Published on: Dec 5, 2019 – ප්‍රවීන මාධ්‍යවේදියකු මෙන්ම ව්වාද සම්පන්න සගරාවක් වන ඊතලය මාසික සගරාවේ කර්තෘවරයා ද වන ශ්‍රීලාල් ප්‍රියන්තගේ නිවසට නාදුණන කණ්ඩායමක් පැමිණ තර්ජනය කර තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.පසුගිය ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂගේ සුදුවෑන් මාරයාට එරෙහිව ප්‍රබලව හඩක් නැගු ශ්‍රීලාල් සුදුවෑන් රථයකින් ගෝඨාභය කල්ලිය පැහැර ගෙන ගොස් වධහිංසනයට ලක්වු අයෙකුද වනවා.

ශ්‍රී ලාල් ප්‍රියන්ත තම සගරාව මගින් පොලීසියෙත්,රජයෙත් දූෂණ,වංචා රැසක් හෙළිදරව් කර තිබුණි.විශේෂ යෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම ඒ පසුපස ගෝඨාභය ඇතුලු කල්ලිය ක්‍රියාත්මක වු අකාරය මෙන්ම ඒ හරහා බලය ලබා ගැනිමට කටයුතු කරන අකාරයද රටට අනාවරණය කළා.මීට අමතරව ඇමරිකාවේ කැලිෆෝනියාවේ අධිකරණය හමුවේ ලසන්ත වික්‍රමතුංග දියණිය විසින් ගොනු කල පෙත්සමට ගෝඨාභයගේ නීතිඥවරුන් උත්තර බැදිම හරහා රණවිරුවන් පාවදිම සම්බන්ධයෙන් කල “මහා පාවාදීම” නැමති අනාවරණයද සිය පුවත් පත හරහා රටට අනාවරණය කිරිමට ශ්‍රීලාල් කටයුතු කලා.

ජනාධිපතිවරණ මෙහෙයුමේදී සජිත් ප්‍රේමදාසගේ මැතිවරණය ව්‍යාපාරයේ විවිධ කටයුතු වලට සම්බන්ධව කටයුතු කල ශ්‍රිලාල් මේ වනවිට අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුමක් දියත් කර තිබේන බවයි දැන ගන්නට ඇත්තේ.

ජ්‍යොතිෂවේදින් පසුපසත් මැර කල්ලි …..

මේ අතර සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ සටන අතරතුර ජ්‍යොතිෂයවෙදින් එකතුකර ගනිමින් සජිත්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විවිධ් මත පලකිරිමට කටයුතු කල ජ්‍යොතිෂවේදි/ගුප්ත විද්‍යාවේදි රොශාන් චානක තිසේරාගේ නිවසට ත්‍රී රෝද රථයකින් පැමිණී පිරිසක් ඔහු බිය වැද්දිමට උත්සහ කිරිමේ සිද්ධියද වාර්තා වේ.ඔහුගේ මිනුවන්ගොඩ පිහිටි නිවසට පැමිණි පිරිසක් මේ අකාරයට භිය වැද්දිමට කටයුතු කර තිබේ.පස් කැපිමේ ජාවාරමට සම්බන්ධ කණ්ඩායම් මේ පසුපස සිටින බවට මේ වනවිට සැක පහල වි තිබේ.මේ වනවිට රොශාන් චානක සිය නිවස අතහැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.මෙ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.

ජනපති,රජය විවේචනය කරන අය අල්ලන්න විශේෂ එකකයක්….

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ රජයේ අඩුපාඩු,දුෂණ,වංචා මෙන්ම නාස්තිය වැනි කරුණු රටට හෙලිකරන කණ්ඩායම් සොය ඔහුන් නිර්වින්දනය කිරිමේ විශේෂ එකකයක් මේ වනවිට ස්ථාපනය කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

සුදුවෑන් පියා ලෙස හදුන්වන මේජර් ජෙනරාල් ජගත් අල්විස් ජාතික බුද්ධී ප්‍රධානියා (CNI) ලෙස පත්කර ඇති අතර ඔහු යටතේ මෙම එකකය පිහිටුවා තිබේ.ඒ අනුව යුධ හමුදා,නවික හමුදාව,ගුවන් හමුදාව,පොලිසිය,සිවිල් ආරක්ෂක අංශ,බුද්ධී අංශ සියල්ලම ඔහුගේ එකකයට සම්බන්ධ කර තිබේන අතර ඒ හරහා ලැබෙන තොරතුරු අනුව ක්‍රියාත්මක විමේ බලයද ඔහුට ලබාදි තිබේ.

ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලාල් ප්‍රියන්ත කල ආන්දෝලනාත්මක ප්‍රකාශය….

Published on: Dec 4, 2019- මහ මැතිවරණයෙදිත් එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් අත්කර දි තමන් කැමති අයෙකුට පක්ෂය භාරදිම සදහා ගෙනයන රනිල්ගේ කුජිත මෙහෙයුමේ තවත් පියවරක් හෙට දියත් විමට නියමිත බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පක්ෂ නායකත්වය බහුතර කැමත්තට ලබාදිම වෙනුවට තවමත් මහින්දලා සමග විවිධ ඩිල් දමමින් සිටින් වික්‍රමසිංහ හෙට දිනයෙ කෘත්‍යාධිකාරි මණ්ඩල කැදවා පක්ෂ නායකයා ලෙස තමන් (රනිල්) පත්කර ගැනිමටත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙසත් කරූ ජයසුරිය මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස මෙන්ම භාරකාර මණ්ඩලයේ නායකත්වයටද පත්කිරිමට සුදානමක් පවතින බව වාර්තා වේ.

භාරකාර මණ්ඩලයට කරූ,රනිල්,සජිත් යන තිදෙනාම පත්කිරිමටද රනිල් යෝජනා කර තිබේන අතර ඔහුන් තිදෙනාටම නීශේධන බලයද සහිත විම හාස්‍යයට කරුණකි.

පලමු වටයේ නායකත්ව මණ්ඩලයක් පත්කිරිමටත් එහි නායකත්වයට කරූ ජයසුරිය පත්කිරිමටත් ගත් උත්සහයට සජිත් පාර්ශවය එකහෙළාම විරුද්ධ විම හේතුවෙන් එම මෙහෙයුමද වික්‍රමසිංහ විසින් හකුලාගෙන තිබේ.

ඒ අනුව පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාසට කෙලින්ම ලබා නොදි විවිධ කල්ලි කණ්ඩායම් අතර බෙදා යලිත් සංවිධාන යාන්ත්‍රනය අඩපණ කිරිම රනිල් සහ කල්ලියේ උපක්‍රමය වි තිබේ.ඒ හරහා මහ මැතිවරණයේදි අන්ත පරාජයක් එක්සත් ජාතික පක්ෂයට ලබාදිම මගින් දිර්ඝ කාලිනව පක්ෂයේ ප්‍රතිසංවිධානය කටයුතු වෙනුවෙන් කැපකිරිම් කල සියලු දෙනා මර්දණය කිරිම වික්‍රමසිංහගෙ උපක්‍රමය වි තිබේ.ඒ අනුව නවීන් දිසානායක,අකිල විරාජ් වැනි පුද්ගලයන් පක්ෂයේ ඉහල තනතුරු සදහා ගෙන එම රනිල්ගේ උපක්‍රමය වි තිබේ.

සජිත්ගේ ආගමනය….

මේ අතර සජිත් ප්‍රේමදාස සහ ඔහුට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල පෙරේදා දිනයේදී හමු වී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එම සාකච්ඡා අද දිනයේදීද පැවැත්වුනා.

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය හා විපක්‍ෂනායක ධුරය සම්බන්ධව එ.ජා.ප.යේ නායකයන් ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇතැයි සජිත් කණ්ඩායම විශ්වාස කරන අතර රනිල් වික්‍රමසිංහ පක්‍ෂයේ අනුශාසකවරයා ලෙස සිටියදී සජිත් ප්‍රේමදාසට පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂනායක ධුරය ලබාදිය යුතු බවයි ඔහුන්ගේ මතය වි ඇත්තේ.

විපක්ෂයේ ගෝනී බිල්ලා….

මෙ අතර ජනවාරි 3 වැනිදා පාර්ලිමේන්තුව රැස්වු වහාම 2/3 ක බලයෙන් පාර්ලිමේන්තුව විසුරුවාලීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනිම සදහා රනිල්ගේ සුවච කීකරු ගෝලයා වන සාගල රත්නායක මේ වනවිට කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව වාර්තා වේ.

මේ වනවිට එජාප මන්ත්‍රීවරුන් රැසක් හමුවි සාකච්ඡා කර තිබේන සාගල විපක්ෂයේ ගෝනී බිල්ලාගේ චරිතය ඔහුන් ඉදිරියේ රඟමින් පවසා ඇත්තේ පහුගිය වසර 4 1/2 කා කාලය කල දුෂණ,වංචා සහ වෙනත් වැරදි සදහා කිසිදු ප්‍රශ්ණයකින් තොරව ගත කිරිමට නම් මේ සදහා දායකත්වය ලබාදෙන ලෙසයි.මේ වනවිට මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ සහය සාගල විසින් ලබාගෙන තිබේන බවද අනාවරණය වි තිබේ.මීට අමතරව 2019 ජනාධිපතිවරණ සටනේදි සජිත් ප්‍රේමදාස වෙනුවෙන් වැඩකල,ගෝඨාභය පරාජය කිරිම සදහා මෙහෙයුම් දියත් කල සියලු දෙන පාවාදීමද මේ වනවිට සාගල විසින් ආරම්භ කර තිබේ.

2/3 ක ලබා ගැනිම සදහා ද්‍රවිධ ජාතික සන්ධානයද දෙකඩ කිරිමේ මෙහෙයුමක් මේ වනවිට දියත් වෙමින් තිබේන අතර,පාර්ලිමේන්තුව කල් දැමිම සහ හදිසි විසුරුවාලිමකට බැසිල් රාජපක්ෂ දැඩි ලෙස විරෝධය දක්වා තිබේන බවද වාර්තා වේ.

ජනාධිපතිවරණයට පෙර සිටම ඉතාම සියුම් ලෙස රාජපක්ෂලා සමග ඩිල් කල විපක්ෂයේ ගෝනී බිල්ලාගේ චරිතය රඟන සාගල වෙනුවෙන් මේ වනවිට රජය විවිධ වරප්‍රසාද ලබාදි ඇති අතර ඒ පිළිබඳව ඉදිරියේදී අනාවරණය කිරිමටද අප සුදානම්.

http://lankanewsnetwork.org/archives/21591

Published on: Dec 4, 2019 – ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහමැතිවරණයට ඉදිරිපත් වන කණ්ඩයම තොරා ගැනිම සම්බන්ධයෙන් මේ වනවිට හටගෙන ඇති අර්බුදය මේ වනවිට උග්‍ර අතට හැරිමෙන් තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඊයේ රාත්‍රියේ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයේකුගේ නිවසේ පොහොට්ටුවේ මහින්ද පිලේ සහ ශ්‍රිලනිපයේ  කිහිප දෙනෙකු හමුවි ඇති අතර දුෂිතයන්ට යලිත් නාමයෝජනා ලබා නොදිමට ගෝඨාභය රාජපක්ෂ දැඩි තින්දුවක් අරගෙන ඇති බවත් ඒ පසුපස වියත්මග සහ එළිය කණ්ඩායම් සිටින බවත් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා වි තිබේ. විශේෂයෙන්ම බස්නාහිරට ආණ්ඩුකාරවරයා ලෙස පත්වු ගෝඨාභයගේ සමීප මිතුරිය මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වෙන වෙනම ෆයිල් සෑදිමේ කටයුත්තක යේදි සිටින බවද එහිදි අනාවරණය වි තිබේ.( ඈය මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කිරිමට සුදානමින් සිටි.)

“දුෂණය ගැන කතා කරනවා.. දුෂිත මන්ත්‍රීවරුන්ට නාමයයෝජනා දෙන්නේ නෑ කියනවා… ඒ උනාටම ලොකුම දූෂණය,වංචා කරපු කෙනා එයා… එයා දැන් ජනාධිපති උනාම අපිව කපන්න හදනවා…” මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව ගෝඨාභයට එරෙහි දිසාවට දිගටම ගමන් කර තිබේ.(මන්ත්‍රීවරුන්ගේ නම් අනාවරණය කල නොහැක.)

“පට්ට හොරෙක් වේච්ච පී.බී. ජනාධිපති ලේකම් වුනා… සිල් රෙද්දත් හොරකම් කරලා හිරේ ගිය ලලිත් රස්සා දෙන කමිටුවේ ප්‍රධානිය වුනා.ඔය වගේ හොරු කී දෙනෙක් නිකන්ම උඩට ආවද?” ඡන්ද 50කින් 2015 පාර්ලිමේන්තු යන්න බැරිවුන සංවිධායක වරයෙක් සාකච්ඡාවට එක්ව ඇත්තේ මේ අකාරයට.

ආපහු ශ්‍රිලනිපයට තැනක් එන්නේ නෑ … ශ්‍රිලනිප ඡන්ද නැතුව දිනන්න බෑ කිව්වා… මගුල ගමේ ශ්‍රි ලංකා කාරයෝ තිය කොළඹ එවුන් ඡන්දය දාන්නවත් ගියේ නෑ එත් දින්නේ නැද්ද?17 වැනිදායින් පස්සේ ශ්‍රිලනිප කියන අකුරු 4වත් මතක නෑ අපහු ඒ පක්ෂය ගොඩ එන්නේ නෑ… කුරුණෑගල ශ්‍රිලනිප මන්ත්‍රීවරයෙකු දිගටම කියාගෙන ගොස් තිබේ.

ඒ අනුව යම් හෙයකින් මහා මැතිවරණය සදහා  නාමයෝජනා ලබාදිමට ගෝඨාභය රාජපක්ෂ අකමැත්ත පලකලහොත් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට මේ ජනවාරි මුල් සතියේ යලි හමුවි සාකච්ඡා කිරිමටද මෙම කණ්ඩායම එකඟ වි තිබේ.

මහින්ද -ගෝඨා අර්බුදය!!!

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහින්ද -ගෝඨා අතර වු අර්බුදය මේ වනවිට උග්‍ර අතට හැරි තිබේනවා.19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසී කිරිම සදහා ගෝඨාභය රාජපක්ෂ මේ වනවිටත් කැමත්ත පලකර තිබේන අතර ඒ සදහා වියත්මග සහ එළිය සංවිධාන මේ වනවිටත් මෙහෙයුම් දියත් කරමින් සිටි.කෙසේවෙතත් 19ය සංශෝධනය කිරිම සදහා අගමැති මහින්ද දැඩි ලෙස සිය අකමැත්ත පලකර තිබේන අතර  19ය පාර්ලිමේන්තුව තුල ආරක්ෂා කර ගැනිම සදහා රනිල් වික්‍රමසිංහගේ සහය මේ වනවිට ඉල්ලා ඇති අතර එක්සත් ජාතික පක්ෂය සහ සෙසු සුළු පක්ෂ 19යට කැමත්ත පලකිරිමද මහින්දගේ ප්‍රසාදයට ලක්ව තිබේ.

මහමැතිවරණය සදහා ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් වෙනම පක්ෂයකින් ඉදිරිපත් වි  19 ට එරෙහිව එම මැතිවරණය ජනමත විචාරණයක් බවට පත්කරගත යුතු බවයි වියත්මග සහ එළිය කණ්ඩායම් මේ වනවිට ජනපතිට යෝජනා කර ඇත්තේ.ඒ සදහා මහාචාර්ය නලින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්ද මේ වනවිට පත්කර තිබේ.

මේ අතර මහ මැතිවරණය සදහා ඉදිරිපත් වන අකාරය සම්බන්ධයෙන් මේ වනවිට අර්බුදයක් හටගෙන තිබේ.බැසිල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් විමට උදය ගම්මන්පිල සහ විමල් විරවංශ මේ වනවිට අකමැත්ත පලකර තිබිම මෙම අර්බුදට ප්‍රධානම හේතුවයි.

Published on: Dec 4, 2019- යුද සමයේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා වලට එරෙහිව ඉදිරිපත් කර ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරිම සදහා ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරිම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟතාව පලකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. ඒ අනුව පසුගිය රජය විසින් වසර පහක් 5 ක් පුරාවටම අතහැර දමා තිබු රණවිරුවන් දංගෙඩියට ගෙන යන අධිකරණ මේ යාන්ත්‍රණය ඇති කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන පුහුණුව ලබාදීම සඳහා නව රජය විසින් ජපානයේ සහාය ලබා ගනිමින් සිටී.

“Strengthening criminal justice system in Sri Lanka” 2020 26th January – 08th February in Tokyo Japan.හෙවත් ලංකාවේ අපරාධ යුක්ති පසිදිලිමේ ක්‍රමය භාවිතයට ගැනිම වර්ධනය කර ගැනිමේ ක්‍රමවෙද” වැඩසටහන වෙනුවෙන් ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ සියළුම ආයතන නියෝජනය කරමින් පහළොස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් තෝරා ගැනීමට කටයුතු කර තිබේ. ඔවුන් සඳහා පෙර වැඩමුළුව ජනවාරි 16 හා 17 කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ජිනීවා යෝජනා යටතේ වන සංහිඳියා ක්‍රියාවලියේ එක් වැඩසටහනක් වන මේ හරහා ලංකාවේ අපරාධ යුක්ති පද්ධතිය ශක්තිමත් කිරිම මෙන්ම අපරාධ යුක්තිය පසදලිම ක්‍රියාවලිය වේගවත් කිරිම ඇතුලු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සහය ලබාදෙනවා.

පසුගිය යුද සමයේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා වලට එරෙහිව ඉදිරිපත් කර ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා අධිකරණ මේ අධිකරණමය යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම සඳහා ඇති බාධාවන් ඉවත් කරමින් මෙම ක්‍රියාවලිය සක්‍රීය ලෙස ඉදිරි වසර තුළ දී ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව එම වැඩමුළුවේදි අවධානය යොමු කිරිමට නියමිතයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදි එවකට ජනාධිපති අපේක්ෂකව සිටි ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහාද යුද හමුදාව පුනුරුප්තාපනය කිරිම පිලිගෙන තිබු අතර ඒ සදහා ක්‍රමවේදයක් සකස් කරන බවටද පොරොන්දු දි තිබුනා. යුධ හමුදාව භාවිතා කරමින් සිදුකර තිබේන අපරාධ වලින් සියයට 99ක් පමණම රාජපක්ෂලාගෙ නියෝග මත කර තිබේන බව නොරහසකි.

ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු අංක 9

“Strengthening criminal justice system in Sri Lanka” 2020 26th January – 08th February in Tokyo Japan. වැඩමුළුවේ කාල සටහන…

Published on: Dec 4, 2019 – සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයේදි පරාජය කිරිමට රනිල් වික්‍රමසිංහ ඇතුලු වික්‍රමසිංහ නඩය කලෙ කුමක්ද යන්න දැන් ඉතාම පැහැදිලිය.පාර්ලිමේන්තුව කල්දමා මහින්ද සමග රනිල් හෙලුවෙන් ඉන්නා අකාරය දැන් රටටම රහසක් නොවේ.පහත දැක්වෙන්නේ සජිත්ගේ පරාජයට බලපෑ තවත් කාරණයකි.එය ලියු පුද්ගලයෙකු ගැන සටහනක් නොමැති වුවද තාර්කික අතින් ගත් කල එහි යම් ගතයුත්තක්ද තිබේ.නමුත් මෙම සටහන හරහා අවසානයේ වික්‍රමසිංහ සුද්ද කිරිමටද උත්සහයක් ගෙන ඇති බව ඉතා පැහැදිලිය.නමුත් අවශ්‍ය වන්නේ පරාජයට හේතුවු කරුණු රැස් කිරිම පමණී.

සජිත් ප්‍රේමදාස මහතා පමනක් තමුන්ගේ ආසනය වන තිස්සමහාරාමය වැඩි ජන්ද 48,118කින් පරාජයට පත් වු අතර ඔහුගේ නායකත්වය යටතේ තිබූ හම්බන්තොට දිස්ත්‍රික්කයද පරාජයට පත් විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔහු උදා ගම්මාන 300 සාදා දුන් බවත් දිස්ත්‍රික්කයේ මහා සංවර්ධනය ව්‍යාපෘති ගනනාවක් කල බවත් මැතිවරණ වේදිකාවේ අප ඇසු මුත් ජනතාවට ඉන් කිසිදු පලක් නොමැති වී ඇතැයි ප්‍රතිඵල බැලු විට පෙනෙන්නට තිබේ.

ඒ සමගම ඔහුගේ මිතුරු සගයන් වන අජිත් පී පෙරේරා – බන්ඩාරගම වැඩි ජන්ද 35,898 කින්, සුජීව සේනසිංහ – කඩුවෙල වැඩි ජන්ද 57,060 කින්, දිලිප් වෙදආරච්චි තංගල්ල වැඩි ඡන්ද 50,532, රංජිත් මද්දුම බංඩාර – මොනරාගල වැඩි ජන්ද 30,672කින්, හර්ෂ ද සිල්වා – කෝට්ටේ 9225කින් , මංගල සමරවීර – මාතර වැඩි ජන්ද 25,456 කින්, චම්පික රණවක මහරගම වැඩිඡන්ද 42205 කින් අජිත් මාන්නපෙරුම වැඩි ඡන්ද 52523 කින්, බුද්ධ්ක පතිරණ – අකුරැස්ස වැඩි ජන්ද 32,055කින්, ඉරාන් වික්‍රමරත්න මොරටුව වැඩි ඡන්ද 21255, හර්ෂන රාජකරුණා දොම්පෙ වැඩි ඡන්ද 39125, , චන්ද්‍රානි බණ්ඩාර නැගෙනහිර අනුරාධපුරය වැඩි ඡන්ද 23798, ගයන්ත කරුණාතිලක බෙන්තර ඇල් පිටිය වැඩි ඡන්ද 29128, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ බද්දේගම වැඩි ඡන්ද 26753 කින්,නිරෝෂණ පෙරේරා වෙන්නප්පුව වැඩි ඡන්ද 19345, නලින් බංඩාර – බිංගිරිය 12,914කින්, අශොක අබේසිංහ – කුරුණෑගල 12,919 කින් , J C අලවතුවල මාවතගම වැඩි ඡන්ද 11837 කින්, තලතා අතුකොරාල- නිවිතිගල 18,115 කින්, තුෂාර ඉදුනිල් පඩුවස්නුවර වැඩි ඡන්ද 11270, හේෂා විතානගේ රක්වාන වැඩි ඡන්ද 10859, හරීන් ප්‍රනාන්දු බදුල්ල වැඩි ඡන්ද 3117 කින්, S M මරික්කාර් වැඩිඡන්ද 2776 කින්,වශයෙන් තමුන්ගේ සදාදරනීය නායකයානන්ව තම තමුන් සංවිධාන කල ආසන වලින් බරපතළ පරාජයට පත් කොට ඇති අතර එහි එකතුව (ආසන 24 ක) 626,955 කි.

ඉතිරිය වශයෙන් වන 733,061 ඉතිරි ආසන 136 ක සංවිධායක වරුන් අතර බෙදි ගොස් ඇත. සජිත් වටා සිටගෙන සජිත්ව රවටා තමන් ජාතික නායකයින් ලෙස අඟවා රට වටා නොගොස් වොක්ෂෝල් වීදියට පැමිණ මාධ්‍ය සංදර්ශණ නොපවත්වා තමන්ගේ ආසන මනා ලෙස සංවිධානය කලා නම් ප්‍රතිඵලය මීට හාත්පසින් වෙනස් වේ. එනම් මෙම ආසන 24 මනා ලෙස සංවිධානය කර කරට කර සටනක් ලබාදුන්නේ අප ජයග්‍රහනය කරනු නියතය.

මෙම ජනාධිපතිවරණයේදී එසේ තමන්ගේ ආසනය අවංකවම දක්ෂ ලෙස සංවිධානය කල හොදම උදාහරණය සේරුවිල ය. සේරුවිල ආසනයේ 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ලබාගත් ඡන්ද ප්‍රමාණය 24,833 කි එය මෙවර සජිත් ප්‍රේමදාස වෙනුවෙන් 28,205 කින් ඉහල දමා ඇත. ඒ අනුව 2015 ට වඩා මෙවර වැඩිඡන්ද 3372 කින් ඉහල දමා ඇත. මේ වාගේම සිංහල බෞද්ධ වැඩි පිරිසක් ජීවත්වන ගාල්ල ආසනය රාජපක්ෂ ලාට 2015 සිට දිනා ගැනීමේ අවසථාවක් කිසිම විදියකින් උදා කර දී නොමැත. රත්මලානේ සිට මොනරාගල දක්වා අප දිනාගත් එකම ආසනයද ගාල්ලය. මේ දක්ෂ ආසන සංවිධායකයින්ගෙන් අප ආසනය සංවිධානය කරන ආකාරය ගැන ඉගෙන ගත යුතුය.

මේ ආකාරයෙන් සජිත් දැම්මොත් දිනනවාමයි කියමින් රටවටා ගිය පිරිස රට වටේ නොයමින් තමන්ගේ ආසන 24 සංවිධානය කලා නම් ගෝඨාභය ලබාගන්නේ ඡන්ද 62, 97,300 කි. එනම් මුලු ඡන්ද ප්‍රමානයෙන් 47.51% කි. එවිට සජිත් ඡන්ද 61,91,194 ක් එනම් 46.72% ක් ලබාගනු ඇත.

එසේ වුවා නම් දෙවන මනාපයට යා යුතුවන අතර සජිත් ට ජය ගත හැකි වනු ඇත. ඒ අනුව බලන කල සජිත්ව පරාජය කලේ ඇත්තෙන්ම සජිත්ව කඩේ ඇරිය මේ නඩය නොවේද. බුද්ධිමත්ව සිතන්න. දැන් අප කල යුත්තේ එක්සත්ව ඉදිරියට යෑම සදහා සියලු දෙනා එක්ව තම තමන්ගේ ආසන වලට ගොස් අනිත් අයට වැරැද්ද නොපටවා කන්නාඩියක් ඉදිරියට ගොස් තමනගෙන්ම විමසා පක්ෂය සංවිධානය කිරීමයි. එක්සත්ව ඉදිරියට යමු. ඒ අපේ පක්ෂයේ දර්ශනයයි.

 

Published on: Dec 2, 2019 – එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර පැවැති හදිසි සාකච්ඡාවකින් පසුව හෙට කැදවිමට නියමිතව තිබු පාර්ලිමේන්තුව ජනවාරි 3 දක්වා කල්දැමිමට කටයුතු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.ඊට අදාල අතී විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට රාජ්‍ය මුද්‍රණාලයට යවා තිබේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරණු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (01) වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.ජනාධිපතිවරයා කලින් කළ ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම,පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය යනුවෙන් ඒ වගන්තියේ සඳහන් වෙයි.පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මකවන කමිටු විස්සක් පමණ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වී යනු ඇත.

පාර්ලිමේන්තු සැසිවාරය කල්තැබිම හරහා තමන්ගෙ විපක්ෂ නායක කම වෙන්ම පක්ෂ නායකත්වය ආරක්ෂාකර ගැනිමට හැකිවන බව පෙන්වා දි ඇති රනිල් ගෝඨාභය රාජපක්ෂගේ කල නොහැකි ජනාධිපතිවරණ පොරොන්දුවක් වන VAT ඇතුලු TAX අධුකිරිමද මෙම කල්දැමිම හරහ නතර කල හැකි බව පෙන්වා දි තිබේ.උත්සව සමයේ බදු අධුකිරිම හරහා රාජ්‍ය ආදායම සිඝ්‍ර ලෙස පහත යනු ඇති බව පෙන්වා දි ඇති රනිල් දෙපැත්තම බේරා ගැනිම සදහා හොදම දේ පාර්ලිමේන්තුව කල්දැමිම බව පෙන්වා දි තිබේ.

සියල්ලටම වඩා COPE කමිටුවද මෙම කල්තැබිම හරහා විසිරි යන අතර ඒ නුව 2007සිට 2018 දක්වා කාලසිමාව තුල මහ බැංකු බැදුම්කර සම්බන්ධයෙන් විමර්ශන කිරිම සදහා තිබු අවස්ථාවද අහිමි වි යනවා.එම විමර්ශන හෙට දවල් 2කට ආරම්භ කිරිමට නියමිතව තිබුනා.පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කළ පසුව ඒ කමිටුවලට අලුතින් සාමාජිකයන් පත්කළ යුතුය.

පසුගිය දින කිහිපයේම අගමැතිගේ සාගල කොලුවා වරින් වර අගමැති මහින්ද හමුවි ඇති අතර එම හමුවිමේ සාකච්ඡා වල ප්‍රතිපලයක් ලෙස මෙම මෙහෙයුම දියත්ව තිබේ.(මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් බලාපොරොත්තු වන්න )

Published on: Dec 1, 2019 – ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ කල්ලියේ ජාතිවාදී කල්ලිය මේ වනවිට රටේ සේසු ජාතින් ඉලක්ක කර පහරදිමේ මෙහෙයුම් තවදුරටත් දියත් කරමින් සිටි.යාපනය බලා ගමන් කරමින් සිටි දමිල මවකගේ තුරුලේ සිටි කුඩා දරුවෙකුගේ මුහුණට එම ගල් පහරක් එල්ල වි ඇති අතර එයින් දරුවාගේ මුහුණට තුවාල සිදුව තිබේ.

අද දහවල් 11.50ට කොළඹ සිට යාපනය බලා ගිය උත්තරා දේවි දුම්රියට මහව ප්‍රදේශයේදි සංවිධානාත්මක පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරයත් සමගම දුම්රිය නතර කිරිමට කටයුතු කර තිබේන අතර දුමිරියේ ගමන්ගත් මගින් පිරිසක් ඇතුලු ගාඩ් වරුන් පහරදුන් අය සිටි ප්‍රදේශයට ගමන් කර තිබේ.කෙසේවෙතත් පහරදිම සදහා 10ක පමණ පිරිසක් පැමිණ ඇති අතර ඔහුන් පොලිස් ජිප් රථ වලට සමාන රථවලින් පැමිණ තිබුන බවයි සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ.

පෞද්ගලික නාලිකා භාවිතා කරමින් අන්ත ලෙස ජාතිවාදය මෙන්ම අන්තවාදිය පතුරුවා හරිමින් ජනාධිපතිවරණය දිනාගත් ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට තමන්ට ඡන්දය ලබාදුන් මජර අන්තවාදින් සතුටු කිරිම සදහා කටයුතු කරමින් සිටින බව ඉතා පැහැදිලිය.

සමාජ මාධ්‍ය මෙන්ම කලු සල්ලි ගිලින පුවත් පත් හරහා මඩ පතුරා කරලියට ගෙන ආ මර්දණය රාජපක්ෂලා අවසානයේ පහරදිම් දක්වා ගෙන විත් තිබේ.එහි ප්‍රතිපලයක් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගමන් කළ රථ පෙළකට මදුරන්කුලිය,කදයාමට්ටේ ප්‍රදේශයේදි කඩු රැගෙන පැමිණි පිරිසක් මෝටර් රථ වලට පහරදිම,තවමත් තැන තැන දෙමළ භාෂා නාම පුවරු ඉවත් කිරිම දකින්නට පුලුවන.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණ සමයේ අරක්කු බෝතලයට යටකරගනිමින් ගෝඨාගේ කලු සල්ලි වලින් යැපෙන දිලිත් සහ ටිරාන් අලස් වෙන්ම අල්ලස් ගන්නා දිවයින වැනි පුවත් පත් භාවිතා කරමින් දෛනිකව සෙසු ජාතින් ඉලක්ක කර අසත්‍ය ප්‍රකාශ ජනතාවට බෙදාහැරීමට කටයුතු කල අයුරු බත් කන ජනතාවට තවමත් මතකය. රාජපක්ෂලා මේ පියවර තබමින් යන්නේ රටේ සංහිදියාව විනාශ කොට අන්තවාදින්,ජාතිවාදින් රජකරවන යුගයක් නිර්මාණජ කිරිම සදහා නොවේද?

Published on: Nov 30, 2019- විද්‍යා දැරිය ඝාතනය,රතුපස්වල ඝාතනය සහ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීම, රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම ඇතුළු සිද්ධි ගණනාවක විමර්ශන මෙහෙයවූ සහකාර පොලිස් අධිකාරී බී.එස් තිසේරා මහතා වහාම ක්‍රියාත්මත වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරු කර තිබේ.

ඊට අදාල පොලිස් නිවේදනය වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද උදේ නිකුත් කළේය. පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මෙම මාරුව සිදු කරන බව එම විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් වේ.

රතුපස්වල ඝාතනය………

රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ⁣මොහයවූ දක්ෂ නිළධාරියෙකු වන තීසේරා රතුපස්වල ඝාතන සම්බන්ධයෙන් යුද හමුදාවේ හතර දෙනෙකුට එරෙහිව මේ වන විට මහාධිකරණයේ නඩු පැවරිමටද කටයුතු කර තිබේ.

2013 අගෝස්තු 01 වනදා පානීය ජලය ඉල්ලා රතුපස්වල ගම්වාසීන් විසින් සිදුකරන ලද උද්ඝෝෂණයකට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් චූදිත යුධ හමුදා නිලධාරීන් සිව් දෙනෙකුට ගම්පහ, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදී අධිචෝදනා භාරදුන් අතර මෙම අධිචෝදනා ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්ෂිකරුවන් 196 දෙනෙක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම අධිචෝදනා මිනීමැරුමට අදාළ දණ්ඩනීති සංග්‍රහයේ 296 වන වගන්තිය ඇතුළුව 314, 300, 32 යනාදී වශයෙන් වගන්ති ගණනාවක් යටතේ ගොනු කර තිබේ.

අකිල දිනේෂ් සහ ශමිල පෙරේරා යන පාසල් සිසුන් දෙදෙනා සහ නිශාන්ත පුෂ්පකුමාර නමැති ඇඟළුම් කම්හල් සේවක තරුණයා වෙඩි තබා ඝාතනය කිරීම, වෙඩි තැබීමෙන් තවත් 16 දෙනෙකුට තුවාල සිදුකිරීම, 8 දෙනෙකුට වෙනත් බරපතළ තුවාල සිදුකිරීම, තවත් 21 දෙනෙකුට බරපතළ නොවන තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා 94ක් චූදිතයින් වන බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන, මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණාගේ සිරිසේන, සැරයන් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ කෝප්‍රල් ලලිත් ග්‍රේ යන හමුදා නිලධාරීන්ට එරෙහිව ගොනු කර තිබේ.

 

 

Published on: Nov 30, 2019-  ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවේ 19 වන සංශෝධනය අහෝසි කර නැවත 13 වන සංශෝධනය බලාත්මක කිරීම සදහා තමන් කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවේ පොරොන්දුවක් ලබාදි තිබේන බව ඉන්දිය අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

සිය පළමු නිල සංචාරය සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්, ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන අය හමුවී අද (29) ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සාකච්ඡාවේදි වැඩි අවධානයක් යොමුකර ඇති අතර ඉඩම් සහ පොලිස් බලතල සහිතව එය ක්‍රියාත්මක කිරිම රටේ සංහිදියාව වර්ධනායට වැදගත් බවද පෙන්වා දි තිබේ.

එම ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවාලිය සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර ජාතීන් හා වාර්ගික සහජීවනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය දේශපාලන මතය ප්‍රකාශ අර තිබේන අතර සෑම ජාතියක්ම සහ ආගමක්ම සමාන ලෙස සලකා කටයුතු කිරිම හරහා ප්‍රශ්ණ රැසකට පිළිතුරු සොයා ගත හැකි බවයි.

දෙමළ ජනතාවට ගෞරවය ඇතිව සාමය, සමානාත්මතාව සහ සංවර්ධනය ඇතුළු සියලු පරමාර්ථ සහ අභිලාෂ ඉටු කරගනිමින් ශ්‍රී ලංකාව සංහිඳියා ක්‍රියාවලිය තුළ ඉදිරියට යනු ඇතැයි තමන්ට විශ්වාස කරන බවද ඉන්දීය අගමැතිවරයා එහිදි පවසා තිබේ.

එම කොන්දේසි මත ඉන්දියාව ඩොලර් මිලියන 400 ණයක් ශ්‍රි ලංකාවට ප්‍රදානය කිරිමට කටයුතු කර තිබේ.

Published on: Nov 29, 2019- 2019 ජනාධිපතිවරණයට පෙර 15% ක වැට් බදු ආදයම ලෙස රජයට ලැබීමට නියමිත ව තිබු ලංකා රුපියල් බිලියන 530 ආදයම නව අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ විසින් PAYE tax,කෘෂිකාර්මික බදු, සන්නිවේදන බදු අඩු කිරීමට ගත් තීරණය සමඟ අහිමි වී යන බව ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර 100ක හිමිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කල බදු අධුකිරිම හා රටේ ආර්ථික අර්බුදය යනුවෙන් සකස්කල වාර්තාව  හරහා අනාවරණය කර තිබේ.(නෛතික ගැටලු හේතුවෙන් අදාල ආයතනය අනාවරණය කල නොහැක.)

මෙය පාරිභෝගික පරිභෝජනය ඉහළ දැමීම මගින් ලංකාවේ දළ දේශිය නිෂ්පාදනයට කෙටි එන්නතක් ලෙස සැළකිය හැකිය.නමුත් ලංකාවේ දීර්ඝකාලීන ආර්ථිකයට මෙය එතරම් සුභ දෙයක් නොවනු ඇත. ලංකාව දිගු කාලයක් පුරා දේශිය ආදයම හා ලංකාවේ දළ දේශිය නිෂ්පාදනය සමඟ අරගල කරන ආර්ථිකයක් හිමි රටකි. 2016 දි වැට් බදු ඉහළ දැමීමත් සමඟ පරිභෝජන වියදම ඉහළ ගියද එය ලංකාවේ පැවති අයවැය පරතරය පියවීමට සමත් විය.

නමුත් මෙය තවමත් පැහැදිළි කප්පාදුවක් නොවේ. මෙය තවමත් ගැසට් පත්‍රයකින් හෝ පාර්ලිමේන්තුවේ දි සම්මත වීමකින් හෝ සනාථ වී නොමැත. මෙහි ප්‍රභවයට ඇති එකම සාධකය වන්නේ කැබිනට් මාධ්‍ය හමුවේදි කැබිනට් ප්‍රකාශකවරයගේ ප්‍රකාශය පමණි.

මෙය මණ්ඩලය හරහා ක්‍රියාත්මක වන උත්තේජනයක් ලෙස සැළකිය හැකිය. මෙය දිගුකාලිනව පවත්වා ගෙන යාම ගැන අවධානය යොමුකළහොත් 2020 දක්වා ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද එම වාර්තා පෙන්වා දෙනවා.

මෙහි මධ්‍යකාලින අභියෝද දැකිය හැකිය. විශේෂයෙන්ම අරමුදල් සම්බන්ධයෙන් ගැටළු පැන නැගිය හැකිය. එසේම ශ්‍රි ලංකා මහ බැංකුවේ පොලි වියදම් ඉහළ යාම හා පොලි ප්‍රතිශත ඉහළ යාම සිදුවිය හැකිය. මෙය හුදෙක් මහමැතිවරණය අරමුණ කරගත් වැඩ පිළිවෙළක් පමණි.

බදු අධුකිරිම හා රටේ ආර්ථික අර්බුදය(ඉංග්‍රීසි නොදන්නා වහල්ලුන්ට අදාල නොවේ)

වැට් බද්ද පහත යාමත්, NTB බදු පහත යාමත් නිසා මත්පැන් මිල අනිවාර්යයෙන්ම පහල යනු ඇත. ඒ කෙසේවෙතත් දැඩි මුල්‍ය තත්වයන් යටතේ ‘පව්’ ව්‍යාපා’ වලට රජය අතහිත දෙනු ඇතැයි අපි අපේක්ෂා නොකරමු. එබැවින් මත්පැන් මිල ඉහළ යාම වක්‍ර බදු පැනවීම මගින් ඉහළ දමනු ඇතැයි ද බලාපොරොත්තු වෙමු.

බියර් මිල පහළ යාම නිසා පසුගිය අවුරුදු 2-3 කාලය තුළ අනෙකුත් මත්පැන් භාවිතය 11%කින් පහත වැටුණි. එසේම සුරාබදු ගාස්තු ඉහළ යාම හේතුවෙන් මත්පැන් මිල ඉහළ යාම නීති විරෝධී වෙළඳපොල අතිශයින් ජනප්‍රිය වීමට හේතු විය.

 

Published on: Nov 29, 2019 – පසුගිය ජනාධිපතිවරණයේදි බරපතල මැතිවරණ දුෂණ රැසකට සම්බන්ධ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය  ඒ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කිරිමට පෙර ඉවත්විමට කටයුතු කරමින් සිටි. ඒ අනුව සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායක කරු ජයසූරිය ට දැනුම්දී ඇතැයි කථානායක කාර්යාලය නිවේදනය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේන් ඉල්ලා අස්විම සිදුකලයුතුව තිබියදි ජනාධිපතිවරයාගේන් එම ඉල්ලිම සිදුකර ඇත්තේ ව්‍යවස්ථා සභාවට බලපෑම් කර ඉක්මනින්ම සිය විශ්‍රාම ගැනිම සිදුකර ගැනිමට බව ඉතා පැහැදිලිය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ සිංගප්පුරු ගිණුමට රුපියල් බිලියන 2ක් … යනුවෙන් ඊයේ lankanewsweb.today වෙබ් අඩවිය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ වංචනික ක්‍රියාවන් එලිදක්වන බවට කල ඉගියෙන් 24පැයක් ගෙවිමට පෙර ඔහු ඉල්ලා අස්විමට කටයුතු කරමින් සිටින්නේ මන්ද?(විස්තරාත්මක වාර්තාව බලාපොරොත්තු වන්න)

ජනාධිපතිවරණය කැදවු දින සිටම රාජ්‍ය නාලිකා වලට බල්ලෙකු ලෙස බුරමින් සපා කෑ මහින්ද දෙරණ,හිරූ ඇතුලු පෞද්ගලික නාලිකා ඉදිරියේ නකුට වනමින් ඔහුන් ලබාදුන් වරප්‍රසාද වලට ගිජුව කටයුතු කරමින් මැතිවරණ කොමිසම් විනාශ කල මහින්ද දේශප්‍රිය ජනතාව හමුවේ තමන්ගේ නිරුවත් එලිවෙන බව දැන දැන් වහාම විශ්‍රාම ගොස් රටින්ද පැනිමට සුදානමක් තිබෙන බව අනාවරණය වි තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේන් අප ඉල්ලා සිටින්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලා අස්විම පිලිනොගෙන ඔහුගේ වැඩ තහනමකට ලක්කර ඔහු සම්බන්ධයෙන් වහාම නිසී පරික්ෂණයක් ආරම්භ කරන ලෙසයි.

2019 ජනාධිපතිවරණයේ සිදුවු මැතිවරණ දුෂණ …

ජාතික මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨතම  සාමාජික රත්නජීව හුල් කරල ලද අනාවරණය මෙසේය …

පසුගිය ජනාධිපතිවරණයේ  සමහර අඩුපාඩුකම් තිබෙනවා. අපි සියළු දෙනා අප වෙත සුභ පතා ගනිද්දි එම අඩුපාඩු සහිත අවකාශය වැහිලා යනවා. අපි හරියට තමන්ගේ නිරුවත්කම ගැන අන්ධභාවයට පත් වුණ නිර්වස්ත්‍ර වූ රජතුමා වගේ.

මෙම ඡන්දයේ ප්‍රතිඵලය සිය සැබෑ ප්‍රතිශතය ලබා ගෙන තිබෙනවා. අපගේ කාර්යය මණ්ඩලය සතුව ඡන්ද ප්‍රතිකා නියමිත වේලාවට විවර කිරීම, නිවැරදිව ගණනය කිරීම සඳහා වන නිවැරදි තාක්ෂණය තිබුණා. එසේම යුරෝපානු කවුන්සිලයේ මැතිවරණ නීරික්ෂණ කණ්ඩායමට අමතරව අපගේ මැතිවරණ නීරීක්ෂකයන් සතුව ද මැතිවරණය නිදහස්ව හා සාධාරණ ව පවත්වා ගෙන යාමට අවශ්‍ය තාක්ෂණය හා දැනුම තිබුණා.

මම මෙහිදි දක්වන්න අවශ්‍ය යි මෙම මැතිවරණය පුරාම පැතිරි තිබුණ පුර්ව මැතිවරණ දූෂණයන් පිළිබඳව විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවට එරෙහිව. ANFREL සංවිධානයේ සභාපති හා මැතිවරණ නීරික්ෂකයෙකු වන Damaso G. Magbual විසින් අපට සුභ පතමින් ප්‍රකාශ කළ දෙයක් සඳහන් කරන්න කැමතියි. ඔහු පවසා සිටියේ මෙම මැතිවරණයේ වංචා කරන්න දෙයක් නෑ. මෙය මැතිවරණ ප්‍රචාරණයක් පමණයි.

පූර්ව මැතිවරණ රැවටීම් නිසා මෙම මැතිවරණය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. පළමුවැන්න අපට ලැබී තිබෙන විඩියෝ දර්ශනයක ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරයා වන අලි සබ්‍රි සිදුකළ ප්‍රකාශයක් දක්වන්න කැමතියි. ඔහු එහිදි මුස්ලිම් ජනතාවට ප්‍රකාශ කරනවා ප්‍රායෝගික වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කොට අවසන් බවත් ඔහු වෙත සිය ඡන්දය ලබා දී මුස්ලිම් ජනතාව එම ජයග්‍රහණයේ අයිතිකාරිත්වය ගත යුතු බවයි. එසේ නොවුනහොත් ඔවුන් බිඳ වැටෙන බව ඔහු සඳහන් කර සිටියා. නමුත් නව ජනාධිපතිවරයාගේ නීතිඥවරයාට එරෙහිව නඩු පැවරීමට අපට ධෛර්යයක් නෑ.

දෙවැන්න අප විසින් අනාවරණය කර ගනු ලැබූ වීඩියෝවක කරුණා අම්මාන් පවසා සිටින්නේ මුස්ලිම් ජනතාව වහාම පාලනයට ලක් කොට පහළට ඇද දැමිය යුතු බවයි. එය සිදු කළ හැකි පුද්ගලයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ බවත් ඔහු වෙනුවෙන් සහය දැක්වීමට ප්‍රධාන හේතුව එය බවත් ය. මෙම පැමිණිල්ල මාවෙත ලැබුණු අවස්ථාවේදි මම මෙය ජාතිවාදය අවුස්සන පුවතක් ලෙස ප්‍රකාශ කළ විට පොලිසියේ හෝ කොමිසමේ කෙනෙකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ පැමිණිකරුවන්ගේ පෞද්ගලිකත්වයට බාධා කරමින් මා විසින් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන බවයි.මෙම හේතු නිසා බහුතරයක් සිය ඡන්දය භාවිතා නොකරන්නට ඇත.

Published on: Nov 29, 2019 – නාරාහේන්පිට ප්‍රදේශයේ දි හමුවු මියගිය තරුණයෙකුගේ මල සිරුර සම්බන්ධයෙන් මේ වනවිට මරණ පරික්ෂණ වාර්තාව ලැබි තිබේන අතර එහි සදහන්ව ඇත්තේ දියේ ගීලිම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.ඒ අනුව අදාළ තරුණයා ත්‍රී රෝද රථයකින් පැමිණ සිය නිවස කරා එමින් සිටියදි මාර්ගය ආසන්නයේ ඇති කාණුවකට වැටි එහි තිබු ජලයේ ගිලී මිය ගොස් ඇති බව පොලිසිය මේ වනවිට නිර්ණය කර තිබේ.

තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සිදුවු මරණ පරික්ෂණය මෙන්ම පොලිස් මෙහෙයුම් හරියටම වසීම් තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් රාජපක්ෂ රේජිමයක සිදුවන පරික්ෂණයක්ම පමණක් බව ඉතා පැහැදිලිය.පොලිසිය පවසන ආකාරයට මරණය සිදුව ඇත්නම්

ජනය පිරි ඇති ලංකාවේ මාර්ග දෙපස ඇති  කාණුවක වැටි පුද්ගලයෙකු මිය යා හැකිද?

මරණය සිදුවන රාත්‍රීයේ කොළඹ වර්ෂාපතනයක් වාර්තා වි නොමැත.

අනික් අතට ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ලයෙකු නිවස අසලින් බසින්නේ නැතුව වෙනත් තැනකින් බසින්නේ ඇයි.

අදාළ තරුණයාගේ ගමන් මාර්ගයේ ඇති CCTV දර්ශන මරණ පරික්ෂණය සදහා යොදා නොගන්නේ මන්ද?

මරණයට පත්විමට පෙර රාත්‍රීය …. 

හිල්ටන් ස්ටෙලා රාත්‍රී සමාජ ශාලාවෙන් බියර කෑන් 2ක් සහ ඩන්හිල් වර්ගයේ සිගරැට් පැකට්ටුවක් මිළදි ගැනිමට පුබුදු පෙරේරා නැමති ඝාතනයට ලක්වු 32 හැවිදිරි තරුණයා කටයුතු කර තිබේන බව ලංකා නිවුස් වෙබ් විශේෂ වාර්තාකරු අනාවරණ කළා.අලුයම 1.30ට පමණ එම මිළදි ගැනිම සිදුව ඇති අතර ඔහු නිරන්තරයෙන් එම ස්ථානයට පැමිණෙන අයෙකු වන බැවින් එහි සේවකයන් ඔහු හොදින්ම හදුනති.

ඝාතනයක්ද?

අදාළ තරුණයා කොළඹ වෙළද ප්‍රචාරක ආයතනයක සේවය කරමින් සිට ඇති අතර එම ආයතනය පසුගිය ජනාධිපතිවරණය සමයෙ ජනපති අපේක්ෂකයන් වෙනුවෙන් සිය ප්‍රචාරක කටයුතු කල ආයතනයක් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.උතුර හා නැගෙනහිර පළාත් ඉලක්ක කර එම ප්‍රචාරක කටයුතු කර තිබේන බවද දැනට අනාවරණය වි තිබේ.

Top