Published on: Mar 16, 2020- පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ලබාදුන් නියෝගය අවලංගු කර සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කරගනිමින් කොරෝනා වයිරසය මැඩපැවැත්වීමට ජාතික වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටිනවා.

මැතිවරණය සඳහා වැයකිරීමට තිබෙන මුදල් කොරෝනා වයිරසය (COVID-19) මැඩපැවැත්වීමට යොදවන ලෙසද ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ මහජන රැස්වීම්, පත්‍රිකා බෙදීම, ගෙයින් ගෙට යාමේ වැඩසටහන් නොමැතිව ඡන්ද ව්‍යාපාරයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි.

විපක්ෂය ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානමින් සිටින බවත් පැවසූ ප්‍රේමදාස මහතා කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Published on: Mar 16, 2020- රතන හිමියන් පක්‍ෂයක් හදලා. උන්වහන්සේගේ පක්‍ෂයේ ඉන්න හාමුදුරුවරුන් දින කිහිපයකින් නාම යෝජනා දෙන්න බලාපොරොත්තු වන බව පේනවා. අප එයට විරුද්ධ වෙන්න ඕන. හාමුදුරුවරුන්ගේ දේශපාලනය ගැන අප අවුරුදු විසිපහකට වැඩි කාලයක් කතා කර තිබෙනවා. රතන හාමුදුරුවන් කරන්නේ භික්‍ෂු දේශපාලනයක් නොව ගිහි දේශපාලනයක්. උන්වහන්සේ සහ තවත් හාමුදුරුවරුන් සසුන නැති කිරීමට ඉදිරිපත් වන බවයි කියන්න තියෙන්නෙ.

රතන හාමුදුරුවන් ගැන මා අවුරුදු තිස්පහක් පමණ දන්නවා. උන්වහන්සේ හා චම්පක රණවක හිටියේ එකට. අප සමගත් ඉතා කෙටි කාලයක් කටයුතු කළා. උන්වහන්සේ බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේගේ ගෝල නමකට ඉන් පසුව කියා ඇත්තේ නාලක හාමුදුරුවන්  නලියා (මා) සමග වැඩ කළොත් නාලක හිමියන්ගේ සිවුර ගලවනවා කියා. නාලක හාමුදුරුවන් තවමත් මා සමග වැඩ කරනවා. උන්වහන්සේගේ සිවුර ගලවලත් නැහැ.

රතන හාමුදුරුවන් චම්පක සමග එකතු වී තමයි අර හාමුදුරුවරුන් දහනමක් පමණ පාර්ලිමේන්තු වැඩැම්මෙව්වෙ. එයින් සසුනට වූ යහපත කුමක් ද? ඒ අවස්ථාවේ මා ලියූ මැතිවරණය හා හාමුදුරුවන් නම් පොත් පිංචෙහි අඩංගු කරුණු අදටත් වලංගුයි. රතන හාමුදුරුවන්ට අඩු තරමෙන් ඇතිරිල්ලක් දැමූ ආසනයක් පාර්ලිමේන්තුවේ ලැබෙනවා ද? රතන හාමුදුරුවන් පසු කලෙක චම්පකගෙන් වෙන් වන්න ඇති. එහෙත් බලය ලබාගැනීමේ වුවමනාවෙන් නම් වෙන් වෙලා නැහැ. හාමුදුරුවරුන් දේශපාලන බලය සඳහා සටන් කිරීම භික්‍ෂු දේශපාලනය නො වෙයි.

ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සංධානය (එය පොහොට්ටුවෙන් තරග කිරීම වෙන ම වැඩක්) රතන හාමුදුරුවන්ට නාම යෝජනා දී නැති බවයි පේන්න තියෙන්නෙ. එය සංධානය විසින් කෙරුණු හොඳ වැඩක්. ඒ තීරණය ගැනීම ගැන අදාළ සියල්ලන්ට පිං දෙන්න ඕන. හාමුදුරුවරුන් භික්‍ෂු දේශපාලනය නොවන දේශපාලනයක යෙදීම නව කොරෝනා වෛරසයටත් වඩා භයානක වෛරසයක් පැතිර යෑමක්. නව කොරෝනා වෛරසෙයෙන් ප්‍රවේසම් වෙන්න ඕන. ඒක දෙයියන්නෙ ලෙඩක්. බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා දේශීය වෙදකමට ඉන් ප්‍රවේසම් වීමට ක්‍රම තියෙනවා. ඒ ගැන පසුව ලියන්න ඕන.

ඒත් හාමුදුරුවරුන්ගෙ මැතිවරණ දේශපාලනය සසුනට වෛරසයකටත් වඩා අහිත කරයි. රතන හාමුදුරුවන් ප්‍රමුඛ පිරිස (හාමුදුරුවරුන් හා අනෙක් අය) පරාද කරන්න ඕන. එය දීර්ඝ කාලීනව ගත් කල සසුනට යහපත් ප්‍රතිඵල ගෙන දේවි. එක්තරා ප්‍රසිද්ධ හාමුදුරුනමකට අනුව රතන හිමියන්ට හා අනෙක් හාමුදුරුවරුන්ට ඡන්දය දෙන අය අපාගත වේවි.

මැතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය නම් අදාළ හාමුදුරුවරුන්ට පළමුව උපැවිදි වෙන්න පුළුවන්. උපැවිදි වෙලා යුද්ධයට ගිය හාමුදුරුවරුන් ගැන අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. එපමණක් නොව උපැවිදි වෙලා රජ වූ සෙනරත් රජු ගැනත් අප දන්නවා. හාමුදුරුවරුන් කෙළේ රජවරුන්ට හා සෙසු ගිහියන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම මිස රජවීම නො වෙයි. රතන හාමුදුරුවන් අපේ ඉතිහාසයට ගරු කරන්නේ නැහැ. චම්පකත් ගරු කරන්නේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය රතන හාමුදුරුවන්ට නාම යෝජනා දී නැතත් බද්දේගම සමිත හාමුදුරුවන්ට නාම යෝජනා දී ඇති බව ආරංචියි. මෙය සත්‍යයක් නම් බරපතළ වරදක්. එහි සංගත බවක් ඇත්තෙත් නැහැ. රතන හාමුදුරුවන්ට එක් නීතියකුත් සමිත හාමුදුරුවන්ට හාමුදුරුවන්ට තවත් නීතියකුත් බලපාන්න විධියක් නැහැ. සමිත හාමුදුරුවන් තමයි මෙරට පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හාමුදුරුවො. එය සුදුසුකමක් නොව නුසුදුසුකමක්. මේ වැරදි නිවැරදි කර ගැනීමට කාලයයි.

සමිත හාමුදුරුවන් ඉදිරිපත් කෙරෙන්නෙ සමසමාජ පක්‍ෂයෙන් වෙන්න ඇති. ඒත් උන්වහන්සෙ නිල වශයෙන් ඉදිරිපත් කෙරෙන්නෙ සංධානයෙන්. එය වැරදියි. සමසමාජ පක්‍ෂය හරි වෙනත් පක්‍ෂයක් හරි නමක් ඉදිරිපත් කළ පමණින් ඒ නම නිල වශයෙන් ඉදිරිපත් කරන්න සංධානය බැඳිලා නැහැ. මට දැනගන්න ලැබී ඇති ආකාරයට විවිධ පක්‍ෂවලින් ඉදිරිපත් කෙරුණු ඇතැම් නම් සංධානයෙන් ප්‍රතික්‍ෂෙප කෙරී තිබෙනවා. තිස්ස විතාරණ මහතා සමිත හාමුදුරුවන්ගෙ නම වෙනුවෙන් පෙනී හිටියට උන්වහන්සේ නිල වශයෙන් ඉදිරිපත් කෙරෙන්නෙ සංධානයෙන්. සංධානය එසේ කරන්නේ සසුනට එරෙහිව.

සමසමාජ පක්‍ෂය සසුනට එරෙහි වීම හිතා ගන්න පුළුවන්. ඒ පක්‍ෂය ඉතිහාසය පුරා ම කටයුතු කරල තියෙන ආකාරයට අනුව එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවෙයි. සමිත හාමුදුරුවන් පළමු වරට පාර්ලිමේන්තු වැඩියෙ සමසමාජ පක්‍ෂයෙන්. සමසමාජ පක්‍ෂය තමයි ඒ වැරදි පූර්වාදර්ශය සැපයුවෙ. එහෙත් අද සමිත හාමුදුරුවන් නිල වශයෙන් ඉදිරිපත් වෙන්නෙ සංධානයෙන්. මහානායක හාමුදුරුවරුන් ඇතුළු මහා සංඝයා වහන්සේ පක්‍ෂවලට අනුශාසනා කෙළේ භික්‍ෂූන් වහන්සේට නාම යෝජනා නොදෙන ලෙසටයි.

සමසමාජ පක්‍ෂය උන්වහන්සේලාගේ අනුශාසනය නොපිළිගන්න එක එකී පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට අනුකූල වෙන්න පුළුවන්. එහෙත් සංධානයට උන්වහන්සේලාගේ අනුශාසනයට පිටින් යන්න පුළුවන් ද? සමසමාජ පක්‍ෂය සංධානයේ එක් පක්‍ෂයක් පමණයි. එසේ වුණත් නැතත් සංධානයට මැතිවරණ සම්බන්ධයෙන් භික්‍ෂුන් වහන්සේගේ අවවාදයට පිටින් යන්න බැහැ. හාමුදුරුවරුන් පාර්ලිමේන්තු වැඩීම සම්බන්ධයෙන් සංධානයට සමසමාජ පක්‍ෂයට හිස නමන්න බැහැ.

Published on: Mar 16, 2020 – එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් ලබාදෙන ඇතැම් මෝඩ කණ්ඩායම් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය තව තවත් අර්බුදයන් වලට මුහුණ දෙ තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

සජිත්ගේ නායකත්වයෙන් “සමගි ජන බලවේගය” කලියට පැමිණිමත් සමගින් දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විවිධ තලවල මන්ත්‍රීවරුන් සිරිකොතට කැඳවා “සමගි ජන බලවේගය” පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බවත් ඒ අනුව මැතිවරණයෙන් පත්වන මන්ත්‍රීවරුන් නිත්‍යානුකූලව දිවුරුම් දිමට නොහැකි වන බ් වටත් කෙස් පැලෙන කලුකොට් කාරයන් හරහා කියමින් බිය ගැන්විමට කටයුතු කලා.

නමුත් මේ වනවිට සජිත් ‌ප්‍රේමදාස මහතාගේ “සමගි ජන බලවේග”යට නීතිමය ප්‍රශ්නයක් ඇති බවට කියමින් සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයෙන් ප්‍රචාරය කරනු ලැබු කටකතාව මැතිවරණ ‌කොමිසම විසින් ප්‍රතික්ෂේප ‌කර තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවිම යටතේ සමඟි ජන බලවේගය දේශපාලනයෙන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයේ කොටසක් ලෙස සිවිල් ක්‍රියාකාරින් ලෙස පෙනී සිටින මුදලට ගේම් ගහන කිහිප දෙනෙකු හරහා මැතිවරණ ‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රිය මහතාට ලිපියක් යවා ඇති අතර එම ලිපියට අනුව “සමගි ජන බලවේගය” පිළිගත් ‌දේශපාලන පක්ෂයක් බව කොමිසමේ සභාපතිරයා පැහැදිලිව සදහන් කර තිබේ.

එමෙන්ම ඊට නව ව්‍යවස්ථාවක් සම්මත කර ඇති බවත්, ඊට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ඇති බවත් ‌දේශප්‍රීය මහතා ‌අවධාරණය කර තිබේ.

http://lankanewsnetwork.org/archives/23534

Published on: Mar 16, 2020 –ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කර නැති 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතමත පදනම්ව සිදු කල පාර්ලිමේන්තුව විසිරවිමේ ගැසට් පත්‍රය නිත්‍යානුකුල නැති බව හර්ෂ කුමාර් සුරියආරච්චි මහතා පෙන්වා දෙනවා.

19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව 2002 දී සත් දෙනෙකුගෙන් සැදි ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් තීරණය කරන ලදී.

ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවීමට තිබෙන බලය වසර 3 කට වඩා කාලයකට අහිමි කිරීම 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද එම තීරණයේ සදහන් විය.

එසේම මෙම උල්ලංඝනය සිදු නොවන ආකාරයට තවදුරටත් සංශෝධනය කළහොත් ජනමත විචාරණයක් නොපවත්වා 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කල හැකි බවද එහිම දැක්විය.

පාර්ලිමේන්තුව ඒ අනුව යයි පවසා යම් වෙනස් කම් කර 19 වන සංශෝධනය නැවත 2015 දී ඉදිරිපත් කරන ලදී. මෙහිදී තුන් දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් කරුණු 16ක් ගැන තම තීරණය දුන් අතර එම කරුණු 16 ට ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවිමේ බලතල අහිමි කිරීම අඩංගු නොවිණි.

ඒ අනුව 2002දී එම කරුණ සම්බන්ධයෙන් සත් දෙනෙකුගේ ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් දුන් තීරණය නිශේධනය කර නොතිබුණි. තුන් දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලකට සත් දෙනෙකුගේ ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් දුන් තීරණය අභිභවා යෑමටද නොහැකිය.තවදුරටත්,ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් නොතිබුණද 83 වන ව්‍යවස්ථාවට අනුව 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පනත් කෙටුම්පතක් සම්මත කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වේ.

නමුත් පාර්ලිමේන්තුව වැරදි උපකල්පන රැසක් කරමින් 2002තීරණයට ද,83 වන ව්‍යවස්ථාවට ද පටහැනිව යමින් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවීමට ඇති බලය වසර 3කට වඩා කාලයකට අහිමි වන සේ 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන19වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතඉදිරිපත් කර,එනමුත් ජනමතවිචාරණයක් නොපවත්වා,ව්‍යවස්ථා විරෝධී ලෙස  79 ව්‍යවස්ථාවඋල්ලංඝනයවන සේ කතානායක සහතික කර එය ව්‍යවස්ථානුකුලව සම්මත කිරීමේ ඉතිරි පියවරගැනීමෙන් වැලකි සිටි.(2015 තීරණයට පසුද පාර්ලිමේන්තුව තුල 19 කෙටුම්පතටතවත් වෙනස් කම් ඇතුලත් කරන ලදී).

පාර්ලිමේන්තුවේ උපකල්පන වැරදි බව 2018 දී සත් මඩුල්ලක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පැහැදිලි විය. එම තීන්දුවට අනුව කථානායක විසින් අත්සන් තබා ඇති 19 වන සංශෝධනයෙන් 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබු 3 වන ව්‍යවස්ථා උල්ලංගනය ඉවත් වී නැති බව පැහැදිලි විය. එනම් ජනාධිපති තුමාට වසර 3කට පසුවත් පාර්ලිමේන්තුව විසිරවීමට නොහැකි බව තීන්දු කරන ලදී.

එසේනම්, 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අරභයා ජනමත විචාරණයක් නොපවත්වා එය සම්මත යැයි කථානායක තැබූ සහතිකය 79 වන ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පැහැදිලි කරගෙන එම අවස්ථාවේ සිටින කථානායක වහාම නිවැරදි සහතිකයට අත්සන් තැබිය යුතුව තිබුණි.එසේ නොකරන කථානායක තුමාට එසේ කරන ලෙස ඉතිරි මන්ත්‍රී වරු 224 දෙනාගෙන් ඕනෑම එක්කෙනුකු යෝජනාවක් ගෙන ආ යුතුව තිබුණි. නමුත් ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවටත් ඒ අනුව කටයුතු කරන බවටත් ප්‍රතිඥා දුන් කථානායක ඇතුළු මන්ත්‍රීවරු 225 දෙනාම එසේ නොකොට 2018 දෙසැම්බරයේ සිට දැන දැන ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිටි.ඔවුන්තමන් පත් වීමේදී දුන් ප්‍රතිඥාව කඩකර සිටි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව මිස වෙනත් ආකාරයකින් පනතක් සම්මත කල නොහැකි යැයි දක්වා ඇති 123 වන ව්‍යවස්ථාවත්,ජනමතවිචාරණයකින් තොරව 3 වන ව්‍යවස්ථාවට බලපෑමක් වන ලෙස පනතක් සම්මත කල නොහැකියැයි දක්වා ඇති 83 වන ව්‍යවස්ථාවත්අනුව දෙආකාරයකින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 19 සම්මත කිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතුය.එතෙක් එය සම්මත වන්නේ නැත. එම නිසා 19 සශෝධනය තවම් බල රහිතය.ඒ මත පිහිටා පල කල පාර්ලිමේන්තුව විසිරවිමේ ගැසට් පත්‍රයද බල රහිතය.

හර්ෂ කුමාර් සුරියආරච්චි

harshakumarsuri@hotmail.com

19th amendment to the constitution

Published on: Mar 15, 2020- ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවිම සදහා මෙන්ම රාජපක්ෂලා වෙනුවෙන් සෑම අයුරකින්ම පෙනීසිටි ජාතිකවාදී සංඝ බලවේගය “අපේ ජනබල පක්ෂය” මහා මැතිවරණයට තරග කිරිම සදාහා මේ වනවිට අවසන් තින්දුවක් ගෙන ඇති අතර එම පක්ෂයේ නිල නිවේදනය හෙට දහවල් නිවේදනයි කිරිමට සුදානම් බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. ඒ අනුව “අපේ ජනබල පක්ෂය” කොඩිය ලකුණින් තරග කිරිමට නියමිතයි.

අතුරුලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි,පාහියන්ගල ආනන්දසාගර හිමි,ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි,සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ඇතුලු ජ්‍යෙෂ්ඨ හිමිවරුන් ඇතුලු අනුනායක හිමිවරුන් රැසක් මෙන්ම ව්‍යාපාරිකයන්,විවිධ ජාතික සංවිධාන නායකයන් මෙන්ම 4වන ඊළාම් යුද්ධය ජයග්‍රහණය කිරිමට නායකත්වය දුන් හමුදා ප්‍රධානින් රැසක්ද “අපේ ජනබල පක්ෂය” නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් විමට නියමිතයි.

මිට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයන් මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇතුලු විවිධ සුළු පක්ෂ නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් විමට සිට නමුත් නාමයෝජනා නොලැබුන පිරිසක්ද මේ වනවිට “අපේ ජනබල පක්ෂය”යෙන් නාමයෝජනා ඉල්ල ඇති බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

මේ අතර නව පක්ෂයෙන් තරග වැදිමට නියමිත ස්වාමින්වහන්සේලා කිහිප දෙනෙකුට යෝජනා ලබාදි අවසන් මොහොතේ නාමයෝජනා ලබාදිම නතරකර ගැනිම සදහා රාජපක්ෂලා මේ වනවිට මෙහෙයුමක් දියත් කර තිබේන බවද අනාවරණය වි තිබේ.

වත්මන් ආණ්ඩුවේ ආසාර්ථක රාජ්‍ය පාලනය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පමණ ඉතා වාසිදායක තත්ත්වයක් පවතින බවත් ඒ අනුව සිංහල,බෞද්ධ ජනතාව නියෝජනය කරමින් මන්ත්‍රීධුර යම් ප්‍රමාණයක් ලබා ගැනිමට හැකි බව මේ වනවිට එම කණ්ඩායම විසින් සිදුකර තිබේන පරික්ෂන වාර්තාවක් හරහා අනාවරණය වි තිබේන බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

විල්පත්තු විනාශය නතර කිරිම,රණවිරුවන්ට සැලකීම,පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ අය අත් අඩංගුවට ගැනීම, පුරාවස්තු සහ රක්ෂිත ආරක්ෂාව වැනි කරුණු රැසක් මෙම මැතිවරණ ව්‍යාපාරය තුල ජනතාව හමුවේ තැබිමටට්ත් එය පාර්ලිමේන්තුවේ බලය හොබ්වන කවුරුන් ලවා හෝ සිදුකර ගැනිම් සදහා සංඝ බලවේගය නියෝජනය කරමින් සංඝයා වහන්සේලා පාර්ලිමේන්තුව නියෝජනය කල යුතු බවයි පසුගියදා සිදුකල සාකච්ඡාවේදි සංඝ බලවේගයේ හිමිවරුන් පෙන්වා දි ඇත්තේ.
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 15, 2020 – රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන හිතවත්කම් මත සිදුවන මුදාහැරීම් හේතුවෙන් covid 19 හෙවත් කොරෝනා වෛරසය රටතුල පැතිරයාමේ අවදානම බරපතල ලේස වර්ධනනය වෙමින් තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

නිරෝධායන ක්‍රියාවලිය තුල යුරෝපා රටවල සිට මෙන්ම් කොරියාව,ඇතුලු විවිධ රටවල පෞද්ගලික දේශපාලන හිතවත් කම් මත ගුවන් තොටුපළේන් එම පැමිණෙන්න නිදහස්ව පැමිණ ඇති අතර ඒ සදහා වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ විවිධ සම්බන්ධකම් හරහා ගුවන් තොටුපලට නිළධාරින්ට ලැබෙන දුරකතන ඇමතුම් හරහා මෙම නිදහස් විම ලැබෙන බව මේ වනවිට තහවුරු වි තිබේ.

පසුගිය 7 වැනිදා ප්‍රංශයේ මියගිය කාන්තාවක් ලංකාවට ගෙනවිත් ඇති අතර ඇය සමග ප්‍රංශයේ ජිවත් වු ඔහුගේ පවුලේ සියලු දෙනාද කිසිදු නිරෝධයාන ක්‍රියාවලියකින් තොරව ලංකාවට ඇතුල් වි ඇති අතර මේ වනවිට මියගිය කාන්තාවගේ මලසිරුර කැළණිය ප්‍රදේශයේ ඇයගේ නිවසේ තැන්පත් කර ඇති අතර ප්‍රංශයේ සිට පැමිණි 10දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමද එම අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු වලට එක්ව සිටි.

මෙම ප්‍රංශ කණ්ඩායම නිරෝධයනය නොවි දිවයිනට ඇතුල් විම සම්බන්ධයෙන් අප ගුවන්තොටුපල ඉහල නිලධාරින්ගෙන් මෙන්ම හමුදා ප්‍රධානින්ගෙන් අප විශේෂ වාර්තාකරු කල විමසිමේදි ඔහුන් සදහන් කර ඇත්තේ නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව ඔහුන් නිරෝධායනයෙන් තොරව  නිදහස් කිරිමට සිදුවු බවයි.

දෛනිකව ඉහලින් ලැබෙන ඇමතුම් වලට අනුව අඩුම තරමින් 2නෙකුවත් නිරෝධායන ක්‍රියාවලියෙන් තොරව රටතුලට පැම්ණෙන බව මේ වනවිට තහවුරු වි තිබේ.අදාළ අවමංගල්‍ය උත්සවය අද(15) කැළණිය,පිලපිටිය කනත්තෙන්දි සිදුකිරිමට නියමිතයි.

ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් රෝගී තත්ත්වයෙන් පසුවන බව සඟවා අනවශ්‍ය කලබල ඇතිකිරීම හේතුවෙන් බොහෝ දෙනකු අවදානමට ලක්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ කල ප්‍රකාශය හරහාද ලංකාවේ බලධාරීන්ගේ නොහැකියාව මනාව පැහැදිලි වේ.

”මේ පිරිස ඉතාලියෙන් පිටවී තිබෙන්නේ බොරු කරලා. මෙහෙට ඇවිත් අපිටත් බොරු කිව්වා. තමන්ගේ රෝගී බව සඟවන්නටත් කටයුතු කළා. ප්‍රතිකාර අවශ්‍ය නැති බව පැවසුවා.”

”මේ නිසා නිරෝධායන මධ්‍යස්ථානයේ අය පවා අවදානමට ලක්වී තිබෙනවා” යයි අනිල් ජාසිංහ මහතා පැවසීය.

”ඔවුන් රෝගී තත්ත්වයෙන් සිටිය දී ඉතාලියෙන් පිටවිය නොහැකි නිසා මිලානෝ නගරයේ සිට සැතපුම් 800ක් පමණ මෝටර් රථයකින් ගොස් කුඩා ගුවන් තොටුපොළකින් ගුවන් ගත වී මේ රටට ඇවිත් තියෙනවා. ඔවුන් පැරසිටමෝල් පානය කර උණ බස්සගෙන තමයි මේ විදියට කිසිවෙකුටත් නොකියා හැමෝම නොමඟ යවමින් පැමිණ තියෙන්නේ”

ඔවුන් ශ්‍රී ලංකාවට ඇවිල්ලත් මේ බව කීවේ නැහැ. දැන් ඒ ආකාරයෙන් පැමිණි 16 දෙනෙක් ඉන්නවා. කන්දකාඩු නිරෝධායතන මධ්‍යස්ථානයේ අය පවා මේ අය නිසා අවදානමට ලක්ව තිබෙනව”

”ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේ දී විරෝධයක් දැක්වූ නිසා බොහෝ දෙනකුට ඔවුන්ට කිට්ටු වීමට සිදුවුණා. ඉන් පසු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ දී ඊට ඇතුළු නොවී විරෝධයක් දැක්වූ නිසා එතැන දී නැවතත් අනෙක් අයට සිදුවුණා ඔවුන්ට සමීප වීමට”

”වාසනාවකට මෙන් මේ 16 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිහින් තියෙන්නේ එකම බසයක. මේ වනවිට මොවුන් 16 දෙනා වෙන්කර තබාගන්න යුද හමුදාව කටයුතු කර තිබෙනවා.”

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 14, 2020- විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහල පෙළේ නිළධාරිනියකගේ ස්වාමිපුරුෂයාට කොරෝන වෛරසය ආසාදනය වි ඇති බව අද සවස අනාවරණය වුනා.මේ මේ වනවිටත් ඔහු නීරෝධායනය සදහා යොමුකර ඇති අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරිනිය සමග සමීපව කටයුතු කල සියලුම දෙනාට වහාම ස්වයං නීරෝධායන ක්‍රියාවලියකට යොමුවන ලෙස දැනුම් දි තිබේ.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ විශේෂ වාර්තාකරුවෙකු සදහන් කළේ අදාළ නිළධාරීනිය විදේශ කටයුතු, නිපුණතා සහ රැකිරක්ෂා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සමිපව කටයුතු කර ඇති බවයි.

ඒ අනුව අමාත්‍යවරයාටද කොරෝනා වෛරසය ශරීර ගතවි ඇති වට සැක පහල වි තිබේ.පසුගියි දින කිහිපයම දිනේෂ් ගුණවර්ධන මහතා නාමයෝජනා සැකසිමේ කමිටුවේ මෙන්ම රාජපක්ෂලා සමගද සමිපව කටයුතු කිරිම හේතුවෙන් මේ වනවිට බරපතල අර්බුදයයක් හටගෙන තිබේන බවයි වාර්තා වන්නේ.

Published on: Mar 14, 2020 – එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවිම යටතේ සමඟි ජන බලවේගය දේශපාලනයෙන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.

ඒ සදහා රාජපක්ෂලාගේද සහය රනිල්ට ලැබි තිබේන අතර ඒ අනුව ලබන සඳුදා දිනයේ සමඟි ජන බලවේගයට එරෙහිව අධිකරණය හමුවේ තහනම් නියෝගයක් ඉල්ලා පැමිණිල්ලක් සිදුකිරීමට නියමිත බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

රනිල්ගේ නියෝගයකට අනුව දිස්ත්‍රික් කිහිපයකින් මුදල් දී ලබාගත් සිවිල් ක්‍රියාකාරින් කිහිප දෙනෙකු හරහා මෙම තහනම නියෝගය අධිකරණය හමුවේ ගොනු කිරිමට නියමිත අතර සමඟි ජන බලවේගය නියම අකාරයට පිහිටුවා නොමැති බව පවසමින් එම සන්ධානයේ නාමයෝජනා ලබා නොගන්නා ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලිමට සුදානම් කර තිබේ.

කෙසේවෙතත් වික්‍රමසිංහ,රාජපක්ෂලාගේ ඔනෑම අවස්ථාවාදී දේශපාලන උගුලකට එරෙහිව සටන් කිරිමට සුදානම් බව සමඟි ජන බලවේගය මේ වනවිටත් දැනුම් දි තිබේ.

මේ අතර අද මාධ්‍ය හමුවක් කැදවමින් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සමඟි ජන බලවේගය දේශපාලනයෙන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.

“කොරෝනා උවදුර තුළ තමයි මේ සැඟවුණු ඩීල් කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. සමගි ජන බලවේගය කුමන්ත්‍රණකාරීව දේශපාලනයෙන් ඉවත් කරන්න කුමන්ත්‍රණයක්.අපි මේ සන්ධානය ගොඩනැගුවේ අනුමැතියක් ඇතුව.”

“අද වන විට අපේ දේශපාලන බලවේගය මැඩ පවත්වන්න මහා දැවැන්ත කුමන්ත්‍රණයක් පාර්ශ්ව ගණනාවක් එකතුවෙලා, අපිව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙන් ඉවත් කරන්න උත්සහ කරනවා.”  යැයිද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 14, 2020- ලෝක වසංගතයකට මුවා වෙමින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (වැ.බැ) සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ (දැ.ගේ.ය) තමන්ගේ ආර්ථික නොහැකියාව වසා ගැනිම සදහා අනවරථ මෙහෙයුමක යේදි සිටින බව පසුගිය දින කිහිපය තුල සිදුවු අභ්‍යන්තර සාකච්ඡා වලින් මනාව අනාවරණය වන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මහා මැතිවරණය අවසන් වනවාත් සමග රටේ ආර්ථිකය සaණ අගයක් දක්වා ගමන් කරනු ඇති අතර රටේ ජනතාවගෙන් මාසික පඩි ලබන සහ දෛනිකව මුදල් හම්බකර ගනිමින් ජිවත් වන ජනතාවට සිය අහාර පවා සපයා ගැනිමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇති බව ආර්ථික විශේෂඥයන් පවා මේ වනවිට රජයටම අනතුරු අගවා ඇතත් ඒ පිළිබඳව ජනතාවගෙන් වසන් කිරිමට ඔහුන් කටයුතු කරමින් සිටි.මැතිවරණ අවසන් විමත් සමග ඇතිවන දැවැන්ත ආර්ථික සුනාමිය කොරෝනා වසංගතය මත පටවා නොහැකියාව වසා ගැනිමට මේ වනවිටත් රාජපක්ෂලා තිරණය කර හමාරය.

රුපියල සතේට වැටේ…..

ඒ අනුව මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය ඊයේ වනවිට (13) 185.08 ක් ලෙස සටහන් වු අතර ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 185.08ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 181.21ක් ලෙසත් දැක්විණි.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 13 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.6කින් අවප්‍රමාණය වී ඇති බව රාජපක්ෂලාම පාලනය කරන ශ්‍රී ලංකා මහ බැංකුව නිළ වශයෙන් පිළිගෙන තිබේ.

කොටස් වෙළෙඳපොළ Shut Down

මේ අතර සතියක් තුල තෙවැනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ඊයේ දිනයේත් (13) මිනිත්තු තිහක කාලයක් සඳහා අත්හිටුවු අතර ඊට ආසන්තම හේතුව වුයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘ S and P’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 5කින් කඩා වැටීමයි.

ඊයේ දිනයේ ගනුදෙනු අවසන් වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සියයට 2.89කින් ද ‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 3.82කින් ද පහළ ගියේය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 144.82කින් ද ‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 87.72 කින් ද පහළ ගියේය.

ඒ අනුව දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 4,874.73ක් ලෙස දැක්වුණු අතර ‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 2,205.97 ක් ලෙස දැක්විණි.

ජනතාව රස්තියාදු ගහයි…. ඉන්ධන මිල අඩු කරන්නේ නැහැ..

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන දත්තවලට අනුව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 34.44ක් ලෙස සටහන්ව තිබූ අතර ‘ඔපෙක්’ (තෙල් අපනයන කරන රටවල සංවිධානය) වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 33.25ක් ලෙස සටහන්ව තිබිණි.

ඒ අනුව ලංකාවේ තෙල් මිළ සීඝ්‍රයෙන් පහල යැමක් ජනතාව බලාපොරොත්තු වුවද මේ දක්වා කිසිදු සහනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (වැ.බැ) ලබා දිමට සමත්ව නෑ.

ලෝක වෙළද පොලේ බොරතෙල් මිල හේතුවෙන් ඉකුත් පෙබරවාරි මාසයේ මැද භාගයේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ලාභයක් ලැබූ බව එහි සභාපති සුමිත් විජේසිංහ සදහන් කරන අතර එ හේතුවෙන් මෙම අවස්ථාවේ ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොකරන බවද ඔහු සදහන් කර තිබේ.

රාජපක්ෂලාගේ මැතිවරණ මෙහෙයුමට IOC යින් අල්ලස් ගනි…

මේ අතර ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගම සමග ජනපති/අගමැති දමාගෙන තිබේන ඩිල් එකක් මේම තෙල් මිල පහල නොයෑමට ආසන්නම හේතුව වි තිබේන බව මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.ඉන්ධන මිළ අඩුකිරිමට රජය මැදිහත් නොවිම හේතුවෙන් මෙරට ප්‍රමුඛව ඉන්ධන බෙදාහැරීමේ යේදි සිටින ඉන්දීය ඛනිජ තෙල් (IOC)සමාගම රුපියල් බිලියන ගණනාවක අමතර ලාභයක් අත්කරගෙන තිබේ.

මේ වනවිට අනාවරණය වි ඇති තොරතුරු වලට අනුව මහා මැතිවරණයට අදාළව වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අවශ්‍ය රුපියල් බිලියන ගණනක් මුදල ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගමෙන් ලබ ගැනිමට කටයුතු කරමින් සිටි. ඒ වෙනුවෙන් ඉන්ධන මිළ පහත නොදමා පවත්වාගෙන යන අතර ඒ හරහා ලැබෙන ලාභයෙන් සියයට 40ක මුදලක් මැතිවරණ ප්‍රචාරණයට ලබාදිමට IOC සමාගම එකඟතාව පලකර තිබේන බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.(වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න)

“ආර්ථික ඝාතකයා” යලි අවදි වෙයි….

එම ඩිල් එක පසුපස කළු දශකයේ රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථිකය විනාශ කිරීමට කටයුතු කළ පුද්ගලා එනම් “ආර්ථික ඝාතකයා” යනුවෙන් විමල් වීරවංසගේ දැඩි විවේචනයට ලක් වූ පී.බී.ජයසුන්දර මහතා හෙවත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ (වැ.බැ) ලේකම්වරයා කටයුතු කරමින් සිටි.

මේවනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉතිහාසගත අයුරින් පහත වැටී ඇතත් එහි වාසිය ජනතාවට ලබාදීමට වත්මන් රජය කටයුතු නොකිරීමේ අතුරු ප්‍රතිපලයක් ලෙස

සිංගප්පුරු වෙළඳ පොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 65 ක් ව තිබියදී 2019 සැප්තැම්බර් මස අවසන් වරට මිල සුත්‍රයට අනුව තෙල් මිල පහත පරිදි සංශෝධනය කරන ලද අතර අද වන විට ලෝක වෙලඳ පොලේ බොරතෙල් මිල ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 34.ක් පමණ වේ.

සැලකිය යුතුයි…

මෙහි  (වැ.බැ) ලෙස කෙටියෙන් දක්වා ඇත්තේ -වැඩ බැරි යන වචනය සහ (දැ.ගේ.ය) යනු -දැන්වත් ගේදර යනු යන වචනය බව කරුණාවෙන් සලකන්න

Published on: Mar 14, 2020- අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් කරන ලද සිව් වසරක විමර්ශනයකින් අනතුරුව ගුවන් යානා නිෂ්පාදක එයාර් බස් සමාගම එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශ බලධාරීන් සමඟ වාර්තාගත යුරෝ බිලියන 3.6 ක් වන්දියක් ගෙවීමට එකඟවී ඇති බැවින් එම සමාගම ශ්‍රී ලංකාවට ද වන්දි ගෙවිය යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාව ශාඛාව (Transparency International Sri Lanka (TISL)) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශාල පරිමාණයේ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති සිරිසේන විසින් පත් කල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ‌වෙත තමන් ‌‌‌මේ සම්බන්දයෙන් පැමිණීලි කරන ලද බවද එම නිවේදනය මගින් පෙන්වා දි තිබේ.

Ms. Lisa Osofsky
Director,
Serious Fraud Office
2-4 Cockspur Street
London, SW1Y 5BS
06/03/2020

SFO අධ්‍යක්ෂ වෙත ලිපියක් යවමින් TISL එක්සත් රාජධානියේ “අල්ලස්, දූෂණ සහ ආර්ථික අපරාධ නඩු වලදී විදේශීය වින්දිතයින්ට (බලපෑමට ලක්වූ රාජ්‍යයන් ඇතුළුව) වන්දි ගෙවීමේ පොදු මූලධර්ම” පෙන්වාදි තිබේ. මෙම අවස්ථාවේදී වන්දි ගෙවීම සඳහා නීත්‍යානුකූල ඉල්ලීමක් ශ්‍රී ලංකාවට ඇති බව TISL විශ්වාස පලකර තිබේ. (සම්පූර්ණ ලිපිය පහතින් දක්වා තිබේ.)

යුරෝපීය බහුජාතික ගුවන්යානා නිශ්පාදන සමාගමක් වන් එයාර් බස් සමාගම 2019 දී එයාර් බස් ලොව විශාලතම ගුවන්යානා නිෂ්පාදකයා වූ අතර වැඩිම ගුවන් යානා ඇණවුම් ලබා ගත්තේය. එයාර් බස් නෙදර්ලන්තයේ ලියාපදිංචි කර ඇත. එහි කොටස් ප්‍රංශ, ජර්මනිය සහ ස්පාඥයේ තොටස් වෙළද පොළහි අලෙවි කැරේ. එය සිවිල් හා මිලිටරි ගුවන් යානා සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම සහ විකිණීම කරන අතර එහි කර්මාන්ත ශාලා යුරෝපා සංගමයේ සහ වෙනත් විවිධ රටවලදී ගුවන් යානා නිෂ්පාදනය කරයි.

එයාර් බස් සහ යුරෝපයෙහි නඩු පවරන ලද බලධාරීන් අතර ඇති කර ගත් ගිවිසුමේ 2020 ජනවාරි 31 දින ප්‍රකාශයට පත් විය. ඒ එයාර් බස් සමාගම ශ්‍රී ලාංකික අතරමැදියකුට ඇමරිකානු ඩොලර් මිලියන 16.84 ක් (රු. බිලියන 2.5 ) ගෙවීමට එකඟ වී ඇති බව පෙනේ. ගුවන්යානා මිලදී ගැනීමට බලපෑම් කිරීමට, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියෙකුගේ බිරිඳ යටතේ බෘනායි හි ලියාපදිංචි සමාගමකට එයාර් බස් සමාගම විසින් එකඟ වූ මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් ගෙවා ඇති බව තවද ජනවාරි 31 වන දින ප්‍රකාශයට පත් කරුණු අනුව තහවුරු වන බව ද ඉහත කී නිවේදනය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් TISL හි විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර සදහන් කළේ

“ශ්‍රි ලංකාව එයාර් බස් ගැවන් යානා මිලදී ගැනීමට ඇතිකරගත් එකඟතාවය අවලංගු කිරීම සඳහා දඩුවම් වශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට රුපියල් බිලියන 17 ක (ඇමරිකානු ඩොලර් මිලියන 116 [2015 මිල අනුව]) එයාර් බස් සමාගමට ගෙවීමට සිදු වූ බව සිහිපත් කිරීම වැදගත් ය. ප්‍රසම්පාදන ක්‍රියාවලියට දූෂණය සම්බන්ධ බවට දැන් සාක්ෂි වලින් පෙනී යන හෙයින්, ශ්‍රී ලංකාවට සිදුවී ඇති පාඩු සම්බන්ධයෙන් එයාර් බස් සහ එහි නියෝජිතයින් වගකිව යුතු බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තරව සහ දේශීයව පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ ”.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශාල පරිමාණයේ වංචා සහ අක්‍රමිකතා පිළිබඳසොයා බැලීමට ජනාධිපති සිරිසේන විසින් පත් කල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව තමන් මෙම දූෂණය සමබන්ධයෙන් සඳහන් කළ බව ද ටී.අයි.එස්.එල්. කියයි.

කොමිසම වෙත යවන ලද ලිපිය මගින් එයාර් බස් සහ තවත් ගුවන් සමාගම් කිහිපයක් සම්බන්ධ දූෂිත ගනුදෙනු විස්තර කර තිබුණි. එයට එක්සත් රාජධානියේ Corruption Watch ආයතනය විසින් සම්පාදනය කරන ලද වාර්තාවක් ද ප්‍රංශය, ඉන්දුනීසියාව, ටියුනීසියාව, එකසත් රාජධානිය සහ එකසත් ජනපදය යන රටවල සිවිල් සමාජ සංවිධාන සමඟ TISL විසින් අත්සන් කරන ලද 2018 අගෝස්තු දිනැති ලිපියක් ද අමුනා තිබුණි.

එළෙස අමුණන ලද ලිපිය 2018 ජුනි දිනැති එක්සත් රාජධානියේ බරපතල වංචා පිළිබඳ කාර්යාලය, ප්‍රංශයේ පාකට් ජාතික මූල්‍ය ආයතනය, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සහ ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD) වෙත යොමු කරන ලද එකක් බවත් TISL පුවත් නිවේදනය සඳහන් කරයි.

එකී සිවිල් සමාජ සංවිධාන විසින් කරන ලද ප්‍රධාන නිර්දේශය නම් එයාර් බස් හෝ එහි නියෝජිතයින් අල්ලස් ලබා දී ඇති බව ඔප්පු වී ඇති රටවලට සිදුවන හානිය සඳහා පූර්ණ වන්දි ගෙවිය යුතු බවයි. දැන් එයාර් බස් සමාගමෙන් වන්දි ලබා ගැනීමට ජනවාරි 31 වන දින එක්සත් රාජධානියේ අධිකරණ අනුමැතිය ලබා දී තිබේ. එබැවින් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ද මෙම දූෂිත ගනුදෙනුව නිසා ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවී ඇති මහත් පාඩු සම්බන්ධයෙන් දේශීය හා විදේශීය වශයෙන් වගකිව යුතු අතර ඊට වගකිව යුත්තන් හසු කර ගැනීමට පියවර ගත යුතු බව ද ටී.අයි.එස්.එල්. සංවිධානය අවධාරණය කරයි.

Ms. Lisa Osofsky
Director,
Serious Fraud Office
2-4 Cockspur Street
London, SW1Y 5BS

06/03/2020

Dear Ms. Osofsky,

Sri Lanka’s Entitlement to Compensation Under Deferred Prosecution Agreement with Airbus SE

Transparency International Sri Lanka (TISL) is a national chapter of Transparency International, the global coalition against corruption. Since 2017, TISL has been paying close attention to developments surrounding the investigation into bribes paid by Airbus SE and its agents to actors in jurisdictions around the globe in order to secure contracts worth several billion dollars.

Whilst your office’s investigation has now resulted in a Deferred Prosecution Agreement (DPA) with Airbus SE wherein the aircraft manufacturer has agreed to pay a fine and costs amounting to €991m in the UK, TISL is concerned that the “General Principles to compensate overseas victims (including affected States) in bribery, corruption and economic crime cases” (General Principles), has not been given due consideration.

In the context of the clear evidence of bribes being paid by Airbus SE and its agents to actors affiliated to SriLankan Airlines to influence the procurement of aircraft and the $116m in cancellation costs that the state-owned airline was subsequently straddled with, we wish to pose the following queries to your office –

Section 1 of the General Principles mandates the Serious Fraud Office (SFO), the Crown Prosecution Service (CPS) and the National Crime Agency (NCA) to consider the question of compensation in all relevant cases. What were the reasons that justified your decision not to consider this case in line with the General Principles?

Why did the Serious Fraud Office (SFO) and Crown Prosecution Service (CPS) not include compensation as part of the terms of the DPA entered into with Airbus SE in line with Section 2 (b) of the General Principles?

As per Section 3 of the General Principles, did the SFO work collaboratively with the Department for International Development (DFID), Foreign & Commonwealth Office (FCO), Home Office (HO) and HM Treasury (HMT) to –Identify potential overseas victims including affected states?

Assess the case for compensation?

Obtain evidence including statements in support of compensation claims?

TISL is aware of 5 prior instances where the SFO working with the NCA and CPS have secured compensation for overseas victims totaling £42.9m, as disclosed on the SFO’s website. We are therefore understandably concerned that it appears the same yardstick may not have been used to assess Sri Lanka’s case for compensation.

It is noted that Sri Lanka does not have a comprehensive legal framework for the management of recovered assets. However, following the 2018 Global Forum on Asset Recovery, Sri Lanka has developed a Policy framework on Proceeds of Crime, involving multiple stakeholders from the state and civil society.

Whilst this Policy has not yet translated into law, in the event that the two Governments agree to return the proceeds of crime, it is noted that this framework and the global best practices on such return need to be given due consideration.

Thank you in advance for your prompt response.

Yours sincerely,

Sgd.

Asoka Obeyesekere
Executive Director
Transparency International Sri Lanka

Published on: Mar 13, 2020 – කොරෝනා ලෝවපුරා වසංගතයක් දක්වා ගමන් කරමින් තිබියදි එය ශ්‍රි ලංකාව තුල කොරෝනා මිශ්‍ර වු රාජපක්ෂ වසංගතයක් බවට පත් කරගනිමින් ඒ හරහා රටම මිලීටරිකරණය කිරිමේ මෙහෙයුමක් දියත් වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. කොරෝනා පැතිරියන මුවාවෙන් පාසල් වසා දැමිමට් රජය කටයුතු කල බව පෙන්නුවද සෑබැවටම ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ 16,17 හා 18 තෙදින තුල දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබුණු ගුරු විදුහල්පතිවරුන්ගේ වැඩවර්ජනය හරහා බිංදුවට වැටි ඇති ආණ්ඩුවේ ප්‍රසාදය තවත් පහලට වැටිම වලක්වා ගැනිම බව රටේ බහුතරයකට වැටහි හමාරය.

කොරෝනා වෛරසය නිසා පාසැල් වසාදැමු බව ආණ්ඩුව තහවුරු කිරිමට උත්සහ කලද එය අසාර්ථක වි ඇත්තේ විශ්වවිද්‍යාල පද්ධතිය, ටියුෂන් පන්ති, තාක්ෂණික විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, පොලීසි, උසාවි, මහජන පොළවල් තවමත් විවෘතව තිබිම හරහාය. කෙලවරක් නොමැතිව ෆෙල් වන ගෝඨා පාලනය මේ වනවිට යන්තම් හෝ අල්ලාගේන සිටින්නේ කොරෝනා හරහා වන අතර රට විරුවන්ගෙන් 7500ක් ඉල්ලා කූජිත වු ආණ්ඩුව පාසල් වසා දමා එක දමා ගැනිමට උත්සහ කලද කොරෝනා පැතිර යාමට ආසන්නම හේතුවක් වන ජනතාව රැස්විම නතර කිරිම සදහා මැතිවරණය කල් දැමිමට සුදානමක් නොමැති බව ඉතා පැහැදිය.ඊට ප්‍රධානම හේතුව වන්නේ මැතිවරණය කල්දැමෙන සෑම මිනිත්තුවකදිම ආණ්ඩුවේ ඡන්ද අහුරු පිටින් ගැලවි යාම බව ගෝඨා,මහින්ද ඇතුලු රාජපක්ෂ කණ්ඩායම හොදින්ම දන්නා නිසාය.

පාසල් නිවාධුව පසුපස තවත් කතාවක් ඇත.එනම් පාසල් නිවාධු දි ඇත්තේ අප්‍රියේල් 20 වැනිදා දක්වාය.20 පටන් ගන්නා පාසල් යලි 23 වැනිදා නිවාඩු ලබාදිය යුතුය.ඒ මහමැතිවරණය 25 වැනිදාට යේදි තිබිම හේතුවෙනි.නමුත් 21 වැනිදා රාජපක්ෂලා මිනිස් ජිවිත 250කට අධික ප්‍රමාණයක් බිල්ලට ගත් පාස්කු ප්‍රහාරයට වසරකි.ඒ වෙනුවෙන් පාසල් ආශ්‍රිතව මෙන්ම පන්සල් මුලික කරගනිමින් ජාතිවාදී ස්වරූපයෙන් මෙන්ම වත්මන් මිලිටරි ජුන්ටාව ඉස්මතු වන අකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට රාජපක්ෂලාගේ මැතිවරණ මෙහෙයුම් න්‍යාය පත්‍රයේ අංක එකටම තිබේ.

මිලිටරි ජුන්ටාව නැතුව දිනන්න බෑ…

රාජපක්ෂලාට මැතිවරණ දිනිමට නම් මිලිටරි ජුන්ටාව අත්‍යවශ්‍යම කාරණයකි.2010 ජනාධිපතිවරණය පැවැත්වෙන විට රාජපක්ෂලා රට මිලීටරිකරණයේ හිනීපෙත්තටම රැගෙන විත් තිබිනී.ඒ නිසාම පැවැති සැම මැතිවරණයක්ම් ජයග්‍රහණය කිරිමට ඔහුන් සමත්විය. නමුත් 2/3ක සිහිනයක් විය.අවසානයේ 2015දි රාජපක්ෂල පරාජය විය.2015 පරාජයෙන් පසුව එහි ඇගිල්ල සaජුවම බැසිල් රාජපක්ෂට එල්ල වු අතර පසුව 2016දි රාජපක්ෂලා සකස් කල විමර්ශණ වාර්තාවට අනුවද පරාජයට බලපෑ මුලික කරුණු 5 ඇතුලත මිලීටරීකරණයෙන් මිදිමද බලපෑ බව සදහන් කර තිබේ.

මෑත ඉතිහාසයේ කුමන මැතිවරණයකදීවත් එක් පක්‍ෂයකට 2/3ක බලයක් ලබා ගැනිම සිහිනයකි. යුද්ධයෙන් පසුව රාජපක්‍ෂ ආණ්ඩුවේ හොඳම කාලයේ පැවති මැතිවරණයෙන් 2/3ක මැතිවරණ ආසන ලබාගන්න ඔහුන් අසමත් වු අතර එවකට රාජපක්‍ෂ ආණ්ඩුව සමග රිෂාඞ් බදුර්දීන්, රාවුෆ් හකීම් සියලු දෙනාද එක්ව සිටි බව නොරහසකි.නමුත් අවසානයේ 2/3 හදාගත්තේ එජාපයේ පිරිසක් ආණ්ඩුවට එකතුකර ගනිමින් ය.නමුත් රටට හෝ රටේ ජනතාවට සිදුවු සේතක් නොමැත.

මේ ආණ්ඩුවට 2/3ක බලයක් දෙන්න ජනතාව සූදානම් නැති බව පසුගිය මාස 3ක කාලයේදී ආණ්ඩුවේ කටයුතුවලින් ඔප්පු වි හමාරය.දැන් ගෝඨා කුමක් කල යුතුද?

කලයුත්තේ රට මිලිටරීකරණයේ හිනීපෙත්තටම රැගෙන යාමය.ඒ සදහා 2010 සිට යුද්ධය අවසන් විමත් සමග බිදවැටුන මිලීටරිකරණය රටතුල යලිත් මතුකර ගතයුතුය. 2010 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පසුව රටේ මිලීටරිකරණය ක්‍රමිකව පහලට ඇද වැටුනු අතර එය 2015 ජනාධිපතිවරණයේදි මහින්ද පරාජය දක්වා ඇදගෙන යාමට පවා සමත් විය.2015 සිට 2019 දක්වා කාලය තුල පැවැති යහපාලන ආණ්ඩුව සමයේ රාජ්‍ය මිලීටරිකරණයෙන් සම්පූර්ණයෙන්ම ඇත්වු අතර ඒ නිසාම 2019 ජනාධිපතිවරණය ජයගැනිම සදහා රාජපක්ෂලා බාවිතා කල ප්‍රබලම අවිය වුයේද මිලීටරිකරණය වු “රණවීරු ගායයි..”

රණවීරු ගාය යලිත් රාජපක්ෂකරණය වු ලක්ෂ 50ක පමණ ජනතාව මත බලෙන් පැටවිය යුතුමය.ඒ සදහා වෙස්වලාගෙන ආ ආශිර්වාදය වුයේ කොරෝනාය. ඒ අනුව රටපුරා රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාලය, පාසල්, ඇතුලු සියලුම මරමස්ථාන රාජපක්ෂලා මේ හරහ මිලීටරිකරණයට හසුකර ගැනිමට කටයුතු කරනු ඇත.පාර පුරා තැන තැන හමුදාව නිරන්තරයෙන් දැකිම බයියන්ට මහමග බුදුන් දැක නිවන් දැකිමකි. හමුදාපතිවරයා රූපවාහිනියෙන් දකිමින් ජාතිය ඇමතිම නිවසේ සිට නිවන් දැකිමකි.

උතුරේ ගමනා ගමනයට යලිත් බාධක දමමින්,යුද්ධය අවසන්ව දසවසරක් ගෙවී තිබියදි උතුරේදී යුද්ධයේ පීඩාවට පත්වූ දෙමළ ජනතාව තවතවත් දුකට පත්වෙමින් සිටීයදි බලහත්කාරයෙන් මාස තුනක් තුල “යාපනයේ විශ්ව විද්‍යාලයේ බෞද්ධ සහෝදරත්ව සංගමය” නමින් පෙනී සිටිමින් ශ්‍රී ලංකා හමුදාවේ 65 වන සේනාංකය බෞද්ධ විහාරයක් ඉදිකිරීම නිකන්ම සිදුවු සිද්ධින් නොවේ.මේ සියල්ලම රාජපක්ෂ මිලීටරී ජුන්ටාවේම කොටස් බව දැනගෙන සිටිම ඇගට ගුණය.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 13, 2020- ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විනාශය සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දේශපාලන අනාථයින් බවට පත්කිරිම සම්බන්ධවයි යනුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බන්ධාරණායක කුමාරතුංග මහත්මිය පිටු 12කින් යුත් ලිපියක් හිටපු ජනාධිපති,වත්මන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යොමුකර තිබේ.

හිටපු ජනාධිපතිනීය එහිදි පෙන්වා දි ඇත්තේ අප ගොඩනැගීමට වෙර දැරූ පාලනය හරහා තම දුෂිත හා ආත්මාර්ථකාමී අරමුණු ඉටුකර ගත නොහැකි බැවින්, ඇතැම් කූඨ දේශපාලන නායකයන් විසින් එම උතුම් ව්‍යාපෘතිය විනාශ කර දමා, 2015 දර්ශනය වෙනුවෙන් තවමත් පෙනී සිටින මා වැනි චරිත දේශපාලන වශයෙන් විනාශ කිරීමේ උත්සාහයක යෙදී සිටින බවයි.

“මාගේ ප‍්‍රතිපත්තිගරුක බවට ද, කිසිදා නොවෙනස් වන අවංක බවට ද, ඍජු සහ විනයගරුක බව මත පිහිටා ඇති මාගේ ආත්ම ශක්තියටද බිය වන්නේ,රාජ්‍ය බලය තමාට ආදායම් උපයන මාර්ගයක් බවට පත් කරගෙන සිටින නායකයින් යැයි කියාගන්නා පුංචි මිනිසුන් පිරිසක් පමණී.”

මාගේ දේශපාලන පෞරුෂය සහ අනේක දුක් විද මා දිනාගෙන ඇති ජනතා විශ්වාසය විනාශ කළ හැකි යැයි ඔබතුමා සහ ඔබේ සහචරයන් විශ්වාස කරන්නේ නම්, ඒ පුහු සිහිනයක් බවද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දැඩිව අවධාරනය කර තිබේ.

“උයන් පල්ලාට උයනේ ඇති සියලු රෝස මල් විනාශ කල හැකි වුවද,මල් පිපෙන වසන්තය උදාවිම නම් වළක්වාලිය නොහැකිය” චින්ගිෂ් ආයිත්මතෝව්ගේ පාඨයක්ද උපුටා දක්වමින් හිටපු ජනාධිපතිනිය සිය ලිපිය අවසන් කර තිබේ.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බන්ධාරණායක කුමාරතුංග මහත්මිය මෛත්‍රීපාල සිරිසේනට යැවු ලිපිය….


Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top