Published on: Dec 15, 2018 – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නාමල් කුමාර නම් පුද්ගලයා ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

මාස තුනකට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබදව පරීක්ෂණ පැවැත්වූ බවද ඔහු එම පුවත් සේවයට වැඩිදුරටත් සදහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදි. එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් මීට පෙර මාධ්‍ය වාර්තා සදහන් කළේ සහකාර පොලිස් අධිකාරිවරයකු හැර වෙනත් කිසිදු පුද්ගලයකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී නැති බවයි.

එසේම ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව මත මේ සිද්ධියට අදාළව සාක්ෂි මැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවත්, ඒ සදහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බවත් පසුගිය දිනවල විශේෂයෙන් “ලංකා” පුවත්පත් අනාවරණය කර තිබිණි. මේ පුවත සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නොනිල ලෙස එම පුවත්පතට දැනුම් දී තිබූ බවද වාර්තා විය.

මේ අතර ජනාධිපතිවරයා ඔක්තෝබර් 26දා සිදු කරන ලද ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් හේතු දක්වමින් අවස්ථා ගණනාවකදී පවසා තිබුණේ තමන්ව ඝාතනය කිරීමට උත්සාහ දැරීම මේ තීරණය ගැනීමට ප්‍රධාන හේතුවක් බවයි. ඒ සියල්ල අසත්‍ය බවත්, ජනාධිපතිවරයා විසින් මේ කරුණු සියල්ල ගොතා ඇති බවත් රොයිටර් පුවත් සේවයට නිල වශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබා දුන් ප්‍රකාශයෙන් තහවුරු වේ.

COLOMBO (Reuters) – A plot to kill the president, links to foreign intelligence, a rogue police officer and a missing sniper: the snippets of news emerging from Sri Lanka in recent weeks seem plucked from the pages of paperback fiction

Read – https://www.reuters.com/article/us-sri-lanka-politics-plot-insight/the-politics-of-a-plot-to-kill-sri-lankas-president-idUSKBN1OD0DG

Published on: Dec 13, 2018- තමන්ට එරෙහිව දෝෂාභියෝගය ගෙන් නොඑමට කටයුතු කරන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදිමට කටයුතු කරන්නේ නම් ඉතා ඉක්මනින්ම යලිත් අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තමන් සුදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය විශේෂ නියෝජිතයෙකු හරහා රනිල් වික්‍රමසිංහට දැනුම් දි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඉදිරියේදි සෑදේන පොදු සන්ධානයක යලිත් තමා පොදු අපේක්ෂකයෙකු විමට සුදානමින් සිටින බැවින් තමන්ගේ දේශපාලන අනාගතය ආරක්ෂා කර ගැනිමට තමන්ට් අවශ්‍ය බවත් ඒ සදහා සහය ලබාදෙන්නේ නම් අගමැති ධුරය ලබාදිමට තමන් සුදානම් බවයි සිය විශේෂ නියෝජිතයා හරහා දැනුම් දි ඇත්තේ.

Published on: Dec 11, 2018- මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ලේකම්වරයා ය. මහින්ද ජනාධිපති කාලෙ ඔහු ඒ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ය. මහින්දත් එක්ක එකට ආණ්ඩු කරන කොට යටින් දිගට ම ගේම් අදිමින් සිටියේ ය. ඒ ගේම් කොච්චර ද කියනවා නම්, එකට ආප්ප කාලා එළියට බැහැලා, මහින්දට විරුද්ධව ඡන්දෙට ආවේ ය. කාපු ආප්පවලටවත් කෙළෙහිගුණයක් නැතැයි යන්න පටබැඳුණේ ඒ අනුව ය. එදා මහින්ද රාජපක්‍ෂට තිබුණු විරෝධය මෛත්‍රීපාලට පිනා චාන්ස් එකක් වූයේ ය. එකට ආප්ප කාපු එකා මෙච්චර ද්‍රෝහිකමක් කරලා රටේ ජනාධිපති වේවි කියලා මහින්ද හීනෙන්වත් නොසිතුවේ ය. ඒත්, එය කෙසේ හෝ සිදු විණි.

එතැන් සිට දිගට ම සිරිසේන දීග කෑවේ රනිල් වික‍්‍රමසිංහ සමඟ ය. රනිල් මහා විශාල කැප කිරීමක් කළ බව පුන පුනා කිව්වේ ය. පහුගිය අවුරුදු තුනහමාරෙ ම රනිල් එක්ක එකතු වෙලා මහින්දව පතුරු ගැහැව්වේ ය. මහින්දගේ ගෝලයන්වත් පතුරු ගැහැව්වේ ය. රනිල් එක්ක එකට නැවත ආප්ප කකා හිටපු සිරිසේන හිටපු ගමන් වෙනස් වූයේ ය. වෙනස් වෙලා ආපහු මහින්ද එක්ක හොඳට ම යාළු වුණේ ය. ඒ යාළුකම කොච්චර ද කියනවා නම්, මහින්දව අගමැති පුටුවේ ම වාඩි කළේ ය. මුළු රට ම වික්‍ෂිප්ත විය. කිසි ගාණක් නැතිව මෛත්‍රී එදා ම ගැසට් නිවේදන තුනක් නිකුත් කළේ ය. එකක් රනිල්ව ඉවත් කරන එක ය. අනෙක මහින්දව පත් කරන එක ය. ඊ ළඟ එක වුණේ එදින ම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වසා දමන ගැසට් එක ය. මේ ගැසට් තුනෙන් දෙකක් නීති විරෝධී ය. අනෙක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ය. දින කීපයකට පසුව නව ඇමතිවරුන් පත් කරන ගැසට් එක ද ගැහුවේ ය. ඒකත් ව්‍යවස්ථා විරෝධී බැවින්, නීති විරෝධී ය. අන්තිමට බැරි ම වෙලා බිත්තියට හේත්තු වුණාට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් එක ද ගැසුවේ ය. එයද මුළුමනින් ම නීති විරෝධී එකකි. මෙහෙ ම බැලුවා ම මහින්ද අගමැති කරන්න ගිහිල්ලා, මෛත්‍රීපාල නීති විරෝධී ගැසට් හතරක් සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගැසට් එකක් නිකුත් කරමින්, දැනටමත් බරපතළ වරදකට චෝදනා ලැබ ඇති චූදිතයෙක් ය.

ඇත්තට ම මහින්ද මේ ගේමට එකඟ වුණේ තමන් ඇතුළු කණ්ඩායමේ නඩුවලින් බේරෙන්නට ය. ඒකට එකඟ වූයේ මෛත්‍රී දීපු ලණුව කාපු නිසා ය. මෛත්‍රීපාල කැට තියා කිව්වේ, බහුතරය තමන්ට ඉන්නා බවක් ය. ඒ ලණුව කාපු මහින්ද පළමු වතාවේ දී ම හොඳට ම සවුත්තු වූයේ ය. තමන්ගෙ ම කට්ටිය ප‍්‍රශ්න අහන්න පටන් ගත්තේ ය. “ඇයි සර් මෙහෙ ම දෙයක් කර ගත්තේ” යැයි හැමෝ ම අහන්න පටන් ගත්හ. හොර රහසේ ගහපු ගේමක් නිසා ඒක පැහැදිලි කර ගන්න මහින්දට කොහෙත් ම හැකියාවක් වුණේ නැත. ඒ නිසා සිද්ධ වුණේ මෛත්‍රීපාල එක්ක මලපැනීම ය. සරම උස්සලා, පොළොවේ අඩි හප්පලා “කෝ තියෙනවයි කියපු එකසිය දහතුන” යැයි මෛත්‍රීපාලගෙන් ප‍්‍රශ්න කළේ ය. මෛත්‍රීට උත්තර නැති වෙච්ච අසරණයෙක් වුණු නිසා දහඅතේ කල්පනා කළේ ය. බැරි ම තැන ‘යන යකා කොරහත් බිඳගෙන යනවා’ කියලා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය.

එතැන් සිට මහින්දගේ කුජීත වීම තව තවත් වැඩි විය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසුරුවා හැරීම වාරණයට ලක් කළේ ය. පාර්ලිමේන්තුවේ විශ්වාස භංග දෙකකින් ම මහින්ද පරාජයට පත් වුණේ ය. අගමැති ලෙස වියදම් කරන්න තිබූ මුදල් මුළුමනින් ම කප්පාදු වුණේ ය. අන්තිමට අභියාචනාධිකරණ තීන්දුවෙන් අගමැති ධුරය හා ඇමති ධුර සියල්ල වාරණයට ලක් වුණේ ය. කොටින් ම ගත්තොත්, මේ ටික කාලය තුළ මහින්ද මහා ලොක්කෙක් වාගේ අගමැති වුණේ ය. හෙලිකොප්ටරයෙන් උඩින් ගමන් ඇරැඹුවේ ය. හිටපු ගමන් ඩෝං ගාලා ආපහු නිකම් ම නිකම් මන්ත්‍රී වුණේ ය. ඉංග්‍රීසියෙන් ගත්තොත්, පී.එම්. එම්.පී. වුණේ ය. අද වෙන කොට හතර වටෙන් මහින්ද කරගත්ත ගොන්කමක් කියා ඇහෙන්න පටන්ගෙන ඇත්තේ ය.

මේ සියල්ල අතරේ මෛත්‍රීපාල තමන්ට එරෙහිව ඇති චෝදනාවලින් ගැලවෙන්නට පාරක් සොයමින් සිටින්නේ ය. එහි පළමුවැන්න විශ්වාස භංග යෝජනාව පළමුවැනි කොටස ඉවත් කර ගැනීමේ උත්සාහයයි. යූ.එන්.පී.යත් එක්ක එකඟතාවයකට ආවේ ඒකට ය. අන්තිමට අලුත් ම අලුත් විශ්වාස භංග යෝජනාවක් දයාසිරි ජයසේකර මැදිහත් වී සකස් කළේ ය. මෛත්‍රීගේ උපදෙස් මත හදපු ඒ යෝජනාව යූ.එන්.පී.ය ලව්වා නැවත ඉදිරිපත් කර ගන්න උත්සාහ කළේ ය. ඒත්, ජ.වි.පෙ. විරෝධය නිසා ඒක පස්සට ගන්න සිද්ධ වුණේ ය. මේ අතරවාරයේ කරකියා ගන්න දෙයක් නැති හින්දා ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ලවා මහින්දට ඉල්ලා අස් වෙන්න යැයි කියෙව්වේ ය. හතර වටෙන් කුජීත වෙලා ඉන්න මහින්දට මලපැන්නේ ඒකට ය. “මම අයින් වෙන්නෙ නැහැ. පුළුවන් නම්, එයාට කියනවා මාව අයින් කරන්න” යැයි කිව්වේ ආපු කේන්තියට ය.

කොහො ම වුණත්, මෛත්‍රී ආපහු හිර වුණේ ය. දැන් මහින්ද අයින් වෙන්නෙ නැත් නම්, මෛත්‍රීට සිද්ධ වෙන්නේ අයින් කරන්න තවත් ගැසට් එකක් ගසන්නට ය. ඒක කරපු ගමන් මෛත්‍රීපාල තවත් වතාවක් ව්‍යවස්ථාව කඩපු චෝදනාවට ලක් වන්නේ ය. ඒ කියන්නේ, මෛත්‍රීපාල දැන් හදන්නේ මහින්දව බිල්ලට දීලා තමන් ගොඩ යන්නට ය. විශ්වාස භංගයේ පළමු කොටස ඉවත් කරලා, දෙවැනි කෑල්ල ආයේ ගෙනැල්ලා සම්මත වීමෙන් වෙන්නෙත් මහින්දව බිල්ලට දීම ය.

පහුගිය කාලේ රනිල්ට එරෙහි විශ්වාස භංග ගෙනාවේ ඇත්තට ම මෛතී‍්‍රපාල ය. අද මහින්දට එරෙහිව විශ්වාස භංගය ගේන්නෙත් මෛතී‍්‍රපාල ම ය. දෙන්නාව ම පත් කරන්නෙත් මෛතී‍්‍ර ම ය. දෙන්නාව ම අයින් කරන්න හදන්නේත් මෛතී‍්‍රපාල ම ය. මේක මහ අරුමපුදුම යටිකූට්ටු වැඩක් ය. මෛතී‍්‍රපාලගේ පැත්තෙන් ගත්තොත්, දැනටමත් අන්ත කුජීත වෙලා අවසන් ය. යූ.එන්.පී.කාරයන්ගේ පරම හතුරා දැන් මෛතී‍්‍රපාල ය. පක්‍ෂයට ද්‍රෝහි වෙලා පක්‍ෂය පාවලා දීලා කරපු වැඩෙන් ශී‍්‍ර ලංකාකාරයන්ට මෛතී‍්‍රපාලව එපා වෙලා ගොඩක් කල් ය. දැන් මේ දවස්වල කරපු දේවල්වලින් මෛතී‍්‍රපාලව රටේ කිසි ම කෙනෙක් තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැත. ගණන් ගන්නේ නැතිව විතරක් නොවෙයි, හැමෝට ම ඇත්තේ මඩු වලිගයෙන් ම තළන්න හිතෙන තරමේ කේන්තියක් ය. ඒ නිසා මෛතී‍්‍රපාලගේ කුජීත වීම ගැන නම් කතා කරලා වැඩක් නැත. ප‍්‍රශ්නය ඇත්තේ, මේ වැඩෙන් මහින්දත් කුජීත වීම ය.

පහුගිය කාලය තුළ රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ වැඩ නිසා මහින්ද බේරිලා හිටියේ ය. රනිල් මහින්දත් එක්ක දාපු ඩීල් නිසා බේරිලාත් හිටියේ ය. යහපාලන ආණ්ඩුවේ ගොන් වැඩ නිසා මහින්ද යාන්තම් ගොඩ ගිහින් තිබුණේ ය. එහෙ ම හිටිය මහින්ද මේ වැඩෙන් නැත්තට ම නැති වුණේ ය. ජනතාව ඉස්සරහ අගමැතිකම් ගන්න ගිහින් අන්තිමට ම පීචං වුණේ ය. බහුතරයක් පෙන්නා ගන්න බැරිව අන්තිම සවුත්තු වී ඇත්තේ ය. ඒ මඳිවාට උසාවිවලින් දුන් තීන්දුවලින් තවත් සවුත්තු වුණේ ය. තමන්ගේ කණ්ඩායම ඇතුළෙන් ම “අයියෝ මොකක් ද මේ කර ගත්තේ ?” කියන ප‍්‍රශ්නයට ලක් වී ඇත්තේ ය. කුමාර වෙල්ගම ඔළුව අත ගගා දිගට ම ටොකු ඇනගෙන ඇනගෙන යන්නේ ය. මහා ලොකු චණ්ඩියෙක් වගේ පෙන්නාගෙන හිටිය මහින්ද අගමැතිකමට පෙරේතකමේ අන්තිම හෑල්ලුවට පත් වුණේ ය. මේ වන තෙක් ජාත්‍යන්තරයේ කිසිදු රටක් මහින්දව පිළිගත්තේ ද නැත.

ඒ විතරක් නොව මේ මාස එකහමාරට රටේ වෙච්ච දේවල් ද මහින්දට කටඋත්තර නැති දේවල් ය. බන්දුල ගුණවර්ධන සිංගප්පූරු ගිවිසුම එහෙ ම ආවාට ගියාට අහෝසි කරන්න බැහැ කිව්වේ ය. රුපියල බාල්දු වෙන එක මට අතින් අල්ලලා නවත්තන්න බැහැ යැයි ද කිව්වේ ය. ටී.එන්.ඒ. එකේ ඉන්නේ කොටි කිය කියා ඉඳලා අන්තිමට ටී.එන්.ඒ. එකේ ම මන්ත්‍රී කෙනෙකුට ඇමතිකමක් දුන්නේ ය. ඒ මඩකලපුවේ වියාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ටය. එදා සිවාජිලිංගම් එක්ක මුලතිව් මහ විරු සමරුවට ගිය එක ම ටී.එන්.ඒ. මත්‍රීවරයා ය. එහි දී හමුදා සොල්දාදුවන් උතුරේ කුණු කාණු අතුගාන්න දාන්න ඕනෑ යැයි කීවේ මොහු ය. ඒ විතරක් නොවෙයි, මහ විරු සැමරුම් ගණනාවක් පසුගිය නොවැම්බර් 26 වැනිදා උතුරේ පැවැත්විණි. ඒ සියල්ල සිදු වුණේ, මහින්ද ව්‍යාජ ලෙස අගමැතිව ඉන්න කාලයේ දී ය. වාසුදේව නානායක්කාර අත්අඩංගුවේ ඉන්න එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ව වර්ගීකරණය කරලා කට්ටියක් නිදහස් කරනවා, තව කට්ටියක් පුනරුත්ථාපනය කරනවා යැයි කිව්වේ ය. එදා මහ ලොකුවට එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කරන එක වැරැදියි කියලා කියපු කට්ටිය මාසයක් යන්න කලින් කියපු දේවල් ය. ඩග්ලස් දේවානන්ද සියලු ම එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයන්ට මුදල් දෙනවා යැයි ද කිව්වේ ය. මහින්දට මේ කිසිවකට උත්තරයක් නැත. රණවිරුවෝ දඩයම් කරනවා යැයි කෑ ගහපු කට්ටිය ආපු ගමන් ම ත්‍රිවිධ හමුදාවේ ම ප‍්‍රධානියා වුණු රවීන්ද්‍ර විජේගුණරත්නව හිරගෙට යැව්වේ ය. මඩකලපුවේ පොලිස් නිලධාරීන් දෙන්නෙකුට වෙඩි තියලා මරලා දාපු සිද්ධියක් වුණේ ය. ගුවන් හමුදා කඳවුරට මීටර් දෙසීයක් දුරින් ඒ වාගේ ම පොලිසිය ආසන්නයේ මේ වෙඩි තැබීම සිදු වුණේ ය. මේ ටික කාලෙට හාමුදුරුවරුන්ට කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල වුණේ ය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට. රැකියා විරහිත උපාධිධාරීන්ට පන්න පන්නා කඳුළු ගෑස්, බැටන් පොලු ප‍්‍රහාර දියත් කළේ ය. ඒ ඔක්කො ම සිද්ධ වුණේ මහින්ද අගමැති ලෙස වැඩ කරන්නට පටන් ගත්තාට පසුව ය. මේ ඔක්කො ම සිද්ධිවලින් වරක් නොව සියක් වාරයක් මහින්දව හෙළිදරවු වුණේ ය; පීචං වුණේ ය; අන්තිමට කුජීත වුණේ ය.

ඒ විතරක් නොව මහින්ද පාර්ලිමේන්තුව විසුරුවා හැරපු ගමන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමට ඇතුළේ ලොකු අවුලක් හැදුවේ ය. මෛත්‍රීපාලට ද මලපැන්නේ ඒකට ය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආදරය කරන බොහෝ අය හිතුවේ, මහින්දයි, මෛත්‍රීයි එකතු වුණාට පස්සේ පක්‍ෂය ශක්තිමත් වේවි යැයි කියා ය. ඒත් සිද්ධ වුණේ ඊට හාත්පසින් ම විරුද්ධ දෙයකි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ බහුතරයක් දෙනා මහින්දගේ මේ හැසිරීම අනුමත කරන්නේ නැත. සාමාන්‍ය නීතිය අනුව පක්‍ෂයෙන් ඉවත් වුණා ම මාසයක කාලයක් මන්ත්‍රී ධුරයේ සිටිය හැකි ය. ඉන් එහාට මන්ත්‍රී ධුරයේ තව දුරටත් සිටීම ද ප‍්‍රශ්නයක් වනු ඇත. මෛත්‍රීපාලට ඕනෑ නම්, මහින්ද ඇතුළු පොහොට්ටුවට ගිය කණ්ඩායම ම මන්ත්‍රී ධුරවලින් ඉවත් කිරීම ද කළ හැක්කේ ය. එහෙ ම වුණොත්, මහින්දට අගමැතිකමත් නැති වෙලා මන්ත්‍රීකමත් නැති වන්නේ ය. මෛත්‍රීපාල කරපු දේවල් දිහා බැලුවා ම එහෙ ම දෙයක් නොකරාවි යැයි හිතන්නට ද අමාරු ය. කුජීත වෙලා කුජීත වෙලා හොඳට ම කුජීත වෙන්නේ මෛත්‍රී මහින්දගේ මන්ත්‍රීකමත් නැති කරපු දාට ය.

රටක් ගිනි තියපු මෛත්‍රීපාල සිරිසේන අන්තිමට මහින්දවත් නැත්තට ම නැති කර දැම්මේ ය. ඉස්සරහට මොනවායින් මොනවා කරයි ද හිතා ගන්නටවත් බැරි ය. කොහොමටත් මේ කරපු වැඩෙන් රටත් විනාශ වුණේ ය. මෛත්‍රීත් විනාශ වුණේ ය. මහින්දත් විනාශ වුණේ ය. එහෙ ම බැලුවා ම කවුරු මොන වුවමනාවට මෙය කළා ද යන්නත් ප‍්‍රශ්නසහගත ය. මේ සියල්ල අනෙක් පැත්තට හැරුණත්, මේ ජාතියේ ජනාධිපති කෙනෙක් එක්ක ආණ්ඩු කරන්න බැරි බව නම්, මහින්දට තේරුම් යන්නට ඇතැයි සිතිය හැකි ය. ඒ කියන්නේ, ආණ්ඩුවක් හදා ගත්තත්, මෛත්‍රීපාලත් එක්ක මහින්ද ආණ්ඩු කරන්න ගියොත්, ඔය ඉතුරු වෙලා තියෙන ටිකත් නැති වෙලා යන එක නම්, සිකුරු ය.

එදා මහින්ද ඡන්දේ ඉල්ලන වෙලාවේ එකසිය දහතුන තිබුණත්, මම මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ කියලා කිව්වේ, ඔය මෛත්‍රීපාල ම ය. අන්තිමට ඒ මහින්දට ම අගමැතිකම දුන්නේ ය. අද දෙසියවිසිපහක් ම තිබුණත් රනිල්ට දෙන්නේ නැහැ කියන්නේ ඒ මෛත්‍රීපාල ම ය. ඒත්, ඒ ගැන කිසිදු විශ්වාසයක් නැත්තේ ය. අන්තිමට ම රනිල්ට දෙන්නත් පුළුවන් ය. මෛත්‍රීපාලගේ හැටි එහෙ ම ය. ඒ ඔක්කො ම වැඩවලින් මහින්දව නැතිභංග වන්නේ ය. මෛත්‍රීපාල කියන විදියට රනිල් රට විනාශ කළේ ය. ආණ්ඩුව විනාශ කළේ ය. පක්‍ෂය විනාශ කළේ ය. මෛත්‍රීපාලවත් විනාශ කළේ ය. ඒ වාගේ ම මෛත්‍රීපාලත් රට විනාශ කළේ ය. ආණ්ඩුව විනාශ කළේ ය. තමන්ගේ පක්‍ෂයත් විනාශ කළේ ය. ඒ ඔක්කො ම කරලා අන්තිමට මහින්දවත් විනාශ කළේ ය. එහෙ ම බැලුවා ම මේ තුන්දෙනා එකතු වෙලා ඔවුනොවුන් විනාශ කර ගත්තෝ ය. රටත්, ජනතාවත් විනාශ කර ඇත්තේ ය. එසේ නම්, තව දුරටත් මොවුන් ගැන විශ්වාසයක් තියා ගැනීමෙන් කිසිදු පලප‍්‍රයෝජනයක් නොවන්නේ ය. දැන්වත් ඒ බව තේරුම්ගත යුත්තේ ය.

ලංකා ඉරිදා සංග්‍රහය

Published on: Dec 7, 2018- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කර පක්ෂයේ නායකත්ව වෙනසක් සිදු කිරීමේ සැලසුමක් ඇති බවට අනාවරණය විමෙන් මෛත්‍රී ජනාධිපතිවරයා තවත් අර්බුදයකට මුහුණ දි සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිත අතර එහිදි අදාළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කරුණු යොයා බලන බවයි ජනපති සදහන් කර ඇත්තේ.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හරහා අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර පක්ෂ නායකයින්ගේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මකවන බවට දැනට තොරතුරු වාර්තා වි ඇති බවත් පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා කෙටි කාලයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනකු කර තිබේන ඉල්ලිමක්ද කර තිබු නමුත් ජනපති සිරිසේන ඒ සම්බන්ධයෙන්ද හොද ප්‍රතිචාරයක් නොදැක්විම මෙම කුමන්ත්‍රණයට ආසන්නම හෙතුව වි ඇති බවද දැන ගන්නට තිබේ.

වාර්තා වන අන්දමට මේ සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දැඩි මැදිහත් වීමක් මේ සදහා පවතින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් වැඩි පිරිසක් ඇයට හිතවත් අය බවද මෙ වනවිට තහවුරු වි තිබේ.

Published on: Dec 7, 2018- රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් මණ්ඩලය තුළ සිදුවූ වංචා දූෂණ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත්කර පරීක්‍ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කර තිබුණේ විදෙස් මාධ්‍යවේදීන් කැඳවූ හමුවකදීය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට පිළිතුරු වශයෙන් එජාප නායකයන් කියාතිබුණේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා බව ඔහුම නොදැන සිටීම කනගාටුවට කරුණක් බව හා ඔහුට විරුද්ධව ඔහුම පරීක්‍ෂා කිරීමට යන බවය.

එකම කරුණක් ගැන අවස්ථා කිහිපයකදී පරස්පර කථා කියන ජනාධිපතිවරයා කියන්නේ මොනවාදැයි නොදැන දෙඩවීම දැන් සාමාන්‍ය මිනිසුන්ට පවා රස සාගරයක් වී ඇත. ඒ ගැන වැඩිය කථා කිරීම තේරුමක් නැත.

නන්දෙඩවීමක් වශයෙන් හෝ කියූ ජනාධිපතිවරයාගේ එම යෝජනාව නම් කදිමය. එහිදී එජාප කැබිනට් සාමාජිකයන්ගේ පමණක් නොව ඔහුගේ ශ්‍රීලනිප කැබිනට් සාමාජිකයන්ගේ මෙන්ම ආරක්ෂක, පරිසර හා මහවැලි සංවර්ධන යන ඔහුගේ අමාත්‍යධුරවල කටයුතුද පරීක්ෂාවට ලක්වන බැවින්ය.

කවදාහෝ දිනක ඔහු ධුරයෙන් බැස ගිය පසු මොනවා හෝ කොමිසමකින් පරීක්‍ෂාවට ලක්කළ යුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හඳුන්වාදුන් අලුත් ටෙන්ඩර් සෙල්ලමක් පිළිබඳව අප මුල්වරට හෙළිදරව් කරන ලද්දේ පසුගිය ජුලි 15 දින පුවත්පතෙන්ය. එහි මාතෘකාව වූයේ ‘ස්විස් චැලෙන්ජ්, ජනාධිපතිගේ අලුත් ටෙන්ඩර් සෙල්ලම’ යන්නයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නීතිවිරෝධීව ධුරයෙන් ඉවත්කර කැබිනට් මණ්ඩලය විසුරුවීමෙන් පසු ඔහුගේ අලුත් දීගයේ සහායකයා වන මහින්ද රාජපක්‍ෂ ඇතුළු කල්ලියේ හොර කැබිනට් මණ්ඩලයේ ආශීර්වාදයෙන් ජනාධිපතිවරයා එම ටෙන්ඩර් සෙල්ලම යථාර්ථයක් බවට පත්කිරීමේ උත්සාහය ගෙන ඇත.

ඊට අදාළ පුවත්පත් දැන්වීම නොවැම්බර් 05 දින ඩෙලිනිව්ස් පුවත්පතේ පළවී ඇත. ඒ අනුව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පුවත්පත් දැන්වීමක් පළකරමින් ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් යෝජනා කැඳවීමක් සිදුකර ඇත. ඒ ‘ස්විස් චැලෙන්ජ්’ ක්‍රමය යටතේ කොළඹ වරාය අවට මුහුදේ විකෘත ස්වාභාවික ගැස් ගබඩා කිරීමේ නැවත ගැස් බවට පත්කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීම ඊට අදාළ නල මාර්ග සකස් කිරීම හා ස්වාභාවික ගැස් සැපයීම යන කටයුතු සඳහාය.

එම පුවත්පත් දැන්වීමේ කියන්නේ ඉහත සඳහන් කටයුතු සඳහා කොරියාවේ S KE ඇන්ඞ් S සමාගමෙන් ස්වෙච්ඡා කේවල යෝජනාවක් (Unsolicited) ලැබුණ බවත් එම යෝජනාවට ප්‍රතිවිරුද්ධව යෝජනා කැඳවන බවත්ය. ඒ සඳහා ලබාදී ඇත්තේ ඉතා සීමිත දින ගණනක්ය. ඒ දෙසැම්බර් 12 දින දක්වා පමණය. ඒ අනුව කොළඹ වරායට උතුරින් හා වයඹට වන්නට කිලෝමීටර් 9ක දුරින් මෙම ස්වාභාවික ගෑස් පර්යන්තය ඉදිකළ යුතුය.

යෝජනා ඉදිරිපත් කරන්නන්ට මෙම ටෙන්ඩර් දිනාගත හැක්කේ කොරියාවේ SK E ඇන්ඞ් S සමාගම ඉදිරිපත් කළ ස්වෙච්ඡා යෝජනාවට වඩා ලාභදායී හොඳ යෝජනාවක් ඉදිරිපත් කළහොත් පමණය. එසේ හොඳ හා ලාභදායී යෝජනාවක් ඉදිරිපත් කර වෙනත් සමාගමක් එම ටෙන්ඩරය ලබාගත්තද ඔවුන් මුල් ස්වෙච්ඡා යෝජනාව ඉදිරිපත් කළ කොරියාවේ SK E ඇන්ඞ් S සමාගමට එම යෝජනාව සංවර්ධනය කිරීම සඳහා වැය කළ මුදල් ගෙවිය යුතුය.

ශ්‍රී ලංකාව මෙතෙක් රාජපක්‍ෂ පාලනයට පෙර සිදුකළේ රටේ අවශ්‍යතාව අනුව යෝජනා සකස් කර ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කරන ලෙස තරගකාරී ටෙන්ඩර් කැඳවීමය. මේ ක්‍රමවේදය වෙනස් කරනු ලබුයේ පසුගිය රාජපක්‍ෂ පාලනයය. ඔවුන් මේ විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදය වෙනුවට හඳුන්වාදුන්නේ ස්වෙච්ඡා කේවල යෝජනාය. පුදුමයකට මෙන් මෙම ස්වෙච්ඡා යෝජනා සියල්ලම පාහේ රාජපක්‍ෂ පාලනයට ලැබුණේ චීන සමාගම්වලින්ය. ශ්‍රී ලංකාවට හෙවත් රාජපක්‍ෂ පාලනයට ඒ ඒ අවස්ථාවේදී වුවමනා අන්තර්ජාතික ගුවන්තොටුපළක්ද, අන්තර්ජාතික වරායක්ද නැතහොත් පෝර්ට්සිටි යක්ද යන්න පිළිබඳව පරසිත් හෙවත් රාජපක්‍ෂවරුන්ගේ සිත් කියවීමේ පුදුම ඉන්ද්‍රජාලික හැකියාවක් එකල චීන සමාගම්වලට තිබුණි.

ඒ අනුව චීන සමාගම් විසින් ඉදිරිපත් කරන ස්වෙච්ඡා යෝජනා අනුව මේ රටේ සියලු මහා පරිමාණ ව්‍යාපෘති යෝජනා රාජපක්‍ෂ යුගයේදී ක්‍රියාත්මක විය. එම ක්‍රමවේදය වැරදි බවට කිසිම සැකයක් තිබුණේ නැත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ප්‍රසම්පාදන කොමිසම ස්වාධීන කොමිෂන් සභා යටතේ ස්ථාපිත වන්නේ මේ ආකාරයේ මහා පරිමාණ ටෙන්ඩර් ගනුදෙනු විනිවිදභාවයකින් යුතුව සිදුකිරීම සඳහාය. එහෙත් කනගාටුවට කරුණ වූයේ පසුගිය ඔක්තෝබර් 26 දා රාත්‍රියේ මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්‍ෂ නීතිවිරෝධී ආණ්ඩු පෙරළි කුමන්ත්‍රණය වන තෙක් එම ප්‍රසම්පාදන කොමිසම දෙපයින් සිටුවීම ගැන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවද කිසිදු උත්සාහයක් නොදැරීමය.

ඒ නිසාම දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ හුරුපුරුදු පැරණි සගයන් සමග මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ස්වෙච්ඡා කේවල යෝජනාවලට සුජාතභාවය ලබාදීමේ ‘ස්විස් චැලෙන්ජ්’ නම් වූ අලුත් ටෙන්ඩර් ක්‍රමවේදය ආරම්භ කර ඇත. සංස්කෘතික වශයෙන් රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ එජාපය තමන්ට නොගැළපුණා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කීවේ රාජපක්‍ෂ යුගයේ මෙන් ඔහුට වුවමනා ස්වෙච්ඡා කේවල යෝජනා යහපාලනය තුළ ක්‍රියාත්මක කිරීමට බැරිවූ නිසා විය හැකිය.

මෙම යෝජනාවේ පුවත්පත් දැන්වීම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නමින් කලඑළි බැස්සද ඇත්ත වශයෙන්ම කොරියානු සමාගමේ මෙම යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ යෝජනාවක්ය. ජනාධිපතිවරයා ඒ සඳහා වූ ඔහුගේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන්නේ 2016 ජුලි මාසයේදීය. පසුව එම යෝජනාව පිළිබඳ දෙවන යෝජනාව ඉදිරිපත් වන්නේ 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදීය. එම දෙවන යෝජනාව ඉදිරිපත් කරන්නේ විදුබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා වශයෙන් රංජිත් සියඹලාපිටිය හා විශේෂ කාර්යභාර්ය අමාත්‍යවරයා වශයෙන් සරත් අමුණුගමගේ ඒකාබද්ධ යෝජනාවක් වශයෙන්ය.

යෝජනා දෙකේම වෙනසක් නැත. දෙවන යෝජනාව වූ කලි ජනාධිපතිවරයාගේ පළමු යෝජනාවේ පිටපතක් පමණය. අනුන්ගේ විෂයකට තමා කෙසේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත්කරන්නේ ද යන විචිකිච්ඡාව මත කොපිය වෙනත් ඇමතිවරුන්ට පැවරූ බවට සැකයක් නැත.

මීට පෙර ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකා අනුව 2015 -2034 යන අවුරුදු 20ක කාල පරිච්ඡේදයේදී ඉදිකිරීමට නියමිත විදුලි බලාගාරත්, දැනට ඇති සමහර විදුලි බලාගාරත් ගෑස් මඟින් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති අතර මේ කොරියානු සමාගම ඊධඔ හෙවත් ඉදිකර, පවත්වාගෙන ගොස් අයිතිය ලබාදීමේ ක්‍රමවේදයට අනුව මෙම ඉදිකිරීම් සිදුකරයි. එමෙන්ම ගිවිස ගන්නා කාලයේදී රටේ අවශ්‍යතාවට කොතරම් වැඩි වුවත් නියමිත ගෑස් මෙටි්‍රක් ටොන් ප්‍රමාණයක් අදාළ සමාගමෙන් ශ්‍රී ලංකාව මිලදී ගැනීම අනිවාර්ය කර ඇත.

කැබිනට් පත්‍රිකාවේ තිබුණේ මෙම සමාගම කොරියානු රජයේ සමාගමක් බවත් කොරියාවේ එක්සිම් බැංකුව මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සපයන බවත්ය. එදා අපගේ හෙළිදරව්වෙන් අප පෙන්වා දෙනු ලැබුයේ එම සමාගම කොරියානු රජයේ සමාගමක් නොවන බවත්, ඒ අනුව එක්සිම් බැංකුවෙන් ණය ලබාදීම ගැටලු සහගත බවත්ය. අපගේ එම හෙළිදරව්කිරීම අද පුවත්පත් දැන්වීම් මඟින් සනාථ වී ඇත. SK E ඇන්ඞ්Sසමාගම කොරියානු රජයට අයත් සමාගමක් බව හෝ එක්සිම් බැංකුව මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන බව හෝ එහි සඳහන් වන්නේ නැත. නමුත් කැබිනට් පත්‍රිකාවේ එය සඳහන් වූයේ ශ්‍රී ලංකාවත්, කොරියාවත් අතර හෙවත් ආණ්ඩු දෙකක් අතර ව්‍යාපෘතියක් වශයෙන්ය.

එහෙත් අපගේ පෙර ලිපියෙන් අප හෙළිදරව් කරනු ලැබුයේ අදාළ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඇළුමිනියම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවලට සුප්‍රසිද්ධ ජනාධිපතිවරයාගේ පුත්‍රයාට සම්බන්ධ සමාගමක් විසින් ගෙනැවිත් තිබූ යෝජනාවක් බවය. කොරියානු සමාගමේ නියෝජිතයා වශයෙන් එම සමාගම නම් කිරීම මඟින් ජනාධිපතිවරයාට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා යහපාලන ආණ්ඩුව සමග සබඳතාවක් ඇති කර ගැනීමට ඇමතිවරයෙකු සමග ගිය ව්‍යාපාරික ධම්මික පෙරේරාට ප්‍රතිඋපකාරය වශයෙන් ඔහුගේ සමාගමේ නම දීම සඳහා කැමතිකරවා ගැනීම මඟින් මෙම ව්‍යාපෘති යෝජනාව ඔහුට අයත් ඩීමෝ සමාගමේ දේශීය නියෝජිතත්වයෙන් කලඑළි බැස්ස බවය.

අප එයින් නැවතුථේ නැත. තවදුරටත් පසු ගිය අගෝස්තු 05 වැනිදා වාර්තා කරනු ලැබුයේ මේ කොරියාවේ SK E ඇන්ඞ්S එම දිනවල සිදුවූ ලාඕස් ඛේදවාචකයේද විත්තිකරුවන් බවය. එය අප වාර්තාකළේ ජනාධිපති ලංකාවට නිර්දේශ කළ සමාගම ලාඕස ඛේදවාචකයේ විත්තිකරුවෝ ලෙසින්ය. ජල විදුලි බලාගාරයක් සඳහා ඉදිකරමින් තිබූ වේල්ලක් පසුගිය ජුලි 23 වැනිදා පුපුරායෑමෙන් එහි වැසියෝ 100කට අධික ප්‍රමාණයක් මරණයට පත්වූහ. එම වේල්ල ඉදිකරමින් සිටියේ කොරියාවේ SK E ඇන්ඞ් S සමාගමය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කොරියනු සමාගමට ලබාදීමට යන්නේ වේල්ලක් වැනි ගොඩබිම ඉදිකිරීමක් නොවන නිසා ගොඩබිම් ජනතාවට අනතුරු ඇඟවීමට සමහර විට අපට සිදුනොවනු ඇත. ඒත් කොළඹ වරාය අවට ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිසටත් විශේෂයෙන් කොළඹ වරායට සේන්දුවන නැව්වලටත් මෙවැනි ප්‍රමිතියෙන් තොර සමාගම්වල ඉදිකිරීම්වලින් අනතුරක් සිදුවිය හැකිය. නමුත් ඒ ගැන කීමට තවම කල් වැඩිය.

එක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහු විසින්ම බෞතිස්ම කළ අලිබබා හා හොරු හතළිහ සමග “ස්විස් චැලෙන්ජ්’ හඳුන්වාදෙමින් ආපසු යන්නේ අවපාලනයට බව ඉඳුරාම කිව හැකිය. එම අවපාලනයෙන් වෑහෙන කොමිස් හොයන්නට අනාගත යහපාලනයකට රට රාජ්‍යවල බැංකු පීරන්නට සිදුවන බවටද සැක නැත.

~~ලසන්ත රුහුණගේ~~

Published on: Dec 5, 2018- පසුගිය 26 වැනිදා, තමන්ට් එජාපයේ 20ක් ඇතුලුව අති බහුතරයක් ඇති බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථා විරෝධී ආකාරයට අගමැතිලෙස පත්කර මේ වනවිට මහින්දට යන එන මං නැතිකර දැමු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරය එම ගේම් සියල්ලම දැනුවත්ව ගැසූ එවා බව මේ වනවිට අනාවරණය වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ඒ අනුව මේ වනවිට සියලු අර්බුද පෙන්වමින් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවධානය යොමුවි ඇති අතර ඒ අනුව තමන්ට් නොලැබි ගිය ජනපති අපේක්ෂකත්වය පහසුවෙන්ම ලබා ගැනිමටත්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ මහින්දගේ නායකත්වයෙන් යුත් පොහොට්ටුවේ ඡන්ද සියල්ලම ලබා ගනිමින් පහසුවෙන්ම මැතිවරණ ජයගත හැකි බව මෛත්‍රී මේ වනවිට විස්වාසය කරමින් සිටි.

මහින්ද රාජපක්ෂ ප්‍රධන කණඩායමට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිවීම සහ එක්සත් ජාතික පෙරමුණට බහුතරය තිබුණත් එම පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහට කිසිසේත් අගමැති ධූරය යළි ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිටින දැඩි ස්ථාවරය අනුව එකම විකල්පය වන්නේ ජනාධිපතිවරණය කැඳවීම බව මේ වනවිට ජනපති ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ට පෙන්වා දෙමින් සිටි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ජනාධිපති අපේක්ෂකකම ලබාදීමට මහින්ද රාජපක්ෂ ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විටත් එකඟතාවය පළ කර ඇති බව මෛත්‍රීපාල සිරිසේන සිය ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයන්ට පවසා ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු පුළුල් සන්ධානයකින් එම ජනාධිපතිවරණයට ඉදිරිපත් විමටද මේ වනවිට මෙහෙයුම් දියත් කර තිබේන බව වාර්තා වේ.

Loading…

Published on: Dec 3, 2018- මෛත්‍රීපාල සිරිසේන වැනි දුර්වලයෙකුගේ ලණු ගිල්ල මහින්ද රාජපක්ෂ ඉතිහාසයෙ දරුණුම පරාජයට අද හිමිකම් කිවා.ඒ අනුව ව්‍යවස්ථා විරෝධීව ජනපති පත්කල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර සිටියා.

ඊට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට ලබන 12 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ද අභියාචනාධිකරණය අද (03) නොතීසි නිකුත් කල බවයි කොළඹ අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වේන් අතර පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව පුකාශයට පත් කෙරිණි.

⁣එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර ඇති අතර මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.

Published on: Dec 3, 2018- තමන්ට 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදෙන ඕනෑම පාර්ශවයකට අග්‍රාමාත්‍යධූරය ලබාදීමට සූදානම් බව සිරිසේන ජනාධිපති පවසා ඇතැයි වාර්තා වෙයි.

මේ බව වාර්තා වන්නේ පසුගියදා කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දක්වා පිල් මාරු කර මේ වන විට ස්වාධීනව ඉන්නා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ විසින් එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල මන්ත්‍රීවරයෙකුට සිදුකර ඇති දැනුම්දීම අනුවය.

එහිදී විජේදාස මන්ත්‍රීවරයා සඳහන්කර ඇත්තේ ජනාධිපතිවරයාට විශ්වසනීය සහතිකයක් ලබාදීමට හැකියාවක් ඇත්නම් ප්‍රශ්නය අවසන් කිරීමට ඔහු සූදානම් බවය.

එහිදී එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රීවරයා විමසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ නායකතුමාට වුවත් අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපති සූදානම්ද කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ රනිල් නොව ඕනෑම අයෙකුට අග්‍රාමාත්‍යධුරය ලබාදීමට සූදානමක් ඇති බවත් 2020 ජනාධිපති අපේක්ෂකත්වය ලැබෙනවා නම් රනිල් මහතාට අපේක්ෂකත්වය ලබාදීමේ කිසිම ප්‍රශ්නයක් නොමැති බවය.

ඊට හේතුව ලෙස විජේදාස මන්ත්‍රීවරයා පෙන්වාදී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට පක්ෂව මේ වන විටත් මන්ත්‍රීවරුන් ලිඛිත අත්සන් සහිතව ලිපියක් ලබාදී තිබීමත් අඛණ්ඩව පාර්ලිමේන්තු බහුතරය මහින්ද රාජපක්ෂට නොමැති බව ඔප්පුවී තිබීමත්ය.

ඒ අනුව තමන්ට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් නොව ඊටත් වඩා ඇති බව පවසමින් දේශපාලන කුමන්ත්‍රණයක් දියත්කල සිරිසේන ජනාධිපති දියත් කළ දේශපාලන කුමන්ත්‍රණයේ සැබෑ හේතුව පැහැදිළිය.

Published on: Dec 2, 2018 – පොලිස් භටයන් දෙදෙනකු මඩකලපුවේ දී වෙඩිතබා ඝාතනය කිරීම ගැන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන විනායගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා සම්බන්ධයෙන් සැක පල වී ඇත.ඝාතන සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය (TNA) කරුණා පිළිබඳව බරපතල සැක මතු කර ඇති අතර

TNA මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට රාජ්‍ය බලය පැවරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගැනීමෙන් අනතුරුව විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා නිහඬව සිට නැවත ක්‍රියාකාරී වී සිටින බවයි.

“ඔක්තෝබර් 26 දා සිදුවීම් වලින් පසු කරුණා අම්මාන් එලියට ඇවිත් කතා කරන්න පටන්ගන්න තියෙනවා. අපිට තියෙන තොරතුරු අනුව ඔක්තෝබර් 26 දා සිට නැවත පණ ගසා ආ අය ගැන බරපතල සැකයක් මතු වෙනවා.”

මඩකලපුව නගරයේ සිට කිලෝමීටර් හයක් පමණ දුරින් පිහිටි වව්නතිව් සහ වලයිරවු යා කරන පාලම අසල පිහිටි පොලිස් මුරපොලක සේවයේ නිරතව සිටියදී වෙඩි තබා මරා දමා තිබු කල්මුණේ වාසී ගනේෂ් දිනේෂ් සහ ගාල්ලේ උඩුගම නිරෝෂන් දෙදෙනාගේ සිරුරු සිකුරාදා උදෑසන හමුවී තිබුනි.

භටයන් දෙදෙනාගේ ගිනිඅවිද පැහැරගෙන ගොස් ඇතැයි වව්නතිව් පොලිසිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

පොලිස් භටයන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා පොලිස්පති වරයාගේ නායකත්වයෙන් යුත් විශේෂ පරීක්ෂක කණ්ඩායමක් වව්නතීවූ වෙත මේ වන විට ලඟා වී සිටී.

Published on: Dec 2, 2018 – රටේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව නොව, රටේ විධායක ජනාධිපතිවරයාගේ ආශාවන්ට සහ රුචිකත්වයන්ට අනුව රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යන නිදහස් ලංකාවේ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලදැයි කියන ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයා විසින් පත්කරන ලදැයි කියන ආණ්ඩුවක් වශයෙන් ආණ්ඩු දෙකක් මේ අවස්ථාවේ රටේ පවතින බවක් පෙනේ. ආණ්ඩු දෙකක් එක විට රටක පැවතීම තාර්කික නැත. ව්‍යවස්ථානුකූල නැත. එනිසා, දැනට රටේ කිසි ආණ්ඩුවක් නොපවතින බව කතානායකවරයා ප‍්‍රකාශයට පත්කොට තිබේ. එවැනි තත්වයක් හැඳින්වෙන්නේ අරාජකත්වයක් වශයෙනි.

ඉවත් කරන ලදැයි කියන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සිටී. පත්කරන ලදැයි කියන ආණ්ඩුව, පාර්ලිමේන්තුවෙන් පිටත සිට රට මෙහෙයවයි. ඒ පාර්ලිමේන්තුවෙන් පිටස්තර ආණ්ඩුව විධායක ජනාධිපතිවරයාගේ මනදොළ අනුව පත්කර ගත් ‘ආණ්ඩුව’ වන නිසා, පොලීසිය සහ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය පාලනයේ මර්මස්ථාන ඔවුන් අත්කරගෙන සිටී. ඇඟට දැනෙන ආණ්ඩුව ඔවුන්ගේ ය. ඒ නිසාම, විධායකය සතු ව්‍යවස්ථා-විරෝධී එකී පාලනය ‘ආණ්ඩුව’ වශයෙනුත්, ව්‍යවස්ථානුකූල පාර්ලිමේන්තු ආණ්ඩුව ‘විපක්ෂය’ වශයෙනුත්, බහුතරයක් මාධ්‍ය තුළ සහ සාමාන්‍ය ව්‍යවහාරය තුළ, මේ අවස්ථාවේ හැඳින්වෙනු දක්නට ලැබේ.

තමන් ආණ්ඩුව යැයි කියා ගන්නා පක්ෂයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ එකම රටත් ලංකාවයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ, විපක්ෂ කණ්ඩායම් සහ සුළුතර කණ්ඩායම් විසින් පාර්ලිමේන්තුව වර්ජනය කරනු ලැබීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ හැම තැනකම පාහේ පාර්ලිමේන්තු බහුතරයකින් ආණ්ඩුවක් සමන්විත වන්නේ වුවත්, සුළුතරයේ ආණ්ඩු රටවල් කරවන අවස්ථා ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය තුළ නැතිවා නොවේ. එහෙත් ඒ, පාර්ලිමේන්තුවේ වෙනත් පාර්ශ්ව සහ පක්ෂවල නිල නොවන සහයෝගය මත ය. මන්ද යත්, රාජ්‍ය පාලනය සඳහා සෑම කටයුත්තකටම පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය කරන බැවිනි. එනිසා, තනි පක්ෂයකට බහුතරයක් නැතත්, වෙනත් පක්ෂවල සහයෝගයෙන් සුළුතර ආණ්ඩුවක් කරගෙන යාමට පුළුවන් කමක් තිබේ.

එහෙත් ලංකාවේ ජනාධිපතිවරයාගේ වර්තමාන ‘ආණ්ඩුව’, ඒ දෙකෙන් එකකටවත් නොගැනෙන පාලනයකි. එය, බහුතර ආණ්ඩුවක් වන්නේත් නැත. සුළුතර ආණ්ඩුවක් වන්නේත් නැත. බහුතර ආණ්ඩුවක් නොවන්නේ, පාර්ලිමේන්තුව තුළ තමන් කෙරෙහි වන බහුතරයක් පෙන්වීමට මේ දක්වා එය අසමත්ව ඇති බැවිනි. සුළුතර ආණ්ඩුවක් නොවන්නේ, එවැනි සුළුතර ආණ්ඩුවක් වශයෙන් පවා පාර්ලිමේන්තුව තුළ පෙනී සිටීම ඔවුන් ස්වේච්ඡුාවෙන්ම මේ මොහොතේ අතහැර දමා ඇති බැවිනි. එය අද හුදෙක්, විධායක බලය දරණ එක පුද්ගලයෙකුගේ ආශාවක් සහ රුචිකත්වයක් මත කටයුතු කිරීම සඳහා, පාර්ලිමේන්තුවෙන් පිටස්තරව පවත්වාගෙන යන රංචු ගැසීමකි. මේ කාරණය, හුදෙක් දේශපාලන සංවාදයක් තුළ සාමාන්‍යයෙන් කෙරෙන ආකාරයේ ‘අනෙකා’ හෙලාදැකීමක් වශයෙන් නොගන්න. එය ඔබටම වාස්තවික පරීක්ෂාවට ලක්කළ හැකිය.

දැන් පාර්ලිමේන්තුව වර්ජනය කර සිටින මන්ත‍්‍රීන් සංඛ්‍යාව කීයද? එය ගණන් බැලිය හැකි එක ක‍්‍රමයක් වන්නේ, දැන් පාර්ලිමේන්තුවට සහභාගී වන මන්ත‍්‍රීන් සංඛ්‍යාව ගණන් බැලීමෙනි. ඒ ප‍්‍රමාණය, (අර, සේනානායක පවුලෙන් පැවත එන්නේ යැයි කියන ‘භාණ්ඩය’ මේ මොහොතේ සිටින ස්ථානය අනුව ගත් විට) 123 කි. පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීන් සංඛ්‍යාව 225 කි. ඒ අනුව, පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ 102 කි. (ඒ අතරේ, වර්ජනය කිරීමට නොව, වෙනත් හේතු නිසා පාර්ලිමේන්තුවට නොඑන පිරිසකුත් සිටිති.) ඒ කෙසේ වෙතත්, මේ සමස්තය, මොන පැත්තකින් ගත්තත් සුළුතරයක් මිස බහුතරයක් නොවේ. පසු ගිය ඔක්තෝබර් 26 වැනි දා සිට, ජනාධිපති සිරිසේන ගණිත පටලැවිල්ලක සිරව සිටී. ගණිතය තරම් නිශ්චිත දෙයක් විද්‍යාව තුළ නැත. ඒකක දෙකට, ඒකක දෙකක් එක් කළ විට, එය ඒකක හතරක් බව ව්‍යවහාරික ලෝකය ඒකමතිකව පිළිගනී. එහෙත් එතරම් නිශ්චිත නැති මුත් සාමාන්‍ය ඇසට පැහැදිළිව පෙනෙන තවත් කප්පරක් දේවල් ගැන කිසි ලැජ්ජාවකින් තොරව මේ වන විට බොරු කරන සහ බොරු කියන සිරිසේන, මේ අංකගණිතය ගැනත් දැන් මාසයකට වැඩි කාලයක් තිස්සේ බොරු කරමින් සිටී. ඔහු කියන්නේ, 102 යනු පාර්ලිමේන්තුවේ බහුතරය බවයි.

මේ මගින් රාජපක්ෂලා සැක හැර ඔප්පු කොට පෙන්වා ඇත්තේ, පාර්ලිමේන්තුවේ බහුතරයක් තමන්ට නොමැති බවයි.

පසුගිය 25 වැනි දා විදේශ මාධ්‍යවේදීන් සමග පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටියේ, පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත තිබුණත් රනිල් වික‍්‍රමසිංහට හෝ සරත් ෆොන්සේකාට තමා අගමැති ධුරය නොදෙන බවයි. මේ ගැන අපේ රටේ උත්තරීතර ලියවිල්ල වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ කුමක් ද?

‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති මන්තී‍්‍රවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය.’’ (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42 (4* වගන්තිය*.

එහෙත් ඉහත කී පරිදි, රනිල් වික‍්‍රමසිංහ හෝ සරත් ෆොන්සේකා වෙත පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුම් කළත් තමා ඒ දෙන්නාගෙන් කිසි කෙනෙකු අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරන්නේ නැතැයි ජනාධිපතිවරයා කියන විට, ඉහත කී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය අපට කියැවීමට සිද්ධ වන්නේ මෙසේය:

‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති, රනිල් වික‍්‍රමසිංහ හෝ සරත් ෆොන්සේකා නොවන, මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය’’.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවබෝධ කරගෙන ඇති පරිදි, රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු, තමාගේ අභිමතයට අනුගතව, තමාට පහළින් සහ තමාට යටත්ව සිටින ලියවිල්ලක් විය යුතුය. මෛත‍්‍රීපාල සිරිසේන නැමැති පුද්ගලයා මේ රට කරවන්නේ 1815 ට කලින් දවසක විණි නම්, ඔහුගේ මේ කල්ක‍්‍රියාව අපට යුක්ති සහගත කර ගැනීමට ඉඩ තිබුණි. එදා ලංකාවේ පැවති රජ ක‍්‍රමයට අනුගත සම්ප‍්‍රදාය යටතේ, රජුට බලය පැවරුණේ දළදා ස්වාමීන් වහන්සේගෙන් ය. දළඳා ස්වාමීන් වහන්සේ අත්පත් කර ගත් තැනැත්තා ලංකාවේ රජ කමට සුදුස්සා බවට සම්මතයක් එදා තිබුණි. ඊට තරමක් ඈත කාලයක, එනම් 18 වැනි සියවසේ අවසාන කාලයට ඉහතින් යුරෝපයේ රාජ්‍ය ක‍්‍රමයේ සම්මත සම්ප‍්‍රදායත් එයම විණි. ඔවුන්ගේ රජවරුන්ට රාජ්‍යත්වයේ බලය ලැබුණු බව විශ්වාස කෙළේ දෙවියන් වහන්සේගෙනි. එනම්, ලෝකයේ හැම තැනකම රජුගේ හෝ නායකයාගේ බලයේ උල්පත වුණේ ලෝකෝත්තර ප‍්‍රභවයක් බවයි. මේ ලෝකෝත්තර මූලාශ‍්‍රය හෙවත් බලයේ ප‍්‍රභවය සාමාන්‍ය ජනතාවට පරීක්ෂාවට ලක්කළ නොහැකි විය. ඒ රාජකාරිය එදා ඉෂ්ට කෙළේ, පූජක පංතියයි. යුරෝපයේ නම් පල්ලිය ය. ලංකාවේ නම්, පන්සල ය.

ලෝකයා, එම රාජ්‍ය ක‍්‍රමයෙන් ප‍්‍රජානත්ත‍්‍රවාදී රාජ්‍ය ක‍්‍රමයට සංක‍්‍රමණය වූ පසු, මේ බල මූලාශ‍්‍රය උඩුයටිකුරු විය. එය, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යන වචනය තුළම ගැබ්ව තිබේ. ප‍්‍රජාව යනු ජනතාවයි. තන්ත‍්‍රය යනු පාලනයයි. එනම් ජනතාවගේ පාලනයක් බව ය. එහිදී, බලය උත්පාදනය වන්නේ හෙවත් බලයේ තිඹිරිගෙය වන්නේ, දෙවියන් වහන්සේ හෝ ආගමක් හෝ නොව, ජනතාව ය. එය අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ මෙසේ සඳහන් කොට තිබේ:

‘‘ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය.’’

ඒ පරමාධිපත්‍යයේ ස්වභාවය සහ එය ක‍්‍රියාත්මක වන ආකාරය දන්වා ඇති ලියවිල්ල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. දෙවියන් වහන්සේගෙන් එදා රජුට ලැබුණු බලය පාලනය කිරීමට දෙවියන් වහන්සේ මහ පොළොවේ වැඩ සිටියේ නැත. මහ පොළොවේ පය ගසා සිටි මහජනතාවට දෙවියන් වහන්සේව ප‍්‍රශ්න කිරීමට බලයක් තිබුණේ නැත. අද එය මුළුමණින් අනිත් පැත්තට හරවමින්, බලයේ අයිතිකාරයා වන මහජනතාව, තමාව පාලනය කිරීමට පාලකයාට බලය පවරන්නේ, පාලකයා විසින් එම බලය ජනතාව වෙනුවෙන්, ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන්නේ ද යන්න බලාකියා ගැනීමට මාර්ගයක් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ද සකසා එය රටේ රාජ්‍යකරණයේ මුල්ගල වශයෙන් ස්ථාපිත කර ඇති තත්වයක් තුළ ය. එතැන් පටන් පාලකයා කටයුතු කළ යුත්තේ, ඒ ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට මිස, හිතුවක්කාරීව හෝ අත්තනෝමතිකව හෝ නොවේ.

රාජ්‍යකරණයට අදාළව රටක ව්‍යවස්ථාවක අඩංගු ඒ මූලික නියාමය සිරිසේන මුලින්ම අවබෝධ කර ගත යුතුය. ඔහු කියන ‘සම්ප‍්‍රදාය’ අයත් වන්නේ රජ කාලයට බව එවිට ඔහුට වැටහෙනු ඇත. රජ වෙන්නට සිටි මහින්ද රාජපක්ෂට 2015 ජනවාරි 8 වැනි දා අත්වූ ඉරණම, මේ රටේ වෙනත් ඕනෑම පුද්ගලයෙකුටත් අනාගතයේ වලංගු වන බව, අවසාන වශයෙන්, මේ අවස්ථාවේ සිරිසේනට සිහිකැඳවීමට කැමැත්තෙමි.

ගාමිණී වියන්ගොඩ

Published on: Dec 1, 2018- ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට පුහුණුව ලබාදීමට පොලිස් ත්‍රස්ථ විමර්ශන ඒකකයේ හිටපු ප්‍රධානී නාලක සිල්වා විසින් එල්එම්ජී වර්ගයේ ගිනි අවි දෙකක් යොදාගත් බවට කරන ලද චෝදනාව ව්‍යාජ එකක් බව හෙළි වී ඇත.

ත්‍රස්ථ විමර්ශන ඒකක භාරයේ පැවති එම එල්එම්ජී වර්ගයේ ගිනි අවි දෙක පසුගිය කාලය තුළ කිසිදු වෙඩි තැබීමේ කාර්යයකට භාවිතා කර නැති බව රස පරීක්ෂක පොර්තමේන්තුව විසින් සහතික කිරීම ඊට හේතු වී තිබේ.

අදාළ චෝදනාවලින් පසු ත්‍රස්ත විමර්ශන ඒකකය සතුව තිබූ එම ගිනි අවි දෙක රස පරීක්ෂකවරයාට යොමු කිරීමෙන් පසු මෙම තහවුරු කිරීම ලැබි ඇත.

ව්‍යාජ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කාථාව කරළියට පැමිණීමෙන් පසු ත්‍රස්ථ විමර්ශන ඒකකය එල්එම්ජී වර්ගයේ ගිනි අවි දෙකක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් එම ඒකකයට ලබා ගත්තේ ඇයි ද යන්න පිළිබඳ විශාල ප්‍රචාරයක් ලබාදුන් අතර එම ප්‍රචාරය තුළ කියවුණේ ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට එම ගිනිඅවි දෙකෙන් පුහුණුව ලාබදී ඇති බවයි.

ප්‍රභූ ඝාතන වැනි දේ සඳහා සාමාන්‍යයෙන් යොදාගතන්නේ දුර සිට සැඟවී ප්‍රහාර එල්ල කරන ස්නයිපර් වර්ගයේ ගිනි අවි වන අතර එල්එම්ජී ගිනි අවි යනු යුද පෙරමුණුවලට භාවිතා කරන ස්වයංක්‍රීය ගිනි අවියකි.

~~අනිද්දා~~

Published on: Nov 28, 2018-තවදුරටත් බහුතරය පෙන්විමට මහින්ද රාජපක්ෂට අවස්ථාවක් නැති බවත් මේ අකාරයට බලය අල ගැනිමට උත්සහ කිරිම හරහා ඉදිරි දින කිහිපය තුල ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ වි මෛත්‍රී-මහින්ද ආණ්ඩුවට එරෙහිවිම වැලැක්විමට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිඛිතව දැනුම් දි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට නොහැකිව ඇති බැවින් තවදුරටත් ධූරයේ රැඳීනොසිට වහාම ඉල්ලා අස්වන ලෙස ජනාධිපති විසින් ව්‍යවස්ථා වීරෝධි ලෙස පත්කල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දෙන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තු බහුතරය නොමැතිව පාර්ලිමේන්තුවද රැස්කරගත නොහැකිවීතවදුරටත් බලහත්කාරයෙන් රැඳීසිටීම හමුවේ ජනාධිපතිවරයාව අනවශ්‍ය ආකාරයට අපකීර්තියට පත්වන බවත් එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අර්බුදයට පත්වන පසුබිමක් නිර්මානයවී ඇති බවත් එම තත්ත්වය තමන්ට තවත් ඉවසීමට නොහැකි බවද ඔවුන් පවසා ඇත. එසේම මහින්ද මහතා අගමැති ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතුය යන්න තම කණ්ඩායමේ හැගිම වන බවද එහි සදහන් කර තිබේ.

තවදුරටත් ප්‍රශ්ණයට විසඳුම් සේවිමට උත්සහ කරමින් ධූරයේ රැඳීසිටීමට අගමැතිවරයා අදහස් කරන්නේ නම් හෙට (29) දිනය තුළ පාර්ලිමේන්තුවේ දේශපාලන තීන්දුවක් ගැනිමට සිදුවන බවද සදහන් කර ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

Top