Published on: Apr 1, 2020 – ලෝක යසෞඛ්‍ය සංවිධානයේ යරෝග පැතිරීම පිළිබද වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව IIIA මට්ටයේ (නිවස් ආශ්‍රිත රෝගී සමුහයන්) සිටින අතර IIIB තත්ත්වයට (ගම හෝ නගර තුල කුඩා රෝගී කණ්ඩායේ සමුහ) හෝ IV (රෝගය සමාජය තුල පැතිරිමේ අවස්ථාව) මට්ටමට ඇතුලු විමේ දැඩි අවධානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සිය දැනුම් දිමේ වාර්තාව නිකුත් කරමින් පෙන්වා දෙනවා.

දැනට සිදුකර ඇති අධ්‍යනයන්ට අනුව මේ මොහොතේ ගත හැකි දැඩි ක්‍රියාමාර්ග හරහා රෝගය ව්‍යාප්තිය පාලනය කල හැකි බව පෙන්වා දෙන එම සංගමය මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සිය නිවේදනයේ දක්වා තිබේ.

රෝග ප්‍රතිකාර සදහා සුවිශේෂ ඖෂධ හදුනා ගැනීම සදහා මේ වනවිට ලෝකය පුරා විවිධ පර්යේෂණ සිදුවන අතර ශ්‍රී ලංකාව තුල හයිඩ්‍රොක්සි ක්ලෝරෝක්වින්   (HydroxyChlroquine)  ඖෂධය භාවිත කිරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර රෝග ප්‍රතිකාරයක් ලෙස AVIGAN ප්‍රතිවවරස කාණ්ඩයේ ඖෂධය භාවිත කිරීම පිළිබදවද අවධානය යොමුකර තිබේ.(රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය -GMOA නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න)

lockdown,shut down නොදන බයියලා කවර කතා කිව්වද ලෝකයේ භාවිතා කරන හයිඩ්‍රොක්සි ක්ලෝරෝක්වින් වැනි ඖෂධ ගැන විධිමත්ව සොයා බලා නිර්දේශ ලබාගෙන ගෙන්වන්න ලෙස සජිත් අවස්ථා ගණනාවක කල ප්‍රකාශයන් ඔබට මතකද?

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය -GMOA නිකුත් කල සම්පූර්ණ නිවේදනය 

http://lankanewsnetwork.org/archives/23919

Loading…


Published on: Apr 1, 2020 – පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව යලි රැස්කිරිම හැර ගත හැකි වෙනත් මගක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ වියතුන් විසින් උපදෙස් ලබාදි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පවතින වසංගත තත්ත්වය පාලනය කර ගත්තද වසරකට එහා කාලසිමාවක් යනතුරු මැතිවරණයක් නොපැවත්විම යහපත් බවත් ඒ සදහා පවතින ව්‍යවස්ථාවේ අවස්ථාවක් නොමැති නිසා අලුත් තින්දුවක් ගැනිමට ගෝඨාභය රාජපක්ෂට අවස්ථාවක් ලැබි ඇති බවද ඔහුන් පෙන්වා දි තිබේ.ඒ අනුව ඊට අදාළ පවතින ව්‍යවස්ථාවට නව සංශෝධනයයක් ගෙන එමට සිදුවන බවද එහිදි සාකච්ඡා වි තිබේ.

තත්ත්වය පාලනය කලද ජනතාව හමුවට ගොස් ඡන්දය ඉදිරිපත් කලහොත් ජනතාව ඡන්දය ප්‍රකාශ කිරිමෙන් ඉවත් විමේ අවදානමක් ඇති බවත් එය විපක්ෂයට බරපතල ලෙස වාසිදායක වනු ඇති බවද ඔහුන් පෙන්වා දි තිබේ.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු කණ්ඩායම මේ සම්බන්ධයෙන් දරණ ස්ථාවරය සම්බන්ධයෙන් සාකච්ඡාකලයුතු බවටද එහිදි අදහස් පලවි තිබේ.

මේ අතර කොරෝනා වසංගතය හමුවේ රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා රනිල්ගේ ඉල්ලිම මත මන්ත්‍රීවරුන් පිරිසක් අද (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මෙම සාකච්ඡාව අද (01) දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිතව තිබේන අතර අර්ජුන රණතුංග, රවී කරුණානායක, රුවන් විජයවර්ධන, දයා ගමගේ, නවීන් දිසානායක සහ පාලිත රංගේබණ්ඩාර එම අවස්ථාවට එක්විමට නියමිත බවද වාර්තා වේ.

Loading…


Published on: Mar 31, 2020 – නීතියේ ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආරක්ෂා කිරීමට කැපවී සිටින සංවිධාන සහ පුද්ගලයින් වශයෙන්, සාජන් ආර්.එම්. සුනිල් රත්නායක වෙත ලබා දී ඇති ජනාධිපති සමාව අපි දැඩි ලෙස හා ඍජුවම හෙළා දකින අතර, මෙම ක්‍රියාව නිසැකවම සමාජය තවදුරටත් හමුදාකරණයට ලක් කිරීමට ද රටේ ප්‍රජාවන් අතර අසමගිය හා අවිශ්වාසයට ඇති කිරීමට ද හේතු වනු ඇති බව ප්‍රකාශ කරන බව සිවිල් සමාජ ඒකාබද්ධ ප්‍රකාශණය හරහා සදහන් කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 මාර්තු 26 වන දින ජනාධිපති සමාවක් ලබා දී මරණ දඬුවම නියම වූ සිරකරුවෙකු සහ සමූහ ඝාතකයෙකු වන හිටපු යුද හමුදා මාණ්ඩලික සැරයන් ආර්. එම්. සුනිල් රත්නායක නිදහස් කරන ලදී. COVID-19 හේතුවෙන් රට අගුළු දමා ඇති විටක, ජනාධිපතිවරයා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇත්තේ සාහසික අපරාධවලට වගකිව යුතු මිලිටරි අපරාධකරුවන් හට අපේ රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ද නොතකා හරිමින්, ඉහළම මට්ටමින් ආවරණයක් ලබා දෙන බව පෙන්වීම සඳහා, නීතියේ ආධිපත්‍යයට මෙසේ මාරාන්තික පහරක් එල්ල කිරීමට යි.රත්නායකට සමාව දීමේ දී, පස් හැවිරිදි දරුවෙකු සහ තවත් අහිංසක සිවිල් වැසියන් හත් දෙනෙකු ඝාතනය කළ හැඟීම් විරහිත ඝාතකයෙකුට ජනාධිපතිවරයා සිය ආශිර්වාදය ලබා දී තිබේ.

ඝාතනයේ ඉතිහාසය

මිරුසුවිල් හි සිවිල් ඝාතන පිළිබඳ කතාව වසර විස්සක් අතීතයට දිව යයි – 2000 දෙසැම්බර් 19 වන දින, යෞවනයන් තිදෙනෙක් සහ පස් හැවිරිදි දරුවෙක් ද ඇතුළුව දෙමළ සිවිල් වැසියෝ 9 දෙනෙක් උඩිපිඩ්ඩි සිට ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය නගරයේ සිට සැතපුම් 16 ක් දුරින් පිහිටි මිරුසුවිල් නම් ගම්මානය වෙත ගමන් කළහ. සිවිල් යුද්ධය හේතුවෙන් උඩිපිඩ්ඩි කඳවුරක නැවත පදිංචි කරන ලැබූ මෙම පුද්ගලයින්ගේ අවතැන් වීමට පෙර සිටියේ මිරුසුවිල් ගම්මානයේ ය. අවතැන් වූ පවුල්වල සාමාජිකයෝ තම නිවෙස් බැලීමට යාමේ දී ශ්‍රී ලංකා හමුදාවෙන් අවසර ලබා ගෙන සිය නිවෙස් බලා ගොස් නැවත පැමිණීමට පුරුදුව සිටියහ. නමුත් මේ දිනයේදී ගමට ගිය අය නැවත පැමිණියේ නැත. නව දෙනාගෙන් අට දෙනෙකු ශ්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කරන ලද බව ඉතා ඉක්මනින් දැන ගැනීමට ලැබුනි.

2000 දෙසැම්බර් 24 වන දින අතුරුදහන් වූවන්ගෙන් එක් අයෙක් සිද්ධිය විස්තර කර ඉතිරි අට දෙනා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ලබා දුන්නේ ය. ඔහුගේ සාක්ෂි මත පොලිසිය සහ මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට ගිය විට වැසිකිළි වළේ සත්ව ඇටසැකිල්ලක් හැර වෙනත් සිරුරු නොතිබුණි. ඉන්පසු හමුදා–පොලිසිය විසින් ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පුද්ගලයින් අත්අඩංගුවට ගත් විට මළ සිරුරු වැසිකිළි වළෙන් ඉවත් කර වෙනත් තැනක වළලනු ලැබූ බව සඳහන් කරමින් සාජන් ආර්.එම්. සුනිල් රත්නායක හමුදා පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නේ ය. ඉන්පසුව පොලිසිය සහ මහේස්ත්‍රාත්වරයා විසින් වල දමන ලද ස්ථානයට ගොස් මළ සිරුරු ගොඩට ගනු ලැබීය. දෑස් ගැටගසා උගුරු දණ්ඩ කපා දමා තිබූ පිරිමි සිව්දෙනෙකු සහ දරුවන් හතර දෙනෙකු එහි දී දක්නට ලැබිණි. සමහර මළ සිරුරුවල අත් සහ කකුල් කපා දමා තිබුණි.

එකම පවුලක සිව්දෙනෙක්

මියගිය අය පවුල් හතරකට අයත් වූවන් විය. එක් පවුලකට වයස අවුරුදු 13 සහ 5 අතර දරුවන් ද ඇතුළුව සාමාජිකයින් සිව් දෙනෙකු අහිමි වී තිබුණි. තවත් පවුල් දෙකකට පවුලට ජීවිකාව උපයා දෙන්නන් අහිමි වී තිබිණ.

යුක්තිය පසිඳ ලීමට දශකයකට වැඩි කාලයක් ගත වූ නමුත්, සියලු අභියෝගයන් ජයගෙන අවසානයේ දී විනිශ්චය ලබා දෙන ලදී. 2015 ජුනි 24 වන දින, නඩුවේ තීරණය ලැබෙන තුරු ඇප මත සිටි හිටපු හමුදා සැරයන් ආර්. එම්. සුනිල් රත්නායක සිවිල් වැසියන් අට දෙනා ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ අතර කොළඹ දී පැවති මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකුගෙන් සමන්විත නඩු විභාගයක දී මරණ දඬුවමට නියම විය. එම තීන්දුවට එරෙහිව ගෙන ආ අභියාචනයක දී පස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2019 අප්‍රේල් 25 වන දින ඒකමතිකව වරදකාරීත්වය තහවුරු කර දඬුවම් නියම කිරීම කරන ලදී. සාජන් ආර්.එම්. සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමෙන්, බලය අයුතු ලෙස භාවිතා කර ඇති අතර යුක්තිය අත්හැර දමා තිබේ. වාර්ගික අවිශ්වාසය යුද්ධයක් දක්වා දුර දිග යාමට ඉඩ දෙමින්, මිලිටරි අපරාධකරුවන් පිළිබඳව කලාතුරකින් පමණක් වග වීමට ලක් කර ඇති මෙවැනි රටක දී, අපේ ජාතියේ ඉහළම අධිකරණය විසින් වැරදිකරු බව තීරණය කළ, සැබවින්ම වරදකරුවන් වී ඇති පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකුට, ජනාධිපතිවරයා විසින් මෙසේ සමාව ලබා දී තිබේ. එකී සමාව අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු අභියෝගයක් වන අතර මේ නිසා යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවන් අතර ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය නැතිවීම සහ විශ්වාසය තවදුරටත් සෝදා පාළුවට ලක් වීම සිදු වනු ඇත.

දුප්පත්කමින් හා මැනිය නොහැකි පුද්ගලික අහිමිවීම්වලින් සෘජුවම පීඩාවට පත් වූ පවුල් හතරකට යුක්තිය ගැන තිබූ කුඩා අස්වැසිල්ල ද සොරකම් කර උදුරාගෙන තිබේ. ජනාධිපතිවරණයෙන් ඉක්බිතිව දිවි ගලවා ගත් එකම සාක්ෂිකරු වෙත රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් පැමිණි අවස්ථාවේ දී, චූදිතයා නිදහස් කරනු ලැබුවහොත් තමන්ට කිසිදු ආරක්ෂාවක් නැති බවට ඔහු සිය බය පළ කොට තිබුණි. දැන් එම තර්ජනය සැබෑවක්ව පවතින අතර අපගේ නීති සහ ව්‍යුහයන් ඔහුව ආරක්ෂා කිරීමට කිසිසේත්ම සන්නද්ධ නැත. තම දිවි පෙවත සළසන්නන් අහිමි කරවා දිවි ඇති තෙක් දිළිඳුභාවට හෙලා ඇති මෙවැනි මියගිය අයගේ පවුල්වලට වන්දි ගෙවීමක් හෝ හානිපූරණ ගෙවීමක් වසර ගණනාවක් තිස්සේ රජය හෝ රජයේ බලධාරීන් විසින් නොකිරීම කනගාටුවට කාරණයක් මෙන්ම ජාතික ඛේදවාචකයක් ද වේ.

ගිනි අවුලවන මැතිවරණ ‌පොරෙන්දුව

ජනාධිපතිවරණයෙන් ඉක්බිතිව ප්‍රවෘත්ති මාධ්‍ය විසින් අනුමාන කළේ මිරුසුවිල් ඝාතකයාට ජනාධිපති සමාවක් ලබා දී නිදහස් කරනු ඇති බවයි. එවිට පීඩාවට පත් පවුල් දැඩි ලෙස කලබලයට පත් වී යාපනයේ මානව හිමිකම් කොමිසම වෙත සහ මාධ්‍ය වෙත පැමිණිලි කරන ලදී. මේ වන විට, රට අගුලු දමා ඇති හෙයින්, ඔවුන්ගේ අප්‍රසාදය හා පීඩාව ප්‍රදර්ශනය කිරීමට වින්දිතයන්ගේ පවුල්වලට හැකියාවක් නැත. COVID-19 වෙතින් රට බේරා ගන්නා බව මවා පාමින් සිටින ජනාධිපතිවරයා ඇත්ත වශයෙන්ම “රණවිරුවන්” සිරෙන් නිදහස් කිරීම පිළිබඳ ඔහුගේ ගිනි අවුලුවන මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට සිය ව්‍යවස්ථාමය බලතල භාවිතා කරමින් සිටියි.

මෙය සන්දර්භගත කිරීමේ දී, ශ්‍රී ලංකාව මේ මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ බැඳීම් වලින් ඉවත් වීම, අතුරුදහන් වූවන් නොමැති බව සහ අතුරුදහන් වූවන් සියල්ලන්ම මියගොස් ඇතැයි විශ්වාස කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම, සහ ඔහුගේ රජය විසින් සැකයට ලක් වූ යුද අපරාධකරුවන් හමුදා අංශවල මෙහෙයුම් ප්‍රධානීන් ලෙස උසස් කිරීම මෙන්ම ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා COVID 19 ට එරෙහිව ගැළවුම්කරුවෙකු ලෙස හඳුන්වනු ලැබීම සැළකිල්ලට ගත යුතුය. එසේම හමුදාව වැඩි වැඩියෙන් සියලුම සිවිල් කටයුතුවලට සම්බන්ධ වී සිටිති. උතුරු පළාතේ පමණක් නව මාර්ග බාධක සහ මුරපොලවල් හඳුන්වා දී තිබේ. වැරදිකරු වූ සමූහ ඝාතකයෙකුට සමාව දී ජනාධිපතිවරයා විසින් නිදහස් කරනු ලැබ තිබේ.

බියජනක පණිවිඩය

මේ දෘෂ්ටි කෝණය අනුව, වැරදිකරුවකු වූ අපරාධකරුවෙකුට ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාව මගින් මහජනයාට ලබාදෙන බියජනක ප්‍රබල පණිවුඩය වන්නේ, වරදෙහි බරපතලකම කුමක් වුවත්, අධිකරණය විසින් ඔවුන් වරදකරුවන් ලෙස නියම කළත්, ආරක්ෂක හමුදාවන්හි වැරදිකරුවන්ට දඬුවම් නොලැබෙන බවත් හා ඔවුන්ට ඕනෑම අපරාධයක් කළ හැකි බවත් මෙන්ම, වාර්ගික ප්‍රජාවන්ට එරෙහිව සිදුකළ ඕනෑම අපරාධයකට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවකට ද දඬුවම් නොලැබෙනු ඇති බවත් ය. මේ වන විටත් දඬුවම් නොලබන ඉහළ බලයක් හිමිව සිටින පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට, අවසනාවන්ත සහ අවදානමට ලක්විය හැකි ජනතාවට එරෙහිව තවදුරටත් අපරාධ සිදුකිරීමට රජය විසින් ලබාදෙන රහසිගත දිරිගැන්වීම මෙයින් තවදුරටත් ධෛර්යමත් වනු ඇත. නීතියේ ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආරක්ෂා කිරීමට කැපවී සිටින සංවිධාන සහ පුද්ගලයින් වශයෙන්, සාජන් ආර්.එම්. සුනිල් රත්නායක වෙත ලබා දී ඇති ජනාධිපති සමාව අපි දැඩි ලෙස හා ඍජුවම හෙළා දකින අතර, මෙම ක්‍රියාව නිසැකවම සමාජය තවදුරටත් හමුදාකරණයට ලක් කිරීමට ද රටේ ප්‍රජාවන් අතර අසමගිය හා අවිශ්වාසයට ඇති කිරීමට ද හේතු වනු ඇති බව ප්‍රකාශ කරමු.

1. Centre for human Rights and Development (CHRD)

2. Women’s Action Network (WAN)

3. International Centre for Ethnic Studies (ICES)

4. Centre for Policy Alternatives (CPA)

5. Human Rights Office – Kandy

6. Human Elevation Organization (HEO)- Ampara

7. Law and Society Trust (LST)

8. Eastern Social Development Foundation (ESDF)

9. Mannar Women’s Development Federation (MWDF)

10. National Fisheries Solidarity Movement (NAFSO)

11. Affected Women’s Forum (AWF)- Ampara

12. Rural Development Foundation (RDF)

13. Institute of Social Development (ISD)- Kandy

14. Committee for the Protection of the Rights of Prisoners (CPRP)

15. INFORM Human Rights Documentation Centre

16. Federation of Media Employees’ Trade Unions

17. Centre for Justice and Change, Trincomalee

18. Rights Now – Collective for Democracy

19. Right to Life Human Rights Centre

20. Sri Lanka Working Journalists Association

21. Movement for Land and Agriculture Reform (MONLAR)

22. Families of the Disappeared

Loading…


Published on: Mar 31, 2020- corona live 1.1 නම් ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන යෙදුම ඔත්තු බැලීමේ ඔත්තු මෘදුකාංගයක් බව හෙළිවී තිබේන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙනවා.නිවේදනයක් නිකුත් කරමිනුයි එම සංගමය මේ බව පෙන්වා දෙන්නේ

COVID-19 වයිරසය මැඩපැවැත්වීම උදෙසා නිර්මාණය කර ඇති බොහෝ ජංගම දුරකථන යෙදුම් අතරට සයිබර් අපරාධකරුවන් විසින් COVID-19 වයිරසයේ ව්‍යාප්තිය ලුහුබැඳීමේ යෙදුම් (tracking apps) නිර්මාණය කොට එමගින් එම යෙදුම භාවිතා කරන පුද්ගලයාගේ පෞද්ගලික දත්ත සහ වෙනත් තොරතුරු එක්රැස් කරගැනීමක් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම corona live 1.1 නම් ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන යෙදුම ඔත්තු බැලීමේ ඔත්තු මෘදුකාංගයක් බව හෙළිවී තිබේ.

COVID-19 වයිරසය මැඩපැවැත්වීම උදෙසා ශ්‍රී ලංකාවෙහිද විවිධ වර්ගයේ ජංගම දුරකථන යෙදුම් සහ වෙබ් අඩවි විවිධ පුද්ගලයින් සහ විවිධ සමාගම් විසින් නිර්මාණය කර ඇති අතර බොහෝමයක් යෙදුම් සහ වෙබ් අඩවි පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති මාලාවන් ඉදිරිපත් කිරීමට අපොහොසත්වී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට අනාවරණය වී ඇත. විශේෂයෙන්ම මෙවැනි පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති මාලාවකින් තොරවූ ජංගම දුරකථන යෙදුම් සහ වෙබ් අඩවි වෙත ඔබගේ දත්ත ඇතුලත් නොකරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාවට අවධාරණය කරමු.

තවද WhatsApp යෙදුම හරහා මේ දිනවල COVID-19 වයිරසය සම්බන්ධයෙන් (www internet-covid19 com) වැනි විවිධ වර්ගයේ යොමු (Spam Links) හුවමාරු වන අතර එවැනි යොමු සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ හුවමාරු කරගැනීමට යාමෙන් වලකින ලෙසත් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දෙමු.

Loading…


Published on: Mar 31, 2020 – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර විසින් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අකුරැස්ස ආසනයේ මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමක් පැවැත්වීම සම්බන්ධව වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාගෙන්ඉල්ලිමක් කර තිබේ.

2020. 03. 30

ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
ජනාධිපති මන්දිරය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

ඇඳිරිනීතිය කඩකරමින් වගකීම් විරහිතව කටයුතු කළ අධ්‍යාපන ඇමැතිවරයාට හා හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිය ක‍්‍රියාත්මක නොවීම සම්බන්ධවයි.

ලොව පුරා සීග‍්‍රයෙන් පැතිර යමින් තිබෙන කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීමේ අරමුණින් පසුගිය මාර්තු 21 වෙනිදා සිට දිවයින පුරා පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්තු 27 වෙනි දින අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර විසින් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අකුරැස්ස ආසනයේ මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමක් පැවැත්වීම සම්බන්ධව වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

02. රටේ අධ්‍යාපන අමාත්‍යවරයා වන ඩලස් අලහප්පෙරුම මහතා මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම් පළමුව නතරකළ පුද්ගලයා තමන් බව මාධ්‍ය ඔස්සේ පැවසූ අයුරු අපට මතකය. එලෙසම මෙම දේශපාලන ප‍්‍රචාරක රැස්වීමද අවලංගු කර තම පාක්ෂිකයින්ගේ ආරක්ෂාව තහවුරු කර නීතියට අවනත ව යහපත් ආදර්ශයක් සැපයිය යුතුව තිබූ බවත් පොලිසිය විසින් මෙම නීති විරෝධී රැස්වීම පැවැත්වීම වැලැක්විය යුතුව තිබූ බවත් විශේෂයෙන් මෙහිදී පෙන්වා දිය යුතුව ඇත.

03. එමෙන්ම මෙම ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වන කාලසීමාව තුළ දේශපාලන, ආගමික ඇතුළු නීති විරෝධී රැස්වීම් මෙන්ම කුඩා ඒකරාශිවීම සිදුකළ සියලූ පුද්ගලයින්ට එරෙහිව ශ‍්‍රී ලංකා පොලිසිය හා ත‍්‍රිවිධ හමුදාව නීතිය තදින් ක‍්‍රියාත්මක කරමින් මෙම ව්‍යසනයෙන් රටේ ජනතාව මුදා ගැනීම සඳහා දරන වෙහෙස හා කැපවීම සම්බන්ධව පොදුවේ සමාජයේ ඇත්තේ ඉහළ ඇගයීමකි.

04. නමුත් අධ්‍යාපන අමාත්‍යවරයා හා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එක්ව මැතිවරණ කොමිසම දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දමා ඇති මොහොතක ඒ කිසිත් නොසලකා වගකීම් විරහිතව පවත්වන ලද මෙම රැස්වීමට පමණක් පොලිසිය මෙතෙක් නීතිය ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්ධව දැඩි විරෝධය පළ කරන අප සංගමය වහාම මොවුන් අත්අඩංගුවට ගෙන සැමට සාධාරණව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස නැවතත් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරුසේවා සංගමය

පිටපත් – පොලිස්පතිතුමා – පොලිස් මුලස්ථානය

Ceylon Teachers Service Union.


Loading…


Published on: Mar 30, 2020- බදු කප්පාදු ආදායම් බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක ඇස්තමේන්තු රජය විසින් තවමත් රාජ්‍ය මූල්‍ය කාරක සභාවට ලබා දී නොමැති අතර  පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව- 2020 මගින් රජයේ  ආර්ථිකය පිළිබඳ වාර්තාව සාවද්‍ය ඇස්තමේන්තු වලින් පිරී තිබෙන අතර එය රට අර්බුදයකට යන මාවතකට යොමු කරමින් තිබේන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. රටේ ආර්ථික අර්බුදය සම්බන්ධ නිවේදනයක් නිකුත් කරමින් හිටපු අමාත්‍යවරයා මේ බව සදහන් කරනවා…

පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව- 2020 පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශවලින් අනතුරුව භාණ්ඩාගාර ලේකම් විසින් පසුගිය සඳුදා පූර්ව මැතිවරණ තත්ත්ව වාර්තාව- 2020  ප්‍රකාශයට පත් කරන ලදී.මැතිවරණයට පෙර මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීම 2003 මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ  නෛතික අවශ්‍යතාවයකි.

වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සාදරයෙන් පිළිගන්නා අතරම, අපගේ ආර්ථිකයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ සුඛවිහරණය ට අදාළව මෙම වාර්තාවේ සඳහන් කනස්සල්ලට පත් විය යුතු කරුණු  කෙරෙහි රජය සහ මහජනතාවගේ අවධානය යොමු කිරීම අපගේ යුතුකමයි.

ව්‍යවස්ථා විරෝධී අතුරු සම්මත ගිණුම

“රාජ්‍ය මූල්‍යය පිළිබඳ පූර්ණ පාලනය ඇත්තේ පාර්ලිමේන්තුවට” මෙය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල්‍ය පිළිබඳ පරිච්ඡේදයේ ආරම්භක වැකියයි.අපේ‍්‍රල් 30 වනදා දක්වා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම අනුව – රජයේ ආදායම, වියදම් සහ ණය ගැනීමේ සීමාව නියම කර ඇති අතර  – රාජ්‍ය මූල්‍ය කි‍්‍රයාත්මක විය යුතු වන්නේ එම නෛතික රාමුව තුළයි.

කෙසේ වෙතත්, පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව  වාර්තාව තුළ මාර්තු, අප්‍රේල් සහ මැයි කාලය සඳහා ජනාධිපතිවරයා විසින් බලය පවරන ලද ඊනියා ‘අතුරු සම්මත ගිණුමක්’ ගැන සඳහන් වේ.මෙය පාර්ලිමේන්තුවේ සම්මතයකින් තොරවූ අතුරු සම්මත  ගිණුමක  පරස්පරතාවයක් මතු කරයි.ජනාධිපතිවරයාට අතුරු සම්මත ගිණුම ක් සඳහා බලය පැවරිය නොහැක. අතුරු සම්මත ගිණුමක් අනුමත කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණි. ජනාධිපති ගේ මෙම ක්‍රියාමාර්ගය බැලූ බැල්මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අතර පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අතුරු සම්මත ගිනුම බලෙන් පැහැර ගැනීමක් වේ.

ඊටත් වඩා කනස්සල්ලට කරුණ නම් මෙය අධීක්ෂණ ක්‍රියාවළියක් ලෙස නොපෙනේ.මෙම අවිධිමත් පියවර සඳහා අධිකාරී බලය පැවරීමක්  ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තිය  සඳහන් කරයි. මෙය අපැහැදිලි ය. 150 (3) වගන්තිය පහත පරිදි කියවේ.(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වන වගන්තිය පහතින් දක්වා ඇත.)

මූල්‍ය වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත සම්මත වීමට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින විට, පාර්ලිමේන්තුව දැනටමත් ප්‍රතිපාදන සපයා නොමැති නම්,නව පාර්ලිමේන්තුව රැස්වීමට කැඳවූ දින සිට මාස තුනක කාලයක් ඉකුත්වන තෙක් රාජ්‍ය සේවයට අවශ්‍ය යැයි ඔහු සිතිය හැකි පරිදි ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමට සහ එම මුදල් වියදම් කිරීමට අවසර දෙන්න ඔහුට හැකිය. ”

 ඉහත පැහැදිලිව පෙනෙන පරිදි, මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒකාබද්ධ අරමුදලෙන් ලබා ගැනීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව පිළිබඳ වැදගත් සීමාවන් දෙකක් දක්වයි.

පළමුවෙන්ම, එහි සඳහන් වන්නේ, “පාර්ලිමේන්තුව විසින් දැනටමත් ප්‍රතිපාදන සලසා නොතිබුණේ නම්” ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් ලබා ගත හැකි බවයි.අප්රේල් 30 න් අවසන් වන අතුරු සම්මත ගිණුම හරහා  පාර්ලිමේන්තුව විසින් එවැනි විධිවිධාන සලසා ඇත.එබැවින් එතෙක් ඒකාබද්ධ අරමුදලෙන් කිසිදු අරමුදලක් අනුමත කිරීමට ජනාධිපතිවරයාට නොහැකිය.

දෙවනුව, අපේ‍්‍රල් 30 න් පසු ඒකාබද්ධ අරමුදලෙන් බලය පවරනු ලබන ඕනෑම අරමුදලක් විය හැක්කේ “රාජ්‍ය සේවයට අවශ්‍ය” වියදම සඳහාය.සාමාන්‍ය අර්ථයෙන් මෙයින් අදහස් කරන්නේ රජයේ වැටුප් සහ අත්‍යවශ්‍ය රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමයි. 150 (3)ඡේදය 150 (4) සමඟ කියවන විට මෙය පැහැදිලි වේ.  එමඟින් රජයේ වැටුප් ගෙවීම හැර මැතිවරණයක් පැවැත්වීමේ කටයුත්තක් සඳහා මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට නිශ්චිත අවසරයක් ලබා දේ.

මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී රජයේ ප්‍රග්ධන වියදම රු. බිලියන 36 ක් විය.කෙසේ වෙතත්, මාර්තු සිට මැයි දක්වා එය රු. බිලියන 150 ක් ප්‍රාග්ධන වියදම් කිරීමට රජය අපේක්ෂා කරයි. මෙය “රාජ්‍ය සේවයට අවශ්‍ය අරමුදල්” විය නොහැක.

මෙම පියවර විධායකය විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය කාර්යභාරය පැහැර ගැනීමකි. බලතල බෙදීම මෙතරම් බැරෑරුම් ලෙස උල්ලංඝනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ ආධිපත්‍යයට හා මහජන මුදල් වගවීම සඳහා අත්‍යවශ්‍ය වන (Check and Balance ) සංවරණ හා තුළනයන්ට බරපතල තර්ජනයකි.

මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර අයවැයක් සම්මත කිරීමෙන් හෝ වෙනත් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය පහසුවෙන් වළක්වා ගත හැකිය.

මුදල් අර්බුදය (Cash Crunch)

ඉහත සඳහන් කළ පරිදි, පාර්ලිමේන්තුව අප්‍රේල් 30 දක්වා අතුරු සම්මත ගිණුමක් අනුමත කර ඇත. අතුරු සම්මත ගිණුම මඟින් රජයට ණය ගැනීමේ සීමාවක් නියම කරයි.රජයේ බදු කප්පාදුව සහ ආර්ථික ක්‍රියාකාරකම් පහත වැටීම හේතුවෙන් ආදායම විශාල ලෙස පහත වැටෙනු ඇත. මෙම තත්වය තුළ, රජයේ ණය ගැනීමේ සීමාව වැඩි විය යුතුය, නැතහොත් මුදල් අර්බුදයක් සිදුවනු ඇත.ඇත්ත වශයෙන්ම, භාණ්ඩාගාර සුරැකුම්පත් මිලදී ගැනීමෙන් මුදල් මුද්‍රණය කිරීම සඳහා පවා ණය ගැනීමේ සීමාව ඉහළ නැංවිය යුතුය.දැනටමත් රජය විසින් රු.බිලියන 100 ක   භාණ්ඩාගාර සුරැකුම්පත් පසුගිය දෙසතිය තුළ මිලදී ගෙන තිබීම- රුපියල අවප්‍රමාණයට ප්‍රධාන හේතුවකි.පාර්ලිමේන්තුව කැඳවීමකින් තොරව ණය ගැනීමේ සීමාව ඉහළ නැංවිය නොහැක. විධායක ක්‍රියාමාර්ගයෙන් පමණක් බදු කප්පාදුවෙන් හා වසංගතයෙන් ආර්ථිකය පහත වැටීම කළමනාකරණය කළ නොහැකිය.

සාවද්‍ය ඇස්තමේන්තු සහ වගකීම් විරහිත භාරකාරත්වය

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.5 ට සමාන අයවැය හිඟයක් වාර්තාව ඇස්තමේන්තු කරයි.2017, 2018 සහ 2019 සඳහා පිළිවෙලින් සියයට 5.5%, සියයට 5.3%සහ සියයට 6.5%ක අයවැය හිඟයට සාපේක්ෂව මෙය ඉතා සැලකිය යුතු වැඩි වීමකි.වාර්තාවෙන් රජයේ ආදායම රජයේ වියදම් ඉක්මවා පොලී ගෙවීම් සඳහා ඉඩ සලසන – ප්‍රාථමික අතිරික්තයක් (Primary Balance surplus) ප්‍රක්ෂේපණය නොකෙරේ.ප්‍රාථමික ශේෂය 2017 සහ 2018 දී අතිරික්තයක් පෙන්නුම්කර ඇත. නොවැම්බර් ජනාධිපතිවරණය ප්‍රතිපත්ති වෙනස් කිරීමකට තුඩු දෙන තෙක් 2019 දී ප්‍රාථමික අතිරික්තයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ද ගමන් කරමින් සිටියේය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ඉතා අඩු දළ දේශීය නිෂ්පාදිතය හා බදු අනුපාතයයි.මෙය ඉතා බරපතල ගැටළුවක් වන අතර එමඟින් ආපදා සහන, රාජ්‍ය ආයෝජන, ණය සේවා කිරීමට ඇති හැකියාව, සාර්ව ආර්ථික ස්ථායිතාව සහ නැවත බෙදාහැරීම පහල දමනු ඇත.පසුගිය වසරවල මෙම ගැටලුව නිවැරදි කිරීම සඳහා පුළුල් දැනුමක් හා ඉතා බැරෑරුම් පියවරයන් ගෙන තිබුණද, පූර්ව මැතිවරණය තත්ත්ව වාර්තාව මඟින් එසේ ලබා ඇති ප්‍රගතිය ආපසු හැරවීමක් අපේක්ෂා කරයි.එහි සඳහන් වන්නේ, “රජයේ ආදායම 2019 දී පැවති සියයට 12.2 ට සාපේක්ෂව 2019 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10.6 ක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි”.

මෙම ඇස්තමේන්තු පවා සැලකිය යුතු තරමේ අධික විශ්වාසයක් පිළිබිඹු කරයි.ඒවා පැහැදිලිවම පදනම් වී ඇත්තේ 2020 සඳහා සියයට 4 ක වර්ධන වේගයක් උපකල්පනය කිරීම මත ය.කොරෝන වෛයිරස් වසංගතයට පෙර පෙබරවාරි 7 වන දින ජා.මූ.අ. වර්ධන වේගය සියයට 3.7 ක් ලෙස පුරෝකථනය කර තිබිණි.ජනවාරි මාසයේදී ලෝක බැංකුව සියයට 3.3 ක වර්ධන වේගයක් අපේක්ෂා කළ අතර ආසියානු සංවර්ධන බැංකුවේ ඇස්තමේන්තුව සියයට 3.5 කි.

අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 7.5 ක ඇස්තමේන්තුවක් තුළ ද අධික විශ්වාසයක් දක්නට ලැබේ.කොරොන වයිරස් වසංගතයේ බලපෑම පිළිබඳව වාර්තාව සාකච්ඡා කළද, සියයට 7.5 ක අයවැය හිඟ ඇස්තමේන්තුව එහි බලපෑමට හේතු වන බවක් නොපෙනේ.වසංගතය නිසැකවම ආදායම හා වියදම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇති බැවින් අයවැය හිඟය නිසැකවම ඇස්තමේන්තුවට වඩා විශාල වනු ඇත.ශ්‍රී ලංකාවේ වර්තමාන සන්දර්භය තුළ – ඉතා ඉහළ ණය මට්ටමක්, ගෝලීය අවපාතයක් සහ වෙළඳපල අවිනිශ්චිතතාවයක් පවතියි.එය ඉතා අවිනිශ්චිත අර්බුදකාරී අවස්ථාවක දී ශ්‍රී ලංකාව ඉතා අස්ථිර ස්ථානයක තබයි.

රාජ්‍ය ණය

 2019 දී ශ්‍රී ලංකාවේ ඉහළම ණය ගෙවීම සිදු විය. ව්‍යවස්ථාමය අර්බුදය සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර තිබියදීත්, මෙම ගෙවීම පියවා ගැනීමට සහ වෙළඳපල විශ්වාසය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.2019 ජුනි මාසයේදී බෝම්බ පිපිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳපොළවලින් සියයට 7.5% ප්‍රතිශතය අනුව ණය ලබා ගැනීමට හැකි විය. මෙම රජයේ වගකීම් විරහිත බදු කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස – ණය සමාව ඉල්ලා හිඟමන ඉල්ලීම්වලට තුඩු දී ඇති අතර, ණය ආපසු ගෙවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති නොකැළල් වාර්තාවට සදහටම හානි කරනු ඇත. මෙම වසරේ ආපසු ගෙවීම් 2019 ට වඩා සියයට 20 කින් අඩු වුවද.රජයේ ණය සඳහා පොලී අනුපාත දැන් මාර්තු මාසයේදී සියයට 18 ඉක්මවා ඇත.

විනිවිදභාවය නොමැතිකම

රජයේ ණය ගැනීම් තක්සේරු කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක තොරතුරු ඇතුළත් කිරීමට ද වාර්තාව අසමත් විය.උදාහරණයක් ලෙස, “චීන සංවර්ධන බැංකුව (සීඩීබී) සමඟ ඇති විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් 2018 ඇමරිකානු ඩොලර් මිලියන 1,000 දක්වා වඩාත් වාසිදායක ලෙස ඉහළ නංවා තිබේ.”කෙසේ වෙතත්, එය මෙම ණය සඳහා පොලී අනුපාතය හෙළි නොකරයි. තවත් උදාහරණයක් නම් 2020 ජනවාරි සහ පෙබරවාරි සඳහා ආදායම් ඇස්තමේන්තු බිඳවැටීම අනාවරණය කිරීමට අපොහොසත් වීමයි.

ඉදිරියට යන මාර්ගය

බදු කප්පාදු ආදායම් බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක ඇස්තමේන්තු රජය විසින් තවමත් රාජ්‍ය මූල්‍ය කාරක සභාවට ලබා දී නොමැත.පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව- 2020 මගින් රජයේ  ආර්ථිකය පිළිබඳ වාර්තාව සාවද්‍ය ඇස්තමේන්තු වලින් පිරී තිබෙන අතර එය රට අර්බුදයකට යන මාවතකට යොමු කරමින් තිබේ. මෙම වාර්තාව පරීක්ෂා කර විවාද කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාව තිබිය යුතුය. මෙම අස්ථිර අවස්ථාවේදී රටට අවශ්‍ය සහන ලබා දීම සඳහා නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවට හැකි විය යුතුය.

30.03.2020

Published on: Mar 30, 2020 – ඇඳිරි නීතිය සමයේ බේරුවල ප්‍රදේශයේ පල්ලියක උත්සවයක් පැවැති බවත් ඒ සදහා මුස්ලිම් ජාතිකයන් විශාල සංඛ්‍යාවක් එකරාශී වි සිටි බවත් දක්වමින් සමාජ ජාලා තුල මෙන්ම රටේ ප්‍රධාන පෞද්ගලික නාලිකාවක් වන හිරූ නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්ද විකාශය විය.

කෙසේවෙතත් එම වීඩියො එක මීට මාස ගනනාවකට කලින් එකක් බව පවසමින් ෆේක් නිව්ස් ප්‍රචාරය කිරිමේ වරද යටතේ පොලිසිය සමාජ ජාලා ක්‍රියාකාරින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

එය අනිවාර්යයෙන් සිදුකල යුතු ක්‍රියාවකි.පෞද්ගලික රෝහලක කොරෝනා වැලදනු දරුවෙකු ඇති බවට ප්‍රචාරයක් ගෙනගිය සමාජ ජාලා ක්‍රියාකාරියෙකුද පසුගියදා අත් අඩංගුවට පත්විය.ඒ අකාරයට කිහිප දෙනෙකුම අත් අඩංගුවට පත්වු අතර පොලිසිය සදහන් කළේ ඇතැම් කණ්ඩායම් කොරෝනා දඩමිම කරගනිමින් විවිධ ආයතන වලින් කප්පම් ගැනිමට කටයුතු කර ඇති බවයි. ජාතික ව්‍යසනයකදි අසත්‍ය ප්‍රචාර ගෙන යැමට එරෙහිව අත් අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් අපගේ කිසිදු ගැටලුවක් නැත.

නමුත් ඉහත බේරුවල පුවත් සමාජ ජාලවෙන් උපුටා ගනිමින් රටේ පිලිගත් පෞද්ගලික මාධ්‍ය නාලිකාවක පලකිරිමට කටයුතු කර ජාතින් අතර සමාජ වෛරය පැතිරවිමට කටයුතු කල රේනෝ ගේ හිරූ නාලිකාව සම්බන්ධයෙන් ගන්නේ කවර ක්‍රියාමාර්ගයක්ද?

සමාජ ජාලා වල පවතින ඔනෑම දෙයක් ප්‍රසිද්ධ මාධ්‍යයේ පලකිරිමට මාධ්‍ය ආයතන වලට වගකිම් විරහිත බලයක් තිබේද?

එසේ නොමැති නම් රාජපක්ෂලාගේ විශේෂ වරප්‍රසාද ලබන මාධ්‍ය ආයතන වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ වෙනස් ආකාරයකටද?

හිරූ නාලිකාවේ සෑම ප්‍රධාන පුවත් මෙන්ම කිසිදු වැදගැම්මකට නොමැති කටකතාවක් පවා ප්‍රචාරය කරනු ලබන්නෙ හිරූ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වන සුදේව හෙට්ටිආරච්චිගේ අනුදැනුම මත බව නොරහසකි. අදාළ බේරුවල පුවත පවා ප්‍රචාරය වු දිනයේ ඔහු කාර්යාලය තුල සිට ඇති අතර එය ප්‍රචාර කිරිම සදහ ඔහුගේ අනුමැතිව ලැබි තිබේන බවද මේ වනවිට තහවුරු වි තිබේ. එසේනම් හිරූ නාලිකාව මෙම වගකිමෙන් නිදහස් වන්නේ කෙසේද?

නැතහොත් යම් දේශපාලන බලපෑමක් මත ඇත්තටම සිදුවු මෙම අයතු රැස්විම පසුව නීතිය නවන පොලිසිය සමග එක්ව වෙනස් කිරිමට කටයුතු කල එකක් විය හැකිය.එම වෙනස් කල පුවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හරහා වෙනතකට යොමු කර තිබේද?

මීට වසරකට පෙර පාස්කු ප්‍රහාරය හමුවේ ශ්‍රි ලංකාවේ ජඩ මාධ්‍ය සහ කුඩු මාධ්‍ය හැසිරුණු අකාරය සම්බන්ධයෙන් අමුතුවෙන් ජනතාවට මතක් කල යුතු නැත.මේ නැවත උදා වෙමින් ඇත්තේ කොරෝනා ජාතිවාදී කොරෝනා බවට පත්කිරිමට බව තෙරුම් ගත යුතුය.

සමාජ ජාල වල පලවු… හිරූ විකාශය කල විඩියෝව…

Published on: Mar 30, 2020- අද(29) දෙරණ නාලිකාව හරහා විකාශය කල “හෝ ගානා පොකුණ” චිත්‍රපටයේ කොටසක් තමන්ට අවශ්‍ය වන පරිදි කපා සංස්කරණය කිරිමට දිලිත්ගේ දෙරණ නාලිකාව කටයුතු කර තිබේන බව චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඉන්දික ෆර්ඩිනැන්ඩු මහතා(Indika Ferdinando) සිය Facebook පිටුවේ සටහනක් තබමින් සදහන් කර තිබේ. චිත්‍රපටයේ රචකයා/අධ්‍යක්ෂවරයා හෝ වෙනත් කිසිදු අයකුගෙ අවසරයක් නොමැතිව එම විකෘතිය (සංස්කරණය) සිදුකර තිබේන බවයි ඔහුගේ සටහනේ දැක්වෙන්නෙ.

පහත දැක්වෙන්නේ “හෝ ගානා පොකුණ” චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඉන්දික ෆර්ඩිනැන්ඩු මහතා තැබු සටහනයි…

ඔබ බැලුවේ සම්පුර්ණ “හෝ ගානා පොකුණ” නෙවෙයි

අද “හෝ ගානා පොකුණ” දෙරණ නාලිකාවේ විකාශය වෙන බව කිහිපදෙනෙක් දුරකථනෙන් අමතල කිව්වා. ඒ වගේම එහි කොටසක් කපා දමා ඇති බව කියන්න චිත්‍රපටයේ ශබ්ද සැලසුම්කරණ ශිල්පියා, සසික කතාකළා. කපා දැමූ තැන පිරික්සන්න මම rewind කරල බැලුවා. බැලින්නම් ඇත්ත. ජස්ටින්ගේ බිරිඳ බුදුන් වහන්සේ පිලිබඳ කියන සංවාදය අතර මැදින් ඉතා අශෝභන විදිහට කපා දමා තිබුණා.

ඇය කියන සම්පූර්ණ සංවාදය මෙසේයි:

“අපි දන්නැති දේවල් කොච්චරක් නං තියෙනවද? එක දවසක් බුදුන්නාන්සේගෙන් මේ බමුණෙක් දෝ කොහෙදෝ ඇහුවලු උන්නාන්සෙ දන්නැත්තෙ මොනවද කියල. උන්නාන්සේ බිමට නැමිලා නිය පිටට පස් ඩිංගිත්තක් අරන් කිව්වලු මං මේ ලෝකෙ ගැන දන්නෙ මේං මෙච්චරයි කියල”

මේ අවසන් වාක්‍යය තමයි කපා දමා තිබුණෙ. ඒකට හේතු වෙන්න ඇත්තෙ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය වෙච්ච අන්තිම මාසෙදි වගේ, මේ වාක්‍යය මත පදනම් ව, මේක බුදුන්ගේ සර්වඥතා ඥානයට ගරහන චිත්‍රපටයක් ලෙස ඇතැමුන් මතු කළ විරෝධය. ඒ කාලෙ මම හිටියෙ ඔස්ට්‍රේලියාවෙ මගේ අචාර්ය උපාධි පර්යේෂණ කටයුතුවල නියැලෙමින්. කොහොම හරි විරෝධය කොච්චර බරපතලද කියල මට තේරුනේ පුද්ගලයින් දෙන්නෙක් විතර මට ෆේස්බුක් ඔස්සේ මරණ තර්ජනය කර කෙටි පණිවුඩ එව්වට පස්සෙ. කොහොමහරි සමාජ මාධ්‍ය ඔස්සේ විතරක් නෙවෙයි විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේත් මේ විරෝධය නැගුනා. මට ලොකු කලකිරීමකුත් ඇතිවුණා බලපෑම් කණ්ඩායම් විදිහට පෙනීහිටින ජාතිවාදී සංවිධාන සහ පුද්ගලයින් විතරක් නෙවෙයි, විශ්වවිද්‍යාලවල මහාචාර්ය තනතුරු දරන ඇතැම් අයත් බොහොම විශ්වාසයෙන් මට එරෙහිව පෙනීසිටියා.

ඒ වෙලාවේ පාලිත ඉද්දමල්ගොඩ ඇතුළු හිතවතුන් කිහිපදෙනෙක් ඇරෙන්න වැඩිය කවුරුවත් මං වෙනුවෙන් පෙනී හිටියෙ නැහැ.කලාවේ ප්‍රකාශන නිදහස/අයිතිය ගැන උනන්දු අයවත්. සමහරවිට කොළඹ කේන්ද්‍රීය මොකක් හරි සාහිත්‍ය-කලා-විචාර-සංවාද මිතුරු කවයක සාමාජිකයෙක් නොවුනාමත් එහෙම තනි වෙනවා. කොහොමටත් මමත් ඒකට පිළිතුරු දුන්නෙ සීමාසහිත විදිහට, වඩා වැදගත් අධ්‍යාපන කටයුත්තක මම යෙදිල හිටපු නිසා.

හැබැයි ඒ කාලෙ රැඟුම් පාලක මණ්ඩලයවත්, වෙන කවුරුවත් චිත්‍රපටය වාරණය කරන්න හදිස්සි උනේ නැහැ. දැන්”හෝ ගානා පොකුණ” චිත්‍රපටය නිල නොවන වාරණයකට ලක්ව ඇති නිසා මට කාරණා කිහිපයක් ලියා තබන්න හිතුනා:

1. රචකයා/අධ්‍යක්ෂවරයාගෙන් අහන්නෙ නැතුව ඒ විදිහට අත්තනෝමතික ව චිත්‍රපට edit කරන්න (ප්‍රකාශනය විකෘති කරන්න) තමන්ට නෛතික හෝ සදාචාරාත්මක අයිතියක්/බලයක් නැති බව ගැන දෙරණ දැනුවත් ද?

2. සන්දර්භයෙන් ගලවා වෙන්කර දේවල් තේරුම් ගැනීමේ අයුක්තිසහගත බව මෙන්ම භයානකකම (කලා කෘති කියවීම සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, සමාජ-දේශපාලන ජීවිතයේදීත්) ගැන සමාජ කණ්ඩායම් දැනුවත් ද?

දේවල් සන්දර්භයෙන් ගැල වූ විට අර්ථ විකෘති වීම පහදන්න ඒ කාලේ ගත්ත උදාහරණයක් ම ගන්නම්.

ලෙනාඩ් වුල්ෆ් ගෙ Village in the Jungle නවකතාවේ සිංහල පරිවර්තනය “බැද්දේගම” (පරි: ඒ.පී. ගුණරත්න) පොතේ එනවා වචනයක් ‘බුලත් පයිය’ කියල. ඒකෙ සරල තේරුම බුලත් පුවක් හුණු දුම්කොල දමන මඩිස්සලය කියන එක. දැන් මේ වචන දෙක එකතු වෙලා එක සංයුක්ත අර්ථයකුයි නිෂ්පාදනය කරන්නෙ. හැබැයි අපි ඒ වචන දෙකෙන් පලවෙනි වචනෙ අවධානයෙන් බැහැර කරල දෙවෙනි වචනෙ විතරක් කියෙව්වොත් ඒක කුණුහරුපයක් වෙනවා විතරක් නෙවෙයි, “බැද්දේගම” යම් විදිහකට වාරණයකට ලක්වෙන්නත් ඉඩ තියෙනවා. මෙතෙන්දි සරලව තේරුම් ගතයුතු දේ තමයි පළමු වචනය විසින් දෙවන වචනයට සන්දර්භයක් සපයනවා කියන එකත්, එවිට දෙවන වචනය හුදෙකලාව අරුත් නොනිපදවා පළමු වචනය සමග එක්ව ‘එක් අර්ථ ඒකකයක්’ බවට පත්වන බවත්.

ඒ වගේම එසේ දෙයක් සිය තත්‍ය සන්දර්භයෙන් ගැලවූ විට නිරුත්සාහකව ම වෙනත් ව්‍යාජ හෙවත් ද්‍රෝහී සන්දර්භයක (false context) එය ස්ථාන ගතවීම නොවැලක්විය හැකියි. මොකද ඕනිම දෙයක් කියවීම සඳහා සන්දර්භයක් සවිඥානිකව හෝ අවිඥානිකව සැපයෙනවා. මෙලෙස තමන්ගේ ක්‍රියා සහ සිතුවිලි මෙහෙයවන දෘෂ්ටිවාද මගින් අවිඥානික ව (සමහර විට සවිඥානික ව) සැපයෙන සන්දර්භවල තබා දේවල් කියවීමෙන් සිදුවන විනාශය එසේ ව්‍යාජ සන්දර්භවල තබා දේවල් කියවනු ලබන්නාට තේරෙන්නෙ නැහැ.

පහුගිය කාලෙ ලංකාවෙ සමාජය ඇතුළෙ සිදුවුණු බොහෝ කනගාටුදායක සිදුවීම් (විශේෂයෙන් ජාතිවාදී පදනම් මත) මෙලෙස ව්‍යාජ හෙවත් ද්‍රෝහී සන්දර්භවල තබා දේවල් කියවීමේ ආනිශංස බව නොලියා ම බැහැ. ද්‍රෝහී සන්දර්භ කියන වචනය මම පාවිච්චි කළේ එවන් සදොස් සන්දර්භගත කිරීම් ඇත්තටම මානව-ද්‍රෝහී, ශිෂ්ටාචාර-ද්‍රෝහී ක්‍රියා නිසයි.

ලියවිල්ල අනවශ්‍ය විදිහට දික් උන නිසා හෝ ගානා පොකුණේ අදාළ සංවාදය තත්‍ය සන්දර්භයේ තබා කියවූවා නම් මතුවිය හැකිව තිබූ අර්ථ ගැන පසුවට, හැකි උනොත් ලියන්නම්.

Published on: Mar 29, 2020- ජාතිවාදය පැතිරවිම හරහා සිය නොහැකියාව වසා ගැනිමට රාජ්‍ය අනුග්‍රහය ලබන විවිධ කණ්ඩායම් කටයුතු කරමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙන් සදහන් කර ඇත්තේ මාර්තු 13 වැනිදායින් පසු ඉස්ලාම් දේවස්ථානවල යාච්ඥාවන් නොපැවැත්වීමට තීරණය කළ බැවින් මාධ්‍යවල සඳහන් වූ පරිදි මාර්තු 20 වැනිදා යාච්ඥාවක් කොටුව රතු පල්ලියේ නොපැවති බවයි.

කොටුව රතු පල්ලියේ පැවති යාච්ඥාවකට සහභාගි වූ පුද්ගලයකුට කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වූ පුවත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිත අදාල පුද්ගලයා මාර්තු 13 වැනිදා පමණක් එම දේවස්ථානයේ යාච්ඥාවට සහභාගි වී ඇති අතර ඔහුට කොරෝනා ආසාදනය වී ඇතැයි මාර්තු 23 වැනිදා තහවුරු වූ බවයි.

මොහු ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සිට පවුලේ අය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.එමෙන්ම මොහුගේ පියා මොහු ආසදිතයකු බව තහවුරු වීමට පෙර මාර්තු මස 21 වන දින කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර එය තහවුරු වී ඇත්තේ මාර්තු 22 වන දින බවද එම නිවේදනයෙන් පෙන්වා දි තිබේ.

මේ අනුව මාර්තු 22 වැනිදා දක්වා එම පියා සහ පුත්‍රයා ඇසුරු කළ පිරිස් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස ආරක්ෂක අංශ දැනුම් දී තිබේ.

කෙසේවෙතත් සමාජ ජාලා මෙන්ම ඇතැම් ජාතිවාදී මාධ්‍ය ආයතන මේ වනවිට විවිධ ජාතින් ඉලක්ක කර අසත්‍ය ප්‍රචාරයන් දියත් කරමින් සිටින බව පැහැදිලිව දකින්නට තිබේ.යම් ව්‍යසනකාරි තත්ත්වයන් දඩමිමා කරගනිමින් ජාතිවාදී ගිනි ඇවිලිමට කටයුතු කරන අය සම්බන්ධයෙන් නීනිය වහාම ක්‍රියාත්මක විය යුතු බව අපගේ අදහසයි.

ශ‍්‍රී ලංකා පොලිසිය හා සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව විසින් නිකුත් කරන විශේෂ නිවේදනය පහත දැක්වේ.

01. ඇඳිරි නිීතිය බල පැවැත්වෙන විට අනුගමනය කළ යුතු කරුණු

ඇඳිරි නිීතිය බල පැවැත්වෙන විට නිවසින් බැහැරව යාමෙන් සම්පුර්ණයෙන් වැළකී සිටීම.

අත්‍යවශ්‍ය භාණ්ඩ හැකි පමණින් නිවසට ගෙන්වන සේවාව මාර්ගයෙන් (Delivery Service) ලබා ගැනීම (මේ සඳහා රාජ්‍ය අනුමැතිය ලද ආයතන වල නාමයන් විද්‍යුත් මාධ්‍යවල පළ විය.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන අවස්ථාවකදී කිසිවෙකු නිවසින් පිටවිය නොහැක.අතිශයින්ම සුවිශේෂී අවශ්‍යතාවකදී පමණක් නිවසින් බැහැර වීමට පෙර අදාළ ප‍්‍රදේශයේ පොලිස් අවසරයක් (Curfew Pass) ලබා ගත යුතු අතර එය නිකුත් කරන විට කොන්දේසි අදාළ වේ.

කොරෝනා වයිරසය පැතිරී යාම වැළැක්වීම සඳහා මහජන යහපත මුල් කරගෙන රජය ඇඳිරි නීතිය පනවා ඇති බව වටහා ගෙන වගකීමෙන් ක‍්‍රියා කළ යුතුයි. ඊට පටහැනි වන තැනැත්තන්ට නීතිමය ක‍්‍රියාමාර්ග දියත් කරනු ලැබේ.

රජය ඇඳිරි නීතිය ඉවත් කරන ලද මොහොතක පහත කරුණු වලට සම්පුර්ණයෙන්ම කීකරු වී කටයුතු කළ යුතුයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසට ගෙන්වන සේවාව මාර්ගයෙන් (Delivery Service) ලබා ගැනීමට කටයුතු කළ යුතු අතර එසේ නොහැකි අවස්ථාවකදී එක් නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් පිටව යා යුතුය.

එසේ යන විට නිවසේ සිටින කුඩා හෝ මහලූ පුද්ගලයන් නොයවා තරුණ අය යාමට කටයුතු කළ යුතුය.

නිවසින් පිටව යන විට නොවරදවා මුඛ/නාස් ආවරණයක් පැළඳ ගත යුතුය.

භාණ්ඩ ලබා ගැනීමට පෝලිමේ සිටින විට එකිනෙකා අතර පරතරය මීටරයක් පමණ ඈතින් තබා ගත යුතුය.

වෙළඳපොලෙහි වැඩ කටයුතු ඉතා සුළු වේලාවකින් නිම කර ගැනීම.

නිවසින් පිටතට ගොස් පැමිණි විට වහා සබන් දමා අත් සෝදා ගැනීම හා ස්නානය කර නිවැසියන් සමග සබඳතා පැවැත්වීම.

03. ස්වයං නිරෝධායනයේ යෙදෙන විට අනුගමනය කළ යුතු කරුණු

පසුගිය සති දෙක තුළ කොරෝනා රෝගියෙකු බවට සැකකරන තැනැත්තෙකු ඇසුරු කර තිබේද? එසේ නම්, ඔබ වහාම ස්වයං නිරෝධායනයටයොමුවිය යුතුය.

01.රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින්න.

02.නිවස තුළ සිටින අන් අයගෙන් වෙන් ව නිවසේම රැඳී සිටින්න.

03.අන් අය සමග ගැවසීමේ දී අවම වශයෙන් මීටරයක් පමණ දුරස්ථ ව සිටින්න.

04.සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණයක් පළඳින්න.

05.කසින විට හෝ කිවිසන විට මුව ආවරණය කර ගන්න.

06.නිරන්තරයෙන්සබන් යොදා අත් සෝදන්න.

07.නිවසේ භාවිත කරන දෑ අන් අය සමග හුවමාරු කර ගැනීමෙන් වළකින්න.

08.භාවිත කරන දෑ පිරිසිදු කර ගන්න,භාවිත කොට ඉවතලන දෑ විනාශ කරන්න.

09.ඉවත දැමිය හැකි භාජනයක ආහාර ලබා ගන්න,රෝගියාටම වෙන් වූ වැසිකිළි හා නාන කාමර භාවිත කරන්න.

10.ස්වයං නිරෝධායනය ආරම්භ කළ දින සිට අවම වශයෙන් දින 14 ක් මෙම ක‍්‍රමය අනුගමනය කරන්න.

මෙම කාලය තුළ රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම පහත අංක අමතන්න.
0112444480/0112444481 හෝ 1933 නැතහොත්  lahd@police.lk ලිපිනයට ඊ-මේල් කරන්න.

ඔබ නිරෝධායන උපදෙස් වලට පටහැනි ව ක‍්‍රියා කළහොත් සිදුවන්නේ කුමක් ද?

නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතට අදාළවේ.

x ඔබ නිරෝධායන ක‍්‍රියාවලියට අනුගත කළ හැකිය.

x ඔබගේ ගමන් බිමන් සීමා කළ හැකිය.

x අන් අයගෙන් වෙන් කර තැබීම හෝ ප‍්‍රතිකාර සඳහා බලහත්කාරයෙන් වුවද යොමු කළහැකිය.

x ඊට අවනත නොවීම හේතුවෙන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකිය.

x වරදකරුවෙකු වුවහොත් මාස 06 ක් දක්වා සිර ද`ඩුවම් හෝරු 2,000/- සිට රු 10,000/- දක්වා දඩයකට යටත් කළ හැකිය.

ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය අනුව ද වරදකි.

මේ අතර ශ‍්‍රී ලංකාව තුල කොරෝනා ව්‍යාප්තියේ මුල් දින 15ක කාලය ජර්මනිය, ස්පාඤ්ඤය, ඇමරිකා යක රටවල මුල් දින 15 සමග සසදද්දී අවදානම් තත්ත්වයක ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දත්ත සටහනක් ඉදිරිපත් කරමින් සදහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් මුල් දින පහළොවේ දී ශ්‍රී ලංකාවෙන් 100ක් වාර්තා වෙද්දී ජර්මනියෙන් 130ක්, ස්පාඤ්ඤයෙන් 84ක්, ඇමරිකාවෙන් 75ක් වාර්තා වී තිබු බවයි.

නමුත් ඊළඟ දින 15දී එම රටවල තත්ත්වය බොහෝ දරුණු බව ඔහු පෙන්වා දෙනවා.මේ හේතුවෙන් ඉදිරි දින 15 මෙරටට ඉතා තීරණාත්මක බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා අවධාරනය කරනවා.

මේ වනවිට ශ්‍රී ලංකාවෙි කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන අතර කොරෝනා ආසාදනය වී කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කර සිටියා.

මාර්තු 23, 24 හා 26 දින වල ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග ඇති වු තත්ත්වයන්හිදි සමාජ දුරස්ථකරණය දැඩි ලෙස බිඳවැටීමට ලක්වු බවත් ඒ හරහා සිදු වන්නේ මාර්තු 25 වන දින සිට අප්‍රියේල් 7 දක්වා ප්‍රකාශයට පත් කල අවදානම් කාලය තවදුරටත් දිර්ඝ වනු ඇති බවයි.

Published on: Mar 28, 2020 – ශ්‍රී ලංකාවේ මිරුසුවිල් මිනිස් සංහාරයේ වැරදිකරුට ජනාධිපති සමාවක් ලැබී මේ සතියේ සිරෙන් නිදහස් වූ බවට වාර්තා වීම නිසා අපි කණස්සල්ලට පත් වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශක රූපට් කොල්විල් (UN High Commissioner for Human Rights Rupert Colville)විසින් ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කල මාධයි ප්‍රකාශයේ සදහන් කර තිබේ.

දශකයකට වැඩි කාලයක් තිස්සේ පැවති නඩු විභාගයකින් පසු පස් හැවිරිදි දරුවෙකු ඇතුළු සිවිල් වැසියන් අට දෙනෙකු 2000 ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු හමුදා සැරයන් සුනිල් රත්නායකට 2015 දී දඩුවම් නියම වු බවත් විත්තිකරුවන් පස් දෙනෙකු නඩු විභාගයට ඉදිරිපත් කළ නමුත් නමුත් වරදකරු වූයේ සැරයන් රත්නායක වන බවත් එම තීන්දුව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2019 මැයි මාසයේදී තහවුරු කරන ලද බවද ඔහු සදහන් කර තිබේ.

මේ වනාහී දශක ගණනාවක් තිස්සේ පැවති ගැටුමට අදාළ මානව හිමිකම් නඩුවලින් මෙතාක් දඩුවමක් ලබා දෙමින් අවසානයක් දුටු දුර්ලභ අවස්ථාවකි.

“Victims of such violations and crimes have the right to a remedy. This includes equal and effective access to justice and reparation, and that perpetrators serve a punishment that is proportionate to the seriousness of their conduct,”

ජනාධිපති සමාව යනු වින්දිතයින්ට කරන අපහාසයක් වන අතර යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අර්ථවත් වගවීමක් සැපයීමේ සිය ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම පිළිබඳ තවත් උදාහරණයකි. එවැනි උල්ලංඝනයන් හා අපරාධවලට ගොදුරු වූවන්ට පිළියමක් ලබාගැනීමට අයිතියක් ඇත.

යුක්තිය සහ වන්දි ගෙවීමේ සමාන හා පලදායී ප්‍රවේශයක් ද වැරදිකරුවන් ඔවුන් විසින් කරන ලද අපරාධයේ බැරෑරුම්කමට සමානුපාතික වන දඩුවමක් ලබා දීමක් ද එම අයිතියට ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධයෙන් අපරාධයකට වැරදිකරුවකු වු එකම පුද්ගලයාට සමාව දීම, මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා ද දුර්විපාක නොලැබීම අවසන් කිරීමහිලා ශ්‍රී ලංකාව ලබා ඇති සීමිත ප්‍රගතිය තවදුරටත් බිඳ දමන බවයි වැඩිදුරටත් සදහන්ව ඇත්තේ.

Press briefing note on Sri Lanka

Spokesperson for the UN High Commissioner for Human Rights: Rupert Colville

Location: Geneva

Date: 27 March 2020

Subject: Sri Lanka

We are troubled by reports that the convicted perpetrator of the Mirusuvil massacre, in Sri Lanka, has received a Presidential Pardon and was released from jail this week.

Former Army sergeant Sunil Ratnayake was sentenced in 2015 for the murder in 2000 of eight civilians, including a five-year-old child, after more than a decade long trial. Five defendants were brought to trial but only Sgt Ratnayake was convicted. The conviction was confirmed by the Supreme Court of Sri Lanka in May 2019.

This was one of the rare human rights cases from the decades long conflict that had ever reached conviction.

The Presidential pardon is an affront to victims and yet another example of the failure of Sri Lanka to fulfil its international human rights obligations to provide meaningful accountability for war crimes, crimes against humanity and other gross violations of human rights.

Victims of such violations and crimes have the right to a remedy. This includes equal and effective access to justice and reparation, and that perpetrators serve a punishment that is proportionate to the seriousness of their conduct.

Pardoning one of the sole convicted perpetrators of atrocities committed during the Sri Lankan conflict further undermines the limited progress the country has made towards ending impunity for mass human rights abuse

http://lankanewsnetwork.org/archives/23465

Published on: Mar 28, 2020- කොරෝන වසංගතය හේතුවෙන් අවතැන් වු ජනතාවගේ මුදල් කඩා ගැනිම සදහා කප්රුක (kapruka) දියත් කල කොල්ලකැම හසුවිමත්,එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවිමත් සම්බන්ධයෙන් අප පසුගියදා අනාවරණය කළා.එහිදි අප දුලිත් money launderingසිදුකරන බවත් kapruka බලහත්කාරයෙන් සොරාගත් එකක් බවත් අනාවරණය කල අතර අද ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඔබට ඉදිරිපත් කරමු.ඊට අමතරව දුලිත්ගේ කුප්‍රකට පියා සහ මව සම්බන්ධයෙන්ද මෙම අනාවරණයෙන් බලාපොරොත්තු වන්න.

kapruka ආරම්භය ……

www.kapruka.com නාමය සහිත ආයතනය ආරම්භ කර ඇත්තේ 2000 වසරේදී වන අතර එය පළමු ආරම්භයේදි දුලිත් සමග සුගත්, ඉන්දික නැමති අයෙකු මෙන්ම දෙහිල ප්‍රදේශයේ සිටි රාජකිය විද්‍යාලයේ මිතුරෙකු වන රවී මේ සදහා සම්බන්ධ වි තිබේ. සුගත් යනු වර්තමානයේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දරණ චූලාංගනී පෙරේරා මහත්මියගේ සැමියා වන අතර රවී මේ වනවිට PC හවුස් හි සේවය කරමින් සිටි.

2000 වසරේදි රවීගේ විවාහ උත්සවය අතරතුර දුලිත්,රවී,ඉන්දික,සුගත් අතර සිදුවු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස kapruka ආයතනය බිහිවන අතර “කප්රුක ” යන නාමය රවීගේ විසින් යෝජනා කර නිර්මාණය කරන ලදි.අදාළ ආයතනයේ මුල්‍ය කළමනාකරණය කිරිම දුලිත් බාරගෙන ඇති අතර කුප්‍රකට ව්‍යාපාරික දැනුම සහිත දුලිත් අවසානයේ මේ සියලු දෙනාගේම කණට ගසා ආයතනය සියතට ගැනිමට කටයුතු කර තිබේ.

Wells Fargo සහ kapruka

kapruka හරහා ගෙන්වනු ලබන සියලුම භාණ්ඩ වෙනුවෙන් යම් අයෙකු සිය මුදල් ගෙවිමේදි අදාළ Payment gateway හරහා එය සම්බන්ධ වන්නේ අමෙරිකානු වෙල්ස් ෆාර්ගෝ (Wells Fargo) මුල්‍ය සේවා සමාගම හරහාය.(Financial services company)

ලොකයේ මුලින්ම අන්තර්ජාල මුල්‍ය හුවමාරු ක්‍රමවේදය හදුන්වා දුන් Wells Fargo මුල්‍ය ආයතනය කළු සල්ලි සුදුකිරිමේ (money laundering) ඉදිරියේන්ම සිටින කුප්‍රකට ආයතනයක් වන අතර ඒ සම්බන්ධයෙන් අනාවරණයක් Harvard Business Review WHITE-COLLAR CRIME යනුවෙන් පලකර තිබේ.ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත ලින්ක් එක හරහා කියවිය හැක.

ලෝක මුල්‍ය ආයතන සම්බන්ධයෙන් සිදුකල සොයා බැලිමේදි Wells Fargo මුල්‍ය ආයතනය කුප්‍රකට ජාවාරම් සදහා දායකත්වය ලබදි ඇති අතර ඊට අමතරව විවිධ පුද්ගලයන්ගේ ණයපත් (credit card) දත්ත ලෝවපුරා විකුණුම් කරණයටද දායකත්වය ලබාදි තිබේ.

උද:- යම් credit card හිමිකරුවෙකු හදිසි අනතුරකට ලක්විම,හෝ යම් credit card හිමිකරුවෙකුගේ හෝ මුදල් අවභාවිතා කරමින් උපයන්නෙකු (ත්‍රස්තවාදී ක්‍රියා, හොරකම්,…ETC )හදිසියේ මුදල් ගිණුමට එකතු වුවහොත් ඒ සම්බන්ධයෙන් තොරතුරු විවිධ් කල්ලි වලට ලබාදිම වැනි ක්‍රියා වලට Wells Fargo මුල්‍ය ආයතනය දායකත්වය ලබාදි තිබේ.

දුලිත් kapruka හරහා ගණුදෙනු කරන පාරිභෝගිකයන් මේ අකාරයේ මුල්‍ය ආයතනයක් සමග සම්බන්ධ කර ඇත්තෙ ඇයි.ලංකාවේ මහා ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටින දුලිත් මේ මුදල් රටට ලැබිමට සලස්වා තිබේද?

 Harvard Business Review – https://hbr.org/2019/07/white-collar-crime

ඩිජිටල් කළු කඩකාරයා හෙවත් දුලිත්ගේ money laundering!

දුලිත් සිය Wells Fargo මුල්‍ය ආයතනය හරහා මාසිකව ගනුදෙනු (transaction) 4ක් සිදුවන අතර එය ඇමරිකානු ඩොලර් 25,000 ත් 50,000ත් අතර අගයක පවතින අතර එම ගණුදෙනු සිදුකරන්නේ කුමක් සදහාද?

‘උන්ඩියල්’ ක්‍රමය මඟින් කළු සල්ලි භාවිතා කරමින් කෝටි ගණනින් මුදල් උපයන නීති විරෝධී ව්‍යාපාරික ජාලයක් ලංකාවේ සිට දියත් වන් බව අපද අවස්ථා ගණනාවකදි අනාවරණය කල අතර මේ වනවිට ලංකාවේ ඉහල පෙළේ ව්‍යාපාරිකයන්,දේශපාලඥයන්,ක්‍රිඩකයන්,පොලිස් නිළධාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටින අතර ඒ අතර කප්රුක හිමිකරු දුලිත් ද සිටින බව මේ වනවිට තහවුරු වි තිබේ.

භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී විශාල ප්‍රමාණයේ ගෙවීම්, මුදල් මඟින් සිදු කිරීම ද මුදල් විශුද්ධිකරණයේ තවත් ලක්ෂණයක් වන අතර දුලිත් සතු මෙම ජාලය හරහ එය පහසුවෙන්ම කිරිමට ඔහු සමත්ව සිටි. යම් නීත්‍යනුකූල ව්‍යාපාරයක් (Front Companies) ඉදිරියට දමා එයට මුවා වී සිදු කෙරෙන නීති විරෝධී ක්‍රියා මගින් විවිධ කණ්ඩායම් මුදල් සපයා ගැනිම සුලබ කාරණයක් වි තිබේ.

පහුගිය කාලසිමාව පුරාම රටෙ ජනතාවගේ මෙන්ම රටේ මුදල් මේ අකාරයට කොල්ල කෑ සිද්ධින් අප ඔනෑ තරම් දැක තිබේ.දුලිත්ගේ kapruka පමණක් නොව Grasshoppers Pvt. Ltd,Java Lounge යන ආයතන හරහාද සිදුවන මුල්‍ය ගණුදෙනුව් කුමක්ද?

ආදායම් බදු වංචාව…

අදාල ආයතන සමග සිදුකරන සියලුම් ගනුදෙනු වල මුදල් සියල්ලම ලංකාවේ කිසිදු බැංකුවක තැන්පත් නොවන අතර එම මුදල් සියල්ලම Wells Fargo මුල්‍ය ආයතනය සතුවේ.එම් මුදල් වලින් අවශ්‍ය ප්‍රමාණයක් ලංකාවේ සිය බැංකු වෙත ලබාගන්නා දුලිත් ඒ සදහා ඊට අනුරූපි අකාරයට Tax ගෙවිමට කටයුතු කරන අතර ඒ අනුව රටේ ආදායම් බදු වලට පවා දුලිත් වංචා කිරිමට සමත්ව තිබේ.

2002 වසර වනවිට මාසිකව කප්රුක දළවශයෙන් මිලියන 2ක් පමණ ආදායමකට හිමිකම් කී අතර පසුව 2005 වසර වනවිට මාසික ආදායම මිලියන් 5 දක්වා වැඩිවන් අතර 2015 වනවිට මාසික ආදායම මිලියන 25 දක්වා ඉහල ගොස් තිබේ.2020 වනවිට දුලිත් kapruka හරහ ලබන මාසික ආදායම මිලියන 30ක පමණ සිමාවට පැමිණ තිබේ.

kapruka හරහා විකුණන ලබන දෑ සදහා සියයට 60ක වැඩි මුදලක් අයකර ගැනිම සමාන්‍ය තත්ත්වයක් වන අතර ඇතැම් භාණ්ඩ සදහා එය සියයට 300 දක්වා ඉහල දමා තිබේ.ඒ අනුව kapruka ලබන අසීමාන්තීක ආදායම තිරණය කල හැකි අතර කොරෝනා වසංගතය හමුවේ සියයක් වටිනා සැමන් ටින් එකක් 550ක මුදලකට විකිණීම හරහාද මේම තොරතුරු ඇත්ත බව තහවුරු වේ.

සමාන්‍යයෙන් දුලිත්ගේ මාෆියා සරුවටම දියත් වන මාස කිහිපයක් තිබේ. එනම් පෙබරවාරි (වැලන්ටයින්) මාසය,අප්‍රියෙල් ,දෙසැම්බර්,හජ්,යන මාස වලය.ඊට අමතරව අම්මාවරුන්ගේ දිනය,…… වැනී විවිධ දිනයන් සදහා සිය කුප්‍රකට ව්‍යාපාර මෙහෙය විමට ද දුලිත් සමත්ව සිටි.

දුලිත් හේරත් සගවන ඔහුගේ  පියා කවුද?

My wife Anuradha Herath runs Java Lounge, my dad was a self-made businessman, my mother Thilangani Herath is known for her feng shui and my brother took the academic path to become an architect.(පියාගේ නම අනාවරණය නොකරයි…)

ලංකාවේ මුල්‍ය ආයතන(බැංකු ) සදහා පොලු තැබු සීමිත පිරිස් අතර ඉදිරියේන්ම සිටින කැෂියන් හේරත් නැමත්තා වන අතර උග්‍ර රාජපක්ෂවාදියෙකු වන ඔහු හොරකම් කිරිමේ කලාවේ පිකාසෝ ලෙසද නම්දරා සිටි.කැෂියන් හේරත්ට එරෙහිව නඩු විශාල සංඛ්‍යාවක් ඇති අතර මිනිසුන්ගේ මුදල් දේපළ කොල්ල කෑම සම්බන්ධයෙන් එල්ල වු සාපය හමුවේ කැෂියන් අද මොළේ පිලිකාවකට ලක්ව එක්තැන්ව සිට්න නමුත් දුලිත්ගේ මව වන තිලංගනී හේරත්ගේ ෆෙන්ග්ෂුයි බලයටවත් ඔහුව බේරා ගැනිමට හැකි වි නෑ.

කැෂියන් හේරත් කල එක් හොරකමක්!

පැන් එෂියා (Pan Asia Bank) බැංකුවට කැෂියන් දැවැන්ත මුල්‍ය වංචාවක් සිදුකල අතර එවකට අදාළ ශාඛාවේ කළමනාකරු ලෙස කටයුතු කලේ කෙනත් මෙන්ඩිස් නැමත්තේකු වන අතර අද වනවිට ඔහුට රැකියාව පවා අහිමි වි සිය සේසතම විකුණා ණය ගෙවිමට සිදුව් තිබේ.

තමන්ට එරෙහි නඩු නතරකර ගැනිම සදහා මෙන්ම වාසිය තමන්ගේ අතට ගැනිම සදහා එවකට සිටි නඩුකාරවරුන් වන නිහාල් ජයසිංහ,හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා යන අයට කාන්තාවන් ලබා දෙමින් අල්ල ගැනිමට දුලිත්ගේ පියා හෙවත්  කැෂියන් සමත් විය.

බුද්ධ සාසනයට කෙලවු කෙලවිල්ල ……

2012 වසරේදි අමාත්‍යංශ 18ක් සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් මීට මද වේලාවක් කලින් ලේකම්වරු 18 දෙනෙක් පත් කරනු ලැබූ අතර සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍යාංශයට, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කරනු ලැබුවේ කැෂියන් හේරත් ය.

බුද්ධ ශාසන අමාත්‍යංශයේ මුලික වගකීම බුදු සසුන දියුණු කිරීමට පියවර ගැනීම වෙනුවට රාජපක්ෂලා සමග ඩිල් දමමින් මුදල් කොල්ල කෑ කැෂියන් සිය බිරිඳ වන තිලංගනී හේරත් එවකට දියත් කල ෆෙන්ග් ෂුයි වන්දනාව සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශයේ මෙන්ම අනෙකුත් රාජ්‍ය මාධ්‍ය වල අනුග්‍රහයද ඔවුන් ලබා දිමට කටයුතු කලා.

රාජ්‍ය අනුග‍්‍රහය ලබමින්, නීති රීති උල්ලංඝනය කරමින් සහ අමාත්‍යංශ සම්පත් භාවිතා කරමින් සම්මන්ත‍්‍රණ, වැඩමුළු, පුවත්පත්, සගරා ඔස්සේ ජන මනස විකෘති කරමින්, ආනයන රජයට හිමි විය යුතු බදු මුදල් පවා වංචා කරමින් ෆෙන්ග්ෂුයි සදහා ප්‍රචාරය සිදුකල අතර මේ සදහා අන්තර්ජාල පහසුකම් ද යොදාගනිමින් මහාපරිමාණයෙන් ක්‍රියාත්මක කෙරෙන ජාලයක් බවට මෙය පත්ව තිබුනා.

ඒ සම්බන්ධයෙන් දැවැන්ත විරෝධයක් එවකට එල්ල වු බව නොරහසකි.කැෂියන් හේරත් බුද්ධ සාසන අමාත්‍යංශ ලේබලය යටතේ අපරාජිතව පිළිම වෙළඳාමේ යෙදී සිටය අතර රාජපක්ෂලාගේ බලය හේතුවෙන් කුමන විරෝධයක් එල්ල වුවද එය ව්‍යාර්ථ කිරිමට ඔහු සමත් විය.

එදා සිට අදටත් රාජපක්ෂ මිත්‍යදුෂ්ටිකයින් වෙනුවෙන් අත් පලදනා විකුණනු ලබන්නේ දුලිත්ගේ මව වන අතර තාත්තා කල දේ නොකලහොත් ඌ නොට්ටිගේ පුතා වන බවද මතක තබා ගන්න.

එවකට බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් කැෂියන් හේරත්ට එල්ල වු චොදනා පත්‍රයක්…

http://lankanewsnetwork.org/archives/23998

Published on: Mar 27, 2020 – ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කළාප සම්බන්ධයෙන් වගකීම් විරහිත කටයුතු කිරිම හේතුවෙන් වෙළෙඳ කලාපයේ කම්කරුවන්ගේ ජීවිත බරපතළ අවදානමකට පත් කර තිබේන බව වාර්තා වේ.කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංගගේ දැක්මත් නොමැති මෝඩ තින්දු මේම තත්ත්වයට බලපෑම් එල්ල කර තිබේන බවයි වාර්තා වන්නේ.

වෙළෙඳ කලාපයේ කම්කරුවන් සම්බන්ධයෙන් වත්මන් බඩතඩි අමාත්‍යවරයාට කිසිදු වගකිමක් නොමැති බව තහවුරු වන්නේ කොරෝන වසංගතය පැතිර යාම වැලැක්වීමට ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරිමත් සමග වෙළෙඳ කලාපය තුළ සිරවී සිටි සේවක සංඛ්‍යාව සම්බන්ධයෙන් සිදුකල වගකිම් විරහිත ප්‍රකාශයි.

වෙළෙඳ කලාපය තුළ සිරවී සිටින දහස් ගණනක් කම්කරුවන් ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට පියවර ගන්නා ලෙස කලාපයේ සිර වී සිටින කම්කරුවන් මෙන්ම කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක්ම මාධ්‍ය හරහ සිදුකල ඉල්ලිම් වලට අමාත්‍යවරයා සදහන් කළේ සියලුම කම්කරුවන් නිවෙස් වෙත යැවීමට පියවර ගන්නා බවත් කම්කරුවන් විශාල පිරිසක් නැති බවත් බොහෝ දෙනකු නිවෙස් වෙත ගොස් තිබෙන අතර 500ත් 1000ත් අතර පිරිසක් පමණක් සිටින බවත් ඇතැමුන් බොරු ප්‍රචාර ගෙන යන බවයි.

නමුත් අද එම ප්‍රකාශය අසත්‍යක් බව තහවුරු වු අතර ඊට අමතරව නිවස් බලා යැමට පැමිණී සේවක / සේවිකාවන්ගේ ජිවිතද බරපතල ලෙස ආණ්ඩුව සහ වගකිවයුත්තන් අනතුරේ හෙලා තිබුනා.

අද උදෑසන 5ට මෙම කම්කරුවන්ට වෙළඳ කලාපයේ ප්‍රධාන ගේට්ටුව අසල රැස්වෙන ලෙස දන්වා තිබුන අතර උදෑසන 10.30 පමණ වනවිටත් ඒ සඳහා ඔවුන්ට කිසිදු කෑම බීමක් හෝ ලබාදිමට වගකිවයුත්තන් සමත්ව නෑ.ඊට අමතරව ඔහුන් සියලුම දෙනා එකට මාර්ගයේ රැස්ව සිටි අතර ඒ හේතුවෙන් යම් COVID 19 ආසාදිතයෙකු සිටියෙ නම් සෑහෙන්න බලපැමක් එල්ල විමේ අවදානමකටද ලක්ව තිබුනා. උදෑසන 5 සිට 10.30 දක්වා රැදි සිටි කම්කරුවන් ආණ්ඩුවේ බලධාරීන්ගෙන් විමසිමේදි සදහන් කර ඇත්තේ උණ තිබේදැයි පරික්ෂා කිරීම සඳහා වෛද්‍යවරු පැමිණෙන තුරු මාර්ගයේ රැදි සිටිය යුතු බවයි.

ආණ්ඩුවේ මේ වගකීම් විරහිත නොසැලකිලිමත් හැසිරීම නිසා දහස් ගණනක් කම්කරුවන් පමණක් නොව, ඔවුන්ගේ ඥාතීන් පවා බරපතළ අවදානමකට ලක්ව සිටිති. මෙම පිරිස අතර කුඩා දරුවන්ද සිටින නිසා තත්වය වඩාත් බරපතළ විය හැක.

ඒ අනුව ඔවුන් නිවෙස් වෙත ගෙන යන බව ඊයේ දැනුම් දුන්නද ඒ සඳහා කිසිදු ක්‍රමවත් සැලැස්මක් නොතිබුණු බව මේ වන විට පැහැදිලි වී තිබේ. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා මෙන්ම රජයේ වගකිවයුතු නිලධාරින් සේවක/සේවිකාව ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන බව ඊයේ දැනුම් දුන්නද ඒ සඳහා කිසිදු ක්‍රමවත් සැලැස්මක් නොතිබුණු බව ඉතා පැහැදිලිය.

මේ අතර ඔහුන් සේවය කල සමාගම් විසින් මාර්තු මාසයට අදාළ වැටුප හෝ ලබාදී නැති අතර ආයෝජන මණ්ඩලය විසින් මෙම කම්කරුවන්ට රු. 5000ක මුදලක් ලබාදීමට කටයුතු කරන බව පැවසුවද එයද මේ දක්වා ලබාදි නෑ.

Top