May 28, 2019 – අප්‍රියෙල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ඉල්ලා අස්වු ආරක්ෂක ලේකම්වරයා මෙන්ම,අනිවාර්යයෙන් නිවාඩු යවා සිටින පොලිස්පතිවරයා මෙන්ම ආරක්ෂක අමාත්‍යධුරය බදාගෙන රටේ ජනතාව බිල්ලට දුන් සිරිසේන ජනාධිපතිවරයාද සිටින බව දැන් තහවුරු වි තිබේ.ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැන දැනම ජනතාව බිල්ලට දි එයින් දේ ශපාලන වාසී ලබා ගැනිමට ජනපති උත්සහ දරා ඇති බව බුද්ධි අංශ අනාවරණයන් සතයකට මායිම්  නො කිරිම හරහා මැනවින් තහවුරු වි තිබේ.

2018  ජුනී මාසයේ 02 දින කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන රුවන් කුමාර රණවක පතිරණ විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ලබා දුන් දිවුරුම් ප්‍රකාශයක් අනුව අංක 64/01, මීරා පල්ලිය පාර, කාන්තන්කුඩි 06 ලිපිනයේ පදිංචි කාසිම් මොහොමඩ් සහරාන් ගැන ලද තොරතුරක් මත ත්‍රස්තවාදි විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ලබා දුන් නියෝගයක් මත විමර්ශනයක් සිදු කොට තිබේ.

එම විමර්ශනය මගින් අනාවරණය කොට ගෙන ඇත්තේ අදාළ පුද්ගලයා මුස්ලිම් ආගමික සංවිධාන හා කණ්ඩායම් අතරද විවිධ ජාතින් අතර ද වෛරී අදහස් ඇති කරවා ඔවුන් ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් කෙරෙහි යොමු කරවීමට පොළඹවන ආකාරයේ අදහස් ඇතුලත් විඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කර ඇති බවය.

එසේම එම විඩියෝ නැරඹූ බොහෝ පිරිස් එම මතවාද වලට එකඟ වි ඇති බව ද එහිදි ඔවුන් අනාවරණකොට ගත් බවත් එහි සඳහන් වේ.

ඒ අනුව අන්තර්ජාතික සිවිල් හා දේශපාලන සම්මුතියේ 3 වන වගන්තිය යටතේ සහරාන් අත්තඩංගුවට ගැනීමටද, පොලිස් ගැසට් පත්‍ර 2 මගින් ප්‍රසිද්ධ කරවා අත්තඩංගුවට ගැනීමට ද, ජාත්‍යන්තර පොලිසිය මගින් නිල් නිවේදනයක් නිකුත් කරවා ගැනීමට ක්‍රියා කරන බවද එම දිවුරුම් ප්‍රකාශයේ ඇතුලත් ය.

මීට අමතරව මෙම පොලිස් නිලධාරියා විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ  B වාර්තාවේ දැක්වෙන්නේ කාසිම් මොහොමඩ් සහරාන් ත්‍රස්තවාදි හා අන්තවාදි මතවදයන් වපුරමින් සිටින එවින් ඔහු වෙත වරෙන්තුවක් හා එය ඉංග්‍රිසි මාධ්‍යයෙන් ද ලබා දීමට කටයුතු කරන ලෙසයි.

මරාගෙන මැරෙන ප්‍රහාරයන් හයක් සිදුව තිබියදීත් සිංගප්පුරුව බලාගොස් සිටි ජනාධිපති, ආරක්ෂක හා නිතිය හා සාමය පිළිබද ඇමති මෛත්‍රිපාල සිරිසේන කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට අප්‍රේල් මස 04 වන දින තොරතුරු ලැබීමෙන් පසුව එය පොලිස් දෙපාර්තමේන්තුව ඉහළම නිලධාරින්ගේ සිට ඊළග නිලධාරියා දක්වා යොමු කිරීම හැර කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි රජයට ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාවක සඳහන් වන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු පසුගියදා අනාවරණය කළා.

මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් තානාපති ප්‍රජාව හරහා ලැබුණු බුද්ධි තොරතුරු පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති  ආදි ලෙස තනතුරු වෙත යොමු කිරිම පමණක් සිදුව තිබෙතැයි ඉහත වාර්තාවේ වැඩිදුරටත් සදහන්වේ.

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දිනපතාම ජාතික ආරක්ෂක, නීතිය සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට කරුණු වාර්තා කිරීම ජාතික බුද්ධි තොරතුරු කාර්යාංශය ඒ සම්බන්ධයෙන් දින 16 ක් ගතවන තෙක් ගත් පැහැදිලි ක්‍රියාමාර්ගයක් පෙන්නුම් නොකරතැයි අදාළ වාර්තාව වැඩිදුරටත් විස්තර කර සිටියි.

Published on: May 27, 2019- ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම ගෝඨාභය රාජපක්ෂට එරෙහි මෛත්‍රිපාල සිරිසේන මෙහෙයුමක තවත් පියවරක් බව අනාවරණය වේ.

ගෝඨාභය රාජපක්ෂ සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වූ ඥාණසාර හිමියන් සමග ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා ගණනාවකදී දුරකතන සාකච්චා පවත්වා තිබේ. පසුගිය වෙසක් දිනයේ වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ජනාධිපතිවරයා එහි අවසන් සාකච්ඡාව පවත්වා ඇත. මේ සාකච්ඡාවට සහභාගි වූ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා, පසුගිය 23දා ජනාධිපති සමාව ලබාදීමේ නියෝගය නිකුත් කිරීමට පෙර අවස්ථා දෙකකදී ඥාණසාර හිමියන් මුණ ගැසී තිබේ.

ජනාධිපති සමාව ලබාදීමට අදාළ සම්පූර්ණ ලියවිලිවලට ජනාධිපතිවරයා අත්සන් තබා ඇත්තේ 23දා පෙරවරුවේද ඥාණසාර හිමියන් සහ තිලංග සුමතිපාල මහතා අතර පැවති සාකච්චාවකින් පසුවය. ඊට පෙර 22දා රාත්‍රියේ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානියකු වන ඩිලන්ත විතානගේ සහ ජනාධිපතිවරයා අතරද සාකච්ඡාවක් පවත්වා ඇත.

මේ අතර වෙසක් දිනයේ වැලිකඩ බන්ධනාගාරයට ගිය ජනාධිපතිවරයා මරණ දඩුවම නියම වී සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාද මුණගැසී විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂට එරෙහි තුරුම්පු ලෙස ඥාණසාර හිමියෝ සහ දුමින්ද සිල්වා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි.(අදටත් වලංගු 2016 නොවැම්දිබර් 23 අප කල අනාවරණය…. පහතින් කියවන්න )

පසුගිය අප්‍රේල් මුල් සතියේදී ජනාධිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් තමන්ගේ සමීපතමයන් පිරිසකගෙන් බුද්ධි වාර්තාවක්ද කැදවා ඇති අතර ඊට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවති කාලයේ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණද සම්බන්ධ වී ඇත. කලක් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ කපිල හෙන්දවිතාරණ මේ වනවිට ජනාධිපතිවරයා සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යයි.

ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ අතුරුදන්ව තිබූ සටහන් පොත සම්බන්ධයෙන් දැනට ඇප මත නිදහස්ව සිටින නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ලබාදුන් ප්‍රකාශවලට කපිල හෙන්දවිතාරණ ද සම්බන්ධ වී ඇත. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ චන්ද්‍ර වාකිෂ්ඨ මගින් මේ සටහන් පොතේ පිටු කිහිපයක් කපිල හෙන්දවිතාරණ ලබාගත් බව අදාළ සාක්ෂි අතර වේ.

මේ තත්වය යටතේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළද, අවස්ථා කිහිපයකදීම එය වළක්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් බව අනාවරණය වේ. මෙසේ තමන්ට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පුද්ගලයන්ට එරෙහිව සාක්ෂි එකතු කිරීම ජනාධිපතිවරයා විසින් මීට මාස ගණනාවකට පෙර සිට ආරම්භ කර තිබේ.

මේ අතර ඥාණසාර හිමියන් පසුගිය 23 දා ජනාධිපති සමාව ලැබීමෙන් පසු මාධ්‍යවේදීන් සහ හිතවතුන් මගහැර යෑම සම්බන්ධයෙන් සමීපතමයන් පවා විරෝධය පළකර තිබේ.

මේ සැලැස්ම පිළිබදව දැන සිට ඇත්තේ ඩිලන්ත විතානගේ සහ ඔහුගේ සමීපතමයන් කිහිපදෙනෙකි. ඩිලන්ත විතානගේ යනු චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මෙන්ම රනිල් වික්‍රමසිංහගේද උපදේශකයෙකු ලෙස කටයුතු කළ
අයෙකි.

Loading…

අදටත් වලංගු 2016 නොවැම්දිබර් 23 අප කල අනාවරණය….

http://198.211.112.164/archives/14361

Published on: May 26, 2019 – සිය 37 වසරක ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සේවකයින්ට මැයි මාසය වෙනුවෙන් ලැබිය යුතු වැටුප අහිමි වී තිබේ.

පසුගිය 24 වැනි දින සේවක වැටුප් ගෙවිය යුතු වුවද රූපවාහිනී සංස්ථාව මුහුණ දී ඇති දරුණු මූල්‍ය අර්බුදය හමුවේ වැටුප ගෙවීමට පාලනාධිකාරියට හැකි වී නැත. අවසන් වරට රූපවාහිණි සේවකයින්ට වැටුප් ගෙවා ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ 11 වන දාය. සාමාන්‍යෙයන් මැයි මස වැටුප මැයි මාසයේ 20 දා වනවිට බොහෝ රාජ්‍ය ආයතනවල ගෙවනු ලබන නමුත් රූපවාහිනී සංස්ථාවේ වැටුප් ගෙවන දිනය ලෙස 24 යොදා ඇති අතර අදාල දින වැටුප් ගෙවීමට සභාපතිණිය හෝ අධ්‍යක්ෂ ජනරාල් සමත් වී නැත.

මේ හේතුවෙන් සේවකයින් 1000ක් පමණ දැඩි දුෂ්කරතාවයට පත්ව අසරණව සිටිති. සේවකයින් තමන් පුද්ගලිකව ගෙවීමට ඇති ණය මුදල් අදාල බැංකු වෙත ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් තව තවත් අසරණව ඇති බව ඔවූහු පවසති.

ජාතික රූපවාහිනිය දරුණු බිද වැටීමකට ලක්ව වැටුප් ගෙවා ගැනීමට නොහැකි වන තැනට පත්වන බව මීට වසරකට පමණ පෙර සිට එම ආයතනයේ වෘත්තීය සමිති එකමුතුව විසින් පාලනාධිකාරිය වෙත දිගින් දිගටම කරුණු පෙන්වා දුන් බව මේ පිළිබඳව අදහස් දැක්වු එහි වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

එම කාලයේ පැවති තත්වය සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය විසින්ද කරුණු අනාවරණය කරමින් ප්‍රවෘත්ති පල කරන ලදී.නමුත් තමුන් පෙන්වා දුන් කරුණු කිසිවක් කෙරෙහී වත්මන් සභාපතිණිය හෝ අධ්‍යකෂ ජනරාල් අවධානය යොමු නොකර අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබෙන බව ද ප්‍රකාශකයා සදහන් කළේය. මේ වනවිට ලංකා බැංකුවේ ටොරිංග්ටන් ශාඛාව වෙත පමනක් රුපියල් මිලියන 260ට අධික ණයක් සංස්ථාව ගෙවීමට ඇති අතර මෙවර වැටුප් ගෙවීම සදහා රුපියල් මිලියන 62ක් අවශ්‍ය බව ද වාර්තා වේ.

ඊට අමතරව මාස කිහිපයකින් සංස්ථාව විසින් ගෙවිය යුතු වැට් බදු, සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම්, කුලී ගෙවීම්, රක්ෂණ වාරික, අනෙකුත් බදු මුදල් ඇතුළු සියළු සාමාන්‍ය ගෙවීම් පවා සිදු කර නැති බව අනාවරණය වේ. එමෙන්ම මේ වනවිට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලබා දෙන උපදෙස් පවා නොතකා පාලනාධිකාරිය අත්තනෝමතික ලෙස කටයුතු කරන බව අමාත්‍යාංශයේ ඉහළම නිළධාරියෙකු අප සමග පැවසීය.

මේ වනවිට රූපවාහිනී සංස්ථාවේ සභාපති වන්නේ ඉනෝකා සංත්‍යාංගනී මහත්මිය වන අතර අධ්‍යක්ෂ ජනරාල් වන්නේ සාරංග විජේරත්න මහතාය.

May 18, 2019  – එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යධූරයට පත් කරමින් නව භාරකාර ආණ්ඩුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සැළසුම් කරමින් සිටිනවා.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වී ඇති බව සඳහන් කරමින් සජිත් ප්‍රේමදාස යටතේ මෙම භාරකාර ආණ්ඩුව පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සැළසුම් කරන බවයි වාර්තා වන්නේ.

මෙම භාරකාර ආණ්ඩුව යටතේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට අමාත්‍යධූර හිමිවීමට සියල්ල සුදානම් කර ඇති බවත් වාර්තා වෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයෙක් පවසා සිටියේ ජනාධිපතිගේ මෙම යට්කූට්ටු වැඩය ගැන ආරංචි ලැබුණද නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් නිහඬ බවයි. එසේම ලබන ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකධූරය සජිත් ප්‍රේමදාසට නොලැබෙන බැවින් නියෝජ්‍ය නායකවරයා සමහර විට ජනාධිපතිගේ යෝජනාවට කැමති වීමටද ඉඩ ඇති බවයි ඔහු පවසා සිටියේ.

එසේම බලයේ තවදුරටත් සිටීමට කැමති ජනාධිපති සිරිසේන ද මැතිවරණ කල් දමමින් හෝ බලයේ සිටීමට තීරණය කොට ඇති වාතාවරණයක ඉදිරි මැතිවරණයකදි එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය පිළිබඳව සැක පල කරන මන්ත්‍රිවරුන්ගේ සහය ද මෙම භාරකාර ආණ්ඩුවට ලබා ගැනීමට ජනාධිපතිවරයා සැළසුම් කොට ඇති බවත් එම එජාප ප්‍රභලයා සඳහන් කළා.

May 14, 2019 – රට පුරා කලබල ඇති කරමින් ජාතිවාදි ගැටුමක් නිර්මාණය කිරීම පිටුපස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකින් සහ මන්ත්‍රීවරුන් සම්බන්ධ බවට හෙලි වීමත් සමඟ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තරයේ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව එහි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනවා.

සිය සමාජිකයන්ගේ මේ අධම හැසිරීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ උරණ වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කිරිමට අද දිනයේ කටයුතු කරන බවද වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි ජාතිවාදී ආරවුල් මතින් දේශපාලන ජයග්‍රහණය කිරීමට බැසිල් රාජපක්ෂ අවශ්‍ය නොවුවද ජාතිවාදය මතින් රටේ ජනාධිපති වීමට සිහින දකින ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ හෙංචයියන් හා වන්දි බට්ට මන්ත්‍රිවරුන් විසින් මෙම කලබල ඇති කිරීම බැසිල් රාජපක්ෂගේ කෝපයට හේතු වී තිබේ.

Published on: May 10, 2019- රටේ ජනතාවගේ ජිවිත අනතුරේ දමමින් විදේශිකයන් 40දෙනෙකු සමග ශ්‍රිලාංකිකයන් 253ක් පමණ ඝාතනය කිරිමට මග පාදා කිසිම වගකිමකින් තොරව ඉල්ලා අස්වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රටේ ආරක්ෂාව බිලි දෙමින් ලබාගත් මුදල් තමන්ගේ පුත්‍රයාගේ නම භාවිතා කරමින් අයෝජනය කරමින් සිටින බව අනාවරණය වි තිබේ.

මහ බැංකුව මඟින් කළ නිර්දේශ මහජන බැංකුවේ පිළිගත් යහපාලන නීතිරීති මෙන්ම ජාත්‍යන්තර බැංකු රෙගුලාසිද කඩකරමින් සිය පුත්‍රයාට මෙන්ම අතයට ගනුදෙනු හරහා රටේ ජනතාවගේ තැන්පතු වලට කෙලවු සභාපති හේමසිරි ප්‍රනාන්දු ඊයේ කොළඹ ප්‍රධාන අයෝජකයෙකු මුණගැසී තමන්ගේ විදේශීය බැංකුවල තැනපත් කර තිබේන මුදල් පවතින තත්ත්වය යටතේ ගෙන්වා ගැනිමට නොහැකි නිසා රුපියල් බිලියනයක මුදලක් ඔහුගෙන් ඉල්ලා තිබේ.

තමන්ගේ පුත්‍රයාගේ නමට බොරැලැස්ගමුවේ පිහිටි ෆින්ගාරා සමාගමේ (එෆ් ඇන්ඩ් ජී) දේපළක් වන (Fingara Club)මිලදී ගැනීමට අදාළව මහජන බැංකුවේ (People’s Bank) සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා සිය පුත්‍රයා වන පවිත්‍ර ප්‍රනාන්දුට මහ බැංකුව මඟින් කළ නිර්දේශ මහජන බැංකුවේ පිළිගත් යහපාලන නීතිරීති මෙන්ම ජාත්‍යන්තර බැංකු රෙගුලාසිද කඩකරමින් උදවු කිරිමේ සිද්ධියක් අප 2018 වසරේ Aug 27 වන දින අනාවරණය කලා.

අදාළ පුවත බලන්න …….. මහජන බැංකුවේ ජනතා මුදල් ගිලින හේමසිරිගේ තවත් සේල්ලම් එලියට… පුතාට සමාගම් මිළදි ගන්න බැංකුව උකසට තියා තාත්තා ලියුම් යවලා…

Gate Tours Pvt (Ltd) සහ Multinet Pvt (Ltd) මෙම සමාගම් දෙකේම කලමනාකාර අධ්‍යක්ෂ ජෙනරල්වරයා වන්නේ පවිත්‍ර ප්‍රනාන්දු වන අතර පවිත්‍ර ප්‍රනාන්දු යනු දැනට මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දුගේ පුත්‍රයා වේ.

F&G Group of Company සඳහා අයෝජයෙක් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කල නියෝගයකට අනුව KMPJ විගණන ආයතනයට සිය පුත්‍රයා වෙනුවෙන් ව්‍යාජ්‍ය මෙන්ම බැංකු මුලධර්ම සියල්ලම කඩ කරමින් ලිපියක් යොමුකර තිබේන බව මේ වන් විට අනාවරණය වි තිබේ.අදාළ ලිපියද මේ වනවිට අප හට ලැබි තිබේන අතර එය සම්පූර්ණයෙන් පහත දක්වා තිබේ.

තත්ත්වය එසේ තිබියදි 21 ප්‍රහාරයේ මළකදන් මතින් තමන්ගේ පුත්‍රයාට කෙසේ හෝ Fingara Club මිළදී ගැනිම සදහා Multinet Pvt (Ltd) සමාගම හරහා (එෆ් ඇන්ඩ් ජී සමාගමට ලිපියක් යවමින් හේමසිරිලා පෙන්වා දෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 10 කර ආයෝජනයක් සිදු කිරීමට සුදානම් බවයි.

අදාළ ලිපිය පහත බලන්න…..

පරිවර්තනය පහත පරිදි වේ…

F&G සමාගම් ජාලය සඳහා අරමුදල් ලබා දීම තහවුරු කිරීම.

Banner Asset Managment (ඕස්ට්‍රේලියාව පදනම් කරගත් බලපත්‍රලාභි අරමුදල් කළමණාකරු) විසින් මල්ටිනෙට් සමාගම Multinet (Pvt), සහ ජේඑම්සී සමාගම ( JMC Ltd) යන සමාගම් හි සහයෝගයෙන් F&G සමාගම් ජාලය පුනර්ජීවනයට අමෙරිකානු ඩොලර් මිලියන 10 කර ආයෝජනයක් සිදු කිරීමට කැමැත්තෙන් ඇති බව අපි දන්වනු කැමැත්තෙමු. ඒ සඳහා මෙහි අමුණා ඇති අරමුදල් ලබා දීම තහවුරු කිරීමේ ලිපිය බලන්න.

ලිපිශීර්ෂයේ ඉහළින් දක්වා ඇති ඕස්ට්‍රේලියානු ආරක්ෂක හා අයෝජන කොමිෂම (ASIC) විසින් නිකුත් කළ ඉලක්කම් 9 කින් යුත් ACN කේත අංකය අරමුදල් ලියාපදිංචි අංකය වන අතර එය මූල්‍යමය හැකියාව හා අරමුදල් තහවුරු කර ගැනීම සඳහා යොදා ගත හැකිය. පිළිගත් බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට හෝ ජාත්‍යන්තර මූල්‍ය සමාගමගමකට මෙම ලියවිල්ලේ වලංගුභාවය පිළිබඳව පරික්ෂා කිරීමට හැකිය.

මෙම හවුල්කාරීත්වය වඩාත් වැදගත් වීමට හේතුව වන්නේ අපගේ හවුල්කාර පාර්ශවයක් වන JMC සමාගම මුලින්ම මිලියන 300ක් අයෝජනය කිරීමට කැමති වීමයි. කෙසේවෙතත් KPMG ද මිලියන 500ක් P&G සමාගම අලුත්වැඩියාව සඳහා යොදවීමට තීරණය කරනු ලැබීය. මෙම හේතුව නිසා ආරම්භක අයෝජනය වූ මිලියන 500 වැඩි කිරීමේ ස්ථාවරයක අපි සිටින බව අපි දැනුම් දිමට කැමැත්තෙමු. CBSL මගින් ඉල්ලා සිටින ලද අරමුදල් සනාථ කිරීමටත් අපි තීරණය කොට ඇත්තෙමු.

මේ සමගම ඔබගේ දැනගැනීම සඳහා Banner Asset Managment හි ආයෝජන තොරතුරු ද අපි අමුණා ඇත්තෙමු.

May 5, 2019 – පසුගියදා ජනාධිපතිවරයාට භාරදුන් රාජපක්ෂලාගේ කටකතා සහ පැන්ෂන් ගිය නිළධාරීන්ගේ බුද්ධි  වාර්තාව හමුදා ප්‍රධානින් හාස්‍යයට ලක්ව තිබේන බව වාර්තා වේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු යළි එවැන්නකට මින් ඉදිරියෙදී මුහුණ දියයුතු ආකාරය විග්‍රහකරමින් රාජපක්ෂ ගැති විශ්‍රාමික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සහ රටේ ආරක්ෂාව ගැන කටකතා හදන මහින්දගේ බලකායට  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්  වන දිනේශ් ගුණවර්ධන, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම යන අයගෙන සමන්විත වන අතර අදාළ වාර්තාව පෙරේදා ජනාධිපති සිරිසේන අතට භාරදි තිබේ.

ජනාධිපතිවරයා එම යෝජනා මාලාව සම්බන්ධයෙන් වත්මන් හමුදාවේ ප්‍රධානි සමග දීර්ග වශයෙන් සාකච්ජා කර ඇති අතර එහි සඳහන් ඇතැම් කරුණු සම්බන්ධයෙන් හමුදා ප්‍රධානින් හාස්‍යයෙන් යුතුව අදහස් දක්වා ඇති අතර එම වාර්තාවේ අඩංගු කරුණු රැසක්ම සමාජ ජාලා වල සංසරණය වු පුවත් පාදක කරගෙන සකස් කරගෙන ඇති බවයි හමුදා ප්‍රධානින් පෙන්වා දි ඇත්තේ.

විසින්  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව දැනුවත් කිරීම සඳහා ඉදිරිපත්කල යෝජනාවලිය, විපක්ෂ නායකයා විසින් පසුගියදා ජනාධිපතිවරයා වෙත බාර දී තිබිණ.

විපක්ෂනායකයා විසින් ලබාදී ඇති එම වාර්තාවේ ප්‍රමුඛතම ඉලක්කය වී ඇත්තේ කප්පම් ගැනීම්  සඳහා පුද්ගලයින් පැහැර ගෙන ගිය, අතුරුදන් කල හා මර දමනු ලැබූ හමුදාවේ හිටපු නිලධාරීන් එම චෝදනාවලින් නිදහස් කර ගැනීම බව පැහැදිලිය.

අදාල වාර්තාව පදනම් වන්නේ එල්.ටී.ටී.ඊ. පරාද කල ආකාරයටම අයි.එස්. පරාද කිරිමට ඒ හරහා යොජනා කර ඇති නමුත් හමුදා ප්‍රධානින් පෙන්වා දි ඇත්තේ එල්.ටී.ටී.ඊ. පරාද කළ විදියට වඩා දියුණු, සම්පූර්ණ, වේගවත්, සංකීර්ණ ක්‍රමවේදයක් අයි.එස්. පරාද කරන්න අවශ්‍යය බවයි.

May 3, 2019 – ජා-ඇල, ඒකල, උදම්මිට ප්‍රදේශයේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක තිබී කාලතුවක්කු පතරොම් 800කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර ඒ අතර සජීවී උණ්ඩ තිබු බව තහවුරු වී තිබේන බව වාර්තා වේ.

පසුගිය ආණ්ඩුව සමයේදී මෙම කම්හලට මෙසේ කන්කසන්තුරේ සිමෙන්ති පැක්ටරියකින් ඉවත් කල පරණ යකඩ තොගයක් සමග පතරෝම් උණ්ඩ තොග ලැබී ඇත්තේ එකල යුධ හමුදාවේ හිටපු ප්‍රධානියකුගේ නිර්දේශය මත ලබා දුන් බලපත්‍රයකින් බව ආරක්ෂක අංශ විසින් මේ වනවිට අනාවරණය කර ගෙන ඇත.

එම චෝදනාව එල්ල වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයකුව සිටියදී ඔහුගේ සමීපතම හිතවතවකුව සිටි උතුරු පළාත බාර හමුදා ප්‍රධානියකට ය. රටේ ආරක්ෂාව ගැන නන්දොඩවන ගෝඨාභයට මේ ගැන වගේ වගක් නැත.සජීවී උණ්ඩ බාහිර පාර්ශව වෙත ලබාදීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකීම බාරගන්නවා ද ? නැද්ද ? යන්න කතාවක් නැත.

මෙවැනි ‘ඩිල්’ යද්දී ගෝඨාභය රාජපක්ෂගේ බුද්ධි අංශය ඔහුට මේ ගැන දැනුම් දී නැද්ද ? දැනුම් දී ඇතත් තමන්ගේ හිතවතකු ගානක් කපාගැනීමට කල බිස්නස් එකක් නිසා නිහඬව සිටියේද ?

සාලාවට වැඩි විනාශයක් !

යම් හෙයකින් මෙම ස්ථානයේ තිබු සක්‍රිය උණ්ඩ පුපුරා ගියේ නම් 2016 ජුනි 05 වනදා අවිස්සාවේල්ල කොස්ගම සාලාව යුධහමුදා කඳවුරේ අවිගබඩාවක ඇති වූ පුපුරායාමක් හේතුවෙන් සිදුවූ විනාශයට වැඩි විනාශයක් වීමට ඉඩතිබු බව ආරක්ෂක අංශ මේ වනවිට අනාවරණය කර තිබේ.

අදාළ ද්‍රව්‍ය ටෙන්ඩර් පටිපාටියක් යටතේ ලෝහ උණු කිරීම සඳහා යුද සමයේදී ලබාගත් බව කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනවිරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු මාධ්‍යවෙත පැවසුවේ, වෙඩි බෙහෙත් සහිත උණ්ඩ කිසිඳු ආකාරයකින් වෙනත් පාර්ශ්වයකට ලබා නොදෙන බවයි.

එමෙන්ම යුද හමුදාව භාවිත කළ හිස් උණ්ඩ කොපු ටෙන්ඩර් පටිපාටිය යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලයට පමණක් ලබා දී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එහි උප කොන්ත්‍රාත්කරුවන් සිටීදැයි තමන් මෙතෙක් දැනුවත් නොමැති බවයි.මේ අතර නීති විරෝධී ආකාරයෙන් පුපුරණ ද්‍රව්‍ය පිටස්තර පුද්ගලයින්ට ලබාදෙන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව නාවික හමුදාව පවසා සිටියේය.

ගෝඨාභයගේ මාධ්‍ය සුරතලා නොදැනුවත්කමින් එම පුවත වාර්තාකල අයුරු….

May 3, 2019 – 21 ප්‍රහාරයේ සිටම ඉතාම කල්පනාවෙන් යුතුව තමන්ගේ ගෞරවය රැකෙන පරිදි කතෝලික ජනතාවද රැකගෙන කටයුතු කල කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රාජපක්ෂලාගේ කටකතා සහ පැන්ෂන් ගිය නිළධාරීන්ගේ වාර්තා හේතුවෙන් ඊයේ හොට පටලවාගෙන තිබේ.

සියලු පාසල්,රාජ්‍ය ආයතන,දේවස්ථාන ඇතුලේ රටෙ සෑම තැනකම ආරක්ෂාව තර කිරිමට රජය මේ වනවිට කටයුතු කර තිබෙන අතර ලබන සදුදා සිට පාසල් පවා යලි ඇරැඹිමට අවශ්‍ය ආරක්ෂක කටයුතු මේ වනවිට තහවුරු කර අවසන්ව ඇති මොහොතක හදිසියේම ඊයේ (02) සති අන්තයේ යලිත් ප්‍රහාරයක් එල්ල විමට ඉඩ ඇති බව පවසමින් කාදිනල්ගෙ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් විමත් සමග රට අවුල් සහගත තත්ත්වයකට ඇද දමා තිබේ.

(සම්පූර්ණ ලිපිය පහත දක්වා තිබේ)

කාදිනල්තුමාගේ ප්‍රකාශ හේතුවෙන් අවංකව රාජකාරි කරන නිලධාරින් ද අපහසුතාවයට පත්වෙන බව කිතුනු ප්‍රජාවගේ අදහස වි තිබේ. බොර දියේ මුලු බාන්නන් හට මෙන්ම ප්‍රහාරයෙන් තම දේශපාලනය වාසියට හරවා ගන්නට උත්සාහ කරන අයට හොද අවස්ථාවක් ඔහු ලබා දි ඇති බවයි අගරදගුරුනිවසේ සිටින කාදිනල්ගේ සමිපතමයන් පවා සදහන් කර ඇත්තේ.

21/04  ප්‍රහාරය එල්ල කළ දිනය කිතුනුවන්ගේ ප්‍රධාන දේව මෙහෙයක් වන පාස්කු දේව මෙහෙය පැවැති දිනයයි එදින කාදිනල්තුමා දේව මෙහෙය නොපවැත්තුවේ මන්ද යන්න මේ වනවිට කිතුනුවන් අතරද ප්‍රශ්නයක් හටගෙන තිබේ. ඇතැම් විට සිරිසේන ජනපතිගේ ගුණ ගයමින් පසුගිය කාලයේ ලගින්ම සිටි නිසා අදාළ ප්‍රහාරය ගැන බුද්ධී අංශ ලබාදුන් වාර්තා ගැන කාදිනල්ද දැනගෙන සිටින්නට ඇත.

අදාල ලිපිය සම්බන්ධයෙන් අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු කල සොයා බැලිමේදි තහවුරු වි ඇත්තේ රටේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳවත්  සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ විසින් හිටපු ආරක්ෂක ප්‍රධානීන්  කිහිප දෙනෙකු සහ ගෝඨාභය රාජපක්ෂ සහ කටකතා දේශපාලුවන් කිහිප දෙනෙකුගෙන්  සමන්විත පත් කල කමිටුවේ වාර්තාව ඊයේ භාරදි ඇති අතර එහි වාටියේ යලිත් සති අන්තයේ ප්‍රහාරයක් එල්ල විමට ඉඩ ඇති බවට සදහන් කර තිබෙන කොටස මුල් කරගෙන කාදිනල් එම ප්‍රකාශය කර ඇති බවයි.

රටේ ආරක්ෂාව ගැන කටකතා හදන මහින්දගේ බලකායට  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්  වන දිනේශ් ගුණවර්ධන, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම යන අයගෙන සමන්විත වන අතර රට යලිත් සාමාන්‍ය අතට හැරිම වලක්වා ගැනිම ඔවුනට භාර දි ඇති ප්‍රධාන කාර්යය වි තිබේ.

Published on: May 2, 2019 – පාස්කු ඉරුදින ත්‍රස්තවාදීන් විසින් සිදු කල ම්ලේච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදිමට රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු ඒකකයේ ප්‍රධානී S.S.P. නිලන්ත ජයවර්ධන( SSP Nilantha Jayawaredena) කටයුතු කර තිබේන බව මේ වනවිට අනාවරනය වි තිබේ.නිලන්ත ජයවර්ධන විසින් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවි පෞද්ගලිකවමද දැනුවත් කර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

විදෙස් බුද්ධි තොරතුරු වාර්තාවකට අනුව මෙම බෝම්බ ප්‍රහාරය පිළිබඳව අනතුරු ඇඟවීම් වාර්තාව ජාතික බුද්ධි ප්‍රධානියා වන සිසිර මෙන්ඩිස් අප්‍රේල් 4 වෙනිදා ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත වාර්තා කර ඇතත් අප්‍රේල් 6 වෙනිදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමට එම වාර්තාව යොමුකර නැති බව පසුගියදා අනාවරණය වුනා.

ජනාධිපතිවරයා ප්‍රහාරය ගැන දැන දැනම එය මගහැර රටින් පිටවි ගොස් සිටි අතර ප්‍රහාරය සරල එකක් විය හැකි බවත් ඒ අනුව ප්‍රහාරය භාවිතා රටේ ආරක්ෂක ප්‍රධානීයා ලෙස එක දමා ගැනිමට සිරිසේන කල්ලිය සුදානම් වි සිටි බව දැනට අනාවරණය වි තිබේ.නමුත් ප්‍රහාරය අනපේක්ෂිත ලෙස විශාල එකක් විමත් ප්‍රහාරය හරහා 250කට අධික මිය යැමත් සමග ජනාධිපතිවරයා ඇතුලු කල්ලිය අසරණ වි තිබේ.

Published on: May 2, 2019 – රටේ ජනතාවගේ ජිවිත අනතුරේ දමමින් විදේශිකයන් 40දෙනෙකු සමග ශ්‍රිලාංකිකයන් 253ක් පමණ ඝාතනය කිරිමට මග පාදා කිසිම වගකිමකින් තොරව ඉල්ලා අස්වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු තමන්ගේ පුත්‍රයාගේ හදීසි මිළදී ගැනිමක් වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් සොයමින් ඩිල් කරන බව කොළඹ අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

මහ බැංකුව මඟින් කළ නිර්දේශ මහජන බැංකුවේ පිළිගත් යහපාලන නීතිරීති මෙන්ම ජාත්‍යන්තර බැංකු රෙගුලාසිද කඩකරමින් සිය පුත්‍රයාට මෙන්ම අතයට ගනුදෙනු හරහා රටේ ජනතාවගේ තැන්පතු වලට කෙලවු සභාපති හේමසිරි ප්‍රනාන්දු ඊයේ කොළඹ ප්‍රධාන අයෝජකයෙකු මුණගැසී තමන්ගේ විදේශීය බැංකුවල තැනපත් කර තිබේන මුදල් පවතින තත්ත්වය යටතේ ගෙන්වා ගැනිමට නොහැකි නිසා රුපියල් බිලියනයක මුදලක් ඔහුගෙන් ඉල්ලා තිබේ.

තමන්ගේ පුත්‍රයාගේ නමට බොරැලැස්ගමුවේ පිහිටි ෆින්ගාරා සමාගමේ (එෆ් ඇන්ඩ් ජී) දේපළ මිලදී ගැනීමට(Fingara Club) අදාල මුදල අවශ්‍ය බවද හේමසිරි ප්‍රනාන්දු අදාළ ව්‍යාපාරිකයාට පවසා තිබේ.

F&G Group of Company සඳහා අයෝජයෙක් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කල නියෝගයකට අනුව KMPJ විගණන ආයතනයට සිය පුත්‍රයා වෙනුවෙන් ව්‍යාජ්‍ය මෙන්ම බැංකු මුලධර්ම සියල්ලම කඩ කරමින් මහජන බැංකුවේ (People’s Bank) සභාපති හේමසිරි ප‍්‍රනාන්දු ලිපියක් යොමුකර තිබේන බව අප Aug 27, 2018 දින අනාවරණය කළා.

එම අනාවරණය පහලින් කියවන්න…

http://198.211.112.164/archives/19134

Loading…

Apr 29, 2019 – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ. මහානාම සහ හිටපු දැව සංස්ථා සභාපති පී. දිසානායක විසින්   ලබා ගත් කෝටි දෙකක අල්ලසට චතුරිකා සිරිසේනගේ සැමියා වන තිළිණ සුරංජිත්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ. මහානාම සහ හිටපු දැව සංස්ථා සභාපති පී. දිසානායක කොළඹ ටාජ් සමුද්‍රා රථ ගාලේදි කෝටි දෙකේ පගාව ගන්නා අවස්ථාවේ තිලිණ හෝටල් ලොබිය තුළ සිට ඇති බවට කොමිසම අනාවරණය කොට ගෙන ඇත.

ඒ එම අල්ලස ගැනීමේ සැළැස්මේ කොටස්කාරයෙක් ලෙසට තිලිණ ද සිටින බවට අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලි විමර්ශනයේ දීය. අල්ලස් කොමිසම විසින් හෝටලයේ ආරක්ෂක කැමරා නීරික්ෂණයෙන් තිලිණ එයට සම්බන්ධ බවට තහවුරු කර ගෙන ඇත.

මේ අතර කන්තලේ සීනි සමාගමේ යන්ත්‍ර සූත්‍ර ඉන්දීය සමාගමකට පවරා දීම සඳහා රුපියල් කෝටි 10ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 2ක් ලබාගැනීමේ සිද්ධියට අදාළව ද තිලිණ සුරන්ජිත් සම්බන්ධයෙන් නව විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන්  අල්ලස් කොමිසම දැන්වූ වහාම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වියරු වැටි ඇති බවත් සිය දියණිය චතුරිකාට බැන වැදුණු බවත් ජනපති මැදුරේ ආරංචි මාර්ග පවසනවා.

තිලිණ සිය බෑණා වුවත් ඔහු ගැන පරීක්ෂණ ආරම්භ කරන ලෙස කරකියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ වූ ජනාධිපති අල්ලස් කොමිසමට දැන්වූ බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

 

Top