Published on: Feb 17, 2020 – සිත FM හා Red FM ලෙස පවත්වාගෙන ගිය Sky Media Network PVT Ltd පසුගිය ජනවාරි 31 වැනිදා සිට Ben Holding නැමති ආයතනය යටතට පවරාගෙන තිබේ.

Ben Holding යනු ස්වර්ණවාහිනී මිළට ගත් ලයිකා මොබයිල් සමාගම විසින් මෙරට ස්ථාපිත කරන ලද ආයතනයක් වන අතර මේ වන විට රාජපක්ෂ පුතුන් වන නාමල් සහ යොෂිත වක්‍රාකාරයෙන් එම සමාගම පාලනය කරමින් සිටී. සිය පාලන කාලය තුළ CSN නමින් පවත්වාගෙන ගිය මාධ්‍ය ජාලය 2015 බලයට පතවූ ආණ්ඩුව යටතේ රාජසන්තක වූ අතර 2017 දී Sky Media Network PVT Ltd නමින් යළි ආරම්භ විය. මේ සම්බන්දයෙන් දැඩි කෝපයකින් පසු වූ රාජපක්ෂවරු යළි 2019 නොවැම්බර් වල මෙරට බලය ලබා ගැනීමත් සමග Ben Holding ලවා සිය පැරණි දේපළ යළි අත්පත් කරගෙන තිබේ.

නොවැම්බර් සහ දෙසැම්බර් වැටුප් පවා ගෙවා ගැනීමට අසීරු අඩියක පසුවූ Sky Media Network PVT Ltd 2020 ජනවාරි 31 වැනිදා සිට අත්පත් කරගත් Ben Holding සමාගම 2020 ජනවාරි වැටුප පමණක් සේවකයන්ට ගෙවා තිබේ. නමුත් නොවැම්බර් සහ දෙසැම්බර් වැටුප් පිළිබඳ කිසිම ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වෙයි.

ඒ අනුව පැරණි සේවකයන් මේ සතිය තුළ ජනාධිපතිවරයා මුණගැසී ගැටළුව පැවසීමට සූදානමින් සිටී. තව ද එළඹෙන බදාදා කම්කරු කාර්‍යාලයට පැමිණිළි කිරීමට ද එම පිරිස සූදානමින් සිටින බවද අප වාර්තාකරු සමග අනාවරනය කර තිබේ. දැනට Sky Media Network PVT Ltd හි සේවය කරන බහුතරය මීට පෙර ස්වර්ණවාහිනී අයතනයේ සිට පැමිණි පිරිසක් බැවින් ඔවුන් සිය රැකියා සුරක්ෂිතතාව ගැන කම්කරු දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් කිරීමට බලාපොරොත්තු වේ. එමෙන්ම මේ වනවිට Ben Holding සමාගමට සම්බන්ධ බව කියන වෙනම ආරක්ෂක අංශයක් නුගේගොඩ පිහිටි Sky Media Network PVT Ltd ගොඩනැගිල්ලේ ආරක්ෂාවට යොදවා තිබේ.

ප්‍රසිද්ධියේ බලය ඇල්ලීමට නොගොස් රාජපක්ෂ පුතුන් තමන්ට අහිමි වූ දේපොළ යළි අත්පත් කර ගන්නේ එළෙසිණි. තව ද නව ආයතනයේ ප්‍රධානී ලෙස පත් කර ඇත්තේ රාජපක්ෂවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ JC රංගා ය.JC රංගා මිට දින දෙකකට පෙර ස්වර්ණවාහිනීයෙ දැරු තනතුරු වලින් ඉවත් විමද කටයුතු කලේද මේ හේතුව නිසාය.

කාගේද මේ Ben Holdings

EAP Broadcasting සහ EAP Films and Theatres,ඊ.ටී.අයි ෆිනෑන්ස් (ETI Finance Limited) ඇතුලු විශාල සමාගම ජේ. සුධීර් ජෙයරාම් (Jay Sughir Jayaram) සියතට ගත් අතර ඒ සදහා ඔහු සිංගප්පූරුවේ STRAITS GRID PTE. LTD නැමති 201219512D ලියාපදිංචි අංක දරණ සමාගම් බ්‍රොකර් ලෙස පෙනී සිටිමින් Ben Holdings,Blue Summit Capital යන ආයතන දෙකහි කොටස් බවට පත්කිරිමට කටයුතු කල අතර මෙහි Ben Holdings යන සමාගම ලංකාවේ ලියාපදිංචි සමාගමකි. Ben Holdings සමාගමේ හිමිකරු ලෙස ඇලෙක්ෂිස් ඉන්ද්‍රජිත් ලොවේල් (Alexis indrajith lovell) කටයුතු කරන අතර ඔහුට සමාගමේන් සියයට 60ක කොටස් හිමිවන අතර අතර ඔහුද ජේ. සුධීර් ජෙයරාම්ට සියයට 40ක කොටස් හිමිවේ.

තවත් තොරතුරු දැනගන්න

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


http://lankanewsnetwork.org/archives/22322

http://lankanewsnetwork.org/archives/21958

Published on: Feb 16, 2020- ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පස් වතාවක්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ලවීමේ අනතුරු හැඟවීම දැනුම් දුන් බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අනාවරණය කර තිබේ.තමන් මේ සියල්ල ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කිරිමට සුදානම් බවද හේමසිරි ප්‍රනාන්දු පසුගියදා පැවැති සාදයක දී සදහන් කර තිබේ.

බම්බලපිටියේ ඔහුගේ නිවසේ පැවැති මෙම සාදයට තොරාගත් ජනමාධ්‍යවේදීන් සහ නීතිවේදීන් සුලු පිරිසකට ආරාධනා කර තිබුණි.

තමා නිරපරාදයේ මාස හයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීම් සම්බන්ධයෙන්ද ඔහු සිරිසේන‌ හිටපු ජනාධිපතිවරයාට තදබල ‌ලෙස දෝශාරෝපණය කර තිබේ. තමන්ට ඇප ලැබිම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හේමසිරි සදහන් කර ඇත්තේ “අන්තිමේ දී මට ඇප අරං දුන්නේ මහින්ද ” යනුවෙනි.

තමා මහජන බැංකුවේ සභාපතිව සිටිය දී විදේශයක සිට එවන ලද ඩොලර් 10,000ක් සිය ගිණුමට මාරු දීමට මහ බැංකුව මාසයක් ගත් නමුත් හිස්බුල්ලාට නැගෙනහිර විශ්ව විද්‍යාලය සෑදිමට යැයි එවන ලද ඩොලර් ලක්ෂ ගණන් එක දවසක් තුළ ඔහුගේ ගිණුමට මාරු කර දුන් බවද ඔහු එහිදි අනාවරණය කර තිබේ.

ඉතාම ඉහළ පෙළේ මැදිහත්වීමකින් තොරව එවැනි වරප්‍රසාදයක් හිස්බුල්ලාට ලැබිමට හැකියාවක් නැති බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

වැඩ තහනමට ලක්ව සිටින පූජිත ජයසුන්දර සම්බන්ධයෙන්ද හිටපු ආරක්ෂක ලේකම්වරයා අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ පූජිත,පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති රජය පත්කල විශේෂ තේරීම් කාරක සභාවේ කල සියලුම අනාවරණයන් සත්‍ය බවයි.

සිරිසේනගේ සරම ඔලුවෙන් ගැලවු පුජිත..

පසුගිය ඉරිදා එල්ල වු මරාගෙන මැරෙන අන්තවාදි ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම අවශ්‍ය නිළධාරීන් දැනුවත් කිරිමට ආරක්ෂක ලේකම් කටයුතු කර නැත්තේ ගෝඨාභය රාජපක්ෂ සමග ඇතිකරගත් එකඟතාවක් මත බව මේ වනවිට අනාවරණය වි තිබේන බව අප 2019 අප්‍රියෙල් 27 වැනිදා අනාවරණය කල අතර එම අනාවරණය පහතින් කියවිය හැක.

ජනපතිගේ පාවාදිමේ තරම … ආරක්ෂක ලේකම් හෙලිකරයි…

ගෝඨා,හේමසිරි ඩිල් එක කරලියට…. ප්‍රහාරය මතින් ගෝඨා ජනපති සටනට….

http://lankanewsnetwork.org/archives/20177

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Feb 16, 2020- රාජපක්ෂලා නම් හොරු… හොරු නම් රාජපක්ෂලා…. රුපියල් මිලියන 600කට පොලු තබා සේවකයන් පාරට දමා අතුරුදන් වු රාජපක්ෂ! එක්සත් ජාතින්ගේ සංවිධානයටත් වංචා කරලා… යහපාලනයත් ආරක්ෂා කල කම්බ හොරු රටේ ජනතාවට බාරයි…. යනුවෙන් නිශාන්ත රුවන් සෙනවිරත්න රාජපක්ෂ හෙවත් කෙටියෙන් මේජර් නිශාන්ත රාජපක්ෂගේ දුෂණ වංචා රැසක් අප විසින් අනාවරණය කල අතර මේ එම අනාවරණයේම දිගුවකී.

දැනට අනාවරණය වන ප්‍රමාණයට අනුව මේජර් නිශාන්ත රාජපක්ෂ නැමත්තා Pan Asia Bank සදහා මිලියන් 70ක පොල්ලක් තබා ඇති අතර එම මුල්‍ය වංචාව සදහා එම බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු සaජුවම සම්බන්ධ වි ඇති බවද අනාවරණය වි තිබේන අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරියේදි අනාවරණය කිරිමට අප කටයුතු කරනු ඇත. ඊට අමතරව Union Bank වට මිලියන 4ක්,Seylan Bank වට මිලියන 6ක්, HSBC බැංකුවට මිලියන 2ක් සහ Nations Trust Bank සදහා මිලියන 3ක් මෙන්ම රාජ්‍ය බැංකු සියල්ලටම මිලියන් ගණනින් පොලු තබා ඇති අතර සම්පූර්ණයෙන් ඔහු වංචා කල මුදල රුපියල් මිලියන 600කට අධිකයි.අද වනවිට නිශාන්තලා පවුල් පිටින්ම අතුරුදහන්ව සිටි නමුත් එම මුදල් අද කොහේ හෝ ආයෝජන වන බව නොරහසකි.

මේජර් නිශාන්තගේ පුත් ශවීන් රාජපක්ෂ ඔස්ට්‍රේලියාවේ භාවිතා කරන මොටර් රථ්‍ ය…

මේජර් නිශාන්තගේ පුත්‍රයා ඔස්ට්‍රේලියාවේ Deakin University හි අධ්‍යාපණය හදාරණ අතර ඔහුට ජිවත් විමට තනි නිවසක්, මොටර් රථයක් තිබේන බවත් අප පසුගිය වාර්තාවෙන් අනාවරණය කළා. ශවීන් රාජපක්ෂ හෙවත් මේජර් නිශාන්තගේ පුත්‍රයා විවාහය විමට සිටින්නේද ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ලලන්ත වටදුරගේ දියණිය වන ඉදුනී වටදුර සමග වන අතර මේජර් නිශාන්ත කූට ආකාරයට උපයාගත් මුදල් වලින් වැඩි ප්‍රමාණයක් ලලන්තලාගේ ව්‍යාපාර වලට යොදවා තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

නිශාන්ත රාජපක්ෂ,නිරෝෂා රාජපක්ෂ සහ ශවීන් රාජපක්ෂ සහ ඉදුනී වටදුර 

ලලන්ත වටදුර යනු EKKO Brand හී අයිතිකරු වන අතර කුඩා ව්‍යාපාරයක්ව සිට එක්වරම විශාල ව්‍යාපාරයක් දක්වා මෙම ව්‍යාපාර ජාලය ඉදිරියට පැමිණිම සිදුවන්නේ නිශාන්ත රාජපක්ෂලාගේ අතුරුදහන් කාල සිමාට සමගාමිවය.EKKO Brand වලට අමතරව අද වනවිට නිමි ඇදුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාර රැසක ලලන්තලා විවිධ ආයෝජනයන් කර තිබේ.

ලලන්තලා EKKO Premier Formal Shirt එළිදැක්වීම් ODEL හිදි සිදුකරනු ලැබු අතර එම විවෘත කිරිමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියෙ සොෆ්ට්ලොජික් ව්‍යාපාර සමූහයේ සභාපති,ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නව සභාපති අශෝක් පතිරගේ මහතායි.

ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ඔහුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවා ඇති නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු ලෙසද අශෝක් පතිරගේ නම් කර තිබුනා.රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කිරිමේ කුප්‍රකට ජාවාරමේ ඉදිරියෙන් සිටින අශෝක් ගෝඨාභය ජනාධිපති වි ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා ලෙස පත්කිරිමට කටයුතු කරනු ලැබුවා.ඒ අනුව රාජපක්ෂලාගේ කලු සල්ලි සුදුකිරිමේ මෙහෙයුමේ ලලන්ත යනු තවත් එක් ඉත්තේකු බව පැහැදිලිය.

ලංකාවේ සිටි ක්‍රිකට් ක්‍රිඩකයෙකු මෙන්ම පොහොට්ටුවේ අන්තවාදී කදවුරේ දේශපාලඥයෙකු වන තිලකරත්න් ඩිල්ෂාන් දේශපාලනයට පිවිසෙන්නේ නිකංම නොවන බව මතක තබා ගන්න …

නාමල් සමග රගර් ගැසු කවුද මේ රෝෂාන් …!!!

ලලන්ත වටදුරට අයත් එංගලන්තයේ ව්‍යාපාරයක් දියත් වන බවත් එම ව්‍යාපාරය භාරව සිටින්නේ නාමල් රාජපක්ෂ සමග රගර් ගැසු රෝෂාන් නැමත්තේකු බවත් අප පසුගිය වාර්තාවෙන් අනාවාරණය කළා. රෝෂාන් ගුණරත්න (Roshan gunaratne) හෙවත් ලන්ඩන් බිජ්ජා ලෙස හදුන්වනු ලබන මොහු යහපාලන ආණ්ඩුව සමයේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාව කටයුතු කල මලික් සමරවික්‍රමගේද සමීප කටයුතු කල අතර,එවකට ලන්ධන් බිජ්ජා මලික්ගේ කොලුවෙකු ලෙසද ප්‍රසිද්ධවි සිටියා.

CLS AIRLINE SUPPLIES LIMITED

ඥාතියෙකු හරහා ලලන්ත එංගලන්තයේ පවත්වාගෙන යන CLS AIRLINE SUPPLIES LIMITED නමින් හිතෘ ගුවන් තොටුපලේ සිට ශ්‍රි ලංකන් ගුවන් යානා වලට කෙට්‍රින් (catering) කරන සර්විස් එකක් පවතාගෙන යන අතර රෝෂාන් ගුණරත්න හෙවත් ලන්ඩන් බිජ්ජා එහි හිමිකරු ලෙස පෙනී සිටිනවා. Unit 2.16, Wembley Commercial Centre, East Lane, Wembley, Middlesex, England, HA9 7UR යන ලිපිනයේ පවත්වාගෙන යන එම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටින්නෙ දිප්ත දර්ෂණ වටදුර සහ සාෂා වටදුර වන අතර නිශාන්ත රාජපක්ෂ විසින් කොල්ල කන ලද කෝටි ගණනක මුදල් මෙම සමාගමේද ආයෝජනා කර තිබේන බව සමාගමේ වාර්ෂික අයෝජන වාර්තා අනාවරණය කර තිබේ.

දිප්ත දර්ෂණ වටදුර සහ සාෂා වටදුරගේ එංගලන්තයේ ව්‍යාපාර සම්බන්ධයෙන් සෑක සංකා මතුවිම ආරම්භ වන්නේ ඔහුන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් අවස්ථා ගණනාවක ව්‍යාපාර 9ක් ආරම්භ කර ඇති අතර එම ව්‍යාපාර අයෝජන සිදුකර කෙටි කාලයකදි වසාදැමිම ඔහුන්ගේ ව්‍යාපාරවල කුප්‍රකට ජාවාරම් සිදුවන බව තහවුරු කරන්නකි.එනම් ලංකාවේ ජනතාවගෙන් හොරාකන විශාල ධනය විවිධ නාම හරහා ලියාපදිංචි වන සමගම් වලට ලබාගන්නා අතර පසුව එම සමාගම් වසා දමා වෙනත් සමාගමක එම් මුදල් ආයෝජනය කිරිමයි.

(දිප්ත දර්ශණ CLS AIRLINE SUPPLIES LIMITED සමාගම සම්බන්ධයෙන් එංගලන්ත රජයට ලබාදි තිබේන තහවුරුව … පහතින් බලන්න )

යුරෝපයේ ශ්‍රි ලංකන් එයාර්ලයින් භාරව කටයුතු කරනුයේ සජින්ගේ වාස්ගේ සහෝදරයෙකු වන මනොජ් ගුණවර්ධන වන අතර කාලයක් මනෝජ් වර්තමානයේ අත්අඩංගුවේ පසුවන කපිල චන්ද්‍රසේන සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කර තිබේ. ලන්ධන් බිජ්ජා  මනොජ් ගුණවර්ධන සමීපව ආශ්‍රය කල අතර  අතර ඒ හරහා හිතෘ ගුවන් තොටුපලේ සිට ශ්‍රි ලංකන් ගුවන් යානා වලට කෙට්‍රින් ලබාදිම CLS AIRLINE SUPPLIES LIMITED වෙත ලබාදීමට කටයුතු කර තිබේ.

මේජර් නිශාන්තගේ බිරිද වන නිරෝෂා රාජපක්ෂ සහ ලන්ඩන් බිජ්ජා හෙවත් රෝෂාන්ගේ බිරිද වන නිලුකා විරසුරිය පාසල් මිතුරියන් වන අතර එම සම්බන්ධය හරහා මේම සියලුම ගණුදෙනු ආරම්භ වි තිබේ.ලලන්තගේ බිරිද වන එරෝෂා වටදුරද මේ දෙදෙන සමග සමීපව ආශ්‍රය කරන අය වේ.

නිලුකා විරසුරිය සහ නිලුකා විරසුරිය සමග නිරෝෂා රාජපක්ෂ

ලංකාවේ කුප්‍රකට ව්‍යාපාර ජාලය අවසානයේ ගැට ගැසෙන්නේ නිමි ඇදුම් කර්මාන්ත සමගය.බොහෝ විට එය ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවපහසුවෙන් පවත්වාගෙන යැමට හැකියාව තිබිම එයට හේතුවි ඇත.ඒ නිසාම නිමි ඇදුම් ව්‍යාපාරයට සහ දේශපාලන බලයට මුවාවි මෙම කල්ලිය රටේ ජනතාවගේ මුදල් කොල්ල කා ඒ හරහා විදේශ ව්‍යපාර ආරම්භ කරමින් කිසිදු ගැටලුවක් නොමැතිව ජිවත් වන අතර ජනතාවගේ මුදල් කොල්ල කෑ ඔහුන් ගැන කිසිම ආකාරයක පරික්ෂණයක් දියත් නොවේ.

ඊට හොදම උදාහරණය වන්නේ මේජර් නිශාන්ත රාජපක්ෂගේ බිරිද වන නිරෝෂා රාජපක්ෂ සුප්‍රකට MAS Holdings (Pvt) Ltd හී HR එකකයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කල අතර එවකට මාස් හෝල්ඩින්ස් හි හිටපු සමූහ අධ්‍යක්‍ෂවරයාව සිටි ඩයන් ගෝමස් මහතා වන අතර ඩයන්ට ජෝර්ජියාවල කොන්සල් ලෙස පත්විම ලබා ගැනිම සදහා නිශාන්ත රාජපක්ෂ සමග ඩීල් දැමිමයි. නිරෝෂා රාජපක්ෂ සහ ඩයන්ලා අතර තිබු සමීප සම්බන්ධය තහවුරු වන්නේ ඩයන් ගෝමස් හෙළ ක්ලෝතින් සමාගමේ ප්‍රධානීයා ලෙස පත්ව යන විට නිරෝෂාද ඔහු සමග එම සමාගමට එක්වම හරහාය.

එපමණක් නොව රටේ මහජනතාවගේ ධනය රාජපක්ෂ නාමයෙන් කොල්ල කා ඇටි තරම හෙලිකිරිමට අප සතුව සාක්ෂී රැසක් තිබේ. ඒ අතර එම සියලුම අනාවරණයන්ද බලාපොරොත්තු වන්න ….

ඔබගේ අවධානයට …. මේම කල්ලියේ වංචාවන්ට හසුවු බොහෝ පිරිසකගේ විස්තර අප සතුව ඇත.ඔබත් මේ කල්ලියේ වංචාවන්ට හසුවුවෙකු නම් අපට ලියන්න   – lankanewsweb.today@gmail.com

දිප්ත දර්ශණ CLS AIRLINE SUPPLIES LIMITED සමාගම සම්බන්ධයෙන් එංගලන්ත රජයට ලබාදි තිබේන තහවුරුව …

About MR DEEPTHA DHARSHANA WATHUDURA

Mr Deeptha Dharshana Wathudura holds 1 appointment at 1 active company, has resigned from 1 companies and held 7 appointments at 7 dissolved companies. Their longest current appointment spans 1 years, 7 months and 5 days at CLS AIRLINE SUPPLIES LIMITED

The combined cash at bank value for all businesses where DEEPTHA holds a current appointment equals £269.9k, a combined total current assets value of £493.4k with a total current liabilities of £336k and a total current net worth of £301k. Roles associated with Mr Deeptha Dharshana Wathudura within the recorded businesses include: Director, Company Secretary

Director Details

Full Name- Mr Deeptha Dharshana Wathudura

Date Of Birth- Jun 1968

Nationality-British

Director ID- 907021369

අප පසුගිය පෙබරවාරි 8 වැනිදා කල අනාවරණය පහතින් කියවන්න 

http://lankanewsnetwork.org/archives/22857

Published on: Feb 15, 2020- සියළු මැතිවරණ නීති හා ජනාධිපතිවරණ උල්ලංඝනය කරමින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නැගෙනහිර පළතේ ජනාධිපති සටන මෙහෙයුව වු නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා හා ජනාධිපති අපේක්ෂකයෙකු මෙන්ම ජිවිත 300 ගණනක් අහිමි කල පාස්කු ප්‍රහාරයේ අංක එකේ චොදනා ලද පුද්ගලයා වන එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා 2019 ඔක්තෝබර් 28 දා තමන්ගේ අන්තවාදීන්ට දුන් පොරොන්දුව අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉටුකරනු ලැබුවා.ඒ කල්මුණේ මහ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් ලෙස නම් කිරීමට කටයුතු කරමින්.

252 වන අධිකාරිය වන මහ නගර සභා ආඥා පනතේ 284 වන වගන්තියේ ආ, ඇ, ඈ යන උප වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව අදාළ පියවර ගෙන ඇති බවයි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

එය මොනතරම් දේශපාලන අවශ්‍යතාවක්ද යන්න තෙරුම් ගත යුත්තේ සයින්දමරුදු නගර සභාවට ඇති ග්‍රාම සේවා කොට්ඨාශ ගණනෙනි.සයින්දමරුදු නගර සභාවට ඇත්තේ ග්‍රාම සේවා කොට්ඨාශ ඇත්තේ 17ක් පමණී.

ඒ අනුව දැනට පවතින කල්මුණේ නගර සභාව 2022 වසරේ මාර්තු 19 වැනිදා විසුරුවා හැරෙන අතර 2022 වසරේ මාර්තු මස 20 වැනිදා සයින්දමර්දු නගර සභාවේ නිල කාලය ආරම්භ වේ.

2019 ඔක්තෝබර් 28 දා අපේ සිහිනය නමින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වු වහාම සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් බවට පත්කරන බව සිය අන්තවාදීන් ඉදිරියේ ප්‍රකාශ කළේ මේ ආකාරයෙනි. (විඩ්යෝව බලන්න..)

ගෝඨාභය ජනපති වි මාස තුනකට ඇත්තේ තවත් දවස් 3කට පමණ අඩු කාලයකි. පාස්කු ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වු මිනිසුන් වෙනුවෙන් කිසිවක් මේ දක්වා කරන්නට ගෝඨාභය හෝ මහින්ද හෝ සමත් වි නැත.නමුත් පාස්කු ප්‍රහාරය මෙහෙයවු මහ මොලකරුවන් සිටි සයින්දමරුදු අද නගර සභාවකි.සහරාන්ලා නිර්මාණය කල මහා අන්තවාදින්ට පෙලින් පෙලට ඔහුන් ඉල්ලු වරප්‍රසාද,වරදාන ලැබෙමින් පවති.

පොරොන්දු ඉටුකරන මහින්ද!!!

උදේ,හවස නොකා නොබි ක්‍රිතුණු බැතිමතුන්ගේ මලකදන් විකුණමින් රාජපක්ෂලාට කඩේ ගිය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් උතුමාණෝට අද රෙද්දක් ඇදගෙන පාරට බහින්නට රාජපක්ෂලා බැරි කර තිබේ.හෙට ඔහු සිය මියගිය කිතුණු බැතිමතුන් වෙනුවෙන් කියන්නේ කුමක්ද? ඔහුන් ස්වර්ගයේ සිට තමන්ට කතා කර “අපි මලාට කමක් නෑ ගෝඨාභය ජනාධිපති වුනා නේ ” යැයි කියනු ඇතිද?

පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා මාස නමයක කාලයක් රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 3 වැනිදා 27 හැවිරිදි තරුණියක් මිය ගිය බව කවුරුත් දන්නා කරුනකි.ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලංකාවේ ප්‍රමාණවත් නොවිම ඊට හේතුවයි.ඇයව විදේශ රෝහලකට රැගෙන යාමට ඥාතින්ට පුලුවන් කමක් තිබුනේ නැත.නමුත් හෙම්බිරිස්සාවටත් බෙහෙත් ගන්න මවුන්ට් එළිසේබෙත් යන පාස්කු ප්‍රහාරයේ කිතුණු බැතිමතුන්ගේ මළකදන් උඩින් බලයට ආ  උන්දලාට ඒ ගැන වගේ වගක් තිබුනේ නැත.

රාජපක්ෂ යුගයේ රාජ්‍ය හිටපු රාජ්‍ය අමාත්‍ය M.A.L.M හිස්බුල්ලා තම අධ්‍යාපන සුදුසුකම වශයෙන් පෙන්වන ආචාර්ය උපාධිය මහා පරිමාණයේ ගජබින්නයක් බවද අප පසුගිය ඔක්තෝබර් 24 වැනිදා (සැම්බියාවෙන් නැති පශ්චාත් උපාධි ගත් ගෝඨාවාදි හිස්බුල්ලා……. බොරු උපාධි පෙන්නා ශරියා කැම්පස් හදන්න සල්ලි ගත් හැටි…….. පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තෝ එක්ක පූට්ටු රතන, ඥාණසාර) යනුවෙන් අනාවරණය කළා. එම අනාවරණය පහතින් කියවන්න…

http://lankanewsnetwork.org/archives/21068

ගෝඨාභය රාජපක්ෂ සහරාන්ව පෝෂණය කළේ හිස්බුල්ලා හරහා බවත්, පොහොට්ටු කල්ලිය කෙතරම් සුදු හුණු ගෑමට උත්සහ කළද පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ බව මේ වන විට තව තවත් තහවුරු වෙමින් තිබේන අතර මේ වනවිට ජාත්‍යන්තර ඔත්තු සේවා අනාවරනය කරන කරුණු සහ රාජපක්ෂලාගේ මෙම ක්‍රියාකාරකම් අතර පවතින් සමීප සබඳතාවයන් එය තවත් තහවුරු කිරිමට සමත් ව තිබේ.

හිස්බුල්ලා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ජාතිවාදියෙකි. කාන්තන්කුඩි ප්‍රදේශයේ වෙනම අන්තවාදි මුස්ලිම් ප්‍රජාවක් නිර්මාණය කරන්නේ හිස්බුල්ලා ය. සහරාන් ආ නිර්මාණය කොට රටේ ජාතිවාදී ගිනි අවුලන්නට උඩ ගෙඩි දුන්නේ හිස්බුල්ලා ය. මඩකලපුවේ ශරියා විශ්ව විද්‍යාලයට එරෙහිව රටේ ම විරෝධතා ගොඩ නැගෙද්දි විශ්ව විද්‍යාලය කිසි දින වසා නොදමන බවත් පුළුවන් දෙයක් කරන්න යනුවෙනුත් වහසි බස් දොඩන්නේද මේ හිස්බුල්ලාය.

අවසාන වශයෙන් සිංහල බෞද්ධ අම්බරුවන්ට එක් දෙයක් කිවයුතුය. ඔටුවා (හිස්බුල්ලා) කුඩාරමට ඔලුව දාගෙන ඇති බවයි.

ගෝඨා වෙනුවෙන් ඡන්දය ඉල්ලන ඔටුවා…… අන්තවාදින් සමඟ එක යහනේ සැතපෙන ගෝඨාගේ වැඩ….. බඩුත් එක්ක හොරු මෙන්න විඩියෝව…

http://lankanewsnetwork.org/archives/21499

 

Published on: Feb 15, 2020- ගෝඨාභය රාජපක්ෂ,ඇතුලු රාජපක්ෂ කදවුරේ සිංහල බෞද්ධ විරෝධි  ගමන් මගට එරෙහිව මහා සංඝරත්නය පෙරටු කොටගත් නව ජාතික සන්ධානයක් බිහිකිරිම සදහා මෙ වනවිට සාකච්ඡා ආරම්භ වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පසුගිය වසර කිහිපයක්ම රටේ සිංහල බෞද්ධ ජනතාව,රණවිරුවන් වෙනුවෙන් ලාභ ප්‍රයෝජන නොතකා කටයුතු කල පිරිසක් මේ සදහා පෙරමුණ ගෙන කටයුතු කරන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.එහි පලමු වටයේ සාකච්ඡාවක් ඊයේ කොළඹ ප්‍රසිද්ධ විහාරස්ථානයක පවත්වා ඇති අතර පසුගිය වසර 5ක කාලය තුල සිංහල බෞද්ධ බේදයකින් තොරව රටේ දුෂණයට,වංචාවට,හොරකමට එරෙහිව සටන් කල පාර්ශවයන් ගණනවක් එම අවස්ථාවට එක්ව තිබේන බවයි අප වාර්තාකරු සදහන්  කළේ.

පසුගිය වසරක 5ක පමණ කාලයක් රටේ ඇතිවෙමින් තිබු යහපත් දේශපාලන සංස්කෘතියට පහරදිම සදහා රාජපක්ෂලා භාවිතා කල ප්‍රබලම අවිය භික්ෂුව වන අතර ඇතැම් නිවැරදි නොවන දේවල් වෙනුවෙන් උන්වහන්සේලා පෙනී සිටියද රාජපක්ෂලාගේ දේශපාලන අතකොලු විමට ඇතැම් භික්ෂූන් අකමැත්ත පලකිරිමත් සමග “රස්තියාදු චිවරධාරින්” පිරිසක් නිර්මාණයට කිරිමට රාජපක්ෂලා කටයුතු කල බව සද්ධාතිස්සගේ සිට බේගල් කන්දේ සුදත්ත දක්වා බොදු දහම හැල්ලුවට ලක්කර පිරිස් හරහා මනාව පැහැදිලි බවයි එම අවස්ථාවට එක්වු මහා සංඝරත්නය අවධාරණය කර ඇත්තේ.

2019 නොවැම්බර් 16 වෙනිදා මැතිවරණයෙන් රටේ ආණ්ඩුව හැදුවේ Bron agin chistan කල්ලිය බව දැන ගන්නා විට මහා සංඝරත්නය මෙන්ම රටේ ජනතාව ප්‍රමාද වි ඇති බවද මහා සංඝරත්නය අවධාරණය කර තිබේ.

අමෙරිකානු බත් බැලයන් බවට පත්ව සිටින පාලකයන් මේ වනවිට සුළු ජාතින්ගේ උවමනාවන් ඉක්මනිම් ඉටුකිරිමට සමත්ව තිබේන අතර සිංහල බෞද්ධ ජනතාව,රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි ඒ වෙනුවෙන් තවමත් අරගල කරන බෞද්ධ භික්ෂුන් කපාදැමිමට කටයුතු කරන බවද එහිදි සාකච්ඡාවට ලක්ව තිබේ.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…


Loading…


Published on: Feb 15, 2020- ‘වියත්මග’ පළමු සාමාජික 10 අතර සිටින බව තැන තන පවසමින්. මීළඟ මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් තරග වදින බව පවසන රංගණ ශිල්පිනියක ලෙස තමන්ව හදුන්වා ගන්නා   ඔෂඩී  හේවාමද්දුම වැලටයින් දිනයේ මහින්ද රාජපක්ෂ සමග ගිය ගමනක් සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචන එල්ල වෙමින් තිබේ.

අදාළ ඡායාරූප මහින්න්ද රාජපක්ෂ මහතාගේ සමජ ජාලා (Facebook) පිටුවේ පලකර තිබේන අතර එයට මහින්ද වාදින්ගෙන් ලැබි ඇති ප්‍රතිචාර ඔබම කියවා බලන්න …..

බදුල්ලේන් ඉල්ලන එපා ගම්පහින් ඉල්ලන අනිවාර්යයෙන් ඔබතුමියට පර්ලිමේන්තුවේ ඉන්න පුලුවන් .. ජෙසු පිහිටයි අනික බදුල්ලේ ඉදලා කොච්චර නම් දුරක් යන්න තියෙනවාද.. බොරුවට මොකො මහන්සි වෙන්නෙ ගම්පහින් ඉල්ලන්න.- ජනතා අදහස්

Published on: Feb 14, 2020- ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක් එක්ව විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත සන්ධානයේ ලකුණ ලෙස ජනාධිපතිපතිවරණයට තරග කල “හංසයා” භාවිතා කිරිමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අද පැවැති සාකච්ඡාවේදි තිරණය කල බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මහ මැතිවරණ සටන මෙහෙයවන 10 දෙනෙකුගෙන් යුත් කමිටුව අද සවස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අතර එහිදි මේම එකගතාව ඇතිකර ගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම මහා ලේකම් ධුරය රංජිත් මද්දුමබණ්ඩාරට ලබාදිමට කටයුතු කර තිබේන අතර ලකුණ සම්බන්ධයෙන් ඇතිවි තිබේන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදි දිර්ඝ වශයෙන් සාකච්ඡා සිදුව තිබේ.  එහිදි කිසිවෙකුත් බෙදි වෙන් නොවන ලෙස,රටේම ජනතාව හදුනන “හංසයා” භාවිතා කිරිමට හැකියාව ඇති බව මංගල සමරවීර මහතා පෙන්වාදි තිබේ. එම අවස්ථාවේදි  රවී කරුණානායක මන්ත්‍රීවරයා “හංසයා” ලකුණ ලබාදිමට සිය කැමත්ත පලකර ඇති අතර ඒ අනුව නව සන්ධානය හංසයා ලකුණ යටතේ තරග කිරිමට කමිටුව එකඟතාවක් ඇතිකරගෙන තිබේ.ඒ සම්බන්ධයෙන් තවදුරටත් සියලු දේනා සමග සාකච්ඡා කිරිමටද එහිදි එකගතාව පලවි තිබේ.

මේ අතර සන්ධානයේ ජාතික සංවිධායක ධුරය පාඨ්ළි චම්පික රණවකට ප්‍රදාණය කල බවට පලවන් වාර්තා සම්බන්ධයෙන්ද එහිදි සාකච්ඡා සිදුව ඇති අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදි පෙන්වා දි ඇත්තේ සන්ධානයේ නායකත්වය සහ මහා ලේකම්ධුරය පමණක් මේ දක්වා පත්කර ඇති බවයි.අනිකුත් තනතුරු ඉදිරියේදි සාකච්ඡා කර පත්කිරිමට සුදුසු බවද ඔහු පෙන්වා දි තිබේ.

10 ‌දෙනාගේ කමිටුව සජිත් ප්‍රේමදාස, ජෝන් අමරතුංග, රවී කරුණානායක, රන්ජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ‌සහ අකිල විරාජ් කාරියවසම්,ලක්ෂ්මන් කිරිඇල්ල, නවින් දිසානායක යන අයගෙන් සමන්විත වේ.

මේ අතර සමගි ජන බලවේගය සඳහා ‘අලියා’ ලකුණ ලබානොදුනහොත් අනිවාර්යයයෙන්ම ‘හදවත’ ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී කණ්ඩායම අද (14) තීරණය කල බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. නව සන්ධානයේ ලකුණ ලෙස ‘අලියා’ ලකුණ ලබාදීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (14) මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා කාලය ලබාදීමටත්, මධ්‍යම රාත‍්‍රියට පෙර අවසන් තීරණයක් නොලැබුණොත් යළිත් එම පාර්ශවය සමඟ සාකච්ඡා නොකිරීමටත් මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කළ බවයි ඔහු මාධ්‍ය හමුවේ සදහන් කළේ.

සමගි ජන බලවේගයේ ඉදිරි කටයුතු පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී කණ්ඩායම විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (14) රැස්වූ අතර එහිදී මෙම තීරණය ගත් බවද මන්ත්‍රීවරයා සදහන් කළා.
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Feb 14, 2020 – මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපකීර්තිමත් චරිතයක් බවට පත්ව සිටි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල(Lakshman Hulugalle) මහතා මහ බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්කිරීමට අවශය ලියකියවිලි සියල්ල මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සකස්ක ර ඇති බව වාර්තා වේ.

ලක්ෂමන්ට වඩා උගතුන් සහ අත්දැකීමෙන් පරීපූර්ණ නිළධාරීන් මෙම තනතුර සඳහා පත් කිරීමට සිටියදී මොහු වැන්නෙකුගේ මම පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේම නිළධාරීන් අප්‍රසාදය පල කර ඇති බවද වාර්තා වේ.

ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මඩ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ධුරය දරණ සමයේ ලක්ෂමන් හුළුගල්ල මහතාගේ බිරිද සභාපති ලේස කටයුතු කරන සත් එෆ්.එම් ගුවන් විදුලි සේවහි සේවකයන්ට හට නියමිත ආකාරයට වැටුප් ලබා දී නොමැති අතර සේවය කරමින් සිටි සමහර මාධ්‍යවෙදින් හා කාර්මික ශිල්පින් අනිවාර්ය නිවාඩු යැවිමට කටයුතු කල අතර ලක්ෂමන් සලාකා සූදුපිටිය සිද්ධියේ ප්‍රධාන භූමිකාව රඟ පෑ පුද්ගලයා වූ අතර ඔහු දෙවතාවකදී අනියම් සබඳතාවයන් සහ විවිධ ආරවුල් මත නිදිපෙති පානය කොට රෝහල්ගත කොට ප්‍රතිකාර ලැබුවෙකුද වනවා.

ව්‍යාපාරික ගාමිණි නෙත්තිකුමාරගේ සහකාරිය සමඟ හුලගල්ගේ පැවැති අනියම් සම්බන්ධතාවය පිළිබඳ තොරතුරු හෙළි වීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම්.සී.එන්.එස් නැවත විසුරුවා හැරිමට කටයුතු කරන ලදී.ගාමිනි නෙතිකුමාරගේ සහකාරියගේ ලිප්ටන් සර්කස් අසල සූදු මධ්‍යස්ථානයක් වැටලීමෙන් පසු පොලිස් නිලධාරීන් 23 දෙනෙකු ස්ථාන මාරුකිරිමට හුලුගල්ලේ කටයුතු කිරිමත් සමග රාජපක්ෂලා සමග අවුලක් සැදුන අතර එම ගැටුම් රාජපක්ෂලා හුලුගල්ලේ ප්‍රතිකේෂ්ප කිරිම දක්වා දුරගොස් තිබේ.

මීට පෙරද, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නියෝගය මත එම්.සී.එන්.එස් විසුරුවා හැරීමෙන් පසු ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය නතර වු නමුත්  එම්.සී.එන්.එස් එහි කාර්ය මණ්ඩලය නොවෙනස්ව පැවැති අතර හුලුගල්ලේ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂක බළකාය දිගටම භාවිතා කල අතර එය ඉවත් කිරිමටද මහින්ද ජනාධිපතිවරයාට මැදිහත් විමට සිදුවිය.

 

Published on: Feb 14, 2020 – මාරාන්තික corona virus පාලන කිරිම් සදහා වෛරසයට ගොදුරු වූ පුද්ගලයින් 20,000 ක් සමූහ වශයෙන් ඝාතනය කිරිම සදහා චීන නිලධාරීන් රාජ්‍ය අනුග්‍රහයද සහිතව මෙහෙයුම් දියත් කර තිබේන බව ab-tc.com වෙබ් අඩවිය අනාවරණය කර සිටිනවා.මාරාන්තික වෛරසය පැතිරීම පාලනය කිරීමේ ස්ථිර ක්‍රමවේදයක් ලෙස චීනයේ කොරොන වයිරස් රෝගීන් සමූහ වශයෙන් ඝාතනය කිරිම සදහා චීනයේ ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා අනුමැතිය ලබා දි ඇති බවයි එම් වෙබ් අඩවිය සදහන් කළේ.

අවම වශයෙන් සෞඛ්‍ය සේවකයින් 20 දෙනෙකු වත් දිනපතා වෛරසය වැළඳීම නිසා මිය යන් බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චින බලධාරීන් පෙන්වා දි තිබේ.මිට අමතරව වෛරස් රෝගින් රෝහල් වලට ඇතුලත් කිරිම හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර තවත් බොහෝ දෙනෙකුට ආසාදනය වන බවද බලධාරීන් පෙන්වා දි තිබේ.

වෛරසයට එරෙහි ප්‍රතිකාර සම්බන්ධයෙන් කිසිදු බලාපොරොත්තුවක් නොමැති බැවින් සෞඛ්‍ය සේවකයින් සහ තවත් බිලියනයක පිරිසක් බේරා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාග නොකළහොත් රටේ සමස්ත පුරවැසියන් අහිමි විය හැකි බව රජය අධිකරණයට පෙන්වා දි තිබේන බවද එම වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

ලොව පුරා රටවල් චීනය සමඟ සබඳතා කපා හැරීමටත්, සිය පුරවැසියන් වුහාන් නගරයේ වෛරසය හටගත් අර්බුදයෙන් පීඩාවට පත් හුබෙයි කලාපයෙන් ඉවත් කිරීමටත් පටන් ගෙන තිබේන අතර ප්‍රදේශයෙන් ඉවත් වන මාර්ග සියල්ලම වසා දම ජනතාව එම් ප්‍රදේශ වලට කොටු කිරිමටද චීන රජය කටයුතු කර තිබේ.මේ අතර චින ආරක්ෂක අංශ විසින් වෛරස් ගතවුවන් එම ප්‍රදේශයේදිම ඝාතනය කරන බවට විඩියෝවක්ද මෙ වනවිට අපහට ලැබි තිබේ.

කෙසේවෙතත් ab-tc.com වෙබ් අඩවිය පලකරන පුවත් අසත්‍ය බව චිනයේ රාජ්‍ය මාධ්‍ය වාර්ත පෙන්වා දෙනවා.මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ ආකාරයේ තින්දුවක් ලබාදි නොමැති බවත් වෙබ් අඩවියට වැරදි තොරතුරු පතුරුවා හැරීමේ ඉතිහාසයක් ද ඇති බවයි චිනයේ රාජ්‍ය මාධ්‍ය වාර්ත පෙන්වා දෙන්නේ.

අදාළ විඩියෝව පහතින් බලන්න…..

Chinese government has started shooting Corona virus infected people”s

 

Published on: Feb 14, 2020 – මහා මැතිවරණයේදි බදුල්ල දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් මැතිවරණය මෙහෙයවන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

යෝෂීත ඉන්දිය සංචාරයට එක්විමට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම ආරාධනය සිදුකර තිබේන අතර එයට මේ දක්වා යහපත් ප්‍රතිචාර දක්වා නැති වුවත් එයට අකමැත්තක් පලකර නොමැති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.තම පියා(මහින්ද ) සමග සාකච්ඡා කර බාප්පාට (ගෝඨාභයට) උත්තරයක් ලබාදිමට කටයුතු කරන බවද් යෝෂිත එහිදි පොරොන්දු දි තිබේ.

ඌවේ සටනට යෝෂිත කැදවිම සම්බන්ධයෙන් වියත්මග වියතුන් මෙන්ම රාජපක්ෂ කදවුරේ ඇතැම් පාර්ශ්වයන් අතරද විවිධ සාකච්ඡා සිදුව ඇති අතර යෝෂිත ඉන්දියා සංචාරයේ යෙදෙන අතරතුර කිහිප දෙනෙකුම මේ පිළිබඳව ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදි ගෝඨාභය පවසා ඇත්තේ තමන්ට පසුව  Army Attentions තියෙන්නේ යෝෂිතට පමණක් බවයි. මහින්දගෙන් පසුව රාජපක්ෂ පවුලේ එකම බලවත් කේන්ද්‍රයට හිමිකම් කියා ඇත්තේද යෝෂිත රාජපක්ෂ පමණී.

කෙසේවෙතත් යෝෂිතගේ හදිසි කැදවිමත් සමග දැඩි ලෙස කලබලයට පත්ව ඇත්තේ ව්‍යාඝ්‍ර වංශ හෙවත් විමල් විරවංශ බව අප දේශපාලන වාර්තාකරු සදහන්කළා. මෙවර කොළඹ,ගම්පහ,කලුතර ඇතුලු දිස්ත්‍රික් ගණනාවක විමල්ගේ කණ්ඩායම් ඇතුල් කලද ජයග්‍රහණය ලබා ගැනිමට තරම් එම දිස්ත්‍රික්ක වල හැකියාවක් ඔමැති හේයින් බදුල්ල දිස්ත්‍රික්කයේ තමන්ගේ මන්ත්‍රී ගොඩ වැඩි කර ගැනිම සදහා ඉතා සියුම් මෙහෙයුම් දියත් කර තිබිම ඊට හෙතුවයි.ඒ සදහාවිමල් පිලේ  මොහොමඩ් මුසාමිල් බදුල්ලෙන් ඉදිරිපත් කිරිමට විමල් කටයුතු සිදුකරමින් සිට තිබේ.යෝෂිත කැදවිමත් සමග එම අවස්ථාවද විමල්ගෙන් ගිලිහි යන අතර ඌවෙත් රාජපක්ෂලාම බලය තහවුරු කර ගැනිම සිදුකරනු ඇති බවයි විමල්ගේ අදහස වි ඇත්තේ.

මේ වනවිටත් යෝෂිතගේ ඌවේ ගමන නතර කිරිම සදහා විමල් කුමන්ත්‍රණයක් දියත් කර ඇති අතර ඒ සදහා ඌවේ බල සහිත  ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුලු කදවුර ඇවිසිම සදහා සිය වෙබ් මඩ බලකාය සුදානම් කරමින් සිටින බවද මේ වනවිට අනාවරණය වි තිබේ.මහින්දගේ ඉන්දිය සංචාර සදහා යෝෂිත එක්කරනු ලැබුවේ ගෝඨාභයගේ ඔත්තුකරුවෙකු ලෙස බවයි විමල් සිය මඩ බලකායට දන්වා ඇත්තේ.
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Feb 13, 2020- ජාතික රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල (Ajith Naragala) නැමැත්තා  අත්තනෝමතික සහ මූල්‍ය අවභාවිතය හේතුවෙන් එකී සංස්ථාව මුහුණදී ඇති මූල්‍ය අර්බුදය තවත් ඔඩු දුවන තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

තොරතුරු සහ සංනිවෙදන තාක්‍ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්‍ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ කාර්යාලයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් ඔහුගේ දේශපාලන කටයුතු වලට සම්බන්ධව කටයුතු කල අජිත් අදාළ තනතුර සදහා කිසිදු සුදුසුකමක් හෝ සපුරා නැති අයෙකුද වේ.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක් හරහා ජාතික රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකාරකම් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ද අවධානයට යොමුකර ඇත.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනී නලිකාව වන්නේ 1982 අංක 6 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි. මෙම ජාතික නාලිකාව නිල වශයෙන් සිය සේවාව ආරම්භ කරන ලද්දේ 1982 පෙබරවාරි 15 වැනිදායි.ජපන් ජනතාවගෙන් ශ්‍රී ලංකා ජනතාවට ත්‍යාගයක් ලෙස ලැබුන මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපනික,තොරතුරු සහ විනෝදාත්මක සේවාවන් සැපයිමය. රාජ්‍ය රූපවාහිනී නාලිකාව ලෙසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමස්ත ශ්‍රි ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් සිංහල, දෙමළ හා ඉංග්‍රිසි යන රාජ්‍ය භාෂා ත්‍රිත්වයෙන්ම සිය ‍සේවා ව පවත්වාගෙන යාම කරගෙන යනු ලබයි.

විවිධ රජයන් යටතේ පාලනය වූ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මේ වන විට සේවක වැටුප් ගෙවා ගැනීමට පවා බැරි තත්වයකට වැටී ඇත්තේ අප රට පාලනය කල පාලකයින්ගේ වරදින්ම බව නොකියා බැරිය. මක්නිසාද යත් වර්තමානයේදී ද පාලකයින් විසින් නිසි සොයා බැලීමකින් තොරව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පත්කරන ලද නිළධාරීන් විසින් ජනතාවගේ දේපලක් වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කාබාසිනියා කරමින් සිටින නිසාය.

වර්තමාන රජය බලයට පත් වූ විගස ජනාධිපතිවරයා පැවැසූවේ රාජ්‍ය ආයතන නිසි ලෙස කළමනාකරණය කල හැකි පුද්ගලයින් රාජ්‍ය සංස්ථා සදහා පත් කරන බවයි. එහෙත් අද වන විට වර්තමාන රජය විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සදහා සුදුසුකම් නොමැතිව (පරිපාලනය සදහා) පත් කරන ලද අධ්‍යක්ෂක ජනරාල්වරයා වන අජිත් නාරගල නැමැත්තා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ධනය තම සුඛවිහරණය සදහා භාවිතා කරමින් සිටී.

ඒ සදහා වන කදිම උදාහරණ අප සතු අතර එයින් කිහිපයක්හු දීජනයාගේ පහන් සංවේගය සදහා සටහන් කරමු.

01. අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නාන කාමරය සදහා උණු වතුර හීටරයක් සවි කර ගැනීම.

02. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතුව වාහන තිබියදී ඒවා තමන්ට නොගැලපෙන බව පවසමින් වෙනත් අමාත්‍යාංශයකින් ලබා ගත් ජීප් රථය සදහා රුපියල් 89,000.00 කට ආසන්න මුදලකට ගුවන් විදුලි යන්ත්‍රයක් මිලදී ගෙන සවි කිරීම. එම මිලදී ගැනීම නීති විරෝධී බව නිළධාරීන් පැවැසූවද තමන් රාජපක්ෂවරුන්ගෙන් පැමිණ ඇති බව එම නිළිධාරීන්ට පැවැසූ බව එහි සේවකයින් පවසයි.

03. ආයතනයේ සුලු මුදල් වලින් තමන්ගේ ආහාරපාන ලබා ගැනීම. දවල් ආහාර බනානා ලීෆ් අවන්හලෙන් ද දෙලුම් ජූස් හා අඔ ජූස් ජාවත්ත පිහිටි සී.අයි.සී අවන්හලෙන් ලබා ගන්නා අතර බම්බලපිටියේ එළයිට් අවන්හලෙන්ද ආහාර ලබා ගනී

04. අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ කාමරයේ වායු සමනයකරන යන්ත්‍රයක් තිබියදී නව වායු සමන යන්ත්‍රයක් සවිකිරීමට නියෝග කිරීම.

05. කාර්යාල වේලාවේදී කාර්යාලය තුළ රැදී නොසිට කාර්යාල වේලාවෙන් පසුව කාන්තාවන් තමන්ගේ රාජකාරී සදහා රදවා ගැනීම.

06. තමන්ගේ කාමරය නිරතුරුවම පළතුරු සුවදින් තබා ගන්නා ලෙස සේවකයින්ට උපදෙස් ලබා දී ආයතනයේ සුලු මුදල් වලින් පළතුරු මිලදී ගැනීම.

07. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අදාල නොමැති විදේශ සංචාරයක් සදහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙන් රුපියල් 60,000.00 කට ආසන්න මුදලක් ලබා ගැනීම.

වෙනත් ආයතන වල එනම් ජාතික තරුණ සේවා සභාවේ ඔහු සේවය කරද්දී ඔහු වෙත එල්ල වූ චෝදනා රැසක් අප සතුව ඇති අතර ඒ අතර කාන්තා හිංසනද වේ. එම කාන්තා හිංසනය සම්බන්ධයෙන් ජාතික තරුණසේවා සභාවේ අනෙක් අධ්‍යක්ෂකවරුන්ටද ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත යාමට සිදුව තිබේ.

මෙරට ජීවත් වූ සමහර අමාත්‍යවරු තම ගෙදර තිබෙන බඩු භාණ්ඩ පවා තම ආයතනයට රැගෙන විත් ඇති බව අප අසා ඇත. එසේ තිබියදී මෙරට ආර්ථික විද්‍යාව පිළිබද ඔස්තාර්වරයෙකු වන බන්ධුල ගුණවර්ධන මහතාගේ පුද්ගලික ලේකම්වරයාද වන හා ඔහු විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් කරන ලද පුද්ගලයා තම නාන කාමරය සදහා උණුවතුර හීටරයක් සවිකිරීම හා වෙනත් ක්‍රියා සිදුකිරීම බන්ධුල ගුණවර්ධන අප ගුරුතුමා ආර්ථික විද්‍යාවේදී අපට කියා දුන් ආවස්ථික පිරිවැය න්‍යාය එනම් හිග සම්පත් විකල්ප අරමුණු අතර බෙදා හැරීමේදී එක් අවස්ථාවක් තෝරා ගත් විට එම අවස්ථාව වෙනුවෙන් කැපකරන ඊලග හොදම අවස්ථාව අනුව නිවරැදිද? යන්න අප ගුරතුමාගෙන් විමසමු.

තවද අප එතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙසේ ජනතාවගේ මුදල් කාබාසිනියා කිරීමට ඉඩ දී නැවත වරක් ජනතාවට මාසයක් කෑමට රුපියල් 2500 ක් ඇති බව ප්‍රකාශ නොකරන ලෙසයි. අප සංවිධානය ඉදිරියේදී මේ පිළිබදව අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණිලි කිරීමටද බලාපොරොත්තු වෙමු.

ජනාධිපතිතුමනි මේ ඔබේ අවධානයට …

වහාම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පිළිබදව වහා සොයා බලන්න.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Feb 13, 2020- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ ඇති බුද්ධශාසන , සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධ්කරණ ලේකම් කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධන මහතා කුප්‍රකට සමාජ ශාලා හිමිකරුවෙකු බව ජනතාවට පිලිගත හැකි සාක්ෂී සහිතව අප කල අනාවරණයෙන් පසු කුපීත වු කිත්සිරිගේ වන්දිභට්ටයන් අපගේ විද්යුත් තැපෑල හරහා අභියෝග කර සිටියේ අදාළ Sithwin Night Club එක කිත්සිරිගේ බව ඔප්පු කර පෙන්වන ලෙසයි.

රාජපක්ෂ කදවුර නියෝජනය කරන වැඩිහරියක් රස්තියාදු චිවරධාරින් ජනතාවට බණ දෙසා කරන්නෙම දුෂිත වැඩ හේතුවෙන් Night Club කාරයෙකු රාජපක්ෂලාගේ ආණ්ඩුවේ බුද්ධශාසන අමාත්‍යවරය වුවද අපට කමක් නැත.නමුත් වරදක් පෙන්වා දුන් පසුව එය සමාජ හමුවේ නිහතමානීව පිළිගනිම් එය නිවැරදි කිරිම වෙනුවට Sithwin Night Club හී හිමිකාරිත්වය සම්බන්ධයෙන් අපගෙන් ප්‍රශ්ණ කරනුයේ අප මෙන්ම මේ රටේ ජනතාව මොඩයන් සේ සලකානම් එය අනුවණ ක්‍රියාවකි.

අපේ රටේ මෙන්ම දකුණු ආසියාවේ අන්ත දුෂිත රටවල ජනතාව හුරාගෙන කන දේශපාලනඥයන් මෙන්ම ඔහුන්ගේ කලු සල්ලි ජාවාරම්කරුවන් කිසිම අවස්ථාවක ඔහුන්ගේ වංචනීක ව්‍යාපාර තමන්ගෙ නමට ලියාපදිංචි නොකරන බව අමුතුවෙන් කියාදිය යුතු නැත.

නමුත් බෞද්ධ සාසනයට මුවාවි රාජපක්ෂ අයියා සිටි සමයේ කුඩු කන්ටේනර ගනන් රටට ගෙන ආ යුගයක් තිබු බව අමතක නොකල යුතුය.කුඩු නාලිකා තවමත් මේ රටේ ජනතාවගේ මනස විකෘති කරන බව අමතක නොකල යුතුය.ඒ නිසාම අනතුර දැක දැකම අහක නොබලා ඒ පිළිබඳව ජනතාවට දැනුවත් කර තිබිම ඇගට ගුණය.

Sithwin Night Club හිමිකරු කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධන යැයි සමාජගතවු වහාම එයට කුපීත වි එහේ මෙහේ දුවන්නට වුයේ තමන්ගේ දේශපාලන ජිවිතයට හානී වන නිස නොවන බව පැහැදිලිය මන්ද ලංකාවේ කසිප්පුකාරයන්ට,පස්     හොරුන්ට, කැළෑ පාලුවන්ට,ස්ත්‍රී දුෂකයන්ට ඇති මනාපය උගත්,බුද්ධිමතුන්ට නොමැති බව කිත්සිරි හොදින් දන්න නිසාය.නමුත් මේ අකාරයේ දුෂිතයන් ලංකාවේ සැගවි සිටින්නේ චීවරයට මුවාවි හෝ නැතහොත් අගාම,දම විශ්වාසය කරන ජනතාවගේ අන්ධ බක්තිය තුලය.කිත්සිරිද එවැන්නේකී

දකුණේ සුප්‍රසිද්ධ ගැටබරු දේවාලය රජ්ජු බණ්ඩාර දෙවියන් පිණිස සැදුන එකක් වන අතර ජනහිතකාමි රජ්ජු බණ්ඩාරයන් යන දකුණට අධිපති දෙවියන්ගේ නාමය තමන්ට ආරෝපනය කර ගනිමින් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩයාය ග්‍රාමසේවා වසමේ පිහිටා තිබේන කසාගල රජමහා විහාරයේ බස්නායක නිළමේවරය ලෙස කටයුතු කරනුයේද කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධනය.ඊට අමතරව බෝධිමලු රජමහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිවරයාද වේ. කිත්සිරි දකුණට සිල් රෙද්ද පෙන්වමින් මැතිවරණයට ඉදිරිපත් විමට කටයුතු සුදානම් කරමින් සිටින අතර එයට අවශ්‍ය බලය උත්පාදනය කර ගැනිම සදහා බුද්ධශාසන අමාත්‍යාංශයේ තනතුරක් ලබාගත් බව නොරහසකි.

ඒ වෙනම කතාවකි.

අප පසුගියදා ගෝඨාට බම්බුගහන්න කියන්න…. මම එනකම් ඉන්නවා… බුද්ධශාසන සම්බන්ධ්කරණ ලේකම් තනතුරට කෙලවෙන ලකුණු! යනුවෙන් කල අනාවරණයෙන් පසුව කවුරුන් හෝ කසාගල රජමහා විහාරයේ නායක ස්වාමින්වහන්සේටද මේ සම්බන්ධයෙන් දැනුම්ක් දි තිබේන අතර ඉදිරියේදි දායක සභාව කැදවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමටද කටයුතු යොදා තිබේන බවද වාර්තා වේ.

කෙසේවෙතත් අප කල අනවරණයෙන් පසුව කිත්සිරිගේ ඇම්බැට්ටයන් තමන්ගේ Facebook වල තිබු බොහෝ දේ ඉවත් කරගෙන් තිබේන නමුත් ඒ සියල්ලම අප සතුව ඇති බවත් ඊටත් වඩා බොහෝ දෙවල්ද අප සතුව තිබේන බවත් දැනගෙන සිටිම නුවණට හුරුය.

තවත් සාක්ෂී….

Sithwin Night Club හිමිකරු කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධන යැයි අපට කීමට හැකි තවත් සාක්ෂී කිහිපයක් අද යලිත් අනාවරණය කිරිමට අප සුදානම් එනම් …

Happy poya Day කියමින් පොය දවසටත් අඩියක් ගසා ආතල් එකේ සිටිම පට්ට යැයි සමාජ ජාලා අල ප්‍රසිද්ධ කරන Sithwin Night Club හී රෑට රෑට බාල් නටා ඩිල් යන නැට්ටිච්චියන් බුද්ධශාසන සංස්කෘතික,ආගමික කටයුතු පිළිබඳ අගමැති මහින්දගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධන වැඩ භාරගත් අවස්ථාවේ පැමිණියේ ඇයි.ඔහුන් කිත්සිරි මෙන්ම ඔහුගේ බිරිද සමග එකට සිට ඡායාරූපය ගත්තේ ඇයි? කිත්සිරිට සහ මේ නැට්ටිච්චියන්ට ඇති ඥාතිකම කුමක්ද? හැකිනම් අර කියන 2.50 චණ්ඩින්ටද මේ සදහා පිලිතුරු දිය හැක.සියලුම ඡායාරූප පහතින් දක්වා ඇත.

මේ අතර ලේකම්වරයාගේ වන්දිභට්ටකම් කරන උදාර විමුක්ති පෙරේරා (Udärå Vimukthi Perera) නැමැත්තාගේ Facebook හි අත්වැරදදකින් Sithwin night club හිදි සජිවිව විකාශයක් සිදුව තිබු අතර අප එය අනාවරණය කිරිමෙන් පසුව වහාම එය ඉවත් කිරිමට කටයුතු කරනු ලැබුවේ ඇයි?

ගෝඨාට බම්බුගහන්න කියන්න…. මම එනකම් ඉන්නවා… බුද්ධශාසන සම්බන්ධ්කරණ ලේකම් තනතුරට කෙලවෙන ලකුණු! යනුවෙන් පුවත් පලවි පැය 8ක් ඇතුලත එම Link එක සමාජ ජාලාවල ව්‍යාප්ත විම වැලැක්වීමට අගමැති කාර්යාලයයේ තාක්ෂණික අංශය යොදා ගත්තේ ඇයි? (අදාළ තොරතුරු සියල්ල්ම අප විසින් Trace ඇත )

තවත් සාක්ෂි රැසක් අප සතුව ඇත.ඉදිරියේදි ඇතිවන තත්ත්වය හමුවේ එය සමාජගත කිරිම අපගේ වගකිම ලෙස අප හදුනාගෙන ඇත.

කතාව අවසන් නැත.ජනතාව ගොනාට ඇන්ද විම රාජපක්ෂලාගේ සහ ඔහුන්ගේ හෙංචයියන්ගේ සමාන්‍ය ක්‍රමයයි.ඒ නිසාම 69 ලක්ෂයක් නොවැම්බර්17 රැවටුනු බව වැටෙහෙන විට කෙලවි හමාරය. යලිත් බුද්ධශාසනයට මුවාවි කුඩු කන්ටේනර් පිටින් රටට ගෙන්වු කාලය අවශ්‍ය නැත. “බුදුසරණයි ” කියා ලොරියේ ගසා හරක් අදින එවුන් තවත් අවශ්‍ය නැත.කොටින්ම කියතහොත් බුද්ධශාසනය පෙන්වා ජාතින් අතර ගැටුම් ඇතිකිරිමට කටයුතු කරන් එවුන් අවශ්‍යම නැත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනී මේ ඔබේ අවධානයටයි.

http://lankanewsnetwork.org/archives/22825

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top