Published on: Nov 14, 2018- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටේ ප්‍රධාන පක්ෂයට බවට පත්වෙමින් තිබු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සහ මහින්ද රාජපක්ෂ ඇතුලු ප්‍රගතිශීලි ජනතා කදවුර විනාශ කිරිමට කුමන්ත්‍රණය කල බැවින් වහාම අගමැතිධුරයෙන් සහ මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉවත් විමට කටයුතු කලයුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බලකරමින් සිටි.

පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාව පිලිගැනිමත් සමග ඊට අතිශය බහුතරයක් ලැබිමත් ඇතැම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ මන්ත්‍රීවරුන් පවා පාර්ලිමේන්තු සබා ගර්භයේ මහින්දට සහය නොදැක්විම පිළිබදව ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨයන් දැඩි කලකිරිමෙන් යුතුව පවසා තිබේ.

මේ අතර පාර්ලිමේන්තුවේන් පිටතට පැමිණි මහින්ද රාජපක්ෂ පුත් නාමල් රාජපක්ෂ කියා සිටියේ තම කණ්ඩායම කුමන්ත්‍රණයකට හසුව ඇති බවයි. ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ අවස්ථා ගණනාවකදි මේම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අනාවරනය කල අතර මහින්ද පිළේ ඇතැම් අය එය නිර්දය ලෙස විවේචනය කර තිබුනා.

Loading…

Published on: Nov 13, 2018 @ 07:32 – ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් ඊයේ(13) රාත්‍රීයේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැය 3ක පමණ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරනය කළා.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත්විමත් සමග එම කණ්ඩායම කොළඹ ප්‍රධාන හෝටලයකදි හමුවි ඇති අතර පසුව හිටපු ජනාධිපතිණිය හමුවිමට ගොස් තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරිම සම්බන්ධයෙන් මුලසිටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියාකල ආකාරය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කලකිරිමට ලක්ව සිටි නමුත් ජනාධිපතිවරයාට සහ මහින්ද රාජපක්ෂට ඉඩ දෙමින් තම කණ්ඩායම බලා සිටි නමුත් මේ වනවිට අත්ව ඇති ඉරණම හමුවේ තවදුරටත් ජනාධිපතිවරයා විශ්වාසය කිරිම අනතුරක් බවයි එම කණ්ඩායමේ අදහස වි ඇත්තේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ කටයුතු වලට තම කණ්ඩායම නිරන්තරයෙන්ම සහභාගි වන නමුත් ජනාධිපතිවරයාගේ ඉල්ලිම් වලට හෝ අණ්ට අවනත නොවි කටයුතු කිරිම තම කණ්ඩායමේ එකම් අරමුණ බවයි කණ්ඩායමට නායකත්වය දෙන මහින්ද අමරවිර මන්ත්‍රීවරයි අවධාරණය කර ඇත්තේ.

පාර්ලිමේන්තුව කැදවිම සදහා තමන්ට ඇති බිය 113 නොව තමන්ගේ පක්ෂයේ කිහිප දෙනෙකු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් සමග පසුගිය 4 වැනිදා රාත්‍රීයේ පැවැති හමුවකදි අනාවරණය කර තිබුන බව අප පසුගියදා අනාවරණය කල අතර පහත දැක්වෙන්නෙ එම අනාවරණයයි

http://198.211.112.164/archives/19778

Loading…

Published on: Nov 13, 2018 @ 06:07- ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් හරහ රට අරාජික කිරිමට ගො නීතිය හමුවේ හොම්බ බිම් ඇණගත් ජනාධි(පල) මෛත්‍රීපාල සිරිසේන අද රාත්‍රීයේම හදිසියේම ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරුන් කැදවා තමන්ගේ ආරක්ෂාව තර කරන ලේස උපදෙස් ලබාදි තිබේ.ඒ සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් දි ඇති ජනාධි(පල) හෙට පාර්ලිමේන්තුවේ කුමක් සිදුවුවත් තමන් තවමත් විධායක ජනාධි(පල) ලෙස කටයුතු කරන බව සදහන් කර තිබේ.

අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කලේ අද රාත්‍රී 8.00 පමණ පැවැති විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදි වියරූ වැටි සිටින සිරිසේන ජනාධි(පල) ත්‍රිවිධ හමුදාවට අණ දෙමින් පවසා ඇත්තෙ රටේ මරමස්ථාන සියල්ලම හමුදාව යටතට ගන්නා ලෙසයි.එය එතරම් යහපත් ප්‍රකාශයක් නොවන අතර මේ වනවිට හමුදාපතිවරයා යටතේ විශේෂ සාකච්ඡාවක් ද කැදවා ඇති බව කොළඹ අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මේ වනවිට ජනාධි(පල)ගේ පොළොන්නරුවේ පිහිටි නිවාස සහ ඔහුගේ සහොදරයාට සහ චතුරිකා දියණියට අයත් හෝටල්,නිවාස සදහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

මේ අතර හෙට (14)පාර්ලිමේන්තුව සභා වාරය කැඳවනු ලැබිමෙන් පසුව ජනාධි(පල) මෛත්‍රීපාල සිරිසේනගේ රාජාසන කතාව පැවැත්විමට නියමිත වුවත් හෙට පාර්ලිමේන්තු සැසිය සදහා සහභාගි නොවිමට ඔහු තින්දුකර තිබේන බව වාර්තා වේ.


Loading…

Published on: Nov 13, 2018 @ 05:32- පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමත් සමඟ ජනාධිපති මාධ්‍ය එකකයේ ප්‍රධානින් දෙදෙනෙකු සහ රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකක ප්‍රධානින් අතුරුදහන් වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඉලක්ක කර මැතකදි ජනාධිපති මාධ්‍ය එකකයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වු කීළීගේ සුරතලෙකු වන දිනේෂ් දොඩංගොඩ සහ සමාජ ජාලා මඩකරියන් වෙනුවෙන් චතුරිකාගෙන් රුපියල් සත ලබාදුන් චන්දන සිරිමල්වත්ත යන දෙදෙනා එක්වරම අතුරුදහන් ඉ ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර ස්වාධීන රූපවාහිනී සහ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති සෝමරතන දිසානායක මට කෙළවුනා යනුවෙන් පවසමින් සියල්ල පොලවේ ගසමින් යකා නටා ඇති අතර ඔහුද පැදුරටත් නොකියාගොස් ඇති අතර ලේක්හවුස් සභාපති වසන්ත රාමනායකද මේ වනවිට අතුරුදහන් වි ඇති අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සරත් කෝංගහගේ සිය රූපවාහිනි ප්‍රධානින් කැදවා තමන් ඉල්ලා අස්වෙන බව දන්වා තිබේ.

Loading…

Published on: Nov 13, 2018 @ 01:28- පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 07 තෙක් තාවකාලික අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර සිටියා.

ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමින් අධිකරණය එම නියෝගය කළේය.අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ සහ අද මෙම පෙත්සම් කැඳවිණි.

පෙත්සම් විභාගය දෙසැම්බර් 04,05 සහ 06 පැවැත්වීමට ද නියෝග කෙරිණි.

ඒ වන තෙක් මැතිවරණ කටයුතු අත්හිටුවීමට ද අධිකරණය නියෝග කළේය.

http://198.211.112.164/archives/19730

Published on: Nov 13, 2018 @ 04:07 – බත්තරමුල්ල නෙලුම් මාවතේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ තමා විසින්ම තමන් එහි ලේකම්වරයෙකු වශයෙන් හදුනවා ගනිමින් නිතර කාර්යාලයේ ගැවසෙන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු පොහොට්ටුවේ සාමාජික මුදල් මිලියන 3ක් කොල්ලා ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හැර නව දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් අතර මේ සාමාජිකත්ව ලබා ගැනීමේ වැඩසටහනට ආදාළව සිදුකරන ලද විගණනයේදි අදාළ මුල්‍ය වංචාව පිළිබඳව තොරතුරු අනාවරණය වි ඇති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

දැනට වාර්තා වන පරිදි මිලියන දෙකක් ඉක්මවූ සාමාජික සංඛ්‍යාවක් පවතින මෙම දේශපාලන පක්ෂය කිසිදු සාමාජික ප්‍රවර්ධන කටයුත්තක් නොපවතින අවස්ථාවක සාමාජික කාඩ් පත් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ කිසිදු අනු දැනුමකින් තොරව හොර රහසේ පොහොටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාද විදේශගතව සිටින විට ඉතා සුක්ෂමව මුද්‍රණය කර මුදල් වංචා කර ඇති බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.

මේ බව අනාවරණය වීමෙන් පසු පක්ෂයේ දේශපාලන මණ්ඩලය සියලුම චෙක්පත් අවලංගු කිරීමටත්,මෙම පුද්ගලයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කර ඇති බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු අප විශේෂ වාර්තාකරු හමුවේ පවසා ඇත්තේ.

අදාළ මුල්‍ය වංචාව කල පුද්ගලයා රාජපක්ෂවරුන් සමග සමීප සම්බන්ධයක් අති බව හගවමින් විවිධ ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කර අති බවත්. ඒ පිලිබඳ සාක්ෂි අප සතුව අති බැවින් ඉදිරියේදී අප අනාවරණය කිරීමට සුදානම්.

Loading…

Published on: Nov 11, 2018- ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවීමත්, කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැරදියට අර්ථනිරෑපණ කිරීමත් සමග 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජනතා පරමාධිපත්‍යයට සහ පාර්ලිමේන්තුවේ චේතනාවට පටහැනි වන හෙයින්, පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට 2018.11.09 දින ජනාධිපතිවරයා විසින් තීරණය කිරීම අන්තනෝමතික, හිතුවක්කාරී ක්‍රියාවක් බවත්, එය ජනතා පරමාධිපත්‍යයට පටහැනි බවත්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ඇත්තේ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් බවත්, එමගින් පුරවැසියන්ගේ සමාගමයේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස, අදහස් පළකිරීමේ නිදහස, සිතීමේ නිදහස උල්ලංඝනය කර ඇති බවත්, ඒ අනුව පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් සම්මතවී කථානායකවරයා සහතික කරනු ලැබුද 19 වන ව්‍යවස්ථා සංශෝධනය ම නීතියට පටහැනි බවත්, එය නීතියෙන් ඉවත් කරන ලෙසත්, පෙත්සම විභාග කර අවසන් කරන තෙක් පාර්ලිමේන්තුව විසුරැවීමට ජනාධිපතිවරයා 2018.11.09 දින ගනු ලැබූ තීරණට අත්හිටුවන ලෙසත්, පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව ගනු ලබන සියලු පියවර අත්හිටුවන ලෙසත්, ජනාධිපතිවරයා විසින් 2018.11.14 දින පාර්ලිමේන්තුව කැදවීමට කරන ලද නියෝගය අනුව පාර්ලිමේන්තුව 2018.11.14 දිනට පාර්ලිමේන්තුව කැදවීමට නියෝග කරන ලෙසත්, ඉල්ලා නීතිඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරයි….!

තවද එකී පෙත්සම මගින්

පාර්ලිමේන්තුව විසුරැවීමත් සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ නොවිමසා විනිශ්චයකාරවරුන් පත් කිරිමේ තනි අධිකාරයත් ජනාධිපති ලබා ගෙන ඇති බවත්,

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරවන ලද ගැසට් පත්‍රයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ නොවිමසා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් ද පත් කිරිමේ අධිකාරය ලබා ගෙන ඇති බව දක්වා ඇත.

‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව”
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ 33 (2) වගන්තියේ (ඊ) ව්‍යවස්ථාවේ බලතලද ජනාධිපතිට ඇත.

33 (2) වගන්තියේ (ඊ) ව්‍යවස්ථාව……..

‘‘ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමට ද, අග‍්‍රාමාත්‍යවරයා ද, අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන් ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් ද පත් කිරීමේ අධිකාර පත‍්‍රවල සහ ජනරජයට අයත් වූ ද, ප‍්‍රදානය කිරීමට සහ පවරා දීමට ජනාධිපතිවරයාට නීතියෙන් නියමව ඇත්තා වූ නැතහොත් බලය පැවරී ඇත්තා වු ද ඉඩකඩම් සහ අනෙකුත් නිශ්චල දේපළ ප‍්‍රදානය කිරීමේදී හෝ පවරා දීමේදී ඒ සම්බන්ධයෙන් ප‍්‍රදාන පත‍්‍රවල සහ පැවරුම් පත‍්‍රවල රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීම ද, රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමට ද, ජනාධිපතිවරයාට බලය ඇත්තේය.’’

ඒ අනුව ස්වාධීන කොමිෂන් සභා නොවිමසා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් ද පත් කිරීමේ අධිකාර පත‍්‍රවල රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමට ජනාධිපතිට පුළුවන් විය යුතුය?

ජනාධිපතිවරයාගේ 2018.11.09 දිනැති පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් නිවේදනය අනුව එසේ විසුරැවා ඇත්තේ 33.2.ඇ ව්‍යවස්ථාව අනුව ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව” පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය. යන විධිවිධානය අනුවය.

එහිදී පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට ඇති බලය 70 ව්‍යවස්ථාවේ දක්වා ඇති එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත‍්‍රීවරන් ද ඇතුළුව මුළු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැස්වීම සඳහා නියම කර ගැනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.’’ යන විධිවිධානය නොතකා ක්‍රියා කර ඇති බව ද දක්වා ඇත.

ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ 33 (2) වගන්තියේ (ඊ) ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නොවිමසා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් ද පත් කිරීමේ අධිකාර පත‍්‍රවල රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරමටත් පුළුවන් බවත් දක්වා ඇත.

Published on: Nov 10, 2018- පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කතාබහක් තිබේ. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් තිබෙන බවට සහ නැති බවට තර්ක විතර්ක ඉදිරිපත් කෙරේ.

ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමේදී අනුගමනය කරන ස්වර්ණමය රීතිය වන්නේ, එහි අඩංගු තනි විධානයක් හුදෙකලාව නොගෙන, ව්‍යවස්ථාව දෙස සමස්තයක් වශයෙන් බැලිය යුතු බවයි. ප‍්‍රශ්නයක් පැනනැගී ඇත්තේ ව්‍යවස්ථාවට කරන ලද යම් සංශෝධනයක් ආශ‍්‍රයෙන් නම්, එම සංශෝධනය කිරීමට මත්තෙන් ඊට අදාලව ව්‍යවස්ථාවේ පැවති විධිවිධාන සලකා බැලිය යුතුය. සංශෝධනය ගෙන ඒමට බලපෑ අභිලාෂය සැලකිල්ලට ගත යුතුය. සංශෝධනය ගෙන එන ලද්දේ, මැතිවරණයකදී දෙන ලද පොරොන්දුවක් ප‍්‍රකාරව නම්, එම මැතිවරණයේ පසුබිම සැලකිල්ලට ගත යුතුය. ව්‍යවස්ථාමය විධිවිධාන, හුදෙකලාව ගෙන, රික්තයක බහා කියැවිය නොහැකිය.

             ව්‍යවස්ථාවට පයින් ගසා පාර්ලිමේන්තුව විසුරුවාලීමට නිකුත් කල ගැසට්ටුව 

2015 මැයි 15 වැනි දා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙරාතුව, තමාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පරම බලයකට ආසන්න බලයක් ජනාධිපතිවරයාට තිබුණි. මේ සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය තුළ මේ බලය සීමා වී තිබුණේ එක කොන්දේසියකින් පමණි. එනම්, කලින් පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණේ වසර හයක් වන එහි පූර්ණ කාලය අවසන් වීමට පෙර නම්, අලූත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසිරවිය හැක්කේ අවුරුද්දකින් පසුව පමණක් බව ය.

2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයේ දී මතු කෙරුණු එක් ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වුණේ විධායක ජනාධිපති ක‍්‍රමයයි. පොදු අපේක්ෂකයාට ආධාර කළ බලවේග පැහැදිළිවම පෙනී සිටියේ ජනාධිපති බලතල සීමා කරමින්, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට ය. ඒ ගැන අමුතු විස්තරයක් කිරීම මෙහිදී අවශ්‍ය නොකෙරේ.

පාර්ලිමේන්තුවේ එක් මන්ත‍්‍රීවරයෙකු හැරුණු කොට සියල්ලන්ගේ එකඟත්වයෙන් සම්මත වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු වාර කාලය අවුරුදු පහකට අඩු කරන ලදි. ජනමත විචාරණයක් අවශ්‍ය කරති යි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටි ඇතැම් විධිවිධාන, එක්කෝ නැවතත් සංශෝධනය කරන ලදි. නැත්නම් අතහැර දමන ලදි. මෙහිදී, ඉහත කී 70 වැනි වගන්තිය සංශෝධනය කොට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය සීමා කරන ලදි.

දැන් ඒ 70 වැනි වගන්තියේ සඳහන් වන්නේ මෙසේ ය: ‘‘ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය. එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත‍්‍රීවරන් ද ඇතුළුව මුළු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැස්වීම සඳහා නියම කර ගැනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.’’

ඒ අනුව, පළමු අවුරුදු හතර හමාරක කාලය ඇතුළත ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 150 කට නොඅඩු සංඛ්‍යාවකින් සම්මත කරගන්නා යෝජනාවක් ඇතොත් පමණි. මේ බව සඳහන් කොට ඇති ඉහත වචන ඉතා පැහැදිළි ය. නිශ්චිත ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අසීමිත බලයක් ඇතැයි පවසන පුද්ගලයන් ඒ සඳහා තර්කයක් වශයෙන් පාවිච්චි කරන්නේ ව්‍යවස්ථාවේ 33 (2) (අ) වගන්තියයි. එහි මෙසේ සඳහන් වෙයි: ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට- (ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය.’’

 

මේ වගන්තිය ඉහතින් කී 70 වැනි වගන්තිය අභිබවා යන්නේ යැයි ඔවුහු තර්ක කරති. මේ (33) වගන්තියෙන් කෙරෙන්නේ ජනාධිපතිවරයා සතු පොදු බලතලවලින් සමහරක් දක්වා සිටීම පමණි. එම බලය (පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය) පාවිච්චි කළ හැක්කේ කෙසේ ද සහ කුමන තත්වයන් යටතේ ද යන්න 70 වැනි වගන්තියෙන් පෙන්වා දෙයි. ඊට අනුව, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුත්තේ ප‍්‍රකාශනයක් මගිනි. ඊළඟට, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක යෝජනා සම්මතයකින් ඉල්ලා සිටියොත් මිස ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට ඉතා පැහැදිළි සීමාවක් පනවා ඇත. 33 (2) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමි කිසි බලයක්, ව්‍යවස්ථාවේ ප‍්‍රකාශිතවම සඳහන් විධිවිධානයන් උල්ලංඝණය කිරීමකට තුඩු නොදිය යුතුය. ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව..’’ යන්න, ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් ප‍්‍රකාශිතවම සඳහන් කොට ඇති ව්‍යවස්ථාමය සීමාවන් අභිබවා යාමට පාවිච්චි කළ නොහැක.

උදාහරණයක් වශයෙන්, 33 (2) වගන්තියේ (ඊ) අනුෙඡ්දනය සලකා බලන්න: ‘‘ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමට ද, අග‍්‍රාමාත්‍යවරයා ද, අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන් ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් ද පත් කිරීමේ අධිකාර පත‍්‍රවල සහ ජනරජයට අයත් වූ ද, ප‍්‍රදානය කිරීමට සහ පවරා දීමට ජනාධිපතිවරයාට නීතියෙන් නියමව ඇත්තා වූ නැතහොත් බලය පැවරී ඇත්තා වු ද ඉඩකඩම් සහ අනෙකුත් නිශ්චල දේපළ ප‍්‍රදානය කිරීමේදී හෝ පවරා දීමේදී ඒ සම්බන්ධයෙන් ප‍්‍රදාන පත‍්‍රවල සහ පැවරුම් පත‍්‍රවල රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීම ද, රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමට ද, ජනාධිපතිවරයාට බලය ඇත්තේය.’’

මේ විධිවිධානය පාවිච්චියට ගනිමින් ජනාධිපතිවරයාට තමන් කැමති පරිද්දෙන් අග‍්‍රවිනිශ්චයකාරවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙක් විනිශ්චයකාරවරුන් පත් කළ හැකි ද? කොහෙත්ම නොහැක. මන්ද යත්, 41 (ඇ) වගන්තියට අනුව, එම පත්වීම් කිරීම සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඔහුට අවශ්‍ය කරන බැවිනි.

තව ද, ජනාධිපතිවරයාට විධායක බලය ඇති බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියෙන් කියැවේ. එසේ වූ පමණින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාළ ප‍්‍රකාශිත ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන නොතකා හරිමින් රාජ්‍ය සේවයේ තනතුරු සඳහා ඔහුට පත්වීම් කළ හැකි ද?

තමාගේ අභිමතය පරිදි ජනාධිපතිවරයාට ඕනෑම වේලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් ඇතැයි යන තර්කය නිවැරදි නම්, අලූත් පාර්ලිමේන්තුවක් පත්වී එක දවසකින් පසුව වුවත් ඔහුට පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය හැකිය. ඊට කලින් පැවති පාර්ලිමේන්තුවේ වාර කාලය අවසන් වීමට කලින් ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණත් ඔහුට එසේ කළ හැකි විය යුතුය. මෙය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කලින් පැවති ව්‍යවස්ථාව යටතේ පවා ජනාධිපතිවරයාට කළ නොහැකි දෙයකි. එබැවින් ඉහත කී අයවළුන්ගේ තර්කයේ ඇති මුග්ධ භාවය එයින්ම පෙනේ.

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රම​රත්න

(මෙය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් ලියන ලද්දකි)

2018 නොවැම්බර් 09 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ On Dissolution Of Parliament නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Loading…

Published on: Nov 7, 2018- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙවන වරටත් උල්ලංඝනය කරමින් ඉදිරි පැය 24 තුල පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපති තීන්දු කර තිබුනද හිටපු ජනාධිපති, සිරිසේන ජනපති විසින් පත්කල අගමැති මහින්ද රාජපක්ෂගෙ සහ ව්‍යවස්ථා විශාරදයන්ගෙන් එල්ලවු දැඩි බලපෑම් හමුවේ අතහැර දැමු ජනාධිපතිවරයා වහාම ජනමතවිචාරණයක් කැදවිම සදහා අවශ්‍ය කටයුතු යොදන ලෙස උපදෙස් දී තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පවතින ව්‍යවස්ථා අර්බුද මැද ව්‍යවස්ථාවට පිටින් ගොස් පාර්ලිමේන්තුව විසිරුවාලීමට කටයුතු කලහොත් එය ජාත්‍යන්තරව දැඩි බලපෑම් එල්ල විය හැකි අවස්ථාවක් බවයි බහුතරයකගේ මතය වි ඇත්තේ.

එහිදි කවර කරුණක් වෙනුවෙන් ජනමතය විමසන්නේද යන්න මේ වනවිට උග්‍ර ගැටලුවකට ජනපති ඇතුලු කණ්ඩායම මුහුණ දී සිටින අතර පාර්ලිමේන්තුව විසුරුවීමට ජනතාවගේ මතය ලබා ගැනීමට ජනමතවිචාරණයක් කැදවිමට කටයුතු කලහොත් ජනවරම ලැබුණොත් පාර්ලිමේන්තුව විසුරුවන්න සිදුවිමට වන බැවින් යලිත් මැතිවරණයක් පැවැත්විමට සිදුවිම මෙන්ම් දැනට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග සිටින බහුතරයකට මැතිවරණයකදි සිය ආසන රැක ගැනිමට නොහැකි තත්ත්වයක් උදාවිමත් හේතුවෙන් එම කරුණ යටතේ ජනමතය විමසිම ගැටලුවක් වි තිබේ.

මන්ද ජනමත විචාරණයක් හරහා පාර්ලිමේන්තුව විසුරුවීමට ජනවරමක් ලැබුනහොත් ඊට එරෙහිව අධිකරණයේ හෝ පිහිට පැතිමට අවස්ථාවක් නොලැබෙන නිසවෙනී.

ඒ අනුව පාර්ලිමේන්තුව විසිරවීමට ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට ජනමතවිචාරණයක් පවත්වා එය ජය ගැනිම අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහ මැතිවරණයක් පැවැත්විම වෙනුවට ජනමත විචාරණය හරහා කරුණු දෙකක් පිළිබඳව ජනමතය විමසා යලිත් මැතිවරණයක් නොපවත්වා සිටිම ජනපති ඇතුලු කණ්ඩායමේ අදහස වි තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයද පාර්ලිමේන්තුව විසුරුවීමට ජනමතවිචාරණය පැවැත්විම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පලකර තිබේ.ඒ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදි එජාප මන්ත්‍රීවරුන් සදහන් කර ඇත්තේ ඇමතිධූර නොමැතිව ඉක්මන් මැතිවරණයකට යෑම අපහසු කරුණක් බවයි.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසරවීමට බලය ලැබෙන අවස්ථා 03ක් ඇත. 

1. පාර්ලිමේන්තු ව මුල් වරට කැදවා වසර 4 1/2 ක් ගතවීම. (70 amendment)

2. පාර්ලිමේන්තුව මුල් වරට කැදවා වසර 4 1/2 කට පෙර නම් පාර්ලිමේන්තු වේ මන්ත්‍රීවරුන් 2/3 කගේ කැමැත්ත තිබීම.(70 amendment)

3. ජනමතවිචාරණය ක් මගින් පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනතාව විසින් අනුමත කිරීම (86, 3 සහ 4.(අ), 4.(ඉ), 33.2.ඇ, සහ 70 amendment)

Loading…

()

Published on: Nov 7, 2018 – පාර්ලිමේන්තුවේ බලය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යලිත් අත්පත් කරගතහොත් තමන්ට සිය ධුර කාලය අවසන් වනතෙක් ජනාධිපති ධුරයේ රැදි සිටිමට අවස්ථාව ලබා ගැනිමට හැකියාවක් ඇද්ද යන්න මෛත්‍රීපාල සිරිසේනගේ ව්‍යාපාරික සහෝදරයා අතේ අගමැති රනිල් වික්‍රමසිංහට පණිවිඩයක් එවා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ජනාධිපතිවරයා මේ වනවිට තමන්ගේ සටන් සගයා ලෙස හදුන්වාදුන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ද දිගින් දිගටම දුරකතන ඇමතුම් ලබාදෙමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාද මාධ්‍ය හමුවකදි ප්‍රසිද්ධියේම අනාවරණය කර තිබේ.යම් හෙයෙකින් පාර්ලිමේන්තුව රැස්වෙමින් අනතුරුව බහුතර පෙන්වා රනිල් යලිත් අගමැතිකම රැකගතහොත් අනිවාර්යයෙන්ම දෝෂාභියෝගයකටද ජනපතිට මුහුණ දිමට සිදුවන අතර එවන් තත්ත්වයක් උදාවුවහොත් ශ්‍රිලනිපයේ සහය පවා එයට හිමිවිමේ අවදානමක් ඇති බව පසුගියදා අප අනාවරණය කළා.

ජනාධිපතිවරයා බහුතරය පෙන්විම සදහා මේ තාක් ගත් සියලුම උත්සහයන් ව්‍යාර්ථවිම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවාලීම හැකියාවක් ඇද්ද යන්න මේ වනවිට ව්‍යවථා විශාරදයන්ගෙන්ද විමසා ඇති නමුත් ඔහුන්ගේ පිලිතුරද එතරම් යහපත් නැති බවයි වාර්තා වන්නේ.අප පසුගියිදා අනාවරණය කල පරිදිම වත්මන් ආන්ඩුවේ බහුතර පෙන්විම සදහා ඇති එකම බාධකය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන අතර මේ වනවිටත් ශ්‍රිලනීප මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ සාමූහික වගකිම් අත් හරිමින් කටයුතු කරමින් සිටි.

පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දය හෝ වසර 4 1/2 ක් ගෙවීම හෝ ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කළහොත් මිස පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට හැකියාවක් නොමැති වුවත් පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව කැදවු සැනින් තත්ත්වය යහපත් නොවන බව වැටහි ගියහොත් පාර්ලිමේන්තුව විසුරුවාලීමට ජනපති සුදානමින් සිටි.

ව්‍යවස්ථාව නොසළකා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි අතර මැතිවරණ කොමිෂන් සභාව ගන්න තිරණ සම්බන්ධයෙන් ජනපති දැනටමත් විමසා ඇති අතර මාස 2ක කාලයක් තුල මැතිවරණයක් පැවැත්විමට කොමිසම සුදානම් බව පමණක් මේ වනවිට ජනපතිට දැනුම් දී තිබේ.

මේ අතර ඊයේ නව ආණ්ඩුවට සහය දක්වන එක්සත් ජනතා නිදහස් සංධාන සහ වෙනත් පක්ෂ වලින් සහය පළ කිරීමට පැමිණි මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්‍යාලයට කැදවා තිබූ අතර ඒ සදහා සහභාගී වී ඇත්තේ මන්ත්‍රීවරු 80ක් පමණ අතර සහභාගි නොවු පිරිස අතර වැඩි සංඛ්‍යාවක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ මන්ත්‍රීවරුන් බවද අනාවරණය තිබේ.

Loading…

Published on: Nov 6, 2018- පැවති මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ අයිටිඑන් ඉහළ පුටුවක කටයුතු කළ අයෙකුගේ භාවිතයට “ මයික්‍රෝ වර්ගයේ KR-5518” රථය පහැරගෙන ගොස් ඇති බව නාලිකාවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග විසින් තහවුරුකර සිටි. පසුගිය දා ITN නාලිකාවට බලෙන් ඇතුළු වී බලය අල්ලාගත් පිරිස් එහි නිලධාරින් බිය වද්දා මෙම රථය රැගෙන ගොස් ඇත.

එම රථය දැනට මෛත්‍රී-මහින්ද හොර පාලනයේ මාධ්‍ය කටයුතු මෙහෙයවීම සඳහා, එම නාලිකාවේ නිල තනතුරක් නොලබා භාවිතා කිරීම රාජ්‍ය දේපල අවභාවිතා කිරීමක් ලෙස සැලකේ. එම නිලධරයා ජනාධිපති විසින් පත්කළ බරපතල දූෂණ වංචා සේවීමේ ජනාධිපති විමර්ශන කොමිෂමේ නිර්දේශ මත බරපතල දූෂණ චෝදනා ඉදිරිපත් වී ඇති අතර, ඒමත මේ වනවිට නීතිමය කටයුතු ක්‍රියාත්මක වෙමින් ද පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර ජනාධිතිගේ මැදහත්වීමෙන් පත්කළ බරපතල වංචා සේවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් පරික්ෂණ පවත්වා අනාවරණය වූ කරුණු අනුව අයිටිඑන් නාලිකාවේ පැවති රාජපක්ෂ පාලනයේ දූෂණ වංචාවලට සම්බන්ධවීම මත ඉවත්කළ පුද්ගලයින් රැසක් නැවත නාලිකාවේ ඉහළම තනතුරුවලට පත්කර තිබේ.

පසුගියදා අයිටිඑන් නාලිකාව බලෙන් අල්ලාගත් මෙම පිරිස් හිටපු පිරිස් පලවා හැර මෙම නීති විරෝධී පත්වීම් ලබාගෙන ඇති අතර ජනපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ මත එම ඉවත් කිරීම් සිදුකර තිබු අතර, ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු සිදුවෙමින් පවතින අවස්ථාවක මෙවැනි පත්වීම් ලබාදීම ජනාධිපතිගේ බලයට අභියෝග කිරීමක් බව නීති කේෂ්ත්‍රයේ විද්වතුන් ද පෙන්වා දී ඇත්තේ.

Published on: Nov 5, 2018 – මුදල් සහ විවිධ වරප්‍රසාද ලබ ගනිමින් නීතිවිරෝධී ලෙස ජනපති පත්කල අගමැතිගේ කැබිනෙට්ටුවේ ඇමතිකමක් ලබාගත් මන්ත්‍රීවරයෙකු එම ධුරයෙන් ඉවත් වි යලිත් තමන්ගේ පක්ෂය සමග එක්විම සදහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

අද උදෑසන කතානායක වරයා විසින් නිකුත් කල නිවේදනය සහ තමන්ට මුදල් ලබාදෙන බවට රවටා සොච්චම් මුදලක් ලබාදිම මෙම ඉවත් විමට ප්‍රධාන හේතුව වි ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මෛත්‍රී ජනපතිගේ සමීපතමයෙකු විසින් තමන්ට මුදල් ලබාදීමට අවශ්‍ය කටයුතු යෙදවු බවත් ඔහුන් කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදි මුදල් ලබාදීමට පොරොන්දු දි ඇති නමුත් වෙනත් අයෙකු අතේ ඔහුට සොච්චම් මුදලක් එවා ඇති බවයි අදාළ මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ.

Loading…

Top