Published on: Nov 6, 2019- ජාතික මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයාගේ හිතුවක්කාර ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය තර්ක සහිතව මාධ්‍යවේදී හා දේශපාලන විචාරක කුසල් පෙරේරා කොමිසමට ලිපියක් යොමුකර තිබේ.

 

2019 නොවැම්බර 05 වන දින

සභාපති,

ජාතික මැතිවරණ කොමිසම

මැතිවරණ ලේකම් කාර්යාලයය

රාජගිරිය.

සභාපති තුමනි,

මැතිවරණ කොමිසම සහ ඔබ පක්ෂග්‍රාහි යැයි වන චෝදනා සඳහා ඔබෙන් පැහැදිලි පිළිතුරක් අවශ්‍යයි

  ඊයේ දින “බිරං බැක් ගෝඨා” නමින් වන “ට්විට” පණිවුඩයක් මගින් මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක් නොවේ යැයි විවෘතව චෝදනාකර තිබිණ. එම ට්විට ගිණුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජ මාධ්‍ය ජාල කලමනාකරණ කණ්ඩායම විසින් පවත්වා ගනු ලබන්නක් යැයි පිළිගැනෙන අතර, එහි මැතිවරණ කොමිසම් සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ඉලක්ක කර තිබූ ජාතිවාදී ස්වරූපය නිසාද එය එසේ යැයි සිතමි. එහි තිරයේ ඡායාරූපයක් මේ සමග යා කර ඇත.

කෙසේ නමුත් මහාචාර්ය හූල් එසේ ඉලක්ක වන්නේ ඔබ ස්වාධීන රූපවාහිනි නාලිකාවේ (ITN) දේශපාලන සාකච්ඡා සහ මැතිවරණ වැඩසටහන් පිළිබඳව ලිඛිතව පැනවූ වාරණය, කොමිසම විසින් ගනු ලැබූ තීරණයක් නොවන්නේ යැයි ඔහු පසුගිය ඉරිදා මාධ්‍යයට පැවසූ පසුවය. ඔහුට අනුව, එයට අදාල කිසිවක් කොමිසමෙහි සාකච්ඡා නොවුනු අතර, එම වාරණ ලිපිය ඔබගේ හිතුවක්කාරී පියවරකි. ඊට එරෙහිව නැගුණු දෝසාරෝපණ හමුවේ ඔබට ඔබගේ වාරණ ලිපිය ඉල්ලා අස්කර ගැනීමට සිදු වූවත්, හිතුවක්කාර තනි තීන්දු ගන්නේ යැයි ඔබට එරෙහිව නැගෙන චෝදනාවෙන් ඔබ නිදහස් වන්නේ නැත.

දහනව වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඒකමතිකව තීන්දු ගත නොහැක්කේ නම් කොමිසම විසින් තීන්දු ගත යුත්තේ වැඩි ඡන්දයෙනි. එහෙත් ඔබ කොමිසමෙහි කිසිදු සාකච්ඡාවක් නොකර තීන්දු ගත් පළමු අවස්ථාවද ස්වාධීන රූපවාහිනි නාලිකාවට එරෙහිව ගත් පියවර නොවන්නේ ය. මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා දින තීන්දු කරනු ලැබුවේද කොමිසමෙහි සාකච්ඡා නොකර යැයි චෝදනා නැගිණ.

එවගේම, ඔබ විශේෂයෙන් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය වෙත කිසිදු අවධානයක් යොමු නොකොට, ඒවා සම්බන්ධයෙන් පියවර ගැනීමට කොමිසම සතු බලයක් නැති ලෙස හැසිරෙන්නේද ඔබගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව යැයි මම චෝදනා කරමි. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆවුසි ගේ ප්‍රකාශයක් අමු අමුවේ විකෘතකර ඔහු සමාජය හමුවේ සිංහල බෞද්ධ විරෝධයකටද නතු වන අයුරින් “හිරු” රූපවාහිනි නාලිකාව විකාශනය කළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඔබ කිසිදු පියවරක් ගෙන නැත.

එනිසා මැතිවරණ කොමිසම විසින් මාධ්‍ය සඳහා නිකුත් කර ඇති අවුල් සහගත සහ ප්‍රමාණවත් නොවන උපමාන සකස්කර ඇති ව්‍යවස්ථා ප්‍රතිපාදනය වෙත ඔබගේ අවධානය නැවත යොමු කරන්නට කැමැත්තෙමි.

“23(5)(අ) ඡන්ද විමසීමක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීම විෂයෙහි ලා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සහතික කිරීම සඳහා අවශ්‍ය යයි කොමිෂන් සභාව විසින් සලකනු ලබන උපමාන, අවස්ථාවෝචිත පරිදි, කොමිෂන් සභාව විසින් උචිත යයි සලකනු ලබන යම් ගුවන් විදුලි හෝ රූපවාහිනී සේවයක් පවත්වා ගෙන යන්නකු හෝ යම් ප්‍රවෘත්ති පත්‍රයක අයිතිකරුවකු හෝ ප්‍රකාශකයකු වෙත කලින් කල නිකුත් කිරීමේ බලය කොමිෂන් සභාවට තිබිය යුත්තේ ය.

කිසිම අයුරකින් මෙම ප්‍රතිපාදනය රාජ්‍ය මාධ්‍යයට සීමා වන්නේ යැයි හෝ පෞද්ගලික මාධ්‍යයට අදාල නොවන්නේ යැයි හෝ ඇඟවීමක් මෙහි නැත. එහි කියවෙන්නේ මාධ්‍ය අයිතිකරුවන් පිළිබඳව ය. නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වීම සහතික කිරීම වෙනුවෙන් අවශ්‍ය ලෙස සියලු මාධ්‍ය නියාමනය කිරීමට කොමිසමට බලය ඇත. එවැනි නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වීමේ වගකීම පවරා ඇති මහජන මුදලින් නඩත්තු කෙරෙන ජාතික කොමිසමක සභාපතිට එරෙහිව හේතු සාධක සහිත මෙවැනි චෝදනා දිගින් දිගටම එල්ලවීම අවසානයේ මැතිවරණ ප්‍රතිපල පිළිබඳවද බරපතල සැකයක් මතු කරන්නට හේතු වන්නේ යැයි මම ඉකුත් ඔක්තෝම්බර 20 වන දින ඔබ වෙත යොමු කළ ලිපියෙහිද සඳහන් කළෙමි.

එබැවින් (1) ස්වාධීන රූපවාහිනි නාලිකාව (ITN) වෙත ලිඛිතව පැනවූ වාරණය ඔබගේ හිතුවක්කාර තනි තීන්දුවක් යැයි වන බරපතල චෝදනාවටත් (2) රාජ්‍ය මාධ්‍ය වෙත ඔබ පනවන තහංචි සහ බලපෑම් පෞද්ගලික මාධ්‍ය සඳහා අදාල නොකර ගන්නේ මන්දැයි යන්නටත් වහා පිළිතුරු දෙන මෙන් මෙයින් ඉල්ලමි.

එහිදී පැමිණිලි ලැබෙන්නේ නම් පමණක් කටයුතු කළ හැකිය වැනි වගකීම් විරහිත පිළිතුරු බාර ගැනීමට සූදානම් නොමැති බවද කාරුණිකව මෙහි සටහන් කරමි.

ස්තුතියි.

මෙයට විශ්වාසී,

මාධ්‍යවේදී හා දේශපාලන විචාරක

කුසල් පෙරේරා

රනිල්ට එරෙහි වූ සිංහ රාශියේ සිටි හෙනහුරා ගෝඨාභයට ද සිංහ රාශියේ සිට එරෙහි වෙයි.එම නිසා ජෝතිෂ්‍ය සිද්ධාන්ත මත ගෝඨාභයගේ ජනපති සිහිනයට හෙනහුරා හරස් වෙයි.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරු බිහි කිරීමේදී සෙනසුරු ග්‍රහයාට විශේෂ තැනක් හිමිවී ඇත.උප්පත්ති කේන්ද්‍ර සටහනේ සෙනසුරු ග්‍රහයා සමබල-මිත්‍ර-ස්වක්ෂේත්‍ර-උච්ච බලයෙන් උපත ලැබූවන්ට විධායක ජනපති වීමේ හැකියාව නිරන්තරයෙන් ලැබී ඇත.

අප ඒ සඳහා ලංකාවේ බිහිවූ විධායක ජනාධිපතිවරු 06 දෙනා පිළිබඳව සොයා බලමු.

ජේ.ආර් ජයවර්ධන මැතිතුමා –
කන්‍යා ලග්නයෙන් උපත ලැබූ එතුමාගේ හය වැන්න වූ කුම්භ රාශියේ සෙනසුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් තැන්පත්ව සිටි නිසා ඔහු 1 වෙනි විධායක ජනාදිපති විය.

රණසිංහ ප්‍රේමදාස මැතිතුමා –
මේෂ ලග්නය හිමි එතුමන්ගේ 7වැනි භාවය වූ තුලා රාහියේ සෙනසුරු ග්‍රහයා උච්ච බලයෙන් සිටීම නිසා ඔහු 2වෙනි විධායක ජනාධිපති විය.

ඩී.බී විජේතුංග මැතිතුමා –
ඒ මහතාගේ උප්පත්ති ග්‍රහ පිහිටීම අනුව මිථුන රාහියේ මිත්‍ර භාවයෙන් සෙනසුරු ග්‍රහයා තැන්පත්ව සිටි නිසා ඔහු අහඹු ලෙස 3 වන විධායක ජනාධිපති ලෙස පත්විය.

චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය –
කටක ලග්නයෙන් උපන් එතුමියගේ 12 වැන්න වූ මිථුන රාහියේ සෙනසුරු මිත්‍ර බාවයෙන් සිටීම නිසා එතුමිය 4 වන විධායක ජනාධිපති බවට පත් විය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා –
කන්‍යා ලග්නයෙන් උපන් එතුමන්ගේ සෙනසුරු ග්‍රහයා 11 වැන්න වූ කටක රාහියේ සතුරුව තැන්පත්ව සිටියද එතුමන් 5 වන විධායක ජනාධිපති බවට පත්විය.සෙනසුරු ග්‍රහයා සතුරුව විධායක ජනාධිපති වූ පළමු පුද්ගලයා මෙතුමා විය.එම පත්වීමද ජෝතිෂ්‍ය සිද්ධාන්ත මත සිදුවිය.එනම් එම වර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උප්පත්ති කේන්ද්‍ර සටහනේ සෙනසුරු ග්‍රහයා සිංහ රාශියේ සතුරුව සිට ඇත.සිංහ රාශියේ සතුරුව සිටීම විධායක ජනපති වීමට බාධාවකි.එම නිසා රනිල් පරදා මහින්ද ජනපති විය.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා –
තුලා ලග්නයෙන් උපන් එතුමාගේ 12 වැන්න වූ කන්‍යා රාශියේ මිත්‍රව සෙනසුරු සිටීම නිසා ඔහු 6 වන විධායක ජනාධිපති බවට පත් විය.

හත් වන විධායක ජනාධිපති තේරීමේදී මෙවර ප්‍රධාන අපේක්ෂක දෙපල වන ගෝඨාභය හා සජිත් ගත් විට ගෝඨාභය මැතිතුමාගේ සෙනසුරු ග්‍රහයා 10 වැන්න වූ සිංහ රාශියේ සතුරුව තැන්පත්ව ඇත.සෙනසුරු සතුරුව සිංහ රාශියේ සිටිය රනිල් මැතිතුමාද ඉදිරිපත් වූ දෙවතාවම පරාද විය.එයින් කිය වෙන්නේ සෙනසුරු සිංහ රාශියේ සිටීදී විධායක ජනාධිපති වීමට නොහැකි බවයි.

එබැවින් ජෝතිෂ්‍ය සිද්ධාන්ත අනුව 7 වන විධායක ජනාධිපති ලෙස මෙම ග්‍රහ තාරකා නියත විවරණ ලබා දෙන්නේ උප්පත්තියේ සෙනසුරු සිංහ රාශියේ සතුරුව සිටි ගෝඨාභයට නොව උප්පත්ති කේන්ද්‍රයේ සම බලව 10 වැන්නේ සෙනසුරු තැන්පත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට බව ජෝතිෂ්‍ය අනුව පැහැදිලි වේ.

Published on- Nov 5, 2019 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉන්දියාවේ රෝ බුද්ධි අංශය සහ  ලංකාවේ බුද්ධි අංශ ගණනවක් විසින් සිදු කළ පුරෝකථන සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

එම ප්‍රතිඵලය අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට වඩා ඡන්ද ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටිනවා.

එම බුද්ධිඅ අංශ වාර්තා අනුව කොළඹ, මහනුවර, නුවරඑළිය, මාතලේ, මාතලේ, යාපනය, මඩකළපුව, වව්නියාව, ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක 11 ජය සජිත් ප්‍රේමදාස වෙත හිමිවන වේ.

ගාල්ල, කළුතර, ගම්පහ, මාතර, හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල, කෑගල්ල, රත්නපුරය ඇතුළු දිස්ත්‍රික්ක 13 ක ජය ගෝඨාභය රාජපක්ෂට හිමි වේ.

එසේ වූවද ලබා ගත් ඡන්ද ප්‍රමාණය අනුව සජිත් ප්‍රේමදාස ට ජයග්‍රහණය හිමිවන බවයි එම බුද්ධි අංශ වාර්තා සඳහන් කරන්නේ.

එසේම ගෝඨාභය රාජපක්ෂ විසින් දැනට ජයග්‍රහණය කරන බවට පුරෝකතන කර ඇති දිස්ත්‍රික්ක 4 ක සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂට වඩා ඡන්ද 500කින් පිටුපසින් සිටින බවත් අවසන් සතියේ එම තත්ත්වය වෙනස් වී එම දිස්ත්‍රික්ක හතරේ ජයග්‍රහණය ද සජිත් ප්‍රේමදාස වෙත ලැබීමට ඉඩ කඩ වැඩි බවත් එම බුද්ධි අංශ වාර්තා වැඩිදුරටත් පවසා සිටිනවා.

 

Published on: Nov 4, 2019 – 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 සීමාවට එමට හැකියාවක් නොමැති බව පොහොට්ටුවේ මහ මොළකරු ලෙස හදුන්වන බැසිල් රාජපක්ෂ තහවුරු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

පසුගිය 1 වැනිදා සමාලෝචන රැස්විමේදි සිදුවු සාකච්ඡාවලින් කොටසක් අප පසුදිනම අනාවරණය කල අතර මේ වනවිට බැසිල් අතුරුදහන් වි ඇති අතර ඒ හේතුවෙන් විමල් සහ ගම්මන්පිල මෙ වනවිට සාකච්ඡාවේදි සිදුවු කතා බව තැන තැන පවසමින් යමින් සිටි.1 වැනිදා සිට මේ වනතුරුත් බැසිල් රාජපක්ෂ අතුරුදහන්ව ඇති අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග පමණක් දුරකතනයෙන් සංවාදයේ යෙදෙන බව පමණක් මේ වනවිට අනාවරණය වි තිබේ.

බැසිල් සිය තාක්ෂණික ප්‍රයෝග යොදා ගනිමින් ජනාධිපතිවරණයේ ප්‍රතිපල සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකර ඇති අතර එහිදි ඔහු පෙන්වා දි ඇත්තේ ආරම්භයේදි සියයට 56ක් පමණ ඉහල තැනක තිබුනු පොහොට්ටු ඡන්ද ප්‍රතිශතය එක්වරම සියයට 46ක පමණ සීමාව දක්වා පහත වැටි ඇති බවයි.

සජිත් ප්‍රේමදාසට හොද මහජන හඩක් තිබිම මෙන්ම හිරූ ,දෙරණ නාලිකා අනවශ්‍ය වාර්තාකරණයේ යෙදිම මෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ ජනතාව වේගයෙන් ප්‍රතිකේෂ්ප කිරිම මේ තත්ත්වයට මුලික වි ඇති බව බැසිල් පෙන්වා දි ඇති අතර අනවශ්‍ය ප්‍රකාශ යනුවෙන් කල බැසිල්ගෙ ප්‍රකාශයට විමල් වෙගවත් පිළිතුරක් ලබාදිමට කටයුතු කර තිබේ.

“අපි කඩා වැටුනෙ ශ්‍රීලංකා එක ආව දවසේ ඉදලා…ඔබතුමාලට තවම තේරෙන්නේ නැත්තම් මම මොනවා කරන්නද.අපි ඇල්පිටිය චන්දෙට යනකොට 80%ට ගන්න හිටියේ.12%අරගෙන ශ්‍රීලංකා කාරයෝ අපි එක්ක නෑ කියලා ඔප්පු කළා.උන් කොහොමත් දෙන්නේ සජිත්ට.ඒවා කපාපු ශ්‍රීලංකා.අනික,අපේ ස්ටේජ් වලට නගින ශ්‍රීලංකා කාරයොන්ට හූ කියන්නේ අපේ අයම තමා.ඒ අයට ශ්‍රීලංකා අය පේන්න බෑ.අපි ජෝක් වෙනවා වෙන අය පටලවලා.අනික එස්.බීගෙ කතා අපිට ලොකු ඩැමේජ් එකක්”

විමල් තැන තැන කරන ප්‍රකාශයද මෙයම වේ.

ඒ සමගම විමල් සමග ශ්‍රිලනිපය නියෝජනය කරමින් පැමිණි සිටි සුසිල් ඇතුලු සෙට් එක පැටලි තිබේන අතර තත්ත්වය සමථයකට පත්කල මහින්ද මොහොතක් නොරැදී නැගිට ගොස් තිබේ.

මේ වනවිට පොහොට්ටුවට එකතු වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ වනවිට බරපතළ ගැටලුවකට මුහුන දි ඇති අතර 5 වැනිදා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්යෙන් ආරම්භ වන නව පෙරමුණ සමග එක්විමට කිහිප දෙනෙකුම  මේ වනවිට සුදානමින් සිටින බවද වාර්තා වේ.

අප පසුගියදා කල අනාවරනය ….

http://lankanewsnetwork.org/archives/21177

Published on: Nov 4, 2019 – තමන්ට සක්විති රජකම දෙනවා කියුවත්, කුඩු නායකයින්, මිනී මැරුම් වලට අච්චු ලබා තිබෙන පුද්ගලයින්,ස්ත්‍රී දූෂකයො සහ ළමා අපචාර කළ පුද්ගලයින් සිර ගේදරින් මුදවා ගැනීම යන පුද්ගලික න්‍යායපත්‍ර ඇති කල්ලි, කණ්ඩායම් සමග රණසිංහ ප්‍රේමදාසගේ පුතා කිසිම ඩීල් එකක් දමන්නේ නැතිබව  සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගමපැවති ජන හමුවට ඊයේ (03) දින රාත්‍රියේදී එක්වෙමින් සජිත් ප්‍රේමදාස කියා සිටියේ ඇතැම් කණ්ඩායම් ප්‍රතිවාදී අපේක්ෂකයාගේ සැබෑ ස්වරූපය රටට පෙන්වන්නේ නැත්තේ ඔවුන් සමග ඇතිකර ගත් ඩීල් නිසි විය හැකි බවයි.

“මට අපේක්ෂකත්වය ලබා දෙන්න යන විට එක් එක් කණ්ඩායම් කොන්දේසි දමන්න ආවා. මම පිරිසිදුව, පවිත්‍රව කියනවා කිසිම පුද්ගලයෙකු සමග හෝ දේශපාලන කණ්ඩායම් සමග රණසිංහ ප්‍රේමදාසගේ පුතා ඩීල් දැම්මේ නැහැ. මගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් කරන සැවොම ස්වකීය කැමැත්තෙන් උදව් කරන අය මිස ඩීල් දමාගත් අය නෙවේ. මම ඩීල් දානවා නම්, දාන්නේ මේ රටේ පොදු ජනතාව සමග පමණක් බව ප්‍රකාශ කරනවා. සිරකරුවන් නිදහස් කරන්න, කුඩුකාරයො, කප්පම් කල්ලි, මිනීමරුවො, ස්ත්‍රී දූෂකයො සහ ළමා අපචාර කළ පුද්ගලයින් සිරගෙදරින් එළියට ගන්න යන පෞද්ගලික න්‍යායපත්‍ර වලට යටත්ව,තමන්ට සක්විති රජකම ලබාදෙනවා කියුවත් මේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා ඩීල් දමන්න සූදානම් නැහැ.”

Published on: Nov 4, 2019 – විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වන ඉසෙඞ් ස්කෝර් ක්‍රමය අහෝසි කරමින් රටේ තරුණ තරුණියන්ගේ අනාගතය ඝාතනය කරමින් නිදහස් අධ්‍යාපනයේ මලගම  සිදු කිරීමේ උත්සාහයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිරත වී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.

නිදහස් අධ්‍යාපනය තුලින් ගොඩනැගුනු තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවනාගාරයේ අද(4) පැවති තරුණ වෘත්තියවේදීන්ගේ හමුවකට එක්වෙමිණි.

තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය අහිමි කර රට යලිත් වැඩවසම් යුගයක් කරා ගෙනයාම ගෝටාභය රාජපක්ෂ මහතාගේ අරමුණ වී ඇතැයිද  අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව මුවාවෙන් බලයට පැමිණීමට උත්සාහ කරන ගෝඨාභය රාජපක්ෂ අවසානයේදී නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය රටට අහිමි කරනු ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා එවැනි කිසිදු උත්සාහයකට රාජපක්ෂවරුන්ට ඉඩ නොදෙන බවත් සඳහන් කළේය.

Published on- Nov 4, 2019 – ජාතිප්‍රේම්, දේශ හිතේෂි ජාතියේ අප්පච්චි මහින්ද රාජපක්ෂ, ජාතියේ කුඩා අප්පොච්චි ඇතුළු පොහොට්ටු දේශප්‍රේමි නඩය මේ දිනවල යලිත් රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩත්වය, ජාත්‍යාලය, දේශප්‍රේමය ගැන කතා කරමින් පවති.

මෙම තත්ත්වය වර්ධනය වූයේ දෙමළ සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාස වෙත ලබා දෙන බවට ප්‍රකාශ විමත් සමඟ වීම විශේෂත්වයකි. දෙමළ සන්ධානයේ සහය සජිත් වෙත ලැබීමත් සමඟ උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද අනිවාර්යයෙන් ම අහිමි වන බව දැනීමෙන් පරාජයෙන් වියරු වැටිණු පොහොට්ටු නඩය මෙම දේශප්‍රේමය ජාත්‍යාලය සිය එකම ගැලවීමබවට පත් කර ගනිමින් සිටිති.

මෙහිදි විශේෂවන්නේ දෙමළ සන්ධානයේ සහය ලබා දීම වෙනුවෙන් කිසිම දේශපාලන ගිවිසුමක් හෝ කොන්දේසි පත්‍රිකාවක් අත්සන් නොතැබීමයි. එසේම ඔවුන් රට බෙදීම හෝ ෆෙඩරල් පාලනයක් නොඉල්ලන අතර ඒකිය රටක බලය බෙදීම තුළින් පමණක් දේශපාලන අර්බුදයට පිළියම් සොයන බව ද ප්‍රකාශ කොට ඇති.

දෙමළ සන්ධානයේ මේ තීරණය විවේචනය කිරීමෙන් සජිත් රට ජාතිය ආගම විනාශ කරන බවට කෑමොර දෙන මහින්ද, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ කල්ලියේ දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙන බව දැන් දැන් තහවුරු වෙමින් පවති.

“1990 ත්‍රිකුණාමල නගරයේ වෙනම ඊලම් රාජ්‍යක් ප්‍රකාශ කරල ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ එකම වතාවට ඊලම් කොඩිය ප්‍රසිද්ධියේම ඔසවපු වර්ධරාජා පෙරුමාල්ල. අද කොහෙද ඉන්නෙ? “

දේශප්‍රේමය, ජාතිය, ආගම යනු මහින්දලාට සිය ඡන්ද ගොඩ වැඩි කිරීමේ එක අර්ගයක් පමණක් බව පෙනෙන්න්නේ අනුන්ට චෝදනා කරමින් දෙමළ ජාතිකයන් හෑල්ලුවට ලක් කරන ඔවුන් පළාත් සභා මන්ත්‍රි වරදරාජා පෙරුමාල් සමඟ ඇති කරගෙන තිබෙන රහස් ගිවිසුම හෙලි වීමත් සමඟය.

වරදරාජා පෙරුමාල් මෙවර ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ සහය දෙන බව ප්‍රකාශ කළ අතරම ගෝඨාභය රාජපක්ෂ වෙත ඡන්දය දෙන ලෙසට උතුරේ ජනතාවට පවසා ඉදල් පාර පවා කෑ පුද්ගලයෙකි.

නමුත් වරදරාජාගේ සහය ලබා ගැනීම සඳහා මහින්ද, ගෝඨාභය, බැසිල් තුන් කට්ටුව හොර රහසේ ඔහු සමඟ ගිවිසුමකට එළැබි ඇත. කොන්දේසි ගණනාවක් ඇති එම ගිවිසුමේ උඩින්ම සඳහන් වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූවාට පසුව උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන බවත්, ආණ්ඩුකාරධූරය වරදරාජා වෙත ලබා දෙන බවත් ය.

එසේම මහින්ද රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව වරදරාජා පෙරුමාල් විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ පළාත් සභා වෙනුවෙන් වැඩි බලතල ලබා දීමට මහින්ද රාජපක්ෂ එකඟ වූ බවය.

වරදරාජා පෙරුමාල් යනු 90 කාලයේ ලංකාවේ ජාතික කොඩිය යාපනයේදි බිම දමා පාගා ඒ වෙනුවට ඊලාම් කොඩිය එසවූ පුද්ගලයෙක්. ඉන්දු ලංකා ගිවිසුමෙන් ඇති කළ උතුරු – නැගෙනහිර පළාත් සභාවේ පළමු හා එකම මහ ඇමතිවරයා බවට පත්වූයේ වරදරාජා පෙරුමාල් මහතා වන අතර උතුරු – නැගෙනහිරට වෙනම ඊලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන ලද්දේද ඔහු විසිනි.  එවන් පුද්ගලයෙකු සමඟ එකතු වී උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට, ආන්ඩුකාර ධූරය ලබා ගැනීමට ගිවිසුම් ගහන් මහින්දලාගේ දේශ ප්‍රේමය ගැන කවර කතා ද?

මහින්දලා වරදරාජා පෙරුමාල් සමඟ අත්සන් කොට ඇති කොන්දේසි ගිවිසුමේ පිටපතක් අප සතු වන අතර ඉතා නුදුරේදිම මහින්ද ලාගේ ව්‍යාජ දේශප්‍රේමය රටට හෙලි කිරීමට අපි එම ගිවිසුම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු න් සිටිමු.

උතුරට එකක් දකුණට එකක් කියන දකුණේ ජනතාව උතුරේදි රවටන, උතුරේ ජනතාව දකුණේදි රවටන රාජපක්ෂලාට රටේ අනාගතය කෙබදු වුවාද කම් නැත.  උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමෙන් ඇතිවන අයහපත් ප්‍රතිඵල පිළිබඳව ඔවුනට ගැටළුවක් නැත.

තවකෙක් කළ යුද්ධය හොඳ නම වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් තමා වෙත ආරූඩ කොට ගෙන සිටි රාජපක්ෂ ලාට උතුරේ දෙමළ මාපියන්ගේ දුක, දකුණේ සිංහල දෙමාපියන්ගේ දුක නොවැහැටෙනු ඇත. ඔවුනට අවශ්‍ය වන්නේ බලයයි.

වරදරාජා පෙරුමාල්ලා වැනි අන්තවාදින්, හිස්බුල්ලා වැනි අන්තවාදීන් ගේ කර මතිනි ගොස් හෝ අවශ්‍ය වන්නේ රජ වීමටයි. එසේ හෙයින් පපුවා ඉලුප්පා, ඇස්වල කදුළු පුරවා කෑගසන තරම් වූ දේශප්‍රේමයක්, ජාත්‍යාලයක් හෝ නොවන බව අපි මතක් කර දෙන්නෙමු.

Published on- Nov 3, 2019 තම ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම දෙයක් සිදු කරන රාජපක්ෂ කල්ලියේ අද වන විට සිය ජයග්‍රහණය කරා යත හැකි වඩාත් විශ්වාසවන්තම මාර්ගය තෝරා ගෙන ඇති බව වාර්තා වේ. එනම් මේ රටේ මිනිසුන්ගේ හිත්වල ජාතිවාදය මතුකරමින් ඒ හරහා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කිරීමයි.

ඒ සඳහා අවශ්‍ය සියලුම කරුණූ හා පිඹුරුපත් මේවන විට සකස් ඇති බවත් ඕනෑම මුදල් ඒ වෙනුවෙන් වියදම් කිරීමට ගෝඨාභය රාජපක්ෂ කල්ලිය සූදානම් බවත් අප දේශපාලන වාර්තාකරු සඳහන් කළා.

ලබන නොවැම්බර් 08 වෙනිදා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩාත්තේ ඥාණසාර හාමුදුරුවෝ අධිකරණය වෙත කැඳවා තිබෙනවා. ඒ මඩකලපුව දිස්ත්‍රික්කයේ නයාරු ගුරුකන්ද විහාරයේ වැඩවිසු හාමුදුරුවන්ගේ දේහය අධිකරණ තීරණ වලට පිටින් ගොස් ආදාහනය කිරීමට මැදිහත් වීම සම්බන්ධයෙනි.

ඥාණසාර හිමියන් ගුරුකන්ද හිමියන්ගේ ආදායන උත්සවයේදි……

ඥාණසාර හිමියන් මේ ආකාරයට අධිකරණයට කැඳවන්නේ විලේන්ද්‍රන් විසින් සිදු කළ පැමිණිල්ලක් අනුවය. ගෝඨාභය රාජපක්ෂලාගේ ගේම ඇරඹෙන්නේ ඒ අනුවය.

මේවන විට ඥාණසාර හිමියන්ද, විලේන්ද්‍රන් ද සහය දක්වන්නේ ගෝඨාභය රාජපක්ෂටය. ඒ අනුව 08 වෙනිදා ඥාණසාර හිමියන් අධිකරණයට කැඳවා උන්වහන්සේව දවස් 14 ක් හිර ගත කොට ඒ හරහා සිංහල බෞද්ධ ජනතාව තුළ වර්තමාන යහපාලන ආණ්ඩුව කෙරෙහිත්, සජිත් ප්‍රේමදාස කෙරෙහිත් වෛරය ඇති කොට සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ලැබෙන සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණය අඩු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන බවයි අප දේශපාලන වාර්තාකරු සඳහන් කලේ.

මේ නාටකය මෙහෙයවන ප්‍රධාන නීති උපදේශක වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ නිල නීති උපදේශක නීතිඥ අලි සබ්‍රි වන අතර මේ වෙනුවෙන් සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති අතර ඒ සියල්ලම වාගේ ඥාණසාර හිමියන් ද, විලේන්ද්‍රන්ද සහභාගි වී තිබේ.

විලේන්ද්‍රන් ගෝඨාභය රාජපක්ෂ වෙත සහය දක්වන බවද, ඥාණ සාර හිමියන් ගෝඨාට සහය දක්වන බවද ප්‍රකාශ කරන්නේ මෑතකදී වූවද, ගුරුකන්ද හිමියන්ගේ ආදහනයට ඥාණසාර හිමියන් බලහත්කාරයෙන් මැදිහත් වී අධිකරණය විසින් තහනම් කළ හින්දු දේවාල භූමියේම ස්වාමින්වහන්සේගේ ආදහනය සිදු කිරීමට, සිය ආගමික ස්ථානය අපවිත්‍ර වූ බවත් ඒ හරහා සිය ආගමික හා සංස්කෘතික ආචාරධර්ම උල්ලංඝනය වූ බවත් සඳහන් කරමින් විලේන්ද්‍රන් ඥාණසාර හිමියන්ට එරෙහිව පැමිණිලි කරන්නේ ද මේ මහා මෙහෙයුමේ ප්‍රතිඵලයක් වශයෙනි.

එම පැමිණිල්ල අනුව අධිකරණය විසින් ඥාණසාර හිමියන් අධිකරණය වෙත කැඳවා ඇති බවත් කොසේ ඥාණසාර ජිමියන් දින 14 ක් බන්ධනාගාර ගත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් වාර්තා වෙනව. මෙලෙස දින 14 ක් රිමාන්ඩ් වීම සඳහා ඥාණසාර හිමියන්ට ඒ වෙනුවෙන් වන්දි මුදලක් සූදානම් කොට ඇති අතරම ඥාණසර හිමියන් සිරගත කල වහාම ආණ්ඩුවට එරෙහිව සිංහල බෞද්ධ ජනතාවගේ මනස විකෘති කිරීම සඳහා බොදුබල සේනාව ඇතුළු සියළුම සිංහල බෞද්ධ අන්තවාදි කණ්ඩායම් වෙත මුදල් ප්‍රමාණ මේ වන විටද වෙන් කොට අවසන් ය.

මෙම නඩුවේ ඇති විශේෂත්වය ලෙස අප දේශපාලන වාර්තාකරු සඳහන් කලේ පැමිණිල්ල හා විත්තිය වෙනුවෙන් පෙනි සිටින නීතිඥවරුන් පාර්ශවය දෙකටම එකම සාක්කුවෙන් ගාස්තු ගෙවීම බවයි. ඒ අනුව විලේන්ද්‍රන් හා ඥාණසාර හිමියන් යන දෙපාර්ශවයම මෙහෙයවන්නේ අලි සබ්‍රිගේ මෙහෙයවීම මගින් බව පැහැදිළිය.

 

Published on: Nov 2, 2019 –2019 ජනාධිපතිවරණයට ඇත්තේ හරියටම තව දවස් 14ක් පමණයි. ජනාධිපතිවරණ සටන උණුසුම් වෙද්දි අසත්‍ය ප්‍රචාර, මඩ, අවලාද, හූ හඩ අතරේ මාධ්‍ය වල හැසීරීම ද මේ වන විට දේශපාලන කරලියේ සාකච්ඡාවට ලක් වන කරුණක් බවට පත් වී තිබේ.

විශේෂයෙන්ම ජනාධිපතිවරණ සටන ආරම්භයේ සිටම අමුතු මාධ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් පෞද්ගලික මාධ්‍ය විසින් සිදු කරන ඕනෑම මැතිවරණ නීති උල්ලංඝනයකදි, මාධ්‍ය උපමාන උල්ලංඝනය කිරීමකදි මෙන්ම එම පෞද්ගලික මාධ්‍ය වල හිමිකරුවන්ට දේශපාලන ආර්ථික හෝ පෞද්ගලික වාසි ලබා නොදෙන නිසා එම හිමිකරුවන් අකමැති ජනාධිපති අපේක්ෂකයන්ට ව්‍යාජ, පදනම් විරහිත පුවත් මවමින් පහර දෙද්දි මඩ ගසද්දි දැස දෙකන වසා නිසොල්මනේ සිටින මැතිවරණ කොමසාරිස්වරයාගේ ක්‍රියා කලාපය නිසා මෙම තත්ත්වය වර්ධනය වී ඇත.

මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයා අද ස්වාධීන රූපවාහිනි සේවයට තහංචි දමමින් පවසා සිටියේ ජනාධිපතිවරණය හෝ දේශපාලන වාතාවරණය සම්බන්ධ කිසිම වැඩසටහනක්, සංවාදයක් සජීවි ලෙස විකාශය කිරීම අත්හිටුවන ලෙසත් සියලුම වැඩසටහන් පටිගත කොට එයට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලබා ගෙන විකාශය කළ යුතු බවත් ය.

ITN එකට මෙම තහනම පැනවූයේ තම කීර්තිනාමය එහි විකාශය වූ වැඩසටහනක් නිසා විනාශ වූ බවට ගෝඨාභය රාජපක්ෂ විසින් කළ පැමිණිල්ලක් අනුවය.

නමුත්මෙතන ප්‍රශ්නය ඇත්තේ ITN හි වරද පේන මැතිවරණ කොමසාරිස්වරයාට හිරු හා දෙරණ නාලිකා වල දේ නොපැනීමයි. පසුගියද කොළඹ තොට ලඟ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ හිටපු අමාත්‍ය ෆවුසිගේ උච්චාරණ අපහැදිළිකම් හේතුවෙන් කරන ප්‍රකාශයක් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කළ යුතු බව පැවසූ බවට හිතාමතා ව්‍යාජ ලෙස නිර්මාණය කරමින් රටේ ජාතිවාදී කලබල ඇති කිරීමේ අරමුණින් සිය ප්‍රධාන 6.55 ප්‍රවෘත්ති ප්‍රකාශයේ පල කළ හිරු නාලිකාව ඉදිරියේ මැතිවරණ කොමසාරිස් නිහඬය.

හිරු දෙරණ නාලිකා දෙකම ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් කඩේ යන්නේ මේ රටේ ජනතාව පිළිබඳව උපන් කැක්කුමකින් නොවේ. හිරු ට අවශ්‍ය සිය ප්‍රධානියාගේ සහෝදරයා ජනාධිපති සමාවක් මගින් එළියට ගැනීමටයි.

දෙරණේ ප්‍රාධානියා දිලිත් ජයවීරට අවශ්‍ය වන්නේ සල්ලි ය. ගෝඨාභය රාජපක්ෂගේ සියළුම ප්‍රචාරණ වැඩ මෙහෙයවන්නේ දිලිත් ට අයත් ඇඩ්වර්ටයිසින් ෆ්ර්ම් එක හරහා ය. දිලිත් හා රාජපක්ෂවරුන් අතර සම්බන්ධය අද ක ඊයෙක ඇති වූවක් නොවේ. රාජපක්ෂ පාලන කාලය තුළ ත්, 2015 සිට මේ වත තුරුත් රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි සුදු කලේ දිලිත් හරහා ය.

නමුත් එම සම්බන්ධය වඩාත් ප්‍රසිද්ධ නොකරන්න ට දෙපාර්ශවයම ප්‍රවේසම් විය. එහෙත් ස්වාධීන කොමිෂන් සභාවක් කියා ගනිමින් පක්ෂපාතී ව කටයුතු කරන මැතිවරණ කොමිසමට පිං සිදු වන්නට අද එළිපිටම ගෝඨාභය රාජපක්ෂ සමඟ ඇති සම්බන්ධය පෙන්වීමට දිලිත් කටයුතු කරයි.

පහත ඡායාරූපය අද (02) ගනේමුල්ලේදි ලබා ගන්නා ලද්දකි.

ගෝඨා සමඟ එකට කන, බොන, යන, එන දිලිත් ජයවීර තම මාධ්‍ය ජාලය භාවිතා කොට සජිත්ට මඩ ගැසීම සිදු නොකරන්නේ ඇයි?

මේ සියල්ලම දකිම්න් මැතිවරණ කොමසාරිස් නිහඬ වන්නේ ඇයි දැයි අපි දනිමු. රාජපක්ෂ පවුලේ බඩපිස්සා සමඟ මැතිවරණ කොමසාරිස්වරයා අතර ඇති යාලුකම මැතිවරණ කොමසාරිස්වරයාගේ දෑත් බැඳ ඇති බවද අපි දනිමු.

රාජපක්ෂවරුන් මේ ගෙනියන්නේ 2015 සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ගිය වැඩපිළිවෙළමය. එදා රාජ්‍ය මාධ්‍ය ආයතන සිරිසේන ජනාධිපතිවරයාට තහනම් විය. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයක් පවා තීරණය වූයේ රජ ගෙදරදීය. අද එසේ නොවේ. යහපාලනය එයයි. නමුත් ගැටළුව ඇත්තේ ජනතාවට අයත් කොමිසම් සභාවක දෙබිඩි පිළිවෙත ය.

බලා සිටිමු. ඔංචිල්ලාවද දෙපැත්තට පැද්දෙන බව අමතක නොකළයුතුය

Published on – Nov 2, 2019 ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ වේදිකාවට ගොඩවන සෑම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරයෙකුටම පොහොට්ටු පාක්ෂිකයින් විසින් හූ හඬ නගමින් විරෝධය දක්වන ආකාරය දක්නට ලැබුණා.

පොහොට්ටු පාක්ෂිකයන්ගේ මේ විරෝධය හේතුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවට සහය පල කිරීමට තීරණය කළ මන්ත්‍රි කණ්ඩායම මහත් ව්‍යාකූල තත්ත්වයට පත් ව තිබෙනවා.

හූ කීමේ ආසන්නතම අවස්ථාව ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර හූ කීම පෙන්විය හැකි අතර මීට පෙර දුමින්ද දිසානායක, ‌ජෝන් ‌සෙනෙවිරත්න, ටී.බී. ඒකනායක, තාරානාත් බස්නායක, ආරියවතී ගලප්පත්ති යන මන්ත්‍රිවරුන්ට ද හූ සංග්‍රහ හිමිවිය.

ඔක්තෝබර් මස 28 වෙනිදා ආරියවති ගල්ප්පත්ති මන්ත්‍රිවරිය හූ කියූ අවස්ථාව,

පාර්ලිමේන්තු ශාන්ත බණ්ඩාර නොවැම්බර් 01 වෙනිදා අලව්වේදි ලැබුණු හූ සංග්‍රහය,

ඊයේ (01) ටාජ් සමුද්‍රා හෝටලයේදි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පල කරන දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක්වි අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබූ අතර හිටපු ජනාධිපතිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග විසින් නායකත්වය ලබා දෙන සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් සමන්විත වන අපි ශ්‍රි ලංකා සංවිධානයද තම සහය සජිත් ප්‍රේමදාස වෙත ලබා දෙන බව මෙහිදි ප්‍රකාශ කෙරුණා.

අපි ශ්‍රි ලංකා සංවිධානය වෙනුවෙන් හිටපු ජනාධිපතිනිය මෙම අවබෝධතා ගිවිසුම ට අත්සන් තැබූ අතර මේ සමඟ සියලුම පැරණි හා අලුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන පිරිස සජිත් ප්‍රේමදාස වටා එක් රැස් වනු ඇති. මේ සමඟම රණතුංග පවුලේ ප්‍රසන්න රණතුංග හැරුණු විට අර්ජුන රණතුංග හා රුවන් රණතුංගගේ සහයද සජිත් ප්‍රේමදාස වෙත හිමිවේ.

ඊයේ මේ ගිවිසුම අත්සන් තැබෙද්දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොළොන්නරුවේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට සහභාගි වී සිටියා. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ටාජ් සමුද්‍ර හෝටලයේ උත්සවයට සහභාගි වී ඇය විසින්ම ගිවිසුම අත්සන් තැබූ බව ආරංචි වීමත් සමඟ විවෘත කිරීමේ උත්සව සියල්ල පසෙක ලා ජනාධිපති සිරිසේන හැරෙන තැපෑලෙන් කොළඹ පැමිණ තිබේ.

කොළඹට පැමිණි වහාම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රිවරුන් සියල්ලම ජනාධිපති නිල නිවස වෙත කැඳවූ සිරිසේන ජනාධිපතිවරයා පොහොට්ටුව හා සන්ධාන ගත වීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කොට ඇත.

එහෙත් මෙහිදි අතිශය බහුතරයක් මන්ත්‍රිවරුන් පොහොට්ටු මැතිවරණ වේදිකාව ලදි දිගින් දිගටම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට හූ කීම පිළිබදව දැඩි කනස්සල්ලෙන් කතා කොට තිබෙනවා.

ඒ අනුව යලි තීරණය කරන තුරු කිසිම පොහොට්ටු මැතිවරණ වේදිකාවට ගොඩ නොවන ලෙස ජනාධිපතිවරයා විසින් සියළුම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

මන්ත්‍රිවරුන්ගේ අදහස් විමසා සිටි සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහය දීමට ගත් තීරණායි පිළිබඳව නැවත වාරයක් සිතා බැලීමට කාලය එළැඹි ඇති බවයි. එසේම චන්ද්‍රිකා මැතිණිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් එකතු කොට ගෙන කරන කිසිදු ක්‍රියාවකට කිසිම බාධාවක් හෝ විරෝධයක් නොදක්වන ලෙස ද මෙහිදි ජනාධිපතිවරයා ජේෂ්ඨ මන්ත්‍රිවරුන්ට තරයේ අවවාද කොට තිබෙනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෙම මැතිවරණයේදි ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව තව තවත් සාකච්ඡා කළ යුතු බැවින් ඒ වෙනුවෙන් වහාම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට එනම් අද (02) දිනයේ කැඳවන ලෙසත් ජනාධිපතිවරයා නියෝග කොට තිබෙනවා.

ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද දිනයේදි රැස්වන බවත් පොහොට්ටු වේදිකාවලදි නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ට හූ කීම, එල්ල වන විරෝධය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ස්ථාවරය මෙහිදි සාකච්ඡා වනු ඇති.

Published on – Nov 2, 2019 ස්වාධීන රූපවාහිනි සේවය විසින් විකාශය කරනු ලබන ‘සීතල ඊතල ‘ දේශපාලන වැඩසටහන වහාම තහනම් කරන ලෙස ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියට තර්ජනය කොට තිබෙන බව වාර්තා වෙනවා.

පහුගිය බදාදා  (30) වෙනිදා සීතල ඊතල වැඩසටහන ට සහභාගි වූ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නවරත්න බණ්ඩාර විසින් ඇවන්ගාඩ් සමාගම හා ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව සියළු තොරතුරු හෙලි කිරීම නිසා ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විසින් එම වැඩසටහනේදි ඇවන්ගාඩි සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් ගෝඨාබය රාජපක්ෂ සමඟ පවතින අතිජාත මිත්‍රකම හා එවකට ඔහු දැරූ ආරක්ෂක ලේකම්ධූරයේ සහය උපරිම ලෙස ලබා ගනිමින් කළු සල්ලි මලු වලට නීතිවිරෝධි පාවෙන අවි ගබඩා ස්ථාපිත කල ආකාරය පැහැදිළි හෙලි කරනු ලැබීය.

එසේම හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ වෙත ද කලු සල්ලි මලු ගණනින් විසිකරමින් 2015 පසු ඇවන්ගාඩ් සමාගමට එරෙහිව පැවරු නඩු කල් දැමූ ආකාරය, ගෝඨාභය රාජපක්ෂට, නිශ්ශංක සේනාධිපතිට එරෙහිව නීතිමයි ක්‍රියා මාර්ග ගැනීම පමා කළ ආකාරය දින වකවානු හා සාධක සහිතව හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම වැඩසටහනේදි හෙලි කරනු ලැබීය.

ඒ අනුව මෙම වැඩසටහන හරහා රාජපක්ෂ සහෝදර සමාගමට නීතිවිරෝධී අවි ගබඩා පවත්වාගෙන ගිය දැනට සිරභාරයේ ගත වන නිශ්ශංක සේනාධිපති හා පැවති සම්බන්ධතාව තහවුරු වී ඇති බැවින් බැසිල් රාජපක්ෂ හා මහින්ද දේශප්‍රිය අතර පවතින මිතුදමේ නාමයෙන් සීතල ඊතල තහනම් කරන ලෙස ගෝඨාභය වැඩිදුරත් මැතිවරණ කොමිසමට දන්වා ඇත.

සිය නීතිඥවරුන්  මාර්ගයෙන් දිගින් දිගටම අතුරු තහනම් නියෝග හරහා ඇවන්ගාඩ් සිදුවීමට තමා සම්බන්ධ නොවන බවට ගෝඨාභය රඟ දක්වමින් සිටියද එම වැඩසටහන හරහා ජනතාව වෙත සියල්ල හෙලිවී ඇති බැවින් එම වැඩසටහන් සියල්ල හොදින් හෝ නරකින් නතර කරන ලෙසයි ගෝඨාභය මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව මෙම පැමිණිල්ල දඩමීමා කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය සමඟ බද්ධ වෛරයෙන් සිටින මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සියල්ල නතර කරන ලෙස මේ වන විට ස්වාධීන රූපවාහිනිය වෙත තර්ජනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් සිතල ඊතල වැඩසටහන පමණක් නොව සියලුම දේශපාලන වාද විවාද, වැඩසටහන් සජිවි විකාශයන් අත්හිටුවන ලෙසට නියෝග කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් එවන ලද ලිපිය පහතින්,

Published on- Nov 2, 2019ජනාධිපතිවරණ සටන ආරම්භ වූ දිනයේ සිට හැමදාම නොවරදවා පවත්වන බැසිල්ගේ ජනාධිපතිවරණ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ (01) රාත්‍රියේද සුපුරුදු පරිදි පවත්වා තිබෙනවා.

මෙතක් දවසක් සිය ජයග්‍රහණය පිළිබඳව අධිතක්සේරුවක සිටිමින් ඡන්ද ගණනය කල එම කණ්ඩායම අමතමින් එහිදි බැසිල් ජනාධිපතිවරණ සටනේ වැඩි වාසිය තවදුරටත් පොහොට්ටුව සතු නොවන බව තහවුරු වී ඇති බව ප්‍රකාශ කොට තිබෙනවා.

රැස්වීමක් හරියට අමතා තම දර්ශනය ජනතාව අතරට ගෙන යාමට හැකි කට ඇති අපේක්ෂකයෙකු තමන් සතු නොවීම ගැන අන් කවරදාකටත් වඩා තමන් පසු තැවෙන බවද සජිත්ගේ වාග් පෞරුෂය හමුවේ ගෝඨාභයට හැරෙන්නට හෝ නොහැකි බවද සඳහන් කොට තිබෙනවා.

එසේම කෙතරම් සාධාරණය කිරීමට උත්සහ කළද පක්ෂපාති අල්ප රණවිරුවන් අතරින් පිරිස තෝරාගෙන දැන්වීම් කළ ද ගෝඨාභය විසින් අමු අමුවේ රණ විරුවන් පාවා දීමෙන් සිදුවූ හානිය ආපස්සට හැරවිය නොහැකි බවත් අප සියළු දෙනාගේ සැබෑ ස්වරූපය ජනතාව අවබෝධ කොට ගෙන ඇති බවත් බැසිල් මෙහිදි පවසා තිබෙනවා.

පළාත් පාලන ඡන්දයේදි පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව තවදුරටත් පොහොට්ටුව සතු නොවන බවත් පළාත් පාලන ආයතන මට්ටමින් හා බිම් මට්ටමින් ජනතා ප්‍රසාදය පොහොට්ටුව අහිමි වන බවත් ඔහු පෙන්වා දුන්නා.

තමාගේ නායකත්වයෙන් දියත් කල මෙහෙයුම් හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනාගත්  පළාත් පාලන  පාලන ආයතන  239 කගෙන් 110ක බලය ගිලිහි ගොස් ඇති බව තමා විසින් සිදුකරන ලද සමික්ෂණයකදි අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් තමන්ගේ මන්ත්‍රිවරුන්ගේ සහය පවා දින දහතුන තුළ අහිමි වීමේ අවදානමක් මතු වී ඇති බවත් බැසිල් පවසා ඇත.

මේ සඳහා ගත හැකි කිසිම ප්‍රතිකර්මයක් තමාගේ ඔලුවට මේ අවස්ථාවේ නොපැමිණෙන බවත් මෙම ගේම ෆේල් වුවහොත් අප සියළු දෙනාගේම දේශපාලන ගමනේ අවසානය බවත් ඔහු එක කමිටු සමාජිකයන්ට පවසා ඇති අතර ඡන්ද ව්‍යාපාරය ගොඩ ගත හැකි ක්‍රමයක් කල්පනා කොට තමාට දන්වන ලෙස පවසා සාකච්ඡාව අවසන් වීමට ද ප්‍රථමව අසුනින් නැගිට ගිය බවද අප දේශපාලන වාර්තාකරු සඳහන් කළා.

 

 

Top