Published on: Feb 27, 2020- පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරන වීඩියෝ පටයක් පිළිබඳ විවිධ පුද්ගලයන් සංවිධාන සහ නීතිඥවරුන් රජයේ ළමා ආරක්ෂක අධිකාරියට සහ ජනාධිපතිවරයා ඇතුළු විවිධ මට්ටමේ බලාධිකාරීන් වෙත පැමිණිලි සහ මෙම වීඩියෝ පටය ඉදිරිපත් කර තිබුණද මේ වන තුරුත් කිසිදු අන්දමේ ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් සමාජ විරෝධයක් පැනනැගී තිබේ.

කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරිම සම්බන්ධයෙන් දේශපාලන බේදයකින් තොරව සමාජයේ විවිධ කණ්ඩායම් අරගල අරම්භ කර තිබේන අතර අද දිනයේද විරෝධතා පැවැත්වුනා.

සමාජ මාධ්‍ය කැළඹු අවුරුදු 6ක දැරිය ලිංගික අපයෝජනය කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට නොගන්නේ ඔහු සතු දේශපාලන බලය නිසා බව ඉතා පැහැදිලිය.

පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් රන්ජන් රාමනායකගේ හඬපට වලද මැණික් ව්‍යාපාරිකයකු වන “ප්‍රියාන් මැණික්” විසින් වයස අවුරුදු 6ක දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ බවට ප්‍රචාරය වූ වීඩියෝවට මසක් ගත වනතුරුත් කිසිදු නීතිමය පියවරක් නොගන්නේ සැකකරුගේ මූල්‍ය හා දේශපාලන බලයට වින්දිත පාර්ශ්වය නතු කරගැනීමකින් දැයිබරපතළ සැකයක් මතුව ඇතැයි ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ පෙන්වා දි තිබුනා.

මේ වනවිටත් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇති නමුත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ බලධාරීන් ඉල්ලා ඇත්තෙ දැරිය සොයා ගැනීමට ඔවුන්ට සහාය වන ලෙසයි.

සිවිල් සංවිධානවලට එවැනි බලයක් තිබේ නම් පොලිසියක් හෝ ජාතික ළමාරක්ෂක අධිකාරියක් රටට අවශ්‍යදැයි අමුතුවෙන් ප්‍රශ්න කල යුතු කරුණකි.

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව

ජාතික ළමාරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ජනවාරි 8 වැනිදා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්ච් මහත්මිය විසින් පත්කල අතර ඇය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි.

මුදිත විදානපතිරණ මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබද අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක්

කෙසේ නමුත් මෙම අපයෝජනය පිළිබඳ තම සංවිධානය ඇතුළුව පාර්ශ්ව කිහිපයක් ජනාධිපතිට, අගමැතිට,පොලිස්පතිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, ජාතික ළමාරක්ෂක අධිකාරියට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට වීඩියෝ පටය හා පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර මසකට වැඩි කලක් ගත වනතුරුත් කිසිදු පියවරක් නොගත්තේ සිද්ධිය යට ගැසීමේ උත්සාහයක් නිසා දැයි මේ වනවිට සැක මතුව තිබේ.

ප්‍රියාන් මැණික් ඉල්ලං කෑවාද?

“චෝදනා කරන කෙනා දිගටම මගෙන් ඉල්ලන් කනවා නම් ඇගේ නිරුවත් හා ලිංගික ඡායාරූප මං එළියට දානවා” – යනුවෙන් ප්‍රසිද්ධ රාජපක්ෂවාදි ප්‍රියාන් මැණික් නැමත්තා පරල විමත් සමග ඔහු දෙසට එල්ල වෙමින් තිබේන චොදන තව තවත් තහවුරු වන තත්ත්වයක් හටගෙන තිබේ.

රංජන්ගෙන් නිකුත් වුනු මේ හඩපටය කියන්නේ “ප්‍රියාන් මැණික් ” සම්බන්ධයෙන් යම්  අපචාර ක්‍රියාවක් නොවේද?

මට හැමවෙලාවෙම කතා කරනවා .. බෝම්බ ගහපු දවසේත් මට උදේ පාන්දර 6ට ගත්තා – රංජන් 

බාල වයස්කාර දැරිය දුෂණය කල ප්‍රියාන් මැණික් | පියුමි හංසමාලි ප්‍රියාන්ගේ රෙදි ගලවයි | රංජන්ට කතාකරමින්  ඉවත්කර ගැනිමට උත්සහ කල පැමිණිල්ල කුමක්ද? එම විඩියෝව පහතින් බලන්න 

මෙවන් කුඩා දැරියන් අපයෝජනය කිරීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර එබඳු අවශ්‍යතාවක් ඇත්නම් ලොව සුරූපීම කාන්තාවන් තම යහන වටා තබාගත හැකි තරමට ධනස්කන්ධයක් තමන්ට ඇති එම වීඩියෝවේ සිටින්නේ තමා යැයි කවුරුන් හෝ ඔප්පු කළහොත් තත්පර තිහක් ඇතුළත රුපියල් කෝටි සියයක චෙක්පතක් අදාළ පුද්ගලයාට ලබාදෙන බවටත් කල ප්‍රකාශ කෙරෙහිද සලකා බැලිය යුතුය.

වනචර දශකයේ කලු පැල්ලම් තවමත් මැකි නෑ….

සියල්ලටම වඩා “ප්‍රියාන් මැණික්” යන නාමය භාවිතා නොකර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙම ළමා අපචාර ක්‍රියාවට සම්බන්ධ බවට ශමිලා ලියනආරච්චි මහත්මිය කල ප්‍රකාශය හමුවේ “ප්‍රියාන් මැණික්” පමණක් පරලවිම හරහා තව තවත් ඔහු කෙරෙහි ඇති සැකය තහවුරු කිරිමට ඔහු විසින්ම කටයුතු කර තිබේ.අනිත් අතට රාජපක්ෂලාට ඇතැමුන් ලංවන්නේ නම් ඒ පසුපස කුමන හෝ ජාවාරමක් තිබේන බවද ඉතිහාසය පුරාම ඔප්පු වි තිබේ.

(24) බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වු “ප්‍රියාන් මැණික්”

“ශමිලා ලියනආරච්චි කියන, මට චෝදනා කරන කෙනා කියනවා මම සී.අයි.ඩී. යට ඇයි මාව ගන්නෙ නැත්තෙ කියලා. CID දිවැස් නෑ. ඍද්ධි බලය නෑ. ඒ මිනිස්සුන් විමර්ශනය කරන්න ඕනෑ. මගෙ ගෙදරට ඇවිත් මගෙන් කටඋත්තරයක් ගත්තා. ලිඛිත ප්‍රකාශයකුත් ගත්තා.”

“හරි තොරතුරකට ඒ අය එන්න ඕනෑ. මොකද මේක හැංගිච්ච යට වුණු දෙයක්. හොයන එක අමාරුයි. පරීක්ෂණ කරගෙන යනවා. ”

“ශමිලා ලියනආරච්චි (නම වැරදි ලෙස භාවිතා කරයි) එනම් මට චෝදනා කරන කෙනා දිගටම මගෙන් ඉල්ලන් කනවා නම් ඇගේ නිරුවත් හා ලිංගික ඡායාරූප මං එළියට දානවා. මේ අයට කොන්දක් නෑ. හොර මුහුණුපොත්වලින් මඩ ගහනවා. ප්‍රසිද්ධියේ කියන්නෙ නෑ. ජනප්‍රිය වෙන්න වීරයන් වෙන්න කතා කළාට රටට කිසිවක් කරලා නෑ. නන්දිමාල් කියලා පුද්ගලයකුත් ඒ අතර ඉන්නවා. ලක්ෂ 63,000ක් මේ රටේ දනට _ පිනට මං වැයකර තියෙනවා. කිසි දෙයක් මම නීතියට පිටින් කරලා නෑ. හරියට ඔප්පු නොකළොත් ප්‍රියාන් මැණික් දකුණෙ කෙනෙක් කියලත් මං ඔප්පු කරනවා.”

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් කාන්තාවකට මේ අකාරයේ චොදනාවක් කිරිමට “ප්‍රියාන් මැණික්”ට බලය දුන්නේ කවුද?

“ප්‍රියාන් මැණික්” නම ඇය විසින් මේ දක්වා භාවිතා කර නොතිබුණ අවස්ථාවක ඔහු මේ තරම් කලබලයට පත්ව චමිලාට එරෙහිව පහර දෙන්නේ මන්ද?

මේ අතර චමිලා ලියනාරච්චිගේ ලිංගික ඡායාරූප සහ ඇතැම් වීඩියෝ දර්ශනයන් සමාජ මාධ්‍යයට මුදාහරින බවට “ප්‍රියාන් මැණික්” විසින් කල ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය කාන්තා අපයෝජන නිවාරන කාර්යාංශයට පැමිණිල්ලක් සිදුකළා. පසුව ඇය මාධ්‍ය හමුවේ කිය සිටියේ

“ප්‍රියාන් මැණීක්” ගේ නිවසේ දරු පවුලක් නවතාගෙන ඉන්න බවත් එම පවුලේ අවුරුදු 06ක දියණීයක සිටින බවද දැනට තොරතුරු අනාවරණය වි තිබේ.

බරපතල ලිංගික අපයෝජනය පිළිබඳව වීඩියෝව මාධ්‍යයට මුදා හැරියද ඇතැම් මාධ්‍ය ආයතනයන්ට එය නොපෙනුන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පෙන්වා දුන්නා.ඔහු පැහැදිලිවම පෙන්වා දුන්නේ රාජපක්ෂ බලකායට සම්බන්ධ අයෙකු මේ පසුපස සිටින හෙයින් පරික්ෂණ සිදුනොවන බවයි.

වැඩිපුර පන්සල් යන් එවුන් සතපහකට විශ්වාස නෑ..

බාල වයස්කාර දැරිය දුෂණය කල ප්‍රියාන් මැණික් | පියුමි හංසමාලි ප්‍රියාන්ගේ රෙදි ගලවයි | රංජන්ට කතාකරමින්  ඉවත්කර ගැනිමට උත්සහ කල පැමිණිල්ල කුමක්ද?

බැනරය මත Click  කර විඩියෝවට පිවිසෙන්න 

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Feb 26, 2020 – පාස්කු ප්‍රහාරයේ විමර්ශන වල තත්ත්වය හා ඉදිරියේදි ගතයුතු ක්‍රියාමාර්ග ගැන සොයා බැලීමට ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා ගේ නියෝග මත බුද්ධි අංශ ප්‍රධානින්ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් පත්කිරිම් සම්පූර්ණයෙන්ම සිද්ධිය වෙනතකට යොමුකිරිම අරමුණු කරගනිමින් සිදුවු එකක් බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ජාතික බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් අල්විස් ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බලකායට රාජ්‍ය බුද්ධි ප්‍රධානි බ්‍රිගේඩියර් සුරේෂ් සලේයි,යුද හමුදා බුද්ධි අධයක්ෂ බ්‍රිගේඩියර් ශාන්ත හේවාවිතාරණ ,අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ,ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ,පොලිස් නිති අංශයේ අධ්‍යක්ෂ වැනි උග්‍ර ගෝඨාභයවාදින් මේ සදහා පත්කර ඇත.

මෙම අනාවරණය පහතින් කියවන්න …

පාස්කු ඉරිදා අප්‍රියෙල් (21) අන්තවාදි මුස්ලිම් ස්වරූපයෙන් එල්ල වු බෝම්බ ප්‍රහාරය පසුපස රාජපක්ෂවරු මෙන්ම කුප්‍රකට කළු සල්ලි මෙහෙයවන ව්‍යාපාරිකයෙකු මෙන්ම මුස්ලිම් අධිරාජ්‍යයෙකු ලෙස රහසේ පෙනී සිටින සුභාෂ්කරන් අල්ලිරාජාගේ (Subaskaran Allirajah) සැඟවුණු හවුල්කරුවෙකු ලෙස සිටින බවත් ඔහු විසින් මුදල් ගෙවා සහරාන් ඇතුලු කල්ලිය මිළදි ගැනිමට කටයුතු කර තිබේන CIA රහස් ඔත්තු සේවයේ සේවය කර දැනට පෞද්ගලික රහස් ඔත්තුකරුවෙකු ලෙස රටවල් ගණනකට සේවය සපයන ඔත්තු සේවා සපයන්නෙකු කල අනාවරණය අප විසින් පසුගියදා අනාවරණය කරනු ලැබුවා.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්ටත් පාර වරදි 

එම අනාවරණයෙන් පැය 24ක් ගෙවිමත් සමග කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මාධ්‍ය හමුවක් කැදවා පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙතෙක් පත් කරපු කමිටු ලබාදුන්න තොරතුරු දත්ත පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත් හාරයේ සුල මුල අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව දැන ගතයුතු බවත් ඒ අතර “මේ අයට සල්ලි දුන්නේ කවුද? මෙයාලට මේ තරම් සංවිධානගත වෙන්න දේශපාලන හයියක් ලැබුණද?” යන්න වහාම පරික්ෂණ කර තොරතුරු අනාවරණය කලයුතු බව සදහන් කල අතර එදිනම ජනාධිපතිවරයාද හමුවු කාදිනල් එම ඉල්ලිම සිදුකර තිබේ.

උග්‍ර රාජපක්ෂවාදි කාදිනල් හදිසියේම මේ අකාරයට හැසිරිමට මුලිකම හේතුව අප විසින් සිදුකල අනාවරණයේ පිටපත් කාදිනල්ට සමීප පුද්ගලයන් විසින් ඔහුට ලබාදි ඇති අතර රාජපක්ෂ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිම සම්බන්ධයෙන්ද කාදිනල්වරයාට දැඩි ලෙස දොස් පැවරිමයි.

පාස්කු ප්‍රහාරයට අදාළව රහස් ඔත්තුකරු කල තවත් අනාවරණයක් ……

අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරයට අදාළ පරික්ෂණ මේ වනවිට මන්දගාමිව පැවැතුනද ඒ සම්බන්ධයෙන් එවකට රජයේ මැදිහත් විම මත ඇමරිකානු රහස් පොලීසිය ඇතුලු ත්‍රස්තවාදීන්ට එරෙහිව ජාත්‍යන්තරව කටයුතු කරන බුද්ධි අංශ විවිධ මාර්ග ඔස්සේ සිය විමර්ශන කටයුතු මෙහෙයු වු අතර ඒ අනුව මේ වනවිට පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකල මරාගෙන මැරෙන ප්‍රහාරයට අවශ්‍ය තාක්ෂණික දැනුම LTTE සංවිධාන ජාලය තුලින් ලැබි ඇති බව තහවුරු වි තිබේන බවද පසුගියදා ගෝඨාභය ජනාධිපති හමුවු ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලීසා කර්ටිස් (Lisa Curtis) සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ නියෝජිතවරියක වන වන වන ඇලිස් ජි.වෙල්ස් (Alice G Wells) ඇතුලු ඇමරිකානු නියෝජිත පිරිස සිය වාර්තා මගින් පෙන්වා දි තිබේ.

චෙන්නායි හි සහරාන්ලා මරාගෙන මැරෙන්න පුරුදු වු හැටි!

පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයන් ලෙස සිය කාර්යභාරය මුදලට ඉටුකල ජාතික තව්හීත් ජමාඅත් ( NTJ) නමින් පෙනී සිටි මොහොමඩ් සහරාන් හෂීම් ඇතුලු කණ්ඩායම චෙන්නායි හි  විශාල භූමියක පිහිටි රහසිගත කදවුරක පුහුණු කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේන බව ඔත්තුකරු පවසයි. LTTE සංවිධානය ක්‍රියාකාරිව පැවැති සමයේ මරාගෙන මැරෙන දෙමළ කොටින් පුහුණු කර ඇත්තේද මෙම ස්ථානයේය.

විවිධ කණ්ඩායම් මෙම පුහුණුව ලබාදීම සදහා මැදිහත්වි ඇති අතර සහරාන් හෂීම් ඇතුලු කණ්ඩායමට මරාගෙන මැරෙන තාක්ෂණය සහ ප්‍රයෝග පුහුණුව ලබාදිමට කටයුතු කර ඇත්තේ ඊශ්‍රායලයේ මොසාඩ් (Mossad) රහස් ඔත්තු සේවය වන අතර ඔහුන්ට අමතරව ඉන්දිය “රෝ” සේවයට කුළීකරුවන් ලෙස සේවය කරන කිහිප දෙනෙකුගේ සහයද ලැබී තිබේ.

මොසාඩ් හි විශ්‍රාමික නිලධාරීන්ගේ වාර්තාවලට අනුව ඊශ්‍රායලය එකවර ශ්‍රී ලංකා හමුදාව සහ කොටින් පුහුණු කරමින් එක් එක් අයට ආයුධ ලබා දිමට කටයුතු කර තිබේ.

“බයි වේ ඔෆ් ඩිසෙප්ෂන්” (By Way of Deception) හි කතුවරයා වන වික්ටර් ඔස්ට්‍රොව්ස්කි (Victor Ostrovsky) 1991 දී ඉන්දියානු විදේශ ප්‍රවෘත්ති සේවයට පැවසුවේ කොටින් 1985 දී ඊශ්‍රායලයේ පුහුණුව ලැබූ බවයි. ”

“බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් සේවා (SAS) සමාගමක් වන කීනි මීනි සර්විසස් එකවර ශ්‍රී ලංකා හමුදාව සහ දෙමළ කොටින් (එල්ටීටීඊ) පුහුණු කරමින් සිටි බවද තහවුරු වි තිබේ. ”

ISIS යනු එක්සත් ජනපද-ඊශ්‍රායල් නිර්මාණයකි...

1990 දී ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මොසාඩ් විසින් ශ්‍රී ලංකා සහ දෙමළ ගරිල්ලා හමුදා පුහුණු කරන බවට කරන ලද චෝදනා පිළිබඳව රජයේ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කල අතර 1993 මැයි 1 වන දින කොළඹදී ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්විය.

රජීව් ගාන්ධි ශ්‍රී ලංකාවේ යුදෙව් අවි වෙළඳාම මුළුමනින්ම වසා දැමීමට ඉන්දීය නාවික හමුදාව යොදා ගත් අතර 1991 මැයි 21 දින රජීව් ගාන්ධි ඝාතනයට ලක්විය.

ඉන්දියාවේ අගමැති මෝදි ඊශ්‍රායල සංචාරයක් අතරතුර….

සටහන:-  “අභ්‍යන්තර මැතිවරණ දේශපාලනය සම්බන්ධයෙන් පමණක් නොව, ශ්‍රී ලංකා ආන්ඩුව දුර්වල කිරීම හරහාද ඉන්දියාව සුවිශේෂී ලෙස වාසි ලබා ගනී.”

Mind control අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් 

NTJ යනු ශ්‍රී ලංකාවේ කුඩා රැඩිකල් මුස්ලිම් කණ්ඩායමක් වන අතර ඔවුන්ට මහා මාරාන්තික ප්‍රහාර පිළිබඳ ඉතිහාසයක් නොමැති අතර පුහුණුව ලබාදිමේදි සහරාන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ එක්සත් රාජධානියේ කිංස්ටන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් (36)නැමැත්තය,ඊට හේතුව වුයේ ඔහු කුඩා කලසිටම මනස පාලනය කිරීම (Mind control) ප්‍රවීණතාවයක් ලබා සිටිමයි.

අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් එක්සත් රාජධානියේ කිංස්ටන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ යුදෙව් ජාතික මහාචාර්ය ජුලියස් වෙයින්බර්ග් කිංග්ස්ටන් විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා වු අතර ඔහුන් ඉතා සමීපව කටයුතු කල බව තහවුරු වි තිබේ.ඒ අතරතුර ජමීල් මොහොමඩ් ‘ෆීජියානු හා කාම්බෝජ සම්භවයක් ඇති බෞද්ධයෙකු’ වන ඕස්ට්‍රේලියානු ජාතික නීල් ප්‍රකාශ් සමඟ සමිප ඇසුරක් පවත්වා ඇති අතර ප්‍රකාශ් යනු ISIS සඳහා බඳවා ගත් අයෙකු වන අතර අවස්ථා ගණනාවකදිම දෙදෙනා දින ගණන් අතුරුදන් ව සිටි බවට වාර්තා ලැබි තිබේ.

ඒකාබද්ධ ත්‍රස්ත මර්දන කණ්ඩායම විසින් 2014 දී ජමීල්ව ‘විමර්ශනය’ කළ බව ඕස්ට්‍රේලියානු අරක්ෂක වාර්තා අනාවරණය කල අතර ඒ සම්බන්ධයෙන් ඉන්දිය රෝ ඔත්තු සේවයටද වාර්තාවක් ලබාදි තිබේ.

අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්ට ටජ් සමුද්‍රා අතහැරුනේ ඇයි…

ටජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ උපකරණයක් පුපුරුවා හැරීමට අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් අසමත් වූ බවට චෝදනා එල්ල වී තිබේන නමුත් ඇත්තම කතාව එය නොවන බව ඔත්තු සේවා අනාවරණය කර තිබේ.එනම් සම්පූර්ණයෙන් මෙහෙයුම අවසන් වනතෙක් සිටිම සහ ටජ් සමුද්‍රා හෝටලයේදි ඔහුට ලැබුනු හදිසි පණිවිඩයක් හේතු වි තිබේ.

තවමත් නිදැල්ලේ සිටින පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ හසුරුවන්නා….!

පාස්කු දින ප්‍රහාර මාලාවේ ආරම්භක ප්‍රහාරය එල්ල වුයේ උදෑසන 8.25ට පමණ වන අතර ඒ ශාන්ත අන්තෝනි දේවස්ථානය වන අතර උදෑසන 08.17 වනවිට මිගමුව ශාන්ත සෙබස්තියන් පල්ලිය (St.Sebastian’s Church) අසල රැදී සිටි රතු ටී ෂර්ට් එකකින් සැරසුණු පුද්ගලයෙකු ප්‍රහාරකයන්ට උපදෙස් ලබාදීමට කටයුතු ර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.මෙම සැකකාර පුද්ගලයා ඉතා සියුම් හා වෘත්තීය පෙනුමක් ඇති කෙනෙක් වන අතර මේ දක්වා ඔහු අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ කණ්ඩායම් සමත්ව නෑ.මිගමුව ශාන්ත සෙබස්තියන් පල්ලියේ බෝම්බ පිපිරීම සිදුවුයේ උදෑසන 8:45ට පමණය.

මේ කවුද? මොනවාද කරන්නේ ? බලාපොරොත්තු වන්න

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


http://lankanewsnetwork.org/archives/23104

Published on: Feb 25, 2020- 2015 වසරේදී නීති විරෝධී වකුගඩු ජාවාරම් පිළිබඳව ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධ බව ඉන්දියානු පොලීසිය විසින් හෙළි කරනු ලැබීය. ඉන් පසුව රහස් පොලිසිය විසින් කළ පරීක්ෂණ අනුව ලංකාවේ වකුගඩු ජාවාරමට සම්බන්ධ රෝහල් හතරක සහ වෛද්‍යවරුන් හයදෙනෙකුගේ නම් හෙළි කර ගන්නා ලදී.

මෙම නීති විරෝධී වකුගඩු ජාවාරම පිළිබඳව 2016 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඒ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් සේවා අධ්‍යක්ෂ කාන්ති ආරියරත්න, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීප්ති පෙරේරා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කොට තිබුණි. කෙසේ නමුත් නමුදු අදිසි හස්තයක් මගින් එම පරීක්ෂණය අතරමගදී නවතා දමනු ලැබීය.

ලංකා නිවුස් වෙබ් ටුටේ සටහන …

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් විවිධ අංශ විසින් සිදුකල පරික්ෂණ කණ්ඩායම් මෙන්ම කමිටු රජයේ වගකිවයුත්තන්ට ලබාදුන් සියලුම වාර්තා ඉහල දේශපාලන මැදිහත් විම් මත නතර  අතර අදටත් අහිංසක දුප්පත් මිනිසුන්ගේ වකුගඩුව හෝරාගෙන ඩොලර් මිලියන ගණනට විකුණා සැප විදින දේශපාලඥයන් මෙන්ම කුප්‍රකට ව්‍යාපාරික ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් අනාවරණයක් ලගදිම බලාපොරොත්තු වන්න.

2016 වසරේ වකුගඩු ජාවාරම පිළිබඳව කමිටුවක් පත්කළ වකවානුවේදී වකුගඩු ජාවාරම මඳක් අඩුවී ගියද යළිත් වෙනස් මුහුණුවරකින් වකුගඩු ජාවාරම උතුරුකරයෙන් මතු විය. යාපනය රෝහලේ වකුගඩු පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයකු විසින් උතුරේ දුප්පත් ද්‍රවිඩ තරුණයන් වකුගඩු විකිණීමට පොළඹවා ජාවාරම්කරුවන් මගින් ඔවුන්ව කොළඹ පුද්ගලික රෝහල් වලට මෙන්ම ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව වැනි රටවල පුද්ගලික රෝහල් වලට ද යවා තිබුණු බව හෙළි විය.

වාර්තා වන පරිදි තැරැව්කරුවෝ උතුරේ රැකියා විරහිත දුගී තරුණයන්ට රුපියල් ලක්ෂ 5 ක පමණ මුදලක් දෙන බවට පොරොන්දු වී ඔවුන්ව වකුගඩු දායකයන් කර ගනිති. ඉන්පසු ඔවුන්ව යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කෙරේ. එම වෛද්‍යවරයා ඔවුන්ව පරීක්ෂා කොට සුදුසු දායකයන් රහස් අංකයක් මගින් කොළඹ සිටින තැරැව්කරුවෙකුට යොමු කරයි. එම තැරැව්කරුවා විසින් ලංකාවේදී හෝ විදේශයකදී ධනවත් පුද්ගලයෙකුට එම වකුගඩුව විකිණීම සිදු කරයි. මෙම ක්‍රියාවලියේදී දායකයාට රුපියල් ලක්ෂ 5 පමණ ලැබෙන අතර යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාට එක රෝගියෙකුගෙන් රුපියල් ලක්ෂ 10 – 12 අතර මුදලක් ලැබේ. දේශීය හෝ විදේශීය වකුගඩු රෝගයෙන් පෙළෙන ධනවතුන් වකුගඩුව සඳහා ඩොලර් 122, 000 පමණ වියදම් කරති. වකුගඩුව බද්ධ කරන වෛද්‍යවරයාටද විශාල මුදලක් ලැබෙයි.

මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන සැමුවෙල් චන්ද්‍රහසන් පවසන පරිදි මේ වන විට ද්‍රවිඩ තරුණයන් 500 ආසන්න පිරිසක් ඕස්ටේ්‍රලියාවට පැමිණ තම වකුගඩු රහසේ ධනවත් දායකයන්ට මුදලට විකුණා තිබේ. මෙම තරුණයන් බහුතරය පරික්ෂා කොට නිරෝගී වකුගඩු දායකයන් බවට සහතික කොට තිබෙන්නේ යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාය.

වකුගඩු ජාවාරම පිළිබඳව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සත්‍යමූර්ති මහතා මෙසේ කියයි.

“මෙම වකුගඩු ජාවාරම පිළිබඳ චෝදනාව යාපනය ශික්ෂණ රෝහලට අපකීර්තියක්. ඒ නිසා කෙරෙන ඕනෑම පරීක්ෂණයකට අපගේ සහයෝගය තියනවා. වකුගඩු ජාවාරම පිළිබඳ චෝදනාව ලද වෛද්‍යවරයා පොලොන්නරුව රෝහලට මාරුවී ගියා. ඒත් එම වාට්ටුවේ ලේඛන අපි ළඟ තියනවා. ඒ නිසා ඕනෑම අවස්ථාවක ඒ ලේඛන ඉදිරිපත් කරන්න පුලුවන් ”

යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සත්‍යමූර්ති මහතා එලෙස කීවද නම හෙළි කිරීමට අකමැති යාපනය රෝහලේ වකුගඩු පිළිබඳරෝග සායනයේද සේවය කොට තිබූ හෙදියක් මෙලෙස අදහස් දැක්වූවාය.

“ඔය චෝදනා වලට සම්බන්ධ වෛද්‍යවරයා යාපනය රෝහලේ සේවය කළා. ඔහුට පරික්ෂා කිරීම සඳහා නිරන්තරයෙන්ම තැරැව්කරුවන් කිහිප දෙනෙකු විසින් තරුණයන් ගෙන ආවා, මේ තරුණයන් කිසිවකු රෝහලේ ලේඛනගත වුනේ නැහැ. ඒ නිසා සායනයේ ලේඛන පරීක්ෂා කරලා වකුගඩු ජාවාරමට ගෙන ගිය තරුණයෝ හොයන්න බැහැ. ඒ ආපු තරුණයන් ඔක්කොම වගේ දුප්පත් පවුල් වල අය. සමහරු යුද්ධයෙන් අනාථ වූ මිනිස්සු. පොඩි ගේ කෑල්ලක් අටව ගන්න, ත්‍රීවීල් එකක් ගන්න මේ තරුණයෝ තමන් ගේ වකුගඩුව වික්කා”

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා 2015 වසරේ සිට වකුගඩු මාෆියාවට එරෙහිව අසාර්ථක සටනක නියැලුනු අයෙකි. යාපනය රෝහලේ වකුගඩු ජාවාරම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ කීවේය.

“වකුගඩු ජාවාරම නීති විරෝධී , ඒ වගේම සදාචාර විරෝධී , වෛද්‍ය නීති සම්මතයන් මෙන්ම වෛද්‍ය අචාර ධර්ම වලට පටහැනි ක්‍රියාවක්. ඒත් මේ ජාවාරම සිදුවෙනවා. මේක ලොකු මාෆියාවක්. මේකට වෛද්‍යවරු ගණනාවක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔවුන් සියළු දෙනාටම මේ ජාවාරම හරහා මුදල් ලැබෙනවා. ඔවුන් බලවත්, ඒ වාගේම විත්තිකරුවන් නීතියට හසු වීමට ඉඩ නොදී ඔවුන්ට නිරුපද්‍රිතව ජාවාරම කරගෙන යාමට ඉඩ සලසා තියනවා. ඒ නිසා යාපනය රෝහලේ වකුගඩු ජාවාරමත් යට යයි ”

නීති විරෝධී වකුගඩු ජාවාරමේ නියැලෙන වෛද්‍යවරුන් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කුමන ආකාරයේ පියවරක් ගන්නේද කියා අප ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන් ද්‍ර ද සිල්වා මහතාගෙන් ඇසුවෙමු. එතුමා පවසන පරිදි නීති විරෝධී මිනිස් අවයව ජාවාරමේ යෙදෙන වෛද්‍යවරුන්ට දඞුවම් කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බලතල නොමැත. යම් පුරවැසියෙකු විසින් දිවුරුම් පෙත්සමක් මගින් එකී ජාවාරමේ නියැලෙන වෛද්‍යවරයෙකුට චෝදනා ගොනු කළහොත් ඒ පිළිබඳව විභාග කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හැකිය. වරදකරු වුවහොත් දිය හැකි උපරිම දඬුවම වන්නේ විත්තිකරු ගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අත් හිටුවීමය.

නීති විරෝධී වකුගඩු ජාවාරමේ නියැලෙන වෛද්‍යවරුන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නේ කුමන පියවරක්ද? අප මේ ප්‍රශ්නය සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන මහතාගෙන් ඇසුවෙමු. වෛද්‍ය ඒ.ටී. සුදර්ශන මහතා පවසන අන්දමට එවැනි නීති විරෝධී ක්‍රියාවන්හි නියැලෙන වෛද්‍යවරුන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රමාණවත් බලතල නොමැත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, ළමා රෝග විශේෂඥ වෛද්‍ය, ආසිරි අබේගුණවර්ධන මහතා නීති විරෝධී වකුගඩු ජාවාරම පිළිබඳ මෙසේ පවසයි.

“මේක ඉතාම අවමන් සහගත තත්වයක්. අන්තර්ජාතික වෛද්‍ය සම්මන්ත්‍රණ වලදී නීති විරෝධී මිනිස් අවයව ජාවාරම , විශේෂයෙන් වකුගඩු ජාවාරම ගැන කතා කරන විට විදෙස් ප්‍රජාව කෙලින්ම ලංකාව ගැන කතා කරනවා. ඒ වෛද්‍ය සම්මන්ත්‍රණ වලදී මම ශ්‍රී ලාංකිකයෙකු ලෙස ලැජ්ජාවට පත් වුනා. මේ නීති විරෝධී, සදාචාර විරෝධී ජාවාරම මැඬ පැවැත්විය යුතුයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඞ් සහබ්දීන් සාෆි වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම්වලට ලක්කළ සිංහල මවුවරුන් 4000 ක ගේ පැලෝපීය නාල වලට හානි කොට ඔවුන් වඳ භාවයට පත් කළ බව මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේය. උතුරේ දුප්පත් ද්‍රවිඩ තරුණයන් සිය ගණනකගේ වකුගඩු පැහැර ගත් වෛද්‍යවරයා සිංහල වෛද්‍යවරයෙකි. මේ නිසා අප කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිංහල කාන්තාවන් වඳ භාවයට පත් කළ බවට චෝදනා ලද මුස්ලිම් වෛද්‍යවරයා පිළිබඳව පරීක්ෂණ කළ ආකාරයට යාපනය රෝහලේ ද්‍රවිඩ තරුණයන් සිය ගණනකගේ වකුගඩු පැහැර ගත් සිංහල වෛද්‍යවරයා පිළිබඳවත් පරීක්ෂණ කළ යුතුද කියා මහාචාර්ය චන්න ජයසුමන ගෙන් ඇසුවෙමු. එහෙත් මහාචාර්ය චන්න ජයසුමන එම ප්‍රශ්නයට පිළිතුරක් දුන්නේ නැත. ඔහු නිරුත්තර විය.

~~විශේෂ ලියුම්කරුවෙකු විසිනි~~

Published on: Feb 24, 2020- අත්අඩංගුවට ගැනීමෙන් බේරීම සඳහා උදයංග වීරතුංගට උදව් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අහිස්මා වික්‍රමතුංගේ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න මහතාට එරෙහිව අල්සස් කොමිසම හමුවෙහි පැමිණිල්ලක් ගොනු කර තිබේ. පැමිණිල්ල ගොනු කර ඇත්තේ 2020 පෙබරවාරි 21 දා ය.

සිය පැමිණිල්ලේ දී ඇය පවසන්නේ 2018 පෙබරවාරි 07 දින නඩු අංක B 639/2015 යටතේ කටයුතු කරමින් මහේස්ත්‍රාත්වරියක වූ ලංකා ජයරත්න අපරාධ නඩු විධාන සංග්‍රහයේ 63 වන වගන්තිය ප්‍රකාරව යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංගන වීරතුංග මහතා (ජාතික හැඳුනුම්පත: 640820900V) අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ බවත් අවසානයේදී වීරතුංග මහතා මෙරටට ගෙන ඒමෙන් පසු ඔහුට ඇප ලබා දී විමර්ශනය සදහා කල් ගැනීමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් පරීක්ෂක ඩබ්ලිව් තිලකරත්න මහතා උත්සාහ දැරූ බවයි.

සිය පියා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලද්දේ ද වීරතුංග මහතාට චොදනා එල්ල වී ඇති මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් බවත් වසර දහයකට වැඩි කාලයක් තිස්සේ වීරතුංග මහතා විසින් සිදුකරන ලදැයි කියන අපරාධ සම්බන්ධයෙන් ජේෂ්ඨ පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතා විසින් විමර්ශනය ගැන තමා විපරමින් සිටි බව පවසන අහිස්මා වික්‍රමතුංග සන්ඩේ ලීඩර් හි ප්‍රධාන සංස්කාරක ලෙස සිය පියා වූ ලසන්ත වික්‍රමතුංග මෙම කරැණ ගවේශනය කළ බැවින් ඇය මෙම නඩුවේ කරුණු සහ වීරතුංග මහතාට එරෙහිව ලබා ගත හැකි සාක්ෂි රාශියක් හොදින් දන්නා බව ද පවසයි.

පැමිණිල්ලේ මෙසේ ද සඳහන් වේ:

පසුගිය ජනවාරි 21 දින හෝ ඊට ආසන්න දිනයක දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් අපරාධ පොලීසියෙහි අධ්‍යක්ෂ ජනරාල් විසින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වීරතුංග මහතා ‍ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අවසර දෙන ලෙස තීන්දු කර ඇති බව රහස් පොලීසියේ අධ්‍යක්ෂක වන ඩබ්ලිව්. තිලකරත්න මහතාට දන්වන ලදී. ඒ 2018 වසරෙහි දී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තුව මත මෙරට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද නීත්‍යානුකූල පිටුවහල් කිරීමේ ඉල්ලීම අනුව ය.

උදයංග වීරතුංග නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් අපරාධ පොලිසිය කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම වෙනුවට, සීඅයිඩී අධ්‍යක්ෂ තිලකරත්න මහතා කළේ මෙම නඩුව සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ෆ්‍රැන්සිස් විසින් කරන ලද විමර්ශනය මගින් වීරතුංග මහතාට එරෙහිව රැස්කර ඇති සාක්ෂි පිළිබඳව තක්සේරුවක් ලබාගැනීමට පියවර ගැනීම ය. ඉන් පසු පළිගැනීමක් වශයෙන් පොලිස් පරීක්ෂක ප්‍රැන්සිස් දඩුවමක් ලෙස රහස් පොලීසියෙන් පිටතට මාරු කරන ලෙස ඉල්ලීමක් කළේ ය. ඒ අනුව ජනවාරි 29 වන දා ඔහු මාරු කරන ලදී. ඉන් පසුව වුව වීරතුංග මහතා ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රතිචාර දැක්වීමට රහස් පොලීසිය කිසිදු උත්සාහයක් නොගත්තේය.

2020 පෙබරවාරි 10 වන දින හෝ ඊට ආසන්න දිනකදී රහස් පොලීස් අධ්‍යක්ෂ තිලකරත්න මහතාට ආරක්ෂක අමාත්‍යාංශයේ ඉතා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් වීරතුංග එරට සිරගත ඇති බවත් ඔහු ඉතා දුෂ්කර තත්වයක සිටින බවත් දැනුම් දෙන ලදී. තව ද ඔහුව වහාම ශ්‍රී ලංකාවට ගෙනැවිත් රිමාන්ඩ් භාරයට පත් නොකර ඇප මත මුදා හැරීමට වග බලා ගන්නැයි ඔහුට උපදෙස් දෙන ලදී.

ඉන් අනතුරුව තිලකරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව රහස් පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යවා වීරතුංග මහතාගේ භාරකාරත්වය ලබාගෙන ඔහුව නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කළේය. සීඅයිඩී නිලධාරීන් විසින් වීරතුංග මහතා ශ්‍රී ලංකාවට ආපසු ගෙන ආ පසු සහකාර පොලිස් අධිකාරී එමිල් රන්ජන් ලමාහේවා ඇතුළු සෙසු රහස් පොලිසියේ නිලධාරීන් සමඟින්, වීරතුංග මහතා කොළඹ කොටුවේ මහේස්ත්‍රාත් ගරු රංග දිසානායක මහතා හමුවට, තිලකරත්න මහතා විසින් පෞද්ගලිකව ඉදිරිපත් කරන ලදී.

තිලකරත්නට වැරදුන තැන….

කිසිදු අවස්ථාවක තිලකරත්න මහතා සැකකාර වීරතුංග මහතා නැවත මෙරටට ගෙන්වා ගෙන ඇති බව හෝ ඔහු ගරු. මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කරන බව හෝ නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ නැත. තිලකරත්න මහතා මහතා ස්වේච්ඡාවෙන් වීරතුංග ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ගරු. රංගා දිසානායක මහේස්ත්‍රාත්වරයාට ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළේ ය. නීතිවේදියකු ඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරීමකින් තොරව ඔහුට ඇප ලබා ගැනීමට හැකිවනු ඇතැයි තිලකරත්න මහතා විශ්වාස කළ බවට මෙය ඇඟවුමකි.

2020 පෙබරවාරි 14 වන දින සවස සැකකරු රංග දිසානායක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවෙහි දී තිලකරත්න මහතා කියා සිටියේ සැකකරුට ඇප ලබා දීමට තමන් විරෝධය නොදක්වන බවත් ඔහු කිසියම් වැරැද්දකට වැරදිකරු දැයි නිශ්චය කර ගැනීම සඳහා විමර්ශන පැවැත්වීමට නිලධාරීන්ට විශාල කාලයක් අවශ්‍යවන බවත් ය. මෙම අවස්ථාවෙහි දී වීරතුංග මහතා විසින් වංචා කරන ලදැයි කියනු ලබන මුදල රුපියල් 25,000කට වැඩි බවට පොදු දේපල පනතෙහි පනතේ 8 (1) විස්තර කර ඇති සහතිකය තිලකරත්න මහතා හෝ වෙනත් කිසිදු රහස් පොලිස් නිලධාරියකු හෝ මහේස්ත්‍රාත්වරයා වෙත ගොනු කළේ නැත. එසේ කරන ලද්දේ මෙම බී 639/201දරණ නඩුව යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පොලීසිය විසින් ගොනු කර ඇති වාර්තාවල අයථා ලෙස පරිහරණය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ඉක්මවූ බව මීට පෙර නැවත නැවත සඳහන් කර තිබීම නොසළකා ය.

තිලකරත්න මහතා සැකකරු නිදහස් කිරීමට ඉල්ලීම් කළ ද ගරු රංග දිසානායක මහේස්ත්‍රාත්වරයා තමාගේ අබිමතය උඩ සැකකරු 2020 පෙබරවාරි 17 වන තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය.

පෙබරවාරි 17 වන දින, යළි සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළ විට, රහස් පොලිස් නිලධාරීන් නැවත වරක් පොදු දේපල පනත යටතේ ඉදිරිපත් කළ යුතු වූ සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් විය.

රහස් පොලිසිය හැසිරෙන්නේ සැකකරුට මිස යුක්තියට පක්ෂපාතීව නොවන බවක් පෙනේනනේ යැයි ගරු. රංග දිසානායක මහතා අවධාරණය කළ අතර රහස් පොලිසියට සහ එහි අධ්‍යක්ෂවරයාට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කළේය.

වීරතුංගට එරෙහිව නඩුවේ කරුණු සහ සාක්ෂි විශාල ප්‍රමාණයක් මම හොඳින් දනී 

වීරතුංග මහතා කරන ලදැයි කියන අපරාධය ගැන වසර දහයකට වැඩි කාලයක් තිස්සේ පොලිස් පරීක්ෂක ප්‍රැන්සිස් මහතා විසින් කරන ලද විමර්ශනය ගැන මම විපරමින් සිටියෙමි. මන්ද යත් මෙම කාරණා මගේ පියාට සිවිල් නඩුවක් පැවරීමේ පදනම වූ නිසා ය. සන්ඩේ ලීඩර් හි ප්‍රධාන කර්තෘවරයා වශයෙන් මෙම කරුණු පිළිබඳව ඔහු විසින්ම විමර්ශනය කරන ලදී. එබැවින් වීරතුංග මහතාට එරෙහිව ඇති නඩුවේ කරුණු සහ සාක්ෂි විශාල ප්‍රමාණයක් මම හොඳින් දනිමි.

එබැවින් බී 639/2015 නඩුවෙහි වාර්තා පරීක්ෂා කිරීම, වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ වාර්තා හා ෆ්‍රැන්සිස් මහතා රහස් පොලිසියෙන් මාරු කිරීම සම්බන්ධව වාර්තා ලබා ගෙන ගරු. රංග දිසානායක, නියෝජ්‍ය නීතිපති තුසිත් මුදලිගේ සහ පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් යන අයගෙන් කරැණු විමසන්නේ නම් උදයංග වීරතුංග මහතා ඇතුළු රහස් පොලිස් නිලධාරීන්ට චෝදනා ඉදිරිපත් කිරීමට සහ වරදකරුවන් කිරීම ප්‍රමාණවත් සාක්ෂි මතුවනු ඇතැයි මම උදක්ම විශ්වාස කරමි.

අල්ලස් පනතේ වගන්ති ප්‍රකාරව දූෂණ චෝදනා සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන්ට දඩුවම් ලබා දීම සඳහා දැනටමත් ඇති සාක්ෂි සමූහය ප්‍රමාණවත් වනු ඇත. පොදු යහපත උදෙසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස මම අල්ලස් සහ දූෂණ කොමිසමෙන් තරයේ ඉල්ලා සිටිමි.

අභාවප්‍රාප්ත ලසන්ත වික්‍රමතුංගේ මහතාගේ දියණිය වශයෙන්, මෙම වැරදි සම්බන්ධ තොරතුරු දන්නා සාක්ෂිකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව අවශ්‍ය සියලු පියවරයන් ගැනීම අල්ලස් සහ දූෂන කොමිසමෙහි වගකීමකි. යුක්තිය පසිඳලීම සඳහා මහත් අවදානමක් ගෙන තිබෙන ඔවුන්ට එකී ප්‍රයත්නයන් නිසාම වෘත්තීයමය හෝ ශාරීරික පලිගැනීම් වලට මුහුණ දීමට සිදුවිය හැකිය. මෙළෙස අවධානමට ලක්විය හැකි පුද්ගලයින් අතර xxxxxx යන අය සිටිති.

ලසන්ත ඝාතනය වසන් කරන්න තිදෙනෙකු මරා දමලා 

මෙම ආයාචනය වෙනත් අධිකරණ බල ප්‍රදේශයක සිවිල් නඩුවක් සඳහා මා කලින් කළ ආයාචනයට අනුකූල වේ. මගේ පියා ඝාතනය කරන ලද්දේ වීරතුංග මහතාට එරෙහිව එල්ල වී ඇති අපරාධ විමර්ශනය කිරීමට ඔහු දැරූ උත්සාහය නිසා බව මම තරයේ විශ්වාස කරමි. මගේ පියාගේ .ඝාතනය වසන් කිරීම පිනිස 2015 සිට අවම වශයෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු මරා දමන ලද බව රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මිග් දූෂණ වංචාව මේ වන විටත් බොහෝ ජීවිත බිලිගෙන ඇත. වගකිවයුත්තන් යුක්තිය ඉදිරියට ගෙන යා යුතු බවත්, එමගින් මෙම කාරණය අවසානයක් කරා ගෙන යා යුතු බවත් මම විශ්වාස කරමි. අල්ලස් සහ දූෂන කොමිෂන් සභාව මගින් කරනු ලබන ඉක්මන් සහ පරිපූර්ණ විමර්ශනයක් පමණක් ම වර්තමාන රහස් පොලීසියේ නායකත්වය, වීරතුංග මහතා සහ ඔහුගේ අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු සම–කුමන්ත්‍රණකරුවන් නිදහස් කිරීම වැළැක්වීමට ඇති එකම ක්‍රමය විය හැකි ය.

Published on: Feb 24, 2020 – මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය, (TNA,SLMC)ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වීමට කටයුතු කරමින් ඇති බවත් සිවිල් සංවිධානවල සහාය ඇතිව නව එකමුතුවක් ගොඩනගන බවත් පසුගිය 23වැනි දින මහනුවර පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ සමුළුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කල ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

“සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂවලට විරුද්ධව ක්‍රියාවන් මැඩලීම සඳහා අපි එකතු වීමට දැන් සූදානම්. ඒ පිළිබඳ පූර්ව සාකච්ඡා අපි දැනටමත් පවත්වලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක අනෙකුත් ප්‍රධාන පෙළේ පක්ෂ පැත්තක තියලා අපි එකතුවෙලා මේ නාමයෝජනා භාර දෙනවා.” – රවුෆ් හකීම්

එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ තරග වදින්නේ ජ.වි.පෙ.ද ඇතුළත් ජාතික ජන බලවේගය ලෙස පමණක් තරග වදින බවද එහි දැක්වේ.

අසත්‍ය පුවතක් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමයි

පසුගිය 23වැනි දින මහනුවර පැවති ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස් පක්ෂයේ සමුළුවක් අමතමින් එහි නායක රාවුෆ් හකීම් මහතා කරන ලදැයි පැවසෙන ප‍්‍රකාශයක් පිළිබඳ පුවතක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

එම පුවතට අනුව රාවුෆ් හකීම් මහතා කියා සිටින්නේ එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ සිවිල් සංවිධාන සමග සන්ධාන ගතව තරග වැදීම පිළිබඳව තම පක්ෂය සලකා බලමින් සිටින බවයි. මේ පිළිබඳ දැනටමත් සාකච්ඡුා ආරම්භ වී ඇති බවක්ද ඔහු කියා සිටී.

මෙම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර එය හුදු රාවුෆ් හකීම් මහතාගේ අදහසක් පමණි. දෙමළ ජාතික සන්ධානය සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය සමඟ සන්ධානයක් ලෙස තරග වැදීම පිළිබඳ කිසිදු සාකච්ඡුාවක් සිදු වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි.

එසේම මෙම පක්ෂ සමග මැතිවරණ සන්ධානයක් ගොඩනැගීම පිළිබඳ අදහසක ජනතා විමුක්ති පෙරමුණ නොමැති අතර එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ තරග වදින්නේ ජ.වි.පෙ.ද ඇතුළත් ජාතික ජන බලවේගය ලෙසය.

මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ

Published on: Feb 24, 2020- රට දැය සමය වෙනුවෙන් කථාකරමින් සිටි පුද්ගලයින් ගොළු වෙමින් සිටින බවත් වෙනම රාජ්‍යයකට අර අදින්නවුන්ට නගර සභා පිරි නමා හදිසියේම එය තාවකාලිකව අත්හිටුවා මේ උදාවන්නේ කලියුගයක ඇරඹුමද යන්න ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමියෝ ප්‍රශ්න කරනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් පාලනය සම්බන්ධයෙන් විවේචනාත්මක ලිපියක් යොමුකරමින් උන්වහන්සේ මේ බව පෙන්වා දෙනවා.

“ශ‍්‍රී ලංකාව පුරා පසුගිය වකවානුවේ සිදුවු සිංහල බෞද්ධ විරෝධි ද්‍රෝහි ක‍්‍රියාකාරකම් අතර ජාතින් වඳ කිරීම, සංස්කෘතික විනාශය, පුරා වස්තු ඩෝසර් කිරීම හා අකා මකා දැමීම, බුදු පිළිම කඩා බිඳ දැමීම, මහා සංඝරත්නය හා රණවිරුවන් හිරේ විලංගුවේ දැමීම, අපහාස උපහාස කිරීම, වන සම්පත විනාශ කිරීම, ජාතික සම්පත් විදේශයන්ට විකිණීම, රටේ ඉතිහාසය වසන්කිරීම වැනි අන්තවාදීන්ගේ ක‍්‍රියා කළාපයන් හමුවේ බහුතර ජන කොටස බලවත් සේ කම්පනයට පත් වූහ.එය විසින්ම රටට, දැයට හිතකර පාලකයෙකු පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට ලැබීම ම මෙරට දේශපේ‍්‍රමීන් ලද අති මහත් ජයග‍්‍රහණයකි.”

ඉතිහාසයේ ආරම්භක අවධියේ සිටි පෙර රජ දරුවන් අතර පැවති සම්ප‍්‍රදාය වූයේ මෙරට රාජ්‍යත්වයේ උරුමයට බෝසත්වරයෙකුට හැර අන් අයෙකුට හිමි කම් නොමැත්තේය යන්නයි. මෙසේ සටහන් තැබීමෙන් පෙනී යන්නේ මෙරට සිංහල බෞද්ධ රටක් බව ඓතිහාසික පිළිගැනීම බවයි.

වර්තමානයේ මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් මේ බව තහවුරු කරන ලද්දේ අනුරපුර රුවන් වැලි සෑය අභියස දුටු ගැමුණු නරපතිඳුන් ඉදිරියේ බුදු දහම සුරක්ෂා කරන බවට සිදු කළ සපථ කිරීමෙනි.

පසුගිය වකවානුවේ යහපාලනයේ වස මුසු වීමෙන් පණ අදිමින් පැවති සිංහල බෞද්ධ ජන සමාජයට යලි ඔක්සිජන් ලැබීමෙන් නිරුද්ධ වීමට ආසන්නව පැවති ජාතියක් ගලවා ගැනීමේ සැනසුම් සුසුම් හෙළීමට හැකි වී ඇත්තේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම රටට සෙතක් සලසනු ඇතැයි බොහෝ අයගේ අපේක්ෂාවයි.

ඔවුනට අහිමි වී ගිය උරුමයන් යළි ලබා ගැණිමේ බලාපොරොත්තු අති විශාලය. එමෙන්ම පැමිණිය හැකි අනාගත උවදුරු වළකාගත හැකි වෙතැයි ද ජනතාව සිතූහ.

ගෝඨාභය ජනපතිතුමන්ගේ චින්තනය නිවැරදිය. ගමන් මගේ ඉලක්කය පැහැදිලිය ගැටළු සඳහා විසඳුම් ලබා දීමට සැදී පැහැදී ඇත්තේය. එහෙත් මෙහි ගමන් මග සිතන තරම් සරල නැත.හේතුව ජරා ජීර්ණ දේශපාලනය යළි හොල්මන් කරමින් පැවතමයි.

මහජන අපේක්ෂා ඉටු කරමින් රට සිංගප්පූරුවක් කළ හැකි සදාචාරාත්මක දේශපාලන දැක්මකට තවත් නම් ඉඩක් නැත්තේය.

තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇත යනු මහජනතාව තුළ පවතින කුකුසකි.බල ලෝභීන් විසින් අන්තවාදි සුළුතරය නොමනා ලෙස පෝෂණය කොට අල්ලස් ලබා තරවීමෙන් බහුතරයට වන විපත වටහා ගත නොහැක්කේ මෙම උමතු බල කාමය නිසාවෙනි.

යළි කිසිදා උදා නොවන යුගයක් උදෙසා සටන් කොට අවසන් අපේක්ෂාව ජය ගැනීමේ යුගය උදා වී තිබුණද එය කලි යුගයක ආරම්භය දැයි සැක සිතෙයි.

බලයට පත්ව මාස 2 ගත වූවා පමණි. ජාතිය ඇමතූ අතිගරු ජනපතිතුමන්ගේ සෑම කථාවකින්ම අභිමාවත් දේශයක් නිර්මාණය කිරීමට ඇරයුම් ලැබී ඇත්තේය.එහෙත් කකුලෙන් අදින බලවතුන් ඉදිරියේ පයින්ගසා නැගී සිටීමට නම් අදීන බලයක් ලබා දිය යුත්තේමය. එම අදීනත්වය කරා ගමන්කිරීමට ස්වකීයයන් විසින්ම ගමනට හරස් කපන බව ජනතාවට පෙනී යෑම තුල ඉදිරි මහ මැතිවරණයේ දී ජනතා ප‍්‍රතිචාර දුබල විය හැකි බව තේරුම් ගැනීමට තරම් මොළයක් ඇතැමුන්ට නැති බව පෙනී යයි.

කඩු කිණිසි සොයා නිරායුධ කරනවා වෙනුවට නින්ද ගම් ලැබේ නම් සිංහලයාගේ බෞද්ධයාගේ අනාගත ඉරණම කෙසේ විය හැකිද ?විනාශ කරමින් පැවති බෞද්ධ සිද්ධස්ථාන එලෙසමය.

දහනම වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බල රහිත කළ ජනපතිට යළි ශක්තිය නෙලෙැබෙන්නේ නම් අප සියල්ලන්ගේම අපේක්ෂා භංග වනු නියතය. රටක් ජාතියක් සාසනයක් ගැන කවර කථාද?

Published on: Feb 23, 2020- ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහතා අතර අද සීතල යුද්ධයක් ඇති වී තිබෙන බවත් ඒ හේතුවෙන් බඩු මිල ඉහළ ගොස් රටේ ජනතාවද කබලෙන් ලිපට වැටී ඇති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා

මහනුවර පැවති උත්සවයකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව ප‍්‍රකාශ කලේ.

යහපාලන ආණ්ඩුවේ දින 100 තුළ පාර්ලිමේන්තුවේ ආසන 45ක් තියාගෙන අපි රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකළා. භාණ්ඩවල මිල පාලනයක් ඇති කළා. 19වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනත් මන්ත‍්‍රීවරු 45ක් තියාගෙන අපි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගත්තා. එහෙම කරන්න පුඑවන් වුණේ අපේ නිසි කළමණාකාරිත්වයක් තිබුණ නිසා. නමුත් මේ ආණ්ඩුවේ දින සියය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සියයට සීයකින් ඉහළ ගිහින්. අපි රැකියා දුන් අය පවා ඉවත් කරලා. මෙහෙමයි මේ අය ආණ්ඩු කරන්නේ.

මේ ආණ්ඩුව මුදල් නැහැ කියලා මාස 03ක් යන්න කලින් පාර්ලිමේන්තුවේදි කෝටි 1088කට ඉල්ලීමක් කළා ණය ගෙවන්න. සංවර්ධන සහ ණය වශයෙන් කොටස් දෙකක් තිබුණා. අවසානයේදි ආණ්ඩුව ඒක ඉල්ලා අස්කරගත්තා. අපි පැරැද්දුවේ නැහැ. තව තව ණය ගන්න අපේ ඡන්දය දෙන්න අපි සූදානම් නැහැ.

සති දෙකකට කලින් අගමැතිතුමා ඉන්දියාවට ගිහින් අවුරුදු 03ක ණය විරාමයක් ඉල්ලූවා. අපි 2020 වසරේ අපේ‍්‍රල් මාසය වෙනතුරු රජයේ වියදම් වලට අවශ්‍ය මුදල් වෙන්කරලයි ගියේ. සංවර්ධන, අධ්‍යාපන, කෘෂිකර්මය, විදුලි බල හා පොහොර සහනාධාරය වැනි සෑම අංශයකටම අවශ්‍ය මුදල් වෙන්කළා. මැතිවරණයට කලින් රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමත් අපට පැවසුවා ලබන වසරේ අපේ රට ගෙවීමට ඇති සිය`එම ණය මුදල් වෙන්කර අවසන් බව.

අපේ කාලයේ ජීවන වියදම් කමිටුවක් තිබුණා. සතියකට වරක් භාණ්ඩ මිල පිළිබඳව අපි සාකච්චා කරලා ජනතාවගේ ජීවත් වීමේ ප‍්‍රශ්ණ වලට අවධානය යොමුකළා. නමුත් අද ජනතාව කබලෙන් ලිපට වැටිලා. මේ ලගදී බැදුම්කර පිළිබද විවාදයක් තිබුණා. පසුගිය ආණ්ඩුව 2015ට කලින් බැදුම්කර සමඟ සෙල්ලම් කරලා මිලියන ගණනාවක පාඩුවක් කළා. මේ ගැන අපි පාර්ලිමේන්තුවේදි කතාකළා.

අද පොහොට්ටුවට නැවත ඡන්දයක් ඉල්ලන්න පුඑවන් කිසිම වැඩක් මේ වන තෙක් කරලා නැහැ. බොරුවට රැකියා ඉල්ලූම්පත‍්‍ර බෙදනවා විතරයි. ඉදිරි මැතිවරණයේදි අපිට මේ සියල්ල නැවත වෙනස් කරන්න පු`එවන්.

අද ජනාධිපතිතුමත් අගමැතිතුමත් අතර සීතල යුද්ධයක් තිබෙනවා. මොකද 19වන ව්‍යවස්ථාව හරහා වැඩි බලතල හිමිවන්නේ අගමැතිතුමාට. ජනාධිපතිතුමා රේගු අධ්‍යක්ෂක ලෙස හිටපු හමුදා නිලධාරියෙක් පත්කළා. නමුත් අගමැතිතුමා දවස් දෙකෙන් එයාව අස්කළා. පැහැදිලිවම ආණ්ඩුව තුළ සීතල යුද්ධයක් ඇති වී තිබෙනවා.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Feb 22, 2020- දේශපාලනය තුල රාජපක්ෂ නාමය ගැවුන අයෙක් සිටි නම් ඔහු හොරකම් කිරිමට සමත්කම් ඇත්තේකු බවත් එවැනිම නිළකාස හොරෙකු වන නිශාන්ත රුවන් සෙනවිරත්න රාජපක්ෂ හෙවත් කෙටියෙන් මේජර් නිශාන්ත රාජපක්ෂ සම්බන්ධයෙන් අප පෙබරවාරි 8 වැනිදා අනාවරනයක් සිදුකල අතර ඒ අනුව නිශාන්තගේ හොරකමේ හදුනාගත හැකි දළ අගය රුපියල් මිලියන 600කට අධික බවත් මේ වනවිට ඔහු සහ ඔහුගේ පවුලෙ අය රටින් පැන සැගවි සිටින බවද අප අනාවරණය කළා.

එම අනාවරණයන්ට සමගාමිව එම මුදල් ආයෝජනය කරමින් සිදුකරන ව්‍යාපාර සම්බන්ධයෙන්ද අප අනාවරණය කල අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සාක්ෂි සහිතව අනාවරණය කිරිමට අප සුදානමින් සිටි. අප පලමු අනාවරණය සිදුකිරිමට සමගාමිව ඊට අදාළ ලියකියවිලි විශාල ප්‍රමාණයක් රටේ හොරකම් සම්බන්ධයෙන් සොයා බලන රාජ්‍ය වගකියන ආයතන වලට අප ලබාදිමට කටයුතු කර ඇති අතර බලය හොබවන රාජපක්ෂලා,හොරා කෑ රාජපක්ෂලා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේද යන්න අප කල්පනාවෙන් යුතුව බලා සිටින බවද අවධාරණය කිරිමට කැමත්තේමු.

මේජර් නිශාන්ත රාජපක්ෂගේ කොල්ලයට හසුවු පවුල් සංඛ්‍යාව 617 ක් වන අතර ඒ අතර ඔහුගේ ආයතන වල සේවය කරමින් සිටින සේවකයන්ද සිටින අතර මහා පරිමාණයේ මුල්‍ය වංචාවට හසුවු කණ්ඩායම්ද සිටි.

මේජර් නිශාන්ත රාජපක්ෂ නැමත්තා Pan Asia Bank සදහා මිලියන් 70ක පොල්ලක් තබා ඇති අතර එම මුල්‍ය වංචාව සදහා එම බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු සaජුවම සම්බන්ධ වි ඇති බවද අප අනාවරණය කළා. ඊට අමතරව Union Bank වට මිලියන 4ක්,Seylan Bank වට මිලියන 6ක්, HSBC බැංකුවට මිලියන 2ක් සහ Nations Trust Bank සදහා මිලියන 3ක් මෙන්ම රාජ්‍ය බැංකු සියල්ලටම මිලියන් ගණනින් පොලු තැබිමටද මේජර් නිශාන්ත සමත්ව තිබේ.

මේජර් නිශාන්ත factoring frauds

මිට අමතරව මේජර් නිශාන්ත ඉතා බරපතල වර්ගයේ මුල්‍ය වංචාවක් සිදුකර තිබෙන අතර එය නම් factoring frauds ලෙස හදුන්වන මුල්‍ය වංචාවයි.යම් සමාගමක් තමන් ලබාගන්නා සේවාවට අදාළ තවත් සමාගමකට මුදල් ලබාදිම සදහා යම් කාලයක් ගන්නා අතර ඒ සදහා නිකුත් කරන Invoice අදාළ සමාගමට තමන්ගේ බැංකුවට ලබාදි එම මුදලෙන් සියයට 70ක් ලබා ගැනිමට ඇති හැකියාව factoring පහසුකම ලෙස හදුන්වයි. කුප්‍රකට නිශාන්ත රාජපක්ෂ එකම Invoice භාවිත කරමින් තමන් ගනුදෙනු කල සියලුම බැංකු වලින් මුදල් ලබාගැනිමට කටයුතු කර තිබේ.

NSTN Maritime Services සහ STAD යන නමින් ආරක්ෂක සේවාවන් සපයන ආයතන දෙකක් ඔහු විසින් මුල්‍ය කොල්ලය සදහා යොදවා ගත් අතර STAD “සිකියුරිටි ඇන්ඩ් ඉන්විස්ටිගේෂන්ස් සර්විස්” නමින් නිරෝෂා රන්මිනි ප්‍රේමරත්න හෙවත් නිරෝෂා රජපක්ෂ සහ නිශාන්ත රුවන් සේනෙවිරත්න රාජපක්ෂ නැතහොත් මේජර් නිශාන්ත රාජපක්ෂ නමින් 36/පි කුමාරගේවත්ත පාර, බත්තරමුල්ල ලිපිනයේ 2017 06 07 වැනි මසට ලියාපදිංචි කර ඇති ව්‍යාපාරය භාවිත කරමින් මුදල් කොල්ල කෑ අයුරු අද අප අනාවරණය කිරිමට සුදානම්.

අදාළ වෙළද ලියාපදිංචි කිරිමේ සහතිකය

කොළඹ ලිපිනයක ලියාපදිංචි කර තිබේන නිශාන්තගේ ව්‍යාපාරයේ ගිණුම් පවත්වාගෙන යන අකාරය දෙස බැලු විට යම් අසමානතාවයක් පවතින් අතර ව්‍යාපාරයේ Seylan Bank ගිණුම හික්කඩුව ශාඛාවේ පවත්වාගෙන ගිය අතර ආරම්භයේ සිටම කළු වැඩ සිදුකිරිම ඒ අනුව නිශාන්තලා සුදානමින් සිට තිබේ.මිට අමතරව Union Bank ශාඛාව නාවලත්, ටවුන් හෝල් හි පිහිටි Nations Trust Bank බැංකුව කොල්ලුපිටියේ Pan Asia Bank ප්‍රධාන ශාඛාවේද නිශාන්ත ගිණුම් පවත්වාගෙන ගොස් තිබේ.මීට අමතරව Commercial Credit හිද නිශාන්ත විසින් ගිණුමක් පවත්වාගෙන ගොස් තිබේ.

මේජර් නිශාන්ත රාජපක්ෂ තමන්ගේ STAD “සිකියුරිටි ඇන්ඩ් ඉන්විස්ටිගේෂන්ස් සර්විස්” ආයතනය හරහා ආරම්භයේම ප්‍රධාන සේවයන් සැපයු ආයතන කිහිපයක් තිබේ.අප පලමුව අනාවරණය කල පරිදිම ලලන්ත වටදුරට අයත් ඇගලුම් ආයතන වලට, MAS Holdings (Pvt) Ltd ආයතනයට සහ හෙළ ක්ලෝතින් යන ආයතනයටද STAD ආරක්ෂාව සැපයිමේ සේවය සපයා තිබේ.

MAS Holdings (Pvt) Ltd ආයතයට සේවාව සැපයිමට නිශාන්තට අවස්ථාව හිමිවන්නේ හිටපු සමූහ අධ්‍යක්‍ෂවරයාව සිටි ඩයන් ගෝමස් මහතා හේතුවෙන් සහ මේජර් නිශාන්ත රාජපක්ෂගේ බිරිද නිරෝෂා රාජපක්ෂ ඩයන් ගෝමස්ගේ සමීපම ලේකම්වරිය ලෙස කටයුතු කිරිම මෙන්ම නිශාන්තගේ සොහොයුරු එවකට MAS Holdings හී CEO ලෙස කටයුතු කල සුරේන් ප්‍රනාන්දු (Suren Fernando) සුරේන් වර්තමානයේ MAS Holdings සමූහ ව්‍යාපාරයේම CEO ලෙස කටයුතු කිරිම සහ නිශාන්ත, රාජපක්ෂ කල්ලියට අයත් අයෙකු ලෙස නිරන්තරයෙන් පෙනී සිටිමයි.

ඩයන් ගෝමස් මහතා MAS Holdings හී ඉවත් ව හෙළ ක්ලෝතින් සමාගමේ ප්‍රධානීයා ලෙස පත්ව ගියද සුරේන් ප්‍රනාන්දු CEO ලෙස සිටිම හේතුවෙන් දිගටම මේජර් නිශාන්තගේ STAD ආයතනයට MAS Holdings තුල රැදී සිටිමට අවස්ථාව උදාවි තිබේ.

මීට අමතරව අධිවේගී මාර්ග පද්ධතියට අවශ්‍ය ආරක්ෂක සේවාව සැපයිමටද STAD ආයතනයට ලැබුන අතර ඊට අමතරව ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව ඇතුලු රාජ්‍ය ආයතන කිහිපයකට මෙන්ම MAS Holdings ප්‍රධානින් සමග නිශාන්ත මොනතරම් සමීප විමට සමත් වුවේද යන්න තහවුරු වන්නේ එම ආයතනය සතු පෞද්ගලික නිළ නිවාස සදහා ආරක්ෂකයන් සැපයිමේ අවස්ථාවද නිශාන්ත විසින් හිමිකර ගැනිමට සමත්විය.

ආයතනය ආරම්භ කර කෙටි කාලයක් තුල නිශාන්ත රාජපක්ෂ සිය කුප්‍රකට මුල්‍ය වංචාව සිදුකිරිම ආරම්භ කර තිබේන අතර ඒ සදහා තමන්ට සමීපම පාසල් මිතුරන් සහ එවකට නිශාන්ත ක්‍රිඩාකල Master Cricket නැමැති අවුරුදු 50ට වැඩි ක්‍රිඩකයන් ක්‍රිඩා කරන Association හී මිතුරන්,හමුදාවේ මිතුරන් සහ NSTN Maritime Services හරහා නිශාන්ත් විසින් අල්ලා ගත් ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරින් ද ගොනාට ඇන්දවිමේ වැඩේ පටන් ගෙන තිබේ.

ඒ අනුව නිශාන්ත ඔහුගේ සමිපයන්ට පවසන්නේ ආයතන 47කට අධික ප්‍රමාණයක් සතු MAS Holdings හී සියලුම ආයතන වෙනුවෙන් ආරක්ෂාව් සැපයිම තමන්ගේ STAD ආයතනයට හිමි වි ඇති බවත් එය සම්පූර්ණයෙන්නම තමන්ගේ ඥාති සොහොයුරන් සුරේන් ප්‍රනාන්දු හරහ සිදුවන බවද පෙන්වා දි තිබේ. ඒ අනුව තමන්ගේ STAD ආයතනය තවත් පුළුල් කිරිමට අවශ්‍ය බවත් ඒ සදහා මුල්‍ය ආයෝජන කිරිමට අවශ්‍ය බවත් නිශාන්ත uඋපක්‍රමශීලීවපෙන්වා දි තිබේ.ඒ සදහා ඉතා රහසිගත ලියවිල්ලක් සකස් කරන නිශාන්ත එම ලියවිල්ල තමන්ගේ ආයතනයට ආයෝජන කිරිමට කැමැත්ත දක්වන අයට විද්යුත් තැපෑල හරහා යොමුකර තිබේ.

This is a confidential document.only for your eyes. යනුවෙන් සදහන් කර ඇති එම ලියවිල්ල අප සම්පුර්ණයෙන්ම පහත පලකර තිබේ.

මුල්‍ය වංචාවට හසුවු අයෙකුට nishantha@nstnmaritime.com යන විද්යුත් තැපැලෙන් යැවු අයුරුද අප විසින් පහත දක්වා තිබේ.

අදාළ ලියවිල්ල සැදු ආකරයම වංචාවක් වන අතර එම ලියවිල්ල සකස් කිරිමේදි නිශාන්ත තමන්ගෙ STAD ආයතනයම නාමිකව Private Limited Company ලෙසද ලියාපදිංචි කිරිමට කටයුතු කර ඇති නමුත් එම ආයතනයට ලියාපදිංචි සහතිකයක් හැර වෙන කිසිදු ආකාරයේ නෛතික බැදිමක් ඇතිකර නොගැනිමට කටයුතු කර තිබේ.කිසිදු ගිණුමක් හෝ STAD Private Limited සමාගමට නොමැති අතර සියල්ල පවතිනුයේ STAD “සිකියුරිටි ඇන්ඩ් ඉන්විස්ටිගේෂන්ස් සර්විස්” පමණී.

                      සුදේශ්

අදාල ලියවිල්ල සකස් කිරිම සදහා නිශාන්ත ගණකාධිකාරිවරයෙකු ලෙස භාවිතා කර ඇත්තේ සුදේශ් නැමත්තේකු වන් අතර ඔහු කිසිදු ආයතනයකට වැස්සකටවත් ගත යුතු නැති කුප්‍රකට හොරෙකු වන අතර අප පහත් ඔහුගේ ඡායාරූපය අනාවරණය කර සිටින්නේ අහිංසක මිනිසුන්ගේ ජිවිත විනාශ කිරිම සදහා මුදලට කටයුතු කරන මේ අකාරයේ කුප්‍රකට හොර ගණකාධිකාරිවරුන් රටේ ජනතාව ප්‍රතිකේෂ්ප කලයුතු නිසාය.ඊට අමතරව අප මේ සම්බන්ධයෙන් වගකිවයුතු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේද අවධානය යොමුවිය යුතු බව අවධාරණය කරමු.

නිශාන්ත යනු කුප්‍රකට කපටියෙකු බව අමුතුවෙන් කිවයුතු නැත.දැන් හොරට හැදු තමන්ගේ නාමික ආයතනය සදහා මුල්‍ය ආයෝජන ලබා ගැනිම සදහා එවකට MAS Holdings හී CEO ලෙස කටයුතු කල සුරේන් ප්‍රනාන්දු භාවිතා කරන අතර ඔහු ලවා අදාළ ලියවිල්ල ලබාදුන් පුද්ගලයන්ට දුරකතනය ඔස්සේ සහතික කිරිමක් සිදුකර තිබේ.ඒ අනුව පහත දක්වා ඇති ආකාරයට MAS Holdings හී ආයතන සදහා ආරක්ෂාව සැපයිමේ කොන්ත්‍රාත්තුව නිශාන්තගේ STAD ආයතනයට පවරා ඇති බවත් බය නැතුව ආයෝජනය කරන ලෙසත් සුරේන් ඉල්ලා තිබේ. රටේ කිර්තිමත් ආයතන සමුහයක වර්තමානයේ CEO ලෙස කටයුතු කරන සුරේන් සම්බන්ධයෙන්ද MAS Holdings වහාම පරික්ෂණයක් පැවැත්විය යුතු බව අප අමුතුවෙන් මතක්කර දිය යුතු නැතැයි සිතමු.

නිශාන්තගේ ලියවිල්ල හරහා MAS Holdings සමාගම වංචාවට යොදාගත් අයුරු ..

මීට අමතරව නිශාන්තගේ හොර ආයතනයට ආයෝජකයන් සොයා දිමට කටයුතු කල තවත් අයෙකු වන්නේ හිතෘ ගුවන් තොටුපලේ සිට ශ්‍රි ලංකන් ගුවන් යානා වලට කෙට්‍රින් (catering) කරන දිප්ත දර්ෂණ වටදුරගේ CLS AIRLINE SUPPLIES LIMITED සර්විස් හී හිම්කරු ලෙස පෙනී සිටින රෝෂාන් ගුණරත්න හෙවත් ලන්ඩන් බිජ්ජාය.

ඒ අනුව සුරේන්ගේ නිර්දේශ මත නිශාන්තගේ ආයතනයට මුල්‍ය ආයෝජ කිරිමට පුද්ගලයන් කටයුතු කරන අතර පහත දැක්වෙන්නේ ඒ සදහා නිශාන්තගේ ආයතනය ලබාදුන් Memorandum of understanding හෙවත් අවබෝධතා ගිවිසුමක එක් පිටපතකි.

ඊට අමතරව නිශාන්ත විසින් තමන් ලබාගත් මුල්‍ය ආයෝජන වෙනුවෙන් චෙක් පත් නිකුත් කල අතර නිකුත් කල චෙක්පත් කිහිපයක්ද පහත දැක්වේ.

ආයෝජනයෙන් මාස දෙක තුන ගතවන විට නිශාන්තගේ ආයතනයේ ආයෝජනය කල මුදල් වලට අදාල තමන්ගේ කොටස් ලබා ගැනිමට ආයෝජකයන් කතා කලවිට නිශාන්ත තමන්ගේ ආයතනය කඩා වැටි ඇති බවට පවසමින් ලිපි නිකුත් කර ඇති අතර ඒ වනවිටත් ආයෝජකයන්ට තරු පෙන්නට පටන් ගෙන් තිබේ.

පහත දැක්වෙන්නෙ මුදල් ගේවිම සදහා කෙටි කාලයක් ඉල්ලමින් නිශාන්ත විසින් යවන ලද ලිපියකි.

පාස්කු ප්‍රහාරය විකුණන් කෑ නිශාන්ත රාජපක්ෂ 

MAS Holdings ඇතුලු ආයතන කිහිපයකින් නිශාන්ත මාසිකව මිලියන ගණනක් ඉපැයන නමුත් එම මුදල් මෙම නාමික ආයතනනයට නොලැබෙන අතර එම මුදල් සියල්ලම නිශාන්තලාගේ මුල් ආයතනය වන STAD “සිකියුරිටි ඇන්ඩ් ඉන්විස්ටිගේෂන්ස් සර්විස්” හී ඇති ගිණුම් වලට යැවේ.

සුරේන් ප්‍රනාන්දු (Suren Fernando) සහ නිශාන්ත රාජපක්ෂගේ ඥාතිකම

පහත දැක්වෙන ඡායාරූපය 2019 දෙසැම්බර් මාසයේ පැවැති නත්තල් සාදයකදි ගත් එකක් වන අතර එය සුරේන් ප්‍රනාන්දුගේ ගේදර පැවැතියද නිශාන්ත රාජපක්ෂ හෝ නිරෝෂා රාජපක්ෂ හෝ ඔහුගේ පවුලේ කිසිවෙකු සහභාගි නොවු අතර එයට හේතු වුයේ දැවැන්ත මුල්‍ය වංචාවෙන් පසුව නිශාන්තලා රටින් පැන ගොස් සිටිමයි.

නමුත් මෙම ඡායාරූපයේ නිශාන්ත රාජපක්ෂගේ සහෝදරයා වන නිශාන්ත මෙන්ම කුප්‍රකට මුල්‍ය වංචා රැසකට හිමිකම් කියන නලින් රාජපක්ෂ සිටින අතර ඔහු ඡායාරූපයේ අප නම්කර තිබේ.

ඇමරිකාවේ නිව් ජර්සී හී පිහිටි නිවසේ මේ වනවිටත් නිශාන්තගේ බිරිද සහ දියණීය සැගවි සිටින අතර ඡායාරූපයේ  සිටින ඔහුද එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවය කරන රුක්ෂාන් පෙරේරා නැමැත්තායි.

මෙම ඡායාරූපයේ රතු හැදගත් වයසක කාන්තාවන් අතර සිටින තද රතු ඇදගත් කාන්තාව අදාල පුද්ගලයාගේ මව වන අතර ඇය නිශාන්ත රාජපක්ෂගේ සමාගමේ ලේකම්වරිය ලෙස සේවය කල කාන්තාවයි.

මෙහි තවත් පුද්ගලයකු සිටින අතර ඔහු රහස් පොලිසියේ සේවය කල හිටපු SSP ගාමිණී සිල්වා,ගාමිණි සිල්වාට පසුපසින් සිටින්නේ සුරේන් ප්‍රනාන්දුයි.ඊට අමතරව NSTN Maritime Services අධ්‍යක්ෂකවරයෙකු ලෙස පෙනී සිටින නිහාල් රොද්‍රිගෝ Nihal Rodrigo (General Manager) නැමැත්තාය. ස්වර්ණාවාහිනියේ හිටපු බුද්ධික කුලසේකරගේ කලින් බිරිද වන හර්ෂණී පෙරේරාද එම ඡායාරූපයේ සිටි.

පහත ඡායාරූපයේද ඉතා පැහැදිලිව සුරේන් ප්‍රනාන්දුව දැකගත හැක.

ලංකාවෙන් පැන්න නිශාන්තගේ බිරිද සහ දියණීය මේ වනවිට ඇමරිකාවේ පදිංචී නිවසේ ලිපිනය අප මේ වනවිට තහවුරු කරගෙන තිබේන අතර එය 157, Broad street, bloomfield, New jersey,07003

නිශාන්තගේ බිරිද සහ දියණීය සැගවි සිටින  New jersey නිවසේ පදිංචි පවුල ….

157, Broad street, bloomfield, New jersey,07003 නිවසේ පදිංචි වි සිටින එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවය කරන  රුක්ෂාන් පෙරේරා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්!

මේජර් නිශාන්ත තවත් වටයකින් තමන්ගේ බොරු ආයතනයේ මුදල් ආයෝජනය කල පාසල් මිතුරන් රැවටිමකට ලක්කර තිබේන අතර ඒ සදහා තමන් දැඩි මානසික පිඩනයකින් පෙලෙන බවත් මුදල් ගෙවා ගැනිමට නොහැකිව තමන් සියදිවි හානීකර ගන්නා බවත් පවසමින් ලිපි යොමුකර ඇති අතර ඒ වෙනකොටත් නිශාන්ත සහ පවුල ලංකාවේ පිටව යෑමට ආසන්නව සිට තිබේ.

පහත දැක්වෙන්නෙ තමන්ගේ මිතුරන් ගෝනාට අන්දමින් නිශාන්ත රාජපක්ෂ යැවු ලිපිය

 

නිශාන්තගේ දියණීයගේ විවාහයත් අවසන් ….

මේජර් නිශාන්තගේ දියණීයගේ විවාහය ලියාපදිංචිය (Engagement) එක බත්තරමුල්ලේ Waters Edge හෝටලයේ 400කගේ සහභාගිත්වයෙන් පැවැත්වු අතර ඒ සදහා හෝටලයට පමණක් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් ගෙවා තිබේ.ඇය විවාහ ගිවිසගෙන සිටියේ ගාමිණී ලෝකුගේ අමාත්‍යවරයාගේ සමීපම ඥාති පුත්‍රයෙකු සමග වන අතර මේ වනවිට එම විවාහය අවලංගු කිරිමට අදාළ නීතිමය කටයුතු ආරම්භ කර තිබේන අතර ඊට හේතු වි ඇත්තේ මේජර් නිශාන්ත ඔහුන්ට කර තිබේන මුල්‍ය වංචාවයි. විවාහ ගිවිසගත් තරුණයාට අයත්,ගාමිණි ලෝකුගේටද කොටස් ඇති සමාගමකටද ආරක්ෂකයන් සපයන්නේ මේජර් නිශාන්තගේ STAD ආයතනයි.

මේජර් නිශාන්තගේ මුල්‍ය වංචාව හරහා උපයාගත් මුදල් කන්ද මේ වනවිට විවිධ ආයතන වල ආයෝජනය කර තිබේන බව අප පසුගිය 16 වැනිදා “රාජපක්ෂලා කොල්ල කෑ මහජන ධනය ලෝවපුරා කැරකෙන හැටි…. නිශාන්ත රාජපක්ෂ,ලලන්ත වටදුර හරහා ලන්ඩන් බිජ්ජා දක්වා විහිදුන ජාවාරම… නිමි ඇදුම් ව්‍යාපාරයට සහ දේශපාලන බලයට මුවාවි ජනතා මුදල් ගිලින හැටි…”යනුවෙන් අප අනාවරණය කල අතර ඒ සම්බන්ධයෙන් සාක්ෂි සහිත තොරතුරු රැසක් අප ඉදිරියේදි අනාවරණය කිරිමට අප සුදානම්.

මිලියන් ගණනින් ජනතා මුදල් කොල්ල කැමට නිශාන්ත රාජපක්ෂලා භාවිතා කල  ලියවිල්ල 

මේ අතර මෙම කල්ලියේ වංචාවන්ට හසුවු අයට අපගේ lankanewsweb.today@gmail.com  විද්යුත් ලිපිනයට තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර විවිධ පාර්ශවයන් ඒ සම්බන්ධයෙන් එවා ඇති තොරතුරු ඉතා වගකිමෙන් මෙන්ම ආරක්ෂිතව,රහස්‍ය භාවය සුරකින බවද දැනුම් දෙමු.

ඔබත් මේ කල්ලියේ වංචාවන්ට හසුවුවෙකු නම් අපට ලියන්න –lankanewsweb.today@gmail.com

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


පළමු අනාවරණය 

http://lankanewsnetwork.org/archives/22857

දෙවන අනාවරණය 

http://lankanewsnetwork.org/archives/23040

Published on: Feb 21, 2020- දැඩි මතභේදයට තුඩුදී තිබෙන ‘මහබැංකු බැඳුම්කර සිද්ධියේ’ ප්‍රධාන සැකකරුවන් දෙදේනා හෝ ඊට සම්බන්ධ කිසිවෙකුත් අත් අඩංගුවට ගැනිමට මහින්ද හෝ ගෝඨාභය කටයුතු නොකරන බව හිටපු අමාත්‍ය පාඨ්ලි චම්පික රණවක මහතා අවධාරණය කරනවා.

දෙයියෝ සාක්කි… ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරයට ඇලෝසියස්ගෙන් බිලියන 1.5ක්…. හොරු අල්ලන්න ඇවිල්ලා තියෙන්නේ හොරුන්ගේ පිටේ… යනුවෙන් අප පසුගිය දෙසැම්බර් 21 වැනි දින අනාවරණය කල අතර ඊට අදාළ ලේඛන කිහිපයක් කුරීයර් හරහා රහස් පොලිසියටද අප ලැබිමට සලස්වා ඇති අතර පසුගියදා පැවැති රැස්විමක්දි පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කළේ 2019 ජනාධිපතිවරණ සටනට ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශ මුද්‍රණය කළේ බැඳුම්කර මගඩියෙන් අටව ගත් මුද්‍රණාලයේ බවයි.

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සිදු කර රාජ්‍ය මුදල් ප‍්‍රකෝටි ගණනක් වංචා කර පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගම විසින් ‘ජනයුගය’නමින් පුවත්පතක් ආරම්භ කල අතර ඒ සදහා විශාල වියදමක් දරා මුද්‍රණාලයක් ආරම්භ කල අතර පසුව එම මුද්‍රණාලය ගෝඨාභය රාජපක්ෂගේ කළු සල්ලි ශෝධක දිලිත් ජයවීර යටතට පත්කිරිමටද කටයුතු කර තිබුනා.

මේ වනවිට අදාළ මුද්‍රණාලය මුද්‍රණය වන්නේ දිලිත්ගේ දෙරණ මාධ්‍ය ජාලයට අයත් “අරුණ” සහ The Sunday Morning පුවත් පත වේ.

 

මිට අමතරව බැදුම්කර මගඩිය හරහා කොල්ල කෑ මුදල් විවිධ මාධ්‍ය ආයතන වෙත අයෝජනය කරමින් ඇලෝසියස්ලා තමන්ගේ පවු වසා ගැනිමට කටයුතු කල අතර අප එවකට එවා අවස්ථ ගණනාවකදි අනවරණය කලා.

එම අනාවරණයන් සියල්ලම පහතින් බලන්න ….

http://lankanewsnetwork.org/archives/22089

http://lankanewsnetwork.org/archives/22766

http://lankanewsnetwork.org/archives/30

http://lankanewsnetwork.org/archives/14825

http://lankanewsnetwork.org/archives/17032

Published on: Feb 21, 2020- “ජාතික ආරක්ෂාව අනතුරේ” යනුවෙන් නාහයෙන් අඩමින්,ජනතාව සංත්‍රාසයට පත්කර රටේ බලය අල්ලාගත් රට රකින අපේ විරුවා යනුවෙන් තමන්ම හදුන්වා ගනිමින් බලයට පැමිණි මිලිටරීකරණයේ කෙලපැමිණියෙකු ලෙස පෙනී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස අසන්නයේම තරුණයෙකුගේ ගෙල කපා ඔහු සතු ලැප්ටොප් පරිගණකය,ගෙල බැදී මාලය සහ පසුම්බිය හොරකම් කිරිමත් සමග භීතියට පත්ව සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා  ජිවත් වන දෙල්කද, මිරිහාන, පැගිරිවත්ත මාවතේ (Pangiriwatta Mawatha) නිවස ඇතුලු ප්‍රදේශය දැඩි ආරක්ෂක කලාපයක් ලෙස සලකා ආරක්ෂාව යොදවා තිබේන අතර පැය 24 පුරාම පොලිස් මුරපොළවල්, සන්නද්ධ අංශ යතුරුපැදි,ඇතුලු හමුදා වාහන භාවිතා කරමින් ආරක්ෂාව සපයන ප්‍රදේශයක  පෙරේදා රාත්‍රී  10ට පමණ මෙම පහරදිම සිදුව ඇත්තෙ .

ගෝඨාභය රාජපක්ෂගේ නිවසේ සිට මිටර් 500කට අඩු ප්‍රදේශයේ මෙම පහරදිම සිදුව ඇති අතර සිද්ධියෙන් පසුව බස්රථ 3 කින් පැමිණි පොලිස් සහ විශේෂ කාර්යය බලකා සෙබළුන් ප්‍රදේශයේ සොදිසි මෙහෙයුම් දියත් කර තරුණයන් පිරිසක් මාර්ගයේ දණගස්වා ප්‍රශ්න කර පසුව එයින් කිහිප දෙනෙකු මිරිහාන පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්න කර තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුටත් කිසිවක් නොපවසන ලෙසට තර්ජනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් කිසිවෙකුටත් ලබා නොදිමටද පොලිසිය කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ඉහල පොලිස් නිළධාරියෙකුගෙන් අප කල විමසිමක්දි ඔහු තොරතුරු සගවා කතා කල අතර යම් සිද්ධියක් පමණක් සිදුව ඇති බවත් අදාළ තරුණයා මරණයට පත්ව නැති බවද සදහන් කර තිබේ.මිට අමතරව අප විශේෂ වාර්තාකරුවන් කිහිප දෙනෙකු කල සොයා බැලිමේදි පහරකැමට ලක්වු යැයි කියන තරුණයා කාගේ කවුරුන්ද යන්න මේ වනවිටත් සොයා ගැනිමට නොහැකි වි ඇති බවයි.කෙසේවෙතත් ඔහු මරණයට පත්ව ඇති බව පමණක් මේ වනවිට අනාවරනය වි තිබේ.

සිය ආරක්ෂක හිඩැස රටේ ජනතාව දැන ගැනිමට තමන්ට නරක බව දන්නා ගෝඨා තරුණයාගේ ඝාතනය රටට යෑම වැලැක්වීම සදහා මාධ්‍යයට වාරණයක්ද යොදා තිබේ.කෙසේවෙතත් පහරදිම සිදුවු මොහොතේ සිට යුධ හමුදා,පොලිස් මෙන්ම බුද්ධී අංශ සාමාජිකයන් ප්‍රදේශයේ නිවාස පරික්ෂා කිරිමට මෙන්ම පුද්ගලයන්ගෙන් ප්‍රශ්ණ කිරිම ආරම්භ කර ඇති අතර එකම නිවසට 3-4 බැගින් පැමිණිම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න

Published on: Feb 21, 2020 – ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද මිලිටරි ව්‍යාප්තිය දියත් කිරිමේ අවසන් මෙහෙයුම් කටයුතු වෙනුවෙන් කැපවි කටයුතු කරන ඉන්දියානු න්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවිම සදහා 24-25 දිනවල නවදිල්ලියේ සංචාරය කිරීමට පැමිනෙන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) සහ මෙලනියා ට්‍රම්ප් පිළිගැනීම සදහා ඉන්දියාව කටයුතු සුදානම් කරමින් සිටින බව ඉන්දීය අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මීට පෙර කිසිදු රාජ්‍ය නායකයෙකුට නොලැබුණු ඉහලම පෙළේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ පිලිගැනිමක් ඇමරිකානු ජනාධිපතිවරයාට හිමිවිමට නියමිත අතර ඒ සදහා අහමදාබාද් නගරය සුදානම් වෙමින් තිබේ.

ජනාධිපති ට්‍රම්ප් වෙනුවෙන් ඉන්දිය ආරක්ෂාව

ඇමරිකානු ජනාධිපතිවරයා පළමුව අහමදාබාද් (Ahmedabad)ගුවන් තොටුපළට පැමිනේන අතර පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් පස්වරු 2 ට ගුවන්තොටුපළෙන් පිටත් වී මාර්ගයෙන් කිලෝමීටර් 22 ක් දුරින් මොටෙරා ක්‍රීඩාංගනය (Motera Stadium) පැමිණීමට නියමීතයි.දෙරටේ නායකයින් ප්‍රථම වරට සුප්‍රසිද්ධ සබර්මති ගාන්ධි ආශ්‍රමයට (Sabarmati Ashram) පැමිණෙන අතර ඒ අනුව ගාන්ධි ආරාමයට ගිය පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙසද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයට එක්වනු ඇත.

1,10,000 එක්වර ක්‍රිකට් තරග නැරඹීමට හැකි Motera Stadium

මොටෙරා ක්‍රීඩාංගනයට පිවිසේන මාර්ග පුළුල් කිරීම, ව්‍යුහාත්මක වැඩිදියුණු කිරීම් සහ නව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා දැනටමත් රුපියල් කෝටි 30 ක් වියදම් කර ඇත. එසේම නගරය අලංකාර කිරීම සඳහා රුපියල් කෝටි 6 ක් වියදම් කර තිබේ.

පසුව එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් විසින් සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය නමින් ප්‍රතිසංස්කරණය කරන ලද මොටෙරා ක්‍රීඩාංගනය විවෘත කරනු ලබන අතර ඉන්පසු ඔහුට ගෞරව දැක්වීම සඳහා විශේෂ උත්සවයක් පවත්වනු ලැබේ. මෙම අවස්ථාවට ලක්ෂයක් පමණ දෙනා සහභාගී වනු ඇතැයි ඉන්දිය ඔත්තු සේවා අනාවරණය කර තිබේ.

ට්‍රම්ප්ගේ සංචාරය සඳහා ආරක්ෂක විධිවිධාන පිළිබඳ තොරතුරු අහමදාබාද් පොලිසිය හරහා මෙහෙයවනු ලබන අතර ඔත්තු සේවා මාස 4ක කාලයක් පැය 24ම විශේෂ ආරක්ෂක මෙහෙයුමක් අහමදාබාද් දිස්ත්‍රික්කය පුරාම මෙන්ම අහමදාබාද් අයත් වන ගුජරාට් ප්‍රාන්තයේද දියත් කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරක දින දෙක කාලය සදහා අයිපීඑස් නිලධාරීන් 25 ක්, නියෝජ්‍ය කොමසාරිස් මට්ටමේ පොලිස් නිලධාරීන් 65 ක්, පරීක්ෂකවරුන් 200 ක්, නියෝජ්‍ය පරීක්ෂකවරුන් 800 ක් සහ පොලිස් නිලධාරීන් 10,000 ක් යොදවා ඇති අතර ගුවන්තොටුපල, මාර්ග චාරිකාව, ගාන්ධි ආශ්‍රමය සහ මොඩෙරා රඟහල සඳහා ආරක්ෂක වලලු පහක් පිහිටුවා තිබේ.

ජාතික ආරක්ෂක කවුන්සිලයේ විශේෂ බලකායේ නිලධාරියා යටතේ බෝම්බ අනාවරණය කර ගැනීම සහ බැහැර කිරීම සඳහා කණ්ඩායම් 10 ක් අනුයුක්ත කර තිබේ.

ට්‍රම්ප්ගේ ආරක්‍ෂක උපකරණ පටෙල් ගුවන්තොටුපළට!

මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ ආරක්ෂකයන් 1000කට අඩික සංඛ්‍යාවක් සහ ට්‍රම්ප්ගේ ආරක්‍ෂාව සදහා භාවිතා කරන වාහන ඇතුලු යුධ උපකරණ රැසක් එක්සත් ජනපද ගුවන් හමුදාවේ භාණ්ඩ ගුවන් යානයක් හරහා සඳුදා අහමදාබාද්හි සර්දාර් වල්ලභායි පටෙල් ගුවන්තොටුපළට ගොඩ බස්සවා තිබේ.ට්‍රක් රථ තුනක් ද එම් භාණ්ඩ අතර වන බවත් ඒවා මිසයිල්ල ආරක්ෂක පද්ධතියක් ලෙස ක්‍රියාකරනු ඇති බවද අනාවරණය වි තිබේ.

මිට අමතරව සීසීටීවී කැමරා හරහා ප්‍රදේශයේ සජිව රූප රාමු ලබාගනිමින් නිරීක්ෂණය කිරිම සදහා විශාල පිරිසක් යොදවා ඇති අතර ඒ හරහා මොඩෙරා ක්‍රීඩාංගනය, මාර්ගය, සහ වාහන නැවැත්වීමේ පහසුකම් සපයා ඇති ස්ථාන 28 ක රූප ලබා ගැනිමට හැකිය.

ට්‍රම්ප් බලන්න මිලියන 7කට අධික ජනතාවක්

ගුජරාට් ප්‍රාන්තයේම සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් ගුවන් තොටුපොළේ සිට කිලෝමීටර් 22 ක් දුරින් මොඩෙරා ක්‍රීඩාංගණයට පැමිණේන මග දෙපස නර්ථනයන් ඉදිරිපත් කිරිමට නියමිත අතර ඒ සදහා මිලියන 7කට අඩික ජනතාවක් රැස්කිරිමට මෝදී පාලනය කටයුතු කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා මෝදි විසින් දැනුවත් කර ඇති අතර ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරය කුල්මත් වි ඇති අකාරය පහත විඩියෝවෙන් නරඹන්න.

“මම අගමැති මෝදිට ගොඩක් කැමතියි. ඔහු මට කිව්වා ගුවන් තොටුපල සහ උත්සවය අතර මිලියන 7 ක ජනතාවක් සිටින බව. එය ලෝකයේ විශාලතම ක්‍රීඩාංගණය වනු ඇත. එය ඉතා ආකර්ෂණීය වනු ඇත.”

“I happen to like PM Modi a lot. He told me we will have 7 million people between the airport and the event. It’s going to be the largest stadium in the world. It’s going to be very exciting.”

#WATCH US President Donald Trump in Washington on his visit to India: I happen to like PM Modi a lot. He told me we will have 7 million people between the airport and the event. It’s going to be the largest stadium in the world. It’s going to be very exciting. pic.twitter.com/FdusHCInJ9

— ANI (@ANI) February 19, 2020

ප්‍රදර්ශනය මොඩෙරා ක්‍රීඩාංගණයේදී අවසන් වන විට එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් අගමැති මෝදි සමඟ දිල්ලිය බලා පිටත්ව යන අතර එහිදී ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද මිලිටරි ව්‍යාප්තිය දියත් කිරිමට අදාළ ගිවිසුම් අත්සන් තැබිම්ට නියමිතයි.ඊට අමතරව දෙරට අතර වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට අපේක්ෂා කෙරේ.

ජනාධිපති ට්‍රම්ප් අග්‍රාහි ටජ්මහල නැරඹීමටද එක්වන බව අප ඔත්තුකරු සදහන් කලද ඒ සදහා මේ දක්වා වෙළාවක් සදහන් කර නොමැති බවද ඔහු අනාවරණය කළා.

ඉන්දු-පැසිෆික් උපායමාර්ගය

එක්සත් ජනපදය සිය ඉන්දු-පැසිෆික් උපායමාර්ගය විස්තර කරන්නේ පැසිෆික් සාගරයේ සිට ඉන්දියානු උප මහද්වීපය දක්වා විහිදෙන කලාපයක් සඳහා “යකඩ ආවරණයක් සහ තිරසාර කැපවීමක්” ලෙස ය.

ඇමරිකාව විවිධ අර්ථකථනයන් දුන්නද ට්‍රම්ප් භාවිතා කරන සරල අර්ථයට අනුව “ඉන්දු-පැසිෆික්” යන්නෙන් අදහස් කරන්නේ ඉන්දියාව, එක්සත් ජනපදය සහ අනෙකුත් ප්‍රධාන ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී රටවල්, විශේෂයෙන් ජපානය සහ ඕස්ට්‍රේලියාව, වර්ධනය වන “සීතල යුද්ධයේ” නව රාමුව තුළ චීනය මැඩපැවැත්වීමට එක්වනු! යනුවෙනි.

ඒ අනුව ශ්‍රි ලංකාව පාලනය කිරිමේ සම්පූර්ණ බලය ඉන්දියාවට ලබාදීමට මෙම ගිවිසුම හරහා ඇමරිකාව සිදුකර ඇති අතර ඉන්දු-පැසිෆික් කලාපය තුළ ශ්‍රි ලංකාව “කැමැත්තෙන් හවුල්කරුවෙකු” ලෙස ප්‍රකාශයට පත් කිරීම, කලාපයේ එක්සත් ජනපද මිලිටරි ව්‍යාප්තිය වෙනුවෙන් එක්සත් ජනපද කඳවුරක් ලංකාවේ පිහිටුවීමට සැලසුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙහෙයවනු ලබන්නේ මෝදී පාලනය හරහාය.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


http://lankanewsnetwork.org/archives/22532

http://lankanewsnetwork.org/archives/22909

Published on: Feb 20, 2020- 30 වසරක බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කර දින 5ක් ගතවිමට පෙර එවකට ජනාධිපතිව සිටි වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ කටයුතු කලබව අද පාර්ලිමේන්තුවේදි අනාවරණය කෙරුනා.

යුද්ධය අවසන් වි දින 5ක් ගතවනවිට රණවිරුවන් පාවාදෙමින් රටේ සිවිල් යුද්ධය ජාත්‍යන්තරකරණය කිරිමට කටයුතු කල මහින්ද රාජපක්ෂ එවකට එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහා ලේකම් බැංකී මුන් මහතා (ban ki moon)සමග ගිවිසුමක් අත්සන් කල බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළා.එම ගිවිසුම හේතුවෙන් මේ දක්වා රටට එරෙහිව මානවහිමිකම් ප්‍රශ්ණ වලට මුහුණ දිමට සිදුව ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

යුද්දේ ඉවර වෙලා දවස් හතරෙන් බෑංකී මූන්ට ආරාධනා කළේ රාජපක්ෂ. මේ තමයි එහි ප්‍රතිඵල. 

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


මහින්ද රාජපක්ෂ සහ එවකට එක්සත් ජාතින්ගේ මහා ලේකම්වරයා අතර සිදුවු ගනුදෙනු වලින් පසුව නිකුත් කල ඒකාබද්ධ නිවේදනය පහත දැක්වේ.

26 MAY 2009 SG/2151

Joint Statement by United Nations Secretary-General, Government of Sri Lanka

Following is the joint statement by the Government of Sri Lanka and the United Nations at the conclusion of UN Secretary-General Ban Ki-moon’s visit to Sri Lanka on 23 May:

At the invitation of Mahinda Rajapaksa, President of Sri Lanka, the Secretary-General of the United Nations, Ban Ki-moon, paid a visit to Sri Lanka. During the course of his visit, he held talks with the President, Foreign Minister as well as other senior leaders of Sri Lanka. During his stay, he also consulted other relevant stakeholders, members of international humanitarian agencies and civil society. The Secretary-General visited the internally displaced persons (IDP) sites at Vavuniya and overflew the conflict area, near Mullaitivu that was the scene of the conflict.

President Rajapaksa welcomed the Secretary-General as the highest dignitary to visit Sri Lanka in the post-conflict phase. This was a reflection of the close cooperation between Sri Lanka and the United Nations as well as Sri Lanka’s commitment to work with the United Nations in the future.

President Rajapaksa and Secretary-General Ban Ki-moon agreed that following the end of operations against the Liberation Tigers of Tamil Eelam (LTTE), Sri Lanka had entered a new post-conflict beginning. In this context, the Government of Sri Lanka faced many immediate and long-term challenges relating to issues of relief, rehabilitation, resettlement and reconciliation. While addressing these critical issues, it was agreed that the new situation offered opportunities for long-term development of the north and for re-establishing democratic institutions and electoral politics after 2 ½ decades. The Government expressed its commitment to ensure the economic and political empowerment of the people of the north through its programmes.

President Rajapaksa and the Secretary-General agreed that addressing the aspirations and grievances of all communities and working towards a lasting political solution was fundamental to ensuring long-term socio-economic development. The Secretary-General welcomed the assurance of the President of Sri Lanka contained in his statement in Parliament on 19 May 2009 that a national solution acceptable to all sections of people will be evolved. President Rajapaksa expressed his firm resolve to proceed with the implementation of the 13th Amendment, as well as to begin a broader dialogue with all parties, including the Tamil parties in the new circumstances, to further enhance this process and to bring about lasting peace and development in Sri Lanka.

President Rajapaksa and Secretary-General Ban Ki-moon discussed a series of areas in which the United Nations will assist the ongoing efforts of the Government of Sri Lanka in addressing the future challenges and opportunities.

With regard to IDPs, the United Nations will continue to provide humanitarian assistance to the IDPs now in Vavuniya and Jaffna. The Government will continue to provide access to humanitarian agencies. The Government will expedite the necessary basic and civil infrastructure as well as means of livelihood necessary for the IDPs to resume their normal lives at the earliest. The Secretary-General welcomed the announcement by the Government expressing its intention to dismantle the welfare villages at the earliest, as outlined in the Plan to resettle the bulk of IDPs and call for its early implementation.

The Government seeks the cooperation of the international community in mine clearing, which is an essential prerequisite to expediting the early return of IDPs.

The Secretary-General called for donor assistance towards the Common Humanitarian Action Plan (CHAP) jointly launched by the Government of Sri Lanka and the United Nations, which supports the relief, shelter and humanitarian needs of those in IDP sites.

President Rajapaksa and the Secretary-General recognized the large number of former child soldiers forcibly recruited by the LTTE as an important issue in the post-conflict context. President Rajapaksa reiterated his firm policy of zero tolerance in relation to child recruitment. In cooperation with the United Nations Children’s Fund (UNICEF), child-friendly procedures have been established for their “release and surrender” and rehabilitation in Protective Accommodation Centres. The objective of the rehabilitation process presently underway is to reintegrate former child soldiers into society as productive citizens. The Secretary-General expressed satisfaction on the progress already made by the Government in cooperation with UNICEF and encouraged Sri Lanka to adopt similar policies and procedures relating to former child soldiers in the north.

President Rajapaksa informed the Secretary-General regarding ongoing initiatives relating to rehabilitation and reintegration of ex-combatants. In addition to the ongoing work by the Office of the Commissioner General for Rehabilitation, a National Framework for the Integration of Ex-combatants into Civilian Life is under preparation, with the assistance of the United Nations and other international organizations.

Sri Lanka reiterated its strongest commitment to the promotion and protection of human rights, in keeping with international human rights standards and Sri Lanka’s international obligations. The Secretary-General underlined the importance of an accountability process for addressing violations of international humanitarian and human rights law. The Government will take measures to address those grievances.

Top