යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය දඩයමට එරෙහි මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් පොදුජන මාධ්‍ය පෙරමුණ පසුගිය සතියේ කොළඹ දී පිහිටුවා ගැනිණි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා අනුබද්ධ මාධ්‍ය සංවිධානය වශයෙන් ක්‍රියාත්මක වන පොදුජන මාධ්‍ය පෙරමුණ සිය සංවිධානයේ සාමාජිකයන් බඳවාමේ කටයුතු මේ වන විට අරඹා තිබේ.

එම සංවිධානයේ සමාරම්භක රැස්වීම ලබන වසරේ ජනවාරි මුල් භාගය තුළ කොළඹ දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යෙදා ඇත.

යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කෙරෙන ප්‍රකාශනයක් සමාරම්භක උත්සවයේ දී එළිදැක්වීමට නියමිතය.

දෙමළ ඊළාම් ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය දෙමළ ජනතාව සඳහා වන ස්වයං-නිර්ණ අයිතිය ඉතාමත් නුදුරේදිම ලැබෙනු ඇති බවත් දෙමළ ජනතාවගේ ආවරණය වන අප ඉදිරිපිට පවතින යහපාලනය නාමයෙන් ඒ සදහා ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අප අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව දෙමළ ඩයස්පෝරාවට අයත් ගෝලීය දෙමළ සංවිධානයේ ප්‍රධානී වී. රුද්‍රකුමාරන් නමැත්තා කොටි ත්‍රස්තවාදීන්ගේ මහවිරු දිනයට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

යහපාලන ආණ්ඩුවේ සැලැස්මට මත පදනම් වූ, ස්වයං-නිර්ණ දෙමළ ජනතාවගේ අයිතිය වෙනුවෙන් දේශපාලන විසඳුමක් පමණක් ජාත්යන්තර තමිල් ඊළාම් රජයේ අගමැති විරුවන්ගේ සිහිනය සැබෑ කරන්නට වැඩ කිරීමට ද යෙදිය හැකි බවයි ඔහු සිය නිවෙදනය හරහා අවධාරණය කර ඇත්තේ

යහපාලනය, දෙමළ ජනතාව තේරුම් ගත හැකි බව පාලනයක් බවත් දෙමළ ජනතාවට එරෙහිව විපක්ෂය මෙන්ම බෞද්ධයන් පෙනී සිටින බවත් කවුරුන් කොතරම් විරුද්ධ වුවත් දෙමළ ඊළාම්, රණවිරුවන් ඔහුන්ගේ ඉලක්ක වෙනුවෙන් සෑම විටම සටන් කරන බවද එම නිවේදනයේ දක්වා තිබේ.

ඊලාම් දෙමළ ජාතියේ සැලසුම් විනාශ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය, අපේ සදාචාරාත්මක පැවැත්ම, ආරක්ෂාව පවත්වාගෙන යාම හා ආයුධයක් රැගෙන අප සටන් කිරිමට සුදානම් බවත් ඇත්ත වශයෙන්ම, අපේ රණවිරුවන් අවශ්ය අවියක් සිංහල බෞද්ධ ආගමික මූලධර්ම නායකයන් උදව් වනවා ඇති බවද එම නිවේදනයේ දක්වා තිබේ.

දෙමළ ඊළාම් විමුක්ති අරගලය සඳහා අරගලයේ විරුවන්, ජාත්යන්තර අවධානය දිනාගෙන ඇත. දෙමළ ජනතාවගේ සියලු හදවත් තුළ ඔවුන්ගේ මතකයන් දෙමළ ජනතාව මැද සදහටම පවතිනු ඇත.

දෙමළ ඊළාම් දෙමළ ඊළාම් විරු ආණ්ඩුව පිහිටුවීමට. අද වීරයෝ ඔබේ සිහින ඉටු සැමරීමට සිහි අපගේ සදාචාරය විය යුතු වේ. මෙම දිනයේ අපි නැවත පොරොන්දුව බලමු බව අවබෝධ කර ගැනීමට ද සමග වැඩ කිරීමට සුදානම් වන්න….

rutera-610x250

අතිගරු රවුල් කැස්ත්‍රෝ,

කියුබාවේ ජනාධිපති,

ජනාධිපති මන්දිරය,

හවානා නගරය,

කියුබාව.

මැතිතුමනි,

කියුබානු විප්ලවයේ නායක, සමාජවාදී  කියුබාවේ නිර්මාතෘ සහ අපේ යුගයේ ශ්‍රේෂ්ඨතම නායකයෙකු වූ ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය ගැන අපි මහත්සේ කණගාටු වෙමු. මේ සම්බන්ධයෙන් අපගේ සංවේගය ඔහුගේ සොහොයුරා මෙන්ම දේශපාලන අනුප්‍රාප්තිකයාද වන ඔබටත්, කියුබානු ජනතාවටත් ප්‍රකාශකර සිටීමට කැමැත්තෙමි. ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ  අභාවය යුගයක අවසානය සනිටුහන් කරයි. ඔහු නායකත්වය දුන් කියුබානු විප්ලවය ලොව පුරා තරුණයන්ගේ ආකාර්ශණය දිනාගත් දේශපාලන සංසිද්ධියක් විය. ෆිදෙල් කැස්ත්‍රෝ මහතා ලොවට කියාදුන් වැදගත්ම දේශපාලන පාඩමක් වූයේ අධිපතිවාදී මහා බලවතුන් හමුවේ වුවත්, කුඩා රටක් තම සෛරීත්වයත්, ස්වාධීනත්වයත් රැකගෙන ඉදිරියට යන්නේ කෙසේද යන්නයි. ඔබ පිළිබඳ මතකය අපට ඉදිරියටත් ආදර්ශයක් වෙනු ඇත.

මීට හිතවත්,

මහින්ද රාජපක්‍ෂ (පා.ම)

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Former President MahindaRajapaksa who is currently on a visit to China has sent the President of Cuba the following message of condolence on the death of the leader of the Cuban revolution, Fidel Castro.

HE Raul Castro

President of Cuba

Palacio de la Revolucion

Havana

Cuba

Excellency,

It is with great sadness that we heard of the passing away of the leader of the Cuban revolution, the founder of socialist Cuba and one of the greatest leaders of our time, Fidel Castro. We wish to offer our heartfelt condolences to you as his brother and successor, and to the people of Cuba. The passing of Fidel Castro marks the end of an era. The Cuban revolution that he led, inspired generations of youthful idealists. One of the most important political lessons he taught the world was how small states can hold their own and maintain their sovereignty and independence even in the face of domineering powers. The memory of Comrade Fidel Castro will continue to inspire us all.

Yours sincerely,

MahindaRajapaksa M.P.

Former President of Sri Lanka

1969 අපි අපේ නිජබිමේ සටන් පටන් ගත්තේ ඊට පස්සේ 1976 LTTE සංවිධානය බිහිකරලා අපේ අයිතිය වෙනුවෙන් ප්‍රභාකරන් පෙනී සිටියා අද අපේ නිදහසේ භූමිය වෙනුවෙන් වු සටනේ අවසානයට පැමිණ ඇති බව වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම් අද ප්‍රභාකරන් සමරමින් කියා සිටියා.

ආයුධ අතට ගෙන ප්‍රභාකරන් කල ඒ යුද්ධය සර්ව සාධාරණ බවත් ඒ සටන හේතුවෙන් අද වනවිට දෙමළ ජනතාවට සිය නිජබිමේ අයිතිය ලැබීමට ආසන්න බවත් …නුදුරු දිනකදි ඒම සිහිනය උදාවනු ඇති බවට දෙමළ ජනයා බලාපොරොත්තු දල්වා සිටින බවද ඔහු සදහන් කළා.

“අපී 18 වැනිදා නතර කලේ ආයුධ වලින් යුද්ධ කරන එක…..ඊට පස්සේ අපි දේශපාලන යුද්ධය ආරම්භ කලා…අපි ආණ්ඩු හැදුවා….දැන් අපී ආපහු කාගේවත් කියුම් වලට යටවෙලා ජිවත් වෙන්නේ නෑ…අපිට අපේ පාලනය ඔනෑ….අපි ඔය දේශපාලකයන් දෙන මස්කටු ලෙවන්නේ නෑ…..සිංහල ජනතාව වගේ….”

ඊළාම් අතලගයි….මෙන්න අහගනින් ප්‍රභාකරන්ගේ මස්‌… by lnwtoday

සිවිල් ගුවන් අධිකාරියේ තොරතුරු තාක්ෂණික අංශයට නව කලමණාකාරවරුන් බඳවා ගැනීම පසුගියදා සිදුකළ අතර ඒ සඳහා අයදුම් කළ පිරිස අතරින් විභාගය අසමත්වී 04වන ස්ථානය ලබාගත්තද ඇමති අනුහසින් කළුතර ප්‍රදේශයේ ප්‍රියන්ත ප්‍රනාන්දු නැමැත්තා අධිකාරියට නව පත්වීම් ලබා ඇත. ආයතනය තුළ දක්ෂ නිලධාරීන් සිටියදී යහපාලන ඇමතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇත.

තමාගේ පුද්ගලික ආයතනයක් බවට ගුවන්සේවා අධිකාරිය පත්කර ගෙන ඇති නිමල්සිරි නම් ඒකාධිපති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රධාන විධායක නිලධාරී තනතුරද බලහත්කාරයෙන් තමා ලඟ තබා ගනිමින් මෙම පත්වීම් සිදුකරන්නේ ඇමතිවරයාගේ හිතදිනා ගැනීමට බවද වාර්තා වේ.

යහපාලන රජය පත්වූයේ මෙවැනි අනවශ්‍ය දේශපාලන අතපෙවීම් අත්හිටුවීමට වුවද දැන් සිදුවන්නේ ඊට පරස්පර විරෝධී ක්‍රියාවක් බවද අධිකාරියේ සේවකයින් පවසයි.

ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු ඉහළම තනතුරු හොබවන්නන්ගේ වැටුප් ලක්ෂ ගණනින් වැඩිකර ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය රජය කාලයේ සිට මෙලෙස තම වැටුප් වැඩිකර ගැනීමට උත්සාහ දරුවද සැලකිය යුතු කාර්යක් නොකරන බව පවසමින් එම ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කොට ඇත. කෙසේවෙතත් වත්මන් ඇමති නිමල්සිරිපාල නොමග යවමින් ප්‍රධානීන් කිහිප දෙනකු මෙසේ සිය වැටුප් වැඩි කර ගෙන ඇති බව අප පසුගියදා අනාවරණය කළා.

මේ අතර ධාවනයෙන් ඉවත්කර නැති ඉතා හොඳ තත්වයේ වාහන 04ක් වෙන්දේසියේ විකුණා මාසයකට ලක්ෂ 2 බැගින් වසර 05ක් ගෙවා කල්බදු ක්‍රමය මත වාහන 05ක් මිලදී ගැනීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවරගෙන ඇති බව වාර්තා වේ. වසර 5 අවසානයේ එම වාහන ඒවා අයත් ආයතනයට බාරදීමට සිදුවේ.

රාජ්‍ය පරිපාල චක්‍ර ලේඛ උපදෙස් පරිදි වසර 10ට වඩා අබලන් තත්වයෙන් පවතී නම් ඒවා වෙන්දේසි කිරීමට බලය ලබාදී ඇතත් මෙම වාහන පාවිච්චි කරමින් පවතින හොඳ තත්වයේ ඒවාබව දැනගන්නට ඇත.

මසකට ලක්ෂ 2 බැගින් වසර 5ක කාලයකට කල්බදු ක්‍රමය මත ලබාගැනීමට තීරණය කර ඇති අලුත් වාහන වල බදුගෙවා අවසන් වන විට කෝටි 7.5ක පමණ මුදලක් වැයවන බව ගණන් බලා ඇත.

සිවිල් ගුවන් සේවා අධිකාරියට කවර මුදල් ගෙවා වාහන මිලදී ගැනීමට හැකියාව තිබියදී කල්බදුක්‍රමය යටතේ වාහන මිලදී ගැනීම මගින් විශාල මුදල් නාස්තියක් සිදුවන බවද වාර්තා වේ.

http://www.sinhala.lnwtoday.com/archives/14400

නිදහස් දින සැමරුමට පෙර නියත වශයෙන්ම අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, මෙහිදී සංශෝධනයට භාජනය විය හැකි අමාත්‍යාංශය හා අමාත්‍යවරුන් පස් දෙනෙකුට වැඩි ගණනක් පිළිබදව ද වාර්තා වෙමින් තිබේ.

කෙසේ නමුත්, මේ වන විට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් රජයේ හා දේශපාලනයට සම්බන්ධ ආයතන වෙත යොමු කර ඇති බුද්ධි දූතයින් හා බුද්ධි නිළධාරීන් විසින් හදිසි විශේෂ වාර්තා සූදානම් කරමින් සිටින බව වාර්තා වේ. මෙම ‘කණ්නාඩි කණ්ඩායම‘ විසින් සකස් කරන වාර්තා ජනවාරි වන විට සාරාංශ කිරීමෙන් පසු ජනාධිපතිවරයා වෙත යොමු කරනු ඇතැයි වාර්තා වනවා.

අමාත්‍යාංශ ඇතුළු දේශපාලනයට සම්බන්ධ ආයතන වල තත්වයන්, ජනතා ප්‍රසාදය, මිල මුදල් පරිපාලනය හා මහජන සබදතා පවත්වාගෙන යාම වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව වාර්තා වේ. සේවයන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට නිසි පරිදි නොසැලකීම සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපතිවරයා වෙත ‘කණ්නාඩි කණ්ඩායමේ’ දූතයින් විසින් වාර්තා කර ඇත. දේශපාලන ලොක්කන්ගේ මැදිහත්වීමෙන් සිද්ධ වෙන ඩීල්, ගණුදෙණු, මහජන සේවය පසෙකලා සිදු කරන බිස්නස් මූලික දේශපාලන වැඩ වැනි කරුණු ගණනාවක් පිළිබදව ජනාධිපතිවරයා කෝපයට පත්ව සිටින බව ද සදහන්.

මෙම වාර්තා සදහන් කරන්නේ, කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපනයට හා ආගමට සම්බන්ධ තනතුරු තුනක්, කර්මාන්ත හා කෘෂිකර්මය සම්බන්ධ තනතුරු දෙකක්, ආර්ථිකය සම්බන්ධයෙන් තනතුරු දෙකක් ඇතුළු තනතුරු කිහිපයක් ඉදිරියේ දී වෙනස් වීමට නියමිත බවයි.

LNW Today ඔත්තුකරුවෙක්

අනියම් පෙම සනසන්න කෘෂි ඇමති විගණකාධිපතිවරයාත් අන්දයි යනුවෙන් 2016 අප්‍රියෙල් 4 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීගේ බත් බැලයා වන් දුමින්ද දිසානායක මිල ගණන් කැඳවීමකින් තොරව ප්‍රසම්පාදන පටිපාටියේ නීති රීති උල්ලංඝනය කර රුපියල් එක්කෝටි පනස් ලක්ෂ හැත්තෑ පන්දහසක (රු. 1,50,75,000) මාසික කුලියකට පෞද්ගලික ගොඩනැඟිල්ලක් කුලියට ගැනීම පිළිබඳව අප කල අනාවරණය මේ වනවිට පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් ප්‍රසිද්ධ රහසක් වට පත්වි අවසන්.

වසර ගණනාවක් දුමින්ද සමග අදාළ කාන්තාව සබඳතාවයක් පවත්වාගෙන යන අතර බත්තරමුල්ල ප්‍රදේශයේ කෘෂිකර්ම අමාත්‍යාංශය සතු හෙක්ටයාරයක වපසරිය ඇති ඉඩමේ ගොඩනැඟිල්ලක් ඉදිකර ගැනීමට කටයුතු නොකර පෞද්ගලික ගොඩනැඟිල්ලක් පස් වසරකට කුලියට ගැනීමට ගිවිසුකට එළැඹීමෙන් රුපියල් අනූපන්කෝටි අසූලක්ෂයක් (රු. 95,80,00,000) පෞද්ගලික සැපයුම්කරුවකුට කුලී ගෙවීමට එකඟවීමත් සමග කල සොයා බැලිමේදි අදාළ ගොඩනැගිල්ලඇයට අයිති එකක් බව අනාවරණය වි තිබේ.

මේ දුමින්දගේ මහ දවල් ගෙම ගැන උදේශ සංජිව ගමගේ දිවයින ඉරිදා සංග්‍රහයට තැබු සටහහනකි..

* එඑෆ්.සී.අයි.ඩීයට හසුනොවු තවත් කතාවක්‌
* තවමත් නොගිය ගොඩනැගිල්ලකට කුලිය මාසයකට කෝටි 1.5
* අවුරුදු පහකට කෝටි 96යි…
* ටෙන්ඩර් නෑ… මිල කැදවීම් නෑ…

පරණ කතා නිතර නිතර කීමත්, පරණ කතා නිතර නිතර ඇසීමත් මෝඩකමකි. එහෙත් යහපාලනය සම්බන්ධයෙන් කියෑවෙන සමහර පරණ කතා වුවමනාවෙන්ම ඇසිය යුතු වන්නේ එම කතා රටේ ජනතාවගේ “අං” කොතරම් දුරට වැවී ඇත්දැයි සිහිපත් කරන බැවිනි. දැන් “ජනවාරි අට වෙනස” සමරන්නට ඇත්තේ ඉතා කෙටි කලකි. හරියටම කීවොත් මාසයකුත් දින පහළොවකි. යහපාලන ආණ්‌ඩුවට ද අවුරුදු දෙකකි. මේ කාලය අතරතුර යහපාලන ආණ්‌ඩුවේ සමහර ඇමැතිවරුන් ගැන අහන්නත් සනීපය, සුවදායකය. ඒ නිසාම කොතරම් පරණ කතාවක්‌ වුවද මෝඩකම ගැන අමතක කර මේ කතාව නැවත අසන මෙන් අපි ඉල්ලා සිටිමු.

පරණ කතාව

ආණ්‌ඩුවේ බොහෝ මැති ඇමැතිවරුන්ට තමන්ගේ අමාත්‍යාංශ ගොඩනැඟිල්ල රුපියල් කෝටියක්‌ දෙකක්‌ වියදම් කර අලුත්වැඩියා නොකළොත් හිතට හරි නැත. අලුත්ම ගෘහ භාණ්‌ඩ ලබාගැනීමට තවත් කෝටියක්‌ දෙකක්‌ වියදම් නොකළොත් රෑට නින්ද යන්නේ නැත. ඒ නිදි වැරීමේ ඇරියස්‌ අල්ලන්නේ පාර්ලිමේන්තුවේදීය, (ඉහළ පෙළේ රැස්‌වීම් වලදීය.) අලුත් ඇමැති මණ්‌ඩලයට පොදු මේ කාරණය කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායකට ද පොදුය. ඒ නිසාම එදා 2015 වර්ෂයේ දෙසැම්බරය වන විට සිය අමාත්‍යාංශය සඳහා අලුත් ගොඩනැඟිල්ලක්‌ සෙවීය. ඒ සාධාරණ හේතුවක්‌ නිසාය. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා නව ගොඩනැඟිල්ලක්‌ අවශ්‍යව තිබිණි. ඒ දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි ගොඩනැඟිල්ල පාර්ලිමේන්තු කාරක සභාව පවත්වාගෙන යැම පිණිස පාර්ලිමේන්තුවට ලබාදීමට නියමිත නිසාය. බත්තරමුල්ල රජමල්වත්තේ පිහිටි ගොවිජන මන්දිරය තුළ වනජීවී අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය පවත්වාගෙන යමින් තිබිණි. එම ගොඩනැඟිල්ල පාර්ලිමේන්තුවට ලබාදීමේදී අදාළ අමාත්‍යාංශයන් පවත්වාගෙන යැමට “වෙනත් රජයේ ගොඩනැඟිලි” භාවිත කරන ලෙස උපදෙස්‌ ද ලබාදී තිබිණි.

ආසන්නතම යෝජනාව වූයේ “සෙත්සිරිපායයි.” වනජීවී අමාත්‍යාංශයත්, විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයත් වහාම සෙත්සිරිපායේ සිය අමාත්‍යාංශ ස්‌ථාපිත කිරීමට කටයුතු යෙදීය. නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැඟිල්ලට යැම එකහෙලා ප්‍රතික්‍ෂේප කර තිබිණි. හේතුව එම ගොඩනැඟිල්ලේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නැති බව කියමිනි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගරු ඇමැති දුමින්ද දිසානායකගේ පෙර වාසනා මහිමයකට සිය අමාත්‍යාංශය සඳහා “වටිනා ගොඩනැඟිල්ලක්‌ හමුවන්නේ ඔය අතරවාරයේය. එහෙත් පොඩි පරහක්‌ තිබිණි. ඒ එම ගොඩනැඟිල්ල “උපදෙස්‌ ලැබී තිබුණු පරිදි රජයේ ගොඩනැඟිල්ලක්‌” නොවීමය. පෞද්ගලික සමාගමකට අයත් එම ගොඩනැඟිල්ල පිහිටා තිබුණේ රාජගිරිය පාර්ලිමේන්තු පාරේ අංක 288 දරණ ස්‌ථානයකය. දැන් මේ කතාව හරියට චිත්‍රපටයක පිටපත වගේය. “ප්‍රධාන නිළියක්‌” සිටින මුත් සිංදු ෆයිට්‌ නැත. දුෂ්ටයෙක්‌ ද නැත. ඒ නිසාම රජයේ ගොඩනැඟිලි සෙවීම පසෙක තබමින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක එම ගොඩනැඟිල්ල මිලදී ගැනීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කරන්නේය.

ඒ 2015 දෙසැම්බර් මාසයේදීය. එහෙත් ඒ මොහොතෙහි ඊට කැබිනට්‌ අනුමැතිය හිමිවන්නේ නැත. එම ඉල්ලීම සලකා බැලීම සඳහා කැබිනට්‌ අනු කමිටුවක්‌ පත් කරන ලද මුත් ඊට පසු සිදුවූ දෙයක්‌ ගැන වාර්තා වන්නේ ද නැත. 2016 පෙබරවාරි 17 වැනිදා මේ කාරණය වෙනුවෙන් අමාත්‍ය මණ්‌ඩලයට යෝජනාවක්‌ ඉදිරිපත් වී තිබිණි. ඒ කුලී පදනම මත එම ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගැනීම සඳහාය. 2016 මාර්තු 02 වැනිදා ඒ සඳහා කැබිනට්‌ මණ්‌ඩලය අනුමැතිය ලබාදී තිබිණි. එහෙත් “සිහිබුද්ධිය තිබෙන අතළොස්‌සක්‌ හෝ සිටින නිසා මේ ගැන බරපතළ සැකසංකා මතුව තිබිණි. එහිදී වඩා වැදගත් වන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණ වාර්තා දැක්‌වීම මේ සම්බන්ධයෙන් අතිශය වැදගත්ය. විගණකාධිපතිවරයාගේ නිගමනයට අනුව මේ ගනුදෙනුව ප්‍රසම්පාදන පටිපාටියේ නීතිරීතිවලට පටහැනිය. ඒ මෙසේය.

>ටෙන්ඩර් පටිපාටිය අනුව ගොඩනැඟිල්ල මිලදී ගැනීමට කටයුතු කර නැත.

>වර්ග අඩියකට රුපියල් 167.50 කට මාසික කුලියක්‌ අය විය යුතු යෑයි කියන ගොඩනැඟිල්ල හිමිකරුගේ කතාව කෘෂිකර්ම අමාත්‍යාංශය (හෝ ඇමැතිවරයා) කිසිදු වගවිභාගයකින් තොරව පිළිගෙන තිබේ.

>තක්‌සේරු වාර්තා දක්‌වන්නේ වර්ග අඩියක මිල රුපියල් 150 ක්‌ බවය. (වැඩිපුර රුපියල් 17.50 ක්‌ ගෙවීමට අමාත්‍යාංශය කැමැත්ත පළ කර තිබේ.)

>ගොඩනැඟිල්ල මිලදී ගැනීමෙන් වසර තුනකට පසුව සියයට පහළොවක මාසික කුලිය වැඩිවීමක්‌ සිදු වේ.

>දෙවසරක්‌ සඳහා කුලී අත්තිකාරමක්‌ ද අවශ්‍ය බව ගිවිසුමේ කොන්දේසි අතර වේ.

කෙසේ හෝ විගණකාධිපති වරයාගේ නිගමනය වී ඇත්තේ එම ගොඩනැඟිල්ල කුලියට ගැනීමේදී විචක්‍ෂණයකින් තොරව කටයුතු කර ඇති බවය. මේ සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණයේ නිරීක්‍ෂණ ඇතුළත් අංක ඒජීඑල් /සී/15/ඒකිව්/ 21 (AඨඛරැCරැ15රැAQරැ21) විගණන විමසුමෙහි මේ කරුණු දක්‌වා තිබේ.

මේ ගැන මාධ්‍ය මගින්ද අනාවරණය කෙරිණි. අප්‍රේල් මස 20 කැබිනට්‌ ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයා කියා තිබුණේ ගොඩනැඟිල්ල මිලදී ගැනීම අත්හිටු වූ බවය. එහෙත් ඇත්ත වශයෙන්ම සිදුව තිබුණේ විගණන වාර්තාවට ද කොකා පෙන්වමින් ඒ වනවිටත් එනම් මාර්තු 8 වැනිදා වනවිට ගොඩනැඟිල්ලේ හිමිකරුගේ කොන්දේසි ප්‍රකාරව දෙවසරක කුලී අත්තිකාරම් සමග අප්‍රේල් මාසයේ කුලිය ගෙවා අවසන් කර තිබීමය. ඒ අනුව රුපියල් දෙකෝටි දශලක්‍ෂයක්‌ (රු. 2,10,00,000) වූ මාසික කුලිය දෙවසරකට රුපියල් පනස්‌ කෝaටි හතළිස්‌ ලක්‍ෂයක්‌ ලෙස කුලී අත්තිකාරම් ද සමගින් ගෙවා අවසන් කර තිබිණි. එම මුදල් ගෙවීම් කර තිබෙන්නේ අංක 138/4 සහ 139/4 යන වවුචර මගිනි.

පැහැදිලිවම මේ සිදුව තිබෙන්නේ අදාළ බලධාරීන්ට සේම රටේ ජනතාවටත් කොළේ වසා ගැහිල්ලකි. මේ තක්‌කඩි ගනුදෙනුව අනුව මසකට එම ගොඩනැඟිල්ලට ගෙවිය යුතු මුදල රුපියල් කෝටි එකහමාරකි. ඊට අඩුවෙන් තැනක්‌ සොයා ගැනීමට හැකියාවක්‌ තිබුණේ නැතැයි කියන බොරුව රටේ ජනතාව හිස්‌ මුදුනින් පිළිගත යුතුය.

නොගිය ගොඩනැඟිල්ලට කුලී

ඒ කතාව මාස හතරක්‌ පමණ පරණය. මෙතැන් සිට ඔබ කියවන කතාව සිහිබුද්ධියෙන් කියවිය යුතුය. ඊට හේතුව මේ රටේ ජනතාව (ඔබ) ගොනාට ඇඳ ඇතැයි සිතන දේශපාලනඥයන්ගේ කෙරුවාව කෙසේදැයි විස්‌තර කරන්නට මීටත් වඩා උදාහරණ නැති නිසාය. ඒ තරම් හීන් නූලෙන් වැඩ කළ කෘෂිකර්ම ඇමැතිවරයා මේ වනවිට එම ගොඩනැඟිල්ලේ පදිංචියට ගොස්‌ ඇතැයි ඔබ සිතන්නේ නම් ඔබ වැරදිය. තවමත් කෘෂිකර්ම අමාත්‍යාංශය තිබෙන්නේ බත්තරමුල්ලේ රජමල්වත්තේය. එහෙත් පොරොන්දු ප්‍රකාරව දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ සිහින ගොඩනැඟිල්ල වෙනුවෙන් කුලිය ගෙවා තිබේ. නිවැරැදිව කීවොත් ගෙවුණු මාස හතරට ගෙවිය යුතු රුපියල් අටකෝaටි හතළිස්‌ ලක්‍ෂයක කුලිය ගෙවන්නට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ නව ගොඩනැඟිල්ලට යැම පමා වන්නේ දුමින්ද දිසානායක ඇමැතිවරයාට “නැකතක්‌” හරි ගියේ නැති නිසා නොවේ. ඒකාබද්ධ විපක්‍ෂයේ උදවියට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නට කාලය වැය වන නිසාද නොවේ. එම නව ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යැම සඳහා කොතරම් යෝග්‍ය ද යන්න පිළිබඳව ලබාදී ඇති වාර්තාව නිසාය. සරලව කිවහොත් 2016 මැයි 05 දින ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව, වාණිජ සාප්පු සංකීර්ණයක්‌ ලෙස නිර්මාණය කර ඇති ගොඩනැඟිල්ල කාර්යාලයීය කටයුතු සඳහා භාවිත කිරීමට නම් එහි වෙනස්‌කම් සිදු කළ යුතුය. එහි වැදගත්වන කාරණා කිහිපයක්‌ පමණක්‌ සටහන් කරන්නේ මේ අවලස්‌සන ගනුදෙනුව යහපාලනයට කොතරම් නොගැළපෙන්නේ දැයි තේරුම් ගැනීමටය.

අදාළ වාර්තාවට අනුව මේ ගනුදෙනුව සඳහා පාදක වූ ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා එම ගොඩනැඟිල්ල පිහිටි මුළු ඉඩමම භාවිත කර තිබේ. ඒ නිසා කසළ එකතු කිරීමට අප ජලය, මළ ජලය පිළිසකර යන්ත්‍රාගාරයක්‌ සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ. එමෙන්ම එම ගොඩනැඟිල්ලේ ගිනි ආරක්‍ෂණ ක්‍රියාදාමය, ගිනි නිවන දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂා කිරීම්වලට ලක්‌ විය යුතු බවත්, හදිසි පිටවීම් සඳහා අතිරේක පඩිපෙළක්‌, විදුලි සෝපානයක්‌, හදිසි තත්ත්වයකදී රැස්‌වීමේ ස්‌ථානයක්‌ හා ගිනි නිවීම් රථ ප්‍රවේශවීමේ හැකියාව තිබිය යුතු බවත් එම යෝජනා නිර්දේශවලින් පෙන්වා දී තිබේ.

එම වාර්තාවේ සඳහන් වන පරිදි ගොඩනැඟිල්ලේ එහි එක්‌ මහලකට ඇත්තේ ඇම්පියර් 100 ක තෙකලා විදුලි ධාරිතාවක්‌ පමණි. ඉන් වැඩි ප්‍රමාණයක්‌ එනම්, ඇම්පියර් 95 ක පමණ ප්‍රමාණයක්‌ වැය වන්නේ වායු සමීකරණ යන්ත්‍ර සඳහාය. ඉතිරි ඇම්පියර් පහක ප්‍රමාණයෙන් මුළු මහලේ ඉතිරි විදුලි අවශ්‍යතා පිරිමැසිය නොහැකි නිසා අමතර ඇම්පියර් 60 ක විදුලි ධාරිතාවක්‌ අවශ්‍ය වන බව එම වාර්තාවේ සඳහන් ය.

(මේ කියන්නේ අමාත්‍යාංශයක නොව ඕනෑම කුඩා කාර්යාලයක වුව භාවිත කෙරෙන පරිගණක, මුද්‍රණ යන්ත්‍ර, ෙµdටෝ කොපි යන්ත්‍ර වැනි දැ ගැනය.) එමෙන්ම එහි ක්‍රියාත්මක පරිදි තට්‌ටු හතක ගොඩනැඟිල්ලේ 500 ක පමණ පිරිසකට යැමට ඒමට ඇත්තේ එක්‌වර හත්දෙනකුට පමණක්‌ යා හැකි විදුලි සෝපාන යන්ත්‍ර දෙකකි. එම විදුලි සෝපානද අලුත්වැඩියා කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් වී තිබේ. ප්‍රශ්නය වන්නේ ගොඩනැඟිල්ලේ ගනුදෙනුව සිදුවන විට විදුලි සෝපානයක ගමන් කළ හැකි ගණන 16 ක්‌ ලෙස සඳහන්ව තිබීමත්, එහෙත් ඇත්ත වශයෙන්ම එහි ගමන් කළ හැකි ප්‍රමාණය 07 (හතක්‌) පමණක්‌ වීමත් ය. ගොඩනැඟිල්ලේ නොසුදුසු බව ගැන කියන්නට තවත් උදාහරණ බොහෝය. ගොඩනැඟිල්ල කුලියට ගැනීමට පෙර මේ කිසිදු කාරණයක්‌ ගැන සැළකිල්ලක්‌ නොදක්‌වා ඇති බව ඉන් ඉඳුරාම පැහැදිලිය. මේ ගනුදෙනුවේ අතිශය දූෂිත, නාස්‌තිකාර “වත්මන් කතාව” තවත් දරුණුය.

වර්තමාන කතාව

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් අදාළ ගොඩනැඟිල්ල කාර්යාල පරිශ්‍රයක්‌ සඳහා සකස්‌ කිරීමටත් ඊට අවශ්‍ය ගෘහ භාණ්‌ඩ ලබාගැනීම සඳහාත් රුපියල් මිලියන 402 ක්‌ (කෝටි හතළිහක්‌) වැය වන බවට නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව අපි 2016.08.07 වැනිදා දිවයින ඉරිදා සංග්‍රහය මගින් අනාවරණය කර සිටියෙමු. එමෙන්ම එම මුදල වියදම් කර ගොඩනැඟිල්ල කාර්යාල කටයුතුවලට ගැලපෙන සේ සකස්‌ කිරීමට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ කාර්යාංශයට වසරක කාලයක්‌ ගත වන බවද කියති. පෞද්ගලික අංශයට එය ලබා දුන්නද ඊට ද මාස ගණනාවක්‌ ගත විය හැකි බව විෂය ප්‍රාමාණිකයෝ පෙන්වා දෙති. ඒ අනුව “නිකං කුලී ගෙවීම” බොහෝ කාලයක්‌ ඇදී යැම වැළැක්‌විය නොහැකි කාරණයකි. පසුගිය සතිය වන විට තොරතුරු වාර්තා වූයේ එම ගොඩනැඟිල්ලේ කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය ලී භාණ්‌ඩ සැපයීමට හා සවිකිරීමට රුපියල් කෝටි 14 ක්‌ ද, කාමර හා කාර්යාල වෙන් කිරීමට, කාපට්‌ ඇතිරීමට, විදුලි පද්ධති හා වා සැකසුම් ඇති කිරීමට තවත් රුපියල් කෝටි 11 ක්‌ ද වශයෙන් රුපියල් කෝටි 25 ක මුදලක්‌ වැය කිරීමට නියමිත බවය. මේ වන විට එම කාර්යය සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ.

නාස්‌තිය දූෂණය අඩු කරනවා යෑයි කියමින් බලයට පැමිණි ආණ්‌ඩුවක ඇමැතිවරයකුගේ මේ නාස්‌තිකාර වියදම් අහන දකින විට ඇඟ කිළිපොලා නොයන්නේ කාගේ දැයි අපි අසන්නට කැමැත්තෙමු.

කෘෂිකර්ම අමාත්‍යංශය සතුව බත්තරමුල්ල ප්‍රදේශයේ හෙක්‌ටයාරයක පමණ භූමි භාගයක්‌ තිබේ. කෘෂිකර්ම ඇමැතිවරයාටත් මේ කසන සල්ලි වියදම් කර එම ඉඩමේ ඊටත් වඩා අඩු වියදමකින් සියලු පහසුකම් සහිත ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට හැකියාව තිබිණි. ඒ ගැන හිතන්නටවත් උත්සාහ නොකර මේ සිදුකරන නොපනත්කම ආණ්‌ඩුවේ උදවිය ඉවසා සිටින්නේ කොහොමද යන්න ප්‍රශ්නයකි. රටේ ආර්ථිකය මේ වන විට තිබෙන්නේ නරකම තැනකය. රටට ලැබෙන ආදායම ආණ්‌ඩුවේ ණය සහ පොලී ගෙවීමටවත් බැරි තරම් අවමය. ඒ වෙනුවට හිරකරන්නේ ජනතාවගේ බෙල්ලය. පටි තද කරගත යුත්තේ අපය. ආණ්‌ඩුවට බදු සහ දඩ වලින් හැර ආදායම් උපදවා ගැනීමේ වැඩපිළිවෙළක්‌ ද නැත.

මේ සිද්ධ වෙන්නේ මොනවා දැයි අසන විට ජනතාවට ලැබෙන්නේ අපූරු පිළිතුරුය.

“ආපු ගමන් පිනුම් ගහන්න බැරි නිසා පොඩ්ඩක්‌ දුවන්න” යෑයි කියන උදවියගෙන් අපට අහන්නට තිබෙන්නේ දුමින්ද දිසානායක වැනි ඇමැතිවරු අල්ලන “කස්‌තිරම්” වල හැටියට “පිනුම් ගහන්නට” රටක්‌ ඉතිරිවේද යන්න පමණි.

 

ලෝකය පුරා පැතිරී යන ජාතිකවාදය ගැන දැන් ලංකාවේ බොහෝ දෙනා කතා කරනවා. ජාතිකවාදය ගැන පඬියන් කියන කතා කිහිපයක් ගැන ඊයේ මා සඳහන් කළා. ඒ ගැන පසුව තවදුරටත් කතා කරමු. අදත් ජාතිකවාදය නිසා පැනනගින කරුණු ගැන සඳහන් කරන්න ඕන. එකක් ට්‍රම්ප් ගැන. අනෙක චම්පක රණවක ගැන. මේ කරුණු දෙකක්. දෙන්න අහසට පොළොව වගේ. ඒත් එකම සංසිද්ධියක්, එනම් ජාතිකවාදයක් ඇතිවීම නිසා මතුවන කරුණු දෙකක්.

අද දිවයින පුවත්පතේ පළවන වාර්තාවකට අනුව ට්‍රම්ප් ලංකාව පිළිබඳ මෙතෙක් එක්සත් රාජ්‍ය දැරූ අදහස වෙනස් කරන්න යන බවට ඉඟියක් තිබුණා. ඊනියා ජාත්‍යන්තරවාදී හිලරි ක්ලින්ටන් ජනාධිපතිනිය වුනා නම් ඒ බොරු ජාත්‍යන්තරවාදයේ නාමයෙන් මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ආදී බොරු සංකල්ප යොදා ගනිමින් රූසියාව සමග යුද්ධයකට පැටළීමට ඉඩ තිබුණා. ඒ වගේ ම ඇය ලංකාවේ දෙමළ ජාතිවාදය තව තවත් පෝෂණය කරමින් රට දෙකඩ කිරීමට පියවර ගැනීමට තිබුණා. රනිල්ලා සම්බන්ධන්ලා ශිවාජිලිංගම්ලා හිටියේ ඇගේ පැත්තේ. ශිවාජිලිංගම් ඇය වෙනුවෙන් පොල් ගැසූ බව අමතක වී තිබෙන්න බැහැ.

ඒකාබද්ධ විපක්‍ෂය හෝ අලුත් පක්‍ෂය වන පොදුජන පෙරමුණ හෝ ට්‍රම්ප් හමුවිය යුතුයි. ඒ ට්‍රම්ප්ට අපේ ප්‍රශ්නයට මැදිහත්වන්න කියන්න නොවෙයි. ප්‍රශ්නයෙන් අයින් වෙලා ඉන්න කියන්න. මෙරට දෙමළ විරෝධී කිසිවක් සිදුවෙලා නැති බවත් සිදු වී ඇත්තේ සිංහල විරෝධී දේ පමණක් බවත් ට්‍රම්ප් දැනගත යුතුයි. ඔවුන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙවත් විදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ට්‍රම්ප්ට විෂ පොවන්න පෙර මේ කටයුත්ත සිදුවිය යුතුයි. සිංහලයන් සැම විට ම කටයුතු කරන්නේ බාලගිරි දෝෂය වගේ. අද නොවෙයි හෙට යන්නයි සිංහලයන්ගෙ ප්‍රතිපත්තිය. හෙට ප්‍රමද වැඩියි යන්න මත පිහිටා අප කටයුතු කළ යුතුයි.

දෙමළ හා මුස්ලිම් ජනයා මෙරටට පැමිණියේ දහහතරවැනි සියවසෙන් පසුව බව ට්‍රම්ප්ට කිව යුතුයි. ඔවුන් මෙරට සංස්කෘතියට ගරු කරන්න තවමත් පුරුදු වී නැතිවා පමණක් නොව මෙරට ඉතිහාසය අමතක කරමින් සිංහල සංස්කෘතියට විශේෂ තැනක් දීම වරදක් ලෙස සලකන බවත් අප කියා සිටිය යුතුයි. ට්‍රම්ප් කළ යුත්තේ අපේ ප්‍රශ්නයට මැදිහත් නොවී සිටීම පමණක් නොවෙයි. මෙතෙක් ක්ලින්ටන්ලා ඔබාමාලා යටතේ සිදු වී ඇති දේත් නිෂේධ කිරීමට පියවර ගත යුතුයි. එහි පළමු හා ප්‍රධාන පියවරක් විය යුත්තේ රනිල් මෛත්‍රිපාල සම්බන්ධන් ආණ්ඩුවේ අනුග්‍රහයද ඇතිව රාජ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වී ඉදිරිපත් කළ ජෙනීවා යෝජනා ඉල්ලා අස්කර ගැනීමයි. මෙරට කිසිම ආකාරයක දෙමළ සංහාරයක් සිදු වී නැති බවට හොඳම උදාහරණ විපක්‍ෂ නායක හා අගවිනිසුරු දෙමළ ජනවාර්ගිකයන් වීමයි. විග්නේස්වරන් හිටපු විනිසුරුවකු වීමයි.

මෙරට ජාතික ව්‍යාපාරය ගැමුණු රජු දවසේ සිට තිබුණත් ඉංගිරිසින්ට විරුද්ධව ජාතික ව්‍යාපාරය ඇරඹුණේ 1817-18 වෙල්ලස්ස සටන සමගින්. එය ක්‍රමයෙන් විකාශය වී අනගාරික ධර්මපාලතුමා මගින් පනස්හය දක්වා වර්ධනය වුනා. බණ්ඩාරනායක මැතිණිය ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. 1977 ජේ ආර් බලයට පත්වීමෙන් පසුව ජාතිකත්වයට පහර දුන්නා. සිංහල විරෝධී කසිකබල් අනුකාරක සංස්කෘතියකට රට විවෘත කෙළේ ජේ ආර්. ඔහු ගැන යම රජු ක්‍රියා කරනු නිසැකයි. සිංහල බෞද්ධ සංස්කෘතියට හා හින්දු සංස්කෘතියට අභියෝග කරමින් කාලෝ ෆොන්සේකා ගිනි පෑගුවේ හැත්තැවේ දශකයේ මුල. ඔහු අඩුම තරමෙන් තමන් අනුගමනය කරන්නේ ය කියන ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයවත් එහි දී අනුගමනය කෙළේ නැහැ. ඔහු ආධ්‍යාත්මික බලයෙන් ගිනි පෑගිය නොහැකි බව පෙන්වා සිටියේත් නැහැ. මේ සියල්ල 1977 දී ජේ ආර් නම් දේශීය සංස්කෘතික විරෝධියා බලයට පත්කිරීමට උපකාරි වුනා. අද වන විට ඊනියා සංහිඳියාවක් ගැන කතාකරන පඬියන් කතරගම දෙවියන්ගේ බහුභාර්යා සේවනයක් ගැන කතාකරමින් ඒ දෙවියන්ට අපහාස කරනවා. ඔවුන්ට ජාතිවාදී ලේබල ඇලවෙන්නේ නැහැ.

කෙසේ වෙතත් වත්මන් ජාතික ව්‍යාපාරය ජේ ආර්ගේ ප්‍රතිපත්තිවලට විරුද්ධව ඇරඹුණු එකක්. අසූ ගණන්වල මුල එහි බීජ දකින්නට පුළුවන්. ජ වි පෙ ස්ථිර ජාතිකත්වයක හිටියේ නැහැ. විජේවීරගේ සිට එය මාක්ස්වාදය හා ජාතිකත්වය අතර දෝලනය වුනා. චම්පක පාසල් වියේ දී ජ වි පෙ අනුගාමිකයෙක්. ඔහු එහි ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්. විශ්වවිද්‍යාලයට පැමීණීමෙන් පසුව ඔහු ජාතික මතවාදවලට තල්ලු වුනා. එහෙත් ඔහුගේ ජ වි පෙ දෝලනය ගිලිහුණේ න3හැ. 1994 මැතිවරණයේ දී ඔහු චන්ද්‍රිකා වෙනුවෙන් පමණක් නොව මංගල සමරවීර වෙනුවෙන් මාතර පැල්බැඳගෙන වැඩ කළා. ඔහු රතන හිමි මංගල සමග එකතු වී රටවැසි පෙරමුණ නමින් රට බෙදන ව්‍යාපාරයක් ආරම්භ කළා. ජනතා මිතුරෝ කාලයේ ඊනියා යුද්ධයට එරෙහිව කොළඹ පෝස්ටර ඇලෙවුවා.

ඔහු නොම්මර එකේ අවස්ථාවාදියෙක්. ඩී එස් සේනානායක විදුහලේ සිසුන් ඝාතනය කෙරුණු අවස්ථාවේ ඔහු ජාතිකත්වයට ඉල්ලුමක් තිබෙන බව කියමින් නැවතත් ජාතික ව්‍යාපාරයට ආවා. භික්‍ෂූන් වහන්සේගේ කරපිටින් පාර්ලිමේන්තු ගියා. අද ඔහු එක්සත් ජාතික පෙරමුණු හරහා රනිල්ගේ ඇමතිවරයකු වී සිටිනවා. ලංකාවේ ඇති වු ජාතිකත්වය අනෙක් රටවලට ඉගෙන ගන්න පුළුවන්. එහි දී ඔවුන් ඉගෙන ගත යුතු ප්‍රධාන ම කරුණක් වනනේ චම්පක වැනි අවස්ථාවාදීන්ගෙන් ජනතාව බේරා ගැනීමට කටයුතු කිරීමයි. ජාතිකත්වයට ද්‍රෝහි වී දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති චම්පක දැන් නැවතත් ලෝක ජාතිකත්ව ගැන කතාකරමින් නැවත ජාතික ව්‍යාපාරයට ඒමට උත්සාහ කරනවා. ජනතාව රැවටීමට ඔහුට කිසිම ඉඩක් දිය යුතු නැහැ. රාජ්‍ය දෙපාර්තමේන්තුවට ට්‍රම්ප් රැවටීමටත් ඉඩ දිය යුතු නැහැ.
නලින් ද සිල්වා
2016 නොවැම්බර් 26

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලනීක මෙහෙයුම අනුව ආරම්භ වු නව දේශපාලන පක්ෂය විනාශ කිරිම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේනගේ බත් බැලයන් කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.පසුගිය කැබිනට් රැස්ව්මෙන් පසුව රැස්වු සිරිසේනගේ බත් බැලයන් පිරිස අමතමින් සිරිසේන ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ අකමැත්තෙන් වුවද ලබන වසරේ නගර සභා මැතිවරණවත් අවම වශයෙන් පැවැත්විමට තමන්ට සිදුවන බවත් එයට වෙනම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කිරිමට සිදුවන බවයි. ඒම නිසා ඒ සදහා දිස්ත්‍රික් මට්ටමින් ශ්‍රීලනීපය ඉක්මනින්ම ශක්තිමත් කිරිමට වැඩ පිළිවෙළක් අවශය බවයි.

ඒ සියල්ලටම කලින් නව පක්ෂයට ශ්‍රීලනීප සමාජිකයන් බුරුතුපිටින් එකතුවිම් වහාම නතරකරගත යුතු බවත් ඒ සදහා වහාම නව පක්ෂය තුල අර්බුද නිර්මාණය කලයුතු බව සිරිසේන ජනාධිපතිවරයා සිය බත් බැලයන් හමුවේ පවසා තිබේ.

බැසිල් දැන් ශ්‍රීලනිපයේ සමාජිකයන් අතර විශ්වාසය දිනාගෙන ඒක් අපිට පාඩුවක්…ඒ නිසා පුලුවන් තරම් ඒ විස්වාසය බිඳින්න වැඩ කලයුතු බවත් සිරිසේන පෙන්වා දි තිබේ.

ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ” ලෙස කටයුතු කිරිම සදහා මේ වනවිට සුදානමක් ඇති බවත් පක්ෂයක් ලෙස ඔහුන් ඉදිරිපත් වුවහොත් එය පාර්ලිමේන්තුව තුල බරපතල ගැටලුවක් විය හැකි බවයි සිරිසේන ජනාධිපතිවරයාගේ අදහස වි ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් නිර්මාණය වු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ග්‍රාමීය මට්ටමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා අවසාන බවත් ගම්මට්ටමේ ශාඛා සමිතියක් සාදා ගැනිමටවත් ශ්‍රීලනීප පක්ෂ සාමාජිකයන් එකතු කර ගැනිමට නොහැකි තත්ත්වයක් උදාවි ඇති බවත් එහිදි කෘෂි අමාත්‍ය දුමින්ද දිසානායක පවසා ඇති අතර එයට පිළිතුරු දෙමින් එස්.බී දිසානායක අමාත්‍යවරයා පවසා ඇත්තේ බැසිල් පක්ෂය මෙහෙයවිමට අතට ගැනිම භයානක තත්ත්වයක් බවත් ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ බැසිල් දිවි නැගුම වැඩ සටහන යටතේ ගම් මට්ටමේ බලය ඔහු සුක්ෂම අකාරයට අල්ලා ගැනිමට කටයුතු කර ඇති බවයි.

“බැසිල් …මේකේ යාන්ත්‍රනය හරියටම හදලා…ග්‍රාමසේවා වසම් සියල්ලම ආවරණය වන විදියටයි…මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ…එක හරිම භයානකයි…” එස්.බි ඇස් ලොකුකර කට හැකර කරගෙන පවසා තිබේ.

“විමල්ටත් බැසිල් එක්ක ප්‍රශ්ණ තියෙනවා..දැන් එ ඔක්කොම අමතක වෙලා….ඒවා ආපහු අවුස්සලා ගත්තානම් හරී…” පැරදි කුජිතව සිරිසේනගේ අගුපිලේ ලැග රාජ්‍ය අමාත්‍ය කට්ටක් ගත් ඩිලාන් පෙරේරා එක හුස්මටම කියාගෙන ගොස් තිබේ.

එහිදි සිරිසේන ජනාධිපතිවරයා ඩිලාන්ට කින්ඩි හිනාවක් දමමින් පවසා ඇත්තේ…”ඔයාලාව මම ගත්තේ එකට තමා…හිටං…දැන් ඔයාලා ඒ වැඩේ කරන්න …” .යනුවෙනි.

පසුව එම සාකච්ඡා අවසන් වු වහාම රතු අලී පැටියාගේ ලංකා ටෘත් වෙබ් අඩවියෙ පුංචි පහේ හිගන පැටියෙක් අල්ලා ගත් දුමින්ද අමුතුම අකාරයේ පුවතක් පලකරවා තිබේ.

බැසිල් මාස 4කට රට යන්න අවසර ඉල්ලීම සැකයක්! යනුවෙන් පලකර තිබු එම පුවත් හරහා ශ්‍රීලනිප බත් බැලයන් උත්සහ දරා ඇත්තේ නව පක්ෂය අතර අර්බුදයක් නිර්මාණය කිරිමට වන අතර එම පුවත් අවසන් කර තිබුනේ ….”පසුගියදා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ හිටපු ජනාධිපතිවරයා ඉතා දැඩි ස්වරූපයෙන් ප්‍රකාශ කර සිටියේ බැසිල් කියන්නේ නායකයෙක් නෙවෙයි කියාය.” යනුවෙන් අතේ රෝලක්ද ගසමින්‍ ය.

අදාල සම්පූර්ණ පුවත පහත දක්වා තිබේ.

උපුටා ගැන්ම රතු අලි පැටියාගේ ලංකා ටෘත් වෙබ් අඩවිය

බැසිල් රාජපක්ෂ තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා ඇමෙරිකාව වෙත යාමට දෙසැම්බර් 10 වැනි දා සිට මාර්තු 02 වැනි දා දක්වා අවසර අවසර දෙන්නැයි අද (22) කොළඹ මහාධිකරණයෙන් කර තිබෙන ඉල්ලීම පිළිබඳව බරපතළ සැකයක් මතුව තිබේ.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ විරෝධතා ඇත්නම් එළැඹෙන 25 වැනි දින ගොනු කරන ලෙසට මහාධිකරණය නීතිපතිවරයා වෙතද ඇත.රජපක්ෂ පාලන සමයේ සිදුකරනු ලැබූ බරපතළ වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇති පසුබිමක මාස හතරකට ආසන්න කාලයක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවීමට අවසර ඉල්ලීම ගැටලු සහගත තත්වයකි.

ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් විරෝධය පළකර තිබියදී බැසිල් රාජපක්ෂ පසුගියදා ජී.එල්. පීරිස්ගේ නායකත්වයෙන් දේශපාලන පක්ෂයක් ආරම්භ කළ අතර ඉන් පසු ඒකාබද්ධ විපක්ෂයෙන් බැසිල් රාජපක්ෂට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබෙන බවද වාර්තා වේ. එම විරෝධය හමුවේ ඔහු මෙලෙස විදේශ ගතවීමට සූදානම් වන්නේ දැය යන සැකයක්ද මතුව තිබේ.

පසුගියදා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ හිටපු ජනාධිපතිවරයා ඉතා දැඩි ස්වරූපයෙන් ප්‍රකාශ කර සිටියේ බැසිල් කියන්නේ නායකයෙක් නෙවෙයි කියාය.

උපුටා ගැන්ම අවසන්…

ඒ අනුව පැරදි කුජිතව සිටින සිරිසේනගේ රජගෙදර වලං හුරාගෙන කන රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මේ දිනවල බැසිල් ඉලක්ක කර මඩ ව්‍යාපාරයක් දියත් කරමින් සිටි දිනපතා මාධ්‍ය හමු තබමින් රෑ ආප්ප කා උදේ පක්ෂය එජාපයට පාවාදුන් අමන තකතීරූ සිරිසේන අමතක කර බැසිල් -රනිල් ඩිල් එකක් ගැන නන්දොඩවන්නට පටන්ගෙන තිබේ.

ඩිලාන් කියන්නේ බැසිල් රාජපක්ෂ මහතා සහ එජාප කණ්ඩායමක් අතර රහස් සාකච්ජාවක් පවත්වා ඇති බවයි.මේ පිළිබද සියලු තොරතුරු ඉදිරියේදී අනාවරණ කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා ඒ පිලිබඳ අභියෝග කරන්නේ නම් පැය 24ක් තුළ සියල්ල හෙළිදරවු කිරීමට තමා සුදානම් බව ඩිලාන් පෙරේරා තප්පුලා තිබේ.ඩිලාන් මේ තරම් තප්පුලන්නේ වෙන කිසිවක් නිසා නොව සිරිසේනගේ ඇම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය හමුවි වැද වැටෙමින් නව පක්ෂයේ සාමාජිකත්වය නොගෙන ශ්‍රීලනිපය සමග එක්ව ඉදිරි මැතිවරණ සදහා තරග කරන ලෙස ඒකාබද්ධ මන්ත්‍රීවරුන් හමුවි කල ඉල්ලිම පිළිබඳව අප මීට පෙර අනාවරණය කිරිම නිසාය.

එම ඉල්ලිමට කිසිවෙකුත් කන් නොදිම හේතුවෙන් ශ්‍රීලනිපයේ මලගම දැන් පෙනෙනෙ මානයටම පැමිණ තිබේ.ඒ නිසාම වන්නට ශ්‍රීලනිපයේ සිරිසේනගේ මලගමට කර ගසන්නට සිටින මේ බත් බැලයන්ට හැන් මරාගෙන මැරෙන සටනක් කරන්නට සිදුව තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විධායක බලය අහිමිකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරිම සදහා අගමැතිවරයා කටයුතු කරමින් සිටින බවත් ඊට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අගමැතිවරයා අතහැර දැමිමට සුදානමින් සිටින බවත් ඒ සදහා සහය ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ආණ්ඩුවේ මෛත්‍රීගේ බිලිකොක්කට ගෑසු ඇම් 4 ක් වු මහින්ද අමරවීර,ඩිලාන් පෙරේරා,ලසන්ත අලගියවන්න,විජිතමුණි සොයිසා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් පිරිසක් හමුවි අයාචනය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

සම්පූර්ණ පුවත බලන්න –  සිරිසේනට කෙලවෙන්නයි යන්නේ…..සිරිසේනගේ ඇම කල්ලිය ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප ඉදිරියේ දණින් වැටේ

මේ අතර නව පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සදහා සිරිසේනගේ බත් බැලයන්ගේන් පඩි ලබන් විවිධ පුද්ගලයන් සම්බන්ධ කරවිමට මේ වන විටත් විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වේමින් තිබේ.ඒ ආකාරයේ උත්සහයන් රැසක් විවිධ කල්ලි කණ්ඩායම් යොදවා ක්‍රියාත්මක වුවද ඒ සියල්ලම ව්‍යාර්ථ කිරිමට නව පක්ෂයේ නිළධාරි සමත්ව ඇති බවද අනාවරණය වේ.

ලංකා ඉතිහාසයේ මේ තරම් වේගයෙන් පක්ෂයේ සමාජිකත්වය ලබා ගනිමින් පක්ෂ ක්‍රියාකාරින් ලෙස අතී විශාල පිරිසක් එකතු වු පලමු පක්ෂය ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වාර්තාවක් තබන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පාලක ලේකම් රේනුක පෙරේරා අප විශේෂ වාර්තාකරුවෙකු කල විමසීමේදී සදහන් කර තිබේ.ගම්මට්ටමින්,නගර මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් මේ වනවිටත් පක්ෂයේ සමාජිකත්වය සහ සංවිධායක ධුරයන් ඉල්ලා විශාල ඉල්ලුම්පත් සංඛාවක් දෛනික ලැබෙන බවත් ඉතා ඉක්මනින්ම ඔහුන් නව පක්ෂයේ සමාජිකයන් ලෙස බදවා ගැනිම සදහා කටයුතු කරන බවද ඔහු සදහන් කර තිබේ.

සියලුම ග්‍රාමසේවක වසම් ආවරණය වන පරිදි ශාඛා සමිති ආරම්භ කර සාමාජිකයන් බඳවා ගැනිමට මේ වනවිටහ් කටයුතු කරමින් සිටින අතර පක්ෂය පවා දුන් අය නව පක්ෂයට බදවා නොගන්නා බවද ඔහු සදහන් කලා.

ලංකා ඊ නිවුස් කතෘ සඳරුවන් සේනාධීර ඉලක්ක කර නීතිය ක්‍රියාත්මක කිරිමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගත් තින්දුවත් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රදීප් සඳරුවන් සේනාධීර වහා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අද (25) ඉන්ටපෝල් වරෙන්තු නිකුත් කිරිමත් සමග මරු විකල් වි සිටින Thousand talks, No works ලංකා ඊයා නිවුස් නිල නොලත් කතෘ තුසිත හල්ලොලුව අධිකරණ අමාත්‍යවරයාට බැණ වදිමින් සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

අද සවස කප්පම් තුසිතගේ සමිපතම මිතුරෙකු අමතා පවසා ඇත්තේ අගමැතිවරයාගේ කීමට අධිකරණ අමාත්‍යවරයා ඇතුලු සිරිසේන කල්ලිය ලංකා ඊ නිවුස් වසා දැමිම සදහා කුමන්ත්‍රණය කරමින් සිටින බවත් සදරුවන් අල්ලන මුවාවෙන් තමන් අල්ලා ගැනිමට කටයුතු කරමින් සිටින බවටද චොදනා කර තිබේ.”විජේදාස දන්නේ නෑ මම කවුද කියලා….. විජේදාසට පයින් ගහලා දොට්ට දානවා…… ” යනුවෙන් ද පවසා තිබේ.

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය හරහා එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉලක්ක කර පහරදිම සදහා මෙහෙයුමක් ඉතාම සියුම්ව ක්‍රියාත්මක කරමින් සිටි අතර වත්මන් ජාතික ආණ්ඩුවේ නව අගමැති ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඩිල් දියණිය වන චතුරිකා සිරිසේන මෙහෙයුමක් දියත් කර තිබේන බව අප පසුගියිදා අනාවරණය කළා.

නොවරදින වාර්තාකරණය කියවන්න –රවී අගමැති කරන්න චතුරිකා මෙහෙයුමක්- නුවර ජනපති මන්දිරයේ කුමන්ත්‍රණය මෙන්න

පසුගියදා තුසිත හල්ලොලුව අමරිකානු ඩොලර් 60 දහසක(US 60000$) රැගෙන ඉන්දියාවේ චෙන්නායි දක්වා ගොස් ඇත්තේ මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් පවත්වාගෙන යන් ECTA වර්ගයේ ගණිකා නිවාසයේ ඉන්දියානු ගණිකාවන්ගේ මුදල් බව අනාවරණය වි තිබේ.

නොවරදින වාර්තාකරණය කියවන්න –රවී,තුසිත,රාම්,ෆාරුක් සහ කන්දවන්තේ ගොන් පොට් එක…

ලංකා ඊ නිවුස් සමග වත්මන් ජනාධිපතිවරාගේ ගැටුම ආරම්භ වන්නේ ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් ඇතුළුව ඊට අනුබද්ධ සමාගම් 3 ක සභාපති ධූරය දරණ මෛත්‍රීගේ සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන ඉලක්ක කර මංගල සහ ඔහුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන විදේශ අමාත්‍යංශයේ ජේෂ්ඨ උපදේශකයෙකු මෙන්ම එවකට මොබිටෙල් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන තුසිත හල්ඔලුව එක්ව ඊ නිවුස් හරහා දැවැන්ත මඩ ප්‍රහාරයන් දියත් කිරිමත් සමගයි.

නොවරදින වාර්තාකරණය කියවන්න – අගමැති කම ගන්න මංගල මගේ සහෝදරයන්ට මඩ ගහනවා -මෛත්‍රීට මලපනී

කුමාර සිරිසේන ටෙලිකොම් සභාපති තනතුරෙන් පැන්නීම සඳහා හල්ලොළුව ඇතුළු පිරිස විසින් සිදුකළ කුමන්ත්‍රණය අතේ මාට්ටු විමත් සමග කප්පම් තුසිත ටෙලිකොම් සහ මොබිටෙල් සමාගමෙන් දොට්ට දැමුවා.

නොවරදින වාර්තාකරණය කියවන්න – අතේ පත්තුවුනු හල්ලොළුවගේ ටෙලිකොම් කුමන්ත්‍රණය

යෝෂිතට ඇප දෙන්නැයි එජාප ප්‍රබල ඇමැතියෙකු විනිසුරුට බලපෑම් කරලා..! යනුවෙන් ලංකා ඊ නිවුස් අද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉලක්ක කර මඩ පුවත්ක පලකිරිම සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ අද මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඉදිරියේම ලංකා ඊ නිවුස් කතෘ හැටියට පෙනී සිටින සදරුවන් සේනාධිරට ස්පිකර් ඔන් කරමින් දුරකථනයෙන් පරුෂ වචනයෙන් බැන වැදි තිබේන බව අප විශේෂ වාර්තාකරු 2015 පෙබරවාරි 05 වැනිදා අනාවරණය කළා.

නොවරදින වාර්තාකරණය කියවන්න – විජේදාසට මලපනී -සදරුවන්ට කුණු බැනුම්,නිවුස් එක ලිව්වේ තුසිත හල්ලොලූව ගඳයා පාවාදෙයි

ජනාධිපතිවරයාට හා එම පවුලට සහ රාජ්‍ය රහස් ලංකා ඊ නිවිස් වෙබ් අඩවියට ලබා දිමට සමිබන්ධයෙන් තුසිත හල්ඔලුව එරෙහි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කිරිමට ජනාධිපති මාධ්‍ය ඒකකය තිරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

පසුගිය දිනවල එම වෙබි අඩව්යේ ජනාධිපති දියණිය වන චතුරිකා සිරිසේන සම්බන්දයෙන් හා රාජ්‍ය රහස් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට ලබා දී ඇත්තේ තුසිත හල්ඔලුව බවට මේ වනවිට අනාවරණය වි ඇති අතර එකට ඉදිමින් ආණ්ඩුවේම වරප්‍රසාද භුක්ති විදිමින් ආණ්ඩුවටම සහ ජනාධිපතිවරයා සහ පවුල ඉලක්ක කර මඩගැසිම හේතුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කිරීමෙන් පසු තුසිත හල්ඔලුවගෙන් ප්‍රශ්න කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

නොවරදින වාර්තාකරණය කියවන්න – සිරිසේනලාට මඩ ගැසු තුසිත හල්ඔලුව අල්ලන්න CID පරික්ෂණ-සිරිසේන,E නිවුස් මධුසමය නිමයි

යහපාලනය නැමති බෙදුම්වාදී ජාත්‍යන්තර රූකඩ ආණ්ඩුව පත්කර ගැනිම සදහා වසර ගණනාවක් ප්‍රගතිශීලි මෙන්ම රටේ ජනතාවගේ විශ්වාසය දිනු රාජපක්ෂ ආණ්ඩුව බිඳවැටීටිම සදහා එවකට විපක්ෂය සහ ඇමතිවරයෙකුව සිටි වත්මන් ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍යවරුන් රැසකගේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක මුදල් වෙනුවෙන් මඩ පිට මඩ ගසමින් රාජපක්ෂලා එලවා දැමිම සදහා මඩ පිට මඩ ගෑසු ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රදීප් සඳරුවන් සේනාධීර වෙනුවෙන් අද පෙනී සිටින්නට කිසිදු මාධ්‍ය සංවිධානයක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් වත් නැත.

රටක් රජකල රාජ්‍ය නායකයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කර කප්පම් මුදල් ගනිමින් මඩ ගැසූ සදරුවන්ගේ සහයට අද කිසිවෙකුත් නැත….එය දෛවයේ සරදමකි…

සඳරුවන් වැරදියි; ඒත් මේ මොහොතේ මා සඳරුවන් වෙනුවෙන් පෙනී සිටිමි.

ජනාධිපති සම්බන්ධීකරන ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක තැබු සටහනක් පහත දැක්වේ ….

සඳරුවන් සේනාධීර නැමැති මාධ්‍යවේදියා සම්බන්ධයෙන් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ පවරන ලද නඩුවක් මත (නඩුවේ ස්වභාවය අප නොදනී) ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ඇති බවත් ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර්පෝල්) හරහා ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති බවත් අද දෙරණ කෙටි පණිවුඩ සේවය වාර්තා කර තිබුණි. ජාත්‍යන්තර අධිකරණ කලාපයක සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමත් ඔහු තවත් රටකට උද්ධර්පණය කිරීමත් (Excitation) සංකීර්ණ ක්‍රියාවලියකි. එය අප සිතූ පැතූ පරිදී සිදු නොවන්නකි. එම නිසා මෙම නඩුව මෙහෙය වූයේ කවුරුන් වුවද ඔවුන්ට ඇත්තේ මාධ්‍ය සංදර්ශනයක වාසිය පමණක් බව මාගේ වැටහීමයි. සඳරුවන්ගේ වෙබ් මාධ්‍ය කලාව පිළිබඳව මට කිසිඳු පැහැදීමක් නැත. ඔහු ජනමාධ්‍ය ආචාරධර්ම ද, ජනමාධ්‍යවේදියාගේ වෘත්තිමයභාවය ද අමු අමුවේ කෙලෙසමින් පුද්ගලයෙකුගේ ආත්ම ගෞරවය, විනාශ කර දැමීමට තම මාධ්‍ය, කලාව යොදා ගත්තේය. එසේම ඇතමුන් පවසන්නේ ඔහුගේ මාධ්‍ය කලාව පෞද්ගලික හෝ දේශපාලනික වාසි ඉලක්කකොට ගෙන භාවිත කරන බවයි.පෞද්ගලිකව ගත් කල ඔහුගේ මාධ්‍ය කලාව හේතුවෙන් මා හට ද අපමණ අපහාසාත්මක සහ පදනම් විරහිත චෝදනා එල්ල කර තිබුණේය. නිසා එම සඳරුවන්ගේ මාධ්යල කලාවේ ඝෝරීභාවය මා විසින් හොඳාකාරවම අත්දැක ඇත්තෙමු. මේ සියලු දේ කිරීමට ඔහු යොදාගත් නිදහසට කරුණ වූයේ, රාජපක්ෂ විරෝධයයි. රාජපක්ෂ විරෝධය හරහා ඔහු පුද්ගලයන්ගේ නිදහස, ගෞරවය, අභිමානය බල්ලාට දැමීමට කටයුතු කරයි. එමනිසා එම මාධ්‍යකරණය අප පිළිකුලෙකන් යුතුව හෙළා දකිමු.

ඒ කෙසේ නමුත් සඳරුවන් සේනාධීරට, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හරහා අටවන්නට යන මේ කෙමනයට මා එකහෙළා විරුද්ධවෙමි. සඳරුවන්ට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය නම් පැවරිය යුත්තේ දිසා අධිකරණයක ඉදිරියේ අපහස නීතිය පදනම් කරගෙනය. ඒ සඳහා සඳරුවන් ලංකාවට පැමිණිය යුතුය. ඔහු ලංකාවට ගෙන්වා ගත යුත්තේ සිවිල් වරෙන්තුවක් හරහා මිස අපරාධ වරෙන්තුවක් හරහා නොවේ. මක් නිසාද යත් ඔහුගේ වෙබ් අඩෙවිය හරහා දිගින් දිගටම උල්ලංඝෙණය කරන්නේ පුද්ගලයෙකුගේ කීර්ති නාමයයි. එය සිවිල් වරදකි. අපරාධ වරදක් නොවේ. අපරාධමය අපහාසය (Criminal Defamation) අප නීති පොතෙන් ඉවත් කරන ලද්දකි. එය නැවතත් පෑල දොරින් ගෙන ඒමට තැත් කිරීම හෝ වෙනත් අපරාධී වගකීමක් ඒ හරහා මතු කර ගැනීම සිවිල් අයිතිවාසිකම් පිළිබඳ විශ්වාසය තබන ජනතාව පිළිගත්නේ නැත. එමනිසා අධිකරණයකින් ලබාදී ඇතැයි කියන මෙම නියෝගයට ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිවාසිකම් වැටබඳින්නක් බව මම විශ්වාස කරමි

රුපියල් 40 විද්‍යුත් හැඳුනුම්පත් ටෙන්ඩරය රුපියල් 80ට දෙන්නැයි එල්ලකල දේශපාලන බලපෑම්වලට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.මෙම ගැටුමේ ප්‍රතිඑලයක් ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ආගමන විගමන අතිරේක පාලක ලියාන් ගුණතිලක මහතා ගේ නම නිර්දේශ කරමින් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනය පහතින්,

රු. 40 විද්‍යුත් හැඳුනුම්පත් ටෙන්ඩරය රු. 80 ට දෙන්නට බෑ කියූ පුද්ගලයින් ලියපාදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර සංචිතයට?

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමෙ යෝජිත විද්‍යුත් හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩර් ප්‍රධානය හේතුවෙන් මෙම ගැටුම මතුවී ඇත.එම දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යංශයේ නිලධාරින්ගෙන් සැදුම් ලත් ප්‍රසම්පාදන කමිටුවක් මඟින් අදාල ටෙන්ඩර් මිළ ගණන් පිළිබඳ විමසීම් සිදුකරමින් සිටින අතර එම හැදුනුම්පත් සඳහා ලැබී ඇති අවම ටෙන්ඩරය රුපියල් 40.00 කි. නමුත් එම ටෙන්ඩරය රුපියල් 80.00 මිල සඳහන්වූ අයදුම්පතක් සඳහා ලබාදෙන දේශපාලන බලපෑම් එල්ල වී ඇත. ඒ සදහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර් එම් එස් සරත් කුමාර මහතා දැඩි ලෙස විරෝධය පළ කර ඇත.

මෙම ගැටුමේ ප්‍රථිඑලයක් ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ආගමන විගමන අතිරේක පාලක ලියාන් ගුණතිලක මහතා ගේ නම නිර්දේශ කරමින් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති බවද වාර්තා වෙයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පසුගිය සමයේ කැෆේ, පැෆරල් හා සීඑම්ඊවී ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමග එක් වී හැදුනුම්පත් නොමැති පුද්ගලයින් වෙත සහන සැලසීමේ පුළුල් ව්‍යාපාරයක නිරත විය.

ගල් අඟුරු වංචාව සහ බැඳුම්කර වංචාව ආදී වත්මන් යහපාලන රජයේ ඉස්මතුවී ඇති වංචා දූෂණ මාෆියාව විසින් රාජ්‍ය යාන්ත්‍රණයෙන් දුෂණයට එරෙහි නිළධාරීන් පන්නා දැමීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සෘජු අවධානය යොමු වනු ඇතැයි කැෆේ සංවිධානය අපේක්ෂා කරයි.

ඉතිහාසයේ ප්‍රථම වරට මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවා රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කර ගත්තේ ඇයි?

කැබිනට් මණ්ඩලය පවා විරුද්ධ වෙද්දී තම ගජ මිතුරු අර්ජුන් මහේන්ද්‍රන් එතෙක් පැවති සියලු සම්ප්‍රදායන් කඩමින් මහ බැංකු අධිපති පත් කරගත්තේ ඇයි?

එතෙක් පැවති බැඳුම්කර මිලදී ගැනීමේ පටිපාටිය වෙනස් කිරීමට රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේ ඇයි?

බැඳුම්කර වෙන්දේසියට අර්ජුන් – රනිල් මැදිහත් වූයේ කෙසේද?

ලංකා බැංකුව, ඊටීඑෆ් මුදල් වලින්ම අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ පර්පෙටුවල් ට්‍රෙෂරීෂ් සමාගම ප්‍රකෝටි ගනන් ලාභ ලැබුවේ කෙසේද?

මහ හොරා රකින්න ෆුට් නෝට් කල්ලිය කළ ජඩ උත්සාහය කෙබඳුද?

ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මුදල් මංකොල්ලයට වගකිව යුතු රනිල් ගෙදර යැවිය හැක්කේ කෙසේද?

බැංකු ප්‍රවීනයකු වන ලංකා බැංකු සේවක සංගමයේ සහ ලංකා බැංකුවේ හිටපු සභාපති රිසිරිපාල තෙන්නකෝන් මහතා ට සවන් දෙමු

Top