මහා බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් අගමැතිවරයා,ජනාධිපතිවරයා ඇතුලු යහපාලන වංචා නඩයේ පවු සේදිම සදහා යන එන මං නොමැතිව වැලේ වැල් නැති දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී සිටින ස්වර්ණවාහිනී නාලිකාව මිලට ගැනිම සදහා වු අවසන් තින්දුව ගෙන ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
පසුගිය කාලසිමාවේ දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ස්වර්ණවාහිනී නාලිකාව පසුගිය මාසයේ සේවකයන්ගේ පඩි ගෙවා ගැනිමට නොහැකිව දැවැන්ත අර්බුදයකට මුහුණ දුන් අතර පසුව මලික් සමරවික්‍රම මහතාගේ මැදිහත් විමේන් වාණිජ බැංකුවකින් අවශ්‍ය මුදල් ලබාදිමට කටයුතු කර තිබුනා.
පසුගිය කාලසීමාව තුල යහපාලනයේ අසමජ්ජාති කුණු කතා සිය අසමජ්ජාති මාධ්‍ය භාවිතය සදහා යොදවා ගැනිම කිසිවිටකත් නොගැලෙපෙන බව ශ්‍රී ලාංකීය අභිමානය විකුණමින් යහපාලන අගුපිලේ ලැග්ග ස්වර්ණවාහිනී මේ වන විට නෛතිකවම එජාපයේ හොරුන්ට ලියා දිම සදහා සුදානම් වෙමින් සිටි.
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් මහතා විසින් දැවැන්ත මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීමට සූදානම් බවට පසුගිය කාලසිමාවේ ආරංචි මාර්ග පැතිර ගිය අතර මෙම මාධ්‍ය ජාලය ඇරඹීම සඳහා රුපියල් බිලියන ගණනක වියදමක් දැරීමට නියමිත බවද වාර්තා වුනා.
මේ අතර අර්ජුන් ඇලෝසියස් ආරම්භ කිරිමට යන නවතම මුද්‍රිත පුවත් පත් 5 සහ වෙබ් අඩවි 4ක් සදහා අවශ්‍ය ගොඩනැගිල්ලක් මිලදි ගැනිම සදහා මේ වනවිට කටයුතු ආරම්භ කර තිබේන අතර ඒ සදහා බියගම සහ කඩුවෙල යන ප්රදේශව් අලින් එකක් තොරා ගැනිම සදහා අවශ්‍ය කටයුතු මේ වනවිට සුදානම් කරමින් තිබේන බවද අනාවරණය වි තිබේ.
සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් දිනපතා සහ ඉරිදා ජාතික පුවත්පත් ලබන වසරේ ජනවාරියේ එළිදක්වමින් මෙම මාධ්‍ය ජාලය ආරම්භ කිරීමට නියමිත බවත් රූපවාහිනී සහ ගුවන්විදුලි සේවා දෙකක් මෙන්ම වෙබ් අඩවි ජාලයක්ද නුදුරේදීම ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබු අතර ඒ අනුව රූපවාහිනී නාලිකාව ලෙස ස්වර්ණවාහිනීය මිළදි ගැනිමට තිරණය කර තිබේ.
යහපාලන රජය බලයට පත් වීම සහ වසර එකහමාරක කාලයක් තුළ පවත්වාගෙන යැමේදී ජනතාව ඉදිරියේ ඇති කළ දේශපාලන මුහුණුවර පිළිබඳ නිවැරදි තක්සේරුවක් කිරීමට දැන් කාලය පැමිණ ඇත. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි ඉතා කුඩා මන්ත්‍රී සංඛ්‍යාවක් තිබූ එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය බලය රැගෙන දීම සහ ඉන්පසුව කරන ලද නීත්‍යානුකූල නොවන ක්‍රියා රාශියක් ගැන අත්දැකීම් මේවන විට තිබේ. පළාත් පාලන මැතිවරණය දිනෙන් දින කල් යන අතර ජනතා විරෝධය යටපත් කරලීම පිණිස නොයෙකුත් හිතුවක්කාරී දේශපාලන තීරණ ක්ෂණිකව මතු වෙයි. පසුගිය මැතිවරණ සමයට පෙර බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව නිකුත් කිරීමට ප්‍රථම පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මෙයට එක් නිදර්ශනයකි. එවිට මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද. යහපාලන රජය බිඳ වැටීමට ඉඩ නොදී කෙසේ හෝ පවත්වාගෙන යැම එහි අරමුණ බව තීරණය කළ හැකිය. දහනව වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුව විසිරුවා හළ නොහැකි බවද මෙහිදී අප සිහිපත් කළ යුතුය.
යහපාලන රජයෙහි මූලික අරමුණු අතරින් ඉතා වේගවත්ව ක්‍රියාත්මක වන්නේ නව ව්‍යවස්ථාව සකස් කිරීමේ ක්‍රියාවලියයි. ඊට අමතරව ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත ඉක්ටා ගිවිසුමයි. 2016 වසරේ ආරම්භයත් සමගම මේ නව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසීම ඇරඹුණි. එහි වාර්තාවද දැන් නිකුත් වී තිබේ. නමුත් ඒ තුළින් අප දකින්නේ මහජන අදහස් නොව කමිටුවට පත් කළ ප්‍රධානීන් අභිමත ඉලක්කයන්ය. අනාගමික රාජ්‍යයක් බවට ලංකාව පත් කිරීම හෝ සියලුම ආගම්වලට සමතැන දීම ජාතික කොඩිය වෙනස් කිරීම. බලය බෙදා හැරීම යන කරුණුවලදී සීමිත පිරිසක් වන උතුරේ බෙදුම්වාදීන් ගේ අදහස්වලට කමිටුව මුල් තැන් දී තිබේ. මෙම කමිටුව නියෝජනය කරන පිරිස අතරින් බහුතරයක් බෙදුම්වාදයට පක්ෂවේ. ඒ බැව් එම වාර්තාවේ හැඳින්වීමෙන් ප්‍රකාශ වේ. කෙසේ වෙතත් ඉදිරි මාසයේ එළියට ඒමට නියමිත මෙම ව්‍යවස්ථාව ගැන සමාජයේ ඇතිවූ කතාබහ බෙහෙවින් වැදගත් විය. මහානායක හිමි වරුන් ගෙන් සහ කාදිනල් වරයාගෙන් එහි ඇතැම් කරුණු වලට එල්ල වූ විරෝධය නිසා රජයේ පාර්ශවයෙන් කරුණු පැහැදිලි කර දෙන්නටද උත්සුක විය. එසේම ජනමත විචාරණයකින් තොරව මෙම ව්‍යවස්ථාව සම්මත කරන බවද විවිධ දේශපාලන කණ්ඩායම් වලින් මත පළ විය.
යහපාලන රජය දිනෙන් දින අප්‍රසාදයට පත් වෙයි. රජය පවත්වාගෙන යැමට නොහැකිව බැඳුම්කර මගඩි තුළින් ණය බර උත්සන්න වී නළියන කල රජය බිඳ වැටීමකට ලක් විය යුතුය. අඩු ගණනේ අග්‍රාමාත්‍යය පදවිය වෙනස් වීමකට ලක් විය යුතුය. නමුත් ජනාධිපතිවරයා කලින් ලෙසම මෙම බිඳ වැටීම වළක්වාගෙන සිටී. එයට හේතුව ලෙසට අපට සැලකිය හැක්කේ පැවති රජය පරාජය කිරීම පිණිස විදෙස් බලවේග සමග ඇතිවූ එකඟතාවයන් අර්බුදයට යැම වලක්වා ගැනීමයි. වෙසෙසින්ම සංහිඳියා පිළිවෙත තුළින් උතුර සහ නැගෙනහිරට අවශ්‍ය ප්‍රමාණවත් දේශපාලන බලතල ලබා දීම පිණිස පිහිටවූ සංහිඳියා ලේකම් කාරයාලය ඔස්සේ ඉදිරියට යන වැඩ පිළිවෙල කඩාකප්පල් කර ගැනීමට මේ පිරිසට නොහැකිය. අතුරුදන් තැනැත්තන් පිළිබඳ පණත වැඩි සංවාදයකට ලක් නොකර සම්මත කර ගැනීමෙන් අපට පැහැදිලි වන්නේ එකඟතාවයන් ඉෂ්ට කිරීමට රජය විශේෂයෙන්ම බැඳි සිටින බවයි. ඒ අනුව ඉදිරියේදී ඉක්ටා ගිවිසුම අත්සන් කිරීමත් ෆෙඩරල් බලතල සහිත නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමත් යන කාරණා සිද්ධ කොට අවසන් කිරීමට යොමු විය හැකිය.
මේ අරමුණු මෙසේ වුවද යුද්ධයෙන් අවසන් කරන ලද කොටි ත්‍රස්ත බිය නැවත මතු වෙමින් පවතී. අවි ආයුද තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, ගිනි අවි ප්‍රවාහනය කිරීම වැනි දේ උතුරේ යළි සිදු වෙයි. ආරක්ෂක හමුදාවලට පහර දීම සිදු වෙයි. දෙමළ පොලිස් නිලධාරීන්ට ඉල්ලා අස්වන ලෙසට බල කෙරෙන දැන්වීම් ලැබෙයි. මීට ටික දිනකට ප්‍රථම උතුරේ මහ ඇමති විසින් කරන ලද වෛරී ප්‍රකාශවලින් පසු උතුරේ තරුණයන් ඇවිස්සී තිබේ. ඔවුන් උතුරේ බුදු පිළිම කුඩු කරයි. කැලෑබෝගස් වැවවැනි සාම්ප්‍රදායික සිංහල ගම්මාන සංවර්ධනය කිරීමට විරුද්ධ වෙයි. උතුරේ හමුදා කඳවරු ඉවත් කළ යුතු යෑයි විදෙස් නියෝජිතයන් හමු වේ ප්‍රකාශ වෙයි. බෞද්ධ නොවන ප්‍රදේශ ලෙස උතුර ගැන හැඳින්වීමක් කර ඇත. මේ ළඟදී ලංකාවට පැමිණි රීටා ඉසාක් නමැති එක්සත් ජාතීන් ගේ සංවිධානයේ නියෝජිතවරිය මෙය අනුමත කරමින් ප්‍රකාශයක් ද ලබා දී තිබේ. එසේම පවතින ව්‍යවස්ථාවේ නවවන වගන්තිය සුදුසු නොවන බවද ඇය පෙන්වා දී තිබේ. (Article 9 of the Constitution is sometimes used to the detriment of other religions’ Construction of Buddhist temples, shrines and statues at an alarming pace in areas that were traditionally non-Buddhist” is being met with animosity.) පෙරහැර එන විට කස පුපුරුවන බව අප දනිමු. 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථමවද මේ දේ සිදු විය. රටපුරා කලබගෑනි ඇති වී බලහත්කාරයෙන් ගිවිසුම අත්සන් කෙරිණ.
ඡේ. ආර්. මාමාගේ අඩිපාරේ යන වත්මන් අගමැතිවරයා සිය අරමුණු සාක්ෂාත් කර ගැනීමට සමස්ත රජයම ප්‍රාණ ඇපයට ගෙන ඇත. රටේ ඇති ප්‍රධානතම ප්රශ්නය උතුරේ සහ නැගෙනහිර දෙමළ මුස්ලිම් අයට බලතල නොදීම යන මිථ්‍යාවේ ඔහු සිරවී සිටී. ජනාධිපතිවරයාද ඊට දෙවැනි නැත. මේ දෙදෙනාගේ න්‍යාය පත්‍රය මත සියල්ල සිදු වෙමින් පවතී. මේ අතර තිස්ස අත්තනායක මහතා දෙවනි වරටද අත්අඩංගුවට පත් වී ඇප නොලබා සිපිරිගෙයට ඇතුළත් කර ඇත. ඔහුට තිබූ මුල් චෝදනාව නම් කූට ලේඛන සකස් කිරීමයි. එයට දැන් තවත් චෝදනාවක් එකතු කර ඇත. එය නම් ජාතික වාර්ගික වෛරය ඇති කිරීමට කටයුතු කිරීමයි. එවැනි නීතියක් රටේ තිබෙන බවද බොහෝ දෙනා නොදනිති. මන්ද එවැනි වරදකට මෙතෙක් චෝදනාවක් එල්ල ව නොතිබීමයි. සැබවින්ම 2007 අංක 56 දරන පනත මගින් මෙවැනි වරදවල් ආවරණය කරනු ලබයි. පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට්ටුව විසින් අනුමත කොට සම්මත කරන ලද මෙම පනත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියකට අනුව සකස් වූවකි. 1966 වසරේ දෙසැම්බර් මස දී එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ඉදිරියේ සම්මත වූ මෙයට 1980 වසරේ ජූනි 11 දින දී ලක් රජය අත්සන් කොට ඇත. 2005 දී රට තුළ පැවති ත්‍රස්ත ක්‍රියාකාරකම් යුද්ධයෙන් අවසන් කොට නැවත එම බිය ඇති නොවීම සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූල පනතක් ගෙන ඒම එහි බලාපොරොත්තුව වන්නට ඇත. නමුත් එම රජය එම නීතියෙන් වැඩක් ගත් බව නොපෙනේ. තිස්ස අත්තනායක මහතා මැතිවරණයට පෙර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කාරණා තුනක් ගෙන හැර දැක්වීය. එයින් ප්‍රධාන තම කාරණය වන්නේ රට බෙදීම පිණිස යම් ගිවිසුමක් ඇති බවයි. දේශපාලන මැතිවරණ අවස්ථාවකදී මෙවැනි චෝදනා එල්ල වී ම ස්වභාවිකය.
මේ නව පණතේ අඩංගු කරුණු සකස් කොට තිබෙන්නේ මෙතෙක් ප්‍රමාණවත් ලෙස ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබා දී නැති ඉහත කී සම්මුතියේ සඳහන් සිවිල් අයිතිවාසිකම්වලට උචිත නීති සම්පාදනය කිරීම පිණිසය. ඒ අනුව එහි තෙවනි වගන්තියෙන් ප්‍රකාශ වන්නේ මෙයයි.
කිසිම තැනැත්තෙකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීම එදිරිවාදිකම් වලට හෝ ප්රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හො ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතුය.
එහි හතර වන වගන්තියෙන් මෙසේ ප්‍රකාශ වේ. මෙම වගන්තිය යටතේ වන වරදක් සංඥෙය හා ඇප දිය නොහැකි වරදක් විය යුතු අතර එවැනි වරදක් සිදු කර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින කිසිම තැනැත්තකු විශේෂ අවස්ථානුගත කරුණු වලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතුය.
තිස්ස අත්තනායක මහතාගේ සිද්ධිය ට අදාළව මෙම නීතිය පෙරට ගැනීම පූර්වාදර්ශයක් සැපයීම සඳහා කරන අත්හදා බැලීමකි. ඉදිරියේදී නව ව්‍යවස්ථාවට විරුද්ධ වන්නන්ට එරෙහිව මෙය යොදා ගත හැකි වන බවට රජය විශ්වාස කරයි. එයට අමතරව ඉක්ටා අත්සන් කිරීම කෙසේ හෝ කිරීම පිණිස බැඳුම්කර සිද්ධිය වැනි දේ මාධ්‍ය මගින් අනවශ්‍ය පරිදි උලුප්පා දමා කටයුතු කරන බව පෙනේ. එය අත්සන් කළහොත් දකුණු ඉන්දීය ආර්ථික කලාපයේ කොටසක් බවට උතුර සහ නැගෙනහිර පත් වේ. එවිට නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ ක්‍රියාවලියට ඉන්දියාවට මැදිහත් වීමේ ඉඩකඩ විවර වේ. මේ වත්මන් රජයේ න්‍යාය පත්රයයි. එය පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය යෑයි හඳුන්වන මන්ත්‍රීවරුන්ට සුවිසල් කාර්ය භාරයක් ඉටු කළ හැකිය. එකක් නම් ව්‍යවස්ථාදායක සභාවට සුජාත භාවයක් ලබා නොදීම පිණිස එයින් ඉවත් වීමයි. නමුත් ඔවුහු එය දිනෙන් දින කල් දමමින් සිටිති. මෙම ක්රියාදාමයේ පවතින තිත්ත දේශපාලන ඇත්ත තේරුම් නොගතහොත් ජාතියක් වශයෙන් අප කිසිදා ගැලවීය නොහැකි උගුලකට හිරවීම නියතය.
මතුගම සෙනෙවිරුවන්
රූපවාහිනිය නැවත ගොඩනැංවීමට නම් ප්‍රථම යෙන් ඔබ විසින් පත් තර ඇති සභාපති,අධ්යක්ෂ ජනරාල් වැනි දවසේ වේලවත් පිරිමසා ගැනීමටවත් නොහැකි නිලධාරින් ඉවත් කොට කොන්දක් සහ අනාගත දැක්මක් සහිත නිලධාරීන් දෙදෙනෙක් රූපවාහිනිය සඳහා පත් කරන්නේ නම් එය මහඟු පුන්‍යකර්මයක් වනු ඇති බව ජාතික රූපවාහිනී සේවය වැසී යාමට ආසන්න බව පෙන්වා දෙමින් ‘රූපවාහිනී සංස්ථා නිර්මාණකරුවන්ගේ සාමූහිකය’ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
ගරු ජනාධිපතිතුමා වෙත සාතිශය පහන් සංවේගයෙන් ලියමු.
ජනවාරි 8 වෙනිදා සිදු කරන ලද වෙනසින් ඔබට ඡන්දය දැමූ සියලු ජනතාව බලාපොරොත්තු වූයේ දූෂණයෙන් වංචාවෙන් තොර නීතියේ ස්වාධිපත්‍යයට යටත්වූ රාජ්‍යයකි. සුපිරිසිදු විනිවිද පාලනයකි. නමුත් ඒ ජනතාව බලාපොරොත්තු වූ ප්‍රාර්ථනාව කොතරම් දුරට ඉෂ්ට වී ඇතිද? එයට හොඳම උදාහරණය ජාතියේ පහන් ටැඹක් වන් වූ ජාතික රූපවාහිනියට වූ විනාශයයි. එය වැසී යාමට තව ඇත්තේ සුළු කාලයකි. පසුගිය පාලනයට එහි වැඩි වගකීමක් පැවරෙන අතර වර්තමානයේ එහි සම්පූර්ණ වැරදි කරුවන් වී ඇත්තේ යහපාලන ආණ්ඩුව විසින් පත් කොට එවන ලද පරිපාලන නිලධාරීන්ය. මේ අනුව මෙහි ප්‍රධාන වැරදිකරුවා වන්නේ ඔවුන් පත් කොට එවූ ඔබතුමා වන බව ඉතා සංවේගයෙන් පවසමු.
වාසි ලබා ගැනීමට මුසා බස් දොඩවමින් ඔබ වටා දැවටෙමින් සිටින කේවට්ටයින්ගේ මුසා බස් විශ්වාස නොකොට ගජබා රජු මෙන් වෙස් වලා ගෙන හෝ පැමිණ මෙහි සැබෑ තොරතුරු ප්රත්යක්ෂ කර ගන්න. ඔබ විසින්ම දැනට පත් කොට ගෙන සිටින දූෂිත නිලධාරීන්ගෙන් ඔබට සැබෑ තොරතුරු නොලැබෙන වග අප ස්ථිරවම හඳුනාගෙන ඇති බැවින් මෙසේ පවසන්නට සිදුව තිබීම ඔබේ නොව අපේ කරුමයක් බවට පත්ව ඇත. නැත්නම් සියළු පව් කරගැසීමට සිදුවන්නේ ඔබතුමන්ටය. එය වැඩිදුරටත් පැහැදිලි කරන්නේ නම් ඔබතුමන් මායිම් නොකරන පරිපාලන ව්‍යුහයක් ඔබතුමා විසින්ම පිහිටුවා ඇත.
රූපවාහිනිය නැවත ගොඩනැංවීමට නම් ප්‍රථම යෙන් ඔබ විසින් පත් තර ඇති සභාපති,අධ්යක්ෂ ජනරාල් වැනි දවසේ වේලවත් පිරිමසා ගැනීමටවත් නොහැකි නිලධාරින් ඉවත් කොට කොන්දක් සහ අනාගත දැක්මක් සහිත නිලධාරීන් දෙදෙනෙක් රූපවාහිනිය සඳහා පත් කරන්නේ නම් එය මහඟු පුන්‍යකර්මයක් වනුයේ ආයතනයේ සේවකයින්ට පමණක් නොවේ. එය ඔබතුමන්ටද නැවත නැවත පල දෙන පුන්යකර්මයක්ම වනු නොඅනුමානය. එය දැනට අකාර්යක්ෂමව පවතින පරිපාලන අංශය, අලෙවි අංශය,වැඩසටහන් අංශය,මුදල් අංශය ප්රතිසංස්කරණයකට ලක් කොට රූපවාහිනිය නැවත පණ ගැන්වීමට ලබා දෙන මහඟු දායකත්වයකි. නැත්නම් අපගේ නිර්මාණ පෙන්වන්නට සිදුවනු ඇත්තේ ජනාධිපති නිල නිවසේදීය. ඒ සඳහා ඔබ අකමැත්තක් නැත්නම් එයට අප සූදානම්ය.
මේ කරුණ පිළිබඳව ඔබ තුළ පැවතිය යුත්තේ 2014 නොවැම්බර් 21 දින සහ 2015 ජනවාරි 08 දින දක්වා ඔබ තුළ පැවති සෘජු ප්රතිපත්තියයි. වර්තමානයේ ඔබතුමා තුළ එම ප්‍රතිපත්තිය නොමැති නිසාදෝ මෙවැනි වටිනා ආයතන කඩාවැටීමකට පත් වී ඇත. වැනෙන ප්‍රතිපත්ති සමග රටක් ඉදිරියට යා නොහැක. ඔබතුමන් සෘජුව නොසැලී සිටින්න. එවිට ජනතාව සිටින්නේ නොසැලෙන ඔබ සමඟයි.
රූපවාහිනිය ගොඩනැංවීමට නම් ඉහත දැක්වූ තනතුරු වෙනස් කිරීමකට භාජනය කරන්න. ඒ සඳහා කේවට්ටයින් නොසලකන්න. ඈත ඉන්න සතුරාට වඩා ළංව ඉන්න මිතුරු වෙස්ගත් සතුරාගෙන් ප්‍රවේසම් වන්න.
මෙ පිළිබඳව නිර්නාමිකව ලියන්නට සිදුව ඇත්තේ ඔබතුමන් ගේ පැවැත්මේද සැක සහිත රාජපක්ෂ ලක්ෂණ දැන් දැන් පහල වීමට පටන් ගෙන ඇති නිසාය. රූපවාහිනියේ ඉහළ නිලධාරීන් කැඳවා හොරාගේ අම්මාගෙන් පේන නොඅසන ලෙසද ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිමු. සෘජු තීරණ නොගන්නේ නම් රූපවාහිනියේ නිර්මාණකරුවන් පමණක් නොව රටම අගාධයකට ගමන් කිරීම සිදුවනු ඇත. එය මග පාදන්නේ තවත් ලේ ගංගාවකට බව සාතිශය පහන් සංවේගයෙන් දන්වමු.
රූපවාහිනී සංස්ථා නිර්මාණකරුවන්ගේ සාමූහිකය.
2016 මාර්තු 9 දින පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 ම සිටින නියෝජිත ආයතනයක් බිහි කරන ලදී. එහි වගකීම වූයේ නව ව්‍යවස්ථාවක් හෝ පවතින ව්‍යවස්ථාවට සංශෝධනයක් සිදු කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමයි. එකී මණ්ඩලය ඒ ඒ විෂය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ අඩංගු විය යුතු කරුණු අධ්‍යනය කර වාර්තා කිරීමට අනු කමිටු පත් කරන ලදී. ඒ අනු කමිටු වාර්තා පිලිබඳ ඉතාම වැදගත් දෙයක් යෝජනාවේ 11 වගන්තියේ අඩංගු වේ. එනම් මෙම අනු කමිටු වාර්තා සකස් වුණු වහාම ප්‍රසිද්ධ කළ යුතුය යන්නයි. එසේම ව්‍යවස්ථා මණ්ඩලයේ සහ අනුකමිටු වල කටයුතු විකාශනය කිරීමට ද කටයුතු කළ යුතු බවත් එහි සඳහන් වේ. එකී ප්‍රසිද්ධ කිරීම් මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය නොවන බව ද ඉතාම පැහැදිලිව එකී යෝජනාවේ සඳහන් වේ.
ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කළ අනුකමිටු 6ක් 2016 අගෝස්තු මාසය අවසන් වන විට සිය වාර්තා අගමැති නායකත්වය දෙන මෙහෙයුම් කමිටුවට භාර දී තිබුණි. ඒවා වහාම ප්‍රසිද්ධ කිරීමට නීතියෙන් බැඳී සිටියත් මෙහෙයුම් කමිටුව මෙන්ම අනුකමිටු සභාපතිවරු ද එකී වගකීම ඉටු නොකළහ. මේ වාර්තා අතරින් වඩාත්ම භයානක වන්නේ බලය බෙදීම පිලිබඳ අනු කමිටු වාර්තාවයි. එකී කමිටුව නම් කර තිබුණේ පරිධිය සහ මධ්‍ය (පලාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව) අතර සබඳතාවය පිලිබඳ අනු කමිටුව ලෙසයි. එකී කමිටු වාර්තාව හරහා ලංකාව තුල මධ්‍යම ආණ්ඩුවට අමතරව තවත් ස්වාධීන ආණ්ඩු නවයක් ගොඩ නැගීමට ෆෙඩරල් කුමන්ත්‍රණය දියත් කර තිබේ. මෙකී කුමන්ත්‍රණය ජාතිය ඉදිරියේ තැබීම අපේ වගකීමක් හෙයින් ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඒකාබද්ධ මාධ්‍ය හමුවක් තබා නොවැම්බර් 8 දින මෙම වාර්තාව ප්‍රසිද්ධ කලෙමු.
ආණ්ඩුවේ නායකයින් වන ජනපති සිරිසේන සහ අගමැති රනිල් නිරතුරුව පැවසුවේ “අපි ඒකීය භාවයට අත තියන්නේ නෑ“ යනුවෙනි. නමුත් බලය බෙදීම කමිටුවට උපදෙස් දීමට පත් කළ විශේෂඥ කමිටුවේ ඒකීය රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින කිසිම ව්‍යවස්ථා විශේෂඥයෙකු පත් කර නැත. ඩී එස් විජේසිංහ, ගෝමින් දයාසිරි, මනෝහර ද සිල්වා, ආතර් සමරසේකර වැනි ව්‍යවස්ථා නීතිය පිලිබඳ ගැඹුරු දැනුමක් තිබෙන ජනාධිපති නීතිඥයෙකු එම කමිටුවේ සිටිය යුතුව තිබුණි. නැති නම් ආචාර්ය දයාන් ජයතිලක වැනි දේශපාලන විද්‍යාඥයෙකු සිටිය යුතුව තිබුණි. එවැනි ඒකීය විශේෂඥයින් කිසිවෙකු නොමැති නමුත් ෆෙඩරල්වාදින් නම් බුරුතු පිටින් පත් කර තිබේ. එයින් පෙනී යන්නේ ජනාධිපති සහ අගමැති කතාවට කියන ඒකීය රාජ්‍ය ක්රියාවේ නොමැති බවයි. ෆෙඩරල් විශේෂඥයින්ගෙන් උපදෙස් අර ගෙන නව ව්‍යවස්ථාව සැකසීමෙන් තහවුරු වන්නේ අපේ ඒකීය රාජ්‍යය අනතුරේ බවයි.
එම කමිටු වාර්තාවේ ඇති සියළුම භයානක ප්‍රතිපාදන සාකච්ඡා කිරීමට මෙම තීරු ලිපිය ප්‍රමාණවත් නොවන බැවින් කාරණා කිහිපයකට පමණක් අවධානය යොමු කරමු.
ව්‍යවස්ථා අර්ථ නිරූපණ බලය යනු ශ්‍රේෂ්ඨාධිකරණය සතු කියන ඉහළම බලයයි. එකී බලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කර බහුවාර්ගික නියෝජනයක් සහිත ව්‍යවස්ථා අධිකරණයකට පැවරීමට යෝජනා කර තිබේ. බෙදා වෙන් කිරීමේ පාලන ක්‍රමය හඳුන්වා දුන් ඉංග්‍රීසින්වත් ජාතිවාදි පදනමින් අධිකරණ පිහිටුවා අධිකරණයට ජාතිවාදය ගෙන යෑමට වෙර දැරුවේ නැත. නිදහසින් පසු අවස්ථා ගණනක දී දෙමළ ජාතිකයින් අගවිනිසුරු ධූරය ද ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූර හොබවා තිබේ. වර්තමානයේ ද සිටින්නේ දෙමළ ජාතික අගවිනිසුරුවරයෙකි. එය කිසිවෙකු ගැටළුවක් කර ගෙන නැත. ජාතිවාදි පදනමෙන් විනිසුරුවරු පත් කලොත් ව්‍යවස්ථා අර්ථ නිරූපණය හරහා සමස්ත නීති පද්ධතියම ජාතිවාදි පසුබිමකින් සැකසීමේ අවදානමක් මතු වේ.
උතුරේ ජාතිවාදි මහ ඇමතිවරයාගේ පීඩනයෙන් මිදෙන්න සිංහල සහ මුස්ලිම් ජනතාවට තිබෙන එකම අස්වැසිල්ල සමගාමි ලැයිස්තුවයි. සිංහල ප්‍රදේශයක පාසලකට හෝ රෝහලකට හෝ මාර්ග ප්‍රතිසංස්කරණයට පලාත් සභාව ප්‍රතිපාදන වෙන් කිරීම අඛණ්ඩව ප්‍රතික්ෂේප කරන්නේ නම් මධ්‍යම ආණ්ඩුවට එය ඉටු කළ හැක. ඒ පලාත් සභාවට මෙන්ම මධ්‍යම ආණ්ඩුවටත් බලය තිබෙන සමගාමි ලැයිස්තුව තිබෙන බැවිනි. එකී සමගාමි ලැයිස්තුව ඉවත් කිරීමට මෙම අනුකමිටුව යෝජනා කර ඇත. ඉන්දියාව, පකිස්තානය සහ දකුණු අප්‍රිකාව වැනි ෆෙඩරල් රාජ්‍යන්ගේ ව්‍යවස්ථාවේ දැකිය හැකි මෙම ලැයිස්තුව අපේ ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමෙන් අන් ෆෙඩරල් රාජ්‍යයන් ඉක්මවා බලය බෙදීමේ පිපාසයකින් ආණ්ඩුව පෙලෙන බව පෙනේ.
බෙදුම්වාදි ප්‍රවණතාවයක් තිබෙන ස්ථානයක පොලිස් බලතල අනිවාර්රයෙන් තිබිය යුත්තේ මධ්‍යම ආණ්ඩුවටයි. නමුත් පොලිස් බලතල පලාත් සභාවට ලබා දීමට යෝජනා කර තිබේ. පොලිස් බලතල වලට මුවා වී 1989 දී උතුරු මහ ඇමති වර්ධරාජා පෙරුමාල් විසින් දෙමළ විමුක්ති හමුදාව නමින් සන්නද්ධ බලකායක් සකසන ලදී. වාසනාවට ඉන්දියානු හමුදාව ලංකාවෙන් නික්ම යෑමත් සමග ඒ අය ද අතුරුදහන් විය. අනාගත බෙදුම්වාදි යුද්ධයක් ඇති වුණොත් දෙපාර්ශවය වෙන්නේ ශ්‍රී ලංකා හමුදාව සහ ත්‍රස්තවාදින් නොවේ. ශ්‍රි ලංකා හමුදාව සහ උතුරේ පොලිසියයි. එවිට ත්‍රස්තවාදින්ට රහසේ ආයුද සහ පුහුණුවීම් ලබා දුන් ඉන්දියාවට ප්‍රසිද්ධියේම බෙදුම්වාදයට සහය දිය හැක. මක් නිසා ද යත් නීත්‍යානුකූල පොලිස් හමුදාවට සහය දැක්වීම ජාත්‍යන්තර ගැටළු මතු නොකරන බැවිනි.
පූර්ණ ඉඩම් බලතල පලාත් සභාවන්ට ලබා දීමට මෙම අනුකමිටුව යෝජනා කර ඇත. මෙම බලතල භුක්ති විඳිනු ඇත්තේ උතුරෙන් සිංහලයින් එලවන විග්නේශ්වරන් මහ ඇමතිතුමාය. එවිට නීත්‍යානුකූලවම දෙමළ පමණක් සිටින පලාතක් බවට උතුර පත් කිරීමට හැකි වනු ඇත. ලංකාවේ අනෙකුත් පලාත් ජනාවාස, වගා බිම් සහ කර්මාන්ත ශාලා වී අද ඉඩම් තිබෙන්නේ උතුරු පලාතේය. සිංහල රාජ්‍ය නිරිතදිගට සංක්‍රමණය වීම ආරම්භ වුණු 12 වන සියවසේ සිටම ජන ශූන්‍ය ඉඩම් තිබුණේ උතුරේය. එය සමස්ත ජාතියටම අයිතිය. එමෙන්ම වෙනම රාජ්‍යයක් යනු භූමිය පිලිබඳ ගැටළුවකි. එබැවින් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින විග්නේශ්වරන් ඇතුළු දෙමළ සංධානයට ඉඩම් බලතල ලබා දීම විනාශයකට අත වැනීමකි.
බලතල රහිත මහ ඇමතිගේ අල්ලේ නැටවෙන රූකඩ ආණ්ඩුකාරවරයෙකු බිහි කිරීම සහ ජාතික ප්‍රතිපත්ති සැකසීමේ මධ්‍යම ආණ්ඩුවේ අයිතිය ඉවත් කිරීම වැනි බෙදුම්වාදයට රුකුල් දෙන යෝජනා ගණනාවක් මෙහි අඩංගුය. කෝකියන් අනුව හොද්දේ ගුණ පැවසිය හැකි අයුරින්ම බලය බෙදීමේ යෝජනාව සම්පාදනය කළ පිරිස අනුව එහි භයානක කම පිලිබඳ අනතුරු ඇඟවීමට අපට පුළුවන් විය. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිතුමා දෙමළ ජාතික සංධානයට පාර්ලිමේන්තුවේ වෙන් කර තිබෙන කාමරයට වෙලා මාස ගණනක් සැකසූ වාර්තාවයි. මෙම යෝජනා ක්‍රියාත්මක කළොත් අනිවාර්රයෙන් ලංකාව දෙපළු තිපළු වෙලා ජනවර්ග එකිනෙකා සමග ඇණ කොටා ගන්නා ලේ විලක් වීම වැලැක්වීමට නොහැකි වනු ඇත.
1987 දී ලංකා මාතාවගේ උතුරු පලාත සරුංගලයක් බවට පෙරලා අහසට යවන ලදී. නමුත් නූල තිබුණේ ලංකා මාතාව අතේය. එබැවින් සරුංගලේ පාලනය තිබුණේ ලංකා මාතාව අතය. මේ යෝජනා වලියෙන් උත්සාහ කරන්නේ ඒ සරුංගලේ නූල කපලා නිදහසේ පා වී ගිහින් දෙමළ ඊළම බවට පත්වීමට අවශ්‍ය පසුබිම සැකසීමටයි.
පලාත් සභා සවිමත් කරනවා යනු විග්නේශ්වරන් මහ ඇමතිතුමා සවිමත් කිරීමකි. මෙම ව්‍යවස්ථා යෝජනාව ක්‍රියාත්මක කලොත් උතුරේ බිහි වෙන බියකරු චිත්‍රය තේරුම් ගන්න නම් පුංචි බලයක් ලැබුණු විග්නේශ්වරන්ගේ ක්‍රියා කලාපය දෙස බැලිය යුතුය. ලැබුණු පුංචි බලයෙන් හමුදාව උතුරෙන් ඉවත් කරන්න කටයුතු කරන, සිංහලයින් පදිංචි කිරීමට විරෝධය පල කරන, බුදු පිලිම උතුරෙන් ඉවත් කරන්න කටයුතු කරන විග්නේශ්වරන්ට තවත් බලතල දුන්නොත් සිදු වන්නේ බියකරු විනාශයකි. එය සම කළ හැක්කේ මතට ඇබ්බැහි වුණු අයෙකු පුනරුත්ථාපනය කිරීම සඳහා ඉහළ මාත්‍රාවෙන් හෙරොයින් ලබා දීමටයි.
උදය ප්‍රභාත් ගම්මන්පිල
2016.11.10
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විධායක බලය අහිමිකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරිම සදහා අගමැතිවරයා කටයුතු කරමින් සිටින බවත් ඊට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අගමැතිවරයා අතහැර දැමිමට සුදානමින් සිටින බවත් ඒ සදහා සහය ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ආණ්ඩුවේ මෛත්‍රීගේ බිලිකොක්කට ගෑසු ඇම් 4 ක් වු මහින්ද අමරවීර,ඩිලාන් පෙරේරා,ලසන්ත අලගියවන්න,විජිතමුණි සොයිසා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් පිරිසක් හමුවි අයාචනය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකිනෙකාගේ මුහුණ බලා නොගන්නා තරමටම අවුල් වි ඇති බවත් ඒ හෙතුවෙන් ජනාධිපතිවරයා දැඩි මානසික ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටින බවද සිරිසේනගේ හතරදෙනාගේ ඇම කල්ලිය පවසා තිබේ.කෙසේවෙතත් සිරිසේනගේ ඇම කල්ලියේ ඉල්ලිම සම්බන්ධයෙන් ශ්‍රීලනීප මන්ත්‍රී කණ්ඩායම ප්‍රතිචාර නොදක්වා ඇති අතර ඇම කල්ලියෙන් ඉල්ලිමක් කරමින් ඒකාබද්ධයේ ශ්‍රීලනිප කණ්ඩායම පවසා ඇත්තේ සැබෑවින්ම සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රීලනිපයට ආදරය කරන්නේකු නම් එය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන ලෙසයි.
ද්‍රවිධ ජාතික සංධානය,මුස්ලිම් පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතා බලයක් නොමැතිව සිරිසේනගේම පිහිටෙන් සහ මහින්ද රාජපක්ෂට පිං සිදුවන්නට පාර්ලිමේන්තුවට රිංගා ගත් නිකමුන් එකතු කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් සෑදිමට කටයුතු කරන බවත් එම ආණ්ඩුව පිහිටු වු විගස ජනාධිපතිවරයාගේ විධායක බලතල කප්පාදු කරමින් අගමැතිවරයාට බලය පවරා ගැනිමට වු ව්‍යවස්ථා සංශෝධනයන් හරහා සිරිසේනගේ තටු කපාදමා බලරහිත පුද්ගලයෙකු බවට පත් කිරිමේ මෙහෙයුමක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අවස්ථා ගණනාවක අනාවරණය කලා.
මේ වනවිට ජාතික ආණ්ඩුවේ අර්බුද හමුවේ රනිල්-මෛත්‍රී අතර ඇති නෝක්කඩු තත්වය වර්ධනය විමත් සමග ආණ්ඩුව ජාතික ආණ්ඩුව අතහැර දැමිම සදහා අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.විශේෂන්ම මහ බැදුම්කර වංචාව සහ සිරස අධිපති රනිල්ගේ පරම හතුරා වන කිළී මහා රාජාගේ පදයට සිරිසේන නැටිමට කටයුතු කිරිම,අල්ලස් කොමසාරිස්වරිය ඉවත් කිරිම සහ අගමැතිවරයා ගන්නා ඇතැම් නෛතීක තින්දු තිරණ වෙනස් කිරිම මෙන්ම විශේෂයෙන්ම රනිල් පිළේ ප්‍රබලයන් ඉලක්ක කර සිරිසේනගේ ඇම්බැට්ටයන් පහරදිම බලපා තිබේ.
http://www.lankanewsweb.today/archives/11682
http://www.lankanewsweb.today/archives/6503
http://www.lankanewsweb.today/archives/13962
2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය මගින් “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ” ප්‍රතිපාදන ලංකාවේ නීතියට අදාල කර ඇත.
මෙම ජාත්‍යන්තර සම්මුතිය ලංකාවේ නීතියට අදාල කරමින් නීති පනවා තිබුණද එය රාජ්‍ය භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් පාර්ලිමේන්තුවට ලබා දී නැති අතර මෙම නෛතික වරද නිවැරදි කරිමට සහ එය ජනතාව හමුවේ අවධානය යොමු කිරීම සදහා lankanewsweb.todayවෙබ් අඩවිය මගින් මහත් වූ ප්රයත්නයක් දරන ලදී. ඒ පිළිබදව lankanewsweb.today හී පළවී ඇති ලිපි කිහිපයක් සදහා යොමු විය හැකි සම්බන්ධතා පහත දක්වා ඇත. එසේ වුවත් සත්‍ය ජනතාව වෙත යොමු වීම වැළක්වීම සදහා මෙම වෙබ් අඩවියට ලංකාව තුළ අන්තර්ජාල ප්‍රවේශය අහිමි කිරීමට බලධාරීන් කටයුතු කිරීම විශාල අත්වැරැද්දක් විය හැකි බව අනාගතයේ පැහැදිලි වනු අත.
2016.11.13 වැනි ඉරිදා දිවයිනපුවත් පතේ ප්‍රධාන පුවත් වී ඇත්තේ “විග්නේෂ්වරන් සාම හමුදාවක් ඉල්ලයි” යනුවෙන් කීර්ති වර්ණසූරිය ලියා ඇති ලිපියකි. තවම “විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සාම හමුදාවක් ඉල්ලයි” යනුවෙන් හෝ “සුමන්තිරන් සාම හමුදාවක් ඉල්ලයි” යනුවෙන් ඉල්ලීම් කර නැති බව සත්‍යයකි. නමුත් එවැනි ඉල්ලීම් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් හෝ සුමන්තිරන් ඉල්ලන්නේ ඒ සදහා අවශ්‍ය පසුබිම 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය මගින් සපුරා ගැනීමෙන් පසු විය යුතු බවට අටුවා ටිකා ටිප්පනි අවශ්‍ය නොවේ. “ගහ දන්නා අපට කොළ කඩා පෑ යුතු නොවේ”.“ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා” කිව්වේ අතීතයේ ය. “වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරැව” සිහිවන්නේ සභ්‍යත්ව රාජ්‍ය කරා අප යන ගමනක පෙර ගමන්කරුවන් කියනා සහ කරමින් සිටින දේ දකින විටය. රටේ ජනතාව 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය පිළිබද අනවභෝධයෙන් ක්‍රියා කරන්නේ නම් සහ එහි සැගවී ඇති බෙදුම්වාදී සෙවනැළි පිළිබද විද්වත් කතිකාවක් ආරම්භ නොකරන්නේ නම් ෆෙඩරල් ව්‍යවස්ථාව මෙන්ම එක්සත් ජාතීන්ගේ හමුදා උතුරට ගොඩවීම ශක්තිමත් වීම මිස දුර්වලවීමක් සිදු නොවේ.
මේ වන විටත් වෙනම රටක් සදහා අවශ්‍ය වන“නෛතික බලපත්‍රය” උතුරට හිමී වී අති බව 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තියේ අති “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ” 42 වන ව්‍යවස්ථාවේ ඇති ජාත්‍යන්තර යුක්ති අධිකරණ ක්‍රියාදාමය මගින් තහවුරුවෙයි.
1970 බලයට පැමිණි සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ සමගි පෙරමුණු ආණ්ඩුව විසින් එංගලන්තයේ රාජාධිකරණය සතු අභියාචනා අධිකරණ බලය අහෝසි කර ලංකාවේ ශේෂ්ඨාධිකරණය උත්තරීතරම අධිකරණය බවට පත්කර ගත්තද මේ වන විට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා ඉහළ අධිකරණයක් ලෙස ජාත්‍යන්තර යුක්ති අධිකරණය ලංකාවේ ව්‍යවස්ථාදායකය විසින් සාමාන්‍ය බහුතර ඡන්දයෙන් පිළිගෙන තිබීම දෛවයේ සරදමක් මිස වෙනකක් නොවේ. ලංකාවේ නීති විශාරදයින් ජනතාව නොදන්නා ජාත්‍යන්තර සම්මුතියක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණට වඩා ඉහළ අධිකරණයක් ලංකාවේ නීතියට ඇතුළත් වන අවස්ථාවේ නිහඩ පිළිවෙතක් අනුගමන කළේ ඇයිද යන්න සමාජ ප්රශ්නයකි.
2016 අයවැය යෝජනා මගින් සිසු දරුවන්ගේ දෑතට ටැබ් ලබා දී,උදැල්ල ඇමෙරිකාවේ ට්‍රම්ප්ට දීම ප්‍රඥ්ඥාගෝචර බව සිතන පාර්ලිමේන්තුවක් ලංකාවේ අධිකරණ බලය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැවරීම පිළිබද පුදුම විය යුත්තේ නොවේ.
ජල පෝෂණ ප්‍රදේශයක් මෙන්ම කෘෂිකාර්මික කටයුතු සදහා ඉතා සුදුසු පසක් ඇති බස්නාහිර පළාතේ මහා නගර ව්‍යාපෘති කරමින් සාරවත් භූමිය කොන්ක්‍රීට්වලින් වසමින්, හම්බන්තොට, පුත්තලම, වව්නියාව වැනි කෘෂිකර්මයට සුදුසු නොවන පළාත්වල වගා කිරීමට උත්සාහ කරන ආණ්ඩුවකින් අප මෙවැනි දැ මිස වෙන දෙයක් බලා පොරොත්තු විය යුතු නො වේ.
“කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බද්ධියෙන් ඇසිය යුතු” හෙයින් මේ සම්බන්ධව දැනුවත් වීම අවබෝධය පුළුල් වීමට හේතුවෙයි. දියෙන් කිරි වෙන් කිරීම දුෂ්කර මෙන්ම ඊනියා නායකයන්ගෙන් දුබලයන් බේරා ගැනීමද දුෂ්කර වෙයි.
යාපනය විශ්ව විද්‍යාලයේ උඩරට නැටුම් ගුටි කෙළිය මගින් මෙන්ම, පොලීසියේ වෙඩි පහරින් සරසවි සිසුන් මිය යාමත් උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් විසින් එක්සත් හමුදාවන්ගේ අවශ්‍යතාවය සම්බන්ධව සිදුකරන ප්‍රකාශ මගින්ද සනාථ කරන්නේ උතුරේ සාමකාමී පැවැත්ම සදහා රජයේ නොහැකියාවයි.
මෙහිදී රටේ ජනතාව වටහා ගත යුත්තේ 2009 මැයි 19 දින නන්ද්කඩාල් කළපුවේදී යුද්ධය අවසන් කරන අවස්ථාවේ සහ එයට පෙරපැවති ආණ්ඩු විසින් එක්සත් ජාතීන්ගේ හමුදා උතුරට ගෙඩබැස්සවීමට නෛතික අවස්ථාවත් විවරකර දී නොතිබුණද 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය මගින් උතුරේ ජනතාවගේ ආරක්ෂාව සදහා එක්සත් ජාතීන්ගේ හමුදා ගෙඩබැස්සවීමට ලංකාවේ පාර්ලිමේන්තුව 2016 දී එකගත්වය දී පිළිගෙන ඇති බවයි. ඒ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ 42 වන ව්‍යවස්ථාවේ ඇති ජාත්‍යන්තර යුක්ති අධීකරණ ක්‍රියාදාමය පාර්ලිමේන්තුව මගින් ඒකච්ඡන්දයෙන් පිළිගැනීමෙනි.
එක්සත් ජාතීන්ගේ හමුදා ගෙඩබැස්සවීමට අවශ්‍ය පරිසරය උතුරේ නිර්මාණය කරගනිමින් බෙදුම්වාදීන් තම ඉලක්ක කරා නිසි ලෙස හබා යද්දී සහ ස්ථානගත වෙද්දී, දේශප්‍රෙමීන් යැයි කියා ගනිමින් දකුණේ පිරිසක් විවිධ කණ්ඩායම් තනා ගනිමින් විදේශ සංචාර ඉලක්ක කරන ව්‍යාපෘති හුදු සටන් පාඨ පමණක් ගොඩනගමින් සිටිති.
B.Sc(Col),PGDC(Col)
2016.11.13
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද පනතේ 27.(iii) වගන්තියේ ඇති ජාත්‍යන්තර සමිමුතිය පිළිබද ලියවී ඇති ලිපි සදහා පහත සම්බන්ධතා සදහා යොමු වන්න.
බෙදුම්වාදීන්ගේ අන්තවාදි ක්‍රියාකලාපය සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පරදවනු ලැබිමෙන් පසුව එහි අයිතිකරුවන් ලෙස පෙනි සිටිමින් තනතුරු ලබමින් සල්ලි කොල්ල කමින් මාෆියා ව්‍යාපාරවල යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ නමින් කබ්බ සංවිධානයක් පවත්වා ගෙන යන Thousand talks, No works ලංකා ඊයා නිවුස් නිල නොලත් කතෘ තුසිත හල්ලොලුව අමරිකානු ඩොලර් 60 දහසක(US 60000$) මුදල් කටුනායක ගුවන් තොටුපලෙන් රැගෙන යැමට යැමෙදී ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව් ජනාධිපති කාර්යාලයෙන් ලැබුන නියෝගයක් හරහා එය නිදහස් කර ගැනිමට කටයුතු කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
කිසියම් පුද්ගලයෙකුගෙන් කප්පම් මුදල් ලෙස ලබාගත් අමරිකානු ඩොලර් 60 දහසක(US 60000$) මුදල අමරිකානු ඩොලර් 45න් දහසක්(US 45000$) සහ අමරිකානු ඩොලර් 13න් දහසක්(US 45000$) ලෙස මුස්ලිම් සහ දමිළ පුද්ගලයන් දෙදෙනෙකුගේ ගමන් මල්ලේ සගවා පෙරේදා 10 උදැසන කටුනායක ගුවන් තොටුපලෙන් චෙන්නායි බලා රැගෙන යාමට උත්සහ දරා ඇති අතර ඊට පෙර චෙන්නායි බලාගිය ගුවන් යානයෙන් තුසිත හල්ලොලුව චෙන්නායි බලා ගො තිබේ.පසුව මුදල් සමග තමන්ගේ ගොලයන් හසු පසුව ගුවන් තොටුපලෙ ආරක්ෂක අංශයන්ට ජනාධිපති කාර්යාලය හරහා බලපැම් කර සිද්ධිය සම්බන්ධයෙන් පියවර නොගෙන ඉටින ලෙසට නියෝග කිරිමට තුසිත කටයුතු කර තිබේ.
පසුව නැවැතත් කටුනායකට පැමිණි තුසිත අදාල මුදල් වලින් අමරිකානු ඩොලර් 13න්(US 13000$) දහසක මුදල රාජසන්තක කිරිමට කටයුතු කර ඇති අතර මරිකානු ඩොලර් 45න් දහසක (US 45000$)මුදල සදහා රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවා මුදල් නිදහස් කරගෙන ඇති අතර අද උදැසන එම මුදල්ද රැගෙන තිදෙනාම යලි චෙන්නායි බලාගොස් තිබේ.පසුව තුසිත සිය මාධ්‍ය මාෆියා කාරයන් යොදවා වෙනත් පුවතක් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරිමට කටයුතු කර තිබේ.කෙසේවෙතත් අදාළ මුදල් රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා ගියේ කවර කරුණන්ක් නිසාද යන්න මේ වනතෙක් අනාවරණය වි නෑ.
පොලිස් මුල්‍ය අපරාධ කොඨඨාශය හරහා සිදුකරන විමර්ශනවල නිතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන රහස්‍ය වාර්තා මුදලට සහ ලිංගික අල්ලස් වලට විකිණීමට තුසිත හල්ඔලුව කටයුතු කරන බවත් අදාළ වාර්තා ලංකා ඊයා නිවුස් හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින්අදාළ කප්පම් සහ ලිංගික අල්ලස් ලබා ගැනිම සිදුකරන බව රහස්‍ය වාර්තාවක් අගමැතිවරයාට යොමුකර ඇතිබව අප විශේෂ වාර්තාකරු මිට පෙර අනාවරණය කර සිටියා.
http://www.lankanewsweb.today/archives/12897
http://www.lankanewsweb.today/archives/291
ආබාධිත රණවිරුවන් ඉලක්ක කර පහරදිමට පොලිස්පතිවරයා කටයුතු කලේ නීතිය සා සාමය පිළිබද අමාත්‍ය,අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී සාගල රත්නායකගේ කීමට අනුව බවත් ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සාගල නීතිය සා සාමය පිළිබද අමාත්‍යධුරයෙන් ඉවත් කලයුතු බවට ජනාධිපතිවරයා අගමැතිවරයාට යෝජනා කිරිමට යෑම හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ රනිල්-සිරිසේන අළු යට ගින්දර යලි මතුව ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
සාගල රත්නායකගේ අමාත්‍යාංශය වෙනස් කිරිම සම්බන්ධයෙන් යම් තින්දුවක් ගැනිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කණ්ඩායම් ගන්නා ක්‍රියාමාර්ග නතර කිරිමට ජනාධිපතිවරයා සමත් නොවන්නේ නම් එය ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනීප ඇමතිවරුන්ට හරහට සිටිය හැකි බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට අනතුරු ඇගවිමක් කරමින් පණිවිඩයක් යවා තිබේ.
පසුගියදා ආබාධිත රණවිරුවන්ට එල්ල කල මිලේච්ඡ පොලිස් ප්‍රහාරය දඩමිමා කරගනිමින් නීතිය සා සාමය පිළිබද අමාත්‍ය,අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී සාගල රත්නායක මහතා වහාම ඉවත් කිරිමට කටයුතු කලයුතු බවට ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ බැලයන් යොජනා කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ පසුගියදා රණවිරුවන් ඉලක්ක කර පොලිසිය එල්ල කල ප්‍රහරය පසුපස එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ ප්‍රබලයන් සිටින බවට එජාප නී.නායක සජිත් ප්‍රේමදාස මහතාද අනාවරණය කර ඇති බවත් එම ප්‍රහාරය හරහා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් රටේ රණවිරුවන් තුල වර්ධණය වෙමින් තිබේන අප්‍රසාදය තවත් වර්ධණය කිරිමට එජාපයේ රනිල් පිල මෙම කුමන්ත්‍රණය දියත් කර තිබේන බව මෛත්‍රී පිළ ජනාධිපතිවරයාට පෙන්වා දි තිබේ.
කෙසේවෙතත් ඉන්දිය සංචාරය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුල්විමට ගිය ආබාධිත රණවිරුවන් ඉලක්ක කර පොලිසිය පහරදිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුව කල ප්‍රකාශය පිළිබදව ආරක්ෂක ලේකම්වරයා මෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කනස්සල්ලෙන් පසුවන බවයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කළේ. ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ රණවිරුවන්ගේ උද්ඝෝෂණය සහ ඔහුන්ගේ විරෝධතාව පිළිබඳව දිගින් දිගටම ඉන්දියාවේ සිටි ජනාධිපතිවරයා දැනුවත් කිරිමට කටයුතු කර ඇති “ආරක්ෂාව වෙනුවෙන් ඔනෑම පියවරක් අනුගමනය කරන්න ” යනුවෙන් දුන් නියෝගය මත පොලිස්පතිවරයා අදාල විසුරුවා හැරිමේ නියෝග ලබාදිමට කටයුතු කිරිමයි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යධුර දරණ අය මෙන්ම ශ්රීලනිපය නියෝජනය කරමින් යහපාලන ආණ්ඩුව නියෝජනය කරන ඔනැම අයෙකු වෙනුවෙ ඉදිරිපත් වි ඇති චොදනා සම්බන්ධයෙන් වහාම පරික්ෂණ සිදුකරන ලෙස නීතිය හා සාමය පිලිබඳ ඇමැති සාගල රත්නායක මහතා FCID යේ සහ CID යේ ලොක්කන් කැඳවා නියෝග කිරිමත් සමග සාගල සම්බන්ධයෙන් ශ්‍රීලනිප ඇමතිවරුන් සහ එජාපයේ සජිත් පිළේ කණ්ඩායම් අතර අර්බුදයක් හට ගත්තා.
මිට අමතරව ජනාධිපතිවරයාගේ බලපෑම මත නැපයියාගේ“අල්ල(ස්) කික්කි… හෙවත් දඩයම් මන්දිරයේ දඩයම් කුමාරී වන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් තනතුරින් ඉවත් වි යෑමට බලපෑම් කල අකාරයටම එජාපයට අවාසිදායක මෙන්ම එජාපයේ ප්‍රතිපත්ති සම්පුර්ණයෙන්ම විනාශ කරමින් සිරිසේන ජනාධිපතිවරයාට කඩේ යන පොලිස්පති පූජිත් ජයසුන්දරද වහාම ඉවත් කිරිමට එක්සත් ජාතික පක්ෂය මෙහෙයුමක් දියත් කල අතර එම මෙහෙයුමද සිරිසේනගේ මැදිහත් විමෙන් සම්පූර්ණයෙන් මර්දණය කිරිමට පුජිතට හැකි වුනා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි මරණ දඬුවම නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඉක්මනින්ම ඈප ලබා ගැනිමට කටයුතු කරන බවත් ඒ වෙනතෙක් දුමින්ද ජයවර්ධනපුර රෝහලට මාරුකර යැවිමට කටයුතු කරමින් සිටින් බවට අප ඊයේ කල අනාවරණය තහවුරු කරමින් අද භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරීම සදහා රැගෙන ගොස් තිබේන අතර පසුව එම කුමන්ත්රණයේම කොටසක් ලෙස දුමින්දට ප්‍රතිකාර කිරිමට රෝහලේ පහසුකම් නැති බව දන්වා බාර ගැනිම ප්‍රතිකේෂ්ප කර තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුල දුමින්ද සිංගප්පුරුවේ මවුන්ට් එලිසේබෙත් රෝහලට රැගෙන යෑමට අධිකරණය හරහා අවසරයක් ලබා ගැනිමට කටයුතු කරමින් සිටින අතර ඒ සදහා බන්ධනාගාර රෝහල් තුල ඇති අනාරක්ෂිත බව දක්වමින් හදිසි වාර්තාවක්ද සකස් කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි මරණ දඬුවම නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඉක්මනින්ම ඈප ලබා ගැනිමට කටයුතු කරන බවත් ඒ වෙනතෙක් දුමින්ද ජයවර්ධනපුර රෝහලට මාරුකර යැවිමට කටයුතු ඉක්මනින්ම සම්පාදනය කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුමින්දගේ සහෝදරයා වන හිරූ මාධ්‍ය ජාලයේ හිමිකරු රෙනෝ සිල්වාට පොරොන්දු ලබාදි ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
පසුගියදා අගමැතිවරයා සිංගප්පූරුවේ ගුවන් තොටුපලේ හමුවි ඇති අතර එහිදි දෙදෙනා අතර පැයක පමණ කාලයක් සාකච්ඡා කර තිබේන අතර දුමින්ද නිදහස් කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිමට අගමැති රනිල් එහිදි එකඟතාව පලකර ඇති අතර ඒ සදහා අවශ්‍ය අවස්ථාවකදි දුමින්ද ලවා භාරත ඝාතනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කිමට අනුව ක්‍රියාත්මක කල බවට ප්‍රකාශයක් ලබාදිමට දුමින්ද එකග කර ගන්නා ලෙස රේනෝට දැනුම් දි තිබේන බව අප අනාවරණය කළේ ඊයේ දිනයේය.
අදාළ අනාවරණය පහතින් බලන්න …………..
http://www.lankanewsweb.today/archives/14201
බන්ධනාගාර රෝහලේ අනාරක්ෂිත බව පෙන්විමට අදාලව සකස් වෙන ලිපිය…. පිටු ගණනාවක් අදාළ වාර්තාවේ ඇති අතර අප මේ ඉදිරිපත් කරන්නේ ඉන් කොටස් කිහිපයක් පමණී.
සිරිසේන කම්කරුවෙකු සහ රනිල් සිකිරුටි කරුවෙකු කරමින්…. උස මදිනම් කම්කරු.. උස ඇතිනම් සිකිරුටි,රස්සා දෙමින් එජාපයේ නායකයා විමට සිහින බලන තාත්තාගේ අඩිපාරේ යමින් නිධන් හොරා වු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ස්නායු ආබාධයකින් පෙලුන සහ ඒ හෙතුවෙන් මානසික රෝගියෙකු වි ඇති බව ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා කල ප්‍රකාශයෙන් පසුව් කල සොයා බැලිමේදි තහවුරු වි තිබේ.
ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාට ප්‍රතිකාර කල ආයුර්වේද වෛද්‍ය සෝමසිරි විමලසේකර කල අනාවරණයකට අනුව සජිත් ස්නායු රෝගයකින් පෙලෙන්නෙකු මෙන්ම ඒ සදහා ප්‍රතිකාර කිරිමට කටයුතු කර ඇත්තේ ඔහු බවද තහවුරු කර තිබේ.
ප්‍ර- එතකොට විදේශයකදී ස්නායු ආබාධයකට ලක්වූ සජිත් ප්‍රේමදාසට ප්‍රතිකාර කළෙත් ඔබද?
පි- පිටරට කාටවත් සජිත්ව හොඳ කරන්න බැරි වුණා. ප්‍රේමදාස මහත්තයා මට කතා කරල ප්‍රතිකාර කරන්න කිව්වා. ඒකෙන් තමයි හොඳ වුණේ.
ප්‍ර- නමුත් සජිත් වරක් තමන්ට එවැනි රෝගී තත්ත්වයක් නොතිබූ බවට ප්‍රකාශයක් කර තිබුණා නේද?
පි- ඕකට හොඳම ජීවමාන සාක්ෂිය හේමා ප්‍රේමදාස මහත්මිය, එතුමියගෙන් ඇහුව නම් කියයි. එතකොට හේමා මැඩම්ගේ අම්මා, තාත්තා විතරක් නොවෙයි මල්ලිත් ප්‍රතිකාර ගත්තේ මගෙන්.
අදාළ ස්නායු රෝගය හේතුවෙන් සජිත් ප්‍රේමදාස නිරන්තර තරහට පත්වන සහ සෑම වැඩකටම අසමත් කමක් දක්වන මෙන්ම් වඩාත් භයානකම දේ වන්නේ නිරනතර අමතක විමෙ ලෙඩකින් පසුවන බව වන බවද සංවාදයේ සටහන් නොවි තිබු දේ පිළිබඳව අප කල සොයා බැලිමේදි අනාවරණය වි තිබේ.
ආයුර්වේද වෛද්‍ය සෝමසිරි විමලසේකර ප්‍රේමදාස සම්බන්ධතාව
ප්‍ර -ඔබත් හිටපු ජනපති ප්‍රේමදාස මහතාත් අතර සම්බන්ධයක් ගොඩනැඟෙන්නේ කොහොමද?
පි- අසූ ගණන්වල ෆුට්බෝල් මැච් එකක් තිබුණා. පාර්ලිමේන්තු කණ්ඩායමයි – නගර සභා කණ්ඩායමයි එක්ක. ප්‍රේමදාස මහත්තයත් සිරිසේන කුරේත් දෙපැත්ත ටීම් දෙකේ නායකයෝ. මැච් එකේදී ප්‍රේමදාස මහත්තයා කකුලේ තුවාලයකට ලක් වුණා. හැම තැනින් ප්‍රතිකාර කළත් හරි ගියේ නැහැ. එතකොට හිටපු සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පෙරේරාගේ පවුලටම ප්‍රතිකාර කළේ මම. දවසක් මාව ඩග්ලස් පෙරේරා “පෙර ගමන්” රථයකින් ඇවිත් ප්‍රේමදාස මහත්තයා ගාවට එක්කං ගියා.
ප්‍ර- ප්‍රතිකාර කළ ස්ථානය ජනාධිපති මංදිරය වෙන්නැති?
පි- ජනාධිපති මන්දිරයට යන්න එතුමා කැමැති වුණේ නෑ. මොකද එතකොට අගමැතිනේ. සුචරිතේට තමයි ගියේ. වතුර රත් කළේ මොහිදින්.
ප්‍ර-ප්‍රතිකාර කරන වේලාවට ප්‍රේමදාස මහත්තයාගේ හැසිරීම කොහොමද?
පි( ගොඩක් වෙලාවට පොතක් කියවනවා. නැත්නම් හඩ්සන් සමරසිංහට නැත්නම් රූපවාහිනියේ කෙනෙක් ගෙන්නල තමන් පවත්වපු කතාවක් අහනවා. හිටපු හැටියේ කලබල වෙනවා. කතාවල සමහර තැන් කපන්න හඩ්සන්· හඩ්සන්· කියල කෑ ගහනවා. එතකොට මං දන්නේ රෑට ප්‍රවෘත්තිවලට යන්න නියමිත ප්රවෘත්ති කියලා.
ප්‍ර- ෆුට්බෝල් මැච් එකෙන් ආබාධයට ලක් වුණ වෙනත් අය කවුද?
පි- ගොඩක් අය ඇතුල් කළේ “කලිල් නර්සිංහෝම් එකට” ජෝන් අමරතුංග වගේ පිරිසක්ම හිටිය. මට ප්‍රේමදාස මහත්තයා රෝහලට ඇතුල් වෙලා ප්‍රතිකාර කරන්න විශේෂ අවසරයක් දුන්නා.
ප්‍ර- ප්‍රේමදාස කියන්නේ මෙරට විධායක ජනාධිපතිවරයෙක්. රජවරුන්ට සාමාන්‍ය පුද්ගලයන්ට හිඳින බෙහෙත් භාවිතා කරනවාද?
පි- වැදගත් ප්‍රශ්නයක්. ආයුර්වේදයේ රජවරුන්ට සාමාන්‍ය බෙහෙත් භාවිත කරන්නේ නැහැ. අපේ ගේ ගාව කොට්ටාව රුක්මලේ පන්සලේ නායක හාමුදුරුවන්ට ප්‍රේමදාස පේන්න බෑ. ඒත් රටේ නායකයා නිසා පන්සලේ බේත් හදන කටයුත්තට ඉඩ දුන්නේ නැකතකුත් හදලා. හාමුදුරුවෝ බේත් හිඳින කොට ඇවිත් එළිවෙනකම් පිරිත් සත්ධායනයක් පැවැත්වූවා.
ප්‍ර- එතකොට ඔබ රාජකීය වෙදෙක්?
පි- ප්‍රේමදාස මහත්තයා කාටවත් අන්දවන්න බෑ. මේ ක්‍රම ගැන එතුමා හොඳින් දැන සිටියා. පංසල අවට PSD එකෙන් ආව ගියා කියලත් ඒ කාලේ කතාවක් තිබුණා. රටේ මේ තරම් වෛද්‍යවරු ඉඳිද්දී ප්‍රේමදාස මහත්තයා තෝරා ගත්තේ මාව. ප්‍රේමදාස රජෙක් නම් ඒ රජාට ප්‍රතිකාර කළ රාජකීය වෙදා මමයි කියල මං ගැන ඒ කාලේ විදේශීය ආයුර්වේද සඟරාවක පළවෙලා තිබුණා.
ප්‍ර- ප්‍රේමදාස මහත්තයාට ප්‍රතිකාර කළාට තුටු පඬුරු ලෙස ලැබුණේ මොනවාද?
පි- ගෙවීම් කළේ බ්‍රැඩ්මන් වීරකෝන් ලේකම්වරයා. සුචරිතය ළඟම මට මහල් නිවසක් දෙන්න ප්‍රේමදාස මහත්තයා නිවාස අධිකාරියට නියෝග කළා. ඒ නියෝගයේ තිබුණා සුචරිතය ඉදිරිපිට “මගේ ආයුර්වේද බේත් ශාලාව” පවත්වාගෙන යන්නට කඩ සාප්පුවක්ද ලබා දිය යුතු බව. නමුත් මම මේ දෙකම ප්‍රතික්ෂේප කළා.
ප්‍ර- ඔබ ප්‍රේමදාස මහත්තයාට ප්‍රතිකාර කළාට හේමා ප්‍රේමදාස ආර්යාව ප්‍රතිකාර ගත්තේ හොරිවිල සිටි වෙදෙක්ගෙන් නේද?
පි- ඕක ඔය ඒ කාලේ පත්තරකාරයෝ පටලව ගත්තා. හබරණ ඉන්නකොට එක සැරයක් එතුමියට ප්‍රතිකාර කරල තිබුණා. නමුත් ඊට පස්සේ ප්‍රතිකාර කරල සුව කළේ මම. එක පත්තරේක තිබුණා ඔය කියපු වෙද මහත්තයා බලන්න හේමා ආර්යාව ගියේ සෙනඟ කන්දරාවක් මැද්දෙන් හිරවෙලා කියලා. ඒත් ඒ සෙනඟ ප්‍රතිකාර ගන්න ආපු අය නොවෙයි. හේමා ප්‍රේමදාස ආර්යාව බලන්න ආපු අය.
පොළොන්නරුව පොලිසියේ නිලධාරීන් පිරිසකගේ පහර කෑමකට ලක්වූ බව කියන දිවයින අරලගංවිල මාධ්‍යවේදී රොෂාන් තුෂාර තෙන්නකෝන් මහතා පෙරේදා (9දා) රාත්‍රියේ ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කොට ඇත.
කදුරුවෙල නගරයේ ඔහු පදිංචිව සිටින නිවසේ සිට රාත්‍රී 9.00 ට පමණ කෑම පාර්සලයක් රැගෙන ඒම සඳහා යතුරුපැදියකින් කදුරුවෙල නගරය දෙසට යමින් සිටියදී නිවෙස අසලදී ජංගම පොලිස් මුර සේවා ජීප් රථයකින් පැමිණි පොලිසියේ සිව් දෙනකු සිය යතුරුපැදිය නවතා ප්‍රශ්න කොට බීමත්ව සිටින්නේ දැයි අසා පහර දුන් බව තුෂාර තෙන්නකෝන් මහතා කියයි.
තමා මාධ්‍යවේදියකු බවත් රාත්‍රී ආහාරය රැගෙන ඒම සඳහා යන බවත් ප්‍රකාශ කළද සිය යතුරුපැදියද අත්අඩංගුවට ගෙන තමන්ට එම පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බව ඔහු කියා සිටී.
ඉන් අනතුරුව තමන් හැඳ සිටි කමිසයද ගලවා පොලිස් ජීප් රියේ දමාගෙන පොළොන්නරුව පොලිස් ස්ථානයට රැගෙන ආ බවත් ඉන් පසුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට බව පවසා පොළොන්නරුව මහ රෝහලට රැගෙන ආ බවත් පොලිස් නිලධාරීන් පහරදුන් බව තමන් පරීක්ෂා කළ වෛද්‍යවරයාට දැනුම් දුන් පසුව තමන් රෝහල්ගත කළ බවත් ඔහු පැවැසීය.
මාධ්‍යවේදී රොෂාන් තුෂාර මහතා දැනට පොලොන්නරුව මහ රෝහලේ අංක 20 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විඡේසේන මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පොලිස් පරීක්ෂණ පැවැත්වේ.
කරුණාරත්න ගමගේ – පොළොන්නරුව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි මරණ දඬුවම නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඉක්මනින්ම ඈප ලබා ගැනිමට කටයුතු කරන බවත් ඒ වෙනතෙක් දුමින්ද ජයවර්ධනපුර රෝහලට මාරුකර යැවිමට කටයුතු ඉක්මනින්ම සම්පාදනය කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුමින්දගේ සහෝදරයා වන හිරූ මාධ්‍ය ජාලයේ හිමිකරු රෙනෝ සිල්වාට පොරොන්දු ලබාදි ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
පසුගියදා අගමැතිවරයා සිංගප්පූරුවේ ගුවන් තොටුපලේ හමුවි ඇති අතර එහිදි දෙදෙනා අතර පැයක පමණ කාලයක් සාකච්ඡා කර තිබේන අතර දුමින්ද නිදහස් කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිමට අගමැති රනිල් එහිදි එකඟතාව පලකර ඇති අතර ඒ සදහා අවශ්‍ය අවස්ථාවකදි දුමින්ද ලවා භාරත ඝාතනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කිමට අනුව ක්‍රියාත්මක කල බවට ප්‍රකාශයක් ලබාදිමට දුමින්ද එකග කර ගන්නා ලෙස රේනෝට දැනුම් දි තිබේ.
රනිල් -රේනෝ හමුවෙන් පසුව යලිත් ලංකාඅට පැමිණි අගමැතිවරය මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ලැබූ දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ගේ මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සමේ නඩු ගොනුව සකස් කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් කරන ලෙස නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග කිරිමට කටයුතු කර තිබේ. ඒ අනුව තමා අසනීපකරුවෙකු බව කියමින් දුමින්ද සිල්වා ගොනු කළ විශේෂ පෙත්සමක් සලකා බැලූ ප්‍රියසාද් ඩෙප්,බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සමේ නඩු ගොනුව සකස් කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් කරන ලෙසට නියෝග නිකුත් කිරිමට කටයුතු කර තිබේ.
බිම්බා තිලකරත්න, අල්ල(ස්) කික්කි…,මලිත් සමරවික්‍රම තවමත් කුමන්ත්‍රණය අතහැර නැත ගෝඨාභයට විරුද්ධව ප්‍රධාන වශයෙන් ඔප්පු කරගත හැකි සාක්ෂි සහිත නඩු නොදමා නොදමා 2019 වන විට ගෝඨාට නිදහස් වියහැකි ආකාරයේ බොරු නඩුවක් ගොනු කොට නිදහස් කිරීමේ කුමන්ත්‍රණය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව අප මිට පෙර අනාවරණය කල අතර එම අනාවරණයෙන් පසුව අගමැතිවරයා සහ එම කණ්ඩායම භූමිතෙල් ගෑවුනු ගැරඩින් මෙන් කලබලයට පත්විම හරහා එම කුමන්ත්රණයේ තවත් කරුණු රැසක් අනාවරණය වි තිබේ.
කියවන්න – 2019 තෙක් ගෝඪාව හිරේ දමා ..රනිල් ජනපති විමට ගහන ගේම සහ සිරිසේනගේ ඉල්ලන් කෑම
දුමින්ද බේරා ගැනිමේ මෙහෙයුම
දුමින්ද සිල්වාට දුන් මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ඇපිල් එකක් හරහා වෙනස් වන බවත් ලැබුනු තින්දුව සම්බන්ධයෙන් කලබලයට පත් නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධනී රෙනෝ සිල්වා හට දුමින්දට මරණ දඩුවම ලැබුනු දිනයේම දුරකතනය ඔස්සේ දැනුම් දුන් අතර අප එදිනම එය අනාවරණය කර සිටියා.
විනාඩි 10කට පමණ සිමාවු එම සාකච්ඡා සදහා ආගමැතිවරයාට අමතරව සාගල රත්නායක අමාත්‍යවරයා පමණක් සහභාගි වි ඇති අතර ඉදිරියේදි ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමති සාගල හරහා දැනුවත් කිරිමටද එකඟතාව පලකර තිබේ.
අදාල පුවත- දුමින්දට දුන්න දඩුවම ගැන හිතන්න එපා ….ඔක ටික දවසයි ..රනිල්,රෙනෝට කියයි
පසුව අවස්ථා ගණනවක් දුමින්දගේ දඩුවම ගැන ආණ්ඩුවේ විවිධ පුද්ගලයන් හරහා රනිල් සිමිත මෙහෙයුම් ක්‍රියාත්මක කල අතර යහපාලන ආණ්ඩුවේ හදිසී පණිවිඩයක් රැගේන මරණ දඩුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා හමුවිමට ක්රීධා අමාත්‍ය දයාසිරි ජයසේකර බන්ධනාගාරයට ගිය අතර ඒ දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට සිය ඇපෑල ඉදිරිපත් කල දිනයේ විමද විශේෂයක්.
එම අනාවරණය – යහපාලන පණිවිඩයක් අරන් දයාසිරි,දුමින්ද හමුවෙයි
හිරූ නිකර නවපු නැමිල්ල….
මේ අතර දුමින්දගේ ප්‍රධානතම හැතිරිය වන භාරතගේ දියණිය වන හිරූ නිකර් ප්‍රේමචන්ද්‍ර බැලන්ස් කිරිම සදහා අගමැතිවරයා පෞද්ගලිකවම ඇයට කතා කර ඇති අතර රාජපක්ෂලා සමග බද්ධ වෛරයෙන් සිටින හිරූ නිකර්වද එම ව්‍යාපෘතියේ කොටස් කාරියක් කරගෙන තිබේ.දුමින්දට ඇප ලබාදිමට කටයුතු කලහොත් මානවහිමිකම් කොමිසම් හරහා එයට විරුද්ධව ක්‍රියාමාර්ග නොගැනිමට හිරූ නිකර බැලන්ස් කිරිමට රනිල් සමත්ව ව ඇති අතර ඒ වෙනුවෙන් විශේෂ වරප්‍රසාදයක් ලෙස ලගදිම නී. ඇමතිකමට හිරූ නිකර්ට හිමිකම් කිමට අවස්ථාව උදාවි ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.
Top