Published on- Nov 9, 2019  සියලු පොහොට්ටුවාදින්ගේ, බයියන්ගේ, වහලුන්ගේ සුවහසක් ප්‍රාර්ථනා සුන් කරලිමින් ජනාධිපති අපේක්ෂක අමෙරිකානු ජාතික නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොවැම්බර් 17 වෙනිදාම සිය රට බලා යාමට මේ වන විටත් කටයුතු සූදානම් කොට ඇත.

ඒඅනුව නොවැම්බර් 17 වෙනිදා රාත්‍රියේ එනම් 18 වෙනිදා අලුයම 2.55 ට කොළඹ කටුනායක ගුවන් තොටුපොලින් ඩුබායි බලා යන එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි වෙත ගොස් එතැනින් ලොස් ඇන්ජලීස් වෙත යාමට ඔහු මේ වන විටත් ගුවන් ටිකට්පත් වෙන් කොට අවසන්ය .

අමෙරිකානු ජාතික ගෝඨාභය රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවද තම ප්‍රධාන ප්‍රතිවාදියා වන සජිත් ප්‍රේමදාස අභිබවා යාමට තමාට හැකියාවක් නොමැති බව අවබෝධ කොට ගෙන ඇති අතර බුද්ධි අංශ වාර්තා, සියළුම ඡන්ද පුරෝකතන වාර්තා අනුව සිය පරාජය ස්ථීර බව දැන දැනම එය පිළිගෙන මෙලෙස සිය රට බලා යාමට තීරණය කොට ඇති බවයි වාර්තා වන්නේ.

නොවැම්බර් 17 වෙනිදා රටින් පිටවි සියරට බලා යාමට ගෝඨාභය රාජපක්ෂ විසින් වෙන් කර ගත් ගුවන් ටිකට්පත මෙන්න,

Published on- Nov 9, 2019  ලබන සෙනසුරාදා එනම් නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයක් දෙදෙනා විසින් ලබා ගනු ඇති බවට නිරීක්ෂණය කළ වාර්තාවක් ජනාධිපති බුද්ධි අංශ විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ඊයේ රාත්‍රියේ දි ලබා දී තිබෙනවා.

එම වාර්තාව අනුව 2015 දි හංසයා වෙත ලැබුණු ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ ඡන්ද ලක්ෂ 6 ක් මෙවර හංසයාට අහිමි වී අනුර කුමාර දිසානායක වෙත හිමිවන බවට සඳහන් වේ.

එසේම හිටපු යුධ හමුදාපතිවරයාටද තවත් ඡන්ද ලක්ෂයක් පමණ ලැබෙනු ඇති එම වාර්තාව සඳහන්කරන්නේ .

එසේම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා සන්ධාන ගත වීම හේතුවෙන් බිම් මට්ටමේ පැරණි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ජනතා විමුක්ති පෙරමුණ වෙත සිය ඡන්දය ලබා දෙනු ඇති බවද තවත් කණ්ඩායමක් විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සමඟ එක්වී සජිත් ප්‍රේමදාස වෙත ඡන්දය ලබා දෙන බවද එම වාර්තා ව පෙන්වා දෙයි.

ඒ අනුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂා කරන මට්ටමේ සහය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් නොලැබෙනු ඇති බවද එම වාර්තාව පෙන්වා දෙනවා.

පසුගිය නොවැම්බර් 04 වෙනිදා එළිදැක්වූ බුද්ධි අංශ වාර්තාව අනුව සජිත් ප්‍රේමදාස ට ජයග්‍රහණය කිරීමට හැකි වන්නේ දිස්ත්‍රික්ක 11 ක් බව දක්වා තිබුණද මේ වන විට දිස්ත්‍රික්ක 13 ක් ජයග්‍රහණය කිරීමේ හැකියාව සජිත් සතු වන බවද නව බුද්ධි අංශය  වාර්තාව දක්වාතිබෙනවා .

සජිත් විසින් ජයග්‍රහණය කරන දිස්ත්‍රික්ක අතරට පොළොන්නරුව දිස්ත්‍රික්කය ද අයත්වීම විශේෂත්වයක්. පොළොන්නරුවට අමතරව මහනුවර, මාතලේ, නුවරඑළිය, යාපනය, වවුනියාව, වන්නි, කොළඹ, දිගාමඩුල්ල, මඩකලපුව ආදී දිස්ත්‍රික්ක්ක විශාල පරතරයක් සහිතව ජයග්‍රහණය කරන බව එම වාර්තාව දක්වයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස ආසන්න වශයෙන් ඡන්ද 6,732,179 ලබා ගන්නා බවද, ගෝඨාභය රාජපක්ෂ ඡන්ද  5,583,879 ලබා ගන්නා බවද එම වාර්තාවේ සඳහන් වේ.

 Published on- Nov 9, 2019 බලයට ඒමට ඕනෑම සක්කිලි වැඩක් කරන රාජපක්ෂ කඳවුර ජනාධිපතිවරණය ආසන්න වෙත්ම පරාජය වන බව හොදින්ම දැන ගෙන පරාජයියෙන් වියරු වැටි ඡන්දය දෙනවා නම් අම්මා අප්පා පවා විකුණන තත්ත්වයට පත් ව තිබේ.

පාස්කු ප්‍රහාරය දඩමීමා කර ගෙන පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ අසරණ ජනතාවගේ මල මිනි මතින් දේශපාලනයට, ජනාධිපති වීමට පැමිණි ගෝඨා තමා විසින් කිරි පොවනු ලැබූ බොදුබල සේනා, මහසෝන් බලකාය, මධුමාධාව අරවින්ද, විමල් වීරවංශම් උදය ගම්මන්පිල වැනි ජාතිවාදි අන්තවාදි නරුමයන් හරහා ලංකාවේ මුස්ලිම් විරෝධයක් ගොඩ නගමින් ලංකාව තවදුරටත් මුස්ලිම් ජනතාව ආරක්ෂිත රටක් නොවේ යන මතය සෑදීමට උත්සහ කළ ආකාරය රහසක්නොවේ .

මුස්ලිම් කඩ වර්ජනය කිරීමට, මුස්ලිම් කඩ සාප්පු ගිනි තැබීමට, වද බෙහෙත් දා ඇති බවට අසත්‍ය ප්‍රචාර යැවීම ආදි වූ ජාතියක් ජන්මයක් නැති වැඩ කරමින් රටේ සිංහල බෞද්ධ ජනතාවට පොහොට්ටු කල්ලිය පෙන්වා දුන්නේ ඔවුන්ගේ පරම හතුරා වන්නේ මුස්ලිම් ජනතාව බවය.

අදටද විමල් වීරවංශ ලා වැනි ඇට නැති දිව ඇත්තෝ ප්‍රසිද්ධ වේදිකාවල ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයින්ට අවමන් කරමින් පවසන්නේ තම අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂට ජයග්‍රහණය කිරීමට මුස්ලිම්, දෙමළ ඡන්දය අවශ්‍ය නොවන බවයි. විමල් වීරවංශ ට අනුව සියළු මුස්ලිම් හා දෙමළ ජනතාව ත්‍රස්තවාදීන් වේ.

ලෝකෙට පේන්න විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව තුළ මුස්ලිම් විරෝධයක් ඇති කරමින් සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාසය ගෝඨාභය වෙත දිනා ගැනීමට රඟපාන රාජපක්ෂවරුන් හා පොහොට්ටු වන්දිභට්ටයන් හක්කේ බුදුරැස් තිබුණට බොක්කේ ඇත්තේ දඩ මස් බව තැන තැන පොකට් රැස්වීම් තබමින්, කුඩා සම්මන්ත්‍රණ තබමින් මුස්ලිම් ඡන්දය හිඟාකමින් පෙන්වා දී ඇත.

පසුගිය අප්‍රේල් , මැයි මාස වල බෞද්ධයාගේ මුදුන් මල්කඩ මහනුවර බවට පවසමින් මහනුවරින් මුස්ලිම් ජනතාව ඉවත් කළ යුතු බව, මුස්ලිම් පාසල් නැති කළ යුතු බව, මහනුවර මුස්ලිම් ආපන ශාලාවක් හෝ තැබිය යුතු නැති බව පවසමින් මහා දේශප්‍රේමින්, බෞද්ධයන් විදියට පෙනි සිටි පොහොට්ටු කල්ලියේ මහින්දානන්ද අලුත්ගම මහනුවරට ගොස් මුස්ලිම් ජනතාවට මහනුවර නගර මධ්‍යයේ මුස්ලිම් පාසලක් පවා ආරම්භ කරන බවට ප්‍රතිඥා දෙමින් මහනුවර ගෝඨාභය 10%ක් ව ඇති මුස්ලිම් ඡන්ද ප්‍රමාණය 25% කර දෙන ලෙස ඉල්ලා සිටින ආකාරය දැක්වෙන විඩීයෝ පටයක් අපට ලැබි ඇත.

https://www.facebook.com/eweliange/videos/455103908458017/

මහනුවර තෙල් දෙණියේ හා දිගන දී ජාතිවාදී කලබල ඇති කිරීමට නාමල් කුමාරලා, ගලබොඩත්තේ ඥාණසාරලා, ඩෑන් ප්‍රියසාද් ලා මෙහෙයවූ රාජපක්ෂලා ඡන්දය වෙනුවෙන් ලබා දෙන පොරොන්දු හා ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය ට මෙම විඩියෝව එක් උදාහරණයක් පමණි.

පොහොට්ටු වේ මධ්‍ය ස්ථරය වන මන්ත්‍රිවරුන් මෙලෙස පොරොන්දු ලබා දෙනව නම් තවමත් රටට ආවරණය වී ඇති හිස්බුල්ලා, පිල්ලෙයාන්, වරදරාජා, කරුණා අම්මාන් වැන්නන් sසමග මහින්ද, ගෝඨාභය රාජපක්ෂ ඇති කරගෙන ඇති ගිවිසුම් වලින් මොන මොනවා පොරොන්දු වී ඇති ද යන්න දන්නේ ඔවුන්ම පමණි.

එබැවින් මෙවැනි ජඩ,අමන බලලෝභි දේශපාලුවන් මේ රටෙන් සදහටම තුරන් කිරීමේ අවස්ථාව ජනතාව විසින් හොදින් ප්‍රයෝජනයට ගත යුතු බව අපගේ හැගීමයි.

Published on- Nov 8, 2019 නොවැම්බර් 16 වෙනිදා යනු  මහින්ද රාජපක්ෂ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීන් නීතිවිරෝධී පාලනය පාර්ලිමේන්තුවේදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පරාජය වූ විට රාජපක්ෂවරුන් හා සගයන් ප්‍රරතිචාර දැක්වූයේ කෙසේද යන්න මුළු රටම දුටු දිනයේ වසරක සංවත්සරය බවත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව නැවතත් එදිනට රාජපක්ෂවරුන් ගෙදර යවන බවත්  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකස් සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (08) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ බිය උපදවන මැතිවරණ ව්‍යාපාරයට අති පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ඇදගෙන යාමට මහින්ද රාජපක්ෂ විසින් ගන්නා උත්සහය තරයේ ප්‍රතිකේෂ්ප කරන බවයි.

එසේම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයකින් බලය අත්පත් කර ගැනීම සඳහා වසරකට
පෙර අපේ උත්තරීතර නීතිය පාගා දැමූ දේශපාලයකුගෙන් අපගේ ස්වෛරීභාවය සහ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පිළිබඳ දේශන වලට සවන්දීම තමා ප්‍රතිකේෂ්ප කරන බව සජිත් ප්‍රේමදාස මෙහිදි පවසා තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ නිවේදනය,

ගරු මහින්ද රාජපක්ෂට මාගේ අභියෝගය

ඔබේ බිය උපදවන මැතිවරණ ව්‍යාපාරයට අති පූජ්‍ය මහානායක ස්වාමීන්වහන්සේලා ඇදගෙන යාමට ඔබ ගත් මංමුලා සහගත උත්සාහය මම තරයේ හෙළා දකිමි.

මගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු විකෘති කරමින් සහ වැරදි ලෙස නිරූපණය කිරීමෙන් ඔබ වෙනුවෙන් දේශපාලන විවාදයකට අවතීර්ණ වන ලෙස ඔබ බදාදා මෙම අති පූජ්‍ය මහානායක ස්වාමීන්වහන්සේලාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියහ.

ඔබේ දැනගැනීම සඳහා, මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපත් ලබාගත් පළමු අය අතර පූජ්‍ය මහා නාහිමිවරුන් ද විය. මට මේ රටේ ජනතාවගෙන් සැඟවීමට කිසිවක් නැත.

ඒකීය රාජ්‍යක් තුළ, උපරිම බලය බෙදා හැරීමට මම කැපවී සිටිමි. මම එය “ඒකීය නොබෙදුණු හා බෙදිය නොහැකි රටක්” ලෙස හඳුන්වන්නෙමි. ඔබට එය “ඒකීය රාජ්‍යයක්” ලෙස හැඳින්විය හැකි ය. අපගේ එකමුතුකම පමණක් නොව, මම නැවත නැවතත් රටේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී ඇත.

අපේ රාජ්‍යයේ එක්‍‍සෙත්කම, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවයට මා දකින ලොකුම තර්ජනය වන්නේ අන්තවාදීන්ගේ කල්ලියකි. ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා ඔවුන් අපේ ජනතාව බිය ගැන්වීමට හා බෙදීම ඇතුළුව ඕනෑම දෙයක් කිරීමට ඔවුන් සූදානමින් සිටී.

ඔබ මෙහෙයවන දේශපාලන සන්ධානය අපේ රට මෙතෙක් දැක ඇති සෑම අන්තවාදී වර්ගයකින්ම පිරී තිබේ.

ඔබේ සහෝදර අපේක්ෂකයාට විවාදයකට මුහුණ දීමට හෝ කිසියම් වැදගත් ප්‍රශ්නයකට පිළිතුරු දීමට ධෛර්යය නොමැති බැවින්, පහත සඳහන් ප්‍රශ්නවලට ඔහු නොදෙන පිළිතුරු, ඔබට ජනතාවට ලබා දිය යුතු ය.

1. පිල්ලයාන් සමඟ ඔබේ රහස් ගනුදෙනුව

නත්තල් උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තම දෙවියන් වහන්සේ ඉදිරියෙහි යාඟූා කරමින් සිටියදී ඔහුව මිනීමැරීම සිදුකල පිල්ලයාන්ගේසහයෝගය වෙනුවෙන් ඔබ ඔහුව නිදහස් කරන බවට පොරොන්දු විය.

පිල්ලයාන් නැගෙනහිර ජනයාගේ ළමයින් පැහැරගෙන ගොස් ඊලාම් වෙනුවෙන් සටන් කිරීමට ඔවුන්ට බල කළා. ඔබ ඔහුව නිදහස් කළ පසු ඔහු නැවත වරක් නැගෙනහිර ජනයාව බිය ගැන්වීමට පිල්ලයාන්ට ඉඩ දෙන්නේ ද?

2. වර්ඩරාජා පෙරුමාල් සමඟ ඔබේ රහස් ගනුදෙනුව

ඔබේ සහෝදරයාට පක්ෂපාතී බවට ප්‍රකාශ කල වර්දරාජා පෙරුමාල්, මහ ඇමති ලෙස නීති විරෝධී ලෙස ඊලාම් ප්‍රාන්තයක් ප්‍රකශය ට පත් කර ඊලාම් ධජය ඔසවා තැබූ අයෙකි. මෙම ඊලාම්වාදියාගේ පක්ෂපාතිත්වය දිනා ගැනීමට ඔබ පොරොන්දු වී ඇත්තේ කුමක්ද?

3. කරුණා අම්මාන් සමඟ ඔබේ රහස් ගනුදෙනුව

පොලිස් නිලධාරීන් 600 ක් මිනීමැරු, අපගේ අතිශයින්ම පරිශුද්ධ දළදා මාලිගාවාට බෝම්බ හෙලූ, සහ අරන්තලාවා හි පදිංචිකරුවන් මිනීමැරු කරුණා අම්මාන් සමඟ ඔබ ඇතිකරගත් රහසිගත ගිවිසුම කුමක්ද?

4. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සමඟ ඔබේ රහස් ගනුදෙනුව

ඔබේ පක්ෂය සෑම කඳු මුදුනකින්ම එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධිත ත්‍රස්තවාදියෙකු බව කෑගැසූ පසු, ඔබේ සහෝදරයාට දෙවන ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටීම වෙනුවට ඔබ ඔහුට ලබා දුන් රහසිගත පොරොන්දුව කුමක්ද?

නිමක් නැති ජනවාර්ගික ගැටුම්වලින් සිදු වූ විනාශය දුටු ඔබ වාගේ පරිණතභාවයකින් දේශපාලන නායකයෙකුට, ඔබේ බලය සඳහා වූ පිපාසයෙන්, පුරවැසියන් අතර බෙදීම් හා භීතියේ ගිනිදැල් වැපිරීමට හැකි වන්නේ කෙසේදැයි මට තේරුම් ගත නොහැකිය.

ජනවාර්ගික හා ආගමික බෙදීම් නොතකා, සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්වී ඉදිරියට ගෙන යාම ඔබේ සහ මගේ යුතුකම වන අතර, ඔබේ පටු දේශපාලන වාසි තකා එකිනෙකාට විරුද්ධව වීමට ඔවුන්ව පොළඹවා නොගත යුතු ය.

ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයකින් බලය අත්පත් කර ගැනීම සඳහා වසරකට පෙර අපේ උත්තරීතර නීතිය පාගා දැමූ දේශපාලයකුගෙන් අපගේ ස්වෛරීභාවය සහ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පිළිබඳ දේශන වලට සවන්දීම මම ප්‍රතික්ෂේප කරමි.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව ඔබ ව ප්‍රතික්ෂේප කළා. කර්තෘ ලසන්ත වික්‍රමතුංගේ ඝාතනයේ සංවත්සරය වන ජනවාරි 8 වන දින එමමැතිවරණය පැවැත්වීම අහම්බයක් යැයි මම විශ්වාස නොකරමි.

මෙම ජනාධිපතිවරණය නොවැම්බර් 16 වන දිනට යෙදී තිබීම ඔබේ ඉරණම විය හැකිය. ඔබේ නීති විරෝධී පාලනය පාර්ලිමේන්තුවේ දී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පරාජය වූ විට ඔබ හා ඔබේ සගයන් ප්‍රතිචාර දැක්වූ යේ කෙසේ ද යන්න මුළු රට ම දුටු දිනයේ වසරක සංවත්සරයයි.

මෙම සංවත්සරයේදී මේ රටේ ජනතාව, ඔබේ බල පිපාසයට වඩා ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන බව ඔප්පු කරනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

සජිත් ප්‍රේමදාස පා.ම.

 Published on – Nov 8, 2019 ඊයේ (07) කෑගල්ල දි පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජන රැලියට සහභාගි වීමට පැමිණි හෙම්මාතගම තරුණියක් බස් රථයක් තුළදි සමූහ දූෂණයට ලක්ව තිබෙනවා.

ගෝඨාගේ රැලියට බස් රථ මගින් සෙනඟ අද්දවා ඇති අතර අදාළ තරුණියද එලෙස රැස්වීමට සහභාගි වීමට පැමිණි අයෙකි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායකවරු යැයි කියා ගන්නා දෙදෙනෙක් හා හෙම්මාතගම සංවිධායක විසින් මෙම තරුණිය බස් රථය තුළ සිරකර ගනිමින් දූෂණය කර ඇති අතර පස්වරු 5 ට ආරම්භ කෙරුණු රැලිය අවසාන වන තුරුම එලෙස ඇයව බසය තුළම තබා ගෙන කිහිප විටක් දූෂණය කොට තිබෙනවා.

පසුව එම තරුණිය රෝහල් ගත කොට ඇති අතර අදාළ සැකකරුවන් අත්තඩංගුව ගැනීමටද ඊයේම පොලිසිය ක්‍රියා කොට තිබෙනවා.

ඊයේ රාත්‍රියේම තරුණියගේ නිවස වෙත කඩා වැදුණු ගෝඨාගේ මැර කණ්ඩායමක් එම තරුණියගේ පවුලේ සමාජිකයන්ට තර්ජනය කොට එම සිද්ධිය පොලිසියෙන් ඉවත් කර ගන්නා ලෙස පවසා ඇති අතර එසේ නොකළ හොත් නිවස ගිනිබත් කොට පවුලේ සාමාජිකයන් සියල්ල මරා දමන බවටද තර්ජනය කොට ඇත.

එසේම තමා දූෂණය ට ලක් නොවුන බවට පොලිසියේදි පවසන ලෙස පවුලේ සමාජිකයන් ලවාම අදාළ තරුණිය වෙත බලපෑම් කිරීමට මෙම කණ්ඩායම ක්‍රියා කොට තිබෙනවා. ඒ අනුව අද පොලිසිය විසින් දූෂණයට ලක් වූ තරුණියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදි තම පවුලේ සමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඇය තමා කැමැත්තෙන් අදාළ පුද්ගලයන් හා ලිංගික සංවාසයේ යෙදුණු බවට ඇය පොලිසිය වෙත පවසා ඇත.

මේ අතර මේ සිදුවීම සම්බන්ධයෙන් තවත් කතාවක් මේ වන විට නිර්මාණය කොට ඇති අතර එයට අනුව ගෝඨාගේ රැලියට සහභාගි වීමට ගිය මෙම තරුණිය සහ ඇයගේ මව මන්ද මානසික වන අතර රැලියට සහභාගි වී එන අතරතුර හෙම්මාතගම, අල්පිටිය, බලවත්ගම කැලෑබද ස්ථානයකදී බස් රථයෙන් පිටතට තරුණිය රැගෙන ගිය 23 හැවිරිදි තරුණයෙක් විසින් මෙමම් දූෂණය කර ඇති බවය.

එම කතාව දේශපාලන වාසි වෙනුවෙන් නිර්මාණය කෙරුවක් වුවත් තරුණිය දූෂණය වී ඇති බව එහි ඇති සත්‍යයයි.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කොට ගෙන ඇති අප දේශපාලන වාර්තාකරු සඳහන් කළේ මෙම සමූහ දූෂණය කළ කණ්ඩායම හිටපු අමාත්‍ය මහීපාල හේරත්ට සම්බන්ධකම් පවත්වන පිරිසක් බවයි. ඒඅනුව අද උදෑසන මහිපාල හේරත් ගේ පුතා වන පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි කනක හේරත් එම තරුණියගේ පියා කැඳවා මෙම පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙස ලක්ෂ දහයක ඇති බවට සඳහන් ලියුම් කවරයක් පියාගේ අතට ලබා දී ඇති අතර. එම මුදල ඇතුලත් ලියුම් කවරය කනක හේරත් ලබා ගෙන ඇත්තේ එවෙලෙහි එතැන සිටි බැසිල් රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකවරයාගෙන් බවයි අප දේශපාලන වාර්තාකරු සඳහන් කලේ.

පසුව එම ස්ථානයෙන් ඉවත් යමින් තරුණියගේ පියා එම මුදල ගැන බලා ඇති බවත් එවිට එහි ඇත්තේ ලක්ෂ 9ක් බව තහවුරු කර ගැනීමෙන් පසුව පියා නැවතත් කනක හේරත් හමු වී ඇති බවත් ලක්ෂ 10 කට පැමිණිල්ල ඉල්ලා අස් කරගත නොහැකි බව පවසා ඇති බවත් වාර්තා වේ.

පොහොට්ටුව දැන් නිර්මාණය කරන්නේ එම තරුණිය තම පෙම්වතා සමඟ ලිංගිකව හැසිරුණු බවට යි. නමුත් තම පෙම්වතා හෝ  සැමියා හෝ සමඟ ලිංගිකව හැසිරෙන කිසිවෙක් ඒ බව පොලිසිය වෙත ගොස් පැමිණිලි නොකරන බව ප්‍රයෝගික කරුණයි. එසේ වූවා නම් දිනකට කෝටි ගණනින් සිදුවන ලිංගික හැසිරිම් වල පැමිණිලි ලියා ගැනීමට වෙනම පොලිසියක් හැදීමට සිදුවනු ඇත.

එබැවින් ලංකා නිවුස් වෙබ් අප පවසන්න්නේ මෙම තරුණිය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කළ යුතු බවයි. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වී මෙම සිදු වීම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තා හා DNA වාර්තා කැදවා වැරදි කළ පිරිසට දඬුවම් ලබා දීම කල යුතු බවයි.

මුදල වෙනුවෙන් රඟ පාන පසුව එම ප්‍රසිද්ධිය හරහා මාධ්‍ය සාකච්ඡා පවත්වා ලංකාවේ මිනිස්සුන්ගේ මොලවලටට විෂබීජ දමමින් ගෝඨා බලයට ගෙන ඒමට දඟලන සංජීවනීලා, නිල්මිනි ලා, කුසුම් රේණුලා පතන්නේ මෙවන් අනාගතයක් සහිත ශ්‍රි ලංකාව ක්ද?

රටේ සනීපාරක්ෂක තුවා අවශ්‍යතාව ය පිළිබඳව කතා කිරීමේදි එය ලැජ්ජා බයට කාරණයක් බව කියා ගනිමින් පතිවත ලෝකයට පෙන්වීමට උත්සහ දරන සංජීවනි වැනි කාන්තාවන්ගෙන් මේ පොහොට්ටු සල්ලාලයන් අමු අමුවේ ගැහනියක්ගේ ආත්ම ගෞරවය විනාශ කිරීම හා තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව නීතිය ඉදිරියට යාමට ඇති මාර්ගය පවා අවහිර කිරීම ලැජ්ජා වෙන්න කරුණක් නොවේදැයි විමසිය යුතුමය.

රාජපක්ෂ රෙජිමය බලවත් කාලයේ සියලුම කාන්තාවන් ලිංගික භාණ්ඩ ලෙස සලකමින් කටයුතු කළ මෙවැනිම රාජපක්ෂලාගේ දේශපාලන පිල්ලි සිටි බවද අමතක නොකළ යුතුය. 2011 දෙසැම්බර් මස25 වෙනිදා තංගල්ලේ හෝටලයක්දි කුරාම් ෂේක් නම් තරුණයා ඝාතනය කොට ඔහුගේ සහකාරිය, වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා දූෂණය කළේද එලෙස රාජපක්ෂ බලයෙන් ඔලුව උදුම්වා ගත් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු හය දෙනෙකු බවද අමතක නොකළ යුතුය.

Published on –Nov 8, 2019  2019 ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 08. තවත් සතියකින් ලංකාවේ දිශානතිය නව මානයක යොමු වනු ඇති. මැතිවරණය සඳහා අපේක්ෂකයක් 35 දෙනෙකු ඉදිරිපත් වූවද තරගය ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස අතර ය.

මහා ඉහළින්, මහ මුදල් සම්භාරයක් යට කරමින් ආරම්භ කෙරුණු ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය පරදා කෙලින් කතා කරන රටට හිතවාදි, ප්‍රජාතන්ත්‍රවාදී සජිත් ප්‍රේමදාස දිනෙන් දින ගෝඨාභය පරයමින් ජනතාවගේ හදවත් වෙත ලං වෙන බව සියළුම මැතිවරණ පූර්ව විචාරකයින් නීරීක්ෂණය කොට ගෙන ඇති අතර ජාතික හා ජාත්‍යන්තර බුද්ධි අංශ දිනෙන් දින එය තහවුරු කරමින් සිටියි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන බොහෝ පිරිසක් මේ වන විට කොන්දේසි විරහිතව ගිවිසුම් රහිතව  ම සජිත් ප්‍රේමදාස වෙත සහය පල කිරීමට ඉදිරිපත් වීම රාජපක්ෂ පිල නොසන්සුන් කිරීමට සමත් වූ අතර පසුගිය 03 වෙනිදා දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාස වෙත ලබා දීමට තීරණය කොට ඊයේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂ සියල්ලේම නායකයින් විසින් එය ලිඛිතව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟම රාජපක්ෂ පිළේ නොසන්සුන්තාවය පරාජයේ වියරුව බවට පරිවර්තනය වී ඇත.

වරදරාජා පෙරුමාල්, තොන්ඩමන්, හිස්බුල්ලා, පිල්ලෙයාන් අතර ඇති කරගත් ගිවිසුම් තියා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ ඇති කර ගත් ගිවිසුම් හා කොන්දේසි පවා රටට හෙලි නොකොට වසා ගනිමින් රටේ අනාගතය තීරණය කරන්නට උත්සහ කරන රාජපක්ෂවරුන්ට කිසිදු කොන්දේසියකින් තොරව දෙමළ ජාතික සන්ධානය සජිත්ට සහය දීම මරු පහරක් විය.

ඊයේ TNA විසින් නිකුත් කළ නිවේදනයේ තම සන්ධානය සජිත් සහය දැක්වීම හා ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිකේෂ්ප කිරීමට බලපෑ හේතු සාධාක පැහැදිළිව පෙළ ගස්වා තිබූ ආකාරය අනුව පැහැදිළි වූයේ වෙනත් කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට නොතිබු ගැම්මක්, ශක්තිමත් කොන්දක්, සජිත් සතුවීම එම තීරණයට බලපෑ බවයි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින්ම් ලිඛිතවම රටටම පේන්න ලංකාවේ ඒකීයභාවය පිළිගත් එකම ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව TNA පව පිළිගෙන තිබීම හා ඒකිය රටක් තුළ සමගියෙන් ජීවත් වීමට, ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත් වීමට ඔවුන්ද එකඟ වී ඇත.

මේ දෙමළ ජාතික සන්ධානය අනාගත ජනාධිපතිවරයා සතු විය යුතු බවට අපේක්ෂා කරන ගති ගුණ වන අතර එය ඇත්තේ සජිත් ප්‍රේමදාස සතුව පමණක් බව අවිවාදයෙන් පිළිගෙන ඇත.

උතුරේ ඡන්ද වර්ජනයක් සිදු වී හෝ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වෙත දෙමළ ඡන්ද නොලැබෙන බවට සිතා සිටි රාජපක්ෂලාගේ පාරාජයේ වියරුව මෙම නිවේදනය සමඟම ප්‍රචණ්ඩත්වය යොමු වී ඇති අතරම පෙර පුරුදු ලෙසම උතුරේ ජනතාව බිය වද්දා ඔවුන්ගේ ඡන්දය සජිත් ප්‍රේමදාස වෙත නොලැබෙන තැනට වැඩ කිරීමට මේ වන විට සැළසුම් කොට ඇත.

ඒ අනුව හිටපු කොට් නායක හා මේ වන විට මඩකළපුව බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන් විසින් මෙහෙයවන 35 දෙනෙකුගෙන් සමන්විත මැර කල්ලියක් හා වරදරාජා පෙරුමාල් විසින් නායකත්වය ලබා දෙන තවත් කුලි මැරයන් පිරිසක් මේ සඳහා යොදවා ඇති අතර උතුරු නැගෙනහිර ප්‍රාදේශිය සංවිධායකවරුන් හා ජනතාව බිය ගන්වමින් ඔවුන්ව ඡන්දය ලබා දීමට ඡන්ද පොලට වෙත නොයැවීම හෝ සජිත් වෙත ඡන්දය ලබා දීම වැළැක්වීම එම මැර කණ්ඩායම් වෙත ලබා දී ඇති නියෝගය වේ.

මේ සියලු මෙහෙයුම් මෙහෙයවීමේ වගකීම ගෝඨා විසින් භාර දී ඇත්තේ ගෝඨා බලයේ සිටි කාලයේ සිට සියලු ජඩකම්, මැරකම් මෙහෙයවූ හෙන්ද්‍රාවිතරාණ වෙත වන අතර මෙතක් කොළඹ සිට ක්‍රියාත්මක වූ ගෝඨාභයගේ මිනිමරු කුලී භටයන් පිරිසක් මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට යොදවා ඇත.

මේ මෙහෙයුමේ තීරණ ගැනීම හෙන්ද්‍රාවිතාරණ විසින් ගනු ලබන බවත් පිල්ලේයාන්, වර්දරාජා හා ගෝඨාගේ කුලි මැරයන් ඔහුට වගකියනු ලැබේ. ගෝඨා මෙහෙයුමට සම්බන්ධ වන්නේ හෙන්ද්‍රා හරහා ය.

මේ සැළැස්ම ක්‍රියා කිරීමට පෙරම බන්ධනාගාරයටම ගොස් පිල්ලෙයාන් බලා ගිනි අවුලා ආ මහින්ද තොත්ත බබා සේ පසෙකින් හිද පිල්ලෙයාන් හා වරදරාජා හරහා උතුරේ ජනතාවගේ ඡන්ද අයිතිය විනාශ කිරීමට උත්සහ කිරීම පිළිකුල් සහගතය.

අද උදෑසන වන විට මෙම මැර කණ්ඩායම් දෙක පිළිබඳව තොරතුරු බුද්ධි අංශ විසින්ද තහවුරු කොට ගෙන ඇති අතර ජාතික ආරක්ෂාව ත්‍රස්තවාදයේ නාමයෙන් විනාශ නොවීමට උතුරේ ආරක්ෂාව තර කිරීමට මේ වන විට ක්‍රියාත්මක වෙමින් ද පවති.

Published on: Nov 7, 2019- මැතිවරණ කොමිසමේ සභාපතිගේ උණ ගත් පිරිසක් ජාතික රූපවාහිනියට පැන සේවකයන් භීතියට පත්කිරීමේ සිද්ධියක් අද සවස සිදුව ඇති බව අප කොළඹ දේශපාලන වාර්තාකරු සදහන් කළා.අද සවස MCC ගිවිසුම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවිරගේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ජාතික රූපවාහිනිය විසින් මුදල් අමාත්‍යාංශයේදි සිදුකර ඇති අතර පසුව එහි සංස්කරණය කිරිම සවස ජාතික රූපවාහිනියේ සංස්කරණය අංශය තුල සිදුකරමින් සිට තිබේ.

ඒ සමගම සුදු පැහැති වෑන් රථයකින් පැමිණී පිරිසක් තමන් මැතිවරණ කොමිසමේ නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් ප්‍රධාන පාලක මැදිරිය ඇතුලු දැඩි ආරක්ෂිත ප්‍රදේශ වලට ඇතුල් වි එහි සිදුවන දැ දුරකතන භාවිතයෙන් පටිගත කර තිබේ.පසුව ඉහළ කලමනාකාරිත්වය එම කණ්ඩායමේ අන්‍යයතාව සම්බන්ධයෙන් දිගින් දිගටම විමසා ඇති අතර පසුව මැතිවරණ කොමිසමෙන් කල විමසිමක්දි එවන් කණ්ඩායමක් එවා නැති බවට සදහන් කර තිබේ.

ඒ සමගම ජාතික රූපවාහිනියේ ප්‍රධාන ගේට්ටුව වසා දමා ආරක්ෂක අංශ කැදවා ඔහුන් රදවා ගැනිමට කටයුතු කර තිබේ.පසුව පැයකට පමණ පසු මැතිවරණ කොමිසමේ නං පචං සභාපති මහින්ද දේශ්‍රප්‍රිය එම ස්ථානයට පැමිණ සිය සුපුරුදු චණ්ඩිකම් ප්‍රදර්ශනය කර ආරක්ෂක නිලධාරින්ට මෙන්ම ආයතනයේ නිළධාරිටද බැණ වදිමින් රදවාගෙන සිටි කණ්ඩායම ඉවතට ගෙන තිබේ.

අදාළ කණ්ඩායමට මංගලගේ සංවාදය සම්බන්ධයෙන් ලැබුන පොහොට්ටු කාරයෙකුගේ පැමිණිල්ලකට අනුව අදාළ මැතිවරණ මැර කණ්ඩායම කඩා පැන ඇති අතර ඔහුන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන මැතිවරණ කාර්යාලය නිලධාරින් පිරිසක් බව අනාවරණය වි තිබේ.

පසුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජාතික නාලිකාවේ ඉහළ කළමණාකාරිත්වයෙන් සමාව ඉල්ලා ඇති අතර පටිගත කරන ලද දුරකතන සියල්ලද රූපවාහිනියේ ආරක්ෂක අංශ වෙත ලබාදි තිබේ.

හිරූ,දෙරණ නාලිකා කක්කුසී කටවල් මෙන් අසත්‍ය පතුරුවමින් මාධ්‍ය ගණිකා වෘත්තීයේ යොදවමින් සිටියදි ඒ දෙස නොබලා පුස් පැටියෙකු මෙන් කෙදිරී ගාන මහින්ද ජතික නාලිකා ඉදිරියේ දත් විලිස්සා ගනිමින් හපා කැමට පැණිම ලැජ්ජාවට කරුණක් බව මහින්ද මතක තබාගත යුතුය.

Published on – Nov 7, 2019 2012 වතතෙක් අවුරුදු ගණනාවක් මහින්ද රාජපක්ෂ ඇතුළු සහෝදර සමාගමේ හා පුත්‍ර සමාගමේ සියලු ජඩකම්, මැර කම් දැන සිටි එම ජඩකම් මැරකම් වලට සිය පණ දෙවනි කොට සහය දැක්වූ මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන නිල නොවන ආරක්ෂක මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී.ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට අද (07) තංගල්ල මහාධිකරණ විනිසුරු මරණ දණ්ඩණය නියම කළා.

ඒ මීට වසර හතකට පෙර කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට ගොනු කළ චෝදනා සාධාරණ සැකයෙන් තොරව අධිකරණය ඉදිරියේ ඔප්පු වීමත් සමඟ ය.

එදා අමරේ කටුවන රැස්වීමට කඩා පැන්නේ ඔහුගේ තිබු ඇඟේ අමාරුවකට නොවේ. ඔහු ඉටු කළේ මහින්ද රාජපක්ෂගේ කොත්ත්‍රාත්තුවයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන රැස්වීමක් පැවැත්වෙමින් තිබියදී යතුරු පැදි හතරකින් තවත් සහචරයන් පිරිසක් කැටුව පැමිණි ජූලම්පිටියේ අමරේ ඉවක් බවක් නැතුව වෙඩි තබා රැස්වීමට පැමිණි පිරිස විසුරුවා හැරීමට  හා තවත් මහින්ද රාජපක්ෂට එරෙහිව ජන්ද රැස්වීමට වලට නොයන්නට පාඩමක් උගන්වන ලෙස ලැබුණු රාජපක්ෂ අණ ඉටුකළා .

එහෙත් එම කොන්ත්‍රාත්තුව නිසා අසරණ කාන්තාවකට සහ තරුණයෙකුට සිය ජීවිතය අහිමි වුණා. අමරෙට අද දඩුවම් ලැබුණේ එම වරදටය.

අධිකරණ තීන්දුව ලැබී එලියට පැමිණෙන අමරේ බන්ධනාගාර බස් රථයට ගොඩ වන්නට පෙර අමරේගේ නීතිඥවරයාගේ දුරකතනයට ඇමතුමක් එන්නේ අමෙරේ ගේ ලොකු බේබි නාමල්ගෙනි.

“අමරේ බය වෙන්න එපා. 16 වෙනිදාට බාප්පා ජනාධිපති වෙනවා. ඊට පස්සේ අමරේ නිකම් ම එළියේ.” ඒ නාමල්ගේ පොරොන්දුවයි. අමරේ බස් රථයට ගොඩ වන්නේ වෙනත් මරණ දණ්ඩනය ලැබු අපරාධකරුවෙකු ලෙස නොවේ. සිනා මුසු මුහුණින්‍ ය. ඔහු ඒ තරමට සිය ලොකු බේබිගේ පොරොන්දුව විශ්වාස කොට ඇත.

රාජපක්ෂවරුන් මෙලෙස රකින මේ ජූලම්පිටියේ අමෙරේ කියන්නේ කවුද?

ගීගනගමගේ අමරසේන හෙවත් ජුලම්පිටියේ අමරේ 2002 වසර වන විටත් තංගල්ල බන්ධනාගාරයේ රඳවා තිබුණේ ඝාතන 22 – ස්ත්‍රී දූෂණ 11 – කොල්ලකෑම් 13 කට සම්බන්ධ පාතාල ලෝකයේ කෙරුම්කාරයෙක් ලෙසය.

2002 ජූනි කෙළවර ඔහු ‘තංගල්ල බන්ධනාගාරයේ කැරැල්ලක් පටන් ගත්තේ ය. කැරැල්ල දරුණු වෙත් ම ඔහු බලන්නට 2002 ජූලි 01 වෙනි දා,එක්තරා පුද්ගලයෙක් බන්ධනාගාරයට ආවේ ය.

“අමරේ මම ඇවිත් ඉන්නේ, බය නැතුව එළියට එන්න”

කටහඬින් ඒ කවුදැයි හඳුනාගත් අමරේ එළියට ආවේ ය.

අමුත්තා ‘මහින්ද රාජපක්ෂ’ ය.

නාටකයක් වගේ පෙනුණත් මේ කතාව ඇත්ත ය.

එවක ඔහු විපක්ෂ නායකයා ය. පසුව ඔහු මෙරට විධායක ජනපති ය. එකල අමරේ නිදැල්ලේ හුන් පාතාල සෙන්පතියෙක් බවට පත් විය.

පොලිසියට යුද හමුදාවට, පොලිස් විශේෂ කාර්ය බළකායට හෝ අධිකරණයට මෙල්ල කළ නොහැකි දඩ බල්ලෙක් පරිද්දෙන් ‘අමරේ’ සැරිසරුවේ ය. ටී.56 අවිය අත දරාගෙන හෙතෙම යුව රජෙක් පරිද්දෙන් සැරිසැරුවේ ය. පාලකයාගේත්, ඔහුගේ පුතුන්ගේත් ‘ආශිර්වාදයෙන්’ හෙතෙම ස්වකීය ‘තක්කඩිකම්’ සුවපහසුවෙන් ම කරගෙන ගියේ ය. යුද හමුදා ඇඳුමින් සැරසී ටී 56 ගිනි අවියක් සහිත ව මහ දවල් දඩාවතේ ඇවිදින ඔහු වෙඩි නොවදින ඇඳුමක් ටී 56 ගිනි අවි කිහිපයක් වෙඩි නොවදින හෙල්මටයක් ප්‍රභූ ආරක්ෂාව සඳහා භාවිත කරන මිනියුසි වර්ගයේ ගිනිඅවියක් සහ අත්බෝම්බ ද සන්තක ව සිටි අමරේ සැබවින්ම රාජපක්ෂ රාජධානියේ සෙන්පතියෙක්මවිය .

1998.06.08 දින ජුලම්පිටිය අන්දිරිස්වත්ත නිවසේ සිටි ශ්‍රී ලංකා කාල තුවක්කු රෙජිමේන්තුවේ සේවය කළ අබේවර්ධන කංකානම්ගේ කීර්ති නිවසට නුදුරින් මහපාරේදී මරා හිස කඳන් වෙන් කරන්නට මැදිහත් වූයේ ‘අමරේ ය. මියගිය සෙබළාට උත්තමාචාර දීමට පාබල හමුදා බට පිරිසක් කීර්තිගේ නිවසට පැමිණියේ ය. එදින රාත්‍රී සෙබළාගේ නිවසට පැමිණි අමරේ අත්බෝම්බයක් දමා ගැසීය.

මළගෙදර උන් සියල්ලන් සීසී කඩ විසිර ගිය අතර හමුදා අනුඛණ්ඩය තමන් ආ බසයේ ම නැඟී යළි කොළඹ ගියේ ‘මහ රජුගේ අඩවියේ’ ‘අමරේ’යුව රජු හින්දා ය.

අමරේගේ ‘හයියෙන්’ සදාකාලික අබ්බගාතයන් කළ පිරිස 61 ට වැඩි බව කියැවේ.

අබේවර්ධන කංකානම්ගේ සිරිසේන (65) හෙවත් අන්දිරිස් පුංචි මහතා මිය ගිස සෙබලාගේ පියා ය. පුතාගේ මරණයට යුක්තිය ඉල්ලු ඔහුට ජුලම්පිටිය අමරේ සිය ගෝලයන් ලවා ‘මරණ වරෙන්තුව’ ගෙනාවේ ය. 2008.02.24 දින ඔහු ව මරා දැම්මේය. වෙඩි වැදුණු මව තවමත් අබ්බගාත ය. ගේ ගිනි තැබූ අතර ඒවාට නඩු නැත.

පසු කලෙක, නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු ඔහු වෙනුවෙන් සරොම් ලබාදීමට ඉදිරිපත් වූයේ ද රාජපක්ෂලා විසින් පෝෂණය කරමින් ආරක්ෂා කරමින් හැඩි දැඩි කළ ජූලම්පිටියේ අමරේ ය.

එවක, අමරෙලා කළ සැහැසිකම් වලින් අඩක් වත් මෑතක සිදුව නැත. 2011 මැයි මාසයේ දිනක ජුලම්පිටිය පොල්කොරටුව නිවසට පැන්න අමරේ නිවස තුළ පුද්ගලයකු මරා අවුරුදු 9ක දරුවාට වෙඩි තබා තුවාල කළේ ය. අදත් ඔහු පසු වන්නේ එකී කම්පනයෙනි. එහි නඩු අංකය 125/2008 ය.

එහෙත් සියල්ල යට ගොස් ය. 2001 දී ජුලම්පිටිය පන්සල පාරේදී නිශාන්ත කුමාර නමැති තරුණයකු අමරේ විසින් මරා දැමූ බවට නඩුවක් පවතී.අදාළ නඩු අංකය 86/2002 ය. 18/2006,22/2003, 59/2006 යන නඩු අංක ඇත්තේ පුද්ගල ඝාතනවලට අදාළ ව ය.

2011 අප්‍රේල් 10 තණමල්විලදී පුද්ගලයකුට පහර දී ඔහුට අයත් වෑන් රථය අමරේ විසින් ම ගිනිබත් කළ අතර 2012 පෙබරවාරි 23 තණමල්විල දී ගවපට්ටියක සේවය කළ හක්මන කොන්ගහගේ පියදාසට (65) පහරදී අතපය කඩා අබ්බගාතයකු බවට පත් කළේය .

මේ අමරේගේ පැටිකිරියයි. රාජපක්ෂ ලාට අමෙරේ වටින්නේ නාමල් රාජපක්ෂ පරම්පරාව දක්වා ඔහුගෙන් වැඩ ගත හැකි බැවිනි. රාජපක්ෂ ලා රැකෙන්නේ ජනතාවගේ බිය තුළ ය. ප්‍රචණ්ඩත්වය තුළය, ජාතිවාදය , අන්තවාදය තුළය. ඒ සියල්ල ලංකාව පුරා වපුරවන්න නම් අමරේලා තව තවත් අවශ්‍ය ය. රාජපක්ෂ කුටුම්භය ඉහලට ඔසවන ගල් කණු වන්නේ අමරේ ලාය. එබැවින් ඔවුන් නැති කර ගැනීම රාජපක්ෂ ලාට ලේසි නොවේ.

 

Published on: Nov 7, 2019-ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහය පල කරන නළු නිලියන් පිරිසක් විසින් ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා.

එහිදි තම කුසලතාව ගැන, ප්‍රවීනත්වය ගැන මහා ඉහළින් කතා කරන සංජීවනි වීරසිංහ මාධ්‍ය වෙත අදහස් පල කළා.

ඇය එහිදි සඳහන් කළේ කාලයකට පෙර ඇයටද සනීපාරක්ෂක තුවා දැන්වීමකට ආරාධනා ලැබුණු බවත් ඇය ලැජ්ජා බයට හැදිච්ච කාන්තාවක් නිසා දැන්වීම බාර ගැනීම අදිමදි කරමින් සිටියදි තම සැමියාගේ සාධනීය කිරීම් නිසා දැන්වීම භාර ගත් බවත් ය. දැන්වීම රූ ගත කරන දිනයේ දැන්වීම වෙනුවෙ ඇය ඉල්ලූ ලක්ෂ ගණනක මුදල රඟපෑම ආරම්භ කිරීමට ද පෙර ඇයට ලැබුණු බවද තමා එය ලබා ගත් බවද සඳහන් කළ ඇය සාර්ථකව දැන්වීම රූගත කොට අවසන් වූවද එය ප්‍රචාරය නොවුනු බවත් සඳහන් කළා ය. දැන්වීම ප්‍රචාරය නොවීමට හේතු විමසීමේදි ඇයට දැන ගන්නට ලැබුණේ එම සනීපාරක්ෂක තුවා වල වද බේත් ගැල්වීම අසු වී එම ආයතනය වසා දැමු බව  සඳහන් කරන ඇය පෙන්වා දුන්නේ මෙම ප්‍රකාශය ඉතා වගකීමෙන් පවසන බවත්  ය.

සංජීවනි වීරසිංහ ගේ ප්‍රකාශය වඩාත් පැහැදිලි ව ඇසීම වෙනුවෙන් එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝ පටය පහතින් අමුණා ඇත.

 

සංජීවනි වීරසිංහ ගේ මේ ප්‍රකාශය සමඟ මතුවන ප්‍රධාන කරුණු දෙකකි….

එනම් එහි පළමුවැන්න වන්නේ මෙම කතාව සත්‍ය නම්, සංජීවනි පවසන ආකාරයටම ඇය මෙතරම් ජාති ප්‍රේම්, දේශ හිතෙෂි කාන්තාවක් නම් ඇය කළ යුතුව තිබුණේ අදාළ සනීපාරක්ෂක තුවා ආයතනයේ මහත්වරුන් විසින් උදේ පාන්දර ගෙනත් වුන් සල්ලි කුට්ටිය තුරුල් කර ගෙන නිහඬව සිටීම නොව එම සනීපාරක්ෂක තුවා පිළිබඳව දැන ගත් මොහොතේම ඒ පිළිබඳව පොලිසියට හෝ අදාළ නෛතික අංශ වෙත දැනුම් දීමයි. රටේ ගැහැනුන් වෙනුවෙන් දැන් කිඹුල් කඳුළු හෙලන මෙම ගැහැනියගෙන් ඇසිය යුත්තේ වඳ දොස්තරලාට සුදු හුණු ගාන බවට චෝදනා කරන ඇය සල්ලි කුට්ටියට වහල් වී ලංකාවේ කාන්තාවගේ සනීපාරක්ෂාව බලවත් ලෙස අනතුරේ දැමූ බව නොවේද? එසේම අවුරුදු ගණනාවක් මේ සිද්ධිය සඟවා සිටීමෙන් ඇත කර ඇත්තේ වරදකට අනුබල දීම හෝ වරදක් සැඟවීම වැනි නෛතික ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම නොවේද? එසේ නම් තමාගේ වාසියට රට දැය ගැන කැක්කුම පෙන්වන සංජීවනි එකදු පැමිණිල්ලක් පොලිසිය වෙත හෝ අදාළ නීති අංශ වෙත නොකිරීම පිළිබඳව නීතිය හමුවට ගෙන ආ යුතුමය.

දෙවැනි කරුණ වන්නේ ජාත්‍යන්තර වශයෙන් පර්යේෂණ පවා සිදු කොට එලෙස ආලේපනයන් මගින් හෝ වෙනත් ද්‍රව්‍ය ගැල්වීම හරහා පුරුෂයෙක් හෝ කාන්තාවක් වඳභාවයට පත් කිරීමට නොහැකි බව නැවත නැවතත් තහවුරු කරමින් පවතිද්දී ඇය මෙලෙස හිතා මතාම ද්වේශ සහගත ප්‍රකාශ කිරීම හරහා රටේ තවත් ජන කොටසක් කෙරෙහි වැරදි ආකල්ප ප්ඇති කිරීමයි. ඒ හරහා සංජීවනි ජාතිවාදය ඇවිස්සීම නම් වරද කරමින් රටේ නීතිය හා සාමය අනතුරේ දැමීමට සaජුවම සම්බන්ධ වෙමින් පවති. අනෙක් අතට පාස්කු ප්‍රහාරයෙන් පසුව සිංහල ජාතිය වඳ කරන බවට චෝදනා කරමින් මුස්ලික් ජාතිකයන්ට එල්ල කළ විරෝධය හරහා රටේ මුස්ලිම් විරෝධයක් ඇති වී නැවත ජාතිවාදී කලබල ඇති කිරීමේ වාතාවරණයක් නිර්මාණය වී තිබූ පසුබිමක ඇය වැනි පුද්ගලයෙක් විසින් මෙලෙස ප්‍රසිද්ධියේ නැවතත් එවන් ප්‍රකාශ කිරීම හරහා සිදු වන්නේ මෙරටේ ජාතිවාදී අර්බුද නිර්මාණය වීමක් බව අපි පෙන්වා දෙන්නෙමු. එබැවින් ජනාධිපතිවරණයක් කැඳවා ඇති මොහොතක එවන් ජාතිවාදී ආකල්ප සමාජ ගත කිරීමට උත්සහ කළ සංජීවනි වීරසිංහව අත්තඩංගුවට ගෙන විමර්ශන පවත්වා නැවතත් රටේ නීතිය හා සාමයට තර්ජනයක් ඇති වීම වළක්වා ගැනීම ආරක්ෂක අංශ සතු වගකීමකි.

සංජිවනි යනු දැනට වසර දහයකට ආසන්න කාලයක් අමෙරිකාවේ ගත කළ ගැහැනියෙකි. එවන් කාන්තාවක් විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කිරීමෙන් ව්‍යංගයෙන් අදහස් වන්නේ ලංකාවේ කාන්තාවන් සනීපාරක්ෂක් තුවා භාවිත නොකළ යුතු බවද? කාන්තාවකට ගරහන්නේ කාන්තාවක්ම බව සංජීවනි ඔප්පු කොට අවසන්ය. ලැජ්ජ බයට ගෑණියෙක් හැදෙනවා යන්නෙන් අදහස් කරන්නේ තම ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව සංවේදී නොවීම නම් සංජීවනි ඉන්නේ තවමත් ගල් යුගයේ ය. කාමරයක් තුළ කාටවත් නොපෙනෙන ලෙස රහසේ කරන ලිංගික ක්‍රියාවලික ප්‍රතිඵලයක් ලෙස ඇති වන දරුගැබ මහත් ආඩම්බරයෙන් ලෝකයට පෙන්වීමට කාන්තාවකට හැකි නම් දරුවෙකු වෙනුවෙන් සූදානම් වන ඕනෑම තරුණියකට, කාන්තාවක අවශ්‍ය පෑඩ් පැකට්ටුවක් ගැන කතා කිරීමට ලැජ්ජා විය යුත්තේ ඇයි.

තමන් ඉපදි ඇත්තේ ස්ත්‍රි යෝනියකින් බව අමතක කරමින් ගැණියෙකු අවශ්‍ය වන්නේ නිදි වැදීමට පමණක් බව තරයේ විශ්වාස කරන, කාන්තාවන් බලෙන් දූෂණය කොට ඔවුන්ගේ ආත්ම ගෞරවය කෙලෙසා ඒ බව රටට අඬ බෙර ගසන පොහොට්ටු මන්ත්‍රීවරුන් හා පොහොට්ටු සමාජිකයින් වෙනුවෙන් කඩේ යන සංජීවනිට පැවසිය හැක්කේ ගෑණියෙක්ගේ ලැජ්ජාව බය ආරක්ෂා වන්නේ තවකෙකු ඉදිරියේ ඇදිවත ලෙහෙන තුරු පමණක් බවය.

Published on: Nov 7, 2019 @ 08:51/9.23/09.40 (SL Time) -ඊයේ සවස නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන, පොල්පිටිය ප‍්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අසත්‍ය පුවතක් සමාජ ගත කිරිමට ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ඩී.ජී.එස් කරුණාදාස කටයුතු කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක මහතා ඊයේ රාත්‍රීයේ දේශපාලන රැස්වීමකට සහභාගී වීම සඳහා ගමන් කරමින් සිටියදී විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී පැමිණෙමින් සිටිය පිරිසක් එස්.බිගේ වාහනය අවහිර කිරීම සිදුව ඇති බවත් එහිදී ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසු මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ගිනිගත්හේන පොලිසිය මගින් ලැබුනු වාර්තාවක් අනුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මාධ්‍යයට මුදාහැර තිබේ.

නමුත් රහස් පොලිසිය ගෙවුනු පැය 10ක පමණ් කාලය තුල පරික්ෂණ වලදි සිදුවිම සම්බන්ධයෙන් සම්පුර්ණ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කලේ.

ඒ අනුව මෙම වෙඩි තැබිම ඊයේ දවස පුරා ස්ථාන කිහිපයකදි ඇතිවු පොහොට්ටු -ශ්‍රිලනීප ගැටුමේ ප්‍රථිපලයක් ලෙස සිදුව ඇති අතර ඊට හේතුව වි ඇත්තේ එස් බි සහ ශ්‍රිලනිප නුවරඑළිය දිස්ත්‍රික් නායක හා සංවිධායක ඩබ්ලිව්.ජි.රණසිංහ අතර පවතින ගැටුම බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

සිද්ධිය වූ ස්ථානයේ සිට අනාවරණය කර ගත් උණ්ඩ කොපු වල ඡායාරූප

එස්.බි දිසානායක ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතහැර පොහොට්ටුව සමග එක්විමෙන් අනතුරුව නුවරඑළියේ බල අරගලයක් හටගත් අතර එය පසුගිය දින කිහිපයම තුල උග්‍ර අතට හැරි තිබේ.ඒ අනුව ඩබ්ලිව්.ජි.රණසිංහ සහ දිසානායක අතර අවස්ථා ගණනාවක මුහුණට ගැටුම් හටගත් අතර ඊයේ දිනයේ එම තත්ත්වය උග්‍ර අතට හැරි තිබේ.ඊයේ දහවල්  මස්කෙළිය ආසනයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ශ්‍රිලනිප – පොහොට්ටු ගැටුම උග්‍ර ලෙස දක්වනට ලැබි ඇති අතර ඡන්දය හිගා කමින් ගිය දිසානායක මන්ත්‍රීවරයාට ශ්‍රිලනිප පාක්ෂිකයින්ගෙන් හු සහ බැනුම් එල්ල විම එම තත්ත්වය තවත් තීව්‍ර කිරිමට සමත්ව තිබේ.

පසුව ඊයේ සවස 8.15 පමණ ගිනිගත්හේන, පොල්පිටිය ප‍්‍රදේශයේදී ශ්‍රිලනිප පොහොට්ටු ගැටුම උග්‍ර අතට හැරි ඇති අතර ඒ අනුව හටගත් බහින් බස් විම දුරදිග යැමෙන් පසුව මන්ත්‍රී ආරක්ෂකයන්ට එස්.බි දිසානායක දුන් නියෝගයකට අනුව මෙම වෙඩි තැබිම සිදුකර තිබේන බව මේ වනවිට තහවුරු වි තිබේ.

පොලිස් වාර්තා බොරු බව S.B දිසානායක මන්ත්‍රීවරයාගේ නිළ Facebook පිටුවේ සදහන් ප්‍රකාශයද තහවුරු කර සිටි.

උපුටා ගැන්ම ….

“මාගේ වාහනයට පිටුපසින් මාගේ ආරක්ෂක නිලධාරීන් රැගත් වාහනය මහ මගඳී කිසියම් පිරිසක් විසින් හරස් කර පහර දීමට තැත් කර ඇත. ඒ වන විට මා ඉදිරිපස වාහනයේ ගමන් කරමින් සිටි අතර අධික වංගු සහිත පාරවල් ඇති ප්‍රදේශයක් බැවින් ආරක්ෂකයන් පැමිණි වාහනය සමහර අවස්ථාවල ඈතින් ධාවනය කර ඇත. ඒ අවස්ථාවේ පිටුපසින් පැමිණි වාහනයකින් ගමන්ගත් බීමත් පිරිසක් විසින් අදාල රථයට පහරදිමක් සිදුකර පලාගොස් කෙටි පාරකින් ප්‍රධාන පාරට පැමිණි ආරක්ෂක රථය හරස් කර නිලධාරීන්ට පහර දීමට තැත් කර ඇත.”

මේ අතර වෙඩි තැබිමට නියෝග දුන් ආරක්ෂකයින්ද පාවාදෙන්නන් අතර ඉදිරියෙන්ම සිටින් දිසානායක සිය ප්‍රකාශ මගින් සිදුකර තිබේ.

උපුටා ගැන්ම ….

“එම අවස්ථාවේ එම රථයේ සිටි නිලධාරීන් ⁣විසින් ජීවිත ආරක්ෂාව සඳහා පොලොවට වෙඩි තබා ඇති අතර එම වෙඩි තැබීමෙන් සිදුවු පිපිරීමෙන් විසිවී ගිය ගල් කොටසක් වැඳීමෙන් එම මැර පිරිසගේ සුළු තුවාලයක් සිදුව ඇති බව පසුව මා හට දැනගන්නට ලැබුණි. එම සිදුවීම කිසිසේත් මාගේ අනුදැනුම මත සිදුවුවක් නොවන අතර එම සිදුවීම දැනගන්නා විටද එම ස්ථානයේ සිට මා සෑහෙන දුරක් මඟ ගෙවා තිබුනි.”

Update- 09.40 (SL Time) අදාළ වෙඩි තැබිම සිදුවන අවස්ථාවේ S.B දිසානායක මන්ත්‍රීවරයා ගමන්ගත් වාහනය මෙන්ම ඒ තුල ඔහු සිටි බව වෙඩි වැදිමට ලක්ව ගිනිගත්හේන රෝහලේ සිටින තරුණයා විසින් ලබාදුන් කට උත්තරයේ සදහන්.

මේ සම්බන්ධයෙන් S.B දිසානායක සිය සමාජ ජාල පිටුවට එක්කර තිබේන කතාව හරහාද එය තහවුරු කර තිබේ.

මෙම වෙඩි තැබීම 2019 ජනාධිපතිවරණ සමයේ පළමු තුවක්කු ප්‍රචණ්ඩත්වය සනිටුහන් කරන අතර එය පසුගිය රාජපක්ෂ කලු දශකයේ ප්‍රචණ්ඩත්වයෙන් පැවති මැතිවරණයෙන් පසු සිදුකල එකකි.එස්.බි දිසානායක යනු 2015 පැවැති මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබා මෛත්‍රී ජනපතිට කල බලපෑම් හරහා ජාතික ආණ්ඩුවේ මන්ත්‍රීධුරයක් ලබාගත් පරාජිත දේශපාලකයෙකි.

ගෝඨාගේ අඳෝනාව….

ඉතා සංවේගයට පත්වූ බවත් නීතිය හා සාමය සුරැකීම වෙනුවෙන් පක්ෂ, පාට තරාතිරම නොබලා කටයුතු කරන බවත් මේ වනවිට ප්‍රකාශ කර තිබේ.

හූ හඩ මධ්‍යයේ මස්කෙලියේ පැවැති රැස්විමකදි ගත් ඡායාරූපයක්…

වෙඩි ප්‍රහාරයට ලක්ව ගිනිගත්හෙන රෝහලට ඇතුලත් තරුණයා …

 

Published on – Nov 6, 2019  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බි දිසානායක ගේ ආරක්ෂකයන් විසින් සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබු තරුණයන් දෙදෙනෙකු  රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

දැනට පැයකට පමණ පෙර ගිනිගත්හේන ප්‍රදේශයේ දි දිසානායක මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින් විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති අතර තරුණයන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ මංගල උත්සවයකට සහභාගි වී පැමිණෙමින් සිටි මන්ත්‍රිවරයාගේ රථ පේලිය හරස් කර බවට චෝදනා කරමින් පුදගලයන් පිරිසකට දිසානායක මන්ත්‍රිවරයාගේ ආරක්ෂක නිලධාරින් විසින් විරෝධය එල්ල කළ බවත් එහිදි මෙම වෙඩි තැබීම සිදුවි අදාළ තරුණයන් දෙදෙනා තුවාල වූ බවත් ය.

අදාළ සිදුවීම වූ ස්ථානයේ තිබු පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරින් විසින් උණ්ඩ කොපු කිහිපයක් සොයා ගෙන ඇති අතර එම උණ්ඩ කොපු සියල්ල එස්. බි මන්ත්‍රිවරයාගේ ආරක්ෂක නිලධාරින්ගේ රිවෝල්වර වල උණ්ඩ හා සමපාත වන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය වූ ස්ථානයේ සිට අනාවරණය කර ගත් උණ්ඩ කොපු වල ඡායාරූප අපට මේ වන විට ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් ද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

 

Published on: Nov 6, 2019 – මෙවර ජනපති සටනේදි ගෝඨාභය රාජපක්ෂ වෙත කිසිවිටක හරවා ගත නොහැකි ලබා ගත නොහැකි, නමුත් සජිත් ප්‍රේමදාස වෙත සaජුවම හිමිවන ඡන්ද ලක්ෂ 9ක් ප්‍රමාණය පිළිබඳව මේ වන විට පොහොට්ටුවේ අභ්‍යන්තර දේශපාලන කමිටුව තුල සාකච්ඡා ඇති වන බව අප දේශපාලන වාර්තාකරු සඳහන්කළා.

පසුගිය 03 වෙනිදා දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාස වෙත ලබා දෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් විසින් නිවේදනය කිරීමත් සමග නිරායාසයෙන් සජිත් ට හිමිවන දෙමළ ඡන්දය ලක්ෂ 4 1/2, මුස්ලිම් ජාතිකයන් විසින් සජිත් වෙත අනිවාර්යයෙන්ම ලබා දෙන ඡන්ද ලක්ෂ 3 1/2 පමණ ප්‍රමාණය හා ඊයේ හිටපු ජනාධිපති විසින් සුගතදාස ක්‍රිඩාංගනේයේදි ආරම්භ කල ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමේ සටන හරහා අවම වශයෙන් හිමිවන ඡන්ද ලක්ෂය ලෙස ගත හොත් සජිත් ප්‍රේමදාස වෙත ගෝඨාභය රාජපක්ෂට කිසි දා හැරවිය නොහැකි ඡන්ද ලක්ෂ 9 ක් හිමිවන බවට පොහොට්ටුව ගණන් බල තිබේ.

සජිත් හා ගෝඨාභය අතර ඇති වන එම ඡන්ද ලක්ෂ 9 යේ පරතරය පිරවීමට මේ වන විටත් කළ යුතු දැ පිළිබඳව සාකච්ඡා වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ජනාධිපති සටන ආරම්භ වී නාමයෝජනා දීමට හත් ගව්වක් තිබෙද්දිම අමුඩය ගසා ගත් ගෝඨා වියත් මග, එළිය වැනි වැඩ සටහන් හරහා කෝටි ගණනින් වියදම් කරමින් තම ප්‍රතිරූපය නංවා ගැනීමට බොහෝ වෙහෙස වූ බව පැහැදිලිය.

තවමත් සමාජ මාධ්‍ය ජාලා වෙත මඩ ගැසීම, ප්‍රවර්ධනය, ප්‍රචාරණය වෙනුවෙන් ගෝඨා පිල දිනකට වැය කරන මුදල්  ප්‍රමාණය අති විශාලය. එසේම ඡන්ද රැස්වීම් වෙනුවෙන් ද වුන් එවැනිම මුදල් ප්‍රමාණයක් යට කරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ගත් විට ඡන්ද ව්‍යාපාරයිට මුදල් වියදම් කිරීම අතින් ගෝඨාභය ඉන්නේ සජිත් වඩා ඉදිරියෙනි. නමුත් දේශපාලන විචාරකයන් පවසන පරිදි පිරුණු කලේ දිය නොසැලේ වගේ සජිත් මැතිවරණ ව්‍යාපාරය ප්‍රතිපත්ති හා දැක්මක් සහිතව දිවෙන අතර ම එයට මනා සංවිධානාත්මකව බවක් ද ඇත.

එම හේතුව නිසා ආරම්භයේ සිටම ගෝඨාභය සජිත් ට වඩා ගොඩ නගා ගත් ජන බලවේගය මේ වන විට හීන වෙමින් පවතින අතර එම පිරිස සජිත් වටා ගොනු වෙමින් පවති.

මෙම මැතිවරණ ව්‍යාපාරයේදි මහින්ද, ගෝඨාභය, බැසිල් ඇතුළු පොහොට්ටු කල්ලිය ගහන ගහන් ගැටේ වැරදි ඇත. ඇත්ත වශයෙන්ම මහින්ද ලා උතුරෙන් බලාපොරොත්තු වූයේ ඡන්ද වර්ජනයකි. නමුත් දෙමළ සන්ධානය විසින් ඒකිය රටක උපරිම බලය බෙදීම සඳහා වන සජිත් ගේ ප්‍රතිපත්තිය සමඟ එකඟ වෙමින් සජිත් ට සහය දැක්වීමට තීරණය කිරීමත් සමඟ උතුරේ ඡන්ද වර්ජනය ගැන අමතක කරන්නට රාජකීයලාට සිදුවිය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය අරගෙන පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුවට හිමි වු ඡන්ද ලක්ෂ 50 නිදහස් පක්ෂයේ ඡන්ද  ලක්ෂ 12 එකතු කොට ගෙන ඡන්ද ලක්ෂ 62 ක් නිර්මාණය කිරීමට සැළසුම් කළ රාජපක්ෂලා එතැනදි පරාජය වන්නේ සෑබෑ ශ්‍රි නිදහස් පක්ෂ සමාජිකයන් පොහොට්ටුවට ඡන්දය ලබා නොදෙන බව හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුවෙන් ඇති වන අන්තරයා පිළිබඳව චන්ද්‍රිකා කුමාරතුංග විසින් පැහැදිළි කිරීමත් සමඟ ය.

අවස්ථා ගණනාවක දි මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දියාරු කිරීමට, විනාශ කිරීමට ක්‍රියා කළ ආකාරය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සමාජිකයන්ට පැහැදිලි වීමත් සමග වැරදිමකින් හෝ පොහොට්ටුවට ලැබෙන්න තිබු නිදහස් පක්ෂ ඡන්ද අහිමි වන අතරම බණ්ඩාරනායක මැතිතුමාට, සිරිමාවෝ මැතිණියිට ගරු කරන ශ්‍රි ලංකාකාරයා මහින්ද කෙරෙහි පිළිකුලෙන් බලන්නටද පටන් ගෙන ඇත.

අනෙක් අතර දිගින් දිගටම ජන රැලි වලදි පොහොට්ටුවට සහය දැක්වීමට ගිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට හූ සංග්‍රහ හිමි වීම නිසා පොහොට්ටුවට ඡන්දය දීමට ගත් තීන්දුව ගැන දෙවරක් හිතන තත්ත්වය ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවා පැමිණ තිබෙනවා.

ඒ අනුව පසුගිය මැතිවරණයේ දී තමාගෙන් ගිළිහුණු ජන්ද මෙවර ද රාජපක්ෂලා ට අත්කර ගැනීමට නොහැකි වූ බව පැහැදිළි වන අතරම ඉතිරිව ඇති දින 10ක කාලය තුළ එකවර ජන්ද ලක්ෂ නවයක් නැවත ගෝඨාභයට හැරවීම, කිරීමට ඉතා අපහසු බව ද පැහැදිළි වේ.

Top