මා ඊයේ දෙරණ ගැන ලියූ ලිපියේ කමිටු වාර්තා හය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා යනුවෙන් කියා ඇති කරුණ අතපසුවීමක්්. ඒ අනුකමිටු හය පත්කෙරුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන්. මෙහෙයුම් කමිටුව තීරණය කරලා වාර්තා හය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු ය කියා. ඊයේ වාර්තා හය ඉදිරිපත් වුනේ එකී ව්‍යවස්ථාදායක මණ්ඩලයටයි. පාර්ලිමේන්තුවට නොවෙයි. ඒ වරද නිවැරදි විය යුතුයි.
අප මුල සිට ම කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථාදායක මණ්ඩලයට සහභාගි නොවිය යුතු ය යන්නයි. පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන ආකාරය හෝ නව ව්‍යවස්ථාවක් ගෙනෙන ආකාරය හෝ දහනව වරක් සංශෝධනය වී ඇති ව්‍යවස්ථාවේ දොළොස්වැනි පරිච්ඡෙදයේ සඳහන් වෙනවා. එහි කොතැනකවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ගැන කියැවෙන්නේ නැහැ. මේ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවීම ම වැරදියි. එය පාර්ලිමේන්තුව මගහරවා යෑම සඳහා උපක්‍රමයක්. ඊනියා ව්‍යවස්ථාදායක මණ්ඩලය පාර්ලිමේන්තු සභා ගැබ තුළ රැස්වීමත් වෑරදියි. එය පාර්ලිමේන්තුවේ අනු කමිටුවක් හෝ සමස්ත පාර්ලිමේන්තුවේ ම කමිටුවක් හෝ නො වෙයි. ඊනියා ව්‍යවස්ථාදායක මණ්ඩලය රැස්වන විට එහි සභාපති වාඩිවන්නේ කතානායක අසුනේ නො වෙයි.
මෙයට කලි්න් ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටෙවුවේ 1972 ජනරජ ව්යවසථ්ව සම්පාදනය කරගැනීමටයි. එසේ පිහිටුවීමට හේතුවක් තිබුණා, එතෙක් මේ රට ආණ්ඩු කෙරුණේ එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතකට අනුව. අපට එතෙක් තිබුණේ ඩොමීනියන් තත්වයේ රාජ්‍යයක්. එංගලන්තයේ රජු හෝ රැජින හෝ ලංකාවේත් රජු හෝ රැජින හෝ වූවා. මෙරට අග්‍රාණ්ඩුකාරයා රජුගේ හෝ රැජනගේ හෝ නියෝජිතයා වුනා. අපට ඒ ඩොමීනියන් ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් ම ඉවත් කර ජනරජයක් වීමේ අවශ්‍යතාව තිබුණා. එය පාර්ලිමේන්තුව මගින් කිරීමට බැරි නිසා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවීමේ අවශ්‍යතාව පැන නැගුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයන් වූවා. 1972 ව්‍යවස්ථාව සම්පාදනය කෙරුණේත් අනුමත වූයේත් පාර්ලිමේන්තුවෙන් පිට. එහි වරදක් නැහැ. ඒ හේතු දෙකක් නිසා.
පළමුවෙන් ම කලින් කී ආකාරයට එංගලන්ත පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පනතක් ඉවත් කිරීමේ අවශ්‍යතාව තිබුණා. එය එංගලන්ත පාර්ලිමේන්තුවෙන් කෙරෙන වැඩක් නො වෙයි. කොහොමටත් අප අපේ ස්වෛරීභාවය ආරක්ෂා කරගත යුතුව තිබුණා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් බාහිර ආයතනයකින් ඒ කිරීමේ අවශ්‍යතාව පැන නැගුණා. දෙවැනුව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වරමක් ඉල්ලමින්. ජනතාව ඒ වරම ලබාදුන්නේ පෙරමුණට 1970 මැතිවරණයෙන් තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලබා දීමෙන්.
බණ්ඩාරනායක මැතිණිය නවරඟහලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්කෙළේ රැස්කෙළේ ඒ කරුණු දෙකට යටත් ව. දැන් මේ පිහිටුවලා තියෙන ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමට කිසිම අවශ්‍යතාවක් හෝ වරමක් හෝ නැහැ. ජේ ආර ජයවර්ධන දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කෙළේත් පළමු ජනරජ ව්‍යවස්ථාවේ වගන්ති යොදා ගෙන. ඔහු පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාව පමණක් යොදා ගත්තා. ඔහුටත් 1977 මැතිවරණයෙන් තුනෙන් දෙකකට වැඩි වරමක් ලැබුණා. මේ ආණ්ඩුවට ඊනියා වව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවීමේ අවශ්‍යතාවක් හෝ වරමක් හෝ නැහැ.
අප දිගින් දිගට ම කියා ඇත්තේ බටහිරයන් හා ඉන්දියාව ඔවුන්ගේ ඔත්තු සේවා යොදා ගනිමින් මේ ආණ්ඩුව ඇති කෙළේ ඊනියා රාජපක්ෂ රෙජිමය ගෙදර යැවීමටත් (රනිල්ගේ වචන) සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තත්ත්වය නැතිකර ඔවුන් ඇති කර අනුග්‍රහය දුන් දෙමළ ජාතිවාදයට කප්පන් දී සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමටත්. මේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවා ඇත්තේ බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය නිසා. ජනතාවට අවශ්‍ය නිසා නොවෙයි. මේ ආණ්ඩුව පිහිටුවා ඇත්තේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව. 2015 අගෝස්තු මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන පක්ෂ දෙකක් තිබුණා. එකක් එක්සත් ජාතික පෙරමුණ. අනෙක සංධානය. අවාසනාවකට අද ඒකාබද්ධ විපක්ෂයත් එදා ඉදිරිපත් වූයේ සංධානය යටතේ. මේ පක්ෂ දෙක මැතිවරණ ප්‍රකාශ දෙකක් ඉදිරිපත් කළා. නව ව්‍යවස්ථාවක් ගැන පැහැදිලි ව කීවේ කීවේ එක්සත් ජාතික පෙරමුණ පමණයි. එහි ජාතික හෙළ උරුමයත් හිටි බව අමතක කරන්න එපා. ජනතාව එක්සත් ජාතික පෙරමුණට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වරමක් ලබා දුන්නේ නැහැ. ඔවුන්ට තුනෙන් දෙකක බහුතරයක් ලැබුණේ නැහැ. ඔළුගෙඩි ගණනින් 105ක් පමණයි ලැබුණේ. ඒ 150ට හුඟක් අඩුයි. සංධානයට මිනිස්සු ඡන්දෙ දුන්නෙ නව ව්‍යවස්ථා හදන්න නො වෙයි. ජේ ආර්ගෙ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නම් තිබෙනවා. ඒත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට ජන වරමකුත් නැහැ. සංධානයේ කොටසක් එ ජා පෙරමුණ සමග එක් වී ආණ්ඩුවක් පිහිටුවීමෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නැහැ. ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමට කිසිම වරමක් නැහැ. සංධානයේ ආණ්ඩුවට නොගිය කොටස, එනම් අද ඒකාබද්ධ විපක්ෂය කළ යුතුව තිබුණේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය වර්ජනය කිරීමයි. ඔවුන් මෛත්‍රිපාලගේ අවතාර අනුගමනය කළ යුතුව තිබුණේ නැහැ.
දැන් අනුකමිටු වාර්තා ඊනියා ව්‍යවස්ථා මණාඩලයට ඉදිරිපත් කරලා. මේ වාර්තා තමන්ට අහිතකර බව ජාතික හෙළ උරුමය තේරුම් අරගෙන. ඔවුන් දැන් වෙනත් බයිලාවක් කීමට පටන් ගෙන. චම්පකගේ නමින් වැල් වටාරම් ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා. මේ අවස්ථාවාදී ජාතිද්‍රෝහීන්ට කිසිම ඉඩක් දිය යුතු නැහැ. ඔවුන් පිළිගැනීමට අවශ්‍ය නැහැ. රනිල් සමග තවදුරටත් හෙළුවෙන් සිට ගැනීමට ඔවුන්ට ඉඩ දිය යුතුයි. ඒ අතර ඒකාබද්ධ විපක්ෂය දැන්වත් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් විය යුතුයි. වාර්තා හයෙන් සිංහලයන්ටවත් රටටවත් සෙතක් වන්නේ නැහැ. ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය නැහැ. නව ව්‍යවස්ථාවක් අවශ්‍යත් නැහැ. ඒ සඳහා ව්‍යවස්ථා මණ්ඩලයකට අවශ්‍යතාවකුත් නැහැ. නව ව්‍යවස්ථාවකට වරමකුත් නැහැ. සංධානය මැතිවරණයට ගියේ නව ව්‍යවස්ථාවක් ඇති කරන්නත් නොවෙයි. ආණ්ඩුවේ සිංහල විරෝධී ද්‍රෝහී ව්‍යවස්ථාවට කිසිම ඉඩක් නොදිය යුතුයි. අද ආණ්ඩුව ජාතිවාදීන්ට ඉඩ නොදිය යුතු ය කියන්නේත් ජනමාධ්‍යයට තර්ජනය කරන්නෙත් මේ සිංහල විරෝධී සහසන්ධි ව්‍යවස්ථාව කොක්කෙන් හරි කෙක්කෙන් හරි සම්මත කර ගැනීමට. ආණ්ඩුව ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය පමණක් යොදාගෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න සූදානම් වෙනවා. සම්බන්ධන් ලවා කියවන ජනමතවිචාරණ කතාවලට රැවටෙන්න එපා. ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා මණ්ඩලය වර්ජනය කළ යුතුයි. එයට කිසිම වලංගු බවක් දිය යුතු නැහැ.
නලින් ද සිල්වා
2016 නොවැම්බර් 20
මීට ටික කලකට පෙර ආණ්ඩුවේ අණ පරිදි විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ‘ලංකා නිවුස් වෙබ් ටුඩේ’ නැමති ආණ්ඩුව පිළිබද විවේචනාත්මක අදහස් පල කල වෙබ් අඩවිය තහනම් කිරිමට් කටයුතු කලබවත් ජනතාවගේ අවධානය අයවැය හා ව්‍යවස්ථා සංශෝධන කෙරෙහි යොමු වී තිබෙන අතරතුර ආණ්ඩුව දැවැන්ත මාධ්‍ය මර්ධනයක් දියත් කර ඇති බවත් සදහන් කරමින් ආණ්ඩුවේ මාධ්‍ය මර්ධනය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ආණ්ඩුවේ මාධ්‍ය මර්ධනය
ජනතාවගේ අවධානය අයවැය හා ව්‍යවස්ථා සංශෝධන කෙරෙහි යොමු වී තිබෙන අතරතුර ආණ්ඩුව දැවැන්ත මාධ්‍ය මර්ධනයක් දියත් කර ඇත. පසුගිය සිකුරාදා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කර විකාශනය කිරීම සම්බන්ධයෙන් ‘තවත් ඉදිරි පියවර ගැනීමට පෙර’ කරුණු දක්වන්නයි දෙරණ රූපවාහිනි නාලිකාවට නියෝග කර ඇත. ඉකුත් ඔක්තෝබර් 25 වන දා මෙම නිලධාරියාම ජනාධිපතිරයාගේ මේ කතාව විකෘති කිරීම සම්බන්ධයෙන් විමර්ශණයක් පැවැත්වෙන බව දෙරණ නාලිකාවට ලිඛිතව දැනුම් දී තිබුණි. මෙහිදී විකෘති කරන ලද කතාව වශයෙන් අදහස් වන්නේ CID, FCID හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්රකට අනුව වැඩකරන බවත්, හිටපු ආරක්ෂක ලේකම්වරයා හා හිටපු හමුදාපතිවරුන් තිදෙනෙකු උසාවියට ‘දක්කාගෙන’ ගිය ආකාරය තමා අනුමත නොකර බවත් කියමින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරයේ උත්සවයකදී ඔක්තෝබර් 12 වන දින කල කතාවය.
ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ මුල් ලිපිය ලැබූ දිනට පසු දිනම එනම් ඔක්තෝබර් 26 වැනිදා දෙරණ නාලිකාව පිළිතුරු ලියමින් පවසා සිටියේ ලෝකයේ ඕනෑම රටක ප්රවෘත්ති විකාශනයකදී විනාඩි 30 ක හෝ 45 ක කතාවකින් විකාශනය වන්නේ විනාඩි 01ක් හෝ 02ක් බවත් ඔවුන් එදා විකාශනය කල කථාවේ කොටස එදිනම ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක අන්තර්ගතය සමගද සම්පූණයෙන්ම ගැලපෙන බවයි. මෙවන් කරුණු දැක්වීමක් කර තිබියදීත්, ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා නැවත වතාවක් දෙරණ නාලිකාවෙන් නිදහසට කරුණු විමසා ඇත.
දෙරණ නාලිකාවට මේ සම්බන්ධයෙන් මුල් ලිපිය යැවූ දිනයේම, එනම් ඔක්තෝබර් 25 වැනි දා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා CSN නාලිකාවටද ඔවුන්ගේ විකාශන බලපත්‍ර අහෝසි කරමින් ලිපියක් නිකුත් කර තිබුණි. එම ලිපියේ CSN නාලිකාවට එල්ල කර තිබූ චෝදනා තුන වූයේ ජනමාධ්‍ය අමාත්‍යංශයට නොදන්වා ආයතනයේ ලිපිනය වෙනස් කිරීම, එහි අධ්යක්ෂ වරුන් දේශපාලන පක්ෂකයක සාමාජිකයන් වීම හා නාලිකාවේ වාර්ෂික ගිණුම් සෑම වසරකම ජනවාරි 14 වෙනි දාට පෙර අමාත්‍යංශයට ලබා නොදීම යන්නයි. ආරම්භයේ සිටම තම ලිපිනය වෙනස්කොට නැති බවත්, තම වර්ථමාන හෝ අතීත අධ්යක්ෂවරුන් කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන බවත්, කිසිම මාධ්‍ය ආයතනයක් තම වාර්ෂික ගිණුම් වාර්ථා මාධ්‍ය අමාත්‍යංශයට ලබා නොදෙන බවත් කියමින් CSN නාලිකාව මේ සියළුම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. මේ කිසිම චෝදනාවක් රූපවාහිනී නාලිකාවක විකාශන බලපත්‍රය අහෝසි කිරීමට තරම් බරපතල නොවන බව ඕනෑම කෙනෙකුට වැටහේ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා CSN නාලිකාවට එවන ලද ලිපියේ එම ආයතනයට විරුද්ධව විමර්ශණයක් කර ඇති බවට සදහන් වුවද, තම ආයතනයේ කිසිදු අධ්‍යක්ෂකවරයෙකු හෝ සේවකයෙකු එවන් විමර්ශනයකට කැදවා නැති බව CSN නාලිකාව මාධ්‍යයට පවසා ඇත.
මීට ටික කලකට පෙර ආණ්ඩුවේ අණ පරිදි විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ‘ලංකා නිවුස් වෙබ් ටුඩේ’ නැමති ආණ්ඩුව පිළිබද විවේචනාත්මක අදහස් පල කල වෙබ් අඩවිය තහනම් කරන ලදී. ආණ්ඩුව පිළිබද විවේචනාත්මක අදහස් තම පුද්ගලික ෆේස්බුක් පිටුවල ප්‍රකාශ කරන තරුණයන් ගණනාවක් මේ පාලකයන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත. එක් අවස්ථාවකදී තම ෆේස්බුක් ගිණුමේ ජනාධිපතිවරයාට විරුද්ධව මරණ තර්ජන කරා යැයි කියා පිටරට සිට ආපසු එන තරුණයෙකු ගුවන් තොටුපොලේදීම අත්අඩංගුවට ගනු ලැබිණි. ජනාධිපතිවරයාව විවේචනය කරමින් තම ෆේස්බුක් ගිණුමේ අදහස් ප්‍රකාශ කරා යැයි කියා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කල අය අතර දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළද වෙයි.
මේ සියල්ල කරනු ලබන්නේ ආණ්ඩුවට අවාසිදායක පුවත් මාධ්‍ය හරහා පලවීම වැලැක්වීමටත් තම පුද්ගලික ෆේස්බුක් පිටවේ වුවද ආණ්ඩුව ගැන විවේචනාත්මක අදහසක් පල කිරීමට මැලිවන තැනට මේ රටේ තරුණ තරුණියන් බිය වැද්දවීමටයි. අගමැතිවරයා මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් නම් කරමින් ප්‍රසිද්ධියේ තර්ජනය කරන හැටි මුළු රටම දැක ඇත. දෙරණ නාලිකාවටත් CSN නාලිකාවටත් ගෙන තිබෙන පියවර වලින් මෙම තර්ජන දැන් ක්‍රියාත්මක වන බව අපට පෙනේ. පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවට පැමිණ සිටියදී මාධ්‍ය තම පාලනය යටතට ගැනීමේ වැදගත්කම අගමැතිවරයා නැවත වතාවක් අවධාරණය කල අකාරය මුළු රටම දුටුවේය.
මාධ්‍ය මර්ධනය දැන් ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රතිපත්තියක් බවට පත් වී ඇත. ආණ්ඩු විරෝධී උද්ගෝශනයක් නැති දවසක් අද නැත. ආණ්ඩුව දිගින් දිගමට කල් දමා ඇති පලාත් පාලන ආයතන ඡන්දය නොපවත්වන්නේ ද පරාජයට ඇති බිය නිසාය. මොවුන් මාධ්‍ය බිය වද්දා මෙල්ල කර ගැනීමට උත්සාහ දරන්නේ රටේ සිදුවන දේවල් ජනතාවට දැනගැනීම වැලැක්වීමටය. මේ ආකාරයට මාධ්‍ය මර්ධය කොට ප්රජාතන්ත්රවාදයේ ඉතුරු නෂ්ඨාවශේෂයත් සුණුවිසුණු කිරීමට ගෙන යන මේ දුෂ්ඨ වැඩපිළිවෙල අපි හෙළා දකිමු.
මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපති
MEDIA RELEASE
Repression of the Media
While the people’s attention remains focused on the budget and on constitutional reform, the government has launched repression against the media. The secretary to the media ministry wrote to Derana TV last Friday asking them to explain the alleged distortion of a speech made by the president in one of their news bulletins before ‘further action’ is taken against the news channel. Earlier, on 25 October, the same official had written to Derana TV informing them that an inquiry is being conducted into this matter. The speech referred to was the one made by the president on 12 October at the Sri Lanka Foundation Institute where he had said among other things that the CID, FCID and Bribery Commission were working to a political agenda and that he was opposed to the manner in which the former defence secretary and three commanders of the navy were taken to courts.
The very next day on 26 October, Derana TV had replied to the media ministry saying that in any TV news bulletin anywhere in the world, only a one or two minute segment of a speech lasting 30 or 45 minutes would be broadcast. They had also pointed out that there was no difference between the segment of the speech they had broadcast and the content of a statement issued by the presidential media division on the same day. Despite this response, the media ministry secretary has once again called for an explanation from Derana TV.
On 25 October the same day on which Derana TV was informed that an inquiry was being made against them, the media ministry secretary issued a letter revoking the broadcasting license of the CSN Channel. The three charges made against CSN was that the change of address of the channel had not been notified to the media ministry, that directors of the channel were members of a political party and that the annual accounts of the channel had not been filed with the media ministry. CSN has rejected all three charges stating that their address has remained the same since the inception, that none of their directors past or present had been a member of a political party and that annual accounts are not submitted to the media ministry by any media organisation. In any case, none of the charges made against CSN can justify an action as serious as the revocation of a broadcasting license.
Even though the letter sent to CSN by the media ministry secretary had stated that an inquiry had been held, CSN has informed the media that none of their directors or employees had been called for an inquiry. Some time ago, a website critical of the government called ‘Lanka News Web Today’ was blocked by the Telecommunications Regulatory Commission. This government has arrested and jailed several young people for making posts critical of the government in their face book accounts. On one occasion a youth returning from overseas was arrested at the airport for allegedly making death threats against the president on his face book account. One of those arrested and jailed for making face book posts critical of the president was the deputy chairman of the Southern Provincial Council Sampath Atukorale.
All this is a part of a concerted effort to prevent the media from reporting anything detrimental to the government and to strike fear into young people so that they will not share critical thoughts about the government even on their private face book pages. The people have seen the manner in which the prime minister routinely issues threats to media organisations and to individual journalists. The action taken against Derana TV and CSN shows that the government has started following through with those threats. Last Saturday, the prime minister speaking in parliament in the presence of the President once again stressed the need to bring the media under their control.
Media repression is now a cornerstone of this government’s policy. Not a day goes by without a major demonstration against the government. The government is avoiding holding the long overdue local government elections due to the fear of defeat. They are now trying to intimidate and control the media so as to prevent the people from being informed about what is going on in the country. We unreservedly condemn this attempt to stifle the media and to destroy the last vestiges of democracy in this country.
Mahinda Rajapaksa
Former President of Sri Lanka
ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කර ප්‍රචාරය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බොරු චොදන නගමින් දෙරණ නාලිකාවට තර්ජනය කරමින් සිටින නීතිඥ නිමල් බෝපගේ හේවත් මෛත්‍රීගේ ගූ බට්ටා දෙරණ නාලිකා හිමිකරු වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගෙන් මිලියන 100ක මුදල් කප්පමක් ඉල්ලා ඇති අතර එය ප්‍රතිකේෂ්ප කිරිම හේතුවෙන් දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා දෙරණ මාධ්‍ය ආයතනය වෙත තර්ජනාත්මක ලිපියක් යැවිමට කටයුතු කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
පසුගිය ඔක්තෝබර් මස 12 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයක දී ජනාධිපතිවරයා විසින් පවත්වන ලද කතාවේ හරය විකෘති වන ආකාරයට සංස්කරණය කොට එදින විකාශනය කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු ප්රතිංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා දෙරණ මාධ්‍ය ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයා වෙත පසුගිය ඔක්තෝබර් 25 වන දින ලිපියක් මගින් දන්වා ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දෙරණ මාධ්‍ය ජාලය වෙත මෙලෙස අනතුරු ඇඟවීමක් සිදුකර ඇත්තේ ජනාධිපතිවරයාගේ කතාව අද දෙරණ වාර්තා කිරීමෙන් එහි අන්තර්ගතයට හානියක් සිදුවී නොමැති බවට පුළුල් පැහැදිලි කිරීමක් ඔහු වෙත ලිඛිතව යවා ඇති පසුබිමකදීය.
අදාළ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය 11වනදා අත්සන් තබා පසුව එම ලිපිය දෙරණ ආයතනයට නොයවා ඔහුගේ සහචරයන් යොදවා අදාළ ලිපිය ගැන බිය වද්දමින් දෙරණ නාලිකා හිමිකරු අන දිලිත් ජයවිරගෙන් මිලියන 100ක කප්පමක් ඉල්ලා පණිවිඩ යවා ඇති අතර් අදාළ මුදල ලබාදිමට කටයුතු කරන්නේ නම් ලිපිය ලැබිම වැලැක්වීමට තමන්ට හැකි බව බෝපගේ ගේ සහචරයන් පවසා තිබේ.කෙසේවෙතත් අදාළ තර්ජනයන්ට බිය නොවු දෙරණ හිමිකරු ඇතුලු කණ්ඩායම එම් කප්පම් දිගින් දිගටම ප්‍රතිකේෂ්පකර ඇති අතර ඒ හෙතුවෙන් අදාළ ලිපිය දින 06කට පසුව එනම් ඊයේ 18 දින සවස දෙරණ ආයතනයට ලැබෙන්නට සලස්වා තිබේ.
අදාළ කප්පම් ඉල්ලිමට සම්බන්ධ තොරතුරු රසක් අප සතුව් ඇති අතර එවා ඉදිරියේදි අප අනාවරණය කිරිමට සුදානමින් සිටි.
තර්ජනාත්මක ලිපිය පිළිබඳව දෙරණ කල අනාවරණය …….
http://www.sinhala.lnwtoday.com/archives/10076
http://www.sinhala.lnwtoday.com/archives/10110
මා දෙරණ නරඹන්නේ වෙනත් රූපවාහිනී නාලිකාවක් නැති කමට. එහි ප්රවෘත්ති, දෙරණ අරුණ හා සිදු නරඹනවා. ඉඳහිට 360ත් නරඹනවා. අනෙක් වැඩ සටහන් නම් එතරම් ගත යුත්තක් නැහැ. සමහර වැඩ සටහන් ඉදහිට නැරඹෙනවා. වාදවලින් නම් සත පහක වැඩක් නැහැ. මාත් ඉස්සර ඒවාට සහභාගි වුනා. ඒත් ඒවායින් වන්නේ මගේ රුධිර පීඩනය වැඩිවන එක පමණයි. මේ වාදවලින් නරඹන කිසිවකු තම අදහස් වෙනස් කරගන්නවා කියා මා හිතන්නේ නැහැ. පහුගිය පෝය දවසෙ නොපෙනෙන මානය බැලුවා. පෝය දවසෙ පව් සිද්ධවුනා. මා ඒ ගැන පසුව ලියන්නම්.
දෙරණ ඔය කියන තරම් අපේ කමක් රකින්නේ නැහැ. අලුත් දේ අවශෝෂණය කරන්න දන්නෙත් නැහැ. ඔවුන් කරන්නේත් අනුකරණය. අද ඔවුනුත් වෙළෙඳ දැන්වීම් වැඩි කර ගැනීමට තරග කරනවා. ඒත් ඒක කරන්න වෙනත් ක්‍රම තිබෙනවා. සිදු වැනි වැඩ සටහන් තවත් අවශ්‍යයයි. මා හිතන්නේ එය ගමට යන බවයි. අනෙක් ජනමාධ්‍ය මෙන් ම දෙරණත් ඉලක්ක කරන්නේ විශ්වවිද්‍යාල වටා කරකැවෙන පුහු ප්රබුද්ධයන්ට, නාගරික තරුණයන්ට හා ටෙලිනාට්‍ය ගෘහණියන්ට. ඔවුනුත් බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදී සංස්කෘතිය ගමට ගෙන යනවා. මේ සංස්කෘතිය කඩා වැටෙමින් පවතින බව ඔවුන් දන්නේ නැහැ. මට කණගාටු එහි ඇතැම් ප්‍රධානීන් කොළඹ විශ්වවිද්‍යාලයේ ගවේෂකයෝ සංවිධානයේ සංවාදවලටත් සහභාගි වී එතරම් දෙයක් ඉගෙන නොගෙනීම. ඔවුන් චතුස්කෝටිකයේ ඇතැම් අංග නම් මතුපිටින් අහුලා ගෙන තියෙනවා.
අද දෙරණට තර්ජනයක් කරලා. දෛවයේ සරදමකට මෙන් තර්ජන ලිපිය එවා ඇති ජනමාධ්‍ය ලේකම් ද එකල කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඔහු ගවේෂකයෝ සංවාදවලට සහභාගි වුනා ද කියා මට මතක නැහැ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති නම් ඒ සංවාදවලට සහභාගි වුනා. කොහොමටත් එකල සිටි ඇතැම් සිසුන් චතුස්කෝටිකය අනුව යමින් දෝ එකවිට තැන් කිහිපයක ඉන්නවා. මහින්ද රාජපක්ෂත් එදා මගේ ලෝකය සම්මන්ත්‍රණයේ දී ඒ බව සඳහන් කළා. එකල කොළඹ විශ්වවිද්‍යාලයේ සිටි සිසුන් බොහෝ දෙනකු අද ජනමාධ්‍යයේ, ඊනියා සිවිල් සමාජයේ හා දේශපාලනයේ දැකගන්න පුළුවන්. විශ්වවිද්‍යාලයකින් එක් සීමිත කාලයක දී මෙතරම් පිරිසක් බිහිවීම වැදගත්. ඒත් ඔවුන් බොහෝ දෙනා මට විරුද්ධයි.
අමාත්‍යාංශ ලේකම්වරුන්ට දේශපාලන නිදහසක් නැති බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ අය ආණ්ඩු සේවකයන් මිස රාජ්‍ය සේවකයන් නොවෙයි. රාජ්‍යයක් කියලා එකක් ලංකාවෙ තියෙන්නෙ නමට පමණයි. ආණ්ඩුව කරන්නෙත් දේශපාලනයක්. ඒත් ඔවුන් කියන්නේ විපක්ෂය පමණක් දේශපාලනය කරන බවයි. ආණ්ඩු රාජ්‍ය පාලනය කරන්නෙ නැතිව ආණ්ඩු සේවකයන්ට රාජ්‍ය සේවකයන් වන්න බැහැ. අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කෙරෙන්නේ ජනාධිපති විසින්. ඒත් අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඇමතිවරයකුත් ඉන්නවා. අමාත්‍යවරයා එ ජා පක්ෂයේ නම් අමාත්‍යාංශ ලේකම්ට චතුස්කෝටිකය මිස ද්විකෝටිකයක් නැහැ. එකවිට කීප තැනක ඉන්න වෙනවා.
ජනමාධ්‍ය ලේකම් දෙරණට ලිපියක් එවා ඇත්තේ ජනාධිපතිගේ කතාවක් විකෘත කළැයි කියලා. ඒ බව ඒ දවස්වල මෛත්‍රිපාලත් කිවුවා. ඔහු දෙරණට නොවෙයි, ජනමාධ්‍යවලට පොදුවේ තම කතාව විකෘත කළ බවට චෝදනා කළ බවයි මගේ මතකය. මට තෙරුම් ගිය විධියට ප්රශ්නය වෙලා තිබුනෙ උසාවියට ගෙන ගියේ හිටපු ආරක්ෂක ලේකම් ද ගෝඨාභය රාජපක්ෂ ද කියන එක. ඒක ජනාධිපති ද මෛත්‍රිපාල ද කියලා අහනවා වගේ. ඒ ගැන මා ඒ දිනවල ම ලිවුවා. මෛත්‍රිපාලගෙ එක භූමිකාවක් තමයි ජනාධිපති වීම. ඒත් මෛත්‍රිපාල වීම ජනාධිපතිගෙ එක භූමිකාවක් නො වෙයි.
කොහොමටත් ජනමාධ්‍ය ලේකම් මෙතන දි ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ ජනාධිපතිගෙ කීමට ද නැත්නම් ජනමාධ්‍ය ඇමතිගෙ කීමට ද? ජනමාධ්‍ය ලේකම් නම් කියයි තමන්් ස්වාධීනව ලිවුවා කියලා. දෙරණත් හැසිරෙන්න ඒ විධියට හිතාගෙන. දෙරණ කොහොමටත් තම තරංග පරාසය ආරක්ෂා කරගන්න ඕන. මට නම් ආරක්ෂා කරගන්න තරංග නැහැ. කොළඹ විශ්වවිද්‍යාලයෙ නීති පීඨයෙ ඉගෙන ඇත්තේ ජනමාධ්‍ය ලේකම්, නැහැ නිමල් බෝපගේ විතරක් නොවෙයි. රනිල් වික්රමසිංහත් එකෙ ඉගෙන ගත් අයෙක්. ඔවුන් කවුරුත් නීතිය දන්නවා. නීතිය නවන්න විතරක් නොවෙයි නීතියෙ හිල් හොයාගන්නත් දන්නවා. කොහොමටත් නීතිය බූරුවෙක් කියලා බටහිර කතාවක් තියෙනවා. මට නම් හිතෙන්නෙ නීතිය ගණිකාවක් කියලා. එයින් තම දරුවන් රැක ගැනීමට ඒ කටයුත්තේ යෙදෙන අසරණ කාන්තාවන්ට අගෞරවයක් නොවේවා කියලා පතනවා.
අපි මෙහෙම අහමු. ජනමාධ්‍ය ඇමති වැඩ කරන්නෙ ජනාධිපතිගෙ කීමට ද? අගමැතිගෙ කීමට ද? ඒ තුන්දෙනාගෙන් එක් අයකුගෙන්වත් නිවැරදි පිළිතුරක් බලාපොරොත්තු වෙන්න බැහැ. අදාළ ලිපිය පැහැදිලිව ම තර්ජනාත්මක ලිපියක්. අපි ප්රශ්නය වෙනත් විධියකට අහමු. දෙරණට තර්ජනය කිරීමට අවශ්‍ය ජනාධිපතිට ද අගමැතිට ද මෛත්‍රිපාලට ද රනිල් ට ද? ඒකට ලැබෙන පිළිතුර නම් ඉතා පැහැදිලියි. ඒ කාටවත් තර්ජනය කරන්න ඕන කමක් ඇත්තෙත් නැහැ, ජනමාධ්‍ය නිදහසට ගරු කරන මෙකල එකල මෙන් නොව සුදු වෑන් එවන්නෙත් නැහැ. අපි තවත් ප්‍රශ්නයක් අහමු. පාර්ලිමේන්තුවේ දි ජනමාධ්‍යවලට තර්ජනය කෙළේ කවු ද? ඒකටත් පිළිතුර කවුරුත් නැහැ. එහෙනම් ජනමාධ්‍යවේදින්ගෙ නම් කිවුවෙ කවු ද? පිළිතුර වෙන්නෙ නම් කියන එක තර්ජනයක් ද යනුවෙන් ප්‍රතිප්‍රශ්නයක් ඇසීමයි.
තර්ජනාත්මක ලිපිය එවුවෙ කාගෙ ඕනකමට ද කියන එක මට නම් පැහැදිලියි. එහෙත් නිශ්චිත සාක්ෂි නැතිව ඒක ප්‍රසිද්ධියෙ කියන්න බැහැ. මට කාවක්වත් සුදන කරන්න ඕන නැහැ. ඒත් මේ වැඩෙන් එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනකු මරා ගැනීමේ වුවමනාව තියෙනවා. මේ බොරු ප්රජාතන්්රවාදය, ජනමාධ්‍ය නිදහස ආදිය නියම ස්වරූපයෙන් ම එළියට එන්න ළඟයි. ආණ්ඩුවට අමරු වෙන කොට හැරිසන්ලගෙ රාජිතලගෙ විජිතමුණිලගෙ කටවල් පමණක් මදි වෙනවා. ඒ කටවල්වලට තව තවත් ඉඩ දෙන අතර ජනමාධ්‍යවල කටවල් බඳින්න සිද්ධ වෙනවා. ව්‍යවස්ථා කතාව අද පටන් ගන්නවා. කමිටු වාර්තා හය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එහි අවසන් ප්‍රතිඵලය සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තත්වය නැතිකර දෙමළ ජාතිවාදයට කප්පන් දීමයි. ඒකාබද්ධ විපක්ෂය මේකට මොනවට හවුල් වෙනව ද? දෙරණට තර්ජනය කරන්නෙ මූලිකව ම ව්‍යවස්ථාවට විරුද්ධව නැගෙන මතය “නීත්‍යානුකුල ව හා ප්රජාතන්ත්රවාදී ව” පාගා දැමීමට.
නලින් ද සිල්වා
2016 නොවැම්බර් 19
වර්තමානයේ ක්‍රියාත්මකවන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට “සිංහල සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේ ය” ලෙස දැක්වේ. වර්තමානයේ ලංකාවේ බලාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් නොවේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය වී සිටි සමයේ “පැකේජය” නමින් හැදින් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එහි 33 ව්‍යවස්ථාවේ “ සිංහල භාෂාව, දෙමළ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව ජනරජයේ ජාතික භාෂාව වන්නේ ය” ලෙස දක්වා ඇත.චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ අරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජාතික භාෂව ලෙස ඉංග්‍රීසිය ඇතුළත් කිරීම බව ඒ අනුව පැහැදිලි ය.
ඉදිරියේ සම්මත කරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල භාෂාවට හිමි නීතිමය ආරක්ෂාව අහිමි කිරීම සදහා සිංහල-මුස්ලිම් ගැටුම් නිර්මාණය කරන බවට 2013-2014 වසරේ නීතී විද්‍යාලයේ ප්‍රවේශ පරීක්ෂණයේ දී සිදු වූ දෙමළ භාෂා නීති ප්‍රශ්න පත්‍ර සොරකම සම්බන්ධ ක්‍රියාවලිය මැනවින් පැහැදිලි කරයි. මුස්ලිම් නීතීඥවරයෙකුගේ මෙහෙයවීමෙන් සිදුකළේ යැයි කියන එකී ප්‍රශ්න පත්‍ර සොරකම සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනය අවසානයේ නීති බලධාරීන් තීරණය කරන ලද්දේ සිංහල භාෂාවෙන් ප්‍රශ්න පත්‍ර ලබා නොදී ඉංග්‍රීසියෙන් පමණක් ප්‍රශ්න පත්‍ර ලබා දීම මෙවැනි වැරදි සිදු කිරීම වැළැක්වීමට ඇති විකල්පය සහ විසදුම බවය.
කියවන්න – සේවා සපයන්නන් බවට පත් වන නිෂ්පාදකයන්ගේ දරුවෝ
දැනට පාර්ලිමේන්තුව විසින් පත්කරගෙන ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරගෙන යයි. ඒ සදහා ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යමින් ඇමති සංඛ්‍යාව වැඩිකරගෙන ඇති බවත් ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් අවස්ථා කිහිපයකදී පවසා ඇත. ඉදිරිපත් කරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ෆෙඩරල් ගති ලක්ෂණ ඇති බවත්, බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා ඉටුකරවන්නක් බවත් ඇතැම් විද්වතුන් මේ වන විටත් අදහස් පළ කරමින් සිටියි.
ඒ අතර වර්තමානයේ සමාජය හමුවේ විවිධ අර්බුද පැන නැගී ඇත. ඒවා පාලකයන් විසින් ම කෘතිමව නිර්මාණය කරන්නක් බවද ආණ්ඩු විරෝධී ඇතැම්හු පවසති. 2016 මැයි 05වැනි දින සාලාව අවි ගබඩාවේ පිපිරුමෙන් වූ විනාශය තවම සමනය වී නැත. යාපනය විශ්වය විද්‍යාලයේ උඩරට නැටුම් පැවැත්වීම සම්බන්ධව සිසුන් ලේ හලා ගත්තේ ය. එමෙන්ම උතුරේ “ආවා” කණ්ඩායම නමින් නීතියට පිටින් ක්‍රියාත්මක වන කල්ලි බිහි වී ඇත. ඒ අතර දකුණේ සිංහල සහ මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරන බීජ වපුරවමින් සිටින පිරිසක් පිළිබද තොරතුරු අනාවරණය වෙයි.
යුරෝපයෙන් ලැබෙන ජී.එස්.පී සහනය/GSP Plus වෙනුවෙන් මුස්ලිම් විවාහ නීතියේ සංශෝධන සිදුකරන බවට සමාජයේ අදහස් පැතිරී යයි. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා ගේ විනය පිළිබද කටයුතු කිරීමට නීති කෙටුම්පත කරන්නට විය. ථේරවාදී කතිකාවත් පනත් කෙටුම්පත සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල විමසීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කරන ලද්දේ එහි ඇතැම් වගන්ති ජනමතවිචාරණයකින් නීතිගත කළ හැකි බවයි. ආගමික හර පද්ධතියකට අයත් දේවල් සම්බන්ධව ජනමතවිචාරණ පැවැත්වීම කෙතෙක් දුරට ප්‍රායෝගික වන්නේ ද යන්න මුස්ලිම්වරුන්ට විවාහ නීති හදුන්වාදෙන අවස්ථාවේ පෙනී යනු ඇත.
රටක් පාලනය කරන මූලික ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එංගලන්තය වැනි රටවල අලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද ශ්‍රී ලංකාව, ඉංදියාව, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාද පවතී. වෛද්‍ය වෘත්තීය, ඉංජිනේරු වෘත්තිය, ගණකාධිකාරී වෘත්තිය මෙන් නොව නීතිය විශේෂ ආකාරයක් සහ විශේෂ හැඩතළයක් ගනී. වෛද්‍ය, ඉංජිනේරු අංශයන්ගෙන් සියලු දෙනා පාලනය නොවුණත් නීතිය එසේ නොවේ. පුද්ගලයා කැමති වුවත් නැතත් නීතියෙන් බැහැර වී යාමට කිසිම තැනැත්තකුට හැකියාවක් නැත. නීතිය සෑම පුද්ගලයෙකු පසු පසම හෙවනැල්ලක් ලෙස ලුහුබැද එයි.
ඉහත විශේෂ ආකාරයේ හැසිරීම නිසා නීතිය රටේ පාලනයේ මුදුන් මූලය වන අතර නීතිය මගින් ජනතාව මත ඇතිකරන බලපෑම ජනතාවගේ නිදහස සදහා තීරණාත්මක ලෙස බලපායි. වර්ෂ 1815 දී කන්ද උඩරට ගිවිසුමත් සමගම ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය එංගලන්තයේ කිරීටයට පවරා දීම සිදු විය. 1815 සිට 1970 සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වන තෙක්ම එංගලන්තයේ මහරැජින විසින් සිය නියෝජිතයන් මගින් ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන ලදී. එනම් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දු වෙනස් කිරීමේ අධිකරණ බලය එංගලන්තයේ රාජාධීකරණය අත දරා සිටීම 1970 ආණ්ඩුව පලයට පත් වන තෙක් ම සිදු විය.ඉන් කියවෙන්නේ විධායක බලය හෝ ව්‍යවස්ථාදායක බලය අභිබවා රටක නිදහස සදහා අත්යවශ්යෙයෙන් වැදගත් වන්නේ අධිකරණ බලය බවයි. එය වඩා පැහැදිලි වන්නේ පුදගලයාගේ නිදහස තීරණය කරන බලවතා වන්නේ අධිකරණය වීමයි.
2015 ජනවාරි මස 08 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් යහපාලන සංහිදියා ජනාධිපතිවරයෙකු සහ ආණ්ඩුවක් පත් වීමේ සිට මේ දක්වා අධිකරණය සහ නීතිය යොදාගනිමින් පුද්ගලයන් බන්ධනාගාර ගත කිරීම සිදුකරණ ක්‍රියාදාමය අධික්ෂණය කිරීමේදී නීතිය මගින් පුද්ගලයන්ගේ නිදහස කොතෙක් සීමා කළ හැකිද යන්න පැහැදිලි වෙයි. නේලසන් මැන්ඩෙලා වසර 27ක් අදුරු කුටියක සිරකරන ලද්දේ බ්‍රිතාන්‍ය කිරීටයේ අණසකට අනුව ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකාවේ අධිකරණ විනිසුරුවරුන්ගේ තීන්දු වලිනි.
වර්තමානයේ ලංකික සමාජයේ ක්‍රියාකාරීත්වය පැටලී ගිය නූලක පැටලිලි ලෙහනවාට වඩා අවුල් ජාලයකි. මේ පැටලිලි ඇති කරන්නවුන්ට පවා ඒවා නිරවුල් කළ නො හැකි මට්ටමට පැටලැවිලි සංකීර්ණ වී ඇත. මේ පැටලැවිලි අස්සේ සිංහල භාෂාව සහ බුදුදහමත්, ලංකාවේ කෘෂිකාර්මික පරිසරයත් විනාශ වී යා නොදී රැක ගන්නේ කෙසේ ද යන්න පිළිබද ස්වදේශිකයන් අවබෝධ නො කරන්නේ නම් ඉන් නිවැරදි කළ නොහැකි අත්වැරද්දක් සිදුවෙයි. ලංකීය කෘෂිකාර්මික පරිසරයේ හැදෙන වැඩෙන දරුවන්ගෙ දෑතට ටැබ්/TAB එක දී උදැල්ල ඇමෙරිකා එක්සත් ජනපදයට දීමේ න්යායාචාරීවරුන් සිටින රටකට ජාතිකත්වය “නයාට අදුකොළ මෙන්” පෙනී යාම පුදුමයට කරුණක් නොවේ. (වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව)
මේ යහපාලන සංහිදියා පාලකයන් හොරු අල්ලන හැටිත්, රට සංවර්ධනය කරන හැටිත් අපි බලා සිටිමු.
නීතීඥ උණවටුන කේ. අරැණ ලක්සිරි
B.Sc(Col),PGDC(Col)
2016.11.18
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව බලය මෙන්ම ඉදිරියේදි සිදුවන ආණ්ඩු පෙරලියක් හරහා එජාපය දෙකඩ කිරිම හරහා ශ්‍රීලනිප මෛත්‍රී පිළ සහ එක්ව ආණ්ඩුවක් සාදා එහි අගමැති තනතුර ගැනිමට මාන බලමින් සිටින මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් රහසිගතව නුගේගොඩ කන්දවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන සුපිරී ගණිකා මඩම සහ පසුගියදා මුල්‍ය වංචාවක යෙදුනු Thousand talks, No works ලංකා ඊයා නිවුස් නිල නොලත් කතෘ තුසිත හල්ලොලුව අතර සමීප සබඳතාවය පිළිබඳව තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වි තිබේ.
පසුගියදා තුසිත හල්ලොලුව අමරිකානු ඩොලර් 60 දහසක(US 60000$) රැගෙන ඉන්දියාවේ චෙන්නායි දක්වා ගොස් ඇත්තේ මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් පවත්වාගෙන යන් ECTA වර්ගයේ ගණිකා නිවාසයේ ඉන්දියානු ගණිකාවන්ගේ මුදල් බව අනාවරණය වි තිබේ.
අප කල අනාවරණය –කප්පම් හල්ලොලුව අමරිකානු ඩොලර් 60 දහසක් අරන් චෙන්නායි පනී…කටුනායක ආරක්ෂකයන්ටත් තගක් දාලා
තුසිත හල්ඔලුව, ෆාරුක් ෆර්ඩ්හවුස්, සහ ඉන්දීය ජාතිකයෙකු වන රාම් සුදර්ශන් නැමත්තා සමග අදාළ ඩොලර් තොගය රැගෙන රටින් පිටවු අතර අදාළ මුදල් රටින් පිටතට ගෙනයෑමට යෑමේදී ගුවන් තොටුපල ආරක්ෂකයන් විසින් අත් අඩංගුවට ගැනිමට කටයුතු කල අතර පසුව ජනාධිපති කාර්යාලය හරහා සහ මුදල් අමාත්‍යවරයාගේ බලපෑම මත එම මුදල් මුදාහැරීමට කටයුතු කල බව අනාවරණය වුනා.
පසුව ඇමති සන්ද්රේෂ් රවී කරුණානායක අමතා ඇති තුසිත, අදාළ කාරණය ගැන රවීට සඳහන් කළ පසු රවී තම ගෝලයා වූ තුසිත බේරාගෙන ඇත. රවීගේ සහ තුසිතගේ ඇමති-ගෝල මිත්‍රත්වයද ඉතා දුර දිග ගිය එකකි. මොහු විසින් මෙහෙයවන ලංඩන් නුවර සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිවුස් වෙබ් අඩවියකට රවී විසින් තුසිත හරහා වෙළඳ දැන්වීම් ලබා දී තිබේ. ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ ඊළග අගමැතිවරයා විම සහ එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලිම සදහා වන රවීගේ දේශපාලන මෙහෙයුම සමාජ ගත කිරිම සදහා රවිට බලපෑමක් එල්ල විය හැකි කණ්ඩායම් මර්දණය කිරිම වෙනුවෙන් ඊ නිවුස් භාවිතා කිරිමයි.
රාම් සුදර්ශන් නැමත්තා ඉන්දියාවේ චෙන්නායි නුවර ප්‍රසිද්ධ හෝටලයක් පවත්වාගෙන යන අයෙකු වන අතර වත්මන් ආණ්ඩුව බලයට පත්විමත් සමග ඔහු මුදල් අමාත්‍යවරයා සමග සමිප සබඳතාවයක් ගොඩනගා ගැනිමට කටයුතු කර ඇති අතර ඊට ප්‍රධානතම් හේතුව වි ඇත්තේ මනී ලොන්ඩරින් හෙවත් කලු සල්ලි සුදු කිරිමේ ව්‍යාපාරයක රාම් සුදර්ශන් යෙදි සිටිම වේ.
ඒ අනුව රවිට ලං වු රාම් පසුව එම බැදිම ශක්තිමත් කිරිම සදහා රවිගේ ගොන් පොට් එකට බඩු සැපයිමේ වැඩෙද අතට ගත් අතර ඒ සදහා ඉන්දියාවේ වෙලී…වෙලී සිටින සුරූපීකාන්තාවන් ලංකාවට ගෙන්වා ඔහුන් නිරූපිකාවන් ලෙස හදුන්වමින් ඉතා ඉහල මිල ගණන් වලට සැපයිමේ ජාවාරම ආරම්භ කල අතර ඒ සදහා යොදා ගනු ලැබුවේ නුගේගොඩ කන්දේවත්ත ප්‍රදේශයේ ඇති නිවසකි.
අනාගත දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් නුගේගොඩ කන්දවත්ත පාරේ පවත්වාගෙන යන අමාත්‍යවරුන්ට සැප දිමේ ගණිකා භාවිතා කරනවාට අමතරව එම සුරූපී ගණිකාවන් යොදවා ගනිමින් කලු සල්ලි සුදු කිරිමේ ජාවාරමද ඉතාමක් සුක්ෂම අයුරින් කිරිමට රවීට හැකියාව ලැබි තිබේ.රාම් සුද්ර්ශන්ගේ දකුණු අත මෙන් සිටින අනෙකා වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක වරයකු ෆෙරෝස් ෆාරුක් මේ දෙදෙනාගෙම ආරක්ෂකයා වි ඇත්තේ තුසිත වන අතර තුසිත රැක ගැනිමට රවි කටයුතු කරමින් සිටින අතර ඊට අමතරව දැවැන්ත මඩ ප්‍රහාරයකට ලක්වු සිරිසේන ජනාධිපතිවරයාද තුසිත බ්ලැක්මෙල් කිරිමට සමත්ව තිබේ.
රාම් මැතක් වනතුරු නතර වි සිටියේ වර්තමානයේ කෘෂිකාර්මික අමාත්‍ය දුමින්ද දිසානායක වර්තමානයේ නතර වි සිටින ඔහුට අයත් රාජගිරියේ Parkway Residential Care Home හි වන අතර දුමින්ද කොළබ ජයික් හිල්ටන් හොටලයට වි රැට රැට කෘෂි ප්‍රතිපත්ති සකස් කලේ රාම්ගේ ඉන්දියන් කෑලී සමග කවුරුත් දන්නා රහසකි..
තුසිත හල්ඔලුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක වරයකු ෆෙරෝස් ෆාරුක් නමැති මුස්ලිම් ජාතිකයකු සහ රාම් සුදර්ශන් නමැති ඉන්දියානු ජාතිකයකු, ඉන්දියාව බලා ගුවන් ගත වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී නීතිවිරෝධී ලෙස ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලක් සාපරාධී ලෙස රටින් පිටතට ගෙන යාමට උත්සහා ගැනීමේ චෝදනා මත රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කල බව අප පසුගිය 12 වනදා වාර්තාකර සිටියා. ඉන්පසුව මොවුන් විසින් ඉන්දියානු නිලියන් මෙරටට ගෙන්වා ප්‍රභූවරුන්ට අලවිකිරීමේ වංචාවක් පිලිබදව කරුණු වාර්තා කර සිටි අතර මෙම ටෙලිකොම් අධ්‍යක්ෂක වරයකුවන ෆෙරෝස් ෆාරුක් නමැති මුස්ලිම් ජාතිකයා සතු දේපොළ පිලිබදව තොරතුරු රාශියක් අපවෙත ලැබී තිබෙනවා.
2015 වසරේ පෙබරවාරි 3 වනදා යහපාලන ආණ්ඩුව යටතේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශ මත ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක වරයකු වශයෙන් ෆෙරෝස් ෆාරුක් නැමැත්තා පත්කර ඇති අතර SLT VisionCom (Private) Limited and SLT Property Management (Private) Limited යන ආයතන දෙකේ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරමින් සිටියි.
Lakeside Property Developers (Private) Limited, Manelwala Hydropower (Subsidiary of Pan Asia Power Limited) ඇතුළු තවත් සමාගම් කිහිපයක අධ්‍යක්ෂක වරයකු වශයෙන් කටයුතු කරන මොහු තම බලය සහ දේශපාලන සබදතා යොදාගනිමින් රජයේ ව්‍යපෘති තම පුද්ගලික සමාගම් හරහා සිදුකරදී විශාල මුදලක් සොයා ගනිමින් සිටින බවට මොහුට සමීප ආරංචි මාර්ගවලින් තහවුරු වේ.
මොහු සතුව පාක් රෝඩ් හී නිවසක් බම්බලපිටිය මිල අධිකම මහල් නිවාස සංකීර්ණයක නිවාස දෙකක් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය අසල නිවාස සංකීර්ණයක ඇ.ඩො 540000 වටිනාකමින් යුත් නිවසක් මිරිහාන ප්‍රදේශයේ තවත් නිවසක් ඇතුළු තවත් විශාල වත්කම් ප්‍රමාණයක් පසුගිය වසර දෙක තුල උපයාගෙන තිබේ.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ බිරිඳගේ මැදිහත් විමෙන් මෙම ස්ථානය ක්‍රියාත්මක වන අතර ඉන්දිය සුරූපීයින්ට අමතරව ලංකාවේ 2.50 ටෙලි නාට්‍ය මෙන්ම සිනමා නිළියන්ද මෙම ස්ථානය හරහා විකිණෙන අතර එම ස්ථානය භාරව සිටින්නේ ක්රිෂාන්ගනී පෙරේරා නැමැති රවිගේ බිරිදගේ සමිපතම කාන්තාවක වන අතර මේ හරහා රවී මුල්‍ය වාසියක් නොලබන අතර ඔහු ඒ හරහා දේශපාලකයින් බිලී බා ගැනිම සදහා අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.එම ව්‍යාපෘතිය හරහා මුල්‍ය වාසි ලබාගන්නා කිහිප දෙනෙකු සිටින අතර එම කිහිප දෙනා අතර තුසිතද සිටින බව දන්නෝ හොදින්ම දනී.
ලිංගික අල්ලස් දි…බ්ලැක්මෙල් කිරිමේ රවිගේ ක්‍රමය….
යහපාලනය විසින් ඝාතනය කරනු ලැබු මාදුඵවාවේ සෝභිත හිමියන් මඩ පත්තර නිර්මාණය කිරිමට වසල රාජ්‍ය නොවන සංවිධානයකට සල්ලි පොම්ප කිරිමටද වත්මන් යහපාලන මුදල් ඇමති රවි කරුණානායක සමත් වු අතර ඒ පවු සොදා ගැනිම සදහා සෝභිත හිමියන් සිංගප්පූරුවේදි අපවත් කල විට ශ්‍රි ලංකා රජය නියෝජනය කරමින් සිංගප්පූරුවට ගොස් සෝභිත හිමියන්ගේ සිරුර රැගෙන එන්නට ඉදිරිපත් වු අයෙකි.
අදාළ පුවත දැන ගන්න කියවන්න – මෙදා යහපාලකයන් එදා සෝභිත හිමි ඝාතනය කල අයුරු
වත්මන් ජාතික ආණ්ඩුවේ නව අගමැති ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඩිල් දියණිය වන චතුරිකා සිරිසේන මෙහෙයුමක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ජාතික ආණ්ඩුවේ ඇතිවි තිබේන ගැටුම් භාවිත කරමින් එජාපය දෙකඩ කර ඉන් කොටසක් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොටස් සහ තවත් සුලු ජාතික පක්ෂ එකතු කර නව ආණ්ඩුවක් පිහිටුවිමට සිරිසේන ජනාධිපතිවරයාට මේ වනවිටත් යෝජනා ඉදිරිපත් වි ඇති අතර එම ආණ්ඩුවේ අගමැතිකම සදහා රවි කරුණානායක පත්කිරිමට චතුරිකා කටයුතු කරමින් සිටි.
එම පුවත් කියවන්න – රවී අගමැති කරන්න චතුරිකා මෙහෙයුමක්- නුවර ජනපති මන්දිරයේ කුමන්ත්‍රණය මෙන්න
දේශපාලකයන්ට සැප දිමට අමතර වැඩ
අදාළ මුදල් කොළඹ කොටුවේ රහසේම මුදල් මාරු කරන මධ්‍යස්ථානයක් සහ ‘උන්ඩියල්’ ක්‍රමය මඟින් කළු සල්ලි භාවිතා කරමින් කෝටි ගණනින් මුදල් උපයන නීති විරෝධී ව්‍යාපාරික ජාලයක් මෙහෙයවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස පෙනී සිටින මොහොමඩ් රිස්වි ඉල්ලියාස් (Rizley Illayas)නොහොත් ඩිඩාගේ රු.කෝටි 16ක විදෙස් මුදල් මුදල් තොගයක් ගුවන් තොටේදි අත් අඩංගුවට ගැනිමත් සමග අප 2016 ජුලි 23 දින මෙම ගණිකා මඩමෙ විස්තරද අනාවරණය කළා.
අදාළ මුදල් රැගෙන ආ සැකකාර කාන්තාව දේශපාලන ප්‍රභලයන් සමග සමීප සබඳතාවයන් ඇති බව ප්‍රශ්ණ කිරිම් වලදි අනාවරණය වි ඇති අතර පසුගිය කාලසිමාවේ ආර්ථික සම්බන්ධයෙන් වැඩිපුරම කතාබහට ලක්වු අමාත්යවරයේකුගේ බිරිඳක් විසින් නුගේගොඩ කන්දවත්ත පාරේ පවත්වාගෙන යන අමාත්‍යවරුන්ට සැප දිමේ ගණිකා මඩමේ සම්බන්ධීකරන කටයුතු වලට සහය දෙන එම ස්ථානයේ නිරන්තරයෙන් ගැවසේන කාන්තාවක් බවද අනාවරණය වි තිබේ.
එම පුවත් කියවන්න – රටින් පන්නන්න හැදු .කෝටි 16ක කළු සල්ලි වල අයිතිකරු මෙන්න
සදරුවන් තුසිත ගණුදෙනුව
සදරුවන් මානසික රෝගයකි. සඳරුවන්ගේ මානසික රෝගී තත්වය ගොඩනැගෙන්නේ සඳරුවන්ව කිසි කෙනෙකු ගනන් නොගන්න නිසාය. සඳරුවන් කියන්නේ වැදගත් මාධ්‍යවේදියකු නොවේ. තුට්ටු දෙකේ මඩ ගසන්නකු, වැලපත්තර කාරයකු පමණි. ඒ බව කවුරුත් දනී. ඒ නිසා සඳරුවන් අනුන් කෙරෙහි ඊර්ශාවකින් පෙලෙන්නෙකි.
සඳරුවන්ව කවුරුත් ගනන් ගත්තේ නැත. ඔහු තුට්ටු දෙකේ මඩ වෙබ් කාරයකු පමණක් විය. රාජපක්ෂ රෙජීමයට සැබෑ ලෙසම අභියෝග කළේ මෙරට සිට රාජපක්ෂලාට අභිමුඛව සිටිමින් වෙබ් අඩවි කළ ඉතා සුළු පිරිස මිස එංගලන්තයට වී සිටි මේ අබ්බගාත හිඟන්නාගේ මාධ්‍ය බාවිතාව නොවේ..
සඳරුවන්ට කිසිදු දේශපාලන ඉලක්කයක් දැනුමක් තිබුණේ නැත. කවුරුන් හෝ සල්ලි සමඟ දෙන තොරතුරක් ග්‍රාමය භාෂාවෙන් ලියුවා හැර සඳරුවන් දන්නා දේශපාලනයක් නැත. මේ නිසා සල්ලි ලැබෙන විදිහට පුවත් පළ කිරීමත් පුවත් ගලවා දැමීමත් ඔහුගේ පුරුද්ද විය.මහින්දට නාම යෝජනා දීමට ජනාධිපතිවරයා තීරණය කළ විට ඔහුට ඉතා පහත් භාෂාවෙන් පරිබව කළ සඳරුවන් පැය තුනක් යන්නට කලින් එම පුවත ගලවා දමා මෛත්‍රීපාලව වර්නනනා කරන්නට පටන් ගත්තේ අතට ලැබුණු කුට්ටිය නිසාය. ඒ එක් උදාහරණයකි. සඳරුවන් ඕනෑම කෙනෙකුගෙන් මුදල් ගනී. නැත්නම් කප්පම් ගනී. ඔහුගේ දේශපාලනය ඒ අනුව සිදුවේ. අද සල්ලි දුන් එකා හෙට නොදුන්නහොත් ඒකාගේ පට්ට පතුරු යැවීම ඊනිව්ස් වෙබ් අඩවියේ සාමාන්‍ය විදිහය.
කාන්තාවන්ගේ අගපසග බලමින් සතුටු විමට පම්ණක් කැමති සදරුවන්ගේ සගයා වන තුසිත යහපාලනේට මාස හතරක් වෙද්දී ඉන්න හිටින්නට තැනක් නැතිව සිටි අයෙකු වන අතර අද ඉන්නේ Crescat හි අතිසුඛෝපභෝගී සුපිරි නිවසකය. මාසිකව ගෙවන නිවාස කුලිය හත්ලක්ෂ පනස්දාහකි. එසේම කෝට්ටේ ගල්වල පාරේ අලූතින් කෝටි 03 ක පමණ නිවසක් මුදලින් කෝට් දෙකක් දී ඉතිරිය ණයක් මගින් හිමිකර ගැනීමට ද තුසිත සමත් වී ඇත. එහි ණය වාරිකය වන තුන්ලක්ෂ විසිපන්දහස කප්පං සල්ලි විදියට වෙනත් කෙනෙකු ගෙවා දමයි. එපමණක් ද නොව යන්න එන්න බයිසිකලයක්වත් නොතිබුණු තුසිත හල්ලොලූව අද පාවිච්චි කරන්නේ BMW හා බෙන්ස් යන වර්ගවල රථ දෙකකි. ඒවා ද විවිධ යටිකූට්ටු වැඩ කරදෙන බවට පොරොන්දු වී කප්පං වශයෙන් ලබා ගත් ඒවාය.
සදරුවන් තුසිත ඊළග පිම්ම …
කන්දවත්ත ගොන් පෝට් එක හරහා දේශපාලකයන් බිළි බා ගැනිමේ මෙහෙයුම මේ වනවිටත් ඉතාම සියුම්ව ක්‍රියාත්මක වෙමින් තිබේන අතර මෙම පුවත් හරහා සිදුවන අනාවරණයෙන් පසුව ගොන් බඩු පෙන්වා සදරුවන් සහ තුසිතගේ කප්පම් ගැසිමේ මාෆියාව පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කිරිමට අප සුදානමින් සිටින බවද අවධාරණය කරමු.
අද අයවැය සම්මත වේවි. බොහෝ විට තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් ම සම්මත වේවි. මෛත්‍රිපාලගෙ මියගිය ශ්‍රී ල නි ප අවතාර ටික කිසිම ලජ්ජාවක් නැතිව අයවැයට පක්ෂ වේවි. සීනි කිලෝවක මිළ රුපියල් දෙකකින් අඩු කරලා. අයවැයට පක්ෂව ඡන්දය දෙන්න ඒකම වුනත් ඇති. සීනි දෙසිය පනහක් අඩු වෙන්නෙ කීයකින් ද කියලා තුනේ පංතියෙ ළමයකුගෙන් අහන්න පුළුවන්. ඒත් ඒ ළමයි ශත පනහෙ කාසි දැකලා නැතුව ඇති. ඒ නිසා ඒක අහන එකේ තේරුමක් නැහැ. ඒක වියුක්ත ප්‍රශ්නයක් වේවි. ඒ ළමයට අංක ගණිතය එපා වේවි. අන්දරේ පස් කනව කියලා සීනි කෑවා. දැන් සීනි කනවා කියලා පස් කන්න වෙලා.
ජ වි පෙරමුණ අයවැයට පක්ෂව ඡන්දය දුන්නත් නැතත් අයවැය ගැන ඒ පක්ෂයත් වග කියන්න ඕන. රාජපක්ෂ රෙජිමය කියලා බටහිරයන් රනිල් ලව්ව කියව ගත්ත එක පරාද කළෙ ජ වි පෙ නූනත් ( ජ වි පෙරමුණටවත් ජාතික හෙළ උරුමයටවත් එහෙම හයියක් නැහැ) ජ වි පෙ ඒ පරාද කරන අදහසෙ හිරියා. ඔවුන්ටත් ඕනැ වුනේ යහපාලන ආණ්ඩුවක් ඇති කරන්න. ඔවුන්ගේ ඊනියා විද්‍යාත්මක මාක්ස්වාදී දෘෂ්ටියට යහපාලනෙ කෙරුවාව පෙනුුනෙ නැද්ද? අපෝහකය, ඔවුන් කියන විධියට දයලෙක්තිය ඔවුන්ට උපකාර වන්නෙ නැද්ද? දැන්වත් මාක්ස්වාදයෙ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය කියෙවුවොත් නරක ද? 1980 දි ලියවුනු මාක්ස්වාදය විද්‍යාත්මක ද කියන ලිපිය අවශ්‍ය නම් වික්‍රමබාහු සහෝදරයගෙන් ඉල්ල ගන්න පුළුවන්. අනුර දිසානායක දැන් ආණ්ඩුවට විරුද්ධව බෙරිහන් දෙන්නෙ කාව රවට්ටන්න ද?
මේ අයවැය ගැන කතාකරන්න දෙයක් නැහැ. බොහොම කාලෙකට පෙර ඇන් ඇම් පෙරේරා අයවැයක් ගැන කිවුවෙ ඒක ලියල තියෙන කඩදාසිය තරම්වත් වටින්නෙ නැහැ කියලා. ඒක ඉංගිරිසි කියමනක් තමයි. ඒත් රවි කරුණානායකට තේරෙන්නෙ ඉංගිරිසි කියමන් මිසක් අන්දරේ සීනි කෑ හැටි නො වෙයි. මේ අයවැයෙන් යෝජනා කීයක් ලබන අවුරුද්දෙ අග වෙනකොට ඉතිරි වෙයි ද කියලා ඒකට පක්ෂව ඡන්දෙ දෙන අයවත් දන්නෙ නැතිව ඇති. මෛත්‍රිපාලට අයවැය ගැන මොකුත් කියලා නැති පාටයි. දැනගෙන හිටිය නම් ඔය බදු එකක්වත් වැඩි කරන්න දෙන්නෙ නැහැ. කොහොමටත් අයවැය රහස් දන්නෙ මුදල් ඇමති විතරයි කියලා පොඩි ළමයින්ට උගන්වනව නේ.
බදු ගැන බස් ගැමුණු බලා ගනීවි. අප කලබල වෙන්න ඕන නැහැ. ඒත් අර මහා බැංකුවේ ස්වාධීනත්වය නැති කරන්න යනවා කියලා එහි හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු කියලා තියෙන එක ගැන බස් ගැමුණු දන්නෙ නැතිව ඇති. දන්නව නම් මහා පාරෙ එක බසයක්වත් දුවන්නෙ නැහැ. එහෙනම් බස් දුවන්නෙ රේල් පාරෙ ද කියලා මගෙන් අහන්න එපා. රේල් පාරෙ දුවන බස් නම් තියෙන බව මා දන්නවා. ඒවා බස් ම නො වෙයි. කොහොම වුනත් ඒක ගැන වාද කරන්න මා සූදානම් නැහැ. මා කිසිම දෙයක් ගැන කාලෝ ෆොන්සේකා හැරෙන්්න වෙන කා සමගවත් වාද කරන්නෙ නැහැ. කාලෝ සමගත් වාද කරන්නෙ බටහිර විද්‍යාව පට්ටපල් බොරු ද කියන එක නොපෙනෙන මානය ආදී දේ ගැන විතරයි. ඔහු ඊනියා යථාර්ථවාදයෙ ලංකාවෙ නියෝජිතය වගේ කටයුතු කරන්නෙ.
ඒත් අර නොපෙනෙන මානය ගැන නම් මොනව හරි ලියන්න ඕනෙ. ඒ වාදයක් සඳහා නො වෙයි. දෙවියන් භූතයන් ඉන්න බව මා දන්නවා. ඒ මා දැකලා නොවෙයි. දැකපු අය ඉන්නවා. ගුරුත්වාකර්ෂණය දැකපු කවුරුවත් නැහැ. දෙවියන් ඇති බව තියා ගුරුත්වාකර්ෂණය ඇති බවවත් බටහිර විද්‍යාවට පෙන්නන්න බැහැ. ජ වි පෙරමුණට හා අනුගාමිකයන්ට ඒ බව පෙන්වන්න පුළුවන් ද කියලා ඒ ගොල්ලන්ගෙ ම අහන්න ඕන. බටහිර විද්‍යාවට තමන්ගෙ ඊනියා විධික්රමයට පෙන්නන්න පුළුවන් ද සම්මත අර්ථයෙන් පවතින්නෙ ඉන්ද්රිය ගෝචර ලෝකය පමණක් කියලා. එහෙමත් නැත්නම් ඉන්ද්‍රියානුභූතවාදියකුට හරි ඊනියා පශ්චාත් ඉන්ද්‍රියානුභූතවාදියකුට හරි පුළුවන් ද? බටහිර විද්‍යාව තමන්ගෙ හතර මායිම පමණක් ම තියෙනවා කියලා, වෙනත් කිසිවක් නැහැ කියලා පෙන්නලා වැඩේට බැස්ස නම් කාටවත් ප්‍රශ්න නැහැ. අර නිර්වචන ඉල්ලන පඬියන් ඉස්සෙල්ල හතර මායිම ලකුණු කරගත්ත නම් නරක ද? ගැලීලියෝවත්, බේකන්වත්, මාක්ස්වත් වෙන කවුරුන්වත් තාම ඒක කරලා නැහැ. පඬියන්ට පුළුවන් ද?
ආණ්ඩුව මහා බැංකුවට පමණක් කරගෙන යෑමට අවසර තිබූ දෙයක් පෞද්ගලික ආයතනයකටත් භාර දෙන්න යනවා කියලා හිටපු නියෝජ්‍ය අධිපතිතුමා කියලා තිබුණා. ඔහු ඊනියා ලිබරල් ආර්ථිකයකට විරුද්ධ ය කියලා මා හිතන්නෙ නැහැ. ඔහු 1917 අයවැය 1916 අයවැයට වඩා හොඳය කියලත් කියනවා! ඔහු ආණ්ඩුව අයවැයෙන් මහා බැංකුවෙ කාර්යයන් කිහිපයක් ම තමන්ට පවර ගන්නවා කියලා චෝදනා කරනවා. 1949 දි මහා බැංකුව එහෙමත් නැත්නම් මධ්‍යම බැංකුව පිහිටුවනු ලැබුවෙ ඊනියා ස්වාධීන ආයතනයක් ලෙස. එය මුදල් ඇමතිගෙන් නිදහස්. දැන් නම් මහා බැංකුව මුදල් ඇමතිට අයිති නැහැ. කොහොමටත් මුදල් මණ්ඩලය තියෙන්නෙ මහා බැංකුවෙ. ඒකට මුදල් ඇමතිට වුනත් නියෝගයක් දෙන්න ඕන නම් කොන්දේසි රාශියක් අනුගමනය කරන්න වෙනවා.
ආණ්ඩුව අයවැයෙන් මුදල් මණ්ඩලයෙ වැඩත් තමන් අතට ගන්නවා. එය මුදල් මණ්ඩලයට පිටින් ශ්‍රී ලංකා ගෙවීම් දොරටුවක් විවෘත කරන්න යනවා. ඒ වගේ ම වාණිජ බැංකුවලට ණය දීම් සම්බන්ධ ව නව නියෝග දෙනවා. හිටපු නියෝජ්‍ය අධිපතිතුමා කියන්නෙ මේ නිසා වාණිජ බැංකුවල කළමනාකරුවන්ට තමන්ට අවශ්‍ය විධියට මාමණ්ඩිලට හා බෑණන්ඩිලට අරමුදල් බැර කරන්නට ක්‍රම හා විධි සකස් කරගන්න පුළුවන් කියලා. අගමැති වගඋත්තරකරුවකු වන මහා බැංකු කොල්ලය කාගෙ හරි හිතට එනව නම් පුදුම වෙන්න දෙයක් නැහැ. මෛත්‍රිපාල මේ කිසිවක් දන්නෙ නැතුව ඇති.
නලින් ද සිල්වා
2016 නොවැම්බර් 18
මංගලාරාමයේ හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය ගැන අදහස් පළ කරනවද නොකරනවද යන්න මීට පෙර අවස්ථා ගණනාවකදීම දෙගෙඩියාවක් ඇති වුවද එන්න එන්නම එය උත්සන්න වන තත්වයක් තිබෙන නිසා ඒ පිලිබඳ යමක් කිව යුතුයි. උන්වහන්සේ ගිහියෙකුවත් නොහැසිරෙන එබදු හැසිරීමක් පෙන්නුම් කරන්නේ සමහර විට ඒ සෑම අවස්ථාවකම ජාතියේ නාමයෙන් සිංහල බෞද්ධයන් විසින්ම උන් වහන්සේට දෘෂ්ටිවාදී ආවරණයක් දෙන නිසා විය හැකියි. දිගින් දිගටම උන්වහන්සේ දැන් එය අමුත්තක් නොවන හුරුපුරුද්දක් වන තරමට සාමාන්‍යකරණය කරගෙන තිබීම සමස්තයක් ලෙස ලාංකික භික්ෂු ප්‍රතිරූපයම අභියෝගයට ලක්කරන්නක් නිසා එයට සාධාරණ විවේචනයක් එල්ල කළයුතුව තිබෙනවා. මොකද උන්වහන්සේගේ චර්යාවේ ස්වරුපය පිලිබඳ උන්වන්සේ යළි සිතා බැලීමක් නැත්තේ ඒ ඕනෑම තැනක දී ජාතිය වෙනුවෙන් කරන සේවයක් සේ සලකා ජාතිකවාදී කදවුරෙන්ම ආරක්ෂා කරන නිසා විය යුතුයි.නමුත් වරක් දෙවරක් නොව සීමාව ඉක්මවා මේ හැසිරීම පුරුද්දකට ගත්තොත් මෙතෙක් තමන්ව මතවාදීව ආරක්ෂා කළ බෞද්ධයින්ම ඊට එරෙහි වීමට ඉඩ තිබෙන බව උන්වහන්සේ තේරුම් ගත යුතුයි.
මඩකලපුවේ ඇති එකම බෞද්ධ විහාරස්ථානය උන්වහන්සේ නිසා ආරක්ෂා වෙන බවත්, එහි සිටින සීමිත සිංහල පවුල් කිහිපයේ එකම හඬ උන්වහන්සේ බවත් ඇත්ත. ඔවුන්ද, නැගනහිර බෞද්ධ උරුමයද ,ආරක්ෂා කරමින් උන්වහසේගේ රට,ජාතිය වෙනුවෙන් කරන්නේ විශාල කැපකිරීමක් බව ඇත්ත. හරිහමන් දාන වේලක්වත් දෙන්න දායක පිරිසක් නැති පළාතක උන්වහසේ එහි විසීමද දුෂ්කර ව්‍යායාමයක්. ඒ ගැන ගැටළුවක් නැහැ. අප කවුරුත් ඒ කැපවීම ප්‍රසංසාත්මකව අගය කරනවා. නමුත් සමස්තයක් ලෙස මැදහත්ව බලන බොහෝ බෞද්ධයින්ගේ අප්‍රසාදයට ලක්වෙමින්, ජාත්‍යන්තර මට්ටමින්ද බෞද්ධ භික්ෂූව අපකීර්තියට ලක්කරමින් කරන මෙම මැදිහත්වීමට වඩා කිසියම් සංයමයකින් සිංහල බෞද්ධයන්ගේද පැහැදීමක් ඇතිවන ආකාරයෙන් ගැටළු විසදාගැනීමට පෙලඹෙන්නේ නම් මීට වඩා යහපත් නොවේද?. සිංහල බෞද්ධයන් නැති වැඩිමනක් මුස්ලිම් හා දෙමළ ජනකොටස්වල ආධිපත්‍ය තිබෙන මෙම ප්‍රදේශයේ විසීම යෝගාශ්‍රම මුනිවර චර්යාවකින් නොහැකි බවද අපි දනිමු. එහෙත් ඒ පෞරුෂය රදාගත යුත්තේ කුණුහරුප කියමින් භික්ෂු ප්රතිරූපයද පරදවා ගනිමින් නොවේ.
රට, දැය,සමය වෙනුවෙන් අභීතව හඬ නැගූ යතිවර පරමාදර්ශ අපට කොතෙකුත් ඇතත් උන්වහසේලාට තිබුනේ සුමනරත්න හිමියන්ට මුහුණ පාන්නට වී තිබෙන සමාජ පසුබිම නොවේ. එම නිසා අපේ බෞද්ධ ජනතාවද උන්වහන්සේ දෙස බැලිය යුත්තේ අතීත භික්ෂුන්ට සාපේක්ෂව නොවේ. නමුත් මීට සමාන පසුබිමක විවිධ තර්ජනයන්ට මුහුණ දෙමින් මායිම් ගම්මාන වල සිංහල ජනයා පදිංචි කරමින් ඔවුන් රැකබලාගත් තවත් භික්ෂුවක් ලෙස දිඹුලාගල නාහිමියන් හදුන්වා දිය හැකියි. උන්වහන්සේ වෙඩිතබා අපවත් කරවන තෙක්ම අදීන භික්ෂු ප්රතිමුතියක් සේ සිංහ සෛයයාවකින් සිටියේ සුමනරත්න හිමියන් සේ ප්රචණ්ඩ ආවේගකාරී ස්වරූපයකින් ප්‍රශ්න වලට අභිමුඛ වෙමින් නොවේ. සුමනරත්න හිමියන්ගේ ජාතික හැගීමත් මංගලාරාමය මුල් කරගෙන කැරෙන සමාජීය කාර්යභාර්යත් කිසිවිටක අපි අවප්‍රමාණ නොකරමු. එහෙත් ක්ෂණික කෝපයෙන් ආවේශ වෙමින් භික්ෂුත්වය පවා අභියෝගයට ලක් කරමින් කරන මේ මැදිහත්වීමෙන් වන සේවයට වඩා පොදුවේ අපට වන හානිය වැඩියි. බෞද්ධ විරෝධීන් විසින් ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේ මෙම වීඩියෝ සංසරණය කරවමින් බෙදන පණිවුඩය අපට යහපත් එකක් නොවන බව උන්වහන්සේටත් නොතේරෙන්න විදිහක් නැහැ. මේ අඩුව හදා ගැනීමට සමස්ත බෞද්ධයන්ද උන්වහන්සේට බලකළ යුතුයි.
රත්තනදෙණියේ මේධානන්ද හිමි
2017 වර්ෂයේ ඉදිරිපත් වන අයවැයේදි වත්මන් ජාතික ආණ්ඩුව පරදවා ශ්‍රීලනිපයට ප්‍රමුඛතාව ලැබෙන ආණ්ඩුවක් සෑදිමට තමන් සුදානමින් සිටින බැවින් මේ අයවැයට විරුද්ධ නොවි සහය පලකරන ලෙස ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතා සිය ශ්‍රීලනීප බත් බැලයන්ට පවසා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඉදිරිපත් කර තිබේන අයවැය සම්පුර්ණයෙන්ම අගමැතිවරයාගේ බලපෑම් මත චරිත රත්වත්තේ සහ ආර්.පාස්කරලිංගම් විසින් සකස් කල එකක් බවත් අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා පවා සිටින්නේ කලකිරිමෙන් බව තමන් සමග පැවැසු බවද සිරිසේන ජනාධිපතිවරයා සිය කණ්ඩායම සමග පවසා තිබේ.
මේ හරහා සුපුරුදු පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සොදා පාලුව නතරකර ගැනිම සදහා සිරිසේන ජනාධිපතිවරයා උත්සහ කරමින් සිටින බව අමුතුවෙන් කිවයුතු නෑ.අවස්ථා ගණනාවකදි සිරිසේන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ බත් බැලයන් තමන් අතහැර යැම වලක්වා ගැනිම සදහා විවිධ කතා කිමට කටයුතු කල අතර පසුගියදා මෛත්‍රීගේ බිලිකොක්කට ගෑසු ඇම් 4 ක් වු මහින්ද අමරවීර,ඩිලාන් පෙරේරා,ලසන්ත අලගියවන්න,විජිතමුණි සොයිසා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් පිරිසක් හමුවි සිරිසේනට කෙලවෙන්නට යන බවට අඳෝනා නැගිමද එම ආරක්ෂක වැඩ පිළිවෙළම කොටසක් බවයි අප වාර්තාකරු පෙන්වා දුන්නේ.
මේ අතර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවක් සදහා වූ කෙටුම්පත මේ මස ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පක්ෂ නායක හමුවේදී තීරණය වී ඇත්තේ එම කෙටුම්පත විවාදයට පමණක් ජනවාරි මුල් සතියේ දින දෙකක් හෝ තුනක් වෙන් කිරීමට නියමිතව ඇති අතර නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් තොරව සම්මත කර ගැනිමට නොහැකි වබ බවත් ඒය ලබන වසර අවසන් වනතෙක් ඇදගෙන යා හැකි බවයි.
කෙසේවෙතත් අප පසුගියදා අනාවරණය කල පරිදිම නව ව්‍යවස්තාව ජනවාරි 08ට කලින් ඇති කරගත් ජාත්‍යන්තර එකඟතාවයක් හේතුවෙන් එය ඉටු නොකර සිටිමට තමන්ට කිසිසේත්ම හැකියාවක් නොමැති බව සිරිසේන ජනාධිපතිවරයා මෙන්ම අගමැති වික්රමසිංහද තරයේ අවධාරණය කර තිබේ.
2017 ජනවාරි 31 වැනිදාට පෙර දෙමළ ජනතාවට පිලිගත හැකි අකාරයේ ෆෙඩරල් පාලනයක් ස්ථාපනය කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද්‍රවිධ ජාතික සන්ධානයට ලිඛිතව පොරොන්දුවක් ලබාදි ඇති බව ද්‍රවිධ ජාතික සන්ධාන පාර්ලිමේන්තුව මන්ත්‍රී M.A සුමන්තිරන් දෙමළ ඩයස්පොරාවේ නායකයන්ට දන්වා එවා ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු පසුගියදා අනාවරණය කළා. අදාළ පුවත මෙතනින් කියවන්න- 2017 ජනවාරි 31 පෙර රට ෆෙඩරල් වේ…. උතුරේ කලබල පසුපස සිරිසේනගේ අදිසි හස්තය
මේ අතර විධායක බලය සියතට ගැනිම සදහා රහසිගත කුමන්ත්‍රණයක් දියත් කර තිබේන අගමැති වික්‍රමසිංහ ව්‍යවස්ථාව ජනමත විචාරණයක් කරා යොමුකර ඒ හරහා විධායකය ඇල්ලිම සදහා කටයුතු කරමින් සිටින බැවින් ජනමත විචාරණයක් සදහා ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින බවට ශ්‍රීලනිපයෙ මෛත්‍රී කල්ලියේ මතය වි ඇත්තේ. මේ හේතුව නිසාම නව ව්‍යවස්ථාව සම්බන්දයෙන් රනිල්-මෛත්‍රී දෙපාර්ශවය අතර උද්ගත වී ඇත්තේ මතබේදාත්මක තත්වයකි.
රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව සහ සිරිසේන නාඩගම
රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවකට මහින්ද රාජපක්ෂගේ සහාය නො ලැබෙන හෙයින් කළ යුතු එකම දෙය වන්නේ මහින්ද රාජපකෂ සතු ඡන්ද පදනම කොසේ හෝ පැහැර ගැනීමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ද පහසුවෙන් මහින්ද සතු ශ්‍රී ලංකා ඡන්ද කඩා ගැනීම සිදු කළ නො හැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායකට හෝ රනිල් වික්‍රමසිංහට මහින්ද සතු ශ්‍රී ලංකා ඡන්ද කෙසේවත් කඩා ගත නො හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපතක් නොවූ හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් මෙහෙයවීම ඔහුටද පහසු නැත.
අදාළ පුවත මෙතනින් කියවන්න-Attention:(ෆෙඩරල්) ව්‍යවස්ථාවට පවත්වන ජනමතවිචාරණයට දකුණ සූදානම් කරන මෛත්‍රී
ඒකාබද්ධ විපක්ෂයට ලිපියක් ලියන්නට සිතුනේ සම්බන්ධන් ට්‍රම්ප්ට මෙරට ඊනියා ජාතික ප්‍රශ්නයට මැදිහත් වන ලෙස කර තිබූ ඉල්ලීම ගැන දැනගැනීමෙන් පසුව. මගේ ලෝකයට තිස් වසරක් පිරීම නිමිත්තෙන් නව නගර ශාලාවේ දී පවත්වන ලද සම්මන්ත්‍රණයේ දී මා මහින්ද රාජපක්ෂ ආමන්ත්‍රණය කරමින් කී දේ ජනමාධ්‍යවල වාර්තා වූයේ නැහැ. දෙරණ පමණක් ඊට පසුදා සවස 6.30 ප්රවෘත්්ති විකාශයේ ට්‍රම්ප් හා මහින්ද ගැන මා කියූ ඉතා කුඩා කොටසක් ප්‍රචාරය කළා. ඔවුන් ද වඩා වැදගත් තැනක් දුන්නේ සම්මන්ත්‍රණයේ තේමාවට පිටින් කරන ලද ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ අනුශාසනාවට හා මහින්ද එයට දැක්වූ ප්‍රතිචාරයටයි. මගේ ලෝකය ඒ අයට ඇස්වලට කටුගහන්නාක් මෙන් විය හැකියි. එතැන සිටි එක් රූපවාහිනි කැමරා ශිල්පියකු මේක ඉවර වෙන්නෙ නැද්ද කියමින් අඳෝනා කියමින් ඉඳලා තියෙනවා. මෙරට ජනමාධ්‍යවල ප්රවෘත්ති සංස්කාරකවරුන්ට හා වෙනත් සංස්කාරකවරුන්ට මා කියන කිසිම දෙයක වැදගත්කමක් නැහැ. මට 360 ලබාදුන්නේ ඔවුන් නොව දිලිත් ජයවීරයි. මේ සංස්කාරකවරුන්ට හැරිසන් ඇමතිවරයා හෝ රන්ජන් රාමනායක හෝ වෙනත් කිහිප දෙනකු හෝ කරන ප්‍රකාශ දිනපතා ම වුවත් පළකිරීමට තරම් වැදගත්. ඔවුන් ඇතැම් විට කියනවා ඇති ජනතාව ඉල්ලන්නේ එවැනි ප්‍රකාශ කියා. ඔවුන් ජනතාව කියා හඳුන්වන්නේ මධ්‍යම පංතික ඊනියා ප්‍රබුද්ධයන් හා අක්මුල් නැති තාක්ෂණික තරුණ තරුණියන් පමණයි. ඔවුන් තම නාලිකා ප්‍රචාරය කරන කසිකබල් ටෙලිනාට්‍ය පරදවා සිදු පෙරමුණට ඇවිත් තිබෙන්නේ ඇයි ද කියා කල්පනා කරනවා නම් ජනතාවට අවශ්‍ය කුමක් ද කියා තේරුම් ගනීවි.
ට්‍රම්ප් තවමත් ජනාධිපති වී නැහැ. ජනතාව කර ඇත්තේ ජනාධිපති තෝරණ ඡන්දදායක මණ්ඩලය (ඉංගිරිසියෙන් ඉලෙක්ටෝරල් කොලේජ්) සඳහා ඡන්දය දීම පමණයි. ඡන්දදායක මණ්ඩලය එකතු වී ජනාධිපති තෝරා ගත යුතුයි. අද ඇතැමුන් උත්සාහ ගන්නේ ඡන්දදායක මණ්ඩලයේ සාමාජිකයන් හිලරි ක්ලින්ටන් වෙනුවෙන් බා ගැනීමටයි. එය සාර්ථක වන එකක් නැහැ. මන්ත්‍රීවරුන් බා ගැනීම සිදුවන්නේ ලංකාවේ පමණක් නො වෙයි. ඊනියා ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන්නේ එවැනි අංග ද සහිතවයි. මා ට්‍රම්ප් ගැන කියන්නේ ලෝකයේ බොහෝ දෙනා හිතාවත් නැති කතාවක්. ඒ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ඊනියා ජාත්‍යන්තරවාදී බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයක් සහිත ලො ්කය කඩාවැටීමක් ගැන. ඒ කඩාවැටීම ඇරඹුනේ ගණිතයටත් එහා ඇති ඉතා වියුක්ත රූපික න්‍යායේ (ෆෝර්මල් ලොජික්) ගර්ඩ්ල් ප්‍රමේයය හා ක්වොන්ටම් භෞතිකයේ අනිශ්චයතා මූලධර්මයත් සමග. ප්‍රව්ෘත්ති සංස්කාරකවරුන්ට ඒවා තේරෙන්නේ නැහැ. එක් අතකින් අප ඔවුන්ට අනුකම්පා කල යුතුයි. ඒ කොහොම වුනත් තවමත් මේ කඩාවැටීම පිළිබඳ ව ඊනියා දේශපාලන විද්‍යාඳයන්, සමාජ විද්‍යාඳයන් හා කලාකරුවන් සංවේදී නැහැ. ඊනියා නූතනත්ව ලෝකය කලාකරුවන්ට දහසයවැනි සියවසට පෙර තිබූ ප්‍රමුඛතාව නැති කර. ඔවුන්ට හා ඊනියා සමාජයීය විද්යාඳයන්ට සිදු වී ඇත්තේ ගණිතය හා භෞතික විද්‍යාව පසුපස යෑමටයි. මා එසේ කියන්නේ මා ඒ විෂය හදාරා තිබෙන නිසා නොවෙයි. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ස්වභාවය එයයි. ගණිතය තරම් පට්ටපල් බොරුවක් තවත් නැහැ.
අද වත්මන් ඊනියා ජාත්‍යන්තරවාදී ලෝකය කඩා වැටෙමින් ජාතිකත්ව ලෝකයක් බිහිවෙමින් තිබෙනවා. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පමණක් නොව යුරෝපා සංගමයෙන් එංගලන්තය ඉවත්වීමට ගත් තීරණය හා යුරෝපයේ ජාතිකත්ව මතුවීම ආදියෙන් කියැවෙන්නේ නව ජාතිකත්වවල නැගී සිටීමක්. ලංකාවේ මේ ගැන අප කතාකරන්නේ අවුරුදු තිහක කාලයක සිට. මගේ ලෝකයේ චින්තනය යන සංකල්පය සංස්කරණය කරගත්තේ ම චින්තන විප්ලවයක් ගැන කීමට. ගුණදාස අමරසේකර ජාතික චින්තනය අදහස ඉදිරිපත් කෙළේ ඒ අදහසින් නොවෙයි. ඔහු විජාතික චින්තකයකුගේ නැෂනල් තෝට් කියන ජාතික චින්තනය ලෙස සිංහලට පරිවර්තනය කළා. එහෙත් ජාතික චින්තනය කියන්නෙ කුමක් ද කියා ඔහු පැහැදිලි කෙළේ නැහැ. සිංහල මධ්‍යම පංතියේ කොටසකට වැදගත් වුුනේ ජාතික චින්තනය කියන විසිරුණු අදහස මිස චින්තනය කියන සංකල්පය නොවෙයි. සිංහලයන් ආකර්ෂණය වන්නේ විසිරුණු අදහස්වලට මිස නිශ්චිත සංකල්පවලට නොවෙයි. මට චින්තනය කියන සංකල්පය ජාතික චින්තනය යන අදහසට යටකරන්න සිදු වුනා.
ඒකාබද්ධ විපක්ෂය ට්‍රම්ප්ට ලිපියක් ලිවිය යුතුයි. ඒ අපේ ප්‍රශ්නවලට මැදිහත්වන්න කියන්න නොවෙයි. ජාතිකත්වය අගය කරන්නකු ලෙස ඔහු අපේ ප්‍රශ්නවලට මැදිහත් නොවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය ඔහුට කිව යුතුයි. මෙරට ඊනියා ජාතික ප්රශ්නය ඉංගිරිසින් ඇති කළ එකක්. ඒත් එයට බටහිරයන් හෝ බටහිරයන් ම ඇති කළ ඉන්දියාව හෝ මැදිහත් නොවිය යුතුයි. ඉංගිරිසින් ඇති කළ ප්රශ්නය අප නන්දිකඩාල්හි දී කෙළවරක් කළා. මා මගේ ලෝකය සම්මන්ත්‍රණයේදීත් ඒ බව කිවුවා. ඒ ගැන තවත් කතා අවශ්‍ය නැහැ. ඊනියා ව්‍යවස්ථාවකුත් අවශ්‍ය නැහැ. අප ට්‍රම්ප්ට කිව යුත්තේ අපේ ජාතිකත්වයට ගෞරව කරමින් අපේ රටේ ප්‍රශ්නවලට ඇඟිලි නොගැසිය යුතු බවයි. සම්බන්ධන්ලා ඊනියා ජාත්‍යන්තරවාදී ලෝකයේ ඉංගිරිසින් විසින් නිර්මාණය කරන ලද ලංකාවක නෂ්ටාවශේෂ. මහින්ද නැගී එන ලෝකයක පුරෝගාමියෙක්. ඒකාබද්ධ විපක්ෂය ඒ බව පැහැදිලි ව ට්‍රම්ප්ට කිව යුතුයි.
පහත සඳහන් පළමු සබැඳියෙන් ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශක වන බැනන් ජාතිකත්වය ගැන කියන දේ දැනගත හැකියි. ඒ අදහස් මා කියන දේ ම නොවූවත් එහි එක්තරා ආකාරයක දෝංකාරයක්. දෙවැනි සබැඳිය ජාත්‍යන්තරවාදී ඔබාමා බිහිවන ජාතිකත්වයට විරුද්ධව කරන ප්‍රකාශයක්.
නලින් ද සිල්වා
2016 11 16
යහපාලන ආණ්ඩුවේ පාණ්ඩු අයවැය ගැන අතිගරු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා විසින් 2016/11/16 වන දින පාර්ලිමේන්තුවේදී කල කතාව.
මෙවර අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා සඳහන් කළේ එය සම්ප්‍රදායික අයවැයක් නොවන බවයි.එය පසුගිය කාලවල අප ඉදිරිපත් කළ අයවැය සම්ප්‍රදායට වෙනස් බව පැහැදිලියි. මෙය ණය බර, බදු බර, දඩ බර ඇතුලත් රාජ්‍ය දේපල විකුණන, රට විජාතීයකරණය කරන අයවැයක්. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති හා ජනතා සහන අහිමි කරන, ජනතාවට බර පටවන, ජාතික සම්පත් විකුණන, ජාතික ආර්ථිකය විදේශීයකරණය කිරීමේ සැබෑ එ.ජා.ප සම්ප්රදාය යළි හිස එසවූ අයවැයක්.
මෙම රජය සිය ප්‍රචාරණ මාධ්‍ය මගින් පෙන්වා දෙන්න උත්සහ කරන්නේ රජයේ ණය බර පිලිබඳවයි. 2002 වසරේ “යලිපුබුදමු ශ්‍රී ලංකා” වැඩසටහන මේ රටේ ජනතාවට සාධාරණීය කිරීමට උත්සහ ගත්තේත් මෙවැනිම ණය ගැන කතා කරමිනුයි. එවිට රජයේ ණය ජාතික අයවැයෙන් සියයට 105ක්ව තිබුණා.
ණය බර කියමින් බදු බර පැටවිමට සියයට 20ක වැට් බදු හඳුන්වා දුන්නේද ඒ අවුරුද්දේ එ.ජා.ප රජයයි. ඒවිදිහටම රාජ්‍ය සේවය ලක්ෂ 3ට කප්පාදු කිරීමට දකටයුතු කළා. රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය ද අහෝසි කළා. රක්ෂණ, බැංකු, ඛනිජ තෙල්, CTB, සතොස වැනි රාජ්‍ය ව්‍යාපාර විකිණිම ආරම්භ කලේත් 2002 අවුරුද්දෙයි. විදේශිකයින්ට අපේ රටේ ඉඩම් විකිණීම ආරම්භ කළේත් ඒ අවුරුද්දෙමයි. ණය බර හා රාජ්‍ය ව්‍යාපාර වල පාඩු පෙන්වමින් ඉතාලාභදායි රක්ෂණ සංස්ථාව, රාජ්‍ය ඉස්කාගාර සංස්ථාව, රාජ්‍ය වැවිලි සමාගම්, සීනි සංස්ථාව, රජය සතු වටිනා හෝටල් හා ඉඩම්, ගෑස්, දුරකථන,වානේ, සිමෙන්ති, ටයර්, පෙහෙකම්හල් ආදී රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරණය කිරීම එ.ජා.පසම්ප්රදායයි.
රජයේ ව්‍යාපාර 80කට වැඩියෙන් ඒ විදිහට 2004 දක්වා විකිණුවත් ණය බර අඩු වුනේ නැහැ. ඇතැම් ව්‍යාපාර වැසී ගියා.1977 ණය බර ජාතික ආදායමෙන් සියයට 68.6ක් වුණා. රාජ්‍ය ව්‍යාපාර විකුණලත් 1994 එම රජය ඉවත්වන විට ණය බර ජාතික ආදායමෙන් සියයට 95ට වැඩිවී තිබුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ද පුද්ගලීකරණය ඉදිරියට ගෙන ගියත් 2002 වන විට ණය ප්‍රමාණය සියයට සියය ඉක්මවා තිබුනා. 2002-2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ණය බර සියයට102ක් වුනා. මෙසේ ණය බර සියයට සියය ඉක්මවා තිබුණේ ටෙලිකොම්, රක්ෂණ, ගෑස් වැනි ආදායම් උපදවන රාජ්‍ය සංස්ථාද විකිණිමෙන් පසුවයි.
2005 -2014 අපේ පාලන කාලය තුළ පුද්ගලීකරණයට තිත තැබුවා. 2015 ජනවාරි මස මා ආණ්ඩුව භාර දෙන විට ණය බර සියයට 70.7ට අඩුකර තිබුණා. මේකයි මහ බැංකුව 2015වේ වාර්ෂික වාර්තාවේ සඳහන් කරන සැබෑ තත්වය. මේ අයවැයෙන් නැවත ණය බර ගැන කියන්නේ 2002-2004 කතාව අලුත් කරමින් එ.ජා.ප. න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමටයි. ශ්‍රී ලංකාමහ බැංකුවේ අධීක්ෂණකටයුතුශක්තිමත් කර එහි ස්චාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවට සමස්තමුල්ය ගෙවීම් ක්රමයම පුද්ගලික සමාගමකට පැවරීමට යෝජනා කර තිබෙනවා. මෙය බැංකු ක්ෂේත්රයම අස්ථාවර කිරීමක් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු දුර්වල කිරීමක්. මහ බැංකු කටයුතුවල සිට වරාය, අනෙකුත් පාඩු ලබනවා යැයි කියන සංස්ථා පෞද්ගලීකරණය කිරීමටද ප්‍රවේශයක් ගෙන තිබෙනවා. මේ න්‍යාය මත අධිවේගි මාර්ගත්, දුම්රිය මාර්ගත් පමණක් නොව මොරගහකන්ද ජලාශයද ණය ගෙවීමට කියා පෞද්ගලීකරණය කරාවි. එම විනාශකාරී න්‍යාය පත්‍රයට ශ්‍රී.ල.නි.ප.යේ කොටසක්ද කරගසා තිබීම ජාතියේ අවාසනාවක්. සැබෑ වෙනස එයයි.
එංගලන්තයේ මෑත පැවති ජනමත විචාරණයෙනුත්, ඇමරිකාවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙනුත් එම රටවල ජනතාව වෙළඳපල ආර්ථිකය, ගෝලීයකරණය හා ජත්‍යන්තර වෙළද ප්‍රතිපත්ති,එම රටවලට අහිතකර ලෙස බලපා ඇති සැටි පාලකයින්ට තේරුම්කර දුන්නා. “රිජීම් චේන්ජ්”(Regime Change) නිර්මාතෘවරු එම රටවල පාලකයින් ලෙස ප්‍රතික්ෂේප කළා. ජාතිකඅවශ්යතාවයන් ඉක්මවා එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළා. ජාතික අනන්‍යතාවය, දේශීය ව්‍යාපාර, දේශීය ව්‍යවසායකයන් හා ජාතික ආර්ථිකය රැකගනිමින් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාව එම ජනතාව පෙන්වා දුන්නා.
අන්ධානුකරණයෙන් මේ රජය එම ප්‍රතිපත්ති තව තවත් වැළද ගනිමින් ජාතික ආර්ථිකය, ජාතික නිෂ්පාදනය, දේශීය ව්‍යාපාරිකයන් අවතක්සේරු කිරීම මේ අයවැයෙන් නැවත පණ ගැන්වූවා. විදේශ ආර්ථික කොලනියක් ඇතිකිරීමට මඟ පෑදුවා.
ණය ආපසු ගෙවීමට සිදුවී ඇති නිසා අතිරේක බදු පැනවීමටත්, තවදුරටත් ණය ගැනීමටත් සිදු වී ඇති බව ප්‍රකාශ කරනවා. ණය ගනු ලබන්නේ ණය පියවීමට නම් රටේ ණය ප්‍රමාණය තවදුරටත් වැඩිවීමට ඉඩ නැහැ. එසේ වුණත් යතාර්ථය වී ඇත්තේ මේ රජය ණය ආපසු ගෙවීමටත් වඩා වැඩි ප්‍රමාණයක් ණය ගෙන ඇති බවයි.
2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා ඇ.ඩො.බිලියන 3.6ක් විදේශ වෙළඳපළෙන් පමණක් ණය ලබා ගෙන තිබෙනවා. ජත්‍යන්තර මුල්‍ය අරමුදලිනුත් ඇ.ඩො.බිලියන 1.5ක් ලබා ගෙන තිබෙනවා. මේ ණය වලින් ඉන්දියාවෙන් තාවකාලිකව මේ රජය විසින් ගනු ලැබූ ඩොලර් බිලියන 1.2 ප්‍රමාණය ගෙවනු ලැබුවා. වෙළඳපළෙන් අප වර්ෂයකට උපරිම ලෙස ගනු ලැබුයේ ඇ.ඩො.බිලියනයක් පමණි. අපගත් සෑම ණය මුදලකටම ජාතික සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘතියක් ඉදිකළා.
2014 වර්ෂය අවසානයේ පැවති රු.බිලියන 7,391 වූ මුළු ණය ප්‍රමාණය 2015 අවසාන වන විට රු.බිලියන8,503 දක්වා වැඩි කර තිබෙනවා. එම ප්‍රමාණය 2016 ජූනි වන විට රු.බිලියන9,062 දක්වා වැඩි වී තිබෙන බව අයවැයේද සඳහන් කර තිබෙනවා. එය වර්ෂය අවසානයේ රු.බිලියන 10,000 ඉක්මවන බව පෙනී යනවා. ණය ගනු ලබන්නේ ණය ගෙවීමට පමණක් නම් මේ අකාරයට පසුගිය අවුරුදු 2 තුළ පමණක් රු.බිලියන2,600ට වැඩි ප්‍රමාණයකින් ණය තොගය වැඩි වුනේ කෙසේද?
එපමණක් නොව ජාතික ආදායමට අනුව 2015 අවසන් වන විට රජයේ ණය 2014 සියයට 70.7 සිට සියයට 76 දක්වා වැඩි වී තිබෙනවා. එය මේ වර්ෂය අවසාන වන විට සියයට 78 පමණ මට්ටමකට පැමිණීමට ඉඩ තිබෙනවා. එක් අවස්ථාවක සඳහන් කළේ ඇතැම් ණය පොත්වල සටහන් වී නොමැති බවයි.පොත්වල සටහන් වී නොමැති ණය දෙනු ලැබුවේ කව්ද? ගිවිසුම් නැති ණය ආපසු ගෙවන්නේ කුමකටද? IMF වාර්තාවෙන් හෙලිවුනේ කුමක්ද? මේවාට පිළිතුරු සපයා නැහැ.
ඊට පසු සඳහන් කළේ සංස්ථාවල ණය ගෙවීමට තිබෙන බවයි. මේවා එම සංස්ථාවල වාණිජමය කටයුතු වලට අදාළ ණය මුදල්. මහ බැංකු වාර්තාවල මේ සියල්ල සඳහන් වෙනවා. ඒවා එම ආයතන වල ආදායම් වලින් ගෙවන ණය. ඉතිහාසය පුරා රාජ්‍ය ව්‍යාපා වල ණය එම ආයතනවල ගිණුම්වල මිස අයවැයට ඇතුලත් වන්නේ නැහැ. අයවැයට ඇතුලත් වන්නේ රජය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව මගින් ගනු ලබන ණය පමණයි. ඒවා සියල්ල බැංකුවේ වාර්තා ගත වෙනවා. රාජ්‍ය ව්‍යාපාර ගනු ලබන ණය එම ව්‍යාපාරවල වාර්ෂික ගිණුම්වල සෑම වර්ෂයකම වාර්තා කරනවා. සියලු භාණ්ඩාගාර ඇපකර පාර්ලිමේන්තුවටද වාර්ෂිකව වාර්තා කරනවා. එම නිසා ණය ගෙන ඇත්තේ ණය ගෙවීමට පමණක් යැයි කරනු ලබන මේ ප්‍රකාශය පාර්ලිමේන්තුව මෙන්ම මේ රටේ අහිංසක මහජනතාව මුළුමනින්මනොමඟ යැවීමට ගොතනු ලබන අසත්‍යක්.
රජය වසර 2ක් තුළ ණය ලබා ගෙන ණය තොගය වැඩිකර තිබුණත් මේවනතෙක් ක්‍රියාත්මක කළ ව්‍යපෘතියක් තවම අපට දැකගත නොහැකි වී තිබෙනවා. අයවැය මගින් රුවන්පුර අධිවේගි මාර්ගය බදුල්ලට දීර්ඝ කරන බව ප්‍රකාශ කළා. මෙය හොඳ යෝජනාවක්. එසේ වුනත් වසර 2ක් ගතවෙලත් බදුල්ලට තබා රත්නපුර අධිවේගි මාර්ගයේ කටයුතුවත් තවම ආරම්භවී නැහැ.ණය ලබා ගැනීමට බලාපොරොත්තු වන චීනයේ පොලී වැඩියි කියා එම රජයටත් දෝශාරෝපණය කරනවා.
උතුරු අධිවේගි මාර්ගය නමින් කොළඹ සිට මහනුවර කුරුණැගල, දඹුල්ල සම්බන්ධ කිරීමට අප සැලසුම් කර තිබූ අධිවේගි මාර්ගය වියදම් වැඩියි කියා වසර 2ක් අතපසුකළා.නම “මධ්‍යම අධිවේගී මාර්ගය” කියා වෙනස් කළා. අවසානයේ අපගේප්රතිපත්තියම පිළිගනිමින් දේශීය ඉදිකිරිම්කරුවන්ගෙන් එම මාර්ගයේ කොටසක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා. ජපානයෙන්ද, චීනයෙන්ද ඉතිරි කොටස් වලට ණය ගන්නවා.
කෙරවලපිටිය – කඩවත අධිවේගි මාර්ගය සැලසුම් කර තිබූ පරිදි ක්‍රියාත්මක කළේ නම් දැනට වඩා ඉතා අඩු වියදමකින්, මංතිරු6කින් යුතුව, එම ප්‍රදේශයේ ගංවතුර හා පරිසර අවධානම් වලක්වා ගනිමින්,මේ වන විට නිම කිරීමටද තිබුනා.
ඉදිකිරීම් අත්හිටවූ එම අධිවේගි මාර්ගය මංතිරු ප්‍රමාණය අඩු කර, ගංවතුර අවධානම් ගැන නොසලකා දැන් ඉදිකරනු ලබන්නේ මුලින් ඇස්තමේන්තු කළ වියදමටත් වඩා වැඩියෙනුයි. රත්තරන් වලින් ඉදිකරනවා යැයි චෝදනා කළ අධිවේගී මාර්ගය දැන් ප්ලැටිනම් වලින් ඉදිකරන බව සමහරු කියනවා. ඉදිකරන්නේද කලින් සමාගමමලු. ණය සපයන්නෙත් චීනයෙන්මයි. ආපසු ගෙවීමේ කාලය හා පොලියේ වෙනසක්වීත් නැහැ.
කොළඹ වරාය නගරය ක්‍රියාත්මක කිරීම අත්හිටවූවේ නැතිනම් මේ වන විට අක්කර 400ක් පමණ ප්‍රමාණයක් රජයට අයිති කර ගැනීමට ද තිබුණා. එයද යලි අරම්භ කළේ චීනය හා ශ්‍රී ලංකාව තුලපැවති විශ්වාසනීයත්වයද පලුදු කර ගෙනයි.
චීනයෙන් 2015 අවසන් වන විට ලබාගෙන තිබූ ණය ඇ.ඩො.බිලියන 3,800ක් පමණ වෙනවා. ඒවායෙන් විදුලි බලාගාර, වරාය, අධිවේගී මාර්ග, වාර්මාර්ග ආදී දිගුකාලීන යටිතල පහසුකම් ආයෝජන සිදු කර තිබෙනවා. මොරගහකන්ද වාරිමාර්ග ක්‍රමය ඉදිකරන්නෙත් චීන ණය යටතේයි. එයිනුත් ආර්ථික ඵලදාව ලබා ගන්න කල්යනවා. ණය ගෙවන බව කියා මේවා විකිණීම රජයක වගකීමද?
මහින්දෝදය විද්‍යාගාර ඇතුලු පාසැල් සංවර්ධනය, සතිපොල ඉදිකිරීම්, ග්‍රාමීය කෘෂිකාර්මික සංවර්ධන කටයුතුද නතර කළා. ඒවා දිගටම කරගෙන ගියේ නම් ඒවායේ ප්රතිලාභ ජනතාවට ලබාගන්න තිබුණා. පාසැල් සිසුන්ට ටැබ් දීම හොඳ යෝජනාවක්. නමුත් පසුගිය අයවැයෙන් විශ්ව විද්‍යාල සිසුන්ට දෙනවා යැයි කියූ ටැබ් තාමත් ලැබී නැති බව වාර්තා වෙනවා. ඒ විතරක් නෙමෙයි අන්තර්ජාල ගාස්තු සියයට 25කින් වැඩි කර තිබෙන නිසා ටැබ් නොමිලයේ ලැබුණත් එම දරුවන්ට ඒවා පාවිච්චි කිරීමට මුදල් සොයා ගැනීමට සිදු වෙනවා.
2015 සඳහා අපඉදිරිපත් කළ අයවැයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සඳහා දීමනා ලබාදීම ක්‍රියාත්මක නොකර 2017 වසරේ සිට හෝ නැවත ක්‍රියාත්මක කිරීම අගය කල යුතුයි. එහෙත් වෙන්කර ඇති ප්‍රතිපාදන එම අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාගේ අඩකටවත් ප්‍රමාණවත් වන්නේ නැහැ. අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලුම් කරනවා.
සීනි කර්මාන්තය, කුකුල්මස් නිෂ්පාදනය, දේශීය කිරි නිෂ්පාදනය හා මත්ස්‍ය නිෂ්පාදනයට අපේ රජය ගෙන ගිය ප්‍රතිපත්ති මේ අයවැයෙන් පිළිගෙන තිබෙනවා. මේ ප්‍රතිපත්ති වැරදියි කියා කිරි ගවයන් 20,000ක් ගෙන්වීම නතර කළා. කිරිපිටි මිල පහත දමා දේශීය ගොවියා අධෛර්ය කළා. නිවැරදි ප්‍රතිපත්ති කවුරු කළත් නිවැරදියි. යහපාලනයෙන් මේවා ඉදිරියට ගෙන ගියේ නැහැ. එසේ ඉදිරියට ගෙන ගියා නම් සීනි, කිරි, මාළු, කුකුල් මස් දේශීය නිෂ්පාදන තව දුරටත් ඉහළ යවා ගත හැකිව තිබුණා. ස්වයංපෝශිතවී තිබූ බඩඉරිඟු නිෂ්පාදනය කඩා වැටුණා. දේශීය ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුණා. මෙම අයවැයෙන් දේශීය කිරි, උක් දඩු සඳහා සහතික මිලක් නියම කිරීම අගය කළ හැකියි. කිරි ගවයින් 20,000ක් 2017 හෝ ගෙන්වීම ඉතා වැදගත් පියවරක්. කුකුල් මස් නිෂ්පාදනය දිරි ගැන්වීම වගේම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමට ගෙන ඇති යෝජනා ද අගය කරනවා. දේශීයව නිෂ්පාදනය කළ හැකි අනවශ්‍ය ආනයන අඩු කිරීමට කළ යුත්තේ එයයි.
පසුගිය රජයන් සියල්ලම පාහේ සැලසුම් කර තිබූ එහෙත් ඉටු කරගත නොහැකි වූ හම්බන්තොට වරාය, තෙල් ගබඩා සංකීර්ණය හා ජාත්‍යන්තර ගුවන් තොටුපොල අප රජය විසින් චීන ණය අධාර යටතේ ඉදිකරනු ලැබුවා. දකුණු අධිවේගී මාර්ගයට ජපානය හා ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදලින් කරගත හැකි වුනේ කොළඹ සිට ගාල්ල දක්වා පමණයි. ගාල්ල සිට හම්බන්තොට දක්වා එම අධිවේගී මාර්ගය ඉදිකෙරුනේ චීන ණය ආධාර යටතේයි. හම්බන්තොට මෙන්ම බොහෝ ප්‍රදේශ වල ආයෝජන ආකර්ශණනය වැඩි කළේ මේ ආකාරයටයි. ඒවා දිගුකාලීන ජාතික ආයෝජනයන්. අවුරුදු 15-20 අතර කාලයක් මෙම ණය ගෙවීමට ඉඩ ලබා දි තිබෙනවා. චීනයෙන් මේ දක්වා ලබාගත් මුළු ණය ප්‍රමාණයවන ඇ.ඩො.බිලියන 3,800න් ඇ.ඩො.මිලියන 300 හැර ඉතිරි සියල්ල සඳහා පොලිය සියයට 2ක් පමණ වෙනවා. ඩො.මිලියන 300 සඳහා දෙනු ලැබූ පොලිය අඩු කිරිමට මා කළ ඉල්ලීමද චීන රජය එවකට සලකා බලමින් සිටියා. හම්බන්තොට ආයෝජන කලාපයක් වුනේ මෙවැනි ආයෝජන නිසයි.
එසේ තිබියදීත් වරාය සුදු අලියෙක් යැයි ප්‍රකාශ කරමින් වරාය හා තෙල් ගබඩා සංකීර්ණය දැන් ඇ.ඩො.මිලියන1,200කට චීනයේ සමාගමකට විකිණීමට රජය කටයුතු කරනවා. මුලින් ගුවන්තොටුපොල වී ගබඩාවක් කර එහි ජත්‍යන්තර වටිනාකම විනාශ කළා. මේවා සුදු අලි නම් ආයෝජකයින් ඒවා ඉදිකිරීමේ වියදමටත් වඩා වැඩි මුදලක් ගෙවා මිලදි ගන්නේ ඇයි? මේ ආයෝජන සඳහා මොලය කාගේදැයි සහ විකිණීමේ මොලය කාගේදැයි මේ අයවැයෙන් හොඳට පැහැදිලි වෙනවා.
මේවා ජාතික සම්පත්. අපේ සෑම යටිතල පහසුකමක්ම ඉදිකර තිබෙන්නේ මේ වගේ ණය මුදල් චීනයෙන්, ජපානයෙන්, ඉන්දියාවෙන්,කොරියාවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන්,යුරෝපා රටවලින් සහ මැද පෙරදිගින් ණය අරගෙන. ඒ ජාතික සම්පත් විකිණීම අපරාධයක්. එය එක් රටක සමාගමක ඒකාධිකාරියක් බවට පත් කිරීම තවත් විශාල තර්ජනයක්. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට නාවික ක්ෂේත්රයට සම්බන්ධ වී එහි වාසි රටට ලබා ගැනීමට එය දැඩි තර්ජනයක් වෙනවා. කොළඹ වරායත්, වරාය අධිකාරියේ මෙහෙයුම් තටාංගන පවත්වා ගනිමිනුයි පුද්ගලික නැව් තටාංගණ පවත්වා ගැනීමට ඉඩ දි තිබෙන්නේ.
එපමණක්නොව එම වරාය හා ගුවන්තොටුපොල ආසන්නව මේ රටේ ජනතාවට අයිති අක්කර 15,000ක ඉඩම් විදේශිකයන්ට දීමේ සාධාරණයක් තිබෙනවාද? අපේ රටේ මෙවැනි ජාතික සම්පත් විදේශ රටවල සමාගම් වලට විකිණීම දේශීය ව්‍යාපාරිකයින්ට විශාල අවාසියක්. එම රටවල ආයෝජකයන්ට එම රටවලම ආයෝජන පහසුකම් තිබෙනවා. ඒවා අපේ ආයෝජකයන්ට දෙන්නේ නැහැ. අපේ ව්‍යවසායකයන් නැගිටින්න ඕන මේ රටේම ආයෝජනය කරලා. ඒ ශක්තිය ඔවුන්ට තිබෙනවා. මේ නිසයි ඉන්දියාව සමඟ එට්කා වැනි ගිවිසුම් හෝ වෙනත් රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමට පෙර අපේ රටට දැනටමත් එම රටවල් සමඟ කරන ගණුදෙනු වලින් ඇති වී ඇති වෙළද අවාසි ඉවත්කර, එවැනි අවාසි ඇති වීම වැලැක්වීමට අවශ්‍ය නීති සකස් කර ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කළ යුත්තේ.
අපේ රටේ කටුනායක නිදහස් වෙළඳ කලාපය ප්රමාණත්වයෙන් අක්කර 530ක පමණ භූමියක්. බියගම අක්කර 450යි. අනෙකුත් සියළු ආයෝජන කලාප අක්කර 400ට අඩුයි. ආයෝජන කලාප 12ම රජය සතුයි. මේ ආයෝජන කලාපද තවමත් මුළුමනින්ම පිරී නැහැ. මෙසේ තිබියදී එක රටක එක සමාගමකට වරායත්, ගුවන් තොටුපොළත් අක්කර 15,000ක භූමි ප්‍රමාණයකුත් ලබාදීම මේ රටේ ස්වාධිනත්වයට, ජාතික ආරක්ෂාවට, දේශීය නිෂ්පාදකයින්ට හා ආයෝජකයින්ට එල්ල කරනු ලබන බලවත් තර්ජනයක් ලෙස අපි දකිනවා.
හම්බන්තොට වරාය ජත්‍යන්තර නාවික සිතියමේ කේන්ද්‍රස්ථානයක්. මෙවැනි මධ්‍යස්ථානයක් එක සමාගමකට විකිණීම මුළු රටම විකිණීම හා සමානයි. එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක අගමැතිතුමා සිය රජයේ පළමු කාර්ය කරගත්තේ කටුනායක ගුවන් තොටුපොල හා ත්‍රිකුණාමල වරාය විදේශිකයන්ගෙන් නිදහස් කර ගැනීමයි. එයයි ශ්‍රි.ල.නි.ප ප්‍රතිපත්තිය.
මේවාට ඉදිරිපත්වන ආයෝජකයින්, රක්ෂණ සංස්ථාව, නැව් තෙල් සමාගම, වෝටර්ස් එජ් වැනි ආයතන රජයට පවරා ගත් ආකාරය සිහි කර ගැනීම සුදුසු බව මට පේනවා. පෞද්ගලීකරණය කරනු ලබන වරාය ඇතුලු සියලු රාජ්‍ය සම්පත් අපට ආපසු ගැනීමට සිදු වෙනවා. එ.ජා.ප.ය පෞද්ගලීකරණය කර තිබූ ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය අප රජය ඛනිජ තෙල් සංස්ථාවේ අයිතියේ තබා ගැනීමට සැලසුම් කළේත්එය ජාතිය සතු විය යුතු සම්පතක් ලෙස බණ්ඩාරනායක අගමැතිතුමාගේ සිහිනය වූ නිසයි. කොයිම රටකටවත් අපේ ජාතික යටිතල පහසුකම් විකිණීම අප අනුමත කරන්නේ නැහැ. හම්බන්තොට ජනතාව අක්කර 15,000ක සිය නිජබිම් ඉඩම් වෙනත් රටකට විකිණිමට ඉඩ නොදෙන බවත් මට විශ්වාසයි. මෙවැනි පෞද්ගලීකරණ වැඩපිළිවෙළින් වැලකි දිගු කාලීන මිත්‍රත්වය පලුදු නොකර පවත්වා ගැනීමට කටයුතු කරණු ඇතැයි මා ගැණුම් කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙම අයවැය මගින් ණය බර හුවා දක්වමින් පුද්ගලීකරණයට අමතරව බදු බරද වැඩි කර තිබෙනවා. පසුගිය කාලය තුල නැගී එන ආර්ථික ක්ෂේත්රයන් වූ සංචාරක, තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා වල අදායම් බදු සියයට 12 සිට සියයට 28 දක්වා වැඩි කර තිබෙනවා. අපනයනයට මුල්තැන දෙනවයි කියන මේ රජය භාණ්ඩ අපනයන බද්ද සියයට 12 සිට සියයට 14 දක්වාත්, සේවා අපනයන 0 සිට සියයට 14 දක්වාත් වැඩි කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය සඳහා සියයට 10ක්ව පැවති ආදායම් බද්ද සියයට 14 කර තිබෙනවා. එපමණක් නොව, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල ආදායම් බද්ද වැඩි කර තිබෙනවා. කුකුල් ගොවිපලවල් සඳහාද ආදායම් බද්ද සියයට 12 සිට සියයට 28 දක්වා වැඩි කර තිබෙනවා. මෙම සියළු කර්මාන්තවල බහුල වශයෙන් නිරතව සිටින්නේ දේශීය ව්‍යාපාරිකයන්. ඔවුන් දිරි ගැන්වීම වෙනුවට ඔවුන්ට වැඩි බදු බරක් පටවා මේ අයවැය සිදු කර ඇත්තේ විදේශිකයන් දිරි ගැන්වීමයි. විදේශිකයන්ට ඉඩම් ලබා ගැනීමේ අයිතිය, නිවාස ලබා ගැනීමේ අයිතිය ලිහිල් කර තිබෙනවා. රජයේ ප්‍රධාන හා මූලික වගකීම දේශීය ව්‍යාපාර හා දේශීය ව්‍යාපාරිකයන් දිරිගැන්වීමයි. ඔවුන්ට උදව් කිරීමයි.
මේ අයවැය මගින් පරිභෝජනය සඳහා වැට් බදු,NBT,නිෂ්පාදන බදු, ආනයන බදුආදී සියල්ලද වැඩි කර තිබෙනවා. බැංකු වලින් මුදල් ආපසු ගැනීම සඳහාද බදු පැනවී තිබෙනවා. මේ නිසා බදු ක්‍රමය සංකීර්ණවී තිබෙනවා. ඇස්තමේන්තු ගත මුළු බදු ආදායම වන රු. බිලියන 1,821න් රු. බිලියන 1,564ක් එනම් සියයට 85ක් වක්‍ර බදු වලින් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. මේ නිසා සියලු ආහාර පාන අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වියදම් වැඩි වෙනවා. පරිභෝජන ඉල්ලුම අඩු වෙනවා. දේශීය ව්‍යාපාර විශේෂයෙන් සුලු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර පසුබෑමකට ලක් වෙනවා.
පරිභෝජනයට පමණක් නොව ඉතිරි කිරීම් වලටද බදු වැඩිකර තිබෙන අයවැයක්. සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, විශ්‍රාම අරමුදල් සඳහාද ආදායම් බද්ද සියයට 10 සිට සියයට 14 දක්වා වැඩි කර තිබෙනවා. ඒවායේ ලාභය සේවකයන්ට පවරනවා වෙනුවට සේවකයන්ගේ ජීවිත කාලය තුළකළ ඉතිරිකිරීම් ඉහළ බදු මගින් රජයට ගැනීම සාධාරණද?
භාණ්ඩාගාර සුරකුම්පත් වල පොලිය සඳහා ඇති බද්දද සියයට 10 සිට සියයට 14 දක්වා වැඩිකරතිබෙනවා. ඒ නිසා ඒවායේ ආයෝජනය කරන්නන්ගේ පොලිය අඩුවෙනවා. එපමණක් නොව සමෘද්ධිලාභියාගේ සිට සමාන්‍ය ජනතාවගේ ඉතිරි කිරීම් සඳහා රු.60,000ක පොලී ආදායම් සඳහා වූ වාර්ෂික බදු සහනය ඉවත් කර තිබෙනවා. සියයට 2.5ක්ව පැවති පොලී මත බද්ද සියයට 5 දක්වා වැඩි කර තිබෙනවා. එම නිසා අඩු ආදායම්ලාභීන්ගේ සිට දරුවන්, වැඩිහිටියන් අතුළු සියළු දෙනාගේම ඉතිරි කිරීම් වලින් ලැබෙන පොලියට සියයට 5ක බද්දකට යටත් වෙනවා.
සමෘද්ධිලාභීන්ට සහල් කිලෝ 5ක් දෙනු ලබන්නේද සමෘද්ධිදීමනාවෙන් මුදල් කපාගෙනයි. සමෘද්ධිලාභීන්ට දෙනු ලබන දීමනාවෙන් සහල් හෝ ධාන්‍ය හෝ වෙනත් පරිභෝජන භාණ්ඩයක් ලබා ගැනීම ඔවුන්ගේ මූලික අයිතියක්. එම අයිතියද මෙම අයවැයෙන් උදුරා ගෙන තිබෙනවා. හාල්මැස්සන් කිලෝවක් සඳහා රු.5ක්ද, සීනි කිලෝවක් සඳහා රු. 2ක්ද මිල අඩු කලබව අයවැයෙන් සඳහන් කලත් සමාන්‍ය මිනිසුන් මෙවැනි භාණ්ඩ එදිනෙදා මිලදි ගන්නේ ග්‍රෑම් 100 /200 ප්‍රමාණ වලින්. මේ මිල අඩු කිරීම් වලින් ඔවුන්ට නම් කිසිසේත් සහනයක් වෙන්නේ නැහැ.
පෞද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ සේවකයන්ගේ උපයන විට බදු සඳහා පැවති බදු නිදහස් දීමනාදඉවත් කිරීම මගින් ඔවුන්ටදබදු බර වැඩි කර තිබෙනවා. රජයේ නිළධාරීන් හා රාජ්‍ය ව්‍යාපාරවල නිළධාරීන්ටත් ඉහළ බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වෙනවා.එහෙත් මෑත කාලවල අයවැයෙන් සම්ප්‍රදායිකව කළ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම මේ අයවැයෙන් යෝජනා කර නැහැ. වැටුපට එකතු කරනවා යැයි කී රු.10,000ක දීමනාවද දැන් අමතක වී තිබෙනවා. එයත් අධ්‍යාපනයට ජාතික අදායමෙන් සියයට 6ක් වෙන් කළා වගෙයි.
ලෝක වෙළඳපලේ තෙල් හා ගෑස් මිල සීඝ්‍ර ලෙස අඩු වී තිබුනත් භූමිතෙල් හා ගෑස් මිල අඩුකර තිබෙන්නේ ඉතා සුළුවෙනුයි. රු.25කින් ගෑස් මිල අඩු කර, අයවැයට පිටින් ජලය සඳහා අවම ජල ගාස්තුව රු. 200කින් වැඩි කර තිබෙනවා. එය දැන් ඇමති අනුකාරක සභාවකට පරීක්ෂා කිරීම සඳහා තාවකාලිකව අත්හිටුවා තිබෙන බව කියනවා. ඇමති අනුකාරක සභාව මේ ගැන පරීක්ෂා කිරීමට තිබුනේ ගැසට් කරන්න පෙර නොවේද? ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලයේද ණය ගැනීම් වැඩි වී ඇති බව ද වාර්තා වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේද පාඩු තිබෙන බව අයවැය ඇස්තමේන්තු වලින් පෙන්නුම් කර තිබෙනවා. ඒ නිසා ඉදිරියේදි දුම්රිය ගාස්තු, විදුලි ගාස්තු ද වැඩිවනු නොඅනුමානයි. මේ ගාස්තු වැඩි කළත් අයවැයට පිටින් බියර් සමාගම්වලට මිලියන ගණනින් තීරුබදු සහන දී තිබෙනවා.
2015 සිට ලෝක වෙළඳපලේ තෙල් මිල ගණන් බැරලයකට ඇ.ඩො.40ක පමණ මට්ටමක තිබෙනවා. 2014 දක්වා එම මිල ගණන් ඇ.ඩො.80-100 වැනි ඉහළ මට්ටමක තිබුණේ. 2015 මහ බැංකු වාර්තාවට අනුව තෙල් ආනයන වියදම ඇ.ඩො.මිලියන 4,597යි.එය 2015 ඇ.ඩො.මිලියන 2,700ට අඩුවී තිබෙනවා. එය වර්ෂයකට ඇ.ඩො.මිලියන 1,900ක ඉතිරියක්. රුපියල් කෝටි 27,500 ක්. 2016 දීද ඒ හා සමාන ඉතිරියක් තෙල් ආනයනයෙන් ඇති වී තිබෙනවා. ඒ අනුව වසර 2ක තුළ ඇ.ඩො.මිලියන 3,800ක පමණ ඉතිරියක් නැතහොත් රුපියල් කෝටි 55,100ක පමණ ඉතිරියක් ඇති වී තිබෙනවා. මේ ඉතිරියට මොකද කළේ?
විදේශ සංචිත ඇ.ඩො.මිලියන 6,500ට පහත වැටී තිබෙනවා. 2004 දී විදේශ සංචිත ප්‍රමාණය ඩො.මිලියන 2,200ක් වූ අතර එය 2014 වන විට ඩො.මිලියන 8,200ක් බවට අප පත් කළා. 2009 දක්වා යුධ වියදම්,2014 දක්වාම අධික තෙල් වියදම් හා යටිතල පහසුකම් හා ග්‍රාමීය සංවර්ධනය සඳහා වියදම්, රජයේ සේවාවන් සඳහා සේවකයන් බඳවා ගැනීම් හා වැටුප් වැඩි කිරීම් අප කළමනාකරණය කළා. පොහොර සහනාධාරය, පාසැල් නිලඇඳුම් වැනි සහන වසර 10ක් තුළ අඛණ්ඩව පවත්වා ගත්තා. රණවිරුවන් හා ඔවුන්ගේ මාපියන්ට සහන සැලසුවා.
යුද්ධය නිමා කිරීමත් සමග උතුරේ බිම් බෝම්බ ඉවත් කර A9 මාර්ගය, දුම්රිය මාර්ග ඇතුලු මූලික යටිතල පහසුකම් සම්පූර්ණ කළා. නැගෙනහිර පළාත සංචාරක කලාපයක් ලෙස සීඝ්‍ර දියුණුවකට පත් කළා. කොළඹ හා තදාසන්න ප්‍රදේශ පරිසර හිතකාමී ආසියාවේආකාර්ශණීය නාගරීක ප්‍රදේශයක් බවට පත් කළා.මේ අතර 2004 ජාතික ආදායමෙන් සියයට 7.5ක් ව පැවති අයවැය හිඟය 2014 වන විට සියයට 5.7 දක්වා අඩු කලා. උද්ධමනය සියයට 3කපමණ මට්ටමකට අඩු කළා. ණය පොලී අනුපාත සියයට 10ට අඩු මට්ටමකට ගෙන එනු ලැබුවා.
එසේ වුවත් වසරක් ඇතුලත යහපාලනය විසින් අයවැය හිඟය 5.7 සිට 7.4 දක්වා වැඩි කළා. මේ සියල්ල කළේ රටට දැරිය නොහැකි පොරොන්දු රාශියක් වගකීමෙන් තොරව “දින 100 වැඩසටහන” යටතේ ඉටු කිරීමට කටයුතු කළ නිසයි. එම පොරොන්දු ක්‍රියාත්මක කිරීම නිසා ඒවායින් ප්රතිලාභ ලැබූ රජයේ සේවකයන්ගෙන් ඔවුන්ගේ විශ්‍රාම වැටුප නැවතීමෙනුත්, සමස්ත ජනතාවගෙන් ඉහල වැට් බදු ලබා ගැනීමටත්, සංවර්ධන වියදම් කපා හැරීමටත් දැන් සිදු වී තිබෙනවා.ණය පොලී අනුපාත සියයට 14 ඉක්මා තිබෙනවා. විදේශ සංචිත අඩුකර ගත්තා.එයට අමතරව භයානකම ක්‍රියාමාර්ගය වී ඇත්තේ විදේශිකයන්ට රටේ යටිතල පහසුකම් සහ ඉඩම් විකිණීමයි.
2017 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර ඇති ආදායම 2016 වර්ෂයට වඩා රු. බිලියන 440ක වැඩිවීමක්. එය රු.බිලියන 200ක පමණ අධි තක්සේරුවක්. ජත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්කයන් සපුරා ගැනීමට අයවැය සකස් කර ඇතත් 2017 ආදායම් ඇස්තමේන්තුව ලඟා කර ගැනීම සදහා අතිරේක බදු පැනවීමේ අවධානම මතු වෙනවා. අයවැය හිඟය සඳහා ඇති ඉලක්කය වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් කපා හැරිම හෝ තවදුරටත් ණය ගැනීමටද සිදු වෙනවා. විදේශ වාණිජ ණය පමණක් රු. බිලියන 220 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. එය රු. බිලියන 230ක අනෙකුත් විදේශ ණය වලට අමතරවයි. මෙම ආදායම් අවිනිශ්චිතභාවය නිසා මෙන්ම දැනටමත් ක්‍රියාත්මක වැට් හා අනෙකුත් බදු වලින් පොලි අනුපාත හා උද්ධමනය ද වැඩි වෙනවා. විනිමය අනුපාතය අස්ථාවරත්වය ද දැකිය හැකියි. මේ නිසා ජීවන වියදම් මට්ටම තවදුරටත් දුෂ්කර වීම මේ අයවැයෙන් ඇතිවන තවත් ප්‍රතිථලයක්.
අවසාන වශයෙන් මේ අයවැය විසින් එ.ජා.ප සම්ප්රදායයතාර්ථයක් කර තිබෙනවා. එයට ශ්‍රි.ල.නි.පයෙන් කොටසකුත් සම්මාදම් වෙලා. මේ පාප කර්මයට සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට සිය හෘද සාක්ෂියට අනුව දායකවිය නොහැකියි. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය, සුභසාධන වියදම් කපා හැරීම, රාජ්‍යසේවය දුර්වල කිරීම, දේශීය ව්‍යාපාරිකයන් අධෛර්ය කිරීම, දේශීය පාරිභෝගිකයන්ට බදු බර පැටවීම, විදේශිකයන්ට වැට් බදු ආපසු ගෙවීම මෙන්ම ඉඩම් හා නිවාස ලබාදීමට කටයුතු කර තිබෙනවා. විදේශ කොලනියක් බවට අපේ රට පත් කිරිම මෙහි භයානකම පියවර බව පැහැදිලි වෙනවා.
හම්බන්තොට වරාය විකුණා ඔවුන්ට අක්කර 15,000ක භූමිය ලබාදීම විදේශකරණය කිරීමේ භායානක පියවරක්. ත්‍රිකුණාමල වරාය ආශ්රිත ප්‍රදේශද මේ අයුරින්ම විදේශකරණය කිරීමේ පියවරක්. අධිරාජ්‍යවාදීන් උඩරට වතු අයිති කර ගනිමින් එම ප්‍රදේශ වල ජනතාවට ඉඩම් අහිමි කළ අයුරින්ම හම්බන්තොට ත්‍රිකුණාමල ප්‍රදේශවල ජනතාවටද ඒ ඉරණම මේ අයවැයෙන් අත්පත් කර දී තිබෙනවා. එම ප්‍රතිපත්ති ජනතාවට සාධාරණය කරන්නේ රූපවාහිනිය මගින් තම ප්‍රචාරණ කටයුතු මෙහෙයවන සමාගමට මුදල් ගෙවා නැති ණය බරක් හා දූෂණ ගැන මවාපෑම මගිනුයි. මෙයට ඉඩ දිය නොහැකියි. ණය ගෙවීමට බැරිනම් ඒ සඳහා කල් ගැනීමට මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කිරීමට අපේ විදේශ ප්‍රතිපත්තිය යොදා ගැනීම රටක්, ජාතියක් විකිණීමට වඩා උතුම් බව තේරුම් ගත යුතුයි.
මෙම අයවැය ගැන ගැමියන් කියන්නේ “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” අයවැයක් කියලයි. තවත් සමහර අය කියන්නේ “නිර්මාංශ ආහාර ඉල්ලන පුද්ගලයන් KFC එකට ගෙන ගොස් ඕනෑ තරම් කන්න” යැයි කියපු අයවැයක් බවයි. මෙහි අවසාන ප්‍රතිපලය “යහපාලනය යම පාලනයක්” වීමයි. අපේ රටට නොගැලපෙන එංගලන්තය ඇමරිකාව වැනි රටවල් පවා යළි සලකා බැලීමට තීරණය කර ඇති ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ප්‍රගතිශිලි දේශපාලන පක්ෂ වල යුගයේ වගකීමක්.
එම නිසා රාජ්‍ය අයෝජනය වැඩි කිරීම, ජනතාවගේ ඉතිරිකිරීම් දිරි ගැන්වීම, රජය හා පෞද්ගලික අංශයේ මනා මැදිහත්වීම, කෘෂිකාර්මික හා ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කිරීම,රාජ්‍ය ව්‍යාපාර කළමණාකරණය ස්වාධීනකර කාර්යක්ෂම කිරීම, දේශීය ව්‍යාපාරිකයන් දිරි ගන්වා අපනයන වැඩිකිරීම, ආනයනය අඩු කරන නිෂ්පාදන වැඩි කිරීම ඇතුලත් ආර්ථික ප්රතිපත්තිඅපේ විකල්ප විය යුතුයි. මේ පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රිවරුන් මෙන්ම විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සිය හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමෙන් සිය පක්ෂයේ සැබෑ ස්ථාවරය තහවුරු කරනු ඇතැයි මා විශ්වාස කරනවා.
ඔබ සැමට තෙරුවන් සරණයි!
වත්මන් යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අලුගුත්තේරු අනංගයා ලෙස බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත තුසිත හල්ඔලුව නැමැත්තා මේ වන විට විවිධ වෙස් මුහුණු දමාගෙන ඔහු විසින් සිදු කොට ඇති ජාවාරම් සියල්ලම යට ගැසීමේ සූක්ෂම මෙහෙයුමක නිරත වී සිටින බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යවරයා ජාත්‍යන්තර සම්බන්ධතාවල හොඳ නමක් දිනා ගෙන ලංකාවේ කැත වූ නම ශුද්ධ පවිත්‍ර කරමින් සිටින බව කියන මොහොතක මෙම පුද්ගලයා විසින් තමන්ගේ ආශාවන් සංසිඳුවා ගන්නා කාමසුඛල්ලිකානු යෝගයේ සිට යහමින් තම මඩිය තර කර ගැනීම දක්වා වූ සියලුම කී නොකී කතා සියල්ලගේම නිරත වී සිටින ආකාරය ගැන විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් බොහොමයක් මහත් පිළිකුලෙන් යුතුව හෙළා දකිති. ඔහු මේ දක්වා කළ මගෝඩි කම් සම්බන්ධයෙන් ගෙවී ගිය පැය කිහිපය තුළ පමණක් දුරකථන ඇමතුම් රාශියක් අපට ලැබුණු අතර එහිදී හෙළිදරව් වූ කාරණා කිහිපයක් පමණක් මෙහිදී ජනතාවගේ දැන ගැනීම සඳහා වාර්තා කරන්නෙමු.
රාජ්‍යය නිලධාරියෙකු ලෙස රටේ ජනතාවගේ බදු මුදලින් යැපෙන මෙවැනි පුද්ගලයින් තම රැකියාවේ කටයුතු ගැන ජනතාව හමුවේ වගකීමට බැඳී සිටින්නේය. යහපාලන ආණ්ඩුව ගෙන ඒමට සහය වීම මූලික කර ගනිමින් අලුත් ආණ්ඩුව හැදුවේ තමන් පමණක්ය යන මේනියාවෙන් පසුවන මෙම පුද්ගලයා රාජ්‍යය නිලධාරීන් රාශියකට බලපෑම් කොට තිබේ. එසේම රාජ්‍යය තාන්ත්‍රික සම්බන්ධතා ගැන මොලොව හසරක් නොදන්නා මෙම පුද්ගලයා තවත් එක් සජින් වාස් කෙනෙකු බව අපි මීට පෙරද සඳහන් කළෙමු. එපමණක් නොව විදේශ අමාත්‍යංශයේ ඇතැම් මූලාශ්‍ර පෙන්වා දෙන පරිදි මෙම පුද්ගලයා “ ලිංගික අල්ලස්” ගෙන තිබේ. මෙය බරපතළ චෝදනාවක් වන අතර මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් වහාම සිදු කළ යුතු වේ.
මීට පෙර අප විසින් වාර්තා කළ පරිදි, පසුගියදා හෙතම සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු ගුවන් තොටුපලට පැමිණියේ චෙන්නායි බලා යන ගුවන් යානයට නැගීමටය. සී. සී. ටී. වී. කැමරා සටහන් වලට අනුව තුසිත හල්ඔලුව, ෆාරුක් ෆර්ඩ්හවුස්, සහ ඉන්දීය ජාතිකයෙකු වන රාම් සුදර්ශන් එකම මෝටර් රථයකින් පැමිණ චෙන්නායි බලා යෑමට සූදානම් වූයේ ප්‍රකශ නොකළ ඇමෙරිකානු ඩොලර් හතලිස්පන්දාහක්ද රැගෙනය. එය මාට්ටු වූ සැනින්, තුසිත සහ ෆාරුක් දෙදෙනා අදාළ මුදල් රාම්ගේ බව සඳහන් කොට රාම් යනු ෆාරුක්ගේ මිතුරෙක් ලෙස හුවා දක්වමින් තමන් සුදෙනෙකු වීමට උත්සහ දරා තිබේ. නමුත් ෆාරුක් කියන්නේ රාම් යනු තුසිතගේ සහ ෆාරුක්ගේ මිතුරෙකු බවය.
ඉන් පසු ඇමති සන්ද්රේෂ් රවී කරුණානායක අමතා ඇති තුසිත, අදාළ කාරණය ගැන රවීට සඳහන් කළ පසු රවී තම ගෝලයා වූ තුසිත බේරාගෙන ඇත. රවීගේ සහ තුසිතගේ ඇමති-ගෝල මිත්‍රත්වයද ඉතා දුර දිග ගිය එකකි. මොහු විසින් මෙහෙයවන ලංඩන් නුවර සිට ක්‍රියාත්මක වන එක්තරා ශ්‍රී ලංකික වෙබ් අඩවියකට රවී විසින් තුසිත හරහා වෙළඳ දැන්වීම් ලබා දී තිබේ. එසේම, අදාළ වෙබ් අඩවිය රටේ කක්කුසියක් වැඩිපුර ගඳ ගැසුවත් විශාල කැපකිරීමකින් රට සැදීමට කැප වී සිටින නමුත් ඔවුහු තෝරාගත් ඇතැම් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ වැරදි ගැන පුදුම සහගත මුණිවතක් රකිමින් ශිෂ්ඨ සමාජයක් ගැන දොඩන්නේය.
පසුගිය කාලය පුරා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම ඇතුළු කාරණා ගණනාවක් මෙහෙවනු ලැබුවේ මෙම තුසිත හල්ඔලුව නමැති පුද්ගලයාය. මොහු සැබවින්ම යහපාලනය නාමයෙන් මාධ්‍යය ත්රස්තවාදයක් පතුරුවා හැර ඇත. ඔහු පොලිස්පතිවරයාට පහරදීමට හේතුව ඔහුගේ මිත්‍රයෙකු මීළඟ පොලිස්පති ධූරය සඳහා කෙල හළමින් සිටීම බව වාර්තා වේ. වංචා දූෂණ වලට එරෙහි පරීක්ෂණ වල විශාල මැදිහත්වීමක් කරන මෙම පොලිස් නිලධාරියා හිතා මතාම ඇතැම් පරීක්ෂණ යට ගසා ඒවායින් මුදල් ලබාගත් තවත් එක් අනංගයෙකු බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර නුදුරු අනාගතයේ සවිස්තරාත්මකව හෙළිදරව් වීමට නියමිතය.
තම ඉන්දීය සංචාරයෙන් පසු දිවයිනට පැමිණි තුසිත ඊයේ සඳහන් කොට ඇත්තේ අදාළ සිදුවීමට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නැති බවය. නමුත්, මේ වන විටත් අමාත්‍යය සාගල රත්නායක මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතට ලැබී ඇති සී. සී. ටී.වී. කැමරා සටහන් වල සහ සේයාරූ වල තුසිතගේ සැබෑ කෙරුවාව සටහන් වී තිබේ. කෙසේ වෙතත්, ඔහු කියන පරිදි මෙම සිදුවීමට කිසිඳු සම්බන්ධයක් නැතැයි විහිලුවට හෝ කෙනෙකු සිතන්නේ නම්, එකම මෝටර් රථයකින් පැමිණ, ගුවන් යානය මඟ හැරුණු පසු එකම මෝටර් රථයෙන් යලි ගොස් පසුදා අදාළ ගමන සඳහා ගුවන් යානයට නැගීම සඳහා යළිත් තිදෙනා එකටම එන්නේ මන්ද? එයත් අහඹු සිදුවීමක් යැයි සඳහන් කළ හොත්, අදාළ පුද්ගලයා සහ ඔහුගේ මෙමෙ මිතුරන් දෙදෙනා මීට පෙර ගමන් ගත් ගුවන් වාර සංඛ්‍යාව සහ එහිදී ගිය පුද්ගලයින් ගැන විමසා බැලීමට හැකිය.
රාජ්‍යය සේවකයකු වන තුසිත හල්ඔලුව නමැත්තා, මේ වන විට පදිංචි වී සිටින්නේ කොල්ලු පිටියේ පිහිටා ඇති අධි ශුඛෝපභෝගී මහල් නිවාසයකය. නිවසේ වටිනකාම මිලියන 52 ක් වන අතර අයෙකු කුලියට සිටින්නේ නම් එහි මාසික කුලිය පමණක් රුපියල් ලක්ෂ හයකි. අදාළ නිවස ඔහුට “ඉතාම කිට්ටු” මිතුරෙකු විසින් ලබා දුන් එකක් විය හැකිය. නමුත් වැදගත් වන්නේ අදාළ නිවස ඔහු භාවිතා කරමින් විදේශ කටයුතු අමාත්‍යංශයේ ස්ත්‍රීන් අපහරණය කිරීමට භාවිතා කරන්නේද යන්න බොහෝ දෙනෙකු මතුකරන ගැටලුව වී තිබේ. එසේම විදේශ කටයුතු අමාත්‍යංශයේ පත්වීම් වලදී මොහු සිදුකරණ අතපෙවීම් ඉතාම අප්‍රසන්න බව බොහෝ දෙනෙකු සිදුකරණ පැමිණිල්ලකි. ඔහුගේ එක් බිරිඳක්, බුරුමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලේකමවරියක් ලෙස සේවය කරන්නීය.
එසේම ඔහුගේ මිතුරෙකු වන ෆාරුක් යනු යහපාලන ආණ්ඩුව යටතේ ටෙලිකොම් හී අධ්‍යක්ෂක ධූරයට පත් වූ අයෙකි. ඔහු ලේක් ඩ්‍රයිව් ප්‍රොපර්ටි ඩිවෙලොපර් සහ පෑන් එශියා පවර් නමැති සමගාම් වල කොටස් කරුවෙකි.
තුසිත, ෆාරුක් සහ රාම් යනු ගජ මිතුරන් බවට පත් වූයේ අද ඊයෙක නොවේ. ඔවුහු මහින්ද රාජපක්ෂ පරිපාලනය තුළ ඉතාම හොඳින් තම අවශ්‍යතා සපුරාගත් අයවලුන් වූහ. එසේම, රාම් දකුණු ඉන්දියානු ලලනාවන් මෙරටට ගෙන්වා ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ට සන්තර්පණය කිරීමට අවශ්‍යය පහසුකම් සලසා දෙන බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත අදහස් දැක්වූ ෆාරුක් කියා සිටියේ, ඔහු සහ තුසිත මිතුරන් බවත් ඔවුන්ගේ මිතුරෙකු වූ රාම් ගුවන්තොටුපලේදී මුහුණ දුන් අසීරුතාවයකින් ගොඩ ඒම සඳහා සහය වූ බවත්ය. ෆාරුක්ට අනුව ඇමෙරිකානු ඩොලර් පන්දාහක් පමණක් තම සාක්කුවේ දමාගෙන සිටි තුසිතට කිසිම ප්‍රශ්ණයකට මුහුණ දීමට සිදු නොවූ අතර ඔහු එදිනම චෙන්නායි බලා ගොස් ඇත.
නමුත් අපගේ වාර්තාවලට අනුව, එකම මෝටර් රථයකින් පැමිණෙන තිදෙනාගෙන් කිසිවෙකුට හෝ එදින ගුවන්ගමන සඳහා අවස්ථාව ලැබෙන්නේ නැත. තිදෙනාම එකම ගුවන්යානයකින් ඉන්දියාව බලා යන්නේ ඉන් පසුවය.
මෙරට ජාතික ධනය මෙරටින් පැනීමට ගොස් මාට්ටු වූ මෙම අප්‍රසන්න පුද්ගලයින් ගැන අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍යය කාරණයක් බව අපි යලි යළිත් කියන්නෙමු.
එසේම අදාළ කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත අදහස් දැක් වූ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකරු ගාමිණි වියන්ගොඩ මහතා සඳහන් කළේ එවැනි සිදුවීමක් ගැන තමන් මෙතෙක් නොදන්නා බවයි. නමුත්, එවැනි කාරණයක් සිදු වී ඇත්තේ නම් ඒ ගැන අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකිරීම අත්‍යවශ්‍යය බව පේනවා දුන්නේය.
හල්ඔලුව මේ වන විට රටේ විවිධ මාධ්‍යයන් වෙත කතා අකරමින් අදාළ සිදුවීම යට ගැසීම සඳහා හැකි උපරිම උත්සාහය ගෙන ඇත. එසේම ඔහුගේ ඇතැම් මිත්‍ර “මාධ්‍යය සගයින්” තම මිත්‍රයාගේ වංචාවන් ගැන රටට නොකීමට සපත වී සිටින බව සැලයි.
තුසිත “සෑර්ට” කියලා විදේශ අමාත්‍යංශයේ හෝ ඊට සම්බන්ධ තානාපති සේවාවන් වල යම් යම් නිලතල ලබා ගැනීමට උත්සහ කරන ඇතැමුන් සිදුකරමින් සිටින්නේ යහපාලනය නමැති උතුම් සංකල්පය මත ජරා කොට ඒවා හත්පොලේ ගා ගනිමින් සිටීම පමණක් බව අමතක නොකරනු මනාය. මෙවැනි අලුගුත්තෙරුවන් එකලද සිටියේය. මෙකලද සිටින්නේය. රට හිඟමනට ඇද දමන්නේ මෙවැන්නන් විසිනි.
විශේෂ වාර්තාකරුවෙකු විසිනි
කප්පම් හල්ලොලුව අමරිකානු ඩොලර් 60 දහසක් අරන් චෙන්නායි පනී…කටුනායක ආරක්ෂකයන්ටත් තගක් දාලා සිද්ධිය සිදුවු සැනින් lanwanewsweb.today කල අනාවරණය
බෙදුම්වාදීන්ගේ අන්තවාදි ක්‍රියාකලාපය සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පරදවනු ලැබිමෙන් පසුව එහි අයිතිකරුවන් ලෙස පෙනි සිටිමින් තනතුරු ලබමින් සල්ලි කොල්ල කමින් මාෆියා ව්‍යාපාරවල යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ නමින් කබ්බ සංවිධානයක් පවත්වා ගෙන යන Thousand talks, No works ලංකා ඊයා නිවුස් නිල නොලත් කතෘ තුසිත හල්ලොලුව අමරිකානු ඩොලර් 60 දහසක(US 60000$) මුදල් කටුනායක ගුවන් තොටුපලෙන් රැගෙන යැමට යැමෙදී ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව් ජනාධිපති කාර්යාලයෙන් ලැබුන නියෝගයක් හරහා එය නිදහස් කර ගැනිමට කටයුතු කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
කිසියම් පුද්ගලයෙකුගෙන් කප්පම් මුදල් ලෙස ලබාගත් අමරිකානු ඩොලර් 60 දහසක(US 60000$) මුදල අමරිකානු ඩොලර් 45න් දහසක්(US 45000$) සහ අමරිකානු ඩොලර් 13න් දහසක්(US 45000$) ලෙස මුස්ලිම් සහ දමිළ පුද්ගලයන් දෙදෙනෙකුගේ ගමන් මල්ලේ සගවා පෙරේදා 10 උදැසන කටුනායක ගුවන් තොටුපලෙන් චෙන්නායි බලා රැගෙන යාමට උත්සහ දරා ඇති අතර ඊට පෙර චෙන්නායි බලාගිය ගුවන් යානයෙන් තුසිත හල්ලොලුව චෙන්නායි බලා ගො තිබේ.පසුව මුදල් සමග තමන්ගේ ගොලයන් හසු පසුව ගුවන් තොටුපලෙ ආරක්ෂක අංශයන්ට ජනාධිපති කාර්යාලය හරහා බලපැම් කර සිද්ධිය සම්බන්ධයෙන් පියවර නොගෙන ඉටින ලෙසට නියෝග කිරිමට තුසිත කටයුතු කර තිබේ.
පසුව නැවැතත් කටුනායකට පැමිණි තුසිත අදාල මුදල් වලින් අමරිකානු ඩොලර් 13න්(US 13000$) දහසක මුදල රාජසන්තක කිරිමට කටයුතු කර ඇති අතර මරිකානු ඩොලර් 45න් දහසක (US 45000$)මුදල සදහා රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවා මුදල් නිදහස් කරගෙන ඇති අතර අද උදැසන එම මුදල්ද රැගෙන තිදෙනාම යලි චෙන්නායි බලාගොස් තිබේ.පසුව තුසිත සිය මාධ්‍ය මාෆියා කාරයන් යොදවා වෙනත් පුවතක් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරිමට කටයුතු කර තිබේ.කෙසේවෙතත් අදාළ මුදල් රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා ගියේ කවර කරුණන්ක් නිසාද යන්න මේ වනතෙක් අනාවරණය වි නෑ.
පොලිස් මුල්‍ය අපරාධ කොඨඨාශය හරහා සිදුකරන විමර්ශනවල නිතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන රහස්‍ය වාර්තා මුදලට සහ ලිංගික අල්ලස් වලට විකිණීමට තුසිත හල්ඔලුව කටයුතු කරන බවත් අදාළ වාර්තා ලංකා ඊයා නිවුස් හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින්අදාළ කප්පම් සහ ලිංගික අල්ලස් ලබා ගැනිම සිදුකරන බව රහස්‍ය වාර්තාවක් අගමැතිවරයාට යොමුකර ඇතිබව අප විශේෂ වාර්තාකරු මිට පෙර අනාවරණය කර සිටියා.
http://www.sinhala.lnwtoday.com/archives/14232
8 පාස් නැති මැස්සෙක් ගිය උඩ……..
යහපාලනේ ගෙනා “මහ ඔලූවා” තමා යැයි කියාගන්නා හල්ලොලූවා ගැන තොරතුරු රැසක් හෙළිවෙමින් පවතී. තුසිත හල්ලොලූව පවසන පරිදි මංගලලා, චම්පිකලා, අනුරලා, දුමින්ද හා රාජිතලා වැන්නවුන් කරපු දෙයක් නැත. සියලූ සැලසුම් හල්ලොලූවාගේය. සියලූ මෙහෙයුම් හල්ලොලූවාගේය. පුවත්පත් මගින් සල්ලි ගෙවා ලිපි පලකරවාගෙන තමාවම පුම්බා ගැනීමට වෙර දරන තුසිත හල්ලොලූව උපන්නේ බෙන්තර බද්දේගම ගමේය.
පත්තර කිහිපයකට විටින් විට විශේෂාංග ලියූ හෙයින් තමා විසින්ම මාධ්යවේදියෙකැයි ප්‍රසිද්ධියේ කියා ගනිමින් රටේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගෙන කපටිකමින් දැනහැදුනුම්කම් ඇති කරගත්තේය. මොහු ඒ සියල්ලෝම තමාගේ අතිජාත මිත්රයින් ලෙස හුවා දක්වමින් බොරුවෙන් ජීවත් වන්නෙකි. මොහු ගත් බොහෝ සම්මුඛ සාකච්ඡා කිසිදු පුවත්පතක පලවුයේ නැත.
එහෙන් මෙහෙටත්, මෙහෙන් එහෙටත් කේලම් කියන්නෙකු ලෙස හංවඩු ගැසුණු තුසිත ගැන ඇතමුන් පවසන්නේ Thousand talks, No works යනුවෙනි. ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකමක් නොමැති වුවත් තුසිත හල්ලොලූව රගපාන්නේ දෙස් විදෙස් හි ඉගෙනුම ලැබුවෙකු සේය.
පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේනගේ නිල නිවස පැත්තට හොරෙන් රිංගාගත් තුසිත අනවශ්‍ය ආකාරයෙන් වචන දාන්න ගොස් මෛත්‍රිපාලගේ ලේකම් වූ කරුණාරත්න පරනවිතානගෙන් කනේ පාරක් කා විලිලැජ්ජාවට පත් වූයෙකි. සිදු වූ දේ කිහිප දෙනෙකුම දුටු හෙයින් එතැනින් මාරු වූ තුසිත මංගල සමරවීර පස්සේ ගාටමින් රස්තියාදු ගසමින් නිකරුණේ කාලය ගත කරන්නට විය. මංගලට ලැබෙන තොරතුරු අසා සිටිමින් අලූත් වැඩකට තුසිත අත ගසන්නේ මේ කාලයේය. එනම් විවිධ ගැටලූවලට ලක් වූ අයගේ තොරතුරු මංගලට ලැබෙන බැවින් ඒවා අසාගෙන සිට, මංගල වැනි අය හරහා සහන සැලසිය හැකි යැයි පවසමින් කප්පං ගැනීමට තුසිත පටන් ගත්තේය.
නිතර තමා ලග ගැවසෙමින් වාතයක් වෙන තුසිතව මංගල විසින් විවිධ තැන් සදහා යවනු ලබන්නේ නිතර දැකීම තමාටත් මල වදයක් වුණු බැවිනි. එයින් තමා මංගලගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කියා ගනිමින් තුසිත කටයුතු කළ අතර, මුලින් මෙවැනි මැට්ටෙකු මංගල තම සම්බන්ධීකරණ ලේකම් කරගනීදැයි බොහෝ දෙනාට ප්‍රශ්ණයක් වූ නමුත් පසුව එය හැමෝටම සාමාන්‍ය දෙයක් බවට පත්විණි. ඉංග්‍රීසි අකුරක්වත් බැරි තුසිත හල්ලොලූව අද විදේශ කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි. එසේම ශී‍්‍ර ලංකා මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකි. මෙම ආයතන දෙකේම ඉහල නිලධාරීන් බහුලව භාවිතා කරන්නේ ඉංග්‍රීසි වන අතර බෝර්ඞ් මීටිං වලදී තුසිත හල්ලොලූව කිසිදු වචනයක් පවසන්නේ නැත. මුලූමනින්ම නිහඩය.
යහපාලනේට මාස හතරක් වෙද්දී ඉන්න හිටින්නට තැනක් නැතිව හිටි තුසිත හල්ලොලූව අද ඉන්නේ Crescat හි අතිසුඛෝපභෝගී සුපිරි නිවසකය. මාසිකව ගෙවන නිවාස කුලිය හත්ලක්ෂ පනස්දාහකි. එසේම කෝට්ටේ ගල්වල පාරේ අලූතින් කෝටි 03 ක පමණ නිවසක් මුදලින් කෝට් දෙකක් දී ඉතිරිය ණයක් මගින් හිමිකර ගැනීමට ද තුසිත සමත් වී ඇත. එහි ණය වාරිකය වන තුන්ලක්ෂ විසිපන්දහස කප්පං සල්ලි විදියට වෙනත් කෙනෙකු ගෙවා දමයි. එපමණක් ද නොව යන්න එන්න බයිසිකලයක්වත් නොතිබුණු තුසිත හල්ලොලූව අද පාවිච්චි කරන්නේ BMW හා බෙන්ස් යන වර්ගවල රථ දෙකකි. ඒවා ද විවිධ යටිකූට්ටු වැඩ කරදෙන බවට පොරොන්දු වී කප්පං වශයෙන් ලබා ගත් ඒවාය. මෙම මුදල් ගෙවන්නේ කවුද, කුමන හේතු නිසාද, මේ වන විට කීයක් ගෙවා තිබේද යනාදි කරුණු සාක්ෂි සහිතව අප වෙත ලැබී ඇත. ඒවා සහ තවත් බොහෝ තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
Top