කවුරුන් මොනවා කිවත්..කුමණ බාධක එල්ල වුවද දෙමළ ජනයාට සාධාරණ ඉටුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරිමට තමන් කටයුතු කරන බවත් ඒ සදහා උපරීම විධායක බලය භාවිතා කිරිමට තමන් දෙවරක් නොසිතන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දෙමළ සන්ධාන නායකයා සහ තවත් කණ්ඩායමක් සමග පැවැති විශේෂ හමුවේදි තහවුරු කර තිබේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක බෙදුම්වාදී දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධගේ කාර්යාලයේ පැය දෙකකට අධික කාලයක් පැවැති රැස්විමේදි ජනාධිපතිවරා හමුවේ ද්‍රවිධා සන්ධාන නායකයින් පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය බේදිමේ ක්‍රියාවලිය ජාත්‍යන්තරය හමුවේ ලංකා ආණ්ඩුව අත්සන් කල ගිවිසුම ප්‍රකාරව සිදුවිය යුතු නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම් විවිධ විරුද්ධ මත දැරිම හේතුවෙන් තම පක්ෂය බරපතළ අර්බුදයකට මුහුණ දි සිටින බවයි.
උතුරට බලය නිසී අයුරින් බෙදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් තම පක්ෂය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන මෙන්ම උතුරේ ජනයා දැඩි උනන්දුවකින් සිටින බවත් ආණ්ඩුවට සහය දිම් තින්දු වන්නේද ඒ සදහා ලැබෙන පොරොන්දු මත බවද ආර් සම්බන්ධන් පෙන්වා දි තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා කමිටුවට භාරදුන් ඇතැම් යෝජනා යම් වෙනස්කම් වලට භාජනය කර ඇති බැවින් ද්‍රවිධ ජාතික සන්ධානය ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඇතුලත් විශේෂ වාර්තාවක්ද ජනාධිපතිවරයාට ලබාදිමට එම සාකච්ඡාවෙදි කටයුතු කර තිබේ.
මේ අතර සියලු එකඟතාවන් සදහා බෙදුම්වාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය කැමැත්ත පලකිරිම හේතුවෙන් අයවැය අවසන් ඡන්දය විමසිමට ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් 16 දෙනාම පක්ෂව ඡන්දය ලබාදිමටද කැමැත්ත පලකර තිබේ.
2017 ජනවාරි 31 වැනිදාට පෙර දෙමළ ජනතාවට පිලිගත හැකි අකාරයේ ෆෙඩරල් පාලනයක් ස්ථාපනය කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද්‍රවිධ ජාතික සන්ධානයට ලිඛිතව පොරොන්දුවක් ලබාදි ඇති බව ද්‍රවිධ ජාතික සන්ධාන පාර්ලිමේන්තුව මන්ත්‍රී M.A සුමන්තිරන් දෙමළ ඩයස්පොරාවේ නායකයන්ට දන්වා එවා ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
අවස්ථා ගණනාවකදි ආණ්ඩුව ෆෙඩරල් ව්‍යවස්ථාව ස්ථාපණය කරන බවට පොරොන්දු ලබාදුන්නද විවිධ හේතු නිසා එම අවස්ථා මගහැරි ගිය බවත් ජාත්‍යන්තරය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් තින්දුවකට අනුව 2017 ජනවාරි 31කට පෙර ෆෙඩරල් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරිමට අනිවාර්යයෙන් සිදුවන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දි තිබේ.
අද පැවැති සාකච්ඡාවේ අවස්ථාවක්….සිරිසේන ජනාධිපතිවරයා නොපෙනෙන අකාරයට ඡායාරූපය ගෙන් ඇත්තේ ද්‍රවිධ ජාතික සන්ධාන මාධය අංශ විසිනි.
ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුලු ඉහළම තනතුරු හොබවන්නන්ගේ වැටුප් ලක්ෂ ගණනින් වැඩිකර ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය රජය කාලයේ සිට මෙලෙස තම වැටුප් වැඩිකර ගැනීමට උත්සාහ දරුවද සැලකිය යුතු කාර්යක් නොකරන බව පවසමින් එම ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කොට ඇත. කෙසේවෙතත් වත්මන් ඇමති නිමල්සිරිපාල නොමග යවමින් ප්‍රධානීන් කිහිප දෙනකු මෙසේ සිය වැටුප් වැඩි කර ගෙන ඇත.
ඒ සඳහා අල්ලස් ලෙස බදුල්ලේ පිරිසකට කිසිදු පදනමකින් තොරව රැකියා ලබාදී ඇත. රැකියා ලබාදීම වෙනුවෙන් බොරු විභාග පවත්වා ඇති අතර එහිදී විභාගයෙන් 04 වන තැන ලබාගත් කළුතර ප්‍රදේශයේ ඇමති හිතවාදියකුට තොරතුරු තාක්ෂණ අංශයේ කළමණාකරු තනතුර ලබාදී ඇත. අනෙකුත් රැකියා ලබාදීම දීම වෙනුවෙන් පසුගිය රජය විසින් පත්වීම් ලබාදුන් සිව්දෙනකු රැකියාවලින්ද දොට්ට දමා ඇත.විගණකාධිපතිවරයා විසින් පසුගිය කාලයේ අධිකාරියේ මූල්‍ය වංචා පිළිබඳ බොහෝ තොරතුරු හෙළිදරව් කළද යහපාලන රජය විසින් ඒවාට නිසි පියවර මේ දක්වා ගෙන නොමැති බවද වාර්තා වේ.
රටේ වෙනත් කිසිදු ආයතනයක නොමැති ලෙසින් වසර 16ක තරම් කාලයක් අධ්යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පුටුව අරක්ගෙන සිටින අධ්යක්ෂ ජෙනරාල්වරයා පහළ මට්ටමේ සේවකයින්ට කිසිදු ආකාරයක සහනයක් ලබානොදීම සම්බන්ධයෙන් අධිකාරියේ බොහෝ සේවකයින් දැඩි කලකිරීමට පත්ව ඇති බවයි ගුවන් සේවා අධිකාරියේ සේවකයන් සදහන් කළේ.
ශ්‍රී ලංකාව යනු පෙරදිග පිහිටි රටකි. දකුණු අසියාවේ සමකයට ආසන්නවන්නට පිහිටි රටකි. ඉතා ඈත අතීතියේ පටන් වාරි ශිෂ්ටාචාරයෙන් ලොව විස්මයට පත්කළ ජනතාවක් සිටි රටකි. පෘතුග්‍රීසීන් සහ ලංදේසීන් විසින් අඩ වශයෙන්ද ඉංග්‍රීසීන් විසින් සම්පූර්ණයෙන්ද ලංකාව යටත්කරගනු ලැබීය.1815 කන්ද උඩරට ගිවිසුමෙන් ආරම්භ කරන ලද ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය බ්‍රිතාන්‍යයන් අත්කර ගැනීම 1948 දී නැවත ආපසු ලබා දුන් බවත් ඇතැම්හු තර්ක කරති. වර්තමානයේ පරමාධිපත්‍ය යනු පාලන බලයවන විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය ලෙස හදුනාගෙන ඇත. මේ ආයතන 1815 තරම් ඈත අතීතියේද එනමින්ම නොවුණත් ලංකාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයන් යොදාගනු ලැබිණි.
1815 උඩරට ගිවිසුමත් සමග ලාංකිකයන්ගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමේ අයිතිය එනම් ලාංකිකයන්ගේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය එංගලන්ත කිරීටයටත්, එංගලන්ත පුරවැසියන්ටත් පවරා ගැනීම සිදුවිය. එදා ගිවිසුමකින් අයිතිකරගත් ලංකීක ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආපසු ලබා ගැනීම සදහා දිගින් දිගටම නොනවතින අරගල, දිවි පිදීම් සිදු වී ඇති බවත් ලංකිකයන් නොකඩවා නිදහස් අරගල සිදුකළ බවත් නොරහසකි. ඇහැලේපොළ, කැප්පෙටිපොළ පටන් පුරන්අප්පුගේ සිට 1971 ආයුධ සන්නද්ධ කැරැල්ලත්, 1988-1989 තරුණ අරගලයත්, 2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී නිමා කරන ලද උතුරු නැගෙනහිර වෙන් කිරීමේ උත්සාහයත් මේ සදහා ප්‍රබල උදාහරණ වෙති. මේ අකාරයට රටේ ජනතාව නිදහස වෙනුවෙන් සිය දිවි පිදුවද, ජයග්‍රහණ අත්කර ගත්තද නීතිමය වශයෙන් රටේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ නිදහස දිනා ගැනීමට නිසි වැඩපිළිවෙලක් ස්වදේශීය ලාංකිකයන් සතු නො වීය.
1815 උඩරට ගිවිසුම තවත් ශක්තිමත් වන ලෙස බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ නීතීවේදීන් නිර්මාණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතන හරහා නැවත බ්‍රිතාන්‍යයටම යටත් කරදීම 1833, 1947, 1972 සහ 1978 ව්‍යවස්ථා මගින් සිදු කළ අතර එකී නීති ප්‍රතිසංස්කරණ ලංකාවේ පොළවේ සුවද නොහදුනන නීති ප්‍රතිසංස්කරණ වී මේ හේතුවෙන් වැඩි කල් නොගොස්ම එකී ව්‍යවස්ථා ලාංකීය සමාජයම අර්බුදයට ඇද දැම්මේය. එකී ව්‍යවස්ථා ලංකාවේ පොළවේ මුල් ඇද නොගත්තේ ය.
වර්තමානයේ පවා ජනසම්මතවාදයට පටහැනිව ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කර ගනිමින් බ්‍රිතාන්‍යයට අවශ්‍ය ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන මේ අවස්ථාවේ කිව හැක්කේ බන්ධනාගාර සහ අධිකරණ පෙන්වමින් එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත්තද වැඩිකල් නොගොස්ම එකී ව්‍යවස්ථාවත් කුණු කූඩයට යනු ඇති බවයි.
1815ට පෙර ලාංකිකයන් අත තිබූ ජනතාවගේ පරමාධිපත්‍ය බලය උඩරට ගිවිසුමත් සමගම එංගලන්තයේ කිරීටය විසින් මෙහෙයවන ආකාරයට පරිවර්තනය වෙමින් එංගලන්තයේ රජුගේ හෝ රැජිනගේ නියෝජිතයන් විසින් ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මෙහෙයවන ලද අතර වර්තමානයේ එය වෙනස් වී ලාංකික ජනතාවගේ පරමාධිපත්‍ය බලය රටේ පුරවැසියන්ගෙන් යුත් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණ විසින් ක්‍රියාත්මක වන බව ජනතාව සිතා සිටිති.
1815 සිට මේ දක්වා රටේ පාලකයන් විසින් බයිනෙත්තුවේ සිට මල්ටි බැරල් තුවක්කුවෙන්ද, නීතිය සහ සිරගෙවල් වලින්ද, නීතියේ බලය යොදමින් රටේ ජනතාව පාලනය කරමින් සිටිති. එසේ වුවද ජනතාව වැඩි වශයෙන් පීඩාවට පත්වීමද, ලංකාව විදේශයන්ට වැඩි වශයෙන් ණය වෙමින් පවතින බවද දිනපතා අසන්නට සහ දකින්නට ලැබේ.
කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ, සෝල්බරි ප්‍රතිසංස්කරණ මෙන්ම 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවත්, 1978 දෙවන ජනරජ ආණ්ඩුක්රමව්යවස්ථාවත් එදා 1815 දී ලාංකිකයන්ගෙන් බ්‍රිතාන්‍යයන් අත්කරගත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය නැවත ලබා ගැනීමට කළ මවාපාන ලද නෛතික උත්සාහයන් විය.
ඒ සියලු දේ ස්වදේශීය ජනතාව රැවටීමට කළ නෛතික උපායයන් ම විය.
1970 සමගිපෙරමුණුආණ්ඩුවවිසින්පළමුජනරජආණ්ඩුක්රමව්යවස්ථාවසම්මතකරමින් 1815 දී බ්‍රිතාන්‍යයන් අත් කරගත් ලාංකිකයන්ගේ පරමාධිපත්‍ය බලය නැවත ආපසු ගත් බවත් ඇතැම්හු පවසති.වර්තමාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා සැළකිල්ලෙන් අධ්‍යයනය කිරීමේදී සහ ඉහත ක්‍රියාවන් අධ්‍යයනය කිරීමේදී 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් පවරාගත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය මේ දක්වා ලාංකිකයන් අතට හිමිවී නැති බවත් ඒ සමගම පෙනීයයි. එනම් ජනතා පරමාධිපත්‍ය නිසි ලෙසනිරූපණය වන අකාරයට විධායක, ව්‍යවස්ථා සහඅධිකරණයන පාලන ආයතන ක්‍රියාත්මක නොවන බවත් ඒවා සීමිත පිරිසකගේ අවශ්‍යතා ඉටුකරන්නක් බවට පත්වී ඇති බවත් ලංකාව විසින් ලෝකයට ගෙවිය යුතුණය ප්‍රමාණය වැඩිවන වේගයෙන්ද තහවුරු වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත බලාත්මක වන බවත් ලාංකාවේ නීතිය තුළ ස්ථාපනය වී ඇත. 2001 ජූනි මස 20 දින පාර්ලිමේන්තු හැන්සාර්ඩ් වාර්තාවේ ඇති හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතාගේ තීරණයත්, වර්තමානයේ පවතින ජාතික ආණ්ඩුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධව මෙම ලේඛකයා පවරන ලද SC/FR/348/15 මූලික අයිතිවාසිකම් නඩුවේ 2016.11.24 දිනැති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ මහාචාර්යවරයකු විසින් පවරන ලද නඩුවේ SC/FR/116/16 නඩුවේ 2016.10.13 දිනැති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයත් අනුව පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත මගින් ආවරණය ලබමින් පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කළ පසු එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝග කිරීම දුෂ්කර බවයි.
ඒ කෙසේ වෙතත් 1815 දී ලාංකිකයන් විසින් අහිමි කරගත් නිදහස නැවත ලබා ගැනීම සදහා ගනු ලැබූ සහ නිර්මාණය කරගත් සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේ වන විට අසාර්ථක වී ඇති බව ප්‍රායෝගික තත්ත්වයයි. එනම් 1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් 5/6ක ආසන ප්‍රමාණයක් දිනාගත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරගත්ත ද එය දිගින් දිගටම අසාර්ථක වී ඇති බව 19 වතාවක් සංශෝධනය කිරීමෙන් සහ වර්තමානයේ ඉදිරිපත් කරන්නට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හේතුවෙන්ද පිළිගත යුතු වෙයි. අතිමහත් බහුතර ඡන්දයෙන් තෝරාගත් 1977 ආණ්ඩුව නිර්මාණය කළ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ ජනතාවගේ පරමාධිපත්‍ය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සමත් නොවූයේ නම් කථානායකවරයා මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කරගෙන ප්රජාතන්ත්රවාදයට පටහැනිව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවා කල් දමමින් පවත්වාගෙන යන වර්තමාන යහපාලන-සංහිදියා ජාතික ආණ්ඩුව මගින් බිහිකරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අනාගතය කුමන තත්ත්වයක් ගනු ඇතිද? කුමන පැවත්මක් ගනු අතිද,? එය කවදා සංශෝධනය වෙයිද? යන්න සිතා ගැනීම පහසු කරයි.
2015 අගෝස්තු මස 17 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනතාව විසින් තෝරාගත් පාර්ලිමේන්තුව විසින් ජනසම්මත වාදයට පටහැනිව ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත්ත ද,ජනතාවට එය නිවැරදි කර ගැනීමට නෛතික හැකියාවක් නොවූයේ පාර්ලිමේන්තු බලතල වරප්‍රසාද පනත හේතුවෙනි. 1815 උඩරට ගිවිසුමෙන් බ්‍රිතාන්‍යයන්ට පවරා දුන් ලාංකිකයන්ගේ පරමාධිපත්‍ය බලය තවමත් බ්‍රිතාන්‍යයන් සතු කර ගන්නා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත හේතුවෙන් පාර්ලිමේන්තුව නීති විරෝධී ක්‍රියාවන් සිදු කළද එය නිවැරදි කරන නීතිමය යාන්ත්‍රණයක් වර්තමානයේ පවා ලංකාවේ ක්‍රියාත්මක නො වේ. පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතට මුවා වී සිදු කරන සෑම ක්‍රියාවක්ම ආරක්ෂා කරන නීති බ්‍රිතාන්‍යයන් විසින් අපට දායද කර ඇත.
2016 සැප්තැම්බර් මස 03 වැනි දින කථානායකවරයාගේ මෙහෙයවීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාව වැරදියට අර්ථ නිරූපණය කරගනිමින් ජනසම්මතවාදයට පටහැනිව ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගෙන තිබුණද පාර්ලිමේන්තුව උත්තරීතර යැයි කියමින් සහ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත ක්‍රියාත්මක වීමෙන් ඒ ප්රජාතන්ත්රවාදී විරෝධී ක්‍රියාවන් පාලනය කිරීමට ලංකාවේ ජනතාවට අයිතියක් හෝ අවස්ථාවක් නොතිබුණි.
වර්තමාන පාර්ලිමේන්තුව ප්රජාතන්ත්රවාදයට පටහැනිව ක්‍රියාත්මක වූ එකම අවස්ථාව ජාතික ආණ්ඩුව ජනසම්මතයට පිටින් පිහිටුවා ගැනීම පමණක් නො වේ. ඒ සදහා තවත් උදාහරණ වෙති.
2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තියේ ඇති “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ” ප්‍රතිපාදන ලංකාවේ නීතියට ඇතුළත් කරමින් නීති පැනවීමට කරූ ජයසූරිය කථානායකවරයාගේ වර්තමාන පාර්ලිමේන්තුව කටයුතු කර ඇත. එකී ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් ඉදිරිපත් නොකර සහ එකී පනතේ උපලේඛනයේ හෝ ජාත්‍යන්තර සම්මුතිය නො දක්වා නීති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව ක්‍රියා කිරීමෙන් පැහැදිලි වන්නේ වර්තාමන ඊනියා ජාතික ආණ්ඩුවේ පාර්ලිමේන්තුව ප්රජාතන්ත්රවාදය, ජනසම්මතවාදය නොතකා ක්‍රියාත්මක වන බවයි.
1815 බ්‍රිතාන්‍යයන් රටේ පරමාධිපත්‍ය අත්කර ගැනීමෙන් පසු අපට හදුන්වා දුන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතට මුවා වෙමින් ප්රජාතන්ත්රවාදී මූලධර්ම මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නියමයන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කර දී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණ කිරීමේ අයිතිය පවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැහැරගනිමින් වර්තමාන පාර්ලිමේන්තුව යහපාලන සමාජ මූලධර්ම උල්ලංඝණය කරමින් ක්‍රියා කරන බව සනාථ වෙයි.
1815 බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීමේ සිට මේ දක්වා මෙරට ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ ආයතන ප්‍රධානීන් සහ ඒ ආයතන නඩත්තු කිරීමට ජනතාව විසින් කොතෙක් මුදල් ලබා දී ඇත්ද යන්න පිළිබද ඇගයීමක් මේ දක්වා සිදු කර නැත. ඒ අකාරයට ජනතාව විසින් ලබා දී ඇති මුදල් ප්‍රමාණයට සරිලන ආකාරයට විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතන සිය යුතුකම් සහ වගකීම් ඉටුකරන ලද්දේ නම් 1971 තරුණ සංහාරයක් ද, 88-89 තරුණසංහාරයක්ද, 1974 සිට 2009 මැයි 19 දක්වා උතුරු නැගෙනහිර සන්ද්ධ අරගලයක්ද ඇති වන්නේ කෙසේද? එමෙන්ම තරුණ තරුණියන් දහස් ගණනක් මහමග දැවී පිළිස්සී යයිද?
මේ කරුණු අනුව පාර්ලිමේන්තුව සිදුකරන නීති විරෝධී ක්‍රියාවන් පාලනය කිරීමට නීතිමය යාන්ත්‍රණයක් බ්‍රිතාන්‍යයන් අපට නො දුන්නේ ඇයි? යන්න මැනවින් පැහැදිලි වෙයි. ජනාතවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන විධායකය පාලනය කිරිමට බ්‍රිතාන්‍යයන්අපට උගන්වයි. ජනාතවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන අධිකරණය පාලනය කිරිමට බ්‍රිතාන්‍යයන්අපට උගන්වයි. ජනතාවගේ ආරක්ෂාවට කියමින් විධායකය සහ අධිකරණය පාලනය කිරීමට ස්වාධීන කොමිෂන් සභා පත්කරගන් ලෙස බ්‍රිතාන්‍යයන්අපට උගන්වයි.නමුත් ජනාතවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන ව්‍යවස්ථාදායකය පාලනය කිරිමට බ්‍රිතාන්‍යයන් අපට උගන්වන්නේ නැත. එහිදී පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ගැන කතා කරති. ඒ මන්ද යන්න විමසිය යුතු කාලීන පැනයයි. එයට විවිධ පිළිතුරැ කිබිය හැක. එක් පිළිතුරක් විය හැක්කේ ව්‍යස්ථාදායකයට මුවා වී විධායක සහ අධිකරණ ක්‍රියාවන් ආරක්ෂා කිරීමටත්, ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය තවදුරටත් බ්‍රිතාන්‍යයන් අත දරා සිටීමත් ඉන් තහවුරු වන බවයි.බ්‍රිතාන්‍යයන්අපට කියා දෙන සංවරන තුළණ ක්‍රමයෙන් පාර්ලිමේන්තුව නිදහස් කරති.“වැටත් නියරත් ගොයම් කානම් කාට කියනුද ඒ අමාරැව” කියා පැරන්නෝ කීවේ ඒ නිසා ය.
ඉදිරියේ සම්මත කරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ, සෝල්බරි ප්‍රතිසංස්කරණ මෙන්ම 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් මෙන්ම කෙටි කළකින්ම කුණු කූඩයට යනු ඇත්තේද යන්න මේ වන විටත් පැහැදිලිය. නූපන් දරුවන්ට කේන්දර නොහැදිය යුතු නමුත් දරුවා උපද්දවන දෙමාපියන් ගේ ඥාතීත්වය විමසීමෙන්ම ඉපදෙන්නට යන දරුවා පිළිබද විද්‍යාත්මක කරුණු කිව හැක. ඇතැම් ඥාතා විවිහ නීතිය මගින්ද අනුමත නො කරන්නේ ඉපදෙන්ට සිටින දරුවන් මත පිහිටා මිස ඉපදී සිටින දරුවන් මත පිහිටා නොවේ.
බ්‍රිතාන්‍ය නීතියේ පිහිටෙන් සහ යටත්විජිත තත්ත්වයෙන් බලවන්ත වූ විධායකයේ, අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ සිටින පිරිස තමන් සතු අසීමිත බලය සාමන්‍ය පොදු ජනතාවට ලබා දී මහත් වූ පිංකමක් සිදු කර ගැනීමට රිසි වෙයිද? වෙස්සන්තරා ලා මෙන්ම අනේපිඩු ලා අතීතයේ මිස වර්තමානයේ සමාජයේ නොමැති අතර සම්මත තරන්නට යන ආණ්ඩුක්රමයද සංශෝධනය කරන හැටි දැන් සිටම අපි කථා කරමු.
නීතීඥ උණවටුන කේ. අරුණ ලක්සිරි
B.Sc(Col),PGDC(Col)
2016.11.25
අනුකමිටු වාර්තා ඊනියා ව්‍යවස්ථා මණාඩලය හරහා ජනමත විචාරණ තියා පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් නොකර බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිමට උත්සහයක් ඇති බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා සවිස්තරාත්මකව අනාවරණය කළා.
යහපාලන ආණ්ඩුවේ අවසානය උදාවිමත් සමගම මරුවිකල් වි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සතුටු කිරිම මාධ්‍ය ඔස්තාර් වි සිටින සිරිසේන දියණීය චතුරිකා සිරිසේන යහපාලන ආණ්ඩුවට එරෙහිව කි‍්‍රයාත්මක කරන සමාජ ජාලා වෙබ් අඩවි හා ෆේෂ් බුක් ආදිය නිරික්ෂණය කිරිම සදහා ජාතික රහස් තොරතුරු එකකයක් රහසිගතව ස්ථාපණය කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.
එම නව මාධ්‍ය මර්දණ ව්‍යාපාරය සදහා කලූ සල්ලි ජාවාරම් කරුවන් කිහිප දෙනෙකුගෙන්ම චතුරිකා මුදල් ලබගෙන ඇති අතර අදාළ මෙහෙයුම් පද්ධතිය සහිත මෙහෙයුම සදහා මිලියන 300කට ආසන්න මුදලක් වැයකර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.
ජනාධිපති මන්දිරය තුලම ස්ථාපණය කර තිබේන මෙම එකකය විශේෂිත තාක්ෂණික උපාංග සහිතව නිර්මාණය කර තිබේන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය රජය සමයේ ඔහුන්ට සමීපව සිටි පඩත්තලයෙකු මෙම කණ්ඩායමට නායකත්වය දෙන බවද අනාවරණය වි තිබේ.ඔහුට එරෙහිව ඇති නඩුවක් සහ ඔහුගේ ඥාතියෙකු සම්බන්ධයෙන් ඇති ගැටලුවක් හේතුවෙන් එම පුද්ගලයා සිරිසේන ජනාධිපතිවරයා සමග එක්ව ඇති අතර ඒ අනුව චතුරිකා සිරිසේන දියත් කර ඇති “මිෂන් ඔෆ් තාත්තා බේරා ගැනිමේ” වැඩසටනහනට ඔහු සම්බන්ධ කර තිබේ.
ආණ්ඩුවට එරෙහිව කි‍්‍රයාත්මක වන ප්රවෘත්ති වෙබ් අඩවි , ෆේෂ් බුක් ආදිය කි‍්‍රයාත්මක කරන අය මෙන්ම එවායේ පළවන ආණ්ඩුවට එරෙහි තොරතුරු අනුමත කරම්න් ඊට සටහන් තබන්නන් සම්බන්ධයෙන් එහිදී විමර්ෂණය කරන අතර පසුව එම වෙබ් අධවි තාවකාලික අවහිරතා වලට ලක්කිරිමට සහ Facebook Page තහනම් කිරිමට අවශ්‍ය වන පරිදි වාර්තා කිරිම් කිරිමට එම කණ්ඩායම හරහා සිදුකරනු ලබන අතර Facebook ක්‍රියාකාරින් හදුනා ගැනිමෙන් පසුව ඔහුන්ව මුදල් දි තමන්ගේ මතය පලකිරිම සදහා නම්මවා ගැනිම සදහද කටයුතු කරමින් සිටින බව අනාවරණය වි තිබේ.
මේ අතර කප්පම් සදරුවන් සහ තුසිත හල්ඔලුව ඉලක්කකර විජයදාස රාජපක්ෂ ඇතුලු එජාපයේ නව කල්ලිය එල්ල කරන ප්රහාරයන් හේතුවෙන් ආණ්ඩුව තුල අභ්‍යන්තර අර්බුදයක් හටගෙන් ඇති බවද අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.එම අර්බුදයට ප්‍රධානතම හේතුව වි ඇත්තේ වත්මන් යහපාලන ආණ්ඩුව නියෝජනය කරන් බහුතරයක් ලංකා ඊ නිවුස් සදරුවන් සමග දුරකතනයෙන් සහ ස්කයිප්,වයිබර් හරහා සිදුකල කතාබහ සියල්ලම ඔහු විසින් පටිගත කර ගැනිම මෙම අර්බුදයට ප්‍රධානම හේතුව වි තිබේ.
අධිකරණයට හා විනිසුරුවරුන්ට එරෙහිව අසත්‍ය ප්‍රචාර කොට අධිකරණයට අපහාස කර ඇති ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා නීතිඥ මධුර විතානගේ මහතා ඊයේ (23 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි 14 ක් ගොනු කළේය.
සඳරුවන් සේනාධීර නමැත්තාගේ එකී අසත්‍ය ප්‍රචාර නිසා ශ්‍රී ලංකා අධිකරණ ක්ෂේත්රය හා විනිසුරුවරුන් සම්බන්ධයෙන් දෙස් විදෙස් ජනතාවගේ සිත් තුළ වැරදි ආකල්ප ගොඩනැඟී ඇති බවත් එය ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට බලවත් හානියක් බවත් පෙත්සම්කාර නීතිඥවරයා සිය පැමිණිලි මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබිණි.
සඳරුවන් සේනාධීර නමැත්තා විදේශ රටක සිට එකී වෙබ් අඩවියට අසත්‍ය ප්රවෘත්ති මුදා හරින බවට දැන ගන්නට ලැබී ඇති බවත්, එබැවින් ඔහු වහාම අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබිණි. ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා එම පැමිණිලි ගොනු කරන අවස්ථාවට එක්විය.
http://www.sinhala.lnwtoday.com/archives/14108
http://www.sinhala.lnwtoday.com/archives/14035
එක්සත් ජාතික් පක්ෂයේ නී.නායක සජිත් ප්‍රේමදාසගේ අනියම් ප්‍රේමය හේතුවෙන් ප්‍රේමදාස පවුලේ දැඩි අර්බුදයක් හටගෙන ඇති බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.දැනට මාස කිහිපයකට පමණ පෙර අහබු ලෙස හටගත් මෙම සබඳතාවය මේ වනවිට නතරකර ගැනිමට නොහැකි තත්ත්වයක් දක්වා ගොස් ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වනුයේ අදාළ කාන්තාව සජිත්ගේ සාහසීක ලිංගික ක්‍රියාකාරකම් සදහා ඉහල රුචියක් දැක්විම බවයි සජිත්ගේ පවුලේ සමාජිකයන් අනාවරණය කර ඇත්තේ.
අදාල සමීප කාන්තාවගේ පීයා පසුගිය කාලසිමාවේ රෝගාතුරව සිටි අතර පසුව ඔහුව ප්‍රතිකාර ගැනිම සදහා කොළඔ ප්‍රධාන පෙළේ පෙෘද්ගලික රෝහලක සති 3ක කාලයක් නතර කර සිටි අතර පසුව එම රෝහල් ගාස්තුව වු රු.ලක්ශ 12 කට අධික මුදල සජිත් ප්‍රේමදාසගේ අමාත්‍යංශය හරහා පියවිමටද කටයුතු කර තිබේ.මෙම කාන්තාව සජිත්ගේ බිරිද සමගා අවස්ථා කිහිපයකදී උණුසුම් වචන හුවමාරු කරගෙන ඇති අතර ඒ හේතුවෙන් සජිත්ගේ අනියම් සම්බන්ධය මේ වනවිට පවුලේ අවුලක් මතුකිරිමට සමත්ව තිබේ.
අදාළ කාන්තාවගේ සැමියා විදේශ ගත වි පසුව එම රටෙදි තවත් විවාහයක් කර ගෙන ඇති අතර ඒ හේතුවෙන් ඇය තනියම දිවි ගෙවු අයෙකු වන අතර මීට පියා රෝහල් ගතව සිටි සමයේ ඇයට කොළඹ නතර විම සදහ කොළඹ කොටහෙන ප්‍රදේශයෙන් ඇයට නිවසක් ලබාදිමටද සජිත් අමාත්‍යවරයා කටයුතු කර තිබේ.
http://www.sinhala.lnwtoday.com/archives/14212
Published on: Nov 23, 2016- ජාතිවාදය පතුරුවා ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ රදවා ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිම සදහා මෙහෙයුමක් දියත් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.කාලයක් නතර වි තිබු අන්තවාදි කණ්ඩායම් පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙන් යලිත් අවදි වි සිටින අතර ඔහුන් භාවිතා කර ගනිමින් බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිමේ ඉතාමත් සියුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි ඔහු සදහන් කළේ.එම මෙහෙයුම හරහා බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිමට මෙන්ම එජාප නයකයාට අවශ්‍ය වන පරිදි ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරිම හරහා රාජ්‍ය බලය අල්ලා ගැනිමටද මෙම මෙහෙයුමේ අරමුණ වි තිබේ.
අදාළ ජාතිවාදී කුමන්ත්‍රණය පසුපස සම්පුර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුලු තවත් බෙදුම්වාදී කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් තිබේන අතර එහෙන් මෙහෙන් ඇහිද ගත් කණ්ඩායම් යොදවා මෙම කුමන්ත්‍රණය දියත් කිරිමට එජාප නායකත්වය කටයුතු කරමින් සිටින අතර එම ජාතිවාදී ව්‍යාපාරයේ බිල්ලා මැවිමේ මෙහෙයුම නිරන්තර මැවු පොන්න මංගල සහ ඔහුගේ සහචරයන් විසින් ඉටුකරමින් සිටින බවද මේ වනවිට අනාවරණය වි ඇති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.
ජාතිවාදී කණ්ඩායම් රටේ කුලප්පුකර ඒ හරහා සිවිල් ජනයා අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරිමත් ඒ හරහා යහපාලනය උදාකිරිම වෙනුවෙන් කැපවි කටයුතු කල දැනට ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරිමට ලක්ව මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ගොඩනැගෙමින් තිබේන සිංහල,දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාව යලිත් භෙද බින්න කිරිම බෙදුම්වාදී,ඊළාම්වාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත් කර ගැනිම සදහා වන ජනමත විචාරණය ජයග්‍රහණය කිරිම එජාපයේ එකම අරමුණ වි තිබේ.
ඥානසාර ….වැරදුනා ඇත්තටම එකා නානසාර බව අමුතුවෙන් කියාදියයුතු නැත.පසුගිය ජනාධිපතිවරණයට අදාළව එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ කිහිප දෙනෙකු ඩිලන්ත ඉත්තේකු කර ගනිමින් නෙදර්ලන්ත රාජ්‍ය නොවන මුදල් යටතේ රටම ගිනි තැබු BBS අවසානයට මහින්ද රාජපක්ෂ පරාජය කිරිමට කටයුතු කල අයුරු අමුතුවෙන් කියාදිය යුතු නැත.ආණ්ඩු පෙරලියෙන් පසුව යනඑන මං නැතිව සිටි නානසාර “සිංහලේ” වයාපාරය සමාජය තුලින් මතුවිමත් සමග එහි බලය අල්ලා ගැනිම සදහා විවිධ උපක්‍රම යෙදු අතර අවසානයේ එය තමන්ගේ බව හදුන්වාදෙමින් වත්මන් සිරිසේන ජනාධිපතිවරයාද හමුවිමට නානසාර සමත්විය.යලිත් එක් වරම රාජපක්ෂලා මත වරද පටවමින් පසුගිය දින කිහිපයේ ඇතිවු අන්තවාදින්ගේ ජාතිවාදි ඩීල් එක අවසාන වුයේ ඩිල්දාස හෙවත් වත්මන් බුද්ධ සාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ හමුවිම්වෙන් අනතුරුවය. එම හමුවට නානසාර යන්නේම වතමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉල්ලිමකට අනුවය.
එදා අලුත්ගම..මෙදා මහනුවර….ආණ්ඩුවේ පක්කලිකම් කරන නානසාරගේ වැඩ මෙන්න
ජාතීවාදය අවුලුවමින් නුවර මුස්ලිම් පල්ලිය පාර… by lnwtoday
නානසාර සහ ඩිල්දාස අතර සම්බන්ධය ………..
ජාතිවාදය ඇවිස්සීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලෙස දහස් ගණනක් විසින් කර තිබෙන ඉල්ලීම නොතකා හරිමින් නීතිය භාර අමාත්‍යවරයා බොදුබල සේනානායක හිමි සමග විශේෂ සාකච්ඡාවක නිරත විය.පොලිස්පති පූජිත් ජයසුන්දරට 22 අඟහරුවාදා භාරදෙන ලද පන්දහසකට අධික ශ්‍රී ලාංකිකයන් විසින් අත්සන් කළ පෙත්සමක් මගින් ඉල්ලා තිබුනේ බොදු බල සේනානායක ගලගොඩඅත්තේ ඥානසාර සහ අම්පිටියේ සුමන භික්ෂුන් දෙනම අත් අඩංගුවට ගන්නා ලෙසයි.
සුළුජාතීන් සහ ආගම් වලට විරුද්ධව භික්ෂුන් විසින් කෙරෙන ප්රචණ්ඩ ක්‍රියා වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකොට පොලිසියත් රජයත් මුනිවත රැකීම දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙලා දැක තිබෙන පෙත්සම පොලිස්පතිවරයාට භාර දුන් දිනයේම බුද්ධශාසනය සහ අධිකරණය භාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමු වූ ගලගොඩඅත්තේ ඥානසාර මාධ්‍යවේදීන්ට කීවේ සාකච්ඡා සාර්ථක ලෙසින් පැවති බවයි.
නානසාර සහ ඩිල්දාස අතර සම්බන්ධය අද ඊයේ එකක් නොවන බව අමුතුවෙන් කියාදිය යුතු නැත.පසුගිය ජනවාරි 27 වැනිදා ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය ඇවිස්සිම සදහා රට සහ අගම වෙනුවෙන් පෙනීසිටි සංවිධාන ජාතිවාදී සංවිධාන ලෙස හංවඩු ගැසිම සදහා මෙහෙයුමක් ක්‍රියාත්මක වු අතර එම කුමන්ත්‍රණය අපි එදිනම අනාවරණය කළා.
රටතුල ඇතිවෙමින් තිබේන සිංහල බෞද්ධ සංවිධාන මර්දණය කිරිමේ සහ භික්ෂුන්ට එරෙහිව යහපාලනය ගෙන් එමට නියමිත භික්ෂු මර්දණ පනත කඩිනමින් ගෙන එමට මෛත්‍රීපාල සිරිසේනගේ වන්දිබට්ටයා බවට පත්ව රුවන් -මංගල -ඩිලන්ත අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කරන චිත්‍රපටයට අනුව බලහත්කාරයෙන් කෙසේ හෝ හිරේ ගොස් වීරයෙක් වීමේ දොලදුක සංසිදවාගත් ඥානසාරගේ කුමන්ත්රණයේ තවත් කොටසක් රටේ වගකිවයුතු බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබේ.
සම්පූර්ණ අනාවරණය කියවන්න …. ඥානසාර නාඩගමට ඩිල්දාස සහය දිලා
නානසාරලා සිරගත විය යුතුව තිබුනේ මීට බොහෝ කලකට පෙරය. පුරාවසර 10ක් තිස්සේ නානසාරලා කල අමන වැඩවල දෝංකාරය තවම පහව ගොස් නොමැත. අද සිංහලේ සංවිධානය දෙස බලන්නේද විවිධාකාරයේ පාට කන්නාඩි තුලිනි. නානසාරලා කල කී දේ පිබදව නිගමනයකට එලබීම පුරවැසියන්ට භාරය. නානසාරගේ මෙන්ම සිංහලේ සංවිධානයේද අගමුල සෙවීමද පුරවැසියන්ට භාරය. මේ ඒ පිලිබදව සටහනකි.
සම්පූර්ණ අනාවරණය කියවන්න …. ‘සිංහලේ’ උපන් ගෙයිම ඝාතනය කිරිමේ කුමන්ත්‍රණය හා සිරිසේන- නානසාර ඩීල් එක
නානසාර -සිරිසේන Deal ඔබට අමතකද? දිනය 2016 ජනවාරි 25 වැනිදා
පසුගියදා ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණු අවස්ථාවේ ජනාධිපතිවරයා ඥානසාර හිමියන්ට පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අවශ්‍යතා අනුව රට බෙදිමට අදාළව සියලුම ගිවිසුම් වලට එකගත්වය පලකිරිමට ඔහුන් කටයුතු කර ඇති බවත් තමන්ට කිසිවක් කිරිමට තරම් ශක්තියක් නොමැති බවයි.තමන්ගේ ජනාධිපති ධුරය ආරක්ෂා කරගැනිමට නම රනිල්ගේ සහ චන්ද්‍රිකාගේ පදයට නටන්නට තමන්ට සිදුව ඇති බවද මෛත්‍රී ඥානසාර හිමිට පවසා තිබේ.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ බෞද්ධයින් සම්බන්ධයෙන් රටතුල පැන නගින ජනතා බලවේග සියල්ල සියතට ගෙන පසුව එවා ක්‍රමිකව විනාශ කර දැමිමට කටයුතු කරන ලෙසට මෛත්‍රී ඥානසාර හිමියන්ගෙන් ඉල්ලා ඇති අතර ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය නොපිරිහෙලා ලබාදිමටද මෛත්‍රී එකඟතාව පලකර තිබේ.
ජනතා නැගිටිම් ඥානසාරගේ කරගනිමින් පසුව උපායශීලීව එවා ආණ්ඩුවේ බත්බැල සංවිධාන කිරිමත් අවසානයේ බෙදුම්වාදීන්ට අවශ්‍ය පරිදි මෙහෙයවා විනාශ කර දැමිමට ඥානසාරට ඔනෑවටත් වඩා අත්දැකිම් තිබේ.
සම්පූර්ණ අනාවරණය කියවන්න …. මෛත්‍රී-ඥානසාර Deal එක මෙන්න
නානසාර පසුපස සිටින කලු සල්ලි මල්ල…
බොදු බල සේනා සංවිධානයේ කූප්රකට මාෆියාකරුවේකු වන එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කරන කථිකාචාර්ය දිලන්ත විතානගේ හරහා මහින්ද රාජපක්ෂ මහතාට් සහය දක්වන ශ්‍රිලනීප සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන්ට මඩ ගැසිමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.කෙසේ වෙතත් මෙම රනිල්- දිලන්ත එකඟතාව සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය තුලද අර්බුදයක් හටගෙන තිබේන බව අප එවකට අනාවරණය කළා.
සම්පූර්ණ අනාවරණය කියවන්න …. දිලන්ත+රනිල් කුමන්ත්‍රණය මෙන්න
ජාතිවාදී ව්‍යාපාරයේ බිල්ලා මැවිම
ජාතිවාදී බිල්ලා මැවිමේ මෙහෙයුම සදහා මෙවරත් දායක කර ගත්තේ පරණ පොරවල්මය …ඒ ජාතිවාදී ලේබලයේ ඉහලම තැන වැජබෙන නමට බෞද්ධයන් නියෝජනය කරන බොදුබල මාර සේනාවේ ඥානසාර සහ තව්හිද් ජමාත් නම් සංවිධානයේ මෙරට ප්‍රධානී අබ්දුල් රාසික් රෆ්දීන් බව රටේ ජනතාවට නොකියාම බැරිය.අනිකුත් සංවිධාන සියල්ලම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ සංවිධාන සමග පාරට වැටෙන්නේ නීරායාසයෙනි.ඊට ප්‍රධානම හේතුව වන්නේ ඔහුන්ට පැවැත්මක් නොමැති විමයි…..
ජාතිවාදිබිල්ලා මවන මංගලගේ ගොලයන්ගේ තුප්පහි මාධ්‍ය කලාව … මංගලගේ ඩීල් රුවන්ගේ වෙබ් මාෆියා ගොලයෙකු වන සුභාෂ් විසින් දුමින්දගේ මඩ පත්තරේ වන සත්හඩ පුවත් පතේ පසුගියි ඉරිදා තබා තිබු සටහන පහත දැක්වේ.එම ලිපිය කියවන් ඔනෑම අයෙකුට මේ රට ගිනී තියින කුමන්ත්‍රණය කාගේදැයි අමුතුවෙන් කියාදිය යුතු නැත.ඊට සමගාමිව මංගලද පාර්ලිමේන්තුවේ ජාතිවාදය සහ රාජපක්ෂලා යන මැයෙන් බයිලා ටිකක් පසුගිය දින කිහිපය තුල කල අකාරය රටේම තාව හොදින්ම දකින්නට ඇති.
සංහිඳියාවට විරුද්ධ අය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවමින් ආණ්ඩුව අලුත්ම මර්දනයක් පටන්ගෙන ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා චීන සංචාරය සඳහා පිටත්ව යැමට පෙර ඊයේ (22 වැනිදා) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවේදී පැවසීය.
ආණ්ඩුව මින් උත්සාහ කරන්නේ බෙදුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරන විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන උදය ගම්මන්පිල, කෙහෙළිය රඹුක්වැල්ල වැනි දේශපාලනඥයන් හිරේට ගැනීමට බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
කොළඹ 07 විඡේරාම මාවත පිහිටි සිය නිල නිවසේදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පවත්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.
ව්‍යවස්ථාව වෙනස් කිරීම මූලික රාමුවක් තුළ තිබිය යුතුයි. ඒකීය ව්‍යවස්ථාවක්ද පෙඩරල් ව්‍යවස්ථාවක්ද කියලා මුලින්ම බලන්න ඕනේ. මේ කමිටු වගයක් දාගෙන අපේ කට්ටියත් මේකට දාගන්න හදනවා. මේකට අන්තිම කැමැත්ත දෙන්නේ සුමන්තිරන්ද, ඩයස්පෝරාවද, නැත්නම් වෙනත් රටක්ද කියලා අපිට කියන්න. මම මුලින්ම විරුද්ධ අපේ රටේ ව්‍යවස්ථාව වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත්වීම හරහා සිදු කිරීමටයි. තවම මේ ගැන ඒ අයවත් හරියට කතා කරන්නේ නැහැ. හැබැයි මේ වැඩපිළිවෙළ දිහා බලාගෙන යනකොට පෙනෙනවා මේක කොයි දිශාවටද යන්නේ කියලා. මෙතැන වචනයට ඒකීය දෙයි. බුද්ධාගමට ප්රමුඛ ස්ථානය දෙනවා කියලා වචනයට දෙයි. හැබැයි ඊට යටින් රට බෙදුම්වාදයට යට කරයි. අපිට වචන ටික දීලා බෙදුම්වාදයට පෙඩරල් දෙන්නයි මේ සැලසුම් සකස් කරන්නේ.
එජාපය විසින් තමනට ලැබුණු අවුරුදු දෙකක කාලයක් තුළ රාජ්‍ය ආයතන පනස්දෙකක් විකුණා දැමුවා. මම බලයට ඇවිල්ලා ඒ ආයතනවලින් සමහරක් යළිත් රජයට පවරා ගත්තා. දැන් ආයෙමත් මේ ආණ්ඩුව අරගෙන යන්නේ එදා එජාපය රැගෙන ගිය යළි පුබුqදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළයි. ජාතික ආණ්ඩුව නාමයෙන් ශ්‍රී ලනිපයේ අයත් එජාපයේ මෙම වැඩපිළිවෙළට අත ඉස්සීම පිළිබඳව තමා කනගාටුවනවා යෑයි ද මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
එදා අපිට ලොකුම චෝදනාව කළේ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ ගැනයි. අද ඒවා විකුණගෙන කන්න යනවා. මත්තල ගුවන් තොටුපළ ගන්න විතරක් විදේශ සමාගම් 13 ක් ඉදිරිපත් වෙලා තියෙනවා. හම්බන්තොට වරාය විකුණන තැනට ඇවිත් තියෙන්නේ. ඇ. ඩොලර් බිලියන 1.1 කට. ඒ කියන්නේ වරායෙන් 80% වටිනාකම. එයින් තුනෙන් එකක්වත් මේක හදන්න ගිහිල්ලා නැහැ. හම්බන්තොට වරාය සුදු අලියෙක් නම් මෙහෙම ඉල්ලුමක් එයිද? ඒ වගේම රටේ ඉඩම් අක්කර ගණන් චීනයට සහ ඉන්දියාවට අද දෙන්න යනවා. කටුනායක බියගම අවිස්සාවේල්ල වගේ නිදහස් වෙළෙඳ කලාපවලට අයත් ඉඩම් හා හම්බන්තොටින් අක්කර 15000 ක ඉඩම් චීනයට දෙන්න යනවා. මේ සඳහා හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් පවරාගන්න යනවා.
මේ ගොල්ලෝ ආපු දවසේ ඉඳලා කතා කළේ අපි ගත්ත ණය ගෙවන හැටි ගැන. කෝ ඒ අය ගෙවපු ණය. ණය ගෙවනවා වෙනුවට තව තව ණය වෙන එක තමයි මේ අය කරලා තියෙන්නේ. අද මේ රටේ ආර්ථිකය ගෙනියන්න හදන්නේ වක්‍ර බදු මුදල් සහ දඩ මගින්. ඕනෑම රටක දඩ සහ ගාස්තු ඒ රටේ ජනතාවගේ ආදායම සමඟ එකට ගමන් කරන්න ඕනේ. සමහර වාහන දඩ ගෙවන්න රියෑදුරකුගේ මාසික වැටුපත් මදි. ආණ්ඩුවට ආදායම් නැති නිසා ජනතාවගෙන් දඩ අයකරගෙන ඒ අඩුපාඩු පියවාගන්න හදනවා. දඩ සහ බදු මිසක් මේ අය ආර්ථිකය දියුණු කරන්න වෙන මොනවද කළේ. මම ආර්ථිකය 7% ක වර්ධන වේගයකින් ඉහළට අරගෙන ගියා. මම මැතිවරණ සඳහා හැමදාම කලින්ම ගියා. ආර්ථික අර්බුදයක් නිසා නෙමෙයි මම කලින් ඡන්දය තිබ්බේ. ඒ මගේ හැටි. මම උතුරු පළාතේ ඡන්දය තිබ්බේ. මම පරාජය වෙන බව දැන දැන යෑයි මෙහිදී කර්තෘවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
මහාචාර්ය එල්. පීරිස්, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුqක්වැල්ල යන මහත්වරුද මේ අවස්ථාව සඳහා සහභාගි සිටියහ.
මේ ආණ්ඩුවට දැන් වැලේ වැල් නැහැ. ජනමාධ්‍ය ලේකම් දෙරණ සමග හැප්පෙනවා. ඔහු මාධ්‍ය නිදහස හා මාධ්‍ය අවභාවිතය ගැන සැලකිල්ලෙන් ඉන්න බව කියනවා. ඔය පදනම් ආයතනයේ දී මෛත්‍රිපාල කරපු ප්‍රකාශය දෙරණ විකෘත කරල නම් ජනමාධ්‍ය ලේකම්ට ඒ බව සාක්ෂි ඇතිව පෙන්නන්න පුළුවන් වෙන්න ඕන. ඔහු කියනවා දෙරණට විරුද්ධව යම්කිසි ආකාරයක පරීක්ෂණයක් කළ බවත් දෙරණ අදාළ කතාව විකෘත කර ඇති බව පෙනී ගොස් ඇති බවත්. ඒත් මට තේරෙන විධියට නම් නීතිය ගැන දන්නා ජනමාධ්‍ය ලේකම් ඒ පරීක්ෂණයට දෙරණ කැඳවා නැහැ. ඔහු දැන් ඊනියා ස්වාභාවික යුක්තියක් ගැන කතාකරන්නේ දෙරණ නොකැඳවා දෙරණට විරුද්ධව යම් පරීක්ෂණයක් කර නිගමනවලට පැමිණීමෙන් පසුව. ඒ කාගේ ස්වාභාවික යුක්තියක් ද දන්නෙ නැහැ.
දෙරණට ජනමාධ්‍ය ලේකම් එවන ලියුම්වල දෙරණ මාධ්‍ය භාවිතාව ගැන කියලා තියෙනව නම් ඒවා දැනගැනීමේ අයිතිය අපටත් තියෙනවා. ජනමාධ්‍ය ලේකම් ජනමාධ්‍යයක් වරදකරු යැයි ලිපියකින් කියන කොට ඒක ඒ ජනමාධ්‍ය නරඹන/අසන අයටත් දැනගන්න ඕන. ඒ ලිපිය ප්‍රචාරය කිරීම ජනමාධ්‍ය සංදර්ශනයක් නොවෙයි. ජනමාධ්‍ය ලේකම් දැන් එතරලු. ඔහු ආපසු පැමිණි පසු ජනමාධ්‍ය සංදර්ශන යනු මොනවා ද කියා අපට කියනව ද?
පහුගිය දවස්වල තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන සිවල් සමාජයයි ආණ්ඩුවයි මහා සද්දෙන් කතා කළා. ජනමාධ්‍ය ලේකම් තොරතුරු දැනගැනීමේ අයිතියට විරුද්ධ ද? ජනමාධ්‍ය ලේකම් ගැන ඒ තොරතුර දැනගැනීමට අපට අයිතියක් තියෙනව ද? ජනාධිපති, අගමැති, ජනමාධ්‍ය ඇමති, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති මේ සියල්ල ගැන මොකද කියන්නෙ. ඒකත් තොරතුරක් දැනගැනීමක් තමයි. රාජ්‍යපාලනයක් නොකර දේශපාලනයක් කරන ආණ්ඩුවකට ආණ්ඩු සේවකයන් මිස රාජ්‍ය සේවකයන් ඉන්න බැහැ.
දෙරණ ප්රවෘත්ති මගින් ඊයේ දිනේෂ් ගුණවර්ධන ප්රජාතන්ත්රවාදය ගැන කී දෙයක් දැනගන්න ලැබුණා. ඔහු පාර්ලිමේන්තුවේ දී කර තිබුණේ අවවාදයක්. ආණ්ඩුව දිගින් දිගට ම ප්රජාතන්ත්රවාදය මර්දනයට ලක්කිරීම කරගෙන ගියහොත් හමුදා කුමන්ත්‍රණයක් ඇතිවීමේ අනතුරක් තිබෙන බවයි ඔහු කියා තිබුණේ. බංකොළොත් ආණ්ඩුවේ එස් බී දිසානායක වැනි ඇමතිවරුන් දිනේෂ් ඊනියා කුමන්ත්රණයක පළමු වෙඩිමුරය පත්තු කළ බව කියනවා. දෙරණ ඒ අයගේ ප්‍රකාශ ඒ සැටියෙන් ම ප්‍රචාරය කරනවා. ඒ නිසා අපට අටුවා ටීකා නැතිව ඒ දැනගත හැකියි. ප්රජාතන්ත්රවාදය කියන්නේ ප්රජාතන්ත්රවාදී ව ප්රජාතන්ත්රවාදය මර්දනය කල හැකි ක්‍රමයක්. එය බටහිර පන්නයේ නිර්වචනයක් නොවෙයි. පාර්ලිමේන්තුවට ප්රජාතන්ත්රවාදය මර්දනය කරන්නට බලතල බටහිර ප්රජාතන්ත්රවාදයෙන් ලැබී තිබෙනවා. ප්රජාතන්ත්රවාදය පාර්ලිමේන්තුව හරහා නොරැකෙන විට එයට පිටින් ගොස් කරන ක්‍රියා ප්රජාතන්ත්රවාදී නොවන ලෙස සැලකෙනවා!
එස් බී දිසානායක දේශපාලන කෙරුමකු බව සැබෑයි. ඒත් ප්රජාතන්ත්රවාදයේ ආරක්ෂකයකු ලෙස ප්‍රසිද්ධ නැහැ. මා ඔහුත් දිනේෂුත් අවුරුදු හතළිහකට වැඩි කාලයක් දන්නවා. මා දන්නා තරමින් දිනේෂ් තරම් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටින ඒ ආරක්ෂා කිරීමට ක්‍රියාකරන වෙනත් අයකු අද පාර්ලිමේන්තුවේ නැහැ. මට වෙලාවකට හිතෙනවා ඇයි ඔහු මේ වැඩකට නැති ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මෙතරම් පෙනී සිටින්නෙ කියා. ඔහු පක්ෂ මාරු කළ අයකු නො වෙයි. කිසි දා එා ජා පක්ෂයට හෝ එහි පෙරමුණකට හෝ ගිය අයකු නොවෙයි. පිලිප් ගුණවර්ධන මහතා මෙරට මාක්ස්වාදයේ පියා ලෙස සැලකෙනවා. ඒත් ඔහු මාක්ස්වාදී පුස් කෑ පොත් ගැන පාර්ලිමේන්තුවේ දී කතා කළා. මාක්ස්වාදයේ සිට ජාතිකත්වය පැමිණි ප්‍රධානියකු ලෙස ඔහු හඳුනාගත හැකියි. එහෙත් ඔහු ඩඩ්ලි සේනනායක හත්හවුල් ආණ්ඩුවට එක්වුනා. දිනේෂ්ගේ නායකත්වය යටතේ ම එ පෙ පිලිප් ගුණවර්ධන මහතාගේ ඒ ක්‍රියාව වරදක් ලෙස පිළිගත්තා. දිනේෂ් එබඳු පුද්ගලයෙක්. එමෙන් ම පාර්ලිමේන්තුවේ අද ජාතිකත්වය වෙනුවෙන් කටයුතු කරන ප්‍රධාන පුද්ගලයා ඔහු. සරත් වීරසේකරත් ජාතිකත්වය වෙනුවෙන් වැඩ කරන ප්‍රධාන පුද්ගලයෙක්. අවාසනාවකට අද ඔහු පාර්ලිමේන්තුවේ නැහැ. මහින්ද රාජපක්ෂත් ජාතිකත්වය වෙනුවෙන් ඉන්නවා. මා එදා මගේ ලෝකය සම්මන්ත්‍රණයේ දී කීවා සේ ඔහු තවදුරටත් ජාතිකත්වයට පැමිණිය යුතුයි. ඔහු පැරදුණේ දෙමළ මුස්ලිම් ඡන්ද නොලැබුණු නිසා නොවෙයි. සිංහල ඡන්ද හරියට නොලැබුණු නිසා. මහින්දට දිනේෂ්ගේ සහාය නොමඳ ව ලුබෙනවා. දිනේෂ්ගේ අඩුපාඩුවක් ගැන මට කියන්න ඇත්තේ ඔහු අවශ්‍ය තරම් කාර්යශීලී නොවන බව පමණයි.
එස් බී කියන්නේ දිනේෂ් ඊනියා කුමන්ත්රණයක පළමු වෙඩි මුරය තැබූ බව. දිනේෂ් කර තිබෙන්නේ අනතුරු ඇඟවීමක්. ඔහු එසේ කරන්නේ ජාත්‍යන්තර දේශපාලන අත්දැකීම් අනුව. එහි වරදක් නැහැ. මට තවදුරටත් එහා ගොස් කිවහැකි දෙයක් තිබෙනවා. ලංකාවේ හමුදා කුමන්ත්‍රණයක් වුවහොත් ඒ සිදුවන්නේ පකිස්තානයේ මියන්මාරයේ මෙන් හමුදා ප්‍රධානීන් අතින් නොවෙයි. එවැන්නක් සිදු වුවහොත් එසේ වීමට ඉඩ ඇත්තේ ඇතැම් අප්‍රිකානු රටවල මෙන් සාමාන්‍ය භටයන් අතින්. ඒ ප්‍රකාශය දෙවැනි වෙඩි මුරයක් නො වෙයි. මගේ දැනුම හා කල්පනාව උපයෝගී කරගෙන කරන්නක්. ලංකාවේ එවැන්නකට ඇති සම්භාවිතාව ඉතා අඩු බවත් මා දන්නවා.
ඒ කෙසේ වෙතත් එස් බී කියන්නේ ඒ ගැන අප කලබල නොවිය යුතු බවයි. අප ඉන්දියාව සමග මීතුරුව සිටිනතාක් කුමන්ත්‍රණයක් ඇතිවුවහොත් ඉන්දියාව නැව් දෙකක් එවා වි කියා ඔහු කියනවා. එසේ නම් දිනේෂ්ගේ ප්‍රකාශය ගැන කලබල වන්නේ මොකට ද? එස් බීට වඩා දිනේෂ් ප්රජාතන්ත්රවාදය රකිනවා. දිනේෂ්ට පාර්ලිමේන්තු සම්ප්රදාය ස්ථාවර නියෝග ආදිය ගැන මනා දැනුමක් තිබෙනවා. එස් බී ගේ කතාවෙන් වැදගත් කරුණක් මතුවෙනවා. ආණ්ඩුව ඉන්දියාව සමග මිතුරුව සිටින තාක්, එනම් ඉන්දියාවේ බෙර පදයට නටනතාක්, සංගීත භාෂාවෙන් කිවහොත් උත්තර භාරතීය සංගීතයට (කර්ණාටක සංගීතයට) අපේ නාද රටා යට කරනතාක්, අප ඊනියා ප්රජාතන්ත්රවාදය පාර්ලිමේන්තුවාදීව මර්දනය කළත් ආණ්ඩුවට ප්‍රශ්නයක් නොවන බවයි. හමුදා කුමන්ත්‍රණයක් ඇති වුනත් ඉන්දියාව නැව් දෙකකින් ඇවිත් මේ දුර්දාන්ත ආණ්ඩුව නැවතත් බලයේ පිහිටුචාවි. එස් බී ඒ බව දන්නවා ඇති. නැතත් රනිල් නම් දන්නවා. අපට අහන්න තිබෙන ප්රශ්නය මෙයයි. අද මේ යමපාලන ආණ්ඩුව සිංහලයන්ට හා රටට මෙතරම් විපත් කරන්නේ ඊනියා ප්රජාතන්ත්රවාදය මර්දනයට ලක්කරන්නේ තමන් බලයට පත් කළ ඉන්දියාව (හා බටහිරයන්) තමන් පිටුපස ඉන්නා බව දන්නා නිසා නොවේ ද?
නලින් ද සිල්වා
2016 නොවැම්බර් 21
පළාත් පාලන මැතිවරණ දිගින් දිගමට කල්දමමින් තමන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගත්තද ලබන වසරේ මුල් කාර්තුවේ අනිවාර්යයෙන්ම පළාත්සභා දෙකක මැතිවරණය පැවැත්විමට සිදුවන බවත් එයට මුහුණ දිමට තමන් හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලෙන් අල්ලාගත් ජනතා පදනමක් නොමැති බෙදුම්වාදී සිරිසේන ජනාධිපතිවරයා සිය ශ්‍රීලනිප බත් බැලයන් හමුවේ පවසා තිබේ.පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හමුවි සිරිසේනගේ කුජීත් අමාත්‍යවරුන් මහින්දගේ සහය සිරිසේනට ඉල්ලා සිටිම පසුපස ඇති ප්‍රධාන හේතුවද මෙය බව මේ වනවිට තහවුරු වි තිබේ.
දැවැන්ත පරාජයක් ලබන බව දන්නා සිරිසේන ජනාධිපතිවරයා දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල්දැමිම සදහා කටයුතු කල අතර ඊට අමතරව මහින්දගේ නායකත්වයෙන් ගොඩනැගෙන පක්ෂ සහ සිවිල් සංවිධාන ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක විමත් හේතුවෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස මානසික පිධනයකට ලක්කිරිමට සමත්ව ඇති බව සිරිසේනගේ ඇම කල්ලියේ සමාජිකයෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.
මෛත්‍රී පිළේ බත් බැලයන් දෙකඩ වේ…
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දි සිටින වත්මන් අර්බුදය හමුවේ ශ්‍රීලනිප මෛත්‍රී පිළ දෙකඩ වි තිබේ.එම දෙකඩ විම උච්චතම අවස්ථාව පසුගිය සතියේ වාර්තා වු අතර මෛත්‍රීගේ ඇම කණ්ඩායම ඒකාබද්ධයේ පිරිසක් හමුවිම මෙම උග්‍ර අර්බුදයට හේතු වි තිබේ. මෛත්‍රී පිළේ අනෙකු කණ්ඩායමේ අදහස වි ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරහැර දමා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කර ආණ්ඩුව ආරක්ෂා කිරිමට ජනාධිපතිවරයා කටයුතු කලයුතු බවයි.
කෙසේවෙතත් එම ඉල්ලිමට සිරිසේන ජනාධිපතිවරයා එකගතාව පලකර නොමැති බවත් යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වි ගියහොත් එම පාපයෙන් කිසිදු දිනක තමන්ට ගැලවිමට නොහැකි වනු ඇති බවයි සිරිසේන ජනපති පෙනවා දි ඇත්තේ.කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ලබාදිමට කටයුතු කිරිම නුවණට හුරු වැඩක් බවත් ඒ හරහා ජනාධිපතිවරයාගේ බලය පවත්වාගෙන යෑමට හැකියාව ඇති බවයි.නමුත් ශ්‍රීලනිපයේ අනික් කල්ලිය පෙන්වා දි ඇත්තේ ශ්‍රිලනිප සභාපති කම මහින්දට දිමට වඩා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව මැතිවරණ සදහා තරගකර ශ්රීලනිපය දියවිමට ඉඩ හැරිම නුවණට හුරු කියාවක් ලෙසයි.
මේ අතර දේශපාලන අර්බුද,රටේ ප්‍රශ්ණ ආර්ථික ප්‍රශ්ණ මෙන්ම විශාලතම ප්‍රශ්ණය වි තිබේන ජනතා බලයක් නොමැති පක්ෂයක් සමග මැතිවරණයකට මුහුණ දිම ඇතුලු අධික මානසික ගැටලු රැසක් හේතුවෙන් මේ වනවිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විටින් විට ඔහුගේ කුඩා බඩවැල් ආශ්‍රිතව ඇතිව ඇති පිළිකා රෝගී තත්ත්වය මතුවෙමින් තිබේන බවද අනාවරණය වි තිබේ.
අප මින් පෙර කිහිපවතාවක් සඳහන් කළ පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විටින් විට ඇතිවන දරුණු පාචන රෝගී තත්වයකින් දැඩි ලෙස පීඩා විඳියි. මේ සඳහා ජනාධිපති සිරිසේන දේශීය සහ විදේශීය වෛද්‍යවරුන් හමුව නොයෙකුත් වෛද්‍ය ක්රමයන් යටතේ ප්‍රතිකාර ලැබුවද තාවකාලික සහනයක් මිස ස්ථිර සුවයක් නොලැබීය.
මින් මාස කිහිපයකට ඉහතදී ද මේ තත්වය උත්සන්න වූ අතර ඒ පිලිබඳ ලිපියක් අපවිසින් එම කාලයේදී මෙම වෙබ් අඩවියේ පලකරනු ලැබීය. අප විසින් එම ලිපියේ දී අනාවරණය කරණ ලද්දේ ජනාධිපති සිරිසේනගේ රෝගී තත්වයන්ට ප්‍රතිකාර කරනු ලබන මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස්, පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය යසන්ත ආරියරත්න, උදර ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය කෙමාල් ඩීන්, උදර රෝග වෛද්‍ය විශේෂඥ එන්. එම්. එම්. නවරත්න, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් වන යසස් අබේවික්‍රම සහ තුෂාන් බෙනරගම යන මහත්වරුන් ඒ පිළිබඳව විවිධ මත දරන ලද බවයි.
එසේම අප විසින් ඒ ලිපිය අවසානයේ අනාවරණය කළේ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමේ අවසන් තීරණය වූයේ ජනාධිපති සිරිසේනගේ වෛද්‍ය වාර්තා, ලේ, මල සහ මුත්‍ර සාම්පල් ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට යවා වෛද්‍ය විශේෂඥ බැරී ජේම්ස් මාර්ෂල් AC, FRACP, FRS, FAA, DSc යටතේ පරීක්ෂා කරවීම බවයි. වෛද්‍ය විශේෂඥ බැරී ජේම්ස් මාර්ෂල් මහතා උදරගත ආසාදන පිළිබඳව ලෝක ප්‍රකට විද්වතෙකු වන අතර භෞතවේදය (physiology) පිළිබඳව වසර 2005 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.
වෛද්‍ය විශේෂඥ බැරී ජේම්ස් මාර්ෂල් විසින් සති අටක් පුරා තම සහයක කණ්ඩායම සමග පරීක්ෂණයන් සිදුකළ අතර ඒ වෛද්‍ය වාර්තා ඉහත සඳහන් කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය වෙත යොමුකරනු ලැබීය. ඒ සම්පුර්ණ වාර්තාව කියවීමට අපට අවස්ථාවක් නොලැබුනුමුත් පිටු 12 කින් සමන්විත එහි සංක්ෂිප්තය කියවීමට අපට අවස්ථාවක් ලැබිණි. නමුත් වගකියයුතු වෙබ් අඩවියක් ලෙස අපට ඒ පිළිබඳව කිසිවක් අනාවරණය කළ නොහැක. මක්නිසාදයත් රෝගියකුගේ වෛද්‍ය වාර්තා පිළිබඳව අනාවරණය කිරීම අතිශය සදාචාර විරෝධී බැවිනි. අපට ජනාධිපති සිරිසේන සමග වනුයේ දේශපාලන ප්රතිවිරෝධයකි. නමුත් ඔහු බරපතළ රෝගී තත්වයකින් පෙලෙනවිට ඒ පිළිබඳව ප්‍රීතියට පත්වීමටවත් ඉක්මණින් ඔහුගේ මරණය සිදුවේවා යැයි ප්‍රර්ථනා කිරීමටවත් අපට නොහැක. ඒ අපේ බොදු හැදියාවයි.
2017 ජනවාරි 28 ට පෙර මෛත්‍රිපාල සිරිසේන මිය යන බවත් තමා කියූ අනාවැකියක් වැරදුණහොත් තමා මින් ඉදිරියට කිසිදු අනාවැකියක් ප්‍රකාශ නොකරන බව ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජ්ත් රෝහණ විජේමුණි යලිත් තහවුරු කළා.
ගෙදර ගියෝත් සිරා නසී…මග හිටියත් සිරාම නසී…… by lnwtoday
http://www.sinhala.lnwtoday.com/archives/8530
දෙරණ නාලිකාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිම වෙනුවෙන් සිරස මුදලාලි හෙවත් කීලී මහරාජා මෛත්‍රීගේ ගූ බට්ටා හෙවත් නීතිඥ නිමල් බෝපගේට කප්පම් ලබාදිමට කටයුතු කරමින් සිටින් බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.මේ වනවිට රටින් පිටව ගොස් සිටින බෝපගේ කිළීගේ විශේෂ නියෝජිතයෙකු මැලේසියාවෙදි හමුවි ඇති අතර එම හමුවේදි අදාල ගණුදෙනු පිළිබඳව සාකච්ඡාකර එකඟතාවක් ඇති කරගෙන තිබේ.
සිරස නාලිකාවේ ප්‍රසිද්ධිය සීග්‍ර ලෙස පහත බැසිම සහ ඊට සාපේක්ෂව දෙරණ නාලිකාව ඉදිරියට පැමිණිමත් රටේ මාධ්‍ය බලය අල්ලා ගනිමින් සිය දේශපාලන ව්‍යාපාරය ක්‍රියාත්මක කිරිමට මාන බලමින් සිටින කිලී මහාරාජා දෙරණ ඇතුලු නාලිකා කිහිපයකටම අංචි ඇදිමට කටයුතු කරමින් සිටින බව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.මේ වනවිට ජනාධිපති මාධ්‍ය එක්කයේ 70% අධික ප්‍රමාණයක් බලය අල්ලාගෙන සිටින කිළීගේ බලු මාධ්‍ය කණ්ඩායම මෙම මාධ්‍ය මර්දණ මෙහෙයුම පසුපස සියුම් කුමන්ත්‍රණකාරීව කටයුතු කරමින් සිටින අතර ඉදිරියේදි ඔහුන්ගේ නම්,ගම් සහිතව අනාවරණය කිරිමට අප කටයුතු කරමින් සිටි.
අදාළ තර්ජනාත්මක ලිපිය දෙරණට යොමුකිරිම පසුපස් කිළීගේ ජඩමාධ්‍ය කරුවන් ක්‍රියාත්මක වි ඇති අතර මෛත්‍රීගේ ගූ බට්ටා හෙවත් නිමල් අමන තකතිරූ සිරිසේන ජනාධිපතිවරයාට පෙන්වා දි ඇත්තේ මහින්ද රාජපක්ෂ හමුදා කුමන්ත්රණයකින් රටේ බලය ඇල්ලිමට කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා රටම පිළිගත් වැඩ්යෙන්ම නරඹන දෙරණ නාලිකාව රට ඇමතිමට යොදා ගැනිමට සුදානමක් ඇති බවයි.
මේ අතර බොරු චොදන නගමින් දෙරණ නාලිකාවට තර්ජනය කරමින් සිටින නීතිඥ නිමල් බෝපගේ හේවත් මෛත්‍රීගේ ගූ බට්ටා දෙරණ නාලිකා හිමිකරු වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගෙන් මිලියන 100ක මුදල් කප්පමක් ඉල්ලා ඇති අතර එය ප්‍රතිකේෂ්ප කිරිම හේතුවෙන් දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා දෙරණ මාධ්‍ය ආයතනය වෙත තර්ජනාත්මක ලිපියක් යැවිමට කටයුතු කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය හමුවේ බෝපගේ නැමැත්තා භූමිතෙල් ගැවුනු ගැරඩියෙකු මෙන් නලියමින් සිටින බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කර ප්‍රචාරය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බොරු චොදන නගමින් දෙරණ නාලිකාවට තර්ජනය කරමින් සිටින නීතිඥ නිමල් බෝපගේ හේවත් මෛත්‍රීගේ ගූ බට්ටා දෙරණ නාලිකා හිමිකරු වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගෙන් මිලියන 100ක මුදල් කප්පමක් ඉල්ලා ඇති අතර එය ප්‍රතිකේෂ්ප කිරිම හේතුවෙන් දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා දෙරණ මාධ්‍ය ආයතනය වෙත තර්ජනාත්මක ලිපියක් යැවිමට කටයුතු කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
මේ අතර අප බෝපගේ ගේ කප්පම් ගැනිමේ මෙහෙයුම අනාවරණය කිරිමත් සමග ඔහු විසින් දෙරණ නාලිකාවට තවත් ලිපියක් යවා ඇති අතර ඒ හරහා යලිත් දෙරණට යලිත් තර්ජනය කර තිබේ.ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කර ප්‍රචාරය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන අදාළ තර්ජනය සම්බන්ධයෙන් පාරිලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේන් අප කල විමසිමකදි ඔහු සදහන් කළේ තමන්ද අදාළ සිද්ධිය දැන ගනු ලැබුවේ දෙරණ ප්රවෘත්ති හරහා බවයි.අදාළ ලිපිය සම්බන්ධයෙන් හෝ දෙරණට එරෙහි විමර්ශ්ණය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවද අමාත්‍යවරයා තහවුරු කළා.
ජනාධිපතිවරයා සතුටු කිරිම සදහා ඒකාබද්ධ විපක්ෂය බන්ධනයට ලක්කිරිමට මාධ්‍ය නිවේදන ලියු මෛත්‍රීපාල සිරිසේනගේ ජඩ මාධ්‍යවේදී, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවකට නියෝග කරසිටි අතර එම නියෝග නොසලකා සිරිසේනගේ බලය ගත් බෝපගේ සිය තනතුරේ රැදී සිටින බව නොරහසකි.
Published on: Nov 21, 2016- මෙරට පුද්ගලයන් තිස් දෙදෙනකු සිරියාවට ගොස් අයි එස් අයි එස් සංවිධානය හා සම්බන්ධව සිටින බවද ගුරුවරුන් බව පවසමින් මෙරට මුස්ලිම් පාසල්වලට පැමිණෙන විදෙස් පුද්ගලයන් කිහිපදෙනකු දරුවන්ගේ මනසට අන්තවාදය ඇතුළත් කරන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා අනාවරණය කිරිමත් සමග අයි එස් අයි එස් සංවිධානයේ සමාජිකයන් සම්බන්ධයෙන් අප කල අනාවරණයන් සියල්ලම සත්‍යක් බව තවදුරටත් තහවුරු වි තිබේ.
ජාත්‍යන්තරය කුමක් ප්‍රකාශ කළත් අවශ්‍ය වුවහොත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.
අයිඑස් අයි එස් සංවිධානය කෙරෙහි ජනතාව තුළ විශාල බියක් ඇතැයි කී ඇමැතිවරයා මෙරට ක්‍රියාත්මක විදේශ බුද්ධි අංශ කිහිපයක් ඔස්සේ අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවුල් හතරකට සම්බන්ධ පුද්ගලයන් තිස් දෙදෙනකු අයි එස් අයි එස් සමඟ සම්බන්ධ වීමට සිරියාවට ගොස් ඇති බව යෑයිද ප්‍රකාශ කළේය.
මේ අය සාමාන්‍ය පවුල්වල අය නොවේ. උගත් සමාජ වැදගත් කමක් ඇතැයි පිළිගන්නා, පවුල්වල අය. බේරුවල, කල්මුණේ කල්එළිය සහ කුරුණෑගල මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වලට දේශන පවත්වන්නට සංචාරක වීසා මත පිරිස් එනවා. ඔවුන් මේ දරුවන්ගේ මනසේ අන්තවාදය වපුරනවා. දරුවන්ගේ මනස විකෘති කරනවා. බරපතළ ගැටලුවක් ඇතිවෙමින් තිබෙනවා.
තවුපික් ජමාද්, ජමාතේ ඉස්ලිම්, තව්ලික් ජබාද්, සුන්නත්වැල් ජමාද් නමින් නිකායන් හතරක් තියෙනවා. ඔවුනොවුන් ගහ මරා ගන්නවා. මිනි මැරුම් සිදුව තිබෙනවා. බරපතළ සිද්ධීන් 15 ක් වාර්තා වී තිබෙනවා. ඔවුන්ගේ අභ්‍යන්තර අරගලය රටේ අරගලයක් ලෙස පත්කර රට යළි අරාජික කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.
ඒ අනුව ලංකාව තුල වත්මන යහපාලනයට සම්බන්ධව සිටින සිරිසේන ජනාධිපතිවරයාගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ලංකාවේ ක්‍රියාත්මක වන ISIS ත්රස්තවාදීන් සමග කෙලින්ම සම්බන්ධ බවට අප අවස්ථා ගණනාවකදි අනාවරණය කර සිටියා.
අයි. එස්. අයි. එස්. (ISIS)ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදිමට ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ කොළඹ ආශ්‍රිතව දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටින බව බුද්ධී අංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවේ අනාවරණය කර තිබේන බවත් ISIS ත්රස්තවාදීන් යහපාලන අමාත්‍යවරුන් වන පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා සහ කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදුයුදින් පවත්වන සබඳතාවයන් පිළිබඳව අප කල අනාවරණයන් ඊයේ පාර්ලිමේන්තුවේදි හොරාගේ අම්මාගේන් පෙන අසන්නා සේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අප Lankanewsweb.today වෙබ් අඩවියේ නම පවසමින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරමින් උත්සහ කලේ අප කල අනාවරණය අසත්‍යක් බව ජනතාව හමුවේ පෙන්විමටයි.
2016 අප්‍රියෙල් 06
Lankanewsweb.today කල ISIS අනාවරණය පාර්ලිමේන්තුව කළඹයි(Video)
ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බව ඔත්තු සේවා අනාවරණය කර තිබු ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර වර්තමානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ISIS ත්‍රස්තවාදී සමග ඉතා සමිප සම්බන්ධතාවයක් ඇති බවට මේ LNW ඔත්තු සේවා අනාවරණය කර තිබේ.
2015 ජුලි 23
Exclusive:ISIS ත්රස්තවාදීන්ට තරුණයන් සපයන්නේ ෆයිසර් මුස්තාපා!-රහස් පොලිසිය පරික්ෂණ අරඹයි
ඉදිරිදින කිහිපය තුලදි ISIS ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විමට ඇති ඉඩකඩ සියයට 90 දක්වා වර්ධනය වි ඇති බව හමුදා බුද්ධි අංශ රජයට අනතුරු අගවා තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.කිසිදු අරමුණකින් තොරව ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල විය හැකි බවත් ඇතැම් විට එය කොළඹ දිස්ත්‍රික්කයේ පාසලක් හෝ නුවර පාසලක් හෝ යම් රජයේ ආයතනයක් ඉලක්ක කර එල්ල විමේ අවදානමක් පවතින බවයි හමුදා බුද්ධි අංශ අනාවරණය කර ඇත්තේ.
2016 ජුලි 07
ISIS ප්‍රහාරයක් අතලග! -කොළඹ,නුවර ඉල්ලක වේ
අයි. එස්. අයි. එස්. (ISIS)ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදිමට ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ කොළඹ ආශ්‍රිතව දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටින බව බුද්ධී අංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවේ අනාවරණය කර තිබේ.
2016 මාර්තු 28
ISIS සමග ඇමතිවරුන් දෙදෙනෙකු සහ ව්‍යාපාරිකයන් රැසක්! බුද්ධී අංශ වාර්තාවේන් ඇත්ත හංගයි
කොළඹ 12 හමීඩ් අල් හුසේන් පිරිමි විද්‍යාලයේ විදුහල්පති පාසල තුල විවිධ කණ්ඩයම් ලවා ISIS අන්තවාදී මතවාද පතුරුවා හැරිමට කටයුතු කරමින් සිටින බව පාසලේ සිංහල, මුස්ලිම් දරුවනේගේ හා ගුරුවරුන් සාක්ෂි සහිතව අනාවරණය කර තිබේ.
2016 පෙබරවාරි 01
හමීඩ් අල් හුසේන් විදුහල්පති ISIS මෙහෙයුමක
පසුගිය දින 90ක කාලය තුල එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකරකම් සීඝ්රයෙන් වර්ධණය වි ඇති බව හමුදා බුද්ධි අංශ ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් හරහා අවධාරණයට කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.මීට දින 10කට පෙර පැවැති විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්විමේදි මේ සම්බන්ධයෙන් අවධාරණය කර ඇති අතර උතුරේ සහ නැගෙනහිර සිද්ධින් මාලාවක් සම්බන්ධයෙන් මෙම වාර්තාව හරහා අවධාරණය කර තිබේ.
2016 මැයි 05
ISIS ත්‍රස්තයෙකු යාපනයේදි කොටි නායකයන් හමුවෙලා-දින 90ක් තුල කොටි ක්‍රියාකාරකම් ඉහලට
ISIS ත්‍රස්තවාදී සංවිධානයෙ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීයෙකු මිට දින 3කට පෙර ලංකාවට පැමිණ ඇති බවට අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කර තිබේ.සිරියාවේ Al Nabak නැමති ප්‍රදේශයේ ප්‍රබල ක්‍රියාකාරි නායකයෙකුව සිට පසුව ලෙබනනය හරහා පාකිස්ථානයට පැනවිත් ඇති අල්-බුසර් අල්-දිවා නැමත්තා මේ අකාරයට ලංකාවට පැමිණ ඇති බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.
2016 ජූනි 08
ISIS මරාගෙන මැරෙන ත්‍රස්තවාදීයෙකු ලංකාවට-ප්‍රභූ ඝාතනයක් අතලග
ISIS ත්‍රස්තවාදී සංවිධානයෙ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීයෙකු පසුගියදා ලංකාවට පැමිණි බවට අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු ජුනි 8 වැනිදා කළ අනාවරණය සම්බන්ධයෙන් වු පිටපතක් ආරක්ෂක මණ්ඩලයට යොමුකිරිමට කටයුතු කර එති බවත් දින 3ක් ඇතුලත් ඒ සම්බන්ධයෙන් වහාම තමන්ට නිශ්චිත තොරතුරක් අවශ්‍ය බවත් ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.
2016 ජුනී 03
ඩකා ප්‍රහාරයෙන් ආරක්ෂක ඇමතිට වලිප්පුව හැදේ,ලංකාවට පැමිණි ISIS ත්රස්තවාදීයා ගැන වාර්තාවක් ඉල්ලයි
තිස් වසරක කාලය මිනිමරු කොටි ත්රස්තවාදීන්ගේ බැට කා….මහින්ද රාජපක්ෂ සහ ගොඪාභය රාජපක්ෂට පිංසිදුවන්නට නිදහස් කරගත් මවුබිම මුස්ලිම් අන්තවාදි ISIS සංවිධානය විසින් ආක්‍රමණය කිරිමේ අවදානමකට මුහුණ දි සිටින බවට යුධ හමුදා බුද්ධි අංශ සිය වාර්තා හරහා යහපාලන රජයට අනාවරණය කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යේදෙන විශේෂ වාර්තාකරු සදහන් කළා.
2016 ජනවාරි 05
Top