Published on: Jan 26, 2020- ගෝටාගමනයෙන් උඩ ගිය ලොක්කෝ – 01

අද අනාවරණය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් ගැනය

ගෝටාගමනයත් සමඟ රටේ ලොකු පුටු වෙනස් විය. නමුත් 2015ට පෙර වනචර දශකයේම සිටි විශ්‍රාම ගොස් සිටි දූෂිත වයස අවුරුදු 68ක් ඉක්ම වූ දූෂිත රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ ඔහු යටතේම බළකායේ සෙබළියන් දූෂණය කරමින් අවර කෙළි දහසක් කරමින් සිටි අධ්‍යක්ෂ මණ්ඩලයම යළිත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබීමට තරම් සිවිල් ආරක්ෂක සෙබලුන් ගෝටාගමනයෙන් අභාග්‍ය සම්පන්න වූහ.

ගෝටාට අනුව දූෂණයෙන් කප් ගසා සිටින ආනන්ද පීරිස් මෙම තනතුරට යළිත් පත්කිරීමට ප්‍රධානම හේතුව වූයේ යහපාලන සමයේ දිවා රෑ නොබලා පොහොට්ටු නඩයත් සමඟ ආණ්ඩු විරෝධී පිකට් සංවිධානය කර අව්වේ පිකට් කිරීම හා ආනන්ද ආදි ශිෂ්‍යයෙකු වීමයි. ආනන්දෙ කමල් ගුණේ නම් ආරක්ෂක ලේකම් ධූරය සඳහා වෙනකෙකුට මුදල් ගෙවා මානුෂීය මෙහෙයුමෙන් ෆොන්සේකා ඉවත් කර මුලු යුද්ධයම තමා කරා සේ හගවමින් යුද්ධයට බියෙන් ඇමෙරිකාවට පැන්න චූ ගෝටාවත් ඇතුලත් කර පොතක් හෝ ලියවාගෙන තමන්ගෙ නම දාගත්තේය.

අහෝ රටකට ගිය කලක්!

වැඩකරන අපේ විරුවාගේ මෙකී දූෂිත අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් රාජකාරි ආරම්භ කරමින් කළ මුල්ම රාජකාරිය වූයේ සිය නුවරඑළියේ පිහිටි හෝටලය අලුත්වැඩියාව සඳහා සිවිල් ආරක්ෂක භට කණ්ඩායමක් පිටත් කිරීමය. මොහු 2011 සිට 2015 දක්වා මෙම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර හෙබවූ අතර ආනන්ද පීරිස්ගේ හැටි හොදාකාරව දන්නා සෙබලුන් කල් තියා මොහු හැර වෙනත් සුදුස්සෙකු ගෝටාගෙන් ඉල්ලා ඉල්ලීම් කළහ. අවාසනාවට ඒ සියලු ලියුම් කමල් ගුණේ හරහා ආනන්ද පීරිස් අතටම පත්වීමෙන් මේ වනවිට සමස්ත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන්ම පළිගැනීමට ආනන්ද පීරිස් පටන්ගෙන ඇත. එහි පළමු අදියර ලෙස සමස්ත දෙපාර්තමේන්තුවේම ආහාර දීමනාව මේ වනවිට කපාදමා ඇති අතර ඔහු ඒ පිළිබඳව ප්‍රසිද්ධියේම වහසි බස් දොඩමින් සියලුම සෙබළුන්ට තර් ජනය කරමින් තමන්ට අවනත කරගැනීමට කටයුතු කරමින් සිටියි.

රණවිරු ගාය ගැන මහත් උජාරුවෙන් කතාකරන පොහොට්ටු කාරයින්ට යුද්ධය ඉවර වී වසර 6ක් ගතවුවද මානුශීය මෙහෙයුම වෙනුවෙන් නිහඬ නමුත් සුවිශේෂ සේවයක් ඉටුකළ මෙම බළකාය රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් ලබන තත්වයට පත්කිරීමට කිසිදු උවමනාවක් නොතිබුණි. 2015 ජනාධිපතිවරණය ආසන්න දිනක මෙම ආනන්ද පීරිස් විසින් මහින්ද රාජපක්ෂ අන්දා ලකුණු දාගැනීම පිණිස සිවිල් ආරක්ෂක භට භටවරියන් 5000ක් මිහින්තලේ පිට්ටනියකට වැසි දිනක ගෙන්වා හොර ස්ථිර පත්වීම් ලිපියක් දුන්නේය. වැඩේ ලත් තැනම ලොප් වූයේ එම ලිපිය කිස්දු වාණිජ බැංකුවක් පිළිනොගත් නිසාය. 35,000ක් පමණ වන සිවිල් ආරක්ෂක බළකායේ ඡන්ද එතැනින්ම මහින්දට නැති වූයේ ආනන්ද පීරිස් නිසාය. 2015 මහින්දගේ පරාජයට මූලික හේතුවක් වූ ආනන්ද පීරිස් 2020 දීද මහින්දට ගෝටා හරහා වළ කපන බව මේ වනවිට පැහැදිලිව පෙනෙන්නට තිබේ.

2011 වර් ෂයේ සිට සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සිටි කාල වකවානුවේ සිට දෙපාර් තමේන්තුව මගින් රජය වෙත උපයා දුන් මූල්‍යමය ආදායම් පහත පරිදි වේ.

2011 වර් ෂයේ – මිලියන 45

2012 වර් ෂයේ – මිලියන 51

2013 වර් ෂයේ – මිලියන 48

2014 වර් ෂයේ – මිලියන 56

2015 වර් ෂයේ සිට සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු වූ චන්ද්‍රරත්න පල්ලේගම මහතා සිටි කාලවකවානුවේ දෙපාර් තමේන්තුව මගින් රජය වෙත උපයා දුන් මූල්‍යමය ආදායම් පහත පරිදි වේ.

2015 වර් ෂයේ – මිලියන 323

2016 වර් ෂයේ – මිලියන 1056

2017 වර් ෂයේ – මිලියන 1143

2018 වර් ෂයේ – මිලියන 996

2019 වර් ෂය – මිලියන 1185

ආදායම් විසිගුණයකින් පමණ වැඩි වීමෙන්ම ආනන්ද පීරිස්ගේ දූෂණ හා කියුම් කෙරුම් ගැන ඕනැම පුද්ගලයකුට සිතාගත හැකිය. පත්වී මාසයක් ගත නොවූවද ආනන්ද පීරිස් විසින් පරිහරණය කරනු ලබන වාහන අවභාවිතාවය මෙසේය.

1. 300 – 6641 – බෙන්ස් කාර් රථය – බිරිඳගේ පරිහරණය සඳහා

2. HK – 1551 – ජගුවර් කාර් රථය – පුතා ගාල්ලේ ව්‍යාපාරික ස්ථානයේ පරිහරණය සඳහා

3. JR – 3456 – මොන්ටෙරො ජීප් රථය – දෙවැනි පුතාගේ පරිහරණය සඳහා

4. KD – 9380 – කැම්රි කාර් රථය – නුවරඑළියේ හෝටලයේ පරිහරණය සඳහා

5. KX – 8227 – නිසාන් කාර් රථය – ආනන්ද පීරිස් මහතා

6. JQ – 8461 – ප්‍රාඩෝ ජීප් රථය – ආනන්ද පීරිස් මහතා

7. KB – 7591 – ඩිෆෙන්ඩර් රථය – ආනන්ද පීරිස් මහතාගේ ආරක්ෂක රාජකාරි සඳහා

8. KB – 7612 – ඩිෆෙන්ඩර් රථය – ආනන්ද පීරිස් මහතාගේ ආරක්ෂක රාජකාරි සඳහා

9. GA – 4428 – ඩිෆෙන්ඩර් රථය – ආනන්ද පීරිස් මහතාගේ ආරක්ෂක රාජකාරි සඳහා

10. 254 – 0855 – කැබ් රථය – නාවික හමුදාවේ ලුතිනන් කරුණාරත්න ඥාතිවරයාගේ නිවසේ කටයුතු සඳහා

මෙයට අමතරව තවත් කැබ් රථ 3ක් හා මෝටර් සයිකල් 3ක් රුක්මලේ නිවසේ හා පැලවත්ත නිවසේ පෞද්ගලික කටයුතු සඳහා යොදවා ඇත. තවද තීරුබදු රහිත බලපත්‍රයෙන් ලබාගත් කෝටි 1 ½ පමණ වටිනා සුදු පැහැති ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් භාවිතා කරන අතර එයට යොදවා ඇති මුදල් කාගේ ද?

රටේ මේ වනවිට කිසිදු යුද්ධයක් හෝ ආරක්ෂක අඩුපාඩුවක් නොමැති මොහොතක වුවද අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස්ට නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළගණයෙන් සෙබළුන් 20 දෙනෙකු අනුයුක්ත විශේෂ ආරක්ෂාවක් සලසන්නේ කුමක් නිසාද? ජනාධිපති පවා මේ වනවිට පිරිවර රථ සීමා කර ඇති මොහොතක විශ්‍රාම ගොස් සිට නැවත පැමිණි සිවිල් ආරක්ෂක ලොක්කාට පමණක් විශේෂ නාවික හමුදා සෙබළුන් මගින් ඩිෆෙන්ඩර් රථ 3කින් ආරක්ෂාව සැලසීමට රටේ ඇති ආරක්ෂක අඩුපාඩුව කුමක්ද?

අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් විසින් 2011 සිට 2016 වසර දක්වා සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ සිටි කාලයේදී සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුව උපයන ලද මුදලින් ගන්නා ලද ස්ථිර වත්කම් කිහිපයක්….

1. පන්නිපිටිය රුක්මලේ නිවස සම්පූර්ණයෙන් ඩෝසර් කර අති නවීන සුඛෝපභෝගි නිවසක් බළකා සෙබලුන්ගේ ශ්‍රමයෙන් ඉදි කර ගැනීම

2. පැලවත්ත ඉසුරුපාය අසල පෙරේරා මාවතේ අංක 715 දරන නිවස ඥාතියෙකුගේ නමින් මිලදී ගෙන සිවිල් ආරක්ෂක භටයින් යොදවා නවීකරණය කර මාසික කුලියට ලබාදීම. ආදායම් දෙකකි. එකක් සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ ආදායම් අවභාවිතා කර තම පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම සහ එම මුදලින් ඉදි කරන ලද නිවස කුලියට ලබාදීමෙන් මාසිකව ලබාගන්නා මුදල

3. නුවරඑළිය, කළු කැලේ පාරේ, ඉසුරු සෙවණ අංක 27 හි ඇති අති සුඛෝපභෝගි හෝටලය දැනට Mobitel ආයතනයට බදු පදනම මත ලබාදී ආදායම් උපයා ගනියි. 2019.12.06 වනදා රියර් අද්මිරාල් ආනන්ද පීරිස් දෙවන වරටත් සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රාජකාරි භාරගත් මොහොතේ පළමු රාජකාරිය ලෙස අප සිවිල් ආරක්ෂක භට කණ්ඩායමක් එම හෝටලයේ ප්‍රතිසංස්කරණය සඳහා යවන ලදි.

 

4. සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ තමන්ට හිතවත් අණදෙන නිලධාරින් මාර් ගයෙන් උපයාගත් ධනයෙන් තෙවන ආදායම් මාර් ගය ලෙස ගාල්ලේ වාහන service මධ්‍යස්ථානයක් ඉදිකර ඇත. එහි ලිපිනය MOTOPET, 32, ඛේමානන්ද මාවත, බටගංවිල, ගාල්ල වේ.

5. ඊළඟ ආදායම් අවභාවිතයෙන් ඉදිකරන ලද ගල්කිස්සේ තැබෑරුම සහිත හෝටලය Waves Seafood Grill Restaurant and Pub අවන්හල හතරවන ආදායම් මාර් ගයයි. එහි ලිපිනය Waves Seafood and Grill Restaurant, 58/6, අල්විස් පෙදෙස, දෙහිවල.

අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් මේ සියලුම දේපළ උපයා ගත්තේ 2011 සිට 2014 කාලවකවානුවේදී බව අප වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු. රජයට හිමිවිය යුතු විශාල ආදායමක් මෙම අධ්‍යක්ෂ ජනරාල්වරයා තම පෞද්ගලික ව්‍යාපාර සඳහා යොදාගෙන ඇති අතර නාවික හමුදා වැටුපෙන් මෙවැනි විශාල දේපළ තොගයක් ලබා ගත හැකිද යන්න පිළිබඳව වෙනමම පරීක්ෂා කර බැලිය යුතුය. සැබැවින්ම නාවික හමුදා වැටුපෙන් මෙසේ කළ හැකි නම් වැඩ කරන අපේ මිනිසා විය යුත්තේ ගෝටා නොව ආනන්ද පීරිස්ය. මෙවැනි දූෂිත නිලධාරින් ධන කුවේරයන් බවට පත් වූයේ ඔහුටම කියාපු බළකා අණදෙන නිලධාරින් සිටි නිසාය. තමන්ට හිතවත් දූෂිත නිලධාරින් පමණක් දෙපාර්තමේන්තුව තුල රඳවා ගනිමින් වංචාවට හා දූෂණයට අකැමැති අවංක නිලධාරින් බොරු චෝදනා නගා ආපසු ත්‍රිවිධ හමුදා වෙත යැවීමේ කූට උපක්‍රමයක් මෙම අද්මිරාල් පීරිස් විසින් සිදු කරගෙන යයි.

සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ භටවරියන් තිදෙනෙකු අපයෝජනය කළ (තම බිරිඳ උසස් හමුදා නිලධාරියෙකු සමඟ පැනගිය නිසා) කර්නල් රත්නසිංහ නමැති දූෂිත යුධ හමුදා නිලධාරියා නැවතත් අප දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් විසින් යළිත් ගෙන්වා ගෙන ඇත. ඔහුගේ පැමිණීම පිළිබඳව ප්‍රධාන කාර්යාලයේ සියලුම භටවරියන් සිටින්නේ ඉතා කළකිරීමෙනි. ආරක්ෂක අමාත්‍යාංශය ගත් තීරණයකට අනුව සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවට අනුයුක්තව සේවය කරන ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින් අනුයුක්ත වී සිටිය හැක්කේ උපරිම අවුරුදු 3ක් පමණි. ඉහත කී නිලධාරියා අවුරුදු 5ක් සේවය කර හමුදාවට ගොස් සිටි අතර අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් ඔහුව යළිත් දෙපාර්තමේන්තුවට ගෙන්වා ගෙන ඇත්තේ කුමන අවසරයක් සහිතවද?

සහයට ඩැනී… සහකාර පොලිස් අධිකාරි ජගත් විජේසුන්දර

සහකාර පොලිස් අධිකාරි ජගත් විජේසුන්දරව අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් විසින් යළිත් දෙපාර් තමේන්තුවට ගෙන්වා ගෙන ඇති පට්ට හොරෙකි. ජනාධිපති කාර්යාලයේ සුභසාධන අංශය මගින් ප්‍රතිපාදන ලබාදුන් පුස්තකාල ව්‍යාපෘතිය මගින් පුස්තකාල සාදන බවට යෝජනා ඉදිරිපත් කර විශාල මුදලක් වංචා කළ පුද්ගලයෙකි. මොහු පොලිස් උපපරීක්ෂක ධූරයේ සිට පොලිස් පරීක්ෂක ධූරයටත්, සහකාර පොලිස් අධිකාරි ධූරයටත් උසස්වීම් ලැබුවේ දෙපාර් තමේන්තුවේ සිටි කාලය තුලදීමය. ජනාධිපති කාර්යාලයේ 2012 දී පමණ ලබාදී තිබූ බැකෝ රථ හා ටිපර් රථ 2ක් ලබාදුන් දිනයේ සිට පුස්තකාල ව්‍යාපෘති සඳහා යැයි පවසා රැගෙන ගොස් තිබූ අතර ඒවා නැවත දෙපාර් තමේන්තුවට අයිති වියයුතු බව දෙපාර් තමේන්තු ප්‍රවාහන අංශය පරීක්ෂණයකින් පසු සොයාගත්තේ 2016 වසරේදීය. 2012 වසරේ සිට 2016 වසර දක්වා වසර 4ක් මෙම බැකෝ රථ හා ටිපර් රථ 2 තම පුද්ගලික දේපළක් ලෙස සලකා තම පෞද්ගලික කාර්යයන් සඳහා තබාගනිමින් වැලි, පස්, ගල් ඇදීම සඳහා කුලියට ලබාදී කෝටි ගණනක් මුදලක් උපයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක අතර පරීක්ෂණ යන අතරතුරදී මෙම නිලධාරියාව නැවතත් අප දෙපාර් තමේන්තුවට පැමිණියේ කෙසේද යන්න අප සියලු දෙනාටම පුදුමයකි. අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් විසින් යළිත් ඔහුටම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන අංශයම භාරදීම තවත් පුදුමයකි. දැනට මහා පරිමාණ වංචාවන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් කරමින් පවතින අතරතුර මෙම නිලධාරියාටම අප දෙපාර් තමේන්තුවේ එම රාජකාරියටම පැවරීමත්, යළිත් සහකාර පොලිස් අධිකාරි වරයෙකු උප පොලිස් පරීක්ෂකවරයෙකු සිටි ධූරයකට යළිත් පැමිණීමත් අපට හඟවන්නේ අප පුදුම රටක ජීවත්වන බවය. එසේම මොහු විසින් ප්‍රවාහන අංශයේ රාජකාරි කළ දෙපාර් තමේන්තු කාර්යාල සේවිකාවක සමඟ කාර්යාලය තුලදීම ප්‍රසිද්ධියේ ලිංගික සම්බන්ධතා පැවැත් වූවෙකි. දැනට දික්කසාද වී සිටින සහකාර පොලිස් අධිකාරි ජගත් විජේසුන්දරට දාව දියණියක් ඇයට සිටින අතර දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයෙන් ලද පානදුර නිවසක ඔවුන් මේ වනවිට ජීවත් වෙයි.

කර්නල් මිල්ලවාන නමැති ශිෂ්‍ය භට ඒකකයේ නිලධාරියා වසර 8කට වඩා සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ සිට මේජර් ජනරාල් කොස්වත්ත මහතා විසින් ඔහුට ඇති චෝදනා නිසාම දෙපාර් තමේන්තුවෙන් පන්නා දැමූ අයෙකි. වව්නියාව හා හොරොව්පතාන බළකාවල අණදෙන නිලධාරි ලෙස සේවය කළ මොහුට මුදල් වංචා, භටවරියන් සමඟ ලිංගික සම්බන්ධතා තිබූ හෙයින් සැමියන් විසින් ඔහුට පහර දුන් අවස්ථා හා මේ නිසාම පොලිස් කූඩුවේ දවසක් රැඳී සිටීමට සිදුවූ නිලධාරියෙකි. එසේම මුදල්වලට දැඩි ආසාවක් දක්වන නිලධාරියෙකි. ගුරු සේවයේ සිට හමුදාවට පැමිණ ඇති මොහුගේ වත්කම් පිළිබඳව වෙනමම අල්ලස් දෙපාර් තමේන්තුව මගින් වෙනමම පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටිමු.

මේජර් කමල් ජයවීර යුධ හමුදාවේ වසර 16ක් පමණ සේවය කර ඇතත් අප දෙපාර් තමේන්තුවට පැමිණි දා සිට කිසිදු උසස් වීමක් ලබා නොමැත. අප දෙපාර් තමේන්තුවේ අවුරුදු 16ක් සේවය කොට කොස්වත්ත මහතා විසින් මුදල් වංචා චෝදනා නිසා පන්නා දැමූ අයෙකි. මෙම නිලධාරියා අප දෙපාර් තමේන්තුව පටන්ගත් දා සිට 2017 දක්වා අප ආයතනයේම සේවය කර ආරක්ෂක අමාත්‍යාංශයේ අවුරුදු 3 නීතිය නිසා හා රජයේ මුදල් වංචා නිසා එලවා දමන ලද අයෙකි. ඔහුද ආනන්ද පීරිස්ගේ නව පත්වීමත් සමඟ දෙපාර් තමේන්තුවට යළිත් පැමිණීමට නියමිත බව ආරංචි වී ඇත.

කර්නල් විරාජ් ප්‍රනාන්දු වසර 6ක් අප දෙපාර් තමේන්තුවේ සේවය කර ආරක්ෂක අමාත්‍යාංශයේ අවුරුදු 3 නීතිය නිසා හමුදාවට යාමට සිදුවී නැවතත් අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් විසින් බඳවා ගෙන ඇත. 2011-2014 දක්වා වූ හොරකම් නැවත කිරීම සඳහා මෙම නිලධාරියා යළිත් ගෙන්වා යාපනය, කිළිනොච්ච්, මුලතිවු ඒකාබද්ධ බළකායේ ඒකාබද්ධ අණදෙන නිලධාරි ලෙස පත් කිරීමෙන් සැරසෙන්නේ 2015ට පෙර කාලයේ සිදුකළ හොරකම් හා දූෂණ නැවතත් කිරීමට බව පැහැදිලිය.

එසේම විල්පත්තු ප්‍රාදේශීය සභා පොදුජන මන්ත්‍රීවරියකගේ යෝජනාවකට අනුව අප සිවිල් ආරක්ෂක භටයින් 7 දෙනෙකු අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් විසින් කිසිදු හේතුවක් නොදක්වා මාරු කර යවා ඇත්තේ ඔවුන් එක්සත් ජාතික පාක්ශිකයන් කියා නමුත් සැබෑ කරුණ වන්නේ පෞද්ගලික පළිගැනීමකි.

එසේම 2020.01.26 වනදා අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස්ගේ පන්නිපිටිය රුක්මලේ නිවසේ පාටියක් පැවැත්වන බව පවසමින් දෙපාර් තමේන්තුවේ බළකා 26 න්ම හා උපබළකා වල සිටින අණදෙන නිලධාරින් අනිවාර්යයෙන් රුපියල් 50,000 ලබාදිය යුතුබව අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් අලුතින් ගෙන්වා ගත් දූෂිත ජගත් විජේසුන්දර සහකාර පොලිස් අධිකාරිවරයා සෑම බළකායකටම නියෝගයක් නිකුත් කර ඇත. එයත් අන්තිමේදී කැපෙන්නේ අසරණ සිවිල් ආරක්ෂක භටයින්ගේ වැටුපෙනි.

මෙයට අමතරව යුද්ධ හමුදා අණදෙන නිලධාරින් අතර නොසන්සුන්තාවයක් හා වෛරයක් පැතිරවීමට අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් කටයුතු කරමින් සිටියි. දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ මෙහෙයුම් කර් නල් ප්‍රියන්ත විජේගුණවර්ධන තනතුරේ සිටියදීම ඔහුව තනතුරෙන් ඉවත් නොකර කර් නල් රත්නසිංහ නම් දූෂිතයා එම තනතුරට පත්කර ඇත. කර් නල් රංචාගොඩ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස සිටියදීම කර් නල් රත්නසිංහ නමැති දූෂිතයාටම එම තනතුරත් ලබාදී ඇත. එලෙසම යාපනය, කිළිනොච්චි, මුලතිව් ඒකාබද්ධ අණදෙන නිලධාරි කර් නල් මලල්දෙණිය සිටියදීම කර් නල් විරාජ් පෙරේරා යන දූෂිතයාව එම තනතුරට පත්කර ඇත. ජනාධිපතිතුමනි, මේවා පුදුම පත්කිරීම්ය. මෙවැනි අනුවණ ක්‍රියා කරමින් භට භටවරුන් අතර මෙන්ම අණදෙන නිලධාරින් හා අධ්‍යක්ෂ මණ්ඩලය අතර පවා වෛරය පතුරුවමින් දෙපාර් තමේන්තුව අගාධයකට තල්ලු කරමින් සිටියි.

නිලධාරීන්ට හා භටයින්ට ඔහු විසින් තෝරාගත් ඔත්තු දෙන භටයින් මගින් කේළාම් බස් අසා දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටම අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් බැණ වදිමින් තර් ජනය කරයි. සිවිල් ආරක්ෂකයින් රාජ්‍ය සේවයේ ස්ථිර කරපු එක වැරදි බවත්, අප බුලත්විට කා බීඩි බී ඉන්නා කාලකන්නි පිරිසක් බවත් අපගෙන් කිසිදු ගෞරවනීය සේවයක් නොලැබෙන බවත් අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් ප්‍රසිද්ධියේ පවසමින් සමස්ත දෙපාර් තමේන්තුවම හෑල්ලුවට ලක්කරමින් බියෙන් ත්‍රස්ත කර අලුතින් යළිත් පත්ව ආ දූෂිත නිලධාරින් පිරිසත් සමඟ දෙපාර් තමේන්තුවේ ත්‍රස්තවාදී පාලනයක් ගෙනයයි.

එසේම මහ මැතිවරණයෙන් පසු ඉක්මණටම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යළිත් බළකායක් බවට පත් කර විශ්‍රාම වැටුප් අහිමි කරන බවද අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් ප්‍රසිද්ධියේ කියයි. සිවිල් ආරක්ෂක අප ඉල්ලා සිටින්නේ අප සිවිල් ආරක්ෂක මූලස්ථානයට හෝ බළකායකට හෝ භටයින් සමඟ හෝ බුද්ධි අංශ මගින් සියුම්ව බුද්ධි වාර් තා රැගෙන අප දෙපාර් තමේන්තුව සියුම්ව නිරීක්ෂණය කරන ලෙසටයි. 2019.11.16 වනදා ගෝටාභය සමඟ සිටි සිවිල් ආරක්ෂක භටයින් පවා මේ කරුණු නිසාම ගෝටාභයගේ ජයග්‍රහණයට සාප කරන තත්වයකට පත්ව ඇත.

මෙම විශ්‍රාම ගොස් සිටි අවු 68 ක් වන වයෝවෘද්ධ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් දෙවන වරට පත්කර එවීම , ඔහ ගෙන්වා ගන්නා දූෂිත නිලධාරින් හා අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස්ගේ දේපළ හා නාස්තිය පිළිබඳව බුද්ධි අංශ හෝ යොදවා කරුණු සොයා බැලිය යුතුය. යම් ස්ථාවරයකට පැමිණ ඇති අප දෙපාර්තමේන්තුව මෙම දූෂිත අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් හා ඔහුගේ සහචරයින් විසින් කඩා වැට්ටීමට ඉඩ නොදෙන ලෙසයි.

2015.01.08 දින මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට පළමු හේතුවක් වූයේද මෙම දූෂිත අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් මය . අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් විසින් 2015 ජනාධිපතිවරණය කිට්ටුව අප සිවිල් ආරක්ෂක භටවරුන් 25,000ක් පමණ මිහින්තලේ විශ්ව විද්‍යාල පිට්ටනියට ගෙන්වා ස්ථිර පත්වීම් දෙන බව පවසමින් සිදු කළ මහා බොරුව හේතුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් පරාජය වීමට ප්‍රධාන හේතුවක් වූ බව වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නෙමු. සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තු මූලස්ථානය පුදබිමක පිහිටා ඇතත් එහි වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලාට පවා ගරහමින් ඔවුන්ව ප්‍රතිකේෂ්ප කිරීමේ මන්ද මානසික තත්ත්වයක් අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස්ට පවතියි.

වෛරී සහගතව පළිගැනීම්වලට ලක්ව අසරණව සිටින සිවිල් ආරක්ෂක භටවරුන් දැඩි විශ්වාස භංගත්වයට පත්ව ඇති අතර තවදුරටත් මෙම පාලකයින් පිළිබඳව දැඩි අවධානයට ලක් කර සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තුවෙන් සිටියි. මූලස්ථානයේ මෙන්ම බළකාවල සිටින සියලුම භට භටවරියන් දැඩි මානසික පීඩණයකට ලක්කර ඇති අතර මෙම අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස්ගේ එකම කාර් යය පළිගැනීම පමණි. මේ සියලු තොරතුරු පිළිබඳව අවධානය යොමුකර මෙහි සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කර, නිසි විමර් ශනයක් සිදු කර බුද්ධිමත් හා සාධාරණයක් ඉටු කර පළිගැනීම් වලින් තොර නව සුදුසු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලබාදෙන ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලුම භට භටවරියන් මෙයින් ඉල්ලා සිටිමු.

~~සිවිල් ආරක්ෂක පොඩ්ඩා~~
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Jan 25, 2020 – 19වන ව්‍යවස්ථා සංශෝධනය තවමත් නීතියක් වී නොමැති බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුනමහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් මගින් පෙන්වා දි තිබේනවා.ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව නීතියක් වී නැති හෙයින් පනත් කෙටුම්පතක් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3ක් මන්ත්‍රී සංඛ්‍යාවක් අවශ්‍යය යන්න කිසිම පදනමක් නැති අදහසක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වී තිබේද? අද ප්‍රබල සමාජ කතිකාවකි. ආචාර්ය වරැණ චනද්‍රකීර්ති සහ හර්ෂ කුමාර සූරියාඅරච්චි ඒ සම්බන්ධව වැදගත් නීති තර්ක ගෙනවිත් 19වන ව්‍යවස්ථා සංශෝධනය මේ දක්වා නීතියක් බවට පත්වී නැති බවට ශක්තිමත් නීති තර්ක ගෙනවිත් ඇත. 19වන ව්‍යවස්ථා සංශෝධනය ඉංග්‍රීසියෙන් කළ කුමන්ත්‍රණයක් බවත් එය තවමත් නීතියක් වී නැති අතර එය සනාථ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ 3ක් සිංහල භාෂාවෙන් පරිවර්තන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සීටිමෙන් කළ හැකි බව කර්තෘගේ අදහස වන අතර ඒ සදහා ගෙන ඇති පියවර මේ ලිපියෙන් සාකච්ඡා කරනු ලැබේ.

යම් කිසි පනත් කෙටුම්පතක් නීතියක් බවට පත් වීමේ අවසන් අවශ්‍යතාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 ව්‍යවස්ථාවේ දැක්වේ.

එය මෙසේ ය.

[80. (1) පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් කෙටුම්පතක් මත කථානායකවරයාගේ සහතිකය ඔහුගේ අත්සන ඇතිව සටහන් කරනු ලැබූ විට මේ ව්‍යවස්ථාවේ (2) වැනි අනු ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එය නීතිය බවට පත් වන්නේ ය.

(2) යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් හෝ ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමතය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කර ඇත්තා වූ අවස්ථාවක හෝ, යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් හෝ ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තා වූ අවස්ථාවක හෝ යම්කිසි පනත් කෙටුම්පතක් 85 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කරන අවස්ථාවක, ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී 85 වැනි ව්‍යවස්ථාවේ (3) වැනි අනුව්‍යවස්ථාවට අනුකූලව අනුමත කර ඇති බව ජනාධිපතිවරයා විසින් සහතික කරනු ලැබූ විට පමණක් ඒ පනත් කෙටුම්පත හෝ ඒ පනත් කෙටුම්පතෙහි එකී විධිවිධානය හෝ නීතිය බවට පත් වන්නේ ය. එසේ අනුමත කරනු ලැබූ සෑම පනත් කෙටුම්පතක ම මෙහි පහත දැක්වෙන ආකෘතියෙහි වූ සහතිකයක්, ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කළ යුත්තේ ය:-

මේ පනත් කෙටුම්පත/විධිවිධානය ජනමත විචාරණයක දී (ජනතාව විසින් යථා පරිදි අනුමත කරන ලද බව මෙයින් සහතික කරමි.)

එවැනි සහතිකයක් ජනාධිපතිවරයා විසින් පනත් කෙටුම්පතක සටහන් කිරීම

(අ) ඒ පනත් කෙටුම්පත ජනතාව විසින් අනුමත කරන ලද ජනමත විචාරණයේ වලංගුභාවය අභියෝග කරන කිසි පෙත්සමක් ඉදිරිපත් කරනු නොලැබූ අවස්ථාවක, එවැනි ජනමත විචාරණයක වලංගුභාවය අභියෝග කරන පෙත්සමක් ඊට අදාළ නීතිය යටතේ ඉදිරිපත් කළ හැක්කේ යම් කාල සීමාවක් ඇතුළත ද ඒ කාල සීමාව ඉකුත් වීමෙන් පසුව ද ,

(ආ) ඒ පනත් කෙටුම්පත ජනතාව විසින් අනුමත කරන ලද්දේ යම් ජනමත විචාරණයක දී ද ඒ ජනමත විචාරණයේ වලංගුභාවය අභියෝග කරන පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවක, ඒ ජනමත විචාරණය වලංගු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබීමෙන් පසුව ද,

මිස, නොකළ යුත්තේ ය.

ඒ සෑම සහතිකයක් ම අවසානාත්මක හා තීරණාත්මක වන්නේ ය. ඒ සහතිකය පිළිබඳව කවර වූ හෝ අධිකරණයක දී ප්‍රශ්න නොකළ යුත්තේ ය.

(3) අවස්ථාචෝචිත පරිදී ජනාධිපතිවරයා ගේ හෝ කථානායකවරයාගේ සහතිකය පනත් කෙටුම්පතක් මත සටහන් කරනු ලැබූ පසු එම පනත් කෙටුම්පත නීතිය බවට පත් වන අවස්ථාවක ඒ පනතෙහි වලංගුභාවය පිළිබඳව පරීක්ෂා කිරීම, ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම හෝ කවර වූ හෝ ආකාරයකින් ප්‍රශ්න කිරීම කිසිම අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරයක් හෝ විසින් නොකළ යුත්තේ ය. ]

එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් එනම් වර්ෂ 2002දී සහ 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එකී පනත් කෙටුම්පත් 2කම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය අභියෝගයට ලක්කර ඇති අතර එකී තීරණ 2කම පාර්ලිමේන්තු හැන්සාර්ඩ් වාර්තාවේ ඇත.

වර්ෂ 2002 දී සහ 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ දෙකක් ලබා දී ඇත.

එමෙන්ම වර්ෂ 2018 නොවැම්බර් මස 09වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ජනමතවිචාරණයකින් සම්මත කළ යුතු සඳහා කථානායකවරයා විසින් අත්සන් තැබීම පමණක් සිදුකර ඇති බවත් එය මේ දක්වා ව්යෙඅවස්ථාව අනුව නීතියක් බවට පත්වී නැති බවත් පෙනී යයි. සිංහල ජනතාවට මේ සම්බන්ධව අවබෝධය ලැබීමට නම් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා ගත යුතුවේ. සිංහල භාෂාවෙන් මේ නඩු තීන්දු 3 ලබා ගැනීමට හැකියාව ලැබුණහොත් ජනතාවට සගවා අධිකරණයේ දී ඉංග්‍රීසියෙන් සිදුකරන සියලු ක්‍රියාවන් ජනතාවට නිරාවරණය වේ.

එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල දී ජනමතවිචාරණයකින් අනුමැතිය ලැබිය යුතු විධිවිධාන සඳහාද කථානායකවරයා 80.2 ව්‍යවස්ථාව අනුව නොව 80.1 ව්‍යවස්ථාව අනුව සහතික කර ඇති බව ජනතාවට දැනගත හැකි වන්නේ මෙම නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා ගත් විටය.

මෙය වහා නිවැරදි කළ යුත්තේ මේ ආකාරයට ජනතාවට නොතේරෙන භාෂාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය බවට අදාල 2වන ව්‍යවස්ථාව මෙන්ම බුද්ධාගමට අදාල 9වැනි ව්‍යස්ථාවත් සංශෝධනය කිරීම 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නොව 80.1 ව්‍යවස්ථාව අනුව කථානායකවරයා විසින් සහතිකය යෙදීමේ පූර්වාදර්ශයක් ඇති විය හැකි හෙයිනි.

ඒ අනුව පසුගියදා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරමින්

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය,2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය,2018 නොවැම්බර් මස 09වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය ජනාධිපතිවරයා වෙතින් සිංහල භාෂාවෙන් ඉල්ලා ඇත.මෙම ඉල්ලීමේ පිටපත් පාර්ලිමේන්තුවේ මහ ලේකම්, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ නීතිපති වෙතද යොමු කර ඇත. (එකී ලිපිය මෙහි පහත දක්වා ඇත.)

මෙම නඩු තීන්දු 3 සිංහල භාෂාවෙන් කියවීමට ජනතාවට අවස්ථාව ලදහොත් ජනමතවිචාරණයකින් සම්මත කළ යුතු බවට 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති පාර්ලිමේන්තුය විසරවීමට අදාල ප්‍රතිපාදන සදහා 2015 ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත කෙටුම්පතට මේ දක්වා ජනතාවගේ අනුමැතිය ලබාගෙන නැති බවත්, එයට 80.1 ව්‍යවස්ථාව යටතේ කථානායක සහතිකය යෙදීම වැරදි බවත් එයට සහතිකය යෙදිය යුත්තේ 80.2 ව්‍යවස්ථාව යටතේ බවත් මැනවින් පැහැදිලි වේ.

එනම් 19වන ව්‍යවස්ථා සංශෝධනය ඉංග්‍රීසියෙන් කළ කුමන්ත්‍රණයක් බවත්, එය තවමත් නීතියක් වී නැති බවත් ජනතාවට අවබෝධවනු ඇති අතර මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය කළ තැනැත්තන් අවසානයේ ජනතාවට නිරාවරණය වනු ඇත.

මේ දක්වා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව නීතියක් වී නැති හෙයින් පනත් කෙටුම්පතක් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3ක් මන්ත්‍රී සංඛ්‍යාවක් අවශ්‍යය යන්න කිසිම පදනමක් නැති අදහසකි.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Jan 24, 2020- මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට ගත් උත්සහය මේ වනවිට නතර කිරිමට රජය තින්දුකර ඇති අතර ඊට හේතු වි ඇත්තේ අත්අඩංගුවට ගැනිමට එරෙහිව අමාත්‍ය විමල් විරවංශ මහතාගේ මැදිහත්විම බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

මහාධිකරණ විනිසුරු ගිහාන් හදිසියේ අත් අඩංගුවට ගැනිම නතර කල රජය විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළත්. මේ අතර වැඩතහනමට ලක් කෙරුණු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයේ (23) උපදෙස් ලබාදි තිබුනා.

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ අමාත්‍ය විමල් විරවංශ බොහෝ කාලයක් ඉතාම සමීප මිතුරන් ලෙස කටයුතු කරන අතර දෙදෙනා කොළඹ එක් ස්ථානයක සතියට දිනක් අඩුම තරමින් හමුවන අතර එහිදි මධුවිත,වලට අමතරව තණමල්විල කොළ මෙන්ම මුදලට ගන්නා සුරූපී කාන්තාවන් සමග සතුටු වන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.(ස්ථානය අනාවරණය නොකිරිමට අප තීරණය කර ඇත)

ඒ අනුව විමල්ගේ උපදෙස් පරිදි ගිහාන් අත් අඩංගුවට ගැනිම මේ වනවිට නතර වි ඇති අතර අනෙකුත් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මෙන්ම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල, සම්බන්ධයෙන්ද රජය මෙ වනවිට ක්‍රියාමාර්ග ගැනිම නතර කිරිමට තින්දු කර ඇති අතර ඊට හේතු වි ඇත්තේ විනිසුරුවරුන්ට පසුගිය රාජපක්ෂ රජය සමයේ මහින්ද ඇතුලු ආණ්ඩුවේ ඇතැම් කණ්ඩායම් කල බලපෑම් රටට හෙලිවිය හැකි නිසා බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

අද පාර්ලිමේන්තුව අමතමින් විමල් විරවංශ සිය සගයා ගලවා ගැනිම සදහා නීතිපතිවරයාට හීනියට කනේ පහරක් ගසමින් කල කතාව අහන්න

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Jan 24, 2020 – ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග ලබාදීම නීතියට පටහැනි අත්තනෝමතික ක්‍රියාවක් බව පවසමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු අද(24) අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක යෙදුනා.

නීතිපතිගේ කාර්යභාරය අධිකරණයට මග පෙන්වීම සහ සහය වීම පමණක් බවත් එසේ තිබියදී විනිසුරුවරුන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීම නීතිපතිගේ කාර්යභාරය නොවන බවයි නීතිඥවරුන් එහිදි පෙන්වා දුන්නේ.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට චොදනා කරමින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගලවා ගැනිම සදහා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර වරදකරු කිරිම සදහා බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන සමඟ හවුල් වී බොරු නඩුවක් ගොනු කිරිමට කටයුතු නීතිපති දප්පුල ද ලිවේරා දිගින් දිගටම ගෝඨාභය ඇතුලු රාජපක්ෂලා ආරක්ෂා කර ගැනිමට මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත කටයුතු කල අයෙකි.

ගෝඨාභය රාජපක්ෂ ජනපති විමට පෙර සිටම ඔහුගේ නඩු යට ගැසිමස් සදහා සිරිසේනගේ උදවු ද ඇතුව කටයුතු කල ලීවේරා වතම්න් ආණ්ඩුවේ දඩයම අධිකරණයේ ප්‍රධානීයා ලෙස කටයුතු කරමින් සිටින අතර ඒ සදහා 24 පැයේම වැඩකරන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

චම්පිකගෙන් ආරම්භ කළ විපක්ෂ මන්ත්‍රී දඩයම මන්ත්‍රීවරුන් පසුකර රාජපක්ෂලාට එරෙහි නඩු තීන්දු දුන් විනිසුරුවරුන් දක්වා ව්‍යාප්ත කරමින් සිටින ලීවේරා ඇතුලු කණ්ඩායම අධිකරණයට බයේ සැගවි සිටි වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මොහොතකට අධිකරණයේ කූඩුවට මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේන් පලි ගැනිම ආරම්භ කල අතර එහි පලමු පියවර ලෙස වැඩ තහනමට ලක්කල අතර මේ වනවිට ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට ලීවේරා තප්පුලමින් සිටි.

ගෝඨාභය මොහොතකට කුඩුවට දැමු අවස්ථාව..

“ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ මුහුදු අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනාට ඇප දීමට එවකට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය 2016 සැප්තැම්බර් 30 වනදා නියෝග කල අතර ඇප දෙනතුරු සැකකරුවෝ කුඩුවේ රඳවනු ලැබු අතර ඒ අතර ගෝඨාභයද සිටියෙය.

රන්ජන් රාමනායක සමග ගිහාන් එක්ව බොරු සාක්ෂි හැදීමට කුමන්ත්‍රණය කළ බවට චොදනා කරන ලීවේරා “මරණයක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම” යටතේ අත්අඩංගුවට ගැනිමට තැත් කිරිම හරහා පෙනී යන්නේ රාජපක්ෂලාගේ බත් බැලයෙකු බවට ලීවේරා පත්ව ඇති බවයි.

දප්පුල ලිවේරාගේ සහකාරිනී ජනාධිපති අතිරේක ලේකම් නිශාරා ජයරත්න නියම බඩ්ඩකි.මේ දිනවල කලු සල්ලි නාලිකා සහ කුඩු නාලිකා යොදා ගනිමින් ලීවේරාගේ නීතිය නැමිල්ල සාධාරණ කිරිම සදහා අවශ්‍ය වන විදියට විවිධ voice කට් බලකායන් මෙහෙය වන ලබනනෙ ද නීශාරාය.ජයරත්න මල්ශාලා අයිතිකරු ගේ දියනිය වන නිශාරා ජයරත්න ඉතාම හොදින් මේවනවිට දප්පු බබා නලවමින් සිටීන අතර නීතිය අවශ්‍ය අකාරයට නැවිම සදහා ඩිල් සියල්ලම මල්ශාලාව හරහා සිදුවන අතර ඒ නිසාම වන්නට ඇයගේ ඩිල් වෙනුවෙන් ලැබෙන සංතොෂම් කිසිවක් තවමත් අනාවරණය වි නොමැත.

“දප්පු ……බබා…” නැලවීමට නිශාරා කුමණ ආකාරයේ නැටුමක් නැටුවත් කොහෙ නිශාචාරයේ ගියත් අපට කම් නැත.නමුත් රටේ නීතිය නවන්නට ගන්නා උත්සහය දැන් වහාම නතර කල යුතුය.

Loading…


Published on: Jan 24, 2020 – බැඳුම්කර සිද්ධීන් පිළිබඳව විද්‍යානුකූල තාක්ෂණය සහ විද්‍යාඥ විශේෂඥයින් මුල් කරගෙන සකස් කරන ලද වෝහාරික විගණනය වාර්තාව (FORENSIC AUDIT) මේ වන විට ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත්ව තිබේ.

වාර්තාවට අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගේ නැගණිය වන ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ නැමැත්තිය එවකට මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව මැදිහත්ව කටයුතු කළ බවත් ඇය අර්ජුන මහේන්ද්‍රගේ පර්පචුවෙල් ට්‍රේසරිස් සමාගමේ අධ්‍යක්ෂවරියක් වශයෙන්ද කටයුතු කර ඇති බවදවොහාරික විගණන වාර්තාවෙන් අනාවරණය වි අවසන්.

එපමණක් නොව අජිත් නිවාඩ් කබ්රාල්ගේ ළඟම ඥාතියෙකු වන රවීන්ද්‍ර තම්බයියා, අමල කබ්රාල් , අමල් ෆොන්සේකා යන අය ද අජිත් නිවාඩ් කබ්රාල් සමග මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී තම නංගී ඥාතින් 04 දෙනෙකු සමඟ ඉතාම සුක්ෂම ලෙසට ජනතාව ගේ මුදල් හොරාකමින් රාජපක්ෂලාට අතදිග හැර හම්බකර දී ඇති ව පෙන්වා දෙන වාර්තාව 2012 සිට 2017 දක්වා කාලය තුළ වෝහාරික විගණනයට ලක් වූ සෑම විගණන වාර්තාවකටම අනුව ශ්‍රී ලංකා ජනතාවගේ මුදල්  බිලියන දෙකකට පමණ ආසන්න ප්‍රමාණයක් කීපදෙනෙක් බෙදා ගෙන ඇති බවයි.

අජිත් නිවාඩ් මහතාගේ සොයුරිය වන ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ මහත්මිය ප්‍රශ්නගත පර්පචුවල් කැපිටල් හෝල්ඩිංස් ආයනයේ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කිරිමට අමතරව සොයුරා වන අමල් කබ්‍රාල් කමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත්,මස්සිනා කෙනෙකු වන රවීන්ද්‍ර තම්බයියා ඩී.එෆ්.සී.සී. බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත්,තවත් ඥාති සහෝදරයකු වන නිහාල් ෆොන්සේකා කමර්ෂල් බැංකුවේ ඉහළ නිලධාරියකු ලෙසත් එම කාල සීමාව තුළ සේවය කර තිබේ.

මෙම වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිකුත් කිරීමටත් පෙර සිටම එම වාර්තාවට එරෙහිව පුවත්පත් පිටු ගණන් ලිපි ලියමින් අජිත් නිවාඩ් කබ්‍රාල් දැඩි විරෝධයක් දක්වා තිබු අතර ඒ අනුව ඔහුගේ හොරකම් ඔහු විසින්ම අනුමත කරගෙන තිබේ.

ගෝඨාභයගේ වියත් මග සංවිධානයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු වන කබ්රාල් මේ වනවිට අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශකවරයා ලෙස මෙන්ම “අපි වෙනුවෙන් අපි” අරමුදලේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.

2015 වසරේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් අර්ජුන මහේන්ද්‍ර පත් කිරීමත් සමගම ඒ වන විට පර්පචුවෙල් ට්‍රේසරිස් අධ්‍යක්ෂවරයෙකු වශයෙන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් එම සියලුම කටයුතු වලට 2015දී මහබැංකු ඒ සියලු මැදිහත්වීම් සිදු කර ඇත්තේ අර්ජුන මහේන්ද්‍ර ගේ මැදිහත්වීම මත බව වාර්තා අනාවරණය කර තිබේ.

2002 සිට 2017 වර්ෂය වන තෙක්ම ශ්‍රී ලංකාවට මහබැංකු බැඳුම්කර පිළිබඳ නිශ්චිත ක්‍රමවේදයක් නැති බවත් බොහෝ විට සිදුව ඇත්තේ සෘජු ක්‍රමයෙන් පාඩු ආකාරයට මෙම පුද්ගලික මූල්‍ය ආයතනවලින් ණය ගැනීම පමණක් බවද එම වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර වෝහාරික වාර්තාව අනුව 2005 – 2015 බැඳුම්කර පාඩුව මිලියන 10,470ක්

සභාගත කෙරුණු බැඳුම්කර නිකුතුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන පරිදි 2005 – 2015 කාලසීමාව තුළ මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 10,470ක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පෙන්වා දෙනවා.

“මම දැන් පළවෙනි වාර්තාව කියවන ගමන් මේ ඉන්නෙ. එක්සෙකටිව් සමරි එකේ තියෙනවා 2005 ඉඳලා 2015 වෙනකල් රජයට වෙලා තියෙන පාඩුව රුපියල් මිලියන 10,470යි කියලා” යනුවෙනි.

2015 වසරේ සිදුවූ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට සිදුවූ පාඩුව රුපියල් මිලියන 689කට ආසන්න මුදල් ලෙස ගණන් බලා ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් ද මේ වනවිට අධිකරණය හමුවේ පවතී.

Published on: Jan 23, 2020 – දින දහස් ගණනකට අධික කාලයක් මහමග උද්ඝෝෂණයේ යේදි සිටින අතුරුදහන් කිරීම්වලට ලක්වූ දෙමළ ජනයාගේ පවුල් වලට මෙන්ම තවමත් අතුරුදන් ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුලු අතුරුදන් වු දරුවන් 11 දෙනා ඇතුලු රාජපක්ෂ රේජිමය යටතේ අතුරුදන් කල අයගේ ඥාතින්ට ඉතිරිව තිබු අවසන් බලාපොරොත්තුවටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පයින් ගසා තිබේ.

ඒ පවුල් දහස් ගණනකගේ බලාපොරොත්තු සුන් කරමින්, අතුරුදන් වුවන් සදාකාලිකව අතුරුදන් කිරිමට තමන් සුදානම් බව ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් (Hanaa Singer) හමුවු අවස්ථාවේ පවසා ඇත්තේ “අතුරුදහන් වූවන් ඇත්ත වශයෙන්ම මිය ගිහින් . “මට මළවුන්ව නැවත ගෙන ඒමට නොහැකිය!” යනුවෙනි.

ඒ අනුව රටේ ඉතිහාසයේ වේදනාකාරී පරිච්ඡේදයක් වසා දැමීමට අතුරුදහන් වූ ශ්‍රී ලාංකිකයන් සඳහා මරණ සහතික නිකුත් කිරීමට සැලසුම් කර තිබේන බව ජනාධිපතිවරයා හනා ඉදිරියේ පවසා තිබේ.

2009 දී අවසන් වූ 26 වසරක යුද්ධයෙන් අතුරුදහන් වූ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතින් නඩු අවසන් බව පිළිගැනීමට සූදානම් නැති අතර තමන් දිවි ගලවා ගනු ඇතැයි යන බලාපොරොත්තුව ඇතිව ආදරණීයයන් තවමත් කාලය ගතකරමින් සිටි. අතුරුදන් වුවන්ගේ පවුල් සදහා ජනාධිපති අවසන්ත්වය ප්‍රමාණවත් නොවන අතර ඔහුන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ ඥාතියා අතුරුදන් වුයේ කෙසේද යන්න දැන ගැනිමයි.

ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ එවකට අහිංසක දමිළ වැසියන් පමණක් නොව සිංහල,දමිල සහ මුස්ලිම් මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකරුවන් ඇතුලු විශාල පිරිසකගේ යුද්ධයේ අවසාන පරිච්ඡේදව වලදි අතුරුදහන් වූ අතර ඒ හෙතුවෙන් එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභයට දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් චොදනා එල්ල විය.දැන් ගෝඨාභය සුදානම් වෙමින් සිටින්නේ අතුරුදන් වුවන්ගේ ලිපිගොනුව වසා දැමීමට බව පැහැදිලිය.

මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයන් රජයට නායකත්වය දෙමින් සිටියදී මාධ්‍යවේදීන් සහ දේශපාලන විරුද්ධවාදීන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකාවේ වීදිවලින් අතුරුදහන් වු අතර ගෝඨාභය එහි ප්‍රධානම මෙහෙයුම් කරු බව නොරහසකි.

2015 දී පවුල මැතිවරණයෙන් පරාජයට පත් වූ අතර, 2017 දී රටේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අධිකරණයකට කියා සිටියේ රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දැරූ කාලය තුළ ඔහු විරුද්ධවාදීන් ඉලක්ක කරගත් මරණ කණ්ඩායමක් මෙහෙයවූ බවයි.

නමුත් එම චොදනා තහවුරු කිරිමට රනිල්-සිරිසේන පාලනය කල් මැරු අතර පසුව ඇතිකරගත් ඩිල් හේතුවෙන් ගෝඨාභය ජනපති වනතුරුම කල්මැරිම සිදුවිය.

කෙසේවෙතත් අතුරුදහන් වූවන්ට මරණ සහතිකයක් නිකුත් කිරීමට ගෝඨාභයගේ ආණ්ඩුව ගත් තිරණය සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඇම්නෙස්ටි ජාත්‍යන්තර(Amnesty International) පර්යේෂක ත්‍යගී රුවන්පතිරන සදහන් කර ඇත්තේ “අතුරුදන් වුවන්ගේ දුක්ගැනවිලි බැහැර කොට ඔවුන්ට මරණ සහතික නිකුත් කිරිමට රජයට නොහැකි බවත්ය. එය නීති විරෝධී පමණක් නොව, එකඟතාවයකින් තොරව කළ හැකි බවද ඔහු සදහන් කළා.

අතුරුදහන් වූවන්ගේ පැමිණිලි විභාග කිරීම සඳහා 2013 දී ජනාධිපති කොමිසමක් පත් කරන ලැබු අතර එම කොමිසම සිය වාර්තාවේ සදහන් කළේ අතුරුදන් විම සම්බන්ධයෙන් නඩු 24,000 ක් ලියාපදිංචි කර ඇති අතර, අවම වශයෙන් 5,000 ක් පමණ යුද්ධයේදී අතුරුදහන් වූ සටන්කරුවන් සම්බන්ධ බවයි.

“ශ්‍රී ලාංකික හමුදාවට යටත් වූ පුද්ගලයන් කිහිප දෙනෙකු අතුරුදහන් වූවන් අතර සිටින බව” පැහැදිලිවම තහවුරු වී තිබේන බවද එම කොමිසම අනාවරණය කර තිබේ.

අවාසනාවන්ත සත්‍යය නම් මේ අය සටන්වලදී ආරක්ෂක හමුදාවන්හි පවා 4,000 ක් පමණ පිරිසක් අතුරුදහන් වී ඇති බව ලැයිස්තුගත කර තිබිමයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයද අතුරුදන් විම…

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් (Hanaa Singer) හමුවු අවස්ථාව

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයද අතුරුදන් විම…

ශ්‍රී ලංකාවේ දහස් සංඛ්‍යාත අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් යුක්තිය සලසා දීම ඇතුළු යෝජනා සහිතව මාස හයකට ඉහතදී ජනාධිපතිවරයාට බාර දී තිබෙන නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) ආණ්ඩුවෙන් ඉල්ලිමක් කර තිබුනා.

2019 වසරේ අවුරුද්දේ අගෝස්තු මාසයේ නිකුත් කරන ලද අතුරු වාර්තාවකින් OMP කාර්යාලය විසින් අතුරුදහන් වුවන්ගේ පවුල් සඳහා අතුරු සහන යෝජනාවලියක් මෙන්ම සත්‍යය සොයා යුක්තිය පසිඳලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද රජයට යෝජනා කර තිබුනි.

එම යෝජනා සකස් කර තිබුනේ උතුරේත් දකුණේත් විපතට පත් ඥාතීන් හමුවී හය මාසයක් තිස්සේ කරන ලද අදහස් විමසීම්වලින් අනතුරුවය.

“OMP කාර්යාලය විසින් කරන ලද මෙම නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසන මෙන් මෙම කාර්යාලය රජයෙන් ඉල්ලා සිටීයද සිරිසේන – රනිල් ආණ්ඩුවේ සිරිසේන කබ ඇදිල්ල හේතුවෙන් එම කටයුතු අඩාල වු අතර ගෝඨා ජනපති වි මසක් යන්නට පෙර අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයද අතුරුදන් .විය…

Loading…


Published on: Jan 23, 2020 – යාපනය පන්නෙයි කොටුව අසලදී අද (22) දහවල් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිංහල සිසුවියක වන H.D.රෝෂිණි කාංචනාගේ ගෙල කපා ඝාතනය කල මිනීමරු හමුද සෙබළා සම්බන්ධයෙන් ජනාධිපතිවරය ගන්නා තින්දුව කුමක්ද?

සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් මත සැකකරු හමුවීමට යාපනය කොටුවට පැමිණ ඇති බවටත් එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු අතෙහි තිබූ යුධ හමුදාව සතු තියුණු පිහියකින් වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කර තිබේ.

පසුව හමුදා සෙබළා සිසුවිය මුහුදු තල්ලුකර පලා යාමට උත්සහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් පසුපස ලුහුබැඳ ගොස් අල්ලා පොලීසියට බාර දිමට කටයුතු කර තිබේ.මිනිමරු යුද හමුදා සෙබළා පරන්තන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන බව පොලිසිය පවසයි.

ගෝඨාභයගේ ජනාධිපති ධුරයේ 3 වන මාසය ගෙවිම ආරම්භ විමත් සමග මේ අකාරයෙ ප්‍රශ්ණයක් මතුවිම ඔහු තවත් අමාරුවේ දැමිමට සමත් වන්නකි.

“කිසිදු සොල්දාදුවෙකුට හානියක් කිරීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා සිය මැතිවරණ පොරොන්දුව ඉටු කිරිම සදහා උත්සහ කරමින් සිටියදි පැහැදිලිවම නිරායුද,යුද මුක්ත රටක සිංහල දැරියක ඝාතනය කල හමුදා සෙබළා ට ජනපති සමාව ලැබේද?

මේ රට ගොඩනැගීම උදෙසා එදා කැපවුණු රණවිරුවන් අද අභූත නඩු චෝදනාවලට ලක්ව හිරගෙවල්වල සිටින බවත්, නොවැම්බර් 17 වැනිදා උදෑසන වනවිට ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරන බව ගෝඨාභය රාජපක්ෂ ජනපති සටන අරඹමින් කියා සිටියා.

ජනාධිපතිවරණ සමයේ මරණ දඩුවම ලබා සිටින මිනිමරු සුනිල් රත්නායක නිදහස් කිරිම සදහා කටයුතු කරන බව පවසමින් ජනතාවට රණවිරු ගාය සෑදිමට රාජපක්ෂලා කටයුතු කල නමුත් මේ දක්වා එය ක්‍රියාත්මක කිරිමට ඔහුන්ට නොහැකි වි තිබේ.ඒ වෙනුවට ගෝඨාභය සහ ඔහුගේ හොරු රැලගේ නඩු ඉවත් කර ගැනිමට පමණක් කටයුතු කර තිබේ.

                                                       ඝාතනයට යොදාගත් තියුණු ආයුධය 

සුනිල් රත්නායක කල අපරාධය….

හිටපු යුද හමුදා නිලධාරියෙකු වන සුනිල් රත්නායක විසින් 2000 දී යාපනයේ මිරුසුවිල් (Mirusuvil village) ගම්මානයේදී 2000 දෙසැම්බර් 19 වන දින සිවිල් වැසියන් අට දෙනෙකු මේ අකාරයටම ගෙල සිදමින් ඝාතනය කිරිම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වරදකරු වු අතර පසුව ඔහු ඊට එරෙහිව අභියාචනය පවා ඉදිරිපත් කල නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස් දෙනෙකුගෙන් කණ්ඩායම ඔහු වැරදිකරු කරමින් මරණ දඬුවම ලබාදුන්නා.

වසර 13 ක නඩු විභාගයකින් පසු, මහාධිකරණ විනිසුරුවන් වන ලලිත් ජයසූරිය සහ ප්‍රීති පද්මන් සුරසේන යන දෙදෙනා විසින් 2015 ජුනි 25 දින ලබා දුන් තීන්දුවෙන්, හමුදා දිගු දුර ඔත්තු බැලීමේ මුර සංචාරයේ ( LRRP) පළමු චූදිත සුනිල් රත්නායක පොදු අභිප්‍රාය ඇතිව නීතිවිරෝධී ලෙස රැස්වීම ඇතුළු චෝදනා 17 කට වැරදිකරු බව ඔප්පු වු අතර දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකු තුවාල කිරීම සහ ඝාතනය කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඔහුගේ වරද සනාථ කල අතර ඒ අනුව ඔහුට මරණ දණ්ඩනය හිමිවුනා.

පළමු විත්තිකරුට මාස හතක සිර දඩුවමක් මෙන්ම රුපියල් 51,000 ක දඩයක් නියම කළ අතර අනෙක් චූදිතයන් සිව්දෙනා වන ලුතිනන් ආර්.ඩබ්ලිව්.සේනක මුනසිංහ, ටී. එම්. ජයරත්න, එස්. ඒ. පුෂ්පා සමන් කුමාර සහ ගාමිනි මුනසිංහ යන දෙදෙනා වැරදිකරුවන් නොවූ අතර ඔහුන්ට එල්ල වු සියලු චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු නොවූ හෙයින් සියලු චෝදනා වලින් ඔවුන් නිදොස් කොට නිදහස් කර හැරියා.

ඥානපාලන් රවීන්ද්‍රන්, සෙල්ලමුට්ටු තෙවකුලසිංගම්, විල්වරාජා ප්‍රතීපන්, සින්නියා විල්වරාජා, නඩෙසු ජයචන්ද්‍රන්, කතිරාන් ඥාචන්ද්‍රන්, ඥානචන්ද්‍රන් සන්තාන් සහ විල්වරාරාන් යන නිරායුධ දමිළ වැසියන් ඝාතනය කර තිබු අතර ඔහු යුද්ධය හේතුවෙන් අභ්‍යන්තරව අවතැන් වූ සරණාගතයින් බව අධිකරණය හමුවේ ඔප්පු වුනා.විල්වරාජා ප්‍රතීපන් ඝාතනයට ලක්වන ඉට 15 වන වියේ පසුවු පාසල් සිසුවෙකි.

ඝාතනයට ලක්වුවන් ඔවුන්ගේ දේපළ පරීක්ෂා කිරීම සඳහා ආපසු පැමිණ ඇති අතර යාපනයේ නගරයට සැතපුම් 16 ක් නැගෙනහිරින් පිහිටි ගමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් ඝාතනය කර සමූහ මිනී වළක වළදැමිමට කටයුතු කර තිබේ.

Loading…


Published on: Jan 22, 2020- පාර්ලිමේන්තුවේ ඊයේ (21) සභාගත කෙරුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කකර තිබේ.

වෝහාරික වාර්තාවලින් බරපතළම ප‍්‍රහාරය එල්ලවී ඇත්තේ යහපාලන ආණ්ඩුවට නොව කලු දශකයේ රාජපක්ෂ ආණ්ඩුවට බව මේ වනවිට අනාවරණය වි ඇති අතර වාර්තාවේ කොටස් අනාවරණය කිරිමට ගෝඨාභයගේ පාර්ශවයෙන් සිදුව ඇතිබවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මේ වනවිට වාර්තාවල පිටපත් මුදල් අමාත්‍යවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මහ බැංකුව සතුව් පමණක් තිබෙන නමුත් එහි අත්‍යවශ්‍යම පිටු කිහිපයක පිටපත් රැසක් ගෝඨාභයගේ පාර්ශවයෙන් විපක්ෂයට ලැබිමට සලස්වා ඇති අතර එම පිටපත්වලට අනුව කොටස් වෙළඳපාළේ EPF හෙවත් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය හොරකම කිරිම හරහා සිදුව ඇති බවට අනුමාන කරන පාඩුව බැඳුම්කර හොරකම හරහා වඩා විශාල වේ.

අදාළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුව වෙත මීට පෙර ලැබී තිබුණු නමුත්, මන්ත්‍රීවරුන් වෙත එය නිකුත් කිරීම අත්හිටුවා තිබුණා. පාර්ලිමේන්තුවේ සන්නිවේදනය දෙපාර්තමේන්තුව පවසන්නේ නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව කථානායකවරයා එම පියවර ගත් බවයි.

කෙසේවතත් අදාළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරිමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් දැනට කෙරෙන අධිකරණ කටයුතුවලට බාධාවක් ඇති නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ සදහන් කලා.

ලැබුනු පිටපත් වලට අනුව කොටස් වෙළඳපොළේ EPF මුදල් රුපියල් මිලියන 332,657ක් ආයෝජනය කර ඇති අතර ඉන් මිලියන 19,127ක් වටිනා සමාගම් 30 කින් කිසිම ලාභයක් උපයා නෑ.අදාළ සමාගම් 30ම පාඩු ලබන බව දැන දැනම පෞද්ගලික අවශ්‍යතාව මත ආයෝජන කර තිබේන බවද එම වාර්තා පෙන්වා දෙන අතර ඒ හරහා හෝටල් ක්ෂේත‍්‍රයේ පමණක් මිලියන 3000ක පාඩුවක් ලබා තිබේන බවද සදහන් .

පාඩු ලැබූ එක් ගුවන් සමාගමක 2010 ජුලි මාසයේදී මිලියන 500ක් ආයෝජනය කර ඇති අතර 2012 ජුනි 30 දක්වා එම සමාගමෙන් කිසිදු ලාභයක් ලැබීමට සමත්ව නැති අතර තනිකරම රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කිරිම සදහා එම ආයෝජන කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ විශාල අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලසම්පූර්ණයෙන්ම ශ‍්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව සතු අරමුදලක් වන අතර 2017 දෙසැම්බර් 31 වැනිදා වනවිට සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් ටි‍්‍රලියන 2.02ක් තිබුන අතර තිබුණා. 2017 වසරේදී ශ‍්‍රී ලංකාවේ රජය ලැබූ වාර්ෂික ආදායමටද වඩා එම මුදල වැඩි විම එහි බලය මොනවට කියාපායිද?

මෙහි ප‍්‍රමාණය ක්ෂණිකව තෙරුම් ගැනිමට සදහා ලංකා බැංකු සේවක සංගමයේ පර්යේෂණ අංශය EPF අරමුදලේ ඇති මුදල් ප‍්‍රමාණය හා ලංකාවේ මෑත කාලයේ ක‍්‍රියාත්මක වූ දැවැන්ත ඉදිකිරිම් ව්‍යාපෘති කිහිපයක් සංසන්දනය කර තිබුණා. ඒ අනුව අනුව මෙහි ඇති මුදලින් හම්බන්තොට වරාය වැනි වරාය 30ක් මත්තල ගුවන්තොටුපොළ වැනි ගුවන් තොටුපොළ 48ක්,සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය වැනි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණ 449ක් නිර්මාණය කළ
හැකියි.

ඒ සා විශාල වැඩකරන ජනතාවගේ වැටුපෙන් කපා ගන්නා මුදල් රාජපක්ෂලාගේ ඔනෑකම් මත සුභාෂ්කරන් අල්ලිරාජා,දිලිත් ජයවිර,රේනෝ සිල්වා,ඇතුලු කුප්‍රකට දේශපාලනඥයන්ගේ කළු සල්ලි සුදු කරන කොටස් වෙළඳපොළේ යෙදවුයේ මන්ද යන්න දැන් අනාවරණය වි අවසන්.

මිට අමතරව 2008 සිට 2015 දක්වා කාල සීමාව තුළ සaජු ක්‍රමවේදයන් හරහා සිදුකළ බැඳුම්කර ගනුදෙනුවලදී සිදුවුණ වංචා ගැන ඒ වාර්තාවෙහි අඩංගු වේ. 2015 සහ 2016 වර්ෂවලදී සිදුකළ මහබැංකු බැඳුම්කර වංචාවේදී සිදුවූ පාඩුව තවමත් නිසි පරිදි ගණනය කර නොමැති අතර එම පාඩුව ගැන තොරතුරු තිබෙන්නේද මෙම වෝහාරික විගණන වාර්තාවෙමය.

බැක්සයිඩ් එක එකාට දෙමින් ජිවත් වන අති බහුතරයක් සහිත පාර්ලිමේන්තුවෙන් රටේ ජනතාවට අඩුම තරමේ ඇත්ත දැන ගැනිමට හැකි වේදැයි අප නොදනිමු.නමුත් ඇත්ත් ජනතාව දැනගත යුතුමය.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…




   

Published on: Jan 22, 2020 – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවැරිමට ඇති නීතිමය තත්ත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විමසිමට ලක්කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට නඩු පැවරීමට නොහැකි අතර ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වූ පසුව ඔහුට එරෙහිව නඩු පැවරීමට හැකි බව ජනාධිපතිවරයාට දැනුම් දි ඇති අතර ඒ අනුව ඉදිරියේදී සිරිසේන ජනාධිපතිවරයාට ඇති ප්‍රබල චොදන කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරිමට සුදානමක් ඇති බවයි වාර්තා වන්නේ.ඒ සදහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු භාවිතා කිරිම්ට සුදානමක් තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

19 වැනි සංශෝධනය…..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටීමට නීතිපතිවරයා හැකියාව ඇති නමුත් ඔවුන් එම තනතුරුවලින් ඉවත් වූ පසුව එම බැඳීම අවසන් වන අතර කිසියම් නඩු කටයුත්තකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිපතිවරයාට හැකියාවක් නෑ.

19ය අහෝසි කිරිම සදහා අනිවාර්යයෙන්ම 2/3ක බහුතරයක් ලබා ගැනිම සදහාත් ඒ සමගම තමන්ගේ ඇම්බැට්ටයන් 70ක් පාර්ලිමේන්තුවට ගෙන්විමට මෙහෙයුම් දියත් කරමින් සිටින ගෝඨාභයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ බලය අල්ලා ගැනිම අතිශයෙන් වැදගත් බව ඔහුගෙ වියත් පරපුර පෙන්වා දි තිබේ.ඒ අනුව ශ්‍රිලනිපය අල්ලා ගනිමේ මෙහෙයුම පසුගියදා දියත් කල අතර එහි තවත් පියවරක් ලෙස හිටපු ජනාධිපති වත්මන් ශ්‍රිලනිප සභාපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කිරිමට කටයුතු කරමින් සිටි.

ශ්‍රිලනිපයෙන් ගෝඨාභයට අනතුරක්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවීමට නියමිත සන්ධානයෙන් එළඹෙන මහ මැතිවරණය සදහා අපේක්‍ෂක ලැයිස්තු සකස් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට තුනෙන් එකක අපේක්‍ෂක ප‍්‍රතිශතයක් ලබාදිය යුතු බවට මේ වනවිට ඉල්ලිම් ඉදිරිපත් විමත් සමග ශ්‍රිලනිපය සිරිසේන අතේ තිබිම අනතුරක් බවට පත්ව ඇති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

Published on: Jan 21, 2020- ශ්‍රී ලාංකික දෙමළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, දේශපාලනඥයකු හා නීතිඥයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතා (Lakshman Kadirgamar) ඝාතනය කිරිමට අවශ්‍ය අතිශය වැදගත් තොරතුරු ලබාදුන් LTTE හා සම්බන්ධ ව සිටි ශ්‍රී ලාංකිකයෙකුට ජර්මානු අධිකරණය විසින් වරදකරු කරනු ලැබුවා.

ස්ටුට්ගාර්ට් (Stuttgart) හි ප්‍රාදේශීය අධිකරණය නිගමනය කළේ විත්තිකරු ලක්ෂ්මන් කදිරගාමර් සිටින ස්ථානය පිළිබඳව දෙමළ කොටි බෙදුම්වාදී කණ්ඩායමේ සාමාජිකයින්ට උපදෙස් දී ඇති බවයි.

වැරදිකරු 2012 දී වසරේදි ජර්මනියේ සරණාගතභාවය සඳහා ඉල්ලුම් කළ විත්තිකරු දෙමළ කොටින්ගේ බුද්ධි අංශයේ සාමාජිකයෙකු බව අධිකරණය හමුවේ අනාවරණය වුනා. ජර්මානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ අධිකරණය ඔහුට වසර 6 ක සහ මාස 10 ක සිර දඩුවමක් නියම කළ බවයි

ලක්ෂ්මන් කදිරගාමර් මහතා 1994 සිට 2001 දක්වා සහ 2004 අප්‍රේල් සිට 2005 අගෝස්තු මස ඔහු ඝාතනය දක්වා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කරන ලදී.

Published on: Jan 21, 2020 – ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සහතික කිරීම සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා  සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වී තිබේන බව ඉන්දියාවේ රාජ්‍ය  දුරදර්ශන පුවත් (Doordarshan News) වාර්තා කර තිබේ. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක  අජිත් ඩෝවාල් විසින් මෙම පියවර ගෙන තිබේන බවයි එම පුවත් සේවය පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිට පසුව ඉන්දියාවේ වඩාත්ම බලගතු පුද්ගලයා වන්නෙ අජිත් ඩෝවාල් (Ajit Doval).  වන අතර  “ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත් කිරීමේ සංකල්පය සමාලෝචනය කිරීමේ වැදගත්කම සහ අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් නිරීක්ෂකයින් ලෙස ඇතුළත් කිරීමේ වැදගත්කම ඩෝවාල් විසින් පෙන්වා තිබේන බවයි DD News වාර්තා පෙන්වා දෙන්නේ.

ට්‍රම්ප් ගේ විශේෂ නියෝජිත (White House Deputy Press Secretary and Deputy Assistant to the President from 2017 to 2019. ) Raj Sha ගේ නායකත්වයෙන් යුත් ඇමරිකානු කණ්ඩායම ශ්‍රි ලංකාවට පැමිණිමත් සමග පූර්ව නිවේදනයකින් තොරව අජිත් ඩෝවාල් එක්දින සංචාරය සිදු වූ අතර ඒ අනුව එම සංචාරය මොනතරම් හදිසියේ සිදුවක් බව ඉතා පැහැදිලිය.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිය පළමු විදෙස් සංචාරය සඳහා නවදිල්ලිය තෝරා ගත් අතර ශ්‍රී ලංකාවට ගිය පළමු විදේශිකයා විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් වු අතර පසුව නොවැම්බරයේ මැද භාගයේ රාජපක්ෂ ධුරයට පත්වීමෙන් පසු කොළඹට පැමිණි දෙවන ඉහළම ඉන්දියානු නිලධාරියා ලෙස අජිත් ඩෝවාල් පැමිණ තිබේ.

බලය බේදිම සදහා තමන්ගේ සුදානම උතුරේ දේශපාලන පක්ෂ අතර ජනප්‍රිය මාතෘකාවක් බවට පත්කර මහා මැතිවරණයේ විපක්ෂයේ නායකත්වයෙන් නිර්මාණය වන පුළුල් පෙරමුණ අවුල් කිරිම සහ සුළු දේශපාලන පක්ෂ යලි රාජපක්ෂකරණය කිරිම සම්බන්ධයෙන් නව මෙහෙයුමක් වෙනුවෙන් අජිත් ඩෝවාල් ගෝඨාභයට සහය දිමට සුදානම් බවට පොරොන්දු දි තිබේ.ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සමුද්‍ර කලාපයට අදාළ බුද්ධි තොරතුරු සමාලෝචනය කිරීමේ වැදගත්කම ඩෝවාල් විසින් පෙන්වා දි ඇති අතර ඊට අදාළ උපදෙස් ලබාදිමටද ඔහු කටයුතු කර තිබේ.

Ajit Dovalට ගෝඨාභය රාජපක්ෂ සමග හිත හොද කමක් පැවැතියද දින 52 ක කාලය තුල සුළු පක්ෂ වල සහය ලබාදිමට අසමත් විම හේතුවෙන් බැසිල් සහ මහින්ද සමග ඇයි හොදයියක් නොමැති බව ප්‍රසිද්ධ රහසකි.

ආරක්ෂක, බුද්ධි අංශ හුවමාරු කර ගැනීම සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි සහයෝගීතාව ශක්තිමත් කිරීම ඇතුළු ද්විපාර්ශ්වික කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළ බවත් ඉන්දියාව ශ්‍රී ලංකා මිලිටරිය සඳහා උපකරණ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ආරක්ෂක ආධාර ලබා දීමට පොරොන්දු වී වු බව ගෝඨාභයගේ ආණ්ඩුව රටේ ජනතාවට සිය ජඩ මාධ්‍ය හරහා අනාවරණය කර සිටියා.

කවුද මේ අජිත් ඩොවාල්….

අජිත් ඩොවාල් යනු ලංකාවේ ජනතාවට හුරුපුරුදු නැති නමක් වන අතර 2014 ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි බලයට පත්වූදා සිට ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ, විශේෂයෙන්ම ඉන්දියාවේ අසල්වාසි රටවල් සම්බන්ධ ප්‍රතිපත්තියේ ප්‍රධානම තීරකයා ලෙස ජාතික ආරක්‌ෂක උපදේශකවරයා වන අජිත් ඩොවාල් කටයුතු කරමින් සිටි.ලෝක සහ ඉන්දියානු දේශපාලනය තුල ඩොවාල් යනු රාජතාන්ත්‍රිකයකු හෝ පරිපාලකයකු නොව චරපුරුෂයෙකි.

තමන් “ඡේම්ස්‌ බොන්ඩ්” කෙනකු හැටියට හදුන්වා දෙන අජිත් ඩොවාල් ඉන්දියාවේ අවශ්‍යතා වෙනුවෙන් රෝ සංවිධානයේ පකිස්‌තානයේ චරපුරුෂ සේවයේ යෙදි තිබේ.2015 ජනවාරි 8 වැනිදා ලංකාවේ රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහ කිරීම සදහා තමන් දියත් කල මෙහෙයුම සාර්ථක වු බව පවසන ඩොවාල් දින 52 දෙකේ කුමන්ත්‍රණය මෙන්ම පොදු අපේක්ෂක තරගයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමත්, මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිපයෙන් එළියට ගැනීමත්, ලංකාවේ සියලුම විපක්‌ෂ බලවේග එක වේදිකාවට ගැනිමත් සියලුම සුළු ජාතික පක්‍ෂ මහින්දට එරෙහි වන තත්ත්වයක්‌ නිර්මාණය කිරීමත් සියල්ල තමන්ගේ චරපුරුෂ මෙහෙයුමෙන් සිදුවූ බව පවසන අයෙකු වේ.

චීනය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉන්දියාවේ ආරක්‌ෂාවට තර්ජනයක්‌ වන නිසා එය නවතා දමන්නැයි ඩොවාල් 2014 දී කීප වතාවක්‌ම එවක සිටි ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂට දැනුම් දුන් අතර එයට කන් නොදීම ඉන්දියාව විසින් රාජපක්‌ෂ ආණ්‌ඩුව පලවා හැරීමට කටයුතු කිරීමට ප්‍රධානම හේතුවක්‌ වූ බවයි අජිත් ඩොවාල් සදහන් කර ඇත්තේ.

කෙසේවෙතත් පකිස්‌තානයේ එක්‌ පුවත් වෙබ් අඩවියක පළ වූ ලිපියක සඳහන් වූයේ අජිත් ඩොවාල්ගේ විදේශ ප්‍රතිපත්තිය දැන් ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වී ඇති බවට අදහසක්‌ භාරතීය ජනතා පක්‍ෂය තුළත් පැතිරෙමින් පවතින බවයි. ඉන්දියාවේ “ද වයර්” නමැති වෙබ් අඩවියේ ද ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය රෝ සංවිධානය විසින් “හයි ජැක්‌”කර ඇති බවට ලිපියක්‌ පළ විය. මේ වෙබ් අඩවියේම නැවතත් පවසා තිබුණේ ඩොවාල්ගේ සම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයෙන් බැහැර කර තිබෙන බවයි.

පහත දැක්වෙන්නේ ද ප්‍රින්ට් හි නිර්මාතෘ හා සංස්කාරක වන ඉන්දියානු මාධ්‍යවේදියෙකු වන ශෙඛර් ගුප්තා(Shekhar Gupta) විසින් පැහැදිලි කරන ලද “කට් ද ක්ලටර්”“Cut The Clutter” හි 2019 කථාංගයයි.වීඩියෝවේ ගුප්තා මහතා අජිත් ඩොවාල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.

Loading…


Published on: Jan 20, 2020- බේරේ වැවට යාබදව ලේක්හවුස් ආයතනය ඉදිරිපිට ඇති ඉඩමත්, එතැන් සිට නෙළුම් කුලූන දක්වා බේරේ වැව ආසන්නව ඇති තවත් ඉඩම් කැබලි කිහිපයකුත් විදේශීය සමාගම් සඳහා ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එම ඉඩම් කැබලිවල සම්පූර්ණ ප‍්‍රමාණය අක්කර 20කට වඩා වැඩි වන අතර එය 99 අවුරුදු බදු පදනම යටතේ විදේශීය සමාගම් සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවයි දැනට වාර්තා වි ඇත්තේ.

මෙම ඉඩම් කැබලි අතර ඇති ලේක්හවුස් ආයතනය ඉදිරිපිට ඇති ඉඩම කුප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර්ට කැසිනෝ ක‍්‍රීඩාවද ඇතුළත් මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මීට පෙර ලබාදීමට උත්සාහ කළ ඉඩමද වන අතර එය පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය රවී විජේරත්නගෙන් අත්පත් කරගෙන ‘බැලූනා’ නම් ජපන් සමාගමකට රුපියල් බිලියන 3.2කට බදු දී තිබුණි.

ඊට අමතරව පසුගිය රජය කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය සතුව තිබුණු සතොස ඉඩම, බ්ලූමැන්ඩල් ඉඩමක් සඳහා වරාය අධිකාරිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත හිලව්වට ලබාදුන් ඉඩම් කැබලි කිහිපයක් විකිණීමට නියමිත ඉඩම් අතර වේ.

සුපිරි සාප්පු හා නිවාස සංකීර්ණයක් සදහා අක්කර තුනක භූමි භාගය අත්‍යන්ත හිමිකම් යටතේ සිංගප්පූරුවේ පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගමට (Perennial Real Estate Holdings) ටෙන්ඩර කැදවිමකින් තොරව ඩොලර් මිලියන 43 කට බදු පදනම මත විකුණා දමා තවමත් මාසයක්වත් ගතවි නෑ. මෙම ඉඩම් පැවරීම හරහා අතයට gගනුදෙනුරැසක් සිදුවන අතර ඒ සම්බන්ධයෙන් අප පසුගිය පුවතින්ද අනාවරණය කළා.

Loading…


http://lankanewsnetwork.org/archives/22189

Top