Published on- Nov 12, 2019 දිගින්  දිගටම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නීතිඥවරුන් විසින් ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය අත හැර ඇති බව සනාථ කිරීම සඳහා කූඨ ලේඛන හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම හරහා ලංකාවේ නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජනතාව පමණක් නොව අමෙරිකාවේ ෆෙඩරල් නීතිය හා රාජ්‍ය ප්‍රතිපත්ති පවා රැවටීමට ලක් වෙමින් පවති.

පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා ඉදිරිපත් වන පුද්ගලයන්ගේ නම් ඇතුලත් ෆෙඩරල් රෙජිස්ට්‍රයේ අවසන් කාර්තුව වෙනුවෙන් නිකුත් කළ ලියවිල්ලේ පවා ගෝඨාභය රාජපක්ෂ ගේ නම ඇතුලත් නොවීම හා ඒ හරහා ඔහු අමෙරිකානු පුරවැසියෙක් බව ඔප්පු වීම හරහා වියරු වැටුණු ගෝඨා කල්ලිය මෙලෙස ඉවක් බවක් නොමැතිව ව්‍යාජ හා කූඨ ලෙස සකස් කළ ලේඛන ඉදිරිපත් කිරීම සමඟ මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ අපාය සහය පුද්ගලික නීති උපදේශක අලි සබ්‍රි විසින් 10 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ගෝඨාභය විසින් ලබා ගත් බවට සහතික කරමින් ඉදිරිපත් කළ පුරවැසි සහතිකය හා අවලංගු කළ බවට පෙන්වන ගෝඨාභය ගේ විදේශ ගමන් බලපත්‍රය ප්‍රධාන වශයෙන් ම ව්‍යාජ ලෙස නිර්මාණය කළ කූඨ ලේඛන බව දැන් දැන් තහවුරු වෙමින් පවති.

මේ තත්ත්වය තුළ අමෙරිකානු වැසියෙක් රටින් පිට සිය අමෙරිකානු ෆෙඩරල් නීතිය අවභාවිත කරමින් රටේ නීතියේ ස්වාධිපත්‍යය හෑල්ලුවට ලක් කරන බව සඳහන් කරමින් කැලිෆෝනියා ප්‍රාන්තයේ සාමාන්‍ය සිවිල් වැසියෙක් ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව අමෙරිකානු අධිකරණය ඉදිරියේ නඩු පැනවීමට සූදානම් බව වාර්තා වෙනවා.

ඉදිරිපත් පැය කිහිපය තුළ මෙම නඩුව ගොනු වන බවත් එහිදි අමෙරිකානු ෆෙඩරල් නීතිය විසින් අපරාධ වරදක් ලෙස සලකන ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ වැරදිකරු කරන ලෙස ඉල්ලා සිටීමට කටයුතු කරන බවත් වාර්තා වේ.

අමෙරිකාවේ පවතින සිවිල් නීති සම්ප්‍රදාය අනුව වංචාව, අසත්‍ය, ව්‍යාජ තොරතුරු අපරාධ වරදක් ලෙස සලකන අතර අසත්‍ය තොරතුරු ඇතුලත් ර්ර් මේල් පණිවිඩයක් පවා එරට නීතිය අනුව අපරාධයක් වේ.

ඒ අනුව ව්‍යාජ ලේඛන සැකසීම හා ඉදිරිපත් කිරීම අමෙරිකානු නීතිය යටතේ අනිවාර්යයෙන් ම අපරාධ වරදක් වන අතර ෆෙඩරල් බන්ධනාගාරයට අවුරුදු 10 ක හිර දඬුවමකට යටත් කිරීම එකී වරදට හිමිවන දඩුවම වේ.

ඒ අනුව සිය පුරවැසිභාවය අහෝසි වී ඇති බවට පෙන්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන මෙම ලියවිලි ව්‍යාජ ලියවිලි බව අමෙරිකානු ෆෙඩරල් අධිකරණය ඉදිරියේ ඔප්පු වුවහොත් ගෝඨාභය රාජපක්ෂ හට වසර 10 ක් අමෙරිකානු බන්ධනාගාරයක ගත කිරීමට සිදු වන බව පහැදිලිය.

Published on- Nov 12, 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂතුමාගේ නීති උපදේශක ලෙස පෙනී සිටින අලි සබ්‍රි විසින් ඊයේ (11) රාත්‍රියේ ගෝඨාට තවත් බාල්දියක් පෙරලා ගෙන තිබෙනවා.

ඒ පොහොට්ටුවේ’ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ විසින් සිය නාමයෝජනා බාරදීමේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයයැයි සඳහන් කරමින් ගෝඨාබය රාජපක්ෂගේ අත්සන නොමැති ලේඛනයක් සමාජ මාධ්‍ය හරහා ඊයේ රාත්‍රියේ විසුරුවා හැරීමට කටයුතු කිරීමයි.

පෙරේදා සිට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි වී ඇති බව තහවුරු කිරීමට ගොස් කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන හිටි අලි සබ්‍රි ඇතුළු රාජපක්ෂ නඩය මෙම ක්‍රියාවත් සමඟ ජනතා විශ්වාසය ඉදිරියේ සියතින්ගෙලසිඳ ගෙන ඇත.

දිවුරුම් ප්‍රකාශ ඉතිහාසයම කනපිට පෙරලිමින් අලි සබ්‍රි විසින් ඊයේ නිකුත් කළ ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළා යැයි සැලකෙන මෙම දිවුරුම් ප්‍රකාශයේ සුවිශේෂ බව වන්නේ ගෝඨාබය රාජපක්ෂ ඊට මුද්දර ගසා අත්සන් තබා නැතත් තමන් ඉදිරියේ ඔහු ඊට අත්සන් තැබූ බව කියමින් නීතීඥයකු විසින් එය සහතික කර තිබීමය.

සාමාන්‍යයෙන් දිවුරුම් ප්‍රකාශයක් යනු ප්‍රබල නීතිමය ලෙඛනයක් වන අතර එහි නීත්‍යානුකූල ක්‍රමවේදය වන්නේ සමාදාන විනිසුරුවරයකු හෝ දිවුරුම් කොමසාරිස් බලය හිමි වෙනත් නිලධාරියකු හෝ විසින් එය දිවුරුම්කරුට කියවා, තේරුම් කරදීමෙන් අනතුරුව දිවුරුම්කරු එය සත්‍ය බව පිළිගෙන, ප්‍රතිඥා දී එහි මුද්දරයක් ගසා අත්සන් තැබූ පසු අදාළ නිලධාරියා එය දිවුරුම්කරු තමන් ඉදිරියේ කියවා බලා අත්සන් තැබූ බවට සහතික කරමින් ඊට පහළින් අත්සන් තැබීමය.

තමන් ඉදිරියේ අත්සන් නොකරන ලද දිවුරුම් ප්‍රකාශයකට දිවුරුම් කොමසාරිස් බලය හිමි නිලධාරියකු විසින් පහළින් අත්සන් තබා ඇත්නම් එය නීතිවිරෝධී, කූඨ ලේඛනයක් වෙයි.

ඒ අනුව එලෙස සකස් කොට නොමැති ලේඛනයක් ලෙස ගෝඨා ගේ නීති උපදේශක විසින් ඉදිරිපත් කර ඇත්තේ කූඨ ලේඛනයක් බව මේ අනුවපැහැදිළිය .

අලි සබ්‍රිගේ කුඨ දිවුරුම් පෙත්සම සහිත සමාජ මාධ්‍ය ජාලා පෝස්ටුව…….

මේ අතර 10 වෙනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවේදි ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සම්බන්ධ ලේඛන මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කළ බව අලි සබ්‍රි පැවසූවත් එවැනි කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොවුන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා.

ඊයේ බිබිසි මාධ්‍ය ජාලය සමඟ පැවති සාකච්ඡාවකදි මහින්ද දේශප්‍රිය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉල්ලා ඇති අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අවශ්‍ය මූලික ලියවිලි හැරුණු විට ගෝඨාභය රාජපක්ෂගේ හැදුනම්පතේ ෆොටෝ කොපියක් හෝ කොමිසම ලබා නොගත් බවයි.

“මැතිවරණ කොමිෂන් සභාවට නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට අදාළ වන හේතු සම්බන්ධයෙන් පමණයි කොමිෂන් සභාව අවධානය යොමු කළේ. ඒක හින්දා කිසිම තැනැත්තෙකුගේ සිරදඬුවම් ලබලා තියෙනවද, නුසුදුසුකම්වලට යටත් වෙලා තියෙනවද, රජය සමඟ කොන්ත්‍රාත් ගනුදෙනුවල නිරතවෙලා තියෙනවද, පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවද යන කරුණු ගැන කොමිෂන් සභාව කිසිදු ලියකියවිල්ලක් ඉල්ලන්නෙවත් ඒ සම්බන්ධයෙන් අවධානයක් දැක්වුවෙවත් නෑ. 

කොමිෂන් සභාව කළා එකම දෙයක් හැබැයි. නාමයෝජනා පත්‍රයේ තියෙනවා මම කිසිම නුසුදුසුකමකට යටත් වෙලා නෑ, මේකට තරග කරන්න කැමතියි කියලා අපේක්ෂකයා අත්සන් කරන්න. ඒ අත්සන සහතික කරන්න ඕනෙ නෑ සමාදාන විනිශ්චයකාරවරයෙක් විසින්. නමුත් අපි වෙනම දිවුරුම් ප්‍රකාශයක් ගත්තා කිසිම නුසුදුසුකමකට යටත් වෙලා නෑ කියලා. එතකොට නුසුදුසුකමකට යටත් වෙලා නෑ කියද්දි … නුසුදුසුකමක් වෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමට ඔහු ජනාධිපතිවරනයටත් නුසුදුස්සෙක් වෙනවා. ඒ නුසුදුසුකමටත් යටත් නොවෙනවද කියන එක ලියුමක් අරන් තියෙනවා. 

කිසිදු ලියවිල්ලක් අපි නිල වශයෙන් ඉල්ලා සිටලා නෑ. ඉල්ලා සිටලත් නෑ කිසිම කෙනෙක්ගෙන් නාමයෝජනා දවසේ ඒ දේවල්, අඩුම ගාණෙ හැඳුනුම්පතේ ජායා පිටපතවක්වත් අපි ඉල්ලා සිටලා නෑ ” මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිළි කළා.

නැවතත් මේ ප්‍රශ්නය මතුවූ අවස්ථාවේදී මැතිවරණ කොමසාරිස්වරයා  ඉතාම පැහැදිලිව පැවසුවේ “ඉතිං මං ඒකනෙ කිව්වෙ අපි කිසිම ලියකියවිල්ලක් ගත්තෙ නෑනෙ නොමිනේශන් එක්ක. අපට අවශ්‍ය නෑ. අපි ගත්තෙ නැත්තං අපි මොකටද තියෙනවයි කියලා කියන්නෙ. මම නම් ඔය ෆයිල්වත් බැලුවෙ නෑ. අපෙ නිලධාරීන් බැලුවා, අපි බලන්නෙ මේකට අදාළ කරුණු විතරයි” 

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් BBC වෙත ලබා දුන් සාකච්ඡාව,

ඒ අනුව පැහැදිළි වන්නේ බොරුව සිය ආත්මය කරගත් රාජපක්ෂලාට ගැලපෙනම ලෝයර් හමු වී ඇති බවයි. චේතිය රජ සමයේ පවා නීති උපදේශක කම සිදු කොට අලි සබ්‍රි මේ ගැහුවේ රටේ ජනතාව ගොනාට ඇන්දීමේ ප්ලෑනක් බව පැහැදිළිය.

පොහොට්ටුකාරයන්ට අනුව රටේ ජනතාව ඒ තරමටම ගොන්නුය. ඔවුන් කියන් කියන දේ හිස්මුදුනින් පිළිගෙන බත් නොකන වහලුන් ලෙස ජනතාව ක්‍රියා කරනු ඇත යන්න ඔවුන්ගේ විශ්වාසයයි.

මේ විශ්වාසය පලුදු කළ හැක්කේ 16 වෙනිදාට ජනතාවටමය.

Published on: Nov 12, 2019 – රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙසට වැලිකඩ බන්ධනාගාරයේ සිරුකරුවන් දෙදෙනෙකු වහලයට නැඟීමත් සමඟම වැලිකඩ , අඟුණුකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවල ද මේ වන විට නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

අද පෙරවරුවේ සිට “L” ශාලාවේ සිරකරුවන් පිරිසක් ඊට සහය පලකරමින් සිරවාට්ටුවේ පිටතට පැමිණ ආහාර වර්ජනයක යෙදී සිටි.

චැපල් ශාලාවේ L 3, B 3, C 3 ශාලාවල රඳවා සිටින මරණ දඩුවම නියම වූ සිරකරුවන් පිරිසක් මේ වනවිට වහලය මත සිටින සිරකරුවන්ට සහය දක්වමින් දිවා හා රාත්‍රී ආහාර වර්ජනයක යෙදී සිටිමට පටන් ගෙන තිබේ.

Royal Park Murder

ඝාතනය කල දිනය 2005 ජුනි 30 වැනිදා

ස්ථානය- Royal Park luxury apartment complex in Rajagiriya,

වේලාව -අලුයම 2.20 ත් 2.45 අතර කාලය තුල

2012 ජුලි 11 වැනිදා ඝාතනයට වරදකරු වි වසර 12ක කාලය සිරදඬුවම්ක්.

පසුව ඝාතකයා තින්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කල අතර එහී තින්දුව 2014 ජුනී 9වැනිදා මරණ දඩුවම ලබාදුන්නේය.

කොලේ ඉරාගෙන ඇගේ හලාගත් ජනපතිගේ පොදු සමාව 

රෝයල් පාක් නිවාස සංකීර්ණයේදි ඉවෝන් තරුණිය කෲර අමානුෂිකලෙස ඝාතනය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර ගත කොට සිටි ශ්‍රමන්ත ජූඩ් ඇන්තනී ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට ජනාධිපති තීරණය කල අතර එය මේ වනවිට ගෝඨාභයට සහය දැක්විමට රාජපක්ෂලා සමග එක්ව සිටින පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් මූලික වී කළ ඉල්ලීම අනුව බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනය කරමින් කියා සිටි.

එම මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ රතන හිමියන් තරුණයාගේ දෙමාපියන් සහ ඥාතීන් ජනාධිපතිතුමා වෙත මුණගස්වා මේ පිළිබඳ දීර්ඝ කරුණු දැක්වීමක් ද සිදු කර මේ සඳහා මැදිහත් වූ බවය.

ජනාධිපති ගත් තීරණය සාධාරණිය කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය උත්සාහයක් ගෙන ඇති අතර මෙම නිදහස් කිරිමට් නිදහස් කරනලද පුද්ගලයා හා එක්තරා “මල්ලී” කෙනෙකුගේ සමීප නෑකමක් තිබිම මෙම නිදහස් කිරිමට ආසන්න්හ හේතුව වි තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි 34 හැවිරිදි දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ යන අය සම්බන්ධයෙන් ඇති සාධනීය කරුණු සානුකම්පිතව සලකා බලා ජනාධිපති සමාවක් පිරිනමන ලෙස ආගමික නායකයින්, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්, නීතිඥයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, තරුණ සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලිඛිත ඉල්ලීම් සහ නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

මෙම තරුණයාට ජනාධිපති සමාව ලබාදීම වෙනුවෙන් මූලිකත්වය ගෙන සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් අවශ්‍ය මැදිහත්වීම හා සම්බන්ධීකරණ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලද අතර, උන්වහන්සේ විසින් මෙම තරුණයාගේ දෙමාපියන් සහ ඥාතීන් ජනාධිපතිතුමා වෙත මුණගස්වා මේ පිළිබඳ දීර්ඝ කරුණු දැක්වීමක් ද සිදුකරන ලදී.

එසේම උන්වහන්සේ විසින් මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ද ජනාධිපතිතුමා වෙත යොමු කරමින් පෙන්වා දුන්නේ මෙයට අදාළ සිද්ධිය ප්‍රේම සම්බන්ධයක් පදනම් කරගෙන තරුණයෙක් හා තරුණියක් අතර ඇති වූ ආරවුලක් බවත්, ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි යන අය බන්ධනාගාරය තුළ යහපත් කල්ක්‍රියාවෙන් යුක්තව සිටීම මෙන්ම, බන්ධනාගාරගතව සිටිමින්ම බාහිර උපාධිය සාර්ථකව නිම කොට, ඉන් අනතුරුව මේ වන විට ආචාර්ය උපාධියට අදාළ අධ්‍යයන කටයුතු හදාරමින් සිටින බවත්, මෙම තරුණයා මනා පෞර්ෂයකින් යුත් උගත්, බුද්ධිමත් තරුණයෙක් ලෙස පෙනී යන බැවින් මේ පිළිබඳ කාරුණිකව කරුණු සලකා බලා මොහුට ජනාධිපති සමාව ප්‍රදානය කරන්නේ නම් එය සාධාරණ හා මානුෂික කාරණයක් වනු ඇති බවත්ය.

එසේම බුද්ධ දේශනාව අනුව යමින් කරුණා, දයානුකම්පාවෙන් යුක්තව මෙම කාරණය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද, පූජ්‍ය අතුරලියේ රතන ස්ථවිරයන්වහන්සේ ගරු ජනාධිපතිතුමා වෙත කරුණු පෙන්වා දුන්හ.

පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ද මෙම තරුණයාට ජනාධිපති සමාවක් ලබාදීම සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් ගරු ජනාධිපතිතුමාට කරුණු පෙන්වා දෙමින් කියා සිටියේ ඔහු යහපත් පුරවැසියෙකු ලෙසත්, උගත් පුද්ගලයෙකු ලෙසත් ඉදිරි කාලයේ දී හොඳින් කටයුතු කරන බව පෙනී යන බවත්, එම නිසා සානුකම්පිතව ශ්‍රමන්ත ජූඩ් ඇන්තනී වෙත ජනාධිපති සමාව ප්‍රදානය කිරිම කෙරෙහි සලකා බැලීම උන්වහන්සේ අගය කරන බවත්ය.

දක්ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක ආචාර්ය පූජ්‍ය කෙරදේවල පුඤ්ඤරතන නායක ස්ථවිරයන් වහන්සේ ලිඛිතව ඉල්ලා සිටියේ බන්ධනාගාරයේ දඬුවම් ලබන වරද හැර වෙනත් වැරදි නොමැතිව, අධ්‍යාපනයෙන් පරිණතව, ස්වයං පුනරුත්ථාපනයකට ලක්ව රටට වැඩදායක පුරවැසියෙක් වීමට සිහින දකින තරුණ උගත් සිරකරුවන් පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ කාරුණික අවධානය යොමු විය යුතු බවයි.

එසේම පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ ස්ථවිරයන් වහන්සේ ද මෙවැනි උගත් තරුණ සිරකරුවන් සම්බන්ධයෙන් සමාව දීම වැදගත් වන බව ජනාධිපතිතුමා වෙත ලිඛිතව දන්වා සිටියහ.

දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ රදගුරුතුමා ජනාධිපතිතුමා වෙත ලිඛිතව කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින තරුණ, ස්වයං පුනරුත්ථාපනයකට ලක්ව ඇති උගත් සිරකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් උන්වහන්සේගේ ද ආශිර්වාදය හිමි වන බවය.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මැතිනිය අතිගරු ජනාධිපතිතුමා වෙත මෙම නඩුව සම්බන්ධයෙන් දීර්ඝ කරුණු සහිත ලිපියක් මඟින් පෙන්වා දුන්නේ මෙම ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි යන අය මේ වන විටත් වසර 15කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටින බවත්, ඔහු බන්ධනාගාරය තුළ සිටියදීම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යාව සහ මුල්‍ය සම්බන්ධව බාහිර උපාධියක් සම්පූර්ණ කර ආචාර්ය උපාධිය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටින බවත්, ඔහුගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සලකා බලා, ඔහු ගත කර ඇති සිර දඬුවම් කාලය ද සලකා සානුකම්පිත පදනමින් ඔහුට සමාව ප්‍රදානය කිරීම සාධාරණ වන බවයි.

ඊට අමතරව නීතීඥ මහේෂ් මඩවල, නීතිඥ නාලනී මනතුංග, නීතිඥ නිල්රුක් ඉහළකත්‍රිගේ, නීතිඥ කුමුදු නානායක්කාර යන නීතිඥවරුන් ද ගාල්ල වැලිවත්ත විජයානන්ද විහාරයේ විජයානන්ද සමාජ සේවා සංවර්ධන පදනම, උණවටුන රූමස්සල නව ජීවන අමද්‍යප හයනාදි සිවිල් සංවිධාන ද ශ්‍රමන්ත ජූඩ් යන අයගේ දෙමව්පියන් ද සානුකම්පිත පදනම මත ඔහුගේ යහපත් කල්ක්‍රියාව සහ නිදහස් පුද්ගලයෙකු ලෙස ඉදිරියේ දී සමාජයට හා රටට විය හැකි යහපත සලකා බලා ඔහුට සමාව ප්‍රදානය කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

එසේම කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ පිහිටුවන ලද විශ්‍රාමලත් විනිසුරුවරයෙකුගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් මඟින් බන්ධනාගාරය තුළ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනී යන තරුණයාගේ යහපත් කල්ක්‍රියාව හේතුකොටගෙන ඔහු වෙත පනවා තිබූ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත් කර තිබූ අතර, මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය මඟින් විවිධ ක්ෂේත්‍රවල උසස් නිලධාරීන් පිරිසකගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් මඟින් කරන ලද නිර්දේශ සහ අදහස් ද ජනාධිපතිතුමා විසින් සලකා බලන ලදී.

මේ සියලූ කරුණු සලකා බලා ශ්‍රමන්ත ජූඩ් යන අයගේ කල්ක්‍රියාව සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ද වාර්තා ලබා ගනිමින් සහ වෙනත් අදාළ රාජ්‍ය ආයතනවලින් ද ඉදිරිපත් කරන ලද නිර්දේශ සහ කරුණු සලකා බැලීමට ජනාධිපතිතුමා ක්‍රියා කරනු ලැබීය.

මෙම වරද සිදු වූ 2005 වසරේදී ශ්‍රමන්ත ජූඩ් ඇනත්නී යන අය වයස අවුරුදු 19ක ඉතා යොවුන් වියේ පසුවූ අයෙකු වීමත්, මෙම සිදුවීම ඝාතනයක් සිදුකිරීමේ චේතනාවෙන් සිදුවූවක් නොව ක්ෂණික කෝපය හා ආවේගශීලිභාවය මත සිදුවූ සිදුවීමක් වන බවට කරුණු වාර්තාවිමත්, අදාළ තරුණයා බන්ධනාගාරගතව සිටි වසර 15කට ආසන්න කාලය තුළ දී යහපත් කල්ක්‍රියාවෙන් යුක්තව සිය උසස් අධ්‍යාපන කටයුතු නිම කරමින් ආචාර්ය උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබීමට පශ්චාත් උපාධි අධ්‍යාපන කටයුතුවල නිරතව සිටීමත්, ඔහු අධ්‍යාපනයෙන් සහ අත්දැකීම්වලින් පරිණතව, ස්වයං පුනරුත්ථාපනයට ලක් වී ඇති බවට වාර්තා වීමත්, දඬුවම් විඳින වරද හැර වෙනත් පෙර වැරදි නොමැති අයකු බවට වාර්තා වීමත්, තවමත් 34 හැවිරිදි තරුණයෙකු වන ඔහුට යහපත්, උගත් පුද්ගලයෙකු ලෙස රටට සේවය කිරීමට ඇති හැකියාවත්, ලෝකයේ වෙනත් රටවල ද මෙවැනි ආකාරයේ සිරකරුවන් සම්බන්ධයෙන් සානුකම්පිත පදනම මත තීරණ ගන්නා බව වාර්තාවීමත් යනාදී කරුණු සලකා බලා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටි ශ්‍රමන්ත ජූඩ් යන අයට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිතුමා තීරණය කරන ලදි.

මේ අතර ඝාතනයට ලක් වූ තරුණියගේ සහෝදරිය කැරොලයින් බ්‍රැඩ්ලි සිය මුහුණු පොතේ මේ පිළිබඳව සටහනක් තබා ඇති අතර ඇය එහිදි සඳහන් කොට ඇත්තේ සිය සහෝදරිය ගේ හිස කැබලි 64 වෙන්වි යන ලෙස පහර දි තිබූ ආකාර යද ඒ සාහසික අපරාධය සිදු වූ දිනයේ ඇයගේ සිරුර තුවාල වී තිබූ ආකාරය කිසි දිනක අමතක නොවන බවය.

තම පවුලේ කෙනෙකු අහිමි වීමකට ජනාධිපති සිරිසේන ද මුහුණ දුන්නා නම් තම දෙමාපියන් හා තමා විදවන වේදනාව කෙබදු වේදැයි ඔහු අවබෝධ කර ගනු ඇති බවයි.

මිය ගිය ඉවෝන් ගේ සොයුරිය වන කැරොලයින් බ්‍රැඩ්ලිගේ සිය Facebook හී පලකර තිබේන ප්‍රකාශයේ සදහන්ව ඇත්තේ මිනීමරුවෙකුට නිදහස දිමෙන රටේ අධිකරණ පද්ධතියටත් කළේ ඉතා බරපතළ අපහාසයක් බවයි.

ඔබ විශ්‍රාම ගන්නේ ඔබේ අත් වල තැවරුණු මගේ සොයුරියගේ ලේ සමඟය…….!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත,

මගේ සහෝදරියගේ මිනීමරුවා දින තුනක දීර්ඝ නිවාඩුක් පවතිද්දී නිදහස් කිරීමට සටකපට වූවාක් මෙන්ම මගේ ලිපියද කුණුකූඩයට දමන බව මම දනිමි.

දියණියන් දෙදෙනෙකු සිටින ඔබ මෙවන් මෘගයෙකු සමාජයට නිදහස් කිරීමට ගත් තීරණය මට තේරුම්ගත නොහැකිය

19 හැවරදි මගේ සොයුරියගේ හිස කැබලි 64කට කුඩුවී යනතෙක් හිස පොළවේ ගැසූ මෘගයා එදා රාත්‍රියේ ඇයගේ සිරුරට සිදුකළ සියළු තුවාළ එකක් නෑර මට මතකය. එකක් නෑර පිංතූරයක් ලෙස මට මතකය. මගේ දෙමාපියන්ටත් එය එසේම බැව් මම දනිමි.

එදා රෑ ඇය වින්ද වේදනාව සිතා ගැනීමට මා අපොහොසත්මි. නමුත් වළලුකර ඇටයද කැඩී තිබියදී තමන්ගේ මිනීමරුවා කෙරෙන් දුවා තම ජීවිතය ගලවා ගන්නට ඇය උත්සහ කළ අයුරු නොසිතෙන මොහොතක් ද නැත.

මාගේ වේදනාව තමන්ගේ පවුලේ අයෙක් අහිමිවූ ඔබට වැටහෙන බව මම දනිමි. එමෙන්ම මෙවන් අපරාධයකට ලක්වී මගේ සොයුරිය මරාදැමුණු දුක වටහා ගැනීමට මම ඔබගෙන් ඉල්ලමි. මගේ පියා ශක්තිමත්ව නැගී සිටීමට දරන තැත මම දකිමි. නමුත් ඇතුලතින් ඔහුගේ ආත්මය සුණු විසුණු වී ඇති අයුරු ද මම දනිමි. ඔහු තවමත් නින්දට යන විට ඉකි බිඳිනු මට ඇසේ. මගේ මව තම කුසින් වැදූ සුරතල් දියණියගේ ලෙයින් පෙඟුණු සිරුර දුටු දිනයේ සිට ගත කළ දිවිය ගැන විස්තර නොකරමි.

මිනීමරුවාව නිදහස් කිරීමට සිරිසේන ජනාධිපතිවරයා තීරණය කළ බව සවන් වැකුණු විට මා වෙව්ලීමට ගත්තෙමි. වසර ගණනාවක් පුරා අපායක ජීවත් වූ අපගේ ජීවිත තවත් නරාවලකට ඇද දැමීමට ඔහු එක පෑන් පහරින් සමත් විය. මගේ මාස 04ක දියණිය වෙනුවෙන් මා ශක්තිමත් විය යුතු බව දනිමි. ඇය වෙනුවෙන් මා ජීවත් විය යුතු බව මා දනිමි.

ජනාධිපතිතුමනි,

අවසන් වශයෙන් මම වෙනුවෙන්, මගේ පවුල වෙනුවෙන් සහ මේ පිළිබඳව හඬක් නැගූ සියලු දෙනා වෙනුවෙන් රටේ සියලුම ගැටළු පසෙකලා විශ්‍රාම ගැනීමට නියමිත ඔබ ලහි ලහියේ මෙම ඝාතකයා නිදහස් කිරීමට මැදිහත් වීමට හේතුව දැන ගැනීමට කැමැත්තෙමි.

මීට වඩා ඉතා සුළු වැරදි වලට සිරගත කළ සැබෑ අහිංසකයින් තවමත් සිරගතව සිටියදී, ඔබ නිදහස් කිරීමට තෝරාගත්තේ සැලසුම්සහගතව සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ අයෙක් ය. එසේ කිරීමෙන් ඔබ අපහාසකළේ මනුෂ්‍යත්වයට පමණක් නොවේ ඔබ රටේ අධිකරණ පද්ධතියටත් කළේ ඉතා බරපතළ අපහාසයකි.

ඔබේ කතාවෙන් ඔබ කළ විහිළු සහගත කරුණු දැක්වීම මඟින් ඔබේ හැසිරීම කෙසේවත් සාධාරණීකරණය වන්නේ ද නොමැත. මිනීමරුවා එදා තම සිරුරේ තැවරුණු මගේ සොයුරියගේ ලේ පිහුණුම් තටාකයට බැස සෝදා ගත්තද ඔබ විශ්‍රාම ගන්නේ ඔබේ අත් වල තැවරුණු මගේ සොයුරියගේ ලේ සමඟ බව මම අවසානයේ ඔබට මතක් කර දෙමි.

Published on- Nov 11, 2019  ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසියෙක් වූවත් නැතත් එය කවදාවත් ලංකාවට ප්‍රශ්නයක් නොවන බවත් ගෝඨාභය රාජපක්ෂගේ පරජය මේ වන විට හොදටම තහවුරු වී ඇති බවත් රාජපක්ෂ පවුල මෙන්ම පොහොට්ටුවේ බොහෝ සමාජිකයන් පිළිගෙන තිබෙනවා.

නමුත් ගෝඨාභයගේ පරාජය ස්ථීර වූවද එය ගෙඩිය පිටින් භාර ගැනීමට අකමැති බැසිල් රාජපක්ෂ මේ වන විට ප්‍රධාන අපේක්ෂකයක් දෙදෙනාටම 50% ප්‍රතිශතය ඉක්මවා ඡන්දය ලබා ගත නොහැකි බවට බොරු මතවාදයක් නිර්මාණය කිරීම සිදු කරන බව අප දේශපාලන වාර්තාකරු පවසනවා.

ඒ අනුව ප්‍රධාන අපේක්ෂකයන් හා අනෙකුත් සෙසු අපේක්ෂකයන් විසින් මෙම ඡන්දයේදි ගනු ලබන බවට සඳහන් බොරු සම්ක්ෂණ වාර්තාවක් සමාජ ගත කරමින් ගෝඨාභය රාජපක්ෂගේ පරාජය සාධාරණීකරණය කිරීමට හා 50% ලබා ගැනීමට යම් අපේක්ෂකයෙක් අසමත් වීම නිසා ඇති වන දේශපාලනික අර්බුදය ව්‍යාජ වශයෙන් නිර්මාණය කිරීමට බැසිල් රාජපක්ෂ මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

බත්තරමුල්ලේ බැසිල් රාජපක්ෂගේ පොදුජන පෙරමුණේ මෙම ව්‍යාජ සමීක්ෂණය සිදු කොට ඇති අතර එහිදි පරිගණක කේෂ්ත්‍රයේ දක්ෂයෙක් වන බැසිල් ගේ හිතවත් තරුණයෙකු හරහා මෙම සම්ක්ෂණය සිදු කොට තිබෙනවා. මෙහිදි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයතන කිහිපයකම දත්ත වෙනස් කරමින් මෙම වාර්තාව සකස් කොට තිබෙනවා.

නමුත් මෙම ව්‍යාජ වාර්තාව අනුවද සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂට වඩා ඉදිරියෙන් සිටින අතරම 50% ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීමේ හැකියාවක් ඔහු නැති බවයි දක්වා තිබෙනේ.

බැසිල් ගේ ව්‍යාජ සමීක්ෂණයේ තොරතුරු අප දේශපාලන වාර්තාකරු විසින් අනාවරණය කොට ගෙන තිබෙනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදි අපේක්ෂකයක් විසින් පහත ප්‍රතිශත ලබා ගන්නා බවයි එහි සඳහන් වන්නේ.

Presidential Election 2019 . Current situation Dated: 11.11.2019
Hon. Sajith Premadasa 47.98%
Hon. Gotabaya Rajapakshe 45.36
Hon. Anura kumara 5.03%
Othres 1.01%
NDY 0.62%

මේ හරහා මීට පෙරද අප විසින් අනාවරණය කළ දෙවන මානපය ලබ දීම ප්‍රවර්ධනය කිරීමට උත්සහ කිරීම බැසිල්ගේ පරමාර්ථය වන බවයි වාර්තා වන්නේ. මීට පෙරද බැසිල් හා ගෝඨාභය රාජපක්ෂ විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හමු වී අනුර වෙත ඡන්දය ලබා දෙන අයට දෙවන මනාපය ගෝඨාභය වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටි ආකාරය අපි ඔබට පවසා සිටියා.

මෙම බොරු සමීක්ෂණ හරහා බැසිල් උත්සහ ගන්නේ කෙසේ හෝ දෙවන මනාපය හිඟාකමින් ඒ පැත්තෙන් හරි ගෝඨාභය ඉදිරියට යවා ගැනීමේ මාර්ගයක් පදා ගන්නටය. එහෙත් මෙය තනිකර ඡන්ද උගුලක් පමණි, මන්ද යත්

මාලිමාවට, හංසයාට, බල්බයට ඡන්දය දෙන අයගේ දෙවන මනාපය ගෝඨාභය වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටියද කිසි දිනක පොහොට්ටුවට ඡන්දය දාන පුද්ගලයෙකු හංසයාට හෝ මාලිමාවට හෝ වෙනත් කිසිම ලකුණකට සිය මනාපය පල නොකරන බැවිනි. බැසිල් දඟලන්නේ කෙසේ හෝ ගෝඨාභයගේ දෙවන මනාප ගොඩ වැඩි කිරීමට පමණි.

එසේ නම් කළ යුත්තේ ඔබ ඔබගේ ඡන්දය හරියට පාවිච්චි කිරීම පමණි. දෙවන, තෙවන මනාප පසෙකලා ඔබ කළ යුත්තේ කතිරය ලකුණ හංසයා ඉදිරියේ ප්‍රකාශ කිරීම පමණි. අප එසේ කියන්නේ සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වීම නිසා අපට ලැබෙන පෞද්ගලික වාසියක් නිසා නොව,

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, දූෂණය, වංචාව නැති රටක අපේ අනාගත පරම්පරාව ජීවත් විය යුතුය යන අයිතියට අප ගරු කරන නිසාය.

Published on – Nov 11, 2019 ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ද්විත්ව පුරවැසියෙකු පවා නොවන සම්පූර්ණයෙන්ම අමෙරිකානු පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂගේ බිරිද වන අයෝමා උදේනි රාජපක්ෂටද මෙවර ඡන්දය හිමි වී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අප්‍රේල් 17 ඉල්ලුම් කළද තවමත් ඔහු අමෙරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව අමෙරිකානු පුරවැසියෙකි. එසේ තිබියදි අප්‍රෙල් 17 වෙනිදා හෝ ඉන් පසුව හෝ කිසිම දිනක සිය අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට ඉල්ලුම් නොකළ අයෝමා රාජපක්ෂගේ නාමය ලංකාවේ ඡන්ද නාම ලේඛනයට ඇතුලත්ව තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන කුලුණක් වන ඡන්ද බලය හා ජනතා පරමාධිපත්‍යය ට සිදු කරන අසාධාරණයක් මෙන්ම නීතිය උල්ලංඝනයක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

ඡන්ද නාම ලේඛනයට නම ඇතුලත් කිරීමේදි ලංකාවේ පුරවැසියෙක් ද යන ප්‍රශ්නයට අයෝමා රාජපක්ෂ ඔව් ලෙස පිළිතුරු දි ඇති බව පැහැදිළිය. එසේ නම් අමෙරිකානු පුරවැසියෙකුට ලංකාවේ හැදුනුම්පතක් සකස් වූයේ කෙසේද?

අවුරුද්දක් පුරා නිවසක ස්ථිරව පදිංචි නොසිටියේ නම් ඡන්ද නාම ලේඛනයට නම දැමීමට බාධා කරන. කුලි නිවැසියන්ට ඔවුන් පදිංචිව සිටින ගෙදර ඡන්ද නාම ලේඛනයට නම දැමීමට නොහැකි රටක ලංකාවේ පුරවැසියෙකු පවා නොවන අමෙරිකන්කාරයෝ ඡන්ද නාම ලේඛනයට නම දැම්මේ මොන කැකිල්ලේ තීන්දුවෙන් දැයි ඇසිය යුතුමය.

ගෝඨාගේ හා අයෝමාගේ නම ඇතුලත් ඡන්ද නාමලේඛනයෙන් කොටසක්

බලය තිබු පමණින් මෙලෙස නීතිය හෑල්ලු කරන ගෝඨාලාට මේ රටේ නැවත වරක් බලය ලැබුණහොත් කුමක් සිදු වේද යන්න සිතා ගැනීමට පවා නොහැකි වනු ඇත.

මේ කාරණයේදි ගෝඨා මුල සිටම සියල්ලන්ම රවටා ඇත. ගමේ ග්‍රාම සේවක ගෝඨාගේ ඡන්ද පෝරමය අනු අත්සන් තැබුවේ ගෝඨාගේ සුදුවැන් එකට බිය වීද, එහෙමත් නැත්නම් වෙන හේතුවක්  නිසා ද යන්න සෙවිය යුතුය. අනෙක් අතට ඒ ඡන්ද පෝරමය හරහා ගෝඨාභය මැතිවරණ කොමිසමද රවටන්නේ ට නීතිය, යන් තම අල්ලේ නැටවිය හැකි දෙයක් යන්න සලකා විය යුතුය.

ගෝඨාභය හා ඔහුගේ බිරිද 2005 සිට අමෙරිකානු පුරවැසියන් වෙමින් හොර හැදුනුම්පත් මගින් ඡන්දය දමා ඇති බවට පැමිණිලි රාශියක් ඉදිරිපත් වී තිබියදී බැසිල් ගේ රට අරක්කු බෝතලය හවසට හවසට ලෙවකන මැතිවරණ කොමසාරිස්වරයා ඒ පිළිබඳව නිශ්ශබ්දව සිටිමින් මෙවර ජනාධිපතිවරණය සඳහා ද ඡන්දය ලබා දීමට ඔවුනට අවස්ථා ව ලබා දී ඇති බව මනාව දැන් පැහැදිළිය.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොරි ටෝක් දුන්නද බැසිල්ගේ සරම අස්සේ සිට ඡන්ද කරන මැතිවරණ කොමසාරිස්වරයාට වෙනත් රටක පුරවැසියන් ලංකාවේ ඡන්දය භාවිත කිරීම සාමාන්‍යකරණය වි ඇතුවා වන්නටඇත.

බොරු ලියවිලි පෙන්වා අමෙරිකාවටද වංචා කළ හොරකම, වංචාව ලේවල දුවන ගෝඨා ව්‍යාජ හැදුනුම්පත් මගින් ඡන්දය ද ලබා ගෙන ඇති බව පැහැදිළිය. එසේ නම් කළ යුත්තේ ඔහුව රටේ ජනාධිපති කිරීම නොව මැතිවරණ පනත හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම වෙනුවෙන් අධිකරණයට කැඳවීමය.

Published on – Nov 11 ජනාධිපතිවරණය කටේ තියාගෙන ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසියෙක් බවට අමෙරිකාව පවා පිළිගනිද්දි එය එසේ නොවන බව පවසමින් පරසක්කවල ගසන නාමල් රාජපක්ෂලාට අලි සබ්‍රිලාට ලෝකයේ හතර වටෙන්ම පිළිතුරු ලැබෙමින් පවති.

බොරුවට වැඩි ආයුෂ නැති බව හා ගහ දන්න මිනිහට කොළ කඩා දමන්න එපා දැන්වත් නාමල් ලා, අලි සබ්‍රිලා ඉගන ගත යුතුය.ලෝකයේ සියළු මිනුසුන් ඔවුන් ගහන් ගහන් පදයට නටන, කියන කියන දේ පිළිගන්න ලංකාවේ ඉන්නා වහල් බත් නොකන බයියන් සේ සිතා ක්‍රියා කිරීම නවත්වා දැන්වත් ඇත්ත පිළිගන්න කොයි රාජපක්ෂ වුවත් සූදානම් වූවා නම් හොඳ ය.

බාප්පා රජ කර, තාත්තා අගමැති කර හිතු හිතු පරිදි මිනි මරන්නට, දන්ත ධාතුන් වහන්සේ ඉදිරිපිට රුසියානු ගෑණුන් බාදාගෙන කාර් රේස් පදින්න, මේ රටේ හැම බිම් අගලිකින් දහස්ගණනේ කොමිස් මුදල් උපයන්න දත කට මැද ගෙන සිටින නාමල් රාජපක්ෂ ට, මුදල් කුට්ටිය වෙනුවෙන් සිය වෘත්තියේ ආචාර ධර්ම පවා පාවා දෙන අලි සබ්‍රිට හා බුකියේ අතන මෙතන රගන පොහොට්ටු බයියන්ට කියා සිටින්නේ බොරු ලේඛන ඉදිරිපත් කොට ජනතාව රැවටීමට හැකියාවක් නොමැති බවයි.

ඊයේ උදේ පාන්දරම සිය ෆේස්බුක් හා ට්ව්ටර් සමාජ මාධ්‍ය ජාල හරහා නාමල් රාජපක්ෂ සිය බාප්පාගේ අවලංගු කරන ලද අමෙරිකානු වීසා බලපත්‍රය ඇතුලත් විදේශ ගමන් බලපත්‍රය ප්‍රසිද්ධ කළ අතරම හවස් වරුවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නීතිඥ අලි සබ්‍රි සිය සේවදායකයා වෙනුවෙන් ලේඛන ඉදිරිපත් කරනු ලැබීය.

ඔවුන් දෙදෙනාම ඉදිරිපත් කළ එම ලේඛන ව්‍යාජ ලේඛන වීමට වැඩි සම්බාවිතාවක් ඇති බව අපි කරුණු ආශ්‍රයෙන් පෙන්වා දුන්නෙමු. විශේෂයෙන්ම එම ගමන් බලපත්‍ර අවලංගු කොට තිබු ආකාරය හා අමෙරිකානු පුරවැසි බව අත හරි බවට ඉදිරිපත් කළ සහතිකයේ දින සටහන ලංකාවේ ආකාරයෙන් යෙදීම ඒ අතරින් ප්‍රධාන වුණා.

නාමල් රාජපක්ෂ  විසින් ඉදිරිපත් කළ ගෝඨාගේ විදේශ ගමන් බලපත්‍රය මගින් අමරිකානු පුරවැසිභාවය ගෝඨා ඉවත් කරගෙන නොමැති බව පෙන්වන දන්නා මිනිස්සු හා බත් නොකන බයියෝ අතර ඇති වෙනස,

Published on: Nov 11, 2019- මඩකළපුව කලවංචිකුඩි ප්‍රදේශයේ මැතිවරණ රැස්විමක් අතරතුර කසාද ගැණීගේ ප්‍රහාරයකට ලක්විමෙන් කරුණා අම්මාන් දැඩි ලෙස ලැජ්ජාවට පත්ව ඇති බව අප උතුරේ දේශපාලන වාර්තාකරු සදහන් කළා.එම අවස්ථාවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාද එක්ව සිටි අතර හදිසියේ මුහුණ දුන් කලබැගෑනිය හේතුවෙන් රැස්විම් සියල්ලම නතරකර දමා කොළඹ පැමිණිමට බැසිල් කටයුතු කර තිබේ.

කලවංචිකුඩි රැස්විමට සහභාගි විමට කරුණා අම්මාන් බැසිල් සමග එක්ව ඇති අතර කරුණා එම රැස්විමට ගොස් ඇත්තේ කොළඹ තමන් සමග ජිවත් වන අනියම් බිරිද සමගය.පසුව බැසිල් රාජපක්ෂ සිය කතාව ආරම්භ කර මොහොතක් යන්නට කලින් කරුණාගේ කසාද බිරිද එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ සමගම කලබල වු කරුණා බැසිල් කතාව අවසන් කිරිමටත් කලින් වේදිකාවෙන් බැස යැමට කටයුතු කර තිබේන අතර ඒ සමගම වේදිකාවෙන් බැස්ස කරුණාගේ කසාද බිරිද ඔහු පසුපස එලවා ගොස් වේදිකාව පිටුපසදි පහර දි තිබේ.පසුව බැසිල්ගේ මැදිහත් විමෙන් ගැටුම නතර කර ඇති අතර රැස්විම්ද නතර කර දමා කොළඹ බලා පැමිණී බවයි අප වාර්තකරු සදහන් කළේ.

අදාළ ගැටුමට මොහොතකට කලින් කරුණා වේදිකාවෙන් පැන යන අයුරුත් ඔහුගේ කසාද බිරිද ඔහු පසුපස එලවා යන අයුරුත් කැමරාවෙ සටහන්ව තිබුනේ මෙලෙසින්ය.

Published on: Nov 10, 2019 – ජනාධිපති නීතිඥ අලි සබ්‍රිගේ ජනාධිපති නීතිඥ බලපත්‍රය අහෝසි කළ යුතු බව මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කළා. සිය නිල ටිවිටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් සටහන් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කරමින් රටේ ජනතාව නොමඟ යැවීමේ වරදට අලි සබ්‍රිගේ ජනාධිපති නීතිඥ බලපත්‍රය අහෝසි කළ යුතු බවයි.

මංගල අමාත්‍යවරයා විසින් මෙහිදි මතුකරන තර්කය වන්නේ අලි සබ්‍රි විසින් අද ඉදිරිපත් කළ ගෝඨාභයගෙ ගමන් බලපත්‍රයේ සඳහන් වන්නේ අහෝසි කළා මිස, අහෝසි කොට ඇත නොවන බවයි. අනෙක් අතට ගෝඨාභය වෙනුවෙන් අමෙරිකාව විසින් නිකුත් කොට ඇති බවට අලි සබ්‍රි පෙන්වන සහතිකයේ දිනය සඳහන් වන්නේ අමෙරිකානු ආකාරයට නොව ලංකාවේ භාවිත වන ආකාරයට බවත් එහි සඳහන් වෙනවා.

ව්‍යාජ ලේඛන, ව්‍යාජ ගමන් බලපත්‍ර සැකසීමේ කෙල පැමිණියන් සිටින රාජපක්ෂ කල්ලියට තවත් ව්‍යාජ ලේඛනයක් සෑදීම අමාරු නොවන බවත් එය වටහා ගැනීමට තරම් රටේ ජනතාව හය හතර නොදන්නා දරුවන් නොවන බවද සඳහන් කළ යුතුමය.

 

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නිත්‍ය නීති උපදේශක අලිසබ්‍රි අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග හරහා ගෝඨාභය රාජපක්ෂ අමෙරිකනු පුරවැසි බව අවසන් කොට ඇති බවයි.

“තමුන්ගේ පුරවැසිභාවය අහෝසි කරන්න අවශ්‍ය නම් කොළඹ තිබෙන තානාපති කාර්යාලයට ගිහිල්ලා ඒ පිළිබඳව සඳහන් කරලා දිවුරුමක් ලබා දිය යුතුයි. මේ දිවුරුම ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන්නේ 2019 අප්‍රේල් මස 17 වෙනිදා. ඒ අනුව එම දිවුරුම දුන්නා කියලා පුරවැසිභාවය අහෝසි වෙන්නේ නෑ. පුරවැසිභාවය අහෝසි වෙන්නේ එම දිවුරුම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පිළිගත්තොත් විතරයි. 2019 මැයි 3 වෙනිදා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එම්ම දිවුරුම පිළිඅරගෙන එතුමාට ලබා දෙනවා අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අත හැරීම පිළිබඳ සහතිකය.” අලි සබ්‍රි අද මාධ්‍ය හමුවේ සඳහන් කළා.

අලි සබ්‍රිට අනුව ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසි බව අත හැර අවසන් ය. ගෝඨා අමෙරිකානුවෙන් නොවේ නම් ඔහු ඇත්තටම පුරවැසිබව අත හැර ඇත්නම් මේ වන තෙක් අමෙරිකාව විසින් නිකුත් කළ එකම ෆෙඩරල් රෙජිස්ට්‍රයකවත් ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාවේ පුරවැසියෙක් නොවන බව සඳහන් නොවන්නේ ඇයි.

අමෙරිකානු එක්සත් ජනපදයේ පුරවැසිබව අතහරින අනෙකුත් සෑම පුද්ගලයෙකුටම අදාළ වන එම රාජ්‍ය ප්‍රතිපත්තිය ගෝඨා වෙනුවෙන් අදාළ නොවන්නේ ඇයි?

කට බොරු කිව්වත් දිව බොරු නොකියන බව සනාථ කරමින් නීතිඥ අලි සබ්‍රි පවසන කතාවක් කෙරෙහි අවධානය යොමු කල යුතුමය. අලිසබ්‍රි මාධ්‍ය සාකච්ඡාවේදි විමසන්නේ අවුරුදු හතරක් පුරා කතාකළ ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසිභාවය ඉවත් නොකර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තරම් ගෝඨාභය කටයුතු කරනු ඇති ද යන්නයි.

නමුත් පසුගිය අවුරුදු 4 පුරාම ගෝඨාභය රාජපක්ෂ රටට, ජනතාවට, මාධ්‍යයට පවසා සිටියේ කුමක්ද? තමන් කිසි දිනක දේශපාලනයට නොපැමිණෙන බවයි. තමා නිලධාරියෙකු මිස දේශපාලඥයෙන් නොවන බව ත් ඔහු තැන තැන කිව්වා අමතක දැයි දැන උගත් නීතිඥ මහතාගෙන් විමසියයුතුමය .

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨා පවසන්නේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් දින 3කට පසුව බවත් නීතිඥ මහතාට මතක් කරමු.

ඔතරම් අවශ්‍ය වූවා නම් ගෝඨාභය  අප්‍රේල් 17 තෙක් අමෙරිකානු තානාපති කාර්යාලය පුරවැසිබව ඉවත් කිරීමේ ඉල්ලීම කරන්න පමා වෙන්නේ ඇයි? ඇත්තම කරුණ නම් අප්‍රේල් 17 වෙනිදා වන විට පාස්කු ප්‍රහාරය පිළිබඳව තහවුරු කිරීම සහරාන් ගෝඨාභයට ලබා දීමයි. එනම් අනිවාර්යයෙන් ම අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාරය සිදු වන බවත් ඒ හරහා ගෝඨාභය රාජපක්ෂ ට මාර්ගය විවර වන බවත් අප්‍රේල් 17 වෙනිදා වන විටම ගෝඨාභය ඇතුළු රාජපක්ෂලා දැන සිටිමයි.

තවත් අත්තක් අල්ලන්නේ නැතුව ඉන්න අත්ත අත නොහරින ගෝඨාභය රාජපක්ෂ අප්‍රේල් 17 වෙනිදා සිය ඉල්ලුම් පත්‍රය අමෙරිකානු තානාපති කාර්යාලයට භාර දෙන්නේ තමන් ඇති කළ ලේ පිපාසිත සහරාන් නම් සුනඛ පෝතකයා සිය රාජකාරිය අකුරටම ඉටු කරන බවට විශ්වාස කළ බැවිනි.

අලි සබ්‍රි රටට හංගන ඇත්ත එයයි. අනෙක් අතට ඔක්තෝබර් 26 වෙනිදා සිරිසේන ජනාධිපති විසින් බලහත්කාරයෙන්, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් හොර අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීම හරියටම හරි ලෙස පවසන්නේ ද අලි සබ්‍රි නීතිඥවරයා බවද මතක් කිරීමට මෙම අවස්ථාව කරගමු.

අලි සබ්‍රි විසින් මාධ්‍යයට ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්ෂගේ විසා බලපත්‍රය

ඇමරිකාවේ වීසා ලබා ගැනීමේදි ඡායාරූපය පිළිබඳව සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා අතර අමෙරිකාව විසින් සඳහන් කොට ඇත්තේ ඇසේ ශල්‍යකර්මයක් සිදු කොට ඇති පුද්ගලයෙකු හැරුණු කොට කිසිවෙකුට වීසා ඡායාරූපය සඳහා ඇස් කණ්නාඩි භාවිත කළ නොහැකි බවයි. එහෙම ගත් විට ගෝඨා යනු ලෙඩ ගොඩකි. එසේ නම් විසා ඡායාරූපය සඳහා ගෝඨාභය ඇස් කණ්නාඩි පැළද පෙනී සිටින්නේ ඇයිද යන ප්‍රශ්නයටද අලි සබ්‍රි පිළිතුරු ලබා දිය යුතුය.

විසා ඡායාරූපය පිළිබඳව අමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති අවශ්‍යතා,

වැඩි විස්තර දැන ගැනිමට අවශ්‍ය නම් LINK එක භාවිතා කරන්න –  US Visa Photo Guidelines

 

 

Published on- Nov 10, 2019 කෑගල්ල ප්‍රදේශයේ පැවැත්වූ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ජන රැලියට සහභාගි වූ මන්ද මානසික තරුණියක් දූෂණයට ලක් වීමේ සිදුවීම පිළිබඳව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකළ බවට චෝදනා කරමින් හෙම්මාතගම පොලීසියේ උපපොලිස් පරික්ෂකවරයකු ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම් කොට තිබෙනවා.

අදාළ තරුණිය දූෂණයට ලක් වූ දිනයේ රාත්‍රියේ පොලිස් ජංගම රථයේ රාජකාරි කළ උපපොලිස් පරික්ෂකවරයාගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ මෙලෙස වැඩ තහනම් කර තිබෙනවා.

මෙම තරුණිය දුෂණයට ලක් වීමේ සිද්ධිය පිළිබඳව සත්‍ය කතාව අප මීට පෙර අනාවරණය කල අතර පොලිසිය දේශපාලන බලයට යට වී එම සිදුවීම සම්බන්ධ තොරතුරු යට ගසමින් වෙනත් කතාවක් නිර්මාණය කිරීමට උත්සහ දරන බවද අප අනාවරණ ය කළා.

දිගින් දිගම පොලිසිය විසින් උත්සහ දැරුවේ අදාළ තරුණිය සිය පෙම්වතා සමඟ ලිංගික ඇසුරක් පවත්වා ඇති බව ඔප්පු කිරීමට බවත්, තරුණියගේ නිවසට ගොස් පවුලේ සාමජිකයන්ට තර්ජනය කරමින් ඇයගේ කට උත්තරය වෙනස් කිරීමට කටයුතු කළ ආකාරයද කනක හේරත් විසින් බැසිල් රාජපක්ෂගේ සහය ඇතුව එම සිදුවීම යට ගැසීම සඳහා ලක්ෂ 10 ක මුදලක් එම තරුණියගේ පියා වෙත ලබා දුන් බවද අපි අනාවරණය කළා.

මේ අතර හෙම්මාතගත සිද්ධියට විරෝධය පල කරමින් කාන්තාවන් දූෂණය වීමට එරෙහි පැවති කාන්තා එකමුතුව සංවිධාන කළ විරෝධතාවක් මාවනැල්ල නගරයේදී පැවැත්වුණා. කාන්තාවන් විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියා.

http://lankanewsnetwork.org/archives/21333

ඊයේ රාත්‍රිය වන විට ගෝඨාභය රාජපක්ෂ තවමත් අමෙරිකානු පුරවැසියෙක් බවත් ඔහුගේ පුරවැසිභාවය ඉවත් වී නැති බවත් ඔප්පු වී අවසන් වුණා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ අවසන් කාර්තුව වෙනුවෙන් නිකුත් කළ ෆෙඩරල්  රෙජිස්ට්‍රරයේ ද අමෙරිකානු පුරවැසිභාවය අත්හල පුද්ගලයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂගේ නාමය සඳහන් නොවීම හේතුවෙන් ගෝඨා තවමත් අමෙරිකානු පුරවැසියෙකි.

මැතිවරණ කොමිසම හරහා රටේ ජනතාව මුලා කරමින් චේතාන්විතව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ගෝඨාභය රාජපක්ෂ තවමත් මේ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නොමැත.

එසේම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයෙකුට ලංකාවේ කිසිම මැතිවරණයටක ඉදිරිපත් වීමට හෝ ජනතා නියෝජිතයෙක් වීමට නොහැකි බව පැහැදිලිව දක්වා තිබියදීත්, ගිතා කුමාරසිංහ නඩුවෙන් ඒ බව අධිකරණය විසින් පැහැදිළිව පිළිගෙන තිබියදී ගෝඨාබය රාජපක්ෂ වැනි අමෙරිකානු පුරවැසියෙක් රටේ ජනාධිපතිවරණයට ලබන 16 වෙනිදා iඉදිර වීම ගැන මැතිවරණ කොමිසමේ තීරණය කුමක්දැයි අපි ප්‍රශ්න කරමු.

ගෝඨාභය පිළිබඳව අමෙරිකාවේ මෙම තීරණය බොරු බවත් අදාළ ලියවිලි බොරු බවත් පවසමින් බුකියේ රඟන්නේ බත් නොකන වහල්ලු හා බයියන් වන අතර නාමල් රාජපක්ෂ ද සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කරන්නේ එය ව්‍යාජ ප්‍රවෘත්තියක් බවත් සිය බාප්පා අමෙරිකානු පුරවැසියෙක් නොවන බවත් ය.

ෆේස්බුක් හරහා නාමල් විසින් ඉදිරිපත් කරන මෙම සහතිකය ඔරිජිනල් සහතිකය නොවන බව පැහැදිළි වන අතර ෆොටෝකොපියක් ඕනෑම ලෙස වෙනස් කිරීමට හැකි බව නොදන්නා තරමට මේ බයියන් නොවන මේ රටේ බහුතර ජනතාව මෝඩයන් නොවන බව ද නාමල අමතකකොට ඇත.

නාමල්ගේ සාක්ෂි,

අනෙක් අතට නාමල් රාජපක්ෂ විසින් මෙම ඉදිරිපත් කරන සහතික සත්‍ය නම් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කොට ඇති අදළ ෆෙඩරල් රෙජිස්ට්‍රය වැරදි හා සාවද්‍ය ලියවිල්ලක් බවත්, තමා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙක් නොවේ යනුවෙන් සිය නිල ට්ව්ටර් ගිණුම හරහා සටහනක් තබන ලෙස අපි ගෝඨාභයට අභියෝග කරමු. ඉතා ඉක්මනින් ගෝඨාභය එම සටහන තබනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

නමුත් ගෝඨා එසේ නොකිරීමේ හේතුව ද අප දන්නා බව මෙහිදි ප්‍රකාශ කළ යුතුමය. අමෙරිකානු නීතිය අනුව අමෙරිකානු රාජ්‍ය විසින් නිකුත් කරන ඕනෑම නිල ලියවිල්ලක් හෝ නිවේදනයක් සාවද්‍ය බවට යම් අමෙරිකානු වැසියෙක් චෝදනා කරන්නේ නම් කොන්දේසි විරහිතව අවුරුදු 20 ක සිර දඩුවමක් චෝදනාව කළ පුද්ගලයාට හිමිවේ.

මේ පිළිබඳව අප දන්නේ නම් අමෙරිකානු පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ ද එම නෛතික ප්‍රතිපාදන ගැන හොදින් දන්නවාඇත .

Published on: Nov 9, 2019 SL Time @ 21:46- අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සෑම මාස තුනකට වතාවක්ම නිකුත් කරනු ලබන අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් පුද්ගලයන්ගේ ලැයිස්තුවේ මෙම කාර්තුවේද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුලත් ව නැත .

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් මස 12 වෙනිදාට වන විට නිකුත් කිරීමට නියමිත ෆෙඩරල් රෙජිස්ට්‍රය මේ වන විට අප වෙත ලැබි තිබෙන අතර එහි නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ නාමය අන්තර්ගත නොවේ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ තවමත් අමෙරිකානු පුරවැසියෙක් වේ.

එම ලියව්ල්ල අනුව එය නොවැම්බර් 12 වෙනිදාට නිල වශයෙන් නිකුත් කිරීමට ප්‍රථම විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීම සඳහා දින 3 කට පෙර ප්‍රසිද්ධ කරන අතර දින තුනක් ඇතුලත විරෝධතා ගොනු කිරීම සම්ප්‍රදාය වේ.

ඒ අනුව තවමත් අමෙරිකානු පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි අතර මේ වන විට රාජපක්ෂ කල්ලිය මැතිවරණ කොමිසම හා සමස්ත රට වැසියාම ගොනාට අන්දවන බව පැහැදිළිව පෙනෙන්නට තිබේ.

බයියොන්ට නොවන බව කරුණාවෙන් සලකන්න !

The Federal Register denouncing the individuals of their U.S Citizenship has been released with Nandasena Gotabhaya Rajapksha’s name not in it. @gotabayaR will remain a citizen of the United States of America and will not be able to function as President even if he is elected into office.

Link to the publication – https://www.govinfo.gov/content/pkg/FR-2019-11-12/pdf/2019-24474.pdf

P: S Document was signed on the 30 th Oct they keep it on the site for 12 days , it’s like a gazette , 12 days taken for public to view online and to contest any details on such time , 12 nov is the date the notice will be issue and becomes official !

 

නොවැම්බර් 16 වෙනිදා ලංකා කේන්ද්‍රයේ තත්කාලය හා ග්‍රහ පිහිටිම අනුව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ අභිබවා ජයග්‍රහණය කරන බව ප්‍රවීන නක්ෂත්‍රවේදීන් පවසනවා.

ඒ අනුව සජිත් ප්‍රේමදාස ගේ හා ගෝඨාභය රාජපක්ෂගෙ ග්‍රහ පිහිටීම් අනුව හා ලංකා කේන්ද්‍රය අනුව මෙතක් ලංකාවේ ජනාධිපති වී ඇත්තේ සෙනසුරු බලවත් පුද්ගලයෙක් බවයි එම ජෝතීෂ්‍යවේදින් පවසන්නේ.

සජිත් ප්‍රේමදාස හා ගෝඨාභය රාජපක්ෂගේ කේන්ද්‍ර සටහන්

 

2019නොවැම්බර් 16දිනට පවතින තත්කාල කේන්දර සටහන් වන සජිත් ප්‍රේමදාස මහතාගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේද ලංකා කේන්ද්‍රයකසටහන් ඉහත දක්වා ඇත.කේන්ද්‍ර සටහනට අනුව ගත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට එදිනට පවතින්නේ රාහුගේ මහ දශාවේ සඳුගේ අතුරු දශාවයි ගෝටාභය මැතිතුමාගේ උත්පත්තියේ රාහු ග්‍රහයා සතුරු වී සිට ඇති අතර ඒ සතුරු වූරාහුගේ මහ දසාව මෙදිනට පවතී අතුරුදසාව වනුයේ සඳු ග්‍රහයා උත්පත්තියේ සතුරුව ග්‍රහයා රාහු සමඟ සම්බන්ධව පස්වැන්නේ තැන්පත්ව තිබී ඇත. තත්කාල කේන්දර සටහනේ සඳු හා ගුරු අටවැන්නේ තැන්පත්ව ඇත.

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කේන්දර සටහනට අනුව දැන් ඔහු ගත කරන්නේ සෙනසුරු මහ දශාවේ සිකුරු මහ දශාවයි. උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ගත්කල සෙනසුරු ග්‍රහයා දහවැනි භාවයේ සමව තැන්පත් වී ඇත. අතුරු දශාව වන සිකුරු ග්‍රහයාමිථුන ලග්නයට යෝගකාරක  කාරක සිකුරු ග්‍රහයා උත්පත්තියේදීම එතුමාගෙ අටවැන්නේයමිත්‍ර ව ඇත.

එම අනුව ගත්කළ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඇත්තේ සෙනසුරු මහ දශාවේ සිකුරු අතුරු දශාවයි ගෝඨාභය මහතාට ඇත්තේ රාහු මහ දශාවේ සඳු අතුරු දශාවයි.

ඒ අනුව ලංකා කේන්ද්‍ර සටහන ගත් කළ එහි ලංකාධිපති වන්නේ සෙනසුරු ග්‍රහයාවේ. මෙන්න මේ සෙනසුරු ග්‍රහයා රටේ විධායක ජනාධිපතිවරු බිහිකිරීමේ දී ප්‍රධාන තැනක් හිමිකර ගනී.

මෙතෙක් ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන් ජයගෙන ඇත්තේ සෙනසුරු බල බලසම්පන්න අපේක්ෂකයා.

එම න්‍යාය බිහිවූවිධායක ජනාධිපතිවරු හය දෙනාටම මෙම සෙනසුරු ග්‍රහයා බලපා ඇත ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපති සෙනසුරු වේ.එනම්ලංකාවේ ලග්නය කුම්භ වේ.කුම්භ අයිතිකාරයා සෙනසුරු වේ. එනම් මෙහි රජවරු බිහි කිරීමේදී සෙනසුරුගේ අනුමැතිය රජුන්ට අනිවාර්‍යවේ. මෙම කරුණු සියල්ල හේතු කොට ගෙන තමාට සතුරු වූ රාහු ග්‍රහයාගේ මහ දශාව ගෝඨාභය පරදා තමාටත් සුභ වූ ලංකා කේන්ද්‍රය ටත්  ශුභව සෙනසුරු ග්‍රහයා සජිත් ප්‍රේමදාස මහතානියත ජයක් අත්පත් කරගනී.

පාරම්පරික ගුප්ත ශස්ත්‍රඥ, ජ්‍යෝතිර්ශුරී, විද්‍යාභිමානී, කිර්ති ශ්‍රී, ආධ්‍යාත්මවේදී, දේශබන්දු, දේශශක්ති, මුලු දිවයිනටම සාම විනිසුරු රොශාන් චානක තිසේරා ගේ විග්‍රහය,

Top