සඳහන් කළ ආදරණීය අම්මා හිලරි ක්ලින්ටන් පරාදයි.  පැරදුනාට පස්සෙත් විදේශ ඇමතිතුමා 2016.11.15 ඩේලි මිරර් පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවක දී කියනවා එතුමා මම කියවන්නම් ඒ කොටස.

ඔන්න ආණ්ඩුව සහය දැක්වූ අයට අත්වුණු ඉරණම.  ආණ්ඩුවට දේශපාලන ඉවක් නෑ කියන එක මේ කාරණා වලින් පැහැදිලියි.  දැන් අපි අපේ සැබෑ මිතුරන් දෙසට හැරෙමු.  කියුබාව අපේ සෑම දුෂ්කර මොහොතකමඅපෙත් සමග සිිටි අපේ සැබෑම මිතුරෙක්.  නූතන කියුබාවේ නිර්මාතෘ ලෝක දේශපාලනයේ දැවැන්තයෙකු වන ෆිදෙල්කැස්ත්‍රො මැතිතුමා පසුගිය සතියේ දිවංගතවුණා.  එතුමාගේ අභාවය පිලිබඳ අපේ රටේ පමණක් නොවේ ලෝකය පුරාම දුක් වෙනවා.ජනාධිපති වගේම අගමැතිත් මේ පිලිබඳ ශෝක ප්‍රකාශ නිකුත් කලා.  ජනාධිපතිතුමා උදෑසනම ගිහින් ශෝක පොතේ අත්සන් තැබුවා.  නමුත් විදේශ අමාත්‍යාංශයවත් විදේශ ඇමතිතුමාවත් ශෝකය පල කර ප්‍රකාශයක් නිකුත් කරනවා අපි දැක්කේ නෑ. අවම වශයෙන් ශෝක පොතේ සමරු සටහනක් තබනවා අපි දැක්කේ නෑ.

විදේශ ඇමතිතුමා කියුබාව සමග පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිලිබඳ දන්නේ නැද්ද? මේ රටේ ජනතාවගේ මතය නියෝජනය කරන්නේ නැද්ද?  ජනතාව කමක් නෑ කියමුකො.  අඩුම ගණනේ මේ ආණ්ඩුවේ පක්ෂ දෙකේ මතය නියෝජනය කරන්න එපායැ.  ෆිදෙල්කැස්ත්‍රො කියන්නේ ශ්‍රිලනිප හිටපු නායිකා සිරිමාවෝ මැතිණියගේ වගේම එජාප හිටපු නායක ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේත් සමීප මිතුරෙක්.  අවම ගණනේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ මතයවත් විදේශ ඇමතිතුමා නියෝජනය කරන්නේ නැද්ද?

ඇමෙරිකාව රිදවීම සම්බන්ධයෙන් ඔබතුමාට ජනපති කැස්ත්‍රෝ සමග තරහක් ඇති.  ඔබතුමාගේ පෞද්ගලික මතය අපට වැඩක් නෑ.  ඔබතුමා විදේශ ඇමති විධියට මේ රටේ ජනතාව අඩුම ගණනේ මේ රටේ ආණ්ඩුව නියෝජනය කරන්න ඕනෑ.

ඒ වගේම ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැගීම ඉවත දමන මෙන් ඇමෙරිකාවේ අනාගත ජනාධිපති ඩොනල්ඩ්ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටින බව ජනපති සිරිසේන කියනවා.  ඒ පිලිබඳ විශේෂ පණිවිඩයක් යැව්වාලු.  නමුත් ඇමෙරිකාව ලංකාවට එරෙහිව ගෙනා යෝජනාවේ සම අනුග්‍රාහක කවුද?  සිරිසේන ජනපතිතුමා නායකත්වය දරණ ලංකාව.  එදා ඇමෙරිකාව යුද අපරාධ චෝදනා නගමින් ලංකාවට එරෙහිව යෝජනා ගෙනෙන විට “ඒක සැබැයි ඒක සැබැයි“ කියලා ලංකාවම සම අනුග්‍රාහක වුණා.  වෙන ආණ්ඩුවක් එහෙම නොවේ.  ජනපති සිරිසේනගේ ආණ්ඩුව.  ඉතින් දැන් ඔය නගන යුද අපරාධ චෝදනා අසාධාරණයි ඒක ඉවත් කර ගන්න කියන්නේ කොහොමද?  ජනපති මහින්දට නම් ඒ ඉල්ලීම කරන්න පුළුවන්.  සෑම යෝජනාවකටම විරුද්ධව සටන් කලා මිස ඒවා පිලි ගන්න ගියේ නෑ.

අවසාන වශයෙන් ලෝක නව ප්‍රවණතා තේරුම් ගැනීමටත් සැබෑ මිතුරන් හඳුනා ගැනීමටත් විදේශ ඇමතිතුමාට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

2016 11 30 විදේශ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා කළ කතාව

සිරිසේන කී පාහර කතා අහන්න ……..

බයියන්,ටොයියන් වි ගැහැණුන් නමන නැමිල්ල

ගංවතුර නායයාම් අස්සේ කොස්ගම හමුදා කදවුර පිපිරීම සිදුවෙද්දී VAT හුටපටයක් ඇති විය. ඒ සමගම අතුරුදහන් වූවන්ගේ කාර්‍යාල පනත් කෙටුම්පතපාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත්, “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්  ආරක්ෂාකිරීම සඳහා වූ   ජාත්‍යන්තර සම්මුතිය”නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අත්සන් තැබීමත් සිදුවිය. මෙරට ඇතැම් දේශපාලකයන් VAT හුටපටයේදී පාර්ලිමේන්තුවේ දී පමණක් නොව ශ්‍රෙෂ්ඨාධිකරණයේදී ද VAT වැඩිකිරීම නීති විරෝධීයැයි කියමින් නීතියේ සහන පතන්නට විය.දිවයිනේ විවිධ නගර ආශ්‍රිතව VAT විරෝධී උද්ඝෝෂණ ද පවත්වනු ලැබීය.

ජනතාව VAT විරෝධීන්ව සිටි අවධියේ යහපාලන ආණ්ඩුව කිසිවක් නොදන්නා විලසින් 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය මගින් “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්  ආරක්ෂාකිරීම සඳහා වූ   ජාත්‍යන්තර සම්මුතිය”2016 අගෝස්තු 23 වැනි දින සිට ලංකාවේ නීතියේ කොටසක් බවට පත්කර ගත්තේ ය. 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය මගින්“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්  ආරක්ෂාකිරීම සඳහා වූ  ජාත්‍යන්තර සම්මුතියේ” ප්‍රතිපාදන ලංකාවේ නීතියට ඇතුළත් කරමින් නීති පනවා ගත්තද  එකී ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු නො කරන ලදී.

කියවන්න

VATපෙන්වා ජනතාවට BATඑකෙන් කෙළිය යහපාලන සංහිදියා හයිබ්රිබඩ් ආණ්ඩුවේ OPIUM මෙහෙයුම

ගංවතුර, නායයාම් සහ කොස්ගම හමුදා කදවුර පිපිරවීම අස්සේ ජනතාව නොදන්නා “ජාත්‍යන්තර සම්මුතියක්” නීතිගත වූ ආකාරය 

ජනතාව VAT විරෝධයේ කිමිදී සිටීමත්, VAT වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු ලැබීමත්,  2016 මැයි 18 දින සිට ගංවතුර නායයාම් සිදුවීමත්, ඒ අස්සේ කොස්ගම හමුදා කදවුර පිපිරීමත්, 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත එකී ව්‍යසනයේදී ක්‍රියාත්මක නොකිරීමත්, ඇතැම් විපක්ෂ දේශපාලකයන් බන්ධනාගාර ගත වීමත් ඒ කාලයේ සිදුවිය. අවසානයේ දී “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්  ආරක්ෂාකිරීම සඳහා වූ  ජාත්‍යන්තර සම්මුතියේ” ප්‍රතිපාදන ලංකාවේ නීතියේ කොටසක් වීමත්, VAT නීතිය ක්‍රියාත්මක විමත්, ජනතා හිත පිණිස කියමින් ඇමති සංඛ්‍යාව වැඩි කර ගැනීමක් සිදු විය.මෙම ක්‍රියාවන්ගෙන් පැහැදිලි වන්නේ වර්තාමන ඊනියා ජාතික ආණ්ඩුවේ පාර්ලිමේන්තුවත්, විධායකයත්  ප්‍රජාතන්ත්‍රවාදය, ජනසම්මතවාදය නො තකා ක්‍රියාත්මක වන බවයි. ජනතාවට කොළේ වහලා හීන් සීරුවේ නීති සම්මත කර ගන්න බවය. වර්තමානයේ පාර්ලිමේන්තුවේ නීති සම්මත කර ගන්නා ආකාරය බලන විට සමාජය යම් අර්බුදයකට ඇද දමා තිබියදී නීති සම්මත කර ගන්නා ප්‍රවණතාවයක් දක්නට ඇත. එය පැහිදිලි වන්නේ තමන් ඉදිරියේ නැති “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්  ආරක්ෂාකිරීම සඳහා වූ   ජාත්‍යන්තර සම්මුතිය” පවා 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය මගින් නීතිගත කිරීමය. මෙම පනත සම්මත කළ දිනයේ වත් කිසි මන්ත්‍රීවරයෙක් මෙකී ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේ නැත. එනයින්ම මන්ත්‍රීවරුන්ගේ වගකීම් විරහිත භාවය සනාථ වෙයි.

kosgama_new

“යකෝ දැන් පුපුරනවා, අම්මට …..(Digital?) නැතුව මෙතනින් දුවපියව්” අති විශේෂ හෙළිදරව්ව

ඒ අතර VAT සම්බන්ධව තාවකාලික සහන අත්කර ගත්තද අවසානයේ දී තිබුණාටත් වැඩිය හොදින් VAT නීති ගත විය. අමති සංඛ්‍යාව අඩු කරනවා කියමින් 2015 ජනාධිපතිවරණය සහ 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණ ජයගත්තද ජනතාවට දුන් පොරොන්දු කඩමින් ඇමති සංඛ්‍යාව වැඩි කරගත්තේ ය. එහිදී ජාතික ආණ්ඩුවක් හදන්නේ ය, කියමින් ඇමති සංඛ්‍යාව වැඩි කරගත්තේ ය. කථානායකවරයා මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කර ගත්තේ ය.

දේශපාලකයින් මැතිවරණ වේදිකාවේ කියන දෙය නොව බලයට පැමිණි පසු කරනා දෙය අනුව ඔවුන් මැනිය යුතු වුවත් ජනතාව නො කරන්නේ ද එයයි.

මේ අතර වර්තමානයේ කරළියට පැමිණ ඇත්තේ වාහන දඩ වැඩි කිරීමේ ගැටළුවයි. VAT වැඩි කිරීමේ දී මෙන්ම වාහන දඩ වැඩි කිරීමද ජනතාවගේ සාක්කුවට දැනෙන ප්‍රශනයකි. ජනතාවගේ සාක්කුවට දැනෙන ප්‍රශ්න ඇති කර එකී ප්‍රශ්න තමන් විසින්ම විසදා දීමත් වර්තමාන ලෝකයේ කෞටිල්‍ය උපායයන් වෙයි. සමාජයේ නැති ප්‍රශ්නයක් පළමුව ඇති කරයි. ඒ ප්‍රශ්නය සමාජගත වන්නට ඉඩ හරි. ජනතාව උද්ඝෝෂණ පවත්වන විට ප්‍රජාතන්ත්‍රවාදී පියවර අනුගමනය කරන්නේ ය කියමින් ප්‍රශ්නයට පිළියම් දෙයි. ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන විට ජනතාව සිතන්නේ මේ තරම් හොද පාලකයන් කිසිදා රටේ නොවූ බවයි.

කියවන්න “අනේ…….. ඒයාගෙ බෙල්ල කපන්න එපෝ”…..එක්තරා රටක පාලකයන් ජනතාව තම වසගයට ගත් ආකාරය. 

යටත් විජිත සමයේ සිටම ජනතාව මේ අකාරයට දිගින් දිගටම රැවටෙන ලද්දේ ඇයි?ජනතාව විසින් තෝරාපත් කරගත් පාර්ලිමේන්තුව විසින් ජනතාවගේ අභිලාශයන්ට පටහැනි නීති සම්මත කරන්නේ ඇයි? ජනතාවගේ අභිලාශයන්ට පටහැනිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කර ගන්නේ ඇයි? කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ, සෝල්බරි ප්‍රතිසංස්කරණ මෙන්ම 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවත්, 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවත් මේවාට විසදුම් නො දුන්නේ ඇයි?ඉදිරියේදී පනවන්නට යන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, පැරණි ව්‍යවස්ථා මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යනිසිලෙස නිරූපණය නොවන්නක් විය හැකිද? යන්න මෙහිදී මතුවන ගැටළවයි.

VAT වැඩි කිරීමේ දී සහ ඇමතිවරු සංඛ්‍යාව අඩු කිරීමේ පොරොන්දුවේදී ජනතාවගේ කණින් රිංගූය හපාලකයින් ඔවුන්ගේම අලුත් නිර්මාණය වන වාහන දඩ වැඩිකිරීමේ මෙහෙයුම කුමන අඩව්වකින් නවතීද? යන්න 2015 ජනවාරි 08 සිට සිදුකරගෙන යන ක්‍රියාකාරකම් මගින් මැනිය හැකිය. ඒ සදහා විසල් බුද්ධියක් අවශ්‍ය නොවෙයි. යහපාලනය යනු නැති ගැටුම් ඇති කර ඒ ගැටුම් විසදීම නොවන බව වර්තමාන යහපාලකයින් අවබෝධ කර නැති බව පෙනේ. ඇතිවිය හැකි ගැටළු දුරදී හදුනාගෙන ඒ සදහා පිළියම් යෙදීම යහපත් පාලකයින්ගේ දර්ශනයයි. එසේ නොමැතිව තමන්ගේ පටු ඉලක්කකර යාමට ජනතාව අතර ගැටළු ඇතිකිරීම හෝ ජනතාව උද්ඝෝෂණ සදහා පෙළඹවීම හෝ නොවේ.

නීතීඥ උණවටුන කේ. අරුණ ලක්සිරි

B.Sc(Col),PGDC(Col)

arunaunawatuna@gmail.com

2016.11.30

Published on: Nov 30, 2016- ISIS ත්‍රස්තයෙකු යාපනයේදි කොටි නායකයන් හමුවෙලා-දින 90ක් තුල කොටි ක්‍රියාකාරකම් ඉහලට යනුවෙන් 2016 මැයි 05 වැනිදා අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු කල අනාවරණය තවදුරටත් තහවුරු වි තිබේ. ඒ යාපනයේ සිට පැමිණි අයිසීස්‌ ක්‍රියාකාරිකයා මුම්බායි පොලිස්‌ දැලේ යනුවෙන් අද දිවයින පුවත් පතේ කීර්ති වර්ණකුලසූරිය කර තිබේන අනාවරණය අනුවයි.

පසුගිය දින 90ක කාලය තුල එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකරකම් සීඝ්‍රයෙන් වර්ධණය වි ඇති බව හමුදා බුද්ධි අංශ ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් හරහා අවධාරණයට කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.මීට දින 10කට පෙර පැවැති විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්විමේදි මේ සම්බන්ධයෙන් අවධාරණය කර ඇති අතර උතුරේ සහ නැගෙනහිර සිද්ධින් මාලාවක් සම්බන්ධයෙන් මෙම වාර්තාව හරහා අවධාරණය කර තිබේන බව අප 2016 මැයි 05 වැනිදා අනාවරණය කළා.(සම්පූර්ණ වාර්තාව පහතින් බලන්න…)

උපුටා ගැන්ම 2016 නොවැම්බර් 30 දින දිවයින

යාපනයේ නතරවී සිට ආපසු ඉන්දියාවට පැමිණි අයි.එස්‌ ත්‍රස්‌ත සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ අග්සාක්‌ මජිඩ් නමැත්තා මුම්බායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු පසුගිය පෙබරවාරි මස කේරළ තරුණයන් 21 ක්‌ සමග යාපනයට පැමිණ ලැඟුම් ගෙන තිබේ. එම තරුණයන් අයි.එස්‌. සංවිධානය සඳහා පුහුණු කර ඇත.

මොවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයට අරමුදල් සපයා ඇත්තේ ඉස්‌ලාමීය පර්යේෂණ සංවිධානය බව ජාතික බුද්ධි සේවාව සිදුකළ විමර්ශනයකින් හෙළිවී ඇත.

කුරානය අධ්‍යයනය කිරීම සඳහා යයි දක්‌වමින් මෙම තරුණයන්ව ශ්‍රී ලංකාවේ සංචාරයට ගෙනවිත් ඇතැයි වැඩිදුර පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

අධිපාක්‌ නමැත්තාගේ පියා සිය පුත්‍රයාගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දීය බුද්ධි සේවාවට තොරතුරු හෙළිකර ඇතැයි ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කියයි.(ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කල අනාවරණය පහතින් බලන්න )

http://www.sinhala.lnwtoday.com/archives/10283

ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කල අනාවරණය 

NIA seeks custody of 3 men accused of radicalising Kerala youths who joined IS

The men were arrested on the basis of a complaint filed by the father of one of the youths who has allegedly joined IS.

The National Investigation Agency (NIA) has filed an application before a special court in Mumbai seeking custody of three men accused of radicalising Kerala youths who joined the Islamic State (IS).

Mumbai-based accused Arshi Qureshi, a guest manager with Zakir Naik’s Islamic Research Foundation, Rizwan Khan, who worked as a volunteer with Al-Birr Foundation, and Kerala-based preacher Maulana Mohammed Hanif, are currently in judicial custody in city prisons. The men were arrested on the basis of a complaint filed by Abdul Majid Abdul Kader, the father of one of the youths who has allegedly joined IS.

The case registered at Nagpada police station was transferred for investigation to the Mumbai crime branch, which had initially been granted custody of the men. The NIA, which has taken over the case recently, has sought custody to interrogate the men. The plea comes two days after the NIA sought an extension of 90 days under the Unlawful Activities Prevention Act to file the chargesheet in the case.
Special Judge VV Patil has issued a production warrant to prison authorities including Taloja central jail where Qureshi and Khan are lodged and Arthur road jail where Hanif has been kept. The three will be produced before court on November 28 and given an opportunity to be heard on the NIA plea.

According to Kader’s complaint, his son Ashfaque had told him that it was Qureshi who financed his trip to Sri Lanka in January 2016 for a religious trip. Ashfaque, along with his wife and daughter, left the country again in April and allegedly sent an audio message to his family about joining ISIS. In his bail plea filed recently before the same court, Hanif has said that he has been falsely implicated and had nothing to do with the radicalisation of the youths, including Ashfaque.

http://indianexpress.com/article/india/india-news-india/nia-seeks-custody-of-3-men-accused-of-radicalising-kerala-youths-who-joined-islamic-state-4393740/

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ පක්ෂ ප්‍රතිපත්ති වලට මෙන්ම රටේ ජනතාවටද ද්‍රෝහි වෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග එක්විමට ගත් තිරණය තමන් ජිවිතයේ වැරදිම තින්දුව බව දැන් තමන්ට වැටහෙන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තනතුරින් පහ කොට ශ්‍රිලනිප අග්‍රාමාත්‍යවරයෙකු පත්කලයුතු බවට තමන් ඇතුලු කණ්ඩායමක් ජනාධිපතිවරයාට යොජනා කල අතර අගමැති තනතුර සදහා සුදුසුකම් සහිත පුද්ලයෙකු ලෙස එම කණ්ඩායම විසින් තමන් යෝජනා කල බවද අමාත්‍යවරයා අප වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

යහපාලන අර්බුද හමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් වෙන වෙනම තම තනතුරැ රැක ගැනීමේ සීතල යුද්ධයකට අවතීර්න වි සිටි අතර ශ්‍රීලනිප මෛත්‍රී කණ්ඩායමේ ඉල්ලීම වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තනතුරින් පහ කොට ශ්‍රිලනිප අගමැති කෙනෙක් පත්කල යුතු බවත් ඒ හරහා ඇතිව තිබෙන අප‍්‍රසාදය මැඩලීමට ජනාධිපතිවරයාට පියවර ගතහැකි බවද මෛත්‍රී පිළේ බත් බැලයන් පෙන්වා දි තිබේන බව අප මිට පෙරද වාර්තා කළා.

අදාල යොජනාව ඉදිරිපත් කල අවස්ථාවේ සිටිම ජනාධිපතිවරයා තමන්අ එතුලු කණ්ඩායම සමග අර්බුදයකින් සිටි බවත් එම අර්බුදය හෙතුවෙන් අවස්ථා ගණනාවකදි තමන් ඇතුලු කණ්ඩායමේ වැඩ පිළිබඳව චොදනා කරමින් හැසිරුනු අතර පසුගියදා මාතර නිල්වලා යෝජනා ක්‍රමයේ මුල්‍ය අක්‍රමිකතාක් පිළිබඳව කල අනාවරණයද එම අර්බුදයේම කොටසක් බවද අමාත්‍යවරයා සදහන් කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේනගේ අවස්ථාවාදී කුහක පිළිවෙත පෙනෙනවා ඔහු සැරෙන් සැරේට හිටපු ජනාධිපතිතුමා ජනතාවගේ අප්‍රසාදයට ලක් කිරීම සඳහා ඉදිරිපත් කරන කතාවල්. දැන් ඔහු අහනවා මාතර නිල්වලා යෝජනාව සඳහා 2015 ජනවාරි 7වනදා නිකුත්කළ රුපියල් මිලියන 3012ක මුදලට මොනවාද උනේ කියලා. එදා මුදල්පාස් කරන්න කාලයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තියෙන්න විදියක් නෑ. චන්ද කටයුතු නිසා. එවැනි චෝදනාවලින්ම තේරෙනවා මෛත්‍රීපාල සිරිසේන ගෙනයන වංචනික වැඩපිළිවෙල.එම වංචනීක වැඩපිළිවෙළ හරහා අගමැති වෙනස් කලයුතු බවට යොජනා කල නිමල් සිරිපාලද බිල්ලට දි තිබේ.

2015 ජනවාරි 7වෙනිදා රුපියල් මිලියන 3012ක් අත්තිකාරම් ලෙස මුදල් අමාත්‍යාංශයේන් වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යාංශයට නිදහස් කරන අවස්ථාවේදිද අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය.

පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මාතර නිල්වලා යෝජනා ක්‍රමය වෙනුවෙන් මහා භාණ්‌ඩාගාරය රුපියල් මිලියන 3012 ක චෙක්‌පතක්‌ නිකුත් කර ඇත්නම් වහාම ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා චීනයේ බීජිං නුවර සිට ප්‍රකාශ කළේය.

ඉකුත් ජනාධිපතිවරණයේ තීරණාත්මක අවධියේ තමන් අමාත්‍යාංශවල කටයුතු පිළිබඳව අවධානය යොමු නොකළ බව මෙහිදී සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා කවරකු හෝ වගකීම් විරහිත අන්දමින් එවැන්නක්‌ සිදුකර තිබේ නම් කඩිනම් පරීක්‍ෂණයක්‌ මගින් ඒ සියලු තොරතුරු හෙළි කරගෙන ඊට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පියවර ගත යුතු බව ද පැවසීය.

හිටපු ජනාධිපතිවරයා සිය චීන සංචාරය තුළදී මෙම ප්‍රකාශය කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය සෙනසුරාදා (26 දා) ගාල්ලේ පැවැති ශ්‍රීලනිප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්‌වෙමින් 2015 ජනපතිවරණයට පෙර දිනයේ මහා භාණ්‌ඩාගාරය මිලියන 3012 ක චෙක්‌පතක්‌ නිල්වලා ව්‍යාපෘතියට නිකුත් කර ඇතැයි සිදු කළ අනාවරණය පිළිබඳව අදහස්‌ දක්‌වමිනි.

කවරකු හෝ මෙවැන්නක්‌ කර තිබේ නම් එය කාගේ නියෝගයෙන් සිදු කළේදැයි යන්න අනාවරණය කරගෙන ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීම රජයේ වගකීමක්‌ බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

නිමල් සිරිපාල සිල්වා වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස සිටි කාල වකවානුවේදී නිලවල ගග ව්‍යාපතිය සඳහා අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරින් කරන ලද ඉල්ලීම මත අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් අදාළ අමාත්‍යාංශය වෙත ලබා දී ඇත. එය රුපියල් මිලියන 4012 කි.

එහෙත් පසුගියදා ජනාධිපතිවරයා විසින් නිල්වලා ගග ව්‍යාප්තිය සම්බන්ධයෙන් කල ප්‍රකාශ කල පරිද එම ව්‍යාපතිය සඳහා ලබාදි ඇති එම මුදලට කිසිම දෙයක් සිදුවී නැති බවයි.

නව රජය බලයට පත්වීමත් සමඟ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කල අතර නව රජයේ එනම් දින 100 යේ ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල කලමාණාකරන හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් වූයේ ද දුමින්ද දිසානායක අමාත්‍යවරයාය.

ඔහු මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමඟ ශ්‍රිලනිප ඉවත්ව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ජනාධිපතිවරනයට තරග කල අවස්ථාවේදි ජනාධිපති මෛත්‍රීපාල සමඟ සිටි අමාත්‍යවරයෙකි.

2015 අගෝස්තු මහ මැතිවරණය සමඟ අමාත්‍ය මණ්ඩලය වෙනස් වූ අතර වර්තමානයේදි එනම් මේ වනවිට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජාතික ලැයිස්තුවෙන් පත්කල ශ්‍රිලනිප මන්ත්‍රී විජිතමුණි සොයිසා අමාත්‍යවරයාය.

එබැවින් සැබෑ ලෙස මෙතරම් විශාල මුදලක් අදාළ අමාත්‍යාංශයට ලැබීමෙන් පසු එම මුදල් අවශ්‍ය කාර්යය සඳහා යොදවා නැත්නම් එම කාලයේ අමාත්‍යාංශය භාර සිටි ඇමැතිවරයා ඊට වග කිවයුතු බව පසුගියදා FCID විසින් කරනු ලැබු පරීක්ෂණවලින් පැහැදිලි වන අතර ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ වර්තමානයේ සිටින ඉහත නම් සඳහන් අමාත්‍යවරුන් සම්බන්ධව ගන්නා තීරණය ජනතාව බලා සිටුනු ඇත.

2012 මැයි මස 26දින මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් එවකට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරින් කැදවා වසර 28 පමාවි ඇති නිල්වලා ගග ව්‍යාප්තිය වහාම ආරම්භ කරන ලෙස උපදෙස් දෙන ලදි.

මාතර ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම කුඹුරුවලට මුහුදු වතුර ඒම වැලැක්වීම සහ හම්බන්තොට, මාතර යන දිස්ත්‍රික්වලට පානිය ජලය ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ විය.මෙම සඳහා මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරින්ද සහභාගි වී ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස වූයේ සිංගප්පූරු ‘මරිනා බරාජ්’ පිරිසිදු පානිය ජල ව්‍යාප්තිය සමාන යෝජනා ක්‍රමයට මෙම ව්‍යාප්තිය ස්ථාපිත කොට ගංවතුර හා ඉඩම්වලට මුහුදු ජලය ඒම වලක්වා මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික් ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදීමට අවශ්‍ය පරිදි මෙම නිල්වලා ගග යෝජන ක්‍රමය හැකි ඉක්මනින් නිමකරන ලෙසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස මේ සඳහා අවශ්‍ය මුදල් අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කරන බවත් මෙම යෝජනා ක්‍රමය නිසා මොනම විදියකින් හෝ මාතර දිස්ත්‍රික්කයේ ස්වභාවික පරිසරයට හානි නොවීමට අමාත්‍යාංශ නිලධාරින් වග බලාගත යුතු බවත් එහිදි ජනාධිපතිවරයා දැඩිව කියා සිටියේය.

මහින්ද පෙන්නුවාට සෙනග පෙන්වන්න එපා…   යහපාලනයේ මාධ්‍ය මර්දණය… ගැන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි දිලුම් අමුණුගම පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශය…

යහපාලනයේ මාධ්‍ය මර්දණය…මහින්ද පෙන්නුවාට සෙනග… by lnwtoday

මෙරට ප‍්‍රශ්න ඇති ආයතන අතර මුලින්ම නමකියවෙ නාමයන් අතර විශ්ව විද්‍යාල පෙරමුණේ සිටියි.පාලකය්න හා සිසුන් අතර ප‍්‍රශ්න නොමැති දවසක් නොමැති තරමිය. බලා ගෙනසිටින අයෙකුට සිතෙන්නේ පාඩුවේ ඉගෙන ගන්නේ නැති සිසුන් මහපාරෙ කැට හොල්ලමින්,සටන් පාඨ කියමින් විරෝධතා දක්වන බවයි.එහෙත් බොහොමයක් ප‍්‍රශ්න ප‍්‍රශ්න නොවේ. ඇතැමි ගැටඵවලට කිෂණිකව පාලකයින් ප‍්‍රතිචාර දක්වන්නේ එම ගැටඵ ඔඩු දිවිමට මත්තෙන් පිළිතරු ලබාදිය හැකිය.එහෙත් ඇතමි පාලකයින් සිසුන් අතර ගැටුමි නිර්මාණය කරන ස්වරුපයක් දක්නට ලැබේ. ඒ සිය පාලනයේ පහසුවටය.සෑම ආයතනයකම පාලකයින් තමන්ට විරුද්ධව කණ්ඩායමක් සිටිද , එහිදී ඇතිවන ගැටඵවලට මුහුණ දිම සදහා තමන්ට පක්ෂපාත කණ්ඩායමක්ද තබා ගනී.

කොළඹ විශ්ව විද්‍යාලයේ රාජගිරිය පිහිටි දේශිය වෛද්‍ය විද්‍යායාතනයේ ඉහත සදහන් කළ ආකාරයේ ගැටුමක් නිර්මාණය කර ඇත්තේ පාලකයින් බව පැහැදිළිය. ඒ මිට වසර දෙක තුණක සිටය.2012/2013 ශිෂ්‍ය කාණ්ඩායෙමි සිටින සිසුන් දෙපිරිසක් අතර ඇති වී තිබෙන ගැටුමක ප‍්‍රතිඵය අවසානයේ අධිකරණය දක්වා ගොස් ඇත්තේ පරිපාලනයේ පවතින දුරුවල පාලනය නිසාවෙනි.

මෙහි ප‍්‍රදාන චරිතය රග දක්වනු ලබන්නේ කොළඹ හතේ සුඵතර සිසුන් කණ්ඩායමක් හා ගමෙන් පැමිණි බයින්ගෙන් සැදුම් ලත් බහුතර සිසුන පිරිසක් අතරය. එහි අධ්‍යක්ෂනය පාලන අධිකාරියේ ඉහල නිළධාරින් කිහිප දෙනෙකු සිදු කරයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ රාජගිරිය පිහිටි දේශිය වෛද්‍ය විද්‍යායාතනට වැඩිදුර අධ්‍යාපනය හැදැරිමට 2012/2013 වර්ෂායේ කණ්ඩායමට විශ්ව දේනෙත්ති සිසුවාද ඇතුල්වෙයි.ඔහු අනෙක් සිසුනමෙන් නොව නායකත්වය වෙනුවෙන් කැපිපෙනිමට වැඩකිරිමට දක්ෂය.ඊට හේතුව ඔහු අශ‍්‍රය කරන සාමාජය හා ඇසුරුකරන බලවත් පුද්ගලයින් නිසා වෙනි.මේ හේතවෙන් ආයතනයේ ඉහළ පාලනධිකාරියේ ඇතමි ආචාරය්‍යවරුන්ද මෙම ශිෂ්‍යාගේ ඇති බලය නිසා ඔහුට නම්‍යශිලි ගතියක් පෙන්වන බව අනෙකුත් සිසුන් වෝදනා කරයි.ඊට හේතුව දිශ්ව කියන පරිදි ඔහුගේ හොදම මිතුරන් වන්නේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ පුත් දහමි සිරිසේන හා අධිකරණ හා බුද්ධසාශන ඇමති විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකමි රකිත රාජපක්ෂ මහතායි.

කෙසේ වෙතත් බල්ලා මල්ලෙන් ළියට පනිනු ලබන්නේ 2015 ජනාධිපතිවරනයේදීය. දිශ්ව සිය කණ්ඩායමේ කිහිපදෙනෙකු නොම`ග යවමින් මැතිවරණ කටයුතු සදහා රැගෙන ගොස් ඇත.ඒ සමගම ඔහුගේ සැගවුණු නිය්‍යාය පත‍්‍රය හෙළිවීමත් සමග කණ්ඩායෙමි අනෙකුත් සිසුන් ඔහුව ප‍්‍රතිකෂේප කිරිම ආරමිභ වී තිබේ.මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ රාජගිරිය පිහිටි දේශිය වෛද්‍ය විද්‍යායාතනයේ අධ්‍යක්ෂවරයා කාලය ඉක්මව ගිය පසු ඇතිවු පරප්පාඩුවට කිහිප දෙනෙකු අතර සීතල මත ගැටුමක් තිබි ඇත. එම අවස්ථාව ප‍්‍රයෝජනයට ගත දිශ්ව වැඩ බලනඅධ්‍යක්ෂවරියට සහය පල කිරිමට පටන් ගෙන තිබේ.ඒ අනුව ඔහු සිසුන්ගේ වය්‍යජ අත්සන් යොදා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොම්ෂන් සභාවට හා අධ්‍යාපන අමාත්‍යංශ්‍යයෙන් ඉල්ලා ඇත්තේ වැඩබලන අධ්‍ය්ෂවරිය සිසුන් සමග සහයොගයෙන් කටයුතු කරන නිසා ඇයව අධ්‍යක්ෂ තනතුරට පත් කරන ලෙසයි.

2015 සැත්තැමිබර් 01 දින දෙවන වසර දේශන ශාලාව තුළ දී මුලින්ම ගැටුම ආරම්භ වී ඇත. බහුතර සිසුන් සමග දිශ්ව දේනෙත්තිගේ මුලිකත්වයෙන් යුත් සු`ඵතර සිසුන් ගැටුමට මුල් වී තිෙබි. අවසානයෙ සිද්ධිය නතර වුයේ වැලිකඩ පොලිසියේය. එම ගැටුම නවකවදය සමිබන්ධයෙන් ඇතිවු ගැටුමක් බව කියෙවි. සිද්ධියත් සමග කොළඹ මහෙස‍්‍රාත් අධිකරණයේ සිසුන් 25කට පමණ නඩු පැවරිණි පහර දීමි,භාණ්ඩ සොරාගැනිම ආදී කරුණුවලට එරේහිව එම නඩු ගොනු කර ඇත්තේ පුද්ගලික පලිගැනිමිවලට බව හෙළි වී තිබේ. ගැටුම සිදුවන දින ම දේශන ශාලාෙවි හා ආයතනය තුළ නොසිටි සිසුන්ට පවා නඩු පවරා ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් කොළඹ විශ්ව විද්‍යාලයේ රාජගිරිය පිහිටි දේශිය වෛද්‍ය විද්‍යායාතනය තුළ උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් හා රාජගිරිය දේශිය වෛද්‍ය විද්‍යායතනයෙන් පරික්ෂණ දෙකක් පවත්වා තිෙබි එම සිද්ධියට මුල්වු කරුනු ,ඉදිරියේදී එවැනි තත්වයන් අවමකර ගැනිමට ගතයුතු කි‍්‍රයාමාර්ග ද එහි සදහන් වේ.

රාජගිරිය පිහිටි දේශිය වෛද්‍ය විද්‍යායාතන සිදුකළ විමර්ශනයට 2016 ජුනි 14 වෙනි ආයතන ශ‍්‍රවණාගාරයේදී රැස්වු සිය`ඵම ආචාර්ය්‍යවරුන්ගේ එකගත්වයෙන් එම කමිටුවට සමාජිකයින් තෝරාගෙන ඇත.ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය්‍ය ආචාර්ය්‍ය එල් පී ඒ කරුණාතිලක මහතාගේ මුලිකත්වයෙන් අචාර්ය්‍ය වරුන් ඇතු`ඵ 12 දෙනෙකුගෙන් යුත් කම්ටුවක් තොරාගෙන තිබේ.එම කම්ටුව ජුනි 14 සිට සැත්තැම්බර් 14 දක්වා පුරා මාස තුනක් කම්ටුව 16 වරක් රැස්වී අර්බුදයට තුඩු දුන් හා ඊට ගත යුතු විසදුම් සම්බන්දයෙන් තොරතුරු රැස් කර තිබේ.

එහිදී හෙළිවී ඇත්තේද ආයතනය තුල ශිෂ්‍ය කණ්ඩායම් එකිනෙකට විරුද්ධව කටයුතු කරන බවයි.එක් කණ්ඩායමක් බහුතර සිසුන් සිටින අතර අනෙක් කණ්ඩායමේ සිසුන් 15ක පමණ කණ්ඩායමමක් සිටින බවයි.එහෙත් ගැටුමට මුලික වු වැදගත්ම පාර්ශවය වන දිස්ව දෙනෙත්ති, මොහෙමෙඞ් ඉක්බාල් ඉල්මුන් මන්සා,ඉසුරු චින්තක,දිනේෂ් මධුෂංක,ශානක සත්සර. භාෂිත ගුණවර්ධන ,හා ශෂිනි බඹරැන්ද සිසුන් කම්ටුව හමුවේ පෙනි සිට නැත.එහෙත් කම්ටුව හමුෙවි පළමු ,දෙවන , තුන්වන , හතරවන වසරවල සිසුන් පැමිණ ප‍්‍රකාශ ගබා දී තිබේ.එහිදී හෙළි වී ඇත්තේ මෙම ගැටුම සදිසියේ පැන නැගනු එකක් නොව සු`ඵතර සිසුන් කණ්ඩායමට පාලන අධිකාරියේන් ලැබෙන අනුග‍්‍රහය නිසා මෙම ගැටුම නිර්මානය වී ඇති බවයි.

තෝරාගත් සිසුන් පිරිසකට පාලන අධිකාරියෙන් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂමේ ,දියත උයනේ,හා විහාර මහදේවි උද්‍යානයේ රැස්විම් පවත්වා ඇති බව කම්ටුවට නිරික්ෂණය වී තිබේ. අඩුම තරටම් එම රැස්වීම් සම්බන්ධයෙන් ආචාර්ය්‍ය මණ්ඩලය, ආංශික කම්ටුවත් දැනුවත් කර නොමැත.මීට අමතරව ආයතනයේ දුරකථන අංක භාවිතා කර සිසුන් කණ්ඩායමක් ආයතනයේ කීර්ති නාමයට හානි වන ආකාරයට අනෙක් පාර්ශවයේ මාපියන්ට ලිපි යවා ඇති බව හෙළි වී ඇතත් ආයතනයේ දුරකථන අංකය භාවිතා කිරිම සම්බන්ධයේන් කිසිදු පියවරක් ගෙන නොමැත.ස්වාදින ශිෂ්‍ය සංගමය නමින් ශිෂ්‍ය සංගමයක් ලෙස කටයුතු කරමින් ඊට නිල භාවයක් ලබා ගැනිම සදහා අධ්‍යක්ෂතුමියගේ හා ආයතනයේ නිළ දුරකථන අංක භාවිතා කරන බව තහවුරු වී තිබේ.

ෙමි අතර ආයතනයේ නේවාසිකාගාරය තුළ නවක වදය සිදුවන බවට පැමිණිළි කර ඇති භාෂිත ගුණවර්ධන හා ශානක සත්සර යන සිසුුන් දෙදෙනා නේවාසිකාගාරයෙවත් ලියාපදිංචි නොවු සිසුන් දෙදෙනෙක් බවත් අඩුම තරමේ ප‍්‍රායෝගික පරික්ෂණ සදහා පැමිණිෙමි ප‍්‍රතිශතයද අඩු සිසුන් දෙදෙනෙකු බව හෙළිවී ඇත.කෙසේ වෙතත් අමානුෂික ලෙස නවක වදය සිදුවන බවට සදහන් වුවද එවැනි දෙයක් සිදුවන බවට කමිටුවට නිරික්ෂණය කර ගැනිමට හැකි වී නොමැත.ඒ සදහා කිසිවෙකු කමිටුව හමුෙවි සාක්ෂි ලබා දී නොමැත.

මෙහි බරපතලම සිදුවීම වු විභාග අක‍්‍රමිකතාවයක් ද හෙළිකර ගැනිමට කමිටුව සමත් වී ඇත.2015 අපේ‍්‍රල් 06 දින පැවති ප‍්‍රශ්න පත‍්‍රයේ අඩංගු බහුවරණ ප‍්‍රශන හා පිළිතුරු දිස්ව දෙනෙත්ති සිසුවාගේ ෆෙස් බුක් ගිනුම හරහා ලබා දී ඇති බව හෙළි කරගැනිමට සමත් වී තිබේ.වාචික පරික්ෂණවලදී සමහර සිසුන්ට ඇතැමි ආචාර්ය්‍යවරුන් අනුග‍්‍රහශිලි ලෙස කටයුතු කරන බවටද කම්ටුවට පැමිණිළි ලැබි ඇත.

මෙම කරුණුවලට මුලික හේතුව වසර තුනක් පුරාවට ශිෂ්‍ය විරෝධි කටයුතු වලට එරෙහිව ආයතනයේ පරිපාලනය විනයානුකූල පියවරක් නොගැනිම නිසා මෙම අර්බුද උග‍්‍ර අතට හැරිඇති බව නිරික්ෂණය කර තිබේ.කෙසේ වෙතත් සුඵතර ශිෂ්‍ය කණ්ඩායමට පහරදිමි, අඩත්තේට්ටමි,හා අපහසුතාවයන් වලට මුහුණ දිමට සිදුවන බව ද හෙළිවී ඇත්තේ ඔවුන් ලිපිමගින් දැක්වු කරුණු වලින්ය.

මේ අතර 2015 සැත්තැමිබර් 01 දින දෙවන වසර දේශන ශාලාවේදී බහුතර සිසුන් සමග දිශ්ව දේනෙත්තිගේ මුලිකත්වයෙන් යුත් සු`ඵතර සිසුන් ගැටුමකට ඇති වු යේ නවකවදය සිදධියක් බව කියවන සිද්ධියද කොළඔ විශ්ව විද්‍යාලයෙන් සිදු කර ඇති පරික්ෂණයේදී ද කරුණු ඉදිරිපත් කර තිබේ.කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය්‍ය කේ ආර් ආර් මහනාම මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ පිරික්ෂණ කණ්ඩායමක් පැවැත්වු පරික්ෂණයේ වාර්තාව මැයි 02 දින නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් සිද්ධියත් සමග කොළඹ මහෙස‍්‍රාත් අධිකරණයේ සිසුන් 25කට පමණ නඩු පැවරිණි පහර දීමි,භාණ්ඩ සොරාගැනිම ආදී කරුණුවලට එරේහිව එම නඩු ගොනු කර තිබිම නිසා තුන්වන වසර සිසුන් විත්තිකරුවන් ලෙස අධිකරණයේ පෙනිසිටිමට සිදුව තිෙබි.කෙසේ වෙතත් 2015 සැත්තැම්බර් 01 දින ඇති වු ගැටුෙමිදී මොට අයුධවලින් පහර දිම,වාහනවලට අලහභානි කිරිම,රන්මාලයක් පැහැර ගැනිම,ජංගම දුරකථනයක් පැහැරගත් බවට කර තිබු චෝදනා සම්බන්ධයෙන් ඇසින් දුටු ශිෂයන් පවසා ඇත්තේ එම කරුනු අසත්‍ය බවයි.

මේ අතර විභාගවලට මුහුණ දිම සදහා පැමිණිමේ ප‍්‍රතිශතය සුඵතර ශිෂ්‍ය කණ්ඩායමට ගැටලූවක් නොවන ආකරයට පරිපාලනය විසින් සකස් කර දෙන බවට තොරතුරු හෙළි වී ඇත.සියයට 75ක පැමිණිමේ ප‍්‍රතිශතය එම සුඵතර ශිෂ්‍ය කණ්ඩායමට වලංගු නොමැති බවය බහුතර ශිෂ්‍ය කණ්ඩායම පවසයි.

කෙසේ වෙතත් රාජගිරිය පිහිටි දේශිය වෛද්‍ය විද්‍යායාතනයේ.ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය්‍ය ආචාර්ය්‍ය එල් පී ඒ කරුණාතිලක මහතාගේ මුලිකත්වයෙන් සිදුකළ විමර්ශනය හා කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය්‍ය කේ ආර් ආර් මහනාම මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ පිරික්ෂණ කණ්ඩායමක් පැවැත්වු පරික්ෂණයේ වාර්තාවේන ද කියවෙන්නේ එකම කරුණක් බව පැහැදිලිය. එම වාර්තා දෙකම මේ වනවිට රාජගිරිය දේශිය වෛද්‍ය වාද්‍යායාතනයේ පාලන අධිකාරියට ලබා දී ඇතත් එය ඉහළ බලධාරින්ට යොමු කිරිමට කටයුතු කර නොමැත. ඊට හේතුව එසේ එම වාර්තා ඉදිරිපත් කළ හොත් පාලනධිකාරිය රගන හැංගිමුත්තන් හෙළිවන නිසාවෙනි.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි….

ආණ්ඩුවේි සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් අසූචි වලක ලැග සිටින ඌරන් මෙන් බවත්, රටම ගදගස්සන බවත්, ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව රැකගැනීම සදහා විලි ලැජ්ජාවකින් තොරව ඔවුන් කටයුතු කරමින් සිටින බවයි. ඉදිරි ඕනෑම මැතිවරණයකදී මෙවැනි අයට ජනතාව නිසි පිළිතුරු ලබා දෙනු ඇතැයිද රණතුංග මහතා විශ්වාසය පල කරයි.

ජී. එල්. පීරිස් මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන ලෙස තමන් ඇතුඵ ඒකාබද්ධ විපක්‍ෂයට ආරාධන ලැබ ඇ තැයි පැවසූ රණතුංග මහතා මේ සම්බන්ධයෙන් කණ්ඩායමක් ලෙස ඉදිරියේදී තීරණයක් ගන්න බවද සදහන් කරයි.

ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා අද(29) පෙරවරුවේ උඩුගම්පල සිය කාර්යාලයේදී පැවති රැුස්වීමකදී මේ බව සදහන් කලේය. වර්ථමාණ දේශපාලන තත්වය දැණුවත් කිරීම සදහා රැස්වීම කැදවා තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

“අද මේ ආණ්ඩුවට විරුද්ධව නව ජාතික බලවේගය ගොඩනැගෙමින් තිබෙනවා. ආණ්ඩුව දන්නවා මේ ආරම්භ වෙලා තියන්නේ ඔවුන්ගේ ගමනක අවසානය කියලා. ඒ නිසා තමයි ඔවුන් ගොඩනැගෙන ජාතික බලවේගයට විරුද්ධව අවලාද නගන්නේ. ඔය අවලාද නගන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරු 2015.ජනවාරි 08 වෙනිදා මහින්දව පරද්දන්න වක‍්‍රව කටයුතු කල අයයි. ඒ නිසා තමයි ජනවාරි 08 වෙනිදයින් පස්සේ ඔවුන් ප‍්‍රසිද්දියේම යහ පාලන ආණ්ඩුවට එකතු වෙලා අප්පච්චි මලා යයි කියමින් සිරිසේන ජනාධිපතිවරයා ලගට යන්නේ. ඒ අයව අගෝස්තු 17 වෙනිදා ජනතාව ප‍්‍රතික්‍ෂ්ප කලත්, වක‍්‍රව ජනාධිපතිවරණයේදී සිරිසේන මහත්තයට උදව් කරපු හින්දා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරන් ඇමතිකන් දෙන්නත් කටයුතු කෙරුණා. ඒ තනතුරු ගත්ත උදවියට පැවරිලා තියන ප‍්‍රධාන කාර්යයක් තමයි මහින්ද මහත්තයාටත් අපටත් මඩ ගැසීම ඒඅ ය හරියට අසූචි වලක ලැගලා ඉන්න ඌරෝ වගෙයි. ඔවුන්ට තමන්ගේ ගද දැනෙන්නේ නෑ. තමන් ලැගලා ඉන්න තැන ග`ද දැනෙන්නෙත් නෑ. හැබැයි රටම ගදගස්සනවා.

ආණ්ඩුවට කත් අදින උදවිය දැන් ශ‍්‍රී ලංකා නනිදහස් පක්‍ෂය දිය කරලා ඉවරයි. ගමේ ශ‍්‍රී ලංකා කාරයාගේ කොන්ද කඩලා ඔවුන්ව මානසිකව බි`ද වැට්ටුවේ අපේ පක්‍ෂයේ වර්ථමාණ සභාපතිවරයා ඇතුලු බලධාරීන්. මේ පක්‍ෂය අද තියන අවාසනාවන්ත තත්වයට පත් කලේ ඔවුන් ඇත්ත ශ‍්‍රී ලංකා කාරයෝ කවදාවත් අපේ පක්‍ෂයට ඔවුන් කරපු දේට සමාව දෙන්නේ නෑ. ජනාධිපති සිරිසේන මහත්තයා කියමින් යනවා ඉදිරි පළාත් පාලන මැතිවරණයත් පළාත් සභා මැතිවරණත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනවන්න කටයුතු කරනව පක්‍ෂය පරාජය කරපු කෙනාමේ කියන කථා සැබෑ ශ‍්‍රී ලංකා කාරයෝ විශ්වාස කරන්නේ නෑ. සිරිසේන මහත්තයට ශ‍්‍රී ල නි පය දිනවන්න ඇත්ත උවමනාවක් තියනවානම් ඔහු මහින්ද මහත්තයත් එක්ක සංහිදියාවකට එලභිය යුතුයි. මොකදච ගමේ ශ‍්‍රී ලංකා කාරයෝ ඉන්නේ මහින්ද මහතක්තයත් එක්ක නිසයි. ජනාධිපතිවරයාගේ මේ ප‍්‍රකාෂ ෂත්භාවයෙන් කල ප‍්‍රකාෂ ලෙස අප ගණන් නොගන්නේ එවැනි සංහිදියාවක් ඇති කර ගන්න ජනාධිපතිවරයා කටයුතු කරනවා යැයි. අපට නොදැනෙන නිසයි. එක්සත් ජාතික පක්‍ෂයත් රඑක්ක දීග ඛන ගමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනවන්නේ කොහොමද. ඇත්තටහ එහෙම උවමනාවක් තියනවානම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වහා ආණ්ඩුවෙන් බවත් විය යුතුයි.

දැන් අඵත් ජනතා බලවේගය ගොඩ නැගෙමින් තිබෙනවා. ගමේ ශ‍්‍රී ලංකා කාරයෝ බුරුතු පිටින් මේ අඵත් පක්‍ෂයට බැදෙනවා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි.ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය පිළිබද ඇති කලකිරීම නිසයි. ඒ නිසා ඉදිරියේදී එන ඕනෑම බමැතිවරණයක් මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් යුතු මේ නව ජනතා බලවේගය ජයග‍්‍රාහණය කරන බව ස්ථිරයි. අඵතින් බිහි වෙලා තියන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනට එක් වන්නැයි ඒකාබද්ධ විපක්‍ෂයේ අපටත් ආරාධනා කර තිබෙනවා. ජනතාවත් අපිට කියනවා මේ අඵත් පක්‍ෂයට යන්න කියලා. මහින්ද මහත්තයාට මේ අඵත් පක්‍ෂයේ නැයකත්වය ගන්න කියලත් ජනතාව කියනවා. අපි මේ පක්‍ෂයට එකතු වෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂය විදියට කණ්ඩායමත් ලෙයසි. එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා ගනු ලබන තීන්දුව දෙසද අපි අවධානයෙන් සිටිනවා. ඉතා ඉක්මනින් ඒකාබද්ධ විපක්‍ෂයේ අපිට මේ පිළිබද තීරණයක් ගන්න වෙයි.”
ප‍්‍රදීප් අනුර කුමාර

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහන් නතර කර දමන ලෙස ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප මහා ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකට අද සවස දැනුම් දි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පලාත් පාලන මැතිවරණය ඉලක්ක කර අත ලකුණින් තරග වැදිම සදහා පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බත් බැලයන් සමග කල සාකච්ඡාවකට අනුව රට පුරා කෝට්ඨාෂ මට්ටමින් ශ්‍රීලනිප සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට යෝජනා කල අතර ඒ සදාහා සිරිසේන විසින් පත්කර ගත් රූකඩ සංවිධායකින් සදහා මුදල් පවා පක්ෂය හරහා ලබාදි තිබුනා.

සම්පුර්ණ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සදහා මිලියන 500කට ආසන්න මුදලක් පක්ෂය හරහ වෙන්කර තිබුනු අතර ගෙවුනු දින කිහිපය තුලදි ප්‍රදේශ කිහිපයක ශ්‍රීලනිප පක්ෂ සමාජික ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වු අතර ඉතාමත් පහල සමාජිකයන් සංඛ්‍යාවක් එකතු විම හේතුවේන් මෙම වැඩසටහන අතහැර දමන ලෙසට ජනාධිපතිවරයා නියෝග කර ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

පසුගියදා පානදුර පැවති ශ්‍රීලනිප සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සදහා ඉතාමත් අඩු ජනතා සහභාගිත්වයක් තිබු අතර පසුව බස්‍ රථ 30ක් යොදවා යන්තම් කුඩාරම පිරෙන තරමට සෙනග රැස්කර ගැනිමට සංවිධායකියින් කටයුතු කර තිබේ.

මේ අතර ජනපති සිරිසේනද සහභාගීවීමට නියමිතව තිබූ මහනුවර ශ්‍රිලනිප පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන සරත් ඒකනායක මහ ඇමතිවරයාගේ සංවිධායකත්වයෙන් ඇරඹි අතර ඊට ශ්‍රිලනිප මැති ඇමතිවරුන් රැසක් සහභාගී නමුත් ඔවුන්ට සාපේකෂව ඉතා අඩු ජන සහභාගීත්වයක් හේතුවෙන් පිරිස අසරණවී ඇති අතර ජනපතිවරයා එය මගහැර ඇති බවද වාර්තා වේ.

මෙම ස්ථානයේ සිටින මැති ඇමතිවරුන්ගේ ආරක්ෂකයන් හා හෙංචයියන් ඉවත්කළ පසු ඉතිරිවන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බව එහි සිටින වාර්තාකරුවන් සදහන් කළා.

සිය අමන මරී තකතිරු උපදේශකයෙකු හදිසියේම නින්දෙන් ඇහැරි කී කතාවක් හේතුවෙන් නිල්වලා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කල ප්‍රකාශය හත්පොලේ ගා ගෙන තිබේන බව වාර්තා වේ.

නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා යෑයි කියමින් 2012 වර්ෂයේ හා පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්‌ඩාගාරයෙන් නිකුත්කොට ඇති රුපියල් මිලියන 4012 ට (කෝටි 401 ක්‌) සිදුවූ දෙයක්‌ නොමැති බවත් මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම වැරදි දැයි කියා තමා ජනතාවගෙන් ප්‍රශ්න කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (26 දා) ගාල්ලේදී පැවසීය.

නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවාද? එක උදැල්ලක්‌ ගහලා වැඩ පටන් අරගෙන තියෙනවාද? වැටියක්‌ බැඳලා තියෙනවාද? මේ සල්ලි කෝ කවුද සල්ලි ගත්තේ? මේ සල්ලි කොහෙටද ගිහින් තියෙන්නේ. භාණ්‌ඩාගාරයෙන් දීලා තියෙනවා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට… එතනින් පස්‌සේ චෙක්‌පතට වූ දෙයක්‌ නැහැ. මේවා ගැන පරීක්‍ෂණ කරන එක වැරදිද? මේවා මහජනතාවගේ සල්ලි යෑයිද ජනාධිපතිවරයා මෙහිදී කීය.

භාණ්‌ඩාගාරයෙන් ලිපි ගොනුවක්‌ මට ලැබුණා. නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කරන්න චීන සමාගමක්‌ සමග 2012 වර්ෂයේ දී මහා භාණ්‌ඩාගාරයෙන් දීලා තියෙනවා රුපියල් මිලියන 1000 ක චෙක්‌පතක්‌. පසුගිය ජනාධිපතිවරණයට පෙරදින එනම් 2015 වර්ෂයේ ජනවාරි 07 වැනිදා නිල්වලා ව්‍යාපෘතිය සඳහා දෙවැනි චෙක්‌පත නිකුත් කරනවා රුපියල් මිලියන 3012 ක්‌. මේ චෙක්‌පත් දෙකේ එකතුව රුපියල් මිලියන 4012 යි.

ජනාධිපතිවරණයට පෙර දින මොන කාර්යාලද අමාත්‍යංශය ද වැඩ කළේ? මේ මුදල රුපියල් කෝටි 400 ට වැඩියි. කෝටි 442 යි. ජනාධිපතිවරණයට කලින් දවසේ රුපියල් මිලියන 3012 ක්‌ නිකුත් කරන්න නිලධාරීන්ට අයිතියක්‌ තියෙනවාද?

නිල්වලා ව්‍යාපෘතියට සැබවින්ම සිදුවූයේ කුමක්ද?.

ජනතාව නොමග නොයවමින් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සත්‍යය රටට හෙළි කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනපති තුමන්ගේ වගකීමයි.

Maithripala Sirisena: What really happened to Nilwala project? Pls conduct impartial inquiry & tell the truth

ප්‍රිය ජනපති සිරිසේන,

යුද අපරාධ චෝදනාවන්ගන් ශ්‍රී ලංකාව බේරා දෙන්නැයි අයැද සිටින ඔබේ ලිපිය ලැබුණා. මෙවැනි අයැදීම්වලට තමයි මං කැමැති. මොකද ඒ මගින් පේනවා අපේ ඇමෙරිකවේ ශ්‍රේෂඨත්වය. මං බලයට පත් වුණේ ඔබේ ලංකාව ශ්‍රේෂ්ඨ කිරීමට නොව මගේ ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ කිරීමට බව මුලින්ම කියන්න කැමැතියි.

මං කෙලින්ම කියන දේ කියන මිනිහෙක්. ඔබ අහන්න ඇතිනේ මගේ ජනප්‍රිය කතාව ගැහැණියක් සමඟ නිදිවදින්නට අල්ලා ගත යුතු තැන ගැන‍ කියන. මං අල්ලා ගන්න ඕන තැනින් අල්ලා ගන්න මිනිහෙක්. එහෙම බැලුවහම ඔබේ ශ්‍රී ලංකාව අල්ල ගන්න තරම් දෙයක් නොවෙයි නේද?

අනෙක මා ඔබ වගේ රටේ සුලුතර ජනයා අල්ල ගත්තේ නෑ, මං ඔවුන්ට ‘ස්ත්‍රී දූෂකයොයි, මං පහරන්නොයි කියළ කෙලින්ම කිව්වා. මං බලයට ආවේ අපේ රට අයිති (මුල් පදිංචිකාර රතු ඉන්දියානුවන් හෙම නොවෙයි) නියම සුද්දන්ගේ ජන්ද වලින්. කල්ලොන්ගෙයි මෙක්සිකොවන්ගෙයි අනෙක් ලැටිනෝවන්ගෙ ජන්ද පසසේ මං ගියෙ නෑ,

ඔ වුනාට ඔබ බලයට ආවේ දෙමළ හා මුස්ලිම් සුලුතර ජනයාගේ ජන්ද ලැබුණ නිසා නේද? ඔන්න අපේ මුල්ම වෙනස. මෙහේ එහෙම හිතාගෙන ජන්ද කරපු හිලරි තාම පොතක් තුරුල් කරගෙන බුදි! පව්! දැන්වත් උන් අල්ල දාන්න,

ඊටත් වඩා මට හිනා ගියේ පිදෙල් කස්ත්‍රෝට සහෝදරයා කියළ අවමඟුල් පණිවිඩයක් යවපු ඔබ කියුබාවේ රාහුල් කස්ත්‍රෝට නොලියශ්‍රී ලංකව බේර ගන්න කියළ මට ලියපු එකටයි. දැක්කේ නැද්ද මං ඔය කස්ත්‍රෝට දුන්න දිවිල්ල. මං කියන්නේ උෟ ජරා ඒකාධිපතියෙක් කියළයි. මොකද කියන්නේ? අපෙන් උදව් ඕන නම් ඔය සමාජවාදී ඒකාධිපතියන්ට විරුද්ධව අපේ පැත්ත ගන්න‍. හරිද? මාත් එක්ක දෙකක් බෑ.

ඔබ කියන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙදි ශ්‍රී ලංකාවට විරුද්ධ යුද අපරාධ ඉල්ලල අස්කර ගන්න කියල නේද? මං ඔය එක්සත් ජාතීන් පයිසෙකටවත් ගනන් ගන්නේ නෑනෙ. ඒකයි ප්‍රශ්නෙ, ඇමෙරිකාව ඔය කවුන්සිලේට දෙන සල්ලි මං කපනවා. එතකොට යුද අපරාධත් කැපිලම යයි. හැබැයි රජෝ මං මුස්ලිම් රටවලට බැටේ දෙන කොට අපේ පැත්තේ ඉන්න ඕන. අවශ්‍ය වුණොත් මං පරමාණු බෝම්බයක් හරි දානවා. එතකොට යුද අපරාධ ගැන කතා කරන්න එන්න එපා! මං පලස්තීනය නැති කරනවා දඟලන්න ආවොත්.

ඇත්තටම ඔහේටත් බැරිද අර පිලිපීනයේ දුතාතේ වගේ වැඩේ දීලම ඉවරයක් කරන්න අන්න නියම ජනනායකයො. අත්අඩංඟුවට ගන්න උන්ට වධහිංසා පැමිණවීම සාධාරණ බව මං ප්‍රසිද්ධයේම කියළයි තියෙන්නේ්‍. මෙහේ ඉන්න මුස්ලිම්වරුන්ට මං වැඩේ දෙනවා. ඔබත් එහෙමම කරන්න.

මට හරිම සතුටු ජනාධිපතිවෙන්නත් කලින් මගෙන් උදව් ඉල්ල බැගෑපත් වුන එක ගැනයි. ඔං දැන් පළාත් තුනක ජන්ද ආපහු ගණන් කරන්න යනවලු. වැරදිලාවත් හිලරි දිනුවොත් මං වගේම ඔයත් කපෝති වේවිද? ඔබාමා පස්සෙන් නේද ඔහේ කාලයක්ම ගියේ ඇත්තට‍?

මං ඇත්තටම ඔබේ ලියුම් කරදහිය මගේ ආරක්ෂක උපදේශකයින්ට පෙන්නුවා. ඔවුන් කියන්නේ අල්ල දාන්න කියළයි. යුද අපරාධ විතරක් නොවෙයි, ප්‍රිය සිරිසේන අල්ල දාන්න ඔක්කොම මානව හිමිකම් කියන දේවල්. ඕවා වැඩකට නැති දේවල්. බොරු කතා එපා. අල්ල දාන්න සුලුතර ජන අයිතිවාසිකම්. අන්න එතකොට යුද අපරාධත් අල්ල දාන්න පුලුවන්. අල්ල දාන්න ස්ත්‍රී අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම්, එතකොට මානව හිමිකම් අල්ල දාන්නත් පුලුවන්. අන්න අපට එතකොට රයිගමයයි ගම්පලයයි වගේ වෙන්න පුළුවන්!

මා චුට්ටක් සොයා බැලුවා ඔබේ රට ගැන. එකම දෙයක් කියන්න ඕන. මාත් එක්ක වැඩ කරන්න නම් ඔය මානව හිමිකම් ගැන කතා කරන මංගල සමරවීර කියන හාදයා එවන්න එපා. එවන්න විජේදාස රාජපක්ෂ. අන්න නියම බඩුව. අපටත් පුලුවන් එයාගෙන් මාධ්‍ය මර්දනයයි ත්‍රස්තවාදී මර්දනයයි ගැන ඉගෙන ගන්න. ඇත්තටම කියනව නම් රනිල් වික්‍රමසිංහ උනත් ඒ තරම් වරදක් නෑ! හමත් සුදුනේ!

ඇමෙරිකාව ශ්‍රේෂ්ඨයි. රජ්පුරාවෝ උඩයි! ගූ බල්ලෝ බිමයි! බිමයි!!

මීට

තවමත් ජනාධිපති නොවූ ඩොනල්ඩ් ට්‍රම්ප්.

පසුව ලියමි.

සිරා,

මට පස්සේ හිතුනා මේ ලියුම එවල තියෙන්නේ මට වුණත් එක ලංකාවේ දේශපාලනනේට ගහපු ගැටයක්ද කියළා. අන්න එහෙම එන්න. මොකද මං කොහොමද එක්සත් ජාතීන්ගේ සම්මත කරපු යෝජනාවක් ඉවත් කරන්නේ? අනෙක ඔහේගේ ආණ්ඩුවත් ඒ යෝජනාවට එකඟ වුණා නේද? රැවටිල්ල නැති තැන දේශපාලනයක් නෑ! අපි සමානයි. හැබැයි් ඒ අතින් විතරයි. සුද්දො එක්ක කල්ලොයි දුඹුරොයි, කහයොයි කවදාවත් සමාන වෙන්නේ නෑ,

හොඳ ආරංචියක් කියන්නද? මං ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉන්න අපේ තානාපතිය පන්නනවා. එතැනට දාන්නම් නියම බඩුවක්. අර මට සහය දීපු නව නට්සිවාදී වගේම කලු විරෝධී කූ කැල්ක්ස් කෑන් නායකයෙක්. උන්ට කලු දුඹරු මිනිස්සු පේන්න බෑ,මමානව හිමිකම් පේන්ත බෑ. රතු ඉන්දියානුවො පේන්නත් බෑ, ඔහේගේ ආණ්ඩුවෙනුත් සුදු හම තියෙන කවුරුහරි, අර ඥාණසාර සෙට් එකෙන් කෙනෙක් ජිනීවා වලට එවන්න බලන්න. අපි සුදු හම රජ කරමු!

ඩොනා

(සිතළුවකි)

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ජනපති සිරිසේනට ලිපියක් – සුනන්ද දේශප්‍රිය

Top