Published on: Mar 10, 2020- ලංකාවේ පුළුල්ම සහ ශක්තිමත්ම බහුජන ව්‍යාපාරය ලෙස සජිත් ප්‍රේමදාසගේ “සමගි ජනබලවේගය” දුරකතනය ලකුණෙන් තරග කිරිමට මේ වනවිට අවසන් තින්දුව ගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව බොහෝදුරට ලබන 14 වැනිදා සමගි ජනබලවේගයේ ලකුණ ලෙස “දුරකතනය” හදුන්වා දෙමින් මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීයව අවතීරණ විමට සජිත් ඇතුලු කණ්ඩායම සුදානමින් සිටි. මේ වනවිට බැසිල්-මහින්දගේ පොහොට්ටුවෙන් තරග කිරිමට නියමිතව සිටි ශ්‍රිලනිපයේ ජ්‍යෙෂ්ඨ ප්‍රබලයන් රැසක් සජිත්ගේ නායකත්වයෙන් තරග කිරිමට ඉල්ලා ඇති බවද ඒ සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේ ඊයේ (9) විවෘත කෙරුණු අතර 2020 මහ මැතිවරණයේ නාමයෝජනා කැදවීම මාර්තු 12දා සිට 19 වැනිදා දක්වා සිදුකෙරේ.

මේ අතර සමගි ජනබලවේගය යනු කිසිවකුත් පිම්බීමට හෝ එක්සත් ජාතික පක්ෂය දියාරු කරන බලවේගයක් හෝ නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ අද(10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

‘රට රකින විරුවා – ඔබයි අපේ මිතුරා’ කියලා කිව්වට දැන් ඒක හතුරා වෙලා තියෙනවා. රටේ මිනිස්සු 69 ලක්ෂයක් ඡන්දය දුන්නට ඒ 69 ලක්ෂය හිතුවේ නැහැ මේක ඇතුලේ මේ වගේ රකුසො ඉන්නවා කියලා. මේ රකුසන්ගෙන් රට බේර ගන්න අපිත් එක්ක එකතුවෙන්න කියලා රටේ ජනතාවට අපි ආරාධනා කරනවා” යැයිද හරීන් එහිදි කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා

“මේ දවස්වල ලෝකෙම තියෙන්නේ කොරෝනා. මේ ආණ්ඩුවටත් කොරොනා හැදිලා වගේ තත්ත්වයක් තමයි දක්නට තිබෙන්නේ. නිරෝධායන මධ්‍යස්ථානවලට රුපියල් 7500ක් අය කිරීමට මේ රජය සැලසුම් කරලා තිබුණා. චිනයේ ඉඳන් දරුවො සංදර්ශනයක් පෙන්වන ආකාරයට ගෙන්නුවා. රට රැකපු විරුවා දැන් රටට විදේශ විනිමය එවපු මිනිස්සුන්ගෙන් ගාස්තු අයකිරීමට කටයුතු කරලා තියෙනවා.

නොවැම්බර් 16න් පස්සේ විනාඩියෙන් විනාඩිය මේ බයිලා කාරයන්ගේ ඇත්ත යතාර්ථය රටට හෙලි වෙමින් තිබෙනවා. දැන් නාමල් බේබි ඉස්සර වගේ පන්සල් වල තීින්ත ගාන්නේ නැහැ. බයිසිකල් පදින්නේ නැහැ. කල්දේරං කරේ තියාගෙන යන්නේ නැහැ. දැන් ආයිත් ඩිෆෙන්ඩර් වලින් වටකරගෙන යනවා. අර 69 ලක්ෂයට සතුටුයිද දැන් කියලා තමයි අහන්න වෙන්නේ.

තක්කාලි ගෙඩියෙ ඉදන් රතුලූනූ ගෙඩිය දක්වා රාජපක්ෂලාගේ වියදම නිසා අද ලංකාවේ මිනිස්සු සතුටින් ඉන්නවද කියලා අහන්න ඕන.මේ ආණ්ඩුවට එරෙහිව අපි සමගි ජනබලවේගය ගොඩනගලා තියෙනවා. සමගිය කියන්නේ මේ පක්ෂයේ සමගිය නෙමෙයි. මේක දිහා රතුපාට, නිල්පාට, කොළපාට කන්නාඩි වලින් බලන්න එපා. මේ ආණ්ඩුවෙන් වෙච්ච විනාශය වෙනුවෙන් අපි සියලු දෙනා සමගි විය යුතුයි.

අපේ ආණ්ඩුවේ තිබුනු යම් යම් අඩුපාඩු සහ මාධ්‍යයට පින්සිද්ධ වෙන්න රටේ විශාල භීෂනයක් ඇති බවට ජනතාවට පෙනිගියා. දැන් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල විශාල වහයෙන් පහත වැටෙමින් තිබෙනවා. රනිල්, සජිත් එකට නැත්තේ කියන එක නෙමෙයි ඇයි මේ ආණ්ඩුව තෙල් මිල අඩුකරන්නේ නැත්තෙ කියලා මාධ්‍යයෙන් පෙන්වන්නේ නැත්තේ ඇයි කියලා අපි අහනවා. අපේ ආණ්ඩුවේ වගේ එදා තෙල් මිල අද තෙල් මිල ගැන සෙග්මන්ට් හදන්නේ නැත්තේ ඇයි කියලා අපි මාධ්‍යයෙන් අහනවා.

මිල සූත්‍රය අනුව අද ඩීසල් රුපියල් 57ට එන්න ඕන. පෙට්‍රාල් හැත්තගානට එන්න ඕන. මාධ්‍යයට ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න විශාල වගකීමක් තියෙනවා.දැන් අපේ කාලේ වගේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න, ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන්න මාධ්‍යයට හැකියාවක් නැහැ. දැන් මාධ්‍යයේ අත් බැදලා, කටවල් වහලා. මේක නෙමෙයිද රාජපක්ෂලාගේ කාලේ ඕන වෙච්ච දේ.

මිනිස්සු අහනවා ඇයි මාධ්‍යයේ පේන්න නැත්තේ කියලා. ඇවිල්ලා වැඩක් නැහැ. මේවා මාධ්‍යයේ යන්නේ නැහැ. අපි ගමින් ගමට ගිහින් කොහොම හරි අපි ගේම ගහනවා. සමගි ජනබලවේගය විදියට ගන්න පුලුවන් උපරිම මන්ත්‍රීධුර ගාන අපි ගන්නවා. එදාට ඔය බයිලා කාරයොන්ට උත්තර ලැබේවි.කඬේට ගියහම පාරට බැස්සම, ත්‍රිවිල් එකකට නැග්ගම මින්සුන්ගෙන් ඇහෙන්නේ අදෝනාවල්. මේ කාලේ විපක්ෂයේ ඉන්න ලැබීම ගැන මටනම් බොහෝම සතුටුයි. මේ කාලයේ අපි විපක්ෂයේ ඉඳීම තුල තමයි ජනතාවට සත්‍යය අවබෝධ වන්නේ. මේ වෙලාවේ අපේ ආණ්ඩුවක් නම් තිබුණේ හන්දිවල අපිව එල්ලනවා.

බැලුම් කතා කියලා, වයිෆයි කතා කියලා අපිව එල්ලපු මාධ්‍ය රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දේ මේ ආණ්ඩුවේ එකෙක්ට ගහනවා දැකලා තියෙනවද? මේ සමගි ජනබලවේගය කියන්නේ කාවවත් පුම්බන්න හදන බලවේගයක්වත් එක්සත් ජාතික පක්ෂය දියාරු කරන බලවේගයක්වත් නෙමෙයි. අපි හොද යූ. එන්. පී කාරයො. මේ රටට අවංකවම පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් බලවේගයක් හදලා ඒකේ ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් එයලා යූ. එන්. පී නෙමෙයි.

පක්ෂ කාර්යාලයේ අලියෙක් තියාගෙන එතන ඉන්න පුලුවන්. හැබැයි හදවතේ යූ. එන්. පී කාරයේ කවුද කියලා රටේ ජනතාව දන්නවා. යූ. එන්. පී කාරයන්ගෙන් රටට වෙන්න ඕන යුතුකම තමයි අපි මේ කරන්නේ. මේ සඳහා පාට, පක්ෂ බේදයකින් තොරව, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුලු විශාල කණ්ඩායමක් අපිත් එක්ක එතුවෙලා ඉන්නවා.

දැන් බලන්න දයාසිරි මහත්තයගේ අදෝනාව. දැක්කම කොච්චර දුක හිතෙනවද? අපිට පේනවා මේක ඇතුලේ තියෙන අර්බුද ඕන තරම්. ඒ විතරක් නෙමෙයි අයියලා මල්ලිලාගේ අර්බුදත් තව ටික දවසකින් එළියට එනවා.

අපිට මේ වෙලාවේ තියෙන්නේ නොවැම්බර් 16 වැනිදා රටට වෙච්ච වින්නැහියෙන් රට බේරාගන්නයි. එදා ඇන්තනීලා වෙඩිකෑවේ භූමිතෙල් මිල අඩුකරගන්න ගිහිල්ලා. අද මිනිහෙක් මේ ආණ්ඩුවට විරුද්ධව පාරට බහිනවද නැහැ. මොකද අද මේ රටේ නොදකින භීෂණයක් තියෙනවා. මේ භීෂණය ආරම්භ වන්නේ මාධ්‍යයෙන්.

මුලින්ම පාරට හමුදාව දැම්මා. දැන් මුලු රටහම හමුදාකරණය වෙමින් තිබෙනවා. බිග් මැච්වල වරෙන්තු තියෙන මිනිස්සු ආරක්ෂක ලේකම් එක්ක ඉන්නවා මාධ්‍යයෙන් පෙන්වනවා. නමුත් අල්ලගන්න කොන්දක් නැහැ. එතකොට මේ රටේ ආරක්ෂාව හොදට තියෙනවා කියලද කියන්නේ.

Published on: Mar 7, 2020- උතුරේ දමිළ ජනයා අතර ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා උතුරේ ජනතාවගේ ගමන් මාර්ග හරස් කරමින් මුරපොලවල් කිහිපයක් ඉදිකිරිමට කටයුතු කර තිබේන බව උතුරේ අඔඅ දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මාන්කුලම්- මුලතිව් ප්‍රධාන මාර්ගයේ මෙන්ම කොක්කිලායි ප්‍රධාන මාර්ගයේ ද මෙම හමුදා මුරපොලවල් ඉදිකර තිබේන අතර ඒ හරහ පැමිණේන සියලුම දෙනා විශේෂ මෙන්ම ප්‍රචණ්ඩකාරි අයුරින් පරික්ෂාවට ලක්වන බවයි අප වාර්තාකරු අනාවරණය කර ඇත්තේ.

නව ජනාධිපතිවරයා පත්ව මාසයක් ගතවිමට පෙර උතුරේ දමිල ජනතාව මත හමුදා ප්‍රචණ්ඩත්වය මුදා හැරිමට කටයුතු කර ඇති බවත් යාපනයේ සිට දිවයිනේ දකුණට ගමන් කරන බස් රථ සන්නද්ධ ශ්‍රී ලාංකික සොල්දාදුවන් විසින් නවතා දමා ඇති අතර ඔවුන් මගීන් බස් රථවලින් බැස බලහත්කාරයෙන් සන්තකයේ තබා ගැනිමටද කටයුතු කර තිබේ.

මාර්තු මාසය ආරම්භ විමත් සමග ශ්‍රී ලංකා හමුදාව උතුරේ සෝදිසි මෙහෙයුම් වේගවත් කිරීමට කටයුතු කර ඇති අතර බලහත්කාරයෙන් පරික්ෂා කිරිම් මෙන්ම රදවා තබා ගැනිම්ද වේගයෙන් සිදුවන බවයි උතුරේ ආරංචි මාර්ග තහවුරු කළේ.

 

Published on: Mar 6, 2020- මේ දිනවල දේශපාලන කරළියේ රඟදෙන අලුත්ම බජව්ව නම් මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසයේ කුණු කූඩයට යැවීමේ රාජපක්ෂවරුන්ගේ ගායනය යි. සිරිසේන පමණක් නොව සිරිසේන පසුපසින් රාජපක්ෂ සාටකයේ එල්ලී දෙව්ලොව යෑමට බල්ටි ගැසූ දයාසිරි ජයසේකරලාත් දුමින්ද දිසානායකලාත් දැන් මුහුණ දෙන්නේ යක්ෂයාගේ හොරාවට ය. සිරිසේන කල්ලියේ කිසිවකුට ජන්දය නොදෙන ලෙස රාජපක්ෂගේ දස මහා යෝධයින් දැන් අවි අමෝරා ගෙන සිටිති. මෙම ප්‍රහාරයේ පෙරමුණ විමල් වීරවංස සහ ප්‍රසන්න රණතුංග මෙහෙයවයි. සැම දිසාවකම ඔවුන්ගේ සෙන්පතිවරු සටනට එලඹ සිටිති.

මෙම ප්‍රහාරයන් හමුවේ සිරිසේන තනි වී ඇත ඔහු වෙනුවෙන් කටක් ඇර කතා කරන්නට රාජපක්ෂ වළව්වේ වළං හෝදන්නට ගිය කිසිම ශ්‍රීලනිප මංත්‍රීවරයකු ඉදිරියට ඇවිත් නැත. ඒ හැම දෙසාම දැන් සිරිසේනට සළකන්නේ වාතයක් ලෙස මිස ආභරණයක් ලෙස නොවේ. රාජපක්ෂවරුන්ගේ සැළැස්ම එළමෙණ මහා මැතිවරණයේ දී නිමල් සිරිපාලලා එස්බී දිසානායකලා දේශපාලනයෙන් ඉවත් කිරීම බව දැන් හොදටම පැහැදිළිය. දැන් සිරිසේන කල්ලියට අල්ලුපු අත්තත් පය ගහපු අත්තත් නැත.

පහත පළවන්නේ වීරවංශවාදී වෙබ් අඩවියෙන් සිරිසේනට සහ ඔහුගේ ගෝලයින්ට නොමිලයේ ම දෙන කෑම ය.

“තමන් ඇතුළු පිරිස විසින් සාදාගන්නා ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කූඩුවෙන් ඉවත් වී යන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දෙන බව එම පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

“හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කූඩුවේ කැමති බිත්තරයක් දමා ගන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

“හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් බරපතල ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

සිතාමතා මෙම නාශය වෙන්න ඉඩ හැරීම හේතුවෙන් සමූහ සමූහ මිනිස් ඝාතනයක් සිදු වීමට ඉඩ හැර නිකම් බලා සිටීමේ චෝදනාවෙන් ඔවුන්ට ගැලවෙන්නට නොහැකි බවද ඔහු කියා සිටියේය. පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව වෙත ප්‍රකාශ සාක්ෂි ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

“පසුගිය ආණ්ඩු සමයේදී ඇතැම් අය උකුස්සන් වීමට උත්සාහ කිරීම නිසා පීඩාවට පත්වූයේ ජනතාව බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. පැවති එම ආණ්ඩුවේ ජනාධිපති අගමැතිට පක්‍ෂ නොවුන බවත් අගමැති ජනාධිපති පක්ෂ නොවූ බවත් අගමැතිවරයා කියා සිටියේය.

ඒ හේතුවෙන් රටට සේවයක් වුණේ නැතැයිද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගලදී පැවති වැඩසටහනක් අමතමිනි.

“ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ලගදී කියලා තිබුණා ඔහු උකුස්සා වගේ දියකාවගේ කටේ තියෙන මාළුවා ඩැහැගන්න දක්ෂයි කියලා. 2015 දීත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ ජඩ වැඩේ කළා. මේ මැතිවරණය ජයග්‍රහණය කරලත් ඒ අය ඒ සෙල්ලමම දාන්න උත්සාහ කරනවාදැ‘යි අපිට සැකයක් තියෙනවා. අපි කිසිසේත් ඒකට ඉඩ තියන්නේ නෑ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ පොහොට්ටුවෙන් තරග කරත් මෙවර මහා මැතිවරණයේ දී මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා.

“හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉල්ලීමට අවස්ථාව ලබා නොදිය යුතු බව එම පක්ෂයේ කිහිප දෙනෙකුම දැනටමත් ඉල්ලීම් කර ඇත. හිටපු ජනාධිපතිවරයා විසින් මෑතකදී සිදුකරන ලද උකුසු කතාවෙන් ඇඟවෙන්නේ නිසි මොහොත ලැබුණු කළ බලය පෙරළා දැමීමට සූදානම් බව යැයි ද ඔවුන්ගේ අදහස වී තිබේ.

“රොෂාන් රණසිංහ, ෂෙහාන් සේමසිංහ හිටපු ඇමතිවරුන් ප්‍රසිද්ධියේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විරෝධතාව පළ කර ඇත. එමෙන්ම තවත්එම පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම මෛත්‍රීපාල සිරිසේන මහතාට නාමයෝජනා ලබා නොදිය යුතු බවට දැනටමත් දැනුම් දී තිබේ.”

~~ජනසිරි දිසානායක විසිනි. ~~

Published on: Mar 6, 2020 – මේ ලිපිය ලියා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ 19න් පාර්ලි‍‍මේන්තුව විසුරුවා 19ය ඉවත් කිරීමට 2/3ක් ඉල්ලන්නේ 2015දී 19යට අත ඉස්සූ මන්ත්‍රීවරුන්වම නැවත පාර්ලිමේන්තු යවන්නද? යන පැනයට පිළිතුරු සෙවීමට ඡන්ද දායකයන්ට පහසු කිරීමටය. (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන )

මෙම ලේඛකයා කථානායකවරයා විසින් වැරදියට සහතිකය යොදා ඇති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව ජනාධිපති වෙත විරෝධතාවය ප්‍රකාශ කර සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්ල රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ නීතිපතිවරයා වෙත පිටපත් සහිතව 2020 මාර්තු 03වන දින දැනුම් දීම කර ඇත.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ඉන් ප්‍රයත්න දරා තිබුණි. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූණේ 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් වන අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින ගැසට් පත‍්‍රයේ එය පළ කර ඇත.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ මුල් පිටුව මෙසේය.

එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් හදුන්වා දී තිබූ වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අග.වි.) වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ජේ. ඒ. එන් ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

එම විනිසුරු 07 දෙනාගේ ඒකමතික තීරණය අනුව ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය නීතියක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය තත්ත්වය එම විනිසුරුවරු 7 දෙනා විසින් දීර්ඝව විස්තර කර ඇතග වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5 වන වගන්තිය අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් එය නීතියක් වන්නේ ජනමත විචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය දීමෙන් පසුව බව අගවිනිසුරු ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනකු විසින් ඒකමතිකව තීරණය කර ඇත.

එනම් 2002 දී ගෙන එනු ලැබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තිබූ වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමෙන් ජනාධිපතිවරයා වළක්වමින්ල වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය නීතියක් බවට පත් වන්නේ ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමැතිය ලබා දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80ග2ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ සහතිකය ලැබීමෙන් පසුව බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනාගේ ඒකමතික තීරණය අනුව පැහැදිලිය.

ඒ අනුව 2002දී ගෙන එනු ලැබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය වන ඉදිරි පියවර එනම් පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමට කටයුතු නොකළ අතර එකී 19වන ව්‍යවස්ථා සංශෝධනය එතනින් අවසන් විය.

තත්ත්වය එසේ තිබියදී නැවත 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් නැවත වර්ෂ 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර ඒ අවස්ථාවේදී එසේ ඉදිරිපත් කරනු ලැබූයේ අග‍්‍රාමාත්‍යතුමා සහ ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතුල ළමාල තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි 2015 මාර්තු මස 13 වන දින ගැසට් පත‍්‍රයේ 11 වන කොටස අතිරේකය 2015.03.16 දින නිකුත් කරන ලද මගින්ය.

එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමට නියම කළ දිනයෙන් වසර 4 ක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය තවත් විධිවිධාන 16ක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වර්ෂ 2015 දී අග‍්‍රාමාත්‍යතුමා සහ ප‍්‍රතිපත්ති සම්පාදනල ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතග එකී දෙවන වරටත් 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 3කු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පරීක්ෂා කළ අතර 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කළ පාර්ලිමේන්තුව විසුරුවීමට අදාල වූ විධිවිධානය හැර අනෙක් විධිවිධාන 16 සම්බන්ධව තීරණය එම විනිසුරුවරු 3දෙනා විසින් පාර්ල්මේන්තුවට දන්වා යවා ඇත.

2002 දී පාර්ලිමේන්තුයට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කෙරෙහි අවධානය යොමු නොකර 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අතර දෙවන වර සහ තුනවර වර කියවා පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය පමණක් ලබා ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව යටතේ සිය සහතිකය යෙදීමට කථානායකවරයා පියවර ගෙන ඇත. මෙය 2002 දී 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කිරීමක් වන අතර විය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 79 ව්‍යවස්ථාව සහ 80.2 ව්‍යවස්ථාව අනුගමනය කිරීමෙන් බැහැර වීමට කථානායකවරයා ක්‍රියා කිරීම බලවත් දෝෂයකි.

මෙය සැළකිල්ලෙන් අවධානයට යොමු කිරීමේදී පාර්ලිමේන්තුව විසින් 2015 දී 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව කටයුතු කර ඇත්තේ 2002 දී පාර්ලිමේන්තුයට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කිරීමෙන් බවත් 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07කු විසින් ජනමතවිචාරණයක් සදහා යොමු කළ විධිවිධානයට 2015 දී කථානායකවරයා විසින් නොසැළකිල්ලෙන්/ අනවධානයෙන්/ අනවබෝධයෙන්/නොමග ගොස් 80.1 ව්‍යවස්ථාව යටතේ සහතිකය යොදා ඇති බව පැහැදිලිය.

එය වඩාත් තහවුරු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 නොවැම්බර් මස 09වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවකින් නලීන් පෙරේරා (අගවි) බුවනෙක අලුවිහාර (වි) සිසිර ආබෲ(වි) ප්‍රියන්ත ජයවර්ධන (වි), විජිත මලල්ගොඩ(වි), ප්‍රසන්න ජයවර්ධන (වි) සහ මෘදු ප්‍රනාන්දු (වි) විසින් ලබා දුන් තීන්දුවෙන් අවලංගු කිරීමත් සමගය.

එනම් එකී නඩු තීන්දුව මගින් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 33.2.ඇ ව්‍යවස්ථාවේ දැක්වෙන පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිට ඇති බලය 70 ව්‍යවස්ථාවට යටත්ව පවතින බව තීරණය කිරීමත් සමගය. ඒ අනුව 2018 නොවැම්බර් මස 09වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2015 දී පාර්ලිමේන්තුවට ගෙන 2වන වරට ගෙන එනු ලැබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය යොදන අවස්ථාව සමග එකට ගෙන කියවීමේදී කථානායකවරයා සිය සහතිකය යොදා ඇත්තේ 2002 දී මුල්වරට ගෙනා 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කිරීමෙන් වේ.

නීතියට පටහැනි 19වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව විසුරුවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යොදා ගැනීමට හේතුවෙන් නව අර්බුදයක් මතු වීම සහ 19ය ඉවත් කිරීමට 2/3ක අවශ්‍යතාවය අවධාරණය කරමින් 2015දී 19යට අත ඉස්සූ මන්ත්‍රීවරුන්වම නැවත පාර්ලිමේන්තු යාමේ සැළසුම ක්‍රියාත්මක කිරීම.නීතියට පටහැනිවල ශේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් නීතියක් ලෙස ක්‍රියාත්මක කරගෙන යන 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධව නැවත අර්බුදයක් හටගත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ජනාධිපත් ලේකම් මගින් 2020 මාර්තු 02 දින අංක 2165/8 දරන අති විශෙෂ ගැසට් පත්‍රයෙන් පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 33:2 ඇ අනුව්‍යවස්ථාව සහ 70 ව්‍යවස්ථාව යොදා ගැනීමත් සමගය.

2002 දී 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් 79 ව්‍යවස්ථාව සහ 80.2 ව්‍යවස්ථාව අනුගමනය කිරීමෙන් බැහැර වෙමින් කථානායකවරයා වැරදියට සහතිකය යොදා ඇති 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුගතවී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමත් සමග (නීතියක් නොවූ) 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3ක මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තමන්ගේ පාර්ශවයෙන් පාර්ලිමේන්තුවට තෝරා එවන තර්කය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ උපදේශකයන්ගේ අදහස විය හැකි වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තිරණය උල්ලංඝනය කරමින් 19වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ඡන්දය දුන් මන්ත්‍රීවරු නැවත පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තෝරා ගන්නේද යන්න ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතුය.

Published on: Mar 5, 2020 – තම පවුලේ සමාජිකයන්ට සහ තමන්ට සමිපතම කණ්ඩායම් අපහසුතාවට පත්කිරිම සදහා පෞද්ගලික මාධ්‍ය ආයතන දෙකක කිහිප දෙනෙකු ගෙන යන කුමන්ත්‍රණය කරන බවත් එය නතර කිරිම සදහා වහාම කටයුතු කරන ලෙස පෞද්ගලික මාධ්‍ය ආයතන අයිතිකරුවන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව දෙරණ සහ හිරූ පෞද්ගලික නාලිකා දෙකහිම වැඩසටහන් ප්‍රධානින් සහ නිවේදක,නිවේදිකාවන් කිහිප දෙනෙකු හදිසීයේම මාරු කිරිමට ආයතන් ප්‍රධානින් කටයුතු ර ඇති අතර කිහිප දෙනෙකුට ඉවත් ව යන ලෙසටද දැනුම් දි තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.මිට අමතරව ප්‍රාදේශිය වාර්තාකරුන් කිහිප දෙනෙකුගේන්ම පුවත් ලබා ගැනිම හදිසියේම නතර කිරිමටද ප්‍රධාන පෞද්ගලික නාලිකා දෙකම කටයුතු කර තිබේන බවද වාර්තා වේ.

ආණ්ඩුව පිහිටුවිමෙන් මාස 3ක කාලයතුල මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඇතුලු මහින්ද පිළ ඉලක්ක කර මාධ්‍ය ආයතන තුල පුවත් සහ වැඩසටහන් සැකසිමේදි අවාසිදායක තත්ත්වයක් ඇති කිරිමට මෙහෙයුමක් දියත් වු අතර මේ වනවිට එම තත්ත්වය උග්‍ර වි තිබේ.ඒ සම්බන්ධයෙන් මහින්ද පිළේ කණ්ඩායම් අතර දිර්ඝ වශයෙන් සාකච්ඡා සිදුව ඇති අතර එම සාකච්ඡාවලදි ගත් තින්දුවකට අනුව පෞද්ගලික මාධ්‍ය ආයතන හිමිකරුවන්ට පණිවිඩයක් යවා ඇති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

මාධ්‍යයට අලුතින් බැරියර් දමන  “විකාශන නියාමන කොමිෂන් සභා”

මේ අතර රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍ර නිකුත් කිරීම නියමානුකූල කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ‘විකාශන නියාමන කොමිෂන් සභා’ යනුවෙන් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර ඒ හරහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම පිණිස පත් කරන ලද කමිටුවක් විසින් ගුවන් විදුලි හා රූපවාහිනී යන මාධ්‍යයන් දෙවර්ගය සම්බන්ධයෙන්ම කටයුතු කිරීම පිණිස වෙනම ආයතනයක් පිහිටුවිමට නියමිතයි.

ගුවන්විදුලි සහ රූපවාහීනී විකාශන සේවාවන් පවත්වාගෙන යාම සඳහා 1966 අංක 37 දරණ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථා පනතේ සහ 1982 අංක 6 දරන ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථා පනතේ ප්‍රතිපාදන අනුව මේ වන විට පෞද්ගලික ගුවන් විදුලි විකාශන සඳහා බලපත්‍ර නිකුත් කරනු ලැබෙයි

මේ වන විට පෞද්ගලික ගුවන් විකාශන බලපත්‍ර 27 ක් සහ රූපවාහිනී විකාශන බලපත්‍ර 54 ක් නිකුත් කර ඇත.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 5, 2020- උතුරේ ජනතාව හමුදා පාලනයක් යටතේ පාලනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සහ ගනිමින් සිටින බවට ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා අනාවරණය කළා.

කිලිනෝචිය කිරංචි ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් සේනාධිරාජා මහතා සදහන් කළේ උතුරු පළාතේ සිවිල් රාජ්‍ය ආයතනවලට ආරක්ෂක අංශ නිලධාරීන් අනියුක්ත කිරිම ජනාධිපතිවරයාගේ මැදිහත් මත සිදුවන බවයි.

“පසුගිය දිනයන්හි රජය විසින් එහෙමත් නැත්තම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දුවකට අනුව අධ්‍යාපනයක් නොමැති තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා දෙන බව පවසා සම්මුඛ පරික්ෂණ තිබුනා එහි සම්මුඛ පරික්ෂණ මෙහෙයවූවේ ආරක්ෂක අංශ සාමාජිකයින් එමගින් පෙනී යන්නේ උතුරේ සිවිල් කටයුතු වෙනුවෙන් ආරක්ෂක අංශ යොදා ගැනීමේ උත්සහයක් පිළිබඳවයි.”

“මෙරට ඉතිහාසයේ කවදාවත් නොවන අයුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටවූවා පසුව උතුරේ සංවර්ධනයට මෙන්ම ජාතික ගැටලුවටද විසඳුම් සෙවීමට උත්සහ ගත්තා උතුරු පලාතේ සංවර්ධනය වෙනුවෙන්ද වැඩිම මුදලක් වෙන්වුනෙත් මේ කාලයේ ඒ මුදලුත් ජනාධිපතවරනයත් සමග අත්හිටුවා තිබෙනවා මේ සියලු දේ අධික්ෂණය කර මෙවර මහ මැතිවරණයෙන් ජනතාව බුද්ධිමත් තීරණයක් ගනියි කියලා අපි විශ්වාස කරනවා. “

Published on: Mar 5, 2020 – අපයෝජනයට ලක්වු දැරිය සගවමින් පරික්ෂණ වෙනතක යවා කුප්‍රකට ව්‍යපාරිකයා නිදහස් කර ගැනිමේ මෙහෙයුමක් දියත් වෙමින් තිබේන බව අප සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාකල සෑම දිනකම අනාවරණය කල අතර ඊයේ “ප්‍රියාන් මැණීක්” නැටු නාඩගම සම්බන්ධයෙන්ද අප ප්‍රශ්ණ කර සිටියා.

“ප්‍රියාන් මැණීක්” ඊයේ සිදුකල ප්‍රකාශයන් සහ ළමා ආරක්ෂණ අධිකාරියේ හදිසී ක්‍රියාකාරිත්වය සලකා බැලිමේදි බරපතල ලිංගික අපයෝජනයට ලක්වූ දැරිය මේ වනවිට ඝාතනය කර හෝ රටින් පිටකිරිමක් හෝ බලහත්කාරයෙන් රදවාගෙන සාක්ෂි සියල්ලම වසා දමා ඇති බව අප විශේෂ වාර්තාකරුවන් අනාවරණය කරන අතර ඉදිරි දින කිහිපයේදි ඒ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනිමට හැකියාවක් ඇති බවද සදහන් කිරිමට කැමැත්තෙමු.

අද (05) යලිත් මාධ්‍ය හමුවක් කැදවමින් අසේල සම්පත් යලිත් රජයට චොදනා කර සිටි අතර ඔහු එහිදි කල ප්‍රකාශය පහතින් බලන්න ….

http://lankanewsnetwork.org/archives/23426

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 5, 2020 – ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත්හැර නොගිය අපේක්ෂකයන්ට ඡන්දය භාවිතා කොට ඔවුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මහර ආසනයෙන් කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා කියා සිටියේ….

“දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ලගදී කියලා තිබුණා ඔහු උකුස්සා වගේ දියකාවගේ කටේ තියෙන මාළුවා ඩැහැගන්න දක්ෂයි කියලා. 2015 දීත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ ජඩ වැඩේ කළා. මේ මැතිවරණය ජයග්‍රහණය කරලත් ඒ අය ඒ සෙල්ලමම දාන්න උත්සාහ කරනවාදැ‘යි අපිට සැකයක් තියෙනවා. අපි කිසිසේත් ඒකට ඉඩ තියන්නේ නෑ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ පොහොට්ටුවෙන් තරග කරත් මෙවර මහා මැතිවරණයේ දී මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා. දැන් මං මේක කිවුවාම හෙට ඉදලා මඩ ගහන්න පටන් ගනියි. හෙට පක්ෂ නායක රැස්වීමේ දී මාව ඉවර කරයි. හැබැයි මම දන්නවා කවුරු නැතත් ජනතාව මාව රකිනවා. කවුරු නැතත් ජනතාව මං වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා මගේ ස්ථාවරය කියන්න මම බය නෑ.”

“එදා 2015 මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුණාට පස්සේ මම කිවුවා මහින්ද මහත්තයාව මේ රටේ නැවත අගමැති කරලා මේ රටේ නායකත්වයට ගේන්න තමයි මගේ අපේක්ෂාව කියලා.පහුගිය ආණ්ඩුව යටතේ අවස්ථා 2ක දි මහින්ද මහත්තයා මේ රටේ අගමැති කෙරුවාග එකක් මෛත්‍රීපාල සිරිසේන දින 52 ආණ්ඩුව යටතේ මහින්ද මහත්තයව අගමැති කළා. ඊළගට ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරාට පස්සේ මහින්ද මහත්තයව නැවත අගමැති කලා. හැබැයි මේ දෙකටම මම කැමති නෑ. මොකද මහින්ද මහත්තයා මේ රටේ අගමැති කරන්න ඕනේ මේ රටේ මහජනතාවගේ බහුතර ඡන්ද ප්‍රතිඵලයෙන්. මේ රටේ ජනතාවගේ වැඩි ඡන්දයෙන් මහින්ද මහත්තයව රටේ අගමැතිධූරයට පත් කරන එක තමයි අපේ මෙවර මහා මැතිවරණයේ දී අපේක්ෂාව වෙන්නේ. ඒ වෙනුවෙන් මේ වෙනකොටත් ජනතාව පෙළ ගැහිලා ඉවරයි.”

Published on: Mar 5, 2020- මානව හිමිකම් ක්‍රියාකාරීන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් කරනු ලබන සෝදිසි කිරීම්, හිරිහැර කිරීම් සහ තර්ජන වේගවත් කරමින් සිටින බව හියුමන් රයිට්ස් වොච් Human Rights Watch සංවිධානය අවධාරණය කරනවා. Sri Lanka: Security Agencies Shutting Down Civic Space Rights Activists, Journalists Facing Surveillance, Threats යනුවෙන් පලකර තිබේන එම වාර්තාවට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය බලයට පත්වූ දා සිට ශ්‍රී ලංකාවෙහි ප්‍රජා අවකාශය වසා දැමීමත් හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සිමා කිරීමත් වේගවත් වී තිබේ.(සම්පූර්ණ වාර්තාව පහලින් පලකර තිබේ.)

දිවයින පුරා විවිධ ස්ථානවල සේවය කරන ශ්‍රී ලාංකික මානව හිමිකම් ආරක්ෂකයින් 15 දෙනෙකු සමඟ හියුමන් රයිට්ස් වොච් විසිින් කළ සම්මුඛ සාකච්ඡාවලදී අනාවරණය කරගත් තොරතුරු ද ඇතුලත්ව මෙම වාර්තාව සකස් කර තිබේ.

හියුමන් රයිට්ස් වොච්හි දකුණු ආසියානු ‍අධ්‍යක්ෂිකා මීනාක්ෂි ගංගුලි පවසන්නේ ” ක්‍රියාකාරීන්ට, ක්‍රියාකාරිනයන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහි රජයේ ආරක්ෂක අංශයන්හි තර්ජන, සමහර විට ප්‍රචණ්ඩ ප්‍රහාර සහ මහජන මරණ තර්ජන වලින් පමණක් නොව නොපෙනෙන ලෙස එනමුත් භයානක සිදුවීම්වලින් ද සමන්විතවන බවයි.”

ජනාධිපති රාජපක්ෂ විසින් සිවිල් ආරක්ෂක පොලීසිය සහ රාජ්‍ය නොවන කණ්ඩායම් නියාමනය කරන රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ඇතුළු වැදගත් සිවිල් ආයතන ගණනාවක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඇති බවත් ආරක්ෂක ලේකම් ලෙස පත් කර ඇති විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බව ද එම නිවේදනයේ සදහන් වේ.

පසුගිය මාස තුන තුළ නාඳුනන පුද්ගලයින් කිහිප වතාවක්ම මාධ්‍යවේදීන්ට ශාරීරිකව පහර දී ඇති අතර රජය විවේචනය කරන බවට සැලකෙන වාර්තාකරුවන්ට එරෙහිව මරණ තර්ජන එල්ල කර තිබේ. ආරක්ෂක නිලධාරීන් මාධ්‍ය කාර්යාල සෝදිසි කර තිබේ. සමාජ මාධ්‍යවල “අපහාසාත්මක ලිපි” පළ කිරීම වැළැක්වීම සඳහා නව සයිබර් ආරක්ෂණ නීතියක් කෙටුම්පත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ජනවාරි 24 දා නිවේදනය කළේය. එය‍ තවම ප්‍රකාශයට පත් කර නැත.

මෙම ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන්ගෙන් ගෙන් බොහෝ දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ඇමැතිවරයා සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වූ 2005-2015 අතර කාලය තුළ බුද්ධි අංශවල සහ හමුදාවේ සාමාජිකයන් ඇතුළු ආරක්ෂක අංශ විසින් කරන ලදැයි කියන පැහැර ගැනීම්, වධහිංසා පැමිණවීම්, මිනීමැරීම් සහ බලහත්කාර අතුරුදහන්කිරීම් පිළිබඳ සමීක්ෂන කරමින් හා උපදේශනයන්හි යෙදී සිට ඇත. එම කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආන්ඩුව වගකිව යුතු බවට විශ්වසනීය සාක්ෂි සොයා ගෙන තිබේ.

පසුගිය රාජපක්ෂ පරිපාලනය යටතේ බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදු කරන ලදැයි කියනු ලබන ඊනියා “සුදු වෑන්” පැහැරගැනීම් සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රියාකාරිකයෙකු පැවසුවේ “මට සහ මගේ කාර්ය මණ්ඩලයට කුමක් සිදුවේද යන්න දැන් ප්‍රශ්නයක්” කියා ය. තවත් ක්‍රියාකාරිකයෙක් පැවසුවේ, “මම ඊටත් වඩා බියෙන් ඉන්නේ, මන්ද දැන් සොයන්නේ ක්‍රියාකාරී ජනයාගේ පවුල් පිළිබඳව නිසා. එය අපගේ නිල ක්‍රියාකාරකම් ගැන අහනවාට වඩා භයානක යි.”

Sri Lanka: Security Agencies Shutting Down Civic Space
Rights Activists, Journalists Facing Surveillance, Threats

(New York) – Sri Lankan security agencies are stepping up surveillance, harassment, and threats against human rights activists and journalists, Human Rights Watch said today. Since November 2019, when the government of President Gotabaya Rajapaksa came into office, there has been a rapid closing of civic space and freedom of expression.

In interviews with 15 Sri Lankan human rights defenders working in different locations around the country, Human Rights Watch heard consistent accounts of increased surveillance and pressure from security agencies. Several said that intelligence officials had asked activists and victims about their advocacy plans ahead of the current United Nations Human Rights Council session, which began on February 24, 2020 in Geneva. “We fear that international lobbying and travel to Geneva may not happen in future because of this situation,” one activist said.

“Since the return of the Rajapaksas to power, a state of fear is being re-established in Sri Lanka,” said Meenakshi Ganguly, South Asia director. “The activities of the government’s security apparatus are evident in some violent attacks and public death threats against activists and journalists, but also in equally dangerous actions happening out of sight.”

Rajapaksa has placed a number of important civilian agencies under the Defence Ministry, including the civilian police and the NGO Secretariat, which regulates nongovernmental groups, among dozens of others. He has appointed a serving military officer as head of the civilian intelligence agency and a retired general, Kamal Gunaratne, who is accused of war crimes and crimes against humanity, as defense secretary.

Over the past three months, unidentified people have physically attacked journalists several times, and issued death threats against reporters perceived as critical of the government. Security officials have searched media offices. The Defence Ministry announced on January 24 that it had drafted a new cybersecurity law to prevent people from publishing “defamatory posts” on social media. The proposals have not yet been published.

Several human rights activists described receiving repeated phone calls from intelligence officers. Some of these calls have apparently been to tell activists that they are being watched at that moment. On other occasions the caller asks questions or issues threats or warnings.

One human rights defender said that “everything has shifted into a critical situation. After the election, military activities including monitoring and inquiries have increased. They are following us. That is a huge threat for human rights groups.” Another activist said: “We collected stories and documents. Now we’ve stopped everything. We did a lot of work. Now, zero.” A third activist said she so constantly feels under surveillance that intelligence officers “might even be in the next seat on the bus.”

Police and intelligence officers have sought to instil fear in rights groups by visiting their offices and demanding staff lists, home addresses, and other personal details. One activist said the authorities came to his office demanding this information, but then revealed that “they knew already everything. My personal details, they knew it. This is part of the intimidation.”

Many of these activists carry out research and advocacy on abduction, torture, murder, and enforced disappearance allegedly committed by security forces, including members of the intelligence agencies and the military, between 2005-2015 when Gotabaya Rajapaksa was defense secretary during the administration of his brother Mahinda Rajapaksa, who is now prime minister. During those years the United Nations found credible evidence that the Sri Lankan government was responsible for war crimes and crimes against humanity.

An activist whose group works on so-called “white van” abductions and enforced disappearances allegedly committed by intelligence officers under the previous Rajapaksa administration said, “It is in question what will happen to me and my staff.” Another activist said, “I am even more scared because the kind of inquiry that has been happening is about people’s families, so that is even more frightening than if they are asking about our official activities.”

The intelligence agencies have also begun to target the financial and administrative records of nongovernmental organizations over the last five years, and especially details of funding from donors abroad. Activists fear the authorities will allege accounting errors as a pretext to shut them down or to bring criminal charges.

Several human rights groups based in eastern Sri Lanka have been summoned for questioning in Colombo by the police Terrorist Investigation Department (TID). One human rights activist said: “In the investigation they told us, ‘You have used money you received from abroad for terrorist activities in Sri Lanka. You are involved in terrorist activities, that is why you have been called for investigation.’”

On February 26, the Rajapaksa government said it would no longer abide by Human Rights Council resolution 30/1, which Sri Lanka endorsed in 2015. Resolution 30/1 commits Sri Lanka to ensuring truth and justice for past abuses. An activist said that Sri Lankan human rights groups that worked in support of Resolution 30/1 now find themselves vulnerable: “Now the government is saying you are urging the people to disturb the peace [by supporting resolution 30/1]. They say, ‘You have no right to do it.’”

Members of the Human Rights Council should, as a matter of priority, support a new resolution to establish an international mechanism or tribunal to address past crimes in Sri Lanka, Human Rights Watch said.

On February 14, the United States banned Sri Lanka’s army chief, Gen. Shavendra Silva, from travel to the US due to “his involvement, through command responsibility, in gross violations of human rights, namely extrajudicial killings” during Sri Lanka’s civil war. Other countries, including EU members and the United Kingdom, should follow suit and impose sanctions on him and others credibly accused of serious rights violations and war crimes.

The EU should also remind Sri Lanka of its human rights obligations under the European Union’s GSP+ system of trade preferences and of the consequences of failing to comply.

“Sri Lankans are seeing their civil and political rights being stripped away and replaced by authoritarian structures at a rapid pace,” Ganguly said. “It’s crucial for the UN Human Rights Council to remember the past, respond to the warning signs, and resolutely insist on fundamental human rights principles, including delivering justice to victims.”

Published on: Mar 5, 2020- කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරමින් එය විඩියෝගත කල කුප්‍රකට ව්‍යපාරිකයා සම්බන්ධයෙන් සමාජයෙන් එල්ල වන් බලපෑම් හමුවේ පරික්ෂණ සිදුවෙමින් තිබියදි අද ළමා ආරක්ෂක අධිකාරියට බලෙන් පැමිණී කිසියම් ළමා අපරාධයක් සිදුකර ජනතාවට වසන් කරමින් සිටින රාජපක්ෂවාදි “ප්‍රියාන් මැණීක්” නැමත්තා මාධ්‍ය හරහා සිදුකල ප්‍රකාශ එකින් එක පරස්පර බව තහවුරු වි තිබේ.

ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන්ට නීතිය සාධාරණව ඉටුවු බවත් තමන් සියයට සියයක්ම නිදහස් වු බවයි. ඔහු ළමා ආරක්ෂණ අධිකාරියටද ප්‍රශංසා කල අතර ඔහු දිගින් දිගටම ළමා ආරක්ෂණ අධිකාරියට සිදුකරන ප්‍රශංසාව අනුව ඔහු කුමක් හෝ සගවන්නට උත්සහ කරන බව පැහැදිලිය.

අපයෝජනයට ලක්වු දැරිය නොමැතිව පරික්ෂණ සිදු කලේ කෙසේද?

ඊට හොදම උදාහරණය වන්නේ ලිංගික අපයෝජනයට ලක්වු දැරිය මේ දක්වා සොයා ගැනිමට නොහැකිව ඇති අතර ඇය සොයා ගැනිම සදහා පොලිස් මුලස්ථානය මහජන සහය පතමින් සිටිමයි.ලිංගික අපයෝජනයට ලක්වු දැරිය සොයා ගැනිම සහ ඇයගේ සාක්ෂිය මේම අපරාධ කරුවා සොයා ගැනිමට ඉතාම වැදගත් වන අතර දැරියගේ සාක්ෂිය හැර අපයෝජනයට ලක්වු කාලසීමාව සමග සන්සන්දනය කිරිමේදි නෛතිකව වෛද්‍ය පරික්ෂණයක් කිරිමට හැකියාවක් නොමැති බව නොරහසකි.

අපයෝජනය ලක්වු දැරිය සොයා ගැනිමට නොහැකිව තිබියදි “ප්‍රියාන්” නැමත්තා සියයට සියයක්ම (100%) නිවැරැදිකරු වුයේ කෙසේද? ඔහු නිවැරදි කරු යැයි කිමට රත්නපුර ප්‍රියාන්ගේ සල්ලි වලින් මැතිවරණ කරන මහින්දගේ සමීපතම මිතුරිය වන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චී පත්කල ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා කල පරික්ෂණය කුමක්ද? එයින් පැමිණි නිගමනය කුමක්ද?

අනිත් අතට යම් චොදනාවක් එල්ල වන පුද්ගලයෙකු නිවැරදිකරුද,වැරදිකරුද යන්න තීන්දු කිරිමට බලයක් ළමා ආරක්ෂණ අධිකාරිය සතුව නොමැති බව සභාපතිවරයා ඇතුලු අමන නිළධාරි නොදන්නේද?

සියල්ලටම වඩා  දැරිය අතුරුදන්ව සිටින අවස්ථාවක ළමා ආරක්ෂණ අධිකාරිය පරික්ෂණ සිදුකලේ අදුනෙන් බලාද යන්න ගැටලුවකි.

තමා විසින් තමන්ම නිවැරැදිකරු යැයි කියා ගන්නා අමනයන් 

 

 

විඩියෝවෙන් බලා ලිංගික අවයව සම්බන්ධයෙන් තින්දු ගන්න බෑ 

මේ අතර ළමා අපචාර ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චොදනාව එල්ල වන ප්‍රියාන් මැණීක් නැමත්තා තමන්ගේ ලිංගික අවයව සහ විඩියෝවේ පෙනේන අවයව සම්බන්ධයෙන් පරික්ෂණයකට පෙනී සිටිමට සිය කැමත්ත දැක්විම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන ලංකාවේ සුප්‍රකට මහාචාර්ය වරයෙකුගෙන් අප විශේෂ වාර්තාකරු කල විමසිමේදි ඔහු සදහන් කළේ එම ප්‍රකාශයම සැක සහිත බවයි.

මන්ද පැහැදිලි නොමැති විඩියෝ දර්ශණයක පෙනෙන ලිංගික අවයවක් සහ සත්‍ය ලිංගික අවයවක් පහසුවෙන් පරික්ෂාවට ලක්කර තින්දුවක් ගත නොහැකි විමත් සියල්ලටම වඩා යම් අයෙකු ලිංගික අතවරයක් සිදුකර පසුව ඔහුගේ ලිංගික අවයව වෙනසක් සිදුකර ගැනිමට හැකියාව තිබිමයි. විශේෂයෙන්ම ලිංගික අවයව වල ප්‍රමාණාත්මක භාවය සම්බන්ධයෙන් විඩියෝවක් හරහා නිශ්චිත තින්දුවකට එමට නොහැකි විම ප්‍රධාන හේතුවයි. කෙසේවෙතත් සිරුරේ විශේෂ ලක්ෂණ පමණක් සැසඳීමේ හැකියාව විඩියෝව හරහා සිදුකල හැක.

උත්තර නැති ප්‍රියාන්ගේ ප්‍රශ්ණය…

තමන්ම සල්ලි ගෙවමින් පත්වාගෙන යන සමාජ ජාලා මාධ්‍ය වලට විවිධ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන ප්‍රියාන්ට අප දිගින් දිගටම අසන ප්‍රශ්ණයට පිලිතුරු දිමට හැකිද?

මැණික් ව්‍යාපාරිකයකු වන “ප්‍රියාන් මැණික්” නැමත්තා කවර හෝ වර්ගයේ බාලවයස්කාර දැරියකට හෝ දරුවෙකුට කිසියම් අතරවරයක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා කල හඩපට අනාවරණයෙන් මනාව තහවුරු වි තිබේ.

රංජන්ගෙන් නිකුත් වුනු මේ හඩපටය කියන්නේ “ප්‍රියාන් මැණික් ” සම්බන්ධයෙන් යම් අපචාර ක්‍රියාව බව ඉතා පැහැදිලිය “මට හැමවෙලාවෙම කතා කරනවා .. බෝම්බ ගහපු දවසේත් මට උදේ පාන්දර 6ට ගත්තා” යනුවෙන් රංජන් පවසන්නේ ප්‍රියාන්ට එරෙහි එම චොදනාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිම නතර කර ගැනිම සදහා සාකච්ඡා සිදුව ඇති බවයි.

හඩපටය යලිත් අහන්න

බාල වයස්කාර දැරිය දුෂණය කල ප්‍රියාන් මැණික් සම්බන්ධයෙන් පියුමි හංසමාලි රංජන් රාමනායක සමග සංවාදයේ යෙදෙන අතර ප්‍රියාන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනිමට රංජන්ට කතා කරමින් උත්සහ ගත් අයුරු ඒ හරහ මනාව පැහැදිලි වේ.

මේ ළමා අපචාරය කුමක්ද? ජාතික ළමාරක්ෂක අධිකාරිය මේ සම්බන්ධයෙන් දැනුවත්ද? රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් ක්‍රිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද?

ප්‍රියාන් මැණික් දිගින් දිගටම කියා සිටින්නේ තමන් ජරා මිනිහෙක් නොවන බවයි.එසේනම් ඔහු රංජන්ගෙන් ඉල්ලා සිටි සහය කුමක්ද? රංජන් හරහා යට ගැසිමට කටයුතු කරමින් සිටි බාලවයස්කාර අතවරය කුමක්ද? එයට පිළිතුරු දිමට ප්‍රියාන්ට හැකිද?

ප්‍රියාන් ළමා ආරක්ෂණ අධිකාරියෙන් පැමිණ මාධ්‍ය ඉදිරියේ තමන් නිවැරදි කරු ලෙස පිළිගන්නා ලෙසත් ඔහුට එරෙහිව චොදනා කල අයට තමන්ගේ නිවැරදි තාවම් වෙනුවෙන් පෙනී සිටින ලෙසටද තර්ජනය කරමින් සිටි.ඊට අමතරව රාජපක්ෂලා වැනී ඝාතකයන් ආරක්ෂා කර ගැනිම සදහාද විවිධ් ප්‍රකාශ නිකුත් කරමින් සිටි.ඒ අනුව පැහැදිලිවම ළමා ආරක්ෂණ අධිකාරිය රටේ ජනතාවගේ ඇස් වසා ගේමක් ගැසිමට සුදානමක් පවතින බව පැහැදිලිය ඊට එරෙහිව වහාම ජනතාව පෙළගැසිය යුතුය.

ළමා අපයෝජනය පිළිබඳව අප කල අනාවරණයන් සියල්ලම පහතින් බලන්න 

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


http://lankanewsnetwork.org/archives/23297

http://lankanewsnetwork.org/archives/23373

http://lankanewsnetwork.org/archives/23401

Published on: Mar 4, 2020- කථානායකවරයා විසින් වැරදියට සහතිකය යොදා ඇති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව ජනාධිපති වෙත විරෝධතාවය ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා කථානායකවරයා විසින් වැරදියට සහතිකය යොදා ඇති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන යොදා ගැනීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විරෝධතාවය දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සම්බන්ධව බහුතර ජනතාවගේ භාෂණයේ, ප්‍රකාශනයේ, අදහස් පළ කිරීමේ සහ සමාගමයේ නිදහස දිනා ගැනීම වෙනුවෙන්වන වැඩසටහනේ සමායෝජක නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ලිපියක් බාර දී ඇත.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්ට බාධා කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට පටහැනිව ක්‍රියාත්මක කරන 19වන ව්‍යවස්ථා සංශෝධනය රැක ගැනීම වෙනුවෙන්ද?

නීති අධ්‍යයන වැඩමුළු…. වැඩි විස්තර පහලින් කියවන්න 

වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුව විසුරුවීම ජනාධිපතිවරයාට සීමාකරමින් ගෙන එන ලද විධිවිධානය නීතියක් බවට පත් වීම සඳහා ජනමතවිචාරණයක් මගින් ජනතාව විසින් අනුමැතිය ලබදීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා 07 දෙනෙකු විසින් ඒකමතිකව දක්වා තිබුණි. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවීම ජනාධිපතිවරයාට සීමාකරන විධිවිධාන ඇතුළත් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් නැවත වර්ෂ 2015 දී ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එහිදී ශ්‍රේෂ්ඨාධීකරණ තීරණ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව සහ 80.2 ව්‍යවස්ථාව අනුව ජනමතවිචාරණයක් පවත්වා ජනාධිපතිවරයාගේ සහතිකය මගින් නීතියක් බවට පත් වීමේ ක්‍රියාවලිය සිදුවිය යුතු වුවත් මේ දක්වා එම පියවර ක්‍රියාත්මක වී නැත.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පත් කීරීමේ ක්‍රියාවලියේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව කථානායකවරයා ක්‍රියාකර ඇති බවත්, කථානායකවරයාගේ සහතිකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව අනුව වැරදියට ලබා ගෙන ඇති බවත් නීතිඥවරයා සිය ලිපියෙන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

එසේ වුවත් කථානායකවරයාගේ වැරදි ක්‍රීයා පටිපාටිය නිවැරදි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය නො මැති බවත් ඒ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පුරවැසියන්ට අවස්ථාව අහිමි වී ඇති බවත් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ එහි විධිවිධානයක් සම්බන්ධව ජනමතවිචාරණයක අවශ්‍යතාවය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීරණයක් උල්ලංඝනය කිරීමේදී හෝ කථානායකවරයා පනත් කෙටුම්පතට වැරදියට සහතිකය යෙදූ පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නීත්‍යානුකූලත්වය ප්‍රශ්න කළ නොහැකි බවත් නීතිඥවරයා විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

ඒ හේතුවෙන් කථානායකවරයා විසින් සිදුකරණ වැරදි ක්‍රියාවලිය නිවැරදි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ වෙනත් අධිකරණයක නඩු පැවරීමට පුරවැසියන්ට අවස්ථාව නැති බවත්, නීතියේ වලංගුතාවය පරීක්ෂා කිරීම, මතයක් ප්‍රකාශ කිරීම හෝ ප්‍රශ්න කළ නෙහැකි බවත් එය නිවැරදි කළ හැක්කේ ජනතා පරමාධිපත්‍යය විධිවිධානය මගින් බවත් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති විධිවිධාන සඳහා ජනමතවිචාරණයක් මේ දක්වා පවත්වා නැති හෙයින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ දක්වා නීතියක් වී නැත.

ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් මගින් නිකුත් කර ඇති 2020 මාර්තු 02 දින අංක 2165/8 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා කථානායකවරයා විසින් වැරදියට සහතිකය යොදා ඇති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 33(2)ඇ අනුව්‍යවස්ථාව සහ 70 ව්‍යවස්ථාව) යොදා ගැනීම නිවරදි නොවන බවත්, ඒ සම්බන්ධව විරෝධය දක්වන බවත් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

කථානායකවරයා විසින් වැරදියට සහතිකය යොදා ඇති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා ජනාධිපතිවරයා විසින් යොදා ගැනීම සම්බන්ධව විරෝධය දක්වා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය පහත දැක්වේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්ට බාධා කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට පටහැනිව ක්‍රියාත්මක කරන 19වන ව්‍යවස්ථා සංශෝධනය රැක ගැනීම වෙනුවෙන්ද?

නීති අධ්‍යයන වැඩමුළු…. 

(නීති නිබන්ධන සපයනු ලැබේ – ගාස්තු අයකිරීමක් නැත) 

(ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීම, 19යට සහතිකය යෙදීමේදී කථානයකවරයාට සිදු වූ ව්‍යවස්ථා පැටලවීම විමසා බලන)

මාර්තු 12 (බ්‍රහස්) සවස 3-6 දක්වා කොළඹ 07, මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ…(ආසන කලින් වෙන්කර ගන්න)

විමසීම – නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
දුර 0712063394

 

Published on: Mar 3, 2020- ‘දිවයින’ පුවත සහ ජඩ හිරූ,දෙරණ නාලිකා භාවිත කරමින් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව අසත්‍ය පුවත් මැවු ජාතිවාදි විමල් විරවංශගේ උපන්ගෙයි හෙංචච්යෙකු වන කුරුණෑගල ශීක්ෂණ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සරත් වීරබංඩාර, මැතිවරණයට ඉදිරිපත් විමට ගන්නා උත්සහ වහාම නතර කරන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රබලයෙකු මෙන්ම මහින්දගේ සමීපතමයා වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අගමැති මහින්දගෙන් ඉල්ලිමක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඔහු එම ඉල්ලිම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජන සම්බන්ධයෙන් අවසන් තින්දුව ගන්නා බැසිල් රාජපක්ෂගෙන්ද ඉල්ලා තිබේන බවද අනාවරණය වි තිබේ.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් විසින් සිසේරියන් සැත්කම්වලදී මවුවරුන් වඳ භාවයට පත් කරනු ලැබූ බවට ‘දිවයින’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණු අසත්‍ය පුවතක් පලකල අතර එම පුවත පලකිරිම සදහා තොරතුරු ලබාදි තිබුනේ අසාර්ථක මෙන්ම කුප්‍රකට හොර වෛද්‍යවරයෙකු ලෙස ප්‍රකට සරත් වීරබංඩාරය.

මෙම වඳ සැත්කම් කතාව මුල පටන්ම දේශපාලන අරමුණකින් ආරම්භ කල එකක් බව කුරුණෑගල ජනතාව පවා දැන ගන්නා විට රාජපක්ෂලා එම ජාතිවාදි කදවුරට හොදහැටි ගිනීතබා අවසන් කර තිබුනා.මේ වනවිට වෛද්‍ය ෂාෆිගේ පැලෝපීය නාලය දිගේ පාර්ලිමේන්තුවට එමට කටයුතු කරමින් සිටින අනිකුත් පාහර අමනයා වනුයේ පොහොට්ටුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට නාමයෝජනා ලබාගෙන සිටින මහාචාර්ය චන්න ජයසුමනය. ජයසුමනගේ ක්‍රියාකාරිත්වය හමුවේ ඔහුගේ මහාචාර්යකම ගෝඨාභයගේ පුතාගේ බල්ලා ලබාගත් මහාචාර්ය පට්ටමට නොදෙවෙනි බව පැහැදිලිය.

සරත් වීරබංඩාර මුල්‍ය වංචා සහ සිය වෛද්‍ය අචාර්ධර්ම උල්ලංඝනය කල අයෙකු බව “සාෆි”ගේ පරික්ෂනයට අදාළව සිදුකල CID පරික්ෂණ වලදි තහවුරු වු අතර මේ වනවිට “සාෆි” සම්බන්ධයෙන් පරික්ෂණය නතර විමටද එය ප්‍රධාන හේතුවක් වි තිබේ.

තමන්ට නාමයෝජනා ලබා ගැනිමට ජොනී හමුවිමට ගිය සරත් වීරබංඩාරට එය අපහසු කටයුත්තක් බව දැන ගැනිමෙන් පසුව ඉකුත් 18 වෙනිදින කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදී “මහා සංඝ සමුළුව” නමින් ව්‍යාජ්‍ය සමුලුවක් පවත්වා රස්තියාදු චිවරධාරියෙකු යොදවා ගනිමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වනලෙස ඉල්ලිමක්ද ප්‍රසිද්ධියේ සිදුකරගෙන තිබේ.

නාමයෝජනා ගන්න ගර්භණී මවුවරුන් බලහත්කාරයෙන් ගෙන්වලා 

පසුව කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී( YMBA)පවත්වන ලද යුක්තිය උදෙසා මවුවරුන්ගේ සංවිධානයේ දිස්ත්‍රික් සම්මේලනය නමින් සම්මේලනයක් පැවැත්විමට කටයුතු කර ඇති සරත් වීරබංඩාර ඒ සදහා කුරුණෑගල රෝහලට පැමිණේන සියලුම මවුවරුන්ට සහභාගි විම අනිවාර්ය කර තිබේ. ගර්භණී සායනයට පැමිණේන සියලුම මවුවරුන්ට හෙදියන් ලවා අදාළ දිනයේ YMBA ශාලාවට පැමීනීම අනිවාර්යකර ඇති අතර සහභාගි නොවන ගර්භණී කාන්තාවන්ට දරු ප්‍රසූතිය සදහා වෙනත් රෝහලක් සොයා ගැනිමට සිදුවන බවටද අනතුරු අගවා තිබේ.

පසුව මෙම සම්මේලනයේදී සියලුම මවුවරුන් ඒකත් ඡන්දයෙන් යෝජනාවක් සම්මත කරගෙන ඇති අතර එම යෝජනාව වනුයේ කුරුණෑගල ශීක්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබංඩාර මහතා ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට  ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටිය යුතු බවයි.
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top