Published on – Nov 15, 2019  2014 වසරේ ප්‍රථම වරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝඩි සිය 5 වසරක පාලනය අවසන් කර 2019 වසරේදී දෙවන වරට ජනතාව ඉදිරියට එන්නේ කිසිසේත්ම ඔහුට වාසි සහගත වාතාවරණයකදී නොවේ. එහෙත් 2019 ඉන්දීය මැතිවරණය බොහෝ ලෝක දේශපාලන විචාරකයින්ගේ, ඉන්දියාවේ බොහෝ මාධ්‍ය ආයතනවල මෙන්ම සියලුම සමීක්ෂණ වාර්තා වලින් ප්‍රකාශ වූ ප්‍රතිඵලයට වඩා වෙනස් ප්‍රතිඵලයක් නිර්මාණය කරමින් අවසන් විය. දෙවන වරටත් ඉන්දියානු ජනතාව තම රටේ අනාගතය තමන්ගේ කුඩා කාලයේ දුම්රියේ තේ විකුනපු පුංචි පන්තියේ පුංචි මිනිසෙක් අතට භාර දුන්නේය. මිට හේතුව කුමක්ද..? පුංචි පන්තියේ මිනිසුන්ගේ මිනිසෙකු වූ මෝඩිගේ ප්‍රතිවාදියා වුයේ ඉන්දියාවේ ප්‍රභූ පැලැන්තියේ වත්මන් නියෝජනය වන රාහුල් ගාන්ධිය. බොහෝ රටවල් තම නායකයින් තෝරාගැනීමේදී සැලකිලිමත් වූ සාධක මේ වන විට විප්ලවීය ලෙස වෙනස් වෙමින් පවතියි. තවදුරටත් සම්ප්‍රදායික ප්‍රභූ වැඩවසම් පවුල් යටතේ පාලනය වීමට පොදු මහජනයා කැමති නැත. වර්තමානයේ ඔවුන් සොයන්නේ ඔවුන්ගේ මිනිහෙකි. තමන්ගේ පන්තියේ එකෙකි. 2019 මෝඩිගේ සුවිසල් ජයග්‍රහණය පසුපස ඇත්තේ මේ කතාවය. පුංචි පන්තියේ මිනිසෙකු වූ මෝඩි දේශපාලන ගලිවරයෙකු බවට පත් කලේ ඔහු වටා එකතු වුනු ලක්ෂ ගණනක් වූ පුංචි මිනිසුන්ය. නගරයේ ජිවත් වන්නන් දකින දේශපාලනය සහ ගමේ දේශපාලනය සහමුලින්ම වෙනස්ය. ඉන්දියාවේ නාගරික ජන කණ්ඩායම් අතර තිබූ මතවාදය වුයේ රාහුල් ගාන්ධි ඉදිරියෙන් සිටින බවය. එහෙත් අවසානයේ ප්‍රතිපල එද්දී මෝඩි ජයග්‍රහණය කර තිබුණේ ගව් ගණනක් ඉදිරියෙනි.

අද අපේ රටේ අපි දකින්නේ ද මේ තත්වයමය. අද ඇතැම් මාධ්‍ය ආයතන වලින් පෙන්වීමට උත්සහ දරන මායාව මහා පොළොවේ ඇත්තේම නැත. මාසයක් අව් වැසි රෑ දවල් මහන්සිය නොබලා වෙනසක් නැතුව සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මිනිසුන් දහස් ගණන් ඔහු එනකන් හිටගෙන සිටිනු අප දුටුවෙමු. පිට දිස්ත්‍රික්ක වලින් පවා ගෙනවිත් සෙනග පුරවනවා වෙනුවට කුලියක් මලියක් කරන, ගොවිතැනක් කරන, හේන් වගාවක් කරන, ගමේ සැලුන් එකක් කරන, ගරාජ් එකක් කරන අහිංසක මිනිස්සු “අපේ සජිත් මහතත්යා බලන්න යන්න ඕන” කියලා වේලාසනින් තම තමන්ගේ වැඩ නිම කරලා තමන්ගේ ෆුට් බයිසිකලයෙන්,බයික් එකෙන්, ත්‍රි විල් එකෙන් සජිත්ගේ රැස්වීම් වලට ආපු විදිය, කාන්තාවන් තමන්ගේ ගෙවල් දොරවල් වල වැඩ ටික වේලාසනින් ඉවර කරලා, රෑට කෑම ටිකත් උයලා තියලා මෙච්චර කාලෙකට තමන් ගැන හිතපු එකම සොඳුරු ආදරණිය මිනිසා බලන්නට පොරකාපු අයුරු අප දුටුවෙමු. ඒ කෘතීමව නිර්මාණය කළ රැල්ලක් නොවේ. ඒ රැල්ල මෙච්චර කාලයක් රජවරුන් මෙන් හැසිරුණු නායකයින් හිටපු රටකට තමන්ගේ යැයි කට ඇරලා කියන්න පුළුවන් තමන්ගේ මිනිහෙක් ලැබුණු විට ඒ රටේ පුංචි පන්තියේ මිනිහට, අහිංසක මිනිහට දැනුණු හැඟීමය. ඔවුන් ඒ හැගීම පිටකළේ එලෙසය. රෑ 10, 11 වෙනතෙක් මහා වැස්සේ මිනිස්සු සජිත් එනකන් හිටියේ මේ තමන්ගේ මිනිහෙක් කියලා ඔවුන්ගේ හදවත් පතුලටම දැනුනු නිසාය.

මහා කුණාටුවක් ඒමට පෙර පරිසරය නිහඬ වෙන්නාක් මෙන් මේ මොහොතේ පවතින නිහැඬියාව තවත් පැය කිහිපයකින් ආරම්භ වීමට නියමිත සජිත් ප්‍රේමදාස කුණාටුවට පෙරමඟ ලකුණුය. පොඩි මිනිසුන්ගේ මිනිසෙක් වූ රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් පසුව මේ රටේ පුංචි මිනිහා නියෝජනය කරන දුක්විඳින පන්තියට සමීප නායකයෙක් තෝරාගැනීමට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මේ වන විට සූදානම් වී අවසානය.

මේ මහා ජනතා නැගිටීම නොවැම්බර් 16 වෙනිදා තමන්ගේ මිනිහෙක් රටේ පළමු පුරවැසියා බවට පත් කරගැනීමටය. කුමනාකාරයේ ඇස් බැන්දුම් කළද මේ මහා ජනතා සුනාමිය වැළක්වීමට මේ මොහොතේ කළ හැකි කිසිවක්ම නොමැත. වසර ගණනාවක් අත්හදා බැලු පිළුණු වූ නායකයෙක් වෙනුවට නැවුම් නායකයෙක් පිළිගැනීමට මහජනතාව පෙළ ගැසී අවසන්ය.

Published on- Nov 15, 2019  2019 ජනාධිපතිවරණයට ඇත්තේ තවත් පැය 24 කට වඩා අඩු කාලයකි. මැතිවරණයේ උණුසුම වැඩි වෙමින් පවතින අවස්ථාව රටේ ලෝකයේ සියළු දෙනාම හෙටින් ලංකාව මෙහෙයවීමට බාර ගන්නා පුද්ගලයා කවුරුන් විය හැකිද යන්න පිළිබඳව අවධානයෙන්  සිටි.

මේ වන විටත් රාජ්‍ය බුද්ධි අංශය හා විදේශීය බුද්ධි අංශ දේශපාලන ඒකක ඒකාබද්ධව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන බුද්ධි අංශ වාර්තා සකස් කොට ඇති අතර අතිශය රහසිගත් වූවද එය මේ රටේ ප්‍රධාන කිහිපදෙනෙක් වෙත ලබා දීමට ඔවුන් කටයුතු කොට ඇත.

ඒ අනුව නවතම බුද්ධි අංශ වාර්තාව ඊයේ දහවල් වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලබා දීමට බුද්ධි අංශ කටයුතු කර අතර එයට අනුව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ ට වඩා 7% ක ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටින බවට වාර්තා වේ.

එසේම සජිත් ප්‍රේමදාස හට ආසන 108 ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබෙන බවද එම බුද්ධි අංශ විසින් තහවුරු කොට ගෙන තිබෙනවා.

මෙම වාර්තාව ඊයේ රාත්‍රි ය වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ වෙත ලබා දී ඇති බවද එය නිසා පොහොට්ටු පිලේ අවසන් බලාපොරොත්තුවද බිඳ වැටි ගිය බවද අප දේශපාලන වාර්තාකරු සඳහන් කළා,

අදාළවාර්තාව ලැබීමත් සමඟ මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ අභ්‍යන්තර දේශපාලන මණ්ඩලය කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කොට ඇති අතර ගහන්න තියන සියලුම තුරුම්පු මේ වන විට ගසා අවසන් බවත් දැන් ඇත්තේ 16 වෙනිදා හවස් වන තෙක් බලා සිටිම පමණක් බවත් ඔවුන් පෙන්වා දී ඇත.

ඒ සමඟම මේ වන විටත් පොහොට්ටු පාර්ශවයට පැන පැන සහය දුන් බොහෝ දෙනා නියුටල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් අයින් ගසා ඇති බවද අප දේශපාලන වාර්තාකරු සඳහන්කළා .

එසේම අධිකරණ අවසරයකින් තොරව ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා වංචාදූෂණ වලට සම්බන්ධ පොහොට්ටුවේ බොහෝ දෙනෙකුට විදේශ ගත වීමට නොහැකි බැවින් මහින්ද වැඩිදුරටත් කලකිරී ඇති බවද වාර්තා වේ.

ජනතාව ගේ ජනප්‍රසාදය දිනා ගැනීම සඳහා අනුගමනය කළ ක්‍රමවේදයේඑ කොහි හෝ තැනක වරදක් ඇති බවද ඉක්මනින් එය සොයා නොගතහොත් මහමැතිවරණය ද පරාජය වන බවද මහින්ද මෙම සාකච්ඡාවේදි පවසා ඇති බව වාර්තා වේ.

සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් අති විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණෙන බවට ප්‍රචාරයක් ගෙන ගියද පසුගිය වර්ෂයන්ට හා මාස වලට සාපේක්ෂව විදෙස්ගත ශ්‍රි ලාංකිකයන්ගේ පැමිණේමේ කිසිදු වැඩි වීමක් දක්නට නොලැබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන දත්ත සඳහන් කරනවා.

2019 නොවැම්බර් මාසයේ ගතවූ පළමු දින 11 දි මෙරටට පැමිණි විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් සංඛ්‍යාව 39,553 කි. පසුගිය වර්ෂයේ නොවැම්බර් මාසයේ පළමු දින 11 දි මෙරටට පැමිණි විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් සංඛ්‍යාව 38 325 කි.

2019 නොවැම්බර් මස ලංකාවට පැමිණි විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් අතරින් 809 දෙනෙකු ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් වන අතර එය 23018 වසරේ නොවැම්බර් මාසය හා සංසන්දනය කිරීමේ දි පෙනි යන්නේ 2018 නොවැම්බර් මස මුල් දින 11 තුළ ද්විත්ව පුරවැසියන් 723 දෙනෙකු ලංකාවට පැමිණ ඇති බවයි.

මෙම සංඛ්‍යා ලේඛන සැසදීමෙදි පෙනි යන්නේ පොහොට්ටු පාර්ශවය පෙන්වන තරම් විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් පිරිසක් ලංකාව පැමිණ නොමැති බවත් සමාන්‍යයෙන් මෙම කාලයේදි ලංකාවට පැමිණෙන ප්‍රමාණයම වාගේ පැමිණ ඇති බවත් ය.

ඒ අනුව විදෙස්ගත ශ්‍රි ලාංකියකයන් මෙරටට ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය දැමීමට පැමිණෙන වා යන්න රාජපක්ෂ කල්ලියේ තවත් සෙප්පඩ විජ්ජාව ක් බව පැහැදිළිය. ඒ තුලින් ඔවුන් උත්සහදැරුවේ ගෝඨා ට නැති ජනමතයක් ඇති බව පෙන්වීමට උත්සහ දැරීමකි.

මුල සිටම බොරුවෙන් රජ වීමට උත්සහ කළ ගෝඨා ලංකාවට පැමිණෙන මෙම පිරිස වූවද ඔහුටම ඡන්දය දමනවා යන්න විශ්වාස කොට පවසන්නේ කුමන අර්ථයෙන් දැයි විමසා සිටිය යුතුය. ඇත්ත යථාර්ථය වටහා ගන්නා ජනතාව තවදුරටත් මෙම බොරු වලින් ඇන්දිය නොහැකි බව සියලු පොහොට්ටුකාරයෝ වටහා ගත යුතුය.

අමෙරිකානු ජාතිකයන් ඡන්දය දැමිමට අයිතිය නොහැකි වුවත් සිය දරු පවුල හෝ ලංකාවට පැමිණියා දැයි අපි ගෝඨාගෙන විමසමු. රාජ්‍ය පාලනය කළ දස වසර තුළ විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් අල්පමාත්‍රයකවත් දෙයක් නොකළ රාජපක්ෂවරුන්ට මෙම මැතිවරණයේදි විදේශගත ශ්‍රි ලාංකිකයන් මතක් වූයේ ලංකාවේ දේශසීමවා තුළ ඇන්දිය හැකි හ අදින පිරිස අවසන් වූ පසුව බව අපි කැට තබා ප්‍රකාශ කරමු. එසේ නොවන්න්ට රට සල්ලි ලංකාව වෙනුවෙන් උපයන පිරිස ගැන ඔවුන්ට ඇති කැකුමක්නැත .

එසේ නම් අවසාන වශයෙන් කිව හැක්කේ දැන්වත් මේ බොරුව නතර කරන්න. නොඑසේනම් සිදු වන්නේ ඉතිරි පැය කිහිපය තුළ තවත් ඡන්ද ප්‍රමාණයක් අහිමි වීම පමණි. ගෝඨාභය රාජපක්ෂ තීරණය ඔබ සතුය.

Published on – Nov 14, 2019 2019 ජනාධිපතිවරණයට ඇත්තේ තවත් පැය 48 කට වඩා අඩු කාලයකි. මේ වන විට සියලු අපේක්ෂකයන් සිය ප්‍රචාරණය අවසන් කොටතිබෙනවා.

නමුත් ජනපති සටන ආරම්භයේ තිබු ප්‍රසාදය හෝ මේ වන විට රැක ගැනීමට අපොහොසත් වී ඇති පොහොට්ටුව මේ වන විට වෙනත් විවිධ ක්‍රියා මාර්ග වලින් සිය මැතිවරණ ව්‍යාපාරය ඉතා කූඨ ලෙස මෙහෙයවන බවත් අපි අනාවරනයකළා.

මේ  අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (13) පවත්වනු ලැබූවා එහිදි ඔහු සඳහන් කළේ මැතිවරණය පරාද වීමෙන් පසු තමන් අමෙරිකාව බලා පිටත් වෙන බවයි.

කෙසේවෙතත් ඒ සඳහා අධිකරණයේ අවසරය අවශ්‍ය බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ තමා තවමත් අමෙරිකානු පුරවැසියෙක් බව ප්‍රකාශකළා . මෙහිදි මාධ්‍යවේදීන් විමසා සිටියේ දේශප්‍රේමය, විදේශ බලවේග වලට යට නොවීම, ආදි වූ දේ නිතර කතා කරන පක්ෂයක අපේක්ෂකයා ද  මැතිවරණය මෙහෙයවන්නා ද අමෙරිකානු පුරවැසියන් වීම කෙබදු තත්ත්වයක් ද යන්නයි.

එයට පිළිතුරු ලබා දෙමින් බැසිල් රාජපක්ෂ සඳහන් කළේ සියලුම රටවල් අතර සුහදතාව පවත්වා ගෙන යාමට තම රජය බලාපොරොත්තු වන බැවින් එලෙස ද්විත්ව පුරවැසි බව පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වන බවයි.

මැතිවරණ සටන ආරම්භයේදීම මාධ්‍ය වෙත පැමිණ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ස්ථිර වශයෙන්ම ලක්ෂ 50 ක ඡන්ද ඇති බව පවසමින් මැතිවරණයේදි 65% ප්‍රතිශතයක් සහිතව මැතිවරණය ජයග්‍රහණය කරන බවට පාරම් බෑ බැසිල් රාජපක්ෂ මේ වන විට සැබෑ ජනමතය ඇත්තේ පොහොට්ටුව සමග නොවන බව තහවුරු කොට ගෙන ඇත.

සියළු සමීක්ෂණ හා බුද්ධි අංශ වාර්තා පවා සජිත් ප්‍රේමදාස ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේදි නෙළුම් මාවතේ සිය ව්‍යාජ සමීක්ෂණ වාර්තා පවා සකස් කිරීමට බැසිල් කටයුතු කළේ තමා ඇතුළු තම අයියලා මල්ලිලා, පුතාලා දුවලා විසින් ජනතා මුදල් මංකොල්ල කමින් සිදු කල දූෂණ වංචා වලින් බේරීමට නම් අනිවාර්යයෙන්ම මෙම මැතිවරණ ජයග්‍රහණය කළ යුතු බව දන්නා බැවිනි.

ඒ වුවද සියළු සැළසුම් රුයිතෙට ගොස් ප්‍රජාතන්ත්‍රවාදය අන් සියළු දේට වඩා බලවත් බව තහවුරු වෙද්දි කෙසේ හෝ රටින් පිටව යාම හැරෙන්නට වෙනත් විකල්පයක් තමා සතු නොවන බව බැසිල් අවබෝධ කොට ගෙන ඇති බව නම් තහවුරුය.

ඒ අනුව මේ වන විට අමෙරිකාව බලා යාම සඳහා අවසර ඉල්ලුම් කරමින් මෝසමක් පවා ගොනු කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

Published on – Nov 14, 2019 ඊයේ හදිස්සියේම නාග ලෝකයේ සිට කැලණියට ධාතුන් වහන්සේලා වැඩම කිරීම ගැන අපි කරුණු සඳහන් කරමින් සිදු කළ අනාවරණය සියයට සීයක්ම සත්‍ය බව තහවුරු වී ඇත.

ජනාධිපතිවරණයේ නිහඬ මැතිවරණ කාලය ආරම්භ 1වීමට පැය ගණනාවක් තිබියදි කැළණිය රජමහා විහාරයේ විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් මේ සිදු කරන්නේ දේශපාලන ගේමක් බවත් ඉදිරි පැය 48 තුළ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ආගම විකිණීමේ ප්‍රයත්නයක් බවත් අප සඳහන් කළා.

අපගේ මතය සනාථ කරමින් අද උදෑසන කැළණිය විහාරයේ දොරකඩ අසල ආගමේ නාමයෙන් දේශපාලන කරන ආකාරය පෙන්වන වීඩියෝවක් පහතින්,

https://www.facebook.com/1593070591005522/posts/2359311227714784/

රට රකින්න පොහොට්ටුවට ඡන්දය දෙන්න කියා නොකියා කියමින් නෙළුම් පොහොට්ටුවක් දික් කරමින් උන්වහන්සේ ඒ කරන්නේ බුදුදහමට විග්‍රහයක් බව අපි ලැජ්ජා නැතුව කියා සිටිමු.

කොහොමත් රාජපක්ෂලා යනු තමන්ගේ බලය වෙනුවෙන් ආගම රට කුණු කොල්ලයට විකුණන හිරිකිතයක් ලැජ්ජාවක් ගෑවී හෝ නොමැති පිරිසක් බව තව තවත් මේ හරහා සහතික වී ඇත.

බලය තිබෙන කාලයේ අමු අමුවේ සිදු කළ මිනි මැරීම වලට අමතරව ජනාධිපතිවරණයට පිවිසීමට පාර කපා ගැනීමට තම දෙවියන් ඉදිරියේ වදිමින් සිටි අහිංසක මිනිස්සුන් අමු අමුවේ මාරා දැමූ, වසර ගණානක් පුරා එම ඝාතනයක් වෙනුවෙන් පිබුරු පත් සැකසූ ගෝඨාභය වෙනුවෙන් මේ ලෝකයේ කිසිම ධර්මයක්  උදව් නොවනු ඇත. එසේ වන්නේ නම් බුදු දහමේ පන්සිල් පද වන පළමු සිල් පදයම බොරු වනු ඇත.

අනෙක් අතට හිස්බුල්ල්ලා, වරදරාජා, පිල්ලෙයාන්, වැනි රට බෙදන පිරිස සමඟ එකට ගත් ගෝඨා රට වෙනුවෙන් ඉදිරිපත් වන්නේ කෙසේ දැයි අපි මේ චීවරධාරි උන්නාන්සේග්න් විමසිය යුතුමය.

මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු වේදැයි නොදනිමු. අවධානය යොමු වූව ද ඔහ්යි මේ වෙනුවෙන් කිසිදු පියවරක් නොගන්නා බව සහතිකය. මන්ද යත් මැතිවරණ කොමසාරිස්වරයාටද මහින්දලා, ගෝඨාලා වගේ ලැජ්ජාවක් නොමැති බැවිනි.

කෙසේවෙතත් ජනතාවගේ බුද්ධලම්භන ශ්‍රද්ධාව මෙලෙස විකුණා කමින් මේ කරන තිරස්චීන ක්‍රියාවට මැතිවරණ කොමසාරිස් කෙසේ වෙතත් ස්වභාවධර්මය පිළියමක් යොදනු ඇත. එනම් බුදුන් වැඩිය බිමේ ඉදගෙන සුවහසක් ජනතාවගේ සැනසීම අහිමි කළ, තවත් පිරිසකට ජීවිතය අහිමි කළ, අත් පා අහිමි කළ, දෙමාපියන්ට දරුවන්, දරුවන්ට දෙමාපියන් අහිමි කළ මිනිමරුවෙකුට ආවැඩිමට දේව සාපය ලබා දෙමිනි.

දිට්ඨදම්මවේදනීය කර්මය පඩිසන් දී, දේව සාපය ලැබෙන විට තව සියල්ලටම මේ පව් වලට වන්දි ගෙවීමට සිදු වනු ඇත.  එය 17 වෙනිදා සවස්වරුව වියහැකිය . එදිනට කර්මය ප්‍රමාද වී හෝ පලදෙන බව රාජපක්ෂලා මෙන්ම රට වෙනුවෙන් කියා කිබුල් කඳුළු හෙලන කාට කාටත් ප්‍රත්‍යක්ෂ වනුඇත .

Published on – Nov 13, 2019 ගෝඨා තවමත් අමෙරිකන් පුරවැසියෙක් ද නැද්ද? මේ දිනවල ලංකාවේ බහුතරයක් විසින් කෙස් පැලෙන ඉදිරිපත් කරන තර්කයකි. ගෝඨා ට සහය දක්වන බයියන්ට අනුව ගෝඨාභය රාජපක්ෂ 2019 අප්‍රේල් මස 17 වෙනි දින සිටම අමෙරිකානු පුරවැසියෙක් නොවේ.

මේ මතය සනාථ කිරීමට ගෝඨාභය රාජපක්ෂගේ නිත්‍ය නීති උපදේශක, නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස විවිධ ලියවිලි හා ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් මාධ්‍ය සාකච්ඡා වලදි ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසියෙක් නොවේ යන්නට පරසක්වල ගැහුවද මේ වන විට ඒ සියලු ප්‍රයත්නයන් ගඟට කැපු ඉනි බවට පත් වි අවසන් ය.

ගෝඨාගේ වන්දිභට්ට නාලිකාවක් විසින් අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකාවක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදි ගෝඨා විසින් ඉදිරිපත් කරන සියළු තර්කයන් පරදා ගෝඨා තවමත් අමෙරිකානුවෙක් යන්න සාධක සහිතව පිළිගෙන ඇත.

එම වීඩියෝව පහතින්,

එම සාකච්ඡා ව අනුව යම් පුද්ගලයෙකුගේ පුරවැසිභාවය ඉවත් කිරීමේ මූලික කටයුතු සිදු කරන්නේ අමෙරිකානු තානාපති කාර්යාලය වන අතර පුරවැසිකම ඉවත් කර ගැනීමට ඉල්ලුම් පත්‍රය ලබා දීමෙන් අනතුරුව කරුණු සලකා බලා පුරවැසිභාවය අහෝසි කිරීමේ සහතිකය ලබා දෙනු ලැබේ. එය යම් තාවකාලික ලියවීල්ලක් වන අතර එයින් පසු පුරවැසිභාවය අත හැරීමේ ක්‍රියාවලිය රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් පරිභාහිර ආදයම් දෙපාර්තමේන්තුව වෙත යොමු වන අතර එහිදි අවශ්‍ය කරුණු සම්පූර්ණ වන්නේ නම් පමණක් පුරවැසිබව ඉවත් කිරීමේ ලේඛනය ට නම ඇතුලත් කරනු ලබයි. ඉල්ලුම් පත්‍රය භාර දීමේ සිට නම ලැයිස්තුවට ඇතුලත් වීම යන සියල්ල සම්පූර්ණ වූ විට පමණක් පුද්ගලයෙකුගේ පුරවැසි බව අහෝසි වේ.

එම ප්‍රකාශිකාවට අනුව මෙය වෙනස් නිලධාරින් පන්ති දෙකක් මෙහෙයවන බැවින් මාස කිහිපයක කාලයක් ගත වේ.

ඒ අනුව ගෝඨාගේ පුරවැසිබව අහෝසි වී ඇති බවට අලි සබ්‍රිලා පෙන්වන ලියව්ල්ල සත්‍ය ලියවීල්ලක් නම් දැනට ගෝඨාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය තිබෙන්නේ අමෙරිකානු අභ්‍යන්තර ආදායම් දෙපාර්තමේන්තුව යටතේ ය.

ඒ අනුව ගෝඨාභය තවමත් අමෙරිකානු පුරවැසියෙකි.

ඉල්ලුම් පත්‍රය දුන් සැනින් ඊලඟ කාර්තුවේ ලැයිස්තුවේ ගෝඨාගේ නම සඳහන් වේ යැයි ගම්මන්පිල ලා පොර ටෝක් දුන්නේ අමෙරිකාවේ නිලධාරින් ද ගතමනාවට ෆයිල් උඩින් යවනු ඇතැයි විශ්වාසයෙන් ද නොඑසේනම් නොදන්නා කම නිසාද යන්න නොදනිමු. නමුත් අමෙරිකාවේ නිලධාරින් යනු ඩොනල්ඩ් ට්‍රම්ප් ටද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන පිරිසක් බව දනිමු.

එබැවින් ගෝඨාගේ නම් අභ්‍යන්තර ආදයම් දෙපාර්තමේන්තුවේ සියලු පරීක්ෂණ වලින් සමත් වී ෆෙඩරල් රෙජිස්ට්‍රයේ නම් ඇතුලත් වන තුරු ඉවසිය යුතු බවත් ඒ වෙනතෙක් ගෝඨා අමෙරිකානු පුරවැසියෙක් බවත් අවධාරණය කරමු.

මේ සුද්ධ සිංහල නොතේරෙන යම් කෙනෙකු ඇත්නම් මීටත් වඩා සවිත්තරාතමක ලෙස traval.state.gov   වෙබ් අඩවියේ තොරතුරු ඇති බවද මතක් කරමු.

රාජ්‍ය නාලිකාවක් හෝ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිවාදි අපේක්ෂකයාට සහය දක්වන නාලිකාවක් විසින් හෝ කළ යුතු මෙවැනි වැඩසටහනක් ගෝඨාවාදි දෙරණේ විකාශය වීම ගැන මුලින්ම ඇති වු කුතුහලය ඔස්සේ අප පෙනිගියේ දෙරණේ අධිපති දිලිත් ජනාධිපතිවරණය පේන මානයේ ක්‍රමයෙන්  සිය වර්ණය වෙනස් කරමින් සිටින බවයි.

දේශපාලන හා ආර්ථික වාසි වෙනුවෙන් මාධ්‍ය කරන දිලිත් ලා ගෝඨාවාදි වහල්ලුන්ගෙන් වෙනස් වන්නේ ප්‍රතිලාභයක් නොමැතිව එක තත්පරයක හෝ ගුවන් කාලයක් වෙන් කිරීමට අකමැති වීම හරහාය. පසුගිය දවස් කිහිපයේම ගෝඨා සමඟ ජන රැලි කිහිපයකට සහභාගි වූ දිල්ත් වටහා ගත් යථාර්ථය වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ සැබෑ ජන මතය බිඳ වැටෙමින් පවතින බවත් සත්‍යවශයෙන්ම සජිත් අභිබවා යාමට ගෝඨාභය ට නොහැකි බවත්ය .

එසේම අමෙරිකානු පුරවැසිබව පවා ඉවත් වී නොමැති අවස්ථාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස තේරි පත් නොවන බවත් තේරි පත් වූවද වැඩිකල් ජනාධිපති නොවන බවත් අවබෝධ කරගත් දිලිත් තම අනාගත සුභසිද්ධිය උදෙසා අන්තවාදි දෙරණ මැද මාවතට පසුගිය දින කිහිපයේ ගෙන ආ අතරම සජිත් ප්‍රේමදාස වෙත සම ගුවන් කාලයක් ලබා දීමටද කටයුතු කරනු ලැබිය.

ඒ අනුව දෙරණ මේ කළ සාකච්ඡාව ගෝඨාට දැඩි අවාසියක් ගෙන ආ අතරම දිලිත් ගේ මේ සටකපට ගේම සමඟ ඉංග්‍රිසි තේරෙන, හා කියවිය හැකි සියලු මධ්‍යම පාන්තික ඡන්ද ප්‍රමාණය ගෝඨාට අහිමි කර ඇත.

 

 

Published on – Nov 13, 2019 අතුරුලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ වෙත සහය පල කිරීමෙන් ඉවත් වන බව සඳහන් ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වෙමින් පවතිනවා.

අදාළ ලිපිය සම්බන්ධයෙන් රතන හිමියන්ගෙන් විමසු විට උන්වහන්සේ එවන් ලිපියක් ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු නොකළ බව සඳහන් කළ අතර එම ලිපිය ව්‍යාජ ලිපියක් බවත් සඳහන් කළා.

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ට පිං සිදු වන්නට සිංහල බෞද්ධ ජනතා වරමින් පාර්ලිමේන්තුවට පැමිණියද ස්ථීර දේශපාලන ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් රතන හිමියන්ට අතන මෙතන රතන යන නාමය පවා පට බැදෙන්නේ දේශපාලන වාසිය වෙනුවෙන් ඉවක් බවක් නොමැතිව පිල් මාරුව නිසා බව මේ රටේ හය හතර නොතේරෙන ලදරුවා පවා දන්නා කරුණකි.

ඒ අනුව රතන හිමියන් විසින් සකස් කොට යවන ලද බවට සැලකෙන මෙම ලිපිය තනිකරම පොහොට්ටුවේ දේශපාලන කුමන්ත්‍රණයක් බව මේ වන විට අප දේශපාලන වාර්තාකරු අනාවරණය කොට ගෙන ඇත.

රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ වෙත අහය පල කිරීමට පැමිණියද උන්වහන්සේගේ ඡන්දය හැරෙන්න වෙනත් එකදු ඡන්දයක් හෝ පොහොට්ටුවට දැමවීමේ හැකියාවක් රතන හිමියන්ට නොමැති බවද රතන හිමියන්ගේ ක්‍රියා කලාපය විශේෂයෙන්ම රෝයල් පාක් සිදුවීමේ වරදකරුට ජනාධිපති සමාව ලබා ගැනීමට කටයුතු කිරීම වැනි නිසා හේතු නිසා පොහොට්ටුවට ලැබෙන ඡන්ද ප්‍රමාණයද නැති වන බව පවසා පොහොට්ටුව අභ්‍යන්තරයෙන් විරෝධයක් රතන හිමියන්ට එල්ල වී තිබෙනවා.

මේ අතර ප්‍රබල පොහොට්ටු සමාජිකය කිහිපදෙනෙක් හා මන්ත්‍රිවරුන් පිරිසක් නැවතත් පොහොට්ටුවේ කීර්තිනාමයට හානි නොකොට පොහොට්ටුවෙන් ඉවත් වන ලෙස රතන හිමියන්ට බලපෑම් කොට තිබෙනවා.

රතන හිමියන් මේ පිළිබඳව කිහිප වතාවක් බැසිල් රාජපක්ෂ වෙත දන්වා සිටියද ඔහුගේ ප්‍රතිචාරයද ඇල් මැරුණු ස්වාභාවයක් ගෙන ඇති අතර පසුගිය දවස් ටිකේම වදින්න ගිය දේවලේ ඉහේ කඩා වැටුනෙකු සේ උන්වහන්සේ කල් ගෙවා තිබෙනවා.

රතන හිමියන්ගේ මෙම ලිපිය බත්තරමුල්ල නෙළුම්මාවතේ පොහොට්ටු කාර්යාලයේදි සම්පූර්ණයෙන් ම සකස් කොට තිබෙන බව අප වාර්තාකරු අනාවරණය කොට ගෙන ඇති අතර දුම්මල් ගසා හෝ යන්නේ නැති රතන හිමියන් බලෙන්හෝ යැවීම එහි අරමුණ වී තිබෙනවා.

මීට පෙර රතන හිමියන් විසින් පොහොට්ටු කාර්යාලය වෙත ලබා දුන් ලෙටර් හෙඩ් හා නිල මුද්‍රාව යොදා මෙම ලිපිය සකස් කොට ඇති අතර මේ සඳහා බැසිල් රාජපක්ෂගේ පූර්න අනුමැතිය හිමි ව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව මේ වන රතන හිමියන්ට අල්ලපු අත්තද, පහ ගහ්පු අත්තද යන ද්විත්වයම අහෝසි වී ඇති අතර දේශපාලන අනාථ වූවෙකුගේ තත්ත්වය පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

රතන හිමියන් විසින් ගෝඨාභය රාජපක්ෂ වෙත යවනු ලැබු බව කියන ලිපිය,

Published on – Nov 13, 2019 සියළු මැතිවරණ නීති හා ජනාධිපතිවරණ උල්ලංඝනය කරමින් ගෝඨාභය රාජපක්ෂ පිල සිය ජනාධිපති සටනේ අවසන් අදියර ක්‍රියාත්මක කරමින් පවතිනවා.

දකුණේ ජනතාවට එකක් කියමින්, උතුරේ ජනතාවට තව එකක් කියමින්, නැගෙනහිර ජනතාවට වෙනස් ම දෙයක් කියමින් මුල සිටම දෙපිටි කාට්ටු මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කල්ලිය මේ වන විට ජනාධිපති අපේක්ෂකයන් ලවා ම ඡන්ද ඩහැගැනීමේ ක්‍රියාමාර්ග ආරම්භ කොට තිබෙනවා.

ඒ අනුව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා හා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා පවා දී ඇති හිස්බුල්ලා ගෝඨාභය රාජපක්ෂ වෙත ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටින ආකාරය ඇතුලත් විඩියෝ පටයක් අප වෙත ලැබී තිබෙනවා.

දෙමළ භාෂවෙන් ඇති මෙම විඩියෝ පටය තුළ අන්තර්ගත වන්නේ පළමු මනාපය ඔටුවා ලකුණ වෙත ලබා දී දෙවන මනාපය ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දෙන ලෙසය.

හැමවිටම අධෝමුඛයෙන් කතා කරන, ජාතින් අතර අසමගිය වර්ධනය කොට මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයක් නිර්මාණය කිරීමට උත්සහ කරන විමල් වීරවංශලාට, ගම්මන්පිලලාට මෙම ඡන්ද කැප දැයි විමසීමට හිතෙන්නේ තවමත් පාස්කු ප්‍රහාරයේ චෝදනා ව මෙම ආණ්ඩුව වෙත යොමු කරන ඔවුන් නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලයක් ගෙන ආ හිස්බුල්ලා හුරතල් කරනා ආකාරය දැකීමෙනි.

පොහොට්ටු කල්ලිය කෙතරම් සුදු හුණු ගෑමට උත්සහ කළද පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ බව මේ වන සාක්ෂි සහිතව ඔප්පු වී අවසන් අතර ගෝඨාභය රාජපක්ෂ සහරාන්ව පෝෂණය කළේ හිස්බුල්ලා හරහාය .

හිස්බුල්ලා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ජාතිවාදියෙකි. කාන්තන්කුඩි ප්‍රදේශයේ වෙනම අන්තවාදි මුස්ලිම් ප්‍රජාවක් නිර්මාණය කරන්නේ හිස්බුල්ලා ය. සහරාන් ආ නිර්මාණය කොට රටේ ජාතිවාදී ගිනි අවුලන්නට උඩ ගෙඩි දෙන්නේ හිස්බුල්ලා ය. මඩකලපුවේ ශරියා විශ්ව විද්‍යාලයට එරෙහිව රටේ ම විරෝධතා ගොඩ නැගෙද්දි විශ්ව විද්‍යාලය කිසි දින වසා නොදමන බවත් පුළුවන් දෙයක් කරන්න යනුවෙනුත් වහසි බස් දොඩන්නේ හිස්බුල්ලාය . ගෝඨා රෙදි නැතුව නිදි වදින්නේ මෙවන් අන්තවාදියෙකු සමඟය.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් හිස්බුල්ලා වැනි අන්තවාදීන් සමඟ අත්සන් කොට ඇති ගිවිසුම් රටේ ජනතාවට දැන ගත හැකි පරිදි ඉදිරිපත් කරන ලෙස මහින්ද රාජපක්ෂට අභියෝග කළද විලි සංගයක් නැතුව මුනිවත රකින රාජපක්ෂලා විමල් වීරවංශලා, ගම්මන්පිලලා,මධුමාධව අරවීන්දලා වැනි රිලා පනික්කියන් හරහා පොහොට්ටු වහලුන් නොනවත්වා අන්දමින් සිටි.

 

Published on: Nov 13, 2019 – ග්‍රාම සේවා වසම් 14000කට අධික ප්‍රදේශ ආවරණය කරමින් සියලුම ඡන්ද පොළ මධ්‍යස්ථාන නියෝජනය කරමින් සතියක කාලයක් කරන ලද සමීක්ෂණයක සමස්ථ ප්‍රථිපලය මේ වනවිට එළිදක්වා තිබේ.ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සියයට 50ක් ඉක්මවා යනවිටදි ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා ගැනිමට හැකියාව ලැබෙනුයේ සියයට 43ක් පමණී.

ඒ අනුව සියලුම දෙස්/විදේස් බුද්ධි  අංශ තහවුරු කල පරිදිම 16 වැනිදා ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා සියයට 51 කට ආසන්න ඡන්ද සංඛාවක් ලබාගනිමින් ජයගනු ඇත.

Published on – Nov 13, 2019  කැළණිය රජමහා විහාරයට බුදුන් සමයේ සිට පවතින්නේ නාග ගෝත්‍රික සම්බන්ධයකි. ලංකාවට තෙවරක් වැඩම කළ බුදුන් වහන්සේ අවසන් වරට ලංකාවට වැඩම කරන්නේ ද කැළණිය ප්‍රදේශයේ පාලක මනිඅඛ්කිත  නාරජුගේ ආරාධනාවක් ලෙස බව බෞද්ධ සාහිත්‍ය උගන්වයි.

කැළණි විහාරය අසලින් ගලා බසිනා කැළණි ගංගාවේ විහාරය අසල එක් ස්ථානයක් නාග ලෝකය හා සම්බන්ධ බවද එතැනින් නාග ලෝකය වෙත ප්‍රවිශ්ඨ විය හැකි බවද නාගයන් විසින් වන්දනා කරනු ලබන ශ්‍රි පතුලක් එම ස්ථානයේ පිහිටා ඇති බවටද ජනප්‍රවාද පවති.

එම සියලු අතිතාවර්ජන නැවත නැවතත් මතකයට ගෙන එමින් කැලණි ගං ඉවුරෙන් ධාතුන් වහන්සේලා මතු වූ බව අසන්නට දකින්නට ලැබුණු අතර ඒ හා සම්බන්ධ ඡායාරූප ප්‍රමාණයක් ද අප වෙත ලැබී පවතිනවා.

ධාතුන් වහන්සේලා ප්‍රාදුර්භූත වීම හෝ ආගමික කාරණා සම්බන්ධයෙන් අප වෙත සැකයක්, විවේචනයක් නොතිබුණද ලංකාවේ සුවහසක් බෞද්ධ ජනතාවගේ අහිංසක ශ්‍රද්ධාව සමඟ දේශපාලන ගේම් ගැසීම අනුමත නොකරමු.

මෙම දේශපාලන නාඩගම පිටුපස සිටිනා හස්තය කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ය. සංඝරක්ඛිත හිමියන් බුද්ධ චීවරය දරාගෙන දේපල තන්හාවෙන් ක්‍රියා කරනා ආකාරය පිළිබඳව අප මීට පෙරද අනාවරණය කොට ඇත්තෙමු. විශේෂයෙන්ම කැලණිය රජමහා විහාරයට අයත් ඉඩකඩම් මෙන්ම පැරණි ඩි. බි විජේතිලක වලව්වද සිය පෞද්ගලික දේපලක් ලෙස පරිහරණය කිරීමේ ආශාවකින් පෙළෙන සංඝරක්ඛිත හිමියන දායක සභාව පවා වෙනස් කරමින් රජමහා විහාරයේ පරිපාලනය වෙනස් කිරීමට කටයුතු කළ යුතුය.

සිය දේපල තන්හාව මුදුන්පත් කර ගැනීමට අවශ්‍ය දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් සංඝරක්ඛිත හිමියන් නොකරන දෙයක් නැත. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවාදින්ට උපරිම සහය ලබා දෙමින් ඔවුන් රජ කරන්නට සංඝරක්ඛිත හිමියන් දත කන්නේ රාජපක්ෂලා රජ වූ පසු ඒ මීයෙන් ම පැණි ලබා ගැනීමටය.

නාමයෝජනා බාර දීමෙන් පසු කෙලින්ම කැලණිය රජමහා විහාරයට ගොස් ආශිර්වාද පුජාව සිදු කිරීමට ගෝඨාභය කටයුතු කරන්නේ ද, මහින්ද රාජපක්ෂ කැස්සටටත් කැළණි දුවන්නේ ඒ දේශපාලන භාවිතයේම කොටසක් ලෙසය.

පෙර දා කැලණි ගංගාවෙන් මතු වන ධාතුන් වහන්සේලා සංඝරක්ඛිත හිමියන් යොදා ගන්නේ මෙම රාජපක්ෂ රාජාභිෂේකයේම කොටසක් ලෙස වීම ඛේදනීය තත්ත්වයයි. මෙම ධාතුන් වහන්සේලා හමුව වන උදාර මදුෂංක නම් තරුණයා මෙම ධාතුන් වහන්සේලා නාග ලෝකයෙන් වැඩි බව සඳහන් කරමින් නාග ලෝකය හා මනුෂ්‍ය ලෝකය සම්බන්ධීකරණය කරන පුද්ගලයා ලෙස මෙහිදි නාට්‍යමය කොටසක් ඉටු කිරීම මෙහි ඇති හාස්‍යජනක කොටසයි.

විශේෂයෙන්ම සංඝරක්ඛිත හිමියන් මෙම ධාතුන් ප්‍රාදුර්භූත වීම හරහා ජනාධිපතිවරණයේ ඉදිරි දින දෙක තුළ රාජපක්ෂ කල්ලියේ මැතිවරණ ප්‍රචාරණය බුද්ධාලම්බන ප්‍රිතියෙන් යුතුව කැළණි විහාරයේ සිදු කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් කොට ඇත. එහි ප්‍රථම පියවර ලෙස මෙවැනි ධාතුන් වහන්සේලා පහළ වන්නේ රටට අලුත් රජෙක් පහළ වීමේ පෙර නිමිති දක්වමින් බවට ගෙන යන ප්‍රචාරය පෙන්වියහැකිය . එසේ තිබියදි අලුත් ධාතුන්වහන්සේලා වන්දනා කිරීමට පැමිණෙන, දැනටමත් පැමිණ ඇති සැදැහැවතුන්ට රාජපක්ෂලා රජ කළ යුතු බවට පවසමින් බෞද්ධාගම දේශපාලනීකරණය කිරීම හෙලා දකිමු.

මේ ආකාරයෙන් රාජපක්ෂ කල්ලිය සිය ජයග්‍රහණය වෙනුවෙන් රටට අමතරව ආගමද විකුණාකමින් සිටින අතර ඉදිරි 14, 15 දෙදින පුරා අහිංසක බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාව භක්තිය උකස් කිරීමේ වැඩ පිළිවෙත් රාශියක් සංවිධානය කොට ඇත. ඒ සියළු විස්තර අනාවරණය කිරීමට අප සූදානමින්.

http://lankanewsnetwork.org/archives/21472

Published on: Nov 12, 2019 – පරාජය පෙනෙන මානයේ ජනතාවගේ අනුකම්පා ඡන්ද ලබා ගැනීමේ තිර නාටකයක් මේ වන විට රචනා වන බව වාර්තා වෙනවා.

මහින්දගේ අලුත්ම නරිනාටකයේ පිටපත් අද් ඔහුගේ ළගින්ම සිටිනා පෞද්ගලික සේවකයෙකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු විසින් අප දේශපාලන වාර්තාකරු හා අනාවරණය කර තිබෙනවා.

එම තිරපිටපත් අනුව ඒ ඒ බනිස් වලට ලබා දිය යුතු කෙසෙල් ගෙඩියේ වර්ගය හා ප්‍රමාණය හොඳින්ම හදුනන මහින්ද පරාජයේ විලි ලැජ්ජාවෙන් ගැලවීමට මෙම රචනා කොට තිබෙනවා. මෙම නාටකය හරහා ලබා ගන්න අනුකම්පා ඡන්ද හරහා ජයග්‍රහණය කළ නොහැකි බව දැන දැනත් මහින්ද පිලේ මේ අහිංසක උත්සහය ගෞරවය තියා ගෙන අඩු ගනනින් පරාජය විමට බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අප දේශපාලන වාර්තාකරු හා පවසා ඇත්තේ.

ඒ අනුව මහින්දගේ තිර පිටපත් අනුව හෙට එනම් 13 වෙනිදා මැතිවරණ ප්‍රචාරණයේ අවසන් දිනයේදි පවත්වනු ලබන ජන රැලියේදි මහින්ද රාජපක්ෂට හදිසි හෘදයාබාධයක් වැලදෙන අසාධ්‍ය තත්ත්වයට පත්වන මහින්ද රාජපක්ෂ කොළඹ ආසිරි රෝහල වෙත ගෙන යනු ලබනවා. තිර පිටපතේ කලා අධ්‍යක්ෂණය හරියටම කියවා ඇති මහින්ද ලාගේ කලු සල්ලි සුදු කරන ආසිරි රෝහලේ හිමිකරු  මේ වන විට සිය රෝහලේ අධි සුඛෝපභෝගිම රෝහල් කාමර අංගනය මහින්ද වෙනුවෙන් මේ වන විටත් සූදානම් කොට ඇති බවයි වාර්තා වන්නේ.

මහින්ද රෝහල් ගත කිරීමත් සමඟ තිර පිටපතේ දෙවන අර්ධය රඟ දැක්වෙන අතර රට දැය බේරා ගත් දැයේ අප්පච්චිට සෙත් පතා දිවයින පුරා පන්සල් වල ආශිර්වාද බෝධි පූජා පිංකම් සංවිධානය කරන අතර කොළඹ හොරණ පාර අද්දරක පිරිවෙණක අධිපති මහාචාර්ය හිමිනමක් විසින් එම සියළු බෝධි පූජා පැවැත්වීමට රාජපක්ෂවරුන්ට හිතවාදි ස්වාමින්වහන්සේලා වෙත බෙදා දී ඇති බවද වාර්තා වේ.(අදාල හිමිනම සිය නායක හාමුදුරුවන් ලිදට තල්ලුකර ඝාතනය කර පන්සලේ නායකත්වයට පත්වු අයෙක්)

මෙම් බෝධි පූජා පිංකම් අතර තුරදි 14, 15 දෙදින තුළ කටේ දිවේ නොගෑවී හීනියට ඡන්ද ප්‍රචාරණය සිදු කොට ගෝඨාභය රාජපක්ෂ වෙත අනුකම්පා ඡන්දය ලබා ගැනීමට යි සැළසුම් සකස් කොට ඇත්තේ.

මහින්ද රාජපක්ෂ පිළ මෙසේ සිය පිඹුරු පත් සකස් කළ ද වියත්මග ප්‍රමුඛ ගෝඨාභය රාජපක්ෂ පිලේ අනුකම්පාව ලබා ගැනීමේ සැලැස්ම අනුව මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන්ම සදහටම අංශභාග රෝගියෙකු විය යුතු බවත් අනාවරණය වෙනවා.

මහින්දගේ සදාකාලික අංශභාග තත්ත්වය ගෝඨාභය රාජපක්ෂ ට ජනාධිපති වීමට මග සලසන බවට ගණන් බලා ඇති වියත්මග වියත්තු හෙට පපුව අමාරුව හැදෙන මහින්දට සදහටම ඇදේ තබන්නට අවශ්‍ය ඖෂධය මේ වන විට වියත්මගේ  වෛද්‍යවරයෙකු හරහා ලංකාවට ගෙනවිත් ඇති බවත් වාර්තා වෙනවා.

Published on: Nov 12, 2019 – රෝයල් පාක් ඝාතකයා ලෙස ප්‍රසිද්ධ වූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ වෙත ජනාධිපති පොදු සමාවා හිමි වීම මේ වන විට සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම වැරදිකරු වෙත ජනාධිපති සමාව ලබා දීමට පදනම් වූ හේතු පිළිබඳව පැහැදිළි කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය ඊයේ මාධ්‍ය නීවේදනයක් නිකුත් කළ අතර එහි සඳහන් වන්නේ අතුරුලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා සිවිල් සංවිධාන, අනෙකුත් ආගමික නායකයන්ගේ ඉල්ලීම් සලකා බලා ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගත් බවයි.

එම නිවේදනයේ එක් තැනක සඳහන් වන්නේ දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ රදගුරුතුමා ජනාධිපතිතුමා වෙත ලිඛිතව කරුණු දක්වමින් ජූඩ් ඇන්තනිගේ නිදහස් වීමට ආශිර්වාදය දැක්වූ බවයි.

නමුත් ජනාධිපති මාධ්‍ය අංශයේ මාධ්‍ය නිවේදනය උඩුයටිකුරු කරමින් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ අසත්‍ය කරුණක් බවත් තමන් වහන්සේ කිසි දිනක රෝයල් පාක් ඝාතකයා නිදහස් කරන ලෙස ඉල්ලා නොමැති බවත් සඳහන් කරමින් රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ ප්‍රසිද්ධ නීවේදනයක් නිකුත් කළා.

ඒඅනුව මීට වසර ගණනකට පෙර තරුණ සිරකරුවන්ගේ යහපත් පුනුරුත්තාපනය හා ආධ්‍යාපන අවස්ථා වැඩිකිරීම වෙනුවෙන් ජනාධිපති සිරිසේන වෙත කරුණු දක්වමින් ලිපියක් යොමු කළ බවද එහි ජූඩ් ඇන්තනි ගැන සඳහන් නොකළ බවත් රදගුරු හිමියන් පවසනවා.

එසේම අදාළ නඩුවේ කරුණු කිසි දිනක අධ්‍යනය කර නොමැති බව ද එම ඝාතකයා පෞද්ගලිකව නොහදුනන බවද රදගුරු හිමිපානන් සඳහන් කරනවා.

මුදලින් කොටි 300ක මුදලක් සහ කොළඹ 7 ග්‍රෙගරි පාරේ නිවසක්

රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් වාචිකව සහ හමුවී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත කරුණු ඉදිරිපත් කර තිබූ අතර ඒ වෙනුවෙන් ඝාතකයා නිදහස් කිරීමේ දී සිරිසේන සහ රතන දෙදෙනාම මුදලින් කොටි 300ක මුදලක් සහ කොළඹ 7 ග්‍රෙගරි පාරේ නිවසක් අල්ලස් ලෙස ලබාගෙන තිබේ.

රාජගිරිය රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේ පියගැටපෙළ මතදී 2005 වසරේ ජූනි 30 වන දා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ගෙළ සිර කර හිස පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාව මත ඇගේ පෙම්වතා වූ ජූඩ් ශ්‍රමන්තට දීර්ඝ නඩු විභාගයකින් පසු වර්ෂ 2012 දී කොළඹ මහාධිකරණය විසින් දොළොස් වසරක සිර දඬුවමක් නියම කර තිබු අතර 2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමාව ප්‍රදානය කරන ලද්දේ සිය ජනාධිපති ධුර කාලය අවසන් වීමට එක් දිනක් පමණක් තිබියදී ය.

තමන් රතන සමග එක්ව ලබාගත් අල්ලස 2019 ඔක්තොම්බර් 20 දා සාධාරණ කළේ මෙසේය:

“ඉවසීම නැතිවුණ තැන සිද්ධ වන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. මම හිතනවා ඔබතුමන්ලාට මතක ඇති කියලා මීට වසර ගණනකට කලින් රෝයල් පාක් නිවාස සංකීර්ණයේ සිද්ධිය. ඒ තරුණයාට එතකොට වයස අවුරුදු 19 යි. ඔහු තරුණිය සමඟ වාදයක පැටලිලා අවසානේ ඇයව ඝාතනය කළා. ඔහු මේ වන විට ආචාර්ය උපාධියකුත් සම්පූර්ණ කරලා තියෙනවා, මම හිතන්නේ දැන් ඔහුට වයස 32 ක්.”

ඔහු මෙසේ කීවේ එසේ මෙසේ තැනකදී නොව කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමිනි.

රදගුරු හිමිපාණන්ගේ මෙම ප්‍රසිද්ධ නිවේදනය සමඟ ජනාධිපති මාධ්‍ය නිවේදනයේ සඳහන් පූජ්‍ය බද්දේගම සමිත හිමියන්, ආචාර්ය පූජ්‍ය කෙරදේවල පුඤ්ඤරතන නායක ස්ථවිරයන්, පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ ස්ථවිරයන් වහන්සේ හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ  ඇතුළු පිරිසද ඇත්තටම ජූඩ් ඇන්තනි නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා දැයි යන සාධාරණ සැකය අප වෙත මතු වේ.

අවසානයේ ගත් කල ජනාධිපති සිරිසේන විසින් මේ ජනාධිපති සමාව අවභාවිත කරමින් ගත් අසාධාරණ තීරණය පිටු පස රතන සාධූ පමණක් ද යන සැකයද මතු වේ.

රතන සාධුගේ දේශපාලන භාවිතාව හා පෞද්ගලික භාවිතාව පිළිබඳව විවරණයේ දි මෙවන් ක්‍රියාවක් කිරීම පෙළඹීමේ අසම්භාවි බවක් අපි නොදකිමු.

අනෙක් අතට ජනාධිපති මාධ්‍ය අංශය අනුවම රතන හිමියන් විසින් ජනාධිපතිවරයා  වෙත කරුණු දක්වමින් පවසා ඇත්තේ  මෙයට අදාළ සිද්ධිය ප්‍රේම සම්බන්ධයක් පදනම් කරගෙන තරුණයෙක් හා තරුණියක් අතර ඇති වූ ආරවුලක් බවයි.

එහෙනම් රතන සාධු ගේ පරිකල්පනය අනුව තරුණියක් හා තරුණයෙක් ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත් පමණින්, කාන්තාවක් හා පුරුෂයෙකු විවාහ වූ පමණින් මිනි මැරීමට බලපත්‍රයක් නොමිලේ ලැබෙනවාදයි අපි නොදනිමු. එහෙම සංකල්පයක් සඳහන් වන්නේ කවර සූත්‍රයේ කවර වග්ගයේ, කවර පිටකයේ දැයි අපි විමසමු.

එසේම ජූඩ් ඇන්තනි යනු මිනිමැරීමක වරදකරු වී සිරගතව සිටින එකම ඝාතකයා නොවේ. ඔහු ට අමතරව මීට වඩා දීර්ඝ කාලයක් සිරබත් කන, ජූඩ් ඇන්තනීට වඩා ලාබාල මිනිමැරුම් වලට වරදකාරි වූ තරුණයන් තරුණියන් සිටි. තම මවුවරුන් සමඟ සිරබත් කන කුඩා දරුවන් සිටි. එසේ සිටියදි මෙම ඝාතකයාටම ජනාධිපති සමාව ලබා දීමට රතන සාධුට වැළඳුණු අනුකම්පා ගාය පිටුපස තිබෙන්නේ කුමක්ද යන්න නුදුරේදීම අපට අනාවරණය වනු ඇත.

මහාධිකරණය වීසින් අවුරුදු 12 කට ලබා දෙන සිර දඩුවම අභියාචනායේදි මරණ දඩුවම තෙක් දීර්ඝ වන්නේ මෙම නඩුවේ ඇති සිද්ධිමය හා නෛතික කරුණු වල ඇති ප්‍රභලතාවය නිසා ය. සරළව ගතහොත් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ ඉවෝන් නම් තරුණිය චේතාන්විතව ඝාතනය කළ බවට ඇල්පෙනිති තුඩක තරම් හෝ සැකයකින් තොරව අධිකරණය ඉදිරියේ ඔප්පු වී අවසන්ය.

එසේ තිබියදී නිල බලයෙන් තමාට ලැබුණු ජනාධිපති සමාව මෙලෙස අවභාවිත කිරීම ජනාධිපතිවරයාට ඇති පෞද්ගලික අයිතිය කුමක්දැයි අපි ප්‍රශ්න කරමු. නීතිය ඉදිරියේ, අධිකරණය ඉදිරියේ අපරාධ නඩුවක් සාධාරණ සැකයෙක් තොරව ඔප්පු කිරීමට කෙතරම් කාලයක්, වියදම යනවා දැයි අපි දනිමු. එසේ තිබියදි පාර්ශව ගණනාවක මහන්සිය, වින්දිත පාර්ශවයට වන සාධාරණත්වය, නීතිය ඉදිරියේ වරදකරුවන්ට දඩුවම් ලැබීම එක පෑන් පහරකින් විධායකට නැතිභංගස්ථාන කළ හැකි නම් පෙර රජ කලේ වගේ අධිකරණය පෙට්ටියක දමා වසා ජනාධිපතිම නඩු ඇසුවා නම් කම් නැතුවා වියයුතුය .;

මීලගට පත් වන ජනාධිපතිවරයා කවරෙකු වූවත්, ව්‍යවස්ථාදායකය කුමන පක්ෂය බහුතරය හිමි වූවත් කළ යුතු ප්‍රධාන කාර්යයක් වන්නේ නීතිය පසිදලීමට විධායකයේ අනිසි මැදිහත් වීම අවම කිරීමයි. අවම වශයෙන් ජනාධිපති සමාව ලබා දීමට ප්‍රමිතියක් ඇති කළ යුතුය. මරණ දණ්ඩනය ලබා දීමට විධායකට ඇති අයිතිය ප්‍රමිතිගත කළ යුතුය.

නොඑසේනම් යාපනයේ විද්‍යා ඝාතනය කළ මිනීමරුවන්, සේයා ඝාතනය කළ මිනිමැරුවන්, කොටකෙතන මව හා දියණිය ඝාතනය කළ මිනිමරුවන්, හා අනියම් බිරිය සමඟ ජීවත් වීමට සිය බිරිඳ හා දරු දෙදෙනා මරා දැමූ රත්මලානේ මිනිමරුවාද ඇතුළුව සිතක් නොමැතිව අමු අමුවේ මිනිමැරූ ඝාතකයක් බොහෝ දෙනා සිරබත් කන බව මතක් කරන අතර සිරිසේන වැනි ජනාධිපතිවරුන් ද රතන සාධුලා වැනි ආත්මාර්ථකාමින් ද බිහිවනු බව මතක් කරන්න ට කැමැත්තෙමු.

Top