Published on: Mar 13, 2020- කොරෝනා ව්‍යාප්තිය මුවාවෙන් මැතිවරණය කල් දමා ගැනිමේ මෙහෙයුමක එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යෙදි සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඊයේ (12) වැනිදා මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා හමුවු එජාප නායකයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කලද ඒ සදහා යහපත් ප්‍රතිචාර ලැබි නොමැති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

පවතින තත්ත්වය හමුවේ මැතිවරණය කල් දැමිම අත්‍යවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම පෙන්වා දි තිබේන නමුත් මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් ඇල්මැරුණු ස්වාභවයක් දක්වා ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.

ඉතිහාසය පුරාම ඔනෑම ප්‍රශ්නයකට විසදුම ලේස කල්මැරීම පුරුද්දක් කරගත් වික්‍රමසිංහ මේවරද උත්සහ කරමින් සිටින්නේ මැතිවරණය කල්දමා පාර්ලිමේන්තුව යලි කැදවා ඒ හරහා යලිත් පක්ෂ ව්‍යවස්ථාවේ මැජික් එකක් පෙන්වා තමන්ගේ නායකත්වය සහ කණ්ඩායම ආරක්ෂා කර ගැනිම බව නොරහසකි.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය අතී බහුතරය සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව තරගවැදිමට සියලු කටයුතු සුදානම් වි ඇති අවස්ථාවක මැතිවරණය කල් දමා ගැනිමට රනිල් සමත් වුවහොත් එය ඔහු තමන්ගේ වාසියට නිසැකවම භාවිතා කරනු ඇත.

කොරෝනා ව්‍යාප්තිය නතරකිරිම සදහා ක්‍රියාමාර්ග ගැනිම අත්‍යවශම කරුණක් වුවද එය දේශපාලනීකරනය කර ගැනිමට උත්සහ ගැනිම ලැජ්ජා සහගතය.මන්ද පාසල් වැසිම සහ හමුදාපතිගේ නහයෙන් ඇඩිම හැර මේ දක්වා වෛරසය ව්‍යාප්තීය පාලනය කිරිමට හෝ ඊට අදාළ රෝහල් සහ කාර්‍ය මණ්ඩලය ශක්තිමත් කිරිමට රජය සමත් වි නොමැත.

Published on: Mar 13, 2020- ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවිම සදහා මෙන්ම රාජපක්ෂලා වෙනුවෙන් සෑම අයුරකින්ම පෙනීසිටි සංඝ බලවේගය වෙනම පක්ෂයක් ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට අද රාත්‍රීයේ පැවැති සාකච්ඡාවකදි තිරණය කර තිබේ.

ඒ අනුව බොහෝදුරට බොදුජන පෙරමුණේන්,නාගයා සලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් විමට ඉඩ ඇති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, අතුරුලියේ රතන හිමි,පාහියන්ගල ආනන්දසාගර හිමි,ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි,සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ඇතුලු ජ්‍යෙෂ්ඨ හිමිවරුන් ඇතුලු අනුනායක හිමිවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් අද පැවැති හමුවේදි මෙම තින්දුව ගෙන තිබේ.ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22කම ආවරණය කරමින් හිමිවරුන් මෙන්ම ගිහි පිරිසක් මැතිවරණයට ඉදිරිපත් කිරිමට මෙහිදී තින්දුකර තිබේ.

පවතින තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 7ක පමණ ඉතා වාසිදායක තත්ත්වයක් පවතින බවත් ඒ අනුව සිංහල,බෞද්ධ ජනතාව නියෝජනය කරමින් මන්ත්‍රීධුර යම් ප්‍රමාණයක් ලබා ගැනිම්ට හැකි බවද එහිදි සාකච්ඡාවට ගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කර රට නිවැරදි දිශාවට යොමුකිරීමට කටයුතු කරනු ඇති බව තමන් වහන්සේලා විශ්වාසය තැබුවද යලිත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමත් ගෝඨාභය ජනපති වටේ සිටින උගත්,බුද්ධිමත් යැයි ඔහුන්ම හදුන්වා ගන්නා කණ්ඩායමත් සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි සංඝ බලවේගය ලෙස කලකිරීමට පත්ව සිටි.

මේ වනවිට එම කදවුරු වල සිටින මුලධර්මවාදි වාදින් භික්ෂුව දේශපාලනයෙන් ඉවත් කිරිමට සියුම්ව මෙහෙයුම් දියත් කරමින් සිටින බවද රාජපක්ෂ කදවුරේම භික්ෂුන් වහන්සේලා විසින් අනාවරණය කර තිබුනා.

විල්පත්තු විනාශය නතර කිරිම,රණවිරුවන්ට සැලකීම,පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ අය අත් අඩංගුවට ගැනීම, පුරාවස්තු සහ රක්ෂිත ආරක්ෂාව වැනි කරුණු රැසක් මෙම මැතිවරණ ව්‍යාපාරය තුල ජනතාව හමුවේ තැබිමටට්ත් එය පාර්ලිමේන්තුවේ බලය හොබ්වන කවුරුන් ලවා හෝ සිදුකර ගැනිම් සදහා සංඝ බලවේගය නියෝජනය කරමින් සංඝයා වහන්සේලා පාර්ලිමේන්තුව නියෝජනය කල යුතු බවයි සාකච්ඡාවේදි සංඝ බලවේගයේ හිමිවරුන් පෙන්වා දි ඇත්තේ.

ගෝඨාභය රාජපක්ෂ,ඇතුලු රාජපක්ෂ කදවුරේ සිංහල බෞද්ධ විරෝධි ගමන් මගට එරෙහිව මහා සංඝරත්නය පෙරටු කොටගත් නව ජාතික සන්ධානයක් බිහිකිරිම සදහා  සාකච්ඡා ආරම්භ වුනේ පෙබරවාරි 15 වැනිදා වන අතර මේ වනවිට එය සාර්ථකත්වවයට පැමිණ තිබේ.

http://lankanewsnetwork.org/archives/23013

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 13, 2020- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැවත වරක් කුරුණෑගලින් ඡන්දය ඉල්ලීමට සාධාරණ හේතුවක් නැති බව පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා.අද කොළඹ දි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි උන්වහන්සේ මේ බව පවසා සිටියා.

“අපි මේ ආණ්ඩුව ගෙනාවේ මද්‍රසා පාසල් වහන්න. මේ මැතිවරණ ඉස්සල්ලා මද්‍රසා පාසල් වහන තීන්දුව ගත්තේ නැත්නම් අපි ජනතාව තුළ දැඩි මතයක් ඇති කරනවා. සමහරු හිතනවා මුස්ලිම් අන්තවාදින් එක්ක සූදු කෙලින්න. 2010 – 2015 හිස්බුල්ලා අමාත්‍යධූරයට මුවා පසුගිය කාලයේ අක්කර 1200 කට අධික ප්‍රමාණයක් සවුදි අරාබියට 90% වඩා කොටස් හිමි සමාගම් වලට ව්‍යාපාර සඳහා ලබා දීලා තියනවා. මේ පවරා දීම් සම්පූර්ණයෙන්ම නීති විරෝධියි. ඒ වගේම රිෂාද් බදුයුදීන්ට දුන්න ඉඩම් පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදුවෙලා නෑ.”

“ඇත්ත වශයෙන්ම මේ රට ගෙනියන්න නම් රටේ නායකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමා මේ පිහිටවපු පොදුජන පෙරමුණේ නායකයා විය යුතුයි. දැන් මේ හදන්නේ එතුමා නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් කරලා පැත්තකට කරලාතියන්න.මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට යලිත් වරක් කුරුණෑගල ගිහිල්ලා ඡන්දය ඉල්ලන්න ඕන කියලා මම හිතන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා දෙවරක් මේ රටේ ජනාධිපති වුණා. ගිය වතාවේ නම් එතුමාට ඉල්ලන්න හේතුවක් තිබුණා. අද එහෙම නෑ එතුමාගේ සහෝදරයා මේ රටේ ජනාධිපති. දෙවරක් මේ රටේ විධායක ජනාධිපති වෙච්ච කෙනෙක් කුරුණෑගල ගිහිල්ලා ඡන්දය ඉල්ලන්න ඕන නෑ.”

“අනිත් එක අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කියන්න ඕන ඔබතුමා සහෝදරකම් දිහා බලාගෙන වැඩ කරන්න ගියොත් මේ රට පාලනය කරන්න වෙන්නේ නෑ. සහෝදරකම් වෙනම තියාගන්න. ජනාධිපතිකම වෙනම තියාගන්න. පරණ දේවල් ආයෙමත් වෙනවා නම් මම කියන්න කැමතියි අපේ කිසිම සහයෝගයක් මේ රජයට දෙන්නේ නෑ කියලා.”

Published on: Mar 12, 2020-මේ තීරණාත්මක මොහොතේ සන්ධානය නමැති මල් වට්ටියට අතගසන්න කියා  රනිල් වික‍්‍රමසිංහ මහතාට තමන් ආයාචනය කරන බව  හිටපු අමාත්‍ය,එජාපයේ ජ්‍යෙෂ්ඨතමයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

අද මහනුවරදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව කියා සිටියා…

“මැතිවරණ නීතිය අනුව ලාංඡනය වෙනස් කිරිමේ කාලය අවසන්. සමගි ජන බලවේගයේ ලාංඡුනයත් අද පස්වරුවේ කොළඹදී එළිදක්වනවා. මීට පෙරත් මා ප‍්‍රකාශ කළා සමගි ජන බලවේගය අහම්බෙන් ආරම්භ වුණේ නැහැ. එය මාස තුනක සාකච්චා කාලයක් සාකච්චා කොට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ඇතිව ආරම්භ වුණ සන්ධානයක්. සජිත් පේ‍්‍රමදාස මැතිතුමා සන්ධානයේ නායකයා කළෙත් අගමැති අපේක්ෂකයා කළෙත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන්. අපි සියඑ දෙනාම එක්සත් ජාතික පාක්ෂිකයෝ. ඉතින් මේ තීරණාත්මක මොහොතේ මා රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ආයාචනය කරනවා සන්ධානය නමැති මල් වට්ටියට අතගසන්න කියා.”

“අපේ ආගමේ නිතර මෙනෙහි කරන බණ පදයක් තිබෙනවා “උපන් දා සිට කළ පව් නැතිවෙයි වරක් වැන්දොත් කැළණියේ” කියලා. ඉතින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයත් පක්ෂයත් සමගි ජනබලවේගය නමැති මල් වට්ටියට අතගැසුවොත් පසුගිය කාලයේ සිදු වූ අමනාපකම් රටේ ජනතාවත් අමතක කරන බව පැහැදිලිව ප‍්‍රකාශ කරන්න පුඑවන්. ”

මෙහිදි මාධ්‍යවේදින් විසින් අකිල විරාජ් එ.ජා.ප. මහලේකම්තුමා අලියා ලකුණින් තරඟ කිරිම පිළිබදව විමසා සිටියා,

“පසුගිය කාලයේ අපි පළාත් පාලන මන්ති‍්‍රවරුන් සමග කථාකළා. අතිබහුතරයක්, සියයට අනූනමයක්ම ඉන්නේ සමගි ජන බලවේගය සමග. අපට සහයෝගය දෙන මන්ති‍්‍රවරුන්ට ලිපියක් යොමු කරලා තිබෙනවා ඒ අයව අධෛර්්‍යමත් කරන්න, බය කරන්න. නීතිඥවරයෙක් ලෙස මම ඒ අයට ප‍්‍රකාශ කරන්න කැමතියි සමගි ජන බලවේගයට සහය දුන්නා කියා ඒ අයගේ මන්ති‍්‍රධූර හෝ පක්ෂ සාමාජිකත්වය අහිමිවන්නේ නැහැ මොකද සන්ධානය හැදුවේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ඇතිව. අකිල විරාජ් මහලේකම්තුමා අපිත් එක්ක මාස 03ක් තිස්සේ සාකච්චා කළේ සමගි ජනබලවේග සන්ධානය පිහිටුවන්නේ කොහොමද කියලා. එතුමා දැනගන්න ඕන සන්ධානය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොටසක්. මෙතන වඩා වැදගත් වන්නේ පක්ෂය නොවේ අපේ දේශපාලන අරමුණයි.”

“පසුගිය කාලයේ පොහොට්ටුව ආරම්භ වුණාම නොයෙක් කථා ඇතිවුණා නමුත් පොහොට්ටුව අනෙක් පක්ෂ සියල්ල අභිබවා ගියා. ඉතින් අපේ අරමුණයි මේ වෙලාවේ වැදගත්. සමගි ජනබලවේගයේ ආණ්ඩුව සමග ගණුදෙණු කරන කිසිවෙක් නැහැ. අපේ අත් පිරිසුදුයි. ඉතින් මෙවැනි පුහු තර්ක දාලා සමගිය කඩන්න හදන්නේ ඇයි ? ආණ්ඩුව සමග ගණුදෙණු කරන පිරිසක් තමයි අපේ සන්ධානයේ සමගිය කඩාකප්පල් කරන්න හදන්නේ. ”

පසුගිය මැතිවරණයේ ප‍්‍රධාන සටන් පාඨයක් වූ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ වුවන්ට දඩුවම් ලබාදීම පිලිබදව ආණ්ඩුවේ අවධානය යොමුනොවීම පිලිබඳවද මෙහිදී මාධ්‍යවේදීන් විසින් කරුණු විමසා සිටියා.

“එළඹෙන අපේ‍්‍රල් මාසය වනවිට අවුරුද්දක් සම්පුර්ණ වෙනවා පාස්කු ප‍්‍රහාරයට. මෙයට පාර්ලිමේන්තු කමිටුවක් පත්කළා, දැන් ජනාධිපති කොමිසමක් පත්කරලා තිබෙනවා නමුත් කිසි කෙනෙක් අත්තඩංගුවට ගත්තේ නැහැ. මම කිහිපසැරයක් ප‍්‍රකාශ කළා මේ ආණ්ඩුව පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ කිසිකෙනෙක් අත්තඩංගුවට ගන්නේ නැහැ. මොකද මේ පාස්කු ප‍්‍රහාරය නිසා තමයි ආණ්ඩුව බලයට පත්වුණේ. දින 52 සිදුවීමෙන් පස්සේ අපේ ආණ්ඩුව අමාරුවේ දාන්න මානබලමින් හිටියේ. ඉතින් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ තොරතුරක් ආවා. අහක බලාගෙන රට ගියා. මොකද ප‍්‍රහාරයෙන් පසුව අමාරුවේ වැටෙන්නේ ආණ්ඩුව. ප‍්‍රහාරයෙන් පසුවත් පැය 48ක් යනකන් ලංකාවට ආවේ නැහැ. දැන් හොදටම පැහැදිලියි පාස්කු ප‍්‍රහාරයෙන් වාසි ලබාගෙන ගොඩ ගිය පොහොට්ටුවයි ප‍්‍රහාරය පිලිබද දැන දැන අහක බලාගෙන සිටි අයයි දැන් එකම පක්ෂයේ සන්ධානගතවෙලා. කාදිනල්තුමත් පසුගිය සතියේ පැහැදිලිව ප‍්‍රකාශ කළා රජය ගත් කි‍්‍රයාමාර්ග පිළිබදව ප‍්‍රකාශයක් කළයුතුයි කියා. එතුමාටත් දැන් පැහැදිලි මේ කුමන්ත‍්‍රණය පිළිබඳව.”

අනතුරුව මාධ්‍යවේදීන් විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසම මගින් අධිකරණයේ පවතින නඩු ඉවත් කරගන්නා ලෙස දැනුම් දීම හා නීතිපතිවරයාගේ පිළිතුර සම්බන්ධව විමසා සිටිමේදි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලබාදුන් පිළිතුර.

“නීතිපතිවරයා සියයට සියයක් නිවැරදියි. අධිකරණයේ පවතින නඩුවක් නැවැත්විය හැක්කේ සාමාන්තර අධීකරණයකට හෝ ඉහළ අධිකරණයකට පමණයි. ඉතින් ජනාධිපති කොමිසමට බලයක් නැහැ අධීකරණයේ පවතින නඩු නවත්වන්න, කල්දමන්න හෝ ඒ සම්බන්ධව නියෝග දෙන්න. නීතිපතිවරයාගේ ලිපිය අනුව එතුමා නිවැරදි ප‍්‍රකාශයක් සිදුකරලා තිබෙනවා ජනාධිපති කොමිසමට එසේ කළ නොහැකි බවට. උදාහරණයක් ලෙස මේ වනවිට මුඑ ලෝකයම බලාසිටිනවා සිසුන් 11දෙනෙකු අතුරුදහන් වීමේ නඩු තීන්දුව පිළිබදව. ඒ නඩුව වහාම නවත්වන්න කියා ජනාධිපති කොමිෂම නියෝගයක් දුන්නා. ඉතින් නීතිපතිතුමා ප‍්‍රකාශ කළා එය කළ නොහැකි බවට. එතුමා නිවැරදියි.”

Published on: Mar 12, 2020- “තමන්ගේ කාර්යය භාරය ඉෂ්ට කරන්න ඕන නිසා රට වෙනුවෙන් කතා කළා. අන්න එදා ඔය ඉන්න මල්වත්තේ හාමුදුරුවරු අස්ගිරියේ හාමුදුරුවරු තමයි කිව්වේ කුඩාපොළ කියන්නේ ද්‍රෝහියෙක් කියලා. අද ඒ චරිත වීර චරිතාපාදාන බවට පත් වෙලා තියනවා ලංකාවේ. ඒ නිසා වගකීම කියන එක දේශපාලකයෙක්වත් මේකේ ඉන්න එක මැටි මෝලෙක්වත් අපිට කියා දෙන්න ඕන නෑ. වගකිම කියන්නේ භික්ෂුව සතු රාජකාරියක්. ඒක නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීම සඳහා ගමක් ගමක් ගානේ ගියේ. ඒක නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති කරන්න ඕන කියන මතය දරමින් ඒ හැම පන්සලකම ඒ රාජකාරිය ඉෂ්ට කළේ. එහෙම නොකළා නම් අද ගෝඨාභය රාජපක්ෂ කියලා ජනාධිපතිවරයෙක් නෑ.”

“ඒක නිසා භික්ෂුවගේ රාජකාරිය හරියට කරලා තියනවා. භික්ෂුවට හැමදාම කඩප්පුලි කතා කිව්වා. භික්ෂුවට එරෙහිව නොයෙක් නානනප්ප්‍රකාර කතා කිව්වා. භික්ෂුවට එරෙහිව මේ රටේ ඉවසා දාරා ගත නොහැකි නමුත් පෙනුමෙන් බෞද්ධ විදියට ඉන්න නමුත් පල්ලියේ ලගින, පල්ලියේ ඉදුල් කන සමහර එවුන් තමන්ගේ රාජපකාරිය ඉටුකරමින් ඉන්නවා. ඒ නිසා Born Again ක්‍රිස්තියානි දහම අදහමින්, මූලධර්මවාදි ක්‍රිස්තියානි දහම අදහමින් ඉන්න පිරිසක් ඉන්නවා. ඉදිරි මැතිවරණයේදි ඔවුන් අනිවාර්යයෙන්ම 20 ක් හෝ 30 ක් පාර්ලිමේන්තුවට රිංගනවා, බෞද්ධයාගේ සහ බෞද්ධ නායකයන්ගේ කරපිටින් කියන එක මතක තියා ගන්න.”

“ඒ වගේම තමයි උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී කුමන්ත්‍රණයක් යනවා. හේතුව තමයි පාර්ලිමේන්තුවේ අඩුම තරමේ ඔවුන් 9 දෙනෙක්වත් නියෝජනය වෙන්න ඕන කියලා මුස්ලිම් අන්තවාදීන් විශේෂයෙන්ම කුවේට් කටාර් වගේ රාජ්‍යයන්ගෙන් සල්ලි හම්බවෙන මුස්ලිම් අන්තවාදින් පිරිසක් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. ඒනිසා අපි මේ දේවල් නිකම් බොරුවට කියන කතා නෙමෙයි. TNA සංවිධානය, LTTE සංවිධානය මෙහි රැදෙන්න ඕන, ප්‍රභාකරන් වීරයෙක් කර ගත්ත අය 14 ක් 15 ක් පාර්ලිමේන්තුවට එනකොට ඒ අන්තවාදයට පෙනි හිටින්නේ කවුද? ඒ අන්තවාදයට එරෙහිව කතා කරන්නේ කවුද මේ එක සිංහලයෙක් කතා කරන්නේ නෑ.”

අපි ආණ්ඩුවේ උන්ටත් අනික් උන්ටත් කියනවා භික්ෂූවගෙ කොදු කඩන්නවත් මානසිකව වට්ටන්නවත් එන්න එපා කියලා.

Published on: Mar 12, 2020- COVID-19 නොහොත් කොරෝනා වෛරසය ලෝක වසංගතයක් බවට පත්වෙමින් තියෙන මොහොතක ලංකාවේ එවන් තත්ත්වයක් ඇතිවුවහොත් රජය එ සම්බන්ධයෙන් ගන්න පියවර සාකච්ඡා කර ඇද්ද යන්න හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රශ්ණ කර සිටිනවා.

කොරෝනා වෛරසය උෂ්ණ සහිත රටවල් අපේ වගේ උෂ්ණ දේශගුණයක් තියෙන රටවල් වල පැතිරෙන්නේ නැහැයි කියලා මතයක් තිබුණත් ඊයේ වෙනකොට බංග්ලාදේශය පවා කොරෝනා වෛරසය පැතිරමින් තියෙන බවට වාර්තා වෙන බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා මේ වසංගතය ලංකාව තුළ ඇති වුනහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියා මාර්ග මොනවාද ? ඒ වගේම ඒ වසංගතය සඳහා අපගේ රොහල් ආදිය සුදානම්ද කියන දේ සම්බන්ධයෙන් රටේ ජනතාවට විශාල ප්‍රශ්නයක් ඇති බව පෙන්වා දෙනවා.

සෞඛ්‍යය සේවය පසුගිය මාස කිහිපය ඇතුළතදී කවදාවත් නොදුටු විදියට මහා කඩා වැටීමකට ලක්ව ඇති බවද පෙන්වා දෙන මංගල සමරවීර මහතා සදහන් කරන්නේ

“අද රෝහල් වල බෙහෙත් නැහැ. එදා අපි ජනතාවට ලබා දුන් බෙහෙත් යලි වතාවක් ඒ සහන නැතිව අධික මිලට ලබා දෙනවා. එදා අපි ජනතාවට ලබා දුන් විවිධ කාච ඇතුළු හැම දෙයක්ම නොමිලේ ලබා දුන් හැමදෙයක්ම නැති කරලා ඇත්ත වශයෙන්ම පසුගිය මාස තුන ඇතුළත වසර 5කට ආසන්න කාලයක් තුළදී අපි ක්‍රමානුකූලව ගොඩ නැගූ සෞඛ්‍යය සේවය යලි වතාවක් මහා කඩාවැටීමකට ලක්වෙලා තියෙනවා. අන්න ඒ වගේ මොහොතකයි අපි කොරෝනා වෛරසයේ අභියෝගයට මුහුණ දෙන්න යන්නේ. ”

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා දැක්වු අදහස්..

Published on: Mar 12, 2020-සිංහල බෞද්ධ නායකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ දිනවිමට මේ රටේ සංඝ පරපුර සිදුකල සියලුම කැපකිරිම් අමතක කරමින් අද වනවිට භික්ෂූ පරපුරට ගැරහිමට පොහොට්ටුව ඇතුලු කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවත් ඒ හරහා සිංහල,බෞද්ධ ජනතාව ආරක්ෂා කිරිමට දිවිහිමියෙන් කටයුතු කල භික්ෂූන්වහන්සේලා විනාශ කිරිමටත්,දේශපාලන ප්‍රවාහයෙන් ඉවත් කිරිමටත් කුමන්ත්‍රණයක් දියත් වන බව සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා.

සුලුතර අන්තවාදී දේශපාලන කණ්ඩායම්වලට ග්‍රහණය වෙච්ච ඡන්ද පදනම නැතුව මේ රටේ නායකයෝ නිර්මාණය කරන්න බැහැයි කියන මතය ජනාධිපතිවරණයේදී ඓතිහාසික ලෙස ඛණ්ඩනය කිරිමට භික්ෂුන්වහන්සේට හැකි වු බව පෙන්වා දෙන එම හිමියන් සදහන් කළේ භික්ෂුන් වහන්සේ මර්දණය කිරිමට වත්මන් රජය කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවයි.

භික්ෂුවගේ දේශපාලන අයිතිය දියකර හැරිම සදහා රාජපක්ෂලා සමග සිටින අන්තවාදී කණ්ඩායම් කුමන්ත්‍රණය කරමින් සිටින බවත් එහි ප්‍රතිපලයක් ලෙස අද භික්ෂුවගේ ඡන්ද අයිතිය අභියෝගයට ලක් කරමින් සිටින බවද උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා.

රාජපක්ෂලා… උක් දණ්ඩක් උරලා විසිකළා වගේ භික්ෂුව විසී කළා..

මහා මැතිවරණයට අදාළව ශ්‍රි ලංක පොදුජන පෙරමුණෙන් තරග කිරිම සදහා බද්දේගම සමීත හිමිට හැරෙන්නට වෙනත් කිසිදු භික්ෂුන්වහන්සේ නමකට අවස්ථාව ලබා නොදිමට බැසිල් රාජපක්ෂ ගත් තින්දුවේ කිසිදු වෙනසක් නොමැති බව යලි යලිත් අවධාරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

අවස්ථා ගණනාවක් සිය ස්ථාවරය වෙනස් කරමින් කටයුතු කල අතන – මෙතන මම රතන ලෙස ප්‍රසිද්ධ රතන හිමියන්ටද මෙවර නාමයෝජනා නොලැබෙන තත්ත්වයක් උදා වි ඇති අතර පසුගිය කාලයේම නාමයෝජනා ලබා ගැනිම සදහා අනවරථ සටනක යෙදි සිටින රතන හිමියන්ට මහින්ද ලබාදුන් පිළිතුරද සාර්ථක එකක් නොවන බවයි වාර්තා වන්නේ.

පසුගියදා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා හමුවු රතන හිමියන් තමන්ට නාමයෝජනා ලබාදෙන ලෙසට කල ඉල්ලිමට මහින්ද සදහන් කර ඇත්තේ තරග කිරිමට අවස්ථාවක් ලබාදිමට නොහැකි බවත්, ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබාදිමට හැකියාවක් ඇද්දැයි සොයා බලන බවයි.

රාජපක්ෂලාගේ සිංහල බෞද්ධ විරෝධි ගමනට එරෙහිව වෙනම තරගයට!

ගෝඨාභය රාජපක්ෂ,ඇතුලු රාජපක්ෂ කදවුරේ සිංහල බෞද්ධ විරෝධි  ගමන් මගට එරෙහිව මහා සංඝරත්නය පෙරටු කොටගත් නව ජාතික සන්ධානයක් බිහිකිරිම සදහා මෙ වනවිට සාකච්ඡා ආරම්භ වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු  පසුගිය පෙබරවාරි 15 වැනිදා අනාවරණය කළ. ඒ අනුව ඉදිරි මහා මැතිවරණය සදහා සිංහල බෞද්ධ බලවේගය වෙනම තරග කිරිමට කටයුතු කරයිද?

http://lankanewsnetwork.org/archives/23013

 

Published on: Mar 12, 2020 – අප දිගින් දිගටම අනාවරණය කල පරිදිම රාජපක්ෂ කදවුරට 2/3ක බලය ලබාදිම හරහා පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනිම සදහා අනවරථ මෙහෙයුමක යෙදි සිටින රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු කල්ලිය සමගී ජන බලවේගය සමග එක්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශිය මන්ත්‍රීවරුන් සහ සංවිධායකයින් බියවැද්දීමේ මෙහෙයුමක් දියත් කර තිබේ.

ඒ අනුව රනිල්ගේ ගෙදර රැස්වෙන එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ගන්නා ලද තින්දුවක් ලෙස අද ලිපියක් යොමුකරමින් එජාප මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් (නාමික මහා ලේකම්) සදහන් කර ඇත්තේ ….

එළඹෙන 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය යටතේ සහ අලියා ලකුණ යටතේ තරග කිරිමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තීරණය කර ඇත. යනුවෙනි.

අදාළ ලිපියට මහා ලේකම්වරයා ලෙස අත්සන් කල අකිලගෙන් ඇසිමට ඇත්තේ එක් ප්‍රශ්ණයකි.ඔය කියන කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වුනේ කවදාද? කොතනකදිද යන්න පමණී.එම ප්‍රශ්ණයට අකිලට දිමට උත්තර නැත.වික්‍රමසිංහ ලියා දෙන ඔනැම දෙයකට අත්සන් තබා එය මාධ්‍යයට ගිරවෙකු ලෙස ඉදිරිපත් කිරිම හැර වෙන කල හැකි කිසිවක් අකිලට නැති බව දන්නෝ දනිතී.

“එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහමැතිවරණයට තරග කිරීමට ගොඩනඟන සන්ධානයේ නායකත්වය හා අගමැති අපේක්ෂකත්වය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ජනවාරි 30 වැනිදා තින්දුවක් ගත් අතර ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීකදි වන අතර ඒ සදහා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට පත්කර සිටිනා 57 දෙනාගෙන් 37 දෙනෙකු සහභාගි වී සිටියා.”

මන්ද සමගී ජන බලවේගය නැමති සන්ධානයක් පිහිටුවිමටත් එහි නායකත්වය සජිත්ට ලබාදිමටත් එහි මහා ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ධාර පත්කිරිමටත් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය එකමතිකව අවසරය ලබාදුන් බව අකිලට සහ රනිල්ට අමතක වි තිබේ. ඒ හැරෙන්නට ඉන් පසුව කිසිම දිනක කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්විමට හැකියාවක් නොමැති අතර ඊට ප්‍රධානම හේතුව කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සියයට 90ක්ම සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සන්ධානයේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ යෙදි සිටිමයි.

අදාළ ලිපිය හරහා රනිල් වික්‍රමසිංහ උත්සහ දරා ඇත්තේ එජාපයේ බිම්මට්ටමේ කණ්ඩායම් භිතීයට පත්කිරිමට බව ඉතා පැහැදිලිය. මන්ද මේ වනවිට එජාපයේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට 95ක් පමණ සජිත් සමග සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදි සිටින අතර ඔහුන් කිසිවෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගෙන අහිංසක බිම් මට්ටමේ එජාප සාමාජිකත්වය භියට පත්කිරිමයි.ඒ හරහා මැතිවරණ ව්‍යාපාරය කඩා කප්පල්කර රාජපක්ෂලාට අවශ්‍ය 2/3ක බලය ලබා ගැනිමට මග පාදාදිම වික්‍රමසිංහලාගේ මෙහෙයුම වි තිබේ.

වික්‍රමසිංහලාගේ වාසියට පමණක් මතක් වෙන එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාවේ 2010-12-12 සංශෝධනයේ 3.3 වගන්තිය.

පහල එජාප සාමාජිකත්වය භීතියට පත්කිරිමට  අදාළ ලිපිය හරහා 3.4 වගන්තියද මතක් කර තිබේ.එම වගන්තිය අ යන්නේ සිට ඒ යන්න දක්වා විවිධ කරුණු වලින් සමන්විත වන අතර එහි විනය බලතල දක්වා තිබේ.

සාමාජිකයින්ට අනවශ්‍ය බලපෑම් කළහොත් සමගි ජන බලවේගය අධිකරණයට 

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයට එක්වීම වැළැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය එහි සාමාජිකයින්ට අනවශ්‍ය බලපෑම් කළහොත් අධිකරණ ක්‍රියාවලියකට යැමට  සමගි ජන බලවේගය මේ වනවිට කටයුතු සුදානම් කරමින් සිටි.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය සහිතව සමගි ජන බලවේගය පිහිටවූ අතර එම නිසා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට සමගි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කිරිමට කිසිදු නෛතීක බලපෑමක් නොමැති බව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් රැසක් මේ වනවිට පෙන්වා දි තිබෙන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

රනිල්ගේ ගෝනී සෙල්ලම….

http://lankanewsnetwork.org/archives/22650

http://lankanewsnetwork.org/archives/22548

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 11, 2020 – සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් “සමගි ජන බලවේගය” ලකුණ හෙට(12/03) සවස බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ (Waters Edge)දි එළිදැක්වීමට සියලු කටයුතු යොදා තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ලංකාවේ පුළුල්ම සහ ශක්තිමත්ම බහුජන ව්‍යාපාරය ලෙස “සමගි ජන බලවේගය” මේ වනවිටත් සමාජයේ සෑම තැනකම පැතීර ගොස් තිබේන අතර මහා මැතිවරණයට ජනතාවට නැතුවම බැරි,ඉතාම සමීපම “දුරකතනය” ලකුණීන් තරග කිරිමට සුදානමින් සිටි.

හෙට පැවැත්වෙන විශේෂ වැඩසටහනේදි ලකුණ එළිදැක්වීමට අමතරව මෙවර මහා මැතිවරණයට “සමගි ජන බලවේගය”සන්ධානයෙන් අගමැති අපේක්ෂක ලෙස කොළඹ දිස්ත්‍රික්කයට තරගවදින සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම්ද ආරම්භ කිරිමට නියමිත බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම සමගි ජන බලවේගය සන්ධානයෙන් තරග වදින විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන නායකයන්,ජනමාධ්‍යවේදීන් ඇතුලු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.එම අවස්ථාවට විශේෂ පුද්ගලයෙකු පැමිණීමට නියමිත අතර ඔහු කවුරුන්ද යන්න මේ වනතෙක් අනාවරණය වි නෑ.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 11, 2020- අපයෝජනයට ලක්වු දැරිය සගවමින් පරික්ෂණ වෙනතක යවා කුප්‍රකට ව්‍යපාරිකයා නිදහස් කර ගැනිමේ මෙහෙයුමක් දියත් වෙමින් තිබේන බවට අපකල අනාවරණය තවදුරටත් තහවුරු කරමින් ළමා ආරක්ෂණ අධිකාරිය මේ වනවිට කටයුතු කරමින් සිටි.

ඊට ප්‍රධානතම් හේතුව වි ඇත්තේ අනිවාර්යයෙන්ම ළමා අපචාරයකට සම්බන්ධ බවට සාක්ෂී සහිතව අනාවරණය වි සිටින රාජපක්ෂලාගේ බලු නකුටෙකු වන “ප්‍රියාන් මැණීක්” නටන නාඩගමය. මන්ද අප දිගින් දිගටම අනාවරණය කළේ සහ ප්‍රශ්න කර සිටියේ අතවරයට ලක්වු දැරිය නොමැතිව,ඇයගේ සාක්ෂීයක් නොමැතිව යමෙකු නිදොස් කොට නිදහස් කරනුයේ කවර ක්‍රමවේදයකට අනුවද?

ඊයේ දිනයේද ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණී “ප්‍රියාන් මැණීක්” නැමත්තා කැමරා ඉදිරියේ රඟමින් රටේ ජනතාව ගොනාට අන්දවමින් සිටින්නේ ඔහු කවර වර්ගයේ හෝ ළමා අපචාරයකට සම්බන්ධ වි ඇති නිසාය.

ඊට හොදම සාක්ෂිය වන්නේ ඔහුගේ ළමා අපචාරය සම්බන්ධයෙන් රංජන් සහ පියුමි අතර සිදුවන දුරකතන සංවාදය වන අතර එහිදි පියුමිට දුන් ලක්ෂ 6ක මුදල එපා කියා කියවා ගැනිමට රංජන් දරණ උත්සහය සහ ප්‍රියාන් සිදුකල ළමා අපචාරය පිළිබඳව සහ ඊට අදාළ විඩියෝවක් ඇති බවටද සාක්ෂී සැපයිමයි.

පියුමිට ලක්ෂ 50ක්?

මේ අතර බුද්ධශාසන , සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධ්කරණ ලේකම් කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධන මහතාට අයත් Sithwin Night Club හිදි ඇතිවු කතාබහකදි පියුමි හංසමල්ලී අනාවරණය කර ඇත්තේ සති දෙකකට පමන පෙර තමන්ට ප්‍රියාන් මැණීක් තවත් ලක්ෂ 50ක මුදලක් ලබාදුන් බවයි. ලක්ෂ 6ක ණය මුදලක් ලබාදි තිබියද ප්‍රියාන් පියුමිට ලක්ෂ 50ක් නිකං දුන්නේ ඇයි?

රංජන්ගෙන් නිකුත් වුනු මේ හඩපටය කියන්නේ “ප්‍රියාන් මැණික් ” සම්බන්ධයෙන් යම් අපචාර ක්‍රියාව බව ඉතා පැහැදිලිය “මට හැමවෙලාවෙම කතා කරනවා .. බෝම්බ ගහපු දවසේත් මට උදේ පාන්දර 6ට ගත්තා” යනුවෙන් රංජන් පවසන්නේ ප්‍රියාන්ට එරෙහි එම චොදනාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිම නතර කර ගැනිම සදහා සාකච්ඡා සිදුව ඇති බවයි.

හඩපටය යලිත් අහන්න

බාල වයස්කාර දැරිය දුෂණය කල ප්‍රියාන් මැණික් සම්බන්ධයෙන් පියුමි හංසමාලි රංජන් රාමනායක සමග සංවාදයේ යෙදෙන අතර ප්‍රියාන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනිමට රංජන්ට කතා කරමින් උත්සහ ගත් අයුරු ඒ හරහ මනාව පැහැදිලි වේ.

මේ ළමා අපචාරය කුමක්ද? ජාතික ළමාරක්ෂක අධිකාරිය මේ සම්බන්ධයෙන් දැනුවත්ද? රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් ක්‍රිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද?

ප්‍රියාන් මැණික් දිගින් දිගටම කියා සිටින්නේ තමන් ජරා මිනිහෙක් නොවන බවයි.එසේනම් ඔහු රංජන්ගෙන් ඉල්ලා සිටි සහය කුමක්ද? රංජන් හරහා යට ගැසිමට කටයුතු කරමින් සිටි බාලවයස්කාර අතවරය කුමක්ද? එයට පිළිතුරු දිමට ප්‍රියාන්ට හැකිද?

ඊයේ (03/10) ළමා ආරක්ෂක අධිකාරියට පැමිණ “ප්‍රියාන්” යලිත් නැටු නාඩගම 

මට එරෙහිව නැගූ බොරු චෝදනාවලට ළමා ආරක්ෂක අධිකාරියෙන් කෙරූ පරීක්ශන වල වාර්තාව මෙන්න.මා ඒ අභූත චෝදනා වලින් නිදොස්කොට නිදහස්

ළමා ආරක්ෂක අධිකාරියට පිස්සුද?

රාජපක්ෂලාගේ බලු නකුටෙකු වන “ප්‍රියාන් මැණීක්” ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරිපිට රඟන රැගිල්ල සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරුවෙකු විසින් කල සොයා බැලිමේදි අනාවරණය වි ඇත්තේ ඉහලින් ලැබුන නියෝගයකට අනුව විඩියෝවේ සිටින පුද්ගලයාගේ අපැහැදිලි දසුන් සහ ප්‍රියාන් මැණීක් නැමති ළමා අපචාරකයා අතර ඇති ලක්ෂණ සංසන්දනාත්මකව බලා ඔහු එම විඩියෝවේ සිටින පුද්ගලයාට සමාන නැති බවට නිගමනයක් ලබා ගැනිම පමණී.ඊට අදාළ පිටු 4කින් යුත් වාර්තාව ඉදිරියේදි අප විසින් සමාජ ගත කිරිමට නියමිතය.

විඩියෝවෙන් බලා ලිංගික අවයව සම්බන්ධයෙන් තින්දු ගන්න බෑ 

මේ අතර ළමා අපචාර ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චොදනාව එල්ල වන ප්‍රියාන් මැණීක් නැමත්තා තමන්ගේ ලිංගික අවයව සහ විඩියෝවේ පෙනේන අවයව සම්බන්ධයෙන් පරික්ෂණයකට පෙනී සිටිමට සිය කැමත්ත දැක්විම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන ලංකාවේ සුප්‍රකට මහාචාර්ය වරයෙකුගෙන් අප විශේෂ වාර්තාකරු කල විමසිමේදි ඔහු සදහන් කළේ එම ප්‍රකාශයම සැක සහිත බවයි.

මන්ද පැහැදිලි නොමැති විඩියෝ දර්ශණයක පෙනෙන ලිංගික අවයවක් සහ සත්‍ය ලිංගික අවයවක් පහසුවෙන් පරික්ෂාවට ලක්කර තින්දුවක් ගත නොහැකි විමත් සියල්ලටම වඩා යම් අයෙකු ලිංගික අතවරයක් සිදුකර පසුව ඔහුගේ ලිංගික අවයව වෙනසක් සිදුකර ගැනිමට හැකියාව තිබිමයි. විශේෂයෙන්ම ලිංගික අවයව වල ප්‍රමාණාත්මක භාවය සම්බන්ධයෙන් විඩියෝවක් හරහා නිශ්චිත තින්දුවකට එමට නොහැකි විම ප්‍රධාන හේතුවයි. කෙසේවෙතත් සිරුරේ විශේෂ ලක්ෂණ පමණක් සැසඳීමේ හැකියාව විඩියෝව හරහා සිදුකල හැක.

දැරිය අතුරුදන්!

ඒ අනුව ළමා අපචාරය සම්බන්ධයෙන් පරික්ෂණ සදහා දැරිය සොයා ගත නොහැකි වන ලෙසට මේ වනවිට අතුරුදහන් කර තිබේන අතර දැරිය නොමැතිව දේශපාලන බලපෑම් මත ප්‍රියාන් වැනි අමන චරිත නිදහස් කිරිමට නීතිය කටයුතු කරන බව ඉතා පැහැදිලිය.

බරපතල ලිංගික අපයෝජනයට ලක්වූ දැරිය මේ වනවිට ඝාතනය කර හෝ රටින් පිටකිරිමක් හෝ බලහත්කාරයෙන් රදවාගෙන සාක්ෂි සියල්ලම වසා දමා ඇති බව අප විශේෂ වාර්තාකරුවන් අනාවරණය කරන අතර ඊට අදාළව ලැබී තිබේන තොරතුරු අප විසින් මේ වනවිට පරික්ෂණයට ලක්කරමින් සිටි.

තවත් තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න 

ප්‍රියාන් මැණික්ගේ කෙරුවාව….

http://lankanewsnetwork.org/archives/23373

http://lankanewsnetwork.org/archives/23401

http://lankanewsnetwork.org/archives/23297

 

Published on: Mar 11, 2020 – ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කරමතින් බලයට පැමිණී වත්මන් ආණ්ඩුව අද ශ්‍රිලනීපයටම එරෙහිව පියවර ගනිමින් සිටීන බව එම පක්ෂයේ හිටපු මහා ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා පවසයි.

“මේ ආණ්ඩුව බලයට පත් වුණේ අපි නිසා. දැන් අපි අප ගැනම පිළිකුලෙන් ඉන්නේ. මෙය අපට කලකිරීමක්.” යනුවෙන් ඔහු සදහන් කර තිබේන අතර මේ වන විට ශ්‍රිලනිපයේ ප්‍රභල සාමාජිකයන්ට මෙන්ම හිටපු මන්ත්‍රීවරුන්ට මුහුණ් දිමට සිදුව ඇති තත්ත්වය ඉතා භයානක බවයි ඔහු පෙන්වා දි ඇත්තේ.

රාජ්‍ය ආයතන බහුතරයක සේවය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරණ පිරිස් මේ වනවිට සේවයන් ඉවත් කර එම තනතුරු සදහා කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයන් පත් කර තිබෙන බවත් ඒ හේතුවෙන් පක්ෂ ආධාරකරුවන් අතර විශාල නොසන්සුන්තාවයක් හටගෙන තිබේන බවත් හිටපු මහා ලේකම්වරයා සදහන් කර තිබේ.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහා මැතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් පරාජය කිරිම සදහා දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති බවත් රටේ ප්‍රධාන ගැටළු කෙරෙහි අවධානය යොමු නොකර පොහොට්ටුවේ සියලුම දෙනා ශ්‍රිලනිපයේ අපේක්ෂකයන්ට ඡන්දය ලබා නොදේන ලෙස රැස්විම් පවත්වමින් ප්‍රසිද්ධියේම ඉල්ලා සිටින බවද රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා සදහන් කර තිබේ.

අමරවීර පාර්ලිමේන්තුවේන් දොට්ට,දයාසිරි, දුමින්දත් පරාජයේ ගැට්ටටම වැටේ……

මේ වනවිටත් ශ්‍රිලනීපය නියෝජනය කරමින් මහා මැතිවරණයට තරග වදින කණ්ඩායම අතුරින් යන්තම් හෝ ජයග්‍රහණය ලැබිමට අවස්ථාව තිබු දුමින්ද දිසානායක,මහින්ද අමරවීර,දයාසිරි ජයසේකර,මෛත්‍රීපාල සිරිසේන අතුරින් මහින්ද අමරවිරගේ අවස්ථාව ගිලිහී ගොස් තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පත්වන මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න මේ වනවිට රාජපක්ෂලා තිරණය කර තිබේන අතර ප්‍රසිද්ධියේම මහින්ද අමරවීර පරාජය කිරිමට කටයුතු කරන ලෙස ජ්‍යෙෂ්ඨ රාජපක්ෂලාද ජනතාවගෙන් ඉල්ලිම් කර තිබේ.(චමල් රාජපක්ෂලාගේ ඉල්ලිම පහතින් බලන්න)

කෙසේවෙතත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින උග්‍ර කුළ වාදය හේතුවෙන් විශාල ඡන්ද සංඛ්‍යාවක් දුමින්ද අමරවිර මහතාට හිමිව තිබිම හේතුවෙන් අවසන් මොහොතේ වෙනත් තින්දුවක් ගැනිමට අමරවිර තුල සුදානමක් පවතින් බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.මහමැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා තරග වදින්නේද කොළඹ දිස්ත්‍රික්කයෙනී.

මේ අතර පොළොන්නරුවේ අංක එකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඡන්දය ලබා ගැනිමට සමත් වුවද දයාසිරි සහ දුමින්ද ජයග්‍රහණ සීමාවේ අගටම මේ වනවිට පත්ව සිටින බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 11, 2020- පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන පරික්ෂණ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්‍ට අදහස් පලකිරිම වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු බලපෑම් එල්ල කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබු දේශපාලන හස්තය සම්බන්ධයෙන් අප දිගින් දිගටම සිදුකල අනාවරණයන් හමුවේ කිතුණු බැතිමතුන්ගේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්‍ට එල්ල වු බලපෑම් හමුවේ උන්වහන්සේ වත්මන් ආණ්ඩුවේ පරික්ෂණ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දිගින් දිගටම බලපැම් කිරිම හේතුවෙන් මෙම තර්ජනය එල්ල වි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

දිගින් දිගටම මාධ්‍යහමු කැදවමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙතෙක් පත් කරපු කමිටු ලබාදුන්න තොරතුරු දත්ත පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත් හාරයේ සුල මුල අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව දැන ගතයුතු බවත් ඒ අතර “මේ අයට සල්ලි දුන්නේ කවුද? මෙයාලට මේ තරම් සංවිධානගත වෙන්න දේශපාලන හයියක් ලැබුණද?” යන්න වහාම පරික්ෂණ කර තොරතුරු අනාවරණය කලයුතු බවයි.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවනු ලැබූ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මාරු කිරීමට වත්මන් ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කිරිමත් සමග තත්ත්වය තවත් නරක අතට හැරුනු අතර කිතුණු බැතිමතුන්ගේන් එල්ල වු දැඩි බලපෑම් හමුවේ එයට එරෙහිව දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කිරිමට අගරදගුරු කටයුතු කරනු ලැබුවා.

පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවනු ලැබූ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මාරු කිරීමක් සිදු වන බවට තමන්ට දැනගන්නට ලැබුණු බවත් එසේ පොලිස් නිලධාරීන් මාරු කිරීම වැරදි බවත් ඊට එරෙහිව ජනතාවත් සමග වීදි බැස විරෝධය පළ කරන බවත් ඡන්දයක් තිබ්බුනත් නැතත් තමනට අදාල නැති බවයි උන්වහන්සේ සදහන් කළේ.

දිගින් දිගටම අගරදගුරුතුමන් පාස්කු ප්‍රහාරය පදනම් කරගනිමින් ආණ්ඩුවට දැඩි ලෙස බලපෑම් කිරිම හේතුවෙන් ආණ්ඩුව අපහසුතාවට පත්ව ඇති බවත් වහාම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරිම නතර කරන ලෙසත් අදාළ ජනාධිපති ලේකම්වරයා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්‍ට බලපෑම් කර තිබේ.

මේ අතර අප්‍රියෙල් 21 ප්‍රහාරය ඉලක්ක කර ගනිමින් තවදුරටත් දේශපාලන වාසී ගැනිම සදහා රාජපක්ෂ කදවුර මේ වනවිට මෙහෙයුමක් දියත් කර තිබේන අතර මහා මැතිවරණයට දින 4කට පෙර යෙදෙන අප්‍රියෙල් 21දින ඉලක්ක කර රටපුරාම දැවැන්ත විපක්ෂයට එරෙහිව වැඩසටහන් රැසක් පැවැත්විමට කටයුතු සුදානම් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.රටපුරා විහාරස්ථාන සියල්ලම භාවිතා කරමින් මියගිය අය සදහා පිං පැමිණවිමේ පිංකම් මුවාවෙන් දේශපාලන වාසී ගැනිමේ සිට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය යොදා ගනිමින් විවිධ මොළ සේදිමේ ව්‍යාපාරයක්ද දියත් කිරිමට ආණ්ඩුව මේ වනවිට සැලසුම් කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අප කල අනාවරණයන් සියල්ලම පහතින් කියවන්න ….

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


http://lankanewsnetwork.org/archives/20177

http://lankanewsnetwork.org/archives/23283

http://lankanewsnetwork.org/archives/22877

http://lankanewsnetwork.org/archives/20215

http://lankanewsnetwork.org/archives/21124

http://lankanewsnetwork.org/archives/23104

Top