Published on: Feb 3, 2020 – 2002 දී පාර්ලිමේන්තුවට ගෙන එන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5වන වගන්තිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ව්‍යවස්ථාවක් ගෙන එමින් වසරකට පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබුණි.

එකී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2002 සැප්තැම්බර් මස 19වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප්‍රතිපත්ති හා ආයෝජන ප්‍රවර්ධන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර 2002 සැප්තැම්බර් මස 11වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇත.

එම 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින්ශ්‍ රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල්(වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

එහි තීරණය අනුව ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය නීතියක් බවට පත් කිරීම සදහා අවශ්‍ය වන නීතිමය තත්ත්වය එම විනිසුරුරු 7දෙනා විසින් දීර්ඝව විස්තර කර ඇත. වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5වන වගන්තිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසරවීම ජනාධිපතිට සීමා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවත් එය නීතියක් වන්නේ ජනමතවිචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය දීමෙන් පසුව බව අගවිනිසුරු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුරු 7දෙනෙකු විසින් තීරණය කර ඇත. 2

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට එකගව කටුයුතු කරන්නේ නම් වසරකට පසු පාර්ලිමේන්තුව විසරවීම ජනාධිපතිට සීමා කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නීතියක් බවට පත්කරන ආකාරයේ සහ 79 වන ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරනු ලබන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට වන කථානායකවරයාගේ සහතිකයක් සදහන් සටහනක් තබා ජනමතවිචාරණයකදී තමන්ගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව එළඹෙන තෙක් ජනතාව බලා සිටින අතර මේ වන තෙක් ජනාධිපතිවරයා විසින් ඒ අවස්ථාව ජනතාවට ලබා දී නැත. මෙය ජනාධිපතිවරයා විසින් සිදුකරන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනි තත්ත්වයකි.

2015 ගෙන එන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය කියා ඇති පරිදි ජනතාවගේ කැමැත්ත විමසීමට ජනමතවිචාරණය නොපැවැත්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කිරීම සහ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක යෙදීම…..

අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි 2015 මාර්තු මස 13 වන දින ගැසට් පත්‍රයේ 11 වන කොටස අතිරේකය   (2015.03.16 දින නිකුත් කරන ලද) 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 19වගන්තිය මගින් පාර්ලිමේන්තුව විසරවීමට අදාල ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව එකී ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අනු ව්‍යවස්ථාව ආදේශ කිරිම මගින් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1)    ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය:

එසේ වුවද, පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකල යුතු බව දක්වා ඇත.

ඒ අනුව 2005 දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින්ද 2002දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මෙන්ම ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම සීමා කරන විධිවිධාන ඇතුළත් කර ඇත.

2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට පෙර එනම් 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 7දෙනෙකු විසින් තීරණය කළ පරිදි  පාර්ලිමේන්තුව විසිරවීමෙන් ජනාධිපති වළක්වන විධිවිධානය නීතියක් බවට පත් කිරීමට පෙර ජනතාවගේ මතය විමසන ජනමතවිචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරවයා කටයුතු කර නැති අතර පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය පමණක් මේ වන විට හිමි වී ඇත. නමුත් එය නීතියක් වීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව පැවැත්විය යුතු ජනමතවිචාරණය පැවැත්විය යුතු අතර වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව විසින් බලයට පත් කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කිරීමට නොව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට අනුව රට පාලනය කිරීමටය.

පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සම්ම්ත වී ඇති 2005දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව නීතියක් බවට පත්කිරීමේ ඉදිරි පියවර ගැනීම ජනාධිපතිවරයා විසින් කළ යුතු වේ.

මෙහිදී යම් අයෙකු හෝ කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අයුතු ලෙස හා අන්තනෝමතික ලෙස යොදා ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව කටයුතු නොකරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරන ආකාරයට 2015දී ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා නීති විරෝධීව නීතිමය තත්ත්වයක් ආරෝපණය කරමින් සිටින හෙයින් ඒ සම්බන්ධව දැඩිව ක්‍රියා කිරීමද ජනාධිපතිවරයාට අයත් කාර්යයක් වේ.

ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්කරනු ලැබූයේ නීතියට අනුව රට පාලනය කිරීමට හෙයින් මේ වැරදි තත්ත්වය නිවැරදි කිරීමේ පූර්ණ වගකීම ඔහු විසින් දැරිය යුතු අතර මෙහිදී කිහිප දෙනෙකු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්  සිදු කර ඇති බවත් පැහැදිලිවන හෙයින් ඒ සම්බන්ධව පූර්ණ විමර්ශනයක් සිදුකර වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමද සිදු කළ යුතු වේ.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

ආශ්‍රිත මූලාශ්‍ර

  1. 2002 දී පාර්ලිමේන්තුවට ගෙන එන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5වන වගන්තිය.
  2. ශ්‍රී ලංකා වාසී ජනතාව තවම ව්‍යවස්ථානුකූලව සම්මත නොකළ එම නිසා තවම නීතියක් වී නැති 19වන ව්‍යවස්ථාකෙටුම්පත සහ කළු සුදු කිරීමේ 21 සහ 22 

(හර්ෂ කුමාර සූරියආරච්චි)

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Feb 2, 2020- කොරොන වෛරසයට වඩා එක්සත් ජාතික පක්ෂය තුල එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා භායානක බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පවසයි.ජාතික මහජන සභාව විසින් (02) දින හැටන් නගරයේ කැදවා තිබු විශේෂ මාධ්‍යය හමුවකදි චමිර පෙරේරා මහතා කියා සිටියේ නිල් වික්‍රමසිංහ භුත ආත්මයෙන් නිදහස්ව ස්වාධීන සංධානයක් ජනතාව ඉල්ලන බවයි. (අදාළ විඩියෝව පහතින් නැරඹීමට හැක.)

දැන් මේ එක්සත් ජාතික පක්ෂය දිහා බැලුවම කොරෝනා ‍වෛරසයට වඩා ලොකු වෛරසයක් තමයි මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ.

ඒක හොද කරන්න බැරි බව තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් අපි දැක්කා රනිල් වික්‍රමසිංහ පක්ෂයේ  ඩමී ටික රැස් වෙලා ආයේම පාරක් කිව්වා රනිල් වික්‍රමසිංහ තමයි හොදම කියලා.

රනිල් වික්‍රමසිංහ මහත්තයටයි ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයටයි කියන්න කැමතියි ඊලග වතාවේදී ව්‍යවස්ථාව වෙනස් කරලා හරි කමක් නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා ස්වර්ගස්ත වුනත් මේ භද්‍ර කල්පය පවතින තුරු රනිල් වික්‍රමසිංහ උතුමානන්මයි මේ එජාපයේ නායකයා කියලා තීරණය කරන්න.

භූත ආත්මයකින් හරි එතුමව ගෙනල්ලා නායකත්වයේ තියාගන්නවා කියලා තීරණය කරන්න පුළුවන්. දැන් පහු ගිය ජනාධිපතිවරණයේදී ලබා ගත්ත ජයග්‍රහනයක් තමයි ඔය රනිල් වික්‍රමසිංග දෝශයෙන් නිදහස් වුණා. ඒ නිසා කාට හරි ජනතාවගේ ප්‍රසාදයක් දිනා ගන්න ඕන නම් එය රනිල් වික්‍රමසිංහ දෝෂයෙන් නිදහස් වෙන්න ඕන.

මේ ආණ්ඩුව බලයට පත් වෙලා මාස 2 , 3 ඇතුලත වර්තමාන ආණ්ඩුව බිහි කිරිමට ජන්දය ලබා දුන්න අය අතර මේ වන විට බරපතල ඉච්චා භංගත්වයක් තියෙනවා.එ නිසා අපිට ඕනි විකල්ප පරිවර්තනිය වැඩ පිලිවෙලක්. එක ගෙන්න පුළුවන් විකල්ප පරිවර්තනිය නායකයෙකුට පමණයි.

නොවැම්බර් මාසය එවැනි ප්‍රජාතන්ත්‍රවාදි කදුවර එවැනි නායකයෙක් පිලිඅරගෙන තියෙනවා.එ නිසා පුළුල් සන්ධානයක් ඇතිකරගන්න ඕනි රනිල් වික්‍රමසිංහ භුත ආත්මයෙන් නිදහස්ව ගිහින් , එක තමයි මේ මොහොතේදි රටේ ජනතාව ඉල්ලා සිටින්නේ.

පාර්ලිමේන්තුවට එන 5වන එතනොල් කාරයා කවුද?

මේ නුවරඑලිය දිස්ත්‍රික්කට 2015 ට කලින් පත්තර වල මාධ්‍යය වල ගියා එක්තරා ක්‍රිකට් ක්‍රිඩකයෙක්ගේ සහෝදරයෙක් එතනොල් ගෙනල්ලා නිතියට හසු වෙලා කොටි ගණනක දඩ මුදලකට යටත් ව නිදහස් වෙලා ඉන්න ක්‍රිකට් ක්‍රිඩකයෙක්ගේ සහෝදරයෙක් නුවරඑලියට පැරෂුට් එකකින් දාන්න යනවා කියලා.

රංජන් රාමානායක මහතා පසුගිය දා පා.ම කිව්වා එතනොල් ගෙන්නන පා.ම හතර දෙනෙක් ඉන්නවා කියලා , මැයි මාසයේ රංජන් රාමානයක මහතාට කියන්න ඉඩ තියන්න එපා එතනොල් ගෙන්නන පා.ම පස් දෙනෙක් ඉන්නවා කියලා.ඒ  පාපයට නම් නුවරඑලිය ජනතාව අතගහන්න එපා කියලා ඉල්ලිමක් කරනවා . යනුවෙන් පැවසිය.

2013 වසරේ රේගු බදු පැහැර හරිමින් එතනෝල් බහාලුම් දෙකක් ආනයනය කළ පුද්ගලයින් පස් දෙනෙකුට ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් 33,800,000 ක දඩ මුදලක් නියම කල අතර එම චොදනාවට වරදකරු වුයේ මුත්තියා සසිධරන් හෙවත් මුත්තයියා මුරලිදරන්ගේ සොහොයුරුය.

එම බහාලුම්වල එතනෝල් ලීටර් 61500 ක් අඩංගු බව සොයා ගන්නා ලදී.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Feb 2, 2020- පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මොරදෙණිය ග්‍රාම නිලධාරී වසමේ, ඉතා දිළිඳු පවුලක දරුවකු අධික කුසගින්න හේතුවෙන් තම නවසේ බිත්තිවල ඇති මැටි ආහාරයට ගන්නා පුවතක්කො ලොන්නයාය ගම්මානයෙන් වාර්තා වේ.

පවුලේ කිසිවෙකුටත් ස්ථීර ආදායම් මාර්ගයක් නොමැතිකමින් දැඩි අසරණභාවයට පත්ව සිටින ඔවුන් ඇතැම් දිනවල කුසගින්නට ආහාර නොමැතිව නිරාහාරව සිට නබවත් තම වැඩිමහල් දියණිය බිත්තිවල පස් ආහාරයට ගන්නා බවත් එම දියණිගේ මව වන 32ක හැවිරිදි බී.එම් රම්‍යලතා මහත්මිය සඳහන් කරයි.

අපි ගොඩක් දුප්පත්. මහත්තයටවත් මටවත් ස්ථීර අදායම් මාර්ගයක් නැහැ. අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි. අපි එදා වේල පිරිමහගන්නේ බොහොම අමාරුවෙන්. උදේට කෑවොත් දවල්ටත් නැහැ රෑටත් නැහැ. රූට කෑම ඉල්ලපුවහම දෙන්න දෙයක් නැති නිසා මම වේලාසනින් දරුවන්ව නිදි කරවනවා. ලොකු දරුවා ගැහැණු දරුවෙක්. එයා ගෙදර තියෙන බිත්තිවල පස් කනවා. සමහරදාට නින්දෙන් නැගිටල බත්ති සූරගෙන කනවා. ගෙයි මේ හැම තැනම තියෙන්නේ සූර සූර පස් කාපු තැන්.

මොවුන් 77/3 කොලානයාය, සේරන්කඩ යන ලිපිනයේ කටුමැටි සහිත සෙවිලි තහඩුවලින් සැදූ කඩා නිවසක පදිංචිව සිටින අතර 12 හැවිරිදි තම දියණිය පාසල් නොයන බවත්, 6 වැනි වසර දක්වා පාසල් අධ්‍යාපනය හැදෑරූ බවත් ඉන් පසුව ඇගේ පාසල් ගමන නතර වූ බවත් එම දියණියගේ පියා වන 46 හැවිරිදි එන්.ඩබ්ලිව් ධර්මදාස මහතා සඳහන් කරයි.

අපි ඉන්න හිටින්න හරි හමන් තැනක් නැහැ. මට ඔනේ මේ ගේ කෑල්ල හදා ගන්න. අපිට කවුරු හරි උදව් කරන්න කියලයි අපි ඉල්ලන්නේ. මට ස්ථීර රස්සාවක් නැහැ. දරුවෝ දෙන්නයි නොනයි එක්ක අපි ජීවත්වෙන්නේ හරිම අමාරුවෙන්. මම කුලී වැඩ කරන්නේ. කුලී වැඩ හැමදාම නැහැ. අපිට කන්න නැතත් කමන් නැහැ. මේ ගෙයි බිත්ති පෙරළෙන්න ළඟයි. ගෙයක් හදාගන්න උදව් වෙනවනම් ලොකු දෙයක්. ඒ වගේම අපේ දරුවෝ වෙනුවෙන් පිං පඩි කාඩ් එකක් හදලා දෙන්න කියලත් ඉල්ලනවා. යැයි එම පියා වැඩිදුරටත් පවසයි.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Feb 1, 2020 – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවි යන අවස්ථාවලදි වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් නොකර සිටිම සම්බන්ධයෙන් මහින්ද පාර්ශ්වය සහ ගෝඨා පාර්ශ්වය අතර අලුත්ම අර්බුදය බවට පත්ව තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.අර්බුදය වෙගයෙන් ඉහලට ගමන් කරමින් තිබෙන බවට හොදම උදාහරණය වන්නෙ සිය මාසික ප්‍රතිකාර සදහා සිංගප්පූරුවට යැමට පෙරේදා රාත්‍රියේ ගෝඨාභය සුදානම් වුවද ආරක්ෂක අමාත්‍යධුරයේ වැඩ බලන්නෙකු සම්බන්ධයෙන් මහින්ද කල ප්‍රශ්ණ කිරිම් හමුවේ ගෝඨාභයගේ ගමනද නතර විමයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක වගකීමක් දැරිය නොහැකිව තිබිම නිසා මහින්දගේ වන්දිබට්ටයෝ හිතාගෙන සිටියේ මහින්ද ආරක්ෂක අමාත්‍යවරයා කියාය.වන්දිබට්ටයන්ට එය එසේ නොවේ යැයි තෙරුම් ගැනිමට මාසයක පමණ කාලයක් ගතවු බව ඉතාම පැහැදිලිය.

ආරක්ෂක ඇමතිකම මහින්දට දෙන්න ගෝඨාභය භයද?

මේ දක්වා ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයෙකු පත්කර නොමැති අතර එය නීතියට පිටින් යමින් ගෝඨාභය සිය අතෙ තබාගෙන සිටි.මහින්ද ජනාධිපති සමයේ ආරක්ෂක අමාත්‍යධුරය සියතේ තබාගෙන සිටි අතර යුද්ධයේ අවසන් කාලයේදි පවා රටින් පිටවි යන අවස්ථාවල එය පවරා ගිය අතර එවකට මෛත්‍රීපාල සිරිසේනද එම ධුරයේ වැඩබලා තිබේ. කෙසේවෙතත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ පත්කර තිබේන නමුත් ඉන්දිය සංචාරය,සහ ප්‍රතිකාර සදහා රටින් පිටව ගිය අවස්ථා 3 දීම ගෝඨාභය සිය ආරක්ෂක තනතුරේ වැඩ බැලිම ඔහුට හෝ පවරා ගියේ නැත.

ව්‍යවස්ථාව හා නීතිය උල්ලංඝනය කරමින් ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව පිළිබඳ වගකියන කැබිනට් අමාත්‍යවරයෙකු පත් නොකර ගෝඨාභයගේ තනි කැමත්තට පත්කරගත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගෝඨාභයට අවශ්‍ය දේවල් නිසි පරිදි සිදුකරමින් සිටි.

මහින්දට බෑ…

මේ අතර ගෝඨාභයගේ  බෝන් අ’ගෙන් ක්‍රිස්තියන් මාෆියා න්‍යායාචාරවරුන් කිහිප දෙනෙකුම මහින්දට ආරක්ෂක අමාත්‍යාංශයේ වගකිම් පැවරිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් අදහස් පලකර තිබේන අතර ඔහුන් සදහන් කර ඇත්තෙ

“මහින්දගේ නොසැලකිලිමත් කම හේතුවෙන් ආරක්ෂක අමාත්‍යධුරය හෝ වැඩබලන අමාත්‍යවරයා ලෙස හෝ පත්කිරිමට තමන් අකමැති බව “HE” දැන්වු බවයි.”

අප්‍රියෙල් 21ක ප්‍රහාරය සදහා ඉඩ ලැබුනේ ඊට මාස ගණනකට පෙර සිට ආරක්ෂක මණ්ඩලය කැඳවා නොතිබිම නිස බවත් ඊට පලමු මෙන්ම ප්‍රමුඛ හේතුව මෛත්‍රී – රනිල් දෙන්නා අතර වූ ගැටුම්කාරී තත්ත්වය නිසා බව හිටපු අග්‍රාමාත්‍යවරයා(රනිල් වික්‍රමසිංහ) ජනාධිපතිවරයාට පෞද්ගලිකවම පෙන්වාදුන් කරුණක් බවත්, ඔහුන් සදහන් කර තිබේ.

මෛත්‍රී – රනිල් ගැටුම ආරම්භ විමට මෙන්ම එය දිගින් දිගටම පැවැතිමට මහින්ද ප්‍රබලම හේතුවක් බවත් දෛනිකව මහින්ද මෛත්‍රීට දුන් උපදෙස් සහ කී කේලාම් මේ දෙදෙනා අතර අර්බුදයට ප්‍රධාන හේතුව බව පසුව අනාවරනය වුනා.

ජාතික ආරක්ෂාවට කොරෝනා

රටේ ජනතාව ජාතික ආරක්ෂාව යනුවෙන් සිතගෙන සිටින්නේ මිලිටරීකරණය වු බෝම්බ සහ තුවක්කුවලින් කරන යුද්ධ පමණී. ජාතික ව්‍යසනයන කිහිපයකට මුහුණ දුන් ශ්‍රි ලංකාව ජාතික ආරක්ෂාව සදහා කරපු මගුලක් නැත. දැන් පැතිර යන කොරෝනා වලින් අලුත් පාඩමක් ඉගෙන ගැනිමට තරම් ලාංකිකයන්ට ඔලුගෙඩියක්ද නැත.සියල්ලටම වඩා ජාතික ආරක්ෂාව ගැන කැබිනට්ටුවට වගකියන අයෙකු අවශ්‍ය.නැත්නම් ජාතික ආරක්ෂාවට කොරෝනා හැදෙන දවසද වැඩි ඇතක නොවනු ඇත.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Feb 1, 2020 – ඉන්දු-පැසිෆික් කලාපයේ පෙන්ටගනය දක්වා එක්සත් ජනපද උපායමාර්ගය පිළිබඳව කොංග්‍රසයෙන් නියම කරන ලද අධ්‍යයනයක් සිදු කළ වොෂිංටන්, ඩීසී හි නව ඇමරිකානු ආරක්ෂාවක් සඳහා වූ ජාතික ආරක්ෂක චින්තන මධ්‍යස්ථානය (Center for a New American Security) හෙවත් CNAS පිටු 64 කින් සමන්විත වාර්තාවක් නිකුත් කර තිබේ. Rising to the China Challenge (චීන අභියෝගයට නැගී සිටීම) වෙනුවෙන් ඉන්දු-පැසිෆික් කලාපයේ ඇමරිකානු තරඟකාරිත්වය අලුත් කිරීම යනුවෙන් එම වාර්තාව නම්කර තිබේ.

(සම්පූර්ණ වාර්තාවේ PDF පිටුවට අදාළ LINK එක පහතින් අමුණා ඇත.)

ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ, ගතික හා ප්‍රතිවිපාක කලාපය වන ඉන්දු-පැසිෆික් කලාපයේ අනාගතය සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා චීනය උපායමාර්ගික තරඟයක පැටලී සිටීන බවත් ඉදිරි දශක කිහිපය තුළ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන නීති, සම්මතයන් සහ ආයතන සඳහා තරඟකාරී තත්ත්වයන් ඇතිවන බව එම වාර්තාව පුරාම සාකච්ඡා කර තිබේ.

එක්සත් ජනපද රජය ස්වෛරීභාවයට හා ජාතීන්ගේ ස්වාධීනත්වයට ගරු කිරීම, ආරවුල් සාමකාමීව විසඳීම, නිදහස් හා සාධාරණ වෙළඳාම, ජාත්‍යන්තර නීතිය පිළිපැදීම සහ වඩා විනිවිදභාවය සහ යහපාලනය යන අර්ථය ඇති “නිදහස් හා විවෘත” ඉන්දු-පැසිෆික් කලාපයක් නිර්මාණය කිරිමට කටයුතු කරමින් සිටින අතර ඒ සදහා එක්සත් ජනපදයට නව ඇමරිකානු යුද්ධ ක්‍රමයක් අවශ්‍යය බව සීඑන්ඒඑස් වාර්තාව පෙන්වා දෙනවා.

එක්සත් ජනපදය තවමත් චීනයට වඩා සමස්ත මිලිටරි වාසියක් රඳවාගෙන සිටියද, පසුගිය දශක දෙක තුළ මෙම පරතරය සැලකිය යුතු වෙනස් විමට ලක්ව ඇති බවත් කලාපීය සමතුලිතතාවය මත 2020 දශකයේ අගභාගයේදී හෝ 2030 ගණන්වල මුල් භාගය වන විට චීනයට වාසිදායක තත්ත්වයක් උදාවිය හැකි බව මෙම වාර්තාව විග්‍රහ කර තිබේ.

චීනයට එරෙහිව සඳහා මිලිටරි අර්බුදයක් වර්ධනය කිරිමට වොෂින්ටනයට නවදිල්ලිය අවශ්‍ය නමුත් “ඇතැම් අවස්ථාවන්හිදී, මිලිටරි ශේෂය දැනටමත් එක්සත් ජනපදයට අවාසිදායක විය හැකිය,” යනුවෙන්ද එහි සදහන් වේ.

සෝවියට් සංගමය සමඟ සීතල යුද්ධය මෙන් නොව, චීනය සමඟ තරඟය ප්‍රධාන වශයෙන් මිලිටරි ක්‍ෂේත්‍රය තුළ සිදු නොවනු ඇති බවපෙන්වා දෙන වාර්තාව එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා ඇත්තේ “make America run faster and jump higher.” යනුවෙනි.

ඒ අනුව ඉන්දු-පැසිෆික් කලාපයේ කලාපීය පිළිවෙලක් ගොඩනැගීම, නව නීති, සම්මතයන් සහ ආයතන පිහිටුවීම සඳහා එක්සත් ජනපදය ක්‍රියාශීලී විය යුතු බව වාර්තාව යෝජනා කරයි.

ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද උපාය මාර්ග සඳහා මූලධර්ම සහ නිශ්චිත, ක්‍රියාකාරී ප්‍රතිපත්ති නිර්දේශ 100 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබේ. ඇමරිකානු තරඟකාරිත්වයේ තීරණාත්මක කලයුතු ක්‍රියාකාරකම් හතකි.

1) සාම්ප්‍රදායික මිලිටරි රඳවා ගැනීම තිරසාර කිරීම;

2) අත්‍යවශ්‍ය එක්සත් ජනපද තාක්ෂණික වාසි සුරක්ෂිත කිරීම;

3) එක්සත් ජනපද ආර්ථික බලය සහ නායකත්වය ශක්තිමත් කිරීම;

4) ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීම;

5) දෘෂ්ටිවාදය හා ආඛ්‍යානය මත තරඟ කිරීම;

6) ඩිජිටල් නිදහස ප්‍රවර්ධනය කිරීම සහ අධි තාක්‍ෂණික ලිබරල්වාදයට එරෙහි වීම; සහ

7) චීනය සමඟ තරඟ කිරීමට කුසලතා වර්ධනය කිරීම

සාම්ප්‍රදායික මිලිටරි රඳවා ගැනීම තිරසාර කිරීම; යනුවෙන් පලමුව නිර්දේශ කර තිබේන කරුණ ලංකාවටද ඉතාම සමීප කාරණයකි.අමෙරිකාව සමග වර්තමානයේ සිදුවන ගනුදෙනු සම්බන්ධයෙන් කිසිවෙකුටත් වගේ වගක් නැත.

රංජන්,හඩපට,කොරෝනා…. තව තව දේ ඉදිරියට එනු ඇත.අප අවස්ථා ගණනාවකදි අනාවරණය කල ඉන්දු-පැසිෆික් කලාපයේ ඇමරිකානු මිලිටරිකරණය තහවුරු කිරිමේදි ලංකාව පාපිස්සක් ගානට යොදා ගැනිමට අවශ්‍ය ගිවිසුම් වලට රට යටවනු ඇත.ඒ සදහා මිලිටරිකරණයේ ඩිල්වල රස දන්නා ගෝඨාභය වැන්නේකු සිටිම ඔහුන්ට එම ගමන පහසු කරනු ඇත.

තවත් දැනගැනිම සදහා

ගෝඨාද මෑන්…. ශ්‍රී ලංකාව එක්සත් ජනපද හමුදා කේන්ද්‍රස්ථානයක්! ඊළම,ෆේඩරල් වෙනුවට අලුත් ගමනක්! ඇමරිකානු යුධ බලය ව්‍යාප්ත කිරීම සදහා ඇමෙරිකා හමුදා කඳවුරක් ලංකාවේ! යන පුවත් පහතින් කියවන්න.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Rising to the China Challenge

Renewing American Competitiveness in the Indo-Pacific

By Ely Ratner, Daniel Kliman, Susanna V. Blume, ​Rush Doshi, Chris Dougherty, Richard Fontaine, Peter Harrell, Martijn Rasser, Elizabeth Rosenberg, Eric Sayers, Daleep Singh, Paul Scharre, Loren DeJonge Schulman, ​Neil Bhatiya, Ashley Feng, Joshua Fitt, Megan Lamberth, Kristine Lee and Ainikki Riikonen

Read More https://s3.amazonaws.com/files.cnas.org/documents/CNAS-Report-NDAA-final-6.pdf?mtime=20200116130752

 

http://lankanewsnetwork.org/archives/22532

Published on: Feb 1, 2020- සත්‍යය, යුක්තිය සහ වන්දි ගෙවීම සඳහා රජය විසින් සිදුකරන ලද කැපවීම්, උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා අඛණ්ඩව දඩුවම් නොලැබීම, ආගම හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ශ්‍රී ලංකාව තුල අහිමි වෙමින් තිබේන තත්ත්වයක් උදාවි ඇති බව ආසියා පැසිෆික් කලාපයේ මානව හිමිකම් පිළිබඳව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International ) සවිස්තරාත්මක විශ්ලේෂණය හරහා පෙන්වා දෙනවා.

(Human Rights in Asia-Pacific: Review of 2019 ) වාර්තාවේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කොටස  පහතින් අමුනා ඇත.

අපේ‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයෙන් වාර්ගික ප‍්‍රචණ්ඩත්වය වත්මන් රජය යටතේ වර්ධනාය කිරිම හේතුවෙන් සුළු ජාතීන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර ජාතින් අතර නිදහස අනතුරේ හෙළන බවද එම වාර්තාව පෙන්වා දෙනවා.

වසර 30 ක ගැටුම සඳහා යුක්තිය සහ වන්දි ගෙවීම නතර විමෙ තත්ත්වයක් උදාවි ඇති අතර පසුගිය රජය ඒ සදහා ගත් සුභදායී පියවර නව රජය විසින් ආපසු හැරවීමේ අවදානමට ලක්ව තිබිම ඊට හේතු වි තිබේ.

“ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ පැවති ගැටුමට ගොදුරු වූවන් සඳහා, අතුරුදහන් වීම් පිළිබඳ සුළු ප්‍රගතියක් සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් වගවීමක් නොමැත.” යනුවෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි දකුණු ආසියාවේ අධ්‍යක්ෂ බිරාජ් පට්නායික් (Biraj Patnaik) සදහන් කර තිබේ.

අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ අප්‍රියෙල් ප්‍රහාරයෙන් පසුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ආගමික විශ්වාසයන් සඳහා වූ අයිතිවාසිකම්වලට අනවශ්‍ය සීමාවන් පැනවීම වත්මන් බලධාරීන් හදිසි රෙගුලාසි භාවිතා කරමින් සිටි.

අන්තර්ජාතික මානව හිමිකම් නීතිය හා ප්‍රමිතීන්ට අනුකූල නොවීම සම්බන්ධයෙන් දිර්ඝකාලීන විවේචනයට ලක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ( PTA) ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටළු නිරාකරණය කිරීම සඳහා ද යොදා ගන්නා අතර බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව මුස්ලිම් විරෝධී ප‍්‍රචණ්ඩත්වයක් ඇති වු අතර එය සන්නද්ධ කණ්ඩායම විසින් ‘ඉස්ලාමීය රාජ්‍යය’ ලෙස හදුන්වා දෙමින් ජනතාව බෙදා වෙන්කිරිමට කටයුතු කල අතර සුළුතර ප්‍රජාවන්ට එල්ල වු ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ එතරම් දෙයක් නොකිරිම හරහ එය මනාව තහවුරු වි තිබේ.

අපේ‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ආගමික නිදහස සක්‍රියව අවදානමට ලක්ව තිබේනවා.එම නිතී අවලංගු කල යුතුයි.ජාතික ආරක්ෂාව යන නාමයෙන් විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල අයිතිවාසිකම් උල්ලංඝනය කිරිම සමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

2009 දී අවසන් වූ තිස් වසරක ගැටුමේදී සිදු කරන ලද ජාත්‍යන්තර නීතිය යටතේ සිදු වූ අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා විසඳීම සඳහා රජය විසින් නැවත නැවතත් කරන ලද සහතික කිරීම් බොහෝ දුරට යථාර්ථයක් නොවීය.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් අතුරු සහන සහ යුක්තිය සඳහා තීරණාත්මක නිර්දේශ ඉදිරිපත් කළ වාර්තාවක් නිකුත් කළ නමුත් ඉන් එකක් පමණක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නීතිපතිවරයා නොවැම්බර් මාසයේ දී කඩිනම් අධිචෝදනා ගොනු කළ නමුත් අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩගේ නඩුව ද ඇතුළුව චෝදනා ලැබූ අනෙකුත් වැරදිකරුවන් ඉවත් කර තිබේ.

සාක්‍ෂි නොමැතිකම හේතුවෙන් 2006 දී දෙමළ සිසුන් පස් දෙනෙකු ඝාතනය කළ බවට චෝදනා ලැබූ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් 12 දෙනෙකු ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත්වරයකු විසින් ජූලි මාසයේදී නිදොස් කොට නිදහස්ක රන ලදී. එතැන් සිට මෙම ඝාතනයන් සම්බන්ධයෙන් වෙනත් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනු කර නොමැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් 2014 දී කරන ලද පරීක්ෂණයකදී නම් කරන ලද හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු වසර අවසානයේ නව රජය දිවුරුම් දීමෙන් පසු බලතල සඳහා උසස් කරනු ලැබීම සම්බන්ධයෙන්ද වාර්තාව අවධානය යොමුකර තිබේ.

සත්‍යය, යුක්තිය සහ වන්දි ගෙවීමේ යාන්ත්‍රණයන් ස්ථාපිත කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඇති නව රජය ඉවත් වි ඇති අතර හිටපු රජයක් විසින් කරන ලද බැඳීම් ඉටු කිරීමට තම රජය බැඳී නොසිටින බවටද ප්‍රකාශ කර තිබේ.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…




Human Rights in Asia-Pacific: Review of 2019


Published on: Jan 31, 2020- පරාජිත සන්ධානයකට නායකත්වය දීමට තමන්ට අවශ්‍ය නැති නිසා සජිත්ට සන්ධාන නායකත්වය ලබාදිමට තීරණය කල බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිය කෘත්‍යාධිකාරි මණ්ඩල සමාජිකයන් කිහිප දෙනා නිවසේ හමුවු අවස්ථාවේ පවසා තිබේ.

මහා මැතිවරණයෙන් සජිත් පිළ දැවැන්ත පරාජයකට පත්වෙන බව තමන් දන්නා බවත් ජනාධිපතිපතිවරණයෙ ලැබු පරාජය දිගටම පවතීන බවත් එවන් පරාජිත සන්ධානයකට නායකත්වය දීමට තමන් අකමැති බවද වික්‍රමසිංහ මහතා සදහන් කර තිබේ.

එක්සත් ජාතික් පක්ෂයේ (UNP)නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව සහ සජිත්ට මහා මැතිවරණයට තරග වදින සන්ධානය මෙහෙයවිමේ බලය සහ අගමැති අපේක්ෂකත්වයද පිරිනමන බව සදහන් කල රනිල්ගේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමෙන් අනතුරුව ඊයේ රාත්‍රීයේ එම කණ්ඩායම රනිල්ගේ නිවසේදී හමුවකට එක්වුනා.

එහිදි සජිත් ප්‍රේමදාසාගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම පිළිබඳව ඔහුගේ සමීපතමයන් කල සාකච්ඡා වලට එක්වෙමින් වික්‍රමසිංහ මහත සදහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම දකුණේ පවත්වන ලබන කිසිදු රැස්වීමකට සුළු ජාතික දේශපාලන  පක්ෂ නායකයින් ඉදිරිපත් නොකිරීමට තමන් කටයුතු කරමින් සිටින බවයි.

“කොහොම ප්ලෑන් කලත් මහා මැතිවරණය දිනන්න එයාලට බෑ.. අනික ඔය සුළු පක්ෂත් මහා මැතිවරණයෙදි තමන්ගේ තින්දුව වෙනස් කරයි.දිනන එක කෙසේවෙතත් සජිත් වටේ ඉන්න අයට පාර්ලිමේන්තුවට එන එකත් දැන් අවුලක් වෙලා තියෙන්නේ.”

“ජනාධිපතිවරණයට වසරකට පෙර ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව තමන් හොදින්ම දැන
සිටිය බවත්,මහින්ද ඇතුලු රාජපක්ෂ පවුලේ ඇතැමුන් ගෝඨාගේ ගමන වැලැක්වීමට කටයුතු කල විටදි ඊට මුහුණදිමට ගෝඨාභය උපදෙස් පැතුවේ තමන්ගෙන් බවද රනිල් එහිදි ඌජාරුවෙන් පවසා තිබේ.”

“පහුගිය අවුරුදු 4ක වැඩි කාලයක් තමන් කල වැඩ ඉදිරියට කරන්නට පුලුවන් ගෝඨාට කියලා මම දැනගෙන හිටියා…ඒ වගේම අද ඔයාලා ඇවිල්ලා මේ විදියට මා එක්ක ඉන්නේ මම නායකයාන් නිසා… ගෝඨා පැරදුනනම් අද ඔයාලා මෙතන් නෑ…. ”

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Jan 31, 2020- කොරොනා වෛරසය පැතිරයාම වැලැක්විම සදහා යැයි පෙන්වමින් ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් හට වෙනස් කම් කිරිමට රජයේ නිළධාරින් කටයුතු කිරිමට එරෙහිව කටයුතු නොකිරිම සම්බන්ධයෙන් චීන රජයේ නිලධාරීන් නිල නොවන ලෙස ශ්‍රී ලංකා රජයට කනස්සල්ල පලකර තිබේන බව චීන මාධ්‍ය අනාවරණය කර තිබේ.

වත්මන් ජනාධිපතිවරයාගේ පත්විමත් සමග චීනය සමග ඇති සබඳතාවයන් සීඝ්‍රයෙන් පහල යමින් තිබේන බවත් වෛරස ඒ සදහා උත්පේරකයක් ලෙස යොදා ගන්නා බවද චිනය සදහන් කර තිබේ.

අවන්හල්, හෝටල්, රෝහල්, ස්පා සහ සුපිරි වෙළඳසැල් වැනි පොදු ස්ථානවලින් ඉවතට හරවා එවන බවත් මේ වනවිට ඔහුන්ට ජිවත් විමට ඇති අයිතියටද බරපතල ලෙස බලපෑම් එල්ල වි තිබේන බවද චීන බලධාරීන් සදහන් කර තිබේ.

නමුත් ශ්‍රි ලංකාවේ චීන ජාතිකයන්ට රෝගය වැලදි නොමැති වුවත් ඔහුන් වෛරසයක් සේ සලකා කටයුතු කරන අතර චීන ජාතිකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජයෙ නිළධාරින් දැනුවත් කලද ඔහුන් එම් පැමිණිලි නොසලකා හරින බවද චීන බලධාරීන් සදහන් කර තිබේ.

හියුබේ (Hubei) පළාතේ චීන සමාගම්වල සේවකයින්ට නැවත ශ්‍රී ලංකාවට යාමේ සැලසුම් නතර කරන ලෙස තානාපති කාර්යාලය උපදෙස් දී ඇති අතර ශ්‍රී ලංකාවට පැමිණ අවම වශයෙන් දින 14 ක්වත් නිරෝධායනය කළ යුතු බව තානාපති කාර්යාලය නියෝග කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇමරිකාව සහ ඉන්දියාව සමග සමීප සබඳතාවයන් ආරම්භ කිරිමත් සමග චීනය සමග තිබු සබඳතාවයන් දැඩි ලෙස බිඳවැටීමට ලක්ව ඇති බව පෙන්වා දෙන ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් ගෝඨාභය සහ ඔහුගේ සහෝදර මහින්ද නැවත බලයට පත්වු විගස ආර්ථිකයට උදව් කිරීම සඳහා චීනය වෙත ගමන් කිරිමට සුදානම් වුවද ඇමරිකානු මැදිහත් විම මත මෝඩිගේ මැදිහත් විමෙන් එය මගහැරුනු බවයි.

රාජපක්ෂ සහෝදරයන් චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් ආරක්ෂා කර ගැනිම සදහා ප්‍රබල සටනක් දිය යුතුව ඇති බවත් පසුගියි මහින්ද රාජපක්ෂ සමයේ ශ්‍රි ලංකාවට කල මුල්‍ය ප්‍රදානයන් මෙන්ම ජනාධිපතිවරණ සමයේ පෞද්ගලිකව සිදුකරන ලද මුල්‍ය ප්‍රදානයන්ද මතක තබා ගැනිම වැදගත් වනු ඇති බවද විශ්ලේෂකයන් පෙන්වා දි තිබේ.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Jan 31, 2020 –නැගෙනහිර පලාත් දෙමළ මාධ්‍යවේදීන් පිරිසකට මරණ වරෙන්තු නිකුත් කිරිමට හදුනා නොගත් කණ්ඩායමක් කටයුතු කර තිබේන බව වාර්තා වේ.මාධ්‍යවේදීන් හත් දෙනෙකුගේ ඡායාරූප ඇතුළත් පත්‍රිකා මගින් මෙම මරණ වරෙන්තුව ලබාදි තිබේ.

මඩකලපුවේ පුවත්පත් සමාජ ශාලාවට එම ඡායාරූප ඇතුළත් පත්‍රිකා දමා ගොස් ඇති අතර ඒ මගින් වරෙන්තු නිකුත් කර ඇත්තේ …

ස්වාධීන රූපවාහිනී ජාලයේ ( ITN) ක්‍රිෂ්ණකුමාර්,(Krishnakumar) ලංකා ශ්‍රී වෙබ් අඩවියේ සෙල්වකුමාර් නිලන්තන්,(Selvakumar Nilanthan) පුන්නියමූර්ති සසිකරන්,(Punniyamoorthy Sasikaran) කුහාරසා සුබෝජන් (Kuharasa Subojan) සහ Sirasa/MTV හි නල්ලතම්බි නිත්‍යානන්දන්,(Nallathambi Nithyananthan)සහ තිනකූරල් පුවත් පතේ Vadivel Shakthivel සහ Subramaniam Kunalingam යන අයෙගේ ඡායාරූපය එහි ඇතුලත් කර තිබේ.

2009 ජනවාරි මාසයේ දී ගෝඨාභයගේ විශේෂ ආරක්ෂක කණ්ඩායමකගේ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු සන්ඩේ ලීඩර් ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගට ගෞරව දක්වන අවස්ථාවක ගත් ඡායාරූපයක් මෙම මරණ වරෙන්තුව සදහා භාවිතා කර තිබේ.

“රජයට එරෙහිව ප්‍රවෘත්ති පළ කරන විදේශ කොටි අරමුදල් සපයන වාර්තාකරුවන් මොවුහු ය. අපි ඉක්මනින්ම ඔවුන්ට මරණ දඩුවම ලබා දෙන්නෙමු.” යනුවෙන් එහි දෙමළ භාෂාවෙන් සදහන් කර තිබේ.මේ පසුපස හමුදා බුද්ධි අංශ හෝ ඉට සමාන කණ්ඩායමක් සිටින බව නැගෙනහිර පළාතේ මාධ්‍යවේදීන් විශ්වාසය පලකරනවා.

උතුරේ සහ නැගෙනහිර මාධ්‍ය සංවිධාන සමග එක්ව මඩකලපුව පුවත්පත් සමාජය ඝාතනයට ලක්වු සහ අතුරුදන් වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා වැඩසටහනක් ආරම්භ කිරිමට කටයුතු කරමින් සිටි අතර ඒ අනුව එම වැඩසටහන නතර කිරිම සදහා බිය ගැන්වීමේ උත්සාහයක් ලෙස මෙම වරෙන්තු නිකුත් කිරිමට කටයුතු කර ඇති බව පැහැදිලිය.

වසර 6ක් තුල මාධ්‍යවේදීන් 44ක් අතුරුදන් වු නැගෙනහිර

ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක්වූ මාධ්‍ය සේවකයින්ගෙන් බහුතරයක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සේවය කළ දෙමළ ජාතිකයන් ය. නැඟෙනහිර මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් අනුග්‍රහය දක්වන පැරාමිලිටරි කණ්ඩායම්වලට චෝදනා එල්ල වී තිබේ.

2004 සිට 2010 දක්වා කාලය තුළ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 44 දෙනෙකුගේ නම් ඇතුළත් ජේඩීඑස් විසින් සම්පාදනය කරන ලද ලැයිස්තුවක් 2015 දී කොළඹ හිටපු ක්‍රියාකාරීන් විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී තිබේ. මේ දක්වා කිසිදු විමර්ශනයක් සිදු කර නොමැත.

ඇමරිකාව සමග එක්ව උතුරු නැගෙනහිර ප්‍රදේශ මිලිටරීකරණය කිරිම සදහා ගෝඨාභය රාජපක්ෂ ගෙනයන මෙහෙයුම් දකුණේ ජනතාව අතරට පත්විම නතරකිරිමට මෙන්ම අතුරුදන් වු මාධ්‍යවේදීන් මෙන්ම දමිළ ජනතාව සම්බන්ධයෙන් නිරනතර මාධ්‍ය හරහා වාර්තා පලවිම නතරකිරිම සදහා මේ වනවිට උතුරේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

බලහත්කාරයෙන් අතුරුදහන් වීම් වලට ලක්වූ පුද්ගලයින්ගේ පවුල් පසුගියදා කිලිනොච්චි සහ වවුනියා වලදි උද්ඝෝෂණ ව්‍යාපාරවල නියැලුන අතර තමන්ගේ අඛණ්ඩ විරෝධතා නතර කිරිමට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා අතුරුදහන් වු දරුවන්ගේ දෙමාපියන් බියවැද්දීමට කටයුතු කරන බවද අප පසුගියදා අනාවරණය කළා.

Secret Intelligence Service

බුද්ධි අංශ භාවිතා කරමින් රාජපක්ෂලා සහ ආණ්ඩුව ආරක්ෂා කර ගැනිම සදහා බුද්ධි අංශ සියල්ලම තම අතට ගැනිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට කටයුතු කර තිබේන අතර ඒ අනුව ගෝඨා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ සිට සියලු ජඩකම්, මැරකම් මෙහෙයවූ කපිල හෙන්ද්‍රාවිතාරණ ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස පත්කරගෙන තිබේ. ඊට අමතරව ඔහු යටතේ රහස් බුද්ධි සේවයක් (Secret Intelligence Service) වෙනම ස්ථාපනය කර තිබේන අතර එය GRM ලෙස නමකර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

“රජයට එරෙහිව ප්‍රවෘත්ති පළ කරන විදේශ කොටි අරමුදල් සපයන වාර්තාකරුවන් මොවුහු ය. අපි ඉක්මනින්ම ඔවුන්ට මරණ දඩුවම ලබා දෙන්නෙමු.”

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Jan 30, 2020 – රජයට බදු නොගෙවා මුල්‍ය වංචා සිදුකිරිම ඇතුලු සිද්ධින් කිහිපයක් හේතුවෙන් පසුගිය කාලේ අහෝසි කරන ලද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ළඟම ඥතීන් දෙදෙනකු නමින් පවත්වා ගෙන ගිය ‘වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ’ බලපත්‍රය යලි පෙබරවාරි 6 වැනිදා සිට නිෂ්පාදනයන් ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

දෙමටගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්‌ථානයක ලොරි හතරක ගබඩාකර තිබූ අරක්‌කු බෝතල් 68,000 ක්‌ අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්‍ෂණවලින් පසුව සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකල පරික්ෂණ වලදි අනාවරණය වු කරුණු මත වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය අහෝසි කෙරුනා.පසුව වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ කුරුණෑගල පිහිටි ප්‍රධාන කර්මාන්ත ශාලාවට, ගබඩාවට සහ යාපනය ප්‍රදේශයේ පිහිටි ගබඩාවට සීල් තැබීමටද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කළා.

වයඹ ඩිස්‌ලටරීස්‌ සමාගම මීට පෙර වෙනත් ව්‍යාපාරිකයකු විසින් නිෂ්පාදන කටයුතු සිදුකර රුපියල් කෝටි ගණනක්‌ බදු නොගෙවීම නිසා අත්හිටුවා තිබියදී ජොන්ස්ටන් ඇමැතිවරයා මැදිහත් වී බදු ගෙවීමේ පොරොන්දුව මත ලබාගෙන තිබුනද රාජපක්ෂ කළු දශකයේදි සතපහක බදු ගෙවිමක් කර නොතිබු බව පසුව කල පරික්ෂණ වලදි අනාවරනය විය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙමින් පසුව ජොනීගේ ඉල්ලිම මත වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඒ.බෝදරගම පත්කල අතර එම පත්විමෙන් පසුව ජොන්ස්ටන්ගේ ‘වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ’ බදු සියල්ලම ගෙවු බවට අවශ්‍ය ලේඛන සකස් කර 6 වැනිදා සිට යලි විවෘත කිරිම සදහා අවසර පත්‍ර නිකුත් කර තිබේ.

බෝදරගම යනු සුරාබදු පරීක්ෂකවරයෙකු වසර 35 ක පමණ කාලයක් කටයුතු කර කප්පම් මරුවෙකු වන අතර ඔහු සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත්කිරිම සම්බන්ධයෙන් ගෝඨාභය ජනාධිපතිවරයාට අප්‍රසාදය පලවු අතර ඒ නිසාම මාස 5ක කාලයක් සදහා වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙසයි බෝදරගම පත්කර ඇත්තේ. කෙසේවෙතත් කුප්‍රකට බෝදරගම සිය තනතුර අවභාවිතාවේ යොදවමින් සීටින අතර ඔහු කිසිදු තැනක තමන් වැඩබලන කැල්ල භාවිතා නොකරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් සදහන් කලේ.

මිරිසවැටිය චෛත්‍යරාමාධිපතී ලෙස ශ්‍රාස්ත්‍රපති ඊතලවැටුණවැවේ ඤාණතිලක හිමියන් “වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගම” යලි විවෘත කිරිමට විරුද්ධව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත පෞද්ගලිකවම හමුවි පලකර තිබේ.කෙසේවෙතත් තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිවක් කල නොහැකි බව ජනාධිපතිවරයා පවසා ඇති අතර ජොන්ස්ටන් මැතිවරණ ව්‍යාපාරයෙදි තමන් වෙනුවෙන් සැහෙන්න වියදම් කල බවත් එවා යලි හම්බකර ගැනිම සදහා ව්‍යාපාරවලට ඉඩ දියයුතු බවද සදහන් කර තිබේ.

කවුරු කවුරුත් කියනකොට එහෙමයි… කරනකොට මෙහෙමයි යැයි පවසමින් ඤාණතිලක හිමියන් ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් පිටතට පැමිණ ඇත්තේ කාට කාටත් කතාව ඇහෙන ලෙස කියාගෙනය.

ජොනීගේ නමට නැති.. නමුත් ජොනීගේ වත්කම් මෙසේය….

>වයඹ ඩිස්ටලරිස් සමාගම කෝටි 300

>ඇලහැර අක්කර 50ක මැණික් ඉඩම දෛනිකව මැණික් හැරිමේ කටයුතු වෙමින් තිබේ. වටිනාකම කෝටි 50ක් පමණ

>නුවරඑළියේ තේ ඉඩම වටිනාකම කෝටි 50 ඉක්මවයි

>කොල්ලුපිටියේ අමරාවතී රෙස්ටුරන්ට් වටිනකම කෝටි 100ක් වන අතර එහී පරිපාලනය ජොනීගේ අනියම් බිරිදක් වන රූකී නැමත්තිය මෙහෙයවනු ලබයි.

>කොළඹ කොටුවට ආසන්නයේම පිහිටි Sea Fish Restaurant වටිනාකම් කෝටි 100ක් ඉක්මවයි.

>කවුරුත් දන්නා V fm නාලිකාව කෝටි 30ක් පමණ

>Havelock City නිවාස 4ක අයිතිය වටිනාකම කෝටි 16ක් පමණ

>කොම්පඤ්ඤවිදියේ නවලෝක රෝහල අසල ලිලී මාවතේ ඉදිවෙන විශාල හෝටලය වටිනාකම කෝටි 100ද ඉක්මවා තිබේ.

සමිතාට නාවලින් දුන් කෝටි ගණනක් නිවස,අදටත් සමිතා ඇතුලු පවුලේ අය භාවිතා කරන වාහන 7 පමණක් නොව සමිතාගේ පුතාට ජොනී පියා දි තිබේන ආරක්ෂකයින් ඒ සියල්ලම ජොනීගේ සල්ලිය.

රටේ ජනතාවගෙන් හොරාකන සල්ලිය.

Published on: Jan 30, 2020- දිගින් දිගටම අප අනාවරණය කල පරිදිම එක්සත් ජාතික් පක්ෂයේ (UNP)නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා වෙත තබා ගැනිමට කටයුතු කරන බව කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම යැයි රනිල් පිළ හදුන්වා ගන්නා කණ්ඩායම හමුවේ අද දැනුම් දුන්නා.

අද පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමේ ඇති හාස්‍යජනක සිද්ධිය වන්නේ විපක්ෂ නායක,එජාප නී.නායක මෙන්ම ජනාධිපතිවරණයේදි 60 ලක්ෂයකට ආසන්න ජනතා කැමත්තක් දිනාගත් සජිත් ප්‍රේමදාස රැස්විම වර්ජනය කර සිටියදි ඔහුට මහා මැතිවරණයට තරග වදින සන්ධානය මෙහෙයවිමේ බලය සහ අගමැති අපේක්ෂකත්වයද පිරිනමා තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,රෝසී සේනානායක මෙන්ම ඉමිතියාස් බාකීර් මාකර් ඉවත් කිරිමට රනිල් කටයුතු කර තිබේ. කෙසේවෙතත්තමන් ඉවත් කළ බවට නිල වශයෙන් හෝ නොනිල වශයෙන් හෝ කිසිවක් දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී.පෙරේරා මහතා කොළඹ දී අද (30) කියා සිටියා.

තමන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන ඉවත් කළ බවට දැනගත්තේ මාධ්‍ය මගින් බවත් ඒ පුවත හැර ඒ සම්බන්ධයෙන් වෙන කිසිවක් නොදන්නා බවයි මන්ත‍්‍රීවරයා සඳහන් කළේ.එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තමන් එලෙස ඉවත් කිරිමට කිසිඳු හේතුවක් නොමැති බවද ඔහු අවධාරණය කර තිබේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මෙම හතර දෙනා ඉවත් කිරිමට හේතු ලෙස දක්වා ඇත්තේ පක්ෂයේ සමගිය පලුදු වන අකාරයට කටයුතු කිරිම නිසා බවයි.කෙසේවෙතත් සජිත්ට එජාප නායකත්වය ලබාදිය යුතු බවත් නායකත්වය නොමැතිව සන්ධානය මෙහෙයවිම සහ අගමැති අපේක්ෂකත්වය ලබාදීමට එජාප නායකත්වය ගත් තින්දුවට විරුද්ධ විම මෙම ඉවත් කිරිමට මුලික හේතුව වි තිබේ.ඊට හොදම උදාහරණය වන්නේ එජාප ජ්‍යෙෂ්ඨයෙකු ලෙස හදුන්වා ගන්නා අයෙකු පසුගිය දින කිහිපය තුල සජිත් පිළේ මන්ත්‍රීවරුන්ට දුරකතනයෙන් අමතා තර්ජනය කිරිමයි.

අකිල මහා ලේකම්ද?මාධ්‍ය ප්‍රකාශකද?

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් යැයි සිතාගෙන සිටින අකිල විරාජ් කාරියවසම් ඇත්තටම මහා ලේකම් නොව නිකන්ම නිකං මාධ්‍ය ප්‍රකාශක බව අද අනාවරණය වු බව එහි සිටි අප විශේෂ නියෝජිත සදහන් කළා.සාමාන්‍යයෙන් පක්ෂයක ලේකම්වරයෙකු එම පක්ෂයේ තින්දු තිරණ ගැනිමේ ක්‍රියාවලියේ ප්‍රමුඛත්වයක් දැරුවද අකිලට රනිල් කොළයක ලියාගෙන ඇවිත් දුන් දේ පමණක් කෘත්‍යාධිකාරි මණ්ඩල තුල කියවා පසුව එය මාධ්‍ය ඉදිරියේද ප්‍රකාශයක් ලෙස සිදුකර තිබේ.

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙන්නේ රනිල්ගේ ගෙදර

අප පසුගියදා අනාවරණය කල පරිදිම රැට රැට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මුණගැසීමට යන ගෝඨාභය TV නාලිකාවේ හිමිකරු දිලිත් ජයවීර, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල්,ගෝඨාට කඩේ යන TNLනාලිකාවේ හිමිකරු රනිල්ගේ සහෝදරයාගේ දියණීය මෙන්ම දිලිත්ගේ සමීප මිතුරිය වන ඉෂිනී වික්‍රමසිංහ සහ දුරකතනයෙන් සම්බන්ධ වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,සාගල රත්නායක,වජිර අබේවර්ධනගෙන් සැදුම් ලත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ගන්නා තින්දු තිරණ මේ වනවිට ක්‍රියාත්මක වන බව පැහැදිලිය.

රෝසී දොට්ට දැමිමේ රහස…

රෝසී සේනානායකද කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත්කිරිමට හදිසියේම කටයුතු කර ඇති අතර ඊට ආසන්නම හේතුව වි ඇත්තේ කොළඹ නගර සභාවේ නගරාධිපති තනතුර සදහා සුදුසුකම් සපුරා ගැනිමට ඉෂිනී වික්‍රමසිංහ අවස්ථාව ලබාදිම සදහා බව මේ වනවිට අනාවරණය වි තිබේ.මිට දින දෙකකට පෙර රනිල් නිවසේ පැවැති දිලිත්,සාගල,වජිර,ඉෂිනි කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්විමේදි මෙම තින්දුව ගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

රනිල්-ගෝඨා මෙහෙයුම…

මේ අතර 2/3 ගැනිමේ ගෝඨා මෙහෙයුම සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් එජාප නායකත්වය සමග ගෝඨාභය ජනාධිපතිවරයා සාකච්ඡා කර තිබේන අතර මහා මැතිවරණයේදි එජාපය දුර්වල කර සජිත්ට සන්ධාන නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය ලබාදි මහා මැතිවරණයේදි අන්ත පරාජයක් ලගාකර දිම කුමන්ත්‍රණය බවට පත්ව තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

එජාපයට කෙලවන රනිල්,දිලිත් ගෝඨා කුමන්ත්‍රණය බලාපොරොත්තු වන්න ….

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Jan 30, 2020- තමන්ගේ 31 වසරක දේශපාලන ජිවිතයේදි කිසිදු අවස්ථාවක කිසියම් හෝ දුෂණයකට,වංචාවකට හෝ අල්ලස් ක්‍රියාවලියකට සම්බන්ධ වි නොමැති බවත් එසේ තිබියදි අභූත චොදනා එල්ල කල මාගල්කන්දේ භික්ෂුවට සහ සුරාබදු කොමසාරිස්ට එරෙහිව නිත්‍යානුකූල නඩු පවරන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

තමන් දුෂිතයෙකු ලෙස මයික් ඉදිරියේ මාධ්‍ය සංදර්ශන පෙන්වන සෑම අයෙකුටම උසාවිය ඉදිරියේ එම කරුණු සනාථ කිරිමට අවශ්‍ය අවස්ථාව උදාවනු ඇති බවද හිටපු අමාත්‍යවරයා පෙන්වා දි තිබේ.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Top