Published on: Mar 19, 2020- වාර්තා වන රෝගීන් 100 දෙනෙකුගෙන් 4 දෙනෙකු අනිවාර්යයෙන්ම මරණයට පත්වෙන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය (GMOA) පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ ත්‍රස්ත සංවිධාන මර්දනය කරන ආකාරයෙන් රෝග පැතිරයෑම මර්දනය කල නොහැකි බවයි.අවුරුදු සමය වනවිට රට මළගමක් කරනවාද? නැද්ද? යන්න දැන් තින්දු කලයුතුව තිබේන බවයි එම සංවිධානය පෙන්වා දුන්නා.

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය (GMOA) කොරෝනා වෛරසය (COVID-19) පැතිර යෑම නතරකිරිමට අදාළව දිගින් දිගටම ජනාධිපතිවරයාට සහ කොරෝනා මර්දන කාර්‍ය සාධක බලකායට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කලද ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත් විමක් නොකර සිටිමට ඔහුන් කටයුතු කර ඇති බවයි.

මේ විඩියෝව බලන්න …….

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 19, 2020 – රාජපක්ෂලාගේ ජාතිකවාදි කදවුරට බලපෑම් කරමින් මහ මැතිවරණයට වෙනම කණ්ඩායමක් ලෙස හිටපු පාර්ලිමේන්‍තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් අපේ ජනබල පක්ෂයෙන් ඉදිරිපත් කල නාමයෝජනා පත්‍ර කිසිදු හේතුවකින් තොරව ප්‍රතිකේෂ්ප කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව මහින්ද රාජපක්ෂට එරෙහිව කුරුණෑගලට තරගවදින නාමයෝජනා මේ අකාරයට ප්‍රතිකේෂ්ප කර තිබේන බවයි වාර්තා වන්නේ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අපේ ජන බලය පක්ෂයේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විම සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් මතුව ඇති අතර එම නාමයෝජනා පත්‍ර වල තිබූ අපේක්ෂකයින්ගේ දිවුරුම් ප්‍රකාශ දෝෂ සහිත වීම හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප කිරීමට සිදුවූ බව කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී වරයා සදහන් කලද එය පිලිගත නොහැකි බවයි එම පක්ෂය සදහන් කලේ.

මිට අමතරව අපේ ජන බල වේගය පක්ෂයේ කොළඹ,මොණරාගල දිස්ත්‍රික්කයේ නාම යෝජනා ද ප්‍රතික්ෂේප වි තිබේ.ඒ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකු විසින් සිදුකරන ලද කුමන්ත්‍රණයක් හේතුවෙනි. (ඊයේ කල අනාවරණය පහතින් කියවන්න )

ශ්‍රිලනිපයෙන් පොහොට්ටුවට එල්ල වන බලපෑම සමනය කර ගැනිම සදහා ශ්‍රිලනිපයේ නාමයෝජනා අහිමිවු ජ්‍යෙෂ්ඨයන් රැසක් රතන හිමියන්ගේ කොඩිය යටතේ තරග කිරිම සදහා නම්කර යැවු බව අප ඊයේ අනාවරණය කල අතර ඒ සදහා රතන හිමියන් විශාල මුදලක් ලබා ගැනිමටද කටයුතු කර තිබුනා.

අපේ ජනබල පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට ඊයේ (18) නාම යෝජනා අත්සන් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග සහ හිටපු බස්නාහිර පළාත් සභා ඇමති ගාමිණී තිලකසිරි අද (19) උදෑසන තමන්ගේ නම් නාමයෝජනා පත්‍රයෙන් ඉවත් කර ගැනිමට කටයුතු කල අතර හදිසීයේ වෙනත් දෙදෙනෙකු ඇතුල් කිරිමටද එම පක්ෂයට සිදුවු අතර ඒ වනවිටත් නාමයෝජනා භාර දිම සදහා කණ්ඩායම් නායකයා ඇතුලු පිරිස ගමන් කරමින් සිට තිබේ.

මේ අතර කොරෝනා වෛරස රෝගය පැතිරයෑමේ තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය සති කිහිපයකින් කල් දැමීම සදහා නාමයෝජනා භාරගත් සැනින් කොමිසම කල ප්‍රකාශයට ආණ්ඩුවේ ඉහලම පාර්ශවයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් තිබේන බව වාර්තා වේ.

පවතින තත්ත්වය මත බොහෝ දුරට මැතිවරණය කල් දැමිමට කටයුතු කරන ලෙස සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ප්‍රගතිශීලි කණ්ඩායම් දිගින් දිගටම ඉල්ලා සිටි වාතාවරණයකදීයි මේ අකාරයට මැතිවරණය කල් දැමුවේ…

~~මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් බලාපොරොත්තු වන්න~~

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


http://lankanewsnetwork.org/archives/23713

Published on: Mar 19, 2020 – ගෝඨාභය රාජපක්ෂ(වැ.බැ) ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේ බැංකු හා මූල්‍ය ආයතන සම්බන්ධයෙන් කල ප්‍රකාශය ජනතාව මුලාවේ දැමිම සදහා සිදුකල එකක් බව අප අනාවරණය කල අතර ඊයේ “දෙරණ” අලුත් පාර්ලිමේන්තුවට පැමිණී 2500න් කා බී සතුටින් හොරකන ආර්ථික ඔස්තාර් ලෙස පෙනී සිටින බන්දුල ගුණවර්ධන කල ප්‍රකාශයෙන්ද තහවුරු වි තිබේ. ඒ අනුව අහිංසක අසරණ ජනතාවට චිනයෙන් ගෙන්වු නරක්වු සැමන් සහ ඉන්දීය පරිප්පු හැරෙන්නට වෙනත් කිසිදු සහනයක් වත්මන් රජයෙන් නොලැබෙන බව තව පැහැදිලිය.

බන්දුල ගුණවර්ධන:-රජය විසින් යෝජනා කළ බැංකු ණය සහන කාලය, ඇඟලුම් කර්මාන්තකරුවන්, සංචාරක හෝටල් කර්මාන්තකරුවන් හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණයි .

මාධ්‍යවේදී :- එතකොට පොඩි මිනිස්සුන්ට ඒ සහනය නැද්ද ?

බන්දුල ගුණවර්ධන :- නැහැ…..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා කරන ලද විශේෂ ප්‍රකාශය

“රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4% ක පොළියකට ලබා දීමට කටයුතු කරනවා.”

http://lankanewsnetwork.org/archives/23707

Published on: Mar 19, 2020- ජනතාවගේ හදවත් දිනාගත් බිම් මට්ටමේ පාක්ෂිකයින්ගේ දුක,කඳුළු හදුනන සියලු නායකයින් පක්ෂයෙන් එළවා දමා අතලොස්සක් සිටින පක්ෂයකට නායකත්වය දිමට ඔබතුමා දරණ උත්සහය පිළිකුලින් යුක්තව ප්‍රතිකේෂ්ප කරන අතර මේ ලිපිය ලියන අද දින දක්වා පක්ෂය එකමුතු කරයි යැයි සිතුවත් එය ඔබතුමාගෙන් ඉටු නොවන නිසා “එක්සත් ජාතික පක්ෂය බොරැල්ල කනත්තට ගෙන යාමට ඔබ සුදානම් කරන බස් රථයෙන් මම බැස යන බව” දන්වා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් කළමනාකරු සුරේෂ් ද සිල්වා එක්සත් ජාතික පක්ෂයෙ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් කියා සිටි…

එක්සත් ජාතික පක්ෂය බොරැල්ල කනත්තට ගෙන යාමට ඔබ සුදානම් කරන බස් රථයෙන් මම බැස යමි…. සම්පූර්ණ ලිපිය පහතින් කියවන්න

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 18, 2020 – ශ්‍රී නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා නිදහස් පක්ෂය සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පාවාදි මීට ස්වල්ප වේලාවකට පෙර බත්තරමුල්ලේ පොහොට්ටු කාර්‍යාලයට පැමිණ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ගොස් ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අර්බුදය මවා පෙන්විම සදහා පෙරේදා නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම සඳහා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර නාමයෝජනා පත‍්‍ර අත්සන් නොකර නැවත හැරී පැමිණ ඇත්තේ කුමන්ත්‍රණයේම කොටසක් ලෙස බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

පසුගිය දින කිහිපයේ, දිස්ත්‍රික් කිහිපයකට වෙනම තරග කිරිමට හෝ තනියම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කිරිමට සුදානම් බව පවසමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයනට මෙන්ම පාක්ෂිකයන්ද රැවටිමට ලක්කල දයාසිරි ඒ සියලු දෙනාටම වලකපා ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතරයකට මහා මැතිවරණය සදහා පොහොට්ටුව නියෝජනය කරමින් නාමයෝජනා නොලැබුන අතර ඊට එල්ල වු දැඩි විරෝධය හමුවේ විවිධ තින්දු ගනන බවට දයාසිරි ජයසේකර දැනුම් දි තිබුනද පසුව ජංගම දුරකතනය විසන්ධි කර දමා නිහඩව සිට තිබේ.ශ්‍රිලනිපයේ බහුතරයකගේ නාමයෝජනා අහිමිකිරිම පසුපස දයාසිරි සක්‍රියව කටයුතු කර තිබේන බව මේ වනවිට අනාවරණය වි ඇති අතර ඊළග ආණ්ඩුවෙ ප්‍රභලම අමාත්‍ය ධුරයක් ඒ වෙනුවෙන් හිරිකිතයකින් තොරවම ඒ සදහා පොහොට්ටු නායකයන්ට උදවු කර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

අතන ..මෙතන.. රතන.. වංගුවක් ගහලා…

මේ අතර ශ්‍රිලනිපයෙන් පොහොට්ටුවට එල්ල වන  බලපෑම සමනය කර ගැනිම සදහා ශ්‍රිලනිපයේ නාමයෝජනා අහිමිවු ජ්‍යෙෂ්ඨයන් රැසක් රතන හිමියන්ගේ කොඩිය යටතේ තරග කිරිම සදහා නම්කර යවා ඇති අතර ඒ සදහා රතන හිමිගේ පක්ෂයට විශාල මුදලක් ලබාදිමට කටයුතු කර තිබේන බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ශ්‍රි ලනිපයේ ජ්‍යෙෂ්ඨයන් හමුවු දයාසිරි පවසා ඇත්තේ රතන හිමියන් නායකත්වය දෙන අපේ ජනබල පක්ෂය දිස්ත්‍රික් කිහිපයකින් මන්ත්‍රීධුරයක් බැගින් ලබා ගැනිමට හැකියාව ඇති බවත් එම ලබා ගන්නා මන්ත්‍රීධුරයට වැඩිම මනාප ලබා ගනිමින් පත්විම ශ්‍රිලනිපයේ කණ්ඩායමට හැකි බවයි. ගාමිණි තිලකසිරි,ජිවන් කුමාරතුංග, නීශාන්ත මුතුහෙට්ටිගම ඇතුලු දිස්ත්‍රික් ගණනාවක ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් රතනගේ  ලැයිස්තු වලට ඇතුල් කර තිබේ.
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 18, 2020 – “රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4% ක පොළියකට ලබා දීමට කටයුතු කරනවා.” උපුටා ගැන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා කරන ලද විශේෂ ප්‍රකාශය

ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට පිරිප්පු කිලෝවක් රුපියල් 65 කටද සැමන් ටින් එකක් රුපියල් 100 කටද විකිණීමට ද නියෝග කරමින් ලැජ්ජාවක් නොමැතිව කබලෙන් ලිපට වැටි සිටි ජනතාවගෙන් ඡන්දය හිගා කෑ ගෝඨාභය රාජපක්ෂ(වැ.බැ) ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේ බැංකු හා මූල්‍ය ආයතන සම්බන්ධයෙන් කල ප්‍රකාශය ජනතාව මුලාවේ දැමිම සදහා සිදුකල එකක් බව මහ බැංකුව මෙන්ම මුල්‍ය ආයතන් ප්‍රධානින් රැසක් අප විශේෂ වාර්තාකරු සමග සදහන් කර තිබේ.

මන්ද රටේ මුල්‍ය හැසිරවිම සම්බන්ධයෙන් ජනාධිපතිවරය ප්‍රකාශයක් සිදු කිරිමට පෙර ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ මෙන්ම මහා බැංකුවේ විශේෂඥ සහය ලබාගත යුතු නමුත් එම ප්‍රකාශයෙන මේ දක්වාද  මහා බැංකුව එවැනි කිසිම දෙයක් සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව අද (19) ජනාධිපතිවරයාට දැනුම් දි තිබේ.මීට අමතරව රටේ පෞද්ගලික මුල්‍ය ආයතන ප්‍රධානින්ගෙන් අප විශේෂ වාර්තාකරු කල විමසීමේදී ඒ අකාරයේ කිසිදු දැනුවත් කිරිමක් හෝ ඉල්ලිමක් රජය හෝ මහ බැංකුව සිදුකර නොමැති බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ යහපාලන ආණ්ඩුව ඉතා අඩුමිලට ලබාදුන් පොහොර මිට්ය නොමිළේ ලබාදීමට කටයුතු කරන බව වේදිකා මත කී ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පාලනය මේ වනවිට රටේ ගොවී ජනතාවට සල්ලී දි හෝ පොහොර ගැනිමට හැකියාවක් නැතිකල අයුරු මතක තිබේ නම් මේ කතාව දෙසද ඒ විදියට බැලිම යහපතකි. මන්ද අවසානයේ මාස 6ක් තමන්ගේ වාහනයේ ලිසීං වාරික නොගෙවා සිටිම සහ බැංකු ණය ලබා ගැනිම සදහා ජිවත් වන ඉඩම උකසට තබා ඇති අහිංසක ජනතාවට අවසානයේ සිදුවන්නේ බෙල්ලේ වැල දා ගැනිමට මිස වෙන කිසිම කිසිවක් නොව.
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 18, 2020 – ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජේ. ජී. ටී. වීරරත්න (සභාපති වි), එස්. ශර්වානන්ද (වි) සහ අභියාචනාධිකරණ විනිසුරු කේ.සී.ඊ. ද අල්විස් (වි) සමන්විත විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් 1980 අගෝස්තු 29වන දින ඉදිරිපත් කළ වාර්තාවේ පරිදි සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක විසින් කරනු ලැබූ බලය අනිසි ලෙස හෝ අයථා ලෙස පාවිච්චි කිරීම හේතු කොට ඇය ප්‍රජා අශක්නුතාවයට යටත් කළ යුතු බවට 1978 අංක 07 දරණ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 9 වැනි වගන්තිය මගින් නිර්දේශ කර තිබුණි.

‘‘විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය” අතීතයටද බලපාන ක්‍රියාකාරකම් පාලනයට සහ දඩුවම් නියම කිරීමට ඇති හැකියාව අභියෝග කරමින් නඩු ව්භාග කරමන් තිබියදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81.2 අනුව්‍යවස්ථාව අනුව වසර 7කට අහිමි කිරීමට එවකට පාර්ලිමේන්තුව ක්‍රියා කළේය.

(සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට එදා පාර්ලිමේන්තුව ගත් ක්‍රියාමාර්ගය වැරදි සහගත බව පසුව  පාර්ලිමේන්තුව විසින්ම යෝජනා සම්මතයකින් තීරණය කළේය.)

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානයකගේ සහතිකය 19යට වැරදි ලෙස ලබාගත් ක්‍රියාවලිය විමසීමේදී එයට සම්බන්ද වූ අයගේ අයගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම දක්වා දඩුවම ව්‍යාප්ත කිරීමට සිදුවන්නේ නීතියේ පාලනය බිදවැටීමට අවස්ථාව නොදිය යුතු හෙයින් සහ තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඩුවම් ලබාදිය යුතු ගෙයිනි. එහිදී සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහොසි කළ ආකාරයේ වැරදි සහගත බවක් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානයකගේ සහතිකය 19යට වැරදිය ලෙස ලබාගත් අයගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේදී සිදු නොවන බවද ලියුම්කරුගේ අදහසයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමය කරන බවට වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4වන සහ 7වන උපලේඛනවල ඇති දිව්රුම් දීම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම සිදු කරයි. එකී දිව්රුම දීම කඩ කිරීම බලවත් වරදකි. එමෙන්ම නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ යන්න පාර්ලිමේන්තුවට සහ එහි මන්ත්‍රීවරුන්ටද අදාල වේ.

පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ පනත් කෙටුම්පතක් නීතියක් වීම යන්නෙහි වෙනස, පනත් කෙටුම්පතක් නීතියක් වීමට පෙර කථානායකවරයා අනුගමනය කළ යුතු 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානය, පනත් කෙටුම්පතක් නීතියක් වීමට අවශ්‍ය 80.2 ව්‍යවස්ථාව, 19යට දැන් කළ යුත්තේ 2015 සිටි කථානායක සිදුකළ ව්‍යවස්ථා වැරැද්ද නිවැරදි කිරීම මිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ගෙන 19ය ඉවත් කිරීම නොවන බවත්, 2/3 ඡන්දයෙන් සම්මත වී ඇති නමුත් තවමත් නීතියක් වී නැති 19ය නීතියක් කළ යුත්තේනම් එය නීතියක් කරන්නේ කෙසේද? යන්න විමසීමේදී  ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානායකවරයාගේ සහතිකය 19යට වැරදියට ලබා ගෙන ඇති බවත්, එයට සහාය දුන් අය ප්‍රජා අශක්නුතාවයට යටත් කළ යුතු බවත් ජනතාවගේ අවධානයට ‍යොමු විය යුතුය.

පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීම අතර වෙනස….

පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ පනත් කෙටුම්පත නීතියක් වීම අවස්ථා 2කදී සිදු වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පෙන්වා දිය හැකිය. එනම 79 වන ව්‍යවස්ථාව පනත් කෙටුම්පතක් සම්මත කිරීම සම්බන්ධයෙන් ද 80වන ව්‍යවස්ථාව පනත් කෙටුම්පතක් නීතියක් වීම සම්බන්ධයෙන් ද අදාල වේ. වැඩි දුරටත් පැහැදිලි කළහොත් පනත් කෙටුම්මතක් සම්මත කිරීමේදී කථානායකවරයාගේ වගකීම එනම් ස්වකීය අත්සන ඇතිව සහතිකය යෙදීම ඇතුළු සහතිකයේ සදහන්විය යුතු කාරණා 79වන ව්‍යවස්ථාවේ දක්වා ඇති අතර කථානායකවරයා හෝ ජනාධිපතිවරයා විසින් පනත් කෙටුම්පත මත සහතිකය යෙදූ පසු පනත් කෙටුම්පත නීතියක් වන බවට පත්වන ආකාරය 80වන ව්‍යවස්ථාවේ දැක්වේ.

සම්මත කරන ලද පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීමට පෙර කථානායක අනුගමනය කළ යුතු 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානය….

පනත් කෙටුම්පතක් සම්මත වූ පසු ඒ බවට කථානායකවරයා සිය අත්සන සහිත සටහනක් මගින් පනත් කෙටුම්පතේ දැක්විය යුතු ආකාරය 79වන ව්‍යවස්ථාවේ දැක්වේ. සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත වීම, විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වීම, ජනමත විචාරණයකට යොමුකළ යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3ක ඡන්දයෙන් සම්මත වූ පනත් කෙටුම්පතක් ආදී අවස්ථාවකදී කථානායකවරයා සිය අත්සන ඇතිව සටහන තැබිය යුත්තේ කෙසේද යන්න 79 වන ව්‍යවස්ථාවේ පැහැදිලි කරයි.

ජනමත විචාරණයකට යා යුතු බවට නියම කර ඇති විධිවිධානයක් හෝ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් සම්මත වී ඇති අවස්ථාක ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවද ඒ සහතිකයේ සදහන් විය යුතු බව 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානයේ දක්වා ඇත.

ඒ අනුව 2002 දී පාර්ලිමේන්තුවට ගෙන ආ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම ජනාධිපතිවරයා වළක්වන විධිවිධානය 2015 දී පාර්ලිමේන්තුවට ගෙන ආ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේද ඇති හෙයින් එකී විධිවිධාන පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත වූ අවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව “ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට” වන සහතිකයක් එවකට සිටි කථානායකවරයා විසින් යෙදිය යුතුව තිබුණි.

79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව කථානයකවරයා 2015 පාර්ලිමේන්තුවට ගෙන ආ 19යට සිය සහතිකය  (“ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට”)  යොදා නැති බවත් සහ 80.2 ව්‍යවස්ථාව අනුව 19ය නීතියක් වී නැති බවත් රට හමුවේ එළිදරව්වූයේ 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනාගේ තීන්දුව සමගය.එතෙක් එනම් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තෙක්  19යේ තිබූ 33.2.(ඇ) අනුව්‍යවස්ථාව මගින් 70 ව්‍යවස්ථාවේ ඇති පාර්ලිමේන්තුව ව්සුරුවිය නොහැකි වසර 4 1/2 සීමාව යටපත්වන බව ජනාධිපතිවරයාට සහ ජනතාවට උපකල්පනය කරමින් සිටීමට අවස්ථාව තිබුණි. එහෙත් ඒ උපකල්පනය වැරදි බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුව අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් 2018.12.13 දිනැති මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවෙන් සනාථ වේ. එනම් පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිට අමතර බලතල ඇති 33.2.(ඇ) අනු ව්‍යවස්ථාව 70 වයවස්ථාවට යටත්ව කියවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසු ජනාධිපතිට හෝ ජනතාවට තව දුරටත් සිය උපකල්පනවල සිටිය හැකි නොවේ.

2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුව අවලංගු කිරීමත් සමග 2015 දී කථානායකවරයා 19ට සහතිකය යොදා අත්තේ 33.2.(ඇ) ව්‍යවස්ථාව මගින් 70 ව්‍යවස්ථාව යටපත් නොකරන අවස්ථාවකය. එනම් 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19යට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් 2015 දී කථානායකවරයා 19යට 79 ව්‍යවස්ථාට සහ 80 ව්‍යවස්ථාවට පටහැනිව සහතිකය යොදා ඇත.

ඒ අනුව 2018.12.13 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මගින් පාර්ලිමේන්තුව විසුරුවීම අවලංගු කිරීමත් සමග එවකට ධූරය දරමින් සිටි කථානයකවරයාට කිරීමට තිබුණේ 2015 සිටි කථානායකවරයා සිදු කළ වැරැද්ද නිවැරදි කරමින් එනම් 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව නිවැරදි සහතිකය යොදා එනම් “ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට” වන සහතිකය යොදා 80.2 අනු ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට 19වන ව්‍යවස්ථා සංශෝධනය  නීතියක් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමය.

එනම් 2015 සම්මත වූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට

80.2 ව්‍යවස්ථාව අනුව ජනමත විචාරණයක් මගින් ජනතාව අනුමැතිය ලබා දීමෙන් පසු ජනාධිපතිගේ සහතිකය තබා නීතියක් බවට පත් කිරීමට අවස්ථාව ලබා දීමය.

2015. 12.13 ධූරය දැරූ කථානායකවරයා ඒ යුතුකම ඉටු නොකළ අතර එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා හෝ වෙනත් මන්ත්‍රීවරයෙක් ඒ පිළිබද කථානායකවරයාගේ අවධානය යොමු කිරීමද සිදු නොකළේය.

19යට දැන් කළ යුත්තේ කුමක්ද?

2015 කථානායකවරයා විසින් 19යට සහතිකය යෙදීමේදී සිදු කර ඇති වැරැද්ද නිවැරදි කිරීමට තවමත් අවස්ථාව ඇත. ඒ 19 ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට කියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් නොව 19යට සහතිකය යෙදීමේදී කථානායකවරයා සිදු කර ඇති ව්‍යවස්ථානුකූල වැරැද්ද නිවැරදි කිරීමෙනි. එනම් 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුගමනය කරමින් “ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බව” ට වන සහතිකය තබා 80.2 අනු ව්‍යවස්ථාව අනුව නීතියක් බවට පත් කිරීමට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අවස්ථාව සැළසීමය.

එය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට පහසුවෙන් කළ හැකිය.

එමෙන්ම 19ය නීතියක්ව නොතිබියදී එයට නීතියේ බලය ලැබෙන ආකාරයට ක්‍රියා කළ අය සම්බන්ධයෙන් ද නිසි පරීක්ෂණයක් සිදුකළ යුතුය. ඒ ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම සදහාය.නැවත එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනයන් සිදුකිරීමෙන් වළක්වා ගැනීම සදහාය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19 නීතියක් ලෙස සැළකීමට කථානායකවරයාගේ සහතිකය වැරදියට යෙදීමට සම්බන්ධ වූ අය ප්‍රජා අශක්නුතාවයට යටත් කිරීම..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළ අයට දඩුවම් කිරීම සම්බන්ධයෙන්  විධිවිධාන සලසා ඇත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමය කරන බවට වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4වන සහ 7වන උපලේඛනවල ඇති දිව්රුම් දීම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම සිදු කරයි. එකී දිව්රුම කඩ කිරීම බලවත් වරදකි. එමෙන්ම නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ යන්න පාර්ලිමේන්තුවට සහ එහි මන්ත්‍රීවරුන්ටද අදාල වේ.

19යට කථානායකවරයාගේ සහතිකය ලබාගෙන ඇත්තේ 2002 දී 19යට ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කිරීමෙන් බව ඉහත කාරණා අනුව පැහැදිලි වේ. මෙය පැහැදිලිවම ව්‍යවස්ථා කුමන්ත්‍රණයකි. මෙවැනි ව්‍යවස්ථා කුමන්ත්‍රණ සොයා අදාල දඩුවම් එනම් ප්‍රජා අශක්නුතාවය නිර්දේශ කිරීමට 81 ව්‍යවස්ථාව අනුව නියම කරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවකට හැකියාව ඇත. එකී ජනාධිපති කොමිසම කරනු ලබන නිර්දේශය බලාත්මක කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව ඇත.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19 නීතියක් ලෙස සැළකීමට කථානායකවරයාගේ සහතිකය වැරදියට යෙදීමට සම්බන්ධ වූ අය ප්‍රජා අශක්නුතාවයට යටත් කරන පාර්ලිමේන්තුවක් වීමේ වැඩි නැඹුරුවක් ඇත.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.03.18)

arunaunawatuna@gmail.com

Published on: Mar 17, 2020 – කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබඳ රට රකින විරුවා යනුවෙන් තමන්ම හදුන්වා ගන්නා වැ.බැ ගෝඨාභය රාජපක්ෂ අවධාණය යොමුකර විපක්ෂයට දුම් යන්න දෙයි යනුවෙන් රාත්‍රීයේ ජාතිය ඇමතිල්ල දෙස බලාසිටි බයියන්නට් ටික වේලවක් ගතවනවිට ඇමතිල්ල හැමිනිල්ලක් බවට පත්ව ඇති බව තෙරුම්ගොස් තිබේ.

වෛරසය වසංගතයක් බවට පත්ව භීතියට පත්ව සිටින ජනතාව වෙනුවෙන් මැතිවරණය කල්දමා වහාම් පාර්ලිමේන්තුව කැදවා සාමුහිකව කටයුතු කරනු ඇති බවට මහත් බලාපොරොත්තු තබා සිටි බයියන්ට අවසානයේ ලැබුනේ පරිප්පු සහ සැමන් වල මිල අඩු කරන බවට කරන ලද ප්‍රකාශය පමණී.

ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට පිරිප්පු කිලෝවක් රුපියල් 65 කටද සැමන් ටින් එකක් රුපියල් 100 කටද විකිණීමට ද ජනාධිපතිවරයා නියෝග කළේය.අනතුරුව ලැජ්ජාවක් නැති රාජපක්ෂලා ජනතාව කබලෙන් ලිපට වැටි සිටියදි තමන්ට ඡන්දය ලබාදෙන ලෙසට ඉල්ලිමක්ද කර සිටියා.

මුලු රටම ජාතික ව්‍යසනයක ගිලුණු මොහොතක රාජ්‍ය නායකයා එයට මුහුණ දිමට සවියක් මග පෙන්විමක් කරනු වෙනුවට තම නොහැකියාව අතිතයට දොස් පවරමින් වසා ගැනිමට උත්සාහ කිරිම හාස්‍යජනකය.එපමණක් නොව ගෝඨාගේ මුළු කතාව පුරාම රටේ ජනතාවට ඒත්තු ගැනෙඉමට උත්සහ කළේ මැතිවරණ ජයගැනිම කොරෝනාව අතුරුදහන් කිරිමට එකම ප්‍රතිකර්මය බවයි.ඒ අනුව කොරෝනා මුවාවෙන් වත්මන් අසික්කීත රාජපක්ෂ ආණ්ඩුව සහ රජය ඡන්දය ඉලක්ක කර ගේමක් ගසන බවට අප කල අනාවරණයන් තවත් තහවුරු කිරිමට සමත්ව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ (වැ.බැ ) ජාතිය හැමිනිල්ල බලන්න….

Published on: Mar 17, 2020- තුනෙන් දෙකද, ජනතාවගේ ජීවිතය ද යන්න අද රට හමුවේ ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නය බවත් උත්ගතව ඇති සියළු තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ සුදුසුම ස්ථානය පාර්ලිමේන්තුව බැවින් වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙස සමඟි ජන බලවේගය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් යලිත් ඉල්ලා සිටිනවා.සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානී හරින් ප‍්‍රනාන්දු මහතා මාධ්‍යයට නිකුත් කර තිබේන නිවේදනය පහත දැක්වේ.

කෙරෝනා තත්ත්වය වසංගතයක් බවට ව්‍යාප්ත වෙද්දී, තම ජයග‍්‍රහණය සහතික නිසා, මැතිවරණය පැවැත්වීම දිනකට හෝ වෙනස් නොකරන්නේ යයි වහසි බස් දෙඞීම තුළින් සහ කොරෝනා මර්ධනයට තුනෙන් දෙකක බලය අවශ්‍ය යයි ආන්ඩුවේ මැතිඇමැතිවරුන් කරනු ලබන ප‍්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ, කුමන මිලක් හෝ ගෙවා තුනෙන් දෙකේ ෆැන්ටසිය සැබෑ කර ගැනීමට දරන අමානුෂික ස්ථාවරයයි.

තුනෙන් දෙකද, ජනතාවගේ ජීවිතය ද යන්න අද රට හමුවේ ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නයයි. මේ පිළිබඳව මැතිවරණ කොමිසම ට ජන ජීවිතය වෙනුවෙන්, වගකීමෙන් ඔබ්බට ගිය වගවීමක් තිබෙන බැව් අවධාරණය කරමු.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණය පනතේ 24.1.3 වගන්තිය යටතේ තමාට පැවරී ඇති බලතල, මේ මොහොතේ මැතිවරණ කොමිසම ක‍්‍රියාවට නැංවිය යුතුය. නාමයෝජනා බාර ගැනීමෙන් පසු ප‍්‍රමාණවත් කාලසීමාවකට මැතිවරණය කල් දැමීමට එමගින් කොමිසමට බලය පැවරේ.

ආණ්ඩුව දිනෙන් දිනම තම අසමත්කම් හා නොහැකියාවන්, ප‍්‍රදර්ශනය කරමින් සිටී. ජනතා අභිලාශයන් බිඳවැටෙමින් පවතින වාතාවරණය තුළ, ආන්ඩුවේ එකම අරමුණ කොරෝනා වසංගතයේ සැබෑ තත්ත්වය රටට අනාවරණය නොකොට මහා මැතිවරණය පැවැත්වීමයි.

මැතිවරණය තුළ සිය දේශපාලන ප‍්‍රචාරක වාසිය සඳහා කොරෝනා වසංගතය, පාස්කු ප‍්‍රහාරයේ දෙවන ව්‍යාපෘතිය බවට පත්කර ගැනීමට දරන ප‍්‍රයත්නය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

සියළු මාධ්‍ය පාහේ තම අණසක යටතේ රඳවා ගනිමින් විපක්ෂ සඳහා වූ, ප‍්‍රචාරක වැඩපිළිවෙළ වන රැස්වීම්, සම්මන්ත‍්‍රණ තහනම් කිරීමේ නියෝග පනවමින්, පවත්වන්නට සූදානම් වන මැතිවරණය තුළ දිස්වන්නේ, විපක්ෂය සඳහා වූ සමබිම නිර්මාණය වීමට පවා ඇති අවකාශය අහුරා දැමීමකි. මැතිවරණ ව්‍යාපාරය තුළ සියළු පක්ෂ වලට සාධාරණ ප‍්‍රචාරක අවස්ථාවන් සැලසීම, මැතිවරණ කොමිසමේ අවධානය යොමු විය යුතු කරුණකි.

උත්ගතව ඇති සියළු තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ සුදුසුම ස්ථානය පාර්ලිමේන්තුවයි.

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඉල්ලීමට වහාම ප‍්‍රතිචාර දක්වන ලෙස අපි යළි යළිත් බල කරමු. එසේ නොකරන්නේ නම් එය ජනතාවගේ එය ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව යළි කැඳවීමට,ජනාධිපතිවරයාට ඇති බලතල වහාම ක‍්‍රියාවට නැංවීය යුතුය.

මේ පිළිබඳව මහා මැතිවරණයට තරග කරනු ලබන සියළු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල දැඩි අවධානය යොමු කළ යුතු බවට අපි අවධාරණය කරන්නෙමු. මේ තීරණාත්මක හෝරාවේ සියළු මතවාද පසෙක ලා ජනතාවගේ ජීවිතය නම් සාධකය සම`ග එකට පෙළගැසීම සියළු දෙනාටම ආරාධනා කරමු.

හරින් ප‍්‍රනාන්දු

සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානී

Published on: Mar 17, 2020- එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන කිසිඳු(දෙස්/විදෙස්) ගුවන් මගියෙකුට ඊයේ මධ්‍යම රාත්‍රීයේ ගුවන් පහසුකම් ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා සේවා අධිකාරිය සියළු ගුවන් සේවා ආයතන වෙත පැහැදිලිව උපදෙස් ලබාදී තිබියදි සීමිත ආසන ඉඩ පහසුකම් වලට SriLankan Airlines (UL 504) යානය දේශපාලන ප්‍රබලයන් කිහිපදෙනකුගේ ළමුන් හා හිතවතුන් පමණක් රැගෙන අද පස්වරු 12:40 Colombo (CMB) බණ්ඩාරනායක ගුවන් තොටුපලට පැමිණ තිබේ.

ඒ ඊයේ බ්‍රිතානයේ වේලාවෙන් රාත්‍රී 20:40 London (LHR) SriLankan Airlines (UL 504) යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබු සියලු මගීන්ගේ Flight Booking Itinerary අවලංගුකොට එම මගීන්ට Email පණිවිඩ යැවීමට ශ්‍රී ලංකන් ගුවන් සමගම කටයුතු කොට තිබියදිය.එංගලන්තයේ සිට පැමිණි විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් රජයට සම්බන්ධ දේශපාළඥයන්ගේ දරුවන් සහ ව්‍යාපාරිකයන්ගේ දරුවන් සහ ඔවුන්ගේ මිතුරු කණ්ඩායම් කිහිපයක්ද එක්ව තිබේ.ඒ සාමාන්‍ය පවුල් වල ශිෂ්‍යන් ගනාවක් ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ හිර ව සිටියදියි.

ඒ අතර ලක්ෂමන් වසන්ත පෙරේරගේ පුතා, මහින්ද යාපගේ පුතා, මහින්දානන්දගේ පුතා, ධම්මික පෙරේරාගේ දියණිය ඇතුලු ප්‍රභූන් යැයි හඳුන්වන සීමිත පිරිසක් එම ගුවන් ගමනට එක්ව ඇති අතර එම පිරිසට ඇමෙරිකාවේ සිට එංගලන්තයට පැමිණි මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පුත් පසන් අමරවීර ද එක්ව තිබේ.

අදාල කණ්ඩායම පසුව දියතලාව පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට ගොස් ඇති අතර ඒ සදහා දියතලාවේ පිහිටි යුධහමුදාව සතු නිළධාරී බංගලා කිහිපයක් යොදවාගෙන තිබේ.එය යුද හමුදාපතිවරයාද මෙ වනවිට තහවුරු කර අවසන්.

මේ අතර එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් ප්‍රශ්නකොට සිටින්නේ තමාගේ ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීම් මෙසේ අවලංගු කොට දේශපාලන බලය ඇති පුද්ගලයන්ගේ නෑදෑ හිතවතුන් හා සමීපතයන් රටට ගේනවා ගැනීම කොතරම් සාධාරණද යන්නයි . එසේම නීතිය සැමට එක ලෙස බලනොපාන්නේ මන්දැයි ඔවුන් රජයෙන් ප්‍රශ්න කර සිටිනවා.

මේ අතර අදාළ ගුවන් යානය පැමිණ පැය දෙකක් ඇතුලත අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.ඒ අනුව අද සිට සති දෙකක් යන තුරු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

Published on: Mar 17, 2020- පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් පැනනැගී තිබේන බරපතල තත්ත්වය හමුවේ රාජපක්ෂලා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව කොරෝනා වෛරස හේතුවෙන් රටතුල ඇතිවි ඇති තත්ත්වය දේශපාලන වාසිය වෙනුවෙන් භාවිතා කිරිම සම්බන්ධයෙන් එහිදි දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේන අතර පවතින තත්ත්වය හමුවේ රජයට වාසිදායක තත්ත්වයක් නොමැති විම සම්බන්ධයෙන්ද දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේන බවයි අපගේ දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ඒ අනුව වසංගත තත්ත්වය දේශපාලන වාසියක් ලෙස යොදා ගැනිම සදහා 17,18,19 යන දින දෙක වැඩකරන දින ලෙස පවත්වාගෙන ගොස් නාමයෝජනා භාර ගැනිමේ කටයුතු අවසන් කර 19 රාත්‍රියේ සිට හදීසී තත්ත්වයක් ප්‍රකාශයට පත්කර යලිත් ජනතාව රැස්වෙන වැඩසටහන් සියල්ලම් අවලංගු කිරිම ආණ්ඩුවේ මැතිවරණ මෙහෙයුම බවට පත්කරගෙන තිබේ.

විපක්ෂය ඇතුලු සේසු දේශපාලන පක්ෂවල මැතිවරණ ප්‍රචාරක කටයුතු නෛතික භාවය තුල නතරකරන රාජපක්ෂවරුන් රාජ්‍ය මාධ්‍ය හා ජධ මාධ්‍ය මෙන්ම රාජ්‍ය ආයතන යොදා ගනිමින් සිය මැතිවරණ වයාපාරය සිදුකිරිමට කටයුතු යොදා තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

රාජපක්ෂලාට සන්ධාන භීතිකාවක්!

මේ අතර රාජපක්ෂලාගේ ජාතීකවාදී කඳවුර වෙනම මැතිවරණයට තරග කිරිමත්,ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හදිසීයෙම පොහොට්ටුවෙන් ඉවත්ව තනිවම තරග කිරිමේ තත්ත්වයක් මතුවිමත්,ශ්‍රි ලනිපයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතරයක් සජිත්ගේ නායකත්වයෙන් යුත් ජාතික සමගී බලවේගය සමග සන්ධාන ගත විමත් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු බලවේග ජාතික ජන බලවේගයෙන් තරග කිරිමත් හේතුවෙන් විපක්ෂයේ සන්ධානයක් බිහිවිමේ අනතුරක් මතුව ඇති බව මෙම සාකච්ඡාවේදි මතුව තිබේ.

එහිදි බැසිල් රාජපක්ෂ සදහන් කර ඇත්තේ කළුතරට කුමාර වෙල්ගම සජිත් සමග තරග කිරිම බරපතල තත්ත්වයක් නිසා තමන් ශ්‍රිලනිපයට කලුතර ඇතුලු දිස්ත්‍රික් කිහිපයකට වෙන්ම තරග කරන ලෙස දැනුම් දුන් බවයි.මිට අමතරව ඥානසාර හිමි කුරුණෑගලින් මැතිවරණයට ඒමද සaජුවම මහින්දට බලපාන බවත් එහිදි සාකච්ඡා වි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ශ්‍රිලනිප, පොහොට්ටු අර්බුදය

මේ අතර නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම සඳහා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නාමයෝජනා පත‍්‍ර අත්සන් නොකර නැවත හැරී පැමිණ තිබේ.

කෙසේවෙතත් අද සවස ශ්‍රිලනිප මුලස්ථානයට පැමිණි පක්ෂ මහාලේකම් දයාසිරි ජයසේකර එම ස්ථානයට පැමිණ සිටි පාක්ෂිකයින්ගෙන් එල්ල වුනු දැඩි පිඩනය හමුවේ ලංකාවටම තනිව තරග කිරිමට ශ්‍රිලනිපය ඉදිරි 24 පැය තුල සාකච්ඡා කිරිමට කටයුතු කරමින් සිටින බවට ප්‍රකාශයක්ද කර තිබේ.නමුත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ හුදෙක් එල්ල වුනු බලපෑම හමුවේ එම ප්‍රකාශය කර දයාසිරි එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවයි.එම අවස්ථාවට නාමයෝජනා නොලද ජිවන් කුමාරතුංග මහතාද එක්ව තිබේ.

මේ අතර නාම යෝජනා පත‍්‍ර සකස් කිරීමේදී තම පක්‍ෂයට ලැබෙන අවස්ථාවන් අනුව ඉදිරියේදී පක්‍ෂය තනිව තරඟ කරන දිස්ත්‍රික්ක ප‍්‍රමාණය වැඩිවිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා ඊයේ රාත්‍රියේ සදහන් කළා.නාම යෝජනා පත‍්‍ර සකස් කිරීමේදී බොහෝ දිස්ත්‍රික්කවලින් තම පක්‍ෂයට ලැබී ඇත්තේ අවම අවස්ථාවන් බැවින් මහ මැතවරණයට තනිව තරග කළ යුතු බවට සංවිධායකයන්ගෙන් දැඩි පීඩනයක් එල්ලවෙන බවයි ඔහු පෙන්වා දි ඇත්තේ.

මහ මැතිවරවරණයේදී කලුතර, නුවරඑළිය, වන්නිය හා යාපනය දිස්ත්‍රික්ක හතරට තරග කිරීමටත් ඉතිරි දිස්ත්‍රික්ක සඳහා සන්ධානයෙන් තරග කරන්නේද නැද්ද යන්න හෙට (17) දහවල් පැවැත්වෙන දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීන්දු කිරීමට නියමිතයි.

Published on: Mar 17, 2020- එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවිම යටතේ “සමඟි ජන බලවේගය” දේශපාලනයෙන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බවට අප කල වාර්තා ඇත්තක් බවට පත්කරමින් බැදුම්කර හොරුන්ගෙන් විවිධ වරප්‍රසාද ලබන් කිහිප දෙනෙකු “සමඟි ජන බලවේගය”ට එරෙහිව හෙට (18) අධිකරණය හමුවට යෑමට නියමිත බව වාර්තා වේ.

අප පසුගිය 14 වැනිදා කල අනාවරනය පහතින් කියවන්න 

සජිත් කරමුලටම හිරවේ !! හෙට නාමයෝජනා ගැන නඩුවක්!!! යනුවෙන් සම්බන්ධයෙන් අද සවස කලින් මධ්‍යස්ථ මතධාරීන් ලෙස පෙනී සිටි SL VLOG විසින් විඩියෝවක් නිකුත් කර තිබේන අතර එම විඩියෝවට අනුව සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස පෙනී සිටින කලක් මෛත්‍රීපාල සිරිසේනගේ විද්යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල ඔෂල හේරත් නැමැත්තා අධිකරණ හමුවේ “සමඟි ජන බලවේග” පක්ෂයේ නෛතීක භාවය සම්බන්ධයෙන් අභියෝගයට ලක්කර කෙසේ හෝ නාමයෝජනා ලබාදිමට ඇති අවස්ථාව නතර කිරිමටයි.ඒ සදහා රාජපක්ෂලාගේද සහය රනිල්ට ලැබි තිබේන නමුත් නීතිය නොදැන ඔහුන් කටයුතු කරන බව අද නිකුත් කල විඩියෝවට අනුව ඉතාම පැහැදිලිය.

පළමුව ඔබ මෙම විඩියෝව නරඹන්න…..

SL VLOG මොනවාද මේ කියන්නේ….

ඒ අනුව ඔහුන්ගේ පළමු තර්කය වන්නේ පක්ෂ ව්‍යවස්ථාවේ 22. 11 වන ව්‍යවස්තාව මගහැරීමයි…

පක්ෂයකට එය කල හැකියි. එසේ කර ඇත්තේ අපේ ජාතික පෙරමුණේ විධායක සභාව මගිනි. එය වැරදි නම් අභියෝග කල හැක්කේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ කෙනෙකුට මිස ඔෂලට හෝ වෙනත් අයෙකුට නොවේ.පක්ෂ ව්‍යවස්තාවක් යනු සාමාජිකයන් හා පක්ෂය අතර පවතින ගිවිසුමක්. එම නිසා පුරවැසියකුට එමගින් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු නොවේ.

දෙවන තර්කය-පක්ෂයක් ද? සංධානයක්ද?

සජිත් ඇතුලු එජාප සමාජිකයන් සමගී ජන බලවේගය (SJB)හරහා තරඟ කරනවනම් එජාපයට කල හැක්කේ එ අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරිමයි.නමුත් අලුත් පක්ෂයකින් තරඟකිරිම වලක්වන්න නීතියට බැහැ.කිසියම් පක්ෂයක් මේ පක්ෂයෙන් (සමගී ජන බලවේගය) තරඟ කරනවනම් එ අයටත් කිමට ඇත්තේ එ අය තම පක්ෂයෙ නැහැ කිම හෝ එ සඳහා අවසර දුන්නා කිම පමණී.

තෙවන  තර්කය- මැතිවරන කොමිසම නීතිය ඉක්මවා ක්‍රියා කරලා?

කිසිසේත්ම නැත. කොමිසමේ වගකීම වන්නේ පක්ෂ ලේකම් වරු ලබා දෙන තොරතුරු මත කටයුතු කිරීමයි.ඒ අනුව අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ලේකම්ගේ දැන්වීම මගින් තම සාමාජිකත්වය විසින් සජිත් හා රංජිත් පත් කල බව දන්වා තිබේ. ඉන් පසු නව ලේකම් රංජිත් පක්ෂයේ නම හා ව්‍යවස්තාව වෙනස් කොට දන්වා තිබේ. එ බව කොමිසම පිලිගෙන තිබේ.

SL VLOG කතාව අනුව පෙනෙන්නේ ඔවුන් දිස්ත්‍රික්ක අධිකරනය ඉදිරියේ ද අභියාචනා අධිකරනය ඉදිරියේ Quo warranto නැමති නඩුවක් මැතිවරණයෙන් පසුව දැමිමට බලාපොරොත්තු වන බවයි.

නමුත් Quo warranto නඩුව පුස්සකි. එය දැමිය හැක්කේ තේරීපත්වන මන්ත්‍රීවරයා චන්දය ඉල්ලන අවස්තාවේදී ආක්‍රව්‍ය 91 වගන්තිය යටතේ සඳහන් නොහැකියාවකින් පෙලුන බව ඔප්පු කිරිම තුලිනි. එවැනි කිසිදු නොහැකියාවකින් SJB අපේක්ෂකයකු නොපෙලෙති.

එසේම Certiorari writ ආඥාවක් ලබා ගන්නවා නම් ඒ සදහා අභියාචනාධිකරනයට ගොස් කොමිසමට එරෙහිව නඩු පැවරිය යුතුය. එ සඳහා කොමිසම බලය ඉක්මවා ක්‍රියා කර ඇතැයි ඔප්පු කල යුතුය. කොමිසම කිසිවිටකත් එසේ බලය ඉක්මවා ක්‍රියා කර නැත.

දිසා අධිකරනයෙන් තහනම් නියෝගයක් ගැනීමට නම් බැලු බැල්මට තමන්ට දිනිය හැකි නඩුවක් පවතින්නේ යයි අපේ ජාතික පෙරමුණේ පක්ෂයේ සාමාජිකයකු නඩුවක් පැවරිය යුතු අතර තමන් හා පක්ෂය අතර ගිවිසුම කඩ කර ඇති බව ඔප්පු කල යුතුය.

ඒ අනුව බැදුම්කර සල්ලි වලට යටවි කාගේ හෝ උවමනාවන් වෙනුවෙන් කඩේ යන ඔෂල හේරත්ට පුරවැසියකු ලෙස නඩුවක් දමා දිනා ගත හැකි දෙයක් නැත.

http://lankanewsnetwork.org/archives/23616

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top