Published on: Feb 7, 2020 – රටපුරා දිලිඳු පවුල්වල විරැකියා තරුණ/තරුණියන් ලක්ෂයකට රැකියා දීමේ වැඩසටහන හරහා එම තරුණ/තරුණියන් මිලිටරිකරණය කිරිමේ මෙහෙයුමක් දියත් කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරනවා.

රුකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන “‍බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය”‍ ලෙස නම්කර තිබේන අතර එය ජනාධිපතිවරයාගේ සaජු මැදිහත් විම යටතේ ත්‍රිවිධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කල හා 2007 දී වැඩබලන හමුදාපති ධුරයේ සිට විශ්‍රාම ගත් මේජර් ජෙනරාල් නන්ද මල්වආරච්ච් යටතේ ක්‍රියාත්මක වේ. සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව මාස 06ක කාලයක් පුහුණුව ලබාදිමට නියමිත අතර පසුව රැකියාව ලබාදෙන අතර වසරක් ගතවනතුරු රුපියල් 20,000/ක දිමනාවක් ගෙවවිමට නියමිතව තිබේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට 300-400 ක් පමන වන සේ බඳවා ගන්නා මෙම පිරිස වඩු, පෙදරේරු, ධීවර, කෘෂිකාර්මික හා වනවගා වැනි අංශ වල රැකියා සදහා යොමුකරන අතර පුහුණුවෙන් පසුව රැකියාවට බඳවා ගැනීමෙන් පසු රුපියල් 35,000 වැටුපක් ලබාදීමට නියමිත අතර විශ්‍රාම වැටුප් සහිත ස්ථිර රැකියා බවට පත්වන්නේ වසර 10 ක කාලයකින් පසුව බව සදහන් කලද එයද නිශ්චිත නැත.

මෙම සම්මුඛ පරීක්ෂන, රැකියා පුහුණුව හා රැකියා ලබාදීම යන කටයුතු සියල්ල ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂනය යටතට පත්කර තිබිම හරහා පැහැදිලිවම මෙය මිලිටරිකණය කිරිම අරමුණු කරගනිමින් දියත් වන්නක් බව පැහැදිලිය.සියල්ලටම වඩා මෙම තොරා ගැනිම සදහා නිර්ණායක ලෙස යොදාගෙන ඇත්තේ මිලිටරි බුද්ධි අංශ නිලධාරීන්, බෞද්ධ භික්ෂූන් සහ ග්‍රාමසේවා නිලධාරීන් විසින් නම්කරන තරුණ/තරුණියන්ද වේ.

එහිදි ග්‍රාමසේවා නිළධාරිවරයා අදාළ තරුණයා/තරුණිය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අයෙකු බව තහවුරු කලයුතුය. ගමේ පන්සලේ හාමුදුරුවෝ (බෞද්ධ භික්ෂූන්) විසින් අදාළ තරුණයා/තරුණිය සිංහල බෞද්ධයෙකු බව තහවුරු කලයුතු අතරම මිලිටරි බුද්ධි අංශ නිලධාරීන් හරහා එම තහවුරු කිරිම් නිවැරදිද යන්න සොයා බැලිමට නියමිතයි.

පැහැදිලිවම මෙම මිලිටරිකරණය කරන තරුණයා/තරුණිය යොදා ගනිමින් ආණ්ඩුවේ දුෂණ,වංචා මෙන්ම රාජ්‍ය සේවකයන් කප්පාදුවට එරෙහිව නැගී සිටින රාජ්‍ය සේවකයන් මර්දණය සදහා මුගුරක් ලෙස යොදා ගන්නා බව පැහැදිලිය.මෙම රැකියා ලාභීන් රාජ්‍ය බුද්ධි අංශය ඇතුලු‍ ආරක්ෂක ජාලය සමග සමීපව කටයුතු කිරිම අනිවාර්ය වන අතර ඒ හරහා මෙම මර්දණය දියත් කිරිම ගෝඨා ඇතුලු මිලිටරිකරණ හස්තයට පහසු වනු ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ සමාජ ජාලා පිටුවෙන් උපුටා ගන්නා ලද රැකියා සම්බන්ධ සටහන

රුකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ඇරඹේ.

• රැකියා අපේක්ෂකයන් විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 වන දිනට සම්පූර්ණ කර තිබිය යුතුය.

• එදිනට වයස අවුරුදු 35ට නොවැඩි විය යුතුය.

• අයැදුම්කරු, අයැදුම්පත ඉදිරිපත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථීර පදිංචිකරුවෙකු සහ පූර්වාසන්න වසර 03 කාල සීමාව තුළ රැකියාවක නිරත නොවූවකු විය යුතුය.

• අයැදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප්‍රතිඵල ලේඛනයේ ඡායා පිටපතක් (මුල් පිටපත අනුව, සසඳා සාමදාන විනිශ්චයකාරවරයෙකු/නීතිඥයෙකු විසින් සත්‍ය පිටපතක් බව සහතිකර) 2020-02-14 වන දිනට පෙර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් එවිය යුතුය.

• අයැදුම් පත්‍රය ජනාධිපති කාර්යාලීය www.presidentsoffice.gov.lk වෙබ් අඩවියෙන් පෙබරවාරි 07දින උදෑසන 9න් පසු බාගත හැකිය.

• රැකියා විරහිත උපාධිධාරින්/ඩිප්ලෝමාධාරී රැකියාගත කිරීමේ වැඩසටහන 2020, ආයතන කළමනාකරණ සහ සම්බන්ධිකරණ අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01 ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.

• ලිපියේ වම් පස ඉහළ කෙළවර, උපාධිධාරියෙකු නම් “උපාධිධාරී /(දිස්ත්‍රික්කයේ නම) යනුවෙන් ද,ඩිප්ලෝමාධාරියෙකු නම් ඩිප්ලෝමාධාරී / (දිස්ත්‍රික්කයේ නම) යන්නද සඳහන් කර තිබිය යුතුය.

• නියමිත දිනට පසුව ලැබෙන අයැදුම්පත්‍ ප්‍රතික්ෂේප කරනු ලැබේ.

• තෝරා ගන්නා පිරිස අධ්‍යාපන අමාත්‍යාංශය (ග්‍රාමීය හා වතු පාසල්), වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය (ග්‍රාමීය රෝහල්/ඩිස්පෙන්සරි), මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ක්ෂේත්‍රවල සේවා නියුක්ත කෙරේ.

• වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000/ක දිමනාවක් ගෙවනු ලැබේ.

•දිස්ත්‍රික්ක පදනමින් පත්වීම් කෙරෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 05ක් සේවය කිරීම අනිවාර්ය
වේ.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…



Published on: Feb 6, 2020- ළමා නිවාසයක් පවත්වාගෙන යන මුවාවෙන් කිසිදු හවුහරණක් නැති කුඩා දැරිවියන් තමන්ගේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ Voice Cut චීවරධාරින්ගේ පහත් ලිංගික ආශාවන් සංතෘප්ත කරගැනීමට යොදාගන්නා චීවරධාරියෙකු පිලිබඳව අප දේශපාලන වාර්තාකරු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

නීතියේ ඇසට වැලිගසමින් චිරාත් කාලයක් තිස්සේ ඉතාම සුක්ෂම අන්දමින් ජයවර්ධනපුර ප්‍රදේශයේ මෙම ළමා නිවාසය පවත්වාගෙන යන අතර එහි භාරකාරත්වය දරණුයේ මහානායක හිමියන්ගේ ආහාරවලට වසදී ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කල “ශ්‍රි” කැල්ලක් නාමයේ සදහන් මජර,රස්තියාදු චිවරධාරියෙකු විසිනි.

(ළමා නිවාසයේ නාමය හෝ චිවරධාරියාගේ නාමය හෙළිදරවු නොකරන්නේ දරුවන්ගේ යහපත සලකා බව කරුණාවෙන්ස ලකන්න …. වහාම නීතිය ක්‍රියාත්මක කිරිමට වත්මන් ආණ්ඩුවේ බලධාරීන් කටයුතු නොකලහොත් සියලුම සාක්ෂි සහිත අනාවරණයක් සිදුකිරිමට අප සුදානම් )

එසේම තවත් නීති විරෝධී සහ සමාජ විරෝධී ක්‍රියා රැසකට සම්බන්ධ බවට තොරතුරු ඇති මෙම චීවරධාරියාගේ යටගිය පැටිකිරියද අපට වාර්තා විය.

කලක් දලදා මාලිගාවේ තේවාව භාරව මෙන්ම කාරක සංඝ සභිකයෙකු ලෙසද කටයුතු කර ඇති මොහු අස්ගිරි පාර්ශවයේ සිටි ජ්‍යෝෂ්ඨතමයෙකි. අස්ගිරි පාර්ශවයේ මහානායක ධුරය ලබාගැනීමේ අරමුණින් එවකට මහානායක ධූරය දැරූ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියන්ගේ ආහාරවලට වසදී ඝාතනය කිරීමට තැත්කිරීම හා තවත් ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ කලක් බන්ධනාගාරගතව සිටි මේ චීවරධාරියා භික්ෂු භාවය අහෝසි කර ශාසනයෙන් නෙරපා දැමූ අයෙකි.

ඇවන්ට් ගාඞ් අධිපති නිශ්ශංක සේනාධිපති සමගද සමීප සබඳතාවයක් ඇති “ශ්‍රි” මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ඇවන්ට් ගාඞ් ගිණුමෙන් ළමා නිවාසයේ ගිණුමට බැරකර ගැනිමට සමත්වු අයෙකු වන අතර මහ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපතිට චොදනා එල්ල වු සමයේ ඔහු වෙනුවෙන් මාධ්‍ය හමුවල පවා ප්‍රසිද්ධියේ පෙනී සිටි පිරිස අතර ඉදිරියෙන්ම සිටි අයෙකුද වනවා.

එසේම තමන්ගේ එකකුස උපන් වැඩිමහල් සහෝදරයාගේ දියණිය අඹුකමේ තබාගත් පාපතර බාප්පා කෙනෙකි.මේ වන විට ඔහුට දාව අවුරුදු 25 ඉක්මවූ දරුවකුද සිටින අතර තමන්ට හිමි මහා ධනස්කන්ධයේ වැඩිප්‍රමාණයක් අඹුවගේ නමින් සඟවා ඇත. පිට කෝට්ටේ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක්ද මොහු විසින් ඇයගේ නමින් පවත්වාගෙන යයි. විශේෂයෙන් ස්ත්‍රී දූෂණ බොහෝමයකට වගකිවයුතු මොහු චීවරය, ධනය හා දේශපාලන සම්බන්ධකම් භාවිතා කරමින් ඒවා සඟවා ගැනිමට සමත්වු අයෙකි.

කොලඹ ප්‍රදේශයේ කෝටිගණනක ඉඩකඩම් හා දේපොල හිමි මේ චීවරධාරියා මවුපියන් අහිමි අහිංසක දරු දැරියන් විකුණමින් එම දරුවන්ගෙන් තමන්ගේ පහත් ලිංගික ආශාවන් සපුරාගන්නා මේ පාපතරයා තම මිලමුදල් බලයෙන්, මැරකමින් හා දේශපාලන සමබන්ධකම්වලින් නීතියේ ඇසට වැලිගසමින් සිටියි.

කලකට ඉහතදීද එම ළමා නිවාසයේ සිටි වෙනත් චීවර ධාරියෙකුද දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Feb 6, 2020- වත්මන් ආණ්ඩුව බදු ප්‍රතිපත්ති සමාලෝචනයකින් තොරව රජය බදු අඩු කිරීම තුලින් මේවන විට ආණ්ඩුව විශාල ණය උගුලකට පැටලී ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

මේ වන විට ආණ්ඩුව තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කරමින් සිටින බවත් රටේ ජනතාව මේවන විට විශාල ආර්ථික ගැටළු රාශියකට මුහුණ පා ඇති බවත් නැවතත් මෙම ආණ්ඩුව රටේ ජනතාව පොලිමවල තැබීමට ක්‍රියා කර ඇති බවත් ඔහු අවධාරණය කළා.

තමන්ට සුළුතර ආණ්ඩුවක් ඇති බව මෙම ආණ්ඩුව පවසමින් සිටියත් 2015 දී එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ද සුළුතර බලයක් සමගින් ජනතාවට විශාල සහන සැලසු බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා පෙනෙන තෙක්මානෙක හෝ වත්මන් ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරන බවක් නොපෙනෙන බවද කියා සිටියා.

ළූනු කිලෝවක මිළ රුපියල් 240 වු සමයෙ මහින්ද රාජපක්ෂ වේදිකාවල දැන් සැපද කියමින් විවිධ ප්‍රකාශ කල බවත් මේ වනවිට පොලිම් සංස්කෘතියක්ද ආරම්භ වි තිබේන බවයි මන්ත්‍රීවරය පෙන්වා දුන්නේ.

Published on: Feb 6, 2020- ශ්‍රී ලංකාවේ නිදහස් දිනයේදී බලහත්කාරයෙන් අතුරුදහන් වූ තම ආදරණීයයන් සිටින ස්ථානය පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලා සිටිමින් උතුරේ කිලිනොච්චි, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන දිස්ත්‍රික්කයකම විරෝධතා රැස්විම් සහ පා ගමන් පැවැත්වුනා.

අතුරුදහන් වූවන්ගේ දෙමළ පවුල් 4 වැනිදා උදෑසන කළු කොඩි ඔසවා පෙළපාලි ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් වීම් සම්බන්ධයෙන් වගකිවයුත්තන් රඳවා තබා ගැනීමට සහ ඔවුන්ගේ අතුරුදහන් වූ ආදරණීයයන් සොයා ගැනීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඉල්ලා සිටිය අතර ඒ සදහා ගෝඨාභයගේ පොලිසියේ ආරක්ෂාවද හිමිවුනා.

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඔසවා තැබීමේ සැමරුම්වලින් හෝ ශ්‍රී ලංකාවේ වාඩිලාගෙන සිටින ඒකීය රාජ්‍යයේ ජාතික ගීයට සම්බන්ධ වීම නතරකල ඔහුන් පෙබරවාරි 4 වැනිදා “කළු දිනය” ලෙස නම්කිරිමටද කටයුතු කළා.ඒ අනුව මින් ඉදිරියට පෙබරවාරි 4 වැනිදා “කළු දිනය” ලෙස හදුන්වනු ලැබේ.

1948 පෙබරවාරි 04 සිට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඊනියා නිදහසින් පසුව දෙමළ ජාතිය ක්‍රමානුකූල ව්‍යුහාත්මක ජන සංහාරයකින් වසර 72 ක් තිස්සේ ලක්ව තිබේ.එමනිසා ද්‍රවිඩයන්ට ස්වයං පාලනයක් ලබාදිමට රජය කටයුතු නොකල හෙයින් එම අසාධාරණය සිහිපත් කරමින් පෙබරවාරි 4 වැනිදා දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශ කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ කලා ශිෂ්‍ය සංගමය නිවේදනයකද නිකුත් කර තිබේ.

මිට අතරව එහි දක්වා ඇත්තේ දෙමළ අභිලාෂයන් තෘප්තිමත් කරන දේශපාලන විසඳුමක් ලබා ගත හැක්කේ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් තුළින් පමණක් වන අතර, දෙමළ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම අරමුණු කරගත් අභ්‍යන්තර ක්‍රියාවලීන්හි දී ශ්‍රී ලංකා රජය අව්‍යාජ නොවනු ඇති බවයි.(අදාළ නිවේදනය පහතින් අමුණා ඇත.)

මහවිරු සැමරුම් සියල්ල නතරකන බවට වහසී බස් දොඩමින් බලයට පැම්ණී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා
ඇතුලු ආණ්ඩුව වසරේ විශාලම මහවිරු සැමරූමට ඉඩ දි නැට්ට පස්සේ හංගාගෙන සිටි බව බත්කන ජනතාවට අමතක නැත.විමල්,ගම්මන්පිල වැනි පඩත්තල කටවාචාලයන්ගේ සිට වර්ථමානයේ ආරක්ෂක ලේකම්ව සිටින,ජාත්‍යන්තර පාසල්ව ල පොඩි ලමයින්ට මානසික වද දි ආතල් ගත් කමල් ගුණරත්න වැනි අඩමයන්ද දැන් සද්දයක් නැත.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…


Loading…


Published on: Feb 6, 2020 –විශේෂ අධිකරණයක් මගින් වෝහාරික විගණන වාර්තාව ගැන අධිකරණ ක‍්‍රියාමාර්ග ආරම්භ කරන ලෙසත් එතෙක් අජිත් නිවාඞ් කබ්රාල්ගේ ඇතුලු වෝහාරික විගණන වාර්තාවේ  නම් සඳහන් සියලූ දෙනාගේ පාස්පෝට් අධිකරණය භාරයට ගතයුතු බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. කොළඹ පැවැති බැඳුම්කර කොල්ලයේ තිත්ත ඇත්ත සම්මන්ත‍්‍රණයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

සුදුකරපටි අපරාධකාරයින් බේරගන්න පක්ෂ දෙකම සුදානම්….

අපි මේ කතා කරන්නේ සීසීටීවී කැමරාවකින් බලාගන්න පුළුවන් මංකොල්ලයක් ගැන නෙවෙයි. මේක සහමුලින්ම දැනුම පාවිච්චි කරලා කරන මංකොල්ලයක්. සුදුකරපටි අපරාධයක්. සාමාන්‍ය හොරු වගේ මේ හොරු අදුරගන්න බැහැ. මේ අය අදින්නේ ටයිකෝට්. ඉංග‍්‍රීසියෙන් කතා කරන, ලොකු ඉස්කෝලවලට ගිය, ලොකු පවුල් පසුබිමක් තියෙන, පිටරට ගිහින් උපාධි ගත්ත, දැනටත් රජයේ ඉහළ ආයතනවල සභාපති ධුරවල, අධ්‍යක්ෂක මණ්ඩලවල ඉන්න අය තමයි මේ සුදුකරපටි අපරාධවලට සම්බන්ධ වෙලා ඉන්නේ. මේ අයට පක්ෂ නැහැ. ගමේ ඡන්ද දායකයින් වගේ බෙදිලා නැහැ. මේ අය ශ‍්‍රී ලංකා යූඑන්පී හැම පක්ෂයකම ඉන්නවා; ජවිපෙ හැර. මේක තමයි තිත්ත ඇත්ත. එක පාටියේ, කොක්ටේල් එකේ, වෙඩින් එකේ, එක පක්ෂයේ ඉන්නවා. ඒ නිසා මේ සුදුකරපටි අපරාධකාරයින් බේරගන්න මේ පක්ෂ දෙකම පෙනී ඉන්නවා. ඒ නිසා අපිටත් මාධ්‍යවේදීන්ටත් වගකීමක් තියෙනවා දැනුම් පාවිච්චි කරලා කරන මේ අපරාධ එළියට ගන්න. ඒ නිසා බැඳුම්කරයේ තිත්ත ඇත්ත කතා කරන්න වෙනවා.

විගණක කියන්නේ මුර බල්ලෙක් මිසක් දඩ බල්ලෙක් නෙවෙයි.

වෝහාරික විගණන වාර්තා 05 එළියට ආවට පස්සේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් හොඳටම කලබල වෙලා. ඒ වගේම අර්ජුන් මහෙන්ද්‍රන් කලබල වෙලා. මීට කලින්ම හිටපු අධිපති සුනිල් මෙන්ඩිස් මහත්තයා කලබල වෙලා නැහැ. තවත් අධිපතිවරු ඉන්නවා. මේ ගැන වචනයක්වත් කියන්නේ නැහැ. නමුත් අජිත කබ්රාල් කියනවා මේ විගණන වාර්තා හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් කියලා. අපිට පේන්නේ පුහුල් හොරා කරෙන් දැනෙයි කියලා. කබ්රාල් කර පිහින හැටි අපිට පේනවා. හොරා අනෙක් අයට කියනවා හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා. ඒ නිසා මේ හොරු හෙළිදරව් කිරීමේ වගකීම අපිට තියෙනවා. රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලඥයින් මේ වාර්තා 05ටම ගැහුවොත් අර්ජුන මහෙන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් වාර්තාවත් ඔවුන් ආරක්ෂා කළා වෙනවා. මේකේ එක වාර්තාවක තියෙන්නේ රනිල් වික‍්‍රමසිංහගේ කලේ බැදුම්කර වංචාව ගැන. එතකොට වෙන්නේ ළමයයි බේසමයි දෙකම කුණු කූඩෙට දැම්මා වගේ වැඩක්. ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු මේ විගණන වාර්තා ගැන දන්නේ නැහැ. වාර්තාවලට ගහපල්ලා කිව්වම ගහනවා. ඒ ගහන හැම වචනයකින්ම රටට පේනවා මේ ආණ්ඩුවේ අයත් එජාපයේ ෆුට් නෝට් කල්ලිය වගේමයි කියලා. එදා අජිත් පෙරේරලා, සුජීව සේනසිංහලා අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කරන්න ෆුට් නෝට් දැම්මා. අද රාජපක්ෂ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු ඒ ෆුට්නෝට් කල්ලියට එකතුවෙලා. පාඩු වගේම ලාබත් තියෙනවා ඇයි ලාබ ගැන කතා නොකරන්නේ කියලා අපෙන් අහනවා. ආයතනයක් ලාබ ලබන්න තමයි ව්‍යාපාර කරන්නේ. වැඩිම ලාබ ලබන අයට තෑගි පවා දෙනවා. ඒක ආයතනයේ වගකීම. නමුත් විගණනයෙන් කරන්නේ පාඩුවට හේතු හොයන එකයි. විගණක කියන්නේ මුර බල්ලෙක් මිසක් දඩ බල්ලෙක් නෙවෙයි. වැරදි හා වංචාවලින් තොරව මූල්‍ය කටයුතු කරලා තියෙනවාද කියලා පරීක්ෂණ කිරීම තමයි විගණකගේ රාජකාරිය.

වෝහාරික විගණනය කරලා තියෙන්නේ ලෝකය පිළිගත් සමාගම් දෙකක්

විගණන වර්ග කිහිපයක් තියෙනවා. මූල්‍ය විගණනය, කාර්යසාධන විගණනය, අනුකූලතා විගණනය මේ හැම දේම එකතුවක් තමයි විගණනය කියන්නේ. එවැනි එක් විගණනයක් තමයි වෝහාරික විගණනය. හරියට වෝහාරික මරණ පරීක්ෂණය වගේ. සාමාන්‍ය මරණ පරීක්ෂණයක් නෙවෙයි. අධිකරණ කි‍්‍රයාවලියක් සඳහා තමයි වෝහාරික විගණනයක් කරන්නේ. මෙහි අරමුණ අධිකරණයට යොමු කිරීම. ඒක කළේ මහබැංකුවේ කාමරයකද? ඒක කරනකොට මහබැංකුවෙන් තේ බිව්වද? කෑම කෑවද කියලා හොයන එක ලාභ දෙයක්. මහ බැංකුවේ මහමොළකරුගේ කාලයේමයි මේ විගණනය කරලා තියෙන්නේ, මහ බැංකුවේ බිල්ඩිමේමයි කරලා තියෙන්නේ වගේ සරල තර්ක ඉදිරිපත් කරනවා. හොරකම වහන්න දැනුම පාවිච්චි කරනවා. විගණන කරන්න පුළුවන්ද මහපාරේ ඉඳගෙන. ආයතනයක විගණනයක් කරනකොට ඒ ආයතනයේ ඉන්න වෙනවා. ඒ ආයතනයේ සියලූ තොරතරු ලබාගන්න වෙනවා. ආයතනයෙන් දෙන තේ එක බොන්න වෙනවා. විගණකගේ කාර්යභාරය බලන්න පුළුවන් වාර්තාවේ කරුණු අනුව. මේ වෝහාරික විගණනය කරලා තියෙන්නේ ලෝකය පිළිගත් සමාගම් දෙකක්. ඒ සමාගම්වල ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය වෙනවා මේ වාර්තාවලින්. සත්‍ය හා සාධාරණ මතය නිවැරදි විශ්ලේෂණය වැදගත්. සමාගමේ කීර්තිනාමයට හානි කරගන්නේ නැහැ.

මේ ගණන් හදලා තියෙන්නේ අතරමැදියන් විසින් මංකොල්ල කාපු ප‍්‍රමාණය.

බැඳුම්කරවල ලාබ පාඩු හොයන්නේ කොහොමද. බැදුම්කර කියන්නේ රජය ණය ගන්න පහසු ක‍්‍රමයක්. ණය ගන්න ක‍්‍රම කිහිපයක් තියෙනවා. ඒ ණය ගන්න ක‍්‍රමවලින් සුදුසුම ක‍්‍රමයට ණය ගන්න මහ බැංකුව කි‍්‍රයාකළ යුතු වෙනවා. මහබැංකුවේ මුදල් මණ්ඩලය, ටෙන්ඩර් මණ්ඩලය, ආයෝජන කමිටුව සහ අධිපතිගේ වගකීම තමයි රජයට අවම අවාසිය සිදුවෙන ක‍්‍රමය හොයාගන්න එක. තැරැුව්කරුවන් ඉදිරිපත් කරන ලන්සුවම ගන්න ඕන නැහැ. රජයට වාසි ලන්සුව තමයි ගත යුත්තේ. අර්ථ සාධක අරමුදල මහබැංකුවෙන් බැදුම්කර මිලදී ගන්නවනම් නිර්ණායකය තමයි අවම අවාසිය සිදුවෙන ක‍්‍රමය තෝරාගැනීම. මේ බැඳුම්කර කොල්ලයේදී සිදුවෙලා තියෙන්නේ රජයට උපරිම අවාසිය වෙන ආකාරය තමයි තෝරාගෙන තියෙන්නේ. ගැටලූව මතුවෙන්නේ ඒ නිසා. බැඳුම්කර ගැන විගණන පරීක්ෂණයක් කරනකොට හොයන්නේ ඒ අවම අවාසිය වෙන විදියට අරගෙන තියෙන්නේ කියලා. ලෝකයේ මොන විගණන සමාගමක් කළත්, අපේ කෝප් කමිටුව පරීක්ෂණ කළත් ඒක තමයි හොයන්නේ. බැඳුම්කර මංකොල්ලයේදී සිදුවුනේ අර්ථ සාධක අරමුදල සෘජුව මහ බැංකුවෙන් බැඳුම්කර ගත්තේ නැතුව අතරමැදියන් හරහා බැඳුම්කර මිලදීගැනීම. කොමිස් කාක්කෝ ඉන්නවා. ඥාතීන් ඉන්නවා. අර්ථසාධක අරමුදලෙන් බැඳුම්කර මිලදී ගන්නකොට මේ කොමිස් කාක්කෝ අතරමැදියන් ලෙස අමතර ගානක් හම්බකරගත්තා. ඒ අය වහන්න හදන්නේ ඒක. අපි හෙළිකරන්න හදන්නෙත් ඒක. ඒ කොමිස්කාරයෝ ඥාතියෝ. මහ බැංකුවටත්, අර්ථසාධක අරමුදලටත් සිදුවූ පාඩුව ලාබයක් ලෙස උපයාගත් තැරැුව්කරුවන් පිරිසක් ඉන්නවා. මේ ගණන් හදලා තියෙන්නේ අතරමැදියන් විසින් මංකොල්ල කාපු ප‍්‍රමාණය. එනිසා සාමාන්‍ය විදියට මේවා ගණන් හදන්න එපා.

අර්ථ සාධකයට කෙලවපු කෙලවිල්ල 

අර්ථ සාධක අරමුදල කියන්නේ ස්වාධීන අරමුදලක්. ඒක අයිති අපේ රටේ වැඩකරන ජනතාවට. මහ බැංකුව කියන්නේ අර්ථ සාධක අරමුදලේ අයිතිකාරයා නෙවෙයි. භාරකාරයා විතරයි. මහබැංකුවට ඕන විදියට අර්ථසාධක අරමුදල ආයෝජනය කරන්න බැහැ. ඇත්තම අයිතිකරු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා. මහ බැංකුව කළ යුත්තේ සාමාජිකයාට ප‍්‍රතිලාභ ලැබෙන විදියට ආයෝජනය කිරීමයි. නමුත් 2013.06.04 වෙනිදා අර්ථසාධක අරමුදලේ ආයෝජන කමිටුව කළමනාකරණ කමිටුවට නිර්දේශයක් එවනවා අජිත් නිවාඞ් කබ්රාල් නිර්දේශ කළා කියලා 2013.06.05 වෙනිදා ඉඳලා අර්ථසාධක අරමුදල ප‍්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස නොව ද්විතීයික ගැණුම්කරුවෙකු ලෙස වැඩිපුර මුදල් ආයෝජනය කළ යුතු බවට. පළමු අවස්ථාවේ බැදුම්කර මිලදී ගන්නවා වෙනුවට තැරැුව්කරුවන්ගෙන් මිලදී ගන්න කටයුතු කළ යුතුයි කියලා. එහෙමයි හොරාට වැඬේ භාරදෙන්නේ. පළවෙනි අවස්ථාවේ ගනුදෙනු කිරීමයි අර්ථසාධක අරමුදලට වැඩි ලාබයක් ලැබෙන්නේ. 2008 ඔක් 07වෙනිදා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණයක් අරගෙන තිබුණා ද්විතීයික වෙළදපොලේ පොලී අනුපාතයට වඩා 0.05%ක් අර්ථසාධක අරමුදලට වැඩි පොලියක් ලබාදිය යුතුයි ප‍්‍රාථමික ගැනුම්කරවෙකු ලෙස කටයුතු කරන වෙලාවේ කියලා. වාසිය අර්ථසාධක අරමුදලේ සාමාජිකයාට වැඩි ප‍්‍රතිලාභයක් ලැබීම. ඒ තීරණය උල්ලංඝනය කරනවා අජිත් නිවාඞ් කබ්රාල්. ප‍්‍රාථමික වෙළඳපොල වෙනුවට ද්විතීයික වෙළඳපොලේ වැඩිපුර මුදල් ආයෝජනය කරන්න කියලා අර්ථසාධක අරමුදලට නිර්දේශ කරනවා. මේ සියල්ල සාක්ෂි ඇතුව තියෙනවා. විෂයගත කරුණු. එම නිර්දේශයෙන් පසුව 2013 සැප්තැම්බර් මාසයේ තමයි පළවෙනි වතාවට ප‍්‍රාථමික ගනුදෙනු කරුවෙකු ලෙස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් බැඳුම්කර වෙළඳපොලට එන්නේ. ඒ අර්ථසාධක අරමුදල ප‍්‍රාථමික වෙළඳපොලන් ඉවත් කළාට පසුව. ඉන්පසුව අර්ථසාධක අරමුදලට සිදුවුනා පර්පචුවල් ආයතනයෙන් ද්විතියිකව බැඳුම්කර මිලදීගන්න.

ඇලෝසියස්ගේ පවුල,කබ්රාල්ගේ පවුල 

මේ වාර්තාවේ සඳහන් වෙනවා 2014 ජූනි මාසයේ සිදුවුන ගනුදෙනුවක් නිසා, එනම් අර්ථසාධක අරමුදල ද්විතියිකව පර්පචුවල් ආයතනයෙන් බැඳුම්කර මිලදී ගත් නිසා මිලියන 97ක් පාඩු වුනා කියලා. ඒ පාඩුව සිදු වුනේ අජිත් නිවාඞ් කබ්රාල්ගේ තීරණය නිසා. මේ විදියට 2005 සිට 2015 දක්වා අර්ථසාධක අරමුදලට සිදුවෙලා තිබෙන පාඩුව ප‍්‍රාථමික වෙළඳපොලේදී මිලියන 9071ක්. ද්විතියික වෙළඳපොලේදී මිලියන 751ක පාඩුවක් සිදුවී තිබෙනවා. මේවා තමයි තිත්ත ඇත්ත. මේ කාලයේ තමයි අධිපතිගේ නංගී (අජිත් කබ්රාල්ගේ) ශිරෝමී නොයෙල් වික‍්‍රමසිංහ පර්පචුවල් ආයතනයේ අධ්‍යක්ෂකවරියක් ලෙස සේවය කරන්නේ. ඒක විගණන වාර්තාවේ තියෙනවා. ඒ කාලෙම අර්ජුන ඇලෝසියස් ඉන්නවා. ඒ නිසා තමයි අපි කියන්නේ පුහුල් හොරා කරෙන් දැනෙනවා කියලා. දැන් අපිට කියන්න මේ වාර්තාව කොහොම හැදුවත් අජිත් නිවාඞ්ගේ නංගී ශිරෝමී වික‍්‍රමසිංහ නෙවෙයිද? තව තව ඥාති ඉන්නවා. එක පැත්තකින් අජිත් කබ්රාල්ගේ පවුල ඉන්නවා. අනෙක් පැත්තෙන් අර්ජුන් ඇලෝසියස්ගේ පවුල ඉන්නවා. මේවා බොරු කියන්නේ කොහොමද? ඥාතීත්වය බැඳිම් ගැන මේ වාර්තාවේ කියනවා. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ් ඒ විජේවර්ධන මහත්තයත් ජනාධිපති කොමිසමේදී මේ ඥාතීත්වයන්ගේ බැදීම් ගැන කියලා තියෙනවා. නංගිලා, මස්සිනාලා ස්ථානගත වෙන්නේ නිකන් නෙවෙයි. අපේ රටේ මුල්‍ය වෙළඳපොළ පවුල් බලයෙන් අල්ලගෙන ඉන්නේ. ඒ අයට පුළුවන් කොටස් වෙළඳපොලේ, බැඳුම්කර වෙළඳපොලේ පොලී අනුපාත එහෙ මෙහෙ කරන්න. මේ ඔක්කොම හොරු දැන් රකිනවා. හොරු ටික හැංගිලා ඉඳගෙන කියනවා දේශපාලකයෝ අපිව රකිනවනේ කියලා. යුක්ති සහගත සමාජයක් නම් අපි මේ සුදුකරපටි අපරාධකාරයෝ සියල්ලට අධිකරණය හමුවට ගෙනත් දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න ඕනෑ.

දැන් බැඳුම්කර ගනුදෙනු වන්නේ ඔටෝමේටඞ් ක‍්‍රමයට

2015 පෙබරවාරි 27 බැඳුම්කර ගනුදෙනුව සිදු වුනාට පස්සේ අපි මාර්තු මාසයේ මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්වුවා. පක්ෂය වෙනුවෙන් මම මාධ්‍ය හමුවේදී කිව්වා මේ බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අර්ජුන මහේන්ද්‍රන්ගේ සේවය අත්හිටුවලා පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා. 2015 පෙබරවාරි 27 බැඳුම්කර හොරකම සිදුවෙලා දින තුනක් යනකොට අපේ පක්ෂයේ සහෝදරයෙක් අපිට මේ තොරතුරු ලබාදුන්නා. ඒ නිසා තමයි අපිට මේ වංචාව රටට හෙළිදරව් කරන්න පුළුවන් වුනේ. ඒ සහෝදරයා අද මේ සම්මන්ත‍්‍රණයේ ඉන්නවා. එදා සිට පටන් ගත්ත අරගලය තමයි මේ වෝහාරික විගණනයක් දක්වා ඉදිරියට ගිහින් දැන් හැමදෙනාගේම රෙදි ගැලවෙන්නේ. දැන් බැඳුම්කර ගනුදෙනු ඔටෝමේටඞ් ක‍්‍රමයට සිදුවෙනවා. වංචා කරන්න බැරි තත්වයට අද මහබැංකුව ක‍්‍රම හදලා තියෙනවා. ඒවා සිදු වුනේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් මේ තොරතුරු රටට කියපු නිසා. ඒක තමයි ඇත්ත. මේ රටේ හැමදේම අගය නොකරන මිනිස්සුන්ට අගයක් නැහැ. සුනාමියේදී අපි වැඩ කළා. ඒක අගය කළේ නැහැ. සුනාමි සහන මණ්ඩලය අහෝසි කරන්න අපි මැදිහත් වුනා. ඒක අගය කළේ නැහැ. උතුරු නැගෙනහිර වෙන් කරන්න අධිකරණයට ගියා. ඒක අගය කළේ නැහැ. අපේ රටේ පොලී අනුපාත මේ විදියට තියෙන්නේ, අර්ථසාධක අරමුදල බේරිලා තියෙන්නේ මේ හෙළිදරව් නිසා. අපේ කැපකිරීම අනාගත සමාජයට දායකත්වයක් සපයයි.

තිත්ත ඇත්ත

මෝඩ තකතීරු දේශපාලකයින්ගේ තීරණ, නිලධාරීන්ගේ, ඥාතීන්ගේ හොරකම් නිසා රටට සිදුවුණු පාඩුවක් තියෙනවා. ඒක රටට කියන්න ඕනෑ. 2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ අජිත් නිවාඞ්ගේ අධිපතිත්වය යටතේ බැඳුම්කර නිකුත් කිරීමේදී ප‍්‍රාථමික වෙළඳපොලේදී සිදුවූ පාඩුව කෝටි 1047යි. ඒ කාලය තුළම වෙන්දේසි ක‍්‍රමය තුළ නිසා පාඩුව උපරිම මිලියන 10622යි. වෙන්දේසි ක‍්‍රමයට පමණක් මිලියන 151යි. 2015 පෙබ 01 සිට 2016 දෙසැ 31 දක්වා දක්වා රනිල් වික‍්‍රමසිංහ කාලය තුළ අර්ජුන් මහෙන්ද්‍රන් ගෙනාවා. ඔහු විදේශිකයෙක්. රනිල් මුදල් අමාත්‍යංශය යටතේ තිබුණ මහබැංකුව තමන් යටතට ගත්තා. වෙන්දේසියට සෘජුව හවුල් වුනා. මේ සියල්ල තියෙනවා. බෑනා ගනුදෙනුවල ඉන්න බව දැනගෙන මාමා අධිපතිකමට දැම්මා. ඒ කාලය තුළ පාඩුව මිලියන 9681යි. ඒ පාඩුව ඇතුලේ තමයි 2015 පෙබ 27 සිදුවුණු ගනුදෙනුවත් තියෙන්නේ. ඒ ගනුදෙනුව සිදුවෙන වෙලාවේ විතරක් පාඩුව මිලියන 689යි. ඒකෙන් තමයි අහු වුනේ. ඒක ද්විතියික වෙළඳපොලේ ගනුදෙනුව අවුරුදු 30කට සිදුවෙන කොට පාඩුව කොයිතරම්ද කියලා ගණනය කරන්න ඕනෑ. සල්ලි අතේ නැතුව මේ අය බැඳුම්කරවලින් හොරකම් කළා. ඒ සියල්ල මේ වාර්තාවේ තියෙනවා. ඒ වගේම 2015 සිට 2016 දක්වා අර්ථසාධක අරමුදලට සිදුවුණු පාඩුව මේ වෝහාරික විගණන වාර්තාවේ ගණන් හදලා නැහැ. ඒ පාඩුවත් එලියට ගන්න ඕනෑ. කබ්රාල්ලා කෑ ගහන්න ඕනෑ ඒවට. තමන්ගේ අළු පිහදාගන්න නෙවෙයි. මේවා තමයි තිත්ත ඇත්ත.

නිධානය හාරලා තියෙන්නේ දෙගොල්ලම එකතු වෙලා.

මේ අය සමූහ ලෙස හොරකම් කරලා තියෙන්නේ. මේ ඔක්කොම හොරු. ඒ නිසා මුල ඉඳලා අගට හෝ අග ඉඳලා මුලට හොයන්න ඕනෑ. කොහෙන් පටන් ගත්තත් අපිට කමක් නෑ. අපිට කොයි හොරත් එකයි. මුලින් අර්ජුන් මහෙන්ද්‍රන්ගෙන් පටන් ගත්තත් මුලට යන්න වෙනවා. මොකද අර්ජුන ඇලෝසියස්ගේ සමාගම ලියාපදිංචි කරනකොට අධිපති හිටියේ අජිත් නිවාඞ් කබ්රාල්. කබ්රාල්ගේ නංගී අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක්. මේ දෙගොල්ල එකට මංකොල්ල කාලා තියෙන්නේ. නිධානය හාරලා තියෙන්නේ දෙගොල්ලම එකතු වෙලා.

වාර්තාවේ නම් සඳහන් සියලූ දෙනාගේ පාස්පෝට් අධිකරණය භාරයට

අපේ රටේ අධිකරණය ස්වාධීන නම් කරන්න ඕනෑ නීතිපති නියෝගයක් ගන්න අජිත් නිවාඞ් කබ්රාල්ගේ පාස්පෝට් එක අධිකරණයට භාරදෙන්න කියලා. මේ වාර්තාවේ නම් සඳහන් සියලූ දෙනාගේ පාස්පෝට් අධිකරණය භාරයට ගන්න ඕනෑ. මේ නඩුව අහන්න පටන් ගන්න. පාර්ලිමේන්තු විවාදයෙන් දෙපැත්තම හොරා කියාගනී. සමහරු රට පනී. සතොසට හාල් ගෙනාවා. ගෙනාවේ ජොන්ස්ටන්. ඒවා සත්ව ආහාර කියලා රිෂාඞ් බදුර්දීන් විකුණලා දැම්මා. හවුලේ කළේ. එයාර් බස් මිලදී ගත්ත එකටත් දෙගොල්ල හවුල්. ගිවිසුම අත්සන් කරනකොට හොරකම් කළා. අහෝසි කරනකොටත් හොරකම් කළා. බැඳුම්කරෙත් එහෙමයි. මහ බැංකුව මහදවල් මංකොල්ල කෑවා කියලා කෑ ගහපු එක්කෙනක්වත් දැන් සද්ද නෑ. සමහර මාධ්‍ය ආයතනත් කොරෝනා උස්සගෙන යනවා.

මහජනතාවට සිදුවුණු පාඩුව අයකරගන්න තුරුම අපි මේ අරගලය ගෙනියනවා.

නඩුව අහන්න පටන් ගන්න. විත්තිකාරයා ගේන්න බැරිනම් විත්තිකාරයා නැතුව නඩු අහන්න. කතානායකතුමාට මුදල් ඇමතිට ජනාධිපතිට නියෝග කරන්න පුළුවන් වෝහාරික වාර්තාව අනුව අධිකරණ කි‍්‍රයාමාර්ග ආරම්භ කරන්න කියලා. වෙනම විශේෂ අධිකරණයක් ආරම්භ කරන්න ඕනෑ. අන්න එදාට විගණකවරු වැරදි නම් ඒවත් හොයාගන්න පුළුවන්. ඔවුන් අධිකරණයට කැඳවන්න පුළුවන්. සීඅයිඞී වාර්තා පවා වෝහාරික වාර්තාවේ තියෙනවා. කෝප් වාර්තා, ජනාධිපති විමර්ශන වාර්තා, විගණන වාර්තා සියල්ල පදනම් කරගෙන තමයි වෝහාරික වාර්තාවට යොදාගෙන තියෙනවා. විපක්ෂයේ ඉඳලා බලයට එන්න තිබුණ වුවමනාව දැන් දඩුවම් දෙන්න වුවමනාවක් නෑ. ඒ නිසා සමාජයෙන් බලපෑමක් කළ යුතුයි මහ මැතිවරණයට කලින් නඩු අහන්න පටන් ගන්න කියලා. මහජනතාවට සිදුවුණු පාඩුව අයකරගන්න තුරුම අපි මේ අරගලය ගෙනියනවා.

වරලත් ගණකාධිකාරී, ජ්‍යෙෂඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු

රටේ මහජන ධනය කිහිපදෙනෙක් එකතුවෙලා තමුන්ගේ පුද්ගලික ප‍්‍රයෝජනයට අරගෙන නිසාවෙන් තමයි මේ ප‍්‍රශ්නයේ බැ?රුම්කම තිබෙන්නේ. මහජනතාවගේ පැත්තෙන් මේ ප‍්‍රශ්නයට මැදිහත්වීමේ යම් අඩුවක් අපි දකිනවා. සමහර වගකිය යුතු පුද්ගලයන් හා කණ්ඩායම්ද මෙම සොරකම සම්බන්ධ බවට අපට තොරතූරු ලැබී තිබෙනවා. එනිසා ඔවුන් නිහඬ වුණා.

මේ ප‍්‍රශ්නයේදී මම ජනතා විමුක්ති පෙරමුණට විශේෂ ස්තූතියක් පුද කරනවා. මොකද මේ ප‍්‍රශ්නයේදි තොරතුරු සම`ග කරුණු හෙළිකළේ ඔවුන්. මෙවැනි පොදු මහජන දේපළ කොල්ලකෑමේදී ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමට සමාජයක් ලෙස අපේ සමාජය තවම ඉදිරියට ඇවිත් නෑ. මාධ්‍යවලින් පවා මෙවැනි දේවල්වලට වැඩි ඉඩකඩක් නෑ. සමහරවිට මෙවැනි සම්මන්ත‍්‍රණ හරහා ජනතාවට කරුණු කියන එකත් ඔවුන් සමච්චලයට ලක් කරනවා. ජවිපෙ මේ සියළු අභියෝග බාර ගෙන මෙම සම්මන්ත‍්‍රණය සංවිධානය කිරීම අගය කළ යුතූයි.

අප ජීවත් වෙන මේ ආර්ථික වෙළ`දපොළ යාන්ත‍්‍රණය මත ක‍්‍රියාත්මක වන කිසිවක් මේ සමාජයේ විශ්වාසය මත සිද්ධ වෙන්නේ නැහැ. මේ ක‍්‍රමය ඇතුලේ පුද්ගල අභිමතාර්ථ ධනය උපරිම කරගැනීම තමයි බලකරන්නේ. අප පුද්ගලික ජීවිතයක් ගෙවන ගමන් මේ මහා සමාජයේ පොදු ජීවිතයක්ද තිබෙන බව අමතක නොකළ යුතුයි. පොදු ආයතනවල භාවිතා කරන්නේ පොදු ධනයක්. මේ පොදු ධනය එක්ක කටයුතු කරන්නේ පුද්ගලයෝ. එහිදී තම පුද්ගල ඇල්ම උඩට එන්න බොහෝවිට පුළුවන්. මේ තත්වය පාලනය කරන්න නම් හො`ද පාලන යාන්ත‍්‍රණයක් තිබිය යුතුයි. මතු පිටින් මේ ආයතන මොන නම්වලින් තිබුණත් ඇතුලෙන් කඩන් වැටිලා. එනිසා ඒ තුල සිදුවන දේවල් මේ සමාජය ලොකු බරකින් ගන්නේ නැහැ. යමක් විගණනය කරන අයට විශාල වගකීමක් තියෙනවා. රාජ්‍ය ආයතන සහ පොදු සමාගම් සියල්ලේම තිබෙන්නේ මහජනතාවගේ ධනය. මෙවැනි තැන්වලදී පුද්ගලයෝ තම පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගන්න නිසා නීතියක් ගෙනල්ලා තිබෙනවා සුදුසුකම් ලත් විගණනයකු විසින් එම ආයතනවල මූල්‍ය වාර්තා පරීක්ෂා කරලා මහජනතාවට ඒවායේ සත්‍යය සහ සාධාරණත්වය පෙනෙන්නට සැලැස්විය යුතුයි. මේ වෙළ`දපොල ආර්ථිකය ඇතුලේ තම ස්වාධීනත්වය කෙළෙසාගත් තැන් ඕන තරම් තිබෙනවා. මේ වෝහාරික විගණන වාර්තාව උසාවියට ඉද්ිරිපත් කරන්න කියලා සමාජය විසින් බලපෑම් කළ යුතුයි. වගකිය යුතු පුරවැසියන් ඉන්න රටක නම් සිදුවිය යුත්තේ එයයි.

බැ`දුම්කර ගැන මෙතෙක් කල් රටේ සාමාන්‍ය ජනතාවට අවබෝධයක් තිබුණේ නෑ. නමුත් මේ සිද්ධියත් සම`ග දැන් දැන් යම් පමණකට දැනුවත් වෙලා තිබෙනවා. ඒක හො`ද දෙයක්. මහ බැංකුව ණය ගන්නා විට රටේ ආර්ථිකයට හානිකර වන අන්දමින් එය ඉටු කිරීම නොවෙයි මහ බැංකුවේ වගකීම. අද රාජ්‍ය ආයතනවල ටෙන්ඩර් කැ`දවීමේදීත් ඉහත බලධාරීන් කිහිප දෙනෙකුගේ ඒකාධිකාරය යටතේ තමයි එය සිදුවන්නේ. ඒ නිසා සිදුවන මගඩි අතිවිශාලයි. දැන් සමහරු තර්ක කරනවා 2015ට කලින් බැ`දුම්කර නිසා ඇතිවුණේ පාඩුවක්ය 2015ට පසු එහි ඇතිවූයේ වංචාවක්ය කියලා. වංචාවත් පාඩුවක් තමයි. මොකද වංචා කරන්න ගිහිල්ල තමයි පාඩු වෙලා තිබෙන්නේ. මේ බැ`දුම්කර ගණුදෙනු කරලා තිබෙන්නේ සද්භාවයෙන් නොවෙයි. පෞද්ගලික ලබැ`දියාවන් එක්ක. ඒ නිසා වංචාවකට යන්න තිබෙන ඉඩකඩ වැඩියි. අපි කියන්නේ මේක අධිකරණයට ගේන්න. මේ මහා කොල්ලය වගකිය යුතු සියළු දෙනාටම නිසි පරිදි නීතිය ක‍්‍රියාත්මක කරන්න කියලා.

Published on: Feb 4, 2020- 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කල කතාව සහ ඇමරිකානු විශේෂ නියෝජිතයන් පසුගියදා ලංකාවේ සංචාරය අතරතුර ඉල්ලා සිටි ඉල්ලිම් අතර දැඩි සමානකමක් තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ජනාධිපති ගෝඨාභය සාකච්ඡා කිරිම සදහා ට්‍රම්ප් ගේ විශේෂ නියෝජිත (White House Deputy Press Secretary and Deputy Assistant to the President from 2017 to 2019. ) Raj Sha නමැත්තාගේ නායකත්වයෙන් යුත් ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලීසා කර්ටිස් (Lisa Curtis) සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ නියෝජිතවරියක වන වන වන ඇලිස් ජි.වෙල්ස් (Alice G Wells) ලංකාවේ සංචාරයක යෙදුනු අතර එහිදි ගෝඨාභය ඉටුකල යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අප අවස්ථා ගණනාවකදි අනාවරණය කල අතර එම කරුණු සත්‍ය බව ඇලිස් ජි.වෙල්ස් ප්‍රසිද්ධ මාධ්‍ය හරහාද සදහන් කර සිටියා.

2020 ජනවාරි 14-16 දිනවල නවදිල්ලියේ පැවති රයිසිනා සංවාද සමුළුවට සහභාගී වූ ඇලිස් ජී වෙල්ස් (Alice G Wells) “සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා ජනාධිපති වෙන්නැයි ජනාධිපති ගෝඨාභයගෙන් ඉල්ලා සිටි බව” අනවාරණය කළා.(නවදිල්ලියේ පැවති රයිසිනා සංවාදයේ කල කතාව පහතින් නැරඹීමට හැක)

අද ජනාධිපති ගෝඨාභය සිදුකල කතාව ඔහුගේ වහල්,අන්තවාදින් එතරම් පිනවීමට සමත් නොවු අතර ගෝඨාභය සිය කතාවේ අතර මැද අවධාරණය කර සිටියේ

“ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නිසි ක‍්‍රමවේදයට අනුව රාජ්‍ය නායකයෙක් පත්වූවාට පසු, ඔහු මේ රටේ සියලූ ජනතාවගේම ජනාධිපතිවරයා වෙනවා. තමුන්ගේ ධුර කාලය තුළ ඔහු සේවය කළ යුත්තේ සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවටයි. ඔහු තමන්ට ඡන්දය දුන් ජනතාවට පමණක් සේවය කරන්නට බැඳී නැහැ. එක් ජනකොටසකට සේවය කරන දේශපාලන නායකයෙකු නොව සියලූ ජනතාවගේ රාජ්‍ය නායකයා වශයෙන් සේවය කළ යුතුය යන දැක්ම මට තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස අද මා නියෝජනය කරන්නේ ජාති, ආගම්, පක්ෂ හෝ වෙනත් කිසිදු බේදයකින් තොරව සමස්ත ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවයි. ”

ඒපමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරිමේ ක්‍රියාවලිය පුරාම ගෝඨාභය කතාකල කරුණු රැසක් ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් ශ්‍රි ලංකා සංචාරයේදි අවධාරණය කල කරුණු බව ගෝඨාභයගේ නිදහසේ කතාව සහ ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් කල ප්‍රකාශයන් එකිනෙක ගලපා ගැනිම හරහා තහවුරු වනු ඇත.

http://lankanewsnetwork.org/archives/22608

මංගලගේ දැක්ම ….

මේ අතර රාජපක්ෂ කදවුරේ දැවැන්ත ප්‍රහාරයට ලක්වන මංගල සමරවීර මහතාද ගෝඨාභයගේ කතාව ඇගයිමට ලක් කර තිබුනා.

President’s speech today was excellent; now he must walk the talk.A strong leader is a person who can implement difficult decisions within a democratic framework.

Our journey since 1948 has been full of well meaning leaders making good speeches. Now is the time to act!

“අද දින ජනාධිපති තුමන් විසින් සිදු කල කතාව විශිෂ්ටයි;දැන් ඔහු කී දෑ ඉටු කිරීමට කාලයයි.ශක්තිමත් නායකයෙක් යනු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ දුෂ්කර තීරණ ක්‍රියාත්මක කළ හැකි පුද්ගලයෙකි.48 සිට අද දක්වා යෙදුණු අපගේ ගමන යහපත් චේතනා දරමින් හොඳ කතාවන් පමණක් සිදු කළ නායකයන්ගෙන් බහුල විය. දැන් ක්‍රියා කිරීමට කාලයයි!” යනුවෙන් එහිද සදහන්ව තිබේ.

සිතීමේ සහ ලිවීමේ නිදහස තහවුරු කිරීම

“සිතීමට ඇති නිදහස සහ ලිවීමට ඇති නිදහස සම්පූර්ණයෙන් ම මා තහවුරු කරනවා. දාර්ශනිකයන් මෙන් ම උසස් කලා නිර්මාණ බිහිවන්නේ එවිටයි. මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සැමවිට ම සූදානම්. මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස තිබෙනවා. සෑම අයෙකුට නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තිබෙනවා.”

කෙසේ වෙතත් ඔහු ප්‍රකාශ කළේ, “සමාජ මාධ්‍යයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නව අභියෝග එල්ල කරනවා. අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කරමින්, බොහෝ අවස්ථාවන්හිදී ආගන්තුකයන් සමග සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ අගතීන් අනුව වැරදි තොරතුරු ප‍්‍රචාරයන්ට නතු වී, තමන්ගේ මතයට වඩා වෙනස් මත දරන්නන් ගැන වැරදි මතයන්ට ක්ෂණිකවම පෙළඹීමට අවස්ථාව තිබෙනවා,”

“ඔබේ හෘද සාක්ෂියට එකඟව ක‍්‍රියා කරන ලෙස අප සෑම අයෙකුගෙන් ම ඉල්ලා සිටිනවා. හැමවිට ම රට ගැන හිතන්න. අනෙකුත් සහෝදර රට වැසියන් ගැන හිතන්න. දේශපාලන අවශ්‍යතා ගැන පමණක් නොසිතා ඔබ කරන කියනා දේවලින් රටට සිදුවන්නේ යහපතක් ද අයහපතක් ද යන්න හොඳින් සිතා බලන්න. නමුත් රජය වැරදි මගක යනවා යැයි ඔබේ හෘද සාක්ෂියට අනුව පෙනී යන සෑමවිට ම එය නොබියව පෙන්වා දෙන්න.”

ගෝඨාභයගේ මාධ්‍ය නිදහස….. මෙකත් බලලා ඉතුරුටික කියවන්න

මේ අතර ප්‍රධාන උත්සවයේ ජාතික ගියිය දෙමළ භාෂාවෙන් ගායනා නොකලද උතුරේ ආණ්ඩුකාරවරුන්,ඇතුලු රාජ්‍ය
නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව සියල්ලෙම ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරිම මෙන්ම සහ
රණවිරු සුනිල් රත්නායක ඇතුලු රණවිරුවන් නිදහස් නොවිම මෙන්ම ගෝඨාභයගේ කතාවේදි සිංහල ජාතිය
සම්බන්ධයෙන් විශේෂයක් නොකිරිම පිළිබඳව ගෝඨා කදවුරේ වහල්,අන්තවාදි කණ්ඩායම් අවුලට පත්ව සිටි.

 

Published on: Feb 4, 2020- ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරමින් විවිධ සංවිධාන සහ වියතුන්,උගතුන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විම සදහා නාමයෝජනා ඉල්ලා සිටිම හේතුවෙන් හටගෙන ඇති අර්බුදයට බැසිල් රාජපක්ෂ ආ සැනින් විසඳුමක් ලබාදිමට කටයුතු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී වියත් මග හෝ එළිය හෝ වෙනත් ගෝඨාභය නියෝජනය කරන සංවිධානවලට නාමයෝජනා සaජුවම ලබා නොදිමට බැසිල් තින්දු කර තිබේන අතර නාමයෝජන ලබාගැනිමට අවශ්‍යනම් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්යේ සමාජිකත්වය හෝ සන්ධාන සමාජිකත්වය ලබාගැනිම අනිවාර්ය කර තිබේ.

ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා සකස් කිරීමේදී, බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන අතර නාමයෝජනා සම්බන්ධයෙන් අවසන් තින්දුව බැසිල් සතු බවයි පොහොට්ටුවේ ප්‍රධානියෙකු අප දේශපාලන වාර්තාකරු සමග පවසා ඇත්තේ.කෙසේවෙතත් පොහොට්ටු පක්ෂයේ සමාජිකත්වය දරණ අය සදහා නාමයොජනා ලබාදිමේදි ප්‍රමුඛත්වයක් හිමිවන බවද  ඔහු තරයේ අවධාරණය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ කදවුර නියෝජනය කරමින් වියත් මග සහ එළිය සංවිධාන හරහා 70ක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කිරිමටත් ඒ සියලුම දෙනා දිනවිම සදහා ජනාධිපතිවරයා පෞද්ගලිකවම මැදිහත් විමටත් මුලදි තින්දු කර තිබුනද එම සංවිධාන හරහා ඉදිරිපත් වන අය වෙනුවෙන් නාමයෝජනා ලබාදිය හැක්කේ උපරිම 30ක් බව බැසිල් මේ වනවිට ගෝඨාභයට පවසා තිබේන බවද ඔහු සදහන් කළා.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Feb 4, 2020- ත්‍රස්තවාදයට මග පාදන අන්තවාදයට යළි කිසිදු දිනක ශ්‍රී ලංකාවේ හිස ඔසවන්න ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අමතමින් කිය සිටියා. පසුගොය රාජපක්ෂ කළු දශකයේ අන්තවාදය ජාතක කිරිමට අන්තවාදීන් බිහිකල ගෝඨාය වැන්නේකු ජනාධිපති වි මේම ප්‍රකාශය කිරිමට සිදුවිම දෛවයේ සරදමකි.

වැරදි කරන සුළු පිරිසකට නීතිය ක්‍රියාත්මක කරනවා‍ විනා බහුතරය මත සිමා පැනවීම නොකළ යුතු බවද ජනාධිපතිවරයා නීතීගරුකව, ගුණ ගරුකව, ජීවත් විමට සැබෑ නිදහසක් ජනතාවට ලබා දෙන බවද සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක්. වසර 500 ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයකින් නිදහස් වී, වසර 72 ක් ගත වන අද දින රාජ්‍ය නායකයා වශයෙන් ඔබ අමතන්නේ, ඔබ ලැබූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප‍්‍රතිඥා දෙමිනුයි. මෙම නිදහස ලබාගැනීමට සහ තහවුරු කිරීමට ඇප කැප වුනු සියලූ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ හා බර්ගර් නායකයන්ට මගේ ගෞරවය පුද කරනවා.

ශ‍්‍රී ලංකාව තුළ ජීවත්වන සෑම පුරවැසියෙකුටම නිදහස්ව, සුරක්ෂිතව ජීවත් වීමේ අයිතිය තිබෙනවා. ඔවුන්ගේ නිදහසේ සිතීමේ අයිතිය, ස්වාධීන මතයක් දැරීමේ අයිතිය මෙන්ම අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අපි හැමවිටම තහවුරු කරනවා. ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතියට අපි හැමවිටම ගරු කරනවා. තම හිතමිතුරන් තෝරා ගැනීමට මෙන්ම සාමකාමීව ඒකරාශී වීමටත් සෑම පුරවැසියෙකුටම අයිතිය තිබෙනවා. ශ‍්‍රී ලාංකික පුරවැසියෙකුට තමන් විසින් තෝරා ගන්නා ජනතා නියෝජිතයන් හරහා දේශපාලන ක‍්‍රියාවලියට හා රාජ්‍ය පාලනයට සම්බන්ධවීමේ අයිතිය අපි හැමවිටම ආරක්ෂා කරනවා. මේ සියල්ලම කිසිවෙකුට අභියෝග කළ නොහැකි මිනිස් අයිතිවාසිකම් ලෙස අපි සලකනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසියාකාරව ක‍්‍රියාත්මක කිරීමේදී අප විසින් තුලනය කළයුතු ක්ෂේත‍්‍ර ගණනාවක් තිබෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර වූ බල තුලනය එහිදී ඉතාමත්ම වැදගත් වෙනවා. බලය බෙදා හැරීමේදී මධ්‍යම රජයේ හා විමධ්‍යගත වගකීම් ගැන ඉතා නිරවුල් එකඟතාවක් තිබිය යුතුයි. සාමාන්‍ය ජනතාව හා ආරක්ෂක අංශ එකිනෙකාගේ වගකීම් වටහා ගතයුතු අතර, පුරවැසියන්ට පෞද්ගලික අයිතිවාසිකම් මෙන්ම සාමූහික අයිතිවාසිකම් ද ඇති බව අප මතක තබා ගත යුතුයි. රජය හා ජනතාව අතර සම්බන්ධීකරණයත් මෙහිදී සුවිශේෂී වෙනවා.

නිදහසින් පසු මේ ජනරජය තුළ බලයට පත් වූ සෑම රාජ්‍ය නායකයෙක්ම තෝරා පත් කර ගනු ලැබුවේ සර්වජන ඡන්ද බලයෙන්. එසේ මහජන ඡුන්දයෙන් තෝරා පත් කර ගැනුන වත්මන් රාජ්‍ය නායකයා ලෙස, මගේ ධුර කාලය තුළ රටේ සියලූදෙනාගේම නායකයා ලෙස, රටේ සුභසිද්ධිය වෙනුවෙන් උපරිම වශයෙන් කැපවී සේවය කරන්නට මම සූදානම්.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නිසි ක‍්‍රමවේදයට අනුව රාජ්‍ය නායකයෙක් පත්වූවාට පසු, ඔහු මේ රටේ සියලූ ජනතාවගේම ජනාධිපතිවරයා වෙනවා. තමුන්ගේ ධුර කාලය තුළ ඔහු සේවය කළ යුත්තේ සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවටයි. ඔහු තමන්ට ඡන්දය දුන් ජනතාවට පමණක් සේවය කරන්නට බැඳී නැහැ. එක් ජනකොටසකට සේවය කරන දේශපාලන නායකයෙකු නොව සියලූ ජනතාවගේ රාජ්‍ය නායකයා වශයෙන් සේවය කළ යුතුය යන දැක්ම මට තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස අද මා නියෝජනය කරන්නේ ජාති, ආගම්, පක්ෂ හෝ වෙනත් කිසිදු බේදයකින් තොරව සමස්ත ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවයි.

ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක යහපැවැත්ම හා ප‍්‍රගමනය සඳහා ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වෙනවා. රටක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මෙම ප‍්‍රධාන ආයතනය ගැන කුමන ආකාරයකින් හෝ ජනතා විශ්වාසය පළුදුවන්නේ නම් එය රටක අරාජිකත්වයක් ඇතිවීමට හේතු වෙනවා.

ඒ නිසා සියලූ පාර්ශවයන් තමන්ට ලබා දී ඇති බලතල රටේ සුභසිද්ධියට මෙන්ම ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ජාතික දැක්මක් තුළ සිය කාර්යභාරය ඉටු කළ යුතුයි.

මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ක‍්‍රියාත්මක කිරීමට මම බැඳී සිටිනවා. ඒ මාගේ වගකීම හා යුතුකමයි. එය ක‍්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකයින්ගෙන් හෝ අධිකරණයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා ඔබගේ නිදහසට ගරු කරනවා පමණක් නොව, එය වර්ධනය කර අර්ථවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක දේශපාලන හා ආර්ථික නිදහස තහවුරු කිරීමට කටයුතු කරනවා.

කාලයක් තිස්සේ රාජ්‍ය පරිපාලනය විකාශනය වූ ආකාරය නිසා ජනතාවගේ නිදහස සීමා වී තිබෙනවා. නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීතිරීති හා රෙගුලාසි නිසා අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා. මේ හරහා විවිධ අක‍්‍රමිකතා දූෂණ වලටත් මග පෑදී තිබෙනවා. ජනතාවට අහිමි වන කාලය, සම්පත් හා ජීවනෝපාය අවස්ථා අධිකයි.

මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට බලපාන බොහෝ දේවල් සඳහා බලපත‍්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයන් අපි යළි විමසා බැලිය යුතුයි. වැරදි කරනා සුළුපිරිසට එරෙහිව කඩිනමින් නීතිය ක‍්‍රියාත්මක කරනවා විනා, බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම අප නොකළ යුතුයි. නීතිගරුකව, විනයගරුකව, ගුණගරුකව ජීවත් වීම සඳහා සැබෑ නිදහසක් අපි ජනතාවට ලබා දිය යුතුයි.

ජනතාවට නිදහසේ ස්වයං රැකියාවක්, පාරම්පරික කර්මාන්තයක්, ව්‍යාපාරයක් කර ගන්නට බාධා පමුණුවන යල්පැනගිය නීතිරීති රෙගුලාසි, බදු හා ගාස්තු කඩිනමින් සංශෝධනය විය යුතුයි. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔවුන් මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවත් කිරීමට අපි කටයුතු කරනවා.

ලංකාව පැරණි ඉතිහාසයක් තිබෙන රටක්. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ, සියලූ ආගමිකයන්ට, සියලූ ජාතිකයන්ට ක්ෂේම භූමියක් වූ රටක්. මගේ පාලන කාලය තුළදීද, ඕනෑම අයෙකුට තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහස මා තහවුරු කරනවා.

බෞද්ධ දර්ශනය තුළ අපේ රාජ්‍ය පාලකයන්ට හැමවිටම උපදෙස් ලැබුනේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතික වන කිසිදු පුරවැසියෙකුට අගතියක් නොවන ධර්මානුකූල රාජ්‍ය පාලන තන්ත‍්‍රයක් සඳහායි. මගේ ධුර කාලය තුළත් මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම කැප වෙනවා.

ජනතාවට සැබෑ නිදහස ලබා දිය හැක්කේ සමාජ හා ආර්ථික විෂමතාවන් අවම කිරීමෙනුයි.ඒකීය රාජ්‍යයක් තුළ සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් හිමි විය යුතුයි.

අදත් අපේ ජන සමාජය තුළ විශාල ඇති නැති පරතරයක් තිබෙනවා. නාගරික ප‍්‍රදේශවල ඇති පහසුකම් ග‍්‍රාමීය ප‍්‍රදේශවල නැහැ. අධ්‍යාපන පහසුකම් සෑම ප‍්‍රදේශයකටම සමාන නැහැ. සෞඛ්‍ය පහසුකම් සෑම ප‍්‍රදේශයකටම සමාන නැහැ. රැකියා අවස්ථා සෑම ප‍්‍රදේශයකටම ව්‍යාප්ත වී නැහැ.මේ කිසිවක් වාර්ගික හෝ ආගමික හේතු මත බල පවත්නා තත්ත්වයන් නොවේ. ඒවා රටේ පොදු ප‍්‍රශ්නයි. ජීවත් වීමේ නිදහස තහවුරු කිරීමේදී අපි මුලින්ම කළයුත්තේ ජනතාවගේ ආර්ථික ගැටළු විසඳා දීමයි. අපි ජනතාවගේ දරිද්‍රතාව තුරන් කිරීම රජයේ ප‍්‍රමුඛතාවක් ලෙස සලකන්නේ ඒ නිසායි.

තිස් වසරක යුද්ධය මෙන්ම තවත් විවිධ හේතු නිසා අපේ රටේ සංවර්ධන කටයුතු බෙහෙවින් ප‍්‍රමාද වී තිබෙනවා. අපට තවදුරටත් කාලය අපතේ හරින්නට බැහැ. අපේ රටේ සුවිශේෂී භූගෝලීය පිහිටීම, භෞතික සම්පත් හා මානව සම්පත නිසියාකාරව ප‍්‍රයෝජනයට ගනිමින් ලෝක ආර්ථිකයේ නව ප‍්‍රවණතා හා අනුගතව අපේ සංවර්ධන කටයුතු වේගවත් කරන්නට අපි ක‍්‍රියා කරනවා.

කාර්යක්ෂම හා පිරිසිදු රාජ්‍ය සේවයක් රටක සංවර්ධනයට අත්‍යාවශ්‍ය සාධකයක්. ජනතාවට නිදහසේ උපරිම ප‍්‍රයෝජන ලබාදීමට නම් රාජ්‍ය පරිපාලනය නිසියාකාරව ක‍්‍රියාත්මක විය යුතුයි. මේ සඳහා සමස්ත රාජ්‍ය පරිපාලනයම වගකීම බාර ගත යුතුයි.

ත‍්‍රස්තවාදීන්, අන්තවාදීන්, සොර සතුරන්, මැරවරයන්, කප්පම්කරුවන්, කාන්තා හා ළමා හිංසකයන් නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණෙනවා නම් එතන ජනතාවට නිදහසක් නැහැ. ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නටත් අපි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ත‍්‍රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුළ ක‍්‍රියාත්මක වන්නට අපි ඉඩ දෙන්නේ නැහැ.

රට පුරා පැතිරී තිබෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් මුදාගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැහැ. රාජ්‍ය ආයතන තුළ දූෂණය, වංචාව තිබෙන තුරු මහජනතාවට නිදහසක් නැහැ. ඒ නිසා සාමාන්‍ය ජන ජීවිතයට බලපාන සියලූ සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. මේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය කරන ප‍්‍රතිසංස්කරණ ආරක්ෂක අංශ තුළ දැනටමත් ආරම්භ වී තිබෙනවා.

සිතීමට ඇති නිදහස සහ ලිවීමට ඇති නිදහස සම්පූර්ණයෙන්ම මා තහවුරු කරනවා. දාර්ශනිකයන් මෙන්ම උසස් කලා නිර්මාණ බිහිවන්නේ එවිටයි. මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සැමවිටම සූදානම්. මාධ්‍ය වලට අද සම්පූර්ණ නිදහස තිබෙනවා. ඕනෑම අයෙකුට නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තිබෙනවා.

සමාජ මාධ්‍යයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නව අභියෝග එල්ල කරනවා. අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කරමින්, බොහෝ අවස්ථාවන්හිදී ආගන්තුකයන් සමඟ සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ අගතීන් අනුව වැරදි තොරතුරු ප‍්‍රචාරයන්ට නතු වී, තමන්ගේ මතයට වඩා වෙනස් මත දරන්නන් ගැන වැරදි මතයන්ට ක්ෂණිකවම පෙළඹීමට අවස්ථාව තිබෙනවා.

ඔබේ හෘද සාක්ෂියට එකඟව ක‍්‍රියා කරන ලෙස අප සෑම අයෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. හැමවිටම රට ගැන හිතන්න. අනෙකුත් සහෝදර රටවැසියන් ගැන හිතන්න.

දේශපාලන අවශ්‍යතා ගැන පමණක් නොසිතා ඔබ කරන කියනා දේවලින් රටට සිදුවන්නේ යහපතක් ද අයහපතක් ද යන්න හොඳින් සිතා බලන්න. නමුත් රජය වැරදි මගක යනවා යැයි ඔබේ හෘද සාක්ෂියට අනුව පෙනී යන සෑමවිටම එය නොබියව පෙන්වා දෙන්න.අපි නීතියේ ආධිපත්‍යයට හැමවිටම ගරු කළ යුතුයි. ජනතාවට සැබෑ නිදහස ලැබෙන්නේ නීතිය සාධාරණව ක‍්‍රියාත්මක වන විටයි. නීතිමය කටයුතු වලට දේශපාලන අතගැසීම් කරනා සංස්කෘතිය වෙනස් කරන්නට මගේ රජය පියවර ගෙන තිබෙනවා.

අප ඉදිරියේ අභියෝග රැසක් තිබෙනවා. ඒවා ජයගන්නට රජය දරනා උත්සාහයට ඔබ සියලූ දෙනාගේම සහාය අවශ්‍යයි. මා ඔබ ඉදිරියේ තැබූ ප‍්‍රතිපත්ති මාලාව අද ඔබ මුහුණපාන අභියෝගවලට මුහුණ දිය හැකි ක‍්‍රියාදාමයක්. ඒ තුලින් සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීම අපගේ බලාපොරොත්තුවයි. අනාගත පරපුර වෙනුවෙන් මේ බලාපොරොත්තුව ඉටු කළ හැක්කේ වත්මන් පරපුරටයි. ඉතිහාසය විසින් අප මත පවරා ඇති මේ ඵෙතිහාසික වගකීම ඉටු කිරීමට අප හා එක්වන මෙන් සියලූ ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

ඔබ සැමට සෞභාග්‍යමත් අනාගතයක් මා ප‍්‍රාර්ථනා කරනවා !

Published on: Feb 3, 2020 – Airbus වර්ගයේ ගුවන්යානා වැඩිපුර ඇනවුම් කිරීම සඳහා එම සමාගාම මගින් ඩොලර් මිලියන 16ක අල්ලසක් ඉල්ලා ඉන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍ර‍සේන මහතා සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගැනීමට වහාම අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) උපදෙස් ලබා දී තිබේනවා.

ගුවන් යානා මිලදී ගැනීමක් සඳහා වැඩිපුර ඇනවුම් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිළධාරියෙකු සඳහා ඔහුගේ බිරිඳට ඩොලර් මිලියන දෙකක් මුදලක් බෲනායිහි ශෙල් ගැස් සමාගමක් හරහා අල්ලස් මුදල් ලබා දී ඇතැයි බ්‍ර්තාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය එක්ව සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වී තිබිණි.

එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර දෙනු ලැබු විමර්ශන වාර්තා සළකා බැලීමෙන් පසු නීතිපතිවරයා විසින් මෙසේ උපදෙස් ලබා දී ඇත.

ලෝක හොරෙකු වු කපිල චන්ද්‍රසේන

දින 52කේ කුමන්ත්‍රණ අගමැති ලෙස පත්ව මහින්ද රාජපක්‍ෂ මුලින්ම කරන ලද පත්වීම වන්නේ ශී‍්‍රලංකන් ගුවන් සමාගමේ සභාපති තනතුරට, කපිල චන්ද්‍රසේන පත්කිරීම වන අතර කපිල චන්ද්‍රසේන මීට පෙර ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස තනතුර දැරූ, 2011 සිට 2015 දක්වා අවුරුදු හතරක කාලය තුළ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ලබා ඇති ශුද්ධ අලාභය රුපියල් බිලියන 93කි.

ශ‍්‍රීලංකන්හි ප‍්‍රධාන විධායක නිලධාරී වශයෙන් ඔහුට රුපියල් ලක්‍ෂ 15ක වැටුපක්ද ගෙවා ඇති අතර ඒ අසීමිත ඉන්ධන දීමනාවක්ද, පෞද්ගලික රියැදුරකු සමග කාර් එකක්ද, ක‍්‍රීඩා සමාජ සාමාජිකත්වය සඳහා වසරකට රුපියල් 24,000ක්ද, නිවසේ දුරකථනය හා ජංගම දුරකථනයේ සියලූ බිල් ශ‍්‍රීලංකන් සමාගම විසින් ගෙවාදැමීම ඇතුළු පහසුකම් රැසකට අමතරවය.

රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ ශ‍්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවුණු අක‍්‍රමිකතා හා දූෂණ සොයාබැලීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සිදුවු අනාවරණයන්ට අනුව 2011/2012 ගිණුම් වර්ෂය තුළ ශ‍්‍රී ලංකන් ලබා ඇති ශුද්ධ අලාභය රුපියල් මිලියන 383කි. 2012/2013 කාලය තුළ ශුද්ධ අලාභය බිලියන 19කි. 2013/2014 කාලය තුළ ශුද්ධ අලාභය රුපියල් බිලියන 26කි. 2014/2015 කාලය තුළ රුපියල් බිලියන 32කි. 2015/2016 ගිණුම් වර්ෂය තුළ ශුද්ධ අලාභය රුපියල් බිලියන 16කි.

කපිල ශ‍්‍රීලංකන් ප‍්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරමින් මසකට රුපියල් ලක්‍ෂ 15ක වැටුපක්ද ලබාගන්නා අතරම ඔහු ශ‍්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් යන ආයතනවලද වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළ අතර එම තනතුරු දරන බව ඔහු කිසිවිටෙකත් ශ‍්‍රීලංකන් කළමනාකාරිත්වය වෙත හෙළිදරව් කර නොතිබිණි.

පසුව ටෙලිකොම් වෙතින් හා මොබිටෙල් උපදේශකයකු ලෙස කටයුතු කල ඔහු රුපියල් ලක්‍ෂ 4,50,000ක දීමනාවක් වෙනම ලබාගෙන තිබේ.

බෙලිඅත්තේ, මහින්ද රාජපක්‍ෂගේ සමීප නෑදෑයන්වූ පිරිසකට අයත්, එකම පවුලේ සමාගම් දෙකක් ලෙස ලියාපදිංචි කර ඇති කුමා ස්ටිකර්ස් හා විහඟ මාර්කටින් යන සමාගම් දෙකට නීති විරෝධී ආකාරයෙන් ශ‍්‍රීලංකන්හි ප‍්‍රචාරක පුවරු සවිකිරිමේ ව්‍යාපෘතිය භාරදී ඇත්තේද කපිල චන්ද්‍රසේන විසිනි.

2020.02.02 හිටපු ශ‍්‍රීලන්කන් ප‍්‍රධානියාගේ බිරිඳ දැවැන්ත අල්ලස් වංචාවක (සන්ඩේ ටයිම්ස් වාර්තාවේ පරිවර්තනය)

ප‍්‍රංශ එයාර්බස් සමාගම විසින් ශ‍්‍රී ලන්කන් ගුවන්සේවයේ හිටපු ප‍්‍රධානියෙකුගේ බිරිඳක් අල්ලස් ගෙවීමේ කටයුත්තක් වෙනුවෙන් කුලියට ගෙන තිබේ. මේ සඳහා ඇය ව්‍යාපාරික හවුල්කාරියක ලෙස යොදා ගනු ලැබ ඇති අතර අල්ලස් දීම සඳහා උපයෝගී කර ගනු ලැබ ඇත්තේ ඇය විසින් බෲනායිහි ලියාපදිංචි කරන ලද ව්‍යාජ සමාගමකි. ශ‍්‍රී ලන්කන් ජාතික ගුවන් සේවය විසින් ප‍්‍රංශ එයර්බස් මිලදී ගැනීම තහවුරු කර ගැනීම වෙනුවෙන් ප‍්‍රංශ එයාර්බස් සමාගම එ.ජ. ඩොලර් මිලියන 16.84ක් (රු. බිලියන 03ක්) ගෙවීමට පොරොන්දු වී ඇති අතර එයින් ඩොලර් මිලියන 2ක් (රු.මිලියන 362ක්) මෙම සමාගම වෙත එවා තිබේ.

හිටපු ශ‍්‍රීලන්කන් ප‍්‍රධානියා මේ පිළිබඳවගනුදෙනු කිරීම සඳහා සහ එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමට හිලව් වශයෙන් ඩොලර් මිලියන 02ක මුදල දැනුම්දීම සඳහා (2013 නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී) ඔහුගේ පෞද්ගලික ජීමේල් ලිපිනය පාවිච්චි කර ඇත.

රටවල් 20ක කොන්ත‍්‍රාත් ලබාගැනීම වෙනුවෙන් දැවැන්ත අල්ලස් පිරිනැමූ බව පිළිගැනීමෙන් පසු දඬුවම් වශයෙන් පවුම් බිලියන 3ක වාර්තාගත දඩ මුදලක් එයාර්බස් සමාගම වෙත නියම වී ඇත. එම රටවලින් එකක් වනුයේ ශ‍්‍රී ලංකාවයි. ඒ, 2012 සහ 2013 වසරවල A 330 යානා 06ක් සහ A 350යානා 04ක් මිලට ගැනීමටත් තවත් යානා 04ක් කල් බදු ක‍්‍රමයට ලබාගැනීමටත් වෙනුවෙන් ශ‍්‍රී ලංකාව සමග එකඟ වූ ගනුදෙනුවලට අනුවය.

මෙම කොන්ත‍්‍රාත් මතභේදාත්මක බව බොහෝ කලකට පෙර ලංකාවේදී ඔප්පු වී තිබුණද මේ පිළිබඳ පරීක්ෂණවලදී කිසිවෙකු වරදකරුවෙකු කිරීමට හෝ අවම වශයෙන් විනය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කෙරුණේ නැත.

එයාර්බස් සමාගම විසින් අල්ලස් ගෙවා ඇති බවත් ශ‍්‍රීලන්කන් ගුවන් සේවයේ ප‍්‍රධානියෙකුගේ බිරිඳක් වන නම් සඳහන් නොවන කාන්තාවකට එම මුදල් ලැබී ඇති බවත් එංගලන්තයේ මහාධිකරණයේදී සැකයෙන් තොරව අනාවරණය වී තිබේ.

මෙම කාන්තාව 2012 ඔක්තෝබර් 05 වැනි දින ව්‍යාජ සමාගම ලියාපදිංචි කරනු ලබයි. එම සමාගමේ එකම කොටස් හිමිකාරිය හා අධ්‍යක්ෂවරිය ඇයය. අධිකරණයේ ලේඛන ප‍්‍රකාශ කරන්නේ මෙම සමාගමට “ගුවන්යානා අලෙවි ක්ෂේත‍්‍රයේ කිසිදු අත්දැකීමක් හෝ පෞද්ගලික සේවා පලපුරුද්දක් නොමැති” බවය. එහෙත් එම සමාගමට “ශ‍්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර්බස් 10ක් මිලට ගැනීම සහ තවත් 04ක් කල්බදු ක‍්‍රමයට සැපයීම පිළිබඳව බලපෑම් කිරීම” පැවරී තිබූ බව එහි වැඩිදුරටත් සඳහන්ය.

එයාර්බස් සමාගමේ පැරීසිය පදනම් කරගත් අලෙවි අංශයක් වන එයාර්බස් SMO අංශයේ මෙම ව්‍යාජ සමාගම සඳහන් වන්නේ ‘එයාර්බස් සේවක 8’ ලෙසය. එයාර්බස් සමාගමේ අල්ලස් ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක කරන ලද්දේ මෙම අංශය මගිනි. එය විසින් ප‍්‍රශ්නගත ව්‍යාජ සමාගම පත්කරගන්නා ලද්දේ එම අංශයේ කාර්යමණ්ඩලය විසින්ද එය ගැටලුකාරී බව ප‍්‍රකාශ කරන ලද තත්වයක් යටතේය.

2013 මාර්තු මාසයේදී එයාර්බස් සමාගම මෙම කාන්තාව ව්‍යාපාර උපදේශිකාවක් ලෙස පත්කරන ලද්දේ ඇයට ගුවන්යානා සම්බන්ධ කිසිදු විශේෂඥ දැනුමක් නොමැතිව තිබියෙදීය. ඇගේ අනන්‍යතාව සඟවාලීම සඳහා එයාර්බස් කාර්යමණ්ඩලය ඇගේ නමත් ස්ත‍්‍රී පුරුෂභාවයත් හෙළිදරව් නොකර එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව පවා නොමඟ යවා තිබිණි.

ඉන් දින කිහිපයකට පසු එයාර්බස් සමාගම සහ ව්‍යාජ සමාගම ‘උපදේශන ගිවිසුමකට’ එළඹෙන්නේ A 330 යානා 06ක් සහ A 350යානා 04ක් විකිණීම සහ තවත් අතිරේකව A 350යානයක් කල් බදු ක‍්‍රමයට ලබාදීම වෙනුවෙනි.

ගිවිසුම අනුව ශ‍්‍රීලන්කන් විසින් මිලට ගන්නා සෑම A 330 යානාවක්සැපයීමකට පසුව කාන්තාවගේ සමාගමට ඩොලර් මිලියන 01 බැගින්ද A 350යානාවක් සැපයීමකට පසු ඩොලර් මිලියන 1.16 බැගින්ද ගෙවීමට නියමිත විය. ඊට අමතරව කල්බදු ක‍්‍රමයට ගන්නා A 350 යානාවක් වෙනුවෙන් ඩොලර් 300,000 බැගින් ගෙවනු ඇත. (කෙසේ වුවද මුළු මුදලෙන් ගෙවා ඇත්තේ ඩොලර් මිලියන 02ක් පමණි)

එයාර්බස් විසින් කාන්තාවගේ සමාගම සමග වෙළඳපොළ පංගුව පිළිබඳ තවත් ගිවිසුමක් අත්සන් කර තිබිණි. එයින් කියවුණේ 2015 ඔක්තෝබර් 30 වන තෙක් ශ‍්‍රීලන්කන් ගුවන්සේවය විසින් තමන්ගේ (එයාර්බස්) තරගකරුවෙකුගේ යානාවක් මිලදී නොගත්තේ නම්, එනම් එම දිනය දක්වා ශ‍්‍රීලන්කන් විසින් එයාර්බස් පමණක් මිලට ගන්නා බවට සහතික වන්නේනම්, කාන්තාවගේ සමාගමට අතිරේක ඩොලර් මිලියන 05ක මුදලක් ලැබෙනු ඇති බවටය.

2013ජුනි 19 වැනි දින, එනම් කාන්තාවගේ සමාගම සමග ගිවිසුමෙන් මාස 03කට පසු, පැරිස් ගුවන්යානා ප‍්‍රදර්ශනයේදී ශ‍්‍රීලන්කන් සමාගම A 330 යානා 06ක් ඇණවුම් කළේය. මේ යානා සපයන ලදී. ඉන් දින 09කට පසු, එනම් ජුනි 28, ශ‍්‍රීලන්කන් මිලදී ගැනීමේ දෙවැනි ගිවිසුමට අනුව A 350යානා හතරක් මිලදී ගැනීමේ ඇනවුම ලබාදුන්නේය. මෙම යානා සපයනු ලැබුවේ නැත.

එදින මාධ්‍ය නිවේදන කියා සිටියේ ශ‍්‍රීලන්කන් මිලදී ගැනීම ඩොලර් බිලියන 2.8ක වටිනාකමකින් යුක්ත වූ බවය. 2013 ජුනි 18 දින එයාර්බස් විසින් අන්තර්ජාලලයට මුදාහරින ලද ප‍්‍රවර්ධන වීඩියෝවක පැරිස් ගුවන්යානා ප‍්‍රදර්ශනයට පැමිණ සිටින එවකට ශ‍්‍රීලන්කන්හි ප‍්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන කියා සිටින්නේ ජාතික ගුවන්සේවය ක‍්‍රියාත්මක වන්නේ තනිකරම A 340ල A 330ල A 321සහ A 320 වර්ගයේ එයාර්බස් සංචිතයකින් බවයි.

”අපට මෙහෙයුම් කාර්යමණ්ඩලයේදී, විශේෂයෙන් තාක්ෂණ කාර්යමණ්ඩලයේදී පොදුභාවයක් ලැබී තිබෙනවා. එය අපට වාසියක්. ගුවන්යානා කාර්යමණ්ඩලයට පවා එක් වර්ගයක සිට තවත් වර්ගයකට මාරු වීමේදී පහසුවක්. එහිදී අපට නැවතත් තරගකාරී වාසියක් ලැබෙනවා.” ඔහු කැමරාවට කියා සිටියි.

”ගුවන්යානා වර්ගයට අමතරව. අපි වඩාත්ම අගය කරන්නේ සමාගමෙන් ලැබෙන සහයෝගයයි. මොකද මෙය සංකීර්ණ මෙහෙයුමක්. තාක්ෂණික වශයෙන්, නඩත්තුවලින් හා සියලු පැතිවලින් එයාර්බස් සමාගමෙන් ලැබෙන සහයෝගය අතිශය වැදගත්. මේ දක්වා අපි එයාර්බස් සමාගම ගැන තෘප්තිමත්. අපේ බැඳීම වසර 20ක් ඉතිහාසයට දිවයනවා. අපි වසර 12ක් පුරා 320 හා 330 පාවිච්චි කරනවා. එය හොඳින් ක‍්‍රියාත්මකයි. ඒ වගේම වැඩිදියුණු කළ හැකියි.

මම හිතන්නේ අපට තවත් වසර 20ක් එයාර්බස් සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්න පුළුවන් වේවි.”

මෙම වීඩියෝ පටයේ තේමාව වන්නේ, ”ශ‍්‍රීලන්කන් ගුවන්සේවය: තනිකරම එයාර්බස් සංචිතයක්” යන්නය.

ශ‍්‍රීලන්කන් විසින් මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් මාස 02කට පසු බෲනායි ලියාපදිංචි සමාගම ඩොලර් මිලියන 01ක ඉන්වොයිස් පත‍්‍රයක් ඉදිරිපත් කරන ලදී.

එහෙත් එයාර්බස් විසින් ගෙවීම් කරනු ලබන්නේ යුරෝ මුදලින් පමණක් වන බැවින් එම සමාගමට ගෙවීම ලබාගැනීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ යුරෝ ගිණුමක් ඇරඹිය යුතු විය.

මේ මොහොතේදී බිරිඳ විසින් සමාගම පිහිට වූ ශ‍්‍රීලන්කන් ප‍්‍රධානියා එයාර්බස් සමග තමන්ගේම ගිණුමින් සන්නිවේදනය කිරීම ඇරඹීය. තමන්ගේ පෞද්ගලික ජීමේල් ගිණුමින් ඔහු යුරෝ ගිණුමක් ඇරඹීමට පොරොන්දු විය. 2013 නොවැම්බර් 13 ප‍්‍රධානියාම – ඔහුගේ බිරිඳ නොවේ – නව ගිණුම් විස්තර සඳහන් නව ඉන්වොයිස් පත‍්‍රයක් එයාර්බස් සමාගම වෙත යැවීය.

2013 දෙසැම්බර් 02 වැනි දින එම ප‍්‍රධානියාම අමතර ඩොලර් මිලියනයක් ඉල්ලා යැවූ දෙවැනි ඉන්වොයිස් පත‍්‍රය සමාගම වෙත ලැබිණි. එයාර්බස් SMO අංශයේ ”එයාර්බස් සේවක 1” සහ ”එයාර්බස් සේවක 9” විසින් ගෙවීම අනුමත කරන ලදුව 2013 දෙසැම්බර් 27 ඩොලර් මිලියන 02ක් යුරෝ මුදලින් ප‍්‍රධානියාගේ බිරිඳගේ සමාගමට ගෙවනු ලැබිණි.

මේ අල්ලස් ගනුදෙනුව අනාවරණය වූයේ එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් මිලදී ගැනීමේ ගිවිසුමට සම්බන්ධ නියෝජිතයෙකු හෝ උපදේශකවරයෙකු ඇත්නම් හෙළිදරව් කරන ලෙස නියෝග කළ අවස්ථාවේය. ඒ, A 330 යානා 04කට අදාළව අපනයන මූල්‍ය සම්පාදනය කර දෙන ලෙස එයාර්බස් සමාගමේ නිලධාරීන් එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණි.

එයාර්බස් සමාගම හඟවා තිබුණේ ඔවුන් ශ‍්‍රීලන්කන් ගනුදෙනුවේදී ඒජන්තවරයෙකු යොදා ගෙන ඇති බවත් ඊට අදාළ ගෙවීම් කිරීම සඳහා තමන් එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුවේ ”විශේෂ මෙහෙයුම් ක‍්‍රියාවලියක්” අපේක්ෂා කරන බවය. එහි තේරුම අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුවේ කිහිප දෙනෙකුට පමණක් ඒජන්තවරයාගේ විස්තර අනාවරණය කිරීම විය. 2015 පෙබරවාරියේදී ඔවුහු එසේ කළහ.

එහෙත් මෙම විස්තරවලදී ඒජන්තවරයා හඳුන්වන ලද්දේ ”ඔහු” ලෙසය. මෙය ව්‍යාජ තොරතුරු දැක්වීමක් වූ බව අධිකරණ ලියකියවිලි ප‍්‍රකාශ කරයි. එසේම එයාර්බස් සමාගම උපදේශන ගිවිසුමට අනුව තමන් සම්පූර්ණයෙන් කොපමණ මුදලක් ගෙවන්නේද යන්න පිළිබඳ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ අතර වෙළඳපොළ පංගුව පිළිබඳ ගිවිසුමේ කොමිස් මුදලද අනාවරණය නොකළේය.

අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව සපයන ලද තොරතුරු සම්බන්ධයෙන් තෘප්තිමත් නොවූ අතර ප‍්‍රශ්න නැගීය. ඒ ප‍්‍රශ්න අතර ජීවදත්ත පත‍්‍රිකාවේ ඔවුන්ට ගුවන්සේවා ක්ෂේත‍්‍රයේ අත්දැකීම් මද බව කියා තිබියෙදී එම සමාගම සේවයට බඳවා ගත්තේ ඇයිද යන්නත් එම ඒජන්තවරයාගේ පදිංචිය ශ‍්‍රී ලංකාවෙන් පිටත ඇත්තේ සහ ඒ වෙතට (බෲනායි) ගෙවීම් සිදුවන්නේ ඇයිද යන්නත් විය.

2015 පෙබරවාරියේ එයාර්බස් පිළිතුරු සැපයූ අතර ඒජන්තවරයා ”ඔහු” සහ ”ඇය” දෙයාකාරයෙන්ම හඳුන්වා දී තිබූ අතර වෙළඳපොළ පංගුව පිළිබඳ ගිවිසුම පිළිබඳව කිසිදු සඳහනක් නොකර තිබූ ඔවුන් කාන්තාවකගේ සමාගමකට එයර්බස් සමාගමෙන් ගෙවීමක් නොකළ බවද අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව කරන ලද විමසීමට පිළිතුරු ලෙස පැවසූහ.

අනතුරුව අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව එයාර්බස් සමාගමෙන් ඉල්ලා සිටියේ ”ඔවුන්ගේ ඒජන්තවරයා ශ‍්‍රීලන්කන් ප‍්‍රධානි 1ගේ බිරිඳ නොවන බව තහවුරු කරන” ලෙසයි. පිළිතුරු ලෙස එයාර්බස් සමාගම අවධාරණය කළේ ”තම ඒජන්තවරයා ශ‍්‍රීලන්කන් ප‍්‍රධානි 1ගේ බිරිඳ නොවන” බවයි. එසේම ”ඒජන්තවරයාට ශ‍්‍රීලන්කන් සමග කිසිදු සබඳතාවයක් නොමැති” බවයි.

2015 මාර්තුවේ එයාර්බස් සමාගම එක්සත් රාධානියේ අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුවෙන් අපනයන මූල්‍ය පහසුකම් ඉල්ලීමේ අයදුම්පත ඉල්ලා අස්කර ගත්තේය. එහෙත් 2016 අප්‍රේල් මාසයේදී අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව මෙම තොරතුරුත් එයාර්බස් විසින් ලබාදෙන ලද තවත් තොරතුරුත් එක්සත් රාජධානියේ බරපතළ චංචා විමර්ශන කාර්යාලයට බාරදුන්නේය.

Published on: Feb 3, 2020- 2020 වර්ෂයේදී විශ‍්‍රාමිකයන්ට ලබාදිය යුතු විශ‍්‍රාම වැටුපෙන් කොටසක් කපා හැරීම හරහා විශ‍්‍රාමිකයින් බරපතල මානසික කඩා වැටීමකටද ලක්ව සිටීන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (NTUC) මුදල් අමාත්‍යවරයාට ලිපියක් යවමින් පෙන්වා දෙනවා.

2020. 02. 02

ගරු අග‍්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය,
මහින්ද රාජපක්‍ෂ මැතිතුමා,
මුදල් අමාත්‍යාංශය,
කොළඹ

2020 වර්ෂයේදී විශ‍්‍රාමිකයන්ට ලබාදිය යුතු විශ‍්‍රාම වැටුපෙන් කොටසක් කපා හැරීම

2006 වර්ෂයේ සිට වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් සටන් කර දිනා ගන්නා ලද දීමනා සියල්ල මූලික වැටුපට එකතු කරන ලෙස අරගල කරන ලද අතර ඒ පිළිබඳව යම් අවබෝධයක් ඔබතුමාට ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. එම අරගලවල ප‍්‍රතිඵලයක් වශයෙන් මූලික වැටුපට එල්ලා තිබූ දීමනා සියල්ල මූලික වැටුපට එකතු කර 2016. 01. 01 සිට 2020. 01. 01 දක්වා අදියර 5 කින් ගෙවීමට පසුගිය රජය විසින් අංක 3/2016 දරණ 2016. 02. 25 දිනැති චක‍්‍රලේඛය මගින් ක‍්‍රියාවට නගිමින් තිබුණි.

නමුත් 2016 වර්ෂයේ ජනවාරිවලින් පසුව විශ‍්‍රාම ගිය සේවකයින්ට වර්ෂයෙන් වර්ෂය මූලික වැටුපට එකතු කරන මුදල ලබානොදුන් අතර එම වැඩිවිය යුතු මුදල එකතු කර 2020 ජනවාරි මාසයේ සිට විශ‍්‍රාමිකයන්ට ලබාදීම සඳහා 2019. 11. 11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව 35/2019 දරණ 2019. 12. 10 දිනැති චක‍්‍රලේඛය නිකුත් කරමින් එය ක‍්‍රියාවට නැගීමට ඔබගේ ආණ්ඩුව තීරණය කරන ලදී. එම චක‍්‍රලේඛය මුදල් අමාත්‍යාංශයේ එකඟතාව සහිතව නිකුත් කරනු ලබන බවද එහි සඳහන් කර තිබුණි.

එසේ තිබියදී අංක 35/2019 (1) දරණ 2020. 01. 20 දිනැති චක‍්‍රලේඛය නිකුත් කරමින් 2020 ජනවාරි සිට විශ‍්‍රාමිකයන්ට ගෙවිය යුතු මුදල අත්හිටුවා ඇත. එය බරපතල අසාධාරණයක් මෙන්ම විශ‍්‍රාමිකයින් නොසලකා හැරීමකි.

විශ‍්‍රාමිකයින් විශ‍්‍රාම යන අවස්ථාවේ විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන විශ‍්‍රාම වැටුප් ප‍්‍රදාන පත‍්‍රයෙහිද එම වැඩිවිය යුතු මුදල එකතු කර විශ‍්‍රාම වැටුප ගණනය කර 2020-01-01 දින සිට ගෙවිය යුතු බවටද සඳහන් කර ඇත.

ඒ අනුව සියලූම විශ‍්‍රාමිකයින් පාහේ එම වැටුප පදනම් කරගෙන ඔවුන්ගේ ජීවිත මෙන්ම ඔවුන්ගේ දරු මුණුපුරන්ගේ ජීවිතද ඉලක්ක කරගනිමින් තම වගකීම ඉටු කිරීම සඳහා විවිධ සැලසුම් සකස් කර තිබුණි. ඒවා සියල්ල ඔබ ආණ්ඩුවේ මෙම අසාධාරණ තීරණයත් සමග අහෝසි වන අතර එමගින් විශ‍්‍රාමිකයින් බරපතල මානසික කඩා වැටීමකටද ලක්ව සිටී.

එවැනි තත්වයක් තුල ඉහත කරුණු කාරණා මත ඔබතුමාගේ අවධානය යොමු කර කපා හරින ලද විශ‍්‍රාම වැටුප කඩිනමින් ලබාදීමට අදාලව ක‍්‍රියාත්මක වන ලෙසත් විශ‍්‍රාම වැටුප කපා හැරීමට ඔබ ආණ්ඩුව විසින් නිකුත් කරන ලද 35/2019 චක‍්‍රලේඛය අහෝසි කරන ලෙසත් ඉතා ඕනෑකමින් යුතුව ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර එය ඉටු කිරීමට ඔබ ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් විශ‍්‍රාමිකයන්ගේ හිමිකම වෙනුවෙන් සටන් කිරීමට අප පසුබට නොවන බවද ඔබට මතක් කිරීමට කැමැත්තෙමි.

ස්තූතියි.

මෙයට,
කේ. ඩී. ලාල්කාන්ත
සභාපති

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Feb 3, 2020- ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ(SLBC) සභාපති ලෙස පසුගිය 30 දා වැඩබාර ගත් රෝහණ දේව පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබේනවා.අදාළ ඉවත් කිරිමේ ලිපිය ගුවන් විදුලි අධක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ වෙත අද (03) පෙරවරුවේ දී යොමුකර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු රජයේ ආයතන සඳහා පත් කරනු ලබන්නේ වියත්ම සංවිධානයේ කමිටුවක් නිසින් ලබාදෙන නිර්දේශ මත සුදුසුකම් ඇති විශය ප්‍රවීනයන් බව ප්‍රකාශ කර තිබුනද රෝහණ දේව පෙරේරා යනු මුල් ළමාවිය සංවර්ධනය නොවු ගොනෙක් බව පසුගියදා පැවැති රැස්විමකදි කළ ප්‍රකාශ වලින් තහවුරු වුනා.

පසුගිය කාලයේ රාජපක්ෂලා වෙනුවෙන් අටවාගෙන තිබු “නිදහස් කළා සන්ධානය ” යේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කලේද රෝහණ දේව පෙරේරායි.

කැලණි විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා ගුවන් සංස්ථාවේ සංස්ථාවේ සභාපති තනතුරට පත්කරන ලෙස කමිටුව නියෝග කර තිබියදි රෝහන එම පත්විම සදහා පත්කල බව දැනට අනාවරණය වි තිබේ.

ඇමරිකාවේ සිට පැමිණ ගෝඨාභයගේ පච පත්තිනි අම්මා ලෙස ජනාධිපතිවරණ සමයේ පෙනී සිට ජාතිවාදය වපුරමින් කාන්තා සනීපාරක්ෂක තුවා වලට පවා පහරදුන් සංජීවනී වීරසිංහද පසුගියදා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්කෙරුනේද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවටයි.

ගුවන් විදුලි සංස්ථාවේ තනතුරු සඳහා රුහුණු විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය වරයෙක් ද ඉල්ලීම් ඉදිරිපත් කළ නමුත් ඔහුට තනතුරක් නොලැබුණු අතර

ගුවන් සංස්ථාවේ සිංහල සේවාවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ඉන්දික ජයරත්න හට බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගෙන් අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත්වීම් ලිපියක් ලැබුණද ඔහුටද එම පත්වීම ලබා ගත නොහැකි විය.

සංජීවනීට අධ්‍යක්ෂක ධුරය ලැබිමේ රහස…. බලාපොරොත්තු වන්න …..

ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති ලෙස වැඩ භාරගත් අවස්ථාවේ රෝහණ දේව පෙරේරා කල කතාව …

එක් එක්කෙනාගේ රස ජනනය සන්නිවේදනය එක රසාංජනය වන විදිය වෙනස්.මම ගුවන් විදුලියේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙස සිටියේ.අතන මෙතන කැරකෙනවා.ඉද ගන්න පුටුවක් දුන්නේ නෑ.හැබැයි අද ලොකු පුටුවම ඉදගන්න ලැබිලා තියෙනවා.ඒ දවස්වල පුටුවක්වත් තිබුණේ නෑ.එදා වවුචරයක ගාණක් ගන්න පැය ගණනක් වැඩ කර තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මගේ අයැදුම්පත බලලා මාව තෝරා ගත්තා හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා අාශිර්වාදය දුන්නා. ඒ නිර්දේශ මත අාචාර්ය බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මේ පත්වීම දුන්න එක සැබෑය.

රෝහණ දේව වැඩභාර ගත් වෙලාවේ නාරාහෙන්පිට මහින්දාරාම (අභයාරාම) විහාරාධිපති එක්සත් හෙද සේවා සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද කල කතාව…

“මේ රටේ තිබුණ අවසනාවන්ත දුර්දාන්ත පාලන ක්‍රමය වෙනස් කර යහපාලනයක් ගෙන එන්නට පමණක් නොව රට නවීකරණය කර ඉදිරියට ගෙනියන්න ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස පත් වු රෝහණ දේව මහතා ලබා දුන් සහයෝගය කිසිදා අමතක කළ නොහැකියි.”

“අද ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයෙන් පිදුම් ලබන රෝහණ දේව පෙරේරා මහතාට මේ ලත් පදවිය තව තවත්ආ ලෝකමත් කරන්න ලැබේවා.අද ඔබතුමාට ලද මේ පදවිය ගැන අපි කතා කරනවා නම් අවුරුදු හතර හමාරක් තිස්සේ අප හැමදෙනාම මහත් කළකිරීමකට අසහනයකට ලක්වෙමින් රටේ හැම පැත්තකින්ම පිරිහෙච්ච පරිසරයක් තමයි අපේ රටේ ඇති වෙලා තිබුණේ.ඒ පරිසරය වෙනස් කර අද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේත් වත්මන් අගමැතිගේ මැදහත්වීමෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අපි තෝරාගෙන මේ රට අපි දැන් ඒ තුමාට බාරදීලයි තියෙන්නේ.මම හිතන්නේ මේ බාරදීමට ප්‍රථම අපේ රෝහණ දේව මහතා දක්වපු කාර්ය බාරය විනාඩි දහයකින් පහකින් කියන්න බැහැ.”

“රෝහණ දේව මහතාගේ හඩ ගම් නියම්ගම් කරා ගිහිල්ලා මේ රට එක්සේසත් කරන්න මේ රටේ තිබුණ අවාසනාවන්ත දුර්දාන්ත පාලන ක්‍රමය ඉවත් කරදාලා යහපාලනයක් ඇති කරන්න විතරක් නොවෙයි රට නවිකරණයක් කරන්න ඉදිරියට ගෙනියන්න ඔබතුමාගෙන් ලැබුණ සහයෝගය අපට කිසිදාක අමතක කරන්න බැහැ.සේවක සුහදතාවයෙන් මෙය පාලනය කරනවා නම් ගුවන් විදුලියට කවදාවත් අපලයක් වෙන්නේ නැහැ.”

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…



Loading…


http://lankanewsnetwork.org/archives/21313

Published on: Feb 3, 2020- ඉදිරි මහ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා එකතු කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයකගේ කැමැත්තක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මෛත්‍රී රනිල් හවුල මේ රට විනාශ කළ බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා රට විනාශ කළ පුද්ගලයින් සමග එක් ව ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැ‘යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නායකයන්ගේ ඉල්ලා සිටින බව ද කීවේය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සමනායකයෙකු ලෙස පිළිගැනීමට පොදුජන පෙරමුණ සුදානම් නොමැති බවත් තම පක්ෂයේ අසමසම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණක් බවත් රණතුංග මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව දැනුවත් කිරීම සදහා අද (03) උඩුගම්පල ඒ මහතාගේ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

” මම දැක්කා මොකක්ද මේ පොදු පෙරමුණ ද මොකක්ද කියලා පක්ෂයක විධායක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙලා සන්ධානයක් හදාගෙන තියෙනවා. ඒ සන්ධානයේ 51%ක් අපේ පක්ෂයටත් දෙන බවත් සෙසු පක්ෂ අතරේ ඉතිරි කොටස බෙදෙන බවත් කියලා තිබුණා. මොන මොන සන්ධාන කවුරු කොහොම ගැහුවත් අපි ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුවෙන් පමණයි. පොහොට්ටුව හැර අපට වෙන විකල්ප නෑ. අනික කියලා තිබුණා ඒ සන්ධානයේ සම නායකයා මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් බව. අපිට සමනායකයන් නෑ. සමනායකයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පිළිගන්න අපේ පක්ෂය සුදානම් නෑ. අපේ අසමසම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආප්ප කාලා පැනලා ගිහින් අපේ නායක මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. 2015 ජනාධිපතිවරණයෙන් දිනලා රනිල් එක්ක ජාතික ආණ්ඩුව කියලා අටමගලක් අටවාගෙන මේ රට විනාශ කළා. අපි එක්ක ශ්‍රිලනිපයේ හිටපු අයත් ඒකට ගිහින් තනතුරු වරප්‍රසාද ගත්තා. පසුගිය වසර 05 යහපාලන ආණ්ඩුව මේ රට කෑවා. ඒකට මෛත්‍රී – රනිල් හවුල් යහපාලන ආණ්ඩුවේ හිටපු හැමෝම වග කියන්න ඕනෑ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ඒ වගකීමෙන් මිදෙන්න බෑ.

මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව තමයි මහ බැංකු හොරකම කළේ. පාස්කු ප්‍රහාරයටත් සම්පුර්ණයෙන්ම වග කියන්න ඕන මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව. මේ රටේ ජාතික ආරක්ෂාව විනාශ කරපු එකට, රණවිරුවෝ හිරේ දාපු එකට, ස්වාමීන් වහන්සේලා හිරේ දාපු එකට වග කියන්න ඕනේ මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව. එහෙව් කත් ඇදපු අය එක්ක අපි කොහොමද එකතු වෙන්නේ.

පසුගිය ආණ්ඩුව ගැන මිනිසුන්ට තියෙන්නේ ලොකු කළකිරීමක්. ඒ ආණ්ඩුවට සහය දුන් අය එකතු කර ගත්තොත් අපේ පාක්ෂිකයෝ අපි පිළිබදවත් කළ කිරීමක් ඇති කර ගනී. අනික අපි හදන ආණ්ඩුවකට මේ අය එකතු වීම අපේ ජනතාවාදී වැඩපිළිවෙලඅනතුරේ හෙළිමක් වෙන්න පුලුවන් කියන එකයි අපේ පාක්ෂිකයන්ගේ මතය. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපට එකතු කර ගැනීම ගැන පොහොට්ටුවේ බහුතරයකගේ කැමැත්තක් නෑ. අපේ පක්ෂ නායකයන් මේ තත්ත්වය හොදින් වටහාගෙන කිසියම් තීරණයක් ගනිවි.

දැන් තව මතයක් යනවා විද්වතුන් දේශපාලනයට පැමිණීම ගැන. අපි ඒකට එකගයි. හැබැයි මේ සමහර විද්වතුන් පසුගිය රනිල් – මෛත්‍රී හවුලට කඩේ ගිය උදවිය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ එහෙම නැත්නම් ජනාධිපතිවරණයේ දී අපිට එකතු වුණ අය. එහෙම අය පාර්ලිමේන්තුවට යැව්වොත් අපි හදන්න හදන ජනතාවාදී ආණ්ඩුව ඒ අය තනතුරු, වරප්‍රසාද වෙනුවෙන් විනාශ කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඉදිරි මහ මැතිවරණයේ දී ජනතාව ඉතා පරිස්සමින් තීන්දු තීරණ ගතයුතු යැයි කියන එකයි මගේ අදහස. මහින්ද – ගෝඨාභය සුසංයෝගය තමයි මේ රට ගොඩ  ගත්තේ. දැන් ඒ සුසංයෝගය නැවත් රට තුළ ස්ථාපිත කරන්න අපිට ඉදිරි මහ මැතිවරණයේ දී අවස්ථාව ලැබෙනවා. එතනදී අපි පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ මහින්ද මහතා සමග වැඩ කළ හැකි, ඔහුව රකින පිරිසකුයි.

එක්සත් ජාතික පක්ෂය අද යන එන මං නැති පක්ෂයක්. රනිල්ව නායකත්වයෙන් අයින් කර ගන්න බැරි සජිත් කොහොමද ජනතාවට නායකත්වය දෙන්නේ. සජිත්ගේ පිළ කිව්වා හොදින් හරි නරකින් හරි රනිල් එලවනවා කියලා. වැඩේ කරගන්න බැරිවුණාම සජිත් පිළ කියනවා පෙරළුණ පිට හොදයි කියලා. සජිත් ප්‍රේමදාස මහතාට මෙවර මහ මැකිවරණයෙන් පස්සේ විපක්ෂ නායකකමත් අහිමිවෙනවා. ඒක ස්ථිරයි.

අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ වැඩ පිළිවෙල පිළිබද ව ජනතාව බලාපොරොත්තු තබාගෙනයි ඉන්නේ. පසුගිය මාස 02 තුළ අපි අලුත් රටක් නිර්මාණය කිරීමේ මුල් පියවර තැබුවා. ඉදිරි මහ මැකිවරණයෙන් පසු අපි ඒ අලුත් රට නිර්මාණය කිරීමේ කටයුත්ත වේගවත් කරනවා.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top