Published on: Apr 12, 2020- ජනතාවගේ මළකදන් විකුණමින් මහා මැතිවරණයේ 2/3ක බහුතරය ලබා ගැනිම සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුල මෙහෙයුම් දියත් කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.ඒ අනුව ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය මර්දණය කිරිමට රජයට හැකි වු බවත් ඒ වෙනුවෙන් ජනතාව තුල තිබේන භීය පහ කිරිම සදහා අවශ්‍ය මාධ්‍ය මෙහෙයුමක්ද මේ වනවිට දියත් කිරිමට රාජපක්ෂලා කටයුතු කරමින් සිටි.(හිරූ සහ දෙරණ ප්‍රධානින් සමග කල සාකච්ඡා සහ මාධ්‍ය ආයතන සේවකයන්ට ලැබුන නියෝග සම්බන්ධයෙන් වාර්තාවක් බලාපොරොත්තු වන්න)

ඒ අනුව මෙම වසරේ දෙවන පාසල් වාරයේ ආරම්භය මැයි 11 වන සඳුදා සිදු කිරීමට තීරණය කර තිබෙන බවටද රජය නිවේදන නිකුත් කරමින් සිටි.

විරෝධතා නොතකා මහමැතිවරණයක්!

වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීමට ක්‍රියාත්මක කෙරෙන එක් ප්‍රධාන පියවරක්වන සමාජ දුරස්ථභාවය ලිහිල්කිරිමට රජය ගන්නා උත්සහයන්ට සෞඛ්‍ය බලධාරීන් දැඩි ලෙස සිය අප්‍රසාදය රජයට මෙන්ම ජනාධිපතිවරයාටද දක්වා තිබේන අතර මහමැතිවරණයක් පැවැත්වීමට රජය ගන්නා උත්සහය පිළිබඳව ඔහුන් දැඩි ලෙස කනස්සල්ල සහ විරෝධය ද දක්වා තිබේ.

වසංගත තත්වය හමුවේ දැනට දැඩි සමාජ දුරස්ථ භායක් පවත්වාගෙන යමින් මෙරට වසංගතය ව්‍යාප්ත වීම යම්කිසි පාලනයක් පවත්වාගෙන යමින් පැවතියද අප්‍රේල් 25 වන විට සමාජ දුරස්ථභාවය ලිහිල් කිරීමට හැකි වෙතැයි ආණ්ඩුවේ ප්‍රකාශකයන් සහ හමුදාපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා.මෙම ප්‍රකාශයන්ගේ අරමුණ වී ඇත්තේ අප්‍රේල් අග යළිත් මැතිවරණ කටයුතු අරඹා මැයි මස අග මහ මැතිවරණය පැවැත්වීමයි. ඊට අදාළව මහින්ද සුළගද ලගදිම හමා යැමට නියමිත අතර එම සුලගින් කොරෝනා අවසන් වි මැතිවරණය සටන ආරම්භ කිරිමට නියමිතයි.

වසංගතය මතින් එන මැතිවරණ ජය ……..

වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර මැතිවරණයකට ගියහොත් ආණ්ඩුව දැඩි ලෙස පසුබෑමකට ලක්වන බව බැසිල් රාජපක්ෂ පෙන්වා දි ඇති අතර වසංගතය අවසන් වි සුළු කාලයක් තුල ආණ්ඩුව මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදයන් හමුවේ මැතිවරණයකට මුහුණ දිමට සිදුවුවහොත් 2/3ක තියා පාර්ලිමේන්තු බහුතරය පවා ලබාගැනිමට නොහැකි බවයි ඔහු පෙන්වා දි ඇත්තේ. මැතිවරණය දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් පැවැත්විමට හැකියාවක් ඇත්නම් එය ඉතා වාසිදායක ලෙස භාවිතා කිරිමට හැකියාව ඇති බවයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ වියතුන් යැයි පවසන කණ්ඩායම පෙන්වා දි ඇත්තේ මේ වනවිට දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන ආකාරය සැලකිල්ලට ගනිමින් ලංකාවේද මැතිවරණය පැවැත්විමට හැකියාව ඇති බවයි.ඒ සදහා ජනතාව තුල මතයක් සැදිය යුතු බවත් ඔහුන් පෙන්වා දි තිබේ.

දකුණු කොරියාවේන් හමනා මැතිවරණ සුලග….

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය මැද දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (10) ආරම්භ වු අතර ඒ අනුව කොරෝනා වසංගතය මැද්දේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන පළමු හා ප්‍රධාන රට වන්නේ දකුණු කොරියාව වන් අතර දෙවන රට ලෙස ශ්‍රි ලංකාව පත්විමට නියමිතයි.

දකුණු කොරියාවේ ඡන්ද දායකයන් එකිනෙකා අතර අඩි තුනක පරතරයක් තබාගනිමින් ඡන්ද පෝළීමේ සිටිය යුතු යැයි ද බලධාරිහු නියෝග කර තිබේන අතර ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්ද දායකයන් සියලු දෙනාගේම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන අතර නිලධාරීහු ඡන්ද දායකයන් සනීපාරක්ෂක අත්වැසුම්, සනීපාරක්ෂක දියර යනාදිය බෙදා දේ.

දකුණු කොරියාවේ අලුතින් සනාථ කරන ලද රෝගීන් සංඛ්‍යාව මේ සතියේ දිනකට 50 ට වඩා අඩුවී තිබේ. රෝගීන් ඉහළම ප්‍රමාණයක් වාර්තා වූ දිනය වූ එය පෙබරවාරි 29 වන දින රෝගීන් 813 ක් වාර්තා වී තිබුණි. කෙසේවෙතත් මේවනවිට දකුණු කොරියාව තුළ කොරෝනා වයිරස අසාදිත රෝගීන් 10,400 ක් වාර්තා වී ඇතත් ඔවුන්ගෙන් සියයට 70ක් පමණ සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඡන්ද වීමසීම ආරම්භ වූ ඊයේ දිනයේ පමණක් මිලියන පහකට ආසන්න ජනතාවක් ඡන්දය ප්‍රකාශ කළ අතර තවත් බොහෝ දෙනෙක් සෙනසුරාදා ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කර තිබේ.

වසංගතය ජනාධිපති මූන් ජේ-ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අනපේක්ෂිත දේශපාලන ප්‍රසාදයක් ගෙන ඒමට හේතුවූ බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.දකුණු කොරියානු ආණ්ඩුව එරට තුළ කොරෝනා වසංගතය සාර්ථකව සහ ඉක්මණින් පාලනය කරන ලද බව ජනතාවගේ අදහස වි තිබිම ඊට හේතුව බවයි ඔහුන් පෙන්වා දෙන්නේ.

උතුරු කොරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් මෙන්ම , මූන් ජේ ජනාධිපතිවරයාගේ සමීපතම සගයන්ගේ වංචා දුෂණවලට එරෙහිව දකුණු කොරියානු ජනතාව ආණ්ඩුවට එරෙහිව කොරෝනා පැමිණිමට පෙර විරෝධතාවයක යෙදී සිටියා.

මහමැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇති වකවානුවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය දින එනම් පසුගිය මාර්තු 02 වන දින සිට මාස තුනක් ඇතුලත පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බැවින් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය 2020-03-31 සහ 2020-04-01 දිනවල ජනාධිපතිවරයාට යවන ලද ලිපි වලට තග දමමින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ලිපි ලිවිම පසුපසද මැතිවරණයක් ලග එන බව පැහැදිලිවම දක්නට තිබේ.




Published on: Apr 10, 2020 – දිනෙන් දින ජනතව සහ රට අගාධයට පත් කරමින් රට තුළ කොරෝනා වසංගතය ඔඩු දුවද්දි හා ආණ්ඩුවේ කොරෝනා සෙප්පඩ විජ්ජාව ක්‍රියාත්මක වෙද්දි තව තවත් රටේ මුදල් විනාශ කිරීමේ වෑයමක් රාජපක්ෂ සමාගම විසින් ක්‍රියාත්මක කරමින් පවති.

එනම් මේ වන විට නාමයෝජනා කැඳවා ඇති මහමැතිවරණය දිස්ත්‍රික්ක මට්ටමින් විටින් විට පවත්වා රාජ්‍ය මිලීටරීකරණය යොදවා ගනිමින් 2/3 සිහිනය යථාර්ථයක් කර ගැනිමට ජනාධිපතිවරයා සටනක යෙදි සිටින බව දැන් ඉතා පැහැදිලිය. අගමැතිවරයා පවා පාර්ලිමේන්තුව යලි කැදවිමට යම් කැමත්තක් දක්වද්දී ගෝඨාභය මේ උත්සහ කරමින් සිටින්නේ අන්ත පරාජයක් ලබන පාර්ලිමේන්තු මැතිවරණය තමන්ගේ මිලිටරී බලය යොදවා දිනා ගැනිමට බව නොරහසකි.

පසුගිය ජනාධිපතිවරණයේදි ඡන්දය භාවිතා කල බහුතරයක් මේ වනවිට ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂලාගේ කෙරුවාව ඉදිරියේ විලම්භීත වි සිටිම නිසා කිසිම අයුරකින් 2019 නොවැම්බරයේ කල මොඩකම යලි නොකිරිමට වහලුන්ද සුදානම් නැති බව රාජපක්ෂලා හොදින්ම දනී.

රටේ මුදල් පරිපාලනය අයිති පාර්ලිමේන්තුව ඉතාම ඉක්මනින්ම කැඳවා ජනතා පරිමාධිපත්‍ය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව ඇත්තය. නමුත් රටේ ජනතාවට ලබා දෙන සහනාධාරයද පොහොට්ටුවේ නාමයෙන් පාලනය කරමින් කොරෝනා වසංගතය දේශපාලන වාලපුරියක් බවට පත් කොට ගෙන සිටින රාජපක්ෂවරුන්ට මෙලෙස ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ මරා දැමීමට ඉඩ දිය නොහැක.

2020-03-02 දිනැති අංක 2165/8 දරණ ගැසට් ප්‍රකාශනයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති හෙයින් නැවත නව පාර්ලිමේන්තුවක් පත් කිරීම හෝ ප්‍රකාශ කරනු ලැබු ගැසට් පත්‍රය නැවත කැඳවමින් පෙර පාර්ලිමේන්තුව රටේ ව්‍යසනකාරි වාතාවරණය මග හැරි යන තුරු ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දීම බව ජනතා පරමාධිපත්‍යය බලය විශ්වාසය කරන ඔනෑම අයෙකු දනී.(වහලුන්ට අදාල නැත)

මහමැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇති වකවානුවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය දින එනම් පසුගිය මාර්තු 02 වන දින සිට මාස තුනක් ඇතුලත පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බැවින් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය 2020-03-31 සහ 2020-04-01 දිනවල ජනාධිපතිවරයාට යවන ලද ලිපි මගින් ඉල්ලා තිබුණි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යාන්ත්‍රණය පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් වන අතර මැතිවරණ කොමසාරිස්වරයාට පිළිතුරු ලිපියක්  2020-04-06  යවමින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට ලැබි ඇති උපදෙස් මත මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳව මැදිහත් වීමට ජනාධිපතිවරයා තීරණය කර නොමැති බවයි.

ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවනු ලැබු ලිපිය,

මහින්ද දේශප්‍රිය මහතා
සභාපති
ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම
සරණ මාවත, රාජගිරිය

2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය

2020-03-31 සහ 2020-04-01 දිනැති ඔබේ ලිපි මා වෙත ලැබී තිබේ.

ජනරජයේ ජනාධිපතිතුමාගේ නිල කාර්යයන් අරභයා මැතිවරණ කොමිසම විසින් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිස එවනු ලැබූ ලිපි මගේ කාර්යාලයට ලැබීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කර තිබීමත්, එකී ලිපි තවත් අයට පිටපත් කොට තිබීමත් ගැන මම මවිතයට පත්වීමි.(ලේකම් වරයා මවිතයට පත්වීමෙන් යොජනා කරන්නේ කොමිසමේ යම් වංක සහයෝගීත්වයක් පිලිබඳව ලේකම් වරයා අනුමිතියක් යෝජනා කරන බවකි.)

පහත දැක්වෙන තතු ලුහුඬින් සඳහන් කිරීම සුදුසුය :

1-     2020-03-02 දිනැති අංක 2165/8 දරණ ගැසට් ප්‍රකාශනයෙන් 2020-03-02 දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුව 2020-05-14 දිනට කැඳවනු ලැබීය.

2-     එකී ප්‍රකාශනයෙන් නව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා දිනය 2020-04-25 ලෙස නියම කෙරිණ.

3-     ඉන් අනතුරුව,

(අ)  දේශපාලන පක්ෂ ගණනාවක ලේකම්වරු මැතිවරණයට තරග කිරීමේ සිය  අභිලාෂය පළ කළහ.,

(ආ) පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ  15වැනි ඡේදය ප්‍රකාර පාර්ලිමේන්තුවට තේරා පත්වීමට අදහස් කරන අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළහ,

(ඇ) එකී අපේක්ෂකයන්ගේ ලිඛිත අනුමැතිය ද දෙන ලදී.,

(ඈ) පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 සහ 17 ඡේද ප්‍රකාර නියමිත පරිදි ඇප මුදල් තැන්පත් කරන ලදී.

අදාළ තත්ත්වයන් යටතේ ස්වාධීන අපේක්ෂකයෝ ගණනාවක් සහ පිළිගත් දේශපාලන පක්ෂ ගණනාවක්

(අ)       පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය .,
(ආ)     මැතිවරණ දිනය නියම කිරීමේ නියෝගය.,
(ඇ)      නාම යෝජනා පත්‍ර භාර ගැනිමේ දිනය සහ
(ඈ)      අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාම යෝජනා පත්‍ර භාරදීම

පිළිගෙන යථා පරිදි ක්‍රියා කළහ.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ඡේදය ප්‍රකාර 24(1) ඡේදයේ A සිටD දක්වා අනු ඡේදවල ඇතුළත් කරුණු සුවිශේෂ කොට දක්වමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛනය මගින් නිවේදනයක් පළ කළයුතුව තිබිණ.

2020-03-20 දිනැති අංක 2167/12 ගැසට් ලේඛනයෙන් 24(1) ඡේදයේ A සහ C අනු ඡේදවල ඇතුළත් කරුණු පමණක්, එනම් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම 2020 අප්‍රේල් 25 දින උදේ 7.00 සිට සවස 4.00 දක්වා චන්ද විමසීම සිදුකෙරෙන බව සහ චන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ බව දක්නට ඇත.

ඉන් අනතුරුව මැතිවරණ කොමිසම නිකුත් කළ 2020-03-21 දිනැති අංක 2167/19 ගැසට් ලේඛනයෙන් 2020-04-25 දින ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවත්, 2020-04-30 දින සිට දවස් 14කට පසු එළැඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවත්, ප්‍රකාශ කරන ලදී.

2020-04-25 දින ඡන්ද විමසීම කළ නොහැකිනම් 24(03) ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24(3) ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ.

එකී ඡන්ද විමසීම සිදු කරන දිනය, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදය යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් ලේඛනය නිකුත් කළ දිනට දවස් 14කට පසුව විය යුතු බව ද සඳහන් කළ යුතුය.

අතිගරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020-05-28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය.

ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර, මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත්වීමට අතිගරු ජනාධිපතිතුමා අදහස් නොකරයි.

කල්දැමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදයේ විධිවිධාන ප්‍රකාර දවස් 14කට නොඅඩු කාලයක් බව එනම්, කල්තැබූ ඡන්ද විමසීම 15 වන දවසේ වුවද පැවැත්විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත් මා අවධාරණය කළ යුතු නැත.

ඉහත සඳහන් කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස මට උපදෙස් ලැබී ඇත.

ලිපිය අවසන්…

මහ මැතිවරණයකට නාමයෝජනා කැඳවා තිබියදි මැතිවරණයට කල් දැමීමක් ලංකාවේ සිදු පළමු වතාව මෙය වේ. ඒ අර්ථයෙන් ගත් විට මැතිවරණ කොමිෂමට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තිරණය කිරීම  ට පූර්ව අත්දැකීමක් හෝ නොමැත. නාම යෝජනා කැඳවීම වෙනුවෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, රජයේ බැංකු, තැපැල් සේවය හැර සෙසු රජයේ සේවකයන්ට කොරෝනා වෙනුවෙන් නිවාඩු ලබා දුන්, ඒ වෙනුවෙන් රටේ ඇදීරි නිතිය සිතුසේ පාලනය කළ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ සමාගම මෙලෙස දැන් මැතිවරණ කොමිසමට බෝලේ පාස් කිරීම පුදුමයට කරුණක් නොවන්නේ ඒ ඔවුන්ගේ සහජ බලලෝභි කුණු දේශපාලන භාවිතයම වන බැවිනි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයාට නොහැකි නම් කළ යුත්තේ පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට් නිවේදනය නැවත කැඳවීමය. පොහොට්ටු යාන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් ගමේ සම්පකාරයේ බඩු මුට්ටු පවා පොහොට්ටුවේ ප්‍රාදේශිය මන්ත්‍රිවරුන්ගේ ඕනෑ පිරිසට පමණක් බෙදා දීම ක්‍රියාත්මක කරමින් කෑදර බයියන්ට අවශ්‍ය පරිදි කඩින් කඩ මැතිවරණයට පැවැත්වීමට වඩා අවශ්‍ය වන්නේ ඉදිරියේ රට මුහුණ දෙන දරුණු ආර්ථික අවපාතයෙන් රට ගලවා ගැනීමට ක්‍රියා කිරීම ය.

එවැබින් කොරෝනා වසංගතය රටින් තුරුන් වන තුරු නැවත මැතිවරණයක් අවශ්‍ය නොවන බව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ ඒකායන ඉල්ලීම වේ. කඩින් කඩ මැතිවරණය පැවැත්වීම ට මැතිවරණ කොමිසම පවා එකඟනොවන්නේ ඒ හරහා මතුවන සෞඛ්‍ය හා සමාජ ගැටළු ඔවුනටද හදුනා ගත හැකි බැවිනි. දිනෙන් දින කොරෝනා ආසාදිත ප්‍රමාණය වැඩි වෙද්දි රටේ සම හරක් වගකීම විරහිතව ක්‍රියා කරද්දි මැතිවරණ ප්‍රචාරක කටයුතු නිසා රටේ ජනතාවට කොරෝනා පැතිරීම වේගවත් නොවන්නේද?

එදාවේල හම්බකරගන්නා අසරණ කම්කරුවාට, පෞද්ගලික අංශයේ සේවකයන්ට, මහ බැංකුවට මුවා වෙලා රජය විසින් සිය සහන කප්පාදු කළ රජයේ සේවකයන්ට, නිසි මිලක් ලබා ගැනීමට නොහැකි වීම නිස හේන් වලම සිය වගාව කුණු වීමට අත හරින ගොවින්ට ආර්ථික සහනය සැපයීම වෙනුවට, ගොවින්ගේ අස්වනු නිසි පරිදි මිලයට ගෙන ඒවා රට පුරා බෙදා හරිමින් සාධාරණ මිලකට මිලයට ගැනීමට ජනතාවට ඉඩ ප්‍රස්ථාව සැලසීම වෙනුවට මරි මෝඩ දේශපාලන බල ලෝභි රාජපක්ෂලාගේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණය ජාතියේ නාමයෙන් පැරදවිය යුතුමය.

Published on: Apr 9, 2020- කොරෝනා වසංගතය හමුවේ ජනතා සහන සැලසිම වෙනුවෙන් මහා බැංකුව නිකුත් කර තිබේන නිර්දේශ කිසිවක් බැංකු සහ මුල්‍ය ආයතන ක්‍රියාත්මක නොකරන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

සුළු,මධ්‍යම ඇතුලු ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් බැංකු වෙත ලබාදිමට නිර්දේශ කර තිබේන සහන සහ ලිහිල් ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරිම මේ අකාරයට බැංකු සහ මුල්‍ය ආයතන විසින් ප්‍රතිකේෂප කර ඇති අතර පවතින අර්බුදය ඉදිරියේදි බැංකු සහ මුල්‍ය ආයතන කඩා වැටිමේ අවදානමක ලක්ව ඇති බවත් එය ඉදිරියේදි තවත් බරපතළ විය හැකි බැවින් මහ බැංකුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිමට නොහැකි බවයි. වසංගත තත්ත්වය හමුවේ මුදල් තැන්පත් කිරිම සම්පූර්ණයෙන්ම නතර වි ඇති අතර දෛනිකව ආපසු ගැනිම් පමණක් සිදුවන බැවින් බැංකු සතුව මුදල් සංචීත නොමැති විමද මෙම අර්බුදය උග්‍ර විමට හේතු වි තිබේ.

කොරෝනා ව්‍යසනය (COVID-19) මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා බැංකු සහන පහසු කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නංවා ඇති බවට මාර්තු 30 වැනිදා මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව නිවේදනය නිකුත් කලද සහන බලාපොරොත්තුවෙන් අද බැංකු වෙත ගිය ව්‍යාපාරිකයන්ට බැංකු ප්‍රධානින්ගේන් ලැබුන එකම උත්තරය වුයේ “මහා බැංකුව කිව්වාට එවා කරන්න විදියක් නෑ… මහ බැංකුව කියනවා අපි කොහොමද කරන්නේ කියලා එයාල හිතන්නේ නෑ. මහා බැංකුව අපිට සල්ලි දෙනවා නම් අපි ලෑස්තියි එවා කරන්න …”

මේ අතර කිසිදු අදායමක් නොමැතිව යන එන මං නැති තත්වයට පත්ව ඇති ව්‍යාපාර, ස්වයං රැකියා කරන කණ්ඩායම් බැංකු හා මුල්‍ය ආයතන වලින් ගෙන ඇති ණය මුදල් සහ ලීසිං වාරික ගෙවීමට ද නොහැකි තත්වයකට පත්ව ඇති අතර රජය මේ සදහා ලබාදුන් බව කියන සහන සහිත චක‍්‍රලේඛ හතරක් මේ දක්වා නිකුත් වුවද ඒ සදහා අවශ්‍ය උපදෙස් අදාළ මුල්‍ය ආයතන වෙත ලැබි නෑ. රජය කියූ ණය වාරික සහනය ද තවමත් ලැබී නැති අතර සියලූ බැංකු තම ණය වාරික සුපුරුදු පරිදි තම ගිණුම් හිමියාගේ ගිණුම්වලින් අඩු කරගෙන තිබේ. ඒවා නැවත ගිණුමට දමන බව කීවද එයද සිදුව නෑ.

කොරෝනා ව්‍යසනය හෙවත් COVID–19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැලසීම උදෙසා අවශ්‍ය නම්‍යශීලීත්වය බැංකු ක්ෂේත්‍රයට ලබාදීමේ අරමුණින් ‍ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සදහා සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට තීරණය කර ඇති බවට නිකුත් කෙරුණු නිවේදනය.

ඒ අනුව, කොවිඩ්-19 මගින් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන්හට සහන සැලසීම සඳහා බලපත්‍රලාභී බැංකු වෙත වැඩිදුරටත් ඉඩකඩ සපයා දීමේ අරමුණින් පහත සඳහන් සුවිශේෂ ක්‍රියාමාර්ග කඩිනමින් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

දේශීය මූල්‍ය පද්ධතියේ වැඩි වැදගත්කමක් සහිත බැංකු (D-SIBs)සහ එසේ නො වන බැංකු සඳහා පිළිවෙලින් පදනම් අංක 100 සහ 50 බැගින් තම ප්‍රාග්ධනය සුරැකීම සඳහා ඇති අතිරික්තයන් පහත දැමීමට අවස්ථාව සලසා දීම තුළින් ආර්ථිකයට සුමට ව ණය ගලා යාමට පහසුකම් සැලසීම සහ කොරෝනා ව්‍යසනය මගින් බලපෑමට ලක්වූ ණය ගැනුම් කරුවන් හට සිය ව්‍යාපාර කටයුතු නුදුරු අනාගතය තුළ අඛණ්ඩ ව පවත්වාගෙන යාමේ හැකියාව ලබාදීම.

යම් ගනුදෙනුකරුවෙකුගේ මුළු අක්‍රිය ණය පහසුකම් ප්‍රමාණය, ඔහු වෙත ලබා දී ඇති මුළු ණය පහසුකම් ප්‍රමාණයෙන් 30% ඉක්මවන විට එම ගනුදෙනුකරු වෙත ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය ම අක්‍රිය ගණයේ ලා සැලකීමට ඇති නියාමන අවශ්‍යතාව ඉවත් කිරීම කිසියම් ණයක් විදේශ මුදලින් පියවා ගැනීමට ඇති හැකියාවක් නොමැති විටෙක, අවසාන විකල්පය වශයෙන්, බැංකු විසින් නිශ්චිත කොන්දේසි සපුරාලීම තහවුරු කිරීමට යටත් ව, එම ණය රුපියල්වලින් පියවා ගැනීමට බැංකු වෙත අවසර ලබා දීම.

වෙනත් කිසිදු සහනයක් සඳහා හිමිකම් නො ලබන ගනුදෙනුකරුවන් සඳහා මාර්තු මස තුළ දී අය වීමට නියමිත ඔවුන්ගේ ණය හා අත්තිකාරම් වාරික සඳහා දින 60ක කල් දිගුවක් ලබා දීමට බලපත්‍රලාභී බැංකු වෙත අවසර දී ඇති අතර අදාළ දින 60 අවසන් වන තුරු එම ණය පහසුකම්, ගෙවීම පැහැර හැර ඇති සේ නොසැලකිය යුතු වීම.

කොරෝනා ව්‍යසනය (කොවිඩ්-19) නිසා ගනුදෙනුකරුවන් මුහුණ පා ඇති ගැටළු හේතුවෙන් 2020.03.16 සිට 2020.06.30 දක්වා කාල සීමාව තුළ දී ණය ගිවිසුම් සහ ආපසු ගෙවීමේ කාල සීමා සඳහා කරනු ලබන සියළු වෙනස් කිරීම් ණය සහ අත්තිකාරම් වර්ගීකරණය සහ ණය හානිකරණය ගණනයේ දී ‘ප්‍රතිව්‍යුහගත’ ලෙස සැලකීම වෙනුවට ‘සංශෝධන’ ලෙස සැලකීමට බැංකු වෙත අවසර දීම.

2020 වසර අවසානය වන විට වැඩි කළ ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගත යුතු ව තිබූ බැංකු හට එකී අවශ්‍යතා සපුරාගැනීමේ අවසාන දිනය 2022 වසර අවසානය තෙක් දීර්ඝ කිරීම.

නියාමනයේ දී හඳුනා ගත් සැලකිය යුතු කරණු නිවැරදි කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාවන් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව හා සාකච්ඡා කර ඒවායේ, වැදගත්කම/බැරෑරුම්කම සලකා බලා අවශ්‍ය නම් නැවත සකස් කිරීමට අවසර දීම.

නියාමනයේදී හඳුනාගත් කරුණු /සොයා ගැනීම් සඳහා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමේ කාල කාලසීමාව 2020 මැයි 30 දක්වා ඇති බැංකු සඳහා අමතර මාස 3 ක කාලයක් ලබාදීම.

යළි දැනුම්දෙන තුරු , බලපත්‍රලාභී බැංකු විසින් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කාලීන ව සිදු කළ යුතු ව්‍යවස්ථාපිත වාර්තාකරණයන් සඳහා නියමිත කාල සීමාව සති දෙකකින් දීර්ඝ කිරීම සහ කාර්තුමය මූල්‍ය වාර්තා ප්‍රකාශනය සඳහා නියමිත කාල සීමාව මසකින් දීර්ඝ කිරීම.

බැංකු වෙත ලබා දුන් මෙම සහනයන් තම ගනුදෙනුකරුවන්ගේ හා සමස්ත ආර්ථිකයේ ම යහපත උදෙසා යොදා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලු ම බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා සිටින අතර එමගින් බැංකු ක්ෂේත්‍රයට වඩාත් ශක්තිමත් ලෙස අභියෝගවලට මුහුණ දීමට හැකියාව ලැබෙනු ඇත.

Published on: Apr 7, 2020 – සෑම වසරකම බක්මහේ මහා මෞලි මංගල්‍යය  ලෙස දක්වමින් වැඩසටහන් නිෂ්පාදකවරයාගේ සිට නාලිකා හිමිකරු දක්වා සිය කාමුක ආශාවන් සන්තර්පනය කර ගැනීමට පාර කපා ගන්නා හිරු අවුරුදු කුමරා/ කුමරිය වැඩ සටහනේ අවසන් රූගත කිරීම මේ වන විට බත්තරමුල්ල පැලවත්ත නාගහමුල්ල පාර ඉදිරිපිට පිහිටා ඇති හිරු ස්ටුඩියෝවේ පටිගත කරමින් පවතිනවා.

රටේ කොරෝනා අවදානම මත කොළඹ නගරය දින නියමක් නොමැතිව වසා තිබියදි හිරු නාලිකාව මෙවැනි වගකීම් විරහිත සෞඛ්‍ය සදාචාර විරෝධි කාර්යයක් සිදුකරන්නේ කවර පදනමින්ද යන්න ගැටලු සහගතය. සිය සමාජ මාධ්‍ය ජාලා හරහා #stay home යටතේ විවිධ පෝස්ට් දමන මෙම මාධ්‍ය ජාලය මෙවැනි පටු ක්‍රියාමාර්ග හරහා   අවදානමේ දමන්නේ මේ රටේ ජනතාවගේ අහිංසක ජීවිත බවත් දැන් දැන් පැහැදිලිය.

අදාළ වැඩසටහනේ අවසන් පූර්ව වටයට තේරුණු තරුණ ගැහැනු ළමයින් සහ පිරිමි ළමයින් 30 කට අධික  පිරිසක් සිය දෙමාපියන් සමඟ රටේ විවිධ ප්‍රදේශ වලින් හිරු මාධ්‍ය සලකුණ සහිත වාහන වලින් ඊයේ කොළඹ බත්තරමුල්ල හිරු ස්ටුඩියෝව වෙත ගෙන්වා ඇති අතර එම පිරිස 100කට අධික බවයි වාර්තා වන්නේ. අවසන් පෙරහුරුව අවසන් වීමත් සමඟ ඊයේ රාත්‍රිය ගත කිරීමට ඔවුන්ගේ ඥාති නිවෙස් හෝ දැන හැදුනුම්කම් ඇති නිවෙස් වෙත යන ලෙස වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායම මෙම අවුරුදු කුමර කුමරියන් පිරිසට හා ඔවුන්ගේ දෙමව්පියන් වෙත දැනුම් දී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ බලපැවැත්වෙන ඇඳීරි නීතිය හේතුවෙන් එම නිවෙස් වෙත ප්‍රවාහන කටයුතු සිදු කිරීමද නැවතත් හිරු මාධ්‍ය සලකුණ සහිත රථ වාහන මගින් සිදු කර ඇත.

නැවතත් එම පිරිස අද උදෑසන බත්තරමුල්ල වෙත කැඳවා ගෙන පැමිණ ඇති අතර  අවුරුදු කුමරුන්ගේ අවසන් වටයට පෙර කුමරියන්ගේ අවසන් වැඩ සටහනේ රූගත කිරීම මේ වන විට බත්තරමුල්ලේ දි පැවැත්වේ. මෙම වැඩසටහන වෙත සිය ප්‍රේෂ්කයන් ඈඳා ගැනීම සඳහා ඊයේ (06) හිරු අවුරුදු කුමර කුමරියන්ගේ මූලික තරග වට වල පටිගත කල වැඩසටහන් ප්‍රචාරණය කරනු ලැබීය.

රටේ සෞඛ්‍ය තත්ත්වයක් උද්ගත වීම නිසා එදා වේල හම්බ කරගන්නා මේ රටේ දුගි දුප්පත් ජනතාවට සිය දරු පවුල සමඟ උලා කන තත්ත්වයට පත් කරමින් රටම වසා තිබෙන අවස්ථාවක රෙනෝ කුඩු සල්ලි වලට කොරෝනා වැලදෙන්නේ නැතිදැයි රටේ බලධාරීන් සියලු දෙනාගෙන් ඇසීමට කැමතිය.

ඕනෑම හදිසි අවස්ථාවක රටේ ඕනෑම තැනකට බාධාවකින් තොරව ගමන් කිරීමට මාධ්‍යයට ඇති අයිතිය අවභාවිතා කරමින් රටේ විවිධ තැන් වලින් මිනිසුන් රැස් කිරීම හා ඔවුන් නැවතත් අධි අවදානම් කලාපයක් ලෙස නම් කොට ඇති කොළඹ දිස්ත්‍රික්කයේ තැන තැන නතර කිරීම කොරෝනා නීති සහ ඇඳීරි නීති උල්ලංඝනය කිරීමක් නොවේද?

මේ පිරිස කොළඹ නගරයේ නතර වූ ප්‍රදේශ පිළිබඳව අවබෝධයක් තිබේද? කොරෝනා  පැතිරීම සීමා කිරීම සදහා කොළඹ නගරයේ හුදකලා කර ඇති ප්‍රදේශ වල මෙම පිරිස නතර නොවු බවට ඇති සහතිකය කුමක් ද? සමාජ දුරස්ථභාවය මෙහිදි ආරක්ෂා කොට ඇත්ද? රටේ නීතිය අනුව මෙවැනි ජඩ මාධ්‍ය ක්‍රියාවක් සිදු කිරීමට හැකිද? බලධාරීන් සියලු දෙනා මෙයට පිළිතුරු දිය යුතුය.

බෙහෙත් ගන්න, කන්න යමක් හොයන්න, බඩුවක් මුට්ටුවක් ගන්න ඇදීරි නීතිය උල්ලංඝනය කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙද්දි පැයෙන් පැයට එම පිරිස ගණනය කොට සිය ප්‍රධාන පුවත් ප්‍රකාශ වලදි පෙන්වා දෙමින්, කොරෝනා වලට ජාතිවාදී මුහුණුවරක් ආරෝපණය කරමින් සිය තූච්ඡ මාධ්‍ය භාවිතය රටට පෙන්වන හිරු නාලිකා ලොක්කන්ගේ මනදොළ පිනවීමට කජු කිරි කෙල්ලන් සෙවීමට රටම අනතුරේ දැමීමට එරෙහි විය යුතු නොවේද?

Published on: Apr 5, 2020- ලෝකය පුරාම කොරෝනා වෛරසය ප්‍රයෝජනයට ගනිමින් ඒකාධිපති පාලකයින් ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ප්‍රයත්නයක යෙදී සිටී. ඒ මෙවැනි වසංගතයකදී සමාජය තුල ජනිතවන බිය හේතුවෙන් ජනයා ඉල්ලා සිටින රාජ්‍යයේ වගකීම නිසා ය. මෙම වසංගතය සමනය කර ගැනීමට ඉක්මන් ක්‍රියාදාමයකට යා යුතුයි, යන්න ය. එනම් රාජ්‍යය සතු වගකීම දෙසට ජනයාගේ අවධානය යොමුවන විට, රාජ්‍යය සතු වගකීම ඉස්මතුව පෙනෙන විට, අර්බුදය විසඳීමට ඉක්මන් ක්‍රියාදාමයකට යාමේ උවමනාව වැඩි වැඩියෙන් මතුවන විට, මේ අවස්ථාවෙහි සමාජයේ ඇති කලබලකාරී බව (බොරදියේ මාලු ඇල්ලීමේ) තම සිතැඟි පරිදි ඒකාධිපති බලය තහවුරු කර ගැනීමට උපයෝගී කරගැනීම පිනිස ‍ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යූහයන් විනාශ කරමින් තමා අතට බලය ගැනීමේ අවස්ථාවක් මෙතුළින් උදා කරගැනීමේ උපායික අවස්ථාව මෙය කරගැනීමට ඒකාධිපති පාලකයෝ කැසකවති.

එනිසා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි ඇති අයිතීන් ආරක්ෂා කර ගැනීම, ඒවා වැලලීමට රාජ්‍යය කරවන්නන් මෙය අවස්ථාව කරගැනීමට දරන උත්සාහයන් පරාජය කිරීමට අවදියෙන් සිටිම, මේ මොහොතේ මෙම වසංගතය මර්ධනය කර ගැනීමට කරන උත්සාහය හා සමානවම පවත්වා ගතයුතු බව ‍ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සමාජ බලවේගයන්, දේශපාලන බලවේගයන් සහ එහි ක්‍රියාදරයන් තරයේ සිත තබාගත යුතු කාර්ය භාරයකි.

රාජ්‍ය බලය අවභාවිතය

ඒකාධිපති වියරුවෙන් පෙළෙන රාජ්‍ය ප්‍රධානීන් බොහෝවිට මෙවැනි තත්ත්වයක් තුළ කරනුයේ රටෙහි පවතින ව්‍යවස්ථාවට පිටින් ගමන්කර බලය තම අත ගොනුකර ගැනීමට උත්සාහ කිරීමයි. ඒ සඳහා ඔවුන් ප්‍රයෝජනයට ගන්නේ වසංගතය තුලින් ඇතිවී ඇති අවදානම, ඒ මැඩලීමට ඇති හදිසි වුවමනාව ආදිය හුවාදක්වමින් මේ හදිසි ව්‍යසනයෙන් මිදීමට ජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් සහ නීති පද්ධතීන් සමග ක්‍රියා කළ නොහැකි බව කියා සිටීමයි. එසේ කියමින් ඔවුන් ක්‍රියාත්මක වන්නේ තමන්ගේ වුවමනාව සඳහා රාජ්‍යය බලය තමන් අතට ගැනීමට ඇති මනදොල පුරවා ගැනීම සඳහා මේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට තැත්කිරීමයි.

වසංගතයක් මර්ධනය කිරීමට විවිධ ක්‍රියාකාරකකම් වලට යාමට සිදුවීම පැහැදිලිය. සමාජයකට විවිධ සීමා පැනවීම් සහ තහංචි පැනවීමටද සිදුවීමද අත්‍යාවශ්‍යය සාමාන්‍යයකි. නමුත් ‍ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතීන්ද ඒ හා සමානවම වැදගත් බව අප අමතක නොකළ යුතුය. එකකින් මිදී අනෙක නැතිකර ගැනීමට ඉඩ නොතබා ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතුබව අප අමතක නොකළ යුතුය. යම් සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, මිනිස් අයිතීන් යම් ප්‍රමානයක් හෝ දිනාගෙන ඇත්නම් ඒවා දිනාගෙන ඇත්තේ එක මොහොතකින් නොව වසර දසක ගණනාවක සටන් තුලිනි. ඒකාධිපති පාලකයෝ මෙම වසංගතයට මුවාවෙමින් එම අයිතීන් කප්පාදු කර ඔවුන් කැමති ආකාරයේ අත්තනෝමතික වියරු පාලනයන් වෙත ගමන් කිරීමට මෙය මොහොත කරගැනීමට සූදානම් වෙති. එනිසා එයට ඉඩ නොතබා අයිතීන් ආරක්ෂා කරගැනීම අවදිමත් ජනයාගේ කාර්යයයි.

හන්ගේරියාවේ සිට පිලිපීනය දක්වා

මෙම ඒකාධිපති වියරුව ලෝකය පුරා විවිධ තැන්වල විවිධ ආකාරයෙන් මතුව ඇත. බොහෝ රාජ්‍යයන් තුළ පාර්ලිමේන්තුව ක්‍රියාවිරහිත කරමින් ජනාධිපතිවරු තම බලය තමා අතට ගෙන තම හිතුමතේ ක්‍රියා කිරීමේ අවස්ථාව මෙතුළින් උදාකර ගනිමින් සිටිති. එය මේ වන විටත් හන්ගේරියාවේ ජනාධිපතිවරයා වන වික්ටර් ඕර්බාන් විසින් ක්‍රියාත්මක කර ඇත. ඔහු පාර්ලිමේන්තුවට හදිසි ආපදා පනත නමින් පනතක් ගෙන එමින් එතුළින් පාර්ලිමේන්තුව ක්‍රියාවිරහිත කර ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට හිතුවක්කාරව ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසා ගෙන ඇත. පිලිපීන ජනාධිපති ඇඳිරි නීතිය කඩකරන්නන්ට වෙඩිතැබීමට අණ කරයි. පෝලන්තයේ පාලක පක්ෂය හිතුවක්කාර මාවතට අවතීර්නව ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත. ජර්මනියේ සෞඛ්‍ය‍ය ඇමවරයා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමට උතසාහ කල ජංගම දුරකතන මගින් පුද්ගලයාගේ සියලු සම්බන්ධතා හඳුනාගැනීමේ දත්ත ලබාගැනීමට කල යෝජනාව විවේචන ඉදිරියේ ඔහුට හකුලාගැනීමට සිදුවිය.

ලංකාවේ ජනාධිපතිවරයා විසින් වසංගතය උග්‍ර වෙමින් පවතිද්දී, පැහැදිලිවම මැතිවරනයක් පැවැත්වීමට ඉඩ නොලැබෙන බව පෙනි පෙනී, පාර්ලිමේන්තුවේ කාලය තවත් මාස 6 තිබියදී, හිතුවක්කාරී ලෙස මාර්තු 2 පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් 25 පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවනු ලැබීය. ලෝකයම මෙවැනි අර්බුදයකට මුහුණ දෙමින් පවතිද්දී මෙවැන්නක් කරනු ලබන්නේ එක්කෝ අමු මෝඩකම නිසාවෙනි, එසේ නැත්නම් තම ඒකාධිපති සිතැඟි ඉටුකර ගැනීමට ඉතාම සූක්ෂම කපටි ආකාරයකින් මේ අවස්ථාව තම බලය තහවුරු කරගැනීමට ප්‍රයෝජනයට ගැනීම පිනිස ය. පැවති තත්ත්වය තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය නොහැකි තත්වයක් ඇති වන බව පාර්ලිමේන්තුව විසුරුවා හරිද්දී ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබුණු කරුණකි. එබැවින් රාජ්‍ය බලය හිතුවක්කාරි ආකාරයෙන් තමා අතට ගැනීමේ චේතනාවෙන් මෙය කළ බව පැහැදිලිය.

මේ ආකාරයෙන් විවිධ තැන්වල මෙම වසංගත අවධිය ඒකාධිපති වියරුවෙන් පෙළෙන්නන්ගේ මනදොළ පුරවා ගැනීමේ වුවමනාව සඳහා ඔවුන් විසින් යොමුකර ගනිමින් පවතී. මෙවැනි වසංගතය කදී රාජ්‍ය රටෙහි සියලු දෙය කළමනාකරණය කිරීමේ ප්‍රධාන වැඩ කොටස ඉටුකරන ආයතනය බවට පත්වෙන හෙයින් එම වැදගත් අවස්ථාව අවභාවිතා කරමින් තම ඒකාධිපති දොළ සංසිඳුවා ගැනීමේ අරමුන සපුරාගැනීමේ ක්‍රියාදාමය වෙත ගමන් කිරීමට, රාජ්‍ය බලය සියතට ගැනීම මොවුන්ගේ සැලසුමයි.

හමුදා භූමිකාව අවශේෂය

මෙම ක්‍රියාදාමයෙහිම තවත් කොටසක් වන්නේ මෙසේ රාජ්‍ය බලය අවභාවිතාවට සූදානම් වන කොටස් එම කාර්යයයේම කොටසක් ලෙස මේ ව්‍යසන අවස්ථාව රාජ්‍ය හමුදාවන් ජනප්‍රිය කිරීමේ වැඩ කොටසක ද යෙදී සිටිමයි. රාජ්‍ය හමුදාවන් රටක අර්බුද අවස්ථාවක අර්බුධ විසඳාගැනීමේ යම් යම් ක්‍රියාදාමයන්හි කොටස්කරුවන් කර ගැනීම ඉතා සාමාන්‍යයකි. එය රාජ්‍යය හමුදාවන් වලට අයිති රාජකාරියේ කොටසකි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් වල යුදමය අවස්ථාවක හැරුණුවිට හමුදාවන් ක්‍රියාත්මක රාජකාරි වලට යොදවන්නේ හමුදාව එම අර්බුදය විසඳීමේ ප්‍රධාන සාධකය කර ගනිමින් නොව ඔවුන් එහි අවශේෂ වැඩ කොටසක් ඉටු කිරීමපිනිස ය.

කොරෝනා වසංගතය වැනි වසංගතය කදී මෙම වසංගතය මර්දනය කිරීමේ ප්‍රධාන වැඩ කොටස ඉටු කරන්නේ වෛද්‍ය විද්‍යාත්මක ආයතන, වෛද්‍ය පහසුකම් සපයන ආයතන සහ ඒවායේ ක්‍රියාදරයන් විසිනි. එනම් වෛද්‍ය විශේෂඥයින්, වෛරස් පිළිබඳ විශේෂඥයන්, වෛද්‍යවරුන්, සාත්තු සේවකයින් සහ සේවිකාවන්, රෝහල් ආශ්‍රිතව එම වැඩ කටයුතු වල යෙදෙන පිරිස් ආදීන්ය. මෙවැනි ව්‍යසනයදී සමාජයේ ගෞරවය මූලික වශයෙන් හිමිවිය යුතු වන්නේ ඔවුන්ටය. සමාජයේ “වීරත්වයේ සම්මානය” හිමි විය යුත්තේ ඔවුනටය.

නමුත් ලංකාව වැනි තැනක වසංගතය මර්දනය කිරීමේ සියලු කාර්යයන් වල නායකත්වය භාර දී ඇත්තේ හමුදාවන්ටය. හමුදාවන් මෙම කාර්යයන් වලට යොදා ගැනීමේ වරදක් නැතිවා පමනක් නොව ඔවුන්ව මෙම කාර්යයන්හි යොදාගත යුතු ද වෙයි. ඔවුන්ට පැවරෙනු ඇත්තේ අවශේෂ‍ කාර්යයක් පමණි. ඇත්ත වශයෙන්ම සිදුවනවා සේම එහි ප්‍රධාන සාධකය වෛද්‍යය ක්‍රියාදරයන් වන අතර හමුදාවන් මෙම වසංගත මර්දනයේ ප්‍රධාන සාධකය ලෙස නොහැඳින්විය යුතුය, එසේ වූ විට සිදුවන්නේ අනවශ්‍යය අවධානයක් හමුදාවන් වෙත යොමුකර හමුදාවන් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලදී “ගැලවුම්කරුවාකර” ඔවුන් සමාජයේ ප්‍රධාන සාධකයක් බවට පත්කිරීමයි. ඉන්පසු ඒකාධිපතියන් ට තමන් කැමති ආකාරයකින් හමුදාවන් මෙහෙයවීමේ හැකියාවක් ලැබේ. ඒ හමුදාවන්, අධිපතිවාදය විසින් අණ කරන දේ අනුව ක්‍රියාත්මක වීමට, පුහුනුකර ඇති කොටසක් නිසාවෙනි.

සුනිල් රත්නායක පණිවිඩය

මේ කොරෝනා වසංගතය අතරතුරුම වයස අවුරුදු පහක කුඩා දරුවකුගේ සහ වයස අවුරුදු 13ක කුඩා දරුවකු ඇතුලු 8 දෙනෙකුගේ ගෙල කපා මරා දැමූ මිනීමරුවකුට ජනාධිපතිවරයා සමාවදී නිදහස් කර ගෙදර යවයි. ඒ තුළින් ඔහු හමුදාවන්ට දෙන පණිවිඩය වන්නේ “නුඹලා ඕනෑම වැරදි වැඩක්, නින්දිත වැඩක් කළාට ප්‍රශ්නයක් නැත. අපි නුඹලා වෙනුවෙන් පෙනී සිටින්නෙමු. අප කියන විදියට වැඩ කරපල්ලා, නුඹලාට සෑම විටම ආරක්ෂාව ඇත” යන්නයි. මෙය ඉතා භයානක තත්වයකි.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව උවමනාවක් දක්වන ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන, ජනයාගේ, ආයතන වල සහ පක්ෂවල ප්‍රධාන වගකීමක් වන්නේ මෙවැනි මොහොතක ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමට ඉඩ නොදී, වසංගතය මර්ධනය කිරීමේ ක්‍රියා පිළිවෙලට සහාය වීමයි.

සියලුම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වල යුතුකම වන්නේ රජය කරවන අයගේ මෙවැනි ඒකාධිපති නැඹුරු හඳුනාගෙන ඊට එරෙහිව තම හඬ මතු කිරීමයි.

ඒ වාගේම සියලුම ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන් ගේ යුතුකම වන්නේ තම දෑස් විවර ව තබාගෙන ‍ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිතා කිරීමට රජය කරන උත්සාහයන්ට එරෙහිවීමයි.

~~රංජිත් හේනායකආරච්චි.~~

Loading…


Published on: Apr 5, 2020- කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරන සෞඛ්‍ය සේවයේ නියුක්ත වි සිටින සේවකයන් අරක්ෂා කර ගැනිම සදහා විධිමත් වැඩපිළිවෙළක් මේ දක්ව ක්‍රියාත්ම කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුලු රාජපක්ෂ ආණ්ඩුව අසමත් වි සිටින බව අප විශේෂ වාර්තාකරු සමග රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සමග කල සාකච්ඡාවේදි අනාවරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡා දී කරන ලද ඉල්ලීම් පිළිබදව යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කර තිබෙන නමුත් තවමත් ආණ්ඩුවට අවස්ථාව ලබා දෙන්නේ රටේ ජනතාව ගැන සිතා බවයි සමන් රත්නප්‍රිය සදහන් කලේ.

කොරෝනා වසංගතය මර්දණය කිරිම සදහා සිය ජිවිත පිළිබඳව පවා නොතකා සටන් කරන සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් අවශ්‍යම දෑ ලබාදිමට වත්මන් ආණ්ඩුව ප්‍රමුඛ රජය අසමත් වි ඇති අතර මේ වනවිටත් සිය ජිවිත ආරක්ෂා කරගනිමින් රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා ඇතැම් හෙදියන් ආරක්ෂීත ඇදුම් මැසිම සිදුකරමින් සිටින අතර ඒ සදහා කුණු බහාලන බෑග් භාවිතා කරන බවයි වාර්තා වන්නේ.ඊට අමතරව ඔහුට අවශ්‍ය වන බුට් වැනි සපත්තු මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට මාස්ක් ලබාදිමටද සෞඛ්‍ය බලධාරීන් මේ දක්වා සමත්ව නෑ.

මේ දක්වා සෞඛ්‍ය සේවකයන්ට නිශ්චිත වැඩ මුරයක් සකස් කිරිමට පාලකයන් අසමත් වි ඇති අතර රෝහල් සදහා සේවයට වාර්තාකරන සේවකයින් තවමත් පොලිමෙ පොරකමින් සිටින අතර ඒ හේතුව නිසාම ඔහුන් රෝහලට ඇතුල් විමේදි නිශ්චිත දුරක් පවත්වා ගනිමින් තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනිමට අසමත් වි තිබේ.

සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදුන් ප්‍රවාහන පහසුකමදට කොරෝනා සෑදි ඇති බවට හොදම උදාහරණය වන්නේ කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයන්ට ලබාදි තිබු බස් රථ සදහා ටිකට් ලබාගනිමින් ගමන් කිරිමට සිදුවිමයි.ඒ සෑම රෝහලකම සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය තරමට ප්‍රවාහන පහසුමක් සපයන ලෙසත් ඒ සදහා වන සියලුම වියදම් අදාල රෝහල විසින් දැරිය යුතු බවට නිර්දේශයක් ලබාදි තිබියදියි.

කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරන IDH රෝහලේ හෙද,හෙදියන් සදහා ලබාදි තිබේන නේවාසික පහසුකම් අතිශය දුර්වල අතර ඉතා කුඩා ප්‍රමාණයේ කාමර අතර එක් කාමරයක හෙදියන් තිදෙනෙකු රැදි සිටිම මොනතරම් අනතුරුදායකද යන්න අමතුවෙන් කියා දියයුතු නැත.ඔහුට භාවිතා කිරිමට ඇත්තේ එක් වැසිකිලියක් විමද තත්ත්වය තවත් භයානක කර තිබේ.

මේ වනවිට කොරෝන මර්දණය සදහා ලෝකයේ දස දෙසින් මෙන්ම දේශීය ප්‍රජාවද ශ්‍රි ලංකා රජයට බිලියන ගණනින් මුදල් පරිත්‍යාග කර අවසන් කර තිබියදි අවම වශයෙන් සෞඛ්‍ය සේවාව සදහ සහන දිමට ආණ්ඩුව අසමත් වි ඇති අතර එම් අසමත්කම් සදහා පිළිතුරු සේවිමට හැකියාව ඇති පාර්ලිමේන්තුවද මේ වනතෙක්ම් වසා දමා තිබේ.එසේනම් කොරෝනා පැරදවිම් සදහා දිවිහිමියෙන් සටන් කරන සෞඛ්‍ය සේවාවේ හෙට දවස කුමක් සිදුවේද?

මේ සම්බන්ධයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රියගේ අත්සනින් සෞඛ්‍ය ලේකම්ට ඊයේ ලිපියක් යවමින් මේ බව දන්වා ඇත.

එහි මෙසේ දැක්වේ

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය හා ප්‍රතිකාර සේවා වලින් සියළු හෙදියන් ඉවත් වීමට සිදුවන බව දැනුම් දීමයි.

දිවයින පුරා සියළු සෞඛ්‍ය ආයතන වල සේවය කරන සියළුම හෙද නිලධාරීන් තම ජීවිත අවදානම නොසලකා මහත් පරිත්‍යාගශීලීව තම පවුල් වලට ඇති අවදානමද නොසලකමින් උපරිමයෙන් සේවාව ලබා දෙමින් කොවිඩ් -19 වසංගත රෝග තත්ත්වය මර්දනයට හා ප්‍රතිකාර ලබා දීමට ඉමහත් සේවයක් කරන බව ප්‍රකාශ කරමු. එසේ කැපවීමෙන් සේවය කළ ද ඔවුන්ට ලැබිය යුතු අවම පහසුකම්වත් ලබා නොදී සේවය අවතක්සේරුවට ලක් කර දීමනාද කප්පාදු කිරීම තුල හෙද සේවාව නොසලකා හැර ඔවුන්ගේ ජීවිත අනතුරට ලක් කර ඇති බව මනාව පැහැදිලිය.

එසේම පසුගිය අප්‍රේල් දෙවන දා ප්‍රජා සෞඛ්‍ය සේවා කණ්ඩායම් කීපයකට පමණක් දීමනා ලබා දීම සහ එම චක්‍රලේඛනයෙන් ප්‍රජා සෞඛ්‍ය සේවාව තුල කටයුතු කරන මහජන සෞඛ්‍ය හෙද සොයුරියන් හා මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් කපා හැරීම බරපතල වරදකි. එසේම රෝහල් වල සේවක කරන හෙද නිලධාරීන් ද මෙහි දී සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇත.

1 අප සංගමය මාර්තු 29 දින සෞඛ්‍ය ඇමැතිතුමිය සමග පැවැත්වූ සාකච්ඡාවේ දී ගත් තීරණ ක්‍රියාත්මක කළ යුතුය

2 හෙද නිලධාරීන්ට අවම ජීවිතාරක්ෂිත හා සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලබා දිය යුතුය.

3 ආයතන මගින් ලබා දෙන විශේෂ නිවාඩු රාජකාරී කළා සේ සලකා නිවාඩු අනුමත කළ යුතුය.

4 නවාැතැන් පහසුකම් හා ආහාර පාන සෞඛ්‍යාරක්ෂිතව ලබා දිය යුතුය.

5 අඛණ්ඩව මාසිකව ගෙවූ නමුත් දැන් කප්පාදු කළ දීමනා ලබා දිය යුතුය.

6 සති විවේක දින, රාජකාරි නිවාඩු දින සේවාවන් කප්පාදු නොකොට රාජකාරි සැකසිය යුතුය.

7 ක්ෂේත්‍ර රාජකාරි කරන සේවකයින් සඳහා ලබා දුන් පහසුකම් හෙද සේවාවට ඉතා කඩිනමින් ලබා දිය යුතුය.

ඉහත අතිශය සාධනීය අවශ්‍යතාවයන් ලබන අප්‍රේල් 05 පෙර ලබා නොදෙන්නේ නම් අප්‍රේල් 06 වෙනි සඳුදා සිට දිවයින පුරා රෝහල් හා සියළුම සෞඛ්‍ය ආයතන තුළ හෙද නිලධාරීන් සේවයෙන් ඉවත් වීමට අප සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ බව කාරුණිකව දැනුම් දෙමු.

Loading…


Published on: Apr 4, 2020- කොරෝනා වසංගතයට මුහුණ දිම සදහා පාර්ලිමේන්තුව වහාම කැදවිය යුතු බවට මතුවන සමාජ පණිවිඩය රාජපක්ෂලාගේ ජාතිවාදින් මේ වනවිට යටපත් කිරිමට උත්සහ දරමින් සිටි.ඒ සදහා අට අසමටත් විමල් වැනි ජාතිවාදීන් මෙන්ම නීතිය හැර අනිකුත් කුපාඩි වැඩ දන්නා ගොම්මන්පිල ඇතුලු රාජපක්ෂ හිතවාදි මඩ බලකායන් වැනි කණ්ඩායම් හරහා සමාජ ගත කිරිමටද කටයුතු කරමින් සිටි.

පාර්ලිමේන්තුව යලි කැදවිමට එරෙහිව වහල්ලුන් එක පෙලට රැස් කිරිමට රාජපක්ෂ ගෝත්‍රීක නායකයින් කටයුතු කරනුයේ වසංගතය අස්සේ ජනතා මුදල් කොල්ල කැමේ සිට අධිකරණමය බලය තමන්ට අවශ්‍ය අකාරයට භාවිතා කිරිම දක්වා වු  සියල්ල කර ගැනිමට බව ඉතා පැහැදිලිය.

නමුත් පාර්ලිමේන්තුවේ යලි කැදවිය යුත්තේ ඇයිද යන්න මේ වහලුන්ට තෙරෙන්නේ නැත.තෙරුම් ගැනිමට ඔනෑකම්ක්ද නැත.

මාස තුනක් ඉකුත් විමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විමට නොහැකි බැවින් පවතින ගැටලුකාරි තත්ත්වය විසදා ගැනිම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්විමක් ලබා ගැනිමට ජනාධිපතිවරයා කඩිනමින් යෝග්‍ය බව මැතිවරණ කොමිසම් සභාව ජනාධිපති ලේකම්වරයාට මාර්තු 2 වැනිදා දැනුම් දුන් නමුත් ජනාධිපතිවරයා මේ දක්වා එම ලිපියට සaජු ප්‍රතිචාර දක්වා නෑ.

අප්‍රියෙල් 30 වනදා දක්වා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම අනුව – රජයේ ආදායම, වියදම් සහ ණය ගැනීමේ සීමාව නියම කර ඇති අතර රාජ්‍ය මූල්‍ය ක්‍රියාත්මක විය යුතු වන්නේ එම නෛතික රාමුව තුළයි.(රාජ්‍ය මූල්‍ය කටයුතු පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල…. පහතින් බලන්න )

රජයේ මුදල් පාලන බලය පාර්ලිමේන්තුවට හිමි බව පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන්ට කියා දිමට සිදුවේ නම් එය අභාග්‍යසම්පන්න තත්ත්වයයකි.ඇත්ත ඔහුන් එය නොදැන සිටිම නොව 30 වැනිදායින් පසුව රටේ මුදල් නොමැති විමත් සමග රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණ මතින් දේශපාලන කිරිම ඔහුගේ උපාය වි ඇති නිසාය.

අනතුර දැක දැකම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විම සදහා නාමයෝජනා කැදවනු ලැබුවේ තනියම ගේමක් ගසා 2/3ක ගැනිමට තමන්ට පුලුවන් යැයි ගෝඨා වැනී ගෝත්‍රිකවාදින් කල්පනා කලනිසා වන අතර පලමු කතාවේන්ම හොට බිම ඇනගැනිම්නෙ පසුව උතුරේ සේබළුන් යුද්ධ කරද්දී දකුණට වි පොරටොක් දෙන තරම් ජනාධිපතිකම කිරිම පහසු නැති බව තෙරුම් ගත් බව නොරහසකි. ඒ නිසාම අද ගෝඨාගේ මයික්‍රපෝනය ශවේන්ද්‍රට බාර දි බකන්නිලාගෙන සිටි.

රාජපක්ෂලා සමග එක්ව බිලියන ගණනින් හොරා කෑ ඇතැම් අමන ඇමතිවරුන්  පාර්ලිමේන්තුව වසා දැමිම සදහා ජනතාව අතර මතයක් සෑදිමට උත්සහ කරනුයේ ඉතා බාල වර්ගයේ තර්ක මත පිහිටාය.මන්ත්‍රීවරුන්ගේ වැටුප,වරප්‍රසාද,විශ්‍රාමය වැනි එවන් ලාබ ප්‍රතිචාර වලට විපක්ෂයද වහාම පිලිතුරු දිය යුතුය.

වැටුප,වරප්‍රසාද,විශ්‍රාමය වැනි දෑ නොමැතිව සුළු කාලයකට ජනතාවට සේවය කිරිමට විපක්ෂයේ සිටින කිසිවෙකුත් අකමැති නොවනු ඇත.

නීත්‍යනුකූල නොමැති ගෝඨාගේ ඇඳිරි නීතිය

මෙම ඇඳිරි නීතිය දණ්ඩ නීති සංග‍්‍රහයේ 262 සහ 264 දක්වා වගන්ති යටතේ පනවා ඇති නමුත් මෙවැනි මොහොතක එම වගන්ති යටතේ ඇඳිරි නීතිය පැනවීමට නීත්‍යනුකූල අයිතියක් නොමැත. එම කාරණාව සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරිමට අපද කටයුතු නොකලේ  සාමාන්‍ය පුරවැසියන් ඇඳිරි නීතිය නොසලකමින් පාරට බැසීමේ අවදානමක් තිබු නිසා නමුත් ආණ්ඩුව එම තත්ත්වය අවභාවිත කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි වන ආකාරයට නීතිය අවභාවිත කරමින් සිටියදි ඇදිරිනීතිය නිත්‍යානුකූල නොවන බව අප ජනතාවගෙන් සැගවිම සදාචාරාත්මක නැත.

ජනාධිපතිවරයාට මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනත යටතේ හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කළ හැකි අතර ඒ යටතේ ඇඳිරි නීතිය පැනවිමේ හැකියාව ඔහුට ලැබේ. නැතහොත් මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනතේ 16 වැනි වගන්තිය යටතේ ගැසට් පත‍්‍රයක් ප‍්‍රකාශයට පත් කොට ඇඳිරි නීතිය පැනවීමේ හැකියාව ඇත.එවන් තත්ත්වයක් යටතේ කුමන ප‍්‍රදේශවලට ඇඳිරි නීතිය පනවනවාද, කුමන පුද්ගලයන්ට පිටට යෑමට හැකියාව ලැබෙනවාද වැනි කාරණා නීත්‍යනුකූලව සඳහන් කල යුතුය.නමුත් මේ දෙකම කිරිමට ගෝඨාභය සමත්ව නෑ.

GMOA යන්නේ මොන පාරෙද?

මේ කොරෝනා වසංගතයට මුවාවෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජපක්ෂවාදි කදවුරේ මිලිටරීකරණ යාන්ත්‍රනය මෙහෙයවිම සදහා මෙහෙයුම් දියත් කරමින් සිටින බව මේ වනවිට අනාවරණය වෙමින් තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.පසුගිය දින කිහිපය තුල GMOA සහ ජනාධිපතිවරයා,හමුදාපතිවරයා අතර පැවැති සාකච්ඡා කිහිපයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරුන් කිහිප දෙනෙකු සිය විරෝධය දැක්විම සමග මෙම අර්බුදය කරලීයට පැමින ඇති අතර ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ අනාවරණය බලාපොරොත්තු වන්න.

රාජ්‍ය මූල්‍ය කටයුතු පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල….

හැඳින්වීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසර්ජන පනත් කෙටුම්පත ලෙස හඳුන්වන ලේඛනයට යෙදෙන වඩා ජනප්‍රිය යෙදුම ‘අයවැය’ යන්නයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික දින දර්ශනයේ, වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීම සහ ඉන් අනතුරුව එළඹෙන විවාදය, ඕනෑම වර්ෂයකදී පාර්ලිමේන්තුවේ විවාද කරනු ලබන නීති සම්පාදනයන් හා යෝජනා සියල්ලටම වඩා නොවේනම් එවැනි කාර්යයන් බහුතරයට වඩා ප්‍රමුඛත්වය ගනී. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන වෙනත් ඕනෑම පනත් කෙටුම්පතක් සේම, අයවැය ද පළමුවන, දෙවන සහ තුන්වන වර කියවනු ලැබීමෙන් අනතුරුව එම කියවීම් වාර තුනේදීම සභා සම්මත වූ පසු නීතිය බවට පත්වේ.

වෙනත් ඕනෑම කෙටුම්පතක් වෙනුවෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගයම අනුගමනය කරනු ලැබුවත් අයවැය යනු සාමාන්‍ය මුදල් කෙටුම්පතක් නොවේ. රජයේ ආර්ථික ප්‍රතිපත්තියත්, පසුගිය වසර වලදී එහි ක්‍රියාකාරිත්වයත්, රජය අනුගමනය කිරීමට යෝජනා කරන නව ක්‍රියාමාර්ගත්, රටටත්, සත්‍යව‍ශයෙන්ම ලෝකයටත්, ප්‍රකාශ කර සිටීමට මුදල් අමාත්‍යවරයා මෙම අවස්ථාව යොදා ගැනීම සම්ප්‍රදායක් වී ඇත. එම නිසා, බදු ගෙවන සියල්ලන්ටද, වානිජ ව්‍යාපාරවලටද, ආ‍යෝජකයන්ට සහ රජයේ සුබසාධන මත යැපෙන පුද්ගලයින්ටද එය වැදගත් වේ.

රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තුව සතු බලතලවල පදනම වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‍ජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii වැනි පරිච්ඡේදයයි.

148 වැනි ව්‍යවස්ථාව

කිසියම් පොදු අධිකාරයක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් කිසියම් බද්දක් වරිපනමක් හෝ වෙනත් කිසියම් බදු විශේෂයක් පැනවීමට අදහස් කරන්නේ නම්, එය කළහැකි වන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීතියක අධිකාරය යටතේ පමණක් බවද, රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු බවද මේ ව්‍යවස්ථාව සඳහන් කරයි.

149 වැනි ව්‍යවස්ථාව

නියමිත කාර්යයක් සඳහා‍ නීතියෙන් වෙන් කරනු නොලැබූවාවූද, ජනරජය සතු වූද සියලුම අරමුදල් ඒකාබද්ධ අරමුදලට බැරවේ. අයබදු, තීරුබදු, වරිපනම් හා රජයට ගෙවනු ලබන අනෙකුත් සියලුම ආදායම් හා ලැබීම් නියමිත කාර්යයක් සඳහා දැනටමත් වෙන් කරනු ලැබ නැත්නම්, ඒ සියල්ල ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුතුවේ. ඒකාබද්ධ අරමුදලෙන් අරමුදල් ලබාගන්නේ කවර කාර්යයන් සඳහාද යන්න පාර්ලිමේන්තුව තීරණය කරයි. එයට සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ රාජ්‍ය ණය සඳහා පොළී ගෙවීම්, ණය අරමුදලේ ගෙවීම් සහ ඒකාබද්ධ අරමුදලට අදාල වියදම්ය.

150 වැනි ව්‍යවස්ථාව

කිසියම් විශේෂිත රාජ්‍ය සේවයකට කිසියම් මූල්‍ය වර්ෂයක් තුළ වියදම් කිරීම සඳහා විශේෂිත මුදල් ප්‍රමාණයක් ලබා දෙමින් පාර්ලිමේන්තුව යෝජනාවක් හෝ නීතියක් සම්මත කළ විට, රජයට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගත හැකිය.

පාර්ලිමේන්තුව බලය ලබාදුන් පසු අවශ්‍ය විශේෂිත මුදල් ප්‍රමාණය ආපසු ලබා ගැනීමට හැකි වන්නේ මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අත්සන යටතේ වූ බලපත්‍රයක් නිකුත් කරනු ලැබීමෙන් පසුව පමණි.

මෙම සාමාන්‍ය ක්‍රමයට ව්‍යතිරේක දෙකක් 150 ව්‍යවස්ථාවේ (3) සහ (4) ඡේදවල දැක්වේ.

අයවැය මගින් අරමුදල් විසර්ජනය කර නොමැතිව තිබියදී, පාර්ලිමේන්තුව විසුරැවා හරින ලද තත්ත්වයකදී මෙය අදාළ වේ. එවිට, නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 03 ක කාලයක් සඳහා මහජන සේවා පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් සඳහා බලය ලබාදීමට ජනාධිපතිවරයාට බලය ලැබේ.

පාර්ලිමේන්තුව විසින් එම කාර්යය සඳහා මුදල් අනුමතකර නොමැතිව තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන්නේ නම්, එවිට මැතිවරණ කොමසාරිස්වරයා විමසා, රජයේ ඒකාබද්ධ අරමුදලින් මුදල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් බලය පවරනු ලැබිය හැකිය.

151 වැනි ව්‍යවස්ථාව

හදිසි සහ පුරෝකථනය කළ නොහැකි වියදම් වෙනුවෙන් අවිනිශ්චිත ගිණුමක් පවත්වා ගැනීමට පාර්ලිමේන්තුවට නීතියෙන් ඉඩකඩ ලැබේ. හදිසි අවස්ථාවට මුහුණදීම සඳහා ප්‍රමාණවත් මුදලක් දැනටමත් විසර්ජනය කර නොමැති බව මුදල් ඇමතිවරයාට හැඟීගියහොත්, එවිට ප්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන මෙම අරමුදලෙන් යම් අත්තිකාරම් මුදලක් ගෙවීමට බලය පැවරිය හැකිය. ඒ සමගම හැකි ඉක්මනින් එලෙස අත්තිකාරම් ගෙවූ මුදල ප්‍රතිපූර්ණය කිරීමෙහිලා පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත්කර ඊට අනුමැතිය ලබාගත යුතුවේ.

සංචිත

පොදු වෙන්කිරීමකින් හෝ විශේෂ වෙන්කිරීමේ අරමුදලකින් විභජනය නොකළ මුදලක් පාර්ලිමේන්තුවේ රඳවා තබාගැනීමට 1944 අංක 16 දරන මූල්‍ය සංචිත පනතින් විධිවිධාන සලස්වා තිබේ. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් එවැනි අරමුදල්, රජයේ ඒකාබද්ධ අරමුදලට මාරු කළ හැකිය.

154 “ජ” ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනය මගින් පළාත් සභා පිහිටුවනු ලැබීමෙන් පසු මූල්‍ය කොමිසමේ නිර්දේශ අනුව යමින් එකිනෙක පළාත්වලට පාර්ලිමේන්තුව සිය වාර්ෂික අය-වැයෙන් මුදල් වෙන්කරන ලදී. මහ බැංකුවේ අධිපති, ප්‍රධාන ජන කොට්ඨාස තුනේ නියෝජිතයින් මෙන්ම මූල්‍ය, පරිපාලන, ව්‍යාපාර හෝ අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ වෘත්තීය නිපුණතා ඇති තිදෙනෙකුගෙන් මෙම කොමිසම සමන්විත වියයුතු බව 154 “ජ” වගන්තියේ පැහැදිලිව දක්වා ඇත.

පළාත් පරිපාලනයේ සහ මහා භාණ්ඩාගාරයේ ප්‍රමුඛ නිලධාරින් සමග එක්ව මූල්‍ය කොමිසම පළාත්වල අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා කරයි. එහි නිර්දේශ වලට පදනම සකසන මාර්ගෝපදේශ මූලධර්ම එමගින් සකසනු ලබන අතර, ජනගහනය, ඒක පුද්ගල ආදායම, විෂමතා පිටුදැකීම සහ ඒක පුද්ගල ආදායමේ අඩුවීම යනාදී කරුණුද එහිදී විශේෂයෙන් අවධානයට යොමුකළ යුතු යැයි 154 “ජ” (5) ව්‍යවස්ථාවේ සඳහන් වේ.

කොමිසමේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදරිපත් කරනු ලබන අතර ජනාධිපතිවරයා ඒවා පාර්ලිමේන්තුවට දැනුම් දේ. මෙකී නිර්දේශ සැලකිල්ලට ගන්නා රජය “කොමිසම සමඟ සාකච්ඡා කර බලා, පළාත් වල අවශ්‍යතා ඉටුකිරීමට ප්‍රමාණවත් වන පරිදි වාර්ෂික අය-වැයෙන් එම මුදල් විසර්ජනය කරයි”.

විසර්ජන පනත් කෙටුම්පත

අය-වැය සැකසීමේ මූලික පියවර පහත දැක්වෙන පරිදි සාරාංශ ගතකළ හැකිය:

පවත්නා වර්ෂයේ මුල් කාර්තුවේදී මුදල් අමාත්‍යාංශය අයවැය චක්‍රලේඛය නිකුත් කරයි. තමා යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තු හා ආයතනවල සහාය ඇතිව අමාත්‍යාංශ ආදායම් හා වියදම් ඇස්තමේන්තු සකස් කරයි.

මුදල් කොමිෂන් සභාව සිය ව්‍යවස්ථානුකූල බලය ප්‍රකාර පළාත් සභාවන්ට ප්‍රතිපාදන නිර්දේශ කොට ඒවා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරයි. මේවා භාණ්ඩාගාරය විසින් සැලකිල්ලට භාජනය කරනු ලැබේ.

රජයේ ප්‍රතිපත්ති හා ප්‍රමුඛතාවන්ට අනුකූල වන පරිදි ඇස්තමේන්තු සකස් කිරීම පිණිස මුදල් අමාත්‍යාංශය, අනෙකුත් අමාත්‍යාංශ සමග සාකච්ඡා පවත්වයි. ඉන්පසු ඒවා අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යයනය හා අනුමැතිය සඳහා යොමු කරනු ලැබේ. අවසන් ඇස්තමේන්තුව රජයේ අයවැයේ අතිරික්තය හෝ හිඟය පෙන්නුම් කරයි. පසුගිය දශක කිහිපය මුළුල්ලේම සෑම රජයක්ම ඉදිරිපත් කර ඇත්තේ හිඟ අය‍වැය ය. මෙම ඇස්තමේන්තු විසර්ජන පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුවට ඉදරිපත්කරනු ලබන අතර, මෙය ඇත්ත වශයෙන්ම මුදල් අමාත්‍යවරයා සිදුකරන අය වැය පළමු වර කියැවීම වේ.

සාමාන්‍ය ක්‍රමය වනුයේ මුදල් අමාත්‍යවරයා පවත්නා වර්ෂයේ ‍ඔක්තෝබර් මුලදී විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු‍වට ඉදිරිපත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් ඉක්බිතිව ඊළඟ වර්ෂයේ ජනවාර් 01 වනදා සිට එය ක්‍රියාත්මක වීමයි. මෙම ක්‍රමයෙන් බැහැරවන අවස්ථා ලෙස දැක්විය හැක්කේ මහා මැතිවරණයක් කැඳවා නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කොට නොගත් අවස්ථාවක් හෝ නව රජයක් දිවුරුම් දුන් වහාම, එයට නියමාකාරයේ අයවැයක් ඉදිරිපත් කිරීමට කාලය නොමැති අවස්ථාවක්ය.

පාර්ලිමේන්තුව එවැනි අවස්ථාවකට මුහුණදීමේදී අතුරු සම්මත ගිණුමක් සම්මත කරවා ගැනීමට යොමුවෙයි. මෙම ක්‍රියා පටිපාටිය පාර්ලිමේන්තු සම්ප්‍රදායක් වන අතර ඒ පිළිබඳ ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර ‍නියෝගයන්හි සඳහන් නොවේ. පාර්ලිමේන්තුව දැනටමත් කෙරෙමින් පවතින ව්‍යාපෘති හැර, නව ව්‍යාපෘති සඳහා‍ අරමුදල් සම්මත නොකරයි. දෙපාර්තමේන්තු හෝ පොදු ආයතන සඳහා අරමුදල් වෙන් කෙරෙනුයේ ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රමාණයට පමණි.

ඕනෑම වර්ෂයක් සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතක ආරම්භක ඡේදයේදී, පනතේ ප්‍රධාන අරමුණ පහත දැක්වෙන අයුරින් ප්‍රකාශ කරනු ලැබේ:

“මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහාද, ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද, එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද, ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ පනතකි.”

එළඹෙන මුදල් වර්ෂයට අදාළව සිය වැඩ සටහන් සඳහා ආදායම් උපයාගැනීමේ රජයේ යෝජනා විස්තරාත්මකව ඉදිරිපත් කරන අයවැය කථාවෙන් විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම ආරම්භ වේ.

විසර්ජන පනත් කෙටුම්පතට විශේෂිත තත්ත්වයක් තිබුණ ද පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම සාමාන්‍ය පනත් කෙටුම්පතක් සඳහා අනුගමනය කරන ක්‍රියා පිළිවෙලම ඒ සඳහා ද අනුගමනය කරනු ලැබේ. එබැවින්, පළමුවර කියවීමෙන් පසුව පුරවැසියෙකුට 121 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එම ප්‍රතිපාදනවල ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළ හැකිය.

ස්ථාවර නියෝග මගින් සම්පූර්ණ අයවැය ක්‍රියාවලිය සඳහා දින 26 කට නොවැඩි කාලයක් නියම කර ඇති අතර එයින් දින 7 කට නො‍වැඩි කාලයක් දෙවන වර කියවීම සඳහා ද දින 22 කට නොවැඩි කාලයක් තුන්වන වර කියවීම හෝ කාරක සභා අවස්ථාව සඳහා ද වෙන් කර තිබේ.

අයවැය දිනය වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන, එසේ නැත්නම් විසර්ජන පනත්‍ කෙටුම්පත දෙවන වර කියවන දිනයේදී සමාජයේ සියලුම අංශ අයවැය යෝජනා ප්‍රකාශයට පත් කරන තෙක් බලා සිටිති. මුදල් අමාත්‍යවරයා, රිබන් පටියකින් ගැටගැසූ තම බ්‍රීෆ් කේසය සභා ගර්භයට රැගෙන එයි. අයවැය යෝජනාවල රහස්‍ය බව එමගින් සංකේතවත් වේ. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙම යෝජනාවන්හි ඇති කරුණු අන් අයට දැනගැනීමට ලැබුණහොත් අමාත්‍යවරයා ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය වේ.

අයවැය කථාවේ පළමු කොටසේදී ඔහු රටේ මූල්‍ය තත්ත්වය හා ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරයි. දෙවන කොටසෙහි අඩංගු වන්නේ ආදායම් සහ වියදම් යෝජනා, බදු අයකරන ආකාරය පිළිබඳ විස්තර හා වියදමෙහි ප්‍රමාණය, පොළී අනුපාත, ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින සහනාධාර හා සහන ආදිය වේ. රජයේ පිස්කල් හා මූල්‍ය ප්‍රතිපත්තිය, විදේශ ආධාර හා විදේශ ආයෝජන, රැකියා නියුක්තිය හා සමාජ ශුභ සාධනය පිළිබඳ තත්ත්වය එමගින් පොදුවේ සඳහන් කරනු ලැබේ.

අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරනු ලබන්නේ වසර කිහිපයක් තිස්සේ අනුගමනය කරනු ලබන ආකෘතියක් අනුවයි. පළවැනි හා දෙවැනි වශයෙන් එහි කොටස් දෙකකි. පළමුවන කොටසේ අඩංගු වන්නේ විවිධ අමාත්‍යාංශ හා ඒ යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තුවල පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් ප්‍රකාශයන්ය. ඒවා වැය ශීර්ෂ යට‍තේ සංවිධානය කර ඇති අතර වැඩසටහන් හා ව්‍යාපෘති වශයෙන් තව දුරටත් වෙන් කොට ඇත.

දෙවන කොටසෙහි සඳහන් වන්නේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල අත්තිකාරම් ගිණුම් ක්‍රියාකාරකම් වන අතර ලැබීමේ අවම සීමාව හා වියදම් කිරීමේ උපරිම සීමාව එහිදී විශේෂිතව සඳහන් වේ. මෙම සීමාවන් සඳහා වූ ඕනෑම වෙනස්කමක් කළ යුතු වන්නේ මුදල් අමාත්‍යවරයා මෙම සීමාවන් සඳහා සංශෝධිත ඇස්තමේන්තු ඉදිරිපත් කළ පසු පාර්ලිමේන්තුව විසිනි.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු විවාදය සඳහා උපරිම වශයෙන් දින 7 ක් වෙන් වේ. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ විට ආණ්ඩුවට හා විපක්ෂයට කථා කිරීම සඳහා වේලාව වෙන් කර දෙනු ලැබේ. අදාළ ප්‍රධාන සංවිධායකවරු කොටස්කාර පාර්ශ්වයන්ට හා මෙම විවාදයට සම්බන්ධ වීමට කැමති ඔවුන්ගේ සාමාජිකයන්ට කාලය වෙන් කර දෙති. වෙන්කරන ලද දින 7 ක කාලය අවසානයේදී විසර්ජන පනත් කෙටුම්පත ඡන්දය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. ‍ පාර්ලිමේන්තුව පනත් කෙටුම්පත සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එය පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට යොමු කරනු ලැබේ. මෙය විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාව හෝ තෙවන වර කියවීම ලෙස හඳුන්වනු ලැබේ.

තම අමාත්‍යාංශ යටතේ ඇති ඒ ඒ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාකාරකම් හි ප්‍රගති වාර්තා සියලුම මන්ත්‍රීවරුන් අතර බෙදාහැරීම සියලුම අමාත්‍යාංශවල සාමාන්‍ය සිරිත වේ.

අයවැය / විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ විවාදය උපරිම වශයෙන් දින 22 ක් වන කාලයක් පුරා පැවැත්වේ. ස්ථාවර නියෝග 75(5) මෙසේ පනවයි: “මෙම නියෝගයෙහි (1) වන ඡේදයෙහි සලසා ඇති අන්දමට හැර විසි දෙකකට වැඩි නොවන දින ගණනක් විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවධිය පැවැත්වීමට වෙන් කරනු ලැබිය යුතු වන අතර එම දිනවලින් අන්තිම දිනයෙහි අ.භා 06.00 ට, පනත් කෙටුම්පත ඊට පෙර වාර්තා නොකරන ලද්දේ නම්, එවිට සාකච්ඡා වෙමින් පැවති කවර සං‍ශෝධනයක් හෝ පිළිබඳ ප්‍රශ්නයද, ඊට පසු එම ශීර්ෂය යටතේ ඇති ආණ්ඩුවේ සංශෝධන පිළිවෙලින් ගෙන ඒ පිළිබඳ ප්‍රශ්නද ඉන් පසු එම ශීර්ෂය පිළිබඳ වැඩ කටයුතු අවසන් කිරීමට අවශ්‍ය ප්‍රශ්නයද සභාපතිතුමා විසින් විමසනු ලැබිය යුතු අතර ඉන් අනතුරුව එක් එක් අමාත්‍යාංශයේ ශීර්ෂය සම්බන්ධයෙන් වන ප්‍රශ්නයද විමසිය යුතුය.”

එක් එක් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සඳහා සභාව විසින් වෙන් කරනු ලැබිය යුතු කාලය කොපමණද යන්න විපක්ෂය තීරණය කරයි. ඉන් පසුව විපක්ෂයට කථා කිරීම සඳහා වැඩි කාලයක් ද සහිතව රජය සහ විපක්ෂය අතර කාලය වෙන් කර දෙනු ලැබේ.

එක් එක් ශීර්ෂය පිළිබඳ සාකච්ඡාව අවසානයේදී, සභාවේ අනුමැතිය සඳහා ප්‍රශ්නය ඉදිරිපත් කරනු ලැබේ. විපක්ෂය එක් එක් ශීර්ෂය පිළිබඳව බෙදීමක් ඉල්ලා ‍නොසිටින හා සියලු ශීර්ෂ පිළිබඳ විවාදය අවසානයේදී පමණක් ඡන්දය විමසනු ලබන සම්ප්‍රදායක් ඇති වී තිබේ.

බොහෝ විට, මන්ත්‍රීවරුන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන කාල සීමාව තුළදී කථා කිරීම සඳහා මන්ත්‍රීවරුන් වැඩි සංඛ්‍යාවක් සූදානම්ව සිටින අවස්ථා එළඹේ. එම නිසා එක් එක් පක්ෂයට යම් නියමිත කාල වේලාවක් බැගින් වෙන් කර දෙනු ලැබේ. විවාදය මෙම අවධියේදී ‍මන්ත්‍රීවරයකුට එක් වතාවකට වැඩියෙන් කථා කිරීම සඳහා ස්ථාවර නියෝගවලින් අවසර ලැබේ.

පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකදී සියලුම අමාත්‍යාංශ වැය ශීර්ෂ සම්මත කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුව යළි රැස්වේ. මෙම අවස්ථාවෙහිදී, සංශෝධන සහිතව හෝ රහිතව අදාළ වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව විසින් සම්මත කරනු ලැබී යයි කථානායකවරයා නිවේදනය කරයි.

ජනවාරි 01 වන දිනෙන් ආරම්භ වන ඊලඟ ලිත් වර්ෂය තුළ පොදු සේවාවන් සඳහා ප්‍රතිපාදනය කරන ලද මුදල් වැය කිරීමට මෙමගින් රජයට බලය ලැබේ.

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්‍‍ෂේප කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) ව්‍යවස්ථාව ප්‍රකාර අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.

Published on: Apr 3, 2020 – මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත්වී ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් බිලියන 07 කට අධික මුදලක් හොරා කෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි උදයංග වීරතුංග පෞද්ගලික ඇපයක් මත අද මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබේ.

ඔහු නිදහස් කිරිමට කටයුතු කර ඇත්තේ ඇප කොන්දේසි සම්පූර්ණ නොකර වන අතර ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට ලබන 24 වැනිදා දක්වා කල් ලබාදීමටද කටයුතු කර තිබේ.

රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප මත අමතරව රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම කල අතර උදයංග වීරතුංග අද අධිකරණය හමුවෙද පෙනී නොසිටි අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

කුප්‍රකට මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ලෙස වත්මන් ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ සහ එවකට රුසියානු තානාපති ලෙස ගනුදෙනුවේ අතරමැදි කාර්යභාරයක් ඉටුකළ උදයංග වීරතුංගටද සාක්ෂී සහිතව චෝදනා එල්ල වු අතර තොරතුරු අනාවරණය කල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙකු වන ලසන්ත වික්‍රමතුංග මහතාද ඝාතනයට ලක්වු අතර එම පරික්ෂණද මේ වනවිට යටපත් වි තිබේ.

බන්ධනාගාරවල තදබදය නිසා ඇප ලබාදීමට කෙරුනු ඉල්ලීම යටතේ ‘මිග්’ යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සැක පිට බන්ධනාගාරගත කර සිටි උදයංග වීරතුංගද ඇප ලබාදුන්නේ කෙසේද?

කොරෝනා වසංගත තත්ත්වය සළකා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින්නැයි ඉල්ලා ඉදිරිපත් කළ ඇප අයැදුම්පත් සියයට 90 කට ආසන්න ප්‍රමාණයක් ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් ප්‍රතික්ෂේප කර තිබියදි ඇප කොන්දේසි සම්පූර්ණ නොකරම උදයංග ඇප ලබා ගැනිමයි.

කොරෝනා වසංගතය නිසා අධිකරණ කටයුතු අත්හිටුවාඇති තත්වයකදී බන්ධනාගාරවල අධික ලෙස සැකකරුවන් හා සුලු වැරදිවලට සිරගත කළවුන් සිටීම නිසා ඔවුන්ටද සෞඛ්‍ය ආපදා ඇති වියහැකි බැවින් නීතිඥ සංගම් හා සිවල් සංවිධාන විසින් ඉල්ලා සිටියේ අධිකරණ කටයුතුවලදී සැකකරුවන්ව ඇප දිය හැකි මට්ටමේ සිටිනවුන්ට අධිකරණ විධිවිධාන යටතේ ඇප ලබාදීමේ ක්‍රමවේදයක් සක්සකරන ලෙසය. ඒ අනුව ඇප අයැදුම්පත් 121 ක් කොළඹ මහාධිකරණ 5 කදි සලකා බැලු අතර එයින් සියයට අනුවකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකේෂ්ප වුනා.

කොරෝනා වසංගතයට මුවාවී ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් ඇතුළු දරුණු ගණයේ අපරාධකරුවන් ඇප ලබා ගැනීමට සැලසුම්සහගතව කුමන්ත්‍රණයක් දියත්කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන් අතර ඔහු කියා සිටියේ මෙම කුමන්ත්‍රණය පැරදවීමට නීතිපතිවරයාට උපරිම සහාය ලබාදීම අධිකරණයේ ප්‍රධාන වගකීම බවයි.

මෙතෙක් කිසිදු රෝගියෙකු වාර්තා වී නැති බන්ධනාගාරය, හොඳම නිරෝධායන මධ්‍යස්ථානය බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේය.

නමුත් මෙම ක්‍රමය යටතේ මිග් යානා ගනුදෙනුව වැනි රුපියල් කෝටි ගණනක් වංචා කිරීමේ සිදුවීමක සැකකරුවකු මෙසේ ඇප ලැබී පිටව යාම සම්බන්ධයෙන් නීතිඥවරු සදහන් කළේ උදයංග වීරතුංග ‘කොරෝනා ඇප’ ලැබූන බවයි.

අමෙරිකානු ඩොලර් බිලියන 07 කට අධික ජනතා මුදලක් හොරකම් කිරිම වැනි සාපරාධි අපරාධයක් සිදුකල උදයංග දරුණු ගණයේ අපරාධකරුවෙකු නොවේද?

http://lankanewsnetwork.org/archives/23268

Loading…


Published on: Apr 3, 2020 –කොරෝනා වසංගතය අස්සේ සිය ජාතිවාදී කුමන්ත්‍රණය දියත් කරමින් සිටින රාජපක්ෂ කදවුර එය මේ වනවිට මාධ්‍ය ආයතන තුලටද රැගෙන ගොස් තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව ස්වාධීන රූපවාහිනි ආයතනයේ (ITN) හී ප්‍රවෘත්ති අංශයේ සේවය කරන මුස්ලිම් ජාතික මාධ්‍යවේදීන්ට ආයතනයට පැමිණීම තහනම් කිරිමට ප්‍රවෘත්ති නියෝජ්‍ය සමාන්‍යධිකාරි රාජපක්ෂලාගේ අම්බ ජාතිවාදියෙකු වන සුදර්මන් රදළියගොඩ කටයුතු කර තිබේ.

ඊයේ (02) සිය කාර්යාලයට මුස්ලිම් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු කැදවා ඇති සුදර්මන් මුලිම් ජාතිකයන් හරහා කොරෝනා ව්‍යාප්ත විම සිඝ්‍ර ලෙස සිදුවන බැවින් වහාම මුස්ලිම් ජාතිකයන් සදහා නිවාධු ලබාදිමට කටයුතු කර තිබේන බව දැනුම් දි තිබේ.වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව ගිය පසුව යලි සේවයට කැදවිමට කටයුතු කරන බවයි ඔහු එහිදි දැනුම් දි ඇත්තේ.

වසන්තම් නාලිකා පවත්වාගෙන යැමට නොහැකිනම් එවා වසාදැමිමට කටයුතු කරන බවයි එහිදි සුදර්මන් පවසා ඇත්තේ.

ස්වාධීන රූපවාහිනියේ වසන්තම් TV සහ වසන්තම් FM හී සේවය කරන මාධ්‍යවේදීන්ගෙන් වැඩිම පිරිසක් මුස්ලිම් දමිළ අය වේ.

මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ ITN සුරැකිමේ නැමති වෘත්තීය සමතිය නියෝජනය කරමින් නායකත්වය දුන් කිහිප දෙනෙකුගෙන් අප දේශපාලන වාර්තාකරු කල විමසිමේදි පිළිතුරු දිම ප්‍රතිකේෂ්ප කර ඇති අතර පහුගිය කාලේ කල අරගලවලට මුස්ලිම් කණ්ඩායම් සහය නොදැක්විම හේතුවෙන් ඔහුන් වෙනුවෙන් පෙනී සිටිමට නොහැකි බවද සදහන් කර තිබේ.

මාධ්‍ය නාලිකා වල සේවකයින් ලෙස හෝ සම්පත්දායකයින් ලෙස පමණක් නොව කිසිම තැනැත්තේකුට ජාතිය,ආගම,භාෂාව,කුලය,ලිංගිකත්වය හෝ දේශපාලන වැනි මතයන් මත පදනම්ව හෝ උපන් ස්ථානය මත පදනම්ව වෙනස් කමකට භාජනය කිරිමට හැකියාවක් නොමැති අතර වෙනස් කොට තැකිම පමණක් නොව ඒ සදහා පෙළඹවීම පවා ඇප ලබාගත නොහැකි වරදක් වුවද රාජපක්ෂලාගේ ජාතිවාදී කදවුරු වලට නීතිය අදාළ නොවන බැවින් යුක්තිය බලාපොරොත්තු විය හැකිද?

Published on: Apr 2, 2020- මාර්තු 2 වැනිදා (අද) මාස තුනක් ඉකුත් විමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විමට නොහැකි බැවින් පවතින ගැටලුකාරි තත්ත්වය විසදා ගැනිම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්විමක් ලබා ගැනිමට ජනාධිපතිවරයා කඩිනමින් යෝග්‍ය බව මැතිවරණ කොමිසම් සභාව ජනාධිපති ලේකම්වරයාට දැනුම් දි තිබේ.


Loading…


Published on: Apr 2, 2020 – කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් ගෝඨභය හිතවාදී පෞද්ගලික මාධ්‍ය මුස්ලිම් විරෝධී උමතුවක් අවුස්සන්නේ කෙසේද යන්න පෙන්නුම් කරන පැහැදිලි සාක්ෂියක්, මේවනවිට සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝවක් මගින් අනාවරණය වී ඇතැයි හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

‘ට්විටර්’ පණිවිඩයක් නිකුත් කරමින් හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ

” අපායෙන් එන රුපවාහිනී නාලිකාවේ තවත් ‘අයිඩියා’ එකකි. ඔබට සිංහල තේරුම් ගත නොහැකි නම් කරුණාකර මෙය නරඹා එය පරිවර්තනය කරන්න. දැඩි කම්පනයක් ගෙන දෙයි! ”ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියි.

Disgusting, reprehensible and immoral! Clear proof how the pro GR private media is provoking anti Muslim hysteria in the guise of fighting C19 virus. Yet another ‘idea’ from hell’s TV. Please watch the clip and get it translated if you can’t understand Sinhala. Shocking! pic.twitter.com/vlLKtY9s0E

— Mangala Samaraweera (@MangalaLK) April 1, 2020

“අද දෙරණ” රූපවාහිනී නාලිකාවෙහි දේශපාලන සංවාදයක් අතරතුර එම සංවාදය මෙහෙයවූ නිවේදක චතුර අල්විස් නැමති ජාතිවාදී මාධ්‍යවේදීයා විසින් මුස්ලිම් ජනතාවට අවමානයට ලක්කරමින් සිදුකළ නින්දා සහගත ප්‍රකාශ මේ වනවිට සමාජ ජාලා තුල පැතිර යමින් තිබේන අතර

ජාතිවාදී අදහස් ප්‍රකාශ කිරීම සඳහා ‘පොහොට්ටු’ පක්ෂයේ හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අවස්ථාව ලබාදීම වෙනුවෙන් තමන්ට වෙනම ගෙවීමක් ලැබිය යුතු බව එම සංවාදය මෙහෙයවන නිවේදක චතුර අල්විස් ප්‍රසිද්ධියේම කියා සිටින අයුරුද දක්නට තිබේ.

කෙසේවෙතත් ජාතිවාදී රාජපක්ෂලාගේ කදවුරේ ඉදිරියෙන් සිටිමේ ඔනෑකම මත මෙම විඩියෝව සමාජ ගතකර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.රාජපක්ෂලාගේ ජාතිවාදි කදවුරේ ඉදිරියෙන් සිටිමට හිරූ සහ දෙරණ අනවරථ මෙහෙයුමක මේ වනවිට යෙදි සිටි.කදවුරු දෙකේ ගැටුම සුදේව සහ චතුර හරහා මේ වනවිට සමාජය ඉදිරියට පැමිනේමින් තිබේන අතර එය ජනතාව විසින් මේ වනවිට හදුනාගෙන තිබේ.

හිරූ නාලිකාවේ සුදේවගේ අමුතුම වැඩ..

හිරූ නාලිකාවේ සේවය කරන මාධ්‍යවේදිනියන් භාවිතා කර  තමන්ගේ අසික්කිත ලිංගීක අශාවන් ඉටුකිරිමට සුදේව ගන්නා උත්සහයට විරුද්ධ වු හිරූ මාධ්‍ය වේදියෙකුට කුණුහරුපයෙන් බැන වැදි පෙරේදා රැකියාවෙන් ඉවත් කිරිමටද සුදේව කටයුතු කර තිබේ.ඊට අදාළ හඩපට පවා අපහට මේ වනවිට ලැබී තිබේ. (සියලු තොරතුරු පසුව බලාපොරොත්තු වන්න)

වහාම නීතිය ක්‍රියාත්මක කරනු!

මේ අතර වසංගත තත්ත්වය හමුවේ සිවිල් කටයුතු පවා අඩපණ වි තිබේන අවස්ථාවක මහජන් පොදු දෙපළක් වන සංඛ්‍යාත අවභාවිත කරමින් හිරූ සහ දෙරණ නාලිකා රටේ ජාතිවාදී ගැටුමක් ඇතිකිරිමට ගන්නා උත්සහය නතර කිරිමට සහ ඔහු කල වැරදි ප්‍රචාරයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන ලෙස ඉල්ලා පුරවැසියෙකු විසින් රජයේ වගකිවයුතු ආයතන වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,වැඩ බලන පොලිස්පති,විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමුකර තිබේ.

මාධ්‍ය නාලිකා වල සේවකයින් ලෙස හෝ සම්පත්දායකයින් ලෙස පමණක් නොව කිසිම තැනැත්තේකුට ජාතිය,ආගම,භාෂාව,කුලය,ලිංගිකත්වය හෝ දේශපාලන වැනි මතයන් මත පදනම්ව හෝ උපන් ස්ථානය මත පදනම්ව වෙනස් කමකට භාජනය කිරිමට හැකියාවක් නොමැති අතර වෙනස් කොට තැකිම පමණක් නොව ඒ සදහා පෙළඹවීම පවා ඇප ලබාගත නොහැකි වරදකි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කඩිනමින් පරික්ෂණයක් පවත්වා වාර්ගීක ජන කොටසක් හෝ කොටස් කිහිපයක් සaජුව ඉලක්ක කරමින් සිදුකරනු ලබන වෛරය මුදා හැරීම හා එකී ක්‍රියාවලිය සදහා මහජන සංඛ්‍යාත භාවිතා කිරිම සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්න ලෙස රජයේ වගකිවයුතු ආයත වෙත ඉල්ලිම කර තිබේ.

එම ඉල්ලිම් පහත දැක්වේ…..

http://lankanewsnetwork.org/archives/24064

Loading…


Published on: Apr 1, 2020- COVID-19 හෙවත් කොරෝනා වයිරසය ස්වාභාවිකවම විකෘතියක් තුළින් මතුවී නැති බවත් එය එක්සත් ජනපදයේ ජෛව රසායනාගාරයක නිපදවා ඇති බව කාබනික රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන පාකිස්තාන විද්‍යාඥයෙකු වන මහාචාර්ය ආචාර්ය අට්ටා-උර්-රහ්මාන්. (Professor Dr. Atta-ur-Rahman, who has a Ph.D and Sc.D ) අනාවරණය කරනවා.පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විද්‍යා හා තාක්ෂණ පිළිබඳ ජාතික කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වනනේද රහ්මාන් මහතායි.

කේම්බ්‍රිජ් හි කිංග්ස් කොලේජ් හි කාබනික රසායන විද්‍යාව පිළිබඳ ඉරිදා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යා මේ බව කියා සිටියේ ජිවිත 35,000 ක් පමණ මිය ගොස් ලොව පුරා 737,000 කට වඩා ආසාදනය වී ඇති අවස්ථාවකයි.

එක්සත් ජනපදය රසායනාගාරයක ජෛව ආයුධයක් මත වැඩ කළ බවට සාක්ෂි තිබේන බවත් කාන්දුවීමක් හේතුවෙන් රසායනාගාරය වසා දැමු බවත් එය මිලිටරි රසායනාගාරයක් බවද ඔහු අනාවරණය කළා.පවතින වෛරසයක් කෘතිමව වෙනස් කර ජෛව අවියක් බවට වර්ධනය කර ගත හැකි බව තෙරුම් ගත් ඇමරිකාව එය අවියක් ලෙස භාවිතා කර ඇති බවයි මහාචාර්යා පෙන්වා දුන්නේ.

“COVID-19 වෛරසය චීනයේ වුහාන් සිට ආරම්භ නොවූ බවට සාක්ෂි ඇති නමුත් එය එක්සත් රාජධානියේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාගාරයක් ඇතුළුව බටහිර රටවල ඇතැම් රසායනාගාරවල සංවර්ධනය කරන ලද විද්‍යාගාර ජෛව ආයුධ වැඩසටහනට සම්බන්ධ එකක් බවද තහවුරු වි තිබේනවා.”

පාකිස්තානයේ එක්සත් ජාතීන්ගේ හිටපු තානාපති අබ්දුල්ලා හුසේන් හරූන් (Abdullah Hussain Haroon) උපුටා දක්වමින් විද්‍යාඥයා කියා සිටියේ චීනය පරාජය කිරීම සඳහා මේ සියල්ල සිදු කළ බවත් මෙය සම්පූර්ණ කුමන්ත්‍රණයක් බවත්.

මෙය වැඩි කලක් වසන් කළ නොහැකි බවත්, එහි පිටුපස සිටින පුද්ගලයින් නිරාවරණය වනු ඇති බවයි ඔහු අවධාරණය කළේ.

මාර්තු මුල් සතියේ CIA හිටපු ඇමරිකානු ත්‍රස්ත මර්දන විශේෂඥයෙකු මෙන්ම හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන XXXX සදහන් කලේ පවසා ඇත්තේ COVID-19 රසායනාගාරයක නිපදවා ඇති අතර එය ජීව විද්‍යාත්මක යුධ නියෝජිතයෙකු ලෙස භාවිතා කල බවයි.

කොරෝනා වසංගතය පැතිර ගිය දා සිට, එහි මූලාරම්භය අන්තර්ජාලය තුළ පුළුල් ලෙස සාකච්ඡා වී ඇති අතර, එක්සත් ජනපද මාධ්‍ය අවධාරනය කළේ මධ්‍යම චීනයේ වුහාන් නගරයේ මුහුදු ආහාර වෙළඳපොලකින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වෛරසය ආරම්භ වූ බවයි.

නමුත් මේ වනවිට ඇමරිකානු සෞඛ්‍ය විශේෂඥයින් පවා මේ වනවිට තහවුරු කර ඇත්තේ කොරොන වයිරසය මුහුදු ආහාර වෙළඳපොලෙන් බිහි නොවූ බවයි.

“එක්සත් ජනපද ජෝන් හොප්කින්ස් (John Hopkins) පර්යේෂණයට අනුව මෙම  කොරොන වයිරස් මළ වෛරසයකි. එය ජීවමාන දෙයක් නොවේ. එය වෙනත් වෛරස් මෙන් ස්වාභාවික වෛරසයක් නොවීය. එබැවින් එය ජෛව විද්‍යාගාරයේ සකස් කර ඇති බව පෙනේ.”

වුහාන් විනාශ කල ඇමරිකානු Soya Sauce Soldiers මෙහෙයුම

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපද හමුදාව 300 ක් සහභාගී වූ ජාත්‍යන්තර යුද ක්‍රීඩා සඳහා සහභාගී වූ විට එක්සත් ජනපද හමුදාව විසින් කොරොන වයිරසය චීන නගරයක් වන වුහාන් වෙත ගෙන ඒමට ඉඩ කටයුතු කර තිබේන බව මේ වනවිට චීන මෙන්ම ජාත්‍යන්තර ඔත්තු සේවා රැසක් තහවුරු කිරිමට සමත්ව තිබේ.

2019 ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 27 දක්වා ලෝක මිලිටරි ක්‍රීඩා උළෙල වුහාන් හි පැවති අතර එක්සත් ජනපදය එයට සහභාගී වීමට සෝයා සෝස් සොල්දාදුවන් ( Soya Sauce Soldiers) 369 ක් යවා තිබේ.

තරගාවලිය පුරාම චිනය රන් පදක්කම් 133 සමග සමස්ත පදක්කම් 239කට වගකියන විට ඇමරිකාව එකදු රන් පදක්කමක් හෝ නොලබන අතර සමස්ථ පදක්කම් ගණන 8කට පමණක් සිමාවිය.එය අනුව තරගවලියේ ඇමරිකාව 35 වන් ස්ථානයේ රැදෙන අතර ශ්‍රි ලංකාව 42 දෙවන ස්ථානය හිමිකරගෙන තිබේ. ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නොසැලකිලිමත් ආකල්පය හා අසමාන ලෙස පෙන්නුම් කරන්නේ ඔවුන් වෙනත් අරමුණු සඳහා ගොස් ඇති බවත් ය.

මෙම කණ්ඩායමේ අනතුරුදායක තත්ත්වය තෙරුම් ගන්නා විට සියල්ල සිදුව අවසන් බව වැටහෙන අතර ඔහුන් දුර්වල ලෙස ක්‍රිඩා කලද දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායම් වශයෙන් එකතු වී වුහාන්හි වීදිවල සෙල්ලම් කරමින් චීන ජාතිකයන් සමග සමීපව කටයුතු කරන අයුරු බොහෝ දෙන දැක තිබේ.

ලෝකයේ විශාලතම මිලිටරිය දස ගුණයකින් පැවතුනද එක්සත් ජනපදය ඉරානය, ෆින්ලන්තය සහ ස්ලොවේනියාව වැනි රටවලට වඩා 35 වන ස්ථානයට පත්විය. එක්සත් ජනපද කණ්ඩායමේ කිසිදු වීඩියෝවක් හෝ ඡායාරූපයක් නොමැත, කිසිදු වාර්තාවක් හෝ ඉතුරු නොවිම පුදුමය දනවන ලද්දකි.එක්සත් ජනපද කණ්ඩායම කොතරම් නරක ලෙස ක්‍රිඩා කලේද යනන් තහවුරු වන්නෙ එම කණ්ඩායම “සෝයා සෝස් සොල්දාදුවන්” ලෙස චීන ජාතිකයන් විසින්ම හැදින්විමට පටන් ගැනිමත් සමගය.

ක්‍රිඩා කිරිම වෙනුවට වුහාන් මුහුදු ආහාර තොග වෙළඳපොළ අසල නැවතී සිටිමට ඔහු දැඩි කැමත්තක් දක්වා ඇති අතර එක්සත් ජනපද කණ්ඩායම 2019 ඔක්තෝබර් 28 වන දින සිය නිවෙස් බලා ගිය අතර සති 2 ක් ඇතුළත COVID 19 හි පළමු මානව සම්බන්ධතා අවස්ථා වුහාන් හි දක්නට ලැබුණි.

ලෝක මිලිටරි ක්‍රීඩා උළෙල ආරම්භ වු අවස්ථාව 

Be transparent! Make public your data! US owe us an explanation!

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ දැන් කෝවිඩ් -19 වසංගතය චීනයේ වුහාන් හි 2019 දෙසැම්බර් 31 වන දින කිරීටක වෛරස් රෝගයක් ලෙස ප්‍රථම වරට වාර්තා වූ බවයි. නමුත් ඇත්ත එය නොවේ….

එක්සත් ජනපද හමුදාව විසින් කොරොන වයිරස් රෝගය (COVID-19) චීනයේ වුහාන් වෙත ගෙන එනු ඇති අතර එය වෛරසය රට තුළ ප්‍රථම වරට අනාවරණය වූ බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් (Zhao Lijian) අනාවරණය කල අතර

“එක්සත් ජනපදයේ රෝගියාගේ බිංදුව ආරම්භ වූයේ කවදාද? කීදෙනෙක් ආසාදනය වී ඇත්ද? රෝහල්වල නම් මොනවාද? වසංගතය වුහාන් වෙත ගෙන ආවේ එක්සත් ජනපද හමුදාව විය හැකිය. විනිවිද පෙනෙන වන්න! ඔබේ දත්ත ප්‍රසිද්ධ කරන්න! එක්සත් ජනපදය අපට පැහැදිලි කිරීමක් ලබා දිය යුතුයි! ” ෂාඕ ට්වීට් කළේය.

2/2 CDC was caught on the spot. When did patient zero begin in US? How many people are infected? What are the names of the hospitals? It might be US army who brought the epidemic to Wuhan. Be transparent! Make public your data! US owe us an explanation! pic.twitter.com/vYNZRFPWo3

— Lijian Zhao 赵立坚 (@zlj517) March 12, 2020

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලිජියන් ෂාවෝ, එක්සත් ජනපද බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් -19 හි මූලාරම්භය පිළිබඳව ඔවුන් සැඟවී සිටින්නේ කුමක් ද යන්න හෙළි කරන ලෙසට ය.

2/2 CDC was caught on the spot. When did patient zero begin in US? How many people are infected? What are the names of the hospitals? It might be US army who brought the epidemic to Wuhan. Be transparent! Make public your data! US owe us an explanation!

2/2 සීඩීසී එම ස්ථානයේදීම අල්ලා ගන්නා ලදී. එක්සත් ජනපදයේ රෝගියාගේ බිංදුව ආරම්භ වූයේ කවදාද? කීදෙනෙක් ආසාදනය වී ඇත්ද? රෝහල්වල නම් මොනවාද? වසංගතය වුහාන් වෙත ගෙන ආවේ එක්සත් ජනපද හමුදාව විය හැකිය. විනිවිද පෙනෙන වන්න! ඔබේ දත්ත ප්‍රසිද්ධ කරන්න! එක්සත් ජනපදය අපට පැහැදිලි කිරීමක් ලබා දිය යුතුය!

“වසංගතය වුහාන් වෙත ගෙන ආවේ එක්සත් ජනපද හමුදාව විය හැකිය,” ෂාවෝ යෝජනා කළේ සීඩීසී සහ පොදුවේ එක්සත් ජනපදය “විනිවිදභාවයෙන්” කටයුතු කරන ලෙසත් “රෝගියාගේ ශුන්‍යය” මුලින්ම හඳුනාගත් ස්ථානය සහ කවදාද යන්න පිළිබඳව තමන් දන්නා දේ බෙදා ගන්නා ලෙසත් ය.

ඒ අනුව වොෂිංටන් ප්‍රාන්තයේ මිලිටරි ජෛව යුධ මධ්‍යස්ථානයක වර්ධනය කල COVID 19 වෛරසය එක්සත් ජනපද කණ්ඩායම විසින් චීනයට ගෙන ගොස් තිබේන බව මේ වනවිට ලැබි තිබේන තොරතුරු මත සැකයකින් ඔබ්බට ඔප්පු කල හැකි බවයි ඔත්තු සේවාවල අදහස වි ඇත්තේ.

එක්සත් ජනපදයේ කොරෝනා රෝගින් ගැන ඇමරිකානු ජනපති ට්‍රම්ප් කියන කතා ඇත්තද? කතාව ඉවර නැත.පහත විඩියෝව බලන්න

BUSTED! CBS Caught Using Italy Footage to Make New York Conditions Look Worse

Loading…


Top